S.G. Punchihewa, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 02 Aug 2023 05:24:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png S.G. Punchihewa, Author at විවරණ 32 32 ‘තරිඳු මර්දනය.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba/#respond Wed, 02 Aug 2023 05:20:10 +0000 https://vivaranalk.com/?p=9276 අතීතයේ බටලන්දේ දි තරුණයන් දෙපයින් එල්ලා තළා පෙළා මරා දැමුණු දුෂ්ට පාලකයාට තමන්ගේ ඉරණම සිහිපත් කරවන තරිඳුගේ මාධ්‍ය වික්‍රමය  ගැන අපමණ බියක් ඇතිවිය යුතුය. එහෙයින් තරිඳු ලා මර්දනය කළ යුතු ය. එහෙත් එය කළ නොහැකිය. සත්‍ය යේ ගැඹුරු පත්ලෙන් නිවැරදි තොරතුරු ගලා එන්නේ කවරකු වෙතින් ද?. වහා ඔහු මර්දනය කරනු ඇත. දුෂ්ට පාලකයා සැලුම් වෙවුලුම් […]

The post ‘තරිඳු මර්දනය.. appeared first on විවරණ.

]]>

අතීතයේ බටලන්දේ දි තරුණයන් දෙපයින් එල්ලා තළා පෙළා මරා දැමුණු දුෂ්ට පාලකයාට තමන්ගේ ඉරණම සිහිපත් කරවන තරිඳුගේ මාධ්‍ය වික්‍රමය  ගැන අපමණ බියක් ඇතිවිය යුතුය.

එහෙයින් තරිඳු ලා මර්දනය කළ යුතු ය. එහෙත් එය කළ නොහැකිය.

සත්‍ය යේ ගැඹුරු පත්ලෙන් නිවැරදි තොරතුරු ගලා එන්නේ කවරකු වෙතින් ද?.
වහා ඔහු මර්දනය කරනු ඇත.
දුෂ්ට පාලකයා සැලුම් වෙවුලුම් ගෙන නීතිය අවනීතිය කොට පාලනය අවියට පවරනු ඇත. 
ඒ ඔහුගේ අවසාන සටනය..

The post ‘තරිඳු මර්දනය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba/feed/ 0
සමානාත්මතාව සඳහා යෝජනාවක්.. https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%9a/#respond Wed, 12 Jul 2023 06:05:42 +0000 https://vivaranalk.com/?p=8861 ලෝකය විවිධ ය. එය විසම වීමට හේතුවක් නොවේ. විවිධත්වය සොබා දහම ය. අසම විසම පැවැත්ම මිනිසා ගේ ය. මිනිසාගේ පොතේ ඇත්තේ යුක්තිය යි. එහෙත් ඔහුගේ සිතේ ගතේ සිදු වන්නේ අයුක්තියයි. අයුක්තියට අසමානතාවට සොබා දහම මෙන්ම යුක්තිමත් මිනිසා ද ඉඩ නොදෙනු ඇත. අසම විසම පැවැත්ම වෙනස් කොට සමෝසමේ සමාජයක් හැදීමට සොබා දහම බොහෝ කල් ගනී. එහෙත් […]

The post සමානාත්මතාව සඳහා යෝජනාවක්.. appeared first on විවරණ.

]]>
ලෝකය විවිධ ය. එය විසම වීමට හේතුවක් නොවේ. විවිධත්වය සොබා දහම ය. අසම විසම පැවැත්ම මිනිසා ගේ ය. මිනිසාගේ පොතේ ඇත්තේ යුක්තිය යි. එහෙත් ඔහුගේ සිතේ ගතේ සිදු වන්නේ අයුක්තියයි. අයුක්තියට අසමානතාවට සොබා දහම මෙන්ම යුක්තිමත් මිනිසා ද ඉඩ නොදෙනු ඇත. අසම විසම පැවැත්ම වෙනස් කොට සමෝසමේ සමාජයක් හැදීමට සොබා දහම බොහෝ කල් ගනී. එහෙත් මිනිසාට එය ඉක්මනින් වෙනස් කළ හැකිය. ලෝකයේ තිබෙන ආහාර ලොව සියලුම මිනිසුන්ට සෑහෙයි. එහෙත් ටික දෙනෙක් බදා ගෙන කති. බෙදා ගෙන කෑම නොඉවසති. එහෙත් එම තත්වය වෙනස් කිරීම මිනිසාටම පැවරෙන පරම යුතුකම ය. ආහාර අසමානතාව අන් සියලු අසමානතාවල මුල ය. ලෝකයේ එක් එක් රටවල තත්වය ද එසේය. කුස ගින්නෙන් නොමියන මිනිසුන් ඇති රටක් දෙකක් නැත්තේම නැත. එහෙත් දැන් තුන්වේල කා බී වැඩෙන මිනිසුන් ඇති රටක් ඇත්තේම නැති තරම් ය.

ශ්‍රී ලංකාවේ මේ අසමානතාව එනම් දිළිඳුකම තුරන් කිරීමට නිදහසින් පසු දා සිටම විවිධ යෝග යෙදිණ. එහෙත් ඒ සියල්ල ප්‍රයෝග පමණක් විය. 1988 න් පසු ජනසවිය. සමාද්ධි, දිවි නැගුම, අස්වැසුම වශයෙන් ක්‍රියාත්මක විය. ඒ වා දිළිඳු සහන මිස, එය නැති කරන සහන නොවේ. අද වන විට දිළිඳුකම මන්ද පෝෂණය වැඩි වී තිබේ.

දිළිඳුකමේ දේශපාලනය හා දේශපාලනයේ දිළිඳුකම

අපේ රටේ දේශපාලන බලය ලබා ගැනීමේ ප්‍රමුඛ සාධකයක් වූයේ ‘දිළිඳුකම’ තුරන් කිරීමේ පොරොන්දුවය. එය ඇත්තක් යයි සිතා දිළිඳු අය ඡන්දය දෙති. එම දේශපාලනය වගා කරන ව්‍යපෘති නිසා හෝ වෙනත් ලාබ ලෝබ නිසා සෙසු අය ඡන්දය දෙති. එම දේශපාලනයෙන් මඩිය තරකර ගන්නා ටික දෙනා එම දේශපාලනය රැක ගනිති. එදා මෙදා තෙක් එම දේශපාලනයෙන් දිළිඳුකම වැඩි වුණා මිස තුරන් නොවීය. පවතින දේශපාලන ක්‍රමයට එය තුරන් කළ නොහැකි බව ඔප්පුවී හමාරය. එයින් දිලිඳුකමට හිඟ බව ද එක් කොට ඇත. මේ තත්වය වෙනස් කළ හැක්කේ ජනතාවටය.

රටේ විශාල කොටසක් දිළිඳු භාවයෙහි තබා ගෙන කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිතිය නොහැකිය.

දිළිඳුකම තුරන් කිරීමේ ආරම්භය කුමක් ද?

  1. සියලුම කම්කරු වැටුප් වැඩි කළ යුතුය.
  2. වතුකරයේ වැටුප් වැඩි විය යුතුය.
  3. ඇඟලුම් කම්හල් සේවිකාවන්ගේ වැටුප් වැඩි කළ යුතුය.
  4. නාගරික දිළිඳු ජනතාව සුළු රැකියා වලට යොමු කළ යුතුය.
  5. ග්‍රාමීය ජනතාව මුදලාලිලා කිරීමෙන් තොරව සුළු වෙළඳාම් සහ රැකියා වලට යොමු කළ යුතුය.
  6. ගොවි නිෂ්පාදන මැද මිනිසාගෙන් මුදා ගන්නා ක්‍රමවේද ඇති කළ යුතුය.
  7. ගොවි සහ වෙනත් කෘෂි නිෂ්පාදන වෙළෙන්දාගේ සූරා කෑමෙන් තොරව පාරිභෝගිකයාට ලබා දීමේ ක්‍රම දියුණු කළ යුතුය.
  8. රටපුරා කෘෂි, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සඳහා ද සමුපකාර ක්‍රමය දියුණු කළ යුතුය.
  9. භාණ්ඩවලට පමණක් නොව සේවාවන්ටත් සමුපකාර ක්‍රමය වැඩි දියුණු කිරීමේ උත්සාහ ගත යුතුය.
  10. ඉහත කරුණු වල වැඩි දියුණුව උදෙසා වතුකරයේත් ග්‍රාමීය ප්‍රදේශ වලත් අධ්‍යාපන තත්වය සංවර්ධනය කළ යුතුය.
  11. දිළිඳුකම තුරන් වීමට රටපුරා සෞඛ්‍ය තත්වය වර්ධනය කළ යුතුය.
  12. ගෙවතු වගාව පමණක් නොව සෑම බිම් අඟලකම වගා කිරීමට උනන්දු කළ යුතුය. නවීන වගා ක්‍රම හඳුන්වා දිය යුතුය.

මැතිවරණ ප්‍රකාශන

දිළිඳුකම තුරන් කරන ක්‍රම ගැන අනිවාර්යෙන්ම සඳහන් විය යුතුය. මෙතෙක් එසේ සඳහන් වුවද ඒ ලබා දීමේ වගකීම තමන් සතු බව පිළිගෙන තිබුණේ නැත. එහෙයින් ඉදිරි මැතිවරණ ප්‍රකාශන වලින් දෙන පොරොන්දු ඉටු නොකළොත් තමන් වගවීමේ ආකාරය සඳහන් විය යුතුය. එම වගකීම නීතියෙන් ඉටු කර ගැනිම හෝ දඬුවම පැහැදිලි විය යුතුය.

