Dr. Ajith Amarasinghe, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Tue, 30 Apr 2024 08:23:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Dr. Ajith Amarasinghe, Author at විවරණ 32 32 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ] https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3/#respond Tue, 30 Apr 2024 07:40:55 +0000 https://vivaranalk.com/?p=11297 හොඳම සරසවිය ළඟම සරසවිය “හොඳම පාසල ළඟම පාසල” යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම පාසැලට මිස ළඟම පාසැලට නොවේ.  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට වැටහෙන්නේ එහි ඇති සරසවි සංකල්පය “හොඳම සරසවිය, ළඟම සරසවිය” බවට පත්කිරීම බවයි. සරසවි පිළිබඳව එහි ගොඩනගන තර්කයේ […]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ] appeared first on විවරණ.

]]>

හොඳම සරසවිය ළඟම සරසවිය

“හොඳම පාසල ළඟම පාසල” යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම පාසැලට මිස ළඟම පාසැලට නොවේ.  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට වැටහෙන්නේ එහි ඇති සරසවි සංකල්පය “හොඳම සරසවිය, ළඟම සරසවිය” බවට පත්කිරීම බවයි. සරසවි පිළිබඳව එහි ගොඩනගන තර්කයේ සාරාංශය මෙසේය .

එපමණක් නොව මෙවන් ආයතන සඳහා අනුමැතිය ලබාදීම පළාත් සභා වලටද ලබාදිය යුතුයැයි මේ ලියවිල්ලේ පැවසේ. මේ වනවිට මේ රටේ පළාත් සභා ක්‍රියාත්මක නොවුනත් මේ ක්‍රියාව විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල අවුලක්  ඇති කරනු ඇත. මේ ක්‍රියාවලිය යටතේ වඩ වඩා සරසවි ඇති කළහොත් වැඩිකල් නොගොස් අප රටේ වැසියන්ට “හොඳම සරසවිය ලඟම සරසවිය” යැයි සාඩම්බරයෙන් පවසා, ලඟම ඇති කඩමණ්ඩියේ සරසවියෙන්  වැඩි කරදරයකින් තොරව  උපාධියක් ලැබිය හැකිවෙනු ඇත. 

වෙනත් රටවල අධ්‍යාපන ක්‍රම උඩින් පල්ලෙන් අතගා, ධනවාදයෙන් පරලවී, ධනවාදී දේවතාවා ආරූඪ වී, ධනවාදයේ යාතිකා කටපාඩමින් මතුරන ධනවාදී දේවතාවාගේ කට්ටඩියන් නොදන්නා කරුණක් තිබේ. එනම් ධනවාදී රටවල පවා සති අග පොලේ කරවල විකුණන ලෙස උසස් අධ්‍යාපන කරවල ලෑලි මෙන්  විවෘත කල නොහැකි බවයි. ලෝකයේ දියුණු ධනවාදී රටවල උසස් අධ්‍යාපනය රජය  විසින් බරපතල ලෙස නියාමනය කරයි . ලෝකයේ දියුණු ධනවාදී රටවල යම් උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට ප්‍රථම එහි ඉගැන්වෙන විෂයයන් රටට වැදගත්ද, එයට ශිෂ්‍යයන් ඇතුළු කරගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද?, එහි විෂය නිර්දේශයන් මොනවාද?, ගුරුවරුන්ගේ සුදුසුකම් මොනවාද?, සිසුන් පුහුණුකිරීමේ පහසුකම් ඒවාට තිබේද? යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරු  කරුණු විමසීමක් දිගින් දිගටම එම රජය විසින් සිදුකරයි.

මේ ධනවාදී කට්ටඩියන්ගේ යාතිකා කීම නිසා අප රටේ අධ්‍යාපනය ගැන යම් ලියවිල්ලක් එළිදැක්වූ විට සිදුවන අවාසනාවන්ත සිදුවීමක් ඇත. එනම් ඒ ලියවිල්ලේ ඇති සියලු කරුණු පසෙක දමා උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කල යුතුද නැත්ද යන කෙටි මාතෘකාවට සියලු දෙනා ලඝුවිමයි. මේ ගැන විවාදය අතිශයෙන් වැදගත්වන නමුත් පාසල් අධ්‍යාපනය ගැන විවාදය ඉස්මතුකොට රටේ අධ්‍යාපනය  නවීකරණය කිරීම රටේ යහපත පතන සියලුදෙනා කලයුතු වැදගත්ම කාර්යය වේ.  

මේ ලියවිල්ලේ එක් තැනක මෙසේ සඳහන් වේ.

මේ සඳහන ගැන කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක. ලොව සියලු රටවල පාසල තුල මේ විෂයයන් ඉගැන්වීම අනිවාර්ය කර තිබේ. එනමුත් අද ලංකාවේ සෑම තැනක පිහිටුවා ඇති බොහෝ ජාත්‍යන්තර පාසල් වල මේ අනන්‍යතාවය ඇති කරන විෂයයන් වන මවුබස හා ඉතිහාසය ඉගැන්වීම සිදු නොවේ. මේ ජාත්‍යන්තර පාසල් යම් අධිකාරියක අධීක්ෂණයට ගෙන මේ විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය අවම විෂය නිර්දේශ හෝ සකසා මේ විෂයයන් සමත්වීම නියම කරන ක්‍රමවේදයක් සැකසීම කාලින අවශ්‍යතාවයක්ව පවතී.

ලංකාවේ දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුත්තේ කුමන බසකින් දැයි යන්න ඉතා වැදගත් ගැඹුරින් සාකච්ඡා කලයුතු කරුණකි. මෙවැනි ලිපියක් ඒ සඳහා ඉඩ නොසලයි. ලංකාවේ බහුතර මධ්‍යම පංතික දෙමවුපියන් බහුතරයක් තම දරුවන් හොඳින් ඉංග්‍රීසි බස කතාකිරීමට, ලිවීමට හා කියවීමට හැකි අය බවට පත්කිරීමේ නොනිත් අසාවෙන් පෙලේ. ඉංග්‍රීසි බස ලොවෙහි ඇති අපරිමිත දැනුම අත්පත් කරගැනීමටද, ලොව සමඟ සබඳතාවයන් ඇති කරගැනීමටද අතිශයෙන්ම ඉවහල් වන බවට මොවුන් තුල ඇති අදහස සැබෑවකි. මේ ආශාව සංසිඳුවිමටදෝ වමේ සිට දකුණට විශාල මතවාදී පරාසයක සිටින ඇතැම් දේශපාලන පක්ෂ දරුවන්ට හෝඩියේ සිට ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබාදිය යුතුයැයි යෝජනා කරයි. ඉංග්‍රීසි බස ඉගැනීම හා ඉංග්‍රීසියෙන් ඉගැනීම අතර ඇති වෙනස හඳුනානොගැනීම මෙයට හේතුවයි.

මවුබසින් පවා අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය මුදල්, ගුරුවරු හා සම්පත් නොමැති රටක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදීමට යෝජනා කිරීම විහිළුවකි. මෙවැනි යෝජනාවකින් සිදුවනුයේ රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුල දැනට පාසල් අතර ඇති අසමතුලිතතාවය තවත් වැඩිවී ලඟම පාසල තවත් පහලට වැටීමයි. එසේම මවුබස යනු ජාතියක අනන්‍යතාවය රැකෙන මුලික ලක්ෂණයි. මවුබසින් වියුක්තවූ මිනිසා ඉතා ඉක්මනින් තම ජාතික අනන්‍යතාවය නැතිකර ගනියි. එම නිසා අවම වශයෙන් දරුවා  මුහුකුරා යනතෙක් හෝ මවුබසින් ඉගැන්වීම වැදගත්වේ. දරුවන්ට වෙනත් බසකින් ඉගැන්වීම ආරම්භ කලයුත්තේ කුමන වයසේද, එසේ නම් ඒ කවර විෂයයන්ද, එසේ වෙනත් බසකින් ඉගැන්වීමට අවශ්‍ය සම්පත් රටට තිබේද යන්න කරුණු හරිහැටි විමසා බලා සිදු කලයුතු කරුණකි.   

පාසල් තුල දහම් අධ්‍යාපනය ලබාදිය යුත්තේ කෙසේද යන කරුණ ගැන මුලින්ම විමසු ශ්‍රී ලාංකික දාර්ශනිකයා මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාය. එතුමා 1950 දශකයේදී පලකල වැදගත් අදහසක් නම් ආගම් දහම් ඉගැන්විය යුත්තේ ආගමික පරිසරයක් තුල බවය.මේ කරුණ පිළිබඳව එතුමා ලියු ලිපි රැසක් ඇත.  ආගමික අන්තවාදයට නැඹුරු නොවී  මේ කරුණ සිදුකල හැකිදැයි නැවත විමසීමක් කලයුතුය

අධ්‍යාපනයේ විවිධ අංශ පුද්ගලික අංශයට භාරදීමට විවිධ තැන්වල යෝජනා කරමින්, ඒවා අධීක්ෂණය කිරීමට නොසිතන මේ ලියවිල්ලේ ඇති අනෙක් ලක්ෂණය නම් ටියුෂන් විරෝධයයි. මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය මානව අයිතිවාසිකමක් යැයි දිගින් දිගටම තර්ක කරන්නන් ටියුෂන් විරෝධයේදී ඒ තර්කය අමතක කරයි. මුදල් ගෙවා ලබාගන්නා ටියුෂන් අහෝසි කිරීමට යෝජනා කරන්නන් පුද්ගලික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කිරීම විමතියකි. මේ තර්කය ඇතිවන්නේ බටහිර රටවල ඇති අධ්‍යාපන ක්‍රමය ලොවෙහි ඇති හොඳම අධ්‍යාපන ක්‍රමය යැයි මේ ලියවිල්ලේ නියමුවන් සිතන නිසා විය හැකිය. ඒ රටවල ටියුෂන් නැති නිසා අපේ රටේ ටියුෂන් තිබීම වැරදිබව මොවුන්ගේ සිත් තුල ඇති අදහස විය හැක.

රටක අධ්‍යාපන ක්‍රමය ගොඩනැගෙන්නේ ඒ රටට ආවේනික  සමාජමය, දේශපාලන, ඓතිහාසික ආකල්ප මතය. ටියුෂන් ඇතිවුයේ අප රටේ විෂය නිර්දේශයේ අවුලක් නිසා හෝ ඉගැන්වීමේ හෝ ඇතිවූ ගැටලුවක් පමණක් නිසා නොවේ. මෙය දෙමවුපියන් තුල තම දරුවන්ට ඉගැන්වීම හැකිතරම් කළයුතුයැයි  ඇති හැඟීම නිසා ඇති වුවකි. ලංකාවේ මධ්‍යම පන්තියේ විස්ථාරණයද ටියුෂන් පන්ති පුළුල් වීමට හේතුවකි. මේ ටියුෂන් ලබාදීම ආසියානු සංස්කෘතියේ කොටසක් ලෙසද හඳුනාගත හැකිය. ලංකාවේ පමණක් නොව  ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල පවා දරුවන්ට ටියුෂන් දීමේ සංස්කෘතිය ඇත. බටහිර සංස්කෘතියක් ඇති  එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන් තම ළමයින්ට බරපතල ලෙස ටියුෂන් ලබාදීම කරගෙන යයි.

මෙයින් අදහස් වන්නේ අප රටේ විෂය මාලාවේ හෝ ඉගැන්වීම් කලාවේ ගැටළු නැති බව නොවේ.  එසේ නමුත් විෂය මාලාවේ හෝ ඉගැන්වීම් කලාව වෙනස් කලත් ටියුෂන් ලබාදීම ඉදිරියටත් පැවතිය හැකිය. සිදුකල හැක්කේ මහා පරිමාන ටියුෂන් ගුරුවරුන් හා ආයතන ලියාපදිංචි කොට ගාස්තු පාලනය කිරීමේ ක්‍රමවේදයක්  ඇති කිරීමයි. මේ කුමක් කලත් පුද්ගලික මට්ටමේ ටියුෂන් ලබාදීම වැඩිදුරටත් පවතිනු ඇත. ටියුෂන් නැති කිරීමට කාලය මිඩංගු කිරීම දැලකින් සුළං බදනවාක් මෙන් නොකෙරන දෙයකට කාලය කා දැමීමකි.

මේ දත්ත වලින් පෙනීයන්නේ ජනගනයෙන් අති විශාල ප්‍රමාණයක් පාසලෙන් නික්ම ගිය පසු  කිසිදු දෙයක් ඉගැනීමට සුදානම් නැති නිකම්ම නිකම් නිකමුන් පිරිසක් බවට පත්කොට ඇත. එසේ නැත්නම් ඉගැනිමට අවශ්‍යතාවය තිබුනත් එයට අවස්ථාවක් සලසා නොදෙන රටක මොවුන් ජීවත්වේ. මේ කරුණු සියල්ල නිසා අප රටේ ශ්‍රමිකයන් වැඩකරන පැය ගනනට කෙරෙන වැඩ ප්‍රමාණය හා ඵලදයිතාවය ලෝකයේ අනෙක් රටවලට වඩා ඉතා පහල මට්ටමක තිබේ. ඒ අතින් අප සිටින්නේ චීනය හා ඉන්දියාව වැනි රටවලට වඩා ගව් ගනනක් පහලිනි. අනෙක් අතින් එවන් රටවල විශාල ශ්‍රම බලකායක් සිටින නිසා එයින් පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය අඩුවුවත් එය සමස්ත ශ්‍රම ඵලදායිතාවයට බලපෑමක් නොකරයි.  ලංකාව වැනි කුඩා රටක  80% කටත් වැඩි ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් වූ විට රට සංවර්ධනය කරා ගෙනයාම සිහිනයකි. මෙය 10% දක්වා අඩු කරන්නේ කුමන කාලයක් ඇතුළතද, කුමන අයුරින්ද යන්න මේ ලියවිල්ලේ සඳහන් නොවේ.

අද අප සිටින තත්ත්වයෙන් වහා අප මුදවා ගැනීමට අධ්‍යාපනය යොදාගැනීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුලින් වහාම ඉටුකල යුතු කරුණ නම්, මේ දැවැන්ත නුපුහුණු ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් කෙටි කලක් තුල පුහුණු ශ්‍රම බලකායක් බවට පත්කිරීමයි.  මේ ප්‍රශ්නය හඳුනාගත් බව හෝ ඒ ගැන නිසි විසඳුමක් හෝ මේ ලියවිල්ලේ නොතිබෙන්නේ වැඩිහිටියන්ට ලබාදෙන අධ්‍යාපනය, අධ්‍යාපනයක් නොවේයැයි මෙහි රචකයන් සිතන නිසාද? මේ පිලිබඳ සඳහන් වන්නේ ජාතික නිපුනතා කොමිසම් සභාවක් පිහිටුවන්නේ යැයි යන හිස් වාක්‍යය පමණි. එනම් දැනට ලක්ෂ 16 ක්ව සිටින පුහුණු ශ්‍රම බලකාය  ලක්ෂ 72 ක් දක්වා වැඩිකර ගැනීමට ලක්ෂ 56 ක පිරිසක් පුහුණුව සඳහා අනුගමනය කලයුතු දැවැන්ත ක්‍රියාමාර්ගය මෙහි සඳහන් නොවන්නේ තමන් පවසන දෙයේ බැරෑරුම්කම වටහානොගත් නිසා හෝ එසේ වටහාගත්තත් එයට විසඳුමක් නොදී නොතේරෙන වචන රැසකින් කියවන්නන් රැවටීමට විය යුතුය. එසේත් නැතිනම් යතාර්ථය නොහඳුන දේශපාලඥයන් පවසන පරිදි රට සංවර්ධනය කිරීම 2048 දක්වා කල්දා ගැනීමට අවශ්‍ය නිසා විය යුතුය.

නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ අදහසින්, නිදහස් අධ්‍යාපන විරෝධීන් පිරිසක් විසින් සැඟවී සිටි එල්ල කල ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් බඳු මේ ලියවිල්ලේ ඇති යම් යම් සාධනීය ලක්ෂණ පවා මුලික පරමාර්ථයේ ඇති අශෝබන බව නිසාම නැතිවී යයි. මේ මැතිවරණ වර්ෂයේදී, මේ රටේ දේශපාලන පක්ෂ, මේ ලියවිල්ල හදාරා මෙයට තමන්ගේ පක්ෂපාතීත්වය හෝ විරෝධතාවය ප්‍රසිද්ධයේ පලකල යුතුය. ඒ බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  මේ ලියවිල්ල පාර්ලිමේන්තුවේ විවාදයට එනතෙක් නොසිට, කුම්භකර්ණ නින්දෙන් අවදිවී, දැන්ම ඉදිරියට පැමිණ මේ ලියවිල්ලට තමන් එකඟද නැත්ද යන්න ජනතාවට පැවසිය යුතුය. එවිට මේ ලියවිල්ල පිළිගත යුතුද නැත්ද යන්න කරුණ ගැන තම සුජාතභාවය නැතිකරගත් පාර්ලිමේන්තුව නොව,  මේ රටේ ජනතාව තීරණය කරනු ඇත.

[ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023- 2033)]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3/feed/ 0
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/#respond Wed, 24 Apr 2024 09:43:57 +0000 https://vivaranalk.com/?p=11236 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් […]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] appeared first on විවරණ.

]]>
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් නිලධාරි කමිටුකට මේ ලියවිල්ල සැකසීම බාරදුන්” බව මේ ලියවිල්ලේ පුර්විකාවේ සාඩම්බරයෙන් සඳහන් වේ. ලියවිල්ලේ නම් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුවට හා විද්වත් නිලධාරි කමිටුවක ඉතා භාරදුර වැඩක් පැවරී තිබුණු බව මේ ලියවිල්ලේ පිට කවරයේ මාතෘකාවෙන් පෙනේ. එනම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් සකස් කොට එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

තැනූවෙක්  නැති සුඛෝපභෝගී නිවෙස් මිහිපිට පහළවීම වීම, අයිතිකරුවන් නැති මැණික් මලු නිවෙසටම ගෙනැවිත් භාරදීම වැනි හාස්කම් ගැන අධිකරණයේදී පවා කියවෙන ශ්‍රී ලංකාව වැනි පින් බිමක් තුළ, ලියු අයෙක් සොයාගත නොහැකි මෙවැන් ප්‍රතිපත්ති මාලාවක් පරාධුර්භුතවීම අරුමයක් නොවේ. මෙවැනි කර්තෘ අඥාත ප්‍රතිපත්ති ප්‍රකාශන පහළකිරීම වත්මන් රජයේ මෝස්තරයක් වේ තිබේ. එය මේ රජයට අරුමයක් නොවුනත්, අපට එය කරුමයක් වී ඇත්තේ වැරදීමකින්වත් මේ ලියවිල්ලේ සඳහන් වී ඇති කරුණු ක්‍රියාත්මක කළහොත් එහි හොඳ හෝ නරක විපාක විඳීමට සිදුවෙනුයේ අප රටේ අනාගත පරපුරට වීමයි.  දැනට අධිකරණයන් කිහිපයකින් ඇප ප්‍රතික්ෂේප වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයෙකු ගැන විශ්වාසය පළකල, ජනතා විශ්වාසය කිසිසේත්ම නැති, ඉදිරිපත් කරන ඕනෑම දෙයකට බහුතර අනුමැතිය ගත හැකි, වත්මන් පාර්ලිමේන්තුව මේ ලියවිල්ලේ අගමුල නොවිමසා අනුමත කිරීම ස්ථිර බැවිනි.

රටක අධ්‍යාපනයේ දිශානතිය තීරණය කිරීම භාරදුර කාර්යයකි. ඒ දිශානතිය තීරණය කරන්නේ රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය නම් ඒ ආයතන රටේ මහජනතාවගේ සැබෑ නියෝජිතයන් විය යුතුය. අද අප රටේ ජනාධිපතිව සිටින්නේ මහජනතාව විසින් පත්කරගත් අයෙකු නොව, මහජන ඡන්දයකදී 2.1% ක් වැනි කුඩා ප්‍රතිශතයක් ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එසේම වත්මන් අගමැති හා ඇමති මණ්ඩලය මේ ජනාධිපතිවරයා හෝ බලයෙන් පහවුණු ජනාධිපතිවරයෙකු  විසින් පත්කළ අයයි. මෙවන් තත්ත්වයක් යටතේ මහජන මතය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් මේ රටේ අධ්‍යාපනයේ දිශාව තීරණය කිරීම විද්වතුන් යැයි තමන් හඳුන්වාගන්නා නිර්නාමික විසිපස් දෙනෙකුට භාරදිම ම බරපතල වරදකි. අවම වශයෙන් මෙවැනි ලියවිල්ලක් සකස්කිරීමට ප්‍රථම වත්මන් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව මේ කටයුත්තට සම්බන්ධ කරගැනීම මේ කටයුත්ත සිදුකළ අයගේ වගකීම වී තිබිණි. මේ සියලු කරුණු විමසා බැලීමේදී මෙම ලියවිල්ල සුජාත ලියවිල්ලක් නොවේ.

එසේම මේ ලියවිල්ල සකස්කල පිරිසට තමන් කවුරුන්දැයි හඳුන්වා ගැනීමට නොහැකිවීම විමති සහගත මෙන්ම, වගකීම් විරහිත ක්‍රියාවකි. පියෙකු නොමැති නිසා මේ ලියවිල්ල අවජාතකද වේ. සුජාත නොවන, අවජාතක වන මෙම ලියවිල්ල ගැන, එහි සුජාත අවජාතක බව නොසලකා විමසීම අපගේ වගකීමයි. එයට හේතුව අප රටේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසීමට කදිම අවස්ථාවක් මේ වගකීම් විරහිත ක්‍රියාව මගින් මඟපාදන නිසාය.

මේ ලියවිල්ලේ විධායක සාරාංශයේ දැක්වෙන පරිදිම, විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අපේ අනාගත පරපුර ලොව සමඟ ඉදිරියට ගෙනයා හැකි වාහකයක් නොවේ. “අධ්‍යාපනය  මානව ප්‍රාග්ධන සංවර්ධයේ ප්‍රධානම මෙහෙයුම් යාන්ත්‍රණය”  බව මේ ලියවිල්ලේ සඳහන් වෙයි. එසේම එහි සඳහන් වන්නේ 2021 මාර්තු මස සිට, එනම් ශ්‍රී ලංකාව බංකොලොත් ප්‍රකාශ කල යුගයේ සිට ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ පැනනැගී ඇති ආර්ථික අභියෝගය තේරුම්ගෙන “රජය විසින් ආර්ථික ස්ථාවරත්වය  තහවුරු කරමින් යලි සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම උදෙසා  සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම පුර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමේ”  අභිලාෂයෙන් මේ ලියවිල්ල ඉදිරිපත් කරන බවයි. මේ ලියවිල්ලේ සඳහන් කරුණු සලකා බලනවිට මේ ආර්ථික ස්ථාවරත්වය වහාම ඇතිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලකට සරිලන ලෙස අධ්‍යාපනය වෙනස් කිරිමේ අභිලාශයෙන් එය සකස්කොට ඇති බව නම් නොපෙනේ. සැබවින්ම එය අද සිට තව වසර 24 කින්, 2048 දී එනම් ලංකාවට  නිදහස ලැබී අවුරුදු සියයකින් එළඹෙන වසරේදී   ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන්නේ යැයි කියන දේශපාලන හිස් කථාවට සරිලන ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස් කලයුතු යැයි හුමිටි දෙන ලියවිල්ලකි .

“පාසල්වල  විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය සමස්ථ වශයෙන්ම වෙනස් කලයුතු” බව මේ ලියවිල්ලේ සඳහන් වේ. මෙය මේ ලියවිල්ලේ නිර්නාමික කතුවරුන් පමණක් නොව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසන ඕනෑම අයෙකු පවසන කරුණකි. මේ ලියවිල්ල පුරා දක්නට ඇති ප්‍රධානම දුර්වලතාවය  නම් අධ්‍යාපන විද්‍යාව යම් පමණකට හදාරන ලද ඕනෑම අයෙකු දන්නා සරල කරුණු  බරපතල භාෂාවකින් පුන පුනා පැවසීමයි. මේ බොහෝ කරුණු විදේශික අධ්‍යාපනඥයන්ගේ ලියැවිලි වලින් කරන ලද “කට් ඇන්ඩ් පේස්ට්” (cut & paste) වාක්‍යයන් වේ. වචන හරඹයන්ගෙන් ඔබ්බට ගොස් අපේ අධ්‍යාපනයේ මිහිමත ඇති ගැටළු හඳුනාගත් බවක් නම් මේ ලියවිල්ලේ නොපෙනේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඕනෑම වෙනසක් ඇති කිරීමට යෝජනා කරන ලියවිල්ලක මුලින්ම සඳහන් විය යුතු කරුණක් නම් එය ඉදිරිපත් කරන්නන්  නිදහස් අධ්‍යාපනය යන සංකල්පය පිළිගන්නේද නැත්ද යන්නයි. ලොකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රම ගැන ගැඹුරින් හදාරා හෝ නොගැඹුරින් අතපත ගා  ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තැත් දරන ඕනෑම කෙනෙකු සිහියේ තබාගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය, ශ්‍රී ලාංකික සමාජය සමඟ ගසට පොත්ත මෙන් ඇලී-ගැලී පවතින බවයි. මේ පොත්ත ගැලවීමට උත්සාහ දරන්නා, ගසට කොතරම් පොහොර දැමීමට උත්සාහ කලත් ජනතා වෛරයට පාත්‍ර වේ. තමන් නිදහස් අධ්‍යාපනය සුරැකීමට තමන් බැඳී සිටින්නේදැයි මේ ලියවිල්ලේ කතුවරුන් කිසිතැනක නොපවසයි.

මේ කරුණ ගැන වැඩිදුර විමසීමට ප්‍රථම නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිර්වචනය කරගත යුතුය. මේ ගැන විවිධ නිර්වචන ඇති මුත්, “රජය විසින් හෝ වෙනත් ආයතන විසින් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර පවත්වාගෙන යනු ලබන උසස් මට්ටමේ අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය” යැයි අර්ථ දක්වා මේ කරුණට අවතීර්ණ වෙමු. විවිධ රටවල් විවිධ මට්ටමින් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාව බොහෝ කලක් තිස්සේ  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඉහල මට්ටමේ නිදහස් අධ්‍යාපනයක් පවත්වාගෙන යනු ලබයි. ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල වැනි ජාත්‍යන්තර ආයතන වල නිගමනයන්ට අනුව පවා, අප රටේ ආර්ථික දර්ශක වලට සාපේක්ෂව, ඉතා හොඳ මානව සම්පත් දර්ශකයක් (human development index) පවතින්නේ අප රටට උරුම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය නිසාය. එනිසා කොතරම් අඩුපාඩු තිබුණත් රටේ ඕනෑම ශිෂ්‍යයෙකුට මුදල් නොගෙවා විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සුරැකීම අතිශයින්ම වැදගත්ය. එසේම අධ්‍යාපනය ලොවේ අනෙකුත් රටවලට සමාන්තර ඉහල මට්ටමේ අධ්‍යාපනයක් විය යුතුය.

මෙම ලියවිල්ලේ 15 වෙනි පිටුවේ අමුතු වාක්‍යයක් ඇත. ඒ මෙසේය

මෙහි සාමාන්‍ය අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයයි.  නිදහස් අධ්‍යාපනය සුරැකීම ගැන අවධානයකින් යුතුව මේ වාක්‍යය ලියුවේ නම් එය මෙසේ වෙනස් විය යුතුය.  “මුල් ළමාවිය සිට 12+ දක්වා පාසල් අධ්‍යාපනය සඳහා සිසුන්හට නොගෙවීමට ඇති හැකියාවට කිසිදු බාධාවක් නොවන පරිදි අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් සාමාන්‍ය අධ්‍යාපනය වෙත යොමු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.” සිතාමතා  මෙවනි වැරදි ප්‍රකාශයක් කිරීමෙන්ම මේ ලියවිල්ලේ සැඟවුණු කතෘවරුන්ගේ අභිමතාර්ථය මුදල් ගෙවන සාමාන්‍ය අධ්‍යාපනයකට මේ රට තුල මුල්තැන දීම බව පැහැදිලිය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳව ඇති තවත් දුර්මතයක් නම් නිදහස් අධ්‍යාපනය විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින රටවලට නොගැලපෙන සමාජවාදී සංකල්පයක් බවයි. විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින යුරෝපයේ බොහෝ රටවලද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම මත ක්‍රියාත්මක වන ලොවේ බොහෝ රටවලද ඇත්තේ නිදහස් අධ්‍යාපනයයි. මේ රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇත්තේද අතලොස්සකි. කරුණු නිසි ලෙස නොදැනගෙන අධ්‍යාපන ක්‍රම පිළිබඳ විශාරදයන් ලෙස පෙනී සිටින අය ඕනෑම ලියවිල්ලට නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ සංකල්ප කිහිපයක් ඇතුළු කොට ඒ සංකල්ප වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදියි. එවිට සිදුවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමස්ත ලියවිල්ලේ කරුණු අමතකවී නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුද නැත්ද යන්න ගැන දෙපිලකට බෙදී සටන් කිරීමයි. මේ සටන නිසා සිදුකල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවධානය නොලැබී යයි.

