You are currently viewing නාමල් ආගමනය: පොහොට්ටුව හාන්සි කරවූ රනිල් රාජපක්ෂත් හාන්සියි

නාමල් ආගමනය: පොහොට්ටුව හාන්සි කරවූ රනිල් රාජපක්ෂත් හාන්සියි

පසුගිය අප්‍රේල් 10 දින මම මෙසේ ලිවීමි.

දැන් ඒ සාටකය රනිල් රාජපක්ෂගේ දෙපා යටින් ඉවතට ඇද දමා තිබේ. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවට රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම, රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ දේශපාලනය සතු හොඳම තුරුම්පුවය.

ධම්මික පෙරේරා ඉදිරිපත් කළේ නම් දැන් රනිල් රාජපක්ෂගේ වහලුන් බවට පත්ව සිටින අප්‍රසන්න ප්‍රසන්න යනාදීන්ට පක්ෂව බිස්නස්කාරයකුට වික්කා යැයි කීමට බැරිවනු ඇත. පොහොට්ටුය නොබෙදී තිබුණේ නම් ධම්මික පෙරේරා හොද අපේක්ෂකයකු වීමට ඉඩ තිබුණි.

මහින්ද රාජපක්ෂට මෙරට යම් ජන ප්‍රසාදයක් ඉතිරී වී ඇත්නම් එය ඡන්ද බවට පෙරළීය හැකි හොදම අපේක්ෂකයා නාමල් රාජපක්ෂය. දැක් රාජපක්ෂ පවුලේ සුරුවම වන මහින්ද රාජපක්ෂට මියෙම්වා රැකෙම්වා කියා නාමල් වෙනුවෙන් පොර පිටියට කිහිළිකරුවාරුවෙන් හෝ බැසීමට සිදුවනු ඇත.

නාමල්ට  එරෙහි රනිල් රාජපක්ෂ පිළේ ප්‍රහාරය මහින්ද රාජපක්ෂට එරෙහි ප්‍රහාරයක් බවට ඉබේම පත්වෙයි. එනයින් රනිල්-මහින්ද දීගය දැන් නැත්තටම නැතිවනු ඇත.

අප්‍රේල් මාසයේ ලියූ ලිපියේ මම මෙසේ ද  කීවෙමි.

දේශපාලන උප්පරවැට්ටිකම් අතින් රනිල්ට නොදෙවෙනි වුවද මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන ජීවිතයේදී කරන ලද ලොකුම මෝඩකම් රනිල් ගැන දැන දැනම ඔහු ට ජනාධිපතිකම බන්දේසියක තබා පිරිනැමීමයි.

 අරගලයෙන් පසු රාජපක්ෂවරුන් සතු වූ හොඳම තොරා ගැනීම ගැන  මම මෙසේ ලිවීමි.

රනිල් යනු සතයකටවත් විශ්වාස කළ නොහැකි  අන්ත පාවා දෙන්නකු බව ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ.

අප්‍රෙල් මාසයේ ලිපියෙහි මෙසේ ද එයි.

මහින්ද රාජපක්ෂගේ වහල්ලු රනිල් රාජපක්ෂ වහල්ලු බවට පත් වූයේ, නාවර පෙරෙන බල්ලකු නාවන ලද ජලයෙන් දොවනය කරන ලද ඌරු පැටියකු වුව බලුගඳම පතුරුවන බැවිනි.

මේ බලන්න

රාජපක්ෂ අනුහස නොවී නම් මහින්දානන්ද හිරේට. රත්තරන් ලාකඩ බවට  පත්වනු ඇත.

යළි අප්‍රේල් ලිපියෙන් උපුටා ගැනීමක් මෙසේය:

රනිල් රාජපක්ෂ අපෙක්ෂා කළ පොහොට්ටු ඡන්දවලින් අඩුම වශයෙන් සියයට 10ක් නාමල් රාජපක්ෂ කඩා ගනු ඇත. රනිල් රාජපක්ෂට ද සිදු වන්නේ මැදමූලන වළව්වේ එලු පැදුරකට වී කුරහන් සීපද කීමටය.

පොහොට්ටුව තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පමා කළේ රනිල් රාජපක්ෂ අවනත කර ගතහැකි වනු ඇතැයි යන අඥාන තීරණය නිසාය. පළාත් සභා සහ පලාත් පාලන මැතිවරණවලදී තමන්ට සියයට 70-90ත් තරම් අපේක්ෂයින් ඉදිරිපත් කිරීමට ඉඩ දිය යුතුයැයි කී බැසිල් රාජපක්ෂගේ පුකට පයින් ගසා අතුල් වූ  පිළිකන්නෙන්ම එළීයට දමන තුරු රාජපක්ෂවරු ගන්දබ්බ වී සිටියහ.

රාජපක්ෂවරු වැටී සිටි අගාදය  ලෙහෙසියෙන් ගොඩ ආ හැකි එකක් නොවීය. අප්‍රේල් මාසයේ ලිපියෙහි මෙසේ ද ලීවෙමි.

රනිල් රාජපක්ෂගේ පස්සා පැත්ත බිම ඇන්නවීමට  පරාජය දැක දැකත් සටනට පිවිසීමෙන් නාමල් රාජපක්ෂ පෙන්වා ඇත්තේ නොසළකා නොහැරිය හැකි දේශපාලන වර්ධනයකි.

කාඩ්බෝඩ් රාජපක්ෂ සහ ඇත්ත රාජපක්ෂවරුන් අතර දැන් ඇරඹෙනු ඇත්තේ තුන්වැනියා සහ හතරවැනියා වීමේ ඛේදජනක විගඩමයි.

Leave a Reply