Gnanasiri Koththigoda, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 22 Apr 2026 11:25:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Gnanasiri Koththigoda, Author at විවරණ 32 32 NPP, නිර්ධන පංතියෙන් ධනපති පංතියට යන විප්ලවයක්..! https://vivaranalk.com/npp-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b4%e0%b6%82%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b6%82/ https://vivaranalk.com/npp-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b4%e0%b6%82%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b6%82/#respond Wed, 22 Apr 2026 11:24:30 +0000 https://vivaranalk.com/?p=14671 ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මාලිමා (NPP) අමාත්‍යවරයාට රත්තරන් බඩු, යාන වාහන තබා ගැනීම අකැපද?  කොළඹ තදාසන්න නගරයක තට්ටු නිවාසයක්, කොටස් වෙළෙඳපොළේ ආයෝජන තබා ගන්න බැරිද? ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල ආයෝජනය කිරීම අපරාධයක්ද? ලාල්කාන්ත ඇමැතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ මෙවැනි විවාදයක් සමාජයේ මතුවෙලා තිබෙනවා. වසර 30 ක් ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයේ සිටි මොහු […]

The post NPP, නිර්ධන පංතියෙන් ධනපති පංතියට යන විප්ලවයක්..! appeared first on විවරණ.

]]>
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මාලිමා (NPP) අමාත්‍යවරයාට රත්තරන් බඩු, යාන වාහන තබා ගැනීම අකැපද?  කොළඹ තදාසන්න නගරයක තට්ටු නිවාසයක්, කොටස් වෙළෙඳපොළේ ආයෝජන තබා ගන්න බැරිද? ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල ආයෝජනය කිරීම අපරාධයක්ද?

ලාල්කාන්ත ඇමැතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ මෙවැනි විවාදයක් සමාජයේ මතුවෙලා තිබෙනවා. වසර 30 ක් ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයේ සිටි මොහු කෝටි ගණනක වත්කම්වලට හිමිකම් කීවේ කොහොමද කියලා ඇතමුන් ප්‍රශ්න කරනවා. ජවිපෙ මාක්ස් -ලෙනින්වාදී පක්‍ෂයක් කීවාට ඔවුනුත් ධනපතියන් නේද කියලා විශ්මය පලකරනවා. බොහෝ දෙනෙක් මාක්ස්වාදයටත් පහර දෙමින්ම ලාල්කාන්තගේ වත්කම් ගැන විවේචනය කරනවා.

සුළු ධනේෂ්වරයේ ස්වභාවය කොහොමද? ඔවුන්ට කුඩා පරිමාණයේ නිෂ්පාදන මාධ්‍ය තිබෙන, ඇතැම් විට සේවකයන් සිටියත් තමන්ද ශ්‍රමය වැය කරන, ආර්ථික වශයෙන් ඕනෑම මොහොතක පහළට වැටෙන්නට පුළුවන් සමාජ තීරුවක්. ඔවුන්ගේ මේ ආර්ථික රටාව නිසා කම්කරු පන්තියට වාගේ ස්ථාවර වැටුපක් හෝ නැහැ. නමුත් ඔවුන් සැම විටම සිතන්නේ අනාගතයේදී තමන්ට විශාල ධනපතියෙක් බවට පත්වෙන්න පුළුවන් කියලා. මේ ව්‍යාජ සිතුවිල්ල නිසාම මොවුන්ගේ දෘෂ්ටිවාදය ධනපති දෘෂ්ටිවාදය විනා මාක්ස්වාදී දෘෂ්ටිවාදය නම් නොවේ.

දෘෂ්ටිවාදය ධනපති  වුවත් ඔවුන්ගේ ආර්ථික අස්ථාවරභාවය නිසා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න යන්නේ නැහැ. මහ පරිමාන ෆැක්ටරි, කර්මාන්තශාලා හදන්න යන්නේත් නැහැ. මොකද ධනේෂ්වර දෘෂ්ටිවාදය විසින් ඔවුන්ගේ සිත්තුළ බියක් ජනිත කර තිබෙනවා මහා පරිමාණ වැඩ වලට අත ගහලා වැරදුනොත් තමන්ව කම්කරුවෙක්ගේ තත්වයට වැටෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් කොටස් වෙළෙඳ පොළ, ක්‍රිප්ටෝ කරන්සි, ක්‍ෂුද්‍ර මූල්‍ය වැනි ආයතනවල තමන්ට ලැබෙන ලාභ මුදල් ආයෝජනය කරනවා. ලාල්කාන්ත ඇමැතිවරයා වරක් නිවැරදිව කිව්වාසේම මේවා සූදු කෙළීමක්.

මහ පරිමාණ සමාගම්වල කොටස්කරුවෙක් බවට පත්වීමෙන් මමත් දැන් ධනේෂ්වර පංතිය සමඟ එක්වෙලා ඉන්නවායැයි සුළු ධනේෂ්වරයා යටි සිතින් තෘප්තිමත් වෙනවා. එවගේම මෙලෙස ආයෝජනය කිරීමෙන් දවස පුරා වෙහෙස මහන්සි නොවී ලාභයක් උපයා ගන්න පුළුවන් කියලා මේ සුළු ධනේෂ්වරය තේරුම් ගන්නවා. රහසින් ධනපතියෙක් වෙමින් එළිමහනේ දුගියෙක් ලෙස පෙනී සිටින මෙවැනි ප්‍රතිවිරෝධතාවක යන ගමනක් සුළු ධනේෂ්වරයාට උපතින්ම උරුමයි. එමනිසා ඔහු හැම විටම ගන්ධබ්බයෙක්, දෙබිඩ්ඩෙක් බවට පත්වෙනවා. 

ආණ්ඩු බලයක් ලද විටදී මේ දෙබිඩි අන්තර්භවයෙන් මිදී සෙමෙන් සෙමෙන් සුළු ධනේෂ්වර හැව අරිමින් තමාගේ විඥ්ඥානයේ තෙරපෙමින් තිබූ ධනපති ආශාව ක්‍රියාත්මක වීම පටන් ගන්නවා. එම ආශාව ක්‍රියාත්මකවීම තමයි ධනේෂ්වර සමාජ, ආර්ථික, දේශපාලන පමණක් නොව සංස්කෘතික වෙනස්වීමක් ලෙසින් අපට දැක ගන්නට තිබෙන්නේ. අපි උදාහරණ කීපයක් බලමු.

රුපියල් ලක්‍ෂ 4 කට වැඩි වැටුපක් ලබන්නෙක් රුපියල් 55,000 ක පමණ මුදලක් බදු වශයෙන් රජයට ගෙවන්න ඕන. නමුත් ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙමින් ඔවුන්ට රු.40,000 ක පමණ බදු සහනයක් ලබා දුන්නා. මොකද ධනේෂ්වර ක්‍රමය නඩත්තු කරමින් එය පවත්වාගෙන යන ආයතනය තමයි  පාර්ලිමේන්තුව කියන්නේ. එමනිසා එහි නියෝජිතයන්ට සාමාන්‍ය ජනතාවට වඩා විශේෂ වරදාන වරප්‍රසාද දෙන්න ඕන. ඒක තමයි ධනපති ක්‍රමය. නමුත් ජනතාවට නැති කිසිම වරදානයක්, වරප්‍රසාදයක් එපා කියලා ආණ්ඩු බලය ගත්ත “නිර්ප්‍රභූන්” රනිල්ටත් එහා ගිහින් මන්ත්‍රීවරුන්ට තවත් රු,7,500 ක බදු සහනයක් ලබා දුන්නා.  

විරුද්ධ පක්‍ෂවලින් කළ චෝදනා ව්‍යාජ ඒවා බවට පත්කරමින් ජනමාධ්‍ය පිරිවරා පන්සල් ගානේ යනවා. පෙරහැර කරනවා. මඟුල් බෙර, සක් හඬ මැද නාමපුවරු විවෘත කරනවා. ධනපති ආර්ථික ක්‍රමයවන ගෝලීය ධනවාදය එක්ක අත්වැල් බැඳගෙන ගමනක් යනවා. 2002 –  2004 කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙනා ලිබරල් දක්‍ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කරන්න ජවිපෙ එදා ඉඩ දුන්නේ නැහැ. නමුත් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති යටතේ මාලිමා ආණ්ඩුව එම වැඩ සටහන “හෙමිහිට යටින් කරගෙන යනවා.” ඒනිසා ධනේෂ්වර දෘෂ්ඨිවාදීන්ට ආණ්ඩු විරෝධී සටන්පාඨ අහිමි වෙලා හතර අතේ දුවනවා.

කුමාර ජයකොඩි හිටපු අමාත්‍යවරයාට බලයට එන්නට පෙර අත්භවයක දී (සාපේක්‍ෂ ක්‍ෂුද්‍ර) මුල්‍ය වංචාවක් කළ බවට අධි චෝදනා නැගී තිබුණා. ආණ්ඩුවට වසරක් පිරෙද්දී ජයකොඩි අමාත්‍යවරයාගේ ධුර කාලය තුලදී සිදුවූ මහා පරිමාන ගල් අඟුරු වංචාව මේ ධනේෂ්වරයට ඇතුල්වීමේ ප්‍රතිඵලයක්. ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න කලින් දවසේ එතුමා රැකගන්න මාලිමාණ්ඩුව දරපු වීරිය ඔප්පු කරන්නෙත් මේ පවතින තත්වයම තමයි.

එමනිසා විරුද්ධ පක්‍ෂයේ සිටියදී කළ ප්‍රකාශ හා භාවිතාව අද ඔවුන් කරන්නා වූ ප්‍රකාශ සහ භාවිතාවේ ප්‍රතිවිරුද්ධය බවට පත්වී තිබෙනවා. සුළු ධනේෂ්වරයේ තිබෙන්නා වූ නෛසර්ගික ධනේෂ්වර චින්තනය නිසා තමයි මෙවැනි විපරීතභාවයක් ජවිපෙ – මාලිමා නායකයන්ගෙන් පිළිඹිබු වන්නේ. එහෙම නැතිව ඒවා පුද්ගලානුබද්ධ ප්‍රශ්න නොවේ.

වික්ටෝරියානු සමාජයේ දෙබිඩි පිළිවෙතට පහර දෙන රොබට් ලුවී ස්ටීවන්සන් නැමති ලේඛකයාගේ විශිෂ්ටතම නවකතාවක් තිබෙණවා “ජෙකිල් සහ හයිඩ්” (Jekyll and Hyde) කියලා. එකම පුද්ගලයෙක් අවස්තා දෙකකදී මුළුමනින් වෙනස් යහපත් ජෙකිල් හා අයහපත් හයිඩි කෙනෙක් සිටිනා බව ඔහු මේ කෘතියෙන් මනාව පෙන්වා දෙනවා.

මේ විපර්යාසය කුමක්දැයි මාක්ස්වාදී න්‍යායික විමසුමක් කරගත නොහැකිවුනාම පැණි වරකාවලට වගේ මුං කැවුම්වලටත් හෙණ ගහනවා. එතකොට දෙපැත්තට බෙදිලා කොට්ට පොර සෙල්ලම කරනවා. මොළේ කුරුවල් වෙච්ච ඇතමුන් මේ කොට්ට පොර සෙල්ලම් “දෙවැනි බාබු” ලෙස අර්ථ දක්වනවා. ජවිපෙ හොඳ ළමයි අධි පරිහෝජන රටාවකට වැටුණේ ජේආර්ගේ විවෘත ආර්ථිකය නිසායැයි දෙස් දෙවොල් තබමින්ම විරුද්ධවාදීන් මර්දනය සඳහා ජේආර් කෙනෙක් නොවන්නේ මන්දැයි අනුරකුමාර ජනාධිපතිවරයාගෙන් අහනවා. තවත් පැත්තකින් ධනේෂ්වරයේ පරිවාර ආරක්‍ෂකයන්වන සුළු ධනේෂ්වරයන්ද ජවිපෙ – මාලිමා මේ පරිවර්තනයට පහර දෙනවා.

ඔවුන් ජවිපෙ -මාලිමාවන්ගේ  කුල ප්‍රශ්න, ඉංග්‍රීසි භාෂාව කතා කිරීම, ටයිකෝට් එකට හැඩ නොවීම, කනබොන විදිය, ශරීර ලක්ෂණ වැනි අඩුපාඩු පෙන්වමින් උසුළු විසුළු කරනවා. එවැනි අඩුපාඩු නිසා ධනපති පංතිය අවලස්සන කරන්නන්, ධනපති දෙවොලේ කැත කරන්නන් විදියට සම්භාව්‍ය ධනපති පංතිය වෙනුවෙන් පෙනී සිටින්නන් තමයි මේ ඇණුම් බැණුම් කරන්නේ. මේ දුෂ්ඨ ක්‍රියාවේ වඩාත්ම පෙරමුණේ සිටින්නේ රනිල්වාදීන්. සිය “පූජනීය ධනේෂ්වරයට” අපවිත්‍ර, කිළුටු සුළු ධනේෂ්වරය ඇතුල්වීමට කරන්නා වූ උත්සාහයට ඔවුන්ගේ දැඩි විරෝධයක් තිබෙනවා.        

නමුත් මම උත්සාහ කරන්නේ එල්ලවී ඇති චෝදනාවන් මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් විචාරයක් කරන්න. මොකද චෝදනාවන්ට ලක්වෙලා සිටින්නේ මාක්ස් -ලෙනින්වාදී යැයි අඳුන්වා ගන්නා පක්‍ෂයක සාමාජිකයන් නිසා. එවැනි සංදර්භයක් තුළ කම්කරු නායකයෙක්, මාක්ස් – ලෙනින්වාදියෙක් ලෙසින් සමාජය ඉදිරියේ පෙනී සිටින්නෙක්  කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සුරාකෑමේ ( exploitation) අපයෝජනයක්. මොකද කොම්පැනියක, ෆැක්ටරියක කොටස් මිලදී ගන්නේ ඒවා උපයන ලාභයෙන් කොටසක් තමන්ටත් ලබා ගන්න.ප්‍රාග්ධන හිමියාට මේ ලාභය ලැබෙන්නේ කොහොමද? ප්‍රාග්ධන හිමියා විසින් කම්කරුවාගෙන් ලබා ගන්නා වූ අතිරික්ත ශ්‍රමයෙන්. කාල් මාක්ස් මෙය හැඳින්වූවේ ශ්‍රම සූරාකෑම කියලා. එසේනම් කම්කරුවාගේ ශ්‍රමයේ නිසි වටිනාකම නොගෙවා සොරා ගන්නා ලද ලාභයෙන් කොටසක් තමයි කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කිරීමෙන් ලබා ගන්නේ. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කේ.ඩී.ලාල්කාන්ත කම්කරු නායකයා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළත් ආදායමක් ගන්නේ එලෙසම තමයි. ඔහු එසේ කර තිබෙනවා නම් එය සදාචාරාත්මක විනිශ්චයකට එහා ගිය දේශපාලන හා පන්ති ප්‍රශ්නයක්.

එහෙම වෙන්නේ කොහොමද? කොටස් වෙළඳපොළේ ආයෝජනය කළා කියන්නේ නීත්‍යානුකූලව ධනේශ්වර පන්තියේ කොටස්කරුවෙක් වුණා කියන එක. එවිට තමන්ගේ   ආයෝජනයට උපරිම ලාභයක් ලබා ගැනීම සඳහා මැදිහත්වීමක් කරන්න ඕනේ. කොහොමද ඒ මැදිහත්වීම කරන්න වෙන්නේ. කම්කරු අයිතීන්, වරප්‍රසාද කප්පාදු කරන්න,   කම්කරු වැටුප් අවම කරන්න, ආර්ථික ඉල්ලීම් මුල්කරගත් වැඩ වර්ජන කඩා කප්පල් කරන්න, සාමූහික ගිවිසුම් තුළ කම්කරුවන් හිර කරන්න, කම්කරුවන්ගේ වෘත්තීය සමිති සංවිධාන බිඳ දමන්න මෙන්න මෙවැනි ක්‍රියාවන්ට වක්‍රව හෝ ආණ්ඩු බලය පාවිච්චි කරමින් ඝෘජුව ධනපති පංතියට සහාය දෙන්නම වෙනවා. අම්බැක්කේටත් වඩා කැටයම් දාලා මොන මොන පද පෙරළි කළත් මේක තමයි සත්‍යය.

ලාල් කාන්ත ඇමැතිවරයා ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ලබාදෙන සමාගම්වලත් මුදල් ආයෝජනය කළ බවට සමාජ කතාබහක් තිබෙනවා. ඔහුගේ දෙවැනි නිර්ධන නායකයා වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයාටත්, මාලිමාවේ හරිණී අමරසූරිය අගමැතිනියටත් ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල මුදල් ආයෝජනය කර තිබෙන බවට චෝදනා එල්ල වෙනවා. එහෙම වුනත් අගමැතිනියට එය ප්‍රශ්නයක් නොවන්නේ තමන් මාක්ස් – ලෙනින්වාදියෙක් නොවේ කියලා ඇය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තිබෙන නිසා.

 “දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය ( CGAP-Consultative Group to Assist the Poor ) විසින්  නිර්වචනය කර ඇති පරිදි ‘ක්‍ෂුද්‍ර මූල්‍ය’ යනු අඩු   ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැළසීමයි.” මේ ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍ෂුද්‍ර මුල්‍ය ණය යනු කුමක්ද යන්න නිර්වචනය කර ඇති ආකාරයයි.

ඇත්ත, අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ මෙවලමක් විදියට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ධනේෂ්වර සමාජයක් තුළ එහෙම සිදු වෙනවද? නෑ.   සිද්ධ වෙන්නේ ඉතාමත් ඉහළ පොලී අනුපාතිකයකට ශරීර ඇපමත ණය ලබාදීම. එසේ ණය අරගෙන ආරම්භ කරන ව්‍යාපෘතිය අසාර්ථක වුනොත් ඔවුන් දුප්පත්කමේ අඩියටම, කබළෙන් ළිපටම වැටෙනවා. එතකොට සිදුවන්නේ දුප්පතුන්ගෙනුත් දුප්පතුන් සූරා කෑමේ නවීන උපක්‍රමයක් බවට මේ ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් පත්වීම. ධනේශ්වර පන්තිය වෙනුවෙන් සුළු ධනේශ්වරය තවදුරටත් සූරා කන නවීන මෙවලමක් බවට මේ ණය ක්‍රමය පත්වීම. මොකද ලබාගත් ණය මුදලින් ලාභයක් උපයා නැතත් ඒ සඳහා අධික පොලියක් ගෙවන්න වෙන නිසා.

මෙය මාක්ස්වාදී දෘෂ්ටිවාදයට අනුව වැඩපොලේදී සූරා කෑමට ලක්වෙන කම්කරුවා, ගමේ පීඩිතයා ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් මගින් නැවත කරන්නා වූ සූරාකෑමක්. එමනිසා අද පවතින ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල මාක්ස් – ලෙනින්වාදියෙක්ට නොව සහකම්පනයක් හෝ තිබෙන පුද්ගලයෙක්ට මුදල් ආයෝජනයක් කරන්න බැහැ. ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳ මාක්ස්වාදී  විචාරයන් ඉතා නිවැරදි බව පසක් කරන වාර්තාවක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. බීබීසීය විසින් ඉදිරිපත් කර තිබුණ ශ්‍රී ලංකාව පිලිබඳ එම වාර්තාව මෙසේ පවසනවා.

“සියයට 38 ක 48 ක පමණ ඉතා ඉහළ පොලී අනුපාත. දිළිඳුතම පිරිසෙහි සිටින සමස්තයක් ලෙස ලක්‍ෂ 28ක් පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටී. ඉන් බහුතරය (ලක්‍ෂ 24ක්) කාන්තාවන්‍ ය. පසුගිය වසර 03 ක කාලයේදී ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා 200 කට අධික පිරිසක් කාන්තාවන් සිය දිවි නසාගෙන ඇත. මෙම අර්බුදය තුළ දැවැන්ත කාන්තා හිංසනයක් නිර්මාණය වී ඇත. මෙරට 15,000 ක් පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ආයතන පවතින බව සදහන් වේ.ණය එකතු කරන නිලධාරීන්ගේ ලිංගික අඩම්තේට්ටම්වලට මුහුණ පෑමට පමණක් නොව ලිංගික අල්ලස් පවා දීමට සිදුව ඇති බවටද ණය හිමියන් පැවසූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

මේ තත්වයන්ගෙන් හිංසනයට ලක් වූ කාන්තාවන් හා ණය කරුවන් ගලවා ගැනීමට ආණ්ඩු බලය ලබාදෙන ලෙස ජාතික ජන බලවේගය ඉල්ලා සිටියා. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු මේ වෙනුවෙන් සම්මත කරන ලද නව කෙටුම්පත ගැන “යුක්ති සාමූහිකය” නම් වූ සංවිධානය බරපතල චෝදනාවන් එල්ල කරනවා.

“ක්‍ෂුද්‍ර මූල්‍ය සහණ නියාමන අධිකාරි නව පනත් කෙටුම්පත” ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් නියම කරන ලද ප්‍රාග්ධන හිතකාමී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ස්ථාපනය කිරීමට මිස කොල්ලකාරී ණය දෙන්නන්ගෙන් වින්දිතයන්ගේ අවශ්‍යතා ආරක්‍ෂා කිරීමට නොවේ. 2016 ක්‍ෂුද්‍ර මුල්‍ය පනතේ සිට රනිල් වික්‍රමසිංහගේ 2023 දැක්ම දක්වාම ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ණය හරහා මෙම ප්‍රතිගාමී නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කර ඇත.”

දැන් ප්‍රශ්නය පැන නඟින්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කම්කරු නායකයාට හා දෙවැනි කම්කරු නායක වසන්ත සමරසිංහට එල්ල වී තිබෙන චෝදනා සත්‍යද යන්නයි. කොටස් වෙළෙඳපොළේ, ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගමවල මේ දෙදෙනා මුදල් ආයෝජනය කර තිබේද?  ඒවා සත්‍යනම් ජවිපෙ මොවුන් දෙදෙනා වෙනුවෙන් කුමන තීරණයක් ගන්නේද? චෝදනාත් සත්‍යනම් පක්‍ෂය ඔවුන් වෙනුවෙන් කිසිම පියවරක් නොගන්නේ නම් ජවිපෙට මාක්ස් – ලෙනින්වාදී පක්‍ෂයක් ලෙස තව දුරටත් පෙනී සිටීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?

