විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 04 Mar 2026 10:52:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png විවරණ 32 32 මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%8f/#respond Wed, 04 Mar 2026 10:52:34 +0000 https://vivaranalk.com/?p=14576 යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ […]

The post මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. appeared first on විවරණ.

]]>
යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ඉරානයට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ප්‍රහාරය එල්ල කෙළේ ඉරානයේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා එහි නායකත්වය ඝාතනය කිරීමටය. පළමු ප්‍රහාරයෙන් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ අයතොල්ලා  අලි කමේනි සහ ඔහුගේ පවුලේ සමීතම ඥාතීන් මරා දමන ලදී. මෙවැනි ඝාතන දැනට ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇති යුද නීතිය සහ ජිනීවා සම්මුතීන් අනුව දඬුවම් ලැබිය හැකි අපරාධ වුවද ඒ සියල්ල දැන් අහෝසි වී ගොසිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණය සහ මගපෙන්වීම යටතේ ඊශ්‍රායෙලය මෙම නීති විරෝධී (නීතිය යනුවෙන් කිසිත් ඉතිරිව ඇත්නම්) ප්‍රහාරය එල්ල කිරීමේ ප්‍රකාශිත අරමුණ ඉරානය ක්‍රියාත්මක කරන න්‍යෂ්ටික වැඩ පිළිවෙළ විනාශ කිරීමය. තමන්ට න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් එය හුදෙක් සාමකාමී විද්‍යාත්මක අවශ්‍යතාවයන් සඳහා බවත් ඉරාන රජය නැවත නැවතත් අවධාරණය කළ ද එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය එය පිළිගත්තේ නැත. ඇත්තෙන්ම න්‍යෂ්ටික ප්‍රශ්නය ඉරානය ආක්‍රමණය කිරීම හේතු යුක්ති කිරීමට ගොතන ලද මුසාවක් බව පැහැදිලිය. පසුගිය වසරේ ජුනි මාසයේ ඉරානයට ප්‍රහාර එල්ල කෙළේ ද න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන විනාශ කිරීමට ය. දින දොළහක් තිස්සේ පැවති එම ප්‍රහාරවලින් නම්ටාස් ඇතුළු ඉරානයේ සියලු න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කොට ඒවා මෙහෙය වූ විද්‍යඥයන් මරා දමා ජයග්‍රහණය තහවුරු කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනතාවට සහතික වූයේය. එය සත්‍යයක් නම් මාස හයක් ඇතුළත නැවතත් විනාශ කිරීමට එම ස්ථානවලම න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටුවීම හාස්කමකි. සැබෑවටම සිදුව ඇත්තේ කන්න හිතුණාම කබරගොයා තලගොයාවීමකි. ඊශ්‍රායෙලයට සහ බටහිර යුරෝපීය රටවල් ඇතුළත් ඇමරිකාවට අවශ්‍ය වන්නේ තමන්ට ගැති පාලනයක් ඉරානයේ ස්ථාපිත කිරීමය.

ඉරානයේ හෝමෝස්ගන් (Hormozgan) පළාතේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ දරුවන් වෙනුවෙන්, 2026 මාර්තු 03 වන දින ඉරානයේ මිනාබ් (Minab) නුවර පැවති අවමංගල්‍ය උත්සවයකදී ශෝකවන්නන් සිසුවෙකුගේ ඡායාරූපයක් අතැතිව සිටින අයුරු..

පළමුවෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ යුද්ධයට හේතුව සේ දැක් වුවත් පසුව තවත් ඉල්ලීම් දෙකක් එකතු කෙරිණ. ඒ ඉරානයේ මිසයිල වැඩ පිළිවෙළ නතර කිරීම සහ දේශපාලන නායකත්වය බටහිර රටවලට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමය. සරලව ආගමික නායක අයතොල්ලා ගේ නායකත්වයෙන් ඇති පාලන ක්‍රමය වෙනස් කොට බටහිර රටවලට ගැලපෙන දේශපාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමය. තිරණාත්මක ඉල්ලීම එයයි. න්‍යෂ්ටික අවි පැතිර යෑම ලෝක සාමයට ඇති තර්ජනයක් සේ දකින්නේ නම් ඊශ්‍රායෙලය සතු න්‍යෂ්ටික අවි ද විනාශ කළ යුතුයැයි බලපෑම් කළ යුතුය. ගණන් බලා ඇති ආකාරයට ඊශ්‍රායෙලය සතු න්‍යෂ්ටික අවි ප්‍රමාණය අනුව එය ලොව සිවුවැනි හෝ පස්වැනි න්‍යෂ්ටික බලවතාය. එහෙත් බටහිර කිසිම රටක් ඒ ගැන සඳහන් කිරීමට හෝ ඉදිරිපත් වන්නේ නැත. එමනිසා න්‍යෂ්ටික වැඩ සටහන ඉරානය ආක්‍රමණය කිරීමට කඩතුරාවක් පමණි.

ඉරානයත් සමස්තයක් වශයෙන් මුළු ලෝකයත් තම යටතට ගත යුතුය යන අදහස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිහිනයක් පමණක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව බලවත්ම රාජ්‍යය බවට පත් ඇමරිකා එක්සත් ජනපදය ඊට අභියෝගයක් වන කිසිම රටක් පැවතිමට ඉඩ නොදීම ජාතික ප්‍රතිපත්තිය කර ගත්තේය. මොන්රෝ න්‍යාය යනුවෙන් හැඳින් වූයේ එයයි. දැන් එය හැඳින්වෙන්නේ ඩොන්රෝ නමිනි.

එවැනි ආධිපත්‍යයක් පවත්වා ගැනීමට දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහි වූ සමාජවාදී කදවුර පැහැදිලිවම අභියෝගයක් වුවද ඒ වන විටත් න්‍යෂ්ටික අවි නිපදවා ගත් සෝවියට් රුසියාව අක්‍රමණය කිරීමට එක්සත් ජනපදය ඉදිරිපත් වූයේ නැත. එහෙත් සෝවියට් කදවුරට අභියෝග කිරීමට හැම විටම රහසිගතවත් විවෘතවත් පියවර ගත්තේය.

ඉරානයේ ප්‍රජාතන්ත්‍රීයව තේරී පත් මොහොමඩ් මොසාඩේග් ගේ රජය 1953 දී පෙරළා දැමුවේ ඒ අනුවය. එම කුමන්ත්‍රණය ඇමරිකානු සී අයි ඒ සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා ආයතනය වූ ඇම් 16 සැලසුම් කළ බව දැන් තහවුරු වී ඇත. එම කුමන්ත්‍රණයෙන් පසුව බලයට පත් ෂා වසර 26ක කුරිරු පාලනයක් ගෙන ගියත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කැපව සිටි ඇමරිකා එක්සත් ජනපදයට එය ගැටලුවක් වූයේ නැත.

අවසානයේ දී ඉරානය තුළින් මතු වු ජනතා විරෝධය හමුවේ ෂාට රටින් පලා යෑමට සිදු විය. ඔහුට රැකවරණය ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ඒ අනුව ඉරානයේ තමන්ට හිතවත් රාජ්‍යයක් පවත්වා ගැනීමට ඇමරිකාව ඉතිහාසය පුරාම උත්සාහ ගෙන ඇත.

මෙය මැද පෙරදිගට පමණක් සීමා වූ ප්‍රතිපත්තියක් නොවේ. පසුගිය දා වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකන් හමුදාවෙන් පැහැර ගෙන ගියේ ද ලතින් ඇමරිකාව තම ග්‍රහණයේ පවත්වා ගැනීමටය.

අවි ශක්තිය අනුව ඉරානයට ඇමරිකාව සහ ඊශ්‍රායෙලය පරාජය කළ හැකියැයි කිව නොහැකිය. ඉරානයද එවැන්නක් විශ්වාස කරනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ගණන් බලා ඇති ආකාරයට දින කීපයකින් හෝ සති කිපයකින් යුද්ධයේ නිමාවක් නොවනු ඇත. එමනිසා මෙම ගැටුම අනිවාර්යෙන්ම දිර්ඝ කාලින සටනක් බවට පත් වනු ඇත. ඇමරිකාවට කෙසේ වුවත් ඊශ්‍රායෙලයට දිර්ඝ කාලීන යුද්ධයක් පවත්වා ගැනීම පහසු නොවේ. ගාසා තීරයේ ජනඝාතනය වසර හතරක් තිස්සේ පවත්වා ගෙන ගියේ වෙනස් වාතාවරණයක් යටතේය. හමාස් සංවිධානයේ ප්‍රහාරක ශක්තිය යුද්ධය හට ගෙන දින කීපයකින් අවසන් විය. ඊශ්‍රායෙල් හමුදාවට ගාසා තීරයේ ඕනෑම තැනකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබිණ.

ඉරානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. දශ ලක්ෂ 90ක් ජන සංඛ්‍යාවකින් යුත්  ඉරානයේ භුමි ප්‍රමාණයද ඊශ්‍රායෙලය මෙන් හතළිස් ගුණයකි. භු විෂමතාවයද දීර්ඝ කාලීන ගරිල්ලා යුද්ධයකට ගැලපේ. එමනිසා දැනට එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ ප්‍රධාන නගරවල බලය අත්පත් කර ගත්තත් ස්ථාවර පාලකයක් පිහිටුවීම බෙහෙවින් අසීරුය. විය හැක්කේ ඉරාකය ලිබියාව වැනි රටවල පවතිනවාටත් වඩා බෙදී බිඳී ගිය තත්වයකි. එය කිසිසේත් ඇමරිකාවේ හෝ ඊශ්‍රායෙලයේ අරමුණු සපුරා ගැනීමට හිතකර නොවේ.

ස්ථාවර මධ්‍යගත පාලනයක් වෙනුවට ඊශ්‍රායෙලයේ සැලසුම වන්නේ වාර්ගික පදනමක් යටතේ එකිනෙකා සමග සටක් වදින ප්‍රාදේශීය නායකයන්ගේ මෙහෙයුම යටතේ කුඩා රාජ්‍ය ගණනාවකට ඉරානය කැබලි කිරීමය. එවැන්නක් ඇමරිකානු අරමුණුවලට ද ගැලපේ. ඉරානයේ ජන සංයුතිය අනුව ඇසර්බයිජානු, කුර්දි සහ බැලොකිස්තානු වශයෙන් වාර්ගික ජන කොටසක් රාශියක් සිටින නිසා ඉරානය කඩා විසුරුවා හැරීමට පහසු වාතාවරණයක් පවතී. කුර්දි සහ බැලොකිස්ථානු ජන වර්ග දැනටමත් ස්වයං පාලන ඉල්ලා සටන් කරති. මෙසේ ජනවාර්ගික පදනමක් යටතේ අසල්වැසි රටවල් කැබලි කිරීම සයන්වාදී යුද සැලැස්මේ කොටසකි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRCG)

අනිත් කාරණය බොහෝ රාජ්‍ය නායකයන් පවසන ආකාරයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහ සාකච්ඡා තුළින් විසඳුමක් ලබා ගැනීමට නොහැකිද යන්නයි. ඇමරිකානු ජනාධිපති සාකච්ඡා නැවත ඇරඹීමට සූදානම්යැයි දැනටමත් පවසා ඇත. ඉරානය විය යුතු ආකාරයටම එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුවට විසඳුම් ලබා ගැනීට ඇමරිකාව සූදානම් නැති බව පසුගිය මාස කීපය ඇතුළත අවස්ථා දෙකකදීම පෙන්වා ඇත. ප්‍රහාරය ඇරඹීමට දින කීපයකට පෙර ජිනීවා හිදී පැවති සාකච්ඡා ඉතාමත් සාර්ථකයැයි ඇමරිකානු පාර්ශ්වය මෙන්ම ඉරානයේ නියෝජිතයා ද පැවසුවේය. පසුගිය වසරේ ගුවන් ප්‍රහාර එල්ල කෙළේ සාකච්ඡා පවත්වන අතර ය. සාකච්ඡා සාර්ථක වීමට නම් ඉරානය කොන්දේසි විරහිතව ඇමරිකානු ඉල්ලීම් පිළිගත යුතුය.

කලාපයටත් ලෝකයටත් දැඩි බලපෑමක් වන මෙම යුද්ධයෙන් තහවුරු වන වැදගත්ම කාරණය වන්නේ සාකච්ඡා සම්මුති නව අධිරාජ්‍යවාදී යුගයේ උපාය උපක්‍රමවලින් සම්පූර්ණයෙන්ම ගිලිහී ඇති බවය. ඉරාන යුද්ධය මෙන්ම යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් ද එය සත්‍යයකි. යුක්‍රේනයේ අවි ගැටුම් ඇති විමට පෙර සාමකාමී විසඳුමක් සඳහා යුරෝපිය රටවල් සහ රුසියානු අතර ඇති කර ගත් මින්ස්ක් ගිවිසුම් දෙකම බටහිර රටවල් යොදා ගත්තේ යුද්ධයට සූදානම් වීමේ ආවරණයක් සේය. මේ බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කේල් ප්‍රසිද්ධියේම පැවසුවාය.

එමනිසා ඉරානයට එරෙකහිව ඇමරිකාව සහ ඊශ්‍රායෙලය ගෙන යන යුද්ධය අවසන් වන්නේ මැද පෙරදිගට මෙන්ම විශේෂයෙන්ම ආසියානු කලාපයට අත්වන මහත් විනාශයකින් බව පැහැදිලිය. ජාත්‍යන්තර නීතිය වල්වැදී එක්සත් ජාතින්ගේ සංවිධානය අවලංගු වීමෙන් සිදු වන්නේ නැවතත් දහනම වැනි සියවසේ සහ විසිවැනි සියවසේ මුල භාගයේ පැවති මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය අලුත් ඇඳුමකින් නිරුවත් වීමය.

The post මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%8f/feed/ 0
අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..! https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ba%e0%b6%ad%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%92-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b7%85/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ba%e0%b6%ad%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%92-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b7%85/#respond Wed, 04 Mar 2026 09:27:05 +0000 https://vivaranalk.com/?p=14569 දැනට මැදපෙරදිග දිගහැරමින් පවතින ඉරාන-ඊශ්‍රායල් හා ඇමරිකානු  යුද්ධය හෙළා දකිමින් ගෝලීය යුක්තිය සදහා වූ ජනමාධ්‍යවේදීන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් සොයා ගැනීමට සාකච්ඡා පවත්වන අතර එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි සාහසික ලෙස ඝාතනය […]

The post අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..! appeared first on විවරණ.

]]>
දැනට මැදපෙරදිග දිගහැරමින් පවතින ඉරාන-ඊශ්‍රායල් හා ඇමරිකානු  යුද්ධය හෙළා දකිමින් ගෝලීය යුක්තිය සදහා වූ ජනමාධ්‍යවේදීන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් සොයා ගැනීමට සාකච්ඡා පවත්වන අතර එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි සාහසික ලෙස ඝාතනය කිරීම තරයේ හෙළා දකියි. 

අයතොල්ලා අලි කමේනි ඉරානයේ ආගමික නායකයා පමණක් නොවේ. සයන්වාදී අධිරාජ්‍යවාදයට සහ ආධිපත්‍යයට එරෙහිව නොසැලී පෙනි සිටි ලෝක නායකයෙකි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ශිෂ්ට ගති පැවතුම් කඩ කරමින් එල්ල කළ මෙම නිවට ප්‍රහාරය දැනට ගාසා කෙරෙන නීති විරෝධී යුද්ධයේම දිගුවකි. ප්‍රෞඪ ඉතිහාසයකට සහ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක ගෞරවනීය නායකයා ඝාතනය කරන්නේ වෙනිසුවෙලාවේ ප්‍රජාතන්ත්‍රීයව තේරී පත් වූ නායකයා සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන යෑමේ පසුබිමකය. වෙනිසුවෙලාවේ ස්වෛරීත්වය නොසලකා හැරීම සහ ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කිරීම ශක්තිය යුක්තියයැයි කියන මිලේච්ඡත්වය නැවත තහවුරු කිරීමකි. සිද්ධිය හෙළා දැකින හිස් වදන් වලට සීමා කිරීමේ අන්තර්ජාතික ප්‍රතිචාරයද පිළිකුල් සහගතය.

දුෂ්කර අසීරු අවස්ථාවලදී ශ්‍රී ලංකාවට යුදමය සහ ආර්ථික වශයෙන්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද සහාය ලබා දුන් රටක් වන ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා සහ ඔහුගේ පවුලේ ඥාතින් මෙන්ම ප්‍රාථමික පාසලක ශිෂ්‍යාවන් 100ක් ප්‍රහාරයේ පළමු දිනයේ දීම කුරිරු බෝම්බ ප්‍රහාරවලින් මරා දැමීම හෙළා දකින ලෙස අපි රජයෙන් උදක්ම ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් සැබෑ සමාජවාදීන් සේ වහාම සාමය තහවුරු කරන ලෙසත් ගැටුමට එක්සත් ජාතින් ගේ යාන්ත්‍රණය තුළින් විසඳුම් සෙවිමටත් බල කරන සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

මහින්ද හත්තක                      අමින් ඉසදීන්
කැඳවුම්කරු                           කැදවුම්කරු

The post අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ba%e0%b6%ad%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%92-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b7%85/feed/ 0
රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%92%e0%b6%a0%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%92%e0%b6%a0%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1/#respond Sun, 01 Mar 2026 08:34:41 +0000 https://vivaranalk.com/?p=14562 මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම බෙහෙවින් වැදගත් ය. මෙහි පලවන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මංත්‍රීවරුන් එම විවාදයේ දී දැක්වූ අදහස් වලින් උපුටා ගත් කොටස් ය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් […]

The post රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. appeared first on විවරණ.

