විවරණ නිදහස් සයිබර් අවකාශය Thu, 25 Apr 2024 10:46:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png විවරණ 32 32 ‘බලංගොඩ මානවයාගෙන් ගම හරහා දුවන්න රහස් ඖෂධයක්.’ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8-%e0%b7%84%e0%b6%bb%e0%b7%84/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8-%e0%b7%84%e0%b6%bb%e0%b7%84/#respond Thu, 25 Apr 2024 09:03:59 +0000 https://vivaranalk.com/?p=11233

පහත පළවන්නේ ඉෂූ බණ්ඩාර විසින්, කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන රාජ් සෝමදේව මහතා සමග ‘ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, මානව පරිනාමය සහ වර්ථමාන සමාජය මුහුණපා ඇති ගැටළු ‘ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකි. මහාචාර්යතුමා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධ කාලවකවාණු කොයිතරම් දුරකට හෙළිදරව් කරගෙන තියනව ද ? අපේ පරම්පරාව ට කලින් පරම්පරාවේ […]

The post ‘බලංගොඩ මානවයාගෙන් ගම හරහා දුවන්න රහස් ඖෂධයක්.’ appeared first on විවරණ.

]]>
පහත පළවන්නේ ඉෂූ බණ්ඩාර විසින්, කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන රාජ් සෝමදේව මහතා සමග ‘ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, මානව පරිනාමය සහ වර්ථමාන සමාජය මුහුණපා ඇති ගැටළු ‘ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකි.

මහාචාර්ය වන රාජ් සෝමදේව මහතා

අපේ පරම්පරාව ට කලින් පරම්පරාවේ හිටපු පුරාවිද්‍යාඥයො, විශේෂයෙන්ම පී.ඊ.පී. දැරණියගල, ශිරාන් දැරණියගල වගේ විද්වත්තු සෑහෙන කාලයක් ගතකරලා ගවේෂණය කරලා පෙන්නලා දීලා තියෙනවා මේ රටේ ඉතා පුරාණ කාලයක මිනිස්සු ජීවත් වුණා කියලා. ඒ කියන්නේ ගල් මෙවලම් තමන්ගේ ප්‍රධාන තාක්ෂණික මෙවලම් බවට පත් කර ගත්ත, සංචාරක ජීවිතයක් ගත කරන, ස්ථිර වාසස්ථාන නැති, ආහාර එකතු කිරීමෙන් හා දඩයම් කිරීමෙන් ජීවත් වුන පිරිසක් තමයි ඒ යුගයේ හිටියෙ. ඉතිං, ඒ ගොල්ලො  ලංකාවෙ හිටපු පැරණිම යුගය මීට අවුරුදු 125,000 විතර ඈතකට ගෙනිහිල්ලා තියනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, පතිරාජවෙල වගේ තැන් වලින් හොයාගත්ත ගල් මෙවලම් තිබුණු ස්ථර වල කාල නිර්ණයන් ඒ ගානට ගිහින් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 70,000 ක බූන්දල කාල නිර්ණයක් තියෙනවා. මිනිහාගල්කන්ද, රතුපස්ගොඩැල්ල ආදී වශයෙන් ඇවිත් පාහියන්ගල ට එනකොට අවුරුදු 49,000කට කාල නිර්ණයක් තියෙනවා. කුරුවිට බටදොඹලෙනින් අවුරුදු 12,000ක කාල නිර්ණයක් තියෙනවා.

මුලින් කියපු විදියට ලංකාවේ මුල් බැසගත් ආදී මානවයා මුළු ඉතිහාසය පුරාම සෑහෙන කාලයක් මේ රට ජනාවාස කරලා තියනව. පස්සෙ ඒ මිනිස්සු මේ පරිසරට අනුවර්තණය වෙලා, අනුගත වෙලා ජීවත් වෙන්න ඕන කරන තර්කය නිර්මාණ කරා. ගස් කොලන් අඳුර ගත්තා, කන්න ඕන මොන ගස් ද මොන ගෙඩි වර්ග ද කියලා හොයාගෙන ඒ මිනිස්සු තමයි ඥානය නිෂ්පාදනය කලේ.

එහෙම තියෙද්දි , එකපාරට ඒ සේරම ඇන හිටලා, මේ ඉන්දියාවෙන් විජය කෙනක් ආවාය  කියන එක අරගෙන, ඒකෙන් මේ ඔක්කොම පටන් ගත්ත යි කියන එක නිවැරදි අදහසක් නෙමේ.

අපි දැනට දන්න දෙයක් තමයි ලෝකයේ පළවෙනි ම මිනිස් මානවයා නැත්නම් මිනිස්සු වර්ධනය වුනේ අප්‍රිකානු මහද්වීපයේ. දැනට සොයාගෙන තියන පැරණිත ම අවශේෂ, ලෝකෙ කොහෙවත් නෙමේ අප්‍රිකාවෙ පමණ යි.

දැන් එතකොට ඔය අප්‍රිකාවෙ ස්ටර්ක්ෆොන්ටින් (Stekrkfontein) වගේ ගුහාවල ඔල්දුවායි ගෝජ් (Olduvai Gorge) වගේ තැන්වල  තියනව. ඒවා හාරලා හොයාගත්ත මනුෂ්‍ය ඇට සැකිලි අවුරුදු මිලියන 2.5 කට කාල නිර්ණය වෙලා තියනවා. මීට අවුරුදු ලක්ෂ 3කට පමණ උඩදි ඒ අප්‍රිකාවේ හිටපු මිනිස්සු අප්‍රිකාවෙන් පිටත් වෙලා ලෝකෙ පුරා ම ඇවිදින්න පටන් ගත්තා.

අප්‍රිකාවෙ සැවානා තෘණ භූමි වල තිබිච්ච දේශගුණික කාලගුණික වෙනස්වීම් වල තියන විචලන දෝලන තත්ත්ව නිසා ඒකට අනුවර්තණය වීමේ ඒකට හැඩ  ගැසීමේ ප්‍රතිචාරයක් ලෙස මේ සත්තු මෙහෙම වර්ධනය වෙමින් වර්ධනය වෙමින් යාම තමයි ඒකට හේතුව ලෙස සැළකෙන්නෙ.

චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරපු පරිනාමවාදය පිළිබද නොයෙකුත් ප්‍රශ්ණ තියනව, නමුත් පරිනාමය කියන එක ලෝකය පිළිගත්ත අදහසක්. ඒ කියන්නෙ 20  ශතවර්ෂය නිර්මාණය කරපු ප්‍රධාන අදහස් තුනක් තියනවා. එකක් පරිනාමවාදය, දෙක මාක්ස්වාදය, තුන ව්‍යුහවාදය, (Structuralism).

ඔය චින්තන ධාරා තුන තමයි 20 වන ශතවර්ෂය නිර්මාණය කරලා පවත්වාගෙන ආවේ. එතකොට දැන් නියොමාක්සිසම් (Niomoksisam) කියලා මාක්ස්වාදයේ විස්තීරණ තියනවා. එතකොට ඩාවීනියානුවාදයෙත් සෝෂල්ඩාවීනිසම්, නියෝ ඩාවිනිසිසම් කියලා ඒ වගෙ වර්ධනයන් තියනවා.

ව්‍යුහවාදයත් Structural කියන එක. දැන් Structural Marxiam (ස්ට්‍රක්චරල් මාක්සිසම්) කියලා එකක් දැන් තියනව, ඉතිං ඔහොම හිතෙන හැටි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

නමුත් මූලික පරිනාමය කියන අදහස වෙනස් වෙලා නැහැ, චාල්ස්ඩාවින් විවේචනය වුණේ, චාල්ස්ඩාර්වින් කිව්වා රේඛාවක් විදියට පරිනාමය වුණා කියලා. ඇත්ත වශයෙන්ම රේඛාවක් විදියට නෙමේ පරිනාමය වෙලා තියෙන්නෙ රේඛාවක් නොවන ආකාරයකට. පුරාණ ම මානවයෙක් ඉන්නවා. ඊට වඩා දියුණු මානවයකුත් සමකාලීනව ඉන්නවා. එතකොට ඒක රේඛීය වර්ධනයක් නෙමේනේ.

එතකොට ලෝකයේ තියෙන විවිධ විදියේ දේශගුණික බලපෑම් නිසා මිනිස්සු විවිධ විදිහට විකරණය වෙලා වර්ධනය වුණා.

චිම්පන්සියෙකුට අනිත් චිම්පන්සියෙකුට නැති ගති ලක්ෂණ පහළ වෙලා ශාරීරිකව වෙනස් වෙන ආකාරය අපිට පේන්නේ මීට අවුරුදු මිලියන 2.5කට විතර කලින්.

ඊට පස්සේ ඒ විකරණය නිසා ඇතිවෙච්ච ඔස්ට්‍රලෝපිතකස් (Australopithecus) කියන ප්‍රධාන වර්ගය.  ඒ වඳුරෙක්. එයා ඇත්ත වශයෙන්ම චිම්පන්සියෙක්. වානරයෝ නෙමේ චිම්පන්සියෝ ඒගොල්ලෝ. අපි පටන් ගත්තෙ ඇෆ්රිකන් චිම්පන්සින්ගෙන්. එයාගේ දත්වල විකරණයක් ඇතිවෙලා ක්‍රමානුකූලව චර්යාවෙ වෙනස් වීමක් ඇතිවෙනව.

ඒක වෙන්න හේතුව තමයි අවුරුදු මිලියන 2.5කට කලින් පෘතුවිය අධික ලෙස සීතල වුණා. සීතල බෝලයක් වෙලා, හිම යුගයක්  නිර්මාණය වුණා. ඒකට තමයි අපි අයිස් ඒජ් (Ice age) කියලා කිව්වේ. ඒ අයිස් ඒජ්  එකට මුහුණ දෙන්න බැරිවෙලා සමහර සත්තු වඳ වෙලත් ගියා. ඉතින් මේ වානරයෝ අතරින් අලුත් සීතල කාලගුණයට හොඳ අනුවර්තනයක් දක්වපු අය තමයි මේ පරිණාමයට සහභාගි වුණේ.

එහෙම වෙන්න බැරි අය ගුලිවෙලා හිටියා. ඒගොල්ලෝ එකට අනුවර්තනය වුණේ නැහැ. ඉතින් ඒ දේශගුණික සාධක වලට අනුවර්තනය වෙන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අර චිම්පන්සි හිටපු කට්ටියගෙන් වෙනස් කට්ටියක් කැඩිල ගියා ජීව විද්‍යාත්මකව ම. ඒ තමයි අනුවර්තනය වීම. ඊට පස්සේ එයා කකුල් දෙකෙන් යන්න පටන් ගත්තා. ඒ නිසා විවිධ ශාරීරික වෙනස්කම් ඇතිවුණා. ඒ වගේ සංස්කෘතිය දියුණු වෙන්න ඉස්සරහට හුඟක් දේවල් වර්ධනය වේවි ආවා.

චිම්පන්සින්ගෙන් පළවෙනි ඔස්ට්‍රලෝපිතකස් (Australopithecus) කියන මිනිස් වර්ගයා දිහාවට වර්ධනය වන මූලික ලක්ෂණ පෙන්නපු චිම්පන්සියගේ මොළයේ කපාට වල ධාරිතාව, මොළයේ ප්‍රමාණය කියුබික් සෙන්ටිමීටර් 450 යි. අද වැඩුණු මිනිසකුගේ මොළයේ පරිමාව කියුබික් සෙන්ටිමීටර් 1350යි. එතකොට මානව පරිණාමය කියන්නේ මොලේ ලොකු වීම.

කොල කකා හිටපු වානරයෙක් මස් කන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු ඔහුගේ චර්යාව වෙනස් කරන්න පටන් ගත්තා. විවිධ පාරිසරික සාධක නිසා ඒව මේව ඔක්කොම නිසා මොළයත් නියුරෝන බෙදි බෙදී මොළය විශාල වෙන්න පටන් ගත්තා.

අන්තිමට මිනිස් මොළය දැන් වෙනකොට ස්නායු සෛල ට්‍රිලියන 600කින් සමන්විත වෙච්ච දෙයක්. ස්නායු බෙදිලා බෙදිලා, ශ්‍රවණයට වෙනම කොටසක්, උච්චාරණයට වෙනම කොටසක්, දෘෂ්ටියට වෙනම කොටසක්. එතකොට මනස කියන්නේ වෙනම කොටසක්. මනස කියන්නේ මොළේ නෙමෙයිනේ.

ඔය විදියට කොටස් වෙලා මානව පරිණාමයේ තියෙන බුද්ධිමය පරිණාමය කියන තත්ත්වයට පත්වුණා. ඊට පස්සේ නාට්‍ය සංගීතය, ඔය වගේ දේවල්. ඊළඟට තමන්ට ජීවත් වීමට අවශ්‍ය නැති දේවල්, ඔය මාලකූරු, පබලු ,ඇඟේ ටැටූ අදින ඒවා. ඔය වගේ දේවලුත් දියුණු කරා විවිධ හේතු නිසා විවිධ කාලවල ඔහොම සංස්කෘතිය ඉදිරියට ගෙනාවා. විවිධ සංස්කෘතික චාරිත්‍ර පැවැත්තුවා.

ඔව්, අප්‍රිකාවෙන් පිටවෙච්ච මිනිස්සු ලෝකේම ජනාවාස කළා. ඒ කියන්නේ හෝමෝසේපියන් (Homosapian). හෝමෝසේපියන් බිහිවෙන්න කලින් නිඅන්ඩතාල් (Neanderthal) යන වර්ගය අප්‍රිකාවෙන් එළියේත් හිටියා. නමුත් ජනාවාස කරන්න තරම් මේ ප්‍රවණතාවය දියුණු කළේ හෝමෝසේපින් කියන මේ අපේ වර්ගයට අයිති අය.

මීට අවුරුදු ලක්ෂ 3කට කලින් ඒ ගොල්ලො විකරණය වුනා කියලා හිතෙනවා. හෝමෝසේපියන් පිළිබද පැරණිම සාක්ෂිත් මේ වෙනකනුත්  හම්බවෙලා තියෙන්නේ අප්‍රිකාවෙන් විතර යි,  බ්ලොම්බෝස් (Blombos Cave) කියන ගල් ගුහාවෙන්. වෙන කොහෙවත් නෑ හොමෝසේපියන් ගැන කරුණු සාධක.

මෙහෙමයි, අවුරුදු ලක්ෂ ගණනාවකට කලින් මිනිස්සු ගින්දර තේරුම් ගත්තා. ගින්දර තේරුම් ගත්තට පස්සේ ශරීරය හුඟක් වෙනස් වුනා. ඒගොල්ලන්ට පුළුවන් වුණා මස් වර්ග පුළුස්ස ගන්න. ඒ නිසා ආහාර වල තියෙන සංකීර්ණත්වය අඩුවෙලා. ඒවා ශරීරවලට අවශෝෂණය කරගන්න වේගය වැඩි වුණා. ප්‍රණීත වෙන්න පටන් ගත්තා.

ඊට පස්සේ මිනිස්සුන් ට ගින්දර තියෙනව, ඊට පස්සේ මිනිස්සුන් ට අවශ්‍ය වුණේ නැහැ ඇගේ රෝම. මොකද උණුසුම තියෙනවා එතකොට රෝම නෂ්ඨ වෙලා, නිලීන වෙලා ගියා. නමුත් රෝම උත්පාදනය කරන හෝමෝන තාම අපේ ඇඟේ තියෙනවා. නමුත් අර ගෝරිල්ලගේ වගේ රෝම එන්නේ නැහැ. මොකද ගින්දර නිසා තවදුරටත් අපිට උෂ්ණය රඳවා ගන්න අවශ්‍ය වුණේ නැහැ ස්වභාවික ක්‍රමයක්.

ඊට පස්සේ මිනිස්සු දේශගුණ විවිධ තත්ත්වයන් ට සංක්‍රමණය වුණාම, ඒවයෙ තියෙන සූර්යයා ලෝකයේ වදින එක උඩ, මෙලනින් හැදෙන එක හැටි එක උඩ, ශරීර වර්ණය වෙනස් වුණා. සූර්යාලෝකය ගොඩක් අඩු නම් සම සුදුයි. සූර්යාලෝකය වැඩියෙන් පතනය වන තැන්වල හම කළුයි. මොකද මෙලනින් වැඩිපුර තියන නිසා විටමින් A මගින් ඇතිකරන ප්‍රතික්‍රියාවක් ඒක.

දැන් අපිට තියෙනවා අවුරුදු 125,000ක සාක්ෂියක්. නමුත් වඩාත් ම සහතික සාක්ෂිය තමයි බස්නාහිර පළාතෙ කළුතර දිස්ත්‍රික්කයේ පාහියන්ගලින් හම්බවෙලා තියෙන අවුරුදු 49,000 සාක්ෂිය. මොකද ඒ ගල්ගුහාවේ ඇටසැකිලිත් හම්බෙලා තියෙනවා. එනිසා ඒක වඩාත්ම සහතිකව කියන්න පුළුවන්.

කොහොම හරි ආසියාවට මානවයෝ සම්ප්‍රාප්ත වීම මීට අවුරුදු 60,000ක් 70,000ක් අතර කාළෙදි සිද්ධ වුණා කියලා දැනට පිළිඅරන් තියෙනවා. ඇත්තටම, හෝමෝසේපියන් ගැන දැනට ලැබිලා තියෙන පැරණිම සාක්ෂි හම්බවෙලා තියෙන්නේ ලංකාවේ පාහියන්ගලින්.

මේ විවිධත්වය ඇතිවෙන්න තියෙන ප්‍රධාන හේතුව අපේ මධ්‍ය කඳුකරය පිහිටා තිබෙන ආකාරය. ඊසාන දිග මෝසම් සුළං තදට ලැබෙනවා වියළි කලාපයට. එතකොට අනිත් පැත්තෙන් එන දුර්වල හුළං පාරවල් වලින් ඒ කියන්නෙ නිරිත දිග මෝසම් සුළං කඳුවල මේ පැත්තෙ වැදුනම අනුරාධපුර පැත්තට වැස්ස නෑ වැඩි කාලයක්.

මේ මධ්‍ය කඳුකරේ පිහිටීම නිසා දේශගුණික ලොකු විවිධත්වයක් ඇතිවෙලා තියෙනවා. එතකොට කඳුකරේ උඩට ගියාම අධික සීතල. නුවරඑළිය වැලිමඩ පැතිවල සීතල කාලගුණයක් තියෙනවා.

මෙහෙම යි, ලංකාව ඉන්දියාවෙන් ගැලවිලා වෙන් වුනේ මීට අවුරුදු ලක්ෂ 7කට උඩදී. එතන දි අපිට කියන්න බෑ ලංකාව සුවිශේෂීයි මෙහෙම වුණා කියලා.

නමුත් ඒ කැඩිලා වෙන් වුන එක තල්ලු වෙලා, අර මහද්වීප ප්ලාවන කල්පිතය අනුව. එතකොට ඉන්දියාවෙ ත් මේ වගේ ම තියෙනවනේ එක පැත්තකින් බටහිර ගාට්ස් ඊට පස්සෙ නැගෙනහිර ගාට්ස් වින්ද්‍යා කඳුකරය, සිවිලින් කඳුකරය, ඒ වගේ හැදිලා තියෙනවනේ හිමාලයට යනකන්. ඒ කඳු නැම්ම තමයි අපේත් මේ පේන්න තියෙන්නෙ මධ්‍ය  කඳුකරය.

ඒ නැමී ෆෝල්ඩර්ස්  පේනව හොඳට ඒක ඉතිං පෘතුවිය නිර්මාණය වෙනකොටම ඇතිවෙච්ච දේවල්. එතකොට ඉන්දියාවේ අර කොනේ එල්ලිලා  තිබිච්ච ලංකාවේ භූවිෂමතා ව ඊට වඩා වෙනස් වුනා.

