Mahinda Hattaka, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 11 Apr 2025 07:41:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Mahinda Hattaka, Author at විවරණ 32 32 ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%83%e0%b7%92%e0%b6%af/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%83%e0%b7%92%e0%b6%af/#respond Fri, 11 Apr 2025 07:41:24 +0000 https://vivaranalk.com/?p=12854 පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලය වන ජනතා විමුක්ති පෙරමුණ දක්වන ආකාරයට එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග කෙරේ ජනතාව තැබු විශ්වාසය ප්‍රකාශ කිරීමකි. ජනතා ඡන්දයෙන් බලයට පත් වූයේ ජාතික ජන […]

The post ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. appeared first on විවරණ.

]]>
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලය වන ජනතා විමුක්ති පෙරමුණ දක්වන ආකාරයට එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග කෙරේ ජනතාව තැබු විශ්වාසය ප්‍රකාශ කිරීමකි. ජනතා ඡන්දයෙන් බලයට පත් වූයේ ජාතික ජන බලවේගය නිසා එවැනි තර්කයක් සාධාරණ සේ දැක්විය හැකිය. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ ජාතික ජනබලවේගය පසුගිය මැතිවරණයේ දි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඉන් පෙර ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන වලින් වෙනස් නොවීමය. එම මැතිවරණ ප්‍රකාශ පදනම්ව 2019 පැවති  පැවති ඡන්ද විමසීම්වලදී ඔවුන්ට ලබා ලබා ගත හැකි වූයේ සියයට තුනක ඡන්ද ප්‍රමාණයකි. පාර්ලිමේන්තුවේ ආසන තුනකි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වයස් කාලය තවමත් අඩ වසරක් හෝ සපුරා නැති නිසා ඒ ගැන දැඩි තීරණ ගැනීමට කලක් එළඹ නැති බව සැබෑවකි. එහෙත් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යනුවෙන් කියමනක් ජනවහරේ තිබෙන බවද අමතක නොකළ යුතුය. මාස හයක් වැනි කෙටි කාලයක් තුළ හැත්තෑහය වසරක් පැවති පාලනය නැතිනම් අවපාලනය නිවැරදි කිරීමට තරම් නොවන බවද සත්‍යයකි. එහෙත් මෙම කෙටි කාලය ඇතුළත හෝ ජාතික දේහයේ පත්ළටම කිඳා බැස ඇති රෝග ව්‍යාධි හඳුනා ගැනිමට හා නිවැරදි කිරීමට මුල පිරීමට ප්‍රමාණවත් කාලයකි. එය වැදගත් වන්නේ අප සමාජය මුහුණ දී ඇති ජරාජීර්ණ දේශපාලනය පුද්ගල සාධක මතම රැඳී නැති නිසාය.

හිටපු හෝ සිටින ජරාජීර්ණ පුද්ගලයන් වෙනුවට අලුතින් අය පත් කිරීම වැඩි අපහසුවක් නැතිව කළ හැකිය. සමහර විට මේ රට බංකොළොත් භාවයට පත් වන තෙක් ‘උපදෙස්’ හා ‘වැඩ සටහන්’ හඳුන්වා දුන් භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙය අදාල නොවන්නට පුළුවන. ආර්ථිකය හැසිරවීමේ යාන්ත්‍රණය ඔවුන් සතුව ඇති නිසා ඔවුන් ඉවත් කිරීමෙන් යාන්ත්‍රණය  බිඳ වැටේයැයි බියක් වත්මන් පාලකයන් තුළ තිබෙනු විය හැකිය. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මහ බැංකුවේ අධිපති නොවෙනස්ව තබා ගත යුතුය. භාණ්ඩාගාරයේ ලේකම් ද එසේමය.

වළං කඩේට කඩා වැදුන ගොනා මෙන් සියල්ල විනාශ කිරීම හානියක් බව අපි පිළිගනිමු. එහෙත් ලෝක බැංකුවෙන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පුරුදු පුහුණු කළ මෙම ‘විශේෂඥයන්’ බොහෝ දෙනකුගේ දක්ෂතාවය ඉගැන් වූ දේ වැමෑරීම විනා අලුතින් සිතීම නොවන බව ඔවුන් ක්‍රියාවෙන්ම සනාථ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ඉගැන් වූ දේ විනිවිද දැකීමේ හැකියාව ඇති නිලධාරීන් නැතිවම නොවේ. එවැනි අයට මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ ලැබුණේ කුඩම්මා ගේ සැලකිලි ය. ඔවුහු හැකි පළමු අවස්ථාවේම එම ආයතනවලින් සහ රටින් පිටව ගියහ. අපි මෙම ලිපියෙන් එවැනි දේ සාකච්ඡා කිරීමට අදහස් නොකරමු. මෙම ‘විශේෂඥයන්ගේ’ කාර්ය භාරය ආර්ථිකයේත් දේශපාලනයේත් ගමන් මග ජනතා අපේක්ෂාව සාක්ෂාත් කිරීමට වඩා පැරණි පීල්ලේම දැක්කීම බව කිව යුතුය.

නිලධාරීන් දූෂිත වූයේත් දූෂිත නිලධාරීන්ට වැජඹීමට හැකි වුයේත් පවතින ක්‍රමයේ වැරැද්ද නිසා බව නැවත නැවතත් කිව යුතු නොවේ. ඒ ගැන තවත් කිසියම් දෙයක් ඉගෙන ගැනිමට අවශ්‍ය නම් 2023 ගාලු මුවදොර තරුණ අරගලය දෙස බැලීම ප්‍රමාණවත්ය. ගිනියම් අව්වේ වේලි වේලිත් ධාරණීපාත වැස්සේ තෙමි තෙමීත් ඔවුන් පැතුවේ ක්‍රමයේ වෙනසකි. සිස්ටම් චේන්ඡ් එකකි. පසුගිය මැතිවරණවලදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉල්ලා සිටියේ ද සිස්ටම් චේන්ඡ් එකකි. මෙය තේරුම් නොගන්නා කිසිදු දේශපාලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට අනාගතයක් නැති බව සක් සුදක් සේ පැහැදිලිය. 

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගමන් කරන්නේ හිටපු පාලකයන් ගිය මගේම බව පෙන්වීමට සරල උදාහරණ දෙකක් දැක්වීම ප්‍රමාණවත්යැයි සිතමි. ඉන් එකක් වන්නේ ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුයැයි හැඳින් විය හැකි චන්දන ජයරත්න මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලිමකට ජනාධිපති කාර්යාලය ඇතුළත් ආයතන ගණනාවක් දැක් වූ ප්‍රතිචාරයයි. චන්දන ජයරත්න මහතාට දැන ගැනීමට අවශ්‍ය වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇති කර ගත් අවසාන ගිවිසුම පිළිබඳ තොරතුරු සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ණය තිරසාර බව පිළිබඳ විශ්ලේෂණයයි. වානිජ කටයුතු සහ ඊට බලපාන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන ඔහු එවැනි ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන්නට ඇත්තේ එය ඔහුට මෙන්ම රටේ සියලු දෙනාට බලපාන රට පුරාම ආන්දෝලනයක් ඇති කළ වැදගත් ප්‍රශ්නයක් නිසාය. ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියේනම් ඔවුන් ද මෙම විෂය ගැන එවැනිම හෝ ඊටත් වඩා පුළුල් ප්‍රශ්න අසනු ඇත.

එහෙත් සිදු වූයේ කුමක් ද?

කඩිනම් පිළිතුරක් ලබා දීම වෙනුවට සිදු වූයේ මහ බැංකුව භාණ්ඩාගාරය සහ ජනාධිපති කාර්යාලය අතර ‘බෝල පාස් කිරීමේ’ ක්‍රීඩාවකි. මෙවැනි තත්වයක් මීට පෙර පැවති ආණ්ඩුවක් යටතේ සිදු වූයේ නම් අපට තේරුම් ගත හැකිය. රටේ ජනාතාවට බලපාන ගිවිසුම් හෝ වෙනත් එකඟතා ජනතාවට දැන ගැනීමේ අයිතියක් ඇති අතර එම තොරතුරු ලබා දීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රතිපත්තියකි. එය මෙම ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් සිදුව නැත. ඊට පිළිතුරු ලබා ගැනීමට ඒ මහතාට සමහර විට තොරතුරු දැනගැනීමේ කොමිසමට යෑමට සිදු වනු ඇත.

ඉන් තහවුරු වන්නේ ආණ්ඩු මාරු වූවාට පුද්ගලයන් වෙනස් වූවාට ක්‍රමයේ වෙනසක් සිදුව තැගි බව නොවේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගන්නා ගිවිසුම් අදාල පාර්ශ්වයන් හැර පිටස්තරයන් අතට පත්වීම අනවශ්‍ය එමෙන්ම හානිදායක දෙයක්යැයි ඔවුන් සිතනවා විය හැකිය. එය ජනතාව බලාපොරොත්තු වූ වෙනස නොවේ. මෙවැනි ගිවිසුම් සහ එකඟතාවල අවසාන ප්‍රතිඵලය පැටවෙන්නේ ජනතාව මත නිසා ඒවා දැන ගැනීම ජනතා පරමාධිපත්‍යය බැඳුණකි.

මෙවැනිම තවත් සිද්ධියක් පසු ගිය දා වාර්තා විය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතනය හෙළා දැකීමේ අදහසින් පොස්ටරයක් ඇලවූ තරුණයෙකු පොලීසියෙන් අත් අඩංගුවට ගැනිමය. වචන කීපයකට සීමා වූ එම පොස්ටරය ජාතින් අතර ද්වේෂය සහ වෛරය පතුරුවන නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම තරුණයා අත් අඩංගුවට ගත් බව පොලීසියෙන් පවසා තිබිණ. ඊශ්‍රායෙලය වසර දෙකකට ආසන්න කාලයක් ගාසා තීරයටත් බටහිර ඉවුරටත් ඉවක් බවක් නැතිව ගුවනින් බෝම්බ දැමීම සහ පාබල හමුදා මෙහෙයවා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ජනමාධ්‍යවේදීන් සහ ජනතාව තිරශ්චීන ලෙස මරා දැමීම යුද අපරාධයක් බව අන්තර්ජාතික අපරාධ අධිකරණය පිළිගෙන ඊශ්‍රායෙල් අගමැති සහ ඔහුගේ ආරක්ෂක ඇමති අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර ඇත. මානව අයිතිවාසිකම්වලට හෝ ජාත්‍යන්තර නීතිය නොසලකා ක්‍රියා කරන රටක් හෙළා දැකීම ජාතීන් අතර ද්වේෂය සහ වෛරය දනවන දෙයක්යැයි නිර්වචනය කරන්නේ කුමන පදනමක් යටතේ දැයි ජාතික ජන බලවේගයේ ආරක්ෂක ඇමති පැහැදිලි කළ යුතුය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයන් විපක්ෂයේ සිටිය දී පලස්තිනය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ බව අමතක කළ නොහැකිය.

වඩාත් වැදගත් වන්නේ පෝස්ටරයක් ඇලවීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කළ හැකි වරදක් වන්නේ කෙසේද යන්නයි. පෝස්ටරයක් ඇලවීම අපරාධයක් නම් ඒ සඳහා යොදා ගත හැකි වෙනත් නිති ප්‍රතිපාදන අපමණ පවතින බව නීති විශාරදයන් නොවන සාමාන්‍ය ජනතාව පවා දනිති. මින් පැහැදිලි වන්නේ ආරක්ෂක ඇමති සහ පොලිස්පති වෙනස් වූවාට ක්‍රමයේ වෙනසක් සිදුව නැති බව නොවේද? කලින් පැවති ආණ්ඩු යටතේ කවියක් ලිවීම පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට හේතුවකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ඒ වෙනුවට ගෙන එන වෙනත් නීති සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම විපක්ෂයේ සිටිය දී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි. මෙම නිතිය යටතේ ඔවුන්ට ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දිමට සිදු විය. ආරක්ෂක අංශ අද එම නීති ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් උල්ලඝනය කිරීමට යොදා ගන්නේ ක්‍රමයේ වෙනසක් සිදුව නැති නිසායැයි සිතිය හැකිය. 

මේ සරල උදාහරණ දෙකක් පමනි. මෙවැනි තවත් මෙවැනි අවස්ථා රැසක් ඇත. එමනිසා ජනවරමේ සුජාත භාවය රැක ගැනිමට නම් ජාතික ජන බලවේගය නිදි ගැට හැර අවදි වී ජන හදට ආමන්ත්‍රණය කළ යුතුය. ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ එවිටය.  

The post ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%83%e0%b7%92%e0%b6%af/feed/ 0
බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද? https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%a7%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b7%85%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%90%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%a7%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b7%85%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%90%e0%b6%bd/#comments Tue, 01 Apr 2025 08:59:56 +0000 https://vivaranalk.com/?p=12813 අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් […]

The post බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද? appeared first on විවරණ.

]]>
අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය ගැන පත් කළ කොමිසම් සභාවයි. එහෙත් චන්ද්‍රිකා රජය යටතේ පත් කරන ලද අනෙක් කොමිසම් සභා වාර්තා මෙන් ඒ සියල්ල හමස් පෙට්ටියට වැටිණ. ඒ ගැන යාන්තමින් හෝ සඳහන් වූයේ මැතිවරණයක් ආසන්නයේ දී ප්‍රතිවාදීන්ට පහර ගැසීමට පමණි.

පුදුමයකට මෙන් නැවත වරක් බටලන්ද දේශපාලන කරලියේ උණුසුම් මාතෘකාවක් බවට පත්විය. ඒ අල් ජසීරා රූපවාහිනියෙන් ප්‍රචාරය වූ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සමග ය. අල් ජසිරා විචාරකයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිසමේ වාර්තාවක් නැතැයිද එමනිසා එවැනි වාර්තාවක් ගැන තමාගෙන් ප්‍රශ්න නොකළ යුතුයැයිද ඔහුටම සුපුරුදු උද්ධච්ඡ ලීලාවෙන් පිළිතුරු දුන්නේය. බටලන්ද ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව නැතැයි රනිල් වික්‍රමසිංහ සාක්ෂියක් වශයෙන් සහතික වූයේය.

