Manjula Wediwardana, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 01 Nov 2023 10:01:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Manjula Wediwardana, Author at විවරණ 32 32 පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/#respond Wed, 01 Nov 2023 10:01:07 +0000 https://vivaranalk.com/?p=10160 අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි. උදෙසනවා යනු ‘ඩික්ලෙයා’ කිරීම යන්න හඟවන සිංහල වචනයයි.  උදෙසනවා යනු තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ කියා පෑම යි. නොවළහා කියා පෑමයි. අවකංව කීමයි. බොක්කෙන් ම කීම යි. මගේ අදහස වන්නේ  ‘මතක පද’ අතරතුර සිදුවූ මෙම රත්න […]

The post පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’ appeared first on විවරණ.

]]>
අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි. උදෙසනවා යනු ‘ඩික්ලෙයා’ කිරීම යන්න හඟවන සිංහල වචනයයි.  උදෙසනවා යනු තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ කියා පෑම යි. නොවළහා කියා පෑමයි. අවකංව කීමයි. බොක්කෙන් ම කීම යි. මගේ අදහස වන්නේ  ‘මතක පද’ අතරතුර සිදුවූ මෙම රත්න ශ්‍රීන්ගේ මෙම උදෙසීම, සමස්ථ සමාජය විසින් මඟහැර නොයා යුතු වැදගත් සංසිද්දියක් බව යි.

ගැඹුරු මෙන්ම කර්ණ රසායන හඬ පෞරුෂයක් සහිත, ගැමුණු ජයන්ත වන්නිනායක නම් අප මිත්‍රවරයාගේ ‘මතක පද’ යනු සිංහල සහෘද ප්‍රජාව අතර බෙහෙවින් කීර්තිමත් මතකාවර්ජන ගීතමය සංලාපයකි. ගැමා විසින්  ඒය මුලින් නිර්මාණය කෙරුණේ ගුවන් විදුලි නාලිකාවකට වන අතර ඔහු ස්වාධිනව රස්සා කටයුතු කරන්නට තීන්දු කළ පසු ඒය කැමරාවක් අභියස රූ ගත කෙරෙන රමනීය සංලාපයක් බවට පත්විය. අප මිත්‍ර ගැමා දැන් දැන් ක්‍රමයෙන් ‘‘යූටියුබක්කාරයකු’’ ලෙස  සිය ස්වකීය මුද්‍රාව අන්තර්ජාලය පුරා ද පතුරමින් සිටියි.

ගැමා සිය මතක පද සංලාපය සඳහා බෙහෙවින් ගෙදර වැඩ කරනා කෙනෙක් බව පළමු කොටම පසක් වූයේ ඔහු විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් ධූරන්දර ටිල්වින් සිල්වා සහෝදරයා සමඟ කෙරුණු සංලාපයේ දී නැඟුණු එක් ප්‍රශ්නයක් නිසා ය.

ගැමුණුගේ ප්‍රශ්නය නිශ්චිත ය. ඔහු මෙසේ අසයි.

‘‘ප්‍රධාන චරිත දෙකක් මතුවුණානෙ ලක්දිව පුවත්පත හරහා. විමලසිරි ගම්ලත් නමින් ලිව්ව විමල් වීරවංශ හිටියා, රෝහිත භාෂණ අබේවර්ධන හිටියා.  මේ දෙන්නම මුලදි පක්ෂය නියෝජනය කරා. පස්සෙ පක්ෂෙ හැර ගියා. වීරවංශ සහෝදරයට වෙච්ච දේ අපි දැක්කනෙ. රෝහිත භාෂණ ඇයි පක්ෂෙ හැරගියේ?’’

‘ජාතික ප්‍රශ්නය’ අරභයා සිදුකෙරුණු සංවාදයකින් පසු රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා ඇතුළු කණ්ඩායමක් ජවිපෙ හැර ගොස් ‘හිරු කණ්ඩායම’ ලෙස ‘‘දේශපාලනය කරන බව’’ ජවිපෙ හෝ පෙසප ඔවුන්ගේ නිල ලේඛන වල කිසිවිටෙකත් සඳහන් නොකරන – සැබැවින්ම නම් හිතාමතාම සඟවන –  පසුබිමක එකී නිශ්චිත දේශපාලන ඛන්ඩනය තහවුරු වෙන එකම තැන ගැමුණුගේ මෙකී ‘මතක පද’ සංලාපයයි. එහිදී ටිල්වින් සහෝදරයා සිය පිළිතුර මෙසේ ගොනු කරයි.

‘‘..මේ වගේ දේවල් තනි උත්තරේකින් කියා ගන්න බැරි දේශපාලන ක්‍රියාවලියක් ඇතුළෙනෙ සිද්ධ වෙන්නෙ.  ඒ වෙලාවෙ ගත්තම අපි පක්ෂයක් හදන්න හදනවා. විසිරිච්ච පක්ෂයක්. අපිට මුණගැහිච්ච හමුවෙච්ච දේවල් වලින් තමයි අපි මේක හදන්නෙ. එතකොට ඒක ඇතුළෙත් ගත්තම විවිධ මත තිබුණා. විමල් වීරවංශ වගේ එක්කෙනෙක් ගත්තොත් ඒ වෙලාවෙ ලොකු මතයක් තිබුණෙ නෑ. නමුත් එයා ඒ වෙලාවෙ පක්ෂෙ ප්‍රකාශකයෙක් විදිහට වැඩ කරමින් හිටියා. රෝහිත භාෂණ ගත්තම ඒගොල්ලන්ට, ජාතික ප්‍රශ්නයෙදි ස්වය තීරණ අයිතිය පිළිගන්න ඕනා, දෙමළ ජනතාවගෙ ප්‍රශ්නයෙදි අපි ඉන්න තැනට වඩා ටිකක් එහාට එන්න ඕනා වගේ හැඟ‍ීමක් තිබ්බ. හැබැයි ඒවත් එක්ක අපිට කතා බහ කරමින් යන්න ඉඩකඩක් තිබුණට එවෙලේ සමහර අය කතා බහ කරලා විසඳ ගන්නවා වෙනුවට ඒවා පදනම් කරගෙන දේශපාලන කටයුතු වලින් ඈත් වෙනවා වගේ කරපු උත්සහයනුත් තිබුණා . භාෂණ ඒ ප්‍රශ්නෙ පදනම් කරගෙන තමයි අපෙන් ඈත් වුණේ..’’

ඉඳහිට මොලෝ රහක් නැති මහන්තත්ත චරිත ද ගෙන්නාගෙන සංලාප කළ ද,  ගැමුණුගේ බොහෝ සංවාද ටින්වින්ගේ සංවාදය මෙන් ම අතිශය රසවත් ය. මේ මෑතකදී කෙරුණු රත්න ශ්‍රී සංවාදය ද එ බඳු ය. රසවත් ය. නිදහස් ය. හෝරා දෙකක්ම ඉක්මවා කෙරෙන සාවධාන සංලාපයේ විටින් විට ඉසියුම්ව ගැමුණු රත්න ශ්‍රී රිද්දමින් ඔහුගේ ඇතුළු හද අවදි කරවා ගන්න අයුරු වාචාල යූටියුබක්කාර දුහුනන්ට අපූරු පාඩම් කියා දෙයි.

මෙකී රත්න ශ්‍රී සංලාපයේ අවසාන භාගයේ ගැමුණු විසින් ඒ් නිශ්චිත ප්‍රශ්නය ඇසෙයි.  රත්න ශ්‍රීන්ගේ සුප්‍රකට ගීත රචනා දෙකක් අරභයා ය. එකක් රමනීය රචනාවකි. අනෙක මරනීය රචනාවකි.

කොටි පොලිස් ප්‍රධානියාව සිට,  තමිල් සෙල්වම් ඝාතනය කෙරුණායින් පසු කොටි දේශපාලන අංශ නායකත්වය පවා ඉසිලූ, සමසමාජ ව්‍යාපාරයේ මෙන්ම නව සමසමාජ ව්‍යාපාරයේදී ක්‍රියාකාරිකයකුව සිටි නඩේසන් හා ඔහුගේ ප්‍රේමවන්තිය වූ මාතර කඹුරුපිටියේ විනීතා සමරසිංහ අතර වූ ජීවන පවත පදනම් කරගනිමින් රත්න ශ්‍රී ලියූ ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’ මෙනෙහි කරමින් ගැමුණු සිය ප්‍රශ්නයට පිවිසෙයි. ‘‘..එහෙම ලියපු ඔබ ‘ආයු රක්ඛත්තු ආවඩා’ කියලා හමුදාවෙ ඉන්න සොල්ලාදුවන් වෙනුවෙනුත් ගීතයක් ලියනවා. මේකෙ පරස්පරතාව ගැන මොකක් හරි….’’

ප්‍රශ්නය රවුම් කර අවසන් කරන්නට පෙරම රත්න ශ්‍රී වහා වහා පිළිතුරට පිවිසෙන්නේ  ‘‘පරස්පරයි තමයි’’ කියමිනි. ඉක්බිති ”..මං හුඟක් කණගාටුවෙන, පසුතැවිලිවෙන ගීතයක් තමයි ඒක..” යැයි කියමින් දේශපාලන අධ්‍යාත්මය අවදි කිරීමෙහි නිරත වෙයි. මෙකී රණවිරු අභිනන්නද ගිය ඇරඹෙන්නේ මෙලෙසිනි.

‘‘..රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා…’’

ඔහුට අනුව මෙකී රණවිරු මොරාලීය පද රචනය එතරම් බරපතළ ලෙස නො හිතා, යාළුමිත්‍ර ඉල්ලීමක් වෙනුවෙන් ලිව්වකි. ඒ් ගැන පසුතැවිලිවීම මිස කළ හැකි අන් යමක් නැතැයි ද ඔහු පවසයි. මෙකී ගීතය ගයන්නා වන සුගත් හඳුන්ගේ වෘත්තීයෙන් නීතිඥයෙකි. පානදුර මහේස්ත්‍රත් අධිකරණයේ නිතර දක්නට ලැබුණු චරිතයකි. පානදුර මහවිල ‘සිංහ සමාජයේ’ සභාපතිවර සිංහයෙකි. රුසියාවේ පවා කරක් ගසා ඇති හඳුන්ගේ පුටින් වෙනුවෙන් පවා ගීත ගයා ඇති නීතිඥ වෘත්තික ප්‍රජාව අතර ජනප්‍රිය අමුතුම චරිතයකි. ඔහු මෙකී රණවිරු ගීතය රත්න ශ්‍රීන් ලවා ලියවා ගැනීමෙන් නො නැවතී තමන් විසින් ගැයුණු රණවිරු මොරාල ගී ඇතුළත් ‘මානුෂීය මෙහෙයුම’ සංයුක්ත තැටිය එවක ජනාධිපත මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් තැන්පත් ගෝඨාභය රාජපක්ෂට පිරිනමන්නට රත්න ශ්‍රී කැඳවාගෙන යයි. හඳුන්ගේගේ මෙම ‘මානුෂිය මෙහෙයුම’ පිටපත් දහස් ගණනක් හමුදා සොල්දාදුවන් අතර නොමිලේ බෙදා හැරුණෙු යුද පිටියේ ‘මොරාල වඩවනු පිණිස’ ය.

