You are currently viewing මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ ජූලි මස සැසි වාරය..

මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ ජූලි මස සැසි වාරය..

මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ ජූලි මස සැසි වාරය 2023.07.06 දින කොටුව ගුරු මැදුරේදී පැවැත්වුණි.නීතිඥ ශ්‍රීනාත් පෙරේරා,සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර,සී.දසනායක යන සහෝදරවරු හා විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිල නියෝජිතයෝ මීට සහභාගී වූහ.

ජන අරගල ජයග්‍රහණයන්ට වසරක් පිරීම හා ව්‍යාපාරයේ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡාව මෙහි ප්‍රමුඛ කරුණ විය. විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරිත්වයන්,එහි ඵලදායීතාවයන් හා මුහුණ දෙන ගැටලු මෙහිදී සැළකිල්ලට ලක් කෙරුණි.පොදු සමාජීය ක්‍රියාකාරිත්වයන්හිදී විවිධ පුද්ගලයන් තනි තනිව මුහුණපාන මර්ධනීය ස්වභාවයන්වලදී ඒ ගැන සොයා බැලීම් හා මැදිහත් වීම් කළ යුතුය යන්න මෙහිදී අවධාරණයට ලක් වීම වැදගත් කරුණකි.

වැඩකරන ජනතාව පීඩාවට පත්කිරීම සඳහා ගෙන ඒමට නියමිත මර්ධනය පනත්වලට එරෙහිව වෘත්තීය අංශ සමග එක්ව ක්‍රියාකිරීමේ යෝජනාද මෙහිදී ඉදිරිපත්කරන ලදි.වතුකරයේ ජනතාව මෙරටට සංක්‍රමණය වී වසර 200ක් ගතවීම හා ඔවුන් අදවන විටද මුහුණ දෙන අති මහත් පීඩාකාරිත්වයට එරෙහිව මැදිහත්වීමේ වැඩ සටහනක් සකස්කර ඉදිරපත් කිරීමද විශේෂිත කරුණකි.

එකිනෙක ප්‍රදේශවලට සුවිශේෂී වූ කරුණු අතර විදුලි හා ජල බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා එම සැපයුම් විසන්ධි කිරීමේ අවස්ථා,බෝවෙන රෝග ව්‍යාප්තිය මර්ධනයට මැදිහත්වීම යන කරුණු අවධාරණය ලක් කෙරුණි.එවැනි අවස්ථාවලදී වෙනත් මහජන කවුන්සිල සමග පොදු එකඟතාවයකින් ක්‍රියාකිරීමේ අවශ්‍යයතාවය ගැන සැළකිල්ලට යොමු විය.

මහජන කවුන්සිල නිර්මාණය වූයේ අරගලකාරී පසුබිමක් මතය.නමුත් මේ වන විට ඇතැම් මහජන කවුන්සිල හා එහි ක්‍රියාකාරීන් එම මූලික පරමාර්ථයන්ගෙන් බෝහෝ දුරට ඉවත්ව ඇති බවද සාකච්ඡාවට ලක් වූ කරුණකි.ඒ අනුව මහජන කවුන්සිල්වල අරමුණු හා ක්‍රියාකාරකම් නැවතත් මතුකර ගැනීමේ අවශ්‍යයතාවය තහවුරු කෙරුණි.

අරගලකාරී ප්‍රවාහයක් යටතේ ඉදිරියට ආ මහජන කවුන්සිල අදහස පීඩාකාරිතත්වයට එරෙහිව නැගී සිටීමේ එකඟතාවයන් මත නිර්මාණය වූවකි.අද අප ගතකරමින් සිටින්නේ ප්‍රජාතන්ත්රවාදය දිගින් දිගටම බිද වැටෙන කාල වකවානුවකය.ගිලිහී යන ප්‍රජාතන්ත්රවාදී අයිතිය රැකගැනීමට පෙළ ගැසීමද සමාජ වගකීමකි යන්න මෙහිදී අර්ථවත් වුණි.

Leave a Reply