Jayasri Priyalal, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Mon, 27 Oct 2025 10:11:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Jayasri Priyalal, Author at විවරණ 32 32 නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජන හා අවස්ථා හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%ad-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-generative-artificial-intelligent-%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%ad-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-generative-artificial-intelligent-%e0%b6%ad/#respond Mon, 27 Oct 2025 10:09:08 +0000 https://vivaranalk.com/?p=13914 Generative Artificial Intelligence  පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අවබෝධය ගැන ඔබගේ අදහස කුමක්ද? ChatGPT කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රථම GPT කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ  ආරම්භය. එය කාලයක් තිස්සේ පරිගණක ක්‍රියාකාරී බලය වැඩිදියුණුවත් සමග කාර්යක්ෂම මෙවලමක් […]

The post නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජන හා අවස්ථා හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා.. appeared first on විවරණ.

]]>

ChatGPT කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රථම GPT කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ  ආරම්භය. එය කාලයක් තිස්සේ පරිගණක ක්‍රියාකාරී බලය වැඩිදියුණුවත් සමග කාර්යක්ෂම මෙවලමක් වූවා.  මේ පරිගණක තාක්ෂණයේ දියුණුව සිදු වුණේ ක්‍රමානුකූල ව. මේ තාක්ෂණය ඔක්කෝම එන්නේ ඇමරිකාව  සඳතරණය කිරීමට යාමටගත් උත්සහය සමඟ. එයින් තමයි මේ තාක්ෂණය විකාශනය වී ව්‍යාප්ත වී තිබෙන්නේ. මෙහි පළමු රැල්ල තමයි දෘඩාංගවල (Hardware) දියුණුව වැඩි වී ඒවා කුඩා වී මෘදුකාංග බවට පත්වුණේ. නොයෙකුත් Applications, windows ආරම්භ වුණා. දැන් අප පැමිණ තිබෙනවා තවත් තලයකට. Hardware, Software, මේවනවිට Livewire වශයෙන් මිනිසාගේ දෙෙනික කටයුතු මෙහෙයවීමට යොදාගැනෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් ජංගම දුරකථනයට අපගේ  සියලූම සංවේදීතාවයන්ට  ක්ෂනික ප්‍රතිචාර දක්වනවා.

දැන් එතනින් තවත් තැනකට ඇවිත් තිබෙනවා. මෙම අදියර කිහිපයම අන්තර්ග්‍රහණය වී දැන් එය  Mindware හැටියට නම්කල හැකි තත්වයකට වැඩිදියුණුව තිබෙනවා. මේ Mindware තමයි AI ගමන පාලනය කරන්නේ. අපි  භාවිතා කරන සමාජ මාධ්‍යවල (YouTube, Meta වැනි) පවතින Algorithm ඇල්ගොරිදම් අපව හොදින් අධ්‍යයනය කරනවා. අපගේ වුවමනාවන්, කැමැත්ත තීරණය කරනවා. එය බාහිරින් සම්බන්ධ පුද්ගලයින් කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒ තමයි ඇල්ගොරිදම්වල ක්‍රියාකාරිත්වය. අප භාවිතා කරන සමාජ මාධ්‍ය අතර ෆේස්බුක්හි (Facebook) අප ෂෙයා කරන පෝස්ටුවකට ලයික් තුන්සීයක් පමණ වැටී තිබෙනවා නම්, ඔබේ සමීපතමයන්ට  (බිරිඳට/ස්වාමියාට) වඩා අප ගැන මේ ඇල්ගොරිදම් දන්නවා. මේ තමයි ක්‍රමවේදය. මේ ක්ෂේත්‍රයේ සිටින විශාලම කර්මාන්ත Alpha (Google), Meta, Microsoft, Amazon යන අය මෙහි ඒකාධිකාරිය ගෙන තිබෙනවා. මෙම සමාගම් නූතණ ධනවාදයක් Surveillance Capitalism නිර්මාණය කිරීමට උත්සහ කරන වගක් පේනවා.

මීට පෙර අපි යම් තොරතුරක් සෙවීමට භාවිතා කළේ Google. එමඟින් සිදු කරන්නේ website හරහා තොරතුරු සෙවීම. නමුත් AI මගින් සිදු කරන්නේ Website හරහා තොරතුරු සෙවීම නොවේ. හැකි තරම් හැමදත්තයක්ම එකම තැනකට ගෙනැවිත් තිබෙනවා. (පොත්,චිත්‍රපට, රූප රාමු, රූප සටහන්…මේ ආදී වශයෙන්) මේ සියල්ලක්ම දත්ත ගබඩාවකට ගෙන තිබෙනවා. ඒ වගේම පරිගණක වල තිබෙන වේගවත් බව නිසා යම් දෙයක් සෙවීමට විධානයක් දුන් විට ඉතා ඉක්මනින් එය සිදු කරනවා. මෙය අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ නිසා කෘතිම බුද්ධිය කියලා තිබෙන වැටහීම ම මෙහි නියම තත්ත්වය කුමක්ද කියන කාරණය අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒ නිසා ඒ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.

Artificial Intelligence මඟින් සිදු විය හැකි අහිතකර බලපැම් සම්බන්ධයෙන් පළමුව විස්තර කරගෙන සිටිමු. ඊට පසු මෙය නිවැරදි කරගැනීම කතා කරමු.

Artificial Intelligence (නිර්මාපිත බුද්ධිය) නිසා පහළ ස්ථරයේ රැකියාවලට වඩා මැද පෙළ කළමනාකාරීත්වයේ (Middle level Management) රැකියාවලට එල්ල වන බලපෑම වැඩියි, පහළ පෙළ ඒකාකාරී රැකියා කරන පිරිසට වඩා. ලිපිකරුවන්, සංස්කාරකවරුන්, පිටපත් කරන්නන් වැනි නිර්මාණශීලී වැඩ කරන පිරිසගේ කාර්යයන් මේ හරහා සිදු කර ගත හැකියි.

AI සම්බන්ධ ILO (2024) විසින් සිදු කරනු ලබන සමීක්ෂණ වාර්තා අනුව, මැද පෙළ හා ඉහළ කළමනාකාරීත්වයේ රැකියාවලට එල්ල වී තිබෙන බලපෑම වැඩි යි. මේ සමගම මෙහි පවතින පහසුව නිසා ඉහළ තීරණ ගන්නා පිරිසට වෙන අය මත යැපෙන්නෙ නැතිව ඉතා ඉක්මනින් තොරතුරු එකතු කරගෙන ගත යුතු තීරණ ගැනීමේ පහසුව පවතිනවා.

අද තිබෙන ChatGpt නිසා ප්‍රාථමික මට්ටමේ මෘදුකාංග නිර්මාණය කරන ඉංජිනේරුවන්ගේ කාර්යයන් අතර ඔවුන් සිදුකරන Cording (කෝඩින්)  වැනි දෑ  ChatGpt මගින්  සිදු කරගත හැකි  නිසා ඔවුන්ට තිබෙන රැකියා අවස්ථා සීමා විය හැකියි.

පළමුවෙන්ම ඔවුන් කල යුත්තේ Artificial Intelligence (AI)  යනු කුමක්දැයි හඳුනා ගැනීම මිස එය වසක් විසක් ලෙස ගෙන වෙන් කර තැබීම නොවේ. මේ පිළිබඳව තවදුරටත් සොයා බලා ඒ සමග කටයුතු කරන්නේ කෙසේදැයි සොයා බැලීම.

ඉන්පසු ඒ සමග අනුගත වී තමා එදිනෙදා කටයුතු කළ කාර්යයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කෙසේද? තමන්ට ඒ පිළිබඳ පවතින දැනුවත්භාවය අඩු නම් ඒ පිළිබඳ දැනුවත්භාවය ලබාගතත යුතුයි. එසේ නිරන්තරයෙන් දැනුවත් (Continuous Learning) වීම තමයි කළ යුත්තේ. මන්දයත් අද අපට සිද්ධ වෙනවා අඛණ්ඩව වැඩකිරීමට (Continuous Working) වගේම ඉගෙන ගැනීමටත්. එවිට ඔවුන්ට ශ්‍රම බලකායට වැඩි කාලයක් පරිගණකය සමඟ රැඳී සිටීමට සිද්ධ වෙනවා.  එම රැඳී සිටීමෙන් ප්‍රයෝජනයක්  ගැනීමට නම් දැනුවත්භාවය අවශ්‍යයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්  ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍රය උත්සාහ කරනවා Bitcoin Currency යක් ආරම්භ කිරීමට. ඒ වගේම Central Bank  Digital Currency ඉදිරියට එනවා. චීනයේ දැනටමත් එය සිදුවෙමින් පවතිනවා. ඉන්දියාවත් එසේ ඉදිරියට යනවා. ස්වීඩනයෙත් මේ ක්‍රමය තියෙනවා. අප මෙතෙක් කල් තබාගෙන ආ මූල්‍ය ක්‍රමවේදය ණය මත පවතිනවා.

මේ නිසා මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකුට තමන්ගේ රැකියාවන් කළ ආකාරය වෙනස් වෙනවා. Blockchain Technology භාවිතා කර කටයුතු කරන කෙනෙකුට ලෝකයේ ඕනෑම තැනක ආයෝජනය කළ හැකියි. මන්දයත්  එය ඉතාම විනිවිදභාවයකින් පැවැතීමයි. යම් පුද්ගලයකුට ඕනෑම කොටස් වෙළඳපොළක අතරමැදියෙක්ගෙන් තොරව තමා සතු රුපියල් සියය වුව ආයෝජනය කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ තත්ත්වයට ඒමට සමහර ව්‍යාපාරිකයෝ අකමැතියි. මන්දයත් ඒ අය බොහෝ විට ගනුදෙනු කරන්නේ අපට පෙනෙන මූල්‍ය වෙළඳපොලේ නොවෙයි. අදෘෂමාණ මූල්‍ය වෙළඳ පොලේ. Shadow Financial Market එකේ. ඒ නිසා මේ තිබෙන මූල්‍ය පද්ධතිය කඩා වැටුණොත් ඊට පරිබාහිරින් තිබෙන දේවලට කුමක් වේදැයි දන්නේ නැහැ. මන්ද වැඩි දෙනෙකුගේ මුදල් තිබෙන්නේ අපට පෙනෙන මූල්‍ය ක්ෂේත්‍රයේ නොවේ. විවිධ තැන්වල. බදු නොගෙවන, බදු සහන සපයන තැන්වල තමයි ඒ මුදල් තිබෙන්නේ. මෙම අදෘෂමාණ මූල්‍ය වෙළඳපල හරි සංකීර්ණයි කිසිම නියාමණයකට ලක්වෙන්නේ නැහැ.  නිසා එකපාර මේ ඩිජිටල් තාක්ෂණයට යෑමට ඒ අය අකමැතියි. ඔවුන් සැලකිලිමත් වෙන්නේ Shadow financial industryයේ තිබෙන මුදල් ටික ටික සුදු කරගෙන මේ විදිහට digital මුදල්වලට යාමට. මේ නිසා මේ ක්‍රමවේදයට යාමේදී බැංකු ක්ෂේත්‍රයේ සේවකයන්ට, විශේෂයෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ බැංකු වලට වඩා ඉදිරි පැවැත්ම හොඳ යයි සිතනවා. මන්ද ඔවුන් කරන්නේ අවදානම් කළමනාකරණය. ඒ නිසා ඔවුන් කළ කාර්යයට AI තාක්ෂණය පහසු කරයි. නමුත් රැකියා අවශ්‍යතාවයන් අඩුවීමක් නොවන බව කිව හැකියි. හැබැයි මෙම තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට අලුත් නිපුණතාවන් එකතු කරගත යුතු වෙනවා.

හැමෝම එක වගේ තාක්ෂණය භාවිතා කරන්න හුරු වී නැහැ. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තවම පුරුදු වී සිටින්නේ බැංකුවට ගොස් ගනුදෙනු කිරීමට. මෙවන් තත්ත්වයක් තුළ යම් තැනක තිබෙන අතිරික්ත සේවා කණ්ඩායම වෙනත් කටයුතුවලට යෙදවිය යුතුයි. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය හා සුහුරු මෙවලම් භාවිත කර වැඩ කළ නොහැකි අයට මේ මෙවලම් භාවිතා කරන්නේ කෙසේද? එනම්, Online facilities, Offline Customers ලා  වෙත ගෙන යාම වැඩිපුර බැංකු සේවකයන්ගේ කාර්යභාරය කර ගතයුතුයි. එවිට ඔවුන් බැංකු කළමනාකරුවන්, නිලධාරීන් Digital Ambassadors  ඩිජිටල් තානාපතිවරු ලෙස කටයුතු කල යුතුයි. එවිට මේවායේ තිබෙන නියම පහසුකම් වැඩි දෙනාට බෙදාදීමෙන්,  මූල්‍යමය  අන්තර්කරණය වැඩිවෙනවා. එය අාර්ථික වර්ධනයට රුකුලක්වේ.

අනිවාර්යෙන්ම ඔව්. හැම සේවාවම පවත්වාගෙන යාමට අවශ්‍ය ව්‍යුහාත්මක ජාලය Network සපයන්නේ විදුලි සංදේශ සමාගම්. එය ඉතාම ආරක්‍ෂාකාරීව තිබිය යුතුයි. අන්තර්ජාල සබඳතාව, විදුලිය රට පුරාම තිබිය යුතුයි. නැතිනම් මේ තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බෑ. විශේෂයෙන්ම ටෙලිකොම් ක්ෂේත්‍රයේ සිටින සේවකයන් ප්‍රමාණය අඩු වුණත් ඒ අය වැදගත් සේවාවක් තබාගෙන යා යුතුයි මේ සන්නිවේදන ජාලය නඩත්තු කිරීමට. මේ ජාලය ඔස්සේ තමයි මූල්‍ය ක්ෂේත්‍රය, ජනමාධ්‍ය ක්ෂේත්‍රය, E – Commerce ආදී හැම ක්ෂේත්‍රයක්ම පවතින්නේ. අපි යම් වෙළඳ භාණ්ඩයක් ඔන්ලයින් මිලදී ගන්නවා නම් ඒ හැම දෙයක්ම සම්බන්ධ වන්නේ මේ හරහා. විදුලි කාර්මිකයෝ (Light technicians) වැනි අය ඉදිරියේදී නොසිටිය හැකියි. මන්ද බොහෝ වේලාවට තිබෙන්නේ wi -Fi සබඳතාවක්. ඒ වගේ තත්ත්වයක අතිරික්ත සේවකයෝ මෙවැනි දේවලට හුරු කර ඔවුන්ගෙන් ප්‍රයෝජනය ගැනීමට මානව සම්පත් කළමනාකරණය කරන අය වග බලා ගත යුතුයි.

එය දෙපැත්තටම බලපානවා. Blockchain තාක්ෂණය භාවිතා කරන හැම කෙනෙකුගේම ආදායම කිසිවකුටත් සැඟවීමක් නැතිව හැමෝටම විනිවිදව තිබෙනවා. නමුත් ඒකට සමහරුන් අකමැතියි. නමුත් එහි තිබෙන අනෙකුත් පැත්ත Cyber Crime කිරීමට, මිනිසුන් රැවටීමට වැනි දේ සිංගප්පූර වැනි රටවල දිනපතා සිදුවෙනවා. මිනිසුන්ගේ තණ්හාව නිසයි මෙහෙම වෙන්නේ. මේ දෙකම සිදුවෙනවා. මේවාට විසඳුම් තාක්ෂණය තුළම තිබෙනවා. ඒක එක් පැත්තකින් වැඩි වන විට අනෙක් පැත්තෙන් සමබර කිරීමට තාක්ෂණය එනවා.

ලංකාවේ සිදුවන කණගාටු දායක තත්ත්වය තමයි Stakeholder consultation එනම් අපගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටින  පාර්ශ්වකරුවන් අතර තිබෙන සංහිඳියාව, සංවාදයන් ඉතාම අවමයි. අපි නිතරම පුරුදු වී සිටින්නේ ඉහළ සිට පහළට එන Top Down Approach  එකට. අපි හිතනවා ඉහළ ඉන්න පුද්ගලයන් හිතන හැමදේම නිවැරදියි කියලා. නමුත් ලෝකයේ අනෙක් තැන්වල එය නොවේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට චීනයේ කොමියුනිට් පක්ෂයේ පවතින ජාලය ඔවුන් ගොවිපළවල ගම්වල මිනිසුන් සමඟ පවත්වාගෙන යන සංවාද තුළින් එන කරුණු කාරණා ඉහළ තීන්දු තීරණ ගන්නා තැන් වලට යනවා. නමුත් අපේ රටේ එහෙම වන්නේ නැහැ. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් මේ Stakeholder යටතට ඇතුළුවන සේවකයන්,  පාරිභෝගිකයන්, වෙනත් නියාමකයන් (Regulators), රජය, පුද්ගලික අංශය, විශ්ව විද්‍යාල ආදී සියලූ පාර්ශ්වයන් රැකියා වෙළඳපොළේ තිබෙන ශ්‍රම බලකායේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් විය යුතුයි. මේ දේවල් සමග අපි එකට ගමන් කළොත් තමයි මෙහි තිබෙන අවධානම අවම වන්නේ.

අනිවාර්යයෙන්ම පුළුවන්. නමුත් ඒ සඳහා වර්තමාන පවතින ක්‍රමවේදය විශාල වෙනසක් සිදුවිය යුතුයි. අපි හුරුවී තිබෙන ආර්ථික ක්‍රමයේදී අපි නිතරම බලන්නේ පාරිභෝගිකයා හා නිෂ්පාදකයා ශක්තිමත් කරනවාට වඩා මේ දෙදෙනා දුර්වල කර අතරමැදියා ශක්තිමත් වීමට. මේ පවතින ඩිජිටල් කරනය හා AI  තාක්ෂණයේ පවතින වැදගත්කම තමයි පාරිභෝගිකයා හා නිෂ්පාදකයා යන දෙදෙනාටම තොරතුරු ලබා ගැනීමෙන් දෙදෙනාම එක හා සමානව දැනුවත්භාවයට පත්වෙනවා. එවිට නිෂ්පාදකයා දන්නවා ඔහුගේ නිෂ්පාදනයට අදාළව ඔහුට ලැබිය යුතු මුදල කුමක්ද කියලා. එසේම පාරිභෝගිකයත් දන්නවා අද වෙළඳපොලේ පවතින මිල උච්ඡාවචනය පිළිබඳව.  බොහෝ දුරට අනවශ්‍ය පිරිවැය අඩු කර ඒවා අපේ ආර්ථික කටයුතු වර්ධනය කිරීමට බලපා හැකියි.

අපි භාවිතා කරන ඊමේල් ලිපිනයේ, google driveහි අපේ තොරතුරු තිබෙනවා නම් අපි ගැන ඔවුන් හොඳින් දන්නවා. AI තාක්ෂණයෙන් අපි ඇතුළත් කරන දත්තයක් ඔවුන්ගේ දත්ත ගබඩාවේ තැන්පත් වෙනවා. AI ක්‍රියා කරන්නේ දත්ත මත. අපේ අවශ්‍යතාවය AI හඳුනාගෙන එය ගබඩා කරගන්නවා. ඒ ආශ්‍රයෙන් තමයි අපට නැවත දෙන්නේ. එය ලෝකය ඕනෑම තැනකට අදාලයි. ඉන් ලැබෙන ප්‍රතිලාභ වැඩියි. උදාහරණයක් වශයෙන්, මේ පිළිබඳව සිංගප්පූරුවෙත් දැඩි මතවාද  තිබෙනවා. නමුත් සිංගප්පූරුවේ හැමෝටම DNA වාර්තාවක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය හැමෝටම වාසිදායක තත්ත්වයක්. අපි හදිසි අනතුරකට/නොදන්න රෝගයකට ගොදුරු වුවහොත් අපේ DNA වාර්තාව තිබෙනවා නම් අවස්ථාවේදී එම වාර්තාව ලබාගන්නා පුද්ගලයාට අපට අදාළ ඖෂධය ක්ෂණිකව සොයා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි එම වාර්තාව ලබාගන්නා කෙනෙක් එය වැරදියට භාවිතා කළොත් විෂ ද්‍රව්‍යයක් හදලා වුව දිය හැකියි. මෙයාකාරයේ හොඳ පැත්තටත් නරක පැත්තටත් භාවිතා කරන්න පුළුවන්.

