Dr. Ajith Amarasinghe, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 21 Jan 2026 10:11:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Dr. Ajith Amarasinghe, Author at විවරණ 32 32 මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%80/#respond Wed, 21 Jan 2026 10:11:54 +0000 https://vivaranalk.com/?p=14434 නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ […]

The post මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? appeared first on විවරණ.

]]>
නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි  බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීමයි. 

බැලූ බැල්මට ජනතා සුවසෙත සඳහා ගනු ලැබ ඇතැයි වැටහීමට ඉඩඇති මේ තීරණ දෙකෙහි මුල් තීරණය රජයේ රෝහල්වල සිදුවන රෝග පරීක්ශණ පිලිබඳවයි. 

කැබිනට් අනුමැතිය ලද මේ යෝජනාවල මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පැවති දිශානතිය මුළුමනිමන්ම වෙනස් කෙරන භයානක මූලධර්මයන් ගැබ්ව ඇත.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පවතින්නේ ජනතාවට සේවය සපයන සේවාවක් ලෙසයි. එනිසා ඒ සෞඛ්‍ය සේවයට රජය කරන ආයෝජනයට කෙටිකාලීන මූල්‍යමය ප්‍රතිලාභයක් කිසිසේත් රාජ්‍යය බලාපොරොත්තු නොවේ. රාජ්‍යයේ මූලික පරමාර්ථය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තැනීමයි. මෙයට ප්‍රතිවිරුද්ධව පුද්ගලික අංශය විසින් සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී රෝගීන්ට සපයන සේවාවන්ගෙන් කෙටිකාලීනව මූල්‍යමය ප්‍රතිලාභ ලැබීම ඒ අංශයේ මූලික පරමාර්ථය වේ.

මෙවන් ප්‍රාථමික වෙනස්කමක් තිබෙන ක්‍රම දෙකක් බද්ධ කිරීමට යාමේදී බරපතල ගැටළු රැසක් ඇතිවේ. පුද්ගලික අංශය රජය වෙනුවෙන් හෝ යම් ආයෝජනයක් කරනුයේ ඒ ආයෝජනය සඳහා මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමේ අරමුණෙනි. එනිසා ලාභය නොව සේවාව මුල්කොට පවතින ක්‍රමය විශාල අවුලකට යයි. පුද්ගලික අංශය තමන් කරන සේවාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම නොවෙනස්වන සුලු හෝ අවම ආදායමක් හෝ නිශ්චිත කාලසීමාවක් තුල බලාපොරොත්තුවේ. මේ මුදල ලබාදීමට රජය බැඳී සිටින අතර යම් හෙයකින් ඒ ගෙවීම රජයට කලනොහැකි නම් එවිට සිදුවනුයේ පුද්ගලික සමාගම තමන් සපයන සේවාවන් සීමා කිරීමයි. එවිට දුක් විඳින්නේ මේ සේවාවන් ලබාගත නොහැකි වන රෝගී ජනතාවයි.

මෙවැනි පුද්ගලික අංශයේ මූලධර්ම එතෙක් රජය විසින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට එක්කර, එය අද වනවිට මුලුමනින්ම විනාශකිරීමට මග පෑදුවේ අන්ත දක්ශිණාංශික බ්‍රිතාන්‍ය අගමැතිනියකවූ මාග්‍රට් තැචර්ය. ඇය මෙවන් රාජ්‍ය-පුද්ගලික හවුල් ක්‍රියාකාරිත්වයන්ද, පුද්ගලික අංශයේ සංකලපද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට හඳුන්වාදුණි. අද වනවිටත් එය මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙස එය පැවතියත්, එයින් ජනතාවට ලැබෙන සේවාව අන්ත දුර්වලය. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ශල්‍යකර්මයක් කරගැනීමේ පොරොත්තු කාලය වසර කිහිපයකි. සති අන්තවල රෝගීන් වෛද්‍යවරුන් නැතිව අසරණය. හදිසි රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහලකට යන රෝගියෙකුට වෛද්‍යවරයෙකු මුන ගැසීමට පැය 12 කට වැඩි කලක් රස්තියාදුවීමට සිදුවන අවස්ථා අපමණය.

මෙසේ රෝග සත්කාර සේවා දුර්වල වුවත්, පුද්ගලික අංශයේ මූලධර්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවට හඳුන්වාදීමෙන් පසු එහි රජයේ සෞඛ්‍ය වියදම් අහස උසට නැඟ ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම ඩොලර් 6025 ක් වන අතර ලංකාවේ එය ඩොලර් 260 කි. මෙය සිදුවූයේ කෙසේද යන්නත්, ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට මාග්‍රට් තැචර්ගේ භයානක සංකල්පය හඳුන්වාදීමෙන් එය වලපල්ලට යෑමේ ක්‍රියාදාමය ආරම්භවන්නේ කෙසේද යන්නත්, මෙයට වඩා දීර්ඝව පැහැදිලි කලයුතුය. එය ඉදිරියේදී ලිපි පෙලකින් සිදුකෙරනු ඇත. 

මේ පදනම මත පුද්ගලික අංශය විසින් සවිකරන ලද කාන්දුකරන යන්ත්‍ර මහනුවර ශික්ෂණ රෝහලේ ඇතිබව මේ කැබිනට් ප්‍රතිකාවේ සඳහන්ව ඇත. කුප්‍රකට දූෂිත හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකුගේ නිජබිම වන මහනුවර මේ පදනම මත යන්ත්‍ර සවිකර ඇත්තේ නම් වහා කලයුතුව ඇත්තේ එසේ සවිකිරීමට සම්බන්ධවූ නිලධාරීන් එයට පෙර නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර එසේ කලේදැයි, විගණන පරීක්ශණයක් පවත්වා සොයා බැලීමයි. එසේ  නැතිනම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමයි.

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මෙවන් භයානක සංකල්ප මගින් වලපල්ලට යවා ඒ නිසා මහ ජනතාවත්, රෝගීනුත්, රෝහල් සේවානනුත්, සේවකයනුත් අනතුරේ හෙලූ මාග්‍රට් තැචර් මියගොස් දැනට වසර  ගනනාවක් ගතවී ඇත. එහෙත් ඇයගේ පිරිමි අවතාරය රතු කමිසයකින් හා රතු තොප්පියකින් සැරසී ලංකාවෙන් මතුව ඇත. මේ අවතාරය පෙනුණු සැනින් එයට විරුද්ධවීම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීම පරමාර්ථය කරගත් සියලුදෙනා විසින් වහා කල යුතුය. කැබිනට් පත්‍රිකාවේ සඳහන් මේ භයානක යෝජනා වහා ඉවත්කර නොගතහොත්, ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ මළබෙරය එයම වනු ඇත.

The post මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%80/feed/ 0
දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි.. https://vivaranalk.com/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%81%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b6%af%e0%b6%ac%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8a%e0%b6%af%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%81%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b6%af%e0%b6%ac%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8a%e0%b6%af%e0%b7%93/#respond Mon, 13 Oct 2025 08:34:36 +0000 https://vivaranalk.com/?p=13809 පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා  දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ  පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ද නිවේදනයක් නිකුත් කරමින් ඊට සිය විරෝධය පළ කර තිබේ. සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා […]

The post දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි.. appeared first on විවරණ.

]]>
පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා  දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ  පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ද නිවේදනයක් නිකුත් කරමින් ඊට සිය විරෝධය පළ කර තිබේ. සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා අවසාන කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳ කෙටුම්පතයි. වෘත්තීය සමිති නායකයින් හා ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද පාසලක විනය පවත්වා ගැනීමට මෙමගින් බාධා පැමිණේ යයි යන සැකය නිසා මේ ගැන බියවී ඇති බව පෙනේ. දරුවන් යනු හඬක් නැති, ඡන්ද බලයක්  නැති පිරිසකි. ඒ නිසා ඒ අය වෙනුවෙන් කතා කරන්නට යම්කිසි පිරිසක් ඉදිරිපත් විය යුතුය.

මේ ගෙනත් තිබෙන සංශෝධනය දැනටමත් දණ්ඩ නීති සංග්‍රහයේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන අපරාධ නීතියෙහි දඬුවම් ක්‍රමයේ වැඩිහිටියන්ට සේම දරුවන්ට ද අදාළ ව  පවතින්නකි. මෙහි කිසිවක් වෙනස් කර නැත. මෙම සංශෝධනය ගෙනැවිත් තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 19 වෙනි අධිකාරියට ය. එහි පැහැදිලිව දක්වා ඇති විස්තරය සරල ලෙස පැවසුවහොත්, කෙනෙකු කෝටුවක් ගෙන “මම නුඹට ගහනවා” යැයි කිව්වත් එය පහර දීම  හා සමාන වරදක් ලෙසට සැලකේ. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ චිරාත් කාලයක් තුළ පැවති දෙයකි. මේ නව සංශෝධනයෙන් කර ඇත්තේ  දණ්ඩ නීති සංග්‍රහයේ මේ  වනවිටත් තිබෙන අපරාධ වරදවල් දරුවන්ටත් අදාළ බව නැවත ප්‍රකාශ කිරීම  පමණි.  රටේ තිබෙන පොදු නීතිය දරුවන්ටත් අදාළ විය යුතුය. වැඩිහිටියෙකුට පහර දිය නොහැකි නම් දරුවකුට ද පහර දිය නොහැකි විය යුතුය. දරුවාද  මනුෂ්‍යයෙකි. මේ රටේ පුරවැසියෙකි.

රටක සාමාජීය ප්‍රචණ්ඩකාරීත්වය වැඩිකරන ප්‍රධානම කරුනක් නම් දරුවන්ට පහරදීමයි. දරුවා යනු වැඩෙන මනසක් ඇති පුද්ගලයෙකි. එවැනි වැඩෙන මනසක් සහිත අයෙකුට  ශාරීරික දඩුවම් කිරීම ඉතා අයහපත් දෙයක් වන අතර එමගින් දරුවාට දීර්ඝකාලීන මානසික ගැටලු ඇතිකරන බවට පර්යේෂණ රැසකින් හෙලිදරව් වී තිබේ.

විවිධ දර්ශකවලට අනුව ලෝකයේ විනයානුකූලම ශිෂ්‍යයන් සිටින රටවල් 3ක් ඇති අතර ඒ ජපානය, හොංකොං සහ තායිවානයයි. මේ තුනම ආසියාතික රටවල් ය. එසේම බෞද්ධ රටවල්ය. මේ තුනේම දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම නීතියෙන් තහනම් කර තිබේ. ලෝකයේ විනයානුකූල නොවනම ශිෂ්‍යයන් සිටින රටවල් ලෙස සැලකෙන්නේ මැද පෙරදිග රටවල්ය. මේ මැද පෙරදිග රටවල්වල දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීමට නීතිමය බාධාවක් නැත. මෙයින් පැහැදිලි වන්නේ ශාරීරික දඬුවම හා  පාසල්වල විනය රැකීම  යන කරුණු දෙක අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අතීතයේ සිටම මේ දක්වාමත් දඬුවම්කර දරුවන් ඇති දැඩි කල ලංකාවේ ඉතා විනය ගරුක ලෙස හැසිරෙන සාමකාමී සමාජයක් තිබෙන්නේ යැයි ඔබ සිතනවාද? ලෝකය ගැන දන්නා, ලෝකය දැක තිබෙන ඕනෑම කෙනෙකු අප රටට වඩා විනයගරුකව හැසිරෙන, මීට වඩා අපරාධ අඩු සමාජ ලොව ඕනෑ තරම් ඇති බව දනී. මේ රටවල දරුවන්ට දඬුවම් කිරීම අපරාධ නීතියක් ලෙස සැලකේ.  හොඳම උදාහරණය ජපානයයි. ජපානය ඉතාමත්ම විනයගරුක පුරවැසියන් සිටින රටක් බවට අද වනවිට ලෝකයම පිළිගෙන ඇත. භූමිකම්පා සිදුවී ගොඩනැගිලි කැඩී ගිය අවස්ථාවලදී පවා ඔවුන් ආහාර ලබා ගත්තේ පෝලිමේ හිඳිමිනි. තම ජීවිතයේ සියලු දෑ විනයානුකූල ලෙස කරයි. අද විනයානුකූල ලෙස තම දැවැන්ත ජනකාය හසුරුවාගනිමින් ඉදිරියට ඇදෙන චීනයේද පාසැල් දරුවන්ට ශාරීරික දඬුවම්දීම තහනම් කර තිබේ. 

දරුවකුන්ට ශාරීරික දඬුවම් නොපැමිණුවා පාසලේ විනය ආරක්ෂා කල නොහැකි බවට ඇතැමුන් තර්ක කරයි. ශාරීරික දඬුවම් නොපනවා පාසලේ විනය රැකිය හැකි ආකාර රාශියක් ඇති අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛණ දෙකක් 2005 වසරේ හා 2016 වසරේ නිකුත්කර ඇත. ශාරීරික දඬුවම් පැමිණවීම තුළින් කිසිදු ආකාරයකින් පාසලේ විනය ස්ථාපිත කළ නොහැකි ය. එයින් සිදුවන්නේ සමාජය තව තවත් ප්‍රචණ්ඩත්වයට පත්වීම පමණි.

දරුවන්ට ශාරීරික දඬුවම් දීම මුලින්ම තහනම් කළ රටවල් වන්නේ  ස්කැන්ඩිනේවියානු රටවල්ය. දාමරික මිනීමරු වයිකිංවරුන්ගෙන් පැවත එන මේ රටවල මේ වනවිට ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් පවතියි. දාමරික යුධ නායකයන් විසින් පාලනය කල, බිහිසුණු සමුරායි, හරාකිරි සම්ප්‍රදායන් තිබූ ජපානය අද සාමකාමී විනය ගරුක මිනිසුන් බිහිකරයි. ඒ ළමා හිංසනයෙන් ඉවත්වීමෙනි.

බෞද්ධයන් බහුතරයක් වෙසෙන මේ රටේ පිරිස් මේ කරුණ ගැන බුදුරජානන් වහන්සේ දේශනාකර ඇත්තේ කුමක්දැයි විමසිය යුතුය. බුද්ධ දේශනාවට අනුව ගුරුවරුන් සිසුවන්ට සැලකියයුතු අයුරු පැහැදිලි කරන, ඕනෑම කෙනෙක් දන්නා සූත්‍රයක් වන්නේ  සිඟාලෝවාද සූත්‍රයයි. එහි මෙසේ සඳහන්වේ.

එනිසා මේ සංශෝධනය බටහිර න්‍යාය පත්‍රයකට අනුව සිදුවන්නේ යැයි කෑමොර ගසන, සිංහල සංස්කෘතිය රැකීම තමන්ට බාරයැයි සිතා ඒ වගකීම තමන්ම පවරාගත් කපටියන්, මහමග ඝෝෂා කිරීමට පෙර සිඟාලෝවාද සූත්‍රය නැවත කියවිය යුතුය.

දරුවන්ට පහරදීම අපේ සංස්කෘතියේ අංගයක් වුයේ පසුකාලීනවය. මෙය සාධාරණීකරනය කරන “ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොත” ලියා තිබෙන්නේ මහනුවර යුගයේ ය. මහනුවර යුගය යනු ලංකාවේ සංස්කෘතිය ඉතාමත් දරුණු ලෙස පරිහානියට පත් වී සංඝයා වහන්න්සේලා ගනින්නාන්සේලා වූ කාලයකි.  මහනුවර යුගය වන විට ලංකාවේ උල තැබීම, අත් පා සිඳීම, කන් කැපීම වැනි දඬුවම්  සාමාන්‍ය රාජධර්මයක් බවට පත්ව තිබිණි. මේ යුගයේ නරේන්ද්‍රසිංහ රජදවස සිටි අත්තරගම රාජගුරු බණ්ඩාර ලියූ වදන් කවි පොතේ දරුවන්ට දඬුවම් කිරීම අනුමත කර තිබෙන්නේ මේ ආකාරයට ය.

වේවැල් කෝටු නාරං සියඹලා අතූ
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය  අතූ
මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතූ
පමා නොවී එමි අකුරට මෙයින් මතූ

අම්මොයි කියා ගෑ සිය ළඟ තෙල් රුවට
යම්මොයි කියා යති අකුරට ගුරුන්   ගෙට
බම්මොයි කියා බස් තෙපළති විටින් විට
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට

සංස්කෘතියක හොඳ අංග මෙන්ම නරක අංග ද තිබේ. අප සමාජයක් ලෙස ඉදිරියට යන්නට නම් සංස්කෘතියෙහි හොඳ අංග ආරක්ෂා කරගෙන නරක අංග ඉවත් කළ යුතුය. ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට පහරදීම හොඳයැයි කියන මතය මෙලෙස සංස්කෘතියෙන් ඉවත් කළ යුතු නරක අංගයකි. “දරුවන්ට දඬුවම් කිරීමෙන් සමාජයක්  යහපත් අතට හැරේ”  යන්න භයානක මතයකි.

දණ්ඩ නීති සංග්‍රහයේ මෙම නව සංශෝධනවල ” කොතරම් අඩු වුවත් යම් ප්‍රමාණයක අවමානයක් ඇති වීමට හේතුවන බවට ක්‍රියාවක් ශාරීරික හිංසාවක් සේ සැලකිය හැකිය” යැයි සඳහන් වේ.

මෙහි අවමානය යන්න විග්‍රහ කිරීම ඉතා අපහසුය. එනිසා මෙහි අවමානය යන්න කුමක්දැයි මීට වඩා නිර්නය කළ යුතුය. අවමානයක් යන්න යම්කිසි ආකාරයකට වැරදි ලෙස අර්ථ නිරූපණය කොට  එම අර්ථ නිරූපණය තුළින් ගුරුවරයාට එරෙහිව දඬුවම් පැමිණවීමට ඉඩ ඇත. එනිසා මේ සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුන් වෙනි වර කියවීමට ප්‍රථම අවමානයක් යනු කුමක්දැයි පැහැදිලි කළ යුතුය. නීති විශාරදයන් විසින් නැවත සිතා බලා යම්කිසි ආකාරයක වෙනසක් මෙම අවමානය යන වචනය සම්බන්ධයෙන් කළ යුතු වෙයි.

එහෙත් මේ තනි වචනය නිසා මේ මුලු සංශෝධනයට විරුද්ධවීම යුක්තියුක්ත නොවේ.

2005දී නිකුත්කල චක්‍රලේඛනය විදුහල්පතිවරුන් හා ගුරුවරුන් නැවත කියවිය යුතු යැයි සිතමි. එහි මෙලෙස දක්වා ඇත. “තවද ශාරීරික දඬුවම්වලින් තොරව විනය පවත්වා ගත නොහැකි නම් එමගින් පිළිබිඹු කරන්නේ ගුරුවරයාගේ අදක්ෂ භාවය බව පැහැදිලි වේ.” පාසැලක විනය රැකීම සඳහා ශාරීරික දඬුවම් හැර වෙනත් දඬුවම් ක්‍රම තිබේ.

මෙහි 2:2 වගන්තියෙහි ශාරීරික දඬුවම් වෙනුවට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද දක්වා ඇත. මෙහි පැහැදිලිව දැක්වෙන්නේ පාසලේ පවතින නීතිය පිළිබඳව දරුවාට නිවැරදිව කියා දිය යුතු බවයි.

2005 හා 2016 චක්‍රලේඛනවල සඳහන් වන ආකාරයට පාසලේ විනය නීති පිළිබඳව විනය මණ්ඩලයක් සහ විනය පාලකවරයෙක්  පත්කොට පාසලේ නීතිරීති පිළිබඳව  ශිෂ්‍යයන්ට මනාව  පෙනෙන  ප්‍රදර්ශනය කර තබා ඊට අනුකූලව කටයුතු කරන ලෙස ශිෂ්‍යයන්ට නියම කිරීම කළ යුතුය. පාසල්වල විනය මණ්ඩලය විනය පාලකවරයකු පත්කොට පියවරෙන් පියවර එම දරුවන් විනයානුකූල කිරීම මිස “දරුවා කළ දේ වැරදියි” සිතා  කෝපයෙන්, තමන්ම තනිව තීරණය කර දරුවාට පහරදීම නිවැරදි නොවේ.

එසේම දෙමාපියන් සහ පාසල අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය. ඒ සඳහා ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් මගින් ගුරුවරුන් හා දෙමාපියන් අතර සන්නිවේදන ක්‍රමයක් සලසා ගත යුතුය. වර්තමානයේ  බොහෝ දෙනෙකු දුරකථන භාවිතා කරන නිසා ඒ ඔස්සේද දෙමාපියන්ට පණිවිඩ යැවීම කළ හැකිය. විනය විරෝධී ක්‍රියාවක නියැලුණු ශිෂ්‍යයකු සම්බන්ධයෙන් එලෙස මව හෝ පියා පාසලට ගෙන්වා ගෙන කරුණු පෙන්වා දීම ගුරුවරයකුට කළ හැකි වේ.

එසේම විනය විරෝධී ක්‍රියාවක නියැළුණු ශිෂ්‍යයෙකුගේ දිනක් දෙකක් වැනි කාලයකට පන්ති තහනම් කිරීම, දරුවා පාසලේදී කරනු ලබන ක්‍රීඩා වැනි  බාහිර ක්‍රියාකාරකම් යම් කාලයකට නතර කිරීම වැනි ශාරීරික නොවන දඬුවම්  ඒ ඒ ශිෂ්‍යයාට ගැලපෙන ආකාරයට ලබාදීමට පුළුවන.

මෙහිදී ඉතා වැදගත් දෙයක් නම් පාසල්වල මනෝ උපදේශනය සඳහා පුහුණු කළ ගුරුවරුන් සිටීම ය. ඒ බව චක්‍ර ලේඛනවල ද සඳහන් වේ. දැනටත් එම ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට අපේ රටේ පාසල්වල සිදුවේ.

ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තිබෙන සම්බන්ධය වැඩිදියුණු කරන්නේ ගුරුවරයාගේ පෞරුෂයයි. පෞරුෂයේ ප්‍රධාන අංගයක් වන්නේ ඉගැන්වීමේ හැකියාවයි.

සමහර වැරදිවල දී අපේ සමාජය පවසන දෙයක් නම් “රජ කාලේ දඬුවම් පැමිණ විය යුතුයි” යන්න ය. රජ කාලේ දඬුවම් අප ඉහත ද සඳහන් කළ පරිදි අත්පා කැපීම උල තැබීම ආදියයි. නමුත් එවැනි දඬුවම් දුන් කාලයන්හිදීත් අපේ රටේ විශේෂ විනයක් නොපැවතුණු බව ඉතිහාසය දෙස විමසිලෙන්ලෙන් බලන විට පැහැදිලි වේ. දරුවන්ට පහරදීමද රජකාලේ දඬුවමකි. එය බෞද්ධ දර්ශනයටද විරුද්ධය. ළමුන් හික්මවා සමාජය හික්මවීම ප්‍රචණ්ඩත්වය පිටුදැකීමෙන්ම කල හැක්කකි.

