Srinath Perera [Attorney At Law], Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Mon, 13 Nov 2023 05:05:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Srinath Perera [Attorney At Law], Author at විවරණ 32 32 කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80/#respond Mon, 13 Nov 2023 05:01:58 +0000 https://vivaranalk.com/?p=10320 ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන කඳුකර දෙමළ ජනයා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒම ඇරඹා වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුනා. ඒ වැඩසටහන්වලින් ප්‍රධානතම වැඩසටහන ලෙස හඳුන්වන්න පුලුවන් තලේමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි “මලෙයියග මක්කල්” පාගමන. […]

The post කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය.. appeared first on විවරණ.

]]>
ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන කඳුකර දෙමළ ජනයා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒම ඇරඹා වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුනා. ඒ වැඩසටහන්වලින් ප්‍රධානතම වැඩසටහන ලෙස හඳුන්වන්න පුලුවන් තලේමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි “මලෙයියග මක්කල්” පාගමන. ජූලි 28දා සිට අගෝස්තු 12 දා දක්වා දැඩි අව්‍ රෂ්මිය මැද පැමිණි මේ පාගමන එදා අතිශය දුෂ්කර පරිසරයක සහ ගමන් මගක වත්මන් කඳුකර දෙමළ ජනයාගේ මුතුන්මිත්තන් පැමිණි ආකාරය ඡායාමාත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය කළා.

කඳුකර දෙමළ ජනයා ගැන මේ අවස්ථාවෙදි නැවත ලියන්න හේතුවුනේ එක අතකට වසර 200ක් ගතවෙලත් රජය පැත්තෙන් මේ කාරණය ගැන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නොකිරීමත් අනෙක් අතට මේ ජනතාවගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් නව මානයන්ගෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පෙනීගොස් තිබීමත් නිසයි. පහුගිය අගෝස්තු 10දා මේ ජනයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුනා. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද මන්ත්‍රීවරුන් එකිනෙකාට ඇඟිලි දික්කරමින් එක එක දේවල් කිව්ව නමුත් ආණ්ඩුව පැත්තෙන් නිල ප්‍රකාශයක් හෝ විපක්ෂය පැත්තෙන් නිශ්චිත යෝජනාවක් හෝ ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා ඒක අපතේ ගිය විවාදයක් බවට පත්වුනා. 

මේ විදියට යහපත් නාමකරණයක් සඳහා වෙර දරන අතර ඓතිහාසික වශයෙන් කඳුකර දෙමළ ජනයාට සිදුවූ වැරදි නිවැරැදි කරගන්නත් මේ තමයි හොඳම කාලය. ඉහත කී සාකච්ඡාවෙදි මේ කරුණ කෙරෙහිත් ලොකු අවධානයක් යොමු වුනා. ⁣⁣⁣ඒ අනුව අවධාරනය කෙරුනු ප්‍රධාන කාරණය වුුයේ ඓතිහාසික වශයෙන් ප්‍රධාන කොටම මේ ජනතාවට බ්‍රිතාන්‍ය පාලකයන් වෙතින් සහ ඊට අමතරව ඉන්දීය සහ ලංකාවෙ ආණ්ඩුවලිනුත් අසාධාරණයන් සිදුවූ බව නිල වශයෙන් පිලිගැනීම ඉංග්‍රීසි පාලකයන්ගේ ක්‍රියාකලාපය හුදු අසාධාරණයකින් එහාට ගොස් අපරාධයක මට්ටමක ලා සැලකිය යුතු බවයි. ⁣ඔස්ට්‍රේලියාවේ ඇබොරිජින් ජනතාවට සුදු පාලකයන් විසින් සලකන ලද ආකාරයත්, කොරියාව ආක්‍රමණය කළ ජපන් හමුදාව එහි ස්ත්‍රීන් ලිංගික වහලියන් සේ ගැනීමත් අපරාධයක ස්වභාවය ගන්නා බවටත් විවිධ ජාත්‍යන්තර ආයතන විසින් නිගමනය කොට තියෙනවා. මෙම ඉල්ලීම ජාත්‍යන්තර මට්ටමින් පෙරට ගෙනයාම ලංකාවේ ආණ්ඩුවේ වගකීමක්. ඒ අනුව බ්‍රිතාන්‍ය  ආණ්ඩුව තමන් විසින් මේ ජනතාවට කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරද පිළිගෙන සමාව අයැද සිටිය යුතු වෙනවා. බ්‍රිතාන්‍යය තුළ වහල් මෙහෙය අවසන් කළත් 1948දි මෙරටින් නික්ම යන තුරුම බ්‍රිතාන්‍ය පාලකයන් වතු කම්කරුවන්ට සැලකුවේ වහල් තත්ත්වයෙන්. ඇත්ත වශයෙන් කිව්වොත් 1975 දක්වාම මෙරට තේ වතු පාලනය කළේ සුදු ජාතිකයන්. ඒ නිසා ඉංග්‍රීසි පාලකයන්ගේ ක්‍රියා කලාපය අපරාධකාරී ස්වභාවයක් ගන්නව කියන එක අමුතුවෙන් කියන්න ඕනත් නැහැ.

