විවරණ නිදහස් සයිබර් අවකාශය Tue, 13 Oct 2026 10:12:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.1.3 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png විවරණ 32 32 ප්‍රංශයේ තරුණ නැඟිටීම: “අනාගතය සඳහා අරගලයක්..” https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b1%e0%b7%90%e0%b6%9f%e0%b7%92%e0%b6%a7%e0%b7%93%e0%b6%b8-%e0%b6%85/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b1%e0%b7%90%e0%b6%9f%e0%b7%92%e0%b6%a7%e0%b7%93%e0%b6%b8-%e0%b6%85/#respond Tue, 13 Oct 2026 05:34:14 +0000 https://vivaranalk.com/?p=15045 ප්‍රංශයේ 2026 උසස් පාසල් ශිෂ්‍ය අරගලය දෙස හුදෙක් “ශිෂ්‍ය විරෝධතාවක්” ලෙස බැලීම ප්‍රමාණවත් නොවේ. එය අධ්‍යාපන අසමානතාව, පාසල් පහසුකම් පිරිහීම, ගුරු හිඟය, තරුණ පරම්පරාවේ අනාගත අනාරක්ෂිතභාවය සහ දේශපාලන පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පිරිහීම හා සම්බන්ධ වන පුළුල් සමාජ අර්බුදයක ප්‍රකාශනයකි. ඔක්තෝබර් 6 දින රට පුරා පැවති විරෝධතාවල සහභාගීත්වය පිළිබඳ සංවිධායකයන් සහ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය […]

The post ප්‍රංශයේ තරුණ නැඟිටීම: “අනාගතය සඳහා අරගලයක්..” appeared first on විවරණ.

]]>

2026 ප්‍රංශ උසස් පාසල් ශිෂ්‍ය අරගලය, අධ්‍යාපන අර්බුදය ඉක්මවා යන තරුණ අනාගතය, සමාජ අසමානතාව, කම්කරු අරගලය සහ ජනාධිපති මැක්‍රොන් පාලනයේ අවසානය පිළිබඳ පුළුල් දේශපාලන ප්‍රශ්න මතු කරයි.

පාසල් අවහිර කිරීම්වලින් පටන්ගත් අරගලය දැන් විශ්වවිද්‍යාල, ගුරුවරුන්, දෙමාපියන් සහ කම්කරුවන් දක්වා විහිදෙමින් තිබේ. දැන් ප්‍රශ්නය වනුයේ අධ්‍යාපනය පමණක් නොවේ — ප්‍රංශ තරුණ පරම්පරාව තම අනාගතය කවුරුන් විසින් තීරණය කළ යුතුදැයි ප්‍රශ්න කරමින් සිටී. 

2026 ඔක්තෝබර් 6 වන දින ප්‍රංශයේ පාසල් අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය හා ප්‍රමාණවත් පහසුකම් ඉල්ලා පැවති විරෝධතාවලට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට පවසන ආකාරයට 266,000ක් පමණ සහභාගී වූ අතර, සංවිධායකයෝ එම සංඛ්‍යාව 450,000ක් ලෙස ප්‍රකාශ කළහ. පැරිසියේ පමණක් දස දහස් ගණනක් ජනතාවක් වීදි බැස සිටියහ. (Le Monde.fr)

විරෝධතාවලට පාසල් සිසුන්ට අමතරව ගුරුවරුන්, වෘත්තීය සමිති, දෙමාපියන් සහ විශ්වවිද්‍යාල සිසුන්ද එක්වූහ. පොලිස් මර්දනය සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද දැඩි විවාදයක් ඇති වී තිබේ. ඔක්තෝබර් 6 දින පමණක් අත්අඩංගුවට ගත් පිරිස 488ක් බව වාර්තා විය. (inkl)

අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් “හිස් අවකාශයකින් පැමිණි දෙයක් නොවන” බව පිළිගනිමින්, ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බව ප්‍රකාශ කළේය. ඔහුගේ ආණ්ඩුව ඔක්තෝබර් අවසානයේ පළමු තීරණ ඉදිරිපත් කිරීමටත්, අධ්‍යාපන සඳහා යුරෝ බිලියන €1.2 ක් වැඩි කිරීම හරහා ශිෂ්‍යයන්ගේ ප්‍රමුඛතාවයන්ට මුදල් සැපයීමටත් අදහස් කරන බව ප්‍රකාශ කළේය. (Le Monde.fr)

එහෙත් ප්‍රංශ ආණ්ඩුව මුහුණ දෙන්නේ පාසල් අර්බුදයට පමණක් නොවේ. 2027 අයවැය, රාජ්‍ය මූල්‍ය අර්බුදය සහ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ දේශපාලන අර්බුදයද ඒ සමඟ බැඳී ඇත. 2027 ජනාධිපතිවරණයේ පළමු වටය 2027 අප්‍රේල් 18 දින පැවැත්වීමට නියමිතය. (Le Monde.fr)

මේ අතර දක්ෂිණාංශික බලවේග රාජ්‍ය වියදම් කප්පාදුව සහ ණය පාලනය මත තම දේශපාලන වැඩසටහන් ගොඩනඟමින් සිටින අතර, වාමාංශික පක්ෂ අතරද පොදු අපේක්ෂකත්වය සහ දේශපාලන උපායමාර්ග පිළිබඳ ගැටුම් පවතී. (Reuters)

එම පසුබිම තුළ, ශිෂ්‍ය අරගලය 2027 මැතිවරණයට පෙර ප්‍රංශ දේශපාලනයේ වැදගත්ම සමාජ ප්‍රශ්නවලින් එකක් බවට පත්වෙමින් තිබේ.

සමීක්ෂණ ආයතනයක් වන Ipsos–BVA විසින් 2026 ජූලි–අගෝස්තු අතර 18–29 වයස් කාණ්ඩයේ පුද්ගලයන් 3,030ක් යොදාගෙන කළ සමීක්ෂණයෙන් ප්‍රංශ තරුණයන්ගේ මානසිකත්වයේ පරස්පරතාවක් හෙළි කරයි.

77%ක් තම පෞද්ගලික ජීවිතය පිළිබඳ සෑහීමකට පත්ව සිටියද, 76%ක් ප්‍රංශයේ අනාගතය පිළිබඳව කනස්සල්ලෙන් සිටිති.

එමෙන්ම,

එබැවින් පාසල්වලින් නැගෙන කෝපය හුදෙක් පන්ති කාමරවල තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. තරුණ පරම්පරාව එය දකිනුයේ “අපට ලැබෙන අනාගතය කුමක්ද?” යනුවෙනි.

එමානුවෙල් මැක්‍රොන්ගේ ජනාධිපති ධුරයේ අවසාන වසරට දැන් පැමිණ ඇති අතර ප්‍රංශය 2027 මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටී.

මැක්‍රොන්ට නැවත ජනාධිපති වරණයට ඉදිරිපත් නොහැකි බැවින් ඔහුගේ දේශපාලන උරුමය පිළිබඳ ප්‍රශ්නය කරලියට පැමිණ තිබේ. ඔහුගේ කඳවුරේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ විවාදය දැනටමත් ආරම්භ වී ඇත. (Le Monde.fr)මෙවැනි තත්ත්වයකදී ශිෂ්‍ය අරගලය මැතිවරණ දේශපාලනයට විකල්පයක්ද යන ප්‍රශ්නය මතු කරයි:

නැතහොත් සමාජය තුළින් නැගෙන සංවිධානාත්මක අරගලයට දේශපාලන වෙනසක් නිර්මාණය කළ හැකිද? මෙය ප්‍රංශයේ පමණක් නොව, යුරෝපයේ දේශපාලනයේද පැන නැඟී ඇති වැදගත් ප්‍රශ්නයකි.

අධ්‍යාපන තත්ත්වයන්ට එරෙහි ජාතික විරෝධතා ව්‍යාපාරයේ කොටසක් ලෙස, 2026 ඔක්තෝබර් 8 වන දින පැරිසියේ ජූලි කුළුණ (July Column) ස්මාරකය අබියස පිහිටි බැස්ටිල් චතුරස්‍රයට (Place de la Bastille) පැමිණි ශිෂ්‍ය විරෝධතාකරුවන්..

ප්‍රංශ අධ්‍යාපන ක්‍රමයේ විශාල ගැටලුවක් වන්නේ සමාජ පසුබිම අනුව අධ්‍යාපන අවස්ථා වෙනස් වීමයි. අධ්‍යාපන පහසුකම්වල අසමානත්වය තුළින් පාසල් බෙදෙන විට, ශිෂ්‍යයන් එම අසමානත්වයට එරෙහිව  තමන් අතර තිබෙන සමාජ හා පංති අසමානත්වය නොසලකා එක්සත් වීම මෙම අරගලයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

කම්කරු පන්ති ජනතාව බහුල ප්‍රදේශවල පාසල්වලට ගුරු හිඟය, ගොඩනැගිලිවල දුර්වල තත්ත්වය සහ  සම්පත් අඩුකම වඩාත් තදින් බලපාන අතර, වරප්‍රසාදිත පාසල්වල සිසුන්ට වෙනස් අධ්‍යාපන අවස්ථා ලැබේ.

එහෙත් මේ අවස්ථාවේ සිදුවෙමින් පවතින්නේ වැදගත් දෙයකි. වරප්‍රසාදිත පාසල්වල සිසුන්ද තමන්ට ලැබෙන පහසුකම් පිළිබඳව ප්‍රශ්න කරමින්, අඩු පහසුකම් පාසල්ව සිසුන් සමඟ සහයෝගීතාව පළ කිරීමට ඉදිරිපත්ව සිටිති. එය අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය කරන ලද බෙදීම්වලට එරෙහි වැදගත් පියවරකි.

ශිෂ්‍ය අරගලයක පවතින සීමාව පැහැදිලිය. පාසැල් වර්ජනය හරහා පාසල් වසා දැමීමෙන් පමණක් රජයේ ප්‍රතිපත්ති වෙනස් කළ නොහැක. එබැවින් මෙම අරගලයේ තීරණාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ සහභාගීත්වය ය.

ගුරුවරුන්, දුම්රිය සේවකයන්, සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය සේවකයන්, කර්මාන්ත කම්කරුවන් සහ රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණයන්ගේ අරගල, ශිෂ්‍යයන්ගේ අරගලය සමඟ සම්බන්ධ වන්නේ නම්, එය විශාල සමාජ බලවේගයක් බවට පත්විය හැකිය.

එහිදී “ශිෂ්‍යයන්ට සහයෝගය” යන්න සංකේතාත්මක ප්‍රකාශයකට සීමා නොවනු ඇත. එය, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, වැඩ වර්ජන, පාසල් හා විශ්වවිද්‍යාල අතර සම්බන්ධීකරණය, ප්‍රජා සභා සහ ශිෂ්‍ය සභා, සහ කම්කරු–ශිෂ්‍ය ඒකාබද්ධ බලමුලු ගැන්වීම් බවට පත්විය යුතුය.

2027 මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රංශ දේශපාලනය දැනටමත් ජනාධිපති අපේක්ෂකයන් අතර තරගයකට පරිවර්තනය වෙමින් තිබේ. මධ්‍යවාදී, වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික බලවේග සියල්ලම තම තමන්ගේ ගමන් මාර්ග සොයමින් සිටිති. (Le Monde.fr)

නමුත් වීදිවල සිටින තරුණයෝ වෙනත් ප්‍රශ්නයක් මතු කරති. එනම්, “අපගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය අපට නැද්ද?” යන්නයි. මෙය මැතිවරණ ප්‍රතිඵලයකින් පමණක් විසඳිය නොහැකි ප්‍රශ්නයකි.

ප්‍රංශයේ නව පරම්පරාව දේශපාලනයට පිවිසෙන්නේ ඡන්දදායකයන් ලෙස පමණක් නොව, ක්‍රියාකාරී සමාජ බලවේගයක් ලෙසය.  2027 ඔක්තෝබර් 6 අරගලය එහි වැදගත් සලකුණකි. ඊළඟ අදියර තීරණය කරනු ඇත්තේ මෙම ශක්තිය කොපමණ දුරකට සංවිධානගත කළ හැකිද යන්න මතයි.

ශිෂ්‍යයන්ගේ ශක්තිය කම්කරුවන්ගේ ශක්තිය සමඟ එක්වන්නේ නම්, එය ප්‍රංශ ආණ්ඩුවට පමණක් නොව, යුරෝපය පුරා පවතින “මැතිවරණයෙන් සියල්ල විසඳනු ඇත” යන දේශපාලන අදහසට ද අභියෝගයක් විය හැකිය. අනාගතය තරුණයන්ගේ අතට ගැනීමේ අරගලය දැන් ප්‍රංශයේ වීදිවලට පැමිණ තිබේ.

2026 ඔක්තෝබර් 13 අඟහරුවාදා නැවතත් ශිෂ්‍යයන්, ගුරුවරුන්, දෙමාපියන් සහ කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රංශය පුරා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත අතර එයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරයත් සමඟ ඉදිරි තත්ත්වය තීරණය වනු ඇත.

මූලාශ්‍ර:

වැඩිදුර කියවීට:

The post ප්‍රංශයේ තරුණ නැඟිටීම: “අනාගතය සඳහා අරගලයක්..” appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b1%e0%b7%90%e0%b6%9f%e0%b7%92%e0%b6%a7%e0%b7%93%e0%b6%b8-%e0%b6%85/feed/ 0
රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය.. https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85/#respond Tue, 13 Oct 2026 04:43:08 +0000 https://vivaranalk.com/?p=15041 මාක්ස්වාදී පක්ෂයක් ලෙස පෙනි සිටීමට කැමති ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් ජාතික ජන බල වේගයේ රජය තවත් පිම්මක් පැන ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදය විසින් නීති විරෝධී ලෙස ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධකවලට අවනතව ශ්‍රී ලංකාව අසළ මුහුදේ අතරමංව සිටින ඉරාන වානිජ නැව් 20 කට ජලය ඖෂධ සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය දේ ලබා දිම ප්‍රතික්ෂේප කිරීම […]

The post රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය.. appeared first on විවරණ.

]]>
මාක්ස්වාදී පක්ෂයක් ලෙස පෙනි සිටීමට කැමති ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් ජාතික ජන බල වේගයේ රජය තවත් පිම්මක් පැන ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදය විසින් නීති විරෝධී ලෙස ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධකවලට අවනතව ශ්‍රී ලංකාව අසළ මුහුදේ අතරමංව සිටින ඉරාන වානිජ නැව් 20 කට ජලය ඖෂධ සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය දේ ලබා දිම ප්‍රතික්ෂේප කිරීම ය. ආණ්ඩුව එවැනි දේ සම්පාදනය නොකරන බව පවසා නැව්වලට ආහාර ජලය සහ වෙනත් අත්‍යාවශ්‍ය දේ සපයන පෞද්ගලික සමාගම්වලටද අනතුරු හැගවීම් කෙළේය. ඇමරිකාවෙන් පනවා ඇති සම්බාධක නොතකා ක්‍රියා කළහොත් එම සමාගම්වලට මූල්‍ය ගනුදෙනුවලදී ඇමරිකානු බැංකුවල සම්බාධකවලට ලක්වීමට ඉඩ ඇති බව අවධාරණය කිරීමෙනි. ඒ ආහාර පාන සැපයීමට එපා නොකියා එපා කීමකි.

ඉරානයට එරෙහිව අයුක්ති සහගත සහ අසාධාරණ යුද්ධයක යෙදී සිටින ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක පැන වූයේ එම යුද්ධයේම තවත් පියවරක් ලෙසිනි. පසුගිය පෙබරවාරි 28 වැනි දා ඊශ්‍රායෙලය සමග ආරම්භ කළ ප්‍රහාරයෙන් ඉරානයේ නායක අයතොල්ලා කුමේනි සහ පාසල් ළමයින් 160ක් ඇතුළු විශාල පිරිසක් මරා දමා මහත් හානියක් සිදු කළ ද බලාපොරොත්තු වූ ආතාරයට ඉරානය යටපත් කර ගැනීමට හැකි වූයේ නැත. මේ නිසා වියරු වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය එක රැයකින් රටම අළු කර දමන බවට තර්ජනය කෙළේය. එනම් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට කළ තර්ජනයකි. අවි යොදා එල්ල කරන ප්‍රහාරවලට අමතරව ආර්ථික වශයෙන් රට දුර්වල කිරීමේ අරමුණෙන් ඒ වන විටත් පනවා තිබු සම්බාධකවලට අමතරව ද්වීතීයික බලපෑමක් සහිත තවත් සම්බාධක ගණනාවක්ද ප්‍රකාශයට පත් කර ඇත.