ගැමුණුගේ ‘මතක පද’ අතරතුර ‘ඒ්ක බරපතළ වැරැද්දක්’ යැයි රත්න ශ්‍රී කියන්නේ ලිවීමෙන් නොනැවතී සිදුකළ මේ සියලු මැදිහත්වීම් ගැන විය යුතු ය. කෙසේ නමුත් ගීයේ කොතනකවත් තමන් ‘මරන්න කියලා නෑ’ යනුවෙන් රත්න් ශ්‍රී ගැමුණුට කියයි.  කවියෙහි පාරප්‍රාප්ත අප මහා කිවිසුරු මෙසේ පවසන්නේ එකල යුද පිපාසිත  සිංහල තුඩ තුඩ රැව් දුන් මෙවන් ගීතයන් හරහා මොරාල වැඩවුණු රණවිරුවන් සිදුකෙරුවේ කුමක් ද යන්න නො දැන ද?   යුද්ධය හමාර කෙරුණේ කොපමණ දෙමළ ජීවිත ගණනක් සෙත්තපෝච්චි කර දමමින්ද යන්න නොදන්නා කිසිඳු කවියෙක් සිටින්නට විදිහක් නැත. අනික කවියක හෝ ගීතයක ධ්වනිය පවතින්නේ රචනාව තුළ නොහොත් වචන තුළ නොව ඉන් ඔබ්බේ වන බැවින් මෙම රණවිරු මොරාල ගීතය යෝජනා කරන්නේ කවන්න පොවන්න සිඹින්න නොව මරන්න බව රත්ත ශ්‍රීන් හොඳින්ම දන්නා සත්‍යයකි.

දැන් මෙම ලියවිල්ලේ අවසානයට එළඹිය යුතු ය. මෙලෙසිනි.‍ කාව්‍ය පරම්පරා ගණනාවකට ම අඛන්ඩවම පරමාදර්ශයක් මෙන්ම මහත් අභාසයක් වුණු මහා කිවියර රත්න ශ්‍රි විජේසිංහයන් ‘මතක පද’ තුළ ‘‘..පීඩිතයා සහ පීඩකයා කියන දෙන්න වෙනුවෙන්ම කතා කරන්න යාම පරස්පරයි. ඒක මං පිළිගන්නවා.. ’’ යනුවෙන් පවසමින් තමන්ගේ ආස්ථානය ‘ඩික්ලෙයාර්’ කරයි.

දැන් මෙකී ගීතය නැවත කියවිය හැකි ය.‍  රත්න ශ්‍රීට අනුව ‘‘රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා’’ ලෙස තමන් ලියූ වැකිය පීඩකයා නියෝජනය කරයි. ඒ් අනුව මෙහි වර නරඟෙන්නේ උත්ප්‍රාසයකි. එනම්, පෙනෙන අදහසට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයකි. මෙකී උත්ප්‍රාසයට අවනතව මීළඟ පෙළ, ඒනම් ‘‘ ඔබ නගන ජයගොසින් මවු බිම සිනාසෙන්නී රෑ දිවා’’ යැයි කියන විට හිනා යයි.

සුදු කොඩි මතින් පැමිණෙමින් සිටියදී නඩේසන් සහ ඔහුගේ සිංහල සිංදු කියූ කිරිල්ලිය ඇතුළු පිරිසට අත්වූ ඉරණම හා රණවිරු මොරාල ගී අතර සම්බන්දය මහා ලොකුවට විග්‍රහ කළ යුතු නැත. සිංහලය ගැඹුරට කියවා ගත හැකි කාටත් තේරෙන දෙයකි. මෙකී ස්ථාවරය ප්‍රශ්න කරමින් මා රත්න ශ්‍රීන් ට ලියූ කවියක් ඇත. එහි,  ඔහු සහ මා අතර පවතින ගැඹුරු ආත්මීය සම්බන්දය මා ‘ඩික්ලෙයා’ කර ඇත. ආදරය ධ්වනි නංවා ඇත. නමුත් ඔහුගේ ස්ථාවරය ප්‍රශ්න කර ඇත.

එය අවසන් කරන්නේ මෙලෙසිනි.

‘‘..ඇස පෙළන ඔය උපැස ගලවන්න
බොඳ ඇහින් කඳුළු බිඳු දැකගන්න
තුඩ බිඳුණු පන්හිඳට පණ දෙන්න
ඔය මුහුණ යළි වරක්‌ දැක ගන්න…’’

මගේ පෙරදැක්ම පසු කාලෙක හෝ හරි ගොස් ඇත. අවසානයේ, දෙමළා පීඩිතයා බවත් ධනපති ආණ්ඩු විසින් ආණ්ඩුමට්ටු කරන නිල සන්නද්ධ හමුදා පීඩකයා බවත් රත්න ශ්‍රී කිවිඳුන් විසින් ඩික්ලයර් කරනු ලැබ ඇත. මෙසේ කිව්වේ වී නමුත් තමන් දායක වූ ඉතිහාසය විසින් මහා කිවිඳුන් නිදොස් කොට නිදහස් කෙරෙන්නේ නැත. නමුත් ඔහුගෙන් අභාසය ලැබූ ‘මානව හිතවාදී’ කවියන්ට සාහිත්‍යකරුවන්ට මතු නොව ඔහුගේ රසික සහෘද ප්‍රජාවට නැවතිල්ලේ සිතා බැලීමට ගැඹුරු දේශපාලන යථාර්ථයක් ඒ් ‘උදෙසීම’ තුළ පවතී. ‘තුයියකොන්තොන්මාදයේ’ වෙලුණු මාලිමා ප්‍රජාවට තමන්ගේ වේදිකාව මතදී ජීවිතයේ ගැඹුර කියා දෙන රත්න ශ්‍රී කිවිඳුන් මතු යම් දිනෙක ඉතිහාස වරද වේදිකා ගත කරමින් දෙමළා වනාහී පීඩිතයා බවත් හමුදාව වනාහී පීඩිකයා බවත් පිළිගන්නා ලෙස ‘බරාවිලෝලී’ ප්‍රජාවට යෝජනා කළ හොත් ඔහු වෙනුවෙන් නැඟෙන අත්පොළසන් ඔල්වරසන් කවර හැඩතලයක් ගැනු ඇද්ද?

The post පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/feed/ 0
දැවි ගිය හදවතින් – කෙසේ සිහිකරමි ජැක්සන්.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%92-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b7%84/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%92-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b7%84/#respond Fri, 20 Oct 2023 05:49:05 +0000 https://vivaranalk.com/?p=10042 මට ජැක්සන්ගේ මරණය නො දැනුණේ ඇයි? නො දැනුණාමත් නොවේ.  කිසියම් නන්නාඳුන වේදනාවක් මා අභ්‍යන්තරය තුළ පැන නැඟුණා වන්නට පිළිවන. ඒත් මා මේ කියන්නේ, දැනිය යුතුව තිබුණු පරිමාණයෙන් එය නො දැනුණු බව ය. අතිශය කුඩා කල සිට ම මා ජැක්සන් රසවතෙකි. කෙළ කෝටියක් වන නාඳුනන හිතවතුන් අතර සිටි හිතවතෙකි.  ඔහු පය තබන ලෙස පය තියන්නටත්, ඔහු […]

The post දැවි ගිය හදවතින් – කෙසේ සිහිකරමි ජැක්සන්.. appeared first on විවරණ.

]]>
මට ජැක්සන්ගේ මරණය නො දැනුණේ ඇයි? නො දැනුණාමත් නොවේ.  කිසියම් නන්නාඳුන වේදනාවක් මා අභ්‍යන්තරය තුළ පැන නැඟුණා වන්නට පිළිවන. ඒත් මා මේ කියන්නේ, දැනිය යුතුව තිබුණු පරිමාණයෙන් එය නො දැනුණු බව ය.

අතිශය කුඩා කල සිට ම මා ජැක්සන් රසවතෙකි. කෙළ කෝටියක් වන නාඳුනන හිතවතුන් අතර සිටි හිතවතෙකි.  ඔහු පය තබන ලෙස පය තියන්නටත්, ඔහු දඟලන ලෙස දඟලන්නටත්, ඔහු ගයන ලෙස ගයන්නටත් වරක් හෝ වෑයම් නො කළ කිසිවකු ගැන මට හිතා ගන්නට බැරි ය. ඔහු එබඳු පරිසමාප්ත කලාත්මක අයිකනයකි. තමන්ගේ විෂයෙහි පාරප්‍රාප්ත විසල් මානවයකි. තමන් ඉපදුණු මහපොළොව දෙස ද, පොදුවේ මානව වර්ගයා දෙස ද, ඉමහත්  මානව දෘෂ්ටියක් හෙළු  කලාකරුවෙකි. ඔහු විසින් නිමැවුණු අවසාන නිර්මාණය දක්වාම අඛන්ඩව ඔහුගේ සමීපතම සහෘදයකු ව සිටිය ද, මට ජැක්සන්ගේ මරණය එතරම් තදට නො දැනුණේ ඇයි? 

ගුවන්තලය ද, සයිබරාවකාශය ද කලම්බමින් මතු වූ එම දුක්ඛදායක පුවත නිසා කණගාටුවක්, වේදනාවක්, දුකක් හදවත පුරා ඇතිරෙමින් තිබුණ ද ඒ නිශ්චිත වකවානුව පුරා ම හදවත උසුලාගෙන තිබුණේ පෙර නොවූ විරූ ගැඹුරුතර වේදනාවෙකිනි.  ඔහුගේ මරණය එතරම් ම තදට නො දැනෙන්නට ඇත්තේ එ නිසාවෙන් බව නිශ්චිත ය.

මගේ කවිවලට, ගද්‍ය උපුටනවලට ස්වේච්ඡාවෙන් පින්තූර අමුණා රමණීය ආකෘති තනා දෙන පෘථිවි අයේශ්මන්ත නම් තා‍රුණ්‍යයෙන් ආඪ්‍ය කවියා ‘‘මොකද මේ දවස්වල කරන්නෙ?’’ යැයි මා විමසයි. ගෙවී යමින් තිබෙන්නේ ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යම රාත්‍රිය යි. ඔහුට පාන්දර ය. ඔහු පාන්දරත් පාඩම් අතේ වැඩ ය. ඔහු තවමත් සරසවි ශිෂ්‍යයෙකි.

‘ජැක්සන්ගේ සිංදු අහනවා’ යැයි මා ඔහුට ලියා යවමි.

සැබැවින් ම ජැක්සන් මෙනෙහි වී දවස පුරාම විටින් විට ඔහුගේ ගීත අසමින් උන්නෙමි. ගුවන් විදුලිය, රූපවාහිනිය පමණක් නොව කවර සමාජ මාධ්‍ය ජාලයක් විවෘත කෙරුව ද ඇසෙමින් තිබුණේ ගාසා තීරයේ ද ඉන් ඔබ්බේ ද පිපිරුම් හඬ හා මර ලතෝනි හඬ ය.

ඒ අතරතුර සන්ධ්‍යාවේ, මිත්‍රයෙක්, ගාසා තීරයේ යුද ගින්දර අතරින් ලියැවුණු සාටන්කාමී ‘පෙරටුගාමීන්ගේ’ සටන් පාඨ පෝස්ටරය වැට්සැප් කර එවී ය.

එහි වූයේ මෙවන් අන්ධභූත අදහසකි.

‘‘ඊශ්‍රායල, පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙළා දකිමු!
නිදහස් පලස්තීනය පිළිගනු!
ඇමරිකානු – ඊශ්‍රායල් ලේ වැකි යුදකාමයට, හමාස් අන්තවාදයට එරෙහි වෙමු!
– පෙරටුගාමී සමාජවාදී පක්ෂය!’’

ආක්‍රමණකාරී හමුදාවක් උතුරට යවා දෙමළ විමුක්ති අරගලය අවසන් කළ ගිරුවාපත්තුවෙන් පහළ වූ මහා වීරයාට ‘යුද චින්තනය’ සකසා දුන් චින්තන කමිටුවක සිටි පුබුදු ජයගොඩ සහෝදරයා වෙත මෙකී පෝස්ටරය අලලා, තිලක් කෝදාගොඩ සහෝදරයා විසින් ‘මහා ජාතිවාදයෙන් ගැළවෙන්න බැරිකම’ ගැන යවන ලද කොමෙන්ටුවක් වට්සැප් හරහා මා ඇස් අබියසට පතිත විය. එහි එක් තැනක මෙසේ ලියා තිබිණ,

‘‘තුවක්කු කතා කරනකොට, හුදු ඒ තුවක්කු කටවල්වලින් නිකුත්වන මූණිස්සම් දිහා බලලා දේවල් ලියන එක අද විලාසිතාවක්’’

මම යළි ජැක්සන්ගේ ගීතාවලිය දෙසට හැරී එකක් තෝරා සවන්ලන්නට වෙමි.

