T.M Premawardane, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 30 May 2025 12:40:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png T.M Premawardane, Author at විවරණ 32 32 මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3): https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a/#respond Fri, 30 May 2025 12:40:29 +0000 https://vivaranalk.com/?p=12877 1. ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර. මාලිමාණ්ඩුවට ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමට උපයෝගී කර ගන්නේ ස්වාධීන මහජන මාධ්‍ය ආයතන ක්‍රමයයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද අය-වැය මගින් වෙන් කර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දී එහි ඇති සුවිශේෂ වැදගත්කම […]

The post මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3): appeared first on විවරණ.

]]>

මාලිමාණ්ඩුවට ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමට උපයෝගී කර ගන්නේ ස්වාධීන මහජන මාධ්‍ය ආයතන ක්‍රමයයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද අය-වැය මගින් වෙන් කර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දී එහි ඇති සුවිශේෂ වැදගත්කම නිසයි. ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වාධීන මහජන මාධ්‍ය ආයතන බවට පත් කළ හැකිය. මේ සඳහා උපදෙස් ලබා ගැනීමට විජයානන්ද ජයවීරයන් වැනි ප්‍රවීනයෙක් ද රටට සිටී.

ස්වාධීන මහජන මාධ්‍ය ආයතන මගින් වාණිජ හෝ දේශපාලන බලපෑම්වලින් තොර සමබර තොරතුරු, පවුලේ සැමගේ විචාරාත්මක සිතීම වඩන අධ්‍යාපනික වැඩසටහන්, සහජීවනය ප්‍රවර්ධනය කැරෙන සංස්කෘතික වැඩසටහන්, රාජ්‍ය පාලනය සඳහා පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කරන වැඩසටහන්, ජීවිත හා දේපළ ආරක්ෂාවට බලපාන විශ්වසනීය හදිසි තොරතුරු, වෙළඳ දැන්වීම්වලින් තොරව රසවින්දනය ප්‍රවර්ධනය කැරෙන උසස් සංගීන, නාට්‍ය හා කලා වැඩසටහන් මහජනතාවට ලබා දේ. එවිට බොරු තොරතුරු සමාජගත කරන ආයතන හෝ පුද්ගලයන් සමග පැටලී, කාලය කා දමන්නේ නැතිව පාලකයන්ට විවේක බුද්ධිය මෙහෙයවා ප්‍රශස්ත තීරණ ගැනීමට හැකි වේ.

මාලිමාණ්ඩුව පොදු සතුරා හඳුනා ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. ආණ්ඩුවට වර්ගවාදය, අධිකාරීවාදය හා නව ලිබරල්වාදය පරාජය කිරීමේ වුවමනාව තිබෙන බව පැහැදිලව පෙනේ. එහෙත් එවැනි ම වුවමනාවක් ඇති අනික් පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන මිතුරු බලවේග ලෙස නොසලකා කටයුතු කරයි. එ නිසා එවැනි පක්ෂ මාලිමාණ්ඩුවට එරෙහිව තරග වැදීමට තල්ලු වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උතුර, නැගෙනහිර සහ කඳුකරයේ පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුවෙන් ගිලිහී තිබේ. එමගින් සියලු ජනවර්ගවල සහයෝගය ඇති ආණ්ඩුවක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැවති පිළිගැනීම පළුදු වී තිබේ. එබැවින් ආණ්ඩුව හිතට එකඟව වර්ගවාදය, අධිකාරීවාදය හා නව ලිබරල්වාදය, පොදු සතුරා ලෙස පැහැදිලි ඉරක් ඇඳ ගත යුතු නො වේ ද? එවිට පොදු සතුරාට එරෙහි සියලු පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන මිතුරු බලවේග ලෙස සැලකිය හැකි බැවින් මෙතරම් අපහසුවක් නැතිව මාලිමාණ්ඩුවට බොහෝ දුර යා හැකි නො වේ ද? ලබා ගත් ජයග්‍රහණ රැක ගෙන නව ජයග්‍රහණ ලද හැකි නො වේ ද?

මාලිමාණ්ඩුව අභියෝගවලට මුහුණ දෙන කොට හිටගත යුතු පැත්ත සලකුණු කිරීමේ ඉර ඇඳ ගෙන නැත. ප්‍රමුඛතා පදනමක් මත මානව අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමෙන් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය නොහැකි ද? නිදසුන් වශයෙන් කොටහේන පාසල් දියනියගේ ප්‍රශ්නයේ දී ළමයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දී, චූදිතයන්ගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළා නම්, ආණ්ඩුව සියලු පුරවැසියන්ගේ ගෞරවයට හේතු වන්නේ නැද්ද? ලාංකේය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දී, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර, ඒවා අප්‍රමාදව ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කළා නම් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ප්‍රවර්ධනය වෙන්නේ නැද්ද?

මේ සියල්ලටමත් වඩා සිවිල්, දේශපාලන, සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී උතුර, දකුණ, නැගෙනහිර, මලයහ සහ එතෙර ශ්‍රී ලාංකේය පුරවැසියන් එකතු කර ගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපිරුවොත් ‘මුළු රටම එක මිටට’ ආණ්ඩුව සමග බලමුළුගැන්වෙන්නේ නැද්ද? එවිට හාන්ස්ලා, උඩුගමසූරියලා සමග එක පෙළට-රට ගොඩනැගීමට ලොවපුරා වෙසෙන දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් බුද්ධිමතුන් ද පැමිණෙන්නේ නැද්ද? ණය උගුලෙන් ගැලවී ‘පොහොසත් රටත්-ලස්සන ජීවිතයක්’ ගොඩනැගීමට අවැසි ජවබලය උපදින්නේ එමගින් නො වේ ද?

The post මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3): appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a/feed/ 0
වික්ටර් අයිවන් ස්මරණ.. https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab/#respond Mon, 20 Jan 2025 08:46:00 +0000 https://vivaranalk.com/?p=12515 මා සමීපව වික්ටර් අයිවන් හඳුනා ගත්තේ ඔහුගේ අදහසක් අනුව ගොඩනගන ලද පුනරුද ව්‍යාපාරය සමගයි. ඊට පෙර, ජේආර් ගේ අධිකාරීවාදී පාලනයට එරෙහිවත්, වෙසෙසින් අධිකරණයේ දූෂිතභාවට එරෙහිවත් බලවත් අවියක් ලෙස රාවය පුවත් පත මෙහෙයවීම සඳහා ලබා දුන් ආදර්ශවත් නායකත්වය නිසා ඔහු කෙරෙහි විශ්වාසයක් හා ගරුත්වයක් ගොඩනැගී තිබුණි. ‘ඇත්ත’ පුවත්පතේ ජීවය සිඳී ගිය පසු සටන්කාමී විකල්ප පුවත්පතක් ලෙස […]

The post වික්ටර් අයිවන් ස්මරණ.. appeared first on විවරණ.

]]>
මා සමීපව වික්ටර් අයිවන් හඳුනා ගත්තේ ඔහුගේ අදහසක් අනුව ගොඩනගන ලද පුනරුද ව්‍යාපාරය සමගයි. ඊට පෙර, ජේආර් ගේ අධිකාරීවාදී පාලනයට එරෙහිවත්, වෙසෙසින් අධිකරණයේ දූෂිතභාවට එරෙහිවත් බලවත් අවියක් ලෙස රාවය පුවත් පත මෙහෙයවීම සඳහා ලබා දුන් ආදර්ශවත් නායකත්වය නිසා ඔහු කෙරෙහි විශ්වාසයක් හා ගරුත්වයක් ගොඩනැගී තිබුණි.

‘ඇත්ත’ පුවත්පතේ ජීවය සිඳී ගිය පසු සටන්කාමී විකල්ප පුවත්පතක් ලෙස ‘රාවය’ ගොඩනැගීමට නායකත්වය දීම වික්ටර් අයිවන් ගේ ඉහළම නිර්මාණ කාර්ය ලෙස සැලකිය හැකිය. අනතුරුව 17 වසරක සාපය ලෙස ප්‍රකට එක්සත් ජාතික පක්ෂ පාලනය (1977-1994) පෙරළා දැමීම සඳහා රාවය පුවත්පත මගින් ඉටු කළ මෙහෙය සුවිශේෂ ය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ අයුක්තිසහගත ක්‍රියාකලාපයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය දක්වා ගොස් ලබා ගත් ජයග්‍රාහී නඩු තීන්දුව ඓතිහාසික ය.

