Dr. and Lawyer Shanuka Senarath, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 25 Nov 2022 00:31:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Dr. and Lawyer Shanuka Senarath, Author at විවරණ 32 32 2023 අයවැය: අයවැයෙන් යෝජිත රාජ්‍ය අයෝජන [බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 2 කොටස ] https://vivaranalk.com/2023-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/ https://vivaranalk.com/2023-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/#respond Fri, 25 Nov 2022 00:11:04 +0000 https://vivaranalk.com/?p=6517 රාජ්‍ය  ආයෝජන 2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි  රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම.  ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට ආසන්න ප්‍රමාණයක් ආයෝජනය කරන බව සඳහන් කළා. . නමුත් ඒක කරගන්න බැරි වුණා. . මොකද ආයෝජනය කරන්න තියා  රජයේ කටයුතු පවත්වාගෙන යන්නවත් මුදල් නැති අවස්ථාවක […]

The post 2023 අයවැය: අයවැයෙන් යෝජිත රාජ්‍ය අයෝජන [බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 2 කොටස ] appeared first on විවරණ.

]]>

රාජ්‍ය  ආයෝජන

2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි  රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම.  ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට ආසන්න ප්‍රමාණයක් ආයෝජනය කරන බව සඳහන් කළා. . නමුත් ඒක කරගන්න බැරි වුණා. . මොකද ආයෝජනය කරන්න තියා  රජයේ කටයුතු පවත්වාගෙන යන්නවත් මුදල් නැති අවස්ථාවක ඩොලර් බිලියන එක්දහස් දෙසිය විස්සක් ආයෝජනය කරනවා කියන කියන්න පුළුවන් නමුත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ මුදල රජය කොහොමද ආයෝජනය කරන්නේ? මේ වෙලාවේ වර්තන වියදමවත් පියවගන්න අපහසුවෙන් ඉන්න අවස්ථාවක රුපියල් බිලියන එක්දහස් දෙසිය විස්සක් ආයෝජනය කරනවා කියන එක කිසිසේත් ප්‍රායෝගික වෙන්නැහැ..

රජයේ වර්තන වියදම

2023 අයවැයේ පෙන්නුම් කරන ආකාරයට රජයේ වර්තන වියදම රුපියල් බිලියන හාරදහස් හයසිය නවයක් (4609) ලෙස සඳහන් වෙනවා. මේකෙන් රුපියල් බිලියන දාහකට මඳක් වැඩි ප්‍රමාණයක්, රුපියල් බිලියන එක්දාස් දෙකක් (1002) වගේ ප්‍රමාණයක් වැටුප් ගෙවීම් සඳහා වනවා.  ඉතුරු වියදමෙන් රජය අපොහොසත් වෙලා තියෙනවා. රාජ්‍යය වියදම යම් ප්‍රමාණයකින් හරි අඩු කරගන්න. මොකද අපි දන්නවා දැනටත් අපේ රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු  වාහන පිරිවරාගෙන, ගමන් කර බොහොම යෙහෙන් වැජඹෙනවා. . ඉතින් රජය අපොහොසත් වෙලා  තියෙනවා  මේ වියදම යම් ප්‍රමාණයකින් හරි කප්පාදු කරලා  යම් පූර්වාදර්ශයක් ලබා දෙන්න ජනතාවට, හැමෝගෙම කැපවීම ප්‍රදර්ශනය කිරීමට.

අපි දකිනවා සමහර ඇමතිවරු  මාධ්‍ය  සංදර්ශන පවත්වමින් කෝච්චියේ ගිහිල්ලා  වොයිස් කට් දීලා  රඟ දක්වනවා. හැබැයි මේ රටේ දුක් විඳින මිනිස්සු හැමදාම බස් එකේ යනවා. හැමදාම කෝච්චියේ යනවා, තෙරපි තෙරපි යනවා. හැබැයි එයාලා  ගිහිල්ලා මාධ්‍යයට කතා කරන්නේ නැහැ. අපි අද වැඩට ආවේ බස් එකේ කියලා. මොකද අපි හැමදාම වැඩට යන්නේ බස් එකේ. ඉතින් මේ ඇමතිවරුන්ට  මේ හෙංචයියන්ට  මාධ්‍ය සංදර්ශන පවත්වන කාලයක් නෙවෙයි මේක. සැබැවින්ම තමන්ගේ කැපවීමක් තියෙනවා නම්, ඒ කැපවීම ඉදිරිපත් කරන්න, පෙන්නන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.

නමුත් රජය අපොහොසත් වෙලා තියෙනවා.මේ තමන්ගේ පැත්තෙන්  කැපකිරීමක් කරලා, රාජ්‍ය  වර්තන වියදම අඩු කරලා, යම් ඉතිරියක් කරගන්න. අපි මේ වෙද්දි දන්නවා ලංකාවේ පුද්ගලයෝ ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් දුප්පත් වෙලා තියෙනවා. හිටපු අයට අමතරව දැන් ලක්ෂ තුනකට (300 000) අධික ප්‍රමාණයක් අලුතෙන් දුප්පත් වෙලා තියෙනවා. .අනිත් පැත්තෙන්  විශාල වශයෙන්  පුද්ගලයෝ  සේවා වියුක්ත වෙනවා. සේවා  වියුක්තිය දැන් තිබුණා වගේ දෙගුණයක් බවට පත්වෙලා තියෙනවා. .

අනිත් පැත්තෙන් මන්ද පෝෂණය අධ්‍යාපනය  කඩාගෙන වැටෙනවා.  හැබැයි මේ වලට ලබාදීලා තියෙන පිළිතුර මොකක්ද කියලා  නම් මේ අයවැය ලේඛනයෙන් නම් හොයාගන්න බෑ.

ආරක්ෂණ වියදම, අධ්‍යාපන සහ සෞඛ්‍යය  වියදම්

දෙදාස් විසි තුන අය වැය ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන හාරසිය දහයක් (410) යෝජනා කරලා තිබෙනවා.. මේ රුපියල් බිලියන හාරසිය දහයෙන් රුපියල් බිලියන තුන්සිය හැටක් (360) වර්තන  වියදම් සඳහා, . ඒක අපි පැත්තකින් තියමු. හැබැයි තවත් රුපියල් බිලියන පනහක් (50) හමුදාවන් සඳහා වන ප්‍රාග්ධන වියදම් ලෙස හඳුනාගෙන තිබෙනවා.. මොකක්ද මේ හමුදාවන් සඳහා වන ප්‍රාග්ධනය.?  අලුතෙන් ආයුධ මිලදී ගැනීම. ගුවන් යානා මිලදී ගැනීම. නැව් මිලදී ගැනීම. දැන් මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ආරක්ෂක වියදම, වශයෙන් ඩොලර්, රුපියල් බිලියන හාරසිය දහයක් වෙන් කිරීම කොයි තරම් සාධාරණද ? අපි සංසන්දනය කරලා බැලුවොත් අධ්‍යාපනය  සඳහා,  ලබාදීලා තියෙන්නේ  රුපියල් බිලියන දෙසිය තිස් තුනක් පමණයි (233).  මෙයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ   වර්තන වියදම් සඳහා රුපියල් බිලියන එකසිය අසූ හතරකුත් (184), ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන හතළිස් අටකුත් (48)  තමයි වෙන්කරලා තියෙන්නේ. දැන් මේ යුද්ධයක් නැති රටේ හමුදාවේ ආයුධ මිලදී ගැනීම් සහ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන පනහක්. කඩා වැටෙන රටේ අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන හතලිස් අටයි. සෞඛ්‍යය  ගත්තහමත් ඒ වගේම තත්වයක් තියෙන්නේ, සෞඛ්‍යය සඳහා වන වියදම  ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන  තුන්සිය විසිදෙකක් (322). සෞඛ්‍යය  සඳහා වන රෝහල් හැදීම් ආදී සෞඛ්‍යය සඳහා වන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන පනස් පහයි (55). එතකොට මෙතන ලොකුම ප්‍රශ්නය මේ වෙලාවේ මොකද මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන පනහක් වෙන්කරලා තියෙනවා. කිසිසේත් අනුමත කරන්න බැරි දෙයක්. කඩා වැටෙන රටක අධ්‍යාපනයට, සෞඛ්‍යයට වඩා මේ අයවැයේ ප්‍රමුඛතාවය ලැබිලා තියෙන්නේ රටේ ආරක්ෂණ වියදම සහ ආරක්ෂණ ප්‍රාග්ධන වියදම වැඩි කිරීමට.

බදු සහ බදු

මේ දෙදාස් විසි තුන අය වැයේ සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය  හැත්තෑ තුනට විසි හතක් (73:27) ලෙස සඳහන් වෙනවා. ඒ කියන්නේ  වක්‍ර බදු සීයට හැත්තැ තුනකුත්, සෘජු බදු සීයට විසි හතකුත් ලෙස තමයි රජය බදු ආදායම  සංතර්පණය කරන්නේ. එතකොට ගිය වසරේ තිබුන සෘජු බදු අනුපාතය  වක්‍ර බදුත් එක්ක ගත්තහම සීයට දහ අටයි සෘජු බදු. නමුත් මේ වෙද්දී විසි හතක් දක්වා වැඩි වෙලා තියනවා.  බැලූ බැල්මට පේනවා මේක හොඳ ප්‍රවණතාවයක් කියලා. මොකද ඍජු බදු වල දායකත්වය බදු ආදායම සඳහා වැඩිවෙලා තිබෙනවා.  නමුත් තවමත් අපේ සෘජු බදු මුළු බදු ආදායමට සියයට විසි හතක එහෙම නැත්නම් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තමයි දායක වෙන්නේ. එතකොට අපි කලිනුත් කතා  කරා  වක්‍ර බද්ද නිතැතින්ම දුෂ්ටයි. එහි අනිසි ප්‍රතිඵල විශාලයි. වක්‍ර බද්ද අනිවාර්යයෙන්ම උද්ධමනකාරී. වක්‍ර බද්ද අනිවාර්යයෙන්ම ආදායම් විෂමතාවය, දුප්පත්කම වැඩි කරනවා. නමුත් අපේ බදු ආදායම සීයට හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක්. හතරෙන් තුනක්ම තවමත් වක්‍ර බදු. මෙවර අනුපාතය වෙනස් වුණත් ප්‍රමාණය, බදු මුළු ප්‍රමාණය වශයෙන් ගත්තහම සෘජු බදු සහ වක්‍ර බදු දෙකම මේ අයවැයෙන් වැඩි කරලා තිබෙනවා.. මේ බදු වලට අමතරව අපිට නොදැනීම තවත් යම් දෙයක් වැඩි වෙනවා. අපි දන්නවා   2022 ගෙනාපු ගැලපුම් අයවැයෙනුත්  නව වැට් බදු අනුපාතයන් වැඩි කරනු ලැබුවා. . ඒ අනුපාතයන් එලෙසම වැඩිවෙලා පවතිද්දී 2023 අයවැයෙන් ඉදිරිපත් කරනවා  අලුත් ගාස්තු සංශෝධනයක්.

