2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 21 කටාර් රාජ්‍යයේදී ආරම්භ විය. මෙම තරඟාවලිය මුළු ලෝකයටම වැදගත් වන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව වන බැවිනි. පාපන්දු ලෝක කුසලානයක් මැද පෙරදිග කලාපයේ පැවැත් වෙන්නේ පළමු වතාවටයි. කෙසේ නමුත් පාපන්දු සත්කාරකත්වය සඳහා කටාර් රාජ්‍ය තෝරා ගැනීම සම්බන්ධයෙන් 2010 සිට විවිධ මතබේද හට ගැණුනි. ඒ ගැටළුකාරී තත්වය තරඟාවලිය ඇරඹුනත් පහව ගොස් නොමැත.
2010 වසරේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) හි විධායක සාමාජිකයන් 22 දෙකකගේ බහුතර ඡන්දයෙන් කටාර් රාජ්‍යය 2022 පාපන්දු ලෝක කුසලානයේ සත්තාරකත්වය දිනා ගනු ලැබුවේය. ඔවුන් මේ අවස්ථාව දිනා ගනු ලැබුවේ ස්විස්ටර්ලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව වැනි ප්‍රබල රටවල් පරාජයට පත් කරමිණි. කටාර් රාජ්‍යට පාපන්දු ලෝක කුසලනයේ සත්තාරකත්වය ලබා ගැනීම සඳහා FIFA විධායක සභිකයන්නට අල්ලස් ලබා දුන්නේය යන්න පසුව චෝදනා එම කාලයේදීම නැගුණි. කටාර් රාජ්‍යයට සහය දැක්වීම සඳහා FIFA නිලධාරීන්ට කටාර් රාජ්‍යයෙන් ඩොලර් මිලියන 3.7 ක අල්ලස් මුදලක් ලබා ගත් බව චෝදනා එල්ල විය.
මේ සම්බන්ධයෙන් FIFA හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 7 දෙනෙකු 2015 මැයි අත් අඩංගුවට ගත්තේ ස්විස්ටර්ලන්තයේ පාපන්දු සම්මේලනයේ ප්‍රධාන කාර්යාලයේදීය. එම සංගමයට එරෙහිව දූෂණ චෝදනා දෙකක් යටතේ මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ 2018 රුසියාව සහ 2022 කටාර් රාජ්‍යය පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් අල්ලස් ලබාගැනීම චෝදනා යටතේය. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ ස්විස්ටර්ලන්ත පොලීසියට පෙනී ගොස් තිබුනේ වංචා සහ කළු සල්ලි ජාවාරම්වල පාපන්දු සම්මේලනය දශක දෙකකට වැඩි කාලයක් නිරත වී ඇති බවය. එමගින් ඔවුන් ඩොලර් මිලියන 150 වැඩි මුදලක් උපයාගෙන තිබූ බවත් පසුව අනාවරණය කර ගනූ ලැබීය.
මේ අතර FIFA හි හිටපු උපසභාපතිවරයෙකු වන නියෝජ්‍ය සභාපති ජැක් වෝනර් ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමා දන්නා වංචා දූෂණ සියල්ල හෙළිදරව් කරන බව පැවසුවේය. වංචා දූෂණ සහ කළු සල්ලි ජාවාරම්වල නිරත වීම නිසා විධායක සභිකයන්ට එරෙහිව ඇමරිකානු නීති දෙපාර්මේන්තුව විසින් නඩු පවරනූ ලැබ ඇති අතර සභාපතිවරයා ඒ අතර සිටින බවද වාර්තා විය. FIFA හි මුදල් හුවමාරු වූ ආකාරය තොරතුරු සහිත ලියකියවිලි තම නීතීඥයන්ට ලබා දුන් බවත් නියෝජ්‍ය සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි. මෙම සිදුවීමෙන් පසුව FIFA සභාපති ජෝප් බ්ලැටර් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය. මෙලෙස ඇදී ආ පාපන්දු දේශපාලනයේ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රවෘතිවලින් කටාර් රාජ්‍යයෙන් ඇසෙන්නට පටන් ගත්තේ සත්තාරකත්වය හිමි වීමත් සමගය.
