Ranjith Henayake Arachchi, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Mon, 03 Apr 2023 08:28:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Ranjith Henayake Arachchi, Author at විවරණ 32 32 රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? : අන්තර් ජාතික අත්දැකීම් [2 වන කොටස] https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%9a-2/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%9a-2/#respond Mon, 03 Apr 2023 05:16:18 +0000 https://vivaranalk.com/?p=7864 මෙහි පළමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාර අසාර්ථක වන විට රාජ්‍ය මැදිහත්වී ඒවා ගලවා ගැනීමට සිදුවීම ගැනය. දැන් අප අඩු ලාභ ලබන ආයතනයක් පෞද්ගලික කරණය තුළින් වැඩි ලාභ ලබන්නේ කෙසේද? යන්න විමසා බලමු. එහි සිදුවන ක්‍රියාදාමය වන්නේ […]

The post රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? : අන්තර් ජාතික අත්දැකීම් [2 වන කොටස] appeared first on විවරණ.

]]>
මෙහි පළමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාර අසාර්ථක වන විට රාජ්‍ය මැදිහත්වී ඒවා ගලවා ගැනීමට සිදුවීම ගැනය.

දැන් අප අඩු ලාභ ලබන ආයතනයක් පෞද්ගලික කරණය තුළින් වැඩි ලාභ ලබන්නේ කෙසේද? යන්න විමසා බලමු.

එහි සිදුවන ක්‍රියාදාමය වන්නේ සේවකයින් ප්‍රමාණය අඩු කිරීම, පඩි අඩු කිරීම, තිදෙනෙකුගේ වැඩ දෙදෙනෙකු කරන තත්ත්වයට පත් කිරීම, ආදී දේවල් තුළින් ලාභය උපරිම කිරීමයි. මෙය ඔවුන් හඳුන්වන වචනය තාර්කිකකරණය යන අදහස ඇති Rationalization යන්නයි. ඒ තුලින් සමාජයකට සිදුවන හානි ගණනාවක් තිබේ.

(මෙසේ නව ලිබරල්වාදී ලාබ උපරිම කර ගැනීමේ විපාක ගැන (25. 03. 2020) මවිසින් ලියූ “නව ලිබරල් අර්බුදය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය” යන ලිපිය බලන්න.)

දැන් අපි යම් ආයතනයක් ගෙන බලමු.  ආයතනයේ වැඩ කරන අයගේ වැටුප් ප්‍රමාණය අඩු වීමත්, වැඩ ප්‍රමාණය වැඩි වීමත් තුළ සේවකයා ආතතික තත්ත්වයකට පත් වේ. එවිට ඔහු හෝ ඇය  රෝගී වන මට්ටමකට (අසාදනය)  පත් වේ. එසේම  තුලින් තවත් කොටසක් මානසික තෙරපුම නම් (බර්න් අවුට්) නම් රෝගී තත්ත්වයට පත්වේ. මේ රෝග දෙකම මේ වන විට බටහිර නව ලිබරල් ආර්ථිකයට නතු කල රටවල සුලබ වී ඇත. දැන් මෙම අසනීප තත්වය සමාජය මත විශාල බරක් පටවයි. මෙම පවුලේ දරුවන් ඒ තුළින් ලබන ආතතිය ඉන් එකකි. රැකියාව කිරීමට බැරි තත්වයකට පත් වන බැවින් ඔහුගේ හෝ ඇයගේ පවුල නඩත්තු කිරීමට රජයේ සහනාධාර දීමට සිදු වේ.

මීට අමතරව ආතතිය සමනය කර ගැනීමට තවත් කොටසක් මද්‍යසාරයට ඇබ්බැහි වී ඒ තුලින් රෝගාතුර වෙයි.

දැන් එවැනි වානිජ ව්‍යාපාරයක් විශාල ලාභයක් ලැබුවා වුවත් සේවකයා වෙනත් ආකාරයකින් සමාජ රක්ෂණ මුදල් මත යැපෙන එනම් රජය මත යැපෙන තත්ත්වයට වැටෙයි.

පැය අටක් සේවය කිරීමෙන් පසුව අවශ්‍ය ප්‍රමාණයට වේතනයක් නොලබන්නේ නම් තම දරුවන් කුස ගින්නේ නොතැබීමටත් ගෙවල් කුලී ගෙවීමටත් වැනි කාරණා සඳහා ඔවුනට රාජ්‍ය සහනාධාර ඉල්ලීමට සිදුවේ. එනම් ඔබ වැඩ කරන දුප්පතකු බවට පත් වනවා පමණක් නොව සමාජ ආධාර ඉල්ලන හිඟන්නකු බවට පත් කරයි.

එහිදී සිදු වන කරුණු දෙකක් ඇත.

  • එකක් වක්‍ර ආකාරයකින් රාජ්‍ය මුදල් මේ පෞද්ගලික ව්‍යවසායකයින්ට දීමක් එ තුළින් සිදු වෙයි.
  • අනෙක එවිට ඔහුගේ ආත්ම ගරුත්වයට සිදු වන හානිය කොයි තරම්ද යන්නයි. තම ආත්ම අභිමානයට පහර වැදීම තුල ඔවුන්ගේ පෞරුෂත්වය විනාශ කර දමයි.

මෙවැනි පවුල්වල දරුවන් විඳින මානසික අසහනය කොතරම් දැයි සිතා ගත නොහැකි තරම්ය. මෙය සමාජයකට කරන හානිය ගණනය කරන්නේ කවරෙක්ද? එවැනි තත්ත්වයක් සමාජයක නිරෝගී ප්‍රජාතන්ත්‍රීය වර්ධනය අවහිර කරයි.

ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පෞද්ගලික කරණය කිරීම තුළ සිදු වන්නේ රාජ්‍යයට ලැබෙන මුදල් වක්‍ර ආකාරයකින් කොම්පැනියට ලබා ගැනීමට හැකි වන ආකාරයේ වැඩ පිළිවෙළකට යාමයි. එපමණක් නොව ඉහත සඳහන් පරිදි සේවකයා අතෘප්තිකර තත්ත්වයකට පත් කිරීම සහ රෝගාතුර තත්වයකට පත් කිරීම වැනි කාරණා මේ තුළ ඇති වන අතර එවිට රටෙහි පොදු සමාජ මට්ටමටත් එය විශාල හානියක් පමුණුවයි.

මේ පිළිබඳව දැන ගැනීමට  ඔබට මාග්‍රට් තැචර් ගේ කාලයේ එංගලන්තයේ කම්කරුවන්ට සිදු වූ තත්ත්වයත් එයින් පසු එම කම්කරු පවුල් වලට මුහුණ දීමට සිදු වූ ඇති ඛේදවාචකයත් කියවා බැලිය හැක. එවිට නව ලිබරල්වාදය වැඩ කරන ජනයාට ඇති කරන පීඩාව  තේරුම් ගැනීමට පහසු වනවා ඇත.

මම කිසිසේත්ම පෞද්ගලික ව්‍යවසාය ට විරුද්ධ නොවෙමි. නමුත් රාජ්‍ය ව්‍යවසාය තුල පැවතිය යුතු ප්‍රධාන අංශ ගණනාවක්  කිසියම් ආකාරයකින් පෞද්ගලිකකරණය කිරීමට මම එකඟ නොවෙමි. ‍අධ්යාපනය,  සෞඛ්‍ය සේවාව සහ ගමනාගමනය වැනි දේවල් රාජ්‍ය ව්‍යවසාය ලෙස පවත්වා ගැනීම  වැදගත් ය. අනිත් කාරණය වන්නේ මේ ක්‍රම දෙක තුළම අසාර්ථක ව්‍යාපාර පවතින අතර ඒ දෙකෙහිම වන අසාර්ථකත්වයන්හි දී  රාජ්‍ය සම්පත් ඒවා බේරා ගැනීමට යොදාගැනීමයි.

දැන් අපි සම්පූර්ණයෙන් වෙළෙඳපොළ ආධිපත්‍යයට ඉඩදී රාජ්‍ය කළ යුතු වන්නේ ආරක්ෂාව වැනි දේවල් බලා ගැනීම යයි කියන තර්කය දෙස බලමු. එය නව කොන්සවර්ටිව් (Neocon) මතයයි. එය හඳුන්වන ජනප්‍රිය නම වන්නේ නව  ලිබරල්වාදයයි.

