You are currently viewing ලංකාවේ පොලිසිය දෙමළ සැකරුවකුට අමානුෂික වධ දුන් බවට එක්සත් ජාතීන්ගේ විනිශ්චයක්..!

ලංකාවේ පොලිසිය දෙමළ සැකරුවකුට අමානුෂික වධ දුන් බවට එක්සත් ජාතීන්ගේ විනිශ්චයක්..!

එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ හිටපු දෙමළ සටන්කාමියකු ස්විට්සර්ලන්තයට පලා ඒමට පෙර පොලිසිය විසින් මාසයක කාලයක් රඳවා තබා ගෙන වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ල විනිශචය කර  එහි තීන්දුව පසුගිය 12වැනි දින ජිනීවාහි දී ප්‍රකාශයට පත් කරන ලදී.  එම නඩු තීන්දුව මගින්  කීර්තිමත් ජාත්‍යන්තර විනිසුරුවන් දාහත් දෙනෙකු  ශ්‍රී ලංකා රජය හෙළා දැක තිබේ. මෙම විනිසුරුවන් හුදෙක් බටහිර රවෙල් අය නොව සංවර්ධනය වන රටවලින්ද නිර්දේශ කරන ලද අය වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව යනු මානව හිමිකම් කවුන්සිලය යටතේ පිහිටුවා ඇති එක් යාන්ත්‍රණයකි. එම එක්සත් ජාතීන්ගේ විනිශ්චය සභාව සමන්විත වන්නේ එම විශය සම්බන්ධ අත්දැකීම් සහිත විශිෂ්ඨයින්ගෙනි.

මෙම මානව හිමිකම් කමිටුවට  ශ්‍රී ලංකාවෙහි තමන්ට සිදු වූ මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන්  පැමිණිළි කළ අය අතර වර්තමානයේ රනිල් රාජපක්ෂ පාලනයේ කොටස්කරුවන් වන වික්ටර් අයිවන් සහ එස්.බී. දිසානායක ද වේ. එනයින් ඔවුන් මෙම කමිටුවේ තීන්දු පිළිගෙන ඇත.

V.M. යන නමින් පමණක් දක්වා ඇති මෙම පැමිණිලිකරුට වධහිංසා පමුණුවා ඇති බවට ස්විට්සර්ලන්ත වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ. ඔහු  නියෝජනය කරමින් නීතිඥ Geoffrey Robertson AO KC පෙනී සිටියේය.

ක්‍රිකට් කුරු වලින් දරුණු ලෙස පහර දීම, විදුලි සැර වැදීම සහ ලිංගික දූෂණය එම වධදීම් වලට ඇතුළත්ය. කඹයකින් ඔහුගේ දෙපයේ ඇඟිලි ගැට ගසා  එල්ලා තබා ඇති බවත්, ඔහුගේ හිස වතුරෙහි ඔබා ඇති  බවත්, ඔහුගේ ගුද මාර්ගයට තියුණු යමක් ඇතුළු කර, අධිශීතකරණ කාමරයකට බලහත්කාරයෙන් ඇතුළු කර, විදුලි සැර වද්දා, ඔහුගේ ලිංගය තුළට ලෝහ කූරක් ඇතුල් කරන ලද බවත් නඩු තීන්දුව සඳහන් කරයි.

ඔහු 2009 ජනවාරි 6 සිට අප්‍රේල් 3 දක්වා ශ්‍රී ලංකා පොලිසිය විසින්  රඳවා ගෙන සිටි බවත්, මෙම කාලය තුළ නැවත නැවතත් පහරදීම් ඇතුළු වධ හිංසාවලට හා අපයෝජනයන්ට ලක් වූ බවත්, ඔහුගේ තන පුඩු හරහා කටු ඇතුල් කර ඇති බවත් නඩු තීන්දුවෙහි සඳහන් වේ.

රඳවා තබා ගැනීමේදී ඇති වූ තුවාල හේතුවෙන් ඔහු දින තුනක් හෝ හතරක් හමුදා රෝහලක ප්‍රතිකාර ලැබූ බවත්, ඔහුගේ බඩවැල්වලට මැහුම් 18 ක් දැමූ බවත් පැමිණිලිකරු කියා තිබේ.

ස්විස්ටර්ලන්ත වෛද්‍යවරු ඔහුට වධහිංසා පමුණූවා ඇති බවටත් එහි ප්‍රතිපලයක් ලෙස දරුණූ මානසික ආතතියකට සහ විශාදයකට පත් ව සිටි බව තහවුරු කර තිබුණි.

අද පවා ශ්‍රී ලංකා පොලිසිය අත්අඩංවට ගන්නා පිරිස්වලට  මෙවැනි වධහිංසා පමුණූවන බවට කෙතෙකුත් සාක්ෂි තිබේ.

2009 ජූලි මාසයේ දී කොළඹ ස්විස් තානාපති කාර්යාලය මගින් දෙන ලද මානුශීය විසා බලපත්‍රයක් මගින් ඔහු ශ්‍රී ලංකාවෙන් පලා ආවේය.