ද්වීතීයික සම්බාධකවලින් අපේක්ෂා කරන්නේ ඉරානය සමග කිසියම් ආකාරයේ හෝ සම්බන්ධතාවයක් පවත්වන රටවල් සහ වෙළඳ සමාගම් ද ඇමරිකානු සම්බාධකවලට ලක් කිරීමය. මෙම සම්බාධක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නිලධාරින් 40කට විශේෂ පුහුණුවක් ද කොළම ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබා දුන්නේය. එම පුහුණුව හැදින් වූයේ එක්සත් ජනපදයේ ආරක්ෂක අවශ්‍යතාවයන්ට තර්ජනයක් වන ආකාරයට සාමුද්‍රික සම්බාධක මගහැරීම සහ ඒවාට ප්‍රතිචාරය දැක්විය යුතු ආකාරය පිළිබඳ පාඨ මාලාවක් සේය. දැනට පෙනෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන් පමණක් නොව රජයේ මැති ඇමතිවරුන්ටද එම පුහුණුව ලබා දී ඇති බව පෙනේ.

සම්බාධක පැනවීම දේශපාලන අවියක් කර ගෙන ඇති ඇමරිකාව වැනි රටක් ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවීම පුදුමයට කරුණක් නොවේ. දශක හතකට අධික කාලයක් තිස්සේ කියුබාවට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ එක්සත් ජාතින්ගේ හෝ වෙනත් අන්තර්ජාතික සංවිධානයක කිසිම අනුමැතියකින් තොරවය. එනම් පැහැදිලිවම නීති විරෝධීව තම දේශපාලන අභිලාෂයන් ඉටු කර ගැනීමටය.

මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාව එක්සත් ජාතින් විසින් සම්මත කර ගත් ඒකපාර්ශ්විකව බලහත්කාරයෙන් ගනු ලබන පියවරවලට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා සිය එකගතාවය පළ කර තිබීම ය. ඒකපාර්ශ්වීය බලහත්කාරයෙන් ගනු ලබන පියවරවල හානිකර ප්‍රතිඵල පිළිබද එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරුගේ වාර්තාවක් පදනම්ව ගනු ලැබු තීරණයක් අනුව ද්වීතීයික සම්බාධක අන්තර්ජාතික නීතියට සහ ස්වෛරීත්වය පිළිබද මූලධර්මවලට පටහැනිය. එමෙන්ම සම්බාධක පනවන රට කිසිම තත්වයක් යටතේ අන් කිසිම රටක් සම්බාධක ක්‍රියාත්මක කිරීමට දිරි ගැන්වීම සහ අනුගතවීම නොකළ යුතුයැයි අවධාරණය කරයි.

මේ අනුව ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් එක්සත් ජනපදය ඒකපාක්ෂිකව පනවා ඇති සම්බාධක ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික නීතිය යටතේ බැඳී නැති අතර එවැනි බල කිරීමකට යටත්වන්නේ නම් රටේ ස්වාධිනත්වය සහ ස්වෛරීත්වය පාවා දීමක් වනු ඇත.

කිසිම විදේශ රටක බලපෑමට යටත් නොවී රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය රැක ගන්නා බවට විපක්ෂයේ සිටිය දී දිව්රුම් දුන් ජනතා විමුක්ති පෙරමුණත් එහි නායකත්වයෙන් ඇති ජාතික ජන බලවේග ආණ්ඩුවත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස්ව රටේ නිදහස සහ ස්වෛරීත්වය පාවා දීමකි. මීට පෙර ඉන්දියාවේ පැවැත් වූ නාවික අභ්‍යාසයකට සහභාගි වී ආපසු ඉරානයට යාත්‍රා කරමින් තිබු ඉරාන නාවික හමුදාවේ දෙනා යාත්‍රාව ලංකාවේ වරායකට පිවිසීමට අවසර ඉල්ලා සිටි විට ද ලංකාවෙන් ඊට අවසර ලැබුණේ නැත. මෙම යාත්‍රාව ඉරාන හමුදාවට අයත් වුවද එය නිරායුධව තිබු නිසා රටට පිවිසීමට ජාත්‍යන්තර නීතිය අනුව බාධාවක් තිබුණේ නැත. නමුත් එක්සත් ජනපදයේ උදහසට ලක්වනු ඇතැයි බිය වූ නිසා ශ්‍රී ලංකා රජය අවසරය ලබා දුන්නේ නැත. එම ප්‍රශ්නය විසඳුණේ එක්සත් ජනපද හමුදාව ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ඉරාන නැව විනාශ කිරීමෙනි. ප්‍රහාරයකට සූදානමක් නැතිව මුහදේ නතර කර තිබු නිරායුධ නැවකට ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීම නිවට නියාලු ක්‍රියාවක් බව කිව යුතු නැත.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ටෝර්පිඩෝ ප්‍රහාරයකින් නැවක් විනාශ කළ ප්‍රථම අවස්ථාව එයයි. මුහුදුබත් වූ එම නෞකාවෙන් දිවි ගලවා ගත් භට පිරිසක් ගලවා ගැනීම සිදු කෙළේද ඇමරිකානු උදහසට ලක්වනු ඇතැයි බියෙනි.

දැනට ලංකාවට නාවික සැතපුම් 15ක් ඔබ්බෙන් නැංගූරම් ලා ඇති ඉරාන නැව් එරට නාවික හමුදාවට අයත් නොවන වානිජ කටයුතු සඳහා යොදා ගන්නා නැව් ය. චීනයට බොරතෙල් ප්‍රවාහනය කොට ආපසු පැමිණි හිස් නැව් ය. ඉරානයට යාත්‍රා නොකිරීමට හේතුව ඇමරිකානු නාවික හමුදාව එම වරාය වටලා ගෙන සිටීමය. එවැනි තත්වයක් යටතේ එම නැව්වලට ආහාර ඖෂධ සහ ජලය ලබා දීම නීති විරෝධී ඇමරිකානු සම්බාධකවලට පටහැනි වුවත් අසාධාරණ අමානුෂික ක්‍රියාවකි. එල්ටිටීඊ යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ලංකාණ්ඩුවෙන් සමහර සම්බාධක පනවා තිබුණ ද ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මේ මානුෂික ආධාර ලබා දීමේ ප්‍රමුඛතාවය නිසාය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ද එම ප්‍රදේශවලට මානුෂික ආධාර ලබා දීමේ ප්‍රමුඛතාවය විවිධ ජාත්‍යන්තර මණ්ඩපවලදී අවධාරණය කළහ.

නීති විරෝධී ඇමරිකානු සම්බාධකවලට ලක්ව සිටින මෙම ඉරාන යාත්‍රාවලට මානුෂික ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව කරන්නේ ද එම නීති විරෝධී යුද්ධයට සහාය දැක්වීමකි. ඊශ්‍රායෙලයට ලංකාවෙන් සේවකයන් යැවීමෙන් කරන්නේද ගාසා තීරයේ කරන ජනඝාතන යුද්ධයට සහාය දැක්වීමකි. ජන ඝාතන යුද්ධය ඇරඹීමත් සමග පලස්තීන ජාතිකයන්ට ඊශ්‍රායෙලයට පිවිසීම තහනම් කිරීමෙන් ඇති වූ ශ්‍රම හිඟය මග හරවා ගැනීමට සහාය වීමකි. එය නමසිය පනස් ගණන්වල සිට පලස්තීනයට සහාය දැක්වීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියට එරෙහිවීමක් බව ඩොලර්වලට වහ වැටී සිටින ජාතික ජනබල වේගයේ නායකයන්ට තේරුම් ගත නොහැකිය.

මෙම බියගුළුකම නිසා කුස ගින්නේ පසුවන පිරිසකට ආහාර සැපයීම සම්බාධක කඩ කිරීමක් නොවන බව ඇමරිකානු අධිරාජ්‍ය බලවතුන්ට පහදා දීමට ජාතික ජනබලවේගයේ නායකයන්ට හැකියාවක් නැත. විපක්ෂයේ සිටිය දී අධිරාජ්‍ය විරෝධී සටන්පාඨ නිතර ගායනා කළ ද දැන් රාජ්‍ය බලය සතු කර ගෙන ඇති නිසා අධිරාජ්‍යයාගේ උදහසට ලක් විය නොහැකිය.

මුහුදේ නිරාහාරව සිටින ඉරාන නැව්වලට මානුෂික ආධාර ලබා නොදීමෙන් සහ පලස්තින ජනඝාතන යුද්ධයට සහාය වීමට ඊශ්‍රායෙලයට සේවකයන් යැවීමෙන් නිරුවත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වංචනික භාවයයි. පලස්තීනයේ ජන ඝාතනයෙන් සහ ඉරාකයට එරෙහි හමුදා ආක්‍රමණයෙන්  කියවෙන්නේ ලෝක ආධිපත්‍යය තහවුරු නර ගැනීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගෙන යන දේශපාලන ආර්ථික ප්‍රහාරයේ නග්න හමුදාමය ස්වරූපයයි.  අධිරාජ්‍ය බලවතුන්ගේ දේශපාලන, ආර්ථික සහ හමුදාමය බලහත්කාරයට යටවීමෙන් නැතිවන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පෙන්වා දුන් ආකාරයට රටේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වයයි. එය මාක්ස්වාදී න්‍යාය කර පින්නා ගත් දේශපාලන පක්ෂයක් රටේ පාලන බලය ලබා ගෙන සිටියදී සිදුවීම දෛවයේ සරදමක් විය හැකිය.

මෙය අපේ දේශපාලන උරුමය නොවේ. එතරම් රැඩිකල් නොවු මහවලතැන්න රත්වත්ත රදල පරපුරේ කාන්තාවක් වූ සිරිමා බණ්ඩාරනායක මාක්ස්වාදියෙකු හෝ සමාජවාදියෙකු නොවේ. එහෙත් ඇයට ජාතික ස්වාධීනත්වය සහ රටේ ස්වෛරීත්වය පිළිබද අභිමානයක් තිබිණ. මහා බලවත් තෙල් සමාගම්වල සහ ඇමරිකාවේ තර්ජන නොසලකා තෙල් සමාගම් ජනසතු කිරීමට ඇය අභීත වුවාය. සියලුම පාසල් රජයේ පාලනයට ගැනීමේ දී ද ඇය ජාතික හෝ ජාත්‍යන්තර බලවේගවලට හිස නොනමා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එඩිතර වූවාය. බංග්ලාදේශයේ නිදහස් සටනේ දී පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් කලාපය තහනම් වූ විට ඇය පාකිස්ථාන ගුවන් යානාවලට ලංකාවේ ගුවන් කලාපය හරහා පියාසර කිරීමට අවසර දුන්නේ ඉන්දියාවේ උදහසට ලක්වීමේ අවදානම නොසලකාය. ඉන්දු චීන යුද්ධය ඇවිලී ගිය විට එම රටවල් දෙක අතර සාමයක් ඇති කිරීමට ඇය උත්සාහ කළ ආකාරය උසස් රාජතාන්ත්‍රික භාවයට නිදසුනකි. සැමියාගේ අභාවයෙන් අහම්බෙන් දේශපාලනයට පිවිසි ඇය ලෝක පූජිත නායිකාවක් වූයේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් අභීතව පෙනී සිටි නිසාය.

එහෙත් මාක්ස්ලෙනින් වාදයෙන් පෝෂණය වී සන්නද්ධ අරගල දෙකකින් පන්නරය ලත් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය ගැන එසේ කිව හැකිද?

The post රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85/feed/ 0
අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අදීන නීතිවේදියා: බැසිල් ප්‍රනාන්දු https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99/#respond Thu, 08 Oct 2026 04:02:10 +0000 https://vivaranalk.com/?p=15032 පහත පලවන්නේ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන Sunday Times වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. පසුගිය බදාදා අභාවප්‍රාප්ත වූ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රවීණ නීතිඥ, කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක් පුරා ‘ක්‍රමවේදයට’ එරෙහිව නොසැලී සටන් කළ සගයකු මෙන්ම අසමසම මිතුරකු වූ බැසිල් ප්‍රනාන්දු මහතා, මීට මාස කිහිපයකට පෙර පැවැති සංවාදයකදී, වසර ගණනාවකට පෙර රට හැරගිය ද […]

The post අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අදීන නීතිවේදියා: බැසිල් ප්‍රනාන්දු appeared first on විවරණ.

]]>
පහත පලවන්නේ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන Sunday Times වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.

පසුගිය බදාදා අභාවප්‍රාප්ත වූ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රවීණ නීතිඥ, කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක් පුරා ‘ක්‍රමවේදයට’ එරෙහිව නොසැලී සටන් කළ සගයකු මෙන්ම අසමසම මිතුරකු වූ බැසිල් ප්‍රනාන්දු මහතා, මීට මාස කිහිපයකට පෙර පැවැති සංවාදයකදී, වසර ගණනාවකට පෙර රට හැරගිය ද කිසිදා වෙන් වීමට නොහැකි වූ සිය රට මුහුණ දෙන පීඩාවන් පිළිබඳව උද්යෝගයෙන් කතාබහ කළේය.සැබැවින්ම මේ රටේ ජීවත් වන අයටත් වඩා ශ්‍රී ලංකාව තුළ ජීවත් වන බවට මම බොහෝ විට ඔහු සමඟ විහිළු කළෙමි. මෙම සුවිශේෂී අදහස් හුවමාරුව ඇති වූයේ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ අතිශය භීෂණකාරී සිරකරු ඝාතනයත්, ඊට පලිගැනීමක් ලෙස ඇතැම් සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමත් සමඟය. උද්වේගකර මාධ්‍ය සිරස්තල කාලයත් සමඟ මැකී ගිය පසු කුමක් සිදුවනු ඇත්ද?

සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බව වගකිවයුත්තන්ට අවබෝධ වේවිද? නමුත් කිසිවක් විශාල වශයෙන් වෙනස් නොවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. අතීතයේ අප්‍රමාණ වාර ගණනක් සිදු වූවාක් මෙන්ම, මෙවැනි බන්ධනාගාර ‘සමූහ ඝාතන’ මඟින් බන්ධනාගාර පද්ධතිය තුළ ප්‍රතිපත්තිමය හෝ ක්‍රියාකාරී ප්‍රතිසංස්කරණයක් ඇති නොකරනු ඇත.

අමාත්‍යවරයකුගේ කඳුළු හෝ දේශපාලන වාසි තකා විපක්ෂයේ දේශපාලනඥයන් පවත්වන මාධ්‍ය සාකච්ඡා හමුවේ වුවද තත්ත්වය මෙලෙසමය. සැබැවින්ම, ඔහුගේ අදහස ඊට වඩා පුළුල් එකකි.. බන්ධනාගාර පද්ධතියේ අසාර්ථකත්වය මඟින් නිරූපණය වූයේ බලයේ සිටින ආණ්ඩුවක ක්‍රියාකලාපයෙන් ඔබ්බට ගිය, රාජ්‍ය ආයතනික අසාර්ථකත්වයයි. රටක ආරක්ෂණ පද්ධතිය මෙතරම් බිඳවැටීමට ලක්ව තිබේ නම්, එය බලපාන්නේ රාජ්‍යයේ පැවැත්මට මෙන්ම සමස්ත සමාජයේම පැවැත්මටය.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු

එසේ නම්, ශ්‍රී ලංකාව වඩ වඩාත් අරාජිකත්වයට සහ රාජ්‍යය බිඳවැටීමේ තර්ජනයකට ගොදුරු වෙමින් පවතින්නේදැයි ඔහු ඇසුවේය. එය ප්‍රශ්නයකට වඩා ප්‍රකාශයකි. මගේ පිළිතුර අඩක් සරල වූ අතර අඩක් විහිළුවට මෙන් කරන ලද්දක් විය; ‘බැසිල්, රාජ්‍යය බිඳවැටෙන්නේ නැහැ. ඊට පටහැනිව, එය තවත් ශක්තිමත් වෙනවා. බිඳවැටෙන්නේ බන්ධනාගාර ඇතුළත හෝ පිටත සිටින පුරවැසියනුයි.’ අතීතයේ පැවැති මෙවැනි සංවාද ගණනය කළ හැකිනම්, ඒවා දහස් ගණනක් වනු ඇත.

සමහර විට, විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය රාජ්‍යයේ සුවිශේෂී බිඳවැටීම පිළිබඳ ඔහුගේ අතිශය ගැඹුරු අදහස් දැක්වීම් සම්බන්ධයෙන්, අපගේ අදහස් හුවමාරු තියුණු මෙන්ම කලකිරීමෙන් යුත් මතභේදවලින් සමන්විත විය. එසේ වුවද, සම්ප්‍රදායෙන් පිටතට ගොස්, ‘සම්මතයන්’ අභියෝගයට ලක් කරමින් සහ නීතියේ හිස් න්‍යායන්ගෙන් ඔබ්බට ගොස් ඉන් පීඩාවට පත් වූ මිනිසුන් දෙස බැලීමට එම සංවාද සෑම විටම මඟ පෑදීය.

