අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලි බිල ජනාධිපති වික‍්‍රමසිංහ නැවත වරක් සියයට 66කින් වැඩි කෙළේය. පසුගිය වසරේ අගෝස්තු මස සියයට 75කින් වැඩි කළ විදුලි බිල නැවත වරක් මෙපමණ ප‍්‍රමාණයකින් වැඩි කිරීමට අනුමැතිය දිය නොහැකියැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විරෝධය පෑ නමුත් අවසානයේ ඔහු විදෙස් ගත වූ විට විදුලි බිල වැඩි කිරීමට කොමිසමේ අනුමැතිය ලැබී ඇතැයි පැවසේ. කෙසේ වුවත් කොමිසමේ සභාපතිගේ නිල කාමරය මුද්‍රා තබා ඇති නිසා කොමිසමේ අනුමැතිය ලැබුණේද නැද්ද යන්න කිව හැකි වන්නේ එම මුද්‍රා ඉවත් කළ පසුවය.
මෙම ඉල්ලීම මුලින්ම ලැබුණ විට කොමිසමේ තීරණය වූයේ විදුලි බිල සියයට 36කින් වැඩි කිරීමය. එම තීරණය ගෙන ඇත්තේ 2023 වසරේ විදුලි පරිභෝජන රටාව සැලකිල්ලට ගෙන ය. විදුලි බල මණ්ඩලය 2023 වසර සඳහා ගිගා වොට්ස් පැය (ගි.වො.පැ.) 16520ක ඉල්ලූමක් විය හැකියැයි ගණනය කර තිබුණ ද මහජන උපයෝගිතා කොමිසම පවසන ආකාරයට ඉල්ලූම ගි.වො.පැය 14578කි. එම ප‍්‍රමාණයට සම්ප්‍රේෂණයේ දී නැතිවන විදුලි බල ප‍්‍රමාණය ද ඇතුළත් ය. විදුලි බල මණ්ඩලය ගණන් බලා ඇති ආකාරයට මෙම වසරේ විදුලි බල ඉල්ලූම සියයට 13කින් වැඩි වනු ඇත. අතිරේක වියදමක් දැරීමට සිදු වන්නේ ඉල්ලූමේ වැඩිවීම නිසාය.
එහෙත් රටේ පවතින තත්වය අනුව මෙම වසරේ විදුලි ඉල්ලූමේ වැඩිවීමක් සිදු වන බවක් ගණනය කිරීමට සාධාරණ හේතුවක් නැත. පසුගිය වසරේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 8කින් පහත වැටුණ අතර මෙම වසරේ ද වර්ධනයේ වැඩිවීමක් නොව පහත වැටීමක් ලෝක බැංකුව වැනි ආයතන දැනමටත් පුරෝතකනය කර ඇත. එමනිසා පසුගිය වසරේ ඉල්ලූම වූ ගි.වො.පැය 13301.12 මෙම වසරේ ඉක්මවා යෑමට කිසිදු හේතුවක් නැත. මහජන උපයෝගිතා කොමිසම මෙම වසරේ විදුලි බල ඉල්ලූම ගණනය කර ඇත්තේ ඒ පදනමිනි. විදුලි මිල වැඩි කිරීමක්, ඉල්ලූමේ විශාල වැඩිවීමක් පදනම් කරගෙන ඇති නිසා සාධාරණය කළ නොහැකි වන්නේ එම නිසාය.