පසුගිය කාලයේ ලොකු උනන්දුවක් තිබුණා පාසල් පද්ධතියට  AI හඳුන්වා දියයුතුයි, ළමයින්ට මේවා හුරු කළ යුතුයි කියලා. එය හොඳ දෙයක් නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තවමත් තිබෙන්නේ Analog යුගයේ. එහිදී බොහෝ දුරට සිද්ධ කරන්නේ කටපාඩම් කරල විභාගයක් ලියලා ඒක පාස් වෙලා විශ්වවිද්‍යාලයට යනවා. එවන් ක්‍රමවේදයක් තමයි තිබුණේ. ඒ අධ්‍යාපන ක්‍රමවේදය අදට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. මේ අලුත් තාක්ෂණයෙන් විශේෂයෙන්ම AI වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් අපේ පරම්පරාව ඔවුන්ගේ විශ්ලේෂණාත්මක හැකියාව වැඩි දියුණු කරගත යුතුයි. මේ හැකියාව වැඩිදියුණු කිරීමට තිබෙන එක් විෂයක් තමයි ගණිතය. එය අනිවාර්ය කර තිබෙන්නේ අපි කවර දෙයක් කළත් යම් දෙයක් විශ්ලේෂණය කරලා ඒ පිළිබඳ යම් මතයක් ගොඩනැඟීමට තමයි ගණිත ක්‍රම භාවිතා කරන්නේ. ගණිතය වැනි විෂයක් කඩපාඩම් කරලා විභාගය ලියන්න බෑ. එහි තිබෙන මූලධර්ම හරියට ඉගෙන ගත යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ ගණිත විෂය උගන්වන ගුරුවරු ඒ පිළිබඳව අත්දැකීම් බහුල අයද යන්න ගැටලුවක් පවතිනවා. මේ ගැන සොයා බැලුවාම පසුගිය වසර පහ තුළ අ.පො.සාමාන්‍ය පෙළ විභාගය ගණිත විෂය සමත් වන සිසුන් පිරිස 24%ක්. ඒ සමගම ගණිත විෂය සමත් යයි තීරණය කරන ලකුණු ප්‍රමාණය 18% ත් 20%ත් අතර දෝලනය වෙනවා. මේ කාරණා එක්ක අපේ රටේ ජනගහනයෙන් අ.පො.ස සා/පෙළ විභාගයේදී ගණිත විෂය සමත් වන්නේ 24%ක් නම් ඔවුන්ට අවශ්‍ය තරම් විශ්ලේෂණාත්මක හැකියාව එන්නේ කොහොමද

ඒ නිසා වහාම රජයන් කළ යුත්තේ මේ ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ට හරි පුහුණුවක් ලබා දීලා පාසල්වල ගුරුවරු ප්‍රමාණය වැඩි කළ යුතුයි. අපේ මතයක් තිබෙනවා අ.පො.ස සා/පෙළ ගණිත විෂය  අසමත්නම් ඔහුට/ඇයටඅ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් විය නොහැකි කියලා. එය වැරදියි. අ.පො.ස උසස් පෙළ කිරීමට අ.පො.ස සාපෙළ විභායේ ගණිත විෂය අසමත් වීම ගැටලුවක් නොවෙයි. හැමෝටම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට ගිහින් වෛද්‍යවරු, ඉංජිනේරුවන් වීමට බැහැ. “ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” කියනවා වගේ ඔහුට හෝ ඇයට කළ හැකි දේ ඔහු කැමති දේට ඉඩ දිය යුතුයි. එසේ නැතුව ගණිතය සමත් වී උසස් පෙළ කළ යුතු යැයි මතයේ සිටීම වැරදියි. ගණිතය කරන අයට ඒ විදිහට අවස්ථාව දිය යුතුයි. ඒ වගේම හැමෝටම ගණිතය අපහසු විෂයක් නොවන්නට ඉගැන්වීමට පහසුකම් සැපයිය යුතුයි. එසේ කළොත් ඉදිරියට එන AI මඟින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මන්ද අපේ රටේ ජනතාවගේ හැකියාව ඕන තරම් තිබෙනවා. නමුත් අධ්‍යාපන ක්‍රමයෙන් ඒ හැකියාවන් ඔපමට්ටම් වෙන්නෙ නෑ. අපේ අධ්‍යාපන ක්‍රමය තවමත් සකස් වී තිබෙන්නේ සිසුන් සත්තු වත්තේ දඩයම් කිරීමට යොමු කරන්න. සත්තු වත්තේ දඩයම් කිරීම අපහසු දෙයක් නොවේ. නමුත් මහ කැලයේ දඩයමට පුරුදු කළ යුතුයි. මහ කැලයක දඩයම් කරන්නාක් මෙන් කැලෑව හඳුනාගත යුතුයි. සතා හඳුනාගත යුතුයි, දඩයම හඳුනාගත යුතුයි, තමන් බේරී එන විදිහ දැනගත යුතුයි, මස් කළාම මස් ටිකට කරන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනි ඒ වගේ විෂයන් රාශියක් තිබෙනවා. දූපතක ඉන්න අපිට මේ මහා කැලයට ( මුළු ලෝකයටම) ඒ වගේ දේවල් කළ හැකියි. අපි තාමත් ලෝකයට ඉතුරු කරලා තිබෙන්නේ අපේ මුතුන් මිත්තන් කරලා ඉතිරි කරපු දේවල්. තවමත් මිනිස්සු එන්නේ සීගිරිය, අවුකන, වැව් පරාස බලන්න. ඒවා ඓතිහාසික නිර්මාණ.ඒවා කරන්න අපේ රටේ මිනිස්සුන්ට හැකියාව තිබුණා නම් ඒවා තවමත් අපේ ලේ වල තිබෙනවා. නමුත් තවමත් අපි ශිල්පය වෙනුවට දැනුම හොයාගෙන යන අධ්‍යාපන ක්‍රමයකට ගිහින් අපිට තිබූ ඒ අවස්ථාවන් නැති කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධ uni ගෝලීය වෘත්තිය සමිති ජාලයත් අපි දකිනවා, ලංකාවේ පමණක් නොව ලෝකයේ  හැම තැනකම මේ පිළිබඳව අපේ වෘත්තිය සමිති නායකයින්ගේ දැනුවත්භාවය අඩුයි. අපේ ජාලයේ තිබෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් ලෝකයේ හැම තැනකම තිබෙන දේවල් එකම තැනකට ගෙන ඒමට. එසේ අරගෙන අපි දැනටමත් සිදු කරන්නේ ඒ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා. ඉදිරියේදී පැමිණිය හැකි තර්ජනවලට වෘත්තීය සංගම් කටයුතු කළ යුත්තේ කෙසේද? රැකියා අවස්ථාවන් රැකගත යුත්තේ කෙසේද? අලුත් රැකියා අවස්ථාවන් ජනගත කර ඒ අය කොහොමද ඒ වෘත්තීන්වල නියැලෙන්නේ ඒ අය දැනුවත් කිරීම තමන්ට එන අභියෝගවලට මුහුණ දී කේවල් කිරීම කරන්නේ කොහොමද කියන කාරණය දැනට අපි සිදු කරනවා. ඉදිරියේදී කුමක් සිදුවේදැයි අපිට කිව නොහැකියි. නමුත් අපි නිතරම උත්සාහ ගන්නේ වෘත්තිය සමිති නායකයින්ගේ දැනුවත්භාවය වැඩි කරලා තර්ජන හා අවස්ථාවන් නිවැරදිව හඳුනාගෙන ඒ අනුව රැකියා අවස්ථාවන් බේරාගෙන මානව කේන්ද්‍රීය සංවර්ධනයක් කරා පෙළඹවීමට. එසේ නැතිව සුළු පිරිසකට තම වත්කම් වැඩිකර ගැනීමට කරනු ලබන කටයුත්තක් අප අනුමත කරන්නේ නැහැ.

රටෙන් පිට ජීවත්වන කෙනෙකු වශයෙන් මම දකින්නේ අපේ රටේ තිබෙන සම්පත් ප්‍රමාණය අනෙක් හැම රටකටම වඩා වැඩියි. එසේත් නැතිනම් ඒ තත්ත්වයෙන්ම තිබෙනවා. නමුත් අපි ඒ සම්පත් උපයෝගී කරගෙන රටේ සංවර්ධනයට, මිනිස්සුන්ගේ සංවර්ධනයට යොමු කරන්නට නිවැරදි දර්ශනයක් සහිතව දේශපාලන ගමනක් යන්නට වුවමනා කරන නායකත්වයක් නිර්මාණය කර ගත යුතුයි. මා සඳහන් කළ පරිදි මේ පද්ධතිමය වෙනස ඇති කරන්නට අවශ්‍ය සමාජ කතිකාවට අප සියළුම දෙනා සහභාගී විය යුතුයි. ඒ සඳහා මාධ්‍යවේදීන් වෘත්තීය සමිති  නායකයින් විවිධ දේශපාලන මත දරන අය එකතු විය යුතුයි. එසේ එකතු වී අපිට අවශ්‍ය කරන පද්ධතිය කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා වෙනසකට යාමත්, ඒ ඉලක්කය කරා ජනතාව පෙළගැස්වීමත් කළ යුතු වෙනවා. එසේ වුවහොත් අපේ ආර්ථිකය වර්ධනය විය යුතු ආකාරය කුමක්දැයි ඉදිරිපත් කළ හැකියි. ඒ තුළින් තමයි අපේ ආර්ථිකය ණය බරින් සැහැල්ලු වෙන්නේ. ණය බරින් නිදහස් වීමට තවත් ණය ගන්නවා නම් නැවතත් යන්නේ පරණ තත්ත්වයටමයි.  අපි එකතු වුණොත් අපට හැකියාව තිබෙනවා.   නමුත් අපේ ආකල්ප වෙනස් විය යුතුයි. අපේ අගයන් වටිනාකම් වෙනස් කරගත යුතුයි. මේ දේවල් කළොත් අපි හැමෝටම සැබෑ අනාගතයක් නිර්මාණය කර ගැනීමට හැකි වෙයි.

The post නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජන හා අවස්ථා හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%ad-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-generative-artificial-intelligent-%e0%b6%ad/feed/ 0
සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%9a/#respond Wed, 05 Mar 2025 09:30:08 +0000 https://vivaranalk.com/?p=12720 මැදපරෙදිග යුධගැටුම් වල අළුත්ම ජවණිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඒකඟවූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේය. 2023 ඔක්තෝම්බර් 07 වැනිදින හමාස් සංවිධානය එල්ල කළ කෲර සහ අමානුෂික ත්‍රස්ත ප්‍රහාර බටහිර ලෝකයේ යුධ ශූර ඊශ්‍රායලය තූෂ්නිම්භූත විය. ලෝකවාසී සියළු දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වමෙින් ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ පලස්තීන ගාසාතීරයේ ජන සංහාරය මිනිස් […]

The post සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය.. appeared first on විවරණ.

]]>
මැදපරෙදිග යුධගැටුම් වල අළුත්ම ජවණිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඒකඟවූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේය. 2023 ඔක්තෝම්බර් 07 වැනිදින හමාස් සංවිධානය එල්ල කළ කෲර සහ අමානුෂික ත්‍රස්ත ප්‍රහාර බටහිර ලෝකයේ යුධ ශූර ඊශ්‍රායලය තූෂ්නිම්භූත විය. ලෝකවාසී සියළු දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වමෙින් ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ පලස්තීන ගාසාතීරයේ ජන සංහාරය මිනිස් ඝාතන, මූලික මානුෂික අයිතිවාසිකම් ඇතුළු  ජාත්‍යන්තර යුධ නීති උල්ලංඝනයන් තාවකාලිකව නැවතී ඇත්තේ මිනිස් ජීවිත 48000 ඉක්මවා නැති කරමින්ය. ඊශ්‍රායලය සිය ආත්ම ආරක්ෂාවට සහ සිය පුරවැසියන් ප්‍රාණ ඇපකරණයෙන්  නිදහස් කරගැනීමට දියත් කල අමාණුෂික සහ විනාශකාරී යුද්ධය ඉතිහාසයේ කුමණ ආකාරයකටවත් සාධාරණීය කරගැනීමට අපොහොසත් වනු ඇත. නවීණ යුධ තාක්ෂණයේන් සහ බුද්ධි තොරතුරු සම්පිණ්ඩන විශේෂඥ ඊශ්‍රායලයට එකද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට නොහැකි විය. කොන්දේසි විරහිතව  ඊශ්‍රායලයට සහය දුන් ඇමරිකාවේ බයිඩන් ජනාධිපතිවරයාගේ සහ ජර්මණි‍යේ ඕලාෆ් ෂූට්ස් චාන්සලර් වරයාගේ රජයන්ට මහජනතාවගේ අප්‍රසාදය දැඩිව එල්ල විය.

ඉහත ඡ‌න්දයේ පුරෝකථනය දේශපාලනික උවමනාවන් තකා දේශපාලන සහ අපරාධ නඩුවලට වරදකරුවන් වන සිරකරුවන් නිදහස් කරලීමේ ආදීනව, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පැවැත්මට කරන බලපෑම පිලිබද විමසුමක් කිරීම මූලික කරගෙන අදහස් කිහිපයක් පෙළගැස්වීමටය. 

ප්‍රජාතන්ත්‍රවාදය යහපැවැත්ම රඳාපවතිනුයේ එම පාලන ක්‍රමවේදය තුලනාත්මකව ක්‍රියාකරවීම බලගන්වන විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වපසරිය ශක්තිමත් වුවහොත් පමණි. ඊට අමතරව ඕනෑම සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම්, සංවිධාන වීමට සහ භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස ප්‍රමාණවත්ව පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදය මුල් බැසගැනීම වේගවත් කරවයි.  විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ ත්‍රිත්වය ස්වාධීනව කටයුතු කරනවා යන හැඟීම විස්වාශය පොදුජනමතය වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය ගුණාංගයයි.  එහෙත් දේශපාලන බලය රැක ගැනීමට සහ උඳුරාගැනීමට බොහෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල දේශපාලනඥයින් කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැක. මෙම හේතුවම පාලකයින් සහ පාලිතයින් අතර පවතින අනොන්‍ය විශ්වාසය දැඩිලෙස පළුඳුකර තිබේ. එබැවින් මැතිවරණ වලින් මහජන මතය සිය වාසියට හරවා බලය ලබා ගත්තද එය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ජනතාව අපේක්ෂා කරන යහපත් පාලන ක්‍රමවේදයක් තුලින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරවීම විශාල අභියෝගයක්ව තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාවගේ සංජානනය රැකගැනීම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔප්පු කරවීමට පාලකයින් වගබලා ගතයුතු වේ.

සමාජයේ භීෂණය, ත්‍රස්තවාදය සහ අපරාධ අවම කරගැනීමට මෙය දැඩි පිටිවහලක්වේ. ශක්තිමත් ආර්ථික පසුබිමක් සහිත සහ සංවර්ධනය වෙමින් පවතින සියළුම රටවල් වල රජයන් ජනතාවට ඉටුවිය යුතු යුක්තිය සාධාරණීය කිරීම උදෙසා කැපවිය යුතුවේ.

2020 ජනාධිපතිවරණයේ පරාජය බාරගැනීමට ප්‍රතික්ෂේප කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට වොෂින්ග්ටන් අගනුවර 2021 ජනවාරි 06 වැනිදා දියත් කල ත්‍රස්ත ක්‍රියාවලිය ඇමෙරිකානුවන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු දෙනාගේ විවේචනයට ලක්වීය. එම අපරාධයට හවුල්වූ සියළු දෙනාටම නීතිය ක්‍රියාත්මක කොට ලබාදුන් සිරදඬුවම් වලින් නිදහස් කරවීම 2024 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් වීය. සිය පළමු පාලනවාරයේ  දෙවරක්ම දෝෂාභියෝගයට ලක්වී, මැතිවරණ ව්‍යාපාර අරමුදල් අවභාවිත කරවීමේ හේතුවට අපරාධනීතිය යටතේ වරදකරුවෙකු වූ  ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා හැටියට තේරීපත්වීමට සමත් විය. ඔහුට දැන් ජනාධිපතිවරයා හැටියට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ මුක්තිය වරප්‍රසාදයක් ව තිබෙන බැවින් සිය විධායක බලය ඉවක් බවක් නැතිව ක්‍රියාත්මක කිරීමට පෙළැඹී ඇත. මෙහි ආදීනව ඉදිරියේදී දැකබලා ගතහැකි වෙනු ඇත. පොරොන්දු වූ පරිදි ජනාධිපති සමාව ජනවාරි 06 කැරළිකරුවන්ට ලැබී ඔවුන් දැන් නිදහස ලබා ඇත.

සිරකරුවන් නිදහස් කරවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද විවෘත මැතිවරණ පොරොන්දුවක් නොවූවද ඔහුට බලය ලබාදීමට මහජනතාව නොමග හැරීමට උපකාරී වූ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති අනියම් සම්මුතිය කරළියට ආවේ මිනීමැරීමකට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබුණු දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හැටියට පත්කිරීමත් සමඟින්ය.  ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද අමනෝඥ ක්‍රියාපාටි වලින් තවත් එක් නාටකයක් වූ මෙම සිද්ධිය පසුව අධිකරණයේ මැදිහත්වීමෙන්ම දුමින්ද සිල්වාට නැවත සිරබත් කෑමට යාමට නියම කරවීය.

ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබුණු දුමින්ද සිල්වාට, ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබාදී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත්කරනු ලැබීය.

අධිකරණය හෑල්ලු කරමින් විධායක බලය අවභාවිතා කරවීමේ පුරෝගාමීව කටයුතු කල ජනාධිපතිවරයා කෘතහස්ත දේශපාලනඥයෙකු සේ නම් දැරූ වෘත්තීයෙන් නීතීඥයෙකු ජේ. ආර්. ජයවර්ධන මහතාය. 1977 එ. ජා. ප. රජයට විශිෂ්ඨ ජනවරමක් ලබා ගැනීමට සිරකරු නිදහස් කරවීමේ මැතිවරණ පොරොන්දු උපක්‍රමය යොදාගනිමින් එවකට ක්‍රියාත්මක වූ කේවල මැතිවරණයෙන් හයෙන් පහක ( ⅚)  බලයක් ලබා ගත්තෙතේය. ඔහු අධිකරණ කටයුතු වලට බලපෑම් කළේ විධායක බලය වෙනුවට, (⅚ ) ලැබූ ව්‍යවස්තාධායකයේ ජනවරම අනිසි ලෙස යොදාගැනීමෙන්ය. එම අකටයුතු කම් එකිනෙක විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

අපරාධ නීතිය යටතේ දඬුවම් නියම වූවන්ට දේශපාලන උවමනාකම් වෙනුවෙන් නිදහස ලබාදීම ශ්‍රී ලාංකේය ජනජීවිත වලට අත්වූ ඉරණම ගැන සාකච්ඡාවක්, වර්තමානයේ භූ දේශපාලනයේ ඉස්මතු වෙන තත්ත්වයන් සමඟ සැසදීමට මෙම ලිපියේ ඉදිරි ඡන්දයෙන්  යොදා ගන්නෙමි.

77 වසරක් පුරා ශ්‍රී ලාංකේයන් භුක්ති විදින නිදහසේ සීමාවන් මොනවාද යන්න තේරුම් ගැනීමට වඩාත්ම උචිතම සාධකය නම්, 1971 ජ වි පෙ මෙහෙයවන ලද තරුණ කැරැල්ලය. එවකට බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඇතුළු රජයේ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම කැරැල්ලේ එක් අරමුණක් වීය. එහෙත් එවකට පැවැති පාලන ක්‍රමවේදයේ රාජ්‍යයේ ප්‍රධානියා එංගලන්තයේ මහ රැජිණ වීම නිසා කැරළි කරුවන්ට එරෙහි නඩුව ගොණුකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රජයට විරුද්ධව එල්ල කල ත්‍රස්ත ක්‍රියාවක් ලෙසටය. එවකට ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව දඬුවම් දියහැකි නීතී රාමුවක් නොතිබුණ හෙයින් විශේෂ අපරාධ විනිශ්ච කොමිසන් සභාවක් මගින් ජ වි පෙ නායක රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ඇතුළු සෙසු චූදියන්ට විවිධ කාල සීමාවන්ට සිර දඬුවම් ලබා දීමට සාධාරණව යුක්තිය ක්‍රියාත්මක වීය.

1977 පැවති කේවල මැතිවරණ ක්‍රමය යටතේ තම ප්‍රතිවාදීන්ගෙගේ ඡන්ද සුළු ප්‍රමාණයක් තම පාර්ශවයට හිමිකර ගැනීමෙන් විශාල ජනවරමක් ලබා ගැනීමට එ ජා පයට හැකි වීය. ඒ වනවිට ජ. වි. පෙ. සාමාජිකයින් සිය ව්‍යාපාරයේ නායකයා නිදහස් කරගැනීම ප්‍රමුඛත්වය දී කටයුතු කරමින් සිටි නිසා වාමවාදී ඡන්ද දායකයින් බොහෝ දෙනෙකු මෙකී අරමුණ වෙනුවෙන් එ. ජා. ප. යට සිය ඡන්දය ප්‍රකාශ කල බවට අනුමාණ කල හැක. 1977 ව්‍යවස්ථාදායකය ලද අසීමිත ( ⅚)  බල සංයුතියේ සංඝඨකයින් ගොඩ නැඟුණු  ආකාරය මැතිවරණ ප්‍රථිපල විශ්ලේෂණයකින් තේරුම් ගැනීමට අපහසු නොවේ.

1977 දී ජේ. ආර්. ජයවර්ධන එ. ජා. ප. නායකයා ඇතුළු රජය තමන් ලබාගත් එම ජයග්‍රහණය එතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ විශ්ෂ්ට සිවිල් පරිපාලනය දේශපාලනීකරණය කිරීමට යොදාගත්තෙතේය. එම ක්‍රියාවලියන්ගේ අනිටු ප්‍රථිපල ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හඳුන්වාදීමෙන් අත්කර ගත් ප්‍රථිලාභ සියල්ලම රට තුළ ඉස්මතු වූ ත්‍රස්තවාදී, දූෂිත ප්‍රචණ්ඩ ක්‍රියා තුළින් යටවී ගියේය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සහ එ. ජා. ප. යට සිය අසීමිත බලය රැකගැනීමට සිය විධායක සහ ව්‍යවස්ථාදයක බලය අධිකරණයේ ස්වාධීනත්වය අභිබවමින් තර්ජනාත්මකව යෙදවීය. එහි සමස්ත ප්‍රථිපලය 1983 සිට ශ්‍රී ලංකාව අඳුරු කාල පරිච්ජේදයකට ගොදුරු වීමය.

මහජන දේපල ජීවිත හානි රැසක් බිහිසුණු අපරාධ තුලින් විමුක්තිය උදාකර ගැනීමට රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ ජ. වි. පෙ. දියත් කල 1971 කැරැල්ල මැඩලීමට රජය සමත්වීය. රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීය. 1982 ජනාධිපතිවරණයට සිය ප්‍රතිවාදීන් බෙදා දුර්වල කිරීමට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය අධිකරණයේ ස්වාධීනත්වය ඉක්මවා ජේ. ආර්. අවභාවිතා කලේය. ඉන් පළමුවන්න අපරාධයට වරදකරුවෙකු ලෙස සිරගත වූ රෝහණ විජේවීර නිදහස් කිරීම සහ සිය ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩරනායක මහත්මිය ඇතුළු විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ප්‍රජා අයිතිය නැති කරවීමයි.

මීට අමතරව මැතිවරණයක් නොතැබීමට ජණමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලසීමාව දීර්ඝ කරගැනීම සහ ඡන්ද දායකයින්ට ඍජුව වගවෙන වගකියන කේවල ආසන මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමද සිදුවීය. මෙකී ක්‍රමවේදයෙන් තෝරාපත්වන මහජන නියෝජිතයින් ඡන්ද දායකයින්ට සහ බඳු ගෙවන්නන්ට ඍජුව වගනොකියන වරප්‍රසාද භුක්තිවිදීමට පමණක් තෝරා පත්වූවන් බව පසුගිය දශක කිහිපය තුල පෙන්වාදී රට බංකොළොත් කල ආකාරය පාඨක ඔබ මැනවින් අවබෝධ කරගෙන සිටී.