ලෝක නිතියත් රටේ නිතියත් උල්ලංඝනය කිරීම හෙවත් අසමානතාව නීතිය බවට පත් කිරීම

1945 පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ මණ්ඩලය 1948 දී මානව අයිතිවාසිකම් ප්‍රකාශනය සම්මත කෙළේය. එදා රටවල් 50 සිට අද රටවල් 193 දක්වා එම ප්‍රකාශය පිළිගෙන ඇත. පිළිගත් නමුත් බොහෝ රටවල් එය ක්‍රියාත්මක කර නැත. 1955 දී ශ්‍රී ලංකාව එ. ජා. මණ්ඩලයේ සාමාජිකයෙක් විය. මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා එ. ජා. මණ්ඩලය සම්මුති දෙකක් පැනවීය. ඒ 1966 දීය. අපේ රට ඊට අත්සන් කළේ 1980 දීය. ඒ සම්මුති දෙක මෙසේ ය.

  1.   ICCPR හෙවත් අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය.
  2.   ICCPR හෙවත් අන්තර්ජාතික ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය

මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ 3-21 දක්වා වගන්ති වේ. ආර්ථික සම්මුතියෙන් ආවරණය වන්නේ 22 සිට 26 දක්වා වගන්තිවල අයිතිවාසිකම් ය. 1980 අත්සන් කළ පසු බැඳීම ඇති වේ. ඒ අනුව එම සම්මුති වල අන්තර්ගතය සමග පනත් සම්මත කළ යුතුය. ඒ අනුව සිවිල් අයිතිවාසිකම් පනත (ICCPR පැන වූයේ අවුරුදු 27කට පසු 2007 දීය. අනෙක් සම්මුතියට අදාළ පනත මේ වන තුරුත් නැත. එහෙත් ඒ වෙනුවට 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල වගන්තියක් ඇත. (1972/18 සහ 1977/27 වශයෙනි.) එම දෙකෙන්ම කියැවෙන්නේ එම අයිතිවාසිනම් හිමිවන ආකාරය නොව අහිමි වන ආකාරය යි.

අහිමිවන අයිතිවාසිකම් ගැන ප්‍රකාශන අයිතිවාසිකම තහවුරු විය යුතුය. එහෙත් ත්‍රස්තවාදී නීති භාවිත කෙරෙමින් එය තවදුරටත් අහිමි කරනු ඇත. දැනටත් ෂක්‍ක්‍ඡඍ පනත යොදා ගෙන කරන්නේ ආගමික අපහාසය ගැන ජනයාගේ අවධානය වෙන අතකට යොමු කිරීම ය.

එහෙයින් මේ පනත අහෝසි කොට නව පනතක් මගින් සිවිල් අයිතිවාසිකම් තහවුරු කර ගත යුතුය. ඒ සඳහා නිසි අවබෝධය ඇති අලුත් පිරිසක් ආණ්ඩු බලය මෙහෙය විය යුතුය.

ආර්ථික සම්මුතිය සම්බන්ධ පනතක් අලුත් ආණ්ඩුවකින්ම පැනවිය යුතුව ඇත. ආර්ථික අයිතිවාසිකම් ගැන 1972 සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණි. ඒ සඳහා ක්‍රියා මාර්ගයක් නොතිබිණ.

1979 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිවිල් අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් වශයෙන් යම් තරමකට ක්‍රියාත්මක කළ හැකි වුවද, ආර්ථික අයිතිවාසිකම් ලබා ගැනීම වළක්වා තිබිණ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය

ආහාර ඇඳුම්,නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව එහි සඳහන් වේ.

හෙත් ඵට පහළින් 20 වගන්තියෙන් මෙසේ පැවසේ

“ඉහත අයිතිවාසිකම් ආණ්ඩුවට හැකි පමණින් ලබා දෙනු ඇත. එහෙත් නීතියෙන් ලබාගත නොහැකිය.”

මේ අයුරින් එම වගකීම නීතියෙන්ම ඉවත් කර ඇත.

මෙහි තේරුම කුමක් ද? අසමානතාව රැක ගන්නා බව ය. එනම් පොහොසත්කම ද පවත්වා ගන්නා බවය. මේ තත්වය තුරන් කළ යුතුය. ඒ සඳහා අලුත් පිරිසක් අවශ්‍ය ය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. එම අවශ්‍යතාව විවිධාකාර වලින් ප්‍රකාශ කරන ජනතාවක් අවශ්‍ය ය.

The post සමානාත්මතාව සඳහා යෝජනාවක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%9a/feed/ 0
ඡන්ද බලය.. https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba/#respond Thu, 23 Mar 2023 09:54:14 +0000 https://vivaranalk.com/?p=7672 ඡන්ද බලය කෙරෙහි විශ්වාස කළ යුත්තේ ඇයි.

The post ඡන්ද බලය.. appeared first on විවරණ.

]]>
  • 1931 සිට සර්ව ජන ඡන්ද බලය ලැබී තිබිණි.
  • දැනට අවුරුදු 92 ක් ගත වී ඇතත් එහි සැබෑ අයිති වාසිකම පුරවැසියාට ලැබී නැත.
  • පුරවැසියා පරමාධිපති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථා වෙන් කියවේ.
  • ඡන්ද බලය පරමාධිපති බලයේ කොටසකි.
  • එම බලය අන්සතු කළ නොහැකි ය. අන්‍යයන්ට පැහැර ගත නොහැකි ය. එහෙත් මේ තාක් ව්‍යවස්ථාවේ හෝ නැත.
  • මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරමාධිපත්‍යයට ඉහළින් පවතින දෙයක් නොවේ. පරමාධිපත්‍යයට ඉහළින් මන්ත්‍රී වරප්‍රසාද පැවතිය යුතු නැත.
  • එසේ පවතින්නේ නම් එම ව්‍යවස්ථාව වහා වෙනස් කළ යුතු ය.
  • වරප්‍රසාද රැකීමට පරමාධිපති බලය යටපත් කිරීම හෙවත් අහිමි කිරීම ද කළ නොහැකි ය.
  • “පොදු ජනතාවගේ කැමැත්ත පාලනයේ පදනම විය යුතුය” (මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ 21 වන වගන්තිය) මේ තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මගින් පාලකයා විසින් පැහැර ගත් අයිතිවාසිකමකි.
  •  පරමාධිපති බලයට – පාලන සහ අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය අයත් ය. (ආ.ක්‍ර.ව්‍ය 4 වන ව්‍යවස්ථාව)
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1)  අනුව භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමකි.
  • ඡන්ද බලය භාෂණයේ නිදහසේ ම කොටසකි. ( කරුණාතිලක එදිරිව මැතිවරණ කොමසාරිස් නඩුව)
  • භාෂණයේ නිදහසට සීමා ඇතත් ඡන්ද බලයට සීමාවක් ආරක්ෂා කර නැත. නියත කාල පරතරයන්හිදී මැතිවරණ පැවැත්විය යුතු යැයි ද එහි සඳහන් වේ. ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇතිකරනුයේ  ඒ නිසාය.
  • එම අයිතිවාසිකම වරප්‍රසාද වලින් හෝ ජනාධිපතිගේ විධායක බලයෙන් යටපත් කළ නොහැකි ය.
  • ජනතාව විධායක බලය සහිත ජනාධිපතිවරයකු තෝරා ගන්නේ තම අයිතිවාසිකම් යටපත් කරවා ගැනීමට නොවේ.
  • මෙසේ පුරවැසියාගේ පරමාධිපති බලය අහිමි කිරීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?
  • පුරවැසියාට ආණ්ඩුවට සම්බන්ධවිමේ අවස්ථාව ලැබෙන්නේ ඡන්ද බලය භාවිතා කිරීමේ දී ය.
  • එම අවස්ථාව හිතුවක්කාර  ලෙස හෙවත් විධායක බලය අනිසි ලෙස යෙදීමෙන් අහිමි කළ විට  පුරවැසියාට තමන්ට නො වැදගත් පුද්ගලයෙකු සේ සැලකුණු බව පෙනේ.
  • එවිට පාලකයා කෙරෙහි කෝපයක් ඇතිවේ.
  • කෝපය සාමූහික වීමෙන් දැවැන්ත විනාශයක් කළ හැකි ය.
  • ආණ්ඩුව ජනතාව පොලඹවන්නේ එම අවස්ථාව ඇති කිරීමට ය.
  • එවිට පහසුවෙන් මර්දනය කළ හැකිය.
  • ජනතාවගේ ම වියදමින් ගත් වෙඩි උණ්ඩ, මිලිටරි බලය, පොලිස් බලය යෙදීය හැකිය.
  • ජනතාව හැඟීම් පාලනය කරගෙන  ඡන්ද බලය කෙරෙහි පමණක් විශ්වාස කළ යුතුය.
  • ආණ්ඩුවට වුවමනා වන්නේ ජතතාවගේ ප්‍රචණ්ඩ භාවයයි.
  • හෙයින් අපි ඡන්ද බලය දිනා ගනිමු.
  • ඡන්ද බලය කෙරෙහි විශ්වාස කළ යුත්තේ ඇයි.

