Sunanda Deshapriya, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 08 Oct 2025 10:30:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Sunanda Deshapriya, Author at විවරණ 32 32 ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%b4/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%b4/#respond Wed, 08 Oct 2025 10:30:29 +0000 https://vivaranalk.com/?p=13802 මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රී රෝද රථ රියදුරකුම, සෑම පික්මී රියදුරකුම වාගේ කතා කළේ අපේක්ෂා සහගතවය. ‘ මේ පාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට ඕනෑ’ යැයි ඔවුහු කීහ. ආණ්ඩුවට නොපෙනෙන වෙනස කුමක්ද? මා මේ ඔක්තෝබරය ගෙවූයේ ද මෙරටය. මේ කාලයෙහි යාපනය, මන්නාරම, මඩකළපුව සහ මහනුවර ක්‍රියාකාරී ජන පිරිස් සමඟ […]

The post ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන appeared first on විවරණ.

]]>
මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රී රෝද රථ රියදුරකුම, සෑම පික්මී රියදුරකුම වාගේ කතා කළේ අපේක්ෂා සහගතවය. ‘ මේ පාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට ඕනෑ’ යැයි ඔවුහු කීහ.

මා මේ ඔක්තෝබරය ගෙවූයේ ද මෙරටය. මේ කාලයෙහි යාපනය, මන්නාරම, මඩකළපුව සහ මහනුවර ක්‍රියාකාරී ජන පිරිස් සමඟ අදහස් බෙදා ගැනීමට අවස්ථාව උදා විය.  එමෙන්ම ත්‍රී රෝද රථ සහ පික් මී රියදුරන් හා සල්ලාපයේ යෙදීමට ද අවස්ථාව ලැබුණි.

අද මේ සෑම තැනකදීම වාගේ අසන්නට ලැබෙන අදහස ප්‍රශ්ණයකි. එනම් ‘මොනවද වෙන්නේ’ යනුය. එය වෙනසකි. ආණ්ඩුවට දැනෙන බවක් නොපෙනෙන වෙනසකි.

රාජපක්ෂවරුන් හෝ සජිත් ප්‍රේමදාස කෙරෙහි මහජන ප්‍රසාදයේ කැපී පෙනෙන වැඩි වීමක් මේ කිසිදු අවස්ථාවක පෙනෙන්ට ලැබුණේ නැත. ඔවුන් දෙදෙනාටම නව ගැම්මත් ගැනීමට නොහැකි වී තිබේ.

ඒ සමඟම තවත් ප්‍රශ්ණ දෙකක් නැගේ.  ‘හොරු හිරේම යවයි නේද’ සහ කුඩු පාතාලයට සබ්බුව ලැබෙයි නේද?’ මෙය ආණ්ඩුව සම්බන්ධයෙන්  සාධනීය එනමුත් සම්පූර්ණ විශ්වාසයක් තවම නැති ප්‍රකාශනයකි.

රාජපක්ෂවරුන් හෝ සජිත් ප්‍රේමදාස කෙරෙහි මහජන ප්‍රසාදයේ කැපී පෙනෙන වැඩි වීමක් මේ කිසිදු අවස්ථාවක පෙනෙන්ට ලැබුණේ නැත. ඔවුන් දෙදෙනාටම නව ගැම්මත් ගැනීමට නොහැකි වී තිබේ.

ජාජබ ආණ්ඩුව ලිංගික හැසිරීමක් සඳහා කැමැත්ත දීමේ වසය අව්රුදු 16 බවට පත් කිරීම දරුවන්ට කරන අපරාධයක් යැයි වෙන්ඩ ජනාධිපති නාමල් රාජපක්ෂ අදෝනා නැගීම හාස්‍යකට වඩා කපටිකමකි. නීතිඥ නාමල් රාජපක්ෂ නොදන්නා දේ නම් 1995 දක්වා මෙරට ලිංගික හැසීරීමක් සඳහා කැමැත්ත දීමේ වයස අව්රුදු 12ක් වූ බවයි. එය 16 දක්වා ඉහළ දමන ලද්දේ ඔහුගේ පියා ද කොටස්කරුවකු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසිනි.

ඊටත් වඩා රාජපක්ෂවරුන් විසින් පත් කරගත් ජනාධිපතිවරයා වූ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ලිංගික කැමැත්ත දීම අව්රුදු 14 දක්වා අඩු කිරීමට නීති සංශෝධනයක් පවා ගෙන ආවේය. එම නීතිය බලහත්කාර ලිංගික කෙළෙසීම් සදහා දෙනු ලබන දඩුවම් අඩු කිරීමටත් යෝජනා කළේය. එම නීතිය මහජන විරෝධය හමුවේ හකුළා ගැනීමට සිදු විය. නාමල් රාජපක්ෂ ද ඔල්මොරෙන්දම් වී නැත්නම් මෙවැනි කකුල කටේ දා ගැනීමක් කරන්නේ නැත.

එසේ නමුත් විපක්ෂය විසින් මහජන අභිවෘද්ධියට අදාළ කාරණා බොහෝ ගණනාවක් මතු කරමින් ජජබ ආණ්ඩුව නිරුත්තර කර ඇති අවස්ථාද තිබේ. කන්ටේනර් 300 නිදහස් කිරීම, ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුයුක්ත කර ඇති පුද්ගලයින්ගේ විස්තර නොදීම, දේශපාලන පත්වීම් ලබා දීම, ජනඝාතක ඊශායලය සමඟ ආණ්ඩුවේ මිතුරුකම ඉන් කිහිපයකි.

 ආණ්ඩුවට වසරක් ගත වී ඇත්තේ හනි හනිකටය. ඉදිරි වසර හතර ද ඒ වේගයෙන්ම ඉක්ම යනු ඇත.

සමහර විපක්ෂ දේශපාලඥයින් වෙඩි කෑ ඌරන් මෙන් කැ ගසමින් දුව පනින්නේ දූෂණ විරෝධී හස්තය තමන්ගේ ගෙලට තොණ්ඩුවක් වනු ඇත්දැයි යන බිය නිසාය.

දූෂණ විරෝධී ව්‍යාපාරය සමහර විට ආණ්ඩුවේ වඩාත්ම ආකර්ශනීය වැඩසටහනය. 2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වීමට බල පෑ එක් ප්‍රධාන සාධකයන් වූයේ දූෂිතයින්ට දඩුවම් කරන බවට දෙන ලද පොරොන්දුව බව සළකන විට දූෂණ විරෝධී ව්‍යාපාරයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැක.

සමහර විපක්ෂ දේශපාලඥයින් වෙඩි කෑ ඌරන් මෙන් කැ ගසමින් දුව පනින්නේ දූෂණ විරෝධී හස්තය තමන්ගේ ගෙලට තොණ්ඩුවක් වනු ඇත්දැයි යන බිය නිසාය.

අන්තරයාකාරී මත්ද්‍රව්‍ය සමඟ බැදී ඇති ප්‍රබල යටිබිම්ගත ව්‍යාපාරික, දේශපාලන සහ ආරක්ෂක අංශ ජාලය මැඩලීමේ කැපී පෙනෙන සාර්ථකත්වයක් ද ආණ්ඩුව  දිනා ගෙන තිබේ. රනිල් රාජපක්ෂගේ වධක පොලිස්පති වූ දේශබන්දු ගෙන ගිය ව්‍යාජ සහ මර්ධනකාරී මත් ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය සමඟ සසඳන විට අද ඇති වෙනස අහසට පොළව මෙන්ය.

ලපයි සිපයි වැනි කඩකැඩුණු කතා කියන නමුත් අමාත්‍ය බිමල් රත්නායක පොදු ප්‍රවාහණ  සේවා  නීතියේ පාලනය යටතට ගෙන ඒමට සහ දියුණූ කිරීමට දරන ප්‍රයත්නය මේ තාක් කිසිදු ආණ්ඩුවක් නොදරන ලද සත් ව්‍යායාමයකි. ප්‍රවාහණ මාෆියාව, මත් ද්‍රව්‍ය මාෆියාවට වඩා බලගතු එකකි. එයද ජාවාරම්කාර පංතිය, දේශපාලනඥයින්, දාමරිකයයින් සහ බස් හිමි පොලිස් ප්‍රධානීන්ගේ හවුලකි.  පොදු ප්‍රවාහණය දියුණූ කිරීම, ශිෂ්ඨාචාර කිරීම සහ නීතියේ පාලනය යටතට ගැනීම අරභයා කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබා ගත් හොත් එය දෙවන ජනවරමක් සඳහා ශක්තිමක් අත්තිවාරමක් විය හැකිය.

ජාජබ- ජවිපෙ බලයට පැමිණියහොත් යළි ආර්ථික අර්බූදයක් ඇතිවන බවට අනෙක් දේශපාලන පක්ෂ ගෙන ගිය ප්‍රචාරය අනාථ කරමින් අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රසංසා දිනා ගැනීමට ආණ්ඩුව සමත් වී තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ප්‍රධාන පොරොන්දු  ක්‍රියාත්මකවන බවක් පෙනෙන්නට ද නැත. ආණ්ඩුවක් තීරණාත්මක වෙනස්කම් කළ යුත්තේ පළමු දින සියයේ දී යැයි ස්වර්ණමය රීතියක් තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය වනු ඇත. ජාජබ නොනිල ආරංචි මාර්ග පවසන පරිදි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ සිව් වැනි වසරෙහි දී නම් එහි සාර්ථකත්වය තීරණය වන්නේ ආණ්ඩුවේ දේශපාලන සාර්ථකත්වය මෙන්ම  ආර්ථික සාර්ථකත්වයද මතය.

අනුර කුමාර දිසානායකට මෙම ජනාධිපතිධූර කාලය භුක්ති විදීමට අවස්ථාව ඉතිරි කරගෙන පළමු වසර තුලදීම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කැරෙන ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ කළේ නම් එය නිසැකවම ජය ගැන්වීමට ඉඩ තිබුණි.

පෙනෙන විදියට ආණ්ඩුව හසුව සිටින තවත් හිරවීමක් නම් නව ව්‍යවස්ථාවක් මගින් ජනවාර්ගික ප්‍රශ්නයට ද විසදුමක් සැපයිය යුතු වීමයි. අමාත්‍ය විජිත හේරත් කියන පරිදි පළාත් සභා ක්‍රමය ජාජබ- ජවිපෙ ආණ්ඩුව පිළිගන්නේ නැත. මේ  සම්බන්ධයෙන් ජවිපෙ මතය වන්නේ, සමාජවාදය යටතේ ජාතීන්ගේ පිඩනය තුරන් වී යන්නේය යන යල් පැනගිය න්‍යායයි.

ජාජබ -ජවිපෙ ආණ්ඩුවේ මංත්‍රීන්ගේ වත්කම්  අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ විට දේශපාලන කම්පනයක් ඇති විය. ඊට මුහුණ දීමට ආණ්ඩුවට පොදු මතයක් තිබුණේ නැත. තමන්ගේ වත්කම් ප්‍රකාශණය ගැන ප්‍රශ්ණ කිරීමට මාධ්‍යට අයිතියක් නැතැයි මුල්පෙළ ඇමතිවරයකුද, තමන්ගේ දියණිය මල්වරවීමේ උත්සවයට (මල්වරවීමේ උත්සව යනු ගතානුගතික ලිංගිකත්වය ඔප් නංවන ලැජ්ජා සහගත ක්‍රියාවකි) ලද ත්‍යාග සිය ආදායම ලෙස තවත් ඇමැතිවරයකුද, තමාගේ වත්කම් ඇතුළත ‘නීති විරෝධී’ ක්‍රිප්ටෝ කරන්සි ඇතැයි තවත් මුලපෙළ ඇමතිවරයකු කීවේ එම කම්පනයට තනි තනිව මුහුණ දීමට සිදු වූ නිසාය.

සමහර විට ආණ්ඩුව මත විශාලතම තෙරපුම ගෙන එන්නේ එහි සන්නිවේදන අකාර්යක්ෂමතාවය සහ එහි ප්‍රධානීන් දක්වන අහංකාර සහ නොමේරූ  මාධ්‍ය හැසිරීම් විසිනි. ලක්ෂයක් මරා හෝ අවශ්‍ය දේ කරන බවට එහි නගරාධිපතිවරයකු කී කතාව, වයිරල් වී නවතින්නේ අනුර කුමාරගේ කීර්තිය අබියසය.

සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු වන ආචාර්ය සංජන හත්තොටුවගේ අධ්‍යනයකින් හෙළිවන්නේ අමාත්‍ය සුනිල් හදුන්නෙතිගේ සිය වත්කම් ලබාගත් පිළිවෙත අහංකාර  ලෙස ප්‍රතික්ෂේප කිරීම සමාජ මාධ්‍ය අදහස් 5000ට ආසන්න ප්‍රමාණයක හෙළා දැකුණු බවයි.

ආණ්ඩුව පෙන්නුම් කරනවාට වඩා එයට එරෙහිව ඇති ව්‍යාපාර සහ තර්ජන බලවත්ය. එම සියලු තර්ජන නාභිගතවීමක් වුවහොත් එය අනුර කුමාර දිසානායක කෙරෙහි ඉලක්කය ගැනිමට පවා ඉඩ තිබේ.

අනවශ්‍ය ලෙස රනිල් රාජපක්ෂ  අත්අඩංඟුවට ගැනීම ඛණ්ඩනය වූ විපක්ෂය නැවත තාවකාලිකව හෝ එක්රැස් වීමට අවස්ථාවක් පාදා දුන්නේය.  දැනට බෙදී සිටියද, මහජන අතෘප්තිය වර්ධනය වුවහොත් විරුද්ධ පක්ෂ ජාජබ ආධිපත්‍යයට අභියෝගක් විය හැකිය.

ආණ්ඩුවට දැනෙන අභියෝගයක් දැන් එල්ල වන්නේ මහජන විරෝධතාවයන්ගෙනි. ත්‍රිකුණමලයේ ගොවිජන පිරිස්ද, මන්නාරමේ පුරවැසි පිරිස්ද වෘත්තීය සමිති එක පිට එකද විරෝධතායන්ට එක්ව සිටිති. මෙම විරෝධතාවයන්ට දක්ෂිනාංශික පක්ෂවලින් සහායක් නැත. නමුත් අවසානයේ දී මෙම විරෝධතා තමන්ගේ ජන්ද මල්ලට වැටෙනු ඇතයි දක්ෂිනාංශික විපක්ෂය කල්පනා කරමින් සිටිනවා විය හැක.

ආණ්ඩුව පෙන්නුම් කරනවාට වඩා එයට එරෙහිව ඇති ව්‍යාපාර සහ තර්ජන බලවත්ය. එම සියලු තර්ජන නාභිගතවීමක් වුවහොත් එය අනුර කුමාර දිසානායක කෙරෙහි ඉලක්කය ගැනිමට පවා ඉඩ තිබේ.

