Sujeewa Senarath, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Tue, 30 Dec 2025 04:56:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Sujeewa Senarath, Author at විවරණ 32 32 ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ.. https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb/#respond Tue, 30 Dec 2025 04:54:42 +0000 https://vivaranalk.com/?p=14300 ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක් හෝ ප්‍රතිපත්ති මාලාවක් ගොඩනඟා ගැනීමට වගකීම් සහගත පුරවැසියන් ලෙස අපට තවමත් හැකියාවක් ලැබී නැත. ලිංගික ශ්‍රමය සදාචාර විරෝධී කටයුත්තක් බව අපේ සමාජය තුළ […]

The post ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ.. appeared first on විවරණ.

]]>
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක් හෝ ප්‍රතිපත්ති මාලාවක් ගොඩනඟා ගැනීමට වගකීම් සහගත පුරවැසියන් ලෙස අපට තවමත් හැකියාවක් ලැබී නැත.

ලිංගික ශ්‍රමය සදාචාර විරෝධී කටයුත්තක් බව අපේ සමාජය තුළ කිඳා බැස ඇති ආකල්පයයි. විශේෂයෙන් ආගමික සංස්ථාව විසින් මෙය සංස්කෘතික හා සමාජ විරෝධී, අශිෂ්ට, පහත් රැකියාවක් ලෙස සමාජමතයක් ගොඩනගා ඇත. ආගම විසින් සමාජය තුළ ඇති කර තිබෙන සමාජ විරෝධී ලේබලය තව දුරටත් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට දේශපාලන අධිකාරය කටයුතු කරමින් තිබෙන්නේ එසේ කිරීම තුළින් ඔවුන්ට දේශපාලනිකව විශාල ප්‍රතිලාබයක් ලැබන බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.

නමුත් මැතිවරණ ආසන්නයේ දී ලිංගික ශ්‍රමය හා සම්බන්ද නීතිමය තත්වයන් පිළිබඳ සහ ඒ කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් කළ යුතු බවට සමාජය තුළ සාකච්ඡාවක් ආරම්භ කරමින් උනන්දුවෙන් කටයුතු කළද මැතිවරණය අවසන් වූ විට එම සාකච්ඡාව අවසන් වී නැවත ලිංගික ශ්‍රමය නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවක් බවට පත් වන්නට ඉඩ හරියි. 

1977 දී ජේ. ආර්. ජයවර්ධන මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීම තුළ වෙළඳපොළ ප්‍රසාරණය වීමත් සමග ලිංගික ශ‍්‍රමයද සැලකිය මට්ටමින් ප්‍රසාරණය වීම කැපී පෙණෙන ලක්ෂණයකි. ඉන් පසු ක්‍රමිකව විවෘත වෙළඳ පොළත් සමග ආර්ථිකය විවිධ මාවත් තුළ ගමන් කරමින් සේවා අංශය විශාල ලෙස පුළුල් වීමක් සිදුවිය. එහිදි ලිංගික ශ්‍රමිකයින්ගේ සේවා ඉල්ලුම ද ඉහළ ගියේය. නමුත් ඊට සාපේක්ෂව ඔවුන්ගේ ශ්‍රමයට, වෘත්තියට තිබූ පිළිගැනීමේ සාධනීය වෙනස්කමක් ඇති වූ බවක් පෙනෙන්නට නැත.

ශ්‍රමිකයින් හැටියට සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙමින් පැවතියද සාපේක්ෂව ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නොයාමට සමාජ පිළිගැනීමක් නොමැති වීම එක් සාධකයක් වී තිබේ.

විශේෂයෙන් තමන්ගේ සේවා ක්ෂේත්‍රය තුළ කේවෙල් කිරීම මගින් තමන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට නම් වෘත්තීයමය වශයෙන් සංවිධානය වීම අවශ්‍ය වුවත් එසේ සංවිධානය වීමට නොහැකි වීම සමාජ පිළිගැනීමක් නොමැති වීම ගැටළුවක් වී තිබේ.

සංචාරක කර්මාන්තය මෙරටට විදේශ විනිමය ගලා එන එක් ක්ෂේත්‍රයකි. සෑම රජයක් වාගේම පවතින රජයද සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් සිටී. ඒ වාගේම විශාල මුදලක්ද වියදම් කරයි. සංචාරකයින්ට නවාතැන් සැපයිම, පරිසරය හා ඓතිහාසික ස්ථාන නැරඹීමට පහසුකම් සැලසීම වාගේම කැසීනෝ සහ රාත්‍රී සමාජ ශාලා වැනි පහසුකම් මගින්ද සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඉහළ නැන්විය හැකි බව ඇත්තකි. නමුත් දැනටමත් නිල නොවෙන මට්ටමින් සිදුවන සංචාරකයින් සඳහා ලිංගික ශ්‍රමය සැපයීම ද ප්‍රවර්ධනය කළ හැකි තත්ත්වයකි. නමුත් ලිංගික ශ්‍රම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින නීතිමය ආවරණයක් නොමැතිවීම, සංස්කෘතික බාධා සහ සමාජ පිළිගැනීමේ ගැටළු නිසා සහ වෘත්තියක් ලෙස සංවිධානය නොවීමේ තත්ත්වය තුළ ඒ අවස්ථාව රටට මග හැරී තිබේ.

පාදඩ ආඥා පනත සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය තත්ත්වයන් භාවිතා කරමින් පොලීසිය විසින් ලිංගික ශ්‍රමිකයින් වඩාත් පීඩාවට පත්කරමින් තිබෙන අතර ඔවුන්ගේ වෘත්තියට සමාජ පිළිගැනීමක් ලබා නොදීම සහ නීතිමය ආවරණයක් ලබා නොදීම ඊට හේතු වී තිබේ. එය මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ඉතා කණගාටුදායක තත්ත්වයකි.

ලිංගික ශ්‍රමය සඳහා නීතිමය පදනමක් සකස් කිරීමෙන් මේ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක ඇතැම් අපරාධ, ළමා අපචාර, මානව හිමිකම් කඩවීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ තත්ත්වයන් පාලනයට හැකියාව විවර වේ. ඒ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් සහ ලිංගික ශ්‍රමිකයින් මෙහි එක් පුරකක් ලෙස සමාජයට ඒත්තු ගන්වා ඇති නිසාය.

විශේෂයෙන් කම්කරු අමාත්‍යංශය සහ මානව හිමිකම් පිළිබඳ උනන්දු සිවිල් සංවිධානවලට ලිංගික ශ්‍රමික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට අවස්ථාව තිබෙන අතර, අන්තර්ජාතික සම්මුතින් සහ අන්තර්ජාතික සංවිධානවල සහයෝගය ලබාගැනීමේ හැකියාව ඇත.  විශේෂයෙන් ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) නියෝජනය කරන වෘත්තීය සමිති, සේව්‍යයන් හා රජයට එක්ව මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාව ඇත.

මේ වන විට රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන ලිංගිකාශ්‍රිත රෝග අංශය වෙතින් ලිංගික ශ්‍රමිකයින් ලියාපදිංචි කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු සිදු කරයි. එය සාධණීය තත්ත්වයකි. විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගැනීමේ උපදේශන සේවා සැපයීම හා ප්‍රතිකාර ලබාදීම යන කරුණු පිළිබඳ ලිංගික ශ්‍රමිකයින් දැනුවත් කර ඔවුන් ඒ සඳහා යොමු කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු තත්වයකි. ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කළ හැක්කේ මේ සම්බන්ධයෙන් විවෘතව කටයුතු කිරීමෙන් පමණි.  

අශිලා දන්දෙනිය
නීතිඥ සේනක පෙරේරා

ලිංගික ශ්‍රමිකයින් ගේ පහස ලබා ගන්නා අය බොහෝය. ඊට තරාතිරමක් නැත. සමාජයේ ඇති ලිංගික ආතතිය සමනය කරන්නේ ලිංගික ශ්‍රමිකයින්ය. ඇතැම් විට ළමා අපචාර, බලහත්කාරකම් අවම වීමට ඔවුන්ගේ මැදිහත්වීම වැදගත් වනවා විය හැකිය. ඒ අර්ථයෙන් එය සමාජ මෙහවරකි.

ලිංගික ශ්‍රමිකයින්ට තම සේවා සැපයීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම සිවිල් සංවිධානවල, සමාජයේ හා රජයේ වගකිමක් වුවත් ඔවුන්ගේ අයීතින් වෙනුවෙන් කතා කරන, පෙනී සිටින සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන් ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙනි. කතාවට පමණක් සීමා නොවී ඔවුන්ගේ අයීතින් වෙනුවෙන් ඉදිරිය පැමිණ, ඔවුන්ගේ අයිතිය ලබාදීමට කටයුතු කිරීම විද්වතුන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති හා රජයේ වගකීමකි. ඒ ලිංගික ශ්‍රමිකයින් කාටත් බරක් නොවී තම ශ්‍රමයෙන් අවංකව ජීවත් වීමට උත්සාහ දරනා ශ්‍රමිකයින් පිරිසක් වන නිසාය.