වෙනදා විචිත්‍රවත් මැයිදින පවත්වන ජවිපෙට මෙදා පුළුවන් රාජ්‍ය අනුග්‍රහය සහිතව වඩාත් විචිත්‍රවත් මැයිදිනයක් කරන්න. චෝදනා සත්‍ය නම් එකී මැයි දිනයේ ලාල්කාන්තලා, සමරසිංහලාත් සිටිනවානම් ජවිපෙට පුළුවන් විවෘත ප්‍රකාශයක් කරන්න. අපි මෙතැන්සිට ගමන් කරන්නේ ධනේෂ්වර සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික මාවතේ බව ජනතාවට සත්‍ය කියන්න. එවැනි නිර්භීත තීන්දුවක් ප්‍රකාශයට පත්කළොත් රනිල්ගේ සිට සියළුම ධනපතීන් අර්බූදයට යනවා සත්තයි. ජනතා අධිකරණයෙන් ජවිපෙ නිදොස්කොට නිදහස් වෙනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ වත්කම් උපයා ගත් හැටි අධිකරණයට පහදා දෙන්න. සල්ලි තිබෙනවානම් දක්ෂ නීතිඥයෝ ඉන්නවා. ඉන්පසු ඔය පොතේගුරුවාදී ජවිපෙ කේඩර්වාදීන් අතලොස්සක් ඇර සියල්ලෝම සතුටින් ජීවත් වේවි.

The post NPP, නිර්ධන පංතියෙන් ධනපති පංතියට යන විප්ලවයක්..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/npp-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b4%e0%b6%82%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b6%82/feed/ 0
යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ.. https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%89/ https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%89/#respond Mon, 23 Mar 2026 10:37:18 +0000 https://vivaranalk.com/?p=14604 ඇමරිකාව හා ඊශ්‍ර්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැලැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්.  ඔහුගේ අභිලාෂය වුණේ මුළු මැද පෙරදිග කලාපයේ සුන්නි, ෂියා වැනි ඉස්ලාම් ආගමෙන් බිඳී ගිය සියළු ආගමික කොටස් එකතු කරළා මුස්ලිම් කියන ජාතික අන්‍යයතාවයට ගෙනෙන්න. ඒ තුළින් මැද පෙරදිග ඉරාන […]

The post යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ.. appeared first on විවරණ.

]]>
ඇමරිකාව හා ඊශ්‍ර්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැලැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්. 

ඔහුගේ අභිලාෂය වුණේ මුළු මැද පෙරදිග කලාපයේ සුන්නි, ෂියා වැනි ඉස්ලාම් ආගමෙන් බිඳී ගිය සියළු ආගමික කොටස් එකතු කරළා මුස්ලිම් කියන ජාතික අන්‍යයතාවයට ගෙනෙන්න. ඒ තුළින් මැද පෙරදිග ඉරාන ආරක්‍ෂක යාන්ත්‍රණය ගොඬනැගීමේ දිගු කාලීන සැළසුමක් ඔහු සතුව තිබුණා.

ඇමරිකන් සහය ලැබූ ISIS  (Islamic State of Iraq and Syria)  සන්නද්ධ පිරිස් අසාද්ගේ සිරියාවෙන් පලවා හැරීමට සුලෙයිමානී ජෙනරාල්වරයා වරක් කුර්දි සටන්කාමීන්ද තම හමුදාවට එකතු කරගත්තා. මැද පෙරදිග කලාපයේ බොහෝ පාලකයන් බ්‍රිතාන්‍ය සම්භවයක් තිබෙන හා ඇමරිකන් රූකඩයන් වීම සුලෙයිමානී හමුදා නායකයාට සිය ඉලක්කය සපුරා ගැනීමට සරු බිමක් නිර්මාණය කරළා තිබුණා.

මේ මහා අනතුරේ ඉව වැටුන ඇමරිකානු CIA – මොසාඩ් ඔත්තු සේවාවේ ඉලක්කයට 2020 ජනවාරි 03 වෙනිදා කාසෙම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා ගොදුරු වුණා. ජෙනරල්වරයා ඝාතනය කළත් ඉරානයේ සිටි ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මුස්ලිම් ඒකාබද්ධ රාජ්‍ය වැඩ පිළිවෙල දිගටම ක්‍රියාත්මක කළා. 

කාසෙම් සුලෙයිමානි [Qassem Soleimani]

සාම සාකච්ඡා මේසයේ සිටියදීත්, රාමසාන් උපවාස සමයේ නොසිතූ මොහොතක ඔහුගේ ඝාතනය ඉක්මන් වන්නේ මේ නිසා. අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයත් සමග ඉරානයේ ආගමික රාජ්‍යය බිඳ වැටේවි යැයි ට්‍රම්ප් – නෙතනියාහු ජෝඩුවගේ තක්සේරුව වුණා.

යුද්ධය මාස ගණනක් තිස්සේ ඇඳී ගියොත් ඇමරිකානු කොටස් වෙළෙඳපොල කඩා වැටෙනවා. ට්‍රම්ප් බොහෝවිට ආක්‍රමණයන් හා පහරදීම් සඳහා සිකුරාදා දිනයන් යොදා ගන්නේ ඒ නිසා. දින තුන හතරකින් සියල්ල අවසන් කළාම සඳුදා වනවිට කොටස් වෙළෙඳපොලට බලපෑමක් වෙන්නේ නෑ. 

නමුත් කෙහෙල් ගහට කෙටූ කොට්ටෝරුවා සේ ඉරාන ප්‍රහාරයෙන් ගැලවෙන්න බැරි ලෙස ට්‍රම්ප් පැටලුනා. මාර්තු 21 වෙනිදා වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඉතා සීඝ්‍රයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළ පහළ වැටුණා.

ඇමරිකන් කොටස් වෙළෙඳපොළේ අද ආධිපත්‍ය දරන්නේ ට්‍රම්ප්ගේ කොන්සවිටිව් පක්‍ෂයේ සකර්බර්, එලෝන්මස්ක් වැනි ජාවාරම්කාර ධනපතියෝ. එමනිසා කොටස් වෙළෙඳපොළ කඩා වැටීමේදී ට්‍රම්ප්ට ඔවුන්ගෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා. ඉරාන යුද්ධය විවේචනය කරමින් “එක්සත් ජනපද ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්තානයේ” ජෝ කෙන්ට් අධ්‍යක්ෂකවරයා ධූරයෙන් ඉල්ලා අස්වුණේ මේ ව්‍යාපාරිකයන්ගේ බලපෑම නිසා. 

ජෝ කෙන්ට් [Jo Kent]

දින 30 කට ඉරාන තෙල් ප්‍රවාහනයට ට්‍රම්ප් අවසර දෙන්නේත්, ගෑස් හා තෙල් නිධීවලට පහර නොදෙන ලෙස නෙතනියාහුට තරවටු කරන්නේත් මේනිසා. ට්‍රම්ප් ඇමරිකන් ජාවාරම්කාර ධනපති පංතියට වග වෙනවා. කමලා හැරීස්ලා නියෝජනය කරන්නේ පාරම්පරික මහා ධනකුවේරයන් නිසා ඉරානයට පහරදීම මාස ගණනක් වුවත් ඇදගෙන යනවා.

ආධ්‍යාත්මික නායකයාගේ ඝාතනයත් සමග ඉරාන පාලන තන්ත්‍රය බිඳ වැටේවි කියලා තිබූ නිගමනය වැරදී නොසිතූවිරූ ලෙස ඉරානය එක්සත් වුණා. ගුවන් හෝ මිසයිල් ප්‍රහාර වලින් පමණක් ඉරාන ආගමික පාලන තන්ත්‍රය වෙනස් කරන්න බැරි බව ඔවුන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩියි. පාලනයේ වෙනසක් කරන්නනම් ගොඩබිම් යුද්ධයක් කරන්නම වෙනවා.

ඒත් ඉරාකයේ වගේ යුද ටැංකි ගේන්න බැහැ. සොල්දාදුවන් පැරිෂුට් වලින් තමයි බාන්න වෙන්නේ. ඒක ඇමරිකන් සොල්දාදුවන්ට මරණීය අනතුරක්. යුද්ධයෙන් තුවාල ලබන සොල්දාදුවන් දැනටමත් ජර්මනියට රැගෙන යන්නේ ඇමරිකන් යුද විරෝධී ජනතා මතය තවත් උත්සන්න වෙන නිසා. මේවන විට ඇමරිකන් යුදවාදී ජනතා මතය 20% ගණනකට අඩුවෙලා.  

මේවන විට ඇමරිකා – ඊශ්‍රායල් ප්‍රහාර ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාස කිරීම ආරම්බ කරළා. මේ තුළින් ඉරාන ජනතාව සා පිපාසාවෙන් දිගු කාලීන මරණයකට ලක් කරළා තිබෙනවා. පානීය ජලය නැති වී මිනිසුන් ඉබේම මැරී වැටෙද්දී ඉරාන රාජ්‍යයට විරෝධයක් ගොඬනැගීම මේ කෲර ප්‍රහාරයේ අරමුණ කියන එක ඉතා පැහැඳිළියි. 

මෙයින් ඉරාන හමුදාවත් අඩපන වෙනවා. මේ ලෙස කෑම බීම ජලය පවා නොමැතිව ඉරාන ජනතාවගේ වෛරයට පාත්‍රවෙන ඉරාන රාජ්‍යය දෙවනුව සිවිල් යුද්ධයකට මැදි කිරීම තමයි ට්‍රම්ප්ගේ මීළඟ යුද උපාය වෙලා තියෙන්නේ.ඒ සඳහා ඔවුන් තෝරා ගන්නා හමුදාවන්ගෙන් එකක් තමයි ඉරාක කුර්දි හමුදාව. කුර්දිවරුන් ඉරානය, ඉරාකය, සිරියාව, තුර්කිය යන රටවල විසිරිලා ඉන්නේ.

කුර්දි හමුදාව කඳු, හෙල්, කාන්තාර සටන් සඳහාම පුරුදු පුහුණු වෙච්ච හමුදාවක්. ඇමරිකාව ඉරාක කුර්දිවරුන්ට “කැරට් අල” පොරොන්දුවක් දීලා තිබෙනවා මැද පෙරදිග කුර්දි ස්වාධීන රාජ්‍යයක් ගොඬනගා දෙනවා කියලා. ඉරාක කුර්දි කණ්ඩායම් ඇමරිකාව ගහන ගහන පදේට නටන්නේ කුර්දි රාජ්‍ය ලබා ගැනීමේ සිහිනය නිසා. ඒක බාලගිරි දෝෂය වගේ.

සිරියාව පරාජයට පත්වී අසාද්ට රුසියාවට පැනයන්නට සිදුවුණා. අසාද් පරාජය වුණේ ට්‍රම්ප්ගේ ඉල්ලීමට කුර්දි හමුදාවන් සිරියානු හමුදාවට පහර දීමට එකතු වුණ නිසා. නමුත් ස්වාධීන කුර්දි රාජ්‍ය ලැබුණේ නැහැ.

කුර්දි හමුදාව ඉස්ලාමීය හමුදාවක් වුණත් මේ දක්වා ඊශ්‍රායලයට පහර දෙන්න හෝ පලස්තීනය බේරා ගන්න ඉදිරිපත් වෙලා නැහැ. මේක කුර්දි හමුදාවන්ගේ ඇමරිකාව පිළිබඳ තිබෙන විශ්වාසය මනාව පෙන්වන හොඳ උදාහරණයක්. 

ඇමරිකාවේ උපායවී තිබෙන්නේ මේ වෙලාවේ කුර්දි හමුදාවක් ඉරානයට යැවීමෙන් ඉරානය තුළ සිටින කුර්දිවරුන්ගේ සහය ඔවුන්ට ලබා ගන්න. කෝටි 09 ක් පමණ වන ඉරාන ජනගහනයෙන් 5% ක විතර සංඛ්‍යාවක් කුර්දිවරු ඉන්නවා. මේ ජනතාව ඉරානය තුළ කුර්දිස්තානයක් සෑදීම වෙනුවෙන් පෙරුම්පුරමින් ඉන්නේ.

කුර්දිවරුන් ඉරානය, සිරියාව, තුර්කිය හා ඉරාකයේ සිටින සන්නද්ධ කණ්ඩායම්. උතුරේ සිටි සටන්කාමී සන්නද්ධ කණ්ඩායම වගේ ස්වාධීන කුර්දි රාජ්‍යයක් ලබා ගැනීම මේ සියල්ලනගේ අරමුණ වුවත් ඒ සඳහා වූ එක් මතයක් ඔවුන් අතර නැහැ.

ට්‍රම්ගේ සැළැස්මේ ආරම්බය ලෙස තමයි පළමු ප්‍රහාරයට කුර්දි හමුදාව යැවීමට කැස කවන්නේ. මේ බව දන්නා ඉරාන හමුදාව ඉරාක කුර්දීන්ට පහරදීම ආරම්බ කරළා. ඉරානයේ යුද ශක්තිය ඉදිරියේ කුර්දිවරුන් තවම වැට උඩ ඉන්නේ. ඉරානය පරාජයවන ළකුණු පහළ වුණොත් ඔවුන් අනිවාර්යෙන්ම පළමුව ඉරානයට ඇතුල් වෙනවා. 

ඉරාක කුර්දිවරුන් දැනට ප්‍රකාශ කර තිබෙන්නේ අපි ඉරාන දේශසීමාව අසලට යන්නේ අපගේ කුර්දිස්තානයේ ආරක්ෂාවට කියලා. ඉරාකය ෂියා මුස්ලිම් බහුතර රටක්. එමනිසා කුර්දි හමුදාවන් ඉරානයට පහර දුන්නොත් ඉරාකයේ සිටින ෂියා මුස්ලිම්වරුන් හා කුර්දිවරුන් අතර ගැටුමක් නිර්මාණය වෙන්නත් පුළුවන්.

ඉරානය තුළදී කුර්දි හමුදාව හා ඉරානය ගැටෙන විට ඉරානයේ සිටින තම ජාතීන් බේරා ගැනීමේ මුවාවෙන් මැදිහත්වීමක් කරන බවට අසර්බයිජාන් රාජ්‍යය ට්‍රම්ප් එකඟ කරවා ගෙන තිබෙන්නේ. අසර්බයිජාන “ඇසේරි” ජාතිකයන් බහුතරයක් ජීවත්වෙන්නේ ඉරානයේ. ඒක කොපමනද කිවොත් ඉරාන ජනගහනයෙන් 16% ක විතර ප්‍රතිශතයක්. නමුත් සිය මව්බිම වූ අසර්බයිජානය තුළ මොවුන් සිටින්නේ මිලියන 10 ක වගේ ප්‍රමාණයක්.

අසර්බයිජානයත් ඉරානයේ දේශසීමා රාජ්‍යයක්. ඔවුනටත් ඉන්නවා ඉතාම දියුණු ගොඩබිම් හමුදාවක්. මෙයට අවුරුදු දෙක තුනකට පෙර ආර්මේනියාවත් එක්ක යුද්ධ කරළා ඒ රට යටත් කර ගත්තා. අසර්බයිජානය තෙල් හා ගෑස් සම්පත්වලින් පිරුණු රටක්. යුද්ධයේදී අර්මේනියාවෙන් අල්ලා ගත් ප්‍රදේශත් තෙල් සම්පතින් අනූනයි.  

මේ ගෑස් හා තෙල් යුරෝපයට නළ මාර්ගයෙන් ගෙනියන්නේ ඉරානය හා තුර්කිය හරහා. ඒනිසා අර්මේනියාවට සිදුවෙලා තිබෙනවා ඉරානයත් එක්ක හැම තිස්සේම සමාදානයෙන් කාලය ගෙවන්න. මේ පීඩනය දඩමීමා කරගනිමින් තමයි ඉරානයට එරෙහිව අසර්බයිජාන් හමුදාව උසි ගැන්වීමට ඇමරිකානු CIA  ඔත්තු සේවාවන්ට හැකිවුණේ.

ඇමරිකන් ජනාධිපතිවරයාගේ ගණන් බැලීම වී තිබෙන්නේ ඇසේරි ජනතාවගේත් සහයෝගය මත ඉතා පහසුවෙන් අසර්බයිජාන් හමුදාවන්ට ඉරානයේ කොටසක් අල්ලා ගැනීමට හැකිවේවි කියලා. එසේ අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ට කිසිම බාධාවකින් තොරව යුරෝපයට තෙල්- ගෑස් බිස්නස් එක කරගෙන යන්න පුළුවන් බව පෙන්වා දී තිබෙනවා. 

තමන් NATO  ව එක්ක ඉතා මිත්‍රශීලීව වැඩ කරන අතර තුර්කිය NATO වේ සාමාජික රටක් නිසා ඔවුන් ගෙන් බාධාවක් එල්ල නොවන බව අසර්බයිජානයේද පිළිගැනීම වී තිබෙනවා.

ඉරානයේ තවත් මායිම් රටක් වූ පකිස්තානයේ තිබෙන බලුකිස්තානයේ “බලෝචි” ජාතිකයන්ද මාන බලමින් ඉන්නේ තමන්ගේම කියලා ස්වාධීන රාජ්‍යයක් හදා ගන්න. ඉරානයේත්  2% ක පමන බලෝචි ජනතාවක් දේශ සීමා මායිමේ ඉන්නවා අපේ කොටුව, පිටකොටුව වෙන්වුණා වගේ. බලෝචි ජාතික ජන කොටස බොහොම දුගී නිසා ඇමරිකානු CIA එකට ඔවුන් මිලදී ගැනීම බඩේ බත් වගේ ස්ථිරයි. පකිස්තානය අද සමීප සම්බන්ධතා පවත්වාගෙන යන්නේ ඇමරිකාවත් එක්ක නිසා එය තවත් පහසු වෙලා තිබෙණවා.

පකිස්ථානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සිදුවන්නේ හා ඒවාට පැමිණි චීන ඉංජිනේරුවන් නැවතී සිටින්නේද බලුකිස්තානයේ. මේ ව්‍යාපෘතිවලට හා ඉංජිනේරුවන්ට ඇමරිකානු CIA මෙහෙයවීමෙන් බලෝචි ජාතිකයන් ආයුද සන්නද්ධ කරළා අදටත් ප්‍රහාර එල්ල කරනවා. 

මේ පර්සියන් ජාතිකත්වය තව වගාදිගා කරළා පර්සියන් “ජාතික අභිමානය” වස්ති කරවීම CIA – මොසාඩ් එකට මහ කජ්ජක් නෙමේ. මේවා ලංකාවේදී අපත් අත්දුටුවා. ට්‍රම්ප් – නෙතනියාහුගේ මේ නව යුද උපක්‍රමය සාර්තක වුණොත් ඉරානය කැබළි වලට කැඩිලා වෙන්වෙලා යන එක වළක්වන්න බැහැ.

නමුත් තීරණාත්මක තීන්දුව කුර්දීන් සතුයි. කුර්දි හමුදාවක් පළමුව ඉරානයට ඇතුල්වීමට එකඟවුණොත් ඒ පසුපස ඇමරිකන් ගොඩබිම් හමුදාවක් යැවීම ට්‍රම්ප්ට කරන්න පුළුවන්. ඉරාන යුද්ධය නොසිතූ ලෙස ඇදී යද්දී ආගමික යුද්ධයක් බවට පරිවර්තනය කිරීමට ට්‍රම්ප් ගැසූ ට්‍රම්ප් එක උපන්ගෙයිම මරණයට පත්වුණා. එමනිසා තමයි ඉරානය සිවිල් යුද්ධයක පටලවන්න දෙවනුව සැළසුම් කළේ.

ආගමික යුද්ධය මරණයට පත්වීමට පාදක වූ බොහෝ සාධක තිබෙනවා. එයින් එකක් තමයි ආගමික යුද්ධයක් බවට ප්‍රකාශ කළොත් ඇමරිකන් හමුදාවේ චිත්ත ධෛර්ය බිඳ වැටේවි කියන ඇමරිකන් පූජකයන්ගෙන් නැගුණු චෝදනාව. එවගේම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝණයවීමක් මේ තුළින් සිදුවන බවට මතුවුණු තර්කය. ඇමරිකානු ජනතාවගෙන් මතුවුණු බලවත්ම විරෝධය තමයි ට්‍රම්ප් යුද්ධ කරන්නේ මැදපෙරදිග යුදෙව් රාජ්‍යයේ ආරක්‍ෂාව හා එහි පැවැත්ම වෙනුවෙන් කියලා.

නමුත් යුදෙව්වන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ ක්‍රිස්ත්‍රියානි හෝ ඉස්ලාම් දහම ආරක්‍ෂා කරන්න. නෙතනියාහුට අවශ්‍ය ක්‍රිස්ත්‍රියානි හා ඉස්ලාම් ආගම් දෙකම අවසාන කරමින් මුළු මැදපෙරදිග කලාපයේ යුදෙව් රාජ්‍යයක් ගොඬනගා ගන්න. එමනිසා ආගම කියන කඩතුරාවෙන් මේ යතාර්තය වහන්න එපා කියලා ඇමරිකන් ජනතා විරෝධයක් මතුවුණා. 

මේ පරස්පරය මතවාදීමය වශයෙන් ජය ගන්න ට්‍රම්ප්ට බැරිවුණා. නමුත් වතුර යට සැඟ වූ රබර් බෝලයක් වගේ එකී උත්සාහය තවමත් තිබෙණවා. එබැවින් ට්‍රම්ප්ගේ යුද ආගමික ට්‍රම්ප් එක අවසන් වුණා කියලා අප හිතන්න හොඳ නෑ. මතවාදී ප්‍රචාරනය අතින් ඇමරිකාව සිටින්නේ ලෝකයේ පළමුවෙනි ස්ථානයේ.

ඇතැම්විට මුජ්තාබා කමේනි ඉරාන නව ආධ්‍යාත්මික නායකයා ඇමරිකාව අටවන මේ සිවිල් යුද්ධයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එහෙම වුණොත් ට්‍රම්ප්ට නොහැකිවුණු ආගමික යුද්ධය ඉරාන නව ආධ්‍යාත්මික නායකයා ආරම්භ කරාවි. එවැනි විභවයක් නව නායකයාට තිබෙනවා කියලා පෙනෙනවා. 

මුජ්තාබා කමේනි [Mujtaba Khamene]

ඝාතනයට ලක්වූ හිටපු ආධ්‍යාත්මික නායකයාත්, හමුදා ජෙනරාල්වරයාත් සැළැසුම් කළේ මැද පෙරදිග මුස්ලිම් ජාතිය ගොඬනගන්න. අසර්බයිජානයේ, ඉරාකයේ, ඉරානයේ සහ ගල්ෆ් කලාපයේ රටවල සිටින සියළුම මුස්ලිම්වරුන් එකතු කරළා ක්‍රිස්තියානියට හා යුදෙව් ආගමට විරුද්ධ “කුරුස යුද්ධයක්” ආරම්භ කරන්න.

ඒ වෙනුවෙන් සුන්නි, ෂියා බේදය අත් හැරලා අපි ඔක්කොම “ඉමාම්ගේ සොල්දාදුවෝ” කියලා මුස්ලිම් ආගම ලෙසින් අවදි කරවා ගන්න. ඉමාම් කියන්නේ ඉස්ලාමීය නායකයෙක්. සුන්නිවරුන්ට අනුව ප්‍රධාන වශයෙන් යාඥා මෙහෙයවන තැනැත්තෙක්. නමුත් ෂියාවරුන්ට ඔහු ක්‍රිස්තියානුවන්ට ශුද්ධ වූ පාප්මෙන් දෙවියන් විසින් පත් කරන ලද ශුද්ධ වූ අධ්‍යාත්මික මග පෙන්වන්නෙක්.