රජය තමන්ගේ බදු නොවන ආදායම සීයට විස්සකින් (20%) වැඩි කරගන්න උත්සාහ කරනවා.  අපි දන්නවා රජයේ ආයතන,  එතකොට තෙල් සංස්ථාව මේ ඔක්කොම පාඩු ලබන ආයතන. දැන් මේවා වලින් රජයට ආදායමක් එන්නේ නැහැ. හැබැයි රජය බලාපොරොත්තු වෙනවා බදු නොවන ආදායම සීයට විස්සකින් වැඩි කරගන්න. දැන් කොහොමද මේ රජය බදු නොවන ආදායම වැඩි කරගන්නේ? මේ කරන්නේ ගාස්තු අය කිරීම මගින්. උදාහරණයක් වශයෙන් මේ වෙද්දි අපි තීරුබදු අනුපාතයන් තියෙන්නේ සීයට බින්දුව (0%), සීයට දහය (10%) සහ සීයට පහළව (15%) වශයෙන්. සමහර භාණ්ඩ තීරු බද්ද නිදහස්. ඒවලට සීයට බින්දුවයි. සීයට දහය සහ සීයට පහලව වශයෙන් තමයි අනෙක් භාණ්ඩ සඳහා තීරුබදු තියෙන්නේ. දැන් මේක රජය වෙනස් කරනවා සියයට බින්දුව. ඒ තීරු බද්දෙන් නිදහස් භාණ්ඩ එහෙම තියෙද්දී සියයට දහය අනුපාත සීයට පහළව දක්වාත්, සීයට පහලව අනුපාතය සීයට විස්ස දක්වාත්, සීයට පහකින් වැඩි කරගෙන යනවා. . එතකොට අනිවාර්යෙන්ම මේකෙන් අදහස් වෙනවා  අපි ආනයනික භාණ්ඩ වලට ගෙවන බද්ද ආයෙත් වතා වක් සීයට පහකින් පමණ වැඩිවෙනවා කියන එක. ආයේ වතාවක් උද්ධමනකාරී බලපෑම් ආර්ථිකය මත ඇතිවෙනවා. . මේ වෙද්දි දැනටමත් ව්‍යාපාර ආයතන මත වැට් බදු වැඩි කරලා තිබෙනවා. කලින් වතාවේ අපි  2022 ගැලපුම් අයවැයේ දී ඒක සිද්ධ කළා. එතකොට ඒ සියල්ල මධ්‍යයේ ආයිත් වතාවක් අන්තර් භාණ්ඩ මිල වැඩි වීමට නියමිතයි.

සාමාන්‍යයෙන් මා  ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් සාකච්ඡා වලට ගියහම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කවද්ද මේ  ආර්ථික අර්බුදයෙන් අපි නිදහස් වෙන්නේ කියන ප්‍රශ්නය. ඇත්තටම මේකට තියෙන උත්තරේ තමයි  කිසිම වෙලාවක ආර්ථික අර්බුදයකින් අපි නිකන්ම නිදහස් වෙන්නෑ. රටක ආර්ථික අර්බුදයක් ඇති වෙන්නෙත් යම් හේතු. නිසා. දැන් අපේ රටේ නම් ආර්ථික අර්බුදය ඇති වුණේ හොරකම, වංචාව, දූෂණය, මහා පරිමාණ අනවශ්‍යය යටිතල පහසුකම් වලට, මත්තල වරාය, ගුවන් තොටුපල, නෙළුම් කුලුණු හදලා, හෙන්චයියන්, චක් ගෝලයන් පෝෂණය කරලා  අපේ ආර්ථිකය  බංකොලොත් වුණා. . හැබැයි මේ බංකොලොත් වුණා වගේම දැන් ඒ සඳහා  වන්දිය ගෙවන්න වෙන්නෙත් මේ රටේ මිනිස්සුන්ටම තමයි.

ආර්ථිකය නිකංම ස්වෙච්ඡාවෙන්ම ආයෙ බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ. බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් අපි මේ ණය ස්ථිරසාර මට්ටමට ගේන්න ඕනේ. ඒ ගේන්න නම්  එක පැත්තකින් විදේශ ආදායම් ලැබෙන්න ඕනේ. අනිත් පැත්තෙන් දේශීය වශයෙන් ණය  තිරසාර වෙන්න ඕනේ. එතකොට නිකන්ම ආර්ථිකය හරියන්නේ නැහැ. ඒ සඳහා අපිට ගොඩාක් කැපකිරීම් කරලා බොහොම දුෂ්කර කාලයක්  ගත කරන්න වෙයි.

මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමු වහනයක් ගත්තා කල්බදු (ලිසිං) ක්‍රමයට. දැන් අපි වාරිකය ගෙවාගෙන යනවා. . ඔන්න දැන් අපේ  ආදායම අඩු වෙලා බංකොලොත් භාවයට පත් වෙනවා. දැන් අපි මේ බංකොලොත් වෙලා ඉද්දි අපි ණය වාරිකය ගෙවන එක නවත්තනවා.  අපිට ගෙවා ගන්න බෑ.. හැබැයි මේ වාරිකය අද ගෙවන එක නැවැත්තුවා  නම් හෙට ඔබේ වාහනය අරගෙන යන්නේ නැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.. මේ කාලය පුරා. අපි වාහනය පාවිච්චි කරනවා. හැබැයි අපි වාරිකය ගෙවන්නෙත් නෑ. මේකට තමයි අපි අර සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ කියන්නේ  අපායේ ඉන්ටවල් එක කියලා.  මොකද අපි සාමාන්‍යයෙන් මාසිකව ගෙවන ඩොලර් මිලියන හයසීයක පමණ ණය වාරිකය දැන් ගෙවන් නැහැ . දැන් අපි බංකොලොත් නිසා.  හැබැයි පෝලිම් නැහැ, පෙට්රල් පෝලිම් නැහැ කියලා අපි උදම් අනමින් ඉන්නවා. දැන් මේ යන්නේ අපායේ ඉන්ටවල් එක.  කොයි වෙලාවක හරි අර ආයතනය අපිට විරුද්ධව නඩු පවරලා, වාහනය සීස් කරනවා වගේ, දැන් අපි කොයි වෙලාවක හරි මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ආපහු ගෙවන්න පටන් ගන්න ඕනේ. එහෙම ගෙවන තාක් කල් අපිට ආයේ ණය ගන්න බැහැ. එතකොට මේ ලැබිලා තියෙන්නේ අපායේ ඉන්ටවල් එක. අපි ඒ ගැන උදම් අනනවා නම්, අපි මේ  ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවා කියලා, ඊටත් වඩා මුලා වීමක් තවත් නැහැ.

මේ අයවැය කතාව බැලුවහම, ඉංග්‍රීසි බසින් කරපු අයවැය කතාවේ මං දකිනවා  Expect කියන වචනය එහෙම නැත්තං “අපේක්ෂා කරනවා “ කියන වචනය අවම වශයෙන් දහ අට වතාවක්වත් භාවිත වෙනවා. මේ අය වැය විශාල අපේක්ෂා වලින් සමන්විතයි. අයවැය අපේක්ෂා කරනවා  උද්ධමනය අඩු වෙයි කියලා. අයවැය අපේක්ෂා  කරනවා. පොළී අනුපාතය අඩු වෙයි කියලා.   අයවැය අපේක්ෂා කරනවා. රට බංකොලොත් භාවයෙන් මිදෙයි කියලා..  හැබැයි අපේක්ෂා, නැත්නම් අපි මේ කියන වචන වලින් පමණක් කිසිසේත් ආර්ථිකයක් ගොඩ දාන්න බැහැ. ආර්ථිකයක් ගොඩ දාන්න නම් ඒකට අවශ්‍යය  කැපවීම තියෙන්න ඕනේ. ඒකට අවශ්‍යය  ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒකට අවශ්‍යය  ක්‍රියාමාර්ගයන් ගන්න ඕනේ.  අපි ප්‍රාර්ථනා කරාට කවදාවත් ආර්ථිකයක්  බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ. . අවසාන වශයෙන්  මං අවධාරණය කරන්න කැමතියි මේ ආර්ථිකය, බංකොලොත්භාවයට ගේන්න දායක වෙච්චි ආර්ථික ඝාතකයන්ට විරුද්ධව වර්තමාන රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එහෙම නැත්නම් මේ ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදවන්න මේ රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? රටේ ඉදිරියටත් වංචා, දූෂණ සිදුවෙන එක වළක්වන්න  මේ රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?

2023 අයවැය : බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 1 කොටස

The post 2023 අයවැය: අයවැයෙන් යෝජිත රාජ්‍ය අයෝජන [බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 2 කොටස ] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/2023-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/feed/ 0
2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ] https://vivaranalk.com/2023-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85/ https://vivaranalk.com/2023-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85/#respond Mon, 21 Nov 2022 05:21:03 +0000 https://vivaranalk.com/?p=6443 2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා.  බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ මේ 2023 අයවැය. මීට වසරකට පමණ කලින්, 2022 වර්ෂය සඳහා  අයවැය ඉදිරිපත් කරද්දී අපි ආර්ථික විද්‍යාඥයෝ  හැටියට විවිධ මාධ්‍යය වලට ගිහිල්ලා පෙන්වලා දුන්නා  මේ අයවැය […]

The post 2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ] appeared first on විවරණ.

