Ranath Kumarasinghe, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 18 Aug 2023 03:37:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Ranath Kumarasinghe, Author at විවරණ 32 32 ආණ්ඩුවේ සාගත මෙහෙයුම..! https://vivaranalk.com/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8/#respond Mon, 31 Jan 2022 01:44:12 +0000 https://vivaranalk.com/?p=3653 අවසන් කොටස නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල හරිත විප්ලව සමයේ සිට මේ ක්‍රම ලංකාවේ ද වී ගොවිතැන් සඳහා යොදා ගැනේ. 70 දශකයට ලං වෙද්දී එළවලු, අල බතල යන කෘෂි නිෂ්පාදන වාණිජකරණය වීම […]

The post ආණ්ඩුවේ සාගත මෙහෙයුම..! appeared first on විවරණ.

]]>
අවසන් කොටස

නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල හරිත විප්ලව සමයේ සිට මේ ක්‍රම ලංකාවේ ද වී ගොවිතැන් සඳහා යොදා ගැනේ. 70 දශකයට ලං වෙද්දී එළවලු, අල බතල යන කෘෂි නිෂ්පාදන වාණිජකරණය වීම සමග ඒවා සදහා නවීකරණය කළ බීජ වර්ග/රිකිලි වගාව යොදා ගැනීම ඇරඹීමත් එයට සාපේක්ෂව මේ සියලු රසායනික පොහොර කෘමි හා වල් නාශක යන යෙදවුම් භාවිතයට ගැනිනි. 

එතෙක් පැවැති සම්ප්‍රදායික පොහොර යෙදවුම් දැන් කාබනික පොහොර ලෙස හඳුන්වනු ලබන්නේ ඒ පැරණි පොහොර ක්‍රම වඩාත් විද්‍යාත්මක පදනමකින් තේරුම් කිරීමෙන් පසුවය. එනම් ඒවායේ ඇති රසායන සංඝටක සොයා ගැනීමෙනි. ඒ අනුව අද මේ කාබනික ද්‍රව්‍ය ආහාර වගාවන්ට යෙදවිය යුත්තේ ඒවායේ අඩංගු මේ සංඝටක ප්‍රමාණ ගණනය කිරීමෙනි. උදාහරණයක් ලෙස; දෙන ලද කාබනික පොහොර මිටියක නයිට්‍රජන්-පොටෑසියම් හා ප්‍රොස්පරස් යන මූලික ශාක පෝෂක කුමන ප්‍රතිශතයක් තිබිය යුතුද යන්න පැහැදිලි විය යුතුය. එම අවශ්‍ය ප්‍රතිශත තිබේදැයි බලන්නේ කව්ද? කුමන ආයතනයද? ප්‍රමිති සහතිකයක් මේ පෝර වලට ලබා දෙන්නේ ද?

එසේ වූ කල්හි මේ පොහොර වර්ග දෙකේම විද්‍යාත්මක පදනම සමානය. බොහෝ විට විද්‍යාඥයන් හා අත්දැකීම් බහුල වූ අය ප්‍රශ්නය පොහොර මොනවා ද නොවන බවත්, ඒවා ක්ෂේත්‍රයට යෙදීමේ දී පවතින බාල ප්‍රමිතිය හා අවිද්‍යාත්මක භාවිතාව බවත් කියන්නේ මෙවන් නිරීක්ෂණයන් රහිත නිසා විය හැක.

මේ සම්බන්ධයෙන් යමක් අවබෝධ කර ගැනීමට කාබනික හා අකාබනික(රසායන)පොහොර වල ඵල පිළිබඳ සමීක්ෂණයක් (වී වගාව මුල් කර ඉදිරිපත් කල) මගින් ඉදිරිපත් කරන දත්ත පදනම් කර සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකි ය. මෙම සමීක්ෂණය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of  Policy Studies of Sri Lanka – IPS) මගින් කරණ ලද්දකි.

මේ සමීක්ෂණ නියැදියේ කාබනික ගොවීන් 310 ක් සිටියේ ය. ඔවුන් ලැබූ උපරිම අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 2730 කි. අකාබනික (රසායනික පොහොර) ගොවි නියැදියට ද ගොවීන් 310 ක් විය. ඔවුන් ලැබූ උපරිම අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 2625 ක් විය. කාබනික ගොවියන් ලද අස්වනුවල සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 1393.7 ක් වූ අතර අකාබනික ගොවියන් ලද අස්වනුවල සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 1313.7 කි.