The post ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%b4/feed/ 0
කොළඹ සටන සහ යාපනේ සටන.. සම්මුති-විසම්මුති https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%9a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%9a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/#respond Tue, 24 Jun 2025 10:41:38 +0000 https://vivaranalk.com/?p=12993 කොළඹ සටන ගල උඩ සටනක් විය. පෙරළුන එකා කපෝතිය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම සැරසුණේ එසේය. බලතසාර්: කාගේ ජන්දද? ආණ්ඩුව දිනුවේය. එනමුත් බල්තසාර් නගරාධිපතිනිය වූයේ කාගේ ඡන්ද නිසාදැයි අප දන්නේ නැත. නාමල් රාජපක්ෂගේ හෝ දිලිත් ජයවීරගේ හෝ කුඩු ලාල්ගේ ඡන්දවලින් යැයි කවරකු හෝ කීවොත් එය බොරුවක් බව කීමට ජාජබට නොහැකිය. නගරාධිපති තේරීම මහ ජන්දයක් වැනි නොවේ. මහ […]

The post කොළඹ සටන සහ යාපනේ සටන.. සම්මුති-විසම්මුති appeared first on විවරණ.

]]>
කොළඹ සටන ගල උඩ සටනක් විය. පෙරළුන එකා කපෝතිය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම සැරසුණේ එසේය.

ආණ්ඩුව දිනුවේය. එනමුත් බල්තසාර් නගරාධිපතිනිය වූයේ කාගේ ඡන්ද නිසාදැයි අප දන්නේ නැත. නාමල් රාජපක්ෂගේ හෝ දිලිත් ජයවීරගේ හෝ කුඩු ලාල්ගේ ඡන්දවලින් යැයි කවරකු හෝ කීවොත් එය බොරුවක් බව කීමට ජාජබට නොහැකිය.

නගරාධිපති තේරීම මහ ජන්දයක් වැනි නොවේ. මහ ඡන්දයක දී ඡන්දය දෙන්නේ මහජනතාවය. නගරාධිපති තේරීමක දී ඡන්දය දෙන්නේ දේශපාලන පක්ෂ වෙනුවෙන් ඉදිරිපත්ව ජයග්රහණය කළ නියෝජිත නියෝජිතවරියන්ය. මේ සියළු දෙනාටම ඡන්ද ලැබෙන්නේ පක්ෂය හරහාය.

පක්ෂයකින් ඉදිරිපත් වන විට පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට අපේක්ෂක අපේක්ෂිකාවෝ ආචාර ධර්මීය වශයෙන් බැදෙති. තමන් පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඉල්ලා අස්විය යුතුය. ප්‍රාතන්ත්‍රවාදී සම්ප්‍රදාය එයයි. ජාජබ කලින් කීවේද එයයි.

පසුගිය කාලය පුරා පක්ෂ මාරු කළ දේශපාලනඥයින්ට රන්මසු පිරිනැමුණූ බව, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීහු ද කීවෝය. ඒ කෝටි ගණනි. එලෙස එක් පක්ෂයකින් ඉදිරිපත්ව වෙනත් පක්ෂයට සහාය දිම කලාවක් ලෙස වර්ධනය කලේ රාජපක්ෂවරුන්ය. ඔවුන්ගේ ඇබිත්තයකු වූ සරත් සිල්වා ඊට නීතියෙන් තිබූ තහංචි දියවන්නා ඔයට ගොම්මන් අඳුර සමඟ විසි කළේය. එවැනි පක්ෂ මාරු දුරාචාරයක් බැවින් තහනම් කිරීමට නීති ගෙන එන බවට ජාතික ජනබලවේගය සපථ කළේය.

දැන් සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. වෙනත් පක්ෂවලින් ඉදිරිපත්ව තේරී පත් වූ පලාත් පාලන සභිකයින් එම පක්ෂවලට පිටින් ගොස් ජාතික ජන බලවේගයට ඡන්දය දෙති. කොළඹ සටන මෙන්ම තවත් ආයතන දිනුවේ එහෙමය. මෙවැනි අවස්ථාවක රහස් ජන්දය යනු අල්ලස සහ දූෂණය නීතිගත කිරීමකි.

ආසන මට්ටමින් අපේක්ෂකයින් තේරීමේ ක්‍රමය තිබුණි නම් ජාතික ජන බලවේගය රටපුරාම උඩින්ම දිනුම්ය. උතුරු නැගෙනහිර හැර පළාත් පාලන ආයතන අතිබහුතරයක් එය සතුවන්නට තිබුණි. මා පුද්ගලිකව පෙනී සිටින්නේ පළාත් පාලන මැතිවරණය සඳහා කේවල ක්‍රමය වෙනුවෙනි. පුද්ගලිකව ව්‍රායි බල්තසාර්ටත් මා කැමතිය. පීටර් කෙනමන්ගෙන් පසු බොරැල්ල දිනූ බර්ගර් ජාතිකයා ඇයයි.

ප්‍රශ්ණය අපේ පුද්ගලික කැමැත්ත නොවේ. වෙනත් පක්ෂවලින් ඉදිරිපත්ව ජය ලද අපේක්ෂකයින්ගේ හොර ඡන්ද මගින් ජාජාබ නගරාධිපති තරඟය ජය ගන්නට තීරණය කිරීමයි. එය පාරදෘශ්‍ය නොවන ප්රජාතන්ත්රවාදයට පටහැණි ක්‍රමවේදයකි.  තමන්ම කියා සිටි පිළිවෙත් වෙනස් කිරීමකි.

තමන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයින්, නගරාධිපති තරඟයකදී ඡන්දය දෙන්නේ කාටදැයි දැන ගැනීමට එම ජනතාවට අයිතියක් නැතැයි කීම, සර්ජන ඡන්දය බේරේ වැවට දැමීමකි. විවෘත ඡන්දයක් තිබී බල්තසාර් පරදින්නට තිබුණේ නම් එතැන අවුලක් නැත්ද?

කණගාටුවට කාරණය නම් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවළිය තුළ ජාතික ජන බලවේගය සිය දේශපාලනය පිළිවෙත් බලය සඳහා පිරිහෙන්නට ඉඩ හැරීමයි.

එය පටන් ගත්තේ පහළින් නොව ඉහළින්ම එනම් ජනාධිපති සහ අගමැතිවරියගෙනි. විපක්ෂය ජයගතහොත් අරමුදල් දෙන්නේ දහ වරක් විමසා බව කීවේ අනුර කුමාරය. හරිනි ඊට අත්වැල් ඇල්ලුවේය. තවත් ඇමැතිවරයකු කීවේ, විපක්ෂය බලය ගන්නා පළාත් පාලන ආයතන අතහැර තමන් මහවැළි සංවර්ධන අධිකාරිය හරහා සංවර්ධන වැඩ කරන බවයි.

මේ ප්‍රකාශ පෙන්නුම් කරන්නේ තමන්ට සියලු බලය තිබිය යුතුයැයි යන කල්පනාවය. එනිසාම තොන්ඩමන්ටත් පිල්ලෙයාන්ටත් අත දිගු කළ බවට වාර්තා තිබේ.

චන්ද්‍රිකා කුමාරතුංග වයඹ මැතිවරණය කොල්ලැවේ.ත් ජේආර් කලවාන මැතිවරණ මගඩිය ක්‍රියාත්මකකළේත් ඒ නිසාය. ජාජබ යන්නේත් ඒ පාරේද?

යාපනයේ සටනේ අලුත්ම පරිච්ජේදය ලියැවුණේ පසුගිය 13 දා ජර්මානු අගනුවර වන බර්ලිනයේදීය. එරටට නිල සංචාරයක යෙදුණූ ජනපති දිසානායක එරට සිටින ශ්‍රී ලංකිකයන් හමුවීමට තීරණය කිරීම හොඳ දෙයකි. රැස්වීම තිබෙන තැන සොයා ගැනීම දුෂ්කර විය. සවස 3.00ට ආරම්භවීමට නියමිත වූ එම රැස්වීමට ජනපති දිසානායක ආවේ 4.15ටය. පමාවී පැමිණි ජනපතිවරයා ඊට සමාව ගත්තේ නැත. ඔහු විනාඩි 50ක් තරම් කතා කළේය. කතාව හොඳය. දිග වැඩිය. එය සංවිධානය කළේ හිටපු දාර රාජපක්ෂවාදියෙකි.

යුරෝපයෙහි සාමාන්‍යයෙන් කථිකයකු විනාඩි 20-30කට වඩා කතා කරන්නේ නැත. වැඩි වේලාවක් දෙන්නේ සාකච්ජාවටය. ප්‍රශ්ණ ඇසීමට වෙලාවක් තිබුණි. නමුත් එදින ප්‍රශ්න  ලියා යැවිය යුතු විය. ප්‍රශ්ණය හරියටම කුමක්ද ඇසුවේ කව්ද කියා කව්රුත් දන්නේ නැත.

සභාවෙහි බහුතරය සිංහලයන් වූ නමුත් දෙමළ සහ ජර්මානු පිරිසක්ද පැමිණ තිබුණේ ඔහු කියන්නේ කුමක්දැයි දැන ගැනීමටය. අහෝ! කතාව සිංහල පමණක් ප්‍රතිපත්තිය වැළද ගෙන තිබුණි. විනාඩි 50ක්ම ජනාධිපති සිංහලෙන් පමණක් කතා කළේය! විජිත හේරත් දෙමළෙන් වාක්‍ය දෙක තුනක් කීවේය. ඉන් කියැවුණේ ‘ලංකාවේ හැමෝම වාද භේද දුරලා එකාවන්ව ජීවත්විය යුතු’ බවයි.

සාමය සිංහල බසින් පමණක් පිහිටුවිය හැකි දෙයක් නොවේ.

මේ යාපනේ සටන එතෙරදී සිදුවුණූ අන්දමයි. මෙරට සටනෙහි දී යාපනය සහ මඩකළපුව යන පළාත් අග නගර දෙකම තවත් ආයතන ගණනාවක්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි ( අයිටීඒකේ – කලින් පෙඩරල් පක්ෂය) අතට ගියේය. දෙමළ බහුතර ප්‍රදේශ කිසිවක් ජාතික ජන බලවේගයට ලැබුණේ නැත.

කියන දේ නොකිරීම තරම් සාපයක් බලයේ සිටින ආණ්ඩුවකට නැත.

උතුරු පළාතෙහි අක්කර 6000ක් ආණ්ඩුවට ගැනීමට පසුගිය මාර්තු මාසයෙහි දී ගැසට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. ඉන් කියවුණේ එකී වපසරිය තුල පිහිටි කවර හෝ ඉඩමකට නීතිමය හිමිකමක් පෙන්විය නොහැකි නම් ඒවා රජයේ දේපල බවට පත්වන බවයි. තිස්වසරක යුද්ධය තුල බොහෝ දෙමළ ජනයාගේ ඔප්පු තිරප්පු නැති විය.

එබැවින් මෙම ඉඩම් කොල්ලය නතර කරන සේ දෙමළ ජනයාගේ දේශපාලන සහ සිවිල් සංවිධාන ආණ්ඩුවට කියා සිටියහ. ආණ්ඩුවද විශේෂයෙන්ම අගමැතිනි අමරසූරියද මෙම එළෙස ඉඩම් අල්ලා නොගන්නා බවට ශපථ කළහ. එම ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා බව ආණ්ඩුව නිල වශයෙන් කියා සිටියේය. ඒ සති තුනකට පෙරය. තවම එය ඉවත් කර ගෙන නැත. එනිසා අයිටීඒකේ ලේකම් හිටපු පා.ම. එම් සුමන්දිරන් දැන් ශේෂ්ඨාධිකරණය හමුවෙහි එම ගැසට් පත්‍රයට විරුද්ධව පෙත්මක් ගොනු කර තිබේ.

යාපනේ සටනින්, පුලුල් අර්ථයෙන් කියන්නේ නම් දෙමළ ජනයා බහුතරය වන ප්‍රදේශවලාන්  ජාතික ජනබලවේගය පැරදුනේ පොරොන්දු එක පිට එක කඩකරන ලද නිසාය. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,  හමුදාව අල්ඉලා ගත් ඉඩම් ආරවුල් නිරවුල් කිරීම, ත්‍රස්ත පනත ඉල්ලා අස්කර ගැනීම, යුද්ධ වින්දිතයින්ගේ සාධාරණ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම යනාදී කිසිවක් සිදුව නැත.

1995 සිට මේතාක් කොපායි දෙමළ ජනයාගේ ඉඩම් අක්කර දෙකහමාරක් පොලිසිය සහ හමුදාව අල්ලා ගෙන සිටින බව එහි ප්‍රාදේශීය  ලේකම්වරයා තහවුරු කලේ පසුගිය සතියේය.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් මෑත දී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ උතුරු නැගෙනහිර පළාත්හි සාමය  ගොඩනැගීමේදී ප්‍රවේශය පාලනය සහ බෙදා හැරීම කේන්ද්‍ර කරගත් ඉඩම් ආරවුල් ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින බවයි. පශ්චාත් ගැටුම් ආරවුල් බොහෝ විට රාජ්‍යය, හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී සහ මහවැලි අධිකාරිය වැනි ආයතන සමඟ සම්බන්ධ වන බවත් එය දක්වයි. ඒ සිංහල බෞද්ධ මහෝත්තමවාදී පාර රාජ්ය හවුලය.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නව දේශපාලන සංස්කෘතික අත්තිවාරම විය යුතුව තිබුණි. සංකේතාත්මක අර්ථයෙන් කොළඹ සටන සහ යාපනේ සටන ඒ දිශාවට රට ගෙන යන්නේදැයි කල්පනා කර බලන්න.

( මෙම ලිපිය මුල්වරට 20.06.25 අනිද්දා පුවත්පතෙහි පළ විය)

The post කොළඹ සටන සහ යාපනේ සටන.. සම්මුති-විසම්මුති appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%9a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/feed/ 0
පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92/#respond Wed, 29 Jan 2025 09:34:36 +0000 https://vivaranalk.com/?p=12582 ජාතික ජන බලවේගයේ වැඩකාර හැඩකාර තරුණ නායකයකු වන චතුරංග අබේසිංහ පොල් කිරි පිළිබඳව අලුත් තියරියක් ඉදිරිපත් කර තිබේ. 22 දින පැවැති පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු මේසේ කීවේය: අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඇති ලෙඩක් නම් ක්ලච් එක පෑගූ විට තිරිංග අංජ බකල් වීමය. ශතවර්ශාධික කාලයක් අපේ ජනයා ආහාරයට ගත් පොල් දැන් චතුරංග අබේසිංහට ඩොලර් වී තිබේ. […]

The post පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා.. appeared first on විවරණ.

]]>
ජාතික ජන බලවේගයේ වැඩකාර හැඩකාර තරුණ නායකයකු වන චතුරංග අබේසිංහ පොල් කිරි පිළිබඳව අලුත් තියරියක් ඉදිරිපත් කර තිබේ.

