Priyantha Silva, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Thu, 14 Aug 2025 05:53:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Priyantha Silva, Author at විවරණ 32 32 ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%af%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%af%e0%b7%8f/#respond Thu, 14 Aug 2025 05:53:52 +0000 https://vivaranalk.com/?p=13456 ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය NM පෙරේරා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 46 ක් ගත වී තිබේ. ඔහු මිය යන විට පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යවස්ථාදායකයේ සිටි ජේෂ්ඨතම නියෝජිතයාය. එමෙන්ම  මෙරට ව්‍යවස්ථාදායකය දීර්ඝ කාලයක් අඛණ්ඩව නියෝජනය කළ දේශපාලනඥයාය. 1977 මහා මැතිවරණයෙන් NM පරාජයට පත් විය. ‘..NM පාර්ලිමේන්තුවේ නොසිටීම රටේ ව්‍යවස්ථාදායකයට බලවත් පාඩුවක්..’ යනුවෙන් හිටපු […]

The post ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. appeared first on විවරණ.

]]>
ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය NM පෙරේරා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 46 ක් ගත වී තිබේ. ඔහු මිය යන විට පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යවස්ථාදායකයේ සිටි ජේෂ්ඨතම නියෝජිතයාය. එමෙන්ම  මෙරට ව්‍යවස්ථාදායකය දීර්ඝ කාලයක් අඛණ්ඩව නියෝජනය කළ දේශපාලනඥයාය. 1977 මහා මැතිවරණයෙන් NM පරාජයට පත් විය. ‘..NM පාර්ලිමේන්තුවේ නොසිටීම රටේ ව්‍යවස්ථාදායකයට බලවත් පාඩුවක්..’ යනුවෙන් හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, NM ගේ පරාජය ගැන කළ ප්‍රකාශය මෙරට දේශපාලනයේ ප්‍රචලිතය.

NMපෙරේරා පාර්ලිමේන්තු විවාදවලදී දැක්වූ විචක්ෂණ භාවය, තර්කානුකූලව අදහස් ඉදිරිපත් කළ ආකාරය එවක මෙරට සිටි ඔහුගේ විරුද්ධවාදී පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ද පැසසුමට ලක් විය. ඒ අතර ලාංකේය ව්‍යවස්ථාදායකයේ ජේෂ්ඨයෝද වූහ. NM අන් අයගේ අදහස් උදහස්වලට සාවදානව සවන් දුන් අතර සිය මතවාදයන් ඒත්තු ගැන්වීමට පැහැදිලිව කරුණු ඉදිරිපත් කළේය.

1950 ගණන් අවසානයේදී මෙරට දේශපාලනයේ තීරණාත්මක තත්ත්වයන් මතුකළ ජාතික භාෂා ගෑටලුවේදී NM එම විවාදවලට සහභාගී වෙමින් අදහස් ඉදිරිපත් කළ ආකාරය වර්ථමානයේදී ද මෙරට දේශපාලනයේ සාකච්ඡාවට ලක් වේ. පසුකාලීනව සභාග දේශපාලනය හමුවේ NM ප්‍රමුඛ සමසමාජවාදීන් ඉදිරියට ගෙන ආ මතවාදයන් පරාජයට පත් විය. 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේදී මෙම මතවාදයන් සමසමාජ නියෝජිතයින් විසින් තියුණු ලෙස මතු නොකළේයැයි යන්න අද දිනද විවේචනයට හසු වේ.

ලංකා සමසමාජ පක්ෂය සිය දේශපාලනය ආරම්භයේදී දැඩි ලෙස පිළිගත් මෙම මතවාදයන් ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ස්ථාපිත කළේ නම් පසු කාලීනව මෙරට ඇති වූ බරපතල වියසනයක් සිදු නොවෙනු ඇති බව බොහෝ දේශපාලකයින්ගේ අදහසයි. නමුත් ජාතික භාෂා ප්‍රකාශනයේදී සමසමාජ මතවාදය ඉදිරියට දැමීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීමට හේතු ගණනාවක් බලපෑ අන්දම සමසමාජ පක්ෂයේ ඇතැම් ජේෂ්ඨයෝ කියා සිටියහ.

එවක සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි ජාතිවාදී මතය දැරූ නියෝජිතයින්ගේ බලවත් විරෝධය මෙම ක්‍රියාන්විතයට හරස් වූ බව සමසමාජ පක්ෂයේ ඇතැම් පාක්ෂිකයෝ කියා සිටියහ. තවත් සමහරුන් කියා සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ පෙළඹවීම මත ද්‍රවිඩ පක්ෂ නියෝජිතයින් ආණ්ඩු ක්‍රම  සම්පාදක සාකච්ඡාවලින් ඉවත් වූ බවයි.එහිදී තමන්ගේ රජයක් යටතේ සුලු ජාතික අයිතිය තහවුරු කිරීමේ යෝජනා නියමිත පරිදි ඉදිරිපත් කිරීමට තිරසාර සැළසුම් ඇතැයි යන අදහස ඒත්තු ගන්වමින් ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩලයේ ද්‍රවිඩ ජාතික පක්ෂ නියෝජනය වළක්වාලීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් කටයුතු කළ බවද ඇතැම් ප්‍රකාශන අනුව පැහැදිලි විය.කෙසේ වුවද ඇති වූ තත්ත්වය පසුකාලීනව බලවත් ව්යසනකාරිත්වයක් මෙරට සමාජ දේශපාලනයේ නිර්මාණය කළේය.

1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නිතරඟ ගිවිසුමකට එළඹීම ලංකා සමසමාජ පක්ෂය ගත් තීන්දුවද බලවත් විවේචනයට ලක් වූවකි. 1965 දී ගනු ලැබූ සභාගවාදී තීරණය මෙහි කූටප්‍රාප්තිය නිර්මාණය කළේය. ගන්නා ලද මෙම තීරණයේ පූර්ණ චෝදනාව ආචාර්ය NM පෙරේරා වෙත එල්ල වුණි. නමුත් නැගී ඒමට නියමිතව තිබූ බලවත් අධිරාජ්‍යවාදී ගැති එකඟතාවයක් පරාජය කිරීමට මෙම තීරණයට පිවිසුණු බව ඇතැම් පැරණි සමසමාජවාදීහු අද ද කියා සිටිති.කෙසේ වුවද මෙහි ප්‍රතිඵලය වූයේ දකුණු ආසියාවේ විශාලතම ට්‍රොට්ස්කි පක්ෂය සිය ජාත්‍යන්තර නියෝජනයෙන් ඉවතට විසි වීමයි.

NMපෙරේරාට එල්ල වූ තවත් බලවත් විවේචනයක් වූයේ සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ නාගරික කම්කරු හා බැංකු ක්ෂේත්‍රයේ ඇති වූ නැගිටීම්වලට දැක් වූ ප්‍රතිවිරුද්ධ භාවයයි. මෙහිදී ලංකා සමසමාජ පක්ෂය පංති දේශපාලනයෙන් පූර්ණ වශයෙන්ම ඈත්ව යාමක් සිදුකළ බවට බලවත් විවේචන පැනනැගුණි. මෙම තත්ත්වයන් සියල්ල යටතේ සිදු වූයේ ලංකා සමසමාජ පක්ෂය තව දුරටත් කැබලි වී යාමයි.

මෙම බෙදී යාම් අතර බලවත්ම දෙදරා වැටීම සිදු වූයේ ආචාර්ය වික්‍රමබාහුගේ නායකත්වයෙන් නව සමසමාජ පක්ෂය බිහිවීම බව බොහෝ දෙනෙකුගේ අදහසයි.එම පක්ෂය කම්කරු පංතියේ දේශපාලනය ඉදිරියට  ගෙන යනු ඇතැයි බොහෝ වාමාංශිකයෝ බලාපොරොත්තු සහගත වූහ. නමුත් එම බලාපොරොත්තු කොතරම් සඵලවීද යන්න විමසිය යුත්තකි. ලංකා සමසමාජ පක්ෂය ගත් තීන්දු තීරණවලට වඩා ප්‍රතිගාමී අන්තයන්ට එම පක්ෂය ඇද වැටුණි, යන විවේචනය මේ වන විට බොහෝ දෙනෙක් න.ස.ස.ප.යට එල්ල කරති.

