Dr. Kalpa Rajapakse, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Mon, 22 Jul 2024 08:56:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Dr. Kalpa Rajapakse, Author at විවරණ 32 32 බංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය.. https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%b1%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%b1%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93/#respond Mon, 22 Jul 2024 08:56:27 +0000 https://vivaranalk.com/?p=11782 ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් ක්‍රිකට් සහ බංගලාදේශ කණ්ඩායමත් සමග ඇතිකරගත් ක්‍රිකට් එදිරිවාදිකමෙන් වලින් එහා වැඩි යමක් බංගලාදේශය ගැන නොදන්නවා විය හැක. නමුත් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම සහ එහි ඉදිරි සාර්ව ආර්ථික වැඩපිළිවෙලට වැඩි බලපෑමක් කළ රාජ්‍යයන් අතුරින් බංගලාදේශය ප්‍රධාන වේ (ක්‍රිකට් කතා වල යටි පෙළ තුලත් මේ ‘ආර්ථිකමය ණයගැතිභාවය’ දිව ගියේය). පළමුවෙන්ම 2021 මැයි […]

The post බංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය.. appeared first on විවරණ.

]]>
ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් ක්‍රිකට් සහ බංගලාදේශ කණ්ඩායමත් සමග ඇතිකරගත් ක්‍රිකට් එදිරිවාදිකමෙන් වලින් එහා වැඩි යමක් බංගලාදේශය ගැන නොදන්නවා විය හැක. නමුත් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම සහ එහි ඉදිරි සාර්ව ආර්ථික වැඩපිළිවෙලට වැඩි බලපෑමක් කළ රාජ්‍යයන් අතුරින් බංගලාදේශය ප්‍රධාන වේ (ක්‍රිකට් කතා වල යටි පෙළ තුලත් මේ ‘ආර්ථිකමය ණයගැතිභාවය’ දිව ගියේය).

පළමුවෙන්ම 2021 මැයි මාසයේ ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් වර්ෂයක කාලයක් සදහා ණයට ගත් අතර එය නියමිත කාලයට ගෙවීමට නොහැකි වන්නේ මුල්‍ය අර්බුදය තවත් නරක අතට හරිම හේතුවෙනි. සම්පුර්ණ ණය ආපසු ගෙවීමට හැකි වන්නේ 2023 අගෝස්තු මාසයේදී පමණ ය. අපනයන ආර්ථිකයක් බවට පත්වෙමින් පවතින බංගලාදේශයේ ඩොලර් බිලියන 20 ඉක්මවා ගිය විදේශ තැන්පතු පිළිබදව වර්ණනාත්මකව කතා කිරීම ආරම්භ වන්නේ එතැන් සිටයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ප්‍රතිකාර්මිකර්ණ ක්‍රියාවලිය සහ නිශ්විත වශයෙන් ආර්ථික අර්බුදය තුල කර්මාන්ත ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් බංගලාදේශයේ ස්ථානගතවිමත් මේ විග්‍රහය තුල ගැබුරින්ම සටහන් වූ කරුණු විය.

දෙවැනි කරුණ නම් ආර්ථික පරිවර්තන පනත බංගලාදේශ නව ආයෝජන ප්‍රවර්ධන කලාප වන Invest Bangladesh වැනි ආදර්ශයක් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ඉලක්ක සපුරා ගත හැකිය යන අදහස ඉදිරිපත් කිරීමයි. සාම්ප්‍රදායික ආර්ථික විශ්ලේශකයන්, රනිල් වික්‍රමසිංහගේ විකුනුම්වාදය තමන්ගේ දහම කරගත් ආර්ථික විද්යාඥයාන් මෙන්ම නවලිබරල් නිදහස් වෙළදපලවාදය තම ආත්මය කරගත් බුද්ධිමණ්ඩප මේ අදහස පෝෂණය කළහ.

බංගලාදේශයේ විදේශ විනිමය අතිරික්තය සහ Invest Bangladesh සිහිනය තුළ සිරවෙන විට අපට අවම තරමේ මුලධාර්මික කරුණු දෙකක් අමතක වී ඇති බව තේරුම් ගත යුතුව ඇත.