The post දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%81%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b6%af%e0%b6%ac%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8a%e0%b6%af%e0%b7%93/feed/ 0
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද  ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/#respond Mon, 11 Aug 2025 09:04:47 +0000 https://vivaranalk.com/?p=13407 පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත්  කරන ලද යෝජනාවලියක්  නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් […]

The post අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද  ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ.. appeared first on විවරණ.

]]>
පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත්  කරන ලද යෝජනාවලියක්  නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අද දක්වා එවැනි කෙටුම්පතක් හෝ සම්පූර්ණ වාර්තාවක් තවම ඉදිරිපත් කරලා නැහැ.

මේ PowerPoint presentation එකේ තියනවා එය අධ්‍යාපන අමාත්‍යාංශයේ presentation එකක් කියලා. නමුත් මේ presentation එක නිර්මාණය කලේ කවරෙකු විසින් හෝ කවර කණ්ඩායමක්ද කියලා සඳහන්  නැහැ. මෙහි අන්තර්ගතය කියවන විට තේරෙණවා මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ presentation  එකක් කියලා කිව්වට, ඇත්ත වශයෙන්ම මේක ජාතික අධ්‍යාපන ආයතනයේ – National Institute of Education (NIE) එකේ නිර්මානයක් කියලා. එහෙම නොවේනම් දැන්වත් මෙය කාගේ නිර්මාණයක් දැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලයුතුයි.

මේ PowerPoint presentation එකේ දෙවැනි ස්ලයිඩ් එකේ තියෙනවා, මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ 2019 දී කියලා. ඒ ආරම්භ කළ ක්‍රියාවලිය සඳහා  2022 දී පමණ ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක යම්කිසි ආකාරයක එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා, අවබෝධතා ගිවිසුමක් තිබෙනවා. ඒ අවබෝධතා ගිවිසුමේ හැටියට තමයි ඉදිරියට වැඩ කර ගෙන ගිහින් තියෙන්නේ, මේක අවුරුදු හයක ක්‍රියාදාමයක්. අධ්‍යාපන අමාත්‍යතුමියට හෝ අදාළ බලධාරීන්ට මේකවත් හරියට පැහැදිලිව කියා ගන්න නො හැකි වෙලා තිබෙනවා. මේකේ තිබෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය පමණයි. නමුත් ජාතික අධ්‍යාපන ආයතනයට රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න බෑ. ජාතික අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ ලංකාවේ විෂයමාලා සෑදීම සහ විෂයමාලා වලට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය. එතනින් එහාට, අඩු ගානේ පාසල් පද්ධතිය වෙනස් කිරීමටවත් මේ ආයතනයට බලයක් නැහැ.

PowerPoint Presentation

අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි ඒ ඒ අංශවල ඉන්න පුද්ගලයින්, නිලධාරීන් තමන්ගේ විෂය පථය, පරිමාණය, ප්‍රමාණය ගැන දැනුවත්ව නොසිටීම. ඔවුන්ට හැම තිස්සේම තමන්ගේ බලය අතික්‍රමණය කරනවා. තමන් කරන්න ඕනේ වැඩේ නොකර අනෙක් අය කලයුතු හැම වැඩක්ම කරනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ දිගුකාලීනව සේවය කරන, ඝනීභුතවූ නිලධාරීන් හැමදාම කලේ බල්ලගේ වැඩේ බුරුවා  භාරගැනීම වගේ වැඩ.  

මේ නෛතික තත්ත්වය ගැන ගරු අධ්‍යාපන ඇමතිතුමිය දැනුවත් කිරීමට අධ්‍යාපන අමාතංශයේ නිලධාරීන් කටයුතු කර නෑ. එහෙම කලානම් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වූ එතුමිය මේ කාරණාව අවබෝධ කරගැනීමට බොහෝදුරට ඉඩ තිබුනා. මේ අනවබෝධය නිසා මේ මුළු ක්‍රියාදාමයම ව්‍යාකුල වී තිබෙනවා පමණක් නොවෙයි,  එහි නීතිමය ගැටළු ඇතිවිය හැකියි. වැදගත්ම දේ තමයි මේ රටේ අධ්‍යාපන ඇමැතිට බලයක් නැහැ මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරන්න. “මම අරවා කරනවා, මේවා කරනවා” කියලා කිව්වට අධ්‍යාපන ඇමැතිට එහෙම කරන්න බෑ. ඒකට බලතල තියෙන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට හා ජනාධිපතිතුමාට. නමුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරන දේ වලට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සම්බන්ධ වෙලා නැහැ. 

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙන ලොකුම අවුල අතිකරලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් දන්නේ නැහැ තමන් කළ යුතු  නොකළ යුතු දේ සහ තමන්ගේ සීමාවන් මොකක්ද කියලා. සරල උදාහරණයක්.  ලංකාවේ දෙක වසරේ සිට 11 වසර දක්වා ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ, ඒකට අවශ්‍ය විෂයමාලාව හදන්නේ ජාතික අධ්‍යාපන ආයතනයනේ. නමුත් ප්‍රතිඵලය මොකක්ද ? නමුත් 11 වසරේ  ළමයින්ගෙන් කී දෙනාටද හරියට ඉංග්‍රීසියෙන් වාක්‍ය තුනක් ලියා ගන්න පුළුවන්. වෙන රටවල මාස හයෙන් දෙවෙනි බසක් උගන්වනවා. අපි පාසැල්වල කරන්නේ ඉංග්‍රිසි ගැන ළමයින්ගේ හීනමානයක් ඇතිකරලා සදහටම ඒක එපා කරන එකයි. මේකට දේශපාලනය සම්බන්ධ නැහැනේ. දේශපාලඥයන් කිව්වේ නෑනේ ලමයින්ට හරියට ඉංග්‍රිසි උගන්න්න එපා කියලා. එය ජාතික අධ්‍යාපන ආයතනය විසින් කළ යුතුයි. ඔවුන්ට කරන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ නැහැ. ඒ අය කියයි අපිට ඉංග්‍රීසි ගුරුවරු මදි කියලා. ඉංග්‍රීසි ගුරුවරු ඉන්න පාසැල්වල ළමයින්ගේ ඉංග්‍රීසි හොඳද? ජාතික අධ්‍යාපන ආයතනය තමුන්ගේ කාර්යය නොකර රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරන්න යනවා.

මේ PowerPoint presentation එකේ ජාතික අධ්‍යාපන ආයතනය කියනවා ඒ අයගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බළකායක් පත් කරන්න කියලා. ඒ එක්කම කියනවා  ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මේකට ඇතුළු කර ගන්න කියලා. නමුත් මේක අනික් පැත්තට සිදුවිය යුතු දෙයක්. ඇත්තටම රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා නම් ඒකේ නායකත්වය ගත යුත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්. ජාතික අධ්‍යපන ආයතනය කළ යුත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ගන්න තීරණවල තාක්ෂණික කොටස ක්‍රියාත්මක කිරීමයි. නමුත් දැන් සිදුවෙලා තියෙන්නේ ‘වලිගය විසින් බල්ලා වැනීමට යාම’වැනි තත්ත්වයක්. 

අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට කිසිම විවාදයක් නෑ. ඒ පලියට කොහේ හෝ තිබුනු PowerPoint presentation එකක් ක්‍රියාත්මක කිරීමට යාම තරම් මෝඩ කමක් තවත් නෑ. මේක යෝජනා පිලිබඳ කලලයක්. අඩුම ගණනේ දරුවෙකුවත් නොවෙයි. අපේ අධ්‍යාපන ඇමතිතුමිය කලලයකට දරු නැලවිලි ගී ගැයීමට පටන්ගත්ත  නිසා විශාල කලබැගෑනියක් ඇතිවී තිබෙනවා. මුලින්ම ලියවිල්ලක් ඉදිරිපත් කලයුතුයි. ඉන්පසුව ඒ ලියවිල්ල සාකච්චාවට ගතයුතුයි. ඉන්පසුව එය ක්‍රියාත්මක කළයුතුයි. මේ සියල්ල පවතින  නීතිමය රාමුව තුළ සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලංකඩේට පැනපු හරකෙක් වගේ කලබලේට කරන්න බැහැ.

මෙහෙම කිව්වාම කියයි අපි මේවා අවුරුදු හයක් තිස්සේ වැඩි දියුණු  කලා කියලා. කවුද මේ “අපි”. අපි නම් දන්නේ නෑ. මම පැහැදිලිව කියනවා මේ කියන යෝජනාවලිය සාකච්ඡා වුණා නම් ඒ ජාතික අධ්‍යාපන ආයතනය තුළ පමණයි.මේ රටේ අධ්‍යාපනයේ පරිහාණියට වගකිවයුතු ආයතනය තමයි ජාතික අධ්‍යාපන ආයතනය. ඒ පරිහාණියට වගකිව යුතු ආයතනය විසින් සම්පාදනය කළ ලියවිල්ලක් ක්‍රියාත්මක කිරීමට යාම තරම් තවත් මෝඩකමක් නැහැ.

ඒ වුනාට දැන් කලයුත්තේ යම් ලියවිල්ල ඇත්නම් එය විමර්ශනයට භාජනය කිරීමයි. ලියවිල්ලක් නැතුව අරවා කරනවා මේවා කරනවා කියමින් නන් දෙඩවීම නොවෙයි. ඒ වගේම ජනාධිපතිතුමා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට නියෝගයක් කළ යුතුයි, මේ සම්බන්ධව විමසීම සඳහා මහජන මත කැඳවලා, යම්කිසි කාලයක් ඇතුළත (මාස තුනක් හෝ හයක් වැනි) තීරණයක් දෙන්න කියලා. විෂයමාලා ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනා දෙන්න කියලා ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට වහාම නියෝග කළ යුතුයි.

The post අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද  ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/feed/ 0
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන [අවසාන කොටස] https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af-2/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af-2/#respond Wed, 16 Jul 2025 16:30:12 +0000 https://vivaranalk.com/?p=13222 [මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය […]

The post සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන [අවසාන කොටස] appeared first on විවරණ.

]]>
[මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට ඇත.] 

සිංහල භටයන් පෘතුගීසීන් හැරයාමත් සමඟම විමලධර්මසුරිය රජු, ජයවීර බණ්ඩාර සමඟ රහසේ ලිපි හුවමාරු කරගැනීමට පටන් ගත්තේය. විමලධර්මසුරිය රජු ජයවීර බණ්ඩාරට පැවසුවේ පෘතුගීසින් කන්ද උඩරටින් පලවා හැරීමට ජයවීර බණ්ඩාර උදවු කළහොත් තමන් ඔහුට කෝට්ටේ හා සීතාවක රජකම ගැනීමට උදවු කරන බවයි. දැඩි උන්නතිකාමී ජයවීර බණ්ඩාර මේ යෝජනාවට කැමති විය. ඔහු විමලධර්මසුරිය රජුට මුදල් හා යුධ ආයුධ යවා හැකිතරම් පෘතුගීසින්ට හිරිහැර කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහු දිනක් සෙංකඩගල නගරයට ගිනි තැබීමට සැලසුම් කල අතර නගරය ගිනිගන්නා අතර විමලධර්මසූරිය රජුට පෘතුගීසීන්ට පහරදීමට පැවසීය. ඒ රහස ජයවීර සමඟ සිට අලුතින් කිතුණුවෙකුවූ  මුදලිවරයෙකු   පියතුමෙකුට පාපෝච්චාරණය කලේය. නගරය ගිනි තැබීමට සැලසුම් කල දිනයේදී මුරකාවල් තරකල පෘතුගීසීහු ජයවීරගේ සෙබළුන් හැසිරෙන ආකාරය අනුව තමන්ට ලැබුනු ඔත්තුව නිවැරදි බව සැකහැර දැනගත්හ.

ජයවීරගේ මේ සියලු භයානක කුමන්ත්‍රණය හෙලිදරවු වූ පසු මෙතෙක් කපටි ජයවීර ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කල ජෙනරල් පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා,  වහාම තම සමීපතම කපිතාන්වරු දෙදෙනා කැඳවා කලයුත්තේ කුමක්දැයි විමසීය. ඔවුන්ගේ අදහස වුයේ ජයවීර මරාදැමිය යුතු බවයි.

ජයවීර බණ්ඩාර මරා දැමීම (ඕලන්ද සිතුවමකි)

චිත්‍රපටයේ පෙන්වන අයුරින් ජයවීර මරා දැමුවේ ජෙනරල්වරයා විසින් නොවේ. සිදුවූදේ පිළිබඳව ලියවිලි දෙකක වල වාර්තා වී ඇත්තේ වෙනස් අයුරින් යැයි කිවුරෝස් පියතුමා පවසයි. ඉන් එකක සඳහන්ව ඇති ආකාරයට  ජෙනරල්වරයා තම කපිතාන්වරු දෙදෙනා ඇතුළු කාමරයකට යවා ජයවීර බණ්ඩාරට වහාම තමන් හමුවට පැමිණෙන ලෙස පණිවිඩයක් යැවීය. තමන් නගරය ගිනි තැබීමට කල සැලසුම මේ වනවිට පෘතුගීසින්ට හෙළිදරවු වී ඇති බවට චකිතයක් තිබුනත් ඔහු වහාම ජෙනරල්වරයා මුණගැසීමට ගියේය. ජයවීර තමන් හමුවට පැමිණි පසු කිසිම අමුත්තක් නොපෙන්වා ජෙනරාල් වරයා කතා කරමින් සිටින අතර ඇතුළු කාමරයේ සිටි කපිතාන් අලවුරෝ ද සෝසා එහි පැමිණ ජයවීර ඉනෙහි පැළඳ සිටි රත්‍රන් කිනිස්ස ගලවා තෙවරක් එයින් ඔහුට ඇන්නේය. මින් එතැනම මියගිය ජයවීර, කපිතාන් අලවුරෝ ද සෝසාගේ ඇඟ මතට කඩා වැටුණි.

අනෙක් වාර්තාවට අනුව ජෙනරල්වරයා තම නිල ඇඳුමින් සැරසී, කපිතාන්වරුන් හා සෙබළුන් සමඟ නිල වශයෙන් ජයවීරගේ කූඩාරමට ගියේය.මේ අමුත්තන්ගේ පැමිණීම නිසා කලබලයට පත්වූ ජයවීර කිසිදු කරුණක් ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම, තමන් ගැන ජෙනරාල්වරයාට සැලවී තිබෙන කරුණු තම සතුරන් විසින් ප්‍රචාරය කරන ලද මුසාවන් බවත්, තමන් මරාදැමීමට පෙර තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජෙනරල්වරයාගෙන් ඉල්ලා සිටියේය. මෙය වඩා සාධාරණ ක්‍රියාමාර්ගයක් යැයි ජෙනරල්වරයා සිතමින් සිටින අතරතුර, මෙය පිටත සිටින තම ආරක්ෂකයන් කැඳවා ගැලවීයාමට ජයවීර දරන ප්‍රයත්නයක් බව සැකකළ පෘතුගීසීහු තිදෙනක් ඉදිරියට පැන ඔවුන්ගේ කිණිසිවලින් ඇන ජයවීර මරා දැමිය. ඉන්පසු අනෙක් සෙබළුන් එක්ව එතැන සිටි ජයවීරගේ මස්සිනාද, අනෙක් ඥාතින් 50 ක්ද මරා දැමූහ.    

කිවුරෝස්ගේ මේ දීර්ඝ විස්තරයෙන් පැහැදිලිවන්නේ ජයවීර බණ්ඩාර මරා දැමීම චිත්‍රපටයේ දිස්වෙන අයුරේ අහඹු සිදුවීමක් නොව, දිගු කලක් තිස්සේ පෘතුගීසින් ඔහු පිළිබඳව සැක පහල කර සිටීම නිසා, ඔවුන්ට හමුවූ සාධක මත සිදුවූ සිදුවීමක් බවයි. කෝට්ටේ හා සීතාවක රජකමට ලොබ බැඳ සිටි ජයවීර තමන්ගේ ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා විමලධර්මසුරිය රජු සමඟ දෙදෙනාටම වාසිදායක නිල නොවන අවබෝධයක් ඇති කරගෙන, පෘතුගීසින් කන්ද උඩරටදී විනාශ කිරීමට උත්සාහ කලේ නම් එය පුදුමයක් නොවේ.  

ජෙනරාල්වරයා ජයවීරගේ පදවියට පනික්කි මුදලි පත්කල අතර, දේශීය සෙබළුන්ට මාසික වැටුප් ගෙවූ පසු ඔහුද සෙබළුන් රැසක් රැගෙන පෘතුගීසින් හැර ගියේය. අවසානයේදී පෘතුගීසින් සමඟ ඉතිරි වුයේ දේශීය සෙබළුන් 300 ක් පමණි.

අන් කලහැකි කිසිවක් නැති නිසා 1594 ඔක්තෝබර් මස 5 වෙනි දින ජෙනරල්  පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා සෙංකඩගල සිට ගන්නොරුව (Ganur) හරහා බලනට ඇති කි මී 20 ක පමණ දුර පසුබැසීමට තම සේනාවට අණදුනි.

පෘතුගීසීන් පසුබැසි මාර්ගය

එයට පෙර කුසගින්නෙන් සිටි තම සේනාවට ආහාර සොයාගැනීම සඳහා ජෙනරාල්වරයා කපිතාන්වරු දෙදෙනක් යටතේ පෘතුගීසි සෙබළුන් 150 ක් හල්ලොලුව (Halelua) ගමට යැවීය. එහි තිබී බත්  සෑහෙන පමණින් සොයාගත් ඔවුන් එයින්  නොනැවතී එහි තිබූ විහාර හා ගොඩනැගිලි ගිනි තබමින් සිටින විට, කන්ද උඩරට හමුදාවේ 7000 ක් සෙබළු මොවුන්ට පහර එල්ල කලහ. එහිදී  ඇතිවූ දරුණු සටනින් දිවි ගලවා ගත් එකම පෘතුගීසි කපිතාන්වරයා තවත් දේශීය භටයන් කිහිපදෙනෙකු සමඟ ඒ වනවිට ගන්නොරුවේ (Ganur) සිටි ජනරාල්වරයා හමුව තමන්ට සිදුවූ විපත විස්තර කළේය.

එදින රැයේ තම හමුදාව ගණනය කරනවිට තමන් සමඟ දැන් සිටින්නේ පෘතුගීසි සෙබළුන් 368 ක් පමණක් බව ඔවුන්ට වැටහුණි. ආගමික පාපොච්චාරණයන් සිදුකල  මේ සියල්ලෝම, ඊට පසුදින බලන දක්වා පසුබැසීමට තීරණය කළහ. ඉදිරියෙන්ම යන හමුදා කණ්ඩයට පසුපසින් දෝන කතරිනා කුමරිය රැගෙන ගිය හමුදා කණ්ඩය ගමන් ගැනීමටත්, පසුපෙළ හමුදා කණ්ඩයට ජෙනරල්  පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා  විසින්ම නායකත්වය දීමටද එදින තීරණය විය. 

සිංහල යුධ භටයන්ගේ 16වෙනි සියවසේ පෘතුගීසි සිතුවමක්

ට පසුදින එනම් ඔක්තෝබර් මස 8 වෙනිදා හිමිදිරි උදෑසන තම භටයන් ඇමතූ පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා  තම ආගම වෙනුවන් දිවිදීමත්, තම රජුට අවංකව සේවය කිරිමත්, තමන් තුල ඇති රුධිරයේ ගෞරවනීය බව සුරැකීමත් ඔවුන්ගේ වගකීම බව පැවසීය. ඇන්ටෝනියෝ එස්ක්විපානෝ ජෙසුයිට් පියතුමා අත දරාසිටි  කුරුසිය සිඹි පෘතුගීසීහු, බලන බලා ගමන් ඇරඹීය.

උදෑසන 7 වන විට විමලධර්මසුරිය රජු තම සේනාව සමඟ මේ පිරිස වැටලීය. පෘතුගීසින් වටා තිබූ කඳු වලල්ලද, කඳු ගැටද, තැනිතලා බිම්ද අතුරු සිතුරු නැතිවනසේ කන්ද උඩරට සේනාවෙන්ද, පෘතුගීසින් හැරගිය සෙබළුන්ගෙන්ද පිරී තිබිණි. මායාවකින් මිස මේ භුමියේ මෙතරම් සෙනඟක් සිටින්නේ කෙසේදැයි පෘතුගීසින්ට අදහා ගැනීමට නොහැකි විය. පෘතුගීසින්ට සිදුවන විපත දෝලාවල සිට නැරඹීමටද විශාල පිරිසක් සටන්බිමට පැමිණ සිටියහ. මේ මහා සේනාව වෙඩි පහර එල්ල කරන තරම් ලංවූ පසු, වෙඩි හුවමාරුවකින් සටන ආරම්භ විය. මේ අවසන් සටන ගන්නොරුවත්, බලනත් අතර ඇති දන්තුරේ වෙලේදී සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ.

සටන ඇරඹෙන විටම තමන්ට කිසිම හව්හරණයක් නොමැතිබව දැනසිටි පෘතුගීසීහු සියලු දෙසින් එල්ලවන ප්‍රහාරයන්ට තමන්ගේ උපරිම ශක්තිය යොදා පෙරලා පහරදුන්හ. සටන් කරන අතරතුර පසුබසිමින් සිටි පෘතුගීසීන්ගේ ඉදිරිපෙළ භටයන් මැදපෙළ භටයන්ගෙන් වෙන්විය. පටු පාරවල් ඔස්සේ මඟ පෙන්වීමට කිසිවෙකුත් නොමැතිව ගමන්ගත් මැදපෙළ වගුරුබිමකට පැමිණි අතර මෙහිදී කන්ද උඩරට සෙබළු ඔවුන් වටකරගෙන සියලු දෙනාගේ හිස් ගසා දැමීය. පැය තුනක සටනකින් පසු ඉදිරිපෙළේ පෘතුගීසින් සියලු දෙනාමද  මරා දැමිණි.

කන්දක් පාමුලින් ගමන් කරමින් සිටි ජෙනරල්වරයා තම පසුපෙල සමඟ ආයුධ අවසන්වන තුරු සවස් කාලය දක්වා සටන් කළේය. මේ වනවිට ඔහුට මාරාන්තික තුවාල දෙකක්ද, සුළු තුවාල හයක්ද සිදුවී තිබිණි. හෙළිවලින් සටන් කරමින් සිටි පෘතුගීසීහු කෙතරම් සතුරන් මැරුවත් නොනැවතී තව තවත් ඔවුන් මතුවන බව දැන, තම සටනේ නිෂ්ඵලබව අවබෝධ කරගනිමින් සිටියහ.

මේ සටන රාත්‍රිය වනතෙක් පැවතුනු අතර පෘතුගීසීහු  ඊට පෙරදින දහයට පසු කිසිදු ආහාරයක් නොගෙන සිටි නිසා දැඩි කුසගින්නකින් පෙලී සිටියහ. රාත්‍රියේදී සටන නතරවූ අතර ඊට පසුදින උදයේ එනම් ඔක්තෝබර් මස 9 වෙනි දින කන්ද උඩරට හමුදාවට යටත්වීමට පෘතුගීසීහු තීරණය කළහ. මේ සියල්ලෝම දැඩිසේ තුවාල ලබා සිටි අතර දන්තුරේ සටනේදී යටත්වූ පිරිස 220 කි. එහිදී පෘතුගීසින් 148 දෙනෙකු හා  ෆ්රන්සිකානු පියවරුන් 6 දෙනෙකු මියගියේය.