ඔහු ඉදිරිපත් කළ වධහිංසා චෝදනා කිසිවක් ශ්‍රී ලංකා ආණ්ඩුව කළ කරුණු ඉදිරිපත් කිරීම් වලදී ප්‍රතික්ෂේප කර නැත. එම කරුණූ දක්වන ලද්දේ 2020 ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයෙහි විදේශ ඇමතිව සිටි වත්මන් අගමැති දිනේශ් ගුණවර්ධන යටතේය. එවකට ජිනීවාහි තානාපති වූයේ ගෝටා පත් කල සී.ඒ. චන්ද්‍රප්‍රේම නොහොත් තඩි  ප්‍රියන්තය. එබැවින්  මානව හිමිකම් කමිටුව නිරීක්ෂනය කරන්නේ ඒම වධහිංසා පැමැනවීම ශ්‍රී ලංකාන්ඩුුව අනියමින් පිළිගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රධාන තර්කය වූයේ එම පැමිණිලිකරු දේශීයව ලබා ගත හැකි ප්‍රතිකර්ම සඳහා උත්සාහ දරා නැති බවයි.

රීතියට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිටියට පැමිණිලි කළ හැක්කේ දේශීය අධිකරණ යාන්ත්‍රණයන් ගෙන් ප්‍රතිපලයක් ලබා ගත නොහැකි වූ විට පමණය.

එසේ නමුත් තමා පොලිස් අත්අඩංඟුවෙන් නිදහස් වූයේ පොලිසියට අල්ලස් දීමෙන් බව ප්‍රකාශ කළ පැමණිළිකරු එම කාලයේ රට තුල අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට යෑමට තමාට හැකියාවක් නොතිබූ බව ප්‍රකාශ කළේය.

නඩු තීන්දුව දක්වන්නේ “ විනිදිතයකුට ශ්‍රී ලංකාව තුළ ඵලදායී පිළියම් තිබිය හැකි බව ආණ්ඩුව මවා පෑ නමුත් මෙම පිළියම් අකාර්යක්ෂම බව ඔප්පු වූ” බවයි.

“ ම්ලේච්ඡත්වයට වගකිව යුතු පොලිසිය ස්වාධීනව සහ පරිපූර්ණ ලෙස විමර්ශනය කරන ලෙසත්, ඔවුන්ට නඩු පවරා දඬුවම් කිරීම සහතික කරන ලෙසත්”  තීන්දුව මගින් ලංකාවට නියෝග කර ඇත. තවද  රජය වින්දිතයාට ප්‍රමාණවත් වන්දි ගෙවිය යුතුය. මෙවැනි සිදුවීම් නැවත සිදු නොවිය හැකි බවට වග බලා ගැනීම සඳහා දේශීය නීති වෙනස් කළ යුතුය යනුවෙන්ද තීන්දුව ප්‍රකාශ කරයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් රටවල රජයට, පොලිස් සිරමැදිරි තුළ රඳවා සිටින සියලුම පුද්ගලයන් පහරදීම්වලින් සහ වෙනත් ආකාරයේ වධහිංසාවලින් සහ අයහපත් සැලකීම්වලින් ආරක්ෂා කිරීමට ඇති නීතිමය වගකීම පිළිබඳ විශේෂයෙන් වැදගත් තීන්දුවක් බව විනිදිතයාගේ නීතිඥ රොබට්සන් මහතා පවසා තිබේ.

තීන්දුවෙහි සඳහන් වන කරුණූ මෙසේය:

  1. පැමිණිළිකරු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් පරිපූර්ණ, අපක්ෂපාතී, ස්වාධීන සහ ඵලදායී පරීක්ෂණයක් පැවැත්වීම;
  2. පැමිණිළිකරු වධහිංසාවට ලක් කළ වගකිවයුත්තන්ට නඩු පැවරීම සහ දඬුවම් කිරීම සහ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කිරීම;  
  3. සිදු වූ උල්ලංඝණයන් සඳහා පැමිණිළිකරුට ප්‍රමාණවත් වන්දි සහ තෘප්තිමත්වන පියවරයන් ලබා දීම.

“..අනාගතයේදී මෙවැනි උල්ලංඝනයන් වැළැක්වීමට පියවර ගැනීමට රාජ්‍ය පාර්ශවය ද බැඳී සිටී. ඒ සම්බන්ධව, මීට පෙර සන්නිවේදනයන් ගණනාවකදී රාජ්‍ය පාර්ශවය සම්බන්ධයෙන් සමාන සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවත්, එබැවින් රාජ්‍ය පාර්ශවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ සම්බාධක සහ ප්‍රතිකර්ම නියම කිරීමෙන් නීති සම්පාදනය සහ සීමාවන් පිළිබඳ ප්‍රඥප්ති සංශෝධනය කළ යුතුය..”

මෙම අදහස් දැක්වීම් පිළිගැනීමට ශ්‍රී ලංකා රජය සම්මුති මගින් බැඳී සිටින බව පෙන්වා දෙන එක්සත් ජාතීන් දින 180ක් ඇතුළත, කමිටුව ඉදිරිපත් කර ඇති ඉහත කී අදහස් බලාත්මක කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරන බව දක්වයි.

එමෙන්ම වත්මන් තීන්දුව රට තුළ ප්‍රකාශයට පත් කරන ලෙසත් ඒවා රාජ්‍ය භාෂා මගින් ප්‍රචාරය කරන ලෙසත් රාජ්‍ය පාර්ශවයෙන් කමිටුව ඉල්ලා සිටී.

ස්තූතිය: Sri Lanka Brief

Leave a Reply