The post ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb/feed/ 0
පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba/#comments Wed, 26 Nov 2025 08:41:53 +0000 https://vivaranalk.com/?p=14175 උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා  සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, […]

The post පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය appeared first on විවරණ.

]]>
උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා  සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි අරමුණක් ලෙස පළාත් සභා ක්‍රමයේ  ආරම්භය සිදුවිය.

එය 1987 අංක 42 දරණ පළාත් සභා පනත පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 138කගේ සහාය ඇතිව සම්මත වු අතර, එයට විරෝධය දක්වමින් ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ප්‍රබල විරෝධයක් ඇති වීය. එවකට විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් පළාත් සභා ක්‍රමයට හා ඉන්දු-ලංකා ගිවිසුමට දැඩි ලෙස විරෝධය දක්වමින් රට  පුරා විරෝධතා රැල්ලක් දියත් කරන්නට විය. පළාත් සභා ක්‍රමයට හා ඉන්දු-ලංකා ගිවිසුමට විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ද ඇතැම් මැති-ඇමැතිවරු එකඟ නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. කෙසේ වෙතත්  1988 දී මෙරට පළාත් සභා පිහිටුවන්නේ සමස්තයක් වශයෙන් එයට එරෙහිව නැඟී සිටි දේශපාලන වටපිටාවක් තුළය.

1988 වසරේ අප්‍රේල් 28 වැනිදා වයඹ, උතුරු මැද, සබරගමුව, සහ ඌව පළාත් සඳහා පළාත් සභා මැතිවරණ පවත්වනු ලැබීය. එවකට රටේ පැවති භීෂණකාරී වාතාවරණය නිසා බස්නාහිර, මධ්‍යම, සහ දකුණු යන පළාත් සඳහා ජූනි මාසයේ දී මැතිවරණය පැවැත්විය. උතුරු-නැගෙනහිර පළාත් සභාව සඳහා මැතිවරණයක් පැවැත්වූයේ නොවැම්බර් මාසයේ දී යි. එම අවධියේ දී පළාත් සභා ක්‍රමයට පැවති විරෝධය නිසා ප්‍රධාන විපක්ෂය වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණය වර්ජනයකරන ලදී. එසේම ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය වර්ජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබීය. එලෙස භීෂණකාරී වටපිටාවක් යටතේ පැවති පළමු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය යි. මෙම පළාත් සභා ක්‍රමයට ජාතීන්ගේ ප්‍රශ්ණයට යම් විසඳුමක් ලෙස එයට පක්ෂව වාමාංශික පක්ෂ එක්ව ගොඩනඟා ගත් එක්සත් සමාජවාදී පෙරමුණ මගින් පළාත් සභාවට තරඟ කරන ලදි. දේශප්‍රේමී සන්නද්ධ කණ්යාම්වල තර්ජන නිසා වාමාංශික දේශපාලඥයින් හා ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් දේශප්‍රේමීන්ගේ ඝාතනය ලක්විය.

කෙසේ වෙතත් 2014න් පසුව පළාත් සභා ඡන්දයක් පවත්වා නැත. මෙම තත්ත්වය තුළ පළාත් සභා තුළ ප්‍රධාන අමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයක් මගින් පාලනය නොවන අතර, පළාත් සභා මුළුමනින්ම අක්‍රීය තත්ත්වයක නොපවතී. ඒ ආණ්ඩුව විසින් පත්කරනු ලබන ආණ්ඩුකාරවරයාගේ පාලනය යටතේ පළාත් සභාව ක්‍රියාත්මක වන නිසාය. ආණ්ඩුකාරවරයා යටතේ අමාත්‍යංශ හා කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් යහපත් මට්ටමේ සොයා බැලීමක් සිදුනොවේ. ප්‍රාදේශීය මට්ටමේ ජනතාවගේ ප්‍රශ්ණ පමණක් නොව පළාත් මට්ටමින් සිදුවන අක්‍රමිකතා හා දූෂණ වැඩිවීමත්, එම තත්ත්වයන් පැමිණිල කිරීමට තරම් යහපත් යාන්ත්‍රණයක් හෝ මහජන නියෝජිතයින් නොමැතිවීමෙන් මහත් අසීරු මට්ටමට පත්ව ඇත. පළාත් සභාවලට ලැබෙන මුදල් සංවර්ධනය ක්‍රියාවන් සඳහා යෝජනා ඉදිරිපත් කිරීම ඇණ හිට ඇත.

මෙසේ පළාත් සභා අක්‍රීයවීම සම්බන්ධව රට තුළ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් අවධානය යොමු කර ඇත. මෙවර පැවැත්වූ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ද මේ පිළිබඳව ප්‍රශ්ණ කර තිබුණි. එහිදි විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ, පැරණි ක්‍රමයට හෝ දැනට යෝජනා කර ඇති නව ක්‍රමයකට ලබන වසරේ පළාත් සභා මැතිවරණය පවත්වන බවයි. කෙසේ වෙතත් නව ක්‍රමය යටතේ හැකි ඉක්මනින් සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මිශ්‍ර ක්‍රමය යටතේ පළාත් සභා පැවැත්වීම හෝ පැරණි ක්‍රමයට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළාත් සභා පැවැත්වීමේ හැකියාව නව රජයට හැකියාව ඇත. ඒ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙක් නව රජයට ඇති නිසාය.

පළාත් සභා ඡන්දය නොපැවැත්වීම සම්බන්ධව පසුගියදා කොළඹදී පැවැත්වූ සමුළුවකදී මහජන නියේජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින හා මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් දැක්වූ අදහස් පහත අයුරින් දැක්වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක මොහොමඩ් මනාස් මහතා පවසා සිටියේ;

නමුත් මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් කතා කිරීමට වගකීමක් තිබෙන බව අවධාරණය කළ ඔහු මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ද පැහැදිලිව රටට හෙළි කළ යුතු බව අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර පැවැති වාර්ගික ගැටුම අවසන් කිරීම සඳහා පළාත් සභා ක්‍රමය ඉන්දියාව මැදිහත්ව අප රටට බලයෙන් පැටවූවක් බව මතයක් තිබිණි. රටක බලය විමධ්‍යගත කිරීම ඉන්දියාව වැනි විශාල රටකට ගැලපුණත් 1987 වසරේ දී ඉන්දියානු බලපෑම මත හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ගැලපෙන්නේදැයි ප්‍රශ්ණ කරන ලදි. පසුගිය කාල සමය තුළ පළාත් සභා 9ක් නඩත්තු කිරීම සඳහා විශාල වියදමක් දැරීමට ද සිදුවිම මෙම සාකච්ඡාවක් ආරම්භ විය. මේ වන විට යුද්ධය අවසන්වීම මත රටට පළාත් සභා ක්‍රමය අවශ්‍යද වෙනත් විසඳුමක් මේ සඳහා අවශ්‍යද යන්න දේශපාලන පක්ෂතුළ සාකච්ඡාවක් ආරම්භ වී ඇති අතර, පළාත් සභාවලට දැඩි ලෙස විරෝධය දැක්වූ දැනට රාජ්‍ය බලය ලබාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ ඒ අතර ඉදිරියෙන් සිටී. කෙසේ නමුත් මේ වනවිට රජයේ පාර්ශවයෙන් කියා සිටිනු ලබන්නේ ලබන වර්ෂයේදී පළාත් සභා ඡන්දය පවත්වන බවයි. 

The post පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba/feed/ 1
ඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය: වහල් වෙමුද වහලෙකු කර ගනිමුද? https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92/#respond Tue, 21 Oct 2025 06:26:47 +0000 https://vivaranalk.com/?p=13849 චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්‍රවල මෙහෙයුම්වලට දායක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික දැවැන්තයෙකු නොවන පසුබිමක හුදෙක් පරිශීලක භූමිකාවෙන් සෑහීමට පත්වෙමින් විප්ලවීය කෘත්‍රීම බුද්ධිය භාවිතයේ ආරම්භක අදියරට අවතීර්ණ වී ඇත. කිසියම් තොරතුරක් ගවේෂණය, බහුවිධ ආකාරවලින් පෙළ හෝ අන්තර්ගත […]

The post ඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය: වහල් වෙමුද වහලෙකු කර ගනිමුද? appeared first on විවරණ.