ඒ අනුව සමීක්ෂකයන් පෙන්වන්නේ කාබනික හා අකාබනික ගොවීන් ප්‍රමාණාත්මක ව බොහෝ දුරට සමාන අස්වනු ලබමින් සිටි බැවින්  අකාබනික ගොවිතැන පොදුවේ වැඩි අස්වැන්නක්  ලබන්නේ ය යන ජනප්‍රිය විශ්වාසය අභියෝගයට ලක්වූ බවයි.

දැන් මේ සමාන අස්වනු ලැබූ ගොවියන් තම කුඹුරු වලට කළ පොහොර යෙදවුම් බලමු. මෙහි දී සමීක්ෂණය පෙන්වන්නේ සමහර කාබනික ගොවීන් (නියැදියෙන් 20% කට ආසන්න) රසායනික පොහොර ද භාවිතා කරන බවයි. ඒ අතර කාබනික පොහොරත් යොදා ගන්නා අකාබනික ගොවීන් ද සිටින මුත් ඒ ප්‍රමාණය 5% ක් පමණ බැවින් මේවා සංසන්දනාත්මක ව සැලකීමේ පලක් නැති බව සමීක්ෂකයන් කියයි.

දැන් කාබනික පොහොර ලෙස භාවිත කරන්නේ ප්‍රධාන වශයෙන් සත්ව පොහොර, කොළ පොහොර සහ අස්ථි පොහොර යන ප්‍රධාන කාබනික පොහොර වර්ග වේ. කාබනික ගොවීන් සත්ව පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 120.2 ක්, කොළ පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 28 ක් සහ අස්ථි පොහොර අක්කර අක්කරයකට කිලෝග්‍රෑම් 35 ක් භාවිතා කරන බවත්;  තවද, කාබනික ගොවීන් වගාවන් සඳහා සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝග්‍රෑම් 539.6 ජෛව පළිබෝධනාශක භාවිතා කරනු ලබන බවද සමීක්ෂණය පෙන්වා දෙයි.

දැන් අප අක්කරයක් නිසි ප්‍රමිතියකට පොහොර කිරීම සදහා අවශ්‍ය සත්ත්ව, කොළ හා අස්ථි පොහොර ප්‍රමාණය දනිමු. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2014 තම ව්‍යාපෘතියේ දී කියන ප්‍රමිතියෙන් යුක්ත කාබනික පොහොර කිලෝග්‍රෑම් 50 ක තිබිය යුතු පෙර කී සත්ත්ව/ශාක/අස්ථි පෝෂක අනුපාතයක් සකසා ගත හැකිය. එමෙන්ම එම  අනුපාතය අනුව රටට අවශ්‍ය කරන මුළු කාබනික පොහොර ප්‍රමාණය; කුඹුරු අක්කරයකට අවශ්‍ය පොහොර ප්‍රමාණය රටේ කුඹුරු අක්කර ප්‍රමාණයෙන් වැඩි කිරීමෙන් ලබා ගත හැකිය. එකල්හි මේ සමීක්ෂණයේ ගොවියන් කරන යෙදවුම් කිරීමට අවශ්‍ය සත්ත්ව,ශාඛා හා අස්ථි ප්‍රමාණය සොයා ගැනීම මේ රටෙන් කළ හැක්කක් නොවන බව පැහැදිලි වනු ඇත. (උදා: සත්ත්ව පොහොර කිලෝ 120.2 X 1,828,000 – කිලෝ කීයක් ඕනද?) උතුරු කොරියාවේ නැතිනම් අතීත ජපානයේ මෙන් ක්‍රියා කිරීමෙන් මෙරට වැසිකිළි ප්‍රශ්නයට විසදුමක් දීමට හැකි යයි මහින්දානන්ද තුමා කල්පනා නොකරන්නේ දැයි යි විමතියකි. – එතකොට කටු පොහොර කිලෝග්‍රෑම් 35X 1,828,000 (දැන් මීනී වලවලුත් හෑරීමට සිදු වෙන්නා සේ ය.) මින් පෙනීයන්නේ ගොවීන්ගෙන් සුළු ප්‍රතිශතයකට පමණක් මේ අයුරු කුඹුරු කළ හැකි බවයි. එකල්හි සමීක්ෂණයෙන් ආ ප්‍රතිඵල නොව 40% ප්‍රතිඵලය සත්‍ය වීමට ඉඩ තිබේ. කොළ පොහොර සඳහා කොයිතරම් ගහ කොට විනාශ කළ යුතු ද?

