මම ලියූ 2025/12/26 ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ ලිපිය සම්බන්ධව Facebook එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක් ප්‍රශ්නයක් නගා ඇත. ඔහු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් විඥානවාදය අනුමත කරමින් ප්රශ්නය ඉදිරිපත් කර ඇත. හොඳයි, ඔහුගේ ප්රශ්නය පහතින් කළු පාටින් ඉස්මතු කරමින් මගේ පිළිතුරු සටහන් කරන්නෙමි.
මෙල්බර්න් සටන්කරුගේ ප්රශ්නය –
“..මෙහිදී චමිල් සහෝ කියන පරිදි, හේගල් යනු දේවල් බිහිවී ඇත්තේ පදාර්ථ වලින් නොවේ කියන්න තරම් මෝඩ චරිතයක් නෙමෙයි, ඒක අති ඉතාමත්ම සරල දෙයක් හේගල් කතා කරලා තියෙන දේවල් එක්ක බැලුවම. මෙතන dead matter කියන්නේ, අජීවී ද්‍රව්‍ය කියන එකට, එනම් පස්, ගල්, යකඩ වගේ. එනම් හේගල් ට අනුව ජීවි ද්‍රව්‍ය වන්නේ, මිනිසා, සතුන්, ගස් ස්වභාවදහම වගේ ඒවා.එතකොට හේගල් කියන්නේ මේ ජීවයේ ස්වභාවය පරික්ෂා කිරීමට යාන්ත්‍ර විද්‍යාවෙන් අජීවී දේවල් හරහා ගත් පර්යේෂණාත්මක දේවල් භාවිතා කරනවා කියලයි..”
පරමාණු සහ පදාර්ථ සජීවීද?
කෙටි පිළිතුර “ඔව්.“ අපි මෙසේ විමසා බලමු. අප වසන කිරි සයුර (milky way) කියන මන්දාකිනිය තුළ තරු බිලියන 100 ක් 400 ක් අතර ඇති බවත් එම තරුවලට ග්‍රහලෝක පද්ධතියක් පවතින බවත් තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙයි. එම තුරුද පදාර්ථ නිහාරිකා මගින් බිහිවී ඇති බව ඔවුන් පවසයි. අප මන්දාකිනිය තුළ අලුතින් බිහිවෙමින් පවතින නිහාරිකා මගින් බිහිවෙන තාරකා විශාල ප්‍රමාණයක් මේ මොහොත වනවිට සොයාගෙන අවසන්ය. අප වසන මන්දාකිනිය තුළ බිහිවී ඇති අපගේ සූර්යයාව ගනිමු. අපගේ සූර්යයාගේ පැවැත්ම පවත්වා ගන්නේ කෙසේද? සූර්යයා බිහිවූයේ ද අදට වර්ෂ බිලියන 6 කට පෙර පදාර්ථ නිහාරිකාවකිනි.
සූර්යයා එහි හරයේ ඇති හයිඩ්රජන් පරමාණු න්‍යෂ්ටික විලයනය (fusion) හරහා ශක්තිය ජනනය කරයි. එහිදී හයිඩ්රජන් න්‍යෂ්ටීන් හතරක් එකතු වී එක් හීලියම් න්‍යෂ්ටියක් සාදයි. ප්‍රෝටෝන-ප්‍රෝටෝන දාම ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය සෙල්සියස් අංශක මිලියන 15 ක පමණ උෂ්ණත්වයකදී සිදු වන අතර එමඟින් සැලකිය යුතු ශක්තියක් නිර්මාණය වේ. නිපදවන ශක්තිය සූර්යයාගේ ස්ථර හරහා ගමන් කරන අධි ශක්ති ප්‍රෝටෝන (ගැමා කිරණ) ලෙස මුදා හරිනු ලබන අතර අවසානයේ සූර්යයාගේ මතුපිටට පැමිණ සහ සෞරග්‍රහ මණ්ඩලය සියාරා ගමන් කරයි. මෙම විලයන ක්‍රියාවලිය සූර්යයාගේ අඛණ්ඩ ශක්ති නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන අතර එය න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ මූලික මූලධර්මයකි.