]]>
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා.  බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ මේ 2023 අයවැය. මීට වසරකට පමණ කලින්, 2022 වර්ෂය සඳහා  අයවැය ඉදිරිපත් කරද්දී අපි ආර්ථික විද්‍යාඥයෝ  හැටියට විවිධ මාධ්‍යය වලට ගිහිල්ලා පෙන්වලා දුන්නා  මේ අයවැය කොච්චර උද්ධමනකාරීද කියන එක. අපි පෙන්වා  දුන්නා  මේ අයවැය මේ විදිහට ගියොත්  රට බංකොලොත් වෙන්න පුළුවන්, රටේ ණය අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා. 2022 වර්ෂයේ මැද භාගය වෙද්දිම ඒ කියපු අනාවැකි සනාථ කරමින් ලංකාව බංකොලොත් භාවයට පත්වුණා.

එතකොට මේ අලුත් අයවැය, එහෙම නැත්නම් 2023 අයවැයේ වැදගත්කම වෙන්නේ මේ අයවැය තීරණය කරනවා, ඉදිරි ලංකාවේ අනාගතය. ලංකාව බංකොලොත් රටක් හැටියට දිගටම පවතිනවද? එහෙම නැත්නම් අපි මේ බංකොලොත් භාවයෙන් මිදෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි දැන් ගන්නා තීරණ අනුව. එතකොට, මේ අය වැය, වඩාත්ම තාක්ෂණික  අයවැයක් වෙන්න ඕනේ. මොකද මේ අය වැය වෙන කවරදාකටත් වඩා අපේ රටේ අනාගතය තීරණය කරන නිසා.

2022Nov22_[1]-crisis

ආර්ථික විද්‍යාඥයෙක් හැටියට  මම දකිනවා  බංකොලොත් රටක අයවැයක ප්‍රධාන අරමුණු තුනක් ඇතුළත් වෙන්න ඕනේ. එකක් තමයි මේ බංකොලොත් භාවය, මූලික වශයෙන්ම, මේ බංකොලොත්භාවයෙන් රට මුදවා ගන්නේ කොහොමද?  කියන ප්‍රශ්නයට විසඳුම් මේ අයවැයෙන් ගේන්න ඕනේ. ඊට පස්සේ මේ අයවැය බලන්න ඕනේ. මේ රටේ හැකිළීමෙන් තිබෙන ආර්ථිකය. මේ හැකිළීම වළක්වා  ගන්නේ කෙසේද? මේ කඩා වැටෙන ව්‍යාපාර කඩා වැටෙන එක වළක්ව ගන්නේ කොහොමද? එහෙම නැත්නම් රට අතහැරලා යන ආයෝජකයෝ  රටේ රඳවා ගන්නේ කොහොමද කියලා. . අඩුම ගානේ ආර්ථිකය සංකෝචනය වීම නවත්වා ගන්න අපි උත්සහ කරන්න ඕනේ. තුන්වෙනියට ආර්ථික  අවපාතයක් එක්ක ලැබෙන ඊළඟ දේ තමයි ජන ජීවිතය අඩාල වීම. ජන ජීවිතයේ අධ්‍යාපන  සහ සෞඛ්‍යය මන්දපෝෂණය ඇතුළු සෞඛ්‍යය වගේ ප්‍රශ්න ඇතිවීම. මේවල ප්‍රතිඵල අද හෙට දකින්න ලැබෙන්නෑ. අධ්‍යාපනය  කඩා වැටීමේ ප්‍රතිඵල දකින්න. තව අවුරුදු දහයක් පහළොවක් යනවා. මන්දපෝෂණයේ ප්‍රතිඵල දකින්න තව අවුරුදු පහක්, දහයක් යනවා. එතකොට නිසි පිළිතුරු දුන් නැත්නම් සිද්ධ වෙන්න අර 1980 දශකයේ ඉතියෝපියාවේ උනා වගේ වෙන්න. ඔළුව ලොකු, ඇග කෙට්ටු මන්දපෝෂණයෙන් පෙලෙන ලාංකීය දරුවෝ  විදෙස් මාධ්‍ය වල පෙන්නයි, මෙන්න ලංකාවේ තත්වය කියල. ඉතින් මේ ප්‍රධාන කාරණාවලට අයවැය අනිවාර්යෙන්  අවධානය යොමු කරන්න ඕනේ.

මොන ආයෝජකයාද බංකොලොත් රටක ආයෝජනය කරන්නේ?          

අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියනවා  ජාත්‍යන්තර වෙළදාමේ 100% වර්ධනයක් ඔහු අපේක්ෂා කරනවා.  ඉදිරි වසර දහය තුළ. ඔහු අපේක්ෂා කරනවා  වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන තුනක වර්ධනයක් සිදු වෙයි කියලා ජාත්‍යන්තර වෙළඳාමේ. ඒ වගේම මේක වසර දහයක් පුරා  මෙලෙස පවතී. ඒ වගේම වර්ෂයකට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක  සෘජු විදේශ ආයෝජන ලංකාවට ගලා එයි කියලා  ජනාධිපතිවරයා  අපේක්ෂා කරනවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙයිද?

ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොන ආයෝජකයාද බංකොලොත් රටක ආයෝජනය කරන්නේ?  අනිත් ප්‍රශ්නේ තමයි ලංකාව “හොඳටම” නරක පූර්වාදර්ශයක් දුන්න රටක්. අර කුප්‍රකට  මිස්ටර් ටෙන් පර්සන්ට් ගේ කාලය. ලංකාව ගැන ජාත්‍යන්තරයේ තියෙන ප්‍රතිරූපය ගැන අලුතින් කියන්න ඕන නෑ.

ඉතින් මේ වගේ අවස්ථාවක, බංකොලොත් රටක, මේ තරම් දූෂිත රටක කුමන ආයෝජකයාද, ඩොලර් බිලියන තුනක් ආයෝජනය කරන්න උත්සාහ කරන්නේ.? ඒ වගේම ජනාධිපතිවරයා  අපේක්ෂා  කරනවා සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 100%  ප්‍රමාණයට වඩා,  ඉදිරි වසර කිහිපය තුළදී අඩු කර සීයට අටක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්නත්. මේවා  තමයි මූලික වශයෙන්ම  අය වැය ඉදිරිපත් කරමින්  ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.

අපි පිළිගන්න ඕනේ මේ වෙලාවේ අයවැය  මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙනවා   IMF ණය සඳහා  අවශ්‍යය  වටපිටාව සකස් කරලා දෙන එක. මොකද IMF  ණය ලබාගන්න නම් ඔවුන් කියන උපමානයන්ට අපි එකඟ වෙන්න ඕනේ. මේ අයවැයෙන් අපි දකින ප්‍රධානම ලක්ෂණය  තමයි මේ IMF එක කියන දේවල්, IMF එක කරන්න කියලා  යෝජනා කරන දේවල් කිරීමට උත්සාහ කිරීම. ඒ වගේම මේ අය වැය සමහර හොඳ කාරණා  කිහිපයක් කතා  කරනවා. එකක් තමයි මේ බදු කළමනාකරණයට වෙන ආයතනයක් පිහිටවන්න උත්සාහ කරනවා. වයස දහඅටට වැඩි සෑම කෙනාටම බදු ලිපිගොනු විවෘත කරන්න උත්සාහ කරනවා. මේ බදු අනුකූලතාවය වැඩි කිරීමට උත්සාහ කරනවා. මේවා  ඔක්කොම හොඳ කතන්දර. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ  මීට කලින් අය වැය වලදී පවා  අපි අරමුණු රාශියක් ගේනවා. හැබැයි කවදාවත් මේවා ක්‍රියාවට නැංවුණේ නෑ..  

ආදායම හා  රාජ්‍ය  වියදම

2023 අය වැය අපේක්ෂා කරන මූලික ආදායම වන්නේ රුපියල් බිලියන තුන්දහස් හාරසිය පහළොවක් (3415). මේක තමයි  මේ වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම. වියදම වශයෙන් හඳුනාගෙන තිබෙනවා රුපියල් බිලියන පන්දාස් අටසිය දහනවයක් (5819). හැබැයි මේ රුපියල් බිලියන පන්දාස් අටසිය දහනමය ඇතුලත රජය විසින් යළි ගෙවිය යුතු රුපියල් බිලියන 3800  ක  භාණ්ඩාගාර බැඳුම්කර වල වටිනාකම ඇතුළත් වෙලා නැහැ. . නමුත් මේක ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල ලංකාවේ ණය ව්‍යුහය ගැන බලද්දී අනිවාර්යෙන්ම මේ බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන තුන්දහස් අටසීය ඇතුළත් කරනවා.  ඒ නිසා අපි සත්‍යය වශයෙන්ම ගෙවිය යුතු  ණය ප්‍රමාණය රුපියල් බිලියන  දහදාහ ඉක්මවනවා. . ඒ කියන්නේ මේක රුපියල් වලින් ගත්තොත් රුපියල් ට්‍රිලියන දහයක ප්‍රමාණයක්. මෙතන ගැටලුව තියෙන්නේ. අපේ ආදායමත් එක්ක සලකා  බැලුවහම, මේ අයවැය හොයන සෑම රුපියලක් සඳහාම රුපියල් තුනකට වඩා වැඩි වියදමක් මේ අයවැයේ තිබෙනවා. ගැටලුව වෙන්නේ මේ වියදම් ප්‍රමාණය මේ ආදායමෙන්  පියවගන්න පුලුවන්ද?