පළමු කරුණ නම් මේ ආර්ථික අතිරික්තය නිර්මාණය කරන ලද්දේ කුමන පන්තියක්, කවර නිෂ්පාදන සහ සමාජ කොන්දේසි මතද යන්නයි? පළමු ප්‍රශ්නයේම ගැඹුරු වාස්තවිකත්වයක් අවදි කරන දෙවැනි කරුණ නම්, මේසා ‘විශාල’ අතිරික්තයක් සහ ගතික ආයෝජන ආර්ථිකයක් නිර්මාණය කළ රාජ්‍යයේ ස්වභාවය කුමක්ද? යන්නයි.

මේ ප්‍රශ්න දෙකටම ලිබරල් අවස්ථාවාදී අන්ධභාවයෙන් තොරව අවතීර්ණ වීමේ විවරයක් ඉතිහාසය විසින් අපට පසුගිය දින කිහිපයේදී විවර කර දී තිබේ.

ඒ බංගලාදේශයේ සිවිල් සේවාව සදහා පවතින කෝටා ක්‍රමය සුදුසුකම් මත පදනම් වූ ක්‍රමයක් බවට පත් කරන ලෙස කෙරෙන ශිෂ්‍ය උද්ඝෝෂණ වලට බංගලාදේශ මර්දක රාජ්‍යය විසින් දක්වන ලද චිරශ්චීන ප්‍රතිචාරය හරහාය. අවම තරමේ බංගලාදේශ ධනපති රාජ්‍යයේ සහ එහි දේශපාලන සහචරවාදයේ මෙම ප්‍රතික්‍රියාව අපට කරුණු කිහිපයක් පැහැදිලි කරයි.

  1. දකුණු ආසියාවේ නැගෙන ආර්ථික බලවතෙකු වීමේ ආර්ථික ක්‍රියාවලිය විසින් යටපත් කර ඇති සත්‍ය, එදිනෙදා අරගල සුවිශාල ප්‍රමාණයක් ක්‍රමානුකුලව ඉස්මත්තට පැමිණෙමින් තිබේ. පන්ති අරගලයේ අර්ථයෙන් මෙන්ම වර්ධනය වෙමින් පවතින සමස්ත ජාතික ආර්ථිකයේ අතිරික්තයේ වරප්‍රසාදිත කොටස දිනා ගැනීමේ සටන්ද මේ තුල වර්ධනය වෙමින් පවතී. ප්‍රභූ, ජනවාර්ගික මෙන්ම ආගමික අර්ථයෙන් සටන් සංවිධානය වුවත් ඒ තුල ප්‍රග්ධනයේ මෙට්‍රික්සය (the matrix of capital) ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දැකිය හැක.
  2. ලිබරල් නිදහස විසින් වර්ණනා කරන විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා ආර්ථික නිර්මාණය කිරීමේදී සමාජ අයිතිවාසිකම් සහ පුද්ගල නිදහස සනාථ කරනවා වෙනුවට ධනේශ්වර රාජ්‍යය තව දුරටත් සමාජ අයිතිවාසිකම් කප්පාදු කරන, පුද්ගල නිදහස එක නිශ්චිත පන්තිමය සහචරවාදයකට පමණක් ලැබිය යුත්තක් වශයෙන් සංස්ථාපනය කර ඇත. Summit Group හි Muhammed Aziz Khan ගේ ධනය 2024 පමණක් 10% කින් ඉහල යන අතර සමස්ත විරැකියාව මිලියන 4 ක් දක්වා වර්ධනය් වෙමින් පවතී. ලිබරල් නිදහස විසින් තව දුරටත් අතිරික්ත නිර්මාණය, එහි සංකේන්ද්‍රණය/ අයිතිය සහ එය කළමනාකරණය කිරීමේ අයිතිය අතර අසමානතාවය වර්ධනය කරමින් ඇත. අපනයන අභිමුඛ කාර්මීකරණය වෙත වැටී ඇති බංගලාදේශ මාවත යනු වෙනත් කිසිවක් නොව සුරාකෑමේ, මර්දනයේ, අසන්තකරණයේ සහ පරත්වාරෝපනයේ මාවතයි.
  3. රාජ්‍ය එයට හිතවත් සහචර ප්‍රභුවාදයක් පවත්වාගෙන යනවා පමණක් නොව එය හරහා ජනතාව අතුරින්ම මැරකල්ලි නිර්මාණය කර ඇත. පන්තියට විරුද්ධව පන්තිය උසිගැන්වීම මේ වර්ගයේ වර්ගවාදී, ආගමිකවාදී මෙන්ම කුලවාදී අග්‍රයන් හැසිරවීම හරහා පාලනය කළ හැකි රාජ්‍යයන් වල සුවිශේෂී ලක්ෂණයකි. එය පසුගාමී ධනේශ්වර රාජ්‍යයන් තුල මෙන්ම ඇමරිකාව වැනි දියුණු ධනේශ්වර රාජ්‍යයක මූලයන් තුළ ගැඹුරින් නිදන්ගතව පවතින ලක්ෂණයකි.