මගේ අදහසට අනුව, විපතට පත්වූවන් කෙරෙහි වූ මෙම අසාමාන්‍ය සංවේදීතාව, නීති ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ අන් අයගෙන් ඔහු වෙනස් කර දැක්වූ ප්‍රධාන ලක්ෂණයයි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ මෙන්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම නීතිමය ක්‍රියාකාරීත්වය සමඟ සමීපව බැඳී නොතිබූ රටක, මෙය ඉතා දුර්ලභ ලක්ෂණයකි. තමාම අසාධාරණයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූවක් බව ඔහු නිතර පැවසූ අතර, පන්තිමය හෝ කුලමය පීඩනයන් කොතැනක දුටුවද ඒවා විවේචනය කිරීමට කිසිවිටෙකත් පසුබට වූයේ නැත.

එය නීති පීඨයේ දේශන ශාලා තුළ පැවැති ‘ස්ථාපිත මතයන්’ පිළිබඳව වූ කැපී පෙනෙන කුකුස සහ නීතිය ඉගැන්වූවන් කෙරෙහි දැක්වූ උපහාසාත්මක අනම්‍යශීලී බව හා බැඳී තිබිණි. අප අතර වසර විස්සකට වැඩි පරම්පරා පරතරයක් තිබූ අතර, වඩාත් සම්ප්‍රදායික යුගයකදී සිය ගුරුවරුන් කෙරෙහි ඔහු දැක්වූ එම නොසැලකිලිමත් විලාසය මට පවා සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නොහැකි විය. එය එකල අතිශය විමතිය දනවන සුළු දෙයකි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කර සිටි ගිහි ඉංග්‍රීසි ගුරුවරයකු වෙනුවෙන් මා නීතිමය වශයෙන් පෙනී සිටි අවස්ථාවේදී ඔහු මා සමග සම්බන්ධ වීම, මීට හොඳම උදාහරණයකි. මෙම අවාසනාවන්ත නඩු පාර්ශ්වකරු, සිය නඩුව විභාග කිරීමට එරෙහිව විවෘත අධිකරණයේදී ‘ශබ්ද නඟා’ කතා කිරීම හේතුවෙන් හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා විසින් මෙම සිරදඬුවම පනවන ලදී.

අධිකරණ නියෝගය මත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීහු ඔහු වධහිංසාවට ලක් කළහ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) විකල්ප සම්මුතිය යටතේ අදාළ වින්දිතයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එහිදී ප්‍රකාශ වූයේ ‘මෙවැනි දැඩි සහ සංක්ෂිප්ත දඬුවමක් අවශ්‍ය වූයේ මන්දැයි’  පිළිබඳව ‘කිසිදු හේතුසාධක සහගත පැහැදිලි කිරීමක්’ ඉදිරිපත් වී නොමැති බවයි.

‘සිදුවූ එකම බාධාව… නැවත නැවතත් මෝසම් ගොනු කිරීම… (ඒ සඳහා මුල්‍ය දඩයක් පැනවීම පැහැදිලිවම ප්‍රමාණවත් වීමට තිබිණි) සහ අධිකරණය හමුවේ වරක් ‘තම හඬ නැඟීම’ මෙන්ම ඉන්පසුව සමාව අයැදීම ප්‍රතික්ෂේප කිරීම පමණි’ යනුවෙන් කමිටුව සඳහන් කළේය. මෙම ‘අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීමට’ පිළියම් යොදන ලෙස අදාළ රාජ්‍ය පාර්ශ්වය වූ, ශ්‍රී ලංකාවට නියෝග කෙරිණි.

නමුත්, මෙම නඩුවේ නීතිමය පැත්තට අමතරව, අග්‍රවිනිශ්චයකාරවරයකු විසින්ම සිදුකරන ලද සම්ප්‍රදායික අධිකරණමය බලතල ඉක්මවා යෑමේ හාස්‍යජනක උදාහරණයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ, මෙම දරුණු අත්දැකීමෙන් වින්දිතයා මුදාගෙන, ඔහුව යථා තත්ත්වයට පත්කිරීමේ සියලු පියවරයන් හිදී ප්‍රනාන්දු මහතා ඔහුට මඟපෙන්වමින් කටයුතු කළ ආකාරයයි. වඩාත් ස්ථාපිත මානව අයිතිවාසිකම් සංවිධාන රැසක් පිටුපා සිටිද්දී, ඔහු එසේ කළේ නැත.

එය නීතියෙන් ඔබ්බට ගිය එකකි. ඔහු තම භාරයට ගත් සෑම නඩුවකදීම වෙනසක් නැතුවම සිදු වූයේ එයයි. විශේෂයෙන්ම, සිය ජීවිතයේ වැඩි කාලයක් විරෝධය දැක්වූ, දිළිඳු සහ කොන් වූ ජනතාවට සිදුවූ වධහිංසා පිළිබඳ බොහෝ නඩුවලදී මෙය වඩාත් පැහැදිලි විය. සිල්ලර කඩයකින් කෙසෙල් ඇවරියක් සොරා ගැනීම නිසා පොලිස් නිලධාරීන් විසින් රෝදයක බැඳ කරකවමින් වධහිංසාවට ලක්කළ දකුණේ 15 හැවිරිදි පිරිමි ළමයකුගේ සිදුවීම ද ඊට ඇතුළත් ය.

ඊට අමතරව, සමාන නමක් තිබීම නිසා අපරාධකරුවකු ලෙස වරදවා වටහාගෙන, වකුගඩු අක්‍රිය වන තෙක් පහර කෑමට ලක්වූ රැකියාවක නිරත වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් ද විය. පසුව සාක්ෂි දීමට ආසන්නව තිබියදී එම වධකයින් විසින්ම ඔහු ඝාතනය කරන ලදී. මෙවැනි නඩු වෙනුවෙන් පෙනී සිටීම අතිශය තිත්ත වූ අත්දැකීම් වූ අතර, වින්දිතයන් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් ද එක හා සමානව මානසික පීඩනයකට ලක් විය.

කිසි විටෙකත් පිටතට නොපෙන්වූවද, එමඟින් ඔහුගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට සිදු වූ හානිය විශාල විය හැකිය. මා නම්, මෙය නීතිය සහ සංවේදීතාව එකිනෙක හමු වූ අවස්ථාවකි; බොහෝ දෙනකු පවසන පරිදි එය අමුතු සංයෝගයක් විය හැකිය. සැබැවින්ම, නීතිය යනු ‘ප්‍රභූ පැලැන්තියේ’ බුදලයක් ලෙස පෙන්වීම විලාසිතාවක් වී තිබූ කාලයක, ඔහු හැකි ඉහළම අයුරින් ‘ප්‍රභූ නොවන’  අභිමානයෙන් හා කැපී පෙනෙන ලෙස සිටි නීතිඥවරයෙකි.

මෑතකදී කරලියට ආ විකාරරූපී තර්කයක් පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට මට අවස්ථාවක් නොලැබිණි; එනම් නීතියේ ‘ප්‍රභූ’ භාරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි විශේෂිත වූ  ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ‘කෘත්‍රිම’ විරෝධයක් ගොඩනැගූ බවට වන තර්කයයි. ඔවුන් පවසන ලද්දේ එය ‘ජනප්‍රිය සාධාරණත්වය’ යටපත් කිරීම සඳහා සිදු කරන ලද්දක් බවයි.

‘නීතිය’ යනු ‘සාධාරණත්වයට’ වඩා වෙනස් දෙයක් බව ඇතැමුන් පැවසූ අතර එය සැබවින්ම නිරර්ථක කතාවකි. තවත් අය ප්‍රශ්න කළේ දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම මෙතරම් ආන්දෝලනයකට හේතු වන්නේ මන්දැයි යන්නයි. මෙම පියවර මඟින් සාධාරණත්වය ඉටුකිරීම ඉහළ නංවන බවට කළ දැඩි මතවාදී ආවරණය, ඉහළ අධිකරණවල කාලයක සිට පවතින පුරප්පාඩු පිරවීමට ආණ්ඩුව අපොහොසත් වීමත් සමඟම හෙළිදරව් විය.

බැසිල් ප්‍රනාන්දු මහතා තමාටම අනන්‍ය වූ, කිසිවකුටත් අනුකම්පා නොකරන විලාසයෙන් මේ සියල්ල නිරර්ථක කතා ලෙස බැහැර කිරීමට ඉඩ තිබිණි. 2022 ශ්‍රී ලංකාවේ ‘ජනප්‍රිය විප්ලවය’ පිළිබඳ ඔහුගේ තක්සේරුව කෙටි මෙන්ම සෘජු එකක් විය. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර මෙම ‘විප්ලවය’ රොමෑන්තිකරණය කිරීමෙන් කිසිදු පලක් නැහැ’යි පැවසූ ඔහු, ‘ඉහළින්ම සිදුවන වෙනසක් නැතිව මෙය අලංකාරයට කරන ප්‍රදර්ශනයක් පමණයි’ යනුවෙන් ද පෙන්වා දුන්නේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ‘ජනතා විප්ලවයේ’ ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව දැන් හුදෙක් මනඃකල්පිතයක් පමණි. වෙනත් බොහෝ දෙනකු මෙන් නොව, 2022 අරගලය සහ 2024 දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ලැබූ මැතිවරණ ජයග්‍රහණ අතර පෙකණිවැලේ සබඳතාවක් ඇති කිරීමට ඔහු මැලි වූ අතර, වඩාත් විවේචනාත්මක ප්‍රවේශයකට මුල්තැන දුන්නේය.

කෙසේ වෙතත්, ‘විප්ලවවාදී’ ආණ්ඩුවක පළමු හෝ අවම වශයෙන් දෙවන හෝ තෙවන කාර්යය විය යුතුව තිබුණේ මර්දනකාරී නීතිමය ව්‍යුහය අහෝසි කර දැමීමයි. එම විරූපී ව්‍යුහය පවත්වාගෙන යන ප්‍රධාන කුලුනු දෙක වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA, 2024) සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි (PTA, 1979). වසර දෙකකට පසුවද, එම පනත් දෙකම තවමත් සක්‍රියව පවතී.

කෙටුම්පත් කර ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා නරක එකක් වීමේ අවදානමක් පවතී. ඊට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නගන ප්‍රීති ඝෝෂා හඬ මවාගත හැකිය. එම නිසා, ශ්‍රී ලංකාව සිය පැරණි භූතයන් බැහැර කිරීම ප්‍රතික්ෂේප කරයි. ප්‍රනාන්දු මහතාගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, මෙය ඉතිහාසය ඛේදවාචකයක් ලෙස නැවත නැවතත් සිදු වීමකි.

මීට වඩා පෞද්ගලික වූ උපහාරයක් තවත් ඉඩකඩ අවශ්‍ය වේ. ඔහුගේ අභාවයෙන් ශ්‍රී ලංකාව මෙන්ම ආසියාව ද වඩාත් අසරණ වූ බව පැවසීම පමණක් දැනට ප්‍රමාණවත්ය.

The post අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අදීන නීතිවේදියා: බැසිල් ප්‍රනාන්දු appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99/feed/ 0
එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c/#respond Wed, 30 Sep 2026 06:34:58 +0000 https://vivaranalk.com/?p=15019 මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ […]

The post එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. appeared first on විවරණ.

]]>
මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ ප්‍රතිපත්ති වන්නේ සාමයට ඇති තර්ජන වැළැක්වීම සහ ඉවත් කිරීම ද ආක්‍රමණික ක්‍රියා හෝ සාමය බිඳී යාමට තුඩු දෙන ක්‍රියා මැඩ පැවැත්වීම ද අරභයා ප්‍රබල විධි විධාන යෙදීම යනාදී වශයෙනි. එමෙන්ම සාමය බිඳී යා හැකි පරිද්දෙන් ඇති වන ජාත්‍යන්තර භේද හෝ ආරවුල් සමගි සමාදානයෙන් සමථයට පත් කිරීම හෝ බේරුම් කිරීම ද පරමාර්ථ සහ ප්‍රතිපත්ති ලෙස සඳහන්ව ඇත.  

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වෙනි වාර්ෂික මහා සභාව..

එක්සත් ජාතින්ගේ පරමාර්ථ සහ ප්‍රතිපත්තිවල එසේ සඳහන් වුවත් මෙවර වාර්ෂික මහා සභාවේ දී ලොව ප්‍රබලම රාජ්‍යයැයි හැඳින්වෙන එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත් වූයේ නට්සි ජර්මනියේ හිට්ලර් හෝ නොකල ආකාරයේ අතිශය බියකරු සමස්ත මානව වර්ගයාම අනතුරට හෙළන ආකාරයේ අශික්ෂිත කතාවකි. සාමයට ඇති තර්ජන ඉවත් කිරීම සහ ඒවා වැළැක්වීම වෙනුවට ඔහු පාරම්බෑවේ ඔහුගේ අණසකට හිස නොනමන රාජ්‍යයන් මිහි මතින් තුරන් කරන ආකාරයයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායෙලයේ ප්‍රහාරවලට ලක්ව සිටින ඉරානය ඔහු නියම කරන ආකාරයේ ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් මුළු මහත් රටම විනාශ කරන බවට තර්ජනය කෙළේය. එමෙන්ම ප්‍රහාරය ආරම්භයේ දී ඉරානයේ රාජ්‍ය නායක අයතොල්ලා කමේනි ඝාතනය කිරීම තම ජයග්‍රහණයක් සේ හුවා දැක් වූයේය.

එසේ වුවත් මෙම ප්‍රහාරයේ දීම ඉරානයේ ප්‍රාථමික පාසලක කුඩා ළමයින් 160කට වැඩි පිරිසත් ඇමරිකානු බෝම්බ ප්‍රහාරවලින් මරා දැමීම ගැන සඳහන් කෙළේ නැත.

ඇමරිකානු නායකයා නිදහස් ස්වෛරී රාජ්‍යයක් වූ වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන යෑම හුවා දැක් වූයේ තවත් ජයග්‍රහණයක් සේය. මදුරෝ සහ ඔහුගේ බිරිඳ තවමත් නිව්යෝර්ක් නගරයේ සිර ගෙයක කොටු කර සිටී.

ඉන් අදහස් කෙළේ වෙනිසුවෙලාවේ මෙන් රාජ්‍ය නායතයා පැහැර ගෙන යෑමට නොහැකි වුවහොත් කුරිරු ප්‍රහාරයකින් කියුබාවේ පාලනය වෙස් කිරීමට සූදානම් ය යන්නයි.

නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ, සිලියා ෆ්ලෝරස්, ෆෙඩරල් නිලධාරීන් විසින් නිව්යෝර්ක්, මෑන්හැටන් හි ෆෙඩරල් අධිකරණය වෙත රුගෙන යාම .. | 2026.01.05

රටේ නායකයා පැහැර ගෙන යෑමට අමතරව එහි තෙල් සම්පත් හිමි කර ගෙන ඉන් ලැබෙන ආදායම් එක්සත් ජනපද භාණ්ඩාගාරයට බැර කිරීම ද අමු අමුවේ කෙරෙන මංකොල්ලයකි. ජනාධිපති ට්‍රම්ප් එය හැඳින් වූයේ ජයග්‍රාහකයාගේ අයිතියක් සේය.

ජනාධිපති මදුරෝ පැහැර ගෙන යෑමට වෙනිසුවෙලාවේ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය කායකයන්ගේ සහාය ලබා ගැනීමට හැකි වුවද එවැන්නක් කියුබාවේ ක්‍රියාත්මක කිරීම අපහසු නිසා උපරිම හමුදා ශක්තිය යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. දශක හතකට ආසන්න කාලයක් ඇමරිකාවේ නීති විරෝධී සම්බාධකවලට ලක්ව සිටින කියුබාවේ ජන ජීවිතය පත්ව ඇත්තේ ඛේදනීය තත්වයකට බව අමතක නොකළ යුතුය.

එක්සත් ජාතීන්ගේ මහා සභාව ඇමතු ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණය යටතේ සිටින ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පැවැත් වූයේ එවැනිම අශික්ෂිත කතාවකි. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අන්තර්ජාතික අපරාධ අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට කිසිම රාජ්‍යයක් ඉදිරිපත් වන්නේ නැත. යුද විරෝධියෙකු වශයෙන් හැඳින්වෙන නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සොහ්රාන් මම්ඩානි ඊශ්‍රායෙල් අගමැති නිව්යෝර්ක් නගරයට පැමිණිය හොත් අත් අඩංගුවට ගන්නා බවට කලින් තර්ජනයක් කළ තිබුණ ද ඇත්ත වශයෙන්ම සිදු වූයේ නිවියෝර්ක් පොලීසිය බෙන්ජමින් නෙතන්යාහුගේ පැමිණීමට එරෙහිව විරෝධතා දැක් වූ අය අත් අඩංගුවට ගැනීමය. අත් අඩංගුවට පත් වූවන් අතර ලෝක ප්‍රකට කලාකරුවන් වූ බවද වාර්තාවේ.

