You are currently viewing දේශපාලන ආර්ථික සහ සමාජයිය පරිහානියෙන් ගොඩ ඒමට  වන්නේ ජාතික සමගිය ශක්තිමත්ව ස්ථාපනය කල යුතුයි-බාකීර් මාකර් පදනම

දේශපාලන ආර්ථික සහ සමාජයිය පරිහානියෙන් ගොඩ ඒමට වන්නේ ජාතික සමගිය ශක්තිමත්ව ස්ථාපනය කල යුතුයි-බාකීර් මාකර් පදනම

තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයකින් පීඩාවට පත් අපි දැන් පෙර නොවුවිරු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිමු. ඉන්දියන් සාගරයේ මුතු ඇටය දැන් බංකොළොත් වී ඇත.

බෙදුම්වාදී යුද්ධයටත් තවමත් විසඳුමක් නැති ආර්ථික අර්බූදයටත් මූලික හේතුව රටේ විවිධ ජන කොටස් අතර පවතින අවිශ්වාසය සහ අසමගිය යි. තිස් අවුරුදු යුද්ධයට හේතුවක් වූයේ දෙමළ ජනතාව රටේ ප්‍රධාන ජන කොටස වන සිංහලයින් ඔවුන්ගේ භාෂාවට සහ සංස්කෘතික ලක්ෂණවලට වෙනස් කොට සහ පහත් කොට සලකන්නේය යන විශ්වාසයයි. මෙම සැකය සහ අවිශ්වාසය ඇතැම් දේශපාලකයන් බලය ලබා ගැනීමේ පහසු මාර්ගයක් සේ යොදා ගත් අවස්ථා අපි දැක ඇත්තෙමු. දෙමළ ජනතාව අතර වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ අරමුණ ට බීජයක් වූයේ මෙම නොමේරු දේශපාලන දැක්මයි. ලංකාවේ ජන කොටසකට ඡන්ද අයිතිය නැති කිරීමෙන් ඇරඹුණ මෙම විනාශකාරී ගමන රටේ දේශපාලන ඒකාග්‍රතාවයට මෙන්ම ආර්ථික පිරිහීමට ද හේතු විය.

වර්ගවාදී සහ ආගම්වාදී ගැටුම් මිනිස් ජීවිත පමණක් නොව දේපොළ ද විනාශයට හේතු විය. රටේ පවතින ගැටුම්කාරී තත්වය නිසා විදෙස් ආයෝජකයන්ට මෙම රට සුරක්ෂිත තැනක් නොවීය. සමහර දේශීය ආයෝජකයෝ ද රට අත්හැර වෙනත් තැන් බලා ගියහ.

වෙනස්කොට සැලකීම සහ පහත්කොට සැලකීම දේශපාලනයේ සහ ආර්ථිකයේ මෙන්ම මනුෂ්‍යත්වයේද පිරිහීමට හේතුවකි. මෙම අභියෝගය ජයගත් රටවල් අද සියලු අතින් පෙරට ගොස් ඇත. සිංගප්පූරුව ඊට එක නිදසුනකි. අපේ රට සිංගප්පූරුවක් කළ යුතු නොවුවත් ජාතික ආගමික සහ භාෂාමය වශයෙන් එක්සත් රටක් ගොඩ නැගීමට ඉන් ලබා ගත හැකි පාඩම් අපමණ ය.

අද අප රට පත්ව සිටින දේශපාලන ආර්ථික සහ සමාජයිය පරිහානියෙන් ගොඩ ඒමට පදනම වන්නේ ජාතික සමගිය ශක්තිමත්ව ස්ථාපනය කිරීමය. වෙනස් කොට සැලකීම බැහැර කරන, සමානත්වය, සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නීති පද්ධතියක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි.

එය සාක්ෂාත් කර ගැනීමට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සියලු ජන කොටස්වල සමාන සහභාගිත්වයෙන් සකස් කර ගත යුතුය.

එමනිසා එළඹ ඇති ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවැත්විය හැකි පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙනස් කොට සැලකීම පිටු දකින සියලුම ජන කොටස්වල ගරුත්වය සහ අභිමානය තහවුරු කිරීම ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එමෙන්ම එය ප්‍රතිපත්ති ප්‍රකාශයට සීමා නොකොට පක්ෂයේ අභ්‍යන්තර වැඩ පිළිවෙළට අන්තර්ග්‍රහනය කර ගන්නා මෙන්ද ඉල්ලා සිටිමු.

විවිධත්වය තුළ එකමුතුව තේමා පාඨය කර ගත් බාකීර් මාකාර් පදනම මේ පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය අගය කරමු.

Leave a Reply