තේ වතු කම්කරුවන් සමඟ බ්‍රිතාන්‍ය වැවිලිකරුවෙකු..

එබැවින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව තම වරදකාරීත්වය පිළිඅරගෙන කදුකර දෙමළ ජනයා වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වෙනවා. ලංකා ආණ්ඩුව මේ කාරණය ජාත්‍යන්තර තලයට ගෙනගොස් බ්‍රිතාන්‍ය පාලකයන් වෙතින් එදා සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා වන්දි ගෙවීමක් සිදුකළ යුතුයි. එය කිසිසේත් ස්වෙච්ඡාවෙන් සිදුවන දෙයක් නොවනු ඇති. ඒ නිසා ලංකා ආණ්ඩුව මේ කාරණය අතට අරගෙන ඒ සම්බන්ධයෙන් එක අතකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග සාකච්ඡා ආරම්භ කළයුතු අතර ජාත්‍යන්තර තලයේ කැම්පේන් එකක් ද ගෙන යායුතු වෙනවා.

මේ අනුව බලන කොට ලංකාවෙ ආණ්ඩුවෙ ක්‍රියා කලාපයත් සුදු පාලකයන්ට වඩා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මෙරට ආණ්ඩුවලටත් ගැලවීමක් නැහැ. ඔවුනුත් ඉංග්‍රීසි පාලකයන් වගේම මේ කාරණයෙදි සම විත්තිකරුවෙක් වෙනවා. ඒ නිසා ලංකාවෙ ආණ්ඩුවත් මේ ජනතාවගෙන් සමාව අයදින්න ඕන කදුකර දෙමළ ජනයාට සිංහල ආණ්ඩුවලින් වූු අසාධාරණයන් සම්බන්ධයෙන්. ඒ වගේම ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුද වෙනවා.

The post කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80/feed/ 0
රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f/#respond Fri, 24 Mar 2023 07:10:29 +0000 https://vivaranalk.com/?p=7684 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරිවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික‍්‍රමසිංහ 2001 දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ මාවතේ නොගිහින් LTTE සංවිධානය සමග සටන් විරාමයකට එළඹීම, සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම වැනි යම් ඉදිරිගාමී පියවර කීපයක් ඔහු ගත්තද අගමැති […]

The post රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ appeared first on විවරණ.

]]>
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරිවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික‍්‍රමසිංහ 2001 දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ මාවතේ නොගිහින් LTTE සංවිධානය සමග සටන් විරාමයකට එළඹීම, සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම වැනි යම් ඉදිරිගාමී පියවර කීපයක් ඔහු ගත්තද අගමැති ධුරය දැරූ දෙවසරක කාලය තුළ, 2004දි චන්ද්‍රිකාගේ බලය යළි තහවුරු වීම සහ 2005 දි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම සමග ඒ අධිකාරිවාදී ගමන යළි ඇරඹුණා. විශේෂයෙන්ම 2005 – 2014 අතර පැවති රාජපක්ෂ පාලන සමය මේ රටේ ජනතාවගේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළේ බලවත් තර්ජනයක්.

මේ තත්ත්වයට එරෙහිව රටේ ජනසමාජයේ විරෝධයක් මෝදු වෙමින් ඇවිල්ල 2015දි එය උතුරා ගියා. ඒ තමයි යහපාලන ප්‍රොජෙක්ට් එකේ ජයග්‍රහණය. ඒ ව්‍යාපෘතියේ අයිතිකරු රනිල් වික‍්‍රමසිංහ. යහපාලනය good governance  කියන්නෙ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් පාලන ක්‍රමයක්. ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය පිටුදැක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීමයි රනිල්ගේ  යහපාලන ව්‍යාපෘතියෙ මූලිකාංගය වුනේ. ඉතින් රනිල් වික‍්‍රමසිංහ තමයි එදා ප්‍රජාතන්ත්‍රවාදයේ චැම්පියන් වුනේ.

නිදහසේ වේදිකාවේ [ Platform For Freedom] පංචවිධ ප‍්‍රතිපත්ති එළිදැක්වීම, 2019 නොවැ.  

