විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 06 Jun 2025 10:03:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png විවරණ 32 32 තීරු බදු සහ ඒවායේ බලපෑම්: ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%92%e0%b7%80%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%92%e0%b7%80%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a7/#respond Fri, 06 Jun 2025 10:03:41 +0000 https://vivaranalk.com/?p=12953 නොදියුණු රටවල සංවර්ධනය හා තීරු බදු ඉතිහාසය පුරාවටම, ලෝකයේ නොදියුණු රටවල් දියුණු රටවල් බවට පත්වීමේ ක්‍රියාවලිය තුළ තීරු බදු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. පසුගිය වසර 70 තුළ කොරියාව වැනි රටවල් අතලොස්සක් පමණක් සාර්ථකව දියුණු රටවල් බවට පත්ව ඇත. මෙම සාර්ථකත්වයට හේතු සොයා බැලීමේදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ස්වීඩනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ […]

The post තීරු බදු සහ ඒවායේ බලපෑම්: ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය.. appeared first on විවරණ.

]]>

ඉතිහාසය පුරාවටම, ලෝකයේ නොදියුණු රටවල් දියුණු රටවල් බවට පත්වීමේ ක්‍රියාවලිය තුළ තීරු බදු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. පසුගිය වසර 70 තුළ කොරියාව වැනි රටවල් අතලොස්සක් පමණක් සාර්ථකව දියුණු රටවල් බවට පත්ව ඇත. මෙම සාර්ථකත්වයට හේතු සොයා බැලීමේදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ස්වීඩනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් සංවර්ධනය වීමට තීරු බදු සහ ආරක්ෂණවාදය භාවිතා කර ඇති බව හොදින් පැහැදිලි වේ.

තීරු බදු යනු ප්‍රතිපත්තිමය මෙවලමක් පමණි. එය හොඳට හෝ නරකට භාවිතා කළ හැකිය. සාර්ථක තීරු බදු භාවිතය “ළදරු කර්මාන්ත ආරක්ෂණය” (infant industry protection) යන සංකල්පය මත පදනම් වේ. මෙහිදී ආර්ථික වශයෙන් පසුගාමී රටවල ආණ්ඩු විසින් තීරු බදු, සහනාධාර වැනි මෙවලම් හරහා සිය ළදරු කර්මාන්ත ආරක්ෂා කර වර්ධනය කරමින්, ගෝලීය වෙළදපොලේ උසස් විදේශීය සමාගම් සමඟ අවසානයේ තරග කිරීමට හැකි වන පරිදි ඒවා පෝෂණය කිරීම අවශ්‍ය වේ.

මෙම සංකල්පය කුඩා දරුවෙකු ඇති දැඩි කිරීමේ ක්‍රියාවලියට සමාන ය. යන්තම් වයස අඩු දරුවන් රැකියාවලට යැවීම හරහා එය කෙටි කාලීනව මුදල් ඉතිරි කරගැනීමට උපකාරී වුවද, එය දරුවාගේ දිගුකාලීන සංවර්ධනයට බාධාවක් බවට පත් වෙයි. ඒ වෙනුවට දරුවා පාසල් යවා, විශ්ව විද්‍යාලයකට යවා, ඉහළ ඵලදායිතාවක් ඇති පුද්ගලයෙකු බවට පත් කිරීම වඩා වැදගත් ය.

18 සහ 19 වන සියවස්වල බ්‍රිතාන්‍ය එවකට යුරෝපයේ ප්‍රමුඛ තාක්ෂණික රට නොවීය. බෙල්ජියම, නෙදර්ලන්තය, සහ ඉතාලියේ සමහර ප්‍රදේශ තාක්ෂණික වශයෙන් බ්‍රිතාන්‍යන්ට වඩා ඉදිරියෙන් සිටියහ. මෙහි දී බ්‍රිතාන්‍ය දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති භාවිතා කළේය.

එක්සත් ජනපදය ද දෙවන ලෝක යුද්ධය දක්වාම ඉතා ඉහළ තීරු බදු (40-50% පමණ) පනවා තිබිණ. මෙය ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ($10 නෝට්ටුවේ සිටින පුද්ගලයා) විසින් විධිමත් කරන ලද සංකල්පයකි. තීරු බදු භාවිතයෙන් ඔවුන් බ්‍රිතාන්‍ය සහ අනෙකුත් යුරෝපීය තරඟකාරිත්වයට එරෙහිව සටන් කළහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන තීරු බදු ප්‍රතිපත්තිය ඉහත සඳහන් කළ සාර්ථක ආකෘතියෙන් වෙනස් වේ. ඔහුගේ ප්‍රතිපත්තිය “එතරම් සාර්ථක නොවන අවුරුදු 45ක දරුවකු ආරක්ෂා කිරීමට” ගන්නා උත්සාහයට සමාන කළ හැකිය. මෙය අර්ථ විරහිත ප්‍රවේශයකි.

ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව වන්නේ තීරු බදු හරහා විදේශීය සමාගම් එක්සත් ජනපදයේ ආයෝජනය කිරීමට පොළඹවා ගැනීමයි. මෙය “තීරු බදු මග හැරීම” (tariff jumping) ලෙස හැඳින්වේ. උදාහරණයක් වශයෙන්, 1960 සහ 70 දශකවල බ්‍රසීලය විදේශීය මෝටර් රථ ආනයන සඳහා ඉහළ ආරක්ෂණයක් පැනවූ අතර, එමගින් ෆියට්, ෆෝඩ් වැනි සමාගම් බ්‍රසීලයේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමට පොළඹවා ගන්නා ලදී.

  1. අධික ලෙස පුළුල් තීරු බදු පැනවීම – ට්‍රම්ප් සෑම භාණ්ඩයකටම පාහේ පුළුල් තීරු බදු පනවයි. සාර්ථක තීරු බදු වඩා ඉලක්කගත ප්‍රවේශයක් අනුගමනය කළ යුතු ය. (උදා: ඔබට මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය නම්, මෝටර් රථ කර්මාන්තය නව තාක්ෂණය යොදාගනිමින් වැඩිදියුණු කිරීමට අදාළ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ය.)
  2. කාර්මීකරණයට සුදුසු පරිසර පද්ධතියේ ඌනතාවය – ඉහළ ඵලදායිතාවක් ලබා ගැනීමට නම් එක් කර්මාන්තශාලාවක් හෝ දෙකක් තිබීම ප්‍රමාණවත් නොවේ. නිසි කුසලතා සහිත කම්කරුවන්, කර්මාන්තයට සුදුසු යටිතල පහසුකම්, ඒ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ කරන විශවවිද්‍යාල දෙපාර්තමේන්තු ආදිය සහිත සම්පූර්ණ “කාර්මික පරිසර පද්ධතියක්” අවශ්‍ය වේ.
  3. පරපෝෂිත මූල්‍ය පද්ධතිය – එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය “පරපෝෂිත” එකක් ලෙස හැඳින්වේ. මන්දයත් ආරක්ෂණය ලබා දුන් විට දේශීය සමාගම්වලට ඒ හරහා අමතර සම්පත් ලැබී, ඒවා ඵලදායිතාව ඉහළ නැංවීමට ආයෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ (ජපානයේ, කොරියාවේ සිදු වූ පරිදි). කෙසේ වෙතත්, පසුගිය වසර 25 තුළ, ඉහළම ඇමරිකානු සංස්ථා තම ලාභයෙන් 90-95% ක් පමණ, කොටස් හිමියන්ට ලාභාංශ සහ කොටස් ආපසු මිලදී ගැනීම සඳහා ලබා දී ඇත. මේ නිසා අමතර සම්පත් ලැබුණ ද, සමාගම් ඒවා ආයෝජනය කරනු වෙනුවට, කොටස් හිමියන්ට වැඩි කොටස් ආපසු මිලදී ගැනීම් සිදු කරන ලෙස ඉල්ලා සිටියි.

අවසාන වශයෙන්, අවුරුදු 40ක් තිස්සේ දුර්වල වූ කාර්මික පදනමක් වසර 2-3ක් තුළ නැවත ගොඩනැගිය නොහැකිය. ඒ සඳහා අවම වශයෙන් දශක දෙකක පමණ කාලයක් ගත වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්ති නිසා ඇ.එ.ජ.යේ ජීවන තත්ත්වය වැඩිදියුණු වීමක් අපේක්ෂා කළ නොහැකි ය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ එක් හොඳ ලක්ෂණයක් වන්නේ ඔහුට මතවාදයක් නොමැති වීමයි. ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම්, ඔහු සිය අදහස වෙනස් කරනු ඇත. ට්‍රම්ප් කියන දෙයින් ඔහු සැබවින්ම කරන්නේ කුමක්ද යන්න අනුමාන කිරීම දුෂ්කර ය. ඇමරිකානුවන් ඇතුළු සියලු දෙනාට අහිතකර වන බැවින් ඔහු මෙම ප්‍රතිපත්තියෙන් ඉවත් වනු ඇතැයි ඇතැමෙක් බලාපොරොත්තු වෙති.

(හා ජූන් චෑන්ග් ගේ දේශනයක් ඇසුරෙනි.)

The post තීරු බදු සහ ඒවායේ බලපෑම්: ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%92%e0%b7%80%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a7/feed/ 0
පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%af%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%af%e0%b6%bb/#respond Fri, 06 Jun 2025 09:29:36 +0000 https://vivaranalk.com/?p=12944 ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එක ම ගෞතම බුදුන් වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ සිතින් මවාගත් චිත්‍රයකි. ඔවුන් ඒ චිත්‍රය සිතෙහි ඇඳගන්නේ කෙසේ ද? තම තමන් අසා දැනගත් තරමින් සහ සිතින් සිතාගත් තරමිනි. ඒ අනුව, එකිනෙකාගේ සිතෙහි ඇඳෙන බුදුරූ […]

The post පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්.. appeared first on විවරණ.

]]>
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එක ම ගෞතම බුදුන් වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ සිතින් මවාගත් චිත්‍රයකි. ඔවුන් ඒ චිත්‍රය සිතෙහි ඇඳගන්නේ කෙසේ ද? තම තමන් අසා දැනගත් තරමින් සහ සිතින් සිතාගත් තරමිනි. ඒ අනුව, එකිනෙකාගේ සිතෙහි ඇඳෙන බුදුරූ එකිනෙකින් වෙනස් වේ. තමන්ගේ සිතෙහි වැඩඉන්නා බුදුරුවට බැතිබර වෙන අතර ම, වෙනත් කෙනකුගේ සිතෙහි ඇඳුණු බුදුරුවක් ගැන විපරම් කිරීමෙන් ද අමුතු ආස්වාදයක් ලැබෙයි.

මේ තාක් ලෝකයේ නොයෙක් දෙනා නොයෙක් භාෂාවලින් බුද්ධ චරිතය ලියා තිබේ. ඒවා අතර සමානකම් වාගේ ම වෙනස්කම් ද තිබේ. Footprints in the Dust නමින් 2021 අවුරුද්දේ දී මුද්‍රණයෙන් පිටවූ ඉංග්‍රීසි පොතත් එවැන්නකි. ඕස්ට්‍රේලියානු ජාතික – පූජනීය ශ්‍රාවස්තියේ ධම්මික හිමියෝ මේ බුදුසිරිත ලියූ හ. නොබෝදා එය ම ‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’ නමින්, පූජනීය කුඩගම්මන සීලරතන හිමියන්ගේ පරිවර්තනයක් ලෙසින් සිංහල පොත් කියවන්නන් අතට පත් විය.

Footprints in the Dust හෙවත් දූවිල්ලේ රැඳුණ පියසටහන් යන නම ම පොතට හැඳින්වීමකි. පොත කියැවීමෙන් මැවෙන්නේ සවණක් රැස් විහිදුවමින් අහසේ වැඩඉන්නා දිව්‍යමය බුදුරුවක් නො ව, අපරිමිත මානුෂීය ගුණ කදම්බයක් දරාගෙන ඉන්දියානු දූවිලි පොළොවේ ඇවිද ගිය සුහද ශ්‍රමණ රූපයකි. ධම්මික හිමියන්ට බුදුන් වහන්සේගේ සංචාරක ශ්‍රමණ රූපය හමු වීම අහම්බයක් නො වේ. උන්වහන්සේ තුන් වාරයක් ම දඹදිව හරහා පා ගමනින් එහා මෙහා යමින් ඒ රුව සෙවූ හ. අතරමඟ දී සොයාගත් මංසලකුණුවල තරම පොතෙන් හෙළි වේ. මුළු පොත පුරා ම, බුදුසිරිත දිගහැරෙන්නේ මහ පොළොවේ සලකුණු ඇසුරෙනි. පොතෙහි එන මේ ඉඟිය ඔය ගැනයි:

ධම්මික හිමියන් බුදුසිරිත ගොඩනඟන්නේ පාලි ත්‍රිපිටකය පදනම් කරගෙනයි. පාලි, සංස්කෘත, චීන, ටිබෙට් ආදි නොයෙක් භාෂාවලින් බෞද්ධ මූල ග්‍රන්ථ ලියැවී තිබේ. මේවා අතරින් පරණ ම මූලාශ්‍රය ‘පාලි ත්‍රිපිටකය’ බව කාගේත් පිළිගැනීමයි. ධම්මික හිමියෝ තිබෙන තාක් මහායාන පොත් ද ථෙරවාද අට්ඨකථා පොත් ද පැත්තකින් තබති; පාලි ත්‍රිපිටකයෙහි එන සූත්‍ර සහ විනය පමණක් අතට ගනිති. උන්වහන්සේ ලියූ බුදුසිරිත පුරා ම අලුත් අපූරුවක් පෙනෙන්නේ ඒ නිසා ය. එක් නිදසුනක් මෙසේ ය:

පැරැණිතම බුදුසිරිත ගැන සෙවිල්ලක යෙදුණත් මෙය ‘අලුත්’ පොතකි. පිටස්තර පාර්ශ්වයක් විසින් මුල් පොතට ලියන ලද කෙටි පෙරවදනක් මෙසේ කෙළවර වෙයි:

මෙතැන කුතුහලය අවුස්සන කාරණය නම්, ‘නූතන දැක්මකින් යුතු ව’ පොත ලියා තිබෙන බව පැවසීමයි. මුළු පොත පුරා ම ඇත්තේ අවුරුදු දහස් ගණනක් එපිට අතීතයකි. එහෙව් පොතක් නූතන දැක්මකින් ලියන්නේ ඇයි? පොත කියවන අය නූතන ලෝකය තුළ ඉන්නා නිසා විය යුතුයි. ධම්මික හිමියෝ මේ පොතෙන් නූතන ලෝකයත් අතීත දඹදිවත් අතර පාලමක් සාදති. 

ඕස්ට්‍රේලියානු ජාතික පූජ්‍ය ධම්මික හිමි

බුදුදහම වැළඳගත හොත් තමන් නූතනවාදි සමාජයෙන් කොන් වනු ඇති ද? බෞද්ධයකු වීම පසුගාමී තීරණයක් ද? නූතන චින්තනයට ඇබ්බැහි වී ඉන්නා කා තුළත් ඔවැනි දෙගිඩියාවන් උපදී. සිතන්නට කම්මැලි, පෞර්ෂත්වයෙන් හීන අසරණයෝ කුමන හෝ ආගමක පිළිසරණ පතති යන්න මෙකල ජනප්‍රිය මතයයි. එහෙත් බෞද්ධයකු වීමෙන් නම් එබඳු හීන දීන තත්ත්වයකට ඇද නො වැටෙන බවත්, බෞද්ධයාට කවදත් නූතනවාදි ප්‍රතිරූපයක් හිමි වී තිබෙන බවත් ධම්මික හිමියෝ අඟවති:

“..බ්‍රාහ්මණ ආගම ග්‍රාමීය ජනයා අතර පැවති ආගමක් ව තිබී ඇති අතර, අපට දැක ගත හැකි අයුරින් බුදු දහම පැවතී ඇත්තේ, නාගරිකයන් අතර ය..”