අත්අඩංගුවට පත්වූ සියලු සිරකරුවන්ගේ පාහේ නාස් කපා දැමිණි. ඊට පසුදින එනම් ඔක්තෝබර් මස 10 වෙනි දින සිරකරුවන් තමන් පසුපසින් බැඳගෙන, ජනතාවගේ ජයඝෝෂා මැද විමලධර්මසුරිය රජු සෙංකඩගල නුවරට සැපත්විය.

තම නාසය කපා දැමුණු ජෙනරල්  පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා තුවාල වලින් පීඩා විඳිමින් සිටි අතර, ඔහුට ප්‍රතිකාර කිරීමට රජු නියෝග කළේය. අසරණවූ ජෙනරල්වරයා තමන් සමඟ කන්ද උඩරටට පැමිණ සිටි තමාගේ පිරිමි දරුවා ආරක්ෂිතව රැකබලා ගන්නා ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. මානසිකව ඇදවැටී සිටි ජෙනරල්වරයා තමන් ලද තුවාල නිසා ටික දිනකින් මිය ගියේය. වසර තුනක් කන්ද උඩරට සිටි ජෙනරල්ගේ පුත් දියෝගෝ ලෝපෙස් ද සෝසා, ඉන්පසු නිදහස් කෙරුණි. 

සියලු සිරකරුවන් එක් තැනකට රැගෙන යන ලදුව ඔවුන්ට කිතුදහම අතහැර කන්විද කරාබු පළඳා සිංහලයන් වනලෙස බලකරන ලදී. මේ ස්ථානයට පැමිණි රජු එසේ නොකරන්නන් ඊතල වලින් විද හෝ අලින් ලවා පාගවා මරණ ලදී. මේ සමහර සෙබළු කිතුනුවෙකුව සිටි විමලධර්මසුරිය රජු කිතුනුවන්ට මෙවන් දඬුවම් පමුණුවන්නේ කුමක් නිසාදැයි විමසුවත් කෝපයෙන් සිටි රජු, පෘතුගීසි සෙබළුන් 60 දෙනෙකු මරා දැමීය. නාස් කපා දැමුණු පියවරුන් දෙදෙනෙක් සිරකරුවන් බවට පත්වුහ. ඉන්  එක් ජෙසුයිට් පියතුමෙක් මාස තුනකට පසුව මුදාහැරුණු අතර තවත් පියතුමෙක් වසර ගනනාවකට පසු නිදහස ලැබීය. 

පෘතුගීසී සිරකරුවෝ සෙංකඩගල නුවර ගොඩනැගිලි තනති. (ඕලන්ද සිතුවමකි)

කිතුනු භක්තිය අත හැරීමට සුදානම්ව සිටි පෘතුගීසින් නගරය තැනීමේ සේවාවන්හි ටික කලක් යොදවා ඉන්පසු ගම්වල සේවයට යෙදවිණි. අවසානයේදී මොවුන්ද ගම්වැසියන් විසින් මරාදමන ලදී.

නාසය කපා දැමුණු  පෘතුගීසි කපිතාන්වරු  දෙදෙනක් දිවි ගලවාගෙන දේශීය සෙබළුන් කිහිපදෙනක් සමඟ කොළඹට පැනගති. නාසය නැති පේරෝ වෙසලෝ ගාලු දිසාව භාර කපිතාන් ලෙසත්, ඩොමින්ගෝස් කවල්හෝ කාවෝ මාතර දිසාපති හා කපිතාන් ලෙසත් මේ ප්‍රදේශ පෘතුගීසි පාලනයට නතුවූ පසු කටයුතු කලහ.

දෝන කතරිනා කුමරිය ජයවීර බණ්ඩාර ගෙන ආ අලියෙකු පිට නැග “කොනප්පු අයියා” ගෙන් පලාගියේය. ඇය බලන අසලදී අත්අඩංගුවට ගෙන විමලධර්මසුරිය රජුට භාර දුන්නේ ඒකනායක නම් මුදලිය. විමලධර්මසුරිය රජු අසරණව සිටි ඇය එදිනම විවාහ කරගත්තේය. තමන්ට වඩා සෑහෙන පමණ වයසින් වැඩි කොනප්පු බණ්ඩාර, දෝන කතරිනාට හරිහැටි මුණගැසෙන්නට ඇත්තේ විවාහයෙන් පසුවයි.

මේ විවාහයෙන් පසුව ඇය විමලධර්මසුරිය රජුගේ බිසව වුවා මිස, මේ චිත්‍රපටයේ පෙන්වන අයුරින් විවාහයට පෙර හෝ පසුව  ඇය කන්ද උඩරට රැජින ලෙස ඔටුනු පලන් බව, කිසිදු විශ්වාසනීය පෘතුගීසි හෝ සිංහල ප්‍රාථමික මූලාශ්‍රයක සඳහන් නොවේ. ඔටුන්නක් හිස මත පැලඳ තමන් රජෙකු හෝ රැජිනක පැවසීම ඕනෑම අයෙකුට කලහැකි, නමුත් රාජ්‍යයක රජකම හිමිවීම ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. 1594 සිදුවීම් ගැන දීර්ඝම විස්තරය ලියූ කියුරෝස් පියතුමා පවා දෝන කතරිනා උඩරට රාජධානියේ කිරුල පැලඳි බව සඳහන් නොකරයි. ඕලන්ද ජාතික ඉතිහාසකරුවෙකු වන ෆිලිප් බැල්දෙයුස් දෝන කතරිනා “අධිරාජිණිය”(Empress) ලෙස හඳුන්වන නමුත් ඇය කවදා කොතැනකදී ඔටුනු පැලැන්දේ දැයි සඳහන් නොකරයි. ඇය ඔටුනු පලන් ප්‍රවාදය යම් යම් පිරිස් විසින් යටි අරමුණූ ඇතිව පසුකාලීනව ප්‍රචලිත කල මතයකි.  

දෝන කතරිනා සමඟ විවාහවීම නිසා උඩරට රදලයෙකු පමණක්වූ, විමලධර්මසුරිය රජුට උඩරට ඔටුන්නට නිල හිමිකමක් ලැබිණි. 1594 වසරේ ඔක්තෝම්බර් මස සිදුවූ මේ විවාහය කන්ද උඩරට නව රජ පරපුරක ආරම්භය විය.එතැන් සිට පෘතුගීසීන් ලංකාව හැරයන තෙක් ඔවුන්ට ලංකාවේ සිටි ප්‍රධානම සතුරන් වුයේ මේ පරපුරේ රජවරුන්ය.

ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්වූ දන්තුරේ සටනට නිසි ගෞරවය මේ චිත්‍රපටයේ ලැබී තිබේදැයි සැක සිතේ. පෘතුගීසින් 15,000 ක සේනාවක් රැගෙන 1594 ජුලි මස 5 වෙනි දින කන්ද උඩරටට ඇතුළුවන විට ඔවුන්ගේ ජයග්‍රණය ගලේ කෙටුවක් සේ ස්ථිර දෙයක් විය. එතැන් සිට ඔක්තෝබර් මස 8 වෙනි දින දක්වා ආහාර හිඟකම, ලෙඩරෝග, අභ්‍යන්තර ගැටුම් නිසා මාස තුනකදී  ඔවුන් 368 ක පිරිසක් දක්වා කුඩා වනතෙක් ඉවසා සිටීමට හැකි අධිෂ්ඨාන ශක්තියක් විමලධර්මසුරිය රජුට තිබීම, දන්තුරේ සටනේ ජයග්‍රහණයේ රහසයි.

පෘතුගීසීහු 1594 දී කන්ද උඩරට ආක්‍රමණය කලේ මන්දැයි කිවුරෝස් පියතුමාගේම  වචන වලින් මෙසේ සටහන්වේ.

1594 වසරේදී පෘතුගීසින් කන්ද උඩරට අල්ලා ගත්තේ නම් ලංකාව බටහිරයන්ගේ යටත්විජිතයක් වන්නේ 1815 වේ නොව 1594 දීය. එසේ  වුවානම් ලංකාව යටත්  කරගන්නේ ලංකාව තම  ජනපදයක් කරගැනීමට සිතූ, දරුණු පෘතුගීසි ජාතියයි. 1594 දී විමලධර්මසූරිය රජු පරාජය වුයේ නම් ලංකාව දේශීයයන් තලා දැමුණු, පෘතුගීසීන්ගේ රාජ්‍යයක් වූ බ්‍රසීලය වැනි රටක් වීමට ඉඩ තිබිණි.

The post සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන [අවසාන කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af-2/feed/ 0
සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන”  [2වන කොටස] https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/#respond Thu, 10 Jul 2025 12:16:27 +0000 https://vivaranalk.com/?p=13178 [මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය […]

The post සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන”  [2වන කොටස] appeared first on විවරණ.

]]>
[මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට ඇත.]

ශ්‍රී වික්‍රම රාජසිංහ [1798 – 1815 පෙබරවාරි 10]

මේ චිත්‍රපටයේ දක්වන අයුරින් කොනප්පු බණ්ඩාරට ඔටුනු පැළඳුවේ පෘතුගීසින් නොවේ. 1463  දී “සේනා සම්මත” වික්‍රමබාහු නව රාජ්‍යයක් තනා කන්ද උඩරට රජු වූ පසු, එහි “සේනාව” එනම් භික්ෂුන්, රදලයන් හා සේනානායකයන් රැස්කොට ඒ අයගේ එකඟතාවයෙන් රජෙකු පත්කිරීමේ සම්ප්‍රදායක් ඇතිවිය. මේ සම්ප්‍රදායය නාමික වශයෙන් හෝ කන්ද උඩරට අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ පත්වන තෙක් පැවතිණි. යමසිංහ බණ්ඩාරට කන්ද උඩරට රජකම තහවුරු කරගැනීමට නොහැකිවූයේ ඔහු මේ සම්ප්‍රදායෙන් බැහැරව වහකෝට්ටේදී ඔටුණු පැළඳි නිසායයි, කියුරෝස් පියතුමා පවා පවසයි. කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය රජු ලෙස උඩරට සම්ප්‍රදායය අනුව භික්ෂුන්, රදලයන් හා සේනානායකයන්ගේ එකඟතාවය මත ඔටුනු පළන් අතර, එහි මුලිකත්වය ගත්තේ දෙවනගල රතනාලංකාර නම් හිමිනමයි.

ඉන්පසු මේ චිත්‍රපටයේ සඳහන් ආකාරයට විමලධර්මසූරිය රජු  කිසිදු පෘතුගීසි භටයෙකු කන්ද උඩරට තබා නොගත් අතර, ඔහු  පෘතුගීසීන්ගේ පරම සතුරකු විය.

විමලධර්මසූරිය රජු විදේශීය තානාපතිවරයෙකු පිලිගනී (ඕලන්ද සිතුවමකි)

විමලධර්මසූරිය කන්ද උඩරට රජවූ අලුත, සතර කෝරලයේ රාජසිංහ රජුට එරෙහිව කැරැල්ලක් හට ගත්තේය. විමලධර්මසුරිය රජු සතර කෝරලයේ කැරලිකරුවන්ට උදවු කල නිසා මේ කැරැල්ල මැඩපවත්වා, කන්ද උඩරට ආක්‍රමණය කිරීමට සිතූ රාජසිංහ රජු සමඟ උඩරටට ඇතුළුවන බලන දොරටුව අසලට තම හමුදාව රැගෙන ගියේය. එහිදී සීතාවක හමුදාව හා කන්ද උඩරට හමුදාව ගැටුණු අතර ඒ සටනින් සීතාවක හමුදාව  පරාජය ලැබීය.

රාජසිංහ රජු බලනේ සිට සීතාවක නුවරට පසුබසින අතර ඒ මාර්ගය අසල තිබූ පෙතන්ගොඩ මඳ වෙලාවක් උයනෙහි විවේක ගැනීමට ගියේය. රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී යම් අනතුරකට මුහුණ දුන් බවත්, ඒ අනතුර නිසා රාජසිංහ රජු දින කිහිපයක් තුල මියගිය බවත් සිංහල හා පෘතුගීසි ඉතිහාස ප්‍රවෘත්ති පවසයි. පෙතන්ගොඩ උයනේදී රාජසිංහ රජුගේ කකුලේ උණ ගසක කටුවක් ඇනුණු බවත් එහිදී, ඇතිවූ තුවාලයට රාජසිංහ රජුගේ මුනුබුරු රාජසූරිය කුමරු විසින් දොඩම්පේ ගණිතයා නම් දේශීය වෛද්‍යවරයෙකු ලවා විෂ සහිත ඖෂධයක් ගැටගැසීමෙන් අනතුරුව ඒ විෂ නිසා රජු මියගිය බවත් රාජාවලියේ සඳහන් වේ. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය විස්තරයටත්, මධුවාපී විහාර විත්ති පොතටත් අනුව රාජසිංහ රජු මියගියේ 1592 වසරේ මාර්තු මස බදාදා පසළොස්වක දිනයි. ඉන්පසු දැවැන්ත සීතාවක රාජ්‍යයේ රජුවූයේ රාජසූරියයි.

1592 වසරේ මාර්තු මස රාජසිංහ රජු මියගිය පසුව වසරක පමණ කාලයක් තුල දිවයින තුල කිසිදු වැදගත් යුධ ගැටුමක් සිදු නොවිය. ඉන්පසු 1593 වසරේ අප්‍රේල් මස 25 වෙනි දින සීතාවක සේනාව හා පෘතුගීසීන් අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඔරුතොටදී සිදුවූ සටනේදී පෘතුගීසීන් සමූල ඝාතනය කලේ මානප්පෙරුමයි. මේ සටන නිසා සීතාවක රාජසිංහ මියගියත් සීතාවක යුදබලය තවමත් නොබිඳී තිබෙන බව පෘතුගීසීහු දැනගත්හ. ඔරුතොට සටනින් ජයගත් මානප්පෙරුම තමන්ට ලැබුණු කීර්ති ප්‍රශංසා වලින් මානයට පත්ව, සීතාවක රජ පවුලට ඥාති සබඳතාවයක් ඇතිකර ගැනීමට සිතුවේය. ඒ සඳහා ඔහු නිකපිටියේ බණ්ඩාර ළමා රජුගේ සොහොයුරිය තමන්ට සරණපාවා දෙන ලෙස මහ ටිකිරි බණ්ඩාර දේවිගෙන් ඉල්ලා සිටියේය. මානප්පෙරුමගේ ඊලග පිම්ම සීතාවක රජකම ලබාගැනීම බව වටහා ගත් මහ ටිකිරි බණ්ඩාර, මේ අයුතු යෝජනාව තම රජ පවුලට කල නිග්‍රහයක් ලෙස සැලකීය.    එනිසා මෙතෙක් ඇයගේ හිතෛශියෙකුව සිටි මාන්නප්පෙරුම මුදලි එතැන් සිට ඇයගේ අප්‍රසාදයට ලක්විය.

මානප්පෙරුම තම බිරිඳ, දරුවන් හා සීතාවක හමුදාවේ විශාල කොටසක් රැගෙන මැණික්කඩවරට ගොස් එහි පදිංචි විය. අලුතින් ජයවීර රජු ලෙස තමන් හඳුන්වාගැනීමට පටන්ගත්  මාන්නප්පෙරුම, තම අනාගතය ගොඩනගාගත හැක්කේ පෘතුගීසීන් සමඟ බව වටහාගෙන 1593 සැප්තැම්බර් මස 1 වෙනි දින දේශීය සෙබලු 200 ක්, යුධ අලි 11ක් හා සාමාන්‍ය අලි 15 ක් සමඟ කොළඹ කොටුවට පැමිණියේය. එහිදී දොම් ජුවාම් ධර්මපාල රජුගේ දෙපාමුල ඇදවැටුණු මාන්නප්පෙරුම තමන් ඔහුගේ යටත් වැසියෙක් බවත්, රජුට කෝට්ටේ හා සීතාවක රාජධානි නැවත දිනා ගැනීමට තම සම්පුර්ණ ශක්තිය යොදවන බවත් දිවුරා ප්‍රකාශ කළේය.

සීතාවක රාජධානියේ රාජ්‍ය යාන්ත්‍රනයද, යුධ ශක්තියද මැනවින් දැනසිටි ජයවීර කෙමෙන් කෙමෙන් සිතාවක රාජධානිය දුර්වල කිරීම ආරම්භ කළේය. 1593 වසරේ සැප්තැම්බර් මස 15 වෙනි දින අරිට්ට කී වෙණ්ඩු නොහොත් මාන්නප්පෙරුම  නොහොත් ජයවීර බණ්ඩාර, පෘතුගීසි සෙබළුන් 400 ක් හා දේශීය සෙබළුන් 1200 ක් සමඟ වත්තල පිහිටා තිබූ සීතාවක රාජධානියේ ප්‍රධාන බලකොටුවට පහරදී අල්ලා ගත්තේය. ඉන්පසු  කඩුවෙල හා මල්වානේ තිබු සීතාවක රාජධානියේ තවත් බලකොටු දෙකකටත්, වත්මන් හංවැල්ල අසල තිබූ ගුරුබෑවිල බලකොටුවටත් ජයවීර බණ්ඩාර පහරදුණි. ගුරුබෑවිල බිඳවැටුණු පසු  ආයාසයකින් තොරව පෘතුගීසින් හා මාන්නප්පෙරුමගේ සෙබළුන් සීතාවක නුවරට ඇතුළු විය. සීතාවක අල්ලාගත් ජයවීර බණ්ඩාර ඉන්පසු දෙනවක බලා පලාගිය නිකපිටියේ බණ්ඩාර කුඩා රජු, මහ ටිකිරි බණ්ඩාර දේවිය හා රජ පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගත්තේය. මේ සියලුදෙනා වසරක් තුල කිතුදහමට හැරුණි. ඉන්පසු මාතර දිසාව පෘතුගීසීන්ට නතුකර දීමට ජයවීර කටයුතු කලේය.

මෙසේ දැවැන්ත සීතාවක රාජධානිය පෘතුගීසීන්ට කිසිදු ආයාසයකින් තොරව අත්පත් කරගනීමට හැකිවූයේ ජයවීර බණ්ඩාර නම් කපටි, දක්ෂ යුධ සෙනවියාගේ උදවු නිසා, ඔහු කිසිසේත් චිත්‍රපටයේ පෙන්වන අයුරේ විකටයෙකු විය නොහැකිය. 

සීතාවක රාජධානිය කිසිදු ආයාසයකින් තොරව තම ඔඩොක්කුවට  වැටීම නිසා උද්දාමයට පත්වුනු පෘතුගීසීහු මුලු දිවයිනම තමන් සතු කර ගැනීමට සිතූහ. ඒ වනවිට ඔවුන් යාපාපටුන ආක්‍රමණය කොට එහි හෙන්දරමානසිංහ කුමරා, පරරාජ චේගර පන්ඩාර නමින් රූකඩ රජෙකු ලෙස බලයට පත්කර ගෙන තිබුනි. කොළඹ රජුව සිටියේ තවත් රූකඩ රජෙකුවූ දොම් ජුවාම් ධර්මපාලයි.

මුලු ලංකාවම පෘ තුගීසීන් සතුකර ගැනීමට තිබූ එකම බාධාවවූ විමලධර්මසූරිය රජු පරාජය කොට කන්ද උඩරට අල්ලාගැනීමට  “විජයග්‍රාහක ජෙනරල්”  (General Conquistador) නම් නව තනතුරක් පිරිනැමුණු පේද්රෝ ලෝපෙස් ද සෝසා ගෝවේ සිට 600 ක පෘතුගීසි සේනාවක් සමඟ 1594 වසරේ අප්‍රේල් මස අගදී ලංකාව බලා  පිටත්විය.

විජයග්‍රාහක ජෙනරල් වී නැවත කොළඹට පැමිණි පේද්රෝ ලෝපෙස් ද සෝසා  ඒ වනවිට වයස 14-16 ක්වූ පමණවූ කරලියැද්දේගේ රජුගේ දියණි දෝන කතරිනා කන්ද උඩරට කුමරිය රැගෙන මන්නාරමේ සිට කන්ද උඩරට ගමන් අරඹන ලෙස දන්වා,  ෆ්රැන්සිස්කෝ ද සිල්වා නම් පෘතුගීසි කපිතාන්වරයා මන්නාරමට යැවීය. මේ නම චිත්‍රපටයේ ෆ්රැන්සිස්කෝ ද සිල්වාගේ නම වරක්, දෙවරක් කියවෙන්නේ අරමුණක් ඇතිව නොවේ. ඉන්දියාව අවට සිටි පෘතුගීසින්ගෙන් කඩවසම්ම හා ශක්තිමත්ම පුරුෂයාවූ ඔහු මෙයට පෙර විවිධ සටන් වලදීද, මන්නාරම බලකොටුව රැකීමේදීද, දස්කම් පෙන්වූ අයෙකු විය. ජෙනරල් පේද්‍රරෝ ලෝපෙස් ද සෝසාගේ අභිප්‍රාය වූයේ කුමරිය කපිතාන් ෆ්රැන්සිස්කෝ ද සිල්වාට විවාහකොට, ඔහු කන්ද උඩරට රජු බවට පත්කිරීමටයි. ඒ අනුව මන්නාරමේ ෆ්රැන්සිස්කෝ ද සිල්වා දෝන කතරිනා කුමරිය, පෘතුගීසින් 200 දෙනෙකු, දේශීය සෙබළු 400 දෙනෙකු, ෆ්රන්සිස්කානු පියතුමන්ලා 4 දෙනෙකු, ජෙසුයිට් පියතුමෙකු  සමඟ කන්ද උඩරට බලා ගමන් ඇරඹීය. කුමරියගේ ආරක්ෂාවට මේ චිත්‍රපටයේ සඳහන් කතරිනා ද ආබෘෘ පෘතුගීසි කාන්තාවද සිටියේය.

පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා දෝන කතරිනා කුමරිය පිලිගැනීම (ඕලන්ද සිතුවමකි)

කන්ද උඩරට කඳු පෙනෙන මානයට පැමිණි පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා  දෝන කතරිනා කුමරිය මන්නාරමේ සිට එනතෙක් දින කිහිපයක් නතර විය. කුමරිය එහි පැමිණි පසු ඇය මහත් ගෞරවයෙන්  පිලිගත් මේ සේනාව,  බලන දුර්ගය අල්ලා ගත්තේ 1594 ජුලි මස 5 වෙනි දිනයි. මේ වනවිට විමලධර්මසුරිය රජු වැදි ජනයාත් සමඟ ත්‍රිකුණාමලය දෙසට පලාගොස් තිබිණි. ඊට පසුදින මහවැලි ගඟ තරණය කල පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා  ජනශුණ්‍ය සෙංකඩගල නගරයට තම සේනාව සමඟ පැමිණ කඳවුරු ලා ගත්තේය.