22 දින පැවැති පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු මේසේ කීවේය:

අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඇති ලෙඩක් නම් ක්ලච් එක පෑගූ විට තිරිංග අංජ බකල් වීමය.

ශතවර්ශාධික කාලයක් අපේ ජනයා ආහාරයට ගත් පොල් දැන් චතුරංග අබේසිංහට ඩොලර් වී තිබේ.

ඩොල්ර් සඳහා පුක දීමත් සාධාරණ කරන්නට මෙවැනි පුද්ගලයින් දොර හරිනු ඇත.

ස්විස්ටර්ලන්තයේ ඇමැතිිවරයකු මෙසේ කීවොත් කුමක් වනු ඇත්ද?

අපේ මිනිස්සු කිරි බෙනවා වැඩියි. ඒ නිසා විදේශ විනිමය ලබා ගත හැකි චොකලට් සහ චීස් නිෂ්පාදනයට බාධාවක්. කිරි වෙනුවට සෝයා හරි වෙන මොනවා හරි බොන්න සොයා ගන්න”

බොහෝ විට ඔහුට සිදු වනු ඇත්තේ මහජන විරෝධය හමුවේ පසු බැසීමට සහ කතාව ඉල්ලා අස් කර ගැනීමටය. ඒ දැනුවත් පුරවැසියන් සහ නිදහස් ජනමාධ්‍ය ඇති රටක් නිසාය.

ශ්‍රී ලංකාවේ ජනයාගේ ආහරයේ පොල් නැතිවම බැරි සංඝටකයකි. අපේ ජනයා  ප්‍රෝටීන් ලබා ගන්නා ක්‍රමයක් වන්නේ ද පොල් කෑමය. පොල් කිරි, දිය කිරි සහ මිටි කිරි ලෙස ද පොල් සම්බෝල, මැල්ලුම් වර්ග සඳහා ද නැතිවම බැරිය.

පොල් සම්බෝල යනු එංගලන්තයේ ද ජනප්‍රිය ලාංකික ආහාරයකි. එය අපේ සංකේතයක් වැන්න.  විකාරය කොතරම් ද   මැල්ලුම් පොල් කුඩු යොදා ගන්නා ලෙස කියන ජාජබ හොරෙණෑකරුවන් ද පහල වී සිටී. පොල් කුඩු මැල්ලුම් ඉතාම දුගී නිවසක වත් ආහාරයට ගන්නා දෙයක් නොවේ.

සමාජය වියමන සහ ආකල්ප සකස් වන්නේ හුදෙක් ඩොලර් හෝ ආර්ථික සාධක නිසා හෝ පමණක් නොවේ. එසේ සිතන්නේ ඌනතිවාදීන්ය. සංස්කෘතිය හුදෙක්ම ආර්ථිකයේ පිළිඹිමුවක් නොවේ. අධෝව්‍යහය සහ උපරි ව්‍යුහය අතර  ඇත්තේ එකිනෙකට බලපාන සම්බන්ධයකි.

පිටි කළ පොල් පාවිච්චි කරන නාගරික ජනයා පවා පොල් සම්බෝල සඳහා ගන්නේ අමු පොල්ය. ඒ රසය අපේ ආත්මගත මිහිරකි.

පොල් කිරි වෙනුවට ඔටු කිරී හෝ බී පල්ලා යැයි කියන චතුරංග හෙට අනිද්දා වන විට බත් වෙනුවට බජිරි කාපල්ලා කිමට ඉඩ තිබේ.

හමුදාව යොදවා සහල් ප්‍රශ්නය විසඳන බව කීමට තරම් ජනාධිපතිවරයාගේ තිරිංග විකල්වන්නේ  එවැනි බජරි කතාවක් අරුමයක් නොවිය හැකිය. අප නැත්නම් මිනිසුන් පැමිණ හාල් මෝල් කොල්ලකනු ඇතැයි කීමද එවැනිම ගැඹුරක් නැති කතාවකි.

ගෝටා කලේත් සහල් මෝල් වලට හමුදාව යැවීමය. මේ  වනාහී දෙකේ පන්තියේ කතාය. හමුදාව යවා සාර්ථකව වෙළද පොළ හැසිර වූ රටක් නැත. එවැනි ක්‍රම තිබූ චීනය සහ වියට්නාමය පවා අද එම විධි අතහැර දමා තිබේ.

තර්ජනය හාල් මෝල්වලට කළත් නීතිපතිට කළත් එහි යටි අරුත නම් නීතියේ පාලනය නොසැළකීමය. මැත දිනක ජාජබ ජනාධිපති නීතිඥයකුට නීතිපතිවරයා කතා කර ඇත්තේ ගැහෙමින් යැයි කියනු ලැබේ. නීතිපති ගෝටා ඉදිරියේ හෝ බැසිල් ඉදිරියේ ගැහෙන්නට ඇත්තේත් මෙසේය.

ගෝඨාභය පාලන සමයේ හාල් මෝල් වැටලීම..

නීතිපතිට කල තර්ජනයේ දී ටිරන් අලස් යටතේ සිදු වූ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑ වීසා වංචාව ගැන ඇසූ බවක් දැන ගන්නට නැත.

නීතිපති දෙපාර්තමේන්තුව යනු බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලන හස්තයකි. හිටපු ඩීඅයිජී වාස් ගුණවර්ධනට මරණ දඩුවම දීමට හිටපු ජේෂ්ඨ පොල්ස් අධිකාරී ශානි අබේසේකර සමඟ නඩුව මෙහෙය වූ නීතිපති දෙපාර්ථමෙන්තුවම, වාස් ගුණවර්ධන අනීතිකව අත්අඩඟුවට ගත්තේ යැයි ශානි අබේසේකරට විරුද්ධව අධිකරණයට ගියේය.

එහි තේමා පාඨය හිස් මාස්ටර්ස් වොයිස්ය”

හිටපු නීතිපතිවරයකු වන සංජේ රාජරත්නම් බැසිල් රාජපක්ෂ විසින් නීතිපති තනතුරට ගෙන ආවේ, පිල්ලෙයාන් නිදහස් කර ගැනීමට යැයි අනස්ර් හසාද් මවුලානා කියා තිබේ. පිල්ලෙයාන් නිදිහස් කර ගැනීමට මවුලානා ලිපි ගොනුව දුන් බව කියන විනිසුරුවරයා තවමත් ඉහළින්ම වැජඹේ.

“තමා ඝාතනය කිරීමට එවකට සිටි නාවික හමුදාපතිවරයා වූ කරන්නාගොඩ සැළසුම් කරන” බවට ය ජෙනරල් සරත් පොන්සේකා ආවරණය කළ මාධ්‍යවේදියකු විසින් 2009 දී කරන ලද පැමිණිල්ල තවමත් නීතිපති දෙපාර්තමෙන්තුවේ පුස්කයි. අනුර ප්‍රියදර්ශන මෙන්ම කරන්නාගොඩ ගැනත් දැන් නීතිපති පරික්ෂන අරඹනු ඇත්ද?

යහපාලන ආණ්ඩුව ත්‍රි පුද්ගල විශේෂ අධිකරණ පිහිටුවන ලද්දේ විශේෂ නඩු විභාග ඉක්මන්කරනු පිනිසය. එසේ නමුත් දැන් වසර ගණනාවත් ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන නඩුව ඇදි ඇදී යවන්නේ ස්වාමියා කියන දේ කරන නීතිපති දේපාර්තමෙන්තුවයි.

මේ දෙපාර්තමෙන්තුව ලොකු ලොක්කන්ගේ දරුවන්ගේ රජ දහනකි. කැමැති නම් එහි වෙබ් අඩවියට ගොස් වාසගම් පිරික්සා බලන්න.

කීත් නෙයාර් පැහැර ගැනීම පිලිබඳ පවරන ලද නඩුව මහේස්ත්‍රාත් උසාවියේ හිර කර තිබෙන්නේ ද නීතිපති දෙපාර්තමෙන්තුවයි. ඒ ගෝටා කී නිසාය.

හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලාට බොරු නඩුවක් පැටලූයේ නීතිපති දෙපාර්තමෙන්තුව ගෝටාගේ අතවැසි සේවය කළ කාලයේය. තවමත් නීතිපති දෙපාර්තමෙන්තුව එම නඩුව දිග්ගස්සන්නේ විවිධ ආවරණයන්ට මුවා වෙමිනි.

ජනාධිපති අනුර කුමාර නීතිපතිට කල තර්ජනයේ දී ඒ ගැන ඇසුවේද?

මහත්වරුනිනීතිපතිට තර්ජනය කරනු  වෙනුවට. කළ යුතුව ඇත්තේ ජාජබ පොරොන්දු වූ ස්වාධීන අභිචෝදක (නඩු පවරන්නකු) කාරයාලය ස්ථාපිත කිරීමය. ඒ සඳහා මැස හතරක කාලය ඕනෑවටත් වැඩිය.

දැන් ස්වාධීන අභියෝජක කාර්යාලය ගැන කතාවක්වත් නැත.

එල්ටීටීඊය සතුව තිබී අල්ලා ගත් ගිනි අවි තොගයක් මෙරට පාතාලයට ලබා දුන්නේ කුප්‍රසිද්ධ මින්නේරිය කඳවුරෙනි. කලකට පෙරය.  එම අවි පිලිබඳ රහස් පොලිස් පරීක්ෂනය නතර කරන ලද්දේ ගොටාගේ ද රනිල් ගේද  ආරක්ෂක ලේකම් වූ ජෙනරල් කමල් ගුණරත්නගේ නියෝගයකිනි. එමෙන්ම ඊයේ පෙරේදා වන තුරු ආරක්ෂක මණ්ඩල ප්‍රධානී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කීවේ “යුද හමුදාවේ අවි නැති වී නොමැතිය” කියාය. එය ඇත්තය. මන්ද යත් ඒ ආයුධ එල්ටීටීඊ ආයුධ නිසාය.

ශවේන්ද්‍රගෙන් සහ කමල් ගුණරත්නගෙන් ප්‍රශ්න කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබේද?

කල්ච් එක පෑගී බ්‍රේක් ලූස් වීමේ ද අවසානයක් නැත.

මහින්ද රාජපක්ෂ නිවසින් එළියට දාන බව කියා, නාමල් රාජපක්ෂට ඔක්සිජින් ගැහීමත් එවැනිම තිරිංග විකල් වීමකි.

රාජ්‍ය තාන්ත්‍රික බස, යහපත් රාජ්‍ය පාලනයක ලකුණකි.

ඇත්තටම ජනාධිපති අනුර කුමාර දිසානායකට කතා පිටපත් ලියා දෙන කෙනෙක් නැත්ද? කතා ලියන්නා යනු සුවිශේෂි තනතුරකි. එවැන්නකු නැති විට කලච් එක පෑගී බ්‍රේක් ලූස් වීම වැළැක්විය නොහැකිය.

දැන් ඔහු සියයට 3 විපක්ෂ මංත්‍රී නොව තුනෙන් දෙකේ බලයක් ඇති ජනාධිපතිය. කිව යුතු දේ කිරා මැණ කීම, ඉගෙන ගත යුතු කලාවකි. බලය විසින් කිවයුතු දේ ඉබේ කටින් පනින්නට ඉඩ නොහැරීම චතුරංග අබේසිංහට පමණක් නොව අනුර කුමාර දිසානායකටද එකසේ වටී.

කතා කිරිම සහ ඇහුම්කන් දීම යනු දෙකක් නොවේ. එකම ක්‍රියාදාමයක දෙපැත්තය. ලංකාවේ සිට ඇසෙන, ජාතික ජන බලවේගයට සාහාය දුන් විවිධ තරාතිරම්හි ඇසූ පිරූ අයගෙන් ඇසෙන්නේ ඇහුම්කන් දීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති නොහැකියාවයි. එය ඛේදවාචකයක් නොවේවා!

The post පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92/feed/ 0
වික්ටර් අයිවන් : මගේ මතක.. https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a/#respond Mon, 20 Jan 2025 10:24:17 +0000 https://vivaranalk.com/?p=12519 සූදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය. 1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය වූයේ ජවිපෙ දෙවැනි නායකයා වූ විජේසේන ජී විතාන නොහොත් සනත් බොරළුකැටිය යි. මා ඒ වන විට උසස්පෙළ පන්තියේ සිටිමින් පංති පැවැත්වීම අරඹා තිබුණි. හිතේ කෙටුන […]

The post වික්ටර් අයිවන් : මගේ මතක.. appeared first on විවරණ.

]]>
සූදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය.

1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය වූයේ ජවිපෙ දෙවැනි නායකයා වූ විජේසේන ජී විතාන නොහොත් සනත් බොරළුකැටිය යි.

මා ඒ වන විට උසස්පෙළ පන්තියේ සිටිමින් පංති පැවැත්වීම අරඹා තිබුණි.

ඒ රැස්වීම ගැන මගේ මතකයේ කෙටී ඇති ප්‍රධාන සිදුවීම ඒ සිදු කෙට්ටු තරුණයා ය. ඔහු පසුව පොඩි අතුල බවට පත් වික්ටර් අයිවන් ය. ඔහු ගාල්ල ප්‍රදේශයේ අපේ පූර්ණකාලීනයා විය. ඔහු සිය දකුණු අත උළුක් කරමින් ව්‍යාපාරය වේගයෙන් කටයුතු කළ යුතු බවට උද්වේගකර තියුණූ අදහස් දැක්වීමක් කළේ ය.

වික්ටර්ගේ කතා විලාශයෙහි ද දේශපාලන මැදිහත්වීම්හි ද සංකේතාත්මක ලකුණ වූයේ එයයි. එනම් ඉක්මන්, අධිශ්ඨාන සහගත, උද්වේගකර සහ නිගමනාත්කම බවයි.

එදා රැස්වීමෙහි දී වික්ටර්ගේ දෑතම යහතින් තිබුණි. මා ඉන්  කලකට පසු ඔහු හමුවන විට ඔහුගේ දකුණූ අත වැලමිටට පහළින් වෙන්ව ගොස් වම් අතෙහි ඇඟිලි  විකෘති වී තිබුණි.

ව්‍යාපාරයේ කොළඹ වෘත්තීය (කම්කරු) අංශය  බාර ගැනීමට ගාල්ල හැර දා පැමිණි වික්ටර්, පොඩි අතුල බවට පත් විය. වෘත්තීය අංශයේ වැඩ කරන අතරම බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය පොටෑෂ් (පොටෑසියම්) සහ මනෝසීල (නයිට්‍රජන්) පිටකොටුව පාතාලයෙන් මිල දී ගැනීම බාරව සිටියේ ද වික්ටර් ය. ඔහු බැරල් පිටින් එම “වෙඩි බෙහෙත්” මිල දී ගැනීමට මඟ පාදා ගත්තේ ය.