2016 දී පුනරුද ව්‍යාපාරය ගොඩනැගීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විස්තීර්ණ අර්බුදය අතික්‍රමණය කිරීම සඳහා සාමාකාමී බහුජන අරගල මාර්ගයෙන් එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සාමාජයක් ගොඩනගා ගැනීම තුළින් සියලු දෙනාගේ  ගරුත්වය හා අයිතිවාසිකම් සුරැකෙන නව ශ්‍රී ලාංකේය රාජ්‍යක් ප්‍රතිනිර්මාණය කර ගැනීමයි. මෙම අරමුණට දෙමළ සමාජයටත් වඩා කැපී පෙනෙන ආකර්ෂණයක් සිංහල සහ මුස්ලිම් සමාජ කෙරෙන් පළ විය. ඊට බෙහෙවින් බලපෑවේ රාවය පුවත්පත නිසා ජනතාව තුළ ගොඩනැගී තිබුණු විශ්වාසය හා ගෞරවයයි. රාවය පුවත්පත අක්‍රිය වීමට සමගාමීව පුනරුද ව්‍යාපාරයේ වර්ධනයත් අඩාල විය. ඊට බල පෑ හේතු බෙහෙවින් විවාදිතය.

වික්ටර් අයිවන්

වික්ටර් අයිවන් 71 කැරැල්ලට සම්බන්ධ වීම නිසා බන්ධනාගාරගත විය. එ සමයේ සිට දිගට ම ඔහු දැඩි කැපවීමෙන් පොතපත හදාරා, ස්වාධීන චින්තනයක් ගොඩනගා ගෙන තිබුණි. ඒ සඳහා දිය හැකි හොඳ ම නිදසුන බන්ධනාගාර ගත ව සිටිය දී බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පොත් ගෙන්වා ගෙන චෙස් ක්‍රීඩාව හදාරා, චෙස් ක්‍රීඩකයකු බවට පත් ව, ‘චෙස් මූලධර්ම හා තාක්ෂණය’ නමින් ඉතා අගනා කෘතියක් ද සම්පාදනය කිරීමයි. ගැටළුවක දී ඊට බලපාන විවිධ සාධක හොඳින් සලකා බලා තීරණ ගැනීමට ඔහුට චෙස් ක්‍රීඩාවේ ආභාෂය ඉවහල් වූ බව ඔහු ම ප්‍රකාශ කර තිබේ.

දේශපාලනයේ දී ඔහු පළ කරන අදහස් විවේචනය කරනවුන් ‘නොකවුට්’ කිරීමේ ශෛලියෙන් පිළිතුරු දීමට පෙළඹුනේ චෙස්වලින් ලද ආභාෂය නිසා ම දැයි නොදනී. එවැනි අවස්ථාවට ඔහු වඩා සංවාදශීලී වුයේ නම් ඔහුටත්, සමාජයටත් තවත් බොහෝ ප්‍රයෝජන අත් විය හැකිව තිබිණැයි සිතේ. ඒ කෙසේ වෙතත් වික්ටර් අයිවන් ලිපි හා පොත් රැසක් ලියා පළ කර ඇත. ඒවා අතර පන්සලේ විප්ලවය, නොනිමි අරගලය, ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය නැමැති කෘති බොහෝ දෙනකුගේ ගෞරවයට හේතු වූ බව මගේ විශ්වාසයයි.

රාවය පුවත්පත අවසන් කළ ආකාරය ගැනත්, අවසාන කාලයේ දරණ ලද දේශපාලන ස්ථාවර පිළිබඳවත්, බොහෝ ප්‍රශ්නාර්ථ ඉතිරි කර වික්ටර් අයිවන් ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. එහෙත් ගවේෂණශීලී අදීන පුවත් කතුවරයකු ලෙස ඔහු ඉටු කළ මෙහෙය කිසිවකු ප්‍රතික්ෂේප නොකරනු ඇති බැවි නිසැකය.

වික්ටර් අයිවන් මරණ ගැන ඔහුගේ ‘ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය’ නමැති කෘතියේ මෙසේ සඳහන් කර ඇත.

හිතවත් වික්ටර්, ඔබට ඔබට සදාකාලික සුව නින්දක්!

The post වික්ටර් අයිවන් ස්මරණ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab/feed/ 0
ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ.. https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b6%b6%e0%b6%a7%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b6%b6%e0%b6%a7%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd/#respond Wed, 07 Aug 2024 04:19:04 +0000 https://vivaranalk.com/?p=11824 ඒ කණගාටුදායක ආරංචිය ටික වේලාවකට කලින් ලැබුණා. උන්වහන්සේ වැඩවාසය කළේ බටපොල මහා විහාරයේ. උන්වහන්සේ එම විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරමින් සිටියා. උන්වහන්සේගේ බටපොල අනෝමදස්සී හාමුදුරුවන්ගේ ගෝලයෙක්. බටපොල මහා විහාරය අවට ගම් හතකට පොදු පන්සලක්. දිවා රෑ දෙකේ ම ඕනෑ ම කෙනකුට වැඳපුදා ගන්නට පුළුවන් පන්සලක්. ගේට්ටු, තාප්ප ආදියෙන් කොටු වෙලා නැති පන්සලක්. පැමිණෙන මිනිසුන්ට […]

The post ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ.. appeared first on විවරණ.

]]>
ඒ කණගාටුදායක ආරංචිය ටික වේලාවකට කලින් ලැබුණා. උන්වහන්සේ වැඩවාසය කළේ බටපොල මහා විහාරයේ. උන්වහන්සේ එම විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරමින් සිටියා. උන්වහන්සේගේ බටපොල අනෝමදස්සී හාමුදුරුවන්ගේ ගෝලයෙක්.

බටපොල මහා විහාරය අවට ගම් හතකට පොදු පන්සලක්. දිවා රෑ දෙකේ ම ඕනෑ ම කෙනකුට වැඳපුදා ගන්නට පුළුවන් පන්සලක්. ගේට්ටු, තාප්ප ආදියෙන් කොටු වෙලා නැති පන්සලක්. පැමිණෙන මිනිසුන්ට පන්සලෙන් අවශ්‍ය මොනවා දැයි විමසා බැලීම නන්ද හාමුදුරුවන්ගේ ප්‍රථම රාජකාරිය වුණා. අවට ගම් හතේ උසස් පෙළ සමත් සියලු ම සිසුන් පන්සලට කැඳවා අඩුපාඩු විමසා කොට්ට, බෙඩ් ෂීට්, මදුරු දැල් ආදිය ලබා දුන්නා. නන්ද හාමුදුරුවන්ගේ ම වචනවලින් කියනවා නම්

ඒ විතරක් නොවෙයි, පන්සලට පැමිණෙන සෑම කුඩා ළමයකු ම ළඟට කැඳවා රස කැවිලි බෝතලයක් ඔවුන් වෙත දිගු කරන්න කවදාවත් නන්ද හාමුදුරුවන් ට අමතක වන්නේ නැහැ. දුර බැහැරින් එන වැඩිහිටියන්ගෙන් නොපමාව විමසන්නේ ‘කෑවේ නැහැ නේද’ කියලයි. බටපොල පන්සල කියන්නේ කිසි දාක කැමෙන් බීමෙන් හිගයක් තිබුණු තැනක් නොවෙයි. දායකයන් පන්සලට සලකපු හැටි තමයි ඒ.