විශේෂයෙන්ම ඒ කාලයේ මහින්ද ගෝඨාභය දෙබෑයන්ගෙ සුදු වෑන් මාෆියාව නිසා රාජපක්ෂවාදීන් නොවන සියලු දෙනාට ම විශාල තර්ජනයක් එල්ලවෙලා තිබුණෙ. විවේචනාත්මක අදහස් පළ කරන මාධ්‍යවේදීන් තමයි ඍජු ඉලක්කය වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ බලයට පත් වෙලා වසර දෙකයි මාස තුනක් ඉක්ම යන්නට පෙර එවකට රටේ හිටිය ජ්‍යේෂ්ඨතම මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග මහ දවල් ඝාතනය කෙරෙනවා. මේ ඝාතනය කොයිතරම් රට එහෙම නැත්නම් රාජපක්ෂ විරෝධී කොටස් කම්පනයට පත්කළාද කිව්වොත් නිදහස අගය කරන සියළු කොටස් එක ගොනුවකට ආයුතු බවට සමාජ මතයක් ගොඩනැගුනා. ඒ නිසා තමයි ‘නිදහසේ වේදිකාව’ ගොඩනැගුනෙ. රනිල් වික‍්‍රමසිංහ එහි කේන්ද්‍රීය චරිතයක් වුනා.

මේ නිදාන කතාව කිව්වෙ දැන් ජනාධිපති ධුරයට අරක්ගෙන සිටින රනිල් වික‍්‍රමසිංහගේ වත්මන් කතාවට පසුබිමක් සපයාගන්න. 2015 දක්වා මේ රටේ හිටපු මහා ප්‍රජාතන්ත්‍රවාදියා දැන් අඳින්නෙ හිට්ලර්ට බව කවුරුත් දන්නව. ගිය අවුරුද්දෙ ජූලි 22දා පාර්ලිමේන්තුවේ 134ක ඔළු ගෙඩි ගණනින් මේ ධුරයට පත්වුනා මිසක කිසිදු ජනවරමක් නැති රනිල් දැන් වැඩකරන්නෙ ඒකටම හරියන විදියට බව පැහැදිලියිනෙ. ගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමටවත් නුසුදුසු බවට ජනයා විසින් තීන්දු කරනු ලැබීම නිසා ජනතාවගෙන් පළිගන්න ආකාරයකටයි ඔහු දැන් වැඩකරන බව පේන්නෙ. ඔහු ජනාධිපති ධුරයට පත්වෙලා පැය 24ක් ගතවෙන්නටත් කලින් ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල සිටි අරගලකරුවන්ට මහ අමානුෂික ලෙස පහරදුන්න. එයින් පස්සෙ ඔහුගේ පාලනයේ දුර්දාන්ත ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කරපු කොටස් විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය නිරන්තරයෙන් ම මර්දනය කළා. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා දින 167ක් පුරා ත්‍රස්තවාදයි වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්න ක‍්‍රියා කළේ ඉතාම නිර්ලජ්ජිත විදියට. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසන්ත නිදහස් කරමින් දුන් නියෝගයේ සඳහන් ආකාරයට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබා ගැනීමට තබා අත් අඩංගුවට ගැනීමටවත් කරුණු නොතිබියදී තමයි රනිල් වික‍්‍රමසිංහ ආරක්ෂක ඇමති හැටියට ඔහුව දින 90ක් රඳවා තබාගැනීම සඳහා නියෝගයට අත්සන් කළේ. ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පළිගන්නත්, වසන්ත මුදලිගේ බිල්ලට ගන්නටත් රනිල් වික‍්‍රමසිංහ මොනතරම් පල්ලෙහාට බැස්සද කියල මෙයින් පෙන්නුම් කෙරෙනව.

මේ විදියට තමා කලක් පැළඳ සිටි ලිබරල් වෙස් මුහුණ ගලවල හිට්ලර්ගෙ  ඇඳුම් අඳින්න රනිල් දැන් නොපැකිළව ඉදිරිපත් වී සිටින්නෙ ඔහුගේ නව ලිබරල්වාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට එසේ නැතිව බැරි නිසා බව අමුතුවෙන් කියන්න  ඕන නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අණ පරිදි ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්න නම් මේ වෙලාවෙ මැතිවරණයක් පැවැත්වීම අතිශය හානිකරයි. මොකද රනිල් වික‍්‍රමසිංහ සහ ඔහු පයගසා සිටින පොහොට්ටු කණ්ඩායම මැතිවරණයෙන් පරදින්නෙ ආයිත් ගොඩගන්න බැරි විදියට. ඒ නිසා තමයි රනිල් කියන්නෙ ‘ආර්ථිකය ගොඩදාල නීතිය සහ සාමය law and order තහවුරු කරල ලබන අවුරුද්දෙ ඔබට ඡන්දය පාවිච්චි කරන්න දෙන්නම්’ කියල. එයාගෙ න්‍යාය පත‍්‍රය අනුව මේ වසරෙදි මේ වනවිට නියමිතව තියෙන පලාත් පාලන මැතිවරණය තියෙන්නෙ නැහැ.