පුද්ගලික අධ්‍යාපනයට යම් තැනක් ඇත්තේ ගුණාත්මක බැවින් ඉහල, රජය විසින් ලබාදෙන, නිදහස් අධ්‍යාපනයට අනුගත නොවීමට යම් සාමාජීය හේතුවක් නිසා තීරණය කරන සමාජ තීරුවට ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාදීමටය. එසේ වුවත් අධ්‍යාපනය රජය විසින් නියාමනය කල යුතුය. මේ ලියවිල්ලේ කිසිදු තැනක හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති ජාත්‍යන්තර පාසල් නමින් හඳුන්වන පාසල් නියාමනය කිරීමට කිසිදු යෝජනාවක් ඇතුළු නොවන්නේ ඇයි දැයි වටහා ගත නොහැක. මේ පාසල්වල ඉගැන්වෙන විෂය මාලාවන්, ගුරුවරුන්ගේ ප්‍රමිතිය හා අයකරන ගාස්තු, රජය විසින් පිහිටවනු ලබන යම් අධිකාරියක් මගින් අධීක්ෂණය කලයුතු වන්නේ, මෙම පාසල්වලින් බිහිවන්නේද අප රටේ පුරවැසියන් බැවිනි.

පවතින පුහුණු විෂයමාලා විශේෂඥවරුන්ගේ හිඟය නිසා නිසා අද ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ අංශ පවා පවත්වා ගෙනයනු ලබන්නේද  අසීරුවෙනි. මෙවන් තත්ත්වයක් යටතේ මේ ලියවිල්ලේ අපේක්ෂිත වෙනස්කම් වල සඳහන් වන අයුරින් පළාත්වලට ස්වයංපාලිත තත්ත්වයක් ලබාදීම කිසිසේත්ම ප්‍රයෝගික නොවේ. මේ ලියවිල්ල පිළියෙළ කිරීමේදී ලංකාව වැනි කුඩා රටක් බවත්, ආර්ථික අගාධයකට වැටී සිටින බවත් අප රට අධ්‍යාපනය සඳහා වියදම් කරන්නේ කුඩා මුදලක් බවත් අමතක වී ඇති බව පෙනී යයි. අධ්‍යාපනයේ විවිධ අංශ විමධ්‍යගත කිරීමෙන් සිදුවන්නේ ඒ සඳහා යන වියදම අධික වී අධ්‍යාපන සේවය කඩාකප්පල් වීමයි.

මේ ලියවිල්ලේ 29 වෙනි පිටුවෙහි මුල් ළමාවිය එනම් පෙර පාසල් අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න හා  වියවුල් පිලිබඳ සඳහන්ව ඇත. අමාත්‍යංශ, කාර්යාංශ, ආයතන, පළාත් සභා, පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික ආයතන මගින් පාලනය වන පෙර පාසැල් හා මොන්ටිසෝරි ලෙස පෙර හඳුන්වා දැන් “මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන” හඳුන්වන මේ ආයතන බොහොමයක් නොදරුවන්ට අකුරු හා ඉලක්කම් උගන්වන ආයතන බවට පත්වී තිබේ. තම දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරවීමේ ආශාවෙන් පෙලන දෙමව්පියන් විශාල මුදලක් වැයකොට තම දරුවන් ” ජාත්‍යන්තර ළමා පාසල් “ වලට දරුවන් ඇතුළු කරයි. මේ ආයතන අධීක්ෂණය සඳහා ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනය වෙත අන්තර්ග්‍රහණය කිරීම මේ ලියවිල්ලේ ඇති වැදගත් යෝජනාවකි. මේ කාර්යාංශය ඉන්පසුව මේ ආයතනවල විෂය නිර්දේශ, ඉගැන්වීම අධීක්ෂණය කිරීම, පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණුව විධිමත් කිරීම වැනි දෑ සිදුකල යුතුය.

මේ ආයතන වල ගුරුවරියන් බොහෝ දෙනෙකු පොදු කම්කරු නීතිය පවා යටත් නොවී, ඉතා අඩු වැටුපකට, විශාල මානසික පීඩාවකින්, තාවකාලික පදනමින් වැඩ කරයි. මොවුන්ගේ ජිවන මට්ටම ඉහල දමා, මනා පුහුණුවක් ලබාදී, “මොන්ටිසෝරි ටීචර්” සමාජයේ  ගෞරවයට ලක්වන කාන්තාවක් බවට පත්නොකොට ඔවුන් දිගු කාලීන වෘත්තිකයන් බවට පත්කළ නොහැක. එවැනි වෙනසක් නොකර දරුවාන්ගේ බුද්ධි වර්ධනයේ වැදගත් අවධියක ඉගැන්වීම භාරව සිටින මේ කාන්තාවන්ගෙන් දරුවනට උපරිම පල ලබාදිය නොහැක.

පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා පාසල් කාලය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව මේ ලියවිල්ලේ ඇති සඳහන නිවැරදිය. එසේ වුවත් මේ කාල පරාසය තුල මුලික ජිවන කුසලතාවයන් වන ආවේග පාලනය, නිවැරදි චින්තනය, පුද්ගලයන් සමඟ සන්නිවේදනය, තර්කානුකුලව සිතීම, අභියෝග භාරගැනීම, තම උත්සාහයෙන් ඉගැනීම වැනි ඉගැන්වීමට හෝ ඉගැනීමට දැනට ඇති බාධා හඳුනාගැනීමක් හෝ එවැනි බාධාවන් මඟ හැරවීමට ගතයුතු පියවර ගැන කිසිදු සඳහනක් මේ ලියවිල්ලේ නැත.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දරුවන්ගේ බුද්ධි වර්ධනයේ එක් එක් අවස්ථාවේ වර්ධනය කලයුතු හැකියාවන් මොට කරන අයුරුත්, එය පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට බලපාන අයුරුත් පිළිබඳව මා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් මිට වසර දහයකට ප්‍රථම පාර්ලිමේන්තු කමිටුව්කදී කරුණු ඉදිරිපත්කර, අධ්‍යාපන අමාත්‍යංශයේදී ද, දිවයිනේ ප්‍රධාන නගර රැසකදී ද සම්න්ත්‍රණ මාලාවක් පවත්වන ලදී. මේ දේශන වල අඩංගු කරුණු පුවත්පත්වල ලිපි මාලාවක් ලෙස පලවී පසුව පොතක් ලෙස එලිදැක්විණි. මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් මේ දක්වා වැදගත් පියවරක් ගෙන නැත.

මේ  ජිවන කුසලතා පාසල තුලදී ඉගැන්වීමට නම් පළමුවෙන්ම ඒ කුසලතාවයන් වැඩි දියුණුවන අන්දමේ විෂය නිර්දේශයක් මේ අවධියට තැනිය යුතුය. දෙවනුව ඒ විෂය නිර්දේශයට අනුව ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කිරීමට දැනට සිටින ගුරුවරුන් පුහුණුකල යුතුය. මේ දෙක සිදුකලත් පාසල් දරුවන් ජිවන කුසලතා වැඩි දියුණුවන අන්දමේ අධ්‍යාපනයක් ලබා ගැනීමට දෙමවුපියන් හා දරුවන් සුදානම් නොවේ නම් මේ අභිමතාර්ථය ඉටුනොවේ.

මේ ප්‍රතිපත්ති රාමුවේ කිසිම තැනක පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ගැන හෝ එය ප්‍රාථමික අධ්‍යාපනයට ඇතිකරන බලපෑම ගැන හෝ සඳහනක් නොකරයි. මෙය මහ පොලවේ යථාර්තය හඳුනානොගත් ලියවිල්ලක් බව තවදුරටත් තහවුරු වන්නේ එලෙසිනි.  තමන් අධ්‍යාපන විශේෂඥයන් ලෙස හඳුන්වාගන්නා අහසෙහි සිටින අය  ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව සඳහන් කලත්,  පොළවෙහි සැබවින්ම සිදුවන්නේ තුන්වෙනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා දෙමවුපියන් හා දරුවන් මේ සියල්ල අමතක කොට භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට සුදානම් වීමයි. මේ කිසිවක් ජිවන කුසලතා දියුණු කිරීමට ඉවහල් වන ක්ෂේත්‍ර නොවේ. රැකියා වෙළඳපොලට නොගැලපෙන, තම යුතුකම් හා වගකීම් නොදන්නා පුරවැසියන් බිහිවන්නේ බුද්ධි වර්ධනයේ වැදගත් අවස්ථාවක් වන ප්‍රාථමික අධ්‍යාපන යුගයේ ජිවන කුසලතා වර්ධනය නොවීම නිසාය. ඒ බව අපේ අධ්‍යාපන විශේෂඥයන් හඳුනාගන්නා තෙක්  උසස් අධ්‍යාපනයේ කුමන වෙනස්කම් කලත් පලක් නොවේ.

මෙයට විසඳුමක් ලෙස අපේ පඬිවරුන් යෝජනා කරනු ඇත්තේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමයි. මෙය දැනට පවතින සමාජ දේශපාලන යථාර්තය යටතේ සිදුකල නොහැක්කකි. වසර 40 වැනි කෙටි කාලයක් තුල 20% සිට 80% ක් දක්වා සීග්‍රයෙන් වර්ධනය වී ඇති අප රටේ මධ්‍යම පංතික සමාජ ස්ථරයේ අපේක්ෂාවන්ට සරිලන අන්දමේ පාසල් පද්ධතිය වැඩි දියුණු කිරීමට මේ දක්වා පැවති කිසිම රජයක් සමත්වී නැත. ඒ නිසා ජනප්‍රිය පාසල් අතලොස්සට තම දරුවා ඇතුළු කරගැනීමට මධ්‍යම පාංතික දෙමවුපියන් දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මිට දශක කිහිපයකට පෙර දරුවනට බරක් නොවෙන විභාගයක්ව පැවති පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද බලු පොරයක්ව ඇත. “හොඳම පාසල ලඟම පාසල” වැනි හිස් සටන් පාඨවලින්ද මේ තරඟය නැති කළ නොහැක. ඒ, තම දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළුවීමට හැකි වුවහොත් ලැබෙන අධ්‍යාපනය කෙසේ වෙතත් සමාජ පිළිගැනීම වැඩි බව මේ දෙමවුපියන් දන්නා නිසාය. ජනප්‍රිය පාසලක ආදි සිසුවෙකුවිම තම දරුවාගේ අනාගතයට ඇතිකරන බලපෑම  විශාල බව දන්නා අප රටේ සුවිසල් මධ්‍යම පංතිය කිසිවිටකත් මේ විභාගය අවලංගු කිරීමට ඉඩ නොදෙනු ඇත. තමන් මේ විභාගය අවලංගු කරන්නේ යැයි සිංහනාද කල අපේ  අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනෙකු හිමින් සීරුවේ පල්ලම් බැස්සේ, එවැන්නක් කිරීම තම දේශපාලන අනාගතයට සුබදායක නොවන බව දැනගත් නිසාය.

මෙවැනි අන්තෝජටා බහිජටා ප්‍රශ්නයකට ඉදිරිපත් කලහැකි එක් විසඳුමක් නම් මේ විභාගය හත්වැනි ශ්‍රේණිය කල් දමා ජනප්‍රිය පාසල් වල පන්ති හයවැනි ශ්‍රේණියේදී නොව අටවෙනි ශ්‍රේණියට පසුව පළල් කිරීමයි. මේ මගින් මධ්‍යම පංතික දොලදුක සංසිදෙනු අතර, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් පස්වෙනි ශ්‍රේණිය දක්වා  මුලික ජිවන කුසලතාවයන් වර්ධනය කෙරන අන්දමේ අධ්‍යාපනයකට යොමු කල හැකිය. මෙයට සමගාමිව දැනට පවතින මුළු පාසල් සංඛ්‍යාව වන (2021) 10,141 න් 38%ක් වන පස්වැනි ශේණිය දක්වා ළමුන් සිටින පාසල් 3393 හි පන්ති 7 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දක්වා පුළුල් කල යුතුය. දැනට ප්‍රාථමික ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව වන ලක්ෂ 16 කින් ලක්ෂ 6 ක්  ඉගෙනුම ලබන්නේ මේ කුඩා ප්‍රාථමික පාසල් වලය. මෙවැන්නක් තුලින් ජනප්‍රිය පාසල්වල තදබදය අඩුවෙනු ඇති අතර, කුඩා පාසල් වැසීයාමද අඩුවනු ඇත.

හයවැනි ශ්‍රේණියේ සිට දහවෙනි ශ්‍රේණිය දක්වා කාලය වන මෙය මේ ලියවිල්ලේ අඩුම අවධානය යොමුකර ඇති කොටස වේ. එය ජීවිතය සඳහා පදනම යොදන කාලය ලෙස මේ ලියවිල්ලේ සඳහන්ව ඇතිමුත් ඒ කුමන පදනමක් දැයි මේ ලියවිල්ලේ සඳහන් නොවේ. සැබෑ ලෙසම සාක්ෂරතාවය හා සාමාන්‍ය දැනුම වර්ධනය කරගතයුතු අවධිය වන මේ වයසේදී භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සුදුසුවේ. එසේම වයස අවුරුදු 12 වන විට වෙනත් පාසැලකට අනුගත විය හැකි වයසකට දරුවා මුහුකුරා ගොස් ඇත.

දැනට කනිෂ්ඨ ද්විතියික අවධියේ පාසැල් විෂයමාලාවේ ලක්ෂණය නම් අනවශ්‍ය විෂය කරුණු සහිත විෂයයන් රාශියක් ළමුන්ට ඉගැන්වීමයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුදැනුම ඇතිව හෝ නැතිව මේ ඉගැනුම් බර වැඩිකිරීම විදුහල්පතිවරුන්ගේ අභිරුචිය මත සිදුවේ. මේ කාලය තුල, මා දන්නා කොළඹ නගරයේ එක් ජනප්‍රිය රජයේ පාසලක දරුවන් සිංහල, දෙමල, ඉංග්‍රීසි වලට අමතරව තවත් භාෂා දෙකක් දරුවන්ට ඉගැන්විණි. සමස්තයක් ලෙස භාෂා පහක්වන මේ ප්‍රමාණය ගැන ඇසු මා පවසා සිටියේ තවත් එක් භාෂාවක් ඉගැන්වුවහොත්, මේ පාසලෙන් “ෂඩ් භාෂා පරමේශ්වර” රැසක් බිහිකර ගතහැකි බවයි. සත්‍ය වශයෙන් සිදුවනුයේ විෂය කරුණු වැඩි නිසා කිසිදු කරුණක් සිතෙහි නොරැඳීමයි.

මේ අවධියන් පිලිබඳ මෙතෙක් පලවූ ලියවිලි හෝ ක්‍රියාත්මක කල වැඩපිළිවලට අමතර කිසිදු නව කරුණක් මේ ලියවිල්ලේ අඩංගුව නැත. පාසලේ දරුවන් ගතකල  යුතු වසර ගණන අඩු කිරීමට මේ ලියවිල්ලේ ඇති යෝජනාව හා අනෙකුත් යෝජනා මිට පෙර කිහිප වතාවක් විවිධ ලියවිලිවල පැවසී තිබිණි.

[ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023- 2033)]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/feed/ 0
වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%96-%e0%b6%b8%e0%b7%9d%e0%b6%a9-%e0%b6%b6%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%96-%e0%b6%b8%e0%b7%9d%e0%b6%a9-%e0%b6%b6%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/#respond Sun, 17 Mar 2024 16:01:54 +0000 https://vivaranalk.com/?p=11069 ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙළේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට […]

The post වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු appeared first on විවරණ.

]]>
ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙළේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට මුල මාතර දිස්ත්‍රික්කය හරහා ගලන නිල්වලා ගඟ හරහා මෑතදී බඳින ලද බැම්මකි.

දුරදිග නොබලා  වර්ෂ 2019 දී ඉදිකිරිම ආරම්භවූ මේ බැම්ම නිසා දුක් විඳින්නේ ගොවියන් පමණක් නොවේ. මේ නිසා ගොවියන් නොවන වැසියන්ට තම ගෙවල් දොරවල් වසරකට කිහිපවරක් ගංවතුරට යටවනු හිසෙහි අතගසා බලා සිටීමට සිදුවී තිබේ. පසුගිය වසරේ පාසල් දරුවන් මඩෙහි එරෙමින්, වතුරෙහි  තෙමෙමින් පාසල් ගිය දින ගණන අපමණය. සාමාන්‍යයෙන් ඉහළ ජිවන මට්ටමකින් ජිවත්වු මාතර දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් බොහෝ දෙනෙකුට මේ වනවිට වී කන්න දහයකට ආසන්න ප්‍රමාණයක් පාළුවී  වී වී තිබේ. මෙයින් දුක් විඳින ගොවි පවුල් ගණන විසිපන් දහසකට අධිකය. කොරටු ගොවින්ට, කිරි ගොවින්ට තම ජීවිකාව අහිමිවී තිබේ. බොහෝ දිනවල මහා මාර්ග අතුරුදන්ව ගොස්, ඒවා ඇළමාර්ග බවට පත්විය. සමහරුන් වාහන විකුණා ගමනාගමනයට ඔරු, පාරු, බෝට්ටු මිලදී ගනිමින් සිටි. කුඩා වැස්සකට පවා උතුරන නිවෙස්වල වැසිකිලි නිසා රෝග පැතිරෙමින් පවතී. පිරිසිදු පානීය ජලය ලබාදීමට ඉදිකරන ලද මේ මෝඩ බැම්ම නිසා මාතර ජනතාව නොදනුත්වම රසායන ද්‍රව්‍ය මිශ්‍ර අපවිත්‍ර ජලය පානය කරමින් සිටි.

මේ ගැටලුවේ නියමුවන් සැමදා හොරුන්, තක්කඩියන් යැයි දොස් අසන දේශපාලඥයන් නොවේ. මෙය උගතුන් හා වියතුන් මුල්වී ඇති කළ පටලැවිල්ලකි. මේ අවුල සංඛ්‍යා ලේඛන, දේශගුණ විග්‍රහ, ඉංජිනේරුමය පැහැදිලි කිරීම්, භූ විෂමතා ප්‍රශ්න වැනි සාමාන්‍ය ජනතාවට නොතේරන අප්‍රබංශ වල පටලවා ජනතාවගේ ඇස් වැසීමට කටයුතු කරන්නේද මේ අවුල ඇතිකළේද උගතුන් හා වියතුන්ය. කරුණු වටහා ගැනීමේ හැකියාව අඩු දේශපාලඥයන්ද නොමඟ යවන්නේද මේ පඬිවරුන්ය. මෙහිදී ජනතාවට පහරදීමට, ඔවුන්ගේ හඬ යටපත් කිරීමට මේ ඊනියා උගතුන් භාවිතා කරන ආයුධය සම්ප්‍රදායික එකක් නොවේ. ඒ අලුත් ආයුධය ලැප්ටොප් පරිගණකයයි. මේ ආයුධය දිගහැර ඇස් ගිනිකන වටවන දත්ත ප්‍රදර්ශනය කරමින් සියල්ලන් නොමඟ යවන මොවුන් මේ දක්වා තම සටන සාර්ථකව සිදුකර තිබේ.

සැබෑ විසඳුම ඉදිරිපත් කළහොත් තමන් කළ වරද හසුවෙන බව දන්නා බුද්ධියෙන් ඉහළ මොවුන්, අතීසාරයට අමුඩය ගැසීම වැනි විසඳුම් ඉදිරිපත් කරමින් සිටි. ඒ අතීසාරය ඇති කළේ තමන් බව ඔවුන් දන්නා නිසාය. අතීසාරය ඇතිකර මුදලක් සොයාගත් මොවුන් දැන් අතීසාරය සුවකරද මුදලක් සොයාගැනීමටද කැස කවමින් සිටී. මෝඩ බැම්මක් ඉදිකර මහජන රුපියල් බිලියන තුනක් නිල්වලා වතුරේ දියකර හැරීමට වගකිවයුත්තෙක් නැත. උපතට වගකිවයුත්තෙක් නැති නිසා මෙය අවජාතක බැම්මක්ව පවතී. මේ බැම්මේ අනියම් පියවරුන්ගේ සිත්සතන් නැති ක්‍රියාවන් නිසා ඊළඟ මෝසම් වැස්සේදී තම නිවෙස්, ගම්බිම්, කුඹුරු , හරකාබාන යටවන බව නියත යැයි දන්නා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන තුනක ජනතාව සමාන කළ හැක්කේ පෝරකයට නියමවී කල්ගතකරන මිනිසෙකුට පමණි.මේ මහා ගැටලුව ඇති කළවුන් තවමත් නිදැල්ලේය.

මේ ගැටලුවේ සුලමුල සොයන්නෙකුට මෙයට වගකිවයුතු උගතුන් හා ඔවුන්ගේ සහචරයන් විස්තරය පටන් ගන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ නිල්වලා ගඟ තැනුණු අයුරු තැන සිටය. එතැනින් පටන්ගෙන සංඛ්‍යා ලේඛන, දේශගුණ විග්‍රහ, ඉංජිනේරුමය පැහැදිලි කිරීම්, භූ විෂමතා ප්‍රශ්න හරහා වත්මන් අර්බුදය දක්වා විස්තරය ඇති තැනට පැමිණෙන විට අසන්නාට මේ දේශනය එපාවෙයි. එනිසා මේ සැබෑ ප්‍රශ්නය යටපත් වෙයි.

නිල්වලා ගඟ සැමදා මාතර දිස්ත්‍රික්කයේ කඳුකර උස් බිම් වලින් ඇරඹි මාතර තොටමුනින් මුහුදට එක්වුනි. මේ ගඟ කිලෝමීටර් 33 ක දුරක් ගලන්නේ අතිශයෙන්ම පැතලි බිමකය. එනිසා වැසි වැටී ගඟෙහි වතුර වැඩිවෙන විට මාතර පහත් බිම් ගංවතුරින් යටවුණි. මේ ගංවතුර සමඟ හා රොන්මඩ ගොවිබිම් සරු කළේය. මේ ගංවතුර පාලනයට විවිධ අවස්ථාවල විවිධ යෝජනා, විසඳුම් හා ව්‍යාපෘති සිදුකෙරිණි. වැසි වතුර බැස යාමට ඇළමාර්ග ඉදිකිරීම්, ගඟ දෙපස බැමි  ඉදිකිරීම්, යටවූ බිම් වලින් ගංවතුර ඉවත්කිරීමට පොම්පාගාර ඉදිකිරීම් මේ අතර වේ. මේ සියල්ල නිසා මේ මෝඩ බැම්ම තනන තුරු ගංවතුර උවදුර අතීතයට වඩා යම් ප්‍රමාණයකට පාලනයවී තිබුණි. කලාතුරකින් ගංවතුර ගැලුවත් එය වහා බැස ගියේය.

මෙයට අමතරව තවත් ගැටලුවක් තිබුණි. ඒ, පැතලි බිමක ගලන නිල්වලා ගඟින් මාතර ජනතාවට පානිය ජලය ලබාදීමයි. ගඟ පැතලි නිසා වියලි කාලයට මුහුදින් කරදිය ගඟ ඉහලට ගොස් පානීය ජලය ලබාගන්නා තැන්වලින් කරදිය මිශ්‍ර ජලය ලැබිණි. වසරකට මාස කිහිපයක් පමණක් සිදුවන මේ කාලවල මාතර ජනතාවට ලැබෙන්නේ පානය කල නොහැකි තරම් ලවණ අධික ජලයකි. මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් ඉදිරිපත් වුවත් මෙයට කිසිදු ස්ථිර විසඳුමක් නොලැබී තිබුණි. නිල්වලා ගඟ හරහා බැම්මක් ඉදිකොට ගඟෙහි වතුර අඩු කාලයට ගේට්ටු වසා කරදිය උඩට යාම වලක්වා පානීය ජලය ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත්වන්නේ මේ පසුබිම යටතේය.

ලවණ බාධක ලෙස හඳුන්වන මෙවන් බැමි ලොවේ පිළිගත් ඉංජිනේරුමය ක්‍රියාවකි. ගැටලුව ඇත්තේ මේ සංකල්පයේ නොව එය සිදුකල අයුරේය. පානිය ජලය ලබාදීම ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක් නිසා එම ආයතනය මේ ක්‍රියාවට අතගැසුවේ ඔවුන්ය. ඔවුන් මේ බැම්ම සැලසුම් කිරීම ලංකා හයිඩ්‍රෝලික්ස් නම් මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික ආයතනයකට බාරදුනි. මෙයට ගෙවූ මුදල අවිනිශ්චිතය. මේ ආයතනය නිල්වලා ගඟේ පටුම තැනින් සැලසුම් කල බැම්ම ගඟේ පටුම තැනද දෙපසින් තවත් අහුරා, ගඟ පතුලේ සිට සැලකිය යුතු ඉහලට කොන්ක්‍රීට් බැම්මක් බැඳ තැනෙන සේ යෝජනා කර තිබුණි. කරදිය එනවිට වහන හා ගඟෙහි වතුර වැඩිවන විට අරින ගේට්ටු පහ තිබුනේ මේ කොන්ක්‍රීට් බැම්ම මතය.

ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනය විසින් සැලසුම් කරන ලද මේ බැම්ම පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය, ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් (CECB) පුර්ව විමසීමක් කළේය. CECB  ආයතනය මේ සැලසුම ගැන අධ්‍යයනය කොට 2016 ජනවාරි 14 වෙනි දිනැති ලිපියෙන් ජලසම්පාදන මණ්ඩලය වෙත දන්වා සිටියේ මේ ලවණ බාධකය යෝජිත අයුරින් ඉදිකළහොත් ගංවතුර ගැලීම ස්ථිර බවයි. මේ අනතුරු හැඟවීම නොතකා 2017 මාර්තු මස ජලසම්පාදන මණ්ඩලය හා අප රටේ ගංගා ඇලවේලි භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ළවණ බාධකය තැනීමට එකඟතා ගිවිසුමක් අත්සන් කළේය. ලංකා හයිඩ්‍රෝලික්ස් ලබාදුන් සැලසුම් අනුව මේ ලවණ බාධකය තැනීම ‘කෝලෝන් සැම්සුන්” නම් කොරියානු සමාගමට බාරදුනි. එහි ඉංජිනේරුමය සැලසුම කලේ “සී වෝටර්’ නම් රත්මලානේ පිහිටා ඇති ආයතනයකිනි. වර්ෂ 2017 අගෝස්තු මස 6 වෙනි දින උත්සවාකාරයෙන් මුල්ගල් තබා තැනීම් ඇරඹුණු මේ ලවණ බාධකයට ජලසම්පාදන මණ්ඩලය වැයකල මුදල රුපියල් බිලියන තුනකි . මේ සා විශාල මුදලක් වැයකර මේ ලංකාවේ සිදුකරන ගොඩනැගීමක මුදල් අතින් අත හුවමාරු නොවුවේ යැයි සිතිය නොහැකිය. එසේ නැතහොත් ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් (CECB) දුන් උපදේශය කිසිසේත් නොතකා මෙවන් ඉදිකිරීමක් සිදුකිරීම වටහා ගත නොහැක.

මේ ලවණ බාධකය තැනෙමින් පවතින විට ප්‍රදේශයේ ගොවි නායකයන් මේ තැනීමෙන් ඇති විය හැකි විපත ගැන තම ප්‍රායෝගික දැනුමෙන් අවබෝධ කර ගත්තේය. ඔවුන් දේශපාලඥයන්ටද , ජලාප්‍රවාහන මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උගතුන්ටද , ප්‍රාදේශීය පරිපාලකයන්ටද කරුණු පැහැදිලිකර  දුන්නත් ඒවා කිසිවෙකු නොතකා හැරීය. පැමිණිලිකළ ඇතැම් අවස්ථාවලදී ඉදිකිරීම් වඩාත් වේගයෙන් සිදුවිණි.

අවසානයේදී  2023 වසරදී ලවණ බාධකය තනා නිමැවිණි. මෙය ඉදිකිරිම ආරම්භවූ දින සිට පාසා වැඩිවෙමින් පවතින ගංවතුර උවදුර නිසා ඇතිවී ඇති ජනදුක අපමණය. ස්වභාවික ගං පතුලට වඩා විශාල උසකින් තැනුණු ලවණ බාධකය නිසා එයට ඉහලින් ගඟෙහි වතුර රැඳීම ඇරඹුණු අතර ගං පතුලේ රොන්මඩ එකතුවී සෑහෙන දුරක් ගං පතුල ඉහලට එසවුනි. එනිසා වැසි වසින කලට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7 ක එනම් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාතර, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය හි විශාල භුමි ප්‍රමාණයක් ගංවතුරට හසුවිය. යටවුණු ග්‍රාමසේවක වසම් ගණන 61 කි. මේ ප්‍රශ්නය නිසා අක්කර විසිදහසක් හා ගොවි පවුල් තිස් දහසක් පීඩාවට පත්වී තිබේ. පසුගිය වසරේ මාස තුනකට අධික කාලයක් ඇතැම් ගම්බිම් හතලිස් වරක් පමණ ජලයෙන් යටවිය. පෙර ඉතාම සශ්‍රික ප්‍රදේශවූ මේ ප්‍රදේශ වල කොරටු වගාව, කිරි ගොවියන්, කුරුඳු , කොස්, දෙල්, තේ ගස් විනාශ වී ඇත. එසේම වෙනදා ගංවතුර ඇතිවුවත් වැස්ස තුරල්වූ පසු බැසයන වතුර දැන් මාස ගණන් ගොවිබිම්වල රැඳී පවතියි. ප්‍රදේශයේ ඇතැම් තැන් මාස තුනකට අධික කලක් ජලයෙන් යටවී තිබිණි. මේ ව්‍යසනයට හේතුව නිල්වලා ගඟ හරහා බඳින ලද “මෝඩ බැම්ම” නිසා වැසි කාලයේදී ගඟෙහි ජල මට්ටම එසවී වතුර නොබැසී ගම්බිම්වල  රැඳී පැවතීමයි.

