Sabapathy Sivagurunathan, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 31 Jul 2024 09:31:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Sabapathy Sivagurunathan, Author at විවරණ 32 32 එක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි නීලන් ඝාතනයට වසර 25 ක්..! https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/#respond Wed, 31 Jul 2024 09:31:06 +0000 https://vivaranalk.com/?p=11814 ජනාධිපති නීතිඥ නීලන් තිරුචෙල්වම්, ශාස්ත්‍රඥයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ  කොළඹ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සාමකාමී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතර ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය නීතිය සහ ව්‍යවස්ථා න්‍යාය පිළිබඳ වඩාත්ම බලගතු පර්යේෂකයෙකු ලෙස  සැලකේ. 1999 ජූලි 29 වැනිදා තිරුචෙල්වම් ඝාතනය […]

The post එක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි නීලන් ඝාතනයට වසර 25 ක්..! appeared first on විවරණ.

]]>
ජනාධිපති නීතිඥ නීලන් තිරුචෙල්වම්, ශාස්ත්‍රඥයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ  කොළඹ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සාමකාමී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතර ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය නීතිය සහ ව්‍යවස්ථා න්‍යාය පිළිබඳ වඩාත්ම බලගතු පර්යේෂකයෙකු ලෙස  සැලකේ.

1999 ජූලි 29 වැනිදා තිරුචෙල්වම් ඝාතනය කෙරිණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පුළුල් ලෙස දෝෂාරෝපණය එල්ල විය., මෙම ඝාතනය ලොව පුරා හෙළා දැකීමට ලක් විය. 2001 දී ඔහුට මරණින් පසු නීතිය සහ සමාජ සංගමයේ පළමු ජාත්‍යන්තර ත්‍යාගය පිරිනමන ලද්දේ “නීතිමය බහුත්වවාදය, මානව හිමිකම්, ව්‍යවස්ථාවාදය, වාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට නීතියේ ඇති හැකියාව” පිළිබඳ ඔහුගේ විශිෂ්ට කාර්භාරය  වෙනුවෙන් ය.

1982 අගෝස්තු 1 වන දින දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) වඩ්ඩුකොඩ්ඩෙයි මන්ත්‍රීවරයා වූ T. තිරුනාවුකරසු මිය ගිය අතර, සටන්කාමී දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO ) ප්‍රමුඛ සාමාජිකයෙකු වන කුට්ටිමනී (සෙල්වරාජා යෝගචන්ද්‍රන්) , 1982 ඔක්තෝබර් 14 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නම් කරන ලදී. යාපනයේ නීර්වේලි බැංකු මංකොල්ලයට සම්බන්ධ චෝදනා මත නඩු විභාගයකට මුහුණදුන්  කුට්ටිමනී ඒ වන විට බන්ධනාගාරයේ සිටියේය. කුට්ටිමනී මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුකම් ලබන්නේද යන්න පිළිබඳව මතභේදයක් ඇති වූ අතර 1983 ජනවාරි 24 දින කුට්ටිමනී දිවුරුම් නොදී පාර්ලිමේන්තුවෙන් “ඉල්ලා අස් විය”. පසුව TU LF විසින් තිරුනාවුකරසු වෙනුවට  නීලන් තිරුචෙල්වම් නම් කරන ලදී. ඔහු 1983 මාර්තු 8 දින දිවුරුම් දුන්නේය. තිරුචෙල්වම් සහ අනෙකුත් සියලුම TU LF මන්ත්‍රීවරු 1983 මැද භාගයේ සිට හේතූන් ගණනාවක් නිසා පාර්ලිමේන්තුව වර්ජනය කළහ: ඔවුන්ගේ සාමාන්‍ය හය වසරෙන් ඔබ්බට පාර්ලිමේන්තුවේ රැඳී නොසිටින ලෙස ශ්‍රී ලංකා දෙමළ සටන්කාමීන්ගේ පීඩනයට ලක්ව සිටියහ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනය මගින් ඔවුන්ට වෙනම රාජ්‍යයක් සඳහා වන සහයෝගය කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරමින් දිවුරුම් දීමට අවශ්‍ය විය. සිංහල මැර කල්ලි විසින් 3,000කට ආසන්න දෙමළ ජනතාව ඝාතනය කරන ලද  කළු ජූලියෙන් අනතුරුව, මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණීමෙන් , තිරුචෙල්වම්ට 1983 ඔක්තෝබර් 22 දින පාර්ලිමේන්තුවේ ආසනය අහිමි විය.

