Prof. Sumanasiri Liyanage, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 17 Dec 2025 10:19:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Prof. Sumanasiri Liyanage, Author at විවරණ 32 32 සොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව! https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b7%83/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b7%83/#respond Wed, 17 Dec 2025 10:19:57 +0000 https://vivaranalk.com/?p=14253 දිට්වා සුළි කුණාටුව, පසු විජිත ශ්‍රී ලංකාවේ ඇති වූ බිහිසුණුම ව්‍යසනය ලෙස නම් කෙරේ. පොලවට, ජල ධාරාවනට බිලි වූවෝ දහස ඉක්මවති. ආපදාවෙන් හානිවූවන් මිලියනය ඉක්මවා ඇත. එසේ වුවද ව්‍යසනය ව්‍යවච්ඡේදනය කරන්නවුන් නගන ප්‍රශ්න මේ ව්‍යසනයට දුරස්ථ ඒවා නොවේදැයි කෙනෙකුට සිතුනහොත් එය පුදුමයක් නොවේ. මේ ව්‍යසනය ස්වාභාවික එකක්ද? නැත්ද? මෙහි ස්වාභාවික පැතිකඩක් නැතැයි කිසිවෙකුට කිව නොහේ. […]

The post සොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව! appeared first on විවරණ.

]]>
දිට්වා සුළි කුණාටුව, පසු විජිත ශ්‍රී ලංකාවේ ඇති වූ බිහිසුණුම ව්‍යසනය ලෙස නම් කෙරේ. පොලවට, ජල ධාරාවනට බිලි වූවෝ දහස ඉක්මවති. ආපදාවෙන් හානිවූවන් මිලියනය ඉක්මවා ඇත. එසේ වුවද ව්‍යසනය ව්‍යවච්ඡේදනය කරන්නවුන් නගන ප්‍රශ්න මේ ව්‍යසනයට දුරස්ථ ඒවා නොවේදැයි කෙනෙකුට සිතුනහොත් එය පුදුමයක් නොවේ.

මේ ව්‍යසනය ස්වාභාවික එකක්ද? නැත්ද? මෙහි ස්වාභාවික පැතිකඩක් නැතැයි කිසිවෙකුට කිව නොහේ. යටත් පිරිසෙයින්, මෙම ව්‍යසනයේ ස්වාභාවික නොවන, එනම් මිනිස් ක්‍රියාකාරිත්වයේ වගකීමක් නැත්තේ ද? එසේනම්, එහි වගකීම ආණ්ඩුකරවුන් දැරිය යුතුද? නැත්නම්, අප සැම පෞද්ගලිකව ඊට වගකිවයුතු නොවේ ද?

ඊට වඩා අඩුලන්සුවේ එහෙත් දේශපාලනිකව තීරණාත්මක විය හැකි ප්‍රශ්නය කුමක්ද? විෂය පිළිබඳ ප්‍රමාණික ශික්ෂණයක් ලැබූ විද්‍යාඥයන් සහ චන්ද්‍රිකා තාක්ෂණය මගින් හෙළිකල අනතුරු ඇඟවීම් තිබියදීත්, ඒවා නොසලකා හැරීම නිසා අනතුරේ ප්‍රමාණය බෙහෙවින් වැඩි වූ හෙයින් ආණ්ඩුව මේ ව්‍යසනයට කෙළින්ම වග කිව යුතු නොවේද? යන්න ය.

උක්ත ප්‍රශ්න වැදගත් ය. ඒවා ඇසිය යුතු ඒවා ය. නැති දත්ත ගැන හඬනු වෙනුවට තියෙන දත්ත මත ක්‍රියා නොකළෝ ජාතික ජන බලවේග ආණ්ඩුව ය. එසේවුවද, දැන් නැගිය යුතු තීරණාත්මක ප්‍රශ්නය වන්නේ පශ්චාත් ව්‍යසන යළි ගොඩ නැගීම කළ යුත්තේ කෙසේද යන්න ය.

එය පීඩාවට පත්වූවනට මූල්‍යමය වශයෙන් පිහිටවීමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට හෝ අඩි 5000 ට උස කඳු මුදුන්හි වන වගා කිරීමට හෝ ලඝුකළ නොහේ. මිනිස්ක්‍රියාකාරකම් නිසා පරිවර්තනයට ලක්වූ අවකාශය පතිත වන්නේ අඩි 5000 ට උස් ප්‍රදේශයන්හි නොව අඩි 2000- 5000 අතර භූමියේ ය. මෙකී ගැටලු කිසිවෙකුගේ අවධානයට ලක් නොවී යැයි මෙයින් නොකියවේ. එස් ඒ වික්‍රමසිංහගේ ඉදිරිමග ලිපිය මෙන්ම කුඩා වැව් කපා දැමීම ගැන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගේ කරුණු ඉදිරිපත් කිරීම්ද මෙහිදී මතක් කළ හැක.

මා මේ සටහනින් අපේක්ෂා කරන්නේ මේ ව්‍යසනය ස්වභාවධර්‍මය, නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සමාජ සම්බන්ධතාවය අතර ත්‍රිකෝණීය සම්බන්ධය හා අන්තර් ක්‍රියාකාරිත්වය ඇසුරින් පැහැදිලි කිරීමටත්, ඒ මඟින්ම රට යළි ගොඩනැගීමේ සහයෝගතාවයේ මානුෂ ආර්ථික විකල්පය (human economy of solidarity) කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීමට ය.

පළමුවෙන්ම සටහනෙහි ත්‍රිකෝණයේ මුලු තුන අනන්‍ය කර ගනිමු. මේ සටහන සකස් කෙරෙන්නේ නිෂ්පාදනය පිළිබඳ මාක්ස්වාදී අදහස අප අත්දකිමින් සිටින ව්‍යසනය තේරුම් කිරීම සඳහා සැකසීමෙනි. පරිසරය පිළිබඳ ගැටලුව මාක්ස්- ඒංගල්ස් නොසලකා හැරියේ ය යන පරිසරවාදී අදහස සමග අප එකඟ නොවන බව ආරම්භයේ දී ම කිව යුතු වේ.

පහත සටහනේ මුලු තුන මගින් පෙන්වන දේ මුලින්ම අඳුනා ගනිමු.

NPP ආණ්ඩුවේ සමාජ ප්‍රතිපත්ති මා කියවාගන්නා ආකාරයට පතිත වන්නේ FOP මුල්ලට ආසන්නවය. අඩි 5000 ට වැඩි කඳුකරයේ කැලෑ වැවීම් වැනි වාචීපරම කථා ගැන අප එතරම් සැලකිල්ලක් දැක්විය යුතු යැයි මට නොසිතේ.

මෙනයින් NPP සමාජ ප්‍රතිපත්ති ස්ථානගත කරන්නේ පවත්නා සමාජ සම්බන්ධතා එසේම තිබියදී නිෂ්පාදන බලවේග වැඩි දියුණු කොට ශක්තිමත් කිරීමටය. ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලද කොමිටියට පූර්වතාවය දීම මගින් පෙන්වන්නේ එයයි. වෙනත් වචන වලින් කියන්නේ නම් ණය මත රැඳුන ආර් ථිකයක් වෙත නැවත ගමන් කිරීම ය.

FIRE (මූල්‍ය, රක්ෂණ සහ වතුපිටි) අංශ වල බලවතුන්ගේ ආධිපත්‍යය මගින් රට ගොඩගත හැකිය, ප්‍රාග්ධනයේ පරිපථය තුළ සිටිමින් ක්‍රියා කිරීම ය. පශ්චාත් සුනාමි කාලයේ ප්‍රතිපත්තිය දිගටම ගෙන යාමට ය. ප්‍රාග්ධන පරිපථයේ අවිච්ඡින්න ක්‍රියාකාරිත්වය අසමතාවය සහ දරිද්‍රතාවය වැඩි කරයි. තවදුරටත් ස්වභාව ධර්මයට තුවාල කරයි. එහෙයින් ඊළඟ ව්‍යසනය මේ ව්‍යසනය පරදවනු ඇත. මෙයින් ගැලවිය හැක්කේ ඒක භෝග කෘෂිකාර් මික පිළිවෙතින් බිඳී කෘෂිකර්‍මය ප්‍රතිව්‍යුහගත කිරීමෙනි. විකිණීමට නොව පරිහරණයට නිෂ්පාදනය කිරීමෙනි.

ඔබ යෝජනාකරන පරිවර්තනය අනුව සටහනේ ඔබ යෝජනා කරන ලක්ෂය සටහන් කරන්න.

අප අත්දකින පාරිසරික පැල්ම අපේ ක්‍රියාකාරකම් මත රඳා පවතී!

පාරිසරික පැල්ම යනු මනුෂත්වය හා ස්වභාව ධර්‍මය අතර ඇතිව ඇති පැල්මයි. අද අප දකින පැල්ම කෘතිම එකක්. මිනිසා හා ස්වභාව ධර්‍මය අතර පරිවෘත්තියෙහි ඇතිව ඇති ගැඹුරු විවරය (දොරොව්ව) ස්වාභාවික එකක් නොවේ.

කාර්මික ධනවාදයේ අභාවය අප යථාර්තයක්  ලෙස නොදකිනවාට වඩා මුහුදු ගොඩ ගැන්ම යථාර්‍තයක් යැයි අපි දකිමු. බොහෝ පරිසරවේදීන් යෝජනා කරන්නේ කාර් මික ධනවාදයේ රාමුවට ගැළපෙන ලෙස පරිසරය රැක ගන්නට මිස සැබෑ ලෙසම පරිසරය රැකගන්නට නොවේ. මාක්ස් මෙසේ ලියයි.

මේ නිසා අප මුහුණ දී සිටින අර්බුදය ස්වභාවික එකක් ලෙස හැඳින්වීමේ තේරුමක් නෑ. මේ නිසා අප ස්වභාව ධර්මය කීවම මේ ඇන්ත්‍රොපොසීන් අවධියේ හදපු සහ හැදුන එක ගැනයි අදහස් කරන්නෙ.

එය හැදුනෙ හිස් අවකාශයක නොවෙයි. නිෂ්පාදන සමාජ සම්බන්ධතා පද්ධතියක් තුළ යි. ඒ සම්බන්ධතා මගින් කෙරෙන්නේ සර්පිලාකාරව ධනය නිර්‍මාණය කිරීම. අතිරික්තය අවිච්ඡින්නව වැඩිකර ගැන්ම සහ එය මුදල් ලෙස ඉදිරියට ගෙනයාමයි අරමුණ. නිෂ්පාදන බලවේග වර්‍ධනය කරන්නෙ මිනිසාගේ හෝ/ සහ ස්වභාව ධර්මයේ යහපතට නොව මුදලේ හා ධනයේ යහපතට, වාසියට යි.

ඒ අනුව මේ ත්‍රිකෝණය ඇතුළේ ලක්ෂයක නැවතිලා/ ස්ථානගත වෙලා විසඳුම් හොයන්න බෑ. මේ කෝණයේ මුලු යළි කියවගන්න ඕන.

අනෙක් පරිසරවාදීන්ගෙන් මාක්ස්වාදින් වෙනස් වෙන්නෙ එතනදී. කොච්චර යහපත් චේතනයෙන් සහ කැපවීමෙන් වැඩ කළත් නිර්-මාක්ස්වාදී පරිසරවාදය යෝජනා කරන්නෙ කාර්මික ධනවාදය ඇතුළෙ විසඳුමක් හොයාගන්න. කළයුත්තේ නිෂ්පාදන සමාජ සම්බන්ධතා පද්ධතිය බිදීමයි.

The post සොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b7%83/feed/ 0
සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%b0%e0%b6%b1%e0%b7%9a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%ba%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b6%b8-%e0%b6%b4/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%b0%e0%b6%b1%e0%b7%9a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%ba%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b6%b8-%e0%b6%b4/#respond Fri, 14 Nov 2025 04:04:37 +0000 https://vivaranalk.com/?p=14049 The post සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග.. appeared first on විවරණ.

]]>
  • ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල  (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම පසුබැස්ම ආපහු හැරවීමට අසමත් වින. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යෝජනා කළේ  ISD විකුණා ණය ගැන්මය. ප්‍රතිකර්ම දෙකම වැඩ කරේ නැත. 2020 ආර්ථික වෘද්ධි වේගය සෘණ අගයක් ගත්තේ ය. ගෝඨාභය ආංඩුවට ද, ලෙඩට බෙහෙතක් හොයාගත නොහැකි විය. විදේශ ණය සුලුවෙන් අඩුකොට දේශීය ණය මගින් හිලව් කිරීම, බදු සහන හා කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ විසදුම් නො විය. කෝවිඩ් වසංගතය තත්වය නරක් කෙරින. තවත් ණය නොගත හැකි තරමට ණයබර වැඩිවිය.
  • 2021/22 වූයේ කුමක් ද? ආර්ථික පසුබැස්ම ගෝලීයකරණයේ නව සන්දර්භය තුළ විදේශ විනිමය අර්බුදයකට පරිවර්තනය වීම ය. ග්‍රීසියේ අර්බුද රටාව මෙහිද ක්‍රියාත්මක වින. ආර්ථික චක්‍රීය පසුබැස්ම ණය අර්බුදයක් ලෙස පිපිරී ගියේ ය. එය ප්‍රභාත් පට්නයික් හැදින් වූ අනිශ්චිත අර්බුදයක් (contingent crisis) ය. විදේශ විනිමය සංචිතය බින්දුවට වැටින. මෙරට බැංකු නිකුත්කළ ණයවර ලිපි පිළිනොගැනින. අත්‍යවශ්‍ය භාංඩ ආයාත කිරීම කඩා වැටින. ණය බර වැඩිවින.
  • මේ මොහොතේ IMF යෑම හැර වෙනත් මගක් නොවීද? ඇත්තටම ධනේශ්වර රාමුව තුළ විසදුම් කිහිපයක් විවරව තිබින. ඒවා පෙළගස්වා බලමු. මේ කුමන විසදුමක තිබිය යුතු අනීවාර්‍ය අංගයක් විය යුතුව තිබුනේ කිසියම් ප්‍රමාණයකට හෝ රටේ විදේශ විනිමය සංචිතය ධන අගයකට ගෙන ඒම සහ ණය ගෙවීමේ ආතතිය අඩුකර ගැන්මය.
    (අ) IMF විසදුම ගෝලීය ප්‍රාග්ධනයේ සහ දේශීය ඉහළ මාලයේ විශේෂයෙන් මූල්‍ය ධනේශ්වරයේ අභිප්‍රායයන් සපුරාලන විසදුම විය. එය ක්‍රියාත්මක වන ආකාරය අපි දැන් අත්දකිමින් සිටිමු.
    (ආ) අති ජාතිකවාදී විසදුම වන්නේ එමගින් ඇතිවන ප්‍රතිඵල කුමක්වුව ණය ගෙවීම සහමුලින් ප්‍රතික්ෂේප කිරීම හා ජාතික ආර්ථිකය අඩු මට්ටමෙන් පවත්වාගැන්ම. මෙය කම්පුචියාවේ පොල්පොට් විසදුමයි.(ආ) අති ජාතිකවාදී විසදුම වන්නේ එමගින් ඇතිවන ප්‍රතිඵල කුමක්වුව ණය ගෙවීම සහමුලින් ප්‍රතික්ෂේප කිරීම හා ජාතික ආර්ථිකය අඩු මට්ටමෙන් පවත්වාගැන්ම. මෙය කම්පුචියාවේ පොල්පොට් විසදුමයි.
    (ඇ) සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී විසදුම. (එන් එම් පෙරේරා/ රෆායල් කොරයා විසදුම ).
    ණය ගෙවීම ගැන කල් ඇරීමක් හෝ කොටස් ගෙවීමක් සහ මිත්‍ර රටවලින් ණය ආධාරයක් ලබාගැන්ම හා භාංඩ හුවමාරුව ක්‍රියාත්මක කිරීම සහ විදේශ විනිමය අරපිරිමැස්ම හරහා විදේශ විනිමය ආතතිය අඩුකර ජාතික නිෂ්පාදකය නැංවීම. ග්‍රීසියේ සිරිසා වාමවාදීන්‍ යෝජනාකළ වාම කේන්ස්වාදී යෝජනාව මීට සමාන වේ. එමෙන්ම මේ විසදුම විශාල පදාසයක (ඇ 1 ඇ 2 ඇ 3….යනාදී) විහිදෙන්නේ ය.
    මෙහිදී අවධාරණය කෙරෙන කරුණවන්නේ IMF පාර හැර වෙනත් මගක් නැත යන්න අතිශය මිථ්‍යාවක් බවයි.
  • දැන් ආර්ථිකය කිසියම් ස්ථාවරත්වයකට ඇවිත්. ධන වෘද්ධි වේගයක්. උද්ධමනය අඩුලු. මේ ජයග්‍රහණ IMF ප්‍රතිපත්ති නිසාද? අර්බුදයෙන් ගොඩ ඒම ඇරඹෙන්නෙ ඊට කලින්. ඉන්දියාව ඩොලර් බිලියන එකහමාරක විතර creditline එකක් දෙනව. චීනය බිලියන් එකහමාරක තැන්පතුවක් කරා. IMF සල්ලි එන්න කලින් ආර්ථික චක්‍රය හැරෙනව. ඇත්තටම IMF කොන්දේසි නිසා තමා 2022 ආර්ථිකය සෘණ 7 කින් වැටෙන්නෙ.
  • වෙනත් මං තිබියදී IMF මාවත තෝරා ගත්තේ ඇයි? එය දේශපාලන තීන්දුවක්. එය පෙන්වන්නේ රටේ තීරණ ගැන්ම ගෝලීය සහ දේශීය මූල්‍ය හා වාණිජ ධනේශ්වර කුලකය අත පැවැත්ම ඊට මූලික හේතුවය.
  • ඇයි ජාතික ජන බලය ඒ පාරෙම යන්නේ? සුලු ධනේශ්වරයේ (ඊනියා ජනතාව ගේ) බංකොලොත්කම සහ මූල්‍ය ධනේශ්වරය හමුවේ සුලු ධනේශ්වරයේ ඇති බයාදුකම නිසයි.
  • The post සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%b0%e0%b6%b1%e0%b7%9a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%ba%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b6%b8-%e0%b6%b4/feed/ 0
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83/#respond Thu, 21 Aug 2025 12:35:58 +0000 https://vivaranalk.com/?p=13471 මීට මසකට පමණ පෙර, –   එනම් මා රෝගාතුරවීමට පෙර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි. “ගුරු සංගම්, අන්තරේ, FUTA මෙන්ම අධ්‍යාපනය ගැන උනන්දු පුර වැසියන් මේ යෝජිත ප්‍රතිසංස්කරණයන් දෙස බැලිය යුත්තේ ‘අධ්‍යාපනයට සියයට 6  ක්’ යෝජනාවේ ප්‍රිසමය තුළිනි.” හරි හැටි සුවයක් නැතද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපහසුවෙන් හෝ යමක් ලිවිය යුතු […]

    The post අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ.. appeared first on විවරණ.

    ]]>
    මීට මසකට පමණ පෙර, –   එනම් මා රෝගාතුරවීමට පෙර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි. “ගුරු සංගම්, අන්තරේ, FUTA මෙන්ම අධ්‍යාපනය ගැන උනන්දු පුර වැසියන් මේ යෝජිත ප්‍රතිසංස්කරණයන් දෙස බැලිය යුත්තේ ‘අධ්‍යාපනයට සියයට 6  ක්’ යෝජනාවේ ප්‍රිසමය තුළිනි.” හරි හැටි සුවයක් නැතද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපහසුවෙන් හෝ යමක් ලිවිය යුතු යැයි සිතීමි. අසනීපය මරණය වෙත මසකින් ළං කළ ද සිදුවීම් විසින් මා මසකින් පස්සට තල්ලු කර ඇත. එසේ වුවද, මසක කාලය තුළ ඇත්තටම ආංඩුව යෝජනා කරන්නේ කුමක්ද යන්න ගැන පැහදිලි උත්තරයක් දීමට අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය අසමත්ව ඈත. ඒ 2020 යෝජනා ද? එසේ නැත්නම් රනිල් වික්‍රමසිංහ සමයේ ගෙන ආ රාමුව ද? ආංඩුව කියන පරිදි මේ දෙකම නොවන තෙවැන්නක් ද? ඒ POWER POINT ඉදිරිපත් කිරිම ද? රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  POWER POINT PRESENTATION එකකට ඌණනය කිරීම කෙතෙක් දුරට සාධාරණ ද? ආංඩුව පැත්තෙන් එකී ඌණනය කරන අතර එහි විවේචකයෝ පැති දෙකකින් ඊටම සමාන ලඝු කිරීමක් කරති. එක් පැත්තකින් ප්‍රතිසංස්කරණයන්හි ඇතුළ් නොකෙරුන විෂයයන් ගැන කෙරෙන විවේචනයන් ය. නිර්මාල් ඇතුළු ඉතිහාසඥයන් සහ භික්ෂූන් වහන්සේලා සහ FUTA කථා කරන්නේ කොටු ඇතුළට ඇතුල් නොකෙරුන විෂයයන් ගැන ය. අණෙක් පැත්තෙන් එන විවේචනයෙන් කියවෙන්නේ මේ ප්‍රතිසංස්කරණ අලුත් ඒවා නොව, ධවල පත්‍රිකාවේ සිට  ගෙන ආ ප්‍රතිසංස්කරණ යෝජනාවල කොපියක් බව ය.

    PowerPoint presentation

    ආංඩුව මෙම විවේචනයන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද? මා හිතන විදියට ආංඩුව පළමු විවේචනය සැලකිල්ලට ගෙන එම සංශෝධන කරනු ඇත. එයින් ඊනියා ප්‍රතිසංස්කරණ දේහයට හානියක් නොවේ. ආංඩුව දෙවන විවේචනය නොසලකා හිටීවි. ජාතික ජන බලය ආංඩුවට එය හොදින් පුරුදු ය. ඇත්තටම රෝදය අලුතින් සොයාගත යුතු නැත.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මූලික විවේචනයක් මේ වන විට ඉදිරිපත් කර ඇත්තේ අන්තරේ සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසිනි. ප්‍රතිසංස්කරණ ගැන මූලික මානයන් පහකින් බැලිය යුතු යැ යි අර්ජුන යෝජනා කරයි. ඒවා මෙසේ ය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන්නන් ඒවා සාධාරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක අර්ජුන මතුකරණ මානයන්ගෙන් මතුවන දේ නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කොළඹ පැවැත්වුණ සාකච්ඡාවකදී එක් සහභාගිවූවෙකු පළ කළ අදහසක් ගැන යමක් සටහන් කලයුතු යැයි සිතමි. (මට මෙම සාකච්ඡාවට සහභාගිවිමට නොහැකි වූයෙන් එහි පින්තූර රාමු කිහිපයක් මත පිහිටා ය මෙම සටහන ලියන්නේ.) “රස්සාවක් කරන්න නොහැකි අධ්‍යාපනය වස දීමකට සමානයැ” යි ඒ මහතා සදහන් කලේ ය. තම පැවැත්ම සපථ කර ගැන්මටත්, තමාගෙන් රටට හා සමාජයට සිදුවිය යුතු වගකීම් ඉටු කිරීමටත් සෑම පුද්ගලයෙකුටම කිසියම් නිපුණතාවයක් වගා කර ගැන්ම අවශ්‍ය වන්නේ ය. අධ්‍යාපනය  එහි ලා ප්‍රධාන විපුල කාර්‍යභාරයක් ඉටු කරන්නේ ය, කළ යුතු ය යන්න ගැන විවාදයක් ඇතැ යි නො සිතමි. මෙහි ලා විශේෂයෙන් ම විධිමත් අධ්‍යාපනය (formal education) වෙත පැවරෙන  වගකීම විශාල ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා අතර නොගැලපීමක් ඇතැ යි 1960 ගණන් වලදි ඩඩ්ලි සියර්ස්  වාර්තාව මගින් අවධාරණය කිරීමෙන් පසු හැම අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයෙක්ම සියර්ස් විරුද්ධාභාසය (Seers Paradox) ගැන  සැලකිලිමත් වූහ. ප්‍රශ්නය ඇත්තේ එහි නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන විද්වතුන් සිතනබව පෙනෙන්නේ සියර්ස් විරුද්ධාභාසයට ආමන්ත්‍රණය කළ හැකි එකම මග ලෙස ඔවුන් දකින්නේ, නවලිබරල්වාදී මූලධර්ම මත පිහිටා එකී ප්‍රතිසංස්කරණ සූත්‍රගත කිරීම ය. මෙය දෘෂ්ටිවාදී ගැටලුවකි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එහි ආයතනික රූපරාමුව සකසා දේ.

    ගුරු ප්‍රජාව, අන්තරේ, සහ ප්‍රගතිශීලි විද්වතුන් යෝජනා කරන්නේ නවලිබරල්වාදී රාමුව මත නොපිහිටා, අර්ජුන සදහන් කළ මානයන් හරහා ගොස් සියර්ස් විරුද්ධාභාසය ජයගත හැකි බව ය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මගේ මෙම තෙවන කෙටි සටහන ඉස්ටෙවන් මෙසාරොස්ගේ “අධ්‍යාපනය – ප්‍රාග්ධනයෙන් ඔබ්බට” (Rducation – Beyond Capital) ලිපියේ කොටසක කෙටි සාරාංශයකින් ඇරඹීම සුදුසු යැ යි සිතම්. හේ නිරීක්ෂණයන් දෙකක් ඉදිරිපත් කරයි.

    මෙසාරොස්ගේ මෙකී නිරීක්ෂණයන් මගේ සිහියට ආවේ අධ්‍යාපන විශේෂඥයෙකු වූ ආචාර්ය සුජාතා ගමගේ ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සම්මුඛ සාකච්ඡාවක විඩියෝවක් බැලීමේදී ය. ඇයට අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම අනීවාර්‍ය වන්නේ ය. විභාගාභිමුඛ ඉගැන්වීම් වලින් ඉවත් විය යුතු වේ. පංති හෝ ඉන් පිටත ක්‍රියාකාරකම් ශිෂ්‍ය ඇගයීමට ඇතුල් කිරීම යහපත් පියවරකි. නව ක්‍රමය ප්‍රායෝගිකව අභ්‍යාස කළ හැකිවන ලෙස ගුරු පුහුණුව ඉදිරියට ගෙන යා යුතු වේ. විෂය මාලා යම් කුලකගත කිරීම අවශ්‍ය වේ. ආචාර්ය ගමගේ යෝජනා කරන මෙකී ප්‍රතිසංස්කරණ ගැන මට ලොකු කෝන්තරයක් නැත. ප්‍රශ්නය ඇත්තේ පුලුල් සමාජ දේහය එසේ තබා ගනිමින් කෙරෙන ඉහත සදහන් කළ ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ සිල්ලර ප්‍රතිසංස්කරණ ය.

    අපි ආසන්න සාදෘශ්‍යයක් දෙස හැරෙමු.

    ශ්‍රී ලංකාවේ පරිවහන ක්ෂේත්‍රය, විශේෂයෙන් දුම්රිය පරිවහනය, පුලුල් දුර දිග යන පරිවර්තනයකට ලක් කළ යුතු වේ. වායු සමීකරණය කළ මැදිරි, වෙන්කෙරුන ආසන මේ අතර වේ. ඒ වෙනස්කම් හොඳ ය. ආසනයක හිඳගෙන යාමට දැන් කෝච්චිය එනවිට දුවගෙන යාම දැන් වයසක මට අවශ්‍ය නොවේ. එය හොඳ ය. එහෙත් බහුතර ජනයාට මෙම වෙනස්කම් නිසා වී ඇති වාසියක් නැත.  ඔව්හු තවමත් කෝච්චිය වේදිකාවට ඒමටත් පෙර නැග ගන්ට බලති. වහලේ නැග යති. විහිළු සහගත අලුත්ම වෙනස මහනුවරින් 6.15 ට එන නගරාන්තර දුම්රිය කඩුගන්නාවේ නැවත්වීමට ගෙන ඇති තීන්දුව  ය. පොදු පරිවහන ප්‍රතිසංස්කරණ කළ යුත්තේ සමාජයේ පහළ මාලයට පහසුවක් සහ සහනයක් වන ලෙස ය.

    කන්නගර නිදහස් අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ ඉලක්ක කර ගත්තේ මේ වෙනස ය. ආචාර්ය එන් එම් පෙරේරා විභේදිත පාසැල් ක්‍රමය අඩු කිරීම හිර ගෙදර සිට ලියූ ලිපියකින් (the case for free education) යෝජනා කලේ එහෙයිනි. 1960 ගණන්වල ගත් පියවරයන් ඒ දෙසට යන ඒවා ය. කෙසේ වුවද 1977 න් පසු අනුගමනය කළ පිළිවෙත් මගින් කෙරුණේ මේ ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම ය. ආචාර්ය සුජාතා ගමගේ ඇතුළු බොහෝ අධ්‍යාපන විශේෂඥයන් මේ මානය ගැන නොසලකා හැරීම පෙන්වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදු සිල්ලර සහ තාක්ෂනික මානයනට තනුක කිරීම ය.

    The post අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83/feed/ 0
    බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්! https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%85/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%85/#respond Mon, 12 Feb 2024 03:56:01 +0000 https://vivaranalk.com/?p=10869 ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයට ම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ. එහෙව් එකෙකු, ඡන්ද බලයෙන් රටක පත්විය ඉහළම පුටුවට ඔසවා තැබිය හැකි ව්‍යවස්ථාවක් රටක තිබේ නම් එය නියම වසල ව්‍යවස්ථාවක්ම විය යුතු වේ. කිසියම් රටක් එවන් වසල ව්‍යවස්ථාවක් යටතේ වසර හතලිස් පහක් පාලනය වී නම්, ඒ රටේ […]

    The post බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්! appeared first on විවරණ.

    ]]>
    ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයට ම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ. එහෙව් එකෙකු, ඡන්ද බලයෙන් රටක පත්විය ඉහළම පුටුවට ඔසවා තැබිය හැකි ව්‍යවස්ථාවක් රටක තිබේ නම් එය නියම වසල ව්‍යවස්ථාවක්ම විය යුතු වේ. කිසියම් රටක් එවන් වසල ව්‍යවස්ථාවක් යටතේ වසර හතලිස් පහක් පාලනය වී නම්, ඒ රටේ මහජනයා ගැනත් ටිකක් විපරම් කර බැලීම සුදුසු ය.

    මේ රටේ පින් සහ ටින් ජනපතියා මේ වනවිට ඡන්ද දෙකක් කල්දමා ඇත. ඒ ප්‍රාදේශීය සභා සහ පලාත් සභා මැතිවරණයන් ය. ව්‍යවස්ථාව අනුව මේ මැතිවරණ කලට වෙලාවට පැවැත්වීම අනිවාර්ය නොවෙන හෙයින්, විධායකය විසින් විවිධ වෙට්ටු දමා ඒ මැතිවරණ කල් දැමින.

    ව්‍යවස්ථා ප්‍රකාර ජනපතිවරණය එසේ කල් දැමිය නොහැක. එමෙන්ම, ජනපතිට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් තැබීමට ද දැන් ඉඩක් තිබේ. මේ නිසා මොකක් හෝ මැතිවරණයක් ඒ ය යන බලාපොරොත්තුව පෝෂණය වී ඇත්තේ ය. ජනපතිවරණය පැවැත්විය යුතු දින වකවානු පවා ගණන් බලා පැවසීමට හැකි වේ.

    හෙත් එකක් අප අමතක නොකළයුතු වේ.

    ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයටම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ.

    ඡන්දයකින් තමනට බලයට ඒමට හොහැකියැ යි සිතේනම් මේකා මොන වෙට්ටුවක් හෝ දමා චන්ද නොපැවැත්වුවහොත් එ් ගැන පුදුම වියයුතු නොවේ. මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ ප්‍රකාශන පෙන්වන්නේ මේකා ව්‍යවස්ථාව තුට්ටුවකටවත් ගණන් නොගන්නා බවකි.

    ඒ නිසා අප විසින් බලගතු ලෙස ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ජනපතිවරණය තිබ්බොත් කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න නොව, ජනපතිවරණය නොතිබ්බොත් මහජනයා ක්‍රියා කළ යුත්තේ කෙසේද? යන්න ය.

    නිදහස් දින ගෝල්ෆේස් එකට යන්න මහජනයාට නිදහසක් නැත. මෙය යළි මතුකරන අභියෝගය ගෝල්ෆේස් රටපුරාම ගොඩනගා ඒවා යළි අත්පත් කර ගැන්මට සූදානම් වීමෙන් පමණකි, මැතිවරණ දිනාගත හැක්කේ.

    මෙයට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයන් දෙපොළ වූ කෝබින් සහ මැක්ඩොනල්ඩ් කදිම පූර්වාදර්ශයක් වාම දේශපාලන කාණ්ඩවලට ලබා දුන්නේ ය. ඒ තම රැඩිකල් වැඩ පිළිවෙල සඳහා මූල්‍ය සම්පාදනය කරගන්නේ කෙසේ දැයි පෙන්වීමෙනි.

    වම පොරොන්දු වියයුත්තේ මොනවාද?

    1. පසුගිය වසරක පමණ කාලය තුළ පාර්ලිමේන්තුව සම්මත කළ සහ සම්මත කරන්න යන මහ බැංකු පනත, මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්ත විරෝධී පනත, ක්ෂුද්‍ර ණය පනත, ධීවර පනත වැනි සියලු පනත් අහෝසි කළ යුතු වේ. (වියදමක් නැත.)
    2. VAT බද්ධ සියයට 10 දක්වා පහත හෙළිය යුතු ය. (බදු ආදායම් අඩුවීම වැළැක්වීමට බදු පැහැර හැර ඇති අයගේ ගේ බදු කැඳවිය යුතු ය)
    3. පදනම් භාණ්ඩ (base goods) වල, (එනම් විදුලිය, ඉන්ධන, වතුර වැනි) භාණ්ඩ මත පනවා ඇති රාජ්‍ය බදු සහ රාජ්‍යයට කරන ගෙවීම් සියයට 10 දක්වා අඩු කළ යුතු ය. (නැතිවන ආදායම අවම කිරීමට QR ක්‍රමයක් නැවත හඳුන්වා දිය යුතු ය. එමෙන්ම, අංක 2 යටතේ දැක්වූ විසඳුම මෙතනට ද ගැලපේ. එපමණක් නොවේ. පදනම් මිල අඩුවීම සමග ආර්ථිකයට විශාල උත්තේජනයක් ඇති වේ.)
    4. පහුගිය කාලය තුළ කෘෂිකාර්මික භාණ්ඩ මිල බෙහෙවින් වැඩිවිය. මෙයට කිසියම් ප්‍රමාණයකට ස්වාභාවික හේතු බල පෑ බව සැබවි. එහෙත් මෙම කෘෂිකාර්මික මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව කෘෂිකාර් මික යෙදවුම් මිල ඉහළ යාමය. මේ නිසා අඩු මිල යෙදවුම් මත ගොඩනගන කෘෂිකර්මයකට මාරුවීමට පදනම දැමිය යුතු ය. (අතිරේක වියදමක් නොවේ.)

    බදු ආදායම් අඩුවීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ යමින් කඳුලු සැලිය යුතු නොවේ. රාජ්‍යයකට බදු ප්‍රශ්නයක් නොවේ. අයවැය හිඟය රටකට ප්‍රශ්නයක් වන්නෙ, රාජ්‍ය වියදම්, රටේ අනෙක් හිඟයන්, (එනම් අධ්‍යාපනයේ හිඟය, ශ්‍රම වෙළදපොල හිඟය, සෞඛ්‍ය හිඟය වැනි හිඟයන්) පිරවීමට නොයොදන්නේ නම් පමණි.

    අංක 3 සහ 4 නිසා පහළ මාලයේ ජනතාවගේ මූර්ත ජීවන තත්ත්වය ඉහළ යයි. ඒ නිසා සැලකිය යුතු කාලෙකට වැටුප් ගැන සමාජ සම්මුතියක් ඇතිකරගත හැකිවේ.

    බියෙන් තොරව පළමුවෙනි දවස් 30තුළ මේ ටික කරන්නට සත්‍ය පොරොන්දුවක් දීමෙන් මැතිවරණය තිබ්බොත් වමට ජය ගැන්ම අපහසු නොවේ. මේ පොරොන්දු මත පහළ මාලය බලගැන්වීම හරහා ඡන්දය නොතිබ්බත් ඒකටත් උත්තර දිය හැක.

    ජනයා “කෙහෙලිය ගෝ ගම්” සංවිධානය කරති. මෙය හොඳ ආරම්භයක්.

    The post බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්! appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%85/feed/ 0
    වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය! https://vivaranalk.com/%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b6%b0%e0%b6%b1%e0%b7%9a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b6%b0%e0%b6%b1%e0%b7%9a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a/#respond Wed, 10 Jan 2024 15:29:08 +0000 https://vivaranalk.com/?p=10789 ලංකා සමසමාජ පක්ෂයේ 88 වෙනි සංවත්සරයේදී කළ කථාවේ සටහනකි වසර 88 ක් පිරෙන ලංකා සමසමාජ පක්ෂය අතීතයේ පක්ෂයක් වෙතින් වර්තමානයේ සහ අනාගතයේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට නම් අප වර්තමානය නිවැරදිව කියවා ගැන්මට සහ අනාගත ප්‍රවණතා දැකගැන්මට ඊට හැකිවිය යුතු ය. අප අද ජීවත්වන යුගය ගෝලීය ධනේශ්වර ක්‍රමයේ හතරවෙනි අදියරේ – එනම්, නවලිබරල්වාදයේ- ගොම්මන් යාමය ලෙස […]

    The post වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය! appeared first on විවරණ.

    ]]>

    ලංකා සමසමාජ පක්ෂයේ 88 වෙනි සංවත්සරයේදී කළ කථාවේ සටහනකි

    වසර 88 ක් පිරෙන ලංකා සමසමාජ පක්ෂය අතීතයේ පක්ෂයක් වෙතින් වර්තමානයේ සහ අනාගතයේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට නම් අප වර්තමානය නිවැරදිව කියවා ගැන්මට සහ අනාගත ප්‍රවණතා දැකගැන්මට ඊට හැකිවිය යුතු ය. අප අද ජීවත්වන යුගය ගෝලීය ධනේශ්වර ක්‍රමයේ හතරවෙනි අදියරේ – එනම්, නවලිබරල්වාදයේ- ගොම්මන් යාමය ලෙස හැඳින්විය හැක.

    අර්නස්ට් මැන්ඩෙල් තම Late Capitalism නැමති විශිෂ්ඨ කෘතියෙහි යෝජනා කරන්නේ 1820 ලෝක ධනේශ්වර වෙළදපොලෙහි ආරම්භක ලක්ෂය ලෙස ගැන්මට ය. ධනේශ්වර ක්‍රමයෙහි උපයෝජ්‍යතා හැකියාව (adaptability) අඩු ලන්සුවෙන් ගතයුතු නොවේ.

    අර්නස්ට් මැන්ඩෙල් | Ernest Mandel

    පළමුවෙනි ලෝක යුද්ධය, රුසියානු විප්ලවය සහ පශ්චාත් යුද ආර්ථික අර්බුදය, ඒකාධිකාරි ධනවාදයේ අර්බුදය මොනවට ප්‍රදර්ශනය කළේ ය. එහි අවසානය සලකුණු කළේ 1929- 31 මහා පරිහානිය (the Great Depression) යි. ඒ සමග ධනේශ්වර ක්‍රමය එහි තෙවෙනි අදියරට සම්ප්‍රාප්ත වූයේ එතෙක් ආර්ථික විද්‍යාව පිළිගත් ප්‍රධාන ප්‍රස්තූතයන් ප්‍රතික්ෂේප කරමිනි. ඊනියා අදෘශ්‍යමාන හස්තය ආර්ථික සමතුලිතතාවය ඇති නොකරයි. ඒ නිසා රජය සක්‍රීයව මැදිහත් විය යුතු ය. ජෝන් මේනාඩ් කේන්ස් යෝජනා කළේ රාජ්‍ය වියදම් මගින් ඉල්ලුමේ ඌනතාවය මග හැර ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තිය පිහිටවිය හැකි බවයි. මේ අදියර ධනේශ්වරයේ ස්වර්ණමය අදියර ලෙස බොහෝවිට හැඳින්වේ.

    කේන්ස් යෝජනා කළ විසඳුම ධනේශ්වර ක්‍රමයේ දැවැන්ත ප්‍රසාරණයක් ඇති කළ ද, ඒ නිසා උද්ධමනය වැඩි කෙරින. ඩොලරයේ රන් පරිවර් තිතාවය ඇමරිකා එක්සත් ජනපදය විසින් 1971 දී අත්හැර දැමිණ. ඔපෙක් රටවල් විසින් තෙල් මිල ඉහළ දැමීම ගෝලීය ආර්ථිකයට නරක ලෙස බලපෑවේය. මේ සමග ලාභ අනුපාතිකය පහත වැටීම සමග වෙනත් මගකට ගමන් ගැනීමේ අවශ්‍යතාවය ගැන ව්‍යාපාරික සමාගම් වෙතින් තෙරපීමක් ඇතිවින.

    මහා අවපාතය අතරතුර, රැකියා විරහිතයන් පාන් හා ආහාර සඳහා පෝලිම් ගැසී සිටියහ..

    නව ලිබරල්වාදී අදියර (neoliberalism) ඇරඹෙන්නේ මේ සන්දර්භය තුලයි. එය මුලින්ම අත්හදා බැලෙන්නේ පිනොචෙගේ ආඥාදායකත්වය යටතේ චිලි රටෙහි ය. දෙවනුව, නාමික ප්‍රජාතන්ත්‍රවාදය පැවතුන ශ්‍රී ලංකාවේ ය. එයින් පසු ගෝලීය උතුරේ වර්ධිත රටවල් ද නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැම්මේ ය.

    නව ලිබරල්වාදයේ උපත ගැන කෙටියෙන් සාකච්ඡා කරමු.  මධු සමය සලකුනු කරන්නේ 1980 සහ 1990 ගණන් ය. බර්ලින් තාප්පය බිඳ දැමීමත් සෝවියට් කඳවුර බිඳවැටීමත් සමග 1917 දී ලෝක ධනේශ්වරයට නැති වූ විශාල කලාපයක් නැවත අල්ලා ගැනීමට හැකිවිය. එසේ වුවද, තෙවන සහස්‍රය ආරම්භ වනවිට නව ලිබරල්වාදය  අර්බුදය ට යාමේ නැඹුරුවක් දක්නට ලැබින. 2008 දී ඇමරිකා එක්සත් ජනපදයේ විශාල මූල්‍ය සමාගම් කිහිපයක් බිඳ වැටින. මූල්‍ය හා බැංකු අර්බුදය යුරෝපාකරයට ද පැතිරින. මූල්‍ය අර්බුදය මගින් ප්‍රදර්ශනය කළේ ධනේශ්වරයේ, එහි නව ලිබරල්වාදී අදියරේ අර්බුදය ය. 2020 වනවිට නව ලිබරල්වාදයට වසර පනහක් ගෙවී ගොස් තිබින. අපි නැවත වතාවක් ධනේශ්වර ක්‍රමයේ අර්බුද හරහා ගමන් කරමින් සිටිමු.

    නව ලිබරල්වාදය ශ්‍රී ලංකාව ගිලගත්තේ 1970 ගණන්වල මැද  භාගයේදී ය. සමගි පෙරමුණ ආණ්ඩුව ලිහුනේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. අද ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ ද නව ලිබරල්වාදයේ අර්බුදයට ය. මෙම ව්‍යුහාත්මක අර්බුදය 2021 දී එලියට ආවේ අනිශ්චිත අර්බුදයක් (contingent crisis) ලෙස ය. ණය අර්බුදයක් ලෙස ය. මෙම ණය අර්බුදය නිවැරදි ප්‍රතිපත්ති මගින් විසඳාගනු වෙනුවට ආණ්ඩුව හා මහ බැංකුව කළේ ඔවුනට පෙනෙන එකම විකල්පයට රට ගෙන යාමය. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම පිළිගැන්ම ය. 2021 දීත් ධන ආර්ථික වෘද්ධියක් අත්කරගත් ශ්‍රී ලංකාව 2022 සෘණ වෘද්ධි වේගයක් ඇති රටක් බවට පත්වීම ය. 2023 දීත් ඇතිවිය හැක්කේ එවැනිම සෘණ වෘද්ධි වේගයකි.

    මෙම ආර්ථික අර්බුදය හා සමාන්තරව දේශපාලන සහ සමාජ අර්බුදයක් හරහා ද අද ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. වර්තමාන පාලකයින්ගේ සුජාතභාවය අද ජනතාව ප්‍රශ්න කරති. අරගලය පෙන්වන්නේ සමාජය පුරාවට සිසාරාගිය මේ අර්‍බුදය ය.

    එහෙත් එක් කරුණක් අප සිහිපත් කර ගත යුතු වේ. ආර්ථික සමාජ සහ දේශපාලන අර්බුදයන් ආ පමණින් රටක කැළඹිලි සහ කැරලි ඇතිවිය හැකි වුවද, ඒ නිසා අනීවාර්යයෙන්ම සමාජ පරිවර්තනයක් ඇති නොවේ.

    අන්තෝනියෝ ග්‍රැම්ස්කි | Antonio Gramsci

    සමාජ පහළ මාලයේ සැකැස්ම තේරුම් ගනිමු. දෙවන ඉනිමේ දී පළමු ඉනිමේ වැරදි නිවැරදි කර ගනිමු.

    අපි, ලංකා සමසමාජ පක්ෂය, 1964 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩු පෙරමුණකට යාමෙන් ආනන්තරීය පාප කර්මයකට හසුවීමු. ලියොන් ට්‍රොට්ස්කි තම මුලු ජීවිත කාලය තුළම අවධාරණය කළ එක් මූලධර්මයක් අපි මෙතනදී සිහිපත් කර ගත යුතු වෙමු.

    පහළ මාලය සහ ඉහළ මාලය අතර සම්බන්ධතා අපි 1964 දී පටලවා ගත්තෙමු. දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වර උත්පාතය සමග ගෝලීය දකුණේ රටවලට අධිරාජ්‍යවාදයෙන් සාපේක්ෂ ස්වාධීන වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවාදී දේශපාලන ධාරාවන් පැන නැගින. එකී දේශපාලන ධාරාවෝ බොහෝවිට සෝවියට් කලාපය හා ආසන්න සම්බන්ධකම් ද ඇතිකර ගත් හ.

    ලියොන් ට්‍රොට්ස්කි | Leon Trotsky

    පක්ෂය ගොඩනැගීමේ ප්‍රශ්නය දැවැන්ත හා බාරදූර කාර්යයකි. එතනදී, අප අපේම ඉතිහාසය නැවත විවේචනාත්මකව කියවා ගත යුතු වේ. සිරිමා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ සමග අපි කිසිදු හිරිකිතයක් නැතුව,  නැවත පෙරමුණු වලට ගියෙමු. මුලින් කිසියම් බලයක් ඇතුව පෙරමුණු තුළ කටයුතු කළ ද, පහුවෙන කොට අප උන්ගේ හැම ජරා වැඩකම කොටස් කරුවන් වීමු. මේ දේශපාලනයෙන් නිශ්චිතව බිඳ දමමින් අපේ ස්වාධීන දේශපාලනයක් අපි යළි ගොඩනඟා ගමු.

    The post වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය! appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b6%b0%e0%b6%b1%e0%b7%9a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a/feed/ 0
    ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද? https://vivaranalk.com/%e0%b6%bd%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%b8%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%86/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%b8%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%86/#respond Mon, 01 Jan 2024 08:54:21 +0000 https://vivaranalk.com/?p=10718 ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වේ යැ යි අසන්ට ලැබේ. මෙය විපක්ෂයට එලපු මිරිඟුවක් වෙන්නටත් බැරි නැත. එය ජනාධිපතිගේ කටින් එන්නක් නිසාම ඒ ගැන සැකයක් ඇතිකර ගැන්ම සාධාරණ ය. දේශබන්දු ගේ යුක්තිය සිවිල් කෝලාහලයකට ගෙන ගොස් චන්ද තියන්නට තත්ත්වයක් නැතැ යි ඒ හිවල් කටින් කියන්නට බැරි නැත. ජනමත විචාරණ හෙළිකරන ජන මනසේ හැඩගැස්ම කෙතෙක් දුරට නිවැරදි ද […]

    The post ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද? appeared first on විවරණ.

    ]]>
    ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වේ යැ යි අසන්ට ලැබේ. මෙය විපක්ෂයට එලපු මිරිඟුවක් වෙන්නටත් බැරි නැත. එය ජනාධිපතිගේ කටින් එන්නක් නිසාම ඒ ගැන සැකයක් ඇතිකර ගැන්ම සාධාරණ ය. දේශබන්දු ගේ යුක්තිය සිවිල් කෝලාහලයකට ගෙන ගොස් චන්ද තියන්නට තත්ත්වයක් නැතැ යි ඒ හිවල් කටින් කියන්නට බැරි නැත.

    ජනමත විචාරණ හෙළිකරන ජන මනසේ හැඩගැස්ම කෙතෙක් දුරට නිවැරදි ද යන්න ප්‍රශ්නයකි. සමාජ බහුතරය වන පහළ මාලයේ මනස ඒවායින් නිවැරදිව කියවෙන්නේ ද? මෙය ප්‍රශ්නයකි. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්‍තමේන්තුව මෑතකදී හෙළි කළේ, මෙරට මුලු පවුල් වලින් සියයට 60 ක ආදායම පහත වැටී ඇති බව යි. මේ මධ්‍යම පංතිය ඛාදනය වීමකි. ජනමත විචාරණයන්හිදී මේ ජන කොටසට සාමාන්‍යයෙන් අධි නියෝජනයක් ලැබේ. ජනමත විචාරණ කියවීමේ දී මෙය සිත් තබාගත යුතු වේ.

    මෑතකදී කෙරුන ජනමත විචාරණ බොහොමයකින් හෙළි කෙරුනේ ජාතික ජන බලයේ නායක අනුර කුමාර දිසානායක පෙරමුණේ සිටින වගයි. පිළිතුරු දුන් අයගෙන් සියයට පනහකට වඩා වැඩි පිරිසක් උත්තර දී ඇත්තේ තමන් අනුර කුමාර දිසානායකට ජනපතිවරණයකදී චන්දය දෙනබව ය. මෙම ප්‍රතිඵල මැතිවරණ සිතියමේ යථාර්ථය සහේතුක ලෙස ප්‍රදර්ශනය කරන්නේ යැ යි නිගමනය කළොත් මෙය මෙරට මැතිවරණ තලයේ භූ කම්පනයක් ලෙස සැලකීම නිවැරදි යැ යි සිතමි. ඒ තේරුමෙන් එය 1956 ට වඩා වැඩි රික්ත මාපකයේ භූ චලනයකි.

    වෙනිසියුලාවේ හියුගෝ චාවේස් බලයට ආවේ නාගරික ජන නැගිටීම් සහ ජාතිකවාදී මිලිටරි මැදිහත්වීම් හරහා ය..

    යම් කොන්දේසි වලට යටත්ව එවන් ජයග්‍රහණයක් හැම වාමාංශිකයෙකුම ධනාත්මක එකක් ලෙස දකිතැ යි මට සිතේ. යමෙකු මෙය ලාංකික දේශපාලනයේ ලතින් ඇමරිකානුකරණයක් ලෙස දැක්කොත් එය පුදුමයක් නොවේ. පහුගිය දශක දෙක තුනක කාලයක සිට ලතින් ඇමරිකාවේ රටවල් බොහොමයක් හරහා “රෝස කෝඩයක්” හමා යන්නේ ය. ඒ වාමවාදී ආණ්ඩු බිහිවීම ය. මේ ආණ්ඩු බිහිවුනේ, රෝස කෝඩය නිසා වුවද, එයින් බොහොමයක් මැතිවරණ ජයග්‍රහණ මගින් ඇති වූ ඒවා ය. එකී ආණ්ඩු පාර් ලිමේන්තු තලයේ ඔසවා තැබූ රෝස කෝඩයන් වෙනස් ය.

    මේ ආණ්ඩුවල දිසානතිය තීරණය කිරීමේදී මෙකී “බලය ලබා ගැන්මට පෙර” බලවේග සැලකිය යුතු සාධකයක් විය. ජාතික ජන බලයේ ආණ්ඩුවකින් මෙවන් දිසානතියක් අපේක්ෂා කළ හැකිද? අරගලය ජාතික ජන බලය නගා සිටුවීමට ලොකු බලයක් නො සැපයූවා පමණක් නොව එහි ප්‍රධාන ධාරාවන් කිහිපයක් ජාජබ දුරස්ථව ස්ථානගත වූහ. එමෙන්ම ජජබ ද අරගලය සමග තබාගත්තේ දුරස්ථ සම්බන්ධයකි.

    දෙවෙනි විවේචනය මගින් කියවෙන්නේ ජාජබ ප්‍රතිපත්ති මාලාව සමාජ පරිවර්‍තනයකට නො සෑහෙන එකක් බව ය. මෙය සත්‍යය වුවද ප්‍රමාණවත් විවේචනයක් නොවේ. අපි දැන් මේ කරුණට හැරෙමු.

    The post ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද? appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%bd%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%b8%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%86/feed/ 0
    නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද? https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ad%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ad%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8/#respond Mon, 13 Nov 2023 11:16:31 +0000 https://vivaranalk.com/?p=10335 මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි  (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය. මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට යටවී ගිය සමසමාජ ඉතිහාසය නැවත විවර කිරීමට උදව්වක් හැටියට ය. පොත ගැන පූර්ව දැනුම් දීම කණ වැකුණ ගමන්ම එය කියවීමේ උවමනාව සමසමාජ කාරයෙකු හැටියට මා […]

    The post නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද? appeared first on විවරණ.

    ]]>
    මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි  (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය.

    මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට යටවී ගිය සමසමාජ ඉතිහාසය නැවත විවර කිරීමට උදව්වක් හැටියට ය. පොත ගැන පූර්ව දැනුම් දීම කණ වැකුණ ගමන්ම එය කියවීමේ උවමනාව සමසමාජ කාරයෙකු හැටියට මා තුළ ඇතිවීම පුදුමයක් නොවේ. (පොතේ පිටපතක් තෑගි කිරීම ගැන නිර්මාල්ට පින්.)

    තුන් කෝරළය සහ ඒ වටා ඡන්ද සටන්, දේශපාලන පංති, සහ සම්මන්ත්‍රණ වලට 1960 ගණන් අග සිට මා සහභාගි වී තිබුන ද  මට මර්තේලිස් සහෝදරයා හමුවූ බවක මතකයක් නැත. 1975 සමසමාජය – සිරිමාගේ ආණ්ඩුවෙන් අස්වීමෙන් හෝ පහකිරීමෙන් පසු පළමුවෙනි මහජන රැස්වීම තිබුනේ යටියන්තොට ය. ලාල් විජේනායක, කරුණාරත්න ජයසූරිය, කුමාර් ඩේවිඩ් සහ මමත් ඊට නුවරින් ගොස් සහභාගි වීමු.

    ඒ වනවිට මා සමසමාජ පක්ෂයෙන් නෙරපා තිබිණ. රැස්වීම අවසන අපි රෑ කෑවේ පොතේ සඳහන් නීල් ඩයස් සහෝදරයාගේ නිවසෙහි ය. කොල්වින් සහෝදරයා ද එහි පැමිණියේ ය. කෑමට තිබුනේ ඌරුමස් සහ පාන් ය.

    මගේ මතක ශක්තිය පිරිහී ඇති හෙයින් පොත එක දිගට කියවීමට නො හැකි විය. පොතේ තර්කය තේරුම් ගැන්මට ආපස්සට කියවීමට කිහිප විටෙකම සිදුවිය. මේ සටහනද වරින්වර එකතුකළ සටහන් ගොන්නක් ය.

    පොත කියවීමේ දි මට ප්‍රශ්නයක් නැගින.

    නිර්මාල්,  මෙහිදී වැදගත් කරුණක් මතු කරයි. කැළණි වැලි මිටියාවතේ බෙදුම වලව්කාරයන් හා පොදුජනතාව අතර බෙදුමකි. සමහර ගොවි කුල කොටස් ද ගැනුනේ වලව් විරෝධී පොදු ජනතාව ලෙස ය. කිතලංගමුවේ මර්තේලිස් (වහුම්පුර), දෙහිඕවිට සුවඳා (බත්ගම) (එන්.එම් ගේ නාමයෝජනාවට 1970 වනතුරුම අත්සන් කළේ ඔහු ය. 1970 වාසුගේ නාමයෝජනාවට අත්සන් කලේද සුවඳා ය) මෙන්ම කලුගල ගුණසේකර පවුල (ගොවි) ද සමසමාජ ආගමනයේ චලිතයට හසුවූවන් ය.

    වාචික ඉතිහාසයේ සඳහන් විනෝදාත්මක කථනයක් ද මෙහිලා ආලෝකයක් සපයයි. එන්. එම් ගේ පෙනුම ගැන දොඩමින් දියට යන රුවන්වැල්ලේ කාන්තාවන්ගේ ඉන රැඳි කළගෙඩි එකට හැපී උන්ගේ සිරුරු තෙතබත් වන්නේ ය යන්න ඒ කථාවයි.

    සමසමාජයේ අනෙක් ඉතිහාසයට අන්තර් ගතවිය යුතුව තිබුනේ මේ නිර් ප්‍රභූන් කුල සහ තත්ත්ව වෙනස්කම් තිබියදී සමසමාජ කාරයන් ලෙස චලනයවූයේ කෙසේ ද? නිර්මාල් නිවැරදිව දක්වන පරිදි මේ නිර්ප්‍රභූන්ගේ ආසන්නයා වූයේ රොබට් ගුණවර්ධන ය. ඓතිහාසික කඩුවෙල ගඟ දෙපස මේ නිර් ප්‍රභූහු බලය එක්ක හැප්පුනහ. ඊට වෙනස්ව මර්තේලිස් සහෝදරයා මෙන්ම ඔව්හු ද ගම්සභාව යොදා ගත්හ. කැළණි වැලි මිටියාවතේ දිග හැරුන සමසමාජයේ නිර්ප්‍රභූ පාර්ශවයේ ව්‍යඛ්‍යානයට වඩා නිර්‍මාල් උනන්දු වී ඇති බවක් පෙනෙන්නේ,ම “ප්‍රභූ” ඉතිහාසයේ සාකච්ඡා කෙරුන පැතිකඩක් අවධාරණය කිරීමට ය.

    පොතේ 41 වෙනි පිටුවේ සඳහන් පරිදි වමේ ඉතිහාසය කියවීමේදී ප්‍රශ්න දෙකක් වැදගත් ය.

    • විශේෂයෙන්ම තෙත් කලාපය නමින් හඳුන්වන ප්‍රදේශවල ගැමි දිළින්දන් අතර සැළකිය යුතු ජන ආකර්‍ෂණයක් ඇති කරගැනීමට මුල්කාලීන වාමාංශික දේශපාලනයට හැකි වූයේ ඇයි ?
    • එසේම එම ජන ආකර්ෂණය දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූයේ ඇයි ?

    මේ ගැටලුවේ දෘශ්‍යමය නියෝජනයක් නිර්මාල් මෙසේ ඉදිරිපත් කරයි.

    නිර්මාල් මෙසේ නිගමනය කරයි. මෙය

    පළමුවෙනි ප්‍රශ්නය මගින් නිර්මාල් වමේ අසාර්‍ථකත්වය ගැන මාර්ටින්  වික්‍රමසිංහ සහ ගුනදාස අමරසේකර ඉදිරිපත් කර ඇති ප්‍රවාදය ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ නිර්මාල්ගේ අදහස් සමග මූලික පටලැවිල්ලක් නැති හෙයින් මම මෙම සටහනේදී එය (හතරවෙනි පරිච්ඡේදය) වරහන්ගත කරමි.

    යන ප්‍රශ්න දෙකට ය.

    මෙතනදී අපි සටහන් කරගතයුතු එක් කරුණක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල සමසමාජයේ තහවුරුවීම කැළණි වැලි මිටියාවතට සහ මීගමුවේ සිට ගාල්ල දක්වා මුහුදුබඩ තීරයට සීමා වූ බව ය.

    මා සමසමාජයට ආකර්ෂණය වූයේ සහ එහි පරිධියට පිවිසුනේ 1960 දී ය. හරියටම නම් 1960 මාර්තු චන්දයේ දී ය. ඒ අවුරුදු 13 ක ගැමි කොලු ගැටයෙකු ලෙස නීල් ද අල්විස් ගේ චන්ද කොල බෙදීමෙනි. සමසමාජය බද්දේගම ආසනය දිනුවේ නීල් ද අල්විස් ඇතුලු ඒ පළාත්වල සමසමාජ නායකයන් පොඩි රාළහාමී ගේ ආධිපත්‍යයට, කුලවාදයට හා පොලිස් මර්ධනයට එරෙහිව අභීතව සටන් කළ හෙයිනි. එය කැළණි වැලි මිටියාවතේ ‘මිනි වර්සන්’ එකක් විය. කැළණි වැලි මිටියාවතට සමසමාජ නායකයෝ තොග වශයෙන් සම්බන්ධ වූහ. පදිංචිගතව සම්බන්ධ වූහ. අපට මෙහිදී ප්‍රතිසංසිද්ධීය ප්‍රශ්නයක් (counter-factual) නැගිය හැක. කුන්ඩසාලේ හෝ රඹුක්කන හෝ එවන් වෙනත් තැනක වුව හෝ එන්.එම් ගේ වැනි මැදිහත්වීමක් වීනම් තවත් කැළණි වැලි මිටියාවතක් නිර්මාණය කර ගත හැකිව තිබුනේ ද? (මේ කරුණ නිර්මාල් නැමති ඉතිහාසඥයාට වඩා ප්‍රියජනක එකකැයි මට සිතේ.)

    මෙහි ලා තවත් කරුණු දෙකක් මෙනෙහි කළ හැක.

    1. සමසමාජය ප්‍රබුධත්ව අදහස් මෙරට ජනප්‍රිය කළ ව්‍යාපාරයක් ද වූයේ ය. එහි බලපෑම ප්‍රභූ පවුල්වලට වැදුනේ ඉංග්‍රීසි සහ බටහිර අධ්‍යාපනය තුලිනි. මෙහි බලපෑම කෙතරම් ශක්තිමත් වී ද යත් එහි ප්‍රතිඵලයක් ලෙස මීදෙණිය තරුණියෝ සමසමාජයට ඇදී ආහ. 1964 පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ දෙවන යෝජනාවට අත්සන් තැබූවන් අතර කෙනෙකි, කාමිණී මීදෙනිය.
    2. දෙවැන්න, 20 වෙනි සියවසේ කැළණි වැලි මිටියාවතේ සමාජ සම්බන්ධතා ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර කේවල පරස්පරයක් ලෙස දැක්විම අපහසුය. ප්‍රධාන පරස්පරය ආවේ අධිරාජ්‍ය ආණ්ඩුවේ නොසැලකිල්ල හා රදළ මර්ධන මගිනි. මේ තත්ත්වය වෙනස් වන්නේ 20 වෙනි සියවසේ දෙවන භාගයේ දී ය.

    එම වෙනස මර්තේලිස් සහෝදරයා අත්දකියි.

    මා මීට පෙර සඳහන් කළ පරිදි, ග්‍රාමීය ප්‍රදේශවල සමසමාජයට මුල් බැස ගැන්මට නොහැකිවිය යන වික්‍රමසිංහ, අමරසේකර සහ අබේසේකර ප්‍රවාදය ප්‍රතික්ෂේප කරන නිර්මාල් ස්ථාපිත වාම ආඛ්‍යානයට වෙනස් ලෙස ඉදිරිපත් කරන ආඛ්‍යානයේ විශේෂ වෙනසක් මට නොපෙනේ. ලිඛිත සහ වාචික සම්ප්‍රදාය තුළ ඒවා දැකිය හැක. කිතලංගමුව ව්‍යතිරේකයක් ලෙස සහ එන්. එම් – මර්තේලිස් සංයෝජනයක් ලෙස නිර්මාල් විචිත්‍රණය කරන්නේ ද? හතර වෙනි පරිච්ඡේදයේ වික්‍රමසිංහ- අමරසේකර ප්‍රවාදය පංති රාමුවක පිහිටා නිර්මාල් කරන සාකච්ඡාව ගැන සලකා බලමු.

    ඔහුට අනුව, ගම ප්‍රධාන සමාජ තීරු තුනකින් සමන්විත වේ.

    • ලොකු ඉඩම් හිමි ප්‍රභූන්,
    • කුඩා ඉඩම් හිමි කොටස් සහ
    • ගැමි දිළින්දන්

    ඒ පංති තුනයි. මෙයින් පළමු තීරුව අධිරාජ්‍යවාදී ආණ්ඩුව හා බැඳී ක්‍රියා කළහ. සමසමාජය අත ගැසුවේ ග්‍රාමීය දිළින්දන්ට ය. මැද තීරුවට දේශපාලනයක් ගෙන ආවේ පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. පසුව එක්සත් ජාතික පක්ෂයේ ඉඹුලානලාත් ඒ මගට ප්‍රවිෂ්ට විය.

    එන්.එම්, එජාප අයවැයට එරෙහිව කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති මහජන විරෝධතාවක් අමතමින්.. 1953

    නිර්මාල් පිළිතුරු දෙයි.

    විවිධ මැදපන්තික තීරු සමසමාජයෙන් ඈත්වීම කිහිප වරක සිදුවින. එය පළමුව සිදුවන්නෙ 1950 ගණන් මුලදී ය. නිදහස, ජාතිකවාදයේ නැගීම සහ සුභසාධක රාජ්‍යය මෙහි සන්දර්භීය පදනම සැකසී ය. තමනට කලකට වනගත වීමට සිදුවේයැ යි එන්.එම්. අනාවැකි කීවේ මේ තත්ත්වය තුළ ය. මේ නිසා වමට ගම නැතිවීම වමේ ජන්ම ගතියක් ලෙස දැක්වීම ස්ථිතික විශ්ලේෂණයකින් ගලා එන්නකි.

    මේ තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ 1970 න් පසුව ය. “එකම ගමේ ‘බැරිම පවුලේ’ නූගත් සාමාජිකයෙකුගේ සිට ග්‍රාමීය නායකත්ව ධූරාවලියේ ඉහළ පුරුකක තත්ත්වයට” (76 පිටුව) මර්තේලිස් ඔසවා තැබීම සමසමාජ ජයග්‍රහණයක් ලෙස දැක්විය හැක. සභාග ආණ්ඩුවට සමබන්ධවීම සමග තම සාමාජිකයන්ට සාමදාන විනිසුරුකම්, සමුපකාර තනතුරු වැනි විවිධ තානාන්තර ලබා දීමට සමසමාජයට හැකිවී ය. මේ හරහා සමසමාජ කාරයින් ශ්‍රී ලංකා යූ ඇන් පී දේශපාලනයට අවශෝෂණය කරගැන්ම ද කෙරින. සමසමාජ තරුණ සමිති පමණක් නොව වෘත්තීය සමිති පවා බුරුතු පිටින් ආණ්ඩු බලයට ආසන්න පක්ෂ වෙත ඇදී ගියහ.

    සමසමාජයට කෙළවුනේ ගමේ දී පමණක් නොවේ. එම පරිහානිය නගරවලදී ද දැකිය හැකි විය. එය සම්ප්‍රදායිකව දිනාගත් ආසන එකක්වත් දිනා ගැන්මට 1977 ඡන්දයේ දී සමසමාජය අසමත් විය. බද්දෙගම නිර්ප්‍රභූ ජනයාගේ අනෙකා වූ පොඩි රාළහාමි බද්දෙගම අසුන ජය ගත්තේ ය.

    ගමට තවදුරටත් වම ආකර්ෂණයක් නොවූයේ ඇයි?

    නිර්මාල් සලකා බැලීමට යෝජනා කරන ප්‍රශ්න මාලාවක් පෙළ ගස්වයි.

    මේ ප්‍රශ්න බෙහෙවින් සිත්ගන්නා සුලු ය. එහෙත් නිර්මාල් පෙන්වන පරිදි මෙය දුෂ්කර කාර්‍ය්‍යක් වන්නේ ඒ පරපුර අද මියැදී ඇති නිසා සහ ප්‍රමාණවත් වාර්තා ඔවුන් ශේෂ කොට නොගොස් ඇති හෙයිනි. මේ නිසා නිර්මාල් යෝජනා කරන්නේ උපන්‍යාසයන් දෙකක් සම්පරීක්ෂණයට ලක් කිරීමට ය.

    හතරවෙනි පරිච්ඡේදයේ දී දෙවන උපන්‍යාසයේ වික්‍රමසිංහ-අමරසේකර ප්‍රකාශනය ප්‍රතික්ෂේප කරන නිර්මාල් එය පංතිමය පර්‍ය්‍යාලෝකයකින් ඉදිරිපත් කරයි. ඒ අනුව දෙවන උපන්‍යාසය අපට මෙසේ නැවත ලිවිය හැක.

    උපන්‍යාසය 2B: “..වාමාංශික දේශපාලනයට ග්‍රාමීය දිළින්දන්ගේ ආකර්ෂනය ලැබුනේ මහා පරිමාණ ඉඩම් හිමි ප්‍රභුන් විසින් පවත්වාගෙන යනු ලැබූ ආධිපත්‍ය ව්‍යුහය විනිවිද යෑමෙනි..” මධ්‍යම ප්‍රමාණ ඉඩම් හිමි ජන කොටසගේ පසුකාලීන නැගීමේ ආකර්ෂණය තමන් වෙත දිනා ගැන්මට සහ/ හෝ ඊට එරෙහිව ගැමි දිළින්දන් මෙහෙයවීමට වමට නොහැකි විය.

    එයට හේතුව, තුන්වන උපන්‍යාසය මගින් සැපයේ.

    මෙම උපන්‍යාසයන්, 1, 2B සහ 3 සම්පරීක්ෂණයට ලක්කිරීම මගින් සාධාර්මික මාක්ස්වාදී විශ්ලේෂණය ප්‍රමාණවත් එකක් නොවේ යැයි නිර්‍මාල් යෝජනා කරන බවක් පෙනේ. මෙහිදී ඔහු  ක්‍රමවේදීය වරදක් කරතැයි මට සිතේ.

    පළමුවෙනි උපන්‍යාසය හේ ප්‍රතික්ෂේප කරන්නේ, “නිවැරදි” මග ගත් විප්ලවවාදීනට ග්‍රාමීය ජනයා පමණක් නොව නාගරික කම්කරුවන් දිනාගැන්ම අතින් සමසමාජයට නොහැකිවීය යන ආනුභූතික තලයට සාකච්ඡාව ගෙන යමිනි. වසර ගණනාවක් තුළ ශක්තිමත්ව ගොඩ නැගුන ව්‍යාපාරයක් ලෙහෙසියෙන් බිඳ නොවැටේ. ව්‍යාපාරයක ශක්තිය න්‍යායාත්මක නිරවද්‍යබව මතම තීරණය නොවේ.

    ස්වාධීන බලවේගයක් ලෙස මැදි පංතික ජනකොටස් නිරවි යුද ලෝක තත්ත්වය තුළ “සමාජවාදී” පරිවර්තනයට මං පාදන්නේය යන්න 1960 ගණන්වල ශක්තිමත් මතවාදයක් ලෙස මතුවින. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පෙරමුණු ගතවීම කොමියුනිස්ට් පක්ෂයේ යෝජනාව විය. මේ මතවාදය මත සමසමාජය කරටියට කිට්ටුවෙන්ම දෙවරක් බිදින. එහෙත් සමසමාජ නායකත්වය-ලෙස්ලි, කොල්වින්, ඩොරික් – ඒ ප්‍රවණතා පරාජය කිරීමට සමත් විය. ඉහළ පෙල නායකත්වයේ පෞද්ගලික බැදීම් ද මීට හේතුවී යැ යි මට සිතේ.

    පක්ෂයේ ප්‍රධානම න්‍යාචාර්‍යවරයෙකු වූ හෙක්ටර් අභයවර්ධන පරණ මහජන පෙරමුණු මතය නව තාලයකට ඉදිරිපත් කළේ ය. ඒ Categories of Left Thinking in Ceylon ලිපියෙනි. ලෙස්ලි, කොල්වින් යුගලය නිහඞ විය. එන් ඇම්, හෙක්ටර් ගේ අදහසට ප්‍රායෝගික සැලැස්ම සකස් කළේ ය. හෙක්ටර් ගේ ලිපිය නිර්මාල් සඳහන් කරන ග්‍රාමීය මැද පංතිය සමසමාජයට ගැන්මේ න්‍යාය පත්‍රයක් විය.

    නිර්මාල් ගේ උපන්‍යාසයන් හොඳ ආරම්භයක් සපයයි. එමගින් ග්‍රාමීය පළාත්වල වමට තිබූ ආකර්ෂනය නැතිවීමට බලපෑ සාධක සමහරක් හේ තම විශ්ලේෂණ රාමුවට ගෙනේ. එහෙත් ඔහුගේ සම්පරීක්ෂණයේදී හේ බොහෝ දේ නොසලකා හරියි.

    එකී ඌනතාවයන් ගලා එන්නේ ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර සමාජ සම්බන්ධය මාක්ස්ගේ ප්‍රාග්ධනයේ පළමුවෙනි වෙලුමට සීමා වී විග්‍රහ කිරීමෙනි. මේ කරුණ පසු සටහනක දීර්‍ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉතුරුකර තබමි. දිනෙක ප්‍රාග්ධනය තෙවන වෙලුමේ අවසන් පරිච්ඡේදයෙන් නැවත පටන් ගන්නම්.

    The post නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද? appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ad%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8/feed/ 0
    සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..! https://vivaranalk.com/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8f%e0%b6%9a%e0%b7%91%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8f%e0%b6%9a%e0%b7%91%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/#respond Mon, 06 Nov 2023 06:10:06 +0000 https://vivaranalk.com/?p=10220 ‘ජනාධිපති රනිල් ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔහුගේ සහචරයන් සිතූහ’. මෑතකදී මහාචාර්ය ක්ලාරා ඊ මතෙයි අලුතින් පළකල පොතක් අද සටහනට හසුකර ගැන්ම කාලීනව අදාල වේ. පොතේ නම Capital Order යන්න ය. එහි උපමැය පොතේ අදහස පැහැදිලි කරයි. එ මගින් ආර් ථික විද්‍යාඥයන් ට චෝදනාවක් එල්ල කරන සේ ය. එහි ආසන්න පරිවර්තනය: ෆැසිස්ට්වාදියට […]

    The post සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..! appeared first on විවරණ.

    ]]>
    ‘ජනාධිපති රනිල් ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔහුගේ සහචරයන් සිතූහ’.

    මෑතකදී මහාචාර්ය ක්ලාරා ඊ මතෙයි අලුතින් පළකල පොතක් අද සටහනට හසුකර ගැන්ම කාලීනව අදාල වේ. පොතේ නම Capital Order යන්න ය. එහි උපමැය පොතේ අදහස පැහැදිලි කරයි. එ මගින් ආර් ථික විද්‍යාඥයන් ට චෝදනාවක් එල්ල කරන සේ ය.

    එහි ආසන්න පරිවර්තනය:

    ෆැසිස්ට්වාදියට පාර කැපූ පටිතදකිරීම ආර් ථික විද්‍යාඥයන් සොයාගත්තේ කෙසේ ද? මුලින්ම එකක් සටහන් කිරීම වැදගත් ය. පංති අරගලය ගැන අදහස් සිංහලට නැගීමේදී මෙරට වම්මු කදිම වචන සෙට් එකක්  සොයා ගත්හ. හොරිකඩයා (scab), සූරාකෑම (exploitation), පටිතද කිරීම (austerity) එයින් කිහිපයකි. ඒවා සොයාගත්තේ සටන් බිමේදිම ය.

    පටිතදකිරීම ක්‍රියාවට දමන්නේ කෙසේ ද?

    පටි තද කිරීම එක් එක් කාලවල විවිධ සටන් පාඨ ලෙස ඉදිරිපත් කෙරේ. “වැඩියෙන් වැඩ කරමු, වැඩියෙන් ඉතුරු කරමු” එයින් එක් විදියකි. අද බොහෝවිට එය එන්නේ, “සියලුදෙන කැපකළ යුතු ය” යන යෝජනාව සමග ය. ආර්ථික විද්‍යාඥයන් මෙම ඉදිරිපත් කිරීම් මගින් පෙන්වන්න යන්නේ මේ පියවර අදේශපාලනික සහ දෘෂ්ටිවාදී නොවන්නක් ලෙස දැක්වීමට ය. මතෙයී මේ උත්සාහයන් එළිදරව් කරයි.

    ඇය පෙන්වන්නේ පටිතද කිරීම ක්‍රියාවට දැමීමේදී ක්‍රමවේදයන් දෙකක් යොදාගන්නා බවයි. ඒ දණ්ඩ බලය (coercion) සහ ධර්‍ම බලය (consensus) යන ද්විත්ව ක්‍රමවේදයන් වේ. මෙයින් ධර්‍ම බලය ඉලක්ක කරගන්නේ මෙම පටිතද කිරීම අවශ්‍යම සහ සාධාරණ එකක් බව ජනතාවට පසක් කර දී ඔවුනගේ පුලුල් එකඟතාවය පටි තදකිරීම සඳහා ලබා ගැන්ම ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වීම සමග සැලකිය යුතු ජන පිරිසක් කල්පනා කළේ වතුර බොන්නාක් මෙන් ඉංග්‍රීසි කතාකරන, ජාත්‍යන්තරය විශ්වාසකරන ඔහු ක්ෂණික අමාරුකම් ඇති වුනත් රට ගොඩ දමනු ඇත කියා ය. ඔහුගේ පටි තද කිරීම් ප්‍රතිපත්ති වලට සහ ජන විරෝධයන්ට කරන පහරදීම් වලට මිනිස්සු ගැහැනු කැමති වූහ. ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔව්හු සිතූහ. ඒ නිසාම ඒ ප්‍රතිපත්ති වලට ජන සහාය ලැබින.

    කෙසේ වුවද මේ වනවිට මෙම ධර්‍ම බලය ප්‍රයෝගකාරිත්වයක් ලෙස ඔප්පු වී ඇත. සීතාම්බර පට්ටය ඉරී ගොස්‍ ය. තම ප්‍රතිපත්තිවල සාර්ථක බව ගැන රනිල් ගේ ඔඩොක්කු කුක්කන් මැත දෙඩුවද, අද බහුතර ජනතාව රනිල්ගේ සෙළුව  දකිති.

    මේ තත්ත්වය දත් නිසාම රනිල් මුල සිටම වැඩි විශ්වාසයක් තැබුවේ දණ්ඩ බලය කෙරෙහි ය. අරගලය චප්ප කර දැමුවේ ය. පෙළපාලි සහ විරෝධතා මර්ධනය කළේ ය. දණ්ඩ බලය ක්‍රියාත්මක කෙරුනේ වීථි වල පමණක් නොවේ. මහජන අදහස් ප්‍රකාශණයට ඉඩක් නොතබා ප්‍රාදේශීය සභා මැතිවරණය වළක්වා ලූයේ රනිල්-රාජපක්ෂ කඳවුර පරාජය වනබව ඔහු දත් හෙයිනි. පළාත් සභා මැතිවරණය ගැන කථාවක්වත් නැත.

    මේ අතර දණ්ඩබලය ක්‍රියාවට නැගීමට අවශ්‍යවන පරිදි නීතියේ කඩතොලු ඉවත් කළ යුතු වේ. සමහර ප්‍රයත්නයන් සිතූ පරිද්දෙන් ඉටුකරගත නොහැකි වුවද ඔහු ඒ සඳහා දිගින් දිගට උත්සාහ කරයි. පහුගිය වසරක හමාරක කාලයක් එසේ අනුමතකළ හෝ අනුමත කර ගැන්මට තැත්කළ පනත් කෙටුම්පත් ගණන සුළු නොවේ. ත්‍රස්ත විරෝධී පනත (ATA), මාර්‍ගස්ථ මාධ්‍ය ආරක්ෂන පනත, මධ්‍යම බැංකු සංශෝධන පනත, කම්කරු පනත, බදු සංශෝධන පනත ඉන් සමහරකි.

    දැන් අපි නැවත මතෙයි ගේ තර්ක වෙත හැරෙමු. ඇය තර්ක කරන්නේ මෙම පටි තදකිරීමේ ප්‍රතිපත්තිය හා බැඳී මර්ධනකාරී ආණ්ඩු සැලැස්ම අත්‍යන්තයෙන්ම බැඳී ඇති වගයි. පටි තදකිරීම යෝජනා කරන්නේ ප්‍රාග්ධනයේ නියමය රැක ගැන්මට ය. ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ඇති සමාජ සම්බන්ධතාවය දිගින් දිගට පවත්වා ගැන්මට ය.

    The post සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..! appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8f%e0%b6%9a%e0%b7%91%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/feed/ 0
    IMF ණයට චීන කොන්දේසි.. https://vivaranalk.com/imf-%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92/ https://vivaranalk.com/imf-%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92/#respond Fri, 03 Mar 2023 06:14:40 +0000 https://vivaranalk.com/?p=7396 සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ ආර්ථිකය තවමත් හැසිරවෙන්නේ වටිනාකම් පිළිබඳ න්‍යායෙන් (law of value) නොව රාජ්‍ය සැලසුමකින් වීම මීට හේතුවිය හැක. තවත් පිරිසකට අනුව චීනයේ හෝ වියට්නාමයේ හෝ ඉතිරිව ඇති […]

    The post IMF ණයට චීන කොන්දේසි.. appeared first on විවරණ.

    ]]>
    සමහරෙකුට චීනය තවමත් සමාජවාදය කරා යෑම අරමුණු කරගත් රාජ්‍යය කි. රධිකා දේසායි වැනි වාමාංශික වියත්හු පවා මේ අදහසට දායක වෙති. ශ්‍රී ලංකාව තුළ ද එවන් විද්වතුන් දැකිය නොහැක්කේ නොවේ. චීනයේ ආර්ථිකය තවමත් හැසිරවෙන්නේ වටිනාකම් පිළිබඳ න්‍යායෙන් (law of value) නොව රාජ්‍ය සැලසුමකින් වීම මීට හේතුවිය හැක.

    තවත් පිරිසකට අනුව චීනයේ හෝ වියට්නාමයේ හෝ ඉතිරිව ඇති සමාජවාදයක් නැත. ඒවා ධනේශ්වර රාජ්‍යයන් ය. ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය නොකඩවා ක්‍රියාත්මක වන්නේ ය. මේ විවාදය අතිශයින් අනුරාගික එකක් වුවද, එහි පැටලීමට මා මේ සටහනේ දී බලාපොරොත්තු නොවෙමි.

    කෙසේ වුවද, මෙතනදී මග නොහැරිය හැකි ප්‍රශ්න දෙකක් අපට මුණ ගැසේ. විශේෂයෙන් ඒ දෙවන ආස්ථනයේ සිට චීනය දෙස බලන විට ය. ඒ ප්‍රශ්න දෙක මෙසේ සාරාංශකළ හැක.

    1.චීනය අධිරාජ්‍යවාදී ලෝකයට ප්‍රමාද ව ප්‍රවිෂ්ඨවන රටක් ලෙස නාමකරණය කළහොත් අප ජීවත්වන්නේ, පූර්‍ව දෙවන ලෝක යුද අවධියට සමාන වූ කාලවධියක ද? එනම්, ලෝකය යළි බෙදා ගැන්මට පැරණි (ඇමරිකාව, බටහිර යුරෝපය වැනි) හා නව ධනේශ්වර (චීනය සහ රුසියාව) බලගතු රාජ්‍ය පොරබදන අවධියක ද?

    2. සමීර් අමීන් පශ්චාත් නිරවි යුද අවධියේ ගෝලීය බලව්‍යුහය සූත්‍රගත කරන්නේ තුන් ඈදුතුව (Triad) විසින් සමස්ත ලෝකය තම ග්‍රහණයට ගැනීමට කෙරෙන උත්සාහයක් ලෙස ය. Triad එකට අයත්වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපය, ජපානය සහ ඔවුන්ගේ පරිවාර රාජ්‍යයන් ය. සමීර් අමීන්ට අනුව, මෙය වර්‍තමාන ප්‍රධාන ගෝලීය ප්‍රතිරෝධය වේ. මේ ප්‍රහාරයට එරෙහි බලයයන් ලෙස චීනය සහ රුසියාව දැක්විය හැක. එවන් සන්ර්භයක් තුළ ධනේශ්වර වුවද, චීනය හා රුසියාව ක්‍රියාත්මක වන්නේ ලෝකය යළි බෙදාගැන්මකට නොව Triad ප්‍රහාරයට බාධකයක් ලෙස නොවන්නේ ද? ඒ නිසා පශ්චාත් නිරවි යුද අවධිය පළමුවෙනි සහ දෙවැනි ලෝක යුද අවධි හා සැසදීම වරදක් නොවේද?

    මෙම දෙවන තර්කය පරස්පරයන් ගෙන් ගහණ ය. Triad රටවල් හා බහුජාතික මූල්‍ය සංවිධාන උත්සාහ කරන්නේ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට ගෝලීය දකුණේ රටවල් යටත් කර ගැන්මට ය. එය කළ නොහැකිවන අවස්ථාවන්හි Triad කළේ ගෝලීය දකුණේ රටවල් ආක්‍රමණය කිරීම හෝ ඒ රටවල පාලනතන්ත්‍ර වෙනස් කිරීම ය.

    සමීර් අමීන් [Samir Amin]

    ගෝලීය දකුණේ රටවල් තම ප්‍රාග්ධනයට යටත්කර ගැන්මට චීනය ද උත්සාහ කරන්නේ යැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිවේ. එසේ වුවද, චීනය මෙහිලා සන්නද්ධ බලය යොදන්නේ යැ යි කිසිවෙකුට කිව නොහැකි වේ.

    මේ විවාදය හඳුන්වා දීම මා කළේ චීනය කිසියම් සම්පරීක්ෂණයකට ලක් කිරීම සඳහා පෙරවදනක් ලෙස ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 2.9 ක සොච්චමක් දීමටනම් ශ්‍රී ලංකාව දොළ පිදේනි දෙකක් පිදිය යුතු ය.

    පළමුවැන්න, එහි කොන්දේසිවලට අනුව ජාතික ආර් ථිකය හැසිරවිය යුතු ය. මේ පියවරයන් ආර්ථිකය සංකෝචනය කිරීමට යොමුකරන ඒවා ය.

    දෙවැන්න, ශ්‍රී ලංකා ආණ්ඩුව තම ණය ප්‍රතිව්‍යුහගත කරගැන්මට චීනය, ඉන්දියාව සහ ජපානය කැමතිකරගත යුතු ය. චෝදනාව එල්ල වී ඇත්තේ චීනය ට ය. ආණ්ඩුවට අනුව චීනය ප්‍රමාණවත් ප්‍රතිව්‍යුහහගත කිරීමකට එකඟ නැත.

    මා හිතන විධියට, චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවිය යුතු වේ. එහෙත් ඒ වෙනස් මානවවාදී ප්‍රවේශයකිනි. එනම් චීනය එසේ කළ යුත්තේ, ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජන ප්‍රතික්ෂේප කර, ජනතාව මත පැටවූ බර අඩුකිරීමට, ඉහළ දැමූ සේවා මිල පහළ දැමීම, පොලිය අඩුකිරීම වැනි පියවරයන්ට එකඟවන්නේ නම් පමණක් විය යුතු ය. ආර්ථිකය සංකෝචනය කරන පියවර වෙනුවට ජනහිතකාමී ප්‍රසාණාත්මක පියවර ගැන්මට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කිරීමෙනි.

    මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සිය මුහුණු පොතේ ලියන ලද සටහනකි.
    ස්තූතිය: jana.lk

    The post IMF ණයට චීන කොන්දේසි.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/imf-%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92/feed/ 0
    වොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම.. https://vivaranalk.com/%e0%b7%80%e0%b7%9c%e0%b7%82%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%9c%e0%b7%82%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84/#respond Fri, 10 Jun 2022 08:55:04 +0000 https://vivaranalk.com/?p=4891 එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන් බවට පත්ව ඇත්තාහ. අගමැති, විදේශ ඇමති හා වරාය හා ගුවන් තොටුපළ ඇමති යන තිදෙනා ම මෙම සිදුවීමේ දී සහ ඉන් පසුව ක්‍රියාකර ඇත්තේ තොත්ත බබ්බුන් […]

    The post වොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම.. appeared first on විවරණ.

    ]]>
    එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන් බවට පත්ව ඇත්තාහ. අගමැති, විදේශ ඇමති හා වරාය හා ගුවන් තොටුපළ ඇමති යන තිදෙනා ම මෙම සිදුවීමේ දී සහ ඉන් පසුව ක්‍රියාකර ඇත්තේ තොත්ත බබ්බුන් ලෙස යැ යි කිසිවෙකු තර්ක කරන්නේ නම් එය ඇත්තක් නොවේ. මෙය පැහැදිලිව ම වොෂින්ටන් කුමන්ත්‍රණයක තවත් පියවරකි. පහුගිය මාස කිහිපය තුළ සහ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ශ්‍රීලංකාවේ විදේශ ප්‍රතිපත්ති දිශානතිය පෙන්වන්නේ, ශ්‍රී ලංකාව වේගයෙන් සමීර් අමින් විසින් සදහන් කළ ත්‍රිත්වයේ (Triad) කක්ෂය තුලට තල්ලු කරමින් සිටින බවකි. යැංකි ඩිකී යැ යි නම් ලද ජේ ආර් ජයවර්ධනට කරගත නො හැකි වූ දෙය ඔහුගේ බෑණනුවන් විසින්, රාජපක්ෂ පවුලේ නොමසුරු ආධාරය ලබා ක්‍රියාත්මක කරමින් සිටින බව තේරුම් ගැන්ම දුෂ්කර නොවේ. සමීර් අමීන් ත්‍රිත්වය ලෙස නාමකරණය කළේ, ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපයේ රටවල් සහ ජපානය යි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලෙහෙසියෙන් ත්‍රිත්වයට ඈදිය හැකි වේ. ලෝකයේ කිසිදු රටක් මෙකී ත්‍රිත්වයේ කක්ෂයෙන් පිටට ගමන් කිරීම ත්‍රිත්වය විසින් නොඉවසනු ලබන්නේ යැ යි සමීර් අමීන් අවධාරණය කරන්නේ ය. එසේ කක්ෂයෙන් පිටතට යෑමට තැත්කරන හැම රටක්ම හීලෑකොට කක්ෂය තුළට ගෙන ඒම, ත්‍රිත්වය විසින් කරනු ලබන්නේ විවිධ ක්‍රමෝපායන් භාවිතයට දැමීමෙනි.

    රුසියාව සහ චීනය සමාජවාදී රටවල් ලෙස සාවද්‍ය නාමකරණයකට නොගියද, එම රටවල් දෙක ත්‍රිත්වයේ මෙකී සැලසුමට එරෙහිව ක්‍රියාත්මකවන්නාහ. මේ නිසාම, ඒ රටවල් දෙක වටකොට පහරදීමට ත්‍රිත්වය අර අදින්නේ ය. ශ්‍රී ලංකාවේ වාණිජ අධිකරණය මගින් එයරොෆ්ලොට් ගුවන් යානය රුසියාව බලා පෙරළා පිටත්වීම වැළැක්වීමට වාරණ නියෝගයක් නිකුත් කිරීමත්, එය බාරදීම සඳහා ෆිස්කල්වරයාගේ කඩිමුඩියත් අප තේරුම්ගත යුතුවන්නේ, මෙකී ජාත්‍යන්තර සන්දර්භය තුළ පිහිටවමින් ය.

    දියාගෝ ගාෂියා දූපත ගැන ජාත්‍යන්තර අධිකරණයක් දුන් නඩු තීන්දුව සමග, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දීය සාගර කලාපයේ තම අණසක නොකඩවා ගෙනයාම සදහා හොදම කේන්ද්‍රය ලෙස දකින්නේ ශ්‍රීලංකාව ය. පසුගිය වසර 7 තුළ ඇමරිකාව ඒ සඳහා විවිධ පිඹුරුපත් සකස් කළේ ය. ශ්‍රී ලංකාවේ මහජන විරෝධය නිසා මෙරට ආංඩුවලට ඒවායේ කොටස්කරුවන්වීම අසීරු විය. ශ්‍රීලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය එහි උස මහතටත් වැඩියෙන් අතිශයෝක්තිකරණය කොට චිත්‍රණය කරමින් මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව ත්‍රිත්වයේ කක්ෂය තුළට ගෙන ඒමට ය. චීනය සහ රුසියාව අධිරාජ්‍යවාදී මෙම පරිශ්‍රමයට බාධාවකි. මේ නිසා ශ්‍රී ලංකාව චීනය හා රුසියාව සමග ඇති මිත්‍ර සම්බන්ධතා පලුදු කිරීම මෙහිලා අත්‍යවශ්‍ය වේ. අවාසනාවකට මෙන් ඉන්දියාව මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ ත්‍රිත්වයේ කොටස්කරුවෙකු ලෙස ය.

    මේ අනතුර තේරුම් ගැන්මට මෙරට විදේශ අමාත්‍යවරයාට දැනුමක් මෙන්ම පිට කොන්දක් ද නැත. අගමැතිවරයා සැබවින්ම මේ අනතුර බිහිකිරීමේ පළමුවෙනි විත්තිකරුවා වන්නේ ය.

    ආර්ථික අර්බුදය දඩමීමා කර ගනිමින්, අධිරාජ්‍යවාදී ත්‍රිත්වය, ඉන්දියාව සහ මෙරට ප්‍රභූ පැලැන්තිය උත්සාහ ගන්නේ එක් අතකින් ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ වහලෙකු බවට පත් කිරීමට ය. අනෙක් අතින් ශ්‍රී ලංකාව ත්‍රිත්වයේ කක්ෂය තුළට ගෙන ඉන්දීය සාගර කලාපයේ අධිරාජ්‍යවාදී ග්‍රහණය ශක්තිමත් කිරීමට ය. මෙහිලා, ශ්‍රී ලංකාවේ තේ අපනයනය තර්ජනයකට ලක්කොට රුසියානු සංචාරක පැමිණීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම, සාපේක්ෂව අඩුමිලකට රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කිරීමට ඇති ඉඩකඩ ද ඇහිරිය හැක. එසේ වීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳුමකට ගෙන තවත් අපහසු කෙරෙන අතර, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මේ රට අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරක් බවට පත්වීමය.

    The post වොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b7%80%e0%b7%9c%e0%b7%82%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84/feed/ 0