2015 න් පසුව ලංකා සමසමාජ පක්ෂයේ ඇතිවූ තවත් විවේචනාත්මක පැතිකඩක් තියුණු මුහුණුවරකින් මතු විය.මේ යටතේ එහි බහුතර කණ්ඩායම නමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ නායකත්වයෙන් ක්‍රියාත්මක දේශපාලනයට පිවිසුණි. එයද කෙටි කාල සීමාවකදී බිඳී විසිරී ගියේය. ඇතැම් කොටස් ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණය සාක්ෂාත් කිරීමේ අභිලාෂය පෙරදැරිව ගිය ගමන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අරමුණ වෙත ළඟා විය. NM ගේ පංති විරෝධී දේශපාලනයට එරෙහිව නැගී සිටියවුන් ඔහු විසින් අත්හරින ලද දේශපාලනය ඉදිරියට ගෙන ගියාද යන විවේචනය අද දිනයේද මතු වෙමින් තිබේ. 

විවේචනාත්මක තත්ත්වයන් ගණනාවක් යටතේ ලංකා සමසමාජ පක්ෂයේ තවත් කණ්ඩායමක් පොහොට්ටු පක්ෂය ශක්තිමත් කිරීමට මැදිහත් විය.මෙහි පරාජිතම ස්වරූපය මතුවූයේ තවත් පසු කලකදී, පැවති රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂ කණ්ඩායම් බලමුලු ගනිද්දී ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමය.මෙහිදී ඇති වූ ස්භාවය බොහෝ වාමාංශිකයින්ගේ බලවත් අප්‍රසාදයට හේතු විය.

NM සිටියා නම් එවැනි ක්‍රියාන්විතයකට කිසිසේත්ම නොයන බව මෙම අවස්ථාව සිහිපත් කරන බොහෝ සමසමාජ පාක්ෂිකයෝ කීහ.පසුගිය වසරකදී පැවති ඇන්.ඇම්.සමරු රැස්වීමකදී ආචාර්ය ජයදේව උයන්ගොඩ කියා සිටියේ ඇන්.ඇම්.සහෝදරයා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියාත්මක වූ දේශපාලනඥයෙක් බවයි.

මෙහි සුවිශේෂී පිළිබිඹුව, NM විසින් රචනා කරන ලද විධායක ජනාධිපති ව්‍යවස්ථාට විවේචනය තුලින් පැහැදිලි වන බව ඔහු ප්‍රකාශ කළේය.මෙරට දේශපාලනයේ ඇතිවීමට නියමිත අනාගත අගතිගාමිත්වය එම ව්‍යවස්ථාව නිර්මාණය කළ අවධියේදීම දැකීමට තරම් NM විචක්ෂණශීලි වූ බව ආචාර්ය ජයදේව උයන්ගොඩ එහිදී සඳහන් කළේය.කඬිනමින් වෙනස්කළ යුතුයැයි හඬ නැගෙන මෙම ව්‍යවස්ථාව, මෙරට දේශපාලනයේ අඳුරු පැතිකඩ ඉරා දැමීමට ඇති බලවත්ම බාධකය වී ඇත. එම ක්‍රියාන්විතය යථාර්ථයක් බවට පත් කිරීම ම NM සහෝදරයාට දක්වන උපහාරයකි.

The post ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%af%e0%b7%8f/feed/ 0
කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%bd%e0%b7%94-%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-42-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%bd%e0%b7%94-%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-42-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a/#respond Sun, 27 Jul 2025 07:21:53 +0000 https://vivaranalk.com/?p=13332 ලාංකේය දේශපාලනයේ කලු පැල්ලමක් සනිටුහන් කරන ලද කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම ජූලි 23වෙනි දින පස්වරුවේදී බොරැල්ල කනත්ත වට රවුමේදී පවත්වන ලදි.බහු ජන,වෘත්තීය හා සිවිල් සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවති මෙම සිහි කැඳවීම සංවිධානය කරන ලද්දේ ‘උතුර දකුණ සහෝදරත්වය’ විසිනි. “දෙමළ ජන සංහාරය අමතක නොකරනු ! මරා දැමූ පුද්ගලයින්ට යුක්තිය ඉටු කරනු!” යන බැනරය යටතේ […]

The post කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. appeared first on විවරණ.

]]>
ලාංකේය දේශපාලනයේ කලු පැල්ලමක් සනිටුහන් කරන ලද කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම ජූලි 23වෙනි දින පස්වරුවේදී බොරැල්ල කනත්ත වට රවුමේදී පවත්වන ලදි.බහු ජන,වෘත්තීය හා සිවිල් සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවති මෙම සිහි කැඳවීම සංවිධානය කරන ලද්දේ ‘උතුර දකුණ සහෝදරත්වය’ විසිනි.

“දෙමළ ජන සංහාරය අමතක නොකරනු ! මරා දැමූ පුද්ගලයින්ට යුක්තිය ඉටු කරනු!” යන බැනරය යටතේ මීට වසර 42කට පෙර සිදු කරන ලද ඛේද ජනක සිදුවීම සිහිපත් කිරීමට ජනතාව රැස් වූහ.

 ‘කලු ජූලියේ ඛේදයට වසර 42 යි. යුක්තිය තවම ඉටු වී නෑ.

 “No more black July.” යන පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම අවස්ථාවට රැස් වූ විරෝධතාකරුවෝ මරා දැමූ අහිංසක ජනතාවට යුක්තිය, සාධාරණත්වය ඉල්ලා සිටියහ.මෙම මහා අපරාධය සිදු වූ අවස්ථාවේදී එය මැඩ පැවැත්වීමට එවක පැවති පාලනය මැදිහත් නොවීමත්,ජාතිවාදී උමතුව මර්ධනය කිරීමට නීතිමය පියවර නොගැනීම ගැනත් මෙහි රැස්ව සිටි පිරිස දැඩි අප්රසාදය පල කළහ.මරා දමන ලද සහෝදර දෙමළ ජනතාව සිහිපත් කිරීමට පහන් දැල්වීම  මෙහිදී සිදු කරන ලදි.

මෙම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ උතුර දකුණ සහෝදරත්වයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහෝදරයා කියා සිටියේ වසර 42 ක් ගත වී තිබුණද මෙතෙක් මෙම ව්‍යසනයට ගොදුරු වූ අහිංසක ජනතාව වෙනුවෙන් කිසිදු සාධාරණයක්, පැවති රජයන් විසින් ඉටුකර නොමැති බවයි. ජාතිවාදය, බෙදුම්වාදය මර්ධනය කිරීමට පියවර නොගෙන ජාතීන් අතර බරපතල වෛරයක් හා අසමගියක් ඇතිවන තෙක් එවක පැවති පාලනය නිහඬව සිටීම බරපතල දෙයක් බව සඳහන් කළේය.එසේ කිරීම තුල ස්වකීය පැවැත්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවක් පැවතියේයැ යි ඔහු කියා සිටියේය.

 මෙහිදී මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ මෙලනි ගුණතිලක සහෝදරිය මාධ්‍යට කියා සිටියේ 83 කලු ජූලිය යනු නැවත කිසිදු අවස්ථාවක මෙරටේ සිදු නොවිය යුතු දෙයක් බවයි.මෙම සිදු වීම රටක් වශයෙන් සමස්ත ජනතාවම මුහුණ දුන් අපකීර්තිමත්ම ක්‍රියාකාරිත්වයක් බව ඇය ප්‍රකාශ කළාය.

 බිඳී ගිය ශ්‍රී ලාංකීය ජාතියේ තියුණුම කඩ ඉම සළකුණු කරන ලද මෙම සිදුවීම මෙරට ජන සමාජයෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින් තිබේ.එසේ වුවද එමගින් මෙරට ජන සමාජයට සිදු කරන ලද අගතිය වර්ථමානයේදී ද මෙරට සංවේදී ජන හදවත් කම්පාවට පත් කරනු ලබයි.

The post කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%bd%e0%b7%94-%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-42-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a/feed/ 0
කළු ජූලියෙන් නූගත් පාඩම්.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a/#respond Wed, 23 Jul 2025 04:33:29 +0000 https://vivaranalk.com/?p=13299 ලාංකේය රාජ්‍ය පාලනය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද බලවත් පිළිකුලට ලක් වූ කළු ජූලියට 2025 දී වසර 42 කි. මෙය කළු ජූලිය හැටියට ප්‍රචලිත වීම ම එහි ස්භාවය මැනවින් නිරූපණය කර දැක්වීමකි. එවක මෙරට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එල්ල වන බලවත්ම විවේචනය වන්නේ ‘මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීමට උත්සාහ නොකර මග හැරීම ගැනයි’. විශාල පාර්ලිමේන්තු […]

The post කළු ජූලියෙන් නූගත් පාඩම්.. appeared first on විවරණ.