තරුණ කවියා යළි මා අමතයි. ‘ඔයා මොකද අයියෙ හිතන්නෙ එයාගෙ මරණයයි දේශපාලනයයි ගැන?’’ යනුවෙන් ඔහු යළි මා විමසයි.  කිසිත් උත්තර නොදී ජැක්සන්ගේ ගීතයක් යවමි. එය මේ මොහොතේ මා අසමින් සිටින ගීතයයි. මේ මොහොත වන විට  නිල වශයෙන් මිලියන 406ක් නරඹා ඇති ‘අර්ත් සෝංග්’ නමින් යුත්  ‘මහීමා’ ගීතයයි.

‘What about sunrise?
What about rain?
What about all the things
That you said we were to gain?

What about killing fields?
Is there a time?
What about all the things
That you said was yours and mine?

Did you ever stop to notice
All the blood we’ve shed before?
Did you ever stop to notice
This crying Earth, these weeping shores?’’

‘මහීමා’ ගීතය අරඹන වදන් පෙළ නඟන අරුත දළ වශයෙන් සිංහලට නඟන්නේ නම් මෙ ලෙස ය.

‘හිරු එළිය, වර්ෂාව
අපට ලබාගත හැකි යැයි ඔබ කියූ
සියලු දේ ගැන ඔබ දැන් සිතන්නේ කුමක්ද?
ඔබෙයි මගෙයි කියා ඔබ කියූ සියලු දේ?

මේ සියල්ලට අදාල කාලය කුමක්ද?
ඇයි සමූල සංහාර භූමි?
අප කොපමණක් රුහිරු හෙළා ඇත්දැ’යි
ඔබ යන්තමින්වත් නැවතී හැරී බැලුවාද?

මේ වෙරළ වැළපෙන තරම්
මේ මහ පොළව කෑ ගසා හඬන තරම්
ඔබ යන්තමින්වත් නැවතී හැරී බැලුවාද?’’

ඉක්බිති ජැක්සන් වරනඟන ‘’ආ..ආ…ආ’ව ද ‘’ඕහ්…ඕහ්…ඕහ්’ව ද හුස්ම හිර කරවන සුළු ය. පීඩිතයන්ගේ සමස්ථ පීඩාවන් ස්වකීය සුස්මක රඳවන්නට ජැක්සන් සමත් ය. අහෝ! එවන් කම්පාවක් ගෙන දෙන ගීතයක්!

එවන් ජැක්සන්ගේ මරණය මට නො දැනුණේ ඇයි? බොහෝ විට ඒ, ඔහුගේ අමුතු මරණය සිදුවූයේ 2009 ජූනි මාසයේ වීම නිසා ය. හරියට ම කියන්නේ නම් ජූනි 25වැනිදාව ය.

මට, ජැක්සන්ගේ මරණය බරට නොදැනුණේ,  ඊට හරියටම මසකට පමණ පෙර මුල්ලිවයිකාල් අහස ගිනිබත් කරමින්, නන්දිකඩාල් කලපුව ලේබත් කරමින් දස දහස් සංඛ්‍යාත දෙමළ පීඩිතයන් මරා දමමින් ‘යුද්ධය අවසන් කළා’යැයි කෙරුණු සිංහල නිවේදනයෙන් ද, ඉන් නො නැවතී බැලූ බැලූ අත පත්තු වී ගිය උත්කර්ෂයේ රතිඤ්ඤා හඬින් ද, සංතුෂ්ටියේ රතු පෑ කිරිබත්වල දසුනින් ද කම්පා වූ හදවත අඛන්ඩ ව එකී වේදනාවෙන් බර ව තිබුණු නිසා වන්නට පිළිවන. ජැක්සන්ගේ මරණය පිළිබඳ කම්පාවක් ඇති නො වීම පිළිබඳ තර්කයක් එහි නැද්ද?

සැබැවින්ම නම් ජැක්සන්ගේ මරණය මට දැනිය යුතුව තිබිණ. ඔහුගේ ‘සඳගමන’ අත්හදා බැලූ අතීතය තුළ ඇත්තේ සිහිනමය සතුටකි. ‘බිලිජීන්’ සහ ‘බීට් ඉට්’ සමඟ නැටූ නැටිලි කෙතරම් ද? විශ්වීය අරුත් රැගත් අරුත් පිරුණු ගීත සියල්ල අතර මා සදාකාලිකව බැඳුණේ උන්මාදකර වූ ‘අයි ජස්ට් කෑන්ට් ස්ටොප් ලවිං යූ’ සමඟ ය. මේ මතක සියල්ල ම තවමත් සජීවී සිහිනයන් ය.

එත්, එවන් ජැක්සන්ගේ මරණය මට නො දැනුණේ ඇයි?

ඉක්බිත්තේ නික්ම ගිය මා කැමති ම ගයුවන් ගැයුවියන් පිළිබඳ මා දුක් වූයේ නැද්ද?  විට්නි හූස්ටන්, ඩෝනා සමර්, අරීතා ෆ්‍රැන්ක්ලින්ගේ සිට ටීනා ටර්නර් දක්වා ගැයුවියන්ගේ ගී හා බැඳුණු අතීත සැමරුම් අතර සරමින්  දුක්වන හිතක් මට තිබිණ.  මා අතිශය කැමති වූ බී.බී. කිං, ජෝර්ජ් මයිකල් වෙනුවෙන් මම සමුගැන්මේ ලියවිලි පවා ලීවෙමි.

ඉදින් ජැක්සන් වෙනුවෙන් දුක් වන්නට මට මඟ හැරුණේ ඒ මොහොත වන විටත් මා වෙලාගෙන සිටි වේදනාව නිසා බැව් නිගමනය කිරීම වැරැද්දක් ද?

The post දැවි ගිය හදවතින් – කෙසේ සිහිකරමි ජැක්සන්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%92-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b7%84/feed/ 0
පාස්කු “බෝම්බ” යථාර්ථය සහ කිතුනු සංඝය.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6-%e0%b6%ba%e0%b6%ae%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6-%e0%b6%ba%e0%b6%ae%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a/#respond Mon, 11 Sep 2023 00:31:04 +0000 https://vivaranalk.com/?p=9749 පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල කවරාකාර අරමුණක් පෙරදැරිව පුපුරා ගියේදැයි වටහා ගන්නට එංගලන්ත ‘චැනල් හතර’ නාලිකාව ම උවමනා වී ඇති සත්‍ය ගරුක සමාජය ‘පාස්කු දා කුමන්ත්‍රණ බෝම්බ වැල’ පිළිබඳ වාර්තා වැඩසටහන උත්කර්ෂයෙන් පුනරුච්චාරණය කරමින් සිටියි. මෙකී ‘චැනල් හතර’ නාලිකාව ‘කිලිංග් ෆීල්ඩ්ස්’ නමින් දුර්දාන්ත අන්ත අමානුෂික යුද අපරාද ගැන පෙන්වන විට එහි මාධ්‍ය පර සුද්දන් පරසක්වල ගසමින් […]

The post පාස්කු “බෝම්බ” යථාර්ථය සහ කිතුනු සංඝය.. appeared first on විවරණ.

]]>
පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල කවරාකාර අරමුණක් පෙරදැරිව පුපුරා ගියේදැයි වටහා ගන්නට එංගලන්ත ‘චැනල් හතර’ නාලිකාව ම උවමනා වී ඇති සත්‍ය ගරුක සමාජය ‘පාස්කු දා කුමන්ත්‍රණ බෝම්බ වැල’ පිළිබඳ වාර්තා වැඩසටහන උත්කර්ෂයෙන් පුනරුච්චාරණය කරමින් සිටියි. මෙකී ‘චැනල් හතර’ නාලිකාව ‘කිලිංග් ෆීල්ඩ්ස්’ නමින් දුර්දාන්ත අන්ත අමානුෂික යුද අපරාද ගැන පෙන්වන විට එහි මාධ්‍ය පර සුද්දන් පරසක්වල ගසමින් අම්මාමෝ කියා බනිමින් උන් පලු ඇරියේ ද මෙකී සමාජය ම  වීම විසින් පෙන්නුම් කරන්නේ කුමක් ද?

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

පාස්කු බෝම්බ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පෙළගැසී සිටින නිල කිතුනු පෙරහැරේ කසකාරයා වී සිටින්නේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ය. අප අති උතුම් කාදිනලුන් වනාහී සමකාලීන ලාංකික කිතුනු සංඝයේ පළමු කිතුනුවා මෙන්ම ජාත්‍යන්තර ලකුණ බවට විවාදයක් නැත. කලක් වතිකානුවේ පවා සේවය කළ එතුමන් ක්‍රිස්තියානි ව්‍යාපාරය වෙනුවෙන් මෙතාක් කර ඇති අති උතුම්  ‘සේවාවන්’ කප්පරකි.  උන්වහන්සේගේ තීන්දු තීරණ නිසා කිතුනු සභාවට අත්පත් වූ ඉරණම ගැන ගැඹුරු සංවාදයකට අවතීර්ණ වන්නට තරම් නිර්භීත ක්‍රිස්තු පුත්‍රයන් සභාව තුළ සිටී නම් පාස්කුවේ සැබෑ විමුක්තිකාමී හරය මෙන්ම  ක්‍රිස්තියානිකාරකමේ සැබෑ හරය අත්පත් කර ගන්නට සියලු පීඩිතයන්ට මාර්ග විවර වන්නට පවා ඉඩ තිබේ.

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන්
ෂෙල් වෙඩි ප්‍රහාර වලින් විනාශ වූ යාපනයේ නේවාසික ප්‍රදේශයක් ..

තුයියකොන්තා පන්නයේ අහස්යාත්තරා බෝම්බ වලින් ආරක්ෂා වන්නට නම් වහාම පොදු ස්ථාන වලට යන්නටැයි පීඩිත දෙමළ මිනිසුන් හට නිවේදනය කර ඔවුන් ආරක්ෂාව පතා ‘නවාලිය’ සාන්ත පීතර  ඇතුළු දෙව්මැදුරු පොදු සමාජ අවකාශ වෙත ගාලු වූ පසු බෝම්බ දමා මරා දැමූ කල, කට පුක වහගෙන නිහඬව සිටියේ පාස්කු බෝම්බ කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් කර සමාජයට යුක්තිය ඉටුකර දිය යුතු යැයි කියමින් වැළලෙන්නට හදන මහා ගැඹුරු ඇදැහිලිවන්තයන් ම ය. ඉනික්බිති උතුරේ දේවස්ථාන යැයි නම් කෙරුණු කීයක් නම් ස්ථාන පුපුරා ගොස් ඇද්දැයි නිල සභාව දන්නේ නැත. රායප්පු ජෝෂප් ප්‍රමුඛ ක්‍රිස්තියානිය ප්‍රායෝගිකව අත්හදා බැලූ නිර්භීත මිනිසුන් දෙමළ පීඩිතයා වෙනුවෙන් ක්‍රිස්තු පුත්‍රයන්ව  සටනට බට කල ඔවුන්ට දේශද්‍රෝහී හංවඩුව ගැසූ ඉතිහාසය දැන් කිසිවකුටත් මතක නැත. ‘කිතුනු දෙස-බස-රැස-හඬ’ වැනි නම් වලින් අටවා ගත් සංවිධාන සිංහල-බෞද්ධයාට නොදෙවැනිිව, තමන්ගේ ජාතිවාදී සිංහ අසිපත් දෙමළාට එරෙහිව අමෝරාගත් ඉතිහාසය දැන් කිසිවකුටවත් මතක නැත.  ‘පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල’ වනාහී සිංහල කිතුනුවාද මහත් උද්යෝගයෙන් හා උත්කර්ෂයෙන් ආරක්ෂා කරමින්, පෝෂණය කරමින් ගොඩනැංවූ සමාජ සන්දර්භයක තාර්කික ප්‍රතිපලයක් විනා ඉන් පරිබාහිර අමුතු යමක් නොවේ.

