Chamil Jayaneththi, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 05 Feb 2025 11:19:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Chamil Jayaneththi, Author at විවරණ 32 32 කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b7%84%e0%b6%bb%e0%b6%b4-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b7%84%e0%b6%bb%e0%b6%b4-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93/#respond Wed, 05 Feb 2025 11:19:33 +0000 https://vivaranalk.com/?p=12628 වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී […]

The post කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. appeared first on විවරණ.

]]>
වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුලු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. 

මුලින් අපි විමසා බලමු ජාජබට ආණ්ඩුවට හිතෛෂී විචාරයන් වල ස්වභාවය ගැන. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ජාජබ ආණ්ඩුවේ ස්ථාවරය රකින සටහන් හෝ විඩියෝ හෝ විවිධ පෝස්ට් යටින් ඇති අදහස් දක්වන (comment) තීරුවල දැක ගත හැකියි. එහිදී ජාජබ ආණ්ඩුවේ ක්‍රියාවන් අනුමත කරන්නන් එම ප්‍රචාරක පුවරුවට සටහන් අතර ‘අනුරට බුදු සරණයි,’ ‘ආණ්ඩුවට බුදු සරණයි’ යන කොමෙන්ට්ද දැක ගත හැකිය. එවැනි වැකි දමන සියලු දෙනාම මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස බව පැහැදිලිය. ජාජබ ආණ්ඩු ජයග්‍රහණයකින් පෞද්ගලික විමුක්තියක් උදාවන බව දැඩි විස්වාසයක් ඔවුන් අතර තිබී ඇති බව එම ප්‍රකාශ මගින් ඒතු යන්නේය. ඒ ජාජබ ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මාක්ස්වාදී අරුතෙන් සමාජ විමුක්තියක් නොව පෞද්ගලික විමුක්තියක් ලැබිය හැකියැයි යන විශ්වාසය මත පදනම් වීම නිසාවෙනි. ඔවුන් ජාජබ ආණ්ඩුව පත්වී දින 100ත් පසුවන විට කිසිම විමුක්තිකාමී ක්‍රියාවක් නොමැති විට සහ විමුක්තියක් නොපෙනන නිසා එම පෞද්ගලික විමුක්ති මානයෙන් විතැන්ව ආත්මීය විමුක්තියක් කෙරෙහි විස්වාසයක් ඇති කර ගනිමින් පවතින බව එම ප්‍රකාශ මගින් පෙනී යන කරුණකි. එවිට පෙනීයන්නේ ආර්ථිකමය හෝ දේශපාලනමය විමුක්තිය පෙනෙන තෙක් මානයේ සපල නොවන විට පෞද්ගලික විමුක්තිය වෙනුවට භක්තිවාදය මත පදනම්ව ආගමික විමුක්තියකට පල්ලම් බැසීම සිදුකර ගෙන ඇති බවය. දැන් ඔවුන් ආගමික ආත්මීය විමුක්තිය මූලික ප්‍රස්තූතය බවට පත් කරගෙන භක්තිවන්ත ප්‍රකාශ කොමෙන්ට් තීරුවල දමන්නේ ආත්මීය විමුක්තියකින්වත් ජාජබ ආණ්ඩුවට උට්ටානයක් ලැබිවියැයි සිතුවිල්ලෙන් විය හැකිය. දැනට ඉතිරි වී සිටින ජාජබ ආණ්ඩු හිතෛෂීන්ට අබ සරණ පමණක් ලැබෙන බව ඔවුන්ගේ බුදු සරණයි ප්‍රකාශ තුළින් පැහැදිලි වෙයි.

කුණුහරප සමාජයේ දැවැන්ත ලෙස ප්‍රකාශ වෙති. සාමාන්‍යයෙන් නිවෙස් තුළ සිට පුද්ගල විරෝධයන් දක්වා කුණුහරප පිට කිරීම පොඩි ළමයාගේ සිට මහල්ලා දක්වා වාචික අභිනයකි. නමුත් එය ලාංකීය සාහිත්‍යමය සංස්කෘතිය තුළ නොපැවතුන දෙයකි. සමාජ මාධ්‍යවල යම් යම් ආණ්ඩු පිරිහීමේ ලක්ෂණ පටන් ගත් කාලවල විවේචන කිරීම්, අපහාස කිරීම්, හාස්සයට ලක්කිරීම් දැක ගත හැකි වුවත් මෙවැනි ලක්ෂණයක් නොතිබුණි. නමුත් 2022 වන විට ගෝඨාභය රාජපක්ෂය විරුද්ධව යම් සුලු ප්‍රමාණයකින් කුණුහරප ප්‍රචාරක් දැක ගත හැකි විය. මෙවැනි දැවැන්ත ප්‍රමාණයක් නොතිබුණි. 2025 වන විට (ගෝඨාභට පන්නා දමා අවුරුදු 3ට පසු) ජනාධිපති අනුර දිසානාරකගේ සිට පාර්ලිමේන්තු 159ම එල්ලවන කුණුහරප කුණාටුවෙන් නොතෙමුන කෙනෙක් නොමැති තරම්ය. එවිට සමාජ මාධ්‍ය භාවිතාව තූළ දැවැන්ත ජාජබ  ආණ්ඩු විරෝධයක් පවතින බව දක්නට ලැබෙන සංකේතයකි. එහි පළවන එක් සටහනක් පමණක් සටහනක් කිරීමට වැදගත් වෙයි. ජාජබ ආණ්ඩු බලය ලබා ගැනීමට ගෙන ආ වචනයකි ‘පුනරුදය’ යන පදය. දැන් එම වචනය විරෝධාකල්පීය ලෙස ‘පුකරුදය’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සැරි සරයි. මේ ආණ්ඩුව ගෙන එන එවැනි වචන අති දැවැන්ත වාචික ප්‍රකාශයන් තිත්ත කුණුහරප දක්වා පරිවර්තන වන්නේ ජාජබ ආණ්ඩු විරෝධයේ ප්‍රකාශනයක් ලෙසය. එය දිනෙන් දින වර්ධනය වීමට පටන් ගෙන තිබේ.

එහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ හිටපු ඇමති කෙනෙක් වන විමල් වීරවංශ ජාජබ ආණ්ඩුව හඳුන්වන්නේ ‘කයි පාලනය’ (කයිවාරු පාලනය) යනුවෙනි. ඔහුද ජාජබ ආණ්ඩුව විවේචනය කරන්නේ එම නාමකරණයද ප්‍රබල ලෙස භාවිතා කරමිණි. ඔහුද ජනතා විමුක්ති පෙරමුණෙ මාළු ටැංකියේ පුහුණු වූ යෝධයෙක් වන හිටපු ප්‍රචාරක ලේකම්වරයාය. ඔහුද කයි පාලනයක් ගෙන යන්නට නරුම ධනේශ්වරයට වෙහෙසුන ඇමති කෙනෙකි. ඔහුගේ කයි පාලනයෙන් රටට කරපු දෙයක් නම් නොමැත. දැන් ඔහු අනුරගේ නරුම ධනේශ්වර දෘෂ්ටිමය පාලනය විරුද්ධව හඬක් නගන්නට පටන් ගෙන තිබෙන්නේ නැවත පරණ නරුමයන්ව බලයට ගෙන විත් තමාද එතැනට රිංගා ගැනීමටය. ඔහුගේ ‘කයි පාලනය’ යන වචන හරඹයද කුණුහරප භාෂාවට පෙරලී අවසන්ය.

අනෙක් පැත්තෙන් හිටපු ධනේශ්වර බහුබූතවාදීන් කරන විවේචන වැඩකට නොමැති වුවත් ඔවුන්ද නැවත ජාජබ ආණ්ඩුව පෙරලා බලය ලබා ගැනීමට වෙහෙසෙයි. එය ව්‍යර්ථ උත්සාහයක් වන්නේ ලෝකයේම ධනේශ්වර ක්‍රමය අති විශාල ලෙස අර්බුදයකට නතු වෙමින් පැවතීම පැවතීම නිසාය. ඒ ඇමරිකාවේ 2008/10 පසුව ගොඩනැගූ බබල් ආර්ථිකය 2025 තුළ දැවැන්ත වේගයෙන් කඩා වැටෙමින් පවතී. ඒ වගේම ඇමරිකාවේ ණය ගෙන ඇති ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 32ක දක්වා වර්ධනය වී තිබේ. නිවාස අහිමිවන (homeless) ජනතාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. එවිට එය කැනඩාව සහ යුරෝපය පුරා ආර්ථික කඩාවැටීමේ ව්‍යාප්තියක් සහිත බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ආර්ථික විශේෂඥයන් මේ ඇතිවන අර්බුදය හඳුන්වන නාමකරණය පූර්ව-විප්ලවාදී තත්වයක් (A pre-revolution situation) යනුවෙනි. ඒ නිසා මෙවැනි ධනේශ්වර ප්‍රතිසංස්කරන විසදුම් මගින් ඇතිවීමට යන පූර්ව-විප්ලවවාදී තත්වය සමනය කළ නොහැක. 1770 සිට 1820 විතර කාලපරිච්ඡේදයේ ඇතිවූ වැඩවසම් ක්‍රම විරෝධය ධනේශ්වර විප්ලව මගින් පියවූ විලසින් නැවත ධනේශ්වර ක්‍රම විරෝධය ජන නැගිටීම් හරහා නව පරිවර්තනයකට යාමේ ගෝලීය සමාජ අවශ්‍යතාවයක් මතු වෙමින් තිබේ. එය එක් වරක් ලංකාවේ 2022දී සිදුවිය. එය නැවත සක්‍රීය වීමට පරිසරය සකස්වෙමින් තිබේ. එය බංගලාදේශයේ සිදුවිය, නැවත සක්‍රිය වීමට පටන්ගෙන ඇත. මේ පැමිණෙමින් තිබෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් නව සමාජ ව්‍යුහයකට පරිවර්තනයක් සකස් කිරීමේ කාල පරිච්ඡේදයකටයි. එහිදී ගෝලීය පරිමාණව ජන අරගලය ප්‍රමුකත්වයට ගැනීමට ලෝකවාසීන්ට සිදු වනු ඇත.

