මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි.
මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය සමග ධනේශ්වර ප්රාග්ධනය විශ්ලේෂණය කරන්නේ ‘ප්රාග්ධනය ශ්‍රම වටිනාකමක්‘ ලෙසය. එනම් සෘජු පරිභෝජනයක් ලෙස හෝ වක්‍ර නිෂ්පාදන මාධ්‍යයන් ලෙස හෝ මානව අවශ්‍යතා තෘප්තිමත් කරන නිෂ්පාදනයක් ගැන හෝ මාක්ස් පෙන්වන්නේ:
“භාවිත අගයන් හා ප්රාග්ධනයේ සමාජ ස්වරූපය කුමක් වුවත්, ද්‍රව්‍යමය නිෂ්පාදනය සමාජයට වැඩි කරනවා වෙනුවට මූල්‍ය ප්රාග්ධනය වැඩිකිරීමක් ලෙසය.”
එවිට පරිහරණ වටිනාකම් වන ආහාර, ඇඳුම්-පැළඳුම් සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතා පමණක් නොව සංස්කෘතික හා සෞන්දර්යාත්මකව අංග ද නිෂ්පාදනයට ඇතුළත් වේ. අවශ්‍යතාව කෙටියෙන් කිවහොත්, ප්රාග්ධනය සමන්විත වන්නේ විවිධ අවශ්‍යතා තුළ සහ භාවිතා කරන සාමාන්‍ය ජීවිතයේ සංලක්ෂිත මාධ්‍යයන් ලෙසය. මාක්ස්ගේ භෞතිකවාදී අවධාරණය වන්නේ ජීවන මාධ්‍යයන් හා නිෂ්පාදනය කෙරෙහිය:
“සියලු මානව පැවැත්මේ සහ සියලු ඉතිහාසයේ පළමු පූර්විකාව ‘ඉතිහාසය නිර්මාණය කිරීමට’ හැකි වන පරිදි මිනිසුන් ජීවත් විය යුතු තත්වයක සිටිය යුතු වගේම කෑම බීම, නිවාස, ඇඳුම්-පැළඳුම් සහ වෙනත් විවිධ දේවලට පෙර ජීවිතය ස්ථාවර විය යුතු වේ.”
එවිට අනාගත ක්‍රියාව වන්නේ මේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට අවශ්‍ය මාධ්‍යයන් නිෂ්පාදනය කිරීම වගේම ස්වාභාවික භෞතිකය ජීවත් කරවීම සඳහා නිෂ්පාදනය ස්වාභාවිකත්වය සමග ආර්ථික හා දේශපාලන ඒකාබද්ධතාවයක් සැලසුම් කිරීමට අවශ්‍ය බවයි.
මාක්ස් අවධාරණය කරන්නේ ස්වභාවධර්මය සහ ශ්‍රමය යන දෙකම ධනේශ්වරය පාවිච්චි කරන්නේ ප්රාග්ධනය වැඩි කිරීමට බවයි. මෙහි මූලික තර්කය නම්, මානව ශ්‍රමයේ භාවිත අගයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ඇතුළත් වන්නේ, නිෂ්පාදන අවශ්‍යතා හෝ පුද්ගල පරිභෝජන අවශ්‍යතා හෝ සමාජීය අවශ්‍යතා වෙනුවෙන් ස්වාභාවික භෞතිකය විනාශයට පත් කරමින් ප්රාග්ධනය ගොඩ ගසා ගැනීමටයි. ශ්‍රමයේ භාවිත වටිනාකමින් නිපදවන භාණ්ඩ වලින් ධනේශ්වරය බලාපොරොත්තු වන්නේ මිනිසා සහ සොබාදහම අතර ශ්‍රමය සහ ද්‍රව්‍යමය සූරාකෑම ක්‍රියාත්මක කිරීමටය. එය ධනේශ්වරය අනුගමනය කරන්නේ ස්වභාවධර්මයෙන් තොරව සහ සංවේදී බාහිර ලෝකයෙන් තොරවයි. මාක්ස් ශ්‍රම නිගමනය පැහැදිලිව සහ ස්ථිරව ගෙන ඇති බව පැහැදිලිවන්නේ විලියම් පෙටීගේ [William Petty 1623-1687] ප්‍රකාශය උපුටා ගැනීම මගිනි;
“ශ්‍රමය විසින් නිෂ්පාදනය කරන ලද ප්රයෝජ්ය අගයන්හි ද්‍රව්‍යමය ප්රාග්ධනයේ එකම මූලාශ්‍රය වන්නේ ‘ශ්‍රමය එහි පියා වන අතර පෘථිවිය එහි මව වේ’ යන සිද්ධාන්තය මත ය.”