පාස්කු බෝම්බාවලිය බටහිර කුමන්ත්‍රණයක් යැයි කීවෝ, ‘මානව හිමිකම්’ පිළිබඳ සටන් කිරීම පවා බටහිර කුමන්ත්‍රණ දක්වා ඌණනය කළ කාදිනල් උන්නාන්සේ වන්නා හ. අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස නොව ගෝඨාභය රාජපක්ෂ රජපුටුවේ ඉන්දවන්නැයි නිල කතෝලික සභාව නිල වශයෙන් අණවන ලද්දෝ උන්වහන්සේ වන්නා හ. ‘කාදිනල්වරයා බොරු දිවැසිවරයෙක්ද?’ මැයෙන් අප ලියූ කොලමේ ඔවුන්ගේ භාවිතය වඩා පැහැදිලිව දක්වා ඇත.

සරත් වීරසේකරගෙන් පටන් ගත් ‘වඳකොත්තු’ ක්‍රියාන්විතයේ සිට මාලිමා ලාල්කාන්තගේ අතිජාත මිත්‍රවර ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව ප්‍රමුඛ බලවේග ක්‍රියාත්මක වන්නට වූ රාජපක්ෂ පාලනය තාවකාලිකව හමාර කෙරුණු ඉතිහාසය තුළ අති උතුම් කාදිනලුන්, අතුරලියේ රතන නම් ජාතිමාමක දේශපාලන භික්ෂුව සමඟ තිබුණු පළහිලව්ව ෂෙහාන් මාලක විසින් ‘තෘත් විත් චමුදිත’ යූ ටියුබ් නාලිකාවේ දී චමුදිත සමරවික්‍රම අභියස නිරාවරණය කර ලදි. මේවා සංවාදයට ගත යුතු නැද්ද?

‘බලසෙනඟට සමර ගී’ ලියූ ඇල්ලේ ගුණවංශ භික්ෂුව විසින් ‘රටේ දුක දැනෙන්නේ කාදිනල්තුමාට විතරයි. මම එතුමාට ආදරෙයි’ යනුවෙන් ප්‍රකාශ කෙරෙන සමාජ සන්දර්භය පිළිබඳ විවාද කළ යුතු නැද්ද?

පාස්කුව ගැන මෙන්ම පාස්කු දා බෝම්බ පිපිරීම ගැන කතා කළ යුත්තේ ඊට යුක්තිය සෙවිය යුත්තේ ව්‍යුක්ත ක්‍රියාවලියක් ලෙස නොව මේ සියල්ල සංයුක්තව විමසා බැලීමෙනි.

ජේසුස් නම් ක්‍රිස්තුවරයාගේ කුරුසිය මත උකුත්වීමෙන් ඉක්බිති උන්වහන්සේගේ සිරුර සොහොන් ලෙනක නැන්පත් කෙරිණ. දින තුනකට පසු සොහොන් ලෙන හිස්වී තිබිණ. ඇදැහිලි ක්‍රිස්තියානියට අනුව උන්වහන්සේ  මරණයෙන් උත්ථාන වී තිබිණ. මෙකී මරණය සහ උත්ථානය ගැනත්, උත්ථානයෙන් පසු ජීවිතය ගැනත් ප්‍රකට මෙන්ම අප්‍රකට ප්‍රවාද ගණනාවක් ඇත. ඒ කවර ප්‍රවාදයක් සත්‍යයට වඩා ආසන්න වුව ද, දාර්ශනික ක්‍රිස්තියානියට අනුව ඒ වනාහී ‘ප්‍රේමය’ මත පදනම් වූ  උන්වහන්සේගේ සමාජ දේශපාලන දර්ශනය නැවත පණ ගන්වන්නට ප්‍රේරිත සහ අනුගාමික සනුහරය තීන්දු කරනු ලැබීමයි. එනම් තමන් මත බලහත්කාරයෙන් පැටවුණු මරණයෙන් සහ පාපයෙන් නිදහස් වීම සඳහා පීඩිතයන් විසින් –  අන්‍යෙන්‍ය ප්‍රේමය මත පදනම්ව  – තීරණය කරනු ලැබීම යි. මෙහිදී අන්‍යෙන්‍ය ප්‍රේමය යනු තමන් මත පාපය පටවන පීඩක ප්‍රජාවට පවා ප්‍රේම කිරීම නොවේ. පැහැදිලිවම පීඩිතයන් අතර පමණක් ගොඩනැඟෙන ප්‍රේමයකි. මාක්ස් විද්‍යාවේ ‘සකල ලෝකවාසී නිර්ධනයිනි එක්වව්’ කියන්නා සේ දාර්ශනික ක්‍රිස්තියාගේ තමන්ගේ අසල්වාසියා යනු අල්ලපු ගෙදර සිටිනා කෙනා නොව, ලෝකයේ කොතැනක හෝ සිටින පීඩිතයා ය. අසල්වාසියාට ප්‍රේම කරනවා යනු පීඩිතභාවය බලමුළුගැන්වීමයි.

නමුත් මෙම පීඩිතයාගේ සමානාත්මතාව පදනම් කරගත් පීඩිතයාගේ කැපකිරීම් ගහණ දුෂ්කර ක්‍රියාවලියක් වූ ක්‍රිස්තියානිය, රෝම අධිරාජ්‍ය සමඟ ගැටගැසිල්ලත් සමඟ ම, ඇදහිලි විශ්වාස දුර්මත මිත්‍යාමත ගහණ හුදු ආගමික භාවිතයක් බවට ඌණනය විය.

දාර්ශනික අර්ථයෙන් ගතහොත් දේශපාලන කුමන්ත්‍රණ බෝම්බ වලින් ඇදහිලිවන්තයන් ආරක්ෂා කර ගැනීමට ඇදැහිලි ක්‍රිස්තියානියේ, ඒ ඒ ශාන්තුවරයන්ට තබා දෙවියන්වහන්සේට වත් බැරි ය. එසේ නම් කළ යුත්තේ බෝම්බ පුපුරන්නේ නැති සමාජයක් ගොඩනංවා ගැනීමයි. ඒ වනාහී සාධරණ යුක්තිගරුක සමාජයකි. ක්‍රිස්තියානිය වනාහි එවන් සමාජයක් ගොඩනංවා ගැනීම වෙනුවෙන් වන සමාජ දේශපාලන ජීවන භාවිතයක් උදෙසා වන ඉදිරි දර්ශනයකි. එම ජීවන භාවිතය පාදා මතුකරගන්නට නම් නිල රෝම අධිරාජ්‍යයෙන් උත්පාදිත නිල  සභා වියගසෙන් සවිඥානිකව මිදිය යුතු වන්නේ ය. එසේ නොමැති වූ විට ක්‍රිස්තියානිය ලෙස අධිනිෂ්චය වන්නේ, ලංකාවේ නම් මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ ද ඔහුගේ මාධ්‍ය ප්‍රකාශ මුඛය වන සිරිල් ගාමිණී උන්නාන්සේද මාධ්‍ය මයික්‍රෆෝන අබියසට පැමිණ ‘මේ තමයි සභාවේ නිල මතය’ යනුවෙන් කරන ප්‍රකාශ පමණි.

පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල පුපුරා යාම දක්වා වූ මෑත ඉතිහාසය පමණක් නිරීක්ෂණය කළ ද මෙම නිල මතය පෙනී සිට ඇත්තේ කා වෙනුවෙන්වන් ද යන්න ක්‍රිස්තියානිකාර හෘදය සාක්ෂියට තේරුම් ගැනීම අපහසු නැත.

ජගත් මනුවර්ණගේ ‘කොඩි ගහ යට’ ටෙලි නළුවේ කියැවුණු බරපතල සමාජ දේශපාලනයක් කැටි කරගත් රමනීය ගීතයේ මෙවන් වැකියක් ඇත.

‘මෙහි ලෝගු ඇඳ ගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැතේ.’

ජැඇල වැලිගම්පිටියේ දෛනික ජීවිතය පාදක කර ගත්තේ වී නමුත් එහි ඇත්තේ විමුක්ති ක්‍රිස්තියානිය හෙවත් දාර්ශනික ක්‍රිස්තියානිය පිළිබඳ සදාතනික ඇත්තකි. ක්‍රිස්තියානිකාරයා හෙවත් කිතුනුවා යනු බෝම්බ පුපුරා යන යාන්ත්‍රණයට එරෙහිව පීඩිතයා බලමුළු ගැන්වෙන සමාජ දේශපාලන ක්‍රියාවලික පෙරගමන්කරුවකු මිස, වේදනාබර මරණයන් පවා පරිභෝජනය කරන පවතින නීච නින්දිත සමාජ යාන්ත්‍රය සජීවීව පවත්වා ගන්නට පරපෝෂිත ජනමාධ්‍යයන්ට කතා හදා දෙන විහිළුකාරයකු නොවේ.

පාස්කුව යනු පසුකර යාම ය. එතෙර වීම ය. පසුකර යන්නේ කුමක් ද, එතෙර වන්නේ කුමකින් ද යන්න තීන්දු කිරීම පීඩකයාට බාර දෙන යුගය අවසන් කරන තුරු ක්‍රිස්තියානි අර්ථයෙන් පාස්කුව උදා වන්නේ නැත.

The post පාස්කු “බෝම්බ” යථාර්ථය සහ කිතුනු සංඝය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6-%e0%b6%ba%e0%b6%ae%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a/feed/ 0
ලාල්කාන්තගේ මනස්කාන්ත නියත විවරණය.. https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b1%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b1%e0%b7%92/#respond Mon, 04 Sep 2023 07:57:53 +0000 https://vivaranalk.com/?p=9645 ගලබොඩඅත්තේ ඥානසාර බෞද්ධ භික්ෂුව විසින් ජනතාවිමුක්ති පෙරමුණේ කම්කරු නායකයා වන කේ.ඩී. ලාල්කාන්තගේ අතේ පිරිත් නූලක් බඳින නිශ්චල ඡායාරූපය මා මුලින්ම දුටුවේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන දේශපාලන නයුවන් දෙදෙනෙකු ම ඇතුළත් ‘මතවාද නම් වට්සැප් සාමුහිකයෙනි. මෙය යොමුකර තිබුණේ ‘මතවාද’ සාමුහිකය තුළ අධිනිෂ්චයවැ පවතින ජා.ජ.බ. දෘෂ්ටිවාදය ප්‍රශ්න කරන මිත්‍රයෙක් වන අතර ඔහු ‘එම ඡායාරූපය […]

The post ලාල්කාන්තගේ මනස්කාන්ත නියත විවරණය.. appeared first on විවරණ.

]]>
ගලබොඩඅත්තේ ඥානසාර බෞද්ධ භික්ෂුව විසින් ජනතාවිමුක්ති පෙරමුණේ කම්කරු නායකයා වන කේ.ඩී. ලාල්කාන්තගේ අතේ පිරිත් නූලක් බඳින නිශ්චල ඡායාරූපය මා මුලින්ම දුටුවේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන දේශපාලන නයුවන් දෙදෙනෙකු ම ඇතුළත් ‘මතවාද නම් වට්සැප් සාමුහිකයෙනි. මෙය යොමුකර තිබුණේ ‘මතවාද’ සාමුහිකය තුළ අධිනිෂ්චයවැ පවතින ජා.ජ.බ. දෘෂ්ටිවාදය ප්‍රශ්න කරන මිත්‍රයෙක් වන අතර ඔහු ‘එම ඡායාරූපය ව්‍යාජයක් ද, නො එසේ නම් සත්‍යයක්දැ’යි ප්‍රශ්න කරතිබිණ. ඊට ලැබුණු පළමු සහ එකම ප්‍රතිචාරය තවත් එක් ජා.ජ.බ. හිතවාදියෙකුගෙන් වූ අතර ඔහු පවසා තිබුණේ ‘එය ආධුනිකයෙකු විසින් කෙරුණු ඉතා අසාර්ථක එඩිට් එකක්’ බව යි. එම ප්‍රතිචාරයේ අර්ථය කුමක් ද? එම පින්තූරය සත්‍යය පින්තූරයක් ලෙස පිළිගැනීමට ඇති නොහැකියාව යි. එය සත්‍ය පින්තූරයක් ලෙස පිළිගැනීමට මැලි වන දේශපාලන පසුබිම කුමක් ද? ඒ වනාහී පාස්කු බෝම්බය දක්වා විකාශය වුණු ‘අබ සරණං’ පන්නයේ සිංහල – බෞද්ධ අන්තගාමීත්වයක්, එකවිට, එම පින්තූරය පසුබිම තුළ මතු නොව පෙරබිම තුළ ද වරනැඟෙමින් පැවතීමයි.

