ෂෙහාන් මාලක කියන්නේ පාස්කු සිද්ධියේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා එඩිතරව සටන් කරන තරුණයෙක්. පසුගිය දා මහ මග දී ඔහුව පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ පවා ඊට ප්‍රඥාවන්ත ලෙස මුහුණ දී ජීවිතය රැක ගත්තා පමණක් නොව, ඊට පසු වත් මාධ්‍ය ඉදිරියට විත් වෙනදාටත් වඩා එඩිතරව කතා කළේය.
එහි දී ඔහු කීවේ ඔවුන් ‘ජාත්‍යන්තරයට’ යන බවයි. කාදිනල් හිමියන්ට එක කෝල් එකෙන් තුනෙන් දෙකේ ආණ්ඩුව දණ ගස්වන්න පුළුවන් බවයි. ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් ගොස් පාප් වහන්සේ සහ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මුණ ගැසුනා. දැන් ආණ්ඩුව දණ ගසා පාස්කු සිද්ධියේ මහ මොළකරුවන් හෙළි කර වින්දිතයන්ට යුක්තිය ඉටු කරයි ද?
කිසිදු රටක ජනතාව, වාර්ගික වශයෙන් බෙදී වෙන් වී සිටින තුරු පාලකයන් මගින් දේශපාලන අපරාධවලට යුක්තිය ඉටු කරවා දීමට ‘ජාත්‍යන්තරයට’ පමණක් පුළුවන් කමක් නැහැ. ඒකයි පවතින යථාර්ථය.
රටේ කවර ජන කොටසකට හෝ සිදු වී ඇති දේශපාලන අපරාධවලට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා පළමුවෙන් ම කළ යුත්තේ කුමක් ද? වර්ග බේදයෙන් තොරව සියලු යුක්තිගරුක මිනිසුන් අතර එකමුතුකම හා සහයෝගය ගොඩනගා ගැනීමයි. ජාලගත වී අනොන්‍ය සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් සටන් කිරීමයි.
කවදා හෝ උතුර, දකුණ, නැගෙනහිර, කඳුරට සහ විදෙස්ගත යුක්තිගරුක ලාංකීය පුරවැසියන් යුක්තිය ඉල්ලා පාරට බසින තුරු ‘ජාත්‍යන්තරයට’ කරන්න පුළුවන් කුමක් ද? සිල්ලර වැඩ විතරයි. මෙම සත්‍යය තේරුම් ගන්නට ෂෙහාන් මාලකලාට පමණක් නොව නඩරාජා ශාන්තිනීලාටත්, මොහොමඩ්ලාටත් ශක්තිය ලැබේවා!
- වික්ටර් අයිවන් ස්මරණ.. - January 20, 2025
- ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ.. - August 7, 2024
- අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය.. - December 11, 2023