Ishanka Sinhaarachchi, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Sun, 01 Mar 2026 08:34:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Ishanka Sinhaarachchi, Author at විවරණ 32 32 රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%92%e0%b6%a0%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%92%e0%b6%a0%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1/#respond Sun, 01 Mar 2026 08:34:41 +0000 https://vivaranalk.com/?p=14562 මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම බෙහෙවින් වැදගත් ය. මෙහි පලවන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මංත්‍රීවරුන් එම විවාදයේ දී දැක්වූ අදහස් වලින් උපුටා ගත් කොටස් ය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් […]

The post රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. appeared first on විවරණ.

]]>
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම බෙහෙවින් වැදගත් ය. මෙහි පලවන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මංත්‍රීවරුන් එම විවාදයේ දී දැක්වූ අදහස් වලින් උපුටා ගත් කොටස් ය.

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම ගැන විමර්ශන කොමිසම යෝජනාවට ආණ්ඩු පක්‍ෂය එකහෙලා විරෝධය ප්‍රකාශ කළේය. ඒ වනවිටත් අධිකරණය හරහා විමර්ශණ පැවැත්වෙන බැවින් කොමිසමක අවශ්‍යතාවක් නොමැති බවට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් කේ.එන්. චොක්සි කරුනු දැක්විය. පොල් පෙරේරා, ජෝන් අමරතුංග, එච්.ආර්. පියසිරි, චන්ද්‍රා රණතුංග, හරින්ද්‍රනාත් දුනුවිල වැනි මැති ඇමැතිවරුන් ද කියා සිටියේ  විමර්ශන කොමිසමක් අවශ්‍ය නොවන බවය. එවකට සභානායක වූ  රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම යෝජනාව මගින් රිචඩ් ද සොයිසා පැහැර ගොස් මරා දමා ඇතැයි කීම මගින් මිනීමැරීමක් ගැන පුර්ණ විනිශ්චයක් ලබා දී ඇති බවය.

යැයි ඔහු අවධාරණය කළේය.

පැහැරගත් රිචඩ් තමන් භාරයේ ඉන්නා බවට පොලිස්පති මගින් නියෝජ්‍ය කතානායක ගාමිණි ෆොන්සේකා ප්‍රකාශ කළ බව මන්ත්‍රී අනිල් මුණසිංහ අවධාරණය කළේය.

ඔහු ප්‍රශ්න කළේය.

රිචඩ් ඝාතකයන් පිළිබඳව අධිකරණ විමර්ෂණ කෙරෙමින් තිබියදී, එය වලක්වුයේ ආණ්ඩුව බැවින් මෙවැනි කොමිසමක අවශ්‍යතාව මතුව ඇති බව එක්සත් සමාජවාදී සන්ධානයේ  මන්ත්‍රී වාසුදේව නානායක්කාර විවාදයට එක්වෙමින් පැවසීය.

එවකට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂමන් කිරිඇල්ල, ඇමැති චොක්සිට පිළිතුරු දෙමින්  මානව හිමිකම්  ආරක්ෂා කිරීමට අධිකරණය සමත්වී නොමැති බවය.

රිචඩ් මරා දැමීම ගැන පැවති නඩුවේ දී නීතිපතිවරයාගේ  පාර්ශවික මැදිහත් වීම ගැන සඳහන් කරන කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ මනෝරානි සරවනමුත්තු සිය පුත්‍රයා පැහැරගෙන ගියවුන් හඳුනාගෙන ඇතත්, එම ප්‍රකාශය ප්‍රමාද වී ලබා දුන් එකක් බවට ආණ්ඩුව පැවසීම යුක්ති සහගත නොවන බවය.

ඔහු පෙන්වා දුන්නේය.

හොඳින් ක්‍රියාත්මක වන අධිකරණය තුල රිචඩ් ද සොයිසාගේ විමර්ෂණය කළ නොහැක්කේ මන්දැයි ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී චොක්සි ට පිළිතුරු දුන් දී.මු. ජයරත්න කියා සිටියේ එම ප්‍රකාශය ගැන තමන්  ලැජ්ජා වන බවය.

රිචඩ් ද සොයිසා ඝාතනය ගැන විමර්ශන පිළිබඳව සඳහන් කරමින්  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හරින්ද්‍රනාත් දුනුවිල විසින් වෛද්‍ය සරවනමුත්තු විසින් කර ඇති ප්‍රකාශයන්ගේ පරස්පරතා පෙන්වා දුන්නේ අනතුරුවය. 

යැයි ඔහු පවසන්නේ විමර්ශන කොමිසමකට එරෙහි වෙමින්ය.

මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව විභාගයට  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ අනුර මැද්දෙගොඩ උපුටා දක්වමින්, ඔහු ක්‍රියා කළ අයුරු අනුමත කරමින්, පොල් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ පැමිණිල්ලේ පාර්ශවයේ ඉල්ලීම මත නඩු විභාගය අවසන් කළ බවය. මෙහිදී වෛද්‍ය මනෝරානි සරවනමුත්තු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ බැටී වීරකෝන් ඉල්ලා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138 වගන්තියට අනුව සාක්ෂි විමසීමය. එහෙත් ඊට එකඟ නොවූ නීතිපති නියෝජිත අනුර මැද්දෙගොඩ කියා සිටියේ 124 වගන්තිය යටතේ සාක්ෂි විමසන ලෙසය.

පාලක එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි නීතිපතිවරයා තීන්දු ගන්නා බවට චෝදනා කළ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ලබා දුන් සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට නීතිපතිට නීතියෙන් ඉඩක් නොමැති බවය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව වෙත රිචඩ් ද සොයිසා පහර ගෙන ගොස්  ඝාතනය කිරීමේ චෝදනා එල්ලවන්නට වුයෙන්,  ඔහුගේ සිරුර හමුවීමත් සමගම `ලංකා පුවත් සේවය` උපුටා දක්වමින් ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයකින් කියා සිටියේ රිචඩ් ද සොයිසා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවය. මුලින්ම `ලංකා පුවත් සේවය` ප්‍රචාරය මෙම පුවත සම්පාදනය කර තිබුනේ පොලිසිය  මූලාශ්‍ර  කොට ගෙනය.

යැයි එවක විපක්‍ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක ප්‍රශ්ණ කළාය. 

පාසැල් වියේ සිටම රිචඩ්ගේ මිතුරෙකු වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ  රිචඩ් ජවිපෙ විවේචකයෙකු බවය.

රිචඩ් විපක්ෂයට දොස් පැවරු බව මංගල සමරවීර සිහිපත් කළේය.

ඉන්දීය සාම සාධක හමුදා උතුරු -නැගෙනහිර පලාතට ගෙන්වීමේ දී  ඊට පක්‍ෂ පාර්ශවයන් හා රජය සමග රිචඩ් ද සොයිසා සිටි බවට එවක ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්‍ෂ මෙම විවාදයට එක්වෙමින් පැවසීය. ඉන්දීය හමුදා පැමිණීමට සහාය දැක්වීම නිසා ඔහුට තර්ජන එල්ලවූ බව ද මහින්ද රාජපක්‍ෂ සිහිපත් කළේ එවැනි තර්ජන එල්ලවූ අවස්ථා ගැන හොඳින් දන්නා බව කියමින්ය. 

පාසල් සිසුන් පංති වර්ජනය කිරීම ඔහුන්ගේ අධ්‍යාපනයට හා අනාගත දියුණුවට බාධාවක් බව රෝහණ විජේවීර හමුවී රිචඩ් ද සොයිසා විරෝධය දක්වූ බව මහින්ද රාජපක්‍ෂ තව දුරටත් පැවසීය.

ඉතාමත් අසාධාරණ ලෙස රිචඩ්ගේ ඝාතනය  වසා දමමින් රට රැවටීමේ මගක් ලෙස  ආණ්ඩුව  ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ ලේබලය අලවමින් සිටින බවට චෝදනා ඉදිරිපත් කළේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන විසිනි. 

විශේෂයෙන් ආණ්ඩුපක්ෂයේ ඇමැති ජෝන් අමරතුංග සහ එච්.ආර්. පියසිරි විසින් පොලිස් වාර්තා ලෙසත්, දිනපොත් සටහන් ලෙසත්, ඇතැම් ලිපි ඉදිරිපත් කරමින් රිචඩ් ද සොයිසා වෙත නොයෙකුත් අවලාද නැගීය.

විෂ පෙවූ ලිපි ලේඛන පාර්ලිමේන්තුවට ගෙන එමින්  ආණ්ඩුවේ කුණු කන්දේ මූලාරම්භය පෙන්නුම් කරන බවත්, තමන් සතුවත් එවැනි ලිපි තිබෙන බවට රිචඩ් ද සොයිසාට එල්ල වූ අවලාද වලට  මංගල සමරවීර මන්ත්‍රීවරයා පිළිතුරු සැපයුවේ ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මැදය. 

යැයි දී.මු ජයරත්න මන්ත්‍රීවරයා පැවසීය. මේ අතර ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ රිචඩ් ද සොයිසා ඝාතන විමර්ශන කොමිසමක් හරහා ඔහු මත් ලෝලියෙක් ද යන්නත් සොයා ගැනීමට ඇමතිවරයාට හැකි බවය.

විවාදයට එක්වූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාස විසින් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට පටහැනිව  ඔහුගේ පාර්ලිමේන්තු මැති ඇමැතිලා වැඩ කරන බවය.

The post රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bb%e0%b7%92%e0%b6%a0%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1/feed/ 0
කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/#respond Fri, 13 Feb 2026 08:48:30 +0000 https://vivaranalk.com/?p=14501 කොළඹ නගරයේ  විදී දරුවන් යොදා ගනිමින් මුදල් ඉපැයීමේ සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බවට සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙන්නේ ලාංකීය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරමින්ය. කාර්, බස්රථ, දුම්රිය මැදිරි පිරිසිදු කිරීම, තේ කඩ, කුඩා පරිමානයේ හෝටල් සහ ගරාජ වල වැඩකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ගෘහස්ථ හා කර්මාන්තශාලා වැඩ මෙන්ම සිඟමන් යැදීම වැනි ලබා ගත හැකි ඕනෑම […]

The post කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. appeared first on විවරණ.

]]>
කොළඹ නගරයේ  විදී දරුවන් යොදා ගනිමින් මුදල් ඉපැයීමේ සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බවට සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙන්නේ ලාංකීය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරමින්ය. කාර්, බස්රථ, දුම්රිය මැදිරි පිරිසිදු කිරීම, තේ කඩ, කුඩා පරිමානයේ හෝටල් සහ ගරාජ වල වැඩකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ගෘහස්ථ හා කර්මාන්තශාලා වැඩ මෙන්ම සිඟමන් යැදීම වැනි ලබා ගත හැකි ඕනෑම වැඩක් වෙනුවෙන් මේ විදී දරුවන් අළෙවි වනු ඇත.

“වීදි දරුවන්ගේ අභියෝග සහ ඒවාට මුහුණ දීමේ උපාය මාර්ග: කොළඹ නගරයේ ක්ෂේත්‍ර අධ්‍යයනයකින් සොයාගැනීම්” නමින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ   පර්යේෂකවරයෙකු වූ එස්. හරිහරතමොදරන් විසින් ඉකුත් නොවැම්බරයේ දී ප්‍රකාශයට පත් කළ සමීක්ෂණ වාර්තාවට අනුව පිළිසරණක් නොමැතිව, අනාරක්ෂිතව අගනුවර අඳුරු විදී වල වෙසෙන දරුවන්ගේ ඛේදවාචකය  මගින් පෙන්නුම් කරන්නේ අහිමිවීමේ හා විෂමතාවයේ ගැඹුරු සමාජ පැතිකඩකි.

 ලෝ පුරා රටවල් සංවර්ධනයේදී දරුවන්ගේ යහපැවැත්ම අතිශයින් වැදගත්ය. හොඳම දේ දරුවන්ට යැයි ආදර්ශයක් ද පවතින්නේ ඒ නිසාවෙනි. එහෙත් උත්ප්‍රාසයට කාරණාව වන්නේ ලෝ පුරා මිලියන ගණනක් දරුවන්ට දිවි ගෙවන්නට සිදුව ඇත්තේ  විශාල නගරවල  විදී අද්දරය. මෙය ලෝ පුරා දරුවන්ගේ ඛේදවාචකය පෙන්නුම් කිරීමකි. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අරඹා ඵලදායී හා සමෘද්ධිමත් වැඩිහිටියෙකු බවට පරිවර්තනය කෙරෙන  සුරක්ෂිත ළමා කාලයක් භුක්ති විඳීමටවූ  නිරපේක්ෂ අයිතියක්  සෑම දරුවෙකුටම හිමිය. එහෙත්  වීදිවල දිවි ගෙවන  දරුවන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතා කිසිවක්ම  හිමි නොවන තරම්ය.

ඔවුන්ට පවුල් තුළ ජීවත් වීමේ අයිතිය අහිමි කරමින්, මුලික අයිතීන් සපුරා ගැනීම වෙනුවෙන් විදී වල දිවි ගෙවන්නට බල කෙරෙයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට (යුනිසෙෆ්) අනුව, වීදි දරුවන් ලෙස සැලකෙන්නේ වසස අවුරුදු 18 ට අඩු ගැහැණු සහ පිරිමි දරුවන්ය. ඔවුන් වීදිවල හෝ අසංවිධිත අංශවල වැඩ කළ මුත් තනිව හෝ ඔවුන්ගේ පවුල් සමඟ හෝ දිවි ගෙවන්නේ විදී කොණක එසේ නැතහොත් තාවකාලික වාසස්ථානයකය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින්  වීදි දරුවන් තවදුරටත් කාණ්ඩ තුනකට බෙදා දක්වයි. වීදියේ වැඩ කරන අතර  බොහෝ විට දවස අවසානයේදී තම පවුල් වෙත ආපසු යන දරුවන්,  පවුලේ සහයෝගයක්  නොමැතිව වීදියේ වැඩ කරමින්, එහිම නිදා ගනිමින්  දිවි ගෙවන දරුවන්, සහ ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පවුල් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති, සම්පූර්ණයෙන්ම තනිවම සිටින දරුවන් ලෙසය.

වීදි දරුවන් යනු අධික ලෙස ඉබාගාතේ යන ජීවන රටාවන් සහිත ජංගම ජනගහනයකි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, ලෝකයේ වීදි දරුවන් මිලියන 150 ක් සිටිති. වීදි දරුවන්ගේ සංසිද්ධිය ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය සහ නොසලකා හැරීම හෝ අපයෝජනය, අතහැර දැමීම සහ නවීකරණය වැනි එහි අන්තර් සම්බන්ධිත අංග සමඟ බැඳී පවති.

මෙම සාධක  වීදිය කරා දරුවන් තල්ලු කිරීමේ සහ ඇදීමේ සාධක ලෙස වර්ගීකරණය කළ හැකිය. තල්ලු කිරීමේ සාධක අතර දරිද්‍රතාවය සහ ආර්ථික අවශ්‍යතාවය සහ ප්‍රචණ්ඩත්වය, පවුල් බිඳවැටීම, විශාල සාමාජික සංඛ්‍යාවකින් යුත් පවුල් වැනි සාධක ඇතුළත් වේ.

අනෙක් අතට, වීදිය වෙත දරුවන් ඇදීයාමේ සාධක අතර නාගරීකරණය, සම වයසේ මිතුරන්ගේ බලපෑම හෝ නිදහසේ හා ස්වාධීනත්වයට ඇති  ආකර්ෂණය ඇතුළත් වේ.

 ලංකාවේ වීදි දරුවන්ගේ සංඛ්‍යාව 15,000 ක් ලෙස ගණන් බලා ඇත ( “වීදි දරුවන්ගේ නුහුරු  හැසිරීම්: කොළඹ කොටුව සහ පිටකොටුව විශේෂ යොමුවකින්” බී.වී.එන්.විජේවර්ධන). මෙම වීදි දරුවන්ගෙන් වැඩි දෙනෙක් සංකේන්ද්‍රණය වී සිටිනුයේ කොළඹ නගරයේය. එය  කාර්ය බහුල වාණිජ මධ්‍යස්ථානයක් වීම, ඔවුන්ගේ සමාජ, ආර්ථික හා පෝෂණයට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත. 

ලෝ පුරා වීදී දරුවන්ගෙන්  20% කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු ආසියානු රටවල් වලිනි. ( “ආසියාවේ නාගරික දරිද්‍රතාවය” ආසියානු සංවර්ධන බැංකුව).

ආහාර, ඇඳුම් පැළඳුම්, නවාතැන්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, සනීපාරක්ෂාව වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ  අරගලයෙන් ආරම්භ වන පුළුල් පරාසයක අභියෝගවලට ඔව්හු මුහුණ දෙති.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ විදී දරුවෝ  බොහෝ  සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිති. පෝෂණ ඌනතාවයන්, බෝවන රෝග, නොදැනුවත්වම තුවාල වීම හෝ වර්ධනය අඩාල වීම ආදියෙන් ඔවුන් ලක්වන්නේ ඉමහත් පීඩාවකටය. එපමණක් නොව, වීදිවල සිටින පිරිමි සහ ගැහැණු ළමයින් දෙගොල්ලොම  ශාරීරික, මානසික සහ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම කටුක යථාර්ථයන්ට මුහුණ දීම සඳහා, වීදි දරුවන් බොහෝ විට හිඟාකෑම, සොරකම් කිරීම, පික්පොකට් ගැසීම සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි ක්‍රියාකාරකම් වලට යොමු වෙනු ඇත.

එමඟින් සිදුවන්නේ  ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමයි. මෙම තත්වය හමුවේ මහා  සමාජය විසින් ඔවුන් බැහැර කිරීමට මෙන්ම  අපකීර්තියට ලක්  කිරීමට හේතු වේ.

වීදි දරුවන් යනු  නාගරික සමාජවල වඩාත් අවදානමට ලක්විය හැකි සහ ආන්තිකකරණයට ලක් වූ ජනගහනයක නියෝජනයකි.  කෙසේ වෙතත් මුලික අයිතීන් හා අවශ්‍යතාවන් අහිමි විදී දරුවෝ අපයෝජනයට මෙන්ම හිංසනයට ලක්ව, දිවි ගෙවීම පිණිස ක්‍රමයෙන් සිඟමන් යැදීම, සොරකම්,පික්පොකට් ගැසීම හෝ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි ක්‍රියාකාරකම්වලට යොමු වෙති. සමාජ අපකීර්තියත්, බැහැර කිරීමත් හමුවේ සිය දෛනික ජිවිතේ දුෂ්කරතා සමනය කර ගැනීම වෙනුවෙන් වූ යම් ක්‍රියාවලියකට ඔවුන් ගොදුරුව තිබේ.  