එතකොට මේ රටේ ජනතාවට මැතිවරණ ලැබෙන්නෙ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා තීරණය කරන දවසට. එයා බලයට පත්වූ අවස්ථාවෙ බොහොම ඉහළින් හුවා දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ස්වාධීන මැතිවරණ කොමිසම් වැඩක් නැහැ. මට  ඕන වෙලාවට මට වාසි වෙලාවටයි මැතිවරණ තියෙන්නෙ  ඒ නිසා උඹලා කට වහගෙන කර බාගෙන ඉඳපල්ලා කියල මේ පිං ජනාධිපතිවරයා කියන කතාව අහගෙන පිනක් දහමක් කරගෙන ඉන්නයි පොදු ජනයාට සිද්ද වෙන්නෙ.

බලය රහ වැටුනු ලෝකයේ සියළු නායකයෝ හිතන්නෙ ඒ විදියට තමයි. පහුගිය අවුරුද්දෙ පෙබරවාරි 1 දා බලය ඩැහැගත්ත මියන්මාරයේ හමුදා පාලකයන් ඒ වෙලාවෙ කිව්වෙ වසරක් ඇතුළත මැතිවරණ පවත්වනව කියල. දැන් වසරක් ඉකුත් වෙලා මාසයකුත් ගතවෙලත් මැතිවරණ පවත්වනවා තබා ඒ ගැන කිසිදු කතාවක්වත් නැහැ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ තරම් ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තියෙද්දී පවා රනිල් වික‍්‍රමසිංහ මේ මාස ගණනාවට ම මැතිවරණයක් ගැන කිව්ව පළවැනි වතාව මේකයි. රටේ ලෝකෙ සිදුවන හැම දෙයක් ගැනම කතා කරන රනිල් මෙච්චර කාලයක් මැතිවරණයක් ගැන වචනයක්වත් කතා කළේ නැහැ. මෙතනදිත් ඡන්දය කියල පොදුවේ කතා කළා මිසක් මේ පළාත් පාලන මැතිවරණය ගැන නිශ්චිතව කිව්වෙ නැහැ. එහෙම නොකිව්වෙ මේ පිං ජනාධිපතිට මේ මැතිවරණය මේ අවස්ථාවෙ තියෙන්නෙ නැහැ කියල කෙලින් කියන්න තරම් කොන්දක් නැති නිසයි.

මේ රටේ ජනයා මැතිවරණයක් ඉල්ලල රනිල්ට පිංසෙන්ඩු වෙන්නෙ නැහැ කවදාවත්. මොකද මේ ජනාධිපතිවරයයි මියන්මාරයේ හමුදා පාලකයයි අතර තියෙන්නෙ සියුම් වෙනසක්. මියන්මාරයේ හමුදා පාලකය හමුදා යොදවල මහජන ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුවක් පෙරළා දමා දැන් හමුදා තන්ත්‍රය මත පදනම් වී පාලනය ගෙනයන්නෙ. අපේ රටේදි වුනේ ජනතාව විසින් අධම දුර්දාන්ත පාලනය ජන බලයෙන් පලවා හැරි පසු ජනතාවගේ මතය නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස තෝරා පත්කරගත් පාලකයෙක් හමුදා තන්ත්‍රය මත පදනම් වී පාලනය ගෙනයාමයි. ඒ නිසා රනිල්ගෙන් ඡන්ද ඉල්ලන්නෙ නැහැ අපි. අප, පොදු ජනයා ඉල්ලන්නෙ උන්ගෙම ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි මැතිවරණයයි. දැන් වනවිට කල්දමා වසරක් ගතවී ඇති මේ පළාත් පාලන මැතිවරණය ජනයාගේ අයිතියක්. උන්ගේ ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි බව කියන පරමාධිපත්‍යයේ අංගයක් ඡන්ද බලය. ඒ නිසා නිසි කලට පැවැත්විය යුතු මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමෙන් තමයි මහජනයා පරමාධිපත්‍යය භුක්ති විඳින්නේ. රනිල් වික‍්‍රමසිංහ දැන් හදන්නෙ ජනතා පරමාධිපත්‍යය කියන එක ඔහුගේ අත පල්ලෙන් වැටෙන දෙයක් බවට පත්කරන්න. ඔහුගේ ඒ අපේක්ෂාවට මෙරට ජනතාව කිසි විටෙකත් අවනත නොවන බව නිසැකවම කියන්න පුළුවන්.

