Mahee, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 03 Oct 2025 08:28:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Mahee, Author at විවරණ 32 32 සම්පත් ගේ අයිස් පැක්ටේරිය.. https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b7%9a%e0%b6%bb%e0%b7%92/ https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b7%9a%e0%b6%bb%e0%b7%92/#respond Fri, 03 Oct 2025 08:27:25 +0000 https://vivaranalk.com/?p=13775 ‘සර් සම්පත් ඇවිල්ලා’ ‘..කවුද.. බදුල්ලේ බඩාද..?’ බරාඳයේ හාන්සි පුටුවේ දිගා වී සිහින දකිමින් සිටි මහින්ද හිස ඔසවන්නේ නැතිවම ඇසුවේය. ‘..නෑ සර් මිද්දෙනියේ අපේ සම්පත්..’ ගෝලයා මහින්ද අසළටම පැමිණ සිහින් හඩින් කීවේය. ‘..මොකා හරි එන්න කියනවා.. දැන් මාව බලන්න බල්ලෙන්වත් එන්නෙ නෑ..’ මහින්ද කීවේ තරමත පසුතැවිල්ලකිනි. ගෝලයා කළ සංඥාවකින් මිදුළේ කොණේ සිටි සම්පත් බරාඳයට ගොඩ වූයේ […]

The post සම්පත් ගේ අයිස් පැක්ටේරිය.. appeared first on විවරණ.

]]>
‘සර් සම්පත් ඇවිල්ලා’

‘..කවුද.. බදුල්ලේ බඩාද..? බරාඳයේ හාන්සි පුටුවේ දිගා වී සිහින දකිමින් සිටි මහින්ද හිස ඔසවන්නේ නැතිවම ඇසුවේය.

‘..නෑ සර් මිද්දෙනියේ අපේ සම්පත්.. ගෝලයා මහින්ද අසළටම පැමිණ සිහින් හඩින් කීවේය.

..මොකා හරි එන්න කියනවා.. දැන් මාව බලන්න බල්ලෙන්වත් එන්නෙ නෑ.. මහින්ද කීවේ තරමත පසුතැවිල්ලකිනි.

ගෝලයා කළ සංඥාවකින් මිදුළේ කොණේ සිටි සම්පත් බරාඳයට ගොඩ වූයේ වෙවුලන දෙපයිනි.

‘..හා මේ හාදයාද..? හාන්සි පුටුවේ ඇන්දේ රඳවා ගෙන සිටි දකුණු කකුළ පහතට ගත් මහින්ද කීවේ තරමක් උස් හඩිනි.

‘..ඔව් සර් හරි වැඩේනෙ වුණේ.. පොලිසියෙන් මාව පන්නවා.. මිද්දෙනියේ සම්පත් කීවේ අඳෝනාවක් සේය.

‘..ඒ මොකටද..? මහින්ද ඇසුවේ තරමක් සැරෙනි.

‘..සර් අර අයිස් පැක්ටරිය ගැන.. සම්පත් කීවේ වටපිට බලා සැක හැර කීවේය.

‘..මොන අයිස් පැක්ටරිය ද..? මහින්ද ඇසුවේ පුදුමයෙන් මෙනි.

‘..සර් මම අයිස් පැක්ටරියක් දාන්න කතා කෙළේ සර් ධීවර ඇමති වෙලා ඉන්න කාලෙ නෙ..

‘..ඒ කොච්චර කාලෙකට ඉස්සෙල්ලාද..? මට මතකත් නැහැ.. මහින්ද කීවේ අහක බලා ගෙනය.

‘..ඔව් සර් කතා කළාට කර ගන්න බැරි වුනානේ.. පස්සේ යන්තම් පොටක් පෑදුනේ කෙහෙල්බද්දර පද්මේ කියන හාදයා හම්බු උනාට පස්සෙ නෙ..

‘..මොකා? අර කුඩුවලට අල්ල ගෙන ඉන්න එකාද..? මහින්ද ඇසුවේ ගොරක ගෙඩි දෙකක් මෙන් රතුව තිබු ඇස් දෙක ඔරවා ගෙන ය.

දුම් දමමින් තේ කෝප්පයක් ගෙන ආ ගෝලයා එය සම්පත් අතටම දී මහින්ද දෙස බැලුවේ ඔහුටත් තේ අවශ්‍යදැයි අසන්නාක් මෙනි.

‘..මට එපා.. මහින්ද කීවේ හඩ බාල කරන්නේ නැතිවම ය.