නැවතත් සංඛ්‍යා ලේඛන කිපයක් සැලකිල්ලට ගන්නේ නම් විදුලි බල මණ්ඩලය මිල වැඩි කිරීමේ තීරණය ගෙන ඇත්තේ වියදම් රටාව හෝ ඉල්ලූමේ වැඩිවීමක් නොසලකා බව පැහැදිලි කළ හැකිය. 2022 විදුලි බලය ජනනය කිරීමේ දී ගල් අඟුරු භාවිතය සියයට 33.33කි. ඉන්ධන භාවිතයෙන් ජනනය කර ඇත්තේ සියයට 26.16කි. ජල විදුලිය සියයට 25.34කි. පුනර්ජනනීය විදුලි බල ජනනය සියයට 12.17කි. ඒ අනුව විදුලි බල ජනනයෙන් සියයට 38කට ආසන්න ප‍්‍රමානයක් ලැබෙන්නේ ජල විදුලියෙන් සහ පුනර්ජනනීය මාර්ග වලිනි. අනෙක් අතට විදුලි බල කි.වො.පැයක් නිපදවීමට ජලවිදුලි බලාගාරවලට වැය වන්නේ රු. 2.32කි. (2020 වසර) වැඩිම මිලක් වැය වන්නේ ඉන්ධන බලයෙන් විදුලිය නිපදවීමට ය. (රු. 29.94) ගල් අඟරු යොදා ගත් විට එය වියදම රු. 9.81කි. විදුලි බල මණ්ඩලයට විදුලිය ජනනය කිරීමේ වියදම් අඩු කිරීමට සැබැවින්ම අවශ්‍යතාවයක් තිබුණේ නම් ඉන්ධන භාවිතය අඩු කොට අනෙක් මාර්ග යොදා ගැනීමට හැකියාව තිබුණි. එවැනි පියවරක් ගත හැකි වන්නේ ආර්ථිකය මෙම වසරේ පසුගිය වසරටත් වඩා පහත වැටීමෙන් විදුලිය ඉල්ලූමේ පහත වැටීමක් අනිවාර්යෙන් සිදුවිය හැකි නිසාය.
ආර්ථිකයේ කඩා වැටීම සහ එය විදුලි බල ඉල්ලූමට බලපාන ආකාරය සරල අත්දැකිමකින් තහවුරු කළ හැකිය. මෙම ලියුම්කරු දන්නා මුද්‍රණාලයක් පසුගිය වසරේ අලූතින් මුද්‍රණය කර ඇත්තේ පොත් හතරකි. එහෙත් රටේ සාමාන්‍ය තත්වය පැවති විට ඔවුන් වසරකට පොත් 80ක් හෝ ඊටත් වැඩි ප‍්‍රමාණයක් මුද්‍රණය කර ඇත. ආර්ථිකයේ කඩා වැටීම සමග 2021 දී එය 40 දක්වාත් 2022 දී 4 දක්වාත් පහත වැටිණ. මෙහිදී අප සැලකිල්ලට ගන්නේ මුද්‍රණාලයේ යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය පමණි. ඒ අනුව මුද්‍රණ කර්මාන්තයට අදාලව විදුලි බල ඉල්ලූමේ විශාල පහත වැටීමක් දැකිය හැකිය. මේ තත්වය සංචාරක, සුළු කර්මාන්ත හා වෙනත් බොහෝ අංශවලට පොදුය. මෙම පහත වැටීම 2023 වසරේ දී ආපසු හැරී සියයට 13ක වර්ධනයක් වනු ඇතැයි ගණනය කිරීමට කිසිදු සාධකයක් දැකිය නොහැකිය. මෙම කරුණු අනුව මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය නොදීම දේශපාලකයන්ට හැර සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකිය.
විදුලි බල ඉල්ලූම සාකච්ඡා කිරීමේ දී තවත් වැදගත් කරුණක් අමතක කළ නොහැකිය. 2020 විගණකාධිති ගේ වාර්තාවක් අනුව ඉතාම ලාභදායි විදුලිය නිෂ්පාදන ක‍්‍රමයක් වන පුනර්ජනනීය ක‍්‍රමය ලංකා විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත. විගණන වාර්තාවේ දැක්වෙන ආකාරයට වැඩියෙන්ම විදුලි බල ඉල්ලූමක් ඇත්තේ සවස 6.30ත් 9.30ත් අතර පැය තුනක කාලක ය. එය මෙ.වො. 2750කි. ඒ අතර පුනර්ජනනීය විදුලි බලය මෙ.වො. 4000ත් නිපදවීම සඳහා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අයදුම් පත් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් කර ඇත. එහෙත් ඒවාට අනුමැතිය විගණනය කරන අවස්ථාව දක්වාම ලැබී නැත.