ලංකාව බංකොලොත් වූයේ කෙසේද? ලංකාව බංකොලොත් වන්නේ රාජ්‍ය ව්‍යවසාය නිසා නොව රටෙහි පාලක පන්තිය සහ නිලධර පංතිය විසින් ම රටෙහි රාජ්‍ය දේපළ තමන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම නිසාවෙනි. කෙලින්ම කියන්නේ නම් රටක් වශයෙන්ම පවතින දූෂණය හේතුවෙනි.

නමුත් දැන් අප බැලිය යුත්තේ ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ඒ තත්ත්වය තුළ බංකොලොත් වූයේ කෙසේද යන්නයි. ඇත්ත වශයෙන්ම එවැනි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ගණනාවක්ම තමන් නිර්යාත කළ භාණ්ඩවලට ලැබෙන ප්‍රාග්ධනය ඩොලර් බිලියන 40ක් පමණ වෙනත් රටවල් වල බැංකුවල තැන්පත් කර ඇති බව දැන් අපි දනිමු.

එය සිදු වන්නේ එම ව්‍යවසාය රාජ්‍යයට අයත් නිසා නොවේ. පෞද්ගලික ව්‍යාපාරිකයින් කරන මෙම මූල්‍ය ගලනය තුළිනි. එතුලින් ඔවුන් තම ලාබවලට බදු ගෙවීම මග හැර තිබේ. ලංකාව තුළ තිබූ සහ මෙරට ව්‍යාපාර සඳහා ලද කොමිස්  මුදල් විශාල සම්භාරයක් මුදල් විවිධ රටවල් වල බැංකුවල තැන්පත් වී ඇති බව අපි දන්නෙමු. එසේ නම් පෞද්ගලික වෙළඳපොළට සම්පූර්ණයෙන් ආර්ථිකය හැසිරවීමට ඉඩ දුන්නොත් ඔවුන්ගේ මෙම අසීමිත තණ්හාවේ ක්‍රියාදාමය නිසා සිදු විය හැක්කේ රටකට යන එන මං නැති වීමයි. මෙයට හොඳම උදාහරණය ග්‍රීසියයි.

ග්‍රීසිය කඩා වැටීම සහ බංකොලොත් වීම පිළිබඳව බොහෝ අය අසා ඇත. ග්‍රීසියෙහි පැවතුනේ රාජ්‍ය ව්‍යවසායන් නොව පෞද්ගලික ව්‍යවසායන්ය. ග්‍රීසිය බංකොලොත් විය. ඒ කෙසේද? ව්‍යාපාර වලින් ලබන ලාභ තැන්පත් කරනු ලබන්නේ ලන්ඩන්, පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට්  සහ ස්විස් බැංකු වලය. ඒ තුලින් ඔවුන් බදු ගෙවීම මග හරී. එනිසා රට තුළ ප්‍රාග්ධන හිඟයක් ඇති වී අවසානයේ දී රටේම බැංකු ක්‍රමයම කඩා වැටෙන මට්ටමකට පත් විය.

ඔබ සැළකිලිමත්ව විමසා බලන්නේ නම් පසුගිය දශක දෙක තුන තිස්සේ ආජන්ටිනාව වැනි රටවල සිදු වූයේ ද මෙය බව පෙනෙනු ඇත. ලතින් ඇමරිකාව පුරාම පවතින්නේ, පැවැතියේ පුද්ගලික ව්‍යවසායන් මත පැවති රාජ්‍ය ක්‍රමයකි. නමුත් එම රටවල් අන්ත දුගී තත්ත්වයට ඇද දමන්නේ ඒ ක්‍රමය තුළමය.

එසේ නම් මෙම කාරණයේ දී අපි කොහේ යන හෝ මතයක එල්ලී ක්‍රියාත්මක වීමට වඩා කළ යුතු වන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජර්මනිය, ස්කැන්ඩිනේවියන් වැනි රටවල මේ පෞද්ගලික ව්‍යවසාය සහ රාජ්‍ය ව්‍යසාය දෙකම පවත්වා ගනිමින් ජනතාවගේ සුභ සිද්ධිය සඳහාත් රටේ සුබ සිද්ධිය සඳහා ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා ආකාරය ගැනත් සිතා බලා ක්‍රියාත්මක වීමය. එසේ නැතිව  කෝකටත් තෛලය ලෙස සියල්ල වෙළඳ පොලට භාර දීම නොවේ.

ප්‍රාග්ධනය ක්‍රියාත්මක වන්නේ ලාභ ලබා ගැනීම මුල් කර ගෙනයි. රාජ්‍යය ක්‍රියාත්මක විය යුතු වන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය සකස් කිරීම සඳහායි. එසේ නොවන තැනක රට කළකෝලාහල වලින් පිරී යන කැරලි වලින් පිරී යන තත්ත්වයක් මතු වීම වැළැක්විය නොහැකිය.

එනිසා අප කළ යුතු වන්නේ ආගමක් අදහන ආකාරයෙන් අන්ධ භක්තියකින් එක් ආර්ථික ක්‍රමයක් අදහමින් ඒ ගැන සිතීම නොව ලෝකය පවතින තත්වය තුළ කොයි ආකාරයකින් අප රට තුළ මෙම ක්‍රියාදාමයන්  ඉදිරියට ගෙන යා යුතු ද යන්න සිතා බැලීමයි.

අවසාන වශයෙනුත් මට මෙහි මතක් කිරීමට ඇත්තේ සම්පූර්ණයෙන් වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින කිසිම රටක් ලෝකයේ මේ වන විට නැති බවයි. ඒ වාගේම සියල්ල රාජ්‍ය ව්‍යවසාය මත පවතින උතුරු කොරියාව වැනි රටවල් ඇති  තත්වය ප්‍රකට ය. එරට පවතින්නේ තනි  නායක වන්දනාවක් ඇතිව සදාකාලික සාගතයකයි.

එනිසා අප කවර හෝ එක් ආර්ථික ක්‍රියාදාමයක් අදහන්නන් බවට පත් නොවී අඳ භාවයකින් ඒවා විශ්වාස නොකරමින් විමසා බලා පවතින තත්ත්වයන් සමග ක්‍රියාත්මක විම වැදගත් වේ යනු මගේ විශ්වාසයයි.

The post රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? : අන්තර් ජාතික අත්දැකීම් [2 වන කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%9a-2/feed/ 0
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? [1 කොටස] https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%9a/#respond Sat, 01 Apr 2023 15:45:02 +0000 https://vivaranalk.com/?p=7822 අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා බහ කිරීමේ දීකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික ව්‍යවසාය ලාභ ලබන හා සාර්ථක ව්‍යාපාර ලෙස හුවා දැක්වීමයි. සියලුම රාජ්‍ය ව්‍යවසාය අසාර්ථකද? සියලුම රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ ද? සංවර්ධිත රටවල් දියුණු වී ඇත්තේ පෞද්ගලීකකරණය තුළින්ම ද? දියුණු […]

The post රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? [1 කොටස] appeared first on විවරණ.

]]>
අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා බහ කිරීමේ දීකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික ව්‍යවසාය ලාභ ලබන හා සාර්ථක ව්‍යාපාර ලෙස හුවා දැක්වීමයි.

සියලුම රාජ්‍ය ව්‍යවසාය අසාර්ථකද? සියලුම රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ ද? සංවර්ධිත රටවල් දියුණු වී ඇත්තේ පෞද්ගලීකකරණය තුළින්ම ද? දියුණු රටවල රාජ්‍ය ව්‍යවසායන් එසේ නැත්නම් රාජ්‍ය සමාගම් ඇත්තේ නැද්ද?

ලංකා රජයේ එසේ නැත්නම් එහි නියමුවන් අද ඉදිරිපත් කරමින් සිටින්නේ සියලුම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය තුළින් සාර්ථක ආර්ථිකයක් ගොඩනැගීමට පදනම්  ඇතිවන බවයි.

මෙය  ඇත්තක්ද? සියලුම රාජ්‍ය ව්‍යවසාය අසාර්ථකද? සියලුම රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ ද? සංවර්ධිත රටවල් දියුණු වී ඇත්තේ පෞද්ගලීකකරණය තුළින්ම ද? දියුණු රටවල රාජ්‍ය ව්‍යවසායන් එසේ නැත්නම් රාජ්‍ය සමාගම් පවතින්නේ නැද්ද?

එක අන්තයක එල්ලී නොසිට මේ සම්බන්ධයෙන් තුලනාත්මක සාකච්ඡාවකට යාම වැදගත් බව මගේ වැටහීමයි.