ඇමරිකා එක්සත් ජනපදයේම නිර්මාණයක් වූ ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ කතාව ද ඔහුගේ ස්වාමියාගේ කතාවට වෙනස් නොවේ. සමහර විචාරකයින් පවසන ආකාරයට යථාර්ථය වන්නේ ඊශ්‍රායලය ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවන බව වුවත් ඒ දෙරටේම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග එකිනෙතට මැනැවින් ගැලපෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ඊශ්‍රායෙල් නායකයා ද ගාසා තීරයේත් බටහිර ඉවුරේත් සිදු කරන මිනිස් ඝාතන සහ දේපොළ විනාශය ගැන කතා කෙළේ ආඩම්බරයෙනි. බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සහ බටහිර ‍ඉවුරේ ඊශ්‍රායෙල් හමුදා සිදු කරන ජනඝාතනයට එරෙහිව නැගී සිටින සටන්කාමීන් හැඳින් වූයේ මිහිතලයේ සිටින මිප්‍ලේච්ඡතම මිනිමරුවන් සේය. ඔහු ද සින්වාර් හනියේ වැනි හමාස් නායකයන් ඝාතනය කිරීම ගැන පාරම්බෑවේ සිය අනුග්‍රාහකයා මෙනි. පලස්තින ප්‍රදේශවල ජනඝාතනයක් සිදු වන්නේයැයි කීම මෙම ශතවර්ෂයේ මහා ම පචයක්යැයි ඔහු සමුළුව අමතමින් කීවේය. මීට අමතරව 2024 නොවැම්බර් මස ඊශ්‍රායෙල් ඔත්තු සේවා මගින් ජංගම දුරකතනවලට සවි කරන ලද ද්‍රව්‍ය පුපුරුවා හැරීමෙන් කාන්තාවන් සහ ළමයින් සිය ගණනාවක් මරණයට පත් කිරීම අගය කෙළේ එහි ආකෘතියක් මහා මණ්ඩලයේ ප්‍රදර්ශනය කිරීමෙනි.

ගාසා තීරයේ නැගෙනහිරින් පිහිටි ෂුජායියා (Shujayea) ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයක්..

ඔහු ඉන් අදහස් කෙළේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමක් 2025 සැප්තැම්බර් නිකුත් කළ වාර්තාවකින් ඊශ්‍රායෙලය ගාසා තීරයේ ජන ඝාතනයක් සිදු කරන බව පිළිගෙන තිබීම හෑල්ලුවට ලක් කිරීම ය. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයේ යුද අපරාධ සිදුකෙළේයැයි පිළිගැනීමට සාධාරණ හේතු පවතින බව එක්සත් ජාතීන්ගේ තොරතුරු සෙවීමේ කොමිසමක් වාර්තා කර ඇති බවද සැලකිල්ලට ගත යුතුය.

මීට අමතරව නේටෝ රටවල් වෙනුවෙන් රුසියාව සමග යුද වැදි සිටින යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩ්මීර් සෙලන්ස්කි ද එක්සත් ජාතින්ගේ මහා මණඩලය ඇමතුවේ රුසියාවට එරෙහි යුද්ධයට අවි ආයුද ලබා ගැනීමට එක්සත් ජනපදය සහ වෙනත් රටවල් සමග ඇති කර ගත් ගිවිසුම් සහ එකඟතා හුවා දැක්වීමටය. රුසියාවට එරෙහිව කරන යුද්ධයේ දී එම රට වඩාත් දුර්වල කොට පරාජය කිරීම සඳහා වඩ වඩාත් සම්බාධක සහ තහංචි පනවන ලෙස ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සාමය උදා කිරීමේ අවස්ථා අමතක කිරීමෙනි.

2026 අගෝස්තු 29 වන සෙනසුරාදා, යුක්රේනයේ කියෙව් (Kyiv) කලාපයේ මයිලා (Myla) ගම්මානයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් හා ඉන් අනතුරුව සිදුවූ පිපිරීමකින් පසු, හානියට පත් ගොඩනැගිලි අතර ඇති විනාශ වූ මෝටර් රථයක දසුනක්. කියෙව් සහ සිටොමියර් (Zhytomyr) වෙත දිශාව සහ දුර දක්වන මාර්ග සංඥා පුවරුවක් ද මෙහි දැක්වේ.

පුදුමයට මෙන් සාමය සහ නීතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ සම්බාධක සහ තහංචිවලින් හොඳටම හෙම්බත්වී සිටින ඉරානය සහ නොනවත්වා ඊශ්‍රායෙලයෙන් එල්ල කරන ගුවන් සහ මිසයිල ප්‍රහාරවලට ලක්ව සිටින ලෙබනනය පමණි. ආරවුල් විසඳා ගැනීමට සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගත යුතු බව ඉරාන ජනාධිපති අවධාරණය කෙළේය. ලෙබනනයේ අගමැති ගේ දුක්ගැනවිල්ල වූයේ තම රටට එරෙහිව සිදු කරන සාහසික අපරාධ ඉදිරියේ ජාත්‍යන්තර ප්‍රජාව නිහඬව සිටීම ය.

අප බිහි කර ඇත්තේ යුද අවි ආයුධ ගලා යෑමට සියලු පහසුකම් ඇති එහෙත් විපතට පත ජනතාවට ආහාර ලබා ගැනීමට තහංචි පනවන ලෝකයක්යැයි නේපාලයේ අගමැති බාලේන්ද්‍ර ෂා පෙන්වා දුන්නේය.

කලින් සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ ආශීර්වාද මැද පිහිටුවා ගත් එක්සත් ජාතින්ගේ සංවිධානය එහි මහලේකම් ඇන්නියෝ ගුටරෙස් ද පිළිගන්නා ආකාරයට අද සම්පුර්ණයෙන්ම අවලංගු කාසියක් බවට පත්ව ඇත. ගෝලිය බලය හමුවේ ජාත්‍යන්තර නිතිය යනුවෙන් අද කිසිත් ඉතිරිව නැත. ආදර්ශය බවට පත්ව ඇත්තේ බලය හා ශක්තියයි. අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නිලධාරීන් සහ විනිශ්චයකරුවන් ඇමරිකාවේ සම්බාධකවලට ලක්ව සිටිති. එම අධිකරණයේ බලය ක්‍රියාත්මක වන්නේ ආසියා අප්‍රිකා රටවල් සම්බන්ධයෙන් පමණි.

මෙවැනි වාතාවරණයක් තුළ අප ගමන් කරමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආරක්ෂක මණ්ඩලය හුදු ප්‍රේක්ෂකයන් බවට පත් කරන, මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී අඳුරු අතීතය සිහිපත් කරන භයානක ලෝකයකටය. සතුරු බලවේග සියල්ල සමූලාඝාතනය කර ලොවම සිය අණසක යටතට ගත හැකියැයි සිහින මවන නායකයන් ගේ ලෝකයකටය. කෘත්‍රීම බුද්ධිය සහ නූතන තාක්ෂණය මගින් සියල්ල ජය ගතහැකියැයි විශ්වාස කරන ලෝකයකටය.

වර්ධනය වන සමාජ ආර්ථික යථාර්ථය තුළ තීරණාත්මක වන්නේ නිවැරදි දේශපාලන තීරණ ගැනීමට සහ ඒ වෙනුවෙන් නොසැලී සිටින නායකත්වයක් ගොඩ නගා ගැනීම ය. සාමය ගැන කතා කරමින් යුද්ධය එකම ක්‍රියා මාර්ගය බවට පත් කර ඇති සමාජයක එය  දියෙන් කිරි වෙන් කර ගන්නාක් මෙන් ශූක්ෂම ක්‍රියාවකි. 

මෙම ලිපිය අවසන් කිරීමට සූදානම්වත්ම මට ඇස ගැසුණු වාර්තාවකින් මෙය වඩාත් තහවුරු විය. ඒ යුද්ධය ප්‍රශ්න විසඳා ගැනීමේ සහ සිය බලය තහවුරුකර ගැනීමේ එකම ක්‍රියා මාර්ගය බවට පත් කර ගෙන සිටින ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ තරුණියන් 34ක සාම සාධක කණ්ඩායමක් ලංකාවට පැමිණීමය. ජනමාධ්‍යයෙන් උත්කර්ෂවත් ආකාරයට වාර්තා කළ ආකාරයට මෙම පිරිස් උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ ඇමරිකානු සාමකාමී ජීවන ශෛලිය ස්වේච්ඡාවෙන් උගන්වනු ඇත. ඒ ගැන කිව යුත්තේ ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල සාම අධ්‍යාපනය පතුරුවා හැරීමට වඩා ඒ වෙනුවෙන් වැය කරන සම්පත් සහ යොදවන තරුණ තරුණියන් ඇමරිකාවේ දේශපාලන නායකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා විනාශයේ මුව විටට පැමිණ සිටින ලෝකය ගලවා ගැනීමේ අවශ්‍යතාවය ගැන පාඩම් කියා දීම වඩාත් වැදගත්ය යන්නයි.   

The post එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c/feed/ 0
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b7%80/#respond Wed, 23 Sep 2026 06:57:51 +0000 https://vivaranalk.com/?p=15012 [මෙය 2026 සැප්තැම්බර් 11 වන දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී තරුණ නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද ‘අප අලුත් ජනතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළගැසිය යුත්තේ ඇයි?’ යන තේමාව යටතේ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පවත්වන ලද කථාවේ සංස්කරණය කරන ලද පිටපතිකි.] අද විශාල ව්‍යාකූලත්වයක් තිබේ: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් […]

The post නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම.. appeared first on විවරණ.

]]>
[මෙය 2026 සැප්තැම්බර් 11 වන දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී තරුණ නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද ‘අප අලුත් ජනතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළගැසිය යුත්තේ ඇයි?’ යන තේමාව යටතේ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පවත්වන ලද කථාවේ සංස්කරණය කරන ලද පිටපතිකි.]

අද විශාල ව්‍යාකූලත්වයක් තිබේ: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? ඒ ගැන මහජන අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව සෑම විටම හඬක් නැඟුවේ මේ රටේ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජයයි. ඒ සන්දර්භය තුළ නීතිඥ සංගම් ද සෑම විටම පෙරමුණගෙන කටයුතු කර ඇත.

අතීතයේදී තත්ත්වය අද තරම් නරක යැයි මා සිතන්නේ නැත. මන්ද අද වන විට කෙතරම් විපක්ෂ සහ ගැටුම්කාරී දේශපාලනයක් තිබේද යත්, යම් හෙයකින් කිසියම් කරුණක් සම්බන්ධයෙන් විපක්ෂයේ මතය වෘත්තිකයන්ගේ මතය හා සමාන වුවහොත්, වෘත්තිකයන්ගේ සුජාත භාවය අභියෝගයට ලක් කෙරේ. වෘත්තිකයන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන විට පවා තම වෘත්තිය වෙනුවෙන් කතා කිරීමට ඔවුන්ට ධෛර්යයක් තිබිය යුතුය.

එබැවින් අප දකින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය සහ ව්‍යවස්ථා සම්පාදනය සාර්ථක වීමට නම් ද්වි-පාර්ශ්වික සම්මුතියක් තිබිය යුතු බවයි. එය නොමැති විට, හඬක් නඟන වෘත්තිකයන් පවා ආණ්ඩු විරෝධීන්, ආණ්ඩුවට එරෙහි අය හෝ ඊටත් වඩා නරක ලෙස ආණ්ඩුවේ ගැත්තන් ලෙස හැදින්වේ.

එබැවින් පුරවැසියන් ඒ පිළිබඳව දැනුවත් විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබීමේ තේරුම කුමක්දැයි නැවත සිතා බැලිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු අවසාන වශයෙන් රටක ආණ්ඩුකරණ පද්ධතිය පාලනය කරන මූලික නීතියයි. ආණ්ඩුකරණ පද්ධතියක් පාලනය කිරීම සඳහා ආණ්ඩුකරණය සඳහා වූ රාමුවක් තිබිය යුතු අතර, එම රාමුව තුළ ආණ්ඩුකරණ ආයතන ද පැවැතිය යුතුය. එය ආණ්ඩුකරණ පද්ධතිය ලෙස හඳුන්වයි. දැන්, එම ආණ්ඩුකරණ ආයතන ද යම් යම් වටිනාකම් සහ වටිනාකම් රාමුවක් සමඟ බද්ධ විය යුතුය.

එබැවින් 20 වන සහ 21 වන සියවස්වල අපට මූලික වශයෙන් ආණ්ඩුකරණ රාමු වර්ග දෙකක් තිබේ. එකක් ප්‍රජාතන්ත්‍රවාදයයි. අනෙක නම් සමහර විට තනි නායකයෙකු සහිත මධ්‍යගත බලයක් පැවැතීමයි. එවැනි ආණ්ඩුකරණයක් ප්‍රජාතන්ත්‍රවාදය මෙන් රටේ පුරවැසියන් හෙවත් ජනතාවගේ පරමාධිපත්‍යය කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත. එබැවින්, ව්‍යවස්ථා සම්පාදනයේදී අප සිටින්නේ කොතැනද යන්න අප තේරුම් ගත යුතුය: අප සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද නැතහොත් වෙනත් රාජ්‍ය පාලන ක්‍රමයක් වෙනුවෙන්ද? මා මෙසේ පවසන්නේ අද වන විට ‘ප්‍රජාතන්ත්‍රවාදී ඌනතාවය’, ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයන් පිළිබඳව නිරන්තරයෙන් කතා කරන අතර, ඊට වෙනස්ව ශක්තිමත් නායකත්වයක්, තනි නායකත්වයක් සහිත රටවල් ආර්ථික වර්ධනය සහ පොහොසත් අනාගතයක් කරා සීඝ්‍රයෙන් ගමන් කරන බව කියැවෙන බැවිනි.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

මා මෙය පවසන්නේ, අද නිරන්තරයෙන්ම ‘ප්‍රජාතන්ත්‍රවාදී ඌනතාවය’ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වය පිළිබඳව කතා කරන පසුබිමක, ඊට ප්‍රතිවිරුද්ධව ශක්තිමත් හෝ ඒකීය නායකත්වයක් සහිත රටවල් ආර්ථික වර්ධනය සහ පොහොසත් අනාගතයක් කරා වේගයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන තත්ත්වයක් පවතින බැවිනි.

එම සන්දර්භය තුළ, ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වටිනාකම කුමක්දැයි අපෙන්ම අසාගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු පරිණාමීය රාමුවකින් උපත ලැබූවක් බව තේරුම් ගත යුතුය. මන්ද ප්‍රජාතන්ත්‍රවාදය එක රැයකින් පැමිණියේ නැත. රාජාණ්ඩුව සහ තනි නායකත්වය අහෝසි කිරීමට සිදු විය.  අද අප එය දකින්නේ ‘බටහිර ප්‍රබුද්ධත්වය’ ලෙස හඳුන්වන සමයේ සිටය. මන්ද ජනතාවගේ පරමාධිපත්‍යය, ආණ්ඩුව සහ ජනතාව අතර සමාජ සම්මුතිය සහ රටක ජනතාවගේ කේන්ද්‍රීය වැදගත්කම යන සංකල්ප එක් කළේ ‘බටහිර ප්‍රබුද්ධත්වය’ මඟිනි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි. එය එක රැයකින් ආවේ නැත. ඒ සඳහා සියවස් ගණනාවක් ගත විය. එයට මතවාදයන් අවශ්‍ය විය. චින්තනය අවශ්‍ය විය. ලේ සහ කඳුළු මත උපන් අරගලයන් ද විය.

අද අපි ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කරමින් “එය ප්‍රභූ ලිබරල්වාදයක්” යැයි කියමු. නමුත් එය උපන්නේ කෙසේද යන්න අමතක නොකළ යුතුය. එය රාජාණ්ඩුවෙන්, තනි නායකත්වයෙන් පරිණාමය වූවකි. එබැවින් පරමාධිපත්‍යය හිමි ජනතාව යන සංකල්පය පවතී. යුරෝපීය රටවල් සහ එක්සත් රාජධානිය එම ආණ්ඩුකරණ පද්ධතිය සමඟ කටයුතු කළ අතර, 1948 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කෙටුම්පත් කරන විට ආණ්ඩුකරණය සඳහා වෙනස් ප්‍රවේශයන් දෙකක් තිබුණි.

