
මාධ්‍ය නිවේදනය 2026 ජනවාරි 06
ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් එක්සත් ජනපදය වෙනිසුවෙලාවට එරෙහිව සිදු කළ නීති විරෝධී හිතුවක්කාර ආත්‍රමණය හෙළා දකී.
ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් එක්සත් ජනපදය 2026 ජනවාරි 03 දින වෙනිසුවෙලාව ආක්‍රමණය කොට නිත්‍යානුකූලව තේරී පත් වූ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ බලහත්කාරයෙන් පැහැර ගෙන යෑම තරයේ හෙළා දකියි.
නීතිය පදනම් අන්තර්ජාතික සම්මතය කඩා බිඳ දමමින් රාජ්‍යයන්ගේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතවෙයේ අනුලංඝනීය භාවය යටපත් කෙරෙන එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී බලහත්කාරය හෙලා දකින ලෝ පුරා ජනතාව සමග අපි ද එක්වෙමු.
එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව ලොව පුරාම විරෝධයට ලක් වු සහ පරාජය කළ 19 වැනි ශතවර්ෂයේ යටත් විජිතවාදය නැවත ස්ථාපනය කිරීමේ පිළිකුල් සහගත නග්න අධිරාජය වාදයයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම පියවර අන්තර්ජාතික සම්බන්ධතාවයේ භයානක පූර්වාදර්ශයක් වන අතර ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ තවත් හිරිහැර කිරීම්වලට ලක් නොකොට කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමු.
වෙනිසුවෙලාවේ තෙල් සහ අනෙකුත් සම්පත්වල නිත්‍යානුකූල අයිතිකරුවන් වන්නේ එම රට ජනතාව බව අවධාරණය කරන අපි වෙනත් රටකට ඒවාට උරුමකම් කිමට හෝ පාලනයේ වෙනසක් කිරීමේ අරමුණෙන් මැදිහත් වීමට අයිතියක් නැති බව පිළිගනිමු.
පැවති තත්වය නැවත ඇති කිරීමට සාමුහික පියවර නොගන්නේ නම් එක්සත් ජනපදය නාසි ජර්මනිය සහ සයන්වාදී ඊශ්‍රායෙලය මෙන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනු ඇත.
කැවුම්කරුවන්
මහින්ද හත්තක අමින් ඉසදීන්
- අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..! - March 4, 2026
- තවත් “සිංහලේ” යුගයක උදාවක්? - March 1, 2026
- තිරසාර විසඳුමතට පොදු එකඟතාවයක් අවශ්‍යයි.. - February 25, 2026