මුහුද අයිනෙ මයොසින් හුණුගල් වගේ තිබුණා. කඳු මැද්දෙ ආග්නේය පාෂාණ, ඔය සීගිරි වගේ ලොකු පර්වත., පිදුරංගල වගේ පර්වත. ඒ එක්කම නැමී ඇති වෙලා මධ්‍ය කඳුකරය, එහෙම භූ විෂමතාව නිසා මේ දේශගුණික වෙනස් වීම් බොහොම ළඟ ළඟ වෙනස් වුණා.

ලංකාවේ ඉතිහාසයේ එහෙම දෙයක් වුණේ, ඉතිහාසය රචනා කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලානේ. එතකොට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ට වුවමනාවක් තිබුණා  උන්වහන්සේලා බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියලා කියන්න.

ඔය විජයගෙ කතාවෙ හරියට බැලුවොත් එහෙම ක්‍රි.පූ. 600 තමයි ආව කියල සඳහන් වෙන්නේ? බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුනේ ක්‍රිස්තු පූර්ව 543 දි. එතකොට එතන ඉඳලා මේ වංශ කථාව ලියලා තියෙනවා ඒ ඥාති සම්බන්ධතා ඔහොම ඔහොම ගොඩක් ඒවා ලියල තියෙනවා.

භද්ධකච්චායනා කුමාරි ලංකාවට ආවා, එතකොට එයාගෙ තාත්තා මෙහෙමයි,  අමිතෝදන, දෝතෝධන එහෙම ගිහිල්ලා සුද්ධෝදන ට සම්බන්ධ වෙනවා. එතකොට ඒ ගොල්ලෝ  ඒ genealogy එක හැදුවා මේ රටේ. අපි හරි පාරිශුද්ධයි, බුදුන්ගෙ ත් නෑදෑයෝ කියලා කියන්න.

ඒගොල්ලෝ එක යටපත් කරා හිතාමතා ම.

රාමායණයෙ ලංකාදීපයට සීතාව අරගෙන ආවා කියලා කතාවක් තියෙනවනේ, ඉතින් ඒ ලංකාව කියන්නේ අපේ ලංකාව කියල ඔය 9 ශතවර්ෂ විතර ඉදලා තමයි විශ්වාස කරන්න පටන් ගත්තේ. ඒ නැතුව ඒවයේ කිසිම තැනක එහෙම කියලා නැහැ. රාවණාට කැමති අය රාවණා ගැන කියනවා, විජයට කැමති අය විජය ගැන කියනවා. අපි ගල් යුගයේ ඉඳලා පරිණාමය උනා කියලා කියන්න අකමැති අය ඒක ප්‍රතික්ෂේප කරනවා.

නෑ මම එහෙම එකක් නෙමෙයි කිව්වේ. වැඩි හරියක් තියෙන්නෙ මිනිස්සු පට බැඳපුවා, මම කියන්නේ අද වර්තමානයේ ජනකතා මට්ටමින් පවතින ඕනෑම කතාවකට යථාර්ථයේ බීජයක් තියෙනවා. ඒ යථාර්ථයේ බීජය අපි ඉතා පරිස්සම් සහගතව හොයාගත යුතුයි.

නෑ එහෙම නැත්තෙත් නැහැ. අපිට ඔය අවුරුදු තුන් හාරදාහක් පරණ තැන් හොයා බැලුව ම යකඩ භාවිතා කිරීම් පිළිබඳ සාක්ෂි හම්බවෙලා තියනවා. යකඩ උණු කරන්න ලොකු තාක්ෂණයක් ඕන. සෙල්සියස් අංශක 1500  රත් කරන්න ඕනේ. ඒවා කොහොමද කවුද දැනගත්තේ? ., කවුද ඒවා කරේ?

ඒ විශාල තාක්ෂණික පරිවර්තනය යකඩ සොයා ගැනීම ඒක වෙන්න බැරිද මේ රාවණා කතාවේ උත්පත්තිය. මොකද යකඩ තියෙනව නම් පස් පෙරලන්න පුළුවන්, ගස් කපන්න පුළුවන්, ගොවිතැන් දියුණු කරන්න පුළුවන්. එතකොට ගල් වලින් ප්‍රතිමා හදන්න පුළුවන්.

ජන සම්ප්‍රදායේ මිනිස්සු කියන්නේ අවුරුදු හාරදාහක් පන්දාහක් එපිට හිටියා කියලා තමයි.

අපිට ඉතාම විශිෂ්ට වෙදකමක් තිබිච්ච බව මම අත්දැකීමෙන් දන්නවා. . ඒ විශිෂ්ට වෙදකම රාවණා දෙන්න ඕන කියලා එහෙම හිතීමක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. මොන දේ ජනගත වුණත් ජනගතවීමක් කියන එක, එක පැත්තක්. ශාස්ත්‍රීය පැත්ත කියන එක වෙනම පැත්තක්.

ඔව් ඇත්තවශයෙන්ම. අපිට සම්ප්‍රදායික ඥානයක් තිබුණා., අපි ස්වභාධර්මය අවනත කරගන්න හැටි, ස්වභාවධර්මය සමඟ ජීවත් වෙනකොට මේ ස්වභාවධර්මයේ තියන අපිට පෙනෙන ඒවත් සහ නොපෙනෙන දේවල් සමඟ ගනුදෙනු කරන්න උවමනා කරන දැනුම නිර්මාණය කරලා තිබුණා.

ඒක අපි එහෙමයි කියන්න ඕනේ හිතන්න ඕන. ඔය සුද්දන්ගෙ කාලෙ ඒවා primitive (ප්‍රාථමික)     කියලා කුණු කූඩෙට දැම්මා. අපි ඉහළ ශ්‍රාස්ත්‍රීය ඥානයක් සම්ප්‍රදායිකව අරන් ආපු ජාතියක්. හැබැයි දැන් ඒ සම්ප්‍රදායික ඥානය ගොඩක් දුරකට හොයා ගන්නත් නැහැ.

ඔව් බොහොමයක් තියනවා. ඔය හෙළ වෙදකමට අයිති භූත විද්‍යාව, එතකොට අපි දන්නවනෙ සර්පයෙක් කාලා සර්ප වෙදෙක් ලඟට ගියාම, එයා නිමිති වලින් තමයි සර්පයා කවුද කියලා කියන්නෙ සහ ලෙඩා සුවකරන්න පුළුවන් ද කියලා කියන්නෙ.

ඔය වගේ, මගෙ කුරුණෑගල තියන ඉඩමක මම වතුර ළිඳක් කපන්න යනවා, එහේ ඉන්නවා වෙඳ මහත්තයෙක්, එයා ඉරටුව කරකවලා හරියටම කියනවා, වතුර තියෙන්නෙ මෙතන කියලා.

අපි ඔය වියළි කලාපයේ වැඩ කරනකොට, සමහර මිනිස්සු ඇවිල්ලා අහනවා, මහත්තයා තව කොච්චර කල් වැඩ කරනව ද? කියලා. ඇයි අහන්නේ කියලා අපි අහනවා, “නෑ මහත්තයා, දැන් වළාකුළු එක්කහු වෙන විදිය එතරම් ම හොඳ නැහැ, මේ වැහි ලිහිණිත් හැසිරෙන ආකාරය, තව සුමාන එක හමාරකින් වහින්න පටන් ගන්නවා තදට” කියලා කියනවා.

එතකොට ඒ ගොල්ලන් කාලගුණ දෙපාර්තමේන්තුවෙ තොරතුරු වලින් නෙමෙයි නේ හේන් කොටන ඒවා එහෙම කළේ.

තව අත්දැකීමක් තියනව ඔය වගේ. මම එක්තරා හෙළ වෙඳ මහත්තයෙක් හමුවුනා මොණරාගල., ඒ වෙද මහත්තයා හම්බුනාම මම ගිහිල්ලා ඇහුවා වෙද මහත්තයගෙන්, කාටද ප්‍රතිකාර කරන්නේ කියලා. එතකොට කිව්වා, “මම මහත්තයා මම කැඩුම් බිදුම් වලට තමයි වෙදකම් කරන්නේ’ කියලා.

ඊට පස්සේ මම ඇහුවා මට කියන්නකෝ කොහොමද කැඩුම් බිදුම් වලට වෙදකම් කරන්නේ කියලා. ‘නැහැ මහත්තයෝ අපි ඉතින් බෙහෙත් බඳිනවා ඔය අතපය කැඩිච්ච අය එනවා ඒ අයට’ කියලා කිව්වා. මම ඇහුවා ‘අතපය කැඩිලා තියා ඇඟිල්ලක් කැඩිලා ආවත් ඒ අය අතවත් තියන්න දෙන්නේ නෑ නේ අල්ලන්නවත් දෙන්නේ නැහැනේ ඒක අතිශය වේදනාකාරීනේ’ කියලා.

එතකොට ඒ වෙද මහත්තයා කිව්වා,”අයියෝ මහත්තයෝ ඕක එච්චර මහ ලොකු දෙයක් නෙමේ, ඒක කරන හැටි මම දන්නවා” කියලා. නැගිටලා ගිහිල්ලා ඉස්තෝප්පුවෙන් එළියට ගහක කොළයක් කඩාගෙන මට ගෙනත් දුන්නා මහත්තයෝ ඕකෙ කොන පොඩ්ඩක් හපන්න කියලා.

මම ඉතිං කොන හපන්න කිව්ව ඒක ගණන් ගන්නෙ එහෙම නැතිව, මම ඉතින් කොලේ භාගයක් කටේ දාගෙන හැපුවා. හපල විනාඩි දහයක් විතර යන කොට මගේ කටක් දිවක් නැහැ කියලා, තේරෙනවා. Anesthesia වෙලා.

ඊට පස්සේ එයාගේ නෝනා මට කහට කෝප්පයක් ගෙනත් දුන්නා, මම බොන්නෙ නැතුව ඉන්නකොට, වෙද මහත්තයා හිනා වීගෙන කියනවා ‘මහත්තයා ඕක බොන්න කියලා’, මං කිව්වා තව ටිකකින් බොන්නන් කියලා, ඊට පස්සේ වෙද මහත්තයා කියනවා, ‘මම දන්නවා බොන්නැති හේතුව, දැන් කට නෑ වගේ නේද?’ කියලා.

ඊට පස්සේ කිව්වා, ‘මහත්තයා ඔය කොලේ නම ‘අක්මැල්ල’, ඔය කොල ටිකක් කොටල බැන්ද ම, විනාඩි පහළොවක් යනකොට මට මගේ වැඩේ කරගන්න පුළුවන්’ ලෙඩාට තේරෙන්නෙත් නැහැ කියලා.

එතකොට මේ දැනුම අපි ගිහින් anesthesiologist කෙනෙක්ගෙන් අහලා කරපු දෙයක් නෙමේනෙ.

අපි අවුරුදු 6,000ක් කාළනිර්ණ තියන ගල් ගුහාවකච සොයා ගත්තා එක්තරා ගලක්. ඒ ගලේ තිත් වගයක් සටහන් කරලා තිබුණා. අවසානයේ අපේ විශ්ලේෂණ වලින් අපි තේරුම් ගත්තා, ඒ ගලේ කොටලා තියෙන්නෙ මේ  ‘දඩයක්කාරයා’ තරු වළල්ල අවුරුදු 6,000කට උඩදී. එතකොට ඒක අහඹු සිදු වීමක් කියලා කවුරු හරි තර්ක කරොත්, තවත් ගල් ගුහාවක ඒ වගේම ගලක් හම්බුනා. ඒ සටහන්මයි යොදල තියෙන්නේ.  එතකොට මේ ඔරායන් කියන තරු වලල්ල නිරීක්ෂණය කරලා තියෙනවා මීට අවුරුදු 6,000කට උඩදි. ඒක නිරීක්ෂණය කරලා සටහන් කරලා තියෙන හේතුව, ඔරායන් තරු වලල්ල තමයි, ‘වර්ෂා කාලය හා ග්‍රීෂ්ම කාලය’ අතර වෙනස පෙන්වන තරු වළල්ල.

ග්‍රිෂ්ම කාළයේදී උත්තරා අර්ධගෝලයේ ක්ෂිතිජයේ  පැහැදිලිව පේන්නේ ඔරායන් තරු වළල්ල, වැහි  කාලයේ ළං වෙනවත් එක්කම මේ තරු වළල්ලේ එක එක තරු මැකිලා යනවා, නොපෙනී යනවා. එතකොට වැස්ස කාළය හා උණුසුම් කාළය තේරුම් ගන්න ඒ ගොල්ලන් අහස නිරීක්ෂණය කළා.

නම් දැමීමට වුනත් ඔය නැකත් ශාස්ත්‍රය භාවිතා කරලා තියනවා පුරාණයේ ඉදලා. දැං ඔය නම් දානකොට අර පුස්ස දේව කියල නමක් තියෙනවනේ අර යෝධයෙක්ගෙ. ඒක අට්ඨකථාවේ කියනවා

පුස්ස නක්කත්තේන
ජාත භාවේන
පුස්ස දේවෝති නාමඃ අකංසො

පුස නැකතින් ජාතක වූ හෙයින් හෙතෙම පුස්සදේව නම් විය. ඒ වගේම තිෂ්‍ය නැකත අනුව තමයි දේවානම්පියතිස්ස රජතුමාට නම් තිබ්බේ. 

ඔව්, ඉතිං ඒක අපි අත්දැකලා තියෙන දෙයක්. අපි බලංගොඩ ගල් ගුහාවල කැණීම් කරණ කොට අපිට හම්බවෙනවා ගස් ගොළුබෙල්ලන්ගේ කටු. මහා පරිමාණයෙන් ගස් ගොළුබෙල්ලෝ ආහාරයට අරන් තියෙනවා.

ඊට පස්සේ අපි බලංගොඩ කූරගල, කල්තොට පැත්තේ ඇවිදින කොට අපිට මිනිස්සු කියනවා,” මහත්තයෝ, මේ ඔය අපේ කොල්ලො ඉන්නවනේ, අවුරුදු කාලයට ගම හරහා දුවන්න එහෙම ඔය ලෑස්ති වෙනකොට සමහර කොල්ලන්ට ඔය පපුවේ හතිය එහෙම  හැදෙනවා , ඉතිං උන් දුවන්න කලින් කරන්නේ, ගස් ගොළු බෙල්ලෙක් කඩලා ඕකට ලුණු කැටයක් දැම්මම සාරු පෙරනවා, ඒක එහෙම ම කටට හලා ගන්නවා” කියලා, ඒක හරි හොඳයි කියලා මේ පපුවේ අමාරුවට. ඒ කියන්නේ ඇස්ම වගේ ඇතිවන ශ්වසන පද්ධතියෙ දේවල් වලට.

එතකොට ඊළඟට මේ ගොල්ලන් කියනවා “ඇහැක් එහෙම හීරුනොත් ඔය ඉලුක් කොළ වලට අපි දාන්නේ ගස් ගොළුබෙල්ලගේ සාරු” කියල.

ඔය ගොළුබෙල්ලගේ සාරු බැලුවම ඒවා අතිශය මිනරල් වැඩි liquid(දියරයක්) එකක්.

එතකොට මේ ඥානය එන්නේ පරම්පරාවලින්. ඔය වෙදකම් ඖෂධ ඔක්කොම තියෙද්දි , මේවා අපිට ඔක්කොම දුන්නේ රාවණා රජ්ජුරුවෝ කියලා කියන එකේ සතුට ඇරෙන්න, මොකක්ද එකේ තියෙන ප්‍රායෝගිකත්වය.

ඔව් ඒක හරි, හැබැයි ඔය දේ කරන්න ඕන නම් අපි කළ යුත්තේ ඒ මතය දරාගෙන ඉස්සරහට යන සම්ප්‍රදායක් ගුරුකුලයක් ඉන්න ඕන, ඒක  හදන එකයි කළයුත්තෙ.

මේකෙ ඔක්කොම කට්ටිය පරණ ඉතිහාසය බදාගෙන විශ්වවිද්‍යාල වල ඉදලා ඉන්නවා ඒවා පොලිෂ් කර කර, අපි විතරක් එළියට බැහැලා ඇත්ත කියන්න ගියාට වැඩක් වෙන්නෙ නැහැ. එක්කෙනෙක් නෙමෙයි ඒක කරන්න ඕන. එහෙම හොයලා බලලා කරන්න කෙනෙකුත් නැහැ, එහෙම රට ගැන හැඟීමකුත් නැහැ. හැමෝම එකතු වෙලා කළයුතු වැඩක් තමයි මේක.

මෙහෙම යි, රටක ට විධිමත් අධ්‍යාපනයක් විධිමත් වැඩ මාලාවක් තියෙන්න ඕනේ. ඔය තියෙන විෂයන් ප්‍රමාණය විෂයන් හතරකට හෝ පහකට අඩු කරලා, ගණිතය, විද්‍යාව, සිංහල සාහිත්‍ය රසාස්වාදනය, ඉතිහාසය වගේ දේවල් අනිවාර්ය විෂයන් කරන්න ඕන.

මම නම් අදාළ තැන්වලට යෝජනා කරලා තියෙනවා පාසල් විෂය නිර්දේශයෙන් ආගම අයින් කරන්න කියලා. ඒක අනිවාර්ය විෂයක් කරලා, ආගම උගන්වන දෙන්න කියලා දහම් පාසල් වලට.  රජයෙන් දහම් පාසල් වලට උදව් කරලා පුටු මේස බංකු දීලා ගුරුවරු ස්ථිර කරලා, වැටුපක්  ගෙවලා, ඒ වගේ වැඩපිළිවෙළක් ඇති කළයුතුයි.

ඒක ඉතාම පැහැදිලියි. මෙහෙම නේ, සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා නෙළුම් මල් හතක් උඩ කියයි කියන එක තාම වෙනස් කරන්න බැරි වෙලා තියනවනේ. මේවා සළකා බලා ඒ වෙනස් කම් ඇතිකළ යුතුයි.

ඒක ඉතාම සරලයි. මට ඒක එක වාක්‍යයකින් කියන්න පුළුවන්, ඉතිහාසය කියන්නේ සමාජ ප්‍රාග්ධනයක්. ප්‍රාග්ධනය කියන්නේ ඉතිහාසය ආයෝජනය කරන්න පුළුවන් වර්තමාන සමාජයේ. එතකොට ඉතිහාසය ආයෝජනය කරන ක්‍රම ගණනාවක් ම තියෙනවා. ඒක දේශපාලනය වෙන්න පුළුවන්, සම්ප්‍රදායික ඥානය වෙන්න පුළුවන්, විදේශ ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. ඉතිහාසය කියන ඒ කොටසින් ඉතිහාසය සිදුවෙච්ච පරාජයන් අපි අධ්‍යයනය කරන්න ඕනේ. විශ්ලේෂණය කරන්න ඕනේ. ආයෙත් එවැනි පරාජයන්ට මුණ නොදෙන තත්ත්වයට අපිට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ  කියන්නේ ආයෙත් කරත්තේ යන්න කියන එක නෙමෙයි.

මොකද ඉතිහාසය තුළ පිළිගැනීම්, ඇගැයීම්, දෘෂ්ටිවාද ඒවා තියෙනවා. අපිට පුළුවන් ඒවායින් කොපමණ දුරට සමාජයට හිතකර දෙයක් වුණා ද කියලා අධ්‍යයනය කරලා ඒවා වර්තමානයට ගැලපෙන විදිහට නවීකරණය කරන්න. ඉතිහාසයෙන් ආභාෂය නොගත් කිසිම සමාජයක් ඉදිරියට ගිහින් නැහැ.