එසේම රසායනික පොහොර හා කෘමිනාශක යොදන ලද ගොවිබිම් මාස ගණන යටකොට නැවත ගඟට ගලන වතුර පානය කරන මාතර නගර වැසියන් තමන් නොදැනුවත්වම “වස විස” බොමින් සිටි. කුමන පිරිපහදුවකින් හෝ රසායන ද්‍රව්‍ය සියල්ල ඉවත්කළ නොහැකි නිසා, මාතර දිස්ත්‍රික් වැසියන් වකුගඩු රෝගීන් වීමේ කාලය වැඩි ඈතක නොවේ. මෙහිදී ජල සම්පාදන මණ්ඩලයේ විද්වතුන් සමාන කල හැක්කේ මුටිටියේ ඇති එක සිදුරක් වැසීමට ගොස් සිදුරු දෙකක් ඇතිකර ගත් ඉඳුරුවේ ආචාරියාටය. ඒ මෝඩ ආචාරියා ගැන ගැමියන් කියූ ජන කවිය මෙසේය.

“එකක් කඩතොළු වසා ගන්නට ගොසින් සිදුවුණු කාරියා
දෙකක් කඩතොළු හදා ගත්තනේ අනේ ඉඳුරුවෙ ආචාරියා”

“මෝඩ බැම්මේ” සැඟවුණු පියවරු ගම්බිම් යටවීමට හේතුව ලෙස දක්වන්නේ ඔවුන් ඉදිකළ බැම්ම නොව, වර්ෂාපතනයයි. ඔවුන්ගේ තර්ක අනුව පසුගිය වසර කිහිපය තුල පැවති අන්දමේ වර්ෂාවක් ඉතිහාසයේ කිසිකලක පවතී නැත. මෙය අමුලික අසත්‍යයකි. එසේම තම ගම්බිම් යටවීම නිසා ඇති වුණු ගොවි උද්ඝෝෂණ හමුවේ ජල සම්පාදන මණ්ඩලය අපූරු ක්‍රියාවක් සිදුකොට ඇත. එනම් මේ බැම්මේ නිර්මාතෘ ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනයටම මෙයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමයි. ඒ උපදෙස්ද ඔවුන් දෙන්නේ මුදලකට මිසක් නොමිලේ නොවේ. මේ ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් ගලප්පත්ති මහතා මේ වසරේ ජනවාරි මස ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියමින් පවසා සිටියේ මේ ලවණ බාධකයේ කිසිදු දොසක් නැති බවය. මෙවන් පිරිසකගෙන් ඔවුන් ඇති කළ ප්‍රශ්නයට විසඳුම් ඇසීම හොරාගේ මෑණියන්ගෙන් නොව හොරාගෙන්ම අසන පේනයකි.

මේ ප්‍රශ්නයට මොවුන් මුට්ටියේ ඔලුව හිරකර ගත් එළුවාගෙන් මුට්ටිය ගලවා ගන්නට මහදැනමුත්තා කල අයුරේ විසඳුමක් ඉදිරිපත් කළහොත් පුදුමයට කරුණක් නොවේ. මහදැනමුත්තා මුලින්ම කළේ එළුවාගේ බෙල්ල කැපීමයි. එළුවාගේ බෙල්ල කැපූ පසුවත් මුට්ටිය නොගැලවුනු විට මහදැනමුත්තා කලේ මුට්ටිය බිඳීමයි. දැන් එළුවාත්, මුට්ටියත් දෙකම නැත . සුළු ගැටලුවක් විසඳා ගැනීමට බැරි, දැනුම පමණක් ඇති මෝඩයන්ට අපේ පැරණි ගැමියන් සිනාසුනේ මෙවැනි ජනකතා තුලිනි.

මේ ප්‍රශ්නයට ගොවි නායකයන් ඉදිරිපත් කරන්නේ ප්‍රයෝගික විසඳුම් කිහිපයකි. ඔවුන් ඒදණ්ඩේ යා නොහැකි ඉංජිනේරු පඬිවරුන් නොවේ. ඔවුන් “මෝඩ බැම්ම” විනාශ කිරීමට ඉල්ලන්නේ නැත. ඒ, එහි කොපමණ ගැටළු තිබුණත් එය යම් පමණකට මාතර ජනතාව පානය කරන ජලයට ලුණු මුසුවීම වලකන නිසාත්, බැම්ම කැඩීමට තවත් විශාල මුදලක් වැයවන නිසාත්ය. ඔවුන් යෝජනා ක‍රන්නේ මැයි මස ඇදහැලෙන මෝසම් වැස්සට පෙර මේ ලවණ බාධකයට පසෙකින් ජලය බැස යාමට අතුරු ජල මාර්ගයක් (by-pass) තනා එය තාවකාලිකව වැලි කොට්ට වලින් වසා තැබීමයි. එවිට ගඟෙහි ජල මට්ට්ටම වැඩිවන විට මේ වැලිකොට්ට ඉවත්කොට ගංවතුර බැසයාමට සැලසිය හැක. මේ අතුරු මාර්ගය දැනට තනා නොමැති නමුත් මේ ජායාරුපයේ දැක්වෙන පරිදි මෙහි නොනිමවූ කොටසක් ඇත. ඉඩම් පවරා ගැනීමක් නොකොට මෙය මීටර් 90 ක් පළලට විශාල කල හැකි අතර මෙය මේ වසරේ අප්‍රේල් මසට අවසන් වීමට පෙර සිදුකල යුතුය. එසේ නොකළහොත් මහදැනමුත්තන්ගේ තර්ක බිඳදමමින් නිල්වලා ගඟ මෝසම් වැස්සේදී දෙගොඩ තලා යනු ඇත. මේ මුලික පළල් කිරීම සිදුකල පසු ඉඩම් පවරා ගෙන අවම වසයෙන් මේ අතුරු මාර්ගය මීටර් 120 ක් පළල්ව තැනිය යුතුය. මේ හැරුණු කළ වෙනත් හදිසි විසඳුමක් ඉංජිනේරු මහදැනමුත්තන්ට ඇතියැයි සිතිය නොහැක. මෙය නොකළහොත් ඊළඟ මෝසම් සමයේදී පෙරටත් වඩා ගම්බිම් රැසක් ජලයෙන් යටවෙනු ඇත.

ඒ හැරුණු කොට මේ “මෝඩ බැම්ම” නිසා මේ වනවිට කන්න දහයක පමණ වගා හානිවී තිබෙන ගොවියන්ට මෝඩ බැම්මේ අයිතිකරුවන් වන ජල සම්පාදන මණ්ඩලය විසින් අලාභ ගෙවිය යුතුය. මේ වගකීම ඔවුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ඇතිකරගත් ගිවිසුමෙන් පවරාගෙන ඇති නිසා මේ කටයුත්තෙන් මඟ හැරීම ඔවුන්ට කළ නොහැක.

මේ හදිසි ක්‍රියා දෙක සිදුකල පසු මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටලුවට හා පානීය ජලය ගැටලුවට දිගුකාලීන විසඳුම් සෙවීම සිදුකළ හැක. ඒ සඳහා සාකච්ඡා සම්මන්ත්‍රණ සංවිධානය කිරීමේ විශේෂ හැකියාවක් නම්, අපේ ඉඳුරුවේ ආචාරීන්ට ඇත.

The post වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%96-%e0%b6%b8%e0%b7%9d%e0%b6%a9-%e0%b6%b6%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/feed/ 0
‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’ https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0/#respond Mon, 31 Jul 2023 06:22:21 +0000 https://vivaranalk.com/?p=9192 ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ. ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ? සමහර ඖෂධයන්හි එම ඖෂධයට […]

The post ‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’ appeared first on විවරණ.

]]>
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ.

ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ?

  1. එම ඖෂධයෙහි  අවශ්‍ය මාත්‍රාව තිබේ දැයි සොයා බැලීමතත්ත්වයෙන් බාල සමහර ඖෂධවල, ඖෂධයට වඩා එහි අඩංගු අනෙක් ද්‍රව්‍ය වැඩි විය හැකිය.
  2. එම ඖෂධයෙහි සිරුරට හානි කරන රසායන ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම.

සමහර ඖෂධයන්හි එම ඖෂධයට අමතරව සිරුරට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිය. මීට එක් උදාහරණයක් වන්නේ අසාත්මිකතාවය ඇති කරනු ලබන රසායන ද්‍රව්‍ය යි. තත්වයෙන්  බාල ඖෂධවල මෙලෙස අසාත්මිකතා ඇති කළ හැකි රසායන ද්‍රව්‍ය වැඩි ය.  තවත් එක් උදාහරණයක් වන්නේ පිළිකාකාරක රසායන ද්‍රව්‍ය යි.

එසේ නම් මෙවැනි තත්වයන් මග හරවා ගන්නේ කෙසේද ?

ඉහත  ද සඳහන්  කළාක් මෙන් ඕනෑම ඖෂධයක් භාවිතය සඳහා නිකුත් කිරීමට පෙර තත්ව පරීක්ෂණයකට භාජනය කළ යුතු වෙයි. ජාතික  ඖෂධ තත්ව පරීක්ෂණ රසායනාගාරයක් ( NDQAL)  මේ රටේ  පවතින්නේ එම  කාර්යය සඳහා ය. මීට මසකට පමණ ඉහතදී NDQAL ආයතනයෙහි සේවය කරන ලද ඖෂධවේදීන් 26 දෙනෙකු වහාම එම ස්ථානයෙන් මුදාහැර ඇත. එයට හේතුවක් නොදනිමු. එනිසා උග්‍ර සේවක හිඟයක් පවතින එම ආයතනයෙන් දැන් රට ඇතුළට එන ඖෂධවල තත්ව පරීක්ෂණයක් නිසි ලෙස සිදු වන්නට ඉඩක් නැත. එසේම තත්ව පරීක්ෂණයක් නොකර මේ රටට ඖෂධ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවා පසුගියදා පවසා තිබිණි. සෞඛ්‍ය ඇමතිවරයා සිටින්නේ එලෙස තත්ව පර්යේෂණයක් සිදු විය යුතු නැතැයි යන මතයේ ය. ඖෂධවේදීන් 26 දෙනෙකු ම එතැනින් ඉවත් කරන්නට හේතුව එය විය හැකි බව  ඉතා පැහැදිලි ය.

අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියක් තිබේ.  මෙහි පනතට අනුව නම් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි අනිවාර්යෙන් ඖෂධවේදය සම්බන්ධ මහාචාර්යවරයකු ද සිටිය යුතුමය. මාස හයක පමණ  කාලයක සිට  එවැනි මහාචාර්යවරයකු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නොමැත. කලින් එවැනි මහාචාර්යවරුන් සිටි මුත් ඒ අය ඉවත් කර තිබේ.මේ තත්වයන්ට  අනුව අපේ රටට ගෙන්වනු ලබන  කුමන ඖෂධයකවත් තත්ව පරීක්ෂාවක් සිදු නොකරන බව ඉතා පැහැදිලි කාරණයකි.

දැන් ප්‍රශ්න කිහිපයක් තිබේ.

බොහෝ දෙනෙක් කතා කරන්නේ ඖෂධවල “අසාත්මික තිබෙනවා  සහ ඒ හේතුවෙන් රෝගීන් මිය යනවා” යන්න ය. වෙනස් වෙනස් නිෂ්පාදකයන් නිපදවා සෞඛ්‍ය සේවාවට ලබා දෙනු ලබන ඖෂධවල අසාත්මිකතා ඇතිකළ හැකි රසායන ද්‍රව්‍ය පවතින්නේ ද නැද්ද යන්න ගැන තත්ව පරීක්ෂණ දැන් මෙරට නිසිලෙස සිදු නොවේ. මේවායේ තිබෙන සමහර සංඝටක අසාත්මික වීමෙහි ප්‍රතිඵලය වන්නේ ඇතැම්විට රෝගියෙකුගේ ක්ෂණික මරණයක් විය හැකිය. අදාළ  ඖෂධය  රෝගියාගේ ශිරාගත කර, එනම් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ලබාදී පැයක් දෙකක් ඇතුළත වුවද  එය සිදු වීමේ හැකියාව ඇත. අපේ රටේ පසුගිය දිනවල එවැනි තත්වයන් වාර්තා විය.

ඊළඟ ගැටලුව වන්නේ ඖෂධ නිසා ඇතිවන  අනෙකුත් අනිසි පලයි.  ඖෂධ නිසා ඇස් අන්ධ වූ රෝගීන් පිළිබඳව  පසුගිය දිනවල වාර්තා විය. එය අසාත්මිකතාවයක් නිසා සිදුවන්නක් නොවේ. ඒ එම ඖෂධයෙහි අඩංගු අහිතකර රසායන ද්‍රව්‍යයක් හෝ විෂබීජයක් නිසා ඇති වූ ප්‍රතිඵලයකි.        

තුන්වැනි ප්‍රශ්නය නම් මේ ඖෂධවල අහිතකර  ප්‍රතිඵල ඇති කරන වෙනත් රසායනික සංඝටක අඩංගු වී තිබීම නිසා සිරුරට ඇති විය  හැකි හානීන් ය. ඖෂධ තත්ව පරීක්ෂණාගාරයක් තිබෙන්නේ එලෙසින්  ඖෂධ නිසි තත්ත්වයේ පවතින්නේ ද යන්න පරීක්ෂාකර බැලීමට ය. නමුත් දැන් එවැනි පරික්ෂා කිරීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ම ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එසේම මෙලෙස තත්ව පරීක්ෂණවලට භාජනය නොකරන ඖෂධවල අඩංගු රසායන ද්‍රව්‍යයන්හි පිළිකාකාරකද පැවතිය හැකිය. අද මෙවන් ඖෂධයක් ගත් පසු හෙට පිළිකාවක් හටගන්නේ නැත. නමුත් පිළිකාවක් සිරුරේ වර්ධනය වීම වැඩි කාලයක් යන්නට මත්තෙන් ආරම්භ විය හැකිය. එසේ වුවහොත් එයට හේතුව මෙවැනි ඖෂධ ගැනීම යැයි කිසිවෙකුවත් දන්නේ ද නැත. මේ ගැටලුව  නිසා අනාගතයේ අපේ රටේ පිළිකා රෝගීන් විශාල වශයෙන් වැඩි විය හැකිය.

මේ ගැටලුව නිසා අනාගතයේ දී  මෙරට ඇතිවිය හැකි තත්වය පිළිකාවකින් පමණක් නවතින්නේ ද නැත. තත්ව පරීක්ෂාවකින් තොරව නිකුත් කරන මෙම බාල වර්ගයේ ඖෂධ වල අඩංගු වී තිබිය හැකි අහිතකර රසායන ද්‍රව්‍ය නිසා නිසා වකුගඩු ආබාධ හා අක්මා ආබාධ අනාගතයේදී වැඩි විය හැකි වේ.        

මේ බාල ඖෂධ නිසා ඇතිවන සමහර  ප්‍රතිඵල පැයකින් දෙකකින් මතුවේ. තවත් සමහර ප්‍රතිඵල දවසකින් දෙකකින් මතුවිය හැකිය. එසේ ම  මාසයකට පමණ පසු, නැතහොත් මාස කීපයකට පමණ පසු, ඒත් නැත්නම් අවුරුද්දකින් දෙකකින් හෝ ඊටත් පසුව වුවද මේ අහිතකර ප්‍රතිඵල මේ රටේ අසරණ ජනතාවට අත්විඳින්නට සිදුවන බව නම් ඉතාමත්ම අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.

මෙම ඖෂධවල විකිරණ රසායන ද්‍රව්‍ය පැවතියහොත් ඒවායින් පිළිකා හට ගැනීමට අමතරව, ගැබිනි  මව්වරුන් මෙවැනි ඖෂධ භාවිතා කිරීම නිසා විකෘති දරුවන් බිහිවීමේ හැකියාවක් තිබේ. එසේම අනාගතයේ මව්වරුන් වන තරුණියන් මෙවැනි ඖෂධ ගැනීම තුළින්  මෙම අහිතකර සංඝටක ඔවුන්ගේ ශරීර ගත වීම තුළින්  ඔවුන් ගැබ් ගත්තත්, එම කළලයට හානි සිදුවීමට මෙන්ම විකෘති දරුවන් බිහි වීමට ද  ඉඩක් තිබේ. එසේ නම් කුමන හේතුවක් මත හෝ ගෙන්වනු ලබන මෙම බාල ඖෂධ කිසිදු තත්ව පරීක්ෂාවකින් තොරව ජනතාවට ලබා දීම තුළින්  අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්නේ අපේ රටේ දැන් ජීවත් ව සිටින සාමාන්‍ය ජනතාව පමණක් නොවේ.  තවම උපදින්නට සිතාවත් නැති, නමුත් අනාගතයේ මේ රටේ උපදින ඊළඟ පරම්පරාවන් ද මෙම ව්‍යසනයට ඉබේම ගොදුරු වෙයි. තත්වය  මොනතරම් ඛේදනීය ද, භයානකද යන්න ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමු.

තත්වයෙන් බාල මෙවැනි ඖෂධ නිසා උද්ගත වන අහිතකර ප්‍රතිඵල එතෙකින් නො නවතියි.

නිදසුනක් ලෙස යම්කිසි ඖෂධයක අඩංගු විය යුතු ඖෂධ ප්‍රමාණය මිලිග්‍රෑම් සියයක් යැයි සිතමු. එය  මිලිග්‍රෑම් සියයක ඖෂධයක් බව සඳහන් කළත්, තත්වයෙන් බාල ඖෂධයක   මිලිග්‍රෑම් සියයක් වෙනුවට  මිලිග්‍රෑම් පනහක් පමණක් අඩංගු කර තිබෙන්නට බැරි නැත. රෝගීන් සඳහා ඖෂධ නියම කරන වෛද්‍යවරුන්ට  ඖෂධය තුළ අඩංගුව ඇති ඖෂධ ප්‍රමාණය පරික්ෂා කිරීමට හැකියාවක් නැත. එය වෛද්‍යවරයකුට අයත් කාර්යයක් ද නොවේ. ඒ අනුව  එවැනි ඖෂධයක් භාවිතා කරන රෝගියෙකු හට තම රෝගයෙන් නිසි සුවපත් වීමක් අපේක්ෂා කළ නොහැකිය.  නිදසුනක් ලෙස අධික රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයකුට  යම්කිසි මාත්‍රාවකින් ඖෂධයක් වෛද්‍යවරයා නියම කරනු ඇත. රෝගියාද ෆාමසියට ගොස් වෛද්‍යවරයා විසින් නියම කරන ලද මාත්‍රාවෙන් යුතු අදාළ ඖෂධය මිලදී ගෙන භාවිතා කළත් එම ඖෂධ වර්ගයෙහි දක්වා තිබෙන අන්දමට  ඖෂධ ප්‍රමාණය නොතිබුණහොත් රෝගියා ගේ අධික රුධිර පීඩනය පාලනය නොවේ. පාලනය නොවීම යනු රෝගය තවත් උග්‍රවීම ය. මෙය දියවැඩියාව, හෘද රෝග ආදී  මෙකී නොකී ඕනෑම රෝගයකට අදාළ බව සැලකිය යුතුය.

තවත් උදාහරණයක් ගනිමු. පසුගිය කාලයේ ඇතිවූ සෙම් රෝග නිසා  නියුමෝනියාව ද බහුල ලෙසම දක්නට ලැබිණි. නියුමෝනියාවට වෛද්‍යවරුන්  විසින්  ප්‍රතිජීවක ඖෂධ නියම කෙරේ. එහිදී දෙනු ලබන ඖෂධවල නිසි මාත්‍රාවෙන් ඖෂධය අඩංගුවී නොමැතිනම් රෝගය පාලනය වන්නේ නැත. එහි ප්‍රතිඵලය වන්නේ නියුමෝනියාව උත්සන්න වීමෙන් රෝගියා මරණයට පත්වීමයි. මෙහිදී රෝගියාගේ මරණයට හේතුව නියුමෝනියාව බව සඳහන් කරනු ඇත. රෝගියාට නියුමෝනියාව තිබුණු බව සැබෑය. නමුත් මරණයට හේතුව වෛද්‍යවරයා විසින් නියම කරන ලද ඖෂධවල,  නිසි මාත්‍රාවට අනුව  ඖෂධ නොතිබීම  නිසා රෝගියා හට වෛද්‍යවරයා නියම කරන ලද ප්‍රමාණයට ඖෂධය නොලැබීමයි. එය වෛද්‍යවරයාගේ වරදක් නොවේ. අවසානයේ නිව්මෝනියාව වැළඳීමෙන් රෝගියා මිය ගිය බවට ඉතා පහසුවෙන් මරණ සහතිකය ලියවෙනු ඇත. වරද කාගේද?  බාල බෙහෙත් වර්ග ආනයනය කර තත්ව  පරීක්ෂාවකින් තොරව ජනතාවට මුදාහරින සෞඛ්‍ය  බලධාරීන්ගේ නොවේද ?

මෙම ගැටලුවට ඇත්තේ විසඳුම් දෙකකි.

  • වහාම කළ යුතු පළමු දේ නම් තත්ව පරීක්ෂාවකින් තොරව රටපුරා නිකුත් කරන ලද බාල වර්ගයේ ඖෂධ සියල්ල යලි ආපසු ගෙන්වා ගෙන භාවිතයෙන් ඉවත් කිරීමය.
  • ඊළඟට එමගින් රජයට සිදු වූ පාඩුව,  මෙම  ඖෂධ ගෙන්වීම සඳහා නියෝග ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අදාළ නිලධාරීන්ගේත්, ඖෂධ නියාමන අධිකාරියේ  අදාළ නිලධාරීන්ගේත් පෞද්ගලික ධනයෙන්  සහ ඖෂධ ගෙනෙන ලද පෞද්ගලික සමාගම් වලින් අය කර ගත යුතුය.

එසේම  ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තියට අනුව තත්ව පරීක්ෂාවකින් තොරව තොග වශයෙන් ඖෂධ මෙරටට ගෙන ආ හැක්කේ හදිසි ජාතික ආපදා තත්ත්වයකදී සහ වසංගත රෝග තත්ත්වයකදී පමණි. ඒ ඉතා හදිසි තත්ත්වයන් බැවිනි. ඒ හැර කිසිදු ආකාරයකින් නිසි තත්ව පරීක්ෂාවකින් තොරව ඖෂධ නිකුත් කිරීම ඖෂධ පනතට අනුව නීති විරෝධීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙහි 108 වගන්තියට අනුව නිසි තත්ව පරීක්ෂණයකින් තොරව ඖෂධ ගෙන්වනු ලබන අයෙකුට එරෙහිව  දඬුවම් පැමිණවීමේ හැකියාව තිබේ. එහිම 108 (3) (1) වගන්තියට අනුව මෙවැනි ඖෂධ ගෙන්වන්නන්ට එරෙහිව මහේස්ත්‍රාත් අඩු අධිකරණයක නඩු පැවරිය යුතුවේ. එය අපරාධ වරදකි. එම වගන්තියට අනුව එම පුද්ගලයා වරදකරුවකු වුවහොත් රුපියල් දස ලක්ෂයක දඩයක් සහ/හෝ වසර තුනකට නොවැඩි සිර දඬුවමක් ලබාදිය යුතුය.

තත්ත්ව පරීක්ෂණයකින් තොරව ඖෂධ ගෙන්වීම කර ඇතැයි ප්‍රසිද්ධයේ පිළිගත් නිසා සහ එසේ කළේ යැයි ලිඛිත සාක්ෂි  ඇති නිසා, සෞඛ්‍ය ඇමතිවරයා සහ මෙයට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව අපරාධයක් සිදුකිරීම හා අපරාධයකට අනුබල දීම මත පදනම්ව, මේ පනත අනුව, රජය විසින් අපරාධ නඩු පැවරිය යුතු වෙයි. එය අහිංසක ජනතාවගේ බදුවලින් යැපෙන රජයක් විසින් ජනතාව වෙත ඉටුකළ යුතු අනිවාර්ය යුතුකමකි.

සැකසුම: ඉන්දු පෙරේරා

The post ‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0/feed/ 0
සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය [අවසන් කොටස] https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82-2/ https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82-2/#respond Wed, 28 Jun 2023 08:56:54 +0000 https://vivaranalk.com/?p=8772 රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි. ගෑනු සෝමේ මෙය බලපිටිය ප්‍රදේශයේ ගමක හැදුණු වැඩුණු මා මිත්‍ර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පවසන ලද කරුණකි. ඔහුගේ ගමෙහි සෝමපාල නම් […]

The post සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය [අවසන් කොටස] appeared first on විවරණ.

]]>
රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.

ගෑනු සෝමේ

මෙය බලපිටිය ප්‍රදේශයේ ගමක හැදුණු වැඩුණු මා මිත්‍ර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පවසන ලද කරුණකි. ඔහුගේ ගමෙහි සෝමපාල නම් දුගියෙකු වාසය කළේය. ඔහුගේ රැකියාව පොල් කැඩීම විය. අනෙක් ගැමියන් විසින් මොහු “ගෑනු සෝමේ” යැයි හැදින්වූයේ ඔහු ඇන්දේ ගැහැණු ඇඳුම් නිසාය. ගම්වල බොහෝ දෙනාගේ නම්වලට ඉදිරියන් විශේෂණ පද (උදා චන්ඩි  ගුණේ, අත කොට සෝමේ, සොත්ති සිමන්) භාවිතාවන නිසා මේ නමෙහිද අමුත්තක් නොවීය. මේ නම හැරුණු කොට අන් කිසිම ආකාරයේ වෙනස් බවකින් මේ පුද්ගලයාට සැලකීම හෝ ඔහුට විහිළු කිරීම, ගැමියන් විසින් නොකරන ලදී. පොහොය දිනයේදී මොහු බණ ඇසුවේ කාන්තවන් අතර වාඩි වීගෙනය. මෙය බණ කියූ ස්වාමීන් වහන්සේටද ප්‍රශ්නයක් නොවීය. ගෑනු සෝමේ පැහැදිලිවම  තමන්ට උපතින් ලැබුණු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරෙන්නෙක් වීම (Transvestite), ඒ ගමේ කිසිවෙකුට ගැටලුවක් නොවීය.

අතපය කඩාගත් සම ලිංගිකයා

මෙයද මගේ මිතුරෙකුගේ අත්දැකීමකි. ලංකාවේ ගමක ඉපදී දැනට එංගලන්තයේ වාසය කරන මොහු වසරකට දෙකකට වරක් ලංකාවේ තම ගමට පැමිණේයේය. මොහුට සමරිසි චර්යාවන් ඇති මැදිවියට පැමිණි ඥාතියෙක් විය. මේ බව මුළු ගමම දැන සිටි අතර ඔහු ජිවත්වුයේද තවත් සමරිසියෙකු සමඟ වෙනමම නිවසකය. වරක් ලංකාවට පැමිණි මගේ මිතුරා දුටුවේ  දැහැමින් සෙමින් තම සමරිසි  මිතුරා සමඟ ජීවත්වූ මොහුට, ගැමියන් පහරදී “කකුලක් කඩා”ඇති බවය. “තමන්ගේ පාඩුවේ” ජීවත්වූ මේ පුද්ගලයාට පහරදීම හෙළා දුටු මගේ මිතුරාට ගැමියන් පැවසුවේ අමුතුම කතාවකි. “..එයාගෙ හැටි අපි හැමෝම දන්නවනේ. එහෙම හිටියට කමක් නෑ. පස්සේ මූ පටන් ගත්තනේ ඉස්කෝලේ යන කොල්ලොත් ගෙදරට ගෙන්න ගන්න. පොලීසියට කියලා වැඩක් නැති නිසා අපි ප්‍රශ්නය විසඳ ගත්තා..” ගැමියන්ගේ සමලිංගික චර්යාවන් නිහඬව ඉවසීමත්, ළමා අපචාරවලට ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා කිරීමත් පිළිබඳව මෙයට වඩා තවත් උදාහරණයක් නොමැත.

සුබ දසුන

මා ජිවත් වන්නේ කොළඹ නගර සීමාව තුල වුවත්, මා ජිවත් වන ප්‍රදේශයෙහි ග්‍රාමීය ලක්ෂණ රැසක් ඇත. ධනකුවේරයන් ගේ සිට අන්ත දුගියන් දක්වා වෙසෙන මෙහි, එදිනෙදා අවශ්‍යතාවයන් සපුරණ කඩ මන්ඩියක්ද ඇත. ඉඩම් මිල ඉහල ගියවිට බොහෝ මුල් ගම්වැසියන් තම මුල් ඉඩම් විකුණා පිටතට ගියත්, තවමත් මේ ප්‍රදේශයට හිමිකම් කියන මුල්ගම්කරුවන් පිරිසක්ද වාසය කරයි. කොළඹ අන් පෙදෙස් මෙන් නොව මේ ප්‍රදේශයහි වෙසෙන බොහෝ දෙනා එකිනෙකා හඳුනයි.