මේ තුළින් අප තේරුම් ගන්න  ඕන කාරණය තමයි රනිල් වික‍්‍රමසිංහගෙන් ජනතා අයිතියට මේ එල්ල වී ඇති තර්ජනය හුදෙක් මේ අවස්ථාවට සීමා වූ හෝ ඔහුට විතරක් ආවේනික වූ එකක් නොවන බවයි. ආර්ථික වශයෙන් බංකොලොත් වී ඔවුන්ගේ සමස්ත ක‍්‍රමයම අභියෝගයට ලක්වී ඇති මේ අවස්ථාව රනිල් වැනි උග‍්‍ර ධනේශ්වර නායකයන් සලකන්නෙ do or die අවස්ථාවක් හැටියට. ඒ කියන්නෙ ජන කොටසක් හෝ සමාජ තීරුවක් විනාශ කරල හෝ තමාට  ඕන කරන දේ කළයුතුයි කියන එක. උග‍්‍ර දක්ෂිණාංශිකයෙක් වන රනිල් වික‍්‍රමසිංහ ලෝක ධනේශ්වරයේ මේ කලාපයේම නියෝජිතයායි. ඒ නිසා මේ කලාපයේ ධනේශ්වරයේ ග‍්‍රහණය සහ ආධිපත්‍යය තහවුරු කිරීම තමයි මේ මොහොතේ ඔහුගේ අවශ්‍යතාව. ඒ වෙනුවෙන් ධනේශ්වර සාරධර්ම සහ වටිනාකම් බිල්ලට දිය යුතු නම් රනිල් එයටත් සූදානම්. ඔහුට අනුව මේ එළඹිලා තියෙන්නෙ එවන් මොහොතක්. ඒත් රනිල් වික‍්‍රමසිංහගේ මේ ව්‍යාපෘතියට අනුගත නොවන බවත් එයට එරෙහිව සටන් කරන බවත් මේ රටේ කම්කරු පංතිය ප‍්‍රමුඛ ජනයා පසුගිය දින කීපය තුළදි මැනවින් පෙන්නුම් කරල තියෙනවා.

The post රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f/feed/ 0
රනිල් මහත්තයා දැන් වෙනස් වෙලා..? https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a/#respond Fri, 04 Nov 2022 16:17:05 +0000 https://vivaranalk.com/?p=6340 පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව – පොදුජන පෙරමුණ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන කාරණය ඔහු පැහැදිලි කළා. දැන් ඉන්නේ එදා හිටිය රනිල් නෙවෙයි, දැන් ඔහු වෙනස් වෙලා ලූ. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. රනිල් මහත්තයා එදා බටහිරට ගැතියි, දැන් […]

The post රනිල් මහත්තයා දැන් වෙනස් වෙලා..? appeared first on විවරණ.

]]>
පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව – පොදුජන පෙරමුණ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන කාරණය ඔහු පැහැදිලි කළා. දැන් ඉන්නේ එදා හිටිය රනිල් නෙවෙයි, දැන් ඔහු වෙනස් වෙලා ලූ. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. රනිල් මහත්තයා එදා බටහිරට ගැතියි, දැන් එහෙම නැහැ ලූ, රනිල් මහත්තයා එදා මානව හිමිකම් ගැන කතා කළා. අද එහෙම නැහැ ලූ. බටහිර තානාපති කාර්යාල අච්චර කියද්දිත් අරගලය මර්දනය කළ ආකාරයෙන් එ් බව පේනවා ලූ.

මීට සති කීපයකට පෙර නාමල්ගෙ තාත්තා මහින්ද රාජපක්‍ෂත් මේ ආකාරයේ කතාවක් කළා. එදා අපි රනිල්ට විරුද්ධව හිටිය ලූ. ඒත් දැන් අපි එයාට සහාය දෙනව ලූ , රනිල් දැන් යහපත් මිනිහෙක් වෙලා ලූ.