මම පුද්ගලිකව පුද්ගලික ව්‍යවසායන්ට විරුද්ධ අයෙක් නොවෙමි. එමෙන්ම මම රාජ්‍ය ව්‍යවසායන්ට ද විරුද්ධ අයෙක් නොවෙමි. පුද්ගලික ව්‍යවසාය පැවතිය යුතු බව මම පිළිගනිමි. ඒ වාගේම රාජ්‍ය ව්‍යවසාය ද පැවැතිය යුතු බව මගේ ස්ථිර විශ්වාසයයි.

ඒවා පැවතිය යුත්තේ කෙසේද, කුමන සේවාවන් සහ නිෂ්පාදනයන් රාජ්‍ය සතු විය යුතුද, පුද්ගලික ව්‍යවසාය සඳහා  නිදහස් කළ යුතු ව්‍යවසාය මොනවාද යන්න වෙන වෙනම කල්පනා කර බැලිය යුතුය.

පෞද්ගලීකරණයට පක්ෂ  මෙරට ආර්ථික විද්‍යාඥයින් හෝ දේශපාලනඥයින් කරුණු ඉදිරිපත් කරන්නේ ඒක පාක්ෂික වය. උදාහරණයකට සියලුම පෞද්ගලික ව්‍යාපාර ලාභ ලබන බවත් ඒවා පාඩු ලබන්නේ නම් එම පාඩු පුද්ගලිකව විද දරා ගත් යුතු බවත් ඔවුහු කියා සිටිති. එය ඇත්තක්දැයි විමසමු.

දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන ‘පෞද්ගලික ව්‍යාපාර කඩා වැටෙන කොට ඒවායෙහි පාඩුව විඳින්ට වන්නේ ඔවුන්ටමය’ කීම නිවැරදි නැත.

ජර්මනියේ පාසල් පද්ධතිය පවතින්නේ විශ්ව විද්‍යාල ඇතුළුව රාජ්‍ය ව්‍යවසාය වශයෙනි. පොදුවේ මුළු ජර්මන් සිෂ්‍යයන් සියලු දෙනා එසේ නැත්නම් 99% යන්නේ පොදු පාසල් වලට ය.

එසේම පුද්ගලික ආයතන සැමවිටම ලාභ ලබන්නේ නැත. රාජ්‍ය ආයතන ද සෑම විට ම ලාභ ලබන්නේ නැත. මෙම ව්‍යවසාය වර්ග දෙකට ම මෙය පොදු ධර්මයකි. මෙය කළමනාකරණය පිළිබඳ කාරණයක් මිස ව්‍යාපාර පුද්ගලයා සතු ද රාජ්‍ය සතු ද යන කාරණය නිසා ඇති වන දෙයක් නොවේ.

ජර්මනියේ සෑම නගරයකම ප්‍රවාහන සේවා පවතින්නේ පොදු සේවා වශයෙනි. ඒවා ලාභ ලබනවා ද පාඩු ලබනවා ද යන්න ඔවුන් සළකන්නේ නැත. ජර්මනියෙහි රට පුරා පවතින ගමනාගමන සේවාව කොටසක් පෞද්ගලික වන අතර කොටසක් අර්ධ වශයෙන් රාජ්‍ය සතුය. ජර්මනියේ පාසල් පද්ධතිය පවතින්නේ විශ්ව විද්‍යාල ඇතුළුව රාජ්‍ය ව්‍යවසාය වශයෙනි. පොදුවේ මුළු ජර්මන් සිෂ්‍යයන් සියලු දෙනා එසේ නැත්නම් 99% යන්නේ පොදු පාසල් වලට ය. ඊට අමතරව පුද්ගලික පාසල් මෙන්ම විශ්වවිද්‍යාල ද තිබේ.

රාජ්‍යය පවතින්නේ සාමය සහ නීතිය පවත්වා ගැනීම සඳහා යයි කීම  සාධාරණ කිරීමට සමාජයක පොදු කාරණා ගණනාවක් සපුරා තිබිය යුතුය. පොදු අවශ්‍යතාවයන් ඉටු නොවන තැන එහි සාමය හා ආරක්ෂාව නොපවතී.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳව තර්කය ඉදිරිපත් කරන අය ඉදිරිපත් කරන තර්ක දෙකකි.

  1. ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක සහ පාඩු ලබන බවයි. මේ කාරණය ඇත්තක්ද යන්න ද අප වෙනම සලකා බැලිය යුතුය.
  2. අනිත් කාරණය වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ආයතනයක් ලාභ ලැබුවා වුවත් එහි ලාභ උපරිමය ලබා නොගැනීම නිසා එය පෞද්ගලික කරණය කර වැඩි ලාබ ගත යුතු බවයි.

දැන් අපි මෙම තර්ක දෙක වෙන වෙනම ගෙන සලකා බලමු. ඔවුන්ගේ පළමු තර්කය වන්නේ රාජ්‍ය ආයතනයක් පාඩු ලැබූ විට එම පාඩු පියවීමට රාජ්‍යය මුදල් වැය කිරීම එනම් ජනතාවගේ බදු මුදල් වැය කෙරෙන නිසා එය ජනතාව මත බරක් වන බවයි. අසාර්ථක වන්නේ රාජ්‍ය ආයතන පමණක් නො වන බව අපි දන්නෙමු. ඔවුන්ගේ තර්කය වන්නේ පුද්ගලික ව්‍යවසාය අසාර්ථක වූ විට එහි පාඩුව දරන්නේ පුද්ගලික සමාගමක් හෝ පුද්ගලයින් බවයි. අද ලෝකයේ පවතින තත්වය තුළ මෙය ඇත්තක්ද?

අප කවුරුත් දන්නා ලේමන් බ්‍රදර්ස් ඉන්වෙස්ට්මන්ට් ‍ව්‍යාපාරය කඩා වැටුනේ රාජ්‍ය ආයතනයක් නිසා නොවෙයි. එය පෞද්ගලිකෙ ආයතනයකි. ඊයේ පෙරේදා ස්විස්ටර්ලන්තයේ දෙවැනි විශාලතම බැංකුව වන ‘ස්විස් කෙඩිටේ’ කඩා වැටීමට ආසන්න විය. එය බේරා ගැනීමට ස්විටර්ලන්තයේ වසරක දළ ජාතික ආදයමෙන් තුනෙන් එකක් තරම් එනම් රාජ්‍ය සතු අරමුදලින් සිවිස් ෆෑන්ක් බිලියන 250ක් තරම් ගෙවන ලදී.

මෙවැනි කඩාවැටීම් බේරා ගැනීමට බිලියන දහස් ගණනින් රාජ්‍ය අරමුදල් මෙම සමාගම් වලට යොමු කිරීමට සිදුවේ.

රාජ්‍ය ව්‍යවසාය හෝ පෞද්ගලික ව්‍යවසායක් අසාර්ථක වන්නේ නම් මේ දෙකටම මුල් වන්නේ මේ දෙක තුළ පැවතුණ අක්‍රමිකතා සහ කළමනාකරණයේ තියෙන දුර්වලකම් හෝ කූට ක්‍රියාය. මේ තත්වය පෞද්ගලික ව්‍යාපාර තුළ මෙන්ම රාජ්‍ය ව්‍යාපාර තුළිත් සිදු වේ. එනිසා රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වනවා යයි පුරෝකථනය කිරීම වැරදි තර්කයකි. ඇත්තෙන්ම බොහෝ රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක වන්නේ පවතින රාජ්‍යයෙහි කළමනාකරණ කාර්ය කරන ඇමති මණ්ඩලයේ හෝ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ වරදිනි. නමුත් ඔවුන්ගේ වරදින් සිදු වන දෙය හුදෙක් රාජ්‍ය ව්‍යවසාය නිසා සිදු වුවා යයි කීම කිසිසේත්ම සත්‍යයක් නොවේ.

මේ තර්ක ඉදිරිපත් කරන කිසිවෙකු පෞද්ගලික ව්‍යාපාර කඩාවැටීම පිළිබඳව ඒවාට රාජ්‍ය දේපල වලින් කරන සහාය දීම පිළිබඳව කිසිවක් කතා නොකරයි.