භෞතිකවාදීන් වන අප පිළිගන්නේ භෞතිකය විසින් මිනිසා නිර්මාණය කරන්නා වූ සත්‍යය. ඒකයි මා මුලදී කීවේ ඉරාන නව ආධ්‍යාත්මික නායකයාට මේ සටන ජය ගැනීමේ විභවයක් තිබෙනවා කියලා. ඉරානය පරමාණුක අවි  බලවතෙක් වූ විගස ඇමරිකන් විරෝධී සියලුම මුස්ලිම් ජනතාව තම රාජ්‍යයන්ට බල කරනවා ඉරානය හා එකතුවෙන්න කියලා.

මිසයිල තුඩේ ඇමරිකාව දක්වාවුවත් පරමාණු බෝමබ ගෙනයාහැකි අන්තර් මහද්වීපික මිසයිල තිබෙනා බව ඉරාන ජනතාවගේම මැද පෙරදිග කලාපයේ මුස්ලිම් ජනතාව තේරුම් ගන්නවා දැන් ක්‍රිස්තියානී ඇමරිකාවෙන් හෝ සීයොන්වාදී ඊශ්‍රායලයෙන් තමන්ගේ ආගම ආරක්‍ෂා කරන්න රටක් තිබෙනවා කියලා. එමනිසා ඉරානය දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වෙනවා. බලයකින් බලයක් උපද්දවන්න පුළුවන් කියන්නේ ඒකයි.

මුජ්තාබා කමේනි ඉරාන නව ආධ්‍යාත්මික නායකයා ධූරයේ වැඩ බාරගනිමින් “අපි පරමාණුක ශක්තිය පිළිබඳ වූ සියළුම ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වෙනවා” යි ප්‍රකාශ කළා. යුද්ධය නතර කිරීමට ඉරාන ජනාධිපතිවරයා යෝජනා 03 ක් ඉදිරිපත් කළා. එහි එක් යෝජනාවක් වූවේ  “ඉරානය ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගත යුතුයි” යි කියලා. 

එයින් ප්‍රකාශ වන්නේ ඔවුන්ට අවශ්‍ය, උවමනා පරමාණුක අවිද ඇතුළත් ඕනෑම දෙයක් ඉරානය තුළ නිෂ්පාදනය කිරීමේ අයිතිය ලෝකය පිළිගත යුතුය යන්නයි. ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ (SNSC) නව ලේකම් ධූරයට පත්වුණේ  බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් දෙහ්ගන්ය. ඔහු ඉතිහාසයේ ඉතා බිහිසුනු මෙහෙයුම්වලට නායකත්වය සැපයූ කෙනෙක් ලෙස ප්‍රකට වී තිබෙණවා. 

ඇමරිකන් අධිරාජ්‍යවාදයේ ආධිපත්‍ය ලොව පුරා බිඳ වැටීම හමුවේ, උන්ගේ නග්න මිලේච්ඡත්වය අද එළිපිටම ප්‍රදර්ශනය වෙනවා. යන යකා කොරහත් බිඳගෙන යන්නේ කියන්නාක් මෙන් කඩා වැටෙන ඇමරිකාව න්‍යෂ්ඨික අවි තරගයකයට මුළු ලෝකයම ඇද දමනවා. 

The post යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ba%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%89/feed/ 0
ජනවාරිය කළු වුනේ දිවිපිදූ සියළු ජන මාධ්‍යවේදීන් වෙනුවෙන්.. https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%af/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%af/#respond Mon, 19 Jan 2026 07:25:10 +0000 https://vivaranalk.com/?p=14388 මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ “ජන බලය සාමූහිකය” විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලත් කතාවක් කළා. ඔහු කියනවා ජනවාරි මාසයේ මරාදාපු ජනමාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන්  පුස්සෙවෙල තමයිලු කළු ජනවාරි සංවිධානය හැදුවේ. නම තිබ්බෙත් එයාලු. ඒ වෙනුවෙන් ඔහු පාරටත් ආවලු. මේවා අහලා පණ පලයං පෙරේදා කිව්වලු. ව්ලැඩිමීර් පූටින් මෙන් මාධ්‍යවේදී දුමින්ද සම්පත්ද වරෙක සභාපති හා වරෙක ලේකම් ලෙස […]

The post ජනවාරිය කළු වුනේ දිවිපිදූ සියළු ජන මාධ්‍යවේදීන් වෙනුවෙන්.. appeared first on විවරණ.

]]>
මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ “ජන බලය සාමූහිකය” විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලත් කතාවක් කළා. ඔහු කියනවා ජනවාරි මාසයේ මරාදාපු ජනමාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන්  පුස්සෙවෙල තමයිලු කළු ජනවාරි සංවිධානය හැදුවේ. නම තිබ්බෙත් එයාලු. ඒ වෙනුවෙන් ඔහු පාරටත් ආවලු. මේවා අහලා පණ පලයං පෙරේදා කිව්වලු.

ව්ලැඩිමීර් පූටින් මෙන් මාධ්‍යවේදී දුමින්ද සම්පත්ද වරෙක සභාපති හා වරෙක ලේකම් ලෙස දීර්ඝ කාලයක් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලතල හොබවනවා. පෝද්දල ලංකාවෙන් පිටුවහල් වෙද්දී මා වැඩ බලන සභාපති ලෙස පත්කළා. මාධ්‍යවේදී බිගුන් මේනක ගමගේ සමග වෘත්තීය  ජනමාධ්‍යවේදීන්ගේ  සංගමයේ ඉතිහාසය පිළිබඳ දුමින්ද සාකච්ඡාවක් කළා. එතැනදී ඔහු පෝද්දල දක්වා සිටි සභාපතිවරුන්ගේ නම් සඳහන් කරනවා. වසර තුනකට ආසන්න අසීරු කාලයක වැඩ බලන සභාපති ලෙස සිටි මගේ නම සඳහන් නොකර මගෙන් පසු සිටි සභාපතිවරයාගේ නම සඳහන් කරනවා.

මේ ගැන මම ඔහුගෙන් විමසුවා. දුමින්ද කීවේ බිගුන් මේනකට මා ගැන කීවත් ඔහු ටයිප් කරද්දී මගේ නම හැලිලා කියලා. පෲෆ් මිස්ටේක් එකක් කියලා. බිගුන් පිළිබදව මා හොඳින් දන්නා නිසා ඔහුගෙන් මේ ගැන විමසුවේවත් නැහැ. දුමින්ද පිළිබඳව ඇති වූ අප්‍රසන්නකම නිසා මේ පිළිබඳව කැරුණු ඊමේල් ගණුදෙනුවේ මැදිහත්කරුවෙක් වුණේ මාධ්‍යවේදී සනත් බාලසූරිය. මතකයෙන් ඈත්වෙමින් තිබූ මේ සිදුවීම යළිත් මගේ සිහියට ගෙනාවේ කසුන් පුස්සෙවෙල.

අපි ජීවතුන් අතර සිටියදී පවා ඉතා කුරිරු, පාදඩ ලෙස ඉතිහාසය විකෘති කරන්නේ ඇයි? තවමත් මොවුන්ගේ සගවාගෙන ඉන්නා සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයේ සිංහයා නිසා. එයට විරුද්ධමත දරන්නන් හැකි සෑම විටම ඉතිහාසයෙන් ඉවත් කරනවා. ඒනිසා මොවුන්ගේ මේ විකෘති කිරීම් සිතාමතාම සැලසුම් සහගත ලෙස තමයි කරන්නේ. ඒ වෙනුවෙන් ඔවුන්ට මොනවා ලැබෙනවාදැයි මා දන්නේ නැහැ.

පුස්සවෙලලාගේ පුස් සම්මන්ත්‍රණයේ කතා කරපු බොහෝ දෙනෙක් රාජපක්ෂ පාලනයේ මාධ්‍ය මර්දනයට එරෙහිව පාරේ උද්ඝෝෂණවල හිටියේ නෑ. ඒ දිනවල රාජපක්ෂ රෙජීමයේ මරණ සහතිකේ අතේ තියාගෙන සිංහල, දෙමළ මාධ්‍ය මර්දනයට විරුද්ධව පොදුවේ වීදි බැස්සේ ඉතාම සුළු පිරිසක්. අනෙක් අය තමාට හැකි පමණින් හා විශේෂයෙන්ම සිංහල මාධ්‍යට එල්ල වූ තර්ජනවලදී පමණක් උද්ඝෝෂණයන්ට සහබාගී වුණා.  

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනන්ද දේශප්‍රිය, සුනිල් ජයසේකර, දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ නික්සන්, මුස්ලිම් ජනමාධ්‍යවේදීන් ගේ සම්මේලනයේ අමීන්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත, මංජුල වෙඩිවර්ධන, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි මාධ්‍ය සංවිධාන නායකයන් විදියට හැමදාම අරගලයේ හිටියා. ඊට අමතරව අතුල විතානගේ, කසුන් යාපා, අජිත් සෙනෙවිරත්න අපි තමයි වීදියේ අරගලයේ හිටියේ.

වික්‍රමබාහු කරුණාරත්න, රණත් කුමාරසිංහ, සිරිතුංග ජයසූරිය, ජෝෂප් ස්ටාලින්, උදය කළුපතිරණ, චන්දන ජයතිස්ස ( චූටි) අපේ සටන්වලට ශක්තිය දීපු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නායකයන් අතරින් කිහිප දෙනෙක්. 

පුස්සෙවෙල කියනවා 1982 සිට ඝාතනය කළ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන්ලු 2012 දී කළු ජනවාරිය ආරම්භ කළේ. එහෙනම් ජවිපෙ “දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරය” (DJV ) විසින් 88 – 89  මරා දැමූ මාධ්‍යවේදීන්, වේදිනියන්ගේ නම් නොකීවේ ඇයි? පුස්සෙවෙල එම මරා දැමීම් අනුමත කරන නිසාද? තේමා පාඨ බැනරය දෙස බලමින් සභාව මෙහෙය වූ කථිකයා කීවේ ” අපි කළු ජූලිය සමරණවා” යි කියලා. ආරම්භයේදීම මෙහි විපරීත භාවය මොනවට දිස්වුණා.

මාලිමා ආණ්ඩුව ආරක්ෂා කරගැනීම තම එකම බලාපොරොත්තුව බවත් රනිල්, රාජපක්ෂලාගේ ආණ්ඩුවකට විරුද්ධ බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්යතුමා මේ සැමරුමේදී ඝෘජුව ප්‍රකාශ කළා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීමේ නඩුවේ 9 වැනි විත්තිකරු තමයි ලුතිනන් කර්නල් එරන්ත රදීෂ් පීරිස්. ඔහු ඇතුළු තවත් සිව් දෙනෙක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් මේ සම්මන්ත්‍රණයදා උදේ බ්‍රිගේඩියර් තනතුරට උසස් කරළා. මේ ගැනත් සඳහන් කරමින් සමහර දේශකයන් නාහෙන් ඇඩුවා.

“..උසස්වීම් ලැයිස්තුවේ මේ නම (නිර්මාල් කීවේ සැකකරුවෙක් කියලා) තිබුණාම ඒකට අත්සන් කරන්න වෙනවා. ඒක නොකර බැහැ..” යි කියලා බ්‍රිගේඩියර් තනතුරට උසස් කිරීම මහාචාර්යතුමා අනුමත කළා. එවගේම මියගිය මාධ්‍යවේදීන්ට (නිර්මාල්ට අනුව ඝාතනය කර නොමැත) වුනත් යුක්තිය ඉටු  කරගැනීම සංකීර්ණ වැඩක් බවත් නිර්මාල් ප්‍රකාශ කළා. 

එක්නැලිගොඩ අතුරුදහන් කරවීමේ නඩුවේ රැකියාව අහිමිකර සිටි පළමු විත්තිකාරයා කර්නල් ෂම්මි කුමාරරත්න. ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ඔහු රැකියාවේ පිහිටුවා ලුතිනන් තනතුරකටද උසස් කළා. එපමනක් නොවේ මාධ්‍ය මර්දකයන්ටත් දඬුවම් කළේත් නෑ. ඔබ කියනා ලෙස ජනාධිපති අනුර කුමාරගේ ක්‍රියාව යුක්ති සහගතනම් ගෝඨාභය ජනාධිපතිගේ ක්‍රියාවත් යුක්ති සහගතයි නේද මහාචාර්යතුමෝ?

මේ ප්‍රකාශයන් දෙස බලනවිට නිර්මාල් නම් ජවිපෙ ඉවර කරළා මිසක පස්ස බලන්නේ නැහැ වගේ. “2026 වසරේ කළු ජනවාරිය යනු කුමක්ද” යන්න සම්මන්ත්‍රණයේ තේමාව වුවත් කතිකයන් අදහස් දැක්වීමේදී වැඩි බරක් දැමුවේ මාළිමා ආණ්ඩුව රැක ගැනීම හා වෙනත් පක්ෂ බලයට පැමිණීම නතර කිරීම ගැන තමයි. එලෙස නතර කළයුත්තේ ඇයි ද යන්න ජේආර්ගේ සිට මහින්ද දක්වා රජයන් විසින් කළ ජනමාධ්‍ය ඝාතන පෙන්වා දුන්නා. 

විදර්ශන කන්නන්ගර ඊට වඩා ටිකක් එහාට යමින් 2010 න් පස්සේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි NGO නායක, නායිකාවන්ගේ නම් කියමින් ඔවුන්ට පහර ගසමින් වේගවත් කතාවක් කළා. අද ඒ සියළු දෙනා රනිල් – රාජපක්ෂ මර්දකයන් සමග එකතුවෙලා ඉන්නවා කියලා. ඒක කතාව ඇත්ත. 

නමුත් මෙලෙස චෝදනා කරන විදර්ශනලාත්, මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ අනියම් සාමාජිකයන් වුණු මර්දනයට ලක්වූ ඇතැම් මාධ්‍යවේදීනුත්  රනිල් – රාජපක්ෂලාට විරුද්ධව අද පෙළ ගැහිලා ඉන්නේ කවුරුන් එක්කද? රාජපක්ෂ මාධ්‍ය මර්දනයේ කොටස්කාර  පක්ෂයක් වුණු ජවිපෙ එක්ක. ඒනිසා විදර්ශනගේ බරසාර වචන පුස්වෙඩි බවට පත්වෙනවා. මේ කඳවුරු දෙකටම නැති එහෙත් තමන්ගේ මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් නිහඬව කටයුතු කරන මාධ්‍ය පිරිසකුත් ලොව පුරා විසිරී ඉන්නවා. ඒනිසා තවමත් ජනවාරිය කළුයි.

“..අද ජඩ, අශ්ශීල, අසත්‍ය තොරතුරු වපුරන ජඩ මාධ්‍යයන් බිහිවෙලා. මේවා නියාමනය කරන්න ඕන..” යි අවසාන වශයෙන් විදර්ශන කන්නන්ගර මහ හඬින් කියා සිටියා. විදර්ශන ඇතුළු මේ චෝදනාව කරන සියළු මාධ්‍යාරක්ෂක බලකායන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. චන්ද්‍රිකා – ජවිපෙ 2004 ආණ්ඩුවේ සිට වර්ග සංහාර යුද්ධය අවසන් කළ 2009 වසර දක්වා වූ කාලයේ රාජ්‍ය මාධ්‍ය භාවිතාව පමනක් පරිශීලනය කරන්න කියලා. සුධර්මන් රදලියගොඩ නැමැත්තාගේ පාලනය යටතේ තිබූ “ස්වාධීන රූපවාහිනියේ” විකාශය වූ මහින්ද අබේසුන්දරනම් වූ රාජපක්ෂලාගේ වහලාගේ ” විමසුම” කියන වැඩ සටහන අහන්න කියලා. 

ඉහත අවුරුදු පහ තුළ පමනක් පළ වූ ජවිපෙ නිල පුවත්පතවන “ලංකා” පුවත්පත සොයාගෙන කියවන්න කියලා. ජාත්‍යන්තර කීර්තියට පත් ධ‍ර්මරත්නම් සිවරාම් ජනමාධ්‍යවේදියා 2005 වසරේ කොළඹදී පැහැර ගෙන ගොස් ඝාතනය කළා. රෝහිත භාෂන පැමිණෙන තෙක් සිවරාම් බම්බලපිටියේ රැඳී සිටියේ ඊට පසුදින කොළඹ නගරයේ බෝම්බ පිපිරවීමට සැළසුම් කිරීමට කියලා තමයි ලංකා පත්තරේ කතුවැකිය ලිව්වේ. ඔහු ත්‍රස්තවාදියෙක් නිසා පැහැර ගෙන ගොස් මරා දැමීම යුක්ති සහගත කළා.

අබේසුන්දර වහලාගේ විමසුම නිසාත්, ජවිපෙ – රාජපක්ෂ ජාතිවාදී, යුදවාදී ප්‍රකාශයන් නිසාත් බොහෝ දෙනෙක් රටින් පිටුවහල් වුණා. පෝද්දලගේ වගේ අත්පා කඩලා සදාකාලික ආබාධීතයන් බවට පත්වුණා. ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සේවකයන් 47ක් රාජපක්‍ෂ – ජවිපෙ යුද කාලය තුළ මරාදැම්මා. 45 දෙනෙක්ට පහරදීම් කරළා තිබෙනවා. අත් අඩංගුවට ගැනීම් 20 ක්. අවස්ථා 9 කදී මාධ්‍ය ආයතන ගිනි තැබීම්, ක්ලේමෝ හෝ වෙඩි ප්‍රහාරයන්ට ලක්වෙලා තිබෙනවා. මෙම අවස්ථා නවයට අමතරව යාපනයේ උදයන් පුවත්පතට විතරක් 30 වතාවකදී ගිනි තැබීම්, ග්‍රෙනේඩ් ප්‍රහාරයන්, වෙඩි තැබීම් කරළා තිබෙනවා.

ඝාතනය කළ 47 දෙනාගෙන් බහුතරයක් දෙමළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්. එවගේම 2006 – 2007 කාලය තුළ දී තමයි වැඩිම මරා දැමීම් වාර්තා වෙන්නේ. ඒ නිසා ජනමාධ්‍ය ජඩ මාධ්‍ය වුණේත්, ළෙවකන හා ගුටිකන මාධ්‍ය සංස්කෘතිය යුක්ති සහගත කළේත් රාජපක්ෂ – ජවිපෙ වර්ග සංහාර යුද්ධය කාලේ. මේවා කතා නොකරන කළු ජනවාරියක් තිබෙන්න බෑ. ජවිපෙ – මාළිමා ආණ්ඩුවට සුදුහුණු ගාමින්, ජනමාධ්‍යයට යුක්තිය ලබා ගන්න  සිතනවානම් සොරි ඩොට්කොම් කියලා තමයි කියන්න තියෙන්නේ.

“..මහින්ද රාජපක්ෂ බල්ලො නාවන්න වගේ යුද්ධයට ඇදගෙන ගියේ අපි..” යි කියලා අදත් ඇමති ලාල්කාන්ත ඇතුළු ජවිපෙ නායකයන් උදම් අනන්නේ බොහොම ජයග්‍රාහී විලාශයෙන්. ඒනිසා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මරා දැමීම්, පහර දීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම්, ආයතන විනාස කිරීම්වලට රාජපක්ෂලා විතරක් නෙමේ ජවිපෙ නායකකාරකාදීනුත් සමෝ සමේ වග කියන්න ඕන. යුද්ධයට විරුද්ධ වූවන් දේශ ද්‍රෝහීන්, කොටින්ට කඩේ යන උන්, ඩොලර් කාක්කො ලෙසින් හණ ගහලා, සමාජ වෛරයට පාත්‍ර කරළා මුළු දකුණේ යුද මනෝභාවයක් ඇති කළේ ජවිපෙ.

රාජපක්ෂලා – ජවිපෙ මාධ්‍ය ක්ෂේත්‍රයට කරපු මේ අපරාධ අමතක නොවන්න සිහිවටනයක් ලෙස තමයි කළු ජනවාරිය උපදින්නේ. මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් සුනිල් ජයසේකර, නික්සන්, අමීන්, ලංකාපේලි හා මේ ලියුම්කරු තමයි සාකච්ඡාවට සහභාගී වුණේ. ලක්ෂ්මන් ගුණසේකර එම සාකච්ඡාවේ සිටියාද නැද්ද කියලා හරි හමන් මතකයක් නැහැ. කළු ජූලිය උදාහරණයට ගනිමින් අපිත් එක් මාසයක් කළු මාසයක් බවට පත් කරමු කියලා මම යෝජනාවක් කළා. දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ වැඩි දෙනෙක්ගේ අදහස වුණේ ජනවාරි මාසය කළු කරමු කියලා.

එහෙම තමයි කළු ජනවාරිය (Black January) බිහිවුණේ. නැතිව පුස්සෙවෙල කියන්නා වාගේ ජනවාරි මාසයේ කර ඇති මාධ්‍ය මරා දැමීම් සිහිකරන්න විතරක් නෙමේ. පුස්සෙවෙලලා ඒ කාලයේ තමන්ගේ පත්තරවලවත් මේවා දැම්මේ නැහැ. 

පළමු විරෝධතා උද්ඝෝෂණය අපි තීන්දු කළා කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දුම්රියපොල දක්වා පා ගමනක් ගිහින් රැස්වීමක් කරන්න. සියළු කටවුට්, පෝස්ටර් සංවිධාන වැඩ කළේ නසසප මූලස්තානය වූ කොම්පඤ්ඤවීදියේ 17 බැරක්ක පටුමග කාර්යාලයේ. විරෝධතා දිනයේ සවස 2 පමන වනවිට මාධ්‍යවේදීන්ගෙන් අපට දුරකථන ඇමතුම් ගණනාවක් ආවා.

“..මචං උඹලා එන්න එපා. මහින්ද කහඳගම 40 ක 50 ක පමන පිරිසක් එක්ක දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂනයක් කරනවා. පොලිස් ආරක්ෂාවත් දීලා තියෙන්නේ..” යි කියලා. මමත් සුනිල් ජයසේකරත් ඔහුගේ යතුරු පැදියේ නැගී කොටුවට ගිහින් ඇත්ත නැත්ත සොයා බැලුවා. රීප්පපටිවල, පොලුවල තමයි මහින්දලා පිකට් බෝඩ් හයිකරලා තිබුණේ. 17 කාර්යාලයට ඇවිත් අපි මේ ගැන වාර්තා කළා. මහින්ද කහඳගම වාසුදේවගේ පක්ෂයේ සාමාජිකයෙක්. නසසපයේ ලීනස් ජයතිලක වාසුට කතා කරලා කිව්වා කහඳගමව ගෙන්න ගන්න කියලා. මාධ්‍යවේදීන්ට අරියාදු කරන එක නවත්වන්න කියලා.