2010 යේදී පාපන්දු සත්කාරකත්වය ලබා ගැනීමෙන් පසු ක්‍රීඩාංගන ඉදිකිරීමේදී විදෙස් සංක්රමනික ශ්‍රමිකයන් 6500 ට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බව 2021 වන විට විදෙස් වාර්තා සඳහන් කර සිටියේය. මෙලෙස මිය ගොස් සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් පැමිණි රටවල් සැලකීමේදී දකුණු ආසියාව ප්රමුඛවීම විශේෂත්වයකි. සත්තාරකත්වය ලබා ගත් 2010 සිට සාමන්‍යයෙන් සතියකට ශ්‍රමිකයන් 12 පමණ මිය ගොස් ඇති බව වාර්තා වන්නේය. පිලිපීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවලින් පැමිණි ශ්රමිකයන්ගේද මරණ ද එකතු කළ විට මෙම සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවයි ඔවුන් පැවසුවේ. 2022 ලෝක කුසලානය නිමිති කරගෙන පෙර නොවූ විරූ පරිද්දෙන් ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කිරීමට කටාර් රාජ්‍යය පියවර ගනු ලැබුණි. අලූතින් ඉදිකරන ක්‍රීඩාංගන 7ට සහ නවීකරණය ආරම්භ කළ ක්‍රිඩාංගන වලට අමතරව නව ගුවන් තොටුපලක්” මාර්ග ඇතුළු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණුව වගේම හෝටල් ඇතුළුව අනෙකුත් පහසුකම් සඳහා විශාල ව්‍යාපෘති ගණනාවක් ඉදිකිරීමට පියවර ගනු ලැබුවේය.
මියගිය බොහෝ සංක්රමිණික ශ්‍රමිකයන් ලෝක කුසලානය වෙනුවෙන් සිදු කරන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සේවය කළ අය බව සඳහන් කරන්නේ Fair Square Project සංවිධානයේ අධ්‍යක්ෂක නික් මැක්ගීන් මහතාය. එම සංවිධානය මැදපෙරදිග කලාපයේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වැඩකරන සංවිධානයකි.
ක්‍රීඩාංගණ ඉදිකිරීම ඉතා අනාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදු වීම නිසා මරණ සංඛ්‍යාව ඉහළ යාමට බලපෑ බව එම සංවිධානය වැඩි දුරටත් පවසයි. එක් ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට සම්බන්ධ කම්කරුවන් 37 දෙනෙක් මිය යාම විශේෂ සිදුවීමක් ලෙස ඔවුන් පවසති. ක්‍රීඩාංගණ ඉදි කිරීම අතරතුර සිදු වූ කඩාවැටීම හේතුවෙන් මිය ගිය කම්කරුවන් ගණන මේ අතරින් ප්‍රධාන කොටස බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. කටාර් රාජ්‍යයේ සේවය කරන මිලියන දෙකක් පමණ වන සංක්රමන ශ්‍රමිකයන් ප්‍රමාණය ආරක්ෂා කිරීමට කිසිම පියවරක් නොගැනීම නිසා මෙවැනි මරණ ඉහළ යාමට හේතුව බව පෙනෙන්නට තිබෙන බව එම සංවිධානයේ මතයයි.
මෙම මරණ අතර අධික ලෙස වැඩ ගැනීම නිසා සියදිවි නසා ගැනීම්ද තිබෙන බව ඔවුන් පවසනවා. ඒ වගේම සිරුර දිරාපත් වීම නිසා හේතුව සොයා ගත නොහැකි මරණද පවතින බව සඳහන් වෙනවා. මේ සියල්ලටම වඩා අසාමාණ්‍ය කාරණය වන්නේ ස්වභාවික මරණ ලෙස වර්ගීකරණය කළ මරණ සැලකිය යුතු ප්‍රතිශතයක් පැවතීමයි. බොහෝ දුරට ස්වභාවික මරණවලට හෝතු ලෙස හෘදයාබාද සහ ස්වසන අපහසුතා මරණයට හේතුව ලෙස වාර්තා කර තිබීම සුවිශේෂී කරුණකි. ඉන්දීයාව” නේපාලය සහ බංගලිදේශ කම්කරුවන් අතර සිදුවූ මරණ 69 ක් ස්වභාවික මරණ ලෙස වර්ගීකරණය කර ඇත. සාමාන්‍ය මරණ පරීක්ෂණයකින් තොරව සිදු කරන එවැනි වර්ගීකරණ හරහා මරණවලට මූලික හේතුව සොයාගැනීමට නොහැකි වෙනවා පමණක් නොව එම මරණයේ වගකීම පැහැර හැරීම සඳහා සූක්ෂම ලෙස මග හැර යාමට මග හෙලි කර ගැනීමක්aද එමගින් බලාපොරොත්තු වනු දැකගත හැකියි. මරණ සම්බන්ධයෙන් නීත්‍යානුකූල වෛද්‍ය පැහැදිලි කිරීමක් ලබා දීමට මං ඇහිරීමත් තවත් හේතුවකි.
සෑම ගිම්හාන සෘතුවකම තාපය ඉහළ යෑමේදී අනාරක්ෂිත අයුරින් සේවයේ දෙවීම සමහර මරණ වලට හේතුව බව Fair Square Project සංවිධානයේ මතයයි. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පහළ ජීවන මට්ටම මේ රුකියා සඳහා බඳවාගැනීමේදී කටාර් රාජ්‍යයේ බලන එකම සුදුසු කමයි. ඒ වගේම බොරු වැටුප් පොරොන්දු වීම්, වැටුප් ප්‍රමාද කිරීම්, ආදී ගැටළු රාශියක් මේ කාලය තුළ කටාර්වලින් වාර්තා වීමද සුවිශේෂී කරුණකි.