]]>
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම බෙහෙවින් වැදගත් ය. මෙහි පලවන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මංත්‍රීවරුන් එම විවාදයේ දී දැක්වූ අදහස් වලින් උපුටා ගත් කොටස් ය.

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම ගැන විමර්ශන කොමිසම යෝජනාවට ආණ්ඩු පක්‍ෂය එකහෙලා විරෝධය ප්‍රකාශ කළේය. ඒ වනවිටත් අධිකරණය හරහා විමර්ශණ පැවැත්වෙන බැවින් කොමිසමක අවශ්‍යතාවක් නොමැති බවට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් කේ.එන්. චොක්සි කරුනු දැක්විය. පොල් පෙරේරා, ජෝන් අමරතුංග, එච්.ආර්. පියසිරි, චන්ද්‍රා රණතුංග, හරින්ද්‍රනාත් දුනුවිල වැනි මැති ඇමැතිවරුන් ද කියා සිටියේ  විමර්ශන කොමිසමක් අවශ්‍ය නොවන බවය. එවකට සභානායක වූ  රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම යෝජනාව මගින් රිචඩ් ද සොයිසා පැහැර ගොස් මරා දමා ඇතැයි කීම මගින් මිනීමැරීමක් ගැන පුර්ණ විනිශ්චයක් ලබා දී ඇති බවය.

යැයි ඔහු අවධාරණය කළේය.

පැහැරගත් රිචඩ් තමන් භාරයේ ඉන්නා බවට පොලිස්පති මගින් නියෝජ්‍ය කතානායක ගාමිණි ෆොන්සේකා ප්‍රකාශ කළ බව මන්ත්‍රී අනිල් මුණසිංහ අවධාරණය කළේය.

ඔහු ප්‍රශ්න කළේය.

රිචඩ් ඝාතකයන් පිළිබඳව අධිකරණ විමර්ෂණ කෙරෙමින් තිබියදී, එය වලක්වුයේ ආණ්ඩුව බැවින් මෙවැනි කොමිසමක අවශ්‍යතාව මතුව ඇති බව එක්සත් සමාජවාදී සන්ධානයේ  මන්ත්‍රී වාසුදේව නානායක්කාර විවාදයට එක්වෙමින් පැවසීය.

එවකට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂමන් කිරිඇල්ල, ඇමැති චොක්සිට පිළිතුරු දෙමින්  මානව හිමිකම්  ආරක්ෂා කිරීමට අධිකරණය සමත්වී නොමැති බවය.

රිචඩ් මරා දැමීම ගැන පැවති නඩුවේ දී නීතිපතිවරයාගේ  පාර්ශවික මැදිහත් වීම ගැන සඳහන් කරන කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ මනෝරානි සරවනමුත්තු සිය පුත්‍රයා පැහැරගෙන ගියවුන් හඳුනාගෙන ඇතත්, එම ප්‍රකාශය ප්‍රමාද වී ලබා දුන් එකක් බවට ආණ්ඩුව පැවසීම යුක්ති සහගත නොවන බවය.

ඔහු පෙන්වා දුන්නේය.

හොඳින් ක්‍රියාත්මක වන අධිකරණය තුල රිචඩ් ද සොයිසාගේ විමර්ෂණය කළ නොහැක්කේ මන්දැයි ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී චොක්සි ට පිළිතුරු දුන් දී.මු. ජයරත්න කියා සිටියේ එම ප්‍රකාශය ගැන තමන්  ලැජ්ජා වන බවය.

රිචඩ් ද සොයිසා ඝාතනය ගැන විමර්ශන පිළිබඳව සඳහන් කරමින්  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හරින්ද්‍රනාත් දුනුවිල විසින් වෛද්‍ය සරවනමුත්තු විසින් කර ඇති ප්‍රකාශයන්ගේ පරස්පරතා පෙන්වා දුන්නේ අනතුරුවය. 

යැයි ඔහු පවසන්නේ විමර්ශන කොමිසමකට එරෙහි වෙමින්ය.

මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව විභාගයට  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ අනුර මැද්දෙගොඩ උපුටා දක්වමින්, ඔහු ක්‍රියා කළ අයුරු අනුමත කරමින්, පොල් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ පැමිණිල්ලේ පාර්ශවයේ ඉල්ලීම මත නඩු විභාගය අවසන් කළ බවය. මෙහිදී වෛද්‍ය මනෝරානි සරවනමුත්තු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ බැටී වීරකෝන් ඉල්ලා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138 වගන්තියට අනුව සාක්ෂි විමසීමය. එහෙත් ඊට එකඟ නොවූ නීතිපති නියෝජිත අනුර මැද්දෙගොඩ කියා සිටියේ 124 වගන්තිය යටතේ සාක්ෂි විමසන ලෙසය.

පාලක එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි නීතිපතිවරයා තීන්දු ගන්නා බවට චෝදනා කළ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ලබා දුන් සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට නීතිපතිට නීතියෙන් ඉඩක් නොමැති බවය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව වෙත රිචඩ් ද සොයිසා පහර ගෙන ගොස්  ඝාතනය කිරීමේ චෝදනා එල්ලවන්නට වුයෙන්,  ඔහුගේ සිරුර හමුවීමත් සමගම `ලංකා පුවත් සේවය` උපුටා දක්වමින් ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයකින් කියා සිටියේ රිචඩ් ද සොයිසා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවය. මුලින්ම `ලංකා පුවත් සේවය` ප්‍රචාරය මෙම පුවත සම්පාදනය කර තිබුනේ පොලිසිය  මූලාශ්‍ර  කොට ගෙනය.

යැයි එවක විපක්‍ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක ප්‍රශ්ණ කළාය. 

පාසැල් වියේ සිටම රිචඩ්ගේ මිතුරෙකු වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ  රිචඩ් ජවිපෙ විවේචකයෙකු බවය.

රිචඩ් විපක්ෂයට දොස් පැවරු බව මංගල සමරවීර සිහිපත් කළේය.

ඉන්දීය සාම සාධක හමුදා උතුරු -නැගෙනහිර පලාතට ගෙන්වීමේ දී  ඊට පක්‍ෂ පාර්ශවයන් හා රජය සමග රිචඩ් ද සොයිසා සිටි බවට එවක ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්‍ෂ මෙම විවාදයට එක්වෙමින් පැවසීය. ඉන්දීය හමුදා පැමිණීමට සහාය දැක්වීම නිසා ඔහුට තර්ජන එල්ලවූ බව ද මහින්ද රාජපක්‍ෂ සිහිපත් කළේ එවැනි තර්ජන එල්ලවූ අවස්ථා ගැන හොඳින් දන්නා බව කියමින්ය. 

පාසල් සිසුන් පංති වර්ජනය කිරීම ඔහුන්ගේ අධ්‍යාපනයට හා අනාගත දියුණුවට බාධාවක් බව රෝහණ විජේවීර හමුවී රිචඩ් ද සොයිසා විරෝධය දක්වූ බව මහින්ද රාජපක්‍ෂ තව දුරටත් පැවසීය.

ඉතාමත් අසාධාරණ ලෙස රිචඩ්ගේ ඝාතනය  වසා දමමින් රට රැවටීමේ මගක් ලෙස  ආණ්ඩුව  ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ ලේබලය අලවමින් සිටින බවට චෝදනා ඉදිරිපත් කළේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන විසිනි. 

විශේෂයෙන් ආණ්ඩුපක්ෂයේ ඇමැති ජෝන් අමරතුංග සහ එච්.ආර්. පියසිරි විසින් පොලිස් වාර්තා ලෙසත්, දිනපොත් සටහන් ලෙසත්, ඇතැම් ලිපි ඉදිරිපත් කරමින් රිචඩ් ද සොයිසා වෙත නොයෙකුත් අවලාද නැගීය.

විෂ පෙවූ ලිපි ලේඛන පාර්ලිමේන්තුවට ගෙන එමින්  ආණ්ඩුවේ කුණු කන්දේ මූලාරම්භය පෙන්නුම් කරන බවත්, තමන් සතුවත් එවැනි ලිපි තිබෙන බවට රිචඩ් ද සොයිසාට එල්ල වූ අවලාද වලට  මංගල සමරවීර මන්ත්‍රීවරයා පිළිතුරු සැපයුවේ ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මැදය. 

යැයි දී.මු ජයරත්න මන්ත්‍රීවරයා පැවසීය. මේ අතර ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ රිචඩ් ද සොයිසා ඝාතන විමර්ශන කොමිසමක් හරහා ඔහු මත් ලෝලියෙක් ද යන්නත් සොයා ගැනීමට ඇමතිවරයාට හැකි බවය.

විවාදයට එක්වූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාස විසින් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට පටහැනිව  ඔහුගේ පාර්ලිමේන්තු මැති ඇමැතිලා වැඩ කරන බවය.

The post රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%92%e0%b6%a0%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1/feed/ 0
තවත් “සිංහලේ” යුගයක උදාවක්? https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ba%e0%b7%94%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ba%e0%b7%94%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/#respond Sun, 01 Mar 2026 08:00:05 +0000 https://vivaranalk.com/?p=14557 පහත පලවන්නේ තිසරණී ගුණසේකර විසින් Colombo Telegraph වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. වෘත්තීය සමිති නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් භික්ෂූන් පිරිසක් පෙබරවාරි 20 වන දින සංඝ සම්මේලනයක් පැවැත්වීමට සැලසුම් කරති. බලධාරීන් තමන්ව නොසලකා හරින බවත් තමන්ට නිග්‍රහ කරන බවත් ඔවුහු පවසති. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පවතින පාලනයෙන් රට, ජාතිය, ආගම, […]

The post තවත් “සිංහලේ” යුගයක උදාවක්? appeared first on විවරණ.

]]>
පහත පලවන්නේ තිසරණී ගුණසේකර විසින් Colombo Telegraph වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.

වෘත්තීය සමිති නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් භික්ෂූන් පිරිසක් පෙබරවාරි 20 වන දින සංඝ සම්මේලනයක් පැවැත්වීමට සැලසුම් කරති. බලධාරීන් තමන්ව නොසලකා හරින බවත් තමන්ට නිග්‍රහ කරන බවත් ඔවුහු පවසති. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පවතින පාලනයෙන් රට, ජාතිය, ආගම, සංස්කෘතිය සහ හැදියාව බේරා ගැනීමයි.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ආ) වගන්තිය මගින් සියලු පුරවැසියන්ට සහතික කර ඇති ‘සාමකාමීව රැස්වීමේ නිදහස’ භික්ෂූන් වහන්සේලාට ද හිමි වේ. 2010 වසරේදී රාජපක්ෂ පරපුර සිදු කළාක් මෙන්, පුරවැසියන් ලෙස තම මූලික අයිතිවාසිකම් ක්‍රියාවට නංවන භික්ෂූන් පිරිසකට බාධා කිරීමට උත්සාහ නොකර, ජාතික ජන බලවේගය/ජනතා විමුක්ති පෙරමුණ රජය මෙම සත්‍යය සිහි තබා ගනු ඇතැයි අපේක්ෂා කරමු.

2010 ජනාධිපතිවරණ පරාජයෙන් සති කිහිපයකට පසු රාජපක්ෂ පාලනය විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, මහානායක හිමිවරුන් සිවුදෙනාම එය ‘අසාධාරණ සහ පිළිගත නොහැකි’ ක්‍රියාවක් ලෙස හෙළා දුටහ. ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය යළි ස්ථාපිත කිරීම සඳහා’ පෙබරවාරි 18 වන දින මහනුවර මහ මළුවේදී පැවැත් වෙන සංඝ සම්මේලනයට සහභාගිවන ලෙස ඉල්ලමින් උන්වහන්සේලා සියලුම භික්ෂූන් වහන්සේලා වෙත ඒකාබද්ධ ලිපියක් යැවූහ. මෙය ඓතිහාසික අවස්ථාවකි.

එම සම්මේලනය පැවැත්වූයේ නැත. ත්‍රයිනිකායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවකදී එය දින නියමයක් නොමැතිව කල් දැමීමට හේතුව පැහැදිලි කළහ.

යි අතංගනේ රතනපාල හිමියෝ එහිදී මැසිවිලි නැඟූහ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2010 ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ වාර්තාවේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැක්වේ.

මෙම කලබලකාරී සමය තුළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිටියේ කොහේද යන්නත්, රාජපක්ෂගේ උවමනාව මත මහා නායක හිමිවරුන්ට බලපෑම් කර එම සම්මේලනය අවලංගු කරවීමට කටයුතු කළ භික්ෂූන් අතර උන්වහන්සේ සිටියේද යන්නත් පැහැදිලි නැත.

එම අප්‍රසන්න සිදුවීමට උන්වහන්සේ සෘජුව සම්බන්ධ වුවත් නැතත්, “..පසුගිය සෑම රජයක්ම මහා සංඝරත්නයේ හඬට සවන් දුන් බවට..” උන්වහන්සේ කරන ප්‍රකාශය දෙස බලන විට, එම සිදුවීම උන්වහන්සේගේ මතකයෙන් ගිලිහී ගොස් ඇති බවක් පෙනේ.

නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන්ගේ ප්‍රියතම ව්‍යාපෘතියක් වූ මහනුවර රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ අපකීර්තිමත් ඉතිහාසය ද ඔහුගේ මෙම “අමතක වීම” තුළ වැසී ඇති බව පෙනේ.

2012 වසරේ ප්‍රථම වරට මෙම රාත්‍රී තරඟ පවත්වන විට, මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් එය ‘විකාරයක්’ ලෙස බැහැර කළහ.

2014 වසරේදී, ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මෙම රාත්‍රී තරඟ නතර කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කළහ. එසේ වුවද, තරඟ දිගටම පැවැත්විණි.

2012 වසරේදී, රාජපක්ෂ පරපුර අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එරෙහි නීතිවිරෝධී දෝෂාභියෝගය කඩිනමින් ඉදිරියට ගෙන යමින් සිටියදී, එම දෝෂාභියෝගය නතර කරන ලෙස සියලුම මහානායක හිමිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ‘කාරුණිකව’ ඉල්ලා සිටියහ. එහෙත් එම දිගටම ක්‍රියාත්මක වූ අතර, ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කර මොහාන් පීරිස්  අගවිනිසුරු ලෙස පත් කරන ලදී.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පෙබරවාරි 20 වැනිදා පැවත්වීමට නියමිත සංඝ සම්මේලනයේ අනෙකුත් සංවිධායකයන්ට මෙම රාජපක්ෂ අතීතය අමතකවී නව දේශපාලන බුද්ධාගම් රැල්ලක් මතින් නැවත බලයට ඒමට උත්සාහ කරන දේශපාලනයක පඹයන් බවට පත්වීමට කටයුතු කරමින් සිටිති.

 “..1956 සිට, එනම් බණ්ඩාරනායක යුගයේ සිට, මහා සංඝරත්නය රට, ජාතිය සහ ආගම ගැන කතා කළා,” යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. “සෑම රාජ්‍ය නායකයෙක්ම, සෑම පාලකයෙක්ම ඒ හඬට සවන් දුන්නා..”

බණ්ඩාරනායක මහතා සැබවින්ම එම ඝෝෂාවට සවන් දුන්නේය. නැතහොත්, ඔහු දේශපාලන භික්ෂූන් පිරිසක් සමඟ ගනුදෙනුවකට එළඹුණේය. ඔහු දේශපාලන භික්ෂූන්ගේ ‘සිංහල පමණක්’ ඉල්ලීම වැළඳගත් අතර, තම ‘පංච මහා බලවේගයේ’ මුදුනටම මහා සංඝරත්නය පත් කළේය.

ඒ සමඟම, ඔහු ආගමික දේශපාලනය’ නමැති භූතයා නිදහස් කළේය. එම භූතයා 1959 දී ඔහුගේ ජීවිතයම බිලිගත්තේය. ඊට පෙර, එය තවත් බොහෝ දේ විනාශ කර තිබුණි.

1957 ජූලි මාසයේදී ඇති කර ගෙන 1958 අප්‍රේල් මාසයේදී ඉරා දමන ලද බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම දෙපාර්ශවයේම සිටි මධ්‍යස්ථ මතධාරීන් අපකීර්තියට පත්කොට අන්තවාදීන් ශක්තිමත් කිරීමට සමත් විය.

දේශපාලන භික්ෂූන්ගේ එම අවාසනාවන්ත මැදිහත්වීම සිදු නොවන්නට, බී-සී ගිවිසුම ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණි — එසේ වූයේ නම් 1958 කෝලාහලවලින් ආරම්භ වී පසුව සිදු වූ ව්‍යසන වළක්වා ගැනීමට ද හැකියාව තිබුණි.

‘සිංහල පමණක්’ ප්‍රතිපත්තියෙන් නිර්මාණය කරන ලද උ ද්වේගී වාතාවරණය, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඒකපාර්ශ්විකව අහෝසි කිරීමත් සමඟ තවත් උග්‍ර වූ අතර එය 1958 වාර්ගික ගැටුම් සඳහා මග පෑදුවේය. ඒ. සිවනන්දන්ගේ “When Memory Dies” නවකතාවේ එන දෙමළ කථකයෙකු, සාමාන්‍ය දෙමළ ජනතාවට ඒ මොහොතේ දැනුණු ව්‍යාකූලත්වය සහ පාවාදීමේ හැඟීම ඉතා සංවේදී ලෙස විස්තර කරයි:

අගමැති බණ්ඩාරනායක සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර හමුවක්

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ප්‍රථම සම්මුඛ සාකච්ඡාවේදී, අනීටා ප්‍රතාප් ඔහු අන්තවාදී වීමට සහ අවි අතට ගැනීමට 1958 ගැටුම් බලපෑ ආකාරය විමසුවාය. ඊට පිළිතුරු ලෙස ඔහු පවුලේ හිතවතෙකුගේ පෞද්ගලික අත්දැකීමක් සඳහන් කරයි.