හරිහරතමෝදරන්ගේ අධ්‍යයනය පවත්වා ඇත්තේ කොළඹ නගරයේ වීදි දරුවන් සමඟය. මෙම අධ්‍යයනයට ලක් වූ  ළමුන් අවුරුදු පහේ සිට 18 දක්වා වයස් කාණ්ඩවලට අයත්ය.

සහභාගිවන්නන් 200 ක් තෝරා ගෙන ඇති අතර සැලකිය යුතු ප්‍රතිශතයක් වයස අවුරුදු පහේ සිට නවය දක්වා (98/49.1%), පසුව වයස අවුරුදු 10-14 (89/44.6%), සහ 13/6.3% ක් වයස අවුරුදු 15-18 අතර විය.

පිරිමි ළමයින් සංඛ්‍යාව (104/51.8%) ගැහැණු ළමයින්ට වඩා තරමක් වැඩි විය (96/48.2%). ආගම අනුව, බොහෝ ප්‍රතිචාර දැක්වූවන් බෞද්ධ (145/72.5%), සහ 55/27.5% මුස්ලිම් විය.

 අධ්‍යාපනය සම්බන්ධයෙන්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 120/59.9% ක් විධිමත් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් වූ අතර, 80/40.1% ක් විධිමත් අධ්‍යාපනයක් ලබා නොතිබුණද අධ්‍යයනයට සම්බන්ධ සංවිධාන විසින් සපයනු ලබන අවිධිමත් අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගී වී සිටියහ. විධිමත් පාසල් අධ්‍යාපනයට ඇතුළත් වූ 120 දෙනාගෙන් බහුතරයක් එක සිට පහ දක්වා පන්තිවල (77/63.9%) ඉගෙනුම ලැබූ අතර, 29/24.1% ක් පෙර පාසල් මට්ටමේ සහ නවයක් / 7.5% ක් හය සිට අට දක්වා පන්තිවල ඉගෙනුම ලැබූහ. උසස් පාසල් මට්ටමට ළඟා වී තිබුණේ පස් දෙනෙකු පමණි (4.5%).

වීදි දරුවන් අතර පාසල් ඇතුළත් වීම අඩුය. තවද, විධිමත් අධ්‍යාපනයට ඇතුළත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් පහළ ප්‍රාථමික ශ්‍රේණිවල සංකේන්ද්‍රණය වී සිටි අතර, ඔවුන්ගේ පාසල් පැමිණීම ඉතා අක්‍රමවත් වූ අතර විධිමත් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ ඉහළ ප්‍රවණතාවක් ගනී.

වීදියේ දිවි ගෙවන  සෑම දරුවෙකුටම එහි සිටීමට තමන්ටම වූ විශේෂිත හේතුවකි.මෙම දිවියට  ඔවුන් සම්බන්ධවන්නට  ඇතිවූ  ක්ෂණික හේතු තැනින් තැනට හා දරුවාගෙන් දරුවාට වෙනස් ය.   හේතු බොහොමයක්  දරිද්‍රතාවය සහ ඒ ආශ්‍රිත සාධක සමඟ පුළුල් ලෙස සම්බන්ධ වේ. දුර්වල යටිතල පහසුකම්, මූලික පහසුකම් නොමැතිකම, විරැකියාව,පවුල් බිඳ වැටීම්, ගෘහස්ථ හිංසනය, අපයෝජනය, දෙමාපියන් නොසලකා හැරීම, ළමා මන්දපෝෂණය, අධ්‍යාපනය නොමැතිකම සහ ළමා ශ්‍රමය ආදියේ   ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දරුවන්ට සිය පැවැත්ම උදෙසා වීදි ජීවිතයට පිවිසීමට බල කෙරෙනු ඇත.

මූලික පහසුකම් සඳහා ප්‍රවේශය සම්බන්ධයෙන්, 35/17.6% ක් තම දෙමාපියන්ගෙන් ආහාර ලබා ගත් බවත්, 25/12.6% ක් තමන් විසින්ම ආහාර මිලදී ගත් බවත්, 22/10.8% ක් තම සේවායෝජකයින්ගෙන් එය ලබා ගත් බවත්ය. ඉතිරි 118/59% ක් දෙමාපියන්, සේවා යෝජකයින්, තමන් විසින්ම මිලදී ගැනීම, හෝටල් හිමියන් ඇතුළු තවත් බොහෝ දෙනාගෙන් ආහාර ලබා ගත් බව වාර්තා කළහ.

සැලකිය යුතු ප්‍රතිශතයකට  (68/34.2%) මුදල් නොමැතිකම, ආහාර නොමැතිකම, ආහාර රුචිය නොමැතිකම හෝ අසනීප, තුවාල හේතුවෙන් දිනකට අවම වශයෙන් එක් ආහාර වේලක්වත් අහිමිවේ.

ජීවන තත්වයන් සම්බන්ධයෙන් ගත් කල, බහුතරයක් (173/86.5%) ජීවත් වූයේ පැල්පත් ප්‍රදේශවලය. ඔවුන්ට පානීය ජලය, සනීපාරක්ෂාව, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය හෝ අපද්‍රව්‍ය පද්ධති වැනි මූලික සේවාවන් සඳහා ප්‍රවේශයක් නොතිබුණි. මෙම දරුවන් බොහෝ දුරට ජනාකීර්ණ සහ අපිරිසිදු පරිසරවල ජීවත් වූහ.අපිරිසිදුකම් ඔවුන්ව වෙලාගෙන ඇත. ඉතිරි 27/13.5% ට ස්ථිර නවාතැන් නොතිබූ අතර බොහෝ දුරට දුම්රිය පොළවල් , බස් නැවතුම් වල  හෝ පන්සල් පල්ලි අසල දිවි ගෙවති.

සෑම දරුවෙකුටම පිරිසිදු, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක වැඩීමට අයිතියක් ඇත. පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය, වඩා හොඳ සෞඛ්‍යයකට මෙන්ම සමස්ත  සංවර්ධනයටම  සහාය වේ.

කෙසේ වෙතත්, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා සීමිත හෝ ප්‍රවේශයක් නොමැති වීම හේතුවෙන් වීදි දරුවන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් සිටිති.

සමීක්ෂණයට ලක් කළ 200 න් බහුතරයක් (82/41%) කිසිදු ව්‍යුහගත වැසිකිළි පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැත. ප්‍රජා වැසිකිළි (66/33%), පොදු වැසිකිළි (24/12%) සහ නගර සභාවේ ගෙවන වැසිකිළි (2/1%), ඉතිරි 26/13% හෝටල්, සේවා ස්ථාන හෝ වෙනත් විදිහේ  වැසිකිළි වෙත ප්‍රවේශවේ.

නාන පිළිවෙත් සම්බන්ධයෙන්, 72/36% ක් ස්නානය කරනුයේ  දුම්රිය සේවයේ ජල  සැපයුම්  භාවිතා කරමින්ය. ප්‍රජා ළිං (38/19%) සහ ප්‍රජා නළ ළිං (24/12%) භාවිතා කළහ. ඊට අමතරව, 12/6% ක් පාසල් අසල ස්නානය කළ අතර, ඉතිරි 56/28% ක් බස් නැවතුම්පොළවල් , දුම්රිය ජල සැපයුම,  හෝටල් වැනි බහු ස්ථාන භාවිතා කළ අතර, ඒවා ලබා ගත හැකි ප්‍රමාණය අනුව වෙනස් විය.

පානීය ජලය සඳහා, 76/38% ක් ප්‍රජා හෝ පොදු ළිං වලින්, 38/19% ක් විවිධ පොදු ස්ථාන වලින් සහ 26/13% ක්  නල ලින් වලින් එයට ප්‍රවේශ විය. මේ අතර, 25/13% ක් දුම්රිය පරිශ්‍රයෙන් පානීය ජලය සොරකම් කරන බව වාර්තා කළ අතර, ඉතිරි 37/18% ක් පාසල්, හෝටල්, පන්සල්, උද්‍යාන හෝ සේවා යෝජකයින් වැනි බහු මූලාශ්‍රවලින් ජලය ලබා ගත්හ.

නව යොවුන් වියේ ගැහැණු ළමයින් අතර ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය ගැන ද මෙහිදී විමර්ෂණය කෙරිණි. සමීක්ෂණයට භාජනය කළ ගැහැණු දරුවන්  58 දෙනාගෙන් බහුතරයක් (35/60%) සනීපාරක්ෂක පෑඩ් සහ රෙදි දෙකම භාවිතා කළ අතර, 14/24% ක් රෙදි කැබලි පමණක් භාවිතා කළ අතර, ඉතිරි නවය/16% ක් සනීපාරක්ෂක පෑඩ් පමණක් භාවිතා කළහ. සම්මුඛ සාකච්ඡාවලින් හෙළි වූයේ රෙදි භාවිතා කරන ගැහැණු ළමයින් බොහෝ විට සේදීමෙන් පසු එකම රෙදි කිහිප වතාවක් නැවත භාවිතා කළ බවය, එමඟින් මුත්‍රා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම වැඩි වී තිබේ.  මෙසේ ගැහැණු දරුවන්   රෙදි නැවත නැවත සෝදා  භාවිතා කිරීමට පෙළඹවීමට ප්‍රධාන හේතුව වන්නේ  මුදල් නොමැතිකමය.

වීදි දරුවන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී දරුණු ආකාරයේ අපයෝජන, ප්‍රචණ්ඩත්වය සහ හිංසනයට ලක්වේ. එය ඔවුන්ගේ ශාරීරික යහපැවැත්මට සහ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපානු නියතය.

පොලිස් හිරිහැර කිරීම් 75/ 37.5% ක් විසින් වාර්තා කරන ලද අතර, සොරකම 66/33% ක් විසින් වාර්තා කරන ලද බව සොයා ගන්නා ලදී. 34/17% ක් විසින් ජීවිත තර්ජන වාර්තා කරන ලද අතර, ඉතිරි 25/12.5% ​​ක් වීදි මැරයන්, වෙනත් වීදි පිරිමි ළමයින් හෝ සේවා යෝජකයින්ගෙන් අපයෝජනයට ලක් වූ අතර, සමහරු පැහැර ගැනීමට බිය වූහ. ශාරීරික අපයෝජන සම්බන්ධයෙන්, 104/52% ක් පෞද්ගලිකව එය අත්විඳ ඇති බව වාර්තා කළ අතර, 43/21.5% ක් තමන් විසින්ම එය අත්විඳ නැතිමුත්, තම  මිතුරන්ට හෝ වෙනත් වීදි දරුවන්ට සිදුවන එවැනි සිදුවීම් නිරීක්ෂණය කර හෝ ඒ පිළිබඳව අසා ඇත.

200 දෙනාගෙන් 95 දෙනෙකු (47.5%) මත්පැන්, මත්ද්‍රව්‍ය, ගංජා හෝ දුම්කොළ පරිභෝජනය කරන්නෝ වෙති. ඊට යොමුව ඇත්තේ බොහෝ විට මිතුරන්, වෙනත් වීදි දරුවන්, සාප්පු හිමියන් හෝ වීදි මැරයන්ගෙන්  බලපෑමෙනි. ඊට වෙනස්ව, 75/ 37.5% ක් සෘජු බලහත්කාරයෙන් තොරව  මත්ද්‍රව්‍ය අත්හදා බලන්නට පෙළඹී ඇත්තේ මිතුරන්, දෙමාපියන් හෝ අනෙකුත් පවුලේ සාමාජිකයන් නිරීක්ෂණය කිරීමෙනී. සිඟමන, සොරකම, සූදුව හෝ පික්පොකට් ගැසීම වැනි ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන්, 73/36.5% ක් කියා සිටියේ දිවි ගැටගහ ගැනීම වෙනුවෙන් එසේ කළ බවය.

90/ 45% ක් තම සම වයසේ මිතුරන් අතර එවැනි හැසිරීම් නිරීක්ෂණය කර හෝ අසා තිබුණි. ලිංගික අපයෝජනය සම්බන්ධයෙන්, 51/25.5% ක් වීදිවල ජීවත් වන විට අවම වශයෙන් එක් වරක්වත් ලිංගික අපයෝජනයට ලක් වී තිබේ. 100/50% ක් අනෙකුත් වීදි දරුවන්ට සිදුවන එවැනි සිදුවීම් දැක හෝ අසා තිබුණි.

අපකීර්තියට පත් කිරීම යනු සමාජ අප්‍රසාදය හේතුවෙන් කෙනෙකුට අසාධාරණ ලෙස හෝ සෘණාත්මකව සැලකීමය. එය ගැඹුරින් නින්දාවට පත් කරන ගුණාංගයකි.

ලංකාවේ සමාජ අපකීර්තියට විශේෂයෙන් ගොදුරුවන්නේ දුගී දුප්පත්, නිවාස අහිමි  වීදිවල දිවි ගෙවන  දරුවන්ය.

එම විදී දරුවන්ගෙන් මිනිසුන් ඔවුන්ව හඳුන්වන්නේ කෙසේදැයි විමසූ විට, “හිඟන්නා, හොරා, අපරාධකාරයා, කුඩු කාරයා, පික්පොකට්කාරයා, සුදු අන්තුවා“ ලෙස පවසන බවට හෙළිදරව් කෙරිණි. ප්‍රතිචාර දැක්වූ එක් විදී දරුවෙකු කියා සිටියේ “මිනිස්සු අපට හරිම අසාධාරණ විදිහට අපට පික්පොකට්කාරයා, කුඩු කාරයා, සූදූ කාරයා කියලා චෝදනා කරනවා. මුලදී, මට මිනිසුන් එහෙම සැලකීම ගැන මට දුකක් දැනුණා, ඒත් දැන්, මම ඒකට හුරුවෙලා.තවත් මට ඒක ගානක් නැහැ.“

තවත් විදී දරුවෙක්  මෙසේ පැවසීය, “මිනිස්සු අපට හොඳින් සලකන්නේ නැහැ. සමාජයේ  සෑම අපරාධයක් ගැනම ඔවුන් අපව තමයි  සැක කරන්නෙ. එයාලා  අපට හිඟන්නෝ,කුඩු කාරයෝ කියන එක  හරිම වේදනාකාරීයි. දවස් කීපයකට කලින් මම සාප්පුවකට ගියාම අයිතිකාරයා මට කතා කළේ  පික්පොකට් කාරයා කියල. ඒ වෙලාවේ මට ගොඩක් තරහ ගියා, ඒත් මට මුකුත් කියා ගන්න බැහැ. ඒ හින්දා මම ඒක ගණන් ගන්නේ  නැතුව හිටියා.“

මෙම සොයාගැනීම් මගින් පෙන්නුම් කරන්නේ  ලංකාවේ වීදි දරුවන් ඔවුන්ගේ දෛනික ජීවිතයේදී  සෑම පැත්තකින්ම මුහුණ දෙන අභියෝගයන්ය.

මූලික පහසුකම් සඳහා ප්‍රවේශය නොමැතිකම ගැන, වීදි දරුවන් සාමාන්‍යයෙන් ඉවසීමෙන්, විසඳුමක් සොයා ගත හැකි වන තෙක් ගැටළු විඳදරාගත් බව මෙම සමීක්ෂණයේදී  අනාවරණය විය. නිදසුනක් ලෙස, ඔවුන්ගේ ආහාර අර්බුදය කළමනාකරණයට බොහෝ දරුවන් ආහාර වේල මග හරින අතර  සිඟාකෑම (35%), අඩුම මිලට ආහාර මිලදී ගැනීම (15%),  වැඩ කිරීම වෙනුවෙන්  හෝටල් හිමියන්ගෙන් ආහාර ලබා ගැනීම (12%), පන්සල්වලින් ආහාර එකතු කිරීම (10%), හෝ දුම්රියෙන් සහ හෝටල්වලින් ඉතිරි වූ ආහාර ගැනීම (28%) වැනි බොහෝ දේ කරති.

ඉවසා, විඳදරාගැනීමේ මෙම උපාය මාර්ගය අනුගමනය කරන්නේ  සාමාන්‍යයෙන් මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක්ම  නොව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලට ද ගළපා ගනී. වීදිවල දිවි ගෙවීම වෙනුවෙන් මෙම දරුවෝ   විවිධ ක්‍රම මගින්  ආදායම් උපයති. ඒ  සුළු හෝ ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන, අවම කුසලතාවක් පමණක් සෑහෙන  සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඒවාය.  කාර්, බස් හෝ දුම්රිය පිරිසිදු කිරීම (22%), කුඩා හෝටල් හෝ ගරාජවල වැඩ කිරීම (10%), කාර් සේදීම (8%) සහ අපද්‍රව්‍ය බැහැර කිරීම (15%) ඇතුළත්ය. කුසගින්න සහ ආතතිය සමනය කරගන්නට ඇතැම් විදී දරුවෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙති.

අන්‍යෝන්‍ය සහයෝගය තවත් වැදගත් උපාය මාර්ගයකි. වීදි දරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනයට ඔව්හු  සම වයසේ මිතුරන්, වැඩිහිටි වීදි පිරිමි ළමයින් හෝ ඔවුන්ගේ මව්වරුන් සමඟ සබඳතා ගොඩනඟා ගත්හ.

සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්, ඔවුන් ෆාමසිවලින් ඖෂධ මිලදී ගැනීම (32%), සාම්ප්‍රදායික වෛද්‍යවරුන් හමුවීම (28%), මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් ඉතිරි වූ ඖෂධ භාවිතා කිරීම (15%), හෝ සමහර විට කිසිදු ප්‍රතිකාරයක් නොගැනීම (25%) වැනි ලාභදායී සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි උපාය මාර්ග අනුගමනය කළහ.

වීදිවල අපයෝජන සහ හිරිහැර වලට මුහුණ දීම සඳහා කණ්ඩායම් සහජීවනය තීරණාත්මක උපාය මාර්ගයකි. කණ්ඩායමක් ලෙස එකට සිටීමෙන්, ඔවුන්ට අන්‍යෝන්‍ය සහයෝගය සහ ආරක්ෂාව ලැබේ.  ශක්තිමත් හැඟීමක් ඇති කරයි. ශාරීරික අපයෝජන වළක්වා ගැනීමට විදී දරුවෝ  බොහෝ විට දන්නා ආක්‍රමණිකයන් මගහැරීමට වග බලාගනිති. තර්ජනයට ලක්විය හැකි  ස්ථාන වෙනස් කරති, නැතහොත් අපයෝජන නිතර සිදුවන ස්ථානවලින් දුරස්වෙති. ඊට අමතරව ප්‍රතිචාර දැක්වූ විදී දරුවන් කියා සිටියේ  හිරිහැර වලින්  වැළැක්වීමටත්   ආරක්ෂාව සඳහාත් පොලිසිය සමඟ  සම්බන්ධතා ගොඩනඟා ගෙන  සහයෝගයෙන් කටයුතු කරන බවය.