මෙයට වසර කිහිපයකට පෙර මෙහි ඉහල මධ්‍යම පංතික නිවසක් කුලියට ගෙන ගැහැණුන් මෙන් හඳින, හැසිරෙන පිරිමින් පිරිසක් පැමිණියේය. මොවුන් සමරිසියන්ද නැත්ද යන්න මම නොදනිමි. මොවුන් දිනපතා ප්‍රදේශයෙහි හැසිරුණු අතර මෙහි ඇති කඩ මන්ඩියෙන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, ආහාර ගැනීම සිදුකල අතර මේ පිරිස ගැන මේ ප්‍රදේශයේ වැසියන් සමග කිසිම අමනාපයක් නොවීය. මේ අය ගැන කඩ හිමියන් පැවසුවේ ඔවුන් කිසිම කරදරයක් නොමැති පිරිසක් බවයි. මේ කරුණ ගැන වැඩිදුර “පර්යේෂණය” කල එක් කඩ හිමියක් මට පැවසුවේ මොවුන් දැකීම “නිමිති ශාස්ත්‍රය” අනුව සුබ දසුනක් බවත් මොවුන් පැමිණි පසු තම වෙළඳසැලේ  වෙළඳාම වැඩිවූ බවත්ය. ඔහු පැවසූ කරුණ සත්‍යයකි. පැරණි නිමිති ශාස්ත්‍ර පොත්වල “නපුංසකයන් “නම් පොදු නමකින් හැඳින්වුණු මොවුන් දැකීම සුබ දසුනක් සේ සඳහන්ව ඇත.

සිංහල බසෙහි නපුංසක වචනය යෙදෙනේනේ අවඥා සහගත ලෙස නොවේ. සිංහල ව්‍යාකරණ රීති වලට අනුව නාම  පද පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හා නපුංසක ලිංග ලෙස උගන්වන්නේ එය අන් ලිංගයකට වඩා පහත් වචනයක් ලෙස නොවේ. රෝගියා, දුගියා වැනි නාම පද ද අයිතිවන්නේ නපුංසක ලිංග ගණයටය.    

නිමිති පොත්වල නපුංසකයන් ලෙස හැඳින්වෙන මේ පිරිස අප පෙදෙසට පැමිණ මාස කිහිපයක් ගතවිය. ඉන්පසුව මොවුන් හා පෙදෙස් වැසියන් අතර තිබු සාමකාමී සහජීවනය මුළුමනින්ම බිඳවැටුණි. ඒ, අඳුර වැටුණු පසුව මේ පුද්ගලයන් මහාමාර්ගය අසලට විත් සිටගෙන සිටීමටත්, වාහන වලින් පැමිණෙන පුද්ගලයන් ඔවුන් සමඟ ගණුදෙනු කථාකොට වාහන වලට නංවා රැගෙන යාමටත් ඇරඹීම නිසාය. ප්‍රදේශයම නොසන්සුන් විය. කඩ හිමියන් මොවුන්ට භාණ්ඩ අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළේය. “..දැන් ඉතින් ළමයෙක් වත් හදාගන්න බෑ. කරන දෙයක් රටට ලෝකෙට පෙන්නේ නැතිවෙන්න කරන්න ඕනේ නේ..” යන්න ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ පොදු මැසිවිල්ල විය. අවසානයේදී, ප්‍රදේශයේ “පුරෝගාමී පුරවැසියන්” කිහිපදෙනෙකු මොවුන්ට ප්‍රසිද්ධයේ “ලුණු ඇඹුල්” ඇතිව බැණ වැදුණු පසුව, මොවුන් ප්‍රදේශය හැර ගියේය. මෙම සිදුවීම් අප සමාජය තුල සමරිසි චර්යාවන් හා විරුද්ධ ලිංගිකයෙකු සේ හැසිරීම ඉවසීමත්, ප්‍රසිද්ධයේ ගණිකා වෘත්තියේ නියැලීම නොඉවසීමත් පිළිබඳව පැහැදිලි උදාහරණයකි.

තහනම් බෙලි ගහ

මා ඉපදුණු දකුණු ලකේ නගරයේ මහජන නියෝජිතයාව මාස තුනක් හැරුණු කොට දශක තුනක් සිටියේ ප්‍රසිද්ධ සමරිසියෙකි. සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබු මොහු ව්‍යවස්ථාදායකයේ ඉහලම පදවියද හෙබවිය. ඔහු නියෝජනය කල ආසනයේ සියලු දෙනාම පාහේ ඔහුගේ මේ හැසිරීම දැන සිටි නමුදු එය කිසිවෙකුට ප්‍රශ්නයක් නොවීය. ඔහු ව්‍යවස්ථාදායකයට පැමිණි යුගයේ බටහිර රටවල නම්, සමරිසි චර්යාවන් ඇති අය සමාජය විසින් පිළිකුල් කල පිරිසක් විය.  මොහුගේ නිවසේ බෙලි ගසක් තිබිණි. සවස් වරුවේ තම ගේට්ටුව ඉදිරිපිටට පැමිණෙන මේ මැතිතුමා තම වත්තේ ඇති බෙලි ගසේ බෙලි ඇහිඳීමට ඔහු පාසල්  සිසුවන්ට ඇරයුම් කරන බව ඒ නගරයේ ප්‍රසිද්ධ රහසක් විය. ප්‍රියමනාප හැසිරීමකින් යුතු ඔහු ඇතැම් විට එසේ කලේ දරුවන්ට ඇති ඇල්ම නිසා විය හැක. එසේ වුවත් ඔහුගේ නිවස ඉදිරිපිටින් යනවිට සීයා බෙලි කෑමට ආරාධනා කලහොත්, කිසිවිටක් නිවස තුලට නොයන ලෙස දෙමවුපියන් තම දරුවන්ට අනතුරු හඟවා තිබුණි. තම දරුවන්ට සීයා දෙන බෙලි නොකෑමට අවවාද කල දෙමවුපියන්, සෑම ඡන්දයකදීම ඔහු පාර්ලමේන්තුවට යැවීමට මැලි නොවීය.

බටහිර සමලිංගික සංස්කෘතිය

බටහිර ඉතිහාසයේ මුල් අවදියේ  ග්‍රීක හා රෝමානු සංස්කෘතීන් තුල සමලිංගික චර්යාවන් ඉවසීමේ පිළිවෙතක්  තිබුණි. ග්‍රීක හා රෝම දේව කථාවල සියුස් නම් මහා දෙවියාට මෙන්ම ඇපොලෝ, කියුපිඩ් වැනි දෙවිවරුන්ටද, ඇප්‍ටොයිඩ්, හේරා වැනි  දේවතාවියන්ට සමලිංගික හැසිරීම් තිබුණි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා සේ සැලකෙන හිපොක්‍රටිස්ගේ සුප්‍රකට ප්‍රතිඥාවේ 7 වෙනි වගන්තියේ මෙසේ සඳහන්වේ “රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා නිවසකට ඇතුලුවෙන මම ඒ නිවසේ ගැහැණු හෝ පිරිමි කිසිවෙකු හෝ නිදහස් හෝ වහල් පුද්ගලයෙකු සමඟ සමඟ අයථා සම්බන්ධයක් ඇති කර නොගනිමි” . පුරාතන ග්‍රීසියේ සමලිංගික හා ප්‍රතිලිංගික හැසිරීම් සමව සැලකූ බවට කදිම උදාහරණයකි, මේ.

සමලිංගික පිරිමි ජෝඩු දෙකක් නිරූපණය කරන රෝම රිදී යාත්‍රාවක් වන වොරන් කුසලානය

ග්‍රීක ශිෂ්ඨාචාරයෙන්  පසුව පහලවූ රෝම ශිෂ්ඨාචාරය තුලද සමලිංගික චර්යාවන් අස්වාභාවික ලෙස නොසැලකූ බවට සාක්ෂි රැසකි. පොම්පේ හා රෝමයේ අනෙකුත් නටබුන්වූ නගරවල විශේෂයෙන්ම උණුසුම් නාන තටාක වල බිත්තිවල සැරසූ රුප අතර සමලිංගික චර්යාවන් පෙන්වන රූප රැසක් හමුවී තිබේ. තරමක ප්‍රචණ්ඩකාරී ලිංගික හැසිරීමකින් යුතු ජුලියස් සීසර් බහුලිංගික චර්යාවන්ට ප්‍රසිද්ධ වුවෙකු විය. “..සීසර්ට රෝමයේ ගැහැණුයි පිරිමියි දෙගොල්ලොම කැමතියි..” එකල රෝමයේ ප්‍රකට විහිළුවක් විය. බොහෝ රෝම අධිරාජයන්ට සමලිංගික පෙම්වතුන් විය. රෝමානු නගර තුල ප්‍රතිලිංගික මෙන්ම සමලිංගික ගණිකා මඩම් තිබුණි.

බටහිර පැවති මේ ඉවසීම වෙනස් වුයේ එය රෝමානු කතෝලික පල්ලියේ සංස්කෘතික ග්‍රහණයට හසුවූ පසුවය. ක්‍රි. ව. දෙවැනි සියවසේ සිට බටහිර සිසාරා පාප් වහන්සේගේ ආධිපත්‍යයෙන් බටහිර පැතිරුණු කිතුනු දහම, ජන ජීවිතයේ සියළු අංග පමණක් නොව,රාජ්‍ය පාලනය, විද්‍යාත්මක පර්යේෂණ යන සියල්ලටම නීති පනවා තම ග්‍රහණයට ගත්තේය.

ආගමේ නාමයෙන් සිදුවූ මේ සංස්කෘතික ආක්‍රමණය හමුවේ මුළු යුරෝපයම “අඳුරු යුගය” යැයි හඳුන්වන පසුගාමී යුගයට ගියේය.මේ යුගයේදී පල්ලිය උපතේ සිට මරණය දක්වා සියලු කරුණු වලට ඇඟිලි ගැසීම කළේය. දරුවන් බෞතිස්ම කොට දරු උපත් පල්ලියේ ලියාපදිංචි කිරීම, විවාහයන් පල්ලියේ සිදුකොට ලියාපදිංචි කිරීම, මියගිය පසු පල්ලියේ භූමියක මිහිදන් කිරීම වැනි තවත් පල්ලිය සම්බ්න්ධවන ක්‍රියාවන් රාශියක් මේ කාලය තුල සිදුවිය. මෙවැනි ක්‍රියාවන්ට එරෙහි වීමට සාමාන්‍ය ජනතාවට පමණක් නොව  රජවරුන්ටද නොහැකි විය. එවන් ක්‍රියා සවර්ගයට යෑමට බාධා පමුණුවන්නේ යැයේ යන මතය නිසා මේ මුළු සමාජයම එයට අනුගත වීම සිදුවිය.

“පුනරුද යුගය” යැයි හඳුන්වන නවීන විද්‍යාව කරලියට පැමිණුනු 15 වෙනි සියවස දක්වා කාලයේදී යුරෝපය, සෑම අතකින්ම ලොවෙහි අන් රටවලට වඩා පසුගාමී වූ අතර, සමලිංගික චර්යාවන් පිළිබඳ බරපතල නීති රීති පැනවුනේ මේ කාලයේදීය. සමලිංගික හැසිරීම් අස්වාභාවික ලෙස පිළිගැනුණු ඒ යුගයේදී ඇතැම් විට සමලිංගික චර්යාවන් ඇති අය පණපිටින් පුළුස්සා දැමීමට තරම් ආගමික සංස්ථාව දරුණු විය. බටහිර නීති පොත් ලිවීමට පසුබිම්වුයේද මේ ආගමික පසුබිමයි.

බ්‍රිතාන්‍යය රෝමානු කතෝලික පල්ලියෙන් මිදී එංගලන්ත සභාව පිහිටුවා ගත්තත්, සමලිංගික චර්යාවන් පිළිබඳව එම ආගමික සංස්ථාවේ මතයද එතරම් වෙනස් නොවීය. මේ තත්ත්වය බරපතල කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වික්ටෝරියා මහා රැජිනගේ පාලනයට  නතුව පැවති 19 වෙනි සියවසේ  පැතිර ගිය “වික්ටෝරියානු සදාචාරය” තුළ සමලිංගිකත්වය අස්වාභාවික හැසිරීමක් ලෙස සැලකීම තවත් ප්‍රබල විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ප්‍රබලව පැවති මේ යුගයේ ගෙනා අණ පනත් වලින් සමාජයේ බහුතර ලිංගික හැසිරීම් හා චර්යාවන්ට වඩා වෙනස් ලෙස හැසිරෙන්නන් මානසික රෝගීන් සේ සැලකීමද, ඔවුන් සිරගත කිරීමද, “පුනරුත්ථාපනය” කිරීමද බහුල ලෙස පැතිරිණි. ප්‍රකට ලේඛකයෙකු හා දාර්ශනිකයෙකු වූ “ඔස්කා වයිල්ඩ්” මෙසේ වික්ටෝරියානු නීති රීති මගින් සිරගත වූ අයෙකි. 1900 දී සිදුවූ ඔහුගේ මරණයෙන් වසර සියයකට පසු ඒ විකාරරූපී අණපනත් වෙනස් කොට ඔහු හා ඔහු මෙන්ම තවත් එවැනි ලිංගික හැසිරීම් නිසා අසාධාරණ දඬුවම් වලට ලක්වූ 50,000 ක් නිර්දෝෂී කිරීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියාකළේ 2017 දීය.

කෙතරම් නීති ලිහිල් කලත් බටහිර සමාජය තුළ සමලිංගික විරෝධී ආකල්ප තවමත් සැඟවී තිබේ. මා බ්‍රිතාන්‍යයේ සේවය කල එක් රෝහලක් පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ගම් රැසක් මධ්‍යයේය. මේ ගම්වල සමලිංගිකයන් වෙසෙන නිවෙස්වලට ගල් ගැසීම, ඔවුන්ට පහරදීම, ප්‍රසිද්ධ ස්ථානවල ඇනුම්පද කීම නිතර සිදුවිය. තවමත් බටහිර රටවල ප්‍රසිද්ධයේ හා අප්‍රසිද්ධයේ සමරිසියන්ට පහරදීම, අපහාස කිරීම පමණක් නොව මරාදැමීම පවා සිදුවේ. මෙවන් පසුබිමක් යටතේ සමලිංගිකයන් ආරක්ෂා කිරිමට හා ඔවුන්ගේ අයිතීන් සුරැකීම  අත්‍යවශ්‍ය කරුණකි.

 සමරිසි පැවතුම් පමණක් නොව දේශපාලඥයන්ගේ හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීම බටහිර ඇති තවත් නොහොබිනා සංස්කෘතික අංගයකි. මේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම්, නිවාඩු ගතකිරීම්, අනියම් සම්බන්ධකම්, දරු උපත්, කෑම බීම ආශ්‍රිතව මහා වෙළඳ ව්‍යාපාරයක් ගොඩනැගී ඇත. ටැබ්ලොයිඩ් වර්ගයේ පුවත්පත්, පැපරාසි කැමරාකරුවන් බිහිව ඇත්තේ මේ අනුන්ගේ ඕපාදුප දැනගැනීමට බටහිර සමාජයේ විශාල පිරිසක ඇති නොනිත් ආශාව නිසාය. යම් උත්සවයකට ප්‍රසිද්ධ නිලියක් අඳින ගවුමේ පැහැය ගැන මුදල් ඔට්ටු ඇල්ලීමට සූදු ආයතන ක්‍රමවේදයන්ද සකසන තරම් බොළඳ තැනකට මේ ඕපාදුප කලාව බටහිර පැතිර තිබේ.

ශ්‍රී ලාංකික සංස්කෘතිය ”මොඩ්” කරන්නෝ

අප රටේ හෝ බටහිර ඉතිහාසය හා සංස්කෘතිය ගැන කිසිවක් නොදන්නා අතලොස්සක්, අපගේ “පසුගාමී” සංස්කෘතිය බටහිර මට්ටමට දියුණුකර, නවීකරණය කිරීමේ “සත්ක්‍රියාවට” අත ගසා ඇත. මොවුන් උත්සාහ කරන්නේ සියළු අංග වලින් බටහිර සංස්කෘතියට වඩා පසුගාමී යැයි ඔවුන් සිතන අපේ සංස්කෘතිය, මුළුනුපුටා දමා ලංකාව තුල බටහිර සංස්කෘතිය  පැල කිරීමටය. මේ සංස්කෘතික ආක්‍රමණයේ යුද සෙනෙවියන් වී, ලංකාවේ “නොදියුණු” සංස්කෘතියෙන් ශ්‍රී ලාංකිකයන් ගලවා ගැනීම මොවුන්ගේ පරම පවිත්‍ර චේතනාවයි.

මෙවැනි අදහසක් දැරූ තවත් පිරිසක් අධිරාජ්‍යවාදීන් අතර සිටියේය. මෙයින් එක් අයෙකු ප්‍රකට ඉංග්‍රීසි කිවිවර “රුඩ්යාඩ් කිප්ලිංය“ . ඔහුගේ සුප්‍රකට කවිපෙලක් වන “සුදු මිනිසාගේ හිසරදය” (White man’s burden) හි ඔහු පවසන්නේ මේ නොදියුණු , අර්ධ මිනිස් , දුඹුරු සමුහයාට “සංස්කෘතිය” හඳුන්වා දීම සුදු මිනිසාගේ කරපිට පැටවුණු වගකීමක් බවය. අප අතර “රුඩ්යාඩ් කිප්ලිං” වැනි චරිත සිටීම, අප රට මං පැහැරූ සිංහල බෞද්ධ පල්හොරුන්ට ආශිර්වාදයකි. මේ සටනේ අනෙක් පස කඳවුරු බැඳ, බටහිර සංස්කෘතික ආක්‍රමණයෙන්, “නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය“ ගලවා ගැනීමේ සටනට නායකත්වය දීමට මේ  හොරුන්ට හැකිවන්නේ එවිටය.

සමබර දැනුවත් මතයක් 

බටහිර රටවල් ගැලවෙන්නට උත්සාහ ගන්නේ ඔවුන්ගේ ඉතිහාසයෙනි. අපේ ඉතිහාසය ඔවුන්ට වඩා වෙනස්ය. කලයුත්තක් කළයුත්තේ ඒ බව සිහියේ තබාගෙනය. සමරිසි මාතෘකවෙහිදී අප ගැලවිය යුත්තේ බටහිරයන් අපට හඳුන්වාදුන් නීති රීති වලින් මිස, අපේ සංස්කෘතියෙන් නොවේ.

අප රටේ සමලිංගික චර්යාවන් අනෙක් ලිංගික චර්යාවන්ගෙන් වෙනස් කොට සැලකීමේ පොදු නීතියක් නොතිබුණි. ඇත්ත වශයෙන්ම බටහිරට නතුවීමට පෙර කිසිම ලිඛිත නීතියක් නොතිබි අපේ රටේ රාජ නීතිය යටතේ මෙවන් චර්යාවන්ට දඬුවම් පැමිණවීමේ චාරිත්‍රයක්ව  නොතිබුණි.

අප රට යටත්විජිතවාදීන්ට නතුවූ පසු ඔවුන්ගේ සමලිංගික විරෝධී නීති අපේ රටේ නීති බවට පත්වුයේය.පසුගිය සියවස තුල බටහිර රටවල් තම නීතිපොත් වලින් මෙවන් ලිංගික චර්යාවන් නීති විරෝධී ලෙස සඳහන්ව ඇති ලියැවීම් ඉවත් කරමින් සිටී. අපේ ඊනියා දේශප්‍රේමින් රැකගැනීමට උත්සාහ ගන්නේ දැන් බටහිරටද හිසරදයක් වී ඇති අධිරාජ්‍යවාදීන් අපට හඳුන්වා දුන් නීතින්ය. බටහිර සංස්කෘතියේ පවතින, ඔවුන් විසින් ගලවා ඉවත් කිරීමට උත්සාහ කරන අංග, අපේ මුග්ධ දේශප්‍රේමීන් වැළඳ ගැනීමට උත්සාහ ගනී. බටහිර සංස්කෘතියෙන් අපේ ප්‍රගමනයට උකහා ගත යුතු දේ අපමණ තිබියදී, අපේ “දේශප්‍රේමීන්“  වැළඳ ගැනීමට යන්නේ ඔවුන් ඔවුන්ගේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට උත්සාහ කරන දේ පමණි.

අප රටේ පැවති යහපත් සමාජ ලක්ෂණයක් නම් සමාජයට හෝ රටට හානියක් නොවෙනතාක් කල් යමෙකුගේ ලිංගික හැසිරීම් නිහඬව ඉවසීමේ පිළිවෙතයි. එසේම ලිංගිකත්වය අනවශ්‍ය උත්ප්‍රාසයකින් තොරව විඳීමේ පිළිවෙතයි. අපේ සංස්කෘතියේ සැබෑ සවභාවය ලංකාව “බටහිරකරණය” කරන්නට උත්සාහ කරන්නන් මෙන්ම, අපට අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන්  නීතියක් රැකීමට උත්සාහ ගන්නා ඊනියා දේශප්‍රේමින් යන දෙකොටසම වටහා ගත යුතුය. ලිංගික කරුණු විෂයෙහි බටහිර පැවති සංකල්පයන්ට වඩා දියුණු සංකල්පයන් අප තුල තිබුණු බවද, ඒ අදහස අද පවා සමාජය තුළ පවතින බවද, මේ සටනේ දෙපිලම නොදනී. මෙයින් අදහස් වන්නේ අපගේ සංස්කෘතියේ පැවති සියලු ලක්ෂණ බටහිරට වඩා ඉදිරිගාමී බව නොවේ. එසේ තර්ක කරන ගුණවතුන් දෙදෙනෙකු නම් ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා මැතිවරුන්ය.

අපගේ සංස්කෘතිය තුළ සමාජ ප්‍රගමනයට ඉවහල් වන මෙන්ම හානිකර ලක්ෂණද පැවතිනි. අද ද පවතී. අප සංස්කෘතියේ යහපත් ලක්ෂණ හඳුනාගෙන ඒවා රැක ගැනීමත්, අයහපත් ලක්ෂණ ඉවත්කොට එය බටහිර හෝ පෙරදිග අන් රටවල් ඇති යහපත් ලක්ෂණ වලින් පෝෂණය කිරීමත් අද දින කළයුතු කාර්යය වේ.

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය.. [පළමුවන කොටස ]

The post සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය [අවසන් කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82-2/feed/ 0
සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය.. [පළමුවන කොටස ] https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82/ https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82/#respond Mon, 26 Jun 2023 04:07:09 +0000 https://vivaranalk.com/?p=8718 අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු අනුමැතිය කෙසේ වෙතත්, “සමලිංගික ප්‍රශ්නය” නමින් සරලව හැඳින්වෙන මෙය ගැඹුරින් සාකච්ඡා කළයුතු මාතෘකාවකි. වත්මන් සිංහල ලියන කියවන සමාජයේ ඕනෑම ගැටලුවක් සාකච්ඡා කෙරෙන්නේ ඉතාම […]

The post සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය.. [පළමුවන කොටස ] appeared first on විවරණ.

]]>
අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු අනුමැතිය කෙසේ වෙතත්, “සමලිංගික ප්‍රශ්නය” නමින් සරලව හැඳින්වෙන මෙය ගැඹුරින් සාකච්ඡා කළයුතු මාතෘකාවකි.

වත්මන් සිංහල ලියන කියවන සමාජයේ ඕනෑම ගැටලුවක් සාකච්ඡා කෙරෙන්නේ ඉතාම නොගැඹුරු ලෙසය. සංකීර්ණ ප්‍රශ්නයක් සරල කොට ඒ සරල ප්‍රශ්නයට “ඔව්” හෝ “නෑ” වැනි “සුදු-කළු” පිළිතුරක් සෙවීම අපට ආවේනික ලක්ෂණයයි. දැන් අපට ගැටලුවක්ව ඇත්තේ සමලිංගිකත්වය නීතිගත කරනවාද නැත්ද යන “සරල ප්‍රශ්නය” ට උත්තරයෙකි. ඊනියා දේශප්‍රේමීන්ට අනුව දේශද්‍රෝහීන් සමලිංගිකත්වයට පක්ෂ අතර, දේශප්‍රේමීන් මෙයට විරුද්ධය. දෙපසට සටන් කඳවුරු බෙදෙන අයුරු දෙස බලන විට නැවත “සමලිංගිකත්වයට පක්ෂ බටහිර ගැති, එන්.ජී.ඕ ඩොලර් කාක්කන්” දෙසට “දේශප්‍රේමී, ජාති හිතෛශී සමලිංගික විරෝධී” කඳවුර චෝදනා එල්ල කරන නිසා, මේ සටනින් දෙවැනි කඳවුර තරවෙනු ඇත. මේ සටන උසාවියක නඩු තීන්දුවකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත වන පනතකින් අවසන් නොවනු ඇත.  සමරිසි හැසිරීම් වලට විරුද්ධ සටන දිගින් දිගටම ගෙනයෑමට ඊනියා දේශප්‍රේමීන් පෙළඹෙනු ඇත. සමලිංගිකත්වයට විරුද්ධ මේ දේශප්‍රේමීන්ට නායකත්වය දීමට පල්හොරුන් එන්නේ ඊළඟ වටයේදීය. වැඩිකල් නොගොස් රට, ජාතිය, ආගම බේරා ගැනීමේ “පරම පවිත්‍ර චේතනාවෙන්” සිංහල,බෞද්ධ බහුතරය දේශප්‍රේමී, ජාති හිතෛශී පල්හොරුන් සමඟ එක්වෙනු ඇත. මෙයින්, මං පහරා රට විනාශකළ හොරුන්ට නැවත ජාතිය, ආගම හා සංස්කෘතිය බේරාගැනීමේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටීමට අවස්ථාව ලැබේ.

දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්

මේ කරුණ ගැන විමසීමේදී ශ්‍රී ලංකාවේ 76% ක් වන බහුතරයක් සිංහල ජන කොටසට අයිතිවන බවත්, එසේම 71% ක් බෞද්ධයන් වන බවත් කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. මේ බහුතර ජන කොටසෙහි සංස්කෘතිය මේ රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාව වේ. මේ ජන කොටස  දෙමල, මුස්ලිම්, ආදිවාසී , බර්ගර් හා අනෙකුත් ජනකොටස් සමඟත්, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා අනෙකුත් ලබ්ධිකයන් සමඟ චිරාත් කාලයක් තුළ මේ දිවයිනේ සමගියෙන් ජිවත් විය. ඉතිහාසයේ වැඩි කලක් මොවුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් ජීවත්වූ අතර මේ සාමය බිඳී ගියේ කෙටි කලකට පමණි. සිංහල බෞද්ධ නායකයන් විසින් මං පහරා විනාශ කල මේ දේශයේ අද එක්ව දුක් විඳින්නේ මේ සියළු ජන කොටස්ය. මේ විනාශයට මුලික හේතුව රටේ ධනය අපේ සිංහල බෞද්ධ නායකයන් විසින් නාස්ති කොට සොරකම් කිරීම මිස, අපරදිග හෝ පෙරදිග රටක්, අපට වින කැටීම නොවේ. රටේ අද පවතින තත්ත්වය වෙනත් රටක කුමන්ත්‍රණයක් නිසා ඇති වූවක් යැයි සිංහල බෞද්ධයන්ට ඒත්තු ගැන්වීම, මේ පල් හොරුන්ගේ අලුත්ම ව්‍යාපෘතියයි.

රටේ දහසකුත් එකත් දැවෙන ප්‍රශ්න තිබියදී, එවන් තවත් බටහිර කුමන්ත්‍රණයක් යැයි මේ පල් හොරුන්ට අර්ථකථනය කල හැකි මාතෘකාවක් කරලියට ඒම අතිශයින්ම සැක සහිතය.“සමලිංගික ප්‍රශ්නය” යැයි සරලව හැදින්වෙන මේ සංකීර්ණ කරුණ ගැන දිගු කාලීන සිංහල බෞද්ධ සංස්කෘතියෙන් උගත හැකි පාඩම් මොනවාදැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. එවිට, බටහිර සංස්කෘතියේ සැබෑ ගැත්තන් කවුරුන්දැයි ඔබට වැටහෙනු ඇත.

සංස්කෘතියක ස්වභාවය

සංස්කෘතිය යන වචනයට පොදු එකඟතාවයක් ඇති නිර්වචනයක් නැත. ජන කොටසක සංස්කෘතියක ප්‍රධාන අංග වනුයේ පොදු විශ්වාස, ආචාර ධර්ම, භාෂාව, ඇදහිලි, ආකල්ප වැනි දේය. යම් ජන කොටසක් තුළම මේ සම්බන්ධයෙන් වෙනස්කම් තිබිය හැකිය. එසේ නමුත්, පොදුවේ හඳුනාගත හැකි ලක්ෂණ අනුව ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතික ලක්ෂණ වලින් සමන්විතය.

 ලොවෙහි අනෙක් සංස්කෘතීන් සමඟ ගනුදෙනු කරන, ගැටෙන කිසිම ජන කොටසක සංස්කෘතිය වෙනස් නොවී නොපවතී. එසේ වෙනස් නොවෙන සංස්කෘතීන් ඇත්තේ හුදෙකලා, වනචාරී ගෝත්‍රිකයන්ට පමණි. වසර දෙදහස් පන්සියයක් තුල සිංහල බෞද්ධ සංස්කෘතියද ක්‍රමයෙන් පරිණාමය විය. ග්‍රන්ථාරූඪ කර ඇති ත්‍රිපිටකය හැරුණු කොට සිංහලයන්ගේ හා සිංහල බෞධයන්ගේ ඇදහිලි, වන්දනා ක්‍රම, භාෂාව, ඇඳුම්-පැළදුම්, ආචාර ධර්ම, කෑමබීම, පාලන ක්‍රමද මෙසේ වෙනස් විය. මුග්ධ, ඊනියා “දේශප්‍රේමීන් දාර්ශනිකයන්”  සිතන්නේ වසර දෙදහසකට අධික කලක් තිස්සේ සිංහල බෞද්ධයන්ට නොවෙනස් වූ සංස්කෘතියක් තිබුණු බවය. කිසිදා නොවෙනස්ව පැවතුනේ යැයි ඔවුන් සිතන මේ සංස්කෘතිය රැකීම මේ අයගේ සටනයි. මේ මෝඩයන් රැලට නායකත්වය දෙන කපටියන්ට නම් සංස්කෘතිය යන වචනය වත් හරිහැටි ලියාගත නොහැක. අං තට්ටුවක් බැඳ තමන්ගේ කුඹුර හා ගත හැකි මී හරක් රැළක් සොයා ගැනීම මේ පල් හොරුන්ගේ අරමුණයි.