බෝම්බ සෑදීමේ ගුරුහරුකම් අප ලබා ගත්තේ විද්‍යාඥයින්ගෙන්  නොව  කොළඹ වනාතේ ගණංකාර කණ්ඩායම් වෙතිනි. එකල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් තිබුණේ නැත. මැතිවරණවල දී පාවිච්චි කිරීමට මෙම අත්දැකීම සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ලබා ගත්තේ ද එලෙසයි.

එලෙස සෑදු බෝම්බ අත්හදා බැලීමක දී වික්ටර්ට බෝම්බයට ගිනි අවුලවන සේව නූල හැකි තරම් කෙටි කිරීමට අවශ්‍ය වූයේ  වහාම පුපුරා යන පරිදි අත් බෝම්බ එකලස් කිරිමට ය. ඔහු තත්පර 03 ක දී පිපිරෙන ලෙස සේව නූල තබා, එයට ගිනි අවුලුවා බෝම්බය විසි කිරීමට පෙර  එය පුපරා ගියේ ය. ඔහුට ජීවත්වීමට වාසනාව තිබූ නමුත් දෙ අතම නැති විය.

වික්ටර්  තුළ වූ ඉක්මන් උද්යෝගය ඔහුට මාරකයක් බවට පැමුණුනි. පෙට්රොල් මැක්ස් ලාම්පුවක් පුපුරා තුවාල වී යැයි රජයේ රෝහලට ඇතුළත් කළ ඔහු, හෙළිදරව්වීමට පෙර රහසිගතව රෝහලින් එළියට ගත්තේ ලොකු අතුලගේ ප්‍රධානත්වයෙනි.

දකුණු අත වැලමියටට පහලින බිදී ගොස් වම් අතෙහි ඇඟිලි වක්වීම වික්ටර්ගේ අධිශෟධානය බිද දැමීමට අසමත් විය.

වම් අතෙහි වක් වූ ඇඟිලි අතර බෝල් පොයින්ට් පෑන රුවා එය කට ළගට ගෙන එහි ආවරණය ගලවා වම් අතින් ලිවීමට හුරුවීමට වික්ටර්ගේ අධිශ්ඨානය සහ උද්යෝගය බලවත් විය.

71 අරගලය ආසන්නයේ ව්‍යාපාරය තුළ  ඇති වූ බෙදීමෙහි දී වික්ටර්, විජේවීරගේ විශ්වාසවන්තයකු විය. ඒ කොතෙක් ද යත් කොළඹ අවට ගබඩා කර තිබූ සියලු පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ තමන්ට විශ්වාසී නිවෙස් කරා මාරු කිරීමට විජේවීර, විශ්වාසය තැබුවේ වික්ටර් කෙරෙහි ය.

මේ පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබුණේ පොඩි අතුල සහ ලොකු අතුල යන දෙදෙනා බාරයේ ය. එම අවි ආයුධ වෙනත් තැන් වලට මාරු කිරීමට විජේවීරට අවශ්‍ය වූයේ ලොකු අතුල ව්‍යාපාරයේ බෙදීමෙහි දී  විජේවීර විවේචනය කරමින් සිටි නිසා ය. වික්ටර් එක් රැයක් තුළ ලොකු අතුලට කිසිදු පියවරක් ගැනීමට ඉඩ නොතබා සියලු පුපුරණ දුව්‍ය සහ අවි ආයුධ ඉස්සුවේ ය.

වික්ටර් සෑම විටම වාගේ තමන්ගේ මතය නිරපේක්ෂක ලෙස නිවරද යැයි කල්පනා කළේය. “මම හිතන විදිහට”  යන පද වෙනුවට ඔහු “මා කියන විදිහට” යන්න විශ්වාස කළ අයකු විය.

1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ තුළ සිරස් සබඳතා මිස හරස් සබඳතාවයන්ට ඉඩක් නොතිබුණි. වික්ටර්  සමඟ 1971ට පෙර මගේ සබඳතා සහ අත්දැකීම් දුලබ වන්නේ එනිසා ය. ඔහු සමඟ කොළඹ වෘත්තීය අංශයේ කටයුතු කළ ප්‍රධානීන් බොහෝ දෙනෙක් දැන් ජීවතුන් අතර නැත.

71 අප්‍රෙල් 02 දා වික්ටර් අත්අඩංගුවට පත් විය. දස වද දෙන ලද නමුත් ඔහු ව්‍යාපාරයේ කිසිවකු පාවා දුන්නේ නැත.

අප්‍රේල් මහ නඩුවෙහි මා පස් වැනි විත්තිකරු වන විට වික්ටර් හත් වැනි විත්තිකරු වූ අතර, හය වැනි විත්තිකරු වූයේ ලොකු අතුල ය. වීරවිල සිර කඳවුරෙහි සිට මා වැලිකඩ ජී වාට්ටුවට ගෙනවිත් දැමූයේ මහ නඩුවෙහි විත්තිකරුවකු බවට නම් කිරීමෙන් පසු ය. ඒ වන විටත් ජී වාට්ටුවෙහි දෙවන මහළේ වම් අත පැත්තේ කෙළවරේ සිර මැදිරිය ඔහුට උරුම වී තිබුණි. දෙවසරක් පුරා අප එම සිර මැදිරියෙහි විවිධ සංවාදයන්හි යෙදුණෙමු.

ඔහු කෑම කෑවේ හැන්දෙනි. අතින් කෑමට තරම් ඔහුට ඇඟිලි  නම්‍යශීලී නොවීය. එනමුත් පෝලිමේ ගොස් වක් වූ ඇඟිලි අතර රුවා ගත් බෙලෙක් පිඟානට කෑම ගැනීමට ඔහු පුරුදු වී තිබුණි.

මා 1972 මුල් මාසයක දී වැලිකඩ ජී වාට්ටුවට එන විටත් වික්ටර් රටෙහි සිටි ප්‍රගතිශීලී පුද්ගලයින් වෙත අප්‍රේල් කැරැල්ල සහ අත්අඩංගුවට ගත් තරුණ ජනයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන දුසිම් ගණන් ලිපි යැවීමට ජාලයක් සකස් කර ගෙන තිබුණි. දෑත් අහිමිවීම වාසියකට ගත් වික්ටර් සිය කාලය සම්පූර්ණයෙන්ම වාගේ ගත කළේ ලිවීමට සහ කියවීමට ය.

ලිවීම අතරතුර වික්ටර් ඇති තරම් කොල්බෘක්ස් ගැසුවේ ය. කොල්බෘක්ස් යැයි අප කීවේ හතරැස්  පත්තර කඩදාසි කැබැල්ලක් මත තබන ලද හීනියට ලියන ලද රතු සුරුට්ටු දුම්කොල රෝල් කර සාදා ගන්නා ලද බීඩි හා සමාන සිගරට් වලට ය. සිගරට් වලට වඩා එය ලාභදායක විය.  ඔහුට එලෙස කෝල්බෘක්ස් ඔතා දුන්නේ මහ නඩුවේ තවත් විත්තිකරුවකු වූ විජේපාලය. ඔහු ගෙඩි බෝම්බ නමින් අප නිෂ්පාදනය කළ චීනට්චට්ටි බෝම්බ කවර කර්මාන්ත ශාලාවේ පූර්ණකාලීනයකු විය. ඔහුගේ ප්‍රධානියා වූයේ වික්ටර් ය.

පසුකලෙක දුම්බීම ඔහුගේ මාරයකු බවට පත් වූයේ ජනමාධ්‍යවේදයේ අනිටු විපාකයක් වක මධ්‍යසාර ද සමඟිනි.

1971 කැරැල්ල සම්බන්ධයෙන් මා ඇතුළු ව්‍යාපාරයේ ප්‍රධානීන් විදුදය සිරකඳවුරෙහි දී එළඹි ස්වයං විවේචනාත්මක අදහස්වලට සමාන්තර අදහස් කරා වික්ටර් ද පැමිණ තිබුණි. අප අතර සමීප සබඳතාවක් ඒ මගින් ගොඩ නැගුණි.

විජේවීර, අප සමඟ එකඟ වූයේ නැත. කෙලී සේනානයක, ලයනල් බෝපගේ සහ ජයදේව උයන්ගොඩ විජේවීරගේ අනුගාමිකයින් ලෙස දිගටම රැදී සිටියහ. ඔව්හු නීතිමය රැකවරණය පිණිස සත්‍ය වසං කළ යුතු බවට තීරණය කළහ. අවසානයේ දී එය නීතිමය රැකවරණයක් නොවී 71 කැරැල්ල පිළිබඳ ව්‍යාජ දේශපාලන ස්ථාවරයක් බවට පත් විය.

ලොකු අතුල ප්‍රමුඛ කණ්ඩායමක් පුද්ගල නිදහස පිණිස රජයේ සාක්ෂිකරුවන් බවට පත් වූහ. එමගින් ඔවුහු අනෙක් විත්තිකරුවන් සිරගත කිරීම පිණිස රාජ්‍ය අතකොළු බවට පත් විය. එලෙස රජයේ සාක්ෂිකරුවන් වූ හතර දෙනා දැන් මිය ගොසිනි.

වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල.71 අප්‍රේල් කැරැල්ල මහ නඩුවේ විතිතිකරුවන් 41 අතුරින් 7 වැනි විත්තිකරුය..

වික්ටර් සහ මම අප්‍රේල් අරගලය දෙස ස්වයං විවේචනාත්මකව බැලිය යුතු බවත්, නීතිමය රැකවරණය ලබා ගැනීම පිණිස අරගලය පිළිබඳ සත්‍ය වසං නොකළ යුතු බවත් නිගමනය කළෙමු. මහ නඩුවෙහි දී අප කටයුතු කළේ එකම ස්ථාවරයක් ඇතිවය.

මහ නඩුවෙහි සැකකරුවන් වූ පියසිරි කුලරත්න සහ ආන්නද පෙරේරා ද එම ස්ථාවරයම ගත්හ.

වික්ටර් 71 අරගලය දෙස ස්වයං විවේචනාත්මක ලෙස බැලිය යුතු බවට ප්‍රබල මතයක් මහ නටුව තුළ දැරැවේය. 1971 මහ නඩුව විභාග කළ අපරාධ විනිශ්චය කොමිෂන් සභාවේ තීන්දුවෙහි වික්ටර් හදුන්වා දෙන ලද්දේ  “විත්තිකරුවන් අතර වර්ණවක්ම චරිතය” ලෙසය. ඔහු නඩු විභාගය තුළ එතරම්  කැපී පෙනුණි. වික්ටර්ට පස් වසරක සිර දඬුවමක් නියම වූ අතර ඔහු ඉක්මනින්ම නිදහස් විය.

වික්ටර් 71 අරගලය මෙරට පවත්නා කුල පීඩනයේ ප්‍රකාශනයක් ලෙස නිගමනයක් ඉදිරිපත් කළේය. එය ආශික සාධකයක් පමණක් විය. ඉක්මන් නිගමන උද්වේගයෙන් ඉදිරිපත් කිරීම මා දුටු මුල් දවසේ සිටම වික්ටර්ගේ ලක්ෂනයක් විය.

වික්ටර් සර්වෝදය සමඟ එක්ව “රාවය” සඟරාව ආරම්භ කරන බව කීමට මා එකල සේවය කළ මර්ජ් ආයතනයට පැමිණයේය. “හැම අදහසකට ම ඉඩ තියෙනවා. ලියන්න” ඔහු කීවේය.

වික්ටර් රාවය කර්තෘ ධුරයෙන් ඉවත්ම යන තුරු 2001 සිට මම සතිපතා රාවයට ලිවීමි. වික්ටර්ගේ මතවාද විවේචනය කරමින් ද ලිවීමි. අප දේශපාලන වශයෙන් වෙනත් මාවත් ගනිමින් තිබිය දී පවා, එදා වික්ටර් කී ඒ වචන කිසිවිට වෙනස් නොවීය.

රාවය සඟරාව ආරම්භ කිරීමට පෙරම “අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?” මැයෙන් මහනුවර මුද්‍රණය වූ “විමසුම” සඟරාවෙහි අප දෙදෙනා අතර විවාදයක් ඇතිව තිබුණි. ඒ වික්ටර් ජාතික චින්තන මතවාදී ධාරාව කෙරෙහි ඇදී යමින් තිබූ කාලයයි. අප එකග නොවීමට එකඟ වූ බොහෝ අදහස් තිබුණි.

සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසනයට තරඟ කර පරාජය වීමෙන් පසු වික්ටර් කලක් ගුණදාස අමරසේකරවාදියෙක් බවට පත් විය. ඔහු හමුවීමට ගිය අවස්ථාවක දී, ගාල්ල ආසනය ජය ගැනීමට හැකියාවක් ඇතයි ඔහු මා සමඟ කීවේ, පැරණි උද්යෝගකර තරුණයා සිහිපත් කරමිනි.

වික්ටර් “රාවය” සඟරාව දියත් කළ අතරවාරයේ මම වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ “ විවරණ” සඟරාවේ ප්‍රධාන ලේඛකයකු වීමි. කුරුඹාපිටිය ද 71 ලාබාල කැරලිකරුවකු විය. ඔහු අකල්හි මිය ගියේය. පසුව වික්ටර් “රාවය” මෙරට අංක එකේ විවේචනාත්මක පුවත්පත් බවට වර්ධනය කළේ ය. මම,  ජනවාර්ගික සමානාත්මතාවය සහ මානව හිමිකම් වාර්තාකරණය ප්‍රමුඛ කර ගත් “යුක්තිය” පුවත්පත දියත් කළෙමි.

අප එලෙස උරුම කර ගත්තේ එහි දීප්තිමත් යුගයේ  “ඇත්ත” පුවත් පත ගෙන ගිය සම්ප්‍රදායයි. මෙරට විකල්ප පුවත්පත් කලාවේ පුරෝගාමීන් වූයේ අප නොව “ඇත්ත” පත්තරයෙහි කතුවරුන් වූ බි.ඒ. සිරිවර්ධන, එස්.ජී.එස්. රත්නවීර සහ සුරත් අම්බලන්ගොඩගේය.

වික්ටර් සහ මම කිසිවිටෙක තරඟකරුවන් නොවීමු. දීර්ඝ කාලයක් පුරා එකම අරමුණක සටන් සගයන් වීමු. එකිනෙකාට ඇහුම්කම් දීමට  විභවයක් තිබු අපි සමාන්තර ගමන් මාර්ග දෙකක  ගමන් කළෙමු.

2001 හෝ 2002 වසරෙහි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂක ධුරය බාර ගන්නා ලෙස මට ඇරයුමක් ලැබුණි. මම වික්ටර්ගෙන් ද ඒ ගැන ඇසීමි. “බාර ගන්න. වෙනසක් කරන්න” යැයි ඔහුගේ වචන විය.

