Gnanasiri Koththigoda, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 19 Mar 2025 06:35:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Gnanasiri Koththigoda, Author at විවරණ 32 32 ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..? https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a/#respond Wed, 19 Mar 2025 06:22:03 +0000 https://vivaranalk.com/?p=12780 ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ දිහා බලාගෙන නෙමේ. ඉතිහාසයේදී මෙවැනි ගිවිසුම්වල අවසන් ප්‍රතිපලය වුනේ කුමක්ද කියලා සොයා බැලීමකින්. මොකද ධනපතියන්ට සාමය කියන්නේ යුද විරාමයක්. වඩා ශක්තිමත් වීම සඳහා කල් ගැනීමක්. […]

The post ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..? appeared first on විවරණ.

]]>
ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ දිහා බලාගෙන නෙමේ.

ඉතිහාසයේදී මෙවැනි ගිවිසුම්වල අවසන් ප්‍රතිපලය වුනේ කුමක්ද කියලා සොයා බැලීමකින්. මොකද ධනපතියන්ට සාමය කියන්නේ යුද විරාමයක්. වඩා ශක්තිමත් වීම සඳහා කල් ගැනීමක්.

දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමෙරිකාව එකග වූ  “බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය.” (Bretton Woods agreement)  උදාහරණයකට ගන්න පුළුවන්. 1944 ජූලි මාසයේ ඇමරිකාවේ නිව් හැම්ප්‍ෂයර් ( New Hampshire) වලදී රටවල් 44 ක් මේ සදහා සහභාගි වුණා. දින 22ක් පුරා පැවති සාකච්ඡාවකින් පස්සේ තමයි මේ සම්මුතිය ඇතිකර ගත්තේ.

සමුළුවේ ප්‍රධානම අරමුණ වුණේ “සාධාරණ හා නිදහස් ගෝලීය වෙළෙඳාම දිරිමත් කරන සියලුම ජාතීන්ට පිළිගත හැකි ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක්” නිර්මාණය කිරීම. සෝවියට් දේශය මෙම සමුළුවට සහභාගි වුනේ නැහැ.

සමුළුවට සහභාගි වුණු බ්‍රිතාන්‍ය දූත පිරිසේ නායකයා වුණේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් වූ ජෝන් මේනාඩ් කේන්ස් (John Maynard Keynes). ඔහු යෝජනා කළේ “ලෝක බැංකුවක්  විසින් පාලනය කරනු ලබන නව ජාත්‍යන්තර මුදල් ඒකකයක් ගොඩනගන්න” ඕන කියලා. එම මුදල් ඒකකය “බැන්කෝර්”  (Bancor)  කියලා තමයි හැදින්වුවේ.

මේ යෝජනාවට ඇමරිකානු නියෝජිත පිරිසේ නායකයා වූ හැරී ඩෙක්ස්ටර් වයිට් (Harry Dexter White ) විරුද්ධවීම නිසා එය ප්‍රතික්ෂේප වුනා. ඒ වෙනුවට ඩෙක්ස්ටර් වයිට් යෝජනා කළේ ලෝකයේ අනෙක් රටවල මුදල් සංචිත වෙනුවට රත්තරන් ලබා දෙන්න ඇමරිකාවට පුලුවන් කියලා. හැබැයි මේ ගණුදෙණුව සිදුවන්නේ ඩොලර්වලින් කියලත් ඔහු  කිව්වා.                                                                                                          

හැරී ඩෙක්ස්ටර් වයිට් [Harry Dexter White]

රත්තරන් අවුන්සයක් ඩොලර් 35 ක් ලෙස තමයි ප්‍රකාශ වුණේ. අවසානයේ ඒ යෝජනාව සම්මතවීමත් එක්ක එක්සත් ජනපද ඩොලරය “ජාත්‍යන්තර සංචිත මුදල් ඒකකයක්” බවට පත් වුණා. ඒ වෙද්දී ලෝක රන් සංචිතයෙන් 59% ක අයිතිය තිබුණේ ඇමරිකාවට. ශේෂ පත්‍රය බැලුවොත් සමුළුවේ මුඛ්‍ය අරමුණ පරාද වෙලා ඇමරිකාවේ යටි අරමුණ තමයි ජයගෙන තිබෙන්නේ. සිය අරමුණ ජයගත්තත් එකගවූ සම්මුතිය වැඩිකල් ආරක්‍ෂා කළේ නෑ.

බ්‍රෙටන් වුඩ්ස් වලින් පස්සේ ඇමරිකානු ආර්ථිකය වේගයෙන් වර්ධනය වුණා. නමුත් 60 දශකයේ ආරම්භවුනු වියට්නාම් යුද්ධයේ පිරිවැයත් එක්ක ඇමරිකානු ආර්ථිකය නැවත බරපතල පසුබෑමකට ලක්වුණා. 70 දශකය ආරම්භ වෙද්දී දරුණු අවපාතයක් කරා ඇමරිකන් ආර්ථිකය ගමන් කළා.

එවකට සිටි ඇමරිකන් ජනාධිපති රිචඩ් නික්සන් ආර්ථික අවපාතයට විසදුමක් ලෙස 1971 දී, ඇමරිකානු ඩොලරය රන් අවුන්සයකට ඩොලර් 38 දක්වා අවප්‍රමාණය කළා. මේ තීන්දුවත් එක්ක බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය බිඳ වැටීම ආරම්භ වුණා. ලොවපුරා අවවරප්‍රසාදිත ජනතාවට දුක්බර කාලයක් උදාවුණා. අපෙත් කෑමබීම සදහා පෝලිම් යුගයක් තිබුණේ මේ කාලයේ තමයි.

ඩේවිඩ් රිකාඩෝ [David Ricardo]

විවිධ පැලැස්තර අලවමින් අබල දුබල වෙමින් මෙලෙස ඇදගෙන ගිය ඇමරිකානු ආර්ථිකය අද වනවිට නැවතත්  මර ඇඳට වැටිලා තිබෙන්නේ. දැන් තමන්ගේ ලාභ රේට්ටු කඩා වැටෙනවිට එලෝන් මස්ක්ලාට, සකර්බර්ග්ලාට ප්‍රාග්ධනය ප්‍රසාරනය සදහා නව භූමි අවශ්‍ය වෙනවා.

ඒ සදහා ජාතිකත්ව පදනම මත දේශපාලන, ආර්ථික, සමාජීය තීන්දු ගන්නා දේශපාලන නායකත්වයක් ඔවුන් බලයට පත්කර ගත්තා. මෙහෙම කරන්න වෙන්නේ මෙතෙක් කලක් විවිධ උපාමාරු දමමින් කරගෙන ගිය කොල්ලකෑම ජාත්‍යන්තර මංකොල්ලයක් බවට පත්කරන්න සිද්ද වෙචච නිසා.

ඔවුන් එලෙස පත්කරගත් දේශපාලන නායකත්වය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ලාභ රේට්ටු කඩා වැටී ආර්ථික අවපාතයක් කරා ගමන් කරද්දී තමයි ජර්මන් බැංකුකරුවන්, මහා කොම්පැණිකරුවන් ඇඩොල්ෆ් හිට්ලර් නිර්මාණය කළේ. අද ට්‍රම්ප් කියන්නේත් එවගේම ව්‍යවස්ථාපිත රූකඩයක් විතරයි.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී එලෝන් මස්ක් ජර්මන් නාසිවාදී හිට්ලර්ගේ ආචාර විධික්‍රමය විදහා දැක්කුවේ ඒ නිසා තමයි. ඔවුන් සූදානම් වන්නේ කඩා වැටෙන ඇමරිකන් ආර්ථිකය නැවත ගොඩගන්න ලෝකයේ ගොඩනැගෙන අනෙකුත් නිෂ්පාදන බලවේග විනාස කරන්න.

එහෙම විනාශ කරළා අළු දූවිලි මතින් අළුත් ඇමරිකන් ජාතියක් ගොඩ නගන්න. ඒකෙදි මොන තරම් මිනිස් ජීවිත ප්‍රමානයක් විනාශ වෙනවාද කියන එක එලෝන් මස්ක්ලාට වැදගත් නෑ. ඔවුන්ට වැදගත් තමන්ගේ ලාභය විතරයි. නමුත් ලෝකෙට තමන්ගේ “මාණුෂික” මුහුණ පෙන්වන්න ඕන. ඒනිසා තමයි ළමයි වඩාගෙන රැස්වීම්වලට එන්නේ. ලංකාවෙත් එහෙමනේ.

ගෙවීගිය වසර තුනක කාලයේ යුක්‍රේන යුද්ධයට ඇමරිකාව ඩොලර් බිලියන 350 ක් වැය කරලා තියෙනවා. ඊට අමතරව නේටෝවට (NATO) අයත් රටවල්ද විශාල මුදලක් රුසියාවට විරුද්ධව යුක්‍රේනයට දීලා තියෙනවා. නමුත් රුසියානු ආක්‍රමනය පසු බස්සවන්න NATO වට හැකියාවක් ලබුණේ නැහැ.

NATO කියන්නේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය. (North Atlantic Treaty Organization)  යුරෝපානු රටවල් 29 ක් සහ උතුරු ඇමරිකානු රටවල් 02 ක් සාමාජිකත්වය දරන අන්තර්-රාජ්‍යය හමුදාමය සන්ධානයක්. 2023 දී ෆින්ලන්තයත් මෙහි සාමාජිකත්වය ලබා ගත්තා.

ඒනිසා ඇමෙරිකාව මේ උත්සාහ කරනේ නේටෝව ලැජ්ජා සහගත පරාජයකින් බේරාගන්න. ඒ වෙනුවෙන් තමයි රුසියාව හා යුද විරාමයක යෝජනාවක් එන්නේ. ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විමුක්ති කොටි සංවිධානය (LTTE) එක්ක සටන් විරාම ගිවිසුමකට ගියා වගේ. අවසානයේ LTTE ය යුදමය වශයෙන් පරාජය කළා.

ට්‍රම්ප් යුරෝපයට කළ අවවාදයෙන් සටන් විරාමයේ ව්‍යාජය තහවුරු වෙනවා. ඔහු කිව්වේ ඇමරිකාව වගේ ඉදියේදී තමන්ගේ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් අවි ආයුද නිෂ්පාදනය සදහා වෙන්කරන්න කියලා. මේ වෙද්දී ට්‍රම්ප් ඇමරිකාව තුළ ආයුධ කර්මාන්තශාලා පවා ආරම්භ කරළා තිබෙන්නේ.

ඉරානයට පහර දෙන අතර ඇමරිකාව උත්සාහ කරාවි චීනය තුළත් සිරියාවේ මෙන් අභ්‍යන්තරික ගැටුම් ඇතිකරවන්න. කොහොම වුනත් ඇමරිකාවේ අද ප්‍රධානතම හතුරා චීනය.

චීනයේ වෙළෙඳපොළ ව්‍යාප්තිය හා තාක්ෂණයේ වර්ධනයට ඉඩදීලා ඇමරිකන් ආර්ථිකය ගොඩගන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. එමනිසා චීනය බිඳ වැට්ටවීම තුළ පමණයි ඇමරිකාවට ගොඩ එන්න පුලුවන් වෙන්නේ කියන එක තමයි ට්‍රම්ප්ගේ ආර්ථික ඔස්තාර්ලාගේ විශ්වාසය.

රුසියාව ප්‍රධාන හතුරා නොවන්න එක් සාධකයක් වන්නේත් චීනය මෙන් රුසියාව සිය තාක්ෂණ, වෙළද ආධිපත්‍ය ලොව පුරා පතුරුවන්නේ නැති එක. නමුත් රුසියාවේ වැඩෙන ආර්ථික හා යුද ශක්තියත්,  බහුජාතික කොම්පැණිකරුවන්ට රුසියාව තුළ රිසිසේ කොල්ලයට ඉඩනොදීමත් ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කිරීමක්.

මෙතැනදී මතුවෙන ප්‍රධාන කරුණක් තමයි න්‍යෂ්ඨික අවි භාවිතා කළොත් මිහිතලයේ කිසිවෙක් ඉතිරි වෙන්නේ නැහැ නේද කියන සිතුවිල්ල. ඇමරිකාවේ මේවන විටත් න්‍යෂ්ඨික අවිවලින් අනතුරක් නොවී වසර ගණනාවක් ජීවත්වෙන්න පුළුවන් යටිබිම්ගත නිවාස, මාළිගා හදලා තියෙන්නේ. අවශ්‍යනම් ඒවා මිලදී ගන්නත් පුලුවන්.

අනෙක් කාරණාව තමයි න්‍යෂ්ඨික අවි තිබෙන්නා වූ රටවල ඒවා පාවිච්චි කිරීම පිළිබද සම්මුතීන් ඇතිකරගෙන තිබෙනවා. නමුත් ඇමරිකාව එලෙස ගිවිසුම්ගත වෙලා නැහැ.

ඇමරිකාව හැර අනෙක් රටවල් සිය න්‍යෂ්ඨික අවි මුදා හරින්නේ අවසන් ප්‍රහාරය විදියට. ඒත් ඇමරිකාවට අවශ්‍යනම් සිය පළමු ප්‍රහාරයම න්‍යෂ්ඨික ප්‍රහාරයක් බවට ඔවුන් තීන්දු කරළා තියෙන්නේ. එමනිසා ඇමරිකාව ඔවුන් ගේ පළමු ප්‍රහාරයම යුදවැදීමට බලාපොරොත්තු වන්නා වූ රටක න්‍යෂ්ඨික අවි ගබඩාවන්ට එල්ල කළොත් කුමක් වෙයිද?  එකී රටවල් යුදමය වශයෙන් දුර්වල වෙනවා. ඒක ඇමරිකාවට වාසියක්.

ඇමරිකන් කොම්පැණිකරුවන්ගේ ප්‍රාග්ධනය ගලා යෑමට මේ මග හැර වෙනත් මගක් නැහැ. එහෙම වුනත් එයට හරස්වන ප්‍රධාන සාධකයක් තමයි ඇමරිකන් කම්කරු පංතිය. ඔවුන් මේ යුද්ධ වලින් අසීමිත විදියට බැට කාලා ඉන්නේ. එමනිසා ඔවුන්ගේ ප්‍රතිචාරය කෙසේ වේවිදැයි කියන්න අපහසුයි. ඒ ප්‍රතිචාර හමුවේ හැම තැනම විසිරුණු යුද්ධ බවට හෝ ප්‍රහාරයන් එකක් දෙකක් හමුවේ සම්මුතීන් හරහා ගමන් කරන්නත් පුළුවන්.

ආර්ථිකය අවපාතයට යද්දී මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුණේත් ඒනිසා තමයි.

අද ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන්පාඨය බවට පත්වී තිබෙන්නේත් ඇමරිකාව හා ඇමරිකන් ජාතිය ලොව උතුම් ජාතිය බවට පත්කිරීම. හිට්ලර් කිව්වෙත් ඕකම තමයි. එහෙම මුසපත් කරළා තමයි තමන් විසින් සූරාකෑමට ලක්කරගෙන සිටින්නන් එවැනිම වූ සූරාකෑමට ලක්වූවන්ට විරුද්ධව යුද්ධයකට දක්කාගෙන යන්න හැකිවෙන්නේ. මේවා  ඉතින් ලංකාවෙනුත් ඉගෙන ගන්න පුලුවන් පාඩම්.

නමුත් ට්‍රම්ප්ට පෙර හිටපු ජනාධිපති ජෝ බයිඩන් පාවිච්චි කළේ මෙයට වෙනස් උපාය මාර්ගයක්. USAID එක හරහා LGBTQ, මානව හිමිකම්, ජනමාධ්‍ය හෝ වෙනත් අරගල බිහිකිරීම. ඒ අරගල තුළින් තමනට අවනත නොවන ආණ්ඩු “සිස්ටම් චේන්ජ්” යොදා කඩා බිද දමා ඇමරිකන් හිතවාදී ආණ්ඩු බිහිකර ගැනීම.

ඒවා වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රධානීන්ට ඇමරිකාවට, යුරෝපයට ඕනෑම වෙලාවක පැමිණෙන්න වසර 05 කට හෝ 10 කට වලංගු වීසා බලපත්‍ර හෝ ඩොලර් අල්ලස් විදියට ලැබුණා. ඊට අමතරව ඇමරිකන් ශිෂ්‍යයත්ව දුන්නා.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිනි විගස USAID එක අහෝසි කළා. ඒ ඇයි? ඇමරිකාව අද මුහුණ පා සිටින උග්‍ර ආර්ථික අර්බූදය විසින් එලෝන් මස්ක්ලාට බලකර සිටින්නේ එතරම් දිගු කාලීන වැඩ සටහන් මේ මොහොතට නොගැලපෙන බව. ට්‍රම්ප් USAID අහෝසි කළේ ඒනිසයි.

ඉතිහාසයේ වරක් ඛේදවාචකයක් වූ දෙය නැවතත් එලෙසම සිදුවන්නේ නම් එය අවසන් වන්නේ විගඩමක් ලෙස යැයි ශ්‍රේෂ්ඨ කියමනක් ඇත. මේ ප්‍රකාශය ඉකුත් ශතවර්ෂයේ විශිෂ්ටතම චින්තකයා ලෙස ජගත් ජනමත විමසුමකින් පිළිගන්නා ලද කාල් මාක්ස් නම් පඬිවරයාගේයි.

The post ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a/feed/ 0
නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/#respond Sun, 02 Mar 2025 09:50:26 +0000 https://vivaranalk.com/?p=12705 ලාල්කාන්ත ඇමතිතුමා පසුගිය දවසක “කොපර කොපර පිපිංඤ්ඤා ”  සෙල්ලම තනිවම කරනවා දැක්කා. ඒක ඔහු කළේ ජනතා විමුක්ති පෙරමුණු ( JVP   ) මාලිමා මංගල අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී. මේ අයවැය හඳුන්වන්නේ කුමන නාමයකින් ද කියලා ආණ්ඩුවේම එක අදහසක්, ප්‍රතිපත්තියක් නැහැ. තම තමන්ට හිතෙන හිතෙන විදියට මේ අයවැයට අර්ථකතනයන් දෙනව. ඒ අල්ලපනල්ලේ ලාල්කාන්ත ඇමතිවරයා මේ […]

The post නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්.. appeared first on විවරණ.

]]>
ලාල්කාන්ත ඇමතිතුමා පසුගිය දවසක “කොපර කොපර පිපිංඤ්ඤා ”  සෙල්ලම තනිවම කරනවා දැක්කා. ඒක ඔහු කළේ ජනතා විමුක්ති පෙරමුණු ( JVP   ) මාලිමා මංගල අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී.

මේ අයවැය හඳුන්වන්නේ කුමන නාමයකින් ද කියලා ආණ්ඩුවේම එක අදහසක්, ප්‍රතිපත්තියක් නැහැ. තම තමන්ට හිතෙන හිතෙන විදියට මේ අයවැයට අර්ථකතනයන් දෙනව. ඒ අල්ලපනල්ලේ ලාල්කාන්ත ඇමතිවරයා මේ අයවැයට නමක් තියනවා.

 යි කියලා.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ විශ්වයේ කොහේ හෝ තියෙන එකක් නෙමේ. ප්‍රජාතන්ත්‍රවාදය අද දවසේ හැම විටම ක්‍රියාත්මක වන්නේ ආඥාදායකත්වයක් මත. එක්කෝ නිෂ්පාදකයාගේ,කොම්පැණීකාරයාගේ ආඥාදායකත්වය මත. නැතිනම් නිෂ්පාදනයට දායකවන්නාගේ, කම්කරුවාගේ ආඥාදායකත්වය මත. එහෙම වෙන්නේ ඇයි?

කෙනෙකුට සල්ලි, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. හැබැයි මේවා පාවිච්චි කරමින් භාන්ඩයක් නිපදවීමට කෙනෙකුගේ මැදිහත්වීමක්, නැතිනම් ශ්‍රමයක් අවශ්‍යයි. මේ සියල්ල එකතු කරළා කොම්පැණිකාරයා යමක් නිපදවන්නේ ලාභය මුල් කරගෙන. ඒකට තමයි කැපිටලිසම් කියන්නේ. ඔහු ලාභය ලබන්නේ කොහොමද?

ලාභය ලබන්නේ නිෂ්පාදනයට හවුල්වෙන්නාට ලැබෙන්නෙ ඕන සාධාරණ පංගුව, සාධාරණ කොටස ලබා නොදී. මේනිසා නිෂ්පාදනයට දායකවන්නා හා කොම්පැණිකාරයා අතර ස්වංසිද්ධ විරෝධයක් ඇතිවෙනවා. එහෙම ගැටුමක්, විරෝධයක් තිබුනත් කම්කරුවාට ජීවත්වෙන්න සල්ලි ඕන. සල්ලි ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමය විකිණිමට කොම්පැණිකාරයා එක්ක සම්මුතියකට යන්න වෙනවා. එතැනදී කම්කරුවාගේ ප්‍රජාතන්වාදය අහෝසි වෙනවා. ඔහුට නිෂ්පාදන බලවතාගේ ආඥාදායකත්වයට යටත්වෙන්න සිදුවෙනවා.

කොම්පැණිකාරයන් හා ඔවුන්ගේ ආයතනවල වැඩකරන්නන් ගේ මේ ගැටුම වර්ධනය වුණොත් බොහෝවිට දිනන්නේ නිෂ්පාදනයට හවුල්වෙන්නන්. මොකද ඒ පිරිස ප්‍රමාණාත්මකව වැඩියි. ඒක මැඬලන්න කොම්පැණිකාරයන් මැරයන්, ආයුද සන්නද්ධ හමුදාවල්, නීතිරීති ගොඩනගනවා. කාලය ගෙවෙද්දී මෙය වඩා සංවිධත වූ රාජ්‍ය බවට විකාශනය වෙනවා.

රාජ්‍ය මෙහෙම බිහිවුණත් කොම්පැණිකාරයන්ට පුද්ගලිකව එල්ලවන විරෝධයේ අඩුවක් නැහැ. මර්දනයෙන් තොරව මේ විරෝධය වාෂ්ප කර හැරීම කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන් කල්පනා කරනවා. අන්න එතැනදී තමයි ආණ්ඩුව කියන සංකල්පය මතුවෙන්නේ. කොම්පැණිකාරයන් විසින් අපට අවස්ථාවක් දෙනවා ඔවුන්ගේ රාජ්‍ය යටතේ අපේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න.