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වුනු ආඥාදායෙකු අතරට පරිවර්තනය වූ ජේ. ආර්. උතුරේ මතුවුනු අසහනත්වයට සහ බෙඳුම් වාදී අරගලය මැඩපැවැත්වීමට නොහැකි විය. 1983 ජූලි කලබල අහිංසක දෙමළ ජනයා වෙත ප්‍රචණ්ඩත්වය යොදවා පාලනය කිරීමට අසාර්ථක උත්සහයක් කොට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අපකීර්තියක් අත්කරමින් L .T. T .E. බෙඳුම්වාදී අරගලය ශක්තිමත් කලේය.1983 ජූලි ප්‍රචණ්ඩ ක්‍රියා සහ L. T. T. E. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට අපොහොසත්වූ එ ජා ප රජය ජූලි කලබල ඇතිකරවුයේ නැක්සලයිට් දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් නම් කර ජ. වි. පෙ. ඇතුළු වාමවාදී දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කලේය. රෝහණ විජේවීර නැවතත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දියත් කිරීමට ඉඩකඩ ලබාගෙන අත්තනායක කෙනෙක් හැටියට සැඟවී 1988-89 වකවානුවේ තවත් කැරැල්ලක් දියත් කරමින් මහජන දේපල ජීවිත හාණි රැසක් අත්කරමින් සිය ජීවිතයෙන්ම වන්දි ගෙවීය. 

ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්ව ආඥාදායකයන්වූ පාලකයින් අතර ප්‍රමුඛයා ඇඩොල්ෆ් හිට්ලර්ය. වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහු අබිභවා කටයුතු කිරීමට සැරසෙන බවට ඉඟි කරමින් සිටී. මේ වන විට 2021 ජනවාරි 06 වොෂින්ටන් නුවර ත්‍රස්ත ක්‍රියාවල නිරතවු අපරාධකරුවන්ට දඬුවම් නියම කල විනිශ්චකරුවන් කවුරුන්ද යන්න දැනගැනීමට FBI ආයතනයට බල කර ඇත. 

The post සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%9a/feed/ 0
නොපිපීම – පරවීම.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%9c%e0%b6%b4%e0%b7%92%e0%b6%b4%e0%b7%93%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%9c%e0%b6%b4%e0%b7%92%e0%b6%b4%e0%b7%93%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#respond Fri, 06 Sep 2024 09:39:11 +0000 https://vivaranalk.com/?p=11927 පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ මානව සම්පත මුහුණ පාන ගැටළු සහ අභියෝග රැසක් සාකච්ඡාවට ලක් කෙරේ. නිදහස් අධ්‍යාපනය ඉහළ සාක්ෂරතාවය ගැන මහත් අභිමානයකින් සිටි ජාතියක් ව සිටි අප, වසරක් පතා වැඩිවෙන රැකියා විරහිත උපාධිදාරීන් පිලිබද අවදානයක් යොමු කලේද? උසස් අධ්‍යාපනය […]

The post නොපිපීම – පරවීම.. appeared first on විවරණ.

]]>
පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ මානව සම්පත මුහුණ පාන ගැටළු සහ අභියෝග රැසක් සාකච්ඡාවට ලක් කෙරේ.

නිදහස් අධ්‍යාපනය ඉහළ සාක්ෂරතාවය ගැන මහත් අභිමානයකින් සිටි ජාතියක් ව සිටි අප, වසරක් පතා වැඩිවෙන රැකියා විරහිත උපාධිදාරීන් පිලිබද අවදානයක් යොමු කලේද? උසස් අධ්‍යාපනය හා සම්බන්ධ නිලධාරීන් මෙම තත්වය පිළිබදව අවධානය හරිහැටි යොමු නොකිරීමෙන් සහ ඔවුන්ගේ වගවීම සහ වගකීම නිසියාකාරයින් ඉෂ්ඨ නොවීම නිසා ජාතියේ වටිනාම සම්පතේ නිසි දායකත්වය සංවර්ධන ක්‍රියාවලියට මුසු කරගත නොහැකි විය. ජාතියේ තරුණ තරුණියන් සිය හැකියාවන් සහ නිපුණතාවන් වලින් රටේ සංවර්ධනයට මෙහෙවරක් නොකරම පරම්පරා කිහිපයක්ම අවාසනාවකට පරවී ගොස් ඇත. ඉන් සමහරක් දකුණේ සහ උතුරේ සමාජ අසාධාරණයන්ට එරෙහිව ක්‍රමවේදයම වෙනස් කරවීමට මූලිකත්වය ගෙන අරගල කර අකාලයේම දිවි පිදූහ. මෙම තත්වය වහා නිවැරදි කරගැනීම ශ්‍රී ලාංකේයන් අපේක්ෂා කරන පද්ධතිමය වෙනසේ මූලික සංගඨකයන් වියයුතුවේ.

වර්තමානයේ රට මුහුණදී ඇති ආර්ථික අවපාතය සහ විදේශ ආයෝජන නොලැබීම නිසා රැකියා උත්පාදනය නොවීම හේතුවෙන් රට හැරයන ජාතියේ සම්පත රඳවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මත කලයුතු ප්‍රතිපත්ති සැළසුම් කරණය පිලිබඳ බුද්ධිමය සමාජ කතිකාවන් ඇති නොවීම අවාසනාවන්ත තත්වයකි. යටත් විජිත සමයේ ක්‍රියාත්මකවූ සියළු පාර්ශවකරුවන් හා සංවාද සාකච්ඡා වලින් තොරව ඉහළ සිට පහළට ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති සම්පාදනය, වෙනස් කලයුතු වගක් වර්තමාන දේශපාලකයින් තේරුම් ගෙන නොමැත. ඔවුන් සියළු දෙනාම ලහිලහියේ දඟලන්නේ රාජ්‍ය බලය කෙසේ හෝ ඩැහැගෙන තමන්ට අවශ්‍ය චින්තනය ක්‍රියාත්මක කරවීමටය. ශ්‍රී ලංකාව පළමුවෙන් කලයුතුව ඇත්තේ යටත් විජිත පාලකයින් විසින් හඳුන්වාදී ඇති-බෙදා වෙන්කර පාලනයට පහසු- කිසිම විද්‍යානුකූල පදනමකින් තොර පරිපාලන ව්‍යූහය වෙනස් කිරීමය. ඡන්ද දායකයාට සහ බඳුගෙවන්නන්ට ඍජුව වගවෙන වගකියන 21 වැනි ශතවර්ෂයේ තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම ලෙස පරිපාලනය කලහැකි මධ්‍යගත පාලනය විමධ්‍යගත කෙරෙන පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වාදීම මූලික ප්‍රමුඛතාවයක් කරගතයුතුව ඇත. මෙම මූලික වෙනස්වීම නොකර පවතින ක්‍රමවේදය එලෙසින්ම පවත්වාගෙන යාමෙන් සිදුවනුයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ වරප්‍රසාද සඳහා තරඟ කරන මහජන නියෝජිතයින් පත්කරන වෙනම කර්මාන්තයක් ඇතිකරවීම හැර තැලෙන මිරිකෙන පුරවැසියන්ට මොනම ආකාරයකවත් සහනයක් නොලැබීමය.

නොපිපී පරවීම මාතෘකාව යටතේ මෙම ලිපියේ අවධානය මූලිකවම යොමුවෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින දැනුම හඹායන, විභාග කඩයිම් කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වහාම වෙනස් කලයුත්තේ මන්ද යන අදහස සමාජගත කොට ඒ් සඳහා වෙනත් විද්වතුන්ගේ අදහස් සහ මතවාද අවදි කරකරවීමේ සාකච්ඡාවකට මුලපිරීමය. ඕනෑම තැනැත්තෙකුගේ දැනුම හැකියාව විභාගයකින් මිනියහැකිද?

එහෙත් වර්තමානයේ සිදුවන්නේ යම් ඉහළ සමාජ පිලිගැනීමක් සහ වරප්‍රසාද වලින් පිරි රැකියාවන් ඉලක්ක කරගත් දැනුම වනපොත් කරවන, මුදල් වැයකර පෞද්ගලික උපකාරක පංති කර්මාන්තයෙන් විභාග සමත් කරවීමට ඉඩකඩ සළසන උගැන්වීමේ ක්‍රමවේදයකි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් බදුගෙවන්නන් ගේ පිහිටෙන් ජාතියේ අනාගතයට නොමිලේ ලැබෙනුයේ වර්තමාන ශ්‍රමවෙළදපලේ ඉල්ලුමට නොගැලපෙන ශ්‍රමබලකායෙකි.  මෙහි අවසාන ප්‍රථිඵලය ලක්ෂ සංඛ්‍යාත උපාධිධාරීන් රැසක් සමඟ, විශ්වවිද්‍යාල තුලින් උසස් අධ්‍යාපන අවස්ථාවන් අහිමි, අපේක්ෂා භංගත්වයට ලක්වෙන තරුණ තරුණියන් සමාජගත කරවීමය. විශ්වවිද්‍යාලවලින් උපාධිය සමත් වීමෙන් පසු ඔවුන් සියළු දෙනාගේම අපේක්ෂාව රජයෙන් රැකියා උත්පාදනය කරගැනීමටය. ඒ අතරින් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි රැකියාවන්ට ඇති ඉල්ලුම වැඩි නිසා එකී අවස්ථාවන් හඹායන සිසුන් දෑඩි තරඟයකට ලක්වෙති. මෙම රජයේ රැකියාවන්ට ලැබෙන වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප් නිසා යම් සේවාවක් සමාජයට ඉටුකර තම හැකියාවෙන් යමක් උපයාගනු වෙනුවට බදුගෙවන්නන්ගේ පිහිටෙන් මේතාක් කල් සිය වැටුප සපයා ගැනීම රාජ්‍ය සේවකයින්ට හැකි විය. මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යානොහැකි බව දැන් ප්‍රත්‍යක්ෂ වී ඇත. මේතාක් කල් සිදුවූ මෙම ක්‍රියාදාමයේ අවසන් ප්‍රථිපලය රාජ්‍ය ආදායම සහ වියදම පාලනය කරගත නොහැකිව කරවටට ජාතියම ණයවීමය. මෙම තත්වය ගැන අවබෝධයක් නැති දේශපාලකයින් ජාත්‍යන්තර ණය මාෆියාවේ ගිරයට හසුව ඇත. මෙම විෂම දාමයෙන් ගැලවීම ගැන කිසිම දේශපාලන පක්ෂයක් පැහැදිලි මතවාදී වෙනස්කමක් ඉදිරිපත් නොකර පැළැස්තර අැලවීමට පමණක් සුදානම්ව සිටින වග මැතිවරණ ප්‍රකාෂ වලින් දැකගත හැක.

නව තාක්ෂණයේ හැඩගැසීම සහ නිරතුරුව  වෙනස්වීම හේතුවෙන් ඉදිරියේදී ශ්‍රම බලකායේ සියළු දෙනාටම සිය ජීවිතකාලය පුරාම අඛණ්ඩව උගෙනගැනීමටත් සමඟ වැඩිකාලයක් ශ්‍රම බලකායේ රැදී සිටීමට සිදුවනු ඇත. මේතාක් කල් පැවැති සම්ප්‍රදාය, නොමිලේ අධ්‍යාපනය ලබා,වසර 30 ක් පමණ එකම වෘත්තියෙක නියැලී තව වසර 30 ක් විශ්‍රාම යාම තවදුරටත් පවත්වාගෙන යානොහැක. මෙම තත්වය සමග පැණනැගෙන අභියෝග සහ අවස්තාවන් ගැන පැහැදිලි අවබෝධයකින් යුතුව, ශ්‍රී ලංකාවේ  බුද්ධිමත් මානව සම්පතින් ජාතියේ අනාගතය ශක්තිමත් කිරීමට ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් පොලඹවා යල්පැනගිය අධ්‍යාපනය යාවත්කාලීන කරවීමට කාලය එල්ඹ ඇත.

උප මාතෘකාවේ ඇති වාඛ්‍ය ඛණ්ඩ දෙක ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කලේ සිංහලින් දැනට සපයා ඇති අර්ථ කථනය සහ පද වහර මෙම තාක්ෂණික විප්ලවය නියම ස්වභාවය ඉස්මතු නොකරන නිසාය. Artificial Intelligence (AI) යන්න කෘතිම බුද්ධිය හැටියට නිර්වචනය කිරීමම ඒ් පිලිබඳ විග්‍රහය යම් සීමාවකට කොටුකරවීමකි. සිංහලින් Machine Learning (ML) යන්න යාන්ත්‍රික උගෙනීම හැටියට ලඟු කල හැකිද? මෙම ක්‍රියාදාමයන් දෙක අතර ඇති අඅනොන්‍ය්ය සබැදියාව වර්තමානයේ විශාල පෙරළියකට මුලපුරා ඇත. තොරතුරු තාක්ෂණයේ සීඝ්‍ර පරිණාමය ML ක්‍රියාවලිය සක්‍රීය කිරීමේ ප්‍රථිපලයක් මත සුවිශාල දත්ත පද්ධතීන් ඇසුරෙන් AI භාවිතයෙන් ක්ෂණික විශ්ලේෂනයන් කරවීමේ සම්භාවිතාවයන් කාර්යක්ෂම කර ඇත. මෙය මානව සංජානනීය නිපුණතාවයන් අභිබවා ගොස් ඇත. ඒබැවින් AI කෘතීම බුද්ධිය හැටියට හඳුන්වාදීමට වඩා ඉන් ඔබ්බට ගොස් නිර්මාපිත බුද්ධිය හැටියෙන් තේරුම් ගැනීම වඩා උචිතයැයි මෙම ලියුම් කරු අදහස් කරයි. ඒ අනුසාරයෙන්ම ML අර්ථ දැක්විය යුතු වන්නේ යාන්ත්‍රීය විඥාණය යනුවෙන්ය. මෙම අර්ථ ගැන්වීම ක්‍රමවත්ව සිදුවීම අපගේ අධ්‍යාපනයේ දිශානතිය නිවැරදි තලයට ගෙනඒ්මට දායක වනු ඇතැයි මෙම ලියුම්කරු අදහස් කරයි. මෙම කරුනු නිවැරදිව අවබෝධ කරගැනීම අධ්‍යාපනවේදීන් සහ විශේෂඥයින්ට ප්‍රතිපත්ති සැළසුම්කරනය විද්‍යානුකූලව කරගැනීම පහසු කරවනු අැත.

මැතිවරණ කාල වකවානුව එළඹීමත් සමග දේශපාලඥයෝ ජනතාවට ඉවක් බවක් නොමැතිව පොරොන්දු සහ බලාපොරොත්තු ඡන්දදායකයන්ට ලබාදීමට රුසියන් වෙති. පාසැල් දරුවන්ට නොමිලේ ටැබ්ලට් ලබාදීම, අන්තර්ජාලය පරිශීලනයට WIFI පහසුකම් ලබාදීමට දේශපාලනඥයින් දෙඩවු පොරොන්දු ඔවුන්ටම මතක නැත. මෙම සුහුරු තාක්ෂණයින් උපරිම ප්‍රථිපල ලබාගැනීමට සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් සැපයීම රජයේ මූලිකම වගකීමක් නිසා සම්පත් එ්කරාශිකර ගැනීම ප්‍රමුඛතාවයන් මත පිහිටා වහා කලයුතුවේ. මෙම කටයුතු වලට සම්පත් ඉලක්ක ගත මාර්ග වලින් උපයා ගත යුතුව ඇත. මේ සඳහා ඇති සම්පත් ගොනුකරගත හැකි ප්‍රධාන මාර්ගය නම් විදුලි සංදේශ නියාමන කොමිසම වාර්ෂිකව උපයාගන්නා බලපත්‍ර ගාස්තු ප්‍රමාණයයි. විශ්ව විද්‍යාලවල සහ පාසැල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට එම සම්පත් භාවිතා කරනු වෙනුවට හිටපු ජනාධිපතිවරයෙකු මිලියන 600ක් සිල් රෙදි ලබාදීමට අක්‍රමවත්ව ලබාදුන්නෙනේ යැයි චෝදනා ලැබීය.

මෙම තත්වයන් එසේ තිබියදී, 2023 සැප්තැම්බර් මස  අධ්‍යාපන අැමති වරයා සහ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය 25 දෙෙනකුගෙන් යුත්  විද්වත් මණ්ඩලයක් ඉදිරි වසර 25 තුලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකල යුතු වෙනස්කම් ඉලක්ක කර ප්‍රතිපත්ති රාමුවක කෙටුම්පත් ඉදිරිපත් කිරීමට නිර්දෙශ කර ඇත. මෙකී කෙටුම්පතේ ප්‍රතිපත්ති ක්‍රමෝපායන්ගේ ඉලක්කය වනුයේ, ආර්ථික සහ සාමාජීය සංවර්ධන ක්රියාවලීන් වේගවත් කිරීම සඳහා අධ්‍යාපනික  පද්ධතිවල සිදුවන ඉගැන්වීම්, ඉගෙනුම් සහ සහතිකකරණ, යහ කළමණාකරණය සහ ආයෝජන හා සම්පත් යනාදි  ක්ෂේත්‍ර ක්‍රමිකව වෙනසකට භාජනය කරමින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රවේශ, ගුණාත්මකභාවයන්, අදාලත්වය මෙන්ම ඩිජිටල් පරිවර්තනයන් තිරසාර අයුරින් ඉහළ නැංවීම.

ඒම කෙටුම්පත අධ්‍යයනය කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. ඒහෙත් ජනවහරේ ඇති කියමනකට අනුව තෝරාගන්නා මග නිවැරදි නම් ගමන වරදින්නේ නැත. ඉහත කෙටුම්පතේ ඉලක්කය කිහිප වතාවක්ම කියවීමෙන් පසුවද ඩිජිටල් පරිවර්තන ඉලක්කය හඹා යාහැකි වේදෝ යන්න මෙම ලියුම්කරුට පහසු නොවීය. කෙසේ වෙතත් ඒය සවිස්තරාත්මකව විද්වතුන්ගෙන්ම දැන විමසා බැලිය යුතුවේ.

කෙටුම්පතේ හඳුනාගෙන ඇති අභියෝග අතරේ ඒකක් වනුයේ ශ්‍රී ලංකාව පුරා පවතින විශාල ඩිජිටල්මය විභජනය සහ අසමානත්වය පැවතීම බව සටහන් කර ඇත.මෙම තත්වය සාධාරන අභියෝගයක් බවට පිලිගත හැක. ඩිජිටල් තාක්ෂණය හෝ නිර්මාපිත බුද්ධි (AI) ක්ෂේත්‍රවලට යොමුවීමට අපගේ දරුවන්ට අවශ්‍යකරන STEM skills වර්තමාන අධ්‍යාපන දහරාවෙන් සැපයෙනවාද යන්න පුළුල් විමර්ශණයකට ලක්කර විය යුතුව ඇත. Science, Technology, Engineering and Mathematics යන විෂයන් අනුබද්ධිත නිපුණතාවන් යනුවෙන් සරලව හඳුන්වා දිය හැකි ගැටළු නිරාකරණයට අවශ්‍ය විශ්ලේෂනාත්මක හැකියාවන් ප්‍රගුණ කරවීමේ සංකීර්ණ ක්‍රමවේදයට සිසු දරුවන් යොමු කරවීමේ ශික්ෂණයයි.

ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කර ඇත්තේ සිසු දරුවන්ගේ විශ්ලේෂනාත්මක හැකියාව වැඩිදියුණු කරවීමටය. ඒහෙත් වර්තමානයේ ගණිතය විෂය අසමත්වීම සිසු දරුවන්ට උසස් පෙළ හැදෑරීමට බාධාවක් වෙන බැවින් ගණිතය විෂය සමත්වීම අඩු ලකුණු පුමාණයකට සීමාකර ඇත්නම් ඒය වහා නිවැරදි කරගත යුතුවේ.

ගණිතය විෂය කටපාඩම් කර විභාග වලින් සමත්  විය නොහැක. ගණිත ගුරුවරයා සිසුන් තුල විෂයානුබද්ධ සිද්ධාන්ත නිවැරදිව සහ තර්කානුකූලව හඳුන්වා නොදුනහොත් සිසු දරුවන්ට ගණිත ක්‍රමවේදය පහසුවේන් ග්‍රහණය කරගත නොහැක. යමක් තර්කාණුකූලව සිතා තීන්දු තීරණ ගැනීමේ පරිචය සිසුන් වර්ධනය කරගන්නේ ගණිත සිද්දාන්ත ඔස්සේය. නො ඒසේනම් බොහෝ දෙනෙක් හැඟීම් වලට මුල් තැනදී තීන්දු තීරණ ගැනීමට හුරු වන්නේය.

මෙම තත්වය නිවැරදි කරවීමට අධ්‍යාපනඥයින් සහ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් කඩිනමින් ක්‍රියාත්මක නොවුනොත් ජාතියේ වටිනාම සම්පත නොපිපී පරවී යනු ඇත.

The post නොපිපීම – පරවීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%9c%e0%b6%b4%e0%b7%92%e0%b6%b4%e0%b7%93%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8/feed/ 0
යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ  ව්‍යවස්ථාදායකට පත්නොකරමු https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%99%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%99%e0%b6%9a/#respond Fri, 23 Aug 2024 10:42:24 +0000 https://vivaranalk.com/?p=11899 ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන  මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට පාලනය කරන පරිපාලනය කටයුතු කරනුයේ ජනසම්මත ජනවරමකින් තොරව යන්න මෙම ලියුම් කරුගේ මතයයි.  හැටනම ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයා අරගලයකින් පන්නා දැමූ පසු කටයුතු කරන අනුප්‍රාප්තිකයාගේ […]

The post යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ  ව්‍යවස්ථාදායකට පත්නොකරමු appeared first on විවරණ.

]]>
ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන  මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට පාලනය කරන පරිපාලනය කටයුතු කරනුයේ ජනසම්මත ජනවරමකින් තොරව යන්න මෙම ලියුම් කරුගේ මතයයි.  හැටනම ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයා අරගලයකින් පන්නා දැමූ පසු කටයුතු කරන අනුප්‍රාප්තිකයාගේ  ක්‍රියාකලාපය දැන් නිතර දොෂදර්ශනයට  ලක්වෙමින් පවතී. මෙම තත්වය නිවැරදි කරවීමට ජනතාව එඩිතරව කටයුතු කරන ආකාරය සැප්තැම්බර් 21 වෙනි දින ඡන්ද ප්‍රතිඵල වලින් දැකගත හැක.  නියම ජනවරමක් ඇති ජනාධිපතිවරයා විසින් ජනමතය නියෝජනය නොමැතිව කටයුතු කරන ව්‍යවස්ථාදායකය අනිවාර්යයෙන් ම විසුරුවනු ඇත.