මේ මොහොත වන විට ජර්මනියේ පවතින කවුෆ්හෝෆ් (Kaufhof) වෙළඳ සංකීර්ණ ව්‍යාපාරය ද පාඩු ලබා කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබේ. ජර්මන් රජය මේ වන විටත් ජනතාවගේ බදු මුදල් වලින් යූරෝ බිලියනයක් මෙය ආරක්ෂා කර ගැනීමට යොදා ඇත.

මෙසේ ලෝකය පුරා රටවල, බටහිර ධනවාදී ආර්ථිකයක් පවතින රටවලත් මෙවැනි සමාගම කඩා වැටීම දිගින් දිගට සිදුවනු දකින්නට පුළුවන. ඒවාට රාජ්‍ය දේපළ වලින් උදව් කරන හැටි ද දැකිය හැක. නමුත් අප කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථක වීම ගැන පමණි.

මා කල්පනා කරන්නේ ‍අසාර්ථකත්වය පවතින්නේ රාජ්‍ය ව්‍යවසායක් ද පෞද්ගලික ව්‍යවසායක් ද කියන කාරණය මත නොව මේවා කළමනාකරණය කිරීම සහ ඒවා තුළ පවතින දූෂිත ක්‍රියාදාම නිසා බවයි.

ලංකාවේ සතොස සහ සමූපකාර ව්‍යාපාරයට සිදු වූයේ එයයි. ඒවා ගසා කෑමේ තෝතැන්නක් බවට පත් වුණි. එනමුත් ඉතා සාර්ථව සමූපකාර ව්‍යාපාර තිබේ. ස්විස්ටර්ලන්තයේ භාණ්ඩ වෙළදාමෙන් සියයට 90ක් අයත් මිග්‍රෝ සහ කො-ඔප් යන සුපිරි වෙළද සැල් ජාලා දෙකම සමූපකාරයන්ය.

දැන් අපි මෙම ආර්ථික මහත්වරුන් ගේ අනෙක් තර්කය දෙස බලමු. ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ආයතන ලාභ ලැබුවා වුවත් ඒ ලබන ලාභ ප්‍රමාණය ප්‍රමාණවත් නැති හෙයින් ඒවා පෞද්ගලිකකරණය කිරීමෙන් ඊට වඩා වැඩි ලාභ ලැබිය හැකි බවයි.

මෙම කාරණය දෙස ගැඹුරින් විමසා බැලිය යුතුය. එය 2+2 = 4 වැනි සරළ සමීකරණයක් ලෙස නොගෙන එහි ඇති අභ්‍යන්තර කරුණු විමසා බැලිය යුතුය.

පළමුවෙන්ම රාජ්‍ය ව්‍යවසාය බොහෝ විට පවතින්නේ එම ව්‍යවසාය තුළින් රටට යම්කිසි සහනදායි සේවාවක් සැපයීමත් මුල් කරගෙනය. රාජ්‍ය යනු ජනතාව විසින් ජනතාවගේ උවමනාවන් ඉටු කර ගැනීමට සහ ආරක්ෂාව සහතික කර ගැනීමට ගොඩනගා ගෙන ඇති මෙවලමක් බව අප අමතක නොකළ යුතුය. රාජ්‍ය යනු ජනතාවගේ උවමනාවන් ඉටු කර ගැනීම පිණිස මිස වෙළෙඳපොළ ආරක්ෂා කිරීම සඳහා පමණක් පවතින මෙවලමක් නොවේ.

නමුත් මේ සියල්ල පැත්තකින් තබා පෞද්ගලීකරණවාදීන්ගේ තර්කය දෙස බලමු. අඩු ලාභ ලබන ආයතනයක් පෞද්ගලීකරණය තුළින් වැඩි ලාභ ලබන්නේ කෙසේද?

මෙම ලිපියේ දෙවන කොටසින් එම කාරණය වෙත යොමු වෙමු.

The post රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? [1 කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%9a/feed/ 0
වැටත් නියරත් කාබාසිනියා කළ දේශපාලනය..! https://vivaranalk.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b6%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b6%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/#respond Fri, 03 Mar 2023 06:02:38 +0000 https://vivaranalk.com/?p=7406 මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්- රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන විශ්ලේෂකයින් ගණනාවක් රට තුළ ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු, නැත්නම් කතා කළ යුතුය යනුවෙන් මත ඉදිරිපත් කරමින් සිටී. මා දකින්නේ ලංකාවේ ඇති ආර්ථික අර්බුදයට අද පවතින තත්වය තුළ විසඳුමක් සෙවිය හැක්කේ දේශපාලන වෙනසක් එසේ නැත්නම් වෙනත් […]

The post වැටත් නියරත් කාබාසිනියා කළ දේශපාලනය..! appeared first on විවරණ.

]]>
මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්- රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන විශ්ලේෂකයින් ගණනාවක් රට තුළ ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු, නැත්නම් කතා කළ යුතුය යනුවෙන් මත ඉදිරිපත් කරමින් සිටී. මා දකින්නේ ලංකාවේ ඇති ආර්ථික අර්බුදයට අද පවතින තත්වය තුළ විසඳුමක් සෙවිය හැක්කේ දේශපාලන වෙනසක් එසේ නැත්නම් වෙනත් දේශපාලනයක් ආදේශ කිරීම තුළින් බවයි.

අර්බූද හේතු වෙනස්

මා එසේ කියන්නේ ඇයි? ආර්ථික අර්බුදයක් උග්‍ර වූ විට ඊට ආර්ථික විසඳුම් සෙවීම අත්‍යාවශ්‍ය බව මම පිළිගනිමි. නමුත් ලෝකයේ රටවල් තුළ ඇති වන ආර්ථික අර්බුද සියල්ල එක හා සමාන නැත. ආර්ථික අර්බුද ඇතිවන්නේ විවිධ හේතූන් මත බව අපි දනිමු. උදාහරණයකට රටක භූමිකම්පාවක් ඇතිවී විශාල විනාශයක් ඇති වූ විට ආර්ථික අර්බුදයක් ද ඒ සමග අත්වැල් බැඳ ගත හැක. එවැනි විශාල ස්වාභාවික ආපදාවක් ඇතිවූ විට ආර්ථික අර්බුද ඒ සමග මතු වීම සාමාන්‍ය දෙයකි. එවැනි ස්වාභාවික ආපදාවක් තුළින් රටක මතු වන ආර්ථික අර්බුදයකට ඇත්තේ ආර්ථික විසඳුම් සෙවීම පමණි.

විහින් ඇතිකර ගත් අර්බුදයක්

නමුත් ලංකාව වැනි රටවල ආර්ථික අර්බුද මතු වී ඇත්තේ එවැනි ස්වාභාවික ආපදාවක් නිසා හෝ වෙනත් බාහිර කරුණු මුලික කරගෙන නොවේ. එය මතු වී ඇත්තේ එසේ නැත්නම් ආර්ථික අර්බුදය ඇති කර ඇත්තේ රට තුළ ක්‍රියාත්මක දේශපාලනය සහ දේශපාලන අධිකාරයේ බලධරයන් විසින් ගන්නා (වැරදි) තීරණ සහ ක්‍රියාදාම නිසා ය.

මීට ප්‍රථමයෙන් මා ලියූ ලිපියක සඳහන් කළේ මෙම ආර්ථික අර්බුදය අප රටෙහි මතු වී ඇත්තේ දේශපාලන සහ සංස්කෘතික අර්බුද මූලික කර ගෙන බවයි. මෙම ආර්ථික අර්බුදය දෙස බලන ස්වාධීන ආර්ථික විශේෂඥයින් හෝ සමාජ විශේෂඥයින් මෙය දකින්නේ තමන් විසින්ම ඇති කරගත් ආර්ථික අර්බුදයක් ලෙසයි.

මෙම තමන් විසින්ම ඇති කරගත් ආර්ථික අර්බුදය යන්නෙහි තේරුම කුමක්ද? එනම් රට තුළ දේශපාලන බලය හොබවන දේශපාලකයින් සහ රටෙහි තීන්දු තීරණ ගන්නා ඉහළ තලයේ නිලධරයන් එක් වී ක්‍රියාත්මක කළ දේශපාලන සහ ප්‍රතිපත්තිමය ක්‍රියා මෙන්ම ඔවුන් හිතාමතා කළ වංචා සහ දූෂණය හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි. එයට තවත් නමක් වන්නේ විහින් ගෙදර ඇතිකර ගත් අර්බුදයක් යන්නයි.