“..මේවා ටෙලිෆෝන් එකෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න නෙමේ. මේවා විසදා ගන්න ඕන මහ පාරෙදිම තමයි..” කියලා අපි කොටුවට යන්න කාර්යාලයෙන් එළියට බැස්සා. ලීනස් මග අවුරමින් සුනිල් ජයසේකරව පැත්තකට අරගෙන දේශනාවක් කළා. ලීනස්ගේ යෝජනාවට එකගවෙමින් ඇස් වාට්ටුවේ ලිප්ටන් වටරවුමේ පිකට් කරළා, රැස්වීමක් තියලා අපි විසිර ගියා. පුස්සෙවෙල මහත්තයෝ, අන්න එහෙම තමයි පළමු කළු ජනවාරිය ආරම්භ වුණේ. ඒනිසා අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න යන්න එපා. ඒක ආචාර ධාර්මික නෑ. කැතයි. නින්දිතයි.

රාජපක්‍ෂ පාලනය විසින් නීතියට පිටින් පවත්වා ගෙනගිය (පැරා මිලිටරි) ආරක්ෂක අංශ ඝාතක කල්ලි සහ බුද්ධි අංශ ජාලය විනාශ කිරීම ජවිපෙ නායක අනුර කුමාර ජනාධිපතිවෙන්නට පෙර පොරොන්දු වුණේ. නමුත් වසරක් ඉක්ම යද්දීත් එකී ජාලය විනාස නොකළේ ඇයි? ඒ වෙනුවට ඒ ජාලයේ චූදිතයන්ට උසස්වීම් දෙන්න, ඒ ජාලය තවදුරටත් පවත්වාගෙන යන්න අනුර කුමාර ජනාධිපති කටයුතු කරන්නේ ඇයි කියලා මහාචාර්ය තුමා හෝ කළු ජනවාරිය (Black January) අපහරණය කළ කිසිම කථිකයෙක් පහදා දුන්නේ නෑ. ඒගැන හොටු පෙරුවා විතරයි. ඒක තමයි සැබෑ තක්කඩිකම.

යුද්ධයට විරුද්ධව ලියන්න, කියන්න මතවාද ජනගත කරන්න ඉඩ දීගෙන යුද්ධයක් ජය ගන්න බෑ. “යුද්ධයකදී පළමුව නැතිවන්නේ සත්‍යය” කියලා කියනවා. ඒනිසා යුද විරෝධින් නිහඬ කරවීම හා එම ආයතන විනාශ කිරීම යුදවාදීන් කරන්නම ඕන. ඒවා නීත්‍යානුකූලව කරන්න ගියොත් නඩුහබවල පැටලෙනවා. කල් යනවා. එනිසා තමයි නීතියට පිටින් ආරක්ෂක අංශ ඝාතක කල්ලි සහ බුද්ධි අංශ ජාල හදන්නේ. ඒවා දිරි ගන්වපු, අනුමත කරපු ජවිපෙ තමයි අද රටේ පාලන බලය හොබවන්නේ. ඉතිං තමන්ගේ උවමනාවන් ඉටුකළ ආරක්ෂක අංශයන්ට උසස්වීම් නොදී දඬුවම් කරන්න ජවිපෙ ජනාධිපතිට පිස්සු නෑ.

බංකර් කපලා, ලේ දන්දීලා,”රණ විරුවන්” කියා ගොණාට අන්දවලා තමයි ආරක්ෂක අංශ අපරාධකාරී වැඩවලට යොදවා ගත්තේ. ඒ අපරාධකාරී රාජ්‍ය යන්ත්‍රය තමයි මාළිමා ආණ්ඩුවත් ආරක්ෂා කරන්නේ. තමන්ගේ ආරක්ෂකයන්ට දඬුවම් කරන්න ගියොත් ආණ්ඩු ආරක්ෂා කරන්නේ කවුද? ධනපතියන් රාජ්‍ය නිර්මාණය කළත් මෙතෙක් රට පාලනය කළ ඔවුන් පවා නොගෙනා “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පණත” තමයි “නිර්ප්‍රභූන්” ගෙනෙන්නේ. (ඒ හැඳින්වීමට මොකද වුණේ) “හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ” යි කිව්වලු. 

එමනිසා මාළිමා ආණ්ඩුව නෙමේ යුද අපරාධ සිදුවුණා කියලා පිළිගන්නේ නැති පක්ෂයක කිසිදු ආණ්ඩුවක් යුද්ධය සමග ගැට ගැසුණු අපරාධකරුවන්ට දඬුවම් කරන්නේ නෑ. දඩුවම් ලැබෙනවා නම් අධිකරණයකින් තමයි. එයත් සිදුවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට ආණ්ඩු දෙන උපදෙස් හා එහි නිලධාරීන්ගේ රුචි අරුචිකම් මත.

ජේසුතුමන් කිව්වේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් සීසර්ගේ දේ සීසර්ට දෙන්න කියලා. එමනිසා ජන බලය සාමූහිකය හෝ වෙනත් කිසිවෙක් කළු ජනවාරිය එක් එක් පක්ෂවල වලිගයක් කරන්න එපා. එය බිහි වූ දේශපාලන සංදර්භයක්, අරමුණක් තිබෙනවා. එයින් එළියට ගෙන අපහරණය කරන්න, දූෂණය කරන්න එපා. කසුන් පුස්සෙවෙලටත්, මාලිමාවේ අඩයක් වුණු ජන බලය සාමූහිකයටත් පුළුවන් කළු ජනවාරිය වෙනුවට “රෝස ජනවාරිය” හෝ වෙනත් ඕනෑම නමක් දාගන්න. අපි ගොඩනැගූ දේ අපට තබන්න.

ආණ්ඩුවක් ගෙනියන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති නොසළකා තමන්ගේ ෆැන්ටසි ආණ්ඩු ලවා කරවා ගන්න උත්සාහ කරන මරිමෝඩයන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. මුවෙක් පසු පස එළවලා වලක වැටුණු රජා කිව්ව කත්නෝරුවේ සිරිධම්ම භික්ෂුව සමාජගත කළ පනිවුඩය.

The post ජනවාරිය කළු වුනේ දිවිපිදූ සියළු ජන මාධ්‍යවේදීන් වෙනුවෙන්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%af/feed/ 0
අනුන්ට කඩේ යන ලිබරල් මාධ්‍යවේදීන්.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a/#respond Fri, 16 Jan 2026 07:22:14 +0000 https://vivaranalk.com/?p=14372 සිරස මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගේ මෙහෙවන රූපවාහිනී වැඩ සටහනක් මේ දිනවල වෛරල් වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හයේ ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයට අසැබියැයි කියන වෙබ් අඩවියක ලින්ක් එකක් පළවීම තමයි මේ සාකච්ඡාවට පාදක වෙලා තිබුණේ. දැන් මේ පොත් සියල්ල විනාශ කරන නිසා එය කෝටි හයක පමණ මුදලක පාඩුවක් බවත් සඳහන් වෙනවා. එම පාඩුව අයකර ගන්නේ කාගෙන්දැයි නිශ්චිත උත්තරයක් […]

The post අනුන්ට කඩේ යන ලිබරල් මාධ්‍යවේදීන්.. appeared first on විවරණ.

]]>
සිරස මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගේ මෙහෙවන රූපවාහිනී වැඩ සටහනක් මේ දිනවල වෛරල් වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හයේ ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයට අසැබියැයි කියන වෙබ් අඩවියක ලින්ක් එකක් පළවීම තමයි මේ සාකච්ඡාවට පාදක වෙලා තිබුණේ. දැන් මේ පොත් සියල්ල විනාශ කරන නිසා එය කෝටි හයක පමණ මුදලක පාඩුවක් බවත් සඳහන් වෙනවා. එම පාඩුව අයකර ගන්නේ කාගෙන්දැයි නිශ්චිත උත්තරයක් රජය පැත්තෙන් තාම නැහැ.

නමුත් මේ ලින්කුව කුමන්ත්‍රනකාරී ලෙස ඇතුල්කළ පුද්ගලයා කවුදැයි මේවන විට සොයාගෙන ඇතත් දැන්ම හෙළි නොකරන බවත් රජය නිවේදනය කර තිබෙනවා. සමහර විට මේ ෆයිල් එකත් ඉංදියාව සමග ගිවිසුම් අත්සන් කළ ෆයිල් තිබෙන ලාච්චුවට ගියොත් වැඩේ සුම්මා.

මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගේ එක තැනකදී මේ සිදුවීම පුංචි පුංචි වැරද්දක් ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවේ නියෝජිතයා වූ නජිත් ඉන්දික අමාත්‍යවරයා වහාම මැදිහත්වෙමින් මෙය පුංචි වැරද්දක් නෙමේ බරපතල වැරද්දක් බව පුන පුනා කියනවා. මේ විවාදය බලාගෙන ඉන්නකොට මට අතීත සිදුවීමක් මතක් වුණා.

රාජපක්ෂ – ජවිපෙ දෙමළ වර්ග සංහාර යුද්ධයෙන් පස්සේ මාධ්‍යවේදීන්, වේදිනියන් ගෙන්වලා සාකච්ඡාවක් කළා. ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තමයි මේකෙ මූලිකත්වය ගත්තේ. කොල්ලුපිටියෙ හෝටලයක පැවැත් වූ මෙහි “පශ්චාත් යුද මාධ්‍ය වාර්තාකරණය” ගැන තමයි සාකච්ඡාව තිබුණේ. මේකෙදි දකුණේ සිංහල, ඉංග්‍රීසි මාධ්‍යයන්ට බොහෝ විවේචන එල්ල වුණා ඔවුන් උතුරේ සිදු වූ සිදුවීම් වාර්තා කළේ නැහැ කියලා. සිංහල හමුදාව විසින් කරනු ලබන පහර දීම්, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරිම් වාර්තා කළේ නැහැ කියලා තමයි වැඩි දෙනෙක් කිව්වේ.

ඒ අතරිනුත් බරපතලම චෝදනාව එල්ල වුණේ සරණාගත කඳවුරුවලදී කාන්තා, පිරිමි බේදයකින් තොරව බොහෝ දෙනා අපචාරයන්ට ගොදුරු වුණා කියලා. නමුත් මේවා මාධ්‍ය මගින් හෙළි කළේ නැහැ, දැනුවත්ව වසන් කළා කියලා. මේ සාකච්ඡාවට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, මාධ්‍යවේදී සුජීව දිසානායක ඇතුළු දහපහළොස් දෙනෙක් විතර සහභාගී වෙලා සිටියා. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන අදහස් ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මූලාසනයේ හිටියා.

එක් එක්කෙනා පිළිවෙළට අදහස් දක්වමින් ඇවිත් සුජීව දිසානායකගේ වාරය ආවා. ඔහු කීවා “මෙතැන චෝදනාවක් ආවා සරණාගත කඳවුරුවල අපචාර සිදුවුණා කියලා. ඒවා ඔය කියන තරම් ඒවා නෙමේ. සුළු සුළු අපචාර” කියලා. මගේ වාරය තව දෙතුන් දෙනෙකුට පස්සේ. මට සුජීවගේ කතාව අහලා ඉවසුම් නැතිව ගියා. ඔහු අදහස් දැක්වීම නතර කළා. ඊළඟ මාධ්‍යවේදීයා අදහස් දක්වන්න සූදානම් වුණා. මම අත ඉස්සුවා. “මොකද කොත්තිගොඩ සහෝදරයා” කියලා සුනන්ද මගෙන් විමසුවා.

“..මට සුජීවගෙන් දැනගන්න පුළුවන්ද අපචාරයක පොඩි එකයි, ලොකු එකයි වෙන් කරගන්නේ කොහොමද කියලා. ඒකෙ සීමා මායිම් මොනවාද කියලා..,” යි මම විමසුවා. “..මේක සභාවක්. සභාවක පිළිවෙළක් තිබෙනවා වැඩ කරන. ඔහොම සභාවල් ගෙනියන්න බෑ..” යි කියලා අදහස් දැක්වීමට වෙන කෙනකුට සුනන්ද අවස්ථාව දුන්නා. ජාත්‍යන්තර නියෝජිතවරියට සුනන්ද මොන මොනවදෝ කියනවාත් මම දැක්කා.

දවල් කෑමට ගිහිල්ලා “..සුළු සුළු අපචාර නේද මචං..” කියමීන් උවිඳු කීප වරක් සුජීවට හිනාවුණා. එදායින් පස්සේ සුනන්ද මාව එවැනි කිසිම සාකච්ඡාවකට කැඳෙව්වේ නෑ. අතර මගදී, ප්‍රෙස් ක්ලබ් එකේදි මූණට මූණ හමුවුණත් අහක බලාගෙන ගියා මිසක සුජීව මා සමග හිනැහුනේවත් නෑ.

1994 දී චන්ද්‍රිකා බලයට ගේන්න සුජීව දිසානායක වේදිකා හදපු කෙනෙක්. ඊට පස්සේ මහින්ද ආණ්ඩුව වෙනුවෙන් පෑනේ තීන්ත ඉවර කරගත් කෙනෙක්. ඒනිසා ස්වාධීන, අපක්ෂපාතී කියලා මාධ්‍යවේදීන්, වේදිනියන් කොටසක් ලෝකේ කොහොවත් නෑ. තමන්ගේ හෝ ප්‍රාග්ධන හිමියගේ දෘෂ්ඨිවාදයක් උඩ තමයි ලියන්නේ, කියන්නේ. එනිසාම ස්වාධීන, අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණයක් කියලා එකක් තිබෙන්නත් බෑ. ඒවා නිකං ලිබරල් ෆැන්ටසි විතරයි.

මම බීබීසී සිංහල සංදේශයට ප්‍රවෘත්ති සපයන කාලයේ යුද්ධය ගජරාමට වවාගෙන ගිය කාලයක්. මම යුද විරෝධියෙක්. එල්ටීටීඊ ය දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන සංවිධානයක් කියලා පිළිගන්න කෙනෙක්. නව සම සමාජ පක්ෂයේ කෙනෙක්. මාධ්‍ය සාකච්ඡාවලදී හිතට එකඟ නැති කාරණාවක් නම් නැවත, නැවත ප්‍රශ්න කරනවා. මේ නිසා මට විරුද්ධව සංදේශයේ මූලස්ථානය වූ ලංඩන්වලට පෙත්සම් ගණනාවක් ගිහින් තිබුණා. මම ඇවිත් ප්‍රශ්න අහලා එයාලගේ කථිකයන් අන්නනවා කියලා එක් පෙත්සමක් යවලා තිබුණේ විමල් වීරවංශගේ පක්ෂයේ මුසම්මිල්. අනිත් නම් මම කියන්නේ නෑ.

සංදේශයේ එවකට ප්‍රධානී ප්‍රියත් ලියනගේ දිනක් මට කතා කළා. “..මචං උඹට විරුද්ධව පැමිණිලි රාශියක් ඇවිල්ලා තියෙනවා. ප්‍රවෘත්ති ඇතුළේ කරන්නේ උඹගේ දේශපාලනය කියලත් ඒ අතරේ තියෙනවා. ඒවා විභාග නොකර යන්න බැරි තැනටම පත්වෙලා තිබෙන්නේ. ඒක නිසා උඹේ පසුගිය ප්‍රවෘත්ති පරීක්ෂා කරළා වාර්තාවක් ලබාදෙන්න කියලා කොමිටියක් පත් කළා. ඒකෙ වාර්තාව අරගෙන තීන්දුවක් ගන්නා තෙක් උඹේ වාර්තා ගැනීම අපි නතර කරනවා..” යි ඔහු මට කීවා.

සති තුනකින් පමන පසුව ප්‍රියත් ලියන්ගේ යලිත් මට කතා කළා. ..කොමිටි වාර්තාව ලැබුණා. උඹට නගපු චෝදනා කිසිවක් උඹේ වාර්තාකරණයෙන් ඔප්පු වෙන්නේ නැහැ කියලයි ඔවුන් කියන්නේ. ජාතික ප්‍රශ්නය අරබයා ස්ථිරසාර අදහසක් උඹට තිබෙනවා කියලා පෙනෙනවා. ඒක අපට ප්‍රශ්නයක් නෙමේ. අපි ආපසු වැඩ පටන් ගනිමු..” යි ඔහු කීවා.

ඇත්තෙන්ම මගේ වාර්තාවල තිබුණේත් මගේ දේශපාලනය. ඒක ඇත්ත. ඒත් බීබීසී මාධ්‍යවේදීන්ට පවා ඒවා අසු නොවුනේ ඒ මතවාදය මගේම එකක් විනා වෙනත් කෙනකුගේ නොවුනු නිසා. මතවාදය මගේම නිසා ඉතා හොඳට ජීර්ණ වෙලා තියෙන්නේ. එමනිසා මම ඉතාම සූක්ෂම විදියට තමයි ඒවා එළන්නේ. වටේට මෝල්‍ට්. මැද චොකලට්. අනුන්ගේ බඩු විකුණන්න ගියාම අහුවෙනවා.

The post අනුන්ට කඩේ යන ලිබරල් මාධ්‍යවේදීන්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a/feed/ 0
හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව.. https://vivaranalk.com/%e0%b7%84%e0%b7%92%e0%b6%9f%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%b4/ https://vivaranalk.com/%e0%b7%84%e0%b7%92%e0%b6%9f%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%b4/#respond Fri, 26 Sep 2025 05:04:14 +0000 https://vivaranalk.com/?p=13751 වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ.  ක්‍රිප්ටෝ කරන්සි  (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂද්‍ර මුල්‍ය ණය චෝදනා එනව නේද? “අපට ඔය ධනපති සදාචාර ප්‍රශ්න වැඩක් නෑ අනේ.”  වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රචාරය වීමත් සමග මේ දිනවල ජවිපෙ – මාලිමා ආණ්ඩුවාදීන් අතරින් නැගෙන අඳෝනාවන්ගෙන් එකක් දෙකක් තමයි මේ. මෙයට […]

The post හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව.. appeared first on විවරණ.

]]>
වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ.  ක්‍රිප්ටෝ කරන්සි  (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂද්‍ර මුල්‍ය ණය චෝදනා එනව නේද? “අපට ඔය ධනපති සදාචාර ප්‍රශ්න වැඩක් නෑ අනේ.”  වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රචාරය වීමත් සමග මේ දිනවල ජවිපෙ – මාලිමා ආණ්ඩුවාදීන් අතරින් නැගෙන අඳෝනාවන්ගෙන් එකක් දෙකක් තමයි මේ.

මෙයට පෙර පැවති ආණ්ඩුවල මැති ඇමතීන්ගේ වත්කම් ගැන විවිධ මානයන්ගෙන් කරුණු ඉදිරිපත් කරමින් ඒවා පට්ටා ගැසූ පිරිස්වලටම ජවිපෙ – මාලිමා ආණ්ඩුවේ මැති ඇමතීන්ගේ වත්කම් වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවීම දෛවයේ මොන සරදමක්ද?

දැනට වසරකට පෙර ඔවුන් කිව්වේ “අපි නිර්ප්‍රභූ රාජ්‍යයක් හදන්නේ. මේක හදන්නේ ඉස්සර අය කරපු වැරදි කරන්න නෙමේ. එහෙම වුනොත් ඒවාට විරුද්ධව ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි.”  නමුත් ආණ්ඩුවට වසරක් පිරෙද්දී “පහුගිය ආණ්ඩුවල කරපු වැරදි මෙයාලත් කළොත් ඒවා ආරක්ෂා කරන්න ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි” කියන තැනට ඒ සටන් පාඨය විතැන් වෙලා.

මෙහෙම වුණේ ඇයි? වසන්ත සමරසිංහ ඇමති ක්‍රිප්ටෝ කරන්සි තබා ගැනීම නෛතික වරදක්ද? සදාචාරාත්මක් ප්‍රශ්නයක්ද?

මේ කරුණ අරභයා නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්යවරයා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එය හඳුන්වා තිබෙන්නේ “ජේවීපී හිගන්නන් කෝටිපතියන් වීම. ජනතා විමුක්ති පෙරමුණට වසන්තය උදා වූ වගයි” යි කියලා. ආරම්භයේදීම නිර්මාල් කියනවා “ක්‍රිප්ටෝ කරන්සි” වගේ ඒවානම් නෛතික ගැටලුවක් නෑ. ඒකේ තියෙන්නේ සදාචාරාත්මක ගැටලුවක් කියලා.

කම්කරුවෙකුගේ ශ්‍රමය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් හා එකී නිෂ්පාදනය වෙනුවෙන් කම්කරුවාට ගෙවන වැටුප අතර වෙනසක් තිබෙනවා. ධනේෂ්වර ක්‍රමයක ලාභය කියන්නේ මේ වෙනසට. කොහොමද ඒක වෙන්නේ.

 භාණ්ඩයක් නිෂ්පාදනයේ දී ධනපතියෙක් විසින් කිසියම් පිරිවැයක් දරනවා. ඒ පිරිවැය තුළින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩය විකුණා ඔහු ලාභයක් උපයා ගන්නවා. කම්කරුවාට ගෙවූ වැටුපත් ඇතුළුව භාණ්ඩයක් නිෂ්පාදනයේදී දැරූ මුළු පිරිවැයම ඔහුට පෙරළා ලැබුණේනම් ලාභයක් ආවේ කොහොමද?

කම්කරුවාගේ ශ්‍රමයට අදාළ ගෙවීම නොකර ඉතිරි කරගන්නා ලද සොරා ගන්නා ලද මුදල තමයි මේ ලාභය කියන්නේ. මේ ලාභය නැවත නැවත ආයෝජනය කිරීමෙන් ලාභය එක තැනකට රාශීභූතවීම ප්‍රාග්ධනය සමුච්චය කියලා මාක්ස්වාදයේ උගන්වනවා.

 මෙලෙස ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය වීම සමාජයේ සුළු පිරිසක් අතට පත්වීම නිසා සමාජ අසමානතාවය වැඩිවෙලා ආර්ථික අර්බුද ඇතිවෙන බවයි කාල් මාක්ස් පඬිවරයා පෙන්වා දෙන්නේ. විසදුමක් දෙන්න බැරි වුණොත් ඇතිවන ආර්ථික අර්බූද දේශපාලන අර්බූද බවට පත්වෙන්නත් පුළුවන්.

ගෝඨාභයගේ ආණ්ඩුව ජනතා අරගලයකින් පෙරළා දමා ජවිපෙ – මාලිමා ආණ්ඩුව ආවේ ආර්ථික අර්බූදයට ගෝඨාගේ ආණ්ඩුවට විසදුමක් නොතිබුණු නිසා. ඒකට අදාළ තවත් ජාතික හා ජාත්‍යන්තර විවිධ කාරණාවන් එකතු වුණා. නමුත් දැන් බැලුවාම මාලිමා මැති ඇමතීනුත් ප්‍රාග්ධන හිමියන් තමයි.

