You are currently viewing සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..!

සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..!

‘ජනාධිපති රනිල් ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔහුගේ සහචරයන් සිතූහ’.

මෑතකදී මහාචාර්ය ක්ලාරා ඊ මතෙයි අලුතින් පළකල පොතක් අද සටහනට හසුකර ගැන්ම කාලීනව අදාල වේ. පොතේ නම Capital Order යන්න ය. එහි උපමැය පොතේ අදහස පැහැදිලි කරයි. එ මගින් ආර් ථික විද්‍යාඥයන් ට චෝදනාවක් එල්ල කරන සේ ය.

එහි ආසන්න පරිවර්තනය:

ෆැසිස්ට්වාදියට පාර කැපූ පටිතදකිරීම ආර් ථික විද්‍යාඥයන් සොයාගත්තේ කෙසේ ද? මුලින්ම එකක් සටහන් කිරීම වැදගත් ය. පංති අරගලය ගැන අදහස් සිංහලට නැගීමේදී මෙරට වම්මු කදිම වචන සෙට් එකක්  සොයා ගත්හ. හොරිකඩයා (scab), සූරාකෑම (exploitation), පටිතද කිරීම (austerity) එයින් කිහිපයකි. ඒවා සොයාගත්තේ සටන් බිමේදිම ය.

පටිතදකිරීම ක්‍රියාවට දමන්නේ කෙසේ ද?

පටි තද කිරීම එක් එක් කාලවල විවිධ සටන් පාඨ ලෙස ඉදිරිපත් කෙරේ. “වැඩියෙන් වැඩ කරමු, වැඩියෙන් ඉතුරු කරමු” එයින් එක් විදියකි. අද බොහෝවිට එය එන්නේ, “සියලුදෙන කැපකළ යුතු ය” යන යෝජනාව සමග ය. ආර්ථික විද්‍යාඥයන් මෙම ඉදිරිපත් කිරීම් මගින් පෙන්වන්න යන්නේ මේ පියවර අදේශපාලනික සහ දෘෂ්ටිවාදී නොවන්නක් ලෙස දැක්වීමට ය. මතෙයී මේ උත්සාහයන් එළිදරව් කරයි.

ඇය පෙන්වන්නේ පටිතද කිරීම ක්‍රියාවට දැමීමේදී ක්‍රමවේදයන් දෙකක් යොදාගන්නා බවයි. ඒ දණ්ඩ බලය (coercion) සහ ධර්‍ම බලය (consensus) යන ද්විත්ව ක්‍රමවේදයන් වේ. මෙයින් ධර්‍ම බලය ඉලක්ක කරගන්නේ මෙම පටිතද කිරීම අවශ්‍යම සහ සාධාරණ එකක් බව ජනතාවට පසක් කර දී ඔවුනගේ පුලුල් එකඟතාවය පටි තදකිරීම සඳහා ලබා ගැන්ම ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වීම සමග සැලකිය යුතු ජන පිරිසක් කල්පනා කළේ වතුර බොන්නාක් මෙන් ඉංග්‍රීසි කතාකරන, ජාත්‍යන්තරය විශ්වාසකරන ඔහු ක්ෂණික අමාරුකම් ඇති වුනත් රට ගොඩ දමනු ඇත කියා ය. ඔහුගේ පටි තද කිරීම් ප්‍රතිපත්ති වලට සහ ජන විරෝධයන්ට කරන පහරදීම් වලට මිනිස්සු ගැහැනු කැමති වූහ. ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔව්හු සිතූහ. ඒ නිසාම ඒ ප්‍රතිපත්ති වලට ජන සහාය ලැබින.

කෙසේ වුවද මේ වනවිට මෙම ධර්‍ම බලය ප්‍රයෝගකාරිත්වයක් ලෙස ඔප්පු වී ඇත. සීතාම්බර පට්ටය ඉරී ගොස්‍ ය. තම ප්‍රතිපත්තිවල සාර්ථක බව ගැන රනිල් ගේ ඔඩොක්කු කුක්කන් මැත දෙඩුවද, අද බහුතර ජනතාව රනිල්ගේ සෙළුව  දකිති.

මේ තත්ත්වය දත් නිසාම රනිල් මුල සිටම වැඩි විශ්වාසයක් තැබුවේ දණ්ඩ බලය කෙරෙහි ය. අරගලය චප්ප කර දැමුවේ ය. පෙළපාලි සහ විරෝධතා මර්ධනය කළේ ය. දණ්ඩ බලය ක්‍රියාත්මක කෙරුනේ වීථි වල පමණක් නොවේ. මහජන අදහස් ප්‍රකාශණයට ඉඩක් නොතබා ප්‍රාදේශීය සභා මැතිවරණය වළක්වා ලූයේ රනිල්-රාජපක්ෂ කඳවුර පරාජය වනබව ඔහු දත් හෙයිනි. පළාත් සභා මැතිවරණය ගැන කථාවක්වත් නැත.

මේ අතර දණ්ඩබලය ක්‍රියාවට නැගීමට අවශ්‍යවන පරිදි නීතියේ කඩතොලු ඉවත් කළ යුතු වේ. සමහර ප්‍රයත්නයන් සිතූ පරිද්දෙන් ඉටුකරගත නොහැකි වුවද ඔහු ඒ සඳහා දිගින් දිගට උත්සාහ කරයි. පහුගිය වසරක හමාරක කාලයක් එසේ අනුමතකළ හෝ අනුමත කර ගැන්මට තැත්කළ පනත් කෙටුම්පත් ගණන සුළු නොවේ. ත්‍රස්ත විරෝධී පනත (ATA), මාර්‍ගස්ථ මාධ්‍ය ආරක්ෂන පනත, මධ්‍යම බැංකු සංශෝධන පනත, කම්කරු පනත, බදු සංශෝධන පනත ඉන් සමහරකි.

දැන් අපි නැවත මතෙයි ගේ තර්ක වෙත හැරෙමු. ඇය තර්ක කරන්නේ මෙම පටි තදකිරීමේ ප්‍රතිපත්තිය හා බැඳී මර්ධනකාරී ආණ්ඩු සැලැස්ම අත්‍යන්තයෙන්ම බැඳී ඇති වගයි. පටි තදකිරීම යෝජනා කරන්නේ ප්‍රාග්ධනයේ නියමය රැක ගැන්මට ය. ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ඇති සමාජ සම්බන්ධතාවය දිගින් දිගට පවත්වා ගැන්මට ය.

Leave a Reply