ශ්‍රී ලාංකාව වර්තමාන අවාසනාවන්ත තත්ත්වයට පත්කල ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් විසින් සිදුකර ඇති ක්‍රියාකලාපයන්ගේ  ආදීනව ගැන පසුවිපරපක් කරමින් ඉදිරියේදී එවැනි වැරදීම් සිදුවීමට ඉඩතැබීම අවම කිරීම ඡන්ද දායකයින්ගේ මූලික වගකීමක්ද වනු ඇත. දූෂණය, වංචාව, සොරකම් මගින් ආර්ථිකය ණය බරින් දැඩි පීඩනයකට ලක් කර ඇති අයුරින්ම සිය දේශපාලන සටකපට කම් තුලින් ජනතාවට හිමිවිය යුතු යුක්තිය, නීතිරීති අවභාවිතා කරතීබීමෙන් අසුරාලීම උග්‍රයෙන්ම දූෂණයකි. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අණපනත් වල අන්තර්ගතය තම බලය රැක ගැනීම උදෙසා අවභාවිතාව ජනතාවගේ නියෝජිතයින්  හැටියට නොකළ යුත්තකි. එවැනි දේවල් කිසිම ලැජ්ජාවකින් තොරව අතීතයේ සිදුකරමින් ජනතාවට ඉටුවිය යුක්තිය ක්‍රමානුකූලව සොරාගෙන ඇත.

ඉතිහාසය පුරාම එවැනි අප්‍රසන්න ක්‍රියා කර ඇත්තේ නීතිය සිය වෘත්තීය හෝ මූලික උගැන්වීමක් ලෙසට අධ්‍යයනය කල දේශපාලකයින්ම වීම යුක්තිය සහ සාධරනත්වය පවතින ක්‍රමවේදයන්  ඉටු නොවීම නිසා ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුඳුවීම මේවන විට උත්සන්නව ඇත.

ගෝනවල සුනිල්

දෙවැනි යුක්තිය උදුරා ගැනීම සිදුවන්නේ වයස අවුරුදු 14 ක් වූ දැරියක් ගෝල්ෆේස් පිටියේදී දූෂණයකට කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වී බන්ධනාගාරගතව සිටි අපරාධකාරයෙක් නිදහස් කරමින් ඔහුට මුළු දිවයිනටම බලයලත් සාමදාන විනිසුරු පදවියක් ප්‍රදානය කිරීමය. මෙම අප්‍රකට ක්‍රියා ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ හඳුන්වන්නෙනේ සුනිල් සමාව හැටියටය. ගෝනවල  සුනිල් නමින් ප්‍රකට මෙම අපරාධකරු කැළණිය, බියගම, ගෝනවල ප්‍රදේශයේ ප්‍රබල එ. ජා. ප. අධාරකරුවෙකි. සිරෙන් නිදහස් වී සිය හාම්පුතුන්ගේ බල අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවීමකින් කටයුතු කෙළ්ය. සුප්‍රකට මහර අතුරු මැතිවරණයෙන් විජය කුමාරතුංගයන්ගෙගේ ජයග්‍රහණය උඳුරා ගැනීමට සිය මැර භීෂණ ක්‍රියාකාරකම් උපරිමයෙන් දියත් කෙළ්ය. 1988 -89 කීර්ති විජයභාහු සහ ජනාධිපති ආර් ප්‍රේමදාස සහපාලන වකවනුවේදී නාඳුනන වෙඩික්කරවෙකුගේ තුවක්කු ප්‍රහාරයකින් අවසන් ගමන් ගියේය. අපරාධකරුවන් විශ්‍රාම නොයන යථාර්ථය අපට නැවත මතක් කරගත හැක. මෙම වෙඩිතැබීම සිදුවෙන විට ඔහුගේ නිවසේ එවකට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්යට පත්වීය. එම පොලිස් නිලධාරීන් සුනිල් සාමදාන විනිසුරුතුමා මුණගැසීමට ගොස් සිටියේ ඔහුගේ බලපෑමකින් එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයාගෙන් ලිපියක් ලබාගෙන ඔවුගේ දරුවන් කොළඹ උසස් පාසලකට ඇතුලත් කරගැනීමට බව එම නිලධාරීන්ගෙගේ බිරියන් මාධ්‍යවේදීන්ට  පවසා ඇත.

අපරාධකරුවන්, දේශපාලනඥයින් සහ පොලීසිය අතර පවතින සහ සම්බන්ධය සහ සුසංයෝගය කෙබඳුද යන්න තේරුම් ගැනීමට මෙම සිද්ධිය අවශ්‍ය තරම් සාධක සපයයි.

අතීතයේ සිට වර්තමානයට පිවිසෙමු. පොදු ජනතාවට හිමි යුක්තිය උදුරා ගැනීම අරාම්භ වන්නේ ඉහත විස්තර කර ඇති  ආකාරයටය. සඟ,වෙඳ, ගුරු. ගොවි. කම්කරු බලවේගයන් අතරට අශිෂ්ඨ මැරවරයින් බලගැන්වුනේ මෙම සන්ධර්භය තුලය. මැරවරයින් සමාජ දේශපාලන ක්‍රියාදාමයේ ප්‍රබල සංගටකයක් බවට දැන් පත්වී තිබීම පොදු ජනයාට අයිති යුක්තිය පැසදලීමේ ක්‍රමවේදය උඩු යටිකුරු ඇත.

19 වැනි ආණඩුක්‍රම ව්‍යවස්තාව අර්ථ නිරූපණය කිරීමටත්, 36 වැනි පොලිස්පති වරයා පත්කිරීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය කටයුතු කර ඇත්තේද ඉහත විස්තර කර අති පරිදි ගෝනවල සුනිල්ට සාමදාන විනිසුරු කම පිරිනැමීම හා සමාන ක්‍රියාවකි. මානව හිමිකම් උල්ලංඝණය පිලිබඳ චෝදනා ලද, ගොල්ෆේස් අරගල කරුවන්ට අමානුෂික පහරදීම් කල බවට නීතිපති දෙපාර්තමේන්තුව නම් කල, ව්‍යවස්තාදායක මණ්ඩලය අනුමත නොකල වැඩ බලමින් සිටි දේශබන්ධු තෙන්නකෝන් මහතා අවිදිමත් ලෙසට පොලිස්පති හැටියට පත්කිරීම දැන් උසාවිය හමුවේ ගොනුකර ඇති   මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින්, අධිකරණය  පොලිස්පති වරයාගේ රාජකාරී කටයුතු අත්හිටවමින් වාරණ නියෝගයක් පනවා ඇත. එම තීන්දුවට ගරු කරමින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීමට ජනාධිපතිවරයා සහ රජය හොර ගල් අහුලන්නේ මැරයින්ගේ  සහ අපරාධකරුවන්ගේ පිහිටෙන් තොරව  ඔවුන්ට පැවැත්මක් නැති බව පැහැදිලි නිසාය.

ගෝණවල සුනිල් මහර අතුරු මැතිවරණය එ ජා ප යට වාසි දායක ලෙසට මැර බලයෙන් පෙරළීය. ඒ ආකාරයටම එලැඹෙන මැතිවරණ වලදී සිය ජයග්‍රහණය සදහා මැරබලය අත්‍යාවශ්‍ය වන බවට දේශපාලන උපදේශකයන් බෝහෝවිට පුරෝකතනය කර ඇතැයි විශ්වාස කල හැක.

අවාසනාවක තරම වත්මන් ජනාධිපතිවරයා නීතිය හදාරා කොළඹ සරසවියෙන් උපාධියක් ලබා ඇති නීති වේදියෙකු  ලෙසට සිය බලය රැකගැනීම සඳහා නීතියට පිටුපා ජනතාවට හිමි යුක්තිය උඳුරා ගැනීමට කටයුතු කිරීමය.

එබැවින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත්කර ගැනීමේදී ඔබගේ ඡන්දය පොදු ජනතාවගේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට බලපෑම් කරන අධිමානසිකත්වයෙන්, අතීත කාමයෙන් පෙලෙන, යුක්තිගරුක නොවන කිසිම පුද්ගලයෙකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි නොකරන්න වග බලාගන්න.

ශ්‍රී ලංකාවේ පද්ධතියමය වෙනසක් ඇතිකරවීමට මූලිකත්වය සහ නායකත්වයක් ගත හැකි අවංක පරාර්තය වෙනුවෙන් කටයුතු කරන ඍජු බුද්ධිමත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා යැවීමට අවංක උත්සහයක් ගන්න.  ජාතියේ අනාගතය නිවැරැදිව ගොඩ නැගිය හැකි නායකත්වයක් තුළින් අපට අවශ්‍ය නව පද්ධතිය තනාගැනීම සිදු කර ගත යුතුව ඇත.

රට වත්මන් තත්ත්වයට පත් කල කිසිවෙකුට නව පද්ධතිමය ක්‍රමවේදය නිර්මාණය කල නොහැක.

The post යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ  ව්‍යවස්ථාදායකට පත්නොකරමු appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%99%e0%b6%9a/feed/ 0
තෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%a7%e0%b6%af%e0%b7%93-%e0%b6%87/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%a7%e0%b6%af%e0%b7%93-%e0%b6%87/#respond Mon, 08 Jul 2024 03:46:45 +0000 https://vivaranalk.com/?p=11655 උපමා ආප්තෝපදේෂ ජනවහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උගතයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජනගත කරවීමටය. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වාගෙන ගියද, සිසුදරුවන් පෙනී සිටින තරඟකාරී විභාග සමත්වීමේ ප්‍රමුඛතාවයට වැඩි අවධානයක් යොමුවීමේදී, සිය භාෂා සහ සාහිත්‍ය අවශ්‍යතාවන් යටවෙන තත්ත්වයන් ඉස්මතුවීම  කණගාටුවට කරුනෙකි. මෙම තත්ත්වය සියළු නිර්මාණශීලී සංස්කෘතික කලා කටයුතු වල පිරිහීමකට […]

The post තෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම.. appeared first on විවරණ.

]]>
උපමා ආප්තෝපදේෂ ජනවහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උගතයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජනගත කරවීමටය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වාගෙන ගියද, සිසුදරුවන් පෙනී සිටින තරඟකාරී විභාග සමත්වීමේ ප්‍රමුඛතාවයට වැඩි අවධානයක් යොමුවීමේදී, සිය භාෂා සහ සාහිත්‍ය අවශ්‍යතාවන් යටවෙන තත්ත්වයන් ඉස්මතුවීම  කණගාටුවට කරුනෙකි. මෙම තත්ත්වය සියළු නිර්මාණශීලී සංස්කෘතික කලා කටයුතු වල පිරිහීමකට මුලපුරයි. වර්තමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන තාක්ෂණික ක්‍රියාදාමයන්ට සමගාමීව ක්‍රීඩා සහ කලාකටයුතු ක්ෂේත්‍රවල බිහිවීමට ඇති රැකියා අවස්ථාවන් අවතක්සේරු කලයුතු නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම වෙනමම ලිපියකින් සාකච්ඡා කලයුතුවෙි.

“වත්ත බද්දටදී ඇස්සට” දත නියවීම යන ආප්තෝපදේශයෙන් ගම්‍යවන අර්ථය නම්, කෙනෙකු සතු ඉහළ ආර්ථික වටිනාකමක් ඇති දිගු කාලයක් අඛණ්ඩ ආදායම් උපයා දීමට සමත් දේපලක් හුදෙක් කෙටිකාලීන ලාභපේක්ෂාවෙන් වෙනත් අයෙකුට බදුදී ඉන් ලැබෙන අවම ආර්ථික වාසියෙන් සෑහීමකට පත්වීමයි. මෙහිදී ඇස්ස යන වචනයේ නියම තේරුම කුමක්ද යන්න නව පරපුරේ පාඨකයින්ට ප්‍රශ්ණයක් විය හැක. ඒය නම් ඵලයක් ගසකට බද්ධ කරන කොටසයි. ඉංග්‍රීසියෙන් Crown යනුවෙන් හඳුන්වනු ලබන ගෙඩිය වැඩෙනතෙක් විශේෂ කාර්යයක් කොට ඵලයක් බවට පත්වූපසු වටිනාකමක් නැති කොටසක් බවට පත්වෙයි. තම දෙමාපියන් දහඩිය මහන්සියෙන් වවාගත් පොල්වතු, සහ වෙනත් වගාවන් දෙවෙනි තෙවැනි පරම්පරාවල දරුවන් ඒවා වැඩිදියුණු කරනවා වෙනුවට ගිවිසගත් බඳු මුදලකට වෙනෙකෙනෙකුට පවරා යම් ආදායමක් උපයාගනී. බඳුහිමියා බදු කාලසීමාවේදී අස්වැන්න නෙලාගෙන එයින් වෙළඳපලේ උපරිම මිල ලබාගෙන අතිරික්ත ලාබයක් හිමිකර ගත්තද වගාවේ වැඩිදියුණුවට කිසිම ආයෝජනයක් නොකරයි. වාරයෙන්, වාරයට ඵලදාව නෙලාගෙන සියළුම ආර්ථික වටිනාකමින් යුතු දේ වගාබිමෙන් ඉවත්කරගෙන ඇස්ස පමණක් ඉතිරි කර යයි. වතු හිමියාට සිය භූමියේ  ඉතිරිව ඇති ඇස්ස ගණනය කිරීමෙන් තමන්ට අහිමි වූ ආදායමේ තරම කොපමණද යැයි යන හෝඩුවාවෙන් සෝසුසුම් ලෑම දත නියවීමෙන් අර්ථ ගන්වයි.  

ලිපියට යොදාගෙන ඇති මාතෘකාවේ පණිවිඩයේ දිශානතිය කුමක්ද යැයි පාඨක ඔබට වටහාගැනීම අපහසුනොවේ. ජාත්‍යන්තර ණය මා‌ෆියාවේ උපායමාර්ග වලට හසුවී සිටින අපගේ දේශපාලනඥයින් සිදුකරනුයේ ඉහත ඡේදයෙන් විස්තර කර ඇති සංසිද්ධියමවෙයි. සමහර ආර්ථික වටිනාකම් සහිත සම්පත් බඳුදීමට අමතර සම්පූර්ණයෙන් විදේශිකයින්ට විකුණා දැමීමට ණය උඟුලට හිරකර මානබලයි. අවාසනාවකට ජනතාවගේ නීත්‍යාණූකූල ජනවරමක් නොලද පරහිත ලැදි පාලක පිරිසකින් මෙම කටයුත්ත පහසුවෙන්ම කරගත හැකි බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කරයි.

මානව ප්‍රවර්ධනයේ ආයෝජන එක්රැස්කරවීමට උපයාගතයුතු බඳු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරවලට නොයවා බඳු රහිත අක්වෙරළ සුරපුර වලට යැවීමට පාරකපන නව ලිබරල්වාදී දර්ශනය ශ්‍රී ලංකාව පමණක් නොව තවත් දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල් කිහිපයක්ම මෙම ණය උඟුලට හසුකර ඇත. Schock Doctrine කම්පණ කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය, නිරවි යුධ සමයේ බලගැන්වුණු ඒකධ්‍රැවීය ජගත් සංවිධාන ඔස්සේ ණය උඟුලට මැදිවෙන රටවල් වලට නියම කරයි. තමන්ටම ආවේණික ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නව අදහස් වලින් බංකොලොත් පාලක සමූහයක් සහිත රටවල් වලට මෙම වැරදි මාත්‍රාව වැඩිවැඩියෙන් නියම කරයි. ණය උඟුලෙන් ගොඩවිය හැකි විකල්ප වැඩපිළිවෙලක් සොයාගනු වෙනුවට පාලකයින් තවතවත් ණය මත ආර්ථිකය සංවර්ධනය කිරීමට උත්සහ කරයි.  අවාසනාවක තරම වෙදාම ලෙඩේ බව තේරුම් නොගෙන ඔහුගේ ප්‍රතිකර්මයෙන් සුවවීමට උත්සහ කරන පාලකයින් නොදැනුවත්වම තම රටේ සහ ජනතාවගේ අනාගතය නොරටුන්ට උකස් කර සිටීමයි. කම්පන කේන්ද්‍රීය ආර්ථික න්‍යායයේ උපාය මාර්ග දෙකක් පැහැදිලිව හඳුනාගත හැක. ඉන් පළමුවැන්න අර්බුදයට මුහුණදෙන රටවල් මොන තරම් ආර්ථික අවපාතයන්ට ගොඳුරු වූවද, ගෙවිය යුතු ණය කපා නොහැරීමට ණය හිමියන් පොළඹවනු ලැබීමයි.

දෙවැනුව සිය අනුග්‍රහාශීලීන් උපයා ගෙන ඇති බඳුනොගෙවෙන ධනය ආයෝජනය කිරීමට හැකි අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අර්බුදවලට ගොදුරු රටවල බංකොලොක් දේශපාලනයින්ට සිය අනුගාමී උපදේශකයින් ලවා ක්‍රියාත්මක කරවීමට පොළොඹවයි. ඊළඟ ණය වාරිකය පෙන්වා මෙම නඩය නැවත ණය උඟුලේම හිරකර තැබීම ඔවුන්ගේ අභිප්‍රායයි. මෙය වෙනත් ආකාරයකට දැක්වූවහොත් ශක්තිමත් ආර්ථික වටිනාකම් සහිත රාජ්‍ය ආයතන දුර්වල කරමින් ඒවා පෞද්ගලීකරණය කිරීමට අනුබල දීමයි. එසේ පෞද්ගලීකරණයට භාජනය වන සේවාවන් ශක්තිමක් ලාබදායී ව්‍යාපාරයන් ‌මෙන්ම වෙළඳ ඒකාධිකාරීන් ගොඩනඟාගැනීමට ඉඩකඩ සලස්වාදෙයි. කළු සල්ලි Shadow Finance විශුද්ධිකරණය කරගැනීමට පහසු ක්‍රමවේදයන් ඉබේම නිර්මානයවේ.

දිවයිනේ ඉන්ධන අවශ්‍යතාවන් සුරක්ෂා කරගැනීමට වර්තමානයේ අපගේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් දූරදර්ශීව කටයුතු කර නොමැති බව කණගාටුවෙන් සටහන් කලයුතුව ඇත. බටහිර බහුජාතික සමාගම් සතුව තිබූ ඛණිජ තෙල් බෙදාහැරීමේ ඒකාධිකාරිය බිදදමා එම කාර්ය සඳහා බිහිකරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අවරගනයේ දේශපාලකයින් අත්කරදී ඇති ඉරණම ගැන අප කම්පා විය යුතුවේ.

දැනට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත්ව ඇත්තේ ඉන්දීය IOC සමාගම සහ චීනයේ SINOPEC සමාගමයි. ඉන්දියාවවත් චීනයවත් ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැත. ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒම රටවල් දෙකම විශිෂ්ඨ ඝණයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන් මැදපෙරදිග රටවල් සහ රුසියාව සමඟ පවත්වාගෙන යයි. ප්‍රගතිශීලී රටවල් හා ශ්‍රී ලංකාව පවත්ගෙන ගිය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හේතුවෙන් බටහිර රටවල් සහ ඉන්ධන සමාගම් වල බලපෑම් වලට හසු නොවීමට ඉරාණ රජයේ දායකත්වය මත සපුගස්කන්දේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකරන ලදි. ඒවා වැඩි දියුණු කර, වෙළදපලේ බොරතෙල් මිල අඩුවනවිට ආනයනය කොට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් වත් අළුත්වැඩියා කොට ගබඩා කොට නඩත්තු කරවීමට තරම්වත් දුරදක්නා දැනනුවණක් තිබුණු රාජ්‍ය පාලකයින් නොසිටීම ජාතියේ අවාසනාවකි. ඛණිජ තෙල් ආනයනය කරවීමට කැදවන ටෙන්ඩර් මගඩි පාලනය කර සිය මඩිය තරකර ගැනීමේ කෙටි කාලීන වාසිය තකා ජාතියේ අනාගතය නොරටුන් අතට බාරදීමට පොරකන දේශපාලකයින් ගැන ශ්‍රී ලාංකේයන් සියළු දෙනාම විමසිලිමත් විය යුතුය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසට ශ්‍රී ලාංකාව පැවැති කාලයේ රාජ්‍ය පාලනය සතුවුයේ සිය අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරු කරවීමට තීන්දු තීරණ ගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සතුවය. රාජ්‍ය තාන්ත්‍රිකයින්  කටයුතු කරනුයේ සිය අරමුණු අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමේ දිගුකාලීන වැඩපිළීවෙලක් මත පිහිටාය. නිදහසින් පසු දිවයිනේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන් කටයුතු කර ඇත්තේ අතලොස්සක් වූ දේශපාලකයින් කිහිප දෙනෙකි.

විශේෂයින් 1978 ව්‍යවස්ථා සංශෝධනයින් පසු ඒතෙක් රාජ්‍ය තන්ත්‍රය උසස් මට්ටමකින් පවත්වාගෙන යන ලද සිවිල් පරිපාලනය අවරගනයේ දේශපාලනයින්ගේ අතකොළුක් බවට පත්වීය. ඉන් අනතුරුව දේශයේ කඩාවැටීම උත්සන්න විය. වත්මන් දේශපාලකයින් විදේශ උපදේශකයින් ගේ උපදෙස් අනුව නටනවා හැර රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග සොයා නිර්මාණශීලී වැඩ පිලිවෙලක් රටට හඳුන්වාදීමට සම්පූරුණයෙන්ම අසමත්ය. ඔවුන් සියළුදෙනාම ජාත්‍යන්තර ණය මාෆියාවේ සුරතළුන් වීමට කළුකෝට් වලින් සහ කිරිකොකුන් මෙන් ජාතික ඇඳුමෙන් සැරසී පොරකති.