අපේක්ෂිත බදු ආදායම

ඊළඟ ප්‍රශ්නේ තමයි අපේක්ෂිත බදු ආදායම පහුගිය වසරට සාපේක්ෂව සීඝ්‍ර  ලෙස වැඩි කරලා තියෙනවා.. බදු වලින් ලබාගන්න උත්සාහ කරන මුළු ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන තුන්දාස් එකසිය තිහක් (3130). 2023 වර්ෂය සඳහා. එයින්  රුපියල් බිලියන නමසිය පහළොවක් ආදායම් බදු වශයෙන්ද ඉතිරි රුපියල්  බිලියන එක්දහස් හත්සිය හැට තුන  බදු වශයෙන්ද ලබා ගැනීමට උත්සාහ කරනවා.  ආයෙත් මෙතන අපිට දකින්න ලැබෙනවා  අර පෙර ප්‍රශ්නයම. ආදායම් බදු, එහෙම නැත්නම් සෘජු බදු වලට වඩා  වක්‍ර බදු වලට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. අපි පෙර කාලයේ ඉතා  හොඳින් දැක්කා. වක්‍ර බදු  වැඩිවන හැම විටකම ඒක රටේ උද්ධමනය වැඩි කිරීමට හේතු වෙනවා. ඒ වගේම ආදායම් විෂමතාවය වැඩි කිරීමට හේතු වෙනවා. මොකද වක්‍ර බදු ගෙවද්දී අඩු ආදායමක් ලබන කෙනා  තමන්ගේ ආදායමට සාපේක්ෂව විශාල බද්දක් ගෙවනවා. වැඩි ආදායමක් ලබන කෙනා  තමන්ගේ ආදායමට සාපේක්ෂව ගෙවන්නේ කුඩා බද්දක්. ඒ නිසා වක්‍ර බදු නිතැතින්ම  ආදායම් විෂමතාවය සහ දුප්පත්කම වැඩි කිරීමට හේතු වෙනවා.  මෙවර අයවැයෙනුත්, රජයේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් සංයුක්ත වෙන්නේ, වක්‍රබදු වලින්.

රාජ්‍ය මුලනය අවශ්‍යතාවය (Gross Financing Need – GFN)

අනිත් ප්‍රශ්නේ තමයි රාජ්‍ය මුල්‍යනය අවශ්‍යතාවය. එහෙම නැත්නම් Gross Financing Need කියන එක.

අපි බලනවා. රජයේ මුළු  මූල්‍යමය  අවශ්‍යතාවය දළ ජාතික නිෂ්පාදනයෙන් කොච්චරක්ද කියන එක. මේක මේ වෙනකොට 2023 අයවැය  අනුව  මේ GFN  අගය 28% පමණ වෙනවා. . හැබැයි ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ සංරචකයන්ට අනුව එය අවම වශයෙන් සීයට පහලවක (15%) මට්ටමක පවතින්න ඕන. එතකොට  අපිට මේ 28% ප්‍රමාණයත් සමග අපිට කීයටවත් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුමකට යන්න  හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවශ්‍යය  ප්‍රමාණයට වඩා  දෙගුණයකින් පැවතීම නිසා. රජයට සිද්ධ වෙනවා  අනිවාර්යෙන්ම  වියදම් අඩු කරලා මේ GFN අගය සීයට පහළවේ මට්ටමේ පවත්වාගෙන යාමට.

ආදායම් සහ වියදම් ප්‍රමාණයන් ප්‍රායෝගිකද?

ඊළඟ ගැටලුව තමයි  මේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ප්‍රායෝගිකද කියන එක. මොකද අපි 2022 අයවැයේදී  ආදායම් අපේක්ෂා  කරා  රුපියල් බිලියන දෙදාස් පන්සීයක් (2500). හැබැයි ඇත්තටම ඒ ප්‍රමාණය ලැබුන් නැහැ. කොහොමද මේ ආදායම මේ රජය ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ.? අපි අයවැය  පත්‍රිකාව දෙස බැලුවොත්  හැමවෙලාවෙම බදු පැනවීම තුළින් තමයි මේ ආදායම ලබා ගැනීමට උත්සාහ කරන්නේ. මේක වක්‍ර බදු, සෘජු බදු අනෙක් පැත්තෙන් ගාස්තු අය කිරීම ආදී ක්‍රමවේදයන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එක අතකින් පුද්ගලයන් සහ ව්‍යාපාර විශාල බද්දක් ගෙවන්න ඕනේ. ඔවුන් සෘජු බද්දක් ගෙවන්න ඕනේ. ළඟදි  අපි 2022 අය වැය සංශෝධනයේදී විශාල සෘජු බදු  අගයන් ලබා දුන්නා. දැන් විශාල වශයෙන් වක්‍ර බදු ගෙවනවා. ඊට අමතරව ගාස්තු ගෙවීම් වැඩි කරලා තියෙනවා. ඒ සියල්ලටම අමතරව උද්ධමනය විසින් පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය, එහෙම නැත්නම් පුද්ගලයන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු කරමින් යනවා. . එතකොට මේ වගේ තත්වයක් තමයි රටේ දැන් ඇතිවෙලා තියෙන්නේ.  රජය බලාපොරොත්තු වෙනවා  අලුතින්  Surcharge Tax එකක් පැනවීමට. පෙට්රල් සහ ඩීසල් රුපියල් විසිපහකින් සහ පහළවකින් පමණ  යළිත් වටයකින් ගණන් වැඩි වෙයි. අපි දන්නවා පෙට්රල් සහ ඩීසල් ගණන් වැඩි වෙච්චහම ඒක කෙලින්ම ප්‍රවාහන වියදම වැඩි කරන්න හේතු වෙනවා. ඊට පස්සේ විදුලිය වියදම වැඩි කෙරෙනවා. ආයෙත් වතාවක් මුළු රටේම උද්ධමනය වැඩි කරන්න හේතු වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීම.

සංකෝචනය වෙන ආර්ථිකය

අපි දන්නවා. රටේ ඩීසල් පරිභෝජනය සියයට පනහකින් (50%) මේ වෙද්දි පහළ ගිහිල්ලා. ඒ වගේම රටේ ගෑස් පරිභෝජනය සියයට විසි පහකින් (25%) පහළ ගිහිල්ලා. දැන් මේ වෙලා තියෙන්නේ මොකක්ද? මේ අපි මේ ඉතුරු කරන හින්දද මෙහෙම පරිභෝජනය පහළ ගිහිල්ලා තියෙන්නේ? මේ පරිභෝජනය පහළ ගිහිල්ලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා. ව්‍යාපාර වැහිලා යනවා.  පුද්ගලයෝ රට හැර යනවා. ව්‍යාපාර රට හැරලා යනවා. බංකොලොත් වෙනවා. ඒ නිසා මේ ආර්ථිකය හැකිලෙමින් පවතින නිසා තමයි, මේ ආර්ථිකය දුවන්න අවශ්‍ය  ඉන්ධන සහ විදුලි බලය අවශ්‍යතාවය අඩු වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක තවත් වතාවකින් විදුලි බිල, පෙට්රල් මිල වැඩි උනොත් අනිවාර්යෙන්ම තවත් වටයකින් මේ ආර්ථිකය සංකෝචනය වෙනවා. .

2022Nov23_[1]_GDP

පොලී අනුපාතය

දැන් අපි දන්නවා මේ වෙද්දි බැංකුවෙන් ණයක් ගත්තොත් සීයට විසිපහක වගේ පොලී අනුපාතයක් බැංකු අය කරනවා. ගන්න මුදල වගේ හතරෙන් එකක් පොලිය. ඊට පස්සේ  භාණ්ඩාගාර බැඳුම්කර වල පොලිය සියයට තිස් තුනක් (33%) විතර. ඒ කියන්නේ මුළු වටිනාකමින් තුනෙන් එකක් විතර පොළී වශයෙන් ගෙවනවා. ඔබ රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ හෙන්චයියෙක් නෙවෙයි නම් ඔබට බාර් එකක් නැත්නම්, ඔබට ස්කාගාරයක් නැත්නම්, ඔබ කුඩු විකුණන්නේ නැත්නම් සියයට විසිපහක පොලියට ණයට අරගෙන ඔබට කරලා ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා මම අහනවා. මා  දන්නා තරමින්, සියයට විසිපහක පොලියට ණයට අරන් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නම් ලේසියෙන් හම්බවෙන්නේ නැහැ. එහෙම ව්‍යාපාරයක් කරන්න නම්, එක්කෝ  ඔබ අර මම කලින් කිව්වා වගේ,  ඔය සමහර අපේ රටේ ඉන්නවා කියන සමහර ව්‍යාපාරිකයන් වගේ ඔවුන් ලූණු ගේද්දී ලූණුවල බද්ද අඩු කරලා, ළූණු ගෙනාවට පස්සේ බද්ද වැඩි කරලා . ඒ විදිහට ඔබ ප්‍රබල දේශපාලකයකුගේ ගජමිතුරෙක් හරි, හෙන්චයියෙක් හරි නොවේ නම්, ඔබට කීයටවත් මේ සීයට විසිපහේ පොලියට ව්‍යාපාර කරලා ලාභ ලබන්න බැහැ.

2023 අයවැය: අයවැයෙන් යෝජිත රාජ්‍ය අයෝජන [බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 2 කොටස ]

The post 2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/2023-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85/feed/ 0
පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8/#respond Thu, 30 Jun 2022 07:27:23 +0000 https://vivaranalk.com/?p=5016 2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව, උද්ධමනය වැඩි වෙමින් පවතිනව,  රට තුල ආර්ථික අර්බුදයක සේයාවන් ඇති වෙමින් පවතින අවස්ථාවක තමයි 2022 අයවැය කරලියට පැමිණෙන්නේ. මෙම අයවැය ගෙනෙන්න පළමුවම දැනුම් දුන්නා මෙම අයවැය ආර්ථික අර්බුදය ඉලක්ක කර ගත්ත […]

The post පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය.. appeared first on විවරණ.