]]>
ලාංකේය රාජ්‍ය පාලනය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද බලවත් පිළිකුලට ලක් වූ කළු ජූලියට 2025 දී වසර 42 කි. මෙය කළු ජූලිය හැටියට ප්‍රචලිත වීම ම එහි ස්භාවය මැනවින් නිරූපණය කර දැක්වීමකි.

එවක මෙරට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එල්ල වන බලවත්ම විවේචනය වන්නේ ‘මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීමට උත්සාහ නොකර මග හැරීම ගැනයි’. විශාල පාර්ලිමේන්තු හා විධායක ජනාධිපති බලයක් තිබියදීද ‘මතු වූ තත්ත්වය වළක්වා ගැනීමට පැවති රජය මන්දෝත්සාහී විය’ යන්න ගැන දේශපාලන විචාරකයෝ වර්තමානයේදීද අදහස් පල කරති.

මේ යටතේ සිය බල අධිකාරිත්වය උත්කර්ෂයට නැංවිය හැකි යැයි පාලකයින් සිතුවා විය හැක.නමුත් සිදු වූයේ බලවත් ඛේදනීය පසුතලයකට සමස්ත ලාංකීය ප්‍රජාවම ඇද වැටීමය.ජාත්‍යාලයත් උන්නතිකාමිත්වයත් නින්දනීය ප්‍රකාශනයකට හසුවීමය.මෙවැනි ඛේදනීය, ව්‍යසනකාරී ස්වරූපයක් ඇති වීමට පළමු හේතුව ලෙස බොහෝ දෙනෙකු දක්වන්නේ මියගිය හමුදා සෙබලුන් 13 දෙනාගේ සිරුරු එම එකිනෙක ප්‍රදේශවල ඥාතීන්ට භාර නොදී එකම ස්ථානයක අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට සැලසුම් කිරීමය.

බොරැල්ල කනත්ත සුසාන භූමියෙන් කළු ජූලිය ඇරඹේ – 1983 ජූලි 24

මෙම අවස්ථාවේ සිදු වූ සිදුවීම් ගැන පවසන ඇතමුන් කියා සිටියේ, බොරැල්ල කනත්තට එක්රැස්ව සිටි හමුදා සෙබලුන්ගේ ඥාති හිතෛෂීන්ගෙන් එක්වර සිදු වූ විරෝධයක් හෝ නොසන්සුන්කාරී තත්ත්වයක් මත කළහකාරීත්වයක් උද්ගත නොවූ බවයි.නමුත් බොරැල්ල හා කින්සි පාර දෙසින් පැමිණි යම් පිරිසක් සංවිධානාත්මකව ආසන්න ස්ථානවල තිබූ දෙමළ ජාතිකයින්ගේ ව්‍යාපාරික සහ පදිංචි ස්ථානවලට පහර එල්ල කිරීමෙන් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වූ බව ඇතැම්හු පැවසූහ.ඇතැම් මාධ්‍ය දැක් වූයේ  මෙම තත්ත්වය බොරැල්ල කනත්ත දෙසට යොමු වී ඇත්තේ තවත් මද වේලාවකට පසුව බවයි. ඒ අනුව මෙහි යම් සංවිධානාත්මක ස්වරූපයක් පැවති බව පැහැදිලි විය.

ව්‍යාප්ත වූ විනාශකාරිත්වය මැඩලීමට රජය ක්ෂණික පියවර නොගත් බව ප්‍රචලිතය.මින් සිදු වූයේ පැවති රජය බලවත් අපකීර්තියට පත්වීම හා මෝදු වෙමින් තිබූ ජාතීන් අතර බෙදුම් රේඛාව තියුණු ලෙස සළකුණු කිරීමය. සිංහල බෞද්ධ සංකල්පය කෙරෙහි බලවත් අපවාදාත්මක ප්‍රකාශනයක් මින් ජනිත කෙරුණි.

මෙම ඛේදයේ අවාසනාවන්තම සිදුවීම වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ද්‍රවිඩ සටන්කාමී සංවිධානවලට අයත් රැඳවියන් පනස් දෙනෙකු තිරශ්චීන ලෙස ඝාතනය කිරීමයි.අධිකරණ කාර්යයන් සඳහා රඳවා සිටි රැඳවියන් ඝාතනයට ලක්වීම හා ඔවුන්ට රැකවරණය සැලසීමට රජය අපොහොසත් වීම ජාත්‍යන්තරයේද අවධානයට යොමු වූ කාරණයක් විය. 

කොටුවේ බ්‍රිස්ටල් ගොඩනැගිල්ල ගිනි දැලින් වෙලී – 1983 ජූලි 25

මෙවක ඉන්දීය රජය සමග මෙරට පාලනයේ පැවති නොරිස්සුම් ස්වරූපය දියුණු තියුණු කරන කරුණු ගණනාවක් මේ යටතේ පැන නැගුණි.තමිල්නාඩු ප්‍රාන්තයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය ඉන්දීය මධ්‍යම රජයටද දැඩි බලපෑමක් එල්ල කළේය.ද්‍රවිඩ මුනේත්ර කලහගම් පක්ෂයේ ලෝක් සභාවේ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම්වලට අප්‍රසාදය පල කරමින් එහි නියෝජනයෙන් ඉවත් විය.තමිල්නාඩු ද්‍රවිඩ පක්ෂ ඒකාබද්ධව කළු කොඩි ඔසවා විරෝධය පල කිරීම ඉන්දය  මධ්‍යම රජයට දැඩි බලපෑමක් ඇති කළේය.ලංකාවට එක්සත් ජාතීන්ගේ හමුදාවක් එවිය යුතු බවට මධ්‍යම රජයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සිදු වන්නේ මෙම අවස්ථාවේදීය.මේ යටතේ ශ්‍රී ලංකාවේ පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ නුරුස්සන ස්භාවය තවත් පුලුල් විය.ද්‍රවිඩ සටන්කාමීන්ට ඉන්දීය භූමිය තහනම් කරන ලෙස පෙර අවස්ථාවක ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමද නොසලකා හැරීමට ලක් වේ.මේ නිසා සිදු වන්නේ දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් බිඳ වැටීමය.

කොටුව මල්වත්ත පාරේ ගිනිබත් මෝටර් රථයක් – 1983 ජූලි 25

ඇති වූ මේ ස්භාවය සමනය කර ගැනීමේ වෑයමක් ලක් රජය වෙතින් ප්‍රකාශ වූයේ නැත.සිදු කරන ලද්දේ  ඇති වූ තත්ත්වය තවත් පුලුල් කිරීමේ ක්‍රියාන්විතයන්ය.මීට ආසන්න පසු අවස්ථාවල ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ විදෙස් සංචාර සිදු වන්නේ ඉන්දියාව සමග විරසක රටවල් සමගය.ජයවර්ධන ජනපතිගේ වොෂිංටන් සංචාරය සිදුවන්නේද මීට ආසන්න දිනකදීය.ඇති වූ ව්‍යසනකාරීත්වයේ සලකුණු වහාම සමනය කර ගැනීමට ලක් රජය අපොහොසත් වන අතර ඉන්දීය රජය සමග පලුදු වූ රාජ්‍ය තාන්ත්‍රීක බැඳීම් සවිමත් කිරීමට කඩිනම් පියවර ගනු ලැබුවේ නැත. 

මෙහි බලවත්ම අහිතකර ප්‍රතිඵලය වන්නේ 150,000 කට අධික පිරිසක් අනාථයින් වශයෙන් ඉන්දියාවට සංක්‍රමණය වීමයි.මෙය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බරපතල තත්වයක් මතු කළේය.අනෙක් අතට මෙය, ලාංකේය පාලනයට බලපෑම් කිරීම සඳහා ඉන්දීය රජයට හිමි වූ කඳිම වාසි සහගත කරුණක් බවට පත් විය.ඇති වූ ව්යවසනකාරී තත්ත්වය නිසා ලාංකීය ද්‍රවිඩ ජාතිකයින් සතු ව තිබූ නිවාස අට දහසකට හා ජීවිත තුන් දහසකට වැඩි සංඛ්‍යාවක් අහිමි වූ බව කියැවුණද සංඛ්‍යා ඊට වඩා විශාල බව ඇතැම් මාධ්‍ය සඳහන් කළේය.ද්‍රවිඩ ජනතාව සතු විනාශ වූ දේපල වටිනාකම ගණනය කිරීමද අපහසු බව කියැවුණි.