    • ආණ්ඩු පක්ෂයක් සහිත රාජ්‍ය පාලනයක් වෙනස් කිරීමට ක්‍රම දෙකක් ඇත. එකක් සන්නද්ධ අරගලයයි. අනික ඡන්ද බලයෙන් වෙනස් කිරීම යි.
    • මෙයින් ප්‍රචණ්ඩ, සන්නද්ධ අරගලය දැන් නො පිළිගැනේ. ඉතිරි වී ඇත්තේ ඡන්ද බලයෙන් වෙනස් කිරීමයි.
    • ඡන්ද බලයෙන් වෙනස් කිරීම උදෙසා පෙලඹීමට ජනතාවට සෑහෙන දේශපාලන විඥානයක් අවශ්‍ය ය.
    • රටට දේශපාලන නිදහස ලැබී වසර 75 තුළ නිදහස් ජාතියක් වීම සඳහා අවශ්‍ය සමාජ දැනුමක් ඡන්දදායකයාට ලැබී නැත.
    • පාලකයන් උනන්දු වූ යේ පුරවැසියා වහල්කමේ තබා ගෙන තමන් වැජඹීමට ය.
    • පසුගිය අප්‍රේල් මාසයේ ඇතිවූ සාමකාමී අරගලයෙන් රටේ යම් ප්‍රබුද්ධ දැක්මක් ඇතිවිය.
    •  එනම් පොදු ජනතාවගේ, සමස්ත මිනිස් වර්ගයාගේ සහ පැවැත්මයි.
    •  ඒ සඳහා දුෂ්ට පාලන ක්‍රම වලින් ද, වංචා දූෂණ රැවිලි ආදියෙන් තොර විය යුතු ය.
    • එම දැක්ම අනුව පාලනය කළ හැකි පිරිසකට බලය පැවරීමට තරම් දැනුවත් භාවයක් හට ගෙන ඇත.
    • ඒ සඳහා පවතින දේශපාලන පක්ෂ අතර බෙදීමක් හා එකඟතාවයක් තිබිය යුතු ය.
    •  විපක්ෂයේ පක්ෂ සියල්ල ඡන්ද දිනා ගැනීමට එක එල්ලේ ශක්තිය  යෙදිය යුතු ය.
    •  එසේ නො වීම ආණ්ඩුවට සහය දීමකි.

    The post ඡන්ද බලය.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba/feed/ 0
    එලොව පොල්.. https://vivaranalk.com/%e0%b6%91%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/#respond Fri, 30 Sep 2022 03:32:17 +0000 https://vivaranalk.com/?p=5967 වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. ‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය ගැන වෛද්‍ය මතය තුමක්ද.. ? ලැබුණේ ආණ්ඩුවට කඩේ යන කදිම පිළිතුරකි. එනම් ‘‘..පොල් මද අතිශයෙන්ම පෝෂ්‍යදායක කෑමකි. එහි පෝෂණය පර්යේෂණවලින් ඔප්පු වී තිබේ..’’මේ වෛද්‍යවරයා අධික […]

    The post එලොව පොල්.. appeared first on විවරණ.

    ]]>

    වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.
    එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය.
    ‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය ගැන වෛද්‍ය මතය තුමක්ද.. ?
    ලැබුණේ ආණ්ඩුවට කඩේ යන කදිම පිළිතුරකි. එනම්
    ‘‘..පොල් මද අතිශයෙන්ම පෝෂ්‍යදායක කෑමකි. එහි පෝෂණය පර්යේෂණවලින් ඔප්පු වී තිබේ..’’
    මේ වෛද්‍යවරයා අධික මන්ද පෝෂණයෙන් පෙළෙයි. ප්‍රශ්නය වටහා නොහැකි තරම් මන්ද පෝෂණයෙන් සහ බුද්ධි හීනයෙන් පෙළෙයි.
    පොල් හොඳය. එහෙත් ඔය කියන තරම් හොඳනම් පොල් කෑම ත‍්‍රස්තවාදී ක්‍රියාවක් බව පනතට ඇතුළත් කරනු ඇත.
    එසේ නොකොට මැති ඇමතිවරුන්ට පමණක් සීමා වූ දෙයක් වනු පුදුම ද?

    The post එලොව පොල්.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%91%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a/feed/ 0
    හතුරෝ .. https://vivaranalk.com/%e0%b7%84%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9d/ https://vivaranalk.com/%e0%b7%84%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9d/#respond Fri, 23 Sep 2022 01:51:17 +0000 https://vivaranalk.com/?p=5932 ගැත්තෝ හාම්පුතාට වැඳ වැටෙති. තාන්න මාන්න තනතුරු උදෙසා පත ලෙව කති. එය අතින් පයින් කටින් පමණක් නොව උගත්කමෙන් හෝ සිය දැනුමෙන් පවා කරති. ආණ්ඩුව වෙනුවෙන් වග උත්තර කියන්නට යවනු ලැබූ ගැත්තා එනම් නීතිඥයා කළ ප්‍රකාශයත් ආණ්ඩුවේ බලු ගැති මාධ්‍ය යහමින් පළ කෙළේය. එහි දී නීතිඥ ගැත්තා කීයේ ජිනීවා නුවරට ගොස් ආණ්ඩුවේ වැරදි කියන අය ජාති […]

    The post හතුරෝ .. appeared first on විවරණ.

    ]]>
    ගැත්තෝ හාම්පුතාට වැඳ වැටෙති. තාන්න මාන්න තනතුරු උදෙසා පත ලෙව කති. එය අතින් පයින් කටින් පමණක් නොව උගත්කමෙන් හෝ සිය දැනුමෙන් පවා කරති.

    ආණ්ඩුව වෙනුවෙන් වග උත්තර කියන්නට යවනු ලැබූ ගැත්තා එනම් නීතිඥයා කළ ප්‍රකාශයත් ආණ්ඩුවේ බලු ගැති මාධ්‍ය යහමින් පළ කෙළේය. එහි දී නීතිඥ ගැත්තා කීයේ ජිනීවා නුවරට ගොස් ආණ්ඩුවේ වැරදි කියන අය ජාති ද්‍රෝහීන් බව ය. එසේ ද්‍රෝහීන් වීමට කියා ඇති දේ මොනවා දැයි කීවේ නැත. ගැති මාධ්‍යයෝ ද ගැත්තා කී දේ මිස රටට එරෙහිව කියා ඇති දේ කුමක්දැයි පළ නොකළහ. නීතිඥයා ඒ සිය ස්වාමියාට වලිගය වැනු ආකාරය යි. මාධ්‍යය තම බඩ ගෝස්තරය සලසන පාලකයාට රෙදි සෝදා දෙන ආකාරය යි.

    ආණ්ඩුවට එරෙහිව අර ද්‍රෝහීන් පැවසූ දේ නොකියා සාමාන්‍ය මිනිසා සත්‍යය වටහා ගත්තේ කෙසේ ද? මෙරට උගතුන් ද, ජන මාධ්‍ය ද, ජනතාව මුළා කෙරමින් පවත්වා ගැන්ම වසර 74 ක්ම කර ගෙන ගිය දේ ය.

    ‘ජාති ද්‍රෝහීන්’ කළේ කුමක් ද? ආණ්ඩුව, මර්දන නීති යොදා අත් අඩංගුවට ගැනීම් අසාධාරණ නඩු පවරන හැටිත් වෙනත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර හැටිත් කී බව නිසැක ය. පෙර එක් කලෙක එජාප ආණ්ඩුව මානව අයිතිවාසිකම් පතුරු ගසද්දී මහින්ද රාජපක්ෂ ජිනීවා යද්දී සිදු වූයේ ත් ඔය ටිකම ය. එදා ඒක හරි. අද ඒක වැරදි ද?

    සිද්ධිවල වෙනසක් නැත. වෙනස ඇත්තේ මිනිසුන්ගේ ය. මෙබඳු සත්‍ය ය, යුක්තිය නොදැන පොත්වල අච්චු අකුරු වන්දනා කරන උගතුන් ද, සත්‍යය හැර අන් සියල්ල පළ කරන මාධ්‍ය ද අපේ රට මේ විනාශය කරා ඇදගෙන ආ බව පැහැදිලි ය.

    ජනතාවනි, අපේ රට මේ කාලකණ්නි හැතිකරයෙන් බේරා ගනිමු. එක්සත් ජාතීන්ගේ අත කොලුවක්වීම පාලකයන්ට මානව අයිතිවාසිකම් කඩ කිරීමට ලයිසමක් ද? චීනය අපේ පැත්තව කතා කිරීම නිසා අප ගැති විය යුතුද? මේ ලෝක දේශපාලනය නොදැන ආණ්ඩුවට වලිගය වැනීම කවර රාජ්‍ය තන්ත‍්‍රයක් ද?     

    The post හතුරෝ .. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b7%84%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9d/feed/ 0
    ලොකුම එක.. https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a/#respond Fri, 23 Sep 2022 01:44:08 +0000 https://vivaranalk.com/?p=5927 ලොකුම එක උසම එක අපේ ය.. පසු ගිය දා නෙළුම් කුලුන විවෘත විය.. අපිත් යුහුව ගොස් මුදල් ගෙවා මුදුනේ සිට අවට නැරඹුවෙමු. සැබෑවට ම ඒ තව්තිසා දෙව් ලොව ය… ඈත සුන්දර කඳු වැටි ය. මෑත තෙරක් නොපෙනෙන මහා සාගරය යි. පස් වණක් ප‍්‍රීතීන් පිනා ගොස් ළඟ පාත බැලීමු.. අතේ දුරින් මහා ණය කන්දකි.. කඳු පාමුල […]

    The post ලොකුම එක.. appeared first on විවරණ.

    ]]>

    ලොකුම එක උසම එක අපේ ය..
    පසු ගිය දා නෙළුම් කුලුන විවෘත විය..
    අපිත් යුහුව ගොස් මුදල් ගෙවා මුදුනේ සිට අවට නැරඹුවෙමු.
    සැබෑවට ම ඒ තව්තිසා දෙව් ලොව ය…
    ඈත සුන්දර කඳු වැටි ය. මෑත තෙරක් නොපෙනෙන මහා සාගරය යි.
    පස් වණක් ප‍්‍රීතීන් පිනා ගොස් ළඟ පාත බැලීමු..
    අතේ දුරින් මහා ණය කන්දකි..
    කඳු පාමුල ආහාර නැතිව මිය යමින් සිටින ඇවිදින මළ සිරුරු ය.
    ඒ අසළම ඹෟෂධ නැතිව මළවුන් ගේ සිරුරු ය..
    අතේ දුරින් විවිධ පෝලිම් ය..
    එහෙත් සතුට ට කරුණකි.
    එනම් සියලු ගැටලුවලට විසඳුම වූ ලොකුම ඇමති මණ්ඩලය යි..