එකක් බටහිර සම්ප්‍රදාය වූ අතර, එය රාජාණ්ඩුවේ සිට ජනතාවගේ අයිතිවාසිකම් සහ ජනතාවගේ පරමාධිපත්‍යය දක්වා පරිණාමය වීමේ ඔවුන්ගේ අත්දැකීම් වලින් උපත ලැබීය. එය සිවිල් නිදහස කෙරෙහි අවධානය යොමු කළේය: වධහිංසාවෙන් නිදහස් වීම, භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, විරෝධතා දැක්වීමේ නිදහස— සිවිල් නිදහසයි. නමුත් එතැන දුර්වලතාවයක් තිබුණි, එනම් සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ජනතාවගේ අයිතිවාසිකම් ලෙස පිළිගැනීමක් නොතිබීමයි. එම සම්ප්‍රදාය තුළ එය නොතිබුණි.

අනෙක් අතට, මධ්‍යගත, ඒකාධිපති ආණ්ඩුකරණ පද්ධතියක් තිබූ කොමියුනිස්ට් රටවල් ද විය. ඔවුන් සිවිල් නිදහස පිළිගත්තේ නැත, නමුත් සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස වැනි ඔවුන් සියලු ජනතාවගේ සමාජ හා ආර්ථික අවශ්‍යතා අයිතිවාසිකම් ලෙස සපයා දීම කෙරෙහි අවධානය යොමු කළහ.

1966 වන විට [1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට පසුව] සම්මත කරන ලද ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතීන් දෙකක් තිබූ බව අප මතක තබා ගත යුතුය. එය සීතල යුද සමයයි. නමුත් පසුව වසර ගණනාවක් පුරා වෙනස්කම් සිදු වූ අතර, 1990 ගණන්වලදී මානව හිමිකම් සම්ප්‍රදායේ පිබිදීමක් ඇති විය. එය 1993 වියානා ලෝක සම්මේලනයේදී එකට එක් වූ අතර, මෙම සියලු අයිතිවාසිකම් මානව හිමිකම් විය යුතු බව එහිදී පිළිගැනිණි.

එබැවින් ලිබරල් සිවිල් නිදහස් සම්ප්‍රදාය, සමාජීය හා ආර්ථික අයිතිවාසිකම් පිළිගත් සහ ඒ සඳහා වැදගත්කමක් දුන් පෙරදිග රටවල් කිහිපයක—චීනය, රුසියාව වැනි ජාතීන්ගේ සම්ප්‍රදාය සමඟ සම්බන්ධ විය. එමෙන්ම එහි අදහස වූයේ මෙම සියලු අයිතිවාසිකම් වැදගත් වේ, ඒවා වෙන් කළ නොහැක යන්නයි. 1990 ගණන්වල සිවිල් නිදහස සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යන දෙකම පදනම් කරගෙන මානව හිමිකම් ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර සම්මුතීන් රාශියක් වර්ධනය වීම තුළින් මෙය නැවත දකින්නට ලැබේ.

එයත් සමඟම, ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය පුළුල් කිරීම සහ සිවිල් නිදහස නොමැති ශක්තිමත් නායකත්වය පිළිබඳ සංකල්පයේ වෙනසක් පිළිබඳව ගෝලීය සම්මුතියක් වනු ඇතැයි කෙනෙකුට සිතෙන්නට ඇත. නමුත් අපට එය ලැබී නැත. ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ බහුපාර්ශ්විකත්වය පිරිහී, ද්විපාර්ශ්විකත්වයට මඟ පාදමින්, නැවතත් පද්ධති දෙක කෙරෙහි අවධානය යොමු වී ඇත:

දැන්, මෙම සන්දර්භය තුළ, විජිතහරණය ලැබූ, යටත් විජිතවාදයේ බලපෑම හඳුනාගත් අප වැනි රටවල තත්ත්වය සසඳා බලමු. එම රටවල සිදු වූයේ කුමක්ද? අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් ලැබුණු මෙම සිවිල් නිදහස සඳහා සහ යටත් විජිතවාදය අහෝසි කිරීමට ඒවා භාවිතා විය. එබැවින් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ මෙම ලිබරල් සම්ප්‍රදාය “සුද්දාගේ නීතියක්” යන අදහසට අභියෝග කළ යුතුය, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ මෙම රටවල් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම්, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් අන්තර්ග්‍රහණය කර ගත් අතර, සිවිල් නිදහසේ වැදගත්කම පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් තම ජාතීන් සඳහා ගොඩනඟා ගත්හ. ඉන්දියාවේ, නේපාලයේ, ශ්‍රී ලංකාවේ ඒය දැකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදයේ සිවිල් නිදහසේ වැදගත්කම පිළිබඳ එම සංකල්ප අප සතුව තිබුණි.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු කුමක්ද? පරමාධිපත්‍යය හිමි ජනතාව තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යටත්ව පාලනය කිරීමට පාලකයන්ට සිය කැමැත්ත ලබා දී ඇත. ඉන් අදහස් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය විසින් රාජ්‍ය බලය අවභාවිත කිරීම වැළැක්විය යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු එයයි. අද සමහර විට අපි ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය ගැන කතා කරමු, අවභාවිත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය ගැන කතා කරමු— එය පරස්පර විරෝධීතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු බලය අවභාවිත කිරීම වැළැක්වීම නම්, ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, අවභාවිත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබිය නොහැක. අදහස් වන්ෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය අවභාවිත කිරීමක් පැවැතිය හැකි බවයි;

එබැවින් අද ප්‍රජාතන්ත්‍රවාදී ඌණතාවයක් පවතින බව පැවසුවද, අපගේ රටවල් ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමට ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කර ඇති බව පිළිගත යුතුය. අසාර්ථකත්වයන් තිබිණ; අක්‍රිය වූ ක්ෂේත්‍ර තිබේ, නමුත් එයින් අදහස් කරන්නේ රටක පුරවැසියාගේ වැදගත්කම පිළිගැනීමේ බලවත් ශක්තියක් වූ දෙයකි. ප්‍රතික්ෂේප කළ යුතු බව නොවේ.

එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදයේ ඌනතාවය, සංවර්ධනය ලබා දීම සඳහා ඒකපුද්ගල නායකත්වයක සහ ඒකාධිපති පාලනයක වැදගත්කම පිළිබඳ සියලු කතාබහ අභියෝගයට ලක්වන විට, අපි එම මඟෙහිම සිටිමින් මෙසේ පැවසිය යුතුය: “නැත, ශ්‍රී ලංකාව සඳහා 1948 සිට අපට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් තිබුණි.” බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිඵල ලබා ගැනීමට අෙපාෙහාසත් විය—එය සත්‍යයකි—එබැවින් අභියෝගය වන්නේ අප සතු අඩුපාඩු සපයාලීමට සහ ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැඟීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම එය විය යුතුය.

ඒ සම්බන්ධයෙන්, “වසර 78 ක ශාපයක්” ඇති බවට නිතර කියැවෙන ප්‍රකාශයට අභියෝග කළ යුතු යැයි මම සිතමි. අඩුපාඩු තිබුණි, නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් තිබූ අතර, ආණ්ඩුකරණයේ යම් වගවීමක් ඇති බව තහවුරු කිරීම සඳහා මේ රටේ අධිකරණවල සහ නීතිඥයින්ගේ නම්‍යශීලීභාවය සහ දායකත්වය ෙහ්තු විය.

සමහරෙකුට මතක නැතුව ඇති, නමුත් මම අඳුරු කාල පරිච්ඡේදයන් ගෙවා දමා ඇත්තෙමි. එකල ‘දේශප්‍රේමී’  වූ ජවිපෙ  විසින් හිස ගසා ගේට්ටුවේ තිබූ මගේ ආදරණීය ශිෂ්‍යයෙකු මම දැක ඇත්තෙමි. ඔහුට කුඩා දරුවන් සිටියා.

මැතිවරණයේදී පළමුවෙන් ඡන්දය ප්‍රකාශ කළ තැනැත්තා මරා දැමීමේ ප්‍රතිපත්තිය අනුව ජවිපෙ විසින් මරා දමනු ලැබූ  මගේ ඥාතියෙකුගේ දේහය ඉවත් කිරීමට මම මගේ සැමියා සමඟ අඳුරු වූ වීදිවල ගොස් ඇත්තෙමි.

එබැවින් අපි අඳුරු කාලයන් ගෙවා දැමුවෙමු, නමුත් ජේ.වී.පී. ය ද දේශපාලන ක්‍රියාවලියට පැමිණෙන විට අපි එතැනින් ඉදිරියටද ගොස් ඇත්තෙමු. ඔවුහු 1994 දී එසේ පැමිණියහ. ඔවුන් එම දේශපාලන ක්‍රියාවලියට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට පැමිණ ඇති බැවින්, වෙනත් කිසිදු ආණ්ඩුක්‍රම පද්ධතියක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට මෙම ආණ්ඩුව බැඳී සිටින බවට අප තහවුරු කළ යුතුය.

දැන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදයේ ඉතිහාසය දෙස බලමු. අපගේ ඉතිහාසය කුමක්ද? 1948 දී,  අපට පාර්ලිමේන්තු ක්‍රමය තිබූ අතර, විශේෂයෙන් සුළුතරය සම්බන්ධයෙන්, සුළුතර අයිතිවාසිකම් සලකා බලන්නේ නැති බවට විවේචනයට ලක්වූ අධිකරණ තීන්දු තිබුණි. එබැවින් අඩුපාඩු තිබුණි, නමුත් තවමත් අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, අධිකරණයක්, ක්‍රියාත්මක වන පද්ධතීන් තිබුණි. එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභයයි.

ඉන්පසු 1972 දී,  විශාල ජන වරමක් සහිතව, ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ ආණ්ඩුවක් අපට තිබුණි. නමුත් එය කළේ කුමක්ද? ඇත්ත වශයෙන්ම, එය ජනතාවගේ පරමාධිපත්‍යය අර්ථ නිරූපණය කළේ පාර්ලිමේන්තුවේ සහ තේරී පත් වූ අයගේ පරමාධිපත්‍යය ලෙසයි. අධිකරණය සමඟ වූ ගැටුම් ඇතුළුව සිදුවූ බලය අවභාවිත කිරීමේ ඉතිහාසයක් ඇති බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදය අක්‍රිය කිරීමට හේතු විය.

‘ධර්මිෂ්ඨ ආණ්ඩුවක්’ සඳහා නැවතත් දැවැන්ත ජන වරමක් සමඟ ආ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය වෙනස් විය. ඉන්පසු එතැන සිදුවූයේ කුමක්ද? නැවතත්, ලිබරල් සම්ප්‍රදාය තුළ සුපුරුදු පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය අපට තිබුණි, නමුත් විශාල පරතරය වූයේ බලවත් විධායක ජනාධිපති ධුරය අතිඋත්කර්ෂයට නැංවීමයි. එමඟින් මේ රටේ බොහෝ ප්‍රශ්න ඇති විය.

1978 විධායක ජනාධිපති ධුරය මඟින් යහපත් රාජ්‍ය ආයතන අස්ථාවර කර ඇත. එය ආයතනවල ‘ලොක්කා’ වන තැනැත්තාට නායකත්වය දිය යුතු අතර අන් කිසිවෙකු ඔහු/ ඇය ප්‍රශ්න නොකළ යුතුය යන මතවාදයට දායක වී ඇත. එය රාජ්‍ය අංශයේ, බොහෝ ආයතනවල පවතින අතර, එය පුද්ගලික අංශයේ ද සමහර විට සිදු වන බව අැෙස්. එබැවින් සමාජයට කාන්දු වන ‘ලොක්කාගේ සංස්කෘතියක්’ අප සතුව ඇති අතර, එබැවින් විධායක ජනාධිපති ක්‍රමය බොහෝ රාජ්‍ය ආයතන අක්‍රිය වීමට සහ විශාල වශයෙන් දූෂණයට ද හේතු වී ඇත.

දැන් මෙය තේරුම් ගෙන ඇති බැවින්, 2000 වසරේ සිට අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා සිටිමු. එබැවින් අවම වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව 2000 දී එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ අතර, අවාසනාවකට මෙන්, පසුව පැමිණි විධායක ජනාධිපතිවරයෙකු සහ ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේදී එය ඉරා දැමීය. ඒ 2000 වසරේදීය.

ඉන්පසු 2015 දී—නැවතත්, සුමන්තිරන් මහතා ද එහි කොටස්කරුවෙකු වූ බව මා සිතනවා—ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් ද්වි-පාර්ශ්වික ක්‍රියාවලියක් තිබුණි. රාජ්‍ය සේවය, අධිකරණය යනාදිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් විසින් අතිවිශිෂ්ට වාර්තා සකස් කරන ලදී. නමුත් එයින් ද කිසිවක් සිදු වූයේ නැත.

ඉන් කිසිවක් සිදු නොවූ විට, පසුව අපට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලැබුණු අතර, 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නායකත්වය දුන්නේ වික්‍රමසිංහ මහතා බව මා සිතනවා. එය අවසන් කිරීමට නියමිතව තිබුණද කිසි විටෙකත් වූයේ නැත. ඉන්පසු පුදුමයට කරුණක් නම්, වික්‍රමසිංහ මහතා තේරී පත් නොවූ ජනාධිපතිවරයා බවට පත් වූ විට, එය දීර්ඝ ඒකාධිපති විධායක ජනාධිපති පාලන සමයක් බවට පත්වීමයි.

එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල පදනම, මූලික රේඛාව විය යුතුය. අපට ඊට වඩා දෙයක් අවශ්‍ය නැත. අපට මෙය අහෝසි කිරීමට සිදුවේ. විපක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක අගමැතිවරයෙකු සිටින ආණ්ඩුකරණ පද්ධතියකට යා යුතුය. නමුත් මූලික රේඛාව වන්නේ මෙය පැවැතිය යුතු අතර, අපට දිගින් දිගට සංශෝධන තිබිය නොහැක—2017, 2018, 2019, 2020, 2021 සහ  2022 සංශෝධන.

එබැවින් තවත් සංශෝධන එපා යැයි පැවසීමට කාලය පැමිණ තිබේ! අපට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ඒ සඳහා අපට සර්වපාක්ෂික සම්මුතියක් අවශ්‍ය වේ. නැවතත්, එය ඉල්ලා සිටීමට සිදුවන අතර, මෙය ඔවුන්ගේ පොරොන්දුවක් බැවින් ජාතික ජන බලවේගයෙන්  ද  එය ඉල්ලා සිටිය යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ වූ පොරොන්දුවකි.

දැන්, අප සතුව අතිවිශාල තොරතුරු ප්‍රමාණයක්, වාර්තා, කෙටුම්පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ඇත— කුඩා පුද්ගල කණ්ඩායමකට වාඩි වී, අපගේ ප්‍රධාන අවධානයට ලක්විය යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡාමය මාර්ගයෙන් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ හැකිය. එය කල් දැමිය යුතු දෙයක් නොවේ, එය කළ හැකි දෙයකි. සියලුම තොරතුරු පවතින බැවින් එයට වසර ගණනාවක් ගත වන්නේ නැත. අවශ්‍ය වන්නේ “වාඩි වී එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න” යැයි පැවසීමට ඇති දේශපාලන උවමනාව පමණි.

තවද එය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගැටලුවක් නොවේ, සංක්‍රාන්ති විධිවිධාන පැවැත්විය හැකිය—එනම් ධුර කාලය සඳහා ජනාධිපතිවරයා, ආණ්ඩුවේ ප්‍රධානියා වන අගමැතිවරයා බවට පත්වන සංක්‍රාන්ති විධිවිධානයි. ඒවා ක්‍රියාත්මක කළ හැකි ශක්‍යතාවන් වන අතර, ඊට කැපවීය යුතු යැයි මා සිතනවා. පක්ෂයක් ලෙස ජවිපෙ දේශපාලන ක්‍රියාවලියට පැමිණි අතර 1994 සිට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී සිටි බව ද අප තේරුම් ගත යුතු බැවිනි.

ඇත්ත වශයෙන්ම, 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එදා ජවිපෙ දක්වන ලද දායකත්වය සැලකිල්ලට ගත යුතුයි., ඔවුහු එකල ආණ්ඩුව සමඟ සිටියහ. ඉන් පසුව, නැවතත්, ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වන සංශෝධනයක් ගෙන ආවේය. ඉන්පසු නැවතත් ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව’ සමඟ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අර්බුදයක් ඇති වූ විට, ජවිපෙ සර්වපාක්ෂික සම්මුතියකට සහභාගී වූ අතර, පසුව ඔවුන් සියලු දෙනා විසින්ම ගොනු කරන ලද නඩුවක් තිබුණි—එනම් සම්බන්දන් නඩුවයි—ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අර්බුදය විසඳන ලදී. එබැවින් එම අතීත වාර්තාව පවත්වා ගත යුතු අතර එය යටපත් නොකළ යුතුය.