සූර්යයාගේ පැවැත්ම ස්වාභාවිකව පවත්වා ගන්නේ හයිඩ්රජන් පරමාණු න්‍යෂ්ටික වියලනය හරහා හීලියම් පරමාණු බවට පත් කිරීමෙනි. එහිදී හටගන්නා ගිනි දැල් වලින් මුලු සෞරග්‍රහ මණ්ඩලයටම ආලෝකය – තාපය – ගුරුත්ව බලය ද ලබා දෙයි (තව බොහෝ දේ ඇත). එවිට සෑම පරමාණුවක්ම සජීවී අංශුවකි. ඒවගේම හීලියම් පරමාණුව ද යනු සජීවී අංශුවකි. පරමාණුවක චලිතය විසින් පැවැත්මේ ස්වරූපය වෙනස් වුවත් තව දුරටත් එම ස්වරූපය පවත්වා ගන්නේ පරමාණුවේ අභ්‍යන්තර චලනය විසිනි. ඒ සෑම පරමාණුවකම අඩංඟුවන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල චලනය හරහාය. එය සියලුම පරමාණු වලට පොදු ගුණාංගයකි.
අපි තව පැත්තක් බලමු. සොබාදහම තුළ ගස්වැල් තම පත්‍රවලින් කාබන් අවශෝෂණය කරගෙන වායුගෝලයට නිදහස් කරන්නේ ඔක්සිජන්ය. එවිට පෘථිවිය තුළ කාබන් නොමැති වුවහොත් සොබාදහමක් නැත. සජීවී පරමාණුවකින් තවත් දෙයක් බිහිවිය හැකි වගේම එහි පැවැත්ම රඳවා ගන්නට සජීවී පරමාණු සම්බන්ධතාවය ගස්වැල්වලට ද වැදගත් වන්නේ එම නිසාය. අපි තව පැත්තක් බලමු. මෙලෙව වසන ඒක සෛලික ජීවියාගේ සිට මිනිසා දක්වා ආශ්වාස – ප්රාශ්වාස කරති. එහිදී වායුගෝලයේ ඔක්සිජන් පදාර්ථ ආශ්වාසයේ දී ගෙන ප්‍රාශ්වාසයේ දී කාබන් පදාර්ථ පිට කරති. එවිට සෑම ශරීරයක් තුළම ඔක්සිජන් පදාර්ථ නිෂේධනයකට ලක් කර කාබන් පිට කරති. එවිට මෙලොව ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ සජීවී ඔක්සිජන් පරමාණු ක්‍රියාකාරිත්වය හරහාය. ඔක්සිජන් පරමාණුව සජීවී නොවේ නම් ජීවයක් නොමැත.
එම කරුණ තවත් විදිහකින් බැලුව කළ සජීවී පරමාණුවකින් සජීවී දේවල් බිහිවිය හැකිය යන සංකල්පය ස්වාභාවික භෞතිකවාදී සංකල්පයකි. එවිට පරමාණු සහ පදාර්ථ සජීවී ද්‍රව්‍යයකි. විශ්වයේ පවතින ස්වාභාවික භෞතිකය තුළ සියල්ලම පවතින්නේ සජීවී පරමාණු චලිතය නැමැති ක්‍රියාකාරිත්වය තුළය. ඒවා කිසිවක් මළ හෝ මැරුණ හෝ ශුන්‍ය හෝ අජීවී දේවල් නොවේ.