නන්ද හාමුදුරුවන්ට අවසාන කාලයේ පන්සලට කොටු වී ඉන්න සිදු වුණේ බරපතල ලෙස අසනීප වූ නිසයි. දෙපයින් නැගිට ඇවිද ගන්න බැරි වන තුරු නිති පතා දිව්වේ කාහට හෝ උදව්වක් උපකාරයක් කරන්නට යි. සමහර දවස්වල කාගේ හෝ වුවමනාවකට කොළඹ යන උන්වහන්සේ එදා ම හවස් වරුවේ නැවත තවත් කාගේ හෝ වුවමනාවකට කොළඹ යනවා. උන්වහන්සේ ජීවත් වුණේ ම කාහට හෝ පිහිට වීමේ චේතනාවෙන් ම ද කියා සිතෙනවා.

උන්වහන්සේ විහාරාධිපති හාමුදුරුවන් ලෙස කළ කී දේට අමතරව වෘත්තීයමය වශයෙන් ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් ලෙසත් ළමා සහ තරුණ පරපුර උදෙසාත් සහෝදර ගුරු පරපුර උදෙසාත් එලෙස ම කටයුතු කළා. ඊටත් එහාට ගොස් ලාංකේය සමාජය සුවපත් කිරීමේ අරමුණ පෙරදැරිව සමාජ දේශපාලන වැඩවලත් නිරත වුණා. දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සමීපව වැඩ කළා. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරයේ සභාපති ලෙස පොදුවේ වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග සමග එක්ව මානව අයිතිවාසිකම් උදෙසා පෙනී සිටියා. දේශපාලනය සහ මහනකම ගැන උන්වහන්සේගේ ආදර්ශ පාඨය වූයේ ‘දේශපාලනය කරන්න කලින් හොඳ හාමුදුරු නමක් වෙන්න’ කියන එකයි.

උන්වහන්සේගේ ජීවිතයේ අර්ථය දකින්නට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරයන්ගේ 132වැනි ජන්ම දින සැමරුම සුවිශේෂ අවස්ථාවක්. නිදහස් අධ්‍යාපනයේ සාරය මැකී යන සැටි දැකීමෙන් කම්පිත වූ උන්වහන්සේ ‘අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක්’ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරවා ගැනීමේ ව්‍යාපාරයකට මුල පිරුවා. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන දීප ව්‍යාප්ත මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් දියත් කළා. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආගම් හා ජනවර්ග නියෝජනය කරන යහපත් මිනිසුන් එකතු කර ගත්තා. දිවයිනේ නන් දෙස සියලු ජනකොටස් නියෝජනය කරන සෑම තරාතිරමකම පුද්ලයන් පෙත්සමට අත්සන් කරන්න පටන් ගත්තා.

ඒ අතර සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ ජන්ම දිනයට දින දෙකකට පෙර කතරගම කිරිවෙහර අභියසට ගොස් මහජන පෙත්සමට අත්සන් ගන්න පටන් ගත්තා. එතැන් සිට මග දිගට පන්සල්, පල්ලි සහ මංසන්ධි වල දී පෙත්සමට අත්සන් ගනිමින් බටපොල මහා විහාරය දක්වා පැමිණියා. ඒ වන විට දිවයින පුරා මිනිසුන් දහස් ගණනක් අත්සන් කළ පෙත්සම් පන්සලට ලැබී තිබුණා. ඒ අවස්ථාවට ගාල්ලෙන් පමණක් නොව පිට පළාත්වලින් ද ගිහි පැවිදි පිරිසක් පැමිණ සිටියා. මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වරයකු ද පැමිණ සිටියා. ඔහුට උත්සවාකාරයෙන් පෙත්සම බාර දුන්නේ මේ ජනතා ඉල්ලීම ඉටු කරවා දීමට උපරිමයෙන් මැදිහත් වන ලෙස ඉල්ලමින්. ඒ පෙත්සමේ ලියා ඇති දේ මේ සබැඳියෙන් බලන්න පුළුවන්; http://peasl.blogspot.com/2016/09/c-w-w.html මහජන පෙත්සම බාරදුන් රැස්වීමේ ඡායාරූපයක් පහතින්. හිතවත් ගෞරවනීය නන්ද හාමුදුරුවනේ, ඔබ වහන්සේ පැතූ ලෙස ම මානව හිතවාදී හාමුදුරුවරුන් වගේ ම, බටපොල මහා විහාරය වැනි ජනහිකාමී පන්සන් ද තව තවත් බිහි වේවා!

The post ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b6%b6%e0%b6%a7%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd/feed/ 0
අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b6%b6%e0%b7%84%e0%b7%94%e0%b6%a2%e0%b6%b1-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%80%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b6%b6%e0%b7%84%e0%b7%94%e0%b6%a2%e0%b6%b1-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%80%e0%b6%bd/#respond Mon, 11 Dec 2023 06:30:18 +0000 https://vivaranalk.com/?p=10662 දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් සමාජය මුල් කර ගත් බහුජන ව්‍යාපාර ගොඩනගන ලද ඉතිහාසයක් අපට තිබෙනවා. සැලකිය යුතු සමාජ දේශපාලන බලපෑමක් සිදු කර ඇති බහුජන ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. ඒවායින් කීපයක් පහත දැක්වේ. ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, 71 දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය. 80 ජූලි මහ වැඩවර්ජනය නිසා රැකියාවෙන් දොට්ට […]

The post අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය.. appeared first on විවරණ.

]]>
දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් සමාජය මුල් කර ගත් බහුජන ව්‍යාපාර ගොඩනගන ලද ඉතිහාසයක් අපට තිබෙනවා. සැලකිය යුතු සමාජ දේශපාලන බලපෑමක් සිදු කර ඇති බහුජන ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. ඒවායින් කීපයක් පහත දැක්වේ.

ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, 71 දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය. 80 ජූලි මහ වැඩවර්ජනය නිසා රැකියාවෙන් දොට්ට දැමූ සටන්කාමීන් පිරිසකගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය(MDDR) සහ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය(MFFE). රාජ්‍ය නොවන සංවිධාන හා රාවය පුවත්පතේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, කහපටි ව්‍යාපාරය. සරත් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය(MONLAR). සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

  1. මානව අයිතිවාසිකම්, සියලු ජන කොටස්වල පොදු අවශ්‍යතාවයක් බවට පත් වීම.
  2. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අධිකරණ ප්‍රවණතාවක් ඇති වීම.
  3. අයිතිවාසිකමක් ලෙස විරෝධතා දැක්වීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  4. නිදහස් හා සාධාරණ මැතිවරණ තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍ර කර ගෙන බලපෑම් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  5. ස්වාධීන කොමිෂන් සභා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  6. පරිසරය සුරැකීම සඳහා සටන් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  7. ස්ත්‍රී අයිතිවාසිකම් උදෙසා සටන් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  8. අයිතිවාසිකම් පාදක(rights based) සටන්වලට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  9. අයිතිවාසිකම් පාදක අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් දියත් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  10. අයිතිවාසිකම් පාදක ශාස්ත්‍රීය, සාහිත්‍ය හා කලා නිර්මාණ බිහි කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.

මේ විදියට බැලූ විට පෙනී යන්නේ වර්ග, ආගම්, ප්‍රදේශ, භාෂා, ලිංග, පන්ති, පක්ෂ බේදයක් නැතිව, අපේ රටේ සියලු ජන කොටස්, මානව අයිතිවාසිකම් උපයෝගී කර ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරමින් සිටින බවයි. මානව අයිතිවාසිකම් පාදක දේශපාලන වැඩ සඳහා, අරගල සහ මැතිවරණ යන අවස්ථා දෙක ම උපයෝගී කර ගෙන තිබෙන බවයි. 70 දශකයේ අග භාගයේ සිට ‘බහුජන ව්‍යාපාර’ නමැති නව දේශපාලන ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවයි.

පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය දකින පුරවැසියන්ට කළ හැක්කේ ද, ඔවුන් කළ යුත්තේ ද, මේ නව දේශපාලන ප්‍රවණතාව ප්‍රවර්ධනය කිරීම නො වේ ද? ඒ සඳහා දැන් රටට අවශ්‍ය කෙබඳු බහුජන ව්‍යාපාරයක් ද?