රටේ සහල් නිෂ්පාදනය පහල වැටීම පෝෂණය බිඳවැටීට ඍජු දායකත්වයක් සපයනු ඇත. එහි දී ප්‍රාථමික ලෙස ඉපදීමට යන පරපුර අභියෝගයට ලක් වනු ඇත. අඩුබර දරු උපත්, ගැඹිනි මව්වරුන්ගේ රක්ත හීනතාවය, ක්ෂණිකයව ඉහල යනු ඇති අතර එහි ආසන්න ප්‍රතිඵලය වනු ඇත්තේ මව්වරුන්ගේ  ඉන් ලදරු හා මාතෘ මරණ අනුපාත පිම්මේ ඉහළ නංවනු ලැබීමයි. අනතුරුව කොරෝනා මුළුගන්වමින් දැනට යටපත් වී ඇති වසංගත යළි පණ ගසා වැඩ අරඹනු ඇත.

ගණන් හදා ගැනීමේ දී අවශ්‍ය තවත් දත්ත කිහිපයක් මෙසේ ය. 2019/2020 – අස්වනු නෙලන ලද අක්කර/හෙක්ටෙයාර් ගණන – අක්කර 1,828,000/ හෙක්ටෙයාර්  740,000 . අස්වැන්න (සාමාන්‍යය) අක්කරයකට බුසල් 87.87 – හෙක්ටෙයාරයකට කිලෝ ග්‍රෑම් 4,531. මුළු නිෂ්පාදනය බුසල් මිලියන 153.21 – මෙට්‍රික් ටොන් 3,197,000

ජනපතිවරයා විසින්, රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට කැඳවනු ලැබ 2021 මැයි 29 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මෙසේ ද කියා තිබුණු බව එහි මාධ්‍ය අංශය වාර්තා කළේ ය.    

“පස නිසරු වී අස්වන්න අඩු වීමත්, ජෛව විවිධත්වය විනාශ වීමත් දක්නට තිබේ.. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති… ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමි වීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණ දෙන අභියෝගයක් බවට පත්වී ඇත.”

පස නිසරුවී විශේෂ අස්වනු අඩු වීමක් සිදුව නැති බව පෙරදී ඉදිරිපත් කළ අස්වනු ගැන සංඛ්‍යා පෙන්වයි. වන විනාශය, කඩොලාන විනාශය, තෙත්බිම් ගොඩ කිරීම, සතුන්ගේ වාසභූමි විනාශය, ජල වහන පද්ධතීන් විනාශය පාලකයන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුවන ඉමක් නොපෙනෙන එකදු පාරිසරික විනාශයක් නො දකින ජනපතිවරයා දකින්නේ රසායන පොහොර භාවිතාවේ ව්‍යතිරේකයක් ලෙස ‘නයිට්‍රජන් දූෂණයෙන්’ සිදුවන පරිසර විනාශයන් පමණි. ඒ  මොහු නිකමම නිකං විලෝපිකයෙක් පමණක් වන නිසාය.

කෙසේ වෙතත් මේ ගජබින්ලංකාර සංශෝධන තේරුම් ගැනීමට පසුගිය ශතවර්ෂයක් පුරා මෙරට ජනතාවගේ අවම ජීවන් මට්ටම පිලිඹඳ තතු 1963 හරිත විප්ලවයට පෙර හා පසු කෙසේ වී දෝ යි බැලීම සෑහෙයි.

ළදරු මරණ අනුපාතය – උපත් 1000 කට
(ආසන්න දශමස්ථානයට)

1950 දී 98
1960 දී69
1970 දී49
1980 දී33
1990 දී22
2000 දී14
2010 දී09
2020 දී07

ආයු අපේක්ෂාව – පිරිමි හා ගැහැණු ලෙස වෙනම

1920/22 පි: 32.7 ගැ: 30.7 
1952 පි: 57.6ගැ: 55.5
1962/64  පි: 64.0ගැ: 63.7 
1970/72 පි: 64ගැ: 66.9
1980/82 පි: 67.7ගැ: 72.1   
2000/02  පි: 68.8ගැ: 77.2
2011/13 පි: 72.0ගැ: 78.6
2020ගැ:පි: 77.6
පොදුවේ

මාතෘ මරණ අනුපාත (මේ වන විට ලක්ෂයකට 37.2 දක්වා අඩු වී ඇත)

මන්දපෝෂණය, නිධන්ගත කුසගින්න ආදී සමාජ දත්ත එකතු කළ යුතුය. එමෙන් ම මිනිසුන්ගේ ප්‍රඥාවන්ත භාවයේ වර්ධනය ගණනයට ගත යුතුය. එය දේශීය පරිමානයෙන් සිදුවන්නක් නොව විශ්වීය මට්ටමින් සිදු වන්නකි.

එබැවින් අපි මේ රසායන පෝර සම්බන්ධයෙන් ද බැලිය යුත්තේ ඒ වෘධීන් සලකා බලමින් ය.