මෙහෙමයි, හේතුව මගින්නෙ ඵලය බිහි කරන්නේ. ඉතිං  සීගිරියේ තාක්ෂණය, අනුරාධපුරේ වාරිමාර්ග තාක්ෂණය බලද්දි, අපි නිෂ්පාදන ආර්ථිකය හොඳට දියුණු වෙලා, විදේශ සම්බන්ධතා හොඳට පවත්වාගෙන ස්ථාවර රාජ්‍යයක් හැටියට කෘෂිකර්මයෙන් දියුණු වෙලා එහෙම හිටපු කාලෙක, අපිට විවේකය තිබුණා ඒ අපේ අවශ්‍යතා සඳහා තාක්ෂණය දියුණු කරන්න, කල්පනා කරන්න,  ඒවට අවශ්‍ය රාජ්‍ය මුදල් ආයෝජනය කරන්න.

අවුරුදු හැත්තෑ පහක් තිස්සේ තක්කඩි රැලක් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවලා අපි මොනවද තව බලාපොරොත්තු වෙන්නේ? අපිට පුළුවන් ද ඒ ශිෂ්ටාචාරයත් එක්ක සංසන්දනයවත් කරන්න මේ කාලකන්නි වර්තමානය දේශපාලනය.  

ඒක එහෙම ම තමයි. එහෙම වෙන්නෙ නෑ. මනස දියුණු කියන එකයි වගේම මනස සැහැල්ලු කිරීම කියන එකයි දෙක ම පැත්තකින් තියලා මනස නිශ්චල මිනිස්සු වෙන්න ඕන.

මෙහෙම හිතන්නකො ඔයා Supermarket එකට shopping  කරන්න ගිහිල්ලා ඔයා cashier එකට ගෙවන්න යනකොට ඔයාගේ ට්‍රොලිය දිහා ඔයාම බලනකොට ඔයාට ඕන දේවල් ද ඔයා අරන් තියෙන්නේ කියලා.

දැන් අපේ සිත සන්සුන් නැත්තේ ඇයි? අපිව තල්ලු කරලා තියෙනවා අධි පාරිභෝගිකවාදී, අපේක්ෂා සහිත සමාජයකට. බහුභාණ්ඩික සමාජයකට, බහුභාණ්ඩික සමාජයේ බහුභාණ්ඩික චින්තනය නඩත්තු කරන්න කොහොම හරි අපි මුදල් හොයන්න ඕනේ. අපි හැල්මේ දුවනවා. අපි දුවලා දුවලා මරණ මංචකයේදීත් ජීවත්වීම ට සූදානම් වෙමින් මිය යනවා හරිද.

එතකොට මේ තාක්ෂණය, සන්නිවේදනය, පාලනය නොකළ මේ සියලුම දේවල් වලින් මනුෂ්‍යයාගේ ජීවිතයේ තිබුණු සරල භාවය අතිශයම සංකීර්ණතාවයකට තල්ලු කරලා තියෙනවා. තල්ලු කරන කොට ඒවා පාලනය කරන්න තියන රජයක් කියලා එකක් තියෙන්න ඕන. එතකොට ආගම් තියෙන්න ඕන සදාචාරය, ආචාර ධර්ම පාලනය කරන්න.  දැන් එහෙම එකක් නැහැ.

මට කියන්න කොහේ හරි තුන්කාලෙ ගල් ගොඩක් මිදුලක නැති පන්සලක් තියෙනව ද කියලා. හැමදාම පන්සල් හදනවා. සමාජයට අල්පේච්ඡතාවය කියලා දෙන්න ඉන්න අය මොනවද කරන්නේ? ටයිල් අල්ලනවා, ලයිට් දානවා, මේ වගේ නොයෙකුත් හේතු නිසා දැන් මේ සමාජය විකෘතිකරණය වීම නවත්තන්න අපිට බැරිවෙලා තියෙනවා.

මේකට අපිට සමාජ ප්‍රති සංශෝධන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා, social reformation. ඒකට කියනවා social engineering කියලා. සමාජය ඉංජිනේරුකරණය කරන්න ඕන. කවුද මේවා කරන්නෙ ?

හැම ව්‍යසනයකට ම තියෙන එක හේතුවයි. රටකට තමන්ගේ ස්වාධිපත්‍යය, ආර්ථික ස්වාධිපත්‍යයය පවත්වාගෙන යෑමට නොහැකි වීම. අපි ගවේෂණය කරන්න ඕන ඉතිහාසය, ඉතිහාසයේ ශිෂ්ටාචාර පවත්වාගෙන ආර්ථික සමතුලිතතාව පවත්වා ගත්තේ කොහොමද කියලා?

මේ රට වෙනුවෙන් වැඩ කරපු ඥානාන්විත රජවරු හිටියා, ඒ ගොල්ලන්ට දර්ශනයක් තිබුණා. සමහර තැන්වල ඒගොල්ලන් කියනවා.

‘රාජ ධම්මා පජා රක්ඛා’ රාජ ධර්මය නම් ප්‍රජාව ආරක්ෂා කිරීමයි. ඒක ඒගොල්ලන්ගේ Philosophy (දර්ශණය) එක වෙලා තිබුණා.

ඉතිහාසයෙන් ගත යුතු හොඳම පාඩම නම්, අපි අවුරුදු 2,500ක් තිස්සේ ලෝකයේ අනගිභවනීය ශිෂ්ටාචාරයක් වෙලා ඉඳලා පවත්වාගෙන ගියපු ආකාරය, ස්වයංපෝෂිත පවත්වාගෙන ගියපු ආකාරය, අපි ඒ ඉර ඒ හඳ ඒ පොළොවෙ ම යි තාම ඉන්නේ.

ඉතින් ඒක එදා එහෙම කරන්න පුළුවන් උනා නම්, අද අපට ඒක බැරිවෙන්න හේතුව මොකද්ද කියන එක අපි විග්‍රහාත්මකව තේරුම් ගන්න ඕනේ. කසිකබල් අධ්‍යාපනයක් එක්ක කරගෙන යන්න බැහැ. කසිකබල් දේශපාලනයක් එක්ක මේක කරගෙන යන්න බැහැ.

මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න යන්න ඕන නැහැ ආකල්ප ඉබේම වෙනස්  වෙනවා, අධ්‍යාපනය වෙනස් වුනාම. ප්‍රායෝගික මනුෂ්‍යයෙක් තැනීම සඳහා තමයි අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ.

දැන් ඇත්තටම අපේ දරුවන්ට අපි උගන්වනවා ද ප්‍රායෝගිකව කොමොඩ් (Commode) එකක් පාවිච්චි කරන විදිය විශ්ව විද්‍යාලයෙන් එළියට එනකම්.

මේ තියෙන 21වන ශතවර්ශයේ දේශීය කලාපීය සහ ගෝලීය අවශ්‍යතා දිහා බලලා, ඒ හැම එකටම මුහුණ දෙන්න පුළුවන් පුරවැසියෙක් තනන අධ්‍යාපනයක් නිර්මාණය කරන්න ඕනේ.

තමන් වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න පුළුවන් කම තියෙන පුරවැසියෙක් හදන අධ්‍යාපන ක්‍රමයක්, ඊළඟට රසාස්වාදනය, සාහිත්‍ය රසයක් විඳින්න පුළුවන් ජීවමාන, සාමයක් තියෙන මිනිස්සු බිහි කරන්න ඕන. කවියක් රස විඳින්න පුළුවන් මිනිස්සු බිහි කරන්න ඕන. මිනිස්සුන්ට පුළුවන්ද සාහිත්‍ය රැසක් නැතුව ජීවත් වෙන්න.

දැන් මේ මොකක ද වෙලා තියෙන්නේ මේ සමාජයේ? කසාද බැඳලා සුමාන දෙකකින් දික්කසාද වෙන, කතා කරන්න භාෂාව දන්නෙ නැහැ, සන්නිවේදනය දන්නේ නැහැ, මිනිහ ගෑනිට කතා කරන්න දන්නෑ, ගෑනි මිනිහට කතා කරන්න දන්නෑ.

මිනිස්සුන්ට කන්න බොන්න ටික හරියට දීලා මිනිස්සුන්ට ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් පරිසරය රාමුව ගොඩ නැඟුනම මිනිසුන්ගේ මනස නිකම්ම හීලෑ වෙනවා.

අවුරුදු ගනණක් රට මේ තත්වයට පත් කරන්න කතිරය ගහපු අපිට ම තමයි දැන් මේ ක්‍රමය කොහොම හරි වෙනසකට ලක් කරලා  ස්වාධීනව, නිදහස් මනසකින් මිනිසුන් ට ජීවත් වෙන්න පුළුවන් වෙන රටක් හදන්න දායක වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ. මේ සියළු ප්‍රශ්ණ වලට සාධනීය පිළිතුරු එතකොට ලැබේවි.

The post ‘බලංගොඩ මානවයාගෙන් ගම හරහා දුවන්න රහස් ඖෂධයක්.’ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8-%e0%b7%84%e0%b6%bb%e0%b7%84/feed/ 0
බංකොලොත් රට ගොඩ නැගීමට දේශපාලන බංකොලොත් භාවය ද තුරන් කළ යුතුයි. https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a/#respond Thu, 25 Apr 2024 09:02:09 +0000 https://vivaranalk.com/?p=11239

දේශපාලන වේදිකාවේ දැන් නැවත වරක් විකට නාට්‍ය ඉදිරිපත් කිරීම් සුපුරුදු කාර්යක් වී ඇත. ලංකාවේ පාර්ලිමේන්තු වේදිකාවේ ප්‍රධාන චරිතයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයා කව්ද යන්න විසඳා ගත නොහැකි උභතෝකෝටිකයකි. එම නිසා දැනට සිටින්නේ වැඩ බලන නායකත්වයකි. අනුප්‍රාප්තික ජනාධිපතිට අර්බූද මතු වන්නට තරම් පක්ෂයක් නැති නිසා ගැටලුව වී ඇත්තේ ඔහු එතරම් ලස්සන වී ඇත්තේ […]

The post බංකොලොත් රට ගොඩ නැගීමට දේශපාලන බංකොලොත් භාවය ද තුරන් කළ යුතුයි. appeared first on විවරණ.

]]>
දේශපාලන වේදිකාවේ දැන් නැවත වරක් විකට නාට්‍ය ඉදිරිපත් කිරීම් සුපුරුදු කාර්යක් වී ඇත. ලංකාවේ පාර්ලිමේන්තු වේදිකාවේ ප්‍රධාන චරිතයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයා කව්ද යන්න විසඳා ගත නොහැකි උභතෝකෝටිකයකි. එම නිසා දැනට සිටින්නේ වැඩ බලන නායකත්වයකි. අනුප්‍රාප්තික ජනාධිපතිට අර්බූද මතු වන්නට තරම් පක්ෂයක් නැති නිසා ගැටලුව වී ඇත්තේ ඔහු එතරම් ලස්සන වී ඇත්තේ කෙසේද යන්නයි. තවමත් විකසිත වී නැති පොහොට්ටුවේ මතු පිටින් කිසිම හැල හොල්මනක් නැති බව පෙනෙන්නේ සියලු තීරණ ගැනීමේ ඒකාධිකාරි බලය ප්‍රජාතන්ත්‍රවාදීව එහි වයස් ගත නායකයාට පවරා ඇති නිසාය.

පක්ෂ අතර වාද භේද උත්සන්නවෙමින් පවතින තත්වයක් යටතේ ඔවුන්ට තමන්ගේම අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට කාලය ධනය හා ශ්‍රමය වැය කිරීමට සිදුව ඇති නිසා ඡන්ද විමසීමක දී තීරණාත්මක වන ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානයක් යෙදවීමට ඉස්පාසුවක් නැත. කුමන වර්ගයේ ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත් වුවද මැතිවරණ පෙරොන්දු ප්‍රකාශයක් සකස් කර ගැනීමට වැඩි අපහසුවක් ද නැත. එම ප්‍රකාශන ඡන්ද විමසීම අවසන් වීමත් සමග කුණු කූඩයට යන නිසා ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය නැත. වැදගත් වන්නේ ජනමාධ්‍ය භාවිතය හසුරුවා ගන්නා ආකාරය සහ කන් බිහිරි කරවන හඬින් වේදිකාවේ කෑ ගසන කතිකයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් එක් රැස්කර ගැනීම ය. රැස්වීම්වලට පිරිස් ගෙන්වා ගැනීම, වඩාත් නිවැරදිව ප්‍රවාහනය කිරීම සුපුරුදු ආකාරයට කළ හැකිය.

එහෙත් ඡන්ද දායකයන්ට නම් ඉදිරියේ එළඹෙන කවර හෝ ඡන්ද විමසීමක් බෙහෙවින් තීරණාත්මක ය. ඒ මහ බැංකුව පවසන ආකාරයට ආර්ථිකය වර්ධනය වෙමින් පැවතිය ද දිවි ගැට ගසා ගැනීමේ අරගලය පෙර කිසි දා නොවු විරු ආකාරයට උත්සන්නව ඇති නිසාය. එක අතකින් ලැබෙන වැටුපෙන් දිවි රැක ගැනීම උත්තර නැති ප්‍රායෝගික ගණිතමය ගැටලුවක් වීම සහ ව්‍යපාර සහ සුළු කර්මාන්ත කඩා වැටීමෙන්  කරන රැකියාව හෝ ආරක්ෂා කර ගැනීම අභියෝගයක් ව ඇති නිසාය. ස්වාධීන වූ මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව ජීවන වියදම නොකඩවාම පහත වැටෙන නමුත් කුසට අහරක් නැතිව නිදි වැටෙන දින ගණන ද උද්ධමන වේගයෙන් වැඩි වේ.

ජාතික සහ ජාත්‍යන්තර ආයතන ප්‍රකාශයට පත් කරන දත්ත සංඛ්‍යාලේඛන අනුව දළ වශයෙන් රටේ ජන සංඛ්‍යාවෙන් අඩක්ම ජීවත් වන්නේ ප්‍රමාණවත් ආහාර හෝ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන නිවාස සහ ඇඳුම් අවම මට්ටමෙන් හෝ නැති තත්වයක් යටතේය. පෝෂ්‍යදායක ආහාර වෙනුවට කුමක් හෝ කා කුස පුරවා ගැනීමට සිදුව ඇති නිසා ළමා පරපුරම අඟුටු මිට්ටන් වනු ඇත. මේ පිළිබඳව සංඛ්‍යා ලේඛන නැවත ඉදිරිපත් කිරීම පුනරුච්චාරණයකි.

මෙම ඛේදනීය තත්වය නිසා බලය අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ සහ හවුල්වලින් ඉදිරිපත් කරන පොරොන්දු සහ වැඩ සටහන්වලින් තමන්ගේ අවශ්‍යතා ඉටු වන්නේ ද නැතිනම් ඒවා හුදු ප්‍රකාශන පමණක් ද යන්න විමසීම සහ පැහැදිලි කර ගැනීම් ජනතාවට අතිශයෙන් වැදගත් ය. මැතිවරණ ප්‍රකාශන සහ පොරොන්දු හුදු කඩදාසියකට සීමා නොකර සජීවී ක්‍රියාකාරිත්වයක් බවට පත් කර ගත යුතු නිසාය.

ආර්ථිකයත් රටත් ගොඩ නැගීමට පොහොට්ටුවේ ආධාරයෙන් බලයේ සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ නිසා දරිද්‍රතාවය සහ අසරණභාවය එන්න එන්න වැඩි වෙමින් පවතී. සරලව ඔහු අනුගමනය කරන වැඩ පිළිවෙළ නිසා ධනපතියන් වඩාත් ධනවත් වන අතර දුප්පතුන්ගේ ගොඩ එන්න එන්න වැඩි වේ. එමනිසා ඉදිරි ඡන්ද විමසීම්වලදී මෙම අදූරදර්ශී අවමන් සහගත වැඩ පිළිවෙළ සැබැවින්ම වෙනස් කරන ආකාරය ජනතාවට ඉදිරිපත් කළ යුතුය. තරග බිමේ ඉදිරියෙන් සිටින සියලුම දේශපාලන පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නැතිව ආණ්ඩු කළ නොහැකිය යන මතයේ සිටින නිසා මෙම පැහැදිලි කර ගැනීම තීරණාත්මක ය.

එහෙත් මෙසේ අය කර ගන්නා බදු ආණ්ඩුව වැය කරන්නේ කුමක් සඳහා ද? ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ද? 2023 වසරේ දී රාජ්‍ය බදු ආදායමෙන් සියයට 77ක්ම වැය කර ඇත්තේ ණය සහ පොලී ගෙවීම සඳහාය. එය ලෝකයේ කිසිම රටක දක්නට නැති ඉහළ අනුපාතයකි. ඊළඟට ආණ්ඩුව ණය ලබා ගෙන ඇත්තේ ඉහළ ආදායම් ලබන මුදල් අතිරික්තයක් ඇති අයගෙනි. මේ අයට පොලී ගෙවන්නේ පහළ ආදායම් ලබන අයගෙන් අය කර ගන්නා බදු මුදලෙනි. නැතිනම් දුප්පතාගෙන් අරගෙන පොහොසතාට ලබා දීම ය. මෙම බදු මුදල්වලට සේවක අර්ථ සාධක අරමුදල ද යටත් වන නිසා සාමාන්‍ය සේවකයා විශ්‍රාම යන විට ලබා ගැනීමට ඉතිරි කරන මුදල ද ඉහළ ආදායම් ලබන අයට වක්‍ර ආකාරයෙන් ලබා දීමකි. සාමාන්‍ය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට නම් මෙම ක්‍රමය වෙනස් විය යුතුය.

මීට අමතරව රට බංකොලොත්වීමට හේතු වී ඇති විදේශ ණය ද ජනතාව මත තවත් බර පටවන ක්‍රමයකි. සංවර්ධනය සඳහ මෙම ණය මුදල් ලබා ගන්නා බව කියන නමුත් විගණකාධිපති වාර්තා කරන ආකාරයට මෙම මුදල් භාණ්ඩාගාරයට ලැබී ඇති ආකාරය පැහැදිලි නැත. විගණකාධිපති ගේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වන ආකාරයට 2006 සිට 2021 දක්වා කාලය තුළ විදේශ ණය වශයෙන් ලබා ගෙන ඇති රු. බිලියන 5500ක් නැතිනම් ඩොලර් බිලියන 41.1 ක් පිළිබඳ තොරතුරු සොයා ගත නොහැකිය. මෙම ණය වශයෙන් ලබා ගෙන ඇති මෙම මුදල් විදෙස් බැංකු හොර ගිණුම්වල තැන්පත් කර ඇතැයි අනුමාන කළ හැකිය.

මෙහි ඉදිරිපත් කර ඇත්තේ මෙතෙක් පැවති සියලු ආණ්ඩු යටතේ සිදුව ඇති වංචා සහ දූෂණවලින් හෙළිවී ඇති කරුණුවලින් ස්වල්පයකි. පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා ගනුදෙනු වාර්තා වන්නේ මීට අමතරව ය. අපට ඇත්තෙන්ම වැදගත් වන්නේ ජනතාවට හිමි විය යුතු මෙම ධනය ආපසු ලබා ගැනීමට සහ එවැනි දූෂණ සහ වංචා නැවත සිදුවීම වැළක්වීමට වේදිකා මත නැගී ඒවා විවේචනය කරන අය ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ කුමක් ද යන්නයි. මෙවැනි දූෂණ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසම් පත් කිරීමෙන් සිදු වන්නේ ජනතාව මත තවත් බරක් පැටවීම පමණි. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තනතුරට පත්වීමත් සමග ජනාධිපති කොමිසම් දුසිම් ගණනාවක් පත් කළ ද වැරදි නිවැරදි වීමක් හෝ අයථා ලෙස උපයා ගත්  ධනය ආපසු ලබා ගැනීමක් සිදු වූයේ නැත. චෝදනා එල්ල වූ අය තවමත් නිරුපද්‍රිතව දේශපාලනයේ යෙදි සිටිති.