මේ විදියට රාජපක්‍ෂලා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයේ පවත්වා තබා ගැනීම සාධාරණීකරණය කරන්න කරුණු එකතු කරනවා. මහින්ද, ගෝඨාභය, බැසිල් ඇතුළු රාජපක්‍ෂ පරපුර ඇහැට පේන්න, කනට ඇහෙන්න බැරි තරමට ජනතාවට එපාවෙලා තියෙද්දී තමන්ව බේරගත්ත රනිල් වෙනුවෙන් මෙහෙම සහතික දීම සහ ඔහු ආරක්‍ෂා කිරීම රාජපක්‍ෂලාගේ අනිවාර්ය යුතුකමක්. ඒත් රනිල් හොරෙක්, පරගැතියෙක් කියල හංවඩු ගහල තමන් වෙනුවෙන් ඡන්දය දීපු පොහොට්ටුවාදී ජනයාට පෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් රනිල් හොඳ මිනිහෙක් කියලා. ඒ යුතුකම තමයි මහින්ද, නාමල් රාජපක්‍ෂ පියපුතු දෙදෙනා මේ ඉටු කරමින් ඉන්නේ.

ඇත්තටම රනිල් වෙනස් වෙලාද? මේක පොඩ්ඩක් විමසා බලන්න  ඕන කාරණයක්. මෙතනදී නාමල් රාජපක්‍ෂ කිව්ව තව දෙයක් සඳහන් කරන්න  ඕන, මහින්ද මහත්තයට ත්‍රස්තවාදයට මුහුණ දෙන්න පුළුවන් රනිල් මහත්තයට කැරලි මර්දනය කරපු හොඳ ඉතිහාසයක් තියෙනවා කියලා ඔහු කිව්වා. ඒ කියන්නේ 88 – 89 භීෂණ සමය ගැනයි. 1988 දී ජේ.ආර්.ජයවර්ධනයි. 89 දී ප්‍රේමදාස දෙන්නම එවකට තරුණයන් 60000 ක් විතර ටයර් සෑවල අළු කරපු සමයේදී රනිල් වික‍්‍රමසිංහ ප්‍රබල ඇමතිවරයෙක් බටලන්ද වධකාගාරය මුලුගේම පවත්වාගෙන ගියේ රනිල්ට  ඕන විදියට එ් අනුව නම් නාමල් රාජපක්‍ෂගේ ඒ කතාව හරි බටලන්දේ රනිල් කැරලි මර්දනයට හපනා තමයි.

නාමල් කිව්ව විදියටම රනිල් දැන් මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැ තමයි. ඔහු දැන් යහ පාලනය ගැනවත්, ලිච්ඡවි ක්‍රමයට රාජ්‍ය පාලනය ගැනවත් කතා කරන්නේ නැහැ. ඔහු දැන් කතා කරන්නේ ත්‍රස්තවාදයක් ගැන සහ ත්‍රස්තවාදීන් කියලා ඔහු සලකන පිරිසක් ගැන. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරන්නේ නැහැ කියල 2017 දී බ‍්‍රස්ලස් නුවරදී ලෝක ප්‍රජාව ඉදිරියේ පොරොන්දු වූ රනිල් වික‍්‍රමසිංහ 2022 දී නිර්ලජ්ජිත විදියට නිරායුධ සිසු නායකයෙක් සිරකර තැබීම සඳහා එම පනත යොදා ගන්නවා. ඒ වගේම දන් ඔහු ඡන්ද කල් දැමීමට සුදානම් වෙනවා. ඒ සඳහා යොදා ගන්න යන උප්පරවැට්ටිය තමයි පලාත් පාලන ආයතන වල දැනට ඉන්න 8000ක් තරම් සභිකයෝ සංඛ්‍යාව 4000ට අඩු කරන්න  ඕනය කියලා. මේ සියළුම කාරණා රනිල් කරන්නේ රාජපක්‍ෂලා ඇතුළු පොහොට්ටු කල්ලිය සතුටු කරන්න. මේ වෙලාවේදී ඡන්දයක්  ඕන නැති ප‍්‍රධාන කොටස් දෙක තමයි රනිල් වික‍්‍රමසිංහ සහ රාජපක්‍ෂ කල්ලිය. මෙහෙම බලද්දී නම් රනිල් වෙනස් වෙලා තමයි. හැබැයි ඒ රටේ ජනතාවගේ පැත්තට නම් නෙවෙයි රාජපක්‍ෂ කල්ලියේ උවමනා එපාකම් ඉටු කිරීමේ දිසාවටයි.

මුලින් මහ උජාරුවට ඉදිරිපත් කරනු 22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට ගැනත් රනිල් දැන් වචනයක් කියන්නේ නැහැ. ඒකෙ තියෙන එක වගන්තියක් තමයි ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියන එක. රාජපක්‍ෂලා සහ පොහොට්ටු කල්ලිය මේ වගන්තියට විරුද්ධයි. 22ට ඡන්දය දෙන්න නම් මේ වගන්තිය ඉවත් කරගන්න  ඕන කියලයි ඔවුන් කියන්නේ. ඔවුන්ව සතුටු කරන්න රනිල් මේ වගන්තිය වුනත් ඉවත් කරන්න බැරි නැහැ.

