Mahinda Hattaka, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 30 Sep 2026 06:39:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.1.2 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Mahinda Hattaka, Author at විවරණ 32 32 එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c/#respond Wed, 30 Sep 2026 06:34:58 +0000 https://vivaranalk.com/?p=15019 මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ […]

The post එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. appeared first on විවරණ.

]]>
මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ ප්‍රතිපත්ති වන්නේ සාමයට ඇති තර්ජන වැළැක්වීම සහ ඉවත් කිරීම ද ආක්‍රමණික ක්‍රියා හෝ සාමය බිඳී යාමට තුඩු දෙන ක්‍රියා මැඩ පැවැත්වීම ද අරභයා ප්‍රබල විධි විධාන යෙදීම යනාදී වශයෙනි. එමෙන්ම සාමය බිඳී යා හැකි පරිද්දෙන් ඇති වන ජාත්‍යන්තර භේද හෝ ආරවුල් සමගි සමාදානයෙන් සමථයට පත් කිරීම හෝ බේරුම් කිරීම ද පරමාර්ථ සහ ප්‍රතිපත්ති ලෙස සඳහන්ව ඇත.  

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වෙනි වාර්ෂික මහා සභාව..

එක්සත් ජාතින්ගේ පරමාර්ථ සහ ප්‍රතිපත්තිවල එසේ සඳහන් වුවත් මෙවර වාර්ෂික මහා සභාවේ දී ලොව ප්‍රබලම රාජ්‍යයැයි හැඳින්වෙන එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත් වූයේ නට්සි ජර්මනියේ හිට්ලර් හෝ නොකල ආකාරයේ අතිශය බියකරු සමස්ත මානව වර්ගයාම අනතුරට හෙළන ආකාරයේ අශික්ෂිත කතාවකි. සාමයට ඇති තර්ජන ඉවත් කිරීම සහ ඒවා වැළැක්වීම වෙනුවට ඔහු පාරම්බෑවේ ඔහුගේ අණසකට හිස නොනමන රාජ්‍යයන් මිහි මතින් තුරන් කරන ආකාරයයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායෙලයේ ප්‍රහාරවලට ලක්ව සිටින ඉරානය ඔහු නියම කරන ආකාරයේ ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් මුළු මහත් රටම විනාශ කරන බවට තර්ජනය කෙළේය. එමෙන්ම ප්‍රහාරය ආරම්භයේ දී ඉරානයේ රාජ්‍ය නායක අයතොල්ලා කමේනි ඝාතනය කිරීම තම ජයග්‍රහණයක් සේ හුවා දැක් වූයේය.

එසේ වුවත් මෙම ප්‍රහාරයේ දීම ඉරානයේ ප්‍රාථමික පාසලක කුඩා ළමයින් 160කට වැඩි පිරිසත් ඇමරිකානු බෝම්බ ප්‍රහාරවලින් මරා දැමීම ගැන සඳහන් කෙළේ නැත.

ඇමරිකානු නායකයා නිදහස් ස්වෛරී රාජ්‍යයක් වූ වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන යෑම හුවා දැක් වූයේ තවත් ජයග්‍රහණයක් සේය. මදුරෝ සහ ඔහුගේ බිරිඳ තවමත් නිව්යෝර්ක් නගරයේ සිර ගෙයක කොටු කර සිටී.

ඉන් අදහස් කෙළේ වෙනිසුවෙලාවේ මෙන් රාජ්‍ය නායතයා පැහැර ගෙන යෑමට නොහැකි වුවහොත් කුරිරු ප්‍රහාරයකින් කියුබාවේ පාලනය වෙස් කිරීමට සූදානම් ය යන්නයි.

නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ, සිලියා ෆ්ලෝරස්, ෆෙඩරල් නිලධාරීන් විසින් නිව්යෝර්ක්, මෑන්හැටන් හි ෆෙඩරල් අධිකරණය වෙත රුගෙන යාම .. | 2026.01.05

රටේ නායකයා පැහැර ගෙන යෑමට අමතරව එහි තෙල් සම්පත් හිමි කර ගෙන ඉන් ලැබෙන ආදායම් එක්සත් ජනපද භාණ්ඩාගාරයට බැර කිරීම ද අමු අමුවේ කෙරෙන මංකොල්ලයකි. ජනාධිපති ට්‍රම්ප් එය හැඳින් වූයේ ජයග්‍රාහකයාගේ අයිතියක් සේය.

ජනාධිපති මදුරෝ පැහැර ගෙන යෑමට වෙනිසුවෙලාවේ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය කායකයන්ගේ සහාය ලබා ගැනීමට හැකි වුවද එවැන්නක් කියුබාවේ ක්‍රියාත්මක කිරීම අපහසු නිසා උපරිම හමුදා ශක්තිය යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. දශක හතකට ආසන්න කාලයක් ඇමරිකාවේ නීති විරෝධී සම්බාධකවලට ලක්ව සිටින කියුබාවේ ජන ජීවිතය පත්ව ඇත්තේ ඛේදනීය තත්වයකට බව අමතක නොකළ යුතුය.

එක්සත් ජාතීන්ගේ මහා සභාව ඇමතු ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණය යටතේ සිටින ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පැවැත් වූයේ එවැනිම අශික්ෂිත කතාවකි. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අන්තර්ජාතික අපරාධ අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට කිසිම රාජ්‍යයක් ඉදිරිපත් වන්නේ නැත. යුද විරෝධියෙකු වශයෙන් හැඳින්වෙන නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සොහ්රාන් මම්ඩානි ඊශ්‍රායෙල් අගමැති නිව්යෝර්ක් නගරයට පැමිණිය හොත් අත් අඩංගුවට ගන්නා බවට කලින් තර්ජනයක් කළ තිබුණ ද ඇත්ත වශයෙන්ම සිදු වූයේ නිවියෝර්ක් පොලීසිය බෙන්ජමින් නෙතන්යාහුගේ පැමිණීමට එරෙහිව විරෝධතා දැක් වූ අය අත් අඩංගුවට ගැනීමය. අත් අඩංගුවට පත් වූවන් අතර ලෝක ප්‍රකට කලාකරුවන් වූ බවද වාර්තාවේ.

ඇමරිකා එක්සත් ජනපදයේම නිර්මාණයක් වූ ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ කතාව ද ඔහුගේ ස්වාමියාගේ කතාවට වෙනස් නොවේ. සමහර විචාරකයින් පවසන ආකාරයට යථාර්ථය වන්නේ ඊශ්‍රායලය ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවන බව වුවත් ඒ දෙරටේම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග එකිනෙතට මැනැවින් ගැලපෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ඊශ්‍රායෙල් නායකයා ද ගාසා තීරයේත් බටහිර ඉවුරේත් සිදු කරන මිනිස් ඝාතන සහ දේපොළ විනාශය ගැන කතා කෙළේ ආඩම්බරයෙනි. බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සහ බටහිර ‍ඉවුරේ ඊශ්‍රායෙල් හමුදා සිදු කරන ජනඝාතනයට එරෙහිව නැගී සිටින සටන්කාමීන් හැඳින් වූයේ මිහිතලයේ සිටින මිප්‍ලේච්ඡතම මිනිමරුවන් සේය. ඔහු ද සින්වාර් හනියේ වැනි හමාස් නායකයන් ඝාතනය කිරීම ගැන පාරම්බෑවේ සිය අනුග්‍රාහකයා මෙනි. පලස්තින ප්‍රදේශවල ජනඝාතනයක් සිදු වන්නේයැයි කීම මෙම ශතවර්ෂයේ මහා ම පචයක්යැයි ඔහු සමුළුව අමතමින් කීවේය. මීට අමතරව 2024 නොවැම්බර් මස ඊශ්‍රායෙල් ඔත්තු සේවා මගින් ජංගම දුරකතනවලට සවි කරන ලද ද්‍රව්‍ය පුපුරුවා හැරීමෙන් කාන්තාවන් සහ ළමයින් සිය ගණනාවක් මරණයට පත් කිරීම අගය කෙළේ එහි ආකෘතියක් මහා මණ්ඩලයේ ප්‍රදර්ශනය කිරීමෙනි.

ගාසා තීරයේ නැගෙනහිරින් පිහිටි ෂුජායියා (Shujayea) ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයක්..

ඔහු ඉන් අදහස් කෙළේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමක් 2025 සැප්තැම්බර් නිකුත් කළ වාර්තාවකින් ඊශ්‍රායෙලය ගාසා තීරයේ ජන ඝාතනයක් සිදු කරන බව පිළිගෙන තිබීම හෑල්ලුවට ලක් කිරීම ය. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයේ යුද අපරාධ සිදුකෙළේයැයි පිළිගැනීමට සාධාරණ හේතු පවතින බව එක්සත් ජාතීන්ගේ තොරතුරු සෙවීමේ කොමිසමක් වාර්තා කර ඇති බවද සැලකිල්ලට ගත යුතුය.

මීට අමතරව නේටෝ රටවල් වෙනුවෙන් රුසියාව සමග යුද වැදි සිටින යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩ්මීර් සෙලන්ස්කි ද එක්සත් ජාතින්ගේ මහා මණඩලය ඇමතුවේ රුසියාවට එරෙහි යුද්ධයට අවි ආයුද ලබා ගැනීමට එක්සත් ජනපදය සහ වෙනත් රටවල් සමග ඇති කර ගත් ගිවිසුම් සහ එකඟතා හුවා දැක්වීමටය. රුසියාවට එරෙහිව කරන යුද්ධයේ දී එම රට වඩාත් දුර්වල කොට පරාජය කිරීම සඳහා වඩ වඩාත් සම්බාධක සහ තහංචි පනවන ලෙස ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සාමය උදා කිරීමේ අවස්ථා අමතක කිරීමෙනි.

2026 අගෝස්තු 29 වන සෙනසුරාදා, යුක්රේනයේ කියෙව් (Kyiv) කලාපයේ මයිලා (Myla) ගම්මානයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් හා ඉන් අනතුරුව සිදුවූ පිපිරීමකින් පසු, හානියට පත් ගොඩනැගිලි අතර ඇති විනාශ වූ මෝටර් රථයක දසුනක්. කියෙව් සහ සිටොමියර් (Zhytomyr) වෙත දිශාව සහ දුර දක්වන මාර්ග සංඥා පුවරුවක් ද මෙහි දැක්වේ.

පුදුමයට මෙන් සාමය සහ නීතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ සම්බාධක සහ තහංචිවලින් හොඳටම හෙම්බත්වී සිටින ඉරානය සහ නොනවත්වා ඊශ්‍රායෙලයෙන් එල්ල කරන ගුවන් සහ මිසයිල ප්‍රහාරවලට ලක්ව සිටින ලෙබනනය පමණි. ආරවුල් විසඳා ගැනීමට සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගත යුතු බව ඉරාන ජනාධිපති අවධාරණය කෙළේය. ලෙබනනයේ අගමැති ගේ දුක්ගැනවිල්ල වූයේ තම රටට එරෙහිව සිදු කරන සාහසික අපරාධ ඉදිරියේ ජාත්‍යන්තර ප්‍රජාව නිහඬව සිටීම ය.

අප බිහි කර ඇත්තේ යුද අවි ආයුධ ගලා යෑමට සියලු පහසුකම් ඇති එහෙත් විපතට පත ජනතාවට ආහාර ලබා ගැනීමට තහංචි පනවන ලෝකයක්යැයි නේපාලයේ අගමැති බාලේන්ද්‍ර ෂා පෙන්වා දුන්නේය.

කලින් සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ ආශීර්වාද මැද පිහිටුවා ගත් එක්සත් ජාතින්ගේ සංවිධානය එහි මහලේකම් ඇන්නියෝ ගුටරෙස් ද පිළිගන්නා ආකාරයට අද සම්පුර්ණයෙන්ම අවලංගු කාසියක් බවට පත්ව ඇත. ගෝලිය බලය හමුවේ ජාත්‍යන්තර නිතිය යනුවෙන් අද කිසිත් ඉතිරිව නැත. ආදර්ශය බවට පත්ව ඇත්තේ බලය හා ශක්තියයි. අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නිලධාරීන් සහ විනිශ්චයකරුවන් ඇමරිකාවේ සම්බාධකවලට ලක්ව සිටිති. එම අධිකරණයේ බලය ක්‍රියාත්මක වන්නේ ආසියා අප්‍රිකා රටවල් සම්බන්ධයෙන් පමණි.

මෙවැනි වාතාවරණයක් තුළ අප ගමන් කරමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආරක්ෂක මණ්ඩලය හුදු ප්‍රේක්ෂකයන් බවට පත් කරන, මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී අඳුරු අතීතය සිහිපත් කරන භයානක ලෝකයකටය. සතුරු බලවේග සියල්ල සමූලාඝාතනය කර ලොවම සිය අණසක යටතට ගත හැකියැයි සිහින මවන නායකයන් ගේ ලෝකයකටය. කෘත්‍රීම බුද්ධිය සහ නූතන තාක්ෂණය මගින් සියල්ල ජය ගතහැකියැයි විශ්වාස කරන ලෝකයකටය.

වර්ධනය වන සමාජ ආර්ථික යථාර්ථය තුළ තීරණාත්මක වන්නේ නිවැරදි දේශපාලන තීරණ ගැනීමට සහ ඒ වෙනුවෙන් නොසැලී සිටින නායකත්වයක් ගොඩ නගා ගැනීම ය. සාමය ගැන කතා කරමින් යුද්ධය එකම ක්‍රියා මාර්ගය බවට පත් කර ඇති සමාජයක එය  දියෙන් කිරි වෙන් කර ගන්නාක් මෙන් ශූක්ෂම ක්‍රියාවකි. 

මෙම ලිපිය අවසන් කිරීමට සූදානම්වත්ම මට ඇස ගැසුණු වාර්තාවකින් මෙය වඩාත් තහවුරු විය. ඒ යුද්ධය ප්‍රශ්න විසඳා ගැනීමේ සහ සිය බලය තහවුරුකර ගැනීමේ එකම ක්‍රියා මාර්ගය බවට පත් කර ගෙන සිටින ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ තරුණියන් 34ක සාම සාධක කණ්ඩායමක් ලංකාවට පැමිණීමය. ජනමාධ්‍යයෙන් උත්කර්ෂවත් ආකාරයට වාර්තා කළ ආකාරයට මෙම පිරිස් උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ ඇමරිකානු සාමකාමී ජීවන ශෛලිය ස්වේච්ඡාවෙන් උගන්වනු ඇත. ඒ ගැන කිව යුත්තේ ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල සාම අධ්‍යාපනය පතුරුවා හැරීමට වඩා ඒ වෙනුවෙන් වැය කරන සම්පත් සහ යොදවන තරුණ තරුණියන් ඇමරිකාවේ දේශපාලන නායකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා විනාශයේ මුව විටට පැමිණ සිටින ලෝකය ගලවා ගැනීමේ අවශ්‍යතාවය ගැන පාඩම් කියා දීම වඩාත් වැදගත්ය යන්නයි.   

The post එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c/feed/ 0
කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b7%91%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b7%91%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/#respond Sun, 20 Sep 2026 05:58:29 +0000 https://vivaranalk.com/?p=15009 පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර […]

The post කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව appeared first on විවරණ.

]]>
පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර ඇත. එහි පළමු රැස්විම් දෙක පැවැත් වුණේ කළුතර දිස්ත්‍රික්කයේය. ඒකාබද්ධ විපත්ෂයේ රැස්වීම අනුරාධපුරයේ පැවැත් වු දිනම ජනාධිපති අනුර තුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොළොන්රුවේ ජන රැලියක් පැවැත්විණ. ඊට පසුදින අනුරාධපුරායේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් රැලියකි. (නාමල් රාජපත්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමත් අතර ඇති සම්බන්ධතාවය මෙහිදී අමතක කරමු.)

මෙවැනි පරිසරයකින් පැහැදිලි වන්නේ ජනාධිපති ඇතුළත් ජාතික ජන බලවේගය විපක්ෂයේ පෙළ ගැස්ම ප්‍රධාන දේශපාලන මාතෘකාව කර ගෙන ඇති බවය. රට වටා රැස්වීම් පවත්වන්නේ එක අතකින් ඔවුන්ට තවමත් ප්‍රබල ජන මතයක් පවතින බව හුවා දැක්විමට සහ ඊට අමතරව වසර දෙකක් ගත වන විට තමන් විශාල වැඩ කොටසක් නිම කර ඇති බව ප්‍රචාරණය කිරීමට ය. ආණ්ඩුව කරන වැඩ රජයේ මාධ්‍යයෙන් සහ වෙනත් ජනමාධ්‍යවලින් අඩුවක් නැතිව ප්‍රචාරණය වන නිසා මෙම රැස්වීම් පවත් වන්නේ ඊට එහා යන අදහසකින් බව පැහැදිලිය.

ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම පක්ෂ දේශපාලන ක්‍රීඩාවේ ප්‍රමුඛ අංශයකි. වේදිකාව දෙදරවන කතා පවත්වන අයට පක්ෂයේ පිළිගැනීමක් සහ නායකත්වයක් හිමිවිම ද මෙම ක්‍රීඩාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. ලංතාවේ මැතිවරණ දේශපාලනයේ ඉතිහාසය දෙස බලන විට සිරිමා බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන වැනි නායකයන් චතුර කතිකයන් නොවුව ද ප්‍රබල නායකත්වයක් හිමි කර ගත්තේ වෙනත් කරුණු නිසාය. වර්තමාන පාර්ලිමේන්තු දේශපාලනයේ එවැනි ආකර්ෂණීය නායකත්ව දුලබ ය. එමනිසා කතිකත්වය ප්‍රබල සාධකයක් ලෙස දේශපාලන පක්ෂ තුළ පැවතීම පුදුමයක් නොවේ.

2022 දී විදේශ ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත්වීමත් ඒ නිසා දිවයින පුරාම ඉන්ධන පෝලිම් ඇතිවීමත් දූෂණ වංචා ගැන විරෝධයක් සහ දේශපාලන නායකත්වය කෙරේ දැඩි අප්‍රසාදයක් මතුවීමත් විසිඑක් වැනි සිය වසේ දෙවන දශකයේ ජන විඥානයේ හැරවුම් ලක්ෂයකි. 22 ජන අරගලය එහි සංකේතයකි. දේශපාලන පක්ෂ සහ ජනතාව නැතිනම් ඡන්දදායකයන් අතර යා කළ නොහැකි පරස්පරයක් පවතින බව දැක් වූ අවස්ථාවකි. මැතිවරණයෙන් ජයගත් පමණින් පක්ෂයකට හෝ දේශපාලන නායකත්වයකට සුජාත භාවයක් අනිවාර්යෙන්ම නොලැබෙන බව විදහා දැක් වූ අවස්ථාවකි. පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා ලෙස සියයට පනහ ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂට අනතුරුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජනයත් ලබා ගත හැකි වූයේය. අරමුණක් හෝ වැඩ පිළිවෙළක් නොතිබුණු විපක්ෂය අඳුරේ අතපත ගාන තත්වයට පත්විය. ගෝඨාභය රාජපක්ෂ වචනාර්ථයෙන්ම විධායක ජනාධිපති වූයේය. ඔහුගේ මුඛයෙන් පිටවන දේ නීතිය ලෙස පිළිගැනීමට බල කෙරිණ. ඒ සියල්ල තිබිය දී ඔහුට අරගලයෙන් මතු වූ ජනතා විරෝධය හමුවේ ජනාධිපති මන්දිරයේ පසු පස දොරටුවෙන් පැන යෑමට සිදු විය.

ඉන් පසුව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ ඉටු කළ කාර්ය භාරය ජනාධිපති ආර් ප්‍රේමදාස ගේ අභාවයෙන් පසුව එම තනතුරට පත් ඩී බී විජේතුගෙ ගේ භුමිකාවට වෙනස් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත් වූයේ මෙවැනි දේශපාලන පසබිමකය. ඔහුට ඊට පෙර සිටි ජනාධිපතින්ට මෙන් ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහ ඉක්මවා යෑමට නොහැකි වුවත් මනාප ඡන්දවලින් තනතුරට පත්විමට හැකි විය. අනතුරුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකක බලයක් හිමිවීම යන පැත්තට හෝය්යා කියන ජනතා කැමැත්තයි.

මේ කරුණු සැලකිල්ලට ගත යුතු වන්නේ බලයට පත් ජාතික ජනබල වේගයේ දේශපාලන නායකත්වය දේශපාලන භූමියේ සිදු වූ වෙනස්කම් නොසලකා ක්‍රියා කරන බව පෙන්වා දිමට ය.

22 අරගලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ  ක්‍රමයේ වෙනසකි. පහසුවට සිස්ටම් වේන්ජ් නමින් හැඳින් වු ඉන් අදහස් වූයේ ගොඨා ගෝ හෝම් පමණක් නොවේ. ගෝඨා සහ ඔහුගේ නායකත්වයෙන් පැවති පාලන ක්‍රමය දූෂිත කොල්ලකාරි ජනතා ශාපයකි. කුඩු ජාවාරම්කරුවන් ට පාලනයේ රැකවරණය හිමි විය. ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානි පවා අල්ලස් ලබා ගන්නා විට අත් අඩංගුවට ගැණින. එහෙත් මෙම අපරාධනරුවන් නීතියේ රැහැනට හසු වූයේ නැත. හසුවූවත් පහසුවෙන්ම ගැලවී යාමට හැනි විය.

කුඩුකාරයින් අත් අඩංගුවට ගැනීම සහ අල්ලස් හෝ දූෂණවලට හවුල් දේශපාලකයන් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම ජනතා අපේක්ෂාව ඉටු කිරීමකි. ඒ ගැන පාලකයන්ට මෙන්ම දූෂිත පාලකයින් පලවා හැරීමට දායක වූ සියලු දෙනාටම ආඩම්බර විය හැකිය. ජනාධිපතිත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත් කිරීමටත් අරගල කළ සහ ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව මල්පල ගැන්වීමකි.

එහෙත් ක්‍රමයේ වෙනසක් ඉල්ලා වීදි බට ජනතාව හොරු ඇල්ලීමට එහා යන දෙයක් බලාපොරොත්තු වූහ. ඒ ජනතා දේපොළ තමන්ගේ සහ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් සුඛ විහරණයට යොදා ගැනීමට ඉවහල් වූ ක්‍රමයේ වෙනසකි. එය පාලකයන් වෙනස් කිරීමට වඩා ගැඹුරට යන සමාජ ආර්ථික සහ දේශපාලන වෙනසකි. හොරු ඇල්ලිම සිදු වුවත් පවතින සමාජ දේශපාලන ක්‍රමය වෙනස් නොවන්නේ නම් වෙනත් කොටසක් ඒ තැනට පත්වීම වැළක්විය නොහැකිය. හොරු ඇල්ලිම ගැන උදම් අනන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හොරුන්ට සහ වෙනත් දූෂිත ක්‍රමවලට ඉඩ සැලසන ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන්නේම නැත. අධිකරණයේ පවතින්නේයැයි කියන අඩුපාඩු පියවීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන වල සැබෑ තේරුම පවතින ක්‍රමය පිළිසකර කිරීමට ඇති ආශාව සහ නැඹුරුවයි.

රටේ පවතින ආර්ථික සහ දේශපාලන කඩා වැටීමට මූලික හේතුව ජනාධිපතිට ඒකාධිපතියෙකුට සමාන බලතල ලබා දීම බව රටේ ප්‍රබුද්ධ කොටස්වල පිළිගැනීමයි. ජනතා විමුක්ති පෙරමුණ ද විපක්ෂයේ සිටින විට දැරුවේ එවැනි අදහසකි. එය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ද ඇතුළත් කරුණකි. එහෙත් විධායක ජනාධිපති තනතුරට පත් අනුර කුමාර දිසානායක කලින් සිටි විධායක ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ නැත. අඩුම ගණනේ ඇමතිකම් ලබා ගැනීම හෝ ප්‍රතික්ෂේප කෙළේ නැත. පාර්ලිමේන්තුවේ සෘජු අධීක්ෂණයට යටත් මුදල් ඇමතිකම හෝ අතහැරියේ නැත. සමහර විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයෙන් පෙන්වා දෙන ආකාරයට ආණ්ඩුවේ සියලු බලතල හිමි වන්නේ ජනාධිපතිට ය. සියල්ල සිදු වන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේය. ආණ්ඩුවේ ඇමතිවරුන්ම පිළිගන්නා ආකාරයට සියල්ල සිදු වන්නේ ජනාධිපති තුමාගේ උපදෙස් සහ මගපෙන්විම යටතේය. සියලු බලතල එක මිටට ගෙන ඇත.

ජනතාව බලයේ සිටි පාලකයින් පලවා හැර අලුත් පිරිසකට බලය ලබා දුන්නේ පාලන බලය එක මිටට ගැනීම හෙවත් සියලු බලය එක පුද්ගලයෙකු යටතට පත් කිරීමට නොවේ. ජනතා කැමැත්ත වූයේ රාජ්‍යයේ  සියලු අංශ, විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය ස්වාධීන අපක්ෂපාත ජනතාවට වගකියන සහ වගවෙන තත්වයට පත්වනු දැකීම ය. එවැන්නක් සිදු කළ හැක්කේ පවතින බලය ඒකරාශි කර ගත් ක්‍රමය වෙනස් කිරීමෙනි. ජනතාවට පරිපාලනය ගැන වැඩි බලතල ලැබෙන ක්‍රමයක් බිහි කිරීමෙනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලා සිටින්නේ ඒ අදහසිනි.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නීති විශාරදයන් ගේ සහ දේශපාලකයන්ගේ අයිතියක් නොවන බව පිළිගැනීමය. ඒ සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමට සියලු ජන කොටස් සහභාගිවන ඔවුන්ගේ මතයට සවන් දෙන ක්‍රමවේදයක් සකස් කල යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව බහුතරයේ කැමැත්ත මත නොව සියලු ජන කොටස්වල කැමැත්ත සහ අනුමැතිය ප්‍රකාශ වන්නක් විය යුතුය. නොඑසේනම් නැවත වරක් රට වාර්ගික ආගමික ගැටුම්වලට පත්වීම වැළැක්විය නොහැකිය.

අපේ දේශපාලකයන් මෙතෙක් හැසිරී ඇති ආකාරයෙන් පෙනෙන්නේ ජන මතය ගරු කරන්නේ මැතිවරණ සමයේ දී පමණකි යන්නයි. පාර්ලිමේන්තු බලය ලබා ගත් පසු ඔවුන් ගරු කරන්නේ ආණ්ඩු බලය නැතිනම් රාජ්‍ය බලය තම ව්‍යාපාරික වුවමනාවන් සඳහා යොදා ගැනිමට තැත් කරන විවිධ ව්‍යාපාරිකයන්ටය. ඔවුන් ඒ බලය අත්කර ගන්නේ තමන් සතු ධන සම්පත් විදහා දැක්වීමෙනි. ඩඩ්ලි සිරිසේනලාට සහ ජෝන් කිල්ස් වැනි මහා ව්‍යාපාරවලට රාජ්‍ය ප්‍රතිපත්තිය තමන්ට රුචි ආකාරයට හැසිරවිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයේ දී වැදගත් වන්නේ එවැනි බලගතු කණ්ඩායම් ය. එහෙත්  ජනතාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී ප්‍රමුඛ තැන හිමි විය යුත්තේ ජනතාවටය. පරමාධිපත්‍යය හිමි ජනතාවට එම බලය හිමිකර ගැනීමට දේශපාලකයන්ගේ බලය අභිබවා යන ශක්තියක් ගොඩ නගා ගත යුතුය. එසේ නොමැති වුවහොත් අපට ලැබෙන්නේ අලුත් බෝතලයකට දැමූ පරණ වයින්ම ය.

මෙම සත්‍යය අවබෝධ කර නොගෙන ජනතාව ප්‍රතික්ෂේප කළ විපක්ෂයේ රඟපෑම්වලට ප්‍රතිචාර දැක්වීම කටු කොහොලින් පිරි වනාන්තරය නොදැක ගස් දැකිමකි.   

The post කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b7%91%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/feed/ 0
වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. https://vivaranalk.com/%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/#respond Mon, 07 Sep 2026 09:54:48 +0000 https://vivaranalk.com/?p=14989 යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට […]

The post වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. appeared first on විවරණ.

]]>
යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට වී මිලදී ගන්නා බව දිවයිනේ  නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වු නිසාය. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහතික මිලට ගැනීමට සූදානමෙන් සිටින බවද ඔවුහු අවධාරණය කළහ. ඒ අනුව ගොවීන් කොපමණ ප්‍රමාණයක් සහතික මිලට වී අලෙවි කෙළේද යන්න ප්‍රකාශ නොවුවත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිරි ඉතිරී ගොස් ඇති බවට රූප රාමු තුළින් දැක ගත හැකි විය.   

මෙම සාකච්ඡාවේ දී කෘෂිකර්ම ඇමති සහ ගොවි ප්‍රදේශයකින් පැමිණ සිටින වෙළද ඇමතිත් අමතක කරන වැදගත් කාරණය වන්නේ අස්වැන්න නෙළා ගන්නා ගොවියෙකුට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට වී තොග ගෙන යෑමට පහසුකම් තිබේද යන්නයි.  වී අලෙවි මණ්ඩලය හොදින් ක්‍රියාත්මක වූ හැත්තෑවේ සහ අසූවේ දශකයේ මුල භාගයේ තිබු ගබඩාවලින් අද ක්‍රියාත්මක වන්නේ අඩක් වැනි ප්‍රමාණයකි. පැවති ගබඩාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඇඟලුම් කම්හල්වලට පවරා ඇත. ඒ වී ගබඩා කිරීමට වඩා අපනයනය සදහා ඇඟලුම් නිෂ්පාදනය ජාතික ආර්ථිකයට වැදගත් බව එකල සිටි පාලකයන් තිරණය කළ නිසාය. එමනිසා සහතික මිලට වී අලෙවි කිරීමට ගොවියෙකුට සමහර විට කි.මී. 30ක් 40ක් හෝ ඊටත් වැඩි දුරක් යෑමට සිදු වන අතර ඒ සඳහා අනිවාර්යෙන්ම ලෑන්ඩ්මාස්ටරයක් හෝ ට්‍රැක්ටරයක් කුලියට ගැනිමට සිදු වේ. ඒ සඳහා අතිරේක මුදලක් සහ කාලයක් වැය කළ යුතුය. එය ද ගොවියාගේ නිෂ්පාදන වියදමේ කොටසකි. අස්වැනු නෙළන කාලයේ ප්‍රවාහන කටයුතු සඳහා ඇති ඉල්ලුම වැඩි නිසා අවශ්‍ය විට වාහන සොයා ගැනීම ද අසීරුය.

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේ දී බීජ, පොළොව සකස් කිරීම පොහොර සහ කෘෂි රසායන වැනි යෙදවුම් ගණන් බලන නමුත් අලෙවිය නිෂ්පාදනය කිරීමේ දී දැරීමට සිදු වන ප්‍රවාහනය සහ ශ්‍රමය ඊට ඇතුළත් වන බවක් පෙනෙන්නට නැත. එමනිසා වී කිලෝවක සැබෑ නිෂ්පාදන වියදම ගණන් බලා ඇති ප්‍රමාණයට වැඩි විය හැකිය. ප්‍රවාහනය සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට වී භාර දීමේදි දැරීමට සිදුවන අතිරේක වියදමත් කාලයත් නිසා ගොවියාට වඩාත් පහසු වන්නේ ගොවිපොළේ දිම නිෂ්පාදනය අලෙවි කිරීමය. සමහර ගොවින් පවසන ආකාරයට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට සහතික මිලට අලෙවි කිරීමට වඩා ගොවිපොළේ දීම රු. 80/ හෝ 90/ වැනි මුදලකට විකිණීම කරදර අඩු වැඩකි. ඒ නිසා සහතික මිලට වඩා ශතයක් හෝ අඩුවෙන් විකුණන්න එපායැයි වේදිකාවේ කෑ ගැසීම තවත් හිස් ප්‍රලාපයක් පමණි.

හුදු ප්‍රචාරය සඳහා වූ මෙම රංගනයෙන් පැහැදිලි වන්නේ රටක ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ක්‍රියාවලියේ වැදගත්ම පුරුකක් වන වී නිෂ්පාදනය ගැන පාලකයන්ගේ ඇති නොදැණුවත්කම හෝ නොසැලකිල්ලයි. වෙළඳ භෝග නිෂ්පාදනය හැර රටේ මුළු ශ්‍රමික සංඛ්‍යාවෙන් සියයට 24ක් වැනි ප්‍රමාණයක ජීවන වෘත්තිය වන වී වගාව හා බැඳී ඇති සමාජ ආර්ථික ක්‍රියාවලියේ ඇති දායකත්වය ගැන පවතින අඩු තක්සේරුවයි. හිටපු පාලකයන් හා වත්මන් පාලකයන් නිතර ජප කරන මංත්‍රය වන්නේ අපනයනය සඳහා නිෂ්පාදනයයි. වී, බීර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට යෝජනා කරන්නේ වී නිෂ්පාදනය හා බැඳී ඇති සමාජ ආර්ථික ක්‍රියාවලිය ගැන ඇති නොදැනුවත්කම සහ රජයේ ආදායම් වැඩි කර ගැනිමට ඇති ඕනෑ කමයි. බියර් නිෂ්පාදනයේ දී සහ අලෙවියේ දී ලබා ගත හැකි බදු ප්‍රමාණය සහල් වෙළඳාමෙන් අය කරන වැට් බද්දට වඩා වැඩිය.

වී වගාව ගැන කතා කරන බොහෝ අය නැවතත් පැරකුම් යුගයකට යෑමේ අවශ්‍යතාවය ගැන කරන දෙසුම් අමතක කළත් වී වගාව නවීකරණය සඳහා මෙම පාලකයන්ගේ සැලැස්මක් නැති බව සහතික මිලට වඩා ශතයක්වක් හෝ අඩුවෙන් වී නොවිකුණන ලෙස ගොවින්ගෙන් කරන ඉල්ලීමෙන් පැහැදිලිය. අප ඉහතින් පෙන්වා දුන් ආකාරයට නෙළා ගත් අස්වැන්න හෝ සහතික මිලට විකුණා ගැනීමේ දී ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැන ප්‍රතිපත්ති සම්පාදයන්ට වැටහීමක් නැත. ඔවුන්ට අනාගතය ගැන අදහසක් හෝ අතිතය ගැන අවබෝධයක් නැත. හැත්තෑහතේ බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ රජයෙන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම නිසා වී අලෙවියේ එතෙක් පැවති ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩි යටිකුරු කර දැමිණ. කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් එකල පැවති ක්‍රමය වෙනස් වු තත්වයන්ට ගැලපෙන ආකාරයට ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වී මිලදී ගැනීම සිදු කළ කාලයේ සිටම සහතික මිල යෝජනා ක්‍රමයේ ප්‍රධාන පුරුකක් වූයේ සමුපකාරයයි. ( මෙම ක්‍රමය යටතේ පැවති ගොවිකාරක සභා සහ කුඹුරු නාම ලේඛනය ගැන පැහැදිළි කිරීමට මෙහිදී අපේක්ෂා නොකෙරේ.) සෑම ගමකම සමුපකාරයක් පැවති නිසා ගොවියාට තම අස්වැන්න සමුපකාරයට අලෙවි කිරීමට අපහසුවක් වූයේ නැත. සමුපකාර‍යෙන් සහතික මිලට ගන්නා වී ළඟම ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට භාර දේ. ඒ සඳහා සමුපකාරයට කොමිස් මුදලක් ගෙවන ලදී. එය සහතික මිලට අමතර ගෙවීමකි. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට ද ලොරියකින් හෝ එවැනි වාහනයකින් ප්‍රවාහනය කරන වී තොග භාර ගැනීමට අපහසුවක් නොතිබිණ. වී අධික වශයෙන් ලැබෙන දිනවල යම් ප්‍රමාදයක් සිදු වුවද එය බරපතළ ගැටලුවක් වූයේ නැත. ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවු අවස්ථාවල එළිමහනේ පවා වි ගබඩා කෙරිණ.

මෙම ක්‍රමය යටතේ සමහර දූෂණ වංචා තිබුණ ද ගොවියාට සහතික මුදලට තම නිෂ්පාදනය අලෙවි කිරීමට හැකි විය. නිසි ප්‍රමිතිය රැක ගැනීමට ද ගොවියා උනන්දු විය. එමනිසා සහතික මිල ක්‍රමය යටතේ ගොවියාට තම නිෂ්පාදන අලෙවි කිරීමට නම් ඔහුට වඩාත් සමීප සමුපකාර ක්‍රමය ශක්තිමත් කළ යුතුය. සමුපකාර ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන අතර පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට සහල් ලබා ගත හැකිය.

පවතින ක්‍රමය යටතේ වී නිෂ්පාදයෙන් අසිමිත ලාභ ලබන්නේ මෝල් හිමියන් ය. දැනට ලංකාවේ සිටින ප්‍රධානතම සහල් මෝල් හිමියෙකු වූ ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා  රුපියල් දශ ලක්ෂ 3.5ක් වැය කළ අතර තවත් වසරක නඩත්තු කටයුතු පවත්වා ගෙන යෑමට ද පොරොන්දු වූයේය. දුම්රිය ස්ථානය නවීකරණය ප්‍රශංසා කළ යුතු ක්‍රියාවක් වුවද ඔහුට එවැනි ‘‘සත්‘‘ ක්‍රියාවක් කිරීමට හැකි වූයේ ගොවින්ගෙන් අඩු මිලට ලබා ගන්නා වී, සහල් කොට විශාල ලාභයක් ඇතිව අලෙවි කිරීමෙනි. වී මිලදී ගැනීම සමුපකාර ක්‍රමය යටතේ සිදු වූයේනම් සමුපකාරයටද සමහර දූෂිත තත්වයන් යටතේ පවා ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට හැකියාව පවතී. සහතික මිල යෝජනා ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වූ සමයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති ගණනාවක්ම වී මිලදී ගැනීමෙන්  ප්‍රදේශයේ ගොවින්ට සේවයක් කිරීමට අමතරව ලාභ ඉපයීමෙන් සමුපකාර ක්‍රමය ශක්තිමත් කළ බව සිහිපත් කළ යුතුය.

එහෙත් සමාජවාදියැයි කියා ගන්නා ජාතික ජන බලවේගයේ රජය ගොවියාට වී අලෙවිය පහසු කිරීම සඳහා යොදා ගන්නේ වී මෝල් හිමියන්ය. වී මිලදී ගැනීම සඳහා අඩු පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීමට කටයුතු කරයි. එහි තේරුම ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් තවත් බිහි කිරිමට සහනාධාර ලබා දීම ය. ධනවත් බලවත් මෝල් හිමියන් බිහි කිරීමෙන් සෙතක් වන්නේ දේශපාලකයන්ට විනා ගොවීන්ට හෝ පාරිභෝගිකයන්ට නොවන බව තේරුම් ගැනීමට දාස් කැපිටාල් කියවිය යුතු නොවේ.  

The post වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/feed/ 0
දේශපාලන අණ්ඩවලින්  මරා දැමෙන රන් කිකිළිය ගේ කතාව.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%85%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8f-%e0%b6%af%e0%b7%90/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%85%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8f-%e0%b6%af%e0%b7%90/#respond Fri, 14 Aug 2026 07:33:51 +0000 https://vivaranalk.com/?p=14899 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට මහාධිකරණ විනිශ්චය සභාවකින් මරණ දඬුවම් නියම කිරීම බෙහෙවින් කතා බහට ලක් වූ කාරණයකි. එය එක අතකින් පැහැදිලිවම වළක්වා ගත හැකිව තිබු අපරාධයක් තමන් වෙත පැවරී ඇති රාජකාරිය අනුව එය වැළැක්වීමට පියවර නොගෙන සිටීමෙන් සිදු වූ ජීවිත වෙනුවෙන් නියම […]

The post දේශපාලන අණ්ඩවලින්  මරා දැමෙන රන් කිකිළිය ගේ කතාව.. appeared first on විවරණ.

]]>
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට මහාධිකරණ විනිශ්චය සභාවකින් මරණ දඬුවම් නියම කිරීම බෙහෙවින් කතා බහට ලක් වූ කාරණයකි. එය එක අතකින් පැහැදිලිවම වළක්වා ගත හැකිව තිබු අපරාධයක් තමන් වෙත පැවරී ඇති රාජකාරිය අනුව එය වැළැක්වීමට පියවර නොගෙන සිටීමෙන් සිදු වූ ජීවිත වෙනුවෙන් නියම කළ දඬුවමකි. (දේපොල හානිය ගැන මෙහි දී චෝදනා එල්ල වී නැත.) ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරී ඇති ඉහළම නිලධාරියා සහ කීතිය සහ සාමය පවත්වා ගැනීමේ වගකීම පැවරී ඇති ඉහළම නිලධාරීයා තම රාජකාරි පැහැර හැරීම වෙනුවෙන් ඔවුන්ගේම ජීවිතවලින් වන්දි ගෙවිය යුතු බවට අධිකරණයෙන් නියම කිරීම අපගේ අධිකරණයේ විශිෂ්ටත්වයට කැපී පෙනෙන නිදසුනකි. මෙම දඬුවම විනිශ්චය සභාවේ බහුතරයේ තීරණයක් වුවද එහි නීතිමය බලපෑමේ වෙනසක් නැත.

සාමාන්‍ය තත්වයක් යටතේ මරණ දඬුවම නියම කිරීමේ දී අපරාධය සිදු කිරීමේ චේතනාව ඔප්පු කිරීම තීරණාත්මක සාධකයක් වුවද මෙම නඩු තීන්දුවේ දී තිරණාත්මක වී ඇත්තේ අපරාධයක් වැළැක්විමට ඉඩ හැර සිය වගකීම් පැහැර හැරීමය. ඔවුන් දෙදෙනාටම එම ඛේදවාචකයෙන් මිය ගිය සහ ආබාධිත තත්වයට පත් කිසිවෙකු සම්බන්ධයෙන් අපරාධයක් කිරීමේ චේතනාවක් තිබුණේ නොමැති වූවා විය හැකිය. එහෙත් ඔවුන් චේතාන්විතවම රාජකාරිය පැහැර හැරීමෙන් සිදු කර ඇත්තේ අපරාධයක් බව අධිකරණය තීරණය කිරීම නිතිය හා සාමය අපේක්ෂා කරන සැම කෙනෙකුගේම ප්‍රශංසාවට ලක් විය යුතුය. එය අපට විශ්වාසය රැඳවිය හැකි අධිකරණයක් පවතින බවට සහතිකයති.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට සපථ කළ ජනාධිපති පැවරෙන රාජකාරිය ගැන අවබෝධයක් සහ දැනුමක් ඇති පුද්ගලයෙකු මෙම තනතුරට පත් කෙළේ නම් පාස්කු ඛේදවාචතයක් සිදු නොවන්නට තිබිණ. ඇත්තෙන්ම සිදුව ඇත්තේ නිසි පුද්ගලයෙකු පත් නොකිරීමෙන් අපරාධයක් කිරීමට අනියමින් සහාය වීමකි.

ඒ අනුව අනියම් මිනී මැරීමකට සහාය දීම නිසා විධායක ජනාධිපතිට ලැබෙන දඬුවම කුමක් ද?

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර

දැනට සිදුව ඇත්තේ විශ්‍රාම වැටුප් තමග රජයේ ආරක්ෂාව ඇතිව වැජඹීම ය. අඩුම වශයෙන් මීගමුව වැනි බන්ධනාගාරයක සිටිය යුතු පුද්ගලයෙකු කිසිදු ආපදාවක් නැතිව, රජයෙන් සැපයෙන ආරක්ෂාව සහිතව නිදහසේ සිටීම ය. මේ තත්වය වෙනස් කිරීමට ද නීති ප්‍රතිපාදන තිබිය යුතුය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මරණ දඬුවම නියම වීමෙන් පසුව විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයද අවධානයට ගත යුතු කාරණයකි. ඔහු ප්‍රකාශ කළ ආකාරයට එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත්තේ එම තනතුරට හිමි බලතල කිසිත් ක්‍රියාත්මත නොකොට කල් මැරීම ය. පැහැදිලිවම ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු පියවරක් නොගෙන සිටීම ය. එසේ වුවත් ආරක්ෂක ලේකම් වශයෙන් හේමසිරි ප්‍රනාන්දුට පැවරී ඇති වගකීම් ඉටු නොකිරීම ගැන පුරවැසියන් වශයෙන් අපට පෙනෙන ආකාරයට නිසි දඬුවමක් ලැබී ඇත. තනතුරට හිමි වගකීම් නොපැවරීම සහ ඒ නිසා මහත් ජීවිත හානියක් සිදුවීම පිළිබඳ වගකීමක් ජනාධිපති සිරිසේනට නොපැවරෙන්නේ ද?

පොලිස්පති ආරක්ෂක කමිටුවලට නොකැඳවීම ද එවැනිම අපරාධයකි.

ජනාධිපති සිරිසේන පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වින්දිතයන්ට වන්දි මුදලක් ගෙවීමට නියම කර ඇති නමුත් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට නියම කර ඇති දඬුවම් දෙස බලන විට ජනාධිපති සිරිසේනට ද එවැනිම චෝදනා එල්ල කිරීමට සුදුසු පසුබිමක් පවතී.

මෙම මුක්තිය දේශපාලකයන්ට පමණක් නොව යුද සමයේ තරුණයින් පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීමට ඔවුන් මරා දැමු හමුදා නිලධාරීන්ට ද ලැබිය යුතුය. එල්ටිටීඊ යුද සමයේ උතුර නැගෙහිරත් ඊට පෙර 88 89 කාලයේ දිවයිනේ දකුණේත් සිදු වූ පැහැර ගෙන යෑම් ටයර් සෑයවල දමා පිළිස්සීම් සහ අතුරුදහන් කිරීම් ද මුක්තියේ කඩතුරාවෙන් වසා දැමෙන අපරාධ ය.

පාස්කු ඉරිදා  ඛේදවාචතය සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ වගකීම් පැවරී තිබුණ නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම වීම වැදගත් වන්නේ මෙවැනි පසුබිමකය. කුමන තත්වයක් යටතේ හෝ පැවරී ඇති වගකිම් ඉටු නොකිරීම සහ පැවරී ඇති බලතල ඉක්මවා සාහසික ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධ බව අධිකරණයෙන් පිළිගෙන ඇති බව තහවුරු කිරීමකි.

එය සැබැවින්ම ශ්‍රී ලංකාවේ අධිකරණයේ ජනතාවාදී හැරවුම් ලක්ෂයකි.    

එහෙත් අවාසනාවකට මෙන් මෙම සාධනීය වර්ධනය ගැන මහජනතාවගේ නිසි අවධානය යොමු විමට පෙර අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව වෙනත් ආන්දෝලකයක් බිහිව තිබීම මහජන අවධානය වෙනතකට යොමු කිරීමක් විය හැකිය. අලුතින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයැයි ප්‍රබල ජනතා ඉල්ලිමක් පැවතිය දී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දේශපාලන අධිකාරිය තීරණය කිරීම කාලෝචිත නොවන, නොගැලපෙන තීරණයකි. එම තීරණය හේතු යුක්ති කිරීමට පාලකයන් ගෙන එන හේතුවලින් නිරුවත් වන්නේ දේශපාලන මුග්ධ භාවයයි. අත්දැකීම් සහිත විනිසුරුවන් විශ්‍රාමයෑම නිසා යුක්තිය පසිඳලීමට බාධාවක් වන්නේය යන්න අප ඉහතින් සාකච්ඡා කළ කරුණුවලින් පැහැදිලිවම නිෂ්ප්‍රභ වේ. නීතිය පිළිබඳව ගැඹුරු පරිචයක් තිබීම නීතිය අර්ථ ගැන්වීමේ දී අතිශයෙන් වැදගත් වුවද එය සාධාරණ යුක්ති සහගත විනිශ්චයක් ලබා දීමේ දී එකම නිර්ණායකය විය යුතු නොවේ.

අනෙක් වැදගත් කරුණ නීති විශාරදයින් පෙන්වා දෙන ආකාරයට නඩු වැඩියෙන් ගොඩගැසී ඇත්තේ ඉහළ අධිකරණවල නොව පහළ අධිකරණවලය. එමනිසා උසාවිවල ඇති තදබදය ලිහිල් කිරීමට ඉහළ අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම හෝ ධුර සංඛ්‍යාව වැඩි කිරීම විසඳුම් නොවේ. සිරගෙවල කැරලි ඇතිවීමට එකම හේතුව ඒවායේ තදබදය නොවන්නාක් මෙනි.

මෙම අර්ථදැක්වීම අනුව ජේ ආර් ජයවර්ධනගේ ඒතාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවාදී පාලයක් ඇති කිරීමට සපථ කොට බලයට පත් ජනාධිපති අනුර කුමාර දිසානායක අයත් වන්නේ නරක ව්‍යවස්ථාවක් වඩාත් නරක ආකාරයෙන් යොදා ගන්නා විශේෂ කණ්ඩායමකට ය. අධිකරණයේත් පොදුවේ පාලන තන්ත්‍ර යේත් පවතින අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ලට විසඳුම් පවතින ක්‍රමයෙන්ම සොයා ගැනීමට පාර්ලිමේන්තු බහුතරය යොදා දේශපාලන අණ්ඩ දැමීමට උත්සාහ කිරීම අපට සිහිපත් කරන්නේ රන් බිත්තර දමන කිකිළියගේ කතාවයි.

The post දේශපාලන අණ්ඩවලින්  මරා දැමෙන රන් කිකිළිය ගේ කතාව.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%85%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8f-%e0%b6%af%e0%b7%90/feed/ 0
හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය.. https://vivaranalk.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%99%e0%b6%ab/ https://vivaranalk.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%99%e0%b6%ab/#respond Fri, 31 Jul 2026 09:33:41 +0000 https://vivaranalk.com/?p=14879 සති දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සහ සෙසු ප්‍රධාන නගර ගණනාවක පැවති ශිෂ්‍ය තරුණ විරෝධතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම වූ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අවසන් විය. වෛද්‍ය විද්‍යාලවලට පිවිසීම සදහා වූ ජාතික යෝග්‍යතා සහ ප්‍රවේශ පරීක්ෂණයේ (NEET ) ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ වෙනත් දූෂණ ක්‍රියා නිසා හටගත් […]

The post හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය.. appeared first on විවරණ.

]]>
සති දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සහ සෙසු ප්‍රධාන නගර ගණනාවක පැවති ශිෂ්‍ය තරුණ විරෝධතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම වූ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අවසන් විය. වෛද්‍ය විද්‍යාලවලට පිවිසීම සදහා වූ ජාතික යෝග්‍යතා සහ ප්‍රවේශ පරීක්ෂණයේ (NEET ) ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ වෙනත් දූෂණ ක්‍රියා නිසා හටගත් මෙම විරෝධතාවය ලංකාව, බංග්ලාදේශය සහ නේපාලනයේ හටගත් තරුණ ශිෂය විරෝධතාවයන්ට බෙහෙවින් සමානය. එහෙත් එහි ඉල්ලිම් සහ සංවිධාන ස්වරූපය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් ය.

මුලින්ම මෙම විරෝධතාවයට නායකත්වය දීමට සංවිධානයක් කලින් ම බිහි විය. එය හැඳින්වූයේ කැරපොතු ජනතා පක්ෂය නමිනි. පාලක භාරතීය ජනතා පක්ෂයේ නමට (බීජේපී) බෙහෙවින් සමාන නමක් ඇති සීජේ පී නමින් හැඳින් වූ මෙම ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කලින් ආම් ආද්මි පක්ෂයේ ක්‍රියාකාරිකයෙතු වූ අභිජිත් දිප්කේ ය. එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයක ජනමාධ්‍යවේදී පශ්චාත් උපාධියක් හදාරමින් සිටි ඔහු කැරපොතු ජනතා පක්ෂය යනුයෙන් සමාජ මාධ්‍ය යේ වෙබ් පිටුවක් විවෘත කෙළේ උපහාසයට පළ කිරීමට සහ ඉන්දියානු ජන සමාජයේ ප්‍රභු තන්ත්‍රයට සිය විරෝධය පළකිරීමට ය.  විරැකියාවෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ කෝපය පළ කිරීමට අවස්ථාවක් කර ගැනිමට ය. කැරපොතු වෙබ් පිටුව ආරම්භ කිරීමත් සමග එය ලැව් ගින්නක් සේ පැතිරණ.සාමාජික සංඛ්‍යාව දින කීපයක් ඇතුළත කෝටි ගණනක් ඉක්මවීය. කැරපොතු නම ඉන්දියානු සමාජයට එල්ල කළ ප්‍රබල තියුණු විවේචනයක් විය.  

ඉන්දියාවේ රැකියා විරහිත උපාධිධාරීන් කැරපොත්තන් වැනියැයි පළමු වරට ප්‍රකාශ කෙළේ එරට අගවිනිසුරුවරයාය. මෙම ප්‍රකාශය කෝටි සංඛ්‍යාත තැරුණ තරුණියන්ගේ කෝපයටත් පිලිකුළටත් ලක් වු බව දුටු අගවිනිසුරුවරයා තමා ඉන් තරුණ ජනයා අවමානයට හෝ අපහාසයට පත් කිරීමට අදහස් නොකළ බව පැසුවත් ඉන්දියාව පුරාම තරුණ ජනතාව එය අභියෝගයක් සේ හඳුනාගත්හ. භාරතීය ජනතා පක්ෂයේ පාලනය  යටතේ වේගවත් ආර්ථික වර්ධනයතට පිවිස සිටින ඉන්දියාව වරප්‍රසාදිත අතලොස්සකගේ පාරාදියක් බව ඔවුන්ට නැවත පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ නැත. අලුතින් ඇති වූ අභිවර්ධනයට හිමිකම් කීවේ ආර්ථිකය සහ දේශපාලනය හැසිර වූ වරප්‍රසාදිත පංතියයි. කුල ක්‍රමය අනුව දැඩි බෙදීමකට සහ වෙනස් කිරීමටකට ලක්ව සිටින ඉන්දියාවේ එය සැබැවින්ම කුල ක්‍රමයේ ආධිපත්‍යය ප්‍රකාශ කිරීමක් ද විය.

අභිජිත් දිප්කේ

 දරිද්‍රතාවයෙන් මිදිමට සහ යහපත් ජීවන තත්වයකට ඇති එකම දොරටුව වන උසස් අධ්‍යාපනය හිමාලය කන්දටත් වඩා උස කඩොල්ලක් විය. විභාග ක්‍රමයේ පවතින දූෂණ සහ වංචා නිසා සාමාන්‍ය කෙනෙකුට ඉන් ගොඩවීමට ඇති අවස්ථා ඉතාමත් සීමිතය.  ඉහතින් සඳහන් කළ යෝග්‍යතා සහ ප්‍රවේශ විභාගයේ දුෂණ හෙලිවීම තරුණ ජනයාගේ රතු ඉර පැනීමකි. බලාපොරොත්තු කඩ වූ තරුණ තරුණියන් ගණනාවක් සිය දිවි නසා ගත්හ. කැරපොතු කතාව ලැව්ගින්නක් වූයේ එම නිසාය.

කෝපයටත් බලාපොරෙත්තු කඩවීමටත් ලකව සිටි තරුණ ශිෂ්‍ය ජනතාව නවදිල්ලියේ ජන්තා මන්තාර් නමින් හැඳින්වෙන පිට්ටනියට එක් රොක් වූයේ එකම ඉල්ලිමක් වටාය. ඒ භාරතීය ජනතා පක්ෂයේ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය යන්න ය. ඒ වන විටත් විභාගයට මුහුණ දී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීප දෙනෙකුම බලාපොරොත්තු කඩවීම නිසා සිය දිවි නසා ගත් බවද වාර්තා විය. ලෝක් සභාවේ බලය තහවුරු කර ගෙන ප්‍රාන්ත රාජ්‍ය ගණනාවක් අලුතින් දිනා ගත් භාරතීය ජනතා පක්ෂයට මෙම විරෝධය සාමාන්‍යයයෙන් දිල්ලියේ ජන්තාර් මන්තාර් හි පැවැත්වෙන විරෝධයකට වඩා වෙනස් දෙයක් වූයේ නැත. එහෙත් මීට වසර ගණනාවකට පෙර ජන්තාර් මන්තාර් හි පැවති ගොව්ජන විරෝධය සිහිපත් කරමින් ඉන්දියාවේ දස දෙසින් තරුණ තරුණියන් විරෝධයට එක්වීමට පැමිණ එහි කඳවුරු බැද ගැනීම මහා පෙරළියක ආරම්භයක් වියහැකි බවට අනතුරු හැඟවීමක් විය. විපක්ෂයේ කොංග්‍රස් පක්ෂය ඇතුළත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ද ඊට සහාය පළ කළහ. තත්වය පාලනයෙන් ගිලිහෙන බව දුටු භාරතීය ජනතා පක්ෂයේ රජය සුපුරුදු ආකාරයට ප්‍රචණ්ඩත්වය යොදා උද්ඝෝෂකයින් පලවා හැරීමට උත්සාහ කෙළේය. සාමකාමී උද්ඝෝෂණයක යෙදුණ තරුණ තරුණියන් කුරිරු පොලිස් ප්‍රහාරටට ලක්වන ආකාරය සමාජ ජනමාධ්‍යයේ පළ වීම සමස්ත ජනතාවම කුපිත කරවන්නක් විය.

මෙහිදී නැවත වරක් අධිකරණය ක්‍රියාත්මක වූයේ සුපුරුදු දරදඬු ආකාරයෙනි. මෙම තත්වයට මැදිහත් වන ලෙස නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීම (Suo Motto ) ප්‍රතික්ෂේප වූයේ පොලිස් පහරදීම් ගැන කාලය මිඩංගු කිරීමට වඩා ප්‍රයෝජනවත් වැඩ අධිකරණයට ඇති බව පවසමිනි.සාමාන්‍යෙයන්මෙවැනි සිද්ධියක දී අධිකරණය ස්වේච්ඡාවෙන් මැදිහත් වන නමුත් මෙම ප්‍රකාශය නැවත වරක් සිහිපත් කෙළේ කැරපොතු කතාවය. කෙසේ වුවත් මහජන විරෝධය හමුවේ අධ්‍යාපන ඇමති ප්‍රධාන්  සිය තනතුරෙන් ඉල්ලා අස්වීම නිසා ජන්තාර් මන්තාර් උද්ඝෝෂණය අවසන් විය. ප්‍රසිද්ධ විභාග පැවැත්වීමේ දී වඩාත් විවෘත පැහැදිලි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට අගමැති මෝඩි පොරොන්දුවීම එක්තරා ජයග්‍රහණයකි.

එහෙත් පැහැදිලිවම තාවකාලික විසඳුමක් වූ මෙය සෙසු ආසියානු රටවල මෙන්ම ඉන්දියාවේ ද වර්ධනය වෙමින් පවතින සමාජ ආර්ථික මෙන්ම දේශපාලන අර්භුදයට විසඳුමක් ද?

වෛද්‍ය විද්‍යාලවලට පිවිසීම සඳහා වූ විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම හා තරුණයන් කෙරේ සමාජය අවඥාවෙන් බැලීම නිසා හට ගත් මෙම විරෝධය සමස්ත සමාජ ක්‍රමයේ ම පවතින වංචා දූෂණ, සහ වෙනස් කොට සැලකීම් ඉන්දියාවේ පවතින දේපාලන ක්‍රමයට එරෙහි මහජන නැගිටීමකි 2011දී ගොවි නායක අනා හසාරේ නවදිල්ලියට කෝටි සංඛ්‍යාත ජනතාවක් එක්රැස් තෙළේද සුළු ගොවීන් ගේ ණය බරින් නිදහස්වීම සහ තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා ගැනීමට ය. එම උද්ඝෝෂණය ජයග්‍රහණ කීපයක් අත් කර ගැනීමෙන් අවසන් වුවද සුළු ගොවීන්ගේ තත්වයේ වෙනසක් දක්නට ලැබුණේ නැත. එම ව්‍යාපාරයේම ප්‍රතිඵලයක් වශයෙන් ආම් ආද්මි නමින් දේශපාලන ව්‍යපාරයක් ද ආරම්භ විය. නව දේශපාලන නායකත්වයකින් යුත් ඔවුන්ට පිට පිට අවස්ථා දෙකකදීම නව දිල්ලි ප්‍රාන්තයේ බලය දිනා ගත හැකි වුවද මේ වන විට එයද අභාවයට ගොසිනි. එමනිසා කැරපොතු ජනතා පක්ෂයේ ඉදිරිය ගැන අනාවැකි කීම තරමක අවදානමකින් යුත් පියවරකි. එහෙත් අමතක නොකළ හැකි වැදගත්ම කාරණය වන්නේ විශේෂයෙන්ම නව පරපුරේ දේශපාලන අවශ්‍යතා සහ ක්‍රියා මාර්ග සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ග්‍රහණය නොවීමය. කෙටියෙන් පවතින අධිකරණය ඇතුළු සියලු ව්‍යුහයන් ට මෙම පරපුර තේරුම් ගැනිමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැත. ඒ අනුව මෙම පරපුර කැරපොත්තන් සේ සැලකීම අහම්භයෙන් සිදු වුවක් නොවේ. කුරපොතු ව්‍යාපාරයෙන් නායකයෙකු ප්‍රකාශ කළ ආකාරයට ජරාජීර්ණ වූ සමාජයකින් බිහි වන්නේ කැරපොත්තන් විනා අන් දෙයක් නොවේ.

ඒ අනුව පසුගිය සතියේ නව දිල්ලියේ ජන්තාර් මන්තාර් හි අවසන් වූ කැරපොතු අරගලය ඉන්දියාවත් සමස්ත කලාපයත් වෙළා ගෙන ඇති සමාජ ආර්ථික අර්බූදයේ ප්‍රකාශනයක් පමණි. පවතින තත්වය මත නුදුරු අනාගතයේ දී තවත් මෙවැනි අරගල නැවත නැවතත් පැන නැගීමට බෙහෙවින් ඉඩ ඇත. ධනය නිපදවීම ජාතික සංවර්ධනයේ දර්ශකයක් සේ සලකන සමාජයක ඊට වෙනස් දෙයක් විය නොහැකිය. සමානාත්මතවය සහ සාධාරණත්වය නොසලකා වැඩියෙන්ම ධනය නිපදවීම සහ ඒකරාශි කර ගැනීම අරමුණු කර ගත් සමාජ දැක්මත් ඇති සමාජයක් බිහි කරන්නේ වරක් අරුන්දතී රෝයි පැවසූ ආකාරයට හොල්මන් ධනවාදයකි. මෙම හොල්මන් ධනවාදයෙන් විමුක්තිය ලැබීම යුගයේ බලවත්ම අභියෝගයයි.

කැරපොතු ජනතා අරගලය අර්ථවත් වන්නේ දූෂණ වංචාවලින් තොර විභාග ක්‍රමයක් හඳන්වා දීමට මෝදිගේ රජය ලෝක් සභාවට ගෙන එන එන අණ පනත් නිසාම නොවේ. නිවැරදි නායකත්වයක් සහ කැපවීමකින් යුත් ජනතා ව්‍යාපාරයකට දිනා ගැනීමට ලොවක් ඇති බව පෙන්වා දීමෙනි.   

The post හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%99%e0%b6%ab/feed/ 0
අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%99/ https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%99/#respond Wed, 24 Jun 2026 16:15:33 +0000 https://vivaranalk.com/?p=14818 පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත […]

The post අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. appeared first on විවරණ.

]]>
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා ඇමරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය.

ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව නැවත හොර්මුස් සමුද්‍රසන්ධිය විවෘක වුවද එය කෙතරම් දිනක් පවතී ද යන්න තවමත් සැක සහිත ය.

කෙසේ වුවත් සාමය ගැන බලාපොරොත්තු රඳවා ගත හැකි වන්නේ අවබෝධතා ගිවිසුම අනුව දෙපාර්ශ්වයම ජිනීවා හි දී දිගු කාලින සටන් විරාම ගිවිසුමක් සදහා සාකච්ඡා ඇරඹීමය. ඉන් පැහැදිලි වන්නේ සමහර බාධක මතු වුවත් සාමය ඇති කර ගැනීමට දෙපාර්ශ්වයටම අවශ්‍යතාවයක් පවතින්නේය යන්නයි. ඊට බලපාන ප්‍රධාන හේතුව ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායෙල් යුද්ධයේ ප්‍රථිඵල යුද බිමට පමණක් සීමා නොවීමයි. දින කීපයකින් යුද්ධය නිම කිරීමේ අදහසින් ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු ඉරානයට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කළ ද යුද්ධය බලාපොරොත්තු නොවු ආකාරයෙන් දිග් ගැසිණ. ප්‍රහාරය එල්ල කළ පළමු දිනයේ දීම ඉරානයේ දේශපාලනයේ සහ හමුදාවේ ඉහළ නායකත්වය මරා දැමීමට හැකි වුවද ඉරානය යටපත් වූයේ නැත. නව නායකත්වයක් යටතේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටත් රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමටත් ඉරානයට හැකි විය. වැඩිවන ජීවන බර සහ ආර්ථික කඩා වැටීම නිසා බලාපොරොත්තු කඩ වූ ජනතාව වීදි බැස උද්ඝෝෂණ කළ ද එම විරෝධතා ඉස්ලාමීය රජය බිඳ දැමීමට තරම් ශක්තිමත් නොවීය. ( මෙම උද්ඝෝෂණවලට සහ විරෝධතාවයන්ට සී අයි ඒ සහ මොසාඩ් ඔත්තු සේවාවල සහාය ලැබුණ බවද පසුව වාර්තා විය.)

හැම විටම නිවැරදි තීරණ ගන්නේයැයි පුරසාරම් දෙඩු ඩොනල්ඩ් ට්‍රම්ප් ගණන් නොබැලු බලවත්ම සාධකය වන්නේ යුද්ධයේ ආර්ථික බලපෑමයි. යුද්ධය යුද අවි නිපදවන සමාගම්වලට අසීමිත ලාභ ලැබෙන කර්තව්‍යයක් වුවද සාමාන්‍ය පාරිභෝගිකයාට එය දරා ගත නොහැකි බරක් විය. සමහර පාරිභෝගික භාණ්ඩ මිල සියයට විසිපහ ද ඉක්මවා වැඩි විය. ඇමරිකානු ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් වූ ගෑස් මිල සියයට 40.5කින් ඉහළ ගිය අතර පාරිභෝගික මිල දර්ශකය සියයට 42කින් වැඩි විය. ගාහස්ථ වියදම ඩොලර් 750කින් ඉහළ ගිය ද ආධායම වැඩි වූයේ සියයට0.5කිනි. මේ නිසා ඇමරිකානු ජනමතය යුද්ධයට එරෙහිවත් ට්‍රම්ප්ට එරෙහිවත් පිමි ගණනින් ඉදිරියට ගියේය.

මීටත් වඩා ප්‍රබල සාධකයක් වූයේ ඇමරිකාවේ ආර්ථිකයේ හදවත වන නිව්යෝර්ක් වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳ පොළ කඩා වැටීමය. බොර තෙල් මිල ඉහළ යෑම තෙල් සමාගම්වලට ලොතරැයි දිනුමක් වුවද අනෙක් ආයතනවලට අත් වූයේ සීඝ්‍ර පසු බෑමකි. හෝර්මුස් සමුද්‍රසන්ධිය වසා දැමීම නිසාත් ඉරාන මිසයිල ප්‍රහාර නිසාත් මැද පෙරදිග තෙල් නිපදවන රටවල ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිටින තත්වයකට පත් විය. එහි බලපෑම වෝල් ස්ට්‍රීට් කොටස් වෙළද පොළට දැඩි බලපෑමකි. මූල්‍ය වෙළද පොළෙන් එල්ල වූ බලපෑම ඉරානයේ මිසයිල් ප්‍රහාරවලට වඩා තියුණු විය. 

ඉරානයේ ආරක්ෂක වියදම්  ඇමරිකාව හා සසඳන විට සියයට දශම තුනක් වැනි සොච්චමක් වුවද විවිධ සම්බාධකවලට ලක්ව ඇති ඉරානයට ආර්ථිකය පවත්වා ගැනීම ප්‍රබල දේශපාලන අභියෝගයකි. අසහනයට පත්ව සිටින ඉරාන ජනතාව දිගින් දිගටම ආගමික මූලධර්ම පාලනයක් යටතේ පවත්වා ගැනීම ද පහසු නොවේ. පසුගිය වසරේ තෙහෙරාන් නගරයේ පැවති ජනතා විරෝධතා උද්ඝෝෂණවලට ඊශ්‍රායෙලය වැනි රටවලින් ආධාර ලැබුණ ද ඊට ජනපදනමක් නැතැයි කිම මුළාවකි. එමනිසා සම්බාධක ඉවත් කර ගැනිමත් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගිමත් බැහැර කළ නොහැකි සමාජ අවශ්‍යතාවයකි.

යුද්ධය අවසන් කිරීමට ප්‍රබල ආර්ථික හේතු දෙපාර්ශ්වයටම ඇති නමුත් සම්පූර්ණ චිත්‍රය එය නොවේ. දැනට පවතින තත්වය මත යුද්ධය නිමා කිරීමට සිදු වන්නේ ඇමරිකාව හෝ ඊශ්‍රායෙලය බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගෙන නොවේ. මත බේදයට ලක්ව ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම නතර කිරීමට අමතරව ඉරානයේ ඉස්ලාමීය පාලනය අවසන් කිරීම ද අරමුණකි. මෙම කරුණු දෙක සම්පූර්ණ කර ගත හැකිනම් මිසයිල ඇතුළු ඉරානයේ යුද ශක්තිය බරපතල අභියෝග නොවේ. ඇත්තෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායෙලය දිර්ඝ කාලීන සාමයකට එකඟවීමට ඇති ප්‍රධාන බාධා ලෙස දකින්නේ මෙම කරුණු දෙකයි.

අනෙක් අතට ඉරානයේ අවි බලය ඇමරිකාවට සහ ඊශ්‍රායෙලයට අභියෝගයක් නොවන නමුත් ඉරානයේ භුගෝලිය පිහිටීම ඒ සියල්ලටම වඩා ප්‍රබල සාධකයකි. ලෝකයේ තෙල් සැපයුමෙන් හතරෙන් එකක් පාලනය කිරීමට ඉරානයට හැකි වන්නේ හෝර්මුස් සමුද්‍රසන්ධිය වසා දැමීමට ඇති හැකියාව නිසාය. ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් සමුද්‍රසන්ධිය වසා දමන බවට ඉරානය යුද්ධය ඇරඹීමට පෙර සිටම තර්ජනය කළ ද ඇමරිකාව හෝ ඊශ්‍රායෙලය එය බරපතල සේ සැලකිල්ලට ගත්තේ නැත. සිය සුපිරි යුද ශක්තියෙන් හෝර්මුස් සමුද්‍රසන්ධිය අත්පත් කර ගත හැකි වනු ඇතැයි විශ්වාසයක් ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ තිබිණ. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද හොර්මුස් සමුද්‍රසන්ධිය අත්පත් කර ගැනීමේ අධිෂ්ඨානය ට්‍රම්ප් අත්හැර නැත.

එහෙත් එවැනි පියවරක් සඳහා මිසයිල ප්‍රහාර ප්‍රමාණවත් නැති බව යුද්ධයෙන් තහවුරු විය. ඒ සඳහා ගොඩබිම් ප්‍රහාරයක් ද අනිවාර්යෙන් කළ යුතුය. ගොඩබිම් ප්‍රහාරයකින් ඉස්ලාමීය ජනරජ හමුදාව පරාජය කිරීමට සමහර විට වසර ගණනාවක් ගත විය හැකිය. එය කිසි විටෙක සති කීපයකින් නිම කළ නොහැකි ඉලක්කයකි. එවැනි දිග්ගැසුණු යුද්ධයකට ට්‍රම්ප් හෝ එක්සත් ජනපදයේ වෙනත් ජනාධිපතිවරයෙකු ඉදිරිපත්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. ඇප්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව වැනි රටවලින් උගත් පාඩම් අමතක වනු ඇතැයි සිතිය නොහැකිය.

අවසාන විග්‍රහයේ දී දැනට අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම දීර්ඝ කාලීන සාම ගිවිසුමකට පදනම් වුවත් නැතත් ඉරානය ගල්ප් කලාපයේ වඩාත් ශක්තිමත් වූ බව යථාර්ථයයි. එවැනිම ප්‍රබල යථාර්ථයක් වන්නේ ඊශ්‍රායෙලයට සහ ඇමරිකාවට අභීතව මුහුණ දීමෙන් ඉරානය අරාබි ජනතාව තුළත් (පාලකයන් තුළ නොවේ.) සමස්ත මුස්ලිම් ජනතාව අතරත් හිමිකර ගත් කිර්ති නාමයයි. එය නිසැකයෙන්ම මුස්ලිම් ලෝකයේ බලතුනය වෙනස්වීමට හේතු වනු ඇත.

එමනිසා දීර්ඝ කාලීන සාම ගිවිසුමක් කෙටුම්පත් කිරීමේ දී මෙම කරුනු සැලකිල්ලට ගැනීමට නිසැකයෙන්ම හේතු වනු ඇත.

The post අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%99/feed/ 0
රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f-%e0%b7%84%e0%b7%90-2/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f-%e0%b7%84%e0%b7%90-2/#respond Thu, 18 Jun 2026 04:48:40 +0000 https://vivaranalk.com/?p=14797 අත්හැරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එය ජීවිතය සහ සමාජය දෙස ආර්ථික සහ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා අවබෝධයෙන් සහ ආයාසයෙන් වර්ධනය කළ යුතු සමාජ ධර්මතාවයකි. යුක්ති ගරුක සමාජයක පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන සමානාත්මතාවය මෙනි. සමාජයේ පවතින්නේ සමානත්වයක් නොවේ. කායික හෝ මානසික වශයෙන් පවතින්නේ අසමානත්වයයි. එහෙත් සමාජයක සාධාරණත්වයක් පවත්වා ගැනීමට සමානාත්මතාවය ඇති කර ගත යුතුය. ඒ […]

The post රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. appeared first on විවරණ.

]]>
අත්හැරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එය ජීවිතය සහ සමාජය දෙස ආර්ථික සහ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා අවබෝධයෙන් සහ ආයාසයෙන් වර්ධනය කළ යුතු සමාජ ධර්මතාවයකි. යුක්ති ගරුක සමාජයක පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන සමානාත්මතාවය මෙනි. සමාජයේ පවතින්නේ සමානත්වයක් නොවේ. කායික හෝ මානසික වශයෙන් පවතින්නේ අසමානත්වයයි. එහෙත් සමාජයක සාධාරණත්වයක් පවත්වා ගැනීමට සමානාත්මතාවය ඇති කර ගත යුතුය. ඒ සඳහා සෑම ජන කොටසක්ම තමන් සතු වරප්‍රසාද හෝ වෙනත් ගුණාංග යම් පමණකට අත් හැරිය යුතුය. එහි දී වරප්‍රසාද රහිත අයට යම් සමාජ සමානත්වයක් ලැබෙන අතර තවත් කොටසක් කිසියම් දුරකට සමහර දේ අත් හැරිය යුතුය. සියලු දෙනාට සාධාරණය ඉටු වන ප්‍රශස්ත සමාජයක් ගොඩ නැගිය හැක්කේ එවිටය.   

මෙවැනි සිතුවිල්ලක් මතු වන්නේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යාපනයේ දී මේ වසරේ පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වෙන බව ප්‍රකාශ කිරීමත් සමග ඒ දිනවලම යාපනයේ දී පැවති වෙනත් සාකච්ඡා මණ්ඩපයක දී පළ වූ අදහසක් සමග ය. විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයෙකු ප්‍රකාශ කළ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ කිසි දිනක පළාත් සභා නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට හෝ සැබැවින්ම බලය බෙදා හැරීමට පියවර නොගනු ඇත.  ඔහු තම ප්‍රකාශය සනාථ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී ක්‍රියා කළ ආකාරය උපුටා දැක් වූයේය. උතුරු පළාත් සභාවෙන් නැගෙනහිර පළාත වෙන් කිරීමට අධිකරණයේ පිහිට පැතීම සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ පාලන සමයේ ක්‍රියා කළ ආකාරය පළාත් සභා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සාධනීය පියවර නොගැනීමට හේතුන් ‍ලෙස ඔහු දැක් වූයේය. ඒ කරුණු නැවතත් සිහිපත් කිරීම අවශ්‍ය නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසය දන්නා අයට ඒ සියල්ල මැනැවින් අවබෝධ කර ගත හැකිය.

අත්පත් කර ගැනීමේ ප්‍රකට ලක්ෂණයක් වන්නේ පක්ෂයේ කිසිවෙකුට සමාජ ආර්ථික ප්‍රශ්න පිළිබඳව වෙනත් මතයක් හෝ අදහසක් නොමැතිවීම පමණක් නොවේ. අනෙකුත් සමාජයීය බැඳීම්වලදී පවා ප්‍රමුඛත්වය ලැබෙන්නේ පක්ෂයේ ස්ථාවරයට ය. එය චේ ගුවේරා සමයේ සිට මේ දක්වාම එම දේශපාලන කණ්ඩායමේ පවතින ජානමය  ලක්ෂණයකි. සරල නිදසුනක් වශයෙන් මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයෙකුට නිල වශයෙන් ලැබෙන දීමනාව දැක්විය හැකිය. මෙම මූල්‍යමය දීමනාව ඔවුන් ඉටු කරන්නේයැයි කියන මහජන සේවයට ගැලපෙන්නේ ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. රටේ මුළු ජන සංඛ්‍යාවෙන් සතරෙන් එකක් මන්ද පෝෂණයෙන් හෝ දුෂ්පෝෂණයෙන් පෙළෙන රටක ආණ්ඩුවත් මැති ඇමතිවරුත් නඩත්තු කිරීමට යොදන මුදල සාධාරණීය කරන්නේ කෙසේද යන්න අනිවාර්යෙන්ම සාකච්ඡා කළ යුතුය. මෙහි දී අප අවධානය යොමු කරන්නේ පක්ෂය එම මුදල් හසුරුවන ආකාරය යි.

අප කවුරුත් දන්නා ආකාරයට ජාතික ජනබල වේගයෙන් තේරී පත් වූ සෑම නියෝජිතයෙකුගේම වැටුප සහ දීමනාව පක්ෂයේ අරමුදලට බැර කළ යුතුය. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා අනුව මුදල් නිතුක් කරන්නේ පක්ෂයේ අරමුදලෙනි. එම අවශ්‍යතා ගණන් බලන්නේ කවර පදනමක් සහ නිර්ණායකයක් යටතේ ද යන්න ප්‍රකාශයට පත් කර නැත. සමහර විට එය දැන ගැනීමට එම නියෝජිතයන් තෝරා පත් කළ ජනතාවට අයිතියක් නැතැයි පක්ෂය සිතනවා විය හැකිය. එය රටම මෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයන් ද එක මිටට ගැනීමක් විය හැකිය.

අප කලින් සඳහන් කළ ආකාරයට පක්ෂයේ සියලු කටයුතු සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වන්නේ එක මිටට ගැනීමේ ප්‍රතිපත්තියයි. එය පක්ෂයේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයැයි කෙනෙකුට නිර්වචනය කළ හැකිය. රටේ ජනතාවට වැදගත් වන්නේ මෙවැනි ‘‘මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක්“ තම ප්‍රතිපත්තිය සහ ක්‍රියා මාර්ගය කර ගත් පක්ෂයකට අත්හැරීමක් නැතිනම් සරලව බලය බෙදා හැරීමක් කළ හැකි ද යන්නයි. බලය බෙදා හැරීම යන්නෙන් අදහස් වන්නේ පළාත් සභාවලට දේශපාලන බලය බෙදා හැරීම පමණක් නොවේ. පිළිගත් නීති රාමුවක් යටතේ පළාතක ජනතාවට තමන්ගේ සමාජ ආර්ථික කටයුතු මෙහෙයවීමේ නිදහස තිබිය යුතුය. එහෙත් එය ප්‍රමාණවත් නැත.  ජනතාවාදී පාලනයක් යටතේ බලය ඉහළම ස්ථානයේ සිට පාලන ව්‍යුහයේ පහළම තැන දක්වා ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ අදහස්වලට සහ ඕනෑ එපාකම්වලට මුල් තැන දීමෙනි. වගවීමේ සහ වගකීමේ මූලධර්ම පදනම් විය යුතුය. ඒ සියල්ලෙන් අදහස් වන්නේ ජනතාවට ප්‍රතිපත්ති සම්පාදයේ දී මෙන්ම ඒවා ක්‍රියාත් කිරීමේ දී ද නිරීක්ෂණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අයිතිය පිළි ගැනීමකි. එවැන් තත්වයක් යටතේ පක්ෂය සහ මහජන කැමැත්ත මත තේරීපත් වූ නියෝජිතයන් ක්‍රියා කළ යුතු වන්නේ ජනතා කැමැත්තට යටත්වය. ජනතා කැමැත්ත ප්‍රකාශ වන එක් ක්‍රමයක් වන්නේ ඡන්ද විමසීමයි. එය දිට්වා සුළු කුණාටුව නිසා හෝ මුදල් නොමැතිකම නිසා කල් දැමිය නොහැකි වගකීමකි.

වඩාත් ගැඹුරින් විමසා බලන විට සමාජවාදී හෝ ධනවාදී ආණ්ඩුවක් පවතින්නේ බලය හා මර්දනය පදනම් කර ගෙනය. කවර ආකාරයෙන් හෝ බලය හා බලහත්කාරය නැතිව පාලනයක් පවත්වා ගත නොහැකිය. බලය පවත්වා ගැනීමට නොයෙකුත් නිති රීති සහ පොලිසිය හමුදාව සහ සිරගෙවල් වැනි ආයතන පවත්වා ගත යුතුය. ඒවා හේතු යුක්ති කිරීමට නොයෙකුත් තර්ක විතර්ක ඉතිහාසය පුරාම පැවතිණ. සමාජ විප්ලව හට ගත්තේ බලය අසාධාරණ හා අයුක්ති සහගත ලෙස යොදා ගැනීම දරා ගත නොහැකි තත්වයට ප්‍රතිචාර දක්වීමටය. අප අත්දුටු මෑතක සිදු වූ ජනතා නැගිටීම අරගලයයි. ජනතා කැමැත්තෙන් තේරී පත් වුවද ජනතා සුභ සිද්ධිය අමතක කොට අත්තනොමතික පාලනයක් පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජ ගෙදර පස්සා දොරින් පළා යෑමට සිදු වූයේ ජනතා අරගලය නිසාය.

මෙම අරගලයට හේතු පාදක වූ කරුණු විවිධාකාරයෙන් විශ්ලේෂණය කිරීම් පැවතිය ද අවසානයේ දී ජනතා අවශ්‍යතාවට වඩා තමන්ගේත් තම සහචරයන්ගේත් අවශ්‍යතා ප්‍රමුඛ තර ගත් පාලකයෙකුට ලැබුණායැයි කියන ජන වරම බලයේ රැඳී සිටීමට ප්‍රමාණවත් වූයේ නැත. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති නීති රීතිවලට අමතරව තමා ගේ නියෝග නීති ලෙස පිලිගැනීමට අණ කිරීමෙන් අදහස් කෙළේ මුළු රටම එක මිටට ගැනීමට ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සියලු බලතල එක මිටට ගැනීමට සකස් කරන ලද නීතියකි. විධායක ජනාධිපතිට කළ නොහැකි එකම දේ පිරිමියෙකු ගැහැනියකු බවට පත් කිරීම පමණයැයි පළමු විධායක ජනාධිපති පාරම් බෑ ආකාරය අපට අමතක වී නැත. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් රටේ සියලු දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තම මැතිවරණ පොරොන්දුවලට එක් කෙළේ ඊට එරෙහිව නැගුණු ජනතා විරෝධය නිසාමය. 

බලය සංකේන්ද්‍ර කර ගත් දේශපාලන ව්‍යුහයකින් හික්මවනු ලැබූ නායකත්වයකට බලය අත් හැරීම සහ බෙදා හැරීම පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි සංකල්ප නොවේ. තම පක්ෂයෙන් තේරි පත් වූ මහජන නියෝජිතයන්ට ලැබෙන වැටුප හෝ දීමනාව පවා පක්ෂයේ අරමුදලට බැර කිරීමෙන් සහ ඔවුන්ගේ නඩත්තුව පක්ෂය භාර ගැනීමෙන් පෙන්වන්නේ බලය බෙදා හැරීමක් නොව බලය බදාගැනීමකි. පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ ඔවුන් පෙන්නුම් කෙළේ වැටුප් හෝ දිමනා මෙන්ම පාලන බලතලත් එකම ගිණුමකට බැර කිරීමට ඇති අවශ්‍යතාවයයි. ජනතා විමුක්ති පෙරමුණේ ජාන අනුව ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකි වුවද ජනතා අපේක්ෂාව ට පිටු පෑම බියකරු සිහිනයක් පමණක් නොවේ.

The post රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f-%e0%b7%84%e0%b7%90-2/feed/ 0
කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/#respond Sat, 30 May 2026 08:11:15 +0000 https://vivaranalk.com/?p=14733 බුදු සසුන පෙර කිසි දා නොවු විරු ආකාරයේ තර්ජනයකට මුහුණ දී ඇතැයි කලකට පසුව කරලියට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අසන්නට ලැබිණ. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි නමක් දේශනාවක් පවත්වමින් 40,000ක් පමණ වන භික්ෂූන් වහන්සේලාගෙන් විවිධාකාරයේ (ලිංගික චෝදනා ඇතුළුව) චෝදනා එල්ල වී ඇත්තේ සියයට දශම එකකටත් වඩා අඩු සංඛ්‍යාවකටයැයි දෙසූහ. මේ සියලු දෙනාම ඉලක්ක කර […]

The post කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. appeared first on විවරණ.

]]>
බුදු සසුන පෙර කිසි දා නොවු විරු ආකාරයේ තර්ජනයකට මුහුණ දී ඇතැයි කලකට පසුව කරලියට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අසන්නට ලැබිණ. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි නමක් දේශනාවක් පවත්වමින් 40,000ක් පමණ වන භික්ෂූන් වහන්සේලාගෙන් විවිධාකාරයේ (ලිංගික චෝදනා ඇතුළුව) චෝදනා එල්ල වී ඇත්තේ සියයට දශම එකකටත් වඩා අඩු සංඛ්‍යාවකටයැයි දෙසූහ. මේ සියලු දෙනාම ඉලක්ක කර ගෙන ඇත්තේ පසුගියදා බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියත් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අටමස්ථානාධිපති නායක හිමි ගේ කතා පුවත ජනමාධ්‍යයේ පළ වීමෙන් ඇති වු ආන්දෝලානාත්මක තත්වය යි.

සිද්ධියට අදාල දැරිය වෛශ්‍යාවක් විය හැකියැයි සර්ව ජන පක්ෂයේ නායකයෙකු වන දිලුම් අමුණුගම පැවසූ බවද වාර්තා විය.

ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පළමු හෝ එකම භික්ෂුව අටමස්ථානාධිපති හිමි නොවන බව සත්‍යයකි. මීට පෙර එවැනි චෝදනා එල්ල වී අධිකරණ නඩු විභාගයෙන් පසුව දඬුවම් ලැබු භික්ෂූන් වහන්සේලා ගැන ද අපි දනිමු. සමාජ පෙරළියකට මුල් පියවර තැබු අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කෙළේ ද භික්ෂුවකි. එම ඝාතනය සැලසුම් කෙළේ ද කැළණිය රජමහා විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හිමි බව තවමත් අප මතකයේ රැඳි ඇත.

ප්‍රශ්නය වන්නේ මෙවැනි සිද්ධීන් ප්‍රතිශතය අනුව ගණන් බලා හෑල්ලුවට ලක් කිරීමේ අවමන් සහගත උත්සාහයයි. සිදුහත් කුමරු බුදු බව පතා රජ මාලිගාවෙන් පිට වූයේ සියලු සැප සම්පත් අතහැර ය. ඉන් පසු සසුන් ගතවන සෑම කෙනෙකුම ලිංගික සම්බන්ධතා ඇතුළු ගිහි ජීවිතයේ සියලු සැප සම්පත් අතහැරිය යුතුය. එය කඩ කරන අයට හිමි දඬුවම් විනය පිටකයේ පැහැදිලිව දක්වා ඇත. එමනිසා අටමස්ථානාධිපති හිමි හෝ වෙනත් භික්ෂුවක් විනය පිටකයේ දක්වා ඇති වැරදිවලට අමතරව රටේ නීතිය අනුව කිසියම් ආකාරයේ වැරැද්දක් කර ඇතිනම් රටේ නීතියට අමතරව සාසනයේ චිරස්ථිතිය සඳහා ඇති නීතියට ද යටත් විය යුතුය. එවැන්නක් බෞද්ධයින් වශයෙන් අප අපේක්ෂා කරන්නේ භික්ෂූන් වහන්සේලා ට පුද සත්කාර කිරීම ඇප උපස්ථාන කිරීම පිළිවෙතක් මෙන්ම චාරිත්‍රයක් ද වන නිසාය. භික්ෂූන් වහන්සේ කෙනෙකු මහ මග හමු වුවත් දොහොත් නමා වැඳීමේ පුරුද්දක් තවම පවතී.

බුද්ධ ධර්මයේ ඉගැන්වෙන දේට අමතරව ඒ හා බැඳුනු චාරිත්‍රවාරිත්‍ර පවතින්නේ භික්ෂුන් වහන්සේලාගෙන් කිසි විටෙක වැරැද්දක් නොවන විශ්වාසයෙනි. ක්ලේශයන් ප්‍රහීන කළ බුද්ධ පුත්‍රයානන් කෙනෙකු අතින් වැරදි වීම කිසි විටෙක අපේක්ෂා නොකෙරේ. රටේ පවතින නීතිය අනුව කිසිම කෙනෙකු අධිකරණ නඩු විභාගයකින් තීරණය වන තෙක් නිවැරදි යැයි පිළිගැනීමක් පවතින නමුත් පූජ්‍ය පක්ෂයට එවැනි තත්වයක් හිමි නොවිය යුතුය. ඒ ඔවුන් සමාජය හික්මවීමටත් නිවැරදි මාර්ගයේ යොමු කිරීමටත් කැපව සිටින නිසාය. ජනතාව ඔවුන් නඩත්තු කරන්නේත් පුද පූජා පවත්වන්නේත් එම නිසාය.

එහෙත් වර්තමානයේ භාවිතය වී ඇත්තේ අධිකරණ නඩු විභාගයකින් තීරණය කරන තෙක් පූජකයන්ද නිදොස්යැයි සැලකීමය. අටමස්ථානයේ අධිපති හිමිට බරපතළ චෝදනාවක් එල්ල වී තිබුණ ද ඔහු තවමත් අටමස්ථානයේ අධිපති ය. තවමත් චීවරධාරීය. (සාමාන්‍යයෙන් මෙවැනි අපරාධයක් පිළිබඳව චෝදනාවක් ලැබු අයෙකු සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරයට වෙනස්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනත් ආයතන මැදිහත් වූ ආකාරය ගැන අප මෙහිදී සාකච්ඡා කරන්නේ නැත.) අඩුම වශයෙන් තම නිර්දෝෂී භාවය තහවුරු කරන තෙක් හෝ පූජකවරය අත්හිටුවීමේ ක්‍රමයක් නැත. එවැනි අමතක කිරීම් හෝ මගහැරීම් විවේචනය කිරීම බුද්ධ සාසනයට කරන අපහාසයක් සේ හැඳින්වීම සුලබ කාරණයකි. ඇල්ලේ ගුණවංශ හිමි බුද්ධ සාසනයට අනතුරක් ඇතැයි පවතින්නේ එවැනි චෝදනා බැහැර කිරීමේ අරමුණෙනි.

එමනිසා අටමස්ථානාධිපති හිමි තවමත් නිල වශයෙන් එම තනතුරේම වැඩ සිටිති. එම තනතුරේ ඇති බල මහිමය නිසා පොලිසිය ක්‍රියාත්මක කිරීමට ළමා ආරක්ෂාව සඳහා ඇති ආයතනවලට මැදිහත් වීමට සිදු විය. ප්‍රමාද වී හෝ යුක්තිය ඉටු වනු ඇතැයි අපි ද බලාපොරොත්තු වෙමු.

එහෙත් ඒ සියල්ල ඉවසා වදාරණ සමාජ තත්වයක් පැවතීම ඛේදනීය තත්වයකි. නිසි කලට අව් වැසි නොලැබීම දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමට තරග කරන දේශපාලකයන් සහ ඔවුන්ගේ පක්ෂ මෙම අපචාරයේ දී සම්පූර්ණයෙන්ම නිහඬය. ඒ ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් කිසිවෙකු ඉල්ලා සිටින්නේ නැත. අප ඉහතින් දැක් වූ ආකාරයට දිලුම් අමුණුගම වැනි දේශපාලකයන් උත්සාහ කරන්නේ එම දැරිය ගණිකාවක් සේ හඳුන්වා සිද්ධිය යටපත් කිරීමටය. ගණිකාවක් වුවත් බාල වයස්කාරියක් සමග ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා පැවැත්වීම අපරාධයක් බව මෙම තරුණ දේශපාලකයා දන්නේ නැති ද?

මේ සියල්ලෙන් මතුවන්නේ ධනය සහ බලය ඇත්නම් ඕනැම දෙයක් කිරීමට නිදහස පවතී යන්නයි. වාර්තාවන ආකාරයට එම බාල වයස්කාර දැරිය අටමස්ථානාධිපති හිමිගේ භාරයට පත්ව ඇත්තේ ඇගේ මවට මූල්‍යමය පෙළෙඹවීම් ලබා දීමෙනි.  නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පසුබට වී ඇත්තේ ද ධනය සහ බලය යන කාරණා දෙක නිසාය. දේශපාලකයින් මෙම අපචාර චෝදනාව ගැන මුනිවත රකින්නේ   බලය නිසාය. මොවුන් තරහ කර ගත හොත් ඡන්ද ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි යන බිය නිසාය. දේශපාලකයන්ගේ ඒකායන මාර්ගය වන්නේ හොඳින් හෝ නරකින් දේශපාලන බලය අත්පත් කර ගැනීම සහ තමන් අත ඇති දේශපාලන බලය රැක ගැනීම විනා යුක්තිය හා සමාජ ගුණ ධර්ම රැකීම නොවේ. මෙම දේශපාලකයින් දරිද්‍රතාවය ගැන කතා කරන්නේ බලය ලබා ගැනීමට දික් කරන සීනි බෝලයක ආකාරයෙන් විනා දුප්පත්කම තුරන් කිරීමට නොවේ.

අම්මා කෙනෙකු සිය දියණිය මුදලට විකුණන්නේ දුප්පත්කම නිසාය. තරුණියක් වෛශ්‍යා වෘත්තියට පෙළෙඹෙන්නේ දුප්පත් කම නිසාය. ආත්ම ගරුත්වයක් ඇති කිසි කෙනෙකු මෙවැනි දේට පෙළඹෙන්නේ නැති බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. එමනිසා මෙවැනි අපචාර වැළැක්වීමට ඇති සාර්ථකම ක්‍රියා මාර්ගය දුප්පත්කම තුරන් කිරීම පමණි. සමහර අවස්ථාවල නීතිය අනුව වැරදිකරුවන්ට දඬවම් ලබා දීමේ හැකියාව පවතින නමුත් ප්‍රශ්නයට පිළිතුරක් නොවේ.  

මෙහිදී තවත් කරුණක් සිහිපත් කිරීම වැදගත් ය. කිරි කළයට ගොම බිදක් වැටීමෙන් කිරි කළයම අපවිත්‍රවන්නේය යන්න ගැමි පිරුළකි. කිරි කළයක් වන සාසනය එක පුද්ගලයෙකුට සම්පූර්ණයෙන්ම අපවිත්‍ර කළ හැකි ය. එය වසා ගැනීමට ප්‍රතිශතය පිරුවටක් නොවේ.      

The post කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/feed/ 0
අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/#respond Fri, 03 Apr 2026 08:02:19 +0000 https://vivaranalk.com/?p=14636 නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය සහ ආධාර ලබන අය වෙනුවෙන් නීතිය බොහෝ විට ක්‍රියාත්මක වූයේ මන්දගාමීව ය. සමහර විට නොවැළැක්විය හේතු නිසා නිතිය ක්‍රියාත්මක වී අධිකරණ ක්‍රියාවලිය ඇරඹුණත් යුක්තිය ඉටු […]

The post අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. appeared first on විවරණ.

]]>
නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය සහ ආධාර ලබන අය වෙනුවෙන් නීතිය බොහෝ විට ක්‍රියාත්මක වූයේ මන්දගාමීව ය. සමහර විට නොවැළැක්විය හේතු නිසා නිතිය ක්‍රියාත්මක වී අධිකරණ ක්‍රියාවලිය ඇරඹුණත් යුක්තිය ඉටු වූයේ ද අතිශයෙන් මන්දගාමිව ය. අධිකරණයෙන් නියම වන දඩුවම පවා මග හැරීමට බලයේ සිටි අයට හැකියාව තිබිණ. එමනිසා යුක්තිය ඉටුවීම බොහෝ දුරට සිහිනයක් විය. පාලකයා පන්නා දැමීමට ජන අරගලයක් දියත්විමට මූලික හේතුවක් වූයේ ද යුක්තිය නිසි ආකාරයෙන් ඉටු වන බවට ජනතාව තුළ විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් නොතිබීමය.

අධිෂ්ඨානශීලී තරුණ තරුණියන් නායකත්වය දුන් එම අරගලයට සී අයි ඒ හෝ වෙනත් ඔත්තු සේවා මගින් විවිධාකාර සහාය ලබා දුන් බවට අරගලයෙන් බැට කෑ අය චෝදනා කළත් ඉන් ඔවුන්ගේ පාලන කාලය තුළ අමු අමුවේ සිදු වූ නොපනත්කම් වසා ගැනීමට නොහැකිය. අරලයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව ද ඔහුගේ දේශපාලන වේදිකාව වන පොහොට්ටුව වසර තුනකට ආසන්න කාලයක් ව්‍යවස්ථාදායක සහ අනියම් ආකාරයෙන් විධායක බලය මෙහෙයුව ද අරගලයට විදෙස් ඔත්තු සේවාවලින් ලැබුණු ආධාර අනුබල ගැන විමර්ශනයක් කෙරුණේ නැත. විදෙස් ඔත්තු සේවාවල බලපෑම නිසා විමර්ශන කටයුතු නොකළ බව හෙළිවීමට තවත් කලක් ගත විය හැකිය.

ඒ කෙසේ වුවත් නිතිය ක්‍රියාත්මක නොවීම යුක්තිය ඉටු නොවීමක් සේ ජනතාව තුළ තදබල හැගීමක් තිබු බව පැහැදිලිය. සමාජ ක්‍රියාකාරීන් අධිකරණයේ පිහිට පැතීමට ඉදිරිපත් වූයේ ද එම නිසාය. එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවෙන් ජය ගත් නමුත් සිවිල් ක්‍රියාකාරීන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග කෙරිණ. ඉන් පැහැදිලි වන සරල සත්‍යය නම් පාර්ලිමේන්තු යෝජනාවලින් කෙනෙකුගේ වංක අවංක භාවය තිරණය කළ නොහැකි බවය. කෙහෙලියගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මහත් උද්‍යෝගයෙන් ඉදිරිපත් වුවද එය යුක්තිය ඉටු කිරීමක් වූයේ නැත. කෙහෙලිය රඹුක්වැල්ල ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් කඩ කර ඇතැයි පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කෙළේද සමාජ ක්‍රියාකාරීන්ගේ පෙත්සමක් අනුවය.

මින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය මගින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවන්නේ නම් ඒවා අභිබවා යෑමට ජනතාව පසු බට නොවන්නේය යන්නයි. පරිපාලන නීති රීති සහ චක්‍රලේඛවල කුමක් සඳහන් වුවත් තමා කියන දේ නීතිය සේ සලකන්නයි නියෝග කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවා හැරීම විනා වෙනත් විකල්පයක් නැති බව ජනතාව තීරණය කළ නිසා ඔහුට ජනපති මැදුරේ පස්සා දොරින් පැන යෑමට සිදු විය. අවි රැගත් සන්නද්ධ සේවාවල රැකවරණය ඔහුට ලැබුණත් බලයේ රැඳී සිටීමට එය ප්‍රමාණවත් වූයේ නැත. ඉතිහාසය නැවත වරක් ඒ ආකාරයෙන්ම ඉටු නොවන බව සත්‍යයක් වුවත් යුක්තිය සහ සාධාරණත්වය උදෙසා ජනතාව තුළ පවතින කැපවීම සහ අධිෂ්ඨානය කිසිසේත් අඩුවෙන් තක්සේරු කිරීම කිසිම පාලකයෙකු ගේ සෞඛ්‍යයට හිතකර නොවන බව තේරුම් ගැනීම වැදගත් ය.

නිතිය උසස් පහත්කම් නොබලා සැමට සාධාරණව ඉටු කිරීමට කැප වී සිටින ජාතික ජන බලවේග රජයෙන් වැරදි කරන අයට දඬුවම් දීමට නීතියෙන් බාධාවක් නොවන බව අවධාරණය කළ ද සෑම අවස්ථාවකම එසේ සිදු නොවන බව දැකිය හැකිය. දැනට සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩුවක් පැවරීම නිතිය උස් පහත්තම් නොබලා ක්‍රියාත්මක වන අවස්ථාවක් සේ අධිකරණ අමාත්‍යවරයා පාරම් බෑවේය. එම කොමිසම මගින් කරන ලද විමර්ශනයක් අනුව අදාල පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරීමට දේශපාලන බාධා තිබුණත් නැතත් ඒවා නොසලකා පියවර ගැනිමට හැකි වීම ආයතන ව්‍යුහයේ ශක්තිමත් භාවයට නිදසුනකි. එය පුරවැසියන් වශයෙන් අපි ද අගය කරමු.

එහෙත් වැදගත් කාරණයක් වන්නේ නීතිය ක්‍රියාත්මකවීමෙන් පමණක් සමාජයේ යුක්ති ගරුක භාවය සහ සාධාරණත්වය ඉටු වන්නේ ද යන්නයි. අපක්ෂපාතී සාධාරණ අධිකරණ විභාගයකින් පසුව නියම කරන තින්දුව ප්‍රතික්ෂේප කිරීම ශිෂ්ඨ සමාජයට හැකියාවක් නැත. එහෙත් යුක්තිය සහ සාධාරණත්වය පිළිඳව සමාජයේ පවතින මතය අධිකරණයේ තීන්දුවලින් සීමා වන්නේ නැත. ඒ යුක්තිය සහ සාධාරණත්වය ඇතැම් විට නීතියේ සඳහන් ප්‍රතිපාදන ඉක්මවා යන ගුණධර්මයක් වන නිසාය.   

ආචාර්ය උපාධියක් ඇතැයි බොරුවට පෙන්වීම ඇත්තෙන්ම පාර්ලිමේන්තුව මෙන්ම ජනතාව ද නොමග යැවීමකි. සදාචාරමය වශයෙන් ඔහු කළ යුත්තේ පාර්ලිමේන්තු මංත්‍රී තනතුරෙන් ද ඉල්ලා අස්වීමය. සදාචාරාත්මක වගකීම පැහැර හැරීම රන්වලට සීමා වූයේ නැත. දැන් බලශක්ති ඇමති කුමාර ජයකොඩි ට ඊටත් වඩා බරපතළ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇත. ඉන් එකක් ඔහු පොහොර සංස්ථාවේ සැපයුම් ප්‍රධානියා වශයෙන් සිටිය දි කරන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙනි. ඇත්තනේම මුදල් වංචාවක් පිළිබඳ චෝදනාවක් නිසා ඔහු ඇමති තනතුරෙන් ඉල්ලා අස්වීම සදාචාරාත්මකව ගත යුතු පියවරකි. ඊට අමතරව ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින ආයතනයක ගල්අඟුරු මිලදී ගැනීමේ දී රජයට පාඩු සිදු කර ඇතැයිද චෝදනාවක් ජන සමාජයේ කතා බහට ලක්වෙමින් පවතී. පොහොර සංස්ථාවේ චෝදනාවට අමතරව එවැනිම චෝදනාවක් නැවතත් ඉදිරිපත්වීම අධිකරණයෙන් වැරදිකරුයැයි තීරණය වන තෙක් නිදොස්යැයි පදනම යටතේ ඇමති තනතුරක් වැනි භාරදුර කටයුත්තක යෙදෙන අයකුට ගැලපෙන්නේ නැත. සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත්නම් ඔහු එම පරීක්ෂණ සහ නඩු විභාග නිම වන තෙක් එම වගකීම්වලින් ඉවත්ව සිටිය යුතුය. නීතිය අභිබවා යන සදාචාරය එයයි. එය නොසලකා සිටීම සදාචාරාත්මක පිරිහීමකි.

මින් ගම්‍ය වන්නේ ඇමති තනතුරේ සිටියදී කරන ලදැයි කියන වැරදි ගැන පමණක් ජනාධිපති ක්‍රියාත්මක වන්නේය යන්නයි. ඇමති තනතුර ලැබීමට පෙර කරන ලදැයි කියන වංචා හෝ දූෂණ එම පුද්ගලයා වර්තමානයේ දරන වගකීම්වලට කිසිදු බලපෑමක් වන්නේ නැත. ඔහුට හෝ ඇයට වත්මන් ආණ්ඩුවෙන් පවරා ඇති වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට දේශපාලන වශයෙන් තනතුරක් ලැබීමට පෙර කරන ලදැයි කියන වැරදි කිසි ලෙසකින් බලපාන්නේ නැත.

මෙවැනි තර්කයක් භාවිත නීතිය අනුව ගැලපෙන්නක් වුවද ජනතා අපේක්ෂාවට කිසිසේත් ගැලපෙන්නේ නැත. මීට පෙර සිටි පාලකයන් ජනතාව ඡන්ද බලයෙන් ඉවත් කෙළේ ඔවුන් අධිකරණයෙන් දූෂණ හෝ වංචා පිළිබඳ වැරදිකරුවන් වූ නිසා නොවේ. ඔවුන් සියල්ලන්ම වංචා සහ දූෂණවල යෙදී අයථා ධනය රැස් කර ගත් බවට ප්‍රබල ජනමතයක් ගොඩ නැගී තිබිණ. එකල පැවති ජන විඥානය එයයි. පාර්ලිමේන්තුවේ සිටි දෙසිය විසිපහම එපා කීවේ ඔවුන් වංචා දූෂණ කළ බවට සාක්ෂි තිබුණ නිසාම නොවේ. වැදගත් වූයේ වංචා දූෂණ නැවැත්වීමටත් වැරදි ක්‍රියා මාර්ග නිවැරදි කිරීමටත් ඒ සියල්ලන්ම අසමත් වු නිසාය. පසුගිය මහා මැතිවරණයේ දී ජනතා අපේක්ෂාව වූයේ එවැනි වැරදිවලින් තොර සැබැවින්ම නව පාලනයකි.

එහෙත් අශෝක රන්වල සහ කුමාර ජයකොඩි කතා වස්තුවලින් පෙනී යන්නේ ගමන් මගේ කිසිදු වෙනසක් සිදුව නැති බව සහ වෙනසක් කිරීමට අවංක වුවමනාවක් නැති බවය. ඒ බව තහවුරු වන්නේ දූෂිතයන් ආරක්ෂා කිරීමට අඳබාල තර්ක ඉදිරිපත් කිරීමෙනි.    

The post අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/feed/ 0
යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c/#respond Thu, 26 Mar 2026 06:45:50 +0000 https://vivaranalk.com/?p=14621 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය. ‘..නිදහස පළමුව වෙසෙන්නේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ හදවත් තුළය. එය මිය ගිය හොත් කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට, කිසිම නීතියකට හෝ කිසිම උසාවියකට ගලවා ගත නොහැකිය..’ ඉන් අදහස් වන්නේ නිදහස ජන සමාජයේ සෑම මිනිසෙකුට හා ගැහැනියකට අයත් සියලු […]

The post යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. appeared first on විවරණ.

]]>
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය.

ඉන් අදහස් වන්නේ නිදහස ජන සමාජයේ සෑම මිනිසෙකුට හා ගැහැනියකට අයත් සියලු ආකාරයෙක් රැක ගත යුතු සමාජ හර පද්ධතිය තුළ අනිවාර්යෙන්ම ගැබ් විය යුතු කිසිසේත් අඩු තක්සේරුවට ලක් නොකළ යුතු ගුණාංගයක් යන්නයි.

ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට නිදහස ජන සමාජයේ එක් එක් පුද්ගලයාට නෛසර්ගිකව අයත් වන මෙන්ම අනිකුත් අය ද සමානව භුක්ති විඳිය යුතු අයිතියකි. නිදහස සැබැවින්ම ආරක්ෂා වන්නේ අයිතියක් වශයෙන් භුක්ති විඳීමට අමතරව ඊට හානිකර එනම් නිදහස යටපත් කෙරෙන සමාජ ප්‍රවනතාවලට එරෙහි වීමෙනි. ඉන් අදහස් වන්නේ පොදුවේ සමාජයේ නිදහසට එරෙහිව යන බලවේග ක්‍රියාත්මක වුවහොත් කිසිවෙකුගේ නිදහස ආරක්ෂා නොවන්නේය යන්නයි. අද සමාජයේ සිදු වූ සහ සිදුවන බොහෝ දේ සමස්ත ජනතාවගේම නිදහසට හානිකර එය යටපත් කෙරෙන දේ බව දක්නට ඇත. තුරෙයිරාජා විනිසුරුවරයා උපුටා දැක් වූ ආකාරයට එම හානිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ උසාවිවලින් නිවැරදි කිරීමට නොහැකි තරම් ය. ඛේදය වන්නේ ඒවා ජනතාවගේ නිදහසට හානිකර නිදහස වළ දමන දේ බවට සමාජයේ පිළිගැනීමක් නොමැති වීමය. කිසියම් සුවිශේෂී තත්වයන් යටතේ එවැනි දේ කරන පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන ආ විට විවිධ අර්ථකතන ඉදිරිපත් කර ඔවුන්ගේ නිර්දෝෂී භාවය තහවුරු කිරීමට සමාජයේ වරප්‍රසාදිත පිරිස් ඉදිරිපත් වීම ය.

මීට හොද නිදර්ශනයක් පසුගිය දා ජනමාධ්‍යය් වාර්තා විය. පළමුවෙන්ම වාර්තා වූයේ රජයේ ආයතනයක් වන එයාර් ලංකා  ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන ආපසු ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපොළේ දි අත් අඩංගුවට ගැනීමය. පසුව ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී පරීක්ෂණ නිලධාරීන් ඉදිරිපත් කළ කපිල චස්ද්‍රෙස්න ගේ දිව්රුම් ප්‍රකාශයක් අනුව එයාර්බස් ගනුදෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් රු. දශ ලක්ෂ හැටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට ලබා දී ඇත. පුදුමයට කරුණ වන්නේ ඊට පසුවදා තමා කලින් ප්‍රකාශය ලබා දුන්නේ බල කිරීම නිසායැයිද එමනිසා එහි සඳහන් කරුණු නිවැරදි නොවන බව පැවසීමය. මෙම දිව්රුම් ප්‍රකාශය බන්ධකාගාරයේ නිලධාරීන් ඉදිරියේ දී සහතික කරන මුද්‍රාවක් ද එම ප්‍රකාශයට යා කර තිබිණ.  පොලීසියේ නිලධාරීන් මෙන්ම විමර්ශන කටයුතුවල යෙදෙන නිලධාරීන් සැකකරුවන්ට තර්ජන ගර්ජන කිරීමේ ඉතිහාසයක් ඇති අපට අල්ලස් කොමිසමේ නිලධාරීන් බලපෑම් කළේයැයි පැවසීම පහසුවෙන් බැහැර කළ නොහැකිය.

මතු පිටින් පෙනෙන සත්‍යය එසේය.

එහෙත් මෙම සිද්ධියේ ඉතිහාසය විමසා බලන්නට කිසිවෙකු උනන්දු වන්නේ නම් සම්පූර්ණයෙන් වෙනස් චිත්‍රයත් දැකිය හැකිය. එයාර් ලංකා ගුවන් සමාගමට එයාර්බස් මිලදී ගැනීමේ දී බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වූයේ මීට වසර හයකට හෝ හතකට පෙර ය. ඒත් අපේ රටෙන් නොව බ්‍රිතාන්‍ය යෙනි. ඒ රටේ දී අල්ලස් හෝ දූෂණ කටයුතු නීති විරෝධී නිසා අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් එයාර්බස් සමාගමේ නියෝජිතයන්ට එරෙහිව නඩු විභාගයන් පැවතිණ. එහිදී ගිවිස ගත් ඩොලර් දශ ලක්ෂ 16 ක අල්ලස් මුදලින් ඩොලර් දශ ලක්ෂ දෙකක් අත්තිකාරම් වශයෙන් එයාර් ලංකා ගුවන් සමාගමේ සභාපති කපිල චන්ද්‍රෙස්නට ලබා දුන් බව සමාගම පිළිගෙන ඒ වෙනුවෙන් විශාල දඩ මුදලක් ද ගෙව්වේය.

ඒ එංගලන්තයේය.

මෙහිදී අපට වැදගත් වන්නේ රටේ ව්‍යවස්ථාදායක මෙන්ම විධායක බලය ද ජනවරමකින් ලබා ගන්නා දේශපාලකයන්ට ජනතාවගේ නිදහස (මෙහි දී නිදහස යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලික නිදහස පමණක් නොවේ. දේශපාලන සහ ආර්ථික නිදහසද ඊට ඇතුළත් ය.) උල්ලංඝනය කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් හෝ අධිකරණයෙන් දඩුවම් ලබා දීමට ඇති ඉඩ කඩ බෙහෙවින් සීමිත වීමය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක

රට බේරා ගත්තේයැයි පිදුම් ලබන මෙම දේශපාලකයින් පුරුද්දක් වශයෙන්ම රටේ නීතියෙන් හා සමාජ සම්මතයෙන් නොකළ යුතුයැයි හැඳින්වෙන දේ කරන බව දැක්වීමට තවත් එක් නිදසුනක් දැක්විය යුතුයැයි හැඟේ. අප මීට පෙර ද විවරණ තුළින් දක්වා ඇති ආකාරයට මහින්ද රාජපක්ෂට 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාර්බර් කෝපරේෂන් නම් සමාගමෙන් ඩොලර් දශ ලක්ෂ 7.6ක් ස්ටෑන්ඩර්ඩ් බැංකුව හරහා ගෙවා ඇත. මෙම සිද්ධිය ප්‍රකාශයට පත් වූ විට එම තොරතුරු හෙළි කළ ජනමාධ්‍යවේදිනියට සහ ඒවා පළ කළ නිවියෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඔවුන් තර්ජනය කළ ද මෙතෙක් කිසිවක් සිදුව නැත. ( මෙම පුවත එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ පළ වූයේ 2018 ජුලි 17 වැනි දාය)

මීට අමතරව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ දක්වා ඇති ප්‍රතිපාදන කඩ කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.

මෙම සිද්ධින් තුනම එක දේශපාලකයෙකු සම්බන්ධයෙන් වුවද රට පාලනය කළ අනෙක් දේශපාලකයන් ද මෙවැනි චෝදනාවෙන් නිදහස් වන්නේ නැත. ඔවුන් ද අඩුවැඩි වශයෙන් මෙවැනිම හෝ වඩාත් බරපතළ උල්ලංඝනය කිරීම්වලට අධිකරණයෙන් තීරණය නොවුවත් වැරදිකරුවන් ය. ඒ නිසා ඔවුන් ට තමන් කැමති කාලයක් ජනතාව නියෝජනය කිරීමේ වරම ලබා ගැනීමටත් ඒ හරහා නොයෙකුත් වරප්‍රසාද ලබා ගැනීමේත් නිදහස පවතී. මෑතක දී විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වරප්‍රසාදය නීතියකින් අහෝසි කළ ද ජනතාව මුළා කිරීමට ඔවුන්ට නිදහස තවම පවතී.

වෙනස් විය යුත්තේ දේශපාලකයන් සහ ජනතාවගේ නාමයෙන් ඔවුන් බිහි කර ඇති නිති රීති රාමුව පමණක් නොවේ. සමාජ විරෝධී වැඩ කටයුතුවලට එරෙහිව නැගි සිටීමටත් එවැනි දේවල නිරත වන අය ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාවක් සමාජයේ නිර්මාණය විය යුතුය. බලය ලබා ගැනීමේ අර්ථයෙන් නොවන නමුත් එය ද දේශපාලනයකි. ජනතාව අදහස් සහ මතවාදී වශයෙන් බල ගැන්වීමකි. පක්ෂ දේශපාලනයෙන් බැහැරව පොදු ජන යහපත සඳහා පෙල ගැස්විමකි. දැනට අපේ රටේ ක්‍රියාත්මක වන ලිබරල් ආර්ථික ක්‍රමයෙන් සහ ලිබරල්යැයි හැඳින්වෙන දේශපාලනයෙන් බැහැරව ජනතාව සවිබල ගැන්වීමට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රමයකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වැදගත් වුවද ජනතා හදවත් තුළ නිදහසේ ගුණාංග මිය ගොස් ඇත්නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් වෙනස් වන්නේ කඩදාසිය පමණි.

The post යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c/feed/ 0