ලංකාවේදී ඇතිවී තිබෙන ධනේශ්වර විරෝධී ස්වභාවය නැවත ජන විඥානය තුළ විවිධ පැති හරහා විකාශනය වීමට පටන් ගෙන තිබේ. ඒ කුණුහරුප වර්ෂාව වගේම ජන අරගලය සුලු ප්‍රමාණයෙන් පටන් ගෙන තිබේ. ජාජබ ආණ්ඩුව ගෙන යන ව්‍යාපෘතිවලට එන ජන විරෝධයද තවත් පැත්තකි. ජාජබ ආණ්ඩුවේ සමූපකාර ඡන්ද පරාජයට පත් වෙමින් තිබේ. ජාජබ ආණ්ඩුව පත්කල සභාපතිවරු ඉල්ලා අස්වීම පෙළට සිදුවෙමින් පවතී. ඒ වගේම ආණ්ඩුව තව ඡන්ද දෙකක් (ප්‍රාදේශීය සභා සහ පලාත් සභා) තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ජාජබ ආණ්ඩු විරෝධී ජන මතය වේගයෙන් විරෝධාකල්පයක් දක්වා වේගයෙන් වර්ධනය වන අතර පසුගිය දින 100ට වැඩි කාලය තුළ ඇතිවූ සියලු සිදුවීම් වලින් පෙනී යන්නේ ජන විඥානයේ ආණ්ඩු විරෝධය දැවැන්ත ලෙස බුබුලු දමමින් ඉදිරියට පැමිණෙන බවය. එහිදී 2022 මාර්තු 09 දිනය යනු ගෝල්ෆේස් අරගලය පටන් ගත් දිනයයි. එම දිනය සැමරුමක් පැවැත්වීමට අරගලයේ සිටි විවිධ කොටස් උස්සාහයක් ගනිමින් සිටිති. එය සාර්ථක කර ගැනීමට මැදිහත් වීම සියලු විරෝධතාකරුවන්ගේ ජයග්‍රාහී උත්සාහයක් වන්නේය. 

The post කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b7%84%e0%b6%bb%e0%b6%b4-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93/feed/ 0
ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%96-%e0%b6%b4/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%96-%e0%b6%b4/#respond Wed, 18 Dec 2024 11:33:59 +0000 https://vivaranalk.com/?p=12460 1948 ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුන දවසේ සිට 2024 දක්වා අවුරුදු 76ක් ගෙවී අවසන් ය. මේ අවුරුදු 76 තුළ ගෙවී ගිය දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසපෙ) හැඳින්වූයේ අවුරුදු 76ක සාපය නමිනි. අවුරුදු 76ක් තුළ ලංකාව පාලනය කලා වූ සමාජය සාපයකින් පෙළනු බව පවසමින් එම සාපය […]

The post ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? appeared first on විවරණ.

]]>
1948 ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුන දවසේ සිට 2024 දක්වා අවුරුදු 76ක් ගෙවී අවසන් ය. මේ අවුරුදු 76 තුළ ගෙවී ගිය දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසපෙ) හැඳින්වූයේ අවුරුදු 76ක සාපය නමිනි. අවුරුදු 76ක් තුළ ලංකාව පාලනය කලා වූ සමාජය සාපයකින් පෙළනු බව පවසමින් එම සාපය අවසන් කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ) මේ වසරේ දී (2024දී) පැවති ඡන්දවලදී ඉල්ලුවේ ය. එයට ජනාධිපතිවරයා ඇතුළුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා බලයක් ජනතාව ලබා දුන්නේ එම බලාපොරොත්තුව ජනතාවගේ ද බලාපොරෙත්තුවක් බවට පත් වී තිබූ බැවිනි. 1978 සිට නව ලිබරල් ආර්ථික රටාවෙන් (විවෘත ආර්ථිකයෙන්) 2022දී රට ආර්ථික අගාධයට වැටී තිබු මොහොතේ සිට මේ සාප මතවාදය ගොඩ නගන්නට ජවිපෙ හා පෙසපෙ වෙහෙසුනි. නමුත් අවුරුදු 76ක සාපයෙන් මිදීම සඳහා ජවිපෙ ඉදිරිපත් කළ වැඩ පිළිවෙල වූයේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන වියුක්ත ප්‍රතිපත්තියකි. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනගන්නට ජනාධිපතිවරණය ජය ගෙන දින 57ක කාලයක් අවසන් වී තිබුණත් දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ සමාජීය ප්‍රශ්න එලෙසම පවතිද්දී ඔවුන් පුද්ගලයන් ලෙස ගොඩ නගා ගත් විකෘති පෞද්ගලිකත්වය හෙළිදරව් වෙමින් තිබේ. එම නිසා දිනෙන් දින අපහාසයටත්, උපහාසයටත් විවේචනයටත් ඔවුන් ලක්වෙමින් සිටින්නේ ය. දැන් එම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට තනතුරු වලින් ඉල්ලා අස්වෙමින් සහ පවතින නීති රාමුව තුළට පැමිණිලි කරමින් තම පෞද්ගලිකත්වය රැක ගැනීම වෙනුවෙන් බරපතල වෙහෙසක් ගනිමින් සිටිති. මේ එක් එක් පුද්ගලයන් හරහා ගොඩනගාගත් පෞද්ගලිකත්වය පෞද්ගලිකවාදයක් දක්වා ගමන් කළේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් ය.

ඉඩම්, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස අනුර දිසානයක ජනාධ්පති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියේ දිවුරුම් දීම [2004 අප්‍රේල්]

අවුරුදු 76ක සාපය ඔවුන්ගේ විග්‍රහයෙන් දෘෂ්ටිම වරදක් පිළිඹිබු වන්නේ ය. ඒ 1948 සිට 1978 දක්වා කාලය තුළ මේ රටේ වමේ ව්‍යාපාරය විසින් ධනවාදී සමාජ ක්‍රමයේ පැවතුන පෞද්ගලිකවාදයට විරුද්ධව සමාජවාදය (සමාජය පිළිබඳ වාදය = සමාජය + වාදය) යන සාමාජීය පරිකල්පනවාදය ස්ථාපිත කළේ ය. ඒ පංති අරගලය මූලික කරගත් සමාජ සංවිධාන ව්‍යුහය මගින් සමාජීය පරිකල්පනයක් ස්ථාපිත කිරීමට ය. ඒ හරහා ගොඩනැගුණු පංති අරගලය ව්‍යුහයට සම්බන්ධ නායකයන් විශාල ප්‍රමාණයක් ඒ කාලයේ ප්‍රසිද්ධියට පත්වී සිටියේ ය. ඔවුන්ගේ පරිකල්පනය තුළින් සමාජ ප්‍රපංචය විධිමත් කිරීමට වෙහෙසුනේ ය. ඒ හරහා සමාජ ප්‍රපංචය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට ඥානාන්විත ක්‍රියාමාර්ග රාශියක් ගත්තේ ය. ඒවා අතරින් පොදු ප්‍රවාහන සේවය ඇති කිරීම, නිදහස් සෞඛ්‍ය සේවය ඇති කිරීම, නිදහස් අධ්‍යාපනය ඇති කිරීම වැනි තවත් සමාජීය ප්‍රවිෂ්ඨයන් විශාල ප්‍රමාණයක් සටහන් කළ හැකි ය. එම ක්‍රියාදාමය 1978 දක්වා පැවතියේ ය.