මෙම ‘මතවාද’ වට්සැප් සාමුහිකයේ බහුතර නියෝජනය, මීගමුව මෙන් ම විමුක්ති ක්‍රිස්තියානිය මෙන්ම විමුක්ති දේශපාලන කේන්ද්‍ර කර ගත් සමාජාර්ථික-සංස්කෘතික- දේශපාලන ක්‍රියාකාරකම්වල පසුගිය දශක කිහිපය පුරා ම අඛන්ඩව නියුතු පිරිසක් බව ගෞරවයෙන් මෙනෙහි කළ යුතු ය. රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නයේදී  පවා අතිශය ඉදිරිගාමී ස්ථාවරයක පිහිටියා මතු නොව පීඩිතයා වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වූ ඒ වෙනුවෙන් නිර්භීතව කතා කළ ‘මතවාද’ සාමුහිකයේ ඇතැම් සහෝදරයන් සමකාලීන දේශපාලන මොහොතේ පෙනී සිටින්නේ ‘මාලිමා’ දේශපාලනය වෙනුවෙනි.

එසේ වන්නේ වුව ‘මාලිමා’ දේශාපාලනය තුළ පවා අධිනිෂ්චිත දේශපාලන නායකයකු වන කේ.ඩී. ලාල්කාන්ත අත ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව පිරිත් නූලක් බැඳීම විසින් වර නැඟෙන දේශපාලනය ‘අනාගත වක්තෘවරයකු’ ලවා කියවා ගත යුතු නැති බව දන්නා විමුක්ති ක්‍රිස්තියානිකාර මිත්‍රයන්ට එම පින්තූරය ‘ෆොටෝ ෂොප්කරණය කෙරුණු පින්තූරයක් බව බැලූ බැල්මට ම පෙනී යන්නේ තවමත් තමන් සතු විමුක්තිකාමී හෘදය සාක්ෂිය නිසා බව තේරුම්ගැනීම අමාරු නැත. ඔවුන්ට ජාතිවාදය දරන්නට බැරි තරම් බරකි.

නමුත් සිදුවූයේ කුමක් ද? එම ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් බව ලාල්කාන්ත විසින් පිළිගනු ලැබීම යි.

ලාල්කාන්තට පිරිත් නූල් බඳින ඥානසාර භික්ෂුව මොවුන්ගේ දේශපාලන ව්‍යාපාරය අරභයා කළ ප්‍රකාශයක් මෙනෙහි කිරීම කාට කාටත් යහපත් වන්නට ඉඩ තිබේ. මෙලෙස ය.

‘..ජනතා විමුක්ති පෙරමුණ, මේගොල්ලො වැඩ පිළිවලක් පටන් ගත්තනෙ ‘හෙට පිණිස අද’ කියලා ජාතික ජන බලවේගය නමින්. සංවිධාන ගණනාවක් එකතු වුණා ඒ වැඩ පිළිවලට. ඒ සංවිධාන අතර ප්‍රබල අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් තියෙනවා. එකක්, ශ්‍රී ලංකා ජමාති ඉස්ලාම්. ශ්‍රී ලංකා ජමාති ඉස්ලාම් සංවිධානයෙයි ජනතා විමුක්ති පෙරමුණෙයි කිසිම වෙනසක් නෑ. ජනතා විමුක්ති පෙරමුණත් බුදු පිළිම පිටිපස්සෙ තමයි ආයුධ හැංගුවෙ. ජමාති ඉස්ලාම් සංවිධානය තමයි මාවනැල්ලෙ බුදුපිළිම කඩන කල්ලිය බිහිකළේ. ඒකෙ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒකෙ මහ එකා ඉන්නෙ කොහෙද, ජනතා විමුක්ති පෙරමුණේ. ජනතා විමුක්ති පෙරමුණ එක කොටසකට සික්‍යුරිටි එක දෙනවා. කවුරු හරි අල්ල ගත්ත ගමන් මාධ්‍ය නිවේදන දෙනවා, මානව හිමිකම් අරක මේක, මෙහෙමයි මෙහෙමයි, මේවා දේශපාලන පලිගැනීම්. කට උල්කරගෙන සුකුරුත්තං කරගෙන. ඔය හජ්ජුල් අක්බාර් අවුරුදු 25ක් මේකෙ නායකයා. (ඔහු නිදොස් කොට නිදහස් කිරීම ගැන නො ලියැවුණු සමාජයට, මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට “බල්සාක් කැෆේ” හරහා ඒ ගැන මෙනෙහි කර ඇත) එයාගෙ ක්‍රියාකරක් ගැන නවුසර් මවුලවි ජීවමාන සාක්ෂියක් හැටියට කියනවා, මේගොල්ලො ශිෂ්‍යයො යැව්වා කියලා, ආයුධ සන්නද්ධ වැඩපිළිවෙල්වලට. ඉතින් ජේවීපී එකත් එක්ක මේ ගොල්ලො ලස්සනට බද්ධ වෙනවනෙ. මේ ඔක්කොම ඡන්ද හිඟන්නොනෙ අනේ.  ‘ප්‍රභාකරන් ආවාත් මේගොල්ලො තියාගනියි සාක්කුවෙ..”

මේ ගලබොඩ අත්තේ ඥානාසර භික්ෂුව හිරු නාලිකාවේ ‘සලකුණ’ තුළ ජවිපෙ ගැන මෙන්ම ජාජබ ගැන තබන දේශපාලන සලකුණයි. වැඩි කලකට පෙර නොවේ අවුරුද්දකට කලිනි. හරියමට කියන්නේ නම් 2022 සැප්තැම්බර් 13වැනිදා ය.  

ඉන් පසු සතියක සලකුණට ගෙන්නන ජවිපෙ මෙන්ම ජාජබ නායකයා වන අනුර කුමාර දිසානායකගෙන් සලකුණ මෙහෙයවන චමුදිත සමරවික්‍රම මේ ප්‍රකාශය ගැන අසයි. අනුර කුමාර පිළිතුරට පිවිසෙන්නේ තමන්ගේ ගමේ පන්සලේ නායක ස්වාමිද්‍රයන් වහන්සේ මෙන්ම තමන්ගේ පාසලේ ගුරුවරයෙක්ද වූ වෙනත් බෞද්ධ භික්ෂුවකගේ රුව ගුණ ආදරණීය සහ ගෞරවනීය ලෙස මෙනෙහි කරමිනි. උන් වහන්සේ එකල අනුර කුමාරලාට කියා දුන් ධම්ම පද අතරින් එකක් මෙනෙහි කරමිනි. ඔහු මෙනෙහි කරන්නේ ධම්ම පදයේ නිර්මාතෘවරයා ඡේතවනාරාමයේදී භික්ෂූන් පස් නමක් අරභයා දේශනාකොට වදාළ ‘භික්ඛු වග්ගයේ’ මාත්‍රාවෙකි. එය මෙබඳු ය.

‘‘..කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති..’’

එහි අර්ථය මෙයාකාර වන්නේ ය.

කය සංවර කරගැනීම කෙතරම් යහපත් ද, වචනය සංවර කරගැනීම කෙතරම් යහපත් ද, සිත සංවර කරගැනීම කෙතරම් යහපත් ද, මෙකී සියල්ල සංවර කරගැනීම කෙතරම් යහපත් ද, මේ සියල්ලෙන්ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

අනුර කුමාර මෙකී ධම්ම පදය මෙනෙහි කර ‘ඔබට මොකද්ද දැනුණේ’ කියා චමුදිත ඇතුළු ‘සලකුණ’ ප්‍රශ්නකරුවන්ගෙන් අසයි. ඉක්බිති, ඔහු, මෛත්‍රිය, කරුණාව, අවිහිංසාවාදය  පදනම් කරගත් බුද්ධාගමේ ඉතිහාසය සැකෙවින් පැහැදිලි කරයි. අවසන ඔහු පවසන්නේ ‘ඇතැම්’ භික්ෂූන්ගේ චර්යාවන් විසින් පෙන්නුම් කෙරෙන්නේ බුදු දහම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම සඳහා වන විශාල කුමන්ත්‍රණයක ඔවුන් කොටස් කරුවන්ව සිටිනා බවට තමන් තුළ සැකයක් පවතින්නේ ය යන්න යි. අනුර කුමාරගේ මේ ව්‍යංගය ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව අරභයා බව මොන්ටිසෝරි වාමාංශිකයකුට පවා නොතේරෙන්නට විදිහක් නැත.

කේ.ඩී. ලාල්කාන්තට පිරිත් නූල් බඳින්නේ අනුර කුමාර මෙයාකාර නාමකරණයකට ලක්කළ භික්ෂුවකි. සමස්ථ සමාජය හමුවේ සිංහල-බෞද්ධ අන්තවාදය මුවාවෙන්, රාජ්‍ය අනුග්‍රහය සහිතව හිසංනය වැපිරූ ක්‍රියාවලියක ප්‍රධානියකු බව පසෙක තිබියේ වා, බලය අත්පත් කරගැනීම සඳහා තීරණාත්මක ගමනක් යමින් සිටින තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තවදුරටත් ‘සන්නද්ධභාවය’ සමඟ ගැටගසා පෙන්වන භික්ෂුවක සමඟ පුද්ගලික මිත්‍රයභාවයක් පවත්වන දේශපාලනය ලිහා පෙන්වන්නට ‘මිත්‍රත්වය’ නම් ගැඹුරු විෂය පිළිබඳ දාර්ශනික කියවීමකට යා යුතු නැත. රංජන් රාමනායකගේ සුප්‍රකට දේශපාලන උද්දෘතය ප්‍රමාණවත් ය. “උං ඔක්කොම යාළුවො මල්ලි” යැයි කීම ප්‍රමාණවත් බව පෙන්වන්නේ ලාල්කාන්ත ම ය. ලොරි ටෝක්ස් ඉෂූ කිරීමෙන් පමණක් එය සගවාලන්නට නොහැකි ය.

ජාතිවාදී දේශපාලනය පිළිබඳ ඉතිහාස විනිෂ්චයේදී ගලබොඩ අත්තේ ඥානසාර හා ලාල්කාන්තගේ භාවිතය වෙනස් වන්නේ එහි මාත්‍රාවන්ගේ පරිමානයේ වෙනස් කමින් පමණි.  ඇල්කොහොල් ලෝලී මිනිස්සු විවිධාකාර මිත්‍ර සම්බන්ධතා නඩත්තු කරති. ඒවා පුද්ගලික ජීවිතය ලෙස නම්කරගන්නට ඔවුන්ට අයිතියක් තිබේ යැයි ඔවුන්ටම තර්ක කරගන්නට බැරි කමක් නැත. නමුත් රටක සමස්ත ජාතික ආතතිය කෙරෙහි බලපවත්නා අන්තවාදී බලවේග අරභයා, හිතුමතේ ‘ලොරීකරණය කළ’ වචන-වැකි-ඡේද-පරිච්ඡේද වීසි  කිරීම ඉවසා වදාරන්නේ ‘දේශපාලන වහල්ලුන්’ පමණකි.

සේපාල් අමසිංහ සමඟ සිදුකළ පශ්චාත් ඥානසාර පිරිත් නූල් සාකච්ඡාවේදී ලාල් කාන්ත විවෘතව ප්‍රකාශ කරන්නේ කුමක්ද?