එහෙම ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් පෙන්නුවත්, ඡන්දයට ඉදිරිපත්වෙන ප්‍රධාන පෙළේ පක්‍ෂවලට මැතිවරණ වියදම් ස‍දහා සල්ලි දෙන්නේ කොම්පැණිකාරයෝ. මේනිසා කොම්පැණිකරුවන් හා පක්‍ෂ නායකයන් අතර රහස් ගිවිසුම් ඇතිවෙනවා. රහස් ගිවිසුම් අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරන්නම වෙනවා. ඔවුන් අමනාප කරගත්තොත් බලය පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. අවුරුදු පහට කලින් ගෙදර හෝ හිරගෙදර හෝ අවසන් ගමන් යන්න වෙනවා.

ඒ අතරේම ඡන්දයට පෙර ඡන්දදායකයන් දිනා ගැනීම වෙනුවෙනුත් පක්ෂ විවිධ ඡන්ද පොරොන්දු දෙනවා. බලය ලබාගත්තට පස්සේ ඒවා ඉටු කරගන්න බැරිවෙනවා. චන්ද පොරොන්දු ඉටු නොකරා කියලා අවුරුදු පහක් යනතෙක් ඔවුන්ව ආපසු කැදවීමේ බලයක් ඡන්දදායකයාට නැහැ. ඒකනිසා ඡන්දදායකයන්ට පාලකයන් බය නැහැ.

කොටහේනේ තරුණයන් දෙදෙනෙක් ආයුද බලන්න එක්කරගෙන ගිහින් පොලිසිය විසින් මරා දැම්මා. ඒ ගැන මහාචාර්ය නිර්මාල් දේවසිරියානන් වීඩියෝවක් නිකුත් කරළා තියෙනවා. හෙතෙම පෙන්වා දෙන්නේ රාජ්‍ය විසින් කරන්නා වූ අපරාධ ආණ්ඩුවකට එකවර නැවැත්විය නොහැකියි කියලා. එයින් ගම්‍ය වන්නේ කුමක්ද?  රාජ්‍ය හා ආණ්ඩුව යනු එකක් නොව දෙකක් කියලා නේද.

මෙවැනි විෂයබද්ධ තත්වයක් තුළ තමයි ඇමතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය ගැන බලන්න වෙන්නේ. ලාල්කාන්ත ඇමතිවරයා කියනවා අපි තීන්දු කළා හාල් කිලෝවක් විකුණන්න ඕන උපරිම මිල මෙච්චරයි. එතකොට පාරිභෝගිකයාට හොඳයි. අපි තීන්දු කළා වී කිලෝවක අවම මිල මෙච්චරයි. එතකොට ගොවියාට හොඳයි කියලා.

එතුමා කියන මේ අපි කවුරුද? අනුර දිසානායක ජනාධිපතිතුමා මේසෙට වැරෙන් ගහලා රුපියල් 10 ක් හාල්වලට වැඩිකරලා උපරිම මිලක් නියම කළා. මේ මිල නියම කිරීමේදී කතා කළේ කවුරුන් එක්කද? මහ මෝල් හිමියන් එක්ක විතරයි. අඩුම තරමේ මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ මෝල් හිමියන් එක්කවත් සාකච්ඡා කළාද. නෑ. ගොවියොත් එක්ක කතා කළාද. නෑ . එහෙනම් කවුද මේ අපි කියන්නේ. මහමෝල් හිමියන් හා ආණ්ඩුව.

රූපවාහිනී විවාදයකට ඇවිල්ලා ලක්මාලී හේමචන්ද්‍ර මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කීව කතාවත් තව හොඳ නිදර්ශනයක්. වතු කම්කරුවන් ගේ පඩි වැඩිකරනවා කියලා ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වේ වතු හාම්පුතුන් එක්ක කතා කරලලු.

ලාල් ඇමතිතුමෝ, කෝ මේකේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. වතු කම්කරුවගෙනුත් අහන්න එපැයි නුඹලාට මේ ප්‍රමානය ඇතිද? නැතිනම් ඕන නිවාසද, මොනවද කියලා. එහෙම නැතිව හාම්පුතුන් දෙනදේ ගන්න බල කිරීම කොහොමද ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්නේ.

ඊළගට ලාල්තුමා කියනවා ගොවියන්ට ආණ්ඩුව සහන දෙනවා. ඒ නිසා ගොවියන් මෙච්චර වී ප්‍රමාණයක් අපට දෙන්න ඕන. මේක නියෝගයක් නේද. ගොවියත් එක්ක කතා කළාද ඔවුන්ට උවමනා පෝරද, සල්ලිද මොනවද කියලා. නෑ එහෙම සාකච්ඡා කළේ නෑ.ආණ්ඩුවට ඕන දේ ගොවියන්ට දීලා ඊට පස්සේ තගදානවා. අයවැයෙන් පඩි වැඩි කරන්නේත් ආණ්ඩුවට ඕන අයට විතරලු. 

ලාල් ඇමතිතුමනි එතකොට කෝ ප්‍රජාතන්ත්‍රවාදය. මේක ආඥදායකත්වයක් නේද? ඒතුළ ආර්ථිකයට දායකවෙන සියලු දෙනාට තම තමන් ගේ සාධාරණ කොටස, සාධාරණ පංගුව ලැබෙන්නේ නැහැ නේද?

අපි දන්නා විදියටනම් මේ අයවැය ගැන පූර්ව සාකච්ඡා කලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ( IMF ) නියෝජිතයන් එක්ක විතරයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක් තමයි ප්‍රවිචාරණ ක්‍රියාවලිය නොහොත් අදහස් විමසීම. ඒක IMF එකත් එක්ක විතරක් නෙමේ සියලුම වෘ‍ත්තීයන් එක්කත් කළ යුතුයි.

මේ සියල්ල අපට පසක් කරන්නේ ලාල්කාන්ත ඇමතිවරයා කියන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ හදන්න බැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඡන්දදායකයන් ගොණාට ඇන්දවිල්ලක්. මොකද ලංකාවේ තියෙන්නේ කොම්පැණීකාරයන්ගේ ආඥදායකත්වයක්. IMF නියෝග මත දුවන ආර්ථිකයක්. ඒතුළ ආර්ථිකයට දායකවෙන සියලු දෙනාට තම තමන් ගේ සාධාරණ කොටස, සාධාරණ පංගුව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කොම්පැණිකාරයන් තීන්දු කරන ප්‍රමාණය විතරයි. ඔවුන් ඒ ප්‍රමාණය තීන්දු කරන්නේ තමන් ගේ ලාභය ඉතිරි කරගෙන.

කොම්පැණිකාරයන් ගේ රාජ්‍ය බලය බිඳදාලා අපි නිර්ධනයන් ගේ ආඥාදායකත්වයක් හදන්නේ නෑ.  පාර්ලිමේන්තු බලයකින් සාධාරණ, යුක්තිගරුක පාලනයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන වැඩකරපු නායකයෝ ඉතිහාසයේත් හිටියා. ඒවා අවසන් වුනේ ලේ ගංගාවලින්.

1871 ප්‍රංශයේ බලය ගත් අරාජිකවාදීන් හිතුවේත් එහෙම තමයි. අන්තිමේ නැපෝලියන් බොනපාට් ඒක අවසන් කළේ ලේ ගංගාවකින්. 1914 දෙවන ලෝක යුද්දයෙන් පස්සේ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැවන්ත පක්‍ෂයේ නායකයන් වුණේ රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නේක්ට්. ඔවුන් ගේ පිලිගැනීම වුනේත් පවතින රාජ්‍ය එලෙසම තබා ගනිමින් පාර්ලිමේන්තු බලයකින් හැම කෙනෙකුගේම සාධාරණ කොටස, පංගුව දෙන පාලනයක් ගෙනියන්න පුලුවන් කියලා. අන්තිමේ ඔවුන් ගේ මළසිරුරු හමුවුණේ කාණුවක තිබිලා. 1972 චිලියේ අයන්ඩේත් මේ වගේම අත්හදා බැලීමකට ගියා. අවසානයේ හමුදා නායක පිනෝචේ ගේ කුමන්ත්‍රණය හමුවේ ඔහු වෙඩි තියාගෙන සියදිවි නසා ගත්තා. මෙවැනි ඉතිහාස කතා අපමණයි.

ආණ්ඩු බලය ගැනීම වෙනුවෙන් කියපු වීර කතා නිසා අද JVP ,මාලිමා රජයත් පත්වෙලා ඉන්නේ මග සිටිය තෝ නසී, ගෙදර ගිය අඹු නසී කියනා තත්වයට. JVP , මාලිමා ආණ්ඩුව පත්වෙලා ඉන්න උභතෝකෝටියට සමාන රසවත් කතාවක් බයිබලයේ තියෙනවා දාවිත් හා ගොලායත් යෝධයා ගැන.

දාවිත් හැම විටම පෙනී හිටියේ, සටන් කළේ මිනිසුන් ජීවත් කරවීම වෙනුවෙන්. ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේනිසා මිනිස්සු දාවිත් වටා නිරායාසයෙන් එකතු වුණේ දැඩි විශ්වාසයකින්. පොඩි කාලයේත් යම් යම් දස්කම් පෙන්වා තිබුණ නිසා මේ විශ්වාසය දෙගුණ තෙගුණ වුණා.

ගොලායත් යෝදයා ඉතාම නපුරු, මිනිසුන් ගේ එළු, බැටළුවන් මරාකන ජන පීඩකයෙක්. අන්තිමේ මහ හැඩිදැඩි ගොලායත්ට ඔහුගේ දණහිසට වඩා උස නැති දාවිත්  සටනට අභියෝග කළා. දෙදෙනා අතර සටන ආරම්භ වුණා. දාවිත් විද්ද එක ගල් පහරකින් ගොලායත් යෝධයා මැරී වැටුණා.

අපේ රටේ මිනිස්සුත් හිතුවේ දන්න දවසේ ඉදලා අනුර කුමරා හා JVP සටන් කෙරුවේ කොම්පැණිකාරයන්ට හා IMF එක කියන ගොලායත් යෝධයන්ට විරුද්ධව තමයි කියලා. ඒනිසා මෙවර පාර්ලිමේන්තුවේ ආසන 159 ක්ම දුන්නා. නමුත් දැන් දැන් බලන කොට ඔවුන් කරන්නේ ගොලායාත් ආරක්‍ෂා කිරීමයි කියලා ඡන්දය දීපු මාලිමාවන්ට පවා තේරෙන්න පටන් අරන්. ගොලායත් නිසි ලෙස ආරක්‍ෂා කරනවාද නිරීක්‍ෂණය කිරීම සඳහා IMF එක විසින් ආර්ථිකේ ප්‍රධාන මර්මස්තානයන්ට දෙදෙනෙක් දාලා තියෙන්නේ.

ඒ මහ බැංකු අධිපතිකමට හා මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට. 159 ක් හිටියත් ඒ දෙදෙනා එකී ස්ථානනයන්හී වැඩ හිඳිනාතාක් මොන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක්ද ලාල් ඇමතිතුමෝ. මේ අයවැයත් ජේආර් ගේ සිට පසුගිය රනිල් දක්වා ආපු නව ලිබරල්වාදයේම තවත් දිගුවක්. භාවිතා කරන වචන වෙනස්.කොකාට තැටියේ හොදි දුන්නා වාගේ.

ඉර, හඳ සහ සත්‍යය කිසිදා සගවන්න බැහැ.

The post නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/feed/ 0
ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්.. https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb/#respond Wed, 29 Jan 2025 11:12:53 +0000 https://vivaranalk.com/?p=12590 ජනතා විමුක්ති පෙරමුණ  (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා. ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු කැරැල්ලේ නායකයෙක් අවසන් ගමන් ගොස් සිටිනවා. ජවිපෙ අතට වර්තමාන රාජ්‍ය බලය දිනාගත් “ස්වර්ණමය අවස්ථාවේ” එහි කොටස්කාරයෙක් නොවූ ඔහු පොඩි අතුල හෙවත් මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන්. […]

The post ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්.. appeared first on විවරණ.

]]>
ජනතා විමුක්ති පෙරමුණ  (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා.

ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු කැරැල්ලේ නායකයෙක් අවසන් ගමන් ගොස් සිටිනවා. ජවිපෙ අතට වර්තමාන රාජ්‍ය බලය දිනාගත් “ස්වර්ණමය අවස්ථාවේ” එහි කොටස්කාරයෙක් නොවූ ඔහු පොඩි අතුල හෙවත් මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන්.

කැරලිකාර වික්ටර් අයිවන් ලංකා සමාජ දේශපාලන කරළියේ ප්‍රසිද්ධ වුනේ කැරලි විරෝධී, ධනේෂ්වර රාජ්‍යයේ උපදේශකයෙක්, ආරක්‍ෂකයෙක් විදියට. ඒ අතරේ 1994 ට පෙර ඔහුගේ මාධ්‍ය භාවිතාව ගැන බොහෝ වර්ණනා තියෙනවා. හැබැයි ඔහුගේ ගමන් මග නිවැරදි විනිශ්චයකට ලක්කලොත් අපට දැක ගන්න ලැබෙන්නේ මොකක්ද?

මොකද මාධ්‍යවේදියෙක් වේවා, ජනාධිපතිගේ සිට කසල ශෝධකයා දක්වා වූ ඕනෑම වෘත්තියක නියුතු කෙනෙක් වේවා. කොන්ද තියෙනවාද, නිර්භයව කියනවද, ලියනවද බලන ලිට්මස් පරීක්‍ෂණයක් කරන්න පුළුවන් සංසිද්ධියක් තියෙනවා. ඒක තමයි ලංකාවේ සිදුවුනු දෙමළ වර්ග සංහාර යුද්ධය. විශේෂයෙන්ම එහි ලේ සාගරය වෙච්ච 2009. ඒ වෙලාවේ කොන්ද තිබුනේ මොන ස්ථාවරයේද කියන එක.

කොන්දේසි විරහිතව (ආයුධ වලින් කොමිස් ගහනා නිසා නෙමේ) යුද්ධයට විරුද්ධවත්, ඒකාබද්ධ උතුරු නැගෙනහිර දෙමළ ස්වංතීරණය වෙනුවෙනුත් නොසැලී පෙනී හිටින්න එදා කීයෙන් කී දෙනෙකුටද කොන්දක් තිබුනේ? කර්තෘ සංසදයේ ඉන්න වරලත් මාධ්‍යවේදීන්ගේ පත්තර වර්ග සංහාරයට පෙළ ගැහුණා. වික්ටර් අයිවන් ගේත් කොන්ද, පෑන, නිර්භීතකම, වීරත්වය ඒ වෙලාවේ නම් තිබුණේ නැහැ.

ජනඝාතක යුද්ධය යුක්ති සහගත කරමින් අයිවන් සිය “රාවය” පුවත් පතේ මෙහෙම ලිව්වා. 

වික්ටර් අයිවන්

යි කියලා.

තවත් විටෙක ඔහු ලිව්වේ

යි කියලා. එමනිසා වික්ටර් අයිවනුත් “වන් ශ්‍රී ලංකා” වෙනුවෙන් විවිධ අංශක වලින් කශේරුකා නවාපු පත්තරකාරයෙක්. පැන තියෙන අතේ ලේ තවරා ගත් කෙනෙක්.

අසුව දශකයේ මැද භාගයේ තමයි වික්ටර් අයිවන්ගේ “රාවය” එළි දකින්නේ. ඊට සමගාමීව අලුතෙන් එකතු වුනු අනෙක් පත්තරේ තමයි “යුක්තිය”. යුක්තියේ ප්‍රධාන කර්තෘ වුනේත් අසාර්ථක 71 කැරැල්ලේ තවත් නායකයෙක් වුනු සුනන්ද දේශප්‍රිය.

අවසාන කාර්තුවේ ගමන් කරමින් සිටි එක්සත් ජාතික පක්‍ෂ රජයේ (UNP ) වංචා, දූෂණ හෙළිදරව් කිරීම තමයි රාවයේ මුඛ්‍ය අරමුණ වෙලා තිබුණේ. යුක්තිය මුල් වුණේ මානව හිමිකම් වාර්තාකරණයට. හැබැයි දෙගොල්ලන්ම වෙහෙසුනේ කොරගහන ධනපති රාජ්‍යයට නව මුහුණක් හොයන්න.

විජය කුමාරතුංග යාපනයේ දී..

නමුත් ධනපති පක්‍ෂවලින් කැඩී ස්වාධීන ගමනක් ආරම්භ කරපු එක්සත් සමාජවාදී පෙරමුණ (USA) මොවුන් දැක්කේ නෑ. ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ (ශ්‍රිලමප) නායකයා මෙන්ම USA එකේ නායකයා වුණේ විජය කුමාරණතුංග. දෙමළ ජාතියේ අයිතිය වෙනුවෙන් දීප්තිමත් වූ විජය ඝාතනය කිරීමත් එක්ක නැගී ආ වමේ ව්‍යාපාරය නැවතත් දුර්වල වුණා.   

විජයව ඝාතනය කළේ JVP නායකත්වයෙන් සන්නද්ධ වුනු සිංහල වර්ගෝත්තමවාදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV). ඔහුගේ ඝාතනයෙන් පස්සේ බිරිඳ චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතු‍ංග ආරක්‍ෂාව පතා දරු දෙන්නාත් එක්ක ලන්ඩන් ගියා. මේ නිසා 88 තිබුණු ජනාධිපතිවරණයට USA එකෙන් ඉදිරිපත් වුණේ ඔසී අබේගුණසේකර.

1990 වසර ආරම්භ වෙද්දී රට විශාල භීෂණනකින් එළියට එන්න වෙර දරමින් හිටියේ. ඒ කාලයේ විවිධ සිවිල් ව්‍යාපාර මතුවුණා. JVP ඇතුළු දකුණේ කැරලිකාරීන්ට එරෙහි භීෂණයේ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් 90 දශකය මුල පළමුවෙන්ම පෙරමුණට ආ ව්‍යාපාරයක් තිබුණා. ඒක තමයි අතුරුදහන්වූවන් ගේ මාපිය දූ දරු සංවිධානය (OPFMD). මෙහි වාමවාදී ජනතා ව්‍යාපාරයක ලක්‍ෂණ තිබුණා. ඒක ගොඩ නගන්නට දරදිය ඇද්දේ නව සම සමාජ පක්‍ෂය (NSSP).

මේ සංවිධානයෙන් සකස් කරපු වාර්තා තමයි එකල විපක්‍ෂ මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ සහ NSSP නියෝජ්‍ය ලේකම් ලීනස් ජයතිලක ජිනීවා මානව හිමිකම් කොමිසමට මුලින්ම අරගෙන ගියේ. 1993 පමණ තමයි “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය”  (FMM) බිහි වුණේ.

තවත් කාලයක් යද්දී මංගල සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් “මව් පෙරමුණ” නමින් අතුරුදහන්වූවන් පිළිබඳ වඩා ලිබරල් සංවිධානයක් හැදුවා.

1991 වෙද්දී සිව් දෙසින් ගොඬ නැගුනු UNP ආණ්ඩු විරෝධය සියතට ගනිමින් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාරට බැස්සා. මෙහිදී වහාම ක්‍රියාත්මක වුනු ලංකා සමසමාජ පක්‍ෂයේ නියෝජිතයකුත් සමග ලන්ඩනය බලා ගිය කොමියුනිස්ට් පක්‍ෂ නායක කේ.පී. සිල්වා චන්ද්‍රිකා ලක්බිමට වඩම්මවාගෙන ආවා. එහෙම ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව කෙරෙව්වා. USA එකේ නායිකාව කෙරෙව්වේ නෑ.

ඒවන විටත් සැලසුම් කරතිබූ මහින්දගේ “කතරගම පාද යාත්‍රාව”  UNP ආණ්ඩු විරෝධයේ තීරණාත්මක එකක්. කොළඹින් පිටත්ව සිව්වැනි දිනයේදී පා ගමන ගාල්ල නගරයට ලංවෙමින් සිටියදී බණ්ඩාරනායකවාදීන් චන්ද්‍රිකා පා ගමනට එක්කළා.

එතැනින් ආරම්භවුනු චන්ද්‍රිකා මල් පෙරහැර අවසන් වුණේ බස්නාහිර මහ ඇමතිනී හරහා ජනාධිපති පුටුව දක්වා ගමන් කරලා. කලාකරුවන් රතු හැට්ටකාරී යන විරුදාවලියෙන් ඇය සැරසුවා. FMM එක ඒ පෙරහැරේ මල් බයිසිකල්කරුවන් වෙද්දී, වික්ටර් සහ රාවයත් සුනන්ද සහ යුක්තියත් කසකාරයන් වුණා.

ඒ වෙනුවෙන් පත්තරවලට සල්ලි පොම්ප වුණේ මිලියන ගණනින්. මේ පත්තර දෙක ජනතාව අතරට අරගෙන ගියේ වාමවාදී ජනතා ව්‍යාපාරයක ලක්‍ෂණ තිබුණා වූ OPFMD එකට විකල්පව ගොඩ නැගුණු මංගලගේ මව් පෙරමුණ.

අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අසල හඩාවැටෙන මව්වරුන්..

විවිධ වර්ගයේ නැට්ටුන්කාරයන්ගෙන් හැඩවුණු චන්ද්‍රිකා මල් පෙරහැරෙන් NSSP සංවිධායක ලේකම් වෙලා හිටිය වාසුදේව නානායක්කාරත් ගිනිකණ වැටුණා. අන්තිමේදී  පක්‍ෂයෙන් එළවා දමන්න සිද්ද වුණා. පක්ෂයේ හිටිය පාර්ලිමේන්තුවාදීනුත් එකතු කරගෙන, OPFMD එකත් අරගෙන චන්ද්‍රිකා වමට තල්ලු කරන්න, “විවෘත්ත ආර්ථිකේට මානුෂික මූණක්“ දෙන්න වාසුදේවත් පෙරහැරට එකතු වුණා. එහෙම වෙලා OPFMD එක “සූරිය කන්දේ” වල දැම්මා.