එසේම යම් සංස්කෘතියක් අන් සංස්කෘතියක් සමඟ සැසඳීමේදී කිසි විටකත් අප අනෙක් සංස්කෘතියේ ලක්ෂණ හෙළා දැක, පහත් කොට, සැලකීම වැරදිය. යම් ජන කොටසකට පොදු සංස්කෘතික ලක්ෂණයක් ඇති වන්නේ ඓතිහාසික හා භූ දේශපාලන සාධක මතය. සංස්කෘතියක් තුළ අද ලොවට නොගැලපෙන යම් ලක්ෂණයක් ඇත්නම් එය එසේ තේරුම් ගැනීමෙන් ඔබ්බට ගොස්, ඒ සංස්කෘතික ලක්ෂණය ඇති ජන කොටස හෙලාදැකීම ගැටුම් වලට මුලපුරයි. “සම ලිංගික ප්‍රශ්නය” ගැන විමසීමේදී මේ කරුණු මත පිහිටා කටයුතු කිරීම වැදගත් වේ.     

සමලිංගික ප්‍රශ්නය

සමලිංගික ගැටළුව ලෙස ඉතා සරලව, එයට ආවේනික පරිදි සමාජගතව ඇති මේ මාතෘකාව ඇත්ත වශයෙන්ම ලොවෙහි හැඳින්වෙන්නේ LGBTQ සාකච්ඡාව ලෙසය. මෙහි එක් එක් ඉංග්‍රීසි අකුරට වෙනස් අරුත් තිබේ.

L – Lesbian       –  කාන්තාවන් සමඟ ලිංගිකව ඇසුරු කරන කාන්තාවන් 

G – Gay            –  පිරිමින් සමඟ ලිංගිකව ඇසුරු කරන පිරිමින් 

B – Bisexual      – විරුද්ධ ලිංගිකයන් හා සමලිංගිකයන් සමඟ ලිංගිකව හැසිරෙන්නන් 

T – Transvestite – තමන්ට උපතින් ලැබුණු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරෙන්නන්

Q- Queer  – ලිංගිකත්වය හරි හැටි හඳුනාගත නොහැකි අය- නපුංසක (සිංහල), පන්ඩක (පාලි)

ළමා අපචාර හා ලිංගික බලහත්කාරකම්

මේ සාකච්ඡාවෙන් ළමා අපචාර හා ලිංගික බලහත්කාරකම් වෙන් කර හඳුනාගැනීම අතිශයින් වැදගත් වේ. වයසින් අඩු ළමුන් සමඟ ලිංගිකව හැසිරීම ළමා අපචාර ගණයට වැටෙන දඬුවම් ලැබිය හැකි වරදකි. අනෙකෙකු සමඟ ලිංගිකව බලහත්කාරයෙන් හැසිරීම ලිංගික දුෂණයකි. මේ ලිංගික දුෂණ හා ළමා අපචාර විරුද්ධ ලිංගිකයන් මෙන්ම සමලිංගිකයන් අතරද සිදුවිය හැකි, දඬුවම් ලැබිය හැකි වරදකි. ශිෂ්ට සම්පන්න ඕනෑම සමාජයක ළමා අපචාර හා ලිංගික දුෂණය සමාජය හෙලා දකිනු  පමණක් නොව, එය නීති විරෝධී වේ. අද ඇති වී ඇති සාකච්ඡාව ළමා අපචාර හෝ ලිංගික දුෂණයන් නීතිගත කිරීමක් පිළිබඳව නොවේ. “සමලිංගික ප්‍රශ්නය” යැයි සරලව හඳුනාගෙන ලය කම්පා කරගෙන වේදනාවෙන් කෑ ගසන ගිහි පැවිදි බොහෝ දෙනා සිතන්නේ, අද ඇති සාකච්ඡාව ළමා අපචාර හෝ ලිංගික දුෂණය නීතිගත කිරීමක් පිළිබඳව ගැන බවයි.

බුදු දහමේ කාම මිත්‍යාචාරය

“සමලිංගික හැසිරීම්” ලෙස සරලව හැදින්වෙන LGBTQ ගණයට අයිතිවෙන ලිංගික චර්යාවන් “කාමමිත්‍යාචාරයට” අයිති වන පාප කර්මයක් යැයි, බුදුදහම නිසි ලෙස නොදන්නා සිංහල බෞද්ධ ඇතැමුන්ගේ අදහසයි. මේ  මතයෙහි මුග්ධ බව ගැන ග්‍රන්ථයක් පළකිරීම බුදුදහම ගැන ගැඹුරු දැනුමක් ඇති ගිහි පැවිදි උගතුන්ට භාර කරමි.

මාගේ දැනුමේ හැටියට  බුදුදහමෙහි මුලික සංකල්පයක් වන “කර්මය” ගැන මෑත කාලයේදී කර ඇති ගැඹුරුම විග්‍රහයන් සරලව ඉදිරිපත්කළ යතිවරයාණෝ “රේරුකානේ චන්දවිමල” මහ නාහිමිය. උන්වහන්සේගේ “බෞද්ධයාගේ අත්පොත” හි සඳහන් කාමමිත්‍යාචාරය ගැන ඇති ලියවීම මෙහි සම්පුර්ණයෙන්ම උපුටා දක්වන්නේ මේ වැරදි අදහස මුළුමනින්ම උගුළුවා දැමීමටය. ඒ සඳහන මෙසේය:

“..සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නාවූ ස්ත්‍රියක හා බලයෙන් හෝ  සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාම මිත්‍යාචාර පාපය වේ. හිමියන් තමන් රක්ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් හා කාමයහි හැසිරීමෙන් ස්ත්‍රියට කාම මිත්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිත්‍යාචාර පාපය වේ. සැමියෙකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

1. සේවනය නොකල යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීමය.

2. සේවන චිත්තය ඇතිවීමය

3. සේවනයට උත්සාහ කිරීමය

4. සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීමය යන අංග සතර සම්පුර්ණ වීමෙන් කාම මිත්‍යාචාරය වේ..”

කාමයෙහි හැසිරීමේදී බලහත්කාරකම් කිරීම හෝ ආරක්ෂා කෙරන යන මුලික අදහස් දෙක මේ පාඨයන් උගත හැකි ඉතා වැදගත් සංකල්ප වේ. එසේම යමෙකුට ශාරීරික පිඩාවක් කිරීම කාමමිත්‍යාචාරයට අයිති නොවුනත්, පාපයකි. කවරෙකුට කළත් ලිංගික දුෂණය පාපයක් වන්නේ එනිසාය. බුදුදහම සියලු ආකාරයේ ලිංගික හැසිරීම් සසර ගමන දිගු කරන ක්‍රියාවන් ලෙස සලකනවා මිස,  LGBTQ ගණයේ ලිංගික හැසිරීම් අන් ලිංගික හැසිරීම් වලින් වෙන්ව නොසලකයි. LGBTQ ගණයට අයිතිවෙන ලිංගික චර්යාවන්, කාමමිත්‍යාචාර ගණයට අයිතිවන්නේ යැයි බුදුදහමේ කොතැනක හෝ සඳහන්ව ඇත්දැයි ඔප්පු කිරීම,“සිංහල බුදුදහම” රැකීම සඳහා පෙනී සිටින, දේශමාමක උපාසක උපාසිකාවන්ට භාර කරමි.

බුදු දහමේ LGBTQ ගැන සඳහන් නොවන්නේ බුදුන් වහන්සේ වැඩ විසූ යුගයේ සමාජයේ එවන් හැසිරීම් නොතිබුණු නිසා යැයි තවත් තර්කයක් නැගෙන්නට ඉඩ ඇත. එවැනි තර්කයක් නගන්නන් විනය පිටකයේ පාරාජිකා පාලි කොටස කියවුවහොත්, අද සමාජයේ දක්නා සියලු ආකාරයේ ලිංගික චර්යාවන් එකල සමාජයේද තිබුණු බව වැටහෙනු ඇත. පාරාජිකා පාලිය භික්ෂුන්වහන්සේලාට පැනවූ විනය ශික්ෂාපද ඇති ත්‍රිපිටකයේ කොටසක් වන අතර එහි  LGBTQ ගණයේ සියලු ලිංගික ක්‍රියාද විස්තර කෙරේ. එහිද, සියලු ආකාරයේ ලිංගික ක්‍රියා භික්ෂුන් වහන්සේලාට අකැප කිරීමක් මිස,  LGBTQ ගණයේ  ලිංගික හැසිරීම් අන් ලිංගික හැසිරීම් වලින් වෙන්ව සලකා නැත. බුදුදහමෙහි මෙවන් ලිංගික චර්යාවන් ඇති අය අසාමාන්‍යය ලිංගික චර්යාවන් ඇත්තන් සේ සැලකීමක් කර නැත.

නපුංසක වචනයෙහි අරුත 

පන්ඩක ලෙස පාලි බසින් හැඳින්වෙන, නපුංසක යැයි සිංහල බසින් ව්‍යවහාර වන ලිංගේන්ද්‍රි නොමැති අය හෝ උභය ලිංගිකයන් ලෙස පාලි බසින් හැඳින්වෙන ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම පිහිටා ඇති අය එසේ වන්නේ, ඔවුන්ගේ සිරුරෙහි උපතින්ම ඇති ජානමය හෝ හෝමෝනමය වෙනස්කම් නිසාය. මෙවන් භෞතික සාධක මත LGBTQ ප්‍රජාවට අයිති වන්නන් අතිශය සුළුතරයකි. මෙවන් සිරුරේ භෞතික වෙනස්කම් ඇත්තන්ට එම භෞතික වෙනස මහණවීමට බාධාවක් නොවන නමුත් සාමනේර පැවිද්දෙන් ඉහලට ගොස් උපසම්පදාව ලබා ගැනීම විනය නීති මගින් තහනම් කොට ඇත. මේ තහනම පනවා ඇත්තේ භික්ෂු භික්ෂුණී සාසනය තුළ සමාජයේ ගෞරවයට බාධාවෙන හෝ දුෂ්කර මහණදම් පිරීමට බාධාවන කායික ප්‍රශ්න ඇති අයට සාමනේර පැවිද්දෙන් ඉහළට යාමට ඉඩ නොතැබූ නිසාය. ඒ බව පැහැදිලි වන්නේ භෞතික ලිංගික වෙනස් කම් ඇති අයට පමණක් නොව, අංගවිකල වුවනට, සමෙහි කබර ඇති පුද්ගලයන්ට පවා උපසම්පදාව ලබාදීම තහනම් කර ඇති නිසාය. කුමන ආකාරයේ හෝ ලිංගික ක්‍රියාවක නියුතුවීම භික්ෂුවකට අකැප නිසා හා එය මහණකමින් නෙරපීමට හේතුවන නිසා භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ ලිංගික හැසිරීම සමලිංගිකද, විරුද්ධ ලිංගිකද යන ගැටලුව ශාසනය තුල පැන නොනඟී.

ශ්‍රී ලාංකික සංස්කෘතියේ ලිංගික හැසිරීම්

සමලිංගික හැසිරීම් වලට බලවත් සේ විරුද්ධ වන්නන්ගේ ප්‍රබල තර්කයක් වන්නේ එවන් හැසිරීම් ශ්‍රී ලාංකික සංස්කෘතියට විරුද්ධ බවයි. ඔවුන් නිර්මල ශ්‍රී ලංකික සංස්කෘතිය ලෙස සලකන්නේ  බටහිර බලපෑමෙන් ” අපවිත්‍ර නොවූ “ සංස්කෘතිය නම් ඒ ගැන අප මුලින් විමසා බලමු.

ශ්‍රී ලංකාවේ චිරාත් කාලයක් තුල පැවතියේ පැවතියේ යම් අයෙකුගේ ලිංගික ජීවිතය, ලිංගික චර්යාවන්  හා සරණ පාවා ගැනීම් පොදු සමාජයට හානියන් නොවන්නේ නම් ඒවා නිහඬව ඉවසන සංස්කෘතියකි. ලිංගික හැසිරීම් අනවශ්‍ය ලෙස තළු මරමින් උලුප්පා දැක්වීම හෝ හෙලා දැකීම අපගේ ජන සංස්කෘතියේ අංගයක් නොවීය. සමාජයට හෝ රටට හානියක් නොවෙන තාක් කල්, ශ්‍රී ලාංකිකයන් අන් අයගේ ලිංගික හැසිරීම් වලට අත නොපෙවීය. 

බුදුසමය ලංකාව තුල ජන ජීවිතයේ එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික ජිවිතයේ අංගවලට ඇඟිලි නොගැසීය. මේ ඉවසීම අද දක්වා අප සමාජයේ නිහඬව පවතී. බටහිර රටවල දේශපාලඥයෙකුගේ පුද්ගලික ලිංගික හැසිරීම් ඇතැම් විට රජයන් බිඳ වැටෙන තරම් ප්‍රබල වන නමුදු, ලංකාවේ මිනිසුන් ඒ පිළිබඳව නොතකයි. රාජ්‍ය පාලනයට බාධාවක් නොවන්නේ නම්, යම් අයෙකුගේ පුද්ගලික හැසිරීම  රටකට බලපාන්නේ කෙසේදැයි වටහා ගැනීම අපහසුය.

ආගමික සංස්ථා පුද්ගලික ජිවිතයට ඇඟිලි ගැසීම, බටහිර සංකල්පයක් මිස ශ්‍රී ලාංකික සංකල්පයක් නොවේ. බටහිර මෙන් නොව ලංකාවේ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් ආගමික ආයතනයක  ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් අප රට තුල නොතිබිණි. මේ කිසිම ක්‍රියාවකට බලහත්කාරයෙන්  සම්බන්ධවීම භික්ෂුන් වහන්සේලා නොකළ අතර, පන්සල සම්බන්ධ නොවීය. ඕනෑම ක්‍රියාවකට උපදෙස් හෝ ආශීර්වාදය ගිහියන් ඉල්ලා සිටි විට, එය ලබාදීම මිස, අන් කිසිවක් භික්ෂුන් වහන්සේලා නොකළේය.

ලංකාවේ රජවරුන්ට බිසවුන් සරණපාවා ගැනීම ගැන ” මහා සංඝයා වහන්සේලා” අනුමැතිය පැතීම අවශ්‍ය නොවීය. උදාහරණයක් ලෙස සොලීන්ගෙන් රට බේරාගෙන එක්සේසත් කල මහා විජයබාහු රජුගේ අග බිසව ද්‍රවිධ පාන්ධ්‍ය ජාතික ලීලාවතී ය විය. ඇයට පුතෙකු නොලැබුණු නිසා ඔහු ඇය අග බිසව තනතුරේ සිටියදීම සරණපාවා ගත් “ත්‍රිලෝක සුන්දරී” ඔරිස්සාවෙන් පැමිණි කාන්තාවක් විය. මේ දෙදෙනාම උපතින් බෞද්ධයන් නොවීය. මහා විජයබාහුගෙන් පසු රජ පැමිණියේ ඇයගේ පුත්  වික්‍රමබාහුය. මහා විජයබාහුට මේ කිසිදු ක්‍රියාවකට මහා සංඝයා වහන්සේලාගේ අනුමැතිය අවශ්‍ය නොවීය.මේ සියලු බිසවුන් රජුගේ “හරි ගැහැනුන්” මිස “හොර ගැහැනුන්” නොවීය.

හෙන්රි රජුට සහ ඈන් බොලින්

බටහිර නම් මේ අය පල්ලියේ අනුමැතිය නැති රජවරුන්ගේ බිරිඳන්, අනියම් බිරිඳන්  විය. වරෙක බටහිර රජෙකුගේ විවාහය කතෝලික සභාව දෙදරවිය. එංගලන්තයේ පස්වෙනි හෙන්රි රජුට තම බිසව දික්කසාද කොට ඈන් බොලින් නම් කාන්තාව සරණ පාවා ගැනීමට අවශ්‍ය විය. මෙයට පාප් වහන්සේ විරුද්ධ විය. මෙයින් කිපුණු පස්වැනි හෙන්රි රජු රෝමානු කතෝලික පල්ලියෙන් වෙන්වී ගොස් එංගලන්ත සභාව පිහිටුවා ගත්තේය. එසේ නමුත් ඒ එංගලන්ත සභාවටද ජන ජීවිතය පාලනය කිරීමේ අවශ්‍යතාවයන් තිබුණි. ලංකාවේ රජවරුන්ට හින්දු භක්තික බිරිඳන් අපමණ සිටි නමුදු එංගලන්තයේ රජුට තවමත් ඇන්ග්ලිකානු නොවන කාන්තාවක සරණ පාවා ගැනීම තහනම්ය. ඉතා මෑත කාලයේදී පවා පලවෙනි එඩ්වඩ් රජුට තම කිරුල අතහැරීමට සිදුවුයේ, දික්කසාදවු, කතෝලික වොලිස් සිම්ප්සන් නම් ඇමරිකානු ජාතික කාන්තාව සරණ පාවා ගැනීමට සුදානම් වූ නිසාය.

ලංකාවේ නම් එකගෙයි කෑම යැයි ප්‍රචලිතව පවති. එක් ගැහැනියක විසින් පිරිමින් දෙදෙනෙකු සරණපාවා ගැනීම රජ පවුල් තුලද  පැවතිනි. ‘රාජාවලියේ’ හා ‘අලකේශ්වර යුද්ධය’ හි සඳහන් වන පරිදි බුවනෙකබාහු, පරරාජසිංහ හා මායාදුන්නේ රජවරුන් තිදෙනා එකගෙයි කෑ ගෘහයක දරුවන්ය. ඔවුන්ගේ මවු කීරවැල්ලේ කුමාරිකාවක වූ අතර පියවරුන් විජයබාහු හා ශ්‍රී රාජසිංහ රජකුමරුවන් විය.

අනුලා රැජින

මේ ඉවසීම එසේ වුවද පාලකයාගේ ලිංගික චර්යාව රාජ්‍ය පාලනයට බලපෑවිට ශ්‍රී ලංකික ජනතාව දරුණු ලෙස ප්‍රතික්‍රියා කළේය. මහාවංශයේ දැක්වෙන පරිදි අතිශයෙන්ම කාමාතුර ගැහැනියක වූ අනුලා රැජින සැමියන් කිහිප දෙනෙකු රජ කමට පත්කොට මරා, සෙබලුන් රැසක් සමඟ සමුහ ලිංගික ක්‍රියාවන්හි නිරතවෙමින් රාජ්‍ය පාලනයට බාධා පැමිණවූ විට ජනතාව නැගී සිටියේය. ලංකා ඉතිහාසයේ පණපිටින් ජනතාව විසින් පණපිටින් ගිනිතැබූ එකම රාජ්‍ය පාලකයා අනුලා රැජින විය. පැරණි බෞද්ධ සංස්කෘතිය ගිහියන්ගේ ලිංගික හැසිරීම් ගැන පමණක් නොව ඇඳුම් පැළදුම්, කෑම්බීම්, කථාව, පුජා විධි, දරු උපත් වැනි සියලු ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඬව සිටි නමුත්, මේ සියල්ල ගැන “සිංහල බෞද්ධ මතය” පළකිරිම මෑතකාලීන ප්‍රවණතාවයකි. මුලින් අධිරාජ්‍ය විරෝධී ලෙස, හිසෙහි පනාවක් පැළඳීම, නම් හා වාසගම් පිළිකෙව් කිරීම වැනි සුළු කරුණු වලින් ඇරඹුණු විවේචන, අද ජන ජීවිතය පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයද වෙලාගෙන ඇත. රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි.

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය [අවසන් කොටස]

The post සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය.. [පළමුවන කොටස ] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82/feed/ 0
ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [අවසන් කොටස] https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-3/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-3/#respond Wed, 22 Feb 2023 07:44:18 +0000 https://vivaranalk.com/?p=7306 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම් අවධියෙන් සිටි වෙනත් ස්ථරයක් නැත. මොවුන් තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සදා සිත් තැවුල් වෙමින් සිටී. මෑත කාලයේදී සෑම දේශපාලන පක්ෂයක්ම කලේ මොවුන් රවටා, […]

The post ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [අවසන් කොටස] appeared first on විවරණ.

]]>
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම් අවධියෙන් සිටි වෙනත් ස්ථරයක් නැත. මොවුන් තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සදා සිත් තැවුල් වෙමින් සිටී. මෑත කාලයේදී සෑම දේශපාලන පක්ෂයක්ම කලේ මොවුන් රවටා, මොවුන්ගේ ඡන්ද වලින් බලයට පැමිණ මොවුන්ගේ අභිප්‍රායන්ට විරුද්ධව කටයුතු කිරීමයි.  

ලංකාවේ පසුගිය මැතිවරණ දෙස බැලු විට මධ්‍යම පංතික සමාජ ස්ථර වල අය එක්සිත්ව යම් දේශපාලන පක්ෂයකට ඡන්දය දීමට තීරණය කලවිට එම පක්ෂ හෝ ජනාධිපති අපේක්ෂකයන් අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගත්තේය. 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංගට, 2009 වසරේදී මහින්ද රාජපක්ෂට, 2019 දී ගෝථාභය රාජපක්ෂට මෙසේ මධ්‍යම පංතිය, විශේෂයෙන්ම සිංහල බෞද්ධ මධ්‍යම පංතිය එක්සිත්ව ඡන්දය ලබා දුන්නේය. කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ මධ්‍යම පංතික ස්ථරය පැහැදිලිව පිළිබිඹු කරන මැතිවරණ කොට්ඨාශ කිහිපයක් නම් කඩුවෙල,හෝමාගම, මහරගම හා කැස්බෑවයි. 

ගෝඨාභය රාජපක්ෂ හා මධ්‍යම පංතිය

මේ පිරිසේ බහුතරයේ ආකර්ෂණය දිනා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය. පෙනුමෙන් සහ ඇඳුමෙන් පැළඳුමෙන් ඔහු ලංකාවේ මධ්‍යම පංතියට අයත් වුවෙක් විය. වැඩි ආටෝපයෙන් තොර, නිහතමානී මධ්‍යම පංතික උගතෙකුගේ හැසිරීම ඔහු තුළ තිබුණි. ලංකාවේ බහුතරයකගේ සිතෙහි ඇති ජාතිය හා ආගම සුරැකීමටද ඔහුට හැකියැයි නිගමනයවූ විට ඔහුගේ සොහොයුරාටත් වඩා ඔවුන්ට සමීප ඇත්තෙක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විය. මේ සියල්ල සමඟ පරිගණක විප්ලවයක් හා ක්‍රමවේද වෙනසක් මුසු කරගත් විට, මධ්‍යම පංතික තරුණයන්ගේ ආකර්ෂණයද ඔහුට හිමිවිය. ප්‍රතිවිරුද්ධ අපේක්ෂයා ලංකාවේ බහුතරය දුප්පත් පංතිය යැයි නිගමනය කර දුප්පතෙකු මෙන් ඇඳ පැළඳ, වේදිකාවේ ග්‍රාම්‍ය කථා කීම මධ්‍යම පංතියේ විහිළුවට ලක්විය. ගුවන්යානා පුරවා ඡන්දය ලබාදීමට ලංකාවට පැමිණියේ මධ්‍යම පන්තියට අයත් ශ්‍රී ලාංකිකයන් මිස, මැද පෙරදිග ගෘහ සේවයට ගිය දුප්පත් කාන්තාවන් නොවේ. ඡන්දය දීමට නොව, තම දරුවන් බැලීමට ලංකාවට ඒමට තරම්වත් ඔවුන්ට හැකියාවක් නැත. අවසානයේදී ප්‍රතිවාදියාට වඩා ගව් ගණනක දුරින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය.

ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ඔහු හා බැඳුනු අඳුරු බලවේග වැඩ ඇරඹිය. “වියත්මග“ නම් සීනි තැවරූ, මේ අඳුරු බලවේග සහිත ගුලියක්, ඊළඟ මහා මැතිවරණයේදී ද මධ්‍යම පංතිය ගිල්ලේය. මධ්‍යම පංතියේ ඡන්දවලින්, වියතුන්ට වඩා නුගතුන් සිටි ලැයිස්තු වලින්, මැරයන් හා හොරුන් පාර් ලිමේන්තුවට ඇතුළු විය. අවසානයේ  ආණ්ඩුවේ බලය අතට ගත්තේ පවුලක් සහ ඔවුන් වටා සිටි චෞර එහෙයියන් පිරිසකි. වෙනසක් බලාපොරොත්තුවූ මධ්‍යම පංතිය තුල, තමන් රැවටීම පිළිබඳව පළමුවරට ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන වෛරයක් ඇති කරගත්තේය.  

අරගලය හා මධ්‍යම පංතිය

“ගෝටා ගෝ හෝම්” නමින් 2022 මාර්තු මස ඇරඹී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලවා හැර ජුලි මස 09 වෙනි දින “අරගලය” නමින් හැඳින්වෙන ජනතා ක්‍රියාදාමයේ මුළුමනින්ම නිරතව සිටියේ මේ මධ්‍යම පංති ස්ථරයයි.

මෙම ක්‍රියාදාමයට පෙරහුරුවක් වුයේ එයට වසරකට පමණ පෙර පමණ ඇරඹී මාස කිහිපයක් ඇදෙමින් ගිය “ගුරු අරගලයයි”. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධයනය හරහා අසීමිත බලයක් කේන්ද්‍රගත කරගනිමින්, පාර් ලිමේන්තුවේ  තුනෙන් දෙකක බලයකුත්, ත්‍රිවිධ හමුදාවල සම්පුර්ණ අවනතභාවයත් හිමිව සිටි රජයක් අසරණ කරමින් ගුරු සටන ඉදිරියට ගියේය. මෙවන් බලතල තිබියදීත් දස දහස් ගණන් ගුරුවරුන් මාර්ග අවහිර කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය වටා වාඩිලා ගනිමින්, පොලිස් ස්ථාන  වටකරමින් කල සාමකාමී උද්ඝෝෂණ, තමන් සර්ව බලධාරි යැයි සිතා සිටි රජය අසරණ කළේය. රජයට, අත්අඩංගුවට ගත් ගුරු නායකයන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට සිදුවිය. අවසානයේදී ගුරු නායකයන් සමඟ සාකච්ඡා කොට එකඟතාවයකින් අවසන් කරන්නට සිදුවූ මේ ගුරු සටන සමාජ ස්ථර විග්‍රහය අනුව සම්පුර්ණයෙන්ම පහල මධ්‍යම පංතියේ නැගිටීමක් විය. මේ නැගිටීමෙන්, ජනතාව තුල රාජ්‍ය බලයට තිබු භීතිය අවසන් විය. ඉන් පසුව රසායනික පොහොර තහනම අරභයා ගොවියන් අභීතව නැගි සිටියේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා සීඝ්‍රයෙන් වලපල්ලට වැටුණු රටේ ප්‍රධාන වශයෙන්ම පීඩාවට පත්වුණේ මධ්‍යම පංතියයි.  ඔවුන්ගේ ගෑස් උඳුන් නිවෙත්දී, නිවෙස් වල විදුලිය කැපෙත්දී, මෝටර් සයිකලයට, කාරයට තෙල් නොලැබෙත්දී, ගමන් යාමට ත්‍රී වීලර් නොලැබෙත්දී මෙතෙක් අපහසුවෙන් නිද්‍රාශීලිව සිටි මධ්‍යම පංතික යෝධයා අවදි විය. තමන්ගේ සිත තුල කැකෑරෙමින් පැවති, පවතින දේශපාලන හා සමාජ ක්‍රමයට විරුද්ධ සටන් පාඨ කියමින් මොවුන් මහපාරට පැමිණියේය.

අරගලයේ තරුණයෝ

ඊට පසුව ඇරඹි “ගෝටා ගෝ හෝම්” නම් ප්‍රධාන සටන් පාඨය හා බැඳුනු ක්‍රියාකාරම් වල මුලිකත්වය ගත්තේ මධ්‍යම පංතික තරුණ පිරිසයි. මේ අයගෙන් බොහොමයකට තම දෙමවුපියන්ට වඩා ඉංග්‍රීසි බස පිළිබඳ දැනුමක් ඇති අතර, අන්තර් ජාලය හරහා ලොවෙහි සිදුවන දේ ගැන එසැනයකින්ම දැන ගැනීම, එසේම සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ පණිවිඩ සීග්‍රයෙන් හුවමාරු කරගන්නා මොවුන් අතර තම දෙමවුපියන්ටත් වඩා ඒකාග්‍රතාවයකින් යුතුව වැඩ කිරීමේ හැකියාව ඇත. අරගලය තුල  ජාත්‍යන්තර පාසල්වල උගත් තරුණ තරුණියන් හා මහා විද්‍යාලවල උගත් තරුණ තරුණියන් එක්ව ක්‍රියාකරනු බහුලව දැකිය හැකි විය. “ගෝඨා ගෝ ගම” ඇසින් දුටුවෙකුට මේ සංස්කෘතික සංකලනය හා ඒකාග්‍රතාවය මනාව වැටහී යනු ඇත. කුඩාරම් තුල විවිධ භාෂාවලින් දේශන පැවැත්විණි. ප්‍රශ්න අසන්නෝද තමන්ට රිසි බසකින් ප්‍රශ්න ඇසීය. එසේම මේ අලුත් පරපුර තම දෙමවුපියන්ට වඩා ලොව සමඟ එක්ව ක්‍රියා කලයුතු යැයි විශ්වාස කරන්නෝ වෙති. අලුත් තාක්ෂයණයට, අලුත් මතයන්ට මොවුන් ආකර්ෂණය වෙයි. ජාතිවාදී යුද්ධය අවසන්වී වසර 12ක් ගතවී ඇති නිසා මොවුන් තුල ජාතිවාදී හැගිම්ද අඩුය. එසේ නමුත් මොවුන් තුල ජාතික හැගීම් නොඅඩුව තිබේ.