විදී දරුවන්ගේ  ගැටළුව සාර්ථක  ලෙස විසඳීමට නම්  සමාජයේ සියලුම කොටස් අතර, විශේෂයෙන් ආන්තික ජන කණ්ඩායම්  අතර සම්පත් සාධාරණ ලෙස නැවත බෙදා හැරීම ඇතුළු ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය වනු ඇත.

වීදි දරුවන්ට ආදරය හා කරුණාව දක්වමින් ඔවුන්ට යහපත් දිවියක් වෙනුවෙන්  ප්‍රමාණවත් සම්පත් සහ අවස්ථාවන් සමගින් ඔවුන්ව සවිබලගැන්වීම අත්හළ නොහැකි රාජ්‍ය වගකීමකි.

The post කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/feed/ 0
ක්‍ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: ”..ජනතා අනුමැතියෙන්  තොරව නීති ගෙන්න බැහැ..” https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%bb-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%bb-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92/#respond Fri, 06 Feb 2026 09:34:06 +0000 https://vivaranalk.com/?p=14462 යල් පැන ගිය  ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016]  වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක්  සමගින්  සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක්  හඳුන්වා දෙමින් නව පනතක් ගෙන ඒමට ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් කරමින් සිටී. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත කෙටුම්පත් කරන්නට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.  සීමිත විෂය පථයක් 2016 […]

The post ක්‍ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: ”..ජනතා අනුමැතියෙන්  තොරව නීති ගෙන්න බැහැ..” appeared first on විවරණ.

]]>
යල් පැන ගිය  ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016]  වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක්  සමගින්  සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක්  හඳුන්වා දෙමින් නව පනතක් ගෙන ඒමට ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් කරමින් සිටී. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත කෙටුම්පත් කරන්නට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.  සීමිත විෂය පථයක් 2016 ක්ෂුද්‍ර මූල්‍ය පනත වඩාත් පුළුල් කරමින් සියලුම ක්ෂුද්‍ර මූල්‍ය සහ සියලු මුදල් ණයට දීම් වලට   බලපත්‍ර ලබා දීමටත්, ඒවා නිරීක්ෂණයට සහ අධීක්ෂණයටත්  බලතල සහිත නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම නව සංශෝධනයන්ගේ අරමුණය. ආණ්ඩුව පෙන්වා දෙන්නේ නව නීති හරහා පොලී ගණනය, ගනුදෙනුවල විනිවිදබව, එකතු කිරීමේ පිළිවෙත් සහ ආරවුල් විසඳීම බලාත්මක කළ හැකි ප්‍රමිතීන් හරහා ණය ගැතියන්ට  රැකවරණයක් ලැබෙන බවය.  මෙහිදී  අවිධිමත් සහ ඩිජිටල් ණය දෙන්නන් ඇතුළුව සියලුම ක්ෂුද්‍ර මූල්‍ය සපයන්නන්  තනි අධීක්ෂණ අධිකාරියක් යටතට ගෙන එනු ඇත. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හා මුදල් ණය දෙන්නන් සඳහාද  බලපත්‍ර අවශ්‍යවේ.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රීලංකා මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය එක්ව  යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත මගින්  ප්‍රජා ණය ආකෘතිය, මුදල් ණය දීම සහ ක්ෂුද්‍ර මූල්‍යකරණය යටතට  ඇතුළත් කිරීමට ගන්නා  උත්සාහයට ප්‍රජා ණය සපයන්නනෝ විරුද්ධ වෙති.

ජාතික ප්‍රජා ඉතිරිකිරීම් සහ ණය සේවා සපයන්නන්ගේ සාමූහිකයට අයත්  මන්නාරම, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට  ප්‍රජා සංවිධාන 33 කට වැඩි ගනනක ප්‍රජා ණය වෘත්තිකයන් 200 කට අධික පිරිසක් ඉකුත් දා   බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස්ව මේ ගැන කරුණු දැක්වුහ.සාකච්ජා කළහ.

ඔවුන් අවධාරණය කරන්නේ මුදල් ණය දීමටත්, ක්ෂුද්‍ර මූල්‍යකරණයටත්  විකල්ප ණය භාවිතයක් ලෙස ප්‍රජා ඉතිරිකිරීම් සහ ණය සේවාවන්ට  ප්‍රමුඛස්ථානයට ගතයුතු බවය. ඒ වෙනුවෙන්  සාමූහික ආචාර ධර්ම මෙන්ම වසර ගණනක  භාවිතයක් මත පදනම් වූ ප්‍රජා ණය භාවිතයන්හි සුවිශේෂත්වයක් ඔවුන් සතු බව  ද පෙන්වා දෙති.

යැයි  ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැතියන් වෙනුවන් දිගු කල් අරගලයක නිරතව සිටින අමාලි වෙදගෙදර පෙන්වා දුන්නාය.

පවුල් ලක්ෂ 28 ක් දක්වා ක්ෂුද්‍ර මුල්‍ය ණය ගෙවා ගත නොහැකිව ණය කන්දකට යටවී සිටින බව සඳහන් කරන අමාලි වෙදගෙදර කරුණු දක්වන්නේ ඔහුන් සතු රන් රිදී, ඉඩ කඩම් ඇතුළු සියලු දේපොළ අහිමි කරගෙන ඇතිබවය.  

ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදයට මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් ස්ථිරසාර පිළියමක් නොවුයෙන්, ණය ගෙවා ගත නොහැකි වූ ස්ත්‍රීන් 200 කට වැඩි ප්‍රමාණයක් සිය දිවි හානි කරගෙන ඇත.

ජනගහනයෙන් මිලියන 18 ක් වූ ග්‍රාමීය ජනයාගෙන්  දිළිඳු ගොවීන් 90 දශකය මුල් කාර්තුව වන විට ලබාගත් ගොවි ණය ගෙවා ගත නොහැකිව වස පානය කිරීමෙන් සිය දිවි තොර කරගත්හ. ඒ මුල් ගොවි පරම්පරාවන්ගේ  අලුත් පරම්පරාවට අයත් බොහෝ ස්ත්‍රීන් මෙවර ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමයේ ගොදුරු බවට පත්වීම තවත් ඛේදවාචකයකි.

සිය අතීත අත්දැකීම් ආවර්ජනයක නිරත වෙමින්  ගොවි නියමුවෙකු වන එම්.කේ ජයතිස්ස සිය අදහස් සභාව හමුවේ තැබීය.

ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදයට පිළියම් ලෙසින් 2016 වසරේ දී පනතක් සම්පාදනය හදුන්වා දෙනු ලැබුණි. එහෙත් ඉන් වුයේත් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් ශක්තිමත්වී තත්වය තවත් උග්‍ර අතට හැරීමය.

ජයතිස්ස ගොවි නායකයා පවසයි.  ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු වූ දයා ගමගේ ට අයත් ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක් විසින් ඔවුන්ට වාසි සහගතවන පරිදි යම් යම් දේ නිදහස් කර ගැනීම පමණක් සිදුවූ බවය.

යැයි  වැලිගෙපොල, ඒකබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයේ සභාපතිනි රේණුකා භද්‍රකාන්ති, අවධාරණය කළේ  ජනතාව සමග වැඩකිරීමේ වසර තුනක අත් දැකීම්ද සමගින්ය.

ඒකබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයේ සභාපතිනි රේණුකා භද්‍රකාන්ති

ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍යකරණය මුලින් සැලකුවේ අඩු ආදායම්ලාභීන්ට විශේෂයෙන් ස්ත්‍රින්ට  ව්‍යවසායකත්වය සඳහා කුඩා ණය ලබාදීම සහ   එදිනෙදා අවශ්‍යතා සඳහා සහාය වීමේ  මෙවලමක් ලෙස ය.  බොහෝ ණය ගැතියන් – විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් – ඉහළ පොලී අනුපාත, ආක්‍රමණශීලී අයකර ගැනීමේ උපක්‍රම සහ නියාමනය නොකළ ණය දෙන්නන් හේතුවෙන් ණය චක්‍රවලට තල්ලු කර ඇත.

යැයි  මුලතිව් යුහශක්ති ප්‍රජා සංවිධානයේ රාජේශ්වරී ශ්‍රීධරන් පෙන්වා දුන්නාය.

මුලතිව් යුහශක්ති ප්‍රජා සංවිධානයේ රාජේශ්වරී ශ්‍රීධරන්

යුහශක්ති සහ මහාශක්ති ප්‍රජා සංවිධාන ජාලය, උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන,  ස්ත්‍රී සාමාජිකයින් 10,000 කට වැඩි පිරිසකින් සමන්විතය. යුද්ධය අතරතුර නිර්මාණය කරන ලද මේ ප්‍රජා සංවිධාන ජාලය මගින්  ගෘහස්ථ ආර්ථිකය පාලනයට ස්ත්‍රීන්ට ශක්තියක් වී තිබේ. මේ මගින් ස්ත්‍රීන්  ශක්තිමත් කරන අතරම යුද්ධයෙන් ජිවිත, දේපල ඇතුළු සියලු අහිමිවීම් වලට ඔරොත්තු දීමේ හැකියාවක් ද වර්ධනය කරයි.

අර්බුදකාරී කාලවලදී පළමු වෙනම  ප්‍රතිචාර දක්වන්නේ   යුහශක්ති සහ මහාශක්ති වැනි ප්‍රජා කණ්ඩායම් බව ද රාජේශ්වරී කියා සිටියේ  යුද සමයේ ඔවුන් අත්දුටු දුක් ගැහැට ද සභාව හමුවේ තබමින්ය.

ඇය  කියා සිටියාය.

ක්ෂුද්‍ර මූල්‍යයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් කතා කරමින්, පොළොන්නරුවේ හිඟුරක්ගොඩ, විමුක්ති ගැමි ගොවි   කාන්තා සමිතිය නියෝජනය කරන සුනෙත් ​​අරුණ කුමාර,

කොල්ලකාරී පොලී අනුපාත සහ ප්‍රචණ්ඩකාරී කොන්දේසි, වත් පිළිවෙත් මගින් සූරාකනු ලබන ණය ගැතියන් ලෙස ඔවුන්ගේ ජීවමාන අත්දැකීම් වලින් ස්ත්‍රීන්ගේ  මුලපිරීම් මතුවෙමින් පවතින බව සුනෙත් ​​අවධාරණය කළේය.

සුනෙත් ​​අරුණ කුමාර

 ගොදුරක් ලෙසම, නීත්‍යානුකූලව බැඳී ඇති ආරක්ෂණ ලබා දීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය පාරිභෝගිකයින් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝජිත නියාමන පනත් කෙටුම්පත සුනෙත් ​​විවේචනය කළේය. සුනෙත්ට අනුව, යෝජිත නීති සම්පාදනය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නැවත ඇති නොවන බවට සහතිකයක්  නොවේ.

ක්ෂුද්‍ර මුල්‍ය හා මුදල් ණය ගැන මලෛයහ ස්ත්‍රීන්ගේ අත්දැකීම් මෙහිදී බෙදා ගත්තේ, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානයේ ලෙචුමනන් කමලේස්වරී විසිනි.

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය පහසුකම් ඇති මලයියාහා කාන්තාවන්ගේ අත්දැකීම් සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානයේ ලෙචුමනන් කමලේස්වරී විසින් බෙදා ගන්නා ලදී.

යැයි ඇය කියා සිටියාය.

සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානයේ ලෙචුමනන් කමලේස්වරී

දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ පරිදිම තම ජනතාව තවමත් දරිද්‍රතා රේඛාවේ පතුලේ සිටින බව ඇය පැවසුවාය.

හම්බන්තොට ග්‍රාම සංවර්ධන පදනමේ පුබුදු මනෝහර සඳහන් කරන්නේ, රජයන් සමඟ අනුබද්ධිතව සහ ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  වැනි ජාත්‍යන්තර සංවිධානවල සහාය ඇතිව, බොහෝ ජාතික සහ දේශීය අර්බුද විසඳා ඇති බවය. කෙසේ වෙතත්, කාලයත් සමඟ, රජය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන ජනතාවගේ ඉතිරිකිරීමේ ධාරිතාව ගැන සැලකිලිමත් වී තිබේ.

ඔහු පැවසීය.

ආණ්ඩුව මේ විදිහට ගෙන එන  පනතට විරුද්ධ වීමට ප්‍රජා කණ්ඩායම් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් බලමුලු ගැන්වීම අත්‍යවශ්‍ය බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

 ප්‍රජා සංවිධාන සහ කාන්තාවන්ගේ  ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි දැඩි රෙගුලාසි වල ඍණාත්මක බලපෑම පිළිබඳව කනස්සල්ල මතු විය.

මුලතිව්හි යුහශක්ති නියෝජිතයෙක් පැවසීය.

රෙගුලාසි සකස් කිරීමේදී තමන් සමඟ සෘජුවම සාකච්ඡා කරන ලෙස ප්‍රජා සංවිධායකයින් රජයෙන් ඉල්ලා සිටි අතර, නව නීති රීති බාහිර බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට වඩා ප්‍රජා පාදක මුලපිරීම් ආරක්ෂා කර ශක්තිමත් කළ යුතු බව අවධාරණය කළහ.

පැමිණි සිටී සංවිධාන නියෝජිතයන් වැඩි දුරටත් කියා සිටියේ ක්ෂුද්‍ර මූල්‍යකරණය වාණිජකරණය ප්‍රවර්ධනය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අර්බුදයට දායක වී ඇති ආසියානු සංවර්ධන බැංකුවට නියාමන රාමු සඳහා පෙනී සිටීමට නීතිමය සහ සදාචාරාත්මක ස්ථාවරයක් නොමැති බවය.

ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය (FCEJ) වැනි සිවිල් සමාජ කණ්ඩායම් රජයේ ප්‍රවේශය විවේචනය කර ඇති අතර, යෝජිත නීතිය ප්‍රමාණවත් ලෙස ණය ගැතියන් ආරක්ෂා නොකරන බවත් අර්ථවත් මහජන උපදේශන නොමැතිව සංවර්ධනය කර ඇති බවත් තර්ක කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව වැනි අනෙකුත් සංවිධාන, පනත් කෙටුම්පතේ අංග අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර ඇති අතර, එය කොල්ලකාරී ණය දීම ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකරන බවත් ව්‍යවස්ථාමය මූලධර්ම උල්ලංඝනය කළ හැකි බවත් කියා සිටී.

දින පනස් පහක් පුරා හිඟුරක්ගොඩ පැවති ක්ෂුද්‍ර මුල්‍ය ණයට ගොදුරු වුවන්ගේ උද්ඝෝෂණයට එදා එක්වූ අද  ජනාධිපති,අගමැතිනී  ඇතුළු ජාතික ජනබලවේගය ආණ්ඩුවේ නායකයන් ප්‍රශ්නය හොඳින් තේරුම් ගත් පිරිසකි.

එම්.කේ ජයතිස්ස ගොවි නායකයා කියා සිටියේ කනස්සල්ලෙන් වුවත්, තවදුරටත් අපේක්‍ෂා සහගතවය.

The post ක්‍ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: ”..ජනතා අනුමැතියෙන්  තොරව නීති ගෙන්න බැහැ..” appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%bb-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92/feed/ 0
මාධ්‍යවේදී ඝාතන හොයන්න ආණ්ඩුවට පුලුවන්ද? https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%86/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%86/#respond Wed, 21 Jan 2026 09:25:49 +0000 https://vivaranalk.com/?p=14419 ඉකුත් දශක කිහිපය තුළ රාජ්‍ය හමුදා හා නොයෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින්  මරා දැමුණු හෝ අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව හතළිස් හතර දෙනෙකු බව ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සකස් කළ වාර්තාවක දැක්වේ. මෙම ඝාතනයන්ගේ වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට වූ කතා දේශපාලන වේදිකාවන්හි උත්කර්ෂයට නැංවුවද,මෙතෙක් මේ කිසිදු මරණයක් ගැන යුක්තිය ඉටුවී […]

The post මාධ්‍යවේදී ඝාතන හොයන්න ආණ්ඩුවට පුලුවන්ද? appeared first on විවරණ.

]]>
ඉකුත් දශක කිහිපය තුළ රාජ්‍ය හමුදා හා නොයෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින්  මරා දැමුණු හෝ අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව හතළිස් හතර දෙනෙකු බව ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සකස් කළ වාර්තාවක දැක්වේ. මෙම ඝාතනයන්ගේ වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට වූ කතා දේශපාලන වේදිකාවන්හි උත්කර්ෂයට නැංවුවද,මෙතෙක් මේ කිසිදු මරණයක් ගැන යුක්තිය ඉටුවී නොමැත. ඇත්තේ අපේක්ෂාවක් පමණි.

2009 වසරේදී යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුවද   ජනමාධ්‍ය ඝාතන කෙරෙහි විමර්ෂණය කර යුක්තිය පසිඳලීමට බලපෑම් කරමින්  දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්විණි. 2012 වන විට මේ වෙනුවෙන් කිසියම් දිනයක් හෝ මාසයක් නම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය[සුනිල් ජයසේකර], ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය[ඥානසිරි කොත්තිගොඩ], මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය[ධර්මසිරි ලංකාපේලි], ශ්‍රීලංකා දෙමළ මාධ්‍ය සංගමය[අමිර්තනායගම් නික්සන්] සහ ශ්‍රීලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය[එම්.එන්.අමීන්] එක්ව පැවති කතා බහකින් අනතුරුව ඒ සඳහා ජනවාරි මාසය යොදා ගැනීමටය. මේ සඳහා ජනවාරිය යොදා ගැනීමට හේතුවී ඇත්තේ  ඒ වනවිටත්  සන්ඩේ ලීඩර්  සංස්කාරක ලසන්ත වික්‍රමතුංග සහ  සුඩර්ඔලි  මාධ්‍යවේදී  සුගිතරාජන් සුබ්‍රමානියම් මහමග මරා දැමීමත්, ලංකා ඊ නිවුස්  කාටූන් ශිල්පී හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමත්, ඊට අමතරව සිරස මාධ්‍ය ආයතනයට ක්ලෝමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමත්, සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත් පත් මුද්‍රණාලය සහ ලංකා ඊ නිවුස්  ආයතනය ගිනි තැබීමත්  ආදි සිදුවීම් රැසක් ජනවාරිය තුල  වාර්තාවූ බැවිනි. එහෙත් සෑම මසකම මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහිව ඝාතන හා අඩත්තේට්ටම් රැසක් සිදුව තිබේ. ඒ සියල්ලටම යුක්තිය හා සාධාරනත්වය දිනා ගැනීම වෙනුවෙන් වූ උද්ඝෝෂණය ‘කළු ජනවාරිය’  ලෙස නම්විය. එහෙත් මේ වන විට එකී අරමුණින් බැහැරව බොහෝ සංවිධාන හා මාධ්‍යවේදීන් කටයුතු කරනු දැකිය හැක. ඔවුන් සිතන්නේ කළු ජනවාරිය ලෙස නම් කර ඇත්තේ ජනවාරි මාසය තුල මරා දැමූ හෝ අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් පමණක් සැමරීමට යොදා ගත් වැඩසටහනක් ලෙසය.

ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ පවසන පරිදි ඉකුත් දශක කිහිපය තුල මරා දැමූ හා අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් නියෝජනය කරන්නේ උතුරු නැගෙනහිර පලාත්ය. එක් අයෙක්, දෙන්නෙක් හැරුණු කොට සෙසු සියල්ලම දෙමළ මාධ්‍ය ආයතන නියෝජනය කළවුන්ය.

නිමලරාජන් මයිල්වාගනම්, අයියාතුරෙයි නඩේසන්,කන්නමුත්තු අර්සකුමාර්, යෝගකුමාර් ක්‍රිෂ්ණපිල්ලෛ,එල්.එම්.ෆලීල්, කේ.නවරත්නම්,සුබ්‍රමනියම් සුගිදරාජන්, බැස්ටියන් ජෝර්ජ් සගයදාස්, රංජිත් කුමාර්,මරියදාසන් මනොජන්රාජ්,සතාසිවම් බාස්කරන්,සින්නතම්බි මහසිවරාසා,එස්.රවින්ද්‍රන්,සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්,චන්ද්‍රබෝස් සුදාහර්, සෙල්වරාසා රජීවර්මන්, සහදේවන් නිලක්ෂන්, අන්තොනිපිල්ලෛ සිත්තිරන්ජන්, වඩිවේලු නිමලරාජ්, ඉසෛවෙලි චෙම්පියන්, සුරේෂ් ලිම්බියෝ,ටී.ධර්මලිංගම්, පී.දේවකුමාර්, රාසයියා ජෙයන්තිරන්,පුණ්‍යමුර්ති සත්‍යමුර්ති, සසි මදන්, නල්ලයියා මහේෂ්වරන්,ඇන්ටන් බෙනඩික්ට්,රාජ්කුමාර් ඩෙන්සි,ජෙයරාජා සුසිදරන්,මාරිඅප්පු අන්තෝනි කුමාර්, සින්කර්සිවම් සිවදර්ශන්, ශෝභා ඉසෙයිප්‍රියා සහ ටී.තවපාලන් උතුරු හා නැගෙනහිර පලාත්වල දී ඝාතනයට ලක්වුවන්ය.

බොහෝ දෙනා යුද්ධයේ සෘජු ගොදුරුය. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඉලක්ක කරමින්, සැලසුම් සහගතව කෙරුණු ඝාතන සම්බන්ධයෙන් ද  අද වන විටවත් කිසිදු විමර්ශනයක් වත් පැවැත්වෙන්නේ නැත. දශක ගනනාවක සිට මේ මිනිස් ඝාතන ගැන ස්වාධීන විමර්ශනයක් වෙනුවෙන් ඉල්ලීම් පැවතිය ද, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ද තෝරාගත් කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීමට පොරොන්දුවී ඇත.

නඩු පවරා තිබෙන ඇතැම් සිදුවීම්වල සාක්ෂි ලිපිගොනු, විමර්ශන වාර්තා, නඩු භාණ්ඩ මේ වන විට අතුරුදහන්ව ඇති බවට ආණ්ඩුවේ පාර්ශවයන් මතු කරන කරුණකි. බොහෝ සිදුවීම්  වසර දහයක් පමණ ඉක්මවා තිබේ. මෙම සිදුවීම් වලට සෘජු දායකත්වයක් ඇති කණ්ඩායම් ආණ්ඩු බලය හොබවද්දී  ඔවුන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා වල සාක්ෂි සුරක්ෂිත කරනු ඇතැයි සිතිය නොහැක. බොහෝ විට ඒවා සැලසුම් සහගතව විනාශ කොට ඇති බවට නිසැකය. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවක ඝාතන ගැන යුක්තිය හා සාධාරනත්වය අපේක්‍ෂාකරන්නන් හමුවේ පවතින්නේ නැවත සාක්ෂි එකතු කිරීමේ අභියෝගයකි.

මරාදැමු හා අතුරුදහන් කරනු ලැබූ බොහෝ සිදුවීම් වලට  චෝදනා එල්ල වී ඇත්තේ රජයේ ආරක්ෂක හමුදාවන් වෙතය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, නිමලරාජන් මයිල්වාගනම්, ධර්මරත්නම් සිවරාම්,පොද්දල ජයන්ත විමර්ශන හා නඩු විභාග වලදී චෝදනා එල්ලවී ඇති රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විටෙක අත්අඩංගුවට ගැනීම් තවත් විටෙක නිදොස් කොට නිදහස් කිරීම් රැසක් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි. විවිධ ආණ්ඩු යටතේ සිදුවූ මේ ක්‍රියාවලියේදී  කිසිවිටෙක වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුයේ ඉතාමත් අවම මට්ටමකිනි. එසේ නොවූ තරම්ය.

ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ද මෙම විමර්ශන හා නඩු විභාග පවතින්නේ ද ඉබි ගමනේය. සාක්ෂි ලිපිගොනු ආදිය අතුරුදහන් කිරීම් නිසා නැවත සාක්ෂි එකතු කර ගැනීමේ අභියෝගය ඔවුන් හමුවේ තිබිය හැකිය. එහෙත් චෝදනා එල්ල වී ඇති, එසේත් නැතහොත් චුදිතයන් වූ ආරක්ෂක හමුදාවල නිලධාරීන්ට සිය රාජකාරි නිලයන්හි උසස්වීම් ලබා දීම ගැන ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ. මෙවැනි දේ තුලින් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ සටන  දැනුවත්ව හෝ නොදැනුවත්ව අධෛර්යමත් කිරීමකි.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවේ නවවැනි චුදිතයාට උසස් වීමක් ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සිය විරෝධය හා කනස්සල්ල පළ කරමින් ප්‍රගිත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින්  ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කෙරිණි.

මෙම චුදිතයා වන හමුදා බුද්ධි අංශ සාමාජික එරන්ත පීරිස් බ්‍රිගේඩියර් ධුරයක් දක්වා උසස් කර ඇති බැවින්, සන්ධ්‍යා පෙන්වා දී ඇත්තේ  ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවට බලපෑමක් එල්ල වන බවය.

ජාතික ජනබලවේගය නියෝජනය පිරිස් මෙන්ම විපක්ෂයේ වමේ හා දකුණේ  බහුතරයද  යුධ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනු ලැබූ අතර ඒ වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ට නොමදව  ධෛර්ය ලබා දුනි. එපමණක් නොව සියලු පාර්ශවයන් විසින් විශ්‍රාමික ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනිණි. එම තත්වයන් හමුවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඝාතන වලට චෝදනා ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නිසි ලෙස විමර්ෂණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් ඇත්ද යන්න මතුවන ගැටලුවකි.

යම් හෙයකින් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් නිසි නීතිමය ක්‍රියාදාමයක් ආණ්ඩුව විසින් ආරම්භ කළහොත්, “රණවිරු දඩයම“ වැනි විරෝධතා විපක්‍ෂය හා ඊට සම්බන්ධ  බෞද්ධ භික්ෂුන්  විසින් දියත් කරනු ඇත. ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ බොහෝ අණපනත්, සංශෝධන ආදිය සමාජ මාධ්‍ය, බෞද්ධ භික්ෂුන් හා විපක්ෂයේ කොටස් වල විරෝධයන් හමුවේ  හකුළා ගත් පරිද්දෙන්, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්වූ ක්‍රියාවලිය ද ආපසු කැඳවීම කෙරෙහි ඇත්තේ වැඩි සම්භාවිතාවකි.

දැනට විභාග වෙමින් පවතින නඩු වල අදාළ දිනයන්හි අධිකරණයන් වෙත යන්නේ වින්දිතයන්ගේ පවුලේ ඥාතින් පමණකි. එම නඩු විභාග ගැන පවතින්නේ ද අවම වාර්තාකාරණයකි.

 මාධ්‍ය ඝාතන, අතුරුදහන් කිරීම්, ගිනි තැබීම, පහර දීම් පිලිබඳ විමර්ශන කඩිනම් කරමින් වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙමින්, යළිත් එවැනි සිදුවීම් නොවන්නට යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මාධ්‍යවේදීන්ට හා ඔවුන් නියෝජනය කරන සංවිධාන වල ද අත්හල නොහැකි වගකීමකි. එසේ නොවන්නේ නම් මාධ්‍යවේදීන්ට  හා මාධ්‍යයට එරෙහි අපරාධ සියල්ලම යුක්තියක් නොලබාම යටපත් වනු ඇත.

The post මාධ්‍යවේදී ඝාතන හොයන්න ආණ්ඩුවට පුලුවන්ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%86/feed/ 0
කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b6%bd%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%82/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b6%bd%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%82/#respond Wed, 19 Nov 2025 15:41:54 +0000 https://vivaranalk.com/?p=14079 නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන  දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන  යළිත් කරලියට  පැමිණෙන්නේ  ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය.  මෙවැනි අධික වැඩ කොන්දේසි හමුවේ කම්කරුවන්ට අධික තෙහෙට්ටුව හා මානසික ආතතතියට පත්ව රෝගී වුවද, අවශ්‍ය ඉලක්ක සපුරාලීමට බල කෙරනු ඇත. ලෝක කම්කරු සංවිධානය මගින් වැඩබිමේ ආරක්ෂාව හා […]

The post කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල.. appeared first on විවරණ.

]]>
නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන  දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන  යළිත් කරලියට  පැමිණෙන්නේ  ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය.  මෙවැනි අධික වැඩ කොන්දේසි හමුවේ කම්කරුවන්ට අධික තෙහෙට්ටුව හා මානසික ආතතතියට පත්ව රෝගී වුවද, අවශ්‍ය ඉලක්ක සපුරාලීමට බල කෙරනු ඇත. ලෝක කම්කරු සංවිධානය මගින් වැඩබිමේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැන සම්මුතීන් සකස් කර තිබුන ද ඒවා ප්‍රායෝගික යථාර්ථයක් වන්නේ ඉතාමත් අවම වශයෙනි. ලංකාවේ වාර්ෂික ව වැඩබිමේ සිදුවන  මාරාන්තික නොවන  අනතුරු 2,000ක් ද, මාරාන්තික අනතුරු 60-80ක් ආසන්න වන බව ලෝක කම්කරු සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දී ඇත.

රෝගී වුවද ඇණවුමට අදාළ නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට බල කිරීම නිසා, නිසි කලට ප්‍රතිකාරයට යොමු නොකිරීම හේතුවෙන් සීතාවකපුර බ්‍රැන්ඩික්ස් ආයතනයේ පරමසිවම් පුෂ්පලතා ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා  සිය දිවිය හැරගියාය.

තේ හා රබර් වත්තෙන් බැහැර රැකියා සොයා යන මලෛයහ ජනයාගේ අලුත් පරම්පරාවට අයත් පුෂ්පලතා  යටියන්තොට, කිරිපෝරුව වත්තේ පදිංචි කුඩා පුතුන් දෙදෙනෙකුගේ මවකි. ඇගේ ආදරණීය සැමියා, මහළු මව හා දෙනෙත් අඳ බාල සොයුරියන් දෙදෙනා සමඟ විසු ඇය සීතාවකපුර  බ්‍රැන්ඩික්ස් ආයතනයේ  සේවයට එක්ව ඇත්තේ මිට දහතුන් වසකට පෙරය. පුෂ්පලතා  තමන්ට පැවරෙන සියලු  නිෂ්පාදන ඉලක්ක නියමිත පරිදි, කලට වෙලාවට සපුරාලන,ශක්තිමත් හා දිරිමත්  අයෙකු ලෙස ආයතනයේ කා අතරත් ප්‍රකටය. පාන්දර 5.30 ට අවදිව යටියන්තොට සිට අවිස්සාවේල්ලට පැමිණ  උදේ 7 ට වැඩ අරඹන ඇය  සාමානයෙන් සවස 5 දක්වා මැෂින් දෙකක වගකීම දරන්නීය.

සිවකුමාර්

යැයි  පුෂ්පලතාගේ හදිසි වියෝවෙන් මසකට පසුව ඇගේ සැමියාවූ   සිවකුමාර්   පවසන්නේ වේදනාබරිතවය.

සිය වැඩමුරය පුරාවටම රෝගාතුරව සිටි පුෂ්පලතාට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කරමින්, අඛණ්ඩව වැඩෙහි යොදාගත් අතර ඇය සිහිසුන් වී ඇදවැටීණි. මෙය ලංකාවේ  කම්කරු නීතිය, ලෝක කම්කරු සංවිධානයේ සම්මුති 155 සහ 29, මෙන්ම මූලික අයිතිය වන ජීවත්වීමේ අයිතිය මෙන්ම  ගෞරවනීය සේවා ස්ථානයක් සඳහා ඇති අයිතිය ද  උල්ලංඝනය කිරීමකි.

හෝරාවකටත් වැඩි  කාලයක් ගතවීමෙන් අනතුරුව ඇයව රෝහල්  ගතකර ඇත්තේ සවස 6.15 ට පමණය.

සිවකුමාර්  පුෂ්පලතාගේ  හැරයාම දැඩි වේදනාවක් ගෙන දුන්නේය.  අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය මේනකා කුමාරි මළ සිරුර පරීක්‍ෂා කළාය.

සිවකුමාර් කියයි.

පරමසිවම් පුෂ්පලතා

පුෂ්පලතාගේ අවසන් කටයුතු කෙරුණේ ඔක්තෝබර් 13 වැනිදා කිරිපෝරුව වත්තේදී ය. ඇයට අවසන්  ගෞරවය දක්වන්න විශාල පිරිසක් පැමිණ සිටිය ද,ඇය සමඟ එකට සේවයේ යෙදුනු සගයන් නොපැමිණීම සිවකුමාර්ගේ සිතේ හටගත්තේ කුකුසකි. එමෙන්ම ගිලන් වූ පුෂ්පලතාට නිවාඩු ලබා නොදී දිගටම වැඩෙහි යෙදවූ වැඩපරීක්‍ෂකවරිය ද, අවමගුලට  පැමිණ සිවකුමාර්ට ද නොදන්වාම පිටව යාම ඔහු තුල තවත් සැක මතු කරන්නට විණි. ඒ ගැන සොයා බලන්නට ඔහු පෙළඹුණේ ඉන් අනතුරුවය.

ඒ මුදලින් පවුලේ සියලු වියදම් පිරිමැහුණු බව සිවකුමාර් පවසයි.

මරණ සහතිකය ලබා ගන්න දින පහකින් නැවත පැමිණෙන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම් දී තිබුන ද සිවකුමාර් එහි යන්නේ ඔක්තෝම්බර් 17 වැනිදා එනම් ඊට සතියකට පසුවය.

ඒ තොරතුරුත් සමගින් අවිස්සාවේල්ල රෝහලට ගිය සිවකුමාර්ට දැන ගන්නට ලැබුනේ  රෝගාතුරු වූ පුෂ්පලතාව රෝහලට ඇතුලත් කර ඇත්තේ තමන්ගේ නමින් බවය.

යැයි සිවකුමාර් පවසන ඔහු ඊට දින දෙකක් ඇවෑමෙන්,එළඹී ඔක්තෝබර් 19 වැනිදා අවිස්සාවේල්ල පොලිසියට ගොස් පුෂ්පලතාගේ මරණය ගැන පැමිණිලි කළේය. ඒ පුෂ්පලතාට නිවාඩු නොදී, රෝගී තත්වය හමුවේ වුවද අඛන්ඩව වැඩෙහි යොදා ගත්, සුපරීක්ෂකවරියට එරෙහිවය.

නෙතට උනන කඳුළු පිසදමමින්  සිවකුමාර් පවසන්නේ   වේදනාවෙනී.

අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලෙස රජයේ රැකියවක් කරමින් පෞද්ගලික ආයතනයක ද වෛද්‍යවරියක් ලෙස කටයුතු කිරීම ගැන මතුවන්නේ ගැටළුකාරිත්වයකි.

‘..පෞද්ගලික ආයතයකත් වැඩ කරන්න කොහොමද වෙලාව යොදා ගන්නේ. අනික් එක  පුෂ්පලතා සහෝදරිගේ  පශ්චාත්  මරණ පරීක්ෂණය කරන්නේ කොහොමද ඒ ආයතනෙට සම්බන්ධ වෛද්‍යවරියක්. එතැන ලැදියාවන් අතර ගැටුමක් මතු වෙනවා..’

යැයි  වාණිජ හා කාර්මික කම්කරු සංගමයේ  සභාපතිනි  ස්වස්තිකා ඇරුලිංගම්  ප්‍රශ්න කරන්නීය.

වාණිජ හා කාර්මික කම්කරු සංගමයේ  සභාපතිනි  ස්වස්තිකා ඇරුලිංගම් 

මනා සැලකිල්ලක් දැක්වුයේ නම් මෙය වළක්වා ගත හැකිව තුබූ මරණයකි. එහෙත් ස්වස්තිකා පෙන්වා දෙන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඩ් වසංගතය සමයේදී  සේවක සේවිකාවන් යොදා ගනිමින් නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ බවය.

යැයි ද වාණිජ හා කාර්මික කම්කරු සංගමයේ සභාපතිනිය පෙන්වා දෙන්නීය.

මේ වන විට පුෂ්පලතාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් ඒ ගැන පැමිණිල්ලක්  වාණිජ හා කාර්මික කම්කරු සංගමය (CIWU) , නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය (FTZ & GSEU) හා ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය  (CMU) එක්ව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම වෙත යොමු කර ඇත.

මානව හිමිකම් කොමිසම මේ ගැන පරීක්ෂණයක්  පසුගිය නොවැම්බර් 07 වැනිදා කැඳවූ බව ද ස්වස්තිකා සඳහන් කරන්නීය.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයට අනුව පුෂ්පලතාගේ මරණයට  බ්‍රැන්ඩික්ස් ආයතනය පමණක් නොව, ආයෝජන මණ්ඩලය, සෞඛ්‍ය අංශ, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු ආණ්ඩුවත් වගකිව යුතු බවය. මරණය සිදුව මසක් ගතවුවද ඒ පිළිබඳව මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැත.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සභාපතිනි ක්‍රිෂාන්ති මංගලා පෙන්වා දෙන්නීය.

අවිස්සාවේල්ල නිදහස් වෙළඳ කලාපයේ  කර්මාන්ත ශාලාවල සේවයේ යෙදී සිටින බහුතරයක් මලෛයහ කම්කරුවන්ය. ඔවුන්ගේ බස දෙමළය. එම නිසාම ගැටළු රැසක් මතුව ඇත.

මංගලා පවසන්නේ මුදල් විසිකිරීම මත පමණක් කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකිබව අවධාරණය කරමින්ය.