හුණුවටයේ කතාවේ ග්‍රෘෂා ඉතා අසීරුවෙන් වැල් පාලමෙන් කුඩා දරුවකු වඩාගෙන එගොඩ වෙන දර්ශනය අපට මතකයි. ඒ අවස්ථාවේදී ඇඟ ලොමු ඩැහැ ගැන්වෙනවා. රනිල් අගමැති වුන වෙලාවේ දී මේ ග්‍රෘෂා වැල් පාලමෙන් එගොඩ වෙන අවස්ථාව මතක් කෙරුවා. ඔහු කිව්වේ තමාටත් ග්‍රෘෂා මෙන් වැල් පාලමකින් එගොඩ වීමට සිදු වී ඇති බවයි. ඒ ශ‍්‍රි ලංකාවේ ආර්ථිකය නමැති දරුවා වඩාගෙන බවයි රනිල් කිව්වේ. ඒත් ඇත්තටම ඔහු එදා ඒ කතාව කිව්ව කරුණු වසන් කරල බව දැන් පැහැදිලියි. එදා ග්‍රෘෂා වැල් පාලමෙන් එගොඩ කරන්න වඩාගෙන ගියේ තමන්ගේ දරුවෙක් නෙවෙයි. රජ පවුලක කුමාරයෙක්. රනිල් වික‍්‍රමසිංහ අද වැල් පාලමෙන් එගොඩ කරමින් ඉන්නෙත් නාමල් රාජපක්‍ෂ කියන ‘ඔටුන්න හිමි කුමාරයා.’ බව පැහැදිලියි. ඒකයි නාමල් බේබි රනිල් අංකල්ට මෙච්චර ආදරේ.

මේ නාමල් කුමාරයි තමයි මුලින්ම යෝජනා කළේ අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න  ඕන කියලා. එහෙම කියලා වැඩි දවසක් යන්න වුනේ නැහැ දැන් රනිල් අංකල් ඔන්න නාමල් බේබිට පුනරුත්ථාපන කාරයාංශයක් ඇති කරන්න හදනවා. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් දැන් ඉදිරිපතක් කරල තියෙන්නේ. මේ කෙටුම්පත අනුව හිටපු සටන්කරුවන් සහ නොමග ගිය අරගලකරුවන් කියල කොට්ඨාශයට අයිති වෙන අය නිශ්චිතව නිර්වචනය කරල නැති ඉතාම හිටපු සටන්කරුවන් කියන එකෙන් (LTTE) සංවිධානයට සම්බන්ධ වී සිටි අය කියල හිතන්න පුළුවන්. නොමගගිය අරගලකරුවන් කවුද කියලත් නිර්වචනයක් නැහැ. එ්කත් ඉතින් නාමල් බේබිට  ඕන විදියට තමයි අර්ථ දැක්වෙන්න තිබුණේ. ගාලූ මුවදොර කේන්ද්‍ර කරගත් අරගලයේ යෙදුනු තරුණයින් තමයි ප‍්‍රධාන වශයෙන් මෙහිදී ඉලක්ක කෙරුනේ. හැබැයි ඒක එතනින් නවතින්නේ නැහැ. රනිල්ලා, මහින්දලා, නාමල්ලා දේවත්වයෙන් ආරක්‍ෂා කරන අද යුගයේ තරුණයන් විසින් පෙරළා දැමීමට, විනාශ කිරීමට පුලපුලා සිටින මේ ජරාජීර්ණ ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව ඉදිරියේදී හෝ අරගල බිමට එළඹෙන  ඕනෑම තරුණයෙක් තරුණියක් නොමග ගිය අරගලකරුවෙක් කියල ලේබල් ගහලා පුනරුත්ථාපනය කරනවා කියල ගාල් කරල තියන්නයි සැලසුම තිබුණේ.

වාසනාවකට වගේ මේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඒ උත්සාහය වැරදුනා. මොකද ඒ තරමට රටේ පවතින මූලික නීතියට – ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි ආකාරයට තමයි මේක සකස් කරල තිබුණේ. අපි දන්නවා ආණ්ඩුවේ – රනිල්ගේ, නාමල්ගේ, රාජපක්‍ෂලාගේ උවමනාව තිබුණෙ ඒ විදියට අරගල කරුවන් කොටු කරන්න තමයි. ඒත් මේ නීතිය කෙටුම්පත් කරන්නේ අවසාන වශයෙන් නීතිපතිගේ  අනුමැතියෙන්. එතකොට මේ තරම ‘මකර නීතියක්’ නීතිපති අනුමත කළේ කොහොමද? මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නීතිපති වැනි ආයතනයක් කොයි තරම් ජරාජීර්ණ විදියට දේශපාලනීකරණය වෙලාද කියන කාරණයයි. අධිකරණය තවම එයිට පොඩ්ඩකක් උඩින් ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, බන්ධනාගාර, අධිකරණය ආදී සියලු ආයතන රාජ්‍යයේ මර්දන ත‍්‍රස්තයේ උපකරණ බව අපි කිසි විටෙකත් අමතක කරන්න නරකයි.