සෙංකඩගල නගරයට පැමිණි පසු කපිතාන් ෆ්රැන්සිස්කෝ ද සිල්වා  දෝන කතරිනා  කුමරිය  සමඟ විවාහවීමට තම අකමැත්ත පලකලේය. මෙයට හේතුවූ කරුණු පැහැදිලි නැත.  ජනරාල්වරයාගෙන් නැවත මන්නාරමට යාමට අවසර ලැබූ ඔහු, තවත් සෙබළුන් පිරිසක් සමඟ කන්ද උඩරටින් නැවත මන්නාරමට ගියේය. මන්නාරමේ සිට පෘතුගාලයට යන අතරතුර තමන් ගිය නැව මුහුදුබත්ව අවාසනාවන්ත ලෙස ඔහු මියගියේය.

ජයවීර බණ්ඩාරද දෝන කතරිනා කුමරිය තමන්ගේ මස්සිනා කෙනෙකුට විවාහ කරදෙන ලෙස ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ ගැන තීරණයක් ගැනීම නැවත කොළඹට ගිය පසු ගත හැකියැයි ජෙනරාල්වරයා පැවසීය. තම පිය උරුමයෙන් උඩරට රාජධානිය හිමි, කාන්තාවක් නිසා එහි ඔටුනු පැලඳිය නොහැකි, ඥාතීන් කිසිවෙකු නැති, අසරණ දෝන කතරිනා කුමරිය ඒ වනවිට බලයට ගිජු පිරිස් අතර ඉත්තෙකු සේ කේවල්වෙමින් පැවතිණි. පොලොන්නරුව යුගයෙන් පසු ලංකාවේ කාන්තාවන් කිරුළු පැලඳීමේ සම්ප්‍රදාය අතුරුදහන් වූ අතර,කෝට්ටේ රාජධානියේ පවා කිරුල හිමිවිය යුතු කුමාරිකාවන් කිහිපදෙනෙකුට,රජවීමට ඉඩ නොලැබිණි.

දෝන කතරිනා කුමරිය පෘතුගීසි ජාතිකයෙකුට විවාහ කරදීමට උත්සාහ කිරීම නිසා මුළු දිවයිනම තමන් සතුකර ගැනීමට පෘතුගීසින් උත්සාහ කරන්නේ යැයි සිංහලයන්ට වැටහුණි. මේ වනවිට තමන්ගේම රජවරුන් යටතේ අපහසු ලෙස දිවි ගෙවමින් සිටි සිංහලයන් විජාතික පාලනයක් යටතේ දුක් විඳීමට සුදානම්ව නොසිටි බව කියුරෝස් පියතුමා පවසයි. මෙනිසා මෙතෙක් පෘතුගීසින්ට පක්ෂව කටයුතු කල සිංහලයෝ කෙමෙන් පෘතුගීසින් හැර යන්නට පටන්ගති. මේ සමඟ සියල්ලන්ම පෘතුගීසින්ට විරුද්ධව පෙළ ගැසෙන්නට වූ බවත් රදලයෙක් නොමැති නම් “අප්පුහාමි” (Apuami) කෙනෙක් තමන්ගේ රජු වුවාට කමක් නැත්තේ යැයි සිංහලයන්  සිතූ බවත් කිවුරෝස් පියතුමා පවසයි.

The post සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන”  [2වන කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/feed/ 0
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන.. [1 වෙනි කොටස] https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af/#respond Thu, 03 Jul 2025 17:45:51 +0000 https://vivaranalk.com/?p=13137 [මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය […]

The post සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන.. [1 වෙනි කොටස] appeared first on විවරණ.

]]>
[මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට ඇත.]

දේවි කුසුමාසන චිත්‍රපටය තනා ඇත්තේ ලක් ඉතිහාසයේ සුප්‍රකට චරිත දෙකක් වන කුසුමාසන දේවිය හා විමලධර්මසූරිය ලෙසින් කන්ද උඩරට රජවූ කොනප්පු බණ්ඩාර නම් වංශාධිපතියා වටා බැඳුනු කතා පුවත මතය.කොනප්පු බණ්ඩාර නම් වංශාධිපතියා වටා බැඳුනු කතා පුවත මතය.

පළමුවන විමලධර්මසූරිය නමින් රජ වු කොනප්පු බණ්ඩාර [1590–1604]

ඉතිහාස පුවතක් මත චිත්‍රපටයක් තැනීමේදී ප්‍රේක්ෂකයන් චිත්‍රපටයට ආකර්ෂණය කරගැනීමට ඉතිහාස පුවතේ සැබෑ කරුණු වලට හානි නොවන ලෙස, යම් වෙනස්කම් කොට එය ඉදිරිපත් කිරීම ලොව පිළිගත් චිත්‍රපට තැනීමේ මුලධර්මයකි. එසේම යම් ඉතිහාස පුවතක් මත පසුබිම්ව, ප්‍රබන්ධ කල කතා පුවතක් තනා ඉදිරිපත් කිරීමද, එවන් පිළිගත් සම්ප්‍රදායකි. එසේ වුවත් මේ අවස්ථා දෙකෙහිදීම ඉතිහාස පුවතට බරපතල ලෙස වෙනස් කරුණු චිත්‍රපටයක ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම ඉතිහාසඥයන්ගේ යුතුකමකි. එයට හේතුව ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් වන චිත්‍රපටවල සඳහන් ඉතිහාස සඳහන්වන කරුණු සැබවින්ම ඒ අයුරින් සිදුවුයේ යැයි එය නරඹන ප්‍රේක්ෂකයන්ගේ සිත්තුල තැන්පත්වන නිසාය. මෙය ඉන් මතු සැබෑ ඉතිහාස කරුණු සිදුවූ අයුරු ඉදිරිපත් කිරීමේදී, විවිධ තැන්වලදී  ගැටළු ඇතිකරනු ඇත.

දේවි කුසුමාසන එවන් බරපතල වැරදි ඓතිහාසික කරුණු රැසක් සහිත චිත්‍රපටයකි.

දේවි කුසුමාසන ආරම්භවන්නේ කොළඹ ශාන්ත ලෝරන්ස් නගරය ලෙස සඳහන් වන උපසිරැසි සහිත දර්ශනයකිනි. පෘතුගීසින් කොළඹ  කිසිවිටකත් ශාන්ත ලෝරන්ස් නගරය ලෙස හැඳින්වුයේ නැත. ඔවුන් හැමවිටම කොළඹ හැඳින්වුයේ කොලම්බෝ (Columbo) ලෙසිණි. කෝටෝ, කිවුරෝස් පියතුමා, කොරයා, රිබෙයිරෝ වැනි පෘතුගීසි වංශකතාකරුවන් හෝ ලංකාව පිළිබඳව පෘතුගීසින් අතර හුවමාරුවූ ලිපි කිසිවක හෝ ඔවුන් කොළඹ ශාන්ත ලෝරන්ස් නගරය ලෙස හඳුන්වා නැත.

ලොරෙන්සෝ ද අල්මේදා කපිතාන්වරයා [Lourenço de Almeida]

1505 දී මාලදිවයින අසල මුස්ලිම් නැව් කොල්ලකමින් සිටියදී චන්දමාරුතකට හසුව ලංකාවට අහම්බෙන් ගොඩබට ලොරෙන්සෝ ද අල්මේදා කපිතාන්වරයා, කෝට්ටේ රජුගේ අවසරය මත අද දවස කොටුව නාවුක මුලස්ථානයව පවතින ස්ථානයේ කඳුගැටයේ, ශාන්ත ලෝරන්ස් නමින් දේවස්ථානයක් තැනූ බව නම් කෝටෝ හා කිවුරෝස් සඳහන් කරයි. ලංකාවේ දේශපාලඥයන් මෙන්ම, තම නමට සමාන නමක් ඇති ශාන්තුවරයෙකුගේ නම මේ දේවස්ථානයට යෙදුවහොත් එය චිරාත් කාලයක් පවතිනු ඇතැයි ඔහු සිතන්නට ඇත. පැල්පතකට වඩා විශාල නොවන්නට ඇති මේ දේවස්ථානයට පියතුමෙකු නොසිටියේය. මාසයකින් මේ ස්ථානයේ ගබඩාවක් පමණක් තැනූ ලොරෙන්සෝ ද අල්මේදා පෘතුගීසින් එහි කිහිපදෙනෙකු නවත්වා, ඔවුන් සමඟ සිටි වින්සෙන්ටේ පියතුමාද සමඟ නැවත ඉන්දියාවට ගියේය.

1507 වසරේ ඊජිප්තු නාවුක බලඇණියක් සමඟ ඉන්දියාවේදී සමඟ සටන් වදිමින් සිටියදී මියගිය ලොරෙන්සෝ ද අල්මේදා තම නැවත් සමගම මුහුදෙහි ගිලුණි. ඒ වනවිට කොළඹ පෘතුගීසින් තැනු ගබඩාවෙන් කිසිදු ලාබයක් නොලැබෙන නිසා හා එහි සිටි පෘතුගීසින් කිහිපදෙනාට කොළඹ වැසියන් නිතර  ගුටිබැට දෙන නිසා, 1507 වසරේදීම තම ගබඩාව වසා දමා කොළඹින් යාමට පෘතුගීසීහු තීරණය කළහ.

වසර දහයක කාලයකට පසු පෘතුගීසින් කොළඹ කුඩා කොටුවක් තැනුවේ 1517 වසරේදීය. ඔවුන් මෙය නම් කලේ ‘”ශාන්ත බාබරා” බලකොටුව ලෙසයි. එය “නෝසා සෙන්හොරා ඩස් වර්ටියුඩිස්” (සත්ගුණයේ අප ස්වාමිදූ) යනුවෙන්ද හැදින්වුණු බව කෝටෝ හා කිවුරෝස් පවසයි. ශාන්ත බාබරා යුධ භටයන්, යුධ ආයුධ හා පුපුරන ද්‍රව්‍ය භාර යැයි පෘතුගීසින් සැලකූ ශාන්තුවරියයි. කොළඹ වැසියන්ගෙන් දිනපතා සිදුවූ හිරිහැර නිසා හා කෝට්ටේ හමුදාවේ පහරදීම් නිසා පෘතුගීසීහු මේ කොටුවද 1524 දී ගලවා දමා එහි ආයුධ ඉන්දියාවට ගෙනයන ලදී.

පෘතුගීසීන් 1517 දී කොළඹ ඉදිකරන ලද මුල්ම කොටුව (පෘතුගීසි සිතුවමකි)

ඉන්පසු 1554 දක්වා අවුරුදු 30 කාලයක් කොළඹ පෘතුගීසි බලකොටුවක් නොතිබිණි. 1554 වසරේදී පෘතුගීසින් සෑදු කොටුව ඔවුන් හැඳින්වුයේ කොළඹ කොටුව ලෙස මිස ශාන්ත ලෝරන්ස් නගරය ලෙස නොවේ. එසේම මේ කතාව ආරම්භවන 1590 වසර වනවිට පෘතුගීසීන් ලංකාවට පයගසා අවුරුදු 85 ක් ගතවී තිබුනද, ඔවුන්ට ඒ වනවිටත් වත්මන් කොළඹ 1(කොටුව)  ප්‍රදේශයෙන් පිට කිසිදු භූමියක් අයිතිව නොසිටියේය. වත්මන් කොළඹ නගරයේ ඉතිරි ප්‍රදේශ 1565 දක්වා කෝට්ටේ රාජධානියද, ඉන්පසුව සීතාවක රාජධානියද යටතේ පැවතියේය.    

දේවි කුසුමාසන හි ඊළඟ දර්ශනය කොනප්පු බණ්ඩාර ඇන්ඩ්‍රි නම් පෘතුගීසි කපිතාන්වරයෙකු සමඟ කොළඹ අවන්හලක කමින් බොමින් සිටින දර්ශනයකි. මෙහි පෘතුගීසින් රස මසවුලෙන් යුතු සාදයක් පවත්වමින් සිටින අතර කොනප්පු බණ්ඩාර තම අතීත කථාව ඇන්ඩ්‍රිට පවසයි.

මේ වටලෑමේදී  දොම් ජුවාම් ද ඔස්ට්‍රියා කන්ද උඩරට මුදලි ලෙස කෝටෝ හඳුන්වන හඳුන්වන කොනප්පු බණ්ඩාර පෘතුගීසි හමුදාවේ දේශීය නායකයෙකු ලෙස කොළඹ කොටුවේ කොටුබැම්මේ සාඕ සැබෙස්ටිඕ මුරකොටුවේ සිට සැන්ටෝ ඇන්ටෝනියෝ මුරකොටුව  දක්වා කොටස රැකීය. මේ කොටස වත්මන් ඕල්කොට් මාවතේ පාලම අසල කොටුව දෙසට ඇති ප්‍රදේශයට සමපාතවේ.  

කෙසේ හෝ කොළඹ කොටුවේ සිදුවන මේ මනඃකල්පිත සාදයේදී කොනප්පු බණ්ඩාර තම අතීත කතාව ඇන්ඩ්‍රිට පවසයි.

කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිණ

කොනප්පු බණ්ඩාර පවසන අතීත කතාව අනුව ඔහු කන්ද උඩරට සිටියදී කන්ද උඩරට කරලියැද්දෙගේ රජුගේ දියණියවූ කුසුමාසන දේවිය සමඟ පෙම් සබඳතාවයක් ඇතිකරගෙන සිටියේය.

සීතාවක හමුදාව විසින් කරලියැද්දේ රජු උඩරට මුදලිවරයෙකුවූ  කොනප්පු බණ්ඩාරගේ පිය වීරසුන්දර බණ්ඩාරගේ උදවු ඇතිව බලයෙන් පහකර හැරි බවට චිත්‍රපටයේ එන සඳහන සත්‍යයකි. මී වැව විත්ති පොතට අනුව 1579 වර්ෂයේදී රාජසිංහ රජු කරලියැද්දේ රජු පලවාහැර පේරාදෙණියේ විජේසුන්දර බණ්ඩාර රජකමට පත්කළ බව සඳහන් වන අතර එය සිදුවුයේ 1580 වර්ෂයේදී බව සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පොතේත්, 1582 දීත් බව කිවුරෝස් පියතුමාත්  සඳහන් කරයි. එනිසා 1579-1582 අතර කාලයක මේ සිදුවීම විය. 

එයට පෙර සීතාවක හමුදාවෝ වසර පහකට අධික කාලයක් කන්ද උඩරට අල්ලා ගැනීමට පහර දෙමින් සිටියහ. මේ ආක්‍රමණයට මුහුණදීමට පෘතුගීසි ආධාර ලබා ගැනීමට කරලියැද්දේ රජු ප්‍රසිද්ධයේ කිතුනුවෙකුව නැවත රාජාභිෂේකය ලබා ගත්තේය. මේ නිසා කරලියැද්දේ සමඟ උරණවූ උඩරට වංශාධිපතියන් ඔහු අතහැර සීතාවක පාර්ශවයට හැරී රජු බලයන් පහකළේය. අවසානයේදී රාජසිංහ රජු මුළු කන්ද උඩරටම යටත් කරගත් නිසා කරලියැද්දේ රජු, තම මුළු පවුලද, තවත් ඇමතිවරුන්ද,  කපිතාන් ඇන්ටෝනිඕ ෆෙයෝ ගේ යටතේ සිටි පෘතුගීසි සෙබලුන් 150 ක්ද, ඇන්ඩ්‍රි ද සෝසා පියතුමාද  සමඟ ත්‍රිකුණාමලයට පලාගියේය.

ත්‍රිකුණාමලයේදී රජුටද, බිසවටද, ඔවුන්ගේ පුත් කුමරුවන් දෙදෙනාටද වසූරිය රෝගය වැලඳි ඔවුහු එයින් මියගියහ. මියයාමට පෙර රජු තම බෑනනුවෙකුවූ යමසිංහ බණ්ඩාර තම රාජ්‍යයේ අනුප්‍රාප්තිකයා ලෙස නම්කර, ඔහුට ඒ වනවිට වයස වසරක් වූ සිටි තම දූ කුමරිය භාරකළ බව කියුරෝස් පියතුමා පැහැදිලිවම ලියයි. (කිවුරෝස් පිටුව 705) පසුකලක දෝන කතරිනා (කුසුමාසන දේවිය) ලෙස ප්‍රසිද්ධ වුයේ මේ කුමරියයි. කුසුමාසන දේවිය උපත ලද්දේ 1579 හා 1581 අතර කාලයක බව, පසුකාලීන සිදුවීම් රැසකින්ද පෙනීයයි. ත්‍රිකුණාමලයේ සිට  යාපනයට ගිය යමසිංහ බණ්ඩාර අනාථ දරුවෙකුවූ ඇය එහි යුවරජෙකු වූ පුවිරාජ රාජම්ගේ භාරයේ තබා,  ගෝවයට ගියේය. එහිදී ඔහු දොම් ෆිලිප් ලෙස බෞතීස්ම ලැබීය. තම මුලු පවුලම අහිමිවූ සැබෑ ලෙසින්ම නූතන පටාචාරාවක්වු මේ කුමරිය අවසානයේදී හදාවඩා ගත්තේ මන්නාරම කොටුවේ,ගේබ්‍රියෙල් කොලකෝ හා ඔහුගේ බිරිඳවූ කතරිනා ද ආබෘ පෘතුගීසි පවුල විසිනි.ඉතා ශුෂ්ක පරිසරයක පිහිටා ඇති මන්නාරමේ කුඩා පෘතුගීසි බලකොටුවේ මේ කුමරිය ස්නානය කරන අන්දමේ සුවඳපැන් වලින් යුත් නාන තටාක තිබුනේ යැයි විශ්වාස කිරීම අපහසුය.

1587 දී හමුදා නායකයෙකු ලෙස කොනප්පු බණ්ඩාර කොළඹ කොටුව රකින විටද, කුසුමාසන දේවියගේ වයස යන්තම් අවුරුදු 8-10 ක් වුවා පමණි. එනිසා කන්ද  උඩරට සිටියදී කොනප්පු බණ්ඩාර  ඇය සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ගෙනයාමට කිසිදු ඉඩක් නැත.

එසේම මේ චිත්‍රපටයේ සඳහන් අන්දමට කුසුමාසන දේවියගේ මුලු පවුලම මියගියේ කොනප්පු බණ්ඩාර තම අතීත කතාව 1590 දී  පැවසූ පසුව නොව, ඔවුන් 1589-1582 අතර කාලයේ කන්ද උඩරටින් පලාගිය අලුතය.  

පෘතුගීසි ජාතික පෙඩ්‍රෝ ලෝපෙස්, ලංකාවේ අධිරාජිනිය වූ දෝනා කැතරිනා හෙවත් කුසුමාසන දේවිය පිළිගනී..

මේ චිත්‍රපටයේ දෙවනගල රතනාලංකාර නම් හිමි නමක් වරක් ගලක් මතුපිටින් ඉහලට  ගොස් වචන කිහිපයක් පවසන අතර, තවත් වරක ගලක් මතුපිටින් පහලට බසිමින් සෙංකඩගලින් පලායයි. චිත්‍රපටයේ විනාඩියකට සීමාකරන මේ හිමිනම ඇත්ත වශයෙන්ම කරලියැද්දේ රජු බලයෙන් පහකිරීමේ සිට,  කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රජු බවට පත්කරන තුරු, උඩරට දේශපාලන භූමිකාව තිරය පසුපස සිට මෙහෙයවූ මතභේදාත්මක චරිතයයි. මේ නායක හිමිනම ගම්පොල රාජගුරු ධර්මකීර්ති නම් තවත් කන්ද උඩරට නායක හිමිනමක් සමඟ එක්ව 1582  සිට 1594 දක්වා කල ක්‍රියාවලිය විග්‍රහ කරනවිට ඔවුන්ගේ සිත්තුල කන්ද උඩරට, පහතරටින් වෙන්වූ ස්වාධීන සිංහල බෞද්ධ රාජ්‍යයක් තැනීම අරමුණ  තිබුණු බව වැටහේ.

සීතාවක රාජසිංහ තම හමුදා බලයෙන් වීරසුන්දර බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යයේ භාරකරු ලෙස පත්කල පසු එතෙක් ස්වාධීන රාජ්‍යයක්ව පැවති කන්ද උඩරට සීතාවකට යටත් රාජ්‍යයක් විය. ඒ වනවිට සීතාවක රාජසිංහ රජු ශිව  භක්තියට ආකර්ෂණය වී සිටියේය. කන්ද උඩරට හැකි ඉක්මනින් නැවත ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමට සීතාවක රාජසිංහ රජු දුර්වල කිරීම වීරසුන්දර බණ්ඩාර, දෙවනගල රතනාලංකාර හිමි හා ගම්පොල රාජගුරු ධර්මකීර්ති හිමිගේ මූලික සැලසුම විය. 

සීතාවක රාජසිංහ රජුට ධර්ම නම් එක් පුත් කුමරෙක් සිටි බව ප්‍රධාන වංශකතා කිසිවෙකවත් සඳහන් නොවුනත්, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය හා මීවැව විත්ති පොතේ සඳහන් වේ. මේ ධර්ම කුමරු 1586 වර්ෂයේදී මරා දැමිණි. මේ කුමාරයා මරාදැමුවේ වීරසුන්දර බණ්ඩාර හා දෙවනගල රතනාලංකාර විසින් සැපයූ ඔත්තුවක් මත, පෘතුගීසින් විසින් යැයි,සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පොතේ සඳහන් වේ. මේ පොත ලියා ඇත්තේ එකල සීතාවක විසූ බෞද්ධ හිමි නමක් වන සිටිනාමලුවේ ධර්මපාල හිමි නමයි.

මේ හා සමගාමීව මේ පිරිස විසින් රාජසිංහ රජු තම පිය මායාදුන්නේ මැරූ පිතෘ ඝාතකයෙකු යැයි කියවෙන බොරුව  හිතාමතා පැතිරවූ බව, සීතාවක රාජසිංහ රාජ්ජ කාලය හා මීවැව විත්ති පොතේ සඳහන් වේ. මේ කරුණු සඳහන් මීවැව විත්ති පොතද බෞද්ධ සඟ පරපුරක් විසින් ලියන ලද්දකි. රාජසිංහ රජුගේ පිය මායාදුන්නේ මියගියේ, අවුරුදු අසුවක් ආයු වළඳා, තම පුතුට කිරුල පළඳා, වසර දෙකකට පසුවය. එනමුත් අදටත් ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන රාජසිංහ රජු පිතෘඝාතක ආනන්තරීය පාපකර්මය කල පාපියෙකු යන බොරුව සීතාවක රාජධානියේද, කන්ද උඩරටද ජනතාව පැතිරවූයේ මේ පිරිසයි. එනිසා රාජසිංහ රජු ජනතාවගේ පිළිකුලට භාජනය විය. 

මේ නිසා සීතාවක රාජසිංහ රජුට පක්ෂ හා විපක්ෂ ලෙස සංඝ සමාජය බෙදුණු අතර ස්වභාවයෙන්ම දරුණු පුද්ගලයෙකුවූ රාජසිංහ රජු තමන්ට විරුද්ධ භික්ෂුන්ට හිරිහැර කිරීමටද, විහාරගම් රාජසන්තක කිරීමටද පටන්ගති. ඒ සමඟම රාජසිංහ රජු තමන්ට විරුද්ධ භික්ෂුන්වහන්සේලා මරා දැමූ බවට කටකතා පැතිරෙන්නට වූ අතර, මෙය ඔහුගේ ජනතා බලය තවත් අඩු කළේය. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පොතේ  සඳහන් වන්නේ රජු තමන්ට විරුද්ධ භික්ෂුන්වහන්සේලාට හිරිහැර කල නමුත්, මරා නොදැමූ බවයි. 