එම සිදුවීම සහ පානදුරේදී දෙමළ පූජකයෙකු තම කෝවිලෙන් එළියට ඇද දමා, මැර පිරිසක් විසින් පෙට්‍රල් වත් කර ගිනිතබා ඝාතනය කිරීමේ පුවත, තරුණ වේලුපිල්ලේගේ පසුකාලීන ගමන්මග තීරණය කිරීමට තදින්ම බලපෑ සාධක බව පෙනේ.

දේශපාලන භික්ෂූන් සමඟ ඇති කරගත් ගිවිසුම සහ ඔවුන්ගේ අන්තවාදී ඉල්ලීම්වලට යටත් වීමේ බණ්ඩාරනායක පුරුද්ද, දිගුකාලීන ඊළාම් යුද්ධයට මග පෑදුවා පමණක් නොවේ; එය අවම වශයෙන් ප්‍රායෝගික හේතූන් මත හෝ සිංහල භාෂාව ඉගෙන ගැනීමට බොහෝ දෙමළ ජනතාව තුළ තිබූ ස්වභාවික නැඹුරුව ද අවසන් කළේය.

දකුණු කොරියාවේ යොන්සේ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එම්. එල්. රත්නපාලන් විසින් රචිත (ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් රාජධානියේ සංක්‍රමණික දෙමළ ජනයා ගේ මතකයන් නම් ලිපිය සඳහා සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ‘රාසන්’ නම් දෙමළ ජාතිකයෙකු මෙසේ පැහැදිලි කළේය:

‘සිංහල පමණක්’ පනත නොතිබුණේ නම් අප ස්වභාවිකවම පත්වන්නට තිබූ තත්ත්වය—එනම් බහුතරයක් භාෂා තුනම දන්නා ජනතාවක් බවට පත්වීම—සාක්ෂාත් කර ගැනීමට වසර 70කට පසුව, අපි අද දැඩි උත්සාහයක නිරත වෙමු. දේශපාලන භික්ෂූන්ගේ මැදිහත් වීම අප අද මුහුණ දෙන අධ්‍යාපන අර්බුදයට ද දායක විය.

මෙම ඉතිහාසය නැවත කිසිදාක නොවිය යුතුය. කිසිසේත්ම නොවිය යුතුය.

2007 අගෝස්තු මාසයේදී, එවකට ජාතික හෙළ උරුමයේ නායකයාව සිටි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සුවිශේෂී ප්‍රකාශයක් කළහ. මූලධර්මවාදී ක්‍රිස්තියානීන් විසින් බෞද්ධ භික්ෂූන්ට ඒඩ්ස් රෝගය බෝ කිරීමට සැලසුම් කරමින් සිටින බව ප්‍රකාශ කළහ.

කාලය ගෙවී ගියේය. ඒඩ්ස් පතුරුවන “ක්‍රිස්තියානි මූලධර්මවාදියා” වෙනුවට “නොමළ කොටි” ද, ඉන්පසු “වන්ධී කරන මුස්ලිම්” ද ආදේශ විය. සුළුතර තර්ජනයක් සහ සුළුතර සතුරෙකුගේ අවශ්‍යතාවය යනු දේශපාලන භික්ෂූන් සහ රාජපක්ෂ පරපුර එකට බැඳ තබන පොදු හුයයි. ඔවුන්ගේ පැවැත්ම සහ සාර්ථකත්වය රඳා පවතින්නේ සිංහල-බෞද්ධ ජනතාව අතර බිය සහ සැකය වැපිරීම මතය. කාලයෙන් කාලයට සතුරාගේ මුහුණුවර වෙනස් වුවද, එවැනි සතුරෙකු සිටීමේ වුවමනාව කිසිදා වෙනස් නොවේ. ඇත්ත වශයෙන්ම, සතුරෙකු නොමැති නම් “ගැලවුම්කරුවන්” අවශ්‍ය වන්නේ කාටද?

2015 වසරේ අගභාගයේදී සහ 2016 වසරේ මුල් භාගයේදී ‘සිංහ ලේ’ ව්‍යාපාරය කරළියට පැමිණියේය. ඇතැම් මුස්ලිම් නිවාසවල ගේට්ටුවල ‘සිංහ ලේ’ යන පාඨය පින්තාරු කර තිබූ අතර, ත්‍රිරෝද රථවල ද ‘සිංහ ලේ’ ස්ටිකර් අලවා තිබෙනු දක්නට ලැබුණි. ආරම්භයේදී පැවති දැඩි උද්‍යා්ගයෙන් පසුව එම ව්‍යාපාරය ක්‍රමයෙන් අභාවයට ගියද, 2017/18 කාලසීමාවේ ඇති වූ ‘වඳ පෙති’ සමග ‘මුස්ලිම් සතුරා’ පිළිබඳ සංකල්පය යළි මතු කිරීමට එය සැලකිය යුතු දායකත්වයක් සැපයීය.

2020 වසරේදී A5 News නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, සිංහ ලේ ව්‍යාපාරයේ ප්‍රමුඛ  සාමාජිකයකු වූ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, එම ව්‍යාපාරයේ ආරම්භය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉටුකළ කාර්යභාරය හෙළිදරව් කළහ. තමන්ට ලැබිය යුතු අනුග්‍රහය සහ අවධානය අඩුවීම හේතුවෙන් ජනාධිපතිවරයා සමඟ අමනාප වී සිටි උන්වහන්සේ, එම අවස්ථාවේ සිටියේ සියල්ල හෙළිදරව් කරන මනෝභාවයකිනි.

සිංහ ලේ සංවිධානය පිහිටුවනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ බව උන්වහන්සේ එහිදී අනාවරණය කළහ. ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් ‘දීර්ඝ සාකච්ඡාවලට’ සහභාගී වූ බවත් තමන්ට ‘ඇතැම් මාර්ගෝපදේශ’ ලබා දුන් බවත් උන්වහන්සේ පැවසූහ. පැය එකහමාරක් තිස්සේ ඔහු අපට උපා මාර්ග  කියා දුන්නා, යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

පැවැත්වීමට නියමිත භික්ෂු සමුළුව සම්බන්ධයෙන් ඇති දැවැන්ත ප්‍රචාරණයත් සමඟ එක්තරා ප්‍රශ්නයක් පැන නැගීම නොවළැක් විය හැක: මෙය ‘සිංහ ලේ දෙවන අදියර’ ද? එසේ නම්, මෙම මෙහෙයුම පිටුපස සිටින සැබෑ සූත්‍රධාරියා කවුද?

භික්ෂු සමුළුවේ ප්‍රධාන සංවිධායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ, තමන් සහ නම් කර නොමැති මෙම ව්‍යාපාරයේ සෙසු සාමාජිකයන් තම අභිලාෂයන් සමඟ එකඟ වන ඕනෑම දේශපාලනඥයෙකුට සහාය දෙන බවයි. “අතීතයේ සිටි සෑම රජෙකුම මහා සංඝරත්නයට මැනවින් සැලකූහ” යැයි උන්වහන්සේ පවසන නමුත් එය පූර්ණ සත්‍යයක් නොවේ; මන්ද, අතීත රජවරුන් බොහෝ දෙනෙකු තමන්ට විරුද්ධ වූ භික්ෂූන්ට අනුකම්පා විරහිතව හා දැඩි ලෙස සලකා ඇති බැවිනි.

මෙම භික්ෂූන්ට පැහැදිලිවම අවශ්‍ය වී ඇත්තේ තමන්ට අවශ්‍ය පරිදි නමාගත හැකි නායකයෙකි. එහෙත්, ඔවුන් ස්වාධීන පිරිසක් නොව කිසියම් දේශපාලන නායකයෙකුගේ අතකොළු වීමේ සැබෑ ඉඩක් ද පවතී.

මෙම දේශපාලන භික්ෂූන් අපායට තවත් දොරක් විවෘත කිරීමට ප්‍රථම, ඔවුන් මොහොතක් නැවතී කණ්ණාඩියකින් තමන් දෙසම බැලිය යුතුය. බලය සහ ධනය කෙරෙහි ඇති කෑදරකම නිසා, මේ රටත් මෙහි ජනතාවත් නැවත නැවතත් විනාශකාරී මාවතකට තල්ලු කළ සැබෑ සතුරාගේ මුහුණ එහිදී ඔවුන්ට දැකගත හැකි වනු ඇත.

The post තවත් “සිංහලේ” යුගයක උදාවක්? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ba%e0%b7%94%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/feed/ 0
යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/#respond Wed, 25 Feb 2026 15:50:14 +0000 https://vivaranalk.com/?p=14549 කාම කතා රැල්ලේ පිහිනමින් ගුණදාස අමරසේකර සිටි පසුගිය සියවසේ හැටේ දශකයේ දී යළි උපන්නෙමි නව කතාව පළ කෙළේය. එම කතා පුවත කෙසේ වුවත් පොතේ නම අපේ දේශපාලකයන් සම්බන්ධයෙන් අදටත් ගැලපේ. පරම්පරා ගණනාවක් බලයේ සිටි අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදුව විපක්ෂයේ කල් මරමින් සිටින අතර කරන කතා බහ ඇසෙන විට සහ කියවන විට අපට දැනේන්නේත් […]

The post යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. appeared first on විවරණ.

]]>
කාම කතා රැල්ලේ පිහිනමින් ගුණදාස අමරසේකර සිටි පසුගිය සියවසේ හැටේ දශකයේ දී යළි උපන්නෙමි නව කතාව පළ කෙළේය. එම කතා පුවත කෙසේ වුවත් පොතේ නම අපේ දේශපාලකයන් සම්බන්ධයෙන් අදටත් ගැලපේ. පරම්පරා ගණනාවක් බලයේ සිටි අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදුව විපක්ෂයේ කල් මරමින් සිටින අතර කරන කතා බහ ඇසෙන විට සහ කියවන විට අපට දැනේන්නේත් සිතෙන්නේත් මෙම දේශපාලකයන් නැවත උපන්නාසේය. බලයේ රස විඳි කාලයේ කළ කී කිසිත් ඔවුන්ට මතක නැත. ඔවුන් අද ගයන්නේ අලුත්ම තාලයේ ගීත ය. නැතිනම් බයිලා ය.

මෙවන් අදහසක් මතු වූයේ විශේෂයෙන්ම ජනපති අසුනට ඉක්මණින්ම ගොඩ වීමට අපේක්ෂාවෙන් සිටින පොදුජන එක්සත් පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා නිතර පුවත් පත්වලටත් වෙනත් මාධ්‍යවලටත් කරන ප්‍රකාශන කියවීමෙන් සහ සවන් දීමෙනි. පසු ගිය දා ඔහු පොළොන්නරුව හිටපු මංත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග එවැනිම වැදගත් ප්‍රකාශයක් කළ බව පුවත් පත්වල පළ විය. අමරකිර්ති ඝාතනය ගැන අධිකරණයෙන් ලබා දුන් විනිශ්චය අගය කළ ඔහු එම ඝාතනයට හේතු වූ තවත් කරුණක් වන 2022 අරගලයට ලැබුණු අරමුදල් ගැන ද පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටියේය. අමරතීර්ති ඝාතනයට ලක් වූයේ 2022 මැයි 9 වැනි දා අරගලය මර්දනය කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති සැලසුම් කිරීමේ රැස්වීමකට සහභාගි වී ආපසු පොළොන්නරුව බලා යමින් සිටිය දී නිට්ටඹුවේ දීය. එමනිසා මෙම ඝාතනය සහ අරගලය අතර සම්බන්ධතාවයක් තිබෙන්නට ඇතැයි නාමල් රාජපක්ෂ සිතනවා විය හැකිය.

ඇත්තෙන්ම එවැනි සිතුවිල්ලක් ඇතිවීම සාධාරණය. අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමෙන් පසුව පොලිස් රැකවරණය ලත් පිරිසක් ගාළුමුවදොර අරගල භූමියේ සිටි තරුණ තරුණියන්ට පහර දුන් ආකාරය සජීවී ලෙස විකාශය වීම නිසා රට පුරාම උද්ඝෝෂණ තත්වයක් වර්ධනය වූ බවද රහසක් නොවේ. අමරකිර්ති මරණයට පත් වූයේ ද අරගලයට සහාය පළ කළ පිරිසක් නිට්ටඹුව  නගරයේ විරෝධතා දක්වමින් සිටිය දී ඒ අසළින් ඔහු සිය ආරක්ෂකයාත් මෝටර් රථයෙන් ගමන්ගත්  නිසාය. ගාළුමුවදොර අරගල කරුවන්ට පහර දීම නිසා කෝපයට ලත් පිරිස පොහොට්ටු ආණ්ඩුවේ මංත්‍රී කෙනෙකු වූ අමරකීර්තිට පහර දීමට ඉදිරිපත් වූහ. මරණය සිදු වූයේ එම නිසාය. අමරකීර්තිගේ ආරක්ෂක භටයා ගේ වෙඩි පරින් එතැන සිටි විරෝධතාකරුවන් දෙදෙනෙකුද මරණයට පත් විය.   

කුමන තත්වයක් යටතේ වුවද ජීවිත හානි සිදු කිරීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන්නකි. අමරකීර්ති ඝාතනය ද එවැන්නකි. එමනිසා එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවුවත් අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. රාජපක්ෂ යුගයේත් ඉන් පෙර පැවති පාලන කාල තුළත් ඝාතනය කළ ජනමාධ්‍ය වේදීන් ඇතුළු බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති තත්වයක් යටතේ අමරකිර්ති ඝාතනය සම්බන්ධයෙන් වසර හතරක් ඇතුළත හෝ විනිශ්චයක් ලැබීම ද අගය කළ යුතුය. රාජපක්ෂ යුගයේ මෙන් නොව දැන් අධිකරණය ආන්දෝලනාත්මක සිද්ධීන් ගැන වඩාත් වේගවත්ව ක්‍රියා කිරීම නාමල් රාජපක්ෂගේ මෙන්ම අපගේ ද ප්‍රසාදයට ලක් වන්නකි.

ඉන් උද්ධාමයට පත් නාමල් රාජපක්ෂ අරගලයට අරමුදල් ලබා දුන් අය ගැන පරික්ෂා කිරීමට කොමිසමක් හෝ කොමිටියක් පත් කළ යුතුයැයි ඉල්ලිම ද සාධාරණය. කිසියම් මුදලක් ලැබුණේ නම් ඒ පාතාලයෙන් ද නැතිනම් වෙනත් මූලාශ්‍රයකින්ද යන්න හෙළි කිරීම වැදගත් ය. අඩුම වශයෙන් එවැනි හෙළිදරව්වක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට වැදගත් ය. එහෙත් මෙවැනි පරීක්ෂණ කිසිසේත් අරගලයට පමණක් සීමා නොකළ යුතුය. විශේෂයෙන්ම මැතිවරණ සමයේ විවිධ දේශපාලන පක්ෂවලට රාජ තාන්ත්‍රික මූලාශ්‍ර හරහාත් වෙනත් මාර්වලිනුත් ලැබෙන මුදල් හෙළි කළ යුතුය. එසේ ලැබුණු මුදල් වැය කළ ආතාරයත් දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. එවැනි හෙළි කිරීම්වලින් අමරකීර්ති ඝාතනය සහ අරගලය අතර ඇති සම්බන්ධතාවය මෙන්ම දේශපාලකයන් සහ ඔවුන්ගේ ජයග්‍රහණයට දායක වූ අය ගැන ද ජනතාවත් අදාල බලධාරීනුත් දැන ගත යුතුය.

කණගාටුව වන්නේ බලයේ සිටින දේශපාලකයන් තමන් බලයට පත් කිරීමට මුදල් ආයෝජනය කළ අය ගැන මර නින්දේ පසුවීමය. නිදසුනක් වශයෙන් නාමල් රාජපක්ෂගේ පියාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට මුදල් ලබා දුන් අය ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත් වූ නමුත් ඒ ගැන පරීක්ෂණ කොමිසම් හෝ කොමිටි පත් කෙරුණේ නැත. එම තොරතුරු හෙළි කළ අයට එරෙහිව නඩු පවරන බවට තරවටු කළ ද තවමත් එවැන්නක් සිදුව නැත.

මෙය මැතිවරණ සමයේ දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නායකයන්ට විවිධ පුද්ගලයන් සහ සංවිධාන ලබා දෙන ‘‘ආධාර“ වලට සීමා වන්නේ නැත. වංචා සහ දූෂණ කුමන පාර්ශ්වයකින් සිදු වුවත් ඒවා විමර්ශනය කොට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් නීතිය ඉදිරියට ඉදිරිපත් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය දක්වන්නේ පුදුම සහගත අලස බවකි. අධිකරණයට ඉදිරිපත් වන නඩු ද තාක්ෂණ අඩුපාඩු නිසා ඉවත් කිරීම සහ ඉල්ලා අස් කිරීම නිතර සිදු වන්නකි. නිදහසින් පසු ගතව ඇති වසර හැත්තැහයක කාලය තුළම සිදුව ඇත්තේ දේශපාලන බලය ලබා ගන්නා තෙක් වංචා දූෂණ ගැන මහ හඬින් කතා තොට බලය ලැබුණ පසු නිහඬව සිටිමය. අරගලයට ලැබුණු මුදල් ගැන පරීක්ෂණ පැවැත්වීමට නාමල් රාජපක්ෂ ඉල්ලා සිටින්නේ තමන් වංචා දූෂණවලට විරුද්ධ බව පෙන්වා දේශපාලන වාසි ලබා ගැනීමට වඩා වැඩි දෙයකට නොවේ.

නාමල් රාජපක්ෂගේ විශේෂත්වය වන්නේ වංචා සහ දූෂණ ගැන සෙවීමට පරීක්ෂණ ඉල්ලා සිටින අතර ඔහුට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනා දේශපාලන පලිගැනීම් සේ බැහැර කිරීමට උත්සාහ කිරීමය. මෙය ද සියලු දේශපාලකයන්ට පවතින මනෝ විකෘතියකි. ඒවාට ප්‍රතිකාර ලබා දිය හැක්කේ ජනතාවට පමණි. ඒ මැතිවරණයක දී ඔවුන් ප්‍රතික්ෂේප කිරීමෙනි. 2024 ජනාධිපතිවරණයේ දීත් ඉන් අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දි සිදු වූයේ එයයි. ජනතාව පෙරට වඩා දේශපාලන වශයෙන් සවිඥානක බවට නිදසුනකි. පුවත් පාලනයකින් යටපත් කළ නොහැකි නූතන තොරතුරු සන්නිවේදනයේ පවතින වර්ධනයත් සමග මෙම ප්‍රවනතාවය වඩාත් වැඩි විය හැකිය.  

අවාසනාවකට මෙන්, තරුණ මෙන්ම වයෝවෘද්ධ දේශපාලකයන් මෙය තේරුම් ගත් බවක් නොපෙනේ. ඔවුන් තවමත් විශ්වාස කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පැරණි දේශපාලන උපාය මාර්ග බලය ලබා ගැනීම සඳහා නැවතත් යොදා ගත හැකිය යනුවෙනි. කෙටියෙන් ඇහේ ඇති පොල්පරාලය ඔවුන්ට පෙනෙන්නේ නැත. ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ එම නිසාය. ක්‍රමයේ වෙනසක් යනු බලයේ සිටින දේශපාලකයන් වෙනුවට වෙනත් කණ්ඩායමක් පත් කර ගැනීම පමණක් නොවේ. දේශපාලන බලය හසුරුවන ආයතනගත නිලධාරි තන්ත්‍රය වෙනස් කිරීමට ද හැකියාව තිබිය යුතුය. එය දේශපාලන බලය අත්කර ගැනිමටත් වඩා දුෂ්කර අසීරු කටයුත්තකි. එහෙත් විකල්පයක් නැත.

ඇත්තෙන්ම ගාළුමුවදොර පිට්ටනියේ අව්වට වේලෙමින් වැස්සට තෙමි තෙමී තරුණ තරුණියන් ඉල්ලා සිටියේ එවැනි වෙනසකි. ගෝටා ගෝ හෝම් සටන් පාඨයෙන් අදහස් වූයේ බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීම පමණක් නොවේ. පුද්ගලයන් ඉවත් කිරීමට වඩා ගැඹුරට යන සිස්ටම් චේන්ජ් එකකි. අරගලයේ යෙදි සිටි තරුණ තරුණියන්ට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් හෝ වෙනත් සංවිධානවලින් මුදල් ආධාර ලැබුණේද යන්න තිරණාත්මක සාධකය නොවේ. එසේ මුදල් ලැබුණාද මුදල් ලබා ගත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමේ කිසිම වරදක් නැත. ඒවා ද හෙළිදරව් විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු ආරක්ෂා කළ යුතු මූලධර්මයකි. වැදගත් වන්නේ ඔවුන් පෙනි සිටි අරමුණයි.

සුවහසක් ජනතාව වීදි බැස්සේ සැබැවින්ම දේශපාලන මෙන්ම සමාජ වෙනසක් අපේක්ෂාවෙනි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බලයට පත් කිරීමට ඡන්ද බලය පාවිච්චි කෙළේ එම අරමුණෙනි. උතුරේත් දකුණේත් ජනතාව ඡන්දය ලබා දුන්නේ බොහෝවිට තමන් ඡන්දය දෙන අපේත්ෂකයා හෝ නොදැනය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ප්‍රතිපත්තියක් කෙරේය. එනම් දූෂිත පැරණි ක්‍රමය වෙනස් කොට නව ජනතාවාදී පාලනයක් බිහි කිරීමය. එමනිසා ඉදිරියේ දී ජනතා විශ්වාසය දිනා ගැනීම සඳහා වංචා දූෂණ ගැන හෙළිදරවු කිරීමට අමතරව ජනතාව බලගන්වන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. එය ඡන්ද පොරොන්දුව ඉක්මවා යන යථාර්ථයක් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය. එවැනි වැඩ පිළිවෙළක් සහ ක්‍රියා මාර්ග ජනතාව අතට පත් වන තෙක් දේශපාලකයන් මෙන්ම ජනතාව ද සිටින්නේ

The post යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/feed/ 0
තිරසාර විසඳුමතට පොදු එකඟතාවයක් අවශ්‍යයි.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%91%e0%b6%9a%e0%b6%9f/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%91%e0%b6%9a%e0%b6%9f/#respond Wed, 25 Feb 2026 11:10:55 +0000 https://vivaranalk.com/?p=14542 පහත පලවන්නේ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් The Island Online වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. මුල් බැසගත් වාර්ගික, ආගමික සහ භාෂාමය බෙදීම් සහිත ශ්‍රී ලංකාව වැනි,  බහුත්ව සමාජයන්හි පවතින ගැටලු සහ විසඳුම් සඳහා සවිඥානිකව සියල්ලන් ඇතුළත් කරගන්නා ප්‍රවේශයක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ ඕනෑම රජයක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ, ප්‍රබල අනන්‍යතාවන් සහිත විවිධ […]

The post තිරසාර විසඳුමතට පොදු එකඟතාවයක් අවශ්‍යයි.. appeared first on විවරණ.

]]>
පහත පලවන්නේ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් The Island Online වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.

මුල් බැසගත් වාර්ගික, ආගමික සහ භාෂාමය බෙදීම් සහිත ශ්‍රී ලංකාව වැනි,  බහුත්ව සමාජයන්හි පවතින ගැටලු සහ විසඳුම් සඳහා සවිඥානිකව සියල්ලන් ඇතුළත් කරගන්නා ප්‍රවේශයක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ ඕනෑම රජයක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ, ප්‍රබල අනන්‍යතාවන් සහිත විවිධ කණ්ඩායම් මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීමයි. බෙදී ගිය සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන්ගේ ස්ථාවරත්වය තීරණය වන්නේ මැතිවරණ ජයග්‍රහණවලට වඩා, ආයතනගත ඇතුළත් කර ගැනීම්, සාකච්ඡා සහ එකඟතාවන් මත ය.

ජාතික ජන බලවේග රජය ලබාගත් ආකාරයේ විශාල මැතිවරණ ජනවරමක් තිබුණ ද, ගැටලු දෙස එක් දේශපාලන කණ්ඩායමක දෘෂ්ටිකෝණයෙන් පමණක් බැලුවහොත්, එමඟින් ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්තිමය නිර්දේශවලින් පාලක පක්ෂයෙන් බැහැරව සිටින ප්‍රජාවගේ අත්දැකීම් මඟ හැරීමට ඉඩ ඇත. එහි ප්‍රතිඵලය වන්නේ ඒවාට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩනැගීම, අසමාන ලෙස ක්‍රියාත්මක වීම සහ අවසානයේදී දේශපාලන පසුබෑමකට ලක් වීමයි.

මෑතකදී ජාතික සාම මණ්ඩලය විසින් උතුරේ, යාපනයේදී මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ පුරවැසි ආකල්ප විමසීමට තරුණයින් සමග පැවැත්වූ කණ්ඩායම් සාකච්ඡාවකදී සුවිශේෂී කරුණු රැසක් අනාවරණය විය. මෙම ආයතනයේ කුඩා සමීක්ෂණ ප්‍රතිඵලවලින් ද රජයේ ප්‍රසාද මට්ටම  2026 පෙබරවාරි මුලදී 65% ක් ලෙස වාර්තා කළ වෙරිටේ රිසර්ච් ආයතනයේ ජාතික සමීක්ෂණයේ සොයාගැනීම් තහවුරු කරයි.

යාපනයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් ප්‍රකාශ කරන්නේ තමන් අතීතයට වඩා ආරක්ෂිතව සිටින බවත්, තමන්ට වඩාත් සාධාරණ ලෙස සලකන බවත්ය. සමහර අංශවල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණද, සියලුම අංශවල තත්ත්වය එසේ නොවේ. ප්‍රධාන වශයෙන් තරුණ හා උගත් පිරිසකගෙන් සමන්විත මෙම සමීක්ෂණයට අනුව:

දශක තුනක දරුණු යුද්ධයකින් බැට කෑ කලාපයක මෙවැනි ජයග්‍රහණ අත්කර ගැනීම සුළුපටු කරුණක් නොවේ.

එසේ වුවද, එම සමීක්ෂණයෙන්ම ඉහත කී සුභවාදී ආකල්ප යටපත් කරන ගැඹුරු සැකසංකා සහ සීමාවන් ද අනාවරණය වේ. අතීත ගැටලු විසඳා ඇති ආකාරය පිළිබඳව තෘප්තිමත් වන්නේ 25% ක් වැනි සුළු පිරිසක් පමණි. ඉඩම් සහ හමුදාමය මැදිහත්වීම් සම්බන්ධ ගැටලුවල කිසිදු වෙනසක් සිදු නොවූ බව එම ප්‍රතිශතයම (25% ක්) පවසති.

වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, ආගමික අරමුණු සඳහා අවසරයකින් තොරව ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව 90% කට ආසන්න පිරිසක් දැඩි කනස්සල්ලෙන් පසුවීමයි. එමෙන්ම, අනාගතය යහපත් වේද යන්න පිළිබඳව සැලකිය යුතු පිරිසක් අවිශ්වාසයෙන් පසුවෙති.

මෙම නිෂේධාත්මක ආකල්ප සුළු කරුණු ලෙස බැහැර කළ නොහැක. ඉඩම් අයිතිය, හමුදාකරණය ඉවත් කිරීම, වගවීම සහ දේශපාලන බලය කේන්ද්‍රගත වීම සම්බන්ධ මෙතෙක් විසඳී නොමැති ව්‍යුහාත්මක ප්‍රශ්න දෙසට මේවා ඇඟිල්ල දිගු කරයි. මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත්, පවතින ස්ථාවරත්වය බිඳෙනසුලු එකක් විය හැකිය. මෙයින් හැඟවෙන්නේ දිගුකාලීන ස්ථාවරත්වය සහ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම සඳහා අනෙකුත් පාර්ශවයන් සමඟ පොදු එකඟතාවක් ගොඩනගා ගැනීමේ සහ ජාතික ගැටලු විසඳීම සඳහා හවුල්කාරිත්වයක අවශ්‍යතාවයයි.

ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමේ ගැටලු විසඳීම දීර්ඝකාලීනව සාර්ථක වීමට නම්, එය වඩාත්ම බුද්ධිමත් වුවද එක් කණ්ඩායමක මතය මත පමණක් පදනම් නොවිය යුතුය. ගැටලු විසඳීම සඳහා විවිධ වාර්ගික, ආගමික, කුල සහ දේශපාලන පසුබිම්වල අයගේ සහභාගීත්වය අවශ්‍ය වන්නේ අදහස්වල විවිධත්වය සහ විසඳුම් රාශියක් ලබා ගැනීමටය. මෙයින් අදහස් කරන්නේ දූෂිත වීම හෝ යහපත අතහැර අයහපත වැළඳ ගැනීම නොවේ. එයින් අදහස් කරන්නේ පොදු සමාජය තුළ අදහස් පරීක්ෂාවට ලක් කිරීමයි.

පාලනයක සුජාතභාවය ලැබෙන්නේ මැතිවරණ ජයග්‍රහණයෙන් පමණක් නොව, තීරණ ගැනීමට පෙර සිදු කෙරෙන මහජන අදහස් ලබා ගැනීමේ ගුණාත්මකභාවය මතය. පශ්චාත් යුධ සමාජයන්හි සාර්ථක අත්දැකීම්වලින් පෙනී යන්නේ, ප්‍රතිපත්තිමය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම, විවිධ පාර්ශවයන් එක්ව ගැටලු නිර්වචනය කරන සංවාද මණ්ඩප හරහා දීර්ඝකාලීන සාමය සහ සංවර්ධනය ගොඩනැගෙන බවයි.

සිවිල් සමාජ සංවිධානයක් ලෙස, ජාතික සාම මණ්ඩලය ප්‍රජාව අතර දැනුවත්භාවය ඇති කිරීම සහ සබඳතා ගොඩනැගීම ඉලක්ක කරගත් විවිධ පොදු ක්‍රියාකාරකම්වල නිරත වේ. මෙම ක්‍රියාකාරකම් සඳහා ප්‍රජා නායකයින්, ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන්, ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ බිම් මට්ටමේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ සහභාගී වෙති.

කෙසේ වෙතත්, අනෙකුත් සිවිල් සමාජ සංවිධාන මෙන්ම ජාතික සාම මණ්ඩලය ද සිය රැස්වීම් සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහභාගීත්වය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බව අත්දකිමින් සිටී. පාලක පක්ෂ සාමාජිකයින් මෙම අවස්ථාවන්ට සහභාගී නොවීමට නිදහසට කරුණ වන්නේ, ඔවුන් විවිධ ක්‍රියාකාරකම් රාශියකට සම්බන්ධ වී සිටින බැවින් දැඩි ලෙස කාර්යබහුල වී සිටින බවයි. මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ, පාලක පක්ෂයේ සාමාජිකයින් සැබවින්ම අධික වැඩකටයුතු ප්‍රමාණයකින් පීඩා විඳින්නේද, නැතහොත් එය අනෙක් පාර්ශවයන් සමඟ වැඩ කිරීමට ඇති අකමැත්තක් නිසා සිදුවන්නක්ද යන්නයි.

පාලක පක්ෂයේ සාමාජිකයන් තම පාලනය යටතේ නොමැති කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන කටයුතු සඳහා සහභාගී වීමට පක්ෂ ධූරාවලියෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු බව පොදු පිළිගැනීමයි. තම සාමාජිකයන්ට වෙනත් සංවිධානවල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට ඉඩ දීමට පාලක පක්ෂය දක්වන අකමැත්තට හේතුව, පක්ෂ නායකත්වය දරන අදහස්වලට වඩා වෙනස් අදහස් ඔවුන් තුළ ඇති වේය යන බිය විය හැකිය. වෙනස් අදහස් මගින් පාලක පක්ෂයේ සාමාජිකයන් මතිභ්‍රමයට පත්වීම හෝ පක්ෂ අභ්‍යන්තරයේ මතභේද ඇතිවීම එම කනස්සල්ලට හේතුව වන්නට ඇත.

නමුත් බහුත්වවාදී සමාජයක තිරසාර ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන්නේ මෙවැනි නිරාවරණය වීමකි. යාපනයේ මත විමසුමට ලක් කළ තරුණයින්ගෙන් සියයට 90ක්ම ඉඩම් ගැටලු පිළිබඳව කනස්සල්ලෙන් පසුවන්නේ නම්, පක්ෂ නියෝජිතයන්ව එවැනි අපහසු සාකච්ඡාවලින් මඟහරවා ආරක්ෂා කරනු වෙනුවට, ඔවුන් සමඟ සෘජුව සම්බන්ධ වීම නිවැරදිව ගැටලු හඳුනා ගැනීමට  අත්‍යවශ්‍ය වේ.

පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූ ලංකා සමසමාජ පක්ෂයේ (LSSP) නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ජාතික මට්ටමේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් සැපයීය. රජයේ අමාත්‍යවරයෙකු ලෙස ඔහු, දශක තුනක යුද්ධයකට තුඩු දුන් දීර්ඝකාලීන ජනවාර්ගික ගැටුම නමැති අභියෝගයට මුහුණ දුන්නේය. ඔහු විසඳුම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර, සියලු දෙනා සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කළද, එම විසඳුම කුමක් විය යුතුද යන්න පිළිබඳව වූ සිය ස්ථාවරයෙන් කිසිවිටෙකත් බැහැර නොවීය.

ඔහුගේ පුත්‍රයා අවමංගල්‍ය උත්සවයේදී මා සමඟ පැවසුවේ, එය ඔහුට “ධ්‍රැව තාරකාව” බඳු බවත්, මාලිමාව සෑම විටම යොමු වී තිබූ දිශාව එය වූ බවත්ය. විවිධත්වයෙන් යුත් බහුත්වවාදී සමාජයක, බහුතර සහ සුළුතර ප්‍රජාවන් අතර ව්‍යුහාත්මක ආකාරයකින් බලය විමධ්‍යගත කිරීමේ සහ බලය බෙදාගැනීමේ අවශ්‍යතාවක් පවතින බව මහාචාර්ය විතාරණ විශ්වාස කළේය. වෙනත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීම යනු මතවාදීව යටත් වීමක් නොවන බව ඔහුගේ ආදර්ශයෙන් පැහැදිලි වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ සංවාදයට ඇති විවෘතභාවය සමඟ මුසු වූ පැහැදිලි අරමුණකි.

අද දින පවතින වාර්ගික හා ආගමික සාමය සඳහා මහාචාර්ය විතාරණ වැනි පුද්ගලයන් සහ වසර ගණනාවක් පුරා වඩාත් බලවත් පාර්ශ්වයන් හමුවේ අභියෝගාත්මක ලෙස කටයුතු කළ වෙනත් සමාන අදහස් ඇති පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල උත්සාහය බෙහෙවින් ඉවහල් වී ඇත. වත්මන් රජය විසින් තහවුරු කරනු ලබන පුරවැසි සමානතාව, වර්ගවාදයෙන්, අන්තවාදයෙන්  සහ වෙනස් කොට සැලකීමෙන් තොර වීම සඳහා වන කැපවීම ගොඩනැගී ඇත්තේ මෙම පදනම මතය.

කෙසේ වෙතත්, සංකේතාත්මක පිළිගැනීම සහ දෛනික ආරක්ෂාව වැඩිදියුණු වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජාතික සාම මණ්ඩලයේ සමීක්ෂණයෙන් පෙනී යයි. මෙහිදී ප්‍රතිචාර දැක්වූවන් පුද්ගලික ආරක්ෂාව, අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය දැනගැනීම, ඉඩම් ආපසු ලබා දීම, භාෂා භාවිතය සහ හමුදා මැදිහත්වීම අවම කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දී ඇත. එමෙන්ම, උපාධියෙන් පසු රැකියා අවස්ථා, දේශීය ආර්ථික අවස්ථා, දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ විදේශගත වීම වෙනුවට යාපනයේම රැඳී සිටීමට ඉඩ සලසන සැබෑ දියුණුවක් ඔවුහු අපේක්ෂා කරති.

විසඳුම් ස්ථිරසාර වීමට නම්, එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයන් මත ඒවා ඒකපාර්ශ්විකව පටවනු ලැබිය නොහැකිය. ස්ථිරසාර විසඳුම් යනු ඒකපාර්ශ්වික විසඳුම් නොවේ. ඒවා මතුවිය යුත්තේ රටේ පවතින ගැඹුරුම ගැටලු පිළිබඳව කෙරෙන පොදු හඳුනාගැනීමක් තුළින් සහ දැනට පවතින සුපරීක්ෂාකාරී සුභවාදීත්වයට යටින් දිවෙන නිෂේධාත්මක හැඟීම්වලට විසඳුම් සෙවීමේ කැමැත්ත තුළිනි. ප්‍රගතිය ආපසු හැරවිය නොහැකි ලෙස තහවුරු කළ හැක්කේත්, සමස්ත දේශපාලන සමාජයේ එකඟතාව මත එය රඳා පවතින්නේත් එවිට පමණි.

විපක්ෂය සමඟ සම්බන්ධ වීම මගින් අතීතයේ පැවති අතිශය ගැටුම්කාරී සහ බෙදීම් සහිත දේශපාලන සංස්කෘතිය සමනය කිරීමට උපකාරී විය හැකිය. මෙයින් අදහස් කරන්නේ, පාලක පක්ෂය සිය සාමාජිකයන්ව වෙනස් මත දරන්නන්ගෙන් වෙන් කර තබමින් ඔවුන්ව ආරක්ෂා කරන්නේ කෙසේද යන්න ගැන පමණක් නොව, විවිධ මට්ටම්වලදී ගැටලු විසඳීම සඳහා අනෙක් පාර්ශ්වයන්ද තමන් සමඟ එක් කර ගනිමින් සිය දැක්ම සහ සාමාජිකත්වය පුළුල් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි. මේ සඳහා අවශ්‍ය වන්නේ මඟහැරීම හෝ පසුබැසීම නොව, සක්‍රීයව සම්බන්ධ වීමයි.

The post තිරසාර විසඳුමතට පොදු එකඟතාවයක් අවශ්‍යයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%91%e0%b6%9a%e0%b6%9f/feed/ 0
කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/#respond Fri, 13 Feb 2026 08:48:30 +0000 https://vivaranalk.com/?p=14501 කොළඹ නගරයේ  විදී දරුවන් යොදා ගනිමින් මුදල් ඉපැයීමේ සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බවට සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙන්නේ ලාංකීය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරමින්ය. කාර්, බස්රථ, දුම්රිය මැදිරි පිරිසිදු කිරීම, තේ කඩ, කුඩා පරිමානයේ හෝටල් සහ ගරාජ වල වැඩකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ගෘහස්ථ හා කර්මාන්තශාලා වැඩ මෙන්ම සිඟමන් යැදීම වැනි ලබා ගත හැකි ඕනෑම […]

The post කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. appeared first on විවරණ.

]]>
කොළඹ නගරයේ  විදී දරුවන් යොදා ගනිමින් මුදල් ඉපැයීමේ සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බවට සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙන්නේ ලාංකීය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරමින්ය. කාර්, බස්රථ, දුම්රිය මැදිරි පිරිසිදු කිරීම, තේ කඩ, කුඩා පරිමානයේ හෝටල් සහ ගරාජ වල වැඩකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ගෘහස්ථ හා කර්මාන්තශාලා වැඩ මෙන්ම සිඟමන් යැදීම වැනි ලබා ගත හැකි ඕනෑම වැඩක් වෙනුවෙන් මේ විදී දරුවන් අළෙවි වනු ඇත.

“වීදි දරුවන්ගේ අභියෝග සහ ඒවාට මුහුණ දීමේ උපාය මාර්ග: කොළඹ නගරයේ ක්ෂේත්‍ර අධ්‍යයනයකින් සොයාගැනීම්” නමින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ   පර්යේෂකවරයෙකු වූ එස්. හරිහරතමොදරන් විසින් ඉකුත් නොවැම්බරයේ දී ප්‍රකාශයට පත් කළ සමීක්ෂණ වාර්තාවට අනුව පිළිසරණක් නොමැතිව, අනාරක්ෂිතව අගනුවර අඳුරු විදී වල වෙසෙන දරුවන්ගේ ඛේදවාචකය  මගින් පෙන්නුම් කරන්නේ අහිමිවීමේ හා විෂමතාවයේ ගැඹුරු සමාජ පැතිකඩකි.

 ලෝ පුරා රටවල් සංවර්ධනයේදී දරුවන්ගේ යහපැවැත්ම අතිශයින් වැදගත්ය. හොඳම දේ දරුවන්ට යැයි ආදර්ශයක් ද පවතින්නේ ඒ නිසාවෙනි. එහෙත් උත්ප්‍රාසයට කාරණාව වන්නේ ලෝ පුරා මිලියන ගණනක් දරුවන්ට දිවි ගෙවන්නට සිදුව ඇත්තේ  විශාල නගරවල  විදී අද්දරය. මෙය ලෝ පුරා දරුවන්ගේ ඛේදවාචකය පෙන්නුම් කිරීමකි. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අරඹා ඵලදායී හා සමෘද්ධිමත් වැඩිහිටියෙකු බවට පරිවර්තනය කෙරෙන  සුරක්ෂිත ළමා කාලයක් භුක්ති විඳීමටවූ  නිරපේක්ෂ අයිතියක්  සෑම දරුවෙකුටම හිමිය. එහෙත්  වීදිවල දිවි ගෙවන  දරුවන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතා කිසිවක්ම  හිමි නොවන තරම්ය.

ඔවුන්ට පවුල් තුළ ජීවත් වීමේ අයිතිය අහිමි කරමින්, මුලික අයිතීන් සපුරා ගැනීම වෙනුවෙන් විදී වල දිවි ගෙවන්නට බල කෙරෙයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට (යුනිසෙෆ්) අනුව, වීදි දරුවන් ලෙස සැලකෙන්නේ වසස අවුරුදු 18 ට අඩු ගැහැණු සහ පිරිමි දරුවන්ය. ඔවුන් වීදිවල හෝ අසංවිධිත අංශවල වැඩ කළ මුත් තනිව හෝ ඔවුන්ගේ පවුල් සමඟ හෝ දිවි ගෙවන්නේ විදී කොණක එසේ නැතහොත් තාවකාලික වාසස්ථානයකය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින්  වීදි දරුවන් තවදුරටත් කාණ්ඩ තුනකට බෙදා දක්වයි. වීදියේ වැඩ කරන අතර  බොහෝ විට දවස අවසානයේදී තම පවුල් වෙත ආපසු යන දරුවන්,  පවුලේ සහයෝගයක්  නොමැතිව වීදියේ වැඩ කරමින්, එහිම නිදා ගනිමින්  දිවි ගෙවන දරුවන්, සහ ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පවුල් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති, සම්පූර්ණයෙන්ම තනිවම සිටින දරුවන් ලෙසය.

වීදි දරුවන් යනු අධික ලෙස ඉබාගාතේ යන ජීවන රටාවන් සහිත ජංගම ජනගහනයකි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, ලෝකයේ වීදි දරුවන් මිලියන 150 ක් සිටිති. වීදි දරුවන්ගේ සංසිද්ධිය ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය සහ නොසලකා හැරීම හෝ අපයෝජනය, අතහැර දැමීම සහ නවීකරණය වැනි එහි අන්තර් සම්බන්ධිත අංග සමඟ බැඳී පවති.

මෙම සාධක  වීදිය කරා දරුවන් තල්ලු කිරීමේ සහ ඇදීමේ සාධක ලෙස වර්ගීකරණය කළ හැකිය. තල්ලු කිරීමේ සාධක අතර දරිද්‍රතාවය සහ ආර්ථික අවශ්‍යතාවය සහ ප්‍රචණ්ඩත්වය, පවුල් බිඳවැටීම, විශාල සාමාජික සංඛ්‍යාවකින් යුත් පවුල් වැනි සාධක ඇතුළත් වේ.

අනෙක් අතට, වීදිය වෙත දරුවන් ඇදීයාමේ සාධක අතර නාගරීකරණය, සම වයසේ මිතුරන්ගේ බලපෑම හෝ නිදහසේ හා ස්වාධීනත්වයට ඇති  ආකර්ෂණය ඇතුළත් වේ.

 ලංකාවේ වීදි දරුවන්ගේ සංඛ්‍යාව 15,000 ක් ලෙස ගණන් බලා ඇත ( “වීදි දරුවන්ගේ නුහුරු  හැසිරීම්: කොළඹ කොටුව සහ පිටකොටුව විශේෂ යොමුවකින්” බී.වී.එන්.විජේවර්ධන). මෙම වීදි දරුවන්ගෙන් වැඩි දෙනෙක් සංකේන්ද්‍රණය වී සිටිනුයේ කොළඹ නගරයේය. එය  කාර්ය බහුල වාණිජ මධ්‍යස්ථානයක් වීම, ඔවුන්ගේ සමාජ, ආර්ථික හා පෝෂණයට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත. 

ලෝ පුරා වීදී දරුවන්ගෙන්  20% කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු ආසියානු රටවල් වලිනි. ( “ආසියාවේ නාගරික දරිද්‍රතාවය” ආසියානු සංවර්ධන බැංකුව).

ආහාර, ඇඳුම් පැළඳුම්, නවාතැන්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, සනීපාරක්ෂාව වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ  අරගලයෙන් ආරම්භ වන පුළුල් පරාසයක අභියෝගවලට ඔව්හු මුහුණ දෙති.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ විදී දරුවෝ  බොහෝ  සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිති. පෝෂණ ඌනතාවයන්, බෝවන රෝග, නොදැනුවත්වම තුවාල වීම හෝ වර්ධනය අඩාල වීම ආදියෙන් ඔවුන් ලක්වන්නේ ඉමහත් පීඩාවකටය. එපමණක් නොව, වීදිවල සිටින පිරිමි සහ ගැහැණු ළමයින් දෙගොල්ලොම  ශාරීරික, මානසික සහ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම කටුක යථාර්ථයන්ට මුහුණ දීම සඳහා, වීදි දරුවන් බොහෝ විට හිඟාකෑම, සොරකම් කිරීම, පික්පොකට් ගැසීම සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි ක්‍රියාකාරකම් වලට යොමු වෙනු ඇත.

එමඟින් සිදුවන්නේ  ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමයි. මෙම තත්වය හමුවේ මහා  සමාජය විසින් ඔවුන් බැහැර කිරීමට මෙන්ම  අපකීර්තියට ලක්  කිරීමට හේතු වේ.

වීදි දරුවන් යනු  නාගරික සමාජවල වඩාත් අවදානමට ලක්විය හැකි සහ ආන්තිකකරණයට ලක් වූ ජනගහනයක නියෝජනයකි.  කෙසේ වෙතත් මුලික අයිතීන් හා අවශ්‍යතාවන් අහිමි විදී දරුවෝ අපයෝජනයට මෙන්ම හිංසනයට ලක්ව, දිවි ගෙවීම පිණිස ක්‍රමයෙන් සිඟමන් යැදීම, සොරකම්,පික්පොකට් ගැසීම හෝ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි ක්‍රියාකාරකම්වලට යොමු වෙති. සමාජ අපකීර්තියත්, බැහැර කිරීමත් හමුවේ සිය දෛනික ජිවිතේ දුෂ්කරතා සමනය කර ගැනීම වෙනුවෙන් වූ යම් ක්‍රියාවලියකට ඔවුන් ගොදුරුව තිබේ.  

හරිහරතමෝදරන්ගේ අධ්‍යයනය පවත්වා ඇත්තේ කොළඹ නගරයේ වීදි දරුවන් සමඟය. මෙම අධ්‍යයනයට ලක් වූ  ළමුන් අවුරුදු පහේ සිට 18 දක්වා වයස් කාණ්ඩවලට අයත්ය.

සහභාගිවන්නන් 200 ක් තෝරා ගෙන ඇති අතර සැලකිය යුතු ප්‍රතිශතයක් වයස අවුරුදු පහේ සිට නවය දක්වා (98/49.1%), පසුව වයස අවුරුදු 10-14 (89/44.6%), සහ 13/6.3% ක් වයස අවුරුදු 15-18 අතර විය.

පිරිමි ළමයින් සංඛ්‍යාව (104/51.8%) ගැහැණු ළමයින්ට වඩා තරමක් වැඩි විය (96/48.2%). ආගම අනුව, බොහෝ ප්‍රතිචාර දැක්වූවන් බෞද්ධ (145/72.5%), සහ 55/27.5% මුස්ලිම් විය.

 අධ්‍යාපනය සම්බන්ධයෙන්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 120/59.9% ක් විධිමත් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් වූ අතර, 80/40.1% ක් විධිමත් අධ්‍යාපනයක් ලබා නොතිබුණද අධ්‍යයනයට සම්බන්ධ සංවිධාන විසින් සපයනු ලබන අවිධිමත් අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගී වී සිටියහ. විධිමත් පාසල් අධ්‍යාපනයට ඇතුළත් වූ 120 දෙනාගෙන් බහුතරයක් එක සිට පහ දක්වා පන්තිවල (77/63.9%) ඉගෙනුම ලැබූ අතර, 29/24.1% ක් පෙර පාසල් මට්ටමේ සහ නවයක් / 7.5% ක් හය සිට අට දක්වා පන්තිවල ඉගෙනුම ලැබූහ. උසස් පාසල් මට්ටමට ළඟා වී තිබුණේ පස් දෙනෙකු පමණි (4.5%).

වීදි දරුවන් අතර පාසල් ඇතුළත් වීම අඩුය. තවද, විධිමත් අධ්‍යාපනයට ඇතුළත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් පහළ ප්‍රාථමික ශ්‍රේණිවල සංකේන්ද්‍රණය වී සිටි අතර, ඔවුන්ගේ පාසල් පැමිණීම ඉතා අක්‍රමවත් වූ අතර විධිමත් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ ඉහළ ප්‍රවණතාවක් ගනී.

වීදියේ දිවි ගෙවන  සෑම දරුවෙකුටම එහි සිටීමට තමන්ටම වූ විශේෂිත හේතුවකි.මෙම දිවියට  ඔවුන් සම්බන්ධවන්නට  ඇතිවූ  ක්ෂණික හේතු තැනින් තැනට හා දරුවාගෙන් දරුවාට වෙනස් ය.   හේතු බොහොමයක්  දරිද්‍රතාවය සහ ඒ ආශ්‍රිත සාධක සමඟ පුළුල් ලෙස සම්බන්ධ වේ. දුර්වල යටිතල පහසුකම්, මූලික පහසුකම් නොමැතිකම, විරැකියාව,පවුල් බිඳ වැටීම්, ගෘහස්ථ හිංසනය, අපයෝජනය, දෙමාපියන් නොසලකා හැරීම, ළමා මන්දපෝෂණය, අධ්‍යාපනය නොමැතිකම සහ ළමා ශ්‍රමය ආදියේ   ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දරුවන්ට සිය පැවැත්ම උදෙසා වීදි ජීවිතයට පිවිසීමට බල කෙරෙනු ඇත.

මූලික පහසුකම් සඳහා ප්‍රවේශය සම්බන්ධයෙන්, 35/17.6% ක් තම දෙමාපියන්ගෙන් ආහාර ලබා ගත් බවත්, 25/12.6% ක් තමන් විසින්ම ආහාර මිලදී ගත් බවත්, 22/10.8% ක් තම සේවායෝජකයින්ගෙන් එය ලබා ගත් බවත්ය. ඉතිරි 118/59% ක් දෙමාපියන්, සේවා යෝජකයින්, තමන් විසින්ම මිලදී ගැනීම, හෝටල් හිමියන් ඇතුළු තවත් බොහෝ දෙනාගෙන් ආහාර ලබා ගත් බව වාර්තා කළහ.

සැලකිය යුතු ප්‍රතිශතයකට  (68/34.2%) මුදල් නොමැතිකම, ආහාර නොමැතිකම, ආහාර රුචිය නොමැතිකම හෝ අසනීප, තුවාල හේතුවෙන් දිනකට අවම වශයෙන් එක් ආහාර වේලක්වත් අහිමිවේ.

ජීවන තත්වයන් සම්බන්ධයෙන් ගත් කල, බහුතරයක් (173/86.5%) ජීවත් වූයේ පැල්පත් ප්‍රදේශවලය. ඔවුන්ට පානීය ජලය, සනීපාරක්ෂාව, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය හෝ අපද්‍රව්‍ය පද්ධති වැනි මූලික සේවාවන් සඳහා ප්‍රවේශයක් නොතිබුණි. මෙම දරුවන් බොහෝ දුරට ජනාකීර්ණ සහ අපිරිසිදු පරිසරවල ජීවත් වූහ.අපිරිසිදුකම් ඔවුන්ව වෙලාගෙන ඇත. ඉතිරි 27/13.5% ට ස්ථිර නවාතැන් නොතිබූ අතර බොහෝ දුරට දුම්රිය පොළවල් , බස් නැවතුම් වල  හෝ පන්සල් පල්ලි අසල දිවි ගෙවති.

සෑම දරුවෙකුටම පිරිසිදු, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක වැඩීමට අයිතියක් ඇත. පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය, වඩා හොඳ සෞඛ්‍යයකට මෙන්ම සමස්ත  සංවර්ධනයටම  සහාය වේ.

කෙසේ වෙතත්, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා සීමිත හෝ ප්‍රවේශයක් නොමැති වීම හේතුවෙන් වීදි දරුවන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් සිටිති.

සමීක්ෂණයට ලක් කළ 200 න් බහුතරයක් (82/41%) කිසිදු ව්‍යුහගත වැසිකිළි පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැත. ප්‍රජා වැසිකිළි (66/33%), පොදු වැසිකිළි (24/12%) සහ නගර සභාවේ ගෙවන වැසිකිළි (2/1%), ඉතිරි 26/13% හෝටල්, සේවා ස්ථාන හෝ වෙනත් විදිහේ  වැසිකිළි වෙත ප්‍රවේශවේ.

නාන පිළිවෙත් සම්බන්ධයෙන්, 72/36% ක් ස්නානය කරනුයේ  දුම්රිය සේවයේ ජල  සැපයුම්  භාවිතා කරමින්ය. ප්‍රජා ළිං (38/19%) සහ ප්‍රජා නළ ළිං (24/12%) භාවිතා කළහ. ඊට අමතරව, 12/6% ක් පාසල් අසල ස්නානය කළ අතර, ඉතිරි 56/28% ක් බස් නැවතුම්පොළවල් , දුම්රිය ජල සැපයුම,  හෝටල් වැනි බහු ස්ථාන භාවිතා කළ අතර, ඒවා ලබා ගත හැකි ප්‍රමාණය අනුව වෙනස් විය.

පානීය ජලය සඳහා, 76/38% ක් ප්‍රජා හෝ පොදු ළිං වලින්, 38/19% ක් විවිධ පොදු ස්ථාන වලින් සහ 26/13% ක්  නල ලින් වලින් එයට ප්‍රවේශ විය. මේ අතර, 25/13% ක් දුම්රිය පරිශ්‍රයෙන් පානීය ජලය සොරකම් කරන බව වාර්තා කළ අතර, ඉතිරි 37/18% ක් පාසල්, හෝටල්, පන්සල්, උද්‍යාන හෝ සේවා යෝජකයින් වැනි බහු මූලාශ්‍රවලින් ජලය ලබා ගත්හ.

නව යොවුන් වියේ ගැහැණු ළමයින් අතර ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය ගැන ද මෙහිදී විමර්ෂණය කෙරිණි. සමීක්ෂණයට භාජනය කළ ගැහැණු දරුවන්  58 දෙනාගෙන් බහුතරයක් (35/60%) සනීපාරක්ෂක පෑඩ් සහ රෙදි දෙකම භාවිතා කළ අතර, 14/24% ක් රෙදි කැබලි පමණක් භාවිතා කළ අතර, ඉතිරි නවය/16% ක් සනීපාරක්ෂක පෑඩ් පමණක් භාවිතා කළහ. සම්මුඛ සාකච්ඡාවලින් හෙළි වූයේ රෙදි භාවිතා කරන ගැහැණු ළමයින් බොහෝ විට සේදීමෙන් පසු එකම රෙදි කිහිප වතාවක් නැවත භාවිතා කළ බවය, එමඟින් මුත්‍රා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම වැඩි වී තිබේ.  මෙසේ ගැහැණු දරුවන්   රෙදි නැවත නැවත සෝදා  භාවිතා කිරීමට පෙළඹවීමට ප්‍රධාන හේතුව වන්නේ  මුදල් නොමැතිකමය.

වීදි දරුවන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී දරුණු ආකාරයේ අපයෝජන, ප්‍රචණ්ඩත්වය සහ හිංසනයට ලක්වේ. එය ඔවුන්ගේ ශාරීරික යහපැවැත්මට සහ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපානු නියතය.

පොලිස් හිරිහැර කිරීම් 75/ 37.5% ක් විසින් වාර්තා කරන ලද අතර, සොරකම 66/33% ක් විසින් වාර්තා කරන ලද බව සොයා ගන්නා ලදී. 34/17% ක් විසින් ජීවිත තර්ජන වාර්තා කරන ලද අතර, ඉතිරි 25/12.5% ​​ක් වීදි මැරයන්, වෙනත් වීදි පිරිමි ළමයින් හෝ සේවා යෝජකයින්ගෙන් අපයෝජනයට ලක් වූ අතර, සමහරු පැහැර ගැනීමට බිය වූහ. ශාරීරික අපයෝජන සම්බන්ධයෙන්, 104/52% ක් පෞද්ගලිකව එය අත්විඳ ඇති බව වාර්තා කළ අතර, 43/21.5% ක් තමන් විසින්ම එය අත්විඳ නැතිමුත්, තම  මිතුරන්ට හෝ වෙනත් වීදි දරුවන්ට සිදුවන එවැනි සිදුවීම් නිරීක්ෂණය කර හෝ ඒ පිළිබඳව අසා ඇත.

200 දෙනාගෙන් 95 දෙනෙකු (47.5%) මත්පැන්, මත්ද්‍රව්‍ය, ගංජා හෝ දුම්කොළ පරිභෝජනය කරන්නෝ වෙති. ඊට යොමුව ඇත්තේ බොහෝ විට මිතුරන්, වෙනත් වීදි දරුවන්, සාප්පු හිමියන් හෝ වීදි මැරයන්ගෙන්  බලපෑමෙනි. ඊට වෙනස්ව, 75/ 37.5% ක් සෘජු බලහත්කාරයෙන් තොරව  මත්ද්‍රව්‍ය අත්හදා බලන්නට පෙළඹී ඇත්තේ මිතුරන්, දෙමාපියන් හෝ අනෙකුත් පවුලේ සාමාජිකයන් නිරීක්ෂණය කිරීමෙනී. සිඟමන, සොරකම, සූදුව හෝ පික්පොකට් ගැසීම වැනි ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන්, 73/36.5% ක් කියා සිටියේ දිවි ගැටගහ ගැනීම වෙනුවෙන් එසේ කළ බවය.

90/ 45% ක් තම සම වයසේ මිතුරන් අතර එවැනි හැසිරීම් නිරීක්ෂණය කර හෝ අසා තිබුණි. ලිංගික අපයෝජනය සම්බන්ධයෙන්, 51/25.5% ක් වීදිවල ජීවත් වන විට අවම වශයෙන් එක් වරක්වත් ලිංගික අපයෝජනයට ලක් වී තිබේ. 100/50% ක් අනෙකුත් වීදි දරුවන්ට සිදුවන එවැනි සිදුවීම් දැක හෝ අසා තිබුණි.

අපකීර්තියට පත් කිරීම යනු සමාජ අප්‍රසාදය හේතුවෙන් කෙනෙකුට අසාධාරණ ලෙස හෝ සෘණාත්මකව සැලකීමය. එය ගැඹුරින් නින්දාවට පත් කරන ගුණාංගයකි.

ලංකාවේ සමාජ අපකීර්තියට විශේෂයෙන් ගොදුරුවන්නේ දුගී දුප්පත්, නිවාස අහිමි  වීදිවල දිවි ගෙවන  දරුවන්ය.

එම විදී දරුවන්ගෙන් මිනිසුන් ඔවුන්ව හඳුන්වන්නේ කෙසේදැයි විමසූ විට, “හිඟන්නා, හොරා, අපරාධකාරයා, කුඩු කාරයා, පික්පොකට්කාරයා, සුදු අන්තුවා“ ලෙස පවසන බවට හෙළිදරව් කෙරිණි. ප්‍රතිචාර දැක්වූ එක් විදී දරුවෙකු කියා සිටියේ “මිනිස්සු අපට හරිම අසාධාරණ විදිහට අපට පික්පොකට්කාරයා, කුඩු කාරයා, සූදූ කාරයා කියලා චෝදනා කරනවා. මුලදී, මට මිනිසුන් එහෙම සැලකීම ගැන මට දුකක් දැනුණා, ඒත් දැන්, මම ඒකට හුරුවෙලා.තවත් මට ඒක ගානක් නැහැ.“

තවත් විදී දරුවෙක්  මෙසේ පැවසීය, “මිනිස්සු අපට හොඳින් සලකන්නේ නැහැ. සමාජයේ  සෑම අපරාධයක් ගැනම ඔවුන් අපව තමයි  සැක කරන්නෙ. එයාලා  අපට හිඟන්නෝ,කුඩු කාරයෝ කියන එක  හරිම වේදනාකාරීයි. දවස් කීපයකට කලින් මම සාප්පුවකට ගියාම අයිතිකාරයා මට කතා කළේ  පික්පොකට් කාරයා කියල. ඒ වෙලාවේ මට ගොඩක් තරහ ගියා, ඒත් මට මුකුත් කියා ගන්න බැහැ. ඒ හින්දා මම ඒක ගණන් ගන්නේ  නැතුව හිටියා.“

මෙම සොයාගැනීම් මගින් පෙන්නුම් කරන්නේ  ලංකාවේ වීදි දරුවන් ඔවුන්ගේ දෛනික ජීවිතයේදී  සෑම පැත්තකින්ම මුහුණ දෙන අභියෝගයන්ය.

මූලික පහසුකම් සඳහා ප්‍රවේශය නොමැතිකම ගැන, වීදි දරුවන් සාමාන්‍යයෙන් ඉවසීමෙන්, විසඳුමක් සොයා ගත හැකි වන තෙක් ගැටළු විඳදරාගත් බව මෙම සමීක්ෂණයේදී  අනාවරණය විය. නිදසුනක් ලෙස, ඔවුන්ගේ ආහාර අර්බුදය කළමනාකරණයට බොහෝ දරුවන් ආහාර වේල මග හරින අතර  සිඟාකෑම (35%), අඩුම මිලට ආහාර මිලදී ගැනීම (15%),  වැඩ කිරීම වෙනුවෙන්  හෝටල් හිමියන්ගෙන් ආහාර ලබා ගැනීම (12%), පන්සල්වලින් ආහාර එකතු කිරීම (10%), හෝ දුම්රියෙන් සහ හෝටල්වලින් ඉතිරි වූ ආහාර ගැනීම (28%) වැනි බොහෝ දේ කරති.

ඉවසා, විඳදරාගැනීමේ මෙම උපාය මාර්ගය අනුගමනය කරන්නේ  සාමාන්‍යයෙන් මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක්ම  නොව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලට ද ගළපා ගනී. වීදිවල දිවි ගෙවීම වෙනුවෙන් මෙම දරුවෝ   විවිධ ක්‍රම මගින්  ආදායම් උපයති. ඒ  සුළු හෝ ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන, අවම කුසලතාවක් පමණක් සෑහෙන  සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඒවාය.  කාර්, බස් හෝ දුම්රිය පිරිසිදු කිරීම (22%), කුඩා හෝටල් හෝ ගරාජවල වැඩ කිරීම (10%), කාර් සේදීම (8%) සහ අපද්‍රව්‍ය බැහැර කිරීම (15%) ඇතුළත්ය. කුසගින්න සහ ආතතිය සමනය කරගන්නට ඇතැම් විදී දරුවෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙති.

අන්‍යෝන්‍ය සහයෝගය තවත් වැදගත් උපාය මාර්ගයකි. වීදි දරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනයට ඔව්හු  සම වයසේ මිතුරන්, වැඩිහිටි වීදි පිරිමි ළමයින් හෝ ඔවුන්ගේ මව්වරුන් සමඟ සබඳතා ගොඩනඟා ගත්හ.

සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්, ඔවුන් ෆාමසිවලින් ඖෂධ මිලදී ගැනීම (32%), සාම්ප්‍රදායික වෛද්‍යවරුන් හමුවීම (28%), මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් ඉතිරි වූ ඖෂධ භාවිතා කිරීම (15%), හෝ සමහර විට කිසිදු ප්‍රතිකාරයක් නොගැනීම (25%) වැනි ලාභදායී සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි උපාය මාර්ග අනුගමනය කළහ.

වීදිවල අපයෝජන සහ හිරිහැර වලට මුහුණ දීම සඳහා කණ්ඩායම් සහජීවනය තීරණාත්මක උපාය මාර්ගයකි. කණ්ඩායමක් ලෙස එකට සිටීමෙන්, ඔවුන්ට අන්‍යෝන්‍ය සහයෝගය සහ ආරක්ෂාව ලැබේ.  ශක්තිමත් හැඟීමක් ඇති කරයි. ශාරීරික අපයෝජන වළක්වා ගැනීමට විදී දරුවෝ  බොහෝ විට දන්නා ආක්‍රමණිකයන් මගහැරීමට වග බලාගනිති. තර්ජනයට ලක්විය හැකි  ස්ථාන වෙනස් කරති, නැතහොත් අපයෝජන නිතර සිදුවන ස්ථානවලින් දුරස්වෙති. ඊට අමතරව ප්‍රතිචාර දැක්වූ විදී දරුවන් කියා සිටියේ  හිරිහැර වලින්  වැළැක්වීමටත්   ආරක්ෂාව සඳහාත් පොලිසිය සමඟ  සම්බන්ධතා ගොඩනඟා ගෙන  සහයෝගයෙන් කටයුතු කරන බවය.

විදී දරුවන්ගේ  ගැටළුව සාර්ථක  ලෙස විසඳීමට නම්  සමාජයේ සියලුම කොටස් අතර, විශේෂයෙන් ආන්තික ජන කණ්ඩායම්  අතර සම්පත් සාධාරණ ලෙස නැවත බෙදා හැරීම ඇතුළු ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය වනු ඇත.

වීදි දරුවන්ට ආදරය හා කරුණාව දක්වමින් ඔවුන්ට යහපත් දිවියක් වෙනුවෙන්  ප්‍රමාණවත් සම්පත් සහ අවස්ථාවන් සමගින් ඔවුන්ව සවිබලගැන්වීම අත්හළ නොහැකි රාජ්‍ය වගකීමකි.

The post කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/feed/ 0
“..මාර්ග ගත ක්‍රම සුරක්ෂිත භාවය යටතේ මාධ්‍ය නිදහස යටපත්  කිරීම වැරදිය..” : මානව හිමිකම් කොමිෂන් සභාව https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad-%e0%b6%b7/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad-%e0%b6%b7/#respond Fri, 13 Feb 2026 08:21:36 +0000 https://vivaranalk.com/?p=14531 මාර්ග ගත ක්‍රම සුරක්ෂිත පනතේ හේතු නොදන්වා මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ආණ්ඩුක්‍රම  ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් කඩ කිරීමක් යැයි මානව හිමිකම් කොමිසම පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව පවසන්නේ, එම කොමිසමේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අනු කමිටුවේ සාමාජිකයෙකු වන තරිඳු ජයවර්ධන පොලිසියට කාඳවීම පිලිබඳව නිකුත් කල නිවේදනයකිනි. එම සම්පුර්ණ නිවේදනය පහත දිගුවෙන් දැක්වේ.ශ්‍රී ලංකාව […]

The post “..මාර්ග ගත ක්‍රම සුරක්ෂිත භාවය යටතේ මාධ්‍ය නිදහස යටපත්  කිරීම වැරදිය..” : මානව හිමිකම් කොමිෂන් සභාව appeared first on විවරණ.

]]>
මාර්ග ගත ක්‍රම සුරක්ෂිත පනතේ හේතු නොදන්වා මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ආණ්ඩුක්‍රම  ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් කඩ කිරීමක් යැයි මානව හිමිකම් කොමිසම පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව පවසන්නේ, එම කොමිසමේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අනු කමිටුවේ සාමාජිකයෙකු වන තරිඳු ජයවර්ධන පොලිසියට කාඳවීම පිලිබඳව නිකුත් කල නිවේදනයකිනි.

එම සම්පුර්ණ නිවේදනය පහත දිගුවෙන් දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශනයේ නිදහස සහ අන්තර්ජාලය තුළ ආරක්ෂාව

The post “..මාර්ග ගත ක්‍රම සුරක්ෂිත භාවය යටතේ මාධ්‍ය නිදහස යටපත්  කිරීම වැරදිය..” : මානව හිමිකම් කොමිෂන් සභාව appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad-%e0%b6%b7/feed/ 0
නිදහස් අධ්‍යාපනයේ මළ ගමක් විය හැකි ප්‍රතිසංස්කරණය.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%85-%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%85-%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a/#respond Wed, 11 Feb 2026 09:47:24 +0000 https://vivaranalk.com/?p=14520 පහත පලවන්නේ තිසරණී ගුණසේකර විසින් Daily FT වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. මාර්ටින් වික්‍රමසිංහ ‘බව තරණය‘ රචනා කරන විට 83 වන වියේ පසු වූ අතර, ඔහු ලාංකීය සාහිත්‍ය ලෝකයේ අග්‍රගන්‍ය ප්‍රාඥයා ලෙස දැඩි ගෞරවාදරයට පාත්‍ර වී සිටි කාලයකි. මිථ්‍යා ප්‍රබන්ධවලින් තොර බුද්ධ චරිතයක් ලිවීමට ඔහු කලක සිට අපේක්ෂාවෙන් සිටි අතර, තම […]

The post නිදහස් අධ්‍යාපනයේ මළ ගමක් විය හැකි ප්‍රතිසංස්කරණය.. appeared first on විවරණ.

]]>
පහත පලවන්නේ තිසරණී ගුණසේකර විසින් Daily FT වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.

මාර්ටින් වික්‍රමසිංහ ‘බව තරණය රචනා කරන විට 83 වන වියේ පසු වූ අතර, ඔහු ලාංකීය සාහිත්‍ය ලෝකයේ අග්‍රගන්‍ය ප්‍රාඥයා ලෙස දැඩි ගෞරවාදරයට පාත්‍ර වී සිටි කාලයකි. මිථ්‍යා ප්‍රබන්ධවලින් තොර බුද්ධ චරිතයක් ලිවීමට ඔහු කලක සිට අපේක්ෂාවෙන් සිටි අතර, තම කීර්තිමත් දිවියේ උච්චතම අවස්ථාව ඒ සඳහා සුදුසුම මොහොත ලෙස ඔහු සලකන්නට ඇත.

අවාසනාවකට මෙන්, ඔහුගේ වයස හෝ ඔහුගේ ප්‍රගල්භභාවය, අන්ධ භක්තිකයන්ගේ සහ අවස්ථාවාදීන්ගේ වියරු කෝපයෙන් ආරක්ෂා වීමට පළිහක් නොවීය. ‘භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශනය’ හරහා දේශපාලනික භික්ෂුවකගේ උපතට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ මූලිකත්වයෙන් යුතුව, භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් ‘බව තරණය’ තහනම් කරන ලෙස ඉල්ලා සිටියහ. ඇතැමුන්ට අවශ්‍ය වූයේ අසූ වියැති මෙම කතුවරයා සිරගත කිරීමටය.

ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් ද මෙම ගැටුමට එක් වූයේ, මෙය බුද්ධාගමට අපහාස කිරීම සඳහා දියත් කළ කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් බව පවසමිනි. එක් අයෙකු මෙම කෘතිය රුසියානු “වොඩ්කා” වලින් මත් වූ මනසක ප්‍රතිඵලයක්යැයි චෝදනා කළේය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ලිපියක් යොමු කළ විට, ඒ පිළිබඳව ක්‍රියා කිරීමට රජයට බලපෑමක් විය. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදී. විරෝධතා දැඩි වෙද්දී, හදිසි නීති රෙගුලාසි යටතේ මෙම කෘතිය තහනම් කිරීම පිළිබඳව රජයේ අංශ තුළ කතාබහක් ඇති විය.

එම අවස්ථාවේදී ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වූ එරික් ජේ. ද සිල්වා, පොත කියවා ඒ පිළිබඳව දැනුවත් මතයක් ඉදිරිපත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. පොත කියවීමෙන් පසු ඔහු නිල සටහනක් තබමින් එය “..බුදුරදුන් පිළිබඳව ගොඩනැඟී ඇති අද්භූත විශ්වාසයන්ගෙන් බැහැරව උන්වහන්සේව විමසා බැලීමට ගත් ඉතා කල්පනාකාරී උත්සාහයක්..” ලෙස අර්ථ දැක්වූ අතර, පොත තහනම් කිරීමට එරෙහිව දැඩිව උපදෙස් දුන්නේය.

අගමැතිනි බණ්ඩාරනායක මහත්මිය එයට එකඟ වූ අතර, එය ඇයගේ කීර්තිනාමයට සදාකාලික ගෞරවයක් එක් කළ තීරණයකි. රජය තම මතයට නමා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමත් සමඟ එම විරෝධතා ගින්න ක්‍රමයෙන් නිවී ගියේය. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කළ බුද්ධිමත් මැදිහත්වීමෙන්, මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ලේඛකයෙකුට පීඩා කිරීම නිසා රටට අත් වීමට ගිය නින්දිත අපකීර්තියෙන් ශ්‍රී ලංකාව ගැලවිණ.

දැන් 2019 වසර දෙස බලමු. පාස්කු ඉරිදා සමූහ ඝාතනයෙන් පසුව ඇති වූ වාතාවරණය තුළ, ‘වැඩ කරන අපේ විරුවාගේ’ සම්ප්‍රාප්තිය සඳහා මඟ සකසනු වස් ඇතැම් පාර්ශව මුස්ලිම් විරෝධී ගින්න දිගින් දිගටම ඇවිළ වූහ.

“වඳ පෙති” සහ “ගර්භාෂ යුද්ධය” වැනි මාරාන්තික මෝඩකම් රජයමින් තිබූ මෙවැනි වාතාවරණයක් මැදට රජයේ අලුත් චක්‍රලේඛයක් එක් විය. එමඟින් රජයේ ආයතනයක සේවය කරන හෝ එහි පැමිණෙන සෑම කාන්තාවක්ම සාරියකින් සැරසී සිටීම අනිවාර්ය කරන ලදී.

මෙම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සංකල්පයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම චක්‍රලේඛය අත්හිටුවීමට නියෝග කළද, ලේකම් ජේ.ජේ. රත්නසිරි එය ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී, යුරෝපීය ඇඳුමෙන්  සැරසී සිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා දේශපාලනඥයන් සමඟ සෘජුව වාද කළේය. කාන්තාවන් සඳහා පැනවූ මෙම “සිංහල-බෞද්ධ ඇඳුම් රීතියේ” ඇති අසාධාරණය, නොගැලපෙන බව හෝ එහි ඇති හාස්‍යජනක බව පිළිගැනීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

මෙම කෙටි සිදුවීම් ද්විත්වය මගින් දශක කිහිපයක් තිස්සේ අපගේ රාජ්‍ය සේවය කෙතරම් දුරට පිරිහීමට ලක්ව ඇත්ද යන්න මැනවින් පෙන්නුම් කරයි. එමෙන්ම ලාංකීය නිලධාරිවාදයේ තිඹිරිගෙය බඳු වූ අපගේ රජයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවයද මෙයින් අවධාරණය කෙරේ.

ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති කර්මාන්තය රුපියල් බිලියන 122ක වටිනාකමකින් යුක්ත බව වාර්තා වේ.

බොහෝ රජයේ පාසල්වල (ප්‍රමුඛ පෙළේ යැයි සැලකෙන පාසල් ද ඇතුළුව) උසස් පෙළ සිසුන් වැඩි කාලයෙන් උපකාරක පන්ති සඳහා වැය කරන බව ප්‍රසිද්ධ රහසකි. දිලිනි මධුකා අක්මීමන පවසන ආකාරයට, මෙම තත්වයට බලපා ඇති ප්‍රධාන හේතු වන්නේ පාසල් පන්තිවල ඉගැන්වීමේ ගුණාත්මකභාවය අඩු වීම සහ ඵලදායීතාවය අවම වීම, සමාජ-ආර්ථික බලපෑම් සහ උපකාරක පන්තිවල ඇති වැඩි නම්‍යශීලී බවයි. ඇයගේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 95% කට වඩා වැඩි පිරිසක්  පාඩම් සූදානම් කිරීම සහ විෂය දැනුම, ඉගැන්වීමේ ගුණාත්මකභාවය, යහපත් ගුරු-සිසු සබඳතා පවත්වා ගැනීම සහ නව්‍ය මෙන්ම ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රම භාවිත කිරීම යන අංශවලින් උපකාරක පන්ති ගුරුවරුන් වඩාත් සාර්ථකව කටයුතු කරන බව පිළිගත්හ. මෙහි ඇති පරස්පරය  නම්, පාසල් පන්තිවල ගුණාත්මකභාවය ඉහළ ගියත් තමන් පාසලට වඩා උපකාරක පන්තියට ප්‍රමුඛතාව දෙන බව සහභාගී වූවන්ගෙන් 90% කට අධික පිරිසක් අවධාරණය කිරීමයි. ඒ අනුව, මෙම ගැටලුව හුදෙක් භෞතික කරුණු මත පදනම් වූවක් පමණක් නොව, එය ආකල්පමය ගැටලුවක් ද වේ.

රජයේ අධ්‍යාපනය යනු සේවාවකි. එහෙත් උපකාරක පන්ති යනු වෙනත් ඕනෑම ව්‍යාපාරයක් මෙන් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට සහ තම නිෂ්පාදනය විකිණීම සඳහා නවීන අලෙවිකරණ උපාය මාර්ග භාවිතා කරන රුපියල් බිලියන ගණනක ව්‍යාපාරයකි. ආචාර්ය ඉසුරු සෙනරත් පෙන්වා දෙන පරිදි,

උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඇති මෙම වර්ණවත් හා ආකර්ෂණීය ස්වභාවය හමුවේ, රජයේ පාසල් අධ්‍යාපනය මන්දෝත්සාහි සහ කම්මැලි අවශ්‍යතාවයක් සේ පෙනෙන්නට පුළුවන.

කෙසේ වෙතත්, වඩා හොඳ ප්‍රචාරණයක් තිබූ පමණින් අදහස් වන්නේ එහි නිෂ්පාදනය වඩා උසස් බව නොවේ. උදාහරණයක් ලෙස, ජනප්‍රිය ජීව විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක තම පන්තියකදී ප්‍රකාශ කළේ, පැලෝපීය නාලය මිරිකීමෙන් කාන්තාවන් වඳභාවයට පත් කළ හැකි බවයි. ඔහු මෙම ප්‍රකාශය කළේ ‘ෂාෆි උන්මාදය’ රට තුළ දැඩි ලෙස පැතිර තිබූ සමයේදීය. ඒ සඳහා කිසිදු උපකරණයක් අවශ්‍ය නොවන බවත්, නාලය ඇඹරීම පමණක් ප්‍රමාණවත් බවත්, එය තත්පර කිහිපයකින් කළ හැකි ‘ඉතා සරල දෙයක්’ බවත් අවධාරණය කළේය.

සමහර විට ජීව විද්‍යා ගුරුවරයා තමන් උගන්වන විෂය ගැන කිසිවක් නොදනී, නැතහොත් ඔහු දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා බොරු කියයි.

එකල පැවති කාලසීමාව සහ සන්දර්භය සිහියේ තබා ගන්න. මුස්ලිම්වරුන් සිංහල බෞද්ධ කාන්තාවන් වඳභාවයට පත් කරන බව පැවසීම ගලගොඩඅත්තේ ඥානසාර වැනි අයගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබිණි. 2013 වසරේ සිට සිංහල බෞද්ධ අන්තවාදීන් ‘වඳ කොත්තු’ සහ ‘වඳ බ්‍රෙසියර්’ වැනි විෂබීජ සමාජගත කරමින් සිටියහ. 2018 අම්පාරේ ඇති වූ කුඩා කෝලාහලයට හේතු වූයේ ද මුස්ලිම් ආගමිකයෙකු සතු ආපනශාලාවකින් මිලදී ගත් කොත්තුවක ‘වඳ පෙත්තක්’ හමු වූ බවට පාරිභෝගිකයෙකු නැගූ හාස්‍යජනක චෝදනාවයි. උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ පවතින කිසිදු පාලනයක් හෝ මැදිහත්වීමක් නොමැති තත්ත්වය නිසා, තිස්ස ජනනායක වැනි අයට මනස විකෘති කරන සහ ප්‍රචණ්ඩත්වයට මඟ පාදන අසත්‍ය ප්‍රචාර ජනප්‍රිය කිරීමට නිදහස් වේදිකාවක් දිගින් දිගටම ලැබී තිබේ. 2019 දී ඉලක්කය වූයේ මුස්ලිම් ආගමිකයන්ය; 2029 වන විට එය දෙමළ හෝ කිතුනු ජනයා විය හැකිය.

අපි එකිනෙකාගේ ආගම් සහ ඉතිහාසය පිළිබඳව දන්නේ ඉතා අල්ප වශයෙනි. මෙම වැරදි වැටහීම් නමැති අඳුරු පටලය දුරු කිරීමට අපගේ අධ්‍යාපන ක්‍රමය කිසිදු උත්සාහයක් ගෙන නොමැත. උපකාරක පන්ති ක්ෂේත්‍රයේ බලවත් පිරිසක් මෙම වැරදි අවබෝධ තවදුරටත් උග්‍ර කිරීමට කටයුතු කරන බව පෙනේ. නියාමනයන් මගින් පමණක් මෙය නිවැරදි කළ නොහැකි වුවත්, ඒවා අත්‍යවශ්‍ය පළමු පියවරකි.

අධ්‍යාපන වෙළඳාමේ මුල්ගාමියෙකු වූ බන්දුල ගුණවර්ධන දෙවතාවක් මෙරට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියේය. (මෙය වාණිජ මණ්ඩලයේ ප්‍රධානියෙකු කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කිරීම වැනි ඉහළම පරස්පරතාවයකි). බස්නාහිර පළාතේ රාජ්‍ය අංශයේ ගුරුවරුන්ට තමන්ගේම සිසුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අග්‍රාමාත්‍ය අමරසූරිය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් පැය 24ක් යන්නටත් පෙර ඉල්ලා අස්කර ගන්නා ලදී. උපකාරක පන්ති ක්ෂේත්‍රයේ පවතින බලවත් හස්තය හේතුවෙන්,  අවසානයේ සියල්ල පෙර පරිදිම පවතී.

ඩාවෝස් (Davos) නුවරදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැක්වූ විශිෂ්ට දායකත්වය රජයට මෙන්ම රටට ද ගෞරවයකි. එවැනි බුද්ධිමතෙකු ‘විද්‍යාත්මක වර්ගවාදය’ නමැති විනාශකාරී මතවාදය පිළිබඳව මනාව දැනුවත් වනු ඇත. ස්වභාව ධර්මවේදී සත්ත්ව විද්‍යාඥයෙකු වූ ජෝර්ජ් කුවියර්  විසින් උසස් සහ පහත් වර්ගයන් පිළිබඳ විශ්වාසයට ව්‍යාජ විද්‍යාත්මක පදනමක් ලබා දුන් ආකාරයත්; වෛද්‍යවරයෙකු මෙන්ම ස්වභාව ධර්මවේදියෙකු වූ ජොහාන් ෆ්‍රෙඩ්රික් බ්ලුමෙන්බැක්  මෙම සාවද්‍ය අදහස්, විද්‍යාත්මකව බැහැර කොට ‘භෞතික මානව විද්‍යාව’ බවට පත් කළ ආකාරයත් ඇය නිසැකවම දන්නවා ඇත.

ප්‍රශ්නය වන්නේ, සුප්‍රජනක විද්‍යාවට (eugenics) පදනම වූ සහ වහල්භාවය මෙන්ම වර්ගභේදවාදය  වැනි ඓතිහාසික අපරාධ සාධාරණීකරණය කිරීමට යොදාගත් මෙම වර්ගවාදී වර්ගීකරණයන් 6 වැනි ශ්‍රේණියේ ඉතිහාස පාඩම් මාලාවේ අඩංගු බව ඇය දන්නවාද යන්නයි.

‘ලෝකයේ වෙසෙන විවිධ මානව වර්ග’ මැයෙන් යුත් කොටස බලන්න. කොකේසොයිඩ්, ඔස්ට්‍රලොයිඩ්, මොන්ගොලොයිඩ්, නෙග්‍රොයිඩ්: 19 වැනි සියවසේදී බොහෝ කලකට පෙර ප්‍රතික්ෂේප වූ මෙම වර්ගීකරණයන්, 21 වැනි සියවසේ අපේ දරුවන්ට උගන්වනු ලබන්නේ සත්‍යය, හා සහතික වශයෙන්ම සත්‍යය ලෙසය. මෙම පාඩම් මාලාව අපට පවසන පරිදි ‘නීග්‍රෝ’ වර්ගයට මධ්‍යම ප්‍රමාණයේ පැතලි නාසයක්, විශාල පළල් තොල් සහ තද රැළි ගැසුණු කෙස් ඇත. ලෝකයේ  කොතැනක හෝ මෙම වර්ගවාදී වර්ගීකරණය කිසිදු අභියෝගයකට ලක් නොවී පවතින බව බැරන් කුවියර් (Baron Cuvier) දැන සිටියේ නම් ඔහු බෙහෙවින් සතුටු වනු ඇත. ඔහු ‘නීග්‍රොයිඩ්’ වර්ගය විස්තර කළේ මෙසේය:

ඒ අතරම, එම කොටසේ පළමු අභ්‍යාසයෙන් සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ එක් එක් (වාර්ගික) කාණ්ඩය රටක් සමඟ ගැලපීමටය: ශ්‍රී ලංකාව, චීනය, ජර්මනිය – සහ – අප්‍රිකාව. පැහැදිලිවම පෙනෙන කරුණ නම්, මෙම ආකෘතිය සකස් කළ අධ්‍යාපනඥයින් හෝ එම කාර්යය අධීක්ෂණය කළ විද්වතුන් අප්‍රිකාව යනු රටක් නොව මහාද්වීපයක් බව නොදන්නා බවයි.

සමහරවිට අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය ට මෙම පාඩම් මාලා අධ්‍යයනය කිරීමට තරම් කාර්යබහුල වන්නට ඇත. නමුත් ඇය ඒවා දකින්නට ඇති අතර, ඉතිහාස මොඩියුලයේ කවරය දුටු විගසම ඒ පිළිබඳව ඇගේ අවධානය යොමු විය යුතුව තිබිණි (නැතහොත් ඇයට අනතුරු ඇඟවීමක් විය යුතුව තිබිණි). එහි හෝමිනින් විශේෂ (හෝමෝ-සේපියන්ස්වරුන්ට පෙර විසූ මානවයන්) සහ මුල්කාලීන හෝමෝ-සේපියන්ස්වරුන් කිහිප දෙනෙකු නිරූපණය කර ඇති අතර, ඔවුන්ට ඉහළින් ජයග්‍රාහී විලාසයකින් නැගී සිටින මනා දේහධාරී සුදු ජාතික පිරිමි මලල ක්‍රීඩකයෙකු දැක්වේ. එය ඕනෑම සුදු ජාතික ආධිපත්‍යවාදියෙකුගේ හදවත පිනවන සුලු දසුනකි.

මෙම පාඩම් මාලා කියවන ඕනෑම අයෙකුට, මතභේදාත්මක වෙබ් අඩවියකට අදාළ සබැඳිය  මෙයට ඇතුළත් වූයේ කෙසේදැයි වටහා ගැනීම අපහසු නැත. මෙම නිර්මාණ ඉතා බාල මට්ටමේ, නොදැනුවත්කමින් යුතු සහ දුර්වල ලෙස ලියැවුණු ඒවාය. අවම වශයෙන් එහි සොදුපත් කියවීම  පවා ඉතාමත් අසතුටුදායකය. මෙම කාර්යයේ ඇති අතිශය දුර්වල මට්ටමෙන් පෙන්නුම් කරන්නේ  රජයේ අධ්‍යාපන ක්‍රමය කළමනාකරණය කරන ආයතන කෙතරම් පහළ අගාධයකට ඇද වැටී ඇත්ද යන්නයි. අර්ථවත් විෂයමාලා ප්‍රතිසංස්කරණයකට පෙර ආයතනික ප්‍රතිසංස්කරණ සිදු විය යුතුය. එසේ නොවුවහොත්, නව අධ්‍යාපන ක්‍රමය මගින් පැරණි බරපතළ වැරදි නැවත ඇති කරනවා පමණක් නොව, අලුත් වැරදි ද නිර්මාණය කරනු ඇත.

සුදුසුකම් ලැබීමේ විභාගයකින් තොරව රජයේ ගුරුවරුන් වශයෙන් බඳවා ගන්නා ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් පිරිසක් පවත්වන අඛණ්ඩ වැඩ වර්ජනය මගින් පෙන්නුම් කරන්නේ, දේශපාලන නායකයන් විසින් ගනු ලැබූ අවස්ථාවාදී තීරණ වර්තමාන පරිහානියට දායක වී ඇති ආකාරයයි. 2011 වසරේදී 50,420කට පත්වීම් ලබා දීමෙන් රැකියා විරහිත උපාධිධාරීන් සමූහ වශයෙන් බඳවා ගැනීම මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කරන ලදී. එම ක්‍රමයම ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් බඳවා ගැනීම් 50,000ක් සමඟ නැවත ක්‍රියාත්මක කරන ලදී. මෙවැනි ක්‍රියාමාර්ග රජයේ අධ්‍යාපන ක්‍රමය පිරිහීමටත්, ඊට සමගාමීව උපකාරක පන්ති ක්ෂේත්‍රය ඉහළට එසවීමටත් හේතු විය.

අමාලි වෛද්‍යසේකර විසින් සිදු කරන ලද අධ්‍යයනයකින්, උපකාරක පන්ති පාලනයකින් තොරව  වර්ධනයනීම, වෙනස් දේශපාලන වාතාවරණයක් යටතේ නිදහස් අධ්‍යාපනය අහෝසි වීමට මඟ පෑදෙන බව පෙන්වා දේ.

මෙවැනි අදහස් බැරෑරුම් ලෙස සලකා බැලිය නොහැකි තරම් ආන්තික ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත්, නිදහස් අධ්‍යාපනය යන සංකල්පය ද එලෙසම ආන්තික අදහසක්ව පැවතුණි. අද  අසම්භාව්‍ය හෝ සිතාගත නොහැකි ලෙස පෙනෙන අදහස් හෙට දිනයේ සාමාන්‍ය සම්මතය බවට පත්විය හැකිය. රජයේ පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය නොකළහොත් සහ උපකාරක පන්ති  නියාමනය නොකළහොත්, රජයේ අධ්‍යාපනය සඳහා ලබා දෙන ප්‍රතිපාදන කපා හැරීම මගින් බදු මුදල් ඉතිරි කර ගැනීමේ හඬ කෙඳිරි ගෑමක සිට මොරගැසීමක් දක්වා වර්ධනය විය හැකිය. කෙසේ වෙතත්, සිසුන් පාසල් පන්තිවලට වඩා උපකාරක පන්තිවලට ප්‍රමුඛතාවක් දක්වන්නේ නම්, කිසිවෙකුට අනවශ්‍ය නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් බිලියන ගණනින් මුදල් වැය කිරීමට දෙමාපියන්ගෙන් බදු අය කරන්නේ කුමටද? මෙවැනි අදහසක් නව පිළිගැනීමක් බවට කිරීමේ හැකියාව උපකාරක පන්තිවලට ඕනෑවටත් වඩා තිබේ.

වහාම පිළියම් නොයෙදුවහොත්, ශ්‍රී ලංකාව සිය 100 වන නිදහස් දිනය සමරනු ලබන්නේ නිදහස් අධ්‍යාපනය අතීතයට පමණක් සීමා වූ, අනාගත පරපුර හැඩගැස්වීමේ කාර්යය පාලනයකින් තොර කොල්ලකාරී උපකාරක පන්ති ඒකාධිකාරයට යටත් වූ රටක විය හැකිය.

The post නිදහස් අධ්‍යාපනයේ මළ ගමක් විය හැකි ප්‍රතිසංස්කරණය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%85-%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a/feed/ 0
දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80/#respond Mon, 09 Feb 2026 08:31:04 +0000 https://vivaranalk.com/?p=14485 දේශපාලකයින් සහ දේශපාලනඥයින් අතර වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගෙන නොමැති බව මෑත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලිය. මහජන ඡන්දයෙන් කෙසේ හෝ තේරී පත්වන ජනතා නියෝජිතයෙකුට දේශපාලකයායැයි කීම ගැලපේ. මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ගේ කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය වුවත් ඔවුන් විවිධ ආකාරයෙන් රට පාලනයට සම්බන්ධ වන නිසා සැබැවින්ම දේශපාලකයන්ය එනම් දේශයේ පාලකයන්ය. ඒ සඳහා […]

The post දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. appeared first on විවරණ.

]]>
දේශපාලකයින් සහ දේශපාලනඥයින් අතර වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගෙන නොමැති බව මෑත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලිය. මහජන ඡන්දයෙන් කෙසේ හෝ තේරී පත්වන ජනතා නියෝජිතයෙකුට දේශපාලකයායැයි කීම ගැලපේ. මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ගේ කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය වුවත් ඔවුන් විවිධ ආකාරයෙන් රට පාලනයට සම්බන්ධ වන නිසා සැබැවින්ම දේශපාලකයන්ය එනම් දේශයේ පාලකයන්ය. ඒ සඳහා එකම සුදුසුකම වන්නේ මහජන ඡන්දය දිනා ගැනීම පමණි.

දේශපාලනඥයන් යන්නෙන් කියවෙන්නේ ඊට වඩා වෙනස් දෙයකි. විද්‍යඥ වැනි යෙදුම් සමග සසඳා බැලීමේ දී දේශපාලනඥයන් යනු දේශපාලන ශාස්ත්‍රය නැතිනම් විෂය මැනැවින් ප්‍රගුණ කළ අයයි. එම විෂය ක්ෂේත්‍රයේ නිපුණතාවයක් ලත් අයයි. එහෙත් වෙනත් බොහෝ රටවල මෙන්ම අපේ රටේ නීති සම්පාදකයන්ට දේශපාලනඥයැයි හැදින්විය හැකිද යන්න බරපතළ ගැටලුවකි. එය අපේ දේශපාලන ඉතිහාසයේ නිතර දක්නට ලැබුණ කාරණයක් වුවද මෑතක වූ සිදුවීම් කීපයකින් මෙම නොගැලපීම වඩාත් කැපී පෙනෙන තත්වයට පත් විය.

පළමුවෙන්ම මෙය පැහැදිලි කර ගැනීමට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව කඩි මුඩියේ ඉදිරිපත් කොට පසුව වසරකට කල් දැමු අධ්‍යාපක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සලකා බැලීම ප්‍රයෝජනවත්ය. ඇත්තෙන්ම අධ්‍යාපනය වැනි අනාගත පරපුරට බලපාන වැදගත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ගැන අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වීම සහ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම පුළුල් එකඟතා ඇති කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අවශ්‍යතාවයකි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ කෙතරම් වැදගත් කරුණු වුවද අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක කිරීම භයානයක ප්‍රතිපල අත් කර දිය හැකිය. ඊට නිදසුනක් වශයෙන් නමසිය හැත්තෑ ගණන්වල ක්‍රියාත්මක වූ උඩගම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. එහි එක් යෝජනාවක් වූයේ අධ්‍යාපනයේ දිස්ත්‍රික් මට්ටමෙන් පවතින වෙනස්කම් විසඳීම සඳහා විශ්වවිද්‍යාලවලට පිවිසීමේ දී දිස්ත්‍රික් ප්‍රමිතිකරණයක් හඳුන්වා දීමය. බැලු බැල්මට මෙය එකල පැවති ක්‍රමය යටතේ ඉතාමත් ප්‍රගතිශීලී පියවරකි. අධ්‍යාපන පහසුකම් දියුණු මට්ටමක නොපැවති ඌව පමණක් නොව නැගෙනහිර පළාතේ ශිෂ්‍යයන්ට පවා විශ්වවිද්‍යාලයට පිවිසීමට අවස්ථාවක් විවර කර දිමකි.

කෙසේ වුවත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වත්මන් දේශපාලකයන් අතර කෙරෙන සාකච්ඡාව, වඩාත් නිවැරදිව වාදය, විෂය ගැන අවබෝධයකින් හෝ නිවැරදි වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමේ වුවමනාවකින් කෙරෙන්නක් නොවන බව පෙන්වා දිය යුතුය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ එම වැඩ පිළිවෙළ තුළින් ශිෂ්‍යයන්ට අසැබියැයි හැඳින්වෙන වෙබ් අඩවියක් හඳුන්වා දීමය. ඊට අමතරව ඉතිහාසය ඉගැන්වීම අමතක කර ඇතැයි චෝදනාවක් ද ඉදිරිපත් විය. වඩාත් වැදගත් වන්නේ මෙම විවේචනය එම වැඩ පිළිවෙළ ගැඹුරින් හැදැරීමක් නැතිව පුවත්පත්වල සිරස්තලවලට ගැලපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමය.

පසුගිය දා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සියයකට ආසන්න පිරිසක් නිකුත් කළ ප්‍රකාශයක් අනුව යෝජිත වැඩ පිළිවෙළේ දේශපාලකයන් දැක් වූ කරුණුවලට වෙනස් එහෙත් වඩාත් බරපතළ වැරදි රාශියක් පවතී. (එම ප්‍රකශය පෙබරවාරි 02 දින අප වෙබ් අඩවියේ පළ විය.) එම නිවේදනය අනුව අතිශයෙන් වැදගත් ගණිතය සහ භාෂාව වැනි විෂයන් සඳහා වෙන් කර ඇති කාලය කිසිසේත් ප්‍රමාණවත් නැත. ඊට අමතරව නූතන විද්‍යා දැනුම අනුව නොගැලපෙන, සාවද්‍ය කරුනු රාශියක්ද එම පෙළපොත්වල ඇතුළත් ය. දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමෙන් සහ අධ්‍යාපනය ශාස්ත්‍රයක් වශයෙන් හදාරා ලත් පරිචය ලත් පිරිසක් කළ එම නිවේදනය දේශපාලකයන්ගේ විවේචනයෙන් හාත්පසින්ම වෙනස් ය. ඔවුන් ඉදිරිපත් කර ඇති මතය දේශපාලකයන්ට කෙසේ වුවත් රටේ ජනතාවට ඉතාමත් ප්‍රයෝජනවත්ය. වැදගත් ය.

රටේ ඉදිරි ගමන් මග සකසා ගැනීමට දැනුවත් කැපවීමක් ඇති පරපුරක් බිහි කිරීමටනම් අධ්‍යාපනයේ කළ යුතු වෙනස්කම් කිසියම් කණ්ඩායමක අවශ්‍යතාවයක් නොව පොදු සමාජයේම අවශ්‍යතාවයක් විය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපියේ මූලික අදහස බව පැවසීම ප්‍රමාණවත් ය. අප මෙහිදී අවධානයට ලක් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදයන් වන දේශපාලකයන් ගේ අවශ්‍යතාවය වාද විවාද කිරීම පමණක් බව පෙන්වා දීමට ය. ප්‍රශ්නය වැරදි පැත්තකින් අල්ලා ගෙන ජනතාව මුළා කිරීම ය.

රටේ ජනතාවට වැදගත් වන්නේ මෙම පත්වීම ඒකච්ඡන්දයෙන් හෝ වැඩි ඡන්දයෙන් සිදු වූයේ ද යන්න නොවේ. විගණකාධිපති ඉදිරිපත් කරන වාර්තා ගැන මෙම දේශපාලකයන් මෙතෙක් ක්‍රියා කර ඇත්තේ කෙසේද යන්නයි. සරලව කිව හැකි වන්නේ විගණකාධිපති පත් කිරීමට දේශපාලකයන් තුළ පැවති උනන්දුව සහ උද්‍යෝගය  ඔහු හෝ ඇය ඉදිරිපත් කළ වාර්තා ගැන දක්වා නැති බවය. වසරක් පාසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විගණකාධිපති වාර්තාවලින් දක්වා ඇති ගිණුම්කරණයේ අඩුපාඩු මෙන්ම අක්‍රමිකතා අපමණය. එම වාර්තාව නිකුත් වූ වහාම එහි ‘රසවත්“ කොටස් ජනමාධ්‍යයේත් සමාජ මාධ්‍ය යේත් කතා බහට ලක් වුවද ඉන් එහාට කිසි පියවරක් ගන්නේම නැති තරම්ය. එම වාර්තා පරික්ෂාවෙන් බලන කෙනෙතුට වරක් පෙන්වා දුන් වැරදි සහ අක්‍රමිකතා ඊට පසු වසරවල ද සිදුව ඇති බව දැකිය හැකිය.

විගණකාධිපතිට වැරදි සහ අක්‍රමිකතා පෙන්වා දිය හැකි නමුත් ඒ ගැන පියවර ගැනීමට ඔහුට නීතිමය ප්‍රතිපාදන නැත. එය කළ යුත්තේ නිසි බලධාරීන් සහ විධායකය විසිනි. සාමාන්‍යෙයන් සිදු වන්නේ දේශපාලන වශයෙන් විරුද්ධවාදියෙකුට පහර ගැසීමට හැකි කොටස් පාවිච්චි කර ‘සෝඩා බෝතලයේ මෙන් සැර බාල්දු වීම ය. විගණකාධිපති තනතුරට පත් කිරීම දේශපාලන වාසියක් ලබා ගත හැකි හොඳ මාතෘකාවක් නිසා එය යොදා ගැනීමට ඇති උනන්දුව විගණකාධිපති වාර්තා ගැන දක්වා නැත. ඇත්තෙන්ම එය විගණකාධිපති වාර්තාවලට පමණක් සීමා වුවක් නොවේ. බොහෝ ජනාධිපති කොමිසම් වාර්තා ද රජයේ ලේඛනාගාරයේ දූවිලිවලට යටව තිබීම සාමාන්‍ය දෙයකි.

සියල්ල රුපියල් ශත වලින් තීරණය වන සමාජයක නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වන්නේ අකුරුවලට පමණි. ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග තීරණය වන්නේ වෙනත් නිර්ණායක පදනම් කර ගෙන ය. පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරවත් දේශපාලකයන් වාද විවාද කරන්නේ එම යථාර්ථය යටපත් කිරීමට ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත් විගණකාධිපති පත් කිරීම ගැනත් මහත් ආන්දෝලනයක් ඇති කරන්නේ ඒ සඳහා ය.

වෙනස් විය යුත්තේත් වෙනස් කළ යුත්තේත් එම ක්‍රමයයි. පුද්ගලයන් වෙනස්වීම ක්‍රමයේ වෙනසක් නොවන බව පසක් කර ගැනීමට දේශපාලයේ පවතින දරිද්‍රතවය නිසා නොහැකිව ඇත.

The post දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80/feed/ 0