අනෙකුත් ඇඟළුම් කම්හල්වලට වඩා බ්‍රැන්ඩික්ස් ආයතනය සේවකයන්ට වඩාත් හොඳින් සලකන බැවින් වෘත්තීය සමිති වල අවශ්‍යතාව මතු නොවන බවට ඔවුන්ගේ මතයවී තිබේ. වෘත්තීය සමිති කෙරෙහි ඔහුන් තුල ඇත්තේ සෘණ ආකල්පයකි. එහෙත් වෘත්තීය සමිතියකට බැඳීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා කම්කරු පනතකින් සහතික කළ අයිතියකි.

යැයි ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයේ විධායක සභික රොෂාන් ෆොන්සේකා කියා සිටින්නේ  පුෂ්පලතාගේ මරණය කම්කරු අයිතීන් මෙන්ම මානව හිමිකම් කඩ කිරීමක් ද බවය.  

රොෂාන් ෆොන්සේකා

මිට අමතරව නිෂ්පාදන ඉලක්ක සපුරාලීම නොවුණත් ඉකුත් මාස කිහිපය තුල කර්මාන්ත ශාලාවල සිදුවූ අනතුරුවලින් කම්කරුවන් සිව් දෙනෙකුගේ ජිවිත අහිමිවිණි. කොලඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු වූ අනතුරකින්, 2025 51-හැවිරිදි ‘ප්‍රයිම් මූවර්’ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් සහ සපුගස්කන්ද ‘යොකොහාමා’ කර්මාන්ත ශාලාවේදී වූ කාර්මික අනතුරකින්, 35-හැවිරිදි තරුණ කම්කරුවෙකු යන්ත්‍රයකට හසුවීමෙන්  මරුමුවට පත්වුයේ අගෝස්තු මසදීය. නොවැම්බර්  ආරම්භයත් සමඟ යටියන්තොට කිරිපෝරුව වත්ත රබර් සැකසුම් කම්හලේ  යන්ත්‍රයක් පුපුරා යාමෙන් 25-හැවිරිදි තරුණ කම්කරුවෙක් වූ රජිනිකාන්ත ද,  මස්කෙලියේ, මාවුස්සාකැලේ තේ කම්හලේ  49-හැවිරිදි කම්කරුවෙකු වූ  ක්‍රිශ්නන් විජයකුමාර් ගේ හිස තේ ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමෙන් මරණයට පත්විය.රොෂාන් ෆොන්සේකා

කිසිදු කම්කරුවෙකු  නිෂ්පාදන ඉලක්කයක් වෙනුවෙන්  බිලිවිය යුතු නොවන අතරම වැඩබිමේ  සෞඛ්‍ය, ආරක්ෂාව,විවේකය සහ ගෞරවය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම, විශේෂයෙන්  ස්ත්‍රී කම්කරුවන්ගේ  ආරක්ෂාව   වැදගත් බව පුෂ්පලතාගේ මරණය විසින් කියා දෙන පාඩමකි.

The post කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b6%bd%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%82/feed/ 0
උතුරේ පිටමං කළ රහුමාන්ගේ කතා වස්තුව.. https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b6%b8%e0%b6%82-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%84%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b6%b8%e0%b6%82-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%84%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/#respond Mon, 17 Nov 2025 09:43:30 +0000 https://vivaranalk.com/?p=14048 මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති යුද්ධයේ බලපෑම නිසාය. එකම බස කතා කළ දෙමළ -මුස්ලිම්  ජනයා අතර සැක සංකා වර්ධනය වීම දෙපාර්ශවය අතර සමගියට, සහජීවනයට බාධාවක් වූ බවට සැක නොමැත. සිය ළමා වියෙදීම, උපන්ගම්වූ මන්නාරම,සිලාවතුර හැර දමා තම මව සමග කල්පිටියේ අනාථ කඳවුරක […]

The post උතුරේ පිටමං කළ රහුමාන්ගේ කතා වස්තුව.. appeared first on විවරණ.

]]>
මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති යුද්ධයේ බලපෑම නිසාය. එකම බස කතා කළ දෙමළ -මුස්ලිම්  ජනයා අතර සැක සංකා වර්ධනය වීම දෙපාර්ශවය අතර සමගියට, සහජීවනයට බාධාවක් වූ බවට සැක නොමැත. සිය ළමා වියෙදීම, උපන්ගම්වූ මන්නාරම,සිලාවතුර හැර දමා තම මව සමග කල්පිටියේ අනාථ කඳවුරක විසි වසක් දිවිගෙවූ මුජිබර් රහුමාන් දැන් දෙදරු පියෙකි. කල්පිටියේ අනාථ කඳවුරේ සිටියදී වික්ටර් අයිවන් ඇසුරින් විකල්ප පුවත්පත් කලාවත්,ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇසුරින්, වාමාංශික දේශපාලනයත් ප්‍රගුණ කළ ඔහු මාධ්‍යවේදියෙකු මෙන්ම යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායකවරයාද වේ. ගියවර පාලත්පාලන මැතිවරණයට මුසෝලි ප්‍රාදේශීය සභාවට තරඟ වැදුණු ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. මෙවර පළාත් පාලන  මැතිවරණයට තරඟ වැදීම අහිමිවුයේ  නාමයෝජනා  බාරදීමට යමින් සිටියදී අනතුරකට පත්වීම හේතුවෙණි.

මන්නාරමින් පිටමං කිරීම, කල්පිටියේ කඳවුරු ජීවිතය හා යුද්ධයෙන් පසු යළි පදිංචිවීම ගැන ඔහු අප හා  මතක ආවර්ජනයක යෙදුනේ, කෙතරම් කටුක අත්දැකීම් ලැබුවද, සහජීවනය වෙනුවෙන් පෙනී සිටීම අත්හළ නොහැකි වගකීමක් ලෙස අවධාරණය කරමින්ය. 

90-98 කල්පිටිය කදවුර

‘..90 ඔක්තෝබර් 25 වැනිදා එල්ටිටිඊ සංවිධානය පල්ලිවලට කියලා තිබුණා මුස්ලිම් ජනතාවට මන්නාරමෙන් පිටවෙන්න කියල. වාහනවල  ස්පිකර් බැන්දගෙන  ප්‍රසිද්ධ කළා දවස් දෙකක් ඇතුලත පිටවෙන්න කියලා. අපේ දෙමළ ඊළමේ දී ඔබලා හම්බකරපු මුදල්,රන් බඩු  ඇතුළු සියලු දේපල සියල්ලම බාර දීලා, යන එන ගමන් වියදමට රුපියල් 500 ක් වැනි සුළු මුදලක් අතේ තියාගෙන, ඇඳුම් කීපයක් පමණක් අරගෙන තමයි මිනිස්සු මන්නාරමෙන් පිටත් වුනේ. රෙදි අස්සේ  හොරාට රත්තරන් බඩු,සල්ලි හංගා ගෙන ආපු අයත් හිටියා.අපි කොහෙද යන්නේ කියලා ඇහැව්වම ඒ ගොල්ලන්ට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ. හැකි විදිහකට කොහේ හරි යන්න කියලා තමයි කිව්වේ..’

එවකට 16 හැවිරිදි වියේ පසුවූ රහුමාන් ගේ පියා ඔහු  කුඩා අවධියේදීම දිවියෙන් සමුගෙන තිබිණි. වැඩිමහල් සහෝදරයන් සිව් දෙනෙක් හා වැඩිමහල් සහෝදරියන් සිව් දෙනෙක් ඔහුට සිටී අතර ඔවුන් සියලුදෙනාම විවාහකය.

තමන් උපන්බිමින්  පිටවෙන්න මන්නාරමේ මිනිස්සුන්ට  දින දෙකක් ලැබුණත්මුලතිව් මුස්ලිම්වරුන්ට සතියක් ඇතුලත පිටවිය යුතුබවට දන්වා තිබිණි. කිලිනොච්චි මුස්ලිම්වරුන්ට දින පහක් ලැබුන මුත්, යාපනේ මුස්ලිම් ජනයාට ලැබුනේ පැය දෙකක් වැනි සුළු කාලයකි.

‘..යාපනේ මිනිස්සුන්ව ඔස්මානියා ස්කොලේ ජින්නා පිට්ටනියට රැස් කරලා එහෙන්  පිටත්වෙන්න කියලා කිව්වාම මිනිස්සු අහලා තියෙන්නේ අපි කොහෙද යන්නේ කියලා. කණ්ඩායම් නායකයා වුනු ආන්ජනෙයිර්  [ පසුකලෙක ඔහු ඉලම්පරිදි නමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ යාපනේ ප්‍රධානියා විය]  එයාගේ තුවක්කුවෙන් උඩට වෙඩි තියලා, පස්සේ ඒ කණ්ඩායමේ අනිත් අයත් එයාලගේ තුවක්කුවලින් උඩට වෙඩි තියලා තියෙනවා. වැඩිය ප්‍රශ්න කරන්න ගියොත් අහසට එල්ල වුනු තුවක්කු ඊළඟට පත්තුවෙන්නේ පහළට කියලා මුස්ලිම් මිනිස්සු තමන්ගේ සියල්ලම දාලා යන්න පිටත් වුණා..’

එසේ යාපනයෙන් පිටමං කිරීමට ලක්වූ  යාපනේ නගරේ, නාච්චිකුඩා, චාවකච්චේරි, මුලතිව්, කිලිනොච්චි ඉඳන් ගැහැණු, පිරිමි, ළමයි සියල්ලම එක පොදියට  පා ගමනින්ම  වව්නියාවට පැමිණ   අනුරාධපුරේ, පුත්තලම, මිගමුව, පානදුර, කුරුණෑගල, ගම්පහ, මාතලේ  වැනි ප්‍රදේශවල අනාථ කඳවුරු වෙත හෝ ඥාති මිත්‍ර ආදීන් වෙත   උන්හිටි තැන් අහිමිවුවෝ  ලෙසින්  පිටත්වුහ.

 කල්පිටියට පැමිණි රහුමාන්ලා ඇතුළු තවත් දහස් ගනනක් වූ  පවුල් පුත්තලම ප්‍රදේශයේ සියළුම පාසල් වල ලැගුම් ගන්නට වුහ. නිසි පහසුකමක් නොමැති තාවකාලික අනාථ කඳවුරු බවට පත්වූ, එම පාසැල් මාස තුන හතරක් ඇවෑමෙන් යළි බාර දෙන්නට සිදුවුයේ  පාසැල් අධ්‍යාපන කටයුතු ඇරඹීමටය.දවස් පහක්  ඉක්ම ගිය පසුව ආණ්ඩුවෙන් ආහාර ලබා දුන් අතර එතෙක් ඔවුන්ගේ කුසගිනි නිවාදැමුවේ කල්පිටිය ප්‍රදේශවාසීන්ගේ නොමසුරු ආධාරයෙනි.  මොවුන් ගැන මාධ්‍ය වාර්තා කරන්නේ ද සතියක් ඇවෑමෙනි.

 1990 ට කලින් කොළඹ සහ වෙනත් ප්‍රදේශවල ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව සිටී අය එම ප්‍රදේශවලට  තම පවුලේ අය රැගෙන ගිය අතර එසේ සම්බන්ධතා නොමැති අය පුත්තලමේ නතර විණි.

‘..කල්පිටිය සිංහල විද්‍යාලයේ  තාවකාලික අනාථ කඳවුරෙන්  අපි දැම්මේ පොල් වත්තකට එකේ පොල්අතු පැලක් හදාගෙන හිටියේ. එක් අයෙකුට රුපියල් 1,423 ක් මාසික ආධාරයක් විදිහට අපිට ලැබුණා. ඒත් ඒක සර්ප විමානේ, නයි පොළොංගු මාපිලව් එක්ක අපි ජිවත් වුනේ. මම කසාද බැඳලා නෝනා එක්ක ජිවත්වුනෙත් මේ පොල් අතු මඩුවේ. විදුලිය තිබ්බේ නැහැ භූමිතෙල් ලාම්පු තමයි පාවිච්චි කළේ. දවසක් මම බැට්රි දාන ටෝච් එකක් සල්ලිවලට ගෙනාවා. ගෙදර ගෙනත්,රාත්‍රියේ දී  බැට්රි එහෙම දාලා එළිය කොහොමද කියලා බලන්න පොල්අතු වහලෙට එළිය කරා. මෙන්න අඩි හයක් විතර දිග සර්පයෙක්.පස්සේ කට්ටිය එක්ක එකතුවෙලා මරලා දැම්මා ..’ 

පිටමං කරනු ලැබීමෙන් පසු පුත්තලමට පැමිණි මුස්ලිම් ජනයාගෙන් පිරුණු තාවකාලික කඳවුරු සංඛ්‍යාව ආරම්භයේදී හැටකට වැඩි වූ අතර 2004 එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබඳ මහකොමසාරිස්ගේ වාර්තාවන්ට අනුව අවතැන්වුවන්ගේ කඳවුරු 123ක   පුද්ගලයන් 61,763 කි. 2006 වසර වන විට අනාථ කඳවුරු ගණන 145 දක්වා ඉහල ගොස් තිබිණි. ‘..ශ්‍රීලන්කන් කැම්පේන්`..’ සංවිධානය පෙන්වා දෙන පරිදි යාපනය හා කිලිනොච්චියෙන්  20,000 ක් ද, මුලතිව් 5,000 ක් ද, වවුනියා 9,000 ක්ද, මන්නාරමෙන් 38,000 ක්  ද වශයෙන්  සංඛ්‍යාවක් මුස්ලිම් ජනයා පිටමං කර ඇත. මුළු ගණන 75,000 කට ආසන්නය.  

පළමු නිවස යළි පදිංචියෙන් පසු – සිලාවතුර -මන්නාරම

කල්පිටියට පැමිණ වසර හතරකට පස්සේ පැවති එක්සත් ජාතික පක්‍ෂ දේශපාලනය නිමා කරමින් 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ ජය ලැබුවේ සාමයේ අපේක්ෂාවන් දල්වමිනි. ඒ ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වූ  මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අශ්රොෆ්ට  වරාය, නාවික, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමතිධූර පිරිනැමිණි.

ඒත් රහුමාන්ලාගේ ඉරණම ඊට වෙනස්විය. යුද්ධය අවසන්වන තෙක්, වසර විස්සක්, අනාථයන් ලෙස කල්පිටියේ කල්ගෙවන්නට ඔවුන්ට සිදුවිය. 

මෙසේ මුස්ලිම් ජනයාට පිටවෙන ලෙස නිවේදනය කරන්න හේතුවූ කාරනා කිහිපයක් වන  බව රහුමාන් පවසයි. ඒ අතරින් ප්‍රමුඛවන්නේ   මුස්ලිම් ජනතාව දෙමළ සටන්කාමීන් ගැන රජයේ හමුදාවට  තොරතුරු ලබා දීම කියන සාධකයවේ.

යැයි මුස්ලිම් විද්වතුන් පසුව ප්‍රශ්න කළ බව ද ඔහු පවසයි.

එල්ටීටීඊ, ඊපිආර්එල්එෆ් , ප්ලොට්, ඊරෝස් වගේ දෙමළ සටන්කාමි සංවිධානවල නායකත්ව මට්ටමේ යම් මුස්ලිම් නියෝජනයක් දක්නට ලැබුණි. 1990ට කලින් දෙමාපියන් විසින්  මන්නාරමේ වයස අවුරුදු 16 -25 අතර තරුණයන්ව දකුණු පළාතට පිටමං කරනු ලැබුවේ අධ්‍යාපනයට හෝ ව්‍යාපාර කටයුතු වලටය. ඒ සටන්කාමි සංවිධානවලට එක් වෙනු ඇතැයි හෝ එම සංවිධාන වලින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන යනු ඇතැයි, ඔවුන් තුල  වූ බිය නිසාවෙනි.

උතුරේ මුස්ලිම් ජනයා පිටමං කිරීමට තම සංවිධානය ගත් ක්‍රියා මාර්ගය සිදු නොකළ යුත්තක් බවට  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායකයන් විසින් 2002 වසරේදී පැවති සාම ගිවිසුම් කාලයේදී  දෙස් විදෙස් මාධ්‍ය ඉදිරියේදී පවසා තිබිණි. ඒ පිළිබඳව ඔවුන් මුස්ලිම් ජනයාගෙන් සමාව ඉල්ලා සිටී බවට මාධ්‍ය වාර්තා කර ඇත.

රහුමාන්ලා නැවත පදිංචියට සිලාවතුරට පැමිණෙන්නේ 2009 වසරින් පසුවය. වයස අවුරුදු 16 දී  අම්මා සමග මන්නාරමෙන් පිටමංවූ  රහුමාන් නැවත පැමිණෙන විට කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින වෙනම පවුලකි.

රහුමාන්

 අපේ ඉඩම් කැලෑ වෙලා තිබුනේ. ආණ්ඩුව ඒක සුද්ද කරලා දුන්නා. එතකොට තමයි ඔය විල්පත්තු කැලෑව  කපනවා කියලා උද්ඝෝෂණ ඇතිවුනේ. ඒත් ඒ විල්පත්තු කැලේ නොවේ අපේ ඉඩම්. අපිට ඒවාට ඔප්පු තියෙනවා. දැන් ඉතිං ඒ ඉඩම් වල පොඩි ගෙයක් හදා ගෙන ඉන්නවා  “

විල්පත්තු කැලේ විනාශ කරන බවට  චෝදනාව එල්ලවූයේ  රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටී  රිෂාඩ් බදියුදීන් වෙතය. පරිසර සංවිධාන වල විරෝධය අවසානයේ අධිකරණය දක්වා ගොස්  හිටපු ඇමැතිවරයාට එරෙහිව නඩු පැවරිණි.

රිෂාඩ් බදියුදින් ද මන්නාරම දුපතේ පදිංචිව සිටිය දී  1990 ඔක්තෝබර් මාසයේදී  පුත්තලමට පිටමංවූවෙකි.

නැවත පදිංචි කළ ද තවමත් විසඳි නොමැති බොහෝ ගැටළු මන්නාරමේ පවතින බව රහුමාන් නගන  චෝදනාවකි. යුද්ධය අවසන්ව වසර 15 ක් ඉක්ම ගියද  මන්නාරමේ නැවත පදිංචිවූවන්ට මෙන්ම ප්‍රදේශයේ බහුතරය වූ ගොවියන්ගේ හා ධීවරයන්ගේ ගැටළුවලට තිරසාර විසදුම් ලැබී නොමැත. පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද ඉදිරියට ගෙනයමින් තිබෙන සුළං මෝල් හා වැලි කැණීම් ව්‍යාපෘති හරහා මතුවන පාරිසරික ප්‍රශ්න වලට අමතරව ගොවීන් හා ධීවරයන් තව තවත් අසරණ කරනු ඇත.  අධ්‍යාපනය,සෞඛ්‍ය, වාරිමාර්ග ක්ෂේත්‍රවල හා රැකියා පිළිබඳව ද නොවිසඳුණු ගැටළු රැසකි.

