මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රකට ආර්ථික විද්‍යාඥයන් හතර දෙනෙක් දෝෂ සහිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිළිවෙල පිළිබඳව නැවත සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියහ.
සජබ සහ ජාජබ ට නව නීති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට අභියෝග කිරීමට උපාය මාර්ග නොමැති වීම කනස්සල්ලට හේතුවකි.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වීම විපක්ෂයේ කණගාටුදායක තත්ත්වය පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව පොදු ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට පොරකද්දී, ජාමූඅ ඔවුන්ට සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට ඉඩ දෙන්න!යැයි කියයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මිණුම් සලකුණු සහ ජාමූඅ වැඩසටහනේ කප්පාදු කොන්දේසි දුප්පතුන් සහ සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් මත ගැලපීමේ විශාල බරක් පටවයි
දෝෂ සහිත ගිවිසුමකින් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගෙන ඒවා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත හරහා බැඳීම් නීති බවට පරිවර්තනය කිරීමේ ව්‍යවස්ථාදායක ප්රයත්නය හානිකර හා භයානක ය.
ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම හිර කරන ජාමූඅ වැඩපිලිවෙලට අභියෝග කිරීමට මැලි වෙති. ජනතාව බලමුලු ගැන්වීමේ දැක්මක් නොමැතිව, සහ හොඳ කාලයක අපේක්ෂාවෙන් ගොඩ නැඟූ විට, නව රජයක් බලයට පත් වූ විට ඔවුන් අමාරුවේ වැටෙනු ඇත.
වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව විසින් බලය යොදා අධිවේගයෙන් ඉදිරියට දුවවන නව නීති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට අභියෝග කිරීමට සජබ සහ ජාජබ යන දෙපාර්ශ්වයට උපාය මාර්ග නොමැති වීම කනස්සල්ලට හේතුවකි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වීම විපක්ෂයේ කණගාටුදායක තත්ත්වයකි. මෙම සන්දර්භය තුළ, ජාමූඅ ඔවුන්ගේ සංචාරයෙන් පසු පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ප්‍රකාශය සමඟ රජයට කරන සුභ පැතුම් වලින් පිරී ඇත. නීත්‍යානුකූල භාවයකින් තොරව රජයක් සහ පාර්ලිමේන්තුවක් විසින් සම්මත කරන ලද නව නීති රාශියක් ඔවුන් පිළිගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති තර්කය වඩ වඩාත් පැහැදිලි ය. “දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම” “ප්‍රධාන සන්ධිස්ථානයක්” බව ඔවුන් ප්‍රකාශ කරන ආකාරයෙන්, බැඳුම්කර හිමියන් ඇතුළු ණයහිමියන්ගේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ පිටුබලය රහසක් නොවේ. එමගින් කම්කරුවන්ගේ පරම්පරාවක විශ්‍රාම අරමුදල්වලින් අඩක් පමණ අහිමි වනු ඇතැයි යන්න පිළිබඳ ඔවුහු සැලකිල්ලක් නොදක්වති. ජාමූඅ තවදුරටත් අවධාරනය කරන්නේ එහි ප්‍රාථමික අයවැය අතිරික්තය වන දළ ජාතික නිෂ්පාදතයෙහි 2.3% , 2025 සඳහා අයවැයේ ඉලක්කය ලෙස පැවතිය යුතු බවයි. හිටපු ජ්‍යෙෂ්ඨ ජාමූඅ ආර්ථික විද්‍යාඥයෙකු වන පීටර් ඩොයිල් ඇතුළු බොහෝ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයින් මෙම ඉලක්කය දැඩි ලෙස විවේචනය කර ඇත. එය හොඳින්ම ප්‍රථිඵල පෙන්වන ශ්‍රී ලංකාවේ සම තත්ත්ව කණ්ඩායෙම් රටවල් පෙන්වනවාට වඩා සියයට තුනකට වඩා වැඩිය. කෙසේ වෙතත්, මෙම ඉලක්කය පනවා ඇත්තේ ශ්‍රී ලංකාව සිය ණය හිමියන්ට ආපසු ගෙවීමට සූදානම් අරමුදල් ඇති බව සහතික කිරීම සඳහා ය.