මීට වසර 42 කට පෙර මෙම සිදුවීම් පෙළ ඇති වුවද එකම රටක ඉතිහාසයේ  දීර්ඝ කාලයක සිට ජීවත්වන,සමීප සමාජ සංස්කෘතික ජීවන ප්‍රවෘත්තියක බැඳී වෙසෙන ජනතාවක් බලවත් ඛේදයකට ගොදුරු විය.වර්ථමානයේද මෙහි අඳුරු වළාකුළු ලාංකේය ජන සමාජයට ඉහලින් මතු වෙමින් තිබේ.

The post කළු ජූලියෙන් නූගත් පාඩම්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a/feed/ 0
ඊශ්‍රායෙල් ජන ඝාතක ආක්‍රමණයට එරෙහි පා ගමන.. https://vivaranalk.com/%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a-%e0%b6%86%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a-%e0%b6%86%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/#respond Wed, 02 Jul 2025 09:47:31 +0000 https://vivaranalk.com/?p=13060 ‘අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහාය මත සිදු කරන පලස්තීන ආක්‍රමණය වහාම නවතනු!’ මැයෙන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන 30 වෙනි දින සවස කොම්පඥ්ඥ වීදිය, ඩිමෙල් පිටිය අසලින් ඇරඹුණි. දේශපාලන පක්ෂ, බහුජන, වෘත්තීය හා ආගමික සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවතී මෙම පා ගමන ‘පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය’ විසින් සංවිධානය කරන ලදි. ඇමරිකාවේ හා ඊශ්‍රායලයේ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ […]

The post ඊශ්‍රායෙල් ජන ඝාතක ආක්‍රමණයට එරෙහි පා ගමන.. appeared first on විවරණ.

]]>
‘අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහාය මත සිදු කරන පලස්තීන ආක්‍රමණය වහාම නවතනු!’ මැයෙන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන 30 වෙනි දින සවස කොම්පඥ්ඥ වීදිය, ඩිමෙල් පිටිය අසලින් ඇරඹුණි. දේශපාලන පක්ෂ, බහුජන, වෘත්තීය හා ආගමික සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවතී මෙම පා ගමන ‘පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය’ විසින් සංවිධානය කරන ලදි.

ඇමරිකාවේ හා ඊශ්‍රායලයේ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ මොහොතේදී මෙම ආක්‍රමණයට විරෝධය දක්වමින් සිටිනවා. එවැනි අවස්ථාවක අප රජය, ඊශ්‍රායලය රකින ප්‍රතිපත්තියෙන් වහාම ඉවත් විය යුතුයි. යනුවෙන්  පා ගමන ආරම්භයේදී රැස්ව සිටි පිරිස ඇමතූ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය සහෝදරයා ප්‍රකාශ කර සිටියේය. අප මෙම ජන සංහාරක ව්‍යාපාරය නතර කරන තෙක් පලස්තීන ජනතාව සමග අත්වැල් බැදගන්නා බවද මෙහිදී ඔහු සඳහන් කළේය.

පලස්තීනයට නිදහස, අමෙරිකානු ඊශ්‍රායෙල් පැසිස්ට් ආක්‍රමණය පරදවමු’ යන පාඨ සඳහන් පුවරු රැගත් පිරිස ,’ජන සංහාරය වහාම නතර කරනු!’යන ශීර්ෂය සටහන් බැනරය යටතේ ගමන් ගත්හ.

නෙතන්යාහු ඝාතකයා..
හිරේ දමව් ඝාතකයා..
ගාසාවේ රෝහල් නෑ..
කන්නත් නෑ වතුරත් නෑ
..
යන සටන් පාඨ මෙම පා ගමනේදී හඬ නැගුණි.පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජෝසප් ස්ටාලින්, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුලු වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයෝ  මෙම පා ගමනට සහභාගී වූහ.

කොම්පඥ්ඥවීදියෙන් ජස්ටිස් අක්බාර් මාවත ඔස්සේ ගාලු පාරට පැමිණි විරෝධතා කරුවෝ කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ පලස්තීන ආක්‍රමණය හෙලා දකිමින් විරෝධය ප්‍රකාශ කළහ.මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ , ඊශ්‍රායෙල් ඝාතකයින් යුධ ක්‍රියාන්විතවලින් පසු විවේක ගැනීමට මෙරටට පැමිණ නතර වී සිටින බවයි.එම මධ්‍යස්ථාන වසා දමා යුද්ධයට ඇති අපගේ විරෝධය පල කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

මෙය රටක් ආක්‍රමණය කිරීමක් නොවේ. ජන ඝාතක යුද්ධයක් දක්වාම ඇදී ගිය ක්‍රියාන්විතයක්. මෙම යුද්ධය නතර කිරීමට නිශ්චිත ක්‍රියා මාර්ගයක් ගැනීමට බලවත් ජාතීන් මගහැර සිටීම නිසාම පරාජිත තත්ත්වයන් ගණනාවක් මතුවුනා යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේය.

තමන්ගේ උවමනාවට මිනී මරණ,යුද්ධ කරන අමෙරිකා ඊශ්‍රාල් ක්‍රියාකාරිත්වයන් මේ රටට අවශ්‍ය නෑ.මෙය ඊශ්‍රායෙල් පලස්තීන ගැටලුවක් නොවේ. ඇත්ත වශයෙන්ම අධිරාජ්‍යවාදී ක්‍රියාකාරිත්වයක්.මෙම තත්ත්වය දැඩි ලෙස හෙලා දකිනවා. යනුවෙන් සිය අදහස් ප්‍රකාශ කළ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ජනතාව අමතා කියා සිටියේය.

ලෝකයේ පීඩාවට මුහුණ දී සිටින ජනතාව තවදුරත් පීඩාවට පත් කිරීමට එරෙහි වූ ප්‍රකාශනයක් හා ඊට විරුද්ධව එක්සත් වීමක් මෙම විරෝධතාවයෙන් මතුවීම වැදගත් කරුණකි.සැළකිය යුතු  මුස්ලිම් ප්‍රජාවක් මෙම අවස්ථාවට සහභාගී වීමද මෙම පා ගමනේ හා විරෝධතාවයේදී පැහැදිලි වීම විශේෂත්වයකි.

The post ඊශ්‍රායෙල් ජන ඝාතක ආක්‍රමණයට එරෙහි පා ගමන.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a-%e0%b6%86%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/feed/ 0
පලස්තීනය නිදහස් කර ගමු..! ජන සංහාරක යුද්ධයට එරෙහි වෙමු..! https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b6%b8%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b6%b8%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1/#respond Tue, 24 Jun 2025 10:17:33 +0000 https://vivaranalk.com/?p=12989 පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද ‘පලස්තීනයට නිදහස, යුද්ධයට විරෝධය’ යන මාතෘකාව යටතේ පැවති ජන හමුවක් ජූනි මස 20 වෙනි දින ආචාර්ය ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වුණි. මෙය පලස්තීනයට  සහයෝගය දැක්වීම සඳහා අවශ්‍ය එකඟතාවයන්, ඒකාබද්ධ කිරීමේ මූලික පියවරක් වන බව, මෙහි  මූලික අදහස් දැක්වීම  කළ ආචාර්ය කුමුදු කුසුම් කුමාර කියා සිටියේය. අද වන […]

The post පලස්තීනය නිදහස් කර ගමු..! ජන සංහාරක යුද්ධයට එරෙහි වෙමු..! appeared first on විවරණ.

]]>
පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද ‘පලස්තීනයට නිදහස, යුද්ධයට විරෝධය’ යන මාතෘකාව යටතේ පැවති ජන හමුවක් ජූනි මස 20 වෙනි දින ආචාර්ය ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වුණි. මෙය පලස්තීනයට  සහයෝගය දැක්වීම සඳහා අවශ්‍ය එකඟතාවයන්, ඒකාබද්ධ කිරීමේ මූලික පියවරක් වන බව, මෙහි  මූලික අදහස් දැක්වීම  කළ ආචාර්ය කුමුදු කුසුම් කුමාර කියා සිටියේය.