]]>
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව, උද්ධමනය වැඩි වෙමින් පවතිනව,  රට තුල ආර්ථික අර්බුදයක සේයාවන් ඇති වෙමින් පවතින අවස්ථාවක තමයි 2022 අයවැය කරලියට පැමිණෙන්නේ. මෙම අයවැය ගෙනෙන්න පළමුවම දැනුම් දුන්නා මෙම අයවැය ආර්ථික අර්බුදය ඉලක්ක කර ගත්ත අයවැයක්  බව. එම නිසා යම් යම් සහනදායී දේවල් අඩු බවක්, ඒ වගේම විද්‍යාත්මක ව මේ අර්බුදයට මුහුණ දෙන්න හදපු අයවැයක් කියන කතන්දරය තමයි අපිට අහන්න ලැබුනේ. ඉන් පසුව හිටපු මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කලා, මෙම අය වැය පිළිබදව කෙටියෙන් විශ්ලේෂණය කිරීමේදී,  සොයා බැලිය යුතු කරුණක් තමයි,  මේ අයවැය කොහොමද මේ ආර්ථික අර්බුදයට විද්‍යාත්මකව විසදුම් ලබාදුන්නේද  කියන කරුණ. 

2022 විද්‍යාත්මක අයවැය

මේ අයවැයෙහි ප්‍රධානම ලක්ෂණ කිහිපයක් තිබෙනවා, මේ වෙද්දි රට දැඩි උද්ධමනකාරි තත්ත්වයක ආරම්භයේ තමයි තිබුනේ. රජය ගෙන ගියපු නොයෙකුත් ප්‍රතිපත්ති නිසා, බදු ප්‍රතිපත්තිය, පොළිය විද්‍යාත්මක නොවන ආකාරයට අඩු කිරීම නිසා රටතුල උද්ධමනකාරි තත්ත්වය ඇති වෙමින් තිබුනේ. එහෙම අවස්ථාවක තමයි 2022 අය වැය ගේන්නේ. මෙම අයවැයේ තිබුණු අහිතකර ලක්ෂණ විශාල ප්‍රමාණයක්.

2022June30[2]_budget

එකක් තමයි මෙම අයවැය මගින් වැට් බද්ධ වැඩි කිරීම. දැනටමත් භාණ්ඩ හා සේවා වල මිල ඉහල යමින් පවතින අවස්ථාවක, ආයෙත් වක්‍ර බද්දක් ලෙස වැට් බද්ධ ඉදිරිපත් කළා. වැට් බද්දේ තිබෙන ගැටලුව තමයි මේක එකතු කල අගය මත ඇතිවන බද්දක්. මේ බද්ද භාණඩ හා සේවා වලට එකතු වෙනවා, එතකොට මේ භාණ්ඩයේ මිල ඉහල යනවා. නමුත් මුදල් ඇමතිවරයා අයවැය ප්‍රකාශයේදි සදහන් කලා  පාරිභෝගිකයා මත විතැන් කල නොහැකි වැට් බද්දක් පනවනව කියලා. අපි දන්නා  ආර්ථික විද්‍යාවේ වැට් බද්දක් පාරිභෝගිකයාට විතැන් කල නොහැකි  ලෙස පනවන්න බැහැ. එහි භාණ්ඩ හා සේවා වල මිලට එය එකතු වෙනවා. එවිට භාණ්ඩ හා සේවා වල මිල ඉහල යනවා. එය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට දැරීමට සිදුවෙනවා. එහිදී 18% වැට් බද්දක් ඉදිරිපත් කලා. එමගින් නැවතත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට හේතු වුනා. තවත් 2.5% ක අධිභාර බද්දක් පැනවුවා. එම අධිභාර බද්ද පැනවුවේත් පිරිවැටුම තුල. එම බදු ප්‍රමාණයත් භාණ්ඩ හා සේවාවල මිලට එකතු වෙනවා. රුපියල් මිලියන 2000 ඉක්මවා යන ආයතන සදහා එක් වරක් පමණක් ගෙවන 25% අධිභාර බද්දක් පැනවීම. මේ වෙද්දි කොරෝනා ගැටළුවලින් බැට කාලා දුර්වල වෙලා තිබුනු බැංකු, මූල්‍ය ආයතන, ජාත්‍යන්තරව කටයුතු කරන ආයතනවලට මරු පහරක් එල්ල වුනා. ඒ තුලින්. එවැනි බද්දක් නැවත පැනවීම මගින් ආයතන තුල ශක්තිමත්භාවය හීනවී එම ආයතන නැවත වතාවක් දුර්වල තත්ත්වයට පත්වෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තරව කටයුතු කරන මූල්‍ය ආයතනවලට, ජාත්‍යන්තර රෙගුලාසි අනුව කටයුතු කරන්න සිදු වෙනවා. මෙවැනි බදු පැනවීම තුලින් ඔවුන්ගේ වත්කම්, වගකීම් අනුපාතයන් වෙනස් වෙලා ඒවා අහිතකර ලෙස බලපාලා එම ආයතන තවත් දුර්වල වීමක් සිදුවෙනවා.

බදු පැනවීමේ විහිළු

ඊට අමතරව මෙම බද්දේ යම් විහිළු සහගත කරුණු ඉදිරිපත් වුනා.  ඒ තමයි මෝටර් රථ අනතුරුවල දී, අනතුරු සිදුවන පාර්ශවයන්ට අනතුර සිදු කරන පාර්ශවයෙන් යම් දඩයක් පැනවීම. එය රක්ෂණ ආයතනය මගින් ගෙවනවා කියල තමයි යෝජනා කලේ. මේක විහිළු සහගත කාරණාවක්, මෙහි අරමුණ වෙලා තිබුනේ අනතුරු අඩු කරගන්න. කවුරුත් වාහනයක් එලවන්නේ අනතුරු ඇති කරගන්න නෙවෙයි. නමුත් අපි හැමෝම දන්නවා අනතුරක් සිදු වුනහම දඩයක් ගෙවන්න වෙනවා කියන එක,  විශේෂයෙන්ම මේ දඩය ගෙවන්නේ රක්ෂණ ආයතන. රක්ෂණ ආයතන කරන්නේ ඔවුන්ට ගෙවන්න සිදුවන ප්‍රමාණය ඔවුන් දළ වශයෙන් දන්නවා කොපමණ අනතුරු ප්‍රමාණයක් රට තුල සිදුවෙනවාද කියන එක. ඔවුන් කරන්නේ වක්‍රාකාරව එම මුදල ලබා ගන්නව. එවිට රක්ෂණ වාරිකය ඉහල යනවා. මෙහිදි අපිට පෙනෙනවා, අයවැය තුලින්  බොහෝ උද්ධමනකාරි තත්ත්වයක ඇති කරපු බව . රටේ දැනටමත් උද්ධමනයක් පවතිනවා. පීඩාකාරි තත්ත්වයක් රටේ ආර්ථිකය තුල පවතිනවා. මේ අයවැයේ ගෙන ආපු අමනෝඥ ප්‍රතිපත්ති, විහිළු සහගත ප්‍රතිපත්ති මෙම උද්දමනය තව තවත් ත්‍රීවෘර කරල තිබෙන බව අපි දන්නවා.

මෙම අයවැයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් තිබුනා. එනම් ප්‍රාදේශීය සංවර්ධනයට මුදල් වෙන් කිරීම. එක් වසමකට රුපියල් මිලියන 3 බැගින් එනම් ලක්ෂ 30 බැගින්,  රුපියල් මිලියන 42063 ක් ලබා දිලා තිබුනා සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකටම. එතකොට මොනවද මේවයින් සිදු කරනු ලබන ව්‍යාපෘති? මේවායින් සිදුවන්නේ ග්‍රාමීය වශයෙන් කොන්ත්‍රාත්කරුවන් සතුටු කරමින් ඔවුන්ට කොන්ත්‍රාත් ලබා දීමටත් ජොගින් ට්‍රැක්ස් හැදීම, කැඩීම සහ  යලි කැඩිම සැදීම වැනි කටයුතු සදහා තමයි මේ මුදල් වෙන් කරල තිබුනේ.

දේශපාලිනිකව සංවර්ධනය මුදල් වෙන්කරීම

ඉන් පස්සේ පළාත් පාලන කොට්ඨාශවලට, ලංකාවේ තිබෙනවා පලාත් පාලන කොටඨාශ 4917 ක් පමණ. මේ සෑම කොට්ඨාශයකටම ලක්ෂ රුපියල් මිලියන 4 බැගින් , රුපියල් මිලියන 19668 ක් පළාත් පාලන කොට්ඨාශවලට වෙන් කරල තිබුනා. ඉන් පසුව මන්ත්‍රිවරුන්ගේ ලක්ෂ 100 ක් වු විමධ්‍යගත අයවැය   තවත් මිලියන 5 කින් එනම් ලක්ෂ 50 කින්  වැඩි කරල තිබුනා. මන්ත්‍රීවරුන් 225 දෙනාටම රුපියල් මිලියන 5 බැගින් අමතර රුපියල් මිලියන 3374 ක් වෙන් කරල තිබුනා. ඊට අමතරව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 25 ම ආවරණය වන පරිදි,  තවත් රුපියල් මිලියන 19864 ක් වෙන් කරල තිබුනා. මෙය සදහන්  කලේ මූලික වශයෙන් වෙන් කරපු මුදල් ප්‍රමාණයන්. ඊට අමතරව ගම සමග පිළිසදර වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 85000 ක් ආදි වශයෙන් අයවැයෙන් යෝජනා කරල තිබුනා. එතකොට මෙසේ බලනකල ග්‍රාමසේවා කොට්ඨාශ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, පළාත් පාලන ආයතන කොට්ඨාශ ආශ්‍රිතව සහ මැතිවරණ කොට්ඨාශ වශයෙන් ආයතන හතරකට, එකම භූමියක,  ලක්ෂයක් මත ස්ථර හතරකින් ප්‍රාදේශීය සංවර්ධනයට කියල මුදල් වෙන් කරල තිබෙනවා. මොනවද මේ විශාල මුදල් කන්දරාව රුපියල් මිලියන 80000 ක් 90000 ක් පමණ මුදලක් වෙන් කරල තිබෙන ප්‍රාදේශිය සංවර්ධනයට. මොනවද ප්‍රාදේශිය සංවර්ධනය කියල කරන්නේ, ආයෙත් ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් සතුටු කරමින්, ප්‍රාදේශිය ඡන්ද පදනම රැක ගන්න සිදු කරන වියදම්. බෝක්කු, ජොගින් ට්‍රැක්ස්, වැනි දේවල් ඒවා කඩල නැවත හදල කරන වියදම් පමණයි.