‘..දවසක් මගෙ යාළුවෙක් කිව්වා අයිස් පැක්ටරියක් දානවනම් කෙහෙල්බද්දර පද්මේ උදවු කරාවි කියලා.. එයා කිව්ව විදියට මිනිහ ළඟ සල්ලිත් තියෙනවා..එයා වැඩෙත් දන්නවා.. ඉතින් මම හිතුවා මිනිහ එක්ක සෙට් වුණොත් අයිස් පැක්ටරියෙ වැඩේ කර ගන්න පුළුවන් කියලා.. දැන් දේශපාලනය කරලත් ගොඩ එන්න බෑනෙ සර්.. හරි හමන් රස්සාවකුත් නැහැනෙ.. සම්පත් දිගටම කියාගෙන ගියේය.

‘..ඉතින් උඹ ඌත් එක්ක කතා කරාද..? මහින්ද පාර මුහුණ දෙස බලා ගෙනම ඇසුවේය.

‘..ඔව් සර්. මිනිහා කිව්වා අයිස් පැක්ටරියකට අවශ්‍ය බඩු ඔක්කොම කන්ටේනර් දෙකක ගෙනැල්ල තියෙනවා..  ඇවිල්ලා අර ගෙන යන්න කියලා.. බිස්නස් එක කරන හැටි පස්සෙ දවසක ඇවිල්ලා කතා කරමු කිව්වා.. පස්සෙ කඩි මුඩියෙම මම ගිහිල්ලා කන්ටේනර් දෙක ගෙනාව.. එයාම තමයි ලොරි හොයල දුන්නෙත්.. සම්පත් පශ්චාත්තාප වූයේය.

‘..ඉතින් ඒවායෙ තිබුණෙ අයිස් හදන මැෂින්ද..? මහින්ද ඇස් පිල්ලන් නොගසාම සම්පත්ගෙන් විමසුවේය.

‘..නෑනෙ සර් ඒවයෙ තිබිල තියෙන්නේ අයිස් කියන මත් ද්‍රව්‍යයක්.. සීඅයිඩියෙන් ඉන්දුනිසියාවට ගිහිල්ලා උන් අල්ලගෙන ආවට පස්සේ තමයි මම දැන ගත්තේ..

‘..අනේ මගේ කට. උඹ හරි තොත්ත බබා.. යකො ඒ අයිස් කියන්නෙ මාළුවලට දාන අයිස් නෙවෙයි.. කුඩු.. මහින්ද පැහැදිලි කෙළේය.

‘..දන්නෙ නෑනෙ සර්.. මට ඕන වුනේ දේශපාලනෙත් අප්සෙට් ගහලා ගිය නිසා කොහොම හරි බිස්නස් එකක් කරල කියක් හරි හම්බ කර ගෙන පාඩුවෙ ඉන්න.. සම්පත් බැගෑපත් වූයේය.

‘..හරි උඹට බඩ යන්නම හම්බ වේවි.. දැන් ඉතින් මට මොකද කියන්නේ..මහින්ද ඇසුවේ කෝපයෙනි.

‘..සර් මට බේරෙන්න විදියක් කියන්න.. දැන් මට ගෙදර ඉන්න බැහැ.. ගමේ ඉන්නත් බැහැ.. උන් ඔක්කොම පොලීසියට ඔත්තු දෙනවා.. දැන් සති ගානකින් නින්දක් නැහැ.. කොයිවෙලාවේ එස්ටිඑප් එකෙන් පනීද කියන්න බැහැ.. අනේ බුදු සර් මාව බේර ගන්න.. දඩස් ගා බිම වැටී දිගා වූ සම්පත් මහින්ද ගේ දෙපා අල්ලා ගෙන ඉකි ගසමින් ඇඩුවේය.

හාන්සි පුටුවේ අත් දෙකට බර දී කෙළින් වු මහින්ද බිම බලා ගත්තේ ඇසට නැගුණ කඳුළු බිඳු සඟවා ගැනීමට මෙනි.

‘..උඹ දන්නේ නැද්ද සම්පත් අපට දැන් බලයක් නැහැ.. උන් මම හිටිය ගෙයිනුත් එළවා දැම්මා.. දැන් මම ඉන්නෙ මාවත් කොයි වෙලාවක හරි රනිල් වගේ හිර අඩස්සියට දාවි ද කියලා.. ගැඹුරු එහෙත් සන්සුන් හඩකින් මහින්ද කීවේය.

‘..අනේ සර් මට දැන් යන්න තැනක් නැහැ.. උන්ට අහු වුණොත් මාව මරන්නේ චප්ප කරලා.. මට තියෙන්නේ වහ බීල මැරෙන්න.. සම්පත් කලිසමේ සාක්කුවෙන් කුප්පියක් එළියට ගනිමින් කීවේය.

‘..පිස්සු කෙළින්නෙ නැතිව හිටපං.. මහින්ද උපදේශයක් දුන්නේය.