අඩු වියදමකින් පුනර්ජනනීය විදුලි බල ශක්තියට වැඩිම විදුලි බල ඉල්ලූමක් පවතින කාලයේ දී අවශ්‍ය මෙ.වො. ප‍්‍රමාණයටත් වඩා වැඩි ප‍්‍රමාණයක් නිපදවීමේ හැකියාව තිබුණ ද විදුලි බල මණ්ඩලය එය නොසලකා කටයුතු කරයි. මෙය වැදගත් වන්නේ ඉහතින් දැක් වූ ආකාරයට අඩුම පිරිවැයක් වන්නේ පුනර්ජනනීය විදුලිය නිපදවීමට බව තහවුරු කරන සාධක තිබිය දීය. එවැනි පසුබිමක විදුලි බල මණ්ඩලයේ පිරිවැය සපුරා ගැනීමට විදුලි බිල වැඩි කිරීම එකම් මාර්ගය වන්නේ රටේ ජනතාව ගැන නොසලකන දූෂිත පාලන ක‍්‍රමයකට පමණි. රනිල් වික‍්‍රමසිංහ නියෝජනය කරන්නේ එවැනි පාලන ක‍්‍රමයකි.
මෙම දූෂිත ජනතා ද්‍රෝහි පාලන ක‍්‍රමය නිරුවත් කරන තවත් වැදගත් කරුණු දෙකක් දැකිවිය හැකිය. පළමු වැන්න විදුලි බිල වැඩි කිරීමට ඉඩ දෙන්නේ නම් විදුලි බල කප්පාදුවක් නැතිව දවසේ පැය විසිහතරම සැපයුම පවත්වා ගත හැකි බව පැවසීම ය. එය යථාර්ථයක් බව තහවුරු වන්නේ විදුලි ගාස්තු වැඩි කළ දින සිටම විදුලි කප්පාදුවක් නැතිව අඛණ්ඩ සැපයුමක් පැවතීමෙනි. ඉන් අදහස් වන්නේ කප්පාදුවක් නැතිව විදුලිය සැපයීමේ හැකියාව විදුලි බල මණ්ඩලය සතුව තිබුණ බවය. විදුලි ගාස්තු වැඩි කිරීම එක්තරා ආකාරයක කප්පම් ගැනීමකි. ඒ අනුව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතාවයක් නොව මහජනයා උකසට තබන මෙවලමකි. මහජන මුදලින් මහජනතාව සඳහා ඇති ආයතනයක් නම් ගැටලූවට විසඳුම් සෙවිය යුත්තේ ගාස්තු වැඩි කිරීමෙන් පමණක් නොවේ. ඒ සඳහා ගතයුතු සහ ගතහැකි විකල්ප මාර්ග ගණනාවක් තිබිණ.
දෙවන කාරණය මෙම ගාස්තු වැඩි කළ දිනවලම ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ද අර්බූදයට පහසු විසඳුම් ඉදිරිපත් කිරීමට ඉදිරිපත්වීමය. ඔහු යෝජනා කරන ආකාරයට ලංකාව දැනට මුහුණ දී ඇති අර්බූදයට විසඳුමක් වන්නේ ඉන්දියාවත් සමග වඩාත් පුළුල් නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම ය. ඒ පිළිබඳව දැනටමත් ඔහු ඉන්දියානු රජය සමග සාකච්ඡා අරඹා ඇත. ජනමාධ්‍යයේ පළ වූ ආකාරයට දෙරට අතර නිදහස් වෙළඳ ගනුදෙනුවකට විවෘත අංශයක් වන්නේ ඉන්දියාවේ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අදානි මන්නාරමේ ඉදි කිරීමට සැලසුම් කර ඇති සුළං බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයෙන් නිපදවන විදුලි බලය දකුණු ඉන්දියාවට අපනයනය කිරීම ය. ඉහතින් දැක් වූ ආකාරයට අඩුම පිරිවැයක් සහිත පුනර්ජනනීය විදුලි බලය තරගකාරීව ඉන්දියානු බලශක්ති වෙළඳ පොළට යැවීම විදෙස් විනිමය උපයා ගැනීමේ පහසු මාර්ගයක් සේ ඔහු දකින්නට ඇත. මෙම ‘‘අනගි’’ යෝජනාව රනිල් රජය පිළිගන්නවාට සැකයන් නැත.