කළු ජූලියෙන් පසු බොහෝ T U L F නායකයෝ ලංකාව අතහැර ගිය හ.   නමුත් තිරුචෙල්වම් කොළඹ නැවතී සිටියේ ය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවේ TU LF ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත් කරන ලදී.තිරුචෙල්වම්, මහචාර්ය G. L. පීරිස් සමඟින්, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ 1995 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදීමේ සැලැස්මේ ප්‍රධාන කතුවරුන් විය. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත  (“G L-Neean Package” හෝ “The N e w  D e a l” ලෙසද හැඳින්වේ). ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක සිට “කලාපීය එකතුවක්” බවට පත් කිරීම, උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, පළාත් සභාවලට පවරා ඇති විෂයයන් පුළුල් කිරීම, මධ්‍යම හා පළාත් ආණ්ඩු අතර මතභේද විසඳීමට යාන්ත්‍රණයක් පිහිටුවීම මෙම සැලැස්මට ඇතුළත් විය. 1995 අගෝස්තු 3 වන දින නිකුත් කරන ලද මෙම සැලැස්ම ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සාමාන්‍යයෙන් පිළිගනු ලැබූ නමුත් සිංහල ජාතිකවාදීන්ගේ සහ දෙමළ සටන්කාමීන්ගේ විරෝධයට ලක් විය. මෙම සැලැස්ම පසුව කෙතරම් දියාරු වීද යත් TU L F පවා එයට සහය දීම ප්‍රතික්ෂේප කළ අතර එම සැලැස්ම කිසි විටෙක ක්‍රියාත්මක නොවීය.

නීලන් තිරුචෙල්වම්ගේ මෝටර් රථය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරුවා හරින ලදී

1999 ජුලි 29 වැනි දින උදෑසන තිරුචෙල්වම් කොළඹ කිංසි ටෙරස්හි කාර්යාලයට යමින් සිටියදී පෙරවරු 9.10 ට පමණ කිංසි පාර-රොස්මිඩ් පෙදෙස හන්දිය අසලදී ඔහුගේ  මෝටර් රථය පුපුරුවා හරිමින් ඝාතනයට ලක්විය.  මෙම ඝාතනය සම්බන්ධයෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට පුලුල්ව චෝදනා එල්ල විය. එල්ටීටීඊයේ ප්‍රකාශක ඇන්ටන් බාලසිංහම් පසු කලකදී ඔවුන් තිරුචෙල්වම් මරා දැමූ බව එරික් සෝල්හයිම්ට තහවුරු කළ අතර, ඔවුන් මේ ක්‍රියාදාමයෙන් ඉවත් වන ලෙස නීලන්ට පූර්ව අනතුරු ඇඟවීම් ලබාදී තිබියදීත්, ආණ්ඩුවේ දියාරු කරන ලද බලය බෙදීමේ පැකේජයට සහය දක්වමින් දෙමළ ජනතාවගේ  අවශ්‍යතා පාවා දීම ඝාතනයට හේතුව බව පැවසීය.මෙම ඝාතනය ලොව පුරා හෙළා දැකීමට ලක් විය.

The post එක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි නීලන් ඝාතනයට වසර 25 ක්..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/feed/ 0
රාජවරෝදයම් සම්බන්දන් මහතා පිළිබඳ කෙටි සටහනක්.. https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b6%bb%e0%b7%9d%e0%b6%af%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b6%bb%e0%b7%9d%e0%b6%af%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad/#respond Wed, 03 Jul 2024 06:46:09 +0000 https://vivaranalk.com/?p=11648 අඩ සියවසකට වැඩි කාලයක් දිවෙන ඔහුගේ දේශපාලන ජීවිතය පුරා රාජවරෝදයම් සම්බන්දන් මහතා දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ රටේ දේශපාලන දර්ශනයට තිරසාර බලපෑමක් ඇති කරමිනි. ආර්. සම්බන්දන් මහතා 2001 සිට 2024 දී ඔහු මිය යන තෙක් දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දුන්නේය. ඔහු වෘත්තියෙන්  නීතිඥයෙක්වන අතර, 2001 සිට මිය යන තුරුම,  මීට පෙර 1977 […]

The post රාජවරෝදයම් සම්බන්දන් මහතා පිළිබඳ කෙටි සටහනක්.. appeared first on විවරණ.