    The post ලොකුම එක.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a/feed/ 0
    නව සමාජයකට මුල පුරමු.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b8%e0%b7%94/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b8%e0%b7%94/#respond Fri, 17 Jun 2022 01:05:28 +0000 https://vivaranalk.com/?p=4936 අප රටට නිදහස ලැබී අවුරුදු 74 ක් වෙමින් පවතී. වයස 74 ට වැඩි සියලු දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50 ට වැඩි අය නිදහස් රටක ඉපදුණත් බේත් හේත් නිසාම දිවි රැකගෙන සිටිති. බාලයන් නොවන සෙසු පිරිස ජන සමාජයේ පැවැත්ම සඳහා උපයමින් සිටිති. ඔවුන් එය කොතරම් තෘප්තියකින් කරත් ද යනු සමීක්ෂණයකින් එළි විය යුතු ය. […]

    The post නව සමාජයකට මුල පුරමු.. appeared first on විවරණ.

    ]]>
    අප රටට නිදහස ලැබී අවුරුදු 74 ක් වෙමින් පවතී. වයස 74 ට වැඩි සියලු දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50 ට වැඩි අය නිදහස් රටක ඉපදුණත් බේත් හේත් නිසාම දිවි රැකගෙන සිටිති. බාලයන් නොවන සෙසු පිරිස ජන සමාජයේ පැවැත්ම සඳහා උපයමින් සිටිති. ඔවුන් එය කොතරම් තෘප්තියකින් කරත් ද යනු සමීක්ෂණයකින් එළි විය යුතු ය. බාල පරපුර මේ සමස්ත ජීවිතයට පුරුදු පුහුණු වෙමින් සිටිති.

    අපේ රටට නිදහස ලැබී මෙතරම් කල් ගෙවී ඇතත් රටම විවිධ ලෙඩ රෝගවලින් පිරී ඇත. එනම් සෞඛ්‍යයෙන් අප නිදහස් නැත. වැඩි දෙනා දිවි රැක ගැන්මට අධික ලෙස බෙහෙත් පාවිච්චි කරන බව බොරු ද? සමහරුන් උපයන දේ බෙහෙත්වලට මදි බව අසත්‍ය ද? ඒ මෙතෙක් අපට ලබා දී ඇති සෞඛ්‍ය තත්වය නොවේ ද? ඒ සඳහා කී වරක් අප ඡන්දය ලබා දී තිබේ ද? අවුරුදු 74ක් නැත්නම් උපන් දා සිට රැවටිල්ලට අසුවී සිටින බව අපට නොදැනේ.

    මේ වන විට රට දිළිඳු කමින් ඉහළ ගොස් ඇති බව පසුගිය සමයේ රුපියල් 5000 දීමනාව පවුල් කීපයකට දෙන්න සිදුවුණා ද යන කරුණෙන් පැහැදිලි විය යුතුය. එතරම් ලක්ෂ ගණනකට රු. 5000 දුන් බව උජාරුවෙන් පවසන අය ඒ නැති බැරිකම 1948 සිට ඇති කරපු අය බව කී දෙනෙක් සිතා බලත් ද? සමහරු ඒ ගැන පින් දුන් බව සැබෑ ය. එහෙත් ඒ පින ලැබෙන්නේ අප දිළිඳු බවට පත්කළ අයටම ය. එය මේ යුගයේ ඛේදවාචකය යි. එනම් රට පරිහානියට පත් කළ, අපට මේ විපත්තිකර ජීවිතය උදා කළ අයට පින් දෙන තත්වයට පත්වීම යි. දිළිඳුකම, නැතිබැරිකම ඇති වන්නේ කෙසේ ද? අසමානත්වය, අසාධාරණත්වය පවත්වා ගැනීම ඊට මූලික හේතුව ය. ලෝකයේ හෝ රටක නිපදවිය හැකි ආහාර ප‍්‍රමාණය, ලෝකයේ හෝ ඒ රටේ ජනතාවට ප්‍රමාණවත් ය. එය බෙදා හදා ගන්නා ක්‍රමයක් නැත. ඇත්තේ බදා ගන්නා ක්‍රමයකි. මේ තත්වය ගැන එක වචනයක් කතා නොකර කර බාගෙන සිටින තුරු සුළු කොටසක් තිබෙන තරම් සම්පත් බදා ගෙන කනු ඇත.

    මේ තත්වය නැති කිරීමටය කියා ඇති කළ යම් ක්‍රියා මාර්ග පැලැස්තර වැඩ පමණි. එනම් ජනසවිය, සමෘද්ධි ආදිය විරෝධය මැඩ නිහඬ කිරීමට යෙදුණ වැඩ මිස ප්‍රශ්නයට තිරසාර පිළියමක් නොවේ. එම වැඩ සටහන් පටන් ගෙන අවුරුදු කීයක් ගතවී ඇද්ද? එම ‘සහන’ ලැබු අය එම තත්වයෙන් මිදී සිටිත් ද? ඒ අතර සමාජයේ වරප්‍රසාද ලත් පන්තියේ අයට අඩු පාඩු සිදුවී තිබේ ද? එය මේ බදාගෙන කෑමේ ක්‍රමය පවත්වා ගෙන යාමට ඇටවූ උගුලක් බව වටහා ගැනීමට එය පැවතුණු අවුරුදු ගණනේ ප්‍රතිඵලය ගණනය කළ යුතුයි.

    ඒ ආර්ථික පිරිහීම ය. සංස්කෘතික පිරිහීම අතිශය භයානක ය. මක්නිසාද? බාල, මහලු, තරුණ සියලු දෙනාම එහි ගොදුරු බවට පත්ව ඇති නිසා ය. අනාගත පරපුර, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම අධික අතර, හොරකම්, මංකොල්ල ආදියට ද යොමුවෙති. කීප දෙනකුට නීතියෙන් දඬුවම් දීමෙන් පලක් නැති බව මේ වනවිට ඔප්පු වී ඇත. නීතියට බියෙන් මත්ද්‍රව්‍ය නවත්වනවානම් මේ වනවිට මත්ද්‍රව්‍ය තුරන් වී තිබිය යුතු ය. දිනපතා තොග ගණන් අල්ලන්නේ එය කෙළවරක් නැතිව සිදුවන දෙයක් වී ඇති නිසා ය.

    හොරකම්, මිනී මැරුම්, කොල්ලකෑම් නීති මගින් නැති කළ නොහැකි ය. එය කුඩා කාලයේ සිට දෙන අධ්‍යාපනයෙන්, හැදියාවෙන් එම විසම ආකල්ප නැති කිරීමේ පුරුදු මගින් පටන් ගත යුතු ය. නිවෙස්වල සිට මේ පුරුදු ඇති කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සංවර්ධනය කිරීමට දැන් කාලය පැමිණ ඇත. පාසල් අධ්‍යාපනයෙන් සිදු වන්නේ කුමක් ද? පුරාණයේ නම් ‘‘ශික්ෂණය’’ මුල් කොට ගත් ක්‍රමය අද වන විට ‘‘අධ්‍යාපනය’’ බවට පත්ව ඇත. එයින් හැදෙන්නේ ‘‘හොඳ වැටුප් ලැබෙන වහලුන්’’ ය. දූෂණය, වංචාව ඔවුන්ගේ කොල්ලකෑම ය. විභාග සමත් නොවී අතර මග පාසල් හැර යන්නන් හොරකමට, කොල්ලකෑමට, අවශ්‍ය අධ්‍යාපනයක් ලබා ඇත. මුදල් දේවත්වයෙන් සැලකෙන සමාජයක ඔවුන් මුදල් ඉපයීමේ පහසු මං සොයා යෑම පුදුම ද? වැඩි මහන්සියක් නැතිව විශාල මුදල් උපයන සුළු පිරිසක් සිටිනු දකින විට දිළිඳු, අධ්‍යාපනය අඩු තරුණයන් සමාජය කෙරෙහි වෛරයක් ඇති කර ගැනීම මේ සමාජ ක්‍රමයේම ප්‍රතිඵලයකි.

    අනෙක් කරුණ සමාජයේ පවතින දරුණු දේශපාලන පරිහානිය යි. දැන් අවුරුදු 74 ක් රට මේ තත්වයට ඇද හෙලූවෝ දේශපාලකයෝ ය. ඔවුන් පිල් බෙදී ජනතාව තම තම පිල්වලට බෙදාගෙන රට මේ තත්වයට ගෙන ආ බව බොරුද? රටේ ජනතාව සුඛිත මුදිත කරන බවට දහසක් පෙරොන්දු දෙති. දහසක් ව්‍යාපෘති පටන් ගනිති. කී සියයක් නම් විදේශ ආයෝජන සහිත කර්මාන්ත පටන් ගැනුණා ද? ඒ හැම එකකින්ම සුළු සංවර්ධනයක් ලැබී ඇත. 1978 න් පසු ආයෝජන කලාප නමින් ඇති කළ සංවර්ධනයෙන් ටික දෙනකු ජීවත්වන බව ඇත්ත ය. එහෙත් පවුල් ලක්ෂ ගණන් රු.5000 හිඟාකෑමේ තත්වයට පත්ව ඇත්තේ මක්නිසා ද?

    2022June17[1]_poverty

    එසේ ඇති කළ ව්‍යාපාරවලින් රට සංවර්ධනය වුණා නම් මෙතරම් දිළින්දන් සංඛ්‍යාවක් ඇතිවේ ද? දැන් කියන වරාය නගරය සංවර්ධනයෙන් ද ඉදිරියට ඇති වන්නේ එවැනිම තත්වයක් බව නිසැක ය. එහෙත් සමාජයේ ටික දෙනකු තට්ටු ගෙවල් යාන වාහන, සැප සම්පත් ඇතුව ජීවත් වෙති. දේශපාලකයෝ ද ඒ අතර වෙති. එහෙයින් ඔවුන්ට මේ දේශපාලනය සදාකාලික සම්පතකි. ඔවුහු එකිනෙකාට බැණ ගනිති. පාලන බලය ලැබීමට සුදුස්සෝ තමන්යයි කියති. අපි රැවටෙමු. අවුරුදු 74 ක්ම රැවටුණෙමු. තව දුරටත් රැවටීමට නියමිත ය.

    ආගමික වශයෙන් ද අපි අන්තයට ම පිරිහී සිටිමු. අතළොස්සක් සංඝයා හැර බහුතර හාමුදුරුවරු දහම අතින් පිරිහුණෝ වෙති. ඒ පිරිහුණු පිරිස රටේ පාලන බලය, රටේ සම්පත් හොරාකන අයට දීමට අනුශාසනා කරති. සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කරමින් ගිහියන්ට වැදි බණ දෙසති. මේ රටේ පිරිහීමට මූලික වූ දෙදෙනා පූජකයා ද දේශපාලකයා ද වෙති. යහපත් දේශපාලකයන්, පූජකයන් සිටිතත් ඒ සුළු පිරිසට බලය නැත. ඔවුන්ට එසේ බලය නැතිවීම ගැනත් මෙරට ඡන්ද දායකයන් වගකිය යුතුය. බත් පැකට්ටුවකට, ටකරමට නොරැවටෙන ඡන්ද දායකයන්, සූකිරි වචන වලට බරසාර පොරොන්දුවලට රැවටෙති.

    එසේ නැත්නම් මේ භෞතික ලෝකයේ නොපවතින ජාතිවාදයට හෝ පරලොව සැපයට රැවටෙති. ජාතිවාදයට රැවටුණු සිංහල, දෙමළ සියල්ලෝ අපට තිස් අවුරුදු යුද්ධයක් ලබා දුන්හ. නිදහසින් පසු ඔවුන් නිර්මාණය කළ වැදගත්ම දේශපාලනය විනාශකාරී යුද්ධය යි.

    විනාඩියට ලක්ෂයක් වියදම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීත් හැසිරෙන ආකාරය අතිශය පිළිකුල් සහගත ය. කුණු හරුප පිරුණු කතාවෙන් එකිනෙකාට අපහාස කෙරෙමින් මොවුන් කරන්නේ ජනතාව සතු සම්පත් කාබාසිනියා කිරීම ය. ආණ්ඩුව විපක්ෂය යන දෙකටම මෙවැනි මන්ත‍්‍රීන් තව දුරටත් තෝරමු ද?

    මේ වන විට ඉතා පැහැදිලි විය යුතු කරුණක් ඇත. එනම් යහපත් ජීවිතයක්, සරුසාර රටක් ගොඩ නැගීම උදෙසා අප හැම දෙනාටම ඉතා සුළුවෙන් හෝ කළ යුතු දෙයක් ඇති බවය. ඒ අනිකක් නොවේ. මෙවන් කාළකණ්ණි පිරිසකට රටේ බලය නොදිය යුතුය. අප අලුත් සමාජ නිර්මාණයකට යා යුතුය.

    The post නව සමාජයකට මුල පුරමු.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b8%e0%b7%94/feed/ 0
    හදිසි නීතිය.. https://vivaranalk.com/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/#respond Thu, 02 Jun 2022 04:29:14 +0000 https://vivaranalk.com/?p=4812 හදිසි නීතිය පනවන තරමට තිබෙන හදිසිය කුමක් ද?ජාතික ආරක්ෂාවට මහජන සාමයට තර්ජනයක් තිබේ නම් එය හදිසි තත්වයක්..ඉතින් දැන් එහෙම හදිසි තත්වයක් තිබේ ද?රාජපක්ෂ පවුලටත් මැති ඇමතිවරුන්ටත් තම ගෙවල ඉන්න පවා බියක් ඇතිවී තිබෙනවා..මහජනයා කටවල් වහගෙන අත පය හකුළා ගෙන සිටීම සාමය බව ඔවුන් සිතනවා..එහෙම හිතන්න ඔවුන්ට මහජනයා බලය දී තිබේ ද?ඇයි 69 ලක්ෂයක බලය?එය ජනතාවට […]

    The post හදිසි නීතිය.. appeared first on විවරණ.

    ]]>
    හදිසි නීතිය පනවන තරමට තිබෙන හදිසිය කුමක් ද?
    ජාතික ආරක්ෂාවට මහජන සාමයට තර්ජනයක් තිබේ නම් එය හදිසි තත්වයක්..
    ඉතින් දැන් එහෙම හදිසි තත්වයක් තිබේ ද?
    රාජපක්ෂ පවුලටත් මැති ඇමතිවරුන්ටත් තම ගෙවල ඉන්න පවා බියක් ඇතිවී තිබෙනවා..
    මහජනයා කටවල් වහගෙන අත පය හකුළා ගෙන සිටීම සාමය බව ඔවුන් සිතනවා..
    එහෙම හිතන්න ඔවුන්ට මහජනයා බලය දී තිබේ ද?
    ඇයි 69 ලක්ෂයක බලය?
    එය ජනතාවට එරෙහිව බලය යෙදීමට ජනතාව විසින් බලය පැවරීමක් ද?
    එහෙම නැත්තම් ජාතියට තර්ජනයක් තිබෙන්නේ ද?
    ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන්..

    The post හදිසි නීතිය.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/feed/ 0
    අවම බලය.. https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b8-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b8-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba/#respond Thu, 02 Jun 2022 04:19:56 +0000 https://vivaranalk.com/?p=4805 රඹුක්කන වෙඩි තැබීමට පොලිසිය යොදා ඇත්තේ මොන බලය ද?අවම බලය නේ..ඒ අනුව වෙඩි තබා ඇත්තේ කොතැනට ද?දණෙන් පහළට..එතකොට බඩට වෙඩි වැදී මිය ගියේ කෙසේ ද?එක්කෝ දණ හිස බඩේ තියෙන්න ඇති.. නැත්නම් බඩ දණ හිසේ තියෙන්න ඇති..මේ වගේ වෙඩි තැබීම් සිය ගණනක් කලිනුත් සිදුවුණා නේ ද?ඔව්..! සුප්‍රකට ආයුධ පෙන්වීමට ගෙන යාමේ දී එහෙම වුණා..එතකොට සැකකරුගේ ඔළුව […]

    The post අවම බලය.. appeared first on විවරණ.

    ]]>
    රඹුක්කන වෙඩි තැබීමට පොලිසිය යොදා ඇත්තේ මොන බලය ද?
    අවම බලය නේ..
    ඒ අනුව වෙඩි තබා ඇත්තේ කොතැනට ද?
    දණෙන් පහළට..
    එතකොට බඩට වෙඩි වැදී මිය ගියේ කෙසේ ද?
    එක්කෝ දණ හිස බඩේ තියෙන්න ඇති.. නැත්නම් බඩ දණ හිසේ තියෙන්න ඇති..
    මේ වගේ වෙඩි තැබීම් සිය ගණනක් කලිනුත් සිදුවුණා නේ ද?
    ඔව්..! සුප්‍රකට ආයුධ පෙන්වීමට ගෙන යාමේ දී එහෙම වුණා..
    එතකොට සැකකරුගේ ඔළුව හෝ පපුව දණෙන් පහළ තිබෙන්න ඇති..
    ඒ නිසා නීති පොත්වල තිබෙන වගන්ති අනුව වෙඩි තබනු මිස දණින් පහළ කුමක් තිබේදැයි සෙවිය යුතු නැහැ..

    The post අවම බලය.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%85%e0%b7%80%e0%b6%b8-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba/feed/ 0
    පරමාධිපත්‍ය සහ ජනතා අරගලය.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd/#respond Sun, 29 May 2022 22:45:01 +0000 https://vivaranalk.com/?p=4765 බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට සහ ශිෂ්ට බලවේගයන් එම ස්වයං සිරගෙවලින් නිදහස් කළ යුතුය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය. බහුතරයේ බලය ආදී වචන තුළ සැගවී සිටින දුෂ්ට අශිෂ්ට බලවේගයන් සිංහාසන වලින් ඇද හෙලා […]

    The post පරමාධිපත්‍ය සහ ජනතා අරගලය.. appeared first on විවරණ.

    ]]>
    බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට සහ ශිෂ්ට බලවේගයන් එම ස්වයං සිරගෙවලින් නිදහස් කළ යුතුය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය. බහුතරයේ බලය ආදී වචන තුළ සැගවී සිටින දුෂ්ට අශිෂ්ට බලවේගයන් සිංහාසන වලින් ඇද හෙලා බෙලහීන කරමු. අපි නිර්මාණශීලී වෙමු. විනාශකාරී නොවමු. එහෙත් වංචනිකයන් සිය බලය මුදාහැර අප පෙළන විට අටසිල් සමාදන් නොවමු.