මෙය කලාපිය වශයෙන් වැදගත් දේශපාලන මොහොතක් කරගැනීමේ වගකීම ශ්‍රීලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට සහ වෙනත් පන්ති අරගලය විශ්වාස කරන දේශපාලන ව්‍යාපාර සහ පක්ෂ වලට ඇත. ඒ ඉතා ඉක්මනින් දකුණු ආසියාතික ශිෂ්‍ය/ පන්ති සහයෝගිතාවක් ගොඩනැගීම හරහාය. එහි ලිහිල් සම්බන්ධතා අපට දැනටමත් දැකිය හැකි වුවත් එය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කිරීමේ වගකීමෙන් අපට මිදිය නොහැක.

මක් නිසාද යත්, අප කැමති වුවත් නැතත්;

The post බංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%b1%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93/feed/ 0
රනිල්ගේ අතුරු අයවැය සහ IMF සුරගන කතා.. https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-imf-%e0%b7%83%e0%b7%94/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-imf-%e0%b7%83%e0%b7%94/#respond Thu, 08 Sep 2022 16:17:53 +0000 https://vivaranalk.com/?p=5762 ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබේ. එහි සරල ප්‍රකාශනය නම් රාජපක්ෂවාදයට සහ එහි අනාගත ගොඩනැංවීමට රනිල්ගේ මර්දනීය රෙජීමය අනිවාර්ය සහයෝගයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ඉදිරි දේශපාලනය සදහා මේ කුප්‍රකට පන්ති-පවුල් බල හවුල විසින් ඇති කරනු ඇති බලපෑම කිසිසේත්ම අවතක්සේරු කළ නොහැක. මැතිවරණ තමන්ගේ ඉදිරි දේශපාලන උපායමාර්ග බවට පත්කර ගත් සියලුම දේශපාලන පක්ෂ ජනතා අරගලයේ […]

The post රනිල්ගේ අතුරු අයවැය සහ IMF සුරගන කතා.. appeared first on විවරණ.

]]>
ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබේ. එහි සරල ප්‍රකාශනය නම් රාජපක්ෂවාදයට සහ එහි අනාගත ගොඩනැංවීමට රනිල්ගේ මර්දනීය රෙජීමය අනිවාර්ය සහයෝගයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ඉදිරි දේශපාලනය සදහා මේ කුප්‍රකට පන්ති-පවුල් බල හවුල විසින් ඇති කරනු ඇති බලපෑම කිසිසේත්ම අවතක්සේරු කළ නොහැක. මැතිවරණ තමන්ගේ ඉදිරි දේශපාලන උපායමාර්ග බවට පත්කර ගත් සියලුම දේශපාලන පක්ෂ ජනතා අරගලයේ අභිලාස පාවා දෙනු ඇත්තේ මේ පන්ති-පවුල් හවුල විසින් එලනු ලබන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී උගුලටය. ඒ උගුල විසින් සාපලත් දේශපාලන තන්ත්‍රයේ සහ එහි කතෘවරුන්ගේ බලය එලෙසම පවතිනු ඇත.