ගොවීන් වගා බිමට යොදනු ලබන නයිට්‍රජන් පොහොර මුළු ප්‍රමාණය ම අවශෝෂණය කරගැනීමට ශාකයකට හැකියාවක්‌ නැත. ශාකයට ලබාගැනීමට හැකි වන්නේ එයින් 30%ක ප්‍රමාණයක්‌ පමණි. ඉතිරි 70% ම පරිසරයට නිදහස්‌ වී යයි. මෙය මගින් සිදුවන පාරිසරික විනාශය අපි නයිට්‍රජන් දූෂණයට ලෙස හඳුන්වමු. මෙය ලොව පුරා මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ ය. මෙසේ සිදුවන පාරිසරික ප්‍රශ්ණයන් හා සිදු වන නයිට්‍රජන් නාස්තිය නැතිනම් අහිමි වීම වළක්වා ගත යුතු බව අවිවාදිත ය. එහි දී ශාකයේ නයිට්‍රජන් අවශෝෂණය කිරිමේ කාර්යක්ෂමතාව ගැනත්, මෙම නයිට්‍රජන් පොහොර ඉක්මනින් ජලයේ දියනොවන ස්පටික ලෙස නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාවත් සැලකීමෙන් මේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක්‌ සොයා ගැනීමට හැකි ය.

නයිට්‍රජන්, පොටෑසියම් හා පොස්‌පරස්‌ යන සාර්ව ශාක පෝෂක අතරින් කෘෂිකර්මාන්තයේ දී, ශාකයේ ආහාර, ජීව ස්‌කන්ධය (Bio-Mass) සහ තන්තු නිෂ්පාදනය කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ නයිට්‍රජන් ය. ඒ නිසා ආහාර වේලේ ගුණාත්මක බව මෙන්ම එහි ප්‍රමාණය ද අඩු නොකර විකල්ප නයිට්‍රජන් පොහොරක්‌ නිපදවීම විද්‍යාඥයන් ඉදිරියේ අද තිබෙන මග හැරිය නොහැකි වගකීමකි. තව වසර 09 කින් ලෝක ජනගහනය බිලියන 08 ක් වනු ඇත. අදත් ලෝවාසීන් නව දෙනෙකුගෙන් එක් අයෙක් නිධන්ගත කුසගින්නෙන් පෙළේ. මේ අභියෝගයට විසඳුම් සෙවීමට පර්යේෂකයෝ දැනටමත් යොමු වී සිටිති. විවිධ රසායනික ක්‍රියාවලි, ජෛව විද්‍යාත්මක ප්‍රවේශ හා නව තාක්ෂණික භාවිතය ඔස්‌සේ යමින් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඔවුහු උත්සාහ කරති. නමුත් එක එල්ලේ සාර්ථකත්වයන් ඇති වන්නේ නැත.

යුද අවශ්‍යතා සඳහා වායුගෝලයෙන් නයිට්‍රජන් උකහා ගැනීමට ක්‍රම සොයා ගියා සේම මේ ප්‍රශ්නයට ද උත්තර ලැබෙන මොහොතක් එළඹෙන්නේ ය. කෙසේ වෙතත් පවතින පොහොර හා නව බෝග ප්‍රභේද පිළිබඳ සොයා ගැනීම් නොවන්නට මිනිසාගේ විද්‍යා දැනුමේ වර්ධනයට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය බරපතළ ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි.

ඒ නිසා ප්‍රශ්නයට පිළිතුරු සොයා ඉතිහාසයට යෑමේ පොල්පොට්වාදය මානව විනාශයේ මගයි. ඉතිහාසයේ අත්දැකීම්/ ඝනීභූත ඥානය සොයා යෑම අවශ්‍යය. නමුත් ඉතිහාසයේ ජීවත් වීමට කටයුතු කිරීම නම් කිසි කලකත් නිවැරදි කළ නොහැකි බරපතළ වරදකි. වර්තමාන මුදල් හිඟකම නිසා හෝ එසේ කිරීමට සිතීම මගින් ජනාධිපතිවරයා කරන්නේ සමාජයට ගිනි තැබීමය. විදේශ විනිමය ප්‍රශ්නයට හේතුව තිරසාර සංවර්ධනයට හරස්ව පිහිටන ඔබගේම ඥාති-හිතමිත්‍රාදීන්ගේ අසාර සමාජ, ආර්ථික හා දේශපාලන කූටෝපායයන් විනා රසායනික පොහොර නම් නොවේ.

පළමු ලිපිය: අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්!

