Translated by Mahinda Hattaka, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 10 Dec 2025 10:51:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.0 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Translated by Mahinda Hattaka, Author at විවරණ 32 32 දිට්වා හදිසි නීතිය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f/#respond Wed, 10 Dec 2025 10:49:53 +0000 https://vivaranalk.com/?p=14194 ජනාධිපති අනුර කුමාර දිසානායක දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රකාශයට පත් කළ හදිසි තත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සිය බලවත් කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. සිදු වූ මහා ස්වභාවික ව්‍යසනය ගැන සිය බලවත් කණගාටුව පළ කරන කොමිසම ඉන් ඇති වූ තත්වයට මුහුණ දීම සඳහා හදිසි නීතිය ප්‍රකාශ කිරීම යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී ජනතාවගේ මූලික […]

The post දිට්වා හදිසි නීතිය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්.. appeared first on විවරණ.

]]>
ජනාධිපති අනුර කුමාර දිසානායක දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රකාශයට පත් කළ හදිසි තත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සිය බලවත් කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. සිදු වූ මහා ස්වභාවික ව්‍යසනය ගැන සිය බලවත් කණගාටුව පළ කරන කොමිසම ඉන් ඇති වූ තත්වයට මුහුණ දීම සඳහා හදිසි නීතිය ප්‍රකාශ කිරීම යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ තහවුරු කෙරෙන ආකාරයෙන් සිදු කරනු ඇතැයි ද, එ් සදහා තම ලිපියෙන් දක්වා ඇති නිරීක්ෂණ සහ නිර්දේශ උපයෝගි කර ගනු ඇතැයි අපේක්ෂා කරයි.

හදිසි නිතිය යටතේ නිකුත් කර ඇති රෙගුලාසි මීට පෙර පැවති ආණ්ඩුද යොදා ගත් ආකාරයේ ඒවා බව නිරීක්ෂණය කරන කොමිසම සමහර ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අන්තර්ජාතික මාසව අයිතිවාසිකම් සම්මතයන්ට නොගැලපෙන බවද පෙන්වා දේ. මෙම ප්‍රතිපාදන අනුව කුමන හෝ ස්වභාවික ව්‍යසනයකට අදාල සහන කටයුතු කිරීමේ දි ඒ සඳහා කවර හෝ ගොඩනැගිල්ලක් අත්පත් කර ගත හැකිය. ඒ අනුව නිවාසයක් හෝ නවාතැනක් අත්පත් කර ගැනීමට හැකියාව පවතී. අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීමට බාධා කෙරෙන කටයුතු යනුවෙන් කර ඇති සඳහන යටතේ වෘත්තීය සමිතිවල නිත්‍යානුකූල අයිතිවාසිකම් පවා යටපත් කළ හැකිය. වැඩිහිටියන් අතර ස්වේච්චාවෙන් පවත්වන ලිංගික සම්බන්ධතාවලට අදාල දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්ති පවා මෙම රෙගුලාසිවලට අන්තර්ගතව ඇත. අන්තර්ජාතික මානව අයිතිවාසිකම්වලට ඇති බැඳීම් අනුව මෙම ප්‍රතිපාදන වහාම ඉවත් කරන ලෙස නිර්දේශ කර ඇති බවද සඳහන් කළ යුතුය.

ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි අනුව මරණ දඬුවම පවා නියම කළ හැකි අතර පොලිස් නිලධාරියෙකුට ලබා දෙන කටඋත්තරයක් සාක්ෂි වශයෙන් යොදා ගෙන වධහිංසා පැමිණවීමේ චෝදනාවෙන්ද නිදහස් විය හැකිය.

මෙම රෙගුලාසි ආණ්ඩුව සහ ජනාධිපති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද යොදා ගත හැකියැයි ආණ්ඩුවේ නිලධාරීන් කර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන්ද කොමිසම සිය බලවත් කණස්සල්ල පළ කරයි. ආණ්ඩුවේ නිලධාරීන් විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති කතා කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම බව පෙන්වා දෙන කොමිසම හදිසි තත්වයක් යටතේ හෝ ජනතාවගේ එම අයිතිවාසිකම් සහතික කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරයි.

කටකතා පැතිරවීම අපරාධමය වැරුද්දක් සේ සැලකීම කතා කිරීමේ නිදහස කෙරේ පනවන අසාධාරණ, අනවශය සහ සීමාව ඉක්මවා යන තත්වයක් විය හැකිය. හදිසි තත්වයක් පවතින විට සත්‍යය හා අසත්‍යය නිරවුල්ව හඳුනා ගැනීම පහසු නොවන නිසා මෙවැනි ප්‍රතිපාදන ප්‍රචණ්ඩ ක්‍රියාවලට උසි ගැන්වෙන අවස්ථා සම්බන්ධයෙන් පමණක් යොදා ගැනීමට පියවර ගත යුතු බවද කොමිසම පෙන්වා දේ.

මෙම රෙගුලාසිවලින් පොලිසියට පැවරී ඇති සිමාන්තික බලතල කෙරේ සංවරණ සහ තුලන පාලනයක්  නැති බව පෙන්වා දෙන කොමිසම නීතිය බලාත්මක කරන ආයතනවල බලතල පුළුල් වූ සංශෝධනයක් කිරීමේ හදිසි අවශ්‍යතාවය ද අවධාරණය කරයි.

ඒ අනුව මානව හිමිකම් කොමිසම පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

  • 8 (1) රෙගුලාසිය පදිංචි නිවාසවලින් ඉවත් කිරීම හෝ පිඩාවට පත්වන පුද්ගලයන්ට විකල්ප නිවාස හෝ නවාතැන් ලබා දෙන ආකාරයට සංශෝධනය කළ යුකුය.
  • 10 වැනි වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය.
  • අදාල අධිකරණයට සිර දඬුවම් නියම කිරීමේ දී සහ දඩ මුදල් නියම කිරීමේ දි අභිමථාර්ථය අනුව කටයුතු කිරීමට ඉඩ ලැබෙන ආකාරයට 12 වැනි රෙගුලාසිය සංශෝධනය කළ යුතුය.
  • දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්තිවලට ඇති සඳහන ඉවත් කළ යුතුය.
  • 16(8) රෙගුලාසිය යටතේ කෙරෙන කිසියම් අත් අඩංගුවට ගැනිමක් පැය 24ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතු බව දැක්වෙන ආකාරයට එම රෙගුලාසිය සංශෝධනය කළ යුතුය.
  • 17(1) රෙගුලාසියෙන් මරණ දඬුවම ගැන කෙරෙන සඳහන ඉවත් කළ යුතුය.
  • 18(අ) රෙගුලාසියෙන් ‘අසහනය“ යන යෙදුමට කෙරෙන සියලු සඳහන් ඉවත් කෙරෙන ආකාරයෙන් සංශෝධනය කිරීම
  • 19 රෙගුලාසිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
  • 20 රෙගුලාසිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
  • මෙම රෙගුලාසිය යටතේ කෙරෙන කිසියම් වරදක් ගැන කෙරෙන විමර්ශනය අපරාධ නීති ක්‍රියා පටිපාටියේ සාමාන්‍ය නීතිය යටතේ සිදු කිරීම
  • 41 වැනි රෙගුලාසිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
  • මූලික අයිතිවාසිකම් සහ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් සම්මතයන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා අදාල විශේෂඥයන්ගේ උපදේශන ලබා ගෙන මහජන හදිසි තත්වයක දී යොදා ගන්නා රෙගුලාසි සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීම

The post දිට්වා හදිසි නීතිය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f/feed/ 0
අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/#respond Fri, 11 Apr 2025 05:13:51 +0000 https://vivaranalk.com/?p=12837 [පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ”Why following IMF policy recommendations will lead to yet another debt crisis” මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ  සිංහල පරිවර්ථනයයි. මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකි. සමාජ විද්‍යාඥයෙකි. බ්‍රෑම් නිකොලස් සංවර්ධනය සහ වෙනස්වීම්  ගැන ලිපි සපයන ප්‍රකට සමාජ විශ්ලේෂකයෙකි.] මෙහිදී අපි අන්තර්ජාතික මූල්‍ය […]

The post අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? appeared first on විවරණ.

]]>
[පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ”Why following IMF policy recommendations will lead to yet another debt crisis” මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ  සිංහල පරිවර්ථනයයි. මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකි. සමාජ විද්‍යාඥයෙකි. බ්‍රෑම් නිකොලස් සංවර්ධනය සහ වෙනස්වීම්  ගැන ලිපි සපයන ප්‍රකට සමාජ විශ්ලේෂකයෙකි.]

බ්‍රෑම් නිකොලස්
මහාචාර්ය හොවාර්ඩ් නිකොලස්

මෙහිදී අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශවලට න්‍යායාත්මක සහ වාස්තවික පදනමක් නැතිවීම සහ සංවර්ධනය වන රටවලට දීර්ඝ කාලිනව ඔවුන් කරන හානිය සම්බන්ධයෙන් කලින් ඉදිරිපත් කළ තර්ක පදනම් කර ගෙන, ශ්‍රී ලංකාවේ මෑතක ඇති වූ ණය අර්බූදයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ භූමිකාව විමර්ශනය කිරීමට අදහස් කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ණය අර්බූදයේ හේතු කාරක ගැන ඔවුන්ගේ නිගමනයන්, නැතිනම් සාවද්‍ය නිගමනයන් සමග මෙවැනි අර්බූදවලට එම පිවිසුමේ පවතින දෝෂ සහගත භාවය පැහැදිලි කරන යෝජිත ප්‍රතිපත්ති මෙහිදී අපි සාකච්ඡා කරමු. වැඩි දුරටත් සාවද්‍ය නිගමනයන් මත පදනම් වූ එහි ප්‍රතිපත්ති නිර්දේශ අර්බුදයට තුඩු දුන් ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ අතර ඉන් ආර්ථිකයේ දුර්වලතා වඩාත් තියුණු කරන බව පෙන්වා දීමට කැමැත්තෙමු.

සංවර්ධනය වන අනෙකුත් බොහෝ රටවල මෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ දැඩිව පිළිපදින්නේ නම් ශ්‍රී ලංකාව තවත් ණය අර්බුදයකට මුහුණ දෙනු ඇත. කෙසේ වුවත් දේශීය ණය අර්බූදය නිසා ශ්‍රී ලංකාවේ තත්වය වඩාත් සංකීර්ණ විය හැකිය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොවිඩ්-19 නිසා ආර්ථිකය වසා දැමීම, ඉන් පසුව ඇති වූ සැපයුම් හිඟකම, සහ යුක්‍රේන යුද්ධය සහ බටහිර රටවල් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක නිසා බලශක්ති මිල ගණන්වල ඇති වූ කම්පනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු කළ බව පොදුවේ පිළිගන්නා නමුත් මූලික වශයෙන් ඔවුන් අර්බූදයට හේතුව වශයෙන් දකින්නේ දේශීය සාධකයි. විශේෂයෙන්ම සඳහන් කරන්නේ අර්බූදයට මූලික වශයෙන්ම හේතු වූයේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් රාජ්‍ය වියදම් සඳහා අප්‍රමාණව මුදල් ලබා දුන් නිසා මුදල් සැපයුම (M 1) සීමාන්විත සේ ඉහළ යෑම ය.

ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ මෙම නිගමනය මත පදනම්ව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අයවැය පරතරය අඩු කිරීම, අයවැය හිගය පියවීමට මහ බැංකුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නතර කිරීම, විනිමය අනුපාතයේ නම්‍යතාවය වැඩි කිරීම සහ නාමික සහ සැබෑ පොලි අනුපාත ඉහළ දැමීම නිර්දේශ කෙළේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නතර කිරීමේ පියවරක් වශයෙන් සහ එක්සත් ජනපදයේ ආණ්ඩුවෙන් කරන ලද බලපෑම නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැවති මුදල් පනත වෙනුවට නව මහ බැංකු පනතක් ගෙන එන ලෙස ඉල්ලා සිටියේය. නව මහ බැංකු පනතේ මුලික ප්‍රතිපාදනයක් වන්නේ සෘජුව හෝ වක්‍රව ආණ්ඩුවේ ණය මිලදි ගැනිම මහ බැංකුවට තහනම් කිරීම ය.

ඉන් අදහස් වන්නේ වෙනත් බොහෝ රටවල ප්‍රාථමික ණය වෙළඳ පොළෙන් හෝ ද්වීතික ණය වෙළඳ පොළෙන් ආණ්ඩුවේ ණය මිලදී ගැනීම මහ බැංකුවලින් සිදු වුවද ශ්‍රී ලංකාවේ මහ බැංකුව ආණ්ඩුවේ ණය මිලදී ගැනීමෙන් වැළැක්වීමය. මෙවැනි දෙයක් අන් කිසි රටක දක්නට නැත. අඩුම වශයෙන් ද්වීතික වෙළඳ පොළෙන් හෝ ණය මිලදී ගැනිමට ඉඩ සැලසීමේ වැදගත්කම වන්නේ මූල්‍ය බලධාරීන්ට පොලී අනුපාත කෙරේ වැඩි පාලනයක් කිරීමට හැකි වීම ය.

ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිගමන ගැන අවධානය යොමු කළ යුතු මුල්ම වැරැද්ද වන්නේ එය සංශෝධිත ආකාරයෙන් හෝ ගර්හාවට ලක් වූ මුදල් පිළිබඳ ප්‍රමාණාත්මක න්‍යාය මත පදනම්වීම ය.

ඉන් පැන නගින දෙවන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පැහැදිලි කිරීමට යෙදා ගත් සංශෝධිත ප්‍රමාණාත්මක න්‍යායේ අතාර්කික ස්වභාවයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල දකින ආකාරයට උද්ධමනයට සහ වෙළඳ හිගයට හේතු වන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් මුදල් සැපයීම වැඩිවීම  නොව සෘජුව හෝ වක්‍රව අයවැය පරතරය පියවීමට මුදල් නෝට්ටු මුද්‍රණයෙන් මුදල් සැපයීමේ වැඩි වීමයි.

තුන් වැනිව ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හේතුව ලෙස සහ වඩාත් නිශ්චිතව ඒ බැඳුණු උද්ධමනයට හේතුව ආණ්ඩුවේ අයවැය පරතරය පියවා ගැනිමට සීමාන්විතව මුදල් නෝට්ටු මුද්‍රණය කිරිම බව නැවත නැවතත් පැවසුවත් එය තහවුරු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වාස්තවික සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇත. ඇත්තෙන්ම 2021-23 කාල සීමාවේ උද්ධමනයට හේතු වන්නේ විශේෂයෙන්ම බලශක්ති මිල ඉහළ යෑම ඇතුළත් සැපයුම් පැත්තේ සාධක බව පෙන්නුම් කරයි. මෙය 2023 මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ ද ඉස්මතු කර දක්වා ඇත. එහි දැක්වෙන ආකාරයට උද්ධමනයේ ඉහළ යෑමට වැඩි වශයෙන්ම හේතු වන්නේ සැපයුම් සාධකයි. උද්ධමනය සීමා කිරීම අරමුණු කර ගත් ඉල්ලුම කළමනාකරණයේ දැඩි ප්‍රතිපත්ති නිසා සැපයුම් පැත්තේ කම්පනය වඩාත් තීව්‍ර විය හැකියැයි මහ බැංකු වාර්තාව අනතුරු හඟවයි. (බලන්න 2024 මහ බැංකූවේ වාර්ෂික වාර්තාව)

සිවු වැනිව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පැහැදිලි කිරීමේ දී ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ 2015-2019 අතර කාලයේ දී ශ්‍රී ලංකාණ්ඩුව විශාල වශයෙන් සහ අනවශ්‍ය ආකාරයෙන් අන්තර්ජාතික රාජ්‍ය බැදුම්කර ( EFF ) එක්රැස් කර ගත් බව අමතක කරයි. 2019 වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය, විශේෂයෙන්ම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ප්‍රමාණය, කෙතරම් විශාල වූයේ ද යත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් විය හැකි බව වඩ වඩාත් පැහැදිලි විය. ඇත්තෙන්ම මෙම ණය ඒකරාශී වීම සහ එම ණය ආපසු ගෙවීමට ආණ්ඩුවට නොහැකිය යන හැඟීම 2017-2019 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ණය ලබා ගැනීම සීඝ්‍රයෙන් පහත වැටීමට බලපෑ වැදගත් සාධකයක් විය.

අවසාන වශයෙන් වඩාත් වැදගත්ව ශ්‍රී ලංකාවේ ණය අර්බූදය නිගමනය කිරීමේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙනත් සංවර්ධනය වන බොහෝ රටවල ණය අර්බුද පිළිබඳ නිගමනය කිරීමේ දී මෙන් මෙම අර්බුදයට තුඩු දුන් ව්‍යුහාත්මක දුර්වලතා නොසලකා හරියි. ශ්‍රී ලංකාව සංවර්ධනය වන වෙනත් බොහෝ රටවලට මෙන් ගෝලීය ආර්ථිකයේ විශාල කඩා වැටීම්වලදී දුර්වල සහ අනතුරුදායක වෙළඳ සහ වර්තන ගෙවුම් හිඟ ශේෂ ඇති කරවන ගෝලීය ශ්‍රම විභජනයේ නිශ්චිත භූමිකාවකට පත් කර  ඇත. ශ්‍රී ලංකාවේ විදෙස් ගෙවුම් ශේෂයේ නිතර නිතර ඇතිවන ප්‍රශ්නවලට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහන වැඩ සටහන්වලට නැවත නැවතත් යොමුවීමටත් හේතුව වන්නේ මෙම ව්‍යුහාත්මක දුර්වලතාවයයි.

ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්ති නිර්දේශ අනුගමනය කිරීමේ එක් ආර්ථික ප්‍රතිඵලයක් වන්නේ එය දැනට මුහුණ දී ඇති දරා ගත නොහැකි පොලී ප්‍රමාණයයි. අරමුදලෙන් අවධාරණය කරන්නේ මූලික රාජ්‍ය ආදායම් අතිරික්තයයි. ( එනම් ණය මත පොලි ගෙවීම බැහැර කළ රාජ්‍ය ආදායම) මින් රටේ පොලී ප්‍රමාණයෙන් සහ පැහැදිලිවම බදු ආදායමේ පටු සීමාවන්ගෙන් අවධානය බැහැර කරයි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර ඕනෑම සංවර්ධනය වන රටකටත් වඩා වැඩිය යන්නත් අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩකටත් වඩා අඩු වුවද 1980 ගණන්වල අග භාගයේ සිට ණය ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් අමතක කර ඇත. ණය ආපසු ගෙවීමේ බර නිසා මහජන සේවාවන්, යටිතල පහසුකම් සහ සමාජ සුභ සාධන වැඩ සටහන් වැනි අත්‍යාවශ්‍ය ආයෝජන සීමා කර ආණ්ඩුවේ අනෙකුත් වියදම් කෙරේ මහත් පීඩණයක් ඇති කරන බවද අමතක කරයි. එහි ප්‍රතිඵලය වන්නේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය සහ රටේ සංවර්ධනය අත්හැර දමා රාජ්‍ය ආදායම් ස්ථාවර කර ගැනීම ය. 

අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දෙවන ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තරගකාරිත්වය දිගින් දිගටම පිරිහීම ය. මෙම පිරිහීම වඩාත් කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ යෑමෙනි. මුදල් ඒකකයේ වටිනාකම ඉහළ යෑමෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පදනමේ දුර්වලතාවයයි. විශේෂයෙන්ම අපනයනය සඳහා වූ සහ ආනයන ආදේශික කර්මාන්ත අංශවලය. (බලන්න නිකොලස් සහ නිකොලස් 2024) මෙය රටේ කාර්මික නිෂ්පාදන පදනම හැකිළීමට තුඩු දුන් අතර වෙළඳ අසමතුලිතතාවය සහ විදෙස් සංචිතවල අවදානම් තත්වය වඩාත් තීව්‍ර කෙරිණ. නිෂ්පාදන ධාරිතාවය සහ අපනයන විවිධාංගකරණය ශක්තිමත් කෙරෙන අර්ථාන්විත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නොමැතිව ශ්‍රී ලංකාවට බාහිර මූල්‍යනය මත තව දුරටත් රැඳි සිටීමට සහ ආර්ථික අස්ථාවර චක්‍රය පැවතීමෙන්, අරමුදලේ මැදිහත්වීම් මත දිගටම රැඳී සිටීමටත් සිදු වනු ඇත.

ණය අර්බුදයෙන් පසුව අරමුදල ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීම දිගින් දිගටම අවධාරණය කළ අතර එය විදෙස් ණය අර්බූදයට තුඩු දුන් වඩාත්ම වැදගත් හේතුවලින් එකක් බව සඳහන් කළ යුතුය. (2023 අන්තර්ජාතික මූල්‍ය අරමුදල) එසේ වුවත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය තත්වය ගැන වූ අරමුදලේ මෑතක ඉදිරිපත් කළ වාර්තාවල, එම ප්‍රශ්නය වඩාත් තිව්‍ර වුවද ඒ ගැන සඳහනක් හෝ දක්නට නැත.

මෙම ලිපියේ පළමු සහ දෙවන කොටස්වල දී වෙනත් සංවර්ධනය වන රටවලදී මෙන්ම ශ්‍රී ලංකාවේ ද විදෙස් ණය අර්බුදය විසඳීම සඳහා වූ අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ දුර්වල න්‍යායාත්මක සහ වාස්තවිත තත්වය මත පදනම් වන බව දැක්වූයෙමු. එම දුර්වලතා ඉස්මතු කිරීමෙන් අපි එහි සහාය පතන අනෙකුත් සංවර්ධනය වන රටවල් මෙන්ම ශ්‍රී ලංකාව මත අරමුදලෙන් පනවන ප්‍රතිපත්ති එම රටවල විදෙස් විනිමය අභියෝගවලට තිරසාර විසඳුම් නොලැබෙන්නේය යන තර්කය ඉදිරිපත් කෙළෙමු. ඒ වෙනුවට මෙම පියවර ආර්ථික අස්ථාවරත්වයේ මූලික හේතුවලට විසඳුම් නැතිව එම රටවල  විදෙස් සංචිත තත්වය කෙටි කාලිනව ස්ථාවරත්වයක් ඇති කිරීමට යොමු වීමෙන් නැවත නැවතත් ණය අර්බූදවලට මුහුණ දීමේ අවදානමකට පත් කරයි. 

ශ්‍රී ලංකාව මෑතක දී අරමුදල සමග ඇති කර ගත් විස්තීර්ණ අරමුදල් පහසුකම ( EEF) මෙම තර්කය වඩාත් ශක්තිමත් කරවයි. අරමුදල සංවර්ධනය වන රටවල් සමග ඇති කර ගන්නා පොදු ගිවිසුම්වල  අයවැය හිගය අඩු කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයට ඇති ණය අනුපාතය වැනි පොදු කොන්දේසිවලට අමතරව එක්සත් ජනපදයේ බලපෑම අනුව ණය අනුමත කිරීමේ කොන්දේසියක් වශයෙන් මහ බැංකු පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුයැයි දක්වා ඇත. මෙම නව ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් වන්නේ මහ බැංකුවට සෘජුව හෝ වක්‍රව ආණ්ඩුවේ ණය මිලදී ගැනිම තහනම් කිරීම ය. වැදගත් වන්නේ මෙම ප්‍රතිපත්ති අවශ්‍යතාවය හේතු යුක්ති කිරීමේ කිසිම සාධකයක් ඔවුන් ඉදිරිපත් නොකිරීම ය. අප දන්නා ආකාරයට අරමුදල සංවර්ධනය වන රටකට විස්තීර්ණ අරමුදල් පහසුකම ලබා දීමේ දී මෙවැනි කොන්දේසියක් පැන වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

වඩාත්ම කැපී පෙනෙන කරුන වන්නේ විදෙස් ණය ගෙවීම පැහැර හැරීමට තුඩු දුන් කාල සීමාවට පෙර හෝ පසුව අයවැය පරතරය පියවීමට මහ බැංකුවෙන් ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය සංවර්ධනය වන සෙසු රටවල් සමග සැසඳීමේ දී විශාල නොවිම ය. (බලන්න ලෝක බැංකුව 2024) එසේ වුවත් හිතුවක්කාර ලෙස සහ වාස්තවික හේතු යුක්ති කිරීමක් නැතිවම ශ්‍රී ලංකාව මෙවැනි කොන්දේසියකට යටත් කර ඇත. 

අවසාන වශයෙන් ශ්‍රී ලංකාව දැනට අත්සන් කර ඇති ගිවිසුමෙන් මීට පෙර අරමුදල සමග අත්සන් කළ විස්තිර්ණ අරමුදල් පහසුකම් ගිවිසුම් 16ට වඩා තිරසාර විදෙස් ගෙවුම් ශේෂයක් අත් කර ගනු ඇතැයි සිතීමට හේතුවක් දක්නට නැත. මහ බැංකුවට ආණ්ඩුවේ ණය මිලදී ගැනීමට හැකි කරවන පුළුල් ප්‍රතිපත්ති නොමැතිව, අපනයන කාර්මිකකරණ ප්‍රවර්ධනය සහ ආර්ථිකය් ව්‍යුහාත්මක දුර්වලතා විසඳන්නේ නැතිව මෙම වැඩ සටහනේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැන සැක සංකා මතු කිරීමට බොහෝ හේතු පවතී. වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව තවත් විදෙස් විනිමය අර්බූදයකට මුහුණ දෙන්නේ ද යන්න නොව එය සිදු වන්නේ කවදා ද සහ එහි ආර්ථික සහ දේශපාලන ප්‍රතිඵල මොනවාද යන්නයි.

The post අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/feed/ 0
ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත.. https://vivaranalk.com/%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/ https://vivaranalk.com/%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/#respond Wed, 06 Nov 2024 06:48:54 +0000 https://vivaranalk.com/?p=12287 [අමීර් නුර් විසින් අරාබි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම ලිපිය Globalresearch වෙබ් අඩවියේ පළ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.] මවුබිමෙන් තාවකාලිකව පිටුවහල් වූ සරණාගතයෙකුගේ පුතෙකු වශයෙන් 1962 දී උපන් මම සිහිනයක් සදාකාලික සටනක් බවට පත් කෙළෙමි. ගින්නෙන් සහ අළුවලින් ගෙතුණු මගේ ජීවිතය යටපත් කරන ලද දේශයේ සදාකාලික සිර ගෙයක් බව මුලදීම අවබෝධ කර ගතිමි. […]

The post ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත.. appeared first on විවරණ.

]]>

මවුබිමෙන් තාවකාලිකව පිටුවහල් වූ සරණාගතයෙකුගේ පුතෙකු වශයෙන් 1962 දී උපන් මම සිහිනයක් සදාකාලික සටනක් බවට පත් කෙළෙමි. ගින්නෙන් සහ අළුවලින් ගෙතුණු මගේ ජීවිතය යටපත් කරන ලද දේශයේ සදාකාලික සිර ගෙයක් බව මුලදීම අවබෝධ කර ගතිමි. මෙම දේශයේ ජීවිතය සාමාන්‍ය එකක් නොවන බව බාල කාලයේ සිට මම දැන සිටියෙමි. මෙම දේශයේ උපදින කවරෙකු ගේ හෝ හද තුළ අදම්‍ය වූ අවියක් තිබිය යුතු බවත් නිදහසට ඇති මාවත දුර බවත් දැන සිටියෙමි.  

මගේ අවසන් කැමැත්ත ඇරඹෙන්නේ අපගේ වේදනාව හමුවේ නිහඬව සිටින ලොව ට නගන පළමු හඬ සනිටුහන් කරමින් ළදරුවෙකු වියේදීම ආක්‍රමණිකයා වෙත දමා ගසන ගල් කැටයෙනි.

පුද්ගලයෙකු ගේ ජීවිතය මනින්නේ ගත කළ වසරවලින් නොව ඔහු හෝ ඇය තම මවු බිමට කැප කළ දෙයින් බව මම ගාසා හි වීදිවලින් ඉගෙන ගතිමි. මගේ ජීවිතය වූයේ සිරගෙය සහ සටන්වලින් සහ වේදනාව සහ බලාපොරොත්තුවෙනි. මා පළමු වරට සිරගෙට පිවිසුණේ 1999 දී ජීවිතාන්තය දක්වාය. එහෙත් මම බියවීමට දැන නොසිටියෙමි. ඒ අඳුරු සිර කුටියේ සෑම බිත්තියකම ඈත ක්ෂිතිජය දැක්වෙන කවුළු දුටුවෙමි. සෑම යකඩ කූරකම නිදහස කරා යන දිදුලන මාවතක් දුටුවෙමි. ඉවසීම ගුණ යහපත්කමක් නොව මුහුදු ජලය බිඳුවෙන් බිඳුව බොන්නාක් මෙන් තියුණු ආයුධයක් බව මම සිරගෙදර දී ඉගෙන ගතිමි.

සිරගෙවල් අපේ නිදහස කරා යන දීර්ග ගමනේ කොටසක් පමණක් වන නිසා සිරගෙට බිය නොවන්න යන්න මගේ අවසන් කැමැත්තයි. නිදහස අපෙන් සොරා ගත් අයිතියක් පමණක් නොව වේදනාවෙන් උපන් ඉවසීමෙන් නිර්මල වූ අදහසක් බව සිරගෙදරදී උගත්තෙමි. 2011 දී සිරකරුවන් හුවමාරු කර ගැනීමේ “නිදහසේ භක්තියේ දී” මා නිදහස් වූයේ ඒ ආකාරයෙන්ම නොව අප යෙදී සිටින්නේ හුදෙක් අරගලයක නොව අවසන් ලේ බිඳුව දක්වා ගෙන යන අපේ ඉරණම යන බලවත් විශ්වාසයෙන් වඩාත් ශක්තිමත්වය.

මගේ අවසන් කැමැත්ත තුවක්කුව සම්මුතියකට ලක් නොකර ගරුත්වය රැක ගැනීමේ මිය නොයන සිහිනයක දිගටම රැඳී සිටින්න යන්නයි. සතුරාට අවශ්‍ය වන්නේ අපගේ විරෝධය පෑම අතහැර ප්‍රශ්නය  නිමක් නැති සාකච්ඡාවලට කොටු කිරීමට ය. මගේ ඉල්ලීම සහජයෙන්ම ඔබට හිමි දේ ගැන සාකච්ඡා කළ යුතු නැත යන්නයි. ඔවුන් බිය වන්නේ ඔබේ ආයුධවලට නොව ස්ථිරසාර අධිෂ්ඨානයට යි. විරෝධය පෑම යනු අප සතු ආයුධයක් පමණක් නොව අප හෙළන සෑම හුස්ම බිඳකින්ම කියවෙන පලස්තීනයට ඇති ආදරයයි. ආක්‍රමණයට සහ කොටු කිරීමට ලක් වුවද නොසැලි සිටීමේ අධිෂ්ඨානයයි.

මිය ගිය අයගේ රුධිරයටත් කටු කොහොල්වලින් පිරි මෙම මාවත අපට දායාද කොට වෙන්ව ගිය අයටත් භක්තිමත්ව සිටීම මා ඔබට ලබා දෙන අන්තිම කැමැත්තයි. අපට නිදහස කරා යන ගමන් මග හෙළි පෙහිළි කළේ ඔවුන් ය. එමනිසා දේශපාලකයන්ගේ සටකපටකම් වලින් සහ රාජ තාන්ත්‍රික ක්‍රීඩාවලින් ඔවුන්ගේ කැපවීම අපතේ නොයවන්න. අපගේ උරුමය වන්නේ පළමු පරම්පරාව ඇරඹු කාර්ය ඉදිරියට ගෙන යෑමය. මොනම තත්වයක් යටතේ හෝ අපි ඒ ගමන් මගින් වෙනස් නොවන්නෙමු. ගාසා අධිෂ්ඨානයේ අගනුවර විය. ඉදිරියටත් එසේම වනු ඇත. අප වටා වූ ලෝකයම නැති වුවත් පලස්තීනයේ හද ගැස්ම නොනවතිනු ඇත.

මා 2017 දී හමාස් සංවිධානයේ නායකත්වය භාර ගත් විට එය හුදෙක් නායකත්වය මාරුවීමක් නොවේ. ගල් කැටවලින් ආරම්භ වූ විරෝධය රයිපල්වලින් ඉදිරියට ගෙන යෑමකි. යටපත් කර ගත් මගේ ජනතාවගේ දුක් වේදනාව සෑම දිනකම මට දැනේ. අප නිදහස කරා ගන්නා සෑම පියවරක්ම වැයක් බව මම දනිමි. එහෙත් යටත්වීමේ වැය ඊට වඩා බෙහෙවින් වැඩි බව මතක තබා ගන්න.

අල් අක්සා ඕඝය කායික සටනකට වඩා අධ්‍යාත්මික සටනකි. ආයුධවල සටනකට වඩා අධිෂ්ඨානයේ සටනකි. මා පසුපස ඇත්තේ පෞද්ගලික නොව නිදහසේ සිහින මවන සෑම පලස්තීනුවෙකුගේම,  මියගිය දරුවා තම උරහිස මත හොවා ගෙන යන සෑම මවකගේම, කුරිරු උණ්ඩයකින් මිය ගිය සිය දියණිය වඩා හඬා වැළපෙන සෑම පියෙකුගේම සාමුහික උරුමය යි.

මගේ අන්තිම කැමැත්ත වන්නේ විරෝධය පෑම නිස්කාරණයේ දැල් වූ වෙඩි උණ්ඩයක් නොව අපට ගෞරවයෙන් සහ ගරුත්වයෙන් ජීවත්වීම සඳහා වන අරගලයක් බව සිහිපත් කිරීම ය. සිරගෙයත් යටපත් කිරීමත් නිසා සටන දීර්ඝ දුෂ්කර ගමනක බව මට ඉගැන්වීය. එමෙන්ම යටපත් නොවන ජනතාවකට සිය දෑතින්ම හාස්කම් නිර්මාණය කළ හැකි බවත් මට ඉගැන්වීය. මගේ ජීවිත කාලයේ දී අපගේ ජනතාවගේ දුක් වේදනා හමුවේ ලොව නිහඬව සිටි ආකාරය දුටු නිසා ලෝකයාගෙන් යුක්තිය බලාපොරොත්තු නොවන්න. සාධාරණත්වයක් අපේක්ෂා නොකරන්න. එහෙත් ඔබ සාධාරණ වන්න. පලස්තීන සිහිනය ඔබේ හද තුළ රැක ගන්න. සෑම තුවාලයක්ම අවියක් කර ගන්න. සෑම කඳුළු බිඳුවක්ම ශක්තියක් කර ගන්න.

ඔබේ අවි බිම නොතබන්න. ඔබේ ගල් කැට ඉවත නොදමන්න. ඔබේ මිය ගියවුන් අමතක නොකරන්න. ඔබේ අයිතිය වූ නිදහස ගැන සම්මුතියකට නොපැමිණෙන්න. මගේ අන්තිම කැමැත්ත එයයි.

අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් හදවතින් ම අපි මෙහි සිටින්නෙමු.

මරණය තෙක් මා ආදරය කරන, නොසැලෙන පර්වතයක් මෙන් මගේ උරහිස මත දරා සිටි පලස්තීනය ඔබට භාර කරමි.

මා මළ හොත් දුර්මුඛ නොවන්න. ඒ වෙනුවට අමරණීය ධජයක් මා වෙනුවෙන් නගන්න. මගේ රුධිරයෙන් අපේ අළුවලින් නැගි සිටින පරම්පරාවකට වඩාත් ශක්තිමත් පාලමක් තනන්න. අපගේ දේශය තවත් අතීත කතාවක් නොකර ජීවත්වන යථාර්ථයක් කරන්න. මියැදෙන සෑම නරවිරුවෙකු වෙනුවෙන්ම මෙම දේශයේ ගර්භාෂයෙන් තවත් විරෝධතා සටන්කරුවන් දහස් ගණනක් බිහි කරන්න.

ඕඝය නැවත පැමිණෙන විට මා ඔබ අතර නොසිටියහොත් නිදහස් රැල්ලේ පළමු ජල බිඳුව මා බවත් ඔබ මෙම ගමනේ දිගටම යනු දැකීමට මා ජීවත් වූ බවත් සිහි කරන්න.

ඔවුන් ගේ ගෙල රැඳුණු කටුවක් වන්න. අප බැස නොයන ඕඝයක් බවත් භූමියේ සැබෑ හිමිකරුවන් බවත් ලෝකයා පිළිගන්නා තෙක් සහ අප ප්‍රවෘත්තිවල ඉලක්කම් නොවන බව ලෝකයා පිළිගන්නා තෙක් නොනවතින්න.     

The post ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/feed/ 0
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම නැවත සලකා බැලිය යුතුයි.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af/#respond Mon, 01 Jul 2024 06:54:44 +0000 https://vivaranalk.com/?p=11632 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගිවීමට පැමිණි ලොව ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ස්වරූපය හා ඊට IMF විසඳුම් ප්‍රමාණවත් ද යන්න ගැන නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයක් ‘විවරණ’ පාඨකයන්ගේ අවධානයට ඉදිරිපත් කරමු. ආරාධනයක් මත ශ්‍රී ලංකාවට පැමිණි අපි කොළඹ දී ජුනි 9-11 කාලය අතර ශාස්ත්‍රාචාර්යවරුන්, පර්යේෂකයන් ක්‍රියාකාරිකයන් සහ දේශපාලන පක්ෂ සමග […]

The post අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම නැවත සලකා බැලිය යුතුයි.. appeared first on විවරණ.

]]>
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගිවීමට පැමිණි ලොව ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ස්වරූපය හා ඊට IMF විසඳුම් ප්‍රමාණවත් ද යන්න ගැන නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයක් ‘විවරණ’ පාඨකයන්ගේ අවධානයට ඉදිරිපත් කරමු.

ආරාධනයක් මත ශ්‍රී ලංකාවට පැමිණි අපි කොළඹ දී ජුනි 9-11 කාලය අතර ශාස්ත්‍රාචාර්යවරුන්, පර්යේෂකයන් ක්‍රියාකාරිකයන් සහ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කෙළෙමු.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් 17 වැනි ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට තිරසර මාර්ගයක් හෝ විදේශ ණය අර්බුදය විසඳා ගැනීමට ශක්තිමත් පදනමක් සැලසේයැයි අපි නොසිතමු. මෙවැනි නිගමනයකට එළඹියේ ආර්ථික කඩා වැටීමට තුඩු දුන් සාධක පිළිබඳ අපගේ විශ්ලේෂණය, ගිවිසුම සහ ඒ සමග ඇති ප්‍රතිපත්ති යෝජනා තන්සේරුවෙන් සහ වත්මන් වැඩ සටහන යටතේ ආර්ථික, සමාජයීය සහ මූල්‍යමය ස්ථාවර තත්වයක් ඇති කිරීමේ දී වන දේශපාලන බලපෑම පිළිබඳ අපගේ තක්සේරුවක් පදනම් කර ගෙන ය. දේශපාලන පක්ෂ ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම් වන නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් විස්තිර්ණ අරමුදල් පහසුකමේ (IMF) වගන්ති සහ කොන්දේසි ගැන නැවත සාකච්ඡා කිරීමට සියලු පාර්ශ්වයන් කැපවීම ශ්‍රී ලංකාවාසීන්ගේ යහපත සඳහා වනු ඇත. එවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ පහත සඳහන් කරුනු වලිනි.

  • මෙම වැඩ සටහන අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ සමාජ ආරක්ෂණය ඇතුළත් ජනතාවගේ මූලික අවශ්‍යතා තහවුරු කරන අතරම සේවා නියක්තිය සහ ජීවන මාර්ග දිරිමත් කිරීමට ප්‍රතිචක්‍රීය පියවරවල කඩිනම් අවශ්‍යතාවය සහ අදාලත්වය අවධානයට ගන්නේ නැත.
  • මෙම වැඩසටහනේ ආර්ථික වර්ධන ඉලක්ක අධිතක්සේරුවෙන් යුතු අතර මෙම වැඩ සටහනට ඇතූළත් වන බදු ප්‍රතිපත්තිවලික් ආර්ථික ක්‍රියාකාරිත්වය කෙරේ ඇති කළ හැකි අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන නැත.
  • ඉන් අදහස් වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය, විදේශ ණය ගෙවීම, දළ මූල්‍ය අවශ්‍යතා සහ දළ ජාතික නිෂ්පාදිතයේ රාජ්‍ය ණය අනුපාතය වැනි ඉලක්ක සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය කෙරේ බරපතළ බලපෑමක් ඇති කළ ද සාක්ෂාත් කර ගැනීමට අසීරු වනු ඇත.
  • පදනම් රේඛා සහ ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට තුඩු දුන් ව්‍යුහාත්මක තත්වයන් හෝ ශ්‍රී ලංකාවට ද අනිවාර්යෙන් බලපාන ගෝලීය අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන නැත.
  • අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය තිරසාරභාවීය විශ්ලේෂණ ක්‍රමවේදයේ පැහැදිලි බවක් නැත. විදෙස් ණය බර අඩු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ තක්සේරුව අතිශයෙන්ම අඩු ය. මෙය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ දේශීය ණය ඇතුළත් කිරීමෙන් සහ විදෙස් මුදල් අවශ්‍යතාවයට වඩා දළ මූල්‍ය අවශ්‍යතා කෙරේ අවධානය යොමු කිරීමෙන් සැඟවීමට උත්සාහ කර ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් විදෙස් ණය අර්බුදය විසඳීමට විදෙස් විනිමය නොලැබෙන අතර සේවක ඉතිරුම් තැන්පත් කර ඇති විශ්‍රාම දීමනා අරමුදල් ආයෝජනය කර ඇති රාජ්‍ය ණය පොලී කපා හැරීමෙන් (Hair cut)  සේවකයන් මත බර පැටවේ. මෙය ආපසු හැරවිය යුතුය. ඊට අමතරව තීරණාත්මක ප්‍රශ්නය වන්නේ විදෙස් ණය ආපසු ගෙවීම අඩුවෙන් පෙන්විම නිසා විදෙස් ණය හිමියන්ගේ පොලී කපා හැරීම සිදු වන්නේ අඩුවෙනි. මෙම ණ්‍ය ලබා දී ඇත්තේ දැඩි අවදානමක් ඇතුළත් ඉහළ පොලි අනුපාතයක් යටතේ ය. එමනිසා අවශ්‍ය කරන සහනය ඉන් ලැබෙන්නේ නැත. ඇත්තෙන්ම මුළු විදෙස් ණය ප්‍රමානයේ ඇති විය හැක්කේ සුළු වෙනසකි. එමනිසා ණය ප්‍රතිව්‍යුහතගත කිරීම අනිවාර්යෙන්ම යොමු විය යුත්තේ විදේශ විනිමය හා සම්බන්ධ ණය කෙරේය.
  • අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩ සටහන යටතේ ආර්ථික සංශෝධන සහ වියදම් කපා හැරීමේ කොන්දේසි පිළිබඳ පදනම් රේඛාවල වැඩි බරක් පැටවෙන්නේ දැනටමත් ආර්ථික අර්බූදයෙන් බැට කා ඇති සමාජයේ දුප්පත් සහ අවදානම් සහිත කොටස් මත ය. දුප්පතුක් ධනපතියන්ට වඩා වැඩි ප්‍රතිශතයක් තම ආදායමෙන් බදු ගෙවන නිසා වක්‍ර බදු වැඩි කිරීම පසුගාමි පියවරකි. විදුලිය, ගෘහස්ථ ගෑස්, සහ ලාම්පු තෙල් මිල වැඩි තිරීම නිසා නාගරික මෙන්ම ග්‍රාමීය වැඩ කරන පංතියේ මිනිසුන්ගේ ජීවන බර තවත් වැඩි කෙරේ. වියදම් කපා හැරීමේ ප්‍රතිපත්ති නිසා දැනටමත් නිවාස දශ ලක්ෂයක විදුලිය කපා හැරීම, පාසල්වලට ළමයින්ගේ පැමිණීමේ සංඛ්‍යාවේ පහත වැටීම, විරැකියාව සහ අර්ධ විරැකියාව වැනි තත්වයන්ට හේතු වී ඇත. මෙවැනි පියවරවල හානිදායක බලපෑම වැඩියෙන්ම පැටවෙන්නේ මෙම පවුල්වල ගැහැනුන්ට සහ ළමයින්ට ය.
  • සාවද්‍ය ගිවිසුමක ප්‍රතිපත්ති පියවර නිති සකස් කිරීම සහ ඒවා ආර්ථික පරිවර්තන පනත තුළින් නීති බවට පත් කිරීම හානිකර මෙන්ම අනතුරුදායක ය. එය ජනතාවගෙන් වරමක් ලබා ගෙන  ඉදිරියේ දී පත්වන ආණ්ඩුවක් බැඳ තැබීමට අදහස් කරන, ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් සහ පද්ධතියට එල්ල කරන පහරකි. මෙම වැඩ සටහන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු වූයේ ශ්‍රී ලංකාණ්ඩුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුද අතර ඇති කර ගත් එකඟතාවයට එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව නොව ඊට පෙර ය. ඡන්ද විමසීමක් ආසන්නයේ දැනටමත් ක්‍රියාත්මක වන වැඩ සටහනක් සඳහා හදිසියේ ලබා ගන්නා අනුමැතිය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සුවිශේෂී පිවිසුම #4 zහිමිකාරිත්වයZ ලැබීමක් නොවේ.
  • එවැනි පනතක් දේශීය සහ විදේශීය වශයෙන් අනාගතයේ ඇතිවිය හැති වර්ධනයන් නොසලකා ගන්නා පියවරකි. එවැනි පනතක් දැන් සම්මත කළහොත් එය වෙනස් කිරීමට අනාගතයේ පත්වන ආණ්ඩුවක් අදහස් කළ විට ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති විවිධ ද්වි-පාර්ශ්වික ආයෝජන ගිවිසුම් යටතේ ගොනු කරන ආයෝජක- රාජ්‍ය- ආරවුල් නිරාකරණය කිරීමේ නඩුවලට මුහුණ දීමට සිදු වනු ඇත.

සමස්තයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග කටයුතු කිරීමේ යොමුවේ වෙනසක් විය යුතුය. අරමුණ විය යුත්තේ ජනතාවගේ ජීවන මට්ටම ආරක්ෂා කරන සහ ආදායම් වැඩි කරවන, උසස් රැකියා නිර්මාණය කරන සහ ගෙවුම් ශේෂය ශක්තිමත් කරන ආකාරයෙන් ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ය. ඉන් අදහස් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පොලී ගෙවිමත් සමග ණය ප්‍රමාණයේ වැඩිවීමක් සිදු නොවන, වානිජ ණය මත 30%ට වැඩි පොලි කපා හැරීමක් සහිත ණය ප්‍රමාණය අඩු කිරීමට බහුපාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ආයතන තම දායකත්වය පිළිගන්නා වැඩ පිළිවෙළකි.     

ඊළඟ ආණ්ඩුවක් අනාගතයේ දී විදෙස් මුදල්වලින් සහ විදෙස් නිතිය යටතේ හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා සියලු ණය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට සහ අනුමැතියට යටත් කළ යුතුය. ඕනෑම ණය ගිවිසුමක් සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් ඇතිව ජනතාවට එය විවෘත විය යුතුය. දැනට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම ගැන නැවත සාකච්ඡා කිරීමේ දී පිවිසුමක් වන්නේ ශ්‍රී ලංකාව විවෘත සහ සාකච්ඡාමය ක්‍රියාවලියක් මත පදනම්ව තමන්ගේම ණය පිළිබඳ තිරසාර විශ්ලේෂණයක් කිරීම ය. මෙම අර්බූදයෙන් ගොඩ ඒමේ කුමන හෝ ප්‍රගාමි සහ මානුෂීය පියවරක අවම කොන්දේසිය වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ආරක්ෂා කොට පුළුල් කිරීම ය.

The post අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම නැවත සලකා බැලිය යුතුයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af/feed/ 0
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් නැත: මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b6%a8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b6%b1%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b6%a8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b6%b1%e0%b6%ba/#respond Wed, 20 Mar 2024 15:57:39 +0000 https://vivaranalk.com/?p=11111 අම්බිකා සත්කුනනාදන් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත ආණ්ඩුව ගොඩ නගමින් සිටින මර්දනකාරී නීති සමුදායේ වැදගත් පදනම් දෙකකි. මෙම පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ අතර එම පනත් දෙකේම සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය. විපක්ෂයේ දේශපාලකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, තාක්ෂණ සමාගම් සහ එක්සත් ජාතීන් මෙම පනත සම්මත […]

The post ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් නැත: මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත appeared first on විවරණ.

]]>
අම්බිකා සත්කුනනාදන්

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත ආණ්ඩුව ගොඩ නගමින් සිටින මර්දනකාරී නීති සමුදායේ වැදගත් පදනම් දෙකකි. මෙම පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ අතර එම පනත් දෙකේම සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය. විපක්ෂයේ දේශපාලකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, තාක්ෂණ සමාගම් සහ එක්සත් ජාතීන් මෙම පනත සම්මත කිරීමට පෙර අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ හෝ ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියහ. ආණ්ඩුව ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය ද නොසලකා පනත සම්මත කළ අතර අධිකරණයේ තිරණවලට අනුකූල වුයේ ද නැත.

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සකස් කිරීම හේතු යුක්ති කිරීමට ආණ්ඩුව දැක් වූ කරුණු පිළිගත් අධිකරණය ඉන් අදහස් කරන්නේ කාන්තාවන් සහ ළමයින් මාර්ගගත ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම වැළැක්වීමට යන්න පිළිගත් නමුත් මාර්ගගත ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමට පනතේ ඇත්තේ ප්‍රතිපාදන කීපයක් පමණි.

ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයක් නොමැතිවීම, පෞද්ගලික රහස්‍ය භාවයට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට ඉඩ සැලසීම සහ වඩාත් විස්තීර්ණවීම පිළිබඳව මානව අයිතිවාසිකම් සංවිධානවල විවේචනයට ලක් වූ ජර්මනියේ ජාල බලාත්මක කිරීමේ නිතිය සහ එක්සත් රාජධානියේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ පනත සමාන නීති පිළිබඳ සාධනීය නිදර්ශන සේ අධිකරණය දක්වා ඇත. 

උසාවිය පවසන ආකාරයට මෙම පනතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ව්‍යවස්ථාව (සිතීමට, හෘද සාක්ෂියට සහ ආගමක් ඇදහීමට ඇති නිදහස) උල්ලංඝනය කිරීම දිරිමත් කරන්නේ හෝ ඉඩ සලසන්නේ නැත. ඒ වෙනුවට සමහර අපරාධවලින් ජනතාව ආරක්ෂා කිරීම අරමුණු කරන නිසා 12(1) ව්‍යවස්ථාවේ ඇති නීතිය ඉදිරියේ සමානත්වය ආරක්ෂා කරනු ඇතැයි ද අධිකරණය පවසයි.

16 වැනි ඡේදය සම්බන්ධයෙන් “තවත් පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් රිදවීම’ යන්න නිර්වචනය කර නැති අතර එහි නිශ්චිත තේරුමක් නැතැයි පෙත්සම්කරුවෝ තර්ක කළහ. එම අපැහැදිලිකම නිසා ස්වයංවාරණයක් පනවා ගැනීමෙන් කතා කිරීමේ නිදහස කෙරේ බරපතළ බලපෑමක් ඇති විය හැකිය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැලපේයැයි ඔවුහු පෙන්වා දුන්හ. ‘පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් කළ ඉදිරිපත් කිරීම් සමග එකඟවන බව අධිකරණය සඳහන් කරයි. එසේ වුවත් මෙම ඡේදය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට තුනෙන් දෙකේ බහුතරයෙන් නොව) පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකියැයි අධිකරණය පවසයි. මෙහිදී ද අධිකරණය පෙත්සම්කරුවන්ගේ තර්කයට ප්‍රමාණවත්ව ආමන්ත්‍රණය නොකොට දඬුවම් පැනවීමේ ප්‍රතිපාදනය කෙරේ අවධානය යොමු කරයි. එනම් දෙවන සහ තදනන්තර වැරදිවලදී දඩය දෙගුණයක් කිරීම සීමාන්තික නිසා එය කපා හැරිය යුතුය. නැතිනම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය. වැඩි දුරටත් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමේ දී මෙම වගන්තිය ඉවත් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් එකඟ වූ බව අධිකරණය පවසයි. කෙසේ වුවත් ආණ්ඩුව 16 වැනි ඡේදය ( වෙනත් කිසියම් පුද්ගලයෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීම) ඉවත් කිරීමට අධිකරණයට දුන් පොරොන්දුව ඉටු කරන්නේ නැතිව එය 17 වැනි වගන්තියට ඇතුළත් කර ඇත. එනම් වෙනත් කිසියම් පුද්ගලයෙතුගේ ආගමික විශ්වාසවලට නින්දා කරන යන කොටසට ඇතුළත් කර ඇත. එමනිසා මූලික අයිතිවාසිකම්වලට අහිතකර සේ බලපෑ හැකි අපැහැදිලි ප්‍රතිපාදන එසේම පවතී.

’17 වැනි ඡේදයේ පෙනෙන අරමුණ සිතාමතා සහ ද්වේෂ සහගතව අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් ආගමික හැඟීම් ආරක්ෂා කිරීම වුවද සත්‍ය වශයෙන් එම විෂය පථය ‘සම්ප්‍රදායිකව පිළිගන්නා ආකාරයට මාර්ගගත ආරක්ෂාවේ සීමාවෙන් ඔබ්බට යන්නේයැ’යි අධිකරණය සඳහන් කරයි. එහෙත් දඬුවම් පැමිණවීමේ ප්‍රතිපාදනය වෙනස් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් යෝජනා කරන සංශෝධන අධිකරණය ප්‍රමාණවත්යැයි පිළිගනී.

මාර්ගගත ආරක්ෂාව පනතේ 17 වැනි වගන්තියෙන් ‘උපපොලිස් පරීක්ෂකයෙකුට පහළ නොවන ශ්‍රේණියේ පොලිස් නිලධාරියෙකුට පුද්ගලයෙකුගෙන් වාචිකව ප්‍රශ්න කිරීමට සහ ඔවුන්ගෙන් තොරතුරු සහ ලිපි ලේඛන ඉල්ලා සිටීමට විශේෂඥ අධිකාරි බලයක් ලබා දේ. මේ සම්බන්ධයෙන් විශේෂඥයන් පත් කිරීමේ මාර්ගෝපදේශ නොමැතිවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සහ 14 වැනි ව්‍යවස්ථාවේ සමහර ප්‍රතිපාදන වලට නොගැලපෙන බව අධිකරණය සඳහන් කරයි. මෙම තත්වය නිවැරදි කිරීමට පරිගණක අපරාධ පනතේ විශේෂඥයන් පත් කිරීමේ ප්‍රතිපාදන අනුගමනය කළ යුතු බව අධිකරණය නිර්දේශ කරයි. පරිගණක පනතේ මේ සමාන ප්‍රතිපාදන අනුව විශේෂඥයෙකුට පොලිස් නිලධාරියෙකු සමග ඕනෑම පරිශ්‍රයකට පිවිසීමට බලය ලබා දෙන අතර අනතුරුව ඇති වගන්ති අනුව පොලිස් නිලධාරියෙකු නොමැතිව පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ බලය පවරයි. ඒ අනුව සිවිල් විශේෂඥයෙකු අධීක්ෂණයක් නොමැතිව සිවිල් අයිතිවාසිකම් සීමා කිරීමේ කටයුත්තක යෙදීමේ ප්‍රශ්නය නොවිසඳී පවතී.

ප්‍රති ත්‍රස්ත පනතේ ත්‍රස්තවාදය නිර්වචනය කිරීම පවතින එකඟ වූ අන්තර්ජාතික ප්‍රමිතීන් අනුගමනය කර නැතැයි පෙත්සම්කරුවෝ තර්ක කරති. නිදසුනක් වහයෙන් ‘භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන හෝ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හෝ වෙනත් ඕනෑම රටක ස්වෛරීත්වයට හානි කරන’ කටයුතු වැනි ක්‍රියාවන්ට අපැහැදිලි, නිර්වචනය නොකළ කරුණු ඇතුළත් ය. මෙම පනතේ දක්වා ඇති වරදක් වන්නේ “මහජනයා භාවිතා කරන ස්ථානයකට” හානි සිදු කිරීමය. අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය පිටු දැනීමේ බලතල සීමා කිරීම වුවද සිදුව ඇත්තේ නව කාණ්ඩයක ත්‍රස්තවාදයන් නිර්මාණය කිරීම බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් හත් දෙනකුම දක්වා ඇත. විරෝධතාවය, මතවාදය පැතිරවීම සහ විසම්මුතිය ඉවත් කිරීමේ ප්‍රතිපාදන වගන්තියකට ඇතුළත් කළ හොත් නිර්වචනය කිරීම ව්‍යවස්ථානුකූල වන බව අධිකරණය සඳහන් කරයි. 

පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම වැනි පොලිස් කාර්යන් සන්නද්ධ හමුදාවලට ලබා දෙන්නේ නම් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේයැයි පෙත්සම්කරුවන් කීදෙනෙක්ම තර්ක කළහ. එය සිදු විය හැක්කේ සන්නද්ධ හමුදාවක සාමාජිකයෙකුගේ හිතූ මනාපයට අත් අඩංගුවට ගැනීම් සිදු නොවන්නේය යන්න විශ්වාස කරන නිසා අධිකරණය පෙත්සම්කරුවන් සමග එකඟ වූයේ නැත. ‘බලය යෙදවීම විෂයීය නිර්ණායකවලට යටත් වන නිසාත් අපරාධයක තීව්‍රතාවය ත්‍රස්තවාදී වරදක් බවට පත්වන මට්ටමට ළඟා වූ විට පමණක් පොලිස් නිලධාරීන් නොවන නිලධාරීන් සේවයට යොදා ගත හැකියැයි පවසයි. මෙම පනත යටතේ පුද්ගලයෙකු විසින් ආසන්නවම වැරැද්දක් කිරීමේ හැකියාවක් පවතින්නේයැයි හෝ පුද්ගලයෙකු වරදක් සිදු කෙළේයැයි විශ්වාස කිරීමට සාධාරණ සැකයක් ඇති විට සන්නද්ධ හමුදාවලට පොලිස් බලතල පාවිච්චි කිරීමට ඉඩ දීම යථාර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් ය. එය මෙම පනතේ අධිකරණය පවතින්නේයැයි පිළිගන්නා ඉහළ කඩඉම නොවේ.   

මහෙස්ත්‍රාත්වරයාට රඳවා ගැනීම අවශ්‍ය වන්නේ ද යන්න තීරණය කිරීමට බලය ලබා නොදී රඳවා ගැනීමේ නියෝගය පමණක් නිකුත් කළ යුතුවීම අධිකරණ බලතලවලට බාධාවක්යැයි පෙත්සම්කරුවෝ තර්ක කළහ. කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුටුවේ වෙනස් ආකාරයෙනි. මහෙස්ත්‍රාත්වරයාගේ “නිශ්චිත අධිකරණ භූමිකාව තාවකාලිකව වෙන් කිරීමක් ” සේ දුටු අධිකරණය එය කිසිම ආකාරයකින් අධිකරණ බලතලවලට බාධාවක් නොවන්නේයැයි පැවසුවේය. මෙම ප්‍රතිපාදනවලින් පුද්ගලයෙකු කිසියම් වධ හිංසාවට ලක් කිරීමෙන් ආරක්ෂා කිරීමට මහෙස්ත්‍රාත්වරයාට විශාල ප්‍රමාණයක ඉඩ ප්‍රස්ථාවක් ලබා දී ඇතැයි පවසන අධිකරණය පෙත්සම්කරුවන්ගේ මූලික දුක්ගැනවිල්ල එනම් රඳවා ගැනීමේ නිත්‍යානුකූල භාවය තීරණය කිරීමේ බලතල මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීම නිසා හිතුවක්කාර රඳවා ගැනීමට තුඩු දෙනු ඇතැයි යන්න ගැන අධිතරණයේ අවධානය යොමුව නැත.  වැඩි දුරටත් මහෙස්ත්‍රාත්වරයා රැඳවුම් නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ නියෝගය ලබා දෙන්නේ ‘රැඳවීමේ නියෝගය වලංගු වන්නේනම් පමණයැයි අධිකරණය සහතික වුවද 28(2) වගන්තියෙන් “මහෙස්ත්‍රාත්වරයෙකු එවැනි රෑඳවුම් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ලබා දිය යුතුයැයි සඳහන්වීමෙන් මහෙස්ත්‍රාත්වරයාට නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය ඉවත් කර ඇත.   

තවත් අධිකරණයේ සැලකිල්ලට යොමු නොවු සමාන ප්‍රතිපාදනයක් වන්නේ තහනම් ස්ථානයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිට ඇති බලයයි. ඒ සඳහා විෂයීය නිර්දේශයක් දක්වා නැත. එමෙන්ම අධිකරණය පාර්ලිමේන්තුවේ නීති පැනවීමේ බලයට බාධා කරමින් විධායකයට රෙගුලාසි පැනවීමේ බලය ලබා දීම ගැන ද සැලකිල්ල යොමු කර නැත.

එමනිසා මාර්ගගත ආරක්ෂාව පනත ට සහ ප්‍රති ත්‍රස්ත පනත ට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ඇතුළත් කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් කෙරේ ඇති කරන හානිකර බලපෑමට ප්‍රතිකර්මයක් වන්නේ නැත.

The post ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් නැත: මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b6%a8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b6%b1%e0%b6%ba/feed/ 0
‘මර්දන නීතිවලින් සාමය සහ සංහිඳියාව අත් කර ගන්න බැහැ’ – එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කියයි.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83/#respond Thu, 07 Mar 2024 06:02:36 +0000 https://vivaranalk.com/?p=11003 එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 55 වැනි සැසි වාරය අමතමින් මර්දනකාරී පනත් ගෙන ඒමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වන්නේයැයි අනතුරු හඟවයි. ඔහුගේ දේශනයේ ශ්‍රී ලංකාවට අදාල කොටස පහත සඳහන් වේ. වසර දෙකකට පෙර ගැඹුරු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ ආර්ථික අවකළමනාකාරිත්වයට සහ දූෂණවලට වගවීම ඉල්ලා ශ්‍රී ලාංකිකයන් සිය දහස ගණනක් විදි බැසිම […]

The post ‘මර්දන නීතිවලින් සාමය සහ සංහිඳියාව අත් කර ගන්න බැහැ’ – එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කියයි.. appeared first on විවරණ.

]]>

වසර දෙකකට පෙර ගැඹුරු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ ආර්ථික අවකළමනාකාරිත්වයට සහ දූෂණවලට වගවීම ඉල්ලා ශ්‍රී ලාංකිකයන් සිය දහස ගණනක් විදි බැසිම නිසා පරම්පරාවක් තුළ ඇති වූ වඩාත්ම බරපතළ සමාජ ආර්ථික අර්බූදයකට හේතු විය. රටේ සියලුම ප්‍රජාවන්ට සෙත සැලසෙන දිගු කලක් තිස්සේ කළ යුතුව තිබුණ පරිණාමයකට රට අවතීර්ණ වනු ඇතැයි දැඩි අපේක්ෂාවක් තිබිණ. 

ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කිරීමට වැදගත් පියවර ගෙන ඇති අතර මූලික අයිතිවාසිකම් සහ නිදහස, නීතියේ ආධිපතයය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ට දීර්ඝ කාලීනව බලපෑමක් විය හැකි නව හෝ යෝජිත නීති හඳුන්වාදීම ගැන මගේ කණස්සල්ල යොමුව ඇත. 

මේවාට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත, ප්‍රති ත්‍රස්ත පනත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාර පනත සහ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණ සහ ලියා පදිංචි කිරීමේ පනත අයත් ය. මෙම පනත්වලින් නොයෙකුත් ආකාරයෙන් විධායකය ශක්තිමත් කෙරෙන අතර ආරක්ෂක හමුදාවලට පුළුල් බලතල ලබා දී රැස්වීමේ, සංගම් පැවැත්වීමේ සහ ප්‍රකාශනයේ අයිතිය බරපතළ ලෙස සීමා කිරීමෙන් සිවිල් සමාජ අවකාශයට පමණක් නොව ව්‍යාපාරික වාතාවරණය කෙරේ ද බලපෑමක් සිදු කෙරේ. 

Volker Turk

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයේ හානිකර බලපෑම් විශේෂයෙන් ඉතාමත් ආන්තික ජන කොටස්වලට ගැඹුරු ලෙස බලපෑම් කරයි. දරිද්‍රතාවය පසුගිය වසරේ 27.9% දක්වා වඩාත් ඉහළ ගොස් ඇතැයි ගණනය කෙරේ. රට පුරාම ගෘහස්ථවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක මාසික ආදායම පසුගිය 2022 මාර්තු මාසයේ සිට තුනෙන් දෙකකින් පහත වැටී ඇති අතර ආහාර, ප්‍රවාහන, සෞඛ්‍ය වියදම් ඉහළ නගිමින් පවතී. ආණ්ඩුවේ ප්‍රයත්නයක් තිබුණ ද සමාජ ආරක්ෂණය දැඩි පීඩණයකට ලක්ව ඇති අතර මෙම වසරේ ආණ්ඩුවේ අයවැයෙන් විශාලම වියදම වෙන් වී ඇත්තේ ණය ආපසු ගෙවීමට ය. ශ්‍රී ලංකාවට ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් නගා සිටුවීමට මූල්‍ය අවකාශය සහ සහයෝගය ලබා දෙන්නැයි මම අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ණය හිමියන්ට ආයාචනය කරමි.

මෙම වසරේ ශ්‍රී ලංකාව දශක ගණනාවක් පැවති සිවිල් යුද්ධය අවසන්ව 15 වසරක් සනිටුහන් කරයි. එහෙත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් තවම ආමන්ත්‍රණය කර නැත. අතුරුදහන් වූවන්ගේ පවුල් සිය දහස් ගණනක් තවමත් සිය ආදරණීයන් සොයමින් සිටින අතර ඔවුන්ට එහි දී තර්ජන, අත් අඩංගුවට ගැනීම, සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වේ. ජනතාවගේ ජීවන මාර්ගවලට බලපාන ආකාරයෙන් ඉඩම් ආරවුල් රටේ උතුර සහ නැගෙනහිර වර්ධනය වෙමින් පවතී. බලය බෙදා හැරීම යම් ප්‍රමාණයකට ලබා දීමට පොරොන්දු වූ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා දැනට නිසි ආකාරයට ස්ථාපිත කර නැත. 

විනාශදායක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර පහක් ගත වුවද, යුක්තිය ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග තිබුණ ද වින්දිතයෝ තවමත් යුක්තිය සහ සාධාරණත්වය සොයමින් සිටිති. 

ආණ්ඩුව සත්‍යය, සමගිය සහ සන්හිඳියා කොමිසමක් සඳහා කෙටුම්පත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇති නමුත් විශ්වාස කටයුතු සත්‍යය සෙවීමේ ක්‍රියාවලියකට අවශ්‍ය වාතාවරණය දක්නට නැත. මගේ කාර්යාලයට ආරක්ෂක හමුදා විසින් සිවිල් සමාජ නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන්, සහ වින්දිතයන් මෙන්ම යුද්ධයේ වින්දිතයන් සඳහා අනුස්මරණ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ පුද්ගලයන් සෝදිසියට ලක් කිරීම, හිරිහැර කිරීම සහ අත් අඩංගුවට ගැනීම පිළිබඳ චෝදනා ලැබෙමින් පවතී. ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක හමුදා විසින් සිදු කරන පැහැර ගැනීම්, නීති විරෝධී අත් අඩංගුවට ගැනිම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළත් වධ හිංසා පැමිණවීම් පිළිබඳ විශ්වාස කටයුතු චෝදනා මගේ කාර්යාලයට ලැබුණ අතර නැවත නැවතත් සිදු වන එවැනි කටයුතු ගැන මගේ බලවත් කණස්සල්ල යොමුව ඇත. මේවායින් සමහරක් 2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුර සහ නැගෙනහිර සිදු වූයේයැයි සඳහන් වේ. 2010 දී පුද්ගලයෙකුට වධ හිංසා පැමිණ වූයේයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද අයෙකු පසුගිය සතියේ නව පොලිස්පති වශයෙන් පත් කර ඇත. මෙවැනි සිද්ධීන්වලින් ආරක්ෂක අංශවල පුළුල් ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කර දක්වයි.

මගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගමනයට නොකඩවාම ක්‍රියා කරමින් සිටී. මගේ කාර්යාලය සිදු කරමින් පවතින අපරාධ යුක්ති විමර්ශන නීති කටයුතු කිපයකට සහ නිශ්චිත මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ තොරතුරු සහ සාක්ෂි පුළුල් කිරීමට සහාය ලබා දේ. කාර්යාලය බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම් පිළිබඳ සමික්ෂණ සිදු කරන අතර වින්දිතයන් සමග උපදේශන ද පවත්වයි. 

අතීතයේ වූ මානව අයිතිවාසිකම් ප්‍රශ්න දිගටම පවත්වා ගැනීමට පමණක් හේතු වන පසුගාමී නීති සහ අධිකාරිවාදී පිවිසුම් තුළින් ශ්‍රී ලංකාවට තිරසාර සාමය සහ සන්හිඳියාව සාක්ෂාත් කර ගත නොහැකිය.

මෙම ප්‍රවනතාවය වහාම නතර කරන ලෙසත් අතීතයේ සිදු වූ සහ වර්තමානයේ සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනයට සහ නඩු පැවරීමට විශ්වාසවත්  පියවර ගන්නා ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ සිදු කෙළේයැයි විශ්වාස කළ හැකි පුද්ගලයන්ට එරෙහිව ඉලක්ක කර ගත් පියවර සහ සමස්ත ගෝලීය සහ තම රටෙන් බැහැර අධිකරණ බලය සුදුසු ආකාරයෙන් යොදා ගැනීම හරහා මෙම ප්‍රයත්න දිගටම ශක්තිමත් කරන ලෙස මම සාමාජික රටවලින් ඉල්ලා සිටිමි. 

රටේ ගැටුම් සහ ආර්ථික අර්බූදයේ මූලික හේතූන් ආමන්ත්‍රණය කිරීමෙන් සහ වගවීම තහවුරු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට අව්‍යාජ සන්හිඳියාව සහ තිරසාර සාමය සහ සංවර්ධනය අත් කර ගැනීමේ බලාපොරොත්තු තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.

ඔබට ස්තූතියි.

The post ‘මර්දන නීතිවලින් සාමය සහ සංහිඳියාව අත් කර ගන්න බැහැ’ – එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කියයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83/feed/ 0
ජනතාවගේ අධිකරණ බලය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ අර්ථ ගැන්වීම? https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a/#respond Tue, 20 Feb 2024 15:10:21 +0000 https://vivaranalk.com/?p=10955 “1972 සිට මේ රටේ රජෙකු සිටියේ නැත. ජනාධිපතිට එවැනි බලයක් උරුම වූයේ ද නැත. ඔහුගේ සියලු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සීමා වී ඇත.” පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව (2018)  මේ රටේ පුරවැසියන් වන අපි පසුගිය සති කීපය තුළ අපේ රටේ පාලනයට බලපාන බරපතළ දේශපාලන වර්ධන කිපයක් දුටුවෙමු. ජනවාරි 31 වැනි දා ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ […]

The post ජනතාවගේ අධිකරණ බලය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ අර්ථ ගැන්වීම? appeared first on විවරණ.

]]>
“1972 සිට මේ රටේ රජෙකු සිටියේ නැත. ජනාධිපතිට එවැනි බලයක් උරුම වූයේ ද නැත. ඔහුගේ සියලු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සීමා වී ඇත.”

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව (2018) 

මේ රටේ පුරවැසියන් වන අපි පසුගිය සති කීපය තුළ අපේ රටේ පාලනයට බලපාන බරපතළ දේශපාලන වර්ධන කිපයක් දුටුවෙමු. ජනවාරි 31 වැනි දා ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලදී. එම ප්‍රකාශය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගේ බලතල ලේකම් කාර්යංශය අර්ථ ගන්වන ආකාරය පැහැදිලි කිරීමක් බව දැකිය හැකිය.

කතානායකගේ පියවර නිසා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමේ සහතිකයක් නැතිව රටේ නීතියක් බවට පත්ව ඇත. මෙය පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියේ පෙර නොවු තත්වයකි. දැන් නිත්‍යානුකූල භාවය සැක සහිත නීතියක් පවතී.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයෙන් ජනාධිපති බලය අපහරණය කරන්නේ නම් දෝෂාභියෝයක් කරන ලෙස අභියෝග කිරීමෙන් මුලින්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන ලද බලවත් ජනාධිපති තනතුර පශ්චාත් යුද සමයේ වඩාත් නරක තත්වයකට පත්ව ඇති ආකාරය පෙන්වයි. ජනාධිපති වික්‍රමසිංහ රටේ බංකොළොත් භාවයට විසඳුම් සෙවීම හේතු යුක්ති කිරීමෙන් මෙම තනතුර වඩාත් ඉහළ අධිකාරීවාදී ආඥාදායක මට්ටමට ගෙන යෑමට උත්සාහ කරන බව පැහැදිලි ය.    

2024 දී හදිසි කාර්යක් සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉල්ලා සිටීමට රටේ පුරවැසියන් වශයෙන් අපට කාලය පැමිණ ඇත. එය රාජ්‍ය ආයතන විනාශයට පත් කළ පාලනයේ දූෂිත ආකෘතියකි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මෙම පොරොන්දුව ලබා දුන් නමුත් කිසිවෙකු ඉටු කෙළේ නැත. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හැර තනතුරට පත් සියලු අනෙක් ජනාධිපතිවරු මේ පිළිබඳව අසමත් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආණ්ඩුව 2000 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත එවකට විපක්ෂ නායක සහ දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හැසිරීම නිසා පාර්ලිමේන්තුවෙන් සම්මත කැර ගැනීමට නොහැකි විය. ඔහු සහ ඔහුගේ එක්සත් ජාතික පක්ෂය එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට පාරිලිමේන්තු විවාද අවස්ථාවේ දී එය ඉරා දැමූහ. එම මතභේදයට හේතු වූයේ මෙම ව්‍යවස්ථාවේ වගන්ති නොව නව ආණ්ඩුවේ නායකයා පිලිබඳ වූ ප්‍රතිපාදන සම්බන්ධයෙනි. වසර 24කට පසුව වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති තනතුර වඩාත් ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් ඉක්මවා ගොස් දේශපාලන ඒකාධිපතිත්වයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීම සැබැවින්ම උත්ප්‍රාසයකි. ඔහුගේ තර්කය වන්නේ තම පුද්ගලික දැක්ම හෝ ‘ඉදිරි දැක්ම’ හෝ රටට හොඳයැයි ඔහු සිතන දේ ය. එය වෙනත් ජනාධිපති කෙනෙකුගේ තවත් ‘සෞභාග්‍යයේ දැක්මක ’ නව ආරක් ද?

2024 පසුගිය සති කීපය තුළ වූ සිදුවීම්වලින් හා ජාතික ආර්ථික සහ පාලන අර්බූදයෙන් මේ රටේ පුරවැසියන් වශයෙන් අපි සියලුම දේශපාල පක්ෂ සහ එහි නායකයන්ගෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහ පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකියන තෝරා ගත් අගමැති ක්‍රමයට ආපසු යන බවට ප්‍රතිඥාවක් ඉල්ලා සිටිය යුතුය. 2024 පවත්වන පළමු ඡන්ද විමසීමට සමගාමීව මෙම කාරණය පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා සිටිමු.  

The post ජනතාවගේ අධිකරණ බලය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ අර්ථ ගැන්වීම? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a/feed/ 0
මාර්ගගත ආරක්ෂාව පනත සමහර ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අත්හැරලා-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි. https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%9c%e0%b6%ad-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b7%83%e0%b6%b8%e0%b7%84%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%9c%e0%b6%ad-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b7%83%e0%b6%b8%e0%b7%84%e0%b6%bb/#respond Thu, 15 Feb 2024 01:28:40 +0000 https://vivaranalk.com/?p=10895 පසුගියදා කතානායක විසින් සහතික කරන ලද මාර්ගගත ආරක්ෂාව පනතේ සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණේයැයි මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙහිදෙණිය මහතාගේ අත්සනින් කතානායක වෙත යවා ඇති ලිපියක සඳහන් වේ. මෙම ලිපියේ පිටපත් ජනාධිපතිට සහ ආරක්ෂක ඇමතිට ද යවා ඇත. පහත පළ වන්නේ […]

The post මාර්ගගත ආරක්ෂාව පනත සමහර ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අත්හැරලා-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි. appeared first on විවරණ.

]]>

2024 පෙබරවාරි 1 වැනි දින සහතික කරන ලදුව 2024 පෙබරවාරි 2 දින ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගගත ආරක්ෂාව පනත පිළිබඳව ඔබ වෙත මෙසේ දන්වනු කැමැත්තෙමු. ඉහති කී පනත සමාලෝචනය කළ අපි 1996 අංක 21 මානව හිමිකම් කොමිසන් සභා පනතේ 10(ඇ) සහ (ඈ) වගන්ති ප්‍රකාරව අපගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

ආරම්භයේ දීම මුල්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පනතේ අන්තර්ගතය සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 2 වැනි දින මහජන ආරක්ෂාව පිළිබඳ ගරු ඇමතිවරයාට සන්නිවේදනය කළ අපගේ නිරීක්ෂණ සහ නිර්දේශ නැවත අවධාරණය කරනු කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන අධිකාරීන්ට මාර්ගගත ක්‍රියාකාරිත්වය ට අදාලව පවතින අපරාධ නීතිය අර්ථ ගැන්වීමේ දී සහ යොදා ගැනීමේ දී සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අවධාරණය කෙළෙමු. පළමුව අර්ථාන්විත ආයතනික ප්‍රතිසංස්කරණ හඳුුන්වාදීමෙන් තොරව පනත ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුවට අනතුරු හැඟ වූයෙමු.

එසේ වුවත් පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලංකාවේ පුරවැසියන් ගණනාවක්ම අභියෝග කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

එම මුලික අයිතිවාසිතම් පෙත්සම් සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ දී එම පනත සම්මත කළ යුතු ආකාරය නියම කරන ලදී. ඒ අනුව

මාර්ගගත සුරක්ෂිත භාවය පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තින්දුවේ එම පනතේ වගන්ති තිහකට අධික සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ සමහර තැන්වල 14(1)(අ) ව්‍යවස්ථාවලට නොගැලපෙන බවත් සමහර අත්හැර දැමීම් ඇති බවත් පෙනෙන්නට ඇත. ඒ අනුව පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කළ හැකි වන්නේ විශේෂ බහුතරයකින් පමණි. කෙසේ වුවත් අධිකරණයෙන් නිර්දේශ කර ඇති සියලු සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඇතුළත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බව ද පෙන්වා දී ඇත. එමනිසා පනත සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගන්නේ නම් අධිකරණයෙන් නිර්දේශ කර ඇති අවශ්‍ය සියලු නිර්දේශ ඇතුළත් කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. එවැනි නිර්දේශ කිසිවක් අත්හරින්නේ නම් පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය ය.

මාර්ගගත සුරක්ෂිත භාවය පනත සැලකිල්ලෙන් සමාලෝචනය කළ කොමිසමට පනත පහත සඳහන් වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන බවත් සමහර අත්හැරීම් පවතින බවත් දැක ගත හැකි විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 46 සහ 47 පිටුවල ගරු නීතිපතිවරයා යෝජනා කළ සංශෝධනවලට අමතරව 13 වැනි ඡේදයට ( පනතේ 13 ඡේදය) අධිකරණයෙන් මූලික සංශෝධන යෝජනා කර ඇත. අධිකරණයේ නිර්දේශ මෙසේය:

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශ කර ඇති නිශ්චිත යෙදුම් පනතේ 13 වගන්තියේ පිළිබිඹු වන බවක් දක්නට නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 51 පිටුවේ මෙසේ නිරීක්ෂණය කර ඇත:

ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණයේ ඉහත සඳහන් ඡෙදයේ හරය වන්නේ පනතේ අදාල ඡේදය ඉවත් කළ යුතුය යන්නයි. එසේ වුවද එම ඡේදය පනතේ 16 වගන්තිය ලෙස පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 53 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.

නැවත වරක් අධිකරණ නිරීක්ෂණයේ හරය වන්නේ ඉහත සඳහන් වගන්තිය ඉවත් කිරීම බව පෙනේ. කෙසේ වුවත් පනතේ 19 වගන්තියෙන් එම ඡෙදය ඇතුළත් කර ඇත.   

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 61 පිටුවේ පනතේ 22 වගන්තියයේ ඇති පැහැදිලි කිරීම් සංශෝධනය කළ යුතුයැයි පැහැදිලිවම නිර්දේශ කර ඇත.

කෙසේ වුවත් පනතේ අදාල කොටසේ එනම් 20 වැනි වගන්තියේ පැහැදිලි කිරීම මුල්ම පනතේ ආකාරයෙන්ම පවතින අතර අධිකරණයේ නිර්දේශයට අනුකූල වී නැත.

ධිකරණ විනිශ්චයේ 59 සහ 60 පිටුවල සමහර සේවා සහ කරුණු පහත සඳහන් නිර්ණායකවලට අනුකූල වන්නේ නම් මෙම පනත යටතේ වගකීමට බැඳී සිටීමෙන් නිදහස් විය යුතුයැයි නිර්දේශ කර ඇත.

(අ) ඊ මේල් ලිපි සේවාවන් මගින් සබල කරවන ලද අන්තර්ගතයෙන් භාවිතා කරන්නා ලියන ලද නම්,
(ආ) එස් එම් එස් සහ එම් එම් එස් සේවා,

  1.  සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නා පමණක් ලියන ලද එස් එම් එස් පණිවුඩ වන්නේ නම්,
  2. සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නා පමණක් ලියන ලද එම් එම් එස් පණිවුඩ වන්නේ නම්,
  3. සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නා පමණක් ලියන ලද එස් එම් එස් පණිවුඩ සහ එම් එම් එස් පණිවුඩ වන්නේ නම්  

(ඇ) සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නන් විසින් මුල පුරන ලද දෙදෙනෙකු අතර කෙරෙන සජීවී ශබ්ද සන්නිවේදන නම්,
(ඈ) පනත ක්‍රියාත්මක වූ දිනයේ සිට මාස හයක් ඇතුළත ඉවත් කරන ලද සාවද්‍ය ප්‍රකාශ, තහනම් ප්‍රකාශ, සහ වෙනත් තහනම් කරුණු සහ
(ඉ) තුන් වැනි පාර්ශ්වයක් විසින් අන්තර්ජාලයට එක් කළ හෝ මැදිහත් වූ (interfered) කිසියම් කරුණු යනාදියයි.

මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමටනම් ඉහත සඳහන් කාණ්ඩ පහම වෙන් වෙන් වශයෙන් වගකිමෙන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය වු බව අපට නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වුවත් මෙම පනතින් අධිකරණයේ නිර්දේශ ක්‍රියාත්මක කළ ආකාරය සාවද්‍ය බව පෙනේ.

පනතේ 27(1) වගන්තියෙන් ඉහත සඳහන් (අ) (ඇ) සහ (ඈ) වගන්ති නිදහස් වු කාණ්ඩ වන අතර 27(2) වගන්තියෙන් (ඈ) සහ (ඉ) ගැන සඳහන් කරයි. කෙසේ වුවත් පනතේ 27(1) වගන්තිය 27(2) වගන්තියට යටත් කරයි. එමනිසා පනත යටතේ 27(1) වගන්තියේ කාණ්ඩ ඉවත් වන්නේ ඒවා (ඈ) සහ (ඉ) කාණ්ඩවල දක්වන ලද අවශ්‍යතාවයන්ට අනුකූල වන්නේ නම් පමණි. එවැනි සකස් කිරීමක් කණ්ඩායම් පහ වෙන් වෙන් වශයෙන් පනතේ විෂය පතයෙන් ඉවත් කළ යුතුය යන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සමග ගැලපෙන්නේ නැත.

අතිරේකව මුල්ම පනතේ 31 ඡේදයෙන් ඉවත් කරන ලද කාණ්ඩවල කලින් තිබු ලැයිස්තුව එනම්:

(අ) අන්තර්ජාල අන්තර්මාධ්‍ය සේවා,
(ආ) විදුලි සන්දේශන සේවා
(ඇ) ජනතාවට අන්තර්ජාලයට පිවිසීම ලබා දෙන සේවා, හෝ
(ඈ)පරිගණක සම්පත් මෙම පනතේ 27(1) යටතේ නිදහස් වන්නේ පනතේ 27(2) ට අනුකූල වන්නේ නම් පමණි. එනම් අදාල කරුණු පනත බලාත්මක වීමෙන් මාස හයක් ඇතුළත ඉවත් කරන්නේ නම් හෝ එම කරුණු අන්තර්ජාලයට තුන් වැනි පාර්ශ්වයක් විසින් එක් කරන්නේ හෝ මැදිහත් වන්නේ නම් පමණි.

පාර්ලිමේන්තුවේ කොමිටි අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට පෙරාතුව ඉහත සඳහන් සේවා සපයන්නන් පනත බලාත්මක වීමෙන් මාස හයක් ඇතුළත එම කරුණුවල ඇතුළත් දේ ඉවත් කළ යුතුව තිබුණේ නැත. කෙසේ වුවත් 27(2) වගන්තිය යටතේ දැන් අන්තර්ජාල සේවා සපයන්නා නිදහස් කිරීම සඳහා ඒවා ඉවත් කළ යුතුය.

ඒ අනුව 27 වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට සම්පූර්ණයෙන් අනුකූල නොවන්නේයැයි සටහන් කරමු.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට සම්පූර්ණයෙන්ම අනුකූල වන්නේ ද යන්න ගැන මාර්ගගත සුරක්ෂිත භාවය පනතේ අත්හැරීම් ගැන කොමිසම බරපතළ අවධානය යොමු කරයි. එවැනි අත්හැරීම් සහ අනතුරුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමග ඇති අනනුකූලතාවය නිසා මාර්ගගත සුරක්ෂිත භාවය පනත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ගැනීමට අවශ්‍යව තිබිණ. එමනිසා අධිකරණයේ විනිශ්චයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වීමට අපොහොසත්වීමෙන් එම පනත දැනට පවතින ආකාරයට පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ ද යන්න ගැන බරපතළ අවධානය යොමුවීමට හේතු වේ.    

The post මාර්ගගත ආරක්ෂාව පනත සමහර ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අත්හැරලා-ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%9c%e0%b6%ad-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b7%83%e0%b6%b8%e0%b7%84%e0%b6%bb/feed/ 0
යුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a7%e0%b7%9c/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a7%e0%b7%9c/#respond Fri, 02 Feb 2024 07:39:56 +0000 https://vivaranalk.com/?p=10854 1909 දී ලියෝ ටොල්ස්ටෝයි (1828-1910) වයස 80 දී යුද්ධයට එරෙහිව කතාවක් පැවැත් වූයේය. අදටත් බෙහෙවින් අදාල එම කතාවෙන් කොටසක් මෙහි පහත පළවේ. එම කතාව මූලික වශයෙන් ගෙතී ඇත්තේ විශ්වීය වශයෙක් පිළිගත්, විශ්වීය වශයෙන් සෑම මිනිසෙකුම බැඳී ඇති සත්‍යයකි. මිනිසාට තවත් කෙනෙකු කුමන තත්වයක් යටතේ සහ කවර හේතුවක් නිසා හෝ මැරිය නොහැකිය, නොමැරිය යුතුය. ආදරණීය සහෝදරවරුනි, […]

The post යුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි appeared first on විවරණ.

]]>

ආදරණීය සහෝදරවරුනි, අප මෙහි රැස්ව ඇත්තේ යුද්ධයට එරෙහිව සටන් කිරීමට ය.

පාලකයන් සතුව බිලියන ගණන් මුදල් සහ මිලියන ගණන් අවනත වූ හමුදා භටයින් ඇත. අපට ඇත්තේ එකම වත්කමකි. එහෙත් එය ලොව ඇති ඉතාමත් වැදගත් වත්කම යි. එනම් සත්‍යයයි. එමනිසා අපගේ බලය සතුරාගේ බලය හා සසඳන විට කෙතරම් කුඩා වුවත් අඳුර පහන් කර උදාවන හිරු එළිය මෙන් එහි ජයග්‍රහණය සහතික ය.

අපගේ ජයග්‍රහණය සහතික වන්නේ එකම එක කොන්දේසියක් යටතේය. එනම් සත්‍යය සැඟවීමක් නැතිව, වෙනස්වීමක් නැතිව, කිසිදු සැඟවීමක් නැතිව, කිසිදු අඩු කිරීමක් නැතිව ප්‍රකාශ කිරීම ය. මෙම සත්‍යය කෙතරම් සරල ද, කෙතරම් පැහැදිලි ද, කෙතරම් පහසු ද, කෙතරම් බැඳීමක් ද යත් කිතුනුවන්ට පමණක් නොව සෑම සංවේදී පුද්ගලයෙකුම එහි පූර්ණ අර්ථයෙන් ප්‍රකාශ කරන්නේ නම් කිසිම මිනිසෙකුට කවර හේතුවක් නිසා හෝ විරුද්ධ විය නොහැකිය.

එමනිසා මම මෙම සභාව සියලු ජාතීන්ට, විශේෂයෙන් ක්‍රිස්තියානි ජාතින්ට ආයාචනයක් ලියා ප්‍රකාශ කළ යුතුයැයි යෝජනා කරමි. එහි අප සියලු දෙනා දන්නා එහෙත් කිසිවෙකු නොකියන දේ පැහැදිලිව, සෘජුව සඳහන් කළ යුතුය. එනම් යුද්ධය මිනිසුන් දැන් පෙන්වන ආකාරයට, විශේෂයෙන්ම වික්‍රමාන්විත, පැසසිය යුතු දෙයක් නොව තමන්ගේම ස්වාධීන කැමැත්තෙන් හමුදා සේවය තෝරා ගත් අය පමණක් නොව දඬුවම් කිරීමේ බියෙන් හෝ ආත්මාර්ථකාමී වුවමනාවන් නිසා හෝ හමුදා සේවය තෝරා ගත් සියලු දෙනාම කරන සියලු මිනිස් ඝාතන අන් ඕනෑම ඝාතනයක් මෙන් පිළිකුල් සහගත, ජාතික අපරාධයකි.

අප සියලු දෙනාම දන්නා එහෙත් කීමට ධෛර්යක් නැති දේ කිව යුතුය. මිනී මැරීම හැඳින්වීමට කවරාකාරයේ වෙනස් නම් දෙන නමුත් එය හැම විටම මිනී මැරීමක්, ජාතික අපරාධයක් නින්දිත ක්‍රියාවක් බව කිව යුතුය. ඔවුන් යුද්ධය ප්‍රීතෘ භූමියට කරන සේවයක්, වීරත්වය, යුද්ධයේ කිර්තිය, දේශප්‍රේමය ලෙස හැඳින්වීම නතර කළ යුතුය. මිනී මැරීම සැබැවින් ම නග්න, අපරාධයක් බව දැකිය යුතුය.

මෙම ජාතික අපරාධය කරන අය දැන් ලැජ්ජා විය යුතුය. මිනී මැරීම අපරාධයක්යැයි නොසිතන අය එය මිනීමරුමක් බව තේරුම් ගෙන මිනී මැරුම නතර කළ යුතුය.

මට කියන්නට ඇත්තේ එපමණයි. මම කිසිවෙතුට වරදක් කෙළේයැයි, අපහාස කෙළේයැයි හෝ දොස් පැවරුවේයැයි සිතන්නේ නම් බෙහෙවින් කනගාටු වෙමි. එහෙත් කුමන හෝ මොහොතක මිය යා හැකි 80 වැනි වියේ පසුවන මහල්ලෙකු වන මා තේරුම් ගන්නා ආකාරයට සතයය, මිනිස් වර්ගයා යුද්ධයෙන් ඇති කරවන අවාසනාවන්ත දුක් ගැහැටවලින් සහ ඉන් විඳින වේදනාවන්ගෙන් 1ගලවා ගත හැකි එකම දේ ලෙස දැඩිව විශ්වාස කරන සත්‍යය ගැන පැහැදිලිවම කතා නොකිරීම මට ම අපහාසයක් විය හැකිය. 

The post යුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a7%e0%b7%9c/feed/ 0
ගෝලීය සන්දර්භය තුළ අධිකාරිවාදී ආර්ථික ප්‍රතිපත්ති.. https://vivaranalk.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/#respond Tue, 26 Dec 2023 07:41:09 +0000 https://vivaranalk.com/?p=10685 ආචාර්ය අහිලන් කදිරගාමර් මහතාගේ ලිපියක් ඇසුරෙන් සිංහලට සකස් කරන  ලද්දකි. ආර්ථිකය හැඩ ගැසෙන්නේ දේශපාලනයෙනි. සංවර්ධනය නෛසර්ගිකවම ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳී පවතී. ගෝලීය දකුණේ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් උග්‍ර ණය අර්බූදයකට මුහුණ ඇති සමයක ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කෙබඳු ද? මෙම රටවල සංවර්ධනය කෙබඳු විය හැකි ද? මෙය අන්තර්ජාතික සංවර්ධන ආර්ථික සංගම් (IDEAs ) ජාලය සහ තායිලන්තයේ චූලලොන්ග්කෝර්න් විශ්ව […]

The post ගෝලීය සන්දර්භය තුළ අධිකාරිවාදී ආර්ථික ප්‍රතිපත්ති.. appeared first on විවරණ.

]]>
ආචාර්ය අහිලන් කදිරගාමර් මහතාගේ ලිපියක් ඇසුරෙන් සිංහලට සකස් කරන  ලද්දකි.

ආචාර්ය අහිලන් කදිරගාමර්

ආර්ථිකය හැඩ ගැසෙන්නේ දේශපාලනයෙනි. සංවර්ධනය නෛසර්ගිකවම ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳී පවතී. ගෝලීය දකුණේ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් උග්‍ර ණය අර්බූදයකට මුහුණ ඇති සමයක ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කෙබඳු ද? මෙම රටවල සංවර්ධනය කෙබඳු විය හැකි ද?

මෙය අන්තර්ජාතික සංවර්ධන ආර්ථික සංගම් (IDEAs ) ජාලය සහ තායිලන්තයේ චූලලොන්ග්කෝර්න් විශ්ව විද්‍යාලය සංවිධානය කළ ‘අඩු ආර්ථික සංවර්ධනයෙන් යුත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය’ යන වැඩ මුළුවේ තේමාවයි. ආසියා සහ අප්‍රිකානු රටවල ආර්ථික විද්‍යඥයන් ගණනාවක් සහභාගි වූ මෙම වැඩ මුළුවේ අවධානයට ලක් වූයේ සමානාත්මතා ප්‍රතිපත්ති සමග වාස්තවික ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ ගැන සැලකිල්ල යොමු කිරීමය.  

මෙම ලිපියෙන් මාගේ උත්සාහය එම වැඩ මුළුවට මා ඉදිරිපත් කළ කරුණු ඉදිරිපත් කිරීමට ය. මා ඉදිරිපත් කෙළේ රාජපක්ෂ පාලනයේ ජනප්‍රියවාදී අධිකාරිවාදයේ සිට වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයේ ගති ලක්ෂණය වූ අධිකාරී සීමා කිරීම් දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලනය මාරු වූ ආකාරය යි. මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු තම සමාජ පදනමට සන්තෝෂම් ලබා දීම ඇතුළත් ජනප්‍රිය පෙනුම සහ ප්‍රදානයන් සමග අධිකාරිවාදය මුසු කරන ලදී. එහෙත් දැනට පවතින ආණ්ඩුව යටතේ සිදු වන්නේ වැටුප් සීමා කිරීම සහ කම්කරුවන් කෙරේ පුළුල් ප්‍රහාර එල්ල කරමින් ධනපති පංතියට වඩාත් ප්‍රතිලාභ ලබා දීමේ පොරොන්දුව සමග අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සුපරික්ෂාව යටතේ සීමා කිරීම් දැඩි කිරීම ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය දිගු කලක් තිස්සේම තිරණය වූයේ යටත් විජිතවාදය සහ නිදහසින් පසුව නව යටත්විජිත ගෝලීය සමාජ ක්‍රමයෙනි. කෙසේ වුවත් සමහර ජාතික පාලනයන්හි දේශපාලනය සහ ප්‍රතිපත්තිවලින් වැඩ කරන ජනතාවට සූරාකෑම, අහිමි කිරීම සහ ආර්ථික අර්බුදවලට මුහුණ දීමට සමාජ සුභසාධන වැඩ සටහන් සහ (ධනය) නැවත බෙදාහැරීමේ මුලපිරුම් ඉල්ලා සිටීමටත් ආරක්ෂා කිරීමටත් අවකාශයක් ලැබිණ. වත්මන් නව ලිබරල් ප්‍රහාරයට අභියෝග කිරීමට වාමවාදී ආර්ථික විද්‍යඥයන් යොදා ගත යුත්තේ කුමන ආර්ථික කතිකාවක් ද? වත්මන් අර්බුදය විසඳීමට ඔවුන් ගොඩනැගිය යුත්තේ කවර විකල්පයක් ද?

එම වැඩ මුළුවේ සංකල්ප පත්‍රිකාව ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබිඹු කරයි.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාව මීට වෙනස් වන්නේ නැත. 2022 ජුලි මස දැවැන්ත විරෝධතාවලින් අධිකාරිවාදී ජනාධිපතිවරයෙකු පලවා හැරිය නමුත් සති කීපයක් ඇතුළත හිටපු ජනාධිපති ගේ පාර්ලිමේන්තු සගයින් ඔවුන්ගේ පැවැත්ම සහතික කර ගැනීමටත් නව ලිබරල්වාදී ගමන් මග නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් වෙනත් අධිකාරිවාදී ජනාධිපතිවරයෙකු පත් කරන ලදී.  මෙම අනීතික ආණ්ඩුව විරෝධතා මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා අතර පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා, විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගසමින් අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීමට වඩාත් දර දඬු නීති පනවන බවටත් තර්ජනය කරයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ ආර්ථික පාලනයේ උත්ප්‍රාසය වන්නේ බලයේ සිටින ආණ්ඩුවට සුජාත භාවයක් නැති වුවද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පාලනයේ ගැටලු විසඳීමට සහ දූෂණය තුරන් කිරීමේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුවට සුභ පැතීම ය. එකිනෙකට පරස්පර වුවද පාලනයේ සහ දූෂණයේ යථාර්ථය වන්නේ පාලක පංතියේ උවමනාවන් සමග ගැට ගැසී ඇති විශේෂඥයන්ගේ පාලනයත් තම අනාගතය තීරණය කිරීමේ දී වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය සහභාගිත්වයට හානිකර ආකාරයෙන් වැඩ කිරීමත් සුජාත කිරීමය.

මෙම නීති රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම ප්‍රජාතන්ත්‍රීය සීමාවන් තුළ නොවිය යුතුය යන මතවාදී ප්‍රහාරය පිළිබිඹු කරයි. ඒවායින් ප්‍රජාවන්, සමාජයීය ආයතන, සහ පුරවැසියන්ගේ සාමුහික වුවමනාවන් නොසලකා හරින විශේෂඥයන් සහ ඊනියා පුද්ගල ක්‍රමවේදය තහවුරු කරයි. එහිදී සැලකිල්ලට ගන්නේ වෙළඳ පොළට නැඹුරු වූ පුද්ගලික ආයතන සහ පාරිභෝගිකයන් වූ පුද්ගලයන් පමණි. ඇත්තෙන්ම මෙය 2023 මාර්තු අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග ඇති කර ගත් 2023 ජුනි හවුල්කාරී ආකෘති රාමුවේ දැක්මට ඇතුළත් කරුනු ය. එය ඉදිරි වසර හතරේ පැහැදිලි කඩඉම් සහිත වැඩ සටහන් සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති රාමුවයි.

ආර්ථික අර්බූදයෙන් සහ ගෝලීය බල කේන්ද්‍ර ඇතුළත් පැහැදිලිවම වර්ගවාදී පාලනයන් මතුවීමෙන් පෙන්නුම් කරන ආකාරයට නව ලිබරල් වාදය ම අර්බූදයට පත්ව ඇත. වානිජ ණය ගැනිම් සහ මිථ්‍යා ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අදහසින් යටිතල පහසුකම් සහ නාගරික ගොඩනැගිලි ඉදි කිරීමට ආයෝජනය කළ 2010 සිට 2019 දක්වා වූ ආර්ථික ගමන් මාර්ගයට ආපසු යෑම ශ්‍රී ලංකාවට කිසිසේත් කළ නොහැකිය.

මෙම විකල්ප අපගේ දේශීය තත්වයන් ආමන්ත්‍රණය කළ යුතු අතර අපට වැඩ කිරීමට සිදුව ඇති  අවකාශය අන්තර්ජාතික තත්වයන්ට ද බෙහෙවින් සම්බන්ධ ය. කෙසේ වුවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ නව ලිබරල් විශේෂඥයන්ගේ සහාය ලබන අධිකාරිවාදී ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයන් සමග ගෝලීය අසමානතා සංවර්ධනය දිගටම පවතිනු ඇත. විරෝධය දැක්වීමේ දී පෙර යුගයක පැවති නොබැඳි ව්‍යාපරයට හේතු වූ දේශපාලන නායකත්වයක සලකුණු දැකීමට අසිරු ය. අපට දැන් අවශ්‍ය වන්නේ නිදහස සහ සමානාත්මතාවයේ වඩාත්ම පුළුල් ගැටලුව අන්තර්ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා ගෝලීය දකුණේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, වෘත්තීය සමිති සහ සමාජ ව්‍යාපාර වඩාත් වෙහෙසවී වැඩ කිරීම, සම්බන්ධවීම සහ සහයෝගිතාව තර කිරීමය.

The post ගෝලීය සන්දර්භය තුළ අධිකාරිවාදී ආර්ථික ප්‍රතිපත්ති.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/feed/ 0