අද වන විට පලස්තීනයට එල්ල වන ප්‍රහාර පිළිබඳ විමසීමේදී, මෙය මානව සදාචාරය හා ශිෂ්ටත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. මේ නිසා මෙම තත්ත්වය විරෝධය පල කිරීමේ මූලික අයිතියක් ජනතාවට ඇති බවත්, මෙය පැහැදිලිවම ඊශ්‍රායලය වටා ගොනු වූ අධිපතිවාදී බලවේගවල ප්‍රකාශනයක් ලෙස මතු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

ඊශ්‍රායල් ක්‍රියාකාරිත්වය පැත්තෙන් බලන විට යුදෙව් ජාතියේ උත්තමභාවය ඉහලින් මතු කිරීමේ ස්වරූපයක් මෙම ක්‍රියාන්විතයන්වල පෙනී යන බව සඳහන් කළ ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා, මෙය එක්තරා පැත්තකින් නාසිවාදීන් විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති හා සමානත්වයක් පෙන්නුම් කරන බව පැහැදිලි යැයි ප්‍රකාශ කළේය. මෙහි වඩාත් බිහිසුණු ලක්ෂණය වන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මෙම ආක්‍රමණයට දක්වන සුභවාදී ප්‍රතිචාරය බවද කියා සිටියේය. 

මෙය පලස්තීනය, ඊශ්‍රායලය හෝ ඉරානය සම්බන්ධයෙන් පමණක් ඇති වී තිබෙන ගැටලුවක් නොවේ. ඇත්ත වශයෙන්ම අධිරාජ්‍යවාදීන් ලෝකය යටපත් කිරීමේ හා අවි ජාවාරමුන්ගේ ව්‍යාපෘතියක් බවට පත් වී ඇතැයි මෙම සංවාදයේදී අදහස් දැක්වමින් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා කියා සිටියේය. කෙසේ වුවද, මේ යුද්ධයට පමණක් නොව ලෝක අධිරාජ්‍යවාදයට විරෝධය දැක්වීමේ ක්‍රියාන්විතයක් දක්වා වන ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය හොඳින්ම පැහැදිලි වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  

මෙම සංවාදයට එක් වූ චමිල් ජයනෙත්ති මහතා කියා සිටියේ සමස්ත ලෝකයේ ක්‍රියාකාරිත්වයන් දෙස බලන විට පැහැදිලි වන්නේ පූර්ව විප්ලවීය තත්වයන් මතු වී ඇති බවයි. අප රටේද බංග්ලාදේශයේද යුරෝපයේ විවිධ රටවලද නොයෙකුත් ගැටුම් පැන නැගී තිබෙන බව හා මැද පෙරදිග පුපුරා යමින් තිබෙන්නේ මෙහිම තියුණු අවස්ථාවක් යැයි පැවසුවේය.

මෙහිදී අදහස් දැක් වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේ මේ මොහොතේ පක්ෂ සංවිධාන, සිවිල් හා වෘත්තීය සමිති සංවිධාන ඒකාබද්ධ පුලුල් ක්‍රියාකාරිත්වයකට යාමේ අවශ්‍යතාවය මතු වී ඇති බවයි.

මේ අවස්ථාවේ මෙහි රැස් වී සිටින පිරිස කමිටුවක් හැටියට පත් කිරීම සුදුසු බව ආචාර්‍ය කුමුදු කුසුම් කුමාර කළ යෝජනාවට සභාවේ එකඟතාවය ප්‍රකාශ විය. ඒ අනුව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති,සිවිල් සංවිධානවල සහභාගිත්වය මෙම ක්‍රියාන්විතයට ඒකාබද්ධ කර ගැනීමට මෙහි පැමිණ සිටි එම සංවිධානවල නියෝජිතයෝ එකගත්වය ප්‍රකාශ කළහ.

මුස්ලිම් සංවිධාන පමණක් නොව වෙනත් ආගමික සංවිධානවල සහයෝගයද මෙම ක්‍රියාන්විතයට ලබාගැනීමේ යෝජනාවක්ද ඊට සභාවේ අනුමැතිය ද ප්‍රකාශ විය. ඇත්ත වශයෙන්ම පලස්තීනයේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සමස්ත ලෝකයේම අවධානය යොමු විය යුතු සංවේදී මාතෘකාවක් බවට පත් වී ඇත. මෙවැනි මොහොතක අධිරාජ්‍යවාදීන්ගේ ජන සංහාරයක ව්‍යාපෘතියට එරෙහිවීම, යුක්තිය ගරු කරන සමාජයක වගකීමකි.

The post පලස්තීනය නිදහස් කර ගමු..! ජන සංහාරක යුද්ධයට එරෙහි වෙමු..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b6%b8%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1/feed/ 0
නීතිඥ සාමූහිකය පොදු ජන සටනට.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%a5-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%96%e0%b7%84%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1-%e0%b7%83%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%a5-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%96%e0%b7%84%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1-%e0%b7%83%e0%b6%a7/#respond Mon, 13 Nov 2023 04:52:58 +0000 https://vivaranalk.com/?p=10312 සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටින ජනතාව අමානුෂික මර්ධනීය ප්‍රවාහයකට ලක්කිරීමට රජය මේ වන විට ඉදිරිපත් ව සිටී.මීට එරෙහිව නීතිඥ සාමූහිකය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග ඒකාබද්ධ වූ  සම්මන්ත්‍රණයක් පසුගිය 06 වෙනි දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදි. මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව කරමින්, නීතියේ බලය විධායකයේ ගල් රෝලට යටපත් කිරීමට විරුද්ධව මෙම ජන […]

The post නීතිඥ සාමූහිකය පොදු ජන සටනට.. appeared first on විවරණ.

]]>
සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටින ජනතාව අමානුෂික මර්ධනීය ප්‍රවාහයකට ලක්කිරීමට රජය මේ වන විට ඉදිරිපත් ව සිටී.මීට එරෙහිව නීතිඥ සාමූහිකය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග ඒකාබද්ධ වූ  සම්මන්ත්‍රණයක් පසුගිය 06 වෙනි දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදි.

මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව කරමින්, නීතියේ බලය විධායකයේ ගල් රෝලට යටපත් කිරීමට විරුද්ධව මෙම ජන හමුව පවත්වන බව මාධ්‍යවේදී නීතිඥ කේ.ඩබ්.ජනරංජන නීතිඥවරයා සඳහන් කළේය. මාර්ගගත ආරක්ෂාව, මාධ්‍ය වාරණ පනත් ගෙන එමින් ජනතාවගේ ප්‍රකාශන අයිතිය උදුරා ගැනීමට රජය උත්සාහ කළද,  මෙරට වත්මන් පරපුර ඊට ඉඩ දීමට සූදානම් නොමැති බවද ඔහු කියා සිටියේය.

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් IMF කොන්දේසි මත රජය විසින් ගෙන එනු ලබන නීති රීති ප්‍රජාතන්ත්‍රීය අයිතියටත් රටේ නීතියටත් පටහැනියැ යි මෙහි ආරම්භක දේශනය කරමින් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ප්‍රකාශ කළාය. ආර්ථික අර්බුදයට විසදුම් ලෙස ගෙන ඒමට සැළසුම් කරන මෙම ක්‍රියාකාරිත්වය රටේ පුරවැසි අයිතියට හා යුක්තියට පූර්ණ වශයෙන්ම පටහැනියැ යි ඇය පෙන්වා දුන්නාය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සභාව අමතමින්, මේ රටේ සිදුවන දූෂණ වංචා සියල්ලට එරෙහි වීම නැවැත්වීමේ අභිලාෂය මෙම මර්ධන නීති ගෙන ඒමේ ක්‍රියා මාර්ගවල ඇතුළත්ව ඇතැයි කියා සිටියේය. කීප දෙනෙකු හෝ එකතු වී දක්වන විරෝධයකට, පෙළපාලියකට පවා විශාල පොලිස් හා හමුදා බල ඇණි යොදවා මර්ධනය කිරීම shut up and sit down යටතේ ගෙන යාමට උත්සාහ දරන පාලනය තීව්‍ර ලෙස සමාජය මතු පිටට පැමිණීමක් ලෙස හැඳින්විය හැකි බව ප්‍රකාශ කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා මෙහිදී ප්‍රකාශ කළේ මේ රටේ පැන නගින ජනතා අරගලය මර්ධනය කිරීම මෙම සියලු පනත් ගෙන ඒමට හේතුවූ බවයි. මේ වනවිට මෙරට දුගී භාවය සීඝ්‍ර වර්ධනයකට පත් වී ඇත. ඒ අතර ලක්ෂ හතක ජනතාවකගේ විදුලිය විසන්ධි කර තිබේ. පීඩාවට හසුවන ජනතාව මර්ධනය කිරීමේ සැළසුම් මෙම ක්‍රියාන්විතයන්හි ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම සමුලුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ශාලිත විමලසේන, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ට්‍රාන්ස්පේරන්සීස් ඉන්ටර් නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ නදීෂානි පෙරේරා අදහස් දැක්වූහ. සභාවේ ප්‍රශ්න මතුකිරීමේ අවස්ථාවේ මෙහෙයවීම නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහෝදරයා විසින් මෙහෙයවන ලදි.