වැඩ කරන ජනතාව
බලශක්තිය සඳහා වෙළඳපොළ මිල නියම කිරීමේ ජාමූඅ කොන්දේසිය වැඩකරන ජනතාව සඳහා විනාශකාරී වී ඇත. පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාමත් සමඟ සාමාන්‍ය ජනතාව ගමන් බිමන් කපා හරිමින් මුළු ඉන්ධන පරිභෝජනය සියයට හතළිහකින් අඩු වී ඇත. භූමිතෙල් මිල ඉහළ යාමත් සමඟ ධීවරයින් පවා මුහුදු යාම අඩු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය අස්වැන්න බෙහෙවින් අඩු වී ඇත. මෙම සන්දර්භය තුළ, සාමාන්‍ය මිනිසුන්ට ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්, ජාමූඅ කියා සිටින්නේ: “මෝටර් වාහන ආනයන සීමා කිරීම් සැලසුම් සහගතව ලිහිල් කිරීම 2025 දී ආදායම් බලමුලු ගැන්වීමට සහාය වනු ඇත “කියාය. ප්‍රංශ විප්ලවය මධ්‍යයේ ප්‍රංශ ගොවීන් පාන් ඉල්ලා සිටින විට, මාරි ඇන්ටොනෙට් කුමරිය “ඔවුන්ට කේක් කන්න දෙන්න” යැයි ප්‍රකාශ කළ බව පොදුවේ සැලකේ. එලෙසම, ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව පොදු ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට පොරකද්දී, “ ඔවුන්ට සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට ඉඩ දෙන්න!” යැයි ජාමූඅ කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති තර්කය ගෝලීය මෝටර් රථ කර්මාන්තයට මෙන්ම සුඛෝපභෝගී පරිභෝජනය සඳහා ආශාව ඇති කොළඹ ප්‍රභූ පැලැන්තිය යන දෙකොටසටම සේවය කරයි.
ජාමූඅ වැඩසටහන නැවත සාකච්ඡා කිරීම
එසේ නම් මැතිවරණ විවාද සහ ඕනෑම නව රජයක ආර්ථික වැඩපිළිවෙල ඇමතිය යුත්තේ කුමක් ද? මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ප්රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් හතර දෙනෙකු, ආර්ජන්ටිනාවේ හිටපු මුදල් අමාත්‍ය මාර්ටින් ගුස්මාන්, ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික හවුල්කරුවෝ (IDEAs) හි විධායක අධ්යක්ෂ චාර්ල්ස් අබුග්රෙ, මැසචුසෙට්ස්හි ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයති ගෝෂ් සහ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය සී. පී. චන්ද්‍රසේකර්, දෝෂ සහිත ජාමූඅ වැඩසටහන ගැන නැවත සාකච්ඡා කරන ලෙස ඉල්ලා ඇත. 2024 ජූනි 25 වැනි දින ඩේලි එෆ්ටී (Daily FT) පුවත්පතේ පළ වූ ඔවුන්ගේ විවෘත ලිපියෙන් මම එම අදහස් පුළුල් ලෙස පහතින් උපුටා දක්වමි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ ඇති කර ගත් 17 වැනි ගිවිසුමේ අර්ථ දක්වා ඇති වත්මන් ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන ශ්‍රී ලංකාවට තිරසාර ප්‍රකෘතිමත් වීමේ මාවතක් හෝ එහි විදේශ ණය අර්බුදය විසඳීමේ විශ්වසනීය මාර්ගයක් සපයන බව අපි විශ්වාස නොකරමු. අපගේ මෙම අදහස පදනම් වී ඇත්තේ ආර්ථික බිඳවැටීමට තුඩු දෙන සාධක පිළිබඳ අපගේ විශ්ලේෂණය, ගිවිසුම සහ ඒ සමඟ ඇති ප්‍රතිපත්ති පොදිය පිළිබඳ අපගේ තක්සේරුව සහ වත්මන් වැඩසටහන යටතේ මූල්‍ය ඒකාග්‍රතාවයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන බර පිළිබඳ අපගේ තක්සේරුව මත ය. ඉදිරි ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට දේශපාලන පක්ෂ සුදානම් වන විට, අදාළ සියලුම ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ නියමයන් සහ කොන්දේසි නැවත සාකච්ඡා කිරීමට කැපවීම ශ්‍රී ලාංකීය ජනතාවගේ යහපතට හේතු වනු ඇත. එවැනි නැවත සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ පහත කරුණු මගිනි.
ප්‍රතිචක්‍රීය (Countercyclical) පියවර
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය ඇතුළු ජනතාවගේ මූලික අවශ්‍යතා සහතික කරන අතරම රැකියා සහ ජීවනෝපායන් උත්තේජනය කිරීම සඳහා ප්‍රතිචක්‍රීය පියවරවල හදිසිභාවය සහ අදාළත්වය ජාමූඅ වැඩසටහන මඟින් අවධාරණය නොකරයි.
වැඩසටහනේ ආර්ථික වර්ධන ඉලක්ක වියහැකිවාට වඩා ශුභවාදී වන අතර, වැඩසටහනේ අන්තර්ගත වන මූල්‍ය පියවර ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම හඳුනා නොගනී.
මෙයින් අදහස් කරන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයක්, බාහිර ණය සේවා සැපයීම, දළ මූල්‍ය අවශ්‍යතා සහ රාජ්‍ය ණය-ද.දේ.නි. අනුපාතය සඳහා වන ඉලක්ක ඕනෑවට වඩා ශුභවාදී වන අතර සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම් දැඩි ලෙස මිරිකුවද ඒවා සපුරාලීමට අපහසු බවයි.