The post ආණ්ඩුවේ සාගත මෙහෙයුම..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8/feed/ 0
අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්! https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8f%e0%b6%b6%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8f%e0%b6%b6%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7/#respond Wed, 26 Jan 2022 09:53:31 +0000 https://vivaranalk.com/?p=3437 පළමු කොටස 2021 අප්‍රේල් 27 දාතමින්,  ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ ලදුව, අනුමැතිය ලද කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කළ පස සරුගැන්වීමේ ‘නව ප්‍රතිපත්තිය’ භාවිතාවට ගන්නැයි ගොවිතැන් කරණ ජනතාවට නියෝග කෙරිණි. මේ සඳහා ගොවියා ස්වේච්ඡාවෙන් පෙළඹවීම පහසු නොවන බව දන්නා බැවින් එම කැබිනට් සංදේශය සමගම මෙතෙක් පස සරු ගැන්වීම සඳහා හා වගාවන්ට ආපදා ගෙන එන […]

The post අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්! appeared first on විවරණ.

]]>
පළමු කොටස

2021 අප්‍රේල් 27 දාතමින්,  ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ ලදුව, අනුමැතිය ලද කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කළ පස සරුගැන්වීමේ ‘නව ප්‍රතිපත්තිය’ භාවිතාවට ගන්නැයි ගොවිතැන් කරණ ජනතාවට නියෝග කෙරිණි. මේ සඳහා ගොවියා ස්වේච්ඡාවෙන් පෙළඹවීම පහසු නොවන බව දන්නා බැවින් එම කැබිනට් සංදේශය සමගම මෙතෙක් පස සරු ගැන්වීම සඳහා හා වගාවන්ට ආපදා ගෙන එන කෘමීන් මර්දනයට යොදා ගැණුනු යෙදවුම් (පෝර හා කෘමිනාශක ලෙස ප්‍රචලිත) ආනයනය වහාම තහනම් කෙරිණි. මෙම තහනම අපනයන බෝග වල ඵලදාවට ද ප්‍රශ්නයක් වූ විට ඒවා සඳහා සුපුරුදු යෙදවුම් ආනයනයට ඉඩ දෙන බව කියැවිනි.  අනතුරුව ආහාර ද්‍රව්‍ය වල අස්වනු මේ ‘නව ප්‍රතිපත්තිය’ යටතේ පහත වැටෙන බව ඇස්පනාපිට පෙනී යන විට සුපුරුදු පස සරුගැන්වීමේ යෙදවුම් ආනයනයට ඉඩ හරින ලද්දේ ය. නමුත් වගා කරුවා ඒ යෙදවුම් විවෘත වෙළඳපළෙන් මිල දී ගත යුතු බව කියැවිනි. රජය තම ‘නව ප්‍රතිපත්තිය’ මත සිටින බැවින් ‘පෙර ප්‍රතිපත්තියට’ (එනම් රසායනික පෝර හා කෘමි හා වල් නාශක යොදා කරන නිෂ්පදනයන්ට) අනුව කටයුතු කිරීම සදහා ‘සහනාධාර’ දෙන්නේ නැති බවත් අවධාරණය කෙරිණි.

දැන් අවසාන වශයෙන් සිදුව ඇත්තේ කුමක් ද? වගාකරුවා භුක්ති විඳි පොහොර සහනාධාර ක්‍රම අහෝසි කරනු ලැබීමයි. ඒ අනුව විවෘත වෙළඳපළ තුළින් මිලට ගැනීමට සිදුව ඇති මේ යෙදවුම් භාවිතා කිරීමට යෑමෙන් ආහාර නිෂ්පාදන සදහා වන වැය ශීර්ෂ්‍ය කිහිප ගුණයකින් ඉහල යෑමයි. නිදහස් අධ්‍යාපනය මගින් ලබා ඇති ගණිත ඥානය පෙන්වන්නේ එම නිෂ්පාදන වෙළඳ පලට එන්නේ දෙතුන් ගුණයකින් ඉහල ගිය මිල ගනන් සහිතව බවය. මේ මොහොතේ අස්වනු අඩුවීම නිසා කිලෝවක නිෂ්පාදන වියදම ඉහල යන බැවින් ඒ තත්ත්වයට මුහුණ දීම සදහා පෙර ලබාගත් ආදායම වත් ලබා ගැනීමට නම් කිලෝවක් සදහා ලැබෙන මුදල ඉහල දැමීමට සිදුවෙයි.  

දැන් ප්‍රශ්නය වන්නේ එකී මිල ගනන් වලට අත්‍යාවශ්‍ය ආහාර මිල දී ගැන්මට බහුතර ජනතාවකට නොහැකි වීමය. එයට මේ තීරකයන්ගේ ප්‍රායෝගික විසඳුම වන්නේ ඒවා ආනයනය කිරීමට කටයුතු කිරීමයි. එසෙ ආර්ථික වශයෙන් පහල සිටින මෙරට බහුතර ජනතාවකට ඉංදියාවෙන්, චිනයෙන් අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කර සතොස හා සමූපාකාර මගින් අඩු මිලට දෙන බව කියැවේ.