දිගින් දිගටම රජය ගෙන යන අත්තනෝමතික ප්‍රතිපත්තියට විරුද්ධව නීතිඥ සාමූහිකය මෙරට වැඩකරන ජනතාව සහ පීඩාවට පත්වන පොදු ජනතාව සමග ඉදිරියට පැමිණීමේ සාකච්ඡාව මෙම සම්මන්ත්‍රණයෙන් මතුවීම වැදගත් කරුණකි. එය මේ මොහොතේ අවශ්‍යම කර්තව්‍යයක් ද වී ඇත.

The post නීතිඥ සාමූහිකය පොදු ජන සටනට.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%a5-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%96%e0%b7%84%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1-%e0%b7%83%e0%b6%a7/feed/ 0
මහජන කවුන්සිල ව්‍යාපාරය පළමු සංවත්සරය සමරයි.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/#respond Tue, 07 Nov 2023 03:38:34 +0000 https://vivaranalk.com/?p=10254 “මෙරට ජන අරගලයේ ඍජු අත්දැකීමක් හැටියට බිහි වූ මහජන කවුන්සිලය අද සිය ප්‍රථම සංවත්සරය සමරනු ලබනවා. වසරක කෙටි කාලසීමාවකදී වුවත් මෙම ව්‍යාපාරය පවතින පාලන ක්‍රමයට විරුද්ධව සැලකිය යුතු ජන බලයක් ගොඩනැගීමට ඉදිරියට පැමිණ සිටින බව කිව යුතුයි..” මහජන කවුන්සිල ව්‍යාපාරයේ සංවත්සර සභාවේ පිළිගැනීමේ කතාව කරමින් සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර සහෝදරයා මෙසේ ප්‍රකාශ කළේය. මෙම සංවත්සර […]

The post මහජන කවුන්සිල ව්‍යාපාරය පළමු සංවත්සරය සමරයි.. appeared first on විවරණ.

]]>
“මෙරට ජන අරගලයේ ඍජු අත්දැකීමක් හැටියට බිහි වූ මහජන කවුන්සිලය අද සිය ප්‍රථම සංවත්සරය සමරනු ලබනවා. වසරක කෙටි කාලසීමාවකදී වුවත් මෙම ව්‍යාපාරය පවතින පාලන ක්‍රමයට විරුද්ධව සැලකිය යුතු ජන බලයක් ගොඩනැගීමට ඉදිරියට පැමිණ සිටින බව කිව යුතුයි..”

විදර්ශන කන්නන්ගර

මහජන කවුන්සිල ව්‍යාපාරයේ සංවත්සර සභාවේ පිළිගැනීමේ කතාව කරමින් සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර සහෝදරයා මෙසේ ප්‍රකාශ කළේය. මෙම සංවත්සර රැස්වීම පසුගිය 01දින කොළඹ මහජන පුස්තකාල රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි. මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිල නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනතාව සඳහා ජනතාවාදී පාලනයක අවශ්‍යතාවය ගෝල්පේස් අරගල භූමියේදී සම්මුතිගත වුනා.මහජන කවුන්සිලය එහි තවත් දිගුවක්.එය ජාති, ආගම්,කුල භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට එකම අරමුණක එකට ගොනු වී අඛණ්ඩ ක්‍රියාකාරිත්වයකට ගමන් කරමින් සිටින බව සභාවේ ආරම්භක දේශනය කරමින් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කර සිටියේය.

ජීවන්ත පීරිස් පියතුමා

දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරිත්වයන් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහජන කවුන්සිලය ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘ජන බලයද?රාජ්‍ය බලයද?’ කෘතිය ජනගත කිරීම මෙම සංවත්සර සභාවේදී සිදු කෙරුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව කතිකාවතක් ඇතිකරගැනීමේ සාකච්ඡාව වර්ථමානයේ මතුවී තිබෙන බවයි.එහිදී ලෙනින් සහෝදරයාගේ අදහසක් උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ‘ ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුම භාවිතයන් ඇතැයි සළකනු ලබන පාලනයක් වුවද රජය යනු මර්ධනයේ යාන්ත්‍රණයක්’ බවයි.

ආචාර්ය කල්ප රාජපක්ෂ

රනිල් රාජපක්ෂගේ පාලනයට එරෙහිව ව්‍යූහාත්මක පරිවර්තනයක අවශ්‍යතාවය මතුවී තිබෙන බව කල්ප සහෝදරයා පෙන්වා දුන්නේය.වත්මන් රජය විසින් ගොඩනගමින් තිබෙන ජන සභාවලට එරෙහිව සටන් වදින බලවේගය ලෙස මහජන කවුන්සිල හැඩගැන්විය යුතුව ඇතැයි ඔහු කියා සිටියේය.

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමිටු සභික වසන්ත මුදලිගේ සහෝදරයා සභාව අමතා කියා සිටියේ, දිගින් දිගටම ක්‍රියාත්මක වූ මහජන නැගිටීම් කීපයක උච්චතම අවස්ථාව ගෝල්පේස් අරගල භූමියෙන් ප්‍රකාශ වූ බවයි. එය මහජන බලයේ සංකේතාත්මක ප්‍රකාශනයක් පමණක් වූ අතර ඉදිරි ක්‍රියාන්විතයන්හි විශාල වගකීමක් හා කාර්ය භාරයක් මහජන කවුන්සිල සතුව ඇතැයි ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කරසිටියේය. එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි නීතිඥ ස්වස්තික ආරුලිංගම්, කථිකාචාර්ය නිකොලා පෙරේරා සහෝදරියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

සහභාගී වූ පිරිසෙන් කොටසක්..

විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරකම් හා අත්දැකීම් එකම ස්ථානයකදී හදුනාගත හැකි වීම මෙම සංවත්සර සභාවේ දී සිදුවිය. එය පාලන බලය අභ්‍යාස කිරීමක් දක්වා ගමන් කරන්නේ කෙසේද? යන්න මෙම පළමු සංවත්සරයේදී සාකච්ඡාවට ලක්වීම වැදගත් කරුණකි.

මෙම කෘතිය ආචාර්ය කල්ප රාජපක්ෂ, විදර්ශන කන්නන්ගර, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, දුමින්ද නාගමුව, ජී.ඩී.දසනායක, පී.ඩී.සරණපාල, බ්‍රිටෝ ප්‍රනාන්දු යන සහෝදරවරුන් වෙත මහජන කවුන්සිල ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් පිරිනමන ලදි.

The post මහජන කවුන්සිල ව්‍යාපාරය පළමු සංවත්සරය සමරයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/feed/ 0
‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාවක්.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%bb-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%96-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%bb-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%96-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/#respond Tue, 03 Oct 2023 07:16:47 +0000 https://vivaranalk.com/?p=9926 “පසුගිය ‘අරගලය’ විදේශ කුමන්ත්‍රණයක්,මෙරට මධ්‍යම පංතිය ස්වකීය ජීවන රටාව බිඳ වැටීමට එරෙහි වූ මැදිහත්වීමක් ලෙස මේ වන විට ජන සමාජයේ පතුරුවා හැරීමට ඇතැම්හු වෑයම් කරති. නමුත් මෙම අරගලය, ඇතිවූ පීඩාකාරිත්වය මත මෙරට පොදු ජනතාවගේ නැගී සිටීමක් බව ප්‍රතික්ෂේප කළ නොහැකියි”. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සහෝදරයා මෙසේ ප්‍රකාශ කළේ ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය […]

The post ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාවක්.. appeared first on විවරණ.

]]>
“පසුගිය ‘අරගලය’ විදේශ කුමන්ත්‍රණයක්,මෙරට මධ්‍යම පංතිය ස්වකීය ජීවන රටාව බිඳ වැටීමට එරෙහි වූ මැදිහත්වීමක් ලෙස මේ වන විට ජන සමාජයේ පතුරුවා හැරීමට ඇතැම්හු වෑයම් කරති. නමුත් මෙම අරගලය, ඇතිවූ පීඩාකාරිත්වය මත මෙරට පොදු ජනතාවගේ නැගී සිටීමක් බව ප්‍රතික්ෂේප කළ නොහැකියි”. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සහෝදරයා මෙසේ ප්‍රකාශ කළේ ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ පසුගිය 02 දින මොරටුව සොයිසාපුර ප්‍රජා ශාලාවේ පැවති සංවාදශීලි වැඩ සටහනකදීය.