  • තත්වය ඇතුළේ මිනිසුන් වෙනස් වන බව ය.
  • ඥානසාර හාමුරුදුවන් වුව හැමදාම ඔහොම ඉඳීවි යැයි තමන් නොසිතනා බව ය.
  • තමන් උන්වහන්සේට ‘වෙනස්වන්නට’ යෝජනාවක් පවා කළ බව ය.
  • ඥානසාර හාමුදුරුවන්ට පෞරුෂයක් තියෙන බව ය.
  • මෙකී පෞරුෂය හොඳ ක්‍රියාවලියක් සමඟ සම්බන්ධ වන්නේ නම් එය සෑහෙන දෙයක් බව ය.
  • ඥානසාර හාමුදුරුවන් වෙනස් වේ යැයි තමන් විශ්වාස කරනා බව ය.

මේ ප්‍රකාශ වර නඟන අනාගතය කවරක් දැයි නො තෙරෙන්නේ දේශපාලන වහල්ලුන්ට ම පමණි.  මේ සාකච්ඡාව තුළ ලාල්කාන්ත, ඥානසාර භික්ෂුව අරභයා පෙන්නුම් කරන්නේ පුද්ගලික මිත්‍රත්වයක් පමණ ද?

මා ද ඇතුළත් කරගෙන සිටින පෙර කී ‘මතවාද’ වට්සැප් ගොමුවේ ‘තුයියකොන්තෝන්මාදය’ අරභයා ද තරමක සංවාදයක් ඇතිවිය.  ඒ ගැන ඉදිරි දිනෙක ලිව්ව යුතු ය. මේ සියල්ල ම කරකැවෙන්නේ එකම ජාතිකවාදී දේශපාලන ඡන්ද චක්‍රයක ය.  මෙම සංකීර්ණ දේශපාලන මොහොතේ ඉතා ගැඹුරු මිනිසුන් පවා පුද්ගල අනන්‍යතා දියැවුණු රංචු මානසිකත්වයට ඇතුළත් ව සිටීම දේශපාලන ඛේදවාචකයක් ය. දශක ගණනාවක් පුරා පීඩිතයා වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිමින් පරිපූර්ණ පුරවැසියකු  ලෙස දියුණු අනන්‍යතාවක් අත්පත් කරගත් ආදරණීය මිනිසුන් යළි ‘සෙනග’ බවට පත් වීම විමුක්ති ක්‍රිස්තියානියේ මෙන්ම විමුක්ති දේශපාලනයේ ද දුර්භාග්‍යයකි.

The post ලාල්කාන්තගේ මනස්කාන්ත නියත විවරණය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b1%e0%b7%92/feed/ 0
අලි කන්දේ උස සහ මිනී කන්දේ උස.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b6%8b%e0%b7%83-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b6%8b%e0%b7%83-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a/#respond Wed, 23 Aug 2023 07:08:07 +0000 https://vivaranalk.com/?p=9482 ඉන්දියානු වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා කාර්ති ගොන්සල්වෙස්ගේ ‘එළිෆන්ට් විස්පරස්’ නැරඹූ ප්‍රන්ස මිත්‍රවරියක් එය බැලුවාදැයි  මගෙන් විමසීමක් කළා ය. ‘නෙට්ෆ්ලික්ස්’ ඔස්සේ එය තුන් හතර වතාවක් මුළුමනිම නරඹූ බව කීවෙමි. එවර ඇය ඇසුවේ ලංකාවේ අලි ඇතුන්ගේ  කල දසාව ගැන ය. කලකට ඉහත ලංකාවේ සංචාරය කර ඇති ඇය ‘පින්නවල’ ගැන මෙනෙහි කළා ය. මම ඇයට ‘චාන්දනී’ නම් වූ ඩොක්‍යුමෙන්ට්‍රිය […]

The post අලි කන්දේ උස සහ මිනී කන්දේ උස.. appeared first on විවරණ.

]]>

ඉන්දියානු වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා කාර්ති ගොන්සල්වෙස්ගේ ‘එළිෆන්ට් විස්පරස්’ නැරඹූ ප්‍රන්ස මිත්‍රවරියක් එය බැලුවාදැයි  මගෙන් විමසීමක් කළා ය. ‘නෙට්ෆ්ලික්ස්’ ඔස්සේ එය තුන් හතර වතාවක් මුළුමනිම නරඹූ බව කීවෙමි. එවර ඇය ඇසුවේ ලංකාවේ අලි ඇතුන්ගේ  කල දසාව ගැන ය. කලකට ඉහත ලංකාවේ සංචාරය කර ඇති ඇය ‘පින්නවල’ ගැන මෙනෙහි කළා ය.

The Elephant Whisperers | Official Trailer | Netflix India

මම ඇයට ‘චාන්දනී’ නම් වූ ඩොක්‍යුමෙන්ට්‍රිය යැව්වෙමි. වඩා විධිමත්ව කළේ නම් ඔස්කාර් සම්මානය දිනූ කාර්ති ගොන්සල්වෙස්ගේ  නිර්මාණය මෙන්ම හිත රිද්දන සුළු කඳුළු උණනසුළු කෘතියක් වීමේ විභවයක් ඒ තුළ වෙතැයි චාන්දනී නැරඹූ ඇය කීවා ය.  එවර මම ඇයට පින්නවල පසුකාලීන යථාර්ථය ගැන කීවෙමි. නඩුහබ ගැන කීවෙමි. මෙකී නොකී සියලු කරුණු හන්දා  ලංකාවේ හීලෑ අලි’ නමින් නම් කර සිටින්නේ සැබැවින්ම නම් ‘වහල් අලි’ බව කීවෙමි.

ඇය ලංකාවේ අලි ඇතුන් ගැන හොයන්නට පටන් ගෙන තිබුණා ය. ලෝකයේ වැඩියෙන්ම අලි ඇත්තු මරා දාන රට කුමක්ද කියා දන්නේදැයි පසු දිනෙක ඇය මගෙන් ප්‍රශ්න කර සිටියා ය.

‘ලංකාව’ මම කීවෙමි.

ඒ මගේ මවු බිම. ඒ අලි ඇතුන්ගෙත් මව් බිම’ මම තවදුරටත් කීවෙමි.

‘CHANDANI’ : The Daughter of the Elephant Whisperer – Go Wild

එසේ අලි ඇත්තු මරා දමන්නට හේතු කවරේදැයි එවර ඇය විමසා සිටියේ ය.

යටත් විජිත සමයේ ‘විනෝදයට’ සහ ‘ප්‍රමෝදයට’ සුද්දෝ-දන හාමුපුත්තු අලි දඩයම් කළ අයුරු මෙන්ම වන සංහාරයික දේශපාලනය විසින් අලින්ට ‘යන එන මං’ නැති කර එය ‘අලි-මිනිස් ගැටුම’ නමින් නාමකරණය කළ ඉතිහාසය ඇය දන්නා බව මට දැනුණි. එමෙන්ම වසර 2019 අලි 407ක් මරාදමා තබා තිබූ අලි ඝාතන රෙකෝඩ්ඩුව පසුගිය වසරේ අලි 439ක් මරා දමා අලුත් කරන්නට සාඩම්බර ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැකිවූ බව ඇය දැන සිටි බව මට වැටහිණ.

ඇය මෙකී සියලු කරුණු දන්නා බව හැඟී ගියෙන් ඇගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය නොදන්නා යමක් කීම මැනැවැයි මම සිතුවෙමි.

මා ඇයට කීවේ තමන්ට අබිමුඛ ‘අනෙකාට ආදරය නොදැක්වීම’ මෙතරම් අලි මරා ලෝකවාර්තා තැබීමේ පදනම වන බවයි. අනෙකාට ආදරය නොකරන සමාජයකින් අලි ඇත්තුන්ට මතු නොව වඳුරෙන්ට රිළවුන්ට පවා පිළිසරණ වෙනුවට හිමිවන්නේ ‘අබසරණ’ ය. තමන් ඉපදුණු මව්බිමට ආදරේ නම් ගහකොළට සතා සරුපයාට ඇලුම් කළ යුතු ය. හිතූ හිතූ පරිදි පරිසරය කාබාසිනියා  කරමින් ඔක්සිජන් කන්නදැයි අසන ජාතියක් අලි රැකගන්නේ කෙසේ ද?

අනෙකාට ආදරය නොකිරීම අලි ඝාතනයේ පදනම යැයි මා කියනා දේ හැඟුම්බර ප්‍රකාශයක් බවත්, එසේ නොවන්නේ නම් එය පහදන ලෙසත් ඇය මගෙන් ඉල්ලා සිටියා ය.

 ‘වන විනාශය; මාස හතට හෙක්ටයාර් 2500ක් ගිනි තියලා’ යැයි  ‘ද ලීඩර් ඩොට් එල් කේ’ වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියෙන් පටන් ගත් මම ජරාජීර්ණ දේශපාලන සන්දර්භය තුළ තබා මහ වනයේ කෙට්ටු වීමේ ඉතිහාසය තේරුම් ගැනීම කෙරෙහි බර තබා මූලික පැහැදිලි කිරීම කළෙමි. ඉක්බිති විග්‍රහ කළ යුතුව තිබුණ් ‘අනෙකාට ආදරය නොදැක්වීම’ පිළිබඳ දේශපාලන අදහසයි. එය ඇරඹිය යුතුව තිබුණේ මෙලෙසිනි.

යුද්ධයේ අවසන් සමය තුළ දෙමළ වැසියන් ඝාතනය කර දමන්නට සමාජයක් ලෙස දැක්වූ අනුග්‍රහය ආශිර්වාදය සහ එසේ ඝාතනය කරන කල්හි ලද ප්‍රමෝදය පිළිබඳ ඉතිහාසය මෙනෙහි කිරීහ හරහායි.

යුධ ජයග්‍රහණය සැමරුම් : 2009 මැයි 17, කොළඹ

2008 වසරේ අග භාගයේ මෙන්ම 2009 වසරේ මුල් මාස කිහිපය තුළ, එනම්, යුද්ධයේ අවසන් අදියර තුළ ඝාතන තීව්‍ර වත්ම ක්‍රිකට් තරගයක ලකුණු ගණින්නා සේ මරා දැමුණු දෙමළ පුරවැසියන් ගණනය කළ සමාජයක් පැවතුණු බව රතිඤ්ඤා පත්තුකළ, කිරිබත් කෑ සියල්ලන්ට අමතක ය. සිවිල් වැසියන් දහස් ගණනින් මරා දැමූ පසු ‘සිවිල් වැසියන්ට සිදුවිය හැකි අනතුරු නිසා සංග්‍රාමික ගුවන් යානා මෙන්ම ගුවන් අවි භාවිතය නතර කරන බවත්  කොටි සංවිධානයට එරෙහිව දියත් කළ සංග්‍රාමික මෙහෙයුම අවසන් බවත්’ රජය නිවේදනය කළේ 2009 අප්‍රේල් 27වැනිදා ය.  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට ජවිපෙ නායකත්ව මණ්ඩලය විසින් වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවනු ලැබ, බර අවි ප්‍රහාර හා ගුවන් ප්‍රහාර නතර කරනන්ට රජය ගත් තීන්දුව ප්‍රකාශය පත් කිරීම නිසා ‘විරෝධාර හමුදාව’ මේතාක් සිදුකළ පරිත්‍යාග හා කැපකිරීම් හරහා ලබා ගත් ජයග්‍රහණ බොඳ කිරීමකට ලක්වන බවත් එවක ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහ විවෘතවම ප්‍රකාශ කළේ අප්‍රේල් 28වැනිදා ය. අනෙකාට දක්වන ලද ආදරයේ පරමානය ඉතිහාසය තුළ ලියැවී ඇත්තේ එහෙම ය.

යුද්ධයේ අවසානයෙන් පසු කොළඹ සැමරුම්

2015 වසරේ මාර්තු මාසයේ මුල ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවූ ‘සත්‍යාගාරය’ උණුසුම් සංවාදයේ හෘදය සාක්ෂියේ කැඳවුම්කරු වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යුද්ධය ගැන අසන ප්‍රශ්නයට දෙන පිළිතුරු දෙන්නේ මා මෙතෙක් කියූ අනෙකාට දැක්වූ ආදරය පිළිබඳ දේශපාලන අදහසට සාක්ෂි වෙමිනි.

