Wijepala Weerakoon, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 06 Nov 2024 06:34:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Wijepala Weerakoon, Author at විවරණ 32 32 අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93/#respond Tue, 05 Nov 2024 08:47:28 +0000 https://vivaranalk.com/?p=12271 පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 4 ක් පසුගිය 30 වන දා විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ දැනට මාස කිහිපයකට පෙර අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කර තිබූ  පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් […]

The post අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට.. appeared first on විවරණ.

]]>
පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 4 ක් පසුගිය 30 වන දා විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ දැනට මාස කිහිපයකට පෙර අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කර තිබූ  පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබීමයි. මේ සම්බන්ධව ආණ්ඩුව විසින් කිසිදු උපදෙසක් නීතිපතිවරයාට  ලබා දී තිබුණේ නැත.

පසුගිය වසරේ දී රනිල් ගේ ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා අර්ථ සාධක අරමුදල භාවිතා කිරීම නිසා 2023 වසරේ සිට 2038 වසර දක්වා රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 0.5% ට සමාන මුදලක් අර්ථ සාධක අරමුදලට ලැබෙන පොළියෙන් කපා ගැනීමට නියමිතය.  මේ කප්පාදුව හේතුවෙන් 2038 වසරේ සිට විශ්‍රාම යන පුද්ගලික අංශ සේවකයින්ට ලැබිය යුතු අරමුදලින් 47% පමණ අහිමි වේ. ආණ්ඩුව මෙම පියවර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිටම මේ මංකොල්ලය අවබෝධ කරගත් වෘත්තීය සමිති නායකයන්, කම්කරුවන්, බුද්ධිමතුන් මෙන්ම අනෙක් ජනතාවද වහාම මෙම ක්‍රියාව නවත්වන ලෙස ආණ්ඩුවට බල කරන ලදී. බරපතලම කාරණාව වූයේ සේවකයන්ගේ නමින් ඇති මෙම මුදල් එම ගිණුම් හිමියන්ගෙන් නොවිමසා  මංකොල්ල කෑමට රනිල් සහ මහ බැංකු අධිපතිවරයා කටයුතු කිරීමයි. මේ පිළිබඳව වෘත්තීය සමිති නායකයන් මහ බැංකු අධිපතිවරයා හමු වී සේවක කැමැත්ත නොවිමසා මෙම කප්පාදුව සිදු නොකරන ලෙස ඉල්ලා සිටියද ඔහු මුනිවත රැක්කේය. සමිති නායකයන් ඔහුට කියා සිටියේ ඔහු අරමුදලේ භාරකරු මිස එම මුදල් අවභාවිතා කිරීමට ඔහුට නොහැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නඩු ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනී ස්වස්තිකා ආරුලිංගම් සහෝදරිය මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම මංකොල්ලය නැවැත්වීමට දැන් කම්කරුවන්ට කිරීමට සිදුව ඇති එකම ක්‍රියා මාර්ගය වන්නේ සංවිධානය වී වීදිවලට බැස මෙම කප්පාදු වැඩ පිළිවෙල ආපසු හැරවීමට ආණ්ඩුවට බල කිරීම බවයි.

30.10.2024 දින ශ්‍රේෂ්ඨාධිකරණ විසින් EPF සම්බන්ධ නඩු ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනී ස්වස්තිකා ආරුලිංගම් මාධ්‍යට කළ ප්‍රකාශය.

The post අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93/feed/ 0
කඳුලක අන්දරය… https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%bd%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%bd%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba/#respond Wed, 15 Mar 2023 08:48:28 +0000 https://vivaranalk.com/?p=7527 මුදල් නොමැති නිසා ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව පවුල් පිටින් මැරෙන රටේ, රෝහල්වල බෙහෙත් නොමැතිව රෝගීන් මියයන රටේ, ජීවත්වීමට අයිතිය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණයේ යෙදෙන දේශයේ අහිංසක ජනතාව මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් ගෙන්වීමට පමණක් 2012-2022 කාල පරිච්ඡේදය තුලදී රු. 162,101,130.00 (රු. දශ ලක්‍ෂ 162 ට වැඩි ප්‍රමාණයක්) ආණ්ඩු විසින් වියදම් කර තිබේ. මේ බව හෙළිදරව් කරන්නේ සමාජය […]

The post කඳුලක අන්දරය… appeared first on විවරණ.