ඉන්පසු පුවත්පත් ආයතනයට ආධාර දුන් රටවල තානාපති අංශ සමඟ ද පැවති සාකච්ජාවකින් පසු මගේ සාධනීය තීරණය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැන්වීමි. ඔවුහු එක් කොන්දේසියක් ඉදිරිපත් කළහ. එනම් මා “රාවය”ට ලියමින් සිටි තීරු ලිපිය නතර කළ යුතු බවයි.

මම වික්ටර්ට කතා කොට ඒ බව කීවෙමි. “ ලිවීමේ අයිතියට සීමා කරනවා නම් නිදහස් මාධ්‍ය ප්‍රධානියෙක් වන ඔයා තනතුර නොගන්න එක තමයි හොඳ”. යැයි වික්ටර් ගත්කටටම කීය. එම තනතුරේ වැටුප මා ලබමින් සිටි වැටුප මෙන් තුන් ගුණයක් විය. වගකීම ද විසල් විය. මම පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සිංහ රත්නතුංගට කතා කර මා තනතුර බාර නොගන්නා බව දැන්වීමි.

ඒ ගස් ගල් කැඩීමට තරම්  දිරියක් තිබූ අපේ  හොඳම කාලයයි. අප ලෝකය වෙනස් කරන්නට දෙවන හෝ තෙවන ජීවිත ගෙවමින් සිටි අපූරු ආශ්වාදජනක කාලයයි.

පසු කලෙක වික්ටර් රජුන් තැනීමේ භූමිකාව කරා ඇදී ගිය අතර මම මානව හිමිකම්, මාධ්‍ය නිදහස සහ යුද විරෝධී මාධ්‍ය භූමිකාව තෝරා ගත්තෙමි.

වික්ටර් මාධ්‍යවේදියකු සහ කතුවරයෙකු ලෙස “රාවය” මගින් පෑ පෙළහර සුවිශේෂිය.  ඔහු යුගයක සංකේතයකි.

වික්ටර්ගේ පසුකාලීන දේශපාලනය ගැන අප එකඟ වීමට ද නොවීමට ද පුළුවන. ඔහුගේ සියලු මතවාද  පිළි ගැනීමට ද අවශ්‍ය නැත.  අපි හැම පෘතක්ජනයින් වෙමු.

ඒ කෙසේ වෙතත්, මාධ්‍යවේදියකු, කතුවරයකු, මාධ්‍ය නිදහසේ සහ අධිකරණ ස්වාධීනත්වයේ සටන්කරුවකු ලෙස  ඉතිහාසයෙහි ඔහුගේ ලාංචනය නොමැකෙන සේ සනිටුහන් වී තිබීම අවිවාදාත්මකය.

එවැනි මිනිසුන් දුලබය. එවැනි හිස් තැන් පිරවිය නොහැක.

ඒ වෙනුවට වෙනත් අරගල නායක නායිකාවන් බිහි වනු ඇත. ඉතිහාසයේ කතාව එය යි. මන්ද යත් නිදහස සහ  වෙනස සඳහා වන අධිෂ්ඨානය සහ උද්යෝගය මිනිස් ආත්මයේ ජීවය නිසා ය. මරණය නොබා  ගැහුණු සහ පිරිමි ඒ සඳහා වෙර දරන්නේ එනිසාය.

මරණය අධිෂ්ඨානයක් කර ගත හැකි දුකකි. මා දැන සිටි වික්ටර්ගේ ආත්මය මෙසේ කියනු ඇති: “මරණයේ කඳුළු මට දී ඔබ ජීවිතය ගන්න.”

The post වික්ටර් අයිවන් : මගේ මතක.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a/feed/ 0
උතුරු නැගෙනහිර ජාජබ ජය, හෙඩ්ලයින් වලින් ඹබ්බට කියවීමක්.. https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%a2%e0%b7%8f%e0%b6%a2%e0%b6%b6-%e0%b6%a2%e0%b6%ba-%e0%b7%84%e0%b7%99/ https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%a2%e0%b7%8f%e0%b6%a2%e0%b6%b6-%e0%b6%a2%e0%b6%ba-%e0%b7%84%e0%b7%99/#respond Fri, 13 Dec 2024 08:35:21 +0000 https://vivaranalk.com/?p=12408 මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය හැර දෙමළ සහ මුස්ලිම් බහුතරය ඇති උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක ජය ගැනීමට ජාජබ සමත් බව අපි දනිමු. දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ජාතික පක්ෂයකට හැකි වූ පළමු අවස්ථාව මෙයයි. උඩරට දෙමළ බහුතරයක් වෙසෙන නුවරඑළිය දිස්ත්‍රික්කය ද ජාජබ ජය ගත්තේය. මෙම ප්‍රතිඵලය දෙමළ ජාතිකවාදී […]

The post උතුරු නැගෙනහිර ජාජබ ජය, හෙඩ්ලයින් වලින් ඹබ්බට කියවීමක්.. appeared first on විවරණ.

]]>
මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය හැර දෙමළ සහ මුස්ලිම් බහුතරය ඇති උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක ජය ගැනීමට ජාජබ සමත් බව අපි දනිමු. දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ජාතික පක්ෂයකට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.

උඩරට දෙමළ බහුතරයක් වෙසෙන නුවරඑළිය දිස්ත්‍රික්කය ද ජාජබ ජය ගත්තේය.

මෙම ප්‍රතිඵලය දෙමළ ජාතිකවාදී දේශපාලනයේ අවසානයෙහි ආරම්භය සනිටුහන් කරන්නේ යැයි අයෙකු විග්‍රහ කර තිබේ.

මහා මැතිවරණ රැයෙහි යාපනයේ ජාජබ ජය දුටු මුහුණු පොත් වාසීහු සිය සතුටු ඇස් කඳුළෙන් තෙමෙන බවට ලියූහ.

මහින්ද රාජපක්ෂ විසින් මෙරට මානව හිමිකම් කොමිසමට පත් කරන ලද ආචාර්ය ප්‍රතිභා මහානාම  ජාතික ජන බලවේග ආණ්ඩුව උතුරු නැගෙනහිර ජයග්‍රහණය කළ හෙයින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් යුද කාලීන වගවීම ගැන ප්‍රශ්න මතු කළ නොහැකි යැයි අවධාරණය කර තිබුණි.

එම අදහස් දැක්වීම ඇතුළත් ලිපිය ජනතා විමුක්ති පෙරමුණෙහි වෙබ් අඩවිය වන ලංකා ට්රුත් හි ද පල කර තිබුණේ එම අදහස අනුමත කිරීමට මෙන්ය.

ජයදේව උයන්ගොඩ වැනි ප්‍රමුඛ දේශපාලන විචාරකයකු පවා කියන්නේ උතුරු නැගෙනහිර ජනයා ජාතික ජන බලවේගයට සහය දී ඇති බවයි.

නමුත් මැතිවරණ දත්ත පෙන්වන්නේ  වෙනත් චිත්‍රයකි.

එනමුත් මෙම නැඹුරුව තවදුරටත් විග්‍රහ කර ගැනීම අවශ්‍ය වන්නේ, දෙමළ සමාජයේ අපේක්ෂා පිළිබඳ වැරදි අවබෝධයක් ඇති නොවනු පිණිසය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මාලිමාවේ කටු මෙරට දෙමළ ජනයා සම්බන්ධයෙන් නිවැරදි දිශාවට යොමු වන බව සහතික කිරීමට ද එවැනි විග්‍රහයක් අත්‍යවශ්‍යය.

දෙමළ ජනතාව සිංහල පක්ෂවලට විශාල වශයෙන් ඡන්දය දුන් පළමු අවස්ථාව මෙය නොවේ. 1982 දී ශ්‍රීලනිපයට සහය දැක්වීම, එල්ටීටීඊයට බලයක් තිබූ කාලයක 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගට සහය දැක්වීම එවැනි අවස්ථාවන්ය.  2010 දී ඔවුහු, මාස හතකට පෙර එල්.ටී.ටී.ඊ   විනාශ කිරීමේ ඉහළ ගෞරවය ලබාගත් යුද ජයග්‍රාහී හමුදාපති සරත් ෆොන්සේකාට සහයෝගය දැක්වූහ. ඔවුන් 2015 දී මෛත්‍රීපාල සිරිසේන  සහ 2019 දී සජිත් ප්‍රේමදාසට සහ 2024 ජනාධිපතිවරණයේදී ද  සහාය පළ කළහ.

මහ මැතිවරණයට පෙර යුරෝපා සංගමයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් කරන ලද සමීක්ෂණයක්  මගින්  පෙන්වා දී තිබුණේ, දෙමළ දේශපාලන පක්ෂ අතර ඇති වී තිබෙන බෙදීම් විසින් එම පක්ෂයන්හි මැතිවරණ පදනම දුර්වල කර ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද එම නිගමනය බොහෝ දුරට තහවුරු කර තිබේ.

උතුරු පළාත දෙස බලමු.

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද 325,312 න් ජාතික ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 80,830 (24.85%) පමණි.

අනෙක් අතට, දෙමළ ජාතිකවාදී පක්ෂ එනම් අයිටීඒකේ (ටීඑන්ඒ), දෙමළ කොන්ග්‍රසය, දෙමළ පක්ෂ එකතුවක් වූ ඩීටීඑන්ඒ සහ ටීඑම්කේ (විග්නේශවරන් නායකත්වය දුන් පක්ෂය) ඡන්ද 127,121 ක් ලබා ගත්තේය. දෙමළ ජාතිකවාදී ස්වාධීන අපේක්ෂකයෝ ඡන්ද 56,893 ක් ලබා ගත්හ. ඊට අමතරව ස්වාධීන අපෙක්ෂකයින් 21 දෙනෙකු ඡන්ද 41,993 ලබා ගත්හ. මෙම අපේක්ෂකයින් අතර කැපී පෙනෙන සිවිල් නායකයින් ද විය. මෙයින් පැහැදිළිව පෙන්නුම් කැරෙන්නේ කරන්නේ දෙමළ ජාතිකවාදී පක්ෂ ජාතික ජන බලවේගයට වඩා  ඡන්ද ලක්ෂයකටත්  වැඩියෙන් ලබා ගත් බවයි.

ජනාධිපතිවරණයට පෙරම මතභේද නිසා දෙමළ සන්ධානය විසුරුවා හැරුණි. හිටපු මහ ඇමැතිවරයා වූ විග්නේශ්වරන් දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. 

දකුණ පදනම් කරගත් දේශපාලන පක්ෂ සහ ඊපීඩීපී වැනි එම පක්ෂයන්හි ආධාරක පක්ෂ මෙම මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද 2020ට වඩා 78,712කින් අඩු විය.

තවද මහ මැතිවරණයට සති 7කට පෙර පැවති ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 27,086 (7.29%) පමණි. සති 7 ක් ඇතුළත එහි ජන්ද ප්‍රමාණය 53,000 කින් වැඩි විය. එය දෘෂ්ටිවාදී හේතූන් නිසා එනම් දෙමළ ජාතික වාදය අත්හැරීම නිසා සිදු වී යැයි විශ්වාස කළ නොහැක.

දකුණූ පළාත්වල දී ද එයම සිදු විය. ජාජබ ඡන්ද ප්‍රතිශතය බොහෝ ඉහළ ගියේය. එම වැඩිපුර ඡන්ද පැමිණියේ ගෑස් සිලින්ඩරයෙන් සහ දුරකතනයෙනි. උතුරෙහි සිදු වන්නට ඇත්තේ ද එයමය. හරියටම දකුණු පලාත්වල දී ජාතික ජන බලවේගය, කලින් රාජපක්ෂ නායකත්වයෙන් යුතු පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම එහෙම පිටින්ම වාගේ ලබා ගත් පරිදිය. 

2020 දී ජාතික ජන බලවේගයට යාපනයෙන් ලැබුණේ ඡන්ද 853 ක් පමණි. එජාප , ශ්‍රීලනිප, ඊපීඩීපී  සහ ස්වාධීනව ඉදිරිපත් වූ ඊපීඩීපීයෙන් කැඩී ගිය කණ්ඩායමක් 2020 මහා මැතිවරණයේ  දී යාපනයේ ඡන්ද 139,180 ක් ලබා ගත්හ. නමුත් වසර හතරකට එනම් 2024 මහා මැතිවරණයේ දී එම පක්ෂවලට ලැබුණේ ඡන්ද 60,468 ක් පමණි. සමස්තයක් ලෙස ඔවුන්ට අහිමි වූ ඡන්ද සංඛ්‍යාව 77,076 කි. .  ජාජබයට 2024 මහා මැතිවරණයෙහි දී  යාපන දිස්ත්‍රික්කයෙහි වැඩි වූ ඡන්ද බහුතරය පැමිණෙන්නට ඇත්තේ එම පිරිස්වලින් යැයි සැලකිය හැකිය.

දෙමළ ජාතිකවාදී දෙමළ දේශපාලන පක්ෂ කෙරෙහි කළකිරුණු විශේෂයෙන්ම තරුණ පිරිස් ද  ජාජබ කෙරෙහි ඇදී එන්නට ද ඇත.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද 195,886කින් ජාතික ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 39,894ක් (20.37%) පමණකි. නමුත් එය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. අනෙක් අතට දෙමළ ජාතිකවාදී අයිටීඑකේ ඡන්ද 29,711 (15.17%) ද ඩීටීඑන්ඒ ඡන්ද 21,102 (10.77%) ලබා ගත්තේය. ඉන් පෙන්වන්නේ ඔවුන් එක්ව ජාතික ජන බලවේගයට වඩා ඡන්ද 10,000 කට වඩා ලබා ගත් බවයි. විශාල මුස්ලිම් සහයෝගයක් තිබූ SJB ඡන්ද 32,232 (16.45%) ලබා ගත්තේය. එනයින් පෙනෙන්නේ ද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙහි  ජාතික ජන බලවේගයට වඩා වැඩි ඡන්ද  ප්‍රමාණයක් දෙමළ සහ මුස්ලිම් ජනයා නියෝජනය කළ අනෙක් පක්ෂ ලබා ගත් බවයි.

නැගෙනහිර පළාත දෙස බලමු.

මහ මැතිවරණයේ දී ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික්කයේ  වලංගු ඡන්ද 204,888 අතුරින් ජාතික ජන බලවේගය ඡන්ද 87,031ක් (42.48%) ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. සති හතකට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී ජාජබ එහිදී ලබාගත්තේ ඡන්ද 49,886ක් (20.83%) පමණි. සති හතක් තුල ජාජබ ජන්ද ප්‍රමාණය 40,000කින් තරම් ඉහළ ගියේ  යාපනයේ දී මෙන්ම මතවාදී වෙනසක් නිසා විය නොහැකිය. මහ මැතිවරණයේ දී සජබ  ලබා ගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේ ලබා ගත් ප්‍රමාණයට වඩා  33,000 ට අඩු විය.  අනෙක් දකුණේ පක්ෂ ලද ඡන්ද මහ මැතිවරණයේ දී ජාජබයට ලැබූණු බවට සැකයක් නැත.