එමනිසා රෑ වැටුනු වළේ දවල් නොවැටීමට නම් ජනතාව බලය අපේක්ෂා කරන අයගෙන් වැරදි නිවැරදි කිරීමටත් මංකොල්ල කෑ ධනය අත්පත් කර ගැනීමටත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා බලපෑම් කළ යුතුය. වෘත්තීය සමිති, ජනතා සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම මුලපිරුම අතට ගෙන ජනතාවගේ ඉල්ලීමක් බවට පත් නොකරන්නේ නම් ඉදිරියේ ආණ්ඩු වෙනසක් ඇති වුවද එය මෙතෙක් සිදු වූ වෙනස්වීම්වලට වඩා වෙනස් වන්නේ නැත.

The post බංකොලොත් රට ගොඩ නැගීමට දේශපාලන බංකොලොත් භාවය ද තුරන් කළ යුතුයි. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a/feed/ 0
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/#respond Wed, 24 Apr 2024 09:43:57 +0000 https://vivaranalk.com/?p=11236

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් […]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] appeared first on විවරණ.

]]>
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් නිලධාරි කමිටුකට මේ ලියවිල්ල සැකසීම බාරදුන්” බව මේ ලියවිල්ලේ පුර්විකාවේ සාඩම්බරයෙන් සඳහන් වේ. ලියවිල්ලේ නම් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුවට හා විද්වත් නිලධාරි කමිටුවක ඉතා භාරදුර වැඩක් පැවරී තිබුණු බව මේ ලියවිල්ලේ පිට කවරයේ මාතෘකාවෙන් පෙනේ. එනම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් සකස් කොට එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

තැනූවෙක්  නැති සුඛෝපභෝගී නිවෙස් මිහිපිට පහළවීම වීම, අයිතිකරුවන් නැති මැණික් මලු නිවෙසටම ගෙනැවිත් භාරදීම වැනි හාස්කම් ගැන අධිකරණයේදී පවා කියවෙන ශ්‍රී ලංකාව වැනි පින් බිමක් තුළ, ලියු අයෙක් සොයාගත නොහැකි මෙවැන් ප්‍රතිපත්ති මාලාවක් පරාධුර්භුතවීම අරුමයක් නොවේ. මෙවැනි කර්තෘ අඥාත ප්‍රතිපත්ති ප්‍රකාශන පහළකිරීම වත්මන් රජයේ මෝස්තරයක් වේ තිබේ. එය මේ රජයට අරුමයක් නොවුනත්, අපට එය කරුමයක් වී ඇත්තේ වැරදීමකින්වත් මේ ලියවිල්ලේ සඳහන් වී ඇති කරුණු ක්‍රියාත්මක කළහොත් එහි හොඳ හෝ නරක විපාක විඳීමට සිදුවෙනුයේ අප රටේ අනාගත පරපුරට වීමයි.  දැනට අධිකරණයන් කිහිපයකින් ඇප ප්‍රතික්ෂේප වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයෙකු ගැන විශ්වාසය පළකල, ජනතා විශ්වාසය කිසිසේත්ම නැති, ඉදිරිපත් කරන ඕනෑම දෙයකට බහුතර අනුමැතිය ගත හැකි, වත්මන් පාර්ලිමේන්තුව මේ ලියවිල්ලේ අගමුල නොවිමසා අනුමත කිරීම ස්ථිර බැවිනි.

රටක අධ්‍යාපනයේ දිශානතිය තීරණය කිරීම භාරදුර කාර්යයකි. ඒ දිශානතිය තීරණය කරන්නේ රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය නම් ඒ ආයතන රටේ මහජනතාවගේ සැබෑ නියෝජිතයන් විය යුතුය. අද අප රටේ ජනාධිපතිව සිටින්නේ මහජනතාව විසින් පත්කරගත් අයෙකු නොව, මහජන ඡන්දයකදී 2.1% ක් වැනි කුඩා ප්‍රතිශතයක් ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එසේම වත්මන් අගමැති හා ඇමති මණ්ඩලය මේ ජනාධිපතිවරයා හෝ බලයෙන් පහවුණු ජනාධිපතිවරයෙකු  විසින් පත්කළ අයයි. මෙවන් තත්ත්වයක් යටතේ මහජන මතය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් මේ රටේ අධ්‍යාපනයේ දිශාව තීරණය කිරීම විද්වතුන් යැයි තමන් හඳුන්වාගන්නා නිර්නාමික විසිපස් දෙනෙකුට භාරදිම ම බරපතල වරදකි. අවම වශයෙන් මෙවැනි ලියවිල්ලක් සකස්කිරීමට ප්‍රථම වත්මන් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව මේ කටයුත්තට සම්බන්ධ කරගැනීම මේ කටයුත්ත සිදුකළ අයගේ වගකීම වී තිබිණි. මේ සියලු කරුණු විමසා බැලීමේදී මෙම ලියවිල්ල සුජාත ලියවිල්ලක් නොවේ.

එසේම මේ ලියවිල්ල සකස්කල පිරිසට තමන් කවුරුන්දැයි හඳුන්වා ගැනීමට නොහැකිවීම විමති සහගත මෙන්ම, වගකීම් විරහිත ක්‍රියාවකි. පියෙකු නොමැති නිසා මේ ලියවිල්ල අවජාතකද වේ. සුජාත නොවන, අවජාතක වන මෙම ලියවිල්ල ගැන, එහි සුජාත අවජාතක බව නොසලකා විමසීම අපගේ වගකීමයි. එයට හේතුව අප රටේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසීමට කදිම අවස්ථාවක් මේ වගකීම් විරහිත ක්‍රියාව මගින් මඟපාදන නිසාය.

මේ ලියවිල්ලේ විධායක සාරාංශයේ දැක්වෙන පරිදිම, විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අපේ අනාගත පරපුර ලොව සමඟ ඉදිරියට ගෙනයා හැකි වාහකයක් නොවේ. “අධ්‍යාපනය  මානව ප්‍රාග්ධන සංවර්ධයේ ප්‍රධානම මෙහෙයුම් යාන්ත්‍රණය”  බව මේ ලියවිල්ලේ සඳහන් වෙයි. එසේම එහි සඳහන් වන්නේ 2021 මාර්තු මස සිට, එනම් ශ්‍රී ලංකාව බංකොලොත් ප්‍රකාශ කල යුගයේ සිට ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ පැනනැගී ඇති ආර්ථික අභියෝගය තේරුම්ගෙන “රජය විසින් ආර්ථික ස්ථාවරත්වය  තහවුරු කරමින් යලි සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම උදෙසා  සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම පුර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමේ”  අභිලාෂයෙන් මේ ලියවිල්ල ඉදිරිපත් කරන බවයි. මේ ලියවිල්ලේ සඳහන් කරුණු සලකා බලනවිට මේ ආර්ථික ස්ථාවරත්වය වහාම ඇතිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලකට සරිලන ලෙස අධ්‍යාපනය වෙනස් කිරිමේ අභිලාශයෙන් එය සකස්කොට ඇති බව නම් නොපෙනේ. සැබවින්ම එය අද සිට තව වසර 24 කින්, 2048 දී එනම් ලංකාවට  නිදහස ලැබී අවුරුදු සියයකින් එළඹෙන වසරේදී   ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන්නේ යැයි කියන දේශපාලන හිස් කථාවට සරිලන ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස් කලයුතු යැයි හුමිටි දෙන ලියවිල්ලකි .

“පාසල්වල  විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය සමස්ථ වශයෙන්ම වෙනස් කලයුතු” බව මේ ලියවිල්ලේ සඳහන් වේ. මෙය මේ ලියවිල්ලේ නිර්නාමික කතුවරුන් පමණක් නොව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසන ඕනෑම අයෙකු පවසන කරුණකි. මේ ලියවිල්ල පුරා දක්නට ඇති ප්‍රධානම දුර්වලතාවය  නම් අධ්‍යාපන විද්‍යාව යම් පමණකට හදාරන ලද ඕනෑම අයෙකු දන්නා සරල කරුණු  බරපතල භාෂාවකින් පුන පුනා පැවසීමයි. මේ බොහෝ කරුණු විදේශික අධ්‍යාපනඥයන්ගේ ලියැවිලි වලින් කරන ලද “කට් ඇන්ඩ් පේස්ට්” (cut & paste) වාක්‍යයන් වේ. වචන හරඹයන්ගෙන් ඔබ්බට ගොස් අපේ අධ්‍යාපනයේ මිහිමත ඇති ගැටළු හඳුනාගත් බවක් නම් මේ ලියවිල්ලේ නොපෙනේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඕනෑම වෙනසක් ඇති කිරීමට යෝජනා කරන ලියවිල්ලක මුලින්ම සඳහන් විය යුතු කරුණක් නම් එය ඉදිරිපත් කරන්නන්  නිදහස් අධ්‍යාපනය යන සංකල්පය පිළිගන්නේද නැත්ද යන්නයි. ලොකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රම ගැන ගැඹුරින් හදාරා හෝ නොගැඹුරින් අතපත ගා  ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තැත් දරන ඕනෑම කෙනෙකු සිහියේ තබාගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය, ශ්‍රී ලාංකික සමාජය සමඟ ගසට පොත්ත මෙන් ඇලී-ගැලී පවතින බවයි. මේ පොත්ත ගැලවීමට උත්සාහ දරන්නා, ගසට කොතරම් පොහොර දැමීමට උත්සාහ කලත් ජනතා වෛරයට පාත්‍ර වේ. තමන් නිදහස් අධ්‍යාපනය සුරැකීමට තමන් බැඳී සිටින්නේදැයි මේ ලියවිල්ලේ කතුවරුන් කිසිතැනක නොපවසයි.

මේ කරුණ ගැන වැඩිදුර විමසීමට ප්‍රථම නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිර්වචනය කරගත යුතුය. මේ ගැන විවිධ නිර්වචන ඇති මුත්, “රජය විසින් හෝ වෙනත් ආයතන විසින් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර පවත්වාගෙන යනු ලබන උසස් මට්ටමේ අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය” යැයි අර්ථ දක්වා මේ කරුණට අවතීර්ණ වෙමු. විවිධ රටවල් විවිධ මට්ටමින් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාව බොහෝ කලක් තිස්සේ  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඉහල මට්ටමේ නිදහස් අධ්‍යාපනයක් පවත්වාගෙන යනු ලබයි. ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල වැනි ජාත්‍යන්තර ආයතන වල නිගමනයන්ට අනුව පවා, අප රටේ ආර්ථික දර්ශක වලට සාපේක්ෂව, ඉතා හොඳ මානව සම්පත් දර්ශකයක් (human development index) පවතින්නේ අප රටට උරුම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය නිසාය. එනිසා කොතරම් අඩුපාඩු තිබුණත් රටේ ඕනෑම ශිෂ්‍යයෙකුට මුදල් නොගෙවා විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සුරැකීම අතිශයින්ම වැදගත්ය. එසේම අධ්‍යාපනය ලොවේ අනෙකුත් රටවලට සමාන්තර ඉහල මට්ටමේ අධ්‍යාපනයක් විය යුතුය.

මෙම ලියවිල්ලේ 15 වෙනි පිටුවේ අමුතු වාක්‍යයක් ඇත. ඒ මෙසේය

මෙහි සාමාන්‍ය අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයයි.  නිදහස් අධ්‍යාපනය සුරැකීම ගැන අවධානයකින් යුතුව මේ වාක්‍යය ලියුවේ නම් එය මෙසේ වෙනස් විය යුතුය.  “මුල් ළමාවිය සිට 12+ දක්වා පාසල් අධ්‍යාපනය සඳහා සිසුන්හට නොගෙවීමට ඇති හැකියාවට කිසිදු බාධාවක් නොවන පරිදි අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් සාමාන්‍ය අධ්‍යාපනය වෙත යොමු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.” සිතාමතා  මෙවනි වැරදි ප්‍රකාශයක් කිරීමෙන්ම මේ ලියවිල්ලේ සැඟවුණු කතෘවරුන්ගේ අභිමතාර්ථය මුදල් ගෙවන සාමාන්‍ය අධ්‍යාපනයකට මේ රට තුල මුල්තැන දීම බව පැහැදිලිය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳව ඇති තවත් දුර්මතයක් නම් නිදහස් අධ්‍යාපනය විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින රටවලට නොගැලපෙන සමාජවාදී සංකල්පයක් බවයි. විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින යුරෝපයේ බොහෝ රටවලද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම මත ක්‍රියාත්මක වන ලොවේ බොහෝ රටවලද ඇත්තේ නිදහස් අධ්‍යාපනයයි. මේ රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇත්තේද අතලොස්සකි. කරුණු නිසි ලෙස නොදැනගෙන අධ්‍යාපන ක්‍රම පිළිබඳ විශාරදයන් ලෙස පෙනී සිටින අය ඕනෑම ලියවිල්ලට නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ සංකල්ප කිහිපයක් ඇතුළු කොට ඒ සංකල්ප වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදියි. එවිට සිදුවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමස්ත ලියවිල්ලේ කරුණු අමතකවී නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුද නැත්ද යන්න ගැන දෙපිලකට බෙදී සටන් කිරීමයි. මේ සටන නිසා සිදුකල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවධානය නොලැබී යයි.

පුද්ගලික අධ්‍යාපනයට යම් තැනක් ඇත්තේ ගුණාත්මක බැවින් ඉහල, රජය විසින් ලබාදෙන, නිදහස් අධ්‍යාපනයට අනුගත නොවීමට යම් සාමාජීය හේතුවක් නිසා තීරණය කරන සමාජ තීරුවට ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාදීමටය. එසේ වුවත් අධ්‍යාපනය රජය විසින් නියාමනය කල යුතුය. මේ ලියවිල්ලේ කිසිදු තැනක හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති ජාත්‍යන්තර පාසල් නමින් හඳුන්වන පාසල් නියාමනය කිරීමට කිසිදු යෝජනාවක් ඇතුළු නොවන්නේ ඇයි දැයි වටහා ගත නොහැක. මේ පාසල්වල ඉගැන්වෙන විෂය මාලාවන්, ගුරුවරුන්ගේ ප්‍රමිතිය හා අයකරන ගාස්තු, රජය විසින් පිහිටවනු ලබන යම් අධිකාරියක් මගින් අධීක්ෂණය කලයුතු වන්නේ, මෙම පාසල්වලින් බිහිවන්නේද අප රටේ පුරවැසියන් බැවිනි.

පවතින පුහුණු විෂයමාලා විශේෂඥවරුන්ගේ හිඟය නිසා නිසා අද ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ අංශ පවා පවත්වා ගෙනයනු ලබන්නේද  අසීරුවෙනි. මෙවන් තත්ත්වයක් යටතේ මේ ලියවිල්ලේ අපේක්ෂිත වෙනස්කම් වල සඳහන් වන අයුරින් පළාත්වලට ස්වයංපාලිත තත්ත්වයක් ලබාදීම කිසිසේත්ම ප්‍රයෝගික නොවේ. මේ ලියවිල්ල පිළියෙළ කිරීමේදී ලංකාව වැනි කුඩා රටක් බවත්, ආර්ථික අගාධයකට වැටී සිටින බවත් අප රට අධ්‍යාපනය සඳහා වියදම් කරන්නේ කුඩා මුදලක් බවත් අමතක වී ඇති බව පෙනී යයි. අධ්‍යාපනයේ විවිධ අංශ විමධ්‍යගත කිරීමෙන් සිදුවන්නේ ඒ සඳහා යන වියදම අධික වී අධ්‍යාපන සේවය කඩාකප්පල් වීමයි.

මේ ලියවිල්ලේ 29 වෙනි පිටුවෙහි මුල් ළමාවිය එනම් පෙර පාසල් අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න හා  වියවුල් පිලිබඳ සඳහන්ව ඇත. අමාත්‍යංශ, කාර්යාංශ, ආයතන, පළාත් සභා, පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික ආයතන මගින් පාලනය වන පෙර පාසැල් හා මොන්ටිසෝරි ලෙස පෙර හඳුන්වා දැන් “මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන” හඳුන්වන මේ ආයතන බොහොමයක් නොදරුවන්ට අකුරු හා ඉලක්කම් උගන්වන ආයතන බවට පත්වී තිබේ. තම දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරවීමේ ආශාවෙන් පෙලන දෙමව්පියන් විශාල මුදලක් වැයකොට තම දරුවන් ” ජාත්‍යන්තර ළමා පාසල් “ වලට දරුවන් ඇතුළු කරයි. මේ ආයතන අධීක්ෂණය සඳහා ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනය වෙත අන්තර්ග්‍රහණය කිරීම මේ ලියවිල්ලේ ඇති වැදගත් යෝජනාවකි. මේ කාර්යාංශය ඉන්පසුව මේ ආයතනවල විෂය නිර්දේශ, ඉගැන්වීම අධීක්ෂණය කිරීම, පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණුව විධිමත් කිරීම වැනි දෑ සිදුකල යුතුය.

මේ ආයතන වල ගුරුවරියන් බොහෝ දෙනෙකු පොදු කම්කරු නීතිය පවා යටත් නොවී, ඉතා අඩු වැටුපකට, විශාල මානසික පීඩාවකින්, තාවකාලික පදනමින් වැඩ කරයි. මොවුන්ගේ ජිවන මට්ටම ඉහල දමා, මනා පුහුණුවක් ලබාදී, “මොන්ටිසෝරි ටීචර්” සමාජයේ  ගෞරවයට ලක්වන කාන්තාවක් බවට පත්නොකොට ඔවුන් දිගු කාලීන වෘත්තිකයන් බවට පත්කළ නොහැක. එවැනි වෙනසක් නොකර දරුවාන්ගේ බුද්ධි වර්ධනයේ වැදගත් අවධියක ඉගැන්වීම භාරව සිටින මේ කාන්තාවන්ගෙන් දරුවනට උපරිම පල ලබාදිය නොහැක.

පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා පාසල් කාලය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව මේ ලියවිල්ලේ ඇති සඳහන නිවැරදිය. එසේ වුවත් මේ කාල පරාසය තුල මුලික ජිවන කුසලතාවයන් වන ආවේග පාලනය, නිවැරදි චින්තනය, පුද්ගලයන් සමඟ සන්නිවේදනය, තර්කානුකුලව සිතීම, අභියෝග භාරගැනීම, තම උත්සාහයෙන් ඉගැනීම වැනි ඉගැන්වීමට හෝ ඉගැනීමට දැනට ඇති බාධා හඳුනාගැනීමක් හෝ එවැනි බාධාවන් මඟ හැරවීමට ගතයුතු පියවර ගැන කිසිදු සඳහනක් මේ ලියවිල්ලේ නැත.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දරුවන්ගේ බුද්ධි වර්ධනයේ එක් එක් අවස්ථාවේ වර්ධනය කලයුතු හැකියාවන් මොට කරන අයුරුත්, එය පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට බලපාන අයුරුත් පිළිබඳව මා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් මිට වසර දහයකට ප්‍රථම පාර්ලිමේන්තු කමිටුව්කදී කරුණු ඉදිරිපත්කර, අධ්‍යාපන අමාත්‍යංශයේදී ද, දිවයිනේ ප්‍රධාන නගර රැසකදී ද සම්න්ත්‍රණ මාලාවක් පවත්වන ලදී. මේ දේශන වල අඩංගු කරුණු පුවත්පත්වල ලිපි මාලාවක් ලෙස පලවී පසුව පොතක් ලෙස එලිදැක්විණි. මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් මේ දක්වා වැදගත් පියවරක් ගෙන නැත.