]]>
මුදල් නොමැති නිසා ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව පවුල් පිටින් මැරෙන රටේ, රෝහල්වල බෙහෙත් නොමැතිව රෝගීන් මියයන රටේ, ජීවත්වීමට අයිතිය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණයේ යෙදෙන දේශයේ අහිංසක ජනතාව මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් ගෙන්වීමට පමණක් 2012-2022 කාල පරිච්ඡේදය තුලදී රු. 162,101,130.00 (රු. දශ ලක්‍ෂ 162 ට වැඩි ප්‍රමාණයක්) ආණ්ඩු විසින් වියදම් කර තිබේ. මේ බව හෙළිදරව් කරන්නේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම විසින් පල කළ ‘කඳුළු ගෑස් මිලියන විසි ගණනක කඳුළු’ නම් කෘතියෙනි. ලංකාවේ පොලිසිය විසින් සාධාරණ ජනතා ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම දැන් එදිනෙදා සිදුවන සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත්ව ඇති අතර මෙසේ භාවිතා කරන කඳුළු ගෑස් කල් ඉකුත් වී තිබීම නිසා ඒවා ජාත්‍යන්තර වශයෙන් විෂ රසායනික ලෙස හඳුන්වනු ලබන රසායනික අවියක් බවට පත්ව ඇත.

අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති දැවැන්තම ජන අරගලය වන්නේ 2022 ජූලි 9 දින කොළඹ ජනාධිපති මන්දිරය අවට පැවති ජන අරගලයයි. එම ජන අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්‍ෂට ජනපතිකම හැර දමා පලා යාමට සිදු විය. මෑත කාලයේ පොලිසිය විසින් භාවිතා කරන ලද වැඩිම කඳුළු ගෑස් ප්‍රමාණය එනම් බෝම්බ (Canister) සහ උණ්ඩ 817 ක් භාවිතා කර ඇත්තේ මෙදින දියත් කළ සාමකාමී ජන අරගලය මර්දනය කිරීමට ය. මේ ආකාරයට විශාල කඳුළු ගෑස් උණ්ඩ සංඛ්‍යාවක් ජනතාවට එල්ල කිරීම ජාත්‍යන්තරව පිළිගත් රීතිවලට පටහැණිය.

මෙම උද්ඝේෂණයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වූ අතර ඒ කිසිවෙක් අත පොල්ලක් හෝ ගලක් වැනි කළහකාරී තත්වයක දී භාවිතා කරන ආයුධ කිසිවක් නොවුණි. එමනිසාම එදින මෙම ජනතාව අතින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණූ අතර සිදු වුණු  මිය යාම් සහ තුවාල වීම් සිදු වූයේ පොලිසිය සහ හමුදාව කළ ප්‍රහාරවලිනි.

මෙසේ සාමකාමී ජනතා අරගලයකින් ජනාධිපති වැන්නෙකුත් පලවා හැරීමට සමත්වීම නිසා රටේ ජනතාව තුළ සන්නද්ධ අරගල වෙනුවට ජනතා අරගල සහ විරෝධතා පිළිබඳව විශ්වාසයක් ගොඩනැගී ඇත. දියුණු ධනපති රටවල ප්‍රජාතන්ත්‍රවාදය විශාල ලෙස වර්ධනය වී ඇත්තේ එම රටවල පුරවැසියන්ගේ හඬට රජයන් කන් දෙන බැවිනි. ලංකාව වැනි රටවල පාලකයන්ගේ ගෝත්‍රික මානසිකත්වය නිසා ජනතාවට සිදුව ඇත්තේ සාමුහික විරෝධතා මගින් පාලකයන්ට එම පාඩම් ඉගැන්වීමටය.