ලංකාවේ ආහාර නිෂ්පාදකයන්ට මේ කරන්නේ ඉවසිය නොහැකි බලහත්කාරයකි. පාලකයන් මේ ක්‍රියා පිළිවෙත මගින් කියන්නේ මෙසේ ය.

“තොපිලා රටේ ආහාර වෙළද පළෙන් පිටමංකරන්නෙමු. තොපි හා මෝල් හිමියන් එක්ව ගෙන යන සහල් ‘මාෆියාව’ බිඳින්නෙමු. ඒ සඳහා චීනය/ඉන්දියාව/බංග්ලාදේශය/ඉන්දුනීසියාව පමණක් නොව ඇමරිකාවේ ආහාර ද අපි ආනයනය කරන්නෙමු. එමඟින් ලංකාවේ ඉතිහාසයෙන් නූතන කුඹුරුකාරයා අපහරණය කරන්නෙමු. අපට අවශ්‍ය 1950 සිටි කුඹුරුකාරයා ය. එසේ නොකිරීමට නම් සහලින් මේ රට ස්වංපෝෂිතව ඇති තත්වය බිද යළිත් චීන/ලංකා හාල්/රබර් ගිවිසුම් කාලයේ තත්ත්වයට, එනම් වාර්ෂිකව  සහල් පාරිභෝජන අවශ්‍යතාවයෙන් 64% ක් ආනයනය කිරීමට සිදුවන පරිදි අස්වනු පහත හෙලීමට එකඟව අපේ ‘නව ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කරනු.”

දැන් මේ ආයනයනික ආහාර මොනවාද? මෙරට ආණ්ඩුවේ ‘නව ප්‍රතිපත්තිය’ අනුව නිෂ්පාදිත ආහාර ද? එයට පිළිතුරු දෙන්නට කිසිවෙක් නැත. නමුත් අපි හොඳින් ම දන්නා පරිදි ඉන්දියාවේ හෝ චීනයේ මේ ආහාර නිෂ්පාදනය වන්නේ ලංකාවේ පැවැති ‘පැරණි ප්‍රතිපත්තිය’ (රසායනික පෝර හා කෘමි/වල් නාශක යෙදා) අනුවය. මේ කියන්නේ කුමක් ද? ඉන්දියාවේ, චීනයේ නැතිනම් වෙනත් රටක වගාකරුවන් මේ යෙදවුම් භාවිතයෙන් අඩු මිලට නිෂ්පාදනය කරන ආහාර ලංකාවේ අඩු අදායම් ලාභීන්ගේ සෞඛ්‍යයට හානිකර නොවන බවද? මෙවන් වූ විකාරයක් එළි දැක්වෙනු ඇත්තේ එක්කෝ මානසික රෝහලකිනි, නැතිනම් කොමිස්කරුවන් හා නූතන දොන් ජුවන් ධර්මපාලලාගෙන් පිරුණු දේශපාලන මාෆියාවකිනි.

කෙසේ වෙතත් අපි මේ වර්තමාන කථාව මෙයට වඩා දික් නොකිරීම හොඳය. මන්ද යත් මේ ‘නව ප්‍රතිපත්ති’ කරුවන් ඉදිරිපත් කළාවූ සංදේශය තුළ, ඉදිරි දැකුම්, බලාපොරොත්තු, පැහැදිලි කිරීම් ලැයිස්තුව විමර්ෂණය කිරීම මේ අදහස් දැක්වීමේ පළමු පරමාර්ථය වන නිසාය.  

දර්ශනය වන පරිදි ජනාධිපතිට අවශ්‍ය ව තිබුණේ මෙම තීරණය දෙවසරකට පෙර තමන්ගේ “ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්මේ” ප්‍රකාර “තිරසාර පරිසර ප්‍රතිපත්තියක් සඳහා ප්‍රතිඥා දී ඇති” බැවින් එය ඉෂ්ට කිරීමට ගන්නා වූ කල්පනාකාරී තීරණයක් බව රටටත් ලෝකයටත් පෙන්නීමට ය.  ඒ සඳහා මෙහි 1.3.1 වගන්තිය ලෙස ඉදිරිපත් කර ඇත්තේ මේ ‘සෞභාග්‍ය දැක්මේ’ 39 පිටුවේ ‘පොහොර භාවිතයේ නව පෙරලිය’ අනු මාතෘකාවෙන් ඉදිරිපත් කර ඇති ඡේද 07 කින් යුත් වැඩ පිලිවෙලේ පළමු ඡේදයයි. ඒ මෙසේයි,

“නිරෝගී සහ ඵලදායී පුරවැසියන් කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේළක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු ය. ඒ සදහා ඉදිරි දශකය තුළ ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින් ම කාබනික පොහොර යොදා ගැන්මට එම නිෂ්පාදන වේගවත් කළ යුතු ය.”