මේ  ජිවන කුසලතා පාසල තුලදී ඉගැන්වීමට නම් පළමුවෙන්ම ඒ කුසලතාවයන් වැඩි දියුණුවන අන්දමේ විෂය නිර්දේශයක් මේ අවධියට තැනිය යුතුය. දෙවනුව ඒ විෂය නිර්දේශයට අනුව ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කිරීමට දැනට සිටින ගුරුවරුන් පුහුණුකල යුතුය. මේ දෙක සිදුකලත් පාසල් දරුවන් ජිවන කුසලතා වැඩි දියුණුවන අන්දමේ අධ්‍යාපනයක් ලබා ගැනීමට දෙමවුපියන් හා දරුවන් සුදානම් නොවේ නම් මේ අභිමතාර්ථය ඉටුනොවේ.

මේ ප්‍රතිපත්ති රාමුවේ කිසිම තැනක පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ගැන හෝ එය ප්‍රාථමික අධ්‍යාපනයට ඇතිකරන බලපෑම ගැන හෝ සඳහනක් නොකරයි. මෙය මහ පොලවේ යථාර්තය හඳුනානොගත් ලියවිල්ලක් බව තවදුරටත් තහවුරු වන්නේ එලෙසිනි.  තමන් අධ්‍යාපන විශේෂඥයන් ලෙස හඳුන්වාගන්නා අහසෙහි සිටින අය  ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව සඳහන් කලත්,  පොළවෙහි සැබවින්ම සිදුවන්නේ තුන්වෙනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා දෙමවුපියන් හා දරුවන් මේ සියල්ල අමතක කොට භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට සුදානම් වීමයි. මේ කිසිවක් ජිවන කුසලතා දියුණු කිරීමට ඉවහල් වන ක්ෂේත්‍ර නොවේ. රැකියා වෙළඳපොලට නොගැලපෙන, තම යුතුකම් හා වගකීම් නොදන්නා පුරවැසියන් බිහිවන්නේ බුද්ධි වර්ධනයේ වැදගත් අවස්ථාවක් වන ප්‍රාථමික අධ්‍යාපන යුගයේ ජිවන කුසලතා වර්ධනය නොවීම නිසාය. ඒ බව අපේ අධ්‍යාපන විශේෂඥයන් හඳුනාගන්නා තෙක්  උසස් අධ්‍යාපනයේ කුමන වෙනස්කම් කලත් පලක් නොවේ.

මෙයට විසඳුමක් ලෙස අපේ පඬිවරුන් යෝජනා කරනු ඇත්තේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමයි. මෙය දැනට පවතින සමාජ දේශපාලන යථාර්තය යටතේ සිදුකල නොහැක්කකි. වසර 40 වැනි කෙටි කාලයක් තුල 20% සිට 80% ක් දක්වා සීග්‍රයෙන් වර්ධනය වී ඇති අප රටේ මධ්‍යම පංතික සමාජ ස්ථරයේ අපේක්ෂාවන්ට සරිලන අන්දමේ පාසල් පද්ධතිය වැඩි දියුණු කිරීමට මේ දක්වා පැවති කිසිම රජයක් සමත්වී නැත. ඒ නිසා ජනප්‍රිය පාසල් අතලොස්සට තම දරුවා ඇතුළු කරගැනීමට මධ්‍යම පාංතික දෙමවුපියන් දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මිට දශක කිහිපයකට පෙර දරුවනට බරක් නොවෙන විභාගයක්ව පැවති පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද බලු පොරයක්ව ඇත. “හොඳම පාසල ලඟම පාසල” වැනි හිස් සටන් පාඨවලින්ද මේ තරඟය නැති කළ නොහැක. ඒ, තම දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළුවීමට හැකි වුවහොත් ලැබෙන අධ්‍යාපනය කෙසේ වෙතත් සමාජ පිළිගැනීම වැඩි බව මේ දෙමවුපියන් දන්නා නිසාය. ජනප්‍රිය පාසලක ආදි සිසුවෙකුවිම තම දරුවාගේ අනාගතයට ඇතිකරන බලපෑම  විශාල බව දන්නා අප රටේ සුවිසල් මධ්‍යම පංතිය කිසිවිටකත් මේ විභාගය අවලංගු කිරීමට ඉඩ නොදෙනු ඇත. තමන් මේ විභාගය අවලංගු කරන්නේ යැයි සිංහනාද කල අපේ  අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනෙකු හිමින් සීරුවේ පල්ලම් බැස්සේ, එවැන්නක් කිරීම තම දේශපාලන අනාගතයට සුබදායක නොවන බව දැනගත් නිසාය.

මෙවැනි අන්තෝජටා බහිජටා ප්‍රශ්නයකට ඉදිරිපත් කලහැකි එක් විසඳුමක් නම් මේ විභාගය හත්වැනි ශ්‍රේණිය කල් දමා ජනප්‍රිය පාසල් වල පන්ති හයවැනි ශ්‍රේණියේදී නොව අටවෙනි ශ්‍රේණියට පසුව පළල් කිරීමයි. මේ මගින් මධ්‍යම පංතික දොලදුක සංසිදෙනු අතර, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් පස්වෙනි ශ්‍රේණිය දක්වා  මුලික ජිවන කුසලතාවයන් වර්ධනය කෙරන අන්දමේ අධ්‍යාපනයකට යොමු කල හැකිය. මෙයට සමගාමිව දැනට පවතින මුළු පාසල් සංඛ්‍යාව වන (2021) 10,141 න් 38%ක් වන පස්වැනි ශේණිය දක්වා ළමුන් සිටින පාසල් 3393 හි පන්ති 7 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දක්වා පුළුල් කල යුතුය. දැනට ප්‍රාථමික ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව වන ලක්ෂ 16 කින් ලක්ෂ 6 ක්  ඉගෙනුම ලබන්නේ මේ කුඩා ප්‍රාථමික පාසල් වලය. මෙවැන්නක් තුලින් ජනප්‍රිය පාසල්වල තදබදය අඩුවෙනු ඇති අතර, කුඩා පාසල් වැසීයාමද අඩුවනු ඇත.

හයවැනි ශ්‍රේණියේ සිට දහවෙනි ශ්‍රේණිය දක්වා කාලය වන මෙය මේ ලියවිල්ලේ අඩුම අවධානය යොමුකර ඇති කොටස වේ. එය ජීවිතය සඳහා පදනම යොදන කාලය ලෙස මේ ලියවිල්ලේ සඳහන්ව ඇතිමුත් ඒ කුමන පදනමක් දැයි මේ ලියවිල්ලේ සඳහන් නොවේ. සැබෑ ලෙසම සාක්ෂරතාවය හා සාමාන්‍ය දැනුම වර්ධනය කරගතයුතු අවධිය වන මේ වයසේදී භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සුදුසුවේ. එසේම වයස අවුරුදු 12 වන විට වෙනත් පාසැලකට අනුගත විය හැකි වයසකට දරුවා මුහුකුරා ගොස් ඇත.

දැනට කනිෂ්ඨ ද්විතියික අවධියේ පාසැල් විෂයමාලාවේ ලක්ෂණය නම් අනවශ්‍ය විෂය කරුණු සහිත විෂයයන් රාශියක් ළමුන්ට ඉගැන්වීමයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුදැනුම ඇතිව හෝ නැතිව මේ ඉගැනුම් බර වැඩිකිරීම විදුහල්පතිවරුන්ගේ අභිරුචිය මත සිදුවේ. මේ කාලය තුල, මා දන්නා කොළඹ නගරයේ එක් ජනප්‍රිය රජයේ පාසලක දරුවන් සිංහල, දෙමල, ඉංග්‍රීසි වලට අමතරව තවත් භාෂා දෙකක් දරුවන්ට ඉගැන්විණි. සමස්තයක් ලෙස භාෂා පහක්වන මේ ප්‍රමාණය ගැන ඇසු මා පවසා සිටියේ තවත් එක් භාෂාවක් ඉගැන්වුවහොත්, මේ පාසලෙන් “ෂඩ් භාෂා පරමේශ්වර” රැසක් බිහිකර ගතහැකි බවයි. සත්‍ය වශයෙන් සිදුවනුයේ විෂය කරුණු වැඩි නිසා කිසිදු කරුණක් සිතෙහි නොරැඳීමයි.

මේ අවධියන් පිලිබඳ මෙතෙක් පලවූ ලියවිලි හෝ ක්‍රියාත්මක කල වැඩපිළිවලට අමතර කිසිදු නව කරුණක් මේ ලියවිල්ලේ අඩංගුව නැත. පාසලේ දරුවන් ගතකල  යුතු වසර ගණන අඩු කිරීමට මේ ලියවිල්ලේ ඇති යෝජනාව හා අනෙකුත් යෝජනා මිට පෙර කිහිප වතාවක් විවිධ ලියවිලිවල පැවසී තිබිණි.

[ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023 2033)]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/feed/ 0
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/#respond Thu, 18 Apr 2024 10:00:37 +0000 https://vivaranalk.com/?p=11226

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක් අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැක සංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින් අධ්‍යාපනය සමාජමය දේපළක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට […]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! appeared first on විවරණ.

]]>

අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැක සංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින් අධ්‍යාපනය සමාජමය දේපළක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට අර ඇදීම පිළිබඳ ව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වශයෙන් අප සැලකිළිමත් වන්නෙමු.  

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ මෙම ප්‍රතිසංස්කරණ යෝජනා බැඳී පවතින බව අප පෙන්වා දෙන්නේ කෝපයෙන් යුතුවය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන්කරන අරමුදල් කප්පාදු කරන අතරේ සියළු විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමද රජය සිදු කරයි. බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාර වල නිමග්න වන බව පැවසෙන විශ්ව විද්‍යාල සිසුන්ගේ ඡායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන් සේවා නියුක්තියට නුසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් රැකියා වෙළඳපොළක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය. මේ ආඛ්‍යාන නිසා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව, ගත හැකි එකම ක්‍රියාමාර්ගය බවටද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවතී. එහෙත් මෙවැනි ප්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහිදී සාකච්ඡා නොවේ. 

මෙහි නවතම යෝජිත ප්‍රතිසංස්කරණය වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාර අදහස් විමසීමකින් තොරව, අදහස් සඳහා විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක්‍රියාවලියකි. මෙමඟින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත් වලට සමීප නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පාසල් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ වෙනස්කම් ද යෝජනා කොට තිබුණත්, මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම් වලට අවධානය යොමු කිරීමයි.    

මෙම යෝජනා වලට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක් අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර, එතුළ පෞද්ගලික අංශයට සැළකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන්කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනටමත් හිඟ තත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත්, ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීයික අධ්‍යාපනයට හැරවීමේ ක්‍රමයකි මෙය. ඇත්තෙන්ම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ,

උසස් අධ්‍යාපනයෙහි ලා පෞද්ගලික අංශයේ භූමිකාව ප්‍රසාරණය කිරීමයි.  

වත්මනේ තෘතීයික අධ්‍යාපනය වෙත ප්‍රවිෂ්ට ය ලබාගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අඩු බවට දුක්වන රජය (යෝජිත ප්‍රතිපත්ති රාමුවේ එය උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 8.9% ක ප්‍රමාණයක් බවට සාවද්‍ය ප්‍රකාශයක්ද සිදුකරයි). 2022 වසරේදී අධ්‍යාපනයට වෙන්කොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් පමණක් බව ලෝක බැංකු වාර්තා වලට අනුව පෙනේ. එය ලෝකයෙන්ම අධ්‍යාපනයට වෙන්කොට ඇති දෙවැනි අඩුම ප්‍රතිශතයයි. මෙම ආයෝජනය සඳහා රජයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට නැත. ඒ වෙනුවට මෙම ප්‍රතිපත්ති රාමුව තුළ රජය යෝජනා කරන්නේ

යන ක්‍රම ඔස්සේ එම ආයෝජන අවස්ථා සාධනය කරගැනීමයි. 

මෙම ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමය රජයේ විශ්ව විද්‍යාල වල වත්මනෙහි පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරලා දැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අරමුදල් තුන් ආකාරයකින් සම්පාදනය වනු ඇත: රජයෙන් ලැබෙන ප්‍රතිපාදන, පාඨමාලා ගාස්තු ආදිය තුළින් සිසුන් දක්වන දායකත්වය සහ විශ්ව විද්‍යාලයෙන් සම්පාදනය කරගන්නා අරමුදල් යන ඒවාය. තනි තනි පාඨමාලා සඳහා වෙන්වන අරමුදල් ප්‍රමාණය තීරණය වනු ඇත්තේ ඒවාට බැඳෙන සිසුන්ගේ ප්‍රමාණය මතය. මෙම මාදිලිය තුළ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලටම සිය පැවැත්ම සහ අරමුදල් සඳහා තරඟ වැදීමට සිදුවනු ඇත. 

ඓතිහාසිකව, ද්විතීයික හා තෘතීයික මට්ටමේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා විෂමතා අඩුවීම මෙන්ම දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවට ඉන් මිදීමේ මාර්ගයක් විවර වීමද සිදුවිනි. මේ තුළින් මධ්‍යම පාන්තික බොහෝ දෙනා ප්‍රයෝජන ලබා තිබේ. සමහර අධ්‍යයන පාඨමාලා වල පවත්වා ගන්නා දිස්ත්‍රික් කෝටා මෙන්ම වෙනත් එවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට සංවේදී ප්‍රතිපත්ති නිසා ස්ත්‍රී-පුරුෂ භාවය, පන්තිය, කුලය, ප්‍රාදේශීය අනන්‍යතාවය වැනි සාධක වල බලපෑමෙන් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව සිසුන්ට ලැබී ඇත. එය රටේ සමාජ යුක්තිය ප්‍රවර්ධනයෙහිලා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පැවැත්ම සඳහාද නිදහස් අධ්‍යාපනය වැදගත් වන්නේ එමඟින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෘත්තිකයන් අඩු මිලකට නිර්මාණය කරන හෙයිනි.

සිය අරමුදල් ස්වයංව සම්පාදනය කරගැනීම නව ප්‍රතිපත්තියට අනුව විශ්ව විද්‍යාල වල වගකීමක් බවට පත්වන නිසා, යම් දෙන ලද අවස්ථාවක විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන පාඨමාලා එම මොහොතේ වඩාත්ම ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වනු ඇත. ඒවාට ඇදී එන සිසුන්ද නාගරික ඉහළ මධ්‍යම පාන්තික සිසුන් වනු ඇත්තේ, රැකියා වෙළඳපොල තුළ වැඩි වාසියක් ඇති ඔවුන්ට විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම් වලදී වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇති නිසාය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිසම විසින් විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමත්, උපාධිය ලබාගැනීමෙන් පසු ලංකාව තුළ රැකියා අවස්ථා සම්පාදනය කිරීමත් අරමුණු කිරීම තුළ මෙම ගැටළුව තවදුරටත් තීව්‍ර වනු ඇති බව පෙනී යයි (පිටුව 26) 

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සමාජ විෂමතා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට, ඒ සඳහා රජයේ දායකත්වය එන්න එන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම් වල තේරුම වන්නේ කාලයක් යනවිට ධනවත් පවුල් වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒ තුළින් පවතින සමාජ අසමානතා තවදුරටත් තීව්‍ර වේ.

මෙවැනි ප්‍රතිපත්තියකින් දැවැන්ත ප්‍රතිවිපාක ඇති වේ. අප දන්නා නිදහස් අධ්‍යාපනය වියැකී යනු ඇත. අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය අහිමි වූ විට සමාජයේ ආන්තික කණ්ඩායම් වලට ප්‍රගමනය සඳහා පවතින ස්වල්පයක් මාර්ග වලින් එකක්ද වැසී යනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුවෙන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික, දැනටමත් වෙනත් විකල්ප පවතින කණ්ඩායම් වලට බලපෑමක් නොවේ. සමාජ ස්ථායිතාව වෙනුවෙන් කරදර වන පිරිස, නිදහස් අධ්‍යාපනය වියැකී යන්නට හැරීමෙන් ඇතිවන දැවැන්ත අස්ථාවරත්වය අවබෝධ කරගත යුතුය.

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අප තදින් විරුද්ධ වියයුතු අතර, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවට අවධාරණයද කළයුතු වේ.

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/feed/ 0
ඡන්දය මංකොල්ලයක් වීම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි? https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%80%e0%b7%90%e0%b7%85/ https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%80%e0%b7%90%e0%b7%85/#respond Thu, 18 Apr 2024 08:31:57 +0000 https://vivaranalk.com/?p=11214

පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද වැඩියෙන්ම කතා බහ වෙන කාරණයකි. මේ දෙකින් කුමන එක පැවැත් වුවද  ජනතාවට ගත හැකි තීරණ දෙකක් ඇත. ඒ ඡන්දය දෙනවාද නැද්ද සහ ඡන්දය දෙන්නේ නම් ඒ කුමන පක්ෂයට ද නැතිනම් කවර පුද්ගලයාට ද යන්න තීරණය කිරීම ය. සාමාන්‍යයෙන් ලංකාවේ […]

The post ඡන්දය මංකොල්ලයක් වීම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි? appeared first on විවරණ.

]]>
පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද වැඩියෙන්ම කතා බහ වෙන කාරණයකි. මේ දෙකින් කුමන එක පැවැත් වුවද  ජනතාවට ගත හැකි තීරණ දෙකක් ඇත. ඒ ඡන්දය දෙනවාද නැද්ද සහ ඡන්දය දෙන්නේ නම් ඒ කුමන පක්ෂයට ද නැතිනම් කවර පුද්ගලයාට ද යන්න තීරණය කිරීම ය. සාමාන්‍යයෙන් ලංකාවේ 87/-88 භීෂණ සමයේ පැවති ඡන්ද විමසීම්වලදී හැර අනෙක් සෑම අවස්ථාවකම ලියා පදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉතිහාසයක් පවතී. එමනිසා ඡන්ද දෙනවාද යන්න තීරණාත්මක ප්‍රශ්නයක් නොවනු ඇත. ජන අරගලයේ මතක තවමත් අවදියෙන් පවතින නිසා මෙවර කුමන ඡන්ද විමසීම පැවැත් වුවත් ඡන්දදායකයන්ගේ උනන්දුවේ කිසිම අඩුවක් විය නොහැකිය. මෙතෙක් පැවති සෑම ඡන්ද විමසීමකදී ම පක්ෂයක් සහ පුද්ගලයන් තේරීමේ දී දක්වා ඇති උනන්දුව සහ විචක්ෂණ භාවය ද මෙවරත් නොවෙනස්වනු ඇතැයි අනුමානය කළ හැකිය.