නමුත් 1978දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ඇති කළ නව ලිබරල් ආර්ථිකය (විවෘත ආර්ථිකය) පැවති සමාජමය පරිකල්පනීය ව්‍යුහය වෙනුවට, ධනේශ්වර පෞද්ගලිකවාදය ස්ථාපිත කළේ ය. එම සමාජ දැක්මට විරුද්ධව විවිධ ජන නැගිටීම් 1980 සිට විශාල ප්‍රමාණයක් සිදුවුවත් 2022දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව එලවා දැමීම දක්වා විහිදී ගියේ ය. ගෝඨාභය එළවා දැමීම සිදුවූයේ විකෘති දේශපාලන, ආර්ථික හා සමාජ වැඩ පිළිවෙලට පැවති ක්‍රම විරෝධය ඉස්මත්තට පැමිණීම තුළිනි. එම ක්‍රම විරෝධය ජවිපෙ ප්‍රමුඛ ජාජබ සහ පෙසපෙ ගොඩ නැගුවේ “අවුරුදු 76ක සාපය” නැමති තාර්කික විවරණයක් නොමැති අර්ථකතනයක් උපයෝගී කර ගණිමින් ධනේශ්වරය හා බද්ධ වීමේ පරමාර්ථය මත ය. 

මේ පාවිච්චි කළ තර්ක භාවිතය 1994 සිට පාර්ලිමේන්තුවාදය මගින් ධනේශ්වරයට ඇතුල් වීම සිට දිගටම පවත්වාගෙන ආවේ ය. 1995 පසුව ඩිජිටල්කරණය නැමති ආභාෂයෙන් ඇති වූ මාධ්‍ය භාවිතාව හරහා මෙම විවේචනවාදී (criticism) තර්ක භාවිතය මාධ්‍ය හරහා බලවත් වූයේ ය. මාධ්‍ය භාවිතය විසින් විවිධත්වයක් සහිත අදහස් ව්‍යාප්තිකරණය කළේ බුද්ධිමය පරිචයක් හිමි, බුද්ධිමය නාමකරණ සහතික හිමි පෞද්ගලික බුද්ධි පරිචය මූලික කරගත් පිරිස මූලික කරගෙන ය. මාධ්‍ය විසින් ගොඩ නැගූ ජනප්‍රියවාදය භාවිතා කළ බුද්ධිමතුන්ගේ ආනුභාවයෙන් බැබලීම සමාජ සම්මුතියක් දක්වා ගමන් කළේ පෞද්ගලිකත්වය ආභරණයක් ලෙස ස්ථාවර වෙමින් ය. එහි ප්‍රතිඵලය වූයේ මාධ්‍ය භාවිතාවට උචිත දේශපාලන භාවිතයකුත් මාධ්‍ය හරහා ස්ථාපිත විය. එම විවාදවල මැදිහත් වීමට නාමකරණයන් පෞද්ගලිකව ලබා ගැනීම වේගවත් වූයේ, මාධ්‍ය භාවිතාවෙන් ලැබෙන ජනප්‍රියත්වය උපයෝගී කරගෙන පෞද්ගලික ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ය. එහිදී විවිධ සහතික ලත් බුද්ධිමය පරිචය හිමි පිරිස් සමාජ ක්‍රියාවන්ට සම්බන්ධ වූයේ මාධ්‍ය ජනප්‍රියත්වයට සුදුස්සෙක් ලෙස පෙනී සිටීමට ය. සමාජ ප්‍රශ්න පරිචයන් ගැන වාචික අභිනය මගින් පෙනී සිටියත් සමාජ සංවිධාන ස්වරූපයකින් පෙනී සිටීම නොකළේ ය. නමුත් ඔවුන් සමාජ ප්‍රශ්න ඉතිරි කර පෞද්ගලික ජනප්‍රියත්වය ලබාගැනීම සඳහා වෙහෙසීම කළේ ය. වර්තමානයේදී ද එවැනි පිරිස් හඳුනා ගත හැකි ය.

මෙවැනි වාද විධික්‍රමයක් පුරාණ ග්‍රීක දර්ශනවාදය තුළ ද හමුවන්නේ සේනෝ (ක්‍රි: පූ: 495-430) නැමති දාර්ශනිකයාගේ දර්ශනයෙනි. යම් බීජ ඇටයක් බිම වැටෙන්නට සැලැස්වුවහොත්, එය බිම පතිත වූ විට ශබ්දයක් නගන්නේ නැත. එහෙත් බීජ ඇට බුසලක් බිම වැටෙන්නට සැලැස්වුවහොත් එවිට විශාල ශබ්දයක් නගයි. වරක් කිසිම හඬක් නොනැගූ බීජය දෙවැනිවර විශාල හඬක් නගන්නේ කෙසේ ද? පළමු ව කිසිවක් නොඇසුනේ නම්, ඒ ශූන්‍යත්වයයි. දෙවැනි වර ශූන්‍යය වන්නේ ශබ්දයෙනි. හඬ අතින් ශූන්‍ය කොට ඇති බීජය දෙවැනි වර කිසිම හඩක් නැගීම කොහෙත්ම පිළිගත නොහැකි යැයි සේනෝ තර්ක කරයි. මේ තර්ක විධික්‍රමය විරුද්ධාභාසය (paradox) යනුවෙන් හඳුන්වා දුන්නේ ඇරිස්ටෝටල් ය (ක්‍රි: පූ: 384-322). මෙය බැලූ බැල්මට හාස්‍යජනක මෙන් පෙනුන ද තාර්කික පදනමින් බිඳලිය නොහැකි පැත්තක් ඔහු මතු කරයි.

මේ තර්ක ක්‍රමය විවේචනවාදීව භාවිතා කරමින් මෙවුන් අවුරුදු 76ක සාපය නැමති ප්‍රශ්තූතය පාවිච්චි කරමින් සමස්තය ම විවේචනයට ලක් කළේ ය. 1948 පෙර පැවති තත්වය යටත්විජිත යුගය වසන් කරමින් සහ 2024 පසුව උදාවන පුනරුද යුගයක් ගැන උද්දීපනයක් ඇති කරමිණ් ය. එම මතවාදය ගෙන ගියේ “ගහෙන් වැටුණු මිනිසෙකු මිය ගියේ ආණ්ඩුවේ වරදින් ය” යන විවේචනවාදී ප්‍රශ්තූත උපායිකව පාවිච්චි කරමිනි. එවිට ආණ්ඩුව ගත් සියළු ක්‍රියාදාමයන්වලට විරුද්ධව කරන විවේචන හරහා ස්ථාපිත වූයේ වාචික අභිනයක් පමණි. එවිට සමාජීය ප්‍රශ්නවලට විසඳුමත් එවැනි තර්ක අභිනයක් මගින් “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන ප්‍රස්තූතය මගින් උද්දීපනය කරමින් දැවැන්ත ප්‍රචාරයක් දියත් කළේ ය. මේ ක්‍රියාවලිය තුළ සෑම මොහොතකම පැවතියේ අවස්ථාවදී ලෙස ඒ මොහොත ජන විඥානය තුළ උද්දීපනය කර බලය ලබා ගැනීම ය. එමගින් 2024දී බලයට පත්වීම මගින් විවේචනවාදය සහ අවස්ථාවාදය නැමති පෞද්ගලිකත්වය වටා ගොඩ නැගුණු ජාජබ ප්‍රතිපත්ති හෝ පෞද්ගලිකත්වය දින 57ක් යන විට නරුමත්වයක් සහිතව අවසානයක් සනිටුහන් කර ඇත.

මේ ගැන උදාහරණ කීපයකින් පැහැදිලි කර ගත හැකි ය. අසෝක රංවල නැමැත්තා (ඔහු පවසන විදිහට) තම ආචාර්ය උපාධිය ලබාගත්තේ 2005 වසරේ ජපානයේ වසේදා නැමති පෞද්ගලික විශ්ව විද්‍යාලයෙනි. නමුත් ඔහු 2019 සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට විරුද්ධ අරගලයේදී ප්‍රධාන ක්‍රියාකරුවෙක් ලෙස තම පෞද්ගලික නාමය පාවිච්චි කර තිබුණේ මහාචාර්යවරයෙක් ලෙස ය. නමුත් ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී ආචාර්ය (Dr) යන නාම පාවිච්චි කර පාර්ලිමේන්තුව දක්වා පැමිණ කතානයකවරයා ලෙස පත් විය. මොහු සයිටම් පෞද්ගලික වෛද්‍යවරුන් බිහිකිරීමට විරුද්ධ පෙනී සිටියත් ඔහු තම ආචාර්ය උපාධිය මුදලට ලබාගත්තේ යැයි තමන් ම පවසන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් බව ය. ලංකාවේදී පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ අසෝක රංවල තම ආචාර්ය උපාධිය පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලබා ගැනීම ම නරුමත්වයේ තවත් පැත්තකින් කරළියට පැමිණියේ ය. සයිටම් එකට ලාංකික විරෝධයේ මූලික පසුබිම වූයේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබුණු සමාජීය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා පෞද්ගලිකත්වය වර්ධනය කිරීම නිසා වෛද්‍යවරයෙක් වීමේදී ඇතිවිය හැකි සමාජ නිදහස බිඳ දැමීම වළකා ගැනීම සඳහා සයිටම් විරෝධයේ ශක්තිමත් දෘෂ්ටිමය පදනම වූයේ ය. නමුත් අසෝක රංවල මැදිහත් වී තිබෙන්නේ පෞද්ලික විරෝධය  මගින් සමාජයට තම පෞද්ගලිකත්වය විදහා පෙන්වීමට පමණි. ඔහුගේ මහාචාර්ය හෝ ආචාර්ය සහතික නැතිව හෝ ඇතිව මැදිහත් වීම මගින් පසක් වන කරුණ වන්නේ නරුමත්වයට ආ වැඩීම සඳහා ගත් පෞද්ගලික ක්‍රියාවක් බව ය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට විරුද්ධ අරගලයේදී ප්‍රධාන ක්‍රියාකරුවෙක් ලෙස තම පෞද්ගලික නාමය පාවිච්චි කර තිබුණේ මහාචාර්යවරයෙක් ලෙස ය.

මෙහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ පසුගිය 2019දී ගෝඨාභය රාජපක්ෂ විසින් ගොඩනැගූ “වියත් මග” නැමැති සංවිධානය ද මේ පෞද්ගලිකවාදය ම උපයෝගී කර ගත්තේ ය. වියත් මග බුද්ධිමතුන් විශාල පිරිස අතරින් වෛද්‍ය සීතා අරඹේපොල හා මහාචාර්ය චරිත හේරත්ගේ පෞද්ගලිකවාදය විමසා බලමු. වෛද්‍ය සීතා අරඹේපොල වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස ඒ මොහොතේ ආර්ථිකව ලංකාව වැටී ඇති තැනින් ගොඩනැගීමට දේශපාලනිකව තමා සතුව පෞද්ගලික දෘෂ්ටිවාදයක් ඇතැයි යන සංකල්පය මගින් පාර්ලිමේන්තුවට පැමිණියේ ය. ඇය පාර්ලිමේන්තුවේදී කළ පළමු කාතාවේදී ම ඇයට දේශපාලන හෝ ආර්ථික හෝ සමාජය ගැන“අ” යන්න” “ආ” යන්වත් නොදන්නා බව රටටම හෙළි විය. මෙහිදී අනෙක් පැත්තෙන් මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය ඉගැන් වූ මහාචාර්යවරයෙකි. මොහුගේ පෞද්ගලික දාර්ශනික දැක්ම ධනවාදය බව පැහැදිලි වූයේ ගෝඨාභයගේ ධනේශ්වර වැඩ පිළිවෙල සමග සම්බන්ධ වීම නිසා ය. ඔහුගේ මහාචාර්ය වෘත්තීය වූයේ විශ්ව විද්‍යාලය වෙත පැමිණෙන ශිෂ්‍යයන්ට දර්ශන විෂය ඉගැන්වීම ය. නමුත් ඔහුගේ පෞද්ගලික දර්ශනය වූ ධනවාදය පිළිසකර කරන්නට එම මහාචාර්ය පට්ටමට කුඩා ප්‍රතිසංස්කරණයක්වත් පසුගිය පාර්ලිමේන්තුවේ ගත කළ අවුරුදු 5ක් තුළ දී කළ නොහැකි විය. එම නිසා ඔහු පමණක් නොව වියත් මගම මේ ව්‍යුහයෙන් එළියට විසි වී තිබේ. එවිට මේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් සමාජීය න්‍යාය පත්‍රය කිසිම සුගතියක් අත්නොවන බව පැහැදිලි කරුණකි. ජාජබ මන්ත්‍රීවරුන්ගේ බොරු සහතික මගින් ඔප්පු වන්නේ එම මන්ත්‍රීවරුන් පෞද්ගලිකත්වය මුල්කරගෙන පැමිණි ක්‍රමවේදය නරුමත්වයක් කරා ගොස් ඇති බව ය. පෞද්ගලිකත්වය මගින් සමාජයට විසඳුමක් හමු නොවන බව පමණක් ස්ථීරව සනාථ වී තිබේ.

මෙහිදී බැලිය යුතු තවත් පැත්තක් තිබේ. ඒ වර්තමානයේ සමාජ පරිකල්පනයකින් ක්‍රියාත්මක වන සමාජීය දැක්මක් සහිත ක්‍රියාකාරීන් සිටිනවා ද යන්න ය. තවමත් ඒ අනුසාරයෙන් ඉතිරි වූ මහාචාර්යවරුන්, දේශපාලඥයන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් ද අප අතර ඉතිරි වී සිටිති. ඔවුහු සමාජ ඥානය පංති අරගලය තුළ විධිමත් කිරීමට මතවාදීව විශාල කාර්යභාරයක් කරති. ඒවගේම පංති අරගලය ව්‍යුහය (වෘත්තීය සමිති) තුළ සමාජ පරිකල්පනය සහිත නායකයන් සිටිනවාද යන්න සමහරු විමසයි. එවැනි පිරිසක් වත්මනේ ද පංති තුළ විධිමත් බවකින් ඉතිරි වී සිටිති. ඒ ගුරු – ජෝසප් ස්ටාලින්” බැංකු – රංජන් සේනානායක” ටෙලිකොම් – ජගත් ගුරුසිංහ වැනි තවත් බොහෝ පිරිසක් ඉතිරි වී සිටිති. මොවුන් පංතිය තුළ දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙමින් සිටිති. වත්මනේ සමස්තය තුළ මේ සියළු දෙනාගේ එකතුවක් අවශ්‍ය මොහොතට පැමිණෙමින් තිබෙන්නේ රටේ අර්බුදය විශාල ප්‍රමාණයකින් පුපුරා යාමට නියමිත නිසා ය.

වත්මනේදී ජාජබ ගෙනියන වැඩ පිළිවෙල සමස්ත සමාජයේ ම ජන විරෝධය ගොඩනැගී පාරට පැමිණෙනු ඇත. ඒ ණය මත ගොඩනගන ආර්ථික වැඩ පිළිවෙල අර්බුදයට ගමන් කරන බැවින් වගේම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 20න් ලක්ෂ 5.5ක් ඉවත් කිරීමට පිඹුරුපත් සකස්කර ඇති බැවින් වගේම ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බැවින් වගේම ජාතික ප්‍රශ්නය විසඳීමට පියවරක් නොගන්නා බැවින් වගේම දැනට රජය සතුව පවතින නිවාස මූල්‍යමය වාසියක් ගැනීම සඳහා පෞද්ගලික වෙළඳුන්ට පැවරීමට ගන්නා ක්‍රියාමාර්ග වගේම තවත් සමාජ ප්‍රශ්න විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මොවුන් නිර්මාණය කිරීමට නියමිතව ඇත. මේ සමාජ විරෝධී වැඩ පිළිවෙලට විරුද්ධ අයගේ එකමුතුකම වර්ධනය කර ගැනීමේ මොහොත, මේ වැඩ පිළිවෙලට විරුද්ධ සියළු දෙනා වෙත පැවරී ඇති වගකීමකි. එහිදී සාකච්ඡාමය එකකතුවක් තුළින් භාවිතාවක් ආරම්භ කළ යුතු ය. ඒ ගොඩ නැගෙන ජන විරෝධයට සමාජමය දැක්මක් අවශ්‍ය බැවිනි. 

The post ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%96-%e0%b6%b4/feed/ 0
ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%af-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af-%e0%b6%85%e0%b7%85/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%af-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af-%e0%b6%85%e0%b7%85/#respond Wed, 05 Jun 2024 16:05:11 +0000 https://vivaranalk.com/?p=11511 ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන විධිමත් සාකච්චාවකට මුල පුරයි. එහිදී නච්චි ප්‍රජාව යනුවෙන් හඳුනාගන්නා ලිංගික සංකාන්ත්‍රික ප්‍රජාවගේ සමාජභාවය ගැන ද සවිස්තරාත්මකව රූපයට නගා ඇත. නච්චි ප්‍රජාව ගැන ලංකාවේ භාවිතයේ පවතින්නේ […]

The post ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? appeared first on විවරණ.

]]>
‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන විධිමත් සාකච්චාවකට මුල පුරයි. එහිදී නච්චි ප්‍රජාව යනුවෙන් හඳුනාගන්නා ලිංගික සංකාන්ත්‍රික ප්‍රජාවගේ සමාජභාවය ගැන ද සවිස්තරාත්මකව රූපයට නගා ඇත. නච්චි ප්‍රජාව ගැන ලංකාවේ භාවිතයේ පවතින්නේ අශෝබන සහ අසංවර පුද්ගල ක්‍රියාකාරීත්වයක් ලෙසයි. එම ප්‍රජාවේ සත්‍ය කුමක්ද යන්න ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය හරහා මතුකරන සංකල්ප රාමුව නව සමාජීය දැක්මකට සපයන ප්‍රවිශ්ටයක්ය.  