දශක ගණනාවක් නිෂ්ක්‍රීයව තිබු සේවා නූලක් ගිනි ගත්තේ ඉන් පසුවය. පසුගිය කාලය පුරාම ජනතාවගෙන් වසං කර තිබු විවිධ අක්‍රමිකතා සහ දූෂණ හෙළි කිරීමේ නිමාවක් නැති කාර්යකට උර දි සිටින ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට මෙය මාහැඟි අවස්ථාවක් විය. බටලන්ද කොමිසමේ වාර්තාවක් තිබෙන බව පැවසු සභානායක බිමල් රත්නායක එය වහාම පාර්ලිමේන්තුවේ සභා ගත කරන බවට සහතික වූයේය. ඉන් නොනැවතී ඒ සඳහා දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තම ආණ්ඩුව සූදානම්යැයි කීවේය. පුවත් පත් වාර්තා අනුව සිංහල දෙමළ අවුරුද්දෙන් පසුව එම විවාදය පැවැත්වීමට දින වෙන් කර ඇත.

බටලන්ද වධකාගාරයේ විමර්ශන කොමිසමට අමතරව චන්ද්‍රිකා පාලනය යටතේ පත් කරන ලද වෙනත් කොමිසම් සභා වාර්තාවලින් වැරදිකරුවන්ට දඬුවම් දිමක් හෝ අපහරණය කළ රාජ්‍ය සම්පත් ලබා ගැනීමට සහ නැවත එවැනි දේ සිදු නොවීමට කිසිම පියවරක් ගත් බවක් දක්නට නැත. එම වාර්තාද බටලන්ද වාර්තාව මෙන් හමස් පෙට්ටියට වැටී ඇත.

මෙම වාර්තා සිහිපත් වන්නේ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන් දිනපතාම පාහේ පසුගිය පාලනය සමයේ සිදු කළ අකටයුතු අක්‍රමිකතා පාර්ලිමේන්තුවේ දී හෙළි කරන නිසාය. ඇත්තෙන්ම එම හෙළිදරවු කිරීම් බෙහෙවින් වැදගත් ය. ආණ්ඩුවේ සෑම මට්ටමකම වංචා දූෂණ සිදුවන බව සාමාන්‍ය දැනුම වුවත් ඒවායේ වපසරිය දැන ගැනීමට ලැබෙන්නේ මෙවැනි හෙළිදරවු කිරීම්වලිනි. එමනිසා ඒවා අගය කළ යුතුය. එහෙත් බොහෝ දෙනා නිරන්තරයෙන්ම නගන ප්‍රශ්නය මෙම හෙළිදරවු කිරීම්වලින් පසුව සිදු වන්නේ කුමක් ද යන්නයි. මෙම හෙළිදරවු කිරීම් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොවැටෙන බවට ඇති සහතිකය කුමක්ද? බටලන්ද කොමිසමේ ‘නිර්දේශ’ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමක් නොව කමිටුවක් පත් කර ඇති බවද වාර්තා විය. කොමිසන් සභා ගැන විමර්ශනය කිරීමට ද කොමිසන් පත් කිරීමේ ඉතිහාසයක් අපට පවතින බව ද අමතක නොකළ යුතුය. එහෙත් එම වාර්තා ද වචනයට එහා යනු ඇත්දැයි ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

පාර්ලිමේන්තුවේ හෙළිකරන ලද අපහරණ ක්‍රියාත් කොමිසන් සභාවලින් සොයාගත් තෙරතුරුත් මහජන දේපොළ අවභාවිතය සහ දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් ඒවාට දඬුවම් ලබා දිය යුත්තේ අධිකරණයෙනි. ඒ සඳහා චෝදනා ගොනු කළ යුත්තේ නීතිපති විසිනි. එය කඩිනමින් සිදු වන්නක් නොවේ. ජනාධිපති අනුර කුමාර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කල් නොයවාම නීති පියවර ගැනීමට අගරදගුරුතුමාට පොරොන්දු වුවද එය තවම සිදුව නැත. එමනිසා කාදිනල්තුමා අනතුරු හැඟවීමේ නිවේදනයක් ද නිකුත් කෙළේය. වත්මන් ජනාධිපතිට ඒ ගැන කඩිනමින් පියවර ගැනීමට අවශ්‍යතාවයක් තිබුණ ද පවතින ක්‍රියා පටිපාටිය අනුව එසේ වන්නේ නැත. ඊට සාධාරණ හේතු ද තිබිය හැකිය. ප්‍රමාද වී ඉටුවන යුක්තිය සමහර විට අයුක්තියක් විය හැකිය.

මින් පැහැදිලි වන සත්‍යය නම් අපේක්ෂාව කෙතරම් හොඳ වුවද පවතින ක්‍රමය යටතේ එය අවශ්‍ය වේලාවට අවශ්‍ය ආකාරයට සිදු වන්නේ නැත යන්නයි. එය ක්‍රමයේ වැරැද්දකි. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටින්නේ එම නිසාය. ක්‍රමයේ නැතිනම් සිස්ටම් එකේ වෙනසක් සිදුවිය යුතු බවට තවත් නිදර්ශනයක් දැක්විය හැකිය. ඉන් එකක් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ කතා වස්තුවයි. ඔහු මාතර උසාවියේ නියෝගය නොතකා සති තුනකට ආසන්න කාලයක් සැඟවී සිටියේය. නීතිය සහ විධානය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ඒ වෙනුවෙන් වැටුපක් ලබන පොලිස්පති වැනි කෙනෙකු පොලීසියෙන් සැඟව සිටීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලයේ හෝ ඇසිමට නොලැබුණ කතාවකි. 

සේවය අත්හිටුවන ලද නමුත් ඔහු තවමත් පොලිස්පති ය. ඔහුගේ රාජකාරි ආවරණය කරන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙකි. උසාවියට භාර වූ සේවය අත්හිටුවන ලද පොලිස්පති අද සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. පොලිස්පති වශයෙන් ඔහුගේ මාසික වැටුප සහ අනෙකුග් දිමනා ද බන්ධනාගාරයට යවනු ඇත.

මෙය හාස්‍යජනක සිද්ධියක්ද නැතිනම් අප මුහුණ දී සිටින ඛේදවාචකයක්ද යන්න සොයා ගැනීමට කොමිසමක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් විමට ද ඉඩ ඇත. උසාවියෙන් කට්ටි පැන සිටි පොලිස්පති සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් සුදුස්සෙකු පත් කිරීමට අපේ සිස්ටම් එකෙන් ඉඩක් නැත. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති පත් කරන්නේ ව්‍යවස්ථා සභාවෙන් නිසා ඔහු ඉවත් කිරීමේ බලය ද ඇත්තේ එම සභාවටමය. එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන ආ යුතුය.

එමනිසා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අමතරව යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමටත් නීතිය සහ විධානය නිසි පරිදි ක්‍රියාත්මක වීමටත් පවතින බල ව්‍යුහයේ වෙනසක් සිදු කළ යුතුය. ජනතාව වෙනුවෙන් පවතින ආයතන සහ ජනතා නියෝජිතයන් ජනතාවට වගවෙන ව්‍යුහාත්මක වෙනස්කම් කළ යුතුය. විධානය සහ බලය පුද්ගලයාගේ පරමාධිකාරයක් නොව ජනතාවගේ උරුමය බවට පත් කළ යුතුය. එය කල් දැමීම හෝ නොසලකා සිටීම තවත් බටලන්ද වැනි වධකාගාරත් දේශබන්ධු වැනි පොලිස්පතිලාත් පෝෂණය කරන උපක්‍රමයකි. 

The post බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%a7%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b7%85%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%90%e0%b6%bd/feed/ 2
අධිකරණයටත් ආරක්ෂාව නැති විට ජාතියට ඇති ආරක්ෂාව කුමක් ද? https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92/#respond Sat, 08 Mar 2025 10:27:58 +0000 https://vivaranalk.com/?p=12737 පසුගිය දා කොළඹ අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවෙකු ඉදිරියේම නඩුවකට පෙනි සිටීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව ගෙන ආ සැකරුවෙකුට වෙඩි කබා මරා දැමීම මහත් කම්පනයක් වූයේ පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි වීම නිසාම නොවේ. වඩාත් කම්පාවට පත්විය යුතු කාරණය වන්නේ යුක්තිය පසිඳලන අධිකරණයක දී පවා කිසිවෙකුගේ ජීවිතය ගැන සහතිකයක් නැති තත්වයකට අප පත්ව සිටීමයි. සමහර අය පවසන ආකාරයට […]

The post අධිකරණයටත් ආරක්ෂාව නැති විට ජාතියට ඇති ආරක්ෂාව කුමක් ද? appeared first on විවරණ.

]]>
පසුගිය දා කොළඹ අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවෙකු ඉදිරියේම නඩුවකට පෙනි සිටීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව ගෙන ආ සැකරුවෙකුට වෙඩි කබා මරා දැමීම මහත් කම්පනයක් වූයේ පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි වීම නිසාම නොවේ. වඩාත් කම්පාවට පත්විය යුතු කාරණය වන්නේ යුක්තිය පසිඳලන අධිකරණයක දී පවා කිසිවෙකුගේ ජීවිතය ගැන සහතිකයක් නැති තත්වයකට අප පත්ව සිටීමයි. සමහර අය පවසන ආකාරයට අධිකරණයක් තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදු වු පළමු අවස්ථාව මෙය නොවන නිසා සිද්ධිය බරපතළ නොවේ. අනිත් අතට රට පුරාම දිනපතාම පාහේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම් වාර්තා වන නිසා අධිකරණය තුළද ඝාතනයක් සිදුවීම බරපතළ කාරණයක් වුවද සාමාන්‍ය දෙයකි.

ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන ජාතික ජනබලවේගයේ මැති ඇමතිවරු මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව පුන පුනා කිහ. ජනාධිපති අනුර කුමාර දිසානායක ද මෙවැනි ඝාතන පාතාල කල්ලිවලින් මෙහෙයවන දේශපාලන රැකවරණය ලබන කුඩු ජාවාරම්කරුවන්ගේ අවි ගැටුමක් විනා ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොවන්නේයැයි කීවේය.

මේ අය ජාතික ආරක්ෂාව යන්නෙන් අදහස් කරන්නේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම විය හැකිය. දැනට යුදබිමෙන් පරාජය වි සිටින එල්ටීටීඊය එම අර්ථයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයකි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ද ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කළ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයකි. අධිකරණය තුළ සිදු වූ ඝාතනයෙන් පසුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සංවිධාන ගණනාවක් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණ. ඒ සංවිධාන අතර කුඩු ජාවාරම්කරුවන් හෝ පාතාල කල්ලි කිසිවක් සඳහන් නොවීමෙන් ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව නිල වශයෙන්ම පිළිගැනීමකි.

දේශපාලන බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ සිටිය දී කියන කතා සහ දේශපාලන බලය ලබා ගැනීමෙන් පසුව කියන කතා අතර පවතින වෙනස හැත්තෑහය වසරක අපේ දේශපාලන අත්දැකිම නිසා බලයේ සිටින දේශපාලකයන් ජාතික ආරක්ෂාව යන්නෙන් අදහස් කරන දේ කලින් කලට වෙනස්වීම පුදුමයක් නොවේ. එහෙත් රටේ සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව යන්නෙන් අදහස් වන්නේ බියෙන් සැකයෙන් තොරව ජීවිත්වීමේ නිදහසයි. ජීවත්වීමේ නිදහස යනු හරි හම්බ කර ගත් දෙයක් කා බී තමන්ගේ පාඩුවේ ජීවත්වීම පමණක් නොවේ. සමාජ ජීවිතයත් බියෙන් සැකයෙන් තොරව ගත කිරීමේ නිදහස තිබිය යුතුය. දේශපාලන රැකවරණය ඇතිව හෝ නැතිව පාතාල කල්ලි ක්‍රියාත්මක වන සමාජයක එවැනි අවස්ථාවක් නැත.

විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බියෙන් සැකයෙන් තොර සහභාගිවීමට ජනතාවට හැකියාව තිබිය යුතුය. අධිකරණ නඩු විභාග ප්‍රසිද්ධියේ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. යුක්තිය සහ සාධාරණත්වය ඉටු වන ආකාරය නිරීක්ෂණය කිරීමට අදාල පාර්ශ්වයන්ට පමණක් නොව සාමානය ජනතාවට ද අවස්ථාව හිමි විය යුතුය. රහසිගතව පවත්වන නඩු විභාගයකින් ලබා දෙන තීන්දුවට වඩා ප්‍රසිද්ධ නඩු විභාගයකින් ලබා දෙන තීන්දුවේ සමාජයීය වටිනාකම වැඩිය. කුමන හෝ නඩු විභාගයක් ප්‍රසිද්ධියේ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් කිසියම් සමාජයක නැතිනම් එහි ජාතියේ ආරක්ෂාවක් නැත.

පෙබරවාරි 19 දා පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවු වෙඩි තැබීමකින් ගණේමුල්ලේ සංජීව ඝාතනවිය. ඔහු විත්ති කූඩුව අසල වැටී සිටින අයුරු සහ රිවෝල්වරයක් එම ස්ථානයේ වැටි තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායරූපවල දැක්විණි.

රටක ආරක්ෂාව තහවුරු වී ඇත්නම් අධිකරණයට හෝ මැති ඇමතිවරුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නැත. අද ජාතික ජනබලවේගයේ ජනාධිපති ඇතුලු මැති ඇමතිවරුන් ආරක්ෂාව සඳහා විශාල සන්නද්ධ කණ්ඩායම් යොදා ගෙන නැති නිසා ආරක්ෂාව ගැන ගැටලුවක් නැතැයි කිව හැකිය. එහෙත් එය දිය රත් වන තෙක් සිසිල් ජලයේ කෙළිදෙළෙන් ඉන්නා කකුළුවෙකුගේ කතාව සිහිපත් කරන්නකි. මෙම අපරාධවලට සම්බන්ධයැයි සැකපිට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගේ වතගොත විමසා බලන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි. ආරක්ෂක අංශවල සේවය හැරදා ගිය හෝ සේවයෙන් නිදහස් කරන පුද්ගලයන්ට අමතරව සේවයේ යෙදි සිටින ආරක්ෂක අංශවල නිලධාරීන් ද අපරාධවලට සම්බන්ධ වී ඇති බව දැකිය හැකිය. ඉන් අදහස් වන්නේ ආරක්ෂාවට ඉන්නා අයගෙන් පවා ආරක්ෂාවීමේ අවශ්‍යතාවයක් පවතින්නේ ය යන්නයි.