අර්බූදය ඇතිකළවුන්ම විසදුම් දීම

දැන් මතු වන ප්‍රශ්නය නම් මෙම ගෙතුළ විහින් ඇති වූ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අලුත් දේශපාලනයක් හෝ අලුත් දේශපාලන සංස්කෘතියක් මෙන්ම අලුත් දේශපාලන කණ්ඩායමක් මෙතැනට පත් කර තිබේ ද යන්නය. අපට දකින්නට ඇත්තේ එවැනි වෙනසක් කිසිම ආකාරයකින් සිදු වී නැති බවයි. මෙම අර්බුදය ඇතිවීමට එසේ නැත්නම් හිතාමතාම මෙය ඇති කළ බලවේග සහ පුද්ගලයෝ තවදුරටත් සියලු දේශපාලන බලය තම අතේ තබා ගෙන මේ ප්‍රශ්නය තමන්ම විසඳන බවට වහසි බස් කියති.

සිහිබුද්ධියක් ඇති මිනිසුනට එය විශ්වාස කළ හැකිද?. ඒ ඔවුන් මේ ප්‍රශ්න ඇති කළා පමණක් නොව දේශපාලන බලය අවභාවිතා කරමින් විශාල වශයෙන් දූෂණය සහ ගජ මිතුරු ආර්ථික ක්‍රියාදාමයක් ඔවුන් විසින් රට තුළ ක්‍රියාත්මක කර ඇති නිසා ය. තවද ඔවුන් ඒවා පිළිබඳ ව කිසියම් ආකාරයක පසුතැවීමක්වත්, තමන් අතින් කිසියම් හෝ වැරැද්දක් වූවා යයි වගකීම ගන්නේවත් නොමැතිව තවදුරටත් බලය බදා ගෙන සිටින හෙයිනි. එසේ විවිධ තරාතිරමින් මෙයට වගකිවයුතු ඔවුන් ම තවදුරටත් බලය හොබවන්නේ නම් සිදු විය හැක්කේ මේ පවතින තත්ත්වයෙන් තවත් අගාධයකට රට ඇද දැමීම පමණි.

දැනුවත්ව ඇති කළ ගැතිකමේ දේශපාලනය

මා මීට ඉහතින් සඳහන් කළේ දේශපාලන සහ සංස්කෘතික අර්බුදයක් මේ ආර්ථික අර්බුදයට මග පාදනු ලැබූ බවයි. මෙම දේශපාලනය අවභාවිතයට මඟ සකස් කිරීම කලක් තිස්සේ ක්‍රමවත්ව සංස්කෘතිකව ශක්තිමත් කරනු ලැබූ බව මගේ වැටහීමයි. මෙය සිදු කෙරෙන්නේ ඉතා දිගු කාලයක් ක්‍රමක්ක්‍රමයෙනි. එනම් යටපත් කිරීමේ සහ යටපත් වීමේ ක්‍රියාදාමයක් සාමාන්‍යකරණය කිරීම කලක් තිස්සේ සමාජගත කිරීම මගිනි.

අධිපතියන් සහ ගැත්තන් නිල නොවන අයුරකින් ලංකා සමාජීය මනස තුල මුල් බස්සවනු ලැබ තිබුණි. මෙය ඉතා දිගු තේමාවකි. නමුත් කෙටියෙන් යම් උදාහරණ කිහිපයක් මෙයට මම එකතු කරමි.

වාහන මේනියා සංස්කෘතිය:

මම කුඩා කාලයේ ලංකාවේ සමහර ඇමතිවරු පවා කෝච්චියෙන් ගමන් යනු මම දැක ඇත්තෙමි. ටී බී ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක, විජයානන්ද දහනායක වැනි අය සහ මට තවත් නම් මතක නැති මැති-ඇමතිවරු පවා අනුරාධපුරයට හෝ දුර ප්‍රදේශයකට ගමන් ගියේ දුම්රියෙනි. අද වන විට ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක්වත් පිරිවාර වාහන සහ බොඩිගාඩ්ලා නොමැතිව ගමන් කරනු ඔබට දැකිය හැකිද? මන්ත්‍රී කෙනෙකු ගමන් කරන්නේ පොලිස් වාහන මැදිකර ගෙන නොවේද? මෙය අලුත් දේශපාලන සමාජ සංස්කෘතියකි.

පසුගිය වකවානුවේ එක් ජනාධිපතිවරයකු මහ මග යන විට මහමග දිගාවී ඔවුන්ගේ පාද නමස්කාර කරනු දකින්නට ලැබුණි. වේදිකාවේ ඉඳ ගෙන සිටින ජනාධිපතිවරයාට තවත් ඇමති කෙනෙක් දණ ගසා වඳින රූපය ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. ජනාධිපතිලාගේ පුත් කුමාරයනට ඇමතිවරු සහ මහා ජනයා වඳින පුදන දර්ශන කොතෙකුත් තිබුණි. මෙසේ මැති ඇමතිවරුන්ට දණ ගසා වැඳීම ඉතා සාමාන්‍ය දෙයක් ලෙස රටෙහි සංස්කෘතියට එක් වී තිබුණි. මා කුඩා කාලයේ අප කිසිවෙකුත් එසේ දේශපාලකයකුට වඳිනු මා දැක නොමැත. එසේ නොවුණාම යයි නොකියමි. නමුත් එවැන්නක් ඉතා විරල විය.

ළමාසාරි සහ සුදු සරොම් යටින් ඇති දේ:

මෙවැනි සම්ප්‍රදායයන් ඇති වන්නේ ඉබේ නොවේ. මේවා ක්‍රමානුකූලව සමාජගත කරන ලද සංස්කෘතික අංගයන් ය. උදාහරණයකට මා කුඩා කල මම දහම් පාසැලේ ඉගෙන ගත්ත අතර එහි ගුරුවරයකු ලෙස ද කටයුතු කළෙමි. අප එදා ඇඳ ගෙන ගියේ කොට කලිසමක් සහ කමිසයකි. ගැහැණු ළමයින් ඇඳ ගෙන ආවේ සාමාන්‍ය ගවුමකි. නමුත් පසු කලක ඒවා ගැහැණු ළමයින්ට ළමාසාරි, පිරිමි ළමයින්ට සුදු සරම් වැනි දේවලුත් අන්දවන තත්ත්වයක් ඇති විය.

ඒ වගේම අප කුඩා කල පමණක් ගුරු දෙගුරුන්ට බුලත් දී ආචාර කළේ ‍ අලුත් අවුරුද්දට හෝ අවුරුද්දේ විශේෂ දවසකදී පමණය. නමුත් අද වන විට සියලුම පාහේ ළමයින් ගෙදරින් පිට වෙන්නට ප්‍රථම ගෙදර සිටින වැඩිහිටියන්ට දණ නමස්කාර කිරීමටත් හැම කෙනෙකුටම වඳින්න ටත් පුරුදු කර ඇත. මේවා ක්‍රමානුකූලව සමාජගත කළ අලුත් ගැත්තන් බිහිකිරීමේ සංස්කෘතියේ අංගයන්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමට එරෙහිව ඇතිවන මෙම වැඩවසම් චාරිත්‍ර වෙනත් ආකාරයකින් අප ඉදිරියට ගෙනැවිත් ඇත්තේ tele drama වැනි අංගයන් ද අසුරිණි.

අබසරණ වූ බුදු සරණ:

දුර කතණ ඇමැතුමක් දුන් විට අප කිසිවිටෙක බුදු සරණයි කිවේ නැත. දැන් එසේ කීම සාමන්‍ය දෙයකි. අපරාධකරුවකු වුවත් දුරකතන ඇමතුමක් දෙනු ඇත්තේ බුදු සරණයි කියාය. ගැති දේශපාලනයේ නිවුන් සොයුරා බවට ව්‍යාජ ලෙස ආගම අනුකරණය කිරීමද පත්ව තිබේ.

මා කුඩා කල දේශපාලන පක්ෂ නායක නායිකාවන් මැතිවරණයට පෙර ආගමික නායකයින් හමු වී ආශිර්වාද ලබා ගත්තේ නැත. අද මාක්ස්වාදී යැයි කියා ගන්නා පක්ෂ පවා එලෙස සරණ පැතීමට යති.

මෙසේ යටපත් කිරීමේ සහ යටත් වීමේ සංස්කෘතියක් සමාජගත වී ඇති හෙයින් ‍ප්‍රජාතන්ත්‍රවාදී දියුණුවක් ඇති ස්වාධීන මිනිසුන් ඇති කිරීම එමගින් අවහිර කරයි. මෙසේ වැඩෙන මිනිසුන් පුරවැසියන් වනවා වෙනුවට එහෙයියන් බවට පත්වේ. මේ පිළිබඳව මම දරන අදහස් සමග බොහෝ දෙනකුට ගැටලු මතු වීමට ඉඩ තිබේ. නමුත් මේ පිළිබඳව සංවාදය ඇතිවීම සමාජ සංවර්ධනය සඳහා වැදගත් බව මගේ වැටහීමයි.

ලෝකය ගැන බොරු කීම:

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වාතාවරණයක් නොමැති රටක් දියුණු වන්නේ ඉතා කලාතුරකිනි. ඒකාධිපතිවාදය සහ පැසිස්ට්වාදය තුළ රටත් දියුණු වූ බවක් දකින්නට ඇත්තේ ම නැති තරම් ය. සමහර ලේඛකයින් රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් සාධාරණීකරණය කිරීමට විවිධ උදාහරණ ඉදිරිපත් කරනු දකින්නට තිබේ. නමුත් ඔවුන් ඉදිරිපත් කරන මෙම උදාහරණයන් මතුපිටින් බලා ඉදිරිපත් කරනවා මිස ඒවායෙහි ගැඹුරට ඔවුන් හදාරා නැති බව පෙනේ.

ස්කැන්ඩිනේවියානු රටවල් වල පවතින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය එම රටවල ආර්ථික තත්වයන් මෙවැනි ඉහළ මට්ටමකට ගෙන ආ බව පවසනවා වෙනුවට ආර්ථිකය නිසා ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා යැයි ඔව්හු පවසති.

එමෙන්ම ජර්මනිය ගැන ලියන සමහර ලේඛකයින් ඒකාධිපති පැසිස්ට් ජර්මනිය තුළ ජර්මන් ආර්ථිකය දියුණු වුවා යයි දියුණු ජර්මනියක් ඇති වූවා යයි පවසන්නේ කරුණු නොදැන ය. ජර්මනිය ෆැසිස්ට් ආධිපත්‍ය නිසා විනාශ විය. ඉන් ජර්මනියට උදා කරනු ලබන්නේ ජර්මනිය සුන්බුන් ගොඩක් බවට පත් කිරීමයි. ජර්මනිය අද පවතින දියුණුව ට ලගා කර ගැනීමට ප්‍රධාන ම හේතුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් එම රට තුළ ආදේශ කිරීමයි. 1949 ජර්මන් ආණ්ඩුව පිහිටුවන අවස්ථාවෙහි එහි ව්‍යවස්ථාවෙහි පළවෙනි වගන්තිය වන්නේ “මනුෂ්‍යයාගේ ආත්ම ගරුත්වයට අත තැබිය නොහැකිය” යන්නයි. එසේ මිනිස් අයිතීන් තහවුරු කළ ජර්මනිය විශාල දියුණුවක් දෙසට පා නැගුවේය.

මිනිස්කම නැති සංවර්ධනය:

ඒ වගේම වැඩවසම් සමාජයක රටක් දියුණු නොවන්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොමැති නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබන තැනක රට දියුණු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයක් නොව මිනිසුන්ගේ අයිතීන් තහවුරු වීමක් වන බැවිනි. තම අයිතීන් තහවුරු වූ තැන ජනයා තම රට සහ තම ආණ්ඩුව ගැන විශ්වාස කරයි. එවිට රටක් දියුණුව දෙසට පිය මනිනු ලබයි. එය පිය මනින්නේ මානව ගරුත්වය ඉහලින් ඇතිවය.

සංවර්ධනය යනු හුදෙක් ආර්ථික සංවර්ධනය පමණක් නොව මානව සංවර්ධනය ද බව අද අපි පිළිගනිමු. එය එකම කඹයක වෙළු දෙක වැනිය. එය වෙනම කතා කල යුතු දිගු මාතෘකාවකි.

එසේ හෙයින් අද අප රට පත්කර ඇති මේ අගාදයෙන් ගොඩ යාමට නම් එහි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන අලුත් දේශපාලන බලවේගයක් බලයට ආ යුතු බව මගේ වැටහීමයි. එසේ ඇතිවීමට අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ නිදහස් පුරවැසියන් බිහි වීමයි.

The post වැටත් නියරත් කාබාසිනියා කළ දේශපාලනය..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b6%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/feed/ 0
එක්ව ගැලවෙමුද වෙන්ව වැනසෙමුද ? https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94%e0%b6%af-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%83/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94%e0%b6%af-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%83/#respond Wed, 22 Feb 2023 07:14:04 +0000 https://vivaranalk.com/?p=7296 ඉහත සඳහන් ප්‍රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම  මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්. අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ සිය පැවැත්ම සඳහා ඔවුන්ට රංචුවක් ලෙස, රැලක් ලෙස පැවතීමට අප ජිවත්වන පරිසරය සහ ස්වභාවය විසින්ම බලකිරීමක් තියෙන බවයි. ඒ වගේම එම සාමූහිකත්වයට අප අනුගත වෙලා […]

The post එක්ව ගැලවෙමුද වෙන්ව වැනසෙමුද ? appeared first on විවරණ.

]]>
ඉහත සඳහන් ප්‍රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම  මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්.

අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ සිය පැවැත්ම සඳහා ඔවුන්ට රංචුවක් ලෙස, රැලක් ලෙස පැවතීමට අප ජිවත්වන පරිසරය සහ ස්වභාවය විසින්ම බලකිරීමක් තියෙන බවයි. ඒ වගේම එම සාමූහිකත්වයට අප අනුගත වෙලා කියන එකයි.

එ් වාගේම අප රංචු සත්වයෙක් වගේම ස්වකීය පුද්ගලිකත්වය මතු කර ගැනීමට කැමැත්තක් දක්වන සහජ ගතියක් ඇති සත්වයන්. හෝමෝසේපියන්ස්‍ගේ ඉතිහාස ගමන දෙස බලන  මානව විද්‍යාඥයින් විසින් මේ වෙන විට ඒ බව පෙන්වා දී තිබෙනවා.

එතකොට අපි පුද්ගලයෙක් ලෙස  අපේම කැපී පෙනීමක් බලාපොරොත්තු වෙනවා උනත් ඒ සියල්ල රඳා පවතින්නේ  අප කණ්ඩායමක් නැත්නම් රංචුවක් නැත්නම් රැලක් ලෙසට එකට ජීවත් වීම තුළ බවයි අමතක නොකළ යුත්තේ.

ඒ වගේම අප පුද්ගලිකව මතුවීමට කොතරම් උත්සාහ කළත් යම් ආකාරයකින් අපේ ජීවිත අනතුරකට, අවදානමකට මුහුණ දෙන තත්ත්වයක් ඇති වුණොත් අප වහාම කරන්නේ රංචුවක් ලෙස එකට එක්වීමත් රංචුව එකට පවත්වා ගැනීමත් එතුළින් අපේ ආරක්ෂාව සදා ගැනීම තමයි. මේ සත්‍යයෙන් මිදෙන්න කිසියම්ම මානවයකුට බැහැ. ඒ නිසා අප සාමූහික සමාජ සත්වයෙක්ය කියන කාරණය මුලින්ම අපි හිතේ තියා ගැනීම වැදගත්. 

අද  ලංකාවෙහි මතුව ඇති අර්බුදය ගැන  අප අමුතුවෙන් කතා නොකළ යුතු  නැහැ. වර්තමාන අර්බුදය කැපී පෙනෙන ආකාරයෙන් මතු වෙන්නේ ආර්ථික දුෂ්කරතාවයන් සහ ආර්ථික අර්බුදයකට රට ගමන් කිරීම තුළින්. නමුත් මෙම ආර්ථික අර්බුදයක් බව අපට පෙනී ගියත්  මා හිතන ආකාරයෙන් මෙම අර්බුදය දේශපාලන අර්බුදය සහ සංස්කෘතික අර්බුදය සමග අත්වැල් බැඳගෙන මතු වූ අර්බුදයක්.

පසුගිය වකවානුවේ ලංකාව පුරා මතුවූ අරගලය නැත්නම් උද්ඝෝෂණ ව්‍යාපාරය නොකඩවා මාස ගණනාවක් පැවතීමෙන් පසු  අවසානයේ එය එක්තරා යටපත් කිරීමකට ලක් කරනු ලැබූ බව අප දන්නවා.

අද වන විට එම උද්ඝෝෂණ ව්‍යාපාර වලට විවිධ තරාතිරම් වලින් නායකත්වය සැපයූ නායක නායිකාවන් අත්අඩංගුවට ගෙන හෝ එසේ නැත්නම් ඔවුන් ගෙන් ප්‍රශ්න කර ඔවුන් යටපත් කිරීමේ ක්‍රියාදාමයක්  රජය විසින් කර ගෙන යන බවත් ඒ වාගේම ඇත්ත.

මෙහිදී සිදු වන විගඩම තමයි අද ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ එතැනට පත්වන්නේ මෙම අරගල කරුවන් ගේ උද්ඝෝෂණයන්ට පින්සිදුවන්නට වීම. අරගලය සිදු නොවුනා නම් රනිල් වික්‍රමසිංහ යනු ලංකා ඉතිහාසයේ අවලංගු කාසියක් බවට පත්ව තිබූ දේශපාලඥයෙක්. 

රටක් ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍යය ගොඩනගා ගැනීමට නම් රටෙහි දේශපාලන බලවේග නැත්නම් දේශපාලන බලය සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ ‍ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත්වීම කොතරම් වැදගත් ද යන්න එවිට අපට දක්නට ලැබෙනවා. ලංකාවෙහි පවතින පක්ෂ ව්‍යුහයන් දෙස බලන විට අපට දකින්නට ලැබෙන්නේ එක්කෝ ඒකාධිපති පක්ෂ හෝ වැඩවසම් පක්ෂ මිස ‍ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නොවෙයි. එසේ නම් එවැනි දේශපාලන පක්ෂ වලට බලය ලැබුණ විට ‍ප්‍රජාතන්ත්‍රවාදී රටක් සමාජයක් ගොඩනඟා ගැනීමේ හැකියාවක් ඔවුන් වෙත තිබේද යන ප්‍රශ්නය ඒ සමඟම මතු වෙනවා. 

බොහෝ විට, ලංකාවේ දේශපාලන ව්‍යාපාර, පක්ෂ මෙන්ම පුද්ගලයන් පවා හරියාකාර වටහා නොගත් කාරණයක් ලෙස මා දකින්නේ ලංකාව පවතින්නේ ලෝකය තුළ මිස ලෝකය පවතින්නේ ලංකාව තුළ නො වන බවයි. 

එනිසාම ලෝකයෙහි පවතින අනෙකුත් සමාජ සම්මතයන් සහ දියුණු වීම් අපට මඟ හැරෙනවා. මෙහිදී මා අදහස් කරන්නේ ඉලෙක්ට්‍රොනික් සහ කාර්මික දියුණුව පමණක් නොවෙයි.

විශේෂයෙන්ම පසුගිය සියවසක කාලය තුළ ලෝක සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මිනිස් අයිතීන් තහවුරු කරගැනීම මෙන්ම ලෝකය විවිධ ආකාරයෙන් එක්ව වැඩ කිරීමේ ක්‍රමවේදයන් වෙතට ගමන් කිරීම පිළිබඳව ඇති සම්බන්ධතාවයන්.

උදාහරණයට එක්සත් ජාතීන්ගේ එකතුව. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් නොවූවත් දැනට ලෝකයේ පවතින රාජ්‍යයන් එකට වැඩ කිරීමට යම්කිසි කොන්දේසි  ප්‍රමාණයකට එක්ව වැඩ කිරීමේ වැඩපිළිවෙළකට ඇත්තේ එය පමණයි.

ඒ වාගේම බොහෝ ලංකා දේශපාලකයන් විසින් සෑම විටම හිතන සහ කියන දෙයක් වන්නේ ලෝකයා අපව ගිල ගන්න බලා සිටිනවා යන්නයි.  එසේ නැත්නම් අපේ නිර්මල ආගමට, අපේ සංස්කෘතියට එරෙහිව ඔවුන් වැඩ කරනවා වැනි අදහස්. මෙම අඳබාල කියමන් මගින් සිදු වන්නේ රටෙහි දේශපාලනය සමාජ දේශපාලන දූපතක් තුල හිර කර තබා ගැනීමයි. 

ලංකාව අද පවතින තත්වය තුළ එයට දිගු කාලීන දේශපාලන විසඳුම් මෙන්ම ඉතා කෙටි කාලීන දේශපාලන විසඳුම් ද අවශ්‍ය බව මගේ වැටහීමයි.

කෙටි කාලීන දේශපාලන විසඳුම් අවශ්‍ය වන්නේ අද අපි මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් එක්තරා ප්‍රමාණයකට හෝ ගොඩ ඒමටයි. 

ඒ සම්බන්ධයෙන්  දේශපාලන පක්ෂ කරන්නේ තමනට බලය දෙන ලෙස ඉල්ලීමයි.  වාම නැඹුරුවක් ඇති ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගයත්  රනිල් වික්‍රමසිංහ සමග රාජපක්ෂ වරුන්ගේ සන්ධානයත් එම ප්‍රශ්නයට විසඳුම් සොයන බවට ප්‍රතිඥා දෙමින් බලය තමනට දෙන්න යයි ඉල්ලා සිටිනවා. 

මනුෂ්‍ය ඉතිහාසය තුළ මානව සංවර්ධනයේදී මොනයම් තත්වයන් තුල හෝ මේ වන තුරුම එක්තරා ප්‍රමාණයක හෝ ඇති නැති පරතරයක් සමාජ අසමානත්වයක් නිර්මාණය වී  තිබෙනවා. මෙතෙක් පැවති කිසියම් සමාජයක මෙම අසමානත්වය නැතිකර සියල්ලන් සමාන තත්ත්වයක් ඇති කරගත්තා යැයි මා විශ්වාස  කරන්නේ නැහැ.

අද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිස් අයිතීන් තහවුරු කිරීම තුළ නීතිය ඉදිරියේ හැමෝම එක සමාන කිරීම තුළ, මෙම පරතරය අවම කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීමට ප්‍රයත්නයන් තියෙනවා. එනිසා සමාජ සංවර්ධනය දෙස බැලීමේදී මා දකින්නේ මෙතෙක් පැවත ඇති හොඳම දේශපාලන ක්‍රමය  ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය බවයි. 

නව ගතානුගතිකවාදීන් ( එනම් නව ලිබරල්) ආර්ථිකය පිළිබඳව නිදහස් වෙළඳ පොල යන්නෙන් අදහස් කරන්නේ සියල්ල වෙළඳපොළට යටත් කිරීමයි. ප්‍රාග්ධනයට කිසි අවහිරයක් නොකර වැඩ කරගෙන යෑමට ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට සියල්ල යටපත් කිරීමයි. රාජය කළ යුතු වන්නේ ප්‍රාග්ධනයට අවහිර වන සියලුම බාධකයන් ඉවත් කිරීම බව ඔවුන්ගේ මතයයි. මෙම කාරණයේ දී සුළු කණ්ඩායමක් පමණක් සියලු සම්පත් ලබා ගැනීම පිළිබඳ කාරණය ගැන කතා කරන විට ඔවුන්ගේ තර්කය වන්නේ මානවයා යනු තණ්හාවෙන් පිරුණු සත්වයකු බවත් එනිසාම ඔවුන් තමන්ට සියල්ල ගොඩ ගසා ගැනීමේ කෑදර කමින් පෙළෙන නිසා මෙයට වෙනත් විකල්පයක් නොමැති බවයි.

දැන් මා කැමතියි මෙම ලිපියේ ආරම්භයට යළිත් ඔබ රැගෙන යාමට. ඒ තමයි හෝමෝසාපියන් යන සත්වයා රැලක ජීවත්වෙන සාමූහික සතෙක් බව. ආරම්භයේ සිටම ඔවුන්ගේ මෙතෙක් පැවැත්ම තහවුරු වී ඇත්තේ කණ්ඩායමක් ලෙස එසේ නැතිනම් රැළක් ලෙස එකට ජීවත්වීම සහ එකට ජීවත්වීමට සකස් කර ගන්නා ක්‍රමවේදයන් තුළ බව.  නව ලිබරල්වාදීන් මේ බව ඔවුන්ගේ තර්කවලදී අමතක කරනවා.