වීරසුන්දර බණ්ඩාර මරාදැමීම (ඕලන්ද සිතුවමකි)

රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාර මරාදැමීමට තීරණය කළේ තම පුත් ධර්ම කුමරුන් මැරූ පලිය ගැනීමට හා ඔහු දෙවනගල රතනාලංකාර  එක්ව පැතිරූ කටකතා නිසා මිස, චිත්‍රපටයේ පෙන්වන ආකාරයට කුසුමාසන දේවියට කන්ද උඩරටින් පලායාමට ඉඩ සැලසූ නිසා නොවේ. රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාර සීතාවක නුවර අසල ගොලෑබොක්ක ප්‍රදේශයේ (අදද අවිස්සාවේල්ලේ තල්දුව ප්‍රදේශයේ මෙනමින් ස්ථානයක් ඇත)  වීදියක වලක් කැන, එය තුල උල් සවිකර එය මතුපිටින් වසා එය තුලට වීරසුන්දර බණ්ඩාර වට්ටවා මැරීය. මේ දරුණු ක්‍රියාවෙන් පසු දෙවනගල රතනාලංකාර හිමි පලාගොස් ශ්‍රී පාදස්ථානයේද, විහාරස්ථානවල සැඟවී තම මෙහෙයුම දිගටම ගෙන ගියේය.

මේ සිදුවීම් වන්නේ 1586 වසරේ නිසා වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පලායන්නේ 1586 පසුව විය යුතුය. ඔහු කන්ද උඩරටින් මන්නාරමටත්, එතැනින් ගෝවයටත් ගොස්, කොළඹ කොටුව රැකීමට කොළඹට ඒමේ කාලය වසරකට වඩා වැඩිවිය නොහැක. ඇතැම් විට මන්නාරමේදී ඔහුට එවිට වයස අවුරුදු 8 ක් පමණ වයසැති කුසුමාසන කුමරිය මුණගැසෙන්නට ඇති.

මේ චිත්‍රපටයේ ඇති කොනප්පු බණ්ඩාර ගෝවේදී පෘතුගීසි මැරයෙකු මරාදැමීම සත්‍යයකි. එසේම චිත්‍රපටයේ සඳහන් ආකාරයටම කොනප්පු බංඩාර අගංම්පොර ශූරයෙකු බව රාජාවලියේ සඳහන් වේ.

1588 පෙබරවාරි මස 4 වෙනි දින කොළඹ කොටුව රාජසිංහ රජුගෙන් මුදාගැනීමට ගෝවයෙන් හමුදා සෙබළුන් 600 රැගත් යාත්‍රා 18 ක් කොළඹ බලා පිටත්වූ අතර, මෙයින් එක යාත්‍රාවක් භාර කපිතාන්වරයෙක් වූයේ කරලියැද්දේගේ බෑණනුවන්වූ දොම් ෆිලිප් කන්ද උඩරට කුමරුය. එනිසා මේ යමසිංහ බණ්ඩාර චිත්‍රපටයේ පෙන්වන අයුරේ නිකමෙකු විය නොහැකිය.

රටපුරා පැතිරුණු වසංගත රෝගයක් නිසාත්, අතිරේක පෘතුගීසි බලඇණි කොටුවට පැමිණි නිසාත්, සීතාවක හමුදාව 1588 පෙබරවාරි මස කොළඹ වටලෑම නැවතීය. ඒ වනවිට කොළඹ කොටුවත්,මන්නාරම කොටුවත්,යාපා පටුනත් හැරුණු කල මුළු ලංකාවම තම අණසකට යටත් කරගෙන සිටි සීතාවක රාජසිංහගේ රජුගේ පරිහානිය ඇරඹුණේ එතැන් සිටයි.

1591 වසරේ දොම් ෆිලිප් යමසිංහ බණ්ඩාර කන්ද උඩරට රජකම ගැනීමට පෘතුගීසීන් සමඟ මන්නාරමින් සෙංකඩගල බලා ගමන් ඇරඹීය.කොනප්පු බන්ඩාර,යමසිංහ බණ්ඩාරගේ පුත් දොම් ජුවාම් කුමරු, කපිතාන් ජාඕ ෆර්නාඕ ද මේලෝ ද සම්පායෝ, දුවාර්ටේ කැනොන්කා හා ෆ්රැන්සිස්කෝ ද ඔරියන්ටේ පියතුමන්ලා දෙදෙන මේ ගමනට එක්විය.

මන්නාරමේ සිට සත් කෝරලය හරහා මේ පිරිස මාතලේ දිස්ත්‍රික්කයේ  වහකෝට්ටේට පැමිණි පසු යමසිංහ බණ්ඩාර කන්ද උඩරට රජු ලෙස අභිෂේක කෙරිණි. මේ දෙදෙනා කන්ද උඩරටට ගමන් කරමින් සිටින විට ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් සංඝයාවහන්සේලාද, රදලවරුන්ද, රටවැසියන්ද මොවුන් සමග එක්වීමට පටන් ගති. මේ බව පෙන්වන චිත්‍රපටයේ කොටස සත්‍යයකි. මොවුන් මහවැලි ගඟ තරණය කිරීමට ගන්නොරුව අසලට පැමිණිවිට තමන් රාජසිංහ රජුගෙන් ගලවා ගැනීමට පැමිණි ගැලවුම් කරුවන් පිරිසක්සේ උඩරට ජනතාව මේ හමුදාව පිළිගත්හ. එනිසා කන්ද උඩරට යුවරජුව සිටි රාජසිංහ රජුගේ දියණියවූ මැණික් බිසෝ බණ්ඩාරගේ පුත් රාජසුරිය කුමරු  රාජසිංහ රජුගේ මුනුබුරු රාජසූරිය සීතාවකට පලා ගියේය.එනිසා කිසිම ලේ වැගිරීමකින් තොරව සෙංකඩගලට පිවිසීමට මොවුන්ට හැකිවිය. 

 දොම් ෆිලිප් යමසිංහ බණ්ඩාර ටික කලක් කන්ද උඩරට පාලනය කල පසු, යම් අයෙකු විසින් ඔහු වසදී මරණයට පත්කරන ලදී. ඔහු මැරුණේ මේ චිත්‍රපටයේ පෙන්වන අයුරින් කොනප්පු බන්ඩාර සමඟ කඩු සටනකින් නොවේ. ඔහු මරණයට පත්වූයේ 1591 වසරේ මිස 1592 වසරේ නොවේ.

ඒ සමඟම නගරයෙන් පලාගිය කොනප්පු බණ්ඩාර කන්ද උඩරට සිටි පෘතුගීසි භටයන්ට ආහාරපාන නොදීමට කන්ද උඩරට ජනතාව පෙළඹවිය. මෙයින් පීඩාවට පත්වූ කපිතාන් ජාඕ ෆර්නාඕ ද මේලෝ ද සම්පායෝ, ෆ්රැන්සිස්කෝ ද ඔරියන්ටේ පියතුමා කොනප්පු බණ්ඩාර හමුවට යවා ඔහුට තදින් දොස් පැවරීය. එවිට කොනප්පු බණ්ඩාර පියතුමාට පවසා සිටියේ කපිතාන් ජාඕ ෆර්නාඕ ද මේලෝ ද සම්පායෝගේ යටි අදහස කන්ද උඩරට රාජධානිය අත්පත්කර ගැනීම බවත්, ඒ අරමුණ ඉෂ්ඨ කරගැනීමට යමසිංහ බණ්ඩාරට වසදීම මැරීම ඔහුගේම ක්‍රියාවක් බවත්ය. මෙනිසා තමන් සෑම් පායෝට විරුද්ධවීමට තීරණය කළබවද කොනප්පු බණ්ඩාර පියතුමාට පැවසීය.

මේ සාකච්ඡාට අසාර්ථකවූ නිසාත්, මේ වනවිට තමන් සමඟ සිටි 400 ක  පමණ පෘතුගීසි භට පිරිස ආහාර හිඟයෙන් හා රෝගයන් නිසා පීඩාවට පත්ව සිටි නිසාත්, මන්නාරමට පසුබැසීමට කපිතාන් සෑම් පායෝ තීරණය කළේය. දැඩි පිඩාවන්ට මුහුණ දෙමින්  තම සෙබළුන්, පියතුමන්ලා, යමසිංහ බණ්ඩාරගේ පුත් දොම් ජුවාම් කුමරු සමඟ කපිතාන් සම්පායෝ 1591 සැප්තැම්බර් මාසයේදී, නැවත මන්නාරමට පැමිණියේය.

The post සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන.. [1 වෙනි කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af/feed/ 0
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ] https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3/#respond Tue, 30 Apr 2024 07:40:55 +0000 https://vivaranalk.com/?p=11297 හොඳම සරසවිය ළඟම සරසවිය “හොඳම පාසල ළඟම පාසල” යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම පාසැලට මිස ළඟම පාසැලට නොවේ.  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට වැටහෙන්නේ එහි ඇති සරසවි සංකල්පය “හොඳම සරසවිය, ළඟම සරසවිය” බවට පත්කිරීම බවයි. සරසවි පිළිබඳව එහි ගොඩනගන තර්කයේ […]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ] appeared first on විවරණ.

]]>

හොඳම සරසවිය ළඟම සරසවිය

“හොඳම පාසල ළඟම පාසල” යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම පාසැලට මිස ළඟම පාසැලට නොවේ.  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට වැටහෙන්නේ එහි ඇති සරසවි සංකල්පය “හොඳම සරසවිය, ළඟම සරසවිය” බවට පත්කිරීම බවයි. සරසවි පිළිබඳව එහි ගොඩනගන තර්කයේ සාරාංශය මෙසේය .

එපමණක් නොව මෙවන් ආයතන සඳහා අනුමැතිය ලබාදීම පළාත් සභා වලටද ලබාදිය යුතුයැයි මේ ලියවිල්ලේ පැවසේ. මේ වනවිට මේ රටේ පළාත් සභා ක්‍රියාත්මක නොවුනත් මේ ක්‍රියාව විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල අවුලක්  ඇති කරනු ඇත. මේ ක්‍රියාවලිය යටතේ වඩ වඩා සරසවි ඇති කළහොත් වැඩිකල් නොගොස් අප රටේ වැසියන්ට “හොඳම සරසවිය ලඟම සරසවිය” යැයි සාඩම්බරයෙන් පවසා, ලඟම ඇති කඩමණ්ඩියේ සරසවියෙන්  වැඩි කරදරයකින් තොරව  උපාධියක් ලැබිය හැකිවෙනු ඇත. 

වෙනත් රටවල අධ්‍යාපන ක්‍රම උඩින් පල්ලෙන් අතගා, ධනවාදයෙන් පරලවී, ධනවාදී දේවතාවා ආරූඪ වී, ධනවාදයේ යාතිකා කටපාඩමින් මතුරන ධනවාදී දේවතාවාගේ කට්ටඩියන් නොදන්නා කරුණක් තිබේ. එනම් ධනවාදී රටවල පවා සති අග පොලේ කරවල විකුණන ලෙස උසස් අධ්‍යාපන කරවල ලෑලි මෙන්  විවෘත කල නොහැකි බවයි. ලෝකයේ දියුණු ධනවාදී රටවල උසස් අධ්‍යාපනය රජය  විසින් බරපතල ලෙස නියාමනය කරයි . ලෝකයේ දියුණු ධනවාදී රටවල යම් උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට ප්‍රථම එහි ඉගැන්වෙන විෂයයන් රටට වැදගත්ද, එයට ශිෂ්‍යයන් ඇතුළු කරගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද?, එහි විෂය නිර්දේශයන් මොනවාද?, ගුරුවරුන්ගේ සුදුසුකම් මොනවාද?, සිසුන් පුහුණුකිරීමේ පහසුකම් ඒවාට තිබේද? යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරු  කරුණු විමසීමක් දිගින් දිගටම එම රජය විසින් සිදුකරයි.

මේ ධනවාදී කට්ටඩියන්ගේ යාතිකා කීම නිසා අප රටේ අධ්‍යාපනය ගැන යම් ලියවිල්ලක් එළිදැක්වූ විට සිදුවන අවාසනාවන්ත සිදුවීමක් ඇත. එනම් ඒ ලියවිල්ලේ ඇති සියලු කරුණු පසෙක දමා උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කල යුතුද නැත්ද යන කෙටි මාතෘකාවට සියලු දෙනා ලඝුවිමයි. මේ ගැන විවාදය අතිශයෙන් වැදගත්වන නමුත් පාසල් අධ්‍යාපනය ගැන විවාදය ඉස්මතුකොට රටේ අධ්‍යාපනය  නවීකරණය කිරීම රටේ යහපත පතන සියලුදෙනා කලයුතු වැදගත්ම කාර්යය වේ.  

මේ ලියවිල්ලේ එක් තැනක මෙසේ සඳහන් වේ.

මේ සඳහන ගැන කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක. ලොව සියලු රටවල පාසල තුල මේ විෂයයන් ඉගැන්වීම අනිවාර්ය කර තිබේ. එනමුත් අද ලංකාවේ සෑම තැනක පිහිටුවා ඇති බොහෝ ජාත්‍යන්තර පාසල් වල මේ අනන්‍යතාවය ඇති කරන විෂයයන් වන මවුබස හා ඉතිහාසය ඉගැන්වීම සිදු නොවේ. මේ ජාත්‍යන්තර පාසල් යම් අධිකාරියක අධීක්ෂණයට ගෙන මේ විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය අවම විෂය නිර්දේශ හෝ සකසා මේ විෂයයන් සමත්වීම නියම කරන ක්‍රමවේදයක් සැකසීම කාලින අවශ්‍යතාවයක්ව පවතී.

ලංකාවේ දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුත්තේ කුමන බසකින් දැයි යන්න ඉතා වැදගත් ගැඹුරින් සාකච්ඡා කලයුතු කරුණකි. මෙවැනි ලිපියක් ඒ සඳහා ඉඩ නොසලයි. ලංකාවේ බහුතර මධ්‍යම පංතික දෙමවුපියන් බහුතරයක් තම දරුවන් හොඳින් ඉංග්‍රීසි බස කතාකිරීමට, ලිවීමට හා කියවීමට හැකි අය බවට පත්කිරීමේ නොනිත් අසාවෙන් පෙලේ. ඉංග්‍රීසි බස ලොවෙහි ඇති අපරිමිත දැනුම අත්පත් කරගැනීමටද, ලොව සමඟ සබඳතාවයන් ඇති කරගැනීමටද අතිශයෙන්ම ඉවහල් වන බවට මොවුන් තුල ඇති අදහස සැබෑවකි. මේ ආශාව සංසිඳුවිමටදෝ වමේ සිට දකුණට විශාල මතවාදී පරාසයක සිටින ඇතැම් දේශපාලන පක්ෂ දරුවන්ට හෝඩියේ සිට ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබාදිය යුතුයැයි යෝජනා කරයි. ඉංග්‍රීසි බස ඉගැනීම හා ඉංග්‍රීසියෙන් ඉගැනීම අතර ඇති වෙනස හඳුනානොගැනීම මෙයට හේතුවයි.

මවුබසින් පවා අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය මුදල්, ගුරුවරු හා සම්පත් නොමැති රටක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදීමට යෝජනා කිරීම විහිළුවකි. මෙවැනි යෝජනාවකින් සිදුවනුයේ රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුල දැනට පාසල් අතර ඇති අසමතුලිතතාවය තවත් වැඩිවී ලඟම පාසල තවත් පහලට වැටීමයි. එසේම මවුබස යනු ජාතියක අනන්‍යතාවය රැකෙන මුලික ලක්ෂණයි. මවුබසින් වියුක්තවූ මිනිසා ඉතා ඉක්මනින් තම ජාතික අනන්‍යතාවය නැතිකර ගනියි. එම නිසා අවම වශයෙන් දරුවා  මුහුකුරා යනතෙක් හෝ මවුබසින් ඉගැන්වීම වැදගත්වේ. දරුවන්ට වෙනත් බසකින් ඉගැන්වීම ආරම්භ කලයුත්තේ කුමන වයසේද, එසේ නම් ඒ කවර විෂයයන්ද, එසේ වෙනත් බසකින් ඉගැන්වීමට අවශ්‍ය සම්පත් රටට තිබේද යන්න කරුණු හරිහැටි විමසා බලා සිදු කලයුතු කරුණකි.   

පාසල් තුල දහම් අධ්‍යාපනය ලබාදිය යුත්තේ කෙසේද යන කරුණ ගැන මුලින්ම විමසු ශ්‍රී ලාංකික දාර්ශනිකයා මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාය. එතුමා 1950 දශකයේදී පලකල වැදගත් අදහසක් නම් ආගම් දහම් ඉගැන්විය යුත්තේ ආගමික පරිසරයක් තුල බවය.මේ කරුණ පිළිබඳව එතුමා ලියු ලිපි රැසක් ඇත.  ආගමික අන්තවාදයට නැඹුරු නොවී  මේ කරුණ සිදුකල හැකිදැයි නැවත විමසීමක් කලයුතුය

අධ්‍යාපනයේ විවිධ අංශ පුද්ගලික අංශයට භාරදීමට විවිධ තැන්වල යෝජනා කරමින්, ඒවා අධීක්ෂණය කිරීමට නොසිතන මේ ලියවිල්ලේ ඇති අනෙක් ලක්ෂණය නම් ටියුෂන් විරෝධයයි. මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය මානව අයිතිවාසිකමක් යැයි දිගින් දිගටම තර්ක කරන්නන් ටියුෂන් විරෝධයේදී ඒ තර්කය අමතක කරයි. මුදල් ගෙවා ලබාගන්නා ටියුෂන් අහෝසි කිරීමට යෝජනා කරන්නන් පුද්ගලික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කිරීම විමතියකි. මේ තර්කය ඇතිවන්නේ බටහිර රටවල ඇති අධ්‍යාපන ක්‍රමය ලොවෙහි ඇති හොඳම අධ්‍යාපන ක්‍රමය යැයි මේ ලියවිල්ලේ නියමුවන් සිතන නිසා විය හැකිය. ඒ රටවල ටියුෂන් නැති නිසා අපේ රටේ ටියුෂන් තිබීම වැරදිබව මොවුන්ගේ සිත් තුල ඇති අදහස විය හැක.

රටක අධ්‍යාපන ක්‍රමය ගොඩනැගෙන්නේ ඒ රටට ආවේනික  සමාජමය, දේශපාලන, ඓතිහාසික ආකල්ප මතය. ටියුෂන් ඇතිවුයේ අප රටේ විෂය නිර්දේශයේ අවුලක් නිසා හෝ ඉගැන්වීමේ හෝ ඇතිවූ ගැටලුවක් පමණක් නිසා නොවේ. මෙය දෙමවුපියන් තුල තම දරුවන්ට ඉගැන්වීම හැකිතරම් කළයුතුයැයි  ඇති හැඟීම නිසා ඇති වුවකි. ලංකාවේ මධ්‍යම පන්තියේ විස්ථාරණයද ටියුෂන් පන්ති පුළුල් වීමට හේතුවකි. මේ ටියුෂන් ලබාදීම ආසියානු සංස්කෘතියේ කොටසක් ලෙසද හඳුනාගත හැකිය. ලංකාවේ පමණක් නොව  ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල පවා දරුවන්ට ටියුෂන් දීමේ සංස්කෘතිය ඇත. බටහිර සංස්කෘතියක් ඇති  එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන් තම ළමයින්ට බරපතල ලෙස ටියුෂන් ලබාදීම කරගෙන යයි.

මෙයින් අදහස් වන්නේ අප රටේ විෂය මාලාවේ හෝ ඉගැන්වීම් කලාවේ ගැටළු නැති බව නොවේ.  එසේ නමුත් විෂය මාලාවේ හෝ ඉගැන්වීම් කලාව වෙනස් කලත් ටියුෂන් ලබාදීම ඉදිරියටත් පැවතිය හැකිය. සිදුකල හැක්කේ මහා පරිමාන ටියුෂන් ගුරුවරුන් හා ආයතන ලියාපදිංචි කොට ගාස්තු පාලනය කිරීමේ ක්‍රමවේදයක්  ඇති කිරීමයි. මේ කුමක් කලත් පුද්ගලික මට්ටමේ ටියුෂන් ලබාදීම වැඩිදුරටත් පවතිනු ඇත. ටියුෂන් නැති කිරීමට කාලය මිඩංගු කිරීම දැලකින් සුළං බදනවාක් මෙන් නොකෙරන දෙයකට කාලය කා දැමීමකි.

මේ දත්ත වලින් පෙනීයන්නේ ජනගනයෙන් අති විශාල ප්‍රමාණයක් පාසලෙන් නික්ම ගිය පසු  කිසිදු දෙයක් ඉගැනීමට සුදානම් නැති නිකම්ම නිකම් නිකමුන් පිරිසක් බවට පත්කොට ඇත. එසේ නැත්නම් ඉගැනිමට අවශ්‍යතාවය තිබුනත් එයට අවස්ථාවක් සලසා නොදෙන රටක මොවුන් ජීවත්වේ. මේ කරුණු සියල්ල නිසා අප රටේ ශ්‍රමිකයන් වැඩකරන පැය ගනනට කෙරෙන වැඩ ප්‍රමාණය හා ඵලදයිතාවය ලෝකයේ අනෙක් රටවලට වඩා ඉතා පහල මට්ටමක තිබේ. ඒ අතින් අප සිටින්නේ චීනය හා ඉන්දියාව වැනි රටවලට වඩා ගව් ගනනක් පහලිනි. අනෙක් අතින් එවන් රටවල විශාල ශ්‍රම බලකායක් සිටින නිසා එයින් පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය අඩුවුවත් එය සමස්ත ශ්‍රම ඵලදායිතාවයට බලපෑමක් නොකරයි.  ලංකාව වැනි කුඩා රටක  80% කටත් වැඩි ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් වූ විට රට සංවර්ධනය කරා ගෙනයාම සිහිනයකි. මෙය 10% දක්වා අඩු කරන්නේ කුමන කාලයක් ඇතුළතද, කුමන අයුරින්ද යන්න මේ ලියවිල්ලේ සඳහන් නොවේ.

