මාක්ස්වාදයේ මූලික විශ්ලේෂණාත්මක නිර්ණායක දෙක වන ඓතිහාසික භෞතිකවාදය සහ අපෝහක භෞතිකවාදය යන විෂය පථය ස්වාභාවික භෞතිකවාදය නැමති ප්‍රවේශයයි. ස්වාභාවික භෞතිකවාදයෙන් වෙන්ව කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික භෞතිකවාදය වෙත කාර්මික ධනවාදය යටතේ ගමන් කිරීම ධනේශ්වරය විසින් සාධාරණය කරන්නට විශාල වෙහෙසක් ගත්තා සේ ම එය කාර්මික ධනවාදය සුඛිත-මුදිත ව්‍යුහයක්ය යන මතය ධනේශ්වරය විසින් ස්ථාපිත කළේ ය. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදී ප්‍රවේශයෙන් වෙන්ව තීරණාත්මක ගැටලුවක් වෙත ගමන් කරන්නට කාර්මික සමාජවාදය විසින් ද පියවර ගනු ලැබුවේ 1924 පසු ජෝසප් ස්ටාලින් යටතේ ය. විරුද්ධභාෂී ක්‍රමවේද දෙකක් වූ කාර්මික ධනවාදය සහ කාර්මික සමාජවාදය යන ක්‍රමවේදයන් දෙකේ ක්‍රියාවලිය විසින් ඇති කළ ප්‍රතිඵලය පෘථිවි ගෝලයේ ව්‍යසනයක් දක්වා ගමන් මග වත්මන වන විට ස්ථිර කර අවසන් ය.
එවිට කාර්මික විප්ලවයෙන් පසුව අවුරුදු 300ක් යන විට වත්මනේ ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාසවලට පසුබිමෙන් ජෛව විවිධත්වයට, සොබාදහමට හා අයිස් යුගයට නිෂේධනයක් (අභාවයක්) ස්ථාපිත කර තිබේ. පෘථිවියේ උපත සිදුවී වර්ෂ බිලියන 4.5ක් ගෙවී ඇත. පෟථිවිය මතුපිට අයිස් යුගය ආරම්භ වී වර්ෂ බිලියන 3ක් ගෙවා දැමුවේ වර්ධනාත්මක ස්වාභාවික අයිස් යුග හයක් පසු කරමිණි. කාර්මික විප්ලවය ආරම්භ වී වත්මන වන විට ගෙවී ඇත්තේ අවුරුදු 300 කි. අවුරුදු 300ක ඉතා කෙටි කලකින් ගෝලීය ව්‍යයසනක් දක්වා වර්ධනය වූයේ කාර්මික විප්ලවය නැමති ස්වාභාවිකත්වයට විරුද්ධ සංවර්ධන ප්‍රතිපත්තියක ගමන් කළ නිසා ය.
මාක්ස්වාදයේ ස්වාභාවික භෞතිකවාදය (සොබාදහම) හා ස්වාභාවික භෞතික සමාජය (ජෛව විවිධත්වය) පැවැත්ම ව්‍යසනයක් දක්වා වර්ධනය කිරීම නිසා 2030 වන විට වත්මනේ ඇති වී තිබෙන ව්‍යසනය අධික ව්‍යසනයක් දක්වා ගමන් කරමින් තිබෙන බව භෞතික විශේෂඥයන්ගේ මතයයි. ඒ අනුව බැලුව කළ කාර්මික ධනවාදය සහ කාර්මික සමාජවාදය කාර්මික විප්ලවයේ විකෘති ප්‍රතිඵලය පෘථිවියේ විනාශයට සම්මාදම් වී ඇති කළ ව්‍යසනයක් බව වර්තමානය වන විට පැහැදිලිව පෙන්නුම් කරන්නේ ය.
මාක්ස්වාදයේ ස්වාභාවික භෞතිකවාදී විග්‍රහයේ පළමු අවශ්‍යතාවය වන්නේ එය ස්ථාවර ලෙස සමාජීය හා භෞතිකවාදී පද්ධතියේ ස්වාභාවික පදනමයි. එක් අතකින්, එය පුද්ගල-ස්වාභාවික සබඳතා ඓතිහාසිකව නිශ්චිත මාර්ගවල සමාජීය මැදිහත්වීමක් ලෙස සලකන අතර, එමඟින් ගොරහැඩි කාර්මික භෞතිකවාදී නිර්ණායක හෝ අස්වාභාවික යථාර්ථය තීරණය කර ඇති සංකල්ප වත්මන වන විට නිවැරදිව හඳුනා ගත යුතු ය. අනෙක් අතට, මානව නිෂ්පාදනයේ සහ පරිණාමයේ ස්වාභාවික තත්ත්වයන් විසින් සීමා කරන ලද මෙම ආකෘතිවල ද්‍රව්‍යමය අන්තර්ගතය නොසලකා හැරීම සඳහා මානව ඉතිහාසය හැඩගැස්වීමේදී සමාජ ආකෘතිවල භූමිකාව ඒකපාර්ශ්විකව අවධාරණය කරන සමාජ-ඉදිකිරීම්වාදී සහ විකෘති සංවර්ධන දෘෂ්ඨියක් කාර්මික විප්ලවය හරහා ගොඩනැගුණි.