2022 නොවැම්බර් 02, පිටකොටුව ටෙක්නිකල් මංසන්දියේ පැවති උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට  කැඳවූ පොලිස් ඇණියෙන් කොටසක්…

ලංකාවේ මේ දිනවල සිදුවන විරෝධතා ක්‍රියා නිසා මහා මාර්ග භාවිතා කරන ජනතාවට බරපතල හිරිහැරයක් සිදුවන්නේ මෙම විරෝධතා අනවශ්‍ය ලෙස නැවැත්වීමට කටයුතු කරන පොලිසිය නිසාවෙනි. පැයක් දෙකක් කෙරන උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට පොලිස් භටයින් සිය දහස් ගණනක විශාල සංඛ්‍යාවක් විරෝධතා සිදුවන දිනවල උදෑසන සිටම වාහනවලින් පාරවල්වලට කැඳවා මාර්ග බාධක යොදමින් මාර්ග අවහිර කිරීමේ සිට මාර්ග වසා දැමීම දක්වා කටයුතු කරන්නේත් පෙළපාලිකරුවන්ට පමණක් නොව පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාවටද ජළ ප්‍රහාර කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරන්නේත් නීති විරෝධීව දේශපාලනඥයන්ගේ උපදෙස් මත කටයුතු කරන පොලිසියයි. මාර්ග අවහිර වීම් වැඩි වශයෙන් සිදුවනුයේ පොලිසියේ මෙම ක්‍රියා නිසාය. මෙම මර්ධන ක්‍රියාවලියෙහි දී පොලිස්පති ඇතුළු පොලිසියේ උසස් නිළධාරීන් වංචනිකව කටයුතු කිරීම නිසා අධිකරණවල විනිසුරුවරුන්ද නොමග යවනු ලැබේ. 

ආණ්ඩුවට අවශ්‍යතාවයක් ඇත්නම් මෙම පෙළපාලි සහ විරෝධතා නැවැත්විය හැක. ඒ සඳහා කළයුතුවන්නේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට සවන් දීමයි. විරෝධතාකරුවන් තම ඉල්ලීම් ඉටුකරවා ගැනීම සඳහා එක්වරම පාරට බහින්නේ නැත. ඔවුන්ගේ ඉල්ලීම් ලිපියක් වැනි දෙයකින් ආරම්භ වී එම ප්‍රශ්නවලට පිළිතුරු නැති විට වටෙන් වටය වැඩි දියුණූ වී පිකට් සහ පෙළපාලි දක්වා වර්ධනය වන ඒවාය. ඉල්ලීම් ඉදිරිපත් කළ විට ඒවාට ඇහුම්කන් නොදී විරෝධතා පෙළපාලි දක්වා වර්ධනය වූ පසු එම ඉල්ලීම් ඉටු කිරීමට පාලකයන් කටයුතු කරන විට අපතේ ගිය සම්පත් ප්‍රමාණය කොතරම් ද? ඒ වන විට සිදුවන විනාශයන් කිසිවෙකුවත් තක්සේරු කරන්නේ නැත. යම් කිසි ආයතනයක සිදුවන වැඩ වර්ජනවලින් මෙය මනාව පැහැදිළි වේ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීම සඳහා ගුරු සේවයේ ඇති වූ දැවැන්තම වැඩ වර්ජනය 2021 වර්ෂයේ දී සිදු වූ අතර ගුරු ඉල්ලීම්වලින් කොටසක් ලබා දීමට ආණ්ඩුවට සිදු විය. නමුත් වර්ජනයට පෙර එම ඉල්ලීම ලබා දීමට කටයුතු කළේ නම් රටේ සම්පත් සහ ශ්‍රමය මෙසේ අපතේ නොයාමට ඉඩ තිබුණි.

මේ ආකාරයට ජනතාවගේ ප්‍රශ්න විසඳීම් සඳහා ආණ්ඩු කටයුතු කරන්නේ නම් කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ, තුවක්කු සහ අනෙක් යුද්ධායුධ වෙනුවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ආදිය ගෙන්වීමට විදේශ විනිමය ඉතිරි වේ. එවන් දියුණු මානසිකත්වයක් ඇති පාලකයන් රටේ නොමැති වීම නිසා තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටය.