අද අප සිටින තත්ත්වයෙන් වහා අප මුදවා ගැනීමට අධ්‍යාපනය යොදාගැනීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුලින් වහාම ඉටුකල යුතු කරුණ නම්, මේ දැවැන්ත නුපුහුණු ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් කෙටි කලක් තුල පුහුණු ශ්‍රම බලකායක් බවට පත්කිරීමයි.  මේ ප්‍රශ්නය හඳුනාගත් බව හෝ ඒ ගැන නිසි විසඳුමක් හෝ මේ ලියවිල්ලේ නොතිබෙන්නේ වැඩිහිටියන්ට ලබාදෙන අධ්‍යාපනය, අධ්‍යාපනයක් නොවේයැයි මෙහි රචකයන් සිතන නිසාද? මේ පිලිබඳ සඳහන් වන්නේ ජාතික නිපුනතා කොමිසම් සභාවක් පිහිටුවන්නේ යැයි යන හිස් වාක්‍යය පමණි. එනම් දැනට ලක්ෂ 16 ක්ව සිටින පුහුණු ශ්‍රම බලකාය  ලක්ෂ 72 ක් දක්වා වැඩිකර ගැනීමට ලක්ෂ 56 ක පිරිසක් පුහුණුව සඳහා අනුගමනය කලයුතු දැවැන්ත ක්‍රියාමාර්ගය මෙහි සඳහන් නොවන්නේ තමන් පවසන දෙයේ බැරෑරුම්කම වටහානොගත් නිසා හෝ එසේ වටහාගත්තත් එයට විසඳුමක් නොදී නොතේරෙන වචන රැසකින් කියවන්නන් රැවටීමට විය යුතුය. එසේත් නැතිනම් යතාර්ථය නොහඳුන දේශපාලඥයන් පවසන පරිදි රට සංවර්ධනය කිරීම 2048 දක්වා කල්දා ගැනීමට අවශ්‍ය නිසා විය යුතුය.

නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ අදහසින්, නිදහස් අධ්‍යාපන විරෝධීන් පිරිසක් විසින් සැඟවී සිටි එල්ල කල ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් බඳු මේ ලියවිල්ලේ ඇති යම් යම් සාධනීය ලක්ෂණ පවා මුලික පරමාර්ථයේ ඇති අශෝබන බව නිසාම නැතිවී යයි. මේ මැතිවරණ වර්ෂයේදී, මේ රටේ දේශපාලන පක්ෂ, මේ ලියවිල්ල හදාරා මෙයට තමන්ගේ පක්ෂපාතීත්වය හෝ විරෝධතාවය ප්‍රසිද්ධයේ පලකල යුතුය. ඒ බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  මේ ලියවිල්ල පාර්ලිමේන්තුවේ විවාදයට එනතෙක් නොසිට, කුම්භකර්ණ නින්දෙන් අවදිවී, දැන්ම ඉදිරියට පැමිණ මේ ලියවිල්ලට තමන් එකඟද නැත්ද යන්න ජනතාවට පැවසිය යුතුය. එවිට මේ ලියවිල්ල පිළිගත යුතුද නැත්ද යන්න කරුණ ගැන තම සුජාතභාවය නැතිකරගත් පාර්ලිමේන්තුව නොව,  මේ රටේ ජනතාව තීරණය කරනු ඇත.

[ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023- 2033)]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3/feed/ 0
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/#respond Wed, 24 Apr 2024 09:43:57 +0000 https://vivaranalk.com/?p=11236 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් […]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] appeared first on විවරණ.

]]>
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය  ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත්  ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත. මෙසේ නමක් ගමක් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුව, එසේම නමක් ගමක් සොයාගත නොහැකි “විසිපස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් නිලධාරි කමිටුකට මේ ලියවිල්ල සැකසීම බාරදුන්” බව මේ ලියවිල්ලේ පුර්විකාවේ සාඩම්බරයෙන් සඳහන් වේ. ලියවිල්ලේ නම් සොයාගත නොහැකි අමාත්‍ය මණ්ඩල කමිටුවට හා විද්වත් නිලධාරි කමිටුවක ඉතා භාරදුර වැඩක් පැවරී තිබුණු බව මේ ලියවිල්ලේ පිට කවරයේ මාතෘකාවෙන් පෙනේ. එනම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් සකස් කොට එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

තැනූවෙක්  නැති සුඛෝපභෝගී නිවෙස් මිහිපිට පහළවීම වීම, අයිතිකරුවන් නැති මැණික් මලු නිවෙසටම ගෙනැවිත් භාරදීම වැනි හාස්කම් ගැන අධිකරණයේදී පවා කියවෙන ශ්‍රී ලංකාව වැනි පින් බිමක් තුළ, ලියු අයෙක් සොයාගත නොහැකි මෙවැන් ප්‍රතිපත්ති මාලාවක් පරාධුර්භුතවීම අරුමයක් නොවේ. මෙවැනි කර්තෘ අඥාත ප්‍රතිපත්ති ප්‍රකාශන පහළකිරීම වත්මන් රජයේ මෝස්තරයක් වේ තිබේ. එය මේ රජයට අරුමයක් නොවුනත්, අපට එය කරුමයක් වී ඇත්තේ වැරදීමකින්වත් මේ ලියවිල්ලේ සඳහන් වී ඇති කරුණු ක්‍රියාත්මක කළහොත් එහි හොඳ හෝ නරක විපාක විඳීමට සිදුවෙනුයේ අප රටේ අනාගත පරපුරට වීමයි.  දැනට අධිකරණයන් කිහිපයකින් ඇප ප්‍රතික්ෂේප වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයෙකු ගැන විශ්වාසය පළකල, ජනතා විශ්වාසය කිසිසේත්ම නැති, ඉදිරිපත් කරන ඕනෑම දෙයකට බහුතර අනුමැතිය ගත හැකි, වත්මන් පාර්ලිමේන්තුව මේ ලියවිල්ලේ අගමුල නොවිමසා අනුමත කිරීම ස්ථිර බැවිනි.

රටක අධ්‍යාපනයේ දිශානතිය තීරණය කිරීම භාරදුර කාර්යයකි. ඒ දිශානතිය තීරණය කරන්නේ රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය නම් ඒ ආයතන රටේ මහජනතාවගේ සැබෑ නියෝජිතයන් විය යුතුය. අද අප රටේ ජනාධිපතිව සිටින්නේ මහජනතාව විසින් පත්කරගත් අයෙකු නොව, මහජන ඡන්දයකදී 2.1% ක් වැනි කුඩා ප්‍රතිශතයක් ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එසේම වත්මන් අගමැති හා ඇමති මණ්ඩලය මේ ජනාධිපතිවරයා හෝ බලයෙන් පහවුණු ජනාධිපතිවරයෙකු  විසින් පත්කළ අයයි. මෙවන් තත්ත්වයක් යටතේ මහජන මතය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් මේ රටේ අධ්‍යාපනයේ දිශාව තීරණය කිරීම විද්වතුන් යැයි තමන් හඳුන්වාගන්නා නිර්නාමික විසිපස් දෙනෙකුට භාරදිම ම බරපතල වරදකි. අවම වශයෙන් මෙවැනි ලියවිල්ලක් සකස්කිරීමට ප්‍රථම වත්මන් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව මේ කටයුත්තට සම්බන්ධ කරගැනීම මේ කටයුත්ත සිදුකළ අයගේ වගකීම වී තිබිණි. මේ සියලු කරුණු විමසා බැලීමේදී මෙම ලියවිල්ල සුජාත ලියවිල්ලක් නොවේ.

එසේම මේ ලියවිල්ල සකස්කල පිරිසට තමන් කවුරුන්දැයි හඳුන්වා ගැනීමට නොහැකිවීම විමති සහගත මෙන්ම, වගකීම් විරහිත ක්‍රියාවකි. පියෙකු නොමැති නිසා මේ ලියවිල්ල අවජාතකද වේ. සුජාත නොවන, අවජාතක වන මෙම ලියවිල්ල ගැන, එහි සුජාත අවජාතක බව නොසලකා විමසීම අපගේ වගකීමයි. එයට හේතුව අප රටේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසීමට කදිම අවස්ථාවක් මේ වගකීම් විරහිත ක්‍රියාව මගින් මඟපාදන නිසාය.

මේ ලියවිල්ලේ විධායක සාරාංශයේ දැක්වෙන පරිදිම, විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අපේ අනාගත පරපුර ලොව සමඟ ඉදිරියට ගෙනයා හැකි වාහකයක් නොවේ. “අධ්‍යාපනය  මානව ප්‍රාග්ධන සංවර්ධයේ ප්‍රධානම මෙහෙයුම් යාන්ත්‍රණය”  බව මේ ලියවිල්ලේ සඳහන් වෙයි. එසේම එහි සඳහන් වන්නේ 2021 මාර්තු මස සිට, එනම් ශ්‍රී ලංකාව බංකොලොත් ප්‍රකාශ කල යුගයේ සිට ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ පැනනැගී ඇති ආර්ථික අභියෝගය තේරුම්ගෙන “රජය විසින් ආර්ථික ස්ථාවරත්වය  තහවුරු කරමින් යලි සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම උදෙසා  සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම පුර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමේ”  අභිලාෂයෙන් මේ ලියවිල්ල ඉදිරිපත් කරන බවයි. මේ ලියවිල්ලේ සඳහන් කරුණු සලකා බලනවිට මේ ආර්ථික ස්ථාවරත්වය වහාම ඇතිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලකට සරිලන ලෙස අධ්‍යාපනය වෙනස් කිරිමේ අභිලාශයෙන් එය සකස්කොට ඇති බව නම් නොපෙනේ. සැබවින්ම එය අද සිට තව වසර 24 කින්, 2048 දී එනම් ලංකාවට  නිදහස ලැබී අවුරුදු සියයකින් එළඹෙන වසරේදී   ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන්නේ යැයි කියන දේශපාලන හිස් කථාවට සරිලන ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස් කලයුතු යැයි හුමිටි දෙන ලියවිල්ලකි .

“පාසල්වල  විෂයානුබද්ධ ඉගැන්වීම් වලට සීමාවී තිබෙන, තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය සමස්ථ වශයෙන්ම වෙනස් කලයුතු” බව මේ ලියවිල්ලේ සඳහන් වේ. මෙය මේ ලියවිල්ලේ නිර්නාමික කතුවරුන් පමණක් නොව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන විමසන ඕනෑම අයෙකු පවසන කරුණකි. මේ ලියවිල්ල පුරා දක්නට ඇති ප්‍රධානම දුර්වලතාවය  නම් අධ්‍යාපන විද්‍යාව යම් පමණකට හදාරන ලද ඕනෑම අයෙකු දන්නා සරල කරුණු  බරපතල භාෂාවකින් පුන පුනා පැවසීමයි. මේ බොහෝ කරුණු විදේශික අධ්‍යාපනඥයන්ගේ ලියැවිලි වලින් කරන ලද “කට් ඇන්ඩ් පේස්ට්” (cut & paste) වාක්‍යයන් වේ. වචන හරඹයන්ගෙන් ඔබ්බට ගොස් අපේ අධ්‍යාපනයේ මිහිමත ඇති ගැටළු හඳුනාගත් බවක් නම් මේ ලියවිල්ලේ නොපෙනේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඕනෑම වෙනසක් ඇති කිරීමට යෝජනා කරන ලියවිල්ලක මුලින්ම සඳහන් විය යුතු කරුණක් නම් එය ඉදිරිපත් කරන්නන්  නිදහස් අධ්‍යාපනය යන සංකල්පය පිළිගන්නේද නැත්ද යන්නයි. ලොකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රම ගැන ගැඹුරින් හදාරා හෝ නොගැඹුරින් අතපත ගා  ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තැත් දරන ඕනෑම කෙනෙකු සිහියේ තබාගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය, ශ්‍රී ලාංකික සමාජය සමඟ ගසට පොත්ත මෙන් ඇලී-ගැලී පවතින බවයි. මේ පොත්ත ගැලවීමට උත්සාහ දරන්නා, ගසට කොතරම් පොහොර දැමීමට උත්සාහ කලත් ජනතා වෛරයට පාත්‍ර වේ. තමන් නිදහස් අධ්‍යාපනය සුරැකීමට තමන් බැඳී සිටින්නේදැයි මේ ලියවිල්ලේ කතුවරුන් කිසිතැනක නොපවසයි.

මේ කරුණ ගැන වැඩිදුර විමසීමට ප්‍රථම නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිර්වචනය කරගත යුතුය. මේ ගැන විවිධ නිර්වචන ඇති මුත්, “රජය විසින් හෝ වෙනත් ආයතන විසින් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර පවත්වාගෙන යනු ලබන උසස් මට්ටමේ අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය” යැයි අර්ථ දක්වා මේ කරුණට අවතීර්ණ වෙමු. විවිධ රටවල් විවිධ මට්ටමින් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාව බොහෝ කලක් තිස්සේ  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඉහල මට්ටමේ නිදහස් අධ්‍යාපනයක් පවත්වාගෙන යනු ලබයි. ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල වැනි ජාත්‍යන්තර ආයතන වල නිගමනයන්ට අනුව පවා, අප රටේ ආර්ථික දර්ශක වලට සාපේක්ෂව, ඉතා හොඳ මානව සම්පත් දර්ශකයක් (human development index) පවතින්නේ අප රටට උරුම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය නිසාය. එනිසා කොතරම් අඩුපාඩු තිබුණත් රටේ ඕනෑම ශිෂ්‍යයෙකුට මුදල් නොගෙවා විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සුරැකීම අතිශයින්ම වැදගත්ය. එසේම අධ්‍යාපනය ලොවේ අනෙකුත් රටවලට සමාන්තර ඉහල මට්ටමේ අධ්‍යාපනයක් විය යුතුය.

මෙම ලියවිල්ලේ 15 වෙනි පිටුවේ අමුතු වාක්‍යයක් ඇත. ඒ මෙසේය

මෙහි සාමාන්‍ය අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයයි.  නිදහස් අධ්‍යාපනය සුරැකීම ගැන අවධානයකින් යුතුව මේ වාක්‍යය ලියුවේ නම් එය මෙසේ වෙනස් විය යුතුය.  “මුල් ළමාවිය සිට 12+ දක්වා පාසල් අධ්‍යාපනය සඳහා සිසුන්හට නොගෙවීමට ඇති හැකියාවට කිසිදු බාධාවක් නොවන පරිදි අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය අරමුදල් සාමාන්‍ය අධ්‍යාපනය වෙත යොමු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.” සිතාමතා  මෙවනි වැරදි ප්‍රකාශයක් කිරීමෙන්ම මේ ලියවිල්ලේ සැඟවුණු කතෘවරුන්ගේ අභිමතාර්ථය මුදල් ගෙවන සාමාන්‍ය අධ්‍යාපනයකට මේ රට තුල මුල්තැන දීම බව පැහැදිලිය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳව ඇති තවත් දුර්මතයක් නම් නිදහස් අධ්‍යාපනය විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින රටවලට නොගැලපෙන සමාජවාදී සංකල්පයක් බවයි. විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමය පවතින යුරෝපයේ බොහෝ රටවලද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම මත ක්‍රියාත්මක වන ලොවේ බොහෝ රටවලද ඇත්තේ නිදහස් අධ්‍යාපනයයි. මේ රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇත්තේද අතලොස්සකි. කරුණු නිසි ලෙස නොදැනගෙන අධ්‍යාපන ක්‍රම පිළිබඳ විශාරදයන් ලෙස පෙනී සිටින අය ඕනෑම ලියවිල්ලට නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ සංකල්ප කිහිපයක් ඇතුළු කොට ඒ සංකල්ප වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදියි. එවිට සිදුවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමස්ත ලියවිල්ලේ කරුණු අමතකවී නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුද නැත්ද යන්න ගැන දෙපිලකට බෙදී සටන් කිරීමයි. මේ සටන නිසා සිදුකල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවධානය නොලැබී යයි.

පුද්ගලික අධ්‍යාපනයට යම් තැනක් ඇත්තේ ගුණාත්මක බැවින් ඉහල, රජය විසින් ලබාදෙන, නිදහස් අධ්‍යාපනයට අනුගත නොවීමට යම් සාමාජීය හේතුවක් නිසා තීරණය කරන සමාජ තීරුවට ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාදීමටය. එසේ වුවත් අධ්‍යාපනය රජය විසින් නියාමනය කල යුතුය. මේ ලියවිල්ලේ කිසිදු තැනක හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති ජාත්‍යන්තර පාසල් නමින් හඳුන්වන පාසල් නියාමනය කිරීමට කිසිදු යෝජනාවක් ඇතුළු නොවන්නේ ඇයි දැයි වටහා ගත නොහැක. මේ පාසල්වල ඉගැන්වෙන විෂය මාලාවන්, ගුරුවරුන්ගේ ප්‍රමිතිය හා අයකරන ගාස්තු, රජය විසින් පිහිටවනු ලබන යම් අධිකාරියක් මගින් අධීක්ෂණය කලයුතු වන්නේ, මෙම පාසල්වලින් බිහිවන්නේද අප රටේ පුරවැසියන් බැවිනි.

පවතින පුහුණු විෂයමාලා විශේෂඥවරුන්ගේ හිඟය නිසා නිසා අද ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ අංශ පවා පවත්වා ගෙනයනු ලබන්නේද  අසීරුවෙනි. මෙවන් තත්ත්වයක් යටතේ මේ ලියවිල්ලේ අපේක්ෂිත වෙනස්කම් වල සඳහන් වන අයුරින් පළාත්වලට ස්වයංපාලිත තත්ත්වයක් ලබාදීම කිසිසේත්ම ප්‍රයෝගික නොවේ. මේ ලියවිල්ල පිළියෙළ කිරීමේදී ලංකාව වැනි කුඩා රටක් බවත්, ආර්ථික අගාධයකට වැටී සිටින බවත් අප රට අධ්‍යාපනය සඳහා වියදම් කරන්නේ කුඩා මුදලක් බවත් අමතක වී ඇති බව පෙනී යයි. අධ්‍යාපනයේ විවිධ අංශ විමධ්‍යගත කිරීමෙන් සිදුවන්නේ ඒ සඳහා යන වියදම අධික වී අධ්‍යාපන සේවය කඩාකප්පල් වීමයි.

මේ ලියවිල්ලේ 29 වෙනි පිටුවෙහි මුල් ළමාවිය එනම් පෙර පාසල් අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න හා  වියවුල් පිලිබඳ සඳහන්ව ඇත. අමාත්‍යංශ, කාර්යාංශ, ආයතන, පළාත් සභා, පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික ආයතන මගින් පාලනය වන පෙර පාසැල් හා මොන්ටිසෝරි ලෙස පෙර හඳුන්වා දැන් “මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන” හඳුන්වන මේ ආයතන බොහොමයක් නොදරුවන්ට අකුරු හා ඉලක්කම් උගන්වන ආයතන බවට පත්වී තිබේ. තම දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරවීමේ ආශාවෙන් පෙලන දෙමව්පියන් විශාල මුදලක් වැයකොට තම දරුවන් ” ජාත්‍යන්තර ළමා පාසල් “ වලට දරුවන් ඇතුළු කරයි. මේ ආයතන අධීක්ෂණය සඳහා ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනය වෙත අන්තර්ග්‍රහණය කිරීම මේ ලියවිල්ලේ ඇති වැදගත් යෝජනාවකි. මේ කාර්යාංශය ඉන්පසුව මේ ආයතනවල විෂය නිර්දේශ, ඉගැන්වීම අධීක්ෂණය කිරීම, පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණුව විධිමත් කිරීම වැනි දෑ සිදුකල යුතුය.

මේ ආයතන වල ගුරුවරියන් බොහෝ දෙනෙකු පොදු කම්කරු නීතිය පවා යටත් නොවී, ඉතා අඩු වැටුපකට, විශාල මානසික පීඩාවකින්, තාවකාලික පදනමින් වැඩ කරයි. මොවුන්ගේ ජිවන මට්ටම ඉහල දමා, මනා පුහුණුවක් ලබාදී, “මොන්ටිසෝරි ටීචර්” සමාජයේ  ගෞරවයට ලක්වන කාන්තාවක් බවට පත්නොකොට ඔවුන් දිගු කාලීන වෘත්තිකයන් බවට පත්කළ නොහැක. එවැනි වෙනසක් නොකර දරුවාන්ගේ බුද්ධි වර්ධනයේ වැදගත් අවධියක ඉගැන්වීම භාරව සිටින මේ කාන්තාවන්ගෙන් දරුවනට උපරිම පල ලබාදිය නොහැක.

පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා පාසල් කාලය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව මේ ලියවිල්ලේ ඇති සඳහන නිවැරදිය. එසේ වුවත් මේ කාල පරාසය තුල මුලික ජිවන කුසලතාවයන් වන ආවේග පාලනය, නිවැරදි චින්තනය, පුද්ගලයන් සමඟ සන්නිවේදනය, තර්කානුකුලව සිතීම, අභියෝග භාරගැනීම, තම උත්සාහයෙන් ඉගැනීම වැනි ඉගැන්වීමට හෝ ඉගැනීමට දැනට ඇති බාධා හඳුනාගැනීමක් හෝ එවැනි බාධාවන් මඟ හැරවීමට ගතයුතු පියවර ගැන කිසිදු සඳහනක් මේ ලියවිල්ලේ නැත.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දරුවන්ගේ බුද්ධි වර්ධනයේ එක් එක් අවස්ථාවේ වර්ධනය කලයුතු හැකියාවන් මොට කරන අයුරුත්, එය පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට බලපාන අයුරුත් පිළිබඳව මා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් මිට වසර දහයකට ප්‍රථම පාර්ලිමේන්තු කමිටුව්කදී කරුණු ඉදිරිපත්කර, අධ්‍යාපන අමාත්‍යංශයේදී ද, දිවයිනේ ප්‍රධාන නගර රැසකදී ද සම්න්ත්‍රණ මාලාවක් පවත්වන ලදී. මේ දේශන වල අඩංගු කරුණු පුවත්පත්වල ලිපි මාලාවක් ලෙස පලවී පසුව පොතක් ලෙස එලිදැක්විණි. මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් මේ දක්වා වැදගත් පියවරක් ගෙන නැත.

මේ  ජිවන කුසලතා පාසල තුලදී ඉගැන්වීමට නම් පළමුවෙන්ම ඒ කුසලතාවයන් වැඩි දියුණුවන අන්දමේ විෂය නිර්දේශයක් මේ අවධියට තැනිය යුතුය. දෙවනුව ඒ විෂය නිර්දේශයට අනුව ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කිරීමට දැනට සිටින ගුරුවරුන් පුහුණුකල යුතුය. මේ දෙක සිදුකලත් පාසල් දරුවන් ජිවන කුසලතා වැඩි දියුණුවන අන්දමේ අධ්‍යාපනයක් ලබා ගැනීමට දෙමවුපියන් හා දරුවන් සුදානම් නොවේ නම් මේ අභිමතාර්ථය ඉටුනොවේ.