මේ ක්‍රියාකාරිත්වය තුල ද්‍රවිඩ හින්දු සහභාගිත්වය අඩුවුයේ මන්දැයි ඇතැමුන් අසයි. මේ ගැන විවිධ මත ඇතත්, තිස් අවුරුදු යුද්ධය නිසා රට හැරගොස් සංඛ්‍යාවෙන් හා ශක්තියෙන් අඩුවූ ද්‍රවිධ මධ්‍යම පංතිය මෙයින් පිළිපිඹු වන බව මගේ හැඟීමයි. එසේ නමුත් කොළඹ නගරය ආශ්‍රිත මධ්‍යම පංතික හින්දු හා ක්‍රිස්තියානි ද්‍රවිධ තරුණයන් මේ අරගලය තුල වැදගත් කාර්ය භාරයක් කළේය.

සමාජ මාධ්‍ය තුලින් ලොව දැක ඇති මොවුන්ගේ මතයන් හැසිරවීමට සම්ප්‍රදායික මාධ්‍යන්ට නොහැකිවිය. යම් අසත්‍යයක් හෝ නොමග යැවීමක් ප්‍රතිවාදීන් කලත් දින කිහිපයක් තුළ එය හදුනාගෙන තමන් බලයෙන් පහ කිරීමට උත්සාහ කරන පුද්ගලයා හා කණ්ඩායම නිවැරදිව හඳුනාගෙන නැවත තම ඉලක්කය කරා යාමට මොවුන්ට හැකිවිය. අරගලයට බෞද්ධ විරෝධී ලේබලයක් ඇලවීමට ගත් උත්සාහය, අරගලය දෙස උද්යෝගීව බලා සිටි සිංහල බෞද්ධ මධ්‍යම පංතික ස්ථරය භාර ගත්තේ නැත. සියලු ආගමික යතිවරුන්ද අරගලයට එක්විය. අවසානයේදී  “ගෝටා ගෝ හෝම්” විය. දැන් ඒ  පුද්ගලයා, ඔහුගේ පවුල හා කණ්ඩායම ඍජුව බලය  හැසිරවිය හැකි තැන්වල නැත.

එසේ වුවත්, අරගලය අවසානයේදී තමන්ගේ සිතෙහි තිබු “වෙනස” සිදුනොවුණු නිසා දැන් මේ මධ්‍යම පන්තිය   ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. මං පැහැරූ හොරුන්ට දඬුවම් ලැබී නැත. ගෑස්, තෙල්, විදුලිය ලැබුණත් බඩු මිල සීඝ්‍රයෙන් ඉහල යයි. රටේ අනාගතය අවිනිශ්චිතය. දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටී ඇත. ලෙඩට-දුකට බෙහෙත් නැත. ඇතත් මිල වැඩිය. රට බංකොලොත් වීම නිසා සිදුවී ඇත්තේ ලංකාවේ මධ්‍යම පංතිය, මධ්‍යම පංතික සිතුම් පැතුම් එලෙසම තිබියදීම දුප්පත් වීමයි. මෙය එවුන්ගේ අසහනය තවත් වැඩි කරයි. මේ නිසා මොවුන්ගෙන් සමහරු රට අත්හැර යාමට උත්සාහ ගනියි. මේ සියල්ලන්ට රට හැර යා නොහැකිය. එනිසා මොවුන් ඉල්ලන “වෙනස” නොලැබුණහොත් හා මොවුන්ගේ  අපහසුතාවයන් වැඩිවුවහොත් දැනට තාවකාලික නිද්‍රාවක වැටී සිටින මේ මධ්‍යම පංතික යෝධයා නැවත නැගිටිනු ඇත.

දේශපාලන සංදර්ශන

අද බොහෝ දේශපාලන පක්ෂ පවත්වනු ලබන රැලිවල, උද්ඝෝෂණවල දක්නට ලැබෙනුයේ බත් පැකට් එකකට, කුඩු පැකට් එකකට යමෙකු විසින් සපයන බස් රියකින් නගරයකටවිත් බීමත්ව නටන පිරිසකි. එසේත් නැත්නම් දේශපාලඥයන්ට වැඳ වැටෙන ඝෝෂාකාරී පිරිසකි. එසේම මැතිවරණ දිනීමට නම් වැසිකිලි පෝච්චි, ටකරන්, උළු, පරිප්පු හා කරවල පැකට් බෙදිය යුතු යැයි හැඟීමක් බොහෝ දෙනා තුළ ඇත. මෙවැනි බාල ගණයේ ක්‍රියාවලට මහා ප්‍රසිද්ධියක්ද ලැබේ. මේ සම්ප්‍රදාය කලක් තිස්සේ ලංකාවේ තිබුණු නිසා, ලංකාවේ දේශපාලනයේ දිශානතිය වෙනස් කරන්නේ මේවා ලබාගන්නා  දුප්පතුන් පිරිස යැයි හැඟීමක් මධ්‍යම පංතිකයන් හා දේශපාලඥයන් තුල පවතී. දේශපාලන සංදර්ශනයන්හි පෙනී සිටීමෙන් ඔබ්බට ගිය දේශපාලන වෙනසක් කිරීමට ලංකාවේ ජනගනයෙන් 10% -15% ක් වන, මේ දුප්පතුන්ට  නොහැකි බව පැහැදිලිය.

මේ තත්ත්වය හොඳින් තේරුම්ගත් ඇතැම් දේශපාලන ශුරයන් කරන්නේ දැන් කරන්නේ මධ්‍යම පංතියට සුදුසු වැඩපිළිවෙලක් හා මුහුණක් පෙන්වා ඒ සුවිශාල ඡන්ද ප්‍රමාණය තම ගොඩට දා ගැනීමයි. හාල් පොත, හඳෙන් හාල්, ඇට අට වැනි දුප්පතුන්ගේ සටන් පාඨ හැත්තෑවේ දශකයට පෙර ප්‍රධාන මැතිවරණ සටන් පාඨ වෙත්දී, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවර, දුෂණය භිෂණය නැවත්වීම, රට රැකීම යහපාලනය, ජාතික ආරක්ෂාව වැනි ක්‍රමවේද වෙනස වැනි මධ්‍යම පංතික සටන්පාඨ පසුකලක ප්‍රධාන මැතිවරණ සටන් පාඨ විය. මෙයට හේතුව, පසුකලක මධ්‍යම පංතියේ සංඛ්‍යාව වැඩිවීම විය හැක. ඒ සමඟම මේ කපටියන් දේශපාලන සංදර්ශන පෙන්වා, මේ රටේ නුගතුන් හා දුප්පතුන් තමන් බලයට කරන බව මධ්‍යම පන්තියට ඒත්තු ගැන්වීමද සිදු කරයි. “මේ වගේ අය නැතුව ඡන්ද කරන්න බෑ” යන මතය ලංකාවේ බහුතරයකගේ මනසට ඇතුළු කිරීමට මේ දේශපාලන කපටියන් සමත්වී ඇත. ඉන් අනතුරුව ඔවුන් කරන්නේ තමන්ට මෙල්ල කරගත හැකි, තමන් මෙන් දුෂණයට හා නාස්තියට බර නුගතුන් පිරිසක් මධ්‍යම පංතියේ  ඡන්දයෙන් පාර්මේන්තුවට පත්කර ගැනීමයි.

ගොඩබිම ලොකුම සතාවන අලියා මැවූ දෙවියන්, ඔහුට ලොකු කන් දෙකක්ද ලබාදීම පිළිබඳ අපුරු කතාවක් තිබේ. මේ විශාල කන්දෙක නිසා තම ශරීරයේ විශාලත්වය නොදැකිය හැකි අලියා සිතත්නේ තමන් කුඩා සතෙකු බවයි. ඒ නිසා ඔහු වැඩි කලබලයකින් තොරව ජීවත්වෙයි.

මේ අලි කතාව සේම  තමන් චන්දය දී බලයට පත් කලද, ලංකාවේ මධ්‍යම පංතිය දැන් විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ලංකාවේ නුගත්, දුගී ජනතාවගේ ඡන්දයෙන් බවයි. හැට නම ලක්ෂයෙන් බහුතරයක් තමන්ම වෙත්දී, දැන් තමන්ටම විහිළු කරගැනීමට මොවුන් පෙළඹී ඇත.

මැතිවරණවලදී උගත්, අවංකයැයි  ඔවුන් සිතන අපේක්ෂකයන්ට ඡන්දය දීමට මධ්‍යම පන්තිය සුදානම්ය. පසුගිය මහා මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලු “වියත්මග”හි බොහෝ අපේකෂකයන් ජයග්‍රහණය කල අතර ඇතැම් දිස්ත්‍රික්කවලට නවකයන් ඒ ඒ තැන්වල ඉදිරියටම පැමිණියේය. සත්‍යය නම්, මධ්‍යම පංතියේ ඡන්දයෙන් බලයට පත්වුවද, ඒ පංතියේ අපේක්ෂාවන් ඉටුකරන පිරිස් පාර්ලිමේන්තුවට හෝ පළාත් සහාවලට හෝ පළාත් පාලන ආයතන වලට හෝ බහුතර නියෝජිතයන් ලෙස නම් කිරීමට ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ අකමැති වීමයි. එසේ ඉදිරිපත් කර ඔවුන් යහමින් ජයග්‍රහණය කළහොත් මේ පිරිස නුගත්, තක්කඩියන් හා මැරයන් විස්ථාපනය කර දේශපාලන බලය ලබාගැනීමට ඇති ඉඩකඩ ගැන මේ දේශපාලන පක්ෂවල නායකයන් බියෙන් පසුවෙයි. එවැන්නක් තම දේශපාලන නායකත්වයට තර්ජනයක් බවද ඔවුන් දනියි.

රැස්විම් වලට, පෝස්ටර් වලට, දැන්වීම්වලට, මත්පැන්වලට, මත්ද්‍රව්‍ය වලට යහමින් මුදල්  වියදම් නොකර ඡන්දය ජයගත නොහැකි යැයි මධ්‍යම පංතිය තුල පොදු මතයයි. ඒ නිසා මොවුන්ද ඡන්දය ඉල්ලීමට මැලිකමක් දක්වයි.. මැතිවරණ දේශපාලනය යනු තක්කඩියන්, හොරුන් සහ මැරයන්ට සීමාවූ තමන්ට නොතරම් ක්ෂේත්‍රයක් යැයි යන මතයද මොවුන් අතර බහුලය.නොහික්මුණු, නුගත් බහුතර ජනතාවකට සේවය කර ඇති ඵලය කුමක්ද? මොවුන්ගේ සිතෙහි තිබෙන අනෙක් ප්‍රහේළිකාවය. රටේ බහුතරය නුගතුන් නොව තමන්ද අයිති මධ්‍යම පංතිය බව මොවුන් නොදනී. “ඒ නිසා සමාජ මාධ්‍යවල බරපතල ලෙස ක්‍රියාකාරී වෙමින් මේ පිරිස තමන්ගේ මානසික ආතතිය තුරන් කර ගනියි.“ තමන් ඒවායේ පලකරන මත නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ හා සමාජයේ බලවත් වෙනසක් ඇතිවේ යැයි ඔවුන් තුල දැඩි විශ්වාසයක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී රටක අවසාන සමාජ වෙනස ඇතිවන්නේ මැතිවරණ තුලින් බවද, එය කිරීමේ ශක්‍යතාවය තමන් තුල ඇති බවද, එයට තමන් නායකත්වය ගතයුතු බවද, ලංකාවේ මධ්‍යම පංතිය නොදනී.        

අනාගතය

බලයට පැමිණිය හැක්කේ ලංකාවේ නුගත්, දුගී ජනතාවගේ ඡන්දය දිනාගතහොත් බව යන මිත්‍යාව එලෙසම රැකගැනීම චෞර දේශපාලඥයන්ගේ හා ඔවුන් හා බැඳුනු කූට මාධ්‍ය ව්‍යාපාරිකයන්ගේද ව්‍යාපෘතියයි. මෙහි වාසි රැසක් තිබේ. නුගත්, චෞර, මැරයන් ඡන්දයට ඉදිරිපත් නොකර ඡන්ද දිනීම අපහසුබව සියලු දේශපාලන පක්ෂ වලට ඒත්තු ගැන්වුවහොත් සමස්ත දේශපාලන භූමියම සදහටම ඔවුන්ගෙන් පුරවා තැබිය හැකිය. එසේම මුදල් කෝටි ගණන් විසි කොට පෝස්ටර් අල්වා, බත් පැකට් දී, බස් වලින් සෙනඟ ගෙන්වා, ප්‍රතිවාදීන්ට මැර ප්‍රහාර එල්ල කොට, රුපවාහිනි නාලිකා මුදලට ගෙන ඡන්දයකට මුහුණ නොදුණහොත් පරාජය හිමිවන බව ඒත්තු ගියවිට එවැනි දේ කිරීමට අකමැති අවංක, උගතුන් දේශපාලනයට නොපැමිණේ. කුප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීමද, පාතාල කල්ලි සමඟ සබඳතාවයන් පැවැත්වීමද දේශපාලනයේ අත්‍යවශ්‍ය කටයුතු බව සියලු දේශපාලන පක්ෂ වල මතය වන නිසා මෙවැනි ජාවාරම්කරුවන් හා පාතාල කල්ලි වල පැවැත්මද තහවුරුවේ.

හොරකම, මැරකම, කපටිකම පිරුණු තණතිල්ලකට සියලු දේශපාලන පක්ෂ කැඳවා ගෙන ගියවිට එහි ජයග්‍රහණය කරන්නේ හොරකම, මැරකම, කපටිකම හොඳින්ම කළ හැකි පිරිසයි. මෙවන් තත්ත්වයක් යටතේ මේ අයගේ තණතිල්ලෙහි ක්‍රීඩා කිරීමට සුදානම් නැති, තමන්ට පහර එල්ල කල හැකි තණතිල්ලක් තෝරාගැනීමට තරම් නුවණක්, ආත්ම විශ්වාසයක් හා ධෛර්යක් ඇති නායකයන් සහිත දේශපාලන බලවේගයක් ඉදිරියට එනතුරු මේ පිළිකුල් සහගත දේශපාලන ක්‍රමය ලංකාවේ පවතිනු ඇත. ඒ අයුරින්ම වැදගත් වන්නේ මේ බලවේගය ලංකාවේ බහුතරයක් වන මධ්‍යම පංතියට පිළිගත හැකි නායකයන්, දේශපාලන මතවාදයක් හා වැඩපිළිවෙලකින් සමන්විත පිරිසක් වීමයි. 

..තුවක්කුවෙන් ඉන්දියාව පාලනය කල අධිරාජ්‍යවාදීන්ට මහාත්මා ගාන්ධි මුහුණ දුන්නේ තුවක්කුවෙන් නොව අවිහිංසාවෙනි. වර්ණවාදයෙන් දකුණු අප්‍රිකාව පාලනය කල බෝයර්වරුන්ට නෙල්සන් මැන්ඩෙලා මුහුණ දුන්නේ වර්ණවාදයෙන් නොව සමානාත්මතාවයෙනි. දුෂණයෙන් හා අකාර්යක්ෂම බවින් පිරි සිංගප්පුරුව ලී-ක්වාන්-යු ගොඩ ගත්තේ අවංකකමින් හා කාර්යක්ෂමතාවයෙනි..”

..රටක විප්ලවීය වෙනසක් කල හැක්කේ නිර්ධන පංතියට පමණක් යැයිද, එය මාරාන්තික ලේ වැගිරීමක් වියයුතු යැයිද යන මතය, යල් පැනගිය මාක්ස්-ලෙනින්වාදී දෙයකි. ලෝකයේ රටවල බලවත්වූ  මධ්‍යම පංතිය විසින් සිදුකරන ලද, සාමකාමී සමාජ විප්ලව බොහොමයකි..”

රට දිනවා, රටේ බහුතරයක් සමනය කිරීමට දැන් කලයුතු පළමු ක්‍රියාව වන්නේ ලංකාවේ අති මහත් බහුතරය මධ්‍යම පංතිය බව හඳුනාගැනීමයි. ඔවුන්ගේ ගැටළු, සිතුම් පැතුම් හා ඉල්ලන සමාජ වෙනස කුමක්දැයි විමසිල්ලෙන් බැලීමයි. ඔවුන් තුල වැරදි මතවාදයන් ඇත්නම් ඒවා වෙනස් කිරීමයි. ඉන්පසුව ඔවුන් පිළිකෙව් කරන දේශපාලන මතවාද, අදහස් හා පුද්ගලයන් අත්හැර දමා දේශපාලනයේ නියුතු වීමයි.

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 1 කොටස]

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 2 කොටස]

The post ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [අවසන් කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-3/feed/ 0
ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 2 කොටස]          https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-2/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-2/#respond Wed, 25 Jan 2023 07:48:49 +0000 https://vivaranalk.com/?p=7014 මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුළ ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි. මේ මුළු මධ්‍යම පංතියෙන් 31-43.5% පමණ වන බහුතරය පහල මධ්‍යම පංතියට අයිති වන බවද පැහැදිලිවේ. මැද මධ්‍යම පංතියට 21% – 42% අතර ප්‍රමාණයක්ද, ඉහල මධ්‍යම පංතියට […]

The post ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 2 කොටස]          appeared first on විවරණ.

]]>
මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුළ ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි. මේ මුළු මධ්‍යම පංතියෙන් 31-43.5% පමණ වන බහුතරය පහල මධ්‍යම පංතියට අයිති වන බවද පැහැදිලිවේ. මැද මධ්‍යම පංතියට 21% – 42% අතර ප්‍රමාණයක්ද, ඉහල මධ්‍යම පංතියට 4.5% – 14%ක් ප්‍රමාණයක්ද අයිතිවේ. එසේම මේ සියලු අධ්‍යයනයන් හිදී දුප්පත් පංතිය ලෙස හැඳින්විය හැකි පිරිස 10% – 15%ක් වැනි සුළුතරයක් බවද, ධනවත්සේ හැඳින්විය හැකි පංතිය 4% – 8% ක් අතර ප්‍රමාණයක් බවද වැටහේ.

මේ සියලු අධ්‍යයනයන් වලට අනුව ලංකාවේ බහුතරයක් ජනගහනය අයිති වන්නේ පහල මධ්‍යම පංති සමාජ ස්ථරයටය. මේ සොයාගැනීම වැරදි යැයිද, ඇත්ත වශයෙන්ම දුප්පත් සමාජ ස්ථරයට අයිති පිරිස සමීක්ෂණ වලින් පහල මධ්‍යම පංතියට ඇතුළු කර ඇතැයි සමහර අයෙකුට තර්කයක් නැගිය හැකිය. රජයේ ගුරුවරයෙකු හෝ රජයේ කනිෂ්ඨ සේවකයෙකු  අයත්වන්නේ යැයි සියලු දෙනාගේම  සාමාන්‍ය මතය වන්නේ ලෙස පිළිගන්නේ පහල මධ්‍යම පංතියට මිස දුප්පත් පංතියට නොවේ. කරන ලද සමීක්ෂණවල සත්‍යතාවය තහවුරු කරමින් එක් සමීක්ෂණයක පහළ මධ්‍යම පන්තියේ 40% ක් ගුරුවරු බවද, තවත් 11%ක් පහළ ස්ථරවල රජයේ සේවකයන් බවද සොයාගෙන තිබේ. (මෑතකදී ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් තලය ඉහල යාමත් සමග මෙම දත්ත වෙනස් විමට ඉඩකඩ තිබිය හැක.)

ලංකාවේ පහළ මධ්‍යම, මැද මධ්‍යම, ඉහළ මධ්‍යම පංති ස්ථර අතර ආදායම් මට්ටම හැරුණු කල ආර්ථික වටිනාකම්, සංස්කෘතික වටිනාකම්, සමාජ වටිනාකම් අතින් වශයෙන් වැඩි වෙනසක් නැති බව සමීක්ෂණ වලින් හෙළිවේ. තමන්ට හිමි දේපළ අතින් වෙනස් කම් ඇතත්, පහළ මධ්‍යම පංතිය සැමවිටම ඉහළ මධ්‍යම පංතියට හිමි ප්‍රමාණයේ භෞතික වස්තු හිමිකරගැනීමේ නොතිත් ආශාවකින් පෙලේ. 

නිදහස් අධ්‍යාපනය

1942 දී, ලංකාව නොදියුණු  දුප්පත් රටක්ව පැවතියදී, ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම තුළින්, රටේ බහුතරයක් ජනතාව තුළ ආර්ථික,සංස්කෘතික හා සමාජ වටිනාකම් පිළිබඳ යම් ඒකාග්‍රතාවයක් ඇතිවන්නට ඇත. මේ හැරුණුකොට 1956 වසරේදී මව් භාෂාවෙන් පමණක් සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ කිරීමෙන්ද, 1962 වසරේදී  කුඩා පාසැල් ප්‍රමාණයක් හැරුණු කල අන් සියලු පාසල් රජයට පවරා ගැනීමෙන්ද, ලංකාවේ අති බහුතරයක් ළමයින් එකම ආකාරයක විෂය නිර්දේශකයකට හා අධ්‍යාපන ක්‍රමයකට යොමු කරන ලදී. පාසල් අතර පහසුකම්වල වෙනස්කම් තිබුනත්, මේ හේතුව නිසා  සමාජයේ බහුතරය බොහෝ දුරට එකම ආකාරයක ආකල්ප සහිතව වියපත් ය. මේ අතර හොඳ හා නරක ආකල්පයන් ඇතත්, මේ අධ්‍යාපන ක්‍රමය යම් ප්‍රමාණයකට පහළ මධ්‍යම පන්තියත් මුළුමනින්ම පාහේ සම්පුර්ණ කළ මැද මධ්‍යම හා ඉහළ මධ්‍යම පංති ස්ථරත් අතර යම් ඒකාග්‍ර බවක් ඇති බව මේ එක් එක් ස්ථර වල පුද්ගලයන් සමඟ කතාබහ කිරීමේදී වැටහේ. එසේම එකම පවුලේ හෝ සමීප පවුල්වල අය මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඇතැමෙක් පහල මධ්‍යම පන්තියටද තවකෙක් ඉහල මධ්‍යම පංතියටද ඇතුළු වූ අවස්ථා බහුලය.

මෙහිදී නිදහස් අධ්‍යාපනය සමාජ සංතුලනයක් ඇති කරන්නෙක් ලෙස ක්‍රියාත්මකවී ඇත. එකම පවුලේ දෙදෙනකුට එකම ආකාරයේ අධ්‍යාපනයක් තුළින් ඉගෙන, එක් අයෙක් පහළ මධ්‍යම පංතියටත් අනෙකා ඉහළ මධ්‍යම පංතියටත් ස්ථානගත වීමේ හැකියාව නිදහස් අධ්‍යාපනය තුළින් ලැබී ඇත. මේ හැරුණුකොට සමාජ ස්ථර අතර ගමන් කිරීමද නිදහස් අධ්‍යාපනය තුලින් පහසු කර ඇත.මේ කොටස් අතර පවතින නිරන්තර සබඳතාවයද මේ ආකල්පමය ඒකාග්‍රතාවය ඇතිවීමට තවත් හේතුවකි. ලෝකයේ බොහෝ දියුණු රටවල පවා ලංකාවේ මිනිසුන්ට තරම් සමාජ සංක්‍රමණයට අවස්ථාවක් නැත.

අනු සමාජ ස්ථර

සමාජ ස්ථර විග්‍රහයේදී ජනවර්ගය හා ආගම විසින් එකම සමාජ ස්ථරය අනු සමාජ ස්ථර වලට බෙදයි. මේ අනු සමාජ ස්ථර අතර විශාල ආකල්පමය වෙනස්කම් තිබිය හැකිය. අනු සමාජ ස්ථර ගැන විමසීමේදී ලංකාවේ මුළු ජනගහනයෙන් 76% ක් සිංහල ජනවර්ගයට අයත් අය බවත්, 70% ක් සිංහල බෞද්ධයන් බවත් සිහියේ තබාගැනීම වැදගත්වේ. ඒ අනුව, සිංහල බෞද්ධ මධ්‍යම පංතික සමාජ ස්ථරය 50%-55% ක ජනගහනයක් ආවරණය වන විශාලම සමාජ ස්ථරය වේ. එසේම සිංහල බෞද්ධ පහළ මධ්‍යම පංතික සමාජ ස්ථරය ලංකාවේ 22% – 28% ක ජනගහනයක් ආවරණය කරන විශාලම අනු සමාජ ස්ථරය වේ.

නාගරික හා ග්‍රාමීය මධ්‍යම පංතිය

නාගරික මධ්‍යම පංතිය හා ග්‍රාමීය මධ්‍යම පංතිය අතර ආකල්පමය වෙනසක් ඇතැයිද ලංකාවේ ඇති බහුතරයක් ග්‍රාමීය ජනතාව යැයිද යමෙක් සිතන්නට පුළුවන. ලංකාවේ නාගරික ජනගහනය ගැනද අප තුළ ඇත්තේ වැරදි ගණනය කිරීමකි. නිල සංඛ්‍යා ලේඛණ අනුව ලංකාවේ නාගරික ජනගහනය 13.5%- 20% අතරය. මෙහි නාගරික ප්‍රදේශ නිර්ණය කරගැනීමට යොදාගත් නිර්ණායකයන් වැරදි බවත්, නිවැරදි වෙනත් නිර්ණායකයන් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත යුතු බවත් බොහෝ පර්යේෂකයන්ගේ මතයයි. මේ නව නිර්ණායකයන්ට අනුව චම්පික රණවක මහතා නාගරික සංවර්ධන ඇමති ලෙස කල පර්යේෂණයකින් නාගරික ජනගහනය, මුළු ජනගහනයෙන් 48%ක් බවත්, විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය කළ පර්යේෂණයකින් එය 43.8% ලෙසද, එලිස් සහ රොබට් කල මහත්වරුන් කල පර්යේෂණයකින්, එය 48%ක් ලෙසද ගණනය කර ඇත. එසේම සංනිවේදන මාධ්‍යයන්ගේ හා ප්‍රවාහනයේ දියුණුව නාගරික හා ග්‍රාමීය මධ්‍යම පංති අතර ඇති ආකල්පමය වෙනස්කම් තුනී වීමට හේතුවී ඇත. කෙසේ වෙතත් ලංකාවේ මුළු ජනගහනයේ මධ්‍යම පන්තික ස්ථරය 71% – 79% වනවිට, නාගරික ජනගහනයේ මේ මධ්‍යම පංතියේ ප්‍රතිශතය මෙයටත් වඩා වැඩිවීමට ඉඩ ඇත.

මධ්‍යම පංතියේ වැඩීම

ලංකාවේ තරම් නොවුනත් නොව මුළු ලෝකයේම මධ්‍යම පංතිය පසුගිය දශක කිහිපය තුල වර්ධනය වී ඇත. ලංකාවේ මධ්‍යම පංතිය 20% කුඩා ප්‍රමාණයක සිට 80%කට ආසන්න දැවැන්ත සමාජ ස්ථරයක් බවට පත්වීම ලංකාවේ ඒක පුද්ගල ආදායම හා බැඳී පවතී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය පළල් වීම ඇරඹුණේ 1977 දේශපාලන පරිවර්තනයෙන් පසුවය. එය විවෘත වෙළඳ ප්‍රතිපත්තියත් සමඟ අප රටේ ඒක පුද්ගල අදායම සීග්‍රයෙන් ඉහල ගියේය. ලෝකයේ සාමාන්‍ය අගයට සාපෙක්ෂකවත් දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂකවත් ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ඉහළයාම පුදුම සහගතය.

ඒක පුද්ගල ආදායම ඇ ඩොලර්

2023.01.25[1]_chart

මුලාශය https://youtu.be/ydj_fXPLbIQ

මේ දත්ත සසඳා බලන විට පසුගිය වසර 40 තුල ලෝකයේ සාමාන්‍ය ඒක පුද්ගල ආදායම 6.3 ගුණයකින් වැඩිවෙත්දී ලංකාවේ දළ ඒක පුද්ගල ආදායම 15 ගුණයකින් වැඩිවී ඇත. දකුණු ආසියාවේ කිසිම රටක මෙවැනි ඒක පුද්ගල ආදායම් වර්ධනයක් සිදුවී නැත. එලෙසම රටක ආදායම් බෙදීයාමේ පිළිබඳව විමසන දර්ශකය වන gini coefficient අතින්ද අපි සිටින්නේ ලොවට හා දකුණු ආසියානු දර්ශකයට වඩා හොඳ තත්ත්වයකය. මෙයද මධ්‍යම පංතිය පුළුල් වීමට එක් හේතුවක් වන්නට ඇත. මේ කරුණු වලට අනුව ලංකාවේ මධ්‍යම පන්තියේ විස්තාරණය සිදුවී ඇත්තේ පසුගිය අවුරුදු හතලිහක කාලය තුළදීය. මේ කරුණ සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයින් වැඩිදුර හැදැරීම් කිරීම වැදගත්ය.