ලංකාවේදී නච්චි (දමිල) යන වචනය භාවිතා වන්නේ පිරිමි ලෙස ඉපදී ස්ත්‍රීන් ලෙස ජීවත්වන සංක්‍රාන්තික සමාජභාවයක් සහිත ප්‍රජාව හඳුනාගැනීම සඳහාය. මේ ජන කොටසේ ලිංගිකත්ව චර්යාව කුමක්ද? යන්න සහ අනෙකුත් ලිංගික ප්‍රජාවන් සමග සම්බන්ධය කුමක්ද? යන්න වගේම සමස්ත ලිංගික ප්‍රජාව ගැන ද දෘෂ්ටිමය පරිපථයක් මෙම වාර්තා චිත්‍රපටය මගින් ගෙන එයි. 

මානව සමාජය සැකසී ඇත්තේ විවිධ ජන කණ්ඩායම්වලිනි. එවැනි ජන ලක්‍ෂණ ස්ත්‍රී පුරුෂභාවය හෝ වයස හෝ භාෂාව හෝ සංස්කෘතිය හෝ විශ්වාසයන් හෝ ජාතිකත්වය හෝ ආබාධිත හෝ ජීවන ක්‍රමය මගින් හඳුනාගනියි. නමුත් ජන සමාජය කණ්ඩායම්වලට බෙදීමේදී තවත් එක් ලක්‍ෂණයක් වන ලිංගිකත්වය ද හමුවෙයි. ලිංගිකත්වය දෙස විවෘතව නිරීක්ෂණය කළහොත් විවිධත්වයක් සහිත ලිංගික ප්‍රජාවන් හඳුනාගත හැකියි.

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

ලෝකයේ ප්‍රධාන ලිංගික චර්යා ප්‍රජාව ලෙස හඳුනාගන්නේ විෂම ලිංගික ප්‍රජාවයි (Heterosexuality). ස්ත්‍රී-පුරුෂ නැතිනම් පුරුෂ-ස්ත්‍රී ආදරය, ආශාව සහ ලිංගිකත්වය විරුද්ධ ලිංගිකයන් සමග එකතුවීම විෂම ලිංගිකත්වයයි. විෂම ලිංගික ප්‍රජාව ලෝකයේ 94%ක් සිටින බව සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. අනෙක් සුළුතර ලිංගික ප්‍රජාවන් හඳුනාගන්නේ LGBTQIA+ ලෙසයි. LGBTQIA+ ලිංගික ප්‍රජාව 6%ක පමණ ප්‍රතිශතයක් ලෝකය පුරා විසිරී සිටිති. LGBTQIA+ ලිංගික ප්‍රජාවේ ලිංගික චර්යාව ඒ, ඒ ලිංගික ප්‍රජාවන් අතර වෙනස්කම් සහිතව නාමකරණය කරනු ලබයි.

දරුවෙක් උපත ලබද්දී ස්ත්‍රියක ලෙස හෝ පුරුෂයෙකු ලෙස හෝ උපත ලැබිය යුතුය. මෙය මනුෂ්‍ය සමාජයේ ස්වාභාවික නියමය ලෙස විශ්වාස කරති. එය ස්වාභාවික නොවන්නේ ගැහැණු පිරිමි යන දෙපාර්ශවයට අමතරව තවත් ලිංගික වෙනස්කම් සහිතව උපදින දරුවන් නිසාය. දරුවෙකු උපත ලැබූ පසු ජනනේන්‍ද්‍රිවල පිහිටීම අනුව ගැහැණු හෝ පිරිමි යුනුවෙන් තීරණය කරනු ලබයි. එය නිවැරදි තීරණයක් නොවන බව ජීව විද්‍යානුකූලව විමසා බැලූ විට තහවුරු වන කරුණකි.

එවිට මේ සියලු ලිංගිකත්වයන් ස්වාභාවිකය. ජීව විද්‍යානුකූලය. ඒ වගේම මේ ලිංගික වෙනස්කම් වාර්තා වන්නේ මානව සමාජයේ පමණක් ම නොවේ, මුළු සත්ව ලෝකයේ දක්නට හැකි පොදු ලක්‍ෂණයකි. ඒ සතුන්ගේ ශරීරයේ ශිෂ්ණය මෙන්ම යෝනිය එකට පිහිටි අවස්ථා මෙන්ම, අනෙකුත් ලිංග ප්‍රභේදයන් සහිත සතුන් වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ, මිනිසාගේ මෙන්ම සමස්ත ජීවයම එකම භෞතික තත්වයක පිහිටි බවයි. විවිධ සතුන් ගැන ලිංගික චර්යා නිරීක්ෂණය කළ ඩෙස්මන් මොරිස් [Desmond Morris 1928-] නැමති සත්ව විද්‍යාඥයා පවසන්නේ තමා විවිධ වන සතුන්ගේ සමලිංගික සේවනය දුටු බවයි. සමලිංගිකත්වය යනු සත්ත්ව ලෝකයේ ද පවතින, මිනිසුන්ට පමණක් සීමා නොවූ තත්වයක් බව ඩෙස්මන් මොරිස් තවදුරටත් පවසයි. මේ ලෝකයේ පණ ඇති ජීවය, ලිංගිකව විමර්ශනය කළ විට විවිධත්වයක් සහිත ජනනේන්‍ද්‍රිවල පිහිටීම සහ ලිංගික චර්යාවක් සහිත බව බැලූ බැල්මට පෙනේ. මෙම විවිධත්වය ස්වාභාවිකව ගොඩ නැගුනු තත්වයක් මිස අස්වාභාවිකව ගොඩ නැගුන තත්ත්වයක් නොවන බව පැහැදිලි වන්නේ ලිංගිකත්වය දෙස ස්වාභාවික විමසූ විට පමණි. මේ ස්වාභාවිකත්වය විෂම ලිංගික ප්‍රජාවට පමණක් ම අයිති තත්වයක් නොව සුළුතර ලිංගික ප්‍රජාවට ද සමසේ අයිති ස්වාභාවික තත්වයකි.

එවිට සුළුතර ලිංගික ප්‍රජාවගේ ඉල්ලීම වන ‘ලිංගික ස්වයං තීරණ අයිතිය’ වෙනුවෙන් ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටිය ගෙන එන දෘෂ්ටිය වැදගත්ය. මේ සුළුතර ලිංගික ප්‍රජාවගේ ප්‍රේමය, ලිංගිකත්වය, ජීවත්වීමේ අයිතිය දඬුවම් ලැබීමේ වරදක් ලෙස ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහයේ පැවතීම නිසා ඔවුන්ට සිදුවන හානිය සහ අසාධාරණය මතු කිරීමට ගන්නා උත්සාහය මේ චිත්‍රපටය හරහා ප්‍රබල වැදගත් කමකින් යුක්තය. ඒවගේම නච්චි ප්‍රජාව අයත්වන ලිංගික චර්යාව න්‍යායිකව ප්‍රශ්න කරමින්, සුලුතර ලිංගික ප්‍රජාවට (LGBTQIA+) ඇති සම්බන්ධය විවෘතව ම සාකච්චාවට බදුන් කරයි.

ලංකාවේ සුලුතර ලිංගික ප්‍රජාවගේ (LGBTQIA+) ඓතිහාසික සම්බන්ධය ගැන ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටයේ ගෙන එන ඓතිහාසික මූලාශ්‍ර වලින් තහවුරු වන්නේ ලිංගික චර්යාවේ ඉතිහසයයි. එවිට එම මූලාශ්‍ර මගින් ලිංගික සමාජභාවය ගැන අවබෝධයට ප්‍රබල සාක්ෂි ලැබෙයි. විවිධත්වයක් සහිත ලිංගික චර්යාවක් ලංකාවේ පැවති බවට සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයාට එමගින් ලබා දෙයි. ලංකාවේ ලිංගිකත්ව දෘෂ්ටියට නව අර්ථකතනයක් ගෙන දුන් නිසා ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය නව දැක්මක් සහිත සිනමා නිර්මාණයකි. 

කළු සුදු අළු-ශ්‍රී ලාංකේය නච්චි ප්‍රජාවේ කතාව. Story of Sri Lankan Nachchi Community (with Subtitle)

The post ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%af-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af-%e0%b6%85%e0%b7%85/feed/ 0
‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/#respond Mon, 08 Apr 2024 07:02:44 +0000 https://vivaranalk.com/?p=11174 තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි. ‘මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති […]

The post ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. appeared first on විවරණ.

]]>
My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටයේ අධ්‍යෂක, සුදත් මහදිවුල්වැව

තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි.

මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති දෙක වන පංති අරගල මාවත සහ සන්නද්ධ අරගල මාවත වටා ගෙතී තිබේ. පංති අරගල මවතේ ගමන් කළ තරුණියක් වටා සහ ආයුධ සන්නද්ධ අරගල මාවත තුළ ගමන් කළ පුද්ගලයෙක් (සහෝදරයෙක්) වටා කථාව ගෙතී ඇත. තරුණිය පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශික ධාරාවේ පවුලකින් පැවත එන කෙනෙකි. ඇය තම වාමාංශික ආභාෂය ලබාගෙන තිබුණේ තම පියාගෙනි. පියා පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශිකයෙකි. 88-89 සන්නද්ධ අරගල කණ්ඩායමක් විසින් අයගේ පියාව මරා දැමූ විට ඇය අතරමන් වුවත් ජීවිතය රැක ගන්නේ රංගන ශිල්පිනියක් (performing artists) ලෙසය. ඒවගේම 88-89 සන්නද්ධ අරගල වාමාංශය නියෝජනය කළ සහෝදරයා තම ජීවිතය බේරා ගන්නේ මරා දැමීමට ගෙන යන මොහොතකින් අහඹු ලෙස දිවි ගලවා ගැනීමෙනි. ඉන්පසු මේ සහෝදරයා තම ජීවිතය රැකගෙන ඇත්තේ ව්‍යාජ නමකින් පෙනී සිටි ආණ්ඩු විරෝධී මාධ්‍යවේදියෙක් ලෙසය. දෙදෙනාගේ වාමාංශික මතවාදී පරාසයේ පරස්පරතාවය මේ චිත්‍රපටය තුළ මානාව ස්ථාන ගත කර ඇත. නමුත් දෙදෙනාගේම මතවාදී පරස්පරතාවය තිබුණත් ජීවත්වීමට ඇති ආශාව හා අභිලාෂය ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය තුළින් අපූර්වට විදහා දක්වන්නේය.

මේ චිත්‍රපටයේ 88-89 සිද්ධි දෙකකට මුහුණ දුන් දෙදෙනාගේම වාමාංශික දෘෂ්ටිමය පරිකල්පනය හමුවෙයි.  ඒ දෘෂ්ටිමය පරිකල්පනය වටහා ගන්නට අවුරුදු 60 පමණ කාලයක් පැවිති ආයුධ සන්නද්ධ අරගල ක්‍රියාකාරීත්වය දෙස විමසිලිමත්ව බැලීම වැදගත්ය. ලංකාවේ ආයුධ සන්නධ අරගල ආකෘතීන් තුනක් පසුගිය අවුරුදු 60 ඇතුළත දියත් විය. පළමුව 1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, දෙවනුව 88, 89දී දේශප්‍රේමී කැරැල්ල සහ තුන්වෙනුව 2009දී අවසන්වූ එල්.ටී.ටී.ඊ. ආයුධ සන්නධ කැරැල්ල හඳුනා ගත හැකිය. මේ ආයුධ සන්නද්ධ කැරලි තුළ පැවතියේ සමාජ ප්‍රශ්න සන්නද්ධ අරගලයට සම්බන්ධ කරමින් භීතිය වැපිරීම සඳහාය. නමුත් මේ කැරලි තුනම ධනේශ්වරය විසින් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර පොඩි පට්ටම් කර දැම්මේ බලහත්කාරී ලෙසය. ආයුධ සන්නද්ධ මාවත මාක්ස්වාදී අරගලකාරී මාවත නොවේ. නමුත් ආයුධ සන්නද්ධ මාවතට මාක්ස්වාදී සාහිත්‍ය සහ දාර්ශනික විග්‍රහයන් පටලවා ගත්තේ පීඩිතයන්ගේ සහභාගිත්වය මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට කෙටි කාලීන ජයග්‍රහණය හිමි සන්නද්ධ අරගල ව්‍යාපාරයක් ලෝකයේ පැවති නිසාය.

විට ආයුධ සන්නද්ධ අරගලය පීඩිතයන්ගෙන් සැදුම්ලත් පිරිසකගේ රුඩිකල් ක්‍රියාකාරීත්වයක් ලෙස පිළිගත්තත් වැඩකරන ජනතාවගේ විප්ලවවාදී අරගලයේ කොටසක් නොවන්නේය. එක පැත්තකින් ජන අරගලය මගින් ඇති කළ යුතු සමාජ පෙරළිය” ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ආදේශ වී කරන ත්‍රස්ත සටන් මගින් බලය ලබාගත හැකි වුවත් පංති අරගලය මගින් සිදු කරන සමාජ විප්ලවයක් සිදු නොවන්නේය. සමස්ත සමාජයේ පීඩිතයන්ගේ පංති අරගලය මගින් ලැබෙන විප්ලවකාරී මැදිහත්වීම සන්නද්ධ සටන්වලින් නොලැබෙන නිසා විකෘතියක් බවට පත් වන්නේය. එවිට සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ මෙහෙයුමට සියල්ල නතුකර ගෙන මතවාදී මෙහෙයුම ආයුධ ත්‍රස්ත මෙහෙයුමක් බවට පත් කර ගනියි. ආයුධය යනු බලහත්කාරී අවියකි. එය සමාජ මූල නොසොයන අතර කැමති-අකමැති කොටස් දෙක මත තීන්දු ගනියි.

1917 ජූලි මාසයේදී රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ්හි තාවකාලික ආන්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරතවෙමින්.. (2022 ජූලි 9,කොළඹ )

පංති අරගලයේ මූලික කාර්යභාරය වන්නේ පීඩනයට එරෙහි ව සමස්තය ඒකාබද්ධ කිරීමය. එය මානව පරිණාමයේ වැදගත් සංඝටකයක් ලෙස මාක්ස්වාදය පෙන්වා දෙයි. එහි වැදගත්කම පෙන්වන්නේ ලෝකයේ පංති අරගලය මගින් පාලකයන් එලවා දැමූ අවස්ථා වලිනි. ඒ 1872 ප්‍රංශ ආණ්ඩුව එළවා ප්‍රංශ කොමියුනය බලය අත්පත් කර ගැනීම, 1917 රුසියාවේ අප්‍රේල් ජන නැගිටීම මගින් සාර්ව එලවා දැමීම, සහ ලංකාවේදී 2022 ගෝඨාභය එලවා දැමීමේ අවස්ථා තුන මගින් ලෝකයේ ජන අරගලය තහවුරු වූ අවස්තා තුනයි. එවිට ලංකාවේ ආයුධ සන්නද්ධ කැරලි තුනම අසාර්ථක කැරලි බව ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ චරිත දෙක ගෙන එන සංවාදය තුළින් පසක් වන්නේය. මේ චිත්‍රපටයේ ගෙන එන පංති අරගලය සහ සන්නද්ධ අරගලය යන දේශපාලන තේමාව ඉතා ප්‍රශංසනීය තේමාවක් වන්නේ ඒ නිසාය.

ලාංකික සමාජය තුළ තවත් පරිකල්පනීය දැක්මක් සහිත සංවාදයක් නිර්මාණය කිරීමට හැකියාව මේ චිත්‍රපටය මගින් ලබා දෙයි. මොකද” වාමාංශික දේශපාලන ගමන්මගේ ව්‍යුහය වන පංති අරගල මාවත නැවත සක්‍රීය වීම ලංකාවේ 2022දී ජන අරගලය සාධකයක් වුණි. එවන් දේශපාලන දැක්ම දෙකක් සහිත දෙදෙනෙකුගේ ප්‍රේමණීය ආකර්ශනය ලාංකික සිනමා ප්‍රේක්ෂකයාට ලබා දීම ප්‍රශංසනීය උත්සාහයකි ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය.

‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ රූගත කිරීම් දින හතරකින් අවසන් කිරීම යනු පැහැදිලි සැලැස්මකි. ඒ අඩු මුදලට සිනමා නිර්මාණයක් එළි දැක්වීමට ගත් උත්සාහය විශිෂ්ට වැඩකි (පට්ට වැඩකි). මොකද, ලංකාවේ වත්මනේ සමස්ත පරිහානියේ පැති කීපයක් වන ආර්ථිකය, දේශපාලනය සහ සමාජය යන සමස්තය කඩා වැටුණු මොහොතක සිනමා නිර්මාණකරණයට ගත් පියවර යනු අතිවිශාල ඉදිරි පියවරකි. අඩු මුදලකින් සිනමා නිර්මාණයක් කිරීමට ගත් උත්සාහය අතිවිශිෂ්ට පියවරක් වන්නේ අර්බුදය පසෙක දමා නිර්මාණාත්මක වපසරිය දියත් කිරීමට මේ සිනමා කෘතිය හරහා මතු කර ගත් බැවිණි. සුගත් මහදිවුල්වැව අධ්‍යක්ෂකවරයාට හදපිරි සතුට පිරිනමන්නේ මේ චිත්‍රපටය හරහා ගත් දෘෂ්ටිමය ප්‍රයත්නය අතිවිශිෂ්ට නිසාවෙනි.