මෙවර පාපන්දු කුසලානය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ පාපන්දු ලොලීන් කනස්සල්ලට පත්වී තිබෙනවා. ඒ නිසා බලාපොරොත්තු වූ ප්‍රේක්ෂකයන් පැමිණ නැතිබවයි කටාර් රාජ්‍යයෙන් වාර්තා වන්නේ. එයට හේතු වී පවතින්නේ කටාර් රාජ්‍යයේ ඇති දැඩි ආගමික නීතිද ඉවහල් වී තිබෙනවා. ක්‍රීඩාවකින් වින්දනය ලැබිය හැක්කේ එය නැරඹීමෙන් පමණක්ම නොවේ. තරඟයක් නැරඹීමෙන් අනතුරුව සාද පැවැත්වීමේ සංකෘතියක් බොහෝ යුරෝපීය රටවල පවතිනවා. ඒ වගේම පැරණි සබඳතා ශක්තිමත් කර ගැනීම සහ නව සබඳතා ගොඩනගා ගැනීම මෙවැනි ලෝක කුසලාන හරහා ගොඩනැගෙන සංකෘතියක්. නමුත් එයට කටාර් රාජ්‍යයේ පවතින මත්පැන් විරෝධී නීති එයට බොහෝ සේ හේතු වී තිබෙනවා. එයට හේතුව ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ද රටතුළ දැඩි ප්‍රතිපත්තියක් තිබීම ඊට හේතුවයි. කටාර් රාජ්‍යය තුළ විවාහයෙන් තොරව ලිංගිත සබඳතා පැවත්වීම තහනම්ය. විශේෂත්වය වන්නේ පාපන්දු ලෝක කුසලාන සඳහා පැමිණෙන සංචාරකයන්ට සහ ක්‍රීඩකයන්ට පවා එම නීතිය බල පැවැත් වීමයි. එලෙස හැසිරෙන ක්‍රීඩකයන්ට හා ප්‍රේක්ෂකයන්ට වසර හතක් දක්වා වූ සිර ද`ඩුවමකට යටත් කළ හැකි නීතී කටාර් රාජ්‍යයේ පවතියි. මේ නීතිවලට කටාර් වැසියන් පුරුදුව සිටියත් පාපන්දු සංචාරකයන් මේ නිතීයට අනුගත නොවන නිසා සංචාරකයන් කටාර් වෙත පැමිණීම ප්‍රතිශේප කර ඇති බව අඩු ප්‍රේක්ෂක සංඛ්‍යා ලේඛණවලින් පෙන්නුම් කරයි. ඒ වගේම කටාර් වැසියන් මෙන් සංචාරකයින්ද මේ නීති අනුගමනය කරනු ඇතැයි කටාර් බලධාරීන් බලාපොරොත්තු වනවා. ඒ අනුව පැමිණෙන සංචාරකයන් ගැන අවධානයෙන් සිටීමට ආරක්ෂ අංශ වැඩි කර තිබීමද තවත් විශේෂත්වයකි. ඒ නිසා සංචාරකයන්ගේ පුද්ගලික ජීවිතය ගත කිරීම සඳහා ස්වයං වාරණ දමා ගැනීමට සිදුවීම ප්‍රේක්ෂක ආකර්ශනය අඩුම පාපන්දු තරගාවලිය බවට මේවනවිට පත්වී අවසන්ය.
ඒ නිසා කුලියට ගත් ප්‍රේක්ෂකයන් යෙදවීමට කටාර් බලධාරීන් කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුලී පේප්රේක්ෂකයින් විවිධ රටවල ඇඳුම් ආයිතම්වලින් සැරසී ක්‍රීඩාංගනවල සහ වීදීවල සැරි සැරීම දැක ගත හැකි බව සැබෑ ප්රේක්ෂකයන්ගෙන් එල්ලවන විරෝධතා හමුවේ හදුනා ගත හැකි බව විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.
ලෝකවාසී පාපන්දු ක්‍රිඩා ලෝලීන් පාපන්දු ක්‍රීඩාව හඳුන්වනු ලැබූයේ ‘අලංකාර ක්‍රීඩාව’ නමිනි. නමුත් එය අද ‘අවලස්සන ක්‍රීඩාව’ යනුවෙන් නම් වන තරමට දේශපාලනකරණය වීම ගැන ප්‍රේක්ෂකයන්ගේ නොමසුරු මැසිවිල්ල මෙවර ලෝක කුසලාන තරඟය අතරතුරත් පවතින බව පෙනෙන්නට තිබේ.
- ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? - December 18, 2024
- ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? - June 5, 2024
- ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. - April 8, 2024