නියෝජනයක් නැති සමාජ ස්ථරය

1977ට පෙර ලංකාවේ පැවතියේ ප්‍රමාණයෙන් කුඩා නමුත් සමාජ බලය අතින් බලවත් මධ්‍යම පංතියකි. මෙම මධ්‍යම පංතියේ රජයේ ගුරුවරයා ගම්වල බලවත් ස්ථානයක් ගත්තේය. රජයේ ලිපිකරුවන්, අනෙක් රජයේ සේවකයන්, කුඩා පරිමාණ කර්මාන්තකරුවන්, කුඩා පරිමාණ වෙළෙන්දන්ගෙන් සමන්විත මේ කුඩා මධ්‍යම පන්තියට පහලින්, විශාළ දුගියන් පිරිසක් අප රටේ සිටියහ. ඉන් පසුව පළල්වූ මධ්‍යම පංතිය එසේ පළල් වූයේ කිසිදු දේශපාලන බලයක් නැති පංතියක් ලෙසය. වේගයෙන් විස්තාරණවූ මේ මධ්‍යම පංතිය රටේ පවත්නා සමාජ-දේශපාලන ක්‍රමය ගැන දැඩි ඉච්චා භංගත්වයකින්, කළකිරීමකින් හා අසහනයකින් පෙලන බව පෙනී යයි. මෙයට හේතු රාශියකි.

විවෘත ආර්ථිකයත් සමඟ රට තුළට ගලා ආ භෞතික සම්පත් තොගය ඔවුන්ට අත්පත් කරගත නොහැකි වීම පළමුවැන්නයි. තමන් සතුව  තිබිය යුතු  භෞතික සම්පත් ප්‍රමාණයෙහි සීමාවක් කිසිදු රටක අති බහුතරයක් මිනිසුන් නොදකී. ඒ නිසා කිසිදු රජයකට රටේ ජනතාව බලාපොරොත්තුවන සියලු සම්පත් ලබාදිය නොහැක. එසේ නමුත් තමන්ගේ මුලික සිතැඟියාවන්වත් සපුරාලීමට රජයන්ට නොහැකිවීම මධ්‍යම පන්තියේ ප්‍රධානම මැසිවිල්ලයි.

නිවසක් තනාගැනීම සඳහා ඉඩමක් මිලදී ගැනීමට උත්සාහ කරන මොවුන්ට ඉඩම් මිල තමන්ට දරාගත නොහැකි තරම් බව වැටෙහේ. නිවසක් තැනීමට යන මොවුන්ට මෙය ගොඩනැගීමට තරම් තමන්ට වත්කමක් නොමැති බව වැටහී යයි. බැංකුව කරා යන මොවුන්ට අවශ්‍ය තරමේ ණයක් ලබාගැනීමට නොහැකි බව පෙනීයයි. යන්තම් ගෙයක් අටවා ගත්තත් එය ටයිල් කිරීම,පෙනුමක් ඇති වැසිකිලියක් තනා ගැනීම, ගෘහ භාණ්ඩ මිලට ගැනීමද බලවත් ගැටලුවේ. බැංකුව තමන්ට සලකන්නේ මෙසේ වුවත් ලංකාවේ දේශපාලඥයන්ගේ හිතවතුන් බිලියන ගණන් ණය ගෙන ඒවා නොගෙවා ඇති බව ඔවුන් දකී. ඔවුන් හොරකමින් වංචාවෙන් මුදල් උපයා දේපොළ, යානවාහන, දැසිදස්සන් අත්කර ගෙන ඇති බව මොවුන්ට පෙනී යයි. තමන් සතු ව්‍යාපාරයකට හෝ කර්මාන්තයකට ණයක් ගැනීමට යන මධ්‍යම පංතික ව්‍යවසායකයාට මුහුණදීමට සිදුවන්නේද ඉමහත් බාධා රැසකටයි.

පහළ මධ්‍යම පංතිකයාට මෝටර් සයිකලයකට වඩා වැඩි වාහනයක් මිලදී ගත නොහැකි වුවත් රටේ, දේශපාලඥයන් මහජන මුදලින් සියගණන් වාහන අවභාවිතා කරන බව මොවුන්ට පෙනේ. තම ආදායමින් මෝටර් සයිකලයකට වඩා වැඩි වාහනයක් නඩත්තු කල නොහැකි වුවත් පොදු ප්‍රවාහන ක්‍රමවල තදබදයත්, අක්‍රමික බවත් ඒවායේ යනවිට අසහනය ගෙන දේ. තමන් සතුව විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ සතුව ඇතත් පහසු ගෙවීමේ ක්‍රම වලට ලබාගත් ඒවායේ වාරික ගෙවා ගැනීමද ප්‍රශ්නයකි. විදුලි පහනක් දැල්වීමට පෙර දෙවරක් සිතිය යුතු මොවුන්ට මාසික විදුලි බිලද ගෙවීමද බලවත් ගැටලුවකි. තමන්ගේ මේ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස අමතර ආදායම් මාර්ග සොයා ගැනීමට මොවුන් පෙළඹේ. එනිසා මේ අයගෙන් අතලොස්සක් අල්ලස් ගැනීමට පෙළඹේ. ගුරුවරුන් ටියුෂන් දීමෙන් ආදායමක් සොයාගැනීමට පෙළඹේ. බොහෝ  දෙනා තම රැකියා කරන්නේ සතුටින් නොවේ.

අධ්‍යාපනයේ වියවුල

තමන් යම් අධ්‍යාපනයක් තුළින් ලබාගත් සමාජ මට්ටමට වඩා ඉහළ සමාජ මට්ටමකට තම දරුවන් ඔසවා තැබීම සඳහා ඇති එකම මාර්ගය අධ්‍යාපනය බව මධ්‍යම පංතිකයන් දකී. සමාජ ස්ථරයන් තුළ තම දරුවන් ඉහළට යැවීමට නම් ඒ සඳහා ඇති එකම මාර්ගය ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් හෝ නීතිඥයන් බවට පත් කිරීම බව ඔවුන් සිතයි. මෙයට ඇති මුල් අඩිතාලම පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය බව වටහා ඔවුන් එය හැකි හොඳින් කිරීමට තම දරුවන්ට බල කරයි.  

මධ්‍යම පන්තියේ පළල්වීම තුල තම දරුවන්ට ඉහළ පෙලේ අධ්‍යාපනයක් දීමේ අවශ්‍යතාවය ඇති පිරිස වැඩිවීම හොඳින් පිළිබිඹු කරන අවස්ථාවක්  නම් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. මීට දශක හතරකට පෙර වැඩි සමාජ අවධානයක් නොතිබි මේ විභාගය අද වනවිට  කුඩා දරුවන්ට දැඩි පීඩාවක් ගෙනදෙමින් පවත්වාගෙන යන්නට සිදුවී ඇත්තේ පුළුල් වූ මධ්‍යම පංතිය නිසාය. මේ විභාගයෙන් දෙමවුපියන්ගේ බලාපොරොත්තු වන්නේ රටේ පිළිගැනීමක් ඇති, තම දරුවන්ට හොඳ සමාජ සබඳතාවයන් ඇතිකරදෙන ආකාරයේ පාසලකට තම දරුවන් ඇතුළු කරගැනීමයි. එවන් පාසලකින් තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබේ යැයි ඇති විශ්වාසය පමණක් නිසා නොවේ.

සාමාන්‍ය රජයේ පාසලට යන දරුවාට, එතැනින් තමන් බලාපොරොත්තුවෙන ආකාරයේ සමාජ පිළිගැනීමක් නොලැබෙන බව මොවුන් කල්පනා කරයි. සමාජ පිළිගැනීමක් ඇති රජයේ පාසල්වලට තම දරුවන් ඇතුළු කරගත නොහැකි යැයි විශ්වාස කරන මධ්‍යම පංතික දෙමවුපියන් දැන් තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළු කිරීමට පටන්ගෙන ඇත. එය ඔවුන් කරනු ලබන්නේ මහත් ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේය. ඉංග්‍රීසි බස පිළිබඳ ව්‍යක්ත බව තම දරුවාට සමාජය තුල පිළිගැනීමක් ඇතිකොට, තමන්ට නොලැබුණු අවස්ථාවන් විවර කොට දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි. ගාස්තු අඩු ජාත්‍යන්තර පාසල් පිරී පවතින්නේ විශේෂයෙන්ම මැද මධ්‍යම පංතියේ සිසුවන්ගෙනි. මේ බොහෝ පාසල්වල දැන් උගන්වනු ලබන්නේ ඉංග්‍රීසි බසින් ශ්‍රී ලාංකික විෂය මාලාවයි. ඒ, ලංකාවේ විෂය නිර්දේශය ලොවෙහි අනෙක් කිසිදු රටක විෂය නිර්දේශයට වඩා හොඳයැයි දෙමවුපියන් තුළ ඇති හැඟීමත්, ජාත්‍යන්තර විභාග ගාස්තු ඉතිරි කරගැනීමත්, අවස්ථාවක් ලැබුණහොත් නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන රජයේ විශ්වවිද්‍යාලයකට තම දරුවන් ඇතුළු කරගැනීමට ඇති හැකියාවත්, නිසාය. ඉහළ මධ්‍යම පංතියේ හා ධනවත් පංතියේ දෙමවුපියන් තම දරුවන් ගාස්තු වැඩි ජාත්‍යන්තර පාසල්වලට ඇතුළු කරනු කරයි.

කුමන පාසලකට තම දරුවා ඇතුළු කලත්, ඉතා අඩු උසස් අධ්‍යාපන අවස්ථා සපුරාලීමට ඇති තරඟය නිසා තම දරුවන් ටියුෂන් යැවීමට මේ මධ්‍යම පංතික දෙමවුපියන්ට සිදුවේ. එසේ යවා උසස් අධ්‍යාපනයක් ලබා දුන්නත් නැතත්, තමන් විඳින දුක් ගැහැට රැසක් තම දරුවන් විඳිනු අකමැති මේ දෙමවුපියන් අවස්ථාවක් ලද සැනින් රට හැර යන ලෙස තම දරුවන්ට පවසයි.

සෞඛ්‍යය සහ සුබසාධනයේ අවුල

සුළු ලෙඩක් වූ විට මධ්‍යම පංතිකයන් යාමට ප්‍රිය කරන්නේ මුදල් ගෙවන පුද්ගලික වෛද්‍ය ආයතනයකටය. වඩා ලොකු ලෙඩක් නම් “චැනල්” කර විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමටය. සිදුකර ඇති සමීක්ෂණ අනුව ලංකාවේ බාහිර රෝගී සේවාවන්ගෙන් 60% වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පුද්ගලික අංශයේය. එසේ නමුත් රෝහල ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවුවහොත් පුද්ගලික රෝහලකට ඇතුළුවීමට මොවුන්ට හැකියාවක් නැත. වෛද්‍ය රක්ෂණ සේවා, මුළු සෞඛ්‍ය වියදමින් 1% වැනි සුළු ප්‍රමාණයක් දරන රටක වසන මොවුන්ට රජයේ රෝහලකට ඇතුළුවීමට සිදුවේ. එතැන සේවකයන් තමන්ට නොසලකන අයුරුත්, ආහාර හා වෙනත් පහසුකම් තමන් බලාපොරොත්තුවන ලෙස නැති නිසාත් ඔවුන් රජයේ සෞඛ්‍ය සේවය පිළිකෙව් කරයි.

තමන්ගේ සුළු ආදායමින් තම දරුවන් රැකගැනීමද, වැඩිහිටියන්ට සැලකීමද මොවුන්ට බරපතල ප්‍රශ්නවේ.

ආගම හා දේශපාලනය        

මේ සියලු ප්‍රශ්න මධ්‍යයේ මේ පිරිසේ සිංහල බෞද්ධ බහුතරයක්, තමන්ගේ ජාතිය සහ ආගම නැතිවියාමේ බරපතල තර්ජනයකට මුහුණපා ඇතැයි විශ්වාස කරයි. මේ සම්න්ධයෙන් ඔවුන් විවිධ සැකකරුවන් ඔවුන්ගේ සිත් තුළ ඇත. රටට, ජාතියට, ආගමට අවමන් කරන්නන්ට ඔවුන් වෛර කරයි. රට හා ආගම සුරකින්නට හා තම මානසික ආතතිය අඩුකරගැනීම සඳහා භික්ෂුන් වහන්සේලාට සවන් දුන්නත්, ඇතැම් භික්ෂුන් තමන්ට වඩා චෝර දේශපාලඥයන්ට හා ධනවතුන්ට සලකන අයුරු මොවුන් බලාසිටින්නේ කෝපයෙනි.

සමාජය තුළ තමන් තරම් උගත්කමක් නැති අය දේශපාලනයට පිවිස මැරකම්, තක්කඩිකම් ,හොරකම් කරමින්  මුදල් උපයමින් විශාල නිවෙස් තනා, විශාල වාහනවල යමින්, රටේ මුදල්ද විනාශ කරමින් යහතින් වැජඹෙනුද මොවුන් බලා සිටින්නේ කෝපයෙනි. එසේ නමුත් යම් සුළු දෙයක් ඉටුකරගැනීමට පවා, තමන් පිළිකුල් කරන මේ දේශපාලඥයන්ට වැඳ වැටෙමින්, ඔවුන් පසුපස මොවුන් යන්නේ, කැමැත්තෙන් නොවේ. පවතින සමාජ දේශපාලන ක්‍රමය තුල සියලු දේ දේශපාලනීකරණය වී ඇති නිසා දේශපාලඥයාගේ මැදිහත් වීමකින් තොරව කිසි දෙයක් සිදු නොවෙන නිසාය. යමක් සිදුවුවත් එය අකාර්යක්ෂම ලෙස සිදුවන නිසාය.

මේ දේශපාලඥයන් පලවා හැරීමට ඔවුන්ට උවමනා වුවත්, එසේ කිරීමේදී පවතින සමාජ සාමය මුළුමනින්ම නැතිවේ යැයිද, සමාජ ක්‍රමය මුළුමනින්ම වෙනස් වේ යැයිද යන බියෙන්ද මොවුන් පසුවේ. එවැන්නකින් තමන් සතු කුඩා හෝ දේපළ ප්‍රමාණයද, තමන් දැනට අසහනයෙන් හෝ ගතකරන දිවිපෙවෙතද නැතිවීමට ඉඩ ඇතැයි යන හැඟීමද මොවුන්ගේ යටි සිතේ ඇත. මේ කරුණු සලකා බලන විට අප අප රටේ අති මහත් බහුතරයක් වෙන මේ මධ්‍යම පංතික ස්ථරය, පවතින සමාජ ක්‍රමය ගැන අසතුටෙන් පසුවෙන, මේ ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන, එය වෙනස් කිරීමට තමන්ට කිසිදු බලයක් නැතැයි සිතන, මහා පෙරළියකින් එය වෙනස් කළහොත් සමාජ ක්‍රමය විනාශ වෙනු ඇතැයි බියෙන් පසුවන පිරිසකි.

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 1 කොටස]

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ අවසන් කොටස]

The post ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 2 කොටස]          appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-2/feed/ 0
ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [පළමු කොටස – 1] https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/#respond Wed, 18 Jan 2023 05:27:58 +0000 https://vivaranalk.com/?p=6942 අරගලය නමින් ජනතා ක්‍රියාකාරිත්වයක් 2022 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ ඇරඹිණි. මේ අරගලයේ ප්‍රධාන තේමාව “ගෝටා ගෝ හෝම්” විය. අරගලයට  වාඩිලා ගැනීම් වලින් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුයේ තරුණ පිරිස්ය. එසේ නමුත් දිනපතා සිදු වූ පාගමන්, පිකටින්, කුඩා පරිමාණ සමාජ ක්‍රියාකාරකම් වලට සහභාගිවූ පිරිස පවතින සමාජ දේශපාලන ක්‍රමයට බැන වැදුණද, සංවර බසකින් කතාකරන, යම් දැනුමකින් හෙබි, පිළිවෙලට […]

The post ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [පළමු කොටස – 1] appeared first on විවරණ.

]]>
අරගලය නමින් ජනතා ක්‍රියාකාරිත්වයක් 2022 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ ඇරඹිණි. මේ අරගලයේ ප්‍රධාන තේමාව “ගෝටා ගෝ හෝම්” විය. අරගලයට  වාඩිලා ගැනීම් වලින් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුයේ තරුණ පිරිස්ය. එසේ නමුත් දිනපතා සිදු වූ පාගමන්, පිකටින්, කුඩා පරිමාණ සමාජ ක්‍රියාකාරකම් වලට සහභාගිවූ පිරිස පවතින සමාජ දේශපාලන ක්‍රමයට බැන වැදුණද, සංවර බසකින් කතාකරන, යම් දැනුමකින් හෙබි, පිළිවෙලට හැඳ පැළඳගත්  පිරිසක් වුහ. මොවුන්ගෙන් සමහරක් ඉංග්‍රීසි බසින්ද කථා කරන්නන් විය. සංවිධිත දේශපාලන පක්ෂවලට අයිති නොවූ තරුණයන්ගෙන් බහුතරයක් මේ පිරිසෙහිම දරුවන්වූ බව පැහැදිලිය. මොවුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාකාරකම් බටහිර රටවල උද්ඝෝෂණ ක්‍රියාකාරකම් වලට සමාන විය. එසේම අරගලය කිසිසේත්ම ලංකාවේ ප්‍රධාන නගර වලින් ඔබ්බට ගියේ නැත. අරගලය සන්නිවේදනයේ ප්‍රධාන කාර්යභාරයක් සමාජ ජාලා තුලින් සිදුවිය. ප්‍රධාන ධාරාව යැයි මෙතෙක් හැඳින්වූ පුවත්පත්, රුපවාහිනි නාලිකා බොහොමයක් මේ අරගලය නුදුටුවන්ව සිටියහ. 2022 මැයි 09 වෙනි දින “ගෝටා ගෝ ගමට” එල්ලවූ ප්‍රහාරයෙන් පසුව රටපුරා  බස් ගිනිතැබීම්, දේශපාලඥයන්ගේ නිවෙස් ගිනි තැබිම් වලට සම්බන්ධවූ පිරිස දිනපතා උද්ඝෝෂණවලට සහභාගීවූ පිරිසට වඩා වෙනස් පෙනුමක් ඇත්තෝ වුහ. අවසානයේදී  2012 ජුලි මස 09 වෙනි දින ලංකාවේ මෙතෙක් කලකට සිටි, බලය වැඩියන්ම තමන්ට ගොනු කරගත් ජනාධිපති රටින් පන්නා දැමීමෙන් “ගෝටා ගෝ හෝම්”  සටන අවසන් විය. මේ අවසන් සටනෙහි කොළඹ කොටුව හා පිටකොටුව හි සිදුවූ උද්ඝෝෂණද හොඳින් ඇඳ පැළඳ ගත් පිරිසක් විසින් කරන ලද්දක් විය. කොළඹ නගරයේ විශාල දුප්පතුන් පිරිසක් විසුවද මෙදින උද්ඝෝෂණයට ඔවුන්ගේ සහභාගිත්වය අවම විය.

මේ සියල්ල දෙස බැලු කල අරගලය බාහිර පෙනුමෙන් ලංකාවේ මධ්‍යම පංතියේ නැගිටීමක් විය. අරගලයෙහි තනි අයිතියක් කීමට කිසිවකුට ඉඩ නොලැබිණි.  මෙයට සහභාගිවූ දේශපාලන පක්ෂ වල ක්‍රියාධාරීන් හැරුණු කල අනෙකුත් සමඟ කථා කළවිට ඔවුන් ඇත්ත වශයෙන්ම ලංකාවේ මධ්‍යම පංතියට අයිති, මධ්‍යම පංතික සිතුම් පැතුම් ඇති පිරිසක් බව පෙනී යයි. එසේනම්, ලංකාවේ මධ්‍යම පංතිය මේ වනවිට බලවත් දේශපාලන බලවේගයක් බවට ඇති බව සක්සුදක්සේ පැහැදිලිවේ. මේ පංතිය ලංකාවේ අනාගත දේශපාලන භුමිකාවේ වැදගත් මෙහෙවරක් ඉටුකිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය.   

මධ්‍යම පංතිය පිලිබඳ නව අර්කතන

ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳව නිසි අධ්‍යනයන් නොකිරීම අප රට පිළිබඳව විවිධ ක්ෂේත්‍රවල ගනු ලබන තීරණ වැරදීමට මුලික හේතුවකි. සාමාන්‍ය අවබෝධයක් ලෙස පවතින්නේ ලංකාවේ මධ්‍යම පංතිය ජනගහනයෙන් 18-20% ක් අතර ප්‍රමාණයක්ව පවතින බවයි. මධ්‍යම පංතියේ ප්‍රමාණය පිළිබඳව ඇති මේ හැඟීමට හේතුව ලංකාවේ මධ්‍යම පංතිය එවන් සුළු සමාජ ස්ථරයක් ලෙස නිදහසින් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම විය හැක.

මධ්‍යම පන්තිය නිර්වචනය කිරීමේදී ඒ පිළිබඳව ඇති මාක්ස්වාදී විග්‍රහයට අමතරව අද ලෝකයේ වෙනත් නිර්වචන ඇත. කාල් මාක්ස්ට අනුව ඔහු පංති අරගලය ඇති වන්නේ නිර්ධන පංතිය හා ධනපති පංතිය අතරය. මේ පංති දෙක අතර සිටින පංතිය මධ්‍යම පංතියයි. මෙම පංතිය මාක්ස්-ලෙනින්වාදීන් ඇතැම් විට සුළු ධනේශ්වරය ලෙසින්, තරමක සම්ච්ච්ලයෙන්ද හැඳින්විය. උගතුන් හා සුළු ව්‍යවසායකයන්ගේ සමන්විත මොවුන්, පංති අරගලයේදී වැනෙන සුළු “සෙවලයන්” බව ඔවුන්ගේ මතය විය. මේ විග්‍රහය ගැන බොහෝ දෙනා හොඳින් දන්නා නිසා මේ ගැන අලුතින් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. යුරෝපයේ විසු මාක්ස් “යදම් පමණක් නැතිවීමට ඇති පංතියක්” ලෙස හැඳින්වූ කම්කරු පංතියක්, අද යුරෝපයේද නැත. අද යුරෝපයේ කම්කරුවන් සුවිසල් නිවෙස් ඇති, සුඛෝපභෝගී වාහන පදවන, නිවාඩු ගත කිරීම සඳහා විදේශ සවාරි වල නියුතුවන පිරිසකි. යුරෝපයේ දුගියන් සිටී නම් ඔවුන් රැකියා විරහිතව,”ධනවාදී  සමාජ ක්‍රමය” විසින් සුභසාධක දීමනා වලින් රැකගනු ලබන පිරිසකි. මෙවන් තත්ත්වයක් යටතේ පංති පිළිබඳ මාක්ස්ගේ විග්‍රහය පිළිබඳව විමසීමද නිෂ්ඵල  ක්‍රියාවකි.

අද රටක මධ්‍යම පංතියේ සීමා නිර්ණය කරගැනීම සඳහා දේශපාලන විද්‍යාවෙන් ඔබ්බට ගිය අර්ථකථන රාශියක් භාවිතා වේ. මේවායින් ඇතැමක් ඒ ඒ පවුල්වල ආදායම් මට්ටම් මත පදනම්ව  කෙරෙන ආර්ථික විද්‍යාත්මක විග්‍රහයන්ය. තවත් ඒවා සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික ලක්ෂණ අනුව කෙරෙන විග්‍රහයන්ය. වඩාත් නවීන සමාජ විද්‍යාත්මක විග්‍රහ අනුව සමාජය බෙදෙන්නේ පංති වශයෙන් නොව සමාජ ස්ථර වශයෙනි. සමාජ ස්ථරයක් ආදායම, හිමිකම්, ප්‍රදේශය, ජනවර්ගය, ආගම, අධ්‍යාපනය, රැකියාව, සමාජ පිළිගැනීම හා සමාජ බලය යම් සමානකමක් ඇති මිනිස් සමුහයකි. එක් සමාජ ස්ථරයක් තුළ යම් ආකාරයක සමාන සමාජ, සංස්කෘතික හා දේශපාලන හැසිරීම් රටාවන්  දක්නට ඇත. යම් සමාජ ස්ථරයක් හඳුනා ගැනීමේදී ඒ සමාජ ස්ථරයේ ආදායම, එහි එක් නිර්නායකයක් පමණි. ඒ අනුව යමෙක් මධ්‍යම පංතියට අයිති වෙන්නේ ඔහුගේ ආර්ථික වටිනාකම අනුව පමණක් නොවේ. යමෙක් මධ්‍යම පංතියට ඇතුලත් කිරීමේදී ඔහුගේ සංස්කෘතික වටිනාකම්ද, සමාජීය වටිනාකම්ද එකසේ සැලකිල්ලට ගත යුතුය. මේ වර්ගීකරණය අනුව සමාජයක් බෙදෙන්නේ රටක ආර්ථික  ක්‍රියාවලිය හා පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය මත පමණක් පදනම්ව කරන පංති වර්ගීකරණය මත නොවේ.  එනම් ධනපති පංතිය, මධ්‍යම පංතිය හා නිර්ධන පංතිය ලෙස නොවේ.

මේ විග්‍රහයන් මත පදනම්ව ලංකාවේ සිදුකෙරී ඇති පර්යේෂණ අතලොස්සකි. ලංකාව සමාජ විද්‍යා අධ්‍යයනයන්ට සරුබිමක්ව පවතිද්දීත්, අපේ සමාජයට ඵලදායි වන සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් අද සමාජ විද්‍යා විද්‍යාර්ථීන් ගෙන් සිදුවන්නේ විරලවය. ඒ නිසා ලංකාවේ මධ්‍යම පංතිය පිළිබඳ යම් සොයා බැලීමක් හෝ සිදුවී ඇත්තේ වෙනත් ක්ෂේත්‍රවල උගතුන් විසිනි. මේ පර්යේෂණ ගැනද බොහෝ උගතුන් දෙනා නොදනී.

මේ පර්යේෂණයන්ට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය ලංකාවේ ජනගහනයෙන් 71%-79% ක් අතරවේ. දුගියන් සහ ධනවතුන්ගේ ගණයට වැටෙන්නේ ලංකාවේ ජනගහනයෙන් හතරෙන් පංගුවකට අඩු  ප්‍රමාණයකි. දකුණු ආසියාවේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම පංතිය 50%ක් වන අතර මේ කලාපයේ විශාලම මධ්‍යම පංතිය ඇත්තේ අපේ රටේය. මේ සොයා ගැනීම්වල දේශපාලනික වැදගත්කම අති මහත්ය. ලංකාවේ මේ දැවැන්ත මධ්‍යම පන්තිය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව බොහෝ දේශපාලඥයන්ද කටයුතු කරන බව, මේ අධ්‍යනයන් විමසීමේදී පැහැදිලිවේ. මේ අධ්‍යනයන්හි සොයාගැනීම් නිසිලෙස භාවිතයට ගැනීම අනාගත දේශපාලන තීරණ ගැනීමට ඒවා මහත්සේ ඉවහල් වෙනු ඇත.

ආර්ථික අර්ථකතන අනුව ලංකාවේ මධ්‍යම පන්තියේ ප්‍රමාණය

“මිලදී ගැනීමේ හැකියා සැසඳුම” (Purchasing Power Parity (PPP) ) යනු සමාන ආකාරයක බඩු මල්ලක් මිලදී ගැනීමේ හැකියාව විවිධ රටවල පුද්ගල ආදායම ඒ ඒ රටවල බඩුමිල අනුව සැසඳීමේ ලොව ආර්ථික විද්‍යාඥයන් පිළිගත් ක්‍රමවේදයකි. මේ අනුව අපේ රටේ  පුද්ගලයන්ගේ ආදායම ඩොලර් අගයෙන් අඩුවුවත් ඒ රටේ බඩුමිලද  ඩොලර් අගයෙන් අඩු වුවහොත්  “මිලදී ගැනීමේ සැසඳුම” (PPP)  අනුව ලැබෙන ආදායමේ අගය ඉහල යයි. අනෙක් අතට වෙනත් රටක පුද්ගලයන්ගේ ආදායම ඩොලර් අගයෙන් වැඩි වුවත් ඒ රටේ බඩු මිලද ඩොලර් අගයෙන් වැඩි නම් “මිලදී ගැනීමේ සැසඳුම” (PPP) ) අනුව ආදායමේ අගය පහළ යයි. ලොව පිළිගත් ආර්ථික විද්‍යා ක්‍රමවේදයන්ට හා ආසියානු සංවර්ධන බැංකුවේ නිර්වනයට අනුව යම් රටක PPP දත්තයන්ට අනුකුලව දිනකට ඩොලර් 2 කට වඩා අඩුවෙන් වියදම් කරන පවුල් දුප්පත් පවුල් ලෙස හැදින්වේ. ඩොලර් 2 හා 20 අතර වියදම් කරන පිරිස මධ්‍යම පංතිය වේ. ඩොලර් 20 ට වඩා වියදම් කරන පිරිස ධනපති පංතිය වේ. 