 එයින් පෙන්නුම් කරන්නේ පැවැති ආණ්ඩුවලට වඩා මාලිමා ආණ්ඩුව යම් යම් වෙනස්කම් කළත් අරගලය විසින් කර තිබෙන්නේ වඩා ප්‍රසිද්ධ ධනපතියන් වෙනුවට අප්‍රසිද්ධ එහෙත් එම පංතියට නෑකම් කියන සමාජ බලවේගයකට ආණ්ඩුව බාරදීමක්. නිර්ප්‍රභූ සීතාම්බර පටයෙන් වහං වෙලා හිටපු ප්‍රභූන් රජ කරවීමක්.

 මේනිසා “ලස්සන රටක් පොහොසත් ජීවිතයක්” කියන සංකල්පය පෙර පැවැති ආණ්ඩුවල වගේ මහ ධනපතියන්ට නැතිව සුළු ධනේෂ්වරය කියන සමාජ තීරුවට පමනක් උදාවෙන්න පුළුවන්. කවුද මේ සුළු ධනේෂ්වරය කියන්නේ?

මාක්ස්වාදයේ තිබෙනවා මේ සමාජ ප්‍රගමනය සිදුවන්නේ මූලික පංතීන් දෙකක් අතර ඇතිවන්නා වූ ඒකාබද්ධ‍ය හා ගැටුම තුළින් කියලා. කවුද මේ ප්‍රධාන පංතීන් දෙක? ප්‍රාග්ධන හිමි හා නිර්ධන නැතිනම් සේව්‍යයා හා සේවකයා.

මෙතැනදී මාක්ස්වාදයේ කියනවා කම්කරුවා තනි පුද්ගලයෙක් විදියට ගත්තොත් ඔහුගේ චින්තනයත් තිබෙන්නේ මහ ධනපතියෙක්වීමට කියලා. නමුත් ඔහුට ඒ සදහා මංපෙත් විවර වී තිබෙන්නේ වැඩපළේ කම්කරුවන් සාමූහිකව කරන්නා වූ අරගලයකින් බව. ඒ නිසා ඔහුට පුද්ගලවාදීව විමුක්තිය ලබා ගන්න බැහැ කියලා.

 මේ ප්‍රශ්නය සුළු ධනේශ්වරය කියන සමාජ තීරුවට නැහැ. මොකද ඔවුන් ඔවුන්ගේ ශ්‍රමය විකුණන්නේ පොදුවේ නෙමේ. පෞද්ගලිකව. කලා ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, කුඩා කුඩා ව්‍යාපාර මේ වගේ කීපයක් අපට උදාහරණ විදියට ගන්න පුළුවන්.

 ලංකාවේදී ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගොඩනගන්නේ මෙන්න මේ ධනපති හා කම්කරු පංතිය කියන පංතීන් අතර තිබෙන සමාජ ධාරාව කේන්ද්‍රකරගෙන. ඒ සමාජ ධාරාවේ චින්තනය තිබෙන්නේත්, චින්තනය ගොඩ නැගෙන්නේත් පොදු එකක් විදියට නෙමේ. මහ ධනේෂ්වරය වීමේ පෞද්ගලික උන්නතිකාමී විදියට. කම්කරුවාට මෙන් නොව මහ ධනේෂ්වරයට යෑමේ මංපෙත් විවරව තිබෙන්නේත් පෞද්ගලිකව.

 ජවිපෙ-මාලිමා නායකයන් තමන්ගේ වත්කම් උපයා ගත්තේ කොහොමද කියලා කරන්නා වූ ප්‍රකාශ හොඳට බලන්න. එතකොට මම මේ කියන කතාව තේරුම් ගන්න තවත් පහසුවේවි.

 කොහා බිත්තර දාන්නේ කපුටාගේ කූඩුව ඇතුළේ. කපුටි බිත්තර රැකළා ඒක පුපුරා පැටියෙක් එලියට ආවට පස්සේත් කවා පොවා ඌව ලොකු මහත් කරනවා. එහෙම කළා කියලා ඌ පියාපත් ගහලා ඉගිළෙන වයසේදී කොහෝ කොහෝ කියන්නේ නැතිව කාක් කාක් කියන්නද? ඌ කොහෝ, කොහෝ කියලා තමයි කියන්නේ.

 අපි මෙච්චරක් කලක් මූට සාත්තු සප්පායම් කළේ අපේ එකෙක් බිහිකරගන්න නේද කියලා කෝපයට පත්වෙන කපුටී මොකද කරන්නේ. කොහා පැටියාට එළව එළවා කොටනවා. කොහොමින් කොහොම හරි ඌ වංගුවක් ගහලා  ජීවිතේ බේරා ගන්නවා. ආයෙමත් කොහා නැවතත් සුපුරුදු චක්‍රයේම යනවා. මොකද ඌ සතෙක් නිසා බිත්තර වර්ග දෙක වෙන්කර අදුනා ගැනීමේ හැකියාවක් සතුනට නැහැ.

 නමුත් මනුෂ්‍ය ලෝකයේ වෙන් වෙන්ව අදුනා ගැනීම සදහා මනුෂ්‍ය වර්ගයාට තර්ක බුද්ධියක් කියා දෙයක් තිබෙනවා. තර්ක බුද්ධියෙන් සිතා බලා කටයුතු නොකර දැන් සමරසිංහලාට කොටලා වැඩක් නෑ. ප්‍රශ්නය වසන්ත සමරසිංහලා, හේවගේලා නොව ඔබගෙමයි.

එමනිසා ජවිපෙ – මාළිමා මන්ත්‍රී, මන්ත්‍රිනියන්ට එළව එළවා කොටනවා වෙනුවට ඔබ ඔබේම …ට කොටා ගත්තානම් හොඳයි.

The post හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%84%e0%b7%92%e0%b6%9f%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%b4/feed/ 0
බාහුට අවලාද කර ජවිපෙ ට ආවැඩීම.. https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%8f%e0%b7%84%e0%b7%94%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b6%bd%e0%b7%8f%e0%b6%af-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%a7-%e0%b6%86%e0%b7%80%e0%b7%90/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%8f%e0%b7%84%e0%b7%94%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b6%bd%e0%b7%8f%e0%b6%af-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%a7-%e0%b6%86%e0%b7%80%e0%b7%90/#respond Thu, 10 Jul 2025 10:48:12 +0000 https://vivaranalk.com/?p=13166 ඉපැරණි VOC පාපොච්චාරණයක් උවිඳු කුරුකුලසූරිය අලුතින් රෝදේ සොයා ගත්තා වගේ හිතලා ප්‍රචාරය කරලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉරාකයෙන් මුදල් ගත්තා කියන එක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේදී තමයි වාස් තිලකරත්න ඔය පාපොච්චාරණය කරලා තියෙන්නේ. නමුත් දේශපාලන ලෝකයේ ඉරාක මුදල් කතාව ඊට පෙර සිටම ප්‍රසිද්ධ රහසක්. ඒ කාලේ සමාජ මාධ්‍ය නොතිබුණු නිසා අද […]

The post බාහුට අවලාද කර ජවිපෙ ට ආවැඩීම.. appeared first on විවරණ.

]]>
ඉපැරණි VOC පාපොච්චාරණයක් උවිඳු කුරුකුලසූරිය අලුතින් රෝදේ සොයා ගත්තා වගේ හිතලා ප්‍රචාරය කරලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉරාකයෙන් මුදල් ගත්තා කියන එක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේදී තමයි වාස් තිලකරත්න ඔය පාපොච්චාරණය කරලා තියෙන්නේ. නමුත් දේශපාලන ලෝකයේ ඉරාක මුදල් කතාව ඊට පෙර සිටම ප්‍රසිද්ධ රහසක්.

ඒ කාලේ සමාජ මාධ්‍ය නොතිබුණු නිසා අද වගේ ක්ෂණයෙන් ඒවා ලොව පුරා ප්‍රචාරය වුණේ නැහැ. මාක්ස්වාදීන්ට අනුවනම් ජවිපෙ වැනි බලවේගයක් එවැනි මුදල් ගැනීමක් ප්‍රතික්ෂේප කරානම් තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඉරාකයේ සදාම් හුසේන් ඒ කාලයේ හිටියේ ඇමරිකාව එක්ක කියන එකත් අපි මතක තියා ගන්න ඕන. ඉරානය හිටියේ මොස්කව් කඳවුරේ.

ජවිපෙ මුදල් ගත්ත කතාවට කුරුකුලසූරිය තවත් පක්ෂ කීපයක් අලුතෙන් සම්බන්ධ කරනවා. ඒ පක්ෂ අතරේ නව සම සමාජ පක්ෂයත් (නසසප) ඉන්නවා. මේ කතාව කුරුකුලසූරිය ලිව්වා නම්, කිව්වා නම් අපි ගණන් ගන්නේම නැහැ. මොකද ලංකා සම සමාජ පක්ෂයට (ලසසප) , බැටී වීරකෝන් අන්කල්ලාට පෙම් බඳින කවුරු කවුරුත් බාහු එක්ක, නසසප එක්ක මාරාන්තික වෛරයි. පුරවාගත නොහැකි ඇරියස්. නමුත් බාහුට ඉරාක මුදල් දුන්නා කියලා කුරුකුලසූරියට කියලා තිබෙන්නේ ජවිපෙ හිටපු මහලේකම් ලයනල් බෝපගේ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ලයනල් බෝපගේ විවිධ අවස්ථාවල නසසප කාර්යාලයට ඇවිත් ඉන්නවා මම දැකලා තිබෙනවා. බාහු එක්ක හා පක්ෂයේ අනෙක් අය එක්ක සුහද කතාබහේ යෙදිලා හිටියත් මම නම් ඔහු එක්ක එහෙම පයුරුපාසානම් පවත්වන්න ගිහින් නැහැ. ඒත් පක්ෂයේ වැඩවලට මුදලින් ආධාර කළා කියලත් මම දන්නවා. එවන් වූ කිසිම වෙලාවක ඔහු අපේ සාමාජිකයකුට, පාක්ෂිකයකුට හෝ අපේ හිතවතකුට හෝ මෙවැන්නක් කියා නැහැ. මෙහෙම කතාවක් මමත් අහපු පළමු අවස්ථාව මේක. ඒනිසා බෝපගේ ගෙන් මේගැන විමසා බලන්න ඕන කියලා හිතුනා.

වඩාත්ම හේතුව වුණේ බාහු ඉරාක මුදල් ගත්තා කියන්නා වූ 80 දශකයේ අපට හොරා නායකයන්ට මොනවත් කරන්න බැරි කාලයක්. ඒත් නායකයන්ට හොරෙන් අපට නම් ඕන දෙයක් කරන්න පුලුවන්කම තිබුණා. එහෙම තිබියදීත් අපි නොදන්නා ඒත් බෝපගේ දන්නා මේ අබිරහස හෙළිදරව් කරගැනීමට පහත සඳහන් ප්‍රශ්න කීපයට පිළීතුරක් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

බාහුගේ මුදල් ප්‍රශ්නය බෝපගේ ගෙන් මෙලෙසින් විමසන්න ප්‍රධාන කරුණු 2 ක් බලපෑවා. එකක් තමයි බාහු මේවනවිට ජීවතුන් අතර නැහැ. ඔහු ජීවත්ව සිටියදී කිසිම දිනක මුල්‍ය වංචා චෝදනාවක් එල්ල වෙලාත් නැහැ. කුරුකුලසූරියලා වගේ දෙතුන් දෙනෙක් හැර අනෙක් ඕනෑම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක කෙනෙක් වුනත් ඒගැන සාක්කි කියයි. කොටින්ගෙන් සල්ලි ගත්තා,  ඩොලර් ලැබෙනවා කිව්වාට එහෙම කියපු ජාතිවාදීන් පවා දන්නවා ඒක මඩයක් කියලා.

මහින්ද රාජපක්ෂ විරුද්ධ පක්ෂ නායකයා වෙලා ඉන්න කාලයේ “හරය’ පත්තරේට මුදල් ආධා‍රයක් දුන්නාම අපි ගත්තා. හැබැයි ඔහු ජවිපෙ එක්ක සෙට් වෙලා ජාතිවාදී ගමනක් ආරම්භ කළාම සියළුම සබඳතා අත් හැරියා.

මැයි දින සැරසිලිවලට නවලෝක මුදලාලි හැම පක්ෂයකටම වාගේ පොලිතීන් දෙනවා. නමුත් නසසපයට පොලිතින් දෙන එක වික්ටර් අයිවන්ගේ “රාවය” පත්තරේටත් මුල් පිටුවේ යන ප්‍රවෘත්තියක් වුණා. ලියපු ඇත්තගේ / ඇත්තිගේ නමක් තිබුණු වගක් මතක නැති නිසා ඒක ලිව්වේ එවක ඒ පත්තරේ වැඩ කරපු කුරුකුලසුරියද කියලා ටක්කෙටම කියන්න බෑ. ගුරා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුව කරනවා කියලනේ කියන්නේ.

නසසප මෙහෙම පුද්ගලයන්ගෙන් මුදල් ආධාර ගත්තාට ආණ්ඩුවකින්, රාජ්‍යයකින්, හතුරු දේශපාලන සංවිධානයකින් මුදල් ආධාර නොගැනීමේ ප්‍රතිපත්තියක පිහිටා වැඩකළ පක්ෂයක්. එනිසාමයි බාහු එකී ප්‍රතිපත්තිය කඩා බිඳ දමා වැඩ කළාද කියන එක ලයනල් බෝපගේගෙන් අහන්නේ.

වික්ටර් අයිවන්

ඒ හඩ්සන්ලා වෙනුවට මේ හඩ්සන්ලා. පෙර දින ඒ හඩ්සන්ලාගේ ජනමාධ්‍ය භාවිතාවන් විවේචනය කරමින් මේ හඩ්සන්ලා රටවටා යමින් “මහජන සේවා ජනමාධ්‍ය” කියලා එකක් ඉගැන්නුවේ නිකං නොවේ.

දැන් මේ වසර 40 ක් විතර පැරණි පාපොච්චාරණයක් උස්සාගෙන දුවන්නෙත් අනුර කුමාර ජනාධිපතිගේ ප්‍රතිරූපය ගොඬනැගීමේ හඩ්සන් කොන්ත්‍රාත්තුවක් නේ. ඒක හැබැයි රජාට ආදරේ වැඩිකමට මැස්සාට කඩුවෙන් කෙටුවා වගෙ වැඩක්. පසුගිය මැයි දිනයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා අපට දැන් එළියෙන් අභියෝගයක් නෑ. අපට අභියෝගය තිබෙන්නේ ඇතුළෙන්මයි කියලා. මේ ඇතුළේ අභියෝගය මොකක්ද කියලා මීට කලින් මම පෙන්වා දුන්නා. දිසානායක ජනාධිපතිවරයා අද ගෙනියන නව ලිබරල්වාදී දේශපාලන, ආර්ථික වැඩ පිළිවෙල නිසා ඔවුන්ගේ දේශපාලන කේඩරය අර්බූදයට ගිහින් තිබෙන්නේ.   

ව්‍යාජ වමෙන් ආ ජවිපෙ නායකයා ජනාධිපති වෙලා තවත් දකුණට ගමන් කළා. මාස 06 ක් යද්දී දකුණට කැපූ වේගය කොතරම්ද කියනවානම් ජනාධිපතිවරයාම කියන විදියට අද විපක්ෂය කියන්නේ සුන්බුන් ගොඩක්. දකුණට යනඑන මං නැතිවෙලා ඉන්නේ. මොකද දකුණේ දේශපාලන, ආර්ථික න්‍යාය පත්‍රය කිසිදු අඩුවකින් තොරව මාලිමා ආණ්ඩුව හොඳට කරගෙන යනවා.  ශ්‍රී ලංකාවේ ආයෝජනයට තියෙන ඉඩකඩ විපරම් කරලා බලන්න ඉන්දීය කොම්පැනි කාරයන් රොත්තක් මේ ලියන දවස්වල රටේ කරක් ගහනවා. මේ කොපැණිකාරයන් ආණ්ඩුව තොරොම්බල් කරන විදිය තමයි ඒකට තියෙන ආසන්නම උදාහරණය.

මාලිමාව එහෙම වුනත් ජවිපෙ කේඩරය ගොඩනැගුවේ රතු කමිස හා රතු හැට්ටකාර දේශපාලනයක් මුල් කරගෙන. ඒක අද ක්‍රියාතමක කරන මාලිමාවේ නව ලිබරල්වාදයට විරුද්ධයි. ධනපති ක්‍රමයට විකල්පව “සමාජවාදය”, “මව්බිමට නිදහස නැතිනම් මරණය”, “දණින් වැටී ජීවත්වනවාට වඩා දෙපයින් සිට මියයාම උතුම්ය”, “අධිරාජ්‍යවාදයට විනාසය, මව්බිමට විමුක්තිය” වගේ සටන් පාඨ වලින් තමයි 88 – 89 කාලේ ජවිපෙ කේඩරයේ ලේ රත් කළේ.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ශාන්ත බණ්ඩාර වැනි ප්‍රමුඛ පෙළේ නායකයන් ආරක්ෂක අංශවල අනේකවිද වදවේදනාවන්ට ලක්වුවත් පාවා නොදී අවසන් හුස්ම පොද හෙළුවා. අවසන් හුස්ම පොද වාතලයට එක්කළේ සමාජවාදී සිහිනය තුරුළු කරගෙන කියලා තමයි අනුරකුමාරලා, ටිල්වින්ලා, ලාල්කාන්තලා ආණ්ඩු බලය ගන්නට පෙර කළ සැමරුම් උත්සව වලදී දෑස් තෙත් කරමින් කිව්වේ.

1993 වෙද්දී නැවත ජවිපෙ ගොඩ නගන්නෙත්, වර්තමාන නායකයන් පක්ෂ නිලතලවලට පත්වෙන්නෙත් එලෙසින් මරා දැමූ නායකයන්ගේ හා තවත් මරා දැමූ 40,000 කගේ පමණ  ආත්මය මතින්. එසේ සිදු වෙන්න විශේෂයෙන්ම බලපෑ හේතුව වුණේ ටිල්වින් සිල්වාගේ හැර අනෙක් වර්තමාන නායකයන්ගේ නම්ගම් 88 – 89 වකවානුවේ නොකියවෙන නිසයි. ඕනෑම දුෂ්කර මොහොතකට මුහුණ දෙන්න ජවිපෙට 4% ක් හිටියේ මේ මරා දැමූවන්ගේ ඥාති මිත්‍රාදීන්. නමුත් අද ඒ රතුපාට රෝස වෙලා, සමාජවාදය නව ලිබරල්වාදය වෙලා. එමනිසා “යාදෙක නොරත රත සමඟ පෑහීමක් නැත” කිව්වා වාගේ රතු එක්ක රෝස පාහන්න බැරිවෙලා.

කරන්න බැරි වුණත් ලේන් අම්මා කෙනෙක් දරුවා බේරාගන්න වල්ගේ තෙමාගෙන මහසයුර හිස් කරන්න වීරිය කළාලු. අන්න ඒ වාගේ මේ කළ නොහැකි පෑහීම පාස්සන්න මහාචාර්ය නිර්මාල් දේවසිරිත් අත්නොහරින උත්සාහයක් ගන්නවා. ඒ ජවය ලැබෙන්නේ කොහෙන්ද කියලා දැන්ම කියන්න අමාරුයි. ඔහු ඒ උත්සාහය ගන්නේ බොහොම නම්‍යශීලීව, යම් විනයකට යටත්ව කියලයි පෙනෙන්නේ. සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා ජාත්‍යන්තර ආර්ථික සමුළුවකදී කළ ඉංග්‍රීසි කතාවක් වෙනුවෙන් නම් මහාචාර්යවරයා මේ ළගකදී ටිකක් සැරෙන් දොස් කියලා තිබුණා.

නමුත් ලිබරල් අනුරට ජවිපෙ කේඩරය පූට්ටු කිරීම සඳහා කුරුකුලසූරියගේ උපාය කුමක්ද? වාස් උපුටා දක්වමින් කුරුකුලසූරිය පෙන්වා දෙන්නේ උඹලා පූජනීයත්වයෙන් අදහන ඔය විජේවීර, ගමනායක, ශාන්ත බණ්ඩාර, සෝමවංශ අමරසිංහ, දයා වන්නි ආරච්චි වාගේ පැරණි නායකයන් බොරුකාර, වංචාකාරී, උඹලාව විකුණාගෙන කාපු මඩ ගොහොරුවක ළැගපු තක්කඩි රැළක් කියලා.

එබඳු මඩ ගොහොරුවකින් ඉහළට එසැවී සුපිපි නිර්මල, නිකැළැල් අරවින්ද ය – “ඒත් ඉතිං අනුරවාදය වෙනස්නෙ” – කියලා තමයි වික්‍රමබාහු කරුණාරත්නවත් මඩගොහොරුවට තල්ලු කරමින් උවිඳු කුරුකුලසූරිය තමන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කරන්නේ.

බාහු ගැන කර ඇති නව සොයා ගැනීම ගැන කුරුකුලසූරියානන්ට කෙටියෙන් කියන්න තියෙන්නේ ප්‍රෙඩී සිල්වා ගේ “පාන්කිරිත්තා ගීතයෙන්” කළු කෑදැත්තාට දීපු උපදේශය තමයි. රඟන තරමට චරිතයක් වෙනවා නම් මොණරා ඉන්දැද්දී  වළි කුකුලා ජාතික පක්ෂියා වෙන්නේ නැහැනේ.

The post බාහුට අවලාද කර ජවිපෙ ට ආවැඩීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%8f%e0%b7%84%e0%b7%94%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b6%bd%e0%b7%8f%e0%b6%af-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%a7-%e0%b6%86%e0%b7%80%e0%b7%90/feed/ 0
වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව https://vivaranalk.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/#respond Fri, 30 May 2025 15:48:28 +0000 https://vivaranalk.com/?p=12894 ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී  මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව දක්වා එක් රැයක් පහන් වෙද්දී එකම පෝස්ටරය අලවා ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ කේඩරය, ආණ්ඩු බලය ලබා මාස 06 ක් ඉක්මෙන්නට මත්තෙන් අතුරුදහන් වුණේ කොහොමද? ආණ්ඩු බලය අරගෙන හැදූ “ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාන්විතය නුවරදී ක්‍රියා විරහිත වුණේ ඇයි? […]

The post වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව appeared first on විවරණ.

]]>
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී  මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව දක්වා එක් රැයක් පහන් වෙද්දී එකම පෝස්ටරය අලවා ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ කේඩරය, ආණ්ඩු බලය ලබා මාස 06 ක් ඉක්මෙන්නට මත්තෙන් අතුරුදහන් වුණේ කොහොමද? ආණ්ඩු බලය අරගෙන හැදූ “ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාන්විතය නුවරදී ක්‍රියා විරහිත වුණේ ඇයි?