ඇත්තෙන්ම දශක ගණනාවක් තිස්සේම අපේ රටේ නිතිය සහ සාමය පවත්වා ගැනීමේ යාන්ත්‍රණය දුර්වලවීමට වඩා කඩා බිඳ දැමීමට ලක්ව ඇත. නීතිය යනු තමා කියන දෙයැයි කිමට තරම් විධායක ජනාධිපතියෙකු සාහසික වූයේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම නිසාය. පාලකයා රටේ නිතියට ඉහළින් සිටීම නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සිට සෑම ආයතනයක්ම පරිහානියට පත්ව ඇත. මෙය පාලනයේ ඉහළ ස්ථරවලට පමණක් සීමා වූවක් නොවේ.

මෙම වියවුල් තත්වය පැහැදිලි කිරීමට හොඳම නිදසුනක් පසුගිය දා සමාජ මාධ්‍යයේ සහ මුද්‍රිත මාධ්‍යයේ පළ විය. ඒ වත්තල ප්‍රදේශයේ දී පැහැරගත් ලොරියක් පිළිබඳ සිද්ධියකි. එම ලොරියේ රියැදුරු ලොරිය නතර කොට තේ පානය සඳහා අසළ තිබු කඩයකට ගිය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු ලොරිය පැහැර ගෙන ගොස් ඇත. කෙසේ නමුත් මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමටත් ලොරිය නිදහස් කර ගැනීමටත් පොලීසියට හැකි විය. වැදගත්ම කාරණය එය නොවේ අත් අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව නීතිය ක්‍රියාත්මක වූ ආකාරයයි. පුවත් පත්වල පළවූ ආකාරයට මුස්ලිම් තරුණයෙකු වූ එම පුද්ගලයාට එරෙහි නීති පියවර ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

අප කවුරුත් දන්නා ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කෙළේ දෙමළ තරුණ කණ්ඩායම් සන්නද්ධ ක්‍රියා තුළින් ඊලාම් රාජයයක් පිටිවිටුවීමට ගත් උත්සාහය වැළැක්වීමේ අරමුණෙනි. එම පනත වලංගු කාලය ද මාස කිපයකට සීමා විය. එම බියකරු පනත අවලංගු කරන බවට ජාතික ජනබලවේගය ද මැතිවරණ පොරොන්දුවක් දුන්නේය.

තේරුම් ගැනිමට අපහසු වන්නේ වත්තල දී ලොරියක් පැහැර ගැනීම ත්‍රස්තවාදී ක්‍රියාවක්යැයි හැඳින් වූයේ කෙසේද යන්නයි. එම පැහැර ගැනිම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් විය හැක්කේ එය ත්‍රස්තවාදී කටයුත්තක් අරමුණු කර ගෙන සිදු වූයේ නම් පමණි. එවැනි සොයා ගැනිමක් ගැන පුවත් පත් වාර්තාවල සඳහන් වූයේ නැත. එය සාමාන්‍ය අපරාධයක් පමණි. ත්‍රස්තවාදයට කිසියම් ආකාරයකින් හෝ සම්බන්ධ කළ හැකි වන්නේ එම තරුණයා මුස්ලිම් කෙනෙකු වීම නිසා පමණි. මෙම සිද්ධියෙන් සතියකට පමණ පසු නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරයක් ගැන තොරතුරු ලැබි ඇතැයි වාර්තා විය. ජනාධිපති අනුර කුමාර දිසානයක  තමාට ද එවැනි තොරකුරු ලැබී ඇතැයි පැවසුවේය.

ශක්තික සත්කුමාර

අපට ශක්තික සත්කුමාරගේ සිද්ධිය සිහි වන්නේ මෙම පසුබිම යටතේය. ඔහු රචනා කළ කෙටි කතාවකින් බුද්ධාගමට අපහාසයක් වන නිසා අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන සන්ධාන පනත ; (I C C P R පනත) යටතේ ඔහු අත් අඩංගුවට ගෙන දිගු කලක් රඳවා ගෙන තිබිණ.

නීතිය සහ සාමය රැකීමට සිටින නිලධාරින් සහ ආයතන ක්‍රියාත්මක වන්නේ පාලකයන්ගේ කැමැත්ත අනුව බව පැහැදිලි කිරීමට මෙම අවස්ථා දෙක ප්‍රමාණවත්ය. එහි අවසාන ප්‍රතිඵලය රටේ නිතිය හා සාමය බිඳ වැටී සියලු දෙනාම අනාරක්ෂිත තත්වයට පත් විමය. පාතාලය සහ වෙනත් සමාජ විරෝධී කණ්ඩායම්වලට නිදහසේ ක්‍රියාත්මක විය හැකි වන්නේ එවැනි තත්වයක් යටතේය. නිතිය හා සාමය බිඳ වැටීම රටේ ආරක්ෂාවට තර්ජනයකි. එය ජාතික ආරක්ෂාව නොවන්නේ කවර අර්ථ ගැන්වීමෙන්ද යන්න පැහැදිලි කළ යුතුය.

රටේ නිතිය හා සාමය තහවුරු කළ හැකි වන්නේ පාතාලය සහ ඊට රැකවරණය ලබා දෙන්නන් දඩයම් කිරීමෙන් පමණක් නොවේ. මෙම ව්‍යාධියේ රෝග ලක්ෂණ හැඳින ගෙන ඊට පිළියම් යෙදිය යුතුය. දේශපාලනය එහි එක් ලක්ෂණයකි. නීති පැනවීම ව්‍යාධිය තුරන් කිරීමේ එක මාර්ගයකි. වඩාත් වැදගත් වන්නේ සමස්ත සමාජයටම වගවෙන සහ රටේ පරිපාලනයට වගකියන පාරද්‍රශ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමය. ජාතියේ ආරක්ෂාව තහවුරු වන්නේ එවිටය. 

The post අධිකරණයටත් ආරක්ෂාව නැති විට ජාතියට ඇති ආරක්ෂාව කුමක් ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92/feed/ 0
අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%a9-%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%a9-%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb/#comments Sat, 15 Feb 2025 01:23:52 +0000 https://vivaranalk.com/?p=12654 චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු […]

The post අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය.. appeared first on විවරණ.

]]>
චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු වුවහොත් ක්‍රියාදාමය පාලනය කිරීමට හෝ වෙනස් කිරිමට නොහැකිය.

අන් සියලු ක්‍රියාකාරකම්වලට වඩා මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් ය. දේශපාලන සිදුවිම් තේරුම් ගැනිමටත් එය සමාජයේ වැඩි දෙනාගේ යහපතට වෙනස් කිරිමටත් සම්පුර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනීම තිරණාත්මක ය. සිද්ධි දාමයක් වුවත් ඒ හැම දේම එකසේ වැදගත් නොවේ. වරකට වැදගත් වන්නේ එක දෙයක් පමණි. එය තේරුම් ගන්නේ නම් දේශපාලනයේ තිරණාත්මක වෙනසක් කළ හැකිය. වැදගත් තීරණාත්මක දේ නියමාකාරයෙන් අවබෝධ කර ගෙන ඒ අනුව වඩාත් සුදුසු වැඩ පිළිවෙළ සකස් කර ගැනිමට අපොහොසත් වුවහොත් එවැනි අය ඉතිහාසයේ කුනු බක්කියට වැටීම වැළැක්විය නොහැකිය. ගෙවි ගිය ඉතිහාසය දෙස විවේචනාත්මකව සහ විශ්ලේෂණාත්මකව බලන්නේ නම් කුණු බක්කියට වැටුණු අවස්ථා අපමණ දැකිය හැකිය.

එහෙත් සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවූයේ නැත. කලක් ගත වුවද වසර දාහතකින් පසුව ඔහු ගේ එක්සත් ජාතික පක්ෂයට බලය අතහැර දැමිමට සිදු වූ අතර ඉන් පසුව 1977 ලබා ගත් හයෙන් පහේ බලය නැවත ලබා ගැනිමට සිහින මැවීමටපවා බැරි තත්වයකට පත්ව ඇත. එය දේශපාලන අබ්බගාතයෙකුගේ තත්වයට පත්ව ඇත. එය නුදුරු අනාගයේ දී හෝ වෙනස් වනු ඇතැයි සිතිය නොහැකිය.

අපට වඩාත් වැදගත් වන්නේ 77න් ආරම්භ වූ ක්‍රියාදාමය රට බංකොළොත්මක් භාවය දන්වා වර්ධනයට/පිරිහීමට පත් වූ ආකාරයයි. 77න් පසුව හඳුන්වා දුන් (ඒකාධිපති) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලිබරල් ධනවාදය වඩාත් ලිබරල් ලෙස සිංහසනාරූඪ වූ අතර එය සමාජ දේශපාලන ප්‍රවාහයේ පිළිබිබු වූයේ වසර තිහක ජාතිවාදි/බෙදුම්වාදි යුද්ධයකිනි. රටම මහත් ව්‍යසනයකට පත් කළ අවි ගැටුම වයික්කාල් වෙරළේ දී එල්ටිටීඊ නායකයන් මරා දැමීමෙන් අවසන් වුවද ජනතාව වින්දිතයන් බවට පත් කරන ආර්ථික දේශපාලන ක්‍රියාදාමය අවසන් වූයේ නැත.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව රටේ පරිපාලනයෙන් ඈත් කොට හුදු ප්‍රේක්ෂකයන් බවට පත් කිරීම දිගටම සිදු විය. කලින් කලට සාධාරණ සහ නිදහස් ඡන්ද විමසීම් පැවැත් වුවද බලරහිත කරන ලද ජනතාවට කිසිදු අස්වැසිල්ලක් ලැබුනේ නැත. ජනවරමක් ලබා ගත් පාලකයන් ජනතාවගේ වර්තමානයත් අතිතයත් උකසට තබා ගත් ණය ඔවුන්ගේම සුඛවිහරණයට හිරිකිතයක් නැතිවම යොදා ගැනිම යහපාලනයක් විය. ගත් ණය ඔවුන්ගේම සුඛවිහරණයට යොදා ගත් නිසා ගත් ණය හෝ පොලිය ගෙවා ගත නොහැකි ව රට බංකොළොත් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනඅරගලයක් පැන නැගිණ. එය තවමත් අප මතකයේ රැව් පිළිරැව් දෙන ප්‍රපංචයක් නිසා ඒ ගැන වැඩි විස්තර කිරීම අනවශ්‍ය ය. එහෙත් එය එවකට සිටි පාලකයන්ට තවත් ධන උල්පතක් වූ ආකාරය නිවාස සහ දේපොළ හානි වශයෙන් ලබා ගත් වන්දි මුදල් සම්භාරයෙන් පැහැදිලිය.

අද ජනාධිපති සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් හෙළි කරන විස්තරවලින් පසුගිය කාලාන්තරයේම සිදු කරන ලද වංචා දුෂණ මෙන්ම මහ දවල් කළ හොරකම් ද පැහැදිලිය. ඒවා අලුත් දේ නොවන නමුත් එහි පරිමාණය සහ පරිමාව ජනතාව නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. එමනිසා එම හෙළිදරව් කිරීම් සහ ඔවුන්ට නිතියෙන් දඬුවම් ලබා දිමත් අප්‍රමාදව කළ යුතුය. ඒ ගැන කිසිම විවාදයක් නැත. 

එහෙත් අප මුලින්ම සඳහන් කළ ආකාරයට හොරකම දූෂණය වංචාව අහඹු සිදුවීම් නොව ක්‍රියාදාමයක කොටස් බව තේරුම් ගත යුතුය. වඩාත් සරල ප්‍රශ්නයක් මතු කරන්නේ නම් දේපොළ හානියකට වන්දිය  උපරිම වශයෙන් ගෙවිය හැක්කේ රුපියල් ලක්ෂ දෙසිය පනහක්යැයි සඳහන්ව තිබිය දීත් කෝටි ප්‍රකෝටි ගණන් වන්දි වශයෙන් ගෙවිමට හැකි වූයේ කෙසේද? 2009 ජනවාරි මාසයේ  මහ දවල් අධිආරක්ෂක කලාපයක් තුළ කුරිරුලෙස මරා දැමු ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව හෙළිවිමට වසර දහසයක් ගත වූයේ ඇයි? රටම කම්පාවට පත් කළ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගතුග මෙතෙක් ජනතවට හෙළි කිරීමට නොහැකි වූයේ ඇයි? 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පානයේ විශේෂඥයෙකු වන නිහාල් ජයවික්‍රම මහතා පවසන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සති ගණනකින් කළ හැකි කාර්යකි. වැදගත් වන්නේ ඒ සඳහා යොදා ගන්නා ක්‍රියාවලියයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාලනය වන සියලු රටවැසියන්ගේ අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළයි. ඒ සඳහා ද පූර්වාදර්ශ ඇත. සරදමක් වු යහපාලන සමයේ ජනතා අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් තිබිණ. එහි සමහර අඩුපාඩු තිබුණ ද ආදර්ශමත් පියවරකි. එය වඩාත් ජනතාවාදී පිවිසුමකට මග පෙන්වීමකි.

අනිත් කාරණය විධායක ජනාධිපති ක්‍රමය අත්හැර වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට ආපසු යෑම ද විසඳුමක් නොවේ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අද එහි නිජ බිම වූ එක්සත් රාජධානියේ පවා අසාර්ථක ක්‍රමයකි. ජනතාවට පාලකයන් ගැන කිසිදු විශ්වාසයක් නැත. එය පිළිබුඹු වන්නේ ඡන්දය ප්‍රකාශ කරන ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් පහත වැටීමෙනි. එමනිසා ජනතාවට පාලනයට සහභාගි විය හැකි, එය නිවැරදි කිරීමට බලපෑම් කළ හැකි පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.

කෙසේ වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වසර ගණනාවකින් කල් දැමීමෙන් අදහස් වන්නේ රෝග නිධානයට පිළියම් යෙදීමට ඇති අකමැත්තයි. හොරකම, වංචාව සහ දුෂණය සමාජයෙන් තුරන් කළ යුතු ව්‍යාධීන් නොව බලය ලබා ගැනීමට උචිත සටන් පාඨයක් යන්න සමාජගත කිරීමේ වුවමනාවයි. 

The post අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%a9-%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb/feed/ 1
රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද? https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%af%e0%b7%93-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%af%e0%b7%93-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/#respond Thu, 23 Jan 2025 05:43:17 +0000 https://vivaranalk.com/?p=12549 දැනට වෙළඳ පෙළේ පවතින රතු සහල් හිඟයට හේතුව පසුගිය ආණ්ඩුව 2024 මැතිවරණය ඉලක්ක කර ගෙන පවුලකට රතු සහල් කිලෝ ග්‍රෑම් විස්ස බැගින් බෙදා දීමයැයි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා ප්‍රකාශ කෙළේය. මෙම ප්‍රකාශයට ජනමාධ්‍යයේ ඉහළම ප්‍රචාරයක් ලැබුණේ ඔහු වෙළඳ ඇමති නිසා ද නැතිනම් ජාතික ජන බලවේගයේ චතුර කතිකයෙකු නිසා ද යන්න පැහැදිලි නැත. කෙසේ […]

The post රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද? appeared first on විවරණ.

]]>
දැනට වෙළඳ පෙළේ පවතින රතු සහල් හිඟයට හේතුව පසුගිය ආණ්ඩුව 2024 මැතිවරණය ඉලක්ක කර ගෙන පවුලකට රතු සහල් කිලෝ ග්‍රෑම් විස්ස බැගින් බෙදා දීමයැයි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා ප්‍රකාශ කෙළේය. මෙම ප්‍රකාශයට ජනමාධ්‍යයේ ඉහළම ප්‍රචාරයක් ලැබුණේ ඔහු වෙළඳ ඇමති නිසා ද නැතිනම් ජාතික ජන බලවේගයේ චතුර කතිකයෙකු නිසා ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ප්‍රකාශය ආණ්ඩු බලයක් නොමැතිව සිටිය දී සාමාන්‍යයෙන් ජනමාධ්‍යයේ අවධානය ලබා ගැනීමට කළ ප්‍රකාශවලින් වෙනස් වන්නේ නැත. 

වෙළඳ පොළ මෙම හැසිරීම වර්තමාන වෙළඳ ඇමති මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ දුප්පත් ජන කොටස් වෙනුවෙන් පෙනි සිටි වසන්ත සමරසිංහ නොදන්නේයැයි කිව නොහැකිය. කණගාටුවට කරුණක් වන්නේ ඔහු තවමත් ජනප්‍රිය දේශපාලන සටන් පාඨ යොදා ගැනීමය. ‘සිස්ටම් චේන්ජ්’ එකක් වෙනුවෙන් බලය ලබා ගත් ඇමතිවරයෙකු හෝ ආණ්ඩුවක් නොකළ යුතු ප්‍රකාශයකි.

රතු සහල් හිඟයක් ඉදිරියේ ඇති නොවීමට මෙම ආණ්ඩුව ගැනීමට බලාපොරොත්තු වන පියවර දෙස බලන විට ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයේ ම බරපතළ අඩුවක් පවතින බව පෙනේ. පළමුවෙන්ම සහල් හිඟයක් ඇත්තේ රතු සහ නාඩු සහල්වල පමණක් බව ද අවධාරණය කළ යුතුය. නොයෙකුත් නම්වලින් හැඳින්වෙන සම්බා සහල්වල හිඟයක් නැත. ඉදිරියේ දී පොදුවේ සහල් හිඟයක් ඇති නොවීමට ගන්නා පියවරක් වන්නේ දැනට අභාවයට ගොස් ඇති වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රිය කිරීමයි. වී අලෙවි මණ්ඩලය සතුව වී තොග පවතින්නේ නම් සහල් හිඟයක් ඇති වන විට වෙළඳ පොළට සහල් තොග නිකුත් කිරීමට රජයට හැකියාවක් ලැබේ. දැනට වී අලෙවි මණ්ඩලයට එවැනි වී තොග නැති නිසා රජයට වෙළඳ පොළ මැදිහත් වීමක් කළ නොහැකිය.

එමනිසා නව රජයේ පියවර වන්නේ අභාවයට ගොස් ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහ වී මෝල් පිළිසකර කොට නැවත වී ගබඩා කිරීමටත් වී කෙටීමටත් සුදුසු තත්වයකට පත් කිරීමය. එය එළඹෙන මහ කන්නයේ අස්වනු වෙළඳ පොළට පැමිණීමට පෙර නිම කළ යුතු නිසා ඊට හමුදාවේ සහාය ලබා ගන්නා බවද පළ විය.

බැලූ බැල්මට වෙළඳ පොළ පවතින පෞද්ගලික ඒකාධිකාරියට මුහුණ දීමට මෙය කාලීන පියවරකි. දැනට වෙළඳ පොළ ක්‍රියාත්මක වන ඒකාධිකාරී මෝල් හිමියන් අස්වනු නෙළන කාලයේ දී අඩු මිලට වී ලබා ගෙන වෙළඳ පොළ හිඟයක් ඇති වන විට වැඩි මිලට සහල් තොග නිකුත් කිරීමෙන් විශාල ලාභයක් උපයා ගනී. වී අලෙවි මණ්ඩලය සතුව තිබු වී මිලදී ගැනීමේ ඒකාධිකාරී බලය 77 බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඉවත් කිරීමෙන් පසුව එම ක්ෂේත්‍රයේ බිහිව ඇති මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ වර්ධනය අනුව උපයා ගෙන ඇති ලාභ ප්‍රමාණය ගැන අදහසක් ඇති කර ගත හැකිය. වී අලෙවි මණ්ඩලයේ ඒකාධිකාරී බලය පැවති සමයේ එවැනි මහා පරිමාණ මෝල් හිමියන් බිහි වූයේ නැත.

එහෙත් මෙම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව විශාල වී තොග හෝ සහල් තොග තිබුණ බවට කිසිදු සාධකයක් නැත. රජයේ නිලධාරීන් ගොස් එම ගබඩා සංකීර්ණ පරික්ෂාවට ලක් කළද වෙළඳ පොළ සහල් මිලට බලපෑමක් වන ආකාරයේ සහල් තොග නිකුත් කිරීමට හැකි වූයේ නැත. සහල් තොග කිසියම් ප්‍රමාණයකින් වෙළඳ පොළට පැමිණිය ද පවතින හිඟයට එය පිළියමක් වූයේ නැත. එමනිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් කෘත්‍රිම ආකාරයට කැකුළු සහල් හිඟයක් නිර්මාණය කර ඇතැයි යන තර්කය මුලින් සඳහන් කළ සහල් බෙදීම නිසා හිඟයක් ඇති වූයේය යන්නෙන් වෙනස් නොවේ.

වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කිරීමෙන් ඉදිරියේ වෙළඳ පොළ සහල් හිඟයක් වැළැක්විය හැකියැයි උපකල්පනය කිරීම ද සැබෑ තතු නොදැන ගෙන ඇති තීරණයකි. වී අලෙවි මණ්ඩලය නැවත පණ ගැන්වීමේ දී එහි කලින් පැවති වංචා සහ හොරකම් වැළැක්වීමේ පියවර මෙතෙක් දක්වා නැත. නමසිය හැත්තෑ ගණන්වල ආරම්භයේ දී ලෝක බැංකුවේ නිර්දේශයක් මත පිහිටුවන ලද වී අලෙවි මණ්ඩලයෙන් ගොවියාට හෝ පාරිභෝගිකයාට සේවයක් වූයේ නම් ඒ අල්ප වශයෙනි. එම ආයතනය වාර්ෂිකව අත් කර ගත් විශාල පාඩුව හා සසඳන විට එය කිසිසේත් ප්‍රමාණවත්යැයි කිව නොහැකිය. වැඩිම වාසියක් අත් වූයේ වී මිලදී ගැනීම සහ සහල් මෝල් පාලනය කළ දූෂිත නිලධාරීන්ට ය. එය ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමේ දී සිදු නොවන බවට කිසිදු සහතිකයක් නැත.

පළමුවෙන්ම කූපන් පොතට සහල් ලබා දුන් කාලයේ මෙන් නොව දැන් පාරිභෝගික රුචිකත්වයේ වෙනසක් සිදුව ඇති බව පැහැදිලිය. කූපන් පොතට සහල් ලබා දුන් අවධියේ පාරිභෝගිකයාට සහල් සුදු රතු වශයෙන් තේරීමක් කිරීමට අවස්ථාවක් තිබුණේ නැත. සහන මිලට ලැබෙන දෙය භාර ගත යුතුය. එහෙත් අද තත්වය හාත්පසින්ම වෙනස් ය. පාරිභෝගිකයා විවෘත වෙළඳ පොළෙන් සහල් මිලදී ගන්නා නිසා ඔහුට කැමති සහල් වර්ගයක් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය.

එහෙත් සහල් මොල් හිමියන් උනන්දු වන්නේ වෙළඳ පොළ ස්වභාවය අනුව වැඩිම ලාභයක් ලැබීමට නිසා ඔවුන් යොමු වන්නේ වැඩිම ලාභයක් ලබා ගත හැකි වී මිලදී ගැනීමට සහ සහල් නිපදවීමට ය. වී ඇටයක් සහල් කිරීමේ දී රතු හෝ සම්බා වශයෙන් වෙන් කළ හැකි වුවද නිෂ්පාදන නැතිනම් වගා කිරීමේ වියදම ඒ දෙකටම එකය. එමනිසා සම්බා වී වර්ග වගා කිරිමට ඇති පෙළඹීම වැඩිය. රතු කැකුළු සහල් අලෙවියෙන් ලබා ගත හැකි ලාභය අඩු නිසාත් ගබඩා කර තැබීමේ දී ඇති විය හැකි හානිය වැඩි නිසාත් ඒ ගැන ගොවියා මෙන්ම සහල් මෝල් හිමියා සැලකිලිමත්වීම පුදුමයක් නොවේ. අද වෙළඳ පොළ හැසිරෙන්නේ එම න්‍යාය අනුවය. එය තේරුම් නොගෙන ඉදිරියේ සහල් හිඟයක් ඇති නෙවිමට පියවර ගැනීම දිරා ගිය රෙද්දකින් සුළං බැඳීමට ගන්නා උත්සාහයට වෙනස් නොවේ.

මීට අමතරව වැදගත් සාධකයක් වන්නේ කන්න දෙකකට පමණක් සීමා වන බෝගයක අස්වැන්න වසර පුරාම නොවෙනස්වන ඉල්ලුමට සරිලන ආකාරයට ගබඩා කිරීම ය. සහල් තොග දිගු කලක් ගබඩා කිරීම අපහසු වියදම්කාරි වැඩ පිලිවෙළක් නිසා දිගු කලක් ගබඩා කළ යුත්තේ වී ය. ඒ සඳහා ද සුදුසු පහසුකම් තිබිය යුතුය. වත්මන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ එහි මූල්‍යමය පිරිවැයක් ද පවතී. එමනිසා ඉතාමත් කෙටියෙන් ඉදිරියේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමට වී අලෙවි මණ්ඩලයේ පැරණි ගබඩා සහ සහල් මෝල් ප්‍රතිසංස්කරණය කිරීම සහ වාග් චාතුර්ය කිසිසේත් ප්‍රමාණවත් නැත. ඒ සඳහා සැලසුම් ගත දීර්ඝ කාලින වැඩ පිළිවෙළක් අවශ්‍ය ය. 

The post රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%af%e0%b7%93-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/feed/ 0
හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. https://vivaranalk.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba/#comments Wed, 08 Jan 2025 04:14:34 +0000 https://vivaranalk.com/?p=12494 ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට ලක් වූයේ සහල් සහ පොල් හිඟයයි. සහල් හිගයක් වාර්තා වූයේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන කැකුළු සහල් සහ නාඩු නමින් හඳුන්වන තැම්බූ සහල් සඳහාය. ඉහළ මධ්‍යම […]

The post හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. appeared first on විවරණ.

]]>
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට ලක් වූයේ සහල් සහ පොල් හිඟයයි. සහල් හිගයක් වාර්තා වූයේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන කැකුළු සහල් සහ නාඩු නමින් හඳුන්වන තැම්බූ සහල් සඳහාය. ඉහළ මධ්‍යම පංතිය වැඩියෙන්ම පරිභෝජනයට ගන්නා සම්බා හෝ කිරි සම්බා වල අඩුවක් වෙළඳ පොළ දක්නට නැත. එමනිසා ආර්ථිකයේ වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගේ ආහාර වේල පිළිබඳ ප්‍රශ්නයක් වූ සහල් සහ පොල් හිඟයට වහාම විසඳුමක් සෙවීම නව අභියෝගවලට මුහුණ දීමට රජයට ඇති හැකියාව පරීක්ෂණයට ලක් කිරීමකි.