බොහෝ විට මැතිවරණ මගින් ආණ්ඩු මාරුවක් සිදු විය හැකියි. සමහර විට ආණ්ඩු මාරුවක් සිදු වීම වැළැක්විය හැකියි.

ආණ්ඩු මාරුවක් සිදු වුණත් සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බහුතරය පෙළඹවිය හැකි පුළුල් බහුජන ව්‍යාපාරයක් නැතිව ජනවාර්ගික ප්‍රශ්නය වත් විසඳිය හැකි වෙයි ද?

ආණ්ඩු මාරුවක් සිදු වීම වැළැක්වුවත් ඊට එරෙහිව සටන් කිරීමට උතුරේ සහ දකුණේ ජනතාව එකමුතු කළ හැකි පුළුල් බහුජන ව්‍යාපාරයක් නැතිව නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලබා ගන්න වත් පුළුවන් වෙයි ද?

කෙටියෙන් ම කියනවා නම් උතුරේ ජනතාව සමග එකමුතු නොවී දකුණේ ජනතාවට හෝ දකුණේ ජනතාව සමග එකමුතු නොවී උතුරේ ජනතාවට තනිව ම නිදහස හා මානව අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. නිදහස හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් ගොඩනැගීම සඳහා අත්තිවාරම දා ගැනීමට වත් හැකියාවක් ඇත්තේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ උතුර, දකුණ, නැගෙනහිර, මලයගම් හා එතෙර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් එකමුතු වෙලා ගොඩනගන පුළුල් බහුජන ව්‍යාපාරයක් නො වේ ද? මේ ප්‍රමුඛ ජාතික අවශ්‍යතාව දකින ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් දකුණේ, නැගෙනහිර, මලයගම් සහ එතෙරත් සිටිනවා නම් උතුරේ විතරක් නැති වෙන්න පුළුවන් ද?

The post අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b6%b6%e0%b7%84%e0%b7%94%e0%b6%a2%e0%b6%b1-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%80%e0%b6%bd/feed/ 0
මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා ! https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad/#respond Sun, 03 Sep 2023 06:44:36 +0000 https://vivaranalk.com/?p=9597 ජනතාවට දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ලොකු වෙනසක්  අවශ්‍යව තිබෙන බව පැහැදිලිව දිස් වේ! සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ’යි කියා ඉල්ලන්නේ එය නො වේ ද? ඒ සඳහා ප්‍රභූ පාලක පැලැන්තිය පරාජය කර නිර්ප්‍රභූන් අතට බලය ලබා ගැනීමේ අභිලාෂයෙන් මැතිවරණයක් එන තුරු දැන් ජනතාව බලා සිටිති. මේ වෙනස සිදු කිරීම සඳහා වැඩි ම හැකියාව මාලිමාවට ඇතැයි කියා ජනතාව […]

The post මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා ! appeared first on විවරණ.

]]>
ජනතාවට දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ලොකු වෙනසක්  අවශ්‍යව තිබෙන බව පැහැදිලිව දිස් වේ! සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ’යි කියා ඉල්ලන්නේ එය නො වේ ද? ඒ සඳහා ප්‍රභූ පාලක පැලැන්තිය පරාජය කර නිර්ප්‍රභූන් අතට බලය ලබා ගැනීමේ අභිලාෂයෙන් මැතිවරණයක් එන තුරු දැන් ජනතාව බලා සිටිති. මේ වෙනස සිදු කිරීම සඳහා වැඩි ම හැකියාව මාලිමාවට ඇතැයි කියා ජනතාව විශ්වාස කරන බවත් පෙනෙන්නට තිබේ.

බොහෝ විට නිර්ප්‍රභූන් අතට බලය මාරු වීම මාරාන්තික තර්ජනයක් ලෙස ප්‍රභූ පාලක පැලැන්තිය දකින්න පුළුවනි. දැනටමත් එසේ සිතා ක්‍රියා කරන බැව් විද්‍යමාන නොවේ ද? එ නිසා මැතිවරණයක දී මාලිමාවට බලය ලබා ගැනීම ලේසි පහසු දෙයක් විය නොහැකිය. පෙර නොවූ විරූ කුමන්ත්‍රණ, ගැටුම්, ඝාතන සිදු කරන්නට තිබෙන හැකියාව සුළු පටු නො වේ!

එවැනි බාධක ජය ගැනීම සඳහා බහුජන ව්‍යාපාරයක් වැනි මාලිමාවට තනියම හැකියාවක් තිබේ ද? නිසැකව ම නැත! මැතිවරණ සටනක දී මැරවරයන්ට කොන්ත්‍රාත් බාර දෙනු ලැබේ. ඊට මුහුණ දීම සඳහා කවර ගැටළු තිබුණත් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක සහයෝගය ජනතාවට අත්‍යවශ්‍ය වේ. නොසිතූ විරූ ලෙස වාර්ගික හෝ ආගමික හෝ ගැටුම් අවුළුවන්න දැනටමත් වලිකමින් සිටීයි. එ නිසා සුළුතර ජනවර්ග නියෝජනය කරන පක්ෂවල සහයෝගයත් ජනතාවට අත්‍යවශ්‍ය වේ.

ප්‍රභූ පාලක පැලැන්තියේ සියලු කුමන්ත්‍රණ පරාජය කර ඔවුන් මැතිවරණයකින් පරාජය කරන්නට පුළුවන් වූණා කියා මොහොතකට සිතුවොත්? එවිට සාමකාමී ලෙස බලය පවරා දුන්නේ නැති නම් කුමක් විය හැකි ද? එවැනි තත්ත්වයක් ඇති වුව හොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ජන අරගලවලට මුල් තැන දෙන පක්ෂවල සහයෝගයත් ජනතාවට අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, දිගින් දිගට ම මැතිවරණ කල් දැමුව හොත් මෙකී සියලු පක්ෂවල අන්‍යයෝන්‍ය සහයෝගය ජනතාවට නැතිවම බැරි වේ.

අපේ රටේ ප්‍රභූ පාලක පැලැන්තියෙන් නිර්ප්‍රභූන්ට බලය මාරු වීමක්, ඉන්දියාව සහ ඇමරිකාව දකින්නේ කෙසේ ද? අඩු තරමින් ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති නම්, අවසාන මොහොතේ බල මාරුව බොහෝ දුරට සාමකාමී ව සිදු වන්නට ඉඩ තිබේ. 2015 ජනාධිපතිවරණයේ දී පවා සාමකාමී ලෙස බලය මාරු කර ගැනීම සිදු වුණු ආකාරය ගැන තිබෙන ආරංචි එතරම් හොඳ නැහැ නො වේ ද?

ඉදිරි මැතිවරණයක දී මාලිමාව හෝ මාලිමාව සමග හැදෙන සන්ධානයක් හෝ බලය ලබා ගෙන, ජනතාවට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එක සඳහා අත්තිවාරම හෝ දමයි ද? බරපතළ බේදීම්වලට තුඩු දී ඇති ජනවාර්ගික ගැටළුව, අධ්‍යාපන අර්බුදය, ජාතික බදු ප්‍රතිපත්තිය හා සමාජාරක්ෂණය වැනි අති මූලික ප්‍රශ්න, පුළුල් බහුජන සහයෝගය ඇතිව විසඳයි ද? ඒ සඳහා නැතිව ම බැරි සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය වැනි නවීන දැනුම අත්හදා බලන්න ඔවුන් සූදානම් ද? එසේ වුයේ නැති නම් විය හැක්කේ කුමක් ද? ඊ ළඟ ජනතා රැල්ල හිට්ලර් කෙනෙකු බිහි වීමෙන් අවසන් වෙන්නටත් බැරි කමක් නැහැ නො වේ ද? ඒ ගැන දැන් සිට ම වෙන ම කතා කළ යුතුය! අනිවාර්යයෙන් ම කතා කළ යුතුය !