එන්න එන්න ම ලෝකය නූතනත්වය පැත්තට ඇදී යද්දී, ධර්ම සන්නිවේදකයන්ට මුහුණ දෙන්නට සිදු වෙන්නේ කොතරම් නිරාගමික මත දරන සමාජයකට ද? දූවිල්ලේ රැඳුණ පියසටහන් තුළ මෙලෙස දැක්වේ:

අටුවා පොත් සහ මහායාන පොත් සමූහය මුල දී පැත්තකින් තියා, අන්තිමේ දී, වඩාත් විශ්වාසදායක මූලාශ්‍රය ලෙස ළං කරගත් පාලි ත්‍රිපිටකය දෙස පවා වපරැසින් බලන්නට ධම්මික හිමියන්ට සිදු වෙයි. ඒ ඇයි? අද සමාජයෙහි නිරාගමික අදහස් බහුල නිසා විය හැකියි. නිරාගමිකයන්ට ප්‍රාතිහාර්යය ගැන කීමෙන් පලක් නැත. ප්‍රාතිහාර්යන්ගෙන් පිරුණක් ලෙස බුදුසිරිත වර්ණනා කරන්නට ගිය හොත්, අද ලෝකයේ ඉන්නා වැඩි දෙනකු ‘ගෙඩිය පිටින් ම’ බුදුදහම ප්‍රතික්ෂේප කරනවා නිසැකයි! අද වෙද්දී බටහිර සමාජය ඉන්නේ එතැනයි; පෙරදිග සමාජය ගමන් කරමින් ඉන්නේ ද එතැනටයි. මෙවන් සමාජයකට බුදුදහම සන්නිවේදනය කරන්නට වන්නේ, ප්‍රාතිහාර්ය පෑම ආදි ගුප්ත සිදුවීම් අවධාරණය නො කරමින් සහ නො සලකා හරිමිනි.

ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෑමේ දී වන්නේ, මනසෙහි බලයෙන් භෞතිකය පාලනය කිරීමකි. ඇත්තට ම, භෞතික වස්තූන් කෙරෙහි බලපෑම් කරන තරම් ගුප්ත ශක්තියක් මනසෙහි ගැබ් වී තිබෙනවා ද? ‘නැත’ යන්න නූතන ලෝකයේ ජනප්‍රිය උත්තරයයි; උත්තරය හරි ද යන්න අදාළ නැත. කෙළින් ම වචනයෙන් නො කියන, නූතන ලෝකයේ පොදු එකඟතාවක් ඇත. ඒ මෙසේ ය: ආගම්වලින් සදාචාරය ගැනත්, භාවනා ඇදුරන් මනස ගැනත් පමණක් බලාගත යුතුයි; භෞතිකයට ඇඟිලි ගසන්නට යෑම ඔවුන්ගේ සීමාව ඉක්මවීමකි. භෞතිකය සමග ගනුදෙනු කිරීමේ පරම අයිතිය ඇත්තේ බටහිර විද්‍යාඥයින්ටයි. ධර්මයට මනසත් – විද්‍යාවට භෞතිකයත් වශයෙන්, තම තමන්ට අයිති විෂය පථ දෙක බෙදා වෙන් කරගැනීමේ මේ නව ප්‍රවණතාව සමග ධම්මික හිමියන් ද එකඟ වන්නට ඇති.

විකල්ප අදහස්වලට බිය වෙන්න එපා! – ධම්මික හිමියන් තමන්වහන්සේගේ පොත රචනා කරන කාලය පුරාවට ම එවන් දැක්මකින් කටයුතු කළ බව පෙනේ. බොහෝ නිදසුන් අතරින් එකක් මෙසේ ය:

‘ආගමික පොලිසිය’ යනුවෙන් අන්වර්ථ නමක් පටබැඳුණ කණ්ඩායම් මේ පොත කියවා උදහස් නො වේවා! මේවා ශාස්ත්‍රීය සමාජයේ විකල්ප අදහස් විනා, ආගමික අපහාස නො වේ. මෙහෙව් විකල්ප අදහස්, ශාස්ත්‍රීය කතාබහක දී නැතුව ම බැරි කටගැස්මකි.

පූජ්‍ය කුඩගම්මන සීලරත්න හමි

සම්ප්‍රදාය අනෙක් පැත්ත පෙරළා බලද්දී, ධම්මික හිමියන් අනුගමනය කරන්නේ කුලෑටි පිළිවෙතක් නො වේ. එහෙත් විකල්ප අර්ථකථන ඉදිරිපත් කරන කොතැනක දී වත් උන්වහන්සේ දැඩි මතධාරි නො වෙති. උන්වහන්සේගේ විකල්පවල තියෙන්නේ, මෙවැන්නක් වෙන්න ඇති යනුවෙන් කරන උපකල්පනයකි; මෙවැන්නක් වෙන්න බැරි ද යනුවෙන් නඟන ප්‍රශ්නාර්ථයකි.

ධම්මික හිමියන් ලියන බුදුසිරිතෙහි කවුරුත් ආකර්ෂණය වෙන තැන් වාගේ ම, සාම්ප්‍රදායික බෞද්ධ බැතිමතුන්ට ප්‍රියමනාප නො වෙන තැන් ද තිබේ. බුදුසිරිතට අත පොවන්නට, බටහිර ජාතිකයකු වූ ධම්මික හිමියන්ට තියෙන අයිතිය කුමක් ද? සිංහල බෞද්ධයන්ගේ සිතට ඔය ප්‍රශ්නය නැඟෙනු ඇති. ධම්මික හිමියන්ගේ ජීවිත කතාවෙන් එයට උත්තරයක් ලැබෙයි: 1951 දී ඕස්ට්‍රේලියාවේ උපන් කිතුනුවකුට, යොවුන් වයසේ දී බුදුදහම කෙරෙහි ඇල්මක් ඇති විය. ආසියාව පුරා යමින් සත්‍ය ගවේෂණයක යෙදෙන්නට තරම් ඒ ඇල්ම දැඩි විය. අන්තිමේ දී, ශ්‍රාවස්තියේ ධම්මික නමින් ‘බුද්ධ භූමිය’ මත දී ම පැවිදි බිමට පිවිසෙන්නට ඉඩකඩ සැලසිණ. ධම්මික හිමියන් පැවිදි කරවන ලද්දේ පූජනීය මැටිවල සංඝරතන හිමියන් විසිනි. සංඝරතන හිමියන් හැම ලෝක ශාසනික වැඩක් ම කළේ, බෞද්ධයන්ට බුද්ධ භූමිය රැක දුන් අනගාරික ධර්මපාලතුමාගේ ගුරුහරුකම් අනුවයි. ගුරු ගෝල සම්බන්ධය අතින් ගත හොත්, ධම්මික හිමියන් අයිති වෙන්නේ ‘ධර්මපාල’ පරම්පරාවටයි.

1976 දී ධම්මික හිමියෝ පාලි භාෂාව ඉගෙනගන්නට ලංකාවට පැමිණෙති. ඒ ආ ගමන නවතින්නේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයෙනි. පූජනීය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගෙනුත් පරාක්‍රම ප්‍රනාන්දු සහ ලිලී ද සිල්වා යන මහාචාර්යවරුන්ගෙනුත් ලැබුණු අතහිත වාගේ ම, නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය ගොඩනැඟූ ගොඩ්වින් සමරරත්න මහතාගෙන් ලැබුණු මිතුරු ඇසුර ද ධම්මික හිමියන්ගේ අධ්‍යාත්මයට ආලෝකය ගෙනාවේ ය. නිල්ලඹ දී බොහෝ දෙනාට සතිමත් බව පුරුදු කරවමින් උන්වහන්සේ ලංකාව ද ආලෝකමත් කළ හ. මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ‘සති පාසල’ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව හිමියන් අදටත් කෘතවේදි ව සිහිපත් කරන කරුණක් නම්, තමන්වහන්සේගේ සතිමත් දිවියට අත්පොත් තබන ලද්දේ නිල්ලඹ දී හමුවූ ධම්මික හිමියන් බවයි. අද වන විට ධම්මික හිමියන්ගේ මතකයෙන් පවා ගිලිහී ගිය බොහෝ උපකාර එදා උන්වහන්සේගෙන් ලංකාවට ලැබුණු බව නිසැකයි.

Footprints in the Dust පොත, දූවිල්ලේ රැඳුණ පියසටහන් නමින් සිංහලයට පෙරළන්නේ කුඩගම්මන සීලරතන හිමියන් ය. උන්වහන්සේ කලක් පාසල් ගුරුවරයෙකි. ගුරු සේවයට සමුදුන් සීලරතන හිමියෝ තමන්වහන්සේගේ ජීවිතයේ ‘ප්‍රඥා දශකය’ ලබන්නට කලින් රටින් පිටවූ හ; එදා පටන් අද දක්වා ම දශක දෙකක් ඇමෙරිකාවේ වාසය කරති. උන්වහන්සේ පොත් ලිවීමට යොමු වන්නේ එහි දී ය. එක් අතකට එය වෙනස් තෝරාගැනීමකි. සාමාන්‍යයෙන් අපේ භික්ෂූන් වහන්සේලාට පිටරට පන්සල්වල දී නිරූපණය කරන්නට සිදු වන්නේ කාගේ චරිතය ද? විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැනෙන හිස්කම, මවුබිමේ සංස්කෘතියෙන් පුරවා දෙන ‘සාංස්කෘතික නියෝජිතයාගේ’ චරිතයයි. ඔය චරිත නිරූපණයෙන් ගැලවෙන්නට නම්, පරම නෙක්ඛම්ම සිතින් වැඩ කළ යුතුයි; එසේ නැත්නම් ‘රැඩිකල්’ දැඩි සිතක් තිබිය යුතුයි. සීලරතන හිමියන්ගේ පැත්තෙන් කැපී පෙනෙන්නේ ‘රැඩිකල්’ පෞර්ෂයකි.

සීලරතන හිමියෝ තමන්වහන්සේගේ පරිවර්තනය ගැන මෙසේ කියති:

සීලරතන හිමියන්ගේ පරිශ්‍රමය කොතෙක් දුරට සාර්ථක ද කියා, තම තම නැණ පමණින් තක්සේරු කිරීම පොත කියවන අයට භාරයි.

The post පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%af%e0%b6%bb/feed/ 0
තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b6%9f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b6%9f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83/#respond Mon, 02 Jun 2025 10:59:07 +0000 https://vivaranalk.com/?p=12922 අසත්‍ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ. ජනමාධ්‍ය පිළිබඳව හෝ මාධ්‍ය ආචාරධර්ම කිසිවක් නොදන්නා පුද්ගලයෙකුට වුවද ඕනෑම ස්ථානයක සිට, ඕනෑම මට්ටමක […]

The post තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම.. appeared first on විවරණ.

]]>
අසත්‍ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ.

ජනමාධ්‍ය පිළිබඳව හෝ මාධ්‍ය ආචාරධර්ම කිසිවක් නොදන්නා පුද්ගලයෙකුට වුවද ඕනෑම ස්ථානයක සිට, ඕනෑම මට්ටමක අන්තර්ගතයක් නිර්මාණය කර ලෝකය පුරා, පොදු අවකාශයට මුදා හැරීමට ගත වන්නේ සුළු මොහොතකි. ඒවා අතර දුස් තොරතුරු, ව්‍යාජ පුවත්, නොමග යවනසුළු අන්තර්ගයන් බහුලය.

සාවද්‍ය තොරතුරු සම්ප්‍රදායික මාධ්‍යයෙන් පැමිණියද, සමාජ මාධ්‍යයෙන් පැමිණියද එහි අවසන් ප්‍රතිඵලය මාධ්‍ය ක්ෂේත්‍රයටත්, පොදුවේ සමස්ත සමාජයටත් කරන බලපෑම සුළුපටු නොවේ.

නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ ජෝෂු ටූකර්ගේ ප්‍රකාශය ඒ බව හොඳින් පැහැදිළි කරයි.

ජෝෂු ටූකර් [Joshua A. Tucker]

මෙටා සමාගම ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන් පවත්වාගෙන යන ආයතන පවසන්නේ ඒවා වාරණය කිරීමට වඩා පරිශීලකයන්ගේ දැනුම අවබෝධය වර්ධනය කරගැනීම වඩාත් ඵලදායක විසඳුමක් බවයි.

සම්ප්‍රදායික මාධ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට අදාළ කාරණා ලෙස සඳහන් වුවද, මේවා සමාජ මාධ්‍ය පරිශීලනයේදීද අදාළ කරගත යුතු කාරණාවන් වේ.

සමාජ මාධ්‍යයේ සහ ඒඅයි වැනි තාක්ෂණික කාරණාවල ව්‍යාප්තිය ඉහළ යමින් තිබෙන පසුබිමක අන්තර්ගතයන් බෙදා ගැනීම, අදහස් දැක්වීම  වැනි කාරණාවලදී මහජනයාටත් දැනුම්වත්භාවයෙන් කටයුතු කරන්නට වගකීමක් තිබේ.

හෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේහෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේ මහතා මේ මහජනයාගේ වගකීම පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

හෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා

මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කර තිබෙන මාධ්‍ය උපමානවලට අනුව සෑම මාධ්‍ය ආයතනයක්ම ස්වකීය ප්‍රවෘත්ති විකාශ, පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේ දී හෝ ප්‍රසිද්ධියට පත්කිරීමේ දී නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතු වේ.

විශේෂයෙන් එම මාධ්‍ය උපමානවල අංක 02 උප ලේඛනයෙහි දක්වා තිබෙන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයන් සඳහා වන උපමාන දක්වා තිබේ.

විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය හසුරුවන්නන් විසින් මාධ්‍ය උපමාණ කඩ කරන අවස්ථා හඳුණාගෙන ඒවා මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ ආයතනවලට දැනුම් දීම සඳහා රටේ පුරවැසියා ඒවා පිළිබඳ දැනුම, අවබෝධය වර්ධනය කරගෙන සිටීම අවශ්‍ය වේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙබරවාරි 17 වන දාය. ඒ ජාතික ජන බලවේගයේ ‘ජය නියතයි – ගම අපිටයි’ මැතිවරණ රැස්වීම් මාලාවේ මන්නාරම ජන රැලියට එක් වෙමිනි. ජය නියතයි ගම අපිටයි රැස්වීම් බොහෝමයක ජනාධිපතිවරයා මේ අදහස ප්‍රකාශ කළේය.

මැතිවරණයක් අභිමුවේදී රටේ ජනාධිපතිවරයා, තමන්ගේ පක්ෂයේ මැතිවරණ වේදිකවල මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම, ඡන්ද දායකයා නොමග යැවීමකි. මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.

ඒ පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබිණි.  ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ රැස්වීම් පැවැත් වූ දිනවල රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති හරහා විකාශය වූ අතර, ඉන් පසුව ජනාධිපතිවරයාගේ කතාවෙන් උපුටා ගන්නා කොටස් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන්වල විශාල ලෙස ප්‍රචාරය වෙන්නට පටන් ගත්තේය.

නමුත් මේ පිළිබඳ විවිධ පාර්ෂවවලින් එල්ල වූ විරෝධයත් සමග තමන් කියන්නේ හොරකම් කරන අය පත් වුණොත් සල්ලි දෙන්නේ නැති බව යැයි, ජනාධිපතිවරයා එම ප්‍රකාශය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනු දක්නට ලැබුණි. 

අදවන විට නොමග යවන සුළු අන්තර්ගතයන්ගේ ස්වභාවය කොපමණ සංකීර්ණ වන්නේද, ඒවා ප්‍රචලිත වීම කෙතරම් ඉක්මනින් සිදු වන්නේද යන්න පිළිබඳ තේරුම් ගැනීම සඳහා මෑත කාලයේ සිදු වූ සිදුවීම් අතරින් මෙය ඉතා වැදගත් උදාහරණයකි.

මැතිවරණ කටයුතු පිළිබඳ පර්යේෂක, නීතිඥ ඩී.එම්. දිසානායක මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

මැතිවරණ කටයුතු පිළිබඳ පර්යේෂක, නීතිඥ ඩී.එම්. දිසානායක

ග්‍රාහකයින් ලෙස, පාඨකයින් ලෙස සාවද්‍ය තොරතුරු, නොමග යවනසුළු අන්තර්ගතයන් හඳුනා ගැනීමේදී අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.