කඳුළු ගෑස් ප්‍රහාරයන් ගැන කථා කරන මුලින් සඳහන් කළ කෘතියේ තව දුරටත් දැක්වෙන්නේ කඳුළු ගෑස් ගසන විට ඒ සඳහා අනුගමනය කළ යුතු ජාත්‍යන්තරව පිලිගත් රීති මාලාවක් ඇති බවයි. ඒ අනුව පුහුණු වූවන් විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත යුතුය. උද්ඝෝෂකයන් පිරිසකට කඳුළු ගෑස් ගැසුවිට පලා යාමට ඉඩක් නැත්නම් හෝ එසේ නැතහොත් සම්පූර්ණයෙන් විවෘත නොවූ ස්ථානවලට ප්‍රහාර එල්ල නොකළ යුතුය. වැලිකඩ බන්ධනාගාරය තුලට සහ 2022  ජූලි 8 දින විශ්ව විද්‍යාල සිසුනට එල්ල කළ ප්‍රහාරය මේ සඳහා උදාහරණ වේ. එසේම අවධානමකට ලක්විය හැකි පුද්ගලයන් සිටින සථානවලටද ප්‍රහාර එල්ල නොකළ යුතුය. 2017 නොවැම්බර් 2 දා ආබාධිත හමුදා භටයන් පිරිසකගේ විරෝධතාවයට කළ කඳුළු ගෑස් ප්‍රහාරය එවැන්නකි. පලා යන විරෝධතාකරුවන්ට පහර දීම මෙන්ම කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැසීමද වැරදි ක්‍රියාවකි. පසුගිය සතියේ දී විශ්ව විද්‍යාල සිසුන්ට සහ පාසල් සිසුන්ට කළ කඳුළු ගෑස් ප්‍රහාරය සමාජයේ විශාල කථාබහකට ලක්ව තිබේ.

දැනට පොලිසිය විසින් භාවිතා කරන බොහොමයක් කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවාය. සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම විසින් පොලිසිය භාවිතා කරන කඳුළු ගෑස් පිළිබඳව තොරතුරු පනතට අනුව තොරතුරු සපයන ලෙස කරන ලද ඉල්ලීමක් ඉටු කිරීම පොලිස්පතිවරයා විසින් ප්‍රතික්‍ෂෙප කරන ලද අතර අනතුරුව ඒවා ලබාගෙන ඇත්තේ පනත අනුව අභියාචනයක් ඉදිරිපත් කර ඒ මගින් ලබා දුන් නියෝගයකට අනුවය. ඒ අනුව කණ්ඩායම විසින් ඉල්ලා ඇත්තේ 2010 ජනවාරි 1 දා සිට 2022 ජනවාරි 1 වන දා දක්වා ලංකාවට ගෙන්වා ඇති  කඳුළු ගෑස් ප්‍රමාණයන්, ඒවාට වියදම් වූ මුදල් ප්‍රමාණයන්, එම කාලය තුළ භාවිතා කළ කඳුළු ගෑස් ප්‍රමාණයන්, භාවිතා කළ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ප්‍රමාණයන්, එසේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කිරීමට අවසර දුන්නේ කවුරුන්ද ආදී තොරතුරුය. කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බවට වාර්තා වන්නේ 2022 මැයි 9 වන දා තංගල්ලේදීය. එදින භාවිතා කර ඇත්තේ 2010 වසරේ දී ගෙන්වන ලද කඳුළු ගෑස්ය. පසුගිය සති දෙක තුල භාවිතා කළ කඳුළු ගෑස් පිළිබඳව වැඩි කතාබහකට ලක්වන්නේ එම ගෑස් වැදීම නිසා අහිංසක පුරවැසියන් දෙදෙනෙකු මියයාම නිසාය. 