මෙහෙම බලන කොට රනිල් මහත්තයා වෙනස් වෙලා තියෙනවා. යහ පාලනය, ලිබරල් නිදහස, මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව වගේ වචන දැන් ඔහුගේ ශබ්දකෝෂයේ නැති තරම්. ඒ හැම ප‍්‍රශ්නයකින්ම ඔහු දැන් රාජපක්‍ෂ කල්ලියේ උවමනා එපාකම් නියෝජනය කරන, ඉටු කරන පුද්ගලයෙක් බවට පත්වෙලා තියෙන බව පැහැදිලියි. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ කිව්ව කතාව හරි, රනිල් ‘යහපත් මිනිහෙක්’ වෙලා කියලා.

හැබැයි රනිල් වෙනස් නොවුන, නොවෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අධිරාජ්‍ය ගැති නවලිබරල් වාදය වෙනුවෙන් ඔහුගේ තියෙන කැපවීම සහ බැඳීම. රටේ නායකය වශයෙන් ඔහු දැන් කරමින් ඉන්නේ මේ රටත්, ජනතාවත් නව ලිබරල්වාදයේ කනත්තට ගෙන යන එකයි. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද කියන නායකයන් පෝෂණය කළ නව ලිබරල්වාදී ආර්ථික ගමන ගොස් අවසන් කරන්නයි ඔහුට  ඕන. බලයට පත්වෙලා ගෙවීගිය මාස හතරක කාලයේ ඔහු කළ හැම කතාවකම ගැබ්වෙලා තිබුණෙ මේ රට ඒ කනත්තට දක්කන්න ඔහුට තිබුණ උවමනාව. දැන් (LTTE) එකත් එක්ක ගිවිසුම ගහල අවසන් කරන්න ඔහුට තියෙන තදියමත් ඒකයි. ඒ සඳහා මේ තරම් හොඳ අවස්ථාවක් කවදාවත් ආයෙ ලැබෙන්නේ නැති බව ඔහු දන්නවා මොකද රනිල්ගේ ගමන් මගට විරුද්ධව මෙතෙක් බොරුවට මොරදුන්න රාජපක්‍ෂවාදී පොහොට්ටු කල්ලිය දැන් යස අගේට රනිල්ගේ කරට අතදාගෙන ඉන්නේ.

ඒත් ඔහුගේ ගමනට තියෙන ලොකුම බාධාව මේ රටේ සංවිධිත කම්කරු පන්ති ව්‍යාපාරය බව ඔහු දන්නවා. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ දැමීම වෙනුවෙන් ඔහු සූක්‍ෂම ලෙස වැඩ කරගෙන යන්නේ. අත්‍යවශය සේවා නියෝග, හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ආයුධ ඔහු පාවිච්චි කරන්න මැලිවෙන්නේ නැහැ. ඒ නිසා ලොකුම අභියෝගය තියෙන්නේ වැඩ කරන පන්තියේ ජනයාටයි. පන්තිය වශයෙන් එකතු වී මේ ‘මාර ප‍්‍රහාරය’ ට මුහුණ දෙනවාද, නැතිනම් නිවට ලෙස පසුබැස යනවාද කියන ප‍්‍රශ්නය දැන් පන්තිය ඉදිරියේ තියෙනවා. කම්කරු පන්ති ව්‍යාපාරය වශයෙන් සහ පන්තිය නියෝජනය කරන වමේ ව්‍යාපාරය වශෙයෙන් අප රනිල්ගේ පාරට පාර දෙන්න ලෑස්තියි. පසු බසින්න සුදානම් නැහැ. ඒත් අපි කොච්චර ශක්තිමත්ද කියල අප අතරම හරි මැනීමක් තියෙන්න  ඕන. අපේ ශක්තිය අපේ එක්සත්කම ඇර අන් දෙයක් නෙවෙයි. අපි හරියට එක්සත් වුනොත් රනිල්ලා, රාජපක්‍ෂලා, මෙන්ම උන් නියෝජනය කරන පන්තියත් දේශපාලන කනත්තට දක්කන එක අමාරු වැඩක් නෙවෙයි.

The post රනිල් මහත්තයා දැන් වෙනස් වෙලා..? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a/feed/ 0