මුලතිව් ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණෙන මුස්ලිම්වරුන්ට බලවත් ප්‍රශ්නයක් වන්නේ ඉඩම් පිලිබඳවය. මුලතිව් වලින්  1990 දී  පිටමං කළ මුස්ලිම්වරුන් ගණන 9000 ක් පමණවේ. එහෙත් වසර 20 කට පසුව පැමිණෙන්නේ නව පරම්පරාවන් සමගින්ය.  

උතුරෙන් පිටමං කළ ජනයා වෙනුවෙන් වෙන් කෙරුණු වන්නි හා යාපනය නමින් ජන්ද කුටි දෙකක්, යුද්ධය අවසානයට පෙර  සෑම මැතිවරණයකදීම පිළියෙළ කෙරිණි.නමුත් 2009 න් පස්සේ එය ඉවත් කරනු ලැබිණි.

රහුමාන්  තම දේශපාලන පක්‍ෂය වන යහපාලනය සඳහාවන ජාතික පෙරමුණ මගින්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ මුස්ලිම්වරුන් පළවා හැරීම ගැන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසය. ඔහු ඉල්ලා සිටින්නේ එවැනි කොමිසමක් හරහා  35 වසක් සපිරෙන පළවා හැරීමට හේතු, ඊට වන්දි ගෙවිය යුත්තේ කවුද, දැනට සියයට පනස් පහක් යළි පදිංචි කර ඇතිමුත්. ඉතිරියද යළි පදිංචි කිරීම වැනි දේ නොපමාව ඉටුකළ යුතු බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  විසින් මේ ගැන කොමිසමක් පත් කරන බවට පොරොන්දුවුවද, ඔහුගේ ධුර කාල දෙක තුලම එය ඉටුකිරීමට සමත් වී නොමැත.

ඒ ඔහුගේ  වේදනාවේ හඬය.

The post උතුරේ පිටමං කළ රහුමාන්ගේ කතා වස්තුව.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b6%b8%e0%b6%82-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%84%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/feed/ 0
වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..? https://vivaranalk.com/%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%ab/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%ab/#respond Mon, 03 Nov 2025 08:35:32 +0000 https://vivaranalk.com/?p=13972 වෘත්තීය සමිති ව්‍යාපාරයට   විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්,  කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක්  අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ තිබෙන සමාගම් හතරකට බදු සහන හා කම්කරු නීති බලාත්මක නොවන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් ජුලි 14 වැනිදා අංක 2445/2, 2445/3, 2445/4 සහ […]

The post වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..? appeared first on විවරණ.

]]>
වෘත්තීය සමිති ව්‍යාපාරයට   විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්,  කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක්  අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ තිබෙන සමාගම් හතරකට බදු සහන හා කම්කරු නීති බලාත්මක නොවන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් ජුලි 14 වැනිදා අංක 2445/2, 2445/3, 2445/4 සහ අංක 2445/5 ලෙස  නිකුත් කළ ගැසට් නිවේදන  හතරක්  ආපසු කැඳවීම මගිනි. මෙම ගැසට් නිවේදනයට එරෙහිව නඩුව විටින් විට දින තුනක් කැඳවීමෙන් අනතුරුව   අභියාචනාධිකරණයේ දී ඉකුත් 27 වැනිදා  කැඳවූ  අවස්ථාවේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා විසින් ආණ්ඩුවේ තීරණය දැනුම් දී තිබිණි.

ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන්, ක්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස වරාය නගරයේ ක්‍රියාත්මක  සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්, ක්ලොත්ස්පින් කළමනාකරණ හා සංවර්ධන, අයි.එෆ්.සී. කොළඹ 1 සහ අයි.සී.සී. පෝර්ට් සිටී නම් පෞද්ගලික  සමාගම් හතරට සහන ලබා දීමේ  ගැසට් නිවේදන හතරක් නිකුත් කරනු ලැබුවේ  ඒ සඳහා   කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවය. මේ යටතේ අදාළ සමාගම් හතරට පනත් 13 ක් මගින් සහන සළසා ඇති අතර වෘත්තීය සමිති පෙන්වා දුන්  පරිදි මෙහි බරපතලම තත්වය වුයේ  1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ [විශේෂ විධිවිධාන] පනත මුළුමණින්ම නිදහස් කිරීමය.  ඒ අනුව අදාළ සමාගම් සඳහා වසර 25 ක කාලයකට කම්කරු සුරක්ෂිතාව වෙනුවෙන් වූ සේවය අවසන් කිරීමේ පනතේ ප්‍රතිපාදන අදාළ නොවනු ඇත.

කම්කරුවන් 15 දෙනෙකුට වැඩිය සේවය කරන ආයතනවල දින 180 ක් සේවය කළ  කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් වූ මෙම  පනත යටතේ ඕනෑම කම්කරුවෙකු විනය නොවන කරුණක් මත ඔහුගේ ස්වකැමැත්ත මත සේවය අවසන් කළ හැකි අතර කම්කරු කොමසාරිස් වරයාට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව සාධාරණ හේතු ඇත්නම් කොමසාරිස් වරයා විසින් සේවය අවසන් කිරීමට අනුමැතිය දෙනු ඇත.

මෙම  ගැසට් නිවේදන හතර  මගින් වරාය නගරයේ ක්‍රියාත්මක මෙම සමාගම් වල සේවය අවසන් කිරීමේ පනත වලංගු නොවීමත් සමග  කම්කරුවන්ගේ සේවය හාම්පුතුන්ට හිතු මනාපෙට අවසන් කිරීමේ හැකියාව උදාවේ.

ලංකා බැංකු සේවක සංගමය, නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය[ඇන්ටන් මාකස්], ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය[සෙල්ලයියා පලනිනාදන්],ලංකා වෘත්තීය සමිති සම්මේලනය[චමින්ද පෙරේරා], ලංකා වතු සේවා සංගමය[නිශාන්ත වන්නිආරච්චි] සහ ශ්‍රීලංකා නාවික වෘත්තිකයන්ගේ ජාතික සංගමය[රන්ජන් පෙරේරා] එක්ව මීට එරෙහිව අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ  අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසය.  මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කැබිනට් මණ්ඩලය, කොළඹ වරාය නගර කොමිසමේ සභාපති ඇතුළු නිලධාරින්, බදු සහන ලබා දුන් සමාගම් හතරේ ප්‍රධානින්, කම්කරු කොමසාරිස්වරිය, කැබිනට් ලේකම් සහ නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් තිස්දෙකකට එරෙහිව නඩුව ගොනු කර තිබිණි. ඒ සඳහා මුල්වුයේ  ප්‍රවීණ කම්කරු නීතිවේදියෙකු වූ  එස්.එච්.ඒ  මොහොමඩ් ය.

එස්.එච්.ඒ  මොහොමඩ්

යැයි   පෙත්සම්කාර  වෘත්තීය සමිති නායකයෝ අංක 875/2025 යන සිය පෙත්සම මගින් පෙන්වා දී තිබිණ.

මේ මගින් පැහැදිලිවම වෙනස් කොට සැලකීමේ කම්කරුවන් වර්ගීකරණයක් නිර්මාණය කරයි, එහිදී කොළඹ වරාය නගරය තුළ සේවයේ නියුතු අයට නීතියේ සමාන ආරක්ෂාව අහිමි කරනු ලබන්නේ රැකියා ආරක්ෂාවට අදාළ මූලික ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔවුන්ගේ සේවායෝජකයා තාර්කික පදනමක් නොවන බැවිනි. මෙම අත්තනෝමතික වෙනස සමාන ස්ථානගත පුද්ගලයින්ට කිසිදු සාධාරණ සාධාරණීකරණයකින් තොරව අසමාන ලෙස සලකන අතර එය නීතියේ ප්‍රකාශිත විධිවිධානවලට පටහැනි වේ යැයි ද පෙත්සමේ සඳහන් කෙරිණි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම්  ඇන්ටන් මාක්ස් පවසයි.

ඇන්ටන් මාක්ස්

විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතාව වෙනුවෙන් පවතින ප්‍රධාන පනතක් වූ සේවය අවසන් කිරීමේ පනත අහෝසි කරවා ගැනීමට සෑම ආණ්ඩුවක් යටතේම හාම්පුතුන් විසින් උත්සහා දැරිය. වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ නිකුත් කළ ගැසට් නිවේදන හතර ඔස්සේ ප්‍රයන්තය දැරුවේද මෙකි අරමුණු සාක්ෂාත් කරගැනීමය. එමෙන්ම පෞද්ගලික අංශ කම්කරුවන්ට  2005 දී සිට ලබා දුන් අයවැය සහන දීමනා පනත් දෙකම වෘත්තීය සමිති විරෝධය නොතකා අහෝසි කර ගැනීමට හාම්පුතුන් සමත් වුනේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සහාය ඇතිවය.

ඇන්ටන් මාක්ස් පවසයි

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග මෙරටට ආයෝජකයන් පැමිණි අතර ගැටලුව වුයේ  ලාභයම පදනම් කරගත් ඔවුන් එතරම් ශිෂ්ටබවක් පෙන්නුම් නොකිරීමය. ලංකා බැංකු සේවක සංගමයේ ජේෂ්ඨ උප සභාපති අනුප නන්දුල පෙන්වා දෙන්නේ  ආයෝජකයන් කෙරෙහි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් දරුවද  එවකට ජනාධිපති වූ  ජේ.ආර්. ජයවර්ධන ඔවුන්ට කිවේ මංකොල්ලකාර සිටුවරු’ න් ලෙසය.

අනුප නන්දුල

බැංකු සේවක නායකයා අවධාරණය කරයි.

වියට්නාමය ආයෝජකයන්ට ඇරයුම් කළත් එහි කම්කරු නීති ශක්තිමත්ය.එහෙත් ඔවුන්ට ආයෝජනයන්ගෙන් අඩුවක් නොමැත. වසර 40 ක් පුරා මෙරටට ආයෝජන පැමිණිය ද, ඒ මගින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වී නොමැති බව පැහැදිලි වන්නේ රට බංකොලොත් බවට පත්වීමත් සමගය.

බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම ආයෝජකයන් හා හාම්පුතුන් පිනවීම වෙනුවෙන් කම්කරු නීති සංශෝධනයට හෝ ඒවා අහෝසි කිරීමට උත්සහා දැරූ බොහෝ අවස්ථා එමටය. ජාතික ජනබලවේග ආණ්ඩුව පිහිටුවීමට හාම්පුතුන් සහාය ලබා දුන් අතර ඒ වෙනුවෙන් ඔවුන් ආණ්ඩුවෙන් මෙවැනි කම්කරු නීති සංශෝධනයට හෝ අහෝසි කිරීම දක්වා තල්ලු කිරීමේ වෑයමක් දරමින් සිටින බව පෙනීයයි.

චමින්ද පෙරේරා

ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ  නියෝජ්‍ය ප්‍රධාන ලේකම්  චමින්ද පෙරේරා අවධාරණය කරයි.

කම්කරුවාගේ රැකියා සුරක්ෂිත බව තහවුරු කිරීමටත්, වෘත්තීය සමිති තුල සංවිධානය වීමටත් සේවය අවසන් කිරීමේ පනත ඉතාමත් තීරණාත්මකය.

චතුර සමරසිංහ

ලංකා වතු සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් චතුර සමරසිංහට අනුව  කම්කරුවන්ගේ ජීවිත මෙම  පනත සමඟ  වේලි තිබේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදන මගින් ආයෝජන කලාප කම්කරුවන් කෙරෙහි නරක පුර්වාදර්ශයක් වන්නේ කම්කරු නීති නොසලකන රටක් ලෙස ලෝ පුරා ප්‍රචලිත වීම යැයි ශ්‍රීලංකා නාවික වෘත්තිකයන්ගේ ජාතික සංගමයේ සහකාර ලේකම්,  චරිත් අත්තනපොල  පෙන්වා දෙයි. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාවලිය හරහා වැලකී ගියේ  එසේ වන්නට ගිය නරක පුර්වාදර්ශයකි.

යැයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ  සම ලේකම්, ඇන්ටන් මාක්ස් පවසයි.

1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත ගෙන ඒමට පසුබිම 60 දශකයේ අවසන් භාගයත් 70 දශකයේ  මුල් භාගයත් කරා දිවෙන්නෙකි.

එම වකවානුවේදී  නිෂ්පාදනයට අමුද්‍රව්‍ය නොමැති බව පවසමින්, කම්හල් වසා දමමින්, දහස් ගණන් කම්කරුවන් දොට්ට දමමින්, පෞද්ගලික අංශයේ හාම්පුතුන් ගෙන ගිය ක්‍රියා පිළිවෙත වළක්වාලන්නට මෙවැනි පනතක අවශ්‍යතාව මතුවිය.

සෙල්ලයියා පලනිනාදන්

යැයි  සේවය අවසන් කිරීමේ පනතේ නිධාන කථාව ගැන මතකය ආවර්ජනය කරමින්, ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, සෙල්ලයියා පලනිනාදන් පවසයි.

සී.එම්.යු.  ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරන්නේ,  කම්කරුවන්ගෙ  රැකියා සුරක්ෂාවට  හා සාධාරණයක් ඉටු කිරීමට බල කරන වගන්ති ඇතුලත් මෙම පනත සකස් කිරීමට මුල්වූ වෘත්තීය සමිතියක් ලෙස එය තවදුරටත් රැක ගැනීම තම වගකීමක් බවය.

කෙසේ වෙතත් කම්කරුවාගේ රැකියා සුරක්ෂතාව රැකෙන පරිදි දැනට යල් පැන ඇති ඇතැම් කම්කරු නීති සංශෝධනය විය යුතුය. ඒ හාම්පුතුන්ගේ හා ආයෝජකයන්ගේ අවශ්‍යතා පරිදි නොවිය යුතු බවට, මෙම අධිකරණ තීන්දුවෙන් උද්යෝගිමත්වූ  වෘත්තීය සමිති නායකයෝ පවසති. 

The post වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%ab/feed/ 0
ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ.. https://vivaranalk.com/%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/#respond Fri, 24 Oct 2025 07:14:04 +0000 https://vivaranalk.com/?p=13901 නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන  ලෝක ආහාර දිනය  ලොව පුරා රාජ්‍යයන් විසින් සමරනු ලබන්නකි. ඒ අතරතුර ම  සාගින්න, මන්දපෝෂණය, දුප්පත්කම, දේශගුණික බලපෑම්,  ණය […]

The post ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ.. appeared first on විවරණ.

]]>
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන  ලෝක ආහාර දිනය  ලොව පුරා රාජ්‍යයන් විසින් සමරනු ලබන්නකි. ඒ අතරතුර ම  සාගින්න, මන්දපෝෂණය, දුප්පත්කම, දේශගුණික බලපෑම්,  ණය බර දරා ගත නො හැකිව ලෝ පුරා  මිලියන ගණන්  ජනයා  කුසගින්නේ හෝ මරණ මංචකයේ සිටිනු ඇත.  මේ මොහොත වන විටත් බිලියන 10 ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් තිබුන ද  මිනිසුන් සාගින්නෙන් මියයාම මහත් ගැටළුවකි. එම නිසාම  සැමරීමකින් එහාට ආහාර දිනය යථාර්තයක් කිරීමට ගෝලීය බලවතුන් අසමත් වී ඇත. එහෙත් දහස් ගණන් ගැමි ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, කෘෂිකාර්මික කම්කරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද විරෝධය පාමින් විදි බැස ඇත්තේ  දිනා ගතයුතු අයිතීන් වෙනුවෙනි.

ගොවීන්ට, ධීවරයින්ට සහ අනෙකුත් සුළු පරිමාණ නිෂ්පාදකයින්ට අයත් ව තිබූ ඉඩම්, බීජ, වෙරළ තීරය ඇතුළු, සම්පත් මගින් මෙකී සමාගම්  දැවැන්ත ලාභ උපයනු ලබයි.

ලෝක ආහාර වෙළදාම මිනිසුන්ගේ සාගින්න නිවීම  වෙනුවට සමාගම්වලට ලාභ උපයා දෙන ජාවාරමක් බවට පත්ව ඇත්තේ කිසිදු විරෝධයකින් තොරවය. සමාගම් මුලික වී දැවැන්ත ව්‍යාපාරිකයින් විසින් ආහාර නිෂ්පාදනය  වෙනුවෙන් කරන වන සංහාරය, ව්‍යාප්ත කරන රසායනික යෙදවුම් සහිත විනාශකාරී මහා පරිමාණ කෘෂිකර්මය, ආහාර සැලසුම්කරණය,  ස්වාභාවික සම්පත් විනාශ වීමට හා දේශගුණික විපර්යාස  ඉහල යාමට සෘජුවම  වග කිව යුතුයැයි ප්‍රකාශයක්වත් නිකුත් කිරීමට නොහැකිව   ලෝක ආහාර හා  කෘෂිකර්ම සංවිධානය අසරණව සිටී.

නව ආණ්ඩුව විසින් ආහාර නිෂ්පාදනය වෙනුවෙන්   සිදු කරමින් සිටින්නේ  ඵලදායිතාව ඉහල නැංවීම, තරගකාරිත්වය වැඩි කිරීම, පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම හා කෘෂි පද්ධති නව්‍යකරණ කිරීම හරහා ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි ප්‍රතිපත්ති වෙනස් කිරීමට හා අයවැය මගින් මුදල් වෙන් කිරීමට ය.  එහෙත් මේවා සියල්ලම  පසුගිය දශක ගණනාවක් පුරා පැවති ආණ්ඩු විසින් අත්හදා බැලු ඒවා ය.  තවදුරටත් ලෝකය තුල  මේ ක්‍රමවේදයන් ඔස්සේ  ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන් ආරක්ෂා කිරීමට හෝ මන්දපෝෂණයෙන් පෙළෙන්නන් තුරන් කිරීමට හෝ නො හැකි බව මනාව ඔප්පු කොට ඇත.

70 දශකයෙන් ඉක්බිතිව ලංකාවේ  සම්පුර්ණයෙන්ම  අනුගමනය කර ඇත්තේ  වැරදි කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන  ප්‍රතිපත්තියකි. එම  ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් මේ දක්වා සිදු ව නොමැත.  රාජ්‍ය සතු ව පැවති ආහාර නිෂ්පාදනය, පාලනය, මෙහෙයවීම හා තීරණ ගැනීමේ බලය ක්‍රමයෙන් වෙළෙඳ පොල මත තීරණය වීමට හැකි වන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකෙරිණි. ඉඩම්, බීජ, ජලය සම්බන්ධයෙන් ගොවීන්ට තිබූ අයිතිය ඔවුන්ගෙන් උදුරා ගෙන ඇති අතර නිෂ්පාදන වියදම අධික වීමත් සමග ගොවිතැන පාඩු ලබන දෙයක් බවට පත් ව ඇත. වෙළෙඳ පොල තුල තම නිෂ්පාදන සම්බන්ධයෙන් තීරණ ගැනීමට කිසිදු ඉඩක් ලබා දී නොමැත. මහා පරිමාණ වගාවන්වලට වනාන්තර එළි කිරීම හේතුවෙන් වන සතුන්ට ඔවුන්ගේ වාසස්ථාන අහිමි වෙමින්, ඔවුන්ගේ ආහාර පද්ධතිය සම්පුර්ණයෙන් බිද වැටීම හේතුවෙන් වන සතුන් හා මිනිස් ගැටුම උච්චතම තත්වයකට පැමිණ ඇත.

