You are currently viewing සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

  1. ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල  (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම පසුබැස්ම ආපහු හැරවීමට අසමත් වින. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යෝජනා කළේ  ISD විකුණා ණය ගැන්මය. ප්‍රතිකර්ම දෙකම වැඩ කරේ නැත. 2020 ආර්ථික වෘද්ධි වේගය සෘණ අගයක් ගත්තේ ය. ගෝඨාභය ආංඩුවට ද, ලෙඩට බෙහෙතක් හොයාගත නොහැකි විය. විදේශ ණය සුලුවෙන් අඩුකොට දේශීය ණය මගින් හිලව් කිරීම, බදු සහන හා කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ විසදුම් නො විය. කෝවිඩ් වසංගතය තත්වය නරක් කෙරින. තවත් ණය නොගත හැකි තරමට ණයබර වැඩිවිය.
  2. 2021/22 වූයේ කුමක් ද? ආර්ථික පසුබැස්ම ගෝලීයකරණයේ නව සන්දර්භය තුළ විදේශ විනිමය අර්බුදයකට පරිවර්තනය වීම ය. ග්‍රීසියේ අර්බුද රටාව මෙහිද ක්‍රියාත්මක වින. ආර්ථික චක්‍රීය පසුබැස්ම ණය අර්බුදයක් ලෙස පිපිරී ගියේ ය. එය ප්‍රභාත් පට්නයික් හැදින් වූ අනිශ්චිත අර්බුදයක් (contingent crisis) ය. විදේශ විනිමය සංචිතය බින්දුවට වැටින. මෙරට බැංකු නිකුත්කළ ණයවර ලිපි පිළිනොගැනින. අත්‍යවශ්‍ය භාංඩ ආයාත කිරීම කඩා වැටින. ණය බර වැඩිවින.
  3. මේ මොහොතේ IMF යෑම හැර වෙනත් මගක් නොවීද? ඇත්තටම ධනේශ්වර රාමුව තුළ විසදුම් කිහිපයක් විවරව තිබින. ඒවා පෙළගස්වා බලමු. මේ කුමන විසදුමක තිබිය යුතු අනීවාර්‍ය අංගයක් විය යුතුව තිබුනේ කිසියම් ප්‍රමාණයකට හෝ රටේ විදේශ විනිමය සංචිතය ධන අගයකට ගෙන ඒම සහ ණය ගෙවීමේ ආතතිය අඩුකර ගැන්මය.
    (අ) IMF විසදුම ගෝලීය ප්‍රාග්ධනයේ සහ දේශීය ඉහළ මාලයේ විශේෂයෙන් මූල්‍ය ධනේශ්වරයේ අභිප්‍රායයන් සපුරාලන විසදුම විය. එය ක්‍රියාත්මක වන ආකාරය අපි දැන් අත්දකිමින් සිටිමු.
    (ආ) අති ජාතිකවාදී විසදුම වන්නේ එමගින් ඇතිවන ප්‍රතිඵල කුමක්වුව ණය ගෙවීම සහමුලින් ප්‍රතික්ෂේප කිරීම හා ජාතික ආර්ථිකය අඩු මට්ටමෙන් පවත්වාගැන්ම. මෙය කම්පුචියාවේ පොල්පොට් විසදුමයි.(ආ) අති ජාතිකවාදී විසදුම වන්නේ එමගින් ඇතිවන ප්‍රතිඵල කුමක්වුව ණය ගෙවීම සහමුලින් ප්‍රතික්ෂේප කිරීම හා ජාතික ආර්ථිකය අඩු මට්ටමෙන් පවත්වාගැන්ම. මෙය කම්පුචියාවේ පොල්පොට් විසදුමයි.
    (ඇ) සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී විසදුම. (එන් එම් පෙරේරා/ රෆායල් කොරයා විසදුම ).
    ණය ගෙවීම ගැන කල් ඇරීමක් හෝ කොටස් ගෙවීමක් සහ මිත්‍ර රටවලින් ණය ආධාරයක් ලබාගැන්ම හා භාංඩ හුවමාරුව ක්‍රියාත්මක කිරීම සහ විදේශ විනිමය අරපිරිමැස්ම හරහා විදේශ විනිමය ආතතිය අඩුකර ජාතික නිෂ්පාදකය නැංවීම. ග්‍රීසියේ සිරිසා වාමවාදීන්‍ යෝජනාකළ වාම කේන්ස්වාදී යෝජනාව මීට සමාන වේ. එමෙන්ම මේ විසදුම විශාල පදාසයක (ඇ 1 ඇ 2 ඇ 3….යනාදී) විහිදෙන්නේ ය.
    මෙහිදී අවධාරණය කෙරෙන කරුණවන්නේ IMF පාර හැර වෙනත් මගක් නැත යන්න අතිශය මිථ්‍යාවක් බවයි.
  4. දැන් ආර්ථිකය කිසියම් ස්ථාවරත්වයකට ඇවිත්. ධන වෘද්ධි වේගයක්. උද්ධමනය අඩුලු. මේ ජයග්‍රහණ IMF ප්‍රතිපත්ති නිසාද? අර්බුදයෙන් ගොඩ ඒම ඇරඹෙන්නෙ ඊට කලින්. ඉන්දියාව ඩොලර් බිලියන එකහමාරක විතර creditline එකක් දෙනව. චීනය බිලියන් එකහමාරක තැන්පතුවක් කරා. IMF සල්ලි එන්න කලින් ආර්ථික චක්‍රය හැරෙනව. ඇත්තටම IMF කොන්දේසි නිසා තමා 2022 ආර්ථිකය සෘණ 7 කින් වැටෙන්නෙ.
  5. වෙනත් මං තිබියදී IMF මාවත තෝරා ගත්තේ ඇයි? එය දේශපාලන තීන්දුවක්. එය පෙන්වන්නේ රටේ තීරණ ගැන්ම ගෝලීය සහ දේශීය මූල්‍ය හා වාණිජ ධනේශ්වර කුලකය අත පැවැත්ම ඊට මූලික හේතුවය.
  6. ඇයි ජාතික ජන බලය ඒ පාරෙම යන්නේ? සුලු ධනේශ්වරයේ (ඊනියා ජනතාව ගේ) බංකොලොත්කම සහ මූල්‍ය ධනේශ්වරය හමුවේ සුලු ධනේශ්වරයේ ඇති බයාදුකම නිසයි.

Leave a Reply