UNP යේ 17 වසරක හා චන්ඳ්‍රිකාගේ වසර නවයක ගෝලීය ධනවාදයේ නව ලිබරල් පාලනය අවසන් වීමත් එක්ක ඉතිරි වුණේ භූමිය විකුණා දැමීම විතරයි. මේ පෙරහැරේ කරඬුව බවට පත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, සිංහල, බොදු, ගොවි මහින්ද රාජපක්‍ෂ නමින් බෞතීස්ම කරමින් ඊළගට උතුර බලා ගමන් ඇරඹුවා. නයි මුගටි වෛරයෙන් සිටි අයිවන්ලා, JVP, චම්පිකලා මේ පෙරහැරේ කසකාරයෝ වුණා.

අවසානයේ නන්දිකඩාල් කලපුව දෙමළ දස දහස් ගණනක ලෙයින් පුරවමින් “වන් ශ්‍රී ලංකා” පෙරහැර නිමාකළා. එයින් පසු ඒ බලවේග විවිධ කණ්ඩායම් ලෙසින් බෙදී විසිරී ගියත් අයිවන් තම හාම්පුතා අත්නොහැර රැකබලා ගත්තා. එහෙම කොන්දක් නම් අයිවන්ට තිබුණා.

පටිසෝතගාමියට සහබාගී වී සිටි සියලු පක්‍ෂවලින් වික්ටර් ඉල්ලා සිටියේ

යනුවෙන්.

එය සිදු නොවුනු විට මල පැන්න වික්ටර් බැන වැදුනේ යුද්දෙන් පස්සේ රට ගොඩ නැගීමට උදා වූ `ස්වර්ණමය` අවස්ථාව පාලකයන් මග හැරියා කියලා. වෙර වීරිය දරලා, කෝටි ගණන් වියදම් කරලා, කඩුලු හතෙන් පැනලා, ගෝලීය බලවතුන් එක්ක හොර ගිවිසුම් ගහලා තමයි විධායක ජනාධිපති පුටුවට නගින්නේ. එහෙම වුණත් වික්ටර් හැමදාම හිතුවේ  රජ පුටුවට ගොඩවෙන කුමර, කුමරියන් කොයි කාටත් පුරෝහිතකම් කිරීමට උපන් කෞටිල්‍යය තමන් කියලා.

චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කරන්න අයිවන් අතේ කරගැට මතුකරගත්ත. එහෙම වූ අයිවන් අවසන් ගමන් නොගොස්, මාලිමා ආණ්ඩුවටත් ආණ්ඩු කරන හැටි කියා දෙන අපූරුව දැක ගන්නට නොලැබීම ජාතියේ අවාසනාවක්.

වාසුදේව නම් අවුරුදු 30 කට පස්සේ එයා 94 දී ගත්ත තීරණය ගැන පාපෝච්චාරණයක් කළා. ඒක කළේ ඔහු කලින් සිටි පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ව සිටි වික්‍රමබාහු කරුණාරත්නගේ අවමගුල් උත්සවයයේදී. වාසුදේව කියා සිටියේ 94 දී ඔහු ගත්ත තීරණය වැරදියි, බාහු නිවැරදියි කියලා. ජුදාස් පාපොච්චාරණය කරද්දී යේසුස් කල්වාරි කන්දේ කුරුසියේ ඇණ ගහලාත් ඉවරයි.

රාජපක්‍ෂ රෙජීමයෙන් දිවි ගලවාගෙන රටින් පලාගියවුන් ගැනත් අයිවන්ට තිබුණේ පුදුම ඇරියස් එකක්.  “පෑන අහිංසකද“ කියන තේමාව යටතේ අයිවන් රාවයේ පිටු පිරෙව්වේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන් සීත රටවලට පැනලා ගිහින් සැප ගන්නවා කියලා.

මේ සුළු ධනේෂ්වර කැරලිකරුවන් වූ වික්ටර් හා සුනන්දගේ පොදු ලක්ෂණයක් තිබෙණවා. ඒක තමයි තමන් ප්‍රධාන කර්තෘ ධූර දැරූ පත්තරවල නම වෙනත් කෙනෙකු අතට යන්න ඉඩ නොදීම. මේක නායක වන්දනාව ඉහළින්ම රකින ස්ටැලින්වාදයේත්, පසුගාමී ධනපති දේශපාලනයේත් කැපී පෙනෙන දුර්ලක්‍ෂණයක්. සුනන්ද යුක්තිය වහගෙනම යන්න ගිහින් ජීවත් වෙනවා. වික්ටර් ජීවත් වෙද්දීම රාවයෙන් පදාසයක් ගැලවිලා ගියා.

ධනපති ව්‍යාපාරවලත් බ්‍රෑන්ඩ් නේම් නැතිනම් සන්නාම නාමය ඔවුන් ආරක්‍ෂා කරගන්නේ මේ ලෙසම තමයි.

වික්ටර් අයිවන් ගේ මේ භාවිතාවන් හා දෘෂ්ටිවාදය ඔහු ගෝලීය ධනවාදයේ සෘජු ඒජන්තයෙක් බවට මනාව ඔප්පු කරන්නක්. ඔහු JVP මාරාන්තික හතුරෙක් බවට පත්වෙන්නේ ඒ අර්ථයෙන්. එහෙම වුණත් අයිවන් ගේ හා JVP මාලිමා දෘෂ්ටිවාද අද සමපාත වෙලා.

ධනපති රාජ්‍යයේ යම් යම් අංගජාත පිරිසිදු කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා“ රාජ්‍යයක් ධනපති පාර්ලිමේන්තු බලයකින් හදන්න පුලුවන් කියන මිත්‍යාවෙන් JVP වැඩ කරනකොට, වික්ටර් අයිවන් දෘඩ අධිෂ්ඨානයකින් ලිව්වේ තනි පුද්ගලයකුට වුනත් මේක කරන්න පුලුවන් යැයි හිතලා. දෙගොල්ලො අතරේ වෙනස එච්චරයි.

පසුගාමී ධනපති රාජ්‍යයන් තුළ දෝරේ ගලායන වංචා, දූෂණ, කොමිස් ගැහිලි අවම කරගන්න, පාලනය කරගන්න සිය පැවත්ම වෙනුවෙන් ගෝලීය ධනවාදයටත් අද අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. ඒත් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ නෑ.

The post ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9c-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb/feed/ 0
76 වසරක අතීතයෙන්, 53 වසරක් ජවිපෙ සතුයි..! https://vivaranalk.com/76-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-53-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4/ https://vivaranalk.com/76-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-53-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4/#respond Wed, 18 Sep 2024 11:23:46 +0000 https://vivaranalk.com/?p=11948 අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ( NPP) ජනාධිපති අපේක්ෂකයා විදියට පහුගිය කාලයේ බොහෝම ලිබරල් ප්‍රතිපත්තියක් තමයි පෙන්නුම් ක‍රමින් හිටියේ. ඒ අතරතුර ලාල් කාන්ත තමයි අවංක ජේවීපීකාරයා (ජනතා විමුක්ති පෙරමුණ) ලෙස සිය කේඩරය ආමන්ත්‍රණය කළේ. නමුත් දැන් දැන් බලයෙන් ආතුර වුනු, අනුර කුමාරගේ චරිතය හොරු අරන් ජවිපෙ නායකයා බවට පත්වෙමින් ඉන්නේ. මොකද මෙයට පෙ‍ර ජවිපෙ […]

The post 76 වසරක අතීතයෙන්, 53 වසරක් ජවිපෙ සතුයි..! appeared first on විවරණ.

]]>
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ( NPP) ජනාධිපති අපේක්ෂකයා විදියට පහුගිය කාලයේ බොහෝම ලිබරල් ප්‍රතිපත්තියක් තමයි පෙන්නුම් ක‍රමින් හිටියේ. ඒ අතරතුර ලාල් කාන්ත තමයි අවංක ජේවීපීකාරයා (ජනතා විමුක්ති පෙරමුණ) ලෙස සිය කේඩරය ආමන්ත්‍රණය කළේ. නමුත් දැන් දැන් බලයෙන් ආතුර වුනු, අනුර කුමාරගේ චරිතය හොරු අරන් ජවිපෙ නායකයා බවට පත්වෙමින් ඉන්නේ.

මොකද මෙයට පෙ‍ර ජවිපෙ ට ‍රටතුළ හා ජාත්‍යන්තරයේ මෙවැනි පිළිගැනීමක්, සමාජයේ විවිධ මට්ටම්වල පිරිස් ඔවුන්ට ඇහුම්කන් දීමක් සිද්ධ වුනේ නැහැ. ඒ නිසා එන්පීපී නායකයා ලෙසින් ලිබරල් වෙන්න ගියත් කණ කොක් සුද වගේ ඉගිල්ලෙන කොට පාට පෙනෙන්න අරගෙන.

මොවුන් පළමුවෙන්ම එළියට බැස්සේ දෑකැති මිටි, මාක්ස්, ලෙනින් උස්සාගෙන, රතු ඇඳුම් ඇඳගෙන. රෝහණ විජේවීර හිරෙන් නිදහස්වෙලා ඇවිත් පළමු රැස්වීම තිබ්බේ කොළඹ නව නගර ශාලා පිට්ටනියේ. මේ රටේ කම්කරු පංතිය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (SLFP) කරබදු කරදුන් එන්. එම්ලා ගේ වලටත් හෙණ ගහන්න ඕන කියලා තමයි ඒ ‍රැස්වීමෙදි විජේවීර කිව්වේ. ඒ තරම් වමෙන් හිටියේ. එකම සමාජ ස්ථරයන්ට පොර බැදූ නිසා ජේවීපී එකට මුලින්ම ආරෝව තිබුණේ SLFP එකත් එක්ක.

මාක්ස්වාදයේ සුළු ධනේෂ්වරය ලෙස හදුන්වන වාම සළුපිලි පැළඳ, වාම වෙස් මුහුණක් දාගෙන එන මෙවැනි පක්ෂ පිළිබඳ ඉතාමත් නිවැරදි විග්‍රයක් කළේ නව සම සමාජ පක්ෂය (NSSP) විතරයි. 1979 තරම් ඈතකදී NSSP ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කිව්වේ ජවිපෙ කියන්නේ තවත් රතු බණ්ඩාරනායකලාගේ පක්ෂයක් කියලා.

1982 පැවැත් වූ පළමු ජනාධිපතිවරණයට ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් තරඟ කළා. අද අනුර කුමාර 9 වැනි ජනාධිපතිවෙලා ඉන්නවා වාගේම එදත් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙනතුරු විජේවීර ජනාධිපතිවෙලා හිටියේ. වලංගු මුළු චන්ද ප්‍රමානය වුනේ 6,522,147 යි. එයින් විජේවීරට ලබා ගන්න පුලුවන් වුනේ ඡන්ද 2,73, 428 යි. නැතිනම් 4.19% යි.

මේ විදියට තමයි ජවිපෙ තමන්ගේ වමේ සළුපිලි උනාදැමීම ආරම්භ කළේ.

82 ජනාධිපතිවරණයට SLFP නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකට ඉදිරිපත් වෙන්න බැරිවුණා. මොකද ජේආර්ගේ ආණ්ඩුව ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තිබුණේ. ඒ නිසා පක්ෂයෙන් තරඟ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව. SLFP නායකත්වය බණ්ඩාරනායකලාගෙන් විතැන්වන නිසා ඉහළ නායකන් මැතිවරන ව්‍යාපාරය මඟහැරියා.  මුළු ඡන්ද ව්‍යාපාරයේ බර කරට අරන් වැඩ කළේ විජය කුමාරණතුංග.


ජේ ආර් ජයවර්ධන-හෙක්ටර් කොබ්බෑකඩුව-රෝහණ විජේවීර

කොබ්බෑකඩුවගේ පරාජ‍යෙන් පස්සේ SLFP එක ඇතුළේ ගිය වාද විවාද අවසන් වුණේ විජය කුමාරණතුංග එළියට ඇවිත් ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප ) ගොඩනැගීමෙන්. SLFP එකේ සිදුවුනු මේ පිපිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේත්, අර්ධ රාජ්‍ය අංශයේත් විශාල වෘත්තීය සමිති ප්‍රමානයක් ශ්‍රීලමප ට හිමිවුණා.

ශ්‍රීලමප ට ලැබුණු කම්කරු පංතියේ බලය අනෙක් වමේ පක්ෂවලට සාපේක්ෂව බලවත්. එය කොතරම්ද කියනවා නම් ශ්‍රීලමප, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) , කොමියුනිස්ට් පක්ෂය (කොප) හා NSSP එකතුවෙන් ගොඩනැගුණු එක්සත් සමාජවාදී පෙරමුණේ (එසපෙ) නායකයා වුනේ විජය.

1964 දී ලසසප, කොප විසින් ජාතිවාදී SLFP ට කරබදු කෙරූ කම්කරු පංතිය එයින් එළියට විත් මේ ලෙසට ස්වාධීන වමේ ගමනක් ආරම්භ කළා. මේ අත‍ර ජේආර්ගේ රජය ඉන්දු ලංකා ගිවිසුම මගින් දෙමළ ජනතාව මත පැට වූ පළාත් සභා වෙනුවෙන් එසපෙ පෙනී සිටිමින් තරග කළා.

එයට විරුද්ධව ගොඩ නැගූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේ ජවිපෙ. එහි නායකයන්ගේ නියෝග මත ගම්වල සිටි ජවිපෙ කොල්ලො කුරුට්ටන් බෝක්කු, පාලම් උඩ උසාවි පැවැත්වූවා. විත්තිකරුවන් නැතිව නඩු අහලා පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි වාමාශිකයන් “දේශ ද්‍රෝහී” ලේබලය අලවා ගල්කටස් වලින් වෙඩි තියලා මරන්න පටන් ගත්තා. ටික කලක් යනකොට T 56 ත් ගත්තා.

6200 ක් මෙසේ මරා දැමුණු අතර වමේ වෘත්තීය සමිති නායකයන්, කලා කරුවන්, ජනමාධ්‍යවේදීන්, වාමාංශික නායකයන්ද මේ අතර වුණා. මේ විදියට වාමාංශිකයන් මරා දැමීම නිසා දකුණේ ගම් දනව් පිටින් දෙමළ වර්ග සංහාර යුද්ධයට දක්කාගෙන යන්න ජවිපෙ – රාජපක්ෂ සංධානයට පුලුවන් වුණා.

මොකද වාමාංශිකයන් මරා දැමීම නිසා රටතුළ වමේ සාකච්ඡාවක් නැති සහරා කාන්තාරයක් බවට පත්වුණා.  ලෙයින් තෙත් වූ ජවිපෙ ඉතිහාසය ඒ වැලි කතරේ වසා දමා පොරවා ගත් ඊළඟ “සිල්වත් ‍රෝස රෙද්ද” තමයි NPP  “මාලිමාව” කියන්නේ. මාලිමාව අද වඩා ප්‍රශස්ත විදියේ වෛරයේ, පලිගැනීමේ ප්‍රකාශනයක් බවට පත්වීම අනිවාර්යක් වන්නේ මේ ඉතිහාසයේ පාදම මත ගොඬනැගුණු නිසා.

NPP නායක අනුර කුමාර කියනවා ලසන්ත ඝාතනය, කීත් නොයාර් ඝාතනය, ( කීත් නොයාර් පැහැරගෙන ගිහිල්ල තොල කට පුපුරන්න ගැහුවා විතරයි.) පෝද්දල ජයන්තට පහර දීම රාජ්‍ය ත්‍රස්තවාදයලු. ඒවා ගැන හොයන්න ඕනලු. ඒ ඔක්කොම ජවිපෙ විසින් වඩම්මාගෙන ආපු මහින්දගේ ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්චි එව්වා බව අනුරට අද අමතක වෙලා. නමුත් ජවිපෙ කරපු ඝාතන ගැන ඇහුවම ඒවා ඒ තත්වයන් තුළ සිද්ධ වෙනවලු. මේ ‘සුළු සුළු අපචාර’  කතාව ඇහුවාම මට ප්‍රශ්න කීපයක් මතුවුණා.

ලාල්කාන්ත පහුගිය දිනක කිව්වා මාලිමාවට බලය ලැබුණාම එයට ප්‍රතිවිරුද්ධව නැගෙන සතුරු බලවේග මර්දනය කරනවා කියලා. රාජ්‍ය බලය තියෙන්නේ ඒකට තමයි කියලා. ඉතිං රාජ්‍යයට විරුද්ධව ගොඩනැගෙන බලවේග අනීතික ලෙස මර්දනය කිරීම තම‍යි රාජ්‍ය ත්‍රස්තවාදය කියන්නේ. ඒක මාලිමා රජයකින් කළාම තේපැන් සංග්‍රහයක් වෙන්නේ කොහොමද කියලා දැන ගන්න කැමතියි.

ජවිපෙ – රාජපක්ෂලාගේ වර්ග සංහාර යුද්ධයට විරුද්ධව ලියපු, කතා කරපු, පෙනී හිටපු නිසා, යුද්ධය අස්සේ සිදුවුනු වංචා, දූෂණ එළිදරව් කරපු නිසා තමයි ජනමාධ්‍යවේදීන් මැරුවේ. අතපය කැඩුවේ. පහර දුන්නේ. අතුරුදහන් කෙරුවේ. මාධ්‍ය ආයතයන්ට බෝම්බ ගැහුවේ. වෙඩි තිබ්බේ. ඒ රාජ්‍ය ත්‍රස්තවාදයට අවශ්‍ය මාවත එළිපෙහෙලි කරළා දුන්නේ අනුර කුමාරලා, ලාල් කාන්තලා තමයි. මේ මෑතකදීත් ලාල් කාන්ත බොහොම උජාරුවෙන් එය ප්‍රසිද්ධියේම පිලිගත්තා.

සිවරාම් (තරෑකී)

කොටි, ඩොලර් කාක්කෝ, එන්ජීඕකාරයෝ, දේශ ද්‍රෝහීන් වැනි ලාඩම් ජනමාධ්‍යවේදීන්ට එල්ලුවේ අනුර කුමාරලා, චම්පිකලා හැර වෙන කවුද? විමුක්ති කොටි සංවිධානය පවා විවේචනය කරමින් ලිපි ලියූ ජාත්‍යන්තර කීර්තියට පත් සිවරාම් (තරෑකී) මාධ්‍යවේදියා කොළඹදී පැහැරගෙන ගිහින් මරා දැම්මා. ජවිපෙ නිල පුවත්පත් වූ “ලංකා” පුවත් පතේ කතුවැකියේ ලිව්වේ සිවරාම් කොටියෙක් නිසා මරා දමීම යුක්ති සහගතයි කියලා.

මේවා මොනයම්ම විදියකින් හරි දරාගෙන හිටියත් අනුරලා රාජ්‍ය බලය ගැනීම වෙනුවෙන් මේ සම්බන්ධව කිඹුල් කදුළු හෙලන එක තමයි දරා ගන්න අමාරු.

එදා ජවිපෙ අනුර කුමාරලා කරපු ඩියුටිය අද රාජ්‍ය බලය ගැනීමේ යුද්ධය වෙනුවෙන් බාරගෙන තියෙන්නේ සේපාල් අමරසිංහලා.  “මේරියන්ස්” සංගීත කණ්ඩායමත් එදා යුද පෙරහැරේ තප්පු ගැහුවා. ඒත් අද ඒවා වානා. “පූජනීය මාලිමාව” ට විහිළුවක් කරපු මේරියන්ස්ලාට විරුද්ධව පැමිණිලි නොකර ක්‍රියාත්මක වෙන්න කියලා මාලිමාවේ සේපාල් ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම කොතරම් සාර්ථකද කියනවා නම් මේරියන්ස්ලා ජීවිත ත‍ර්ජනවලට පවා ලක්වී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න තත්වයට පත්වුණා. 

අද මේ විදියට මාලිමා ලුම්පන්නලා දකුණේ අණසක පතුරුවද්දී මාලිමා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර උතුරට ගිහිල්ලා තග දානවා. සිංහල බෞද්ධ හමුදාවේ යකඩ සපත්තුවට පාගාගෙන ඉන්නා දෙමළාට කියන්නේ දකුණේ මනෝභාවය තේරුම් ගනිල්ලා. එදා ජවිපෙ, අද මාලිමාව. ඒ මනදොල සපුරා ලීමට විරුද්ධවුනු දකුණට අපි දුන්නේ ටින්කිරි ටින් එකෙන් හා ගල්කටස් එකෙන්, T 56 න් . උඹලාට දුන්නේ බර අවියෙන්.  21 මම ජනාධිපති වෙනවා. මට විරුද්ධව වැඩ කරළා මම දිනුවාම උඹලාගේ ඔලුවේ ඉන්න උකුණාටත් මොකක් වෙයිද කියන්න බැරිවෙයි කියලා.

අමතක නොකළ යුතු කාරණයක් තමයි, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය සඳහා ජවිපෙ තුන් වතාවක් ආයුධ ගත් බව. ඉන් දෙවතාවක්ම දෙමළාගේ අයිතියට විරුද්ධව. 71 දී සිරිමාගේ ආණ්ඩුවට විරුද්ධව ගල්කටස්. 87 දී පළාත් සභා පිහිටුවීමට විරුද්ධව T 56. 2009 දී උතුරට විරුද්ධව මල්ටි බැරල්.

එහෙව් අනුරලා මේ අනතුරු ඇගවීම කරන්නේ උතුරට විතරක් නෙමේ. මොකද මේ කතාව දකුණේදී කරන්න ඔහුට බෑ. ඒක නිසා ලංකාවේ දෙවැනි නගරය වන යාපනයට ගිහිල්ලා දකුණටත් එක්ක තමයි මේ කියන්නේ. මාලිමාව දිනුවාම ඒ මනෝභාවයට විරුද්ධව වැඩකරපු දකුණේ එවුනුත් හැංගෙන්න තැන් හොයා ගනිල්ලා කියලා. විශේෂයෙන්ම මාලිමාවට විරුද්ධ ඉහළ හා පහළ මැද පංතියට.

ඒ වගේම ඔවුන් හිතනවා මේ චණ්ඩි කතාවලින් දකුණේ සිංහල, බෞද්ධ ජාතිවාදී ඡන්දත් වැඩි කරගන්න හැකිවේවි කියලා.

ජා – ඇල රැලියකදී කළ ප්‍රකාශ‍යක් හා දකුණේ මහ ප‍රිමාණ කොම්පැණිකාරයන්ගේ හමුවීමකින් පස්සේ තමයි මාලිමා නායකයා උතුරට ගිහින් මේ අනතුරු ඇගවීම කළේ. මේවා අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේවා වෙන වෙනම සිදුවන සිදුවීම් නෙමේ. එකම දම්වැලක පුරුක්.