කෙසේ වෙතත් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාර්තු 12 වන දා ප්‍රකාශ කර ඇත්තේ එම චෝදනා බොරු බවත් තමා ඒ පිළිබඳව මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් තොරතුරු විමසා සිටිය බවත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින කඳුළු ගෑස් තොගයන්හි කල් ඉකුත් වූ ඒවා නැති බව ඔහු දැන්වූ බවත් ය. මෙයද පොලිසියේ බොරුවක් වන්නේ තොරතුරු පනත අනුව ඉල්ලා ඇති තොරතුරුවලට අසත්‍ය සහ අසම්පූර්‍ණ තොරතුරු දී ඇති නිසා ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස මාධ්‍යවේ දී තරිඳු ජයවර්ධන ඉල්ලා ඇති නිසාය. පොලිසිය සපයන ලද තොරතුරු අනුව 2012 දී 20000 ක් 2017 දී 5000 ක් 2019 දී 15000 ක් සහ 2020 දී 5000 ක් වශයෙන් කඳුළු ගෑස් ලංකාවට ගෙන්වා ඇත. ඇත්ත වශයෙන්ම මීට වඩා වැඩි ප්‍රමාණයක් කඳුළු ගෑස් ගෙන්වා ඇත. අනෙක් කරුණ නම් මෙසේ ගෙන්වන කඳුළු ගෑස් නිසි තත්ව පරීක්‍ෂණයකට ලක් නොකිරීමයි.    

ප්‍රචණ්ඩකාරී හෝ කළහකාරී උද්ඝෝෂණ මර්ධනය කිරීම පිණිස ලංකාව තුල දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවට වාර්තාවන්නේ ඉතාමත් සුළු වශයෙනි. ඉන් එකක් වන්නේ පොලොන්නරුව මන්ත්‍රීවරයකුගේ නිවසකට පහරදෙන අවස්ථාවේ කඳුළු ගෑස් එල්ල කිරීමයි.

මේ අනුව පැහැදිළිවන්නේ පොලිසිය විසින් ජනතාවගේ සාධාරණ විරෝධතා මර්ධනය පිණිස අනවශ්‍ය ලෙස තම බලය පාවිච්චි කරන බවයි. මෙම හේතුව පාලකයන්ට වාසියක් වී ඇති අතර ජනතාවට තම අයිතිවාසිකම් දිනා ගැනීමේ ඉඩකඩ වසා දමා තිබේ. එහි අනිවාර්‍ය්‍ය ප්‍රතිඵලය විය හැක්කේ ජනතාවද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තම අයිතීන් දිනාගැනීමට පෙළඹීමය. එම තත්වය ධනපති පාලකයන්ට සුබවාදී වන්නේ නැත.

The post කඳුලක අන්දරය… appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%bd%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba/feed/ 0
IMF ණයට විකල්පයක් නැද්ද? https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%9c%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%9c%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4/#respond Wed, 08 Mar 2023 09:56:26 +0000 https://vivaranalk.com/?p=7434 ජනතාව හිඟමනට පත්කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ණය වෙනුවට සමාගම් කිහිපයක් විසින් නීති විරෝධීව විදෙස් බැංකුවල රඳවාගෙන සිටින ඩොලර් බිලියන 53 කට අධික මුදලෙන් කොටසක් හෝ ලංකාවට රැගෙන එන ලෙස වෘත්තීය සමිති ගණනාවක් සහ රටේ විද්වතුන් විසින් කරන ලද ඉල්ලීම ආණ්ඩුව සහ මහ බැංකුව පමණක් නොව විපක්ෂය […]

The post IMF ණයට විකල්පයක් නැද්ද? appeared first on විවරණ.

]]>
ජනතාව හිඟමනට පත්කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ණය වෙනුවට සමාගම් කිහිපයක් විසින් නීති විරෝධීව විදෙස් බැංකුවල රඳවාගෙන සිටින ඩොලර් බිලියන 53 කට අධික මුදලෙන් කොටසක් හෝ ලංකාවට රැගෙන එන ලෙස වෘත්තීය සමිති ගණනාවක් සහ රටේ විද්වතුන් විසින් කරන ලද ඉල්ලීම ආණ්ඩුව සහ මහ බැංකුව පමණක් නොව විපක්ෂය විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.  මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ දී සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ IMF දෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක කිරීමට රජයට පූර්ණ සහාය දෙන බවයි.