මූලාශ්‍රය පරීක්ෂා කිරීම:

වෙබ් ලිපිනය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ පුවත් අඩවිවල URL හි අක්ෂර වින්‍යාස දෝෂ තිබිය හැකි අතර ඒවා නුහුරු නම් සැක කළ යුතුය.

ව්‍යාජ ප්‍රොෆයිලයකින් පෙනී සිටින්නෙකු ලෙස පෙනී යන්නේද?, දන්නා කියන අයෙකුදැයි විමසිය හැකිය.

විවාදපන්න පුවතක් නම් වෙනත් වගකිව යුතු මාධ්‍ය ආයතන එය වාර්තා නොකර සිටීමට හේතුවක් නැත.

එය කරුණු වාර්තා කරන්නන්ද, හැඟීම් අවුළුවන්නක්ද යන්න තීරණය කළ හැකිය. බොහෝ විට හැඟීම්වලට ආමන්ත්‍රණය කරනු ලබන්නේත්, පුද්ගලික මතයන් ප්‍රකාශ කරන්නේත් නොමග යවනසුළු තොරතුරු බෙදාහරින්නන් විසිනි.

පුවතට අදාළ දත්ත, සංඛ්‍යාලේඛන, ප්‍රවීණයන්ගෙන් උපුටා දැක්වීම් යනාදිය නොතිබේ නම් එය සැක කළ යුතුය. තොරතුරු ව්‍යාකූලද, භාෂාව ව්‍යාකූලද යන්න නිගමනය කළ හැකිවිය යුතුය. බොහෝ විට ආකල්පමය පක්ෂපාතීකම් තිබේ නම් ඒ නිසාම එම තොරතුර බෙදා ගැනීම ගැන දෙවරක් කල්පනා කළ යුතුය. 

කෙනෙකුගේ විහිළුවක් අපට සැබෑවක් ලෙස අර්ථ නිරූපණය විය හැකිය. ඡායාරූප ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ බහා වැඩිදුර සෙවීමෙන් ඊට සමාන ඡායාරූප, ව්‍යාජ ඡායාරූප, සංස්කරණය කරන ලද ඒවා සංසන්දනය කර බැලීමට හැකිවෙනු ඇත.

AI තාක්ෂණය විසින් අපේක්ෂකයින්ගේ කට හඬ, වීඩියෝ දර්ශන පවා කෘතිමව නිර්මාණය කළ හැකි බැවින් මැතිවරණ දිනයට පෙර දිනයේ හෝ ප්‍රචාරය කරන එවැනි අයථා ප්‍රචාරණයකින් ජන මතයට යම් බලපෑමක් කිරීමට ඇතැමුන් උත්සාහ දරන්නට ඉඩ තිබේ.

සම්ප්‍රදායික මාධ්‍යයේදී ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ප්‍රවෘත්ති සංස්කාරකවරුන්, කර්තෘවරුන් සිටින බවත්, සමාජමාධ්‍යයේ එවැනි වගකිවයුත්තෙක් නොමැති නිසා ඒ වගකීම පරිශීලකයින් හෙවත් මහජනයා වෙතම පැවරෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකින් මහතාගේ අදහසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකින්

අවසාන වශයෙන් තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම පිළිබඳ අපේ ජන සමාජයේ ප්‍රචලිත කියමනක් උපුටා දක්වමි. ඒ කියමන නම් “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” යන්නයි.

The post තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b6%9f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83/feed/ 0
මේක ඩොලර් නිසා පිස්සු වැටුණු  ආණ්ඩුවක්.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a%e0%b6%9a-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a%e0%b6%9a-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a7/#respond Mon, 02 Jun 2025 09:50:47 +0000 https://vivaranalk.com/?p=12908 මැයි දිනය සමරන්න දිවයිනේ හතර කොණින් කම්කරුවන්  කොළඹට රැස්වෙන කොට මන්නාරමට එකතු වුනු ගොවි ජනයා  මැයි පෙළපාලියක් හා රැස්වීමක් පැවැත්වීය. ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය  මෙවර මන්නාරමේ දී පැවැත්වුනේ දෙවනවරටය.“සූරාකෑමට,පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, කිරිගොවීන්ට අමතරව ධීවරයන්,වතු කම්කරුවන් හා ආදී වාසින් ද එක්ව සිටියේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල් […]

The post මේක ඩොලර් නිසා පිස්සු වැටුණු  ආණ්ඩුවක්.. appeared first on විවරණ.

]]>
මැයි දිනය සමරන්න දිවයිනේ හතර කොණින් කම්කරුවන්  කොළඹට රැස්වෙන කොට මන්නාරමට එකතු වුනු ගොවි ජනයා  මැයි පෙළපාලියක් හා රැස්වීමක් පැවැත්වීය. ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය  මෙවර මන්නාරමේ දී පැවැත්වුනේ දෙවනවරටය.“සූරාකෑමට,පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, කිරිගොවීන්ට අමතරව ධීවරයන්,වතු කම්කරුවන් හා ආදී වාසින් ද එක්ව සිටියේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල් කරුවන් ලෙසය.

“ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරීත්වය” හා සෙසු ගොවි සංවිධාන මෙය සංවිධානයට දායකත්වය සපයා තිබිණි.

උතුරු-නැගෙනහිර ජනයාගෙන්  බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින වගා බිම් ඇතුළු  ඉඩම් ඔවුන් වෙත යළි ලබා දීම, සංවර්ධනයේ නාමයෙන් ගොවීන් ඇතුළු සුළු පරිමාන නිෂ්පාදකයන්ගේ ඉඩම් උදුරා ගැනීමේ සැලසුම් අත්හිටුවීම, මලෛයහ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, ජලය,බීජ ඇතුළු ස්වභාවික සම්පත් කොල්ලය නතර කිරීම, ලෝක බැංකු හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම් පිටුදැකීම, ගැමි ස්ත්‍රීන් පීඩාවට පත් කරන ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කිරීම, ජාතික ප්‍රශ්නයට දේශාපලන විසදුමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් 30 ක්  ගොවි -මැයි දින ප්‍රකාශණය මගින් එළිදක්වා තිබේ.

රැස්ව සිටී ගොවි-ධීවර ජනයා ඇමතූ  මන්නාරම ධීවර සංගමයේ ප්‍රධාන ලේකම් මොහොමඩ් හලිම් පැවසුවේ  මෑතකදී  අත්සන් කෙරුණු  ඉන්දු – ලංකා ගිවිසුම් ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතු බවය.

නැගෙනහිර පළාතේ ගොවීන් මුහුණ දෙන බරපතලම අර්බුදය ඉඩම් ගැටලුවයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබන්නටත් පෙර සිටම විවිධ සංවර්ධන යෝජනා ක්‍රම වලදී වගා බිම් අත්පත් කර ගැනිණි. ගල්ඔය,ඇල්ළ – කන්තලේ ජනපදකරණය,  හිඟුරාන සීනී කර්මාන්තය, මහවැලි යෝජනා ක්‍රමය වැනි ව්‍යාපෘති මගින් ඉඩම් අහිමිවුවෝ බොහෝය. අද දවසේ එය ක්‍රියාත්මක වන්නේ වෙනත් මුහුණු වරකිනි.

යැයි නැගෙනහිර පළාත් ජනතා සැලසුම් සංසදය වෙනුවෙන්  කේ රාසලිංගම් අවධාරණය කළේය.

විශේෂයෙන්ම නැගෙනහිර, මධ්‍යම හා ඌව  පළාත් වලට බෙදුණු පැරණි වැදී රට ආදී වාසි ප්‍රජාවට සිය වාසභුමි අහිමිවන්නේ, මෙවැනි සංවර්ධන යෝජනා ක්‍රම මගින්ය. ඒ ගැන ගොවි මැයි රැළියට එක්වූ   රතුගල ආදිවාසී නායක සූදා වන්නිලෑත්තෝ මෙසේ සිහිපත් කළේය;

රතුගල ආදිවාසී නායක සූදා වන්නිලෑත්තෝ

1818 ඌව වෙල්ලස්සේදී යටත්විජිත බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව කැරලි ගසන්නට එක්වූ ආදීවාසි ජනයාට එරෙහිව  මුලින්ම මර්දනය දියත්වන්නේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා යටතේය. පසුව `නිදහසේ පියා` ලෙස සැලකෙන එක්සත් ජාතික පක්‍ෂ නිර්මාතෘ, නිදහස් ලංකාවේ පළමු අගමැති   ඩී.එස්. සේනානායකය ඇරඹි  ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයෙන් සිය වාසභූමි අහිමිවිය. එසේ  අවතැන් වූ ඔවුන්ට දඩයම අත්හැර ගොවිතැනට හුරුවීමට වඩාත් බලපෑම් කෙරුනේ කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හරහාය. බහුජාතික සමාගම්, ධනපති ව්‍යාපාරිකයන් ඔවුන් වෙසෙන ගම් බිම් උදුරා ගැනීමට කෙරෙන උත්සහයන් අදත් ආදිවාසි ජනයා විසින් ඔවුන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් පරාජය කරමින් සිටිති.

රටේ ඇතිව තිබෙන දේශපාලන වෙනස, පිඩිත ජනතාව අපේක්‍ෂා කළ වෙනස ද යන්න සිතා බැලිය යුතු බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ උතුරු පළාත් සම්බන්ධිකාරක තේවන්  ක්‍රිෂ්ණන්, ගොවි ජනයා හමුවේ අවධාරණය  කළේය.

සියලු දෙනා එක්ව මේ තත්වය පරාජය කරන්නට සියලු දෙනාට එක්වන්නැයි ද ඔහු ඇරයුම් කළේය.

ලෝක බලවතුන්ගේ නිදහස් වෙළඳ ගිවිසුම් හේතුවෙන්  වින්දිතයන් බවට පත්ව ඇත්තේ ලොව පුරා වෙසෙන ආහාර නිෂ්පාදකයන්ය. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ තීරු බදූ ප්‍රතිපත්තියත් සමගින් අපනයන මත ආර්ථිකය රඳවා ගැනීම අවදානම් බව මනාව පෙන්නුම් කර තිබේ.

යැයි  දකුණු ආසියානු ගැමි ගොවි සංවිධානයේ කැඳවුම්කාරිනී  විමුක්ති ද සිල්වා පෙන්වා දුන්නාය.

දකුණු ආසියානු ගැමි ගොවි සංවිධානයේ කැඳවුම්කාරිනී  විමුක්ති ද සිල්වා

ඇය කීවාය.

මේ අතර ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින්  2025 මාර්තු 28 වැනිදා  නිකුත් කළ අංක 2430 දරණ ගැසට් පත්‍රය මගින්  උතුරේ ඉඩම් අක්කර 5941 ක තෙමසක් තුළ හිමිකම තහවුරු නොකළහොත් රාජ්‍ය සන්තක කරන බවට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබිණි. මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1703ක්, යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3669ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 515ක්  හා  මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර  54 ක් වශයෙන්  අක්කර 5941 කි.  මෙසේ පෞද්ගලික ඉඩම් පවරාගැනීම සඳහා රජය විසින් යොදා ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසින්  හඳුන්වා දුන් ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත ය.  මේ ඉඩම් බොහොමයක් ප්‍රදේශයේ ජනයාගේ වගා බිම්ය. යුද්ධයෙන් උන් හිටි තැන් අහිමිවූ  බොහෝ දෙනා විදේශයන්හි දිවි ගෙවති. ඇතැම් අය සතුව තිබු ඔප්පු තිරප්පු යුද ගැටුම් මැද අස්ථාන ගතවී හෝ විනාශ වී ඇත.

ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වූ  ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු, ටෙරන්ස් ගාමිණි

මෙම ක්‍රියාවලියට  එරෙහිව සටන් කිරීමට නම් සියලු බලවේග ඒකරාශි විය යුතුය. ඒ අරමුණු පෙරදැරි කරගනිමින් ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරිත්වයක් ගොඩ නගන්න පියවර තැබු බව  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති මෙන්ම, ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වූ  ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු, ටෙරන්ස් ගාමිණි ද සිල්වා මැයි දින රැළිය අමතා පැවසීය.

ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ

ප්‍රශ්න  රැසකින් පීඩාවට පත්ව සිටින ආහාර නිෂ්පාදකයන්ට  ජාතික ගොවි ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළ ගැසෙන්නට බල කෙරෙන බවට ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ අවධාරණය කළේය.

ගොවියෝ තම ඉල්ලීම් ඇතුලත් ප්‍රකාශණයක් මන්නාරමේ දී ඉදිරිපත් කරද්දී  ආණ්ඩුවේ මැයි දින රැලිය පැවති ගාලු මුවදොර වේදිකාවට පිවිසි ජනාධිපතිවරයා කම්කරුවන්ට කියා සිටියේ  වෘත්තීය ක්‍රියා මාර්ග නවතා වෙනත් ආකාරයකින් සිතන ලෙසය.

The post මේක ඩොලර් නිසා පිස්සු වැටුණු  ආණ්ඩුවක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a%e0%b6%9a-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a7/feed/ 0
වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව https://vivaranalk.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/#respond Fri, 30 May 2025 15:48:28 +0000 https://vivaranalk.com/?p=12894 ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී  මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව දක්වා එක් රැයක් පහන් වෙද්දී එකම පෝස්ටරය අලවා ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ කේඩරය, ආණ්ඩු බලය ලබා මාස 06 ක් ඉක්මෙන්නට මත්තෙන් අතුරුදහන් වුණේ කොහොමද? ආණ්ඩු බලය අරගෙන හැදූ “ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාන්විතය නුවරදී ක්‍රියා විරහිත වුණේ ඇයි? […]

The post වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව appeared first on විවරණ.

]]>
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී  මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව දක්වා එක් රැයක් පහන් වෙද්දී එකම පෝස්ටරය අලවා ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ කේඩරය, ආණ්ඩු බලය ලබා මාස 06 ක් ඉක්මෙන්නට මත්තෙන් අතුරුදහන් වුණේ කොහොමද? ආණ්ඩු බලය අරගෙන හැදූ “ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාන්විතය නුවරදී ක්‍රියා විරහිත වුණේ ඇයි?

අද දළදා ප්‍රදර්ශනයට ගියත් ජවිපෙ නායකයන් ආණ්ඩු බලය ගන්නට පෙර සමාජවාදය, නිර්ධන පංති විමුක්තිය, මාක්ස්, ලෙනින් ගැන කතා කළා. ආගම අබිං කියමින් අනෙක් රතු පක්ෂවලටත් වඩා ඉදිරියෙන් හිටියා.

ඒ අතරම සිංහල බෞද්ධ රාජ්‍ය සුරැකීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටියා. නමුත් පක්ෂය ජනගත වුණේ නිරාගමික පක්ෂයක් විදියට. 1950 ගණන් වලදී ධනපතියන් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හැදින්වූවේත් නිරාගමික පක්ෂයක් විදියට. ඔවුන් ආණ්ඩු බලයට ආවොත් බෝගස් කපා ලී ඉරාවි කියලා තමයි වේදිකාවලදී කිව්වේ. ඒත් ඡන්ද දිනුවා.

ලසසප පාර්ලිමේන්තුවාදයට යට වුනාට පස්සේ මල්වට්ටි අරගෙන පන්සල් ගියා. “ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ” කියමින් 1965 දී ජාතිවාදී පෙළපාලි ගියා. වැඩ වර්ජන, 71 කැරැල්ල මර්දනය කරන්න ධනපති ආණ්ඩුවලට සහය දුන්නා. 1972 දී  සිංහල, බෞද්ධ ඒකීය රාජ්‍යය වෙනුවෙන් ව්‍යවස්‍ථාවත් කෙටුම්පත් කළා. අවසානයේ ඒක යථාර්තයක් කරන්න රාජපක්ෂලා එක්ක වර්ග සංහාර යුද්ධ‍යේ කොටස්කාරයොත් වෙලා තමයි විනාස වුණේ.

ජවිපෙ ආණ්ඩු බලය ගන්නට පෙර කියූ මන බඳින මාක්ස්වාදී කතා, නෙත පිනන මැයිදින විලාසිතා මතුපිටින් නිරීක්ෂණයක් තමයි බොහෝ දෙනෙක් කළේ. ඒනිසා තමයි ඔවුන්ට නිරාගමික ලාඩම එල්ලුවේ. බලයට ආවොත් පෙරහැර පවා පවත්වන්න නොලැබෙන බවට විරුද්ධ පක්ෂවල මැතිවරණ වේදිකාවලින් කියනවා ඇහුණේත් මේ නිසා තමයි.

හැබැයි නව සමසමාජ පක්ෂයේ පුරෝගාමී ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න 1979 තරම් ඈත අතීතයේදී ජවිපෙ මේ දෙබිඩි පිළිවෙත මනාව හෙළිදරව් කළා. මොනතරම් මාක්ස්වාදී උධෘත හඬ නැගුවත් ජවිපෙ කියන්නේ තවත් රතු බණ්ඩාරනායකගේ පක්ෂයක් කියලා තමයි ඔහු පෙන්වා දුන්නේ. වසර ගණනාවකට පසු අද එය ජවිපෙ නායකයන්ම පැවසීම මොන තරම් අරුමයක්ද? මේ පරස්පරයේ ගැටුම තමයි නුවරදී එළියට ආවේ.

මේ ඉගැන්වීම් නිසා ජවිපෙ කේඩර්වරුන් හුරුපුරුදු වුණේ නිරාගමික සදාචාරවාදී ජීවිතයකට. ඔවුන් ගමේ වාද විවාද කළේ නිරාගමික පිළිවෙතක ඉදලා. ඒ වගේම ඉන්දියානු විරෝධය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි බටහිර මූල්‍ය ආයතන පිළිබඳ විරෝධය ලේ වලටම කා වද්දලා තිබෙන්නේ. මහපරිමාන කොම්පැණිකරුවන්, හාල් මෝල් හිමියන් තමන් දුගී භාවයට පත්කරපු රාස්සයන් මරා කන පරාස්සයන් විදියට තමයි ඉගෙන ගත්තේ.

පෝස්ටරය ඇලෙව්වේ, පෙළපාලි ගියේ, හිරගෙවල ගියේ, රැකියා නැති කර ගත්තේ අවසාන වශයෙන් ජීවිතය පවා දුන්නේ මේ සියල්ලට විසඳුමක් ලෙස සමාජවාදය කියන සිහිනයේ දකිමින්. මැයි දිනේට කොළඹ ගිහින් ඇවිත් පාරේ ගියේ මහ උජාරුවෙන්. අනෙකුත් වාමාශිංක කඳවුරේ සාමාජිකයන් කවුරුන් හෝ තර්ක විතර්කවලට ආවොත් කට උත්තර නැතිවෙන්න තමයි දේශනාව දෙන්නේ

නමුත් එම පක්ෂයේ වර්තමාන නායකයා ජනාධිපති ලෙස දිවුරුම්දී පළමුව ගියේ මෙතෙක් අනෙකුත් ධනපති ජනපතියන් කළා සේම මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ ආශීර්වාද ලබා ගන්න. පාර්ලිමේන්තු බලයත් ලැබුණාට පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නවත්වපු තැන ඉදලා IMF එකත් එක්ක තමයි දීග කන්නේ. තවම මහ බැංකු අධිපති රනිල් ගේ ගෝලයා. ජනාධිපති මුදල් ඇමැති වුනාට වැඩ කරන්න ඕනේ බැංකු අධිපතිට යටත්වෙලා.

නිරාගමික රාජ්‍යයක් හදන්නේ කියලා පුරසාරම් දෙඩුවත් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්නේ නෑ කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණා. ජනාධිපතිවරයාගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික විදේශීය සංචාරය ඉංදියාව. පක්ෂ සාමාජිකයාගේ මළගමට සුදුවතින් සැරසී යන්න සිදුවුණා. ආණ්ඩු බලය එක්ක නායකයන්ගේ පැවැත්ම සීඝ්‍ර පරිවර්තනයකට ලක්වෙන බව දැක සාමාජිකයා විශ්මිතව බලා සිටියා.

ඉංදියාවත් එක්ක ගහපු එලි නොකරන ගිවිසුම් නිසා මේ අර්බූදය දෙගුණ තෙගුණ වුණා. තම සදාදරණීය නායකයා ඇතුළු තිස්හතලිස් දහසක් ඝාතකාගාරවලදී අනේක විද වදබන්ධනයන්ට ලක්ව දිවි දුන්නේ ඉංදියන් විරෝධය නිසා.

ඉහළ නායකයන්ගේ මේ පාවාදීම් නිසා අනෙකුත් වාමාශිංක කඳවුරේ සාමාජිකයන්ට මුහුණ දී ගත නොහැකි තත්වයකට ගමේ ජවිපෙ කේඩර්වරයා පත්වුණා. කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් ගිය ඔවුන්ට විරුද්ධවාදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව කරබාගෙන යන්න සිදුවුණා. ඒ පරාජිත හැඟීම නඩත්තු කරගත්තේ බර සුසුමක් හෙළලා අපට ආණ්ඩුවක් තියෙනවා නේද කියලා. එහෙම හිතලා නින්දට ගියා.

අවසානයේ අනෙකුත් ධනපති නායකයන් ගිය මඟම නොඅඩුව යමින් මැතිවරණය සඳහා දළදා ප්‍රදර්ශනයක් ආරම්භ කළා. දන්ත ධාතුව කියන්නේ බෞද්ධ රාජකීය බල සංකේන්ද්‍රනයේ සංකේතය. මේ ක්‍රියාවෙන් විප්ලවවාදී, සමාජවාදී කියමින් කේඩර්වරයාට ගැට ගසා තිබූ දිය නූලත් අවසාන වශයෙන් ජවිපෙ නායකයා ගලවා දැම්මා.

දළදා ප්‍රදර්ශනයේ වැඩ බෙදීමක් තිබුණේ නෑ. මේක මාක්ස්වාදයේ එන පංති විග්‍රහය අනුව සුළු ධනේෂ්වරයේ ජන්ම ගතියක්. ආරේ ගති නෑරේ කිව්වලු. තමන්ගේ ප්‍රභාස්වරය වටා තමයි සියල්ලන්ටම පැවැත්මක් තිබෙන්නේ කියලා තමයි මේ වර්ගයේ නායකයන් හිතන්නේ. ඒ නිසා තමයි ඔවුන් බලය සංකේන්ද්‍රනය කරගන්නවා මිස කිසිඳා බලය බෙදන්නේ නැත්තේ.

දරුවෙක් පිළිසිඳ ගත් මොහොතේ පටන් දරු ප්‍රසූතිය දක්වා නොකඩවා එන වින්නඹු අම්මා වගේ තමයි පෙරදා “ජවිපෙ රතු තරුව” හිටියේ. සුනාමිය වෙලාවේ එයින් විපතට පත් වූවන්ට සහන සලසන්න, විනාස වූ රේල් පාර, බස් නැවතුම්පොළ හදන්න පළමුවෙන්ම ආවේ ඔවුන් තමයි.

පෙළපාලි ගමන් මගේ කොඩි, බැනර් ඉවත් කරනවා පමනක් නොවෙයි රැස්වීම් පිටියේ ටොපි කොලයක් හෝ ඉතිරි කරන්නේ නෑ. ආණ්ඩු බලය ලැබුණු විගස මූදු වෙරළ පවා සුද්ධ පවිත්‍ර කළ “ක්ලීන් ශ්‍රී ලංකා” මේ සියල්ල අකර්මන්‍ය වුණා. ජවිපෙ කිසිදු කෙනෙක් නුවර කසළ ප්‍රශ්නය ගැන කතා කරන්නවත් ඉදිරිපත් වුණේ නැහැ.

කපා ගත්තානම් උඹම කර ගහගනින් කියලා අපේක්ෂා භංගත්වයට ගිය සාමාජිකයා, පාක්ෂිකයා, කේඩර්වරයා ජනාධිපති ගේ දළදා ප්‍රදර්ශන වැඩ පිළිවෙල මුළුමනින්ම අත් හැර දැමුවා. දවස් නවයක් ගතවෙද්දී කසළ ටොන් 600 ක් 700ක් ගොඩගැසුනා. ඒත් ජවිපෙ මැති ඇමැතිලාවත් කිසිදු මැදිහත්වීමක් කළේ නෑ. අන්තිමේදී 10 වැනි දින මහ රෑ අනුර ජනාධිපතිටම නුවර ගිහින් කසළ ප්‍රශ්නයට මැදිහත් වෙන්න සිද්ධ වුණා.

ඕනෑම දෙයක ඇක්ෂන් හා රිඇක්ෂන් කියලා දෙයක් තියෙනෙවා. ප්‍රතිපත්ති පාවා දෙනකොට ඒකට ලැබුණු රිඇක්ෂන් එක තමයි මේ. එවගේම ජවිපෙ, මාලිමා ආණ්ඩුවකින් සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් පසුගිය ඡන්දවලදී ඒ වටා රොක් වූ බොහෝ රැඩිකල් පිරිස්ද අද මාලිමාව අත්හැර යමින් ඉන්නේ. ඊළඟ රිඇක්ෂන් එක පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් බලා ගන්න පුළුවන්. සැබෑ වමක අඩුව නිසා ඒ වැඩි දෙනෙක් ඉන්නේ කරකවල අතෑරියා වගේ.

රටේ ආර්ථික තීන්දු තීරණ ගන්නේ IMF එක. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිටියා වාගේ ඇමතිවරුන් 3 ක් හිටියා නම් මුදලුත් ඉතිරි වෙයි. අපි මෙච්චර මුදල් ඉතිරි කළා, අච්චර ඉතිරි කළා කිව්වාට හැබැයි කිසිම විගණන වාර්තාවක නම් එහෙම සඳහන් වෙලා තිබෙනවා දැක්කේ නෑ. තියෙනවා නම් ජනතාවට දැනගන්න එළි කරන්න එපැයි. සමාජය තුළ මෙවැනි කතාබහ යනවා. ඒවා ඉහළ නායකයන්ට ඇහෙන්නේ නෑ. දැනෙන්නේ නෑ. උත්තර දෙන්න ඕන ගමේ එකා.

විරුද්ධ පක්ෂයේ ඉන්නා අවදියේ අනෙක් වාමාංශික පක්ෂවලට හා එහි නායකයන්ට මඩ ගැහුවා වගේ තමයි මේ මුදල් ඉතිරි කරන කතා. “ඩොලර් කාක්කෝ. ඔය කෑ ගහන්නේ කොටින්ගේ, දෙමළ ඩයස්පෝරාවේ සල්ලි” ආදී වශයෙන් තමා එදා කිව්වේ. එහෙම කිව්වත් අද වන තුරු කිසිම අයුරකින් ඒවා ඔප්පු කරළා නෑ. කන්ද කෙන්ද කිරීම, මඩ අවලාද නැගීම, අතිශයෝක්තිය සුළු  ධනේෂ්වර දේශපාලනයේ අවියෝජනීය ලක්ෂණයක්.

මේනිසා තමන් පිළිබඳ නොසළකා, පක්ෂ ප්‍රතිපත්ති පාවා දෙමින් තීන්දු අරගෙන වැඩ කරගෙන යනවා කියලා අද ජවිපෙ තුළින් එළිපිටම චෝදනා කරන තැනට ඇවිල්ලා. මේ නිසා තමයි ජවිපෙ නායකයන්ට සිය සාමාජිකයන් සනසන්න දැන දැනම බොරු කියන්න බලකෙරිලා තියෙන්නේ.

තමන් නොසලකා වෙනත් ගමනක් යන බවට පහළ සාමාජිකයන්ගේ චෝදනාවන්ට ලක් වී ඉන්නා ප්‍රමුඛයෝ තමයි ජවිපෙ නායක ජනාධිපති දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඇමැති ලාල්කාන්ත.   

IMF ඇතුළු අනෙකුත් විදේශීය මුල්‍ය ප්‍රතිපත්ති කර ගහගෙන යන්න ජවිපෙ ඉහළ ඇවරිය තීන්දු ගන්නවා. මේ තීන්දු අමු අමුවේම පහළ සාමාජිකයාට ගිල්ලවන්නේ ඇමැති ලාල්කාන්ත. ටිල්වින් සිල්වා ඉඳහිට ව්‍යාජ හීන් කෙඳිරියක් නගනවා “අපි සමාජවාදය අත් හැරලා නෑ” කියලා. මේක ඒ අය අතර කරගෙන තිබෙන වැඩ බෙදීමක්.

මේ වැඩ බෙදීමෙන් පිට ඉන්නවා තවත් කෙනෙක්. එයා තමයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. ඔහු උග්‍ර මාක්ස්වාදී විරෝධියෙක්. ඔහුගේ දේශපාලන ජීවිතයත් අර අහිකුණ්ඨික ජනතාවගේ ජීවිතය වගේ. වැඩිකල් එකතැනක රැදෙන්නේ නෑ.

ජවිපෙ ඉහළ ඇවරියේ තිදෙනා ගන්නා නව ලිබරල් ධනපති ක්‍රියාමාර්ග විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් යුක්ති සහගත කිරීම, සාධාරණීයකරනය කිරීම වෙනුවෙන් තමයි ඔහු අද කාලය ගෙවන්නේ. එසේ කරමින් නව ලිබරල් මාවත දිගේ ජවිපෙ නායකයන් දක්කා ගෙන යනවා.

නිර්මාල්ගේ මේ ඉලක්කය ජය ගැනීමට ජවිපෙ පැරණි කේඩරය බාධාවක්. ඒ නිසා ඔවුන් නම්මවා ගැනීමට හෝ එළවා දැමීම වෙනුවෙන් විවිධ වීඩියෝ දානවා. නුවර කුණු ප්‍රශ්නය පිළිබඳවත් වීඩියෝවක් දාලා තිබුණා.

මේ වෙලාවේ අන් අයට වඩා මහාචාර්යවරයාගේ නිරනුකම්පිත උදහසට ලක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප). මොකද පෙසප අද ඉන්නේ ජවිපෙ බලය ගැනීමට පෙර හිටිය ස්ථාවරයන්ටත් වඩා වමෙන්. ජවිපෙ කේඩරය වඩාත්ම අර්බූදයට ලක්වන්නේ, නිර්මාල්ට වැඩ වැඩි වෙන්නේ පෙසපෙ මේ ව්‍යාජය නිසා.

එහෙම වුණා කියලා ඡන්ද ටිකක් වැඩි කරගන්නවා හැර වමේ විකල්පය වෙන්න පෙසපෙට බෑ. IMF එකට, ඉංදියාවට, අධිරාජ්‍යවාදයට විරුද්ධව නාලාගිරි වගේ ගිරිය පුප්පාගෙන කෑගහනවා. හැබැයි ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම මහගෙදර එකම තමයි. ඔලුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ උත්තරේ කියන්න ටික වෙලාවක් යනවා. එච්චරයි වෙනස. බලය සංකේන්ද්‍රණය කර ගන්නවා මිස බලය බෙදීමක් නෑ. එක වල්ලේ පොල්.

ජවිපෙ මෙහෙම පක්ෂ අභ්‍යන්තර ගැටුමකට මැදිවී යන නව ලිබරල් ගමන නිසාම තමයි නුවර මාළිගාවත් චන්ද මාලිමාවක් කරගන්න ගියේ. ඒත් සිදු වුණේ වඳින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා වගේ වැඩක්. ඒකෙන් ගොඩ එන්න ජනාධිපති රාජපක්ෂ සමයේත් දළදා ප්‍රදර්ශනයක් නවතා දැමූ බවට කියැවෙන වීඩියෝවක් ප්‍රචාරය කළා.

නමුත් එහි කොතැනකවත් කියවෙන්නේ නැහැ අසූචි, මූත්‍රා, කැලිකසළ ප්‍රශ්නය නිසා දළදා ප්‍රදර්ශනය නැවතුනා කියලා. ඒකේ කියන්නේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසා නැවත්තුවා කියලා.

ඒනිසා ජවිපෙට මේ සිදුවෙමින් තිබෙන්නේ තීන්ත බාල්දියේ වැටුණු නරියාට වූ දෙයයි. නෙළමින් ඉන්නේ ඔවුන් ඉතිහාසයේ වැපිරූ දේ අස්වැන්න.  තල වපුරා මුං නෙළන්න බෑ.

2025.05.03

The post වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/feed/ 0
පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a/#respond Fri, 30 May 2025 14:46:00 +0000 https://vivaranalk.com/?p=12880 2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශය සභාව යන ස්ථාන දෙක හැර අනෙක් ඒවායේ ප්‍රතිඵලය නිකුත් වී අවසන්ය. එහිදී ජයග්‍රහණය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇත්තේ දැඩි විවාදයකි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 43.3%ක් […]

The post පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? appeared first on විවරණ.

]]>
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශය සභාව යන ස්ථාන දෙක හැර අනෙක් ඒවායේ ප්‍රතිඵලය නිකුත් වී අවසන්ය. එහිදී ජයග්‍රහණය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇත්තේ දැඩි විවාදයකි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 43.3%ක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇති අතර විපක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් 56.7%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ලංකවේ සමස්ත පළාත් පාලන ආයතනවලට මන්ත්‍රිවරුන් 8793ක් තොරා ගැනීමට පළාත් පාලන මැතිවරණය පැවැත් වූ අතර එම සංඛ්‍යාවෙන් ජාතික ජන බලවේගය 3927ක් සහ විපක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් 4866ක් ලබාගෙන ඇත. මේ ප්‍රතිඵලයෙන් ජාතික ජන බලවේගය සභාවල මන්ත්‍රී සංඛාවෙන් 50%ට වඩා වැඩි මන්ත්‍රී සංඛාවක් දිනාගත් සභා ගණන 116කි. ඔවුන්ට එම සභා 116යේ පමණක් පාලන බලය ගෙන යා හැකිය. අනෙක් ඒවා ගැටළුකාරී වී ඇත. දැන් විපක්ෂය ඒකාබද්ධ වී ඉතිරි සියල්ලේ බලය විපක්ෂය අතට ගැනීමට සූදානම් වෙමින් සිටියි.

මේ ඡන්ද ප්‍රතිඵලය දෙස ප්‍රධාන වශයෙන් බැලිය යුතු පැති කීපයක් තිබේ. ඒ ඡන්දය දෙන පිරිස සහ ඡන්දය නොදෙන පිරිස අතර නිර්මාණය වී ඇති ප්‍රතිවිරෝධය වැදගත්කමකින් යුක්තය. මේ දෙපිරිස අතර ඇති මතවාදීමය දෘෂ්ටිය ද මේ ඡන්ද ප්‍රතිඵලයත් සමග සංසන්දනාත්මකව බැලීම ද තවත් වැදගත් කරුණකි.

මෙලෙස මාස හයක් ඇතුළත ඡන්දය පාවිච්චි නොකළ අය විශාල ලෙස වර්ධනය වී ඇති බව දැක ගත හැකියි. 2022 ජන අරගලයෙන් පසුව පවත්වන සෑම මැතිවරණයක් මැතිවරණයක් පාසා ඡන්දය පාවිච්චි නොකරන පිරිසේ වැඩිවීමක් දක්නට ඇත. ඡන්ද පාවිච්චි නොකළ පිරිස ජනාධිපතිවරණයේ සිට පළාත් පාලන මැතිවරණය දක්වා මිලියන 3.8 සිට මිලියන 7 දක්වා වර්ධන වූයේ එම පදනමෙනි. එහිදී ලංකාවේ 2022දී නව

ලිබරල්වාදී ආර්ථික ක්‍රමය පෙරලා දැමීමට ඉදිරියට පැමිණි ජනතාව නව සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක් සෙව්වේය. නමුත් 2022න් පසුව බලයට පත්වුන ජාතික ජන බලවේග ආණ්ඩුව නව ලිබරල්වාදී ආර්ථික රටාව කරපින්නාගෙන කරගෙන යාමට ඉදිරිපත් වූවා මිස ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ඉදිපත් නොවන බව මේ මාස 7ක කාලය තුළ පැහැදිලි විය.

දිගින් දගටම විකෘති ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා කිසි කෙනෙකුට ඡන්දය දී වැඩක් නැති බව ඡන්දය ප්‍රකාශ නොකරන පිරිසගේ පොදු මතය බවට පත් වී ඇත. එවිට මේ මැතිවරණ ක්‍රමය මගින් බලයට පත්වන කිසි කෙනෙක් ගැන කිසිදු විශ්වාසයක් තැබීමට නොහැකි වී ඇත්තේ කිසි දෙයක් නොවන නිසාය. ඡන්දය ඉල්ලන පක්ෂ – අපේක්ෂකයන් ස්වාධීන කණ්ඩායම් මේ නව ලිබරල්වාදී ක්‍රමය පවත්වාගෙන යාමට කරන දෘෂ්ටිවාදී මැදිහත් වීම නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් ලැබෙන දේශපාලනික සතුට ඔවුන් බුක්ති විඳින්නේය. මේ මැතිවරණ ක්‍රමය තුළින් දිගින් දිගටම ඡන්දය දීම විසඳුමක් නොවන නිසා ජනතාව මැතිවරණ ක්‍රමයෙන් ද ඉවත් වීම ද සිදුකරමින් පවතී. එය ඉදිරියේදී පවත්වන මැතිවරණ වලදී ද ඡන්දය නොදෙන පිරිස තව තවත් වැඩි වන බවට පැහැදිලි කරුණකි.

නව ලිබරල්වාදී ආර්ථිකය ගෙන ගිය අවුරුදු 50 තුළ ඡන්දය දී කිසිවක් ඉටු නොවුනු විට ජනතාව මැතිවරණයෙන් ඉවත්වීම තුළින් විරෝධය ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත. ජනතාවගේ “ක්‍රම විරෝධය” පැවතුනත් එයට විසඳුමක් නොමැති මැතිවරණ ක්‍රමයක් නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීම ඔවුන්ගේ දේශපාලනික තීන්දුව වී තිබේ. ඡන්දය ඉල්ලන පක්ෂ අපේක්ෂකයන් නව ලිබරල්වාදය වැළඳගෙන විකෘති අදේශපාලනයක නිරතවන නිසා – ඔවුන් දිනුවත් විකෘති නව ලිබරල්වාදය සක්සුදක් සේ ඉදිරියට යන නිසා අදේශපාලනයට ඡන්දය දීම ඵලක් නොමැති ක්‍රියාවක් වීම ඡන්දය නොදීමට තවත් හේතුවක් වී ඇත.

මේ මොහොතේ ද නව ලිබරල්වාදී වැඩ සටහන ගෙනියන්න බලය නොමැති පළාත් පාලන ආයතනවල ආණ්ඩුව පක්ෂය සහ විපක්ෂය විසින් ස්වාධීන කණ්ඩායම්වල සහ කුඩා පක්ෂ වල සහය මුදල් මත ගැනීමට තීන්දු වන තත්වයක් නිර්මාණය වෙමින් ඇත. එම නිසා ඡන්දය නොදුන් මිලියන 7ක පිරිස අති විශාල දේශපාලනික ජයග්‍රහණයක් ලබා ඇත. ඒ විකෘති මැතිවරණ ක්‍රමයකට ඡන්දය නොදීම නිසා ලැබුණ සතුට වරප්‍රසාදයක් ලෙස ඔවුන් බුක්ති විදීමට හැකි වීමයි.

1978 සිට ලංකාවේ රැකියා උත්පාදනය නොකර විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට උත්තේජනයක් ජේ. ආර්. ජයවර්ධන විසින් ලබා දුන්නේය. වත්මනේ විදේශ රටවල් ද ආර්ථික අර්බුදයේ පතුළටම ගිලී ඇති මොහොතක විදේශ රැකියා යනු සිහිනයක් පමණක් වී ඇත. විදේශ රටවල ආර්ථිකයන් ද වේගයෙන් කඩා වැටෙමින් පවතී. එම කඩා වැටීම නිසා ඇමරිකාවේ 2025 වර්ෂයේ රාජ්‍ය අංශය කප්පාදුව ඩොලර් ට්‍රිලියනයකින් අඩු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ස් පියවර ගෙන ඇත. ඉදිරි අවුරුදු 4ක් ඇතුළත ඩොල්ර් ට්‍රිලියන 4ක් අඩු කිරීමට ද තීන්දු ගෙන ඇත. එම ක්‍රියාමාර්ගය නිසා විශාල පිරිසක් මහපාරට වැටීමේ පරාසයක් දක්වා විහිදී යන්නේය. දැනට ඇමරිකවේ නිවාස අහිමු වූ ජනතාව ලක්ෂ 40 දක්වා වර්ධනය වී ඇත. එම කටයුත්ත ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව ද ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව ඇත. ඒ රාජ්‍ය අංශයේ රැකියා පන් ලක්ෂයකට වඩා ඉවත් කිරීමට ගිවිසුම් ගත වීම මගිනි. එහි පළමු පියවර ලෙස මහවැලි අධිකාරිය සහ තවත් ආයතන පහක් වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තුළ තීන්දු ගෙන ඇත. ඒ වගේම විදුලි බිල වැඩි කිරීමට ලෝක බැංකුවට පොරොන්දු වී තිබේ. තවත් මෙවැනි ජන ජීවිතය කප්පාදු කිරීම් විශාල ප්‍රමාණයක් ඉදිරි කාලයේදී ගැනීමට නියමිතව බව සඳහන්ය. මේ තීන්දු ගන්නේ විකෘති නව ලිබරල්වාදී ආර්ථිකය පවත්වාගෙන යන්නටය. තුනෙන් දෙකේ ආණ්ඩුව විසින් රටක් ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම පැත්තකින් තබා මූල්‍ය කලමනාකරණය තුළින් විසඳුම් සෙවීම ද කරගෙන යන්නේ පවතින ක්‍රමය පවත්වා ගෙන යන්නටය. එවිට මූල්‍ය ආර්ථිකය කඩාවැටීම නිසා කිසිම රටකට ගොඩ ඒමක් නැත. බොරු පුරසාරම් දෙඩීම පමණක් කරගෙන යාම සිදුවුවත්, ඒවා ආර්ථිකයට හෝ සමාජයට හෝ දැනෙන්නේ නැත. ජන ජීවිතයට ජීවන පීඩනය පමණක් මේ මොහොත වන විට ඉතිරි වී ඇත. පීඩනය තව තවත් වැඩි වෙනවා මිස මේ ක්‍රමය මගින් විසඳුමක් බලාපොරොත්තු විය නොහැකිය.

මේ ඇතිවු ආර්ථික කඩා වැටීම් බේරා ගැනීමට වර්ෂ 2000 පසුව වාමාංශීක කඳවුරු ලෝකයේ රටවල් කිහිපයක ඡන්ද වලින් පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සිදුවිය. එහිදී බ්‍රසීලයේ ලූලා ප්‍රමුඛ ආණ්ඩුව, ආජන්ටිනාවේ වාමාංශික ආණ්ඩුව, වෙනිසුවුලාවේ චාවේස් ප්‍රමුඛ ආණ්ඩුව, ග්‍රීසියේ සිරිසා නැමති වාමාශික ආණ්ඩුව, ස්පාඤ්ඤයේ පොඩමෝස් නැමැති වාමාංශික ආණ්ඩුව හඳුන්වාදිය හැකිය. මේ සියල්ලම වාමාංශික රතුපාට පොරවාගෙන පැමිණ මාස දෙක තුනක් යන විට හතර ගාතේ  වැටී නැවත නව ලිබරල්වාදීන්ට බලයට ඒමට පිඹුරුපත් සකස් කිරීම පමණක් ඉටු කළේය. එවිට එම රටවල වාමාංශික ව්‍යාපාර නැත්තටම නැති වී ගියේය. ලංකාවේදී ද අනුර දිසානයක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව කරමින් සිටින්නේ එම කර්තව්‍යය ඉටුකිරීම බව පැහැදිලිය. මේ ක්‍රමය පවත්වා ගෙන යාමට ඡන්දය ඉල්ලන ජාතික ජන බලවේගයේ පිරිස් සහ විපක්ෂයේ පිරිස සහ මොවුන්ට ඡන්දය දෙන පිරිස් ද දෘෂ්ටිමය ලෙස අදේශපාලනිකය. ඡන්දය දෙන පිරිස බලන්නේ ක්ෂණික මුල්‍යමය වාසියක් ලබා ගැනීම ගැන පමණි. එවිට අවස්ථාවාදී ස්ථාවරයක සිට ඡන්දය ප්‍රකාශ කිරීමක් බව සක් සුදක් සේ පැහැදිලි වන්නේය. ඡන්දය නොදෙන පිරිස ක්‍රම විරෝධී දේශපාලනයක යෙදෙයි. එවිට දේශපාලනික පිරිස සහ අදේශපාලනික පිරිස අතර පවතින්නේ ව්‍යුහාත්මක ප්‍රතිවිරුද්ධත්වයකි.

මේ ව්‍යුහාත්මක වෙනස්කම ලෝකයේ අනෙකුත් මැතිවරණ වලදී ද සිදුවෙමින් පවතී. දේශපාලනය සහ අදේශපාලනය අතර ක්‍රම විරෝධී ගැටුම ලෝකය පුරාම වත්මන වන විට තීව්‍ර වී තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී ද ඡන්ද ප්‍රතිඵලයට ද එම ක්‍රියාවම සිදු වුණි. ඒ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් පිරිස වූයේ සියයට59කි. එයින් ඩොනල්ඩ් ට්‍රම්ස් 30%සහ කමලා හැරිස් 29%ක් ලබා ගත්තේය. 41% ඡන්දය පාවිච්චි කර නොතිබුණි. එම ක්‍රියාවලියම එංගලන්තයේ ද සිදුවෙමින් පවතී. එය ලංකාවේ  ද  දැන්  සිදුවෙමින්  පවතී.  එවිට  ක්‍රම  විරෝධය  දේශපාලනිකය  –  ක්‍රමය පවත්වාගෙන යාම අදේශපාලනිකය.

අනුර දිසානයක ප්‍රමුඛ පිරිස සහ විපක්ෂය අදේශපාලනික වී ඇත්තේ ක්‍රමය පවත්වාගෙන යාමට ගන්නා වෙහෙස නිසාය. එහිදී අනුර දිසානායක බලයට පැමිණ කරගෙන යන නව ලිබරල්වාදී වැඩ පිළිවෙළ විපක්ෂය විසින් විවේචනය කරන්නේ ඔවුන් නිවැරදි නව ලිබරල්වාදීන් ලෙස ඔවුන් විසින් ඔවුන්ව හඳුන්වා ගනිමිනි. මේ පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්නට බැරි සෑම තැනම විපක්ෂයේ නව ලිබරල්වාදීන් ඒකාබද්ධව බලය පිහිටුවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇත. දැන් ගැටුම තිබෙන්නේ නව ලිබරල්වාදය පවත්වාගෙන යාමට “උඹ ද සුදුස්සා – මම ද සුදුස්සා” තෝරාගැනීම පමණක් ඉතිරි වී ඇත. එයද විසඳුමක් නොවන්නේ ආර්ථිකය පැත්තෙන් – දේශපාලනික පැත්තෙන් – ජනතාවගේ පැත්තෙන් විසඳුමක් නොවන නිසාය. මේ ආයතන සියල්ලේම බලය ජාතික ජන බලවේගයට ලැබුණත් කිසිම ප්‍රයෝජනයක් ජන සමාජයට අත් නොවන්නේය. ඒ ඔවුන් වැළඳගත් නව ලිබරල්වාදය ලෝකය පුරාම අභාවයට යාම ඇරඹී ඇති නිසා සහ එම ක්‍රමය මගින් පීඩනය පමණක් ජනතාවට ඉතිරිවන නිසාය. ඒ පිහිටුවන ආයතන 116යේ සහ මුදල් දී පිහිටුවා ගන්නා සභාවල බලය විකෘති වැඩ පිළිවෙලවල් හරහා බලාත්මක කිරීමට ඔවුන් විසින් උත්සාහ ගනු ඇති. මේ කරන සියලු ක්‍රියාමාර්ග විහිලු හැටියට පමණක් ඉදිරි කාලයේදී තහවුරු වනවා නිසැකයි.

මේ මැතිවරණ ක්‍රමයෙන් රටක් ගොඩනැගීම හෝ ප්‍රදේශයක් ගොඩනැගීම හෝ කළ නොහැකි කරුණක් වන්නේ ක්‍රම විරෝධී දැක්මක් නොමැතිකමය. එම නිසා ජනතාව මේ මැතිවරණ ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින බව වත්මනේ පැහැදිලි වන කරුණකි. ඡන්දය නොදෙන පිරිසගේ මතය විග්‍රහ කළ බැලුවහොත් ඔවුන් දේශපාලනික දැක්මක් සහිතව ඡන්දය නොදුන් බව පැහැදිලියි. එම දේශපාලන අවබෝධය දිනෙන් දින වර්ධනය වන නිසා එම පිරිස මැතිවරණයෙන් – මැතිවරණයට පළල් වෙමින් පවතී. දැන් ඡන්දය දෙන පිරිස අදේශපාලනිකය – ඡන්දය නොදෙන පිරිස දේශපාලනිකය. එය පැවති රටාව වෙනස් වීමේ විභවය නිර්මාණය වී ඇති බව වටහා ගැනීමට මේ මැතිවරණය ප්‍රබල සාධකයකි.

නමුත් වත්මනේ විශාල ජන අරගල ව්‍යාපාරයක් ලෝකය පුරා නව ලිබරල්වාදයට විරුද්ධව ගොඩ නැගෙමින් පවතියි. එවිට ඡන්දය යනු ක්‍රමය පවත්වාගෙන යන ක්‍රියාවලියක් සහ ජන අරගලය මේ විනාශකාරී ක්‍රමය පෙරලා දැමීමට ගොඩනැගෙන බලවේගය ලෙස ඉදිරියට එමින් පවතී. එවිට ඡන්දය ඉල්ලීම පවා වැඩකට නැති අදේශපාලනික ක්‍රියාවක් වී තිබේ. ඡන්දය දීම ද අදේශපාලනික ක්‍රියාවක් වී තිබේ. වත්මනේ දේශපාලනය යනු අරගල මාවතට ප්‍රවිෂ්ට වීම ප්‍රතිඵලදායක වී ඇත. අරගල මාවත ලෝකය පුරාම සක්‍රීය වෙමින් පවතී, නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ ඉදිරියේ ලෝකය නැවත ගොඩනැගීමට ආර්ථික – දේශපාලන – සමාජීය විසඳුමක් අරගල නායකත්වය විසින් සාකච්ඡා නොකිරීමයි. ඒ සඳහා අදහස් ඇති පිරිස වන මාක්ස්වාදීන් ද හතර අතට බෙදී ඇත්තේ කිසිවක් කර ගත නොහැකි වන ලෙසයි. නමුත් ඇමරිකවේ වත්මනේ පවතින අරගලයේදී මාක්ස්වාදී පක්ෂ වලට ඒකාබද්ධ වී විසඳුම් ඉදිරිපත් කරන ලෙස මාක්ස්වාදය කියවන තරුණ තරුණියන්ගෙන් බලපෑමක් එල්ල වී තිබේ.

ලංකාවේ ද මාක්ස්වාදී දහරාව නියෝජනය කරන ලියාපදිංචි පක්ෂ 12ක් ඇත. මේ පිරිස ද නව ලිබරල්වාදී විකෘතිය පවත්වාගෙන යාමට පසුබිම උදා කිරීම සඳහා වෙන් වී ක්‍රියාමාර්ග තෝරමින් සිටිති. මේ පිරිස් අතර වෙනස් මත ඇති බව සත්‍යයකි. නමුත් සියලු දෙනාම මාක්ස්වාදය පිළිගනිති. නමුත් එකතුවීමට පමණක් එකඟ නැත. එය ලංකාවේදී ප්‍රශ්නාර්ථයක් බවට පත් වූයේ 2022 අරගලය තුළදීය. පවතින රාමුවෙන් වෙනස්ව විප්ලවකාරී බලවේ සමග සාමූහික දැක්මක් ඇතිකර ගැනීමට මාක්ස්වාදීන්ට දැක්මක් නොතිබුණේ වෙන්ව සිටීමේ පියවර නිසාය. වත්මනේ මාක්ස්වාදීන්ට මොන තරම් අනෙකා සමග ප්‍රශ්න තිබුණත් එක කඳවුරකට පැමිණිම අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙන්නේ, පවතින ක්‍රමය ප්‍රතික්ෂේප වී ලෝකය පුරාම “පූර්ව විප්ලවවාදී සමයක්” උදා වීම හේතු කොට ගෙනය. එවිට නව අර්ථකථනයකින් ආර්ථිකය ගොඩනැගීමට හැකි භෞතික දැක්මක් සහිත මාක්ස්වාදීන්ට මේ කටයුත්ත පැවරී ඇත.

The post පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a/feed/ 0
මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3): https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a/#respond Fri, 30 May 2025 12:40:29 +0000 https://vivaranalk.com/?p=12877 1. ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර. මාලිමාණ්ඩුවට ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමට උපයෝගී කර ගන්නේ ස්වාධීන මහජන මාධ්‍ය ආයතන ක්‍රමයයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද අය-වැය මගින් වෙන් කර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දී එහි ඇති සුවිශේෂ වැදගත්කම […]

The post මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3): appeared first on විවරණ.

]]>

මාලිමාණ්ඩුවට ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමට උපයෝගී කර ගන්නේ ස්වාධීන මහජන මාධ්‍ය ආයතන ක්‍රමයයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද අය-වැය මගින් වෙන් කර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දී එහි ඇති සුවිශේෂ වැදගත්කම නිසයි. ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වාධීන මහජන මාධ්‍ය ආයතන බවට පත් කළ හැකිය. මේ සඳහා උපදෙස් ලබා ගැනීමට විජයානන්ද ජයවීරයන් වැනි ප්‍රවීනයෙක් ද රටට සිටී.

ස්වාධීන මහජන මාධ්‍ය ආයතන මගින් වාණිජ හෝ දේශපාලන බලපෑම්වලින් තොර සමබර තොරතුරු, පවුලේ සැමගේ විචාරාත්මක සිතීම වඩන අධ්‍යාපනික වැඩසටහන්, සහජීවනය ප්‍රවර්ධනය කැරෙන සංස්කෘතික වැඩසටහන්, රාජ්‍ය පාලනය සඳහා පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කරන වැඩසටහන්, ජීවිත හා දේපළ ආරක්ෂාවට බලපාන විශ්වසනීය හදිසි තොරතුරු, වෙළඳ දැන්වීම්වලින් තොරව රසවින්දනය ප්‍රවර්ධනය කැරෙන උසස් සංගීන, නාට්‍ය හා කලා වැඩසටහන් මහජනතාවට ලබා දේ. එවිට බොරු තොරතුරු සමාජගත කරන ආයතන හෝ පුද්ගලයන් සමග පැටලී, කාලය කා දමන්නේ නැතිව පාලකයන්ට විවේක බුද්ධිය මෙහෙයවා ප්‍රශස්ත තීරණ ගැනීමට හැකි වේ.

මාලිමාණ්ඩුව පොදු සතුරා හඳුනා ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. ආණ්ඩුවට වර්ගවාදය, අධිකාරීවාදය හා නව ලිබරල්වාදය පරාජය කිරීමේ වුවමනාව තිබෙන බව පැහැදිලව පෙනේ. එහෙත් එවැනි ම වුවමනාවක් ඇති අනික් පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන මිතුරු බලවේග ලෙස නොසලකා කටයුතු කරයි. එ නිසා එවැනි පක්ෂ මාලිමාණ්ඩුවට එරෙහිව තරග වැදීමට තල්ලු වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උතුර, නැගෙනහිර සහ කඳුකරයේ පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුවෙන් ගිලිහී තිබේ. එමගින් සියලු ජනවර්ගවල සහයෝගය ඇති ආණ්ඩුවක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැවති පිළිගැනීම පළුදු වී තිබේ. එබැවින් ආණ්ඩුව හිතට එකඟව වර්ගවාදය, අධිකාරීවාදය හා නව ලිබරල්වාදය, පොදු සතුරා ලෙස පැහැදිලි ඉරක් ඇඳ ගත යුතු නො වේ ද? එවිට පොදු සතුරාට එරෙහි සියලු පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන මිතුරු බලවේග ලෙස සැලකිය හැකි බැවින් මෙතරම් අපහසුවක් නැතිව මාලිමාණ්ඩුවට බොහෝ දුර යා හැකි නො වේ ද? ලබා ගත් ජයග්‍රහණ රැක ගෙන නව ජයග්‍රහණ ලද හැකි නො වේ ද?

මාලිමාණ්ඩුව අභියෝගවලට මුහුණ දෙන කොට හිටගත යුතු පැත්ත සලකුණු කිරීමේ ඉර ඇඳ ගෙන නැත. ප්‍රමුඛතා පදනමක් මත මානව අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමෙන් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය නොහැකි ද? නිදසුන් වශයෙන් කොටහේන පාසල් දියනියගේ ප්‍රශ්නයේ දී ළමයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දී, චූදිතයන්ගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළා නම්, ආණ්ඩුව සියලු පුරවැසියන්ගේ ගෞරවයට හේතු වන්නේ නැද්ද? ලාංකේය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දී, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර, ඒවා අප්‍රමාදව ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කළා නම් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ප්‍රවර්ධනය වෙන්නේ නැද්ද?

මේ සියල්ලටමත් වඩා සිවිල්, දේශපාලන, සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී උතුර, දකුණ, නැගෙනහිර, මලයහ සහ එතෙර ශ්‍රී ලාංකේය පුරවැසියන් එකතු කර ගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපිරුවොත් ‘මුළු රටම එක මිටට’ ආණ්ඩුව සමග බලමුළුගැන්වෙන්නේ නැද්ද? එවිට හාන්ස්ලා, උඩුගමසූරියලා සමග එක පෙළට-රට ගොඩනැගීමට ලොවපුරා වෙසෙන දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් බුද්ධිමතුන් ද පැමිණෙන්නේ නැද්ද? ණය උගුලෙන් ගැලවී ‘පොහොසත් රටත්-ලස්සන ජීවිතයක්’ ගොඩනැගීමට අවැසි ජවබලය උපදින්නේ එමගින් නො වේ ද?

The post මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3): appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a/feed/ 0
ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%a7-%e0%b6%ad%e0%b6%b9%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%a7-%e0%b6%ad%e0%b6%b9%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/#respond Tue, 22 Apr 2025 06:52:01 +0000 https://vivaranalk.com/?p=12864 අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප වතාවක්ම කියවා තිබුණ ද දැන් ඒ කිසිවක් මතකයේ නැත. නිවාඩු දවස් කීපයේ එය කියවා අවසන් කිරීමට සිතා ගත් ඔහු පහළ ගෙදර කොල්ලන් මිදුළේ අඹ ගසේ […]

The post ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. appeared first on විවරණ.

]]>
අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප වතාවක්ම කියවා තිබුණ ද දැන් ඒ කිසිවක් මතකයේ නැත. නිවාඩු දවස් කීපයේ එය කියවා අවසන් කිරීමට සිතා ගත් ඔහු පහළ ගෙදර කොල්ලන් මිදුළේ අඹ ගසේ බැඳ තිබු උන්චිල්ලාවේ වාඩි වී පොත දිග හැරියේය. පිටු දෙකක් කියවීමටත් පෙර කව්දෝ පිටට තට්ටු කරනු දැනී හිස ඔසවා බැළුවේය. 

හත්දෙයියනේ ට්‍රම්ප්!

පොත බිම දමා නැගි සිටි අනුර ‘වාඩිවෙන්න සර්’ කීවේ පුටුවක් හෝ නොදැකය.

අඹ ගහ යට තිබු ප්ලාස්ටික් පුටුවේ හරි බරි ගැසී වාඩි වූ ට්‍රම්ප් අනුර දෙස තියුණු බැල්මක් හෙළුවෙය.

‘හරි රස්නෙයි නේද සර්’ අනුර කීවේ කුමක් හෝ කිව යුතු තිබු නිසාය.

‘ඒකට කමක් නැහැ’ ට්‍රම්ප් උඩඟු ලෙසින් කීවේය.

‘මට ඔහෙත් එක්ක පොඩි කතාවක් තියෙනවා.’

‘ඉතින් සර් කොළඹ අපේ මන්දිරේට ආවානම් කරදරයක් නැතිව කතා කරන්න තිබුණානෙ’

‘නෑ ඊට වැඩිය මෙහෙ හොඳයි.’ කියමින් ට්‍රම්ප් තම කෝට් එකේ වම් පළුව විවර කොට යට සාක්කුවට අත දමා ලියවිල්ලක් එළියට ගත්තේය.

‘මේක මතක ද’

ටිකක් ඒ දෙසට නැඹුරු වූ අනුර “ඔව් මට මතකයි සර්” කීවේය.

‘කවුද මේකේ ලිව්වේ’ ට්‍රම්ප් ටිකක් උස් හඬින් ඇසුවේය.

‘අර ගොල්පේස් මහින්ද’

‘හා කමක් නෑ. මේක තියෙන ඒවා දන්නවාද?.

‘ටිකක් දන්නවා.’

‘ටිකක් නොවෙයි හොඳටම දැන ගෙන ඉන්න තිබුණා.” ට්‍රම්ප් සැරෙන් කීවේය.

‘මොනවද මේ ටැක්ස් අඩු කරන්න කියන්නේ?. ට්‍රම්ප් කෙළින්ම මුහුණ බලා ඇසුවේය.

‘ටැක්ස් නිසා අපේ බඩු ඇමරිකාවට යවන්න බැරි වුණොත් අපිට ඩොලර් හම්බු වෙන්නේ නැහැ. එතකොට අපිට සර්ලගේ ණය ගෙවන්න බැහැ’ අනුර බැගෑපත් වූයේය.

‘මේ ටැක්ස් දාන්න කලින් නේද තමුසෙලා ණය වුනේ’  ට්‍රම්ප් බිම වැටී තිබුණ දාස් කැපිටාල් දෙස බලමින් ඇසුවේය.

‘එතකොට ආණ්ඩු කෙරුවේ අපි නෙවෙයි.’ අනුර ඇඟ බේරා ගැනීමට උත්සාහ කෙළේය.

‘ඒක මට වැඩක් නැහැ. දැන් ඔහේ මොකද කියන්නේ’ ? ට්‍රම්ප් නැවතත් අනුරගේ මුහුණටම ඇසුවේය.

‘අපි සර්ලගෙන් බඩු වැඩියෙන් ගන්න අපේ ටැක්ස් අඩු කරනවා. එතකොට වෙළඳ අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ.”

‘මේ තරුණයා මාත් එක්ක විහිළු කරන්න එපා. වෙළඳ අතිරික්තෙ නැති වුනාම ණය ගෙවන්න තමුසෙට ඩොලර් කෝ?.  ට්‍රම්ප් හඬ උස් කර ඇසුවේය.

‘බලනව මේ ෂර්ට් එක?. ට්‍රම්ප් තම කෝට් එකේ පළු දෙක විවර කර පපුව ඉදිරියට දමා කීවේය.

‘ලස්සන ෂර්ට් එකක්’ අනුර බයාදු ලෙසින් කීවේය.

‘අයිසෙ ෂර්ට් එකක් ගන්න මම නිව්යෝර්ක් එකේ කඩයක් ගානෙ ගියා. හැම තැනම තියෙන්න මේවා.’ කලිසමේ සාක්කුවෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිස දමමින් ට්‍රම්ප් කීවේය.

‘තමුසෙ දන්නවද මේක හදල තියෙන්නේ මොන රටේ ද කියලා’ ලේන්සුව සාක්කුවට ඔබමින් ට්‍රම්ප් ඇසුවේය.

‘නෑ සර්’ අනුරගේ උගුර කට වියලී යන්නා සේය.

‘දැන ගන්නවා. සිරි ලංකාවේ. අපිට අපේ රටේ ෂර්ට් එකක් ගන්නවත් නැහැ. මේ දුප්පත් බයියලා හදන ඒවා තමයි අපිට ඩොලර් දිලා ගන්න වෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න තමයි ටැක්ස් දැම්මේ’ ට්‍රම්ප් ප්ලාස්ටික් පුටුවෙන් නැගිටිමින් කීවේය.

කැර කැවිල්ලක් වගේ දැනුණ නිසා අනුර අඹ ගසට හේත්තූ වූවේය. 

‘මේක හොඳින් අහ ගන්නවා. එක එකාට ඕන විදියට මම ආණ්ඩු කරන්නේ නැහැ. ආණ්ඩු කරන්නේ මට ඕන විදියට. ඔය සාකච්ඡා අරව මේව මගෙ ළඟ නැහැ. පරිස්සමෙන් වැඩ කරනවා. නැත්තම් වැඩ වරදින්න පුළුවන්.’ වම් අතේ දඹරැඟිල්ල අනුර ගේ මුණටම තියා ට්‍රම්ප් කීවේය.

අනුර ඇස් පියා ගත්තේය. මොහොතකට පසු ඇස් අරින විට ට්‍රම්ප් නැත. ඉදිකඩ පසු කර ඈත යන සෙවනැල්ලක් වැනි දෙයක් දිස්විය. 

බිමට නැමී දාස් කැපිටාල් පොත අවුලා ගත් අනුර අපහසුවෙන් ඉස්තෝප්පුවට ගොඩ වූයේය.

The post ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%a7-%e0%b6%ad%e0%b6%b9%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/feed/ 0
ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%83%e0%b7%92%e0%b6%af/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%83%e0%b7%92%e0%b6%af/#respond Fri, 11 Apr 2025 07:41:24 +0000 https://vivaranalk.com/?p=12854 පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලය වන ජනතා විමුක්ති පෙරමුණ දක්වන ආකාරයට එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග කෙරේ ජනතාව තැබු විශ්වාසය ප්‍රකාශ කිරීමකි. ජනතා ඡන්දයෙන් බලයට පත් වූයේ ජාතික ජන […]

The post ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. appeared first on විවරණ.

]]>
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලය වන ජනතා විමුක්ති පෙරමුණ දක්වන ආකාරයට එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග කෙරේ ජනතාව තැබු විශ්වාසය ප්‍රකාශ කිරීමකි. ජනතා ඡන්දයෙන් බලයට පත් වූයේ ජාතික ජන බලවේගය නිසා එවැනි තර්කයක් සාධාරණ සේ දැක්විය හැකිය. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ ජාතික ජනබලවේගය පසුගිය මැතිවරණයේ දි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඉන් පෙර ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන වලින් වෙනස් නොවීමය. එම මැතිවරණ ප්‍රකාශ පදනම්ව 2019 පැවති  පැවති ඡන්ද විමසීම්වලදී ඔවුන්ට ලබා ලබා ගත හැකි වූයේ සියයට තුනක ඡන්ද ප්‍රමාණයකි. පාර්ලිමේන්තුවේ ආසන තුනකි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වයස් කාලය තවමත් අඩ වසරක් හෝ සපුරා නැති නිසා ඒ ගැන දැඩි තීරණ ගැනීමට කලක් එළඹ නැති බව සැබෑවකි. එහෙත් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යනුවෙන් කියමනක් ජනවහරේ තිබෙන බවද අමතක නොකළ යුතුය. මාස හයක් වැනි කෙටි කාලයක් තුළ හැත්තෑහය වසරක් පැවති පාලනය නැතිනම් අවපාලනය නිවැරදි කිරීමට තරම් නොවන බවද සත්‍යයකි. එහෙත් මෙම කෙටි කාලය ඇතුළත හෝ ජාතික දේහයේ පත්ළටම කිඳා බැස ඇති රෝග ව්‍යාධි හඳුනා ගැනිමට හා නිවැරදි කිරීමට මුල පිරීමට ප්‍රමාණවත් කාලයකි. එය වැදගත් වන්නේ අප සමාජය මුහුණ දී ඇති ජරාජීර්ණ දේශපාලනය පුද්ගල සාධක මතම රැඳී නැති නිසාය.

හිටපු හෝ සිටින ජරාජීර්ණ පුද්ගලයන් වෙනුවට අලුතින් අය පත් කිරීම වැඩි අපහසුවක් නැතිව කළ හැකිය. සමහර විට මේ රට බංකොළොත් භාවයට පත් වන තෙක් ‘උපදෙස්’ හා ‘වැඩ සටහන්’ හඳුන්වා දුන් භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙය අදාල නොවන්නට පුළුවන. ආර්ථිකය හැසිරවීමේ යාන්ත්‍රණය ඔවුන් සතුව ඇති නිසා ඔවුන් ඉවත් කිරීමෙන් යාන්ත්‍රණය  බිඳ වැටේයැයි බියක් වත්මන් පාලකයන් තුළ තිබෙනු විය හැකිය. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මහ බැංකුවේ අධිපති නොවෙනස්ව තබා ගත යුතුය. භාණ්ඩාගාරයේ ලේකම් ද එසේමය.

වළං කඩේට කඩා වැදුන ගොනා මෙන් සියල්ල විනාශ කිරීම හානියක් බව අපි පිළිගනිමු. එහෙත් ලෝක බැංකුවෙන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පුරුදු පුහුණු කළ මෙම ‘විශේෂඥයන්’ බොහෝ දෙනකුගේ දක්ෂතාවය ඉගැන් වූ දේ වැමෑරීම විනා අලුතින් සිතීම නොවන බව ඔවුන් ක්‍රියාවෙන්ම සනාථ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ඉගැන් වූ දේ විනිවිද දැකීමේ හැකියාව ඇති නිලධාරීන් නැතිවම නොවේ. එවැනි අයට මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ ලැබුණේ කුඩම්මා ගේ සැලකිලි ය. ඔවුහු හැකි පළමු අවස්ථාවේම එම ආයතනවලින් සහ රටින් පිටව ගියහ. අපි මෙම ලිපියෙන් එවැනි දේ සාකච්ඡා කිරීමට අදහස් නොකරමු. මෙම ‘විශේෂඥයන්ගේ’ කාර්ය භාරය ආර්ථිකයේත් දේශපාලනයේත් ගමන් මග ජනතා අපේක්ෂාව සාක්ෂාත් කිරීමට වඩා පැරණි පීල්ලේම දැක්කීම බව කිව යුතුය.

නිලධාරීන් දූෂිත වූයේත් දූෂිත නිලධාරීන්ට වැජඹීමට හැකි වුයේත් පවතින ක්‍රමයේ වැරැද්ද නිසා බව නැවත නැවතත් කිව යුතු නොවේ. ඒ ගැන තවත් කිසියම් දෙයක් ඉගෙන ගැනිමට අවශ්‍ය නම් 2023 ගාලු මුවදොර තරුණ අරගලය දෙස බැලීම ප්‍රමාණවත්ය. ගිනියම් අව්වේ වේලි වේලිත් ධාරණීපාත වැස්සේ තෙමි තෙමීත් ඔවුන් පැතුවේ ක්‍රමයේ වෙනසකි. සිස්ටම් චේන්ඡ් එකකි. පසුගිය මැතිවරණවලදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉල්ලා සිටියේ ද සිස්ටම් චේන්ඡ් එකකි. මෙය තේරුම් නොගන්නා කිසිදු දේශපාලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට අනාගතයක් නැති බව සක් සුදක් සේ පැහැදිලිය. 

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගමන් කරන්නේ හිටපු පාලකයන් ගිය මගේම බව පෙන්වීමට සරල උදාහරණ දෙකක් දැක්වීම ප්‍රමාණවත්යැයි සිතමි. ඉන් එකක් වන්නේ ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුයැයි හැඳින් විය හැකි චන්දන ජයරත්න මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලිමකට ජනාධිපති කාර්යාලය ඇතුළත් ආයතන ගණනාවක් දැක් වූ ප්‍රතිචාරයයි. චන්දන ජයරත්න මහතාට දැන ගැනීමට අවශ්‍ය වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇති කර ගත් අවසාන ගිවිසුම පිළිබඳ තොරතුරු සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ණය තිරසාර බව පිළිබඳ විශ්ලේෂණයයි. වානිජ කටයුතු සහ ඊට බලපාන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන ඔහු එවැනි ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන්නට ඇත්තේ එය ඔහුට මෙන්ම රටේ සියලු දෙනාට බලපාන රට පුරාම ආන්දෝලනයක් ඇති කළ වැදගත් ප්‍රශ්නයක් නිසාය. ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියේනම් ඔවුන් ද මෙම විෂය ගැන එවැනිම හෝ ඊටත් වඩා පුළුල් ප්‍රශ්න අසනු ඇත.

එහෙත් සිදු වූයේ කුමක් ද?

කඩිනම් පිළිතුරක් ලබා දීම වෙනුවට සිදු වූයේ මහ බැංකුව භාණ්ඩාගාරය සහ ජනාධිපති කාර්යාලය අතර ‘බෝල පාස් කිරීමේ’ ක්‍රීඩාවකි. මෙවැනි තත්වයක් මීට පෙර පැවති ආණ්ඩුවක් යටතේ සිදු වූයේ නම් අපට තේරුම් ගත හැකිය. රටේ ජනාතාවට බලපාන ගිවිසුම් හෝ වෙනත් එකඟතා ජනතාවට දැන ගැනීමේ අයිතියක් ඇති අතර එම තොරතුරු ලබා දීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රතිපත්තියකි. එය මෙම ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් සිදුව නැත. ඊට පිළිතුරු ලබා ගැනීමට ඒ මහතාට සමහර විට තොරතුරු දැනගැනීමේ කොමිසමට යෑමට සිදු වනු ඇත.

ඉන් තහවුරු වන්නේ ආණ්ඩු මාරු වූවාට පුද්ගලයන් වෙනස් වූවාට ක්‍රමයේ වෙනසක් සිදුව තැගි බව නොවේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගන්නා ගිවිසුම් අදාල පාර්ශ්වයන් හැර පිටස්තරයන් අතට පත්වීම අනවශ්‍ය එමෙන්ම හානිදායක දෙයක්යැයි ඔවුන් සිතනවා විය හැකිය. එය ජනතාව බලාපොරොත්තු වූ වෙනස නොවේ. මෙවැනි ගිවිසුම් සහ එකඟතාවල අවසාන ප්‍රතිඵලය පැටවෙන්නේ ජනතාව මත නිසා ඒවා දැන ගැනීම ජනතා පරමාධිපත්‍යය බැඳුණකි.

මෙවැනිම තවත් සිද්ධියක් පසු ගිය දා වාර්තා විය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතනය හෙළා දැකීමේ අදහසින් පොස්ටරයක් ඇලවූ තරුණයෙකු පොලීසියෙන් අත් අඩංගුවට ගැනිමය. වචන කීපයකට සීමා වූ එම පොස්ටරය ජාතින් අතර ද්වේෂය සහ වෛරය පතුරුවන නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම තරුණයා අත් අඩංගුවට ගත් බව පොලීසියෙන් පවසා තිබිණ. ඊශ්‍රායෙලය වසර දෙකකට ආසන්න කාලයක් ගාසා තීරයටත් බටහිර ඉවුරටත් ඉවක් බවක් නැතිව ගුවනින් බෝම්බ දැමීම සහ පාබල හමුදා මෙහෙයවා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ජනමාධ්‍යවේදීන් සහ ජනතාව තිරශ්චීන ලෙස මරා දැමීම යුද අපරාධයක් බව අන්තර්ජාතික අපරාධ අධිකරණය පිළිගෙන ඊශ්‍රායෙල් අගමැති සහ ඔහුගේ ආරක්ෂක ඇමති අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර ඇත. මානව අයිතිවාසිකම්වලට හෝ ජාත්‍යන්තර නීතිය නොසලකා ක්‍රියා කරන රටක් හෙළා දැකීම ජාතීන් අතර ද්වේෂය සහ වෛරය දනවන දෙයක්යැයි නිර්වචනය කරන්නේ කුමන පදනමක් යටතේ දැයි ජාතික ජන බලවේගයේ ආරක්ෂක ඇමති පැහැදිලි කළ යුතුය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයන් විපක්ෂයේ සිටිය දී පලස්තිනය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ බව අමතක කළ නොහැකිය.

වඩාත් වැදගත් වන්නේ පෝස්ටරයක් ඇලවීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කළ හැකි වරදක් වන්නේ කෙසේද යන්නයි. පෝස්ටරයක් ඇලවීම අපරාධයක් නම් ඒ සඳහා යොදා ගත හැකි වෙනත් නිති ප්‍රතිපාදන අපමණ පවතින බව නීති විශාරදයන් නොවන සාමාන්‍ය ජනතාව පවා දනිති. මින් පැහැදිලි වන්නේ ආරක්ෂක ඇමති සහ පොලිස්පති වෙනස් වූවාට ක්‍රමයේ වෙනසක් සිදුව නැති බව නොවේද? කලින් පැවති ආණ්ඩු යටතේ කවියක් ලිවීම පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට හේතුවකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ඒ වෙනුවට ගෙන එන වෙනත් නීති සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම විපක්ෂයේ සිටිය දී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි. මෙම නිතිය යටතේ ඔවුන්ට ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දිමට සිදු විය. ආරක්ෂක අංශ අද එම නීති ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් උල්ලඝනය කිරීමට යොදා ගන්නේ ක්‍රමයේ වෙනසක් සිදුව නැති නිසායැයි සිතිය හැකිය. 

මේ සරල උදාහරණ දෙකක් පමනි. මෙවැනි තවත් මෙවැනි අවස්ථා රැසක් ඇත. එමනිසා ජනවරමේ සුජාත භාවය රැක ගැනිමට නම් ජාතික ජන බලවේගය නිදි ගැට හැර අවදි වී ජන හදට ආමන්ත්‍රණය කළ යුතුය. ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ එවිටය.  

The post ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%83%e0%b7%92%e0%b6%af/feed/ 0
අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/#respond Fri, 11 Apr 2025 05:13:51 +0000 https://vivaranalk.com/?p=12837 [පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ”Why following IMF policy recommendations will lead to yet another debt crisis” මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ  සිංහල පරිවර්ථනයයි. මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකි. සමාජ විද්‍යාඥයෙකි. බ්‍රෑම් නිකොලස් සංවර්ධනය සහ වෙනස්වීම්  ගැන ලිපි සපයන ප්‍රකට සමාජ විශ්ලේෂකයෙකි.] මෙහිදී අපි අන්තර්ජාතික මූල්‍ය […]

The post අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? appeared first on විවරණ.

]]>
[පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ”Why following IMF policy recommendations will lead to yet another debt crisis” මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ  සිංහල පරිවර්ථනයයි. මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකි. සමාජ විද්‍යාඥයෙකි. බ්‍රෑම් නිකොලස් සංවර්ධනය සහ වෙනස්වීම්  ගැන ලිපි සපයන ප්‍රකට සමාජ විශ්ලේෂකයෙකි.]

බ්‍රෑම් නිකොලස්
මහාචාර්ය හොවාර්ඩ් නිකොලස්

මෙහිදී අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශවලට න්‍යායාත්මක සහ වාස්තවික පදනමක් නැතිවීම සහ සංවර්ධනය වන රටවලට දීර්ඝ කාලිනව ඔවුන් කරන හානිය සම්බන්ධයෙන් කලින් ඉදිරිපත් කළ තර්ක පදනම් කර ගෙන, ශ්‍රී ලංකාවේ මෑතක ඇති වූ ණය අර්බූදයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ භූමිකාව විමර්ශනය කිරීමට අදහස් කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ණය අර්බූදයේ හේතු කාරක ගැන ඔවුන්ගේ නිගමනයන්, නැතිනම් සාවද්‍ය නිගමනයන් සමග මෙවැනි අර්බූදවලට එම පිවිසුමේ පවතින දෝෂ සහගත භාවය පැහැදිලි කරන යෝජිත ප්‍රතිපත්ති මෙහිදී අපි සාකච්ඡා කරමු. වැඩි දුරටත් සාවද්‍ය නිගමනයන් මත පදනම් වූ එහි ප්‍රතිපත්ති නිර්දේශ අර්බුදයට තුඩු දුන් ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ අතර ඉන් ආර්ථිකයේ දුර්වලතා වඩාත් තියුණු කරන බව පෙන්වා දීමට කැමැත්තෙමු.

සංවර්ධනය වන අනෙකුත් බොහෝ රටවල මෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ දැඩිව පිළිපදින්නේ නම් ශ්‍රී ලංකාව තවත් ණය අර්බුදයකට මුහුණ දෙනු ඇත. කෙසේ වුවත් දේශීය ණය අර්බූදය නිසා ශ්‍රී ලංකාවේ තත්වය වඩාත් සංකීර්ණ විය හැකිය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොවිඩ්-19 නිසා ආර්ථිකය වසා දැමීම, ඉන් පසුව ඇති වූ සැපයුම් හිඟකම, සහ යුක්‍රේන යුද්ධය සහ බටහිර රටවල් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක නිසා බලශක්ති මිල ගණන්වල ඇති වූ කම්පනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු කළ බව පොදුවේ පිළිගන්නා නමුත් මූලික වශයෙන් ඔවුන් අර්බූදයට හේතුව වශයෙන් දකින්නේ දේශීය සාධකයි. විශේෂයෙන්ම සඳහන් කරන්නේ අර්බූදයට මූලික වශයෙන්ම හේතු වූයේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් රාජ්‍ය වියදම් සඳහා අප්‍රමාණව මුදල් ලබා දුන් නිසා මුදල් සැපයුම (M 1) සීමාන්විත සේ ඉහළ යෑම ය.

ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ මෙම නිගමනය මත පදනම්ව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අයවැය පරතරය අඩු කිරීම, අයවැය හිගය පියවීමට මහ බැංකුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නතර කිරීම, විනිමය අනුපාතයේ නම්‍යතාවය වැඩි කිරීම සහ නාමික සහ සැබෑ පොලි අනුපාත ඉහළ දැමීම නිර්දේශ කෙළේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නතර කිරීමේ පියවරක් වශයෙන් සහ එක්සත් ජනපදයේ ආණ්ඩුවෙන් කරන ලද බලපෑම නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැවති මුදල් පනත වෙනුවට නව මහ බැංකු පනතක් ගෙන එන ලෙස ඉල්ලා සිටියේය. නව මහ බැංකු පනතේ මුලික ප්‍රතිපාදනයක් වන්නේ සෘජුව හෝ වක්‍රව ආණ්ඩුවේ ණය මිලදි ගැනිම මහ බැංකුවට තහනම් කිරීම ය.

ඉන් අදහස් වන්නේ වෙනත් බොහෝ රටවල ප්‍රාථමික ණය වෙළඳ පොළෙන් හෝ ද්වීතික ණය වෙළඳ පොළෙන් ආණ්ඩුවේ ණය මිලදී ගැනීම මහ බැංකුවලින් සිදු වුවද ශ්‍රී ලංකාවේ මහ බැංකුව ආණ්ඩුවේ ණය මිලදී ගැනීමෙන් වැළැක්වීමය. මෙවැනි දෙයක් අන් කිසි රටක දක්නට නැත. අඩුම වශයෙන් ද්වීතික වෙළඳ පොළෙන් හෝ ණය මිලදී ගැනිමට ඉඩ සැලසීමේ වැදගත්කම වන්නේ මූල්‍ය බලධාරීන්ට පොලී අනුපාත කෙරේ වැඩි පාලනයක් කිරීමට හැකි වීම ය.

ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිගමන ගැන අවධානය යොමු කළ යුතු මුල්ම වැරැද්ද වන්නේ එය සංශෝධිත ආකාරයෙන් හෝ ගර්හාවට ලක් වූ මුදල් පිළිබඳ ප්‍රමාණාත්මක න්‍යාය මත පදනම්වීම ය.

ඉන් පැන නගින දෙවන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පැහැදිලි කිරීමට යෙදා ගත් සංශෝධිත ප්‍රමාණාත්මක න්‍යායේ අතාර්කික ස්වභාවයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල දකින ආකාරයට උද්ධමනයට සහ වෙළඳ හිගයට හේතු වන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් මුදල් සැපයීම වැඩිවීම  නොව සෘජුව හෝ වක්‍රව අයවැය පරතරය පියවීමට මුදල් නෝට්ටු මුද්‍රණයෙන් මුදල් සැපයීමේ වැඩි වීමයි.

තුන් වැනිව ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හේතුව ලෙස සහ වඩාත් නිශ්චිතව ඒ බැඳුණු උද්ධමනයට හේතුව ආණ්ඩුවේ අයවැය පරතරය පියවා ගැනිමට සීමාන්විතව මුදල් නෝට්ටු මුද්‍රණය කිරිම බව නැවත නැවතත් පැවසුවත් එය තහවුරු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වාස්තවික සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇත. ඇත්තෙන්ම 2021-23 කාල සීමාවේ උද්ධමනයට හේතු වන්නේ විශේෂයෙන්ම බලශක්ති මිල ඉහළ යෑම ඇතුළත් සැපයුම් පැත්තේ සාධක බව පෙන්නුම් කරයි. මෙය 2023 මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ ද ඉස්මතු කර දක්වා ඇත. එහි දැක්වෙන ආකාරයට උද්ධමනයේ ඉහළ යෑමට වැඩි වශයෙන්ම හේතු වන්නේ සැපයුම් සාධකයි. උද්ධමනය සීමා කිරීම අරමුණු කර ගත් ඉල්ලුම කළමනාකරණයේ දැඩි ප්‍රතිපත්ති නිසා සැපයුම් පැත්තේ කම්පනය වඩාත් තීව්‍ර විය හැකියැයි මහ බැංකු වාර්තාව අනතුරු හඟවයි. (බලන්න 2024 මහ බැංකූවේ වාර්ෂික වාර්තාව)

සිවු වැනිව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පැහැදිලි කිරීමේ දී ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ 2015-2019 අතර කාලයේ දී ශ්‍රී ලංකාණ්ඩුව විශාල වශයෙන් සහ අනවශ්‍ය ආකාරයෙන් අන්තර්ජාතික රාජ්‍ය බැදුම්කර ( EFF ) එක්රැස් කර ගත් බව අමතක කරයි. 2019 වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය, විශේෂයෙන්ම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ප්‍රමාණය, කෙතරම් විශාල වූයේ ද යත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් විය හැකි බව වඩ වඩාත් පැහැදිලි විය. ඇත්තෙන්ම මෙම ණය ඒකරාශී වීම සහ එම ණය ආපසු ගෙවීමට ආණ්ඩුවට නොහැකිය යන හැඟීම 2017-2019 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ණය ලබා ගැනීම සීඝ්‍රයෙන් පහත වැටීමට බලපෑ වැදගත් සාධකයක් විය.

අවසාන වශයෙන් වඩාත් වැදගත්ව ශ්‍රී ලංකාවේ ණය අර්බූදය නිගමනය කිරීමේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙනත් සංවර්ධනය වන බොහෝ රටවල ණය අර්බුද පිළිබඳ නිගමනය කිරීමේ දී මෙන් මෙම අර්බුදයට තුඩු දුන් ව්‍යුහාත්මක දුර්වලතා නොසලකා හරියි. ශ්‍රී ලංකාව සංවර්ධනය වන වෙනත් බොහෝ රටවලට මෙන් ගෝලීය ආර්ථිකයේ විශාල කඩා වැටීම්වලදී දුර්වල සහ අනතුරුදායක වෙළඳ සහ වර්තන ගෙවුම් හිඟ ශේෂ ඇති කරවන ගෝලීය ශ්‍රම විභජනයේ නිශ්චිත භූමිකාවකට පත් කර  ඇත. ශ්‍රී ලංකාවේ විදෙස් ගෙවුම් ශේෂයේ නිතර නිතර ඇතිවන ප්‍රශ්නවලට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහන වැඩ සටහන්වලට නැවත නැවතත් යොමුවීමටත් හේතුව වන්නේ මෙම ව්‍යුහාත්මක දුර්වලතාවයයි.

ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්ති නිර්දේශ අනුගමනය කිරීමේ එක් ආර්ථික ප්‍රතිඵලයක් වන්නේ එය දැනට මුහුණ දී ඇති දරා ගත නොහැකි පොලී ප්‍රමාණයයි. අරමුදලෙන් අවධාරණය කරන්නේ මූලික රාජ්‍ය ආදායම් අතිරික්තයයි. ( එනම් ණය මත පොලි ගෙවීම බැහැර කළ රාජ්‍ය ආදායම) මින් රටේ පොලී ප්‍රමාණයෙන් සහ පැහැදිලිවම බදු ආදායමේ පටු සීමාවන්ගෙන් අවධානය බැහැර කරයි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර ඕනෑම සංවර්ධනය වන රටකටත් වඩා වැඩිය යන්නත් අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩකටත් වඩා අඩු වුවද 1980 ගණන්වල අග භාගයේ සිට ණය ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් අමතක කර ඇත. ණය ආපසු ගෙවීමේ බර නිසා මහජන සේවාවන්, යටිතල පහසුකම් සහ සමාජ සුභ සාධන වැඩ සටහන් වැනි අත්‍යාවශ්‍ය ආයෝජන සීමා කර ආණ්ඩුවේ අනෙකුත් වියදම් කෙරේ මහත් පීඩණයක් ඇති කරන බවද අමතක කරයි. එහි ප්‍රතිඵලය වන්නේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය සහ රටේ සංවර්ධනය අත්හැර දමා රාජ්‍ය ආදායම් ස්ථාවර කර ගැනීම ය. 

අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දෙවන ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තරගකාරිත්වය දිගින් දිගටම පිරිහීම ය. මෙම පිරිහීම වඩාත් කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ යෑමෙනි. මුදල් ඒකකයේ වටිනාකම ඉහළ යෑමෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පදනමේ දුර්වලතාවයයි. විශේෂයෙන්ම අපනයනය සඳහා වූ සහ ආනයන ආදේශික කර්මාන්ත අංශවලය. (බලන්න නිකොලස් සහ නිකොලස් 2024) මෙය රටේ කාර්මික නිෂ්පාදන පදනම හැකිළීමට තුඩු දුන් අතර වෙළඳ අසමතුලිතතාවය සහ විදෙස් සංචිතවල අවදානම් තත්වය වඩාත් තීව්‍ර කෙරිණ. නිෂ්පාදන ධාරිතාවය සහ අපනයන විවිධාංගකරණය ශක්තිමත් කෙරෙන අර්ථාන්විත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නොමැතිව ශ්‍රී ලංකාවට බාහිර මූල්‍යනය මත තව දුරටත් රැඳි සිටීමට සහ ආර්ථික අස්ථාවර චක්‍රය පැවතීමෙන්, අරමුදලේ මැදිහත්වීම් මත දිගටම රැඳී සිටීමටත් සිදු වනු ඇත.

ණය අර්බුදයෙන් පසුව අරමුදල ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීම දිගින් දිගටම අවධාරණය කළ අතර එය විදෙස් ණය අර්බූදයට තුඩු දුන් වඩාත්ම වැදගත් හේතුවලින් එකක් බව සඳහන් කළ යුතුය. (2023 අන්තර්ජාතික මූල්‍ය අරමුදල) එසේ වුවත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය තත්වය ගැන වූ අරමුදලේ මෑතක ඉදිරිපත් කළ වාර්තාවල, එම ප්‍රශ්නය වඩාත් තිව්‍ර වුවද ඒ ගැන සඳහනක් හෝ දක්නට නැත.

මෙම ලිපියේ පළමු සහ දෙවන කොටස්වල දී වෙනත් සංවර්ධනය වන රටවලදී මෙන්ම ශ්‍රී ලංකාවේ ද විදෙස් ණය අර්බුදය විසඳීම සඳහා වූ අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ දුර්වල න්‍යායාත්මක සහ වාස්තවිත තත්වය මත පදනම් වන බව දැක්වූයෙමු. එම දුර්වලතා ඉස්මතු කිරීමෙන් අපි එහි සහාය පතන අනෙකුත් සංවර්ධනය වන රටවල් මෙන්ම ශ්‍රී ලංකාව මත අරමුදලෙන් පනවන ප්‍රතිපත්ති එම රටවල විදෙස් විනිමය අභියෝගවලට තිරසාර විසඳුම් නොලැබෙන්නේය යන තර්කය ඉදිරිපත් කෙළෙමු. ඒ වෙනුවට මෙම පියවර ආර්ථික අස්ථාවරත්වයේ මූලික හේතුවලට විසඳුම් නැතිව එම රටවල  විදෙස් සංචිත තත්වය කෙටි කාලිනව ස්ථාවරත්වයක් ඇති කිරීමට යොමු වීමෙන් නැවත නැවතත් ණය අර්බූදවලට මුහුණ දීමේ අවදානමකට පත් කරයි. 

ශ්‍රී ලංකාව මෑතක දී අරමුදල සමග ඇති කර ගත් විස්තීර්ණ අරමුදල් පහසුකම ( EEF) මෙම තර්කය වඩාත් ශක්තිමත් කරවයි. අරමුදල සංවර්ධනය වන රටවල් සමග ඇති කර ගන්නා පොදු ගිවිසුම්වල  අයවැය හිගය අඩු කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයට ඇති ණය අනුපාතය වැනි පොදු කොන්දේසිවලට අමතරව එක්සත් ජනපදයේ බලපෑම අනුව ණය අනුමත කිරීමේ කොන්දේසියක් වශයෙන් මහ බැංකු පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුයැයි දක්වා ඇත. මෙම නව ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් වන්නේ මහ බැංකුවට සෘජුව හෝ වක්‍රව ආණ්ඩුවේ ණය මිලදී ගැනිම තහනම් කිරීම ය. වැදගත් වන්නේ මෙම ප්‍රතිපත්ති අවශ්‍යතාවය හේතු යුක්ති කිරීමේ කිසිම සාධකයක් ඔවුන් ඉදිරිපත් නොකිරීම ය. අප දන්නා ආකාරයට අරමුදල සංවර්ධනය වන රටකට විස්තීර්ණ අරමුදල් පහසුකම ලබා දීමේ දී මෙවැනි කොන්දේසියක් පැන වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

වඩාත්ම කැපී පෙනෙන කරුන වන්නේ විදෙස් ණය ගෙවීම පැහැර හැරීමට තුඩු දුන් කාල සීමාවට පෙර හෝ පසුව අයවැය පරතරය පියවීමට මහ බැංකුවෙන් ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය සංවර්ධනය වන සෙසු රටවල් සමග සැසඳීමේ දී විශාල නොවිම ය. (බලන්න ලෝක බැංකුව 2024) එසේ වුවත් හිතුවක්කාර ලෙස සහ වාස්තවික හේතු යුක්ති කිරීමක් නැතිවම ශ්‍රී ලංකාව මෙවැනි කොන්දේසියකට යටත් කර ඇත. 

අවසාන වශයෙන් ශ්‍රී ලංකාව දැනට අත්සන් කර ඇති ගිවිසුමෙන් මීට පෙර අරමුදල සමග අත්සන් කළ විස්තිර්ණ අරමුදල් පහසුකම් ගිවිසුම් 16ට වඩා තිරසාර විදෙස් ගෙවුම් ශේෂයක් අත් කර ගනු ඇතැයි සිතීමට හේතුවක් දක්නට නැත. මහ බැංකුවට ආණ්ඩුවේ ණය මිලදී ගැනීමට හැකි කරවන පුළුල් ප්‍රතිපත්ති නොමැතිව, අපනයන කාර්මිකකරණ ප්‍රවර්ධනය සහ ආර්ථිකය් ව්‍යුහාත්මක දුර්වලතා විසඳන්නේ නැතිව මෙම වැඩ සටහනේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැන සැක සංකා මතු කිරීමට බොහෝ හේතු පවතී. වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව තවත් විදෙස් විනිමය අර්බූදයකට මුහුණ දෙන්නේ ද යන්න නොව එය සිදු වන්නේ කවදා ද සහ එහි ආර්ථික සහ දේශපාලන ප්‍රතිඵල මොනවාද යන්නයි.

The post අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/feed/ 0