2013 වසරේදී ආචාර්ය නිශා කරුණාතිලක මහත්මිය විසින් කර ඇති සමීක්ෂණයකට අනුව ලංකාවේ ජනගහනයෙන් PPP අනුව දිනකට ඩොලර් 2කට වඩා අඩුවෙන් වියදම් කරන පවුල් තිබුනේ 20% ට අඩු ප්‍රමාණයකි. ඒ පර්යේෂණය අනුව ලංකාවේ 79%ක් මධ්‍යම පන්තියට අයිතිවේ. මෙම කරුණ 2019 වර්ෂයේදී කෙරුණු ශ්‍රී ලංකා ගෘහ ආදායම් හා වියදම් සංගණනයෙන්ද තහවුරු වී ඇත. එම වර්ෂයේදී රුපියල් 32,000කට වඩා අඩු ආදායම් ලැබූ පවුල් තිබුනේ 20%ක් පමණි.

සමාජ විද්‍යාත්මක සාක්ෂි

2014 වසරේදී ආචාර්ය රවී බමුණුසිංහ මහතා  ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වෙන පරිදි කරන ලද සමීක්ෂණයකදී  ආසියානු සංවර්ධන බැංකුව විසින් පිළිගනු ලබන ආදායම් මට්ටම අනුව මේ අති විශාල මධ්‍යම පන්තිය කොටස් තුනකට බෙදයි. ඒ පහළ මධ්‍යම පංතිය, මැද මධ්‍යම සහ ඉහල මධ්‍යම පංතිය ලෙසිනි. පහළ මධ්‍යම පන්තිය ඩොලර් 2-4 දක්වාත්, මැද මධ්‍යම පන්තිය ඩොලර් 4-10 දක්වාත්, ඉහළ මධ්‍යම පංතිය ඩොලර් 10-20 දක්වාත්  PPP අනුව දිනකට වියදම් කරන අය වශයෙනි. බමුණුසිංහ මහතාගේ පර්යේෂණය අනුව ලංකාවේ ජනගහනයෙන් 71%ක් වන මධ්‍යම පංතියවේ. ආදායම් මට්ටම් අනුව බෙදූ කළ ඔවුන්ගෙන් 55%ක් පහළ මධ්‍යම පංතියටද, 40.4%ක් මැද මධ්‍යම පංතියටද, 4.6% ක්  ඉහළ මධ්‍යම පංතියටද අයිතිවේ.  

PPP දත්තයන්, සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික දත්තයන් හා සසඳමින් කරන ලද ඒ සමීක්ෂණය අනුව දිනකට ඩොලර් 2 කට වඩා වැඩි වියදමක් කරන ලංකාවේ පවුල් සැබවින්ම මධ්‍යම පන්තියට අයිති වන බව ඔප්පුවේ. ආර්ථික බෙදීම්වලට පසුව ආචාර්ය රවී බමුණුසිංහ මහතා ලොව පිළිගත් සමාජ විද්‍යාඥයින් විසින් කරන අයුරින් අපේ රටේ මධ්‍යම පංතිය සතු වටිනාකම්, ආර්ථික වටිනාකම්, සංස්කෘතික වටිනාකම් සහ සමාජමය වටිනාකම් ලෙස කොටස් තුනකට බෙදයි.

මෙහි ආර්ථික වටිනාකම්වලට මාසික ආදායම, නිවාස හිමිකම, වාසය කරන නිවසේ ප්‍රමාණය,  නිවසෙහි ඇති ගෘහභාණ්ඩ, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරන, සතු වාහන ගැනේ.

සංස්කෘතික වටිනාකම් ගණයට අධ්‍යාපන මට්ටම, හැකියාව හා කුසලතාවයන්, මෙන්ම ඒවා ලබාගෙන සමාජ ස්ථරවල ඉහළට යාමේ හැකියාවද ගැනේ. යමෙක් සතු සංස්කෘතික වටිනාකම් මත ඔහු සහ ඔහුගේ පවුල විවේකය ගතකරන ආකාරය, විනෝදාස්වාද කටයුතු, ගනු ලබන ආහාර වර්ග, දරුවන්ගේ අවශ්‍යතාවයන් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තු රඳා පවතී. එසේම අධ්‍යාපන මට්ටම, හැකියාව හා කුසලතාවයන් වැනි සංස්කෘතික වටිනාකම්  ඇත්නම් ඒවා ආර්ථික වටිනාකම්වලට හැරවීමේ හැකියාවද පුද්ගලයෙකුට ඇතිවේ.

යම් පුද්ගලයෙකු සතු සමාජ වටිනාකම් යනු ඔහු වටා ඇති සමාජ සම්බන්ධතා ජාලය තුලින් ඔහුට ලැබෙන වටිනාකමයි. උදාහරණයක් ලෙස යමෙකුට අධ්‍යාපන මට්ටම, හැකියාව හා කුසලතාවයන් මගින් ලැබුණු සංස්කෘතික වටිනාකමක් තිබුනත් තමන් උපන් ස්ථානය, තමන් අයිති ජනවර්ගය, තමන් ඉගෙනගත් පාසල නිසා ගොඩ නැගුනු සමාජ සම්බන්ධතා ජාලයක් නැත්නම් ඔහුගේ සමාජ වටිනාකම අඩුවේ.  මේ සමාජමය වටිනාකම් අනුව යමෙක් ඇසුරු කරන ඥාති හිතමිතුරන් හා  සම්බන්ධවන සංවිධාන තීරණය වේ. ඒ කෙසේ වෙතත් මේ සාධක තුනම යමෙක් මධ්‍යම පන්තියට අයිති වෙන්නේ දැයි සොයා බැලීමේදී වැදගත්වේ.

ආදායම් මට්ටමෙන් ඩොලර් 2 සිට 20 ක් දක්වා දස ගුණයක වෙනසක් තිබුනද ලංකාවේ පහල මධ්‍යම පන්තිය, මැද මධ්‍යම පන්තිය හා  ඉහල මධ්‍යම පංතිය අතර ආර්ථික වටිනාකම්, සංස්කෘතික වටිනාකම් හා සමාජමය වටිනාකම්වල සැලකිය යුතු වෙනසක් නැති බව බමුණුසිංහ මහතාගේ සමීක්ෂණයෙන් හෙළිවේ.   

මධ්‍යම පන්තියේ ආර්ථික වටිනාකම්වල ඒකාග්‍ර බව 

මධ්‍යම පන්තියේ මේ සියලු සමාජ ස්ථර ජිවත්වන නිවාස සියල්ලේම පාහේ කාමර 3 – 4ක්, වෙනම ම කුස්සියක්, කෑම කාමරයක්, සාලයක්, නිවෙස තුළ වැසිකිලි 1-2 ක් සහ ගරාජයක් තිබුණි. මෙම අධ්‍යයනයේ සඳහන් නොවුනත්, මෙසේ එකම ආකාරයේ ආකෘතියක් තිබුනත්,  බොහෝවිට මේ සමාජ ස්ථර ජීවත්වෙන නිවෙස්වල බිම් ප්‍රමාණයේ වෙනස්කම් ඇති බව මගේ වැටහීමයි. මෙම අධ්‍යනයට අනුව මීට අමතරව ඉහළ මධ්‍යම පන්තියේ අයගේ නිවෙස්වල වල ටී.වී කාමරයක්, සේවක කාමරයක් සහ කාර්යාල කාමරයක් ඇතැම්විට තිබුණි. නිවෙස්වල අයිතිය ගත්කල මධ්‍යම පංතියේ සියලු ස්ථරවල 30%කට තම නිවෙස ලැබී තිබුනේ උරුමයෙනි. ඉහළ මධ්‍යම පංතියේ 69% ක් තමන් තනාගත් හෝ තමන් මිලදීගත් නිවෙස්වල ජීවත්වෙත්දී,  පහළ මධ්‍යම පංතියෙන් 53% ක් එවැනි නිවෙස්වල ජීවත් විය. කුලී නිවාසවල ජීවත්වූ ප්‍රතිශතය පහළ මධ්‍යම පංතියේ 13%ක් වෙත්දී, ඉහළ මධ්‍යම පංතියේ එය 2%ක් පමණක් විය. මධ්‍යම පංතියේ මේ සියලු ස්ථර වල නිවෙස්වල විදුලි කේතල්, රුපවාහිනී යන්ත්‍ර, ගෑස් ලිප්, විදුලි සහල් උඳුන්, ශීතකරණ භාවිතය එක හා සමාන මට්ටමේ තිබුණි.මේ පිරිසෙන් පහළ මධ්‍යම පිරිස සතුව තිබු පරිගණක ප්‍රතිශතය 2014 වසරේදී අඩුව පැවතියද, මේ වනවිට එය වැඩි මට්ටමක පැවතිය හැක. ඉහළ මධ්‍යම පංතිය වැඩිපුර මාළු ආහාරයට ගැනීම හැරුණු කොට, මේ සමාජ ස්ථර වල ආහාර රටාවෙහි වැඩි වෙනස් කමක් නොතිබිණි. අසනීපයක් වූ විට පුද්ගලික වෛද්‍යවරයෙකු හමුවීමේ ප්‍රතිශතය මේ සමාජ ස්ථර අතර සමානව තිබුණි.

මධ්‍යම පන්තියේ සංස්කෘතික වටිනාකම්වල ඒකාග්‍ර බව

අධ්‍යාපන මට්ටම ගත්කළ උසස් පෙළ හෝ ඊටත් ඉහළට උගත් වැඩිම ප්‍රතිශතයක් සිටියේ මැද මධ්‍යම පංතියේය. මධ්‍යම පංතියේ සියලු ස්ථරවල අයගේ අති බහුතරයක් උගත්කම, මහන්සිවී වැඩකිරීම, නිහතමානීබව නිසා පිරිපුන් මිනිසෙකු තැනෙන බව විශ්වාස කළේය. සංස්කෘතිය සහ සම්ප්‍රදාය පිරිපුන් මිනිසෙකු තනන බව විස්වාස කළේ 30%ක් පමණි. මුදල් තිබීම පිරිපුන් මිනිසෙකු තනන්නේ යයි පහල මධ්‍යම පන්තියේ 14% ක් විශ්වාස කල අතර, ඒ බව මැද මධ්‍යම පන්තියේ 13% ක්ද, ඉහල මධ්‍යම පන්තියේ ඒ බව විශ්වාස කළේ 8%ක් පමණි.

මධ්‍යම පන්තියේ සමාජ වටිනාකම්වල ඒකාග්‍ර බව

විනෝදාස්වාදය සඳහා කාලය ගත කිරීම අතින් ඉහල මධ්‍යම පන්තිය වැඩිම කලක් ගත කළේය. විනෝද චාරිකා යාම අතර මේ සියලු ස්ථරවල වෙනසක් නැතිවුවද පහළ මධ්‍යම පන්තිය කණ්ඩායම් වශයෙන් ගොස් හිතවතුන්ගේ නිවාසවල ගතකළ අතර හා මහජන නිවාඩු නිකේතන වල ගතකල අතර, හෝටල්වල නතර වීමේ මැද මධ්‍යම පන්තිය සිදුකල අතර, ඉහළ මධ්‍යම පන්තිය පිටරට සවාරිවල පවා නිරතවිය. මේ සියලු දෙනා අතර පුවත්පත් කියවීම, රුපවාහිනිය නැරඹීම අතර වැඩි වෙනස්කම් නොතිබුණි. අන්තර් ජාලය භාවිතය හා සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව මේ අධ්‍යනයේදී විමසා තිබුනේ නැත.

තවත් පර්යේෂණයක්

ගාමිණී කොරයා පදනමේ ආචාර්ය වසන්ති වික්‍රමසිංහ මහත්මිය 2012-2013 ශ්‍රී ලංකාවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණය මත, තරමක වෙනස් අදායම් නිර්වචනයන් මත පදනම්ව කරන ලද විග්‍රහයක් අනුව ලංකාවේ පහළ මධ්‍යම පංතිය 42.3% ක්ද, මැද මධ්‍යම පංතිය 21.86% ක්ද, ඉහළ මධ්‍යම පංතිය 14.95% ක්ද වේ.මේ අනුවද ලංකාවේ මධ්‍යම පංතිය 79.1% ක්වේ. මේ අනුව ලංකාවේ දුප්පත් පංතිය ලෙස හැඳින්විය හැකි පිරිස 10%ක් වන අතර මධ්‍යම පංතික ආදායමට වඩා ඉහලින් සිටින්නේ 8.5% කි.

මේ සමීක්ෂණයට අනුව පහල මධ්‍යම පංතියට (PPP ඩොලර් 2-4) අයිති පිරිසගෙන් 40%ක් ගුරුවරුන්ය. (ගුරුවෘත්තිකයින්ගේ පසුගිය වැටුප් වැඩිවීමත් සමග මෙම තත්ත්වය වෙනස් විය හැක.) 11%ක් අනෙක් රජයේ සේවකයන් වන අතර ඉතිරි 50% ස්ථිර රැකියා කරන්නන් හෝ පුහුණු කෘෂිකාර්මික සේවකයන්ය. මැද මධ්‍යම පංතියට (PPP 2-6) අයිති පිරිසගෙන් 18% රජයේ සේවකයන් වන අතර, ස්වයං රැකියා කරන්නන් 30% ක්ද, වෘත්තිකයන් හා කළමනාකරුවන් 20%ක්ද විය. මේ පිරිසේ කෘෂිකර්මාන්තයේ නියුතුව සිටියේ 5% ක් පමණි. ඉහළ මධ්‍යම පංතියේ (PPP 6-10) 27%ක් රජයේ සේවකයන්ද, 36% විද්වතුන් හා කළමනාකරුවන්ද, 42% ක්  ව්‍යාපාරිකයන්ද විය.

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ 2 කොටස]

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [ අවසන් කොටස]

The post ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [පළමු කොටස – 1] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/feed/ 0
ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය.. https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b6%b1%e0%b7%83%e0%b6%b1-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b6%b1%e0%b7%83%e0%b6%b1-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b1/#respond Mon, 10 Oct 2022 14:41:43 +0000 https://vivaranalk.com/?p=6100 අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි  මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන  විදි තුනක් තියෙනවා.  එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ.  මන්දපෝෂණය ඇති වන […]

The post ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය.. appeared first on විවරණ.

]]>
අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි  මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන  විදි තුනක් තියෙනවා.  එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ.  මන්දපෝෂණය ඇති වන විධි කීපයක් තියෙනවා. එක තමයි කැලරි උනතාවය ප්‍රොටීන් ඌනතාවය නිසා ඇති වන මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇතිවන මන්දපෝෂණය ආදී ලෙස එය සඳහන් කළ හැකිය. යම් දරුවකුගේ උස බර ප්‍රමාණවත්ව තිබුනත් යකඩ හෝ වෙනත් විටමින් වර්ගයක ඌනතාවය නිසා මන්දපෝෂණය ඇතිවන අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි. මේ නිසා මන්දපෝෂණය මැනීමේදී උස බර ට අමතරව ශරීරයේ තිබිය යුතු පෝෂක කොටස් මැනීම අත වට ප්‍රමාණය මැනීම් ආදි විවිධ ක්‍රම මගින් එය තහවුරු කර ගැනීමට කටයුතු කරනු ලැබේ.

මන්දපෝෂණය කායික මන්දපෝෂණය සහ මානසික වර්ධනය ලෙස දෙයාකාර වෙයි. මවකගේ කුස තුළ වර්ධනය වන කාලයේදී මවගේ පෝෂණය දරුවාගේ කායික වර්ධනයට මෙන්ම මානසික වර්ධනයට ද ප්‍රධාන වශයෙන් බලපායි.  මවගේ පෝෂණය ඉතා අඩු මට්ටමක පවතියි නම් කළලයේ කායික සහ මානසික වර්ධනය ඉතා අඩුය. පුද්ගලයෙකුගේ මානසික වර්ධනයට ප්‍රධාන වශයෙන්  ප්‍රෝටීන් මෙන්ම ක්ෂුද්‍ර අංශු සහ මේද ප්‍රධාන  සාධකයන් ලෙස බලපානු ලැබේ. සාමාන්‍ය දරුවකුගේ මොළය වර්ධනයට අවශ්‍ය බුද්ධි වර්ධනය පළමු අවුරුදු දෙක තුලදී සිදුවේ.  එම කාලය තුළ පෝෂණ ඌණතාවයක් ඇති වුවහොත්  ඒවා බාහිර සාධකයන් ලෙස සමහරවිට නොපෙනෙන්නට පුළුවන. නමුත් අධ්‍යාපනය ලැබීම කුසලතා දැක්වීම ආදී කාර්යයන් වලදී දරුවා තුලින් මතුවන දුර්වලතා එම පෝෂණ ඌනතාවයන් හි ලක්ෂණ ලෙස පසුකාලීනව හඳුනාගත හැකි වේ.

පුද්ගලයෙකුගේ කායික වර්ධනය පිළිබඳව කතා කිරීමේ දී ද කළල අවස්ථාවේ සිට ළදරු අවධියේ දෙන ආහාර යන්හි පෝෂණය ඒ සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරයි.  විශේෂයෙන් දරුවකුගේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වන සාධකයන් අවම වීම හේතුවෙන් දරුවාගේ උස බර උසට සරිලන බර ආදී හි විශේෂ වෙනස්කම් දැකිය හැකි වේ.  විශේෂයෙන්ම දරුවකුගේඋස කෙරෙහි පෝෂණ තත්වයන් බලපානු ලබයි.  ජපානයේ මේ සඳහා උදාහරණ සපයයි.  ජපන් දරුවන් ගැන කතා කිරීමේදී ජපන් ජාතිකයන්  මිටි ජාතියක් බව අතීතයේදී හඳුනාගෙන තිබුණු අතර පසු කලෙක ඔවුන්ගේ ආහාර වේලෙහි ඇති කරන ලද වෙනසත් සමඟ අද වන විට ජපන් ජාතිකයන් මිටි ජාතියක් ලෙස සැලකෙන්නේ නැහැ.  එයින් පැහැදිලි වන්නේ පෝෂණ තත්ත්වයන් මත දේහ ලක්ෂණ වෙනස් වන බවයි.

ආර්ථික තත්වය ම රටේ ජනතාවගේ පෝෂණය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. ආර්ථිකය පහළ මට්ටමක පවතින රටක පුද්ගල ආර්ථිකය ද ඉතා පහළ මට්ටමක පවතී. ආර්ථිකය පහළ මට්ටමකට කඩා වැටීම තුළ ආර්ථිකය පහළ මට්ටමකට කඩාවැටීම නිසා ප්‍රධාන වශයෙන් රටක ආහාර සුලබ බව නැතිවී යයි. එයට හේතුව නම් ආර්ථිකය කඩා වැටීම තුල ආහාර ලබා ගැනීමේ හැකියාව අඩු වී තිබීමයි. ප්‍රමාණාත්මක ආහාර ලබා ගැනීම සහ ගුණාත්මක ආහාර ලබා ගැනීම පිළිබඳව ඇති හැකියාව අවම වීම රටක ආර්ථිකය කඩා වැටීම තුළ සිදුවිය හැකියි.  විශේෂයෙන් ගුණාත්මක ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අවම වීම හෝ නැතිවී යාම ආහාර සුරක්ෂිතතාවය, ආහාර සුලභ භාවය නැති වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. විශේෂයෙන් ආහාර වල මිල ඉහළ යාම නිසා එම ආහාර ලබා ගැනීම සීමා කිරීම හෝ ලබා නොගැනීමට තීන්දු කිරීම මේ වන විට ලංකාවේ සිදුවී හමාරයි. පසුගිය සමය තුළ සිදුවූ ආර්ථික උද්ධමනය ට සාපේක්ෂව ආහාර මිල ගණන් තුන්ගුණයකින් පමණ ඉහළ ගියද  පුද්ගලයින්ගේ ආදායම ඉහළ යෑමක් සිදු වූයේ නැහැ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නැගීම පහුගිය කාලය තුල සිදුවිය.  මිනිසුන් විකල්පය ලෙස තෝරා ගත්තේ ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණාත්මක භාවය වන අතර ගුණාත්මක ආහාර වෙනුවට වෙනත් ආදේශක භාවිතයට පසුගිය කාලයේ ජනතාව නිතැතින්ම යොමුවිය. උදාහරණයක් ලෙස බිත්තර සහ කුකුල් මස් මිල තුන් හතර ගුණයකින් ඉහළ යද්දී මිනිස්සු තමන්ගේ ආහාර වේලෙහි ප්‍රමාණය වැඩි කර ගැනීම පිළිබඳව පමණක් උනන්දුවිය.  ආහාරයක තිබිය යුතු ශුද්‍ර පෝෂක ප්‍රමාණය ප්‍රමාණාත්මකව ආහාර ලබා ගන්නා විට ලැබෙන්නේ නැහැ. මේ නිසාම ලෝකේ මේ වන විට කතාබහ පැන නැගී ඇත්තේ ආහාර සුලභතාවය වැඩි කර ගැනීම පිළිබඳව ය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන මේ වන විටත් දත්ත නිකුත් කර තිබෙන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ය. නමුත් කතාබහ විය යුත්තේ දත්ත එක්රැස් විය යුත්තේ ක්‍රියාකාරීත්වය ගොඩනැගිය යුත්තේ ආහාර සුලබතාවය ඇති කිරීම සඳහා ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා  විසින් ආහාර හා පෝෂණය පිළිබඳව නිකුත් කරන ලද පොතක මෙසේ සඳහන් වේ. මෙය පර්යේෂණයක් ආශ්‍රයෙන් සකස් කරන ලද්දක් බව ඔවුන් සඳහන් කරයි. ඒ අනුව මේ වන විට ලංකාවේ මිලියන 5.7  ආහාර සුලබව ලබා ගැනීමේ ගැටලුවක් පවතින බවත් එය සමනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47 ක මුදලක් ලෝකයෙන් අපේක්ෂා කරන බවත් එහි සඳහන් වේ.   මෙම වාර්තාව මගින් උත්සාහ කරන්නේ  ආර්ථික අර්බුදය ආහාර අර්බුදයට බලපෑමක් කර නැති බව පැවසීම සහ ඉදිරියට ඇතිවන අර්බුදයට මුහුණදීමට සූදානම් වීම නැවැත්වීමයි.

2022Oct10[2]__hunger

එම වාර්තාවේම සඳහන් වෙන පරිදි පසුගිය කාලයේ ගෙන කාබනික වගා ප්‍රතිපත්තියත් සමඟ රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය  නිසා ඇති වූ වගා පාලුව මෙන්ම ආර්ථික උද්ධමනයත් සමග ඇතිවූ විරැකියාව  විශාල ප්‍රමාණයකි.  රැකියා නියුක්තිකයන්ගේ  ආදායම් 62%කින් අඩුවී ඇති අතර 11%ක ගේ ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත.  ආදායමක් නොමැතිව හාර මිලදී ගන්නේ කෙසේද යන ප්‍රශ්නය වෙනුවට මන්දපෝෂණය ඇති ද හෝ නැති ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම කෙතරම් විහිළුවක් ද?  සැබෑ ප්‍රශ්නය නම් මන්දපෝෂණය නොව මිනිසුන්ට ආහාරය සදහා ආහාර තියෙනවද නැත්ද යන්නයි.  මෙහි සඳහන් වන පරිදි ලංකාවේ විවිධ ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව ඔවුන්ගේ ආදායම අඩුවීම හෝ නොමැති වීම, ඊට විසඳුම් ලෙස ඔවුන් ක්‍රියාත්මක කළේ මොනවාද යන්න විමසා බැලීමේදී බොහෝ දෙනකු තම රන් භාණ්ඩ හෝ වෙනත් භාණ්ඩ හෝ දේපල උකස් කොට  තම අවශ්‍යතා පිරිමසා ගෙන ඇති බව පැහැදිලිය.  මෙහි සඳහන් වන පරිදි ලංකාවේ ජනගහනයෙන්  25% කට අධික ප්‍රමාණයක්  දරුණු සාගතයට මුහුණදීමට  සිදු වෙමින් පවතින්නේය.  සමස්තයක් ලෙස රටේ ආදායම  සියයට 75 කින් අඩුවී ඇති අතර  මේවා පැහැදිලි කර දෙමින් ජාත්‍යන්තර සංවිධාන උත්සාහ ගන්නේ මේ සඳහා විසඳුම් ක්‍රියාවලියක් යෝජනා කිරීමයි.  නමුත්‍ ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස සඳහන් කරමින් ඒවා තුලින් ඉවත් වීම හෝ ඒවා මග හැරීම සඳහා මේ වන විට වගකිවයුත්තන් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාර ලබාදීම පොදු කුස්සි වැනි සංකල්ප ඇති කිරීම සඳහා එවැනි සංවිධාන යම් මඟ පෙන්වීම් කරද්දී මෙන්ම ලෝකෙන් සහය පතත්දී ලංකාවේ වගකිවයුත්තන් පවසන්නේ එවැනි ප්‍රශ්නයක් ලංකාව තුළ නොමැති බවයි.  මේවා තාවකාලික විසඳුම් ලෙස යෝජනා කරන අතරම ලංකාවේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තිරසාර  විසඳුමක් බව ඔවුන් සඳහන් කරයි. ලෝක ආහාර වැඩසටහන ද ලංකාවේ ආහාර අර්බුදයක් පවතින බවත් ඒ සඳහා ආහාර සුලභතාවය ඇති කළ යුතු බවත් සඳහන් කරයි.

සමස්තයක් වශයෙන් ආහාර  අර්බුදයට මුහුණ දෙන ජනතාව මිලියන 5.7 වන අතර දරුවන්  ප්‍රමාණය ඉන් මිලියන 2.3 කි.  ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ ලක්ෂ හතරකට ක්ෂද්‍ර පෝෂක අඩංගු ධාන්‍ය ලබාදීම, 2.4 ක් සඳහා වෙනත් පෝෂණ සේවාවන් ලබාදීම, එමෙන්ම ඉතාම අධික ලෙස දුර්වල වී  මරණාසන්න තත්ත්වයේ  පසුවන්නන් සඳහා පෝෂණ අවශ්‍යතා  සපුරාලීමටත් ය.   ඉදිරියේදී  වයස අවුරුදු පහට අඩු  දරුවන්ගෙන් 56000 රෝහල් ගත වීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. 

මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ලෝකයේ 4 වන ස්ථානයට දකුණු ආසියාවේ දෙවන ස්ථානයටත් මේ වන විට ලංකාව පත්ව ඇත. මෙම තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොව කාලාන්තරයක් තිස්සේ මෙරට සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමේ හා හුරු වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇති වූවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම තත්ත්වයන් විසඳීම සඳහා මේ වන තෙක් ආණ්ඩුවක් වශයෙන් ලංකාව ක්‍රියාත්මක වී නොමැත. අවම වශයෙන් එවැනි ප්‍රශ්නයක් පවතින බව පවා පිළිගන්නට ලංකාවේ පාලක පන්තිය සූදානම් නැත. මාධ්‍ය සාකච්ඡා පවා පවත්වන්නේ මන්දපෝෂණය පවතිනවා ද නැද්ද යන්න පිළිබඳව මිසක් ආහාර අර්බුදය, ආහාර සුලබතාවය, ආහාර සුරක්ෂිතතාවය, පිළිබඳව සාකච්ඡාවක් වශයෙන් නොවේ. වෙළඳ ප්‍රචාරණ පවා කිසිදු වගකීමකින්  තොරව විකාශය කරන අතර ඒවායෙහි බලපෑම සමාජගත වීම පිළිබඳව පවා අවබෝධයකින් තොරව ය එසේ කරන්නේ. 

එසේම විවේචනාත්මක ලිපියක් පවා පළ කිරීමට පුවත්පත් හා සඟරා සූදානම් වන්නේ නැත. එවැනි තත්වයක් යටතේ ළමා මන්ද පෝෂණය පිළිබඳව විද්වත් කතිකාවක් පවා සමාජගත වීමට තියෙන ඉඩකඩ අවමය. ළමා දිනය සැමරුමෙන් එහා ගිය යථාර්ථයක් බවට පත් කිරීමට නම් පාලක පන්තිය විසින් විධිමත් සවිඥාණික හා තිරසාර  විසඳුම් ක්‍රියාවලියක් සඳහා යොමුවිය යුතුය. එසේ නොමැති වුවහොත් ඉන්දියාවේ අදානි අම්බානි වැනි මහා ධන කුවේරයන් නිර්මාණය වීම ලංකාවේද සිදුවෙනු හැර වෙනත් විකල්පයක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගොඩනැගෙනු නැත.  අවශ්‍ය වන්නේ වඩා සවිඥානික සමාජයක් තුලින් කය මනස සුවපත් දරු පරපුරක් බිහිකිරීමය. ඒ සඳහා වගකිවයුත්තන්ගේ දෙනෙත් හැර විය යුතුය.  ජනතාවක් ලෙස සමස්ත මහජනතාව පාලක පන්තිය වඩා විධිමත් ක්‍රියාකාරිත්වයක් සඳහා යොමු කිරීමට තමන්ගේ ස්වාධිපත්‍යය බලය පාවිච්චි කර යුතුය. එසේ නොමැති වේ නම් මෙරට සමස්ත ළමා පරපුර මෙරට අනාගතය විනාශය කරා යාම වැළැක්විය නොහැකි වනු ඇත. 

සාකච්ඡා පිටපත සකස් කිරීම: නදීරා කුමාරි

The post ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b6%b1%e0%b7%83%e0%b6%b1-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b1/feed/ 0