පන්නා දැමු ගෝඨාභය ‘ගෙදර එනවිට’ IMF එකත් ‘ගෙදර පැමිණීම’ අහම්බයක් නොවේ. දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමේ වියමන මෙයයි. IMF විධායක නිලධාරීන් සහ IMF හිතවාදීන් IMF නිර්දේශ ‘යහපත්ව’ ක්‍රියාත්මක කිරීම සදහා ජනතාවගේ බලය නිරූපනය වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළත් ඒවා නිර්දය ක්‍රියාවලියක් ‘අයිසින්’ කිරීමට කරන නිෂ්ඵල උත්සාහයන් ය. IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තාවකාලිකව අඩස්සි කළ තත්වයක් තුළ පමණි. IMF ඉතිහාසය අපට කියන සත්‍යය එයයි.

සමාජ ආරක්ෂණය සදහා වූ සටන් මෙන්ම ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරන ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි සටන් ‘ආර්ථික සමෘධියේ’ නාමයෙන් මර්දනය කිරීමේ තාර්කික බලයක් IMF මැදිහත්වීම හරහා ලැබෙනු ඇත. අතුරු අයවැය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තවදුරටත් රදවාගෙන සිටීම මේ මර්දනිය ක්‍රියාවලියේ පුර්වාදර්ශයයි.

රනිල් රාජපක්ෂගේ අයවැය ජනතාවගේ හුස්ම හිරකරන අයවැයකි. ඔබ ඉන් සතුටු වූවානම්, ඒ ගැන වර්ණනා කළා නම් ඒ ඔබේ ‘පන්තිය කතා කරන’ මොහොතයි. අවාසනාවකට කතා කළ හැකි, රනිල්ගේ විකුනොමික්ස් වර්ණනා කළ හැකි බොහෝ දෙනා මෙන් නොව අනෙක් ජනතාවට කතා කළ නොහැක, හෝ ඔවුන්ගේ කතාව මර්දනයෙන් අවහිර කර ඇත. ආර්ථික අර්බුදයෙන් හුස්ම හිරවූ ජනතාව අපරාධකරුවන් හෝ ෆැසිස්ට්වාදීන් බවට පත් කරමින් තිබේ. අසාර්ථක නව ලිබරල්වාදය මිනිසුන්ගේ හුස්ම හිරකිරීමේ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමේ සම්භාව්‍ය උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය බහුවිධ පීඩනය ඉතිහාසගත වීමට නියමිතය.

රනිල්ගේ විකුනොමික්ස් ගැන W.A. විජේවර්ධන, රොහාන් සමරජීව වැනි අය තමන්ගේ පරණ පුරුදු සුරංගනා කතාම කියමින් සිටිති. (කියවන්න W.A. විජේවර්ධන ලියු  රනිල්ගේ ඉකොනොමික්ස් ඩිස්නිලන්තයක ක්‍රියාත්මක වෙන ආකාරය  Child’s Guide To How Ranilnomics Should Be Designed & Implemented). ජනතාව නිෂ්ක්‍රිය ග්‍රාහකයින් යන සමාජ සම්බන්ධතාව වෙනස් වී තිබේ. නමුත් බොහෝ බුද්ධි කල්ලි තවමත් පසුවන්නේ මේ උපකල්පනය මතය. එය සමාජය විසින් ඉදිරියේදී තවදුරත් බොරු කරනු ඇත.