සොබාදහම සහ ජෛව සමාජය අඛණ්ඩතාවය පෘථිවිය මත ස්ථාපිත කරනවා වෙනුවට සොබාදහම, ජෛව විවිධත්වය සහ භෞතික සංඝටක සමග සංකීර්ණ භෞතික පැවැත්ම හඳුනා නොගෙන කාර්මික විප්ලවය ස්වභාවධර්මයේ ව්‍යයසනයේ බරක් ජීවයට ඉතිරි කළේ ය. විශේෂයෙන්ම, සියලු භෞතික වටිනාකම් මානව සහ සමාජ වටිනාකම් බව හඳුනාගත යුතු අතර, ස්වභාවධර්මයට සරලවම හිමි නොවන අර්ධ-මානව ආත්මීයත්වයක් හෝ අරමුණු ආරෝපණය කිරීමෙන් වැළකී සිටිය යුතු ය. ස්වභාවධර්මයේ ආර්ථික, සංස්කෘතික සහ සෞන්දර්යාත්මක ඇගයීම් සෑම විටම ඒවා උත්පාදනය වන විශේෂිත සමාජ සම්බන්ධතා විවෘතව විශ්ලේෂණය කළ යුතු ය. ඒ අතරම, ස්වභාවධර්මය පිළිබඳ මානව තක්සේරු කිරීම් ද්‍රව්‍යයමය වශයෙන් දැනුවත් ජෛව සමාජයේ වර්ධනය සමග; වස්තූන්, බලවේග සහ ජීව ස්වරූපයන් වෛෂයික, ස්වාභාවික වෙනස් වීම් හඳුනා ගෙන ස්වාභාවිකත්වය මගින් පාලනය වන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතු වෙයි. ස්වාභාවික භෞතික වටිනාකම් සමාජීය වශයෙන් ගොඩනැගී ඇතත්, ස්වාභාවික භෞතිකයේ වෙනස්වීම හෝ ප්‍රගමනය හෝ ඛණ්ඩනය හෝ චලනය හෝ විදාරණය හෝ විශ්වය තුළ ඇති වන ස්වාභාවිකත්වය වෙනස්වීම විචිත්‍රවත් කරන්නේ ස්වාභාවික භෞතිකයේ ස්ථිර වර්ධනයක් තුළිනි.
සොබාදහම විසින් ප්‍රදර්ශනය කරන ආකාරයේ ස්වාභාවික නිර්මාණකත්වය හා ස්වාභාවික රසායන ක්‍රියාවලිය හඳුනාගැනීම සඳහා ඒකාබද්ධ සමාජ හා ද්‍රව්‍යමය සංකල්පයක් මානවයාට අවශ්‍ය වේ. ප්‍රධාන ධාරාවේ දැක්ම අනුව, ස්වාභාවික නිර්මාණකත්වය (උදාහරණයක් ලෙස ‘හරිත’) සහ පුද්ගල වටිනාකම් සහ හැසිරීම් වල වෙනස්කම් (ස්වභාවිකත්වයට අනුගතව නිවැරදි නිෂ්පාදන පරිභෝජනය සමග ස්වාභාවික ප්‍රතිචක්‍රීකරණය) එකතුවක් හරහා ‘හරිත සමාජවාදයක්’ (eco socialism) සාක්ෂාත් කරගත හැකි ය. සමාජ මානව සම්බන්ධතා වෙනස් නොකර මිනිසුන් ඔවුන්ගේ ස්වාභාවිකත්ව පදනම් කර ගත් නිෂ්පාදන කොන්දේසි සමඟ සම්බන්ධය ස්වාභාවික භෞතිකය සමග පදනම් වෙයි. මෙම ක්‍රියාවලිය උපකල්පනය කළ විට සොබාදහමේ විනාශය කාර්මික ධනවාදයේ අධිපති සම්බන්ධතාවල අත්‍යවශ්‍ය ‘බාහිර බලපෑමක්’ බවයි. මානව-ස්වාභාවික අන්තර්ක්රියාකාරිත්වයේ සමාජ ස්වරූපවල සහ ද්‍රව්‍යමය අන්තර්ගතයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හඳුනා ගැනීමෙන්, සමාජයට ස්වභාවධර්මය සමඟ ඇති සබඳතා පිළිබඳව අව්‍යාජ ස්වයං-දැක්මකට සහ ස්වයං-පරිවර්තනයකට අවශ්‍ය ස්වාභාවික හා පුද්ගල චර්යාත්මක ඉදිරි දර්ශන ප්‍රමාණවත් ලෙස මාක්ස්වාදය තුළ අන්තර්ගත ය. ඒ වෙනුවට, සමාජය එහි ස්වාභාවික ලක්ෂණ හා සමාජ සම්බන්ධතා ගැන ස්වයං-දැක්මකට, ස්වයං-පරිවර්තනයකට හා ස්වයං-ස්වාභාවිකත්වයකට සමස්ත පෘථිවියම නැවත භාජනය කළ යුතු වෙයි.
ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ සංකල්පය ජෛව සමාජ විද්‍යාවේ අවශ්‍යතාවය සපුරයි. අතිරික්ත නිෂ්පාදිතය වත්මන් නිෂ්පාදන මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිෂ්පාදනයක් දක්වයි; මෙය මිනිස් ශ්‍රමිකයන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ නිෂ්පාදනයක් දක්වා සහ වත්මන් නිෂ්පාදනයට දායක වන ඕනෑම නිෂ්පාදිත හා නිෂ්පාදන මාධ්‍යයක් දක්වා ගමන් කරයි. මාක්ස් මෙම අතිරික්තයේ නිෂ්පාදනය සහ භාවිතය විශ්ලේෂණය කරන්නේ මෙසේය;
- එහි නිෂ්පාදකයින් සහ එහි හිමිකරුවන් අතර පංති සබඳතා අනුව;
- (2) එහි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍යයමය සහ සමාජ කොන්දේසි අනුව;
- (1) හා (2) අතර ගතික අන්තර් ක්‍රියා පංති අරගල මගින් සක්‍රිය කර ප්‍රකාශිත ලෙස ය.
මෙම ප්‍රවේශය මාක්ස් සමාජයේ නිෂ්පාදන හැකියාවන් සහ පංති සම්බන්ධතා වර්ධනයට ද්‍රව්‍යමය හා සමාජීය වශයෙන් එනම් මිනිසුන්-ස්වභාවධර්මය සහ මිනිසුන්-ජෛව සබඳතා ලෙස සැලකීමට හැකියාව ලබා දෙයි. දේශගුණික අර්බුදවලට මානව නිෂ්පාදනයේ අතිරික්තයන් සහ ස්වාභාවික සීමාවන්ට සාපේක්ෂව ස්වභාවධර්මයෙන් වෙන්කර ගැනීම ඇතුළත් වන අතර, මානව නිෂ්පාදනයේ වෙනස්වන මට්ටම සහ ආකාර නිර්ණය කිරීමේදී අතිරික්ත නිෂ්පාදනය හා භාවිතයේ ප්‍රධාන භූමිකාව සැලකිල්ලට ගෙන, මාක්ස්ගේ භෞතිකවාදී සහ පංති විශ්ලේෂණවල විභව ප්‍රයෝජනය සමාජ භෞතික විද්‍යාව සඳහා ප්‍රවේශය පැහැදිලි කළේ ය. නිදසුනක් වශයෙන්, ‘සමාජ භෞතික විද්‍යාව’ සටහන් කිරීමේදී, සොබාදහමේ එක් ක්‍රියාකාරිත්වයක් වන පසෙහි බිඳවැටීමක් සොයා ගැනීමට ජෝන් බෙලමි ෆොස්ටර් [John Bellamy Forter 1953-] සමත් වේ….
“පසේ ඇතිවන දුබලතාවයේ සිට විනාශය දක්වා ගමන් කිරීමට ඉඩ නොදී විශාල අතිරික්ත නිෂ්පාදනයක් ලබා ගැනීමට මානව මැදිහත්වීමකින් ස්වාභාවික වර්ධනාත්මක පසක් නිර්මාණය කර ගත යුතුයි”
යන්න ඔහු පෙන්වා දෙයි.