එමනිසා වැදගත්ම කාරණය වන්නේ ජනතා අපේක්ෂාව ඉටු කර ගත හැකි වටපිටාවක් ගොඩ නැගී ඇත්තේ ද යන්න යි. ඡන්දය ලබා ගැනීමට ඉදිරිපත් වන පක්ෂ සහ පුද්ගලයන් විචිත්‍රවත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන නමුත් ජනතාව ඒවා ප්‍රමාණවත් ආකාරයෙන් විශ්ලේෂණය කිරීමක් හෝ සංවාදයට ලක් කිරීමක් කර ඇත්ද යන්නත් සැකයකි. බොහෝ විට සිදු වන්නේ බලයේ සිටින පක්ෂය හෝ පුද්ගලයා ප්‍රතික්ෂේප කර තරග බිමේ ඉදිරියෙන්ම සිටින අනෙකා ට ඡන්ද ප්‍රකාශ කිරීමකි. පසුගිය කාල සීමාවේ සිදුව ඇත්තේ විරෝධය ප්‍රකාශ කිරීම ය. බලය ලබා ගැනීමට දෙන පොරොන්දු ඉටු කළ හැකි ඒවාද ඒ සඳහා කැපවීමක් තිබේද යන්න ගැන ගැඹුරු හැදෑරීමක් බොහෝ විට සිදු වන්නේ නැත. මැතිවරණ පොරොන්දු බොහෝ විට ඡන්ද විමසීමත් සමග හිස් ආකාශයේ පාව යනු ඇත. එම අත්දැකීම පෙර කවදාටත් වඩා අද වැදගත් වන්නේ ජනතා ප්‍රශ්න වෙන කවදාටත් වඩා තීව්‍ර වී ඇති නිසාය. 69 ලක්ෂයක ජනවරමක් ලත් පුද්ගලයා රජගෙදර පිටුපස්සා දොරින් පැන ගියේ පොරොන්දු කඩ කිරීමේ වරද නිසා ය. ඒ කුමන්ත්‍රණයක් නිසාද නැත්ද යන්නට වඩා වැදගත් වන්නේ ජනවරම ලබා ගත් පුද්ගලයා ජන ජීවිතය යහපත් කිරීමට කිසිදු පියවරක් ගැනිමට අපොහොසත්වීම ය. එම අසාර්ථක භාවය ලෝකයටම දිස් වූයේ රටේ බංකොළොත් භාවය ප්‍රකාශ කොට හිඟමනට පත් වීමෙනි.

එම තර්කයේ සාධාරණකම හෝ අසාධාරණකම පසෙක දැමුවත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම ජනතාව මත පැටවෙන තවත් බරක් යන්න පැහැදිලි කර ගැනීමට ප්‍රමාණවත් ය.

මෙම සැසඳීමේ දී පසුගිය දා පැවති පාකිස්ථානු මහා මැතිවරණයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සැලකිල්ලට ගත යුතු නැත. පාකිස්ථානයේ මැතිවරණ ක්‍රියා වලියේ කෙතරම් අඩුපාඩු තිබුණත් මුදල් නාස්තිය සිදුව ඇත්තේ අඩුවෙන් බව සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් ය. එහි ඡන්ද විමසීමේ පැවැත් වූයේ පිරිහීගිය ආරක්ෂක තත්වයක් යටතේ වුවද එහි වියදම ඉතාමත් අඩු මට්ටමක තිබී ඇත.

ලංකාවේ මැතිවරණ පැවැත්වීම සඳහා මෙතරම් විශාල මුදලක් වැය වන්නේ ඇයි? අපගේ ඡන්ද විමසීම්වලින් තේරී පත්වන නියෝජිතයන් ගේ ගුණාත්මක භාවය පාකිස්ථානයේ අයට වඩා වැඩි නම් අධික පිරිවැයක් දැරීම බරපතළ ප්‍රශ්නයක් නොවේයැයි බැහැර කළ හැකිය. එහෙත් අපේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම පාකිස්ථානයේත් අසල්වැසි සෙසු රටවල අයටත් වඩා වෙනස් වන්නේ නැත. කෙටියෙන් සියල්ලන්ම එක වල්ලේ පොල් ය.

මැතිවරණ වියදම් ගැන කතා කිරීමේ දී තවත් ප්‍රසිද්ධ කාරණයක් නැවත සිහිපත් කළ යුතුය. ඒ 2014 වසර අවසානයේ පැවති ජනාධිපතිවරණයේදි අපේක්ෂකයන්ට ලැබුණු දේශීය සහ විදේශීය මුදල් පරිත්‍යාගයයි. අපේ රටේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට මැතිවරණ වියදම් සඳහා ලබා දෙන පරිත්‍යාග හෙළි කිරීමේ අවශ්‍යතාවයක් නැත. අඩුම වශයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ එම මුදල් ලැබුණු ආකාරය හෝ වියදම් කළ ආකාරය විමසන්නේ නැත.

මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීමත් ඊට තරග කිරීමත් මහා ධන කොල්ලයක් බවට පත්ව තිබීම ය. අබ වපුරා තල අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි ආකාරයෙන්ම මෙවැනි ඡන්දවලින් මහජන අභිලාෂයන් ඉටු වන්නේ නැත. පසුගිය වසර හැත්තෑපහකට අධික මැතිවරණ ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ එයයි.

අද ලාංකික ජනතාව ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අලුත් ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අමතරව මෙම ක්‍රියාවලියේ ඇති බරපතළ අඩුපාඩු නිවැරදි කර ගැනීම ය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බව සැබවි. නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නැති තත්වයක් යටතේ නව නීති හඳුන්වාදීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. කළ යුත්තේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම ක්‍රියාවලියේ පාරද්‍රශ්‍ය භාවය ඉල්ලා සිටීම ය. මැතිවරණ දින ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම වැදගත් වුවත් සම්පූර්ණ ක්‍රියාවලියම දූෂණය වී ඇති තත්වයක් යටතේ නිරීක්ෂණයෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත.

එමනිසා ඡන්ද විමසීම් පැවැත්වෙන කාල සීමාව තුළ අපේක්ෂකයන් සහ තරගයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැය කරන මුදල් සහ ඒවා ලැබුණ ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම ඡන්දය ලබා ගැනීමේ කොන්දේසියක් බවට පත් කළ යුතුය. එවැනි තොරතුරු ලබා දීමට අපොහොසත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ හෙළිදරව් කිරීම මහජන යහපත අපේක්ෂා කරන සියලු දෙනාගේ වගකීම විය යුතුය. ප්‍රතිපත්ති ප්‍රකාශන මෙන්ම ඡන්දය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ද ජනතාවට දැනුම් දිය යුතුය. තේරීම් කිරීමේ දී ජනතාවට ඒ කරුණු දෙකම එකසේ වැදගත් ය.

මෙය අත්‍යවශ්‍ය වන්නේ මැතිවරණ වියදම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ආයෝජනයක් සේ සලකන නිසාය. සමාගමක කොටස් මිලදී ගැනීමේ දී අවශ්‍ය සියලු විස්තර හෙළි කළ යුතු ආකාරයෙන්ම ඡන්දය ඉල්ලා සිටීමේ දී පොරොන්දුවලට අමතරව විමර්ශනය කළ හැකි ආකාරයන් තමන්ගේ සද්භාවය ද ප්‍රකාශයට පත් කළ යුතුය. එවැන්නක් නොමැතිව පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම් පෙර පැවති ඒවායින් වෙනස් වන්නේ නැත.   

The post ඡන්දය මංකොල්ලයක් වීම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%80%e0%b7%90%e0%b7%85/feed/ 0
පොහොට්ටුව හාන්සි කරවීම: රනිල් රාජපක්ෂට තුති! https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b6%bb/#respond Thu, 18 Apr 2024 08:25:05 +0000 https://vivaranalk.com/?p=11209

රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ. අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන් අත හපා කා රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දෙකේ කොළයට දැමීම ගැනය. රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බව්තීස්ම කොට. සාටකයක පොරවා ජනාධිපති පුටුවට වැඩම වූයේ රාජපක්ෂ […]

The post පොහොට්ටුව හාන්සි කරවීම: රනිල් රාජපක්ෂට තුති! appeared first on විවරණ.

]]>
රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ.

අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන් අත හපා කා රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දෙකේ කොළයට දැමීම ගැනය.

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බව්තීස්ම කොට. සාටකයක පොරවා ජනාධිපති පුටුවට වැඩම වූයේ රාජපක්ෂ පවුලේ  ජාතික ඇදුම් උනා  පාවාඩ  බවට පෙරළමිනි.

ජනාධිපති පුටුවේ ඇලෙන තුරු රනිල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ සුචච කීකරු කුක්කකු සේ ඉජු ඉජු හඩ මිහිරි ගායනයක් සේ වින්දේ, දෙන්ඤම් බැටේ වාදනය සූදානම් කරමිනි.

රාජපක්ෂ පවුල විධායක ජනධිපති පුටුවේ සැප සහ මාන්නය දොලොස් වසරක් වින්දනය කර තිබුණද, රනිල් රාජපක්ෂ එම පුටුවේ ඇලවීමෙන් පසු, ඇතුන් ලවා වත් ඉවතට ඇද්ද විය නොහැකි බව නොදැන සිටියා වැන්න. ඇතුන් ලවා ඇද්ද විය නොහැකි මෝඩකම් ගැන කට වහරේ එන්නේ නිකමට නොවේ.

2022 මහජන අරගලය සමථයකට පත් කරනු වස් නිර්පාක්ෂික විශ්වසනීය ජනාධිපතිවරයකු පත් කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉක්මන් මහා  මැතිවරණයකට ගියේ නම්, රාජපක්ෂ සනුහරය අද මුහුණ දෙන වින්නැහියෙන් ගැලවීමට යම් ඉඩක් තිබුණි. එම අවස්ථාවෙහි රනිල් වික්‍රමසිංහ බලයක් නැති හුදකලා මංත්‍රි කට්ටකු වූ අතර, ජවිපෙ- ජාජබ අද තරම් ජන බලයක් ගොඩ නඟා ගෙන නොතිබුණි.

සියල්ලටමත් වඩා ඒ අවස්ථාවෙහි පොදු ජන පෙරමුණේ දේශපාලනඥයින් සිටියේ මහින්ද රාජපක්ෂට සිය මහරජානන් ලෙස එතෙකුදුත් වන්දනාමාන කරමිනි..

සෙනසුරාටත් බටකොළ කෑමට සිදුවන දිනයක් එන්නේය. ශුද්ධ යැයි කියන සියලු දේ කිලුටු වන දිනයක් උදා වන්නේය. සියල්ලටමටත් වඩා මිනිසාට ස්වකීය ඉරණම අතට ගැනීමට බල කරන දිනයක් ළගා වෙයි.

‘අපි රනිල් ගැන දන්නේ නැතැයි’ රාජපක්ෂ පවුලේ මහරජානන් මාධ්‍යට කිවේ වැඩි ඈතකදී නොවේ. මහින්ද රාජපක්ෂ අත්දැකීම් ඇති දේශපාලනඥයකු වශයෙන් තමා ස්නානය කරන ලද කිලුටු ජලයෙන්ම බව්තීස්ම කරන ලද නමුත් රනිල් රාජපක්ෂ යනු ආපසු හැරී දෂ්ඨ කරන සර්පයකු බව නොදැන සිටියා විය නොහැක. එනමුත් දෙවසරකට පෙර නැගී ආ ඒ මහා ජන ගංගාව විසින් ගිණි කන වට්ටන ලද මහරජාණෝ  ඩීල් දේශපාලනයේ චක්‍රවර්තී  බැසිල් රාජපක්ෂට යට විය. රාජපක්ෂ දේශපාලනයම ඉදිරියට ගෙන යන බවට සපථ කරවා ගැනීමෙන් පසු, රනිල් රාජපක්ෂ,  පාවාඩ මත විධායක පුටුවට නංවන ලදී.

දැන් රනිල් රාජපක්ෂ, රාජපක්ෂ නිලමැස්සන් ඔහු වටා රැස් කර ගන්නා වේගයෙන්  තමා ද රාජපක්ෂ කෙනෙකු බව සනාථ කරමින් සිටින්නේ රාජපක්ෂ පවුලට දවල් තරු පෙන්වමිනි.

මුලින්ම තමන්ගේ හිතෛශී ප්‍රාදේශීය මංත්‍රියන් කිහිප දෙනෙකුට ඇමතිකම් දෙන ලස පොහොට්ටුව කරන ලද ඉල්ලීමට රනිල් රාජපක්ෂ පයින් ගැසුවේය.

පොහොට්ටු මහ රාජානන් ද දෙටු රජානන් ද රජ කුමරුවා එකපැහැර අයැද සිටි මහා මැතිවරණ  යෝජනාවට  රනිල් රාජපක්ෂ පිළිතුරු දුන්නේ මැදමූලනටම ඇසෙන තරම් අධෝ වාතයකිනි.

හුනස්නෙන් නොනැගිටම ‘පුලුවන් නම් මංත්‍රී 113ක අත්සන් අරං එන්න’ යැයි රනිල් රාජපක්ෂ  රජ පවුලට අභියෝගයකින් දමා ගැසුවේය.

ඉහත ආත්මයේ ඉඩම් ප්‍රේතයකුව ඉපිය සිටියාක් වැනි පෙනුමකින් යුත් අගමැති සූට් මසා ගත් ඇමතියකු නොනවත්වාම රනිල් රනිල් මයි මතුරන  හඩ ඉවසා සිටිය නොහැක්කේ රජ පවුල, ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මුවින් නොබා සිටිනු යැයි සිය වහලුන්ට නියෝගයක් කළේ රටටම ඇසෙන අඬ බෙර පදයකිනි.

මහා මැතිවරණයක් රජ පවුල ඉල්ලා සිටියේ, තමන්ට හොදින්ම පන්දු කෙළියේ යෙදිය හැකි පිට්ටනිය එය බැවිනි. රනිල් රාජපක්ෂගේ හූඇන්පියට වඩා තමන්ට ආසන දිනා ගත හැකි බැවින්  කැඩී ගිය නාස් ළනුව යළි එමගින් දමා ගැනීමට හැකි වනු ඇතයි රජ පවුල කල්පනා කළාක් වැන්න.

හැරෙන තැපෑලෙන් යළි අධෝ වාත පිළිතුරක් එවූ රනිල් රාජපක්ෂ රජ පවුලේ පලාත් පාලන සභික රොත්තක් ලවා, රාජපක්ෂවරුන්ගේ කණ රත්වන පහරක් දෙමින් තමන් අපූරුම ජනාධිපති අපේක්ෂකයා බව කියවා ගත්හ.

රජ පවුලේ නියෝග දැන් එහි වහලුන් තුට්ටුවකට ගණන් නොගනී. ඒ වෙනුවට  නිලමැසි රංචුව  වඩාම ගන්ධස්කාරය තෝරා ගෙන තිබේ. ‘ගඳත් සුවදකි රජතුමාගේ’ යන තනුව, දැන් ගැයෙන්නේ ‘රනිල ගඳ අපට සැප දෙයි’ කියාය.

රනිල් රාජපක්ෂ වරදාන සහ කුට්ටි බෙදමින් රාජපක්ෂ වහල්ලු සිය ආවතේවයට ඕනෑවටත් වඩා කැඳවා ගෙන තිබේ. ලංසා ගේ සිට ප්‍රේම්ජයන්ත් දක්වාද ප්‍රසන්නගේ සිට සේමසිංහ දක්වාද දැන පහන අල්ලන්නේ රනිල් රාජපක්ෂටය.

‘පහනට තෙල්’ කාරයා කොහිදැයි නොපෙනෙන තරමට රාජපක්ෂ අහස අදුරුය.

ගෝටා නිමල් ලංසා ගේ කුඩු ඇල්ලීමට යැයි විශේෂ කාර්ය බලකාය යැවූ විට හෙලිකොප්ටරයකින් එහි ගොස් පොලිසිය එළවා ලංසා රැක ගත්තේ මරා නම් මහරජාය!.

ආතක් පාතක් නැතිව  සිටි ප්‍රසන්න රණතුංග බස්නාහිර මහ ඇමති කර පසුව ඇමැති ධුරයකින් පිදුම් දුන්නේ ද මරාය.

සුසිල් ප්‍රෙම්ජයන්ත ලාට අනුර ප්‍රිියදර්ශන ලාට මරාගේ සෙවන නොලැබුණි නම් අද නිකම්ම නිකම් කලු කෝට්කාරයෝය.

එවැනි මිනිස්සු දැන් මරාට කෝචොක් දාන්නේ ‘නාකි මයිනා’ යැයි නොකියා කියමිනි.

රනිල් රාජපක්ෂ,රජ පවුලට දුන් ගේම තේරුම් ගැනීමට රජාගේ  වහල්ලු සිය කැමැත්තෙන්ම විකුණුනු හැටි විමසා බැලීම ප්‍රමාණවත්ය.

දැන් රනිල් රාජපක්ෂගේ සේනාවෙන් අඩකටත් වඩා රාජපක්ෂ වහල්ලුය.

එන පොට හොඳ නැති බව දුටු මහ රජාණෝ දැන් සිය පුතු කුමරු ද්වන්ධ සටනට නොයවන්නේ, ඔහුගේ හිස, ගුවන් තොටුපොලේ දී නැතත් ජන්ද බිමෙහි දී  රන් බිම සිප ගතහොත් එම ක්වන්ධය තමාට ද  ආරූඩ වන බව දන්නා නිසාය.

දැන් කුමක් කරමුද? යැයි රජ පවුල සතර කන් මන්ත්‍රණයෙහි යෙදී සිටින්නේ, ‘මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ යන දේව උපදෙස සිහි කරමිනි.

පාර්ලිමේන්තු බලය නැතිව රනිල් රාජපක්ෂ, රජ පවුලට මෙහෙම කෙළ වූයේ නම් අහම්බයකින් හෝ රාජපක්ෂ ඡන්ද එහැම පිටින්ම ගෙන ජනාධිපතිකම ලබා ගත්තොත් පොහොට්ටුවට වැලේ වැල් නැති වී යන්නට වන්නේ අබ සරණ සොයා ය. ඒ බව රජ පවුල දනී.

දැමු සියලු උප්පරවැට්ටි නොසළකා  රනිල් රාපපක්ෂ තවම ඉන්නේ සියයට 6ක ජන්ද ප්‍රමාණයකය.  රාජපක්ෂ ඡන්ද කුට්ටිය නැතිව ජාම බේරා ගැනීමටවත් රනිල් රාජපක්ෂට නොහැක.  තම ඡන්ද කුට්ටිය රනිල් රාජපක්ෂට පූජා කළ හොත් තමන්ට දේශපාලන අනාගතයක් නැති වන බව රජ කුමරු දනී.  මන්ද යත් රනිල් රාජපක්ෂ පිරිවරා ඉන්නේ රාජපක්ෂ කුමරුන්ම වැනි චීස් බටර් කන පොත්ත රතු ගැටවුන් නිසාය. රනිල් රාජපක්ෂ සිය උරුමය දැනටමත් එක් කුමරුවකුට ලියා දී තිබේ.

මහ රජානන් වරින් වර පිට කරන සෝක සුසුම් පෙන්වන්නේ අද කියන්නේ කුමක් ද කියා හෙට ඔහු දන්නේ නැති බවයි. මහ රජානන්ට මේ වුන නස්පැත්තිය ඔරොත්තු දෙන්නේ නැත.

රනිල් රාජපක්ෂ රජ පවුලට දී ඇත්තේ එකම එක සහනයකි. එනම් පවුලේ දූෂණ වංචා පිළිබඳ තමා කිසිදු පියවරක් නොගන්නා බවයි. රාජපක්ෂ පවුල කරන ලදැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් සාක්ෂි නැතයි ඔහු ප්‍රසිද්ධියේම කීවේ එම සහතිකය දීමටය.

පරදින අශ්වයකුට ඔට්ටු අල්ලා තියෙන සේසතම නැති කර ගන්නේ ද නැත්නම් පරදින්නට හරි තරඟ පිටියට පිවිසෙන්නේ ද යන උභතෝකෝටිකයෙන් රාජපක්ෂ පවුලට ගැලවීමක් නැත.