එහිදී දැවැන්ත යුද්ධයක් නිර්මාණය වීමේ පසුබිම ගෝලීය හා කලාපීය උදාහරණ සමඟින් විග්‍රහ කරන ඔහු තම පක්ෂයේ දායකත්වය කෙසේ වීදැයි විග්‍රහ කර ‘නමුත්’ කියා සිය හෘදය සාක්ෂිය කැඳවයි.

සත්‍යාගාරය: අනුර කුමාර දිසානායක

‘..නමුත් අපි දකින අඩුවක් තියෙනවා. ඒ යුද්ධයේදී සාමාන්‍ය සිවිල් පුරවැසියන් මුහුණදෙන ගැටළුව පිළිබඳව මීට වඩා අවධානය අපි යොමුකළ යුතුව තිබුණා. විශේෂයෙන් මුළුමහත් සමාජයක්ම, යුද්ධයේ මනස්කාන්ත දර්ශනයට යම් ප්‍රමාණයකට හැඟීම්බරව යටවීම අපිටත් සැළකිය යුතු ප්‍රමාණයකින් සිදුවුණා..’

සිවිල් වැසියන් පිළිබඳ අවධානයෙන් ගිලිහී යාම නිසාත් තමන් ම දෘෂ්ටිවාදය නිර්මාණය කළ යුද්ධය පිළිබඳ වූ මනස්කාන්ත දර්ශයෙන් මුසපත්වීම නිසා සිදුවූ අඩුපාඩුව හින්දාත් මරා දමන ලද දෙමළ මිනිසුන් ගණනින් කෙතරම් විශාලදැයි ජවිපෙ හෝ ජනබලවේග ව්‍යාපාරය කියන්නේ නැත. එබැවින් එය මෙනෙහි කළ යුතු ය. අනෙකාට ආදරය නොදැක්වීමේ ‘අලි ප්‍රවාදය’ සාධනය කරනු පිණිස ය.

යුද්ධය අවසන් වීමෙන් පසු, මන්නාරමේ හිටපු රදගුරුවරයා වූ රායප්පු ජෝෂප් ‘උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම’ ඉදිරියේ සාක්ෂි දෙමින් රජයේ ම ජනග්‍රහණ වාර්තා මත පදනම්ව කොමිසමෙන් ඉල්ලා සිටියේ 146679ක් වූ දෙමළ ජනයාට කුමක් සිදුවී දැයි හෙළිදරව් කරන ලෙස ය. 

කිසිදු සිවිල් වැසියෙක් යුද්ධයේ අවසන් අදියරේදී මිය නොගිය බව කී රාජපක්ෂ ආණ්ඩුව ක්‍රමයෙන් සිය ස්ථාවරය වෙනස් කරමින් මළමිනී ගණනයේ යෙදුණු අයුරු 2018 වසරේ ජූනි මස 03 වැනිදා ‘අනිද්දා’ පුවත්පතේ මුලවරට පළවූ ‘අඩුවෙන් මරා වැඩියෙන් ආඩම්බර වීම’ මැයෙන් රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා විසින් ලියැවුණු ‘සමකය’ කොලමෙහි මූලාශ්‍ර සහිතව විග්‍රහ කෙරී ඇත. මරා දැමුණු දෙමළ වැසියන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගන්නා 2012 වසරේ නෙැවැම්බරයේ සම්පාදිත එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර විමර්ශන වාර්තාව අනුව මෙම මරා දැමුණු දෙමළ මිනිසුන් ගණන හැත්තෑ දහසකට අධික ය. 

ෂෙල් ප්‍රහාරයකින්  තුවාලලත් දෙමළ වින්දිතයින් පිරිසක්.. කොටි සංවිධානයේ පාලන සමයේ යුධමුක්ත කලාපයේ ජංගම රෝහලක් අසලදී..
2009 මැයි 10 මුල්ලිවායික්කාල් [ඡයාරූපය: https://www.voanews.com/ වෙබ් අඩවියෙනි]

මෙම ‘අත්වැරදිම්’ හෝ ‘අතපසුවීම්’ ඉතිහාසය මෙසේ අප විසින්  සංක්ෂිප්තව යළි මෙනෙහි කෙරුණේ අලි ඇතුන් ඝාතනයට ප්‍රධානම හේතුව අනෙකාට ආදරය නොකිරීම බව අප විසින් මිතුරියට කියන ලද ප්‍රකාශය තව දුරටත් තහවුරු කරලනු පිණිස ය.

මරා දැමුණු අනෙකා ගැන ඉතා හොඳින් පැහැදිලි වන ‘අලි උදාහරණයක්’ ජවිපෙ මෙන්ම මාලිමා යාන්‍ත්‍රණයේ නියමුවා වන අනුර කුමාර දිසානයක විසින් ඉකුත් ජූලි 15වැනිදා පේරාදේණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති ‘පේරා හඩ’ නොහාත් පේරාදෙණිට විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ හමුවේ දී ඉතා සරලව සිංහලෙන්ම මෙසේ පැවසුණි.

‘..අලි මිනිස් ගැටුමේ පසුගිය අවුරුද්දෙ විතරක් අලි 439ක් ඝාතනය කරලා තියෙනවා. එකතැනකට ගොඩගහලා හිතන්නකො, අපිට මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නෙ කියලා..’

එකී වචන ‘අනුර කුමාර සහෝදරයාගේ’  මෙන්ම උද්යෝගීමත් මාලිමා ක්‍රියාකාරීන්ගේ අවධානය පිණිස සිංහලෙන්ම පුනර් රචනය කරමි. මෙලෙසිනි.,  

‘‘..යුද්දයේ අවසන් අදියරේ විතරක්
දෙමළ මිනිස්සු හැත්තෑ දහකට අධික ප්‍රමාණයක් ඝාතනය කරලා තියෙනවා.
එක තැනකට ගොඩගහලා හිතන්නකො, මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නෙ කියලා..’’

The post අලි කන්දේ උස සහ මිනී කන්දේ උස.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b6%8b%e0%b7%83-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a/feed/ 0
ඩෝසර් කළ නොහෙන සාමුහික මතකය.. https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9d%e0%b7%83%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9d%e0%b7%83%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%ad/#respond Fri, 02 Dec 2022 06:01:31 +0000 https://vivaranalk.com/?p=6616 මව්බිම, බංකොළොත් බිම්කඩක් වුව, එහි සිටිය යුත්තේ ‘රණවිරුවන්’ පමණකි. සැමරෙන්නේ දෙමළ ‘විරුවන්’ නම්, සැමරුම් භූමිය ‘විරු සොහොන් බිමක්’ නම්  ‘එව්වා වානා’ ය. නිල හා නො නිල සියලු ‘වානාවන්’ මැද, උතුර මේ නිශ්චිත නිමේෂයේදීත්, සාමුහිකව, සිය වේදනාබර ‘මතකය’ සමරමින් සිටියි. දහහත් වසරකට පෙර, දකුණෙන් ආ මාධ්‍යකරුවන්ට ද දොරටු ඇරුණු අවසන් මහා විරු සමරුව දා, එනම් 2005 […]

The post ඩෝසර් කළ නොහෙන සාමුහික මතකය.. appeared first on විවරණ.

]]>
මව්බිම, බංකොළොත් බිම්කඩක් වුව, එහි සිටිය යුත්තේ ‘රණවිරුවන්’ පමණකි.

සැමරෙන්නේ දෙමළ ‘විරුවන්’ නම්, සැමරුම් භූමිය ‘විරු සොහොන් බිමක්’ නම්  ‘එව්වා වානා’ ය. නිල හා නො නිල සියලු ‘වානාවන්’ මැද, උතුර මේ නිශ්චිත නිමේෂයේදීත්, සාමුහිකව, සිය වේදනාබර ‘මතකය’ සමරමින් සිටියි.

දහහත් වසරකට පෙර, දකුණෙන් ආ මාධ්‍යකරුවන්ට ද දොරටු ඇරුණු අවසන් මහා විරු සමරුව දා, එනම් 2005 වසරේ නොවැම්බර් 27 වැනිදා කිළිනොච්චියේ හා ආසන්න උතුරුකරයේ ගත කළ හෝරාවන් මතකයෙන් මැකී නො යයි.  එකී අද්දැකීම වචනයට නඟමින් මා ලියූ ලියැවිල්ල 2005 වසරේ නොවැම්බර් 05 වැනිදා රාවය පුවත්පතේ තුන්වැනි පිටුවේ ප්‍රමුඛ විශේෂාංගය ලෙස පළ විණ. මා ඊට එළැඹුණේ මෙලෙසිනි.

“අප සිටින්නේ කනකපුරම් මහා විරු සොහොන් කොත් අතර ය. A9 මාර්ගයේ කිළිනොච්චියෙන් වම්පසට හැරී යන සෙල්වනගර් පාරේ කිලෝමීටර හතරක් පමණ ඔබ්බේ මේ සීතල භූමිය පිහිටියේ වෙයි.

අද නොවැම්බරයේ විසිහත් වැනිදාවයි.  මේ එහි සන්ධ්‍යාවයි. ඊසාන දිගින් හමා එන සීතල ඉල් මහේ සුළං රැලිවල පවා මහා සුසුමක උණුසුම රැඳී ඇතුවාක් මෙනි.”

“දෑ හෝරාවකට පමණ පෙරාතුව අප මෙහි පැමිණි මොහොතේ පවා දක්නට වූයේ අඛණ්ඩව ගලා එන මහා ජන ගංඟාවකි. සෑම දෑතකම මල් දම්ය; පිච්ච මලින් බර වූ සිලි සිලි උර හා මලින් පිරවූ කෙසෙල් පතුරුය; සුවඳ කපුරුය; පළතුරු වට්ටිය; කැවිලි පෙවිලිය. ඒ ඔවුන්ගෙන් වෙන් ව ගිය සමීපතම ඥාතියා වෙනුවෙනි.”

“දිගු ඉරි සහිත කොටි කැමෆ්ලාජ් ඇඳුමකින් සැරසී යතුරු පැදියකින් එමින් සිටි සටන්කාමිනියගේ උකුලට බර වී සිටින පස්-හය හැවිරිදි දරුවා හැඳ සිටින්නේද එම සටන් ඇඳුමමය. හිසෙහි කොටි තොප්පියකි. ඒ ඇගේ දරුවාය.”

“කොටි නිල සටන් ඇඳුමෙන් සැරසී සෙනඟ අතරේ තෙරපෙමින් එන සටන්කරුවා දකුණතින් වඩා ගත් පිරිමි දරුවෙකි. ඔහුගේ වම් අතේ එල්ලී පැමිණෙන්නී දියණියයි. දියණියගේ වම් අත පැටලී ඇත්තේ රතු-කහ මිශ්‍ර සාරියකින් සැරසී සිටින මවගේ අත සමඟිනි. කොටි සටන්කරුවන්ටද පවුලක් තිබේ. ජීවිතයක් ඇත.”

රණවිරුවන් අධිනිෂ්චය වූ සමාජයක මහා විරුවන් ගැන සිංහලෙන් ලිවීම පවා අපරාධයක් බව එකල අපට තර්ජන ස්වරයෙන් මෙනෙහි කළේ, මහා විරුවන් පිළිබඳ බරපතළම තිගැස්ම තිබූ, රණවිරුවන් විසින් මරා දැමුණු, ඉල් මහා විරුවන් අතැර දැමූ විප්ලවීය සටන්කරුවන්ය. දකුණේ මහා සංහාරයකින් පසු දිවි ගලවා ගත් මෙකී සටන්කරුවන් උන්නේ  උතුරේ ‘මහා සංහාරයකට’ පිටිය සකස් කරමිනි.

හෙළයාට භීතිය දනවන ‘මහ විරුවන්’ යනු දෙමළාට සිය ‘දූවා දරුවන්’ ය; සොහොයුර සොහොයුරියන්ය; මිත්‍රවර මිත්‍රවරියන්ය; ඇතැම් විට අම්මාය; අප්පාය. පොදුවේ ගත් කල ඒ සාමුහික ඥාතිත්වයේ බන්ධනයයි.