මාක්ස්ගේ අදහසට අනුව ශ්‍රමය භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව සත්‍යයකි. නිදසුනක් වශයෙන්, වඩු කාර්මිකයා තර්ක කරන්නේ, ස්වභාවධර්මය භාවිතා කරමින් ඇති කරන නිෂ්පාදනය එහි උපයෝගිතා ශ්‍රමයේ පරිවර්තනීය බලය තුළින් ගන්නා බවයි. එවැනි ගුණාංගීකරණයක් මාක්ස්ගේ ශ්‍රමය න්‍යාය පිළිබඳව:
“මානවයා සහ ස්වභාවධර්මය යන දෙකේම ඒකාබද්ධ සහභාගිත්ව ක්‍රියාවලියක් ලෙස වර්ධනය කළ යුතුයි.”
ශ්‍රමය සහ සොබාදහම ඒකාබද්ධතාවය නොසලකා නිෂ්පාදන ක්‍රියාවලියක් යනු විකෘතියක් බව එමගින් නිර්වචනය වෙයි.
එහි පළමුව ලක්ෂණය නම්, වැඩ කිරීමට මිනිසාට ඇති හැකියාව, නැතහොත් ශ්‍රම ශක්තිය, ස්වාභාවික වස්තුවකින් නිපදවන භාණ්ඩයක් සජීවී සවිඥානක දෙයක් බැවින්, මානව ශ්‍රමය යනු ස්වභාවධර්මයට අනුබද්ධ ස්වාභාවික ක්‍රියාවලියකි. ශාකයක ඵලයක් ස්වභාවධර්මයේ ස්වාභාවික නිෂ්පාදන ක්‍රියාවලිය ස්වාභාවික ශ්‍රමයේ අවශ්‍යතාවයන්ට අනුවර්තනය කරන ලද පලයකි.
දෙවැනි ලක්ෂණය නම්, පළමුවැන්න සෘජුවම අනුගමනය කරමින්, මානව ශ්‍රමයේ ආවේණික අංගයක් ලෙස ස්වභාවධර්මය විසින් නිපදවන ලද භාවිත වටිනාකම ප්‍රාථමික විසර්ජන සැලසීම ලෙස මාක්ස් පෙන්වා දෙන්නේ: “ශ්‍රමය හුදෙක් සොබාදහම සමඟ ඇති ක්ෂණික සම්බන්ධතාවය ස්වභාවධර්මය විසින් ස්වයංසිද්ධව ජීවයට සපයන ශ්‍රම ක්රියාකාරීත්වයක් වේ.” ප්‍රාථමික විසර්ජනය මානව ශ්‍රමයේ අවශ්‍ය අංගයක් ලෙස මෙම පිළිගැනීම හරහා, මාක්ස් සැලකුවේ ශ්‍රමය අවශ්‍ය කොන්දේසියක් ලෙස මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා මිනිසුන් ජීවත් වීමට නම් මිනිසාගේ සහය නොමැතිව ස්වභාවධර්මය විසින් නිපදවන ලද වටිනාකම් උචිතව භාවිතා කළ යුතු බව වගේම එක සමාන වේ යනුවෙනි.
තුන්වැනි ලක්ෂණය නම්: සොබාදහමේ ස්වාභාවික නිෂ්පාදනය ස්වාභාවික ශ්‍රමය යටතට ගැනීමෙන් මානවයාට සුවිශේෂී දායකත්වයක් සපයන බවයි. එවිට, මානව ශ්‍රමය ස්වාභාවික තත්වය සමග ඇතිවන සහසම්බන්ධය සහ මානවයා ස්වභාවධර්මය අතර ඇතිවන අන්තර් සම්බන්ධය ස්වාභාවික ස්වරූපයෙන් මානව ශ්රමයට එකතු වෙයි. එය එලෙසම සොබාදහම ගුණාංගීකරණය කරන බව මාක්ස් පවසයි; “මානව ශ්‍රම ක්‍රියාවලියෙන් නිෂ්පාදනය කිරීමේ අදහසින් කරන මානව ශ්‍රමය ස්වාභාවික ද්‍රව්‍යයක් බවට පත් වේ.” මාක්ස් ස්වභාවධර්මයේ ‘විශ්වීය පරිවර්තන ක්‍රියාවලිය’ එහි සංඛ්‍යාත භාවිත අගයන් ස්වාභාවික පරමාණු ක්‍රියාවලියක පවතින බැවින් එය ශ්‍රමයෙන් නිපදවීමට හෝ වෙනස් කිරීමට හෝ ආපසු හැරවීමට හෝ නොහැකි විශ්වයේ ස්වාභාවික භෞතික ක්‍රියාවලිය ‘මානව ශ්‍රමයෙන් ස්වාධීනව පවතින’ බව පවසයි.
සිව්වැනි ලක්ෂණය නම්, ශ්‍රමයේ සහ නිෂ්පාදනයේ අනන්‍යතාවට අනුකූලව, ශ්‍රමයේ උපකරණ අතරට ශ්‍රම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු කොන්දේසි ඇතුළත් කර ඇත. ශ්‍රම ක්‍රියාවලියට සෘජුවම ඇතුල් නොවන ක්‍රියාකාරිත්වය ලෙස පෘථිවිය විශ්වය තුළ පවතින පරිවර්තන ක්‍රියාවලිය ස්වාභාවික පරමාණුක ක්‍රියාවලියක් ලෙස සඳහන් කරයි. මේ ආකාරයට, ශ්‍රම ක්‍රියාවලිය පිළිබඳ මාක්ස්ගේ සංකල්පය ස්වභාවධර්මය විසින් නිෂ්පාදනය කරන ලද සියලුම නිෂ්පාදන ගැන අවධාරණය කරයි. සොබාදහම නොමැතිව මානවයාට සහ අනෙකුත් ජීවීන්ට කිසිසේත්ම ජීවත් විය නොහැකිය, නැතහොත් අර්ධ වශයෙන් වත් ජීවත් විය නොහැකිය. උදාහරණයක් ලෙස, මානවයා මෙන්ම අනෙකුත් ජීවීන් සියල්ලම හුස්ම ගත යුතුය. වරක් ආශ්වාස කරන වායු තුළ පවතින් ඔක්සිජන් පරමාණු රුධිර සංසරණය සමග සම්බන්ධ කර, ප්රාශ්වාසයෙන් කාබන් පරමාණු නැවත වායුගෝලයට ප්රාශ්වාස කරයි. එවිට ශාක සහ ගස්වැල් කාබන් පරමාණු අවශෝෂණය කර ගෙන ස්වාභාවිකව කාබන් පරමාණු ඵලයකට දමා එම ක්‍රියාවලියේදී නිපදවන ඔක්සිජන් පරමාණු වායුගෝලයට මුදාහරියි. එම ක්‍රියාව සොබාදහමේ ඒකාබද්ධ පවිත්රත්ව ක්‍රියාවලිය ලෙස ජීවය සහ සොබාදහම අතර පවතින ස්වාභාවික අන්තර් සහසම්බන්ධය විදහා පෙන්වයි.
පස්වැනි ලක්ෂණය නම්, භාවිත වටිනාකම නිෂ්පාදනයේ කොන්දේසියක් ලෙස ශ්‍රමය පිළිබඳ මාක්ස්ගේ අවධාරණය ස්වාභාවික භාවිත අගයන් ගණන් කිරීම ගැනයි. මාක්ස්ගේ ප්රාග්ධනය පිළිබඳ සංකල්පයට සෘජු මෙවලමක් හෝ ශ්‍රමය විෂයයක් ලෙස ක්‍රියා නොකරන ස්වාභාවික ශ්‍රමයේ කොන්දේසි පමණක් නොව මානව ශ්රමයට අනුගත විය හැකි අත්පත් කරගත් ‘ස්වාභාවිකත්වයේ’ සියලුම අංග ඇතුළත් වේ. මාක්ස් යෝජනා කරන්නේ විභවතාවයේ වටිනාකම ලෙස භාවිතා කළ ස්වාභාවික භෞතිකයේ වැදගත්කම මානව ශ්‍රමය මත රඳා පවතින බවයි. නිසැකවම, ස්වාභාවික භෞතික නිෂ්පාදනය සඳහා ශ්‍රමයේ අවශ්‍යතාවය පිළිබඳ මාක්ස්ගේ අවධාරණය, ‘පොළොව’ සහ ‘ද්‍රව්‍යය’ ශ්‍රමයේ මාධ්‍යන් දෙකම එකතු කරන ‘කර්මාන්ත ශාලාව’ අවි ගබඩාවක් බවයි.
මාක්ස් මානව ශ්‍රමය විශේෂයෙන් ස්ථාවර කරයි. නිදසුනක් වශයෙන්, අනෙකුත් විශේෂතා සසඳන විට, ශ්‍රම ක්‍රියාවලිය හා ප්‍රතිඵල පූර්ව නිශ්චය කිරීමට වගේම එසේ කිරීමෙන් දැනුවත්ව තමන් හා ස්වභාවධර්මය අතර ද්‍රව්‍යමය ප්‍රතික්‍රියා ආරම්භ කිරීමට, නියාමනය කිරීමට වගේම පාලනය කිරීමට මානව ශ්‍රමිකයාට සුවිශේෂී හැකියාවක් ඇත. ඒ හා සමානව, සවිඥානික ශ්‍රම උපකරණ භාවිතා කිරීම සහ නිෂ්පාදනය කිරීම මානව ශ්‍රම ක්‍රියාවලියේ විශේෂිත ලක්ෂණයකි. එසේ වුවද, වැඩ මානසිකත්වය පූර්ව සංකල්පගත කිරීම, නිෂ්පාදන උපකරණ සංවර්ධනය කිරීම සහ භාවිතා කිරීමට ඇති හැකියාව අනුව කෙනෙකුට මිනිස් ශ්‍රමය නියම කළ හැක්කේ විස්තරාත්මක කෙටි කතාවක් ලෙස පමණි. මක්නිසාද යත්, මෙම හැකියාවන් අනෙකුත් විශේෂයන්ට වඩා මිනිසුන් සඳහා විශාල වශයෙන් පරිණාමය වී ඇති තාක් දුරට, මෙය සිදුවී ඇත්තේ සමාජ පරිණාමය නමැති ක්‍රියාවලිය හරහාය. එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානවයාගේ සංවර්ධනය දැඩි ලෙස ඉදිරියට ගෙන යන නව අංග සහ වඩාත් නිශ්චිත දිශාවන් ඔස්සේ මෙහෙයවනු ලැබුවේ සම්පූර්ණ මිනිසුන්ගේ එකතුව වූ සමාජය වේ.
මාක්ස් මානව ශ්‍රමයේ සහ නිෂ්පාදනයේ සමාජ සංවර්ධනය විශ්ලේෂණය කරන්නේ නිෂ්පාදකයන් අතර සහ අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ හිමිකරුවන් අතර ඓතිහාසික වශයෙන් නිශ්චිත සබඳතා අනුවය. මිනිසා සහ සොබාදහම අතර ක්‍රියාවලියක් ලෙසය. (The German Ideology) කෘතියෙහි සඳහන් පරිදි:
“යම් නිෂ්පාදන ක්‍රමයක්, හෝ කාර්මික අවධියක්, සෑම විටම යම් සහයෝගීතා ආකාරයක් හෝ සමාජ වේදිකාවක් සමඟ සංකලනය වී ඇති අතර, මෙම සහයෝගිතා ආකාරය ‘නිෂ්පාදන බලයක්‘ යොදන්නේ නම් ස්වාභාවිකත්වය සමග ගොනුවක් ලෙස පැවැතීම අවශ්‍යය.”
ඒ අතරම, නිෂ්පාදන බලවේගවල සමාජ ඓතිහාසික සංකල්පය නිෂ්පාදන සබඳතාවල ස්වාභාවික, ද්‍රව්‍යමය අන්තර්ගතය පහත හෙලන්නේ නැත. මාක්ස් පළමුව, සමාජ ආකෘතිවල අන්‍යෝන්‍ය සම්බන්ධය සහ මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය අන්තර්ගතය හඳුනා ගනී. දෙවනුව, මානව-ජෛව විවිධත්වය සහිත ස්වාභාවික බලවේගයන්ගෙන් සමන්විත ස්වාභාවිකත්වය පෙන්වා දෙයි. එය කෙටියෙන් පැවසුවහොත්, මානව ඉතිහාසයේ සෑම අදියරකම ද්‍රව්‍යමය ප්‍රතිඵලයක්, නිෂ්පාදන බලවේග වල එකතුවක්, ස්වභාවධර්මයට සහ පුද්ගලයන් එකිනෙකාට ඓතිහාසිකව නිර්මාණය කරන ලද සම්බන්ධතාවයක්, එහි පූර්වගාමියාගේ සිට එක් එක් පරම්පරාවට අයත්වන සහ පැවරෙන ස්වාභාවික ක්‍රියාවලියක් බව ඔහු පෙන්වා දෙයි.
- ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? - December 18, 2024
- ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? - June 5, 2024
- ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. - April 8, 2024