ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගිවීමට පැමිණි ලොව ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ස්වරූපය හා ඊට IMF විසඳුම් ප්‍රමාණවත් ද යන්න ගැන නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයක් ‘විවරණ’ පාඨකයන්ගේ අවධානයට ඉදිරිපත් කරමු.
ආරාධනයක් මත ශ්‍රී ලංකාවට පැමිණි අපි කොළඹ දී ජුනි 9-11 කාලය අතර ශාස්ත්‍රාචාර්යවරුන්, පර්යේෂකයන් ක්‍රියාකාරිකයන් සහ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කෙළෙමු.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් 17 වැනි ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට තිරසර මාර්ගයක් හෝ විදේශ ණය අර්බුදය විසඳා ගැනීමට ශක්තිමත් පදනමක් සැලසේයැයි අපි නොසිතමු. මෙවැනි නිගමනයකට එළඹියේ ආර්ථික කඩා වැටීමට තුඩු දුන් සාධක පිළිබඳ අපගේ විශ්ලේෂණය, ගිවිසුම සහ ඒ සමග ඇති ප්‍රතිපත්ති යෝජනා තන්සේරුවෙන් සහ වත්මන් වැඩ සටහන යටතේ ආර්ථික, සමාජයීය සහ මූල්‍යමය ස්ථාවර තත්වයක් ඇති කිරීමේ දී වන දේශපාලන බලපෑම පිළිබඳ අපගේ තක්සේරුවක් පදනම් කර ගෙන ය. දේශපාලන පක්ෂ ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම් වන නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් විස්තිර්ණ අරමුදල් පහසුකමේ (IMF) වගන්ති සහ කොන්දේසි ගැන නැවත සාකච්ඡා කිරීමට සියලු පාර්ශ්වයන් කැපවීම ශ්‍රී ලංකාවාසීන්ගේ යහපත සඳහා වනු ඇත. එවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ පහත සඳහන් කරුනු වලිනි.
- මෙම වැඩ සටහන අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ සමාජ ආරක්ෂණය ඇතුළත් ජනතාවගේ මූලික අවශ්‍යතා තහවුරු කරන අතරම සේවා නියක්තිය සහ ජීවන මාර්ග දිරිමත් කිරීමට ප්‍රතිචක්‍රීය පියවරවල කඩිනම් අවශ්‍යතාවය සහ අදාලත්වය අවධානයට ගන්නේ නැත.
- මෙම වැඩසටහනේ ආර්ථික වර්ධන ඉලක්ක අධිතක්සේරුවෙන් යුතු අතර මෙම වැඩ සටහනට ඇතූළත් වන බදු ප්‍රතිපත්තිවලික් ආර්ථික ක්‍රියාකාරිත්වය කෙරේ ඇති කළ හැකි අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන නැත.
- ඉන් අදහස් වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය, විදේශ ණය ගෙවීම, දළ මූල්‍ය අවශ්‍යතා සහ දළ ජාතික නිෂ්පාදිතයේ රාජ්‍ය ණය අනුපාතය වැනි ඉලක්ක සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය කෙරේ බරපතළ බලපෑමක් ඇති කළ ද සාක්ෂාත් කර ගැනීමට අසීරු වනු ඇත.
- පදනම් රේඛා සහ ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට තුඩු දුන් ව්‍යුහාත්මක තත්වයන් හෝ ශ්‍රී ලංකාවට ද අනිවාර්යෙන් බලපාන ගෝලීය අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන නැත.
- අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය තිරසාරභාවීය විශ්ලේෂණ ක්‍රමවේදයේ පැහැදිලි බවක් නැත. විදෙස් ණය බර අඩු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ තක්සේරුව අතිශයෙන්ම අඩු ය. මෙය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ දේශීය ණය ඇතුළත් කිරීමෙන් සහ විදෙස් මුදල් අවශ්‍යතාවයට වඩා දළ මූල්‍ය අවශ්‍යතා කෙරේ අවධානය යොමු කිරීමෙන් සැඟවීමට උත්සාහ කර ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් විදෙස් ණය අර්බුදය විසඳීමට විදෙස් විනිමය නොලැබෙන අතර සේවක ඉතිරුම් තැන්පත් කර ඇති විශ්‍රාම දීමනා අරමුදල් ආයෝජනය කර ඇති රාජ්‍ය ණය පොලී කපා හැරීමෙන් (Hair cut) සේවකයන් මත බර පැටවේ. මෙය ආපසු හැරවිය යුතුය. ඊට අමතරව තීරණාත්මක ප්‍රශ්නය වන්නේ විදෙස් ණය ආපසු ගෙවීම අඩුවෙන් පෙන්විම නිසා විදෙස් ණය හිමියන්ගේ පොලී කපා හැරීම සිදු වන්නේ අඩුවෙනි. මෙම ණ්‍ය ලබා දී ඇත්තේ දැඩි අවදානමක් ඇතුළත් ඉහළ පොලි අනුපාතයක් යටතේ ය. එමනිසා අවශ්‍ය කරන සහනය ඉන් ලැබෙන්නේ නැත. ඇත්තෙන්ම මුළු විදෙස් ණය ප්‍රමානයේ ඇති විය හැක්කේ සුළු වෙනසකි. එමනිසා ණය ප්‍රතිව්‍යුහතගත කිරීම අනිවාර්යෙන්ම යොමු විය යුත්තේ විදේශ විනිමය හා සම්බන්ධ ණය කෙරේය.
- අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩ සටහන යටතේ ආර්ථික සංශෝධන සහ වියදම් කපා හැරීමේ කොන්දේසි පිළිබඳ පදනම් රේඛාවල වැඩි බරක් පැටවෙන්නේ දැනටමත් ආර්ථික අර්බූදයෙන් බැට කා ඇති සමාජයේ දුප්පත් සහ අවදානම් සහිත කොටස් මත ය. දුප්පතුක් ධනපතියන්ට වඩා වැඩි ප්‍රතිශතයක් තම ආදායමෙන් බදු ගෙවන නිසා වක්‍ර බදු වැඩි කිරීම පසුගාමි පියවරකි. විදුලිය, ගෘහස්ථ ගෑස්, සහ ලාම්පු තෙල් මිල වැඩි තිරීම නිසා නාගරික මෙන්ම ග්‍රාමීය වැඩ කරන පංතියේ මිනිසුන්ගේ ජීවන බර තවත් වැඩි කෙරේ. වියදම් කපා හැරීමේ ප්‍රතිපත්ති නිසා දැනටමත් නිවාස දශ ලක්ෂයක විදුලිය කපා හැරීම, පාසල්වලට ළමයින්ගේ පැමිණීමේ සංඛ්‍යාවේ පහත වැටීම, විරැකියාව සහ අර්ධ විරැකියාව වැනි තත්වයන්ට හේතු වී ඇත. මෙවැනි පියවරවල හානිදායක බලපෑම වැඩියෙන්ම පැටවෙන්නේ මෙම පවුල්වල ගැහැනුන්ට සහ ළමයින්ට ය.
- සාවද්‍ය ගිවිසුමක ප්‍රතිපත්ති පියවර නිති සකස් කිරීම සහ ඒවා ආර්ථික පරිවර්තන පනත තුළින් නීති බවට පත් කිරීම හානිකර මෙන්ම අනතුරුදායක ය. එය ජනතාවගෙන් වරමක් ලබා ගෙන ඉදිරියේ දී පත්වන ආණ්ඩුවක් බැඳ තැබීමට අදහස් කරන, ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් සහ පද්ධතියට එල්ල කරන පහරකි. මෙම වැඩ සටහන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු වූයේ ශ්‍රී ලංකාණ්ඩුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුද අතර ඇති කර ගත් එකඟතාවයට එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව නොව ඊට පෙර ය. ඡන්ද විමසීමක් ආසන්නයේ දැනටමත් ක්‍රියාත්මක වන වැඩ සටහනක් සඳහා හදිසියේ ලබා ගන්නා අනුමැතිය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සුවිශේෂී පිවිසුම #4 zහිමිකාරිත්වයZ ලැබීමක් නොවේ.
- එවැනි පනතක් දේශීය සහ විදේශීය වශයෙන් අනාගතයේ ඇතිවිය හැති වර්ධනයන් නොසලකා ගන්නා පියවරකි. එවැනි පනතක් දැන් සම්මත කළහොත් එය වෙනස් කිරීමට අනාගතයේ පත්වන ආණ්ඩුවක් අදහස් කළ විට ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති විවිධ ද්වි-පාර්ශ්වික ආයෝජන ගිවිසුම් යටතේ ගොනු කරන ආයෝජක- රාජ්‍ය- ආරවුල් නිරාකරණය කිරීමේ නඩුවලට මුහුණ දීමට සිදු වනු ඇත.
සමස්තයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග කටයුතු කිරීමේ යොමුවේ වෙනසක් විය යුතුය. අරමුණ විය යුත්තේ ජනතාවගේ ජීවන මට්ටම ආරක්ෂා කරන සහ ආදායම් වැඩි කරවන, උසස් රැකියා නිර්මාණය කරන සහ ගෙවුම් ශේෂය ශක්තිමත් කරන ආකාරයෙන් ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ය. ඉන් අදහස් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පොලී ගෙවිමත් සමග ණය ප්‍රමාණයේ වැඩිවීමක් සිදු නොවන, වානිජ ණය මත 30%ට වැඩි පොලි කපා හැරීමක් සහිත ණය ප්‍රමාණය අඩු කිරීමට බහුපාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ආයතන තම දායකත්වය පිළිගන්නා වැඩ පිළිවෙළකි.
ඊළඟ ආණ්ඩුවක් අනාගතයේ දී විදෙස් මුදල්වලින් සහ විදෙස් නිතිය යටතේ හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා සියලු ණය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට සහ අනුමැතියට යටත් කළ යුතුය. ඕනෑම ණය ගිවිසුමක් සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් ඇතිව ජනතාවට එය විවෘත විය යුතුය. දැනට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම ගැන නැවත සාකච්ඡා කිරීමේ දී පිවිසුමක් වන්නේ ශ්‍රී ලංකාව විවෘත සහ සාකච්ඡාමය ක්‍රියාවලියක් මත පදනම්ව තමන්ගේම ණය පිළිබඳ තිරසාර විශ්ලේෂණයක් කිරීම ය. මෙම අර්බූදයෙන් ගොඩ ඒමේ කුමන හෝ ප්‍රගාමි සහ මානුෂීය පියවරක අවම කොන්දේසිය වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ආරක්ෂා කොට පුළුල් කිරීම ය.
මාර්ටින් ගුස්මාන් එ ජ ප.යේ කොළොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ආර්ජෙන්ටිනාවේ හිටපු ආර්ථික කටයුතු ඇමති, චාර්ල්ස් ඔබග්ර අන්තර්ජාතික සංවර්ධන ආර්ථික සංගමයේ විධායක අධ්යක්ෂ, ජයති ගෝෂ් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික මහාචාර්ය සහ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය, සී පී චන්ද්‍රසේකර් අන්තර්ජාතික සංවර්ධන ආර්ථික සංගමයේ පර්යේෂණ අධ්යක්ෂ සහ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය