RJM Anandappa, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 14 Dec 2022 05:21:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png RJM Anandappa, Author at විවරණ 32 32 කම්කරුවකුගේ ඉල්ලීමක් කම්කරු විනිශ්චය සභාවක විභාග වෙද්දි ඔහු මිය ගියොත් ? https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a/#respond Wed, 14 Dec 2022 05:05:53 +0000 https://vivaranalk.com/?p=6693 ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[පස්වන කොටස] පුද්ගලික අංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සංස්ථාවල හා සමුපකාර සේවකයින්ගේ සේවය, සේවා යෝජකයා විසින් අවසන් කරනු ලැබු විටෙක එය අසාධාරණ ලෙස සේවය අවසන් කිරිමක් යැයි හැගෙන්නේ නම් කම්කරු විනිශ්චය සභාවක් වෙත ඊට එරෙහිව සහන පතා ඉල්ලූම් කළ හැකිය. එසේම කිසියම් සේවාවක් අවසන් කිරීම සම්බන්ධයෙන් විනිශ්චයාධිකාරිය […]

The post කම්කරුවකුගේ ඉල්ලීමක් කම්කරු විනිශ්චය සභාවක විභාග වෙද්දි ඔහු මිය ගියොත් ? appeared first on විවරණ.

]]>

ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[පස්වන කොටස]

පුද්ගලික අංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සංස්ථාවල හා සමුපකාර සේවකයින්ගේ සේවය, සේවා යෝජකයා විසින් අවසන් කරනු ලැබු විටෙක එය අසාධාරණ ලෙස සේවය අවසන් කිරිමක් යැයි හැගෙන්නේ නම් කම්කරු විනිශ්චය සභාවක් වෙත ඊට එරෙහිව සහන පතා ඉල්ලූම් කළ හැකිය. එසේම කිසියම් සේවාවක් අවසන් කිරීම සම්බන්ධයෙන් විනිශ්චයාධිකාරිය වෙත ඉල්ලීම කරනු ලබන කම්කරුවා සේවය කළ ස්ථානයේ ඉකුත් මාස 12ක කාලය ඇතුළත යම් දිනයක කම්කරුවන් 15 දෙනකුට අඩු සංඛ්‍යාවක් සේවයේහි නියුක්ත කරනු ලැබ තිබේ නම් එකී කම්කරුවාගේ සේවය අවසන් කිරිමේදි ඔහුට ලැබිය යුතු පාරිතෝෂිකයේ මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන්ද කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලූම් කළ හැකිය.

එපමණක්ද නොව 1993 පාරිතෝෂික පනත ප‍්‍රකාරව පාරිතෝෂිකයක් අහිමි කිරීම එම පනත ප‍්‍රකාරව නිවැරදිව කරනු ලැබ තිබේද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැඟි විටද කම්කරු විනිශ්චය සභාවක් වෙත යා හැකිය. තවද කම්කරුවෙකුගේ සේවා නියුක්තියට අදාළ නියමයන් හෝ කම්කරු තත්ත්වයන් හෝ සම්බන්ධව නියම කරනු ලැබිය හැකි වෙනත් කරුණු සම්බන්ධයෙන්ද කම්කරු විනිශ්චය සභාවක් වෙත යා හැකිය.

මෙබඳු ඉල්ලීමක් ප‍්‍රශ්නයට මුහුණ දුන් කම්කරුවාට හෝ ඔහු නියෝජනය කරන වෘත්තිය සමිතියක් මාර්ගයෙන් හෝ ඉදිරිපත් කිරිමට හැකි බව කම්කරු ආරවුල් පනතේ දැක්වේ. ඉහත කී පරිදි කම්කරුවා විසින් අදාළ ඉල්ලීම කරනු ලබන විට ඔහු විසින් එම ඉල්ලූම්පත් අත්සන් කර තිබිය යුතුය. කම්කරුවා නියෝජනය කරන වෘත්තිය සමිතියක් මඟින් අදාළ ඉල්ලීම කරනු ලබන්නේ නම් එම සමිතියේ සභාපතිවරයා හෝ ලේකම්වරයා ඉල්ලූම් පතට අත්සන් කර තිබිම අනිවාර්ය වේ. 

කිසියම් විටකදි මෙබඳු ඉල්ලූම් පතක් නිතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කිරිමේදි අදාළ නිතිඥවරයා සිය සේවා දායකයා වෙනුවෙන් එම ඉල්ලූම් පත අත්සන් කර ඉදිරිපත් කිරිම නිත්‍යානුකුල වන්නේ ද යන්න මෙහිදි පැන නඟින වැදගත් නිතිමය ප‍්‍රශ්නයකි. “සතොස අධ්‍යක්ෂ මණ්ඩලය එදිරිව ජයසුන්දර” නැමැති 1988 නොවැම්බර් මස 25 වන දින තීන්දු වු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදි තිරණය කෙරුනේ, කාර්මික ආරවුල් පනතේ 46 (2) වගන්තිය හෝ 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 41 වැනි වගන්තිය ප‍්‍රකාරව නිතිඥවරයෙකුට තම සේවා දායකයා වෙනුවෙන් කම්කරු විනිශ්චය සභාවකට යොමු කරන ඉල්ලූම් පතකදි එකී ඉල්ලූම් පතක සිය අත්සන යෙදීමට නිතියෙන් ඉඩ දී ඇති බවයි.

