‘අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහාය මත සිදු කරන පලස්තීන ආක්‍රමණය වහාම නවතනු!’ මැයෙන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන 30 වෙනි දින සවස කොම්පඥ්ඥ වීදිය, ඩිමෙල් පිටිය අසලින් ඇරඹුණි. දේශපාලන පක්ෂ, බහුජන, වෘත්තීය හා ආගමික සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවතී මෙම පා ගමන ‘පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය’ විසින් සංවිධානය කරන ලදි.
ඇමරිකාවේ හා ඊශ්‍රායලයේ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ මොහොතේදී මෙම ආක්‍රමණයට විරෝධය දක්වමින් සිටිනවා. එවැනි අවස්ථාවක අප රජය, ඊශ්‍රායලය රකින ප්‍රතිපත්තියෙන් වහාම ඉවත් විය යුතුයි. යනුවෙන් පා ගමන ආරම්භයේදී රැස්ව සිටි පිරිස ඇමතූ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය සහෝදරයා ප්‍රකාශ කර සිටියේය. අප මෙම ජන සංහාරක ව්‍යාපාරය නතර කරන තෙක් පලස්තීන ජනතාව සමග අත්වැල් බැදගන්නා බවද මෙහිදී ඔහු සඳහන් කළේය.
‘පලස්තීනයට නිදහස, අමෙරිකානු ඊශ්‍රායෙල් පැසිස්ට් ආක්‍රමණය පරදවමු’ යන පාඨ සඳහන් පුවරු රැගත් පිරිස ,’ජන සංහාරය වහාම නතර කරනු!’යන ශීර්ෂය සටහන් බැනරය යටතේ ගමන් ගත්හ.

නෙතන්යාහු ඝාතකයා..
හිරේ දමව් ඝාතකයා..
ගාසාවේ රෝහල් නෑ..
කන්නත් නෑ වතුරත් නෑ..
යන සටන් පාඨ මෙම පා ගමනේදී හඬ නැගුණි.පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජෝසප් ස්ටාලින්, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුලු වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම පා ගමනට සහභාගී වූහ.

කොම්පඥ්ඥවීදියෙන් ජස්ටිස් අක්බාර් මාවත ඔස්සේ ගාලු පාරට පැමිණි විරෝධතා කරුවෝ කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ පලස්තීන ආක්‍රමණය හෙලා දකිමින් විරෝධය ප්‍රකාශ කළහ.මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ , ඊශ්‍රායෙල් ඝාතකයින් යුධ ක්‍රියාන්විතවලින් පසු විවේක ගැනීමට මෙරටට පැමිණ නතර වී සිටින බවයි.එම මධ්‍යස්ථාන වසා දමා යුද්ධයට ඇති අපගේ විරෝධය පල කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මෙය රටක් ආක්‍රමණය කිරීමක් නොවේ. ජන ඝාතක යුද්ධයක් දක්වාම ඇදී ගිය ක්‍රියාන්විතයක්. මෙම යුද්ධය නතර කිරීමට නිශ්චිත ක්‍රියා මාර්ගයක් ගැනීමට බලවත් ජාතීන් මගහැර සිටීම නිසාම පරාජිත තත්ත්වයන් ගණනාවක් මතුවුනා යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේය.

තමන්ගේ උවමනාවට මිනී මරණ,යුද්ධ කරන අමෙරිකා ඊශ්‍රාල් ක්‍රියාකාරිත්වයන් මේ රටට අවශ්‍ය නෑ.මෙය ඊශ්‍රායෙල් පලස්තීන ගැටලුවක් නොවේ. ඇත්ත වශයෙන්ම අධිරාජ්‍යවාදී ක්‍රියාකාරිත්වයක්.මෙම තත්ත්වය දැඩි ලෙස හෙලා දකිනවා. යනුවෙන් සිය අදහස් ප්‍රකාශ කළ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ජනතාව අමතා කියා සිටියේය.
ලෝකයේ පීඩාවට මුහුණ දී සිටින ජනතාව තවදුරත් පීඩාවට පත් කිරීමට එරෙහි වූ ප්‍රකාශනයක් හා ඊට විරුද්ධව එක්සත් වීමක් මෙම විරෝධතාවයෙන් මතුවීම වැදගත් කරුණකි.සැළකිය යුතු මුස්ලිම් ප්‍රජාවක් මෙම අවස්ථාවට සහභාගී වීමද මෙම පා ගමනේ හා විරෝධතාවයේදී පැහැදිලි වීම විශේෂත්වයකි.



















- ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. - August 14, 2025
- කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. - July 27, 2025
- කළු ජූලියෙන් නූගත් පාඩම්.. - July 23, 2025