අද දළදා ප්‍රදර්ශනයට ගියත් ජවිපෙ නායකයන් ආණ්ඩු බලය ගන්නට පෙර සමාජවාදය, නිර්ධන පංති විමුක්තිය, මාක්ස්, ලෙනින් ගැන කතා කළා. ආගම අබිං කියමින් අනෙක් රතු පක්ෂවලටත් වඩා ඉදිරියෙන් හිටියා.

ඒ අතරම සිංහල බෞද්ධ රාජ්‍ය සුරැකීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටියා. නමුත් පක්ෂය ජනගත වුණේ නිරාගමික පක්ෂයක් විදියට. 1950 ගණන් වලදී ධනපතියන් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හැදින්වූවේත් නිරාගමික පක්ෂයක් විදියට. ඔවුන් ආණ්ඩු බලයට ආවොත් බෝගස් කපා ලී ඉරාවි කියලා තමයි වේදිකාවලදී කිව්වේ. ඒත් ඡන්ද දිනුවා.

ලසසප පාර්ලිමේන්තුවාදයට යට වුනාට පස්සේ මල්වට්ටි අරගෙන පන්සල් ගියා. “ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ” කියමින් 1965 දී ජාතිවාදී පෙළපාලි ගියා. වැඩ වර්ජන, 71 කැරැල්ල මර්දනය කරන්න ධනපති ආණ්ඩුවලට සහය දුන්නා. 1972 දී  සිංහල, බෞද්ධ ඒකීය රාජ්‍යය වෙනුවෙන් ව්‍යවස්‍ථාවත් කෙටුම්පත් කළා. අවසානයේ ඒක යථාර්තයක් කරන්න රාජපක්ෂලා එක්ක වර්ග සංහාර යුද්ධ‍යේ කොටස්කාරයොත් වෙලා තමයි විනාස වුණේ.

ජවිපෙ ආණ්ඩු බලය ගන්නට පෙර කියූ මන බඳින මාක්ස්වාදී කතා, නෙත පිනන මැයිදින විලාසිතා මතුපිටින් නිරීක්ෂණයක් තමයි බොහෝ දෙනෙක් කළේ. ඒනිසා තමයි ඔවුන්ට නිරාගමික ලාඩම එල්ලුවේ. බලයට ආවොත් පෙරහැර පවා පවත්වන්න නොලැබෙන බවට විරුද්ධ පක්ෂවල මැතිවරණ වේදිකාවලින් කියනවා ඇහුණේත් මේ නිසා තමයි.

හැබැයි නව සමසමාජ පක්ෂයේ පුරෝගාමී ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න 1979 තරම් ඈත අතීතයේදී ජවිපෙ මේ දෙබිඩි පිළිවෙත මනාව හෙළිදරව් කළා. මොනතරම් මාක්ස්වාදී උධෘත හඬ නැගුවත් ජවිපෙ කියන්නේ තවත් රතු බණ්ඩාරනායකගේ පක්ෂයක් කියලා තමයි ඔහු පෙන්වා දුන්නේ. වසර ගණනාවකට පසු අද එය ජවිපෙ නායකයන්ම පැවසීම මොන තරම් අරුමයක්ද? මේ පරස්පරයේ ගැටුම තමයි නුවරදී එළියට ආවේ.

මේ ඉගැන්වීම් නිසා ජවිපෙ කේඩර්වරුන් හුරුපුරුදු වුණේ නිරාගමික සදාචාරවාදී ජීවිතයකට. ඔවුන් ගමේ වාද විවාද කළේ නිරාගමික පිළිවෙතක ඉදලා. ඒ වගේම ඉන්දියානු විරෝධය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි බටහිර මූල්‍ය ආයතන පිළිබඳ විරෝධය ලේ වලටම කා වද්දලා තිබෙන්නේ. මහපරිමාන කොම්පැණිකරුවන්, හාල් මෝල් හිමියන් තමන් දුගී භාවයට පත්කරපු රාස්සයන් මරා කන පරාස්සයන් විදියට තමයි ඉගෙන ගත්තේ.

පෝස්ටරය ඇලෙව්වේ, පෙළපාලි ගියේ, හිරගෙවල ගියේ, රැකියා නැති කර ගත්තේ අවසාන වශයෙන් ජීවිතය පවා දුන්නේ මේ සියල්ලට විසඳුමක් ලෙස සමාජවාදය කියන සිහිනයේ දකිමින්. මැයි දිනේට කොළඹ ගිහින් ඇවිත් පාරේ ගියේ මහ උජාරුවෙන්. අනෙකුත් වාමාශිංක කඳවුරේ සාමාජිකයන් කවුරුන් හෝ තර්ක විතර්කවලට ආවොත් කට උත්තර නැතිවෙන්න තමයි දේශනාව දෙන්නේ

නමුත් එම පක්ෂයේ වර්තමාන නායකයා ජනාධිපති ලෙස දිවුරුම්දී පළමුව ගියේ මෙතෙක් අනෙකුත් ධනපති ජනපතියන් කළා සේම මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ ආශීර්වාද ලබා ගන්න. පාර්ලිමේන්තු බලයත් ලැබුණාට පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නවත්වපු තැන ඉදලා IMF එකත් එක්ක තමයි දීග කන්නේ. තවම මහ බැංකු අධිපති රනිල් ගේ ගෝලයා. ජනාධිපති මුදල් ඇමැති වුනාට වැඩ කරන්න ඕනේ බැංකු අධිපතිට යටත්වෙලා.

නිරාගමික රාජ්‍යයක් හදන්නේ කියලා පුරසාරම් දෙඩුවත් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්නේ නෑ කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණා. ජනාධිපතිවරයාගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික විදේශීය සංචාරය ඉංදියාව. පක්ෂ සාමාජිකයාගේ මළගමට සුදුවතින් සැරසී යන්න සිදුවුණා. ආණ්ඩු බලය එක්ක නායකයන්ගේ පැවැත්ම සීඝ්‍ර පරිවර්තනයකට ලක්වෙන බව දැක සාමාජිකයා විශ්මිතව බලා සිටියා.

ඉංදියාවත් එක්ක ගහපු එලි නොකරන ගිවිසුම් නිසා මේ අර්බූදය දෙගුණ තෙගුණ වුණා. තම සදාදරණීය නායකයා ඇතුළු තිස්හතලිස් දහසක් ඝාතකාගාරවලදී අනේක විද වදබන්ධනයන්ට ලක්ව දිවි දුන්නේ ඉංදියන් විරෝධය නිසා.

ඉහළ නායකයන්ගේ මේ පාවාදීම් නිසා අනෙකුත් වාමාශිංක කඳවුරේ සාමාජිකයන්ට මුහුණ දී ගත නොහැකි තත්වයකට ගමේ ජවිපෙ කේඩර්වරයා පත්වුණා. කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් ගිය ඔවුන්ට විරුද්ධවාදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව කරබාගෙන යන්න සිදුවුණා. ඒ පරාජිත හැඟීම නඩත්තු කරගත්තේ බර සුසුමක් හෙළලා අපට ආණ්ඩුවක් තියෙනවා නේද කියලා. එහෙම හිතලා නින්දට ගියා.

අවසානයේ අනෙකුත් ධනපති නායකයන් ගිය මඟම නොඅඩුව යමින් මැතිවරණය සඳහා දළදා ප්‍රදර්ශනයක් ආරම්භ කළා. දන්ත ධාතුව කියන්නේ බෞද්ධ රාජකීය බල සංකේන්ද්‍රනයේ සංකේතය. මේ ක්‍රියාවෙන් විප්ලවවාදී, සමාජවාදී කියමින් කේඩර්වරයාට ගැට ගසා තිබූ දිය නූලත් අවසාන වශයෙන් ජවිපෙ නායකයා ගලවා දැම්මා.

දළදා ප්‍රදර්ශනයේ වැඩ බෙදීමක් තිබුණේ නෑ. මේක මාක්ස්වාදයේ එන පංති විග්‍රහය අනුව සුළු ධනේෂ්වරයේ ජන්ම ගතියක්. ආරේ ගති නෑරේ කිව්වලු. තමන්ගේ ප්‍රභාස්වරය වටා තමයි සියල්ලන්ටම පැවැත්මක් තිබෙන්නේ කියලා තමයි මේ වර්ගයේ නායකයන් හිතන්නේ. ඒ නිසා තමයි ඔවුන් බලය සංකේන්ද්‍රනය කරගන්නවා මිස කිසිඳා බලය බෙදන්නේ නැත්තේ.

දරුවෙක් පිළිසිඳ ගත් මොහොතේ පටන් දරු ප්‍රසූතිය දක්වා නොකඩවා එන වින්නඹු අම්මා වගේ තමයි පෙරදා “ජවිපෙ රතු තරුව” හිටියේ. සුනාමිය වෙලාවේ එයින් විපතට පත් වූවන්ට සහන සලසන්න, විනාස වූ රේල් පාර, බස් නැවතුම්පොළ හදන්න පළමුවෙන්ම ආවේ ඔවුන් තමයි.

පෙළපාලි ගමන් මගේ කොඩි, බැනර් ඉවත් කරනවා පමනක් නොවෙයි රැස්වීම් පිටියේ ටොපි කොලයක් හෝ ඉතිරි කරන්නේ නෑ. ආණ්ඩු බලය ලැබුණු විගස මූදු වෙරළ පවා සුද්ධ පවිත්‍ර කළ “ක්ලීන් ශ්‍රී ලංකා” මේ සියල්ල අකර්මන්‍ය වුණා. ජවිපෙ කිසිදු කෙනෙක් නුවර කසළ ප්‍රශ්නය ගැන කතා කරන්නවත් ඉදිරිපත් වුණේ නැහැ.

කපා ගත්තානම් උඹම කර ගහගනින් කියලා අපේක්ෂා භංගත්වයට ගිය සාමාජිකයා, පාක්ෂිකයා, කේඩර්වරයා ජනාධිපති ගේ දළදා ප්‍රදර්ශන වැඩ පිළිවෙල මුළුමනින්ම අත් හැර දැමුවා. දවස් නවයක් ගතවෙද්දී කසළ ටොන් 600 ක් 700ක් ගොඩගැසුනා. ඒත් ජවිපෙ මැති ඇමැතිලාවත් කිසිදු මැදිහත්වීමක් කළේ නෑ. අන්තිමේදී 10 වැනි දින මහ රෑ අනුර ජනාධිපතිටම නුවර ගිහින් කසළ ප්‍රශ්නයට මැදිහත් වෙන්න සිද්ධ වුණා.

ඕනෑම දෙයක ඇක්ෂන් හා රිඇක්ෂන් කියලා දෙයක් තියෙනෙවා. ප්‍රතිපත්ති පාවා දෙනකොට ඒකට ලැබුණු රිඇක්ෂන් එක තමයි මේ. එවගේම ජවිපෙ, මාලිමා ආණ්ඩුවකින් සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් පසුගිය ඡන්දවලදී ඒ වටා රොක් වූ බොහෝ රැඩිකල් පිරිස්ද අද මාලිමාව අත්හැර යමින් ඉන්නේ. ඊළඟ රිඇක්ෂන් එක පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් බලා ගන්න පුළුවන්. සැබෑ වමක අඩුව නිසා ඒ වැඩි දෙනෙක් ඉන්නේ කරකවල අතෑරියා වගේ.

රටේ ආර්ථික තීන්දු තීරණ ගන්නේ IMF එක. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිටියා වාගේ ඇමතිවරුන් 3 ක් හිටියා නම් මුදලුත් ඉතිරි වෙයි. අපි මෙච්චර මුදල් ඉතිරි කළා, අච්චර ඉතිරි කළා කිව්වාට හැබැයි කිසිම විගණන වාර්තාවක නම් එහෙම සඳහන් වෙලා තිබෙනවා දැක්කේ නෑ. තියෙනවා නම් ජනතාවට දැනගන්න එළි කරන්න එපැයි. සමාජය තුළ මෙවැනි කතාබහ යනවා. ඒවා ඉහළ නායකයන්ට ඇහෙන්නේ නෑ. දැනෙන්නේ නෑ. උත්තර දෙන්න ඕන ගමේ එකා.

විරුද්ධ පක්ෂයේ ඉන්නා අවදියේ අනෙක් වාමාංශික පක්ෂවලට හා එහි නායකයන්ට මඩ ගැහුවා වගේ තමයි මේ මුදල් ඉතිරි කරන කතා. “ඩොලර් කාක්කෝ. ඔය කෑ ගහන්නේ කොටින්ගේ, දෙමළ ඩයස්පෝරාවේ සල්ලි” ආදී වශයෙන් තමා එදා කිව්වේ. එහෙම කිව්වත් අද වන තුරු කිසිම අයුරකින් ඒවා ඔප්පු කරළා නෑ. කන්ද කෙන්ද කිරීම, මඩ අවලාද නැගීම, අතිශයෝක්තිය සුළු  ධනේෂ්වර දේශපාලනයේ අවියෝජනීය ලක්ෂණයක්.

මේනිසා තමන් පිළිබඳ නොසළකා, පක්ෂ ප්‍රතිපත්ති පාවා දෙමින් තීන්දු අරගෙන වැඩ කරගෙන යනවා කියලා අද ජවිපෙ තුළින් එළිපිටම චෝදනා කරන තැනට ඇවිල්ලා. මේ නිසා තමයි ජවිපෙ නායකයන්ට සිය සාමාජිකයන් සනසන්න දැන දැනම බොරු කියන්න බලකෙරිලා තියෙන්නේ.

තමන් නොසලකා වෙනත් ගමනක් යන බවට පහළ සාමාජිකයන්ගේ චෝදනාවන්ට ලක් වී ඉන්නා ප්‍රමුඛයෝ තමයි ජවිපෙ නායක ජනාධිපති දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඇමැති ලාල්කාන්ත.   

IMF ඇතුළු අනෙකුත් විදේශීය මුල්‍ය ප්‍රතිපත්ති කර ගහගෙන යන්න ජවිපෙ ඉහළ ඇවරිය තීන්දු ගන්නවා. මේ තීන්දු අමු අමුවේම පහළ සාමාජිකයාට ගිල්ලවන්නේ ඇමැති ලාල්කාන්ත. ටිල්වින් සිල්වා ඉඳහිට ව්‍යාජ හීන් කෙඳිරියක් නගනවා “අපි සමාජවාදය අත් හැරලා නෑ” කියලා. මේක ඒ අය අතර කරගෙන තිබෙන වැඩ බෙදීමක්.

මේ වැඩ බෙදීමෙන් පිට ඉන්නවා තවත් කෙනෙක්. එයා තමයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. ඔහු උග්‍ර මාක්ස්වාදී විරෝධියෙක්. ඔහුගේ දේශපාලන ජීවිතයත් අර අහිකුණ්ඨික ජනතාවගේ ජීවිතය වගේ. වැඩිකල් එකතැනක රැදෙන්නේ නෑ.

ජවිපෙ ඉහළ ඇවරියේ තිදෙනා ගන්නා නව ලිබරල් ධනපති ක්‍රියාමාර්ග විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් යුක්ති සහගත කිරීම, සාධාරණීයකරනය කිරීම වෙනුවෙන් තමයි ඔහු අද කාලය ගෙවන්නේ. එසේ කරමින් නව ලිබරල් මාවත දිගේ ජවිපෙ නායකයන් දක්කා ගෙන යනවා.

නිර්මාල්ගේ මේ ඉලක්කය ජය ගැනීමට ජවිපෙ පැරණි කේඩරය බාධාවක්. ඒ නිසා ඔවුන් නම්මවා ගැනීමට හෝ එළවා දැමීම වෙනුවෙන් විවිධ වීඩියෝ දානවා. නුවර කුණු ප්‍රශ්නය පිළිබඳවත් වීඩියෝවක් දාලා තිබුණා.

මේ වෙලාවේ අන් අයට වඩා මහාචාර්යවරයාගේ නිරනුකම්පිත උදහසට ලක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප). මොකද පෙසප අද ඉන්නේ ජවිපෙ බලය ගැනීමට පෙර හිටිය ස්ථාවරයන්ටත් වඩා වමෙන්. ජවිපෙ කේඩරය වඩාත්ම අර්බූදයට ලක්වන්නේ, නිර්මාල්ට වැඩ වැඩි වෙන්නේ පෙසපෙ මේ ව්‍යාජය නිසා.

එහෙම වුණා කියලා ඡන්ද ටිකක් වැඩි කරගන්නවා හැර වමේ විකල්පය වෙන්න පෙසපෙට බෑ. IMF එකට, ඉංදියාවට, අධිරාජ්‍යවාදයට විරුද්ධව නාලාගිරි වගේ ගිරිය පුප්පාගෙන කෑගහනවා. හැබැයි ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම මහගෙදර එකම තමයි. ඔලුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ උත්තරේ කියන්න ටික වෙලාවක් යනවා. එච්චරයි වෙනස. බලය සංකේන්ද්‍රණය කර ගන්නවා මිස බලය බෙදීමක් නෑ. එක වල්ලේ පොල්.

ජවිපෙ මෙහෙම පක්ෂ අභ්‍යන්තර ගැටුමකට මැදිවී යන නව ලිබරල් ගමන නිසාම තමයි නුවර මාළිගාවත් චන්ද මාලිමාවක් කරගන්න ගියේ. ඒත් සිදු වුණේ වඳින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා වගේ වැඩක්. ඒකෙන් ගොඩ එන්න ජනාධිපති රාජපක්ෂ සමයේත් දළදා ප්‍රදර්ශනයක් නවතා දැමූ බවට කියැවෙන වීඩියෝවක් ප්‍රචාරය කළා.

නමුත් එහි කොතැනකවත් කියවෙන්නේ නැහැ අසූචි, මූත්‍රා, කැලිකසළ ප්‍රශ්නය නිසා දළදා ප්‍රදර්ශනය නැවතුනා කියලා. ඒකේ කියන්නේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසා නැවත්තුවා කියලා.

ඒනිසා ජවිපෙට මේ සිදුවෙමින් තිබෙන්නේ තීන්ත බාල්දියේ වැටුණු නරියාට වූ දෙයයි. නෙළමින් ඉන්නේ ඔවුන් ඉතිහාසයේ වැපිරූ දේ අස්වැන්න.  තල වපුරා මුං නෙළන්න බෑ.

2025.05.03

The post වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/feed/ 0
ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..? https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a/#respond Wed, 19 Mar 2025 06:22:03 +0000 https://vivaranalk.com/?p=12780 ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ දිහා බලාගෙන නෙමේ. ඉතිහාසයේදී මෙවැනි ගිවිසුම්වල අවසන් ප්‍රතිපලය වුනේ කුමක්ද කියලා සොයා බැලීමකින්. මොකද ධනපතියන්ට සාමය කියන්නේ යුද විරාමයක්. වඩා ශක්තිමත් වීම සඳහා කල් ගැනීමක්. […]

The post ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..? appeared first on විවරණ.

]]>
ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ දිහා බලාගෙන නෙමේ.

ඉතිහාසයේදී මෙවැනි ගිවිසුම්වල අවසන් ප්‍රතිපලය වුනේ කුමක්ද කියලා සොයා බැලීමකින්. මොකද ධනපතියන්ට සාමය කියන්නේ යුද විරාමයක්. වඩා ශක්තිමත් වීම සඳහා කල් ගැනීමක්.

දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමෙරිකාව එකග වූ  “බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය.” (Bretton Woods agreement)  උදාහරණයකට ගන්න පුළුවන්. 1944 ජූලි මාසයේ ඇමරිකාවේ නිව් හැම්ප්‍ෂයර් ( New Hampshire) වලදී රටවල් 44 ක් මේ සදහා සහභාගි වුණා. දින 22ක් පුරා පැවති සාකච්ඡාවකින් පස්සේ තමයි මේ සම්මුතිය ඇතිකර ගත්තේ.

සමුළුවේ ප්‍රධානම අරමුණ වුණේ “සාධාරණ හා නිදහස් ගෝලීය වෙළෙඳාම දිරිමත් කරන සියලුම ජාතීන්ට පිළිගත හැකි ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක්” නිර්මාණය කිරීම. සෝවියට් දේශය මෙම සමුළුවට සහභාගි වුනේ නැහැ.

සමුළුවට සහභාගි වුණු බ්‍රිතාන්‍ය දූත පිරිසේ නායකයා වුණේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් වූ ජෝන් මේනාඩ් කේන්ස් (John Maynard Keynes). ඔහු යෝජනා කළේ “ලෝක බැංකුවක්  විසින් පාලනය කරනු ලබන නව ජාත්‍යන්තර මුදල් ඒකකයක් ගොඩනගන්න” ඕන කියලා. එම මුදල් ඒකකය “බැන්කෝර්”  (Bancor)  කියලා තමයි හැදින්වුවේ.

මේ යෝජනාවට ඇමරිකානු නියෝජිත පිරිසේ නායකයා වූ හැරී ඩෙක්ස්ටර් වයිට් (Harry Dexter White ) විරුද්ධවීම නිසා එය ප්‍රතික්ෂේප වුනා. ඒ වෙනුවට ඩෙක්ස්ටර් වයිට් යෝජනා කළේ ලෝකයේ අනෙක් රටවල මුදල් සංචිත වෙනුවට රත්තරන් ලබා දෙන්න ඇමරිකාවට පුලුවන් කියලා. හැබැයි මේ ගණුදෙණුව සිදුවන්නේ ඩොලර්වලින් කියලත් ඔහු  කිව්වා.                                                                                                          

හැරී ඩෙක්ස්ටර් වයිට් [Harry Dexter White]

රත්තරන් අවුන්සයක් ඩොලර් 35 ක් ලෙස තමයි ප්‍රකාශ වුණේ. අවසානයේ ඒ යෝජනාව සම්මතවීමත් එක්ක එක්සත් ජනපද ඩොලරය “ජාත්‍යන්තර සංචිත මුදල් ඒකකයක්” බවට පත් වුණා. ඒ වෙද්දී ලෝක රන් සංචිතයෙන් 59% ක අයිතිය තිබුණේ ඇමරිකාවට. ශේෂ පත්‍රය බැලුවොත් සමුළුවේ මුඛ්‍ය අරමුණ පරාද වෙලා ඇමරිකාවේ යටි අරමුණ තමයි ජයගෙන තිබෙන්නේ. සිය අරමුණ ජයගත්තත් එකගවූ සම්මුතිය වැඩිකල් ආරක්‍ෂා කළේ නෑ.

බ්‍රෙටන් වුඩ්ස් වලින් පස්සේ ඇමරිකානු ආර්ථිකය වේගයෙන් වර්ධනය වුණා. නමුත් 60 දශකයේ ආරම්භවුනු වියට්නාම් යුද්ධයේ පිරිවැයත් එක්ක ඇමරිකානු ආර්ථිකය නැවත බරපතල පසුබෑමකට ලක්වුණා. 70 දශකය ආරම්භ වෙද්දී දරුණු අවපාතයක් කරා ඇමරිකන් ආර්ථිකය ගමන් කළා.