රටේ ආනයන අපනයන වෙළදාමේ යෙදී සිටින ව්‍යාපාරික සමාගම් විසින් ලංකාවට ගෙන ආ යුතු ඩොලර් ඇතුළු විදෙස් මුදල් නීති විරෝධි ආකාරයට විදේශ බැංකුවල තැන්පත් කර ඇති බවත් මහ බැංකුවට හිමි නීතිමය බලය භාවිතා කර එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් කම්කරු සම්මේලනය ප්‍රමුඛ වෘත්තීය සමිති ගණනාවක් සහ බුද්ධිමතුන් රැසක් 2022 සැප්තැම්බර් 15 දින මහබැංකුවේ අධිපතිවරයාට ලිපියක් මගින් දැණුම් දුන්නේය.

එම ලිපියේ මෙසේ සඳහන් වේ

‘…මෙම පසුබිම තුළ ශ‍්‍රී ලංකාව 2022 වසරේ පළමු මාස හය තුළ එ.ජ. ඩොලර් බිලියන 6.5 (සේවා අපනයන හැර) සහ 2022 ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 21 ක වෙළඳ අතිරික්තයක් වාර්තා කළ ඉහළම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම වාර්තා කළේය. සේවා අපනයන ආදායම ද ඇතුළුව එ.ජ. ඩොලර් බිලියන 1.5 ක් සහ ඩොලර් බිලියන 1.6 ක ශ‍්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම 2022 පළමු අර්ධය තුළ ශ‍්‍රී ලංකාවේ මුළු ණය නොවන විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව ඇමරිකානු ඩොලර් බිලියන 9.6 ක් වේ. අපනයන ආදායම ඉහළම මට්ටමක පවතින අතර විදේශ විනිමය සංචිත තත්ත්වය ඉහළම මට්ටමක පවතී. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විනිමය සංචිතය 2022 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා පිරිහී ගිය අතර දේශීය මූල්‍ය පද්ධතිය නිදහසින් පසු දරුණුතම විදේශ විනිමය හිඟයට මුහුණ දී සිටී..

..අපනයන ආදායම ඉහළම මට්ටමක පවතින අතරම මූල්‍ය පද්ධතිය තුළ විදේශ විනිමය හිඟයක් ඇති කරන මූලික සාධකය වන්නේ අපනයනකරුවන් විසින් ඉතිරි අපනයන ආදායම නැවත මෙරටට නොගෙන ඒමයි. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය යටතේ නිකුත් කරන ලද ‘අපනයන ආදායම ශ‍්‍රී ලංකාවට ආපසු හරවා යැවීමේ 2021 රීති අංක 5’ නම් නව රීති මගින් අවශේෂ අපනයන ආදායම නැව්ගත කිරීමේ හෝ සේවා සැපයීමේ දින සිට දින 180 ක් ඇතුළත දේශීය මූල්‍ය පද්ධතියට සම්පූර්ණයෙන්ම එක් කළ යුතු බවට රීති අංක 5 හි 3 (ස) වගන්තිය නියම කරයි. මෙම රීති කඩ කරන අවස්ථා වලදී මහ බැංකුවේ හි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අනුකූල නොවීම සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට බලය ඇත (රීති අංක 5 හි 8 වන වගන්තිය)..

..මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා 2022 ජුලි 25 වැනි දින හෙළිදරව් කළේ අපනයන ආදායමෙන් 20%කටත් වඩා අඩු ප‍්‍රමාණයක් පරිවර්තනය වෙමින් පවතින බවයි, දැනට පරිවර්තන අනුපාතය ප‍්‍රකාශිත අපනයන ආදායමෙන් 10%කට වඩා අඩු අගයක් බව බැංකු ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ප‍්‍රකාශ කරති. 2021 මැද භාගයේදී පරිවර්තන අනුපාතය 65%ක් වූ බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඉතිහාසයේ අපනයන ආදායම ඉහළම මට්ටමක පවතින සමයක ශ‍්‍රී ලංකාව මූල්‍ය පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා හිඟයක් අත්විඳිමින් සිටී. ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග‍්‍රිටි (Global Financial Integrity) නම් ගෝලීය පර්යේෂණ සංවිධානය විසින් ‘2009 – 2018 සංවර්ධනය වෙමින් පවතින රටවල් 134ක වෙළෙඳාම සම්බන්ධ නීතිවිරෝධී මූල්‍ය ප‍්‍රවාහයන්’ යන මැයෙන් නිකුත් කළ වාර්තාවක, 2009 සිට 2018 දක්වා කාලය තුළ අයථා ඉන්වොයිස් කිරීම (ආනයන අධි ඉන්වොයිසිකරණය සහ අපනයන අඩු ඉන්වොයිසිකරණය) මගින් අපනයනකරුවන් සහ ආනයනකරුවන් විසින් ශ‍්‍රී ලංකාවෙන් පිටතට යැවූ ඩොලර් ප‍්‍රමාණය බිලියන 40කට අධික මුදලක් බවට ගණන් බලා තිබේ. ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අඛණ්ඩ කඩාවැටීමට දායක වන ප‍්‍රධාන දිගුකාලීන සාධකය මෙය බවට අවිවාදිතය..

..ආර්ථික විද්‍යාඥයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ ‘විදේශ විනිමය ද්‍රවශීලතා උගුලක්’ ලෙස වන අතර එහිදී පොලී අනුපාතිකය, විනිමය අනුපාතිකය සහ මුදල් සැපයුම වැනි දේශීය මූල්‍ය උපකරණවල වෙනස්කම් දේශීය භාණ්ඩ හා ශ‍්‍රම වෙලඳපොලවල සමතුලිතතාවයට ළඟා වීමට ප‍්‍රාග්ධන ප‍්‍රවාහයන් සකස් කිරීමට නොහැකි වේ. එනම් විදේශ විනිමය සඳහා වන ඉල්ලුම මුදලේ අගය හා දේශීය පොලී අනුපාතිකය අසීමිත ලෙස අනම්‍ය වී ඇත. මෙය අනෙක් අතට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම, අධි උද්ධමනය, විරැකියාව සහ ජනගහනයෙන් තුනෙන් එකක් අතර මන්දපෝෂණය ඉහළ යාම මගින් සලකුණු කරන ලද ජීවන තත්වයන් විනාශකාරී කඩා වැටීමකට තුඩු දෙයි. එය බාහිර අංශයේ වෙළෙඳපොළ අසාර්ථකත්වයට සමානය. මෙම තත්වය බාහිර අංශයේ (ඉතුරුම් සහ ආයෝජන) සහ භාණ්ඩ හා සේවා වෙලඳපොල යන දෙකෙහිම වර්ධන සමතුලිතතාවය සමඟ අත්වැල් බැඳගෙන ශ‍්‍රම වෙලඳපොලවල සමතුලිතතාවය සහතික කිරීම සඳහා ආණ්ඩුවේ සෘජු මැදිහත්වීම ඉල්ලා සිටී..

..මේ අනුව, 1949 මුදල් නීති පනතේ පරිදි 9.2 වගන්තිය මගින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පැවරී ඇති බලතල භාවිතා කරමින් අපනයනකරුවන්ගේ අක්වෙරළ ගිණුම් වෙත ප‍්‍රවේශ වීමට සහ එතෙක් ලැබෙන එවැනි ආදායම් වහා පරිවර්තනය කිරීමට මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවට සෘජුවම හැකියාව ලබා දීමෙන් නීති අංක 5 හි 3 (ස) වගන්තියට අනුකූලව මුදල් පරිවර්තනය නොකිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අපි මහ බැංකුවෙන් ඉල්ලා සිටිමු..