රනිල් රාජපක්ෂ නම් ගිලෙන බොට්ටුවට සිය අබලන් නෞකාව එල්ලා ගෙන එයත් සමඟ ගිලී යන්නේ ද නැත්නම් කප්පිත්තකු නැති නෞකාවක් මේ දේශපාලන සුලි සුළං මැද පාවී යන්නේ ද යන්න රජ පවුල දැන්  හිසේ සිට පශ්චාත් භාගය කස කසා නිමග්න වන පිළිතුරක් නැති ගැටයයි.

ගැටය ගැහුවේ රනිල් රාජපක්ෂය.

රනිල් රාජපක්ෂගේ සහජ ලකුණ ඉනිමඟට පයින් ගැසීමයි. ඔහු වෙනුවෙන් දිවි පරදුවට තැබූ ජොන්ස්ටන්ලා, ලොකුගේලා අතුකෝරාළලා යනාදී බෙහෝ දෙනෙකුට රනිල් පයින් ගැසුවේය.  දැන් ඔහු රජ පවුලට පයින් ගසා ඇත්තේ,  අත්ත උඩම වාඩි වී කියත පාවිච්චි කළ මෝඩයා සිහි ගන්වමිනි.

දෙගොල්ලනටම සිදු වන්නේ දොයි යන්නය.

සුළඟ කුපිත කළවුන් මහා කුණාටු පැතිය යුතුය. ගිනි අඟුරු මෙළවූවෝ චන්ඩ ගිනිදැල් පැතිය යුතුය.

මේ සියලු අදෝනා මැද ඇසෙන්නේ හූඇන්පිය මෙන්ම රාජපස්ස දේශපාලනය ද අතුගෑවී යන මහා ජන ඝෝෂාවයක නින්නාදයයි!

පවට පින් දිය නොහැක.

සුවෙන් නැතත් නිදන්න

The post පොහොට්ටුව හාන්සි කරවීම: රනිල් රාජපක්ෂට තුති! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b6%bb/feed/ 0
උඩ බලන් කෙළ ගසන දේශපාලකයන්ට  දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.. https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b7%85-%e0%b6%9c%e0%b7%83%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b7%85-%e0%b6%9c%e0%b7%83%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/#respond Wed, 10 Apr 2024 07:16:30 +0000 https://vivaranalk.com/?p=11200

හිඟන්නාගේ තුවාලය සුව වෙන්නේ නැත. සුව කර ගන්න ඕනෑ කමක් ද නැත. ඒ තුවාලය සුව වුවහොත් ඔහුගේ ජිවන මාර්ගය ද නැතිවන හෙයිනි. අපේ රටේ දේශපාලකයන්ට පාස්කු ප්‍රහාරය ද හිඟන්නාගේ තුවාලය සේය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා හෝ එහි සුලමුල සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ සත්‍ය තොරතුරු එළිකොට අධිකරණ ක්‍රියා මාර්ග ගත හොත් ඔවුන්ගේ දේශපාලන ජීවිකාව පවත්වා ගෙන […]

The post උඩ බලන් කෙළ ගසන දේශපාලකයන්ට  දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.. appeared first on විවරණ.

]]>
හිඟන්නාගේ තුවාලය සුව වෙන්නේ නැත. සුව කර ගන්න ඕනෑ කමක් ද නැත. ඒ තුවාලය සුව වුවහොත් ඔහුගේ ජිවන මාර්ගය ද නැතිවන හෙයිනි. අපේ රටේ දේශපාලකයන්ට පාස්කු ප්‍රහාරය ද හිඟන්නාගේ තුවාලය සේය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා හෝ එහි සුලමුල සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ සත්‍ය තොරතුරු එළිකොට අධිකරණ ක්‍රියා මාර්ග ගත හොත් ඔවුන්ගේ දේශපාලන ජීවිකාව පවත්වා ගෙන යෑම අපහසු වන නිසාය. එමනිසා සත්‍යය හෙළිකර ගැනීමේ උනන්දුවක් නොමැතිව තුවාලය මෙන් පෑරීම දේශපාලන වශයෙන් ප්‍රයෝජනවත් ආයෝජනයකි.

පසුගිය මාර්තු 22 වැනි දා හිටපු ජනාධිපති සහ ආරක්ෂක ඇමති මෛත්‍රිපාල සිරිසේන දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු ප්‍රවෘත්ති වාර්තාකරුවන් අමතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා තමා දන්නා බවත් එය අධිකරණය ඉදිරියේ හෙළි කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කෙළේය. මෙම ප්‍රවෘත්තිය ඇසුනු වහාම ක්‍රියාත්මක වූ වත්මන් ආරක්ෂක ඇමති ටිරාන් අලස් මෛත්‍රිපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද දැනුම් දීමක් අනුව මෛත්‍රිපාල සිරිසේන එම කාර්යාලයට ගොස් පැය හයක් තිස්සේ ප්‍රකාශයක් ලබා දුන්නේය. ප්‍රකාශය ලබා දීමෙන් පසුව පුවත්පත් වාර්තාකරුවන් ට නොදැනෙන ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ පිටු පස්සා දොරින් මහජන මුදලින් නඩත්තුවන නිල රථයෙන් ම නික්ම ගියේය.

මෙම පිටව යෑම ප්‍රවෘත්තියක් වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් මෙන්ම විපක්ෂයේ මංත්‍රීන් ද ඔහු අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටි නිසාය. කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉමියුනොග්ලොබියුලින් තරම් ම වැදගත් මෙම සිද්ධියේ දී ද පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු සඟවා තබා ගැනීම බරපතළ වරදක් නිසා පරීක්ෂණ කටයුතු නිම වන තෙක් අත් අඩංගුවේ තබා ගත යුතු කරුණකි. වෙනත් බොහෝ අවස්ථාවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ උද්ඝෝෂකයන් පොලිසිය අත් අඩංගුවට ගෙන සමහර විට මාස ගණන් රඳවා ගත්තේ කිසිම චෝදනාවක් ඉදිරිපත් කිරීමට සාක්ෂි නොමැතිව ය. එවැනි ක්‍රියාකාරීන් සමහරවිට නිදහස් කරන්නේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද නැතිවය. නීතිය ඉදිරියේ සැම දෙනකුම සමාන වුවත් දේශපාලකයන් අන් අයට වඩා සමාන නිසා අත් අඩංගුවට ගැනිමක් සිදු වන්නේ නැත.

ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේය. අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට තමා සැදී පැහැදි සිටින බව ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන තමා රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති නිසා අධිකරණය ඉදිරියේ නැවතත් ප්‍රකාශයක් කිරීමට සූදානම් නැති බව නියමිත දිනට පෙර මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය. අධිකරණය ද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය අධිකරණයේ භාරයේ තබා ගැනීමට නියෝග කරන ලදී. පොලීසියේ ඉල්ලීම වූයේ ද එයයි. එමෙන්ම එම ප්‍රකාශය පදනම් කර පරීක්ෂණ කටයුතු සිදු කර අධිකරණයට වාර්තා කිරීමට ද නියෝග කෙරිණ.

ගැටලුව ඇත්තේ පරීක්ෂණ කිරීම තුළය. මුලින්ම මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි සැක කෙරෙන ජාතික තව්හිද් ජමාද් සංවිධානය ගැන පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර පරීක්ෂණ පැවැත් වු රහස් පොලිසියේ නිලධාරීන්ට විවිධ හේතුන් නිසා එම කටයුතු කිරීමට නොහැකි විය. රාජ්‍ය බුද්ධි අංශය කර ගෙන යන පරීක්ෂණවලට බාධාවක් වන නිසා රහස් පොලීසියෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු නතර කළ බව එවකට පොලිස්පති වූ ජයසුන්දර දිව්රුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණ. 

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලා වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ වෙනත් විවිධ මට්ටම්වල විමර්ශන පරීක්ෂණ අපමණ ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ කාලය ඔහුගෙන් පසුව ජනාධිපති තනතුරට පත් ගෝඨාභය රාජපක්ෂ ද තවත් දීර්ඝ කෙලේය. පසුගිය සැප්තැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 මෙම සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු කුපිත වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් නැවතත් ජනාධිපති කොමිසමක් පත් කෙළේය. මෙම කොමිසම් සභා සහ කමිටු වැදගත් සොයා ගැනිම් කරන්නට ඇත. ඒ සමගම නිර්දේශ ද කරන්නට ඇත. කණගාටුවට කරුණ වන්නේ ඒ කිසිවකින් මෙතෙක් යුක්තිය ඉටු නොවීමයි.

සිය සේවා කාලයේ අවසාන මාස කීපය තුළ පාස්තු ප්‍රහාරය ගැන වඩාත් උනන්දු වූ නීතිපති දප්පුල ලිවේරා ප්‍රහාරයේ මහ මොළකාරයා හෙළිකර ගත් බව ප්‍රකාශ කෙළේය. ඒ සමගම සිද්ධියට අදාලව චෝදනා 855ක් ගොණු කිරීමට සූදානම් කර ඇතැයි ද කීවේය. එහෙත් ඒ කිසිවකින් යුක්තිය පසිඳලීමක් වූ බව දැන ගන්නට නැත. එමනිසා අධිකරණයේ නියෝගය අනුව රහස් පොලිසිය පවත්වන පරීක්ෂණ කලින් ඒවාට වෙනස්ව යුක්තිය ඉටු කිරීමට යොමුවක් වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

මෙම සම්පූර්ණ ක්‍රියාදාමය දෙස උපේක්ෂාවෙන් බලන විට පෙනී යන්නේ මහ මොළකරු හෝ ඔහු සිදු කළ කුමන්ත්‍රණය ගැන සැඟවීමට කිසිත් නැත යන්නයි. මේ වන විට පත් කර ඇති කමිටු සහ වෙනත් විමර්ශන සභාවලින් හෙළිවී ඇති කරුණු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සහ එය සැඟවිමට ගත් උත්සාහය සහ එය සිදු කරන ලදැයි සැක කළහැකි පුද්ගලයන් ගැන තොරතුරු සහ සාක්ෂිවලින් අඩුවක් නැත. එකම අඩුව වන්නේ එම තොරතුරු සහ සාක්ෂි අධිකරණයට මෙතෙක් ඉදිරිපත් නොකිරීම ය. දප්පුල ලිවේරා ගොණු කිරීමට සකස් කළ චෝදනා අධිකරණයේ මෙතෙක් විභාගයට ගෙන නැත.

මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රකාශය පදනම්ව සිදු කරන පරීක්ෂණවලින් යුක්තිය ඉටු වන තෙක් අපට බැස ගත හැකි නිගමනය වන්නේ අපේ රටේ නිතියේ ආධිපත්‍යය පෙර කිසිදා නොවු විරු ආකාරයෙන් බිඳ වැටී ඇත යන්නයි. දැනට හොඳින් ලේඛන ගත වී ඇති ආකාරයට පාස්කු ඉරිදා ඛේදවාචයක් සිදු වීමට මූලික හේතුව නීතිය සාධාරණව ඉටු නොවීම ය. සහ්රාන් වැනි පුද්ගලයන් කාත්තන්කුඩියේ සුෆි ආගමිකයන් ට තර්ජන කොට සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේනම් පාස්කු ඛේදවාචකයක් නොවන්නට තිබිණ. එමනිසා ඇත්තෙන්ම කළ යුත්තේ නීතිය සහ සාමය පවත්වා ගැනීමට බාධා කරන්නේ කවුරුන්දැයි සොයා ගැනීම ය.

සාමකාමී උද්ඝෝෂණයක් වූ ගාලු මුවදොර අරගලයට අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් පහර දීමෙන් පසුව රටපුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට පොලීසිය අපොහොසත්වීම ගැන පොහොට්ටුවේ මැති ඇමතින් පොලිස් පතිට චෝදනා කළ විට ඔහුගේ පිළිතුර වූයේ වරද ඇත්තේ පොලිසියේ නොව දේශපාලනයේ ය යනුවෙනි. ඔහු සඳහන් කළ ආකාරයට දිවයිනේ පොලිස් ස්ථාන 184කින් 182කම ස්ථානාධිපතිවරුන් පත් කර ඇත්තේ දේශපාලකයන්ගේ නිර්දේශ අනුව ය. එමනිසා නීතිය පවත්වා ගැනීමට නොහැකිවීම ගැන දොස් පැවරිය යුත්තේ නුසුදුසු පුද්ගලයන් පත් කළ දේශපාලකයන්ට ය.

ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා අන් කිසිවෙකු නොව නීතිය සහ සාමය පවත්වා ගැනීම තම දේශපාලන වුවමනාවන්ට යටපත් කරන දේශපාලකයන් ය. ඔවුන් අධිකරණය හමුවට පත් කරන තෙක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට හෝ වෙනත් අපරාධවල වින්දිතයන්ට යුක්තිය හෝ සාධාරණත්වය ඉටු වන්නේ නැත. 

The post උඩ බලන් කෙළ ගසන දේශපාලකයන්ට  දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b7%85-%e0%b6%9c%e0%b7%83%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/feed/ 0
‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/#respond Mon, 08 Apr 2024 07:02:44 +0000 https://vivaranalk.com/?p=11174

තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි. ‘මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති […]

The post ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. appeared first on විවරණ.

]]>
My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටයේ අධ්‍යෂක, සුදත් මහදිවුල්වැව

තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි.

මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති දෙක වන පංති අරගල මාවත සහ සන්නද්ධ අරගල මාවත වටා ගෙතී තිබේ. පංති අරගල මවතේ ගමන් කළ තරුණියක් වටා සහ ආයුධ සන්නද්ධ අරගල මාවත තුළ ගමන් කළ පුද්ගලයෙක් (සහෝදරයෙක්) වටා කථාව ගෙතී ඇත. තරුණිය පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශික ධාරාවේ පවුලකින් පැවත එන කෙනෙකි. ඇය තම වාමාංශික ආභාෂය ලබාගෙන තිබුණේ තම පියාගෙනි. පියා පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශිකයෙකි. 88-89 සන්නද්ධ අරගල කණ්ඩායමක් විසින් අයගේ පියාව මරා දැමූ විට ඇය අතරමන් වුවත් ජීවිතය රැක ගන්නේ රංගන ශිල්පිනියක් (performing artists) ලෙසය. ඒවගේම 88-89 සන්නද්ධ අරගල වාමාංශය නියෝජනය කළ සහෝදරයා තම ජීවිතය බේරා ගන්නේ මරා දැමීමට ගෙන යන මොහොතකින් අහඹු ලෙස දිවි ගලවා ගැනීමෙනි. ඉන්පසු මේ සහෝදරයා තම ජීවිතය රැකගෙන ඇත්තේ ව්‍යාජ නමකින් පෙනී සිටි ආණ්ඩු විරෝධී මාධ්‍යවේදියෙක් ලෙසය. දෙදෙනාගේ වාමාංශික මතවාදී පරාසයේ පරස්පරතාවය මේ චිත්‍රපටය තුළ මානාව ස්ථාන ගත කර ඇත. නමුත් දෙදෙනාගේම මතවාදී පරස්පරතාවය තිබුණත් ජීවත්වීමට ඇති ආශාව හා අභිලාෂය ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය තුළින් අපූර්වට විදහා දක්වන්නේය.

මේ චිත්‍රපටයේ 88-89 සිද්ධි දෙකකට මුහුණ දුන් දෙදෙනාගේම වාමාංශික දෘෂ්ටිමය පරිකල්පනය හමුවෙයි.  ඒ දෘෂ්ටිමය පරිකල්පනය වටහා ගන්නට අවුරුදු 60 පමණ කාලයක් පැවිති ආයුධ සන්නද්ධ අරගල ක්‍රියාකාරීත්වය දෙස විමසිලිමත්ව බැලීම වැදගත්ය. ලංකාවේ ආයුධ සන්නධ අරගල ආකෘතීන් තුනක් පසුගිය අවුරුදු 60 ඇතුළත දියත් විය. පළමුව 1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, දෙවනුව 88, 89දී දේශප්‍රේමී කැරැල්ල සහ තුන්වෙනුව 2009දී අවසන්වූ එල්.ටී.ටී.ඊ. ආයුධ සන්නධ කැරැල්ල හඳුනා ගත හැකිය. මේ ආයුධ සන්නද්ධ කැරලි තුළ පැවතියේ සමාජ ප්‍රශ්න සන්නද්ධ අරගලයට සම්බන්ධ කරමින් භීතිය වැපිරීම සඳහාය. නමුත් මේ කැරලි තුනම ධනේශ්වරය විසින් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර පොඩි පට්ටම් කර දැම්මේ බලහත්කාරී ලෙසය. ආයුධ සන්නද්ධ මාවත මාක්ස්වාදී අරගලකාරී මාවත නොවේ. නමුත් ආයුධ සන්නද්ධ මාවතට මාක්ස්වාදී සාහිත්‍ය සහ දාර්ශනික විග්‍රහයන් පටලවා ගත්තේ පීඩිතයන්ගේ සහභාගිත්වය මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට කෙටි කාලීන ජයග්‍රහණය හිමි සන්නද්ධ අරගල ව්‍යාපාරයක් ලෝකයේ පැවති නිසාය.

විට ආයුධ සන්නද්ධ අරගලය පීඩිතයන්ගෙන් සැදුම්ලත් පිරිසකගේ රුඩිකල් ක්‍රියාකාරීත්වයක් ලෙස පිළිගත්තත් වැඩකරන ජනතාවගේ විප්ලවවාදී අරගලයේ කොටසක් නොවන්නේය. එක පැත්තකින් ජන අරගලය මගින් ඇති කළ යුතු සමාජ පෙරළිය” ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ආදේශ වී කරන ත්‍රස්ත සටන් මගින් බලය ලබාගත හැකි වුවත් පංති අරගලය මගින් සිදු කරන සමාජ විප්ලවයක් සිදු නොවන්නේය. සමස්ත සමාජයේ පීඩිතයන්ගේ පංති අරගලය මගින් ලැබෙන විප්ලවකාරී මැදිහත්වීම සන්නද්ධ සටන්වලින් නොලැබෙන නිසා විකෘතියක් බවට පත් වන්නේය. එවිට සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ මෙහෙයුමට සියල්ල නතුකර ගෙන මතවාදී මෙහෙයුම ආයුධ ත්‍රස්ත මෙහෙයුමක් බවට පත් කර ගනියි. ආයුධය යනු බලහත්කාරී අවියකි. එය සමාජ මූල නොසොයන අතර කැමති-අකමැති කොටස් දෙක මත තීන්දු ගනියි.

1917 ජූලි මාසයේදී රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ්හි තාවකාලික ආන්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරතවෙමින්.. (2022 ජූලි 9,කොළඹ )

පංති අරගලයේ මූලික කාර්යභාරය වන්නේ පීඩනයට එරෙහි ව සමස්තය ඒකාබද්ධ කිරීමය. එය මානව පරිණාමයේ වැදගත් සංඝටකයක් ලෙස මාක්ස්වාදය පෙන්වා දෙයි. එහි වැදගත්කම පෙන්වන්නේ ලෝකයේ පංති අරගලය මගින් පාලකයන් එලවා දැමූ අවස්ථා වලිනි. ඒ 1872 ප්‍රංශ ආණ්ඩුව එළවා ප්‍රංශ කොමියුනය බලය අත්පත් කර ගැනීම, 1917 රුසියාවේ අප්‍රේල් ජන නැගිටීම මගින් සාර්ව එලවා දැමීම, සහ ලංකාවේදී 2022 ගෝඨාභය එලවා දැමීමේ අවස්ථා තුන මගින් ලෝකයේ ජන අරගලය තහවුරු වූ අවස්තා තුනයි. එවිට ලංකාවේ ආයුධ සන්නද්ධ කැරලි තුනම අසාර්ථක කැරලි බව ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ චරිත දෙක ගෙන එන සංවාදය තුළින් පසක් වන්නේය. මේ චිත්‍රපටයේ ගෙන එන පංති අරගලය සහ සන්නද්ධ අරගලය යන දේශපාලන තේමාව ඉතා ප්‍රශංසනීය තේමාවක් වන්නේ ඒ නිසාය.