මේ ප්‍රතිපත්ති රාමුවේ කිසිම තැනක පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ගැන හෝ එය ප්‍රාථමික අධ්‍යාපනයට ඇතිකරන බලපෑම ගැන හෝ සඳහනක් නොකරයි. මෙය මහ පොලවේ යථාර්තය හඳුනානොගත් ලියවිල්ලක් බව තවදුරටත් තහවුරු වන්නේ එලෙසිනි.  තමන් අධ්‍යාපන විශේෂඥයන් ලෙස හඳුන්වාගන්නා අහසෙහි සිටින අය  ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ගේ මුලික ජිවන කුසලතා වර්ධනය උදෙසා කැපවිය යුතු බව සඳහන් කලත්,  පොළවෙහි සැබවින්ම සිදුවන්නේ තුන්වෙනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා දෙමවුපියන් හා දරුවන් මේ සියල්ල අමතක කොට භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට සුදානම් වීමයි. මේ කිසිවක් ජිවන කුසලතා දියුණු කිරීමට ඉවහල් වන ක්ෂේත්‍ර නොවේ. රැකියා වෙළඳපොලට නොගැලපෙන, තම යුතුකම් හා වගකීම් නොදන්නා පුරවැසියන් බිහිවන්නේ බුද්ධි වර්ධනයේ වැදගත් අවස්ථාවක් වන ප්‍රාථමික අධ්‍යාපන යුගයේ ජිවන කුසලතා වර්ධනය නොවීම නිසාය. ඒ බව අපේ අධ්‍යාපන විශේෂඥයන් හඳුනාගන්නා තෙක්  උසස් අධ්‍යාපනයේ කුමන වෙනස්කම් කලත් පලක් නොවේ.

මෙයට විසඳුමක් ලෙස අපේ පඬිවරුන් යෝජනා කරනු ඇත්තේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමයි. මෙය දැනට පවතින සමාජ දේශපාලන යථාර්තය යටතේ සිදුකල නොහැක්කකි. වසර 40 වැනි කෙටි කාලයක් තුල 20% සිට 80% ක් දක්වා සීග්‍රයෙන් වර්ධනය වී ඇති අප රටේ මධ්‍යම පංතික සමාජ ස්ථරයේ අපේක්ෂාවන්ට සරිලන අන්දමේ පාසල් පද්ධතිය වැඩි දියුණු කිරීමට මේ දක්වා පැවති කිසිම රජයක් සමත්වී නැත. ඒ නිසා ජනප්‍රිය පාසල් අතලොස්සට තම දරුවා ඇතුළු කරගැනීමට මධ්‍යම පාංතික දෙමවුපියන් දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මිට දශක කිහිපයකට පෙර දරුවනට බරක් නොවෙන විභාගයක්ව පැවති පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද බලු පොරයක්ව ඇත. “හොඳම පාසල ලඟම පාසල” වැනි හිස් සටන් පාඨවලින්ද මේ තරඟය නැති කළ නොහැක. ඒ, තම දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළුවීමට හැකි වුවහොත් ලැබෙන අධ්‍යාපනය කෙසේ වෙතත් සමාජ පිළිගැනීම වැඩි බව මේ දෙමවුපියන් දන්නා නිසාය. ජනප්‍රිය පාසලක ආදි සිසුවෙකුවිම තම දරුවාගේ අනාගතයට ඇතිකරන බලපෑම  විශාල බව දන්නා අප රටේ සුවිසල් මධ්‍යම පංතිය කිසිවිටකත් මේ විභාගය අවලංගු කිරීමට ඉඩ නොදෙනු ඇත. තමන් මේ විභාගය අවලංගු කරන්නේ යැයි සිංහනාද කල අපේ  අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනෙකු හිමින් සීරුවේ පල්ලම් බැස්සේ, එවැන්නක් කිරීම තම දේශපාලන අනාගතයට සුබදායක නොවන බව දැනගත් නිසාය.

මෙවැනි අන්තෝජටා බහිජටා ප්‍රශ්නයකට ඉදිරිපත් කලහැකි එක් විසඳුමක් නම් මේ විභාගය හත්වැනි ශ්‍රේණිය කල් දමා ජනප්‍රිය පාසල් වල පන්ති හයවැනි ශ්‍රේණියේදී නොව අටවෙනි ශ්‍රේණියට පසුව පළල් කිරීමයි. මේ මගින් මධ්‍යම පංතික දොලදුක සංසිදෙනු අතර, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් පස්වෙනි ශ්‍රේණිය දක්වා  මුලික ජිවන කුසලතාවයන් වර්ධනය කෙරන අන්දමේ අධ්‍යාපනයකට යොමු කල හැකිය. මෙයට සමගාමිව දැනට පවතින මුළු පාසල් සංඛ්‍යාව වන (2021) 10,141 න් 38%ක් වන පස්වැනි ශේණිය දක්වා ළමුන් සිටින පාසල් 3393 හි පන්ති 7 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දක්වා පුළුල් කල යුතුය. දැනට ප්‍රාථමික ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව වන ලක්ෂ 16 කින් ලක්ෂ 6 ක්  ඉගෙනුම ලබන්නේ මේ කුඩා ප්‍රාථමික පාසල් වලය. මෙවැන්නක් තුලින් ජනප්‍රිය පාසල්වල තදබදය අඩුවෙනු ඇති අතර, කුඩා පාසල් වැසීයාමද අඩුවනු ඇත.

හයවැනි ශ්‍රේණියේ සිට දහවෙනි ශ්‍රේණිය දක්වා කාලය වන මෙය මේ ලියවිල්ලේ අඩුම අවධානය යොමුකර ඇති කොටස වේ. එය ජීවිතය සඳහා පදනම යොදන කාලය ලෙස මේ ලියවිල්ලේ සඳහන්ව ඇතිමුත් ඒ කුමන පදනමක් දැයි මේ ලියවිල්ලේ සඳහන් නොවේ. සැබෑ ලෙසම සාක්ෂරතාවය හා සාමාන්‍ය දැනුම වර්ධනය කරගතයුතු අවධිය වන මේ වයසේදී භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණය කේන්ද්‍ර කරගත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සුදුසුවේ. එසේම වයස අවුරුදු 12 වන විට වෙනත් පාසැලකට අනුගත විය හැකි වයසකට දරුවා මුහුකුරා ගොස් ඇත.

දැනට කනිෂ්ඨ ද්විතියික අවධියේ පාසැල් විෂයමාලාවේ ලක්ෂණය නම් අනවශ්‍ය විෂය කරුණු සහිත විෂයයන් රාශියක් ළමුන්ට ඉගැන්වීමයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුදැනුම ඇතිව හෝ නැතිව මේ ඉගැනුම් බර වැඩිකිරීම විදුහල්පතිවරුන්ගේ අභිරුචිය මත සිදුවේ. මේ කාලය තුල, මා දන්නා කොළඹ නගරයේ එක් ජනප්‍රිය රජයේ පාසලක දරුවන් සිංහල, දෙමල, ඉංග්‍රීසි වලට අමතරව තවත් භාෂා දෙකක් දරුවන්ට ඉගැන්විණි. සමස්තයක් ලෙස භාෂා පහක්වන මේ ප්‍රමාණය ගැන ඇසු මා පවසා සිටියේ තවත් එක් භාෂාවක් ඉගැන්වුවහොත්, මේ පාසලෙන් “ෂඩ් භාෂා පරමේශ්වර” රැසක් බිහිකර ගතහැකි බවයි. සත්‍ය වශයෙන් සිදුවනුයේ විෂය කරුණු වැඩි නිසා කිසිදු කරුණක් සිතෙහි නොරැඳීමයි.

මේ අවධියන් පිලිබඳ මෙතෙක් පලවූ ලියවිලි හෝ ක්‍රියාත්මක කල වැඩපිළිවලට අමතර කිසිදු නව කරුණක් මේ ලියවිල්ලේ අඩංගුව නැත. පාසලේ දරුවන් ගතකල  යුතු වසර ගණන අඩු කිරීමට මේ ලියවිල්ලේ ඇති යෝජනාව හා අනෙකුත් යෝජනා මිට පෙර කිහිප වතාවක් විවිධ ලියවිලිවල පැවසී තිබිණි.

[ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023- 2033)]

The post ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස] appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-2/feed/ 0
වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%96-%e0%b6%b8%e0%b7%9d%e0%b6%a9-%e0%b6%b6%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%96-%e0%b6%b8%e0%b7%9d%e0%b6%a9-%e0%b6%b6%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/#respond Sun, 17 Mar 2024 16:01:54 +0000 https://vivaranalk.com/?p=11069 ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙළේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට […]

The post වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු appeared first on විවරණ.

]]>
ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙළේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට මුල මාතර දිස්ත්‍රික්කය හරහා ගලන නිල්වලා ගඟ හරහා මෑතදී බඳින ලද බැම්මකි.

දුරදිග නොබලා  වර්ෂ 2019 දී ඉදිකිරිම ආරම්භවූ මේ බැම්ම නිසා දුක් විඳින්නේ ගොවියන් පමණක් නොවේ. මේ නිසා ගොවියන් නොවන වැසියන්ට තම ගෙවල් දොරවල් වසරකට කිහිපවරක් ගංවතුරට යටවනු හිසෙහි අතගසා බලා සිටීමට සිදුවී තිබේ. පසුගිය වසරේ පාසල් දරුවන් මඩෙහි එරෙමින්, වතුරෙහි  තෙමෙමින් පාසල් ගිය දින ගණන අපමණය. සාමාන්‍යයෙන් ඉහළ ජිවන මට්ටමකින් ජිවත්වු මාතර දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් බොහෝ දෙනෙකුට මේ වනවිට වී කන්න දහයකට ආසන්න ප්‍රමාණයක් පාළුවී  වී වී තිබේ. මෙයින් දුක් විඳින ගොවි පවුල් ගණන විසිපන් දහසකට අධිකය. කොරටු ගොවින්ට, කිරි ගොවින්ට තම ජීවිකාව අහිමිවී තිබේ. බොහෝ දිනවල මහා මාර්ග අතුරුදන්ව ගොස්, ඒවා ඇළමාර්ග බවට පත්විය. සමහරුන් වාහන විකුණා ගමනාගමනයට ඔරු, පාරු, බෝට්ටු මිලදී ගනිමින් සිටි. කුඩා වැස්සකට පවා උතුරන නිවෙස්වල වැසිකිලි නිසා රෝග පැතිරෙමින් පවතී. පිරිසිදු පානීය ජලය ලබාදීමට ඉදිකරන ලද මේ මෝඩ බැම්ම නිසා මාතර ජනතාව නොදනුත්වම රසායන ද්‍රව්‍ය මිශ්‍ර අපවිත්‍ර ජලය පානය කරමින් සිටි.

මේ ගැටලුවේ නියමුවන් සැමදා හොරුන්, තක්කඩියන් යැයි දොස් අසන දේශපාලඥයන් නොවේ. මෙය උගතුන් හා වියතුන් මුල්වී ඇති කළ පටලැවිල්ලකි. මේ අවුල සංඛ්‍යා ලේඛන, දේශගුණ විග්‍රහ, ඉංජිනේරුමය පැහැදිලි කිරීම්, භූ විෂමතා ප්‍රශ්න වැනි සාමාන්‍ය ජනතාවට නොතේරන අප්‍රබංශ වල පටලවා ජනතාවගේ ඇස් වැසීමට කටයුතු කරන්නේද මේ අවුල ඇතිකළේද උගතුන් හා වියතුන්ය. කරුණු වටහා ගැනීමේ හැකියාව අඩු දේශපාලඥයන්ද නොමඟ යවන්නේද මේ පඬිවරුන්ය. මෙහිදී ජනතාවට පහරදීමට, ඔවුන්ගේ හඬ යටපත් කිරීමට මේ ඊනියා උගතුන් භාවිතා කරන ආයුධය සම්ප්‍රදායික එකක් නොවේ. ඒ අලුත් ආයුධය ලැප්ටොප් පරිගණකයයි. මේ ආයුධය දිගහැර ඇස් ගිනිකන වටවන දත්ත ප්‍රදර්ශනය කරමින් සියල්ලන් නොමඟ යවන මොවුන් මේ දක්වා තම සටන සාර්ථකව සිදුකර තිබේ.

සැබෑ විසඳුම ඉදිරිපත් කළහොත් තමන් කළ වරද හසුවෙන බව දන්නා බුද්ධියෙන් ඉහළ මොවුන්, අතීසාරයට අමුඩය ගැසීම වැනි විසඳුම් ඉදිරිපත් කරමින් සිටි. ඒ අතීසාරය ඇති කළේ තමන් බව ඔවුන් දන්නා නිසාය. අතීසාරය ඇතිකර මුදලක් සොයාගත් මොවුන් දැන් අතීසාරය සුවකරද මුදලක් සොයාගැනීමටද කැස කවමින් සිටී. මෝඩ බැම්මක් ඉදිකර මහජන රුපියල් බිලියන තුනක් නිල්වලා වතුරේ දියකර හැරීමට වගකිවයුත්තෙක් නැත. උපතට වගකිවයුත්තෙක් නැති නිසා මෙය අවජාතක බැම්මක්ව පවතී. මේ බැම්මේ අනියම් පියවරුන්ගේ සිත්සතන් නැති ක්‍රියාවන් නිසා ඊළඟ මෝසම් වැස්සේදී තම නිවෙස්, ගම්බිම්, කුඹුරු , හරකාබාන යටවන බව නියත යැයි දන්නා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන තුනක ජනතාව සමාන කළ හැක්කේ පෝරකයට නියමවී කල්ගතකරන මිනිසෙකුට පමණි.මේ මහා ගැටලුව ඇති කළවුන් තවමත් නිදැල්ලේය.

මේ ගැටලුවේ සුලමුල සොයන්නෙකුට මෙයට වගකිවයුතු උගතුන් හා ඔවුන්ගේ සහචරයන් විස්තරය පටන් ගන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ නිල්වලා ගඟ තැනුණු අයුරු තැන සිටය. එතැනින් පටන්ගෙන සංඛ්‍යා ලේඛන, දේශගුණ විග්‍රහ, ඉංජිනේරුමය පැහැදිලි කිරීම්, භූ විෂමතා ප්‍රශ්න හරහා වත්මන් අර්බුදය දක්වා විස්තරය ඇති තැනට පැමිණෙන විට අසන්නාට මේ දේශනය එපාවෙයි. එනිසා මේ සැබෑ ප්‍රශ්නය යටපත් වෙයි.

නිල්වලා ගඟ සැමදා මාතර දිස්ත්‍රික්කයේ කඳුකර උස් බිම් වලින් ඇරඹි මාතර තොටමුනින් මුහුදට එක්වුනි. මේ ගඟ කිලෝමීටර් 33 ක දුරක් ගලන්නේ අතිශයෙන්ම පැතලි බිමකය. එනිසා වැසි වැටී ගඟෙහි වතුර වැඩිවෙන විට මාතර පහත් බිම් ගංවතුරින් යටවුණි. මේ ගංවතුර සමඟ හා රොන්මඩ ගොවිබිම් සරු කළේය. මේ ගංවතුර පාලනයට විවිධ අවස්ථාවල විවිධ යෝජනා, විසඳුම් හා ව්‍යාපෘති සිදුකෙරිණි. වැසි වතුර බැස යාමට ඇළමාර්ග ඉදිකිරීම්, ගඟ දෙපස බැමි  ඉදිකිරීම්, යටවූ බිම් වලින් ගංවතුර ඉවත්කිරීමට පොම්පාගාර ඉදිකිරීම් මේ අතර වේ. මේ සියල්ල නිසා මේ මෝඩ බැම්ම තනන තුරු ගංවතුර උවදුර අතීතයට වඩා යම් ප්‍රමාණයකට පාලනයවී තිබුණි. කලාතුරකින් ගංවතුර ගැලුවත් එය වහා බැස ගියේය.

මෙයට අමතරව තවත් ගැටලුවක් තිබුණි. ඒ, පැතලි බිමක ගලන නිල්වලා ගඟින් මාතර ජනතාවට පානිය ජලය ලබාදීමයි. ගඟ පැතලි නිසා වියලි කාලයට මුහුදින් කරදිය ගඟ ඉහලට ගොස් පානීය ජලය ලබාගන්නා තැන්වලින් කරදිය මිශ්‍ර ජලය ලැබිණි. වසරකට මාස කිහිපයක් පමණක් සිදුවන මේ කාලවල මාතර ජනතාවට ලැබෙන්නේ පානය කල නොහැකි තරම් ලවණ අධික ජලයකි. මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් ඉදිරිපත් වුවත් මෙයට කිසිදු ස්ථිර විසඳුමක් නොලැබී තිබුණි. නිල්වලා ගඟ හරහා බැම්මක් ඉදිකොට ගඟෙහි වතුර අඩු කාලයට ගේට්ටු වසා කරදිය උඩට යාම වලක්වා පානීය ජලය ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත්වන්නේ මේ පසුබිම යටතේය.

ලවණ බාධක ලෙස හඳුන්වන මෙවන් බැමි ලොවේ පිළිගත් ඉංජිනේරුමය ක්‍රියාවකි. ගැටලුව ඇත්තේ මේ සංකල්පයේ නොව එය සිදුකල අයුරේය. පානිය ජලය ලබාදීම ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක් නිසා එම ආයතනය මේ ක්‍රියාවට අතගැසුවේ ඔවුන්ය. ඔවුන් මේ බැම්ම සැලසුම් කිරීම ලංකා හයිඩ්‍රෝලික්ස් නම් මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික ආයතනයකට බාරදුනි. මෙයට ගෙවූ මුදල අවිනිශ්චිතය. මේ ආයතනය නිල්වලා ගඟේ පටුම තැනින් සැලසුම් කල බැම්ම ගඟේ පටුම තැනද දෙපසින් තවත් අහුරා, ගඟ පතුලේ සිට සැලකිය යුතු ඉහලට කොන්ක්‍රීට් බැම්මක් බැඳ තැනෙන සේ යෝජනා කර තිබුණි. කරදිය එනවිට වහන හා ගඟෙහි වතුර වැඩිවන විට අරින ගේට්ටු පහ තිබුනේ මේ කොන්ක්‍රීට් බැම්ම මතය.

ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනය විසින් සැලසුම් කරන ලද මේ බැම්ම පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය, ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් (CECB) පුර්ව විමසීමක් කළේය. CECB  ආයතනය මේ සැලසුම ගැන අධ්‍යයනය කොට 2016 ජනවාරි 14 වෙනි දිනැති ලිපියෙන් ජලසම්පාදන මණ්ඩලය වෙත දන්වා සිටියේ මේ ලවණ බාධකය යෝජිත අයුරින් ඉදිකළහොත් ගංවතුර ගැලීම ස්ථිර බවයි. මේ අනතුරු හැඟවීම නොතකා 2017 මාර්තු මස ජලසම්පාදන මණ්ඩලය හා අප රටේ ගංගා ඇලවේලි භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ළවණ බාධකය තැනීමට එකඟතා ගිවිසුමක් අත්සන් කළේය. ලංකා හයිඩ්‍රෝලික්ස් ලබාදුන් සැලසුම් අනුව මේ ලවණ බාධකය තැනීම ‘කෝලෝන් සැම්සුන්” නම් කොරියානු සමාගමට බාරදුනි. එහි ඉංජිනේරුමය සැලසුම කලේ “සී වෝටර්’ නම් රත්මලානේ පිහිටා ඇති ආයතනයකිනි. වර්ෂ 2017 අගෝස්තු මස 6 වෙනි දින උත්සවාකාරයෙන් මුල්ගල් තබා තැනීම් ඇරඹුණු මේ ලවණ බාධකයට ජලසම්පාදන මණ්ඩලය වැයකල මුදල රුපියල් බිලියන තුනකි . මේ සා විශාල මුදලක් වැයකර මේ ලංකාවේ සිදුකරන ගොඩනැගීමක මුදල් අතින් අත හුවමාරු නොවුවේ යැයි සිතිය නොහැකිය. එසේ නැතහොත් ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් (CECB) දුන් උපදේශය කිසිසේත් නොතකා මෙවන් ඉදිකිරීමක් සිදුකිරීම වටහා ගත නොහැක.

මේ ලවණ බාධකය තැනෙමින් පවතින විට ප්‍රදේශයේ ගොවි නායකයන් මේ තැනීමෙන් ඇති විය හැකි විපත ගැන තම ප්‍රායෝගික දැනුමෙන් අවබෝධ කර ගත්තේය. ඔවුන් දේශපාලඥයන්ටද , ජලාප්‍රවාහන මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උගතුන්ටද , ප්‍රාදේශීය පරිපාලකයන්ටද කරුණු පැහැදිලිකර  දුන්නත් ඒවා කිසිවෙකු නොතකා හැරීය. පැමිණිලිකළ ඇතැම් අවස්ථාවලදී ඉදිකිරීම් වඩාත් වේගයෙන් සිදුවිණි.

අවසානයේදී  2023 වසරදී ලවණ බාධකය තනා නිමැවිණි. මෙය ඉදිකිරිම ආරම්භවූ දින සිට පාසා වැඩිවෙමින් පවතින ගංවතුර උවදුර නිසා ඇතිවී ඇති ජනදුක අපමණය. ස්වභාවික ගං පතුලට වඩා විශාල උසකින් තැනුණු ලවණ බාධකය නිසා එයට ඉහලින් ගඟෙහි වතුර රැඳීම ඇරඹුණු අතර ගං පතුලේ රොන්මඩ එකතුවී සෑහෙන දුරක් ගං පතුල ඉහලට එසවුනි. එනිසා වැසි වසින කලට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7 ක එනම් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාතර, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය හි විශාල භුමි ප්‍රමාණයක් ගංවතුරට හසුවිය. යටවුණු ග්‍රාමසේවක වසම් ගණන 61 කි. මේ ප්‍රශ්නය නිසා අක්කර විසිදහසක් හා ගොවි පවුල් තිස් දහසක් පීඩාවට පත්වී තිබේ. පසුගිය වසරේ මාස තුනකට අධික කාලයක් ඇතැම් ගම්බිම් හතලිස් වරක් පමණ ජලයෙන් යටවිය. පෙර ඉතාම සශ්‍රික ප්‍රදේශවූ මේ ප්‍රදේශ වල කොරටු වගාව, කිරි ගොවියන්, කුරුඳු , කොස්, දෙල්, තේ ගස් විනාශ වී ඇත. එසේම වෙනදා ගංවතුර ඇතිවුවත් වැස්ස තුරල්වූ පසු බැසයන වතුර දැන් මාස ගණන් ගොවිබිම්වල රැඳී පවතියි. ප්‍රදේශයේ ඇතැම් තැන් මාස තුනකට අධික කලක් ජලයෙන් යටවී තිබිණි. මේ ව්‍යසනයට හේතුව නිල්වලා ගඟ හරහා බඳින ලද “මෝඩ බැම්ම” නිසා වැසි කාලයේදී ගඟෙහි ජල මට්ටම එසවී වතුර නොබැසී ගම්බිම්වල  රැඳී පැවතීමයි.

එසේම රසායනික පොහොර හා කෘමිනාශක යොදන ලද ගොවිබිම් මාස ගණන යටකොට නැවත ගඟට ගලන වතුර පානය කරන මාතර නගර වැසියන් තමන් නොදැනුවත්වම “වස විස” බොමින් සිටි. කුමන පිරිපහදුවකින් හෝ රසායන ද්‍රව්‍ය සියල්ල ඉවත්කළ නොහැකි නිසා, මාතර දිස්ත්‍රික් වැසියන් වකුගඩු රෝගීන් වීමේ කාලය වැඩි ඈතක නොවේ. මෙහිදී ජල සම්පාදන මණ්ඩලයේ විද්වතුන් සමාන කල හැක්කේ මුටිටියේ ඇති එක සිදුරක් වැසීමට ගොස් සිදුරු දෙකක් ඇතිකර ගත් ඉඳුරුවේ ආචාරියාටය. ඒ මෝඩ ආචාරියා ගැන ගැමියන් කියූ ජන කවිය මෙසේය.