The post ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/feed/ 0
ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/#respond Fri, 05 Apr 2024 09:24:32 +0000 https://vivaranalk.com/?p=11156 මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි. මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය […]

The post ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි.

මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය සමග ධනේශ්වර ප්‍රාග්ධනය විශ්ලේෂණය කරන්නේ ‘ප්‍රාග්ධනය ශ්‍රම වටිනාකමක්‘ ලෙසය. එනම් සෘජු පරිභෝජනයක් ලෙස හෝ වක්‍ර නිෂ්පාදන මාධ්‍යයන් ලෙස හෝ මානව අවශ්‍යතා තෘප්තිමත් කරන නිෂ්පාදනයක් ගැන හෝ මාක්ස් පෙන්වන්නේ:

“භාවිත අගයන් හා ප්‍රාග්ධනයේ සමාජ ස්වරූපය කුමක් වුවත්, ද්‍රව්‍යමය නිෂ්පාදනය සමාජයට වැඩි කරනවා වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය වැඩිකිරීමක් ලෙසය.”

එවිට පරිහරණ වටිනාකම් වන ආහාර, ඇඳුම්-පැළඳුම් සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතා පමණක් නොව සංස්කෘතික හා සෞන්දර්යාත්මකව අංග ද නිෂ්පාදනයට ඇතුළත් වේ. අවශ්‍යතාව කෙටියෙන් කිවහොත්, ප්‍රාග්ධනය සමන්විත වන්නේ විවිධ අවශ්‍යතා තුළ සහ භාවිතා කරන සාමාන්‍ය ජීවිතයේ සංලක්ෂිත මාධ්‍යයන් ලෙසය. මාක්ස්ගේ භෞතිකවාදී අවධාරණය වන්නේ ජීවන මාධ්‍යයන් හා නිෂ්පාදනය කෙරෙහිය:

“සියලු මානව පැවැත්මේ සහ සියලු ඉතිහාසයේ පළමු පූර්විකාව ‘ඉතිහාසය නිර්මාණය කිරීමට’ හැකි වන පරිදි මිනිසුන් ජීවත් විය යුතු තත්වයක සිටිය යුතු වගේම කෑම බීම, නිවාස, ඇඳුම්-පැළඳුම් සහ වෙනත් විවිධ දේවලට පෙර ජීවිතය ස්ථාවර විය යුතු වේ.”

එවිට අනාගත ක්‍රියාව වන්නේ මේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට අවශ්‍ය මාධ්‍යයන් නිෂ්පාදනය කිරීම වගේම ස්වාභාවික භෞතිකය ජීවත් කරවීම සඳහා නිෂ්පාදනය ස්වාභාවිකත්වය සමග ආර්ථික හා දේශපාලන ඒකාබද්ධතාවයක් සැලසුම් කිරීමට අවශ්‍ය බවයි.

“ශ්‍රමය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රයෝජ්‍ය අගයන්හි ද්‍රව්‍යමය ප්‍රාග්ධනයේ එකම මූලාශ්‍රය වන්නේ ‘ශ්‍රමය එහි පියා වන අතර පෘථිවිය එහි මව වේ’ යන සිද්ධාන්තය මත ය.”

මාක්ස්ගේ අදහසට අනුව ශ්‍රමය භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව සත්‍යයකි. නිදසුනක් වශයෙන්, වඩු කාර්මිකයා තර්ක කරන්නේ, ස්වභාවධර්මය භාවිතා කරමින් ඇති කරන නිෂ්පාදනය එහි උපයෝගිතා ශ්‍රමයේ පරිවර්තනීය බලය තුළින් ගන්නා බවයි. එවැනි ගුණාංගීකරණයක් මාක්ස්ගේ ශ්‍රමය න්‍යාය පිළිබඳව:

“මානවයා සහ ස්වභාවධර්මය යන දෙකේම ඒකාබද්ධ සහභාගිත්ව ක්‍රියාවලියක් ලෙස වර්ධනය කළ යුතුයි.”

ශ්‍රමය සහ සොබාදහම ඒකාබද්ධතාවය නොසලකා නිෂ්පාදන ක්‍රියාවලියක් යනු විකෘතියක් බව එමගින් නිර්වචනය වෙයි.

මාක්ස් මානව ශ්‍රමය විශේෂයෙන් ස්ථාවර කරයි. නිදසුනක් වශයෙන්, අනෙකුත් විශේෂතා සසඳන විට, ශ්‍රම ක්‍රියාවලිය හා ප්‍රතිඵල පූර්ව නිශ්චය කිරීමට වගේම එසේ කිරීමෙන් දැනුවත්ව තමන් හා ස්වභාවධර්මය අතර ද්‍රව්‍යමය ප්‍රතික්‍රියා ආරම්භ කිරීමට, නියාමනය කිරීමට වගේම පාලනය කිරීමට මානව ශ්‍රමිකයාට සුවිශේෂී හැකියාවක් ඇත. ඒ හා සමානව, සවිඥානික ශ්‍රම උපකරණ භාවිතා කිරීම සහ නිෂ්පාදනය කිරීම මානව ශ්‍රම ක්‍රියාවලියේ විශේෂිත ලක්ෂණයකි. එසේ වුවද, වැඩ මානසිකත්වය පූර්ව සංකල්පගත කිරීම, නිෂ්පාදන උපකරණ සංවර්ධනය කිරීම සහ භාවිතා කිරීමට ඇති හැකියාව අනුව කෙනෙකුට මිනිස් ශ්‍රමය නියම කළ හැක්කේ විස්තරාත්මක කෙටි කතාවක් ලෙස පමණි. මක්නිසාද යත්, මෙම හැකියාවන් අනෙකුත් විශේෂයන්ට වඩා මිනිසුන් සඳහා විශාල වශයෙන් පරිණාමය වී ඇති තාක් දුරට, මෙය සිදුවී ඇත්තේ සමාජ පරිණාමය නමැති ක්‍රියාවලිය හරහාය. එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානවයාගේ සංවර්ධනය දැඩි ලෙස ඉදිරියට ගෙන යන නව අංග සහ වඩාත් නිශ්චිත දිශාවන් ඔස්සේ මෙහෙයවනු ලැබුවේ සම්පූර්ණ මිනිසුන්ගේ එකතුව වූ සමාජය වේ.

මාක්ස් මානව ශ්‍රමයේ සහ නිෂ්පාදනයේ සමාජ සංවර්ධනය විශ්ලේෂණය කරන්නේ නිෂ්පාදකයන් අතර සහ අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ හිමිකරුවන් අතර ඓතිහාසික වශයෙන් නිශ්චිත සබඳතා අනුවය. මිනිසා සහ සොබාදහම අතර ක්‍රියාවලියක් ලෙසය. (The German Ideology) කෘතියෙහි සඳහන් පරිදි:

“යම් නිෂ්පාදන ක්‍රමයක්, හෝ කාර්මික අවධියක්, සෑම විටම යම් සහයෝගීතා ආකාරයක් හෝ සමාජ වේදිකාවක් සමඟ සංකලනය වී ඇති අතර, මෙම සහයෝගිතා ආකාරය ‘නිෂ්පාදන බලයක්‘ යොදන්නේ නම් ස්වාභාවිකත්වය සමග ගොනුවක් ලෙස පැවැතීම අවශ්‍යය.”

ඒ අතරම, නිෂ්පාදන බලවේගවල සමාජ ඓතිහාසික සංකල්පය නිෂ්පාදන සබඳතාවල ස්වාභාවික, ද්‍රව්‍යමය අන්තර්ගතය පහත හෙලන්නේ නැත. මාක්ස් පළමුව, සමාජ ආකෘතිවල අන්‍යෝන්‍ය සම්බන්ධය සහ මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය අන්තර්ගතය හඳුනා ගනී. දෙවනුව, මානව-ජෛව විවිධත්වය සහිත ස්වාභාවික බලවේගයන්ගෙන් සමන්විත ස්වාභාවිකත්වය පෙන්වා දෙයි. එය කෙටියෙන් පැවසුවහොත්, මානව ඉතිහාසයේ සෑම අදියරකම ද්‍රව්‍යමය ප්‍රතිඵලයක්, නිෂ්පාදන බලවේග වල එකතුවක්, ස්වභාවධර්මයට සහ පුද්ගලයන් එකිනෙකාට ඓතිහාසිකව නිර්මාණය කරන ලද සම්බන්ධතාවයක්, එහි පූර්වගාමියාගේ සිට එක් එක් පරම්පරාවට අයත්වන සහ පැවරෙන ස්වාභාවික ක්‍රියාවලියක් බව ඔහු පෙන්වා දෙයි.

The post ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/feed/ 0
ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f/#respond Mon, 11 Mar 2024 05:16:40 +0000 https://vivaranalk.com/?p=11056 මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට හුරුකිරීම සදහා නගර තුළ මානව පැවැත්ම ස්ථීර කිරීමට සිදුවිය. නගර තුළ නිර්මාණය වූ අස්වාභාවික මානව පැවැත්මට නිෂ්පාදන භාණ්ඩ වෙළඳපොළ ධනේශ්වර ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය බවට පත්විය. […]

The post ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය.. appeared first on විවරණ.

]]>
මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට හුරුකිරීම සදහා නගර තුළ මානව පැවැත්ම ස්ථීර කිරීමට සිදුවිය. නගර තුළ නිර්මාණය වූ අස්වාභාවික මානව පැවැත්මට නිෂ්පාදන භාණ්ඩ වෙළඳපොළ ධනේශ්වර ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය බවට පත්විය.

සමස්ත ද්‍රව්‍ය නිෂ්පාදන පද්ධතියක ස්වාභාවික තත්වයන් සහ සීමාවන් සංකල්පනය කිරීමේ අවශ්‍යතාවය විසින් සමාජය සහ සොබාදහම අතර අන්තර් හුවමාරු ගතිකත්වය වන කාලය හා අවකාශය හරහා ග්‍රහණය කර ගැනීමට මානවයාට නොහැකි වන පරිදි ධනේශ්වර අධිකාරිවාදී බලපෑම ඉවහල් කර ගත්තේ ය. සමාජීය වශයෙන් අසංවිධිත නිෂ්පාදන පද්ධතියක් තුළ නාගරික මානවයා මත පදනම්ව, විවිධ මානව කණ්ඩායම්වල විශේෂ සම්බන්ධතා සමග ඒකාබද්ධ කොට විකාශනය වන විකෘති ගතිකතාව මත පදනම්ව නගරයට ප්‍රමුකත්වය දුනි. කෙටියෙන් කිවහොත්, වෙනස් වූ මානව-සම්බන්ධතා සහ මානව-කණ්ඩායම් අතර ගැටුම වගේම මානව-නිෂ්පාදනයේ ව්‍යුහය තුළට සම්බන්ධ කර විකෘතිය ගෝලීය ලෙස ස්ථාපිත කළේ ය.

මානවයාගේ ආත්මීය පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා විශ්වීය ස්වාභාවික භෞතික පැවැත්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ සොබාදහමේ විනාශය ඉක්මන් විය. සමාජයේ සහ සොබාදහමේ ශක්‍ය සහ මානව වශයෙන් ප්‍රගතිශීලී පරිණාමයක අවශ්‍යතා පරිපූර්ණ නොකර විකෘති ම ප්‍රවේශයක් නියම කරනු ලැබ ව්‍යසනයට එමගින්  මග පෑදී ය. එකඟ වූ ඇතැම් පාරිසරික තාර්කික අවශ්‍යතාවලට අනුකූලව මිනිසුන් සහයෝගීව තම නිෂ්පාදනයේ සමාජ හා ද්‍රව්‍යමය තත්ත්වයන් අත්පත් කර ගැනීම, ප්‍රයෝජනයට ගැනීම සහ සංවර්ධනය කිරීම මගින් මිනිසුන් තම නිෂ්පාදනය සංකීර්ණ සමාජ හා ද්‍රව්‍යමය සමස්තයක් (ස්වාභාවික පරමාණුක සමස්තයක්) ලෙස ග්‍රහණය කර ගන්න ඉඩ සැලසූයේ නැත. මෙම පුද්ගල සහ සාමූහික හැකියාව ස්වාභාවික විද්‍යාවන්හි (න්‍යායික සහ ප්‍රායෝගික) ලෙස පමණක් ප්‍රකාශ කර, එයට අනුගත ස්වාභාවික භෞතිකය සමග ඇතුළත් නොකළේ ය. මානව නිෂ්පාදනයේ තීරණ ගැනීමේ ව්‍යුහයේ වර්ධනය සවිඥානික සමුපකාර-ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අනුගත නොකර පුද්ගලයින්ගේ ලාභ රේට්ටු වැඩි කිරීම ඊට ඇතුළත් කළේ ය.

මානවයන් අතර ඓතිහාසික වශයෙන් විශේෂිත වූ පංති විභේදන සම්බන්ධතා සහ මානව නිෂ්පාදනයේ අවශ්‍ය කොන්දේසි අනුව මානව සමාජය ස්වභාවධර්මය සමග මුසු වීම මගින් සම්බන්ධතා පරිපූර්ණත්වයේ නිර්ණායක වෙත ගමන් කරන බව මාක්ස් පෙන්වා දෙයි. අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ අයිතිකරුවන් අතර සම්බන්ධතා සමාජ නිෂ්පාදනයේ අවශ්‍ය කොන්දේසි මත අවකලනය වීම පාලනය මත පදනම් වන බැවින්, ඒවා පංති විභේදනය සමස්තයක් ලෙස මානව නිෂ්පාදන ආකාරයන් ධනේශ්වර සමාජයේ ස්ථාපිතව පවතී. මෙම මූලික පංති සබඳතා හා සම්බන්ධතා සියලු සමාජ නිෂ්පාදන විධි සඳහා ද අදාල වේ. නිදසුනක් වශයෙන්, භාණ්ඩය, වටිනාකම සහ ප්‍රාග්ධනය මානව නිෂ්පාදනයේ ප්‍රමුඛ ආකාරයන් බවට පත්වන්නේ ධනවාදය විසින් සෘජු මානව නිෂ්පාදකයින් අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි වලින් සමාජමය වශයෙන් වෙන් කිරීම සමග පමණි. ඒ අතරම, ද්‍රව්‍යමය ලෝකයේ ස්වාභාවික හා සමාජ චලනය ධනවාදයේ සමාජ-ආර්ථික ව්‍යුහවල (උදා: විවිධ ආකාරයේ භාණ්ඩ භාවිත වටිනාකම, ස්ථාවර ප්‍රාග්ධනය සහ කුලිය) වෙනස තීරණය කරයි.

මෙම භෞතික ආකෘතීන් ද්‍රව්‍යයමය ආකාරයන් බිහි වූ බව මාක්ස් පිළිගනී. මෙම පිළිගැනීම භෞතික මූලධර්මය යටතේ වර්ධනය කළ මාක්ස් නව නිෂ්පාදන බලවේග පිළිබඳ දැක්ම ස්වභාවික භෞතිකවාදී පදනම දක්වා විහිදුවාලී ය. මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය සහ සමාජීය ලක්ෂණ අන්‍යෝන්‍ය වශයෙන් සංස්ථාපිත ලෙස සැලකීමට මාක්ස්ගේ සාපේක්ෂ පරිපූර්ණත්වය ඔහුගෙන් ලැබුණ ප්‍රධාන දෘෂ්ටිවාදයයි. සමාජය-ස්වභාව සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස අපෝහක සංකල්පය විසින් ප්‍රයෝජනවත් ලෙස මාක්ස් සාරාංශ ගත කර ඇත:

එහෙත්, මෙම ඒකපාර්ශ්වික ප්‍රතිවිරෝධතා දෙක මග හැරීම නිශ්චිතවම ඒවායේ ඓන්ද්‍රීය සංයුතිය නිසා සිදුවන්නේ කෙසේදැයි අපට වත්මනේ තේරුම් ගත හැක්කේ ‘සමස්තයක්’ තුළ ඒකාබද්ධ වී ඇති නියත ස්වාභාවික සමස්තයක් වන පරමාණුක මූලද්‍රව්‍යවල සංශ්ලේෂණය තුළින් පමණි. පරමාණු ඒකාබද්ධ වී ද්‍රව්‍යමය කොටස් ලෙස ස්වාභාවිකව එකතු වී විශ්වය, මන්දාකිනි, සූර්යා, ග්‍රහලෝක, සොබාදහම සහ ජීවය යන භෞතික විශ්වයේ පරිණාමය ස්වාභාවික භෞතිකවාදය තුළින්  බිහි වූ බව ස්ටීපන් හෝකින්  [Stephen Hawking 1942- 2018] පවසයි.

Stephen Hawking

ද්‍රව්‍යමය හා සමාජීය, වෛෂයික පැවැත්මෙන් භෞතිකය වෙන් කළේ ආත්මය සහ සූරාකෑම යන විකෘති ලක්‍ෂණ එකමුතුවකින් සමස්තය ස්ථාපිත කිරීම හරහා ය. එලෙස ස්වභාවධර්මයේ සමාජ සබඳතාවල සමස්තය පිළිබඳ සංකල්පය මානව නිෂ්පාදනයේ විකෘති මූලාශ්‍රය අනාවරණය කර ගැනීමට මාක්ස්ට හැකියාව ලැබුණේ ස්වාභාවික භෞතිකවාදී ප්‍රපංචය හඳුනා ගැනීම තුළිