Wimalanath Weeraratne, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Sun, 14 May 2023 07:22:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Wimalanath Weeraratne, Author at විවරණ 32 32 හෙන අප්සට් පොරක් ඇවිත්.. https://vivaranalk.com/%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b7%83%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b7%83%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/#respond Sun, 14 May 2023 07:22:46 +0000 https://vivaranalk.com/?p=8337 රාජාභිෂේකයෙන් පසුව king charles ලංකාවේ ජනාධිපතිට කීවේ ‘..ඔන්න ඉතින් මට නම් ශාන්ත එඩ්වඩ්ගේ ආසනය ලැබුණා.. දැන් ඉතින් ෂපාන් එකේ ඉන්න තියෙන්නෙ..’ කියාය. රනිල් කීවේ ‘.. මට ලැබුණේ නන්දසේන ගෝඨාභයගේ ආසනය, ඒක අල්ලං ඉන්න අමාරුව දන්නෙ මං විතරයි ..’ කියාය. අනතුරුව චාල්ස් කිව්වේ ‘..මෙහෙත් රජ පවුලට ආදරය කරන අය ඉන්නවා, වෛර කරන අයත් ඉන්නවා..’ කියාය. රනිල් […]

The post හෙන අප්සට් පොරක් ඇවිත්.. appeared first on විවරණ.

]]>
රාජාභිෂේකයෙන් පසුව king charles ලංකාවේ ජනාධිපතිට කීවේ ‘..ඔන්න ඉතින් මට නම් ශාන්ත එඩ්වඩ්ගේ ආසනය ලැබුණා.. දැන් ඉතින් ෂපාන් එකේ ඉන්න තියෙන්නෙ..’ කියාය. රනිල් කීවේ ‘.. මට ලැබුණේ නන්දසේන ගෝඨාභයගේ ආසනය, ඒක අල්ලං ඉන්න අමාරුව දන්නෙ මං විතරයි ..’ කියාය. අනතුරුව චාල්ස් කිව්වේ ‘..මෙහෙත් රජ පවුලට ආදරය කරන අය ඉන්නවා, වෛර කරන අයත් ඉන්නවා..’ කියාය. රනිල් කිව්වේ ‘..එහෙත් එහෙමයි, වසන්ත මුදලිගේ තමයි දරුණුම වෛරක්කාරයා..’ කියාය.රනිල් ඩබල් එකේම ඇසුවේ ‘..රජ වෙන්න අවුරුදු හැත්තෑවක් බලාගෙන ඉන්න වුණා නේද..’ කියාය. චාල්ස් කිව්වේ ‘..ඔව් ඉතිං රැජින ස්වර්ගස්ථ වෙනකම්ම ඉන්න වුණා, මෙහෙ ඉතිං එහේ වගේ අරගලයක් ආවේ නැහැනේ..’ කියාය. රනිල් කීවේ ‘..ඉතිං අනුර දිසානායක, කුමාර් ගුනරත්නම් වගේ කොල්ලො දම්මලා මෙහෙත් struggle එකක් create කරන්න තිබුණනේ..’ කියාය.චාල්ස් සිනා සිසී ඇසුවේ ‘..කවුද ඔය කියන youngsters ලා..’ කියාය. රනිල් කීවේ ‘..එකෙක් ජාජබ නායකයා, අනෙකා පෙරටුගාමියා, ඔය යක්කු තමා ඉතින් මං රජ වෙනකම් අරගලයයි කියන අටමගලය කොහොමහරි අල්ලගෙන හිටියේ..’ කියාය.

චාල්ස්, එරට රනිල් කියපු ජාතියේ කොල්ලෝ දෙන්නෙක් නොසිටීම ගැන තැවුලට පත් වෙද්දි රනිල් අලුත් රජා සතුටු කරන අදහසින් කීවේ ‘..ඒ උනාට king charles පට්ට වැඩ්ඩා, ඔය 70ට දෙකක්ම මැරි කරපු එකත් මාර වැඩක්..’ කියාය.

king charles යමක් මතක් වී මෙන් ඇසුවේ ‘..ඇත්තටම රනිල් එකෙන්ම සෑහීමකට පත් වුණාද නැත්නම් වෙන සීන් කෝන් එකක් තියනවද..’ කියාය. ඒකට පිළිතුරක් නොදී රනිල් හිකි හිකි ගෑ අතර චාල්ස්ට ඇම්ඩන්ගේ කතා මතක් වී කීවේ ‘..වැඩිය හිකි හිකි ගාන්න එපා, වෙන නඩුවක් ඔප්පු වෙන්න පුළුවන්..’ කියාය. රනිල් කීවේ ‘..ඇත්තම කියනවා නම් කිං චාල්ස් ලංකාවේ ගෑණුත් එක්ක ඔය වගේ වැඩ කරලා බේරුමක් නෑ, මෙහෙ වුණත් මට සැකයි princess diana හිටියනම් මෙතන කෙහෙවලු පටලවා ගන්නවාම තමයි..’ කියාය.

මේ වෙලාවේ, රාජාභිෂේකයට ඇවිත් සිටි හැරී කුමරු කවුරු එක්කවත් වැඩි කතා බහක් නැතුව කාලා බීලා පනින්න යන වග දුටු රනිල් king චාල්ස්ගෙන් ඇසුවේ ‘..මිනිහා නම් හරි අමුතු පොරක් නේද, හරියට අපේ රටේ හිටපු සාලිය කුමාරයා වගේම තමයි..’ කියාය. හැරීට සමාන කුමාරයෙක් ගැන කියවෙන නිසා who is සාලිය කියා ඇසූ කිං චාල්ස්ට රනිල් කීවේ ‘..මිනිහත් මාර මෑන් ගෑනිගෙ යටි පතුලෙ ඉදලා අඟලක් නෑර බාහිර අභ්‍යන්තර අවයව සේරම වර්ණනා කරලා අන්තිමට රජකමත් එපා කියලා අශෝකමාලාත් අරං පැන්නා..’ කියා, සාලිරාජ වස්තුවේ එන කතාව විනාඩි දෙකෙන් චාල්ස්ට විස්තර කළේය.

කල්පනාභරිතව මද වේලාවක් ගත කළ කිං චාල්ස් රනිල්ගෙන් ඇසුවේ ‘..ප්‍රින්ස් සාලිය ගියේ ඇත්තටම මිනිහට එතන වෙන මොකක් හරි advantage එකක් තිබුණ නිසා වෙන්න බැරිද..’ කියාය. රනිල් කීවේ ‘..මොන පිස්සුද “ස්වර්ණ සාගරයෙන් පැන නැගි රන් බුබුළු දෙකක් හා සමාන වූ තෙල පෙනෙන පයෝධරයෝ” කිය කියා ඕක ගැන තමයි මෑන් පිස්සු වැටුණේ..’ කියාය. ඇත්තටම අපේ එකාත් කිරුළ පවා දාලා ගියානේ කී, කිං චාල්ස් ‘..මුං දෙන්නට පයෝධරයි කිරුළයි දෙකම ටිකක් එක වගේ නිසා ලේසියෙන්ම බැලන්ස් කරගන්න තිබුණා, මෝඩ යක්කු..’ කියා බැන වැදුනේය.

ඩිෆිනීට්ලි කී රනිල්ගෙන් king charles එකපාරටම ඇසුවේ ‘..ඒක නෙමෙයි,දැන් කොහොමද මහින්ද රාජපක්ෂ ..’ කියාය. අද මිනිහා කඩල දන්සැලක් දෙනවා කී රනිල්ට චාල්ස් හක හක ගා ඔටුන්න හෙළවෙන ලෙස සිනා සිසී කීවේ ‘..කඩල නෙමෙයි, හරි නම් අද මිනිහා මුළු ලංකාවටම බුරියානි දන්සැලක් දෙන්න ඕනෑ,,’ කියාය.

රනිල් king charles ට ළංවී ඇසුවේ ‘..ඒක නෙමෙයි, මොකද මේ වැඩේට පුටින්ට ඉන්වයිට් නොකළේ ..’ කියාය.කිං චාල්ස් කීවේ ‘.. අපෝ මිනිහා හෙන අප්සට් පොරක්, ඔය යක්සයා මෙතනට ඇවිත් “රාජාභිෂේකයක් නෑ, මොකද එහෙම එකක් westminster abbey එකෙන් කැඳවලා නෑ” කිව්වොත් එහෙම මාව ඒ උගුලෙන් බේරගන්න ශාන්ත එඩ්වඩ්ටවත් බැරි වෙනවා ..’ කියාය.

The post හෙන අප්සට් පොරක් ඇවිත්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b7%83%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/feed/ 0
ගකපුලවනවා.. https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%9a%e0%b6%b4%e0%b7%94%e0%b6%bd%e0%b7%80%e0%b6%b1%e0%b7%80%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%9a%e0%b6%b4%e0%b7%94%e0%b6%bd%e0%b7%80%e0%b6%b1%e0%b7%80%e0%b7%8f/#respond Wed, 19 Apr 2023 12:05:01 +0000 https://vivaranalk.com/?p=8072 ‘නුවරඑළිය හරිම කැතයි..’ කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි. කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු බලා සිටි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිලධාරීන් දෙසට හැරුණු ජනාධිපති අනතුරුව කීවේ ‘..නිලධාරීන්ගේ තීරණ නිසා ලස්සන නගරයක් විනාශ වෙලා..’ කියාය. ‘..එහෙම වෙන්නේ කොහොමද සර්..’ කියා ඇසූ […]

The post ගකපුලවනවා.. appeared first on විවරණ.

]]>
‘නුවරඑළිය හරිම කැතයි..’ කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි.

කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු බලා සිටි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිලධාරීන් දෙසට හැරුණු ජනාධිපති අනතුරුව කීවේ ‘..නිලධාරීන්ගේ තීරණ නිසා ලස්සන නගරයක් විනාශ වෙලා..’ කියාය.

‘..එහෙම වෙන්නේ කොහොමද සර්..’ කියා ඇසූ නුවරඑළිය සංවර්ධන කමිටුවේ උසස් නිලධාරියෙකුට ජනාධිපතිතුමා කීවේ ‘..නිලධාරි තන්ත්‍රය දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් හසුරුවන කොට එහෙම වෙනවා..’ කියාය.

‘..කවුද එහෙම කියන්නේ..’ කියා පොඩි ඇටෑක් එකක් දෙන්න වගේ ඇසූ නිලධාරියාට ජනාධිපතිතුමා කිව්වේ ‘..ඒක අහගන්න දීප්තිගෙන්, දීප්ති ළඟදි නිලධාරි තන්ත්‍රය දේශපාලඥයන් හසුරුවන විදිහ ගැන යූටියුබ් එකට ටොප් ලෙවල් ඉන්ටවිව් එකක් දීලා තිබුණා..’ කියාය.

නිලධාරියා වටපිට බලා ඇසුවේ ‘..කවුද දීප්ති කියන්නේ..’ කියාය. ළඟ සිටි එස්බී කිව්වේ ‘..කවුද සර් ඔය කියන මිනිහා පාර්ලිමේන්තුවේ හිටිය ද, කොයි කාලෙද, මට හරියට ගනිච්චියක් නැහැ..’ කියාය. ජනාධිපති තුමා කීවේ ‘..එස් බී ට දැන් වයසයි ඉතින් දීප්තිව මතක තියෙන්නෙ කොහොමද, මමත් අමාරුවෙන් මිනිහව මතක තියාගෙන ඉන්නේ..’ කියාය.

‘..ඇයි ඉතින් අමාරුවෙන් මතක තියාගෙන ඉන්නේ..’ කියා ඇසූ එස්බී ට ජනාධිපතිතුමා කීවේ ‘..නෑ ඉතිං මටත් මිනිහා ගැන හරි නිච්චියක් නෑ, ඒත් ඉතිං මිනිහා මං මත්තෙම නහින්න හදනකොට මං කොහොමද මිනිහව අමතක කරන්නෙ..’ කියාය.

එස්බී ඇසුවේ ‘..අප්පට සිරි සර්, ඒ කියන්නේ මිනිහත් සීන්කෝන් කාරයෙක් ද..’ කියාය. ජනාධිපතිතුමා කීවේ ‘..ෆිසිකලි එහෙම එකක් නෑ, ඒත් මෑන් පොලිටිකලි දැන් දැන් එහෙම අවුලක ඉන්නවා වගේ පේනවා..’ කියාය.

ඔය කියන මිනිහා ගැන ජනාධිපතිතුමා හරිහැටි වචනයක් නොකියන නිසා එස් බී වටේටම දුරකථනය වනන්නට පටන් ගත් අතර කොහේ හරි ඉඳන් කතා කරපු එකෙක් එස් බී ට කිව්වේ මෑන් සමබිම පක්ෂයේ නායකයා බවය. ‘..ආ සමබිම ද..’ කියා එස්බී ඇසූ අතර ඒක ඇසුනු සංවර්ධන නිලධාරියෙකු ජනාධිපතිතුමාගෙන් ඇසුවේ ‘..සර් මේක හෝර්ටන් තැන්න පැත්තේ කේස් එකක්ද ඔය කියන විදියේ ලෙවල් ලෑන්ඩ් එකක් තියෙන්නේ හෝර්ටන්වල විතරයි..’ කියාය.

එදින හවස ජනාධිපතිතුමා නුවරඑලිය මන්දිරයේ පොඩි ඇලට් එකකට සෙට් වුණේය.

එතුමාට නින්ද යාගෙන එනකොට ම මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා හීනෙන් ඇවිත් කීවේ ‘..සර් අප්‍රේල් 25 ත් වැඩේ හබක්..’ කියාය.

ජනාධිපතිතුමාට තදවී කීවේ ‘..තමුසෙලා අපිව control කරනවා කියලා දීප්ති කියපු කතාව හරි එහෙනම්..’ කියාය. ඒක කියා කටගන්න කලින් එතුමා ඉදිරියේ පෙනී සිටියේ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනය. ජනාධිපතිතුමා කිව්වේ ‘..පුංචිහේවා කාරයා ඉල්ලන සල්ලි ටික දීලා දානවකො හලෝ..’ කියාය. සිරිවර්ධන කිව්වේ ‘..එහෙම කොහොමද, දේශපාලකයෝ පත්වෙලා ඉන්නේ තාවකාලිකව, නිලධාරීන් කියන විදිහට ඒ අයට වැඩ කරන්න වෙනවා..’ කියාය.

මේ අව් අස්සේ සීමා නිර්ණ කොමිසමේ සභාපති හදිසියේ නව සීමා නිර්ණ වාර්තාව අගමැතිට බාරදෙන ගමන් ජනාධිපතිට හීනෙන් කීවේ ‘..මේකට අනුව අලුතින් නොමිනේෂන් කෝල් කරන්න වෙනවා, එහෙම නොකර ඡන්දෙ තියන්න ගියොත් ගකපුලවනවා..’ කියාය. ජනාධිපතිතුමා හොඳටම බය වී හිතුවේ ‘..යූටියුබ් එකට දීප්ති මල්ලි කියපු කතාව හරියටම හරි, නිලධාරි පංතිය හරක් කටාලගේ මට්ටමට ගිහින්..’ කියාය.

එවිටම මහින්ද දේශප්‍රිය හැක හැක ගා සිනාසුණු අතර රිලව් ලක්ෂයක් චීනයට යවන වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව එකෙණෙහිම ජනාධිපතිතුමා සිතෙහි ධාරණය කර ගත්තේය. ගංගානි ලියනගේ, මහින්දලා දෙදෙනාටම පසුපසින් පැමිණ ජනාධිපතිට කීවේ ‘..මං ජූනි 24 පැන්ෂන් යනවා, මං පැන්ෂන් යන තුරු ඡන්දයක් තිබ්බොත් බලාගෙනයි..’ කියාය.

කොහොමින් කොහොමින් හරි නිලධාරීන් දේශපාලකයන්ව පාලනය කරනවා කියා දීප්ති කියූ කතාවට නිලධාරීහු ඔරොප්පු වූහ.

වැඩි විස්තර සොයා බලනකොට දීප්ති දේශපාලන පක්ෂයක නායකයෙක් බව දැනගත් ඔවුහු මිනිහාවත් රනිල්ලා මෙන් දරුණු විදිහට පාලනය කරන්නට ඉටා ගත්හ. ඒත් පසුව කළ සොයා බැලීමකදී දීප්ති ගේ පක්ෂය මේ කප තියෙන තුරු බලයට එන පක්ෂයක් නොවන බව ඔවුහු වටහා ගත්තෝය.

රනිල් වැනි නායකයන් පාලනය කරන අපිට මේකාගේ චන්ඩි ටෝක්ස් පාලනය කරන්න බැරි මොකද කියා කල්පනා කළ මේ නිලධාරීන් අතර සිටින නාහෙට නාහන මිනිසකු වූ භාණ්ඩාගාර ලේකම් දෙකේ දෙකේ පොල්ලක් අරන් දීප්තිට ගහන්න පනිනකොට මහින්ද දේශප්‍රිය හීනය මැද්දට පැන භාණ්ඩාගාර ලේකම් බදා ගත්තේය.

බදාගෙන කීවේ ‘..අනේ මල්ලි ඕකා ඔය පොර ටෝක් දුන්නට හෙන අහිංසකයා, ඌව මරලා පව් පුරෝගන්න එපා..’ කියාය.

The post ගකපුලවනවා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%9a%e0%b6%b4%e0%b7%94%e0%b6%bd%e0%b7%80%e0%b6%b1%e0%b7%80%e0%b7%8f/feed/ 0
බුරුල් කරා තල්ලු කරා.. https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f/#respond Sun, 09 Apr 2023 14:58:48 +0000 https://vivaranalk.com/?p=7980 අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය. රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය. බ්‍රෙෂ්ට් මදවේලාවක් අනුර දෙස බලා සිට ඇසුවේ ‘..තාම අලුත් […]

The post බුරුල් කරා තල්ලු කරා.. appeared first on විවරණ.

]]>
අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය.

රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය.

බ්‍රෙෂ්ට් මදවේලාවක් අනුර දෙස බලා සිට ඇසුවේ ‘..තාම අලුත් ජනතාවක් පත් කරගන්න බැරි වුණා නේද..’ කියාය.

අනුර විමසිලිමත්ව බලා අමුත්තා කවුදැයි සැකහැර දැනගෙන කීවේ, ‘..හලාවත බස්ටෑන්ඩ් එක කට කපලා හිටියා, ලොකු අවුලක් නෑ..’ කියාය. බ්‍රෙෂ්ට් මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කීවේ ‘..ඒ උනාට ඉතින් ඉස්සරත් ඔහොම කට කපලා හිටියනේ..’ කියාය.

අනුර කීවේ ‘..අපිට හති වැටෙනකම් ඉඳලා රනිල් ඡන්දෙ තියයි, ඒ වුණාට අපි දුවන්නෙ මීටර් සීය නෙමෙයි මැරතන් එකක්..’ කියලා බ්‍රෙෂ්ට් සහෝදරයා පොතක ලියලා තියාගන්න කියාය.

බ්‍රෙෂ්ට් කීවේ ‘..රනිල් නම් මගේ ‘කොකේසියන් චෝක් සර්කල්’ ඩයලොග් එක්කම කෝට් කරනවා, උඹලටත් පුළුවන්නේ ශේක්ස්පියර්ගෙ හැම්ලට්, ඔතෙලෝ, මැක්බත් වගේ එකක් අරන් රනිල්ගෙ ඔය වැල් පාලම ගලවලා දාන්න..’ කියාය.

අනුර ලැජ්ජාවෙන් මෙන් බිම බලාගෙන කිව්වේ ඔය ‘..යක්කු අපිව යටත් කරගෙන හිටපු නිසා ඕවා කිව්වොත් ජනතාව අප්සට් යන්න පුළුවන්..’ කියාය.

විස්මයට පත් බ්‍රෙෂ්ට් ඇසුවේ, ‘..යකෝ අර තැනින් තැනට කූඩාරම් ගහගෙන ගිහින් නාට්‍ය කරපු එවුනුත් උඹලව යටත් කරගෙන හිටිය ද? උං ගාව තිබුණේ බොරු කඩු යි බොරු තුවක්කුයි බං..’ කියාය.

අනුර බර කල්පනාවකට වැටුණු අතර බ්‍රෙෂ්ට් ඇසුවේ ‘..මොකක්ද මල්ලි ප්‍රශ්නෙ..’ කියාය. අනුර කීවේ ‘..මේ යෝධයා අලුත් ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න හදනවා, ඒක ගෙනාවොත් එළිමහනේ පම්ප් එකක්වත් ගහන්න බැරි වෙනවා..’ කියාය.

බ්‍රෙෂ්ට් කීවේ ‘..ඕක උඹලගෙ පාර්ලිමේන්තුවේ එවුන් නම් පාස් කරයි, ඒත් ජනතාව දැනුවත් කරලා වැඩේ break කරන්න බලපල්ලා..’ කියාය. ‘..ඒකට හොඳ මීඩියා සපෝට් එකක් නැහැනේ..’ බ්‍රෙෂ්ට් සහෝදරයා කී අනුරගෙන් බ්‍රෙෂ්ට් ඇසුවේ ‘..කෝ උඹලගෙ ලංකා පත්තරේ, මොකද ඒක නැවැත්තුවේ, ඒකෙන් ඔය වැඩේ කරන්න තිබුණානේ බං..’ කියාය.

ඒකට පිළිතුරු වශයෙන් ‘..කොළ ගණන් පත්තර ගහන්න විදිහක් නෑ..,’ කියූ අනුරගෙන් බ්‍රෙෂ්ට් ඇසුවේ ‘..එහෙනං අර නියමුවා කියන මාගල උඹලා නොකඩවා ගහන්නේ, ඒක අපේ ගෙදරටත් තැපෑලෙන් එනවනේ..’ කියාය.

‘..අපේ එවුන් ජර්මනියටත් ඕක එවනවද..’ කියා ඇසූ අනුරට බ්‍රෙෂ්ට් කීවේ ‘..ඔය එන්නේ, ඒක මෙලෝ යකෙක් කියවන්නෙ නෑ, මාත් ගන්නෙ බත් ඔතන්න විතරයි..’ කියාය.

මේ කතාව දුරදිග යනවා වැඩියි කියලා සිතූ අනුර කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන ඇසුවේ ‘..සහෝදරයා හඳුන්වා දුන්නු alienation තියරි එක ගැන තව ටිකක් දැනගන්න මං කැමතියි..’ කියාය. ‘..ආ ඒක මෙහෙමයි..’ කියූ බ්‍රෙෂ්ට් ‘..උඹලගෙ භාෂාවෙන් නම් ඕකට හරිම අමාරු වචනයක් තියෙනවා තදාත්මක විඝටනය කියලා, ඒත් ඒක එච්චර අමාරු කේස් එකක් නෙවෙයි කියා..’ කීවේය.

‘..ඒ කිව්වේ..’ කියා ඇසූ අනුරට බ්‍රෙෂ්ට් කීවේ ‘..alienation කියන්නේ බුරුල් කරලා තල්ලු කරන එක..’ කියාය.

‘..අම්මපා එච්චරද ලේසිද? ඒත් මට හරියට පැහැදිලි මදි..’ කියූ අනුරට බ්‍රෙෂ්ට් කීවේ ‘..ඕක එච්චර සීරියස් ගන්න දෙයක් නෙමෙයි, දැන් ඔය රනිල් කරමින් ඉන්නේ ඒක..’ කියාය.

The post බුරුල් කරා තල්ලු කරා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f/feed/ 0
සෝමාරාම.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8/#respond Sun, 09 Apr 2023 12:30:58 +0000 https://vivaranalk.com/?p=7955 ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ඉරිදා රෑ ජාමේ නින්දෙන් ඇහැරුනේ හොඳටම බීත වෙලා ය. බිරිඳ කලබලයට පත්ව ඇසුවේ ‘..මොකද අනේ හීනයක් දැක්කද..’ කියාය. දොලවත්ත ඇඳ මත වාඩිවී තද කල්පනාවකට වැටුණේය. බිරිඳ නොසන්සුන් වූවාය. ‘..මොකක්ද දැක්කෙ අනේ, රනිල් ආණ්ඩුව අවුල් කරගත්ත ද..’ කියා ඇය ප්‍රශ්නාර්ථයක් සහිත සාත්වික අභිනයක් මවාගෙන ඇසුවාය. දොලවත්ත මේසය උඩින් වතුර වීදුරුව අරං උගුරක් […]

The post සෝමාරාම.. appeared first on විවරණ.

]]>
ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ඉරිදා රෑ ජාමේ නින්දෙන් ඇහැරුනේ හොඳටම බීත වෙලා ය.

බිරිඳ කලබලයට පත්ව ඇසුවේ ‘..මොකද අනේ හීනයක් දැක්කද..’ කියාය. දොලවත්ත ඇඳ මත වාඩිවී තද කල්පනාවකට වැටුණේය. බිරිඳ නොසන්සුන් වූවාය. ‘..මොකක්ද දැක්කෙ අනේ, රනිල් ආණ්ඩුව අවුල් කරගත්ත ද..’ කියා ඇය ප්‍රශ්නාර්ථයක් සහිත සාත්වික අභිනයක් මවාගෙන ඇසුවාය.

දොලවත්ත මේසය උඩින් වතුර වීදුරුව අරං උගුරක් පානය කර කීවේ ‘..නැහැ ඩලා, ආණ්ඩු නම් මේ හදනවා.. මේ වැටෙනවා.. ඕවා එච්චර දේවල් නෙවෙයි අනේ..’ කියාය. එහෙනම් කී බිරිඳට දොලවත්ත කීවේ ‘..නීතිඥ සංගමේ අලුත් සභාපති සෙනසුරාදා දවල් කියපු කතාව මහ රෑත් කිව්වනේ..’ කියාය. මොන කතාවද කියා ඇසූ බිරිඳට දොලවත්ත කීවේ ‘..අධිකරණය ඉරිපත් කරපු ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුව නොසලකා ප්‍රතික්ෂේප කරොත් ඒකට විරුද්ධව පියවර ගන්නවා..’ කියලා මිනිහා මේ දැනුත් කිව්වනේ කියාය.

බිරිඳ කීවේ ‘..හරි ඉතිං ඕක එයා සෙනසුරාදා උදේ නීතිඥ සංගමේ නිලවරණය වෙලාවේ කියපු එකනේ සුදා..’ කියාය. දොලවත්ත කිව්වේ ‘..ඉතිං ඒක මට රෑ හීනෙනුත් පෙනිච්ච එක හිතට හරි මදි අනේ, ඔයාට තේරෙන්නෙ නැද්ද..’ කියාය.

බිරිඳ කීවේ ‘..නීතිඥ සංගමයේ සභාපති ඔයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා කියලා කොතනදී වත් කියලා නැහැනේ මෙයා, ඒ නිසා ඕක අමතක කරලා නිදා ගන්න අනේ..’ කියාය. දොලවත්ත කිව්වේ ‘..ඉතින් අධිකරණ තීන්දුව නිසා මන්ත්‍රී වරප්‍රසාද කැඩෙනවා කිව්වේ මමනේ, ඒක ඔයාට අමතකද..’ කියාය.

එසේ කී දොළවත්ත කොට්ටය මදක් උස්සා තබා ඇඳ විට්ටමට හේත්තු වූ අතර බිරිඳ ඔහුගේ හිස පිරිමදින්නට පටන් ගත්තාය. දොලවත්තට යාන්තං නින්ද ගියේය. ඒ නින්දේ දී  ඔහු තවත් සිහිනයක් දුටුවේය. ඒකේ හිටියේ කැළණියේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ සහ තල්දූවේ සෝමාරාම හාමුදුරුවෝය. කැලණිය පන්සලට අයත්, යාබද පොල් රුප්පාව සරුවට වැඩී තිබුණි. සෝමාරාම අතේ පිස්තෝලයකි. බුද්ධ රක්ඛිත  කීවේ තරමක් උස ගසක ඇති කුරුම්බා ගෙඩියකට ඉලක්කය ගන්නා ලෙසය. සෝමාරාම එසේ කළහ. අනතුරුව බුද්ධරක්ඛිත shoot කීහ. උණ්ඩය නිකුත්විය. කුරුම්බාව දෙකට පැලී බිම වැටුණි. බණ්ඩාරනායක ඝාතනය කරන්නට බුද්ධරක්ඛිත හාමුදුරුවෝ සෝමාරාමට වෙඩි තැබීම ඉගැන්වූයේ කැලණිය පන්සල් වත්තේ පොල් ගස් වල ගෙඩි වලට වෙඩිතබා යැයි කියවෙන ප්‍රකට කතාව දොළවත්තට සිහිවිය.

බුද්ධරක්ඛිත සහ සෝමාරාම පෙනී සිටි සිහිනයට සමාන්තර සිහිනයක සිටියේ දොලවත්ත සහ රනිල් වික්‍රමසිංහ ය.

ඒ සමාන්තර සිහිනයේ සෝමාරාම වෙනුවට පිස්තෝලයක් අතින් ගෙන සිටියේ දොලවත්තය. බුද්ධරක්ඛිත හිටපු ආසන්නයේ හිටගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ ය. බණ්ඩාරනායකට වෙඩි තබන්නට තමන්ට අණ ලැබේවි යන බියෙන් දොලවත්තගේ අත වෙව්ලුවේය. එකෙණෙහිම ඔහුට මතක් වූයේ අපොයි සෝමාරාම, බණ්ඩාරනායකව ඝාතනය කරලා දැන් කොච්චර කල්ද, බයවෙන්න දෙයක් නැහැ නේ කියාය.

එකෙණෙහිම ෂූට් කියා අණ ලැබුණි. ඉලක්කය යොමුවී තිබුණේ පුද්ගලයෙකුට නොව සාන්ත බස්තියම කන්ද පැත්තටය. වැඩිදුර නොසිතා දොලවත්ත කොකා ඇද්දේය. වෙඩිල්ල වේගයෙන් පියාඹා ගියේ අලුත් කඩේ පැත්තේ සුදු උසය කොතක් බඳු ගොඩනැගිලි සංකීර්ණයක් දෙසටය.

The post සෝමාරාම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8/feed/ 0
බල්ලෝ.. https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d/#respond Fri, 31 Mar 2023 16:00:03 +0000 https://vivaranalk.com/?p=7790 ජනාධිපතිතුමා හිටියේ සඟරාවක් බලමිනි. පූසා ඒ අල්ලපනල්ලේ ම දැවටි දිදී සිටි අතර දෙදෙනාම විටින් විට ඔන් කර තිබුණු ටීවී එක දෙස බලන්නට ද අමතක නොකළෝය. එකපාරටම අනුර දිසානායකගේ වොයිස් කට් එකක් ප්‍රචාරය වුණු අතර මිනිහා කීවේ ‘..බයිනෙත්තු කොච්චර තිබුනත් රනිල්ට ඒවා පත්තු කරගන්න සෙබලෙක් නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි..’ කියාය. පූසා දැවටිදීම නවත්වා ජනාධිපතිතුමා […]

The post බල්ලෝ.. appeared first on විවරණ.

]]>
ජනාධිපතිතුමා හිටියේ සඟරාවක් බලමිනි. පූසා ඒ අල්ලපනල්ලේ ම දැවටි දිදී සිටි අතර දෙදෙනාම විටින් විට ඔන් කර තිබුණු ටීවී එක දෙස බලන්නට ද අමතක නොකළෝය.

එකපාරටම අනුර දිසානායකගේ වොයිස් කට් එකක් ප්‍රචාරය වුණු අතර මිනිහා කීවේ ‘..බයිනෙත්තු කොච්චර තිබුනත් රනිල්ට ඒවා පත්තු කරගන්න සෙබලෙක් නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි..’ කියාය.

පූසා දැවටිදීම නවත්වා ජනාධිපතිතුමා දෙස බැලූ අතර එතුමා කිසි වෙනසක් නොපෙන්වා යළි සඟරාවට එබුනේය. ලොක්කා කිසිවක් නෑසුණු ගානට සඟරාව පෙරලමින් සිටි අතර පූසා ඇසුවේ ‘..අනුර දිසානායක කියපු කතාව ගැන මොකද හිතන්නේ..’ කියාය.

එතුමා හීනියට හඬ පිට කළේ ‘..ඔය සෝල්ජර් වජිර ඉන්නෙ..’ කියාය.

එතෙකින් නොනැවතුණු අනුර කීවේ ‘..ශවේන්ද්‍ර අරගල කාරයන්ට වෙඩි නොතිබ්බ හින්දා රනිල් ශවේන්ද්‍රට විරුද්ධව පරීක්ෂණයක් කරන්න යනවා, මම ශවේන්ද්‍රගේ පැත්තේ හිට ගන්නවා..’ කියාය.

ජනාධිපතිතුමා ඒකත් නෑසුණු ගානට ඉන්න හදනකොට පූසා ටිකක් තදින් ඇසුවේ ‘..What do you say about it..’ කියාය. ජනාධිපති තුමා කිව්වේ ‘..ඊළඟ ජූලි 9 විතර වෙනකොට විකුම් ලියනගේත් ශවේන්ද්‍රගේ අඩිපාරෙම ගියොත් මොකද කරන්නෙ, ඒ නිසා අද හෙටම ශවේන්ද්‍ර උල තියන්න වෙනවා..’ කියාය.

ඊට පස්සේ කියූ පූසාට ජනාධිපති තුමා කිව්වේ ‘..ඉතිං ශවේන්ද්‍ර උල තිබ්බොත් තමයි විකුම්, විකුම් පා මාවත් බේරලා එයත් බේරෙන්නෙ..’ කියාය. පූසා කීවේ ‘..ඒත් බොස් ස්ට්‍රගල් එක වෙලාවේ ශවේන්ද්‍ර සාමකාමීව බලය හුවමාරු වෙන්න ඉඩ දුන්නු නිසා නේද බොස් වුණත් මෙච්චර උඩ ගියේ..’ කියාය.  

‘..You are correct cat, but it is my destiny..’
කියූ ජනාධිපතිතුමා ‘..මේ පාර සාමකාමීව බලය දෙන්න නායකයෙක් ඉතුරු වෙලා නැති නිසා මට දිගටම ඉන්න වෙනවා..’ කියා කීවේය.

මේ අවස්ථාවේ ජනාධිපතිතුමා පම්ප් එකක් ගහන්න වොෂ් රූමයට ගිය අතර ඒ වෙලාවේ ජෝසප් ස්ටාලින් කීවේ ‘..වැඩ වර්ජනය අති සාර්ථකයි, එකෙක්වත් උගන්වන්න ආවෙත් නෑ ඉගෙන ගන්න ආවෙත් නෑ..’ කියාය. 

පම්ප් එක ගසා ආ ජනාධිපතිතුමාට පූසා ප්‍රවෘත්තිය විස්තර කළ අතර ජනාධිපති තුමා කිව්වේ ‘..ප්‍රශ්නයක් නෑ, මං හැදුවේ රට ගොඩ දාන්න, ඒක එපානං ඉතින් මං මගෙ පාඩුවේ ජනාධිපතිකම කරගෙන ඉන්නවා..’ කියාය.

පූසා කීවේ ‘..ඉතිං උන් විරුද්ධ ඒකටනෙ බොස්..’ කියාය. අනතුරුව ඌ ඩබල් එකේම කීවේ ‘..තරහ වෙන්න එපා බොස්, බොස්ගෙ ඔය තනි තටුවෙන් පියාඹන්න හදන වැඩපිළිවෙළට පූසො පවා විරුද්ධයි..’ කියාය.

ජනාධිපතිතුමා පූසා කියූ ඒ කතාවත් අහගෙන හාන්සි පුටුවේ කෙටි නින්දකට වැටුණු අතර එතුමා හෙමින් හෙමින් හීනෙකට පිළිපන්නේය. හීනය අරා සිටි පූසෝ සෙට් එකක් එතුමා හූරන්නට පැන්න අතර එතන ජෝසප් ස්ටාලින්ලා, වසන්ත සමරසිංහලා, චමීර පෙරේරලා මනෝජ් නානායක්කාරලා වැනි හෙන කරදරකාර පූසන් සිටිනු එතුමා දුටුවේය.

උන් ඤාව් ගගා එතුමාට විරුද්ධත්වය පළ කළ අතර ඊට විරුද්ධ දිසාවේ හිටියේ බලු රෑනකි. බල්ලෝ එතුමා දෙස සෙවල හල හලා බලා සිටි අතර නිකමට මෙන් එතන කීදෙනෙක් ඇත්දැයි ගණන් කර බලන්නට ජනාධිපතිතුමාට සිතුණේය.

එතුමා එක දෙක තුන හතර කියා ගණන් කරන්නට පටන් ගත් අතර අවසන් වන විට  බල්ලන් එකසිය තිස් හතරක් ගණන් කර තිබුණි.

The post බල්ලෝ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d/feed/ 0
මාර සනීපයි මචං.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b6%b1%e0%b7%93%e0%b6%b4%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%a0%e0%b6%82/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b6%b1%e0%b7%93%e0%b6%b4%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%a0%e0%b6%82/#respond Fri, 24 Mar 2023 07:59:24 +0000 https://vivaranalk.com/?p=7705 ණය මුදල ස්ථිර කිරීමෙන් පසු IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනාධිපති රනිල්ගේ ගෙදරට ටෙලිපෝන් කෝල් එකක් ගත්තේ ‘..ඔන්න අපේ පැත්තේ යුතුකම අපි ඉටු කරා..’ කියන්නටය. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පම්ප් එකක් ගසන්නට ගොස් සිටි අතර දුරකථනයට ආන්සර් කළ ජනාධිපතිතුමාගේ පූසා, කතා කරන්නෙ කවුද? කින්ද මන්ද අසා, IMF දූත මණ්ඩල ප්‍රධානී මෂීරෝ මහතාට මුව නොසෑහෙන ලෙස ස්තුති කළේය. […]

The post මාර සනීපයි මචං.. appeared first on විවරණ.

]]>
ණය මුදල ස්ථිර කිරීමෙන් පසු IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනාධිපති රනිල්ගේ ගෙදරට ටෙලිපෝන් කෝල් එකක් ගත්තේ ‘..ඔන්න අපේ පැත්තේ යුතුකම අපි ඉටු කරා..’ කියන්නටය. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පම්ප් එකක් ගසන්නට ගොස් සිටි අතර දුරකථනයට ආන්සර් කළ ජනාධිපතිතුමාගේ පූසා, කතා කරන්නෙ කවුද? කින්ද මන්ද අසා, IMF දූත මණ්ඩල ප්‍රධානී මෂීරෝ මහතාට මුව නොසෑහෙන ලෙස ස්තුති කළේය.

මෂීරෝ, ජනාධිපතිතුමාගේ පූසාගේ තෙත්තියං පාර අසාගෙන සිට ‘..අපි දැනං උන්නෙ නැහැනෙ මේ රටේ පූසොත් මාර විදිහට කළගුණ මතක තියන සෙට් එකක් කියලා..’ කීවේය. අනතුරුව දූත මණ්ඩල ප්‍රධානියා ‘..අර යානිස් වරුෆාකිස් කියන එකා අපි ගැන පච කෙල කෙල ලෝකේ පුරා යනවා, උඹලා ඕවා ගණන් ගන්න එපා..’ කියා කීවේය. ‘..අපොයි සර් ඕකා මාලිමාවේ එකෙක් වෙන්න ඇති උන් කවදත් IMF විරෝධියි..’ කියා කීවේය.

මෂීරෝ අනතුරුව ඇසුවේ ‘..ඒක නෙමෙයි, උඹලගෙ බොසාගේ ඇහැ වහලා අර කපුටාස් කියන එකා බිලියන දෙකයි දසම නමයට කෙළියිද, ඒ ගැන කල්පනාවෙන් ඉන්න කියලා බොසාට කියපන්..’ කියාය. මෂීරෝ ඩබල් එකේම ඇසුවේ ‘..උන්ගෙ අයියත් ඉස්කෝලෙ යන කාලේ කැන්ටිමේ මාළු පාන් ණයට කාලා කාලා සල්ලි ඉල්ලපුවාම කැන්ටිම කරන එකාට පිහියෙන් ඇනලා ඉස්කෝලෙනුත් අස්කරාලු නේද..’ කියාය.

‘..සර්ලා ඒ යක්කු ගැන ඔච්චර හොඳට දන්නේ කොහොමද..’ කියා ඇසූ පූසාට මෂීරෝ කීවේ ‘..ඒකෙන් උඹට කමක් නෑ, කපුටුහාමි ඕකෙනුත් සීයට දහයකට අරියිද කියන එකයි අපිට තියන අවුල..’ කියාය.

පූසා අනතුරුව ඇසුවේ ‘..ඇත්තටම බොස් බොස්ලගෙ නිර්දේශවල හැටියට අපි ඔය සල්ලි වලින් මොන මොන වගේ වැඩද කරන්න ඕනේ..’ කියාය. දූත මණ්ඩල ප්‍රධානියා කීවේ ‘..බොලාගේ balance of payments වල මාර ප්‍රශ්න ගොඩක් තියෙනවලු නේ, ඒවා විසඳ ගන්න තමා ඕක මූලික වශයෙන් දෙන්නේ.. ඒත් ඉතිං උඹලා හෙන හාන්සි පිට ඉන්න හින්දා budget support  එකකටත් මේ සල්ලි පාවිච්චි කරන එක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ..’ කියාය.

‘..හරි ඉතින් වෙන වෙන..’ කියා ඇසූ පූසාට IMF දූත මණ්ඩල ප්‍රධානියා කීවේ ‘..තව ඉතිං බොලාගෙ social safety net එක ශක්තිමත් කරගන්න ඔය සල්ලි පාවිච්චි කරන්න පුළුවන්..’ කියාය.

පූසා ඒ කියපු සමාජ ආරක්ෂණ දැළේ පැටලී දිගු කල්පනාවකට වැටුණු අතර මෂීරෝ කීවේ ‘..ඔච්චර හිතන්න දෙයක් නෑ, රටේ විදෙස් සංචිත ඉහලටම නංවන්න මේ ඩොලර් බිලියන 2.9 පාවිච්චි කරනවා කියලා ලෝකෙ හොදම මුදල් ඇමති කියලා තිබුණනේ, ඉතින් අවුලක් නැහැ නේ..’ කියාය. ඒ කතාව ඇසූ ගමන් පූසාට සිහි විසඥ විය. මෂීරෝ ‘..hello my dear  cat, cat..’  කියා කෑගැසුවත් පූසාට එය නෑසුණි. පූසාට එසැනින්ම හීනයක් පෙනෙන්නට පටන් ගත්තේය.

IMF ණය මුදල වන ඩොලර් බිලියන දෙකයි දසම නමය මාගලක් මත වේලෙන්නට දමා තිබුණි. මාගල දෙපැත්තේ වාඩිවී සිටි ලෝකයේ හොඳම මුදල් ඇමති සහ හිටපු මුදල් ඇමති මොළ හතා රටේ විනිමය සංචිත නැංවීම පිළිබඳ සාකච්ඡා  ආරම්භ කර තිබුණි.

The post මාර සනීපයි මචං.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b6%b1%e0%b7%93%e0%b6%b4%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%a0%e0%b6%82/feed/ 0
දෙමුහුන් කුලයේ පැඟිරා.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%9f%e0%b7%92%e0%b6%bb%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%9f%e0%b7%92%e0%b6%bb%e0%b7%8f/#respond Thu, 23 Mar 2023 09:33:42 +0000 https://vivaranalk.com/?p=7660 රෝයල්, තෝමියන් මැච් එක බලන්න ගිය ජනාධිපතිතුමා වැඩිපුරම සතුටු වුණේ ‘සිහින ලොවේ සිහින මැවූ’ මාලි ගහනකොටය. ‘..දසන් විදා සුර කෙල්ලක් වාගේ.. නිතර ඔබේ දෙසයි බලන්නේ.. මහද මන්දිරේ සාමේ පෙනෙන සුන්දරී මාගේ.. රෝස මල් කුමාරි මා ප්‍රියාවී..‘ ආදී මොන පදය කියනකොටත් සින්දුවේ තාලය කෙසේ වෙතත් එතුමාගේ තාලයකට අප්පුඩි ගසමින් ගෑනු පරාණයක් පේන්න නැති කොළු රංචුවක් මැද […]

The post දෙමුහුන් කුලයේ පැඟිරා.. appeared first on විවරණ.

]]>
රෝයල්, තෝමියන් මැච් එක බලන්න ගිය ජනාධිපතිතුමා වැඩිපුරම සතුටු වුණේ ‘සිහින ලොවේ සිහින මැවූ’ මාලි ගහනකොටය.

‘..දසන් විදා සුර කෙල්ලක් වාගේ.. නිතර ඔබේ දෙසයි බලන්නේ.. මහද මන්දිරේ සාමේ පෙනෙන සුන්දරී මාගේ.. රෝස මල් කුමාරි මා ප්‍රියාවී..‘ ආදී මොන පදය කියනකොටත් සින්දුවේ තාලය කෙසේ වෙතත් එතුමාගේ තාලයකට අප්පුඩි ගසමින් ගෑනු පරාණයක් පේන්න නැති කොළු රංචුවක් මැද මෑන් පට්ට ෆන් එකක් ගත්තේ ය.

ඊළඟට එතන කට්ටිය කීවේ ‘රාළේ බැඳපන් කිරි පුස්සා, රාලේ බැඳපන් අපෙ පැඟිරා’  සිංදුව ය.

රනිල්ගේ කැචරෙක් කිව්වේ ‘..දැන් කිරිපුස්සට දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව ඇවිදගන්නත් බැහැ.. ඒ හින්දා දෙදාස් විසි හතරෙදි පැඟිරා සෙක්කුවේ බැඳපල්ලා..’  කියාය.

මේ වෙලාවේ රෝයල් පිතිකරුවකු ගැසූ හයේ පාරක් ජනාධිපතිතුමා සිටි පැවිලියන් එකේ වහලය උඩට වැටුණු අතර එතුමා උඩ පැන පැන කීවේ ‘..දෙමුහුන් කුලයේ උපන්න කදීම නායකයෙකි තොපෙ පැඟිරා..’  කියාය. ළඟ සිටි තෝමියන් old boy කෙනෙක් ඒ වෙනකොටත් කන් පාත් කරගෙන සිටි සමකාලීන royalist කෙනෙක්ගෙන් ඇසුවේ ‘..මෑන් දෙමුහුම් වෙන්නේ කොහොමද මචං මට තේරෙන්නේ නෑ කියාය..’ පරණ රෝයල් කාරයා වටයක් කරකැවී කීවේ ‘..ඇයි යකෝ රනිල් රාජපක්ෂ කියන්නේ දෙමුහුන් උනාට පස්සේ තමයි..’  කියාය.

මේ අව් අස්සේ එකෙක් කිව්වේ ‘..ආයෙත් සෙක්කුවෙ සරු බිම හොයන්න බඳිනවදෝ කිරිපුස්සා..’ කියාය. ආයෙත් සැරයක් මහින්දව ජනාධිපති කරන්න හදන්නේ කවුද කියා බලනකොට දැක්කේ ඒ පදය කියා තිබුණේ ජනාධිපතිතුමා ළඟ නට නටා සිටි නාමල් බවය. හර්ෂ ද සිල්වා කොච්චරවත් වැටෙන්න යන තොප්පිය අතින් හදන ගමන් කීවේ ‘..මිනිහා දැන් කිරිපුස්සා නෙමෙයි බක පුස්සා..’ කියාය.

ජනාධිපතිතුමා කාටත් ඇහෙන්න හයියෙන් කීවේ ‘..පැඟිරා පන්නා පුස්සව බැන්දොත් අයි එම් එෆ් වානා රාලේ..’ කියාය. ‘..පිස්සුද සර් එහෙම වෙන්න දෙනවද..’ කියූ හර්ෂ ද සිල්වා කිරිපුස්සාගේ පැටියාගේ කරට අත දමා ‘මචං’ කියා උගේ ඔලුවත් සිඹ සැනසුවේය. ජනාධිපතිතුමා හිනාවී කීවේ ‘..හර්ෂ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්..’  කියාය. ඒ කතාවට බිය වූ අකිලයා ‘..අපි සුරංගනීට මාළු  ගහමු සර්..’ කියා ජනාධිපතිතුමාගේ අවධානය හද්දා නාකි සුරංගනීගේ පැත්තට හරවන්න බැලුවේය.

මේ වෙලාවේ සයින්ද පී. සකබෝනා මට්ටමට වෙරි මතේ සිටි ජනාධිපතිතුමාගේ ක්ලාස් මේට් කෙනෙක් ඇසුවේ ‘..අප්‍රේල් 25 මුකුත් වෙනවද සර්..’ කියාය. ජනාධිපතිතුමා එකපාරටම ඔඩ්ඩිස ට ආරූඪ වී මොකුත් මතක නැතුව වගේ ආපහු සිහින ලොවේ සිහින මැවූ මාලිට මාරුවෙන්න හදන ගමන් පංති සගයාට කීවේ ‘..එදාට දාගත්ත විශේෂ වැඩක් නම් නැහැ, ඒ පැත්තෙ වරෙං මචං..’  කියාය.

තෝමියන් බැට්ස්මන්ලා රෝහිතලා, මහින්දානන්දලා, ලොකුගේලා ගානට අවුට් වෙන මට්ටටමට වැටී සිටියෝය. රාජකීය ජයග්‍රහණය පෙනි පෙනී සිටි අවස්ථාවක ගුරු මාරු ලැබෙන්නට නියමිතව සිටි රෝයල් එකේ භූමිපුත්‍ර ගුරුවරු සෙට් එකක් ජනාධිපතිතුමා වටකරගෙන කීවේ ‘..සර් ගියොත් ජනාධිපතිකම කරන්න අයිඩියල් president කෙනෙක් රටට අහිමි වෙනවා..’   කියාය. ‘..yes of course..’ කී ජනාධිපතිතුමාට අනතුරුව ගුරුවරුන් කීවේ ‘..සර් අපෙත් ගුරුමාරු ඇවිල්ලා, අපි ගියොත් සර්ගෙ ඉස්කෝලෙට පාඩුයි..’   කියාය. ඒකටත් ‘..yes of course..’ කී ජනාධිපතිතුමා මැච් එක දිනා ගෙදර ආ ගමන් ජාතික පාසල් සඳහා වන ගුරු මාරු මණ්ඩලය අහෝසි කළේ ය.

The post දෙමුහුන් කුලයේ පැඟිරා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%9f%e0%b7%92%e0%b6%bb%e0%b7%8f/feed/ 0
බබාගෙ නම : IMF දියසේන https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%b6%e0%b7%8f%e0%b6%9c%e0%b7%99-%e0%b6%b1%e0%b6%b8-imf-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%9a%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%b6%e0%b7%8f%e0%b6%9c%e0%b7%99-%e0%b6%b1%e0%b6%b8-imf-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%9a%e0%b6%b1/#respond Mon, 20 Mar 2023 06:50:22 +0000 https://vivaranalk.com/?p=7601 රනිලම්මා ගැබ්බර වී මාස නමය ඉක්ම යමින් තිබුණා ය. ඇය කීවේ ‘..අයි එම් එෆ් හෙවත් දියසේන පැටියා මාර්තු අග හම්බ වෙනවා එතකොට සියලු ප්‍රශ්න කම්මුතුයි..’ කියාය. අනුරා නංගී මූණ දෙක කරගන කීවේ ‘..ඔහොම හතේ කොනේ ගිහිල්ලා ළමයි හදාගන්න අපි නම් මනාප නැහැ..’ කියාය. තරහකාරයෙක් ඈත සිට ඇසුවේ ‘..ඇයි උඹලා කරගන්නේ ෂී ජිං පිං ට කියලද..’ […]

The post බබාගෙ නම : IMF දියසේන appeared first on විවරණ.

]]>
රනිලම්මා ගැබ්බර වී මාස නමය ඉක්ම යමින් තිබුණා ය. ඇය කීවේ ‘..අයි එම් එෆ් හෙවත් දියසේන පැටියා මාර්තු අග හම්බ වෙනවා එතකොට සියලු ප්‍රශ්න කම්මුතුයි..’ කියාය. අනුරා නංගී මූණ දෙක කරගන කීවේ ‘..ඔහොම

හතේ කොනේ ගිහිල්ලා ළමයි හදාගන්න අපි නම් මනාප නැහැ..’ කියාය.

තරහකාරයෙක් ඈත සිට ඇසුවේ ‘..ඇයි උඹලා කරගන්නේ ෂී ජිං පිං ට කියලද..’ කියාය. සජිතා නංගී කීවේ ‘..අපිත් ළමයි හදනවා නම් හදාගන්නෙ ඔය විදිහටම තමා..’ කියාය. ඒක අනුමත කළ රනිලම්මා  අනුරා නංගිට හක පුරෝගෙන කීවේ ‘..නිකන් ලඳුකැලෑ රොදවල් වල පිට පොට යන එක නවත්තලා කසාද බැඳලම බලපල්ලකෝ ළමයි හදන එකේ රඟේ..’ කියාය.

අයි එම් එෆ් දියසේනගේ staff level agreement කතාව ගැන අනුරා නංගී නාන ළිඳ ළඟදී හිනිඳුම සුනිලක්කා, දෙණියේ අමරක්කා, ලාල්කාන්ති ඇතුළු බවලත් කල්ලියකට කියා තිබුණේ ස්ටාෆ් රූම් එකේදියි බඩ දරුවන් වෙලා තියෙන්නෙ කියාය. හපොයි කියා කම්මුලේ අත් ගසාගත් අරුන්දලාට, ‘..ඔය වෙලාවේ මොනවා කිව්වද කරාද කියලා තාම කවුරුවත් දන්නෙ නෑ බං කියා අනුරා නංගී..’ කීවාය.

ඒ සිද්ධියට මුහුණ දෙන වෙලාවේ මොනවා කියවුනාද කියලා බැසිලක්කා වුණත් හෙළි කළේ නෑ කියා හිනිඳුම සුනිලක්කා කීවාය. දෙණියේ අමරක්කා කීවේ ‘..රනිලම්මා බඩ දරුවන් වෙන්න කලින් ඕක ගැන බැසිලක්කාගෙන් ඇහුවා ඒ හෙර පට්ට විදිහට මගෑරියා උඹලට මතකද..’ කියාය. අනුරා නංගී කීවේ ‘..ඒ වෙලාවේ බඩ දරුවන් වෙලා උන්නේ බැසිලක්කා, ඒක වෙච්ච එවුන් කොහොමටවත් මොනවද එතන උනේ කියලා මේ සම්මෙ කියන් නෑ බං..’ කියාය.

මේ කතා ආරංචි වූ රනිලම්මා  කීවේ ‘..අපේ primary account එක හොඳ මදි කියලා අපිට දරුවෙක් හදන්න වරම් දෙන්න බැහැ කියලත් කිව්වා, ඒත් අපි කොහොම හරි බදු ගහලා තව තව ජිල්මාට් දාලා අද වෙනකොට  කොල්ලගෙ ආනාගතේට අවශ්‍ය ප්‍රාථමික ගිණුම ශක්තිමත් කරලා තියෙනවා..’ කියාය.

මේ වෙලාවේ ගාල්ලේ සිට එන වජිරා වින්නඹු අම්මා හති මුනින් දාගෙන රනිලම්මා දපා සිටින වැදුම් ගෙට ආවාය. ඇය කීවේ ‘..මගදී වරායෙයි, විදුලිබල මණ්ඩලෙයි එවුන් බබා හම්බ වෙනවට විරුද්ධව උද්ඝෝෂණයක් කරා..’ කියාය. රනිලම්මා  කීවේ ‘..බොරු නොකියා ඉදින් වජිරො, උං උද්ඝෝෂණය කරන්නේ බදු ගත්තු එකට මිසක් අයි එම් එෆ් බබාට විරුද්ධව නෙමෙයි..’ කියාය.

වජිරා වින්නඹුව කීවේ ‘..ඒ උනාට උන්ගෙන් කපන සල්ලි වලින් බබාට සබන්, පවුඩර්, ඇඳුම්, වතුර බේසම් ගන්න එකට උන් විරුද්ධයි..’ කියාය. ඇය ඩබල් එකේම කිව්වේ ‘..බබාට සබන් පවුඩර් අරගන්න කියලා කපන සල්ලි වලින් සාගලා අක්කටයි අකිලා නංගිටයි පඩි දෙන එකටත් උන් විරුද්ධයි..’  කියාය.රනිලම්මා කිව්වේ ‘..හරි ඉතිං උනුත් කනවැන්දුම් ගෑනු වෙච්චි, ගෙදර වැඩපළ අරං කියක්වත් නොදී කොහොමද බං..’ කියාය. 

‘..ඈ බං වජිරො, උඹ කිව්වේ නැද්ද රුපියල දැන් ශක්තිමත් වෙලා හින්දා ඔච්චර කැපිල්ල ගැන හිතන්න එපා කියලා..’ කී රනිලම්මාට වජිරා වින්නඹුව කිව්වේ ‘..මොකද නැත්තෙ මං කිව්වා එතකොට උන් මට රුපියල තද කරලා මොකක්ද අවලං වැඩක් කරනවා කියලා පලු යන්න බැන්නා..’ කියාය.    

The post බබාගෙ නම : IMF දියසේන appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%b6%e0%b7%8f%e0%b6%9c%e0%b7%99-%e0%b6%b1%e0%b6%b8-imf-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%9a%e0%b6%b1/feed/ 0
ඩොයිලි සහ අනුර.. https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%bb/#respond Fri, 17 Mar 2023 10:03:54 +0000 https://vivaranalk.com/?p=7578 ගංගානිගේ සැමියා අඩියක් ගසා ගෙදර ආවේය. ඇවිත් කීවේ මිල්ටන් පෙරේරාගේ සිංදුවකි. එය නම් ‘ගංගානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්’ නමැති ගීතයයි. දෙපාරක් විතර ඒ පදේ ඕසෙ අදිනකොට කුස්සියේ සිටි ගංගානි කීවේ ‘..ඇත්තටම ඩලා මං මෙතෙක් නෑසූ කතාවක් ළඟදී ඇහුවා..’ කියාය. ඒ මොකක්ද කියා වෙරි පිටම ඇසූ සැමියාට ගංගානි කීවේ ‘..මහින්ද සල්ලි දුන්නත් ඡන්ද පත්‍රිකා නම් ඔයිට […]

The post ඩොයිලි සහ අනුර.. appeared first on විවරණ.

]]>
ගංගානිගේ සැමියා අඩියක් ගසා ගෙදර ආවේය.

ඇවිත් කීවේ මිල්ටන් පෙරේරාගේ සිංදුවකි. එය නම් ‘ගංගානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්’ නමැති ගීතයයි.

දෙපාරක් විතර ඒ පදේ ඕසෙ අදිනකොට කුස්සියේ සිටි ගංගානි කීවේ ‘..ඇත්තටම ඩලා මං මෙතෙක් නෑසූ කතාවක් ළඟදී ඇහුවා..’ කියාය.

ඒ මොකක්ද කියා වෙරි පිටම ඇසූ සැමියාට ගංගානි කීවේ ‘..මහින්ද සල්ලි දුන්නත් ඡන්ද පත්‍රිකා නම් ඔයිට වඩා එකක්වත් අච්චු ගහන්න එපා කියලා හීනෙන් කවුරු හරි මම මෙතෙක් කිසිම ඡන්දෙකදි නෑසූ කතාවක් කිව්වා..’ කියාය.

‘..තමුන්ට දැන් හීනෙන් එක එකා පේන්න පටන් අරන් නේහ්..’ කියා ටිකක් ඔරොප්පු මූඩ් එකෙන් ඇසූ ගංගානිගේ සැමියා, ‘..හරි කමක් නෑ ඉස්සෙල්ලම කියනවා මහින්ද කියන්නෙ කවුද කියලා..’ කියා ගංගානිගෙන් ඒ ටු ඉසෙඩ් දැනගන්නා අටියෙන් ඇසුවේය.

මහින්ද කියන්නෙ ට්‍රෙෂරි එකේ සෙකට්‍රි කී ගංගානිගෙන් සැමියා ඇසුවේ ‘..ඒ යකා අහවල් මගුලකටද තමුසෙට සල්ලි දෙන්නෙ මිනිහා තමුන්ගෙ ගෑනි අත ඇරලාවත්ද අනුන්ගෙ වහන්තරා පස්සෙ යන්නෙ..’ කියාය.

‘..කන සාක්කුවට වැටෙන්න බිව්වාම තැන නොතැන මතක නෑ මේ මිනිහට..’ කියා සැමියාට බැන වැදුණු ගංගානි ‘..ඕයි මම ගවර්න්මන්ට් ප්‍රින්ටර්..’ කියා කීවාය.

සැමියා මදක් කල්පනාභරිතව සිට සිනා මුසු මුහුණින් යුතුව කීවේ ‘..තමුසෙයි, මහින්ද සිරිවර්ධනයි කසාද බඳින්න තිබුණෙ,ගැලපෙන ඩබල ඕයි..’ කියාය.

අනතුරුව සැමියා ඩබල් එකේම ඇසුවේ ‘..එතකොට කවුද අර හීනෙන් ඇවිත් තමුසෙ මෙතෙක් නොඇසූ කතාව කිව්ව එකා..’ කියාය.

‘..මිනිහ නම් සුද්දෙක් වගේ, එක වෙලාවකට නිකං ජෝන් ඩොයිලි වගේ කපටි පෙනුමකුත් මතුවෙනවා මෙයා..’ කියා හුරතල් වූ ගංගානි මිනිහට ඩොයිලිටත් වඩා ඉංග්‍රීසි පුළුවන් කියා හිකි හිකි ගෑවාය.

‘..හරි ඉතිං මහින්ද සල්ලි දුන්නත් ඩොයිලි කියන එක අහලා තමුසෙ ඡන්ද කොළ නොගහා ඉන්නද හදන්නෙ..’ කියා ඇසූ සැමියාට ගංගානි කීවේ ‘..මහින්ද සල්ලි දෙන්නෙ නෑ මොකද මිනිහටත් ඩොයිලි වගේ එක්කෙනා ෂුවර් එකටම හීනෙන් තර්ජනය කරලා ඇති..’ කියාය.

එදා රෑ ගංගානි තවත් හීනයක් දැක්කාය.එවර හීනයේ ඇය ඉදිරියේ පෙනී සිටියේ අනුර දිසානායකය.

ගංගානි අක්කේ කියා ආමන්ත්‍රණය කළ අනුර හෙන අහිංසක ලීලාවෙන් ඇහුවේ ‘..බැලට් පේපර් ටික අච්චු ගහලා දෙන්න පුළුවන් වෙයිද අක්කේ..’ කියාය.ගංගානි ඇසුවේ ‘..මල්ලියේ උඹලා ජේවීපී එකෙන් අස්වුණේ ඇයි..’ කියාය. ඇය ඩබල් එකේම කීවේ ‘..රතු, රෝස වෙනකොට උඹලට ඔහොම සන්තෑසියක් වෙයි කියලා මට නිකමට හිතුනා..’ කියාය.

අනුර ඊට පිළිතුරු වශයෙන් මොකක් හරි කියන්න හදනකොට ගංගානි කීවේ ‘..ඈ බං මල්ලියෙ උඹලා ඉස්සර වගේ ලියුම් කෑල්ලක් මහින්දටයි මටයි වේලාසනම එව්වා නම් මෙව්වා මෙච්චර දුර දිග යන්නෙ නෑ, එහෙනං අද ඡන්දෙත් තියලා ඕං..’ කියාය.

අනුර කීවේ ‘..අක්කේ අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදෙට ගියා ඉතිං අර වගේ දේවල් වානා..’ කියාය. මේ වෙලාවේ ගංගානිගේ සැමියා හීනයට එබී බලා කීවේ ‘..මං කියන්නම් ඉතුරු ටික, උඹලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදෙට එනකොට ඔතන හිටපු එකා පැසිස්ට්වාදෙට ගියා, ඒක නෙමෙයිද දැන් වෙලා තියෙන්නෙ..’ කියාය.

The post ඩොයිලි සහ අනුර.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%bb/feed/ 0