රාජ්‍ය ආයතන නිසිපරිදි කලමනාකරණය නොකර දේශපාලන හෙංචයියලා යටතේ අවභාවිතාව රට දැනට මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ මර්මස්ථානයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය මේ අතරින් ඉදිරියෙන්ම සිටී. දැනට ශ්‍රී ලාංකේයන් ගේ ජීවන වියදම අසාමාන්‍ය ලෙසට ඉහළ යාමට හේතුව මෙම ආයතන සිදූවූ දූෂණ සහ වංචාවන් සහ දුර්වල කලමණාකරණයයි. මෙම තත්ත්වයට හේතුව ප්‍රධාන ලෙසම දායකවී ඇත්තේ රාජ්‍ය පාලකයින් සිය බලය අයුතු ලෙසට භාවිත කරමින් බැංකුවලට මෙම ආයතන වලට ණය මුදල් සපයා දීමට බල කර සිටීමයි. මේ සඳහා බැංකුවලට භාණ්ඩාගාර ඇපකර සුරැකුම් ලෙසට සපයමින් කෙටිකාලීන අවශ්‍යතාවයන් සපුරාගැනීම දිගු කාලීනව ආයතන බංකොලොත් කරවීමට කටයුතු කර ඇත. ඉතාමත් පටු දැක්මක් සහිත අවරගනයේ දේශපාලකයින් සිය කෙටිකාලීන ලාභ අපේක්ෂාවන් උදෙසා ජාතියේ අනාගතය විනාශ කර ඇති ආකාරයන් තවදුරටත් පහත ඡේදයන්හි සාකච්ඡා කෙරේ.

රටේ ආර්ථික කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ ප්‍රම්‍රඛතාව මත පිහිටා රාජ්‍ය බැංකු ඛණිජ තෙල් සංස්ථාවට විශේෂ ණය පහසුකම් රජයේ ඇපකරණයන් මත කාලයක් තිස්සේ සපයා ඇත. කෙටිකාලීන ලාභ අපේක්ෂාවේන් පාරිභෝගිකයින් ගසා කමින් දූෂිත කලමනාකරණයන් මත ණය බරින් පිරි තෙල් සංස්ථාව දැන් රජයට පවත්වාගෙන යා නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලැබී ඇත.

මෙම ආයතනය සිය ආධිපත්‍යට ගැනීමට කැසකවන ජගත් භූ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ නැඟී ඒන රටවල් දෙකක් ලාබදායී ඛණිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ මැදිහත්ව ඇත. මෙම රටවල් දෙකම සිය බලශක්ති අවශ්‍යතාවන් සපුරාගැනීමට දිගු කාලීන වැඩපිලිවෙලවල් ක්‍රමවත්ව දියත් කර ඇත. ඒවැනි අවශ්‍යතාවන් ගැන කිසියම් සංඝත වැඩපිලිවෙලක් නොමැති ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ඒම රටවල උපායමාර්ග ශක්තිමත් කිරීමට මගබලා සිටිත්.

මෑතකදී ස්වීයත්වය ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ඛණිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ණය බරින් සැහැල්ලු ව්‍යාපාරය  පෞද්ගලීකරණය කිරීමට සුදානම් කරමින් සිටී. ජනමාධ්‍ය වාර්තාවන් සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශණ අනුව බැංකු වලට ඛණිජ තෙල් සංස්ථාව ගෙවීමට නියමිත පොලී ප්‍රමාණයන් අත්සිටවීමට නියෝග ලැබී ඇතැයි වාර්තා කර සිටී. මහජන තැන්පත් වලින් පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවලට හිමිවිය යුතු විශාල ණය ප්‍රමාණයක පොලිය අහිමි වීම ඒකී ආයතන ලාභදායීව පවත්වාගෙන යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත. මෙම ප්‍රයත්නයේ යටි අරමුණ ශක්තිමත් රාජ්‍ය බැංකු දුර්වල කර රටේ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය මාෆියාවෙන්ම සපයා ගැනීමට පෙළඹවීමකට මුලපිරීමක් විය හැක. ඉහත විස්තර කල කරුණු සළකා බැලීමේදී දැන් සිදුවෙමින් පවතින්නේ දරාගත මට්ටමකට ව්‍යාප්තවී ඇති ස්වෛරීය ණය මහජනතාවගේ ඉතුරුම් වලින් හිලව් කර දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යොමුකරවීම සඳහා විය හැක.

ආප්තෝපදේශයකින් ඇරඹි ලිපිය තවත් ජනවහරේ ඒන උපමා කතාවකින් අවසන් කරමි. “කැවුම් ගෙඩියට පොරකෑ බළලුන් දෙදෙනාට සිදුවූ ඉරණමම” දැන් ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අත්විදිමින් සිටී. වෙනසකට ඇත්තේ ලාංකේය දේශපාලකයින් සිය බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලාංකේය කැවුම් ගෙඩිය වඳුරන් දෙදෙනෙකු වෙත ගෙනයාමට පොර කෑමය.

The post තෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%a7%e0%b6%af%e0%b7%93-%e0%b6%87/feed/ 0
බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු. https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%a2%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%a2%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80/#respond Sun, 26 May 2024 15:57:47 +0000 https://vivaranalk.com/?p=11479 සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකීයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්තය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. 2012, ලන්ඩන් නුවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන අවධියේ එහි සිටි නගරාධිපති වරයා වූ බොරිස් ජොන්සන් මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක් විය. නිව්යෝර්ක් නුවර ජන්මලාභය […]

The post බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු. appeared first on විවරණ.

]]>
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකීයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්තය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ.

2012, ලන්ඩන් නුවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන අවධියේ එහි සිටි නගරාධිපති වරයා වූ බොරිස් ජොන්සන් මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක් විය. නිව්යෝර්ක් නුවර ජන්මලාභය ලද ඔහුට ලන්ඩන් නුවර නගරාධිපති වරයා ලෙසට තේරීපත් විය. ලන්ඩන් නුවර පාපැදි  සංස්කෘතිය හඳුන්වා දුන් ඔහු, පාපැදියෙන් ඔබ මොබ ගිය ජනප්‍රිය චරිතයක් වීය. එවකට සිටි ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ නායකත්වයට බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් වෙන්කරවීම මුල් කරගනිමින් තර්ජනයක් එල්ල කලේය. ඉන් ඉක්බිති  2019 දී පැවැති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් කොන්සර්වෙටිව් පක්ෂයට ලබා දෙමින් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා බවට තේරීපත් විය.

බොරිස් ජොන්සන්

හුදු ජනප්‍රියත්වයේ රැල්ලෙන් බලයට පත් බොරිස් ජොන්සන් කොන්සර්වෙටිව් පක්ෂයට සහ බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට අත්කර දී ඇති ඉරණම කනගාටුදායක තත්වයකි. බලයෙන් උන්මාද වූ ඔහු ගේ ජනප්‍රියත්වය සෙසු අය අවභාවිතා ගත්තද, ඔහු සතුව නොයිදුල් ආවේණික පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොතිබුණු නිසාය. බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීම වේගවත් කරවීම බොරිස් ජොන්සන්ගේ ඒකම අභිප්‍රාය විය. ඒහි ආදීනව බ්‍රිතාන්‍යයන් දැන් අත්විදිමින් සිටී. කෝවිඩ් අර්බුදය හමුවේ ඔහු කටයුතු කල ආකාරය බ්‍රිතාන්‍යයේ දැඩි විවේචනයට ලක්විය. විවිධ අර්බුද බොරුවෙන්‍ යටපත් කිරීමට යාමෙන් වරක් ජනප්‍රිය දේශපාලන චරිතයක් වූ බොරිස්, බොරු ජොන්සන් වරයෙකු වීමට ගතවූයේ වසර දෙකකට අඩු කාලයෙකි. කොන්සරිවෙටිව් පක්ෂයේ බල අරගලය කෙලවරවූයේ කෙටි කාල පරාසයක් තුල අගමැතිවරු පස්දෙනෙකු අතර බලහුවමාරුවකිනි.

සදීක් කාන්

පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ පැවැති පළාත් පාලන මැතිවරණ වලින් කම්කරු පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත. ලන්ඩන් නුවර නගරාධිපති පදවිය තෙවැනි වරටත් දිනාගැනීමට වත්මන් නගරාධිපති සදීක් කාන් සමත්විය. ඔහු බොරිස් ජොන්සන්ගේ අනුප්‍රාප්තිකයා වීය. 2016 සිට නගරාධිපති පදවිය හොබවන සදීක් කාන් වෘත්තීයෙන් නීතීඥවරයෙකි, ඉස්ලාම් භක්තිකයෙකි ඔහු මෙවර වැඩි ඡන්ද 276,000 තනතුර රැකගත්තේය. බොරිස් ජොන්සන් තරම් ජනප්‍රිය නොවුවද ලන්ඩන් නුවර වාසීන්ට සේවා සපයෙන පැහැදිලි වැඩපිලිවෙලක් දියත් කර තිබීම සදීක් කාන්ගේ ජයග්‍රහණයට හේතු වී ඇත. සදීක් කාන් තෙවරක් නගරාධිපති පදවියට තේරී පත්වෙන විට, බොරිස් ජොන්සන්ට වසර 03 ක් වත් සක්‍රියව අගමැති පදවියේ කටයුතු කල නොහැකි විය.   

කෝවිඩ් අර්බුදයත් සමඟ බොහෝ ජනප්‍රිය දේශපාලන චරිතවලට සිය නායකත්වයේ නිවැරදි ස්වභාවය සමාජගත කරවීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ බොරු ජොන්සන්ලාගේ භූමිකාව රඟ දක්වන බොරු විරුවන්ලා, සිංහලා, නායකලා, දාසලා, පාලලා, සේනලා කවුරුන්ද යැයි හඳුනාගැනීමට පාඨක ඔබට අපහසු නොවෙනු ඇත.

තෝරාපත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් විශ්වාසය දිනාගන්නා අගමැති වරයෙකු පත්කොට ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට සියළු දේශපාලන පක්ෂ වල කාර්යබාරය වේ. පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයේ ප්‍රථිඵලය මේ තත්වය ඉබේම නිර්මාණය කරනු ලබයි. ඒබැවින්, බ්‍රිතාන්‍යයේ සිදුවුනු ආකාරයට නායකත්වයේ අවිනිශ්චිතභාවයක් ඇතිවීමේ තත්වය කල්තබාම වලක්වා ගතයුතුව ඇත. දැනට පාර්ලිමේන්තුව නියෝජණය කරන 225 දෙනාම දූෂිතයින් යැයි නම් කිරීමට මෙම ලියුම්කරු සූදානම් නැත. ඒහෙත් රට වර්තමාන තත්වයට ඇද දැමූවේ ඔවුන් අතරේම සිටි බලකාමී බඩගෝස්තරවාදීන් කිහිප දෙනෙකු බව පැහැදිලිය. දියවන්නාවේ ඔවුන් තාමත් යෙදෙන්නේ සුපුරුදු හොරා පොලිස් ක්‍රීඩාවේය. කරුනු කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක්ම කිසිම ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු නොකරන අවස්ථාවාදීන් බවට සනාථ කිරීමට උවමනා තරම් සාධක සාක්ෂි ඇත. ඡන්ද දායකයින් සියළු දෙනාම මැතිවරණයට තරඟ කරන සියළු දේශපාලන පක්ෂ වලට රට පෙරට තබා කටයුතු කල හැකි ජනමතයට ගරුකරන ජාතික රජයකට ඉඩකඩ සැලෙසෙන නව අදහස් වලින් පිරිනු අවංක මන්ත්‍රීවරුන් පිරිසක් තෝරාපත් කරගත යුතුවේ. ඒම තෝරාගැනීමේ දී, නොයිදුල් පැහැදිලි නිර්මාණශීලී වැඩ පිලිවෙලක් ඇති, පක්ෂ, පාට, ජාති, ආගම්, කුල බේද පසෙකලා රට, ජාතිය රැකගැනීමේ ප්‍රමුඛතාව හඳුනාගත් අවංක ශ්‍රී ලාංකේයන්ට තම ඡන්දය ප්‍රකාශ කල යුතුව ඇත.

දේශපාලන පක්ෂ වල කෘත්‍යාධීකාරී මණ්ඩල, පොලිට් බියුරෝ හෝ කල්ලිවාදීව අටවාගත් කැබිනට් මණ්ඩල වල තීන්දු තීරණ ජනතාව මත බලෙන් පැටවීමේ කාලය හමාර බව අප සියළු දෙනාම තේරුම් ගතයුතු වේ. ජනතා පරමාධිපත්‍ය ජනතාවගේම සුභසිද්ධියට යෙදවීම සිදුවිය යුත්තේ, පහල සිට ඉහළට තීරණ ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරනු මිස ඉහළ සිට පහලට දේශපාලන හයිය පෙන්වීමෙන් නොවෙන බව මහජන නියෝජිතයින් අවබෝධ කරගෙන සිටීද?

කැබිනට් තීන්දු ක්‍රියාත්මක කිරීමට අකමැති වූ නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීමට ජනවරමකින් පත්නොවු ඇමැතිවරයෙකුගේ අසාර්ථක උත්සහයක් ජනමාධ්‍ය වාර්තාකර ඇත. සංචාරක කර්මාන්තයේ යෙදෙන කිසිම පාර්ශවකරුවෙකු හා නොවිමසා විදේශිකයින්ගෙන් අයකෙරෙන විසා ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම ඒවැනි බලයෙන් උන්මාද වූ දේශපාලකයින් ගේ අන්තෝමතික ක්‍රියාවකි. මෙවන් ක්‍රියාවන් ඉදිරියේ සිදුවීමට ඇති ඉඩකඩ අසුරාලීම ශ්‍රී ලාංකේයන් අපේක්ෂා කරන නව පද්ධතිමය වෙනසේ මූලික සංගටකයක් විය යුතුවෙි.  

ඔබේ ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීවරයා පහල සිට ඉහළට තීරණ ගැනීමේ ක්‍රමවේදයේ වැදගත්කම අවබෝධ කරගෙන ඇත්දැයි පලමුව විමසා බලා කතිරය ගසන්න. මන්ද, රට ගොඩනැඟීමේ වැඩපිලිවෙලට සියළුම ජන සමාජ කොටස් වල කැපවීම වැදගත්වෙන නිසාය. ඒම වෙනස් කරවීමේ ක්‍රියා වලියන් සමාජගත කලහැකිවන්නේ වැඩි දෙනෙක් ඒම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරවීම ස්වෙච්ඡාවෙන්ම සිය වගකීමක් කරගතහොත් පමණි. ඒසේ නොමැතිව ඒක් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ජනවරම ලබා දීමෙන් පමණක් මුහුණ දී ඇති අර්බුද වලින් ගොඩවීමේ විකල්ප වැඩ පිළිවෙලට ජනතා ආශිර්වාදය දිනාගත නොහැක.

The post බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%a2%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80/feed/ 0
නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීම  2024 යොදාගනිමු https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba/#respond Wed, 27 Mar 2024 04:02:33 +0000 https://vivaranalk.com/?p=11135 2024 වසර ශ්‍රි ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරාණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත් ජනාධිපතිවරයා නුසුදුස්සෙකු බව තේරුම් ගෙන 2022 ජූලි මස 09 වැනිදින රටින් පන්නා දැමීමට පෙරමුණ ගත්හ. ඊට ප්‍රථම සහ ඉන් පසු සිදුකරන ලද දේශපාලන පෙරළියන් මගින් ජන […]

The post නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීම  2024 යොදාගනිමු appeared first on විවරණ.

]]>
2024 වසර ශ්‍රි ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරාණ වසරක් කර ගනිමු.

නොයෙක් අභියෝගයන් තර්ජන ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත් ජනාධිපතිවරයා නුසුදුස්සෙකු බව තේරුම් ගෙන 2022 ජූලි මස 09 වැනිදින රටින් පන්නා දැමීමට පෙරමුණ ගත්හ. ඊට ප්‍රථම සහ ඉන් පසු සිදුකරන ලද දේශපාලන පෙරළියන් මගින් ජන මතය නිවැරදිව පිලිඹිබු වෙන රජයක් පත් කරගැනීමට ශ්‍රි ලාංකිකයින් අපොහොසත් වූහ. මෙම සන්දර්භයට මුල පිරූ අරගලය පුස්සක් බවට හඳුන්වා අරගල කරුවන්ට හිරිහැර සහ අඩන්තේට්ටම් කිරීම සම්මුතියක් බවට පත්කරවීමේ උත්සහයන් අධිකරණයේ මැදිහත් වීමෙන් යම්තාක් දුරට පාලනය වී ඇත .

අරගල කරුවන් කෑමොර දුන්නේ, System Change පද්ධතිමය වෙනසක් රට තුල ඇතිවීම මුල් කරගෙනය. එහෙත් අරගල කරුවන් හෝ අරගලය දියාරු කල වියත් දේශපාලකයින් ජනතාව අපේක්ෂා කරන පද්ධතිමය වෙනස කුමක් වියයුතුද යන්න පිලිබඳ  අවබෝධයක් ඇතිකර ගැනීමට අවංක උත්සහයක් ගත් බවට සාක්ෂි නොමැත. උගුලෙන් හෝ හබෙකින් කෙසේ හෝ රාජ්‍ය බලය ඩැහැ ගැනීමට දඟලන දේශපාලන සුත්තර යොදමින් ජනතාව මුලාකිරීමේ වංක උත්සහයක යෙදෙන කපටින් රැලක් හොරා පොලිස් ක්‍රීඩාවේ නිරතවන අයුරු දැනට පවත්වාගෙන යන පාර්ලිමේන්තුව තුලින් දැක ගතහැක. රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සරිලන ආර්ථිකයේ ප්‍රසාරණය ඇති කෙරෙන උපාය මාර්ග ගැන වත්මන් දේශපාලන පක්ෂ අතර පැහැදිලි වැඩ පිලිවෙලක් ගැන සාකච්ඡාවන් ඉස්මතු වන වගක් පෙනෙන මානයක නොමැත. ඒ සියළු දෙනාම තම ප්‍රතිවාදීන් හෙළාදකිමින්, දොස් පවරමින් අපට බලය දෙන්න යැයි පොදු ආයාචනයක් කරති. උනුත් එකයි මුනුත් එකයි අපි විතරයි යන හේතු පාඨය හඬ නඟමින් මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂකයින් දැඩි උත්සහයක් ගනු ඇත.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල පසුගිය දශක කිහිපයකම පැවැතුණු මැතිවරණ ප්‍රථිපල විමර්ශනය කළවිට ඡන්ද දායකයින් පවතින ක්‍රමවේදය සහ පාලන තන්ත්‍රයන් කෙරෙහි අප්‍රසාදය ප්‍රකාශ කරමින් පාලන තන්ත්‍රය වෙනස් කරවීමට මුල්වූහ. මෙම තත්වයන් තුල ජනප්‍රිය රැල්ලකින් මතුවෙන අවර ගණනයේ දේශපාලනඥයින් අතට රාජ්‍ය බලය පත්වෙන ආකාරය සම්මතයක් විය.

2024 නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින බොහෝ රටවල මැතිවරණ පැවැත්වීමට නියමිතය. දැනට කර ඇති සමීක්ෂණයන්ට අනුව 70% මැතිවරණ ප්‍රතිඵල පවතින ක්‍රමවේදයන් වෙනස් කරවීමට මුල් වන බවට අනාවැකි පල කර ඇත. මෙම තත්ත්වයට හේතු වන්නේ පාලකයින් සහ පාලිතයින් අතර දැඩි විශ්වාසය පළුදු වීමක් සිදුවෙමින් පවතින නිසාය.

මෙම තත්වය ඇතිවීමට ප්‍රධානතම කාරක බලවේගය දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන සමාජ මාධ්‍ය ජාලයේ බලපෑමයි. බොහෝ රටවල පැවැති මැතිවරණ වලදී ජනමතය දෝලනය කරවීමට සමාජ මාධ්‍ය දායකවී ඇත්තේ සත්‍ය වෙනුවට අසත්‍ය තොරතුරු සූක්ෂම ලෙස කලමනාකරණය කරමින් සාවද්‍ය මතය ඵලදායී ලෙසට ඡන්ද දායකයින් වෙත සංනිවේදනය කරවීම හරහාය.

ශ්‍රි ලංකාවේ නම් සමාජ මාධ්‍ය අභිබවමින් ප්‍රධාන ජනමාධ්‍ය මෙම කාර්ය අකුරටම ඉටුකලහ. මෙම තත්වයන් තුළින් සුදුස්සන් පරයා නුසුදුස්සන් විරුවන් කරවීමට ජනමතය පෙළගස්වා ගත්හ. මේ ආකාරයෙන් බලයට පත්වෙන රජයන්ට දිනාගත් ජනමතය ජනතා අපේක්ෂාවන් ඉටු කරදීමට අවශ්‍ය රාජ්‍ය පාලනය විස්වනීයව ක්‍රියාත්මත කරවීමට බැරිවිය. එහෙත් ජනමතය නොමග යැවීමට මුල් වූ අය සිය අපේක්ෂාවන් ආර්ථික ප්‍රතිලාභ අත්කරගෙන තැලෙන පෙලෙන ජනතාව කබලෙන් ලිපට තල්ලු කලහ. එකී තැනැත්තන්ද නැවතත් බැටළුහම් පොරවාගෙන මැතිවරණ වලට ඉදිරිපත්වීමටද සැරසෙති. 

මෙම තත්වය නැවත ඒ ආකාරයෙන්ම සිදුවීමට හැකි බව මෙම ලියුම්කරුගේ මතයයි. 2024 පැවැත්වීමට නියමිත මැතිවරණ වලදී ඡන්ද දායකයින්ගේ වගකීම කෙබඳු විය යුතුද යන්න මුල් කරගනිමින් සමාජ කථිකාවකට ආරම්භයක් ඇතිකරවීමට මෙම ලිපිය සටහන් කරමි. මන්ද ශ්‍රි ලාංකේය ඡන්ද දායකයින්ගේ මානසිකත්වය සහ හැසිරීම සටකපට දේශපාලකයින් හොඳින් අවබෝධ කරගෙන සිටී. මෙම ඡන්ද දායකයින් හේතුඵලය හෝ තර්කණය පදනම් කොට සිය ඡන්දය ප්‍රකාශ කරනවා වෙනුවට අන්ධ විස්වාශය මුල් කරගෙන හැඟීම් උත්තේජනය මත කතිරය ගැසීමට යොමුවෙනු ඇත.