අපරාධකාරී රාජ්‍ය විසින් ‘නිල වශයෙන්’ අතුරුදහන් කෙරුණු දෙමළ අරගලයේ ‘නිල කවියා’ වූ පුදුවෛ රත්තිනතුරෛ ඒ ගැන ලියූ කවියක කොටසක් මම එකී 2005 ලියවිල්ලේ මෙසේ ලියා තැබුවෙමි.

විරුවාණෙනි, ඔබේ මාපියන් – නෑසියන්,
සටන් බිම යහළුවන් සියල්ලෝ මෙහි පැමිණ
ගිගුම් දෙන හදවතින් බලා සිටිති.
එක් වරක් හිසොසවා – ඔබේ වත සිනහ මුව පෙන්වා
යළිත් නෙත් පියා ගනු මැන!”

දෙමළ සංහාර තීව්‍ර වූ සමයේ ‘ඩෝසර් කර දැමුණු’ ‘මහා විරු සොහොන් බිම්’වලින් එකක් වූ මෙම කනකපුරම්, 1968ක් වූ සොහොන් කොත් මතක, පින්තූර ලෙස අන්තර්ජාලයේ තිබේ. මා එදා  එය වචනයෙන් ලීවේ මෙලෙසිනි.

“සොහොන් බිමේ දහස් සංඛ්‍යාත සොහොන් කොත් දිගින් හා පළලින් සමානය. අතුරුදහන්වූවන් හෙවත් දේහ රහිතවූවන් සිහි කරනු පිණිස වන සමරු ඵලක එක් පසෙකය. කළු කොටි විරුවන්ගේ දේහ රහිත මරණයන් සිහි කරනු වස් සොහොන් කොත්ය. මේ සෑම කොතකම, ඵලකයකම, උරුමක්කරුවාගේ පැටි වියේ සිට එන මතකයන් කඳුළු වේශය ගෙන ඒ අභිසය පිටාර ගලයි. නිශ්චිත සමරු මොහොත වන තුරුත් කවුරුත් සොහොන් කොත් තනිවන්නට ඉඩ නොදේ. අතීතය හා පොර බදන කවරකු හෝ ඒ අසල සිටිනු-හඬනු-වැළපෙනු සුසුම් අතරින් පෙනේ.” 

2022Dec02_[1]tamil_disappeared

මතකය අත් නොහැරිමේ අභිලාෂය පීඩාවට එරෙහි අරගලයේ නොනැසෙන  පිළිබිඹුවකි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුවේ න්‍යෂ්ටියේ වන්නේ රාජ්‍ය අපරාධකාරීත්වය  පිළිබඳ ස්මෘතිය අහිමි වීමේ ඛේදවාචකයයි. එබැවින් මෙකී අපරාධ සඳහා අපරාධ යුක්තිය ඉෂ්ට සිද්ධ කර ගැනීමේ දේශපාලන අධිෂ්ඨානය පහළ වන්නේ නැත. එකී අධිෂ්ඨානය අහිමි වූ හදවතක බරක් තිබ්බ නොහැකිය. එවන් බරක් නැති හදවතකින් නැඟ එන ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ හිස් නර්මාලාප පමණකි.

33 වැනි ඉල් මහා විරු සැමරුමේදී “අපේ හදවත්වල බරක් තියෙනවා. ඒ හදවත්වල තියෙන බර මොකද්ද? අසූ අට අසූ නමය වීරවරුන් වීරවරියන් පිළිබඳ ආදරයේ බර අපේ හදවත්වල තියෙනවා; ගෞරවයේ බර අපේ හදවත්වල තියෙනවා.” යැයි ජ.වි.පෙ. නායකයා පවසන විට ඉන් කිසිඳු බරපතළ හැඟුමක්, ගැඹුරු සංවේදනාවක්  ජනනය නොවන්නේ එබැවිනි.

මතකය අතැර දැමූවන්ට තමන්ගේ හෘදය සාක්ෂිය තමන්ටම අභිමුඛ වීම ‘මහා බරක්’ ලෙස දැනෙන්නට පිළිවන. අපරාධකාරී රාජ්‍ය සමඟ ගැටගැසෙමින් තනා ගත් නා නා විධ අශුද්ධ සන්ධාන විසින් ජනතා විමුක්ති පෙරමුණ සතු විය යුතු ‘මළවුන්’ සහ ‘විරුවන්’ පිළිබඳ  ‘සාමුහික මතකය අහිමිව යාම’ මහා බරක් ලෙස ඔවුන් තුළ ශේෂ වී තිබෙනවා වන්නට පිළිවන. ඔවුන්ට, තව දුරටත් බලය පිණිස සිහිනයක් මිස,  මතකය සමඟ අරගලයක් නැත. දකුණේ ඉල් මහා විරුවන් සැමරීම බලය අත්පත් කර ගැනීම යන ගමනේ උපාය උපක්‍රමයක නිමේෂයක් විනා, මතකය පිළිබඳ ඓන්ද්‍රීය සංසිද්ධියක් නොවේ. මතකය අත්හැරලන පළමු මොහොතේ දී ම, එය, පීඩාවට එරෙහි අරගලයෙන් විනිර්මුක්ත වන්නේ වෙයි.

ස්වකීය නායකයා, දේශපාලන මණ්ඩලය, මධ්‍යම කමිටුව සහ  සියලු මට්ටම්වල නායකකාරකාදීන් ඇතුළු හැට දහසකගේ ‘ඝාතකයන්’, වසර කිහිපයක ඇවෑමෙන් ‘වීරෝධාර රණවිරුවන්’ කර ගත් විට එකී ප්‍රාණ පරිත්‍යාගීන් සැමරීමට සාමුහික හෘදය සාක්ෂියක් ඉතිරිවන්නේ නැත. දකුණේ, සාමුහික ඝාතනයන් සිදු වුණු තැන් කොපමණක් තිබේ ද ? චිරප්‍රකට ‘සූරියකන්ද’, මෑතක මතු වුණු ‘මාතලේ’ ඇතුළු සමූහ මිනීවලවල් කොපමණක් තිබේද ? නමුත් සදාකාලිකව ‘ඉල් මහා විරුවන්’ සැමරෙන්නේ දුටුගැමුණු මාතාවගේ නමින් නම් කෙරුණු එළිමහන් ‘රංග පීඨයක ය’. එතැන ඇත්තේ, තමන්ගේ ම බිම් මට්ටමේ පාක්ෂිකයන් ‘ගැලරිය’ බවට පිරිහෙලා සිද්ධ කරනු ලබන, ‘බලය’ ලබා ගැනීමේ අභිලාෂය පිළිබඳ මමංකාරී, ස්වයං වසඟකාරී, ආත්මරාගී දේශනයක් දෙකක් සහ වාර්ෂිකව දූලි පිසදා එළියට ඇද ගන්නා ගීත කිහිපයක් ගැයෙන සංස්කෘතික සන්ධ්‍යාවක් මිස, මළවුන් පිළිබඳ අවකංවම වධ වෙන, දුක් වෙන, කම්පා වෙන, ස්මරණීය හැඟුම් දනවන වපසරියක් නොවේ.

චන්ද්‍රිකාවන්ගේ ‘පරිවාස’ භාරයේ සිටින්නට තීන්දු කළ, සංහාරයෙන් දිවි ගලවා ගත් නායකයන් විසින්, අපරාධ යුක්තියේ නාමයෙන්,  මළවුන්ට සහ විරුවන්ට අදාළ ජනපති කොමිෂන් සභා වර්තා එළියට ඇද පෙන්වීම හිතා මතාම අත්හැර දැමුණි. රාජ්‍ය බලයේ පංගුකාරයන්ව දහසක් වැව් හෑරූ සමයේ පවා තමන්ගේ අවිච්ඡින්න ඉතිහාසයේ ‘මළවුන්ට’ අයත් එක් සමූහ මිනීවළක් හෝ හාරා අපරාධ යුක්තිය ඉෂ්ට කර ගන්නට තරම්  ආදරයකින් හෝ ගෞරවයකින් මේ කියන හදවත බර වෙනවා දුටු කිසිවකු හෝ සිටිත් ද? ඉදින් ඔවුහු වනාහි, මහා අපරාධයන් පිළිබඳ ‘ජනපති කොමිෂන් සභා වාර්තා, තිස් වසරකට බහා තබන්නට’ අණ දුන්, ආසියාවේ ඉපැණිම සර්ව ජන ඡන්ද බලය හිමි රටේ ‘ප්‍රජාතාන්ත්‍රවාදයේ මහිමයෙන්’, ජන ඝාතයකයන්ට ජනපති පුටුවේ ලගින්නට හැකි  දේශපාලන පසුබිම තනන හැටි පරමාදර්ශයෙන් පෙන්වූ උත්තම විප්ලවවාදී ප්‍රජාවක නියෝජිතයෝ වන්නාහ.

තවමත් උතුරේ මළවුන් සැමරීම හෝ විරුවන් සැමරිම දකුණ භීතියෙන් ඇළලී යන ප්‍රවෘත්තියකි. ඊට පොලිසිය හෝ සන්නද්ධ හමුදා බාල්දි පෙරළන විට දැනෙන කාලකණ්ණි සංතුෂ්ටියට ලොබ කරන බහුතරයේ ‘දෙමළ ෆෝබියාව’ දේශපාලනිකව විග්‍රහ කෙරෙන වේදිකාවන් නැත.

මුල්ලිවෛක්කාල් මහා සංහාරයෙන් පසු ව වුව දෙමළ ජනයා තමන්ගේ මළවුන් සහ විරුවන් සැමරීම අඛණ්ඩව සිද්ධ කෙරුණි. රණවිරුවන් විසින් ඩෝසර්කරණය කළ,  ප්‍රස්තුත කනකපුරම් විරු සොහොන් වපසරියේ තැන් තැන්වල ඉතිරව තිබූ සකල ස්මරණ ශේෂයන් එක් කොට, සොහොන් අවකාශය මැද ‘මහා ස්මාරකයක් තනන්නට’ දෙමළ ජනයාගේ සාමුහික ධෛර්යයට හැකි විය. 2017 සන්ධ්‍යාවේ, යළි දහස් සංඛ්‍යාත ඥාතීන්ගෙන් පිරී ගිය කනකපුරම් සොහොන් බිම, රාත්‍රිය ලබද්දී ඔවුන් දැල්වූ දහසක් ඉටිපන්දමින්, පහනින් ඒකාලෝක විය.

කොහේ කොතැනක සිටියත් ‘දෙමළ ඉල් මහා සැමරුම’ පිණිස උතුරුකර සොහොන් පිටි  වල් උදුරා සකස් කරන්නට වල් නොවැදුණු මතකයන් සහිත පිරිස් පැමිණෙති.  කවර ‘නිල’ බාධා කිරීම් මධ්‍යයේ වුව තමන්ගේ ඥාතියා, සමීපතමයා  සමරා මිස අඩිය පස්සට ගන්නේ නැත. සාමුහික මතකය සජීවීව පවත්වා ගන්නා දෙමළාගේ සාමුහික අධිෂ්ඨානය එබඳු ය.

‘අහිංසකයන්ගේ ආරාමය’ පමණක් නොව, දකු‍ණේ විරුවන් පිළිබඳ සමස්ත සාමුහික මතකය ඩෝසර් කරන්නට රණවිරු සමාජයට හැකි වුව ද දෙමළ ජනතාවගේ සාමුහික මතකය ද, සාමුහික අධිෂ්ඨානය ද ඩෝසර් කිරිම කිසිදාක කළ නො හැක්කක් බව, මේ ගෙවී යන නිශ්චිත නිමේෂයේ පවා ඔවුන් විසින් ඔප්පු කෙරෙමින් තිබේ.

The post ඩෝසර් කළ නොහෙන සාමුහික මතකය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9d%e0%b7%83%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%ad/feed/ 0