ජාමූඅ මිණුම් සලකුණු සහ ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාවේ අර්බුදයට තුඩු දෙන ව්‍යුහාත්මක තත්ත්වයන් හෝ ශ්‍රී ලංකාවට ද අනිවාර්යයෙන්ම බලපාන ගෝලීය අස්ථාවරත්වය සැලකිල්ලට නොගනී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර විශ්ලේෂණ (DSA) ක්‍රමවේදයේ ඇත්තේ අරුත් විරහිත බවකි. අවශ්‍ය කෙරෙන විදේශ ණය අඩුකිරීමේ ඇස්තමේන්තු ඇත්තේ ඉතා අඩු මට්ටමක ය. ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ අවධානය හැරවීමේ මඟක් ලෙස දේශීය ණය ඇතුළත් කිරීම සහ බාහිර මූල්‍යකරණ අවශ්‍යතාවලට වඩා “දළ” මූල්‍යකරණය කෙරෙහි අවධාරණය කිරීම මගින් මෙය සැඟවීමට උත්සාහ කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් විදේශ ණය අර්බුදයට විසඳුම් සෙවීමට විදේශ විනිමය නොලැබෙන අතර, එය කම්කරුවන්ගේ ඉතුරුම් ගබඩාවන් වන විශ්‍රාම වැටුප් අරමුදල් සතු ස්වෛරී ණය මත කෙරෙන කැපීමේ බර විශ්‍රාම වැටුප් මත දැමීමෙන් වැඩ කරන ජනතාව මත බර පටවයි. මෙය ආපසු හැරවිය යුතුය.
මීට අමතරව, විදේශ ණය ආපසු ගෙවීමේ තීරණාත්මක ගැටලුව යටපත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස,අවදානම් වාරිකයක් ඇතුළත් ඉහළ පොලී අනුපාතවලට ණය දුන් විදේශ ණය හිමියන්ගේ ණය කප්පාදුව සිදුව ඇත්තේ අඩු මට්ටමක හෙයින්,
අත්‍යවශ්‍ය වන සහනය ලබා දීම සිදුවීමට ඉඩක් නැත.ඇත්ත වශයෙන්ම මුළු විදේශ ණයවල සුළු වෙනසක් පමණක් සිදු වීමට ඉඩ ඇත. එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවධානය යොමු කළ යුත්තේ විදේශ විනිමය ලෙසින් නම් කරන ලද ණය කෙරෙහි ය.
ආර්ථික ප්‍රතිසංස්කරණ
ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වන මිණුම් දඬු සහ ජාමූඅ වැඩපිලිවෙලෙහි පටිතද කිරීමේ කොන්දේසි මගින් ඒවාට හැඩගැසීමේ විශාල බරක් දැනටමත් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සමාජයේ දුගී හා අවදානමට ලක්විය හැකි කොටස් මත පටවයි. දුප්පතුන් ධනවතුන්ට වඩා අසමානුපාතික ලෙස ආදායමේ ඉහළ කොටසක් බදු ලෙස ගෙවන බැවින් වක්‍ර බදුකරණයේ වැඩිකිරීම ප්රතිගාමී වේ. විදුලිය, ඉවුම් පිහුම් ගෑස් සහ භූමිතෙල් මත බලශක්ති ගාස්තු වැඩි කිරීම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන කුටුම්භ මත බර වැඩි කර ඇත. කප්පාදු පිලිවෙත් දැනටමත් නිවාස මිලියනයක විදුලිය විසන්ධි කිරීමට ද, පාසල් පැමිණීම පහත වැටීම මෙන්ම විරැකියාව සහ ඌණ රැකියා නියුක්තියටද හේතු වී ඇත.මෙවැනි ක්‍රියාමාර්ගවල විනාශකාරී බලපෑම බොහෝ දුරට දරනු ලබන්නේ මෙම කුටුම්භවල සිටින කාන්තාවන් සහ ළමුන් විසිනි.
දෝෂ සහිත ගිවිසුමකින් ප්‍රතිපත්තිමය පියවර ගෙන ඒවා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත හරහා බන්ධන නීති බවට පරිවර්තනය කිරීමේ ව්‍යවස්ථාදායක ප්රයත්නය හානිකර හා භයානක ය. එය ජනතාවගෙන් ලැබෙන ජනවරම කුමක් වුවත්, බලයට පත්වන ආණ්ඩුවේ දෑත් ගැටගැසීමට අදහස් කරන, ප්රජාතන්ත්රවාදී ප්‍රතිමාණ සහ පද්ධතියට එල්ල කරන, ප්රහාරයකි.”
ඉහත මෙම විචක්ෂණ විග්‍රහයෙන් මම පුළුල් ලෙස අදහස් උකහා ගන්නා අතර සජබ සහ ජාජබ වෙත නැවතත් අභියෝගයක් ඉදිරිපත් කරමි. පසුගිය වසර දෙක තුළ නීත්‍යානුකූල නොවන පාර්ලිමේන්තුව විසින් මුද්‍රා තැබූ ජාමූඅ වැඩසටහන සහ විශාල ප්රතිගාමී නීති මාලාවක් ඔබ නැවත සාකච්ඡාවට ගන්නේ හෝ ඉවත දමන්නේ කෙසේද?
ආචාර්ය අහිලන් කදිර්ගාමර්
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024
- ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි.. - October 2, 2024
- නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම - October 2, 2024