අපට ඇති ප‍්‍රශ්නය වන්නේ ලංකාවේ අනාගතය නොසලකා, දැනට ඇති ඉල්ලූම හෝ සැපයිය නොහැකි තත්වයක් යටතේ මන්නාරමේ පුනර්ජනනීය විදුලි බල සැපයුම ඉන්දියාවට අලෙවි කිරීමට පිඹුරු පත් සකස් කරන්නේ ඇයි ද යන්නයි. සුළං බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සඳහා ලංකාවේ ප‍්‍රශස්තම ප‍්‍රදේශය වන මන්නාරමේ විදුලි බලාගාර පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය අදානි සමග ගිවිසුම් අත්සන් කෙළේ චීන සමාගමක් සමග ඇති කර ගත් ගිවිසුමක් අහෝසි කිරීමෙනි. චීන ගිවිසුමට වඩා ඉන්දියානු රජයේ බලපෑම යටතේ අදානි සමග ඇති කර ගන්නා ගිවිසුම රටට වැඩදායි බව ඒ දිනවල නිතර උච්චාරණය විය. ඒ කිසිම අවස්ථාවක මන්නාරමේ ජනනය කරන විදුලි බලය ඉන්දියාවට අපනයනය කිරීමක් ගැන සඳහන් වූයේ නැත. එහෙත් මෙම වැඩ පිළිවෙලේ සැබෑ අරමුණ දැන් පැහැදිලිය.
මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ, උසස් පෙළ විභාගයට ඉදිරිපත් ශිෂ්‍යයන්ගේ අනාගතය සහ මහජන විරෝධය නොසලකා විදුලි ගාස්තු වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි වූයේත් රටට අවශ්‍ය විදුලි බලය සැපයීමේ හැකියාවක් නැතිව තිබියදී අඩුම පිරිවැයකින් මන්නාරමේ නිපදවන විදුලි බලය ඉන්දියාවට අපනයනය කිරීමේ සැලසුම් ඉදිරිපත් කිරීමටත් හැකිව ඇත්තේ ජනතාව නොසලකා ක්‍රියා කිරීමේ හැකියාවක් රනිල් වික‍්‍රමසිංහ රජයට ඇති නිසාය. ඔහුට ජනතාව මර්දනය කිරීම සඳහා සන්නද්ධ බලය යෙදවිය හැකිය. විරෝධතා පුවරුවක් රැගෙන පදික වේදිකාවේ හෝ ගමන් කිරීම වැළැක්විය හැකිය. එහෙත් අවියෙන් නොව යුක්තිය සහ සාධාරණත්වයෙන් සන්නද්ධ වන ජනතාවක් අවි බලයෙන් මර්දනය කළ නොහැකි බව අරගලයෙන් පැහැදිලිවම ඔප්පු කර ඇත. එම බලය පස්සා දොරින් බලය ලබා ගත් නායකයන්ට නොතේරෙන්නේ නම් ඇතිවිය හැක්කේ මහත් ව්‍යසනයකි.
රටේ ගැලවීම ඇත්තේ එවැනි ව්‍යසනයක් ගැන අවබෝධයක් ඇති ජනතා ක්‍රියාකාරිත්වයකට පමණි.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024