ජා-ඇල රැස්වීමකදී අනුර කුමාර කියනවා එයා දිනුවාම පාර්ලිමේන්තුවේ අසුනක් හිස්වෙනවලු. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවලු. ඊළග මැතිවරනය තෙක් රජය පවත්වාගෙන යන්න ඔහුගෙන් හිස් වූ අසුනට කෙනෙක් දාලා ඒ හතර දෙනාගේ කැබිනෙට්ටුවෙන් රට පාලනය කරනවලු. (අලුත් කෙනා රාජ්‍ය ආරක්ෂක ඇමති ලාල් කාන්ත වෙන්න ඕන. මොකද ඔහු සේපාල් අමරසිංහ ලවා තමන් පොලිසිය බාර ඇමැතිකමට කැමතියි කියලා කලින්ම ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ).  නැතිනම් සියලු අමාත්‍යංශ තමන් යටතට පවරාගෙන ඒකාධිපතියෙක් විදියට පාලනය ගෙනියනවා කියලා.

මීට කලකට පෙර මාලිමා විධායක සභික ලාල් කාන්ත කිව්වා එයාල සමාජවාදේ ගොඩනගන්න නෙමේ යන්නේ. මේක කොම්පැණිකාරයොත් එකතු කරගෙන ගහන ගේමක් කියලා. ගුරු වැඩ වර්ජනයේදී කිව්වා ආර්ථිකය කඩා වැටිච්ච මේ වෙලාවේ වැඩ වර්ජන කරන්නේ නෑ. ඒවාට විරුද්ධයි කියලා. සෞඛ්‍ය වැඩ වර්ජනයේදී කිව්වේ ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩ වර්ජනවලට මාලිමාව විරුද්ධ බව.

දුටු දා පටන් කළු ඝණ උඩු රැවුලක් තිබෙන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමාජවාදයේ අනුරාගයෙන් වේදිකා දෙවනත් කරන්නෙක්. කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා ජෝන් කීල්ස් අධිපති කෙන් බාලේන්ද්‍රන් ලවා ටිල්වින්ට කිව්වා පිස්සු කෙළින්නේ නැතිව ඉන්න කියලා. පූස් පැටියෙක් වගේ කෙන්බාලේන්ද්‍රන්ගේ කතාව අහගෙන ඉන්නා ටිල්වින් දැක්කාම මට මැවී පෙනුනේ බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල දමනය.

මාලිමාවට සහතික දෙන ගාල්ලේ බටදූවේ ඩීඑස් අයි කොම්පැණිකාරයා කියන්නේ අදත් කම්කරු නීතිරීති තඹ දොයිතුවකට මායිම් නොකරන නොම්මර එකේ කුලවාදියෙක්.

ඉතිං ලාල් කාන්ත මුල් කාලයේ පටන්ම කියපු කතා සහ අනුර කුමාර දැන් දැන් කරන ප්‍රකාශත්, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් හා මාලිමා ලුම්පන්ලාගේ තර්ජනත් එක්ක මේ සමස්ථය අධ්‍යයනය කළාම ලැබෙන පින්තූරය මොකක්ද? කඩා වැට්ටූ ආර්තිකය නැවත ගොඩ ගන්න, ලාබ රේට්ටු වැඩි කරගන්න ෆැසිස්ට් පන්නයේ රාජ්‍යයක් කොම්පැණිකාරයන්ට හදා දෙන්නම් කියන සහතිකය තමයි මේ ඔවුන්ට දෙන්නේ.

අපි මොහොතකට උපකල්පනය කරමු මාලිමාව ජනාධිපතිවරණයෙන් දිනුවා කියලා. එතකොට එක්කෝ මාලිමා හතරදෙනාගේ කැබිනෙට්ටුව හෝ ඒකාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති තමයි ඊළ්ග පාර්ලිමේන්තු මැතිවරනයක් පවත්වන තාක් රට පාලනය කරන්නේ.

රාජ්‍ය බලය නැතිව යම් පිරිස් බලයක් පමනක් දැකලා එයින් උන්මාදයට පත්වෙච්ච සේපාල්ලා අද කියනවා “පූජනීය මාලිමාව” එක්ක සෙල්ලම් කරන්න එන්න එපා කියලා. “අදිටන ” විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික ව්‍යාපාරයේ සාමාජිකයෙක් මැතිවරන ජයග්‍රහනයෙන් පස්සේ කරන්න යනදේ මොකක්ද කියලා කිසිඳු චකිතයකින් තොරව  කියනවා.

දැනටමත් නිර්මාණය වී තිබෙන එවැනි පසුබිමක් තුළ ඒකාධිපති ජනාධිපති කෙනෙක් ආවම හෝ රාජ්‍ය බලය ලබුණාම එදාට සේපාල් අමරසිංහලා, “අදිටනලා” ලක්ෂ ගණනක් රටපුරා බිහිවේවි. මාලිමාවේ ආරක්ෂක අංශයේ ලොක්කා මේජර් ජනරාල් අරුණ ජයසේකර දැනටම කියලා තියෙන්නේ හතලිස් දාහක් එයා එක්ක ඉන්නවා කියලා. ඒ නිල නොවන මිලීෂියාව. එයාල උතුර දකුණ දෙකේම වැඩ පෙන්නපු අය.

මේජර් ජනරාල් අරුණ ජයසේකර

එතකොට “පූජනීය මාලිමාව” හෝ එහි නායකයන් හෝ “සුප්‍රීම් ලීඩර්” අනුර කුමාරයාණන් හෝ විවේචනය කිරීම දඬුවම් ලබන වරදක් නොවී තියේවිද? නඩු අසා දඩුවම් දීමේ බලය ලාල් කාන්ත ගමට දෙන්නේ ඒකටනේ. නීත්‍යානුකූලව හෝ අනීතිකව දඬුවම් ලැබෙනවා. විරුද්ධ පක්ෂවලට තමන්ගේ ප්‍රතිපත්ති පමනක් කියලා චන්දය ඉල්ලන්න සිදුවේවි. එහෙම වුනොත් මාලිමාව ඊළඟ පාර්ලිමේන්තුවේ 6/5 වඩා අති විශිෂ්ට ජයක් අත්කර ගනීවි.

ඉන්පස්සේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වහල් කලාපයක් කිරීම නිසා විදෙස් ආයෝජකයන් වැහි වහීවි. වැඩ වර්ජන, විරෝධතා තහනම්. මෙනිසා ආර්ථික වර්ධනයක් ඇතිවේවි. බලා සිටියදී නි‍ර් ප්‍රභූන්, සුපිරි ප්‍රභූන් බවට රූපාන්තරනය වේවි. කෙන්බාලේද්‍රන්ලා, ඩීඑස් අයි වැනි දේශීය කොම්පැණිකරුවන් ජයගනීවි.

මේවන විට මාලිමාව වටා රොක්වී සිටින තර්ක බුද්ධියෙන් යමක් විමසා නොබලන්නන්ට මේ කිසිවකින් වැඩක් නෑ. අදාල නෑ. ඔවුන්ගේ එකම අරමුණ, එකම පැතුම හොරු ඇල්ලීම, හොරා කෑ සල්ලි ආපසු ලබා ගැනීම හා රාජපක්ෂලා හිරේ දැමීම විතරයි. මාලිමාවත් පොරොන්දු ඉටු කරයිද? නොකරයිද? යන දෙගිඩියාවටත් උත්ත‍රයක් තියෙනවා. ගෝටා එලෙව්වා වගේ මෙයාල එලවන්න අපි තමයි ඉස්සෙල්ලාම පාරට බහින්නේ.

2004 සුනාමියෙන් හෙල්පින් හම්බන්තොට උලා කෑ මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපති කළේ ජවිපෙ කියා ඒ අයට මතක නෑ.

තවත් පිරිසක් ඉන්නේ නිර්ප්‍රභූ බලයක් 1947 න් පස්සේ පළමු වතාවට ලංකාවේ බිහිකර ගන්න.  නිර්ප්‍රභූන් තමයි රාජ්‍ය බලයත් එක්ක ප්‍රභූන් වෙන්නේ කියලා මේ ඇත්තෝ දන්නේ නෑ වගේ. කොහොම වුනත් ඒ ඒ කෙසෙල්වලට ඒ ඒ බනිස් ජවිපෙන් හදලා දීලා තියෙනවා.

ජවිපෙ නායකයන් මේ විදියට ඉතාම කෛරාටික, ඉතාමත් උපායශීලී ලෙස රටවැටී තිබෙන අගාධය රාජපක්ෂලා විරෝධ‍යකට නාභිගත කරල තිබෙන්නේ. එහෙම කරල බලාපොරොත්තු, අපේක්ෂාවන් බිඳ දැමූ රාජපක්ෂ විරෝධී ජනප්‍රිය සටන් පාඨ හරහා මාලිමාවට ජනතාව දිනා ගැනීම තමයි පළමුව කළේ. දැන් ඒ ජනතාවට IMF එකත් එක්ක නෙමේ CITY FM එක්ක ගියත්, කොයි පාළමේ යනවා කිව්වත් තුට්ටු බාගයකට වැඩක් නෑ. කොම්පැණිකාරයන්ගේ විය ගහේ පැත්ත මාරු කරනා එක විතරයි වෙන්නේ කියලා පෙනෙන්නේ නෑ.

ඒ බව හොඳින් තේරුම්ගත් ජවිපෙ නායකයන් බස් එකට නංගා ගත්තාට පස්සේ තමයි ජනාධිපතිවරණයට කෙටි කාලයක් තිබියදී යන්නේ කොහෙද කියලා මාලිමා ආර්ථික වැඩ පිළිවෙල එළියට දැම්මේ. මොන තරම් සුන්දර කතා කිව්වත් පක්ෂයක දිශානතිය තීරණය වන්නේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන්.

ජවිපෙ වැනි සුළු ධනේෂ්වර පක්ෂයක නිරන්තර අභිලාෂය වන්නේ මහ ධනේෂ්වරය බවට පත් වෙන්නේ කොහොමද කියලා. කම්කරු පංතිය මූලික පදනම කරගත් විප්ලවවාදී පක්ෂයකට එවැනි පක්ෂයක් දිනාගත හැකිනම් ඔවුන් නි‍ර්ධනයන්ගේ හා නිර්ප්‍රභූන්ගේ උන්නතිය වෙනුවෙන් මෙහෙයවා ගන්න පුලුවන්.

එහෙම බැරිවුනොත් “නැගිටපල්ලා, නැගිටපල්ලා, උඹලගේ වාරය ඇවිල්ලා” යි  71 සිට වසර 53 ක් තිස්සේ බෑගිරි ගසන නිසා නැගිට්ටත් “කුසට සා ගිනි, හදට සෝගිනි” තම‍යි.


 

The post 76 වසරක අතීතයෙන්, 53 වසරක් ජවිපෙ සතුයි..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/76-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-53-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4/feed/ 0
සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස] https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb/#respond Fri, 09 Aug 2024 09:26:04 +0000 https://vivaranalk.com/?p=11880 තවත් සමහරු කරන චෝදනාවක් තමයි කම්කරු පංතිය වෙනුවට සුළුතර ජාතීන්ගේ ජාතික ප්‍රශ්නය නසසප තුළ ප්‍රමුඛ වීම (අක්ත පත්‍රය ලෙස ගැනීම) බාහු පැටලුණු මතවාදී උගුලක් කියලා. ඔය චෝදනාව එලෙසම කරමින් පක්ෂ‍යෙන් ගිය, නැසීගිය ලීනස් ජයතිලක හා නීල් විජේතිලක ඇතුලු කල්ලිය නැවතුනේ කොහෙද? බාහුගේ බඩවැල් එළියට පනින්න වෙඩි තියපු DJV – JVP වැදුම් ගෙයින් එලියට ආ පෙරටුගාමී […]

The post සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස] appeared first on විවරණ.

]]>
තවත් සමහරු කරන චෝදනාවක් තමයි කම්කරු පංතිය වෙනුවට සුළුතර ජාතීන්ගේ ජාතික ප්‍රශ්නය නසසප තුළ ප්‍රමුඛ වීම (අක්ත පත්‍රය ලෙස ගැනීම) බාහු පැටලුණු මතවාදී උගුලක් කියලා. ඔය චෝදනාව එලෙසම කරමින් පක්ෂ‍යෙන් ගිය, නැසීගිය ලීනස් ජයතිලක හා නීල් විජේතිලක ඇතුලු කල්ලිය නැවතුනේ කොහෙද? බාහුගේ බඩවැල් එළියට පනින්න වෙඩි තියපු DJV – JVP වැදුම් ගෙයින් එලියට ආ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අගුවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහගෙන් ග්‍රාම්ස්චි කියවලා, අර්නෙස්ටෝ ලැක්ලාවු සහ ෂන්ටාල් මූෆ්ගේ  පස්සේ යන්නන් කුළු ගෙඩියටයි, මාලිමාවටයි මුවා වෙලා ඇට බෝල ගහමින් නේද ඉන්නේ කියලා බාහු හිටියනම් සමහර විට අහන්න ඉඩ තිබුණා.

හැබැයි දෙමළ වර්ග සංහාරයක් වෙද්දී ඒ වෙනුවෙන් පෙනී හිටියොත් ජාතික ප්‍රශ්නය අධිනිශ්චය වෙලා, පංති අරගලය දෙවැනි තැනට වැටෙන්න පුලුවන් කියලා බාහු බය වුණේ නෑ. ඒනිසා කම්කරු පංතිය බලය අරගෙන ඒ රාජ්‍යයක් තුළ තමයි ජාතික ප්‍රශ්නයට විසදුම් දෙන්නේ (ජවිපෙ –  මාලිමා තියරිය) කියලා නසසප තීන්දු කළේ නෑ. අපි මාක්ස් ලෙනින්වාදීන් වුවත් ජාතීන්ගේ වෙන්වීමේ භූ විෂමතා අනුව තමයි බලන්න ඕන. ලංකාව කුඩා රාජ්‍යයක් නිසා මාක්ස් ලෙනින් න්‍යාය ඒ අයුරින්ම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ (පෙසප – ගුණ‍රත්නම් තියරිය) කියලත් බාහු කිව්වේ නෑ.

මේ දෙකේම සිංහල, බෞද්ධ, ඒකීය රාජ්‍යවාදී ජාතිවාදය බාහු පට්ට ගැහුවා. ඔහු හිටියේ ලෙනින්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අවධි දෙකේ තීසිසය න්‍යායක් බවට පෙරලූ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ ලාංකීය පෙ‍රගමන්කරුවා විදියට.

ජවිපෙ විසින් මහින්ද ජනාධිපති කරවපු ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වෙලා හිටියේ ගෝටා. එයා කොළඹ ලොජ්වල හිටිය දෙමළ ජාතිකයන් බස්වල පටවලා යාපනේට යවන්න ගත්තා. මේක ආරංචි වුණු බාහු ලොජ් ඉදි‍රියට වහාම ගිහිල්ල මේ ක්‍රියාවට විරෝධය පෑව. ටික වෙලාවකින් මනෝගනේෂන්, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාහුට එක්වුණා. මාධ්‍ය හරහා ලෝකයට මේ කතන්දරේ ගියා. කොළඹින් ඒවන විටත් යවපු බස් මහජන ගඟක් වව්නියාවේදී හරස් කළා. ආපසු කොළඹට එව්වා.

බොහෝ ලාංකික දෙමළ විමුක්තිකාමීන් පිට‍රටකදී ලංකාවට දෙසා බෑවත් තමන් තමන් ඉන්න රටේ පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ගැන කට පියාගෙන ඉන්නවා. ඒ අතර ලංකාවේ සිංහල දේශප්‍රේමියෝ ලංකාවේ ඉඳගෙන අධිරාජ්‍යවාදීන්ගේ පළු අරිනවා. හැබැයි ඒ රටවලට ගියාම අර පලු ඇරපු නායකයන්, නායිකාවන් එක්ක කාලාබීලා ෆේස්බුක් එකෙයි, මාධ්‍යවලයි මල්වෙඩි සංදර්ශන පවත්වනවා. බාහුනම් සිංහයාගේ ගුහාවටම ගිහිල්ල තමයි කට ගඳ‍යි කිව්වේ.

1978 ජේආර්ගේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩි දමමින් මහපාරේ ආරම්බ කළ සටනේ ඊළග උච්චතම අවස්තාව වුණේ කම්කරු පංතියේ 80 මහා වැඩ වර්ජනය. මහා වැඩ වර්ජනය ජයග්‍රහනයෙන් නොනැවතී කම්කරු පංතිය බලය ගන්නා මාවතට අවතීර්ණ කළ යුතුයි. ඒ තිර අදිටනින් අගෝස්තු 8 කොළඹ නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වුවා. මේ නිසා ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණ කිරීමේ චෝදනා නඟා බාහුව හිරගේ ලෑවා. ජීවිත කාලයම වදදුන් ඇඳුම රෝගය වැළදුනේ එලෙස නුවර බෝගම්බර හි‍රගෙදර පරෙවි බෙටි සහිත අඳුරු කාමරයක හිරකළ නිසා. ඒත් ඒ කිසිවකින් පසුබස්සන්න, අධෛර්ය කරන්න පුලුවන් වුණේ ඔහු නොවෙයි.

එදත් ජවිපෙ හිටියේ ඒ මහ වැඩ වර්ජනයට විරුද්ධව ජේආර් එක්ක. ජවිපෙ නායක රෝහණ විජේවීර එදා කිව්වේ මේවා කැඳ කෝප්ප සටන්, වැඩ ව‍ර්ජනය කරනවා කියන්නේ සියතින් ගෙළ මිරිකා ගැනීමක් කියලා. පක්ෂයේ ඒ තීන්දුව නොතකා ජවිපෙ වෘත්තීය සමිතියක් වූ ලංකා ගුරු සංගමය වැඩ වර්ජනයට එක්වුණා. විජේවීරගේ මස්සිනා වූ එච්.එන්. ප්‍රනාන්දු ගුරු සංගම් නායකයා වැඩ වර්ජනයට එක්වීමට ගත් තීන්දුව නිසා ජවිපෙ විසින් අසූචි

ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කර තිබුණත් එය ව්‍යවර්ථ වුණා. මේ සියලු බාධක, පාවාදීම් මැඩගෙන බාහු සටන් කළා.

මැයි දිනයන් තහනම් කරද්දී ඒ තහනම් නොතකා පෙළපාලි යමින්‍රැස්වීම් පවත්වමින් කම්කරුවන් ගේ අයිතීන් පාගා දැමීමට, යටපත් කිරීමට ඉඩ නොතබා ආරක්ෂා කළා. කම්කරු පංතියේ අයිතීන් වෙනුවෙන් කළ සටන් නිසා අනේක වාරයක් හිරගෙවල තපින්නන් වුණා. පොලිස් ප්‍රහාරයන්ට ලක්වුණා. මේ නිසා නසසප ජන අරගලකාරයන් යැයි මාධ්‍ය විසින් භෞතීස්ම කරණු ලැබුවා. ජන අරගල නාමය ලංකා දේශපාලනයේ වාක්කෝෂ‍යට ඇතුල් වුනේ එහෙමෙයි.

නගර සබා, පළාත් සබා මන්ත්‍රීවරයෙක් ලෙසින් බහුජන ක්ෂේත්‍රයේ වැඩ කළා. පීඩිත ජාතීන්ගේ නිජබිමේ අයිතිය, සමානාත්මතාවය, ස්ව පාලනය. ස්වංතීරණ අයිතිය වෙනුවෙන් වෙඩි බෝමබ මැද, බඩ බොකුවැල් එළියට එන්න වෙඩි කමින් නොනිමි අරගලයක් කළා. ඒ තමයි බාහු.

නමුත් ජීවිතයේ අවසාන භාගයේ බාහුගේ අදහස් වෙනස් වෙන්න ගත්තා. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ කාරණා ඉටු කරගන්න වෙනත් මාවත් සොයා ගියා. මානව හිමිකම් සළු පොරවාගෙන ඉන්න ජාත්‍යන්තර ලිබරල්වාදී බලවතුන්ගේ බලපෑම් මගින් තුන්වැනි ලෝකයේ කොමිස්කාර ධනපතියන් මෙහෙයවා ගන්න පුලුවන් කියලා විශ්වාස කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ලවා ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාගත හැකි යැයි දැඩි අදිටනක ඔහු හිටියා. යූඇන්පියෙන් චන්දය ඉල්ලුවෙත් ඒකට. ඒක ලිබරල් අදහසක්. බාහු කිරි කළයට ගොම බිඳක් දා ගත්තේ එතැනදී තමයි. ඒත් බාහු විරෝධීන්ට නම් ඒක ‍රසවත් චුයින්ගම් එකක්. හැබැයි කොයි කවුරු විරුද්ධ වුනත් බාහු තමන් විශ්වාස කරන ගමන යනවා.

වාසුදේව නානායක්කාර පක්ෂයේ සංවිධායක ලේකම්වරයා වුනත් ජනමාධ්‍ය මගින් නායකයා ලෙස ඔටුණු පළඳවා තිබුණේ. ඔහුගේ රශ්මි වළල්ලෙන් පක්ෂයේ ඉහළ නිලතලවලට අවස්ථාවාදීන් රැසක් පත්කර ගත්තා. ඒ ඔක්කෝටම යර්ස් කියාගෙන තමයි බාහුත් හිටියේ. ඒ අය පක්ෂයේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රටාව අකුළා දැම්මා. එහෙම කරළා චන්ද්‍රිකා එක්ක ජාතිවාදී ධනපති සභාගයකට පක්ෂය අරගෙන යන්න පිටපොට ගැහුවා. මේකට විරුද්ධව 1992 දී එවකට අධ්‍යාපන ලේකම්ව සිටි රණත් කුමාරසිංහගේ නායකත්වයෙන් දොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පක්ෂය තුළ අහ්‍යන්තර අරගලයක් ආරම්භ කළා.