එකගතාවයන් මත පිහිටා පොදු යහපත වෙනුවෙන් ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ පරිචය ශ්‍රි ලාංකේය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වූ අවස්ථාවක් අපට සොයාගත නොහැක. ජනතා අපේක්ෂාවන් මුදුන් පත් කොට අපේක්ෂිත පද්ධතිමය වෙනස ඇරඹීමේ මූලික පියවර කරගත යුත්තේ මෙම ආකල්පමය වෙනස සමාජගත කරවීමය. කන්න නැතත් ඉන්න රටක් සඳහා රොඳ බැඳි සියළු දෙනාටම අද අත්විඳීමට සිදුව ඇත්තේ නායකයා හෝ විරුවා යැයි හඳුනාගත් තැනැත්තා කණ්ඩායම් හැඟීමෙන් බැහැර වී අත්භූත බලවේග වල විශ්වාසය මත හිතුමතයට තීන්දු තීරණ ගැනීම නිසා වර්තමානය මෙන්ම අනාගතයම නැතිකරගත් ජාතියක පුරවැසියෙක් වීමය.

හුදු නායකයෙකු හඹාගොස් 2015 සහ 2019 ජනාධිපති වරණ ජනමතය උඩුයටිකුරු වූ ආකාරය නැවත මතක් කර ගැනීම ශ්‍රි ලාංකේයන්ට වැදගත් වනු ඇත.

පොදු අපේක්ෂකයෙකු හැටියට 2015 ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ජනවරමක් ලබාගත් නමුදු ඔහුගේ යහපාලන රජය තුළ නායකත්වයක් නොතිබුනේය. ජනාධිපතිවරයකු,අගමැතිවරයකු,කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවක් තිබුණුද, රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් රජයක් නොවීය. නායකත්වයක් නිර්මාණය කර ගැනීමට අත්‍යවශ්‍ය කණ්ඩායම් හැගීම යහපාලන රජයේ නැතිවීම ජනතා අපේක්ෂා මුදුන්පත් කරගැනීමට බාධකවීය.  ඉන් අනතුරුව බල අරගලය සහ විවිධ පාර්ශවයන් අතර ගැටුම් හැලහැප්පීම් අතර සම්ප්‍රදායක හොරා පොලිස් සෙල්ලම සිදුවී අවසානයේදී රටේ අනාරක්ෂිත භාවය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමඟ ඉස්මතු වුයේය.

ඉන් අනතුරුව රටේ ආරක්ෂාව ස්ථාපනය කරවීමට හිට්ලර් කෙනෙකු වැනි විරුවෙකු ජනාධිපතිධූරයට පත්කර ගතයුතු ඇතැයි අපේක්ෂාවෙන් 2019 හැටනම ලක්ෂයක ජනවරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කල ගතිමු. ඔහු වටා එක්රොක්වුයේ තමා හා සමීප හමුදා නිලධාරීන් සහ රාජපක්ෂ ගජමිතුරු කල්ලිවල ව්‍යාපාරිකයින් සහ අනාවැකි සහ අත්භූත කටයුතු යෙදුනු මෑණිවරුන්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු නඩය තුල මොනයම් ආකාරයක නායකත්වයක් හෝ රට ගොඩනැඟීමට උපාය මාර්ග නොතිබිනි. මේ සියළු කල්ලි ගැසීම්වල අවසානය වුයේ රට සමාජ, ආර්ථික, සහ දේශපාලනිකව අරාජිකත්වයට පත්වීමය. ජනඅරගලයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පන්නා දැමූවද ඔහු බලයට පත්වූ භූමිකාව නිවැරදි විශ්ලේෂණයකට මේතාක් භාජනයවී නොමැත.

ඉහත සංසිද්ධීන් දෙක සටහන් කරවුයේ රෑ වැටුණු වලේ වැටුණු ඡන්ද දායකයින් නැවතත් හුදු නායෙකයෙකු සොයා යමින් දවාලේත් වැටීම වැලැක්වීමටය. ඒබැවින් 2024 පවතින මැතිවරණ වලදී ඡන්ද දායකයින් තම ප්‍රජාතත්‍රවාදී අයිතිය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමට කල් ඇතුවම සියළු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් පෙළඹවිය යුත්තේ සර්වබලධාරී නායෙකයෙකු වටා රොක්නොවී, එම සියළු කණ්ඩායම් වලින් රටේ වර්තමාන අභියෝගයන්ගෙන් මිදීමට සුදුසු කෙටි කාලීන සහ මධ්‍ය කාලීන පිලිගතහැකි වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන කණ්ඩායමකට ජනවරම ලබාදීමය. එබැවින් හුදු නායෙකයෙකු මත විශ්වාසය තබනවා වෙනුවට රාජ්‍ය පාලනයට සුදුසු නායකත්වයක් මත ජනවරම ශක්තිමත් කරවීම පුරවැසියන්ගේ වගකීම වන්නේය.

මෙකී අවශ්‍යතාවය තවදුරටත් වැදගත් වනුයේ දැනට බලපැවෙත්වෙන ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට විධායකය මෙහෙයවීමට ඇති අවකාශ වැඩි නිසා පාර්ලිමේන්තුව තුල ස්ථාවර රජයක් පවත්වාගෙන යාමේ නිවැරදි දැක්මක් සහිත නායකත්වයක් පවත්වාගැනීම පහසු කරගත යුතු නිසාය.

එබැවින් රටේ අනාගතය නිසි අතට යොමු කරවීමට පාර්ලිමේන්තු බෙල්ල බේරා ගතහැකි නායකත්වය හඳුනාගෙන කණ්ඩායම් හැඟීමෙන් ජාතිය ගොඩනගමින් රටට අවශ්‍ය පද්ධතිමය වෙනස සමාජගත කලහැකි පිරිසකට පාලන බලය පැවරිය යුතු බව මෙම ලියුම් කරුගේ මතයයි.  එම බෙල්ල මත ජනාධිපති තැල්ල පැළදිය හැක. පළමුව තැල්ල තෝරාගෙන ඉන්පසුව බෙල්ල සොයාගැනීමට යාම එතරම් නුවණට හුරු නොවේ. මන්ද බලයට ලොල් පාලකයින් අනෙකාගේ බෙල්ල කපාදැමීමට නිතරම සූදානම් බව ලාංකේය ඉතිහාසය හොඳින් පසක් කර තිබෙන බව සිහිකරගතයුතුවේ. 

නායකත්වය තුළ කණ්ඩායම් හැගීම ගොඩනගා ගැනීමට පළමුව රට, දෙවනුව ජාතිය සහ තෙවැනුව ආගම යන අනුපිලිවෙලට ප්‍රමුඛතාවය දෙමින් වැඩකටයුතු සැළසුම් කරගත යුතුව ඇත. මෙහිදී ජාතිය යනුවෙන් අර්ථ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ උපන් සියළුම ජනවර්ග වලට අයත් පුරවැසියන්ය. මැතිවරණ වල ප්‍රතිඵලය වාසි දායක ලෙසට පෙරලා ගැනීමට අතීතයේ සිදුකලාක් මෙන් ජනවර්ගය සහ ආගම ඉස්මතු කරවමින් ප්‍රමුඛතා අනුපිලිවෙල පටලවා නොගැනීමට වග බලාගත යුතුව ඇත. මෙකී නායකත්වය සිය කටයුතු සැළසුම් කොට ක්‍රියාත්මක කරවීමේදී තම කණ්ඩායමේ නායකයින් සහ අනුගාමිකයින් නිතරම සිය සිතුම්, හැඟුම් සහ ක්‍රියාකාරීකම් ශ්‍රී ලාංකේය (රට) යන පොදු අනන්‍යතාවය මත පිහිටාගත යුතුව ඇත.  නිදහස ලබාගෙන 76 වසරක් නික්ම යෑමෙන් පසුව හෝ ශ්‍රි ලාංකේය ජාතියේ ඉරණම නිවැරදි කරගැනීමට හැකි දර්ශනය හඹායන නැවුම් නායකත්වය මතුකර ගතහැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමට එක්වෙමු.

The post නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීම  2024 යොදාගනිමු appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba/feed/ 0
වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මත යැපෙන, වැජබඹෙන සුළුතරය https://vivaranalk.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b4%e0%b6%b8%e0%b6%ab%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b4%e0%b6%b8%e0%b6%ab%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92/#respond Fri, 02 Feb 2024 08:27:53 +0000 https://vivaranalk.com/?p=10858 අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ නියම අර්ථකතනය කුමක්ද යන්න විමසා බැලීමේ කාලය උදාව ඇත. රැකියාවක නිරත පුද්ගලයෙකුට සිය ජීවිකාව ගෙනයාමේ ස්ථිරතාවයක් ආරක්ෂාවක් තමා […]

The post වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මත යැපෙන, වැජබඹෙන සුළුතරය appeared first on විවරණ.

]]>
අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ නියම අර්ථකතනය කුමක්ද යන්න විමසා බැලීමේ කාලය උදාව ඇත.

රැකියාවක නිරත පුද්ගලයෙකුට සිය ජීවිකාව ගෙනයාමේ ස්ථිරතාවයක් ආරක්ෂාවක් තමා යෙදෙන කාර්යයෙන් අත්කරගනී. ඒපමණක් නොව, ඒම කාර්ය නිසි පරිදි ඉටුකිරීමෙන් තමා සේවය කරන ආයතනයට, ඔහු හෝ ඇය විසින් නඩත්තු කරන පවුලට, ජීවත්වෙන සමාජයට, පොදුවේ රටට යම් ආරක්ෂාවක් හෝ ස්ථිරභාවයක් ලබාදේ. රැකියාවක් නොවන, යම් වැටුපක් සඳහා පමණක් වැඩක නිරතවන පුද්ගලයෙකු ගතකරන අවිනිශ්චිතතාවය  සහ ඒමගින් මතුවෙන කායික සහ මානසික ආතතිය කොපමණක්ද, ඒ්තුලින් තමන්ට අත්විදිය හැකි රැකියා තෘප්තිමත්භාවය සීමාවෙන ආකාරය පිළිබඳ යමෙකුට තේරුම්ගැනීමට අපහසු නොවනු ඇත.

තොරතුරු තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ ව්‍යාප්තියට සමගාමීව සුහුරු තාක්ෂණික මේවලම් වල පරිණාමය මෙන්ම නිර්මාපිත බුද්ධියේ (Artificial Intelligence) බලපෑම් මත අප සියළු දෙනා දැනට යෙදී සිටින රැකියාවල ස්වරූපය සහ යම් කාර්යයක් නිම කිරීමට ගත කරන කාලය බොහෝවිට කෙටි කරනු ඇත. දිනකට පැය අටක් ගතකිරීමට යම් වෘත්තීයක් ඉතිරිවේද? නොඒසේ නම් සමාන්තර වෘත්තීන් කිහිපයක නිරතවීම සම්මතයක් විය හැකිද? ඒහෙයින් කමිකරුවන් සතුවු ශ්‍රම ශක්තිය සහ ශිල්පීය දැනුම වර්තමානයේදී හැසිරෙනුයේ කෙසේද යන්න විමසා බැලීමට අදහස් කරමින් මෙම සටහන ඉදිරිපත් කරමි.

ඇඩම්ස් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ වැනි ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයන් ධනවාදය වැළඳ ගත්තේ විවිධ සමාජ ස්ථරයන්ට වැඩි සමෘද්ධියක් ගෙන ඒමේ ක්‍රමයක් ලෙසය. ධනවාදය මානව විමුක්තිය සඳහා කාර්යක්ෂම ආර්ථික ක්‍රමයක් ලෙස ඉස්මතු වූ අතර, දහඅටවන සියවසේ අග භාගයේදී වැඩවසම්වාදය පරාජය කළේය.  දහඅටවන සියවසේ අග භාගයේ පළමු කාර්මිකකරණයේ පැමිණීමත් සමඟ දේශපාලන මතවාදයන් හි බොහෝ ඉගැන්වීම් සඳහා පන්ති විඥානය මූලික විය. කාල් මාක්ස් ඔහුගේ  ආර්ථික විද්‍යාත්මක දෘෂ්ඨි කෝණය යොදාගනිමින් ධනේශ්වර ක්‍රමය තුළ නිරාවරණය වන අසීමිත බල තුලනය විශ්ලේෂණය කලේය. ඔහුගේ දර්ශනය හා දේශපාලන න්‍යායන් සහ වෙළඳපොළ මූලධර්මවාදයේ අභිලාෂය විවේචනය කරමින් මානව විමුක්තිය උදෙසා ශ්‍රම අතිරික්තය ඒකරාශී කරවීමෙන් ධනවාදයෙන් ඔබ්බට ගොස් සමාජ ප්‍රගතිය සඳහා සුවිශාල කාර්යයක් කලහැකි යැයි වෙනස් මතයක් දැරීය.

ඇඩම්ස් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝගේ වෙළඳපොළ හා මිල න්‍යායන්ට එරෙහිව මාක්ස් කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමයක් ප්‍රචලිත කළේ ශ්‍රම අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය අතර සමතුලිතතාවයක් ගොඩනගා ගැනීමේ විකල්පයක් යෝජනා කරමින්ය.  කාල් මාක්ස් විසින් ධනේශ්වර ආර්ථික ක්‍රමයේ අඩුපාඩු ඉස්මතු කරමින් සුප්‍රසිද්ධ “දාස් කැපිටල්” කෘතිය රචනා කරන ලදී.  වැඩවසම්වාදයේ සිට ධනවාදය දක්වා වූ සමාජ පරිණාමය කාල් මාක්ස් විසින් පංති ස්ථරීකරණය කිරීමේ ක්‍රියාවලියක් හරහා විශ්ලේෂණය කරන ලදී. කාල් මාක්ස් කම්කරු පන්තියක් බලගැන්වීමේ අරමුණින් සමාජ විප්ලවය කෙරෙහි සැබෑ විශ්වාසයකින් සිය මතවාදය ඉදිරිපත් කලේය.

කාල් මාක්ස්  සිය පංති ස්ථරීකරණයේදී,  ධනේශ්වරය හැටියට හැඳුන්වුයේ සියළු  නිෂ්පාදන මාධ්‍ය සහ දේපල හිමි මධ්‍යම පංතියේ උරුම කරුවන් වූ අතර කම්කරු පන්තිය ලෙස පොදුවේ හැඳින්වුයේ ශ්‍රමය සැපයීමේ ධාරිතාව පමණක් දරන නිර්ධන සමාජ කොට්ඨාශයයි. කාල් මාක්ස් සිය තර්කයන් ගොඩනැගුවේ  කර්මාන්තකරුවා සහ ධනපතියා විසින් කම්කරු පන්තිය විසින් බිහිකරන ශ්‍රම අතිරික්තය  තම ලාභය සඳහා උදුරා ගන්නා බව යන මතයේ පිහිටාය. ඒ අනුව සියලු සමාජ ප්‍රජාවන්ට පළමු කාර්මික විප්ලවය මෙහෙයවූ ධනේශ්වර ක්‍රමයෙන් ඔබ්බට කොමියුනිස්ට්වාදය හරහා වැඩි සමෘද්ධියක් අත්විඳිය හැකිය යන මතය කාල් මාක්ස් මතුකලේය.

කොමියුනිස්ට්වාදය සූරාකෑමේ ධනේශ්වර ක්‍රමයට විකල්ප දේශපාලන ක්‍රමයක් ලෙස වර්ධනය වූ අතර, එය දශක කිහිපයකට පෙර අවසන් හුස්ම හෙළුවේය. මෙම කඩාවැටීමට කාල් මාක්ස්ට දොස් පැවරිය යුතු නැත. මාක්ස් අද නැවත ඉපදුනොත්, ඇන්ගෝලාවේ සිට කාම්බෝජය දක්වා විප්ලවයේ නාමයෙන්, කොමියුනිස්ට් දේශපාලන මතවාදයන් පටලවා ගෙන ඒකාධිපතියන් විසින් සිදු කරන ලද වැරදි දේශපාලන ක්‍රියාවලියන් තුළින් මතුවූ මිනිස් දුක් වේදනා ලේ හැලීම් සහ ජීවිත හානි විශ්ලේෂණය කරමින් ඔහු “ඩෑම් කොමියුනියුසම්” යන තේමාව ඔස්සේ පොතක් ලියනු ඇතැයි මම විශ්වාස කරමි.

කාර්මික විප්ලව යුගයේ සිට ආරම්භ වූ කාර්මික ධනවාදය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙමින්, වර්තමානයේ මූල්‍යකරණ වාදයක් (Financialization) ඔස්සේ නව මුහුණුවරකින් ක්‍රියාත්මක  වෙමින් පවතී. මෙම ක්‍රියාදාමය රඳාපවතිනුයේ ණය මත දිවෙන කැසිනෝ සූදූ ධනවාදය බටහිර රටවල් වල ආර්ථිකයන්හි කාරක බලවේගය කරමිනි. මෙම අර්ථක්‍රම හැඩගැසී ඇත්තේ උග්‍ර පාරිභෝජන රටාවන් තුල ජනසමාජය කොටුකරවීමෙනි. මෙකී අර්ථක්‍රමය ගොඩ නැගෙන්නේ සමස්ත සමාජයේ අධි පාරිභෝජනය ඒම සමාජයන්හී, සමාජ ආර්ථිකය ඉබේම ප්‍රවර්ධනය වන මිථ්‍යා උපකල්පනයේ පිහිටාය. 

දෙවන ලෝක සංග්‍රාමය අවසන්වී දශක ගණනාවක් තිස්සේ ලෝකවාසීන්ගේ පොදු සමෘද්ධිය සඳහා මිථ්‍යා නව-ලිබරල් ආර්ථික ආකෘතිය ගොඩනැගෙන්නේ ඔය ආකාරයෙනි. ආර්ථික වර්ධනයේ නාමයෙන් පරිසරය සූරාකෑම සහ ස්වාභාවික සම්පත් ක්ෂය වීම, කෙටියෙන් කිවහොත්, ආර්ථික වටිනාකම වැඩි කිරීම සඳහා, ණය බරින් පෝශණය වූ අස්ථාවර මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වූ අතර, සියලු සමාජ සාරධර්ම විනාශ කරමින්, අනාගතයේ මළ ග්‍රහ ලෝකයක් සියළුම ජීවීන්ට ඉතිරි කරන විනාශකාරී මාවතක් නිර්මාණය කර ඇත. වෙළඳපොළේ ව්‍යාජ ආර්ථික වටිනාකම් සුළු පිරිසකට  ඒක් රැස් කරගැනීමට ඉඩසලසන බහුතරයකට හිමි සියළු සමාජ හර පද්ධතීන් සුණු විසුණු කර දමා ඇත.

දශක ගණනාවක අත්හදා බැලීම් සහ දෝෂ, උත්පාතයන් සහ බිඳවැටීම් වලින් පසුව දැන් පන්ති දෙකක් ඉතිරිව ඇත, ඉන් පළමු වැන්න වැඩ පමණක් කරන සියළු සමාජ ආරක්ෂාවලින් වියුක්ත, තැලෙන මිරිකෙන පංතිය (99%) සහ දෙවැන්න, ඔවුන් මත යැපෙන සහ වැජඹෙන 1% ක් වූ වරප්‍රසාද ලත් පංතියයි. මෙම 1% කණ්ඩායම 2019 දී ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයින් නොමග යවා බූරුවෙකු වුවත් විරුවෙක් කළහැකි බව කදිමට පෙන්වා දුන්හ. තැලෙන මිරිකෙන පංතියේ ඡන්ද බලය අවභාවිතයෙන් වරප්‍රසාදලාභීන්ට ඉසුරුත් බහුතරයකට වසුරුත් දැන් හිමිව ඇත.

පළමු කාර්මික විප්ලවයේ සිට, බොහෝ ආර්ථිකයන්  ණය බර පොදිබැදගෙන ව්‍යාජ සංවර්ධන දර්ශනවලින්   සැඳුම් ලත් සමෘද්ධියක් අත්පත් කරගෙන සිටී. යල් පැන ගිය දේශපාලන-පරිපාලන ව්‍යුහයන්,  කාර්ය සාධක සහ ඵලදායිතා මිනුම් දර්ශක මගින් ගණනය කරන උපයෝගීතා මත පිහිටා සමාජ ආර්ථිකයේ ව්‍යාජ සමෘද්ධිය (Fake Prosperity)  ප්‍රකාශකර සිටිමු.

මෙම තත්වය කොරෝනා වසංගතය ලෝකවාසීන්ට කදිමට ප්‍රත්‍යක්ෂ කලේය. අසීමිත ලාභ, විශ්මිත ආර්ථික වර්ධනයන් සියල්ලම ආශ්වාසයට අවැසි පිරිසිදු වාතයත් පිපාසය සංසිදවාගැනීමට අවශ්‍ය පිරිසිදු ජලය තරම් නොවටින සොබාදහමේ යථාර්ථය අප තේරුම් ගෙන නැති බව මෙම ලියුම්කරුගේ මතයයි.

පළමු කාර්මික විප්ලවයේ කාරක බලවේගය වූ ප්‍රාග්ධණය (Capital) සහ වර්තමානයේ වේගයෙන් හුවමාරුවෙන -බෙලහීන-ණය (Debt) අතර ඇති වෙනස නිවැරදිව තක්සේරු නොගැනීම හේතුවෙන් රටවල් රාශියක් සිය ආර්ථිකයන් වැඩි පිරිසකට යහපතක් සිදුවන වර්ධන තත්වයකට ගෙන ඒමට අපොහොසත්ව සිටී. මෙහි අවසාන ප්‍රථිපලය වී ඇත්තේ, පෞද්ගලික ණය (Private Debt) දරාගත නොහැකි තරමට ප්‍රසාරණය වී, බැංකු පද්ධතිය අස්ථාවර කරන පොදු බොල් ණය (Public Debt) බවට පෙරලී අවසානයේ ආර්ථික අවපාතයන් බිහිකරණ ස්වෛරීය ණය(Sovereign Debt) අර්බුද හැටියට ගොණුවී සමස්ත ආර්ථික ක්‍රියාවලියම අඩපණ කරවීමයි.  

අවාසනාවකට බොහෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල, සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් ඉහත විස්තර කරඇති යථාර්ථය වටහා ගෙන නොමැත. ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් සහ ආර්ථික විශේෂඥයින් මෙකී අභියෝගයන්ට සරිලන නැවුම් අදහස් වලින් බංකොලොත් වී ඇති තරම කෙසේද යන්න තේරුම් ගත හැක්කේ හුදු ජනප්‍රියත්වය පෙරටු කරගෙන පාලන බලය ලබාගත්තද, ඒම බලය රැකගනිමින් ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කරදීමට අපොහොසත්වීමය. ඔවුන්ගේ ඒකම විස්වාශය තවතවත් ණය වීම හැර මෙම විෂමධාමය බිදහෙලීමට ක්‍රමවේදයන් සොයාගැනීම නොවේ.