ඉහත කී පරිදි යම් කම්කරුවෙකු විසින් තමන් විසින්ම හෝ තමා නියෝජය කරන වෘත්තිය සමිතිය හෝ නිතිඥවරයෙකු මඟින් කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලූම් පතක් ඉදිරිපත් කර ඇති විට එය විභාග වෙමින් පවතින කල, එකී කම්කරුවා මිය ගිය හොත් උද්ගත වන තත්ත්වය යන්න වැදගත් නිතීමය ප‍්‍රශ්නයකි. සාමාන්‍ය සිවිල් නඩුවක් නම් පාර්ශවකරුවෙකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ නිත්‍යානුකුල උරුමකරුවන් එකී නඩුවට ආදේශ කිරිමේ නිතිමය ප‍්‍රතිපාදන සිවිල් නඩු විධාන සංග‍්‍රහයේ දක්නට ලැබේ. එහෙත් කම්කරු ආරවුල් පනතේ ඉල්ලූම්කරුවෙකු මිය ගිය හොත් අනුගමනය කල යුතු ක‍්‍රියාමාර්ගය පිළිබඳව දක්වා නැති බව පෙනේ. මේ නිසා ඉල්ලූම්කරු මිය ගිය අවස්ථාවකදි ඔහුගේ හෝ ඇයගේ නීතියානුකුල උරුමකරුවන් අදාළ ඉල්ලීම පිළිබඳව නීතිමය ක‍්‍රියාවලියේදි ආදේශ කළ හැකිද යන්න පිළිබඳව අදහස් ලබා ගත හැක්කේ ඒ සම්බන්ධව විනිශ්චිත නඩු තීන්දු වෙත අවදානය යොමු කිරිමෙනි.

මේ සම්බන්ධයෙන් ගැටළුවක් මුලින් පැන නැගුණේ ‘ගුණතිලක එදිරිව වෝකර් සන්ස් ඇන්ඩ් ලිමිටඩ් (ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 87/73) යන 1978 අප්‍රේල් මස 5 වෙනි දින තින්දු වු නඩුවේදිය. මෙහිදි ගරු ශර්වානන්ද විනිසුරු තුමා ආගන්තුක ප‍්‍රකාශයක් කරමින් සඳහන් කලේ ඉල්ලූම්කරුවෙකු මිය ගිය අවස්ථාවක ඔහුගේ උරුම කරුවන් ආදේශ කර නොහැකි බවයි. මෙම ප‍්‍රකාශය ඉනික්බිතිව විනිශ්චිතව ‘අමරජීව එදිරිව කොළඹ විශ්ව විද්‍යාලය (1993) 2 ශ‍්‍රී ලංකා නිති වාර්තා 327’ නඩුවේදි පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදි සාකච්ඡා කෙරින.

මෙහිදි සෙසු විනිසුරුතුමාන්ලාගේද එකඟතාවය ඇතිව ගරු මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරු තුමා තීරණය කලේ කම්කරු විනිශ්චය සභාවකට ඉදිරිපත් වු ඉල්ලූම් පතෙහි ඉල්ලූම්කරු මිය ගිය බව එකි විනිශ්චය සභාවට දැනුම් දෙනු ලැබු කල එකී ඉල්ලූම්කරුගේ අයිතිවාසිකම් ඔහුගෙන් පසුව වෙනත් අයෙකුට පැවරෙන්නේ නම් ඒ කා වෙතද යන්න කම්කරු විනිශ්චය සභාව විසින් තිරණය කරනු ලැබිය යුතු බවයි. ඉල්ලූම්කරු මිය ගිය පමණින් අදාළ ඉල්ලූම් පත නිශ්ප‍්‍රභා කිරිම වැරදි සහගත තීරණයක් බවද මෙහිදි වැඩි දුරටත් විනිශ්චිතය.

ඉල්ලූම් පතක් විභාග වෙමින් පවතිනවිට ඉල්ලූම්කරු මිය ගිය හොත් ඔහු හෝ ඇය වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරිමට අදාළ නිතිමය ප‍්‍රතිපාදන කාර්මික ආරවුල් පනතේහි දක්වා නැතත්, එම පනතේ 31 සී (2) වගන්තියට අනුව ඒ සම්බන්ධව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගැනිමට කම්කරු විනිශ්චය සභාවට තීරණයක් ගත හැකි බව ඉහත කී නඩුවේදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත.

එහෙත් මෙම වගන්තිය මඟින් කම්කරු විනිශ්චය සභාවට දී ඇති බලය මෑතකදි සිදු කෙරුනු සංශෝධනයක් මඟින් කාර්මික ආරවුල් පනතේ 31 A වගන්තියට එක්වු ප‍්‍රතිපාදන මඟින් සීමා වී ඇති බව පෙනේ.

එහෙත් කාර්මික ආරවුල් පනතේ 31 බී (2) වගන්තිය ප‍්‍රකාරව කම්කරුවෙකු වෙනුවෙන් ඔහු නියෝජනය කරන වෘත්තිය සමිතියක් අදාළ ඉල්ලූම් පත ඉදිරිපත් කර ඇති විට ඒ පිළිබ`දව අභියාචනයක් පවතිත්දි එකී කම්කරුවා මිය ගියද ඒ වෙනුවට උරුමකරුවෙකු ආදේශ කිරිමක් අවශ්‍ය නොවන්නේ යැයි ‘ඕල් සිලෝන් කොමර්ෂල් ඇන්ඞ් ඉන්ඩස්ට්‍රියල් වර්කස් යුනියන් එදිරිව සීමා සහිත කොලට්ස් සමාගම (1987) 1 ශ‍්‍රී ලංකා නිති වාර්තා 181 නඩුවේදි’ අධිකරණය ප‍්‍රකාශ කර තිබේ. මෙහිදි වැඩි දුරටත් තින්දු කෙරුනේ අදාළ අභියාචනය එකි වෘත්තිය සමිතියට අඛන්ඩව පවත්වාගෙන යා හැකි බවයි. මෙහිදි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ නඩුව අවසානය අදාළ කම්කරුවාට හිමි වන ප‍්‍රතිලාභ කිසිවක් වේ නම් එකි කම්කරුවාගේ නීතියානුකුල උරුමකරුවන්ට ඒවා ඉල්ලා සිටිමට හැකියාවක් ලැබිමයි.

RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010

The post කම්කරුවකුගේ ඉල්ලීමක් කම්කරු විනිශ්චය සභාවක විභාග වෙද්දි ඔහු මිය ගියොත් ? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a/feed/ 0
සේවය අවසන් කිරීමකට අදාළ වන්දි ගෙවීමක දී එකී තීරණය විමසීම කළ පුද්ගලයාම දිය යුතුද? https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%af%e0%b7%8f%e0%b7%85-%e0%b7%80/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%af%e0%b7%8f%e0%b7%85-%e0%b7%80/#respond Tue, 25 Oct 2022 05:17:46 +0000 https://vivaranalk.com/?p=6270 ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[හතරවන කොටස] ඇතැම් සේවා ස්ථානවල සිදුවන අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම්වල දී ඊට භාජනය වන කම්කරුවන්ට එකී තීරණවලට එරෙහිව යාමට තැනක් තිබේ. ඒ කම්කරු විනිශ්චය සභාවයි. ශ්‍රී ලංකාව පුරා ස්ථාන 34කට අධික සංඛ්‍යාවක පිහිටුවා ඇති කම්කරු විනිශ්චය සභා වෙත ඉල්ලුම්පතක් යොමු කල යුත්තේ කාර්මික ආරවුල් පනතේ 31 […]

The post සේවය අවසන් කිරීමකට අදාළ වන්දි ගෙවීමක දී එකී තීරණය විමසීම කළ පුද්ගලයාම දිය යුතුද? appeared first on විවරණ.

]]>

ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[හතරවන කොටස]

ඇතැම් සේවා ස්ථානවල සිදුවන අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම්වල දී ඊට භාජනය වන කම්කරුවන්ට එකී තීරණවලට එරෙහිව යාමට තැනක් තිබේ. ඒ කම්කරු විනිශ්චය සභාවයි. ශ්‍රී ලංකාව පුරා ස්ථාන 34කට අධික සංඛ්‍යාවක පිහිටුවා ඇති කම්කරු විනිශ්චය සභා වෙත ඉල්ලුම්පතක් යොමු කල යුත්තේ කාර්මික ආරවුල් පනතේ 31 ඊ වගන්තිය ප‍්‍රකාරවයි. තවත් සමහර සේවා ස්ථාන පාඩු ලබන බව පවසා හිටි හැටියේ ම සේවකයින්ගෙන් සේවය අවසන් කිරීමට පියවර ගන්නා අවස්ථා තිබේ. එවැනි විටෙක බලපාන්නේ 1971 අංක 45 දරණ සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතයි. මෙහිදි අදාළ සේවා යෝජකයා එකී පනතේ විධිවිධාන නිසි පරිදි අනුගමනය කරමින් සාධාරණ වන්දි මුදලක් අදාළ සේවකයින්ට ලබා දී සේවය අවසන් කරන්නේ නම් ගැටලුවක් පැන නොනගී.

සේවා යෝජකයන් එකී ප්‍රතිපාදන නිසි පරිදි අනුගමනය නො කිරීම නිසා කාර්මික ආරවුල් බහුතරයක් පැන නැගී ඇති බව නීති රචකයින්ගේ මතයයි. මේ නිසා බොහෝ සේවකයින්ට තම සේවා යෝජකයින්ට එරෙහිව කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට සිදුව තිබේ. සේවය අවසන් කිරීමේ පනත යටතේ ක්‍රියා කිරීමේදි කම්කරු කොමසාරිස්වරයාට ‘විනිශ්චයික බලතල’ ලැබී ඇති බැවින් ඔහු එම පනත යටතේ දෙනු ලබන සහන නිතීමය සහන වන බව ‘ලංකා දුම්කොළ සමාගම එදිරිව ඉලංගසිංහ (1986) 1 SLR 1’ නඩුවේ දී තීරණය වී තිබේ. එසේ නම් මෙම විනිශ්චයික බලතල ක්‍රියාත්මක කිරීමේ දී කම්කරු කොමසාරිස්වරයා ස්වභාවික යුක්ති මූලධර්මය අනුගමනය කළ යුතු බව නීතියට අනුව පිළිගත යුතු කරුණකි.

ස්වභාවික යුක්ති මූලධර්මය මෙන්ම බලාතික‍්‍රමණ රීතිය ද පරිපාලන නීතියේ විශේෂ අංග දෙකකි. ස්වභාවික යුක්ති මූලධර්මයෙන් අදහස් කෙරෙන්නේ ප්‍රශ්නයක් විසඳීමේ දී දෙපාර්ශවයටම ඇහුම්කන් දිය යුතුය යන්න හා විනිසුරු අපක්‍ෂපාතී විය යුතුය යන්නයි. බලාතික‍්‍රමණ රීතියෙන් අදහස් කෙරෙන්නේ කිසියම් පරිපාලන විනිශ්චය අධිකාරයක් හෝ පුද්ගලයකු නීතියෙන් තමන්ට පැවරී ඇති බලයට පිටින් ක්‍රියා නොකළ යුතු බවයි. එසේ බලය ඉක්මවා කටයුතු කිරීම බලාතික‍්‍රමණයක් ලෙස සැලකේ.