එවිට හේගල්ගේ මළ – මැරුණ – ශුන්‍ය – අජීවී – පදාර්ථයකින් දේවල් බිහි කළ හැකිද? කෙටි පිළිතුර “බැහැ“ යන්නයි. තව පැත්තකින් පැවසුවහොත් අජීවී පදාර්ථ වලින් සජීවී දේවල් බිහිවන්නේ හෝ බිහිකිරීමට හෝ හැකියාවක් නැත. එතැන පවතින්නේ ශුන්‍යත්වයකි. ශුන්‍යත්වයකින් දේවල් බිහි වන්නේ නැත. එවිට සජීවී නොවන ශුන්යතවයනික් දේවල් බිහි කිරීමට ද දෙවියන් වහන්සේටවත් කළ නොහැක. ශුන්‍ය පදාර්ථයකින් යමක් බිහිවන බව තාරකා විද්‍යාව තුළ සාකච්ඡාවටවත් නොගන්නේම එම කරුණ නිසාය. හේගල් පවසන මළ පදාර්ථ දර්ශනය මනෝමූලික අදහසක් වන්නේ එවිටය. හේගල් පදාර්ථ වෙනුවට තවත් වචනයකින් පවසන්නේ එය ආත්මීය සාධකයක් බවය. ඔහු පවසන්නේ අජීවී පදාර්ථ වලින් දෙවියන් වහන්සේගේ ආත්මීය මැදිහත් වීමෙන් සෞරග්‍රහ මණ්ඩලය සජීවීකරණය කළ බවය. ඔන්න එම වාක්‍යය නැවත කියවන්න; මෙතන dead matter කියන්නේ, අජීවී ද්‍රව්‍ය කියන එකට, එනම් පස්, ගල්, යකඩ වගේ. එනම් හේගල් ට අනුව ජීවි ද්‍රව්‍ය වන්නේ, මිනිසා, සතුන්, ගස් ස්වභාවදහම වගේ ඒවා. ඔබ මේ පවසන සියල්ල බිහිවී ඇත්තේ සජීවී පදාර්ථ වලිනි. මාක්ස්වාදීන් වන අපි ඔබට අභියෝග කරන්නේ අජීවී පදාර්ථ වලින් සජීවී දේවල් බිහිවන විදිහ ලෝකයට පහදා දෙන ලෙසය. එය දෙවියන්වහන්සේගේ තර්කයෙන් පහදා දෙන්නේ නම් තර්ක විඥානවාදය හෝ අපෝහක විඥානවාදය යැයි පැවසිය හැකිය. එය විඥානවාදය පිළිගන්නා කෙනෙකුට පිළිගෙන සිටිය හැකිය. විඥානවාදය පිළිගෙන සිටිනවා නම් පෘථිවි භෞතිකයේ ඇති වී තිබෙන වත්මන් ව්‍යවසනයට මුහුණ දීමට ස්ථාවරයක් ගොඩනගා ගැනීමට දැක්මක් එවිට සොයාගත නොහැකිය.
කාබන් පරමාණු අර්බුදය
සොබාදහම සහ ජීවය අතර පැවති අන්තර් සම්බන්ධතාවය ධනේශ්වර ක්‍රමය විසින් බිඳ දැමීම ආරම්භ කළේ 1770 දී ඇරඹි කාර්මික විප්ලවයෙනි. ඒ කාබන් පරමාණු කෘත්‍රිමව නිපදවන යන්ත්‍ර පරිහරණය සමාජගත කිරීමත් සමගය. එම කාලයේ ස්වාභාවිකව පෘථිවිය වායුගෝලයේ පැවති පදාර්ථ මිලියනයක කාබන් පදාර්ථ 260 (ppm) ප්‍රමාණය විසින් ගෝලීය සෞම්‍ය දේශගුණය ස්ථාවරව පැවතුනි. එය 2025 වන විට පදාර්ථ මිලියනයක කාබන් පදාර්ථ 480 (ppm) වැඩි කිරීම මගින් ධනේශ්වරය විසින් කෘත්‍රිම කාබන්කරණයක් ලොවට දායාද කර තිබේ. මෙය කාර්මික විප්ලවය ආරම්භයේ සිට බැලුව කළ 90% කට වඩා වැඩිවීමකි. වත්මනේදී ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ කාබන් පරමාණු ප්‍රමාණය අතිවිශාල ලෙස වැඩිවීම නිසායි. එවගේම වර්ෂ බිලියන තුනක් පැරණි අයිස් තට්ටු දියවන බව සොයාගත්තේ 1978-79 කාලයේදීය. එදා සිට වත්මන දක්වා දියවී ඇති ග්ලැසියර් ප්‍රමාණය උත්තරාර්ධ ධ්රවයේ 60% කි. දක්ෂිණාර්ධ ධ්රවයේ 20% කි. වර්ෂ බිලියන තුනකදී වර්ධන හයක් සමග පැවත ආ අයිස් යුගය අවුරුදු 50 කට ආසන්න කාලයක් තුළ දියකර හැරීමට ගෝලීය උණුසුම ප්‍රධානම සාධකයයි. මෙලෙස තව දුරටත් ධනපති ක්‍රමය ගිය හොත් අයිස් යුගය 2050 වන විට අවසන් වනු ඇත. එවිට පෘථිවියේ සමතුළිත තාවය නැත්තටම නැතිවී යන අතර නැවත සකස් වීමට බොහෝ කාලයක් ගත වනු ඇත.