එහෙත් මේ මොහොතේ ප්‍රමුඛ දේශපාලන කටයුත්ත වන්නේ ජනතා අභිලාෂවලට අනුකූලව මැතිවරණයකින් ප්‍රභූ පාලක පැලැන්තිය පරාජය කිරීමයි. ඒ ගැන සිතන විට සිස්ටම් චේන්ජ් එකක් ප්‍රාර්ථනා කරන ජනතාව දැන් ජනතා විමුක්ති පෙරමුණට කිව යුත්තේ කුමක් ද? උතුර, නැගෙනහිර සහ කඳුකරයේ සුළුතර ජනවර්ග නියෝජනය කරන පක්ෂවලට කිව යුත්තේ කුමක් ද? පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ජන අරගලවලට මුල් තැන දෙන පක්ෂවලට කිව යුත්තේ කුමක් ද? ඔවුන් සියලු දෙනාට ම කිව යුත්තේ එක ම කතාවක් නො වේ ද?

‘මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා’ කියන සුප්‍රකට කියමන නො වේ ද?

The post මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා ! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad/feed/ 0
දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගත යුත්තේ කවුද? කෙසේ ද? https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%93%e0%b6%b8-%e0%b7%83%e0%b6%b3%e0%b7%84/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%93%e0%b6%b8-%e0%b7%83%e0%b6%b3%e0%b7%84/#respond Tue, 29 Aug 2023 07:14:43 +0000 https://vivaranalk.com/?p=9580 තව දුරටත් අපේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය මහජන නියෝජිතයන්ට බාර දී බලා සිටිය හොත් සාමාන්‍ය ජනතාවට විඳවීම හෝ සටන් කිරීම හෝ මර්දනය වීම හෝ හැර ජීවිතය විඳින්නට කාලයක් ඉතිරි වන්නේ නැත! එ නිසා දැන් වත් දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය ජනතාව අතට ගත යුතු නැද්ද? එය ඉතා […]

The post දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගත යුත්තේ කවුද? කෙසේ ද? appeared first on විවරණ.

]]>
තව දුරටත් අපේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය මහජන නියෝජිතයන්ට බාර දී බලා සිටිය හොත් සාමාන්‍ය ජනතාවට විඳවීම හෝ සටන් කිරීම හෝ මර්දනය වීම හෝ හැර ජීවිතය විඳින්නට කාලයක් ඉතිරි වන්නේ නැත! එ නිසා දැන් වත් දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය ජනතාව අතට ගත යුතු නැද්ද?

එය ඉතා ශිෂ්ටසම්පන්න විදියට කළ හැකි අලුත් ක්‍රමයක් දැන් සොයා ගෙන තිබේ. එය සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වේ. මෙම ක්‍රමයට අනුව දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රථමයෙන් දේශපාලන තීරණ ගනු ලබන්නේ පුරවැසියන් අතරින්, කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා පිරිසක් විසිනි. අනතුරුව එම තීරණ ජනමතවිචාරණ මගින් හෝ මහජන නියෝජිතයන් මගින් හෝ අනුමත කැරේ.

මෙම ක්‍රියාවලියේ දී පළමුව පුරවැසියන් අතරින් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා පිරිසට අත්‍යවශ්‍ය පහසුකම් සලසා එක තැනකට රැස් කළ යුතුය. ගැටළුවට අදාල සියලු වැදගත් තොරතුරු ලබා දිය යුතුය. කුසපත් ඇදීමෙන් කුඩා කණ්ඩායම්වලට බෙදා ගැටළුව පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමට අවස්ථා සලසා දිය යුතුය. ඒ සඳහා පහසුකම් සපයන්නන්ගේ සහාය ද ලබා දිය යුතුය. අවශ්‍ය නම් අදාල විෂය විශේෂඥයින් සමග ද සාකච්ඡා කර කරුණු විමසා ගැටළු නිරාකරණය කර ගැනීමට ද අවස්ථාව සලසා දිය යුතුය. සාකච්ඡාවට සහභාගි වූ පිරිස සෑහීමකට පත් වන තුරු නැවත නැවතත් කණ්ඩායම් සාකච්ඡා-පොදු සාකච්ඡා-කණ්ඩායම් සාකච්ඡා සඳහා අවස්ථා සලසා දිය යුතුය. මෙම ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ ජනතාවට දැක බලා ගැනීමට හා ප්‍රතිචාර දැක්වීමට හැකි වන සේ විවෘතව සිදු කළ යුතුය. අවසානයේ දී එකඟත්වයෙන් නොහැකි නම් ඡන්ද විමසීමෙන් දේශපාලන විසඳුම් තෝරා ගත යුතුය. මෙම ක්‍රියාවලිය සංවිධානය කරණ හෝ පහසුකම් සපයන හෝ විශේෂඥයින් ලෙස කැඳවන හෝ කිසිවෙකු විසින් අහඹුලෙස තෝරා ගත් පිරිසට කිසිදු බලපෑමක් නොකරන බවට වගබලා ගත යුතුය.

මෙම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මගින් සාමාන්‍ය ජනතාවට දැනුවත් පුරවැසියන් බවට පත් වී, නිවැරදි දේශපාලන තීරණ ගත හැකි බවත්, එම තීරණ බහුතර ජනතාවගේ කැමැත්ත බවට පත් වන බවත්, රටවල් විසි ගණනක සිදු කළ අත්හදා බැලීම්වලින් තහවුරු වී ඇත. අන්තිමේ දී එම ජනමතයට හිස නැමීමට මහජන නියෝජිතයන්ට සිදු වන බවත් තහවුරු වී ඇත.  මෙම ක්‍රමය මොංගෝලියාවේ ව්‍යවස්ථාපිත නීතියෙක් බවටත් පත් ව ඇත.

වාර්ගික හෝ ආගමික වශයෙන් බෙදී ඇති සමාජවල එම බෙදීම් අභිබවා නිවැරදි දේශපාලන තීරණ ගැනීමට මෙම ක්‍රමය ඉවහල් වී තිබීම සුවිශේෂත්වයකි.

මේ වනවිට අපේ රටේ අහිමි කරමින් පවතින ඡන්ද අයිතිය, සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය, නීතියේ ආරක්ෂාව ලැබීමේ අයිතිය වැනි මූලික අයිතිවාසිකම් රැක ගැනීමටත්, සමාජය බෙදා වෙන් කිරීමට හේතු වී ඇති ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමටත්, ජාතික බදු ප්‍රතිපත්තිය, අධ්‍යාපනය, සෞඛය, ප්‍රවාහනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමටත් අවැසි නිවැරදි  දේශපාලන තීරණ ගැනීම සඳහාත් මෙම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය දැන් ලංකාවට අත්‍යවශ්‍ය නැද්ද?

ඉදිරියේ දී සියලු බාධක ජය ගෙන මැතිවරණයකින් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කළ හැකි වුවත්, ජනවාර්ගික ගැටළුව, අධ්‍යාපනය වැනි සංකීර්ණ ප්‍රශ්න විසඳීම සඳහා මෙම ක්‍රමය අත්‍යවශ්‍ය නැද්ද? එසේ නොකළ හොත් අලුතෙන් බිහි කරන ජනතාවාදී ආණ්ඩුව පෙරළා දමා දැනටත් වඩා අන්තවාදී දුෂ්ට පාලනයක් බිහි වීමේ අනතුරක් නැද්ද? 2015 ජනාධිපතිවරණයේ සිට ලැබෙන මැතිවරණ ප්‍රතිඵල, පෙර නොවූ විරූ ආන්තික ස්වභාවයක් ගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා නො වේ ද?