තාක්ෂණික විප්ලවය විසින් මෙහෙයවනු ලබන මෙම යුගය තුළ, අතීතයේ සාර්ථකත්වය අනාගතයේ සාර්ථකත්වයන් පුනරාවර්තනය කිරීමට යන්නේ නැත.  ඒ නිසා කම්කරු පන්තිය වේගයෙන් හැකිලෙන අතර තාක්ෂණික නිපුනතාවන් අත් කර ගැනීමට අපොහොසත් බහුතරයක් වැඩකට යොදා ගත නොහැකි පංතියක් බවට පත්වෙන බව, මහාචාර්ය යුවල් නෝවා හරාරි විසින් රචිත 21 වන සියවස සඳහා පාඩම් 21 ( 21 Lessons for the 21 Century – Yuval Noah Harari) යන ග්‍රන්තයේ පැහැදිලිව විස්තර කර ඇත. ඔහුගේ ඇගයීම් වලට අනුව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම වැඩකට නොමැති පංතිය (Useless Class) පැය විසිහතර පුරාම දිවෙන ගෝලීය වෙළඳපල තුළ නිරතවන්නේ සියළු නිෂ්පාදන සහ පාරිභෝජනයන් කටයුතු වලට සක්‍රිය ලෙසට දායක වීමට අසමත්වීමත් සමගය. ණය වෙනවා හැර ඵලදායී ආර්ථික වටිනාකමක් උපයාගැනීමට ඔවුනට  ඇති ඉඩ ප්‍රස්තා සීමීතය. ඒබැවින් පළමු කාර්මික විප්ලවයේ සිදුවු කම්කරු පන්තියේ විප්ලවයන් කිසිවෙකුට නැවත ඇවිලවිය නොහැක.

ඉහතින් මතුකර ඇති කරුනු සහ තර්කයන් අනුව දශක කිහිපයක් තුළ සාර්ථකව ක්‍රියාත්මකවූ, තිස් වසරක් පමණ ඉගෙනීම, තිස් වසරක් පමණ ඒකම වෘත්තීයක නියැලී තවත් තිස් වසරක් පමණ විශ්‍රාම ගැනීමේ (30:30:30) රූපාන්තරය 21 වැනි සියවසට අදාලවන්නේ නැත. නව තාක්ෂණයේ පරිණාමයත් සමඟ අප සියළු දෙනාටම ජීවිත කාලය පුරාම ඉගෙනීමට සිදුවනවා මෙන්ම ජීවිත කාලය පුරාම විවිධ වෘත්තීන්වල නිරතවීමෙන් ආර්ථික ශක්තිය ස්වේච්ඡාවේන් ස්වොත්සහයෙන් ගොඩනඟා ගැනීමට සිදුවනවා ඇත.

දිවයිනේ රැකියා විරහිත උපාධිධාරීන් ගේ දිනෙන් දින වැඩිවන සංඛ්‍යාව, සිව්වැනි කාර්මික විප්ලවයේ යුගයේ දිගහැරෙන රැකියා අවස්ථාවන් දිනාගැනීමට අපොහොසත් වන හේතූන් ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් අවබෝධ කරගෙන සිටීද?  අවසාන වශයෙන්, ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමයේ නිපුණතා ගොඩනැගීමේ අඩුපාඩු වැඩකට නැති පන්තියට බලපාන ආකාරය බලධාරීන්ගේ අවධානයට ඉස්මතු කිරීමට අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ වටිනාම සම්පත මානව සම්පත බව මෙම ලියුම් කරුගේ විශ්වාසයයි. ඔවුන් විවිධ දක්ෂතා වලින් පිරී ඇතිමුත් යුගයට සරිලන එක්ස් සාධක කුසලතා සහ නිපුණතා නොමැති බැවින් රැකියා වෙළඳපොලේ බිහිවෙන රැකියා අවස්ථා සමඟ ගැලපීමකට අපොහොසත් වෙති. නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ ලබාදෙන අධ්‍යාපනය අභිලාෂයන් දෙකක් මත පිහිටා ක්‍රියාත්මක වී ඇත. වර්තමානයේ සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ශක්තිමත් පෞද්ගලික උපකාරක පංති කර්මාන්තයක් දිවයිනේ ප්‍රචලිත වීමයි. විභාග සමත් කරවීමේ ඉලක්කයන් හඹායන අධ්‍යාපනයෙන් සිසුන්ගේ ජීවිතයන් සාර්ථක කරගැනීමේ නිපුණාතා වර්ධනයන් අඩාලවේ. බදුගෙවන්නන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යන අධ්‍යාපනය දක්ෂ සහ අදක්ෂ සියළුදෙනාම ජීවිතයට හැඩගැසීම සඳහා සවිබලගැන්වීමේ මූලික ක්‍රමවේදයට යොදාගෙන වෘත්තීමය ශක්‍යතා වර්ධනයන්ට සහ යුගයේ අවශ්‍යතාවන්ට සරිලන නිපුණතා වර්ධනයට පෞද්ගලික අංශය සක්‍රියව දායක කරගත යුතුව ඇත. අප අසල්වැසි ඉන්දියාව සහ චීනය මෙම කටයුත්ත ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති තත්වයන් අප පරිශීලනය කලයුතුවේ. ඔවුන් මෙම අභියෝගයන් සාර්ථකව ජයගෙන තිබුණද, වත්මන් ආර්ථික අවපාතයන් යම් අර්බුද මතුකරවීම නිසා ඒම රටවල් වල රැකියා අවස්තාවන් අවශ්‍ය ප්‍රමාණයට බිහිනොවේ.     

ලිපිය අවසාන කරවීමට මහාචාර්ය යුවල් නෝවා හරාරි ගේ උපුටනයක් සටහන් කරමි , “විසි එක්වන ශතවර්ෂයේදී, අපට දැවැන්ත නව වැඩ නොකරන පන්තියක් නිර්මාණය වනු දැකිය හැකිය: කිසිදු ආර්ථික, දේශපාලන හෝ කලාත්මක වටිනාකමකින් තොර මිනිසුන්, සමාජයේ සමෘද්ධිය, බලය සහ මහිමය සඳහා කිසිවකට  සක්‍රියව දායක වීමට ඔවුන් අපොහොසත් වෙති.  ඒබැවින් මෙම ‘වැඩකට නැති පන්තිය’ රැකියා විරහිත වන්නේ- ඔවුනට ඵලදායී ලෙස නිරතවීමට සුදුසු රැකියා බිහිනොවන නිසාය.” This Useless Class will not be unemployed – it will be unemployable”

The post වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මත යැපෙන, වැජබඹෙන සුළුතරය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b4%e0%b6%b8%e0%b6%ab%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92/feed/ 0
පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b6%b4%e0%b7%96%e0%b6%a7/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b6%b4%e0%b7%96%e0%b6%a7/#respond Mon, 27 Nov 2023 16:04:24 +0000 https://vivaranalk.com/?p=10565 දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති වරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය වාරික මූල්‍ය අරමුදලින් ලබා ගැනීම සඳහා රාජ්‍ය වියහියදම් ඉලක්කම් ලැයිස්තුගත කර ඇත්තේ ජනතාවට නුදුරු අනාගතයේ තමන් පත්වී ඇති අසහනකාරී ආර්ථික අර්බුදයෙන් කිසිම ගැලවිල්ලක සේයාවක් […]

The post පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්.. appeared first on විවරණ.

]]>
දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති වරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය වාරික මූල්‍ය අරමුදලින් ලබා ගැනීම සඳහා රාජ්‍ය වියහියදම් ඉලක්කම් ලැයිස්තුගත කර ඇත්තේ ජනතාවට නුදුරු අනාගතයේ තමන් පත්වී ඇති අසහනකාරී ආර්ථික අර්බුදයෙන් කිසිම ගැලවිල්ලක සේයාවක් වත් ඇති නොවෙන තරමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලය වන භාණ්ඩ සහ සේවා මත පනවන බදු ඉහල දැමීමෙන් ජනතාවගේ ජීවන බර තවත් බැරෑරුම් අඩියකට වැටෙනු ඇත.

සම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු කිහිපයක් ඔබ්බවා ඇත්තේ රජයේ සේවකයින්ගේ අනුකම්පාවෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තට්ටු නිවාස ලාභීන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ තේරීපත් විය හැකිවෙතයි යන විශ්වාසයෙන් විය හැක.

ඔවුන් ගෙනගිය ව්‍යාපාරයන් ජාති හිතෛෂී බව ඔප්පුකරවීමට ශේෂ්ඨාධිකරණය අති විශ්වශනීය තීන්දුවක් 2023 නොවැම්බර් මස 14 වැනිදින ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් කල මහදැන මුත්තා සහ ගෝලබාලයෝ ටික නම්කරමින්ය. සෙස්සන් පරයා පුස්සන් බලගන්වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම බොහෝ රටවලට අත්විදීමට සිදුව ඇති ඉරණමකි. පැහැදිලි දර්ශනයක් සහිත යම් උපායමාර්ගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කොට තම රටවල් මුහුණදී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටළු විසදාගත හැකි ක්‍රියාපිලිවෙලකට නායකත්වය දිය හැකි පාලන තන්ත්‍රයක් තෝරාපත් කරගැනීම වෙනුවට ඡන්ද දායකයින් නොමඟ හැර හුදු ජාතික-ජනප්‍රියත්වය තුලින් රාජ්‍ය බලය ලබාගෙන රටවැසියන් අන්ත අසරණ තත්වයකට පත්කොට මුළු ආර්ථිකයම ණය බරින් ගිල්ලවා බංකොලොත් කරවීමට වසර දෙකක් වත් ගතවුයේ නැත. මෙම අනතුර අවබෝධ කරගත් ජනහිතවාදී කණ්ඩායම් පාලකයින් පන්නාදැමීමට වීදි බැස අරගල කලේ මේනිසාය. ඒ අභීත අරගල කරුවන්ගේ කැපවීමට අධිකරණය නිසි වටිනාකමක් ලබා දී ඇත. කෛරාටිකව බලයට පත්වන්නන් සතු උඩඟු පාලන බලය ඔවුන් බලයට පත්කරන ජන බලවේගයන්ගෙන් සොච්චමක් බව ඔප්පුවී හමාරය. අරගල කරුවන්ට නොයෙක් අවලාද නැඟුවද බොරුව පරදා සත්‍ය හිස ඔසවන පරම සත්‍ය සාමකාමීව ශ්‍රී ලාංකේය අරගලකරුවන් ලෝකයා හමුවේ පසක් කර දුන්හ. 

කෝවිඩ් වසංගත තත්වයෙන් නොයෙකුත් සංචරණ සීමාවන්ට හසුවූ පාරිබෝගිකයින් තම දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට දැන් අන්තර්ජාල සහ ජංගම දුරකථන ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන E-Commerce නොහොත් සංඛත වාණිජමය කටයුතු වලට හුරු වී හමාරය. මෙම තාක්ෂණික පරිනාමයන් තුල සාම්ප්‍රදායික බැංකු, මූල්‍ය, තැපැල්  සහ ආශ්‍රිත සේවාවන් සීඝ්‍රයෙන් වෙනස්වන නිසා මෙකී ආයතන වල ආදායම් සහ ලාභදායි තාව රැක ගැනීමට සිය සේවාවන් නව ක්ෂේ‍ත්‍ර වලට ව්‍යාප්ත නොකලහොත් සිදුවන්නේ ඩයිනෝසරස්ට සිදුවූ ඉරණමය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පෞරාණික වටිණාකම් සහිත දේපල විදේශීය හිතමිතුරු සමාගම් වලට විකිණීමට ඒරෙහිව තැපැල් සේවක වෘත්තීය සමිති රොඳබැදගෙන සිටින්නේ මේ නිසාය. තැපැල් සේවකයින්ගේ සටනට ආශිර්වාද කලයුතු මෙන්ම, ඒය විරෝධයකට පමණක් සීමා නොකොට සියළු දෙනාටම ඒකතුවී සිය දේපල සහ සම්පත් වලින් නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් පාරිබෝගිකයින්ට නව සේවාවන් සපයා දීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කරගැනීමට ඉදිරිපත් විය යුතව ඇත.

සංචාරකයින් වැඩිදෙනෙක් ගැවෙසෙන නුවර, නුවරඑලිය, ගාල්ල සහ කොළඹ ඇති තැපැල් කන්තෝරු සහ ගොඩනැඟිලි නවීකරණය කොට, විදේශිකයින්ට ශ්‍රී ලාංකේය නිෂ්පාදන පහසුවෙන් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ   E Commerce සහ Logistics කටයුතු වලට යොදාගැනීම දේපල විකුණන විකුනොමික්ස් බංකොලොත් වැඩ පිලිවෙලට පැහැදිලි විකල්පයක් කරගත හැක. දේශීය වෙළදපල පමණක් ඉලක්ක කරගනිමින් නොව මුළු දකුණු ආසියා වෙළද පල හරිහැටි අවබෝධ කරගෙන කොළඹ වරාය වැදගත් උපායමාර්ගික වෙළද මධ්‍යස්ථානයක් කරගනිමින් ජාත්‍යන්තර වෙළදාමේ ප්‍රථිලාභ මතු පරම්පරාවට උරුමකර දිය හැක්කේ දූර දර්ශීව කටයුතු කලොත් පමණි. මෙම අනගි ව්‍යාපාරික අවස්තාවන් හොදින් වටහා ගෙන පාලකයින් රවටාගෙන දත කන්නේ ජාතියේ සම්පත් කුණු කොල්ලයට ගැනීමටය. මතු පරපුර වෙනුවෙන් මෙම සම්පත් බේරාගැනීමට සියළු දෙනාම කැපවිය යුත්තේ ඒ නිසාය.

The post පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b6%b4%e0%b7%96%e0%b6%a7/feed/ 0
අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය සඳහා ගලවා ගැනීම.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a/#respond Mon, 23 Oct 2023 09:58:55 +0000 https://vivaranalk.com/?p=10066 ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න  සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ් සම්ප්‍රදායට  අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කමිටුවක් පත් කර ඇත.  2015 බැඳුම්කර මගඩිය හෙළිදරව් වීමත් සමඟ ඒවකට සිටි අග්‍රාමාත්වර, රනිල් වික්‍රමසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිවරයාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා නීති විශාරදයින් […]

The post අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය සඳහා ගලවා ගැනීම.. appeared first on විවරණ.

]]>
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න  සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ් සම්ප්‍රදායට  අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කමිටුවක් පත් කර ඇත.  2015 බැඳුම්කර මගඩිය හෙළිදරව් වීමත් සමඟ ඒවකට සිටි අග්‍රාමාත්වර, රනිල් වික්‍රමසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිවරයාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා නීති විශාරදයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කමිටුව ඔහුව නිදොස් කොට නිදහස් කළේය. ශ්‍රී ලාංකේය ආර්ථිකයට ඇ.ඩො. මිලියන 11 පමණ පාඩුවක් ගෙනදුන් එම වංචාව එතෙක් සිදුවු දිවයිනේ විශාලතම මූල්‍යමය වංචාව වූවද, මේවනතෙක් අදාල අපරාධයට අදාල කිසිවෙක් දඬුවම් ලබා නොමැත. මෙම අපරාධය පිළිබඳ සම්පූර්ණ නාටකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විමර්ශන කමිටුවේදී අනාවරණය විය.

අර්ජුන් මහේන්ද්‍රන් මහාබැංකු අධිපතිවරයා සිය බලය අයුතු ලෙස යෙදවීම, සහ සිය බෑණනුවන්ගේ ප්‍රාථමික නියෝජිත සමාගමට වාසිවන ආකාරයට බැඳුම්කර වෙන්දේසිය සිදුකර ඇති ආකාරය දැන් රහසක් නොවේ. ප්‍රවීණ ආයෝජන බැංකුකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා, ශ්‍රී ලංකාවට අවුරුදු 30 ක කල්පිරීමේ කාලසීමාවක් සහිත දිගුකාලීන බැඳුම්කර හඳුන්වා දීමත්, සමඟ රජයේ ණය දෙපාර්තමේන්තු ඉතිහාසයේ මහා බැංකුව විසින් සතිපතා වෙන්දේසියේදී ඉදිරිපත් කරන ලද බැඳුම්කර පරිමාව තුන් ගුණයකින් වැඩි කිරීම වැනි අපූරු අදූරදර්ශී තීරණ, වත්මන් ආර්ථික බංකොලොත් භාවයට මුල් වූ බව කිසිවෙකු අමතක කලයුතු නොවේ. මේ සියල්ලම සිදුවුයේ එවකට මහ බැංකු කටයුතු භාරව සිටි අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ය.

මෙම ඓතිහාසික බැඳුම්කර වෙන්දේසිය පැවැත්වුයේ 2015 පෙබරවාරි 27 දිනය. බැඳුම්කර තොගයම සිය සන්තකයට ගත් Perpetual Treasuries සමාගම සහ Asia Securities සමාගමේ ප්‍රධාන අනුග්‍රහය  යටතේ Finance Asia මූල්‍ය ප්‍රකාශන ආයතනය මූලිකත්වයෙන්  2016 මාර්තු 15 වැනි දින විදේශ ආයෝජකයින් දැනුවත් කර දිරි ගැන්වීමේ සම්මන්ත්‍රණයක් සිංගප්පුරුවේ Four Seasons Hotel හි පවත්වන ලදි. එම සම්මන්ත්‍රණයට රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමතිවරයා, මහා බැංකු අධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකු සමග එවකට ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු නිරත සමාගම් කිහිපයක්ම සිය ප්‍රතිඵලදායි අත්දැකීම් බෙදාහදා ගත්හ. Perpetual Treasuries සමාගම නියෝජනය කරමින් කතා කල නියෝජිතයා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වල නිරත වන විදේශිකයින් නිවැරදි සම්බන්ධතාවයන් ඇති ආයතන සමග සිය ගනුදෙණු කරගෙන යාමේ වැදගත්කම පෙන්වා දෙමින් වහසි බස් දෙඩුවේය. ඊට මාස කිහිපයකට පසු Finance Asia ප්‍රකාශන සමාගම ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා ආසියාවේ කෘතහස්ත මුදල් ඇමතිවරයා හැටියටද නම් කරන ලදි. රට බංකොලොත් වූ ආකාරය සෙවීම හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇසීම හා සමාන විය හැක.

රටේ ආර්ථිකයේ කඩාවැටීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවති රජයන් වෙත පමණක් පැටවීමට මෙම ලියුම් කරුගේ උත්සහය නොවන අතර, අධික ණය බර දරාගත නොහැකි ආකාරයට ප්‍රසාරණයට 2015 බැඳුම්කර මගඩිය දායක වූ වග පැහැදිලිවම සදහන් කල හැක.   වර්තමානයේ දරාගත නොහැකි ප්‍රමාණයේ ණය බර ප්‍රතිව්‍යූහගත කිරීමේ වගකීමද පැවරී ඇත්තේද ජනාධිපති පදවිය සහ මුදල් අමාත්‍යංශය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාම වීම දෛවයේ සරදමකි. එබැවින් ආර්ථික ව්‍යාධිය සුවපත් කරගැනීමට තෝරාගෙන ඇති වෙදාම ලෙඩේ බව තේරුම් ගැනීමට බුද්ධිමත් පාඨකයින්ට අපහසු නොවේ. ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදේස් විශේෂඥයින් මෙම පසුබිම නොදන්නවා විය නොහැක. එබැවින් ප්‍රශ්නය නිවැරදිව හඳුනාගැනීම විසඳුමෙන් හරි අඩක්ම වන බව ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් පැහැදිලිව තේරුම් ගැනීමේ වැදගත් කම සාකච්ඡා කිරීමට මෙම සටහන ඉදිරිපත් කරමි.  එසේ නොමැතිව තේරුම් කාරක සභා කොමිසම් පත් කිරීම තවත් කාලය මරාදැමීමකි. ශ්‍රී ලංකාවට ආවේණික රටේ පොදු ජනතාවගේ ආශිර්වාදය සමඟ ජනමතය දිනාගත් නොඳුල් ආර්ථික දේශපාලන වැඩපිලිවෙලක් නිර්මාණය කරගැනීම අප සියළු දෙනාගේම මූලික වගකීමවේ.

මෝඩකම නීතිය ඉදිරියේ අපරාධයක් නොවීමට ඉඩ ඇත

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් මෙන්ම, බැඳුම්කර මගඩියේ අපරාධකරුවන් කිසිවෙක් නීතිය හමුවේ දඬුවම් ලබා නොමැත. නීතිය හමුවේ මෙකී වගකිව යුත්තන්, මෝඩකම අපරාධයක් නොවේ යන උපකල්පනය මත නිදොස්වීමටද යම් දිනක ඉඩ ඇත. පාලකයින් සහ නිලධාරීන් නීතියෙන් රිංගා ගියද සිය වැඩකරන දිවිය පුරාම මහන්සියේන් උපයා ගත් ඉතිරිකිරීම් අර්ථසාධකයේ වටිනාකම උදුරාගැනීම සාධාරණීකරනය කල නොහැක. සිය මහළුවිය අමාරුවෙන් ගෙවා දැමීමට සිටි දස දහස් ගනණකට කණකොකා හඬන තත්ත්වයට ඇද දැමීමට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනා අතර තිබීම කණගාටුවට කරුනෙකි.

ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් තම සේවාදායකයින් සහ සේවාවන්ට අදාල පාර්ශවකරුවන් සමග සාකච්ඡා නොකොට අත්තනෝමතික ලෙසට තීරණ ගැනීම සහ අවාසිදායක තත්වයන් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන් මත පැටවීම හෙලා දැකිය යුතුය. පාර්ශවකරුවන්ගෙන් උපදෙස් ලබාගැනීමේ (stakeholder consultation) පරිචය ශ්‍රී ලාංකේයන් අපේක්ෂාකරන නව පරිපාලන පද්ධතියේ අනිවාර්ය සංඝටකයක් කරගත යුතුව ඇත. නිතරම මිටි තැනින් වතුර ගලායෑම දැන් සම්මුතියක්ව ඇත. ලාභාංශ පුද්ගලිකකරණයටත් අලාභ සමාජගත කරවමින් අත සෝදාගැනීම වැළැක්විය යුතුවේ.

