You are currently viewing ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම..

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම..

ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතක දී  ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට කඩා වැදී ඔහුගේ තටාකයේ පිහිනූ කල්හි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 දී වචනාර්ථයෙන් ම එළවා දමන ලදී. නිදහසින් පසු රට පාලනය කොට ඇති  දේශපාලන පක්‍ෂ සහ ඒවායේ අතු රිකිලි අහෝසි වෙමින් පවතියි.

නව ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පක්ෂයට අයත් වන අතර නව මධ්‍ය-වාම ජාතික ජන බලවේගය (ජාජබ) සභාගයට නායකත්වය දෙයි. ජනතා විමුක්ති පෙරමුණ 1970 දශකයේ මුල් භාගයේ සහ 1980 දශකයේ අගභාගයේ ප්‍රධාන කැරලි දෙකක නිරත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගණනක ගේ ජීවිත අහිමි විය – බහුජන ප්‍රචණ්ඩත්වය ජනතා විමුක්ති පෙරමුණ සහ රාජ්‍යය යන දෙකම විසින් සිදු කරන ලදී. එහෙත් පක්ෂය මධ්‍යවාදී ප්‍රධාන ප්‍රවාහයට ගමන් කරනු ලදුව, විප්ලවවාදී මාක්ස්වාදී-ලෙනින්වාදයේ සහ සිංහල වාර්ගික-ජාතිකවාදයේ මිශ්‍රණයෙන් ඔබ්බට  ගමන් කර ඇත. පක්ෂය රටේ ග්‍රාමීය දකුණේ සිය මූලයන්ගෙන්  පටන් ගෙන, තදාසන්න ප්‍රදේශවල සහ කුඩා නගරවල එහි පදනම නැවත හැඩ ගස්වා ගත් අතර දූෂණය පිළිබඳ ප්‍රශ්නය අතට ගනිමින් මධ්‍යම පාන්තිකයන් පවා දිනා ගත්තේය.   එය මැතිවරණ මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීම පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මත රඳා පැවතුණේ දේශපාලන සුළං හැරෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටිය  හෙයිනි.

නමුත් අනුර කුමාර දිසානායක ගන්න. පෙර පැවති 2019 ජනාධිපතිවරණයේ දී ඔහු ලබා ගත්තේ 3.8% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මේ සතියේ ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

එහෙත් එහි ජයග්‍රහණය පැමිණෙන්නේ දුෂ්කර සමයකදී ය. මන්ද යත්, නිදහස් වෙළෙඳපොළ නාමයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ සුබසාධන කප්පාදුව දිගු කලක් ප්‍රවර්ධනය කර ඇති වොෂින්ටනය පදනම් කරගත් මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) සමග ඇති කරගත් ගිවිසුමක කොන්දේසි වලට අනුකූලව දැඩි පටිතද කිරීමේ කප්පාදු පියවරයන්ට බංකොලොත් වූ රට යටත්ව සිටින බැවිනි. 

දිසානායක ඉදිරියේ ඇති කේන්ද්‍රීය අභියෝගය වන්නේ වඩා හොඳ ජාමූඅ ගිවිසුමක් ලබා ගැනීමයි. සමාජ වෙනසක් අපේක්ෂා කරන නව ජනාධිපතිවරයෙකු සහ ගෝලීය මූල්‍ය හා වෙළඳපොළවල අවශ්‍යතා සඳහා කැපවී සිටින පැරණි ජාමූඅ අතර මෙම ආතතිය, ඉදිරි සති සහ මාසවලදී දිග හැරෙනු ලැබීමට ඉඩ ඇත.

ජනාධිපති අනුර දිසානායක ඇතුළු රජයේ නියෝජිතයින් පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඔක්. 03 දින ජනාධිපති  කාර්යාලයේ දී පැවති හමුව..

මෙම සන්දර්භය තුළ, ජාමූඅ සමඟ ගමන් මඟෙහි අවසානය දක්වා රැඳී සිටින ලෙස දිසානායකට පීඩනය වැඩි වෙමින් පවතී. කොළඹ අගනුවර ප්‍රභූ පැලැන්තියේ සිට බටහිර මාධ්‍ය දක්වා පවතින බොහෝ කතා බහට ලක්ව ඇත්තේ හිටපු මාක්ස්වාදියෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ කර ආර්ථිකය කළමනාකරණය කළ නොහැකි බවයි. මෙය එක්තරා ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගැනේ. වැඩසටහනේ කාලසීමාව සඳහා ඊනියා “ජාමූඅ ණය සහන ලබාදීම” මසකට ඩොලර් මිලියන 60 ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ මසක විදේශ ඉපයීම් (අපනයන, සේවා ඉපයීම් සහ විදෙස්ගත සේවකයන් රටට එවන මුදල් ) දැන් එම මුදල මෙන් 30 ගුණයක් පමණ වන අතර එය ඩොලර් මිලියන 1,800 ක්  වන බව මෙහිදී පෙන්වා දීම වැදගත්ය. වෙනත් වචන වලින් කිවහොත්, ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලන පීඩනය සහ හුදකලා වීමේ බිය නිසා මිස, ජාමූඅ හි  අරමුදල් සඳහා  එම වැඩසටහනට ඇලී නොසිටිනු ඇත.

මෙම විකල්පයන් දෙක අතර දිසානායකට තදින් අදින ලද කඹයක් දිගේ ඇවිදින්නාක් මෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත. නිදහසින් පසු  අසන්තක කරණයේ නරකම අදියර පසුකරමින් සිටින රටකට සහ ජනතාවකට ජාත්‍යන්තර සහයෝගීතාවය යන්නෙන් අදහස් විය යුත්තේ රට යළි ගොඩනැගීමට අවකාශය සැලසීමයි. මක්නිසාද යත්, දිසානායක තමන් සමඟ පුරවැසියන් කැටුව යාමට අසමත් වුවහොත්, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව විනාශ කළ ජාතිවාදී හා ධ්‍රැවීකරණ බලවේගයන් අවි අමෝරා සිටිනු ඇත.

අග සටහන්

  1. වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් මුදල් එකතු කර කළමනාකරණය කරන පුද්ගලික ආයෝජකයින්ගේ සීමිත හවුල්කාරිත්වයකි.

Leave a Reply