 බීජ, ඉඩම්, ජලයෙහි පාලනය ජනතාවගෙන්  සම්පුර්ණයෙන් ගිලිහී සමාගම් අතට පත්  විමත් සමග ඉඩම් වල වගා කරන්නේ කුමන ආකාරයේ වගාවක් ද , යොදා ගන්නේ මොන බීජ ද, යොදන්නේ මොන පොහොර ද, නිෂ්පාදනය සදහා මිල තීන්දු කරන්නේ ද ඔවුන්   විසිනි.  කුඩා පරිමාණ ඉඩම් හිමි ගොවීන් පත්ව ඇත්තේ මෙකි  සමාගම්වල අතකොළු බවටය. කිරි ගොවීන්ට ඔවුන්ගේ තෘණ භූමි අහිමි කරමින් , ඔවුන් සම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැර කරමින් සිටී. දැවැන්ත  සංවර්ධන ව්‍යාපෘති මගින්, ජල පද්ධතිය දූෂණයට ලක් වීම හේතුවෙන් ධීවර ප්‍රජා වන්ට ඔවුන්ගේ ජීවිකාව අහිමිකරමින් තිබේ.

ලංකාවේ වැවිලි ආර්ථිකයේ  ප්‍රධාන දායකත්වයක් දක්වන වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීමට හෝ අවම ලෙස ආහාරයට ඇති අයිතිය තහවුරු කිරීමට, තමන්ගේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට, ගෙ වත්තක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉඩ ලබා දීමට හෝ ඉඩමක අයිතිය ලබා දීමට  ජනතා  වතු සංවර්ධන  මණ්ඩලය හා වැවිලි සමාගම් විසින් සිය වගකීම් පැහැර හැර ඇත්තේ  ඉතාමත් ශෝචනීය ලෙසය.

ලංකාව මුහුණ දුන් කෝවිඩ් ව්‍යසනයත්,  ආර්ථික අර්බුදයත් සමග පැන නැගුනු ප්‍රධානතම අභියෝගය වූයේ ආහාර නිෂ්පාදනය, බෙදා හැරීම හා වෙළෙඳපලේ   දැවැන්ත කඩා වැටීමය. එමෙන්ම දිනෙන් දින ඉහල ගිය බඩු මිල මේ කඩා වැටීමේ ප්‍රතිපලයකි .එසේ වීමට මුලික හේතුව කුමක් ද? සමස්ත කෘෂිකර්මාන්තය ආනයනය මත පදනම් වීමය. කෘෂි රසායන, පොහොර, කෘෂි උපකරණ, මෙන් ම බීජ වලින් වැඩි ප්‍රමාණයක් ආනයන කරනු ලැබීමය.

 ආහාර පාන වලින් 60% ආනයනය කිරීමය. එසේ වන්නේ රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 45% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවෙන, ජනගහනයෙන් 30% ක් කෘෂිකර්මය ආශ්‍රිත රැකියාවල නිතර වන, කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය සඳහා යෝග්‍ය ම පරිසර තත්වයන් හා ස්වාභාවික සම්පත්වලින් හෙබි, අතීතයේ පටන් ම කෘෂිකාර්මික රටක් යැයි සැලකෙන ශ්‍රී ලංකාවේ ද සාගින්න, මන්දපෝෂණය හා ගොවීන්ගේ දුප්පත්කම තාමත් ජය ගත නො හැකි වූ අභියෝගයකි.

ආහාර  බොහොමයක් කෘෂි රසායන හා වස විෂ  වලින් යුක්තය. ලොව වැඩියෙන් ම කෘෂි රසායන භාවිතා කරන රටක් බවට ලංකාව පත් කර තිබේ. ළමයින් ඇතුළුව රටේ ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව වැනි  බෝනොවන රෝගවලට ගොදුරු බවට පත් වීමට මේ තත්වයන් බලපෑම් කරයි.

ජනතාවාදී ආණ්ඩු හා සමාජ ව්‍යාපාර එක් ව  ගෝලීය ආහාර දාමයේ ඒකාධිකාරිත්වය බිඳිමින්, නව ගෝලීය ප්‍රවේශයක්  වෙත ගමන් කරමින් සිටී. ආහාර පද්ධතිය වෙනස් කිරීමට අවශ්‍ය නව දේශපාලනික ක්‍රියාමාර්ග තේරීම අත්හළ නොහැකි වගකීමකි. මහ පොළොව සුවපත් කරමින්, සැමට දායක විය හැකි ආහාර පද්ධතියක් සඳහා වූ  ග්‍රාමීය වැඩ පිළිවෙළක් ගොඩනැගීමට මැදිහත් වීම වැදගත්ය. ඒ සඳහා සහයෝගිතා ආර්ථික මොඩලයක්  හරහා පරිසර පද්ධතීන් ආරක්ෂා කරමින් , සමූපකාර ගොඩනගමින්, ජනතාවට හිතකර මූල්‍ය ක්‍රම ගොඩනගමින්, සොබා දහමේ  පුනර්ජනනීය හැකියාව ගොඩනගන ක්‍රියාදාමයක් ගොඩනැගීමට වහා මැදිහත් විය යුතු ය.

එබැවින්  ලෝක ආහාර දිනය වෙනුවෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය [MONLAR] ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රටවල් 102 දායකත්වයෙන් ආහාර ස්වෛරීභාවය ගොඩනැගීම සඳහා වූ  03 වන නියෙලෙනී’ ගෝලීය සමුලුවෙන් අනතුරුව නිකුත් කල ‘නුවර ප්‍රකාශනය’ හා ග්‍රාමීය ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන් ගේ  ප්‍රකාශනය (UNDROP)  අනුව සමස්ත ආහාර පද්ධතිය වෙනස් කිරීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ය.

The post ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/feed/ 0
සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b6%82-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%ab%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%af/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b6%82-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%ab%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%af/#respond Wed, 15 Oct 2025 16:35:39 +0000 https://vivaranalk.com/?p=13832 මන්නාරම් දුපත්වැසියන්ගේ  ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය  සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත්  උණුසුම් වීමට බලපෑමක්විය. පුනර්ජනනිය බලශක්තියට තමන් එරෙහි නොවුවද  උද්ඝෝෂකයන් පවසන්නේ  මන්නාරම් දුපතෙන් ඔබ්බට මෙම ව්‍යාපෘති රැගෙන යන ලෙසය. කුඩා කොදෙව්වක් වූ එයට මහාපරිමාණ සුළං මෝල් ව්‍යාපෘති […]

The post සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු.. appeared first on විවරණ.

]]>
මන්නාරම් දුපත්වැසියන්ගේ  ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය  සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත්  උණුසුම් වීමට බලපෑමක්විය. පුනර්ජනනිය බලශක්තියට තමන් එරෙහි නොවුවද  උද්ඝෝෂකයන් පවසන්නේ  මන්නාරම් දුපතෙන් ඔබ්බට මෙම ව්‍යාපෘති රැගෙන යන ලෙසය. කුඩා කොදෙව්වක් වූ එයට මහාපරිමාණ සුළං මෝල් ව්‍යාපෘති තවත් දරාගත නොහැකිය.

මන්නාරම් දුපත පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති වෙනුවෙන් යෝග්‍ය කළාපයක් ලෙස තෝරා ගැනෙන්නේ මිට දස වසකට ඔබ්බෙනි. විශේෂයෙන් සුළං විදුලි බල ව්‍යාපෘති සඳහාය. ලෝක බැංකුව විසින් 2000 වසරේදී සම්පාදනය කරනු ලැබූ වාර්තාවක් මගින් ලංකාවේ සුළං විදුලි බලය ජනනය කිරීමේ විභය පවතින ප්‍රදේශ කිහිපයක් හඳුනා ගෙන ප්‍රකාශයට පත්කෙරිණි. මෙහිදී සැලකිල්ලට ගෙන ඇත්තේ සුළං වේගය හා වර්ෂය පුරාම සුළං පැතිරීම වැනි සාධක පමණි. කල්පිටිය, මහවැලි ද්‍රෝණියේ වස්ගමුව, නකල්ස්, රක්වාන කඳු හරහා හම්බන්තොට දක්වා වූ සුළං කලාපය සහ මන්නාරම සුළං මෝල් පිහිටුවීමට උචිත බව එම වාර්තාවේ දැක්වේ. ඒ හා සමගාමී කෙරුණු තවත් විමර්ශන  වාර්තාවකින් පෙන්වා දෙන්නේ ලංකාවේ ගිගා වොට් 50 ක සුළං විදුලි විභවයක් පවතින බවය. මේ අතර සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සුළං විදුලිය සඳහා දුපතේ විශාල ඉඩම් ප්‍රමාණයක්  ආයෝජකයන් වෙනුවෙන් වෙන් කරන්නේ 2014 වසරේ සිංහළ -හින්දු අවුරුදු උදාවත් සමගින්ය. 2017 වසර වනවිට ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර ව්‍යාපෘතියක් ලෙස තම්බපන්නි සුළං බල ව්‍යාපෘතිය ආරම්භ කර වසරක ඇවැමෙන් එහි ප්‍රථිපල මන්නාරම් දුපත්වාසිහු අත්වින්දහ. දුපතේ පිහිටි ඇළ මාර්ග 26 ක් අවහිර වීමෙන් අධික ජල ගැලීමකට ලක් වූ අතර පේසාලෙයි හා තාරාපුරම් ප්‍රදේශ සිව් මසක කලක් ජලයෙන් යටවේ.

දුපත් වාසි පවුල් 17,000 ක 70,000 ක් වූ ගැහැණුන්, මිනිසුන් හා ළමුන්ට පිඩාවට පත් කරමින්, පසුගිය ආණ්ඩු විසින් ගෙන ගිය පොදු ජනයාගේ පැවැත්මට වන හානිය නොතකා  බලහත්කාරී සංවර්ධනය වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව ද  ඉදිරියට ගෙන යාම පිළිබඳ විරෝධය තව තවත් ගිනියම් වෙමින් තිබේ.

මන්නාරම් දුපතේ සුළං මෝල් පිහිටුවීම ගැන පාරිසරික දෘෂ්ඨියෙන් කරුණු ඉදිරිපත් කරන වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ සංගමයේ උපසභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ 

මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න

ඒ සඳහන  ආසියානු කලාපයේ විද්වතුන් හා එක්ව කොළඹ සරසවිය කළ පර්යේෂණයකින් ලබා ගත් දත්ත හා තොරතුරු මත පදනම් වය.

ඉකුත් දිනෙක විදුලි හා බලශක්ති අමාත්‍යවරයා මන්නාරමේ සංචාරය කරමින් කියා සිටියේ මුඩු බිමක් බැවින් එහි පක්ෂීන් දක්නට නොමැති බවය.  මහාචාර්ය සෙනෙවිරත්නගේ පර්යේෂණ වාර්තා ඇමතිවරයාගේ එකී ප්‍රකාශයට ඇතුල් පහරක් වැනිය.

ඒ අනුව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මේ පක්ෂීන්ගේ ගහනයට මෙන්ම සංක්‍රමණයට සුළං මෝල් බලපෑමක් කරන බවය.

මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර පරිසර සම්මුතීන් මෙන්ම, ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත පවා උල්ලංඝණය කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ සඳහන් කරයි. මෙය ලංකාව අත්සන් තබා ඇති පර්යතනික පක්ෂීන් පිලිබඳ සම්මුති මෙන්ම ජෛව විවිධත්ව සම්මුති වලට පටහැනිය. දැනටමත් වෙරළ අද්දර ඉදි කර තිබෙන තම්බපවනි සුළං බලාගාරයේ ඇස්තමේන්තු කළාට වඩා හානියක් පක්ෂීන්ට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

ආසියානු සංවර්ධන බැංකුව යටතේ වන තම්බපවනි සුළං විදුලි බල ව්‍යාපෘතිය යටතේ මෙගා වොට් 100 ක් නිපදවීමට නියමිත අතර  ඒ වෙනුවෙන් ඉදිකෙරෙන කුළුණු ගණන 31 කි. අදානි සමාගම විසින් ගිවිසුම් අත්සන් කළ මුත්, පසුව ඉන් ඉවත්වූ ව්‍යාපෘතිය යටතේ, මෙගා වොට් 250 ක් විදුලියක් ජනනය කිරීමට යෝජිත අතර කුළුණු 56 ක් ඒ වෙනුවෙන් පිහිටුවීමට නියමිතය. තවත් මෙගා වොට් 50 ක් නිපදවීමේ ව්‍යාපෘතිය යටතේ, කුළුණු 14 ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් කුළුණු දෙකක් සවුත් බාර් හි සහ තවත් කුළුණු දෙකක් තාලුපාඩු හි දීත්,   දැනටමත් කුළුණු සතරක්  සවිකොට  අවසන්ය. තවත් දහයක් දුපත තුල පිහිටුවීමට නියමිතය. මෙම ව්‍යාපෘති මුළුමනින්ම ක්‍රියාත්මක වෙද්දී  සුළං විදුලි කුළුණු 100 ක් පමණ මන්නාරම දුපත වටකොට පිහිටුවේ.  දිගින් කිලෝ මීටර 35 ක් , පළලින් කිලෝමීටර 05 ක්, වූ   වර්ග කිලෝමීටර් 28 ක් පමණ වූ  කුඩා මන්නාරම් දුපත මේසා කුළුණු සංඛ්‍යාවකට ඔරොත්තු නොදෙනු ඇත.

යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ  පෙන්වා දෙයි.

පුනර්ජනනිය බලශක්තිය නිපදවිය යුත්තේ ප්‍රදේශයේ ජනතාව පාදක කර ගෙන මිස සමාගම් වල පාලනයෙන් හා ඔවුන්ගේ ලාභ අපේක්ෂාවන් මුදුන් පමුණුවාලීම මගින්  නොවේ. මෙවැනි ව්‍යාපෘති ආරම්භයේදීම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික දිවියට ඇති කරන බලපෑමත්, පරිසරයට හා සතාසිව්පාවුන්ට වන හානිය ගැන ද පාලකයන් විසින් අවධානය යොමු කළ යුතුය.

යැයි  මන්නාරමේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන වාස් කූඤඥ්නේ සඳහන් කරන්නේ දශක ගණනාවක් යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම් දුපත් වැසියන්ගේ ජිවත තවත් අඳුරු වී ඇති බවය.

මන්නාරම් දුපතේ සුළං බල ව්‍යාපෘතියෙන්   ධීවරයන් 22,345 ක් සිය රැකියා කර ගැනීමට නොහැකිව අගතියට පත් වෙන අතර  දැනට ගණන් බලා ඇති පරිදි  මා දැල්  වාඩි 20 ක් පමණ විනාශයට පත්වේ.

චින්තක රාජපක්‍ෂ 

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු  චින්තක රාජපක්‍ෂ  පවසනුයේ  සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන්  වගා බිම් මෙසේ බිලි දිය නොහැකි බව අවධාරණය කරමින්ය.

සඳුන් තුඩුගල

මන්නාරමේ ජනතාවගේ ඉඩම් හා ජන දිවියට මෙන්ම  පරිසරයට හානිකර කිසිදු සංවර්ධන සැලැස්මකට සිය අනුමැතිය ලබා නොදෙන බව  වත්මන් ජනපති  අනුර කුමාර දිසානායක කියා සිටියේ  ජනාධිපතිවරණය වෙනුවෙන් මන්නාරමේ දී පැවති ජන රැළියකදීය.

දැනට ප්‍රදේශයේ ජන දිවියට, ධීවර හා කෘෂි කර්මාන්තයට, ගංවතුර වැනි ස්වභාවික ආපදාවන්ට ලක් වීම ගැන සොයා බලා නිසි පියවර ගන්නා තෙක්  සුළං විදුලි බල ව්‍යාපෘති මසකට තාවකාලික අත්හිටවිණි. මන්නාරම පුරවැසි කමිටුව හා ප්‍රදේශයේ ආගමික නායකයන් ජනාධිපති දිසානායක හමුවී  සාකච්ජාවෙන් අනතුරුව  ඒ පිළිබඳව සොයා බලන්නට විදුලි බල අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන්  කමිටුවක් ද පත් කෙරුනේ  මිට මාස කීපයකට පෙරාතුවය.

ඉඩම් සඳහා වන ජනතා ව්‍යාපාරයේ  ක්‍රියාකාරී සඳුන් තුඩුගල පොලිසිය විසින් උද්ඝෝෂකයන් වෙත ප්‍රහාර එල්ල කිරීමත්, ආණ්ඩුවේ බලහත්කාරී සංවර්ධනය  හෙළා දකිමින් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වම් අඩෛක්කලනාදන්ඉකුත් මහමැතිවරණයේ  ප්‍රථිපල අනුව බැලුවහොත් මන්නාරමේ බහුතරය විවිධ මට්ටමින්  ආණ්ඩු විරෝධින්ය. පළාත් පාලන මැතිවරණයේ  මන්නාරම මහ නගර සභාවේ බලය තහවුරු කරගන්නේ ටෙලෝ [TELO]  නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වම් අඩෛක්කලනාදන්ගේ මෙහෙයවීමෙන්   ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය [DTNA] මගිනි. දෙමළ ක්‍රිස්තියානින් බහුල මන්නාරමේ  ඉස්ලාම් හා හින්දු භක්තිකයන් ද සමගිව වෙසෙති. එහෙත් දශක ගණනාවක් පැවති යුද්ධයේ දී ඇතිවූ තුවාල තවමත්ව මුළුමනින්ම සුවපත් වී නොමැත.

සෙල්වම් අඩෛක්කලනාදන්

යැයි යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ [NFGG] , ජාතික සංවිධායක මුජිබර් රහුමාන් පෙන්වා දෙයි. ඔහු ද කුඩා අවධියේ මන්නාරමෙන් පිටමං කෙරුණු මුස්ලිම් ජනයාගේ එක් පරම්පරාවක් නියෝජනය කරන්නෙකි. මන්නාරමේ දෙමළ මුස්ලිම් ජනයා අතර සහජීවනය වෙනුවෙන් පෙනී සිටින රහුමාන් පවසනුයේ  මන්නාරමේ ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රශ්න අතර පරිසර ප්‍රශ්නය එකක් පමණක් බවය.

