යුද්ධයෙන් මිය ගිය අය සැමරීම, ඈත අතීතයේ සිටම ශිෂ්ට සමාජයේ පැවත එන ලක්ෂණයකි. එම සම්ප්‍රදායට ගරු කරමින් ලංකාවේ ද පසුගිය සිවිල් යුද්ධ සමයේ මිය ගිය සියලු දෙනා සැමරීමේ නිදහසට ගරු කරන්නැයි පුරවැසියන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. පහත පළ වන්නේ එම ලිපියයි.
2024-11-25
ජනාධිපති/ආරක්ෂක ඇමති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ-1
ගරු ජනාධිපති තුමනි,
1983-2009 සිවිල් යුද්ධයේ දී මිය ගිය අය සාමකාමීව අනුස්මරණය කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලීම.
පහත සඳහන් කරුණු කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කර, උතුරේ දෙමළ ජනතාවගේ ඉහත සඳහන් අයිතිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහි පහත නම් සඳහන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
සිවිල් යුද්ධයේ දී මිය ගිය අය අනුස්මරණය කිරීමට බාදාවක් නැති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් විසින් පැවසූ බව 2024.11.24 ඊළනාඩු පුවත්පත වාර්තා කර තිබෙන බව ද විශේෂයෙන් සඳහන් කරමු.
- ඉතිහාසයේ ප්‍රථම වරට ඔබ තුමාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය පවරා දීම සඳහා උතුරේ බහුතර දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇත.
- එමගින් හිටපු පාලකයන් කෙරෙහි අප්‍රසාදය පළ කර ඇති අතරම, යහපත් වෙනසක් පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තබා ඇත.
- හිටපු පාලකයන් 2009 සිට දිගින් දිගට ම, සිවිල් යුද්ධයේ දී මිය ගිය අය සාමකාමීව අනුස්මරණය කිරීමට උතුරේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කර ඇත.
- එහෙත් මේ වන විට, නව ආණ්ඩුව යටතේ නොවැම්බර් 27 දින, සිවිල් යුද්ධයේ දී මිය ගිය අය සාමකාමීව අනුස්මරණය කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇතැයි උතුරේ ජනතාව බලාපොරොත්තු දල්වා ගෙන සිටී.
- තවද, මිය ගිය අය අනුස්මරණය කිරීම වැළැක්වීම නිසා ආගමික නිදහස, හෘදයසාක්ෂිය දැරීමේ නිදහස, සිතීමේ නිදහස, ප්රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝනය කරන රටක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව ඇත.
- විශේෂයෙන් ම 1971 සහ 1988-89 කැරලිවල දී මිය ගිය අය අනුස්මරණය කිරීම සඳහා දකුණේ ජනතාවට ඇති අයිතිය තහවුරු කර ඇති තත්ත්වය යටතේ, සිවිල් යුද්ධයේ දී මිය ගිය අය අනුස්මරණය කිරීමට උතුරේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීම මගින්, එම ජනතාවට වෙනස් කොට සැලකීම, කිසි සේත් යුක්ති සහගත කළ නොහැක.
- එමගින්, “සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැළකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැඟීමෙනි” යනුවෙන් මානව අයිතිවාසිකම් විශ්ව ප්රකාශනයේ සඳහන් ප්‍රථම වගන්තිය පවා උල්ලංඝනය වේ.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ | විජයානන්ද ජයවීර | මහාචාර්ය අර්ජුන පරාක්‍රම | එස්.සිවගුරුනාදන් | ලයනල් බෝපගේ | ජෝෂප් ස්ටාලින් | කේ.ඩබ්ලිව්.ජනරංජන | චින්තක රාජපක්ෂ | ලේඛක මහින්ද හත්තක | වෛද්‍ය සයිෆුල් ඉස්ලාම් | තුෂාරි මඩහපොල | සුනන්ද දේශප්‍රිය | හාසිම් සාලි | හර්මන් කුමාර | ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා | රංජිත් හේනායකආරච්චි | මරීන් නිලාශිනී | ඊ.එම්.බී.මැණිකේ | ගරු රොහාන් සිල්වා පියතුමා | ගරු කුසුම් කුමාරසිරි පියතුමා | මේරියන් ප්‍රදීපා|ආචාර්ය හේරත් එම්.ආරියරත්න | නලින රංජන් ප්‍රනාන්දු | වින්සන්ට් බුලත්සිංහල | රෝයි රොද්‍රිගු | මානෙල් ප්‍රනාන්දු | කුමුදිනී සැමුවෙල් |ජයතිලක බණ්ඩාර | බ්‍රිටෝ ප්‍රනාන්දු | නීතිඥ එච්.අයි.එම්.සහ්ෆි | වයි.එම්.නවරත්න | ටී.එම්.ප්‍රේමවර්ධන
- සහල් මාෆියාව සහ ආණ්ඩුවේ නොහැකියාව: අනාගතය සදහා පාඩම් කිහිපයක්.. - December 30, 2024
- ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? - December 10, 2024
- යුද්ධයෙන් මිය ගිය අය සැමරීමට ඉඩ දෙන්න.. - November 27, 2024