එවකට සිටි ඇමරිකන් ජනාධිපති රිචඩ් නික්සන් ආර්ථික අවපාතයට විසදුමක් ලෙස 1971 දී, ඇමරිකානු ඩොලරය රන් අවුන්සයකට ඩොලර් 38 දක්වා අවප්‍රමාණය කළා. මේ තීන්දුවත් එක්ක බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය බිඳ වැටීම ආරම්භ වුණා. ලොවපුරා අවවරප්‍රසාදිත ජනතාවට දුක්බර කාලයක් උදාවුණා. අපෙත් කෑමබීම සදහා පෝලිම් යුගයක් තිබුණේ මේ කාලයේ තමයි.

ඩේවිඩ් රිකාඩෝ [David Ricardo]

විවිධ පැලැස්තර අලවමින් අබල දුබල වෙමින් මෙලෙස ඇදගෙන ගිය ඇමරිකානු ආර්ථිකය අද වනවිට නැවතත්  මර ඇඳට වැටිලා තිබෙන්නේ. දැන් තමන්ගේ ලාභ රේට්ටු කඩා වැටෙනවිට එලෝන් මස්ක්ලාට, සකර්බර්ග්ලාට ප්‍රාග්ධනය ප්‍රසාරනය සදහා නව භූමි අවශ්‍ය වෙනවා.

ඒ සදහා ජාතිකත්ව පදනම මත දේශපාලන, ආර්ථික, සමාජීය තීන්දු ගන්නා දේශපාලන නායකත්වයක් ඔවුන් බලයට පත්කර ගත්තා. මෙහෙම කරන්න වෙන්නේ මෙතෙක් කලක් විවිධ උපාමාරු දමමින් කරගෙන ගිය කොල්ලකෑම ජාත්‍යන්තර මංකොල්ලයක් බවට පත්කරන්න සිද්ද වෙචච නිසා.

ඔවුන් එලෙස පත්කරගත් දේශපාලන නායකත්වය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ලාභ රේට්ටු කඩා වැටී ආර්ථික අවපාතයක් කරා ගමන් කරද්දී තමයි ජර්මන් බැංකුකරුවන්, මහා කොම්පැණිකරුවන් ඇඩොල්ෆ් හිට්ලර් නිර්මාණය කළේ. අද ට්‍රම්ප් කියන්නේත් එවගේම ව්‍යවස්ථාපිත රූකඩයක් විතරයි.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී එලෝන් මස්ක් ජර්මන් නාසිවාදී හිට්ලර්ගේ ආචාර විධික්‍රමය විදහා දැක්කුවේ ඒ නිසා තමයි. ඔවුන් සූදානම් වන්නේ කඩා වැටෙන ඇමරිකන් ආර්ථිකය නැවත ගොඩගන්න ලෝකයේ ගොඩනැගෙන අනෙකුත් නිෂ්පාදන බලවේග විනාස කරන්න.

එහෙම විනාශ කරළා අළු දූවිලි මතින් අළුත් ඇමරිකන් ජාතියක් ගොඩ නගන්න. ඒකෙදි මොන තරම් මිනිස් ජීවිත ප්‍රමානයක් විනාශ වෙනවාද කියන එක එලෝන් මස්ක්ලාට වැදගත් නෑ. ඔවුන්ට වැදගත් තමන්ගේ ලාභය විතරයි. නමුත් ලෝකෙට තමන්ගේ “මාණුෂික” මුහුණ පෙන්වන්න ඕන. ඒනිසා තමයි ළමයි වඩාගෙන රැස්වීම්වලට එන්නේ. ලංකාවෙත් එහෙමනේ.

ගෙවීගිය වසර තුනක කාලයේ යුක්‍රේන යුද්ධයට ඇමරිකාව ඩොලර් බිලියන 350 ක් වැය කරලා තියෙනවා. ඊට අමතරව නේටෝවට (NATO) අයත් රටවල්ද විශාල මුදලක් රුසියාවට විරුද්ධව යුක්‍රේනයට දීලා තියෙනවා. නමුත් රුසියානු ආක්‍රමනය පසු බස්සවන්න NATO වට හැකියාවක් ලබුණේ නැහැ.

NATO කියන්නේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය. (North Atlantic Treaty Organization)  යුරෝපානු රටවල් 29 ක් සහ උතුරු ඇමරිකානු රටවල් 02 ක් සාමාජිකත්වය දරන අන්තර්-රාජ්‍යය හමුදාමය සන්ධානයක්. 2023 දී ෆින්ලන්තයත් මෙහි සාමාජිකත්වය ලබා ගත්තා.

ඒනිසා ඇමෙරිකාව මේ උත්සාහ කරනේ නේටෝව ලැජ්ජා සහගත පරාජයකින් බේරාගන්න. ඒ වෙනුවෙන් තමයි රුසියාව හා යුද විරාමයක යෝජනාවක් එන්නේ. ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විමුක්ති කොටි සංවිධානය (LTTE) එක්ක සටන් විරාම ගිවිසුමකට ගියා වගේ. අවසානයේ LTTE ය යුදමය වශයෙන් පරාජය කළා.

ට්‍රම්ප් යුරෝපයට කළ අවවාදයෙන් සටන් විරාමයේ ව්‍යාජය තහවුරු වෙනවා. ඔහු කිව්වේ ඇමරිකාව වගේ ඉදියේදී තමන්ගේ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් අවි ආයුද නිෂ්පාදනය සදහා වෙන්කරන්න කියලා. මේ වෙද්දී ට්‍රම්ප් ඇමරිකාව තුළ ආයුධ කර්මාන්තශාලා පවා ආරම්භ කරළා තිබෙන්නේ.

ඉරානයට පහර දෙන අතර ඇමරිකාව උත්සාහ කරාවි චීනය තුළත් සිරියාවේ මෙන් අභ්‍යන්තරික ගැටුම් ඇතිකරවන්න. කොහොම වුනත් ඇමරිකාවේ අද ප්‍රධානතම හතුරා චීනය.

චීනයේ වෙළෙඳපොළ ව්‍යාප්තිය හා තාක්ෂණයේ වර්ධනයට ඉඩදීලා ඇමරිකන් ආර්ථිකය ගොඩගන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. එමනිසා චීනය බිඳ වැට්ටවීම තුළ පමණයි ඇමරිකාවට ගොඩ එන්න පුලුවන් වෙන්නේ කියන එක තමයි ට්‍රම්ප්ගේ ආර්ථික ඔස්තාර්ලාගේ විශ්වාසය.

රුසියාව ප්‍රධාන හතුරා නොවන්න එක් සාධකයක් වන්නේත් චීනය මෙන් රුසියාව සිය තාක්ෂණ, වෙළද ආධිපත්‍ය ලොව පුරා පතුරුවන්නේ නැති එක. නමුත් රුසියාවේ වැඩෙන ආර්ථික හා යුද ශක්තියත්,  බහුජාතික කොම්පැණිකරුවන්ට රුසියාව තුළ රිසිසේ කොල්ලයට ඉඩනොදීමත් ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කිරීමක්.

මෙතැනදී මතුවෙන ප්‍රධාන කරුණක් තමයි න්‍යෂ්ඨික අවි භාවිතා කළොත් මිහිතලයේ කිසිවෙක් ඉතිරි වෙන්නේ නැහැ නේද කියන සිතුවිල්ල. ඇමරිකාවේ මේවන විටත් න්‍යෂ්ඨික අවිවලින් අනතුරක් නොවී වසර ගණනාවක් ජීවත්වෙන්න පුළුවන් යටිබිම්ගත නිවාස, මාළිගා හදලා තියෙන්නේ. අවශ්‍යනම් ඒවා මිලදී ගන්නත් පුලුවන්.

අනෙක් කාරණාව තමයි න්‍යෂ්ඨික අවි තිබෙන්නා වූ රටවල ඒවා පාවිච්චි කිරීම පිළිබද සම්මුතීන් ඇතිකරගෙන තිබෙනවා. නමුත් ඇමරිකාව එලෙස ගිවිසුම්ගත වෙලා නැහැ.

ඇමරිකාව හැර අනෙක් රටවල් සිය න්‍යෂ්ඨික අවි මුදා හරින්නේ අවසන් ප්‍රහාරය විදියට. ඒත් ඇමරිකාවට අවශ්‍යනම් සිය පළමු ප්‍රහාරයම න්‍යෂ්ඨික ප්‍රහාරයක් බවට ඔවුන් තීන්දු කරළා තියෙන්නේ. එමනිසා ඇමරිකාව ඔවුන් ගේ පළමු ප්‍රහාරයම යුදවැදීමට බලාපොරොත්තු වන්නා වූ රටක න්‍යෂ්ඨික අවි ගබඩාවන්ට එල්ල කළොත් කුමක් වෙයිද?  එකී රටවල් යුදමය වශයෙන් දුර්වල වෙනවා. ඒක ඇමරිකාවට වාසියක්.

ඇමරිකන් කොම්පැණිකරුවන්ගේ ප්‍රාග්ධනය ගලා යෑමට මේ මග හැර වෙනත් මගක් නැහැ. එහෙම වුනත් එයට හරස්වන ප්‍රධාන සාධකයක් තමයි ඇමරිකන් කම්කරු පංතිය. ඔවුන් මේ යුද්ධ වලින් අසීමිත විදියට බැට කාලා ඉන්නේ. එමනිසා ඔවුන්ගේ ප්‍රතිචාරය කෙසේ වේවිදැයි කියන්න අපහසුයි. ඒ ප්‍රතිචාර හමුවේ හැම තැනම විසිරුණු යුද්ධ බවට හෝ ප්‍රහාරයන් එකක් දෙකක් හමුවේ සම්මුතීන් හරහා ගමන් කරන්නත් පුළුවන්.

ආර්ථිකය අවපාතයට යද්දී මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුණේත් ඒනිසා තමයි.

අද ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන්පාඨය බවට පත්වී තිබෙන්නේත් ඇමරිකාව හා ඇමරිකන් ජාතිය ලොව උතුම් ජාතිය බවට පත්කිරීම. හිට්ලර් කිව්වෙත් ඕකම තමයි. එහෙම මුසපත් කරළා තමයි තමන් විසින් සූරාකෑමට ලක්කරගෙන සිටින්නන් එවැනිම වූ සූරාකෑමට ලක්වූවන්ට විරුද්ධව යුද්ධයකට දක්කාගෙන යන්න හැකිවෙන්නේ. මේවා  ඉතින් ලංකාවෙනුත් ඉගෙන ගන්න පුලුවන් පාඩම්.

නමුත් ට්‍රම්ප්ට පෙර හිටපු ජනාධිපති ජෝ බයිඩන් පාවිච්චි කළේ මෙයට වෙනස් උපාය මාර්ගයක්. USAID එක හරහා LGBTQ, මානව හිමිකම්, ජනමාධ්‍ය හෝ වෙනත් අරගල බිහිකිරීම. ඒ අරගල තුළින් තමනට අවනත නොවන ආණ්ඩු “සිස්ටම් චේන්ජ්” යොදා කඩා බිද දමා ඇමරිකන් හිතවාදී ආණ්ඩු බිහිකර ගැනීම.

ඒවා වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රධානීන්ට ඇමරිකාවට, යුරෝපයට ඕනෑම වෙලාවක පැමිණෙන්න වසර 05 කට හෝ 10 කට වලංගු වීසා බලපත්‍ර හෝ ඩොලර් අල්ලස් විදියට ලැබුණා. ඊට අමතරව ඇමරිකන් ශිෂ්‍යයත්ව දුන්නා.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිනි විගස USAID එක අහෝසි කළා. ඒ ඇයි? ඇමරිකාව අද මුහුණ පා සිටින උග්‍ර ආර්ථික අර්බූදය විසින් එලෝන් මස්ක්ලාට බලකර සිටින්නේ එතරම් දිගු කාලීන වැඩ සටහන් මේ මොහොතට නොගැලපෙන බව. ට්‍රම්ප් USAID අහෝසි කළේ ඒනිසයි.

ඉතිහාසයේ වරක් ඛේදවාචකයක් වූ දෙය නැවතත් එලෙසම සිදුවන්නේ නම් එය අවසන් වන්නේ විගඩමක් ලෙස යැයි ශ්‍රේෂ්ඨ කියමනක් ඇත. මේ ප්‍රකාශය ඉකුත් ශතවර්ෂයේ විශිෂ්ටතම චින්තකයා ලෙස ජගත් ජනමත විමසුමකින් පිළිගන්නා ලද කාල් මාක්ස් නම් පඬිවරයාගේයි.

The post ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a/feed/ 0
නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/#respond Sun, 02 Mar 2025 09:50:26 +0000 https://vivaranalk.com/?p=12705 ලාල්කාන්ත ඇමතිතුමා පසුගිය දවසක “කොපර කොපර පිපිංඤ්ඤා ”  සෙල්ලම තනිවම කරනවා දැක්කා. ඒක ඔහු කළේ ජනතා විමුක්ති පෙරමුණු ( JVP   ) මාලිමා මංගල අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී. මේ අයවැය හඳුන්වන්නේ කුමන නාමයකින් ද කියලා ආණ්ඩුවේම එක අදහසක්, ප්‍රතිපත්තියක් නැහැ. තම තමන්ට හිතෙන හිතෙන විදියට මේ අයවැයට අර්ථකතනයන් දෙනව. ඒ අල්ලපනල්ලේ ලාල්කාන්ත ඇමතිවරයා මේ […]

The post නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්.. appeared first on විවරණ.

]]>
ලාල්කාන්ත ඇමතිතුමා පසුගිය දවසක “කොපර කොපර පිපිංඤ්ඤා ”  සෙල්ලම තනිවම කරනවා දැක්කා. ඒක ඔහු කළේ ජනතා විමුක්ති පෙරමුණු ( JVP   ) මාලිමා මංගල අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී.

මේ අයවැය හඳුන්වන්නේ කුමන නාමයකින් ද කියලා ආණ්ඩුවේම එක අදහසක්, ප්‍රතිපත්තියක් නැහැ. තම තමන්ට හිතෙන හිතෙන විදියට මේ අයවැයට අර්ථකතනයන් දෙනව. ඒ අල්ලපනල්ලේ ලාල්කාන්ත ඇමතිවරයා මේ අයවැයට නමක් තියනවා.

 යි කියලා.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ විශ්වයේ කොහේ හෝ තියෙන එකක් නෙමේ. ප්‍රජාතන්ත්‍රවාදය අද දවසේ හැම විටම ක්‍රියාත්මක වන්නේ ආඥාදායකත්වයක් මත. එක්කෝ නිෂ්පාදකයාගේ,කොම්පැණීකාරයාගේ ආඥාදායකත්වය මත. නැතිනම් නිෂ්පාදනයට දායකවන්නාගේ, කම්කරුවාගේ ආඥාදායකත්වය මත. එහෙම වෙන්නේ ඇයි?

කෙනෙකුට සල්ලි, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. හැබැයි මේවා පාවිච්චි කරමින් භාන්ඩයක් නිපදවීමට කෙනෙකුගේ මැදිහත්වීමක්, නැතිනම් ශ්‍රමයක් අවශ්‍යයි. මේ සියල්ල එකතු කරළා කොම්පැණිකාරයා යමක් නිපදවන්නේ ලාභය මුල් කරගෙන. ඒකට තමයි කැපිටලිසම් කියන්නේ. ඔහු ලාභය ලබන්නේ කොහොමද?

ලාභය ලබන්නේ නිෂ්පාදනයට හවුල්වෙන්නාට ලැබෙන්නෙ ඕන සාධාරණ පංගුව, සාධාරණ කොටස ලබා නොදී. මේනිසා නිෂ්පාදනයට දායකවන්නා හා කොම්පැණිකාරයා අතර ස්වංසිද්ධ විරෝධයක් ඇතිවෙනවා. එහෙම ගැටුමක්, විරෝධයක් තිබුනත් කම්කරුවාට ජීවත්වෙන්න සල්ලි ඕන. සල්ලි ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමය විකිණිමට කොම්පැණිකාරයා එක්ක සම්මුතියකට යන්න වෙනවා. එතැනදී කම්කරුවාගේ ප්‍රජාතන්වාදය අහෝසි වෙනවා. ඔහුට නිෂ්පාදන බලවතාගේ ආඥාදායකත්වයට යටත්වෙන්න සිදුවෙනවා.

කොම්පැණිකාරයන් හා ඔවුන්ගේ ආයතනවල වැඩකරන්නන් ගේ මේ ගැටුම වර්ධනය වුණොත් බොහෝවිට දිනන්නේ නිෂ්පාදනයට හවුල්වෙන්නන්. මොකද ඒ පිරිස ප්‍රමාණාත්මකව වැඩියි. ඒක මැඬලන්න කොම්පැණිකාරයන් මැරයන්, ආයුද සන්නද්ධ හමුදාවල්, නීතිරීති ගොඩනගනවා. කාලය ගෙවෙද්දී මෙය වඩා සංවිධත වූ රාජ්‍ය බවට විකාශනය වෙනවා.

රාජ්‍ය මෙහෙම බිහිවුණත් කොම්පැණිකාරයන්ට පුද්ගලිකව එල්ලවන විරෝධයේ අඩුවක් නැහැ. මර්දනයෙන් තොරව මේ විරෝධය වාෂ්ප කර හැරීම කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන් කල්පනා කරනවා. අන්න එතැනදී තමයි ආණ්ඩුව කියන සංකල්පය මතුවෙන්නේ. කොම්පැණිකාරයන් විසින් අපට අවස්ථාවක් දෙනවා ඔවුන්ගේ රාජ්‍ය යටතේ අපේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න.

එහෙම ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් පෙන්නුවත්, ඡන්දයට ඉදිරිපත්වෙන ප්‍රධාන පෙළේ පක්‍ෂවලට මැතිවරණ වියදම් ස‍දහා සල්ලි දෙන්නේ කොම්පැණිකාරයෝ. මේනිසා කොම්පැණිකරුවන් හා පක්‍ෂ නායකයන් අතර රහස් ගිවිසුම් ඇතිවෙනවා. රහස් ගිවිසුම් අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරන්නම වෙනවා. ඔවුන් අමනාප කරගත්තොත් බලය පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. අවුරුදු පහට කලින් ගෙදර හෝ හිරගෙදර හෝ අවසන් ගමන් යන්න වෙනවා.

ඒ අතරේම ඡන්දයට පෙර ඡන්දදායකයන් දිනා ගැනීම වෙනුවෙනුත් පක්ෂ විවිධ ඡන්ද පොරොන්දු දෙනවා. බලය ලබාගත්තට පස්සේ ඒවා ඉටු කරගන්න බැරිවෙනවා. චන්ද පොරොන්දු ඉටු නොකරා කියලා අවුරුදු පහක් යනතෙක් ඔවුන්ව ආපසු කැදවීමේ බලයක් ඡන්දදායකයාට නැහැ. ඒකනිසා ඡන්දදායකයන්ට පාලකයන් බය නැහැ.

කොටහේනේ තරුණයන් දෙදෙනෙක් ආයුද බලන්න එක්කරගෙන ගිහින් පොලිසිය විසින් මරා දැම්මා. ඒ ගැන මහාචාර්ය නිර්මාල් දේවසිරියානන් වීඩියෝවක් නිකුත් කරළා තියෙනවා. හෙතෙම පෙන්වා දෙන්නේ රාජ්‍ය විසින් කරන්නා වූ අපරාධ ආණ්ඩුවකට එකවර නැවැත්විය නොහැකියි කියලා. එයින් ගම්‍ය වන්නේ කුමක්ද?  රාජ්‍ය හා ආණ්ඩුව යනු එකක් නොව දෙකක් කියලා නේද.

මෙවැනි විෂයබද්ධ තත්වයක් තුළ තමයි ඇමතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය ගැන බලන්න වෙන්නේ. ලාල්කාන්ත ඇමතිවරයා කියනවා අපි තීන්දු කළා හාල් කිලෝවක් විකුණන්න ඕන උපරිම මිල මෙච්චරයි. එතකොට පාරිභෝගිකයාට හොඳයි. අපි තීන්දු කළා වී කිලෝවක අවම මිල මෙච්චරයි. එතකොට ගොවියාට හොඳයි කියලා.

එතුමා කියන මේ අපි කවුරුද? අනුර දිසානායක ජනාධිපතිතුමා මේසෙට වැරෙන් ගහලා රුපියල් 10 ක් හාල්වලට වැඩිකරලා උපරිම මිලක් නියම කළා. මේ මිල නියම කිරීමේදී කතා කළේ කවුරුන් එක්කද? මහ මෝල් හිමියන් එක්ක විතරයි. අඩුම තරමේ මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ මෝල් හිමියන් එක්කවත් සාකච්ඡා කළාද. නෑ. ගොවියොත් එක්ක කතා කළාද. නෑ . එහෙනම් කවුද මේ අපි කියන්නේ. මහමෝල් හිමියන් හා ආණ්ඩුව.

රූපවාහිනී විවාදයකට ඇවිල්ලා ලක්මාලී හේමචන්ද්‍ර මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කීව කතාවත් තව හොඳ නිදර්ශනයක්. වතු කම්කරුවන් ගේ පඩි වැඩිකරනවා කියලා ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වේ වතු හාම්පුතුන් එක්ක කතා කරලලු.

ලාල් ඇමතිතුමෝ, කෝ මේකේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. වතු කම්කරුවගෙනුත් අහන්න එපැයි නුඹලාට මේ ප්‍රමානය ඇතිද? නැතිනම් ඕන නිවාසද, මොනවද කියලා. එහෙම නැතිව හාම්පුතුන් දෙනදේ ගන්න බල කිරීම කොහොමද ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්නේ.

ඊළගට ලාල්තුමා කියනවා ගොවියන්ට ආණ්ඩුව සහන දෙනවා. ඒ නිසා ගොවියන් මෙච්චර වී ප්‍රමාණයක් අපට දෙන්න ඕන. මේක නියෝගයක් නේද. ගොවියත් එක්ක කතා කළාද ඔවුන්ට උවමනා පෝරද, සල්ලිද මොනවද කියලා. නෑ එහෙම සාකච්ඡා කළේ නෑ.ආණ්ඩුවට ඕන දේ ගොවියන්ට දීලා ඊට පස්සේ තගදානවා. අයවැයෙන් පඩි වැඩි කරන්නේත් ආණ්ඩුවට ඕන අයට විතරලු. 

ලාල් ඇමතිතුමනි එතකොට කෝ ප්‍රජාතන්ත්‍රවාදය. මේක ආඥදායකත්වයක් නේද? ඒතුළ ආර්ථිකයට දායකවෙන සියලු දෙනාට තම තමන් ගේ සාධාරණ කොටස, සාධාරණ පංගුව ලැබෙන්නේ නැහැ නේද?