මුජිබර් රහුමාන්

උද්ඝෝෂණය කළ ජනතාවට  ර‍ජයේ පොලිසිය යොදවා මිලේච්ජ ලෙස පහර දීම තරයේම හෙළා දකින ඔහු  විරෝධය දැක්වීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ද අවධාරණය කරයි.

බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාට  ඔක්තෝබර් හතර වැනිදා ලිපියක් යොමු කරන මන්නාරම් දිස්ත්‍රික් ප්‍රජා සංවිධාන සම්මේලනය පෙන්වා දී තිබේ.

ඒකපාර්ශ්වික තර්ක මත පමණක් පදනම්ව ඒකපාර්ශවික තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට සපුරා පටහැනිය, එම නිසා මේ පිලිබදව යළි සලකා බැලිය යුතුය. මේ ගැන තවදුරටත් අගතියට පත් සියලු පාර්ශයන් සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව විසදුමකට එළඹිය යුතු බවට ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ දැක්වේ.

වී.එස්. සිවකරන්

වී.එස්. සිවකරන් යැයි මන්නාරම් දිස්ත්‍රික් ප්‍රජා සංවිධාන සම්මේලනයේ  සභාපති, වී.එස්. සිවකරන් පවසන්නේ කෙතරම් බාධක පැමිණියද මන්නාරම් දුපත රැකගැනීමේ අදිටණින් යුතුවය.

නව ආණ්ඩුව පත්වූ අවස්ථාවේදීම මන්නාරම් දුපත ඇතුළු දිස්ත්‍රික්කයේ  රජයේ ආරක්ෂක හමුදා මගින් වාඩිලා සිටින ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටිය ද, මෙතෙක් එය ඉටුවී නොමැති බව ටෙලෝ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් පවසයි.

වයඹ නාවික හමුදා මුලස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු වැව් හතරක් සමග වගා බිම් ඇතුලත්  ඉඩම්  අක්කර  900 ක් ඇත්තේ නාවික හමුදා ග්‍රහණය යටතේය. තලෛයි මන්නාරම ජැටිය පෙදෙස අසල ඇති මඩු මාතා පල්ලියට අයත් අවම අවශයෙන් ඉඩම් අක්කර දහයක් පමණ තවමත් පවතින්නේ එහි පිහිටුවා ඇති උතුරු මැද නාවික හමුදා මුලස්ථානය යටතේය. මෙහි ඇති අප ස්වාමි දුවගේ කතෝලික දේවස්ථානයේ ඉරුදින  දේව මෙහෙයට පමණක් ගම්වැසියන්ට අවසරය හිමි මුත්, ඉඩම් නිදහස් කිරීමට පියවර ගෙන නොමැත. පල්ලිමුනෛ නාවික හමුදා කඳවුර අයත් භුමිය ජනයා පදිංචිව සිටි අතර වන්කලායි-නානාට්ටම් මාර්ගයේ ඇති පුස්සදේව නාවික කඳවුර තනි පුද්ගලයෙකුට අයත් පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලානාදන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

‘..සුළං මෝල් හදන්න ජනාධිපතිවරයා  නියෝගය දීලා තියෙන්නේ. ජනතාව විරෝධය දැක්වුවා ඒකට පොලිසිය දම්මලා ගැව්වා. තුවාල කළා.කොහොමත් උද්ඝෝෂණය දිගටම යනවා..’

මන්ත්‍රීවරයා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ජන දිවියට හා පරිසරයට හානි කරමින්  සුළං මෝල් ඉදිකිරීමට එරෙහිව මන්නාරම් පුරවැසි කමිටුව හා එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවය.

The post සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b6%82-%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%ab%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%af/feed/ 0
ළමා රැකවරණය;  වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක් https://vivaranalk.com/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%9a%e0%b7%85%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%9a%e0%b7%85%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad/#respond Wed, 08 Oct 2025 09:16:40 +0000 https://vivaranalk.com/?p=13781 විවෘත ආර්ථික ප්‍රතිපත්තියට  සමගාමිව  නිදහස් වෙළඳ කළාප ආරම්භ කර හතළිස් වසක් ඉක්ම ගොස්ය. විදේශ මෙන්ම දේශීය  ආයෝජකයන්ට බොහෝ සහන ලබා දෙමින් ඇරඹිය ද කම්කරුවන්ට නම් ගෙවීගිය කාලය එතරම් ජයග්‍රහණ අත්කර දුන්නේ නැති තරම්ය. වගුරන ශ්‍රමයට සරිලන,  ඉහල යන ජිවන වියදමට සාපේක්ෂ වැටුපක්, නිරන්තරයෙන්ම සපුරාලිය යුතු ඉලක්ක මත පැටවෙන අධික වැඩ කොන්දේසි,රැකියා සුරක්ෂිත බව ගැන වූ […]

The post ළමා රැකවරණය;  වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක් appeared first on විවරණ.

]]>
විවෘත ආර්ථික ප්‍රතිපත්තියට  සමගාමිව  නිදහස් වෙළඳ කළාප ආරම්භ කර හතළිස් වසක් ඉක්ම ගොස්ය. විදේශ මෙන්ම දේශීය  ආයෝජකයන්ට බොහෝ සහන ලබා දෙමින් ඇරඹිය ද කම්කරුවන්ට නම් ගෙවීගිය කාලය එතරම් ජයග්‍රහණ අත්කර දුන්නේ නැති තරම්ය. වගුරන ශ්‍රමයට සරිලන,  ඉහල යන ජිවන වියදමට සාපේක්ෂ වැටුපක්, නිරන්තරයෙන්ම සපුරාලිය යුතු ඉලක්ක මත පැටවෙන අධික වැඩ කොන්දේසි,රැකියා සුරක්ෂිත බව ගැන වූ අවිනිශ්චිතාව, වෘත්තීය සමිති තුල සංවිධානය වීමේ අයිතිය අහිමි කිරීම වැනි දිගු  ලැයිස්තුවකින්  යුත්  ගැටළු ගණනාවක්  වෙළඳ කලාප කම්කරුවන් සතුය. වෙළඳ කලාප තුල ආයෝජනය කළ කර්මාන්තකරුවන්ට කෙතරම් සහන සළසා තිබුන ද  ඉකුත් සිව් දශකය පුරාවට නැගෙන්නේද නිෂ්පාදන වියදම් ඉහළ යෑම් වැනි මැසිවිලිය. ඒ අනුව සැලකීමේදී පැන නැගෙන ගැටලුව වන්නේ   මේ නිදහස් වෙළඳ කලාප සංකල්පය සාර්ථක වී ඇත්ද යන්නය. ආයෝජකයන් කෙතරම් මැසිවිලි නැගුව ද, ඔවුන්ගේ මතය යථාර්ථයක්  නොවන බව පසුගිය කාලය පුරාවට එලි දැක්වූ ආදායම් හා වියදම් පිලිබඳ වූ  ඔවුන්ගේම දත්ත හා තොරතුරු සාක්ෂි දරනු ඇත.

චන්ද්‍රා දේවනාරායන

නිදහස් වෙළඳ කලාප ඇරඹීම තුලින් ලක්ෂ ගණනාවකට  රැකියා උත්පාදනයක් ඇති වුවද, එම සාර්ථකත්වය පිටුපස ඒවායේ නිරත කම්කරුවන්ට බලපාන එහෙත්  නොසලකා හරිනු ලැබූ ප්‍රශ්න ගණනාවකි. විශේෂයෙන් දරුවන් සිටින ස්ත්‍රී කම්කරුවන්ට, සිය දරුවන් වෙනුවෙන්  ආරක්‍ෂිත හා විශ්වාසදායි  රැකවරණ සේවයක් ලබා ගැනීම තවමත් අභියෝගයකි. මේ අර්බුදයේ යටපත්ව ගිය කටුක යථාර්තයන් හෙළිදරව් වුයේ  මානව විමුක්තිය සඳහා වූ සංවිධානය [RED] මෑතක දී  කළ සමීක්ෂණයකින් අනතුරුවය. 2018 වසරේදී  මෙම සංවිධානය ඇරඹෙන්නේ, කාන්තා හා වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක මෙන්ම මාධ්‍යවේදිනියක වූ  චන්ද්‍රා දේවනාරායන ප්‍රමුඛ ස්ත්‍රී ක්‍රියාකාරිනියන් සමුහයක ගේ  එකතුවෙනි.

2017 වසරේදී  ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. අද වන විට එය ලංකාව තුල කෙතරම් යතාර්ථයක් වී ඇත්ද..

දිවා සුරැකුම් මධ්‍යස්ථාන  විවෘතව තබන්නේ  උදේ සිට සවස පහ හෝ හත දක්වා පමණි. එමෙන්ම සති අන්තයන්හි ඒවා වසා දැමේ. එහිදී මතු වන බරපතල ගැටලුව වන්නේ  මේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන  විවෘතව ඇති වෙලාවන් හා කම්කරු මව්වරුන්ගේ වැඩමුර  සමපාත නොවීමය. මේ නිසා  රැකියාවෙන් වේලාසනින් පිටවීමට මෙන්ම සති අන්තයන් හි  අතිකාල සේවයේ යෙදෙමින් අමතර ආදායමක් ලබා ගැනීම අත්හල යුතුවේ.

දිවා සුරැකුම් මධය්ස්ඨාන වල පවතින මෙම ගැටළු හේතුවෙන් වැඩකරන මව්වරුන්  වැඩබිම් වල දීද බරපතල දුෂ්කතාවලට මුහුණ දෙනු ඇත. සේවයට වාර්තා කිරීම ප්‍රමාද වීම නිසා වැඩ ඉලක්ක සම්පුර්ණ කිරීමට නොහැකිවේ. ඒ හරහා සිදුවන්නේ ද  ඔවුන්ට මාසිකව ලැබෙන සොච්චම් වැටුපෙන් යම් ප්‍රමාණයක් හෝ කැපී යාමය. පැමිණීමේ දීමනා කප්පාදුව, උසස් වීම් හා දිගු කාලින වෘත්තීය පළපුරුද්ද සඳහා වූ අවකාශය ස්ත්‍රී කම්කරුවන්ට මේ හේතුවෙන් අහිමීවේ.

විශ්වාසදායක ළමා රැකවරණයක් නොමැතිවීම හා නිරන්තරයෙන් පවතින බිය නිසා  වෙළඳ කලාපයේ වැඩකරන මව්වරු මානසික ආතතියෙන් පෙළෙති. මුල්‍ය දුෂ්කරතා මත වන පීඩනය, ශාරීරික තෙහෙට්ටුව හා අසරණ කමේ හැඟීම ඔවුන් තදුරටත් පිඩනයට තල්ලු කරනු ඇත. නිදහස් වෙළඳ කලාපය තුල එහි සේවයේ නියුතු  කම්කරුවන්ගේ  දරුවන්ගේ රැකවරණය හාම්පුතුන් මෙන්ම, බලයට පත්වන ආණ්ඩු විසින් ද අත්හැර දමා ඇති බවට RED සංවිධානයේ මෙකි සමීක්ෂණය මගින් නිරාවරණය වීම වැදගත් කරුණකි.  ළමා ආරක්ෂණ පහසුකම්  සැලසීම සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාපට වගකියන  ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වූ  ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සතුව  ප්‍රතිපත්ති හෝ විධිවිධාන නොමැති කම නිසා ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති  ක්‍රියාත්මක නොවේ. එමෙන්ම කම්කරු අයිතිවාසිකම් හා ළමා රැකවරණය වැඩබිම් හි ඒකාබද්ධ කිරීමට ද අසමත් වී තිබේ.

“ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය”, යුනිසෙෆ් ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර ඇත්තේ 2017 වසරේදී ය. එය ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ මත ගොඩනගා ඇති අතර, ළමුන් 24,000 ක් දක්වා රැකවරණය සලසන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1,200 ක් පමණ නියාමනය කිරීම සඳහා හඳුන්වා ලැබූ මෙම ජාතික ප්‍රතිපත්තිය  2017 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.  මෙම ප්‍රතිපත්තිය දරුවන්ගේ යහපැවැත්ම සහ අයිතිවාසිකම්  ප්‍රමුඛත්ව දෙන මූලධර්මය අනුව ක්‍රියාත්මකය.

නිදහස් වෙළඳ කලාපයේ  වැඩකරන මව්වරුන්ගේ ළමුන්ට රැකවරණය වෙනුවෙන්  සියලු පහසුකම් වලින් යුත්, ආරක්ෂාකාරී  දිවා සුරැකුම්  මධ්‍යස්ථාන  ඉදිකිරිම අත්හල නොහැකි වගකීමක් ලෙස RED සංවිධානය  ආණ්ඩුව ඇතුළු වගකිව යුතු බලධාරීන්ට පෙන්වා දී ඇත. ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයට පිවිසෙන සෑම දොරටුවක් ආසන්නයේම දිවා සුරැකුම් මධය්ස්ඨාන හතරක් ස්ථාපිත කිරීම ඔව්හු යෝජනා කරති. වෙළඳ කලාපයේ වැඩකරන මව්වරුන්ට පහසුවෙන් ලඟාවිය හැකි පරිදි නිර්මාණය කළ යුතු මේවා ඔවුන්ගේ වැඩ කාලයට මෙන්ම අතිකාල සේවා, සති අන්තයට  සමපාත වන පරිදි ක්‍රියාත්මක කළ යුතුවේ. ආරක්ෂාව, සනීපාරක්ෂාව හා ළමා සංවර්ධන ප්‍රමිතීන් සහතික කිරීම වෙනුවෙන්  මෙරට ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික  මාර්ගෝපදේශ යටතේ පුහුණුව ලැබුවන් රැක බලාගන්නන්ගෙන් කාර්ය මණ්ඩලය සමන්විත විය යුතු අතරම ඔවුන්ද නියාමනයට ලක් කිරීම වැදගත්ය. එමෙන්ම තිරසාර දිවා සුරැකුම් සේවාවක් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය, හාම්පුතුන් ඇතුළු රජයේ සෙසු ආයතනවල  දායකත්වයෙන් ඒකාබද්ධ අරමුදලක් අවශ්‍යවේ. ප්‍රතිපත්තිමය අධීක්ෂණයක්  ආයෝජන මණ්ඩලය හරහාත්, ළමාරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකුල වගකීම  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයටත්, කර්මාන්තශාලා හිමියන්ට  දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා භුමිය, ඉඩකඩ සැලසීම වෙනුවෙන් අරමුදල් සැපයීමේ වගකීම පැවරේ. මේ ඒකාබද්ධ සහයෝගිතාව වැදගත් වන්නේ  එක් පාර්ශවයක් මත පමණක් සියලු වගකීම් පැටනොවෙන බැවිනි.

500 කට වඩා වැඩි කම්කරුවන්  සංඛ්‍යාවක් වැඩ කරන නිදහස් වෙළඳ කලාපයේ කම්හල් වැඩබිම්වලට  ළමා ආරක්ෂක පහසුකම් සැපයීම අනිවාර්ය කළ යුතුවේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති රෙගුලාසි  ස්ථාපිත කරමින්, ඒවා ක්‍රියාත්මක කිරීමට ආයෝජන මණ්ඩලයට වගකීම් පැවරීම ආණ්ඩුවෙන් ඉටුවිය යුත්තකි. මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම තුලින් ළමාරක්‍ෂක කටයුතු  විධිමත්ව හා ප්‍රමිතිගතව සිදුවනු නිසැකය. ඒ තුලින් දැනට නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථාන මුළුමනින්ම අහෝසි වන්නට හෝ  අඩුපාඩු සකසා ගනිමින් වඩාත්  සංවර්ධනය වීමේ අවස්තාව ද පවති. මෙවැනි තත්වයක් තුල  දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට නව සේවා යෝජකයන්ගේ  පෙළඹීම දැකිය හැකි අතර ඔහුන්ව දිරි ගැන්වීමක් ලෙස බදු සහන මෙන්ම සහනාධාර  ද ලබා දිය යුතු යැයි  RED සංවිධානය  සිය වාර්තාව මගින් නිර්දේශ කොට ඇත.

නිදහස් වෙළඳ කලාපීය වැඩකරන මව්වරුන් වෙනුවෙන්  ළමාරක්ෂණ  සේවාව වඩා ගුණාත්මක හා විධිමත් කිරීමට  සියලු අංශ අතර අන්තර් සහයෝගය ශක්තිමත් කළ යුතුය. ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය නොවන සංවිධාන හා වෘත්තීය සමිති එක්ව කාර්ය සාධක බළකායක් නිර්මාණය කර ගැනීම වඩා යහපත්වේ. මෙවැනි කාර්ය සාධක බළකායක් ඔස්සේ  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව  වඩාත් සුදුසු දිවා සුරැකුම් වැඩසටහන් සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කළ හැකිය. උසස් මට්ටමේ ළමා ආරක්ෂණ සේවයක් සහතික කරන්නට මෙවැනි ඇගයීම් හා අධීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාව අති මහත්ය. එමෙන්ම නිදහස් වෙළඳ කලාපයේ  ළමාරක්ෂණ සේවයක් වෙනුවෙන්  දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම ගැන සියළුම පාර්ශවන් අතර  දිරි ගැන්වෙන සුළු දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතුය. එහිදී පෙන්වා දිය යුත්තේ  ළමාරක්ෂණය හරහා  ලබා ගත හැකි ආර්ථික හා සමාජ ප්‍රතිලාභ පිලිබඳවය.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ  විධිමත් ළමාරක්ෂක පහසුකම් නොමැතිවීම කම්කරු ස්ත්‍රීන්ගේ ශ්‍රම දායකත්වය, වැඩබිම් වල සමානත්වය, සහ පවුලේ යහපැවැත්මට ප්‍රමුඛතම බාධකයකි. එබැවින් වැඩබිම් ආසන්නයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම, දැනට පවතින කම්කරු ප්‍රතිපත්ති සංශෝධනය, විවිධ පාර්ශයන් හා අංශ අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම මගින්  නිදහස් වෙළඳ කලාපයේ  ආර්ථික වර්ධනයට මග පෙන්වන අවකාශයක් බවට පරිවර්තනය විය හැක. එමෙන්ම කම්කරුවාගේ  වෘත්තීය ගෞරවය ද, අයිතිවාසිකම් ද  ආරක්ෂා  වනු ඇත.

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කම්කරු අයිතීන් හා තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගන්නට නම් ආරක්‍ෂිත ළමා පරපුරක් නිර්මාණය කර ගැනීම අත්‍යාවශ්‍යවේ. එබැවින්  ළමා රැකවරණය යනු  පෞද්ගලික වගකීමක් නොව පොදු වගකීමකි.

The post ළමා රැකවරණය;  වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක් appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%9a%e0%b7%85%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad/feed/ 0