The post දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගත යුත්තේ කවුද? කෙසේ ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%93%e0%b6%b8-%e0%b7%83%e0%b6%b3%e0%b7%84/feed/ 0
ඉදිරි ජනාධිපතිවරණ සටන තීරණාත්මක නැද්ද? https://vivaranalk.com/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93/#respond Mon, 24 Apr 2023 06:10:10 +0000 https://vivaranalk.com/?p=8164 රනිල්-රාජපක්ෂ හවුලේ දේශපාලන ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණය බව පේනවා. ඔවුන්ගේ ලොකු ම වාසියට තිබෙන්නේ ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග අතර පවතින බෙදීම. මෙම බෙදීම වාසියට ගැනීම සඳහා රනිල්-රාජපක්ෂ හවුල උපක්‍රම යොදා ගන්නවා. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබෙන ප්‍රධාන උපක්‍රමය  ‘IMF එකට පක්ෂ හා විරුද්ධ’ යනුවෙන් බෙදීමක් හැදීමයි. ඒ උපක්‍රමය දැනටමත් එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. රනිල්-රාජපක්ෂ […]

The post ඉදිරි ජනාධිපතිවරණ සටන තීරණාත්මක නැද්ද? appeared first on විවරණ.

]]>
රනිල්-රාජපක්ෂ හවුලේ දේශපාලන ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණය බව පේනවා. ඔවුන්ගේ ලොකු ම වාසියට තිබෙන්නේ ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග අතර පවතින බෙදීම. මෙම බෙදීම වාසියට ගැනීම සඳහා රනිල්-රාජපක්ෂ හවුල උපක්‍රම යොදා ගන්නවා. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබෙන ප්‍රධාන උපක්‍රමය  ‘IMF එකට පක්ෂ හා විරුද්ධ’ යනුවෙන් බෙදීමක් හැදීමයි. ඒ උපක්‍රමය දැනටමත් එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. රනිල්-රාජපක්ෂ හවුලේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය ගැන කතිකාව පස්සට තල්ලු වී, ආර්ථිකය බේරා ගැනීම ගැනීම පිළිබඳ වාද-විවාද ඉස්සරහට ඇවිත් තිබෙන්නේ එ නිසා නේද? රට බේරා ගත් විරුවා වෙනුවට, ආර්ථිකය බේරා ගත් විරුවෙක් ඉස්සරහට දා ගෙන එන හැටි පේනවා නේද? මේ සැරසෙන්නේ රට බංකොලොත් කළවුන් ම ආර්ථිකය ගොඩ දාන බව පෙන්නා ගේම දිනන්න නේද? කොලේ වහලා ගහනවා කියන්නේ මේකට නේද?

රනිල්-රාජපක්ෂ හවුල ඊ ළඟ ජනාධිපතිවරණයේ දී ස්ථිරව ම පරාජය කිරීමට නම්, ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමය අර්ථ විරහිත කරන්න ම වෙනවා. රනිල්-රාජපක්ෂ හවුලට එරෙහිව මැතිවරණ සටනට වැඩි බරක් දැම්මත්, ජන අරගලවලට වැඩි බරක් දැම්මත්, ඒ සියලු ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග පොදු අරමුණකට පෙළගැසෙන්නට හැකි උපක්‍රමයක් තිබෙන බව පේනවා. ඒ සඳහා මාස 6ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ආපසු කැඳවීමේ අයිතිය නීති ගත කර, මහ මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ දී ගෙදර යන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න වෙනවා. (ආපසු කැඳවීමේ අයිතිය කියන්නේ ඕනෑම මහජන නියෝජිතයෙක් විශ්වාසය කඩ කර තිබෙන බව පේන ඡන්දදායකයන් 2%-10%ක් වැනි පිරිසක් මැතිවරණ කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කළ විට, මාස 3-6ක් වැනි කෙටි කාලයක් ඇතුළත ජනමතවිචාරණයක් පවත්වා, පෙත්සමට පක්ෂව 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත්, ඒ මහජන නියෝජිතයා ඉවත් කර අලුත් මහජන නියෝජිතයෙක් තෝරා පත් කිරීමටයි. එවිට විශ්වාසයය කඩ කරන පාලකයන් ඕනෑ ම අවස්ථාවක පහසුවෙන් ඉවත් කරන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා.)

එසේ කළොත් රනිල්-රාජපක්ෂ හවුලේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය පිළිබඳ කතිකාව උඩට ඇවිත්, ආර්ථිකය බේරාගැනීම පිළිබඳ වාද-විවාද දෙවැනි තැනට වැටෙනවා. එවිට සාමකාමී විරෝධතා මර්ධනය කිරීමටත්, පළාත්පාලන මැතිවරණය වැළැක්වීමටත්, මර්ධන නීතීවලටත් එරෙහි දේශපාලන සටන ඉස්මත්තට එනවා. අවසානයේ දී රනිල්-රාජපක්ෂ හවුලේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයට තිත තැබීම සඳහා උතුර, දකුණ, නැගෙනහිර, කඳුරට සහ එතෙර පුුරවැසියන් යළි පෙළගැසීම කිසිවෙකුට වළකන්න බැරි වෙනවා. එවිට පොදු අපේක්ෂකයා ලෙස පොල් ලෙල්ලක් දැම්මත් රනිල්-රාජපක්ෂ හවුලේ ජනාධිපති අපේක්ෂකයා නියත වශයෙන් ම පරාජය වෙන්නේ නැද්ද?

The post ඉදිරි ජනාධිපතිවරණ සටන තීරණාත්මක නැද්ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93/feed/ 0
ගෝඨා-මහින්ද-රනිල්: https://vivaranalk.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/#respond Wed, 22 Feb 2023 05:43:53 +0000 https://vivaranalk.com/?p=7277 ගෝඨාභය තම නිවස වට කළ ජනතාවට ආරක්ෂක නිලධාරීන් ලවා කුරිරු ලෙස පහර දී පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයින් 500ක් පමණ පසුව දා අධිකරණයට ආවා. එදා සිට රට පුරා ජනතාව පාරට බහින්න පටන් ගත්තා. විදෙස් රටවල ජනතාවත් පාරට බැස්සා. එතැනි සිට නේද ගෝඨාභය පසු බසින්න පටන් ගත්තේ? ඊට මසකට පමණ පසු මහින්ද, මැරවරයන් […]

The post ගෝඨා-මහින්ද-රනිල්: appeared first on විවරණ.

]]>
ගෝඨාභය තම නිවස වට කළ ජනතාවට ආරක්ෂක නිලධාරීන් ලවා කුරිරු ලෙස පහර දී පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයින් 500ක් පමණ පසුව දා අධිකරණයට ආවා. එදා සිට රට පුරා ජනතාව පාරට බහින්න පටන් ගත්තා. විදෙස් රටවල ජනතාවත් පාරට බැස්සා. එතැනි සිට නේද ගෝඨාභය පසු බසින්න පටන් ගත්තේ?

ඊට මසකට පමණ පසු මහින්ද, මැරවරයන් යොදා සාමාකාමි අරගලකරුවන්ට පහර දුන්නා. අවට වැඩබිම්වල සහ කාර්යාලවල වැඩ කරමින් සිටි ජනතාව දිවැගෙන විත් මැරවරයන් ට ප්‍රතිප්‍රහාර එල්ල කළා. පිරිසක් බේරේ වැවටත් දැම්මා. කුපිත වූ පිරිස් එදා රාත්‍රියේ රාජපක්ෂලා ඇතුලු ඔවුන්ට හිතවත් දේශපාලකයන් රැසකට අයත් නිවෙස් සහ දේපළවලට පහර දුන්නා. ගිනි තැබුවා. මන්ත්‍රීවරයකු මහ මග මරා දැමුවා.(ඇත්ත ඇති සැටියෙන් දකිනවා පමණි) ඊට පසු මහින්ද අගමැති තනතුර දමා ගොස් හමුදා කඳවුරක හැංගුනා නේද?

දැන් රනිල් ගමන් කරමින් සිටින්නේ ද ගෝඨාභය සහ මහින්ද ගිය පාරේ ම නො වේ ද? ඇත්තවශයෙන් ම ඔහුට යන්න වෙන පාරක් තිබෙනවා ද? ඒ ගැන හිතන්න වත් බැරි ඔවුන් සියලු දෙනා ම, උපදින්නට හදන දරුවාගේ කේන්දරයට බිය වී සිටින නිසා නේද? එහෙත් විලිරුදාව හැදුනට පසුවත් අලුත් උපතක් සිදු වීම වළකන්න හදන කොට? ගෝඨාභය සහ මහින්ද එළවා දැමූ ජනතාව තවත් ඉවසයි ද?

රනිල්ගේ ගැලවුම්කරුවා (IMF) ද ලංකාව සමග ගනුදෙනු කිරීමට ජනවරමක් සහිත ආණ්ඩුවක අවශ්‍යතාව අවධාරණය කර තිබේ. ඒ කෙසේ වෙතත් IMF ණය ගැනීම සඳහා තව තවත් ජනතාව නොමරා මැරීමට සිදු ව තිබේ.

එ නිසා දැන් ඉතින් කවුරු කැමති වුනත් නැතත් ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම හෝ ජනතා නැගිටීමකින් පසු මැතිවරණයක් පැවැත්වීම වැළකිය නොහැකි වනු ඇත!

The post ගෝඨා-මහින්ද-රනිල්: appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/feed/ 0
ජාතික ගැටලු, මැතිවරණ හා අරගල https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb/#respond Mon, 06 Feb 2023 06:40:13 +0000 https://vivaranalk.com/?p=7127 ලංකාවේ ජාතික ගැටලු හා විසඳුම් මොනවා ද? නිදසුනක් වශයෙන් ජනවාර්ගික ප්‍රශ්නය ජාතික ගැටලුවක් ද? එය ජාතික ගැටලුවක් නම් ඊට විසඳුම කුමක් ද? මේවා ගැන සුළුතර ජනවර්ග ඇතුළු බහුතර ජනතාවගේ එකඟත්වයක් තිබේ ද? නැත. කොහෙත් ම නැත! ඉතින් ආණ්ඩු බලය ලබා ගෙන හෝ අරගලයෙන් හෝ ජනවාර්ගික ප්‍රශ්නය විසඳා ගන්නේ කෙසේ ද? වෙනත් වචනවලින් කියනවා නම් මැතිවරණ […]

The post ජාතික ගැටලු, මැතිවරණ හා අරගල appeared first on විවරණ.

]]>
ලංකාවේ ජාතික ගැටලු හා විසඳුම් මොනවා ද? නිදසුනක් වශයෙන් ජනවාර්ගික ප්‍රශ්නය ජාතික ගැටලුවක් ද? එය ජාතික ගැටලුවක් නම් ඊට විසඳුම කුමක් ද? මේවා ගැන සුළුතර ජනවර්ග ඇතුළු බහුතර ජනතාවගේ එකඟත්වයක් තිබේ ද? නැත. කොහෙත් ම නැත!

ඉතින් ආණ්ඩු බලය ලබා ගෙන හෝ අරගලයෙන් හෝ ජනවාර්ගික ප්‍රශ්නය විසඳා ගන්නේ කෙසේ ද? වෙනත් වචනවලින් කියනවා නම් මැතිවරණ පොරොන්දුවක් ලෙස හෝ අරගලයේ ඉල්ලීමක් ලෙස ජනවාර්ගික ප්‍රශ්නය සඳහා තෝරා ගත යුතු විසඳුම කුමක් ද? ජනවාර්ගික ප්‍රශ්නය සඳහා සුළුතර ජනවර්ග ඇතුළු බහුතර ජනතාවගේ කැමැත්ත ඇතිව ප්‍රශස්ත විසඳුමක් නීතිගත කර ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? මේ කිසිම ප්‍රශ්නයකට විශ්වාසදායක පිළිතුරක් පෙනෙන තෙක් මානයේ නැහැ නේද?

එබැවින් ප්‍රමුඛතා පදනමක් මත ජාතික ගැටලු හා විසඳුම් හඳුනා ගැනීම ලාංකේය දේශපාලනයේ මුඛ්‍ය අවශ්‍යතාවයක් නො වේ ද? ඊට පිළිතුර ඔව් නම්, බහුතර ජනතාවගේ එකඟත්වයෙන් ප්‍රමුඛ ජාතික ගැටලු හා විසඳුම් තෝරා ගන්නේ කෙසේ ද? මේ සඳහා රටවල් 28ක පමණ අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන තිබෙන සංවිචාරණීය මත විමසීමේ ක්‍රමය අපටත් යොදා ගත නොහැකි ද?

සංවිචාරණීය මත විමසීම යනු අහඹු ලෙස තෝරා ගන්නා මහජන නියැදියක් යොදා ගෙන, මහජන අවශ්‍යතා විවෘතව හා සබුද්ධික ලෙස හඳුනා ගෙන, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගන්නා ක්‍රමයකි. මෙහි දී මහජන නියැදිය සමස්ථ පුරවැසි සමාජයේ හරස්කඩක් විය යුතුය. එම නියැදියට දේශපාලන සමානාත්මතාව මත පදනම්ව ගැඹුරින් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා අවශ්‍ය දත්ත-තොරතුරු, පහසුකම්, හා රැස්වීමට ස්ථානයක් ආදිය සලසා දිය යුතුය. මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම මහජනතාවට පෙනෙන්නට හා ප්‍රතිචාර දැක්වීමට හැකි වන සේ විවෘතව සිදු කළ යුතුය. මෙහි දී පහසුකම් සපයන අය තමන්ගේ පුද්ගලික මත නියැදියට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.

මෙම සංවිචාරණීය මත විමසීමේ ක්‍රමය අනුව සාමාන්‍ය ජනතාවට දැනුම්වත් වීමේ හැකියාව ඇති බවත්, ඔවුන් ස්වකීය මත වෙනස් කර ගැනීමට සූදානම් බවත් ඔප්පු වී තිබේ. ඊට අමතරව මෙම ක්‍රමය මගින් බෙදී සිටින ජන කොටස් එක්සත් වන බවත්, සැබෑ මහජන අවශ්‍යතා, බහුතර ජනමතය බවට පරිවර්තනය වන බවත්, පාලකයන්ට අකමැත්තෙන් වුවත් බහුතර ජනමතයට හිස නැමීමට සිදු වන බවත් ඔප්පු වී තිබේ. 2017 දී මොංගෝලියාව සංවිචාරණ ඡන්ද ක්‍රමය නීතිගත කර තිබේ. ඒ අනුව මහජනයාගේ සංවිචාරණ ඡන්දයකින් අනුමත නොකරන කිසිදු තීරණාත්මක යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකිය.

වසන්ත මුදලිගේ නිදහස් වී ඇවිත් 2023.02.02වැනි දා මෙසේ කීවේය.

“..අපි ඔක්කොම එකතුවෙලා මේ අරගලය ඉදිරියට අරගෙන යමු. අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමු. සැබෑ ජනතාවගේ මැදිහත්වීමක් ඇතුළේ ඕනෑම ආණ්ඩුවක් දණ ගස්සන, ඕනෑම තීරණයක් දිනා ගන්න පුළුවන් වෙන, ඕනෑම අයිතියක් තහවුරු කරන්න පුළුවන් විදියේ වඩාත් වඩාත් බලයක් නිර්මාණය කරන්න අදාල අඛණ්ඩ මැදිහත් වීමක් කරමු. එ නිසා මේ රටේ සියලු දෙනාට ඉතා ම ආදරණීය ලෙස අපි ආරධනා කරනවා හොඳ රටක් හදමු. ඒ සඳහා අඛණ්ඩව මැදිහත් වෙමු. මර්ධනය ඉස්සරහ දණ ගහන්නේ නැතුව වඩාත් නව මුහුණුවරවල් භාවිතා කරමින් ඒ වගේ ම දැවැන්ත වැඩපිළිවෙළ ඇතුළේ මේ අරගලය අඛණ්ඩව ඉස්සරහට අර ගෙන යමු..”

එසේ කියන වසන්ත මුදලිගේ ඇතුළු, අරගල කෙරෙහි වැඩි විශ්වාසයක් තබන අයටත්, ආණ්ඩු බලය ලබා ගෙන ජාතික ගැටළු විසඳනවා කියන ජාතික ජන බලවේගය ඇතුළු, මැතිවරණ කෙරෙහි වැඩි විශ්වාසයක් තබන අයටත්, පොදු මාර්ගයක් ලෙස සංවිචාරණීය මත විමසුම් ක්‍රමය තෝරා ගැනීම කාලීන වශයෙන් ඉතා වැදගත් අවශ්‍යතාවයක් නොවේ ද? පොදු අවශ්‍යතාවයක් ලෙස සංවිචාරණීය මත විමසුම් ක්‍රමය අත්‍යවශ්‍ය නැද්ද?