ලාංකික සමාජය තුළ තවත් පරිකල්පනීය දැක්මක් සහිත සංවාදයක් නිර්මාණය කිරීමට හැකියාව මේ චිත්‍රපටය මගින් ලබා දෙයි. මොකද” වාමාංශික දේශපාලන ගමන්මගේ ව්‍යුහය වන පංති අරගල මාවත නැවත සක්‍රීය වීම ලංකාවේ 2022දී ජන අරගලය සාධකයක් වුණි. එවන් දේශපාලන දැක්ම දෙකක් සහිත දෙදෙනෙකුගේ ප්‍රේමණීය ආකර්ශනය ලාංකික සිනමා ප්‍රේක්ෂකයාට ලබා දීම ප්‍රශංසනීය උත්සාහයකි ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය.

‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ රූගත කිරීම් දින හතරකින් අවසන් කිරීම යනු පැහැදිලි සැලැස්මකි. ඒ අඩු මුදලට සිනමා නිර්මාණයක් එළි දැක්වීමට ගත් උත්සාහය විශිෂ්ට වැඩකි (පට්ට වැඩකි). මොකද, ලංකාවේ වත්මනේ සමස්ත පරිහානියේ පැති කීපයක් වන ආර්ථිකය, දේශපාලනය සහ සමාජය යන සමස්තය කඩා වැටුණු මොහොතක සිනමා නිර්මාණකරණයට ගත් පියවර යනු අතිවිශාල ඉදිරි පියවරකි. අඩු මුදලකින් සිනමා නිර්මාණයක් කිරීමට ගත් උත්සාහය අතිවිශිෂ්ට පියවරක් වන්නේ අර්බුදය පසෙක දමා නිර්මාණාත්මක වපසරිය දියත් කිරීමට මේ සිනමා කෘතිය හරහා මතු කර ගත් බැවිණි. සුගත් මහදිවුල්වැව අධ්‍යක්ෂකවරයාට හදපිරි සතුට පිරිනමන්නේ මේ චිත්‍රපටය හරහා ගත් දෘෂ්ටිමය ප්‍රයත්නය අතිවිශිෂ්ට නිසාවෙනි.

The post ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/feed/ 0
තුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල් https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b7%9a-%e0%b6%85%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b7%9a-%e0%b6%85%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad/#respond Fri, 05 Apr 2024 09:48:53 +0000 https://vivaranalk.com/?p=11160

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත  සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක් අනුව වයසට සරිලන බර ප්‍රමාණය අඩු ළමයින්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවන තත්වයක් යටතේ පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු කාර්යකි. […]

The post තුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල් appeared first on විවරණ.

]]>
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත  සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක් අනුව වයසට සරිලන බර ප්‍රමාණය අඩු ළමයින්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවන තත්වයක් යටතේ පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු කාර්යකි. එය කිසියම් දේශපාලකයෙකුගේ අනුග්‍රහයක් නොව අනාගතය වෙනුවෙන් වගකිව යුතු රජයක් ඉටු කළ යුතු කාර්යකි. නිදහස් අධ්‍යාපනය සැබැවින් ම අර්ථවත්වීමට නම් පෙළ පොත් හා බස් රථ ලබා දීමට අමතරව ළමයින්ගේ පෝෂණ තත්වය ද අනිවාර්යෙන්ම පාලකයන්ගේ අවධානයට ලක් විය යුතු කාරණයකි.

වැරදි සහගත අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා රටම බංකොළොක් වී ජනතාව දිළින්දන් බවට පත්ව තිබිය දී අධ්‍යාපනය ගැන සිත් යොමු කරන්නේ නම් එය දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. අපේ රටේ පාලකයන් සුපුරුදු ආකාරයට අනුගමනය කරන්නේ පැලැස්තර ඇලවීමෙන් ජනතාව මුලා කිරීමේ ක්‍රියා මාර්ගයයි. රජයක වගකීම වූ අනාගත පරපුරේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීම මහා පරිත්‍යාගයක්යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ එම නිසා ය.

ළමයින්ගේ පෝෂණ තත්වය ගැටලුවක් නොවන තත්වයක් යටතේ වුවද අධ්‍යාපන ක්‍රමයේ පවතින්නේ බලවත් අවුලකි. දේශපාලකයන් එය නොදත් ආකාරයෙන් සිටිය ද දෙමාපියන් සහ ළමයින් දිනපතාම අත් විඳින සත්‍යයි. මේ බවට හොඳම නිදර්ශනය වන්නේ අද රට පුරාම ටියුෂන් පංති පැවැත්වීම ඉහළම ලාභ ලබා දෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබීමයි. ටියුෂන් ගුරුවරුන් නොමැතිනම් සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයම බිඳ වැටීමේ අවදානමක් පවතී. ටියුෂන් ගුරුවරුන්ගේ ආදායම යනු දෙමාපියන් තම ළමයින්ගේ අනාගතය වෙනුවෙන් කරන අසීරු ආයෝජනයකි. බොහෝ දෙමාපියන්ට එම වියදම දරා ගත නොහැකි වුවද තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු වියදමකි. 

විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දෙන රටක දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් උපයන ආදායමෙන් හරි අඩක්ම වැය කිරීමට සිදුව ඇත්තේ ඇයි? අධ්‍යාපනය නිදහස් වුවද ලබා දෙන අධ්‍යාපනය ගුණාත්මක භාවයෙන් පිරිහීමයි. කෙටියෙන් දැනට යොදා ගන්නා මිනුම් දණ්ඩක් වන විභාගවලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නොවීමය. දැනුම සහ බුද්ධිය මැනීමේ ක්‍රමවේදයක් ලෙස විභාග ක්‍රමයේ නොයෙකුත් අඩුපාඩු පවතින නමුත් දෙමාපියන්ට තම දරුවන් ඊට හැඩ ගැස්වීම හැර වෙනත් විකල්පයක් නැත. එමනිසා අකමැත්තෙන් වුවද ඉමහත් වෙහෙසක් දරා ළමයින් ටියුෂන් පංතිවලට යැවිය යුතුය. වගකිව යුතු රජයක් නම් පාසල් ළමයින්ට දිවා ආහාර ලබා දීමට අමතරව මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතුය.

ජෙෆ්රි සැක්ස් [Jeffrey Sachs]

රටක් ආර්ථික සමෘද්ධිය කරා පිය නැගිමේ දී අඩිතාලම වන්නේ අධ්‍යාපනය උසස් මට්ටමකට පත් කිරීම ය. ආසියාවේ දිළිඳු රටවලට ආදර්ශයක් විය හැකි සිංගප්පූරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ආර්ථිකය හැසිරවීමේ අයිතිය ලබා ගත් මුල්ම වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් සියයට 35 ක් වෙන් කෙළේය. ඒ රටක ශ්‍රමිකයන්ට උසස් අධ්‍යාපනයක් නොමැතිව ආර්ථික සටන ජයගත නොහැකි නිසාය. මෑතක දී ඉතියෝපියාවේ ආර්ථික සැලසුම් සම්පාදකයන් ඉදිරියේ දේශනයක් පැවැත් වූ ලොව අග්‍ර ගණයේ සංවර්ධන ආර්ථික විශේෂඥයෙකු වූ ජෙෆ්රි සැක්ස් පැවසූ ආකාරයට සෑම ළමයෙකුම අඩුම වශයෙන් වසර 14ක ප්‍රාථමික මට්ටමේ සිට තෘතීක මට්ටම දක්වා අධ්‍යාපනය ලැබිය යුතුය. ඕනෑම රටක් ආයෝජකයන්ට ආකර්ෂණයක් වන්නේ උගත් දැනුවත් ශ්‍රමික සංඛ්‍යාවක් සිටින්නේනම් පමණි. ඒ සඳහා ජාතික අයවැයෙන් අඩුම වශයෙන් සියයට 15-20 අතර ප්‍රමාණයක් වෙන් කළ යුතුයැයි ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් නිදහස් අධ්‍යාපනය ගැන පාරම්බාන අපේ රටේ ඇත්තේ ඊට හාත් පසින්ම වෙනස් තත්වයති. දැනට දශකයකට පමණ පෙර තම වැටුප් වැඩි කර ගැනීමටත් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීමටත් උද්ඝෝෂණය කළ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලිම වූයේ ජාතික අයවැයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය යන්නයි. සියයට හයක් යන්න සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ වෙන් කළ ප්‍රමාණයට හෝ ජෙෆ්රි සැක්ස් නිර්දේශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වුවද ළමයින්ගේ කුස ගින්න නිවීමට නොමිලයේ ආහාර වේලක් දෙන, පාසල්වලට බස් රථ ලබා දෙන දේශපාලකයන් එම අඩු ප්‍රමාණය හෝ ජාතික අයවැයෙන් වෙන් කිරීමට උනන්දු වන්නේ නැත. 2024 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ සියයට 4.4 කි. එහෙත් ආරක්ෂාව සඳහා සියයට 6.1 වැය කිරීමට ඔවුන් සූදානම් ය.

මෙම සංඛ්‍යාලේඛන දෙස මතු පිටින් බැලීමේ දී සම්පත් කළමනාකරණයේ බරපතළ වැරැද්දක්  පවතින බව පැහැදිලිය. තවත් දශක කීපයකින් සංවර්ධිත ලංකාවක් ගැන දහවල් සිහින දකින පාලකයන්ට අධ්‍යාපනය සඳහා වෙන් කරන සොච්චම් මුදල හෝ මනාව කළමනාකරණය කිරීමේ හැකියාවක් නැති බව පැහැදිලි ය. මෙවැනි තත්වයක් යටතේ ජාතික අයවැයෙන් සියයයට 6ක් නොව සියයට 12ක් වෙන් කළත් සෙතක් නැත. ඒ වෙන කිසිවකටත් වඩා දැක්මක් හෝ සැලැස්මක් නැතිකම නිසාය.

මෙවැනි පසුබිමක් තුළ පාසල් ළමයින්ට නොමිලයේ දිවා ආහාරය දීම කලකට පෙර පෙළ පොත් නොමිලයේ ලබා දීමට වෙනස් වන්නේ නැත. පෙළපොත් නොමිලයේ ලබා දීම දෙමාපියන්ට කිසියම් සහනයක් වුවද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය, තම දරුවන්ට ගුණාත්මකව ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට එය කිසිදු ආකාරයෙන් විසඳුමක් වූයේ නැත. එමෙන්ම නොමිලයේ දිවා ආහාරය ලබා දීම දරු පරපුරේ සුළු කොටසකගේ දිවා කාලයේ කුස ගින්න නිවා ගැනීමට හේතු වුවද ළමා මන්දපෝෂණයට විසඳුමක් නොවේ.     

The post තුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල් appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b7%9a-%e0%b6%85%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad/feed/ 0
ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/#respond Fri, 05 Apr 2024 09:24:32 +0000 https://vivaranalk.com/?p=11156

මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි. මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය […]

The post ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි.

මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය සමග ධනේශ්වර ප්‍රාග්ධනය විශ්ලේෂණය කරන්නේ ‘ප්‍රාග්ධනය ශ්‍රම වටිනාකමක්‘ ලෙසය. එනම් සෘජු පරිභෝජනයක් ලෙස හෝ වක්‍ර නිෂ්පාදන මාධ්‍යයන් ලෙස හෝ මානව අවශ්‍යතා තෘප්තිමත් කරන නිෂ්පාදනයක් ගැන හෝ මාක්ස් පෙන්වන්නේ:

“භාවිත අගයන් හා ප්‍රාග්ධනයේ සමාජ ස්වරූපය කුමක් වුවත්, ද්‍රව්‍යමය නිෂ්පාදනය සමාජයට වැඩි කරනවා වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය වැඩිකිරීමක් ලෙසය.”

එවිට පරිහරණ වටිනාකම් වන ආහාර, ඇඳුම්-පැළඳුම් සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතා පමණක් නොව සංස්කෘතික හා සෞන්දර්යාත්මකව අංග ද නිෂ්පාදනයට ඇතුළත් වේ. අවශ්‍යතාව කෙටියෙන් කිවහොත්, ප්‍රාග්ධනය සමන්විත වන්නේ විවිධ අවශ්‍යතා තුළ සහ භාවිතා කරන සාමාන්‍ය ජීවිතයේ සංලක්ෂිත මාධ්‍යයන් ලෙසය. මාක්ස්ගේ භෞතිකවාදී අවධාරණය වන්නේ ජීවන මාධ්‍යයන් හා නිෂ්පාදනය කෙරෙහිය:

“සියලු මානව පැවැත්මේ සහ සියලු ඉතිහාසයේ පළමු පූර්විකාව ‘ඉතිහාසය නිර්මාණය කිරීමට’ හැකි වන පරිදි මිනිසුන් ජීවත් විය යුතු තත්වයක සිටිය යුතු වගේම කෑම බීම, නිවාස, ඇඳුම්-පැළඳුම් සහ වෙනත් විවිධ දේවලට පෙර ජීවිතය ස්ථාවර විය යුතු වේ.”

එවිට අනාගත ක්‍රියාව වන්නේ මේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට අවශ්‍ය මාධ්‍යයන් නිෂ්පාදනය කිරීම වගේම ස්වාභාවික භෞතිකය ජීවත් කරවීම සඳහා නිෂ්පාදනය ස්වාභාවිකත්වය සමග ආර්ථික හා දේශපාලන ඒකාබද්ධතාවයක් සැලසුම් කිරීමට අවශ්‍ය බවයි.

“ශ්‍රමය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රයෝජ්‍ය අගයන්හි ද්‍රව්‍යමය ප්‍රාග්ධනයේ එකම මූලාශ්‍රය වන්නේ ‘ශ්‍රමය එහි පියා වන අතර පෘථිවිය එහි මව වේ’ යන සිද්ධාන්තය මත ය.”

මාක්ස්ගේ අදහසට අනුව ශ්‍රමය භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව සත්‍යයකි. නිදසුනක් වශයෙන්, වඩු කාර්මිකයා තර්ක කරන්නේ, ස්වභාවධර්මය භාවිතා කරමින් ඇති කරන නිෂ්පාදනය එහි උපයෝගිතා ශ්‍රමයේ පරිවර්තනීය බලය තුළින් ගන්නා බවයි. එවැනි ගුණාංගීකරණයක් මාක්ස්ගේ ශ්‍රමය න්‍යාය පිළිබඳව:

“මානවයා සහ ස්වභාවධර්මය යන දෙකේම ඒකාබද්ධ සහභාගිත්ව ක්‍රියාවලියක් ලෙස වර්ධනය කළ යුතුයි.”

ශ්‍රමය සහ සොබාදහම ඒකාබද්ධතාවය නොසලකා නිෂ්පාදන ක්‍රියාවලියක් යනු විකෘතියක් බව එමගින් නිර්වචනය වෙයි.

මාක්ස් මානව ශ්‍රමය විශේෂයෙන් ස්ථාවර කරයි. නිදසුනක් වශයෙන්, අනෙකුත් විශේෂතා සසඳන විට, ශ්‍රම ක්‍රියාවලිය හා ප්‍රතිඵල පූර්ව නිශ්චය කිරීමට වගේම එසේ කිරීමෙන් දැනුවත්ව තමන් හා ස්වභාවධර්මය අතර ද්‍රව්‍යමය ප්‍රතික්‍රියා ආරම්භ කිරීමට, නියාමනය කිරීමට වගේම පාලනය කිරීමට මානව ශ්‍රමිකයාට සුවිශේෂී හැකියාවක් ඇත. ඒ හා සමානව, සවිඥානික ශ්‍රම උපකරණ භාවිතා කිරීම සහ නිෂ්පාදනය කිරීම මානව ශ්‍රම ක්‍රියාවලියේ විශේෂිත ලක්ෂණයකි. එසේ වුවද, වැඩ මානසිකත්වය පූර්ව සංකල්පගත කිරීම, නිෂ්පාදන උපකරණ සංවර්ධනය කිරීම සහ භාවිතා කිරීමට ඇති හැකියාව අනුව කෙනෙකුට මිනිස් ශ්‍රමය නියම කළ හැක්කේ විස්තරාත්මක කෙටි කතාවක් ලෙස පමණි. මක්නිසාද යත්, මෙම හැකියාවන් අනෙකුත් විශේෂයන්ට වඩා මිනිසුන් සඳහා විශාල වශයෙන් පරිණාමය වී ඇති තාක් දුරට, මෙය සිදුවී ඇත්තේ සමාජ පරිණාමය නමැති ක්‍රියාවලිය හරහාය. එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානවයාගේ සංවර්ධනය දැඩි ලෙස ඉදිරියට ගෙන යන නව අංග සහ වඩාත් නිශ්චිත දිශාවන් ඔස්සේ මෙහෙයවනු ලැබුවේ සම්පූර්ණ මිනිසුන්ගේ එකතුව වූ සමාජය වේ.

මාක්ස් මානව ශ්‍රමයේ සහ නිෂ්පාදනයේ සමාජ සංවර්ධනය විශ්ලේෂණය කරන්නේ නිෂ්පාදකයන් අතර සහ අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ හිමිකරුවන් අතර ඓතිහාසික වශයෙන් නිශ්චිත සබඳතා අනුවය. මිනිසා සහ සොබාදහම අතර ක්‍රියාවලියක් ලෙසය. (The German Ideology) කෘතියෙහි සඳහන් පරිදි:

“යම් නිෂ්පාදන ක්‍රමයක්, හෝ කාර්මික අවධියක්, සෑම විටම යම් සහයෝගීතා ආකාරයක් හෝ සමාජ වේදිකාවක් සමඟ සංකලනය වී ඇති අතර, මෙම සහයෝගිතා ආකාරය ‘නිෂ්පාදන බලයක්‘ යොදන්නේ නම් ස්වාභාවිකත්වය සමග ගොනුවක් ලෙස පැවැතීම අවශ්‍යය.”

ඒ අතරම, නිෂ්පාදන බලවේගවල සමාජ ඓතිහාසික සංකල්පය නිෂ්පාදන සබඳතාවල ස්වාභාවික, ද්‍රව්‍යමය අන්තර්ගතය පහත හෙලන්නේ නැත. මාක්ස් පළමුව, සමාජ ආකෘතිවල අන්‍යෝන්‍ය සම්බන්ධය සහ මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය අන්තර්ගතය හඳුනා ගනී. දෙවනුව, මානව-ජෛව විවිධත්වය සහිත ස්වාභාවික බලවේගයන්ගෙන් සමන්විත ස්වාභාවිකත්වය පෙන්වා දෙයි. එය කෙටියෙන් පැවසුවහොත්, මානව ඉතිහාසයේ සෑම අදියරකම ද්‍රව්‍යමය ප්‍රතිඵලයක්, නිෂ්පාදන බලවේග වල එකතුවක්, ස්වභාවධර්මයට සහ පුද්ගලයන් එකිනෙකාට ඓතිහාසිකව නිර්මාණය කරන ලද සම්බන්ධතාවයක්, එහි පූර්වගාමියාගේ සිට එක් එක් පරම්පරාවට අයත්වන සහ පැවරෙන ස්වාභාවික ක්‍රියාවලියක් බව ඔහු පෙන්වා දෙයි.

The post ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/feed/ 0