ස්වාභාවික භෞතික විද්‍යාව ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනස්වීම්වලට (නිෂේධනයන්ට) සමාන බරක් දිය යුතු ය. මිනිස් නිෂ්පාදන ක්‍රියාවලියට උකහා ගැනීමට හෝ එයට අනුගත වීමට ස්වභාවධර්මයේ හැකියාව බොහෝ දුරට තීරණය වන්නේ භෞතික වස්තූන්, භෞතික බලවේග සහ ජීව ස්වරූපවල ඒකාබද්ධ ගුණාංග මගින් විශේෂිත භූ-ගෝලීය පද්ධතිය සමස්තයක් ලෙස භෞමික ජෛවගෝලයත් සමග ය. ජෛවගෝලය මත මානව බලපෑම්වල සංඛ්‍යාත ස්වරූපයන් හෝ අවකාශීය දැක්මකින් හෝ චලනයවන විභේදනයකින් හෝ අවබෝධ කර ගත හැක්කේ ස්වභාවධර්මයේ ගුණාත්මක විචල්‍යතාවය සහ අවකලන ප්‍රතිරෝධය අනුව පමණි. ඇත්ත වශයෙන්ම, අසමාන සහ වෙනස් වූ මානව බලපෑම් අනෙකුත් විශේෂවලට සාපේක්ෂව මානව සංවර්ධනයේ විශේෂිත ලක්ෂණ ද හඳුනා ගත හැකි ය. ස්වභාවික අර්බුද ඇතිවන්නේ එක් අතකින් මානව නිෂ්පාදනයේ සමාජ විභේදනය හෝ ප්‍රසාරණය හෝ අනෙක් පැත්තෙන් ස්වභාවධර්මය තුළ පවතින ගුණාත්මක විචල්‍ය, ප්‍රමාණාත්මක සීමාවන් සහ අවශෝෂණ හැකියාවන් අතර අවකාශීය සහ කාලීන අසමගිය වර්ධනය වන රටාව මගිනි. මෙය සාමාන්‍ය මට්ටමක දී පවා, මානව නිෂ්පාදනයේ සමාජ සම්බන්ධතා, ස්වභාවධර්මයෙන් මානව විසර්ජනයේ හැඩගැස්වීම හරහා, මානව-ස්වභාවිකත්වය ‘නොගැලපීම’ පිළිබඳ ප්‍රධාන නිර්ණායකයක් බව පැහැදිලි ය.
ධනවාදය පිළිබඳ මාක්ස්ගේ වටිනාකම් මත පදනම් වූ විශ්ලේෂණය, ධනේශ්වර නිෂ්පාදන ආකාර (උදා: භාණ්ඩ, මුදල්, ප්‍රාග්ධනය, වැටුප් ශ්‍රමය) ඓතිහාසික වශයෙන් නිශ්චිත, ද්‍රව්‍යයේ සහ සමාජීය ආතතියෙන් පිරුණු එකමුතුවක් ලෙස සැලකීමෙන් සමාජ භෞතිකයේ පළමු නිර්ණායකයට අනුකූල වේ. මාක්ස්ගේ සංකල්පය තුළ, ධනවාදයට ස්වභාවධර්මය කෙරෙහි නිශ්චිත ප්‍රතිවිරෝධයක් ඇති අතර එය ස්වාභාවික තත්වයන් පිළිබඳ යම් ආකාරයක අවතක්සේරු කිරීමකින් ප්‍රකාශ වන අතර මෙම අවතක්සේරු කිරීම භාවිත වටිනාකම සහ හුවමාරු වටිනාකම අතර ප්‍රතිවිරෝධයේ මූලික ආකාරයක් බව මාක්ස් පවසයි. මාක්ස්ගේ ඉදිරි දර්ශනය මේ අනුව යෝජනා කරන්නේ ගෝලීය අර්බුදවලින් තොර නිෂ්පාදන පද්ධතියක් සඳහා වන අරගලය, ප්‍රධාන වශයෙන්, ධනේශ්වර සූරාකෑම සහ ශ්‍රමයේ සහ ස්වභාවධර්මයේ නිෂ්පාදනවල වෙළඳ භාණ්ඩ ස්වරූපය ජය ගැනීමේ අරගලයක් විය යුතු බවයි.
එවිට සොබාදහම සමග මුසු වූ ආර්ථික හා සමාජ ව්‍යුහය ‘හරිත සමාජවාදය’ නැමති බහුත්තවාදී ස්වාභාවික භෞතිකවාදී ප්‍රපංචයක් වෙත ප්‍රවිෂ්ට වීමේ මාධ්‍ය විසින් පෘථිවියේ හටගෙන ඇති ව්‍යයසනයෙන් මිදී අනාගතයක් මානවයාට පමණක් නොව සියලුම ජීවීන්ට මෙන්ම සොබාදහමටද දායාදක් ඇති වුණ විට ස්වාභාවික භෞතික පැවැත්ම නැවත ස්ථීර වනු ඇත.
- ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? - June 5, 2024
- ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. - April 8, 2024
- ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය - April 5, 2024