මෙවැනි විද්‍යාත්මක අයවැයක් තමයි 2022 වර්ෂයට අපිට ලැබුනේ. මේ අයවැය එහෙම පිටින්ම අසමත් අයවැයක්. මේ අයවැය ආර්ථික අයවැයට විසදුම් සොයන්න අසමත් වෙලා තිබෙනවා. මේ අයවැය මුළුමනින් ම  උද්ධමනකාරී අයවැයක්. උද්ධමනකාරි තත්ත්වය ත්‍රීව්ර කරන,  අතිශ්‍යයින්ම අසාර්ථක අයවැයක්. අයවැය නිසා මුහුණ දෙමින් සිටිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කිසිසේත්ම අනුබල නොදෙන අතර, මේ අයවැය අනිවාර්යයෙන්ම තිබුණ තත්ත්වය ත්‍රීවුර කලා.

ඉතින් අද ඔබ මේ ගෑස් පෝලිම්වල, තෙල්පොලීම් වල ඉන්නේ, විදුලි කප්පාදුව නිසා දුක්විදින්නේ, අහස උසට යන ජිවන වියදම නිසා දරුවට කිරි පිටි ටිකක් දෙන්න බැරුව ඉන්නේ ඔබ පත්කරගත් පාලකයන් හොරකම්, වංචා,දුෂණ සිදුකළ නිසාම නෙවෙයි. ඔවුන වැදගත් වුයේ ඔබෙත් ඔබේ දරුවාගේත් හෙට දවස ශක්තිමත් කරන්න නෙවෙයි, ඔවුන්ගේ බලය ශක්තිමත් කරගන්න ඕනේ වූන නිසයි. මේසා ආර්ථික අවපාතයක් අබියසදී ඔවුනට අවශ්‍ය වුයේ ඔවුන්ගේ ප්‍රාදේශීය හෙන්චයියන් සන්තෝෂ කරන්න. ඔවුන්ට කොන්ත්‍රාත් ලබාදෙන්න. ඊලග ඡන්දේ ඉලක්ක කරගත්ත දේශපාලන ආර්ථිකය ක්‍රියාවේ යොදවන්න. ඉතින් අද ඔබ පෝලිම් වල දුක්විදින්නේ මෙන්න මේ නිසා.

The post පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8/feed/ 0
පරිහානියේ මාර්ග සිතියම : අමනෝන්‍ය මුල්‍ය ප්‍රතිපත්ති – [2 කොටස] https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85-2/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85-2/#respond Fri, 20 May 2022 19:28:37 +0000 https://vivaranalk.com/?p=4665 පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක. ඒ වගේම බැංකු පොලිය අඩු කෙරුවම ජපානය වැනි ආයෝජන හිතකර ආර්ථිකයන්හි සිදුවෙනවා වගේ ලංකාවේ ආයෝජන වැඩි වෙන්නේ නැහැ. පුද්ගලයින් බැංකුවේ මුදල් තියන්නේ නැහැ ඉතා අඩු පොළියක් ලැබෙන නිසා. ඒවා වෙනත් වත්කම් වල ආයෝජනය කරනවා.අපේ රටේ පුද්ගලයින් අත තිබෙන අතිරික්ත […]

The post පරිහානියේ මාර්ග සිතියම : අමනෝන්‍ය මුල්‍ය ප්‍රතිපත්ති – [2 කොටස] appeared first on විවරණ.

]]>
පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක. ඒ වගේම බැංකු පොලිය අඩු කෙරුවම ජපානය වැනි ආයෝජන හිතකර ආර්ථිකයන්හි සිදුවෙනවා වගේ ලංකාවේ ආයෝජන වැඩි වෙන්නේ නැහැ. පුද්ගලයින් බැංකුවේ මුදල් තියන්නේ නැහැ ඉතා අඩු පොළියක් ලැබෙන නිසා. ඒවා වෙනත් වත්කම් වල ආයෝජනය කරනවා.අපේ රටේ පුද්ගලයින් අත තිබෙන අතිරික්ත මුදල්  බැංකුවේ තැන්පත් කරනවා වෙනුවට වෙනත් වත්කම් මිලදී ගැනීමට පෙළඹෙනවා. පුද්ගලයින් බැංකුවේ මුදල් නොතබා වත්කම්වල ආයෝජනය  කිරිමට උත්සාහ කිරීම නිසා ඉඩ කඩම් ගේදොර යාන වාහන අධික මිල ගණන්  වලට විකිණෙනවා. එහෙමත් නොමැති නම් ගෙයක් හදනවා වැනි දේ සිදු කරනවා. දැන් පවතින උද්ධමනයේ ආරම්භක පියවර තමයි එදා පවතින රජයෙන් බැංකු පොලිය අඩු කිරිමෙන් සිදුවුනේ.

මුදල් අතිරික්තයක් තිබෙන පුද්ගලයින් ව්‍යාපාර නොවන ආයෝජනවලට යොමුවෙන නිසා එමගින් භාණ්ඩ හා සේවා මිල ඉහල යනවා. මේක විද්‍යාත්මකව ගත්ත තීරණයක් නොවන නිසා   බැංකුවලට ලැබෙන මුදල් අඩුවෙනවා. බැංකුවල ද්‍රවශීලතාවය  අඩුවෙනවා. ආර්ථිකයේ අනපේක්ෂිත සංකූලතා ඇතිවෙනවා.  මේක කොහොමද බලපාන්නේ සමස්ථ ආර්ථිකයට?. රජයේ වියදම්  සදහා මහ බැංකුවට මුදල් ලැබෙන  ලැබෙන එක ක්‍රමයක් තමයි භාණ්ඩාගාර බිල්පත් මගින් බැංකුවලින් මුදල් ලබාගැනීම. බැංකුවලින් මුදල් ලබා ගන්න බැරි නම් මහ බැංකුවට තිබෙන එකම විසදුම තමයි රජයේ වියදම් සදහා මුදල් මුද්‍රණය කිරීම. ඒක තමයි අපේ මහ බැංකුව පසුගිය කාලේ දිගින් දිගටම සිදු කලේ. බැංකුවල මුදල් නැහැ. පුද්ගලයින් මුදල් බැංකුවේ තැන්පත් කරන්නේ නැහැ පොලිය අඩු නිසා. රජයේ වියදම් පියවගන්න බැංකුවලින් මුදල් ලබා ගන්න නොහැකි නිසා මහ බැංකුව මුදල් මුද්‍රණය කරනවා.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙන හෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි නොවන අවස්ථාවක තමයි මහ බැංකුව දිගින් දිගටම මෙම මුද්‍රණය කරන්නේ. එවිට සිදුවන දේ තමයි මෙම මුදල් රජයේ වියදම් හරහා ආර්ථිකයට මුදා හැරියම විශාල මුදල් ප්‍රමාණයක් කුඩා භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පසුපස හඹා යනවා. ආර්ථික විද්‍යාවේ  ඒකට ඉංග්‍රීසි භාෂවෙන් කියනවා Too much money chasing few goods කියලා. මෙහිදි අනිවාර්යයෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහල යනවා. ඒක කෙසේවත් නවත්වන්න බැහැ. ඒක තමයි අද මේ අපි දකින උද්ධමනය. ජාත්‍යන්තර පර්යේෂණ ආයතන කියනවා ලංකාවේ උද්දමනය 119% කියලා. මෙම උද්දමනය ඇති වෙන්න මූලික පදනම වුනේ එදා රජය ගත්ත පදනම් විරහිත පොළිය අඩු කිරීමේ ක්‍රියා මාර්ග. ඒකට වක්‍ර ආකාරයෙන් දායක වෙලා තිබෙනවා බදු ප්‍රතිපත්තිය. මෙම බදු ප්‍රතිපත්තිය නිසා රජයට ලැබුනු මුදල් ප්‍රමාණය අඩු වුනා. බැංකුවල මුදල් නැති වුනා.ඒක පියව ගන්න මහ බැංකුව රජයට මුදල් ලබා දීම සදහා මුදල් මුද්‍රණය කලා.