දැන් මේ අදහස ක්‍රියාත්මක කිරීමේ කාල වකවානු ගැන ජනාධිපතිවරයා ට අවබෝධයක් තිබුනේදැයි පැනයකි.  මන්ද යත් 2021 මහ කන්නයේ දී මෙවැනි හිටිවන තහනමක් ගෙන එන බවක් ‘සෞභාග්‍ය දැක්ම’ නොකියන හෙයිනි.  

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ජනාධිපතිවරයාගේ තීන්දුව අගයමින්, කාබනික පොහොරවලින් මෙරට කෘෂිකර්මාන්තය ගොඩ නැගිය හැකි බවට සහතික වී ඇත.

මේ හදිසි තීන්දුවක් නොවේ යයි කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේ දී කීවේ ‘දැක්මේ’ පමණක් නොව ඊට පෙර මහින්ද රාජපක්ෂ රට කරවන කාලයේත් මෙම ප්‍රතිපත්තියම ඉදිරිපත් කළ බැවින් මෙම තීන්දුව ‘දැක්ම’ටත් වඩා පරණ බවයි. ඔහු  කියන්නේ 2014 මාර්තු 26 දාතමින් හා “කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය.” තේමාවෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල ගැන විය යුතුය ය. එහි ලංකාව කාබනික කෘෂිකර්මය කරා ගෙන යෑම වෙනුවෙන් ඉතා වැදගත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබුණි. විෂ‍ය දැනුම හා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රාමාණිකයින් විසින් සකසන ලදැයි පෙනෙන එහි යෝජනා කර තිබුණේ කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කාබනික අමුද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරීමේ හා පොහොර සැකසීමේ ප්‍රායෝගික වැඩ සටහන් තුළින් කොම්පෝස්ට් නිෂ්පාදනයට යොමු කිරීමත්, ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කිරිමත් පළමුවෙන් කළ යුතු බවයි. විශේෂයෙන් වගා කටයුතු හා බැදුණු සත්ත්ව පාලනය පිළිබදව ද අවධාරණය කර තිබුණි.

මෙකී කාබනික පොහොර නිෂ්පාදනයට හා භාවිතාවට යොමුවීමේ ක්‍රියාමාර්ගයන් දියත්වන අතර රසායනික පොහොර තහනමක් නොව ඒවා ආනයනය 25% කින් අඩු කිරීමට එහි යෝජනා කර තිබුණේ අඩියෙන් අඩිය අත්දැකීම හරහා ගොවීන් ගෙන යෑමට යයි සිතිය හැකිය.

මේ කිසිම ලියවිල්ලක කිසිම ඉඟියක් වත් නැතිව මේ පියවර ගත්තේ ඇයි?. ඒ මදිවාට “එළඹෙන 2021/22 මහ කන්නයට මුළුමනින් ම රසායනික පොහොර හා කෘමිනාශකය භාවිතයෙන් තොරව වගා කිරීමට පියවර ගත යුතුය”(සංදේශය 2.4 වගන්තිය) හා “රටක් ලෙස එම අභියෝගයට මුහුණ දීමට ජනතා වරමක් ලැබී ඇති බැවින් ඒ සඳහා ජනතාව පෙළගැස්වීමට සමස්ත රාජ්‍ය යන්ත්‍රය මෙහෙය විය යුතුය” (සංදේශය 2.5 වගන්තිය) 

මෙහි දී පෙනී ගියේ රසායන පොහොර තහනමකට තමන්ට ජන වරමක් ඇතැයි කූට ප්‍රයෝගයක යෙදෙමින් ජනාධිපති එම ජනවරම යකඩ සපත්තුවක් ලෙස යොදා ගැන්ම මෙන්ම සන්නද්ධ බලය පාරට ගැනීමට අවශ්‍ය සමාජ මනෝභාවයන් සූදානම් කරණ බවයි.  මේ හදිසි පියවර මහත් වූ සමාජ ආර්ථික කම්පනයන්ට ගොවි ජනතාව හා පොදුවේ රටේ අඩු ආදායම් ලබන ජනතාව මුහුණ පාන බැවින් යම් කැරලිකාරී තත්ත්වයක් දුගී ජනයා අතරින් මතු වීම ජනාධිපති බලාපොරොත්තු වන බව ඉන් පෙනේ. එය මැඩ පැවැත්වීමට කොරෝනා නීති කොයිතරම් දුරට යොදා ගත හැකි ද යන්න සැක සහිතය. ඇතිවිය හැකි මේ තත්ත්වයට වඩා අඩු සරල ප්‍රශ්න මත ජනතාව පාලකයන් සමග ගැටුම් ඇති කර ගැනීම සිදුවෙමින් තිබේ.