‘..ඉතිං සර් මම මොනවද කරන්නෙ.. මගෙ හිටපු යාලුවො කර අරිනවා.. දෙපා මුල වැටී සිටි සම්පත් කීවේ කෙඳිරි ගෑමක් සේය.

‘..මම කියන්නම්..උඹ පොලිසියට බාර වෙයන්.. නැවතත් හාන්සි පුටුවේ දිගා වු මහින්ද ස්වරය ටිකක් බාල කොට කීවේය.

‘..සර් කියන්නෙ ඇත්තටම ද..? මට ආයිත් පණ පිටින් එන්න හම්බු වෙන්නෙ නැහැ..

‘..උඹ ලොකු බේබිත් එක්ක ගිහිල්ලා උසාවියට බාරවෙයන්.. එයා හොඳ ලෝයර් කෙනෙක් අල්ලා දේවි.. වියහියදම් ගැන හිතන්න එපා.. ඒවා මම බලා ගන්නම්..

‘..අනේ සර් මට ජූලම්පිටියෙ අමරෙට වෙච්ච වැඩේ වේවිද..? සම්පත් තරමත් පසු බෑවේය.

‘..අමරෙට මොකද උනේ.. මහින්ද ඇසුවේ තරමක උස් හඩිනි. ‘..ඌ අර යසට හිරේ ඉන්නෙ.. කවද හරි අපි බලයට ආවට පස්සෙ ඌ ගෙදර.. යකෝ ඔය ජෙප්පො බලයෙ ඉන්නේ තව ටික දවසයි.. ඊළඟ ඡන්දෙන් අපි දිනන්නෙ කප් ගහලා.. එතකං ඉවස ගෙන හිටපං.. මහින්ද එක දිගටම කියා ගෙන ගියේය. සම්පත් මහින්දගේ දණ හිසට අත් තබා නැගි සිටියේ ආයාසයකින් තොරවය.

This image has an empty alt attribute; its file name is MaheeAI-1024x107.jpg

The post සම්පත් ගේ අයිස් පැක්ටේරිය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b7%9a%e0%b6%bb%e0%b7%92/feed/ 0
ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%a7-%e0%b6%ad%e0%b6%b9%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%a7-%e0%b6%ad%e0%b6%b9%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/#respond Tue, 22 Apr 2025 06:52:01 +0000 https://vivaranalk.com/?p=12864 අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප වතාවක්ම කියවා තිබුණ ද දැන් ඒ කිසිවක් මතකයේ නැත. නිවාඩු දවස් කීපයේ එය කියවා අවසන් කිරීමට සිතා ගත් ඔහු පහළ ගෙදර කොල්ලන් මිදුළේ අඹ ගසේ […]

The post ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. appeared first on විවරණ.

]]>
අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප වතාවක්ම කියවා තිබුණ ද දැන් ඒ කිසිවක් මතකයේ නැත. නිවාඩු දවස් කීපයේ එය කියවා අවසන් කිරීමට සිතා ගත් ඔහු පහළ ගෙදර කොල්ලන් මිදුළේ අඹ ගසේ බැඳ තිබු උන්චිල්ලාවේ වාඩි වී පොත දිග හැරියේය. පිටු දෙකක් කියවීමටත් පෙර කව්දෝ පිටට තට්ටු කරනු දැනී හිස ඔසවා බැළුවේය. 

හත්දෙයියනේ ට්‍රම්ප්!

පොත බිම දමා නැගි සිටි අනුර ‘වාඩිවෙන්න සර්’ කීවේ පුටුවක් හෝ නොදැකය.

අඹ ගහ යට තිබු ප්ලාස්ටික් පුටුවේ හරි බරි ගැසී වාඩි වූ ට්‍රම්ප් අනුර දෙස තියුණු බැල්මක් හෙළුවෙය.

‘හරි රස්නෙයි නේද සර්’ අනුර කීවේ කුමක් හෝ කිව යුතු තිබු නිසාය.

‘ඒකට කමක් නැහැ’ ට්‍රම්ප් උඩඟු ලෙසින් කීවේය.

‘මට ඔහෙත් එක්ක පොඩි කතාවක් තියෙනවා.’

‘ඉතින් සර් කොළඹ අපේ මන්දිරේට ආවානම් කරදරයක් නැතිව කතා කරන්න තිබුණානෙ’

‘නෑ ඊට වැඩිය මෙහෙ හොඳයි.’ කියමින් ට්‍රම්ප් තම කෝට් එකේ වම් පළුව විවර කොට යට සාක්කුවට අත දමා ලියවිල්ලක් එළියට ගත්තේය.

‘මේක මතක ද’

ටිකක් ඒ දෙසට නැඹුරු වූ අනුර “ඔව් මට මතකයි සර්” කීවේය.