2022may21[3]_monitory-_theory

මේ සියල්ල සිදුවෙද්දි  ආර්ථික විද්‍යාඥයින් වශයෙන් විටින් විට මාධ්‍ය හරහා, රූපවාහිනී මාධ්‍ය හරහා පුවත් මාධ්‍ය හරහා රජයට පෙන්නුම් කරල දුන්නා මුදල් මුද්‍රණය කලොත් සිදු වෙන දේ පිළිබදව. දිගින් දිගටම මුදල් මුද්‍රණය කරද්දි රජය මේක සාධාරණිකරණය කලා. සමහරු කියනවා මුදල් මුද්‍රණයත් උද්ධමනයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ සමගම ඔවුන් න්‍යායක් ගෙන එනවා මේ සදහා, මොකක්ද මේ න්‍යාය “Modern monitory  theory”. මේවා ආර්ථික විද්‍යාවෙන්වත් වෙනත් මොනයම් විද්‍යාවකින්වත් පර්යේෂණ කරලා පිළිගත්ත න්‍යායන් නෙමෙයි. මේවා සංකල්පයන්, තවම මේවා මතවාදයන්.  මේ “Modern  monitory  theory ” එකෙන් කියන්නේ, ජාත්‍යන්තර වශයෙන් සක්‍රීය වු මුදල් ඒකකයන් සදහා තාවකාලිකව උද්ධමනය ඇති නොවී මුදල් මුද්‍රණයක් ඇති කරන්න පුලුවන් කියන එකයි. මේ ජාත්‍යන්තරව සක්‍රීය මුදල් වර්ග තමයි  ඇමරිකානු ඩොලරය, ජපාන යෙන් එක, ඕස්ට්‍රේලියානු ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම, යුරෝපයේ යුරෝ එක. මේවා ජාත්‍යන්තරව පිළිගත් ජාත්‍යන්තරව සංසරණය වන මුදල් ඒකකයන්. ඔබට පුළුවන් ලෝකයේ ඕනෑම තැනකට ගිහිල්ලා මෙම මුදල් ඒකකයන් භාවිතා කරල භාණ්ඩ හා සේවාවන් මිලදි ගන්න. ඒ රටවල් වලට ගිහිල්ලා එම රටවල මුදල් සදහා පරිවර්තනය  කරගන්න පුලුවන්. මෙබදු මුදල් ඒකකයන් මුද්‍රණය කරහම උද්දමනය  එකවර සිදුවන්නේ නැහැ. එය සිදුවන්නෙ කාලයක් ගිහිල්ලා කියන එක තමයි මේ “Modern monitory  theory ” එකෙන් කියන්නේ.  රුපියල කියන්නේ කිසිසේත්ම ජාත්‍යන්තර සක්‍රීය මුදල් ඒකකයක් නොවේ. අපේ රුපියල අරගෙන ඉන්දියාවේ රාමේෂ්වරන් වරායට හරි, ඉන්දියාවේ තූත්තිකුඩියේ වරායට හරි ගිහිල්ලා කරවල කිලෝ එකක්වත් මිලදී ගන්න බැහැ. මොකද ලංකාවෙන් පිටත මෙම රුපියල වලංගු නැහැ. එතකොට කිසිසේත් ශ්‍රී ලංකා රුපියලටවත්, ඇෆ්ගනිස්ථානේ මුදල් ඒකකයටවත් ඉන්දුනිසියාවේ  මුදල් ඒකකයන්   වැනි දුර්වල මුදල් ඒකකයන්වලට මේ “Modern monitory  theory ” කියන එක කිසිසේත් අදාල නැහැ. ඒ න්‍යාය සත්‍ය වුවත්, කිසිසේත් එය ලංකාවට අදාල වෙන්නේ නැහැ.

“Modern monitory  theory ” කියන්නේ ආර්ථික විද්‍යාවේ තිබෙන තවමත් සනාථ කරපු න්‍යායක් නෙමෙයි. ආතර් සී ක්ලාක්ගේ 2001 අභ්‍යාවකාශ වීර චාරිකා විද්‍යා ප්‍රබන්ධයේ “සිසිර තාරක නින්ද”  කියල සංකල්පයක් ගැන කථා කරනවා. ‘සිසිර තාරක නින්ද’ කියන දෙය න්‍යායාත්මකව වෛද්‍ය විද්‍යාවේ ඔප්පු කරපු දෙයක් නොවෙයි. එක මතයක් විතරයි. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය  නවත්වලා ඔහු වයසට යන එක නවත්වන්න පුලුවන් කියල. නමුත් මේවා තවමත් න්‍යායාත්මක මත පමණයි. ප්‍රායෝගිකව සිදු කරපු දේ නෙමෙයි. අන්න ඒ වගේ දෙයක් තමයි  “Modern monitory  theory” කියන්නේ. දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ඉහළම නිලධාරින් කියනවා මෙම තියරි එක අනුව මුදල් මුද්‍රණය කරාට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ, ආර්ථිකයේ උද්ධමනකාරි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ලැජ්ජයි මුල්‍ය  ආයතනවල ප්‍රධානින් මේ වගේ කරුනු දැක්වීම පිළිබදව. අපේ රටේ වගකිවයුතු නිලධාරින් මේ ආකාරයට හේතු දක්වමින් දිගින් දිගටම ලංකාවේ රුපියල් මුද්‍රණය කිරීම. මෙමගින් දිගින් දිගටම ලංකාවේ උද්දමනය ඇති වුනා, එම උද්දමනය හේතු කොටගෙනම රටේ අද මේ තියෙන 119% වුන අධි උද්දමන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.

 උද්ධමනය නරක දෙයක් ද ? 1% – 3 % විතර උද්ධමනයක් නම් ආර්ථිකයට නරක නැ, හිතකරයි. එත් 119% උද්ධමනයක් එහෙම නැ. අතිශය හානිකරයි. විනිමය අනුපාතය කඩාවැටීම අධික උද්ධමනයේ වක්‍ර ප්‍රතිපල. නමුත් අපි කවුරුත් නොදන්නා දෙයක් උද්ධමනය අපිට කරනවා. උද්ධමනය අපිව දුප්පත් කරනවා. උද්ධමනය නිසා ඔබේ මිලදී ගැනීමේ හැකියාව, එනම් ක්‍රය ශක්තිය හීනකරනවා. මේක හරියට භාන්ඩ හා සේවා මිලගණන් නොවෙනස්ව පවතින අවස්ථාවක ඔබේ වැටුප අඩුකලා වගේ වැඩක්. ඉතින් මේ උද්ධමනය සිදුවෙන්න මුලික අඩිතාලම වැටිලා තියෙන වෙලාවේ රජය ගේනවා 2022 වර්ෂය සදහා වන අයවැය. හුගක් අය හිතුවා ඇතිවෙමින් පවතින තත්ත්වය සමනය කරන්න, රට ආර්ථික අගාදයෙන් ගොඩගන්න මේ විද්‍යාත්මක අයවැය හේතුවෙයි කියල. ඊලග සතියේ අපි බලමු 2022 අයවැය කොතරම් අවිද්‍යාත්මක අයවැයක්ද කියන කාරණය.

The post පරිහානියේ මාර්ග සිතියම : අමනෝන්‍ය මුල්‍ය ප්‍රතිපත්ති – [2 කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85-2/feed/ 0
පරිහානියේ මාර්ග සිතියම : අමනෝඥ බදු ප්‍රතිපත්ති [1 කොටස] https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85/#respond Tue, 10 May 2022 17:20:30 +0000 https://vivaranalk.com/?p=4580 ලංකාවේ ආර්ථිකය අපි දන්නා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ඛේදවාචකයට මේ වෙද්දි මුහුණ දීලා තිබෙනවා. නිදහසට පෙර හෝ නිදහසට පසු අපි අසා නොතිබුණු මට්ටමේ ආර්ථික පරිහානියක්, ආර්ථික අසමත්වීමක් මෙන්ම රාජ්‍ය අසමත්වීමක් ලංකාවේ මේ වෙද්දි දකින්නට ලැබෙනවා. මෙම කථිකාවතේ පළමු දිග හැරුම විදිහට අපි කථා කරන්නේ මෙම ආර්ථික පරිහානියට හේතු වුනු මූලික පදනම් කාරණා කිහිපයක් පිළිබදවයි. මේ පිළිබදව […]

The post පරිහානියේ මාර්ග සිතියම : අමනෝඥ බදු ප්‍රතිපත්ති [1 කොටස] appeared first on විවරණ.

]]>
ලංකාවේ ආර්ථිකය අපි දන්නා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ඛේදවාචකයට මේ වෙද්දි මුහුණ දීලා තිබෙනවා. නිදහසට පෙර හෝ නිදහසට පසු අපි අසා නොතිබුණු මට්ටමේ ආර්ථික පරිහානියක්, ආර්ථික අසමත්වීමක් මෙන්ම රාජ්‍ය අසමත්වීමක් ලංකාවේ මේ වෙද්දි දකින්නට ලැබෙනවා. මෙම කථිකාවතේ පළමු දිග හැරුම විදිහට අපි කථා කරන්නේ මෙම ආර්ථික පරිහානියට හේතු වුනු මූලික පදනම් කාරණා කිහිපයක් පිළිබදවයි. මේ පිළිබදව සමාජයේ විවිධ කථිකාවන් පවතිනව. පුද්ගලයින් නොයෙක් ආකාරයෙන් දෝෂා රෝපනය කරනවා. පසුගිය අවුරුදු හැත්තෑවක අතීතයට දෝෂාරෝපණය කරනවා වගේම අවුරුදු දෙකක අතීතයට දෝෂාරෝපණය කරනව දකින්න තිබෙනවා.

අර්බුදයේ ගමන් මඟ

ආර්ථික විද්‍යාවේදී,  මේ අර්බුදයට පදනම හැදුනේ කොහොමද කියන එක සරලව අද සාකච්ඡා කරනවා. මෙහිදි අපි දකිනවා 2019 වර්ෂය පමණ වන විට කොවිඩ් වසංගතයට කලින් වර්තමාන ජනාධිපතිතුමා අතිමහත් බහුතර ජනවරමකින් බලයට පත්වෙනවා. ඉන්පසුව මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සහිතව වර්තමාන පොදුජන පෙරමුණේ ආණ්ඩුව බලයට පත්වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් ජනාධිපතිවරයාත් , ඉන් පසු අපි  මෙතෙක් දුටු ශක්තිමත්ම ආණ්ඩුවක් ඇති වෙන්නේ මෙම 2019 වර්ෂයෙන් පස්සේ. එයට හේතුව තමයි ගොඩාක් වෙලාවට අපි දකිනවා  පාර්ලිමේන්තුවේ එක පැත්තක තුනෙන් දෙකක බහුතරයක්, අනික් පැත්තේ ජනාධිපතිවරයා ඔහුගේ සහෝදරයා අගමැතිවරයා, වගේම තවත් සොහොයුරන් සහ ඥාතීන් විශාල ගණනක් පාර්ලිමේන්තුවේ ප්‍රධාන තැන් හොබවන තත්ත්වයක් යටතේ ශක්තිමත් විධායකයක් ලංකාවේ ඇති වෙනවා.