සම්පූර්ණයෙන්ම තණ්හාවට යටවූ තනි තනි මානව සංහතියක් ඉදිරියට ගමන්  තරන්නේ නැහැ. ඔවුන්ගේ පැවැත්ම පවතින්නේ රැළක් ලෙස එකට ගමන් කිරීමෙන්. අප්‍රිකාවේ තැනි බිම් වල සිට ආසියාව දක්වා ගමන් කරන හෝමෝසේපියන්ස් සදාකල් පැවත ඇත්තේ රැළක් වශයෙන්. එනිසාම මිනිසා යනු සාමූහික සත්වයෙක්.

ඒ ඔහුගේ පැවැත්මට, ආරක්ෂාවට සහජයෙන් ඔහු සාමූහික සතෙකු බවට පත් කර ඇති හෙයින්. මේ සාමූහික බව ආගන්තුක කිරීම තුළ එකිනෙකා වෙන් කර එකකු පමණක් ජීවත් කර වීම යන්න මෙම නව ගතානුගතිකවාදීන්ගේ ඉදිරිපත් කිරීම වුවත් මානවයාට තනිව පැවැත්මක් නැහැ. 

 ඒ අනුව තර්ක කරන විට, මා විශ්වාස කරන්නේ අද වන විට අපට අවශ්‍යව ඇත්තේ සියලුම දේශපාලන බලවේගයන් එකට එක් වී කතාබහ කර මේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමයි.

මෙයින් මා අදහස් කරන්නේ සන්ධානයක් නොව සම්මුතිවාදී එකතුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවයි. ඒ සම්මුතියකින් තොර දේශපාලනයකට විසඳිය නොහැකි ලෙස අපේ රටේ ප්‍රශ්න උග්‍රව ඇති නිසායි. එම සම්මුතිය සියලුම දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සහයෝගයෙන් රටෙහි ඇති බංකොලොත්භාවය ගැන කතා කර එම තත්ත්වයන් ඇතිවීමට මූලික හේතුවූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කිරීම්  ආපසු හැරවීමේ එකඟතාවයකට පැමිණ (එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට) ඇති වූ වැරදි හදා ගන්නා ආකාරයක සම්මුතියක් ඇති කර ගෙන සියලු දෙනාට එකඟ විය හැකි ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමයි.

වැරදි හදා ගැනීම යනු දූෂිතයින් සහ අපරාධකරුවන්ට සමාව දීම නොවෙයි. දූෂිතයින් සහ අපරාධකරුවන් නීතියේ රැහැනට ගෙන යන අතර යළි එවැනි තත්වයක් ඇති නොවීමට අවශ්‍ය සමාජ දේශපාලන පියවර ගැනීමයි.

එහිදී වැදගත් වන්නේ මේ සියලු දෙනාට එකඟ විය හැකි පුද්ගලයින් නායක නායිකාවන් ලෙස පත්කර ගැනීමත් එය පාර්ලිමේන්තුව තුළ සිදුවිය යුතු වූවත් එයට පාර්ලිමේන්තුවෙන් පිටත බුද්ධිමතුන් හෝ විද්වතුන් ඇතුළත් කර ගැනීමටත් පුලුවන්.

මෙවැනි තත්ත්වයක් ඇති කළ නොහැකි යැයි තර්ක තියෙනවා. දැනට වසර ගණනාවකට උඩදී ඉතාලියේ දේශපාලන අර්බුද ඉහළම අවස්ථාවට ආ මොහොතේ මාරිඕ ඩාර්ගිගේ නායකත්වයෙන් එවැනි සම්මුතිවාදි ආණ්ඩුව පිහිටා ගත් බව අපට බැලිය හැකි එක උදාහරණයක්.

රට බංකොලොත් වී ඇති මේ මොහොතේ අපට එයින් ගොඩ ඒමට උවමනා නම් කළ යුතු වන්නේ මෙය බව මගේ වැටහීමයි. නමුත් එය කළ හැකි වන්නේ රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන බලවේගයන් මෙම කාරණය පිළිබඳ වටහා ගෙන එක්තරා කාලසීමාවක් දක්වා එක්ව වැඩ කිරීමට සම්මුතියක් ඇති කර ගත්තොත් පමණ බව මගේ වැටහීමයි.

එහිදී දූෂණ විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් යාන්ත්‍රණයන් සවිමත් කිරීම අත්‍යවශයි. එවැනි එකතුවක් හොරුන් සහ අපරාධකරුවන් රැකීමේ එකතුවක් වෙන්න වුව හොත් එයට දේශපාලන සුජාත බව නැති වෙනවා.

නමුත් මෙහිදී ඇසිය හැකි ප්‍රශ්නක් නම් වන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඇති ආණ්ඩුවකට එසේ සම්මුතියක ආණ්ඩුවක තත්ත්වයට එන්නට බැරි ද යන්නයි. එය කළ නොහැකි දෙයක්. සම්මුතියක් තුළ විස්වාසයේ පදනම මත ඇතිවන ආණ්ඩුවක් මිස කුමන්ත්‍රන කාරී ලෙස  ජනතා විස්වාසයෙන් තොර එකකුගේ තනි අධිපතිත්වය තුළ පවතින අනේඩුවකට එය කල නොහැකියි.

මගේ වැටහීම අනුව අද අපේ රට මේ තත්වයට පත්ව ඇත්තේ නිදහසින් පසු රටේ පවතින ජනවාර්ගික ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමක් සොයා ගැනීමට අපේ දේශපාලනය අසමත් වීමයි. මෙතනින් එහාට ගමන් කිරීමට නම් ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමක් පළමුවෙන්ම එම සම්මුතිවාදී ආණ්ඩුව තුළින් ඇතිවිය යුතුමයි.

 ඒ වාගේම රටේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම සිදු වී ඇත. දේශපාලන විරුද්ධවාදීන් මරා දැමීම අතුරුදන් කිරීම අපේ සංස්කෘතියේ මූලික අංගයක් වී ඇති බවත් අප දන්නවා. එසේනම් මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා මිනිස් අයිතීන් තහවුරු කිරීමේ දේශපාලන සංස්කෘතිය එම සම්මුතියේ කොටසක් විය යුතුමයි. 

නීතියේ ආධිපත්‍ය නැත්නම් නීතිය මත පාලනයක් ඇති වීම අත්‍යාවශ්‍යය දෙයක්. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීම ඒ සඳහා අත්‍යාවශ්‍ය කාරණයකි. 

පවතින දේශපාලන සංස්කෘතියෙහි වෙනසක අවශ්‍යතාව ගැන අප මීට වසර එකහමාරකට පමණ ප්‍රථම සාකච්ඡා කිරීම ඇරඹුවෙමු. එහිදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේ ලංකා දේශපාලනයේ බල පෙරළියකට යනවාට එහා ගිය පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම ගැනයි.

රටෙහි දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගමන් කර වීමට එය අත්‍යාවශ්‍ය දෙයක් බවයි.

බහුජන ව්‍යාපාරයක් යනුවෙන් අප අදහස් කරනු ලැබුවේ තම අයිතීන් වටහා ගත් පුරවැසියන්ගෙන් හැදුණු සමාජයක් වෙතට නැඹුරුවක් ඇති කර ගැනීමේ සාකච්ඡා සංවාද තුළින් එක්ව වැඩ කිරීමේ ලිහිල් සංවිධාන රටාවක් ගොඩනගා ගැනීමයි. එහිදී අප පැහැදිලිවම කීවේ තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අතර එම විවිධ ‍ප්‍රශ්නයන්හි  ප්‍රධාන සාධකය වන දේශපාලන සාධකය ඉදිරියේදී එය පොදු සාධකය ලෙස ගෙන ලිහිල් ජාලගත වීමක් ඇති කරගත යුතු බවයි.

එවැනි එකතුවක් තුළ අපට රටෙහි ඇති ‍ප්‍රධාන ප්‍රශ්න ගොනු කර ගත හැකි වේවි.  විවිධත්වය එක්ව වැඩ කිරීමට සහ ඒ තුළින් අනෙකාට ඇහුම් කන් දීමටත් අනෙකාගේ ප්‍රශ්නය වටහා ගැනීමට නැඹුරුවීමටත් ‍නම්‍යශීලී බවක් ඇති කර ගැනීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක්  ඇති කර ගැනීමේ හුරුවකට යාමටත් හැකි වනවා ඇති. එවැනි එකතුවක වැදගත් කම එදා මෙන්ම අදත් පවතීය යන්න මගේ වැටහීමයි. 

The post එක්ව ගැලවෙමුද වෙන්ව වැනසෙමුද ? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94%e0%b6%af-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%83/feed/ 0