]]>
  • උපත: 1933 පෙබරවාරි 5 ත්‍රිකුණාමලයේ දීය.
  • මිය ගියේ: 2024 ජුනි 30 (වයස අවුරුදු 91)
  • අධ්‍යාපනය: ශ්‍රී ලංකා නීති විද්‍යාලය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය, යාපනය
  • පක්ෂය: ඉලංකෙයි තමිල් අරසු කට්සි (පෙඩරල් පක්ෂය) ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක (2015–2018)
  • අඩ සියවසකට වැඩි කාලයක් දිවෙන ඔහුගේ දේශපාලන ජීවිතය පුරා රාජවරෝදයම් සම්බන්දන් මහතා දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ රටේ දේශපාලන දර්ශනයට තිරසාර බලපෑමක් ඇති කරමිනි.

    ආර්. සම්බන්දන් මහතා 2001 සිට 2024 දී ඔහු මිය යන තෙක් දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දුන්නේය. ඔහු වෘත්තියෙන්  නීතිඥයෙක්වන අතර, 2001 සිට මිය යන තුරුම,  මීට පෙර 1977 සිට 1983 දක්වා සහ  1997 සිට 2024 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා බවට පත් විය.

    සුළු ජාතීන්ට හිමි  සමාන අයිතිවාසිකම් සඳහා සම්බන්දන් මහතා ක්‍රියා කළ අතර,  අවම වශයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමට වෙහෙස දැරීය.  සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් මානව හිමිකම් ඉදිරියට ගෙන යාමට සහ එකමුතුකම දිරිමත් කිරීමට උපකාරී විය.මෙහිදී දෙමළ-මුස්ලිම්  අනවබෝධය දුරුකිරීමට ද  ඔහු ක්‍රියාත්මක විය.

    ප්‍රථමයෙන්  තමා ශ්‍රී ලාංකිකකෙු බව අවධාරණය කළ ඔහු, “ශ්‍රී ලංකාව සිංහළ-දෙමළ-මුස්ලිම් ජනවර්ග ජීවත්වන බහු වාර්ගික, බහු ආගමික රටක් වශයෙන් විවිධත්වය අගයමින් ජීවත්වෙමු“ යන්න නිතර මතක්කර දුන්නේය. එලෙසම තමා සිංහල බෞද්ධ ලාංකිකයෙකු නොවන බවත් පෙන්වා දුන් හෙතෙම, මේ පදනමින් එක්සත්ව ජීවත්වෙමු යන්න නිතර මතක්කර දුන්නේය.

    මේ අරමුණින් නොබෙදුනු එක්සත්  ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාගෙන යුක්තිගරුකව සාමකාමීව සහජීවනයෙන් ජීවත්වීම සඳහා යහපාලන සමයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට වෙහෙස දැරීය. එහෙත් එය මල්පල ගැනිවීමට නොහැකි වුවත් සම්බන්දන්  අන්තවාදී මත දරන්නෙකු නොවීය.

    1983 වසරේ සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ත්‍රිකුණාමලය, තැපැල් කන්තෝරුව පාරේ පිහිටි ඔහුගේ නිවස ගිනිබත් කරන ලදී.මේ නිසා දහස් ගණනින් සම්බන්දන් මහතාගේ නීති  ග්‍රන්ථ විනාශ විය. අවිනිශ්චිත වාතාවරණය යටතේ ටික කලක් තමිල් නාඩු ප්‍රාන්තයේ  ජීවත්විමට සිදුවිය. 

    1985 තිම්පු සාකච්ඡා,1987 ඉන්දු-ලංකා ගිවුසුමෙන් අනතුරුව සම්පාදනය වූ 13වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 1989 ජනාධිපති ප්‍රේමදාස යුගයේ ‘මංගල මුණසිංහ යෝජනා,2000 ජනාධිපති චන්ද්‍රිකා මැතිණියගේ පැකේජය,  2008 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායමේ නිර්දේශ මත 16 වරක් පවත්වන ලද  සාක්ච්ඡා, 2016 යහපාලන ආණ්ඩුව යටතේ සාකච්ඡා යනාදි වශයෙන් සෑම සාකච්ඡාවලටම සජීවි ලෙස සම්බන්දන් මහකා දායක විය.  

    මේ  කිසිදු හේතුවක් නිසා  ජාතියකට වෛර නොකල නායකයෙකුගේ ජීවිත කාලය තුළ ජනවාර්ගික ප්‍රශ්නයට නිත්‍ය දේශපාලන විසඳුමක් ලබා ගැනීමට නොහැකිවීම ශ්‍රී ලාංකිකයින් වන අපගේ අවාසනාවකි.

    The post රාජවරෝදයම් සම්බන්දන් මහතා පිළිබඳ කෙටි සටහනක්.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b6%bb%e0%b7%9d%e0%b6%af%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad/feed/ 0