..මේ සම්බන්ධයෙන්, ජනතාව වශයෙන්, විශේෂයෙන්ම අපේ සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවට ප‍්‍රතිපත්තිමය අසාර්ථකත්වයේ බර දරා ගැනීමට බල නොකළ යුතු බැවින්, ඔබගේ ප‍්‍රතිචාරය සහ ගන්නා ක‍්‍රියාමාර්ගය අපි බලාපොරොත්තු වෙමු…”

මෙම ලිපියට මහ බැංකු අධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ ද ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදයේ වාර්ෂික මහා සභාව අමතා ඔහු ප්‍රකාශ කර තිබුණේ නිසි පරිදි අපනයන ආදායම් රට තුලට නොගෙන එන ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුව තමන් විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි. එම ප්‍රකාශයට ව්‍යාපාරිකයන්ගෙන් එදින පිළිතුරක් ලැබුණු බව වාර්තා නොවුනද ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදයේ සහ තේ සහ රබර් අපනයනකරුවන්ගේ සංගම්වල නියෝජිතයන් මහ බැංකු අධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවලට පසුව ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් වල අපනයන ආදායමෙන් සියයට සීයක්  ලංකාවට ගෙනැවිත් ඇති බවයි. එහෙත් ඔහු 2021 ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ඉපැයූ ආදායම ගැන කිසිවක් නොකියයි. මේ පිළිබඳව ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදය ඉදිරිපත් කර ඇති නිදහසට කරුණු පිළිගත නොහැක. ඔවුන්ට අනුව ඉතිරි මුදල් දේශීය සැපයුම්කරුවන්ට සහ තෙල් ගෙන්වීම සඳහා භාවිතා කළ බවයි පවසන්නේ. නමුත් තෙල් ගෙන්වීම සඳහා ඔවුන් වැයකළා යයි පවසන ඩොලර් ප්‍රමාණයට මිලට ගත හැකි තෙල් ප්‍රමාණය ඔවුන්ගේ කර්මාන්ත ක්‍ෂේත්‍රයට අවශ්‍ය නොවන්නේ ඔවුන්ගේ ක්‍ෂේත්‍රවලට විදුලිය නොකඩවා ලැබෙන බැවිනි.

මෙම හෙළිදරව්ව පුවත්පත්වල පළවීමත් සමග ආණ්ඩුවට පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනඥයින් පාර්ලිමේන්තුව ඇතුළු විවිධ ස්ථානවල මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවන බව පිළිගත් අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම මුදල් ගෙන ඒම සඳහා පවතින නීති සංශෝධනය කරන බවයි.

මහ බැංකුවේ අධිපති දැන් පවසන්නේ මෙසේ සාවද්‍ය ඉන්වොයිසිකරණය (Mis-Invoicing) මගින් නීති විරෝධී ලෙස මුදල් උපයනවා නම් ඒ ගැන සෙවීම රේගුවේ කාර්ය භාරයක් මිස මහ බැංකුවේ කාර්යයක් නොවන බවයි. නමුත් මහ බැංකුවේ කාර්යය වන්නේ රටේ මූල්‍ය තත්වය පිළිබඳ සොයා බැලීමය. එවැනි වංචා සිදු කරන පුද්ගලයන් සහ සමාගම් ඇත්නම් ඒ ගැන හෙළිදරව් කර ඔවුනට පවතින නීති යටතේ දඬුවම් කර එම මුදල් ගෙන්වාගෙන රට මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩ යාමට හැකි වුවද රනිල් ඇතුළු ආණ්ඩුව මෙම හොරුන්ගෙන් යැපෙන නිසා ඔවුන් ඒ පිළිබඳව කටයුතු කරණූ ඇතැයි අපට කිසි සේත්ම බලාපොරොත්තු විය නොහැක. එසේම මහ බැංකුවේ අධිපති මෙන්ම රනිල්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග‍්‍රහයෙන් පත් කළ අය නිසා ඔවුන්ගෙන් මේ සඳහා විසඳුමක් බලාපොරොත්තු විය නොහැක.

The post IMF ණයට විකල්පයක් නැද්ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%9c%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4/feed/ 0