කාබන් පදාර්ථයක් වායුගෝලයට මුදා හැරුණු පසු එයට වර්ෂ මිලියන ගණනාවක් ජීවත්විය හැකිය. ඒ වගේම කාබන් පදාර්ථයකට සූර්යයාගෙන් නිකුත්වන තාප ශක්තිය ගබඩා කරගත හැකිය. පෘථිවි වායුගෝලයේ, කාබන් යනු හරිතාගාර ආචරණය, කාබන් චක්‍රය, ප්‍රභාසංස්ලේෂණය සහ සාගර කාබන් චක්‍රයේ අනිවාර්ය කාර්යභාරයක් ඉටු කරන වායුවකි. එවිට කාර්මික විප්ලවයට පෙර පැවති 260 (ppm) අගය සෞම්‍ය දේශගුණයක් පවත්වා ගැනීමට ස්වාභාවිකව හැකිවූයේ කාබන් ප්‍රමාණය නිසිලෙස පැවතීම නිසාය. දැන් පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය පවතින සෙල්සියස් අංශක 40000C සිට මතුපිට සමතුළිත කරගත්තේ කාබන් ආචරණය මගිනි. නමුත් ධනේශ්වර ක්‍රමය විසින් 2025 වන විට වාහන බිලියන 1.7 ක් වගේම න්‍යෂ්ටික බලාගාර – ගල් අගුරු බලාගාර සහ කර්මාන්ත වලින් නිකුත්කරන කාබන් ප්‍රතිශතය වැඩි කළේ පෘථිවියේ ස්වාභාවික පැවැත්ම අහෝසි කරමිණි. ඒ වගේම වනාන්තර කපා දමා කොන්ක්‍රීට් වනාන්තර ගොඩ නැගුවේ ද විනාශකාරී ලෙසය. ඉදිරියටත් ගෝලීය ධනේශ්වර ක්‍රමය තුළින් ලෝකය ගමන් කරන්නේ නම් 2050 වන විට මුලු පෘථිවියේම පදාර්ථ මිලියනයක කාබන් පදාර්ථ ප්‍රමාණය 950 (ppm) දක්වා ඉහළ යනු ඇත. එයින් හැඟෙන්නේ ගෝලීය උෂ්ණත්වය අතිවිශාල ලෙස වැඩි වන බවය. දැන් සමකය ආසන්නයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 310C දක්වා ගමන් කර ඇත. එ් වගේම ලෝකය පුරා හඹායන උණුසුම් වායු ධාරා (heat waves) මගින් සෙල්සියස් අංශක 380C – 420C – 460C දක්වා විවිධ ප්‍රදේශ හරහා ගමන් කරන බව පසුගිය අවුරුදු කීපය තුළ දැක ගත හැකි විය. එවිට කිසිම ජීවියෙකුට මේ උෂ්ණත්වය වැඩි වීම දරාගත නොහැකිවනු ඇත. මියයෑම පමණක් සිදුවනු ඇත.
ගෝලීය උණුසුම වැඩිවීම නිසා පෘථිවියේ ව්‍යවසන විශාල ප්‍රමාණයක් ඇති වී තිබේ. එහිදී භූමිකම්පා සක්‍රීය විම, ගිණි කඳු සක්‍රීය වීම, අධික වැසි කුණාටු සක්‍රීය වීම, වියලි කලාප වර්ධනය වීම වැනි ටොනාඩෝ ව්‍යවසනයක් දක්වා පෘථිවිය ගමන් කර තිබේ. එවිට ලංකාවට පැමිණි දිට්වා සුළි කුණාටුව එවැනි ව්යවසනයන්වල එකක් පමණි. තව තවත් පැමිණෙනු ඇත. මම ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ නැමැති ලිපියේ පෙන්වා දුන් පෘථිවියේ ජීවය දෙවරක් අවසන් වූ ලෙසම තුන්වන අවස්ථාව වන සෙනොසොයික් යුගයේ (Cenozoic Era) පවතින ජීවීන් තව දුරටත් ගෝලීය ධනේශ්වර ක්‍රමය තුළ ගමන් කරන්නේ නම් තව අවුරුදු 50 කින් අවසන්වන බව එවිට සක් සුදක් සේ පැහැදිලි කරුණකි. දැන් පෘථිවියේ භෞතිකයේ ඇති වී තිබෙන ව්‍යවසනයට භෞතිකවාදීන්ට විසඳුමක් තිබේද යන්න එවිට ඔබ විමසාවි.