දැන් මේ ප්‍රයෝගය, විදේශ විනිමය දැඩි ලෙස පහළ වැටෙමින් තිබෙන නිසා ආනයන කැපීමේ උවමනාව මත ගත් අනුවණ පියවරක් බව ගැන කිසිවකුට සැකයක් නැත.

”රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. එහෙත්, වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. දැනට වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.” යි ජනාධිපති මන්දිරයේ දී, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවකදී ජනාධිපති වරයා කී බව වාර්තා විය.

නමුත් මේ කියන “ඉහළ අස්වැන්න” කොපමණද? එසේනම් රසායන පොහොර භාවිතයෙන් තොරව ලැබෙන පහළ අස්වැන්න කොපමණ ද? ඉන් ඇතිවන ආහාර හිගයේ ප්‍රමාණය කෙතෙක් ද, එම හිගය පියවීමට ආනයනය කිරීමට වැය කොපමණද යන්න ගැන විමසුමක් කර ඇති බවක් නොපෙනේ.

2021jan26[2]_vilgamuwa

හෙක්ටයාරයකට වී ඇස්වැන්න පිලිබද සංඛ්‍යා වලින් මේ ගැන යම් අදහසක් ඇති කර ගත හැකිය. රසායන පොහොර වලට පෙර 1950 දී හෙක්ටෙයාරයකට ලබා ඇති අස්වැන්න මෙට්‍රික් ටොන්(mt) 0.90 කි. 1970 දී එය mt 2.11 ක් බවට පත් විය. ඒ රසායනික පෝර ප්‍රචලිත වීම නිසා බව ජනාධිපති තුමාගේ ප්‍රකාශය අනුව ද පෙනේ. ඊලගට 1995 දී  එය mt 3.12 ක් දක්වා ඉහල ගියේ ය. 1950 දී සහල් වලින් ස්වයංපෝෂිත අනුපාතය 36% ක් වූ අතර එය 1970 දී 68% ක් බවට පත් වී 1995 දී 92% දක්වා ඉහළ ගියේ ය.

ඊලඟ කාරණාව වන්නේ සහල් නිෂ්පාදනය හා ආනයනය අතර තත්ත්වයයි. 1950 දී සහල් නිෂ්පාදනය සඳහා යොදාගත් හෙක්ටෙයාර් 399,000 කින් mt 360,000 ක් නිෂ්පාදනය කළ අතර එය මුළු පාරිභෝජනයෙන් 36% කට පමණක් සෑහුන බැවින් හිඟය සැපිරීමට mt 649,000 ක් ආනයනය කිරීමට සිදු විය. 1970 දී හෙක්ටෙයාර් 667,000 කින් mt 1,409,000 ක අස්වැන්නක් ලැබුණු අතර එය 73% කට සෑහුණ අතර mt 523,000 ක් ආනයනය කිරීමට සිදු විය. 1995 දී හෙක්ටෙයාර් 791,000 කින් mt 2,473,000 ක් ලැබුණු අතර එය 92% කට සෑහුණ අතර mt 244,000 ක් ආනයනය කිරීමට සිදු විය.

දැන් රසායන පෝර ආනයනය නැවතීමෙන් ඉතිරි වන මුදල ගැන ජනාධිපතිවරයා කරන කතාව තාර්කික වීමට නම් ඔහු කියන අස්වනු අඩුවීම කොපමණද? එම හිඟය ආනයනය සඳහා කොපමණ විදේශ විනිමය වැය වන්නේ ද යන්න ඉදිරිපත් කළ යුතුය. 

සමහරුන් කියන්නේ අස්වනු අඩු වීම 40% ක් පමණ වන බවයි. එවැන්නවුන් කියන්නේ කාබනික පොහොර මගින් ලැබෙන අස්වැන්න අඩුය යන සාමාන්‍ය තර්කය මත සිටයි. නමුත් මේ යන ක්‍රමයට එය සත්‍ය වුවහොත්; ඉතිරි 60%  ක අස්වැන්න ලැබෙන්නේ කුමන ප්‍රමිතියකින් යුත් කාබනික පොහොර වලින් ද? එහි ප්‍රමිතිය සොයන්නේ කව්ද? අඩුම තරමින් එහි ප්‍රමිතිය මෙසේ විය යුතු යයි නිගමනය කර තිබේ ද? තිබේ නම් කුමන ආයතනයකින් ද?

දෙවන ලිපිය: ආණ්ඩුවේ සාගත මෙහෙයුම..!

.

The post අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8f%e0%b6%b6%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7/feed/ 0