    කිසියම් සමාජ විලෝපනයක් අහසින් කඩා වැටෙන්නේ නැත. පොළවෙන් හදිසියේ මතුවන්නේ ද නැත. එය දිග කලක් තිස්සේ බිඳෙන් බිඳුවය. අණුවෙන් අණුව කැටිවී තැන්පත් වෙයි. සුදුසු අවස්ථාවක් පැමිණි විට පුපුරා කඩා පනී. බාහිර පාලනයක් නැතිව එසේ කඩා පැනීම විනාශ කාරීය. එය හොඳක් නරකත් නොතකයි. එය කරන්නා ඊට වගා කිය යුත්තේ අඩි වෙනි. වැඩියෙන් වග කිය යුත්තේ දිග කලක් තිස්සේ නීතියෙන් හා අවනීතියෙන් පවත්වා ගැනුණු අයුක්තියයි. සමාජ අසාධාරණය යි.

    මෙවැනි සමාජ සංසිද්ධියක් පිටුපස දිග ඉතිහාසයක් ඇත. එය මිනිසුන්ගේ නිර්මාණයක් නොවේ. ස්වභාව ධර්මයේ නිර්මාණයකි. සොබා දහමට එසේ කිරීම සඳහා මිනිසා හවුල් වේ. ඒ කෙසේද?

    අවුරුදු දහස් ගණනක් මිනිසුන් වහලුන් ලෙස තබාගෙන, ඔවුන්ගේ ශ්‍රමයෙන් සැප ජීවිත ගත කළ ඉහළ පැලැන්තිය වහලුන්ට සැලකුවේ ද්‍රව්‍යයක් ලෙස ය. ඒ මදිවට කුරුරු අමානුෂික දඬුවම් වලට ගොදුරු කරනු ලැබිණ. ඒ අවුරුදු දහස් ගණන පුරා පාලක පන්තියේ ද්වේෂය, අයුක්තිය ටිකෙන් ටික වහලුන් තුළ පැලපදියම් වී තිබී, ස්පාටකස් ගේ සටන සමග පුපුරා ගියේය. වැඩ වසම් යුගය බිහිවුණේ ඒ නිසාය. ඊළඟ ප‍්‍රවේණිදාස යුගය වෙනස් වුණේ ඔලිවර් කොම්වේල් වැනි අයගේ හැඟීමත් සමගය. ධනපති යුගය බිහිවීම එම සටන්වල ප්‍රතිඵලය විය. කම්කරු යුගයේ දී ලෝකයේ බොහෝ තැන්වල සටන් ඇවිලිණි. දැන් අපේ රටට නිදහස ලැබී වසර 74 ක් වුවද ගොවියා, කම්කරුවා, ධීවරයා, සේවයෙහි නිදහස් නැත. අසාධාරණයක් සිදුවන හැම මොහොතකම ඊට ගොදුවරුවන මිනිසාට තරගයක් ද්වේෂයක් ඇතිවේ. අනෙකාට ඇති බලය හමුවේ යටපත් වේ. එහෙත් හිතේ තැන්පත් වේ. එය ඔහු තුළ පමණක් නොව එය අසන දකින අනික් මිනිසුන් අනික් මිනිසුන් තුළ ද ඇති වේ. එය මුහුදින් එතෙර මිනිසුන් තුළ ද ඇති වේ. එසේ සිත් සතන්හි තැන්පත් වන එම කෝප වේගය බොහෝ කලකට පසු වුවද කඩා පනිනවා නියතමය. එය සොබා දහම ය.

    අප රටේ වසර ගණනක් තිස්සේ සිදු වූ අවනීතික පැවතුම්, පීඩා, අයුක්තිය ඊට සුදුසු අවස්ථාවේ දී පුපුරා යාම සිදුවිය. මෙසේ ශක්තිය කැටිවීම පිණිස, අසාධාරණ නීතියක්, ක්‍රියාවක් වචනයක් වුව සෑහේ. පොදු ජනයාට හිමි සම්පත් හොරකම් කිරීම, වංචාවෙන් රැවටීමෙන් ගැනීම ආදිය නිසා ද ඇති වේ. එසේ තිබෙන නිධන්ගත ආවේග පුපුරා යාමට ආසන්න සුළු සිද්ධියක් සැහේ. වර්තමාන ආණ්ඩුව මහජනතාවට ඉටු කළ යුතු පොරොන්දු පසෙක තබා පොදු දේපළ හොරකම් කිරීම, නාස්තිය  කළ බව දැන ගන්නා සැමවිටම ඔවුන්ට එරෙහි ආවේග ක්‍නගත වේ. මැයි 9 දා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, ප‍්‍රාදේශීය දේශපාලකයන් පමණක් නොව, අගමැති පවා නොදැන සිටි ඉතිහාසය මෙයයි.  එනම් ඔවුන්ගේ දුෂ්ට පාලනයට විරෝධතාව දක්වන්නේ සුළු පිරිසක් පමණකි යි සිතීමය. ඔවුන් කළ දුෂ්ටකම් පිළිබඳ කෝපය වෛරය රට  පුරාම තිබිය යුතු බව ඔවුහු නොසැතූහ. එහෙයින් මයිනාගමටත්, ගොටා ගෝ ගමටත්  පහර දී සුපුරුදු ලෙස විරෝධතාව මැඩිය හැකි යැයි සිතූහ. වැරදුණේ එතැන ය. රට පුරා ගෙවල් ගිනි තැබීම් ප්‍රචණ්ඩ ක්‍රියා වේ. එහෙත් ඒ සියලු විනශයන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් වැනි අය ගින්නට පිදුරු දැමූහ. ගාල මුවදොර සාමකාමී උද්ඝෝෂණය රටපුරා සැඟවී තිබුණු බව වටහාගන්නට ඉතිහාසයක්, දේශපාලනයක් ගැන ප්‍රමාණවත් වැටහීමක් තිබිය යුතු ය. එදා සාමකාමී විරෝධතාවට භාරදුන් අමන අනුගාමිකයන් සහ මන්දබුද්ධික දේශ පාලකයන්ට ස්තූති පූර්වකව කිය යුත්තේ තරුණ විරෝධතා කරුවන්ගේ යහපත් පරමාර්ථය ඉටුවීම ස්ථාවර වූ බව ය. මින් ඉදිරියට එම පාදඩ දේශපාලනයට ඉඩක් නොලැබෙනු ඇත. එය යළි හි ඔසොවන්නට තැත් කරන මොහොතේම විරෝධතා පැන නගිනු ඇත. එම අරගලයේ අපේක්ෂිත ඉලක්කය එයයි. අරගලයේ යහපත් නිර්මාණය එයයි. ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලය නියත වෙනස්වීමකි. එහෙත් පැවතුණු වංචනික ප්‍රචණ්ඩ දේශපාලනය, අව්‍යාජ, සාමකාමී දේශපාලනයක් බවට පත්වීමේ පදනම් වැටිණ.

    2022may30[1]_gota_go

    විරෝධතා කරුවන්ගේ නිර්මාණශීලීත්වය

    කෙසේ වෙතත් උද්ඝෝෂණයෙන් පසු ඇතිවූ ගිනි තැබීම් සහ මරණ, විරෝධතා කරුවන් අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔවුන්ගේ නිර්මාණශීලිත්වයවූයේ මර්දනය සඳහා ඉඩ ලබා ගැනෙන ප‍්‍රචණ්ඩභාවය නීති විරෝධීවීම නොසිදුවීමය.  මෙතෙක් ආණ්ඩු කළේ ප්‍රචණ්ඩ වීමට පොළඹවා මර්ධනය කිරීමයි. කලක් තිස්සේ මර්දනය ප්‍රචණ්ඩ භාවය වර්ධනය කොට යම් එක් ප්‍රචණ්ඩ අවස්ථාවක් මවා මුලින් උපුටා දැමීම සිදුවේ. 1971, 1988 සහ (1983 උතුරේ) ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමෙන් ඒ සියල්ල මර්දනය විය. සටන් මර්දනයේ කලාවට ගාලු මුවදොර පිරිස අසුවූයේ නැත. එම සටන පැවතුණත් නැතත්. එහි ප්‍රතිඵලය සනිටුහන් වී හමාරය. නිර්මාණය එයයි. ඒ නිසා මෙවර දියත් කළ පාදඩ දේශපාලනයේ සුපුරුදු භාවිතයෙන් සටන අවසන් වූයේ නැත. ඊට හේතුව වූයේ එම දුෂ්ට ක්‍රමයට එරෙහිව රටපුරා විරෝධතා මුහුකුරා ගොස් මතුපිටට කඩා පැනීමය. එහිදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ප‍්‍රතිප්‍රචණ්ඩ ක‍්‍රියා වුවද, එය සාධාරණ සටන් මඩිනු ලැබීමට වුවමනා කරන සාධකයම වේ. යම් තරමකට පාදඩ දේශපාලන උපක‍්‍රමයකව වෙයි. මේ තත්වයෙන් මිදීම සිතා මතාම කළයුතුය. ඉන් පසු ගොඩ නැගෙන සමාජ ක්‍රමයක් තුළ කිසිසේත් නොතිබිය යුත්තකි. යහපත් භෞතිකවාදී දේශපාලන විඥානයකින් හෝ පක්ෂ ප්‍රතිපත්තියකින් හෝ පාලනය විය

    මිනිසාට මිනිසකුවීමේ ගෞරවය සමාජයෙන් ලැබිය යුත්තේ කෙසේ ද?