අපි දන්නා විදියටනම් මේ අයවැය ගැන පූර්ව සාකච්ඡා කලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ( IMF ) නියෝජිතයන් එක්ක විතරයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක් තමයි ප්‍රවිචාරණ ක්‍රියාවලිය නොහොත් අදහස් විමසීම. ඒක IMF එකත් එක්ක විතරක් නෙමේ සියලුම වෘ‍ත්තීයන් එක්කත් කළ යුතුයි.

මේ සියල්ල අපට පසක් කරන්නේ ලාල්කාන්ත ඇමතිවරයා කියන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ හදන්න බැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඡන්දදායකයන් ගොණාට ඇන්දවිල්ලක්. මොකද ලංකාවේ තියෙන්නේ කොම්පැණීකාරයන්ගේ ආඥදායකත්වයක්. IMF නියෝග මත දුවන ආර්ථිකයක්. ඒතුළ ආර්ථිකයට දායකවෙන සියලු දෙනාට තම තමන් ගේ සාධාරණ කොටස, සාධාරණ පංගුව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කොම්පැණිකාරයන් තීන්දු කරන ප්‍රමාණය විතරයි. ඔවුන් ඒ ප්‍රමාණය තීන්දු කරන්නේ තමන් ගේ ලාභය ඉතිරි කරගෙන.

කොම්පැණිකාරයන් ගේ රාජ්‍ය බලය බිඳදාලා අපි නිර්ධනයන් ගේ ආඥාදායකත්වයක් හදන්නේ නෑ.  පාර්ලිමේන්තු බලයකින් සාධාරණ, යුක්තිගරුක පාලනයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන වැඩකරපු නායකයෝ ඉතිහාසයේත් හිටියා. ඒවා අවසන් වුනේ ලේ ගංගාවලින්.

1871 ප්‍රංශයේ බලය ගත් අරාජිකවාදීන් හිතුවේත් එහෙම තමයි. අන්තිමේ නැපෝලියන් බොනපාට් ඒක අවසන් කළේ ලේ ගංගාවකින්. 1914 දෙවන ලෝක යුද්දයෙන් පස්සේ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැවන්ත පක්‍ෂයේ නායකයන් වුණේ රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නේක්ට්. ඔවුන් ගේ පිලිගැනීම වුනේත් පවතින රාජ්‍ය එලෙසම තබා ගනිමින් පාර්ලිමේන්තු බලයකින් හැම කෙනෙකුගේම සාධාරණ කොටස, පංගුව දෙන පාලනයක් ගෙනියන්න පුලුවන් කියලා. අන්තිමේ ඔවුන් ගේ මළසිරුරු හමුවුණේ කාණුවක තිබිලා. 1972 චිලියේ අයන්ඩේත් මේ වගේම අත්හදා බැලීමකට ගියා. අවසානයේ හමුදා නායක පිනෝචේ ගේ කුමන්ත්‍රණය හමුවේ ඔහු වෙඩි තියාගෙන සියදිවි නසා ගත්තා. මෙවැනි ඉතිහාස කතා අපමණයි.

ආණ්ඩු බලය ගැනීම වෙනුවෙන් කියපු වීර කතා නිසා අද JVP ,මාලිමා රජයත් පත්වෙලා ඉන්නේ මග සිටිය තෝ නසී, ගෙදර ගිය අඹු නසී කියනා තත්වයට. JVP , මාලිමා ආණ්ඩුව පත්වෙලා ඉන්න උභතෝකෝටියට සමාන රසවත් කතාවක් බයිබලයේ තියෙනවා දාවිත් හා ගොලායත් යෝධයා ගැන.

දාවිත් හැම විටම පෙනී හිටියේ, සටන් කළේ මිනිසුන් ජීවත් කරවීම වෙනුවෙන්. ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේනිසා මිනිස්සු දාවිත් වටා නිරායාසයෙන් එකතු වුණේ දැඩි විශ්වාසයකින්. පොඩි කාලයේත් යම් යම් දස්කම් පෙන්වා තිබුණ නිසා මේ විශ්වාසය දෙගුණ තෙගුණ වුණා.

ගොලායත් යෝදයා ඉතාම නපුරු, මිනිසුන් ගේ එළු, බැටළුවන් මරාකන ජන පීඩකයෙක්. අන්තිමේ මහ හැඩිදැඩි ගොලායත්ට ඔහුගේ දණහිසට වඩා උස නැති දාවිත්  සටනට අභියෝග කළා. දෙදෙනා අතර සටන ආරම්භ වුණා. දාවිත් විද්ද එක ගල් පහරකින් ගොලායත් යෝධයා මැරී වැටුණා.

අපේ රටේ මිනිස්සුත් හිතුවේ දන්න දවසේ ඉදලා අනුර කුමරා හා JVP සටන් කෙරුවේ කොම්පැණිකාරයන්ට හා IMF එක කියන ගොලායත් යෝධයන්ට විරුද්ධව තමයි කියලා. ඒනිසා මෙවර පාර්ලිමේන්තුවේ ආසන 159 ක්ම දුන්නා. නමුත් දැන් දැන් බලන කොට ඔවුන් කරන්නේ ගොලායාත් ආරක්‍ෂා කිරීමයි කියලා ඡන්දය දීපු මාලිමාවන්ට පවා තේරෙන්න පටන් අරන්. ගොලායත් නිසි ලෙස ආරක්‍ෂා කරනවාද නිරීක්‍ෂණය කිරීම සඳහා IMF එක විසින් ආර්ථිකේ ප්‍රධාන මර්මස්තානයන්ට දෙදෙනෙක් දාලා තියෙන්නේ.

ඒ මහ බැංකු අධිපතිකමට හා මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට. 159 ක් හිටියත් ඒ දෙදෙනා එකී ස්ථානනයන්හී වැඩ හිඳිනාතාක් මොන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක්ද ලාල් ඇමතිතුමෝ. මේ අයවැයත් ජේආර් ගේ සිට පසුගිය රනිල් දක්වා ආපු නව ලිබරල්වාදයේම තවත් දිගුවක්. භාවිතා කරන වචන වෙනස්.කොකාට තැටියේ හොදි දුන්නා වාගේ.

ඉර, හඳ සහ සත්‍යය කිසිදා සගවන්න බැහැ.

The post නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/feed/ 0
ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්.. https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb/#respond Wed, 29 Jan 2025 11:12:53 +0000 https://vivaranalk.com/?p=12590 ජනතා විමුක්ති පෙරමුණ  (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා. ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු කැරැල්ලේ නායකයෙක් අවසන් ගමන් ගොස් සිටිනවා. ජවිපෙ අතට වර්තමාන රාජ්‍ය බලය දිනාගත් “ස්වර්ණමය අවස්ථාවේ” එහි කොටස්කාරයෙක් නොවූ ඔහු පොඩි අතුල හෙවත් මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන්. […]

The post ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්.. appeared first on විවරණ.

]]>
ජනතා විමුක්ති පෙරමුණ  (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා.

ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු කැරැල්ලේ නායකයෙක් අවසන් ගමන් ගොස් සිටිනවා. ජවිපෙ අතට වර්තමාන රාජ්‍ය බලය දිනාගත් “ස්වර්ණමය අවස්ථාවේ” එහි කොටස්කාරයෙක් නොවූ ඔහු පොඩි අතුල හෙවත් මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන්.

කැරලිකාර වික්ටර් අයිවන් ලංකා සමාජ දේශපාලන කරළියේ ප්‍රසිද්ධ වුනේ කැරලි විරෝධී, ධනේෂ්වර රාජ්‍යයේ උපදේශකයෙක්, ආරක්‍ෂකයෙක් විදියට. ඒ අතරේ 1994 ට පෙර ඔහුගේ මාධ්‍ය භාවිතාව ගැන බොහෝ වර්ණනා තියෙනවා. හැබැයි ඔහුගේ ගමන් මග නිවැරදි විනිශ්චයකට ලක්කලොත් අපට දැක ගන්න ලැබෙන්නේ මොකක්ද?

මොකද මාධ්‍යවේදියෙක් වේවා, ජනාධිපතිගේ සිට කසල ශෝධකයා දක්වා වූ ඕනෑම වෘත්තියක නියුතු කෙනෙක් වේවා. කොන්ද තියෙනවාද, නිර්භයව කියනවද, ලියනවද බලන ලිට්මස් පරීක්‍ෂණයක් කරන්න පුළුවන් සංසිද්ධියක් තියෙනවා. ඒක තමයි ලංකාවේ සිදුවුනු දෙමළ වර්ග සංහාර යුද්ධය. විශේෂයෙන්ම එහි ලේ සාගරය වෙච්ච 2009. ඒ වෙලාවේ කොන්ද තිබුනේ මොන ස්ථාවරයේද කියන එක.

කොන්දේසි විරහිතව (ආයුධ වලින් කොමිස් ගහනා නිසා නෙමේ) යුද්ධයට විරුද්ධවත්, ඒකාබද්ධ උතුරු නැගෙනහිර දෙමළ ස්වංතීරණය වෙනුවෙනුත් නොසැලී පෙනී හිටින්න එදා කීයෙන් කී දෙනෙකුටද කොන්දක් තිබුනේ? කර්තෘ සංසදයේ ඉන්න වරලත් මාධ්‍යවේදීන්ගේ පත්තර වර්ග සංහාරයට පෙළ ගැහුණා. වික්ටර් අයිවන් ගේත් කොන්ද, පෑන, නිර්භීතකම, වීරත්වය ඒ වෙලාවේ නම් තිබුණේ නැහැ.

ජනඝාතක යුද්ධය යුක්ති සහගත කරමින් අයිවන් සිය “රාවය” පුවත් පතේ මෙහෙම ලිව්වා. 

වික්ටර් අයිවන්

යි කියලා.

තවත් විටෙක ඔහු ලිව්වේ

යි කියලා. එමනිසා වික්ටර් අයිවනුත් “වන් ශ්‍රී ලංකා” වෙනුවෙන් විවිධ අංශක වලින් කශේරුකා නවාපු පත්තරකාරයෙක්. පැන තියෙන අතේ ලේ තවරා ගත් කෙනෙක්.

අසුව දශකයේ මැද භාගයේ තමයි වික්ටර් අයිවන්ගේ “රාවය” එළි දකින්නේ. ඊට සමගාමීව අලුතෙන් එකතු වුනු අනෙක් පත්තරේ තමයි “යුක්තිය”. යුක්තියේ ප්‍රධාන කර්තෘ වුනේත් අසාර්ථක 71 කැරැල්ලේ තවත් නායකයෙක් වුනු සුනන්ද දේශප්‍රිය.

අවසාන කාර්තුවේ ගමන් කරමින් සිටි එක්සත් ජාතික පක්‍ෂ රජයේ (UNP ) වංචා, දූෂණ හෙළිදරව් කිරීම තමයි රාවයේ මුඛ්‍ය අරමුණ වෙලා තිබුණේ. යුක්තිය මුල් වුණේ මානව හිමිකම් වාර්තාකරණයට. හැබැයි දෙගොල්ලන්ම වෙහෙසුනේ කොරගහන ධනපති රාජ්‍යයට නව මුහුණක් හොයන්න.

විජය කුමාරතුංග යාපනයේ දී..

නමුත් ධනපති පක්‍ෂවලින් කැඩී ස්වාධීන ගමනක් ආරම්භ කරපු එක්සත් සමාජවාදී පෙරමුණ (USA) මොවුන් දැක්කේ නෑ. ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ (ශ්‍රිලමප) නායකයා මෙන්ම USA එකේ නායකයා වුණේ විජය කුමාරණතුංග. දෙමළ ජාතියේ අයිතිය වෙනුවෙන් දීප්තිමත් වූ විජය ඝාතනය කිරීමත් එක්ක නැගී ආ වමේ ව්‍යාපාරය නැවතත් දුර්වල වුණා.   

විජයව ඝාතනය කළේ JVP නායකත්වයෙන් සන්නද්ධ වුනු සිංහල වර්ගෝත්තමවාදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV). ඔහුගේ ඝාතනයෙන් පස්සේ බිරිඳ චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතු‍ංග ආරක්‍ෂාව පතා දරු දෙන්නාත් එක්ක ලන්ඩන් ගියා. මේ නිසා 88 තිබුණු ජනාධිපතිවරණයට USA එකෙන් ඉදිරිපත් වුණේ ඔසී අබේගුණසේකර.

1990 වසර ආරම්භ වෙද්දී රට විශාල භීෂණනකින් එළියට එන්න වෙර දරමින් හිටියේ. ඒ කාලයේ විවිධ සිවිල් ව්‍යාපාර මතුවුණා. JVP ඇතුළු දකුණේ කැරලිකාරීන්ට එරෙහි භීෂණයේ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් 90 දශකය මුල පළමුවෙන්ම පෙරමුණට ආ ව්‍යාපාරයක් තිබුණා. ඒක තමයි අතුරුදහන්වූවන් ගේ මාපිය දූ දරු සංවිධානය (OPFMD). මෙහි වාමවාදී ජනතා ව්‍යාපාරයක ලක්‍ෂණ තිබුණා. ඒක ගොඩ නගන්නට දරදිය ඇද්දේ නව සම සමාජ පක්‍ෂය (NSSP).

මේ සංවිධානයෙන් සකස් කරපු වාර්තා තමයි එකල විපක්‍ෂ මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ සහ NSSP නියෝජ්‍ය ලේකම් ලීනස් ජයතිලක ජිනීවා මානව හිමිකම් කොමිසමට මුලින්ම අරගෙන ගියේ. 1993 පමණ තමයි “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය”  (FMM) බිහි වුණේ.

තවත් කාලයක් යද්දී මංගල සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් “මව් පෙරමුණ” නමින් අතුරුදහන්වූවන් පිළිබඳ වඩා ලිබරල් සංවිධානයක් හැදුවා.

1991 වෙද්දී සිව් දෙසින් ගොඬ නැගුනු UNP ආණ්ඩු විරෝධය සියතට ගනිමින් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාරට බැස්සා. මෙහිදී වහාම ක්‍රියාත්මක වුනු ලංකා සමසමාජ පක්‍ෂයේ නියෝජිතයකුත් සමග ලන්ඩනය බලා ගිය කොමියුනිස්ට් පක්‍ෂ නායක කේ.පී. සිල්වා චන්ද්‍රිකා ලක්බිමට වඩම්මවාගෙන ආවා. එහෙම ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව කෙරෙව්වා. USA එකේ නායිකාව කෙරෙව්වේ නෑ.

ඒවන විටත් සැලසුම් කරතිබූ මහින්දගේ “කතරගම පාද යාත්‍රාව”  UNP ආණ්ඩු විරෝධයේ තීරණාත්මක එකක්. කොළඹින් පිටත්ව සිව්වැනි දිනයේදී පා ගමන ගාල්ල නගරයට ලංවෙමින් සිටියදී බණ්ඩාරනායකවාදීන් චන්ද්‍රිකා පා ගමනට එක්කළා.

එතැනින් ආරම්භවුනු චන්ද්‍රිකා මල් පෙරහැර අවසන් වුණේ බස්නාහිර මහ ඇමතිනී හරහා ජනාධිපති පුටුව දක්වා ගමන් කරලා. කලාකරුවන් රතු හැට්ටකාරී යන විරුදාවලියෙන් ඇය සැරසුවා. FMM එක ඒ පෙරහැරේ මල් බයිසිකල්කරුවන් වෙද්දී, වික්ටර් සහ රාවයත් සුනන්ද සහ යුක්තියත් කසකාරයන් වුණා.

ඒ වෙනුවෙන් පත්තරවලට සල්ලි පොම්ප වුණේ මිලියන ගණනින්. මේ පත්තර දෙක ජනතාව අතරට අරගෙන ගියේ වාමවාදී ජනතා ව්‍යාපාරයක ලක්‍ෂණ තිබුණා වූ OPFMD එකට විකල්පව ගොඩ නැගුණු මංගලගේ මව් පෙරමුණ.

අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අසල හඩාවැටෙන මව්වරුන්..

විවිධ වර්ගයේ නැට්ටුන්කාරයන්ගෙන් හැඩවුණු චන්ද්‍රිකා මල් පෙරහැරෙන් NSSP සංවිධායක ලේකම් වෙලා හිටිය වාසුදේව නානායක්කාරත් ගිනිකණ වැටුණා. අන්තිමේදී  පක්‍ෂයෙන් එළවා දමන්න සිද්ද වුණා. පක්ෂයේ හිටිය පාර්ලිමේන්තුවාදීනුත් එකතු කරගෙන, OPFMD එකත් අරගෙන චන්ද්‍රිකා වමට තල්ලු කරන්න, “විවෘත්ත ආර්ථිකේට මානුෂික මූණක්“ දෙන්න වාසුදේවත් පෙරහැරට එකතු වුණා. එහෙම වෙලා OPFMD එක “සූරිය කන්දේ” වල දැම්මා.

UNP යේ 17 වසරක හා චන්ඳ්‍රිකාගේ වසර නවයක ගෝලීය ධනවාදයේ නව ලිබරල් පාලනය අවසන් වීමත් එක්ක ඉතිරි වුණේ භූමිය විකුණා දැමීම විතරයි. මේ පෙරහැරේ කරඬුව බවට පත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, සිංහල, බොදු, ගොවි මහින්ද රාජපක්‍ෂ නමින් බෞතීස්ම කරමින් ඊළගට උතුර බලා ගමන් ඇරඹුවා. නයි මුගටි වෛරයෙන් සිටි අයිවන්ලා, JVP, චම්පිකලා මේ පෙරහැරේ කසකාරයෝ වුණා.

අවසානයේ නන්දිකඩාල් කලපුව දෙමළ දස දහස් ගණනක ලෙයින් පුරවමින් “වන් ශ්‍රී ලංකා” පෙරහැර නිමාකළා. එයින් පසු ඒ බලවේග විවිධ කණ්ඩායම් ලෙසින් බෙදී විසිරී ගියත් අයිවන් තම හාම්පුතා අත්නොහැර රැකබලා ගත්තා. එහෙම කොන්දක් නම් අයිවන්ට තිබුණා.

පටිසෝතගාමියට සහබාගී වී සිටි සියලු පක්‍ෂවලින් වික්ටර් ඉල්ලා සිටියේ

යනුවෙන්.

එය සිදු නොවුනු විට මල පැන්න වික්ටර් බැන වැදුනේ යුද්දෙන් පස්සේ රට ගොඩ නැගීමට උදා වූ `ස්වර්ණමය` අවස්ථාව පාලකයන් මග හැරියා කියලා. වෙර වීරිය දරලා, කෝටි ගණන් වියදම් කරලා, කඩුලු හතෙන් පැනලා, ගෝලීය බලවතුන් එක්ක හොර ගිවිසුම් ගහලා තමයි විධායක ජනාධිපති පුටුවට නගින්නේ. එහෙම වුණත් වික්ටර් හැමදාම හිතුවේ  රජ පුටුවට ගොඩවෙන කුමර, කුමරියන් කොයි කාටත් පුරෝහිතකම් කිරීමට උපන් කෞටිල්‍යය තමන් කියලා.

චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කරන්න අයිවන් අතේ කරගැට මතුකරගත්ත. එහෙම වූ අයිවන් අවසන් ගමන් නොගොස්, මාලිමා ආණ්ඩුවටත් ආණ්ඩු කරන හැටි කියා දෙන අපූරුව දැක ගන්නට නොලැබීම ජාතියේ අවාසනාවක්.

වාසුදේව නම් අවුරුදු 30 කට පස්සේ එයා 94 දී ගත්ත තීරණය ගැන පාපෝච්චාරණයක් කළා. ඒක කළේ ඔහු කලින් සිටි පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ව සිටි වික්‍රමබාහු කරුණාරත්නගේ අවමගුල් උත්සවයයේදී. වාසුදේව කියා සිටියේ 94 දී ඔහු ගත්ත තීරණය වැරදියි, බාහු නිවැරදියි කියලා. ජුදාස් පාපොච්චාරණය කරද්දී යේසුස් කල්වාරි කන්දේ කුරුසියේ ඇණ ගහලාත් ඉවරයි.

රාජපක්‍ෂ රෙජීමයෙන් දිවි ගලවාගෙන රටින් පලාගියවුන් ගැනත් අයිවන්ට තිබුණේ පුදුම ඇරියස් එකක්.  “පෑන අහිංසකද“ කියන තේමාව යටතේ අයිවන් රාවයේ පිටු පිරෙව්වේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන් සීත රටවලට පැනලා ගිහින් සැප ගන්නවා කියලා.

මේ සුළු ධනේෂ්වර කැරලිකරුවන් වූ වික්ටර් හා සුනන්දගේ පොදු ලක්ෂණයක් තිබෙණවා. ඒක තමයි තමන් ප්‍රධාන කර්තෘ ධූර දැරූ පත්තරවල නම වෙනත් කෙනෙකු අතට යන්න ඉඩ නොදීම. මේක නායක වන්දනාව ඉහළින්ම රකින ස්ටැලින්වාදයේත්, පසුගාමී ධනපති දේශපාලනයේත් කැපී පෙනෙන දුර්ලක්‍ෂණයක්. සුනන්ද යුක්තිය වහගෙනම යන්න ගිහින් ජීවත් වෙනවා. වික්ටර් ජීවත් වෙද්දීම රාවයෙන් පදාසයක් ගැලවිලා ගියා.

ධනපති ව්‍යාපාරවලත් බ්‍රෑන්ඩ් නේම් නැතිනම් සන්නාම නාමය ඔවුන් ආරක්‍ෂා කරගන්නේ මේ ලෙසම තමයි.

වික්ටර් අයිවන් ගේ මේ භාවිතාවන් හා දෘෂ්ටිවාදය ඔහු ගෝලීය ධනවාදයේ සෘජු ඒජන්තයෙක් බවට මනාව ඔප්පු කරන්නක්. ඔහු JVP මාරාන්තික හතුරෙක් බවට පත්වෙන්නේ ඒ අර්ථයෙන්. එහෙම වුණත් අයිවන් ගේ හා JVP මාලිමා දෘෂ්ටිවාද අද සමපාත වෙලා.

ධනපති රාජ්‍යයේ යම් යම් අංගජාත පිරිසිදු කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා“ රාජ්‍යයක් ධනපති පාර්ලිමේන්තු බලයකින් හදන්න පුලුවන් කියන මිත්‍යාවෙන් JVP වැඩ කරනකොට, වික්ටර් අයිවන් දෘඩ අධිෂ්ඨානයකින් ලිව්වේ තනි පුද්ගලයකුට වුනත් මේක කරන්න පුලුවන් යැයි හිතලා. දෙගොල්ලො අතරේ වෙනස එච්චරයි.

පසුගාමී ධනපති රාජ්‍යයන් තුළ දෝරේ ගලායන වංචා, දූෂණ, කොමිස් ගැහිලි අවම කරගන්න, පාලනය කරගන්න සිය පැවත්ම වෙනුවෙන් ගෝලීය ධනවාදයටත් අද අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. ඒත් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ නෑ.

The post ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb/feed/ 0