එය විශාල පරාසයක ප්‍රශනයක් නිසා කෙටියෙන් මෙසේ එක කරුණක් පමණක් පවසන්නම්: ගෝලීය ලෙස පොදු ප්‍රවාහනය ඇති කළ හොත් බිලියන 1.7 ක පෞද්ගලික ප්‍රවාහනයෙන් වායුගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය 99% පහත හෙලිය හැකිය. එම විසඳුම ක්‍රියාත්මක කළ හැක්කේ භෞතිකවාදය පිළි ගන්නා ගෝලීය මාක්ස්වාදීන්ට පමණි. මෙවැනි විසඳුම් අති විශාල ප්‍රමාණයක් ඇත. ඒවා ගැන අතිවිශාල සාකච්ඡාවක් ඇති කරගැනීමට මාක්ස්වාදීන්ට එක්සත් වී වැඩපිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍යම කටයුත්තක් වී ඇත. විවිධ හේතු උඩ වෙන්ව සිටින ස්ටාලින්වාදය – ට්‍රොට්ස්කිවාදය – මාඕවාදය – රෝසා ලක්සම්බර්ග්වාදය – ග්රාම්ස්කිවාදය වැළඳගෙන වෙන් වෙන්ව ක්‍රියාත්මක වීම මේ ගෝලීය ව්‍යවසනයට සහයෝගය දීමකි. එම නිසා අපි පවසන්නේ මේ සියලු දෙනාම මාක්ස්වාදීන් ලෙස එකතු වී භෞතික දැක්මකින් පෘථිවියේ භෞතිකය නිවැරදිකර ව්‍යාපාරයක් සහ සංවිධානයක් ගොඩනැගුව හොත් විසඳුම් ක්‍රියාත්මක කිරීමට බලයකි. එම ක්‍රියාමාර්ගය ගත හැකි වුවහොත් තව වර්ෂ බිලියන 6 කින් සූර්යයගේ නිෂේධනය (අභාවයට) ඇති විශාල කාලයක් පෘථිවිටය මෙන්ම සමස්ත ජීවයටම පැවතිය හැකිය. සූර්යයා නිෂේධනය වන්නේ; සූර්යයා සතුව පවතින හයිඩ්රිජන් පරමාණු අවසන් වීමෙන්ය. එයත් ස්වාභාවික අභාවයක් බව අප වසන කිරි සයුර මන්දාකිනිය තුළ අභාවයට ගිය සූර්යාවන් නිරීක්ෂණ දත්ත මගින් හඳුනාගෙන ඇත.
මේ ස්වාභාවික භෞතිකය පිළිනොගන්නා හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය නම් කියවා ප්‍රතිඵලයක් නොමැත. මොකද හේගල් පිළිගන්නා පරමාණු හෝ පදාර්ථ හෝ මළ හෝ මැරුණ හෝ ශුන්‍ය හෝ අජීවී දෙයකින් කාබන් පරමාණු ව්යවසනයටය විසඳුමක් නොලැබෙන නිසාය. ඉතින් එවැනි ශුන්යතාවාදියෙක්ව කියවා කියවා පෘථිවියේ පැවැත්ම අවසන්වන තුරු සිටිය හැකිය. එයට කාලය නාස්ති කිරීමත් වැඩකට නැති වැඩකි.
ඒ නිසා ඔබ ඇතුලු කණ්ඩායමට මාක්ස්වාදීන් වන අපි පවසන්නේ “මාක්ස්ගෙන් භෞතිකවාදය කියවමු“ යන මතයට පැමිණෙන ලෙසය. තම තමන් එළඹ ඇති විඥානවාදී අදහස්වලින් මිදී – භෞතිකවාදී ප්‍රවේශයක් ඇති කර ගන්නේ නම් පෘථිවියේ භෞතිකය බේරා ගැනීමට ගන්නා පියවර වැදගත් පියවරකි. එම ඇතිකරගන්නා භෞතිකවාදී වෙනස තුළින් පෘථිවියේ භෞතිකය බේරා ගැනීම සඳහා එවිට නිර්මාණශීලීව ඉදිරියට යා හැකිය.
- සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස.. - January 10, 2026
- දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි - August 21, 2025
- නිවාස අහිමි වන ඇමරිකානුවන්ගේ කතාව.. - August 14, 2025