මේ අරගලයේදී විප්ලවවාදී පක්ෂයක සම්ප්‍රදායක් නොවන යෝජනාවක් බාහු ගෙනාවා. ඒකට රණත්ගේ කණ්ඩායම දැඩිව විරුද්ධ වුණා. ඒනිසා බාහු වාසුලා එක්ක එකතුවෙලා රණත් ඇතුළු කණ්ඩායමට කොක්කේ එල්ලාගෙන ගැහුවා. ඕනෑම විවාදයක් බොහොම සෞම්‍ය විදියට පටන් ගත්තත් අවසාන වෙන්නේ සාන්ත දාන්ත විදියට නෙමේ. දෙපැත්තම එහෙම තමයි.

94
දී වාසුලා පක්ෂයත් අරගෙනම චන්ද්‍රිකා ළගට යන්න නසසප මධ්‍යම කාරක සභාවේ විවාදයක් කළා.  එතැනදී  රණත්ගේ කණ්ඩායම එක්ක බාහු එකතුවෙලා වාසුලා පරාජය කරළා පක්ෂය බේරා ගත්තා. පසු කාලයකදී බාහු කායිකව බොහෝ දුර්වල වෙද්දී බාහුගේම යෝජනාමත 80 සත්‍යග්‍රහ නඩුවේ සම චූදිතයෙක් වූ රණත් කුමාරසිංහ පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත් කළා.

සරලව බැලුවොත් පක්ෂයක් තුළ අරගලයත් විවාහ ජීවිතයක් වගේ. දික්කසාද වෙන්න බලාගෙනම ‍රණ්ඩුවක් පටන් ගන්නත් පුළුවන්. දෙන්න දෙමහල්ලන්ගේ අඩුපාඩු හදාගෙන ගමනක් යන්න රණ්ඩුවක් පටන් ගන්නත් පුලුවන්.

1974 දී ලංකා සම සමාජ පක්ෂයෙන් එළියට වැටුණු බාහු ඇතුළු 4 දෙනෙක් තමයි වාම ප්‍රවනතාවය ආරම්භ කළේ. අවසානයේ එය නසසප කියන මහා දේශපාලන වෘක්ෂයක් ලෙසින් ලංකා දේශපාලන භූමියේත්, ජාත්‍යන්තරයේත් විහිදී පැතිර ගියා. ඒ විහිදී පැතිර යෑමට බාහු මෙන් තවත් බොහෝ දෙනෙක් ජීවිතයෙන්ද, ශ්‍රමයෙන්ද, භෞතික සම්පත්වලින්ද යන විවිධ අයුරින් දායක වුණා. වසර 50ක් තිස්සේ විශාල පෙ‍රලීම් කළා. ඒ ආ ගමනේ නසසප තහනම් කළ, බොරැල්ලෙන් ඇරඹූ 83 කුප්‍රකට කළු ජූලිය ප්‍රධාන එක් දේශපාලන සංධිස්ථානයක්. බොරැල්ල කියන්නෙත් ලංකා දේශපාලනයේ බොහෝ සිදුවීම්වල නොමැකෙන නමක්. අවසානයේ ඒ අඳුරු කළු ජූලියේදී බාහු අප සැමට සමු දුන්නේත් බොරැල්ලේදීමයි.

The post සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb/feed/ 0
දේශප්‍රේමී ගල්කටස් වලට එරෙහිව ජනතාව අවියක් කරගත් බාහු.. [ පළමුවන කොටස] https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8%e0%b7%93-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%91/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8%e0%b7%93-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%91/#respond Wed, 07 Aug 2024 07:41:56 +0000 https://vivaranalk.com/?p=11846 බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (නසසප) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය නසසප මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට.  […]

The post දේශප්‍රේමී ගල්කටස් වලට එරෙහිව ජනතාව අවියක් කරගත් බාහු.. [ පළමුවන කොටස] appeared first on විවරණ.

]]>
බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (නසසප) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය නසසප මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට. 

සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.

1983 කළු ජූලියේ ලේ පැල්ලම වහගන්න නසසප සහ කොමියුනිස්ට් පක්ෂය සමග තහනම් කරපු ජනතා විමුක්ති පෙ‍රමුණ (JVP) හිටියේ යටිබිම් ගතවෙලා. මේ අත‍ර විජය කුමාරණතුංගගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී පෙරමුණ (එසපෙ) ගොඩනැගුණා. සැගවී සිටි නසසප දේශපාලන මණ්ඩලය (PB) තක්සේරු කළේ මේ පෙ‍රමුණ කම්කරු පන්තියට හයියක් වෙනව කියලා. ඒ අනුව එකී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වීමේ නිවැරදි තීන්දුව අරගෙන නසසපය විවෘත බහුජන දේශපාලනයට එලියට ආවා.

හබරාදූව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර හරහා යටිබිම්ගතව සිටි JVP  හා නසසප මේ වෙද්දී අදහස් හුවමාරු කරගනිමින් හිටියේ. ඒ අනුව විජය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවගම සමඟින් රජයට භාරවීමට නසසප ජවිපෙට යෝජනා කළා. මුලින් එකඟතාවයක් තිබුනත් අවසාන මොහොතේ ප්‍රතිචාරය වුනේ තවදුරත් ඔවුන් යටිබිම්ගත දේශපාලනයම පවත්වාගෙන යනවා කියලා. 

බාහු කිව්වා සුළු ධනේෂ්වර ගරිල්ලාවාදී පක්ෂ‍යක් හැමදාමත් කම්කරු පංතියේ ශක්තියට වඩා විශ්වාසය තියන්නේ තුවක්කුව මත කියලා. මාක්ස්ගේ ලෙනින්ගේ උදෘතයන් කියෙව්වාට ඕක තවත් “රතු බණ්ඩාරනායකවාදී පක්ෂයක්” කියලා. ඒ අනුව කොම්පඤ්ඤවීදියේ නිපොන් හොටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා නසසපය ගත්ත තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කළා.

1987 ඉන්දියාවත් සමග එක්වී, ජේආර්ගේ ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම හරහා දෙමළ ජනතාව නොඉල්ලපු පළාත් සභාවක් බලහත්කාරයෙන් ඔවුන් මත පැටෙව්වා. නමුත් ඒ ජනතාව එය පිළිගන්නවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න, එය ජාතිවාදීන්ගෙන් ආරක්ෂා කරන්න  නසසප දේශපාලන තීන්දුවක් ගත්තා.

දේශප්‍රේමී කල්ලිය දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය වුන් 6,200 ක් රටපුරා මරා දැම්මා. මරා දැමූ බොහෝ දෙනෙක් පීඩිත ජාතීන්ගේ ජාතිකත්ව අයිතීන් ආරක්ෂා කිරීමට සිංහල මහජාතිවාදීන් එක්ක මුහුණට මුහුණ ලා අරගල කළ සටන්කාමී, මානවවාදී, ගෞරවණීය මිනිස්සු.  එහෙම මරලා දණෙන් පහළ එල්ලාගෙන ගිහින් පොළොවෙන් උඩට එන්න පස් නොගසා “දේශ ද්‍රෝහීන්” ලෙස වල දාන්න අණකළා. හැකි වූ හැම මොහොතකම ඒ අණ බල්ලට දාලා ගෞරවණීය ලෙස වල දැම්මා.

මරා දැමුවන්ගෙන් 27 ක් නසසප නායකයන්. සමහරුන් ගම්වල හිටිය නායක‍යෝ. ‍රැස්වීම්වලට බෝම්බ ගැහුවා. වෙඩි තිව්වා. නසසප පළමු රැස්වීමට බෝම්බය ගැහුවේ මීගමුවේදී. ඒවෙද්දී නසසප කිසිදු ගිණි අවියක් පාවිච්චි කළේ නැහැ.

1988 පෙබරවාරි 16 වෙනිදා එසපෙ නායක විජය කුමාරණතුංගත් මරා දැම්මා. ඒ අවමඟුල් පෙරහැරට දස දහසකට වැඩි ජනතාවක් සහභාගී වුණා. නසසප ආරක්ෂක අංශය සහභාගී වුණේ කරේ එල්ලා ගත් බෑග් වලට වතුර පිර වූ වීදුරු බෝතල් දාගෙන. PB එක මැදිකරගත් ආරක්ෂකයන් බෑගයේ බෝතලය දකුණු අතින් අල්ලා ගෙන වටපිට බලමින් ගමන් කළේ බෑගයේ කුමක් හෝ ආයුධයක් ඇතැයි සතුරාට හැඟවීමේ උපක්‍රමයක් විදියට. නසසප පළමු ආරක්ෂක ලේකම් වුණේ ඩී.එම්.ඩී. චන්‍ද්‍රවිමල.

ප්‍රේමදාස ආණ්ඩුවේත් ආශීර්වාදයෙන් තමයි ජවිපෙ මේ ෆැසිස්ට් පන්නයේ ත්‍රස්ත ක්‍රියා සිදු කළේ. විජය ඝාතන‍යෙන් පස්සේ රැස්වුණු නසසප PB එක තීන්දු කළා JVP – DJV යෙන් ආරක්ෂා වීමට නම් අපිත් ආයුධ ගන්න ඕන කියලා . ඒක හැංගි හොරා කළේ නෑ. පක්ෂයේ මුදුන් මණ්ඩලයේ තීන්දුව ප්‍රධාන ලේකම් බාහුගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සකල ලංකාවටම දැනුම් දුන්නා.

මාධ්‍ය නිවේදනයෙන් දිනකට පස්සේ ආරක්ෂක අමාත්‍යංශයෙන් 143 කාර්යාලයට කතා කළා.

කොම්පඤ්ඤවීදියේ 143 කාර්යාලය කියන්නේ නසසපයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට අයිති කාර්යාලය. ඒක තිබුනේ තට්ටු හතරක බිල්ඩිමේ තුන්වැනි තට්ටුවේ. 17 බැරක්ක පටුමගේ නසසප කාර්යාලය තිබුණේ පාර අයිනේ ගෙවල් පේළියක. JVP – DJV ත්‍රස්ත ප්‍රහාර නිසා දේශපාලන නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යාල දෙකේ පදිංචිය තාවකාලිකව මාරු කර ගත්තා.

143 ට ආව දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේ බාහු. ඒ අය ඇහුවා ආයුද ගන්නවා කියලා නිවේදනයක් දැම්මාද කියලා. බාහු කිව්වා ඔව්. ඇයි එහෙම අහන්නේ. ඊට පස්සේ එහෙන් ඇහුවා ආයුධ ගන්නේ කොහෙන්ද කියලා. බාහු කිව්වා වෙඩි තියන්න පුලුවන්නම් කොහෙන් වුනත් කමක් නෑ, අපි ගන්නවා කියලා. විනාඩි දහයක් විතර කතාබහ ගියා. ආයුධ වලට කිල්ලක් නෑ. පත්තුවෙනවානම් කොහෙන් වුනත් ගන්නවා. අපේ ජීවිත ආරක්ෂා කරගැනීමේ අයිතියක් අපටත් තියෙනවා. දුරකතන සංවාදයෙන් පස්සේ බාහු කිව්වේ දැඩි ස්වරයකින්.

බාහු ඊට පහුවෙනිදාම විශේෂ PB එකක් කැදෙව්වා. ආරක්ෂක අමාත්‍යාංශය බලපත්‍ර සහිත ආයුධ දෙන්න එකඟයි, හැබැයි මුදල්වලට කියලා දැනුම් දුන්නා. අන්තිමේදී ඒ මොහොතේ පක්ෂයට සල්ලි තිබුණු විදියට සාමාන්‍ය වර්ගයේ පිස්තෝල තුනක් ගන්න තින්දු කළා. එක පිස්තෝලයක් රුපියල් 15, 000 වුණා.

නසසප ආයුධ ගත්තේ ඔන්න ඔහොම. ඊට පස්සේ එසපෙ ට ලැබුණු ආයුධ ඒකේ සාමාජික පක්ෂවලට ලැබුණා. ඒකෙන් නසසපයටත් කෝටා එක අනුව රිපීටර්, ෂොට්ගන්, පිස්තෝල ලැබුණා. නසසප අනෙක් පක්ෂ වගේ ආණ්ඩුවේ ආරක්ෂක අංශවලට තමන්ගේ ආරක්ෂාව බාර දුන්නේ නෑ. මොකද එයාල පුරුදු පුහුණු කරලා, පඩි ගෙවන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන්න. ඒනිසා පක්ෂ කාඩර්වරුන්ම තමයි ආරක්ෂාවට යොදා ගත්තේ. ඒක දේශපාලන තීන්දුවක්.

එසපෙ සාමජික වූ අනෙක් හැම ප්‍රධාන කාර්යාලයක්ම එක්කෝ ගිණි තිබ්බා, නැතිනම් බෝම්බ ගැහුවා. ඒත් JVP – DJV නසසපයේ කාර්යාල පැත්ත පළාතේවත් ආවේ නැහැ. ඒ දුර දක්නා මාක්ස්වාදී න්‍යාය හා භාවිතාව බාහුගේ. එසේ වුවත් ආරක්ෂාව පිළිබඳව නසසපට තනිවම තීන්දුගත නොහැකි පොදු වේදිකාවක් වූ කඩවතදී බඩවැල් එළියට එන්න ජවිපෙ තුවක්කුකාරයන් බාහුට වෙඩි තිබ්බා. ඒත් වෙඩිකා අවුරුදු 81 ක් බාහු ජීවත්වුණා. ඒ විතරක් නෙමේ, නසසප ආයුද නොගත්තානම් වාසු ඇතුළු ඒ භීෂණ සමයේ නසසපයේ සිටි බොහෝ මුල් පෙලේ නායකයන් අද වෙනකොට ජීවතුන් අතරවත් නැහැ.

පක්ෂය ආයුද සන්නද්ධ කරමින් ප්‍රධාන ලේකම් බාහුගේ නමින් විශේෂ බුලටීනයකුත් නිකුත් කළා.

යි කියලා.

වෙඩි වැදුණු බාහු වෛද්‍යවරුන්ගේ දස්කම් නිසා ජීවිතය බේරා ගත්තත් ඉන්පසු විවිද අතුරු ආබාධ ආවා. වයසට වඩා ඉක්මනින් කාය ශක්තිය පිරිහී යන්නත් ඒක ප්‍රධාන හේතුවක් වුණා. ජවිපෙ නායක අනුර කුමාරත් බාහුට අවසන් ගෞරව දක්වන්න ඇවිත් තිබෙනවා. ඒත් පීඩිත ජාතීන්ගේ ජාතිකත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනිසා බාහුට තැබූ ජාතිවාදී මරණීය වෙඩිල්ලේ සළකුණ දකින්න නැතිව ඇති.

කඩවත රැස්වීමෙන් පස්සේ පක්ෂයේ ආරක්ෂක අංශය තීන්දු කළා වාසුයි බාහුයි නැවත එකවර එකම වේදිකාවක තියන්නේ නැහැ කියලා. නමුත් රැස්වීම අවසන් වෙනතුරු දෙන්නාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන්ම වේදිකාවේ ඉන්න ඕන කියලත් තීන්දු කළා. ඒ එකඟ වූ තීන්දුව කඩ කරමින් කිරුළපනේ තිබුණු එසපෙ රැස්වීමක් අවසන් වෙන්නට පෙ‍ර වාසු වේදිකාවෙන් බැහැලා ආවා. බාහු වාසුටත් ඔහුගේ ආරක්ෂකයන්ටත් ඒගැන තදින් දෝෂාරෝපණය කළා. වාසු වරද පිළිගත්තා. ඊට පසු කවදාවත් එහෙම වුණේ නැහැ.

පෞද්ගලික අංශ‍යේ හා රාජ්‍ය අංශයේ වෘත්තීය ශාඛා ඒකාබද්ධ වුණු බාහු අනුශාසකවරයා වූ වෘත්තීය සම්මේලන දෙකක් තිබුණා. ඒ කාල‍යේ මේ සම්මේලන දෙක බොහොම බලවත්. මේ සම්මේලන දෙකෙන් ඉල්ලා සිටියා අනෙක් සමිති සම්මේලන එන්නේ නැතිනම් මේ සම්මේලන දෙකේ කම්කරුවන්ගේ සමුළුවක් තියලා හරි යුද්ධ‍යට විරුද්ධ යෝජනාවක් සම්මත කර ගන්න කියලා. මධ්‍යම කාරක සභාවේත් මේ ගැන වාද විවාද කරළා ඒ වෘත්තීය සමිති නායකයන් එකඟ වුණා. දින සති ගෙවිලා ගියා. ඒත් වැඩේ වෙන්නේ නෑ.

එක දවසක් දවල් දෙකට විතර 143 බාහු ඉන්න කාමරයෙන් එළියට ආවේ අව්කණ්නාඩියක් දාගෙන, රතු අත්කොට ෂ‍ර්ට් එකක් ඇඳගෙන, මෙගාෆෝන් එකක් කරේ එල්ලන් ඔක්කෝටම බැනගෙන. තමුසෙලාගේ මේ පක්ෂයයි, වෘත්තීය සමිතියි බල්ලට දානවා. මොකටද මේවා තියාගෙන ඉන්නේ. මේවා විසුරුවලා දානවා. අරහේ මහා ජනඝාතනයක් වෙනවා. තමුසෙලා මෙහේ බකංනිලාගෙන ඉන්නවා කියලා.

එක්කෙනෙක් ඇහුවා බාහු සහෝදරයා කොහෙද මේ යන්නේ කියලා. මම යනවා මට පුලුවන් දේ කරන්න. තමුසෙලා එනවානම් එනවා. නැතිනම් තමුසෙලාත් ඔහොම පල් හෑලි කියව කියවා ඉන්නවා. එහෙම කියපු බාහු  143 පඩි පෙළ බහින්න වුණා. කොම්පඤ්ඤවීදියේ වතුපුරා රැස්වීම් තියමින් ගිය බාහු හවස හතර විතර වෙද්දී කොටුව දුම්රියපොළ ඉදිරිපිට යුද විරෝධී රැස්වීමක් තනිවම කළා.

ආණ්ඩුව තීන්දු කරළා රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් බලහත්කා‍රයෙන් යුද්ධයට මුදල් කැපුවා. ඉබ්බාගෙන් දියට දාන්නද ඇහුවාම කිව්වා වාගේ සියලුම වෘත්තීය සමිතිත් ඇන්නෑවේ කියලා කරබාගෙන හිටියා. එවකට රත්මලානේ නසසප දිස්ත්‍රික් ලේකම්වෙලා හිටියේ ප්‍රේමලාල් පෙරේරා. එයා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියේත් නායකයා. බාහු එයාව කැඳවලා උපදෙස් දුන්නා මේ මුදල් කැපීමට විරුද්ධව අධිකරණයට යන්න කියලා. නඩුව දිනුවා. බලහත්කාර‍යෙන් යුද්ධයට මුදල් කැපීම නැවැත්තුවා.

නලීන් ද සිල්වාගේ සිට මේ දක්වා අන්තිමට පක්ෂය හැරගිය නීල්, ලීනස්ලා ඇතුළු බොහෝ දෙනෙක් කරන එක චෝදනාවක් තමයි එයාලව පක්ෂ‍යෙන් එළෙව්වා කියළා. එහෙම චෝදනා කරනා අය අද ඉන්නා තැන බැලුවොත් මේ කතාවල සත්‍ය අසත්‍යතාවය දැක ගන්න පුලුවන්. එක්කෝ නසසප දෘෂ්ඨිවාදය ආත්මීය ලෙසම බිඳ වැටීම, සිංහල, බෞද්ධ මහජාතියේ  ජාතිවාදයට බියෙන් ආරක්ෂණවාදී තීන්දු ගැනීම හෝ වෙනත් වානිජ අරමුණක් කියලා හොඳින් පෙනෙනවා. මොකද ලංකා සම සමාජ පක්ෂය වැරදියි කියලා එළියට ආව බාහු නසසප ඊට වඩා උතුම් දේශපාලන ආස්තානයක පිහිටෙව්වා.

The post දේශප්‍රේමී ගල්කටස් වලට එරෙහිව ජනතාව අවියක් කරගත් බාහු.. [ පළමුවන කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8%e0%b7%93-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%91/feed/ 0
අගක් මුලක් නැති අපිත් නැතිවෙන ඡන්දයක්..! https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9c%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9c%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad/#respond Mon, 24 Jun 2024 09:54:45 +0000 https://vivaranalk.com/?p=11602 මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, ඡන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය […]

The post අගක් මුලක් නැති අපිත් නැතිවෙන ඡන්දයක්..! appeared first on විවරණ.

]]>
මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, ඡන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා.

ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව හදන්නේ ධනපතියන් මිස නිර්ධනීන් නෙමේ.

“ව්‍යවස්ථාව යනු ජනතාව එකඟවන මූලික සමාජ ගිවිසුමයි. එය තිබෙන්නේ ජනතාවට ආණ්ඩුවෙන් ආරක්ෂා වීමටය.” කෙටියෙන් කිව්වොත් මේ තමයි ව්‍යවස්ථාව පිළිබදව අපට උගන්වල තියෙන විදිය. නමුත් දකුණේ 71දීත්, 88-89 දීත් කැරලිකරුවන් අනීතිකව මරා දැමූ ආණ්ඩුත්, උතුරේ වර්ග සංහාරයක් කරපු ආණ්ඩුත් ඒ අපරාධ කරන්න වරම ගත්තෙත්, ජනතාවගෙන් ආරක්ෂා වෙලා ඉන්නේත් මේ ව්‍යවස්ථාවේ මහිමයෙන්. 

ඊට අමතරව 77 දී එජාප ජයග්‍රහණය සමරමින් සිදුකළ මිනීමැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ පිළිබදව සොයා බලන්න පත්කළ සන්සෝනි කොමිසමේ සිට පාස්කු කොමිසම දක්වා වූ කොමිසම් වලින් චූදිතයන් බවට පත් වූවන් දණ්ඩ මුක්තිය ලබා තිබෙන්නෙත් මේ ව්‍යවස්ථාවේ විවිධ පනත්වල ආධාරයෙන්.  ඒ නිසා ව්‍යවස්ථාව පිළිබද අපට උගන්වල තියෙන විදියත් එය භාවිතාවන විදියත් අතර බරපතල පරස්පරතාවයක් තිබෙනවා නේද කියලා මේ කරුණු ටිකෙන් වුනත් පෙනෙනවා.