මට කරුණු කිහිපයක් පමණක් පෙන්වා දීමට අවශ්‍යයි, මන්ද ඕනෑම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එම සියලු ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා කැපවිය යුතු බව අප තේරුම් ගත යුතු බැවිනි.

එකක් ඡන්ද බලයයි—එය පැහැදිලියි; ඒ ගැන අපට ප්‍රමාණවත් තරම් අත්දැකීම් තිබේ. නමුත් එම ඡන්ද බලය අපගේ ජාතික ප්‍රශ්නය විසඳීමේ උත්සාහය සමඟ ද සම්බන්ධ විය යුතුය, එනම් බලය බෙදාගැනීමයි. ඒ වගේම අපට විවිධත්වයට, බහුත්වවාදයට සහ මෙම දීර්ඝ කාලීන සාමකාමී සම්බන්ධතාවලට ගෞරවයක් ඇති බව තේරුම් ගැනීමේ කැපවීමක්, එකම රටකට අයිති ශ්‍රී ලාංකිකයන් ලෙස සිතීමට අපට ඉඩ නොදෙන අන්තවාදය සහ මූලධර්මවාදය ප්‍රතික්ෂේප කිරීම ඉන් අදහස් කෙරේ.. එබැවින් එය ප්‍රධාන වේ.

ඉන්පසු, බලතල වෙන්කිරීමයි. 22 වන සංශෝධනයත් සමඟ අපි මෑතකදී ඒ ගැන කතා කළෙමු. බලතල වෙන්කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සරලව කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයක අනෙක් අයට වඩා ඉහළින්  සිටින තනි නායකයෙකු නැත, ව්‍යවස්ථාදායකයක් නැත. එබැවින් අනෙක් අයට වඩා ඉහළින් සිටින ව්‍යවස්ථාදායකයක් හෝ විධායකයක් නැත, අනෙක් කොටස්වල හැසිරීම පරීක්ෂා කළ හැකි අවසාන විනිශ්චයකරුවන් වන අධිකරණයක් ඇත. අධිකරණයේ ස්වාධීනත්වය යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.

අද සමාජ මාධ්‍යවල, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා, “අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියලා කවුරුත් අපිට කියන්නේ නැහැ” කියලා. සැබවින්ම අධිකරණයේ ස්වාධීනත්වය යනු බලතල වෙන්කිරීමට ඇති සම්බන්ධය හැර අන් යමක් නොවේ. එසේ නම් අධිකරණ අමාත්‍යවරයෙකුට, පාර්ලිමේන්තුවේ සිටින නීතිඥයන්ට, “මොකක්ද මේ අධිකරණයේ ස්වාධීනත්වය?” යැයි පැවසිය හැක්කේ කෙසේද? අධිකරණයේ ස්වාධීනත්වය මේ රටට හොඳින් සේවය කර ඇත. එය දශක ගණනාවක් තිස්සේ එසේ කර ඇති අතර, එය අප තහවුරු කළ යුතු දෙයකි.

දැන්, අධිකරණයේ ස්වාධීනත්වයේ සුවිශේෂතා මොනවාද? එනම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ මෙසේ සඳහන් වේ: “රටේ ජනතාව වන අපි, අපගේ මූලික අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිගනිමින්, අප වෙනුවෙන්ම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිරිනමන්නෙමු.” එබැවින් එය කේන්ද්‍රීය වේ, එය මූලික වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනම ම විධිවිධාන ඇති විට—මෙම උගත් නීතිඥයන් මේ ගැන තර්ක කර ඇති බව මට විශ්වාසයි—එහි වෙනම විධිවිධාන අතර, “අධිකරණයේ ස්වාධීනත්වය” යනුවෙන් කොටසක් ඇත. එහි මූලධර්ම තුනක් දක්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල අත්දැකීම් වලින් උපත ලැබූ මූලධර්ම තුනකි. එකක්, දැනට සේවයේ නියුතු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් නොකරයි; දෙක, ඔවුන්ගේ වේතනය ඒකාබද්ධ අරමුදලෙන් ගෙවන බවට තහවුරු කරයි—එනම්, ඔබට වේතනය වෙනස් කළ හැකිය, නමුත් ඒවා ගෙවීම තහවුරු කළ යුතුය; තුන, ඔබට විනිසුරුවරයෙකු ඉවත් කිරීමට අවශ්‍ය නම් නිසි දෝෂාභියෝග ක්‍රියාවලියක් තිබිය යුතුය.

ඒවා මූලධර්මයි. ‘ලෝඒෂියා’ වැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ඇති අනෙකුත් පාර්ශ්වයන් මෙයට අවධානය යොමු කර ඇත්තේ එබැවිනි, ඉන් යම් අර්ථයක් ගෙන දෙන අතර, අධිකරණයේ ස්වාධීනත්වයේ පැතිකඩෙහි ප්‍රධාන මූලධර්මයක් ලෙස එය සලකනු ලබන බැවිනි. අධිකරණය යනු රාජ්‍ය සේවය නොවේ, එය අනෙකුත් ආයතන ද නොවේ, බලතල වෙන්කිරීම සහිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුළ, ව්‍යවස්ථාදායකය සහ විධායකය පරමාධිපත්‍යය හිමි ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන්නේද යන්න නිරීක්ෂණය කරන සහ තහවුරු කරන ආයතනය එය වන බැවිනි. එබැවින් එය වෙනස් ය. අත්දැකීම් මඟින් පෙන්වා දී ඇත්තේ ඒවා වැදගත් බවයි.

දැන්, මතු වෙමින් පවතින අනෙකුත් සංකල්ප මොනවාද? ‘audi alteram partem’ යනු කුමක්ද? මිනිසුන් කියනවා, “මොකක්ද මේ audi alteram partem?”  සැබවින්ම, එය සවන් දෙනු ලැබීමට අනෙක් පාර්ශ්වයට ඇති අයිතිය යි—එය සැමවිටම තිබුණි! එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පමණක් නොව, වෙනත් පද්ධතිවල පවා තිබුණි.

අනෙක හිතවාදීකම් සහ යුතුකම් අතර ගැටුම පිළිබඳ සංකල්පයයි.  අප සියලු දෙනාම දන්නා පරිදි—ඇත්ත වශයෙන්ම, මෙම සංකල්පය පිළිබඳව පවතින වැරදි අවබෝධය දැක මම බොහෝ විට පුදුමයට පත් වෙමි; මන්ද විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේදී සිසුන් මෙම සංකල්පය වටහා නොගත්තේ නම්, එය අපට මහත් පුදුමයට කරුණක් වන්නට තිබුණි. මගේ සගයෝ එය මනාව වටහාගෙන සිටියහ.  එබැවින්, යම් මණ්ඩලයක කටයුතු කරන විට තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ අපට එවැනි විශේෂිත බැඳීමක් තිබුණහොත්, අපි කුමක් කරමුද? අපි මෙසේ කියමු: “මගේ දියණිය මෙම තනතුර සඳහා අයදුම්කරුවෙකි. එබැවින්, මෙහි හිතවාදීකම් සහ යුතුකම් අතර ගැටුම ක් තිබේ. මම මෙයින් ඉවත් වෙමි. .” අපි එසේ පැවසූ අතර, මගේ සගයන් ද එසේම ක්‍රියා කළහ. විවිධ කමිටු වල කටයුතු කරන විට ද පුද්ගලයෝ එසේම ක්‍රියා කළහ. එය සාමාන්‍ය පිළිවෙතක් විය.

එබැවින්, ‘audi alteram partem’—අනෙක් පාර්ශ්වයට සවන් දීමයි. බුදුන් වහන්සේ දේශනා කළේ භාෂණයේ නිදහස මූලික වේ යනුවෙනි. “මා කී පලියට පිළිගන්න එපා. ඍෂිවරුන් කී පලියට පිළිගන්න එපා. බලන්න, තේරුම් ගන්න, ඉන්පසු විශ්වාස කරන්න” කියායි. එබැවින් එය අප තුළ සිටිමු.: අනෙක් පාර්ශ්වයට සවන් දීමේ, ඔවුන්ට කෑගසා බාධා නොකිරීමේ අදහසයි.

එබැවින් හිතවාදීකම් සහ යුතුකම් අතර ගැටුම ද එයමය. ඉන් අදහස වන්නේ ඔබ අතිවිශිෂ්ට විය හැකිය, අයදුම්කාරිය වන ඔබේ දියණියට වාසි වන පරිදි ඔබ තීරණය නොකරනු ඇත, එය කුමක් වුවත්,, ඔබ එය වෙනස් ආකාරයට කරනු ඇත, නමුත් මහජනා එය දකින්නේ කෙසේද? එම තැනැත්තාට රැකියාව ලැබුණොත්, ඔවුන් මුලින්ම කියන්නේ, “අම්මා වන ඔබ එම ආසනයේ වාඩි වී සිටියා, එබැවින් ඇයට රැකියාව ලැබුණා” යන්නයි. එබැවින් මහජනයා එය දකින ආකාරය වැදගත් වේ.

දැන්, සමහර විට සමාජ මාධ්‍යවල, රූපවාහිනියේ අපට කියනවා”ඔබට මෙම වියුක්ත අදහස් ඔස්සේ යන්න බැහැ. මේවා වියුක්ත අදහස්, මේවා ප්‍රායෝගික නැහැ” කියලා. ඇත්තටම එය වියුක්ත යි! හිතවාදීකම් සහ යුතුකම් අතර ගැටුමක් ඇති බව පැවසීමට හරියටම හේතුව එයයි, මන්ද එය සිදු නොවීමට ඉඩ තිබුණද, එය සිදුවනු ඇතැයි යන්න මහජන මතය වන බැවිනි.

එබැවින් එම මූලධර්ම තිබිය යුතු බව මා සිතනවා. අවසාන වශයෙන්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් දැකීමට මා කැමති දේ පැවසීමට මට අවශ්‍යයි: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම; ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳව පැහැදිලි බවක් තිබීම.

අද අපට 3 වන වගන්තිය ඇත  එය 4 වන වගන්තියට එනම් මූලධර්ම තුනට සම්බන්ධ විය යුතු යැයි අපි සිතමු. මේ සම්බන්ධව නීතිවිද්‍යාවේ පූර්වාදර්ශ ඇත, නමුත් එය අභියෝගයට ලක්ව ඇත. එබැවින් 3 වන වගන්තිය—පරමාධිපත්‍යය—ආයතනික රාමුව වන 4 වන වගන්තියෙන් වෙන් වී ඇත. ඒ පිළිබඳව අපට පැහැදිලි බවක් අවශ්‍ය යැයි මා සිතනවා, එය ඉතා වැදගත්ය. එම වගන්ති ඉතා ප්‍රවේශමෙන් කෙටුම්පත් කළ යුතුය.

ජනමත විචාරණ වගන්තිය පිළිබඳව ද අපට පැහැදිලි බවක් තිබිය යුතු යැයි මා සිතනවා. ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය පිළිබඳ වැදගත් ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ යුතුය

ඇත්ත වශයෙන්ම, අධිකරණයේ ස්වාධීනත්වය, සංවරණ සහ තුලන සහ විශේෂයෙන් මානව හිමිකම් ක්ෂේත්‍රයේ දී, සමාජ ප්‍රතිපත්තිවල මෙහෙයුම් මූලධර්මවල සිට සමාජීය හා ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් වන පරිදි අයිතිවාසිකම් සකස් කිරීම දක්වා ගමන් කරයි.  තවද, අවසාන වශයෙන්, අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ: ජනාධිපතිවරයාට නඩුවලින් හිමිවන මුක්තිය සහ ඔහුගේ බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාවට අදාළ වන බලතලයි. එබැවින්, එම ප්‍රමුඛතාවයන් කෙරෙහි අවධානය යොමු කර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට ලැබෙන්නේ නම්, අසූවෙනි වියේ පසුවන මට සතුටකි. ස්තූතියි.

[සංස්කරණය කරන ලද Gemini සිංහල පරිවර්තනයකි. ]

The post නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b7%80/feed/ 0
කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b7%91%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b7%91%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/#respond Sun, 20 Sep 2026 05:58:29 +0000 https://vivaranalk.com/?p=15009 පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර […]

The post කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව appeared first on විවරණ.

]]>
පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර ඇත. එහි පළමු රැස්විම් දෙක පැවැත් වුණේ කළුතර දිස්ත්‍රික්කයේය. ඒකාබද්ධ විපත්ෂයේ රැස්වීම අනුරාධපුරයේ පැවැත් වු දිනම ජනාධිපති අනුර තුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොළොන්රුවේ ජන රැලියක් පැවැත්විණ. ඊට පසුදින අනුරාධපුරායේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් රැලියකි. (නාමල් රාජපත්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමත් අතර ඇති සම්බන්ධතාවය මෙහිදී අමතක කරමු.)

මෙවැනි පරිසරයකින් පැහැදිලි වන්නේ ජනාධිපති ඇතුළත් ජාතික ජන බලවේගය විපක්ෂයේ පෙළ ගැස්ම ප්‍රධාන දේශපාලන මාතෘකාව කර ගෙන ඇති බවය. රට වටා රැස්වීම් පවත්වන්නේ එක අතකින් ඔවුන්ට තවමත් ප්‍රබල ජන මතයක් පවතින බව හුවා දැක්විමට සහ ඊට අමතරව වසර දෙකක් ගත වන විට තමන් විශාල වැඩ කොටසක් නිම කර ඇති බව ප්‍රචාරණය කිරීමට ය. ආණ්ඩුව කරන වැඩ රජයේ මාධ්‍යයෙන් සහ වෙනත් ජනමාධ්‍යවලින් අඩුවක් නැතිව ප්‍රචාරණය වන නිසා මෙම රැස්වීම් පවත් වන්නේ ඊට එහා යන අදහසකින් බව පැහැදිලිය.

ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම පක්ෂ දේශපාලන ක්‍රීඩාවේ ප්‍රමුඛ අංශයකි. වේදිකාව දෙදරවන කතා පවත්වන අයට පක්ෂයේ පිළිගැනීමක් සහ නායකත්වයක් හිමිවිම ද මෙම ක්‍රීඩාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. ලංතාවේ මැතිවරණ දේශපාලනයේ ඉතිහාසය දෙස බලන විට සිරිමා බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන වැනි නායකයන් චතුර කතිකයන් නොවුව ද ප්‍රබල නායකත්වයක් හිමි කර ගත්තේ වෙනත් කරුණු නිසාය. වර්තමාන පාර්ලිමේන්තු දේශපාලනයේ එවැනි ආකර්ෂණීය නායකත්ව දුලබ ය. එමනිසා කතිකත්වය ප්‍රබල සාධකයක් ලෙස දේශපාලන පක්ෂ තුළ පැවතීම පුදුමයක් නොවේ.

2022 දී විදේශ ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත්වීමත් ඒ නිසා දිවයින පුරාම ඉන්ධන පෝලිම් ඇතිවීමත් දූෂණ වංචා ගැන විරෝධයක් සහ දේශපාලන නායකත්වය කෙරේ දැඩි අප්‍රසාදයක් මතුවීමත් විසිඑක් වැනි සිය වසේ දෙවන දශකයේ ජන විඥානයේ හැරවුම් ලක්ෂයකි. 22 ජන අරගලය එහි සංකේතයකි. දේශපාලන පක්ෂ සහ ජනතාව නැතිනම් ඡන්දදායකයන් අතර යා කළ නොහැකි පරස්පරයක් පවතින බව දැක් වූ අවස්ථාවකි. මැතිවරණයෙන් ජයගත් පමණින් පක්ෂයකට හෝ දේශපාලන නායකත්වයකට සුජාත භාවයක් අනිවාර්යෙන්ම නොලැබෙන බව විදහා දැක් වූ අවස්ථාවකි. පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා ලෙස සියයට පනහ ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂට අනතුරුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජනයත් ලබා ගත හැකි වූයේය. අරමුණක් හෝ වැඩ පිළිවෙළක් නොතිබුණු විපක්ෂය අඳුරේ අතපත ගාන තත්වයට පත්විය. ගෝඨාභය රාජපක්ෂ වචනාර්ථයෙන්ම විධායක ජනාධිපති වූයේය. ඔහුගේ මුඛයෙන් පිටවන දේ නීතිය ලෙස පිළිගැනීමට බල කෙරිණ. ඒ සියල්ල තිබිය දී ඔහුට අරගලයෙන් මතු වූ ජනතා විරෝධය හමුවේ ජනාධිපති මන්දිරයේ පසු පස දොරටුවෙන් පැන යෑමට සිදු විය.

