You are currently viewing පාස්කු ප්‍රහාරය: ජමීල් ගේ නිවස පරීක්ෂාවට සීසීටීවී සවි කළේ කවුද?

පාස්කු ප්‍රහාරය: ජමීල් ගේ නිවස පරීක්ෂාවට සීසීටීවී සවි කළේ කවුද?

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ගලදාරී හෝටලයේ පිපිරවීම බාරව සිටි ජමීල් නම් ත්‍රස්තවාදී බෝම්බකරුගේ නිවස ඉදිරියෙන් සමීප පරිපථ රූපවාහිනී කැමරා එනම් සිසීටීවී කැමරා පවා සවි කර තිබූ බවත් එය සිදු කරන්නට ඇත්තේ රජයේ ඔත්තු සේවාවක් මගින් බව හෙළිදරව් වේ.

මේ බව හෙළිදරව් කර ඇත්තේ එකල යුද හමුදා ඔත්තු සේවා අංශයේ ප්‍රධානියා ව සිටි බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු පාස්කු කොමිසම ඉදිරියෙහි සාක්ෂි දෙමිනි.

තමාගේ නිවස ඉදිරිපිට සීසී ටීවී අවිකර ඇති බවට ජමීල් කියා සිටි බවත් තමා කල්පනා කරන අන්දමට එම සීසීටීවී සිවි කරන්නට ඇත්තේ රජයේ ඔත්තු සේවාවක් ( බුද්ධි අංශයක්) විසින් බව ඔහු කොමිසම හමුවේ කියා තිබේ.

ජමීල්ගේ නිවසේ උඩු මහලේ නැවතී සිටි පුද්ගලයකු ගැන සාක්ෂි දෙමින් චූලා කොඩිතුවක්කු කියා ඇත්තේ නිවසෙහි පහතට ඉලක්ක කර සවිකර තිබූ එම  සීසීටීවී කැමරා සවිකර ඇත්තේ තමාගේ නිවස පරීක්ෂාවට දැයි ජමීල් ප්‍රශ්න කළ බවය. එපමණක් නොව එම සීසීටීවි ගැන ජමීල්, සහරාන් ඇතුලු එම කණ්ඩායමට පැමිණිලි කර තිබූ බවය.

එම සීසීටීවී පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරියේ නමින් සවි කර තිබෙන්නට ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ. ඔත්තු බැලීම සඳහා එවැනි රාජ්‍ය ආයතන යොදා ගැනීම මෙරට බොහෝ විට සිදු වන බවට චෝදනා නැගී තිබේ.

රන්මසු වටින ප්‍රශ්නය වන්නේ එම තොරතුරු යුද හමුදා බුද්ධි අංශය දැන ගත්තේ කෙසේද යන්නයි. එවැනි තොරතුරක් දැන ගැනීමට ජමීල් සමග ළඟ සබඳතාවයක් යුද හමුදා බුද්ධි අංශයට තිබුනේද? එසේ ලබා ගත් තොරතුරු කිසිවක් සහරාන් කණ්ඩායම පිළිබඳ පරීක්ෂා කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොදුන්නේ මන්ද යන්නයි.

මෙම ත්‍රස්තවාදී සහායකයා සමඟ යුද හමුදා ඔත්තු සේවා සමීප සබඳතාවයක් තිබූ බවත් ඔහු ගැන සෙවිල්ලෙන් සිටි බවත් බෙහෝ දුරටම ඔහු ගලදාරී හෝටලයේ පිපිරවීම බාරව සිටි බව දැන සිටින්නට ඇති බවත්  මෙයට පෙර හෙළිදරව් වී තිබුණි.

ජමීල් බෝම්බය පුපුරුවන්නේ නැතිව පිටතට යන්නේ දුර කථන ඇමතුමක් ලැබීමෙන් පසුය. එම දුරකථන ඇමතුම තවම රහසකි.

ජමීල් රඳවා ගන්නා ලෙස යුද හමුදා ඔත්තු සේවා නිලධාරීන්, සිකියුරිටි නිලධාරියකුට කතා කළ දුර කථන සිම් පත ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යොදා ගත් ජංගම දුරකථන සිම් පත් සමඟම ට්‍රිපොලි හමුදා කඳවුර මිලට ගත් එකක් බව දැන් විපක්ෂ නායක පවා සනාථ කර තිබේ.

මේ සාධක සියල්ල එක්කල විට යළිත් තහවුරු වන්නේ සහ්රාන් කණ්ඩායම සමඟ ජමීල් හරහා යුද හමුදා ඔත්තු සේවා සම්බන්ධයක් පවත්වා ගෙන ගිය බවයි.

චූලා කොඩිතුවක්කු ගේ සාක්ෂිය තවත් පුදුමාකාර කරුණක් හෙළිදරව් කරයි.

එනම්, සහ්රාන් කණ්ඩායමට පාස්කු ප්‍රහාරය සඳහා ඇති තරම් මුදල් වියදම් කළ ඉල්හාන් නම් ව්‍යාපාරිකයාට රජයේ ඔත්තු සේවාවක් මුදල් සැපයූ බවට සැකයක් ඇති බවයි. එලෙස මුදල් දිය හැක්කේ එක්කෝ රාජ්‍ය ඔත්තු සේවාවට නැත්නම් යුද හමුදා  ඔත්තු සේවාවට පමණක් බවත් චූලා කොඩිකාර ප්‍රකාශ කර තිබේ.

ඔහු යටතේ තිබූ යුද හමුදා ඔත්තු සේවාව එම මුදල් නොදුන්නේ නම් මුදල් දෙන්නට ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යටතේ වූ රාජ්‍ය ඔත්තු සේවාව මගින් විය යුතුය.

එවැනි මුදල් දීමක් විදේශ ඔත්තු සේවාවක් විසින් දෙන්නට ඇත්තේය යන සැකය චූලා කොඩිතුවක්කු ප්‍රතික්ෂේප කරයි.

පාස්කු කොමිසමේ විවිධ සාක්ෂි මගින් හෙළිදරව් වී ඇති තවත් බොහෝ කරුණූ පෙන්වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස අදිසි හස්තයක් ඇති බවයි.

ඒ පිළිබඳව පසුව ලියමු.

Leave a Reply