‘අරගලය’ ගෝල්පේස් පිටියට පමණක් සීමාවූවක් නොවේ.ගෝල්පේස් පිටිය එහි ඒකාබද්ධ වූ සංකේතයක් පමණි. 2022 අප්‍රේල්, මැයි වන විට සමස්ත දිවයිනේම ඇතිවූ පීඩාකාරිත්වය මත අරගලකාරී ස්වභාවයන් පැන නැගුණි. ගෝල්පේස් පිටියට සමාන්තරව රටේ විවිධ ප්‍රදේශවල ‘ගෝඨා ගෝ ගම’ නිර්මාණය විය. සමස්ත ජනතා ක්‍රියාකාරිත්වයක උද්වේගකර අවස්ථාවන් රැසක් මෙමගින් පැහැදිලි විය. යනුවෙන් පුබුදු සහෝදරයා ප්‍රකාශ කර සිටියේය.

අද වන විට නැවත වටයකින් විදුලි බිල, ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිවීමක්ද ඒ යටතේ සමස්ත පරිභෝජන රටාවේම අතිශය දුෂ්කරතාවයන් ඉදිරියේදී ඇතිවීමට නියමිත බවද ඔහු කියා සිටියේය.ජනතා පරමාධිපත්‍යය යන්න විකෘතිමය ස්වරූපයකට භාජනය වී ඇති අතර මෙරට ජනතාව සිය පාලන අයිතිය සඳහා ඉදිරියට යාමේ සූදානම පසුගිය අරගලයෙන් ප්‍රකාශයට පත්වූ අන්දම මෙම කෘතියෙන් ප්‍රකාශයට පත්වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

225 ම එපා,දියවන්නාවෙන් එළියට බලයක්,ජනතා බලයක් යන සටන් පාඨ නව ප්‍රකාශනයන් හැටියට ඉස්මතු වූයේ ඒ නිසා යැයි පුබුදු සහෝදරයා ප්‍රකාශ කළේය.එවැනි ප්‍රකාශන වෙත පිවිසීමට තරම් ජනතාව ඉදිරියට පැමිණීමට හේතුවූ කරුණු ගැන මෙම කෘතියේ සාකච්ඡා කර ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය.

මෙම කෘතිය පිළිබඳ පුබුදු සහෝදරයාගේ පැහැදිලි කිරීම අවසානයේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත්වීම ගැන රැස්වූ පිරිස අතරින් මතුවූ පැනයේදී පුබුදු සහෝදරයා කියා සිටියේ, ව්‍යවස්ථාදායකය තුළ මේ කරුණ සම්බන්ධයෙන් බලවත් විරෝධයක් දිගින් දිගටම ඇතිකළ යුතුව තිබූ නමුත් එවැනි විරෝධයක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පාර්ලිමේන්තුවේ සිදු නොවීම මෙවැනි තත්වයක් ඇතිකිරීමට හේතුවූ බවයි.

රටේ පාලන බලය ජනතා නියෝජිතයින් සතු වේ.නමුත් ජනතාව කිසිසේත්ම ඉල්ලා නොසිටි තත්ත්වයක් ඇතිකිරීම තුළම ජනතාවගේ ඍජු නියෝජනයක් ඇති පාලන ව්‍යුහයක අවශ්‍යතාවය මේ මොහොතේ පැහැදිලි වී ඇති අතර එම ක්‍රියාකාරිත්වය ඉදිරියට ගත හැක්කේ ‘අරගලය’ තුලින් පමණක් බවද ඔහු කියා සිටියේය.

බලය ලබාගැනීමට අවශ්‍ය පංති බලවේගයන් සංවිධානාත්මක ස්වරූපයෙන් මතුකර ගැනීමට නොහැකිවීම තීරණාත්මක ලෙස පැන නැගුණු අන්දමද මෙම සංවාදයෙන් මතුවීම අතිශය වැදගත් කරුණකි. ජන අරගල ව්‍යාපාරයේ දුලිප් පෙරේරා, සිසුජන ව්‍යාපාරයේ සුජිත් කුරුවිටගේ,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මොරටුව සංවිධායක මිලින්ද ශක්ති හා මොරටුව -රත්මලාන ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

The post ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාවක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%bb-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%96-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/feed/ 0
ජනතා අයිතිය යටපත් කිරීමට එරෙහිව ‘මහජන කවුන්සිල’ බලගැන්විය යුතුයි.. https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba%e0%b6%a7%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba%e0%b6%a7%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/#respond Fri, 22 Sep 2023 06:19:49 +0000 https://vivaranalk.com/?p=9836 ‘රාජ්‍ය බලය අභ්‍යාස කිරීමේ මහජන කවුන්සිලවල උපාය මාර්ග’ මැයෙන් වූ මහජන කවුන්සිල නියෝජිත හමුවක් පසුගිය 16 වෙනි දින කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි. වත්මන් රජය මෙරට පොදු ජනතා අයිතිය තියුණු පරාජයකට ලක්කරමින් තිබෙන මොහොතක ඊට එරෙහිව නැගි සිටින සංවිධිත විකල්ප බලවේග සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.මහජන කවුන්සිලය සඳහා වන ව්‍යාපාරය […]

The post ජනතා අයිතිය යටපත් කිරීමට එරෙහිව ‘මහජන කවුන්සිල’ බලගැන්විය යුතුයි.. appeared first on විවරණ.

]]>
‘රාජ්‍ය බලය අභ්‍යාස කිරීමේ මහජන කවුන්සිලවල උපාය මාර්ග’ මැයෙන් වූ මහජන කවුන්සිල නියෝජිත හමුවක් පසුගිය 16 වෙනි දින කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි. වත්මන් රජය මෙරට පොදු ජනතා අයිතිය තියුණු පරාජයකට ලක්කරමින් තිබෙන මොහොතක ඊට එරෙහිව නැගි සිටින සංවිධිත විකල්ප බලවේග සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.මහජන කවුන්සිලය සඳහා වන ව්‍යාපාරය විසින් මෙම සමුලුව සංවිධානය කර තිබූ අතර දිවයිනේ ප්‍රාදේශීය මහජන කවුන්සිල සහ ශිෂ්‍ය සංවිධාන නියෝජිතයෝ මීට සහභාගී වූහ.

 “..රජය හා බද්ධවූ ආයතනවලින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ දුෂ්කරතාවයන්ට පිළිතුරු ලැබී නොමැත. මේ නිසා පොදු ජනතාව බලගැන්වීමේ ඵලදායී ක්‍රියාන්විතවල අවශ්‍යතාවය පහල වී ඇත. පවතින අනිකුත් ස්වෙච්ඡා සංවිධානවලට වඩා වෙනස් පරමාර්ථයන් හරහා මහජන කවුන්සිල ඉදිරියට යා යුතුය..” යනුවෙන් සිවිල් සංවිධාන නියෝජිත චන්නක ජයසිංහ සහෝදරයා සමුලුව ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වූ බහුජන සංවිධාන ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර සහෝදරයා “..මහජන කවුන්සිල පැන නැගීම අරගලයේම සක්‍රීය කොටසක්..” ලෙස හඳුන්වා දුනි. රාජ්‍ය බල අධිකාරියට එරෙහි වීම හා ධනේශ්වර රජයේ උපාය මාර්ග හමුවේ මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරිත්වය කුමක්ද යන්න තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු බව ඔහු කියා සිටියේය.රාජ්‍ය මර්ධනය මගින් සිවිල් ජන බලය යටපත් කිරීමේදී ඊට ප්‍රතිවිරෝධී ශක්තිමත් ව්‍යූහයක අවශ්‍යතාවය මේ මොහොතේදී දැඩි ලෙස මතුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අදහස් දක්වමින්..

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේ අරගලය’ රාජ්‍ය බලයට අභියෝග කළ බවයි. රජයක් පැවතියදී කෙටි කාල සීමාවකට වුවද ඊට එරෙහි වූ බලයක් පවත්වාගෙන යාමට ජනතාවට හැකි වූ බව ඔහු පෙන්වා දුනි. මෙය ජනතාවගේ බලය අභ්‍යාස කිරීමක් යැයි ඔහු සඳහන් කළ අතර සූරාකෑමට ගොදුරුව සිටින බහුතර ජනතාව ඊට එරෙහිව නැගී සිටි අවස්ථාවක් මින් පෙනී ගිය බවද, මහජන කවුන්සිලයේ කාර්ය වන්නේ එම බලය ඉදිරියට ගෙන යාම බවද කියා සිටියේය.

