You are currently viewing පසුගිය වසර දෙක තුළ මානව අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් වෙලා..

පසුගිය වසර දෙක තුළ මානව අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් වෙලා..

පසුගිය වසර දෙක තුළ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ වෙනත් මූලික ආයතනවල ස්වාධීනත්වය සෝදා පාළුවට ලක්ව ඇතැයි මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් මිචෙලේ බැචලේ මහත්මිය සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කරන්නී ය. එමෙන්ම රාජ්‍ය යාන්ත‍්‍රණය හමුදාකරණයට ලක්වීම ද දිගටම සිදුව ඇතැයි ඇය පෙන්වා දේ.

මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 49 වැනි සැසියට ඇය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන ආකාරයට සිංහල ජාතිවාදය සහ බුද්ධාගම රාජ්‍ය ආයතනවල ප‍්‍රමුඛස්ථානයට පත්වීම නිසා සුළුතර ප‍්‍රජාවන්තුළ සැකය සහ භීතිය වඩාත් වැඩිවීමෙන් සංහිඳියාව ඇති කිරීම වඩාත් දුෂ්කර ය. එමෙන්ම මෙම තත්වය නිවැරදි කිරීමට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයේ විවිධ ආයතනය කළ නිර්දේශ ද රජය විසින් නොසලකා හැර ඇත. 

එමනිසා 2021 අප්‍රේල් මස මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවෙන් නිර්දේශ කර ඇති පියවරවලට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී සැලකිල්ලට ගත යුතු කරුණු, සිවිල් ජන ජීවිතයට බලපාන කටයුතුවලදී හමුදාව යොදා ගැනීම අඩු කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනව කටයුතු කිරීමට වාතාවරණයක් ඇති කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇය නිර්දේශ කර ඇත.

Leave a Reply