ඉන් පසුව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ ඉටු කළ කාර්ය භාරය ජනාධිපති ආර් ප්‍රේමදාස ගේ අභාවයෙන් පසුව එම තනතුරට පත් ඩී බී විජේතුගෙ ගේ භුමිකාවට වෙනස් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත් වූයේ මෙවැනි දේශපාලන පසබිමකය. ඔහුට ඊට පෙර සිටි ජනාධිපතින්ට මෙන් ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහ ඉක්මවා යෑමට නොහැකි වුවත් මනාප ඡන්දවලින් තනතුරට පත්විමට හැකි විය. අනතුරුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකක බලයක් හිමිවීම යන පැත්තට හෝය්යා කියන ජනතා කැමැත්තයි.

මේ කරුණු සැලකිල්ලට ගත යුතු වන්නේ බලයට පත් ජාතික ජනබල වේගයේ දේශපාලන නායකත්වය දේශපාලන භූමියේ සිදු වූ වෙනස්කම් නොසලකා ක්‍රියා කරන බව පෙන්වා දිමට ය.

22 අරගලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ  ක්‍රමයේ වෙනසකි. පහසුවට සිස්ටම් වේන්ජ් නමින් හැඳින් වු ඉන් අදහස් වූයේ ගොඨා ගෝ හෝම් පමණක් නොවේ. ගෝඨා සහ ඔහුගේ නායකත්වයෙන් පැවති පාලන ක්‍රමය දූෂිත කොල්ලකාරි ජනතා ශාපයකි. කුඩු ජාවාරම්කරුවන් ට පාලනයේ රැකවරණය හිමි විය. ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානි පවා අල්ලස් ලබා ගන්නා විට අත් අඩංගුවට ගැණින. එහෙත් මෙම අපරාධනරුවන් නීතියේ රැහැනට හසු වූයේ නැත. හසුවූවත් පහසුවෙන්ම ගැලවී යාමට හැනි විය.

කුඩුකාරයින් අත් අඩංගුවට ගැනීම සහ අල්ලස් හෝ දූෂණවලට හවුල් දේශපාලකයන් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම ජනතා අපේක්ෂාව ඉටු කිරීමකි. ඒ ගැන පාලකයන්ට මෙන්ම දූෂිත පාලකයින් පලවා හැරීමට දායක වූ සියලු දෙනාටම ආඩම්බර විය හැකිය. ජනාධිපතිත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත් කිරීමටත් අරගල කළ සහ ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව මල්පල ගැන්වීමකි.

එහෙත් ක්‍රමයේ වෙනසක් ඉල්ලා වීදි බට ජනතාව හොරු ඇල්ලීමට එහා යන දෙයක් බලාපොරොත්තු වූහ. ඒ ජනතා දේපොළ තමන්ගේ සහ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් සුඛ විහරණයට යොදා ගැනීමට ඉවහල් වූ ක්‍රමයේ වෙනසකි. එය පාලකයන් වෙනස් කිරීමට වඩා ගැඹුරට යන සමාජ ආර්ථික සහ දේශපාලන වෙනසකි. හොරු ඇල්ලිම සිදු වුවත් පවතින සමාජ දේශපාලන ක්‍රමය වෙනස් නොවන්නේ නම් වෙනත් කොටසක් ඒ තැනට පත්වීම වැළක්විය නොහැකිය. හොරු ඇල්ලිම ගැන උදම් අනන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හොරුන්ට සහ වෙනත් දූෂිත ක්‍රමවලට ඉඩ සැලසන ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන්නේම නැත. අධිකරණයේ පවතින්නේයැයි කියන අඩුපාඩු පියවීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන වල සැබෑ තේරුම පවතින ක්‍රමය පිළිසකර කිරීමට ඇති ආශාව සහ නැඹුරුවයි.

රටේ පවතින ආර්ථික සහ දේශපාලන කඩා වැටීමට මූලික හේතුව ජනාධිපතිට ඒකාධිපතියෙකුට සමාන බලතල ලබා දීම බව රටේ ප්‍රබුද්ධ කොටස්වල පිළිගැනීමයි. ජනතා විමුක්ති පෙරමුණ ද විපක්ෂයේ සිටින විට දැරුවේ එවැනි අදහසකි. එය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ද ඇතුළත් කරුණකි. එහෙත් විධායක ජනාධිපති තනතුරට පත් අනුර කුමාර දිසානායක කලින් සිටි විධායක ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ නැත. අඩුම ගණනේ ඇමතිකම් ලබා ගැනීම හෝ ප්‍රතික්ෂේප කෙළේ නැත. පාර්ලිමේන්තුවේ සෘජු අධීක්ෂණයට යටත් මුදල් ඇමතිකම හෝ අතහැරියේ නැත. සමහර විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයෙන් පෙන්වා දෙන ආකාරයට ආණ්ඩුවේ සියලු බලතල හිමි වන්නේ ජනාධිපතිට ය. සියල්ල සිදු වන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේය. ආණ්ඩුවේ ඇමතිවරුන්ම පිළිගන්නා ආකාරයට සියල්ල සිදු වන්නේ ජනාධිපති තුමාගේ උපදෙස් සහ මගපෙන්විම යටතේය. සියලු බලතල එක මිටට ගෙන ඇත.

ජනතාව බලයේ සිටි පාලකයින් පලවා හැර අලුත් පිරිසකට බලය ලබා දුන්නේ පාලන බලය එක මිටට ගැනීම හෙවත් සියලු බලය එක පුද්ගලයෙකු යටතට පත් කිරීමට නොවේ. ජනතා කැමැත්ත වූයේ රාජ්‍යයේ  සියලු අංශ, විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය ස්වාධීන අපක්ෂපාත ජනතාවට වගකියන සහ වගවෙන තත්වයට පත්වනු දැකීම ය. එවැන්නක් සිදු කළ හැක්කේ පවතින බලය ඒකරාශි කර ගත් ක්‍රමය වෙනස් කිරීමෙනි. ජනතාවට පරිපාලනය ගැන වැඩි බලතල ලැබෙන ක්‍රමයක් බිහි කිරීමෙනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලා සිටින්නේ ඒ අදහසිනි.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නීති විශාරදයන් ගේ සහ දේශපාලකයන්ගේ අයිතියක් නොවන බව පිළිගැනීමය. ඒ සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමට සියලු ජන කොටස් සහභාගිවන ඔවුන්ගේ මතයට සවන් දෙන ක්‍රමවේදයක් සකස් කල යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව බහුතරයේ කැමැත්ත මත නොව සියලු ජන කොටස්වල කැමැත්ත සහ අනුමැතිය ප්‍රකාශ වන්නක් විය යුතුය. නොඑසේනම් නැවත වරක් රට වාර්ගික ආගමික ගැටුම්වලට පත්වීම වැළැක්විය නොහැකිය.

අපේ දේශපාලකයන් මෙතෙක් හැසිරී ඇති ආකාරයෙන් පෙනෙන්නේ ජන මතය ගරු කරන්නේ මැතිවරණ සමයේ දී පමණකි යන්නයි. පාර්ලිමේන්තු බලය ලබා ගත් පසු ඔවුන් ගරු කරන්නේ ආණ්ඩු බලය නැතිනම් රාජ්‍ය බලය තම ව්‍යාපාරික වුවමනාවන් සඳහා යොදා ගැනිමට තැත් කරන විවිධ ව්‍යාපාරිකයන්ටය. ඔවුන් ඒ බලය අත්කර ගන්නේ තමන් සතු ධන සම්පත් විදහා දැක්වීමෙනි. ඩඩ්ලි සිරිසේනලාට සහ ජෝන් කිල්ස් වැනි මහා ව්‍යාපාරවලට රාජ්‍ය ප්‍රතිපත්තිය තමන්ට රුචි ආකාරයට හැසිරවිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයේ දී වැදගත් වන්නේ එවැනි බලගතු කණ්ඩායම් ය. එහෙත්  ජනතාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී ප්‍රමුඛ තැන හිමි විය යුත්තේ ජනතාවටය. පරමාධිපත්‍යය හිමි ජනතාවට එම බලය හිමිකර ගැනීමට දේශපාලකයන්ගේ බලය අභිබවා යන ශක්තියක් ගොඩ නගා ගත යුතුය. එසේ නොමැති වුවහොත් අපට ලැබෙන්නේ අලුත් බෝතලයකට දැමූ පරණ වයින්ම ය.

මෙම සත්‍යය අවබෝධ කර නොගෙන ජනතාව ප්‍රතික්ෂේප කළ විපක්ෂයේ රඟපෑම්වලට ප්‍රතිචාර දැක්වීම කටු කොහොලින් පිරි වනාන්තරය නොදැක ගස් දැකිමකි.   

The post කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b7%91%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/feed/ 0
විනාඩියක් පමණයි… https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b8%e0%b6%ab%e0%b6%ba%e0%b7%92/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b8%e0%b6%ab%e0%b6%ba%e0%b7%92/#respond Sun, 20 Sep 2026 03:48:49 +0000 https://vivaranalk.com/?p=15003 පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති රීති. විනාඩියකට වඩා නිශ්ශබ්දව ඉන්න බෑ. තනි වචනයෙන් උත්තර දෙන්න බෑ.තහනම් වචනය කියන්න බෑ. පැහැඳිළියිද? සිරිවර්දන: ඔව් පැහැඳිළියි. පූරක:  එහෙනම් අපි පටන් ගනිමු. 22 කියන්නේ […]

The post විනාඩියක් පමණයි… appeared first on විවරණ.

]]>
පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති රීති. විනාඩියකට වඩා නිශ්ශබ්දව ඉන්න බෑ. තනි වචනයෙන් උත්තර දෙන්න බෑ.තහනම් වචනය කියන්න බෑ. පැහැඳිළියිද?

සිරිවර්දන: ඔව් පැහැඳිළියි.

පූරක:  එහෙනම් අපි පටන් ගනිමු. 22 කියන්නේ මොකක්ද?

සිරිවර්දන: විසිදෙක කියන්නේ 21 ට පස්සේ එන 23 ඉස්සර එන එක.

පූරක: 21 ට පස්සේ එන 23 ට ඉස්සර දේවල් ගොඩක් තියෙනවනේ. මේ 22 කියන්නේ උත්තරීතර නීතිය. මේ රටේ ව්‍යවස්ථාව. ඒ ගැන මොනවද දන්නේ?

සිරිවර්දන: මගෙන් අහන්නේ ව්‍යවස්තාව ගැනද? විය අවස්තාව සන්දිවෙලා තමයි ව්‍යවස්තාව හැදිලා තියෙන්නේ. මුව පුරා සිනා.

පූරක: පැහැඳිළි මදියි, තව ටිකක් විස්තර කරලා කියන්න.

සිරිවර්දන:  විය අවස්තාව. සමානයි ව්‍යවස්තාව. තමන්ට අවස්ථාවක් විය මේක වෙනස් කරන්න. එහෙම  ඕනෑම අවස්තාවක තමන්ගේ ප්‍රයෝජනය සඳහා වෙනස්කල හැකි එකම පොත. 

පූරක: කාට විය හැකියි කියන අවස්තාවකින් ප්‍රයෝජන ගන්නද?

සිරිවර්දන: ජහමනයා වෙනුවෙන් කියලා ජනාදිපතිට මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට. ආන්ඩුවට.

පූරක: එහෙම වෙනස් කරන්න එයාලට තියෙන අයිතිය මොකක්ද?

සිරිවර්දන:  ජහමනයා වෙනුවෙන් කියලා එයාල තමයි ඒක හැදුවේ. ඉතිං හදාපු එකාටනේ ඒකේ අයිතිය. හුණුවටයේ කතාව බැලුවේ නැද්ද? මෙතැනදි තියෙන්නේ අසඩක් නඩුකාරයාගේ නීතිය.

පූරක: මීට පෙර එහෙම වෙනස් කරපු අවස්තා තියෙනවද?

සිරිවර්දන: මේ ලග ලගම තියෙනවා. 17 වැනි ගෙනාවේ ජනාදිපති බලතල අඩු කරන්න. 18  ගෙනාවා බලතල වැඩි කරන්න. 19 ගෙනාවා බලතල අඩු කරන්න. ආයෙමත් 20 ගෙනාවා ජනාදිපති බලතල වැඩි කරන්න. ආයෙමත් 21 ගෙනාවා අඩු කරන්න.

පූරක: 17 ඉදලා 21 දක්වා ඕවා සංශෝධනය කරගන්න පුලුවන් උනාද? 

සිරිවර්දන: ඕනවටත් වැඩිය චන්ද තිබුනා. මුලින්ම අත ශක්තිමත් කරන්න ආන්ඩුව පැත්තට යනවා. ඊට පස්සේ ජනාදිපතිගේ අත ශක්තිමත් වුනාම ඒ පැත්තට පැන්න එකාගේ අතත් පොකට් එකත් දෙකම ශක්තිමත් වෙනවා.

පූරක: එහෙනම්  22 ත් සම්මත වෙයි නේද?

සිරිවර්දන: අපෝ ඔව්. දෑත් තුන්සිය දහඅටයි. දෙකෙන් බෙදුවාම එකසිය පනස් නවයයි. දියවන්නා ඉවුරටත් චූ යයි.

පූරක:  ඕකෙන් මටයි ඔබටයි සිද්දවෙන වාසිය මොකක්ද?

සිරිවර්දන: ඔබතුමාත් විපක්ස නායකතුමා වගේනේ ප්‍රස්නනේ අහන්නේ?

පූරක: කවුද කියන්නේ.

සිරිවර්දන: පාර්ලිමේන්තු කැන්ටිමේ කතා වුණා.

පූරක: ඔය වලපල් කතාකර ඉදලා තමයි කැන්ටින් බිල කෝටි ගානක් වෙලා තියෙන්නේ. දැන් දියවන්නාවේ ඉන්න කට්ටිය හොරකම් කරන්නේම නැද්ද?

සිරිවර්දන:  කරන්නේ නෑ..  කියලා තමයි එයාල කියන්නේ. කරනවා, නෑ..  කියලා තමයි ඇහෙන්නේ.

පූරක: හරි ඔබ කියන්න බලන්න 22 න් කොහොමද හොරු අල්ලන්නේ.

සිරිවර්දන: රංග මහත්තයා හොරු අල්ලනවලු. 22 සමම්ත කරළා පැලවත්ත සේනාවේ සූරයෙක් එදත් සූරයා, අදත් සූරයා කරනවලු. එහෙම කරළා අනෙක් පැත්තේ ලොකු ලොක්කෝ ඔක්කොම බැස්ටීලයට දානවලු. මේක ලෙනින් මොරායස්ලගේ අද්‍යක්සනයක්. යසපාලිත නිර්මානයක්. රස සාගරයක්.

පූරක: ඔබේ පිළිතුර පැහැදිලි මදියි. කවුද සේනාවේ සූරයා කියන්නේ.

සිරිවර්දන: සූරසේන.

The post විනාඩියක් පමණයි… appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b8%e0%b6%ab%e0%b6%ba%e0%b7%92/feed/ 0
ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b7%96/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b7%96/#respond Mon, 14 Sep 2026 10:23:31 +0000 https://vivaranalk.com/?p=14996 මාධ්‍ය නිවේදනයයි ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේදී, පාලකයන් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය  (MDDR) ලෙස අප දැඩි ලෙස අවධාරණය කරමු. ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපස පවතින […]

The post ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! appeared first on විවරණ.

]]>

මාධ්‍ය නිවේදනයයි

ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු!

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේදී, පාලකයන් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය  (MDDR) ලෙස අප දැඩි ලෙස අවධාරණය කරමු.

ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපස පවතින පාලකයන්ගේ පෞද්ගලික හෝ දේශපාලනික අරමුණු කවරක් වුවද, එහි අන්තර්ගතය මෙන්ම එය සම්මත කරගනු ලබන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී වන විට රට සහ ආණ්ඩුව ස්ථාවර වන බව ඉතිහාසය විසින් සනාථ කර ඇත. එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන සෑම අවස්ථාවකදීම අදාළ ආණ්ඩු බිඳවැටීමට ලක්වීම අනිවාර් ය සාධකයක් වී තිබේ.

පසුගිය ව්‍යවස්ථා සංශෝධන දෙස බලන විට මෙය තහවුරු වේ:

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින 22 වන සංශෝධනය මෙන්ම ඉදිරියට ගෙන ඒමට නියමිත ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සම්බන්ධයෙන් අපගේ  ස්ථාවරය වන්නේ:

The post ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b7%96/feed/ 0
වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. https://vivaranalk.com/%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/#respond Mon, 07 Sep 2026 09:54:48 +0000 https://vivaranalk.com/?p=14989 යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට […]

The post වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. appeared first on විවරණ.