අපි තවත් එහාට ගිහිල්ලා ගෝලීය වශයෙන් විමසා බැලුවත් දකින්න ලැබෙන්නේ මේ පින්තූරයම තමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය. විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය මේවා තියෙන්නේ ඇම‍රිකාව හා එයට නතු බටහිර රටවල ආධිපත්‍ය ලොව පුරා පතුරුවන්න. එයට යටත් නොවන පාලකයන් රාජ්‍යයන් යටත් කර ගන්න. බිය වද්දන්න. 

ඒ ආධිපත්‍යයට යටත් රාජ්‍යයන්ට හා යටත් නොවන රාජ්‍යයන්ට මානව හිමිකම් හා සම්බාධක බලපාන්නේ වෙනස් ආකාරයට. සරලව කිව්වොත් ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්. රාජපක්ෂලාට තිබෙන මානව හිමිකම් චෝදනා රනිල්ට නැත්තේ ඒ නිසා. පසුගිය මැයි මාසයේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ධූර කාලය අවසන් වුණා. නමුත් ජනාධිපතිවරණයක් නොතබා දිගටම බලයේ ඉන්නේ ඔහු ඇමරිකාව හා බටහිර බලවතුන්ගේ නිර්මාණ‍යක් නිසා.

මේ පසුබිමේ ඉදලා තමයි ලංකාවේ ඉදිරි මැතිවරණ දිහා අපි බලන්න ඕන. මොකද ලංකාව තියෙන්නේ ලෝක සිතියමේ ඇතුළේ මිසක් ලංකාව ඇතුළේ ලෝක සිතියම නැති නිසා. 

මේ වෙද්දී ඇමරිකාව හා එයට නතු බටහිර බලවතුන්ගේ ලෝක යුද හා ආර්ථික ආධිපත්‍ය තර්ජනයකට ලක්වෙලා ති‍යෙන්නේ. ඔවුන් ගොර්බචොෆ් ගේ පෙරෙස්ත්‍රොයිකාව හරහා පැරණි සෝවියට් දේශය බිද දැමුවා. ගොර්බචොෆ්ගේ අනුප්‍රාප්තිකයා වූ පූටින්ට විෂය බද්ධය විසින් බලකරලා තිබෙනවා තමන් ගොඩ නැගූ මැවුම්කාරයන්ටම එරෙහිව යන්න. ඒක දෛවයේ සරදමක්. 

මේ වෙද්දී අප්‍රිකානු රාජ්‍යයන් වූ බුර්කිනාෆාසෝ, නයිජර් හා මාලි කියන රාජ්‍ය යටත් කරගෙන උන්නු ඇමරිකා, ප්‍රංශ හමුදා ඒ රටවලින් පළවා හරිමින් ඉන්නේ. ඒ හිස් තැන පුරවන්න පූටින් ගේ රුසියන් හමුදා ඇතුල් වෙනවා. අවුරුද්දක් ඉක්මවා කාලයක් පූටින් නේටෝ එකත් එක්ක යුක්‍රේනයේ යුද්ධ කරනවා. ඇමරිකා හා බටහිර විරෝධී සියලු ගරිල්ලා සංවිධාන, රටවල් සන්නද්ධ කරනවා. ඒ තුළින් ඇමරිකා, බටහිර යුද ආධිපත්‍යය අභියෝගයට ලක්වෙනවා. යුක්‍රේන යුද්ධය මගින් රුසියන් ආර්ථිකය බිද වට්ටන්න පුලුවන් කියලා බයිඩන් හා බටහිර බලවතුන් උපකල්පනය කළත් සිද්ධ වුනේ ඒකේ විරුද්ධ පැත්ත.

යුද ආධිපත්‍ය මෙහෙම බිද වැටෙද්දී ඇමරිකානු හා බටහිර වෙළෙඳ ආධිපත්‍යය බිද දමමින් චීනය සිය අණසක ලොව පුරා පතුරවමින් ඉන්නේ. තායිවානයේ  ප්‍රශ්නය මුල් කරගනිමින් ඇමරිකාව උත්සාහ කළේ කඩා වැටෙන ඇමෙරිකාවත් එක්කම නැගී එන චීනයත් විනාස කරගෙනම යන්න. නමුත් එ‍ය හොදින් තේරුම් ගත් චීනය ඉතාම සූක්ෂම විදියට හතුරා සමග ගණුදෙනුව උපායශීලීව බේරා ගත්තා කියලා තමයි පෙනෙන්නේ. ඒත් අළුයට ගිණි පුපුරු තියෙනවා.

මේ ලෝක සංදර්භය ඇතුළේ තමයි ඇමරිකාවට හා බටහිර බලවතුනට ලංකාවේ වටිනාකම දෙගුණ තෙගුණ වෙන්නේ. මාසයේ අන්තිම වෙනකොට ගෙදර තියෙන හිස් බෝතල්, පත්තර ටිකත් අපට වටිනවා වගේ. 

මේ වෙද්දී ලංකාවේ රාජ්‍ය නායකයා ඇමරිකාවට හා බටහිරට ඉතාම විශ්වාසනීය නායකයෙක්. ඉංදියාවේ බ්‍රහ්ම, සිව, විෂ්ණු කි‍යන ත්‍රිමූර්තිය වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB) හා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) කියන ත්‍රිමූර්තියෙන් තමයි රට ගොඩගන්න පුලුවන් කියන ඒකායන විශ්වාසයෙන් රාජ්‍ය පාලනය කරන කෙනෙක්. පොඩි බයිඩන් පැටියෙක්. එමනිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය තව දුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් ඕනෑම් මිලක් ගෙවන්න ඔවුන් සැදී පැහැදී ඉන්නේ. එතැනදී ව්‍යවස්ථාව කියන එක නිකම්ම නිකං කඩදාසියක් විතරයි. වතුරෙන් ලුණු හදනවා වාගේම ලුණු දිය කරන්නෙත් වතුරෙන්.

විශේෂයෙන්ම සිය ආධිපත්‍ය බිද වැටෙන වෙලාවක කුඩා රටක හෝ රූකඩ පාලකයෙක් සිටීම ගස් නැති රටේ තුත්තිරි ගහක් ගහක් වෙනව වගේ තමයි. මැතිවරණ ගණනාවක් මුවවිට තිබෙනවා කියද්දීත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 336 ක තුන්වැනි ණ‍ය වාරිකය අනුමත කරන්නේත්, ඉලෝන් මස්ක්ලා රනිල් හමුවන්නේත් මේවායේ පෙරනිමිති විදියටයි. බයිඩන්ගේ ඝෘජු නියෝජිතයන් නිසා තමයි කිසි කිල්ලක් නැතිව රනිල්, මෝදි ලංවෙලා ඉන්නේ. බ්‍රික්ස් එකේ හිටියට මෝදි චීන විරෝධියෙක්.

ජාතික මට්ටමෙන් ගත්තත් ජනාධිපති රනිල් ගෙනයන ආර්ථික, දේශපාලන, සමාජීය වැඩපිළිවෙලට විකල්ප වැඩ පිළිවෙලක් මුල් කරගත් කිසිඳු දේශපාලන බලවේගයක්, පක්ෂයක් මේ දක්වා දකුණේ නැහැ. ආණ්ඩු විරෝධී වැඩි පිරිස් බලයක් සිටිනවා යැයි පෙනෙන ජාතික ජන බලවේගයටත් (ජාජබ), සමගි ජන බලවේගයටත් (සජබ) IMF එකත් එක්ක යන ආර්ථික ගමනක් තම‍යි තියෙන්නේ. ප්‍රමාණයෙන් අඩු ජාතීන්ගේ ජාතික ප්‍රශ්නයට ඒ ජාතීන් පවා ප්‍රතික්ෂේප කරන රනිල් ගේ පළාත් සභා තොරම්බල් කරනවා හැර වෙනත් ‍යෝජනාවක් නැහැ. සුන්නද්දුලි කළ ජන ජීවිතය ගොඩ නැගීම සඳහා වූ ප්‍රායෝගික තිරසර සැලැස්මක් නැහැ. 

යුද්ධය නිසා රට ආපස්සට ගියා, යුද්ධය නිසා තමයි චෞර රාජපක්ෂ පරපුරක් හැදුනේ කියලා ඔය කවුරුත් පිළිගන්නේ නැහැ. රාජ්‍ය වියදම්වල විගණනයන් අවශ්‍යයි කියලා මරාගෙන මැරෙන කවුරුවත් යුද්ධයේ වියහියදම් ගැන විගණනයක් ඉල්ලන්නේ නැහැ. යුද අපරාධ සිදු වුනේ නැහැ කියද්දී ඔක්කොම එකට හිටගන්නේ. යුද්දෙන් පස්සේ ආරක්ෂක හමුදාවන්ට භාරදුන් සිය ඥාතීන් ඉල්ලා දවස් 2000 ඉක්ම වූ උපවාසයක නිරත අම්මලාට දෙන විසඳුම ගැන ඔක්කෝගෙම කටේ පිට්ටු. එහෙම උපවාසයක් උතුරේ තියෙනවද කියලවත් දකුණේ කිසිදු පක්ෂයක්, සංවිධානයක් හෝ මාධ්‍ය දන්නේවත් නැහැ. දෙමළ මාධ්‍යවේදීන් ඒ විස්තර හමුදාවෙන් ඉල්ලීම නිසා හිරිහැරයට පත්වීම ගැන කට ඇරපු එකම ‘ජාතික’ නායකයෙක්වත් නෑ.   

රාජ්‍ය බලය දෙන්නේ විරුද්ධවාදීන් ම‍ර්දනය කරන්නත් එක්කම තමයි කියලයි ලාල්කාන්ත කිව්වේ. ධනපතියන් බලයට ඇවිත් රාජ්‍ය ම‍ර්දන‍ය ආරම්භ කළත්, ලාල්කාන්තලා බලයට එන්නට පෙ‍ර සිටම ම‍ර්දනය කළයුතු උන්ගේ ලැයිස්තු හදා තබා ගැනීම විතරයි රාජ්‍ය මර්දනයේදී රනිල්ට වඩා තිබෙන වෙනස. මාලිමාවේ මර්දනයේ සයිස් එක රාජ්‍ය බලය නොතිබූ 88 – 89 කොහොමද කියලා මතක් කරගන්න. එතකොට හදා ගන්න පුලුවන් අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියලා.

“රාජපක්ෂලා මහජන මුදල් මංකොල්ල කෑවා, රනිල් ජනාධිපති වෙලා රාජපක්ෂලා ආරක්ෂා කරනවා, අපි බලයට ඇවිත් හොරා කාපු සල්ලි ආපසු ගන්නවා, හොරුන්ව හිරේ දානවා” රනිල්ගේ පාලනයට විරුද්ධව දකුණේ සිංහල පක්ෂවලට තිබෙන ප්‍රධානතම විරෝධය ඔච්චරයි. එහෙම බැලුවාම රංජන් රාමනායක කිව්වා වාගේ “මුන් ඔක්කොම එකයි මල්ලී”.

මේ යථාර්ථය තුළ ඡන්දයක් පවත්වා අත් හැර දමා යායුතු තරමේ විරුද්ධත්වයක් විරුද්ධ පක්ෂවලින් රනිල්ට ඇත්තේම නැහැ. ඊට සාපේක්ෂව විරුද්ධ පක්ෂ අතර තිබෙන්නා වූ විරුද්ධවාදීකම් උග්‍රයි. මේ තත්වය තවත් තීව්‍ර කරන්න, බෙදා වෙන් කරන්න තමයි පළමුව තියන්නේ ජනාධිපතිවරණයක් කියලා ප්‍රකාශ‍යට පත් කළේ. මහමැතිවරණය පළමුව තැබීමේ සැලසුමක් තිබුනත් එය දෙවැනි තැනට වැටෙන්න අනෙක් හේතුව තමයි රනිල් බලාපොරොත්තු වූවාට වඩා පොහොට්ටු හා විපක්ෂ මන්ත්‍රීන්ගේ සහය ජනාධිපති රනිල්ට ලැබීම.

ඒ නිසා ජනාධිපතිවරණයක් නොපැවැත්වීමේ විභවතාවය වැඩියි. ජනාධිපතිවරණයක් පැවැත්වුවත් ඒක රනිල් හෝ රනිල් ගේ අනුප්‍රාප්තිකයෙක් දිනන එකක් වේවි. ඒනිසා තමයි රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියන්නේ.

ස්වාධීන, ස්වෛරී, ලෝකෙන් උතුම් රටේ දේශපාලනය තීන්දු කෙරෙන්නේ කොලොම් පුරේ හරි ජයවර්ධන පුරේ හරි කියලා හිතන්න කොයි, කොයි දේශප්‍රේමියාටත් නිදහස තියෙනවා. ඒත් ඒවා හැබැහින් සිද්ධවෙන්නේ වොෂින්ටනෙයි, දිල්ලියයි කියන විදියට. 225 ම දියවන්නාවෙන් එපිටට එලවන්න ගෝල්පේස් පිට්ටනියේ ඓතිහාසික අරගලයක් කරලා ගෙදර ගිය සටන්කාමීන් රටටම කියා දුන්නු වැදගත් පාඩමක් තිබෙනවා. එක පාර්ලිමේන්තු ආසනයක් විතරක් තියෙන පරාජිතයෙක් උනත් ජනාධිපති කරන්න පුළුවන් බලවතුන් තමයි රට කරවන්නේ කියන එක. දැන් දිනලා ඉන්නෙත් පැරදුනු රනිල් නේද?

ලිපිය ටිකක් දීර්ඝ වුනත් තව කාරණා දෙකක් ගැන නොකියාම බැහැ. පසුගියදා ලන්ඩනයේ පැවැති ජාජබ රැලි‍යෙන් අනතුරුව එහි නායක අනුර කුමාර දිසානායක එක්ක දිවා ආහාරය සඳහා ඇරයුමක් අපේ හිතවත් ඡායාරූප ශිල්පී අනුරුද්ධ ලොකු හපුආරච්ච්ට ලැබිලා තියෙනවා. ඒ ගැන හපුආරච්චි මෙහෙම කියනවා. 

යි කියලා.

මහින්ද රාජපක්ෂ බලයට ගෙනැවිත් බල්ලො නාවන්න වගේ යුද්ධයට අරගෙන ගියේ අපි තමයි කියලා ජවිපෙ හිටපු නායකයෙක් වූ සෝමවංශ අමරසිංහ වරක් කිව්වා. මේ මෑතකදි අපේ අවංක ලාල් ( කේ.ඩී. ලාල්කාන්ත) ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා

යි කියලා. 

පාරක් හදනකොට අවහිරතා අයින් කරගෙන යනවා වගේ ‍යුද මතවාදයට විරුද්ධ ජනමාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, පහර දීලා අතපය කැඩුවා, ලිංගික අපරාධ කළා. මරා දැම්මා, අතුරුදහන් කළා, රටින් පළවා හැ‍රියා. යුද මතවාදයට එරෙහිව පෙනී සිටි මාධ්‍ය ආයතන ගිනි තිව්වා, ක්ලේමෝ ගැහුවා, විනාස කළා. එහෙම සුද්දයක් දීලා තමයි යුදමතවාදය දකුණේ ජය ගත්තේ. යුද ජයග්‍රහණය වගේම මේවායේ ජයග්‍රහණයත් ලාල්කාන්තලා, අනුරලා බාර ගන්න ඕන.

ලාල්කාන්ත පිලිගන්නා විදියටම ඒ මාධ්‍ය භීෂණයේ පියවරුන් වූ අනුර කුමාරලා එක්ක එකට ඉන්නකොට අනුරුද්ධ ලොකු හපුආරච්චිට කුසගින්නට වඩා යුද ගින්න නොදැනුනේ මන්දැයි මට සිතුනා. මොකද අනුරුද්ධ ලංකාවේ රොයිටර් පුවත් සේවයේ හිටිය අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ දරුවන්ට පාසැල් යන්න බැරි වුනේ යුදමතවාදය හදපු බලඇණිය අනුරුද්ධට එල්ලූ කොටි ලාඩම නිසා. අදත් ඒවාට කිසිදු සාක්කියක් නැහැ. අවසානයේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ලන්ඩනයට පිටුවහල් වුනා. ඔහුත් ලාල්කාන්තලාගේ,  අනුරලාගේ යුද්ධයේ වින්දිතයෙක්.

“වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු,” අනුර කුමාර හෙළි කළාද දන්නේ නැහැ.

අනෙක් කාරණාව තම‍යි ඉහත පෙන්වා දී ඇති රනිල්ලාගේ, මහින්දලාගේ හා ජාජබ අතර තිබෙන සමාන දේශපාලන ප්‍රතිපත්ති වසා දැමිම සඳහා අද ඔවුන් වපුරන කූඨ සටන්පාට. මාලිමාව වටේ ඉන්නා “මාක්ස් ලෙනින්වාදීන්” පවසන්නේ මේ ගතවෙමින් තිබෙන්නේ ප්‍රභූ ආධිපත්‍යයෙන් නි‍ර්ප්‍රභූන්ට බලය හුවමාරුවෙන නිමේෂයක්. මේක ලෝකේ පළමු වරට සිදුවන්නක්. ඒ නිසා සියලු වාදබේද පසෙකලා නිර්ප්‍රභූන් ගේ අතට බලය ගැනීම පළමුව කළ යුතුයි කියලා.

මේ කතාවන්ට සමගාමීව මහාචාර්යවරු දෙදෙනෙක් සාකච්ඡාවකදී කියනවා රෝසා ලක්සම්බර්ග් කිව්වා වගේ ඉදිරියේදී එන්නේ සෝෂලිසම් හෝ බාබරිසම් (සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය)  කියලා. ජාජබ නැතිනම් මාලිමාව ආවොත් සෝෂලිසම්, එහෙම නාවොත් බාබරිසම්. ජාජබ ‘සෝෂලිසම්’ උනේ කවද්ද කියා අනේ කවුරුහරි කියා දෙනවා නම් පිං. ලාල්කාන්ත නම් කියන්නේ එයාලා බලය අරගෙන සමාජවාදය ගොඩ නගන්න යන්නේ නැහැ කියලා. එහෙම කවුරුහරි හිතනවානම් ඒකා පල් මෝඩයෙක් කියලා. ගෙවල් අයිතිකාරයාට වඩා සුදුහුණු ගාන්නන් බලවත් කාලයක් මේක.

ලාභය සඳහා නිෂ්පාදනය මුල්කරගත් ධනපති පාලන ක්‍රමයක් තුළ ලාභ නොලැබෙනවානම් ඔවුන් නිෂ්පාදනය නවත්වනවා. එහෙම කරලා විදේශවලින් ලාබ නිෂ්පාදන ආනයනය කරලා සුළුවෙන් හෝ ලාබ ලබා ගන්නවා. ලාබරේට්ටු කඩා වැටෙනකොට කම්කරුවන්ගේ හා අවවරප්‍රසාදිත පවුල්වලට ලබාදුන් සහනාධාර, වරප්‍රසාද කප්පාදු කරනවා. එයට එරෙහිව අරගලකරන්නන් ඉතාම තිරශ්චීන ලෙස, ම්ලේච්ඡ (බාබරික්) ලෙස මර්දනය කරනවා.             

නමුත් සෝෂලිසම් නැතිනම් සමාජවාදී රාජ්‍යයක නිෂ්පාදනය සිදු කරන්නේ ලාබය සඳහා නොව මනුෂ්‍ය වර්ගයාගේ පරිභෝජනය සඳහා. මේ නිෂ්පාදනයේදී ආනයනයෙන් ලබන ලාබයට වඩා සුළු පාඩුවක් වුනත් රටේ ස්වාධීනත්වය වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගනවා. පුද්ගලීකරණය කරන්නේ නැහැ.

ඒක තමා සෝෂලිසම්වල ප්‍රධානම මූලධර්මයක් වෙන්නේ. 

මෙහෙම මූලධර්මයක් මාලිමාව ක්‍රියාත්මක කරනවාද ? ඔවුන් කියන්නේ නැහැ කියලා. එහෙනම් රතු හෝ රෝස ඇඳුමෙන් සැරසිලා මාක්ස්, ලෙනින් පින්තූර ගහගෙන කැපිටලිසම් කළත්, ටයිකෝට් දාගෙන, බයිඩන් එක්ක කැපිටලිසම් කළත් එකයි. එන්නේ බාබරිසම්ම තමයි. 

බලු බෙට්ටේ කොයි කෙළවරත් එකයි.

The post අගක් මුලක් නැති අපිත් නැතිවෙන ඡන්දයක්..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9c%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad/feed/ 0
එකක් කඩතොළු වසා ගන්නට ගොසින් අනුර ට වූ කාරියා.. ‌ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a9%e0%b6%ad%e0%b7%9c%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b7%94/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a9%e0%b6%ad%e0%b7%9c%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b7%94/#respond Wed, 05 Jun 2024 16:24:10 +0000 https://vivaranalk.com/?p=11514 ජීවිතයේ මුල්ම අවදියේදීත් නැවත අවසාන කාලයේදීත් බොහෝ විට ඇ‍‍ඳුමේම මළපහ කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා උදවිය කරන්නේ සෝදා පිරිසිඳු කරලා, අළුත් ඇඳුමක් හෝ අළුත් පැම්පස් එකක් දාන එක. එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ ( JVP) සහ ජාතික ජන බලවේගයේ (NPP)  නායක අනුර කුමාර දිසානායකටත් […]

The post එකක් කඩතොළු වසා ගන්නට ගොසින් අනුර ට වූ කාරියා.. ‌ appeared first on විවරණ.

]]>
ජීවිතයේ මුල්ම අවදියේදීත් නැවත අවසාන කාලයේදීත් බොහෝ විට ඇ‍‍ඳුමේම මළපහ කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා උදවිය කරන්නේ සෝදා පිරිසිඳු කරලා, අළුත් ඇඳුමක් හෝ අළුත් පැම්පස් එකක් දාන එක.

එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ ( JVP) සහ ජාතික ජන බලවේගයේ (NPP)  නායක අනුර කුමාර දිසානායකටත් සුද්ද පවිත්‍ර කිරීමේ හා අලුත් පැම්පස් මාරු කිරිමේ බරපතල වගකීමක් අද කරමත පැටවිලා. තමා හා සම නායකයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා වෘත්තීය සමිති නායක කේ.ඩී.ලාල්කාන්තගේ කතා නැවත පිරිපහදු කිරීම තමයි ඒ භාරදූර වැඩේ. මෙතැනත් තිබෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක්. හැබැයි ඒක පක්‍ෂ අභ්‍යන්තර මතවාදී අරගලයක්.