මෙබඳු සේවය අවසන් කිරීමකට අදාළ ගැටලුවක දී බලාතික‍්‍රමණයක් සිදුවී තිබේද යන්න වැදගත් නීතිමය ප‍්‍රශ්නයකි. මේ පිළිබඳව අවධානය යොමු කෙරුණු වැදගත් නඩු තීන්දුවක් ලෙස ‘පැන්ඩා ලංකා ටෝයිස් එක්ස්පෝර්ට් (ප‍්‍රයිවට්) ලිමිටඩ් එදිරිව කම්කරු කොමසාරිස් ජනරාල් සහ තවත් අය CA (writ) 2412/2004  දරණ වර්ෂ 2006 ජුලි 04 වැනිදා විනිශ්චිත නඩුව හැඳින්විය හැකිය’. ගරු අභියාචනාධිකරණය විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මැතිතුමා විසින් දෙනු ලැබු මෙම නඩු තීන්දුවේදි ප‍්‍රශ්න ගත කරුණ වුයේ විමසීමක් පවත්වනු ලබන පුද්ගලයා විසින්ම ඒ සම්බන්ධව තීරණයක් ලබා දිය යුතුද යන්න හා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට බලය අභිනියෝජනය කිරීමක් සිදු කළ හැකිද යන්නයි. 

මෙම නඩුවේ කරුණු වලට අනුව, 1971 අංක 45 දරණ සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතට අනුව පෙත්සම්කරුගේ සේවකයින් වෙත පළමු වගඋත්තරකරු විසින් වන්දි ප්‍රදානය කර තිබිණි. මෙහිදී විමසීම පවත්වා තිබුණේ පළමු වගඋත්තරකරු නොවේ. ඔහු විමසීම් පැවැත්වීමට සිය බලය දෙවැනි වගඋත්තරකරුට පවරා තිබු අතර, දෙවැනි වගඋත්තරකරුගේ නිර්දේශය මත පළමු වගඋත්තරකරු විසින් වන්දි ප්‍රදානය කිරීමට නියෝග කරන ලදි. මෙහිදී අධිකරණය තීරණය කළේ විසඳිය යුතු ප‍්‍රශ්න සඳහා විමසීමේදි ඉදිරිපත් වු සාක්ෂි සහ ලේඛන පිළිබඳව පළමු වගඋත්තරකරු සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනෙන බවයි. මෙහිදි 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනතේ 6 වැනි වගන්තිය කෙරෙහිද අධිකරණයේ අවධානය යොමු විය.

විභාග කරුණු ලබන පුද්ගලයා විසින් තීරණය කරනු ලැබිය යුතුයි යන සිද්ධාන්තය ද මෙ මඟින් උල්ලංඝනය වී ඇති බව අධිකරණයේ මතය විය. ඒ අනුව එය බලය ඉක්මවා කටයුතු කිරීමකි. මේ අනුව කම්කරු කොමසාරිස්වරයා විසින් දී තිබු නියෝගය බලාතික‍්‍රමණයක් බව තීන්දු කළ අභියාචනාධිකරණය, ඊට එරෙහිව ඉදිරිපත් කර තිබු සර්ෂියොරාරි රීට් අයදුම්පත‍්‍රයට අවසර දෙන ලදි.

RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010

The post සේවය අවසන් කිරීමකට අදාළ වන්දි ගෙවීමක දී එකී තීරණය විමසීම කළ පුද්ගලයාම දිය යුතුද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%af%e0%b7%8f%e0%b7%85-%e0%b7%80/feed/ 0
ඔබට හිමි සේවක අර්ථ සාධක අරමුදල් ආයතන හිමියා අරමුදලට ගෙවා නැත්නම් කුමක් කළ යුතු ද? https://vivaranalk.com/%e0%b6%94%e0%b6%b6%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%94%e0%b6%b6%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb/#respond Tue, 26 Apr 2022 23:41:53 +0000 https://vivaranalk.com/?p=4495 ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[තුන්වන කොටස] මේ පිළිබඳව විමසා බැලීමේ දී අදාළ වන්නේ 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනතයි. එය මේ වන විට කීප වතාවක් ම සංශෝධනය වී තිබේ. මේ පනත පැනවීමේ අරමුණ වුයේ වයෝවෘද්ධ භාවය හා බෙලහීනතාවය නිසා රැකියාවකින් ඉවත් වන රජයේ නොවන සේවකයින්ගේ ඉදිරි ජීවිකාව සඳහා […]

The post ඔබට හිමි සේවක අර්ථ සාධක අරමුදල් ආයතන හිමියා අරමුදලට ගෙවා නැත්නම් කුමක් කළ යුතු ද? appeared first on විවරණ.

]]>

ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[තුන්වන කොටස]

මේ පිළිබඳව විමසා බැලීමේ දී අදාළ වන්නේ 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනතයි. එය මේ වන විට කීප වතාවක් ම සංශෝධනය වී තිබේ. මේ පනත පැනවීමේ අරමුණ වුයේ වයෝවෘද්ධ භාවය හා බෙලහීනතාවය නිසා රැකියාවකින් ඉවත් වන රජයේ නොවන සේවකයින්ගේ ඉදිරි ජීවිකාව සඳහා අරමුදලක් රැස් කර දීමයි. මේ වන විට එය නිවාස ණය ප්‍රදානය දක්වා ද පුළුල් වී තිබේ. සේවකයා රැකියාවෙහි සේවය කල සීමාව තුළ දී සේව්‍ය සේවක දෙපක්ෂය විසින් ම ගෙවිය යුතු මාසික දායක මුදල් වලින් මෙම අරමුදල ගොඩ නැගේ. මේ සඳහා වාර්ෂික පොළියක් ද ලැබේ. ඒ අනුව වර්තමාන පොලි අනුපාතිකය 12.75% කි.

සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබීමට ආධුනික, ස්ථිර, අස්ථිර, තාවකාලික, අනියම්, දෛනික වැටුප් ලබන, කොමිස් ක්‍රමයේ පඩි ලබන, කොන්ත‍්‍රාත් වැටුප් ලබන, නිම කල වැඩ ප්‍රමාණයට ගෙවීම් ලබන, කලින් කල සේවය ලබන ක්‍ෂේත්‍ර කාර්යන් හි නියුතු පූර්ණ දිනයකට අඩු කාලයක් වැඩ කරන, දවසේ කඩින් කඩ වැඩ කරන, චාරිකාවෙහි යෙදමින් භාණ්ඩ අලෙවි කරන සහ ආයතන කිහිපයක වැඩ කරන ආදී සියළුම වර්ගයන්ට අයත් සේවකයෝ සුදුසු වෙති.

මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබීමට නො සුදුසු අය වශයෙන් ගැනෙන්නේ සේවා යෝජකයාගේ ස්වාමිපුරුෂයා/භාර්යාව සහ සේවා යෝජකයාගෙන් යැපෙන දරුවන්, රජයේ හා පළාත් පාලන සේවයේ නියුතු අය, යම් ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු  වශයෙන් පමණක් ගැනෙන පුද්ගලයින්, හවුල් ව්‍යාපාරයක කොටස් කරුවන්, විදේශයක පවත්නා විශ්‍රාම ගෙවීමේ ක්‍රමයකට හිමිකම් ඇති සේවකයන්, විදේශයක සේවයේ යොදවා ඇති මෙරට පදිංචි නැති සේවකයන්, වයස අවුරුදු 14 න් පහල අය, සහ 10 දෙනෙකුට අඩු සේවක සංඛ්‍යාවක් සිටින රජයේ පිළිගත් පුණ්‍යායතන වල සේවකයන් යන පිරිසයි. එසේම බොහෝ කම්කරු, නීතිරීති වලින් මෙන් ම සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ ද ගෘහ සේවකයන් පනතේ විධිවිධාන වලින් බැහැර කර ඇත.

සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැර කිරීමේ දී  සේවක වැටුපෙන් 12% ක ප්‍රතිශතයක් සේවා යෝජකයා ගෙවිය යුතු වන අතර සේවකයාගේ වැටුපෙන් මාසිකව 8 % ක ප්‍රතිශතයක් ඒ සඳහා කපා ගැනේ.

මේ සම්බන්ධයෙන් අතිශයින් වැදගත් කරුණ වන්නේ කවර හේතුවක් නිසාවත් සේවකයා අකමැතියි යැයි පැවසීමෙන් හෝ ඔහුගෙන් ලිඛිත ප්‍රකාශන ලබා ගෙන හෝ දායක මුදල් ගෙවීමෙන් නිදහස් විමට කිසිම සේවා යෝජකයෙකුට නුපුළුවන් බවයි. සේවකයාගේ දායක මුදල් කොටස් අඩු කර ගෙන ඉතිරි වැටුප ගෙවීමට සේවා යෝජකයාට නීතියෙන් බලය ලබා දී ඇත.

මේ තත්ත්වය මත සේවා යෝජකයාගෙන් අදාළ සේවකයාට සේවක අර්ථ සාධක මුදල් ඉල්ලා සිටීමට අයිතිය තිබේ. එසේ ලබා දිමට කටයුතු නො කරන්නේ නම් කම්කරු කොමසාරිස්වරයා වෙත කරනු ලබන ලිඛිත පැමිණිල්ලක් මඟින් සේවා යෝජකයාට එරෙහිව නිතිය ක්‍රියාවේ යෙදවීමට සේවකයාට නීත්‍යානුකූල හිමි කමක් ඇත. එහි දී වැටුප් ලේඛන පවා තබා ගෙන නැත්නම් සේවකයන්ගේ ප‍්‍රකාශනයන් මත වුව ද හිඟ මුදල් ගණන් බැලීමට නිලධාරීන්ට බලය තිබේ. මෙහිදී ගෙවීම් පැහැර හැර ඇති සේවා යෝජකයා දඩ මුදල් ද සමඟ හිඟ මුදල් ගෙවීමට යටත් වේ. මාස 12කට වැඩි කාලයක් සේවක අර්ථ සාධක අරමුදල් ගෙවා නැත්නම් සේවා යෝජකයාට 50% ක  උපරිම දඩ මුදලක් ද ගෙවීමට සිදු වේ.

මෙවැනි සේවා යෝජකයෙකු කම්කරු කොමසාරිස්වරයාගේ නියෝගය අනුව හිඟ මුදල් නොගෙවු විට සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 38 (2) වගන්තිය යටතේ සහතිකයක් මඟන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා හි`ග මුදල් අය කර ගැනීමට කටයුතු කල හැකිය. එවැනි නඩු පැවරීමකින් පසුව වුවද සේවා යෝජකයෙකුට හිඟ මුදල් ගෙවීමෙන් නිදහස් විය හැක්කේ චූදිතයා ආයතනයේ නිත්‍යානුකුල හිමි කරුවා නොවිම, එකි ආයතනය අදාල අධිකරණ බල ප‍්‍රදේශයකට අයත් නොවිම හා නඩුව පවරන විටත් හිඟ මුදලක් ගෙවා අවසන් කර තිබීම යන සාධක මත පමණි. හිඟ මුදල් නොගෙවීම සිර දඬුවම්  ලැබිය හැකි වරදකි.

RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010

The post ඔබට හිමි සේවක අර්ථ සාධක අරමුදල් ආයතන හිමියා අරමුදලට ගෙවා නැත්නම් කුමක් කළ යුතු ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%94%e0%b6%b6%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb/feed/ 0
සේවය අවසන් කිරීමේ පනත යටතේ, සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙත යා නොහැකිද? https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad/#respond Mon, 14 Feb 2022 04:50:40 +0000 https://vivaranalk.com/?p=3851 ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [දෙවන කොටස] හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා විකල්ප වශයෙන් වන්දියක් ලබා ගැනීමට යා හැකි සෑම තැනකට ම යාම සාමාන්‍ය දෙයකි. මන්ද වේදනාව දන්නේ තුවාලය ඇති තැනැත්තා මිස අන් කවරෙකුවත් නොවන බැවිනි. එහෙත් […]

The post සේවය අවසන් කිරීමේ පනත යටතේ, සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙත යා නොහැකිද? appeared first on විවරණ.

]]>

ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[දෙවන කොටස]

හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා විකල්ප වශයෙන් වන්දියක් ලබා ගැනීමට යා හැකි සෑම තැනකට ම යාම සාමාන්‍ය දෙයකි. මන්ද වේදනාව දන්නේ තුවාලය ඇති තැනැත්තා මිස අන් කවරෙකුවත් නොවන බැවිනි. එහෙත් නීතියෙහි එකම විනිශ්චිත කරුණක් සම්බන්ධයෙන් දෙවතාවක් නඩු පැවරිය නොහැකිය. (Res Judicata) යන සිද්ධාන්තයක් පවතින නිසා එය කම්කරු නීතියට කෙසේ අදාළ වේද යන්න ගැන ගැඹුරින් විමසා බැලිය යුතු ව තිබේ. කොටින් ම කියතොත් ඔබේ සේවය අවසන් කිරීම අසාධාරණ යැයි ඔබ සිතන්නේ නම් එකී සේවය අවසන් කිරීම සම්බන්ධව ඔබට ලද හැකි සහන කීපයක් හා මාර්ග කීපයක් විවෘතව ඇති විට ඒයින් එකක් තෝරා ගැනීමක් කළ යුතු ද යන්න ප්‍රශ්නයක් විය හැකිය.

1971අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනත යටතේ කම්කරු කොමසාරිස්වරයාට සේවය අවසන් කිරීම පිළිබඳව පැමිණිලි කර ඇති විට, 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 31 (B) වගන්තිය  යටතේ එම කරුණ සම්බන්ධයෙන් ම කම්කරු විනිශ්චය සභාවක් වෙත පැමිණිලි කර සහනයක් අපේක්ෂා කළ හැකි ද යන්න මෙරට නීති ඉතිහාසය තුල විටින් විට විවාදගතව පැවැති කරුණක් බව පැහැදිලි ය. මේ පිළිබඳව මෙරට අධිකරණය තීරණය කළ නඩු තීන්දු පිළිබඳව විමසා බැලීමෙන් පැහැදිලි වැටහීමක් ලද හැකිය. ‘‘සී/ස ලංකා දුම්කොළ සමාගම එදිරිව ඉලංගසිංහ (1986) ISLRI නඩුවේ දී’’ තීරණය වී තිබුණේ සේවය අවසන් කිරීමේ පනත යටතේ සහන පතා ඉල්ලීමක් කළ අයෙකුට කම්කරු විනිශ්චය සභාවකින් සහන පැතිය නො හැකි බවයි.

මෙහිදී තීන්දුව දෙමින් එවකට අගවිනිසුරුව සිටි G.P.S.  ද සිල්වා මැතිතුමා සඳහන් කළේ ඒ සඳහා බාධකයක් ලෙස 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 31 (B) 5 වගන්තිය මඟින් දක්වා ඇති ප්‍රතිපාදන නැගී සිටින බවයි. එම උප වගන්තියෙන් කියැවෙන්නේ කම්කරු විනිශ්චය අධිකාරයක් සේවකයකු කළ ඉල්ලීමක් විභාග කොට අවසන් කර ඇති විට ඒ පිළිබඳව නැවත වෙනත් කිසිදු නෛතික සහනයක් ලබා ගැනීමට එම සේවකයාට අයිතිවාසිකමක් නැති බවය. එසේම එම සේවකයා වෙනත් යම් නීතිමය සහනයක් සඳහා කලින් කටයුතු කර ඇති විටෙක කාර්මික ආරවුල් පනතේ 31 (B)  වගන්තියේ සඳහන් කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලීමක් කළ නො හැකි බවද එහි සඳහන් වේ.