‘කවුද මේකේ ලිව්වේ’ ට්‍රම්ප් ටිකක් උස් හඬින් ඇසුවේය.

‘අර ගොල්පේස් මහින්ද’

‘හා කමක් නෑ. මේක තියෙන ඒවා දන්නවාද?.

‘ටිකක් දන්නවා.’

‘ටිකක් නොවෙයි හොඳටම දැන ගෙන ඉන්න තිබුණා.” ට්‍රම්ප් සැරෙන් කීවේය.

‘මොනවද මේ ටැක්ස් අඩු කරන්න කියන්නේ?. ට්‍රම්ප් කෙළින්ම මුහුණ බලා ඇසුවේය.

‘ටැක්ස් නිසා අපේ බඩු ඇමරිකාවට යවන්න බැරි වුණොත් අපිට ඩොලර් හම්බු වෙන්නේ නැහැ. එතකොට අපිට සර්ලගේ ණය ගෙවන්න බැහැ’ අනුර බැගෑපත් වූයේය.

‘මේ ටැක්ස් දාන්න කලින් නේද තමුසෙලා ණය වුනේ’  ට්‍රම්ප් බිම වැටී තිබුණ දාස් කැපිටාල් දෙස බලමින් ඇසුවේය.

‘එතකොට ආණ්ඩු කෙරුවේ අපි නෙවෙයි.’ අනුර ඇඟ බේරා ගැනීමට උත්සාහ කෙළේය.

‘ඒක මට වැඩක් නැහැ. දැන් ඔහේ මොකද කියන්නේ’ ? ට්‍රම්ප් නැවතත් අනුරගේ මුහුණටම ඇසුවේය.

‘අපි සර්ලගෙන් බඩු වැඩියෙන් ගන්න අපේ ටැක්ස් අඩු කරනවා. එතකොට වෙළඳ අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ.”

‘මේ තරුණයා මාත් එක්ක විහිළු කරන්න එපා. වෙළඳ අතිරික්තෙ නැති වුනාම ණය ගෙවන්න තමුසෙට ඩොලර් කෝ?.  ට්‍රම්ප් හඬ උස් කර ඇසුවේය.

‘බලනව මේ ෂර්ට් එක?. ට්‍රම්ප් තම කෝට් එකේ පළු දෙක විවර කර පපුව ඉදිරියට දමා කීවේය.

‘ලස්සන ෂර්ට් එකක්’ අනුර බයාදු ලෙසින් කීවේය.

‘අයිසෙ ෂර්ට් එකක් ගන්න මම නිව්යෝර්ක් එකේ කඩයක් ගානෙ ගියා. හැම තැනම තියෙන්න මේවා.’ කලිසමේ සාක්කුවෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිස දමමින් ට්‍රම්ප් කීවේය.

‘තමුසෙ දන්නවද මේක හදල තියෙන්නේ මොන රටේ ද කියලා’ ලේන්සුව සාක්කුවට ඔබමින් ට්‍රම්ප් ඇසුවේය.

‘නෑ සර්’ අනුරගේ උගුර කට වියලී යන්නා සේය.

‘දැන ගන්නවා. සිරි ලංකාවේ. අපිට අපේ රටේ ෂර්ට් එකක් ගන්නවත් නැහැ. මේ දුප්පත් බයියලා හදන ඒවා තමයි අපිට ඩොලර් දිලා ගන්න වෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න තමයි ටැක්ස් දැම්මේ’ ට්‍රම්ප් ප්ලාස්ටික් පුටුවෙන් නැගිටිමින් කීවේය.

කැර කැවිල්ලක් වගේ දැනුණ නිසා අනුර අඹ ගසට හේත්තූ වූවේය. 

‘මේක හොඳින් අහ ගන්නවා. එක එකාට ඕන විදියට මම ආණ්ඩු කරන්නේ නැහැ. ආණ්ඩු කරන්නේ මට ඕන විදියට. ඔය සාකච්ඡා අරව මේව මගෙ ළඟ නැහැ. පරිස්සමෙන් වැඩ කරනවා. නැත්තම් වැඩ වරදින්න පුළුවන්.’ වම් අතේ දඹරැඟිල්ල අනුර ගේ මුණටම තියා ට්‍රම්ප් කීවේය.

අනුර ඇස් පියා ගත්තේය. මොහොතකට පසු ඇස් අරින විට ට්‍රම්ප් නැත. ඉදිකඩ පසු කර ඈත යන සෙවනැල්ලක් වැනි දෙයක් දිස්විය. 

බිමට නැමී දාස් කැපිටාල් පොත අවුලා ගත් අනුර අපහසුවෙන් ඉස්තෝප්පුවට ගොඩ වූයේය.

The post ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%a7-%e0%b6%ad%e0%b6%b9%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/feed/ 0