මෝඩකම පාලකයින්ගෙන් සිදුවන අපරාධයක් ලෙසට නොසැලකුවද, ඔවුන්ගේ අදූරදර්ශී තීරණවල ප්‍රතිවිපාක අසරණ පාලිතයන්ගේ ඇඟ මතට කඩා වැටීම නොවැළැක්විය හැක. ඡන්ද දායකයින් රවටා බලයට පත්වෙන දේශපාලකයින් මේ පිළිබදව අවධානය යොමු කරනුයේ ඊළඟ මැතිවරණ සමයේදීය. එබැවින් ඔබගේ වටිනා ඡන්දයේ වැදගත් කම තේරුම්ගෙන බුද්ධිමත්, දර්ශනයක් සහ යුගයේ අවශ්‍යතාවයට උචිත නිවැරදිි වැඩපිළිවෙලක් සහිත අය පාර්ලිමේන්තුවට පත් කිරීමට වගබලා ගන්න. හුදු ජනප්‍රියත්වය, දශක ගනණාවක් ජනතා සේවයේ අත්දැකීම් හෝ චතුර කතිකත්වය මත දේශපාලනඥයින් තෝරාපත් කරගැනීමට පාඨක ඔබ මෝඩ නොවන්න. හැට නව ලක්ෂයේ තීන්දුව ගැන නැවත නැවත සිතා බලන්න. ධම්මික පැණිය, කාබනික පොහොර භාවිතය, චීන අසූචි පොහොර ආනයනය කිරීම, චීනයේ නිශ්පාදිත කෝවිඩ් එන්නත භාවිතා නොකිරීම වැනි අනුවණ කම් අතරට අර්ථසාධක අරමුදලට කරන අසාධාරණය ඉදිරියේදී අර්ථසාධක ප්‍රතිලාභීන්ට අත්විදීමට සිදුවන බව ඉදුරාම කිව හැක. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර මගඩියේ අලාභය අර්ථසාධක අරමුදලට වසර 30ක් ගියත් උපයා ගත නොහැකි බව 2019 ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම – ඵල දරන ගසටම ගල් ගැසීම .

ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල ආසියාවේ විශාලම එකකි. දැනට එහි වත්කම – සියළුම සාමාජිකයින්ගේ ඉතුරුම් වල එකතුව රුපියල් බිලියන 3800 කි. (ට්‍රිලියන 3.8) එසේම අරමුදලේ තවත් එක් විශේෂත්වයක් ඇත, මාස්පතා අඛණ්ඩව සේවක සාමාජිකයින් සහ සිය හාම්පුතුන් සිය දායක මුදල් පර්යේෂණය කරන නිසා අරමුදල් කළමනාකරණයේදී ද්‍රවශීලතා අර්බුද පැන නොනගී.

2022 සේවක අර්ථසාධක අරමුදල රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 42. ප්‍රවීණ ආර්ථික කටයුතු පිලිබද විශේෂඥයෙකු සහ ලිපි රචකයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා ප්‍රකාශ කරන පරිදි රජයට බඳු ගෙවන විශාලතම ආයතනය සේවක අර්ථසාධක අරමුදලයි. පෞද්ගලික අංශයේ සියළු ව්‍යාපාර අභිබවමින් අර්ථසාධක අරමුදල රජයට ආදායම් උපයා දෙයි. 2021 රජය ඉදිරිපත් කල අයවැයෙන් ගජමිතුරු ව්‍යාපාර කල්ලිවලට ලබා දුන් බදු සහන ප්‍රමාණය බිලියන 900 ක් පමණ විය. එහි ප්‍රතිවිපාක ඔබ සැම අප සියළු දෙනාම දැන් අත්විදින්නෙමු. එසේ සහන ලත් ව්‍යාපාර  ණය ප්‍රතිව්‍යූහ ගතකිරීමේ උත්සාහයට වලට බරපැන නොදරන අතර අහිංසක කම්කරුවන්ගේ අර්ථසාධකය මේ සියළුම දෙනාගේ බර කරට ගැනීමට බල කිරීම යුක්ති සහගත නොවේ.

කපටි කෛරාටික දේශපාලනඥයින් සිය බලය තහවුරු කරගැනීමට ගජ  මිතුරන්ට අර්බුද අනතුරු වලදී ගැලවීමට ජීවිතාරක්ෂක බෝට්ටු පිදීමට නොමසුරුව කටයුතු  කරන අතර, එම අර්බුද වලින් බැට කන සදාකාලිකව ජීවිතය හා මරණය අතර අරගලයක යෙදෙන අසරණ පුරවැසියන්ගෙන් පිහිට ට ඇති ජීවිතාරක්ෂක කබායන් උදුරා දැමීමට නොපැකිලෙන බව ඉහත දත්ත සහ සාධක වලින් හොදින් තේරුම් ගත හැක. යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ (DDR) අරමුණින් අර්ථ සාධක අරමුදලේ මතු අදායම් අඩු කරන යෝජනාව, සිය ඵලදායී ආයු කාලය තුළ සැබෑ ආර්ථිකයේ වර්ධනයට බෙහෙවින් දායක වූ වැඩ කරන ජනගහනයෙන් බහුතරයකගේ සැදෑ සමය ගත කිරීමේ ජීවිතාරක්ෂක කබා උදුරා ගැනීම හා සමාන ක්‍රියාවලියක් වේ.

විශ්‍රාම දිවියේ වයස්ගත අභියෝගයන්ට මුහුණ දීමට  මුදල් ඉතිරි කළ දායකයින්ගේ අරමුදල් වලට පවතින අධිවේගී මුල්‍යකරණය වන ජාත්‍යන්තර වෙළදපල වලදී අසාධාරණ අවාසි රාශියක් සිදුවෙමින් පවතී. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ වක් නොවේ.

ගෝලීය විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල් වල විශාලත්වය

ඇමෙරිකාවේ කොර්නල් සරසවියේ මහාචාර්ය රෝස්මරී බට් මහත්මිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  2023 ජූලි මස ජිනීවා නුවර කල දේශනයකදී සඳහන් කල පරිදි ඇමෙරිකාවේ සමස්ථ විශ්‍රාම අරමුදල් වල වටිනාකම, ඇ.ඩො. ට්‍රිලියන 16 ක් වන විට, යුරෝපයේ සියළු විශ්‍රාම අරමුදල් වල වත්කම ඇ.ඩො. ට්‍රිලියන 30 ඉක්මවයි. ලොව පුරා ආයෝජනවලට නියමිත වත්කම් වලින් 60% විශ්‍රාම අරමුදල් වේ. මෙම අරමුදල් බොහෝමයක් ආර්ථික අවපාතයන් හමුවේ අවදානම් රාශියකට මුහුණ පා ඇත. මෙය වැඩිවෙන වැඩිහිට ජනතාවගේ සමාජ සුභසාධනයට දැඩි බලපෑමක් එල්ල කරයි.

බ්‍රසීලයේ තැපැල් සේවකයින්ගේ Postilia විශ්‍රාම අරමුදලට සිදුවු අකරතැබ්බය

බ්‍රසීලයේ තැපැල් සේවකයින්ගේ ස්වේච්ඡාවෙන් සිය වැඩකරන කාලයේදී විශ්‍රාම දිවිය ශක්තිමත් කරගැනීමට විශ්‍රාම අරමුදලක් පිහිටුවා එයට දායක වූහ. එම අරමුදලේ වත්කම් කලමනාකරණය ඇමෙරිකානු Bank of New York Mellon (BNY Mellon) බැංකුවේ බ්‍රසීලයේ ලියාපදිංචි අනුබද්ධ සමාගමකට බාරදී තිබුනි. එම සමාගමේ ප්‍රධාන විධායකයා ඇතුළු කළමණාකරුවන් අරමුදලේ ආයෝජණ වංචා සහගත ලෙස කිසිම වටිනාකමක් නැති දේපල වල අපයෝජනය නිසා ඇ. ඩො. මිලියන 2.8 වත්කම් සුන්වී 2007/8 මූල්‍ය අර්බුදයට මැදිවී අතුරුදහන් වීය. Postilia විශ්‍රාම අරමුදල බ්‍රසීලයේ අධිකරණය හමුවේ නඩු පවරා මූල්‍ය අපරාධයට සම්බන්ධ සියළු වත්කම් කළමණාකරුවන්ට දඬුවම් ලබා දුන්හ. නමුත් ඔවුන්ට අහිමි වූ අරමුදල් ප්‍රමාණය නොලැබීමෙන් සාමාජිකයින් 88000 2026 සිට විශ්‍රාම වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදාවී අරමුදල බංකොළොත් වීමට නියමිතය.

බ්‍රසීලයේ තැපැල් සේවකයින්ගේ වෘත්තීය සමිති සහ වෙනත් සිවිල් සංවිධාන පසුගිය අගෝස්තු මස 31 වැනිදින නිව්යෝර්ක් නුවර BNY බැංකුවේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කරමින් එකී බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපාඩු සහ දුර්වලතාවයන් හේතුවෙන් Postilia විශ්‍රාම අරමුදලට සිදුවු පාඩුව ප්‍රතිපූර්ණ කරන ලෙස බල කර සිටීහ. ඔවුන්ගේ ඉල්ලීමට සානුකම්පිත අවධානයක් ලැබේද යන්න අවිනිශ්චිතය. ප්‍රතිඵලය අසරණ තැපැල් සේවකයින්ගේ විශ්‍රාම දිවිය ගතකිරීමට ඉතිරිකල මුදල නැතිවීමය. මෙකී ඉරණම ශ්‍රී ලාංකේය අර්ථ සාධකයට අත්විය හැක.

ඉහත සදහන් සිදුවීම ගෙනහැර පෑවේ විශ්‍රාම අරමුදල්වලට සිදුවන කාල පරාසය පෙන්වා දීමට මෙන්ම, අර්ථසාධක අරමුදල් වල සාමාජිකයින්ගේ නිසි අවධානයට සහ අධීක්ෂණයට භාජන නොවන සියළු අරමුදල් වලට අත්විය හැකි ඉරණම කුමක් විය හැකිදැයි පැහැදිලි කරවීම සඳහාය. ප්‍රතිඵලදායි අධීක්ෂණයන් සහ අවදානම් ශක්‍යතා අධ්‍යනයන්ට භාජනය නොවන දීර්ඝ කාලීන විශ්‍රාම අරමුදල් ආයෝජන බැංකුකරුවන් සිය කෙටිකාලීන වාසි සදහා පිරමීඩ ආයෝජන ක්‍රමවේදයන් සේ භාවිතා කිරීමට පසුබට නොවෙති. Postilia අරමුදලේ අවිධිමත් ආයෝජන වල සමස්ථ පාඩුව සහ බංකොලොත් වීමට ගතවූ කාලපරාසය (2008-2026) අවුරුදු 16කි. දශක තුනක කල්පිරීමේ බැඳුම්කර නිකුතුවේ අවධානම තක්සේරු කිරීමට අර්ථසාධක අරමුදලේ රැකවල් කරු ලෙස කටයුතු කල මහබැංකුව ක්‍රියා කර තිබේද? මෙම ප්‍රශ්නය අරමුදලේ සියළු පාර්ශවකරුවන් සැලකිල්ලට ගතයුතුව ඇත. මෙම බැරෑරුම් ප්‍රශ්ණයට සහ අඩුපාඩුවට විසඳුම් සොයාගතයුතු නොවේද?

 පුළුල් වන වයස්ගත ජනගහනයේ සමාජ ආරක්ෂණ අභියෝග

දුකටපත් වැඩකරන ජනතාවට ගෞරවාන්විතව ජීවත් වීමට හා මිය යාමට හැකි වන පරිදි ශක්තිමත් සමාජ ආරක්ෂාව හා එම කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ කලමනාකාරණය අරමුදලේ සියළු පාර්ශව කරුවන්ගේ භාරකාරිත්වය හමුවේ නිරන්තර අධීක්ෂණයන්ට සහ අවධානම් කලමනාකරණය යටතේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයේ වැදගත් කම පෙන්වා දීම අරමුණු කරගනිමින් මෙම සටහන සකස් කෙලෙමි. 

ගෝලීය වයස්ගත ජනගහන ප්‍රවණතා පිළිබඳ නවතම අනාවැකිය හෙළි කරන්නේ, 2020 දී වයස අවුරුදු 65 ට ළඟා වන පිරිමියෙකු තවත් අවුරුදු 19 ක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ගැහැණියෙක් තවත් අවුරුදු 22 ක් ජීවත් වනු ඇති බවයි. මෙම ප්‍රවණතාව වෛද්‍ය විද්‍යාවේ සහ සෞඛ්‍ය පහසුකම් වල දියුණුව නිසා සිදුවුවද, ශ්‍රී ලාංකේය මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය අනාගතයේ දී පුළුල් වන වයස්ගත ජනගහනයේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සූදානම් ද? නොඑසේනම් නීරෝගි දිවි පෙවතක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් උපයා සපයා ගැනීමට විශ්‍රාමිකයින්ට හිමි මාර්ග ආරක්ෂා කලයුතු නොවේද?

අනාගතය සඳහා සමාජ ආරක්ෂණ පද්ධති සුරක්ෂිත කිරීම

ටී.බී. ඉලංගරත්න, සී.පී.ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන වැනි ප්‍රගතිශීලී සමාජ සවිඥානික දේශපාලනඥයන් සහ අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතාගේ MEP රජයේ නායකත්වය යටතේ 1958 දී සේවක අර්ථසාධක අරමුදල (EPF) හඳුන්වා දුන්නේ සේවා යෝජකයින් සහ සේවකයින් අතර දායකත්වය බෙදා හදා ගැනීමේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙසය.

තවද, 1980 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ බුද්ධිමත් උපදේශකත්වය මත සේවක භාරකාර අරමුදල හඳුන්වා දීමත් සමඟ මෙම පද්ධති තවදුරටත් ශක්තිමත් වීය. මෙම සියලු අරමුදල් නිර්මාණය කරන ලද්දේ වැඩකරන ජනතාව සිය ජීවිතයේ උත්පාදක කාලය තුළ ජාතිය ගොඩනැගීමට දායක වන සේවක සේවිකාවන්ගේ විශ්‍රාමික ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ය. දැන් සිදුවන්නේ, අරමුදල කළමනාකරණය කරන අය මූලික අරමුණුවලින් බැහැර වී පවතින රජයේ වියදම් සහ සම්පත් ඒකරාශී කිරීමටත් එම කාර්යය සම්බන්ධීකරණය කරන සෙසු පාර්ශවකරුවන්ට සුපිරි ලාභ උපයා ගැනීමේ මාර්ග හෙලි පෙහෙලි කරවන පිරමිඩ ක්‍රමයක් බවට පත්කර ගැනීමය.

EPF / ETF සඳහා සමාජීය වශයෙන් වගවෙන ආයෝජන විකල්ප මොනවාද?  

මෙම රචනය සමාජයේ දිගුකාලීන අර්ථසාධක වත්කම් සහ ප්‍රතිලාභ මූර්ත ආර්ථිකයේ වර්ධනයක් ජනනය කිරීමේ ආයෝජන වෙනුවට කෙටි කාළීන මූල්‍ය ප්‍රතිලාභ බෙදා හැරීමේ අරමුණු සඳහා සම්පත් අවභාවිතා කරන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ විචක්ෂණභාවය ප්‍රශ්න කළේය.

හාම්පුතුන් සහ සේවකයින් යන දෙඅංශයෙන්ම අරමුදල් දායක කරමින් විශ්‍රාමිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඇරඹූ අර්ථසාධකය රටේ සංවර්ධනය ඉලක්ක කරගත් ආයෝජනයන් වල යෙදීම වෙනුවට පසුගිය දශක කිහිපයකම සිදුව ඇත්තේ බලයේ සිටි අය විසින් විශාල අරමුදල් සංචිතය අපයෝජනය කිරීමය.

මෙම ලේඛකයාගේ අදහස වන්නේ මෙම සියලු අරමුදල් කළමනාකරණය භාරකාර මණ්ඩලයක් (Board of Trustees)  යටතේ තිබිය යුතු බවය. මෙය වර්තමානයේ මහා බැංකුව විසින් කරගෙන යනු ලබන රැකවල් කරුවෙකුගේ (custodian) කාර්ය අභිබවා ඊට වඩා කාර්යක්ෂම සහ ඵලදායි වගකීම් සහ වගවීම් වලට නතු කරවීමකි. සේවා යෝජකයින්, සේවකයින් සහ රජයේ නියාමන ආයතන නියෝජනය කරන  පුද්ගලයින් භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ලෙසට දායක සේවක හා සේව්‍ය සාමාජිකයින් විසින් තෝරා පත් කර ගත යුතුව ඇත.

අර්ථසාධක අරමුදල් ආයෝජනවලින් 90% ක්ම රජයේ ණය සුරැකුම්පත්වල රඳවා ඇත්තේ ඒවා අවදානම් රහිත යැයි උපකල්පනය කරමිනි. ස්වෛරීය බැඳුමිකර වල අවධානයේ තරම කුමක්ද යන්න දැන් අපට පැහැදිලිය. මෙම වසර මුලදී බිද වැටුණු ඇමෙරිකාවේ Silicon Valley Bank සහ Signature Bank  දෙකම සිය තැන්පතු වලින් වැඩි කොටසක් ඇමෙරිකානු ස්වෛරීය බැඳුම්කර වල ආයෝජණය කර පොලී අනුපාත විචල්‍ය වීම හේතුවෙන් බංකොලොත් විය.

නව තාක්ෂණයේ විකාශයත් සමග විශ්‍රාම යාමට අපේක්ෂා කරන විශාල සේවක සංචිතයකට දිගු කාලයක් වැඩ කිරීමට සිදුවිය හැකිය. නව තාක්ෂණයට අනුගත වෙමින් ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ජීවිත කාලය පුරාම වැඩ කිරීමට වැඩි දෙනෙකුට අත්වෙන ඉරණමක් වනු ඇත. තාක්ෂණය නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙහෙයවන කාරක බලවේගය බවට පත්වී හමාරය. අර්ථසාධක අරමුදල් ශ්‍රම බලකායේ නිපුණතා සහ හැකියාවන් නිරන්තරයේන වැඩි දියුණු කිරීමට අදාල පුහුණු ආයතන ඇරඹීමට සහ නඩත්තු කිරීමටද ආයෝජනය කළ යුතුවේ. සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන පරිදි අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා පොදු නිවාස යෝජනා ක්‍රම ගොඩනැගීමටත් ඒවා මිලට ගැනීමට ණය පහසුකම් සැපයීමටත් ආයෝජනය කළ යුතුය.

ආසියාවේ ක්‍රියාත්මත සාර්ථක අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් මොනවාද?

මැලේසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් සේවක සේව්‍ය නියෝජිතයින්ගේ භාරකාරීත්වය සාර්ථකව පරිපාලනය වේ. සිංගප්පූරුවේ සේවක අර්ථසාධක මුදල රට වැසියන්ගේ නිවාස අවශ්‍යතාවයන් පිරිමසා ලීමට තට්ටු නිවාස ඉදිකිරීමට ආයෝජනයන් කරන අතර සාමාජිකයින්ගේ සෞඛ්‍ය සේවාවන් සපයා දීමට රක්ෂණ ආවරණයන්ද සපයයි. Australian Super විශ්‍රාම වැටුප් අරමුදලද තවත් එක් ආදර්ශමත් ක්‍රමවේදයකි. ඔස්ට්‍රේලියානු සුපර් යනු ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනය (Australian Council of Trade Unions) සහ ඔස්ට්‍රේලියානු කර්මාන්ත කවුන්සිලය (Australian Industry Council) විසින් හවුල් භරකාරත්වයක්  යටතේ කළමනාකරණය කරන තවත් ආසියාවේ පවතින ශක්තිමත් අරමුදලකි. වසර 38ක් සාර්ථකව ක්‍රියාත්මක වන අරමුදල සාමාජිකයින් මිලියන 3 කගේ ඉතුරුම් වත්කම  ඩොලර් බිලියන 300 කලමනාකරණය කරයි. 

මග නිවැරදි නම් ගමන වරදීමට හේතුවක් නැත

කම්කරුවන්ගේ යහපත නියෝජනය කරන වෘත්තීය සමිති සහ කර්මාන්ත මණ්ඩල, හාම්පුතුන්ගේ සම්මේලන හවුල්ව තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා අර්ථසාධක අරමුදල් ආයෝජන යොදවා බහුතර  සමාජ ප්‍රජාවේ දිගුකාලීන සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා දැන්වත් ඉදිරිපත් විය යුතුය.

අර්ථසාධක අරමුදල් සැබවින්ම ආර්ථික වර්ධනය මෙහෙයවන ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට භාරකාර මණ්ඩලය වග බලා ගතයුතුය. ඒ අතර සාමාජිකයින්ට දැරිය හැකි සෞඛ්‍ය සේවා සහ දිගුකාලීන සත්කාර අවශ්‍යතා සැපයීම සඳහා රෝහල් ඉදිකිරීම වැනි වැඩිහිටි ජනගහනයේ සමාජ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුව ඇත.

නව පද්ධතිමය වෙනසක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකේයන් නව ක්‍රමෝපායන් හඳුන්වාදීමට හැකි දේශපාලකයින් තෝරාපත් කර ඔවුන් ලවා ජනතාවගේ අනුමැතිය සහ විශ්වසනීයත්වය මත සැළසුම් කරගත් වැඩපිලිවෙලවක් දියත් කරවීමට ඡන්ද දායකයින්ම එම වෙනස ක්‍රියාත්මක කරවීමේ කාරක බලවේගය බවට ස්වෙච්ඡාවේන්ම ඉදිරිපත් වීමට පොළඹවා ගැනීමට නායකත්වය ගතයුතව ඇත.

17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශණයන් මත රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට නොහැකි වූ බව අමතක නොකරමු. ශ්‍රී ලංකාව වත්මන් අර්බුදවලින් ගොඩ ඒමට නිර්මාණශීලී වැඩපිලිවෙලක් සමාජගත කල හැකි නව තරුණ නායකත්වයක් ඉදිරියට ගතහැකි බුද්ධිමය සංවාද වලට මග පාදන වාතාවරණයක් උදාකර ගනිමු.

The post අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය සඳහා ගලවා ගැනීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a/feed/ 0