අපේ රටේ ජාතික ගැටලු සම්බන්ධයෙන් මෙවැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යොදා නොගන්නා තුරු එක අතකින් අසාධාරණ හා අයුක්තිසහගත අධිපති මතවලට, සැබෑ මහජන අවශ්‍යතා යටපත් වේ. අනික් අතට සැබෑ මහජන අවශ්‍යතා යටපත් වී සමාජයේ පවතින බෙදීම් උත්සන්න වේ. අවසානයේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පරිපීඩක අසමානතා තවදුරටත් පවත්වා ගෙන යාමට දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට, නිලධර තන්ත්‍රයට හා බහුජාතික සමාගම්වලට හැකි වේ.

අපේ රටේ ජාතික මට්ටමේ හෝ ප්‍රාදේශීය මට්ටමේ ජන ජීවිතයට බලපාන ගැටළුවක් සම්බන්ධයෙන් සංවිචාරණීය මත විමසුමක් සංවිධානය කරන්න වුවමනාව හා හැකියාව ඇති පුද්ගලයෙක් හෝ සංවිධානයක් හෝ ව්‍යාපාරයක් නැද්ද? එවැනි මුලපිරීමකට වෙන කවරදාකටත් වඩා සුසුදු ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා පාරිසරික තත්ත්වයක් දැන් සකස් වී තිබෙනවා නේද?

[සංවිචාරණීය මත විමසුම පිළිබඳ අදහස් ගත්තේ විජයානන්ද ජයවීරයන්ගේ ‘සංවිචාරණීය සමාජයක්’ නමැති කෘතිය ඇසුරෙනි]

The post ජාතික ගැටලු, මැතිවරණ හා අරගල appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb/feed/ 0
දේශපාලනයේ ඓතිහාසික අවස්ථා: https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%93%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%93%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae/#respond Thu, 05 Jan 2023 15:32:18 +0000 https://vivaranalk.com/?p=6885 ඓතිහාසික අවස්ථා හැමදා ම ඇත්තේ නැත. වරින් වර පැමිණේ. අරගලයත් එවැනි ඓතිහාසික අවස්ථාවකි. ඒ අවස්ථාව වන විට සමාජගත ව පැවති දේශපාලන අදහස් අනුව ජනතාව ක්‍රියා කළහ. නිදසුනක් වශයෙන් අරගලය ප්‍රධාන වශයෙන් සාමකාමී වූයේ එ නිසාය. පාලකයන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහි ව ප්‍රතිප්‍රචණ්ඩත්වයක් ඇති වුවත් එය ද ඒ මොහොතට පමණක් සීමා වූයේ එ නිසාය. නැවතත් එවැනි ඓතිහාසික අවස්ථාවක් […]

The post දේශපාලනයේ ඓතිහාසික අවස්ථා: appeared first on විවරණ.

]]>
ඓතිහාසික අවස්ථා හැමදා ම ඇත්තේ නැත. වරින් වර පැමිණේ. අරගලයත් එවැනි ඓතිහාසික අවස්ථාවකි. ඒ අවස්ථාව වන විට සමාජගත ව පැවති දේශපාලන අදහස් අනුව ජනතාව ක්‍රියා කළහ. නිදසුනක් වශයෙන් අරගලය ප්‍රධාන වශයෙන් සාමකාමී වූයේ එ නිසාය. පාලකයන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහි ව ප්‍රතිප්‍රචණ්ඩත්වයක් ඇති වුවත් එය ද ඒ මොහොතට පමණක් සීමා වූයේ එ නිසාය.

නැවතත් එවැනි ඓතිහාසික අවස්ථාවක් පැමිණි විට ඒ අවස්ථාවේ පවතින සමාජගත දේශපාලන අදහස් අනුව ජනතාව ක්‍රියා කරනු ඇත. එහෙත් අරගලයෙන් පසු සමාජගත දේශපාලන අදහස්වල වෙනසක් සිදු වී තිබෙනවා ද? එහෙමත් නැති නම් වෙනස් වෙමින් තිබෙනවා ද? එවැනි වෙනස් වීම් සිදු වී තිබෙනවා නම් ඒ මොනවා ද? මෙවැනි ප්‍රශ්න ඇසීම අතිශයින් වැදගත් වේ. ඒවායින්, ඊ ළඟ ඓතිහාසික අවස්ථාව පැමිණෙන තුරු කළ යුත්තේ මොනවා ද, නොකළ යුත්තේ මොනවා ද කියා දේශපාලන ක්‍රියාකාරීන්ට ඉඟි කරන බැවිනි.

සමාජගත දේශපාලන අදහස් හැඩ ගැසෙන්නේ ජනතාව දේශපාලන වශයෙන් ක්‍රියා කරන විට ඊට ප්‍රතිචාර වශයෙන් පාලකයන් ක්‍රියා කරන ආකාරය අනුවය. ඒ අනුව බැලූ විට අරගලයෙන් පසු තවමත් සමාජගත දේශපාලන අදහස්වල කැපී පෙනෙන වෙනසක් සිදු වී නැති බව මගේ අදහසයි.

එසේ වුව ද අරගලයේ අවසාන අදියරේ සිට පාලකයන් ගෙන යන දැඩි මර්ධනකාරී පිළිවෙත නිසා කලින් පැවති සමාජගත දේශපාලන අදහස්වල වෙනසක් සිදු වීම අනිවාර්ය වේ. එහෙත් ඒ වෙනස තවමත් මතු පිටට ඇවිත් නැත. දරුවෙක් පිළිසිඳ ගෙන එළියට එන්නට වුව ද කාලයක් අත්‍යවශ්‍ය නොවැ.

එ නිසා විරාමයක් නැතිව ම අරගලය පවත්වා ගෙන යාමට වෙර දැරීම හරි ද? නැතිනම් අරගලය ඉවරයි කියා දේශපාලනයෙන් පළා යාම හරි ද? එසේත් නැතිනම් අරගලයට එරෙහි වීම හරි ද? ඒ වෙනුවට දැන් කළ යුත්තේ ඊ ළඟ ඓතිහාසික අවස්ථාව පැමිණෙන විට වඩා ඉදිරිගාමී වෙනසක් සඳහා ක්‍රියා කිරීමට ජනතාවට මග පෙන්වන දේශපාලන අදහස් හඳුනා ගෙන ඒවා සමාජ ගත කිරීම නො වේ ද? ඊ ළඟ විභාගයට හොඳින් මුහුණ දීම සඳහා හෝම්වර්ක්(තියරි සහ ප්‍රැක්ටිකල්) කිරීම නො වෙයි ද?

ගෝල් ෆේස් අරගල භූමියෙන් පිළිබිඹු වූයේ ලාංකේය තරුණ පරපුර පතන ආනාගත සමාජය නො වේ ද? ඔලු පළා හෝ හිරේ විලංගුවේ දාලා හෝ එවන් සිහිනයක් මකා දාන්න පුළුවන් ද? ඊ ළඟට එන ඓතිහාසික අවස්ථාවක දී ඒ ‘සිහිනය සැබෑ වෙන්නට නම් උතුර, දකුණ, නැගෙනහිර, කඳුරට සහ එතෙර පුරවැසියන් අත්වැල් බැඳ ගෙන පාරට බහින්නට ඕනෑ’ය කියන දේශපාලන අදහස සමාජගත වීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් නො වේ ද?

ඊ ළඟ ඓතිහාසික අවස්ථාව ඉක්මනින් පැමිණෙයි ද, පරක්කු වී පැමිණෙයි ද කියා දන්නේ කවුරුන් ද? ඉතිං අපි කළ යුත්තේ කුමක් ද?

The post දේශපාලනයේ ඓතිහාසික අවස්ථා: appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%93%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae/feed/ 0