එහෙත් 1988 අංක 51 දරණ සංශෝධන පනත මඟින් 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනතට එකතු කළ 6 B(1) හා 6 B(2) සංශෝධන මඟින් නීතිමය සහන පතා කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි කළ සේවකයන්ට ද, වෙනත් නීතිමය සහන ලබා ගැනිමේ අවකාශ ලබා දෙන ලදී. මෙම අවකාශය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, M.M. Udeshi Proprietor C.V. Bhatt Vs. The All Ceylon Commercial and Industrial Workers Union නඩුවේ දී කළ ආගන්තුක ප්‍රකාශයකින් සේවය අවසන් කිරීමේ පනතට එක් වු 1988 අංක 51 දරණ සංශෝධනයෙන් කාර්මික ආරවුල් පනතේ 31 B (5) වගන්තියද සංශෝධනය කර ඇති බව කියැවිණි. මේ සම්බන්ධයෙන් වර්තමානයෙහි බලධාරි වන නඩු තීන්දුව වන්නේ ‘‘ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම එදිරිව වාණිජ හා කාර්මික සේවක සංගමය (1997) 3 SLR 197 නඩුවයි’’.

මෙහිදි ඉහත කී කාරණය ගැඹුරින් සාකච්ඡාවට භාජනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ සේවය අවසන් කිරිමේ පනතට එක් වු 1988 අංක 51 දරණ සංශෝධනය මඟින් කාර්මික ආරවුල් පනතේ 31 B (5) වගන්තිය මඟින් දක්වා ඇති බාධක ඉවත් කර ඇති බවයි. ඒ අනුව සේවය අවසන් කිරීමේ පනත යටතේ ඉල්ලීමක් කම්කරු කොමසාරිවරයා වෙත කර ඇති සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙතද ඉදිරිපත් වී සහන ලබා ගැනීමට කිසිදු බාධකයක් තවදුරටත් නො පවතින බව තේරුම් ගත යුතුය. මේ නිසා ඔබ සේවය අවසන් කිරීමට ලක් වී මාස 6ක් ඉක්ම යාමට පෙර මෙම සහන ලබා ගැනීම පිණිස ඉල්ලීමක් කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙම නඩුව පිළිබඳව පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විවාද කරන ලදි.

  • සේවා යෝජක වෙනුවෙන් : අ. නිතිඥ : SL ගුණසේකර
  • සේවක වෘත්තිය සමිතිය වෙනුවෙන් : ජේෂ්ඨ නිතිඥ S. සින්නතම්බි

RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010

 

The post සේවය අවසන් කිරීමේ පනත යටතේ, සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙත යා නොහැකිද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad/feed/ 0
අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද? https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b8-%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b8-%e0%b7%80/#respond Mon, 24 Jan 2022 05:22:24 +0000 https://vivaranalk.com/?p=3475 ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [පළමු කොටස] එක්තරා රජයේ ආයතනයක දිගුකාලීනව අනියම් රියදුරන් ලෙස වැඩ කළ පිරිසක් පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ දුක්ගැනවිල්ල වුයේ වසර හතක පමණ කාලයක් තමන් අනියම් රියදුරන් ලෙස සේවය කළ බවත්, ඔවුන්ගේ සේවාව ස්ථිර කරන බවට අදාල බලධාරීන් කීප වතාවක්ම පොරොන්දු වී ඇතත්, මේ වනතුරු ඊට […]

The post අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද? appeared first on විවරණ.

]]>
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[පළමු කොටස]

එක්තරා රජයේ ආයතනයක දිගුකාලීනව අනියම් රියදුරන් ලෙස වැඩ කළ පිරිසක් පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ දුක්ගැනවිල්ල වුයේ වසර හතක පමණ කාලයක් තමන් අනියම් රියදුරන් ලෙස සේවය කළ බවත්, ඔවුන්ගේ සේවාව ස්ථිර කරන බවට අදාල බලධාරීන් කීප වතාවක්ම පොරොන්දු වී ඇතත්, මේ වනතුරු ඊට පිළියමක් නො කෙරුණු බවත් ය. අවසන් වශයෙන් ඔවුන්ගේ වෘත්තීය සමිතිය මඟින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා අදාළ බලධාරීන්ට ලිපියක් යවා ඇති බවද ඔවුහු කියා සිටියහ.

සර්, මෙතන තියෙන ප‍්‍රශ්නේ මේකයි.. අපේ සේවය ස්ථිර කරන බවට පොරොන්දු වෙලා.. දැන් වාහන පෞද්ගලික අංශයෙන් අරගෙන දුවවන්න සුදානමක් තියෙන බව දැනගන්න ලැබුණා.. ඒකයි අපි මේ දුවගෙන ආවේ..

මෙබඳු අවස්ථාවකට ඔබට මුහුණ දීමට සිදුවුවහොත් ඔබට නීතියෙන් ඇති පිළිසරණ කුමක්ද?

කාර්මික නීතියට අනුව අනියම් සේවකයෙකු යනු සේවා ගිවිසුමක් නොමැතිව අහම්බෙන් සේවයෙහි යොදවනු ලබන්නෙකි. ඔහුට වැඩ ලැබෙන්නේ වැඩ තිබෙන විට පමණකි. එසේම අනියම් සේවකයෙකු අඛණ්ඩව සේවයට පැමිණෙතැයි සේවා යෝජකයකුට බලාපොරොත්තු තැබිය නොහැකිය. යම් කම්කරුවෙක් තමා අනියම් සේවකයෙකු ලෙස හැඳින්වීමට කැමැත්ත පළ කළ ලියවිල්ලෙහි දැක්වෙන විස්තරය හෝ තනතුරු නාමය මේ කරුණේ දී තීරණාත්මක වන්නේ නැත. එහෙත් දීර්ඝ කාලීන ව අනියම් සේවකයෙකු ලෙස යම් නිශ්චිත රාජකාරියක යෙදි සිටි අයකු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වන විට සේවා යෝජකයා සහ සේවකයා අතර පවත්නා නියම සබඳතාවය පරික්ෂා කිරීමට නීතිය බැඳී සිටි. එහිදි ස්වකීය සේවා යෝජකයා විසින් අදාළ සේවකයා ස්ථිර සේ සලකා තිබෙන බව පෙනී යන්නේ නම් ඔහු අනියම් සේවකයෙකු ලෙස නො සැලකේ.

මේ සම්බන්ධයෙන් ‘‘ලංකා වාණිජ කාර්මික කම්කරුවන්ගේ සමිතිය එරෙහිව පිරිස් නඩුව’’ වැදගත් වේ. මෙහිදි අදාළ ව්‍යාපාරය ලොරි සහ බස් බෝඩ් ගැසීමේ කාර්යයෙහි නියුතු ව සිට තිබිණි. එහි නියුතු කම්කරුවන් සියලු දෙනාම කිසියම් කාර්යයකට (වැඩකට) පමණක් යොදවා ගත් අනියම් සේවකයන් ලෙස සැලකිය යුතු බවට සේවා යෝජක ආයතනය ගොඩ නැඟූ තර්කය මෙහි දී අධිකරණය පිළි නොගත්තේය. සාමාන්‍යයෙන් අනියම් කම්කරුවකු කෙටි කාලයක් තුළ යම්කිසි නිශ්චිත වැඩක් කිරීමත් එකී කාර්යය හෝ කාලසීමාව අවසන් වු විට සේවය නිමාවීමක් දැකිය හැකිය. එහෙත් ඉහත කී ව්‍යාපාරයේ සිටි සේවකයන් සමහරුන් වැඩ ආරම්භ කළ දින සිටම එක දිගට සේවය කළ පුද්ගලයන් වු අතර, ඔවුන් සෑම සතියකම අවසානයේ වැටුප් ලබා ගෙන තිබිණි. තවත් සමහරු එක දිගටම වසර ගණනාවක් සේවයේ යෙදුණු අය වුහ. මේ කරුණු මත ඔවුන් අනියම් සේවකයන් ලෙස සැලකීය නොහැකි බව අධිකරණය තීරණය කළේය.

මෙහි දී කාර්මික නීතියට අනුව තවත් සුවිශේෂි හඳුනා ගැනීමේ පරීක්ෂණයක් පවතී. එනම් සේවකයාට දෛනික පදනමකින් අනියම් කාලසීමා තුළ වැටුප් ලැබේ නම් ඔහු සාමාන්‍යයෙන් අනියම් සේවකයෙකු ලෙස සැලකේ. එහෙත් ඔහුට සතිපතා හෝ මාසිකව වැටුප් නියම කොට දෙසතියකට වරක් හෝ මාසය අග දී සම්පුර්ණ මුදලක් ගෙවයි නම් ඔහු සාමාන්‍යයෙන් ස්ථිර සේවකයකු ලෙස සැලකේ.

සේවා කාලයේ ප්‍රමාණය ද යම් සේවකයකු අනියම් ද ස්ථිර ද යන්න නිශ්චය කිරිමෙහිලා වැදගත් විය හැකි සාධකයකි. සේවා යෝජකයා විසින් විටින් විට ඇති කරන ලද ස්වාභාවික නොවු සේවා අත්හිටුවීම සහිතව හෝ රහිතව සේවකයා දිගු කාලයක් අඛණ්ඩව වැඩ කර තිබේ නම් ඔහු ස්ථිර සේවකයකු ලෙස සැලකේ. අනෙක් අතට සේවකයා කෙටි කලකට අනියත කාලසීමා තුළ බොහෝ විරාම සහිත ව සේවයේ යෙදී තිබේ නම් අනියම් සේවකයකු ලෙස සලකනු ලැබේ. අනියම් සේවකයන් හඳුනා ගැනීමේ අතිශය වැදගත් සාධකය වනුයේ කිසිදු විටෙක එබඳු අයට රැකියාවේ යෙදීමට අපේක්ෂා කිරීමට අයිතියක් නැතිවීමයි. ‘‘මෙරිල් ප‍්‍රනාන්දු සහ සමාගම එදිරිව ඩෙල්මන් සිංහ’’ නඩුවේ දී අනියම් සේවකයකුට වන්දි ලබා ගැනීමට හෝ නැවත සේවය ඉල්ලා සිටීමට අයිතියක් නැති බව තීරණය විය.

මේ අනුව ඉහත කී අනියම් රියදුරන්ගේ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ඔවුන් දීර්ඝ කාලයක් අඛණ්ඩව සේවයෙහි යොදවා තිබුණේ ද, ඔවුන්ගේ නම් පැමිණීමේ ලේඛනයෙහි අන්තර් ගත වී ද, ඔවුන්ට සතිපතා / මාස්පතා වැටුප් ගෙවා තිබේ ද වැනි කරුණුයි. එවැනි තත්ත්වයක් පවතින්නේ නම් ඔවුන් ස්ථිර සේවකයන් ලෙස සැලකීමට ද, ස්ථිර සේවකයන්ට නීතියෙන් හිමි වරප්‍රසාද  හා අයිතිවාසිකම් ලබා ගැනීමට ඉල්ලීමක් කිරීමට ද බාධාවක් නැති බව පෙනේ.

RJM ආනන්දප්පා, ප‍්‍රධාන ලේකම්, ලංකා සේවක උපදේශන සේවා සංගමය.
ලියාපදිංචි අංකය 7428, දුරකථන අංක : 077 3873010

The post අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b8-%e0%b7%80/feed/ 0