    මිනිසාට දක්වන ඇනුම් බැණුම්, හිංසා, පීඩා, අපහාස, පහත් සැලකිලි නිසා උපදින කෝපය, ද්වේෂය, තැන්පත්ව එකතු වී පසු කාලයක මතු වී ප්‍රචණ්ඩත්වයට යොමුවන බව පෙර සඳහන් ය. එසේ  ප්‍රචණ්ඩ වන්නේ ඇයි ? ප්‍රචණ්ඩත්වයට ප‍්‍රති ප‍්‍රචණ්ඩත්වයක ලෙසිනි. එහෙයින් එය සමාජ ක්‍රම වෙනස් කිරීමේ මාර්ගයක් ලෙස පිළිගැනීමක් ඇත. විසෙන් විස නැසේ යන උපහැරණයෙන් ද කියැවෙන්නේ එයයි.

    මිනිසාට වෙනස්කම් කිරීම නිසා ඔහු කෝපවන්නේ, ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ ඇයි? කෙටි පිළිතුර නම් ඔහු මිනිසකුවීම නිසාය යනුයි. මිනිසකුවීම සතුටටත් අභිමානයටත් පත්විය යුත්තක් නොවේද? එහෙයින් මිනිසා වෙනස්කොට, පහත්කොට සැලකීම අමනුෂ්‍ය ක‍්‍රියාවක් විය යුතුය. මනුෂ්‍යත්වය, මනාව ගරුත්වය, මිනිස්ගුණය, දෙවියන් වැනි මිනිසුන් ආදී යෙදුම් වලින් දර්ශනවාදය සහ වෙනත් විෂයයන්හිදී එය හැඳින්වේ. එහෙත් නීතියේ දී එය විශේෂ වචනයකින් හැඳින්වෙන අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක‍්‍රමයකදී මිනිසාට එම අර්ථය දෙමින් පුරවැසියා  පරමාධිපතිවේයැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්හි සඳහන් වේ.

    පුරවැසි බලය සහ පරමාධිපත්‍යය

    ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක ඉහළම බලය තිබෙන්නේ පුරවැසියාට ය. නීතියට ඉහළින් කිසිම පුද්ගලයකු නොසිට යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍ය මූලික වේ. යනාදී වාක්‍ය දේශපාලන සාහිත්‍යයේ නිතර භාවිත වේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ‘පරමාධිපත්‍ය’, පරමාධිපති බලය ගැන සඳහන් වන ආකාරය විමසා බලමු. එහි 3 වන ව්‍යවස්ථාව මෙසේය.

    3. ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.

    ජන රජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය යි මෙහි කියැවේ. එනම් ජන රජයේ ඉහලම බලය ඇත්තේ ජනතාවයටය. එනම් පාර්ලිමේන්තුව ඇමතිවරුන් හෝ ජනාධිපති නොවන බවයි. එහෙත් භාවිතයෙන් සිදුවී ඇතතේ අනිකකි. එහි ඊළග වැකිය එනම් කවර තත්ත්වයක් යටතේ වත් පුරවැසියාගේ බලය තව කෙනෙකුට පැවරිය නොහැකිය. එහෙත් පාර්ලිමේන්තුව සම්මත කරන නීතිවලින්” ඇමතිවරුන් තීරණ ගන්නා සහ ක්‍රියා කාරන ආකාරය අනුව ඔහු හා ජනතාවට වඩා බොහෝ බලවත් වෙති. ඉහත 3 වන ව්‍යවස්ථාවේ පරමාධිපති බලයට අයත් නෛතික තත්වයන් සඳහන් වේ. එනම් පාලන බලතල හෙවත් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල පුරවැසියා සතුවන බවය. එනම් නීති පැනවිය යුත්තේ පුරවැසියාගේ අපේක්ෂාව පරිදිය.  එහෙත් සිදුවී ඇත්තේ පාලකයන්ට අවශ්‍ය නීති පනවා ගැනීමය. පාර්ලිමේන්තු මන්ත්‍රීත් ඒ ගැන අදහස් දක්වනු අප දැක නැත. පක්ෂ නායකයා හෝ ජනාධිපති කියන දේ කියමින් විපක්ෂයට බැණ අඩ ගනසු මිස හරවත් දෙයක් ඔවුහු නොකියති. ජනාධිපති ඒකාධිපතියෙකු වූ විට මන්ත්‍රීවරු අමන ගැත්තේ වෙති. එපමණක් නොව රාජ්‍ය පාලනයේ සියලු නිලධාරීහු කරබාගෙන කියන දේ කරති. අධිකරණයට කළ හැක්කේ පනවා ගත් නීතිය අනුව තීන්දු දීමය. එහෙත් ව්‍යවස්ථාවේ ස`දහන වන්නේ කුමක් ද? ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලය ජනතාවගේ ය. එම බලය ක්‍රියාත්මක කිරීම ජනතාව වෙනුවෙන් කළ යුත්තක් බවය. එහෙත් සිදුවන්නේ ජනාධිපති නැත්නම් පක්ෂ නායකයා වෙනුවෙන් ක්‍රියා කිරීමය. එවිට සිදුවන්නේ ව්‍යවස්ථාවට පටගැහනිව ක්‍රියා කිරීමය.

    ව්‍යවස්ථාදායකය, විධයාකය, අධිකරණය යන ආයතන කළ යුත්තේ පරමාධිපතියා සතු බලය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමය. එම බලය අන්සතු කළ නොහැකි නිසා පැවරෙන්නේ බලය නොවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ වගකීමය. මෙතෙක් අප රටේ සිදුවී ඇතතේ, බලය පවරා ගැනීමය. කළ නොහැකිය. පරමාධිපතියා වෙනුවෙන් වගකීම් ඉටු කිරිම කළ යුතුය. අධිකරණය යුක්තිය ඉටු කළ යුත්තේ පොදු ජනතාව වෙනුවෙනි. විවිධ විෂම නීති හා උපක්‍රම යොදාගෙන පාලකයන් වෙනුවෙන් තීන්දු දෙන්නට සිදුවීම අධිකරණ දූෂණයකි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවට පටහැණි ය. එහි මෙසේ දක්වේ.

    ජනතාවගේ පරමාධිපත්‍යය  ක්‍රියාත්මක වීම ද, භුක්ති විදීම ද මතු දැකවෙන් ආකාරයෙන් සිදු වන්නේය.

    (අ).’ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය.’

    පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය යි. මන්ත‍්‍රීන්ට ඇතතේ ක්‍රියාත්මක කිරීමේ වගකීමය. එහෙත් මෙතෙක් කර ඇත්තේ තමන් වෙනුවෙන් නීති පනවා ගැනීමය. 1982 ජනමත විචාරණයේ දී සිදුවූයේ ඒකා ජනාධිපති යන නම තුළ සැඟවී සිටි ඒකාධිපතියාට තවත් අවුරුදු හතරකට ඒකාධිපති බලය පැවරීමකි. ජනතාව වෙනුවෙන් කළ යුතු කිසිවක් ඔහුට තිබුණේ නැත.

    (ආ). රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.

    1978 පනවා ගත් මේ ව්‍යවස්ථාවෙන් රටම කණපිට පෙරළිණ. අගමැති ඇතුළු ඇමති මණ්ඩලය විසින් කළ යුතුය තිබුණු දේ තනි අතකට පවරා ගැනිණ. එවිට එය ජනතාවගේ බලය අනුව වගකීම පවරා ගැනීමක් නොව බලය කොල්ල කෑමක් විය. එදා පටන් පරමාධිපති පුරවැසියා යටත් වැසියකු බවට පත්විය.

    අධිකරණ බලය ද  පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතු බව එම ව්‍යවස්ථාවේ (ඇ) වගන්තියෙන් කියැවේ. එසේ කියන්නේ අධිකරණ බලය ජනතාවගේ නිසා ය. එය ජනතාවගේ වීමට නම් යුක්ති සහගත අපක්ෂපාත තීන්දු ගත යුතුය. අධිකරණ ක‍්‍රියා පටිපාටිය විවෘත විය යුත්තේ ඒ නිසාය. එහෙත් අපේ රටේ ‘නිදොස් කොට නිදහස් කෙරුනේ’ මේ කියන ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැණි ලෙසය. එනම් පරමාධිපතියා යටපත් කොට ඒකාධිපතියා ඉස්මතු වීමෙනි.

    4 වැනි ව්‍යවස්ථාවෙන් සියලු පාලන ආයතන වලට පවරා ඇති විශිෂ්ට වගකීම මෙසේය.

    (ඈ). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින්      

    1. රු කරනු ලැබිය යුත්තේය.
    2. ආරක්ෂා කරනු ලැබිය යුත්තේය.
    3. වර්ධනය කරනු ලැබිය යුත්තේය.

    මෙම වගන්තියෙන් වගකීම ඉටු කිරීමේදී කළ යුතු දේ එසේ සඳහන් වූ අතර නොකළ යුතු දේ ගැන මෙසේ සඳහන් වේ.

    තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධි විධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස

    1. සංක්ෂිප්ත කිරීම
    2. සීමා කිරීම හෝ
    3. අහිමි කිරීම නොකළ යුත්තේ ය.’

    මූලික අයිතිවාසිකම් ගරු කරනු ලැබිය යුත්තේ කෙසේ ද? පුරවැසියන්ගේ අයිතිවාසිකම පිළිගෙන එය භුක්තිවිඳීමට සහාය විය යුතු ය.

    ආරක්ෂා කරනු ලැබිය යුත්තේ කෙසේද? මූලික අයිතිවාසිකම් කඩ කරනු ලැබීමෙන් පුරවැසියන්ට ආරක්ෂාව සැලසිය යුතුයි. වෙනත් අයගෙන් උල්ලංඝනය වේ නම් එයින් රැකගත යුතුය.

    වර්ධනය කළ යුත්තේ කෙසේ ද? මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීමට පුරවැසියාට පහසුකම් සැලසිය යුතුය.