නමුත් අපි දකිනවා අති මහත්  ශක්තිමත් විධායකයත් සමගම රටේ ආර්ථිකය කළමනාකරණය එක්තරා විදිහකට අමනෝන්‍ය ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. මුලින්ම මෙම රජය බලයට පත්වුනහම කරපු ප්‍රධානතම වැරදි ආර්ථික තීරණය නම් බදු කපා හැරීමයි. අපි දකිනවා මෙම රජය බලයට පත් වු විගස සෘජු බදු එහෙම නැත්නම් අපේ පිරිවැටුම හෝ ආදායම මත අපි ගෙවපු බද්ධ, ආදායම් ප්‍රමාණයන් වෙනස් කරනවා. මෙහිදි විශාල පිරිසක් තමන් ගෙවපු බදු ප්‍රමාණයන් අඩු කරනවා, තවත් සමහර ඇය බදු ගෙවන එක නවත්වනවා වගේම බදු ගෙවීමේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. මොකක්ද මෙහි ආර්ථිකය අතින් මොකක්ද මෙහි තිබෙන වැරැද්ද ?.

වැරදි බදු ප්‍රතිපත්ති

2022may10[2]_indirect_direct_tax

ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල්වල පුද්ගලයන්ගේ ආදායම් සහ විශේෂයෙන්ම රාජ්‍ය නොවන ආයතනවල  සහ ව්‍යාපාරවල ආදායම් ගණනය කිරීම සහ සෘජු බදු පැනවීම අසීරු කටයුත්තක්. එනිසාම අපි දකිනවා සෘජු බදු පැනවීම අසීරුයි අනික් අතට සෘජු බද්දෙන් රජයට ලැබෙන ආදායම අඩුයි. එවිට රජය කරන්නේ වක්‍ර බදු පැනවීමයි. වක්‍ර බදු සහ සෘජු බදු අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. වක්‍ර බදු පනවන්නේ බොහෝවිට පරිභෝජනය මත. උදාහරණයක් ලෙස පෙට්ට්‍රල් මත පනවා තිබෙන බද්ද හදුන්වන්න පුළුවන්. ඔබ පෙට්ට්‍රල් පරිභෝජනය කරද්දි මසකට රුපියල් 50,000 ක් වගේ වැටුපක් ලබන කෙනත් පෙට්ට්‍රල් ලීටරයට රුපියල් 12 ක 15 ක වගේ බද්දක් ගෙවනවා. ඒ වගේම මසකට ලක්ෂ 10 ක වගේ ආදායම ලබන පුද්ගලයත්  පෙට්ට්‍රල් ලීටරයට ගෙවන්නේ එම ප්‍රමාණයේ බද්දම තමයි.  එතකොට සිදු වෙන්නේ අඩු ආදායම් ලබන අය තමන්ගේ ආදායමට සාපේක්ෂව විශාල ප්‍රතිශතයක් බදුලෙස ගෙවනවා. වැඩි ආදායම් ලබන අය තමන්ගේ ආදායමට සාපේක්ෂව සුළු ප්‍රමානයක බද්දක් ගෙවනවා. මේක තමයි වක්‍ර බද්දේ තිබෙන ගැටළුව. මෙය හේතු කොට ගෙන පොහොසත් අය සාපේක්ෂව තවත් පොහොසත් වෙනවා. දුප්පත් අය සාපේක්ෂව වඩා දුප්පත් වෙනවා. සමාජයේ යම් යම්  සංකූලතා ඇති කරනවා. ආර්ථික විද්‍යාවේ අපි කථා කරන්නේ පුළුවන් තරම් වක්‍ර බදු අඩු කල යුතු ආකාරය පිළිබදවයි. විශේෂයෙන්ම අපේ වගේ ආර්ථික විෂමතා පවතින ආර්ථිකයන්හි වක්‍ර බදු පැනවීමෙන් සිදු වන්නේ දුප්පත් මනුෂ්‍යා තව තවත් දුප්පත් විම හා පොහොසත් මනුෂයා තව තවත් පොහොසත් වීමයි. මේ රජය බලයට පත් වීමත් සමග රජය සෘජු බදු ගෙවීම ඉවත් කලා. සෘජු බද්ද මගින් මෙවැනි ගැටළුවක් මතු වන්නේ නැහැ. සෘජු බදු පනවන්නේ ම හදුනා ගත් පුද්ගලයන් මත. සෘජු බද්ද ගෙවන්නේ ව්‍යාපාරික පිරිවැටුම, ලාභය වැඩි වෙද්දි තමයි බදු ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒක සාධාරණයි. විශාල ආදායමක් ලබන කෙනෙක් තම ආදායම වැඩි වෙන්න වැඩි වෙන්න ගෙවන බදු වැඩිවීම සාදාරණයි. නමුත්  සෘජු බදු නිසා ආර්ථිකයේ සංකූලතා අවමයි. ඇත්තටම බදු අයකරන්නේ බදු ගෙවන්න පුලුවන් අයගෙන්.  මෙම රජය බලයට පත් වු විට පළමුවෙන්ම කරපු දේ තමයි මෙම සෘජු බදු ඉවත් කරල පසුව රජයට ආදායම් නැති වෙනවිට වක්‍ර බදු වැඩි කිරීම.  මෙම හේතුව මත එක් පැත්තකින් රජයට ආදායම අහිමි වෙනවා. අනික් පැත්තෙන් රටේ ආදායම් විෂමතාවය තීව්ර වුනා. දුප්පත් පොහොසත් බේදය වැඩි වුනා. ලෝක බැංකු වාර්තා අනුව ලංකාවේ ලක්ෂ පහක පමණ ජනතාවක් මේ වන විට දරිද්‍රතා මායිමට යටින් ජීවත් වෙනවා. එය සමස්ථ ජනගහනයෙන් 5% පමණ. ලෝක බැංකුව අපේක්ෂා කරනවා මෙම ප්‍රමාණය මේ වසර අවසන් වනවිට 7% –  8% ක් දක්වා ඉහල යාවි කියලා. මෙම රජය බලයට පත්වීමත් සමගම ඇති කරපු මෙම බදු ප්‍රතිශෝධනය මෙම දුප්පත් කම වැඩි කිරිම කෙරෙහිත් බලපා තිබෙනවා. ඒක මෙම රජය කරපු මූලික වැරැද්දක්.

හිතවතුන්ට සහන

හැබැයි මේ බදු ප්‍රතිපතියෙන් වාසි ලබපු පිරිසක් හිටියා. ඒ එක්තරා ව්‍යාපාරික පන්තියක් සහ ඉහල වැටුපක් ලබන නිලධාරීන්. උදාහරණයක් ලෙස මාසික වැටුප ලක්ෂ 2 ඉක්මවන නිලධාරීන් පවා බදු නොගෙවිය යුතු කොටසට එකතු උනා. රජයට අවශ්‍යම කොටසක් සතුටු උනා. එත් ඒ සතුටේ වන්දිය ගෙවන්න උනේ දුප්පතාට. දවසේ පඩියට වැඩකරපු කම්කරුවා පෙට්‍රල් ලිටරයෙන්, භූමිතෙල් ලිටරයෙන්, පාන් රාත්තලෙන් බදු ගෙව්වා. කිසිවෙකුට නොදැනී දුප්පතා තවත් දුප්පත් උනා. වියාපාරිකයන් සහ ඉහල නිලධාරීන් සතුටු උනා.

අවිධිමත් බදු ක්‍රමය

සංවර්ධනය වන රටවල, විශේෂයෙන්ම දකුණු ආසියාවේ රටවල ප්‍රධානතම ප්‍රශ්ණයක් තමයි අවිධිමත් බදු ක්‍රමය. එකියනේ, පුද්ගලයන් සහ ආයතන සිදුකරන ඉපයීම් නිසිලෙස වාර්තා නොවීම. ලංකාව වගේ රටවල විශාල අවිදිමත් ආර්ථිකයක් පවතින නිසා පුද්ගල ඉපයීම් සහ ව්‍යාපාරික ලාභ පිළිබද දත්ත නිසියාකාරව වාර්තා වෙන්නේ නැ. එනිසාම සෘජු බදු පනවන්න අමාරුයි. බංගලිදේශය වගේ රටවල් විශාල පරිශ්‍රමයක් දරනවා ඔවුන්ගේ බදු ක්‍රමය විධිමත් කරන්න. එහෙම කරලා බදු අනුකුලතාවය (Tax Compliance) වැඩිකරගන්න. අවසාන අරමුණ වන්නේ හැකිතරම් රාජ්‍ය අදායම සෘජු බදු තුලින් සපුරාගන්න. වක්‍ර බදු අඩුකරලා උද්ධමනය මෙන්ම අහිතකර අදායම් සංකුලතා වලක්වා ගන්න. අපි මොකද කලේ  ? තියෙන සෘජු බද්දත් නැතිකරගත්ත එක. අනෙක් පැත්තෙන් බදු අනුකුලතාවය වැඩිකරගන්න, බදු ක්‍රමය විදිමත් කරන්න රජය මොනවද කලේ ?

අපි මේ අත්දකින ආර්ථික කඩාවැටීමේ මුල් පියවර කිහිපයෙන් එකක් තමයි අපි කතාකරපු  අදුරදර්ශී බදු ප්‍රතිපත්තිය. මේක රජයට වෙච්ච අත්වැරැද්දක් කියල කීයටවත් හිතන්න එපා. කෙටිකාලින දේශපාලන වාසි ලබාගැනීමට කරපු දේශපාලනික – ආර්ථික ප්‍රතිපත්තියක්. කොටින්ම කියනවනම් අතවශ්‍ය පන්තියක් සතුටු කරන්න ගත්ත තවත් එක අමනෝන්‍ය පියවරක්.

මෙම වැරැද්ද මෙතනින් නවතින්නේ නැහැ. වර්තමාන අර්බුදයට පාර කපන්න තවත් අවිද්‍යාත්මක මුල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති රාශියක් මේ පාලකයන් ඇති ගැනෙනවා. ඒවා මොනවද කියල ඊලග සතියේ සාකච්ඡා කරමු.

The post පරිහානියේ මාර්ග සිතියම : අමනෝඥ බදු ප්‍රතිපත්ති [1 කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85/feed/ 0