
ලන්ඩනයේ සුප්‍රකට වීදි චිත්‍ර ශිල්පියෙකු වන බැන්ක්සි මෙහි දැක්වෙන බිත්ති චිත්‍රය ප්‍රදර්ශනය කෙළේ ලන්ඩනයේ අධිකරණයේ පිටත බිත්තියක ය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතන යුද්ධයට එරෙහිව ඔහු මෙම චිත්‍රය නිර්මාණය කෙළේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් සේ නම් කොට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම උපහාසයට ලක් කිරීම සඳහා ය.
එහෙත් චිත්‍රය ප්‍රදර්ශනය වූ පළමු දිනයේම පොලීසිය එය මහජනයාට නොපෙනෙන සේ ආවරණය කොට පසුව මකා දමන ලදී.

අන්වර්ථ නාමයෙන් පෙනී සිටින බැන්ක්සි මින් අදහස් කෙළේ ලේබර් ආණ්ඩුව සාධාරණය වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන් මැඩීමට නීතිය යොදා ගන්නා ආකාරය හාස්‍යයට ලක් කිරීමටය. චිත්‍රෙයන් දැක්වෙන්නේ බිම වැටී සිටින ලේ තැවරුණ පුවරුවක් රැගත් විරෝධතාකරුවෙකු විනිශ්යකරුවෙකු ගේ යුක්තිය සංකේතවත් කරන මිටියක පහර කෑමට ලක් වන ආකාරයයි.
බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ ආණ්ඩුව Palestine Action නම් විරෝධතා ව්‍යාපාරය තහනම් කොට එහි ක්‍රියාකාරීන් දඩයම් කිරීම අරඹා ඇත. දැනට ගසා ජනඝාතනයට විරෝධය දක්වන වයස් ගත පුද්ගලයන් ද ඇතුළත් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ඔප්පු වුවහොත් වුවහොත් වසර 14ක් දක්වා සිර ගත කළ හැකිය.
බ්‍රිතාන්‍ය ජනතාව ලේබර් පක්ෂයේ රජයේ තහංචි නොතකා දහස් ගණනක් ඊශ්‍රායෙල් ජන ඝාතනයට එරෙහිව විරෝධතාවයට එක් වෙන අතර අන්වර්ථ නාමයෙන් පෙනී සිටින චිත්‍රශිල්පියාගේ මෙම නිර්මාණය ද එවැනි විරෝධතාවයකි.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026