    අපේ රටේ මේ එකක්වත් සිදුවන්නේ නැති බව ඉතා පැහැදිලිය. එහි තේරුම පුරවැසියා රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ යටත් පහත් බවට පත්වන බව ය. මේ වගන්තියේ නොකළ යුතු දේම බොහෝ විට සිදුවනු ඇත. එහි අරුත නම් පුරවැසියා බලය නැති කෙනෙකු ද, රාජ්‍ය නිලධාරියා බලවතෙකු බවට පත්වන බවයි.

    ඉහතින් සඳහන් වුයේ පරමාධිපති වශයෙන් පුරවැසියාට පාලන බලතල ඇතැයි කියැවුණ දා එය පූර්ණ අසත්‍යයක් බවය. සාමාන්‍ය පුරවැසියකුගේ ත්, ව්‍යවස්ථාදායක, විධායක හෝ අධිකරණ නිලධාරියෙකු ගේත් බරපතළ වෙනසක් ඇති බවය. ඒ සියලු දෙනා පුරවැසියාගේ බලයෙන් හැඩ වැඩ වී පිම්බී සිටින බව බොරුවක් ද?

    ඊළඟට මූලික අයිතිවාසිකමක් ඉහත කියැවුණු නිලධාරියකුගෙන් කඩ වුවහොත් ඊට ප්‍රතිකර්ම ලබා ගැනීම පහසු නැත. එම ක්‍රියා පටිපාටි මගින් ම පුරවැසියා පීඩනයට පත්වේ. අපේ රටේ මූලික අයිතිවාසිකම් වර්ධනය කොට නැත. මර්දනය කර තිබේ. භාවිතයෙන් අහිමි කරනු ලැබේ.

    පාලන බලතල මූලික අයිතිවාසිකම් යන දේකට අමතරව තුන්වැනි පරමාධිපති බලයක් ද වේ. එනම් ඡන්ද බලය යි. රාජ්‍ය පාලනය අහිතකර නම් ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්ද බලය යෙදිය හැකිය. එහෙත් පාලකයා විසින් ඡන්ද දායකයා තමන්ට අවශ්‍ය පරිදි. ප්‍රබන්ධ කිරීම, මගින් පුරවැසියාගේ බලය අහිමි කර ඇත. ඡන්ද බලයේ 1952 සිටි ආණ්ඩු මාරු කිරීම සිදුවී ඇත. එහෙත් රට අද තිබෙන පිරිහුණු තත්වයට ඇද හැළුණේ ඡන්ද බලය පරමාධිපති බලයක් ලෙස භාවිත නොවුණු නිසාය.

    ඉතිහාසයේ පළමු වරට පරමාධිපති බලය ක්‍රියාත්මක වීම

    සර්වජන ඡන්ද බලය ලැබී දැනට අවුරුදු 91 ක් ගතවී ඇතත් ඡන්ද බලය පරමාධිපති බලයක් ලෙස සැබෑ භාවිතයට ගැනුණේ 2022 අප්‍රේල් මාසයේ ය. ඒ ගෝඨා ගෝ හෝම් උද්ඝෝෂණය සමගය. බලය අන්සතු කළ නොහැකියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතත්, සිදුවී ඇත්තේ බලය පාවා දීමය. අවුරුදු 91 ක් ඡන්ද බලයද, අවුරුදු 74 ක් පරමාධිපති බලය ද අපි පාවා දුනිමු. පරමාධිපති බලයට අයත් දේ ව්‍යවස්ථාවේ ඇතත්, එය පැහැර ගන්නා විට කළ යුත්තේ කුමක් දැයි ව්‍යවස්ථාවේ සඳහන් නැත. මූලික අයිතිවාසිකම් ඉතා දුෂ්කර ප්‍රතිකර්මයකි. මදාවි දේශපාලනයේ රජවීමත් සමග එය අකර්මණ්‍ය වේ. ඒ හැරත් පරමාධිපති බලය යටපත් කරන නීති රීති ද පනවා ගැනිණ. ඒවා සිය ගණනින් ගිණිය යුතුය. නිදහුන් දෙකක් මෙසේය. 1982 ජනමත විචාරණය හෙවත් කලගෙඩි සෙල්ලම එකකි. එය ඡන්දයෙන් පීඩකයා රජකරවීමකි. දෙවැන්න 1988, 14 වැනි සංශෝධනය යි. එයින් සිදුවූයේ පරාජිත මන්ත්‍රීත් පාර්ලිමේන්තුවට ගැනීමය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ පෙත්සම ප‍්‍රතික්ෂේප විය. සමහරවිට විධායකය විසින් අනියම් ලෙස අධිකරණ තීන්දු ගන්නා නිසාය.

    අඩු ගණනේ අවුරුදු 74 ක්ම පුරවැසියා ඡන්දය දෙන අතවැසියකු බවට පත්කරගෙන තිබිණ. පුරවැසි බලය යනු තම අයිතිවාසිකම අහිමිවනවිට                        සාධාරණ බලයයි. සමාජ ක්‍රම වෙනස් කිරීමේ උරුම කරුවා පුරවැසියාය. පුරවැසියා එවැනි උරුමයක් ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියක සඳහන් කරන්නේ නැත. එම හීලෑ කර ගැනුණු උගතුන් විසිනි. එහෙයින් පරමාධිපති බලය අරුත් ගැන්විය යුත්තේ පුරවැසියා විසින්මය. එය උගතුන්ගේ භාෂාවෙන් නොව පුරවැසි ක්‍රියාකාරකම් වලිනි. උගතුන් එය නීතියේ ආධිපත්‍යය පරමාධිපත්‍යය ආදී වචන වල සඟවා ඇත්තේ පාලකයන්ගේ අපේක්ක්ෂාවෙන් ය. එහෙයින් කියන්නේ එකකි. කරන්නේ අනිකකි. පුරවැසියාට තමන්ගේ බලය යටපත්වන විට කළ යුතු දේ කුමක් ද? යනු නීතියක සඳහන් නැත. එවිට එයට අර්ථයක් දිය යුත්තේ පුරවැසියාට ම ය. පුරවැසියා විසින් විරෝධතා නිර්මාණය කොට, වර්ධනය කළ යුතුය. එහෙත් විරෝධතාව වැඩි දියුණු වී ප‍්‍රචණ්ඩභාවය  දක්වන වර්ධනය වූ විට එය මර්දනය කිරීමේ නීති රීති, ආයතන, උපකරණ ආදිය රාජ්‍ය පාලනය තුළ ම ඇත. රාජ්‍යය නම් කුමක් ද යන්න ඉතිහාසය පුරාම දී ඇත්තේ 14 වැනි ලූවී රජුගේ අර්ථය එනම් ‘රාජ්‍යය නම් මමය’ යනුයි. ව්‍යවස්ථාවේ පුරවැසියා පරමාධිපතියා ලෙස අච්චු ගසා, භාවිතයේ දී පාලකයා පෙන්වා ඇත්තේ තමා පරමාධිපතියාට ඉහලින් සිටින බවය.

    මේ අයුරින් නෛතිකව සහ භාවිතයෙන් දිග කලක යටත්ව විසීම නිසා පුරවැසියා ප්‍රචණ්ඩ භාවය ඊට ප්‍රතිකර්මය ලෙස භාවිතා කරයි. එවිට එය මුලිනුපුටා දමා තවත් කලක් පාලනය කිරීමට ව්‍යවස්ථා, නීති, රීති පමණක් නොව ආචාර ධර්ම ද තනා ගැනේ.

    වෙනත් රටවලටත් ආදර්ශයක් දෙමින් 2022 අප්‍රේල් විරෝධතාව බෙහෙවින් නිර්මාණාත්මක විය. ප්‍රචණ්ඩ භාවයෙන් තොරවීම ප‍්‍රථම ශක්තිය විය. දෙවැන්න නම් එය ජාති, ආගම්. දේශපාලන ආදී පටු භේද වලින් තොරවීමය. එය මනුෂ්‍ය ආදරය සහ අමනුෂ්‍ය විරෝධය සඳහා වූ නිර්මාණාත්මක ප‍්‍රවේශයකි. හිංසාවෙන් තොරවීම නිසාය. එය අතීතයේ මෙන් සෘජු මර්දනයට ගොදුරු නොවීය. එහෙත් පාලකයාගේ දුෂ්ට භාවය නිසා අනියම් මර්දනයන් පළල් කොට තිබිණ. මැයි 09 දා මුදා හලේ එම දුෂ්ට භාවයේ උපරිමය යි. ඒ සමග හිටපු අගමැති රටම ගිනි තැබුවේය. ඉන්පසු රටපුරා විරෝධතා සමග හොරු මංකොල්ලකරුවෝද සුපුරුදු අශිෂ්ටත්වය දැක්වූහ.

    කෙසේ වෙතත් සමාජ නිර්මාණයේ එම සාධනීය පියවර වාසයට සදුසු සුන්දර රටක් ගොඩ නැගීමට මග පෑදී ඇත. හෝරුන්ගෙන්, මංකොල්ල කරුවන්ගෙන් දූෂිත දේශපාලූවන්ගෙන් තොර රටක් ගොඩ නැගීමට අවශ්‍ය පුරවැසි බලය අවදිවීම සාධනීය යි. ඉදිරියේ දී රටේ පාලනයට අලුත් මිනිසුන් සොයා ගනිමු. පරමාධිපති බලය සැබෑ ලෙස පිළිබිඹු වන අලුත් ව්‍යවස්ථාවක් හදා ගනිමු.

    The post පරමාධිපත්‍ය සහ ජනතා අරගලය.. appeared first on විවරණ.

    ]]>
    https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd/feed/ 0