Mahinda Hattaka, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 24 Jun 2026 16:15:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.0.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Mahinda Hattaka, Author at විවරණ 32 32 අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%99/ https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%99/#respond Wed, 24 Jun 2026 16:15:33 +0000 https://vivaranalk.com/?p=14818 පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත […]

The post අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. appeared first on විවරණ.

]]>
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා ඇමරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය.

ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව නැවත හොර්මුස් සමුද්‍රසන්ධිය විවෘක වුවද එය කෙතරම් දිනක් පවතී ද යන්න තවමත් සැක සහිත ය.

කෙසේ වුවත් සාමය ගැන බලාපොරොත්තු රඳවා ගත හැකි වන්නේ අවබෝධතා ගිවිසුම අනුව දෙපාර්ශ්වයම ජිනීවා හි දී දිගු කාලින සටන් විරාම ගිවිසුමක් සදහා සාකච්ඡා ඇරඹීමය. ඉන් පැහැදිලි වන්නේ සමහර බාධක මතු වුවත් සාමය ඇති කර ගැනීමට දෙපාර්ශ්වයටම අවශ්‍යතාවයක් පවතින්නේය යන්නයි. ඊට බලපාන ප්‍රධාන හේතුව ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායෙල් යුද්ධයේ ප්‍රථිඵල යුද බිමට පමණක් සීමා නොවීමයි. දින කීපයකින් යුද්ධය නිම කිරීමේ අදහසින් ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු ඉරානයට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කළ ද යුද්ධය බලාපොරොත්තු නොවු ආකාරයෙන් දිග් ගැසිණ. ප්‍රහාරය එල්ල කළ පළමු දිනයේ දීම ඉරානයේ දේශපාලනයේ සහ හමුදාවේ ඉහළ නායකත්වය මරා දැමීමට හැකි වුවද ඉරානය යටපත් වූයේ නැත. නව නායකත්වයක් යටතේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටත් රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමටත් ඉරානයට හැකි විය. වැඩිවන ජීවන බර සහ ආර්ථික කඩා වැටීම නිසා බලාපොරොත්තු කඩ වූ ජනතාව වීදි බැස උද්ඝෝෂණ කළ ද එම විරෝධතා ඉස්ලාමීය රජය බිඳ දැමීමට තරම් ශක්තිමත් නොවීය. ( මෙම උද්ඝෝෂණවලට සහ විරෝධතාවයන්ට සී අයි ඒ සහ මොසාඩ් ඔත්තු සේවාවල සහාය ලැබුණ බවද පසුව වාර්තා විය.)

හැම විටම නිවැරදි තීරණ ගන්නේයැයි පුරසාරම් දෙඩු ඩොනල්ඩ් ට්‍රම්ප් ගණන් නොබැලු බලවත්ම සාධකය වන්නේ යුද්ධයේ ආර්ථික බලපෑමයි. යුද්ධය යුද අවි නිපදවන සමාගම්වලට අසීමිත ලාභ ලැබෙන කර්තව්‍යයක් වුවද සාමාන්‍ය පාරිභෝගිකයාට එය දරා ගත නොහැකි බරක් විය. සමහර පාරිභෝගික භාණ්ඩ මිල සියයට විසිපහ ද ඉක්මවා වැඩි විය. ඇමරිකානු ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් වූ ගෑස් මිල සියයට 40.5කින් ඉහළ ගිය අතර පාරිභෝගික මිල දර්ශකය සියයට 42කින් වැඩි විය. ගාහස්ථ වියදම ඩොලර් 750කින් ඉහළ ගිය ද ආධායම වැඩි වූයේ සියයට0.5කිනි. මේ නිසා ඇමරිකානු ජනමතය යුද්ධයට එරෙහිවත් ට්‍රම්ප්ට එරෙහිවත් පිමි ගණනින් ඉදිරියට ගියේය.

මීටත් වඩා ප්‍රබල සාධකයක් වූයේ ඇමරිකාවේ ආර්ථිකයේ හදවත වන නිව්යෝර්ක් වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳ පොළ කඩා වැටීමය. බොර තෙල් මිල ඉහළ යෑම තෙල් සමාගම්වලට ලොතරැයි දිනුමක් වුවද අනෙක් ආයතනවලට අත් වූයේ සීඝ්‍ර පසු බෑමකි. හෝර්මුස් සමුද්‍රසන්ධිය වසා දැමීම නිසාත් ඉරාන මිසයිල ප්‍රහාර නිසාත් මැද පෙරදිග තෙල් නිපදවන රටවල ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිටින තත්වයකට පත් විය. එහි බලපෑම වෝල් ස්ට්‍රීට් කොටස් වෙළද පොළට දැඩි බලපෑමකි. මූල්‍ය වෙළද පොළෙන් එල්ල වූ බලපෑම ඉරානයේ මිසයිල් ප්‍රහාරවලට වඩා තියුණු විය. 

ඉරානයේ ආරක්ෂක වියදම්  ඇමරිකාව හා සසඳන විට සියයට දශම තුනක් වැනි සොච්චමක් වුවද විවිධ සම්බාධකවලට ලක්ව ඇති ඉරානයට ආර්ථිකය පවත්වා ගැනීම ප්‍රබල දේශපාලන අභියෝගයකි. අසහනයට පත්ව සිටින ඉරාන ජනතාව දිගින් දිගටම ආගමික මූලධර්ම පාලනයක් යටතේ පවත්වා ගැනීම ද පහසු නොවේ. පසුගිය වසරේ තෙහෙරාන් නගරයේ පැවති ජනතා විරෝධතා උද්ඝෝෂණවලට ඊශ්‍රායෙලය වැනි රටවලින් ආධාර ලැබුණ ද ඊට ජනපදනමක් නැතැයි කිම මුළාවකි. එමනිසා සම්බාධක ඉවත් කර ගැනිමත් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගිමත් බැහැර කළ නොහැකි සමාජ අවශ්‍යතාවයකි.

යුද්ධය අවසන් කිරීමට ප්‍රබල ආර්ථික හේතු දෙපාර්ශ්වයටම ඇති නමුත් සම්පූර්ණ චිත්‍රය එය නොවේ. දැනට පවතින තත්වය මත යුද්ධය නිමා කිරීමට සිදු වන්නේ ඇමරිකාව හෝ ඊශ්‍රායෙලය බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගෙන නොවේ. මත බේදයට ලක්ව ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම නතර කිරීමට අමතරව ඉරානයේ ඉස්ලාමීය පාලනය අවසන් කිරීම ද අරමුණකි. මෙම කරුණු දෙක සම්පූර්ණ කර ගත හැකිනම් මිසයිල ඇතුළු ඉරානයේ යුද ශක්තිය බරපතල අභියෝග නොවේ. ඇත්තෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායෙලය දිර්ඝ කාලීන සාමයකට එකඟවීමට ඇති ප්‍රධාන බාධා ලෙස දකින්නේ මෙම කරුණු දෙකයි.

අනෙක් අතට ඉරානයේ අවි බලය ඇමරිකාවට සහ ඊශ්‍රායෙලයට අභියෝගයක් නොවන නමුත් ඉරානයේ භුගෝලිය පිහිටීම ඒ සියල්ලටම වඩා ප්‍රබල සාධකයකි. ලෝකයේ තෙල් සැපයුමෙන් හතරෙන් එකක් පාලනය කිරීමට ඉරානයට හැකි වන්නේ හෝර්මුස් සමුද්‍රසන්ධිය වසා දැමීමට ඇති හැකියාව නිසාය. ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් සමුද්‍රසන්ධිය වසා දමන බවට ඉරානය යුද්ධය ඇරඹීමට පෙර සිටම තර්ජනය කළ ද ඇමරිකාව හෝ ඊශ්‍රායෙලය එය බරපතල සේ සැලකිල්ලට ගත්තේ නැත. සිය සුපිරි යුද ශක්තියෙන් හෝර්මුස් සමුද්‍රසන්ධිය අත්පත් කර ගත හැකි වනු ඇතැයි විශ්වාසයක් ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ තිබිණ. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද හොර්මුස් සමුද්‍රසන්ධිය අත්පත් කර ගැනීමේ අධිෂ්ඨානය ට්‍රම්ප් අත්හැර නැත.

එහෙත් එවැනි පියවරක් සඳහා මිසයිල ප්‍රහාර ප්‍රමාණවත් නැති බව යුද්ධයෙන් තහවුරු විය. ඒ සඳහා ගොඩබිම් ප්‍රහාරයක් ද අනිවාර්යෙන් කළ යුතුය. ගොඩබිම් ප්‍රහාරයකින් ඉස්ලාමීය ජනරජ හමුදාව පරාජය කිරීමට සමහර විට වසර ගණනාවක් ගත විය හැකිය. එය කිසි විටෙක සති කීපයකින් නිම කළ නොහැකි ඉලක්කයකි. එවැනි දිග්ගැසුණු යුද්ධයකට ට්‍රම්ප් හෝ එක්සත් ජනපදයේ වෙනත් ජනාධිපතිවරයෙකු ඉදිරිපත්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. ඇප්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව වැනි රටවලින් උගත් පාඩම් අමතක වනු ඇතැයි සිතිය නොහැකිය.

අවසාන විග්‍රහයේ දී දැනට අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම දීර්ඝ කාලීන සාම ගිවිසුමකට පදනම් වුවත් නැතත් ඉරානය ගල්ප් කලාපයේ වඩාත් ශක්තිමත් වූ බව යථාර්ථයයි. එවැනිම ප්‍රබල යථාර්ථයක් වන්නේ ඊශ්‍රායෙලයට සහ ඇමරිකාවට අභීතව මුහුණ දීමෙන් ඉරානය අරාබි ජනතාව තුළත් (පාලකයන් තුළ නොවේ.) සමස්ත මුස්ලිම් ජනතාව අතරත් හිමිකර ගත් කිර්ති නාමයයි. එය නිසැකයෙන්ම මුස්ලිම් ලෝකයේ බලතුනය වෙනස්වීමට හේතු වනු ඇත.

එමනිසා දීර්ඝ කාලීන සාම ගිවිසුමක් කෙටුම්පත් කිරීමේ දී මෙම කරුනු සැලකිල්ලට ගැනීමට නිසැකයෙන්ම හේතු වනු ඇත.

The post අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%99/feed/ 0
රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f-%e0%b7%84%e0%b7%90-2/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f-%e0%b7%84%e0%b7%90-2/#respond Thu, 18 Jun 2026 04:48:40 +0000 https://vivaranalk.com/?p=14797 අත්හැරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එය ජීවිතය සහ සමාජය දෙස ආර්ථික සහ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා අවබෝධයෙන් සහ ආයාසයෙන් වර්ධනය කළ යුතු සමාජ ධර්මතාවයකි. යුක්ති ගරුක සමාජයක පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන සමානාත්මතාවය මෙනි. සමාජයේ පවතින්නේ සමානත්වයක් නොවේ. කායික හෝ මානසික වශයෙන් පවතින්නේ අසමානත්වයයි. එහෙත් සමාජයක සාධාරණත්වයක් පවත්වා ගැනීමට සමානාත්මතාවය ඇති කර ගත යුතුය. ඒ […]

The post රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. appeared first on විවරණ.

]]>
අත්හැරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එය ජීවිතය සහ සමාජය දෙස ආර්ථික සහ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා අවබෝධයෙන් සහ ආයාසයෙන් වර්ධනය කළ යුතු සමාජ ධර්මතාවයකි. යුක්ති ගරුක සමාජයක පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන සමානාත්මතාවය මෙනි. සමාජයේ පවතින්නේ සමානත්වයක් නොවේ. කායික හෝ මානසික වශයෙන් පවතින්නේ අසමානත්වයයි. එහෙත් සමාජයක සාධාරණත්වයක් පවත්වා ගැනීමට සමානාත්මතාවය ඇති කර ගත යුතුය. ඒ සඳහා සෑම ජන කොටසක්ම තමන් සතු වරප්‍රසාද හෝ වෙනත් ගුණාංග යම් පමණකට අත් හැරිය යුතුය. එහි දී වරප්‍රසාද රහිත අයට යම් සමාජ සමානත්වයක් ලැබෙන අතර තවත් කොටසක් කිසියම් දුරකට සමහර දේ අත් හැරිය යුතුය. සියලු දෙනාට සාධාරණය ඉටු වන ප්‍රශස්ත සමාජයක් ගොඩ නැගිය හැක්කේ එවිටය.   

මෙවැනි සිතුවිල්ලක් මතු වන්නේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යාපනයේ දී මේ වසරේ පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වෙන බව ප්‍රකාශ කිරීමත් සමග ඒ දිනවලම යාපනයේ දී පැවති වෙනත් සාකච්ඡා මණ්ඩපයක දී පළ වූ අදහසක් සමග ය. විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයෙකු ප්‍රකාශ කළ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ කිසි දිනක පළාත් සභා නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට හෝ සැබැවින්ම බලය බෙදා හැරීමට පියවර නොගනු ඇත.  ඔහු තම ප්‍රකාශය සනාථ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී ක්‍රියා කළ ආකාරය උපුටා දැක් වූයේය. උතුරු පළාත් සභාවෙන් නැගෙනහිර පළාත වෙන් කිරීමට අධිකරණයේ පිහිට පැතීම සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ පාලන සමයේ ක්‍රියා කළ ආකාරය පළාත් සභා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සාධනීය පියවර නොගැනීමට හේතුන් ‍ලෙස ඔහු දැක් වූයේය. ඒ කරුණු නැවතත් සිහිපත් කිරීම අවශ්‍ය නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසය දන්නා අයට ඒ සියල්ල මැනැවින් අවබෝධ කර ගත හැකිය.

අත්පත් කර ගැනීමේ ප්‍රකට ලක්ෂණයක් වන්නේ පක්ෂයේ කිසිවෙකුට සමාජ ආර්ථික ප්‍රශ්න පිළිබඳව වෙනත් මතයක් හෝ අදහසක් නොමැතිවීම පමණක් නොවේ. අනෙකුත් සමාජයීය බැඳීම්වලදී පවා ප්‍රමුඛත්වය ලැබෙන්නේ පක්ෂයේ ස්ථාවරයට ය. එය චේ ගුවේරා සමයේ සිට මේ දක්වාම එම දේශපාලන කණ්ඩායමේ පවතින ජානමය  ලක්ෂණයකි. සරල නිදසුනක් වශයෙන් මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයෙකුට නිල වශයෙන් ලැබෙන දීමනාව දැක්විය හැකිය. මෙම මූල්‍යමය දීමනාව ඔවුන් ඉටු කරන්නේයැයි කියන මහජන සේවයට ගැලපෙන්නේ ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. රටේ මුළු ජන සංඛ්‍යාවෙන් සතරෙන් එකක් මන්ද පෝෂණයෙන් හෝ දුෂ්පෝෂණයෙන් පෙළෙන රටක ආණ්ඩුවත් මැති ඇමතිවරුත් නඩත්තු කිරීමට යොදන මුදල සාධාරණීය කරන්නේ කෙසේද යන්න අනිවාර්යෙන්ම සාකච්ඡා කළ යුතුය. මෙහි දී අප අවධානය යොමු කරන්නේ පක්ෂය එම මුදල් හසුරුවන ආකාරය යි.

අප කවුරුත් දන්නා ආකාරයට ජාතික ජනබල වේගයෙන් තේරී පත් වූ සෑම නියෝජිතයෙකුගේම වැටුප සහ දීමනාව පක්ෂයේ අරමුදලට බැර කළ යුතුය. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා අනුව මුදල් නිතුක් කරන්නේ පක්ෂයේ අරමුදලෙනි. එම අවශ්‍යතා ගණන් බලන්නේ කවර පදනමක් සහ නිර්ණායකයක් යටතේ ද යන්න ප්‍රකාශයට පත් කර නැත. සමහර විට එය දැන ගැනීමට එම නියෝජිතයන් තෝරා පත් කළ ජනතාවට අයිතියක් නැතැයි පක්ෂය සිතනවා විය හැකිය. එය රටම මෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයන් ද එක මිටට ගැනීමක් විය හැකිය.

අප කලින් සඳහන් කළ ආකාරයට පක්ෂයේ සියලු කටයුතු සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වන්නේ එක මිටට ගැනීමේ ප්‍රතිපත්තියයි. එය පක්ෂයේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයැයි කෙනෙකුට නිර්වචනය කළ හැකිය. රටේ ජනතාවට වැදගත් වන්නේ මෙවැනි ‘‘මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක්“ තම ප්‍රතිපත්තිය සහ ක්‍රියා මාර්ගය කර ගත් පක්ෂයකට අත්හැරීමක් නැතිනම් සරලව බලය බෙදා හැරීමක් කළ හැකි ද යන්නයි. බලය බෙදා හැරීම යන්නෙන් අදහස් වන්නේ පළාත් සභාවලට දේශපාලන බලය බෙදා හැරීම පමණක් නොවේ. පිළිගත් නීති රාමුවක් යටතේ පළාතක ජනතාවට තමන්ගේ සමාජ ආර්ථික කටයුතු මෙහෙයවීමේ නිදහස තිබිය යුතුය. එහෙත් එය ප්‍රමාණවත් නැත.  ජනතාවාදී පාලනයක් යටතේ බලය ඉහළම ස්ථානයේ සිට පාලන ව්‍යුහයේ පහළම තැන දක්වා ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ අදහස්වලට සහ ඕනෑ එපාකම්වලට මුල් තැන දීමෙනි. වගවීමේ සහ වගකීමේ මූලධර්ම පදනම් විය යුතුය. ඒ සියල්ලෙන් අදහස් වන්නේ ජනතාවට ප්‍රතිපත්ති සම්පාදයේ දී මෙන්ම ඒවා ක්‍රියාත් කිරීමේ දී ද නිරීක්ෂණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අයිතිය පිළි ගැනීමකි. එවැන් තත්වයක් යටතේ පක්ෂය සහ මහජන කැමැත්ත මත තේරීපත් වූ නියෝජිතයන් ක්‍රියා කළ යුතු වන්නේ ජනතා කැමැත්තට යටත්වය. ජනතා කැමැත්ත ප්‍රකාශ වන එක් ක්‍රමයක් වන්නේ ඡන්ද විමසීමයි. එය දිට්වා සුළු කුණාටුව නිසා හෝ මුදල් නොමැතිකම නිසා කල් දැමිය නොහැකි වගකීමකි.

වඩාත් ගැඹුරින් විමසා බලන විට සමාජවාදී හෝ ධනවාදී ආණ්ඩුවක් පවතින්නේ බලය හා මර්දනය පදනම් කර ගෙනය. කවර ආකාරයෙන් හෝ බලය හා බලහත්කාරය නැතිව පාලනයක් පවත්වා ගත නොහැකිය. බලය පවත්වා ගැනීමට නොයෙකුත් නිති රීති සහ පොලිසිය හමුදාව සහ සිරගෙවල් වැනි ආයතන පවත්වා ගත යුතුය. ඒවා හේතු යුක්ති කිරීමට නොයෙකුත් තර්ක විතර්ක ඉතිහාසය පුරාම පැවතිණ. සමාජ විප්ලව හට ගත්තේ බලය අසාධාරණ හා අයුක්ති සහගත ලෙස යොදා ගැනීම දරා ගත නොහැකි තත්වයට ප්‍රතිචාර දක්වීමටය. අප අත්දුටු මෑතක සිදු වූ ජනතා නැගිටීම අරගලයයි. ජනතා කැමැත්තෙන් තේරී පත් වුවද ජනතා සුභ සිද්ධිය අමතක කොට අත්තනොමතික පාලනයක් පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජ ගෙදර පස්සා දොරින් පළා යෑමට සිදු වූයේ ජනතා අරගලය නිසාය.

මෙම අරගලයට හේතු පාදක වූ කරුණු විවිධාකාරයෙන් විශ්ලේෂණය කිරීම් පැවතිය ද අවසානයේ දී ජනතා අවශ්‍යතාවට වඩා තමන්ගේත් තම සහචරයන්ගේත් අවශ්‍යතා ප්‍රමුඛ තර ගත් පාලකයෙකුට ලැබුණායැයි කියන ජන වරම බලයේ රැඳී සිටීමට ප්‍රමාණවත් වූයේ නැත. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති නීති රීතිවලට අමතරව තමා ගේ නියෝග නීති ලෙස පිලිගැනීමට අණ කිරීමෙන් අදහස් කෙළේ මුළු රටම එක මිටට ගැනීමට ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සියලු බලතල එක මිටට ගැනීමට සකස් කරන ලද නීතියකි. විධායක ජනාධිපතිට කළ නොහැකි එකම දේ පිරිමියෙකු ගැහැනියකු බවට පත් කිරීම පමණයැයි පළමු විධායක ජනාධිපති පාරම් බෑ ආකාරය අපට අමතක වී නැත. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් රටේ සියලු දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තම මැතිවරණ පොරොන්දුවලට එක් කෙළේ ඊට එරෙහිව නැගුණු ජනතා විරෝධය නිසාමය. 

බලය සංකේන්ද්‍ර කර ගත් දේශපාලන ව්‍යුහයකින් හික්මවනු ලැබූ නායකත්වයකට බලය අත් හැරීම සහ බෙදා හැරීම පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි සංකල්ප නොවේ. තම පක්ෂයෙන් තේරි පත් වූ මහජන නියෝජිතයන්ට ලැබෙන වැටුප හෝ දීමනාව පවා පක්ෂයේ අරමුදලට බැර කිරීමෙන් සහ ඔවුන්ගේ නඩත්තුව පක්ෂය භාර ගැනීමෙන් පෙන්වන්නේ බලය බෙදා හැරීමක් නොව බලය බදාගැනීමකි. පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ ඔවුන් පෙන්නුම් කෙළේ වැටුප් හෝ දිමනා මෙන්ම පාලන බලතලත් එකම ගිණුමකට බැර කිරීමට ඇති අවශ්‍යතාවයයි. ජනතා විමුක්ති පෙරමුණේ ජාන අනුව ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකි වුවද ජනතා අපේක්ෂාව ට පිටු පෑම බියකරු සිහිනයක් පමණක් නොවේ.

The post රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f-%e0%b7%84%e0%b7%90-2/feed/ 0
කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/#respond Sat, 30 May 2026 08:11:15 +0000 https://vivaranalk.com/?p=14733 බුදු සසුන පෙර කිසි දා නොවු විරු ආකාරයේ තර්ජනයකට මුහුණ දී ඇතැයි කලකට පසුව කරලියට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අසන්නට ලැබිණ. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි නමක් දේශනාවක් පවත්වමින් 40,000ක් පමණ වන භික්ෂූන් වහන්සේලාගෙන් විවිධාකාරයේ (ලිංගික චෝදනා ඇතුළුව) චෝදනා එල්ල වී ඇත්තේ සියයට දශම එකකටත් වඩා අඩු සංඛ්‍යාවකටයැයි දෙසූහ. මේ සියලු දෙනාම ඉලක්ක කර […]

The post කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. appeared first on විවරණ.

]]>
බුදු සසුන පෙර කිසි දා නොවු විරු ආකාරයේ තර්ජනයකට මුහුණ දී ඇතැයි කලකට පසුව කරලියට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අසන්නට ලැබිණ. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි නමක් දේශනාවක් පවත්වමින් 40,000ක් පමණ වන භික්ෂූන් වහන්සේලාගෙන් විවිධාකාරයේ (ලිංගික චෝදනා ඇතුළුව) චෝදනා එල්ල වී ඇත්තේ සියයට දශම එකකටත් වඩා අඩු සංඛ්‍යාවකටයැයි දෙසූහ. මේ සියලු දෙනාම ඉලක්ක කර ගෙන ඇත්තේ පසුගියදා බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියත් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අටමස්ථානාධිපති නායක හිමි ගේ කතා පුවත ජනමාධ්‍යයේ පළ වීමෙන් ඇති වු ආන්දෝලානාත්මක තත්වය යි.

සිද්ධියට අදාල දැරිය වෛශ්‍යාවක් විය හැකියැයි සර්ව ජන පක්ෂයේ නායකයෙකු වන දිලුම් අමුණුගම පැවසූ බවද වාර්තා විය.

ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පළමු හෝ එකම භික්ෂුව අටමස්ථානාධිපති හිමි නොවන බව සත්‍යයකි. මීට පෙර එවැනි චෝදනා එල්ල වී අධිකරණ නඩු විභාගයෙන් පසුව දඬුවම් ලැබු භික්ෂූන් වහන්සේලා ගැන ද අපි දනිමු. සමාජ පෙරළියකට මුල් පියවර තැබු අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කෙළේ ද භික්ෂුවකි. එම ඝාතනය සැලසුම් කෙළේ ද කැළණිය රජමහා විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හිමි බව තවමත් අප මතකයේ රැඳි ඇත.

ප්‍රශ්නය වන්නේ මෙවැනි සිද්ධීන් ප්‍රතිශතය අනුව ගණන් බලා හෑල්ලුවට ලක් කිරීමේ අවමන් සහගත උත්සාහයයි. සිදුහත් කුමරු බුදු බව පතා රජ මාලිගාවෙන් පිට වූයේ සියලු සැප සම්පත් අතහැර ය. ඉන් පසු සසුන් ගතවන සෑම කෙනෙකුම ලිංගික සම්බන්ධතා ඇතුළු ගිහි ජීවිතයේ සියලු සැප සම්පත් අතහැරිය යුතුය. එය කඩ කරන අයට හිමි දඬුවම් විනය පිටකයේ පැහැදිලිව දක්වා ඇත. එමනිසා අටමස්ථානාධිපති හිමි හෝ වෙනත් භික්ෂුවක් විනය පිටකයේ දක්වා ඇති වැරදිවලට අමතරව රටේ නීතිය අනුව කිසියම් ආකාරයේ වැරැද්දක් කර ඇතිනම් රටේ නීතියට අමතරව සාසනයේ චිරස්ථිතිය සඳහා ඇති නීතියට ද යටත් විය යුතුය. එවැන්නක් බෞද්ධයින් වශයෙන් අප අපේක්ෂා කරන්නේ භික්ෂූන් වහන්සේලා ට පුද සත්කාර කිරීම ඇප උපස්ථාන කිරීම පිළිවෙතක් මෙන්ම චාරිත්‍රයක් ද වන නිසාය. භික්ෂූන් වහන්සේ කෙනෙකු මහ මග හමු වුවත් දොහොත් නමා වැඳීමේ පුරුද්දක් තවම පවතී.

බුද්ධ ධර්මයේ ඉගැන්වෙන දේට අමතරව ඒ හා බැඳුනු චාරිත්‍රවාරිත්‍ර පවතින්නේ භික්ෂුන් වහන්සේලාගෙන් කිසි විටෙක වැරැද්දක් නොවන විශ්වාසයෙනි. ක්ලේශයන් ප්‍රහීන කළ බුද්ධ පුත්‍රයානන් කෙනෙකු අතින් වැරදි වීම කිසි විටෙක අපේක්ෂා නොකෙරේ. රටේ පවතින නීතිය අනුව කිසිම කෙනෙකු අධිකරණ නඩු විභාගයකින් තීරණය වන තෙක් නිවැරදි යැයි පිළිගැනීමක් පවතින නමුත් පූජ්‍ය පක්ෂයට එවැනි තත්වයක් හිමි නොවිය යුතුය. ඒ ඔවුන් සමාජය හික්මවීමටත් නිවැරදි මාර්ගයේ යොමු කිරීමටත් කැපව සිටින නිසාය. ජනතාව ඔවුන් නඩත්තු කරන්නේත් පුද පූජා පවත්වන්නේත් එම නිසාය.

එහෙත් වර්තමානයේ භාවිතය වී ඇත්තේ අධිකරණ නඩු විභාගයකින් තීරණය කරන තෙක් පූජකයන්ද නිදොස්යැයි සැලකීමය. අටමස්ථානයේ අධිපති හිමිට බරපතළ චෝදනාවක් එල්ල වී තිබුණ ද ඔහු තවමත් අටමස්ථානයේ අධිපති ය. තවමත් චීවරධාරීය. (සාමාන්‍යයෙන් මෙවැනි අපරාධයක් පිළිබඳව චෝදනාවක් ලැබු අයෙකු සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරයට වෙනස්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනත් ආයතන මැදිහත් වූ ආකාරය ගැන අප මෙහිදී සාකච්ඡා කරන්නේ නැත.) අඩුම වශයෙන් තම නිර්දෝෂී භාවය තහවුරු කරන තෙක් හෝ පූජකවරය අත්හිටුවීමේ ක්‍රමයක් නැත. එවැනි අමතක කිරීම් හෝ මගහැරීම් විවේචනය කිරීම බුද්ධ සාසනයට කරන අපහාසයක් සේ හැඳින්වීම සුලබ කාරණයකි. ඇල්ලේ ගුණවංශ හිමි බුද්ධ සාසනයට අනතුරක් ඇතැයි පවතින්නේ එවැනි චෝදනා බැහැර කිරීමේ අරමුණෙනි.

එමනිසා අටමස්ථානාධිපති හිමි තවමත් නිල වශයෙන් එම තනතුරේම වැඩ සිටිති. එම තනතුරේ ඇති බල මහිමය නිසා පොලිසිය ක්‍රියාත්මක කිරීමට ළමා ආරක්ෂාව සඳහා ඇති ආයතනවලට මැදිහත් වීමට සිදු විය. ප්‍රමාද වී හෝ යුක්තිය ඉටු වනු ඇතැයි අපි ද බලාපොරොත්තු වෙමු.

එහෙත් ඒ සියල්ල ඉවසා වදාරණ සමාජ තත්වයක් පැවතීම ඛේදනීය තත්වයකි. නිසි කලට අව් වැසි නොලැබීම දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමට තරග කරන දේශපාලකයන් සහ ඔවුන්ගේ පක්ෂ මෙම අපචාරයේ දී සම්පූර්ණයෙන්ම නිහඬය. ඒ ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් කිසිවෙකු ඉල්ලා සිටින්නේ නැත. අප ඉහතින් දැක් වූ ආකාරයට දිලුම් අමුණුගම වැනි දේශපාලකයන් උත්සාහ කරන්නේ එම දැරිය ගණිකාවක් සේ හඳුන්වා සිද්ධිය යටපත් කිරීමටය. ගණිකාවක් වුවත් බාල වයස්කාරියක් සමග ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා පැවැත්වීම අපරාධයක් බව මෙම තරුණ දේශපාලකයා දන්නේ නැති ද?

මේ සියල්ලෙන් මතුවන්නේ ධනය සහ බලය ඇත්නම් ඕනැම දෙයක් කිරීමට නිදහස පවතී යන්නයි. වාර්තාවන ආකාරයට එම බාල වයස්කාර දැරිය අටමස්ථානාධිපති හිමිගේ භාරයට පත්ව ඇත්තේ ඇගේ මවට මූල්‍යමය පෙළෙඹවීම් ලබා දීමෙනි.  නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පසුබට වී ඇත්තේ ද ධනය සහ බලය යන කාරණා දෙක නිසාය. දේශපාලකයින් මෙම අපචාර චෝදනාව ගැන මුනිවත රකින්නේ   බලය නිසාය. මොවුන් තරහ කර ගත හොත් ඡන්ද ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි යන බිය නිසාය. දේශපාලකයන්ගේ ඒකායන මාර්ගය වන්නේ හොඳින් හෝ නරකින් දේශපාලන බලය අත්පත් කර ගැනීම සහ තමන් අත ඇති දේශපාලන බලය රැක ගැනීම විනා යුක්තිය හා සමාජ ගුණ ධර්ම රැකීම නොවේ. මෙම දේශපාලකයින් දරිද්‍රතාවය ගැන කතා කරන්නේ බලය ලබා ගැනීමට දික් කරන සීනි බෝලයක ආකාරයෙන් විනා දුප්පත්කම තුරන් කිරීමට නොවේ.

අම්මා කෙනෙකු සිය දියණිය මුදලට විකුණන්නේ දුප්පත්කම නිසාය. තරුණියක් වෛශ්‍යා වෘත්තියට පෙළෙඹෙන්නේ දුප්පත් කම නිසාය. ආත්ම ගරුත්වයක් ඇති කිසි කෙනෙකු මෙවැනි දේට පෙළඹෙන්නේ නැති බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. එමනිසා මෙවැනි අපචාර වැළැක්වීමට ඇති සාර්ථකම ක්‍රියා මාර්ගය දුප්පත්කම තුරන් කිරීම පමණි. සමහර අවස්ථාවල නීතිය අනුව වැරදිකරුවන්ට දඬවම් ලබා දීමේ හැකියාව පවතින නමුත් ප්‍රශ්නයට පිළිතුරක් නොවේ.  

මෙහිදී තවත් කරුණක් සිහිපත් කිරීම වැදගත් ය. කිරි කළයට ගොම බිදක් වැටීමෙන් කිරි කළයම අපවිත්‍රවන්නේය යන්න ගැමි පිරුළකි. කිරි කළයක් වන සාසනය එක පුද්ගලයෙකුට සම්පූර්ණයෙන්ම අපවිත්‍ර කළ හැකි ය. එය වසා ගැනීමට ප්‍රතිශතය පිරුවටක් නොවේ.      

The post කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b7%85%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/feed/ 0
අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/#respond Fri, 03 Apr 2026 08:02:19 +0000 https://vivaranalk.com/?p=14636 නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය සහ ආධාර ලබන අය වෙනුවෙන් නීතිය බොහෝ විට ක්‍රියාත්මක වූයේ මන්දගාමීව ය. සමහර විට නොවැළැක්විය හේතු නිසා නිතිය ක්‍රියාත්මක වී අධිකරණ ක්‍රියාවලිය ඇරඹුණත් යුක්තිය ඉටු […]

The post අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. appeared first on විවරණ.

]]>
නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය සහ ආධාර ලබන අය වෙනුවෙන් නීතිය බොහෝ විට ක්‍රියාත්මක වූයේ මන්දගාමීව ය. සමහර විට නොවැළැක්විය හේතු නිසා නිතිය ක්‍රියාත්මක වී අධිකරණ ක්‍රියාවලිය ඇරඹුණත් යුක්තිය ඉටු වූයේ ද අතිශයෙන් මන්දගාමිව ය. අධිකරණයෙන් නියම වන දඩුවම පවා මග හැරීමට බලයේ සිටි අයට හැකියාව තිබිණ. එමනිසා යුක්තිය ඉටුවීම බොහෝ දුරට සිහිනයක් විය. පාලකයා පන්නා දැමීමට ජන අරගලයක් දියත්විමට මූලික හේතුවක් වූයේ ද යුක්තිය නිසි ආකාරයෙන් ඉටු වන බවට ජනතාව තුළ විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් නොතිබීමය.

අධිෂ්ඨානශීලී තරුණ තරුණියන් නායකත්වය දුන් එම අරගලයට සී අයි ඒ හෝ වෙනත් ඔත්තු සේවා මගින් විවිධාකාර සහාය ලබා දුන් බවට අරගලයෙන් බැට කෑ අය චෝදනා කළත් ඉන් ඔවුන්ගේ පාලන කාලය තුළ අමු අමුවේ සිදු වූ නොපනත්කම් වසා ගැනීමට නොහැකිය. අරලයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව ද ඔහුගේ දේශපාලන වේදිකාව වන පොහොට්ටුව වසර තුනකට ආසන්න කාලයක් ව්‍යවස්ථාදායක සහ අනියම් ආකාරයෙන් විධායක බලය මෙහෙයුව ද අරගලයට විදෙස් ඔත්තු සේවාවලින් ලැබුණු ආධාර අනුබල ගැන විමර්ශනයක් කෙරුණේ නැත. විදෙස් ඔත්තු සේවාවල බලපෑම නිසා විමර්ශන කටයුතු නොකළ බව හෙළිවීමට තවත් කලක් ගත විය හැකිය.

ඒ කෙසේ වුවත් නිතිය ක්‍රියාත්මක නොවීම යුක්තිය ඉටු නොවීමක් සේ ජනතාව තුළ තදබල හැගීමක් තිබු බව පැහැදිලිය. සමාජ ක්‍රියාකාරීන් අධිකරණයේ පිහිට පැතීමට ඉදිරිපත් වූයේ ද එම නිසාය. එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවෙන් ජය ගත් නමුත් සිවිල් ක්‍රියාකාරීන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග කෙරිණ. ඉන් පැහැදිලි වන සරල සත්‍යය නම් පාර්ලිමේන්තු යෝජනාවලින් කෙනෙකුගේ වංක අවංක භාවය තිරණය කළ නොහැකි බවය. කෙහෙලියගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මහත් උද්‍යෝගයෙන් ඉදිරිපත් වුවද එය යුක්තිය ඉටු කිරීමක් වූයේ නැත. කෙහෙලිය රඹුක්වැල්ල ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් කඩ කර ඇතැයි පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කෙළේද සමාජ ක්‍රියාකාරීන්ගේ පෙත්සමක් අනුවය.

මින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය මගින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවන්නේ නම් ඒවා අභිබවා යෑමට ජනතාව පසු බට නොවන්නේය යන්නයි. පරිපාලන නීති රීති සහ චක්‍රලේඛවල කුමක් සඳහන් වුවත් තමා කියන දේ නීතිය සේ සලකන්නයි නියෝග කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවා හැරීම විනා වෙනත් විකල්පයක් නැති බව ජනතාව තීරණය කළ නිසා ඔහුට ජනපති මැදුරේ පස්සා දොරින් පැන යෑමට සිදු විය. අවි රැගත් සන්නද්ධ සේවාවල රැකවරණය ඔහුට ලැබුණත් බලයේ රැඳී සිටීමට එය ප්‍රමාණවත් වූයේ නැත. ඉතිහාසය නැවත වරක් ඒ ආකාරයෙන්ම ඉටු නොවන බව සත්‍යයක් වුවත් යුක්තිය සහ සාධාරණත්වය උදෙසා ජනතාව තුළ පවතින කැපවීම සහ අධිෂ්ඨානය කිසිසේත් අඩුවෙන් තක්සේරු කිරීම කිසිම පාලකයෙකු ගේ සෞඛ්‍යයට හිතකර නොවන බව තේරුම් ගැනීම වැදගත් ය.

නිතිය උසස් පහත්කම් නොබලා සැමට සාධාරණව ඉටු කිරීමට කැප වී සිටින ජාතික ජන බලවේග රජයෙන් වැරදි කරන අයට දඬුවම් දීමට නීතියෙන් බාධාවක් නොවන බව අවධාරණය කළ ද සෑම අවස්ථාවකම එසේ සිදු නොවන බව දැකිය හැකිය. දැනට සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩුවක් පැවරීම නිතිය උස් පහත්තම් නොබලා ක්‍රියාත්මක වන අවස්ථාවක් සේ අධිකරණ අමාත්‍යවරයා පාරම් බෑවේය. එම කොමිසම මගින් කරන ලද විමර්ශනයක් අනුව අදාල පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරීමට දේශපාලන බාධා තිබුණත් නැතත් ඒවා නොසලකා පියවර ගැනිමට හැකි වීම ආයතන ව්‍යුහයේ ශක්තිමත් භාවයට නිදසුනකි. එය පුරවැසියන් වශයෙන් අපි ද අගය කරමු.

එහෙත් වැදගත් කාරණයක් වන්නේ නීතිය ක්‍රියාත්මකවීමෙන් පමණක් සමාජයේ යුක්ති ගරුක භාවය සහ සාධාරණත්වය ඉටු වන්නේ ද යන්නයි. අපක්ෂපාතී සාධාරණ අධිකරණ විභාගයකින් පසුව නියම කරන තින්දුව ප්‍රතික්ෂේප කිරීම ශිෂ්ඨ සමාජයට හැකියාවක් නැත. එහෙත් යුක්තිය සහ සාධාරණත්වය පිළිඳව සමාජයේ පවතින මතය අධිකරණයේ තීන්දුවලින් සීමා වන්නේ නැත. ඒ යුක්තිය සහ සාධාරණත්වය ඇතැම් විට නීතියේ සඳහන් ප්‍රතිපාදන ඉක්මවා යන ගුණධර්මයක් වන නිසාය.   

ආචාර්ය උපාධියක් ඇතැයි බොරුවට පෙන්වීම ඇත්තෙන්ම පාර්ලිමේන්තුව මෙන්ම ජනතාව ද නොමග යැවීමකි. සදාචාරමය වශයෙන් ඔහු කළ යුත්තේ පාර්ලිමේන්තු මංත්‍රී තනතුරෙන් ද ඉල්ලා අස්වීමය. සදාචාරාත්මක වගකීම පැහැර හැරීම රන්වලට සීමා වූයේ නැත. දැන් බලශක්ති ඇමති කුමාර ජයකොඩි ට ඊටත් වඩා බරපතළ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇත. ඉන් එකක් ඔහු පොහොර සංස්ථාවේ සැපයුම් ප්‍රධානියා වශයෙන් සිටිය දි කරන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙනි. ඇත්තනේම මුදල් වංචාවක් පිළිබඳ චෝදනාවක් නිසා ඔහු ඇමති තනතුරෙන් ඉල්ලා අස්වීම සදාචාරාත්මකව ගත යුතු පියවරකි. ඊට අමතරව ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින ආයතනයක ගල්අඟුරු මිලදී ගැනීමේ දී රජයට පාඩු සිදු කර ඇතැයිද චෝදනාවක් ජන සමාජයේ කතා බහට ලක්වෙමින් පවතී. පොහොර සංස්ථාවේ චෝදනාවට අමතරව එවැනිම චෝදනාවක් නැවතත් ඉදිරිපත්වීම අධිකරණයෙන් වැරදිකරුයැයි තීරණය වන තෙක් නිදොස්යැයි පදනම යටතේ ඇමති තනතුරක් වැනි භාරදුර කටයුත්තක යෙදෙන අයකුට ගැලපෙන්නේ නැත. සදාචාරය පිළිබඳ හැඟීමක් ඇත්නම් ඔහු එම පරීක්ෂණ සහ නඩු විභාග නිම වන තෙක් එම වගකීම්වලින් ඉවත්ව සිටිය යුතුය. නීතිය අභිබවා යන සදාචාරය එයයි. එය නොසලකා සිටීම සදාචාරාත්මක පිරිහීමකි.

මින් ගම්‍ය වන්නේ ඇමති තනතුරේ සිටියදී කරන ලදැයි කියන වැරදි ගැන පමණක් ජනාධිපති ක්‍රියාත්මක වන්නේය යන්නයි. ඇමති තනතුර ලැබීමට පෙර කරන ලදැයි කියන වංචා හෝ දූෂණ එම පුද්ගලයා වර්තමානයේ දරන වගකීම්වලට කිසිදු බලපෑමක් වන්නේ නැත. ඔහුට හෝ ඇයට වත්මන් ආණ්ඩුවෙන් පවරා ඇති වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට දේශපාලන වශයෙන් තනතුරක් ලැබීමට පෙර කරන ලදැයි කියන වැරදි කිසි ලෙසකින් බලපාන්නේ නැත.

මෙවැනි තර්කයක් භාවිත නීතිය අනුව ගැලපෙන්නක් වුවද ජනතා අපේක්ෂාවට කිසිසේත් ගැලපෙන්නේ නැත. මීට පෙර සිටි පාලකයන් ජනතාව ඡන්ද බලයෙන් ඉවත් කෙළේ ඔවුන් අධිකරණයෙන් දූෂණ හෝ වංචා පිළිබඳ වැරදිකරුවන් වූ නිසා නොවේ. ඔවුන් සියල්ලන්ම වංචා සහ දූෂණවල යෙදී අයථා ධනය රැස් කර ගත් බවට ප්‍රබල ජනමතයක් ගොඩ නැගී තිබිණ. එකල පැවති ජන විඥානය එයයි. පාර්ලිමේන්තුවේ සිටි දෙසිය විසිපහම එපා කීවේ ඔවුන් වංචා දූෂණ කළ බවට සාක්ෂි තිබුණ නිසාම නොවේ. වැදගත් වූයේ වංචා දූෂණ නැවැත්වීමටත් වැරදි ක්‍රියා මාර්ග නිවැරදි කිරීමටත් ඒ සියල්ලන්ම අසමත් වු නිසාය. පසුගිය මහා මැතිවරණයේ දී ජනතා අපේක්ෂාව වූයේ එවැනි වැරදිවලින් තොර සැබැවින්ම නව පාලනයකි.

එහෙත් අශෝක රන්වල සහ කුමාර ජයකොඩි කතා වස්තුවලින් පෙනී යන්නේ ගමන් මගේ කිසිදු වෙනසක් සිදුව නැති බව සහ වෙනසක් කිරීමට අවංක වුවමනාවක් නැති බවය. ඒ බව තහවුරු වන්නේ දූෂිතයන් ආරක්ෂා කිරීමට අඳබාල තර්ක ඉදිරිපත් කිරීමෙනි.    

The post අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%9a-%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/feed/ 0
යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c/#respond Thu, 26 Mar 2026 06:45:50 +0000 https://vivaranalk.com/?p=14621 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය. ‘..නිදහස පළමුව වෙසෙන්නේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ හදවත් තුළය. එය මිය ගිය හොත් කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට, කිසිම නීතියකට හෝ කිසිම උසාවියකට ගලවා ගත නොහැකිය..’ ඉන් අදහස් වන්නේ නිදහස ජන සමාජයේ සෑම මිනිසෙකුට හා ගැහැනියකට අයත් සියලු […]

The post යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. appeared first on විවරණ.

]]>
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය.

ඉන් අදහස් වන්නේ නිදහස ජන සමාජයේ සෑම මිනිසෙකුට හා ගැහැනියකට අයත් සියලු ආකාරයෙක් රැක ගත යුතු සමාජ හර පද්ධතිය තුළ අනිවාර්යෙන්ම ගැබ් විය යුතු කිසිසේත් අඩු තක්සේරුවට ලක් නොකළ යුතු ගුණාංගයක් යන්නයි.

ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට නිදහස ජන සමාජයේ එක් එක් පුද්ගලයාට නෛසර්ගිකව අයත් වන මෙන්ම අනිකුත් අය ද සමානව භුක්ති විඳිය යුතු අයිතියකි. නිදහස සැබැවින්ම ආරක්ෂා වන්නේ අයිතියක් වශයෙන් භුක්ති විඳීමට අමතරව ඊට හානිකර එනම් නිදහස යටපත් කෙරෙන සමාජ ප්‍රවනතාවලට එරෙහි වීමෙනි. ඉන් අදහස් වන්නේ පොදුවේ සමාජයේ නිදහසට එරෙහිව යන බලවේග ක්‍රියාත්මක වුවහොත් කිසිවෙකුගේ නිදහස ආරක්ෂා නොවන්නේය යන්නයි. අද සමාජයේ සිදු වූ සහ සිදුවන බොහෝ දේ සමස්ත ජනතාවගේම නිදහසට හානිකර එය යටපත් කෙරෙන දේ බව දක්නට ඇත. තුරෙයිරාජා විනිසුරුවරයා උපුටා දැක් වූ ආකාරයට එම හානිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ උසාවිවලින් නිවැරදි කිරීමට නොහැකි තරම් ය. ඛේදය වන්නේ ඒවා ජනතාවගේ නිදහසට හානිකර නිදහස වළ දමන දේ බවට සමාජයේ පිළිගැනීමක් නොමැති වීමය. කිසියම් සුවිශේෂී තත්වයන් යටතේ එවැනි දේ කරන පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන ආ විට විවිධ අර්ථකතන ඉදිරිපත් කර ඔවුන්ගේ නිර්දෝෂී භාවය තහවුරු කිරීමට සමාජයේ වරප්‍රසාදිත පිරිස් ඉදිරිපත් වීම ය.

මීට හොද නිදර්ශනයක් පසුගිය දා ජනමාධ්‍යය් වාර්තා විය. පළමුවෙන්ම වාර්තා වූයේ රජයේ ආයතනයක් වන එයාර් ලංකා  ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන ආපසු ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපොළේ දි අත් අඩංගුවට ගැනීමය. පසුව ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී පරීක්ෂණ නිලධාරීන් ඉදිරිපත් කළ කපිල චස්ද්‍රෙස්න ගේ දිව්රුම් ප්‍රකාශයක් අනුව එයාර්බස් ගනුදෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් රු. දශ ලක්ෂ හැටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට ලබා දී ඇත. පුදුමයට කරුණ වන්නේ ඊට පසුවදා තමා කලින් ප්‍රකාශය ලබා දුන්නේ බල කිරීම නිසායැයිද එමනිසා එහි සඳහන් කරුණු නිවැරදි නොවන බව පැවසීමය. මෙම දිව්රුම් ප්‍රකාශය බන්ධකාගාරයේ නිලධාරීන් ඉදිරියේ දී සහතික කරන මුද්‍රාවක් ද එම ප්‍රකාශයට යා කර තිබිණ.  පොලීසියේ නිලධාරීන් මෙන්ම විමර්ශන කටයුතුවල යෙදෙන නිලධාරීන් සැකකරුවන්ට තර්ජන ගර්ජන කිරීමේ ඉතිහාසයක් ඇති අපට අල්ලස් කොමිසමේ නිලධාරීන් බලපෑම් කළේයැයි පැවසීම පහසුවෙන් බැහැර කළ නොහැකිය.

මතු පිටින් පෙනෙන සත්‍යය එසේය.

එහෙත් මෙම සිද්ධියේ ඉතිහාසය විමසා බලන්නට කිසිවෙකු උනන්දු වන්නේ නම් සම්පූර්ණයෙන් වෙනස් චිත්‍රයත් දැකිය හැකිය. එයාර් ලංකා ගුවන් සමාගමට එයාර්බස් මිලදී ගැනීමේ දී බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වූයේ මීට වසර හයකට හෝ හතකට පෙර ය. ඒත් අපේ රටෙන් නොව බ්‍රිතාන්‍ය යෙනි. ඒ රටේ දී අල්ලස් හෝ දූෂණ කටයුතු නීති විරෝධී නිසා අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් එයාර්බස් සමාගමේ නියෝජිතයන්ට එරෙහිව නඩු විභාගයන් පැවතිණ. එහිදී ගිවිස ගත් ඩොලර් දශ ලක්ෂ 16 ක අල්ලස් මුදලින් ඩොලර් දශ ලක්ෂ දෙකක් අත්තිකාරම් වශයෙන් එයාර් ලංකා ගුවන් සමාගමේ සභාපති කපිල චන්ද්‍රෙස්නට ලබා දුන් බව සමාගම පිළිගෙන ඒ වෙනුවෙන් විශාල දඩ මුදලක් ද ගෙව්වේය.

ඒ එංගලන්තයේය.

මෙහිදී අපට වැදගත් වන්නේ රටේ ව්‍යවස්ථාදායක මෙන්ම විධායක බලය ද ජනවරමකින් ලබා ගන්නා දේශපාලකයන්ට ජනතාවගේ නිදහස (මෙහි දී නිදහස යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලික නිදහස පමණක් නොවේ. දේශපාලන සහ ආර්ථික නිදහසද ඊට ඇතුළත් ය.) උල්ලංඝනය කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් හෝ අධිකරණයෙන් දඩුවම් ලබා දීමට ඇති ඉඩ කඩ බෙහෙවින් සීමිත වීමය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක

රට බේරා ගත්තේයැයි පිදුම් ලබන මෙම දේශපාලකයින් පුරුද්දක් වශයෙන්ම රටේ නීතියෙන් හා සමාජ සම්මතයෙන් නොකළ යුතුයැයි හැඳින්වෙන දේ කරන බව දැක්වීමට තවත් එක් නිදසුනක් දැක්විය යුතුයැයි හැඟේ. අප මීට පෙර ද විවරණ තුළින් දක්වා ඇති ආකාරයට මහින්ද රාජපක්ෂට 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාර්බර් කෝපරේෂන් නම් සමාගමෙන් ඩොලර් දශ ලක්ෂ 7.6ක් ස්ටෑන්ඩර්ඩ් බැංකුව හරහා ගෙවා ඇත. මෙම සිද්ධිය ප්‍රකාශයට පත් වූ විට එම තොරතුරු හෙළි කළ ජනමාධ්‍යවේදිනියට සහ ඒවා පළ කළ නිවියෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඔවුන් තර්ජනය කළ ද මෙතෙක් කිසිවක් සිදුව නැත. ( මෙම පුවත එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ පළ වූයේ 2018 ජුලි 17 වැනි දාය)

මීට අමතරව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ දක්වා ඇති ප්‍රතිපාදන කඩ කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.

මෙම සිද්ධින් තුනම එක දේශපාලකයෙකු සම්බන්ධයෙන් වුවද රට පාලනය කළ අනෙක් දේශපාලකයන් ද මෙවැනි චෝදනාවෙන් නිදහස් වන්නේ නැත. ඔවුන් ද අඩුවැඩි වශයෙන් මෙවැනිම හෝ වඩාත් බරපතළ උල්ලංඝනය කිරීම්වලට අධිකරණයෙන් තීරණය නොවුවත් වැරදිකරුවන් ය. ඒ නිසා ඔවුන් ට තමන් කැමති කාලයක් ජනතාව නියෝජනය කිරීමේ වරම ලබා ගැනීමටත් ඒ හරහා නොයෙකුත් වරප්‍රසාද ලබා ගැනීමේත් නිදහස පවතී. මෑතක දී විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වරප්‍රසාදය නීතියකින් අහෝසි කළ ද ජනතාව මුළා කිරීමට ඔවුන්ට නිදහස තවම පවතී.

වෙනස් විය යුත්තේ දේශපාලකයන් සහ ජනතාවගේ නාමයෙන් ඔවුන් බිහි කර ඇති නිති රීති රාමුව පමණක් නොවේ. සමාජ විරෝධී වැඩ කටයුතුවලට එරෙහිව නැගි සිටීමටත් එවැනි දේවල නිරත වන අය ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාවක් සමාජයේ නිර්මාණය විය යුතුය. බලය ලබා ගැනීමේ අර්ථයෙන් නොවන නමුත් එය ද දේශපාලනයකි. ජනතාව අදහස් සහ මතවාදී වශයෙන් බල ගැන්වීමකි. පක්ෂ දේශපාලනයෙන් බැහැරව පොදු ජන යහපත සඳහා පෙල ගැස්විමකි. දැනට අපේ රටේ ක්‍රියාත්මක වන ලිබරල් ආර්ථික ක්‍රමයෙන් සහ ලිබරල්යැයි හැඳින්වෙන දේශපාලනයෙන් බැහැරව ජනතාව සවිබල ගැන්වීමට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රමයකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වැදගත් වුවද ජනතා හදවත් තුළ නිදහසේ ගුණාංග මිය ගොස් ඇත්නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් වෙනස් වන්නේ කඩදාසිය පමණි.

The post යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c/feed/ 0
මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%8f/#respond Wed, 04 Mar 2026 10:52:34 +0000 https://vivaranalk.com/?p=14576 යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ […]

The post මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. appeared first on විවරණ.

]]>
යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ඉරානයට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ප්‍රහාරය එල්ල කෙළේ ඉරානයේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා එහි නායකත්වය ඝාතනය කිරීමටය. පළමු ප්‍රහාරයෙන් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ අයතොල්ලා  අලි කමේනි සහ ඔහුගේ පවුලේ සමීතම ඥාතීන් මරා දමන ලදී. මෙවැනි ඝාතන දැනට ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇති යුද නීතිය සහ ජිනීවා සම්මුතීන් අනුව දඬුවම් ලැබිය හැකි අපරාධ වුවද ඒ සියල්ල දැන් අහෝසි වී ගොසිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණය සහ මගපෙන්වීම යටතේ ඊශ්‍රායෙලය මෙම නීති විරෝධී (නීතිය යනුවෙන් කිසිත් ඉතිරිව ඇත්නම්) ප්‍රහාරය එල්ල කිරීමේ ප්‍රකාශිත අරමුණ ඉරානය ක්‍රියාත්මක කරන න්‍යෂ්ටික වැඩ පිළිවෙළ විනාශ කිරීමය. තමන්ට න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් එය හුදෙක් සාමකාමී විද්‍යාත්මක අවශ්‍යතාවයන් සඳහා බවත් ඉරාන රජය නැවත නැවතත් අවධාරණය කළ ද එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය එය පිළිගත්තේ නැත. ඇත්තෙන්ම න්‍යෂ්ටික ප්‍රශ්නය ඉරානය ආක්‍රමණය කිරීම හේතු යුක්ති කිරීමට ගොතන ලද මුසාවක් බව පැහැදිලිය. පසුගිය වසරේ ජුනි මාසයේ ඉරානයට ප්‍රහාර එල්ල කෙළේ ද න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන විනාශ කිරීමට ය. දින දොළහක් තිස්සේ පැවති එම ප්‍රහාරවලින් නම්ටාස් ඇතුළු ඉරානයේ සියලු න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කොට ඒවා මෙහෙය වූ විද්‍යඥයන් මරා දමා ජයග්‍රහණය තහවුරු කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනතාවට සහතික වූයේය. එය සත්‍යයක් නම් මාස හයක් ඇතුළත නැවතත් විනාශ කිරීමට එම ස්ථානවලම න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටුවීම හාස්කමකි. සැබෑවටම සිදුව ඇත්තේ කන්න හිතුණාම කබරගොයා තලගොයාවීමකි. ඊශ්‍රායෙලයට සහ බටහිර යුරෝපීය රටවල් ඇතුළත් ඇමරිකාවට අවශ්‍ය වන්නේ තමන්ට ගැති පාලනයක් ඉරානයේ ස්ථාපිත කිරීමය.

ඉරානයේ හෝමෝස්ගන් (Hormozgan) පළාතේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ දරුවන් වෙනුවෙන්, 2026 මාර්තු 03 වන දින ඉරානයේ මිනාබ් (Minab) නුවර පැවති අවමංගල්‍ය උත්සවයකදී ශෝකවන්නන් සිසුවෙකුගේ ඡායාරූපයක් අතැතිව සිටින අයුරු..

පළමුවෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ යුද්ධයට හේතුව සේ දැක් වුවත් පසුව තවත් ඉල්ලීම් දෙකක් එකතු කෙරිණ. ඒ ඉරානයේ මිසයිල වැඩ පිළිවෙළ නතර කිරීම සහ දේශපාලන නායකත්වය බටහිර රටවලට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමය. සරලව ආගමික නායක අයතොල්ලා ගේ නායකත්වයෙන් ඇති පාලන ක්‍රමය වෙනස් කොට බටහිර රටවලට ගැලපෙන දේශපාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමය. තිරණාත්මක ඉල්ලීම එයයි. න්‍යෂ්ටික අවි පැතිර යෑම ලෝක සාමයට ඇති තර්ජනයක් සේ දකින්නේ නම් ඊශ්‍රායෙලය සතු න්‍යෂ්ටික අවි ද විනාශ කළ යුතුයැයි බලපෑම් කළ යුතුය. ගණන් බලා ඇති ආකාරයට ඊශ්‍රායෙලය සතු න්‍යෂ්ටික අවි ප්‍රමාණය අනුව එය ලොව සිවුවැනි හෝ පස්වැනි න්‍යෂ්ටික බලවතාය. එහෙත් බටහිර කිසිම රටක් ඒ ගැන සඳහන් කිරීමට හෝ ඉදිරිපත් වන්නේ නැත. එමනිසා න්‍යෂ්ටික වැඩ සටහන ඉරානය ආක්‍රමණය කිරීමට කඩතුරාවක් පමණි.

ඉරානයත් සමස්තයක් වශයෙන් මුළු ලෝකයත් තම යටතට ගත යුතුය යන අදහස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිහිනයක් පමණක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව බලවත්ම රාජ්‍යය බවට පත් ඇමරිකා එක්සත් ජනපදය ඊට අභියෝගයක් වන කිසිම රටක් පැවතිමට ඉඩ නොදීම ජාතික ප්‍රතිපත්තිය කර ගත්තේය. මොන්රෝ න්‍යාය යනුවෙන් හැඳින් වූයේ එයයි. දැන් එය හැඳින්වෙන්නේ ඩොන්රෝ නමිනි.

එවැනි ආධිපත්‍යයක් පවත්වා ගැනීමට දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහි වූ සමාජවාදී කදවුර පැහැදිලිවම අභියෝගයක් වුවද ඒ වන විටත් න්‍යෂ්ටික අවි නිපදවා ගත් සෝවියට් රුසියාව අක්‍රමණය කිරීමට එක්සත් ජනපදය ඉදිරිපත් වූයේ නැත. එහෙත් සෝවියට් කදවුරට අභියෝග කිරීමට හැම විටම රහසිගතවත් විවෘතවත් පියවර ගත්තේය.

ඉරානයේ ප්‍රජාතන්ත්‍රීයව තේරී පත් මොහොමඩ් මොසාඩේග් ගේ රජය 1953 දී පෙරළා දැමුවේ ඒ අනුවය. එම කුමන්ත්‍රණය ඇමරිකානු සී අයි ඒ සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා ආයතනය වූ ඇම් 16 සැලසුම් කළ බව දැන් තහවුරු වී ඇත. එම කුමන්ත්‍රණයෙන් පසුව බලයට පත් ෂා වසර 26ක කුරිරු පාලනයක් ගෙන ගියත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කැපව සිටි ඇමරිකා එක්සත් ජනපදයට එය ගැටලුවක් වූයේ නැත.

අවසානයේ දී ඉරානය තුළින් මතු වු ජනතා විරෝධය හමුවේ ෂාට රටින් පලා යෑමට සිදු විය. ඔහුට රැකවරණය ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ඒ අනුව ඉරානයේ තමන්ට හිතවත් රාජ්‍යයක් පවත්වා ගැනීමට ඇමරිකාව ඉතිහාසය පුරාම උත්සාහ ගෙන ඇත.

මෙය මැද පෙරදිගට පමණක් සීමා වූ ප්‍රතිපත්තියක් නොවේ. පසුගිය දා වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකන් හමුදාවෙන් පැහැර ගෙන ගියේ ද ලතින් ඇමරිකාව තම ග්‍රහණයේ පවත්වා ගැනීමටය.

අවි ශක්තිය අනුව ඉරානයට ඇමරිකාව සහ ඊශ්‍රායෙලය පරාජය කළ හැකියැයි කිව නොහැකිය. ඉරානයද එවැන්නක් විශ්වාස කරනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ගණන් බලා ඇති ආකාරයට දින කීපයකින් හෝ සති කිපයකින් යුද්ධයේ නිමාවක් නොවනු ඇත. එමනිසා මෙම ගැටුම අනිවාර්යෙන්ම දිර්ඝ කාලින සටනක් බවට පත් වනු ඇත. ඇමරිකාවට කෙසේ වුවත් ඊශ්‍රායෙලයට දිර්ඝ කාලීන යුද්ධයක් පවත්වා ගැනීම පහසු නොවේ. ගාසා තීරයේ ජනඝාතනය වසර හතරක් තිස්සේ පවත්වා ගෙන ගියේ වෙනස් වාතාවරණයක් යටතේය. හමාස් සංවිධානයේ ප්‍රහාරක ශක්තිය යුද්ධය හට ගෙන දින කීපයකින් අවසන් විය. ඊශ්‍රායෙල් හමුදාවට ගාසා තීරයේ ඕනෑම තැනකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබිණ.

ඉරානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. දශ ලක්ෂ 90ක් ජන සංඛ්‍යාවකින් යුත්  ඉරානයේ භුමි ප්‍රමාණයද ඊශ්‍රායෙලය මෙන් හතළිස් ගුණයකි. භු විෂමතාවයද දීර්ඝ කාලීන ගරිල්ලා යුද්ධයකට ගැලපේ. එමනිසා දැනට එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ ප්‍රධාන නගරවල බලය අත්පත් කර ගත්තත් ස්ථාවර පාලකයක් පිහිටුවීම බෙහෙවින් අසීරුය. විය හැක්කේ ඉරාකය ලිබියාව වැනි රටවල පවතිනවාටත් වඩා බෙදී බිඳී ගිය තත්වයකි. එය කිසිසේත් ඇමරිකාවේ හෝ ඊශ්‍රායෙලයේ අරමුණු සපුරා ගැනීමට හිතකර නොවේ.

ස්ථාවර මධ්‍යගත පාලනයක් වෙනුවට ඊශ්‍රායෙලයේ සැලසුම වන්නේ වාර්ගික පදනමක් යටතේ එකිනෙකා සමග සටක් වදින ප්‍රාදේශීය නායකයන්ගේ මෙහෙයුම යටතේ කුඩා රාජ්‍ය ගණනාවකට ඉරානය කැබලි කිරීමය. එවැන්නක් ඇමරිකානු අරමුණුවලට ද ගැලපේ. ඉරානයේ ජන සංයුතිය අනුව ඇසර්බයිජානු, කුර්දි සහ බැලොකිස්තානු වශයෙන් වාර්ගික ජන කොටසක් රාශියක් සිටින නිසා ඉරානය කඩා විසුරුවා හැරීමට පහසු වාතාවරණයක් පවතී. කුර්දි සහ බැලොකිස්ථානු ජන වර්ග දැනටමත් ස්වයං පාලන ඉල්ලා සටන් කරති. මෙසේ ජනවාර්ගික පදනමක් යටතේ අසල්වැසි රටවල් කැබලි කිරීම සයන්වාදී යුද සැලැස්මේ කොටසකි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRCG)

අනිත් කාරණය බොහෝ රාජ්‍ය නායකයන් පවසන ආකාරයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහ සාකච්ඡා තුළින් විසඳුමක් ලබා ගැනීමට නොහැකිද යන්නයි. ඇමරිකානු ජනාධිපති සාකච්ඡා නැවත ඇරඹීමට සූදානම්යැයි දැනටමත් පවසා ඇත. ඉරානය විය යුතු ආකාරයටම එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුවට විසඳුම් ලබා ගැනීට ඇමරිකාව සූදානම් නැති බව පසුගිය මාස කීපය ඇතුළත අවස්ථා දෙකකදීම පෙන්වා ඇත. ප්‍රහාරය ඇරඹීමට දින කීපයකට පෙර ජිනීවා හිදී පැවති සාකච්ඡා ඉතාමත් සාර්ථකයැයි ඇමරිකානු පාර්ශ්වය මෙන්ම ඉරානයේ නියෝජිතයා ද පැවසුවේය. පසුගිය වසරේ ගුවන් ප්‍රහාර එල්ල කෙළේ සාකච්ඡා පවත්වන අතර ය. සාකච්ඡා සාර්ථක වීමට නම් ඉරානය කොන්දේසි විරහිතව ඇමරිකානු ඉල්ලීම් පිළිගත යුතුය.

කලාපයටත් ලෝකයටත් දැඩි බලපෑමක් වන මෙම යුද්ධයෙන් තහවුරු වන වැදගත්ම කාරණය වන්නේ සාකච්ඡා සම්මුති නව අධිරාජ්‍යවාදී යුගයේ උපාය උපක්‍රමවලින් සම්පූර්ණයෙන්ම ගිලිහී ඇති බවය. ඉරාන යුද්ධය මෙන්ම යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් ද එය සත්‍යයකි. යුක්‍රේනයේ අවි ගැටුම් ඇති විමට පෙර සාමකාමී විසඳුමක් සඳහා යුරෝපිය රටවල් සහ රුසියානු අතර ඇති කර ගත් මින්ස්ක් ගිවිසුම් දෙකම බටහිර රටවල් යොදා ගත්තේ යුද්ධයට සූදානම් වීමේ ආවරණයක් සේය. මේ බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කේල් ප්‍රසිද්ධියේම පැවසුවාය.

එමනිසා ඉරානයට එරෙකහිව ඇමරිකාව සහ ඊශ්‍රායෙලය ගෙන යන යුද්ධය අවසන් වන්නේ මැද පෙරදිගට මෙන්ම විශේෂයෙන්ම ආසියානු කලාපයට අත්වන මහත් විනාශයකින් බව පැහැදිලිය. ජාත්‍යන්තර නීතිය වල්වැදී එක්සත් ජාතින්ගේ සංවිධානය අවලංගු වීමෙන් සිදු වන්නේ නැවතත් දහනම වැනි සියවසේ සහ විසිවැනි සියවසේ මුල භාගයේ පැවති මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය අලුත් ඇඳුමකින් නිරුවත් වීමය.

The post මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%8f/feed/ 0
යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/#respond Wed, 25 Feb 2026 15:50:14 +0000 https://vivaranalk.com/?p=14549 කාම කතා රැල්ලේ පිහිනමින් ගුණදාස අමරසේකර සිටි පසුගිය සියවසේ හැටේ දශකයේ දී යළි උපන්නෙමි නව කතාව පළ කෙළේය. එම කතා පුවත කෙසේ වුවත් පොතේ නම අපේ දේශපාලකයන් සම්බන්ධයෙන් අදටත් ගැලපේ. පරම්පරා ගණනාවක් බලයේ සිටි අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදුව විපක්ෂයේ කල් මරමින් සිටින අතර කරන කතා බහ ඇසෙන විට සහ කියවන විට අපට දැනේන්නේත් […]

The post යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. appeared first on විවරණ.

]]>
කාම කතා රැල්ලේ පිහිනමින් ගුණදාස අමරසේකර සිටි පසුගිය සියවසේ හැටේ දශකයේ දී යළි උපන්නෙමි නව කතාව පළ කෙළේය. එම කතා පුවත කෙසේ වුවත් පොතේ නම අපේ දේශපාලකයන් සම්බන්ධයෙන් අදටත් ගැලපේ. පරම්පරා ගණනාවක් බලයේ සිටි අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදුව විපක්ෂයේ කල් මරමින් සිටින අතර කරන කතා බහ ඇසෙන විට සහ කියවන විට අපට දැනේන්නේත් සිතෙන්නේත් මෙම දේශපාලකයන් නැවත උපන්නාසේය. බලයේ රස විඳි කාලයේ කළ කී කිසිත් ඔවුන්ට මතක නැත. ඔවුන් අද ගයන්නේ අලුත්ම තාලයේ ගීත ය. නැතිනම් බයිලා ය.

මෙවන් අදහසක් මතු වූයේ විශේෂයෙන්ම ජනපති අසුනට ඉක්මණින්ම ගොඩ වීමට අපේක්ෂාවෙන් සිටින පොදුජන එක්සත් පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා නිතර පුවත් පත්වලටත් වෙනත් මාධ්‍යවලටත් කරන ප්‍රකාශන කියවීමෙන් සහ සවන් දීමෙනි. පසු ගිය දා ඔහු පොළොන්නරුව හිටපු මංත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග එවැනිම වැදගත් ප්‍රකාශයක් කළ බව පුවත් පත්වල පළ විය. අමරකිර්ති ඝාතනය ගැන අධිකරණයෙන් ලබා දුන් විනිශ්චය අගය කළ ඔහු එම ඝාතනයට හේතු වූ තවත් කරුණක් වන 2022 අරගලයට ලැබුණු අරමුදල් ගැන ද පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටියේය. අමරතීර්ති ඝාතනයට ලක් වූයේ 2022 මැයි 9 වැනි දා අරගලය මර්දනය කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති සැලසුම් කිරීමේ රැස්වීමකට සහභාගි වී ආපසු පොළොන්නරුව බලා යමින් සිටිය දී නිට්ටඹුවේ දීය. එමනිසා මෙම ඝාතනය සහ අරගලය අතර සම්බන්ධතාවයක් තිබෙන්නට ඇතැයි නාමල් රාජපක්ෂ සිතනවා විය හැකිය.

ඇත්තෙන්ම එවැනි සිතුවිල්ලක් ඇතිවීම සාධාරණය. අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමෙන් පසුව පොලිස් රැකවරණය ලත් පිරිසක් ගාළුමුවදොර අරගල භූමියේ සිටි තරුණ තරුණියන්ට පහර දුන් ආකාරය සජීවී ලෙස විකාශය වීම නිසා රට පුරාම උද්ඝෝෂණ තත්වයක් වර්ධනය වූ බවද රහසක් නොවේ. අමරකිර්ති මරණයට පත් වූයේ ද අරගලයට සහාය පළ කළ පිරිසක් නිට්ටඹුව  නගරයේ විරෝධතා දක්වමින් සිටිය දී ඒ අසළින් ඔහු සිය ආරක්ෂකයාත් මෝටර් රථයෙන් ගමන්ගත්  නිසාය. ගාළුමුවදොර අරගල කරුවන්ට පහර දීම නිසා කෝපයට ලත් පිරිස පොහොට්ටු ආණ්ඩුවේ මංත්‍රී කෙනෙකු වූ අමරකීර්තිට පහර දීමට ඉදිරිපත් වූහ. මරණය සිදු වූයේ එම නිසාය. අමරකීර්තිගේ ආරක්ෂක භටයා ගේ වෙඩි පරින් එතැන සිටි විරෝධතාකරුවන් දෙදෙනෙකුද මරණයට පත් විය.   

කුමන තත්වයක් යටතේ වුවද ජීවිත හානි සිදු කිරීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන්නකි. අමරකීර්ති ඝාතනය ද එවැන්නකි. එමනිසා එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවුවත් අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. රාජපක්ෂ යුගයේත් ඉන් පෙර පැවති පාලන කාල තුළත් ඝාතනය කළ ජනමාධ්‍ය වේදීන් ඇතුළු බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති තත්වයක් යටතේ අමරකිර්ති ඝාතනය සම්බන්ධයෙන් වසර හතරක් ඇතුළත හෝ විනිශ්චයක් ලැබීම ද අගය කළ යුතුය. රාජපක්ෂ යුගයේ මෙන් නොව දැන් අධිකරණය ආන්දෝලනාත්මක සිද්ධීන් ගැන වඩාත් වේගවත්ව ක්‍රියා කිරීම නාමල් රාජපක්ෂගේ මෙන්ම අපගේ ද ප්‍රසාදයට ලක් වන්නකි.

ඉන් උද්ධාමයට පත් නාමල් රාජපක්ෂ අරගලයට අරමුදල් ලබා දුන් අය ගැන පරික්ෂා කිරීමට කොමිසමක් හෝ කොමිටියක් පත් කළ යුතුයැයි ඉල්ලිම ද සාධාරණය. කිසියම් මුදලක් ලැබුණේ නම් ඒ පාතාලයෙන් ද නැතිනම් වෙනත් මූලාශ්‍රයකින්ද යන්න හෙළි කිරීම වැදගත් ය. අඩුම වශයෙන් එවැනි හෙළිදරව්වක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට වැදගත් ය. එහෙත් මෙවැනි පරීක්ෂණ කිසිසේත් අරගලයට පමණක් සීමා නොකළ යුතුය. විශේෂයෙන්ම මැතිවරණ සමයේ විවිධ දේශපාලන පක්ෂවලට රාජ තාන්ත්‍රික මූලාශ්‍ර හරහාත් වෙනත් මාර්වලිනුත් ලැබෙන මුදල් හෙළි කළ යුතුය. එසේ ලැබුණු මුදල් වැය කළ ආතාරයත් දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. එවැනි හෙළි කිරීම්වලින් අමරකීර්ති ඝාතනය සහ අරගලය අතර ඇති සම්බන්ධතාවය මෙන්ම දේශපාලකයන් සහ ඔවුන්ගේ ජයග්‍රහණයට දායක වූ අය ගැන ද ජනතාවත් අදාල බලධාරීනුත් දැන ගත යුතුය.

කණගාටුව වන්නේ බලයේ සිටින දේශපාලකයන් තමන් බලයට පත් කිරීමට මුදල් ආයෝජනය කළ අය ගැන මර නින්දේ පසුවීමය. නිදසුනක් වශයෙන් නාමල් රාජපක්ෂගේ පියාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට මුදල් ලබා දුන් අය ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත් වූ නමුත් ඒ ගැන පරීක්ෂණ කොමිසම් හෝ කොමිටි පත් කෙරුණේ නැත. එම තොරතුරු හෙළි කළ අයට එරෙහිව නඩු පවරන බවට තරවටු කළ ද තවමත් එවැන්නක් සිදුව නැත.

මෙය මැතිවරණ සමයේ දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නායකයන්ට විවිධ පුද්ගලයන් සහ සංවිධාන ලබා දෙන ‘‘ආධාර“ වලට සීමා වන්නේ නැත. වංචා සහ දූෂණ කුමන පාර්ශ්වයකින් සිදු වුවත් ඒවා විමර්ශනය කොට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් නීතිය ඉදිරියට ඉදිරිපත් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය දක්වන්නේ පුදුම සහගත අලස බවකි. අධිකරණයට ඉදිරිපත් වන නඩු ද තාක්ෂණ අඩුපාඩු නිසා ඉවත් කිරීම සහ ඉල්ලා අස් කිරීම නිතර සිදු වන්නකි. නිදහසින් පසු ගතව ඇති වසර හැත්තැහයක කාලය තුළම සිදුව ඇත්තේ දේශපාලන බලය ලබා ගන්නා තෙක් වංචා දූෂණ ගැන මහ හඬින් කතා තොට බලය ලැබුණ පසු නිහඬව සිටිමය. අරගලයට ලැබුණු මුදල් ගැන පරීක්ෂණ පැවැත්වීමට නාමල් රාජපක්ෂ ඉල්ලා සිටින්නේ තමන් වංචා දූෂණවලට විරුද්ධ බව පෙන්වා දේශපාලන වාසි ලබා ගැනීමට වඩා වැඩි දෙයකට නොවේ.

නාමල් රාජපක්ෂගේ විශේෂත්වය වන්නේ වංචා සහ දූෂණ ගැන සෙවීමට පරීක්ෂණ ඉල්ලා සිටින අතර ඔහුට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනා දේශපාලන පලිගැනීම් සේ බැහැර කිරීමට උත්සාහ කිරීමය. මෙය ද සියලු දේශපාලකයන්ට පවතින මනෝ විකෘතියකි. ඒවාට ප්‍රතිකාර ලබා දිය හැක්කේ ජනතාවට පමණි. ඒ මැතිවරණයක දී ඔවුන් ප්‍රතික්ෂේප කිරීමෙනි. 2024 ජනාධිපතිවරණයේ දීත් ඉන් අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දි සිදු වූයේ එයයි. ජනතාව පෙරට වඩා දේශපාලන වශයෙන් සවිඥානක බවට නිදසුනකි. පුවත් පාලනයකින් යටපත් කළ නොහැකි නූතන තොරතුරු සන්නිවේදනයේ පවතින වර්ධනයත් සමග මෙම ප්‍රවනතාවය වඩාත් වැඩි විය හැකිය.  

අවාසනාවකට මෙන්, තරුණ මෙන්ම වයෝවෘද්ධ දේශපාලකයන් මෙය තේරුම් ගත් බවක් නොපෙනේ. ඔවුන් තවමත් විශ්වාස කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පැරණි දේශපාලන උපාය මාර්ග බලය ලබා ගැනීම සඳහා නැවතත් යොදා ගත හැකිය යනුවෙනි. කෙටියෙන් ඇහේ ඇති පොල්පරාලය ඔවුන්ට පෙනෙන්නේ නැත. ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ එම නිසාය. ක්‍රමයේ වෙනසක් යනු බලයේ සිටින දේශපාලකයන් වෙනුවට වෙනත් කණ්ඩායමක් පත් කර ගැනීම පමණක් නොවේ. දේශපාලන බලය හසුරුවන ආයතනගත නිලධාරි තන්ත්‍රය වෙනස් කිරීමට ද හැකියාව තිබිය යුතුය. එය දේශපාලන බලය අත්කර ගැනිමටත් වඩා දුෂ්කර අසීරු කටයුත්තකි. එහෙත් විකල්පයක් නැත.

ඇත්තෙන්ම ගාළුමුවදොර පිට්ටනියේ අව්වට වේලෙමින් වැස්සට තෙමි තෙමී තරුණ තරුණියන් ඉල්ලා සිටියේ එවැනි වෙනසකි. ගෝටා ගෝ හෝම් සටන් පාඨයෙන් අදහස් වූයේ බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීම පමණක් නොවේ. පුද්ගලයන් ඉවත් කිරීමට වඩා ගැඹුරට යන සිස්ටම් චේන්ජ් එකකි. අරගලයේ යෙදි සිටි තරුණ තරුණියන්ට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් හෝ වෙනත් සංවිධානවලින් මුදල් ආධාර ලැබුණේද යන්න තිරණාත්මක සාධකය නොවේ. එසේ මුදල් ලැබුණාද මුදල් ලබා ගත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමේ කිසිම වරදක් නැත. ඒවා ද හෙළිදරව් විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු ආරක්ෂා කළ යුතු මූලධර්මයකි. වැදගත් වන්නේ ඔවුන් පෙනි සිටි අරමුණයි.

සුවහසක් ජනතාව වීදි බැස්සේ සැබැවින්ම දේශපාලන මෙන්ම සමාජ වෙනසක් අපේක්ෂාවෙනි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බලයට පත් කිරීමට ඡන්ද බලය පාවිච්චි කෙළේ එම අරමුණෙනි. උතුරේත් දකුණේත් ජනතාව ඡන්දය ලබා දුන්නේ බොහෝවිට තමන් ඡන්දය දෙන අපේත්ෂකයා හෝ නොදැනය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ප්‍රතිපත්තියක් කෙරේය. එනම් දූෂිත පැරණි ක්‍රමය වෙනස් කොට නව ජනතාවාදී පාලනයක් බිහි කිරීමය. එමනිසා ඉදිරියේ දී ජනතා විශ්වාසය දිනා ගැනීම සඳහා වංචා දූෂණ ගැන හෙළිදරවු කිරීමට අමතරව ජනතාව බලගන්වන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. එය ඡන්ද පොරොන්දුව ඉක්මවා යන යථාර්ථයක් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය. එවැනි වැඩ පිළිවෙළක් සහ ක්‍රියා මාර්ග ජනතාව අතට පත් වන තෙක් දේශපාලකයන් මෙන්ම ජනතාව ද සිටින්නේ

The post යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/feed/ 0
දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80/#respond Mon, 09 Feb 2026 08:31:04 +0000 https://vivaranalk.com/?p=14485 දේශපාලකයින් සහ දේශපාලනඥයින් අතර වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගෙන නොමැති බව මෑත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලිය. මහජන ඡන්දයෙන් කෙසේ හෝ තේරී පත්වන ජනතා නියෝජිතයෙකුට දේශපාලකයායැයි කීම ගැලපේ. මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ගේ කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය වුවත් ඔවුන් විවිධ ආකාරයෙන් රට පාලනයට සම්බන්ධ වන නිසා සැබැවින්ම දේශපාලකයන්ය එනම් දේශයේ පාලකයන්ය. ඒ සඳහා […]

The post දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. appeared first on විවරණ.

]]>
දේශපාලකයින් සහ දේශපාලනඥයින් අතර වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගෙන නොමැති බව මෑත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලිය. මහජන ඡන්දයෙන් කෙසේ හෝ තේරී පත්වන ජනතා නියෝජිතයෙකුට දේශපාලකයායැයි කීම ගැලපේ. මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ගේ කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය වුවත් ඔවුන් විවිධ ආකාරයෙන් රට පාලනයට සම්බන්ධ වන නිසා සැබැවින්ම දේශපාලකයන්ය එනම් දේශයේ පාලකයන්ය. ඒ සඳහා එකම සුදුසුකම වන්නේ මහජන ඡන්දය දිනා ගැනීම පමණි.

දේශපාලනඥයන් යන්නෙන් කියවෙන්නේ ඊට වඩා වෙනස් දෙයකි. විද්‍යඥ වැනි යෙදුම් සමග සසඳා බැලීමේ දී දේශපාලනඥයන් යනු දේශපාලන ශාස්ත්‍රය නැතිනම් විෂය මැනැවින් ප්‍රගුණ කළ අයයි. එම විෂය ක්ෂේත්‍රයේ නිපුණතාවයක් ලත් අයයි. එහෙත් වෙනත් බොහෝ රටවල මෙන්ම අපේ රටේ නීති සම්පාදකයන්ට දේශපාලනඥයැයි හැදින්විය හැකිද යන්න බරපතළ ගැටලුවකි. එය අපේ දේශපාලන ඉතිහාසයේ නිතර දක්නට ලැබුණ කාරණයක් වුවද මෑතක වූ සිදුවීම් කීපයකින් මෙම නොගැලපීම වඩාත් කැපී පෙනෙන තත්වයට පත් විය.

පළමුවෙන්ම මෙය පැහැදිලි කර ගැනීමට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව කඩි මුඩියේ ඉදිරිපත් කොට පසුව වසරකට කල් දැමු අධ්‍යාපක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සලකා බැලීම ප්‍රයෝජනවත්ය. ඇත්තෙන්ම අධ්‍යාපනය වැනි අනාගත පරපුරට බලපාන වැදගත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ගැන අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වීම සහ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම පුළුල් එකඟතා ඇති කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අවශ්‍යතාවයකි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ කෙතරම් වැදගත් කරුණු වුවද අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක කිරීම භයානයක ප්‍රතිපල අත් කර දිය හැකිය. ඊට නිදසුනක් වශයෙන් නමසිය හැත්තෑ ගණන්වල ක්‍රියාත්මක වූ උඩගම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. එහි එක් යෝජනාවක් වූයේ අධ්‍යාපනයේ දිස්ත්‍රික් මට්ටමෙන් පවතින වෙනස්කම් විසඳීම සඳහා විශ්වවිද්‍යාලවලට පිවිසීමේ දී දිස්ත්‍රික් ප්‍රමිතිකරණයක් හඳුන්වා දීමය. බැලු බැල්මට මෙය එකල පැවති ක්‍රමය යටතේ ඉතාමත් ප්‍රගතිශීලී පියවරකි. අධ්‍යාපන පහසුකම් දියුණු මට්ටමක නොපැවති ඌව පමණක් නොව නැගෙනහිර පළාතේ ශිෂ්‍යයන්ට පවා විශ්වවිද්‍යාලයට පිවිසීමට අවස්ථාවක් විවර කර දිමකි.

කෙසේ වුවත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වත්මන් දේශපාලකයන් අතර කෙරෙන සාකච්ඡාව, වඩාත් නිවැරදිව වාදය, විෂය ගැන අවබෝධයකින් හෝ නිවැරදි වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමේ වුවමනාවකින් කෙරෙන්නක් නොවන බව පෙන්වා දිය යුතුය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ එම වැඩ පිළිවෙළ තුළින් ශිෂ්‍යයන්ට අසැබියැයි හැඳින්වෙන වෙබ් අඩවියක් හඳුන්වා දීමය. ඊට අමතරව ඉතිහාසය ඉගැන්වීම අමතක කර ඇතැයි චෝදනාවක් ද ඉදිරිපත් විය. වඩාත් වැදගත් වන්නේ මෙම විවේචනය එම වැඩ පිළිවෙළ ගැඹුරින් හැදැරීමක් නැතිව පුවත්පත්වල සිරස්තලවලට ගැලපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමය.

පසුගිය දා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සියයකට ආසන්න පිරිසක් නිකුත් කළ ප්‍රකාශයක් අනුව යෝජිත වැඩ පිළිවෙළේ දේශපාලකයන් දැක් වූ කරුණුවලට වෙනස් එහෙත් වඩාත් බරපතළ වැරදි රාශියක් පවතී. (එම ප්‍රකශය පෙබරවාරි 02 දින අප වෙබ් අඩවියේ පළ විය.) එම නිවේදනය අනුව අතිශයෙන් වැදගත් ගණිතය සහ භාෂාව වැනි විෂයන් සඳහා වෙන් කර ඇති කාලය කිසිසේත් ප්‍රමාණවත් නැත. ඊට අමතරව නූතන විද්‍යා දැනුම අනුව නොගැලපෙන, සාවද්‍ය කරුනු රාශියක්ද එම පෙළපොත්වල ඇතුළත් ය. දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමෙන් සහ අධ්‍යාපනය ශාස්ත්‍රයක් වශයෙන් හදාරා ලත් පරිචය ලත් පිරිසක් කළ එම නිවේදනය දේශපාලකයන්ගේ විවේචනයෙන් හාත්පසින්ම වෙනස් ය. ඔවුන් ඉදිරිපත් කර ඇති මතය දේශපාලකයන්ට කෙසේ වුවත් රටේ ජනතාවට ඉතාමත් ප්‍රයෝජනවත්ය. වැදගත් ය.

රටේ ඉදිරි ගමන් මග සකසා ගැනීමට දැනුවත් කැපවීමක් ඇති පරපුරක් බිහි කිරීමටනම් අධ්‍යාපනයේ කළ යුතු වෙනස්කම් කිසියම් කණ්ඩායමක අවශ්‍යතාවයක් නොව පොදු සමාජයේම අවශ්‍යතාවයක් විය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපියේ මූලික අදහස බව පැවසීම ප්‍රමාණවත් ය. අප මෙහිදී අවධානයට ලක් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදයන් වන දේශපාලකයන් ගේ අවශ්‍යතාවය වාද විවාද කිරීම පමණක් බව පෙන්වා දීමට ය. ප්‍රශ්නය වැරදි පැත්තකින් අල්ලා ගෙන ජනතාව මුළා කිරීම ය.

රටේ ජනතාවට වැදගත් වන්නේ මෙම පත්වීම ඒකච්ඡන්දයෙන් හෝ වැඩි ඡන්දයෙන් සිදු වූයේ ද යන්න නොවේ. විගණකාධිපති ඉදිරිපත් කරන වාර්තා ගැන මෙම දේශපාලකයන් මෙතෙක් ක්‍රියා කර ඇත්තේ කෙසේද යන්නයි. සරලව කිව හැකි වන්නේ විගණකාධිපති පත් කිරීමට දේශපාලකයන් තුළ පැවති උනන්දුව සහ උද්‍යෝගය  ඔහු හෝ ඇය ඉදිරිපත් කළ වාර්තා ගැන දක්වා නැති බවය. වසරක් පාසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විගණකාධිපති වාර්තාවලින් දක්වා ඇති ගිණුම්කරණයේ අඩුපාඩු මෙන්ම අක්‍රමිකතා අපමණය. එම වාර්තාව නිකුත් වූ වහාම එහි ‘රසවත්“ කොටස් ජනමාධ්‍යයේත් සමාජ මාධ්‍ය යේත් කතා බහට ලක් වුවද ඉන් එහාට කිසි පියවරක් ගන්නේම නැති තරම්ය. එම වාර්තා පරික්ෂාවෙන් බලන කෙනෙතුට වරක් පෙන්වා දුන් වැරදි සහ අක්‍රමිකතා ඊට පසු වසරවල ද සිදුව ඇති බව දැකිය හැකිය.

විගණකාධිපතිට වැරදි සහ අක්‍රමිකතා පෙන්වා දිය හැකි නමුත් ඒ ගැන පියවර ගැනීමට ඔහුට නීතිමය ප්‍රතිපාදන නැත. එය කළ යුත්තේ නිසි බලධාරීන් සහ විධායකය විසිනි. සාමාන්‍යෙයන් සිදු වන්නේ දේශපාලන වශයෙන් විරුද්ධවාදියෙකුට පහර ගැසීමට හැකි කොටස් පාවිච්චි කර ‘සෝඩා බෝතලයේ මෙන් සැර බාල්දු වීම ය. විගණකාධිපති තනතුරට පත් කිරීම දේශපාලන වාසියක් ලබා ගත හැකි හොඳ මාතෘකාවක් නිසා එය යොදා ගැනීමට ඇති උනන්දුව විගණකාධිපති වාර්තා ගැන දක්වා නැත. ඇත්තෙන්ම එය විගණකාධිපති වාර්තාවලට පමණක් සීමා වුවක් නොවේ. බොහෝ ජනාධිපති කොමිසම් වාර්තා ද රජයේ ලේඛනාගාරයේ දූවිලිවලට යටව තිබීම සාමාන්‍ය දෙයකි.

සියල්ල රුපියල් ශත වලින් තීරණය වන සමාජයක නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වන්නේ අකුරුවලට පමණි. ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග තීරණය වන්නේ වෙනත් නිර්ණායක පදනම් කර ගෙන ය. පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරවත් දේශපාලකයන් වාද විවාද කරන්නේ එම යථාර්ථය යටපත් කිරීමට ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත් විගණකාධිපති පත් කිරීම ගැනත් මහත් ආන්දෝලනයක් ඇති කරන්නේ ඒ සඳහා ය.

වෙනස් විය යුත්තේත් වෙනස් කළ යුත්තේත් එම ක්‍රමයයි. පුද්ගලයන් වෙනස්වීම ක්‍රමයේ වෙනසක් නොවන බව පසක් කර ගැනීමට දේශපාලයේ පවතින දරිද්‍රතවය නිසා නොහැකිව ඇත.

The post දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80/feed/ 0
කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%bd%e0%b7%91-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%bd%e0%b7%91-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92/#respond Wed, 14 Jan 2026 06:01:15 +0000 https://vivaranalk.com/?p=14349 විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු මහ රෑ කඩා වදින හොර කණඩායමක් විසින් අත් අඩංගුවට ගෙන පැහැර ගෙන යෑමක් සිදු විය හැක්කේ වල් වැදී ඇති ලෝකයක ය. […]

The post කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්.. appeared first on විවරණ.

]]>
විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු මහ රෑ කඩා වදින හොර කණඩායමක් විසින් අත් අඩංගුවට ගෙන පැහැර ගෙන යෑමක් සිදු විය හැක්කේ වල් වැදී ඇති ලෝකයක ය. සාමය තහවුරු කොට සමානාත්මතාවය සහ ස්වෛරීත්වය පවතින ලෝකයක එවැනි දෙයක් සිදුවීම අදහා ගත නොහැකි තරම්ය. එහෙත් විසි එක්වැනි සිය වසේ පළමු කාර්තුව පසු කරන අපට දකින්නට ඇසෙන්නට ලැබෙන්නේ එවැනි දේය. කණගාටුව වන්නේ මානව අයිතිවාසිකම් සහ නීතිය පදනම් පාලනයක් ගැන කතා කරන බලවත් රටවල් මේ සියල්ල නොදැක්කා සේ සහ නොඇසු කන්ව  බලා සිටීමය. මෙවැනි වනාන්තරයේ නිතියක් පවතින විට කුඩා දුර්වල රජ්‍යයන්ට නිහඬව අසරණව බලා සිටීම හැර කළ යුතු කිසි දෙයක් නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ මහා සමාගම්වල ග්‍රහණයෙන් මිදී ස්වාධීන ආර්ථික සහ දේශපාලන වැඩ පිළිවෙළක් ගොඩ නගමින් සිටි වෙනිසුවෙලාව අද නැවතත් ඇමරිකාවේ යටත් විජිතයක් වීමට ආසන්නයේ පවතී. පසුගිය ජනවාරි 3 වැනිදා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිද සිලියා ප්ලොරස් එක්සත් ජනපදයේ විශේෂ භට කණ්ඩායමකින් පැහැර ගෙන යෑමෙන් පසුව උප ජනාධිපතිනිය ඩෙල්සි රොඩ්‍රිගස් එරට ශේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව ජනාධිපති තනතුරේ දිව්රුම් දුන්නාය. නමුත් ඇයද ඇමරිකාවෙන් පැහැර ගෙන යෑම වැළැක්වීම පහසු වන්නේ නැත. තමා සමග සහයෝගයෙන් කටයුතු නොකරන්නේ නම්  නව ජනාධිපතිනියට මදුරෝටත් වඩා නරක තත්වයකට මුහුණ දීමට සිදුවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් තර්ජනය කර ඇත.

ඇමරිකාවට මෙම මැදිහත්වීම්වලට ඉඩ සැලසුණේ එම රටවල පාලකයන්ගේ නිවට නියාලු ප්‍රතිපත්තිය නිසාය. නිදසුනක් වශයෙන් එවකට වෙනිසුවෙලාවේ නායකයා වූ සිප්‍රියානෝ කැස්ට්‍රෝ 1902 දී ඇමරිකාවේ රැකවරණය පැතුවේය. ඒ ආර්ථික වශයෙන් බකොළොත්ව සිටි වෙනිසුවෙලාව ජර්මනියේ සහ බ්‍රිතාන්‍යයේ අක්‍රමණයකට ලක්වීමේ අනතුරක් පැවති අවස්ථාවේය. බටහිර යුරෝපීය රටවල හමුදා ප්‍රහාරයකට මුහුණ දීමට නොහැකි වෙනිසුවෙලාව එක්සත් ජනපදයෙන් ආරක්ෂාව ඉල්ලා සිටි අතර කලාපයේ තම ආධිපත්‍යය පවත්වා ගැනීමට සැලසුම් කළ එක්සත් ජනපදය ඊට එකඟ වූයේය. එක්සත් ජනපදයේ අවි බලය නිසා ජර්මනිය පසු බෑවේය. ඇමරිකානු හමුදාවෙන් පිලිපීනයේ දී ජර්මන් හමුදාව ලත් පරාජය ඊට හේතු වන්නට ඇත. කෙසේ වුවත් එය වෙනිසුවෙලාවේ සම්පත් ඇමරිකානු සමාගම්වලට දොර විවෘත කිරීමක් විය.

ජේම්ස් මොන්රෝ [James Monroe]

පාලන බලයේ සිටි කැස්ට්‍රෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා රටින් පිටව සිටිය දී එක්සත් ජනපදයේ සහාය ඇතිව 1908 දී බලය පැහැර ගත් ජුවාන් විසෙන්ටේ ගෝමස් ඇමරිකානු සමාගම්වලට වෙනිසුවෙලාවේ ආයෝජනය කිරීමට ආරාධනය කෙළේය. ඒ අනුව වෙනිසුවෙලාවේ තෙල් කැණීම් සඳහා ඇමරිකානු සමාගම් පැමිණි අතර පළමු තෙල් ළිඳ විවෘත වූයේ 1912 දීය. මෙහි විශේෂත්වය වන්නේ පළමු තෙල් ළිඳ විවෘත කිරීමෙන් වසරක් ඇතුළත වෙනිසුවෙලාව මැද පෙරදිග රටවල් අභිබවා ලොව ප්‍රධානතම තෙල් නිෂ්පාදකයා බවට පත්වීමය. අපනයනය අතින් වෙනිසුවෙලාව දෙවැනි වූයේ එක්සත් ජනපදයට පමණි.

ඇමරිකා එක්සත් ජනපදය ලතින් ඇමරිකානු රටවල් සිය ග්‍රහණයේ පවත්වා ගැනීමට උත්සාහ කළ ද එම රටවල් තුළ ඇමරිකානු ආධිපත්‍යයට විරෝධයක් ගොඩ නැගීම වැළැක්වීමට සමත් වූයේ නැත. පසුගිය ශතවර්ෂයේ අග භාගයේ දී තරුණ හමුදා නිලධාරියෙකු වූ හියුගෝ චවේස් හමුදා කැරැල්ලක් දියත් කිරීමට උත්සාහ කෙළේද ඇමරිකානු සමාගම්වල ආධිපත්‍යයෙන් තෙල් සම්පත ආරක්ෂා කර ගැනීමට සහ එහි ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා දීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටය. කැරැල්ල අසාර්ථ වුවත් ඔහුට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකි විය. තම දේශපාලන සහ ආර්ථික බලය රැක ගැනීමට ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය 2002 දී චවේස්ට එරෙහිව හමුදා කැරැල්ලක් සැලසුම් කළ ද එය අසාර්ථක විය. ජනතා විරෝධය හමුවේ ජුන්ටාවට පසු බැස්සේය. එතැන් සිට 2013 දී මිය යන තෙක්ම වෙනිසුවෙලාවේ නායකත්වය හිමි වූයේ හියුගෝ චවේස්ටය. නිකොලස් මදුරෝ ජනාධිපති ධුරයට තේරී පත් වූයේ ඉන් පසුවය.

තෙල් ඇතුළු රටේ සම්පත් ජනතා සුභ සිද්ධියට කැප කිරීමට පියවර ගත් චවේස් ක්‍රියාත්මක කළ සමාජ සුභ සාධන වැඩ පිළිවෙළ ශක්තිමක් දේශපාලන පදනමක් විය. නිකොලස් මදුරෝ ගේ ශක්තිය වන්නේ ද එම පදනමයි. එහෙත් ඇමරිකාවෙන් තෙල් අපනයනයට පැන වු සම්බාධක නිසාත් වෙනත් ආර්ථික තහංචි නිසාත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම කැපී පෙනෙන ලෙස පහත වැටිණ. නොබෙල් ‘‘සාම ත්‍යාගයෙන්‘‘ පිදුම් ලත් මාරියා කොරිනා මචාඩො වැනි අය මෙහෙයවන්නේ අසහනයට පත් එම ජනකොටස් ය. ආර්ථික සහ දේශපාලන හේතු නිසා රටින් පලා ගිය දශ ලක්ෂ ගණනක් වූ ජන කොටස්වල ආශීර්වාදය ලැබෙන්නේ ද ඔවුන්ටය.

හියුගෝ චවේස් [Hugo Chavez]

කෙසේ වුවත් ජාතික ස්වාධීනත්වය සහ ආර්ථික සමානාත්මතාවය පිළිබඳ චවේස් ගේ සහ ඊට පෙර පැවති බොලිවාරා සම්ප්‍රදාය පහසුවෙන් අමතක කළ නොහැකිය. ඇත්තෙන්ම චවේස්ටත් දේශපාලන ආභාෂය ලැබුණේ ජාතික වීරයෙකු වශයෙන් සැලකෙන සිමොන් බොලිවාරාගෙනි. ස්පාඤ්ඤ අධිරාජ්‍යයට එරෙහිව ජාතික ස්වාධීනත්වය සඳහා සහ ස්වදේශීය ජනතා අයිතිය වෙනුවෙන් අරගල කළ බොලිවාරා අදත් සැලකෙන්නේ මහත් ගරුත්වයෙනි. දකුණු ඇමරිකානු රටවල එකතුවක් වෙනුවෙන් පෙනී සිටි ඔහු වෙනිසුවෙලාවට අමතරව කොළොම්බියාව, ඉක්වැදෝරය, පීරැ සහ බොලිවියාව යන රටවල ජාතික වීරයෙකු ලෙස සැලකේ. බොලිවියාව යන නමද ඔහුට ගෞරවයක් වශයෙන් යෙදේ. මෙම බලපෑම නිසා ඇමරිකානු යටත් විජිතයක් වශයෙන් වෙනිසුවෙලාව පවත්වා ගැනීම පහසු නොවේ.

ඒ වෙනුවට යොදා ගත හැකි උපාය මාර්ගයක් වන්නේ ඇමරිකාවට ගැති පාලකයෙකු සහ පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමය. ට්‍රම්ප් ගේ උත්සාහයද එයයි. ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට ට්‍රම්ප් ඇමරිකානු භටයන් විදේශ රටක යුද්ධයකට නොයවනු ඇතැයි සිතිය හැකිය. යම්හෙයකින් ඇමරිකානු හමුදා පාලනයක් ඇති කිරීමට උත්සාහ කළ හොත් වෙනිසුවෙලාව තවත් වියට්නාමයක් විය හැකි බවට දැනටමත් අනතුරු හඟවා ඇත. විය හැකි පහසුම දේ ඇමරිකානු ගැති පාලනයක් පිහිටුවීමය. එහෙත් ඇප්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාව වැනි රටවල් පූර්වාදර්ශයක් වන්නේ නම් එවැනි ක්‍රමයක් කිසිසේත් සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකිය.

අනිත් වැදගත් කරුණ වන්නේ වෙනිසුවෙලාවේ නිත්‍යානුකූලව තේරී පත් වූ ජනාධිපති පැහැර ගෙන යෑමෙන් පසුව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඇති විය හැකි වෙනස්කම් ය. ජනාධිපතිවරයා පැහැර ගෙන යෑමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මෙතෙක් දැඩි විරෝධයක් පළ වුයේ නැති වුවත් මෙම නිහීන ක්‍රියාවෙන් ලැබෙන්නේ භයානක පූර්වාදර්ශයකි. මෙම න්‍යාය අනුවම යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි රුසියාව විසින් පැහැර ගෙන ගියහොත් ඇතිවන තත්වය කුමක් ද? චීනය තායිවානයේ ජනාධිපති පැහැර ගෙන ගියහොත් තායිවානයේ සහායට ඉදිරිපත් වන්නේ කවුද? ඉන්දියාව 1987 දී ලංකාවට ගුවනින් පරිප්පු දැමීම වැනි සිද්ධීන් අපට අමතක කළ හැකි ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම සාහසික අත්තනොමතික ක්‍රියාව අන්තර්ජාතික නීතිය සහ රාජ්‍යයන්ගේ ස්වෛරීත්වය පිළිබඳ සියලු සංකල්ප උඩු ගුවනට පාකර හැරීමකි. එකම සත්‍යය වන්නේ බලය ශක්තිය වේ යන්නයි. එහෙත් තොරතුරු සන්නිවේදනය සහ කෘත්‍රීම බුද්ධිය ජනතා උපකරණයක්ව පවතින යුගයක පැරණි ක්‍රමයේ බලඅධිකාරියක් ගොඩ නැගීමත් පවත්වා ගැනීමත් පහසු නොවේ. නිව්යෝර්ක් නගරයේ තමන්ට කැමති පුද්ගලයෙකු නගරාධිපති කර ගැනීමට නොහැකි වූ ජනාධිපති ට්‍රම්ප් ගේ ලෝක ආධිපත්‍යයක් ගොඩ නැගීමේ සිහිනය අවසන් වන්නේ නිසැකායෙන්ම මහත් ඛේදවාචකයකිනි.

The post කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%bd%e0%b7%91-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92/feed/ 0
අනාගත පරපුර සඳහා රටක් ගොඩ නැගීම රිබිල්ඩ් කිරීමට වෙනස් ය. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9/#respond Wed, 07 Jan 2026 05:20:00 +0000 https://vivaranalk.com/?p=14333 දිට්වා කුණාටුවෙන් පසුව දැන් ඇත්තේ රිබිල්ඩින් ශ්‍රි ලංකා අදියරයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම යැයි ඉංග්‍රීසි නොදත් අයට පැහැදිලි කළ හැකිය. මාතෘකාව කුමක් වුවත් සුළි කුණාටුවෙන් හානියට පත් මාර්ග ගොඩනැගිලි කර්මාන්ත සහ ඒ සියල්ලටත් වඩා ජන ජීවිතය නැවත ගොඩ නැගීමේ අභියෝගයකට රටම මුහුණ දී සිටී. නොමසුරුව ලැබෙන විදෙස් ආධාර ඇතිව ජාතික ජනබලවේගයේ […]

The post අනාගත පරපුර සඳහා රටක් ගොඩ නැගීම රිබිල්ඩ් කිරීමට වෙනස් ය. appeared first on විවරණ.

]]>
දිට්වා කුණාටුවෙන් පසුව දැන් ඇත්තේ රිබිල්ඩින් ශ්‍රි ලංකා අදියරයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම යැයි ඉංග්‍රීසි නොදත් අයට පැහැදිලි කළ හැකිය. මාතෘකාව කුමක් වුවත් සුළි කුණාටුවෙන් හානියට පත් මාර්ග ගොඩනැගිලි කර්මාන්ත සහ ඒ සියල්ලටත් වඩා ජන ජීවිතය නැවත ගොඩ නැගීමේ අභියෝගයකට රටම මුහුණ දී සිටී. නොමසුරුව ලැබෙන විදෙස් ආධාර ඇතිව ජාතික ජනබලවේගයේ රජයෙන් රිබිල්ඩින් ශ්‍රී ලංකා වැඩ සටහන ක්‍රියාත්මක වුවද එය සියලු ජන කොටස්වලට බලපාන අනාගතය පිළිබඳ අභියෝගයක් නිසා ජනතාවද අනිවාර්යෙන්ම ඊට සහභාගි කරවා ගත යුතුය. එහෙත් දැනට එළි දැක්වෙන තොරතුරු අනුව එය තවත් ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වීමේ බරපතළ අනතුරක් පවතින බවද සටහන් කළ යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ආයෝජකයන්ගේ සැලසුම් සහ මගපෙන්වීම් අනුව ක්‍රියාත්මක වන කුමන හෝ ව්‍යාපෘතියක අවසානයේ බර දැරිය යුත්තේ රටේ ජනතාවය. 2022 දී මෙන් ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත් වුවහොත් පෝලිම්වල කාලය ගත කිරීමටත් සමහර විට පෝලිම්වල මියැදීමටත් සිදු වන්නේ සාමාන්‍ය ජනතාවටය. එමනිසා ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගිමට ගන්නා පියවර සහ ගත යුතු පියවර ගැන ජනතා සංවාදයක් ඇති කිරීමේ ප්‍රබල අවශ්‍යතාවයක් පවතී.

පළමුවෙන්ම කුණාටුව ඇති වීමටත් පෙර සිටම ලංකාව ගොඩ නැගීමට නොව ගොඩ ගැනීමට කළ යුත්තේ විදේශ සංචිත තර කර ගැනීම බව ආර්ථික සැලසුම්කරුවන්ගේ සහ දේශපාලකයන්ගේ ඒකායන පිළිගැනීම විය. විදෙස් සංචිත වැඩි කර ගැනීම සඳහා අපනයන වැඩි කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීම සහ අපේ ශ්‍රමිකයන් විදෙස් රටවල සේවය සඳහා අපනයනය කිරීම ප්‍රමුඛ විය. ඒ අරමුණු දිට්වා කුණටුව නිසා වෙනස්ව නැත. එමනිසා නැවත ගොඩ නැගිම සිදු වන්නේ එම අරමුණු සාක්ෂාත් කර ගැනීමටය. නාය යෑම්වලින් විනාශ වූ දුම්රිය සහ මහා මාර්ග වැනි යටිතල පහසුකම් කඩිනමින් පිලිසකර කළ යුත්තේ එම නිසාය. කුමන තත්වයක් යටතේ වුවද රටක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ගැන කිසිම විවාදයක් නැත. එහෙත් ඒවා ආර්ථිකයේත් ජන ජිවිතයේත් ප්‍රමුඛතා අනුව සිදු විය යුතු බවද අවධාරණය කළ යුතුය.

යුරෝපයේ සහ ඇමරිකාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය ගැන විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නමුත් අපේ ප්‍රධාන අපනයන වෙළඳ පොළ දිගටම අඩුම වශයෙන් දැනට පවතින තත්වයේ තවත් දශකයක් හෝ ඊට වැඩි කාලයක් පවතීද යන්න ගැන කිසිදු විශ්වාසයක් නැත. ඊටත් අමතරව සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ විශේෂයෙන්ම ජර්මනිය ඇතුළත් යුරෝපීය රටවල් දැන් සූදානම් වන්නේ යුද්ධයකට යන්නයි. ජර්මනියේ හමුදා නායකයෙකු පවසන ආකාරයට 2030 දී ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් රුසියාව සමග යුද්ධයකට එළඹෙනු ඇත. ඒ සඳහා ජර්මනියේ සහ බ්‍රිතානයයේ සමාජ සුභ සාධන වියදම් කපා හැර අවි නිෂ්පාදය සහ හමුදාව තර කිරීම ප්‍රමුඛතාවය වී ඇත. 

මෙම ප්‍රවනතා අමතක කර අපට අපනයනය වැඩි කිරීම ගැන සිහින මැවිය හැකි ද?

මෙවැනි තත්වයක් තුළ අප ගත යුතු ඥානාන්විත ක්‍රියා මාර්ගය වන්නේ අපේ ආර්ථික වැඩ පිළිවෙළ වෙනස්වන ලෝක තත්වයන්ට ගැලපෙන ආකාරයට සැලසුම් කිරීමය. එහෙත් කණගාටුවට මෙන් එවැනි කතිකාවක් ගොඩ නැගෙන බවත් දැකිය නොහැකිය. සිදු වන්නේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් කොළවල සටහන් කර ඇති පැරණි වට්ටෝරු දේව භාෂිත වශයෙන් පිළිගැනීමය. මෙම මූල්‍ය ආයතනවලින් පුරුදු පුහුණු කළ අපේ ආර්ථික විද්‍යඥයන්ට ඊට වෙනස් දෙයක් ගැන සිතිමට හෝ අවකාශයක් නැත.

මෙය නැවත ගොඩ නැගීමේ කතාවේ එක පැත්තකි. අනෙක් පැත්ත වන්නේ දේශීය අවශ්‍යතාවයන් සඳහා වන ආර්ථික ක්‍රියාකාරකම් පාලනය වන ආකාරයයි. දිට්වා කුණාටුවෙන් ඉගැන් වූ වැදගත්ම පාඩම වන්නේ ස්වභාවික සම්පත් කළමනාකරණයේ දී අප විධිමත් විද්‍යාත්මක සැලැස්මක් අනුව ක්‍රියා කර නැති බවය. නාය යෑම් සහ ගංවතුර ඇතිවීමට ප්‍රධාන හේතුව එයයි. මෙහි දී කුණාටුව ගැන කල් ඇතිව කළ අනතුරු හැඟවීම් අනුව ක්‍රියාත්මක වූයේ නම් විනාශය සුළු ප්‍රමාණයකින් අවම කර ගත හැකි වුවද බරපතළ හානි වැළැක්වීමට හැකි වන්නේ නැත. මෙම විනාශය අපගේ සංවර්ධන ක්‍රියා මාර්ගය තුළම ගැබ්ව තිබු දෙයකි.

වඩාත් උසස් තාක්ෂණය සහ විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්නේ නම් අපේ අස්වැන්න දෙගුණයකින් වැඩි කර ගැනීමටත් වී වගාව සඳහා යොදා ගන්නා බිම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමටත් හැකි වනු ඇත. එවිට මොරගහකන්ද වැනි විශාල ජලාශ පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ජලාශ සහ වැව් අවශ්‍ය වන්නේ දැඩි නියංකාලයක දී පමණි.

මෙම නොදියුණු ස්වභාවය වි වගාවට පමණක් සීමා වූවක් නොවේ. තේ වැනි වෙනත් අපනයන වැවිලි සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනිම තත්වයකි. කේරළයේ හෙක්ටෙයාරයකට තේ කි.ග්‍රෑම් 1480 ක අස්වැන්නක් ලැබෙන අතර ලංකාවේ එම ප්‍රමාණය කි.ග්‍රෑම් 670කි. අපට තේ අස්වැන්න දෙගුණ කර ගැනීමට හැකි නම් උඩරට විශාල බිම් ප්‍රමාණයක් ජල සංරක්ෂණය වැනි පරිසර හිතකාමී ක්‍රම සඳහා යොදා ගත හැකිය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ද භූමිය සහ අනෙකුත් සම්පත් යොදා ගැනීමේ දි පරිසර හිතකාමී ක්‍රමවේද යොදා ගැනීම වැදගත්ය. අරමුණ විය යුත්තේ හුදෙක් විදේශ විනිමය උපයා ගැනීම පමණක් නොව ජනතාවට ජීවත්වීමට හිතකර පරිසරයක් පවත්වා ගැනීමය. අසල් වැසි ඉන්දියාව මුහුණ දි ඇති පරිසර ගැටලුවලින් බොහෝ දේ උගත හැකිය.අද ඉන්දියාව කාර්මික නිෂ්පාදනයෙන් ප්‍රබල තත්වයක් අත් කර ගෙන ඇති නමුත් එහි ප්‍රධාන නගර සියල්ලේම පවතින වායු දුෂණය නිසා බරපතළ සෞඛ්‍ය ගැටලු මතුව ඇත. බොහෝ නගරවල හුස්ම ගැනීම පවා අපහසුය. ඊසාන දිග මෝසම් සමයේ ලංකාවේ වායු දුෂණයට හේතුවක් වන්නේ ද ඉන්දියාවෙන් හමා එන සුළං ය. ( ඉන්දියාව දැන් ජපානයද අභිබවා ලොව සිවුවැනි විශාල ආර්ථිකය බවට පත්ව ඇත.)එමනිසා රිබිල්ඩින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වාහනයක ටයර්යක් ටිබිල්ඩ් කරනවාට ටඩා සංකීර්ණ පුළුල් සමාජ බලපෑමක් ඇති ක්‍රියාවලියකි. කෙටියෙන් එය ලාබ උපයන ව්‍යාපාරයක් ගොඩ නැගිමට වඩා හාත්පසින්ම වෙනස් සංවේදී කාර්යකි. බ්‍රිතාන්‍යයන් උඩරට තේ වගාව සඳහා බිම් අත්පත් කර ගත් 1870 ගණන්වල ලංකාවේ ජන සංඛ්‍යාව වූයේ දශ ලක්ෂ දෙකකි. අද දශලත්ෂ විසි දෙකකි. එනම් එකොළොස් ගුණයකින් වැඩිව ඇත. ඕනෑම ඉදිරි සැලසුමක දී වැඩිවන ජනතාවට ආහාර සුරක්ෂිත භාවය මෙන්ම නිවාස පාසල් සහ රෝහල් වැනි පොදු පහසුකම් සැපයීම ද රජයේ වගකීමකි. දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය සහ අතුරුදහන් වූවන් සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා කළ නොහැකිය. එක් එක් සිද්ධියක් පිටුපස මහත් කේදවාචකයක් පවතින බව අවබෝධ කර ගත යුතුය. අනාගතය සැලසුම් කිරිමේ දී සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවීම වැදගත් වන්නේ එමනිසාය. 

The post අනාගත පරපුර සඳහා රටක් ගොඩ නැගීම රිබිල්ඩ් කිරීමට වෙනස් ය. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9/feed/ 0