]]>
යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට වී මිලදී ගන්නා බව දිවයිනේ  නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වු නිසාය. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහතික මිලට ගැනීමට සූදානමෙන් සිටින බවද ඔවුහු අවධාරණය කළහ. ඒ අනුව ගොවීන් කොපමණ ප්‍රමාණයක් සහතික මිලට වී අලෙවි කෙළේද යන්න ප්‍රකාශ නොවුවත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිරි ඉතිරී ගොස් ඇති බවට රූප රාමු තුළින් දැක ගත හැකි විය.   

මෙම සාකච්ඡාවේ දී කෘෂිකර්ම ඇමති සහ ගොවි ප්‍රදේශයකින් පැමිණ සිටින වෙළද ඇමතිත් අමතක කරන වැදගත් කාරණය වන්නේ අස්වැන්න නෙළා ගන්නා ගොවියෙකුට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට වී තොග ගෙන යෑමට පහසුකම් තිබේද යන්නයි.  වී අලෙවි මණ්ඩලය හොදින් ක්‍රියාත්මක වූ හැත්තෑවේ සහ අසූවේ දශකයේ මුල භාගයේ තිබු ගබඩාවලින් අද ක්‍රියාත්මක වන්නේ අඩක් වැනි ප්‍රමාණයකි. පැවති ගබඩාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඇඟලුම් කම්හල්වලට පවරා ඇත. ඒ වී ගබඩා කිරීමට වඩා අපනයනය සදහා ඇඟලුම් නිෂ්පාදනය ජාතික ආර්ථිකයට වැදගත් බව එකල සිටි පාලකයන් තිරණය කළ නිසාය. එමනිසා සහතික මිලට වී අලෙවි කිරීමට ගොවියෙකුට සමහර විට කි.මී. 30ක් 40ක් හෝ ඊටත් වැඩි දුරක් යෑමට සිදු වන අතර ඒ සඳහා අනිවාර්යෙන්ම ලෑන්ඩ්මාස්ටරයක් හෝ ට්‍රැක්ටරයක් කුලියට ගැනිමට සිදු වේ. ඒ සඳහා අතිරේක මුදලක් සහ කාලයක් වැය කළ යුතුය. එය ද ගොවියාගේ නිෂ්පාදන වියදමේ කොටසකි. අස්වැනු නෙළන කාලයේ ප්‍රවාහන කටයුතු සඳහා ඇති ඉල්ලුම වැඩි නිසා අවශ්‍ය විට වාහන සොයා ගැනීම ද අසීරුය.

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේ දී බීජ, පොළොව සකස් කිරීම පොහොර සහ කෘෂි රසායන වැනි යෙදවුම් ගණන් බලන නමුත් අලෙවිය නිෂ්පාදනය කිරීමේ දී දැරීමට සිදු වන ප්‍රවාහනය සහ ශ්‍රමය ඊට ඇතුළත් වන බවක් පෙනෙන්නට නැත. එමනිසා වී කිලෝවක සැබෑ නිෂ්පාදන වියදම ගණන් බලා ඇති ප්‍රමාණයට වැඩි විය හැකිය. ප්‍රවාහනය සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට වී භාර දීමේදි දැරීමට සිදුවන අතිරේක වියදමත් කාලයත් නිසා ගොවියාට වඩාත් පහසු වන්නේ ගොවිපොළේ දිම නිෂ්පාදනය අලෙවි කිරීමය. සමහර ගොවින් පවසන ආකාරයට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට සහතික මිලට අලෙවි කිරීමට වඩා ගොවිපොළේ දීම රු. 80/ හෝ 90/ වැනි මුදලකට විකිණීම කරදර අඩු වැඩකි. ඒ නිසා සහතික මිලට වඩා ශතයක් හෝ අඩුවෙන් විකුණන්න එපායැයි වේදිකාවේ කෑ ගැසීම තවත් හිස් ප්‍රලාපයක් පමණි.

හුදු ප්‍රචාරය සඳහා වූ මෙම රංගනයෙන් පැහැදිලි වන්නේ රටක ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ක්‍රියාවලියේ වැදගත්ම පුරුකක් වන වී නිෂ්පාදනය ගැන පාලකයන්ගේ ඇති නොදැණුවත්කම හෝ නොසැලකිල්ලයි. වෙළඳ භෝග නිෂ්පාදනය හැර රටේ මුළු ශ්‍රමික සංඛ්‍යාවෙන් සියයට 24ක් වැනි ප්‍රමාණයක ජීවන වෘත්තිය වන වී වගාව හා බැඳී ඇති සමාජ ආර්ථික ක්‍රියාවලියේ ඇති දායකත්වය ගැන පවතින අඩු තක්සේරුවයි. හිටපු පාලකයන් හා වත්මන් පාලකයන් නිතර ජප කරන මංත්‍රය වන්නේ අපනයනය සඳහා නිෂ්පාදනයයි. වී, බීර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට යෝජනා කරන්නේ වී නිෂ්පාදනය හා බැඳී ඇති සමාජ ආර්ථික ක්‍රියාවලිය ගැන ඇති නොදැනුවත්කම සහ රජයේ ආදායම් වැඩි කර ගැනිමට ඇති ඕනෑ කමයි. බියර් නිෂ්පාදනයේ දී සහ අලෙවියේ දී ලබා ගත හැකි බදු ප්‍රමාණය සහල් වෙළඳාමෙන් අය කරන වැට් බද්දට වඩා වැඩිය.

වී වගාව ගැන කතා කරන බොහෝ අය නැවතත් පැරකුම් යුගයකට යෑමේ අවශ්‍යතාවය ගැන කරන දෙසුම් අමතක කළත් වී වගාව නවීකරණය සඳහා මෙම පාලකයන්ගේ සැලැස්මක් නැති බව සහතික මිලට වඩා ශතයක්වක් හෝ අඩුවෙන් වී නොවිකුණන ලෙස ගොවින්ගෙන් කරන ඉල්ලීමෙන් පැහැදිලිය. අප ඉහතින් පෙන්වා දුන් ආකාරයට නෙළා ගත් අස්වැන්න හෝ සහතික මිලට විකුණා ගැනීමේ දී ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැන ප්‍රතිපත්ති සම්පාදයන්ට වැටහීමක් නැත. ඔවුන්ට අනාගතය ගැන අදහසක් හෝ අතිතය ගැන අවබෝධයක් නැත. හැත්තෑහතේ බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ රජයෙන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම නිසා වී අලෙවියේ එතෙක් පැවති ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩි යටිකුරු කර දැමිණ. කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් එකල පැවති ක්‍රමය වෙනස් වු තත්වයන්ට ගැලපෙන ආකාරයට ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වී මිලදී ගැනීම සිදු කළ කාලයේ සිටම සහතික මිල යෝජනා ක්‍රමයේ ප්‍රධාන පුරුකක් වූයේ සමුපකාරයයි. ( මෙම ක්‍රමය යටතේ පැවති ගොවිකාරක සභා සහ කුඹුරු නාම ලේඛනය ගැන පැහැදිළි කිරීමට මෙහිදී අපේක්ෂා නොකෙරේ.) සෑම ගමකම සමුපකාරයක් පැවති නිසා ගොවියාට තම අස්වැන්න සමුපකාරයට අලෙවි කිරීමට අපහසුවක් වූයේ නැත. සමුපකාර‍යෙන් සහතික මිලට ගන්නා වී ළඟම ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට භාර දේ. ඒ සඳහා සමුපකාරයට කොමිස් මුදලක් ගෙවන ලදී. එය සහතික මිලට අමතර ගෙවීමකි. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට ද ලොරියකින් හෝ එවැනි වාහනයකින් ප්‍රවාහනය කරන වී තොග භාර ගැනීමට අපහසුවක් නොතිබිණ. වී අධික වශයෙන් ලැබෙන දිනවල යම් ප්‍රමාදයක් සිදු වුවද එය බරපතළ ගැටලුවක් වූයේ නැත. ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවු අවස්ථාවල එළිමහනේ පවා වි ගබඩා කෙරිණ.

මෙම ක්‍රමය යටතේ සමහර දූෂණ වංචා තිබුණ ද ගොවියාට සහතික මුදලට තම නිෂ්පාදනය අලෙවි කිරීමට හැකි විය. නිසි ප්‍රමිතිය රැක ගැනීමට ද ගොවියා උනන්දු විය. එමනිසා සහතික මිල ක්‍රමය යටතේ ගොවියාට තම නිෂ්පාදන අලෙවි කිරීමට නම් ඔහුට වඩාත් සමීප සමුපකාර ක්‍රමය ශක්තිමත් කළ යුතුය. සමුපකාර ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන අතර පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට සහල් ලබා ගත හැකිය.

පවතින ක්‍රමය යටතේ වී නිෂ්පාදයෙන් අසිමිත ලාභ ලබන්නේ මෝල් හිමියන් ය. දැනට ලංකාවේ සිටින ප්‍රධානතම සහල් මෝල් හිමියෙකු වූ ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා  රුපියල් දශ ලක්ෂ 3.5ක් වැය කළ අතර තවත් වසරක නඩත්තු කටයුතු පවත්වා ගෙන යෑමට ද පොරොන්දු වූයේය. දුම්රිය ස්ථානය නවීකරණය ප්‍රශංසා කළ යුතු ක්‍රියාවක් වුවද ඔහුට එවැනි ‘‘සත්‘‘ ක්‍රියාවක් කිරීමට හැකි වූයේ ගොවින්ගෙන් අඩු මිලට ලබා ගන්නා වී, සහල් කොට විශාල ලාභයක් ඇතිව අලෙවි කිරීමෙනි. වී මිලදී ගැනීම සමුපකාර ක්‍රමය යටතේ සිදු වූයේනම් සමුපකාරයටද සමහර දූෂිත තත්වයන් යටතේ පවා ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට හැකියාව පවතී. සහතික මිල යෝජනා ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වූ සමයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති ගණනාවක්ම වී මිලදී ගැනීමෙන්  ප්‍රදේශයේ ගොවින්ට සේවයක් කිරීමට අමතරව ලාභ ඉපයීමෙන් සමුපකාර ක්‍රමය ශක්තිමත් කළ බව සිහිපත් කළ යුතුය.

එහෙත් සමාජවාදියැයි කියා ගන්නා ජාතික ජන බලවේගයේ රජය ගොවියාට වී අලෙවිය පහසු කිරීම සඳහා යොදා ගන්නේ වී මෝල් හිමියන්ය. වී මිලදී ගැනීම සඳහා අඩු පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීමට කටයුතු කරයි. එහි තේරුම ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් තවත් බිහි කිරිමට සහනාධාර ලබා දීම ය. ධනවත් බලවත් මෝල් හිමියන් බිහි කිරීමෙන් සෙතක් වන්නේ දේශපාලකයන්ට විනා ගොවීන්ට හෝ පාරිභෝගිකයන්ට නොවන බව තේරුම් ගැනීමට දාස් කැපිටාල් කියවිය යුතු නොවේ.  

The post වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/feed/ 0
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය] https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-3/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-3/#respond Fri, 04 Sep 2026 04:18:27 +0000 https://vivaranalk.com/?p=14966 මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි. එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමාගෙන් ප්‍රබුද්ධ සාකච්ඡා සිදුවන මාධ්‍යය වන ලිඛිත මාධ්‍යයෙන් පිළිතුරක් වීමි. විද්‍යාර්ථියෙකුගේ මාධ්‍යය වන ලේඛණගත සම්ප්‍රදාය වෙනුවට යූ ටියුබ් වීඩියෝවකින් පිළිතුරක් එතුමා මාගේ ලිපිපෙලට ලබාදී ඇත. […]

The post මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය] appeared first on විවරණ.

]]>
මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමාගෙන් ප්‍රබුද්ධ සාකච්ඡා සිදුවන මාධ්‍යය වන ලිඛිත මාධ්‍යයෙන් පිළිතුරක් වීමි. විද්‍යාර්ථියෙකුගේ මාධ්‍යය වන ලේඛණගත සම්ප්‍රදාය වෙනුවට යූ ටියුබ් වීඩියෝවකින් පිළිතුරක් එතුමා මාගේ ලිපිපෙලට ලබාදී ඇත. එතුමාගේ ඒ දීර්ඝ දේශනය අසා සිටි මා හට මා එතුමාට යොමුකල නිශ්චිත ප්‍රශ්නවලට කිසිම පිළිතුරක් ලබාදුන් බව නම්  වැටහුනේ නැත. මා  ඇසූ ප්‍රශ්ණ බොහොමයකට එතුමා පවසන්නේ “May be, May be not” වැනි පිළිතුරුය.

මා මහාචාර්ය නිර්මාල් මැතිතුමාගේ මුල් වීඩියෝ දෙකට දීර්ඝ ලිපිපෙලක් ලියුවේ එතුමා හා එතුමා මෙන්ම “..මහාවංශය මිත්‍යා ප්‍රබන්ධ කථා පොතකි. එහි ඇති මිත්‍යාවන්ගෙන් සිංහලයන් මුලාවී ඇත..” යන මතය දරන ලංකාවේ අතලොස්සකගේ අදහස් වෙනස් කිරීමට නොවේ. මූලාශ්‍ර හා සාධක මත පදනම්ව කෙතරම් කරුණු  ඉදිරිපත් කලත් ඔවුන් තම මතය වෙනස් නොකරන බව මම දනිමි. ඒ නිශ්ඵල කාර්යයට මාගේ කාලය වැය කිරීමට මා සූදානම් නැත. මා මාගේ ලිපිපෙල ලියුවේ මහින්දාගමනය සත්‍යයක් යැයි විශ්වාස කරන සුවහසක් දනන්ට එය මිත්‍යාවක් නොවන බවට ඇති ඓතිහාසික සාධක ඉදිරිපත්කර, එතුමාගේ වියවුල් සහගත වීඩියෝ නිසා ඒ විශ්වාසය කඩ නොකරගන්නා ලෙස කීමට පමණි. මා විශ්වාස කරන්නේ මාගේ ශක්ති ප්‍රමාණයෙන් මා ඒ කරුණ ඉටුකල බවයි.

එලෙසින්ම එතුමා ඔහු වීඩියෝවේ ප්‍රදර්ශනය කරන පොත් මා කියවා නැති බවට පූර්ව නිගමනයකට එලඹ ඇත. මා එතුමා ලියූ පොත ඇතුළු බොහෝ පොත්වල පිටකවර පමණක් නොව, අන්තර්ගතයන්ද කියවා ඇත. එතුමා ලියූ පොතේ නම් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නැත. එසේම එතුමාගේ තම වීඩියෝවේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන තමන් මෙන් ඉතිහාසඥයෙක් නොවේ යැයි වැනි  අභීත ප්‍රකාශ රැසක් කරයි.  

එතුමාගේ පොත කියවා තිබූ මා හට, පැයකට අධික කාලයක් තිස්සේ දිගහැරෙන අවසාන වීඩියෝව බැලූ විට විහිළු කථාවක් සිහියට නැගිනි. එය මෙසේය.

පිකාසෝගේ චිත්‍ර ගැන දන්නා අයට මේ විහිළුව තේරුම් යනු ඇත. ඒ චිත්‍රයකින් යමෙකු හඳුනාගැනීම තැතනීම උමතුවකි. මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ පොත්ද, වීඩියෝද එලෙසය. එතුමා ඒවායේ යමක් කියයි, ලියයි. ඒවායේ පවසන්නේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කරන අයට සිදුවන්නේ පිකාසෝ ඇඳි චිත්‍රයෙන් හොරා අල්ලාගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට වූ වින්නැහියයි. එතුමාගේ වීඩියෝ අසන්නෝ ඒවායේ එතුමා පවසන දේ තම තමන්ට වැටහෙන අයුරින් තේරුම් ගනිති.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පිළිතුරේ මා ඇසූ නිශ්චිත ප්‍රශ්න වලට පිළිතුරු නැත්තේ, මා හට එතුමා ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නත්, ඒ බව නොවැටුහුණු නිසා වන්නට ඇත.

එසේම මා සිතන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමා මූලාශ්‍ර, සාධක  මත නිගමනයන්ට එලඹිය යුතු ඉතිහාසය වැනි විෂයයකින් ඉවත්ව ස්වයංභූ ඥාණයෙන් (තම සිත තුලින් පමණක්ම පැනනගින මතයන්ගෙන්) මත ප්‍රකාශ කිරීමේ නිරතවුවහොත්, එතුමාට කෙටි කලක් තුල දාර්ශනිකයෙකු විය හැකි බවයි. තමන්ම නිකුත් කරන වීඩියෝ නරඹමින් ස්වයං වින්දනයක් ලබනවාට වඩා, එතුමාගේත්, ලාංකික ඉතිහාස අධ්‍යයනයේත්,  රටේත් යහපතට හේතුවනු ඇති ඒ යෝජනාව කරමින්, මම මේ විවාදය සුහදව අවසන් කරමි. 

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්] – පලමුකොටස

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්] – දෙවන කොටස

The post මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-3/feed/ 0