නව ලිබරල්වාදය යටතේ ඇති, හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම මේ වන විට මෙරට ධනේශ්වරය විසින් අත්හදා බලා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයා මෙම සභාව අමතමින් ප්‍රකාශ කළේය. විප්ලවය යන්න ඓතිහාසික අවශ්‍යතාවයක් බවත් මේ මොහොතේදී එය ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.මහජන කවුන්සිලය සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාත්මක යාත්‍රාව වන අතර ජනතා බලය රැක ගැනීමේ මාධ්‍යද එය බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරියේදී ජනතාවගේ පීඩාකාරිත්වය තවදුරටත් වැඩිවීමේ ඉඩ කඩක් ඇතැයි කල්ප සහෝදරයා සඳහන් කළේය.

ආචාර්ය කල්ප රාජපක්ෂ අදහස් දක්වමින්..

ආර්ථික පීඩාකාරිත්වය තුලින් මතුවූ අරගලය,දේශපාලන අරමුණක් දක්වා ඉදිරියට ගිය ආකාරය පසුගිය අරගලයෙන් පැහැදිලි විය. එය අතර මග බිඳ වැටුණේ විවිධ සීමාකම් නිසා බව දුමින්ද නාගමුව සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේය.නමුත් එහි ක්‍රියාකාරිත්වය නැවතී නැති අතර එහි කාර්ය භාරය මහජන කවුන්සිල සතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

මෙම සමුලුව අවසානයේ පැවති සාකච්ඡාව සඳහා ජීවන්ත පීරිස් පියතුමා, බහුජන හා වෘත්තීය සංවිධාන නියෝජිත ජී.ඩී. දසනායක, නීතිඥ නුවන් බෝපගේ සහෝදරවරු සහභාගී වූහ. දිනෙන් දින ජනතාව මුහුණ දෙන පීඩාකාරිත්වය හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහයේ හැකිලී යාම ඉදිරියේ ජනතා ව්‍යූහයන් නිර්මාණය කිරීම පමණක් නොව බලය ලබාගැනීමේ ඒකක වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව මෙහි තිබේද යන්න විමසිල්ලට ලක්වීම වැදගත් කරුණකි.

සහභාගී වූ පිරිසෙන් කොටසක්..

The post ජනතා අයිතිය යටපත් කිරීමට එරෙහිව ‘මහජන කවුන්සිල’ බලගැන්විය යුතුයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba%e0%b6%a7%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/feed/ 0
‘වික්ටර් හාරා’ ඝාතනයට වසර 50 යි..! https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-50-%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-50-%e0%b6%ba/#respond Thu, 14 Sep 2023 15:47:50 +0000 https://vivaranalk.com/?p=9767 1973 සැප්තැම්බර් මස CIA කුමන්ත්‍රණයකින් චිලියේ ජනාධිපති සැල්වදෝර් අයෙන්දේගේ පාලනය පෙරලා දමා අමෙරිකානු ගැති  පාලනයක් පිහිටුවන ලදි. මෙම ජුන්ටාවේ ජනාධිපති වූ ඔගස්ටෝ පිනෝෂේගේ කෲර පාලනය චිලී ජනතාව භීතියෙන් මුසපත් කළේය. අයෙන්දේගේ ජයග්‍රහණයට සහයෝගය දුන් එරට ජනතාව මත භීෂණයේ රුදුරු සෙවනැලි පතිත විය. දස දහස් ගණන් ජනතාව ‘චිලී ස්ටේඩියම්’ නමැති ස්ථානය වෙත ගෙන එන ලදි. අයෙන්දේගේ […]

The post ‘වික්ටර් හාරා’ ඝාතනයට වසර 50 යි..! appeared first on විවරණ.

]]>
ඔගස්ටෝ පිනෝෂේ [Augusto Pinochet]

1973 සැප්තැම්බර් මස CIA කුමන්ත්‍රණයකින් චිලියේ ජනාධිපති සැල්වදෝර් අයෙන්දේගේ පාලනය පෙරලා දමා අමෙරිකානු ගැති  පාලනයක් පිහිටුවන ලදි. මෙම ජුන්ටාවේ ජනාධිපති වූ ඔගස්ටෝ පිනෝෂේගේ කෲර පාලනය චිලී ජනතාව භීතියෙන් මුසපත් කළේය.

අයෙන්දේගේ ජයග්‍රහණයට සහයෝගය දුන් එරට ජනතාව මත භීෂණයේ රුදුරු සෙවනැලි පතිත විය. දස දහස් ගණන් ජනතාව ‘චිලී ස්ටේඩියම්’ නමැති ස්ථානය වෙත ගෙන එන ලදි. අයෙන්දේගේ ජයග්‍රහණයට උරදුන් ජනතාවගේ වධකාගාරය වූයේ මෙම ස්ථානයයි. අයෙන්දේ නායකත්වය දුන් පොපියුලර් යුනිටි පක්ෂයේ ජයග්‍රහණය සඳහා සංගීත ප්‍රසංගය පැවති ස්ථානයද මෙයයි.

සැල්වදෝර් අයෙන්දේ

අත් අඩංගුවට ගෙන වධ බන්ධනයට ලක්කරන ලද පුද්ගලයින් අතර චිලී රාජ්‍යයේ ප්‍රකට තවත් සුවිශේෂී පුද්ගලයෙකු විය. ඔහු ‘වික්ටර් හාරා’ නමැති ගායකයායි. චිලීයේ පොදු ජන ගායකයා ලෙස ප්‍රකට මෙම සොඳුරු මිනිසා දක්ෂ ගිටාර් වාදකයෙකි.චිලී ජනතාවගේ ජීවිතවල දුෂ්කර පසුබිම, පීඩාකාරිත්වය හා ඉන් මිදීමට ඔවුන් දරණ ප්‍රයත්නය වික්ටර් හාරාගේ ගීතවලින් හඬ නැගුණි.

වික්ටර් හාරා [Victor Jara]

චිලී රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවය කළ වික්ටර් හාරා, අත් අඩංගුවට ගැනීමෙන් පසු ක්‍රෘර වධ බන්ධනයට ලක්කර තිබුණි. ඔහුගේ දෑත්වල ඇඟිලි කඩා දමා තිබූ අතර ඇවිද යාමටද අපහසුවෙන් සිටි බව කියැවේ. 1973 වසරේ සැප්තැම්බර් 16 හෝ ඊට ආසන්න දිනකදී වික්ටර් හාරා ඝාතනය කරන ලද බව විශ්වාස කෙරේ. ඔහුගේ සිරුර ප්‍රදර්ශනය සඳහා, ඔහු රඳවා තබා සිටි චිලී ස්ටේඩියම්හි දොරටුව අසල තබන ලදි. පසුව, තවත් සිරකරුවන්ගේ සිරුරු තිබූ ස්ථානයකට වික්ටර් හාරාගේ සිරුරද ඇද දමා තිබුණි.

සමූහ මිනී වළක රහසිගතව වළ දැමීමට පෙර, ලැබුණු පණිවිඩයකින් එම ස්ථානයට පැමිණි වික්ටර් හාරාගේ බිරිඳ සාරා ටර්නර් විසින් ඔහුගේ සිරුර  හඳුනාගෙන ඇත.සිය ගණන් මළ සිරුරු අතර වික්ටර්ගේ  සිරුර ඉතාම අපහසුවෙන් හඳුනා ගත් බව ඇය පවසා තිබුණි.

වික්ටර් හාරාගේ ඝාතනයෙන්  වසර 40 කට පමණ පසු ඔහුගේ ඝාතනයට වගකිව යුතු හිටපු හමුදා  නිලධාරීන්ට විරුද්ධව අධිකරණ කටයුතු දියත්කර දඬුවම් පමුණුවන ලදි. ඔහු ඇතුලු නිර්දෝෂී පුද්ගලයින් රඳවා තබමින් අමානුෂික වධ බන්ධනයට ලක්කර මරා දමන ලද ක්‍රීඩාංගනය වික්ටර් හාරාට උපහාර පිණිස  ‘Estadio Victor Jara’ නමින් නම්කර ඇත.ඔහු මරා දමා වසර 50 ක් ගත වුවද, පීඩාකාරිත්වයට එරෙහිව ඔහු නැගූ හඬ නැවත නැවතත් අවදිවෙමින් තිබේ. 

The post ‘වික්ටර් හාරා’ ඝාතනයට වසර 50 යි..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-50-%e0%b6%ba/feed/ 0