රනිල්ගේ අයවැය යනු 2022 මාර්තු මාසයේ ඉදිරිපත් වූ IMF නිර්දේශ විධිමත් කිරීමකි. නැත්නම් රනිල් අධිපතිත්වය දරන පාර්ලිමේන්තු නීතිය හරහා අවස්ථාවාදී ලෙස නීතිගත කිරීමකි. මේ සියලු ක්‍රියාවලියේ ප්‍රතිවිපාක සමාජයක් වශයෙන් අප දැරීමට සුදානම් කිරීමේ මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර ඇත. වැට් බද්ද 15% දක්වා වැඩි කරනුයේ අහිමි වූ රජයේ බදු ආදායම ධනපති පන්තියේ ආදායමට හානියක් නොවන පරිදි උපයා ගැනීමටය. ලිබරල්වාදීන්ගේ මනදොළ පිනවමින් නැවත වටයකින් රාජ්‍ය ආයතන සහ ජාතික සම්පත් පුද්ගලිකකරණ මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ කතිකාව සමාජය තීරණාත්මකව දෙකඩ කරනුයේ වැඩකරන පන්තියේ වේදනාවන් සහ කෙටි කාලින ද්‍රව්‍යාත්මක අවශ්‍යතා නොලැබීයාම ‘රාජ්‍ය අංශයේ පාපයක්’ යන දෘෂ්ටිවාදය නිර්මාණය කිරීමෙනි. ඉන්ධන පෝලිම්, විදුලිය , ජලය සහ දිගුකාලින වශයෙන් පාඩු ලැබූ ගුවන් සේවය රාජ්‍ය ආයතන කාර්යක්ෂම, සමාජ ප්‍රතිලාභ ආයත බවට පරිවර්තනය කිරීමේ හැකියාව පුද්ගලීකරණය යන කඩතුරාවෙන්වසා දමයි. ඒ වෙනුවෙන් පෙනී සිටින, ක්‍රම සම්පාදනය කරන සහ න්‍යාය සංවිධානය කරන අගනුවර කේන්ද්‍රීය සිවිල් චරිත සහ ආයතන කරමින් ඉන්නේ ඔවුන්ගේ ඓතිහාසික පන්ති කාර්යභාරය බව වැඩකරන සහ සියලුම පිඩිත පන්තිය මතක තබා ගත යුතුය. අරගලයේ පැහැදිළි දිගුවක් ලංකාවේ නැගෙමින් පවතින ටෙක්නොක්‍රටික් ආධිපත්‍යට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුය. ජාතික ආදායමේ ප්‍රතිව්‍යප්තියක් ගැන කිසිවක් සදහන් නොවන්නේ කෙසේද යන්න ගැන මොවුන්ව ප්‍රශ්න කළ යුතුය.

IMF ලබා දෙන්නේ අවුරුදු 4 ක් සදහා ඩොලර් බිලියන 2.9 ක් පමණි. එනම් ඩොලර් මිලියන 2900 කි. ශ්‍රී ලංකාවේ මේ වනවිට මාසික විදේශ ආදායම් වල අගය ඩොලර් මිලියන 1600 කි. එනම් IMF ලබා දෙන ණය මුදල මෙන් 30 ගුණයකට ආසන්න විදේශ ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවක් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇත. මේ සැබෑ ශක්‍යතාවය සෑම විටම සැගවීමට සහ අවතක්සේරු කිරීමට මේ පාලකයන් සහ ඔවුන්ගේ න්‍යායාචාර්ය වන්දිභට්ටයන් උත්සහ කරන්නේ ඇයි? නැවත වරක් අපට පන්තිය සහ එහි දෘෂ්ටිවාදය සම්මුඛ වෙයි. මේ පන්තිය සහ ආර්ථික දෘෂ්ටිවාදය අවරුදු 40 කට වඩා කාලයක් ක්‍රියාත්මක වී ආර්ථිකය සම්පුර්ණයෙන්ම විනාශ කර පරම්පරා ගණනාවක ජිවිත කාලය නාස්ති කර ඇත. මින් ඉදිරියට ජනතාව කිසිදු ආකාරයකින් මේ පන්ති බලයට හෝ ඒ පන්ති බලය සංස්ථාපනය කරන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට බලය පාවිච්චි කිරීමට ඉඩ නොතැබිය යුතුය.

තමන්ගේ මිනීවල කපන්නට මේ පාලකයන්ට සහ වන්දිභට්ට ආර්ථික දේශපාලන න්‍යායාචාර්යවරුන්ට ඉඩ දෙනවාද යන්න ජනතාව හැකි වහාම තීරණය කළ යුතුය.

The post රනිල්ගේ අතුරු අයවැය සහ IMF සුරගන කතා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-imf-%e0%b7%83%e0%b7%94/feed/ 0