තවද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයෙන් පත්වූයේ සිංහල අපේක්ෂකයින් දෙදෙනෙකි.  සජබ වෙතින් මුස්ලිම් අපේක්ෂකයකු සහ අයිටීඒකේ වෙතින් දෙමළ අපේක්ෂකයකු තේරී පත් විය. ත්‍රිකුණාමලයේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම ප්‍රධාන වශයෙන් සිංහල බව මෙයින් ද පෙනේ.

මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද 287,053 න් ජාතික ජන බලවේගය ඡන්ද 55,498 (19.33%) ලබා දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විය. එහි ජාජබ ජයග්‍රහණය නොකලේ අයිටීකේඒ හි ජනප්‍රිය දේශපාලනඥයකු වන ෂානක්කියම් රාසපුත්‍රම් ලබා ගත් ඡන්ද 65,000 නිසාය. ඔහුට නොබෙදුන දෙමළ ඡන්ද ලැබුණි.

දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ මුළු වලංගු ඡන්ද 362,924 න් 146,313 (40.32%) ක් ජාතික ජන බලවේගය ලබා ගත්තේය. මෙහි දී ද සිංහල ජනතාව බහුලව සිටින අම්පාර ඡන්ද කොට්ඨාසයේ ජාජබ 63%ක් ඡන්ද ලබා ගත්තේය. සිංහලයන් සුළුතරයක් වෙසෙන පොතුවිල් ඡන්ද කොට්ඨාශ‍යෙහි ජාජබය පැරදුණි. දිගාමඩුල්ල දිස්ත්‍රික් ප්‍රතිඵලයෙන් පෙන්වන කරුණක් නම් මුස්ලිම් ඡන්ද සැලකිය යුතු ලෙස ජාජබය දෙසට මාරු වූ බවයි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හතර දෙනාම සිංහල ජාතිකයින් වේ.  එය ද එහි ජන පදනම පෙන්වීමකි.

මේ අතර බදුර්දීන් නායකත්වය දරණ ACMC, රවුෆ් හකීම් නායකත්වය දරන SLMC සහ අයිටීකේඒ වෙතින් මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු සහ සහ දෙමළ ජාතිකයකු දිගාමඩුල්ල සඳහා තේරී පත් විය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙහි ජාජබ ඡන්ද පදනම බහුතර සිංහල එකක් බව. ඉන් සිංහල ජාතිකයින් හතර දෙනෙකුම තේරී පත්වීමෙන් පෙනේ.

නුවරඑළිය දෙස බලමු.

නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයේ  වලංගු ඡන්ද 387,656කින් ජාතික ජන බලවේගය 161,167ක් (41.57%) ලබාගෙන පාර්ලිමේන්තු ආසන 5ක් ලබා ගත්තේය. ඒ අතරින් වැඩිම ඡන්ද ලබා ගත්තේ සිංහල අපේක්ෂකයන් හතර දෙනෙකි. මෙයින් පෙනෙන්නේ දිස්ත්‍රික්කයේ  ද ජාජබ අතිමහත් ඡන්ද පදනම සිංහල බවයි. දිස්ත්‍රික් ජනගහනයෙන් දළ වශයෙන් 51%ක් දෙමළ ජාතිකයන් වන අතර 9%ක් මුස්ලිම් ජාතිකයෝ වෙති.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙහි සජබ 101,589 (26.21%) ලබා ගත් අතර ඉන්  තේරී පත් වූ අපේක්ෂකයින් දෙදෙනාම උඩරට දෙමළ ජාතිකයන්ය. එක්සත් ජාතික පක්ෂය 64,672ක් (16.68%) ලබා ගත් ඉන්  උඩරට දෙමළ අපේක්ෂකයකු වූ කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන් තේරී පත් විය. සජබ සහ එජාප යන දෙකම නුවරඑළිය දිසාවට සිංහල අපේක්ෂකයින් ඉදිරිපත් කළ නමුත් ඔවුන් පරාජය විය.

මෙම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ 2024 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සුළු ජාතික ඡන්දවල සුසමාදර්ශී වෙනසක් සිදු වී නැති බවයි. දෙමළ ජනයා අතර තමන්ගේ ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල කැමැත්තක් ඇති බව ඉහත පෙන්වන ලද සංඛ්‍යාලේඛන තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙම අවබෝධය ලබා ගැනීම වැදගත්ය. මහා මැතිවරණයේ දී ලංකාවම එක පාටක් ගත්තේ යැයි කියමින් ස්වයං වින්දනයක යෙසෙනවාට වඩා මහා මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ යථාර්ථයට මුහුණ දීම ජාතික ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක මුහුණ දෙන අභියෝගයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක අයිටීකේඒ ( කලින් දෙමළ සන්ධානය) පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ලංකාවම එක පාටක් ගත්තේ යැයි කියමින් මුලාවනවාට වඩා මන්ත්‍රී කණ්ඩායම සමඟ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට යුහුසුලු වීමෙන් පෙන් වන්නේ පළපුරුදු දේශපාලනඥයකු වන ඔහු මෙම යථාර්ථය තේරුම් ගෙන තිබීම විය හැකිය.

The post උතුරු නැගෙනහිර ජාජබ ජය, හෙඩ්ලයින් වලින් ඹබ්බට කියවීමක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%a2%e0%b7%8f%e0%b6%a2%e0%b6%b6-%e0%b6%a2%e0%b6%ba-%e0%b7%84%e0%b7%99/feed/ 0
සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට..! https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad/#respond Fri, 22 Nov 2024 07:21:58 +0000 https://vivaranalk.com/?p=12345 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දින සිට හතරවන සතිය දක්වා විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් තුළ දේශපාලන පක්ෂ සඳහා වෙන්වූ කාලය සහ ඉඩ පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින් නිරීක්ෂණයක් සිදු කර තිබේ. එම සමීක්ෂණය විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් හා ඒවායේ බලපෑම පිළිබඳ විමසා බලා ඇත. මේ අනුව ඉතාම පැහැදිළිව මහා […]

The post සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට..! appeared first on විවරණ.

]]>
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දින සිට හතරවන සතිය දක්වා විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් තුළ දේශපාලන පක්ෂ සඳහා වෙන්වූ කාලය සහ ඉඩ පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින් නිරීක්ෂණයක් සිදු කර තිබේ.

එම සමීක්ෂණය විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් හා ඒවායේ බලපෑම පිළිබඳ විමසා බලා ඇත.

මේ අනුව ඉතාම පැහැදිළිව මහා මැතිවරණය සඳහා තරඟ වැදුණූ පක්ෂ සඳහා ජනමාධ්‍ය සමබිමක් නිර්මාණය නොකළ බවත්, ජනාධිපතිවරණයෙන් ඒ වන  විටත් ජය ලබා තිබූ ජාතික ජන බලවේගයට අති විශාල ඉඩක් වෙන් කර දී ඇති බවත්  පෙනේ.

ඊට ප්‍රතිවිරුද්ධව  ජනාධිපතිවරණයෙහි දී ජනමාධ්‍ය ආවරණය වඩාම ලැබී ඇත්තේ එවකට ජනපති වූ රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක වූ සජිත් ප්‍රේමදාසටය.

එහෙත් මහා මැතිවරණ වාර්තාකරණයේ මෙම වාසිදායක ආවරණය ජාතික ජන බලවේගයේ රජය අනිසි ලෙස බලය යොදා ලබා ගත් එකක් ලෙස දැක්විය නොහැක. මෙම වාර්තාකරණ පෙන්වන්නේ ජාජබයේ අගතිගාමීත්වයක් නොව ජනමාධ්‍ය අගතිගාමීත්වයයි.

එසේ නමුත් රාජ්‍ය මාධ්‍ය ජනපති අනුර කුමාර යටතේ ජාතික ජන බලවේගයට වාසිදායක අයුරින් ක්‍රියා කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර ඇති මැතිවරණ ජනමාධ්‍ය ආචාර ධර්ම අතර මෙසේ ද දැක්වේ.

කිසිම ජනමාධ්‍ය ආයතනයක් හෝ යූ ටියුබ්කරුවකු මෙම මාර්ගෝපදේශ පිළිපදින්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ජනමාධ්‍යට නීති පැනවිම දුෂ්කරය.

ජනප්‍රිය  යූ ටියුබ්කරුවන් අතර කිහිප දෙනෙක් තනිකරම වාගේ ජාජබ වෙනුවෙන් පෙනී සිටියේ, සමහර විට වැඩිපුර පාඨක සමූහයක් දිනා ගැනීම මගින් සිය අදායම ඉහළ නංවා ගැනීමට විය හැකිය.

රූපවාහිනී සහ පුවත් පත් සම්බන්ධයෙන් සළකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ වෙන වෙනම ඒ ඒ නාලිකා සහ පුවත්පත් ලබා දුන් ආවරණයයි. උදාහරණයක් ලෙස හිරු නාලිකාව සජබට වැඩි ඉඩක්  දුන් අතර සියත සහ සිරස නාලිකා  ජාජබට වැඩි ඉඩක් දුන්නේය.

තවද හුදෙක් ප්‍රමාණාත්මක නිරීක්ෂනයන් නියම චිත්‍රය ලබා නොදෙයි. මන්ද යත් ඒ ඒ නාලිකා කොපමණ ප්‍රේක්ෂකයින් කරා යන්නේ ද යන්නත්, වාර්තාකරණය නිෂේධනාත්මක ද සාධනීයද යන්නත් සළකා බැලිය යුතු නිසාය. පුවත් පත් සම්බන්ධයෙන්ද එම සාධක සළකා බැලිය යුතුය.

තවත් විශේෂ නිරීක්ෂනයක් විය යුත්තේ රාජ්‍ය පාලිත ජනමධ්‍ය මැතිවරණ සමයෙහි හැසිරුණූ ආකරයයි.

The post සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad/feed/ 0
2024 පෙරළිය මෙතැනින් කොතැනටද? https://vivaranalk.com/2024-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%a7%e0%b6%af/ https://vivaranalk.com/2024-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%a7%e0%b6%af/#respond Fri, 22 Nov 2024 03:45:22 +0000 https://vivaranalk.com/?p=12334 මෙරට දේශපාලන ශබ්ද කෝෂයේ 56 පෙරළිය යනුවෙන් හැඳින්වෙන සිදුවීම් දාමයක් තිබේ. ඒ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වීමයි. එහි විරුද්ධවාදීන් එය දුටුවේ සරම් බැනියම්කාරයින් පාර්ලිමේන්තු ඒමක් ලෙසය. එසේ නමුත් මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් එය දුටුවේ ‘බමුණූ කුලය බිඳ වැටීම’ ලෙසය. සිංහල උගතුන් ලෙස පසු කලෙක බිහිවූ සමාජ තීරුව හඳුන්වන ලද්දේ 56 දරුවන් […]

The post 2024 පෙරළිය මෙතැනින් කොතැනටද? appeared first on විවරණ.

]]>
මෙරට දේශපාලන ශබ්ද කෝෂයේ 56 පෙරළිය යනුවෙන් හැඳින්වෙන සිදුවීම් දාමයක් තිබේ. ඒ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වීමයි. එහි විරුද්ධවාදීන් එය දුටුවේ සරම් බැනියම්කාරයින් පාර්ලිමේන්තු ඒමක් ලෙසය. එසේ නමුත් මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් එය දුටුවේ ‘බමුණූ කුලය බිඳ වැටීම’ ලෙසය. සිංහල උගතුන් ලෙස පසු කලෙක බිහිවූ සමාජ තීරුව හඳුන්වන ලද්දේ 56 දරුවන් ලෙසය. 56 මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.

පසුගිය සැප්තැම්බර් 21 දා ද  මෙරට දේශපාලනයේ එවැනි මහා පෙරළියක් සිදු විය. එය සංකේතවත් වූයේ 1948 දී බ්‍රිතාන්‍ය රජය මෙරටට ‘නිදහස’ ලබා දීමෙන් පසු එදා මෙදා තුර මෙරට පාලනය කළ ප්‍රභූ දේශපාලන පංතිය අතින් බලය මෙරට ධනවත් නොවන පීඩිත සමාජ කණ්ඩායම් නියෝජනනය කරන දේශපාලන ව්‍යාපාරයක් වෙත මාරුවීමෙනි. එහි සංකේතාත්මක ප්‍රතිරූපය අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත්වීමයි. එය සතුටු විය යුතු ඉතිහාසීය වශයෙන් ප්‍රගතිගාමී වර්ධනයකි.

1956 දී මෙන්ම අද ද පාර්ලිමේන්තුවට දැන් නිකමුන් පත් වී එනු ඇතයි ප්‍රභූ පංතීන් අදෝනා නැඟීමට පටන් ගෙන තිබේ. මේ බල වෙනස ප්‍රභූ බලවේගයන්ට අදහා ගත නොහැකි පෙරළියකි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමට දායක වූ ප්‍රධානතම දේශපාලන සංසිද්ධිය ද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. එනම් දශලක්ෂ්‍යයක් ඉක්මවූ ජනයා ස්වේඡාවෙන් සහ දේශපාලන පක්ෂයක නායකත්වයකින් තොරව වීදි අරක්ගත් ‘ජන අරගලය’යි. එවැනි දේශපාලන සංසිද්ධියක් ඊට පෙර මෙරට ඇති වී නැත.

24 වෙනස ද යම් අන්දමකින් 56 පෙරළිය හා සමානය. ජනතා විමුක්ති පෙරමුණ ‘ජන අරගලය’ට මුලදී විරුද්ධ වු නමුත් පසුව එහි ප්‍රධාන පෙළේ  ක්‍රියාකාරී කණ්ඩායමක් බවට පත් විය. ‘ජන අරගලය’ විසින් ජනිත කරවන ලද සමාජ ගතිකත්වය වුයේ ක්‍රම වෙනසක අවශ්‍යතාවයයි.  කුඩා කණ්ඩායමක් විසින් දියත් කරන ලද ‘ගෝටා ගෝ හෝම්’ ආරම්භක  සටන් පාඨය පසුව ක්‍රම වෙනසක් සඳහා වූ පුළුල් ජනතා අවශ්‍යතාවය නියෝජනය කළ දැවැන්ත අභිලාශයක් බවට පත්විය.

24 පෙරළියේ දේශපාලන නියෝජිතයා වන්නේ ජාතික ජන බලවේගයයි. එහි නායකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටින්නේ මහා මැතිවරණ දිනය වන නොවැම්බර් 14 වැනි දිනය පාර්ලිමේන්තුව සුද්ධ කිරීමේ මහා ශ්‍රමදානයක් බවට පත් කරන ලෙසයි. එම සටන් පාඨයද ජනගත කරන ලද්දේ 225ම එපා යැයි කී ගෝල්ෆේස් අරගලකරුවන් සහ අරගලකාරියන් විසිනි.