NPP කියලා JVP නායකත්වයෙන් පෙරමුණක් හදලා, එහි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර 88 – 89 සිදුවීම් පිළිබඳව එක් වෙලාවක දී පශ්චාත්තාපය පලකළා. නමුත් ලාල්කාන්ත 88 – 89 සිය ක්‍රියාකාරීත්වයන් උත්කර්ෂයට නංවමින්, ඒ සියළු ක්‍රියා යුක්ති සහගත කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ චොප්පේ පන්නයේ කතාවක් කළා.  

දෙමළ වර්ග සංහාර යුද්ධයේදී බර අවි වලින් උතුරට පහර දෙන්න රාජපක්‍ෂ රජයට බලපෑම් කළේ JVP. ඒ තීන්දුව ගැන පමණක් නැවත සිතා බැලිය යුතුය යන බව NPP නායක අනුර කුමාර කියා තිබුණා.

අනුර කුමාර එහෙම කිව්වත් මේ මෑතකදී JVP ලාල්කාන්ත කිව්වේ ජවිපෙයි හෙළ උරුමයයි නොහිටින්න යුද්ධය දිනන්න ලැබෙන්නේ නැහැ කියලා. මොකද මේක ගහලා ඉවර කරන්න ඕන කියලා කිව්වේ මේ පක්‍ෂ දෙකම විතරයි. අපි සමාජ මතය හැදුවා, ඕගොල්ලෝ ගැහුවා කියලා විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ රැස්වීමක් අමතමින් ලාල්කාන්ත කිව්වා.

සමලිංගිකයන් ගේ අයිතිය පිළිගන්න ඕන කියලා ලාල්කාන්ත කිව්වත් ඒ පක්‍ෂයේ තවත් නායකයෙක්වන දොස්තර නලීන්ද ජයතිස්ස කියනවා සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා. බලය අරගෙන අපි ගෙනියන්නේ සමාජවාදී වැඩපිළිවෙලක් නෙමේ කියලා ලාල්කාන්ත කියනවා. එදාට පහුවෙනිදා JVP ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා අපි ගෙනියන්නේ සමාජවාදී වැඩපිළිවෙලක්,  අපේ ප්‍රතිපත්තිය තමයි NPP එකෙත් ප්‍රතිපත්තිය. ඒකට වෙනම වැඩපිළිවෙලක් නැහැ කියලා.

1948 දී තමයි යූඇන්පියේ ඩී. එස්. සේනානායක අගමැතිවරයා දශ ලක්‍ෂයක් වූ වතුකර දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කළේ. එතැනින් තමයි දෙමළ ජනතාව සිංහල බෞද්ධ රාජ්‍යයට යටත් කර ගැනීම ආරම්භ වුනේ. එදා මෙදාතුර ලංකාවේ වසර 76 ක් පුරා දිවෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන දෙමළ ජාතික ප්‍රශ්නයට වමේ රතු පාට ගාගත් මේ නායකයන්ට කිසිදු ස්ථිර විසඳුමක්, යෝජනාවක් නැහැ. දෙමළු ලක්‍ෂ එකහමාරක් විතර අමු අමුවේ මරා දමන්න නම් පෙරමුණ ගත්තා.

කඩා වැටී තිබෙන ආර්ථිකයට විසඳුම රනිල්ගේ වැල්පාලම් න්‍යායම තමයි කියලා NPP නායක අනුර කියනවා. JVP ආර්ථික අංශ ප්‍රධානී හඳුන්නෙත්ති ගේ විසඳුම තමයි විදේශගත සාමාජිකයන් ගෙන් ඩොලර් ගෙන්වා ගැනිම. ත්‍රී`මළේ තෙල් ටැංකි පුරවලා නැව්වලට තෙල් ගහලා රට ගොඬ ගැනීම. 

JVP – NPP නායකයන් ඈතක නොව ඉතා මෑතක කරන්නා වූ මෙවැනි පරස්පර ප්‍රකාශයන් පෙළ ගස්වා බැලුවහොත් ඇත්තෙන්ම මේ පක්‍ෂ මොන තරම් අරාජිකද, රටේ කේන්ද්‍රීය  කිසිඳු ප්‍රශ්නයක් අරභයා තිරසර ප්‍රතිපත්තියක්, දැක්මක් නැතිද කියලා මනාව පෙන්නුම් කරනවා. එකම මණ්ඩලයක සිටින නායකයන් යම්කිසි කරුනක් අරබයා ප්‍රකාශ කරන්නේ මත කීපයක්.

නමුත් මේ නායකයන් රටට පෙන්වන්නේ ඉතාම විනයගත, හමුදාවක් මෙන් එකම නියෝගයකට පෙළ ගැසී වැඩ කරන මේ වගේ පක්‍ෂයක් ලොවෙත් නෑ කියලා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා උපාධි ලැබූවන් සිටින, ඉහළ සිට පහළට මුතු ඇමුණුව වගේ වමේ පක්‍ෂයක් ලංකාවේ තිබුනේ නෑ කියලා. මේ වගේ මායා වලින් තමයි ජනතාවගේ ඇස් නිලංකාර කරලා තියෙන්නේ.

අනුර කුමාර කියනවා මහමැතිවරණ හෝ ජනාධිපතිවරණ කල්දාන්න හිතන්න එපාලු. මොකද ලංකාවේ මුළු දේශපාලනයම NPP වටා කැරකිලාලු තියෙන්නේ. සමන්ත විද්‍යාරත්න එක කාලයකදි කිව්වේ පළාත් පාලන මැතිවරණය නොතිබ්බොත් රනිල් ගේ කන් කෙට්ටෙන් අල්ලලා එළියට ඇද දාන්නේ කියලා. එක කඳුළු ගෑස් පාරයි ගැහුවේ. අදවන තෙක් පාරට බැස්සේ නෑ. නමුත් වහසිබස් දොඩන්න නම් මේ වර්ගයේ නායකයන් උපන් රුසියන්.

1975 පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් සිරිමාවෝ කල් දැම්මේ ධනපති සභාගයන්ට ගිහින් ලෝක පරිමානවත්, ලංකාවේත් කම්කරු පන්තියත් ලද පරාජයන් නිසා. 1982 ජේආර් ජනමත විචාරනයකින් මහමැතිවරණය කල් දැම්මේ ලංකාවේ කම්කරු පන්තිය 80 දී ලද බරපතල පරාජය නිසා. විජේවීර කළේ ජනමත විචාරණය ඉවර වුනාට පස්සේ උසාවි යන එක. නැතිව පාරට බැහැලා අරගල කළේ නැහැ.

එබැවින් රනිල් මැතිවරණ පවත්වන්නේ හෝ නැත්තේත්, ජනමත විචාරනයකට යන්නේ හෝ නොයන්නේ ගෝලීය කම්කරු පංතියේ හා ගෝලීය ධනපති පංතියේ බලතුලනය මත. එහෙම නැතිව මේ නායකයන් කරන්නා වූ මයික් පලන කතා නිසානම් නොවේ. එහෙම නැතිව ව්‍යවස්ථාවේ තිබෙන නිසාත් නොවේ.

JVP බිහිවෙන්නෙ  ග්‍රාමීය ගොවියන්, රැකියා විරහිත තරුණයන්, සිසුන්, චපල මැද පාන්තිකයන් වැනි සමාජ ස්ථරයන් ගේ පාදම මත. 1965 දී පමණ බිහිවෙන මේ පෙරමුණ සිංහල බෞද්ධ ජාතිවාදය එක්ක තදින් බැඳුනු මාඕවාදී, කැස්ත්‍රෝවාදී ගරිල්ලා සම්ප්‍රදායන් මූලෝපාය කරගත් සංවිධානයක්. ඒ අත්තිවාරමෙන් මිදෙන්න බැරිබව තමයි ලාල්කාන්ත වරින්වර කියන්නේ.

අනුර කුමාර මැයිදින කතාවේදීත් දැඩිව අවධාරන කළේ ඒ ඉතිහාසය අත් හරින්න කියලා. නූතන ලෝකයට අනුව වෙනස් වෙන්න සූදානම් වෙන්න කියලා. වාම ලිබරල්වාදී නොවී රාජ්‍ය බලය ගන්න බැහැ කියන මතයක පිහිටලා තමයි හෙතෙම වැඩ කරන්නේ.

මොන තරම් කිව්වත් මහ පොළොවේ පය ගහගෙන ඉන්න ලාල්කාන්තට තේරෙනවා අනුරගේ මේ රග පෑමෙන් තමන්ගේ පාදම ම ගැලවිලා යනවා කියලා. ඒනිසා තමයි ඔහු වරින් වර ජේවීපී ඉතිහාසය මතක් කරමින් සිය කේඩරය රැක ගැනීමේ අවංක උත්සාහයක් ගන්නේ. ඉතිහාසය අමතක කරලා අනාගතයට යමු කියලා NPP අනුර කුමාර කිව්වට, ලාල් කාන්ත අවංකවම පෙනී සිටින්නේ ඉතිහාසය වෙනුවෙන්. එහෙම වුනාම  බොහෝවිට සිදු වන්නේ බලය ලබා ගැනීමට බාධාවක් යැයි සිතා ඔවුන් නිහඬ කර තැබීමයි.

කාලයේ වැලිතලාවට යටවෙන්නට ඉඩදී තිබූ දෙමළ වර්ග සංහාර යුද්ධයේ හිමි උරුමක්කාරකම ලාල්කාන්ත  අවංකවම ලියා ගත්තෙත් JVP කේඩරයට ගැම්මක් දෙන්න. යුද උරුමයෙන් කේඩරයට ගැම්මක් ආවත් අනුර කුමාර වටේ ඉන්න වාම ලිබරලුන් ගේ මුඛ පූට්ටු උනා. 71 සිට JVP අත්හැර වටම ගොස් ගෙටම ඇවිත් ඉන්න පැරණි සාමාජික, සාමාජිකාවන්.  සමසමාජ – කොමියුනිස්ට් හා අනෙකුත් වමේ පක්‍ෂවලින් ඇවිත් මාලිමාවට වමේ සළුපිළි පළඳවන්නන් මේ අය අතරින් විශේෂයි.  

මේ ලිබරල්ලු විවිධ වමේ කතා කියමින් ආණ්ඩු සිහින දකිමින් ඉන්නේ. ඒත් නොසිතූ මොහොතක ලාල්කාන්ත විසින් උතුරේ යුද ලෙයින් ආයෙමත් පැම්පස් තෙමා ගත්තා. පැම්පස් ගලවද්දී වමේ සියළු සළුපිළි ගැලවිලා සිංහල, බෞද්ධ, යුදවාදී, ජාතිවාදී හෙළුව එළියට ආවා. මෙනිසා ඔවුන් මාරාවේශවෙලා ලාල්කාන්තට පස්පඩංගුවේ බැන වැදිමින් ඉන්නේ. මාලිමාවේ කටු මාරු වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. වවුලාගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න එපැයි.

මේ සියළු නන්දන වින්දන තිබියදීත් වෙනදා සීනුවට නොතිබුණු ජනතා කැමැත්තක් මෙදා මාලිමාවට තියෙනවා. ඒ අන් කිසිවක් නිසා නොව ධනපති ක්‍රමයට විරුද්ධ සැබෑ වමේ බලයක් විකල්පව ගොඩ නැගී නැති නිසා. ඒ නිසා සමාජ වෛරය ප්‍රකාශ කිරීමේ කපාටය බවට මාලිමාව පත්වෙලා. 

ඒක මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගැනීමක් නොව බෙල්ලම කපා ගැනීමක්.

The post එකක් කඩතොළු වසා ගන්නට ගොසින් අනුර ට වූ කාරියා.. ‌ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a9%e0%b6%ad%e0%b7%9c%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b7%94/feed/ 0
“දෙමළාට දෙමළ වීමේ ප්‍රශ්නය කුමක් දැයි” ඇසූ නලින් ද සිල්වාගේ මිනියට කර ගැසීම.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85%e0%b7%8f%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85%e0%b7%8f%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1/#respond Fri, 10 May 2024 08:45:22 +0000 https://vivaranalk.com/?p=11410 සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්,  දේශපාලන න්‍යායාචාර්යරයෙක් ආදී වශයෙන් වූ  පුද්ගලයෙකු මියගියා ම  ඔහු පිළිබඳ ව විවිධ ආකාරයේ ගුණා’ගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු බීපු තමන්ට එවැන්නන් හා තිබුණු පුද්ගල සම්බන්ධකම් අතිශයෝක්තියට නගා ඉස්මතු කරගන්න. ඒ අතරේ තමන්ගේ පසමිතුරු මතවාදීන් ගැන කිසිදු මූලාශ්‍රයන් නැති අමු බේගල්, මතිභ්‍රමයනුත් ලියනවා. එහෙම ලියමින්ම මාධ්‍ය වාර්තාකරණයේ ආචාර […]

The post “දෙමළාට දෙමළ වීමේ ප්‍රශ්නය කුමක් දැයි” ඇසූ නලින් ද සිල්වාගේ මිනියට කර ගැසීම.. appeared first on විවරණ.

]]>
සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්,  දේශපාලන න්‍යායාචාර්යරයෙක් ආදී වශයෙන් වූ  පුද්ගලයෙකු මියගියා ම  ඔහු පිළිබඳ ව විවිධ ආකාරයේ ගුණා’ගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු බීපු තමන්ට එවැන්නන් හා තිබුණු පුද්ගල සම්බන්ධකම් අතිශයෝක්තියට නගා ඉස්මතු කරගන්න.

ඒ අතරේ තමන්ගේ පසමිතුරු මතවාදීන් ගැන කිසිදු මූලාශ්‍රයන් නැති අමු බේගල්, මතිභ්‍රමයනුත් ලියනවා. එහෙම ලියමින්ම මාධ්‍ය වාර්තාකරණයේ ආචාර ධර්ම පිලිබඳවත් දේශනා පවත්වනවා. ගුරුහරුකම් දෙනවා.

ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම ගුරුවරු බොහොමයකුත්  ඒ වගේ අය. ඉතිං ලංකාවේ මාධ්‍ය වාර්තාකරණයට වෙච්ච විලම්බෑසිය මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ. ගුරා හිටගෙන කරණකොට ගෝලයෝ කොරන්නේ දුව දුවලු.

මහාචාර්ය නලීන් ද සිල්වා

නැසීගිය මහාචාර්ය නලීන් ද සිල්වා සිංහල මහජාතිවාදියා පිළිබඳවත් විවිධ අදහස් පළවූ ලිපි පසුගිය දිනවල  දැක ගන්න ලැබුණා. මේ අතර ඔහු හිටපු නව සම සමාජ පක්‍ෂය ගැනත්, බාහු ගැනත්  විවිධ බේගල් ඇදබාපු කතාත් ෆේස්බුක්වල සංසරණය වෙලා තියෙනවා.

මියගිය පුද්ගලයා ගේ පුද්ගලික සම්බන්ධකම් තිබුණා හෝ නැතා ඒවා ඉස්මතු කරමින් ලිවිමෙන් කාටවත් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එහෙම වෙනවානම් වෙන්නේ මියගිය පුද්ගලයාට විතරයි.

නමුත් ජීවමාන මිනිසුන්ගේ සංවිධානයක්, ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට තිබියදීත් බේගල් ඇදබෑම ප්‍රතිගාමී වැඩක්. කුහක කමක්. එයින් ඉතා සූක්‍ෂමව  කරන්නේ එකී සංවිධාන, පක්‍ෂ හෝ ව්‍යාපාරවල ඉතිහාසය විකෘති  කිරීමක්.

මහාචාර්ය නලීන් ද සිල්වා ලංකා සම සමාජයෙන් (ලසසප) මාක්ස්වාදී දේශපාලනය ආරම්භ කරලා ( ඒවන විට ආචාර්ය උපාධිය ලබා තිබුනේ නැත ) නව සම සමාජ පක්‍ෂයේ (නසසප) සිටියදී මාක්ස්වාදී දේශපාලනය අත් හැරපු කෙනෙක්.

71 අප්‍රියෙල් නැගිටීමෙන් පසු අත්අඩංගුවට පත් තරුණයන් සමූහයක්

නසසප පිළිසිඳ ගන්නේ ලංකා සම සමාජ පක්‍ෂය (ලසසප) තුළ. සම සමාජ, කොමියුනිස්ට් පක්‍ෂ (කොප)  1964 දී ත්, යලිත් 1970 දීත් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව හා ධනපති සභාගයකට ගියා. දෙමළ ජනතාව සමග බලය බෙදාගැනීමේ ප්‍රතිපත්තිය පාවා දුන්නා. 70 සභාගයේ ඇමතිකම් දරමින් 71 කැරැල්ල මර්දනය සඳහා පූර්ණ ශක්තිය ලබා දුන්නා. අනීතික ලෙස මරා දැමූ කැරලිකරුවන් ගේ ප්‍රමාණය 20, 000 ක් පමණ වෙනවා කියලයි වාර්තා වෙන්නේ.

ඊට පසුව ආපු බැංකු වැඩ වර්ජනය ඇතුළු වර්ජන කඩා කප්පල් කරන්නත්, මර්දනය කරන්නත් මේ පක්‍ෂ දෙක ක්‍රියා කළා. ප්‍රායෝගික තලයේ මෙලෙස ප්‍රතිපත්ති වෙනස් උනා විතරක් නෙමේ දේශපාලන මූලධර්ම පවා වෙනස් කරමින් වෙනත් දෘෂ්ටිවාද වැළඳ ගත්තා.

එතෙක් ලසසප ප්‍රචලිතව තිබුණේ රුසියානු විප්ලවයේ නායකයෙක් වූ ලියෝන් ට්‍රොට්ස්කිගේ මාක්ස්වාදී න්‍යාය දේශපාලන දර්ශනය කරගත් පක්‍ෂයක් ලෙස.

නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර ධනේශ්වරයේ  ආර්ථික ප්‍රතිපත්තිය උනේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්තිය. මෙයින් පිටු බලය ලැබ 1956, 1960,1970 වර්ෂවලදී   බලයට පත් උනේ බණ්ඩාරනායකලාගේ සුබසාධනවාදී ජාතික රාජ්‍ය. නමුත් ලංකාවේ ජාවාරම්කාරී ධනපතියන්ගේ ප්‍රාග්ධන අහේනියට පිළිතුරක් විදියට මේ ආණ්ඩු කළේ පුද්ගලික දේපළ රජයට පවරා ගැනීම. (“ජනසතු ආර්ථිකයක්” යි ඔජවැඩූ රාජ්‍ය ධනවාදී වැඩ පිලිවෙල).

මෙයට සමගාමීව ඒ රජයන් මගින් බැර කර්මාන්ත ආරම්භ කිරීමත් කළා. ට්‍රොට්ස්කිවාදය ආභරණයක් කොට‌ පැළඳ සිටි ලසසප නායකයන් මෙයින් වික්‍ෂිත්ත උනා. ඔවුන් මේ ප්‍රතිපත්තිය සමාජවාදය යැයි කම්කරු පංතියට හඳුන්වා දුන්නා. කො.පට නම් මෙය තමන්ගේ දෘෂ්ටිවාදය ජය ගැනීමක් පමනයි.

මෙසේ සමාජවාදය කරා යන පහසු මගක් දුටු ලසසප නායකයන් සිරිමාවෝ බණ්ඩාරනායක සමග සභාගයකට ගියා. 1964 දී ගත් මේ තීන්දුවේ ප්‍රතිඵලය උනේ ස්වාධීන කම්කරු පන්තිය ජාතිවාදී ධනපති සභාගයන්ට කරබඳු කරදීමක්.

70 දී සිරිමාවෝගේ ආණ්ඩුවේ මැති ඇමතිකම් ලබා ගනිම්න් ලසසප නායකයන් කීවේ “දැන් කම්කරු පන්තිය ස්වාධීන කරන්න ඕන නෑ. දේශීය ධනපතිම පුද්ගලික දේපල ජනසතු කරනවා. ඒනිසා අපට දේශීය ධනපති ආණ්ඩු හා එක්ව කම්කරු පන්තියේ බලපෑම් මගින් සමාජවාදය කරා යන්න පුලුවන්” යි කියලා. මට අද වගේ මතකයි අතාවුද සෙනෙවිරත්න ලසසප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ කාලේ කියපු කතාවක් . “අපි මැතිණියව යමන් මැණිකේ…   යමන් මැණිකේ….යි කියමින් සමාජවාදයට තල්ලු කරගෙන යනවා කියලා.

අන්.ඇම් පෙරේරා සහ සිරිමාවෝ බණ්ඩාරනායක

මේ මතවාදය අලුත් එකක් නෙමේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවුනු ලෝක ආර්ථික උත්පාතය නිසා 1948 වගේ කාලයේ බිහිවුනු මාක්ස්වාදී මානවවාදය යනුවෙන් හැඳින්වුණු දෘෂ්ටිවාදයක්. එහි නායකයන් උනේ ට්‍රොට්ස්කි ගොඩනැගූ හතරවැනි ජාත්‍යන්තරයේ සිටි සී. එල්. ආර්. ජේම්ස් සහ රායා දුනායෙව්ස්කායා නායකත්වය දුන් ජොන්සන් – ෆොරස්ට් ප්‍රවනතාව.

ට්‍රොට්ස්කිවාදයට පටහැනි මේ මතවාදයට ලසසපයේ  තරුණ නායකයන් වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න,  සුමනසිරි ලියනගේ, සිරිතුංග ජයසූරිය, කොස්වත්ත, කරුණාරත්න ජයසූරිය ඇතුළු පිරිසක් අභ්‍යන්තර අරගලයක් ආරම්භ කළා. ඒ හේතුව මත ලසසප මධ්‍යම කාරක සභික (CC) වික්‍රමබාහු හා පක්‍ෂ ශාඛා ලේකම්වරුන් වූ අනෙක් අය 1974 මුල දී ලසසපයෙන් නෙරපා හැරියා.

1972 දී නැවතත් ලෝක ආර්ථිකය තියුණු අවපාතයට ගමන් කළා. මෙයින් ඇතිවූ කප්පාදුවලට එරෙහිව ලොව පුරා කම්කරු පංතියේ නැගිටීම් ඇති උනා. ලංකාවේ ද තම නායකයන් සභාග ආණ්ඩුවේ ඇමතිකම් දරද්දීම කම්කරු පංතියේ ඒකාබද්ධ උද්ඝෝෂණ හා වැඩවර්ජන රැල්ලක් මතු උනා. එයින් සනිටුහන් කළේ  ජනතාවාදී දේශපාලනය, රාජ්‍ය ධනවාදය නිමා වූ බවයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

1975 වසර අවසන් වෙද්දී සමසමාජ ඇමතිවරු ආණ්ඩුවෙන් නෙරපා දැමුණා. ඊළඟ වසරේදී කොපයද දොට්ට වැටුනා. සිරිමාවෝගේ රජයේ නව මුදල් ඇමති ලෙස වැඩ බාරගත් ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායකට පැවරුණේ ලෝක ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස ලෝක බලවතුන් ගෙනා මූල්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තිය නැතිනම් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න.

නමුත් 1977 මැතිවරණයෙන් සභාග ආණ්ඩුවත්, රාජ්‍ය ධනවාදී ප්‍රතිපත්තියෙන් සමාජවාදයට මංපෙත් සොයා ගිය ලසසත්- කොපත්  ජනතාව පරාජය කළා. පාර්ලිමේන්තුවෙන් සමාජවාදයට යෑම දේශපාලන මිත්‍යාවක් බව නැවතත් ඔප්පු උනා.

මේ වෙද්දී සම සමාජයෙන් පළවා හැරිය පිරිස එළියේ “වාම කණ්ඩායම” ලෙස වැඩ කරමින් හිටියේ. 1969 පමණ කාලයේ සිට මේ තරුණ නායකයන් තමන් ගේ මතවාදය ප්‍රචාරය කිරීමට “මාක්ස්වාදය” කියන සඟරාව ආරම්භ කරලා තිබුණා. අනතුරුව ලසසප යේ ‘වාම ප්‍රවණතාවය’ ලෙසින් පක්‍ෂය තුල මතවාදී කණ්ඩායමක් ගොඩ නැගුවා.  1974 -1977 වර්ෂ වලදී වාම ප්‍රවණතාවයේ සම්මේලන පවත්වමින් විකල්ප නායකත්වයක් ලෙස සංවිධානය උනා.

1976 අග දී ඇතිවූ සිසු අරගල හා වැඩවර්ජන ශක්තියෙන්  “වාම ප්‍රවණතාවය” “වාම සම සමාජය” නමින් රහසිගතව නිකුත් කළ මාසික පුවත්පත ප්‍රසිද්ධියේ විකිණීම ආරම්භ කළා. 77 දී  පැවැත් වූ වාම ප්‍රවනතාවයේ සම්මේලනයේදී නලීන් ද සිල්වා CC එක ජයග්‍රහනය කළා.

අවසානයේ දෙමළ ජනතාවට විරුද්ධව මතවාදීව යුද්ධයකුත් දිනුවා. එහෙම උනත් නලීන් ද සිල්වා මියගියේ තමන් මතවාදීමය වශයෙන් ජයගත්තේ නැතැයි කියන සැකයෙන් යැයි ඔහුගේ ඇතැම් ලිපිවලින් ප්‍රකාශමාන වෙනවා.

නලීන් ද සිල්වාගේ මේ පරිවර්තනය ගැන කරුණු සහිත ලිපියක් බීබීසී සංදේශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියක් වූ උපාලි ගජනායක විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මාධ්‍ය ආචාර ධර්ම ඔස්තාර්ලාත් ඒක කියෙව්වොත් හොඳයි කියලයි මම හිතන්නේ. (ලින්කුව මෙතැනින්: තරුණ නලින් සහ මහළු මාක්ස්)

ආචාර්ය සුමනසිරි ලියනගේ 

තවත්  නසසප ආරම්භක සාමාජිකයෙක් වූ සුමනසිරි ලියනගේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා ආවට පස්සේ පක්‍ෂය තුළ “ගොවි – කම්කරු ආණ්ඩුව” කියලා නව මතවාදයක් ඉදිරිපත් කළා. 1980 මහ වැඩ වර්ජනයෙන් කම්කරුවන් ලැබූ දැවැන්ත පරාජය පසුබ්මේ තමයි මේ දෘෂ්ටිවාදය මතුවෙන්නේ. ඒක 1948  කාලයේ   ජොන්සන් – ෆොරස්ට් නායකත්වයෙන් යුත් ප්‍රවණතාවයේම නව සංස්කරණයක්. මේ වෙද්දී ලංකා සම සමාජ පක්‍ෂයේ නව නායකත්වය නව සම සමාජය පක්‍ෂය ලෙසට පරිවර්ථනය වෙලා තිබුණේ.

මෙදා මේ අදහසට ජාත්‍යන්තර පරිමානව නායකත්වය දී සිටියේ ජෝසප් හැන්සන්. (හතරවැනි ජාත්‍යන්තරයේ ම පැරණි නායකයෙක්) කියුබාවේ විප්ලවය ආශ්‍රිතව සිදුවීම් මුල් කොට ගෙන තමයි මේ මතවාදයට නැවත උත්තේජනයක් ලැබුණේ.

“ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක්” යන්න මාතෘකා කොට ගනිමින් 1980.11.15  දාතමින් සුමනසිරි ලියනගේ  තවත් ලියැවිල්ලක් ඉදිරිපත් කළා. මේ ලියැවිල්ලට වික්‍රමබාහු විසින් 1980 නොවැම්බර් 19 දා දාතමින්  “සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත” මාතෘකා කොටගත් පිලිතුරු ලියවිල්ලක් ලිව්වා. එතැන් සිට මේ  විවාදය නසසප මධ්‍යම කාරක සභාවේ  ලියැවිලි, පිලිතුරු ලියැවිලි ලෙසින්  කීපයක් හුවමාරු වෙමින් ගියා.

1981 ඔක්තෝම්බර් 15 දා  “කම්කරු ගොවි ආණ්ඩුව යන්න හුදු සටන් පාඨයක් පමණක් ද?”   තේමා කොට ගනිමින් සුමනසිරි තමන්ගේ අවසාන ලියැවිල්ල ඉදිරිපත් කළා.  අනතුරුව 1981 නොවැම්බර් 03 දා   “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය” මාතෘකා කොටගත් වික්‍රමබාහු ලියූ පිලිතුරද මේ ලිඛිත විවාදයේ අවසාන ලියැවිල්ල උනා.

1982 පක්‍ෂ සම්මේලන සාකච්ඡා තුලදී මේ සාකච්ඡාව විවිධ මට්ටම් වලින් මතු කෙරුණත් එය තවදුරටත් විධිමත්ව ඉදිරියට ගෙන යෑමට සුමනසිරි හෝ ඔහුගේ මතයට සහයෝගය දැක්වූ සහෝදරවරු  ඉදිරිපත් උනේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අතරින් බොහොමයක් ක්‍රමාණුකූලව පක්‍ෂයේ ජීවමාන භාවිතාවෙන් ඈත්වෙලා ගියා.                                                                         

80 මහ වැඩ වර්ජනයෙන් පස්සේ නසසප වඩා පුළුල් වෙමින් පූර්ණ කාලීන දේශපාලනයට බොහෝ දෙනෙක් ඇතුළු උනා. මේ අතර 82 පැවැත් වූ පක්‍ෂ සම්මේලනයට නව යෝජනාවක් ඉදිරිපත් වෙලා ඒක වැඩි චන්දයෙන් සම්මත උනා. මේ යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළේ වෘත්තීය සමිති නායක ඔස්වින් ප්‍රනාන්දු. ඒ යෝජනාව තමයි දේශපාලන මණ්ඩලයේ (PB) සියළු සභිකයන් දේශපාලනය ඒකායන වෘත්තිය කරගත් ‘වෘත්තීය විප්ලවවාදියකු’ විය යුතුයි කියලා.

ආචාර්ය කුමාර් ඩේවිඩ්

ලෙනින් පක්‍ෂ නායකත්වය ගොඩ නැගීම සඳහා කළ අරගලයේ දී ‘වෘත්තීය විප්ලවවාදීන්ගේ පක්‍ෂයක්’ වෙනුවෙන් කොන්දේසි විරහිත සටනක් ගෙනගියා.  ‘කළ යුත්තේ කුමක්ද’ හා ‘පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට’යන කෘතීන් 1902 දී හා 1903 දී බිහිවීම මේ ගෙනගිය අරගලවල ප්‍රතිපඵලයක්. ඔස්වින් යෝජනා කළේ මේ පූර්වාදර්ශ යයි.

මේ යෝජනාවට පසුව පැවැති මධ්‍යම කාරක සභාවකදී ආචාර්ය කුමාර් ඩේවිඩ් දුන්නේ කදිම පිළිතුරක්. පූර්ණ කාලීනයෙක්ට ගෙවන දීමනාව තමන්ට නොසෑහෙන බව ඔහු පෙන්නුවා. ඒ  නිසා තමන්ට ලැබී ඇති විදෙස් විශ්ව විද්‍යාලයේ කලක් වැඩ කරලා මුදල් හොයා ගෙන විත් පූර්ණ කාලිනයෙක් වෙන්නම්  කිව්වා. ආර්ථික අපහසුකම් තිබුනත් පක්‍ෂය ඒ ඉල්ලීම අනුමත කළේ නැහැ. නමුත් ඔහු හොංකොං විශ්ව විද්‍යාලයක ආචාර්යරයෙක් වෙලා යන්න ගියා.

ආචාර්ය ශාන්ත ද අල්විස් කිව්වා මට පීබී එකේ ඉන්න ඕන නැහැ. මම සීසී එකේ ඉන්නම්. පීබී එකට අවශ්‍ය උනොත් මගෙන් අදහස් විමසීමක් කරන්න, මගේ දායකත්වය ලබා දෙන්නම් කියලා. අධිනීතිඥවරයෙක් වූ වාසුදේව නානායක්කාර රැකියාවක් ලෙස උසාවි යන එක නවත්වලා පක්‍ෂයේ පූර්ණකාලීනයෙක් උනා. නලීන් මහේෂ් පෙරේරාත් ගුරු වෘත්තීය අත් හැරියා.

ආචාර්ය ශාන්ත ද අල්විස්

පූර්ණකාලීනයන් වෙමින් පීබී එකේ හිටිය අනෙක් සාමාජිකයන් තමයි වික්‍රමබාහු, සිරිතුංග (ඔහු රැකියාව අත්හැර පූර්ණකාලීනකයකු වූයේ 1974 දී පමණ “වාම ප්‍රවණතාවය” කාලයේදී), රණත් කුමාරසිංහ,  එඩ්වින් කොතලාවල,  වල්ලිපුරම් තිරුණාවුකරසු, ලීනස් ජයතිලක, ඔස්වින් ප්‍රනාන්දු,  නීල් ව්ජේතිලක සහ ඩී.එම්.ඩී. චන්දවිමල.

1983 දී එක්සත් ජාතික පක්‍ෂ රජය නසසප තහනම් කරමින් මුදාහළ රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ කීප දෙනෙක් ස්වයං පිටුවහල තෝරා ගත්තා. මේ අතරින්  ක්‍රිස් මඩපාත නමින් පක්‍ෂයේ හිටිය ක්‍රිස් රොද්‍රිගු මාක්ස්වාදී බුද්ධ්මතෙක් වගේම අර්ථශාස්ත්‍රඥයෙක්.  ඒ වගේම ආචාර්‍ය ශාන්ත ද අල්විස්.

ඔවුන් ඇමරිකාවට සංක්‍රමණය උනත් පක්‍ෂයේ හිතවතුන් ලෙස බොහෝ කලක් යන තෙක් අදහස් වලින් හා හැකි හැම විටම මුදලින් ආධාර උපකාර කළා. ඒ බව ඉතා ගෞරවයෙන් හා සහෝදරත්වයෙන් සිහිපත් කරන්න ඕන.

නලින්, සුමනසිරි, සිරිතුංග ඇතුළු කණ්ඩායම, වාසු ඇතුළු කණ්ඩායම, ලීනස් හා නීල් මේ සියළු දෙනාම නසසප හැරදා ගියේ සිදු කැරුණු වාද විවාද වලින් පස්සේ.මේවා පිළිබදව නොදන්නේනම් මතිභ්‍රමනයන් නොලියා නිසි අධ්‍යනයකින් පස්සේ ලිවීම තමයි මාධ්‍ය ආචාරවලට උනත් ගැලපෙන්නේ.

The post “දෙමළාට දෙමළ වීමේ ප්‍රශ්නය කුමක් දැයි” ඇසූ නලින් ද සිල්වාගේ මිනියට කර ගැසීම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85%e0%b7%8f%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1/feed/ 0
ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය.. https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%9a%e0%b7%94%e0%b7%84%e0%b6%9a%e0%b6%9a%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%9a%e0%b7%94%e0%b7%84%e0%b6%9a%e0%b6%9a%e0%b6%b8/#respond Thu, 15 Feb 2024 01:29:26 +0000 https://vivaranalk.com/?p=10911 සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම “කුහක ප්‍රකාශනයේ” කුහකකම් වර්ග තුනක් හා ගතිකත්වය ගැන ඔහු කතාකරනවා. කුහකකමින් තොරව සටහන කියවද්දී ගතිකත්වය ගැන කුහක ප්‍රශ්න කීපයක් මතුවුනා. ඒගැන කතා කරන්නට පෙර අපි හඳුන්නෙත්තිගේ “කුහක ප්‍රකාශනය” බලමු. “..අනුර […]

The post ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය.. appeared first on විවරණ.

]]>
සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම “කුහක ප්‍රකාශනයේ” කුහකකම් වර්ග තුනක් හා ගතිකත්වය ගැන ඔහු කතාකරනවා. කුහකකමින් තොරව සටහන කියවද්දී ගතිකත්වය ගැන කුහක ප්‍රශ්න කීපයක් මතුවුනා. ඒගැන කතා කරන්නට පෙර අපි හඳුන්නෙත්තිගේ “කුහක ප්‍රකාශනය” බලමු.

හඳුන්නෙත්ති හෝ වෙනත් කවුරුන් හෝ මෙලෙස කරන්නා වූ කුහක ප්‍රකාශන මටනම් අදාලම නැහැ. මොකද රාජ්‍ය බලය ඉල්ලා සිටින ඕනෑම පුද්ගල‍යෙක් හෝ පක්ෂයක් විමසීමේ පරම අයිතිය ඡන්දදායකයාට තිබෙනවා. එවගේම ඒවා කුහකකම් කියා ප්‍රශ්නය මඟහැර යෑමේ අයිතියක් ‍රාජ්‍ය බලය ඉල්ලා සිටින පුද්ගලයකුට හෝ පක්ෂයකට හෝ නැහැ. එහෙම කරන්න පුලුවන් ඒකාධිපතියන්ට විතරයි.

අනෙක් අතට මේ සියල්ල ගතිකයි. අද කුහකම් ලෙස නම් කළත් “රාජ්‍ය බලය ලැබුනොත්” එවිට ඒ ප්‍රශ්න කිරීම් රාජ්‍ය විරෝධී, කුමන්ත්‍රණකාරී ඒවා බවට ගතික වෙන්න පුලුවන්. එතකොට තමයි ලාල්කාන්ත කිව්ව ම‍ර්දනකාරී රාජ්‍ය යන්ත්‍රය ඒ ඒ පුද්ගලයන් සහ දැනටමත් “මාක් කරගෙන ඉන්නා අය” හොයා ගෙන එන්නේ. “ත්‍රස්ත විරෝධී පනත” “ඔන් ලයින් පනත” වගේ මර්දන අණ පනත් අවශ්‍ය වෙන්නේ.

සුනිල් හඳුන්නෙත්තිගේ “කුහක ප්‍රකාශන‍යෙන්” මට ප්‍රශ්නයක් මතුවුනේ ඔහු කියනා ගතිකත්වය ගැන විතරයි. එහෙම නැතිව ජවිපෙ එක එක කාලයට අඳින ඇඳුම් ගැන, හදන පෙරමුණු ගැන, ගොඩනගන – ගොඩදාන නායකයන් ගැන, කරන්නා වූ ප්‍රකාශයන් ගැන මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජවිපෙ වැනි පක්ෂයක් එහෙම කළේ නැතිනම් තම‍යි දේශපාලන ගැටළුවක් මතුවෙන්නේ.

ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයකුට සිය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමේ අයිතියක් තිබෙනවා. මම ප‍රිණාමවාදය පිළිගන්න කෙනෙක්. නමුත් ඡන්දය ලබා ගන්න, ඡන්දදායකයන් මුළා කරන්න, ලෝක බලවතුන්ගේ, කලාපීය බලවතුන්ගේ විශ්වාසය දිනා ගන්න අවශ්‍ය මූල ධාර්මික ප්‍රතිපත්ති පමණක් ගතික වෙන්නත්, අනෙක් ඒවා ස්ථතික (static) වෙන්නත් බැහැ. ඒක දේශපාලන අවස්ථාවාදය.

මේ තියෙන්නේ ජවිපෙ පන්ති පහේ තේමාවන් සහ ඒ පන්ති 5 පිළිබඳ ඔවුන් ගේ කෙටි හැඳින්වීමක්.  (1) ලංකාවේ ආර්ථික අර්බුදය (2) ඉන්දියානු ව්‍යාප්තවාදය (3) ලංකාවේ වාමාංශික ව්‍යාපාරය (4) නිදහස යනු කුමක්ද?  ( 5) ලාංකික විප්ලවය ගතයුතු මග.

“කැරකෙන ලෝක ගෝලයේ, දශක ගානක් ඉදිරියෙන්, ගතිකත්වය (dynamics ) පිළිගන්න, ලෝකයේ නවීන වෙන දේශපාලනය එක්ක අලුත් උපාය උපක්‍රම තෝරමින්” සිටිනවා යැයි කියා ගන්නා අනුරලාගෙන්, හඳුන්නෙත්තිලාගෙන් මම දැන ගන්න කැමතියි ඉහත සඳහන් පන්ති 5 ම දැන් අත් හැරලාද? නැතිනම් ගතික උනේ මොන පන්තිද ? ලංකාවේ දෙමළ ජනයා පිළිබඳ ස්ථාවරයත් ගතිකද? නැතිනම් ඒක විතරක් තාම ස්ථතිකද?  සරළව කියනවානම් දෙමළ ජනතාව වෙනම ජාතියක්, උතුරු නැගෙනහිර කියන්නේ ඔවුන් ගේ නිජබිම කියලා පිළිගන්නවද? නැද්ද?  ප්‍රශ්නය මොන තරම් කුහක උනත් උත්ත‍රයක් දෙන්න පුලුවන්නම් හොඳයි.

එතැනින් ආරම්භ කළ පුද්ගල ත්‍රස්තවාදය 88 ජනාධිපතිවරණය තෙක් පවත්වාගෙන යමින් ආර්. ප්‍රේමදාස ජනාධිපති කර වූ ප්‍රතිපත්තියේ අද වෙනස් මත‍යක් තිබෙනවද? මොකද ප්‍රේමදාස ජනාධිපති උනේ සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් ලබාගත් 25% කට ආසන්න ප්‍රතිශතයකින්. එහෙම උනේ ජවිපෙ ප්‍රධානත්වයෙන් හැදූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” වමේ වේදිකාවට බෝම්බ ගහලා, වෙඩි තියලා, ඒකේ නායකයන්, පාක්ෂිකයන් මරාදාලා ඇතිකළ භීෂණය නිසා. එම භීෂණය ගැන මෙවැනි ප්‍රශ්න අහන කුහකයන්ගේ කට වැහෙන්නත් එක්ක “නවීන වෙන දේශපාලනය එක්ක අලුත් උපාය උපක්‍රම තෝරමින් ඉන්නා”  dynamics හඳුන්, සඳුන් වගේ උත්තර‍යක් දෙයිද? අපි බලමු.

අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ නායකයින්, ගුජරට් හි අමුල් කිරි කම්හලේදී..

එහෙම කුහක ප්‍රශ්ණයක් අහන්නේ ජාජබ තෝරා ගන්නේ මෝඩිගේ ගුජරාට ක්‍රමවේදය බවට තිබෙන්නා වූ ගතිකය වැඩි නිසා. මොකද 1948 සිට 2009 මැයි දක්වා මිනිස් ඝාතන සිදු කරපු ශ්‍රීලංකා අපරාධකාරී රාජ්‍යයේ වින්දිතයන්ට, යුක්තිය ඉටුකරන බවට මේ දක්වා ජවිපෙ හෝ ජාජබ කිසිදු නායකයෙක් වචනයක් හෝ කතා කරලා නැහැ. අඩුම ගානේ ජවිපෙ ‘සදාදරණීය නායක’ රෝහණ විජේවීර (උන්නැහෙත් ගතික වෙලාද දන්නේ නැහැ) ගේ ම්ලේච්ඡ ඝාතනය ගැනවත් සත්‍යය හෙළි කරගන්න වැඩ කරලා නෑ. කතා කරන්නේම වංචා, දූෂණ හා හොරාකෑම ගැන විතරයි.

නමුත් රාජ්‍යයේ සාපරාධී කටයුතු කරන්න දායක වු බවට චෝදනා ලබන හිටපු හමුදා ලොක්කන්ට ජාජබයේ ඉහල පුටු දෙන ගතිකය නම් යස අගේට තියෙනවා. එනිසා රනිල් පළමුව පවත්වන  (ලංකාවේ මෑතකදී,  මාස තුන හතරකින් චන්දයක්  පැවැත්වුවොත්) පාර්ලිමේන්තු මැතිවරණයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කිරීමේ ගතිකයට අමුතුවෙන් සූදානම් වෙන්න ඕන වෙන එකක් නැහැ. ඉංදියානු “රෝ ඔත්තු සේවය” ට ගතිකයන් නිර්මාණය කරන්නත් පුලුවන් කියලා මතක තියා ගත්තොත් හොඳයි.

ඒ කොහොම උනත් ඡන්දදායකයෝ කුහක ප්‍රශ්න අහනකොට උපාසක බළලා වගේ හිටියත් ඔලුව වනනකොට දිල්ලියේ මිණිගෙඩි සද්දේ ඇහෙන එකනම් වළක්වන්න බැරි වෙයි.

The post ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9c%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%9a%e0%b7%94%e0%b7%84%e0%b6%9a%e0%b6%9a%e0%b6%b8/feed/ 0