“එකක් කඩතොළු වසා ගන්නට ගොසින් සිදුවුණු කාරියා
දෙකක් කඩතොළු හදා ගත්තනේ අනේ ඉඳුරුවෙ ආචාරියා”

“මෝඩ බැම්මේ” සැඟවුණු පියවරු ගම්බිම් යටවීමට හේතුව ලෙස දක්වන්නේ ඔවුන් ඉදිකළ බැම්ම නොව, වර්ෂාපතනයයි. ඔවුන්ගේ තර්ක අනුව පසුගිය වසර කිහිපය තුල පැවති අන්දමේ වර්ෂාවක් ඉතිහාසයේ කිසිකලක පවතී නැත. මෙය අමුලික අසත්‍යයකි. එසේම තම ගම්බිම් යටවීම නිසා ඇති වුණු ගොවි උද්ඝෝෂණ හමුවේ ජල සම්පාදන මණ්ඩලය අපූරු ක්‍රියාවක් සිදුකොට ඇත. එනම් මේ බැම්මේ නිර්මාතෘ ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනයටම මෙයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමයි. ඒ උපදෙස්ද ඔවුන් දෙන්නේ මුදලකට මිසක් නොමිලේ නොවේ. මේ ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් ගලප්පත්ති මහතා මේ වසරේ ජනවාරි මස ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියමින් පවසා සිටියේ මේ ලවණ බාධකයේ කිසිදු දොසක් නැති බවය. මෙවන් පිරිසකගෙන් ඔවුන් ඇති කළ ප්‍රශ්නයට විසඳුම් ඇසීම හොරාගේ මෑණියන්ගෙන් නොව හොරාගෙන්ම අසන පේනයකි.

මේ ප්‍රශ්නයට මොවුන් මුට්ටියේ ඔලුව හිරකර ගත් එළුවාගෙන් මුට්ටිය ගලවා ගන්නට මහදැනමුත්තා කල අයුරේ විසඳුමක් ඉදිරිපත් කළහොත් පුදුමයට කරුණක් නොවේ. මහදැනමුත්තා මුලින්ම කළේ එළුවාගේ බෙල්ල කැපීමයි. එළුවාගේ බෙල්ල කැපූ පසුවත් මුට්ටිය නොගැලවුනු විට මහදැනමුත්තා කලේ මුට්ටිය බිඳීමයි. දැන් එළුවාත්, මුට්ටියත් දෙකම නැත . සුළු ගැටලුවක් විසඳා ගැනීමට බැරි, දැනුම පමණක් ඇති මෝඩයන්ට අපේ පැරණි ගැමියන් සිනාසුනේ මෙවැනි ජනකතා තුලිනි.

මේ ප්‍රශ්නයට ගොවි නායකයන් ඉදිරිපත් කරන්නේ ප්‍රයෝගික විසඳුම් කිහිපයකි. ඔවුන් ඒදණ්ඩේ යා නොහැකි ඉංජිනේරු පඬිවරුන් නොවේ. ඔවුන් “මෝඩ බැම්ම” විනාශ කිරීමට ඉල්ලන්නේ නැත. ඒ, එහි කොපමණ ගැටළු තිබුණත් එය යම් පමණකට මාතර ජනතාව පානය කරන ජලයට ලුණු මුසුවීම වලකන නිසාත්, බැම්ම කැඩීමට තවත් විශාල මුදලක් වැයවන නිසාත්ය. ඔවුන් යෝජනා ක‍රන්නේ මැයි මස ඇදහැලෙන මෝසම් වැස්සට පෙර මේ ලවණ බාධකයට පසෙකින් ජලය බැස යාමට අතුරු ජල මාර්ගයක් (by-pass) තනා එය තාවකාලිකව වැලි කොට්ට වලින් වසා තැබීමයි. එවිට ගඟෙහි ජල මට්ට්ටම වැඩිවන විට මේ වැලිකොට්ට ඉවත්කොට ගංවතුර බැසයාමට සැලසිය හැක. මේ අතුරු මාර්ගය දැනට තනා නොමැති නමුත් මේ ජායාරුපයේ දැක්වෙන පරිදි මෙහි නොනිමවූ කොටසක් ඇත. ඉඩම් පවරා ගැනීමක් නොකොට මෙය මීටර් 90 ක් පළලට විශාල කල හැකි අතර මෙය මේ වසරේ අප්‍රේල් මසට අවසන් වීමට පෙර සිදුකල යුතුය. එසේ නොකළහොත් මහදැනමුත්තන්ගේ තර්ක බිඳදමමින් නිල්වලා ගඟ මෝසම් වැස්සේදී දෙගොඩ තලා යනු ඇත. මේ මුලික පළල් කිරීම සිදුකල පසු ඉඩම් පවරා ගෙන අවම වසයෙන් මේ අතුරු මාර්ගය මීටර් 120 ක් පළල්ව තැනිය යුතුය. මේ හැරුණු කළ වෙනත් හදිසි විසඳුමක් ඉංජිනේරු මහදැනමුත්තන්ට ඇතියැයි සිතිය නොහැක. මෙය නොකළහොත් ඊළඟ මෝසම් සමයේදී පෙරටත් වඩා ගම්බිම් රැසක් ජලයෙන් යටවෙනු ඇත.

ඒ හැරුණු කොට මේ “මෝඩ බැම්ම” නිසා මේ වනවිට කන්න දහයක පමණ වගා හානිවී තිබෙන ගොවියන්ට මෝඩ බැම්මේ අයිතිකරුවන් වන ජල සම්පාදන මණ්ඩලය විසින් අලාභ ගෙවිය යුතුය. මේ වගකීම ඔවුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ඇතිකරගත් ගිවිසුමෙන් පවරාගෙන ඇති නිසා මේ කටයුත්තෙන් මඟ හැරීම ඔවුන්ට කළ නොහැක.

මේ හදිසි ක්‍රියා දෙක සිදුකල පසු මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටලුවට හා පානීය ජලය ගැටලුවට දිගුකාලීන විසඳුම් සෙවීම සිදුකළ හැක. ඒ සඳහා සාකච්ඡා සම්මන්ත්‍රණ සංවිධානය කිරීමේ විශේෂ හැකියාවක් නම්, අපේ ඉඳුරුවේ ආචාරීන්ට ඇත.

The post වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%96-%e0%b6%b8%e0%b7%9d%e0%b6%a9-%e0%b6%b6%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/feed/ 0
‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’ https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0/#respond Mon, 31 Jul 2023 06:22:21 +0000 https://vivaranalk.com/?p=9192 ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ. ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ? සමහර ඖෂධයන්හි එම ඖෂධයට […]

The post ‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’ appeared first on විවරණ.

]]>
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ.

ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ?

  1. එම ඖෂධයෙහි  අවශ්‍ය මාත්‍රාව තිබේ දැයි සොයා බැලීමතත්ත්වයෙන් බාල සමහර ඖෂධවල, ඖෂධයට වඩා එහි අඩංගු අනෙක් ද්‍රව්‍ය වැඩි විය හැකිය.
  2. එම ඖෂධයෙහි සිරුරට හානි කරන රසායන ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම.

සමහර ඖෂධයන්හි එම ඖෂධයට අමතරව සිරුරට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිය. මීට එක් උදාහරණයක් වන්නේ අසාත්මිකතාවය ඇති කරනු ලබන රසායන ද්‍රව්‍ය යි. තත්වයෙන්  බාල ඖෂධවල මෙලෙස අසාත්මිකතා ඇති කළ හැකි රසායන ද්‍රව්‍ය වැඩි ය.  තවත් එක් උදාහරණයක් වන්නේ පිළිකාකාරක රසායන ද්‍රව්‍ය යි.

එසේ නම් මෙවැනි තත්වයන් මග හරවා ගන්නේ කෙසේද ?

ඉහත  ද සඳහන්  කළාක් මෙන් ඕනෑම ඖෂධයක් භාවිතය සඳහා නිකුත් කිරීමට පෙර තත්ව පරීක්ෂණයකට භාජනය කළ යුතු වෙයි. ජාතික  ඖෂධ තත්ව පරීක්ෂණ රසායනාගාරයක් ( NDQAL)  මේ රටේ  පවතින්නේ එම  කාර්යය සඳහා ය. මීට මසකට පමණ ඉහතදී NDQAL ආයතනයෙහි සේවය කරන ලද ඖෂධවේදීන් 26 දෙනෙකු වහාම එම ස්ථානයෙන් මුදාහැර ඇත. එයට හේතුවක් නොදනිමු. එනිසා උග්‍ර සේවක හිඟයක් පවතින එම ආයතනයෙන් දැන් රට ඇතුළට එන ඖෂධවල තත්ව පරීක්ෂණයක් නිසි ලෙස සිදු වන්නට ඉඩක් නැත. එසේම තත්ව පරීක්ෂණයක් නොකර මේ රටට ඖෂධ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවා පසුගියදා පවසා තිබිණි. සෞඛ්‍ය ඇමතිවරයා සිටින්නේ එලෙස තත්ව පර්යේෂණයක් සිදු විය යුතු නැතැයි යන මතයේ ය. ඖෂධවේදීන් 26 දෙනෙකු ම එතැනින් ඉවත් කරන්නට හේතුව එය විය හැකි බව  ඉතා පැහැදිලි ය.

අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියක් තිබේ.  මෙහි පනතට අනුව නම් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි අනිවාර්යෙන් ඖෂධවේදය සම්බන්ධ මහාචාර්යවරයකු ද සිටිය යුතුමය. මාස හයක පමණ  කාලයක සිට  එවැනි මහාචාර්යවරයකු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නොමැත. කලින් එවැනි මහාචාර්යවරුන් සිටි මුත් ඒ අය ඉවත් කර තිබේ.මේ තත්වයන්ට  අනුව අපේ රටට ගෙන්වනු ලබන  කුමන ඖෂධයකවත් තත්ව පරීක්ෂාවක් සිදු නොකරන බව ඉතා පැහැදිලි කාරණයකි.

දැන් ප්‍රශ්න කිහිපයක් තිබේ.

බොහෝ දෙනෙක් කතා කරන්නේ ඖෂධවල “අසාත්මික තිබෙනවා  සහ ඒ හේතුවෙන් රෝගීන් මිය යනවා” යන්න ය. වෙනස් වෙනස් නිෂ්පාදකයන් නිපදවා සෞඛ්‍ය සේවාවට ලබා දෙනු ලබන ඖෂධවල අසාත්මිකතා ඇතිකළ හැකි රසායන ද්‍රව්‍ය පවතින්නේ ද නැද්ද යන්න ගැන තත්ව පරීක්ෂණ දැන් මෙරට නිසිලෙස සිදු නොවේ. මේවායේ තිබෙන සමහර සංඝටක අසාත්මික වීමෙහි ප්‍රතිඵලය වන්නේ ඇතැම්විට රෝගියෙකුගේ ක්ෂණික මරණයක් විය හැකිය. අදාළ  ඖෂධය  රෝගියාගේ ශිරාගත කර, එනම් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ලබාදී පැයක් දෙකක් ඇතුළත වුවද  එය සිදු වීමේ හැකියාව ඇත. අපේ රටේ පසුගිය දිනවල එවැනි තත්වයන් වාර්තා විය.

ඊළඟ ගැටලුව වන්නේ ඖෂධ නිසා ඇතිවන  අනෙකුත් අනිසි පලයි.  ඖෂධ නිසා ඇස් අන්ධ වූ රෝගීන් පිළිබඳව  පසුගිය දිනවල වාර්තා විය. එය අසාත්මිකතාවයක් නිසා සිදුවන්නක් නොවේ. ඒ එම ඖෂධයෙහි අඩංගු අහිතකර රසායන ද්‍රව්‍යයක් හෝ විෂබීජයක් නිසා ඇති වූ ප්‍රතිඵලයකි.        

තුන්වැනි ප්‍රශ්නය නම් මේ ඖෂධවල අහිතකර  ප්‍රතිඵල ඇති කරන වෙනත් රසායනික සංඝටක අඩංගු වී තිබීම නිසා සිරුරට ඇති විය  හැකි හානීන් ය. ඖෂධ තත්ව පරීක්ෂණාගාරයක් තිබෙන්නේ එලෙසින්  ඖෂධ නිසි තත්ත්වයේ පවතින්නේ ද යන්න පරීක්ෂාකර බැලීමට ය. නමුත් දැන් එවැනි පරික්ෂා කිරීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ම ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එසේම මෙලෙස තත්ව පරීක්ෂණවලට භාජනය නොකරන ඖෂධවල අඩංගු රසායන ද්‍රව්‍යයන්හි පිළිකාකාරකද පැවතිය හැකිය. අද මෙවන් ඖෂධයක් ගත් පසු හෙට පිළිකාවක් හටගන්නේ නැත. නමුත් පිළිකාවක් සිරුරේ වර්ධනය වීම වැඩි කාලයක් යන්නට මත්තෙන් ආරම්භ විය හැකිය. එසේ වුවහොත් එයට හේතුව මෙවැනි ඖෂධ ගැනීම යැයි කිසිවෙකුවත් දන්නේ ද නැත. මේ ගැටලුව  නිසා අනාගතයේ අපේ රටේ පිළිකා රෝගීන් විශාල වශයෙන් වැඩි විය හැකිය.

මේ ගැටලුව නිසා අනාගතයේ දී  මෙරට ඇතිවිය හැකි තත්වය පිළිකාවකින් පමණක් නවතින්නේ ද නැත. තත්ව පරීක්ෂාවකින් තොරව නිකුත් කරන මෙම බාල වර්ගයේ ඖෂධ වල අඩංගු වී තිබිය හැකි අහිතකර රසායන ද්‍රව්‍ය නිසා නිසා වකුගඩු ආබාධ හා අක්මා ආබාධ අනාගතයේදී වැඩි විය හැකි වේ.        

මේ බාල ඖෂධ නිසා ඇතිවන සමහර  ප්‍රතිඵල පැයකින් දෙකකින් මතුවේ. තවත් සමහර ප්‍රතිඵල දවසකින් දෙකකින් මතුවිය හැකිය. එසේ ම  මාසයකට පමණ පසු, නැතහොත් මාස කීපයකට පමණ පසු, ඒත් නැත්නම් අවුරුද්දකින් දෙකකින් හෝ ඊටත් පසුව වුවද මේ අහිතකර ප්‍රතිඵල මේ රටේ අසරණ ජනතාවට අත්විඳින්නට සිදුවන බව නම් ඉතාමත්ම අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.

මෙම ඖෂධවල විකිරණ රසායන ද්‍රව්‍ය පැවතියහොත් ඒවායින් පිළිකා හට ගැනීමට අමතරව, ගැබිනි  මව්වරුන් මෙවැනි ඖෂධ භාවිතා කිරීම නිසා විකෘති දරුවන් බිහිවීමේ හැකියාවක් තිබේ. එසේම අනාගතයේ මව්වරුන් වන තරුණියන් මෙවැනි ඖෂධ ගැනීම තුළින්  මෙම අහිතකර සංඝටක ඔවුන්ගේ ශරීර ගත වීම තුළින්  ඔවුන් ගැබ් ගත්තත්, එම කළලයට හානි සිදුවීමට මෙන්ම විකෘති දරුවන් බිහි වීමට ද  ඉඩක් තිබේ. එසේ නම් කුමන හේතුවක් මත හෝ ගෙන්වනු ලබන මෙම බාල ඖෂධ කිසිදු තත්ව පරීක්ෂාවකින් තොරව ජනතාවට ලබා දීම තුළින්  අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්නේ අපේ රටේ දැන් ජීවත් ව සිටින සාමාන්‍ය ජනතාව පමණක් නොවේ.  තවම උපදින්නට සිතාවත් නැති, නමුත් අනාගතයේ මේ රටේ උපදින ඊළඟ පරම්පරාවන් ද මෙම ව්‍යසනයට ඉබේම ගොදුරු වෙයි. තත්වය  මොනතරම් ඛේදනීය ද, භයානකද යන්න ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමු.

තත්වයෙන් බාල මෙවැනි ඖෂධ නිසා උද්ගත වන අහිතකර ප්‍රතිඵල එතෙකින් නො නවතියි.

නිදසුනක් ලෙස යම්කිසි ඖෂධයක අඩංගු විය යුතු ඖෂධ ප්‍රමාණය මිලිග්‍රෑම් සියයක් යැයි සිතමු. එය  මිලිග්‍රෑම් සියයක ඖෂධයක් බව සඳහන් කළත්, තත්වයෙන් බාල ඖෂධයක   මිලිග්‍රෑම් සියයක් වෙනුවට  මිලිග්‍රෑම් පනහක් පමණක් අඩංගු කර තිබෙන්නට බැරි නැත. රෝගීන් සඳහා ඖෂධ නියම කරන වෛද්‍යවරුන්ට  ඖෂධය තුළ අඩංගුව ඇති ඖෂධ ප්‍රමාණය පරික්ෂා කිරීමට හැකියාවක් නැත. එය වෛද්‍යවරයකුට අයත් කාර්යයක් ද නොවේ. ඒ අනුව  එවැනි ඖෂධයක් භාවිතා කරන රෝගියෙකු හට තම රෝගයෙන් නිසි සුවපත් වීමක් අපේක්ෂා කළ නොහැකිය.  නිදසුනක් ලෙස අධික රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයකුට  යම්කිසි මාත්‍රාවකින් ඖෂධයක් වෛද්‍යවරයා නියම කරනු ඇත. රෝගියාද ෆාමසියට ගොස් වෛද්‍යවරයා විසින් නියම කරන ලද මාත්‍රාවෙන් යුතු අදාළ ඖෂධය මිලදී ගෙන භාවිතා කළත් එම ඖෂධ වර්ගයෙහි දක්වා තිබෙන අන්දමට  ඖෂධ ප්‍රමාණය නොතිබුණහොත් රෝගියා ගේ අධික රුධිර පීඩනය පාලනය නොවේ. පාලනය නොවීම යනු රෝගය තවත් උග්‍රවීම ය. මෙය දියවැඩියාව, හෘද රෝග ආදී  මෙකී නොකී ඕනෑම රෝගයකට අදාළ බව සැලකිය යුතුය.

තවත් උදාහරණයක් ගනිමු. පසුගිය කාලයේ ඇතිවූ සෙම් රෝග නිසා  නියුමෝනියාව ද බහුල ලෙසම දක්නට ලැබිණි. නියුමෝනියාවට වෛද්‍යවරුන්  විසින්  ප්‍රතිජීවක ඖෂධ නියම කෙරේ. එහිදී දෙනු ලබන ඖෂධවල නිසි මාත්‍රාවෙන් ඖෂධය අඩංගුවී නොමැතිනම් රෝගය පාලනය වන්නේ නැත. එහි ප්‍රතිඵලය වන්නේ නියුමෝනියාව උත්සන්න වීමෙන් රෝගියා මරණයට පත්වීමයි. මෙහිදී රෝගියාගේ මරණයට හේතුව නියුමෝනියාව බව සඳහන් කරනු ඇත. රෝගියාට නියුමෝනියාව තිබුණු බව සැබෑය. නමුත් මරණයට හේතුව වෛද්‍යවරයා විසින් නියම කරන ලද ඖෂධවල,  නිසි මාත්‍රාවට අනුව  ඖෂධ නොතිබීම  නිසා රෝගියා හට වෛද්‍යවරයා නියම කරන ලද ප්‍රමාණයට ඖෂධය නොලැබීමයි. එය වෛද්‍යවරයාගේ වරදක් නොවේ. අවසානයේ නිව්මෝනියාව වැළඳීමෙන් රෝගියා මිය ගිය බවට ඉතා පහසුවෙන් මරණ සහතිකය ලියවෙනු ඇත. වරද කාගේද?  බාල බෙහෙත් වර්ග ආනයනය කර තත්ව  පරීක්ෂාවකින් තොරව ජනතාවට මුදාහරින සෞඛ්‍ය  බලධාරීන්ගේ නොවේද ?

මෙම ගැටලුවට ඇත්තේ විසඳුම් දෙකකි.

  • වහාම කළ යුතු පළමු දේ නම් තත්ව පරීක්ෂාවකින් තොරව රටපුරා නිකුත් කරන ලද බාල වර්ගයේ ඖෂධ සියල්ල යලි ආපසු ගෙන්වා ගෙන භාවිතයෙන් ඉවත් කිරීමය.
  • ඊළඟට එමගින් රජයට සිදු වූ පාඩුව,  මෙම  ඖෂධ ගෙන්වීම සඳහා නියෝග ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අදාළ නිලධාරීන්ගේත්, ඖෂධ නියාමන අධිකාරියේ  අදාළ නිලධාරීන්ගේත් පෞද්ගලික ධනයෙන්  සහ ඖෂධ ගෙනෙන ලද පෞද්ගලික සමාගම් වලින් අය කර ගත යුතුය.

එසේම  ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තියට අනුව තත්ව පරීක්ෂාවකින් තොරව තොග වශයෙන් ඖෂධ මෙරටට ගෙන ආ හැක්කේ හදිසි ජාතික ආපදා තත්ත්වයකදී සහ වසංගත රෝග තත්ත්වයකදී පමණි. ඒ ඉතා හදිසි තත්ත්වයන් බැවිනි. ඒ හැර කිසිදු ආකාරයකින් නිසි තත්ව පරීක්ෂාවකින් තොරව ඖෂධ නිකුත් කිරීම ඖෂධ පනතට අනුව නීති විරෝධීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙහි 108 වගන්තියට අනුව නිසි තත්ව පරීක්ෂණයකින් තොරව ඖෂධ ගෙන්වනු ලබන අයෙකුට එරෙහිව  දඬුවම් පැමිණවීමේ හැකියාව තිබේ. එහිම 108 (3) (1) වගන්තියට අනුව මෙවැනි ඖෂධ ගෙන්වන්නන්ට එරෙහිව මහේස්ත්‍රාත් අඩු අධිකරණයක නඩු පැවරිය යුතුවේ. එය අපරාධ වරදකි. එම වගන්තියට අනුව එම පුද්ගලයා වරදකරුවකු වුවහොත් රුපියල් දස ලක්ෂයක දඩයක් සහ/හෝ වසර තුනකට නොවැඩි සිර දඬුවමක් ලබාදිය යුතුය.

තත්ත්ව පරීක්ෂණයකින් තොරව ඖෂධ ගෙන්වීම කර ඇතැයි ප්‍රසිද්ධයේ පිළිගත් නිසා සහ එසේ කළේ යැයි ලිඛිත සාක්ෂි  ඇති නිසා, සෞඛ්‍ය ඇමතිවරයා සහ මෙයට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව අපරාධයක් සිදුකිරීම හා අපරාධයකට අනුබල දීම මත පදනම්ව, මේ පනත අනුව, රජය විසින් අපරාධ නඩු පැවරිය යුතු වෙයි. එය අහිංසක ජනතාවගේ බදුවලින් යැපෙන රජයක් විසින් ජනතාව වෙත ඉටුකළ යුතු අනිවාර්ය යුතුකමකි.

සැකසුම: ඉන්දු පෙරේරා

The post ‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0/feed/ 0