සහල් සැමදාම ලංකාවේ දේශපාලනයේ අභියෝගාත්මක ප්‍රශ්නයකි. නවසිය පනස් ගණන්වල මුළ ශත විසි පහට තිබු හාල් සේරුව ශත හැත්තෑ දෙකක් කිරීම නිදහස් ලංකාවේ පළමු ජනතා නැගිටිම වූ පනස් දෙකේ හර්තාලයට හේතු විය. ඩඩ්ලි සේනානායක ට  සිය පියාගෙන් උරුම වූ අගමැති පදවිය අතහැර යෑමට සිදු වූයේ එම ජනතා නැගිටීම නිසාය. ඉන් පසුව පනස් හයේ ආණ්ඩු පෙරළියට හේතු වූ ප්‍රබල කරුණක් වූයේ ද හාල් ප්‍රශ්නයයි. හැත්තෑ හතේ ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වන තෙක් සෑම මැතිවරණයක දීම පහසු මිලට හාල් සැපයීම තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයක් විය. හැත්තෑවේ දී සමගි පෙරමුණට නායකත්වය දුන් සිරිමා බණ්ඩාරනායක හඳෙන් හෝ හාල් ගෙනවිත් දීමට පොරොන්දු වුවාය. හැත්තෑ හතේ දී ජේ ආර් ද ඇට රාත්තල් අටක් ලබා දීමට පොරොන්දු වූයේය. එහෙත් ඔහු බලයට පත් වීමෙන් පසු සහල් සහනාධාරය සම්පූර්ණයෙන්ම කපා හැරියේය. ඉන් පසුව පැවති මහා මැතිවරණවලදී සහල් මිල තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයක් වූයේ නැත. 

එහෙත් ජීවන වියදම සියලු දේශපාලන වේදිකාවල නිතර කතා බහට ලක් වූ මාතෘකාවකි. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ දත්ත අනුව 2019 සිට 2024 දක්වා කාලය තුළ පුද්ගලයෙකුගේ මාසික වියදම රු. 6966.00 සිට 17014.00 දක්වා සියයට 144කින් වැඩි විය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ දරිද්‍රතාවය සියයට 11 සිට 26 දක්වා ඉහළ යෑමය. වෙනත් ආකාරයෙන් රටේ ජන සංඛ්‍යාවෙන් හතරෙන් එකක්ම දරිද්‍රතා මට්ටමට පත්විම ය. දරිද්‍රතාවය වැඩිවීමට මූලික ආහාර මිල ඉහළ යෑමට අමතරව තවත් සාධක බලපැවැත් වූ නමුත් ආහාර ප්‍රශ්නය ඒ සියල්ලට වඩා වැදගත් ය.

එවැනි පරිසරයක සහල් පොල් මිල නව රජයේ නිර්මාණයක් නොවන නමුත් එය වහාම විසඳුම් සෙවිය යුතු තීරණාත්මක ගැටලුවකි. එය තීරණාත්මක වන්නේ සාධාරණ මිලකට ජනතාවට සහල් ලබා දීම පමණක් නොවේ. එවැනි ප්‍රශ්න මින් ඉදිරියට ඇති නොවිමට නව රජය ගන්නා ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ද අතිශයෙන් වැදගත් ය.

තවත් විසඳුමක් වූයේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් හදිසි අවශ්‍යතාවයක් ලෙස ආනයනය කිරීමට නිදහස් ආනයන බලපත්‍ර ලබා දිම ය. එහෙත් පුදුමයට මෙන් මේ කිසිවක් සහල් මිලේ අඩුවකට හෝ වෙළඳ පොළේ සහල් සුලබතාවයකට හේතු වූයේ නැත. බොහෝ සිල්ලර වෙළඳුන් පාලන මිල නොසලකා වැඩි මිලට සහල් අලෙවි කළ අතර රතු කැකුළු වැනි සහල් හිඟය පෙර පරිදිම පැවතිණ. හදිසි පියවරක් වශයෙන් සතොස අලෙවි සල් මගින් පාලන මිලට සීමා සහිත ප්‍රමාණයක සහල් අලෙවි කළ ද එය වෙළඳ පොළට දැඩි බලපෑමක් ඇති කළ බවක් නොපෙනේ. පාලන මිල වූ රු. 230ට සහල් ලබා ගත හැක්කේ සතොසෙන් පමණි. සුපිරි වෙළඳ සැල්වල පවා සහල් මිල ඊට වැඩිය.

හේතු කාරක කුමක් වුවත් වෙළඳ පොළේ පවතින සහල් හිගය නැතිනම් වඩාත් නිවැරදිව මිල ඉහළ යෑම වැළැක්වීමට රජය ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. අද පවතින වෙළඳ පොළ තත්වය අනුව මිල පාලනය සාර්ථක විසඳුමක් නොවේ. පාලන මිලට අලෙවි කළ නොහැකි නිසා වෙළඳුන්ගේ ප්‍රතිචාරය වන්නේ සහල් විකිණීම නතර කිරීමය. එවිට පාරිභෝගිකයන් ට නියමිත මිලට සහල් ලබා දීමේ වෙනත් යාන්ත්‍රණයක් ද නැත නමසිය හැට ගණන්වල පැවති ආකාරය කූපන් පොතට සහල් ලබා දීම අද පවතින තත්වයට කිසිසේත් ගැලපෙන්නේ නැත. ප්‍රයෝගික ද නැත.

මින් අදහස් වන්නේ කුමක් ද? පාරිභෝගිකයාට පහසු මිලට සහල් ලබා දීමේ උත්සාහය ව්‍යාර්ථ කිරීමකි. සහල් කිලෝවක් රු. 230ක් යනු සාමාන්‍ය ආදායම් ලබන අයෙකුට පවා දැරිිය නොහැකි මිලකි. මාස කීපයකට පෙර සහල් කිලෝවක් රු. 150-180ත් අතර මිලක පැවතිණ. ඒ තත්වය යටතේ හෝ තුන් වේලට ප්‍රමාණවත් ආහාර සපයා ගැනීම සාමාන්‍ය පවුලකට දැරිය නොහැකි තරම් ය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුව පවසන ආකාරයට පවුල්වලින් සියයට 60කම ආදායම් තත්වය පසුගිය වසර කීපය තුළ පහත වැටිණ. එවැනි තත්වයක් යටතේ ජනතාවාදී රජයක ප්‍රමුඛතාවය විය යුත්තේ පහසු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමය. එය රජයේ ආදායම වැඩි කිරීමේ මාර්ගයක් කර ගැනීම පැරණි මාර්ගයේම යන අලුත් ගමනකි.

තීරු බදු වැඩි කිරීම ගොවියා ආරක්ෂා කිරීමටය යන්න තර්කය ද බොළඳ එකකි. ගොවියා වෙත වී තොග පවතින්නේ නම් සහල් මිල ඉහළ යෑමට හේතුවක් නැත. ඇත්තෙන්ම දැන් සහල් තොග ඇත්තේ මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් වෙතය. තීරු බදු වැඩි කිරීමේ වාසිය යන්නේ ගොවීන්ට නොව පාරිභෝගිකයා සූරා කෑමට යොමුව සිටින ව්‍යාපාරිකයන්ට ය. සාමාන්‍ය ගොවියෙකුට තම අස්වැන්න රඳවා ගෙන සිටීමට ආර්ථික හැකියාවක් නැත. සමහර ගොවීන් තම අස්වැන්න කුඹුරේදීම විකුණා දමන බව ගොවි නායකයන්ට රහසක් විය නොහැකිය. 

වෙළඳ පොළේ වී මිල ස්ථාවරව පවත්වා ගැනීම සිදු කළ යුත්තේ අස්වැන්න නෙළන කාලයේ දීය. එවැනි අවස්ථාවක සහල් ආනයනය සීමා කිරීම හෝ සුදුසු ආකාරයට තීරු බදු වැඩි කළ හැකිය. සහල් හිඟයක් පවතින අවස්ථාවේ තීරු බදු තවත් වැඩි කිරීම පාරිභෝගිකයා සූරා කෑමකි. දැනට සිදුව ඇත්තේ සහල් තොග රැස් කර ගෙන සිටින මෝල් හිමියන් ට අඩු මිලට ගත් වී තොග සහල් කර වැඩි මිලකට විකිණීමට අවස්ථාව සැලසීමකි.

සහල් මිල ස්ථාවර කිරීමට වී අලෙවි මණ්ඩලය නැවත ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයද ඊට වෙනස් නොවේ. ඉදිරි ලිපියකින් අපි ඒ ගැන සාකච්ඡා කරමු.

The post හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba/feed/ 1
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. https://vivaranalk.com/%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%84-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%84-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/#respond Mon, 30 Dec 2024 05:39:21 +0000 https://vivaranalk.com/?p=12475 හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. ඉන් අදහස් වන්නේ රෝපනය කළ බීජයකින් නිසි පලප්‍රයෝජන ගැනීමට හැකි වන ආකාරයට ගසක් හෝ වැලක් වැඩේද යන්න බීජයෙන් පිටවන පළමු පෙති දෙකින්ම නිශ්චය කළ හැකිය යන්නයි. සාමාන්‍ය ගොවියාට උද්භිද විද්‍යාව ගැන විද්‍යාත්මක දැනුමක් නැති වුවද කලක් තිස්සේ නිරීක්ෂණයෙන් සහ අත්දැකීමෙන් ලබා ගන්නා දැනුමෙන් රෝපනය කළ බීජයෙන් නිසි […]

The post හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. appeared first on විවරණ.

]]>
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. ඉන් අදහස් වන්නේ රෝපනය කළ බීජයකින් නිසි පලප්‍රයෝජන ගැනීමට හැකි වන ආකාරයට ගසක් හෝ වැලක් වැඩේද යන්න බීජයෙන් පිටවන පළමු පෙති දෙකින්ම නිශ්චය කළ හැකිය යන්නයි. සාමාන්‍ය ගොවියාට උද්භිද විද්‍යාව ගැන විද්‍යාත්මක දැනුමක් නැති වුවද කලක් තිස්සේ නිරීක්ෂණයෙන් සහ අත්දැකීමෙන් ලබා ගන්නා දැනුමෙන් රෝපනය කළ බීජයෙන් නිසි අස්වැන්නක් ලබා ගත හැකි ද යන්න තීරණය කළ හැකිය. ඔහුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එවැනි නිරීක්ෂණය කිරීමේ හැකියාව මතය.

ජනවහරේ මෙම කියමන සිහි වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කෝඩුකාර ඇමතිවරුන් කතා කරන ආකාරය සහ සමහර තීරණ ගන්නා ආකාරය දෙස බැලීමෙනි. පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී මෙම නවකයන්ට එරෙහිව එල්ල වූ චෝදනාවක් වූයේ ඔවුන්ට පලපුරුද්දක් නැති නිසා රටේ පාලනය භාර දීම සුදුසු ද යන්නයි. පසුගිය වසර හැත්තෑ හයක අසාර්ථක දේශපාලනයකට උරුමකම් කියන අය තමන් මෙම නවකයන්ට වඩා සුදුසුයැයි කීවේ වසර ගණනාවක්ම පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදි සිටීම මතය. එම කාලය තුළ ජනතාවට ඵලදායී සේවයක් ඉටු කෙළේද යන්න ගැන ඔවුන් සැලකිල්ලක් දැක් වූයේ නැත. වැදගත් වූයේ මහජන නියෝජිතයෙකු ලෙස කොපමණ කාලයක් මංත්‍රීවරයෙකුට හිමි සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් පාර්ලිමේන්තුවේ සිටියා යන්න පමණි. එවැනි ගණන් බැලීම්වල අවසාන ප්‍රතිඵලය වූයේ රටම බංකොළොත් වී දෙසිය විසිපහම එපා යන්න ජනගත වීමය.

මෙම පලපුරුදුකම් ගැන විවාදය මතු වූ විට ජනබලවේගයේ තර්කය වූයේ තමන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ට පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීමේ පලපුරුද්දක් නැති වුවද දේශපාලනයේ යෙදී සිටීමේ මනා පලපුරුද්දක් ඇත යන්නයි. ඇත්තෙන්ම එය ප්‍රබල තර්කයකි. දේශපාලන පලපුරුද්ද  මැතිවරණවලට ඉදිරිපත්වීමෙන් පමණක් ලබා ගත නොහැකිය. මැතිවරණ දේශපාලනයට ඇබ්බැහි වූවන්ට පලපුරුද්ද ඇත්තේ මැතිවරණ සටන් දිනා ගන්නා ආකාරය ගැනය. කිසි දින ඉටු කළ නොහැකි පොරොන්දු දී ජන කැමැත්ත ලබා ගන්නා ආකාරයයි. මැතිවරණ සටන දිනා ගත් පසු ජනතාව මැඩි පොල්කුඩු සේ ඉවත දැමීම පසුගිය දශක ගණනාව තුළ සිදු විය. රවටනු ලැබු ජනතව සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකයන් ප්‍රතික්ෂේප කෙළේ එම නිසාය. ඡන්දය ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසෙන ඔවුන් මහජන නියෝජිතයන් වූයේ නමට පමණි. ඔවුන් සැබැවින්ම නියෝජනය කෙළේ තමන්ගේම අවශ්‍යතාවයයි. ‘සිස්ටම් චේන්ජ්’ එකක් අවශ්‍ය වූයේ එම නිසාය.

අපට මෙවැනි අදහස් සිතට නැගුණේ පසුගිය දිනක අගමැතිනි හරිනි අමරසූරිය මහජන චීනයෙන් ලංකාවේ පාසල් සිසුන්ට පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු රෙදි තොගයක් භාර දීමේ උත්සවයේ දී කළ කතාවක් ගැන පුවත් පත්වල පළ වූ වාර්තා නිසාය. එම තොරතුරු ජනමාධ්‍යයේ පළවීම ඇය පාර්ලිමේන්තුවේ දී විවේචනය කළ බවද වාර්තා විය. ජනමාධ්‍යයේ තොරතුරු විකෘති කිරීමත් පුද්ගලයන් අපහසුවට ලක් වන ආකාරයට පළ කිරීමත් එම වෘත්තියේම ලක්ෂණයකි. ඒවාට වාරණ තහංචි පැනවීම බොහෝ විට අතීසාරයට අමුඩ ගැසීමක් විය හැකිය. වැදගත් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළ ආකාරයට සුළු හෝ වැරැද්දක් නොකිරීම සහ වැරැද්දක් සිදු වූයේ නම් එය නිවැරද කර ගැනීමට අවංකවම කැප වීම ය.

අගමැතිනි හරිනි අමරසූරිය ජනමාධ්‍යයේ විවේචනයට ලක් වූයේ ඇය වරායේ පැවති උත්සවයට ප්‍රමාද වී පැමිණීම සහ එහිදි ඇය කළ කතාවේ දී මහජන චීන සමූහාණ්ඩුව වෙනුවට චීන සමූහාණ්ඩුව යන්න යොදා ගැනීම ය. ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දු නොවන සාමාන්‍ය කෙනෙකුට මහජන චීන සමූහාණ්ඩුව යන්නත් සහ චීන සමූහාණ්ඩුව යන්නත් අතර වෙනසක් දැකිය නොහැකිය. එහෙත් ජාත්‍යන්තර දේශපාලනය අනුව එය බරපතළ වැරැද්දකි. වත්මන් චීනයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විකෘති කිරීමකි.

චීන සමූහාණ්ඩුව යනුයෙන් හැඳින් වෙන්නේ චීනයෙන් පලා ආ චියාන්කායිෂෙක් ඇමරිකානු සහාය ඇතිව පෝර්මෝසා නමින් හැඳින් වූ කුඩා දූපතේ පිහිටුවා ගත් පාලනයයි. මහජව චීන සමූහාණ්ඩුව යන්නෙන් අදහස් කරන්නේ බීජිං හි පිහිටි ජාත්‍යන්තරව පිළිගත් පාලනයයි. මේ දෙක පටලවා ගැනීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බරපතළ වැරැද්දකි. සමහර විට එම උත්සවයට පැමිණ සිටි චීන තානාපතිවරයා පවා මෙය වචන යොදා ගැනීමේ අඩුවක් සේ පෙනෙන්නට ඇත. මහජන චීනයත් ශ්‍රී ලංකාවත් අතර ඇති සම්බන්ධතාවය දීර්ඝකාලීන ශක්තිමත් බැම්මක් බව ඔහුට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. බරපතළ කාරණයක් සේ සැලකුවේ නම් වහාම ඊට ප්‍රතිචාර දක්වනු ඇත.

අනෙක් කාරණය උත්සවයට පැයක් ප්‍රමාද වී පැමිණීම ය. එයට ද අගමැතිනි හරිනිට සාධාරණ හේතු තිබෙන්නට ඇත. එහෙත් ඒවා නිසි ආකාරයට සන්නිවේදනය නොවීමෙන් පෙනී යන්නේ නොසැලකිල්ල සහ ආකාර්යක්ෂමතාවය වැනි කරුණුය.

2025 අධ්‍යයන වර්ෂය සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද පාසල් නිල ඇඳුම් චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත භාරදුන්න අවස්ථාව..

හැදෙන ගහේ දෙපෙත්ත සිහි වන්නේ මෙවැනි සිද්ධීන් නිසාය. කතාවක් කිරීමට පෙර කියන දේ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම සහ නියමිත වේලාවට අවශ්‍ය දේ නොකිරීම පුරුද්දක් බවට පත්වීම බරපතළ ව්‍යාධියක මූලික ලක්ෂණයයි. ඉන් සනිටුහන් වන්නේ තවත් ජනවහරක් අනුව නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට බැරි තත්වයට පත්වීමේ අනතුරයි.

මෙවැනි මානසික තත්වයක් ඇති වන්නේ තමන් ගැන අධිකසේරුවක් පැවතීම සහ අනුන් ගැන අවතක්සේරුවක් පැවතීම නිසාය. තමා කියන දේ අනෙකුත් අය ඒ සැටියෙන්ම භාර ගන්නා බවට විශ්වාසයක් තිබීම නිසා කියන දේ ගැන කලින් සූදානම් වීම අනවශ්‍ය ය. වේලාව ගැන තක්සේරු කරන්නේ ද එසේය. නියමිත වේලාවට පැමිණීමට නොහැකිවීම අනෙක් අය විඳ දරා ගත යුතුය. තමා වෙනුවෙන් ඔවුන්ගේ කාලය අපතේ යැවීම වැදගත් වන්නේ නැත. එය ඔවුන් තමා වෙනුවෙන් දැරිය යුතු පිරිවැයකි. ඒ සියල්ලෙන් කියවෙන්නේ තමා ඔවුන්ට වඩා වැදගත් ඉහළ තලයක සිටින්නේය යන ප්‍රභූ මානසිකත්වය යි.

මෙම අනතුරෙන් මිදිය හැකි වන්නේ ජනතාව ගැනත් තමන්ගේ කාර්ය භාරය ගැනත් සංවේදී වීමෙනි. වෙනත් වචනයකින් නම් ජනතාවාදී දේශපාලනයෙනි. සංවේදී නායකයාට වැදගත් වන්නේ තමා නොව අනිකා ය. තමා කරන කියන දේ අනෙකාට බලපාන ආකාරය ගැන සංවේදී වීමෙනි. දේශපාලන බලයෙන් සිදු වන්නේ මෙම සංවේදී භාවය ක්‍රම ක්‍රමයෙන් සිඳී යෑමය. ජනතා නියෝජිතයා ජනතා නායකයා බවට පත් වන්නේ ඒ ආකාරයෙනි. මෙම ව්‍යාධියේ ලක්ෂණය පිළිකාවක් මෙන් මුල් අවස්ථාවේ හඳුනා ගත නොහැකිය. එය සමහර විට මහජන චීන සමූහාණ්ඩුව වෙනුවට චීන සමූහාණ්ඩුව වැනි යෙදුමක් හෝ පැයක් දෙකක් ප්‍රමාදවීම වැනි ලක්ෂණයක් විය හැකිය. එය මුල් අවස්ථාවේ දී හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළ හොත් ප්‍රතිකාරයක් නැති රෝගී තත්වයක් වනු ඇත.

අද රට මුහුණ දී ඇති දේශපාලන ආර්ථික අර්බූදයට විසඳුම් සෙවීමේ දී සංවේදී නායකත්වයක් තිරණාත්මක වන්නේ එම නිසාය. සංවේදී නායකත්වයක් බිහි වන්නේ භාවිතයෙන් සහ ආදර්ශයෙන් බව මෙම කෝඩුකාර පාලකයන් සිහි තබා ගැනීම වැදගත් ය. 

The post හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%84-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/feed/ 0
හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. https://vivaranalk.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b6%85%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad-%e0%b6%b4%e0%b6%ad-%e0%b6%9c%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b6%85%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad-%e0%b6%b4%e0%b6%ad-%e0%b6%9c%e0%b7%8f/#respond Wed, 18 Dec 2024 05:03:51 +0000 https://vivaranalk.com/?p=12437 ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කළ පළමු පත්වීම හකුළා ගැනීමට සිදු විය. ඒ කතානායක ධුරයට  පත් කළ අශෝක රන්වල අධ්‍යාපන සුදුසුකම් ලෙස සාවද්‍ය තොරතුරු සඳහන් කෙළේයැයි නැගුණ චෝදනාව නිසා ඉල්ලා අස්වීමය. අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රථමයෙන්ම කතා බහට ලක් වූයේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඔහුට උපාධියක් නැතැයි ද තිබේ නම් ඔප්පු […]

The post හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. appeared first on විවරණ.

]]>
ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කළ පළමු පත්වීම හකුළා ගැනීමට සිදු විය. ඒ කතානායක ධුරයට  පත් කළ අශෝක රන්වල අධ්‍යාපන සුදුසුකම් ලෙස සාවද්‍ය තොරතුරු සඳහන් කෙළේයැයි නැගුණ චෝදනාව නිසා ඉල්ලා අස්වීමය. අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රථමයෙන්ම කතා බහට ලක් වූයේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඔහුට උපාධියක් නැතැයි ද තිබේ නම් ඔප්පු කරන්නැයි ප්‍රසිද්ධියේ අභියෝග කිරීමත් සමග ය. පාර්ලිමේන්තු මැතිවරණයේ දී අන්ත පරාජයට පත්ව කර කියා ගැනීමට දෙයක් නැතිව ළත වු විපක්ෂයට එය කදිම පිදුරු ගසක් විය.

වහාම ක්‍රියාත්මක වූ සමගි ජනබලවේගය විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට අත්සන් එකතු කිරීම ආරම්භ කෙළේ රූපවාහිනි කැමරා ඉදිරියේය. සමගි ජනබල වේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එය හැඳින් වූයේ පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානයේ අවසන් පියවර සේය. කෙසේ වුවත් අශෝක රන්වල තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුව රැස්විමට පෙරාතුවම භාරදීම නිසා වේදිකාවට ගොඩවීමටත් පෙර නාටකය අවසන් විය.

රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රසිද්ධ විවාදය ඇරඹීමත් සමගම දේශපාලකයන් මෙන්ම විවිධ විශාරදයෝ කතානායක තනතුරේ ඇති භාරදූර වගකීම් ගැන ජනතාවට නැවත සිහිපත් කළහ. මෙවැනි ප්‍රශ්නවලදී ජනතාව දැනුවත් කිරීමට ප්‍රබුද්ධ පුද්ගලයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක අගය කළ යුතුය. එහෙත් වෙනසක් අපේක්ෂාවෙන් පසුගිය මහා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ සුවහසක් ජනතාවගේ දැනුම ඊට වඩා ඉදිරියෙන් ඇති බවද අමතක නොකළ යුතුය. වැඩි ඈතකට නොගිය ද පසුගිය පාර්ලිමේන්තුවේ ගරු කතානායක සිය භාරදූර කාර්ය තම දේශපාලන ස්වාමි පුතුන්ට අවැඩක් නොවන ආකාරයට ඉටු කළ ආකාරය තවමත් ජනතා මතකයෙන් ඈත්ව නැත. ඊටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුව සිටි ෂිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවෙන් නඩු විභාග කොට ඉවත් කිරීමේ දී කතානායකවරයා පාර්ලිමේන්තුවේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ගෞරවය රැකි ආකාරය ෂිරාණි බණ්ඩාරනායක පළ කළ ‘උත්තරීතර දෝෂාභියෝගයේ ඇතුළාන්තය’ කම් කෘතියේ මැනැවින් විස්තර කර ඇත. එමනිසා කතානායක තනතුරේ ගරුත්වය රැකි ආකාරය ගැන අටුවා වීකා අනවශ්‍ය ය.

එහෙත් ඒ සමගම එම තනතුරේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ඉහළින්ම ආරක්ෂා කළ කතානායකවරුන් සිටි බවද සඳහන් කළ යුතුය.

පළමුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වීම සඳහා සුදුසුකම වන්නේ ඡන්දදායකයෙකු වීම පමණය. එහිම 91 වැනි ව්‍යවස්ථාවේ ඇති විධි විධාන යටතේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වීමට ඇති නුසුදුසුකම් ද දක්වා ඇත. එහි අධ්‍යාපක සුදුසුකම් ගැන කිසිත් සඳහන් වන්නේ නැත. ඒ සමගම ඕනෑම මංත්‍රිවරයෙකුට කතානායක ධුරය සඳහා ඉදිරිපත්වීම ට සුදුසුකම ද අනිවාර්යෙන්ම හිමි වේ. එමනිසා අධ්‍යාපන සුදුසුකම්වල අඩු පාඩුවක් අනුව කතානායක ධුරයෙන් ඉවත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයක් නැත.

ඇත්තෙන්ම දේශපාලනයට වැදගත් වන්නේ අධ්‍යාපන සුදුසකම් නොවේ. මහජන සේවයට ඇති කැපවීමය. එවැනි කැපවීමක් ඇති වන්නේ ජනතාව මුහුණ දෙන සහ පිළිතුරු බලාපොරොත්තු වන ගැටළු ගැන අවබෝධයක් ලබා ගැනීමෙනි. එහි දී අධ්‍යාපනය වැදගත් සාධකයක් වුවද තීරණාත්මක නොවේ. චීන විප්ලවයේ ඉතිහාසය සහ මාවෝ චින්තනය හැදෑරු බොහෝ දෙනෙකුට සිහිපත් කළ හැකි ආකාරයට මාවෝ සේතුං ජනතාවගෙන් ඉගෙන ගන්න කීවේ එම නිසාය. බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් ගණිතමය සමීකරණ ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගන්නා ගැටළුවලට ජනතාවගෙන් පැහැදිලි ප්‍රයෝගික විසඳුම් ලබා ගත හැකිය. එහිදී වැදගත් වන්නේ බුද්ධියයි. ඇත්තෙන්ම සුළු ධනේහ්වර චින්තනයෙන් ජනතාව විස්මිත කිරීමට ප්‍රයත්න ගන්නා බොහෝ දෙනෙකුට නැත්තේ එම බුද්ධියයි.

ජීවන තක්ෂිලාව ගැන අප නිතර අසා ඇත. තුන් වැනි වරටත් ඉන්දියාවේ අගමැති තනතුරට තේරී පත් නරේන්ද්‍ර මෝදි දේශපාලනය ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලවලින් නොවේ. ඔහුගේ දේශපාලනය ජනහිතකාමී නොවුවද ශාස්ත්‍රීය දැනුම ඇති අයට වඩා ජනතාව ආමන්ත්‍රණය කිරීමටත් දිනා ගැනීමටත් ඔහුට ඇති හැකියාව සැබැවින්ම අගය කළ යුතුය. තම ජනතාව අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමට විප්ලවවාදී ව්‍යාපාරයකට නායකත්වය ලබා දුන් වියට්නාමයේ හෝචි මින් ද ජීවන තක්සලාවෙන් උගත් අයෙකුට නිදසුනකි.

අද බොහෝ දෙනෙකු ජීවන පරිඥානයෙන් ලබා ගත යුතු මෙම අවබෝධයේ ඌනතාවය පිරිමසා ගැනීමට උත්සාහ කරන්නේ ශාස්ත්‍රීය උපාධිවලිනි. එහෙත් එවැනි බොහෝ දෙනකුට සාර්ථක දේශපාලකයන් වීමට හැකියාව ලැබුනේ නැත. ශාස්ත්‍රීය දැනුම ප්‍රායෝගික ජීවිතයට  යොදා ගන්නා අයුරු නොදත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට වඩා ඒවා වඩාත් උග්‍ර කිරීමට හේතුවන පියවර ගත් ආකාරය නිදහසින් පසු අපේ ඉතිහාසයෙන්ම පැහැදිලි ය. අවසානයේ දී රට බංකොළොත්වීමට හේතු වූයේ ද මෙම (නො)දත් කම ය. 

අප දකින ආකාරයට අශෝක රන්වල සමාජයේ වෙනසක් ඇති කිරීමට සහ අලුත් සමාජයක් නිර්මාණය කිරීමට නුසුදුස්සෙකු වන්නේ ඒ අර්ථයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇති ආකාරයට ඔහුට පාර්ලිමේන්තුවේ කතානායක තනතුරට අවශ්‍ය සුදුසුකම්වල අඩුවක් නැත. නමුත් ඔහුට ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට සුදුසුකම් නැති බව නම් හොඳින් ප්‍රදර්ශනය කර ඇත. ඒ අඩුව කතානායක තනතුරෙන් ඉවත්වීමෙන් පමණක් සපිරෙන්නේ නැත.

ජනතාවගෙන් ලබන අධ්‍යාපනයට වඩා අසාර්ථක වී ඇති ක්‍රමය පවත්වා ගැනිමට ගුරුහරුකම් ලබා දෙන ආයතන කෙරේ විශ්වාසය තැබීම තවත් විනාශයකට අත වැනීමකි.

අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විවාදයෙන් පැහැදිලි වන්නේ එය පුද්ගලයෙකුට සීමා වූ ලක්ෂණයක් නොවන බවය. ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට දැක්මක් සහ අවබෝධයක් ඇති අයගේ බරපතළ ඌනතාවයක් පවතින බව පැහැදිලි ය. එම අඩුව ලොව පතළ විශ්වවිද්‍යාල හෝ වෙනත් සුප්‍රකට ආයතනවලින් ලබා ගත් සහතිකවලින් පිරිමැසිය නොහැකිය. ඒ සඳහා අවශ්‍ය පරිචය ලබා ගත් හැකි වන්නේ ජනතා සුසංයෝගයෙන් පමණි.

පනස්හයේ පෙරළියෙන් අදහස් වූයේ ද පැවති අධිරාජ්‍ය ගැති පාලන ක්‍රමය වෙනස් කොට ජනතාවාදි පාලනයකට මුල පිරීමය. එහෙත් එම පෙරළියට නායකත්වය දුන් දේශපාලකයන් ගේ සමාජ පසුබිම නිසා ඒ සඳහා නිවැරදි දැක්මක් ලබා ගත නොහැකි විය. සමාජ පෙරළියක් ඇති කිරීමට ගත් සමහර පියවර නිසා සමාජයේ ගැඹුරු බෙදීම් ඇති විය. තිස් අවුරුදු යුද්ධය ඉන් එකකි. නැවතත් එවැනි අත්හදා බැලීම් සඳහා කාලයක් නැත. ප්‍රශ්න පනස්හයට වඩා සිය දහස් ගුණයකින් වර්ධනය වී ඇත. ලෝක තත්වය ද ඒ ආකාරයෙන්ම වෙනස් ය. එමනිසා අපගේ අභියෝගය අධ්‍යාපන සුදුසුකම්වලට සීමා නොවී ජනතා අපේක්ෂාව නිසි පරිදි තේරුම් ගෙන විසඳුම් ඉදිරිපත් කිරීම ය.     

The post හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b6%85%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad-%e0%b6%b4%e0%b6%ad-%e0%b6%9c%e0%b7%8f/feed/ 0
කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b6%e0%b6%bb%e0%b6%9c%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bd%e0%b6%9c%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%87/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b6%e0%b6%bb%e0%b6%9c%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bd%e0%b6%9c%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%87/#respond Fri, 13 Dec 2024 10:13:25 +0000 https://vivaranalk.com/?p=12426 එක්සත් ජනපදය ඊශ්‍රායෙලය සහ තුර්කිය යන රටවල සහාය සහ රැකවරණය ලත් කැරලි කණ්ඩායම් නොවැම්බර් 27 දින සිරියාවේ ඇලෙප්පෝ නගරයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආරම්භ වූ යුද්ධය දෙසැම්බර් 09 වන විට අවසන් විය. කැරලිකරුවන් දමස්කස් නගරයට ආසන්න වෙත්ම ජනාධිපති බසාර් අල් අසාඩ් සටනක් නැතිවම පාලන බලය අතහැර ඉවත්වීමෙන් 2011 සිට පැවති කැරලිකාර තත්වය අවසන් වනු ඇතැයිද […]

The post කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. appeared first on විවරණ.

]]>
එක්සත් ජනපදය ඊශ්‍රායෙලය සහ තුර්කිය යන රටවල සහාය සහ රැකවරණය ලත් කැරලි කණ්ඩායම් නොවැම්බර් 27 දින සිරියාවේ ඇලෙප්පෝ නගරයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආරම්භ වූ යුද්ධය දෙසැම්බර් 09 වන විට අවසන් විය. කැරලිකරුවන් දමස්කස් නගරයට ආසන්න වෙත්ම ජනාධිපති බසාර් අල් අසාඩ් සටනක් නැතිවම පාලන බලය අතහැර ඉවත්වීමෙන් 2011 සිට පැවති කැරලිකාර තත්වය අවසන් වනු ඇතැයිද එය කුරිරු පාලකයෙකුට එරෙහිව නැගුණු ජනතා විරෝධයක ජයග්‍රහණයක්යැයි ද බොහෝ ජනමාධ්‍ය වාර්තාවලින් දැක්විණ. අල් අසාඩ් ගේ පලා යෑමෙන් වඩාත්ම සතුටට පත් වූයේ එක්සත් ජනපදය ඇතුළත් බටහිර රටවල් ය. ඒ අන් කිසිවකටත් වඩා සිරියාව ඉරානය යටපත් කර ගැනීමේ යුද්ධයට එරෙහිව තිබු ප්‍රධාන බාධකයක් වීමය. දැන් ඉරානයට පහර දීම කාලයේ ප්‍රශ්නයක් පමණි.

සිරියාවේ අල් අසාඩ් පාලනය පෙරළා දැමීමෙන් මැද පෙරදිග දේශපාලනයට ඇති විය හැකි බලපෑම තක්සේරු කිරීමට තවමත් කාලය පැමිණ ඇතැයි කිව නොහැකිය. එහෙත් බටහිර රටවලට හිස රදයක් වූ ගඩාපි ගේ පාලනය බිඳ දැමීමෙන් සහ ඔහු මිලෙච්ඡ ආකාරයෙන් මරා දැමීමෙන් ලිබියාවට තවමත් සාමය හෝ සමෘද්ධිය ළඟා වී නැති බව පමණක් සිහි කිරීම වැදගත් ය. අල් අසාඩ් ගේ හමුදාව බොහෝ ප්‍රදේශවලින් සටනක් නැතිවම ඉවත්වීමත් දමස්කස් නගරයේ පාලනය සටනක් නැතිවම භාර දීමත් නිසා බොහෝ ජීවිත සහ දේපොළ හානි වැළැක්වීම වැදගත් ය. අල් අසාඩ් ගේ අගමැති මොහම්මද් අල් ජලාලි රටින් පලා නොගොස් කැරලිකරුවන් ට පාලනය භාරදීමේ කටයුතුවලට සහභාගි වූයේය. ඉන් පසුව විවිධ කැරලි කණ්ඩායම් බලය බෙදා ගැනීම සාමකාමීව සිදු කරන්නේ ද නැතිනම් ලිබියාවේ මෙන් එකිනෙකා සමග සටන් කිරීමෙන් රට නැවත බෙදී යෑමක් සිදු වන්නේ ද යන්නත් ඉදිරි සති කිපය තුළ තීරණය වනු ඇත.

විපක්ෂ සටන්කාමියෙකු අභාවප්‍රාප්ත සිරියානු ජනාධිපති හෆීස් අසාද්ගේ කැඩුණු හිස මත පා තබා සිටින අයුරු-[ 2024 දෙසැ. 08 සිරියාවේ ඩමස්කස් නුවර]

එවැනි අවිනිශ්චිත තත්වයක් ඇති වීමට මූලික හේතුව වන්නේ සිරියාව දුර්වල කිරීම සහ එහි පාලනය මෙහෙයවීම අසල්වැසි බලවත් රටවල් කීපයකම අවශ්‍යතාවය වන නිසාය. ඊශ්‍රායෙලයේ සයන්වාදීන්ගේ මහා ඊශ්‍රායෙල් සැලැස්ම අනුව සම්පූර්ණ සිරියාවම ඊශ්‍රායෙලයට ඈඳා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ප්‍රකාශයට පත් වූයේ පලස්තීන ප්‍රදේශයේ ඊශ්‍රායෙල් යුදෙව් රාජ්‍යය ප්‍රකාශයට පත්වීමත් සමග ය. එම මහා ඊශ්‍රායෙල් සැලැස්ම අනුව ජොර්දානය ද ඊශ්‍රායෙලයේ කොටසකි.

ගාසා තීරයේ ජනඝාතන සංහාරයක  යෙදී සිටින අගමැති නෙතන්යාහු මෙම හමුදා මෙහෙයුම හේතු යුක්ති කරන්නේ 1974 දී ඇති කර ගත් ගිවිසුමේ පාර්ශ්වයක් වූ සිරියානු ආණ්ඩුව බිඳ වැටී ඇති නිසා එම ගිවිසුම තවදුරටත් වලංගු නොවන්නේය යනුවෙනි. එම ප්‍රදේශය කැරලිකරුවන් අතට පත්වීම ඊශ්‍රායෙලය ගණන් බලන ආකාරයට ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයකි. සිරියාවේ හමුදා ශක්තිය ඊශ්‍රායෙලයේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා සිරියාවේ හමුදා කඳවුරු ගුවන් තොටුපොළ සහ නාවිත ශක්තිය ගුවන් ප්‍රහාර එල්ල කොට විනාශ කිරීම දැනටමත් ආරම්භ කර ඇත. පසුගිය සතියේ එක දිනක පමණක් ඊශ්‍රායෙලය සිරියාවේ අගනුවර දමස්කස් ඇතුළු ස්ථාන ගණනාවකට ගුවන් ප්‍රහාර 250කට අධික සංඛ්‍යාවක් එල්ල කළ බව සිරියාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් සිදුව ඇති ජීවිත සහ දේපොළ හානි ගණන් බැලීමට අන්තර්වාර රජයට තවම විවේකයක් නැත.

සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්

මෙම ප්‍රහාර අරාබි රටවල දැඩි විරෝධයට ලක් වුවද ඊශ්‍රායෙලයේ ආරක්ෂකයා වන එක්සත් ජනපදය එය අනුමත කරන්නේ සුපුරුදු ආකාරයට ඊශ්‍රායෙලයේ ආරක්ෂාව සඳහා එවැනි ප්‍රහාර එල්ල කිරීම සාධාරණීය කිරීමෙනි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශත මැතිව් මිලර් පවසන ආකාරයට එල්ල විය හැති ත්‍රස්තවාදි ප්‍රහාරයක් වැළැක්වීමට දේශ සීමාවට ඔබ්බෙන් හමුදා මෙහෙයුම ඊශ්‍රායෙලයේ ආත්ම ආරක්ෂාව සඳහා ගන්නා පියවරකි.

හයාට් තහ්රිර් අල් ෂාම් [Hayat Tahrir al Sham-HTS] සටන්කාමීන් -2022 මැයි

මෙහිදි කරුණු දෙකක් පැහැදිලි කර ගත යුතුය. ඉන් එකක් වන්නේ ත්‍රස්තවාදීන්යැයි හඳුන් වන මෙම කැරලි කණ්ඩායම්වලට අවි ආයුධ, පුහුණුව සහ මුදල් ලබා දෙන්නේ ද එක්සත් ජනපදය ඊශ්‍රයෙලය සහ තුර්කිය වැනි රටවල්ය. සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය ට එක්සත් ජනපදය 2015 සිටම ආධාර කරන අතර එම ප්‍රදේශයේ 900 කට අධික ඇමරිකානු හමුදා භට කණ්ඩායමක් ද රඳවා සිටී. සිරියානු ජාතික හමුදාව සෘජුවම තුර්කියේ නිර්මාණයකි. මෙම කණ්ඩායම් අතුරෙන් වඩාත්ම බලවත් අල් කයිඩා සංවිධානයෙන් උපත ලත් හයාට් තහ්රිර් අල් ෂාම් [HTS] හමුදාවට ඊශ්‍රායෙලයේ අනියම් සහාය දිගටම ලැබිණ. එමනිසා මෙම ත්‍රස්තවාදින් බිහි කර ඇත්තේද එම රටවල් විසින්ම ය. එවිට ආරක්ෂාව පිළිබඳ ගැලුව කුමක් ද යන්න පැහැදිලි නැත.

මෙම පියවර ආක්‍රමණයක් සේ හැඳින් වූ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව විවිධ සම්බාධක පැනවූහ. එම රටවල තිබු රුසියානු වත්කම් සියල්ල ද රජය ට පවරා ගන්නා ලදී. දැන් නේටෝ රටවල සහාය ලබන යුක්‍රේන- රුසියානු යුද්ධයට හේතු වූයේ ද එම ගැටුමයි. රුසියාව ජාත්‍යන්තර නීතිය නොසලකා ක්‍රියා කර ඇති නිසා සම්බාධක පැනවීමත් යුක්‍රේනයට අවි ආයුධ සැපයුමත් ‘ජාත්‍යන්තර නීතියට’ එකඟ ය. එහෙත් ඊශ්‍රායෙලය සිරියාවට ඉවක් නැතිව ගුවනින් බෝම්බ දැමීමීම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. දැනට වසරක ට අධික කාලයක් තිස්සේ ගාසාවටත් බටහිර ඉවුරටත් එරෙහිව ජනඝාතන සංහාරයක් කිරීම ද එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් දකින ආකාරයට ඊශ්‍රායෙලයට එරෙහිව සම්බාධක පැනවීමට හේතුවක් නොවේ. ඒ ඊශ්‍රායෙලය හැම විටම ඇමරිකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින නිසාය.

නේටෝ යුද හවුලේ ප්‍රබල සාමාජික රටක් වන තුර්කියද 1974 සිටම සයිප්‍රසයේ උතුරු කොටස අත්පත් කර ගෙන සිටී. තුර්කිය උතුරු සයිප්‍රසය ආක්‍රමණය කෙළේ එහි දකුණු ප්‍රදේශයේ ග්‍රික සම්භවයක් ඇති ජන කොටස උතුරේ තුර්කි සම්භවයක් ඇති ජන කොටසට වෙනස් කොට සලකන්නේය යන චෝදනාව නිසාය. මෙය ද නේටෝ යුද හවුල හෝ එහි ප්‍රධානියා වන එක්සත් ජනපදය තුර්කියට එරෙහිව සම්බාධක පැනවීවීමට හෝ එරෙහිව වෙනත් ක්‍රියා මාර්ග ගැනිමට හේතුවක් කර ගත්තේ නැත.

සිරියානු කැරලි නායක අබු මොහොමඩ් අල්-ජොලානි

තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුය. හයාට් තහ්ර්ර් අල් ෂාම් නම් මෙම කැරැල්ලට නායකත්වය දුන් කණ්ඩායම 91/11 ප්‍රහාරය සිදු කෙළේයැයි චෝදනා කරන අල් කයිඩා හා සම්බන්ධ නිසා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් එය ත්‍රස්තවාදී සංවිවිධානයක් සේ නම් කර ඇත. සිරියානු කැරැල්ලේ මුල් අවධියේ දී මෙම සංවිධානය හැඳින් වූයේ අල් නුස්රා නමිනි. එහි නායක අබු මොහම්මද් අල් ජොලානි අත් අඩංගුවට ගැනිමට සහාය ලබා දෙන පුද්ගලයෙකුට ඩොලර් දශ ලක්ෂ දහයක ත්‍යාගයක් ලබා දෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්ර්තමේන්තුව ප්‍රකාශ කෙළේය. එය මෙතෙක් ඉවත් කර ගෙන නැත. ඒ වෙනුවට එම සංවිධානය සිරියාවේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසුව ත්‍රස්තවාදී හංවඩුව ඉවත් කිරීම ගැන සලකා බලන බව එක්සත් ජනපදයේ සමහර ජනමාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපදයට එවැනි පූර්වාදර්ර්ශ අපමණ පවතී.

කෙසේ වුවත් සිරියාවේ අල් අසාඩ් ගේ පාලනය බිඳ වැටීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ආරම්භයක් විය හැකි ද යන්න සැක සහිතය. ලිබියාවේත් ඇප්ගනිස්ථානයේත් මෙවැනි කුමන්ත්‍රණකාරී මෙහෙයුම්වලින් මෙතෙක් ස්ථාවර ජනතාවාදි පාලනයකට මුල පිරුමක් සිදුව නැත. මැද පෙරදිග උසස්ම ජීවන තත්වයක් පැවති ඉරාකයේ ඇමරිකානු ආක්‍රමණයෙන් පසුව අදත් පවතින්නේ ඛේදනීය තත්වයකි. එය කුමන ආකාරයකින් හෝ නිතිය පදනම් අන්තර්ජාතික සමයක් වන්නේ නැත. 

The post කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b6%b6%e0%b6%bb%e0%b6%9c%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bd%e0%b6%9c%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%87/feed/ 0
නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92/#comments Wed, 04 Dec 2024 07:49:36 +0000 https://vivaranalk.com/?p=12384 ජාතික ජන බලවේගය ආණ්ඩු බලය දිනා ගැනීමෙන් පසුව ඉදිරි වසරේ දී නැතිනම් ඉදිරි පස් වසර තුළ නිම කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන ජනාධිපති අනුර කුමාර දිසානායක සුපුරුදු වාග් චාතූර්ය විදහා දකවමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. ඔහු තමා කියන දේ මැනැවින් ග්‍රහණය කර ගෙන ඇති බව පෙනුනේ සටහන් කිසිවක ආධාරයක් නැතිව වෙන් කර තිබු ආකාරයට නියමිත කාල […]

The post නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. appeared first on විවරණ.

]]>
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය දිනා ගැනීමෙන් පසුව ඉදිරි වසරේ දී නැතිනම් ඉදිරි පස් වසර තුළ නිම කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන ජනාධිපති අනුර කුමාර දිසානායක සුපුරුදු වාග් චාතූර්ය විදහා දකවමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. ඔහු තමා කියන දේ මැනැවින් ග්‍රහණය කර ගෙන ඇති බව පෙනුනේ සටහන් කිසිවක ආධාරයක් නැතිව වෙන් කර තිබු ආකාරයට නියමිත කාල සීමාව තුළ කතාව අවසන් කිරීමෙනි. ආර්ථික අර්බූදය, දේශයේ සම්පත් කොල්ල කෑ පාලකයන්ට විරුද්ධව ගන්නා නිතිමය පියවර සහ ජනතාවට වගකියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අධිෂ්ඨානය වැනි කරුණු වැදගත් ය. කාලෝචිතය.

රට මුහුණ දී ඇති ආර්ථික ගැටලුවලට කඩිනම් මෙන්ම තිරසාර විසඳුම් අවශ්‍ය බවට කිසිදු විවාදයක් නැත. ඊට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහාය ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ජනාධිපති අනුර කුමාරට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. පසුගිය වසර කිපය පුරාම නෙයෙකුත් වේදිකාවල දී ඔහු ඒ ගැන කතා කෙළේය. ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ද ඒ ගැන පැහැදිලි කර තිබිණ.

මේ සිද්ධීන් වර්ධනය වී පුපුරා ගිය ආකාරයත් ඒවායේ අවසාන ප්‍රතිඵලයත් විස්තර කිරීමට මෙය අවස්ථාව නොවේ. එහෙත් එක කරුණක් අවධාරණය කළ යුතුය. එ සියල්ලට මුල් වූයේ රටේ පාලකයන් හා ජනතාව අතර ඇති සම්බන්ධතාවය දුරස්වීමය. මෙම දුරස්තභාවයට විසඳුම් වශයෙන් සමහර දේශපාලකයන් ඉදිරිපත් කෙළේ ජාතිවාදයයි. එනම් මේ සියලු ප්‍රශ්නවලට හේතුව මහ ජාතියේ අයිතිවාසිකම් සුළු ජාතීන් විසින් අත්පත් කර ගැනීමය යන මතය සමාජ ගත කිරීම ය. ඊට යටත් විජිත පාලනය ද හේතු වු බව දැක්විණ. 1972 ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් ඊට විසඳුම් ලබා ගත හැකියැයි එවක සිටි පාලකයෝ විශ්වාස කළහ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කෙළේ ආණ්ඩුවේ සියලු පාලන බලතල විධායකයට එනම් ඊට ජනාධිපති යටතට පත් කිරීමය. ඉන් රටට අත් වූ ඉරණම තවමත් අපේ මතකයේ රැඳී පවතී. මෙම ක්‍රමය වෙනස් කළ යුතුයැයි 78න් පසුව පැවති සෑම මැතිවරණයක දීම ප්‍රමුඛ ඉල්ලීමක් විය. පසුගිය මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ගත්තේ ද එවැනිම ස්ථාවරයකි.

රට ආර්ථිකව බංකොළොත්වීමට හේතුව වූයේ ද වැරදි සහගත මංකොල්ලකාරි දේශපාලනය බව අධිකරණයෙන් පවා පිළිගත් කාරනයකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති බව තිරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් ඔවුන් සහ ඔවුන්ට උපදෙස් ලබා දුන් නිලධාරීන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීරණය කෙළේය. 

මෙහිදී අපට වැදගත් වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට තුඩු දුන් පාලන ක්‍රමය වෙනස් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අයිතිවාසිකම් කඩ කිරීමට පදනම් වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයයි. එය හදිසි අවශ්‍යතාවයක් වන්නේ දේශපාලන පදනම වෙනස් කිරීමෙන් තොරව ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි නිසාය. පාලනය වෙනස්විමත් සමග පුද්ගලයන්ගේ මාරුවීමක් සිදු වුවද පැවති ක්‍රමය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම වෙනස් වන්නේ නැත. පගා ගත් ඇමතිවරුන් වෙනුවට පගා නොගන්නා ඇමතිවරුන් පත් කිරීමෙන් පගා ගැනීමට ඇති අවස්ථා ඉවත් වන්නේ නැත. සමහර විට එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව දූෂණ වංචා ඉවත් කිරීමට පියවර ගත හැකි වුවද ඉන් ක්‍රමය වෙනස් වන්නේ නැත. අලුත් වයින් පැරණි බෝතලයට දැමීමකි. ( මෙය නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දීම ප්‍රදර්ශනය විය.)

ක්‍රමය වෙනස් කිරීමේ මූලික පියවර විය යුත්තේ හොර මැරකම්වලට ඉඩසැලසෙන පාලන ක්‍රමය, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ය. එහෙත් පුදුමයකට මෙන් ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුව අමතා කළ කතාවේ ඒ ගැන කිසිත් සඳහන් වූයේ නැත. එය අමතකවීමක්යැයි කිසිසේත් කිව නොහැකිය. ආර්ථික අර්බූදයේ ස්වරූපයත් ඊට පදනම් වූ දේශපාලනයේ හැසිරීමත් මනාව දත් පුද්ගලයෙකුට එය අමතක විය නොහැකිය.

පසුගිය හැත්තෑහය වසරක නොමග ගිය දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට සපථ කළ පුද්ගලයෙකුට එය අමතක විය හැකිද? බොහෝ විට එය ප්‍රමුඛතාවයක් නොවන්නේයැයි ඔහු සිතන්නට ඇත. ඒ ඔහු අදහස් කරන ආකාරයට ජනතාව අපේක්ෂා කළ වෙනස ඇති කිරීම සඳහා විධායක බලය තනි පුද්ගලයෙකු අත ටික කලකට හෝ පවත්වා ගැනීමට අවශ්‍යයැයි සිතූ නිසා විය හැකිය. මෙය අනුර කුමාරත් වෙනසක් ඇති කිරීම සඳහා බලය හිමි කර ගත් වෙනත් රටවල පාලකයනුත් සිතන ආකාරයයි.

ජනාධිපති අරුණ කුමාර සිය කතාවේ දී අවධාරණය කළ ආකාරයට ජාතිවාදයත් ආර්ථිකයේ කඩා වැටීමත් සැබැවින්ම පරාජය කළ හැකි වන්නේ ජනතාවට වගකියන ජනතාවට සහභාගි විය හැකි පාලන ක්‍රමයක් තුළින් පමණි. ඔහු නිතර අවධාරණය කරන ආකාරයට කොපමණ හොඳ නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් පාලන ක්‍රමය නිවැරදි වන්නේ නැත. පාලන ක්‍රමය නිවැරදි වීමට සහ නිවැරදි කිරීමට වැදගත් වන්නේ ජනතා සහභාගිත්වයයි. පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය ජනතා අයිතිය ප්‍රකාශ කිරීමක් වුවද එය ලොව පුරාම අසාර්ථක වී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ගාළු මුවදොර අරගල කළ ජනතාව දෙසිය විසිපහම එපා කීවේ පාර්ලිමේන්තු නියෝජන ක්‍රමයේ අසාර්ථක භාවය නිසාය. ඒ ගැන අටුවා ටීකා අනවශ්‍ය ය.

එමනිසා අලුත් ගමන් මග ඇරඹිය යුත්තේ එතැනින්ය. පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතා සහභාගිත්වය තහවුරු කරන පාලන ක්‍රමයක් තවම ව්‍යවහාරයට පැමිණ නැති බව සැබවි. ඒ නිසාම පැරණි ක්‍රමය හොඳයැයි නිගමනය කිරීම පැරණි ගමන් මාර්ගයම තෝරා ගැනීමකි.

තමන්ට අකමැති පාලකයන් ඉවත් කිරීමට වසර පහකින් පසුව මැතිවරණයක් එළඹෙන තෙක් බලාපොරොත්තු වීමට වඩා හොඳ ක්‍රමයක් වන්නේ ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමේ අයිතියයි. නිශ්චිත ඡන්දදායකයන් පිරිසක් ඉල්ලීමක් කළ විට ජනතා නියෝජිතයා ආපසු කැඳවා නැවත කෙනෙකු පත් කර ගැනීම සමහර රටවල දැනටත් භාවිතා කරන පිළිවෙතකි. එය එක්සත් ජනපදයේ පවා ප්‍රතිපාදනය කර ඇති අයිතියකි. එහෙත් එවැනි අයිතිවාසිකම් තිබෙන නිසා එක්සත් ජනපදයේ පාලනය ජනතාවාදී වී නැත.

එමනිසා වඩාත් වැදගත් වන්නේ ජනතාවට බලපෑම් කළ හැකි විවෘත පාලන ක්‍රමයකි. තීරණ ගැනීමේ පාරද්‍රශ්‍යභාවය තහවුරු කරන පාලන ක්‍රමයකි. දැනටත් රජයේ විගණකට ආණ්ඩුවේ සියලු ක්‍රියා පටිපාටි විමසීමේ සහ වාර්තා කිරීමේ අයිතියක් පවතී. ඔහු වාර්තා කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ දෙසිය විසිපහටමය. ඒ නිසා එම උත්සාහය ගඟට කැපූ ඉණිවලට වෙනස් වන්නේනැත. වෙනස් විය යුත්තේ මෙවැනි දේය. ආර්ථිකය ගොඩ නැගිය හැකි වන්නේ වගකීමට සහ වගවීමට බැඳී ඇති පාලන ක්‍රමයක් තුළින් පමණි. එවැනි ක්‍රමයක් බිහි කළ හැක්කේ සියලු ජනකොටස්වල සහභාගිත්වය ඇතිව සකස් කර ගන්නා සැබැවින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙනි.

එය අමතක කිරීම හෝ පසුපසට දැමීම ජනතා අපේක්ෂාවට පිටුපෑමකි.  

The post නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92/feed/ 1