‘ගැහුවෙ එක කතිරයයි, 50ක්ම විශ්‍රාම ගියා” යැයි තවත් ජනප්‍රිය සටන් පාඨයක් අද තිබේ. එය ඇත්තය. මෙරට දේශපාලනයේ සෙලවිය නොහැකි බලකණු යැයි සැලකුණු බොහෝ දෙනෙක් දැන් කතිර බලයට බිය වී දේශපාලනයෙන් සමුගෙන සිටිති. කලකට පෙර මෙරට දේශපාලනයේ ප්‍රබල සංකේත දෙක වූ ‘අත’ සහ ‘අලියා’ පමණත් නොව පසුව ඒ තැනට පැමිණි ‘පුටුව’ සහ ‘බුලත් කොළය’ ද අද ආගිය තැනක් නැත.

ක්‍රම වෙනසක් යනු හිස්ගෙඩි මාරු කිරීමක් නම් අපට මේ සිදුවන විශ්‍රාම යෑම් දෙස බලා හුරේ දැමිය හැකිය. නමුත් ‘ජන අරගලය’ ඉල්ලා සිටි ක්‍රම වෙනස හුදෙක් ඔලුගෙඩි මාරු කිරීමක් නොවේ.

දැනට පෙනෙන ලකුණු අනුව ජාතික ජන බලවේගයට මහා මැතිවරණයෙන් බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇත.  සැබෑ වෙනසක් ඇති කිරීමේ දේශපාලනය පටන් ගැනීමට ඉන්පසු ජාජබයට අවස්ථාව සහ අභියෝගය උදා වෙයි.  ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ දූෂිතයින්ගෙන් තොර විනයානුකූල පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරිමෙන් ක්‍රම වෙනස සඳහා අවස්ථාව උදා කර දෙන ලෙසයි. එහි වරදක් නැත.

ජාතික ජන බලවේගයේ මදය නැත්නම් අරටුව වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව රහසක් නොවේ. එබැවින් ප්‍රථම කොටම එහි සූත්‍ර පාඨය වන හොඳ පුද්ගලයින් යන සංකල්පය විමසා බැලීම වැදගත්ය. ජනතා විමුක්ති පෙරමුණෙන් වරින් වර පාර්ලිමේන්තුවට පත් වූ බහුතරයක් පිරිස අද එය සමඟ නැත. එහි ජනාධිපති අපේක්ෂකයකු වූ නන්දන ගුණතිලක අද රනිල් වික්‍රමසිංහ අනුගාමිකයෙකි. විජේවීරගෙන් පසු එහි නායකයා වූ සෝමවංස අමරසිංහ පක්ෂයෙන් බිඳී ගොස් රාජපක්ෂවාදී වෙනත් කණ්ඩායමක් ගොඩ නැගුවේය. කලක් එහි ජනප්‍රිය ප්‍රචාරක ලේකම් වූ විමල් වීරවංශ දූෂිත සහ භීෂිත රාජපක්ෂ දේශපාලනයේ ප්‍රධානියකු බවට ක්‍රියාවෙන්ද න්‍යායෙන්ද  පත් විය. ඔහු ද දැන් විශ්‍රාම ගොස්ය. ඔවුන්ගේම නිර්වචනය අනුව ජවිපෙ තුලින්ම බොහෝ ද්‍රොහීන් බිහි වී තිබේ.

මේ වනාහී ජනතා විමුක්ති පෙරමුණට පමණක් සුවිශේෂි තත්වයක් නොවේ. පිරිසිදු පුද්ගලයින් ලෙස දේශපාලනයට පැමිණ මන්ත්‍රී ධූර සහ ඇමතිකම් ලද පුද්ගලයින් අන්ත දූෂිත සහ භීෂණකාරී දේශපාලනඥයින් බවට පත්වීමම, ‘ජන අරගලය’ බිහිවීමේ එක් සාධකයක් බවට පත් විය.

යහපත් පුද්ගලයින් යනු වැටුප් නොලබා සේවය කරන පුද්ගලයින්ය යන්න අද ජනගත කරමින් ඇති තවත් සංකල්පයකි. දේශපාලඥයින් ජනතා ඡන්දයෙන් පූර්ණකාලීන මන්ත්‍රීවරුන් බවට පත්වන්නේ නම් ඔවුන්ට එම සේවය වෙනුවෙන් සාධාරණ වැටුපක් ලැබිය යුතුය. පක්ෂයක් වුව සිය පූර්ණකාලීන සේවකයිනට වැටුප් ගෙවිය යුතුය.  එය අද සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම ඇති ක්‍රමයයි. වැටුපක් නැතිව පූර්ණකාලීන සේවයක් කරන්නේ කෙසේද? එක්කෝ ඔවුන් ධනවත් පුද්ගලයින් විය යුතුය. නැත්තම් සිය සහකරු/සහකාරියගේ වැටුපෙන් ජීවත්වන පර පෝෂිතයින් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවීම වරප්‍රසාද ලබා ගැනීමේ අවස්ථාවක් නොවිය යුතු බව සැබෑය. එනමුත් මූලික පහසුකම් නොමැතිව කිසිදු අයකුට පූර්ණකාලීන ජනතා සේවය කළ නොහැකිය.  ජාතික ජන බලවේගයට මෙම යතාර්ථයට පිටු පෑමට නොහැකි වනු ඇත. දූෂණය මගින් මුදල් උපයා නොගෙන විසිවසරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව පූර්ණ කාලීන දේශපාලනයේ යෙදෙන  අයකුට නිසි විශාම වැටුපක් නොලැබෙන්නේ නම් ඔහු හෝ ඇය ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ කෙසේද?

සුපිරිසිදු සටන් පාඨ මහපොළවට වැටුණූ පසු දූවිලිවලින් නැහැවෙන බව යථාර්ථයකි. පුද්ගලයින් වෙනස් විය හැකිය. වෙනස් නොවන්නේ නිසි ලෙස පිහිටුවන ක්‍රම සහ විධි, නීති සහ රීතීන්ය.

ක්‍රම වෙනසක අඩිතාලම වන්නේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. දූෂණයට සහ භීෂණයට ඉඩ නොතබන නීති රීති පැනවීමත් රාජ්‍යයේ බලය තුලනය සහ  සංවරණය කරන යාන්ත්‍රණයක් සවිමත්ව පිහිටුවීමත් ඒ සඳහා අවැසිය. අද පවත්නා මූලික තුලන සහ සංවරණ යාන්ත්‍රණයන් වන ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා මණ්ඩලය 17 වන සංශෝධනය හරහා 2004 වර්ශයේදී පිහිටුවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙනි. කල්යත්ම වඩා බලවත් විය යුතුව තිබූ එම යාන්ත්‍රණයන් 21වන සංශෝධනය කරා ගමන් කර ඇත්තේ පසු පසටය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රථම දේශපාලන ක්‍රම වෙනස විය යුත්තේ එම දොස් නිදොස් කොට සැබවින්ම ස්වාධීන ව්‍යවස්ථා මණ්ඩලයක් හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමයි.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් බාහිර වූ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ස්වාධීනත්වය ඇති නඩුපවරන්නකුගේ එනම් අභියෝජක බලවත් කාර්යාලයක් පිහිටුවීම, ව්‍යවස්ථා මණ්ඩලයට අලුතින් එක් කළ යුතු අංගයකි. රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගෙන් අල්ලසට සහ දූෂණයට විරුද්ධව නඩු පැවරීම හොරාගේ පියාගෙන් පේන ඇසීම හා සමාන වනු ඇත.

දෙවනුව එය පොරොන්දු වී ඇති පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සිය මාර්ග සැලැස්ම රටට ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය මුල් පියවර දියත් කළ යුතුය. 1994 සිට සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු පිටාර ගැලුවේය. ඊට හේතුව වූයේ මෙරට අත්තනෝමතික දේශපාලන වර්ධනයන්හි පදනම විධායක ජනාධිපති ක්‍රමය වූ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩිතාලම වන නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ කල් දැමීමට ජේ.ආර්. ජයවර්ධනත් ඔහුගේ බෑණා වූ රනිල් වික්‍රමසිංහත් යොදා ගත්තේ මේ විධායක බලයයි. චන්ද්‍රිකා කුමාරතුංගත් මහින්ද රාජපක්ෂත් එම බලය යොදා ගෙන මැතිවරණ සමය යුද පිටි බවට පත් ක‍ළෝය.

ඉහළ තලයේ සිදුවිය යුතු මෙම වෙනස්කම් මහජනයාගේ එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක කැරෙන වෙනස්කම් මගින් ඌණපූරණය කිරීම ජාතික ජන බලවේගය මුහුණ දෙන විශාලතම අභියෝගය වනු ඇත. එම ක්ෂේත්‍ර තුන නම් අධ්‍යාපනය,පොදු ප්‍රවාහනය සහ සෞඛ්‍යයයි.

මේ සියළු අභියෝගයන් තරමටම බරපතල වනු ඇත්තේ තිස් අවුරුදු යුද්ධයේ විපාකයක් ලෙස පවත්නා ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලබා දීමයි. යුද්ධය 2009 දී අවසන් විය. එනමුත් ගැටුම අවසන්ව නැත. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයා ස්වකීය දුක් ගැනවිලි සම්බන්ධයෙන් විසඳුම් අපේක්ෂා කරති. 

මෙම ගැටුමට මුලපුරන ලද්දේ අභ්‍යාගයකට මෙන්  24 පෙරළියේ පූර්වගාමියා වූ 56 පෙරළිය විසිනි. සිංහල පමණක් රජබස කිරීමේ බණ්ඩාරනායක පිළිවෙත නිදහසින් පසු සිංහල දෙමළ විරසකය සන්නද්ධ ගැටුමක් කරා ගමන් කිරීමේ ආරම්භය විය. දෙමළ ජනයා එදා සිට මුහුණ දුන් භාෂාව, රැකියා, ඉඩම් සහ ආරක්ෂාව යන ප්‍රශ්න අදටත් එලෙසම නැතත් තවමත් පවතී. යුද්ධයේ විපාක ලෙස සිදු වූ බරපතල මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ ප්‍රශ්නය අද මෙරට දේශසීමාවෙන් ඔබ්බට ගිය අන්තර්ජාතික කාරණයකි. එය කාලයේ වැලිතලාවෙන් වැසී නොයන එකකි.

ජාතික ජන බලවේගයේ දේශපාලනයෙහි ඇති දුර්වලම පුරුකක් වන්නේ මෙයයි. නමුත් එය ජය ගත නොහැකි එකක් නොවේ.

ස්ත්‍රීන් ඇතුළත් කර නොගන්නා දේශපාලනයකට ඔවුන් මුහුණ දෙන පීඩාවන් තේරුම්ගත නොහැක්කා සේම දෙමළ සහ මුස්ලිම් ජනයා ඇතුළත් නොවන දේශපාලනයකට ඔවුන් මුහුණ දෙන පීඩාවන් තේරුම් ගත නොහැක. එනයින් ජනවාර්ගික සාමය පිහිටුවීමෙහිලා ජාතික ජන බලවේගය ආරම්භ කළ යුතු ස්ථානය වන්නේ සුලුතර ජනයාගේ සැබෑ නියෝජනයක් ඇති කර ගැනීම විය හැකිය. තවද 2012 උගත් පාඩම් සහ ප්‍රතිසංන්ධාන කොමිසමේ සිට 2021 සත්‍ය සෙවිමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම ( එනම් නවාස් කොමිසම) දක්වා සිදුව ඇති විවිධ උත්සාහයන් අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව ඉදිරියට ගෙන යෑම සඳහා පෙර කී පරිදිම සම්මුතිබද්ධ ප්‍රවේශයක් ඇති කර ගැනීම ජනවාර්ගික විශ්වාසය ගොඩ නැගීම සඳහා පාදක කර ගැනීමට නව ආණ්ඩුවට උත්සාහ ගත හැකිය. එම ව්‍යායමය ද දුර ගමන් කළ යුතු එකකි.

The post 2024 පෙරළිය මෙතැනින් කොතැනටද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/2024-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%a7%e0%b6%af/feed/ 0
රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ? https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9f%e0%b7%94%e0%b7%80%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9f%e0%b7%94%e0%b7%80%e0%b6%a7/#comments Wed, 16 Oct 2024 07:19:00 +0000 https://vivaranalk.com/?p=12176 දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ  සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වීමෙන් පසු ආරම්භ කරන ලද  පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය කරගෙන යෑම කඩාකප්පල් කිරීමට ජාතික […]

The post රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ? appeared first on විවරණ.

]]>
දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ  සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වීමෙන් පසු ආරම්භ කරන ලද  පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය කරගෙන යෑම කඩාකප්පල් කිරීමට ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන බලවේග එක්සත් ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව දේශපාලන අංශ විශ්වාස කරති.

මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවේ හිටපු ප්‍රධානීන් දෙදෙනා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.

රවි සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාතාංශයේ ලේකම්වරයා වශයෙන් ද ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කිරීමට විරුද්ධවය.

මහජන ආරක්ෂක අමාතාංශයේ ලේකම්, රවි සෙනවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර

මෙම ප්‍රතිප්‍රහාරයේ පළමු පියවර ලෙස රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව දේශපාලන චෝදනා කිරීම ඇරඹී තිබේ.

මෙම ව්‍යාපාරය සදහා එකිනෙකාට විරුද්ධ දේශපාලන බලවේග එක්වී තිබේ.

මීට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීයේ යැයි යන චෝදනාව යටතේ, ගෝඨාභය ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකයකු ලෙස පත් කරන ලද ඉන්දුක ද සිල්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද  එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා දෙක රනිල් රාජපක්ෂ ප්‍රසිද්ධ කළේ නැත.

මේ අතර වීඩියෝවක් නිකුත් කරමින් ජවිපෙන් ඉවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද රවි සහ ශානි වෙත ලබා දෙන ලද නව තනතුරු ප්‍රශ්ණ කර තිබේ.

සමගි ජන බලවේගයට සම්බන්ධ විවිධ පිරිස් ද මෙම ව්‍යාපාරයට එක්ව සිටිති.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද මලල්ගොඩ කොමිසම, ජනක් ද සිල්වා කොමිසම සහ පාර්ලිමෙන්තු කාරක සභාව යන කිසිවත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළේයැයි රවි සෙනවිරත්න හෝ ශානි අබේසේකරට චෝදනා කළේ නැත.

ජනාධිපතිවරණයට ආසන්න සමයෙහි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පාලිත සිල්වා විසින් කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දුක ද සිල්වා විසින්  කොටුව මහේස්ත්‍රාත් වෙත පසුගිය ජනාධිපතිවරණයට දින 11ත් තබා සැප්තැම්බර් 10වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවක්  ඉල්ලා සිටින්නේ රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවන ලෙසය.

මෙම පියර ගැනීම වැළකුණේ රවි සෙනවිරත්න විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසාය.

පාලිත සිල්වා සිය චෝදනාව කිසිදු විමර්ශන කොමිසමකට ඉදිරිපත් නොකරන ලද අතර ඒ සඳහා  2024 ජූලි මාසය වනතුරු බලා සිට තිබේ. ඔහු මෙම චෝදනා කරන ලද්දේ රවි සෙනවිරත්න සහ ෂානි අබේසේකර ජාතික ජනබලවේගයට එක්වීමට ප්‍රතිචාරයක් ලෙසය.

සහකාර පොලිස් අධිකාරී නුවන් ඩී දන්තනාරායන විසින් පසුගිය ජූලි 07වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දක්වා ඇත්තේ, පාලිත සිරිවර්ධනගේ පැමිණිල්ල අනුව රවි සෙනවිරත්න අපරාධමය වරදක් සිදු කර ඇති බව බැලු බැලිමට පෙනී යන බවය.

ජනාධිපතිවරණයෙන් රනිල් රාජපක්ෂ ජය ගනු ලැබුවේ නම් එම පැමිණිල්ල මත මේ වන විට රවි සෙනවිරත්න කවර හෝ චෝදනාවක් මත අත්අඩංඟුවට ගෙන තිබීමට හොදටම ඉඩ තිබුණි.

ඉන්දුක සිල්වාගේ වාර්තාව පදනම් වී ඇත්තේ 2019 අප්‍රේල් 09 දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් ඔහු ලද ඉන්දීය බුද්ධි තොරතුර ගැන එවන ලද අති රහසිගත ලිපිය අනුව රවි සෙනවිරත්න කටයුතු නොකළේය යන චෝදනාව මතය. රවි සෙනවිරත්න එම චෝදනාවට ඇති තරම් පිළිතුරු දී ඇති නමුත් හදිසියේම ඉදිරිපත් වූ පාලිත සිල්වාගේ පැමිණිල්ලක් මත ඉන්දුක සිල්වා මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඇත්ත වශයෙන්ම නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තකු වන්නේ නිලන්ත ජයවර්ධන බව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර මිලියන 75ක් දඩ ගසා තිබේ. ඉන්දුක ද සිල්වාගේ වාර්තාව  දීර්ඝ වශයෙන් නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය මත රඳා පවතී.

නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ප්‍රහාර වැළැකවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විමර්ශන කොමිසම කරන ලද නිර්දේශය  ගෝඨාභය සහ රනිල් යන රාජපක්ෂවරුන් දෙදෙනාම යටතේ සිදු නොවීය. එනමුත් පාලිත සිල්වාගේ චෝදනාවෙන් දින දෙකකට පසු රවි සෙනවිරත්නට විරුද්ධව නිලන්ත ජයවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී.

රවි සෙනවිරත්න සහ ෂානි අබේසේකර ලද නව පත්වීම් නිසා සියලු ආකාර දූෂිත සහ භීෂණකාරි බලවේග බියට පත්ව සිටින බව රහසක් නොවේ.  හුදෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය පමණක් නොව රාජපක්ෂ සමයෙහි සිදවූ බවට කියැවෙන අපරාධ සහ දූෂණ සම්බන්ධ පරීක්ෂණද දැන් ආරම්භ වී තිබීම යටිබිම්ගත පාර රාජ්‍යයේ මහත් කණස්සල්ලට හේතු වී ඇති බව පෙනෙන බව විශ්ලේෂකයෝ පවසති.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, කීත් නොයර් පැහැර ගෙන යෑම යනාදී අපරාධයන්ට  පාර රාජ්‍ය ඍජුවම සම්බන්ධ වූ අතර එම ජාලය හෙළිවීම වැළැක්වීමට මරාගෙන මැරෙන මට්ටමේ ප්‍රහාරයකට භීෂනකාරී බලවේග සූදානම් විය හැකි බවත් එම පිරිස් දක්වති.

මෙයට පෙරද එවැනි බලවේග ෂානි අබේසේකර ඝාතනය කිරීමට පවා සැළසුම් කර තිබුණි. දැන් එවැනි බලවේග වියරුවැටී ඊටත් වඩා භයානක මාවත් සොයමින් සිටිනු ඇතැයි විශ්වාස කෙරේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සම්බන්ධයෙන් රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන්ද  වෙනම පරීක්ෂනයක් දැන් ආරම්භ වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග දක්වයි.

The post රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9f%e0%b7%94%e0%b7%80%e0%b6%a7/feed/ 1
ඒකේඩී ආණ්ඩුව ජීනිවා යෝජනා ගැන රාජපක්ෂ පිළිවෙත ඉදිරියටම.. https://vivaranalk.com/%e0%b6%92%e0%b6%9a%e0%b7%9a%e0%b6%a9%e0%b7%93-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b6%a2%e0%b7%93%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%92%e0%b6%9a%e0%b7%9a%e0%b6%a9%e0%b7%93-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b6%a2%e0%b7%93%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1/#respond Fri, 11 Oct 2024 06:11:52 +0000 https://vivaranalk.com/?p=12129 අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්ද විමසීමට ලක් කැරෙන 57/1 නම් ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධානය වන යෝජනාව, නව අනුර කුමාර දිසානායක ආණ්ඩුව විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ. මේ වනාහී රනිල් රාජපක්ෂ විසින් ද ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමකි. එක්සත් ජාතීන්ගේ මනෙව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, […]

The post ඒකේඩී ආණ්ඩුව ජීනිවා යෝජනා ගැන රාජපක්ෂ පිළිවෙත ඉදිරියටම.. appeared first on විවරණ.

]]>
අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්ද විමසීමට ලක් කැරෙන 57/1 නම් ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධානය වන යෝජනාව, නව අනුර කුමාර දිසානායක ආණ්ඩුව විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වනාහී රනිල් රාජපක්ෂ විසින් ද ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමකි.

එක්සත් ජාතීන්ගේ මනෙව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධා සම්බන්ධයෙන්  සහයෝගයෙන් කටයුතු කළේ යහපාලන ආණ්ඩුවේ මුල් වසර කිහිපය තුළදී විදේශ ඇමැතිවරයා වූ මංගල සමරවීර පමණකි. ඔහු යුද සමයේ සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් රාජපක්ෂ දේශපාලනය වූ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවතට ලංකාව ගෙන ගියේය.

2022 අරගල සමයෙහි එජා සහාය ඉල්ලා පැවැති උද්ඝෝෂනයක්. .

51/1 නමින් 2015 ඔක්තෝබර මාසයේ දී එළෙස ඒකමතිව සම්මත කරන ලද යෝජනාව අනුව සංක්‍රාම යුක්ති ක්‍රියාදාමයක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.

2019 නොවැම්බරයේදී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම යෝජනාවෙන් නිල වශයෙන් ඉවත් විය.

2015 දී අගමැති වශයෙන් එම යෝජනාවට සහය දැක් වූ රනිල් වික්‍රමසිංහ. 2022 පූලි මාසයේ දී රනිල් රාජපක්ෂ ලෙස බෞතීස්ම කිරීමෙන් පසුව ඔහුද එම යෝජනාවෙන් ඉවත්ව සිටීම දිගටම පවත්වා ගෙන ගියේය.

දැන් ඒකේඩී ආණ්ඩුව ලෙස හැදින්වෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ද යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙතම ඉදිරියට ගෙන යන බව සනාථ කර තිබේ.

ඒකේඩී ආණ්ඩුවේ පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම තීරණය කර ඇත්තේ අද ඉදිරිපත් කැරෙන යෝජනාවටත්, මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවටත් විරුද්ධ වීමටය.

එමෙන්ම කිසිදු විදේශීය සහභාගිත්වයකින් තොරව හුදෙක් දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් මගින් එම මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කිරීමටය.

එම අමාත්‍ය මණ්ඩල තිරණය සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීම ඇතුලු සංක්‍රාම යුක්ති ක්‍රියාදාමය ගැන කිසිවක් සඳහන් නොකරයි.

අද මානව හිමිකම් කවුන්සිලයේ දී  සාකච්ඡාවට සහ ඡන්ද විමසීමට ලක් කැරෙන යෝජනාව මෙසේය:

“මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල අරමුණු සහ මූලධර්ම මගින් මෙහෙයවනු ලබන, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ පෙර යෝජනා සිහිපත් කරමින්, එහි වඩාත්ම මෑත කාලීන 2022 ඔක්තොම්බර් 6 න් 51/1 යෝජනාව අනුව

පසුගිය දා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණය මෙසේය:

The post ඒකේඩී ආණ්ඩුව ජීනිවා යෝජනා ගැන රාජපක්ෂ පිළිවෙත ඉදිරියටම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%92%e0%b6%9a%e0%b7%9a%e0%b6%a9%e0%b7%93-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b6%a2%e0%b7%93%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1/feed/ 0
නාමල් ආගමනය: පොහොට්ටුව හාන්සි කරවූ රනිල් රාජපක්ෂත් හාන්සියි https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f/#respond Fri, 09 Aug 2024 07:52:35 +0000 https://vivaranalk.com/?p=11860 පසුගිය අප්‍රේල් 10 දින මම මෙසේ ලිවීමි. “රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ. අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන් අත හපා කා රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දෙකේ කොළයට දැමීම ගැනය. රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බව්තීස්ම කොට. […]

The post නාමල් ආගමනය: පොහොට්ටුව හාන්සි කරවූ රනිල් රාජපක්ෂත් හාන්සියි appeared first on විවරණ.

]]>
පසුගිය අප්‍රේල් 10 දින මම මෙසේ ලිවීමි.

දැන් ඒ සාටකය රනිල් රාජපක්ෂගේ දෙපා යටින් ඉවතට ඇද දමා තිබේ. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවට රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම, රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ දේශපාලනය සතු හොඳම තුරුම්පුවය.

ධම්මික පෙරේරා ඉදිරිපත් කළේ නම් දැන් රනිල් රාජපක්ෂගේ වහලුන් බවට පත්ව සිටින අප්‍රසන්න ප්‍රසන්න යනාදීන්ට පක්ෂව බිස්නස්කාරයකුට වික්කා යැයි කීමට බැරිවනු ඇත. පොහොට්ටුය නොබෙදී තිබුණේ නම් ධම්මික පෙරේරා හොද අපේක්ෂකයකු වීමට ඉඩ තිබුණි.

මහින්ද රාජපක්ෂට මෙරට යම් ජන ප්‍රසාදයක් ඉතිරී වී ඇත්නම් එය ඡන්ද බවට පෙරළීය හැකි හොදම අපේක්ෂකයා නාමල් රාජපක්ෂය. දැක් රාජපක්ෂ පවුලේ සුරුවම වන මහින්ද රාජපක්ෂට මියෙම්වා රැකෙම්වා කියා නාමල් වෙනුවෙන් පොර පිටියට කිහිළිකරුවාරුවෙන් හෝ බැසීමට සිදුවනු ඇත.

නාමල්ට  එරෙහි රනිල් රාජපක්ෂ පිළේ ප්‍රහාරය මහින්ද රාජපක්ෂට එරෙහි ප්‍රහාරයක් බවට ඉබේම පත්වෙයි. එනයින් රනිල්-මහින්ද දීගය දැන් නැත්තටම නැතිවනු ඇත.

අප්‍රේල් මාසයේ ලියූ ලිපියේ මම මෙසේ ද  කීවෙමි.

දේශපාලන උප්පරවැට්ටිකම් අතින් රනිල්ට නොදෙවෙනි වුවද මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන ජීවිතයේදී කරන ලද ලොකුම මෝඩකම් රනිල් ගැන දැන දැනම ඔහු ට ජනාධිපතිකම බන්දේසියක තබා පිරිනැමීමයි.

 අරගලයෙන් පසු රාජපක්ෂවරුන් සතු වූ හොඳම තොරා ගැනීම ගැන  මම මෙසේ ලිවීමි.

රනිල් යනු සතයකටවත් විශ්වාස කළ නොහැකි  අන්ත පාවා දෙන්නකු බව ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ.

අප්‍රෙල් මාසයේ ලිපියෙහි මෙසේ ද එයි.

මහින්ද රාජපක්ෂගේ වහල්ලු රනිල් රාජපක්ෂ වහල්ලු බවට පත් වූයේ, නාවර පෙරෙන බල්ලකු නාවන ලද ජලයෙන් දොවනය කරන ලද ඌරු පැටියකු වුව බලුගඳම පතුරුවන බැවිනි.

මේ බලන්න

රාජපක්ෂ අනුහස නොවී නම් මහින්දානන්ද හිරේට. රත්තරන් ලාකඩ බවට  පත්වනු ඇත.

යළි අප්‍රේල් ලිපියෙන් උපුටා ගැනීමක් මෙසේය:

රනිල් රාජපක්ෂ අපෙක්ෂා කළ පොහොට්ටු ඡන්දවලින් අඩුම වශයෙන් සියයට 10ක් නාමල් රාජපක්ෂ කඩා ගනු ඇත. රනිල් රාජපක්ෂට ද සිදු වන්නේ මැදමූලන වළව්වේ එලු පැදුරකට වී කුරහන් සීපද කීමටය.

පොහොට්ටුව තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පමා කළේ රනිල් රාජපක්ෂ අවනත කර ගතහැකි වනු ඇතැයි යන අඥාන තීරණය නිසාය. පළාත් සභා සහ පලාත් පාලන මැතිවරණවලදී තමන්ට සියයට 70-90ත් තරම් අපේක්ෂයින් ඉදිරිපත් කිරීමට ඉඩ දිය යුතුයැයි කී බැසිල් රාජපක්ෂගේ පුකට පයින් ගසා අතුල් වූ  පිළිකන්නෙන්ම එළීයට දමන තුරු රාජපක්ෂවරු ගන්දබ්බ වී සිටියහ.

රාජපක්ෂවරු වැටී සිටි අගාදය  ලෙහෙසියෙන් ගොඩ ආ හැකි එකක් නොවීය. අප්‍රේල් මාසයේ ලිපියෙහි මෙසේ ද ලීවෙමි.

රනිල් රාජපක්ෂගේ පස්සා පැත්ත බිම ඇන්නවීමට  පරාජය දැක දැකත් සටනට පිවිසීමෙන් නාමල් රාජපක්ෂ පෙන්වා ඇත්තේ නොසළකා නොහැරිය හැකි දේශපාලන වර්ධනයකි.

කාඩ්බෝඩ් රාජපක්ෂ සහ ඇත්ත රාජපක්ෂවරුන් අතර දැන් ඇරඹෙනු ඇත්තේ තුන්වැනියා සහ හතරවැනියා වීමේ ඛේදජනක විගඩමයි.

The post නාමල් ආගමනය: පොහොට්ටුව හාන්සි කරවූ රනිල් රාජපක්ෂත් හාන්සියි appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%8f/feed/ 0