]]>
චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්‍රවල මෙහෙයුම්වලට දායක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික දැවැන්තයෙකු නොවන පසුබිමක හුදෙක් පරිශීලක භූමිකාවෙන් සෑහීමට පත්වෙමින් විප්ලවීය කෘත්‍රීම බුද්ධිය භාවිතයේ ආරම්භක අදියරට අවතීර්ණ වී ඇත. කිසියම් තොරතුරක් ගවේෂණය, බහුවිධ ආකාරවලින් පෙළ හෝ අන්තර්ගත සම්පාදනය, මානව සහායක භූමිකා ඇතුළු වෘත්තීයමය දායකත්ව හැර සරළ රූපාවලියක් නිර්මාණය කර ගැනීමේ විනෝද අවශ්‍යතා සඳහාද ලාංකික පරිශීලකයා කෘත්‍රිම බුද්ධි යෙදවුම් භාවිතා කරමින් සිටි. එකී භාවිතය තවදුරටත් පුළුල් වෙද්දී රාෂ්ට්‍ර පාලනයට අදාළ වන සියලු අංශ තුළටද ඇතුළු වන්නට ඇති අවකාශය නෛසර්ගිකය. දැනටමත්, ගෙවුණු ඡන්ද විමසීම් සහ මැතිවරණවලදී පවා කෘත්‍රිම බුද්ධිය යම් පමණකට යෙදවී ඇතැයි යන්න රහසක් නොවේ. ඒ ප්‍රචාරණය සඳහා බහුලව යොදවා ගැනීමක් වන අතර තමන්ට ධනාත්මකවද විපාක්ෂිකයාට ඍණාත්මකවද ලෙස භාවිතා කරන්නට ඇතැයි යන්න ඊට ඇති විභවය ඇසුරෙන් කල්පනා කිරීමට පුළුවන. වසර කිහිපයකට ඉහත ඡායාරූප විකෘති කිරීම ගැන පැවති කතා බහ පසුව හඬ සහ චලන රූප මිශ්‍ර කෙරෙන ගැඹුරු ව්‍යාජයන් (deep fake) දක්වා ඉදිරියට ආ අතර AI හෙවත් කෘත්‍රිම බුද්ධි ටූලයන් සංවර්ධනය වීම සමග ඒ සියල්ල ප්‍රාථමික යෙදවුම් බවට පිරිහෙලනු ලැබ දැන් සියල්ල AI සෙවණෙහි වැඩේ. අනාගත ඡන්ද විමසීම්වලදී කෘත්‍රිම බුද්ධිය වඩා බරපතල හා තීරණාත්මක ලෙස යොදාගන්නට ඉඩ ඇති බව පැවසීම අද වනවිට අනාවැකියක් පමණක් නොවේ. එහෙත් තියුණු ලෙස අවධානය යොමු කළ යුත්තේ ඡන්ද විමසීමකදී අදාළ සියලු කාර්යයන් කෙරෙහි කෘත්‍රිම බුද්ධිය ඵලදායක ලෙස දායක කරගැනීම ගැන මිස එය ධනාත්මක හෝ නිශේධනාත්මක ප්‍රචාරක මෙවලමකට සීමා කිරීම ගැන නොවේ.

මාර්ගගත (online) මාධ්‍ය හා මාර්ගගත ක්‍රමවේද පිළිබඳ විශේෂඥයෙකු වන දර්ශිත ගමගේ පෙන්වා දෙන්නේ ගෙවුණු ඡන්ද විමසීම්වලදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම ආකාර තුනකට සිදු වූ බව නිරීක්ෂණය කළ හැකි බවයි. එනම්, සාමාන්‍ය මැතිවරණ ප්‍රචාරණයට භාවිතා කිරීම, අසත්‍ය හෝ ව්‍යාජ ආඛ්‍යාන නිර්මාණය. යථාර්තයෙන් එහා යථාර්තයක් නිර්මාණය කිරීම යන අවස්ථාය.

කෙසේවෙතත්, අප හමුවේ ඇති ඉදිරිය මීට වඩා බැරෑරුම් ලෙස සැළකිය යුත්තක් බව දර්ශිත ගමගේ දක්වන මතයයි. එය ඇතැම් ව්‍යාකූලත්වයන්ගෙන් මිදෙන්නට උපකාරී වනු ඇත. ඔහු අසන ප්‍රශ්නය AI හෙවත් කෘත්‍රිම බුද්ධිය මිතුරෙකු ලෙස භාවිතා කරමින් ඡන්ද විමසීම්වලට අදාළ සියලු මෙහෙයුම්වලදී වාසිදායක ලෙස භාවිතා කරන අන්දම ගැන නොසිතන්නේ ඇයිද යන්නයි. එය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමෙන් ඔබ්බට ගොස් පුරවැසියාට වඩාත් සමීප විය හැකි පසුබිමක් නිර්මාණය කරනු ඇත.

නමුත් මේ සමග මතු විය හැකි බරපතල ගැටලු කිහිපයක්ද තිබේ. AI යනු සියල්ල නොමිලේ ලබා දෙන්නක් නොවේ. මූල්‍ය ශක්තියෙන් පොහොසත් අපේක්ෂකයින් සටනේ ඉදිරියට එන්නට ඉඩක් තිබේ. එය අසමානතා වර්ධනය කරයි. ඒ තුළ ඡන්දදායක පුරවැසියා නොමඟ යෑමේ අවස්ථා බහුල වන්නට පුළුවන. දර්ශත ගමගේ පවසන්නේ එකී අවදානම වටහා ගනිමින් නිසි නියාමන ක්‍රමවේදයක් ගොඩ නගා ගැනීමට මැතිවරණ කොමිසම තාක්ෂණිකව සන්නද්ධ විය යුතු බවයි.

දේශීයව AI චැට්බොට්ස් තීරණ ගැනීමේ ක්‍රියාවලියට බහුලව භාවිතා කිරීමේ ගැටලුද පවතී. සීමිත දත්ත සහ බහුලව ඉංග්‍රීසි භාෂාව මත පදනම්ව තීරණ ගැනීම නිසා කෘත්‍රිම බුද්ධිය වැරදි පෙන්වා දීම් ලබාදෙන්නට ඉඩ ඇත. අනෙක් අතට කෘත්‍රිම බුද්ධි යෙදවුම් හසුරුවන සමාගම්වල ඇජෙන්ඩාවට අනුව අල්ගොරිදමය පෙර සකසන ලද්දක් නම් අප වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරන්නේ සැබෑ ලෙසම පුරවැසියාද යන්න ගැඹුරින් කල්පනා කරන්නට සිදු වනු ඇත.

දර්ශතට අනුව ලංකාවේ ඡන්ද ක්‍රියාවලියකදී කෘත්‍රිම බුද්ධි භාවිතාවට ඩිජිටල් සහ AI සාක්ෂරතාවද බලපාන බැවින් සියලු පාර්ශව ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුය. මැතිවරණ කොමිසමටද එය වලංගුය. කෘත්‍රිම බුද්ධි යහභාවිතය මෙන්ම එහි අනිටු ඵලවිපාකවලින් ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගන්නට ලැබෙන්නේද එමගිනි.

ලාංකික සන්දර්භය තුළ මේ කරුණු සාකච්ඡා කරමින් සිටියදී ගෝලීය වශයෙන් ඇතැම් රටවල ඡන්ද ගණන් කිරීම, ප්‍රථිපල බෙදා හැරීම හා විශ්ලේෂණය ඇතුළත්ව පරිපාලන කාර්යයන් සඳහා නවෝත්පාදිත කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් තිබෙන බව සමාජ විශ්ලේෂකයෙකු වන මහාචාර්ය සමන් හඳරාගමගේ අදහසයි. එය තාක්ෂණික භාවිතාවක් ලෙස බැලීමෙන් එහා ගොස් අධ්‍යයනයට භාවිතා කළ යුතු යෙදුමක් ලෙස ඔහු දකියි. මානව සමාජ ක්‍රියාකාරකම් පහසුකරණයට එහි ඇති වැදගත්කම විමසමින් ඡන්ද ක්‍රියාවලිය වැනි සමාජ කර්තව්‍යයක් සාර්ථක කර ගැනීමට මෙම යෙදවුම් අනාගතයේදී භාවිතා කළ හැකි වනු ඇත. අද වන විටත් සංකීර්ණ ක්ෂේත්‍ර ගණනාවක කෘත්‍රීම බුද්ධිය භාවිතා වේ. එය ඡන්ද විමසීම් දක්වා ගෙන ඒමට අවශ්‍ය පෙර සූදානම සකසා ගැනීම වැදගත් වේ. මහාචාර්ය හඳරාගම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම අතිශයින් ස්වාධීන ව්‍යුහයක් බවයි. දැනට එය මානව පාලිත ව්‍යුහයක් ලෙස එකී ස්වාධීන බව රැකගෙන ඇත. අභියෝගය අනාගත කෘත්‍රිම බුද්ධි භාවිතයකදී මෙම ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමයි. කෙසේනමුත් මානව මූලික හැසිරවීම්වලදී දක්නට ලැබෙන ප්‍රමාදයන් හා වෙනත් පොදු දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා AI ආධාරකයක් වනු ඇත.

විශේෂයෙන් ඡන්ද ලේඛන නිරවුල් කිරීම වැනි කාර්යයවලදී කෘත්‍රිම බුද්ධිය සාධනීය ලෙස භාවිතා කිරීමට පුළුවන් වේ. පුරවැසි අනන්‍යතා දත්ත (Identity Information) වේගවත්ව පිරික්සමින් පද්ධති නිරවුල්කරණයට එය යොදාගත හැකි වනු ඇත. එහිදී මිනිස් ශ්‍රමය සුපරීක්ෂාව සඳහා යෙදවීමට භාවිතා කළ හැකිය. බහු භාෂියික සමාජයකදී සියලු පුරවැසියන්ට තමන් අභිමත භාෂාවකින් තොරතුරු ලබා දීමටද මේවා භාවිතා කළ හැකිය. විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය මූලික කරුණු වන ඡන්දය පවත්වන දිනය ස්ථාන අපේක්ෂක විස්තර සංවාදමය ලෙස පුරවැසියාට දන්වන අතත්‍ය ඡන්ද කොමසාරිස්වරයෙකු පවා විකාරයක් හෝ සෙල්ලම් යෙදුමක් නොවනු ඇත.

එසේම කෘත්‍රිම බුද්ධිය විශ්ලේෂණ සහකරුවෙකු ලෙස යොදාගැනීම හරහා ඡන්ද මධ්‍යස්ථානවලට මානව ශ්‍රමය බෙදාහැරීම කළ යුතු අන්දම පවා කාල කළමනාකරණය කර ගනිමින් සැළසුම් කිරීමට අවස්ථාව තිබේ. ඡන්ද ගණන් කිරීමේදී අද පවතින වේගයට වැඩි වේගයක් අත් කර ගැනීම පිළිබඳවත් අවශ්‍ය නම් කල්පනා කර බැලීමට පුළුවන. නමුත් ගණන් කිරීම අතිශය සංවේදී වන හෙයින් මානව සුපරීක්ෂණයට යටත් වීම අනිවාර්යය වේ. මහාචාර්ය හඳරාගම පෙන්වා දෙන අන්දමට ඡන්ද විමසීම්වලදී සාවද්‍ය ප්‍රචාරණය සඳහා AI යොදාගත හැකිවාක් මෙන්ම ඒවා හඳුනා ගැනීමේ සහායද ඉන් ලබා ගන්නට පුළුවන. වැදගත්ම දේ මනා ලෙස දත්ත සපයන ලද පසුබිමකදී කෘත්‍රිම බුද්ධිය පෙන්නුම් කරන සාපේක්ෂ නිරවද්‍යභාවයයි.

ඒ අතර නව නීතිමය ප්‍රතිපාදනද සම්පාදනය විය යුතු බව නීතීඥ සුසන්ත රත්නායකගේ අදහසයි. කෘත්‍රිම බුද්ධිය ඡන්ද ක්‍රියාවලියේදී වරදක් සිදු කළහොත් එහි වගකීම ගන්නේ කවුද? අතත්‍ය යෙදවුමකට දඬුවම් කරන්නට පුළුවන්ද? එහි ඵලක් ඇතිද?යන ප්‍රශ්න ඔහු මතු කරයි. මේවා තියුණු ලෙස සැළකිල්ලට භාජනය කිරීමෙන් මිස ඡන්ද විමසීම් කාර්යයන්ට AI භාවිතා කිරීමට ඉක්මන් විය යුතු නැත. පුරවැසියන්ගේ සාම්ප්‍රදායික චින්තනයද ඒ හා මුසුවීමට ඉඩ තිබේ. ජනතාව විශ්වාසය තබන්නේ පාරදෘශ්‍ය මැතිවරණ ක්‍රියාවලියකි. ඇහැට පෙනෙන ඡන්ද පත්‍රිකාවකි. අදිසි කෘත්‍රිම බුද්ධිය අවිශ්වාස කරන්නට හේතු යෙදුණහොත් පුරවැසියා සමස්ත මැතිවරණ ක්‍රියාවලියම අවිශ්වාස කරන්නට පෙළඹෙනු ඇත. එම නිසා කළ යුත්තේ කෘත්‍රිම බුද්ධිය ඡන්ද විමසීම් ක්‍රියාවලිවල ආධාරකයෙකු බවට පත් කර ගැනීමයි.

The post ඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය: වහල් වෙමුද වහලෙකු කර ගනිමුද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92/feed/ 0
තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b6%9f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b6%9f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83/#respond Mon, 02 Jun 2025 10:59:07 +0000 https://vivaranalk.com/?p=12922 අසත්‍ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ. ජනමාධ්‍ය පිළිබඳව හෝ මාධ්‍ය ආචාරධර්ම කිසිවක් නොදන්නා පුද්ගලයෙකුට වුවද ඕනෑම ස්ථානයක සිට, ඕනෑම මට්ටමක […]

The post තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම.. appeared first on විවරණ.

]]>
අසත්‍ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ.

ජනමාධ්‍ය පිළිබඳව හෝ මාධ්‍ය ආචාරධර්ම කිසිවක් නොදන්නා පුද්ගලයෙකුට වුවද ඕනෑම ස්ථානයක සිට, ඕනෑම මට්ටමක අන්තර්ගතයක් නිර්මාණය කර ලෝකය පුරා, පොදු අවකාශයට මුදා හැරීමට ගත වන්නේ සුළු මොහොතකි. ඒවා අතර දුස් තොරතුරු, ව්‍යාජ පුවත්, නොමග යවනසුළු අන්තර්ගයන් බහුලය.

සාවද්‍ය තොරතුරු සම්ප්‍රදායික මාධ්‍යයෙන් පැමිණියද, සමාජ මාධ්‍යයෙන් පැමිණියද එහි අවසන් ප්‍රතිඵලය මාධ්‍ය ක්ෂේත්‍රයටත්, පොදුවේ සමස්ත සමාජයටත් කරන බලපෑම සුළුපටු නොවේ.

නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ ජෝෂු ටූකර්ගේ ප්‍රකාශය ඒ බව හොඳින් පැහැදිළි කරයි.

ජෝෂු ටූකර් [Joshua A. Tucker]

මෙටා සමාගම ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන් පවත්වාගෙන යන ආයතන පවසන්නේ ඒවා වාරණය කිරීමට වඩා පරිශීලකයන්ගේ දැනුම අවබෝධය වර්ධනය කරගැනීම වඩාත් ඵලදායක විසඳුමක් බවයි.

සම්ප්‍රදායික මාධ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට අදාළ කාරණා ලෙස සඳහන් වුවද, මේවා සමාජ මාධ්‍ය පරිශීලනයේදීද අදාළ කරගත යුතු කාරණාවන් වේ.

සමාජ මාධ්‍යයේ සහ ඒඅයි වැනි තාක්ෂණික කාරණාවල ව්‍යාප්තිය ඉහළ යමින් තිබෙන පසුබිමක අන්තර්ගතයන් බෙදා ගැනීම, අදහස් දැක්වීම  වැනි කාරණාවලදී මහජනයාටත් දැනුම්වත්භාවයෙන් කටයුතු කරන්නට වගකීමක් තිබේ.

හෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේහෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේ මහතා මේ මහජනයාගේ වගකීම පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

හෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා

මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කර තිබෙන මාධ්‍ය උපමානවලට අනුව සෑම මාධ්‍ය ආයතනයක්ම ස්වකීය ප්‍රවෘත්ති විකාශ, පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේ දී හෝ ප්‍රසිද්ධියට පත්කිරීමේ දී නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතු වේ.

විශේෂයෙන් එම මාධ්‍ය උපමානවල අංක 02 උප ලේඛනයෙහි දක්වා තිබෙන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයන් සඳහා වන උපමාන දක්වා තිබේ.

විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය හසුරුවන්නන් විසින් මාධ්‍ය උපමාණ කඩ කරන අවස්ථා හඳුණාගෙන ඒවා මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ ආයතනවලට දැනුම් දීම සඳහා රටේ පුරවැසියා ඒවා පිළිබඳ දැනුම, අවබෝධය වර්ධනය කරගෙන සිටීම අවශ්‍ය වේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙබරවාරි 17 වන දාය. ඒ ජාතික ජන බලවේගයේ ‘ජය නියතයි – ගම අපිටයි’ මැතිවරණ රැස්වීම් මාලාවේ මන්නාරම ජන රැලියට එක් වෙමිනි. ජය නියතයි ගම අපිටයි රැස්වීම් බොහෝමයක ජනාධිපතිවරයා මේ අදහස ප්‍රකාශ කළේය.

මැතිවරණයක් අභිමුවේදී රටේ ජනාධිපතිවරයා, තමන්ගේ පක්ෂයේ මැතිවරණ වේදිකවල මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම, ඡන්ද දායකයා නොමග යැවීමකි. මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.

ඒ පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබිණි.  ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ රැස්වීම් පැවැත් වූ දිනවල රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති හරහා විකාශය වූ අතර, ඉන් පසුව ජනාධිපතිවරයාගේ කතාවෙන් උපුටා ගන්නා කොටස් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන්වල විශාල ලෙස ප්‍රචාරය වෙන්නට පටන් ගත්තේය.

නමුත් මේ පිළිබඳ විවිධ පාර්ෂවවලින් එල්ල වූ විරෝධයත් සමග තමන් කියන්නේ හොරකම් කරන අය පත් වුණොත් සල්ලි දෙන්නේ නැති බව යැයි, ජනාධිපතිවරයා එම ප්‍රකාශය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනු දක්නට ලැබුණි. 

අදවන විට නොමග යවන සුළු අන්තර්ගතයන්ගේ ස්වභාවය කොපමණ සංකීර්ණ වන්නේද, ඒවා ප්‍රචලිත වීම කෙතරම් ඉක්මනින් සිදු වන්නේද යන්න පිළිබඳ තේරුම් ගැනීම සඳහා මෑත කාලයේ සිදු වූ සිදුවීම් අතරින් මෙය ඉතා වැදගත් උදාහරණයකි.

මැතිවරණ කටයුතු පිළිබඳ පර්යේෂක, නීතිඥ ඩී.එම්. දිසානායක මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

මැතිවරණ කටයුතු පිළිබඳ පර්යේෂක, නීතිඥ ඩී.එම්. දිසානායක

ග්‍රාහකයින් ලෙස, පාඨකයින් ලෙස සාවද්‍ය තොරතුරු, නොමග යවනසුළු අන්තර්ගතයන් හඳුනා ගැනීමේදී අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.

මූලාශ්‍රය පරීක්ෂා කිරීම:

වෙබ් ලිපිනය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ පුවත් අඩවිවල URL හි අක්ෂර වින්‍යාස දෝෂ තිබිය හැකි අතර ඒවා නුහුරු නම් සැක කළ යුතුය.

ව්‍යාජ ප්‍රොෆයිලයකින් පෙනී සිටින්නෙකු ලෙස පෙනී යන්නේද?, දන්නා කියන අයෙකුදැයි විමසිය හැකිය.

විවාදපන්න පුවතක් නම් වෙනත් වගකිව යුතු මාධ්‍ය ආයතන එය වාර්තා නොකර සිටීමට හේතුවක් නැත.

එය කරුණු වාර්තා කරන්නන්ද, හැඟීම් අවුළුවන්නක්ද යන්න තීරණය කළ හැකිය. බොහෝ විට හැඟීම්වලට ආමන්ත්‍රණය කරනු ලබන්නේත්, පුද්ගලික මතයන් ප්‍රකාශ කරන්නේත් නොමග යවනසුළු තොරතුරු බෙදාහරින්නන් විසිනි.

පුවතට අදාළ දත්ත, සංඛ්‍යාලේඛන, ප්‍රවීණයන්ගෙන් උපුටා දැක්වීම් යනාදිය නොතිබේ නම් එය සැක කළ යුතුය. තොරතුරු ව්‍යාකූලද, භාෂාව ව්‍යාකූලද යන්න නිගමනය කළ හැකිවිය යුතුය. බොහෝ විට ආකල්පමය පක්ෂපාතීකම් තිබේ නම් ඒ නිසාම එම තොරතුර බෙදා ගැනීම ගැන දෙවරක් කල්පනා කළ යුතුය. 

කෙනෙකුගේ විහිළුවක් අපට සැබෑවක් ලෙස අර්ථ නිරූපණය විය හැකිය. ඡායාරූප ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ බහා වැඩිදුර සෙවීමෙන් ඊට සමාන ඡායාරූප, ව්‍යාජ ඡායාරූප, සංස්කරණය කරන ලද ඒවා සංසන්දනය කර බැලීමට හැකිවෙනු ඇත.

AI තාක්ෂණය විසින් අපේක්ෂකයින්ගේ කට හඬ, වීඩියෝ දර්ශන පවා කෘතිමව නිර්මාණය කළ හැකි බැවින් මැතිවරණ දිනයට පෙර දිනයේ හෝ ප්‍රචාරය කරන එවැනි අයථා ප්‍රචාරණයකින් ජන මතයට යම් බලපෑමක් කිරීමට ඇතැමුන් උත්සාහ දරන්නට ඉඩ තිබේ.

සම්ප්‍රදායික මාධ්‍යයේදී ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ප්‍රවෘත්ති සංස්කාරකවරුන්, කර්තෘවරුන් සිටින බවත්, සමාජමාධ්‍යයේ එවැනි වගකිවයුත්තෙක් නොමැති නිසා ඒ වගකීම පරිශීලකයින් හෙවත් මහජනයා වෙතම පැවරෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකින් මහතාගේ අදහසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකින්

අවසාන වශයෙන් තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම පිළිබඳ අපේ ජන සමාජයේ ප්‍රචලිත කියමනක් උපුටා දක්වමි. ඒ කියමන නම් “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” යන්නයි.

The post තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b6%9f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83/feed/ 0
දෙමව්පියන්ට දරුවන් පාසල් යවා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා – වෛද්‍ය අජිත් අමරසිංහ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%80%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%80%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a/#respond Tue, 20 Feb 2024 23:26:56 +0000 https://vivaranalk.com/?p=10962 රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමුකොට නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා (20) දින එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ […]

The post දෙමව්පියන්ට දරුවන් පාසල් යවා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා – වෛද්‍ය අජිත් අමරසිංහ appeared first on විවරණ.

]]>
රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමුකොට නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා (20) දින එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

රටේ බංකොලොත්භාවය හේතුවෙන් රටේ අඩකට වඩා කුසගින්නෙන් සිටින බවත්, ආහාර වේල් ගණන සහ ආහාර ප්‍රමාණය අඩුකොට ඇති බවත් රජය අය කරන අධික බදු හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ද ජනතාවට දරාගත නොහැකි ව ඇති බවත් විදුලි බිල අතිශයින් ඉහල ගොස් ඇති බවත් ඒ මහතා මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පැවසීය.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා

මේ වනවිට දරුවන් විශාල ප්‍රමාණයක් පාසැල්වලට යවා ගන්නට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් ජල ගාස්තු ද අධික ලෙස ඉහල ගොස් ඇති බව ද විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා මාධ්‍ය අමතමින් පෙන්වා දුන්නේය.

මේ රටේ ජනතාවගේ හිසෙහි ඇති ගින්න මෙන්ම හදෙහි ඇති ගින්න ද පක්ෂයක් විදියට එක්සත් ජනරජ පෙරමුණ මගින් පෙන්වා දුන් පොදු අවම වැඩපිළිවෙලින් මාස කිහිපයක් තුල රටේ ජනයාගේ බඩගිනි දුක, විදුලි බිල පිළිබඳ දුක, ජල බිල පිළිබඳ දුක, නැතිකොට රටේත් ජනතාවගේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලවලක් සාකච්ඡා කරන බව ද වැඩිදුරටත් දන්වා සිටියේය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුනත් මූලිකවම කළ යුතු ක්‍රියාමාර්ග ගැන එක්සත් ජනරජ පෙරමුණ විසින් එළිදැක්වූ පොදු අවම වැඩපිළිවෙලෙන් පෙන්වා දෙන බව එම මාධ්‍ය හමුව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

අවුරුදු තුනක් ඇතුළත රට සහ ජනතාව පෙළෙන පීඩාවන්ගෙන් මුදාගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය හෝ වෙනත් පක්ෂයක් සතුරු කරගෙන එක්සත් ජනරජ පෙරමුණ දේශපාලනය නොකරන බව ද එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

රටේ තිබෙන ප්‍රධාන අභියෝගය ආර්ථික බංකොලොත්භාවය සහ දේශපාලන පරිපාලන තන්ත්‍රය  කඩාගෙන වැටීම නිසා සෙසු පක්ෂ සතුරෙක් යැයි සිතා පිල් බෙදී  කටයුතු කිරීම නොවන බවද ඒ මහතා මාධ්‍ය හමුව අමතමින් වැඩි දුරටත් පැවසීය.

ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන

රටට අවශ්‍ය කරනුයේ වැඩ පිළිවෙලක් මිස අපේක්ෂකයන්ගේ නම් නොවන බවත් නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මූලික කොටගෙන එයට ජනවරමක් ලබා ගෙන එය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා පැවසීය.

ඒ සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග  නුදුරේම  සාකච්ඡා පවත්වන බවත් ඉන් අනතුරුව සෙසු පක්ෂ සමග ද සාක්ච්ඡා පවත්වා ඝෝෂා ගැටුම්කාරී, චෝදනාකාරී, දේශපාලන සංස්කෘතිය වෙනුවට, නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයක් විදියට කටයුතු කරන බවද එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා පැවසීය.

රට සහ ජනතාව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් රටේ අභියෝගය භාරගන්න පුළුවන්, අභියෝග වලට මුහුණ දිය හැකි, ජනතාව විශ්වාස කරන, ජනතාව ආදරය කරන, නිර්භීත, කෙලින් වැඩකරන, කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයෙක්ව  ජනාධිපති අපේක්ෂකයෙක් විදියට අපිට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයිද ඒ මහතා මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

දැනට ජනාධිපති අපේක්ෂකයින් ලෙස සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක සහ දිලිත් ජයවීර මහත්වරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට ඇති බවත් පක්ෂ දේශපාලනය එසේ හෙයින් එයට වරදක් කිව නොහැකි බව සඳහන් කළ කරු පරණවිතාන මහතා පක්ෂ දේශපාලනයෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව අවධාරණය කළේය.

The post දෙමව්පියන්ට දරුවන් පාසල් යවා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා – වෛද්‍ය අජිත් අමරසිංහ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%80%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a/feed/ 0
බංකොලොත් රටේ සුවය සුරැකීම.. https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%93/#respond Thu, 24 Aug 2023 05:48:29 +0000 https://vivaranalk.com/?p=9575 ‘..ශ්‍රී  ලංකාව ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ 10-12% අතර ප්‍රමාණයක මිල අධික, ප්‍රමාණයෙන් අඩු ඖෂධ සඳහා.. ..ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ බංකොලොත්භාවයට හේතු කිහිපයක් වන බවය. ඒවා නම් දරා ගත නොහැකි මට්ටමට වඩා වියදම් කිරීම, දරාගත නොහැකි ආකාරයෙන් ණය ලබා ගැනීම, ආදායම අහිමි වීම යනාදියයි.’ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ බංකොලොත්භාවයට හේතු […]

The post බංකොලොත් රටේ සුවය සුරැකීම.. appeared first on විවරණ.

]]>
‘..ශ්‍රී  ලංකාව ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ 10-12% අතර ප්‍රමාණයක මිල අධික, ප්‍රමාණයෙන් අඩු ඖෂධ සඳහා..

..ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ බංකොලොත්භාවයට හේතු කිහිපයක් වන බවය. ඒවා නම් දරා ගත නොහැකි මට්ටමට වඩා වියදම් කිරීම, දරාගත නොහැකි ආකාරයෙන් ණය ලබා ගැනීම, ආදායම අහිමි වීම යනාදියයි.’ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ බංකොලොත්භාවයට හේතු කිහිපයක් වන බවය. ඒවා නම් දරා ගත නොහැකි මට්ටමට වඩා වියදම් කිරීම, දරාගත නොහැකි ආකාරයෙන් ණය ලබා ගැනීම, ආදායම අහිමි වීම යනාදියයි..”

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ප්‍රකාශ කළේ ‘ජනරජ කතිකා’ සම්මන්ත්‍රණ මාලාවේ ‘බංකොලොත් රටේ සුවය සුරැකීම’ මැයෙන් වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී  (22) දින පස්වරුවේ පැවැත්වූ සම්මන්ත්‍රයකදීය.

විවිධ රටවල් සමග සංසන්දනය කරන විට ද.ජා. නිෂ්පාදිතයෙන් සෞඛ්‍යය සඳහා ශ්‍රී ලංකාව වියදම් කරන ප්‍රමාණය ඉතාමත් අවම මට්ටමක පවතී. එම නිසා සෞඛ්‍ය සඳහා කරන වියදම තවදුරටත් අඩු කළ යුතුය යන තර්කය කිසි කෙනෙකුට ගෙන ආ නොහැක. පුද්ගලයන්ගේ ආදායම අඩු වී තිබේ. රැකියා වියුක්තිය වැඩි වී තිබේ. එය සෞඛ්‍යයට බලපාන සමාජමය සාධකවලින් එකකි. උද්ධමනකාරී තත්ත්වය තුළ ආහාර මිල දී ගැනීමේ හැකියාව අඩු වී තිබේ. විවිධ ඖෂධවල මිල වැඩිවීම පසුගිය වසර තුළ විශාල ප්‍රතිශතයකින් සිදුව තිබේ. ඖෂධ මිල දී ගැනීම අඩු වී තිබේ. ජනගහණයෙන් 79% ක් මේ වන විට විවිධ ආකාරයෙන් තමන්ගේ ආහාර ගැනීම අඩු වී තිබේ. 78% ක් මිල අඩු ආහාරවලට යද්දී 49% ක් තමන් ගන්නා ආහාරවල ප්‍රමාණය අඩු කර තිබේ. 39%ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කර තිබේ. 95% කින් ආහාර උද්ධමනය ඇති ව තිබේ.ලෝකයේ හතරවෙනි මට්ටමේ ආහාර මිල අධික වීමේ තිබෙන්නේ ලංකාවේ ය.

ජනරජ කතිකාවට එක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ප්‍රධාන ගැටළු 6 කට මුහුණ දෙන බව ය. අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, හදිසි අවශ්‍යතා ලෙස සළකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය රහිතව ඖෂධ මිල දී ගැනීම; (ඖෂධවල ගුණත්වය/තත්ත්වය, ආරක්ෂාව, බලපෑම් සහගත බව සම්බන්ධයෙන් ගැටළු පැන නැග තිබේ,), රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම, ඖෂධ මිල ගණන් දිනෙන් දින නොනවත්වා ඉහළ යාම, සෞඛ්‍ය උපකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම, වෛද්‍යවරු ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල සාමාජියකයන් රට හැර විදේශගත වීම එම ගැටලු වෙයි.

තමන් ඇතුළු විවිධ පාර්ශව ඖෂධ හිඟයක් පැමිණෙන බව පසුගිය වසර මුල දී අනතුරු හැඟ වූ බව ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේය. 2022 පෙබරවාරි මාසයේ දී ඖෂධ හිඟයක් පැමිණෙන බවත්, එම ගැටළුව විසඳීම සඳහා ගත යුතු පියවරයන් ද සඳහන් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත අනතුරු අඟවන ලද අතර, අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඖෂධ හිඟය සම්බන්ධ අනතුරු ඇඟවීමක් සහ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලදී. 2022 මැයි 23 වෙනිදා වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟය මග හරවාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් විගණකාධිපතිවරයා විසින් විශේෂ වාර්තාවක් ද නිකුත් කරන ලදී. ඒ සියලු අනතුරු ඇඟවීම් සිදු කර තිබිය දී ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වීම ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාව තම වාර්ෂික ඖෂධ අයවැයෙන් 35% ක් ඖෂධ සඳහා වැය කරයි. ඉන් 85% ක් ආනයනය කරන බවත්, ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ 10-12% අතර ප්‍රමාණයක මිල අධික, ප්‍රමාණයෙන් අඩු ඖෂධ සඳහා බවත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහිදී අනාවරණය කළේය. ජාතික ඖෂධ අයවැයෙන් විශාල මුදලක් ඖෂධ මිල දී ගැනීම සඳහා යෙදවූව ද, පෞද්ගලිකව ජනතාව තම පසුම්බියෙන් ඖෂධ වෙනුවෙන් කරන වියදම ද අධික ය. ඖෂධ ද හිඟ ය. රු. බිලියන 58 ක් වූ රාජ්‍ය අංශයේ මිල දී ගැනීම්වලින් රු. බිලියන 42 ක් පමණ වටිනා ඖෂධ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් මගින් මිලට ගන්නා අතර, ඉතිරි රු.බි. 16 වැයවන්නේ හදිසි ඖෂධ මිල දී ගැනීම් වැනි කටයුතුවලට ය.

මෙම කතිකාවත සඳහා මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන් ද, එක් වූ අතර, දේශන අවසානයේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සභාවක් ද පවත්වන ලදී.

The post බංකොලොත් රටේ සුවය සුරැකීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%93/feed/ 0
නිමලරාජන්ගේ මාධ්‍ය හැඳුනම්පත හා බයිසිකලය.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b1/#respond Fri, 02 Dec 2022 06:37:28 +0000 https://vivaranalk.com/?p=6634 යුද්ධය පැවති සමයේ උතුරේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියදී ඝාතනය ලක්වූ මයිල්වාහනම් නිමලරාජන් ගැන මේ දිනවල දකුණේ මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂාව සඳහා රටින් පලාගිය මාධ්‍ය සගයෝ කඳුළු සලමින් වර්ණනා කරමින් දුක්-ගුණ ගයමින් වයමින් පත්තර පිටු, වෙබ් හා FB පිටු පුරා ලියමින් සිටිති. නිමලරාජන් තම මාධ්‍ය කටයුතු වල නියැලුණේ රාජකාරි මාධ්‍ය හැඳුනුම්පතක් පවා නොමැතිව වන අතර, ඔහු […]

The post නිමලරාජන්ගේ මාධ්‍ය හැඳුනම්පත හා බයිසිකලය.. appeared first on විවරණ.

]]>
යුද්ධය පැවති සමයේ උතුරේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියදී ඝාතනය ලක්වූ මයිල්වාහනම් නිමලරාජන් ගැන මේ දිනවල දකුණේ මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂාව සඳහා රටින් පලාගිය මාධ්‍ය සගයෝ කඳුළු සලමින් වර්ණනා කරමින් දුක්-ගුණ ගයමින් වයමින් පත්තර පිටු, වෙබ් හා FB පිටු පුරා ලියමින් සිටිති.

නිමලරාජන් තම මාධ්‍ය කටයුතු වල නියැලුණේ රාජකාරි මාධ්‍ය හැඳුනුම්පතක් පවා නොමැතිව වන අතර, ඔහු තම වර්ගයාගේ අයිතිය හා යුද්ධයේ දී ඔවුන් මුහුණ දී සිටි ඛේදජනක තතත්වය සෙසු ලෝකයාට නිරාවරණය කිරීම වෙනුවෙන් මාධ්‍ය භාවිතා කළ අයෙකි. ඔහුගේ ප්‍රයත්නය දකුණේ සිංහල සාමවාදී මාධ්‍ය මිතුරන්ට පාඩමක් ඉගැන්වීමකි. කාටත් ප්‍රථම රටින් බැහැරවීමට ඉඩකඩ තිබියදී ඔහු තම මාධ්‍ය යුතුකම අකුරටම ඉටුකරමින් තම හුස්ම උතුරේ දෙමළා වෙනුවෙන් මුදාහරිමින් සියලු අවධානම් මත එහිම රැඳි සිටින්නට තීරණය කළ මාධ්‍යවේදියෙකි.

මංජුල වෙඩිවර්ධන මහතා ප්‍රංශයේ සිට නිමල්ගේ බයිසිකලය ගැන ලියයි. ඔහු ද දකුණේ සිංහල සමාජය තුළ සිටිමින් දෙමළාගේ අයිතිය හා සාමය වෙනුවෙන් කතා කර අවසානයේ ජීවිතය රැක ගැනීමට විදේස්ගත වූ අයගේ කෙනකි. එසේ නොවූවේ නම්  ඔහුටද නිමලරාජන්ට අත් වූ  ඉරණමම අත්වන්නට ඉඩ තිබිණි.

නිමලරාජන් වැඩිපුර දේශියව ප්‍රවෘත්ති ලබාදුන්නේ හා ගනුදෙනු කරනු ලැබුවේ රාවය පුවත්පතේ මාධ්‍ය සගයින් සමගය.  මංජුල වෙඩිවර්ධන ද එවකට රාවයේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකි එහෙත් නිමලරාජන් රාවයෙන් හැඳුනුම්පතක් ඉල්ලූ විට එය නොදී සිටීමට රාවයේ අයිතිකාර මුදලාලි වික්ටර් අයිවන් වගබලා ගත්තේය. ඒ අවස්ථාවේදී අද නිමලරාජන් වෙනුවෙන් කඳුළු හෙළන මංජුල වෙඩිවර්ධන ඇතුළු රාවයේ මාධ්‍යවේදීන්ට කට අරින්නට හැකියාවක් තිබුණේ නැත. රාවයේ මාධ්‍ය සගයින්ට නිමලරාජන් වෙනුවෙන් සටන් කිරීමට ද හැකියාවක තිබූණේද නැත. ඒ සියලු දෙනා වික්ටර් දඩුකදේ සිරවී අසරණව සිටිහය. (මේ වන විට රාවය ද නැත. කට්ටිය ආගිය අතක් නැත. හැබැයි වික්ටර් අයිවන් ඇත.)

උතුරේ අරගලය ගැන මේ වන තෙක් එකම ස්ථාවරයක සිටින නව සම සමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පුවත්පතේ කටයුතු කළ සහෝදරවරු නිමලරාජන්ට තම යුතුකම ඉෂ්ට කරන්නට ඉදිරියට පැමිණියෝය. ඒ එවකට බිබිසි සන්දේශයේ සේවයේ නියුතුව සිටි චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයාගේ මැදිහත් වීම මතය. ඒ අනුව තම මාධ්‍යකරණයේ කටයුතු නිදහසේ කටයුතු කිරීමට රජයෙන් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත නිමලරාජන්ට ලබාදිමට කටයුතු කළේ හරය පුවත්පත ය. බිබිසී සන්දේශයට සම්බන්ධ වන තෙක් චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයා හරය පුවත්පතේ කටයුතු කළ මාධ්‍යවේදියකි.

යුද්ධයේ උච්චතම අවස්ථාවලදී පවා නිමලරාජන් යාපනය අතනොහැර තම සහෝදර ජනයා වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකරමින් සිටියේය. මේ වකවානුව තුළ ඔහු ඝාතනය කරන ලද්දේ රාජ්‍ය අනුග්‍රහය යටතේ බව එකළ බොහෝ දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි. පසු කාලීනව නිමලරාජන් ඝාතනය කළ සැකකරුවකු ලන්ඩනයේදී අත්අඩංගුවට පත්විය.

නිමල රාජන්ට යුක්තිය ඉටුකිරීමට දකුණේ සාමය වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන් ගත් උත්සාහයේ තරමත්, තම තමන්ගේ මාධ්‍ය ආයතනවල නිමලරාජන් ඝාතනයට එරෙහිව පෙනිසිටි තරමත් ගැන තම හදවතට තට්ටු කර විමසා බලන ලෙස මේ ගුණ ගයන මංජුල වෙඩිවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් සගයන්ට නැවත වරක් මතක් කර සිටිමු.

නිමලරාජන් මරා දැමූ පසු ඔහුගේ දෙමව්පියන් දකුණට ගෙනැවිත් ආරක්ෂිත නිවාසයක රඳවා තබාගනිමින් ඔවුන් දිවයිනේන් පිටත්කොට හැරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේ ඒ වියපත් දෙමව්පියන් වැළඳගෙන සමුදුන් නිමලරාජන්ගේ මාධ්‍ය මිතුරන් එසේ කරන්නට ඇත්තේ, සැබැවින්ම නිමලරාජන් වෙනුවෙන් තම යුතුකම ඉෂ්ඨ කරගන්නට බැරි වීමේ සිත් කම්පාවට විය හැක.

අද වනවිට විදේස්ගතව සිටින සමහර මාධ්‍යවේදීන් සියලු අවදානම් දුෂ්කරතා මැද දිවයිනේ වාසය කරමින් රට අතහැර නොගොස් තම යුතුකම් ඉටුකරමින් සිටින මාධ්‍ය සහෝදරවරුන්ගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදීම ගැන විශ්මය දනවන කතා රාශියක් අප සතුව තිබේ.

මංජුල වෙඩිවර්ධන මහතා නිමලරාජන්ගේ බයිසිකලය ගැන පමණක් නොව, ඔහු වෙනුවෙන් ඉටුකළ හැකිව තිබියදීත් අපෙන් අතපසු වූ දේවල් ගැනත් කෙරුවානම් සහ නිමල්ගේ මාධ්‍ය හැඳුනුම්පත ගැනත් මතක් වූවා නම් ඒ සියල්ලට නිමල්ගේ බයිසිකලයට වඩා වටිනාකමක් ඇත්තේය.

අඩුම තරමින් ඝාතනය කරනු ලැබූ නිමලරාජන් සමරා දැනෙන ගුණ සමරුවක්වත් පවත්වන්නට ඔහු ගැන කඳුළු සලන මාධ්‍ය සගයන්ට නොහැකි විය. නිමලරාජන් වෙනුවෙන් පවත්වන ලද අනුස්මරණය වඩාත් පලදායි මාධ්‍ය වැඩමුළුවක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු කළේ එවකට බීබීසී/සන්දේශයේ ප්‍රධානියා වූ නැසිගිය ප්‍රියත් ලියනගේ නැසිගිය ගිය එල්මෝ ප්‍රනාන්දු, ඇතුළු බීබීසි මාධ්‍ය සගයින්ය. එහිදි එය සාර්ථක කරගැනීමට හරය පුවත්පත වෙනුවෙන් මේ ලියන ලියුම්කරු ඇතුළු හරයේ මාධ්‍යෙවේදීන් පිරිසද කටයුතු කරන ලද බව සටහන් කොට තැබීම වැදගත්ය.  

තවත් කියන්නට බොහෝ දේ ඇත…

ඒ නිසා…
“නිමලරාජන්ට ඔහුගේ සොහොනේ නිදහසේ සැතපෙන්න ඉඩ දෙන්න”
“සාමිනාදන් විමල්ට ඔහුගේ කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න”

The post නිමලරාජන්ගේ මාධ්‍ය හැඳුනම්පත හා බයිසිකලය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b1/feed/ 0
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත..  https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%94/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%94/#respond Fri, 04 Mar 2022 06:57:05 +0000 https://vivaranalk.com/?p=4094 රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාමයන වයස අවුරුදු 65 දක්වා දීර්ග කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ග කිරීමට ගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇතිබව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව රාජ්‍ය සේවකයින් සතුටු කිරීමේ ප‍්‍රයෝගයක් වශයෙන් ගත් දේශපාලන තීන්දුවකි. නැතහොත් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයට පැලැස්තරයකි. ඒවැනි සේවා දීර්ග කිරීමක දී සලකා බැලිය […]

The post විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත..  appeared first on විවරණ.

]]>
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාමයන වයස අවුරුදු 65 දක්වා දීර්ග කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ග කිරීමට ගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇතිබව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව රාජ්‍ය සේවකයින් සතුටු කිරීමේ ප‍්‍රයෝගයක් වශයෙන් ගත් දේශපාලන තීන්දුවකි. නැතහොත් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයට පැලැස්තරයකි. ඒවැනි සේවා දීර්ග කිරීමක දී සලකා බැලිය යුතු කරුණු ගණනාවක් පැවතිය ද ජනගහනයේ ආයු අපේක්‍ෂාව ඉහළයාම පමණක් එකම සාධකය වශයෙන් ගෙන විශ‍්‍රාම යන වයස දීර්ඝ කිරීම ඉතාම හාස්‍යජනකය. පුහුණු මානව ශ‍්‍රමය සපයා ගැනීමේ ගැටළු ඇති බොහෝ රටවල් විශ‍්‍රාම වයස ඉහළ දැමීම මගින් ශ‍්‍රම අව්‍යතාව සපුරා ගනී. නැතහොත් සේවකයාගේ කායික මානසික සහ කාර්යඵල සාධනය ඇගයීම මත විශ‍්‍රාම වයස තීරණය කිරීම වැනි ක‍්‍රමවේද අනුගමනය කරයි. ජපානය වැනි රටවල යාවජීව සේවා නියුක්තියක් නැතහොත් විශ‍්‍රාම ගැනීමේ නිශ්චිත වයසක් නැත. සේවකයාට තම කායික, මානසික යෝග්‍යතාව අනුව එය තීරණයකළ හැකිය. නමුත් ජපානයේ පවතින වැඩ සහ ආයතනික සංස්කෘතිය අනුව කාර්යඵල සාධන මට්ටම පවත්වා ගැනීම අත්‍යාවශ්‍යය. ලෝකයේ බොහෝ රටවල ක‍්‍රියාත්මක වන්නේ ද කාර්යඵලසාධනය මත වැටුප් තීරණයවන සහ විශ‍්‍රාමයන වයස තීරණයවීමයි.   

අප දන්නා තරමට ශ‍්‍රී ලංකාවට එවැනි පුහුණු ශ‍්‍රමය සපයා ගැනීමේ ගැටළුවක් රාජ්‍ය අංශයට නැත. අනෙක් අතට රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව අනුව වැටුප් ගෙවන ක‍්‍රමයක් ද නැත. රාජ්‍ය අංශය දැනටත් ආර්ථිකයට ඉසිලිය නොහැකි තරමට ප‍්‍රසාරණය වී ඇත. ඒ අතරම විරැකියාවෙන් හෝ ඌන සේවා නියුක්තියෙන් පෙළෙන තරුණ උපාධිධාරීන් සෑම වර්ෂයකම ශ‍්‍රම බලකායට අලූතින් එකතුවේ. එවැනි තත්ත්වයක් තුළ විශ‍්‍රාම වයස ඉහළ දැමීම කොතෙක් නිවරදි තීරණයක්දැයි සොයා බැලීම වැදගත්ය.

වර්තමානයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයේ ද සේවා කාලය වසර පහකින් දීර්ග කළ යුතුයැයි සාකච්ඡා වෙමින් පවතින අතර රජය ද ඒ සඳහා ඉතා උනන්දුවෙන් ක‍්‍රියාකරන බව ද පෙනේ. දැනටත් රාජ්‍ය අංශයේ සෙසු සේවකයින්ට වඩා අවුරුදු 5ක් වැඩිපුර සේවය කිරීමෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විශ‍්‍රාම ගනී. නැතහොත් ඔවුන්ගේ විශ‍්‍රාම වයස 65යි. මෙම සීමාව අවුරුදු 70 දක්වා දීර්ඝ කිරීම කළහොත් එය විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැනට මුහුණ දී ඇති අර්බුදය තවදුරටත් නිසැකවම වැඩිකරනු ඇත. දැනටත් පශ්චාත් උපාධි නිමකිරීමට විදෙස්ගතවන අය නැවත රටට නොපැමිණිමේ වාතාවරණයක් පවතී. මේ තත්ත්වය අනිවාර්යයෙන් ම විශ‍්‍රාම වයස 70 දක්වා වැඩි කළහොත් උග‍්‍ර අතට හැරේ. උදාහරණයක් වශයෙන් වයස අවුරුදු 35 දී ආචාර්ය උපාධිය නිමකරන කෙනෙක් විශ්වවිද්‍යාලයට බඳවාගත හැකි වන්නේ ඔහුගේ/ඇයගේ වයස අවුරුදු 40 දීය. ඒ නිසා ඔහු/ඇය ආචාර්ය උපාධිය නිමකළ රටේම නැවතී සිටීම වඩා යෝග්‍යයැයි  සිතයි. ඒ අනුව ඉදිරියේ දී විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලවලට පශ්චාත් උපාධි නිමකළ අය බඳවා ගැනීම අතිශය අර්බුදකාරී තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකිය.

ශාස්ත‍්‍ර පීඨවලටත් වඩා මෙම ප‍්‍රශ්නය විද්‍යා හා ඉංජිනේරු වැනි අංශවලට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වනු ඇත. දැනටත් එම පීඨවලට පශ්චාත් උපාධිසහිත පුහුණු උපාධිධාරීන් අධ්‍යයන කාර්ය මණ්ඩලවලට බඳවා ගැනීම ගැටළුවක්ව පවතී. ඊට එක් හේතුවක් වන්නේ විදේශ රටවල ඔවුන්ට ඇති ඉල්ලූම හා ඉහළ වැටුප් මට්ටමට සාපේක්‍ෂව ලංකාවේ තත්ත්වය පහළ මට්ටමක පැවතීමයි. අනෙක් අතට ලංකාවේ පවතින දූෂිත ජරාජීර්ණ  දේශපාලනික සහ සමාජ පරිසරය විසින් ඔවුන් එම රටවලම සිටීමට අමතර උත්තේජනයක් සපයයි. විශ‍්‍රාම යන වයස තවත් අවුරුදු 5න් වැඩිකිරීම යනු ඔවුන්ට විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇතුළත්වීමට ඇති කැමැත්ත හෝ ඉඩ ප‍්‍රස්ථාව තවත් අවුරුදු 5කින් කල් දැමීමය.  අනිවාර්යයෙන් ම එය ඔවුන් මෙරරට පැමැණිමට ඇති කැමැත්ත අවහිර කරයි. එහි ප‍්‍රතිඵලය වන්නේ විශ්වවිද්‍යාලවලට සාමාන්‍ය උපාධියෙන් විශිෂ්ඨ දක්ක්‍ෂතා දැක්වූ කෙටි කලකින් පශ්චාත් උපාධි නිමකර පිරිස් අහිමිවීමය. ඒ වෙනුවට ඊට පහළ සුදුසුකම් සහිත පිරිස් බඳවාගැනීමට සිදුවේ. එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට දැඩිව බලපායි.

2011 සිට විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගේ සංගමය ගෙන ගිය අරගලවල ප‍්‍රධාන සටන් පාඨයක් වූයේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ දැමීමයි. අපට පෙනීයන ආකාරයට නම් විශ‍්‍රාම වසය තවදුරටත් ඉහල දැමීම ගුණාත්මකභාවය ඉහළ දැමීට නොව පහළ දැමීමට වැඩිපුර හේතුවනු ඇත. ඒ අනුව ආචාර්යවරුන්ගේ සංගමය මීට ඉඩ දෙන්නේ නම් ඉදිරියේ දී ඔවුන්ට තම සටන්පාඨය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමේ හැකියා අභියෝගයට ලක්වනු ඇත.

සාමාන්‍යයෙන් වෘත්තීය සාධනය අනුව වයස අවුරුදු 65ක් යනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්ය හෝ ජ්‍යෙෂ්ට මහාචාර්ය තනතුරට පවත්වේ. එය ඔවුගේ හෝ ඇයගේ වෘත්තීය සාධනයේ ඉහළම මට්ටමයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලබන වැටුපෙන් ආචාර්ය උපාධිය සහිත දෙදෙනෙක්  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට බඳවාගත හැකිය.  කථිකාචාර්ය තනතුරට නම් තුන්දෙනෙක් බඳවාගත හැකිය. අනෙක් අතට කායික මානසික ඇගයීමකින් තොරව වයස අවුරුදු 65 ඉක්ම වූ පසු සේවය කළහැකි ද යන්න නැවත සිතා බැලිය යුතුය. විශ‍්‍රාම වයස් 70 දක්වා ඉහළ  දැමීමට පක්‍ෂව අදහස් දක්වන වැඩි දෙනෙක් තර්ක කරන්නේ වයස 65න් පස්සේ තම විශ‍්‍රාම ජීවිතය ආර්ථික වශයෙන් දැඩි ප‍්‍රශ්නවලට මුහුණ දෙන නිසාය. එහි යම් සාධාරණ බවක් ද පෙනේ. එහෙත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ විශ‍්‍රාම දිවිය වේලාසනින් සැලසුම් නොකිරීම නිසාය. නැතහොත් ඊට ගැලපෙන යාන්ත‍්‍රණයක් නොමැතිකමය. පක්‍ෂව තවත් තර්කයක් වන්නේ වයස අවුරුදු 65න් විශ‍්‍රාම යන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දැනුම, ඵල පුරුද්ද ඊට පහළ පරම්පරාවට අවශ්‍ය වන බවයි. එය ඉතා වැදගත්, වලංගු තර්කයකි. අපදන්නා ආකාරයට ඔවුන්ගේ සේවාව තවදුරටත් ලබාගැනීමට දැනට පවතින ක‍්‍රමවේදය තුළ වුව ද කිසිදු බාධාවක් නැත. සම්මානිත මහාචාර්ය තනතුරු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇත්තේ එවැනි පිරිස්වල සේවය තවදුරටත් ලබා ගැනීමටය. අනෙක් අතට කිසියම් මහාචාර්යවරයෙකුගේ සේවය අවශ්‍යනම් ඔහු/ඇය තවදුරටත් කොන්ත‍්‍රාත් පදනම මත හෝ බාහිර දේශකවරයෙකු වශයෙන් බඳවා ගැනීමේ කිසිදු අවහිරයක් නොමැත. ඒ අනුව කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දීර්ගකිරීමට අනුරූපව විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලවල විශ‍්‍රාම වයස 70 කිරීම හෝ එසේ කිරීමට යෝජනාකරීම පදනම් විරහිත ජුගුප්සාසහගත දෙයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මුහුණ පොතේ තබා ඇති සටහන බලන්න

https://www.facebook.com/professorprasannaperera

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි තම මුහුණ පොතේ තබා ඇති සටහන බලන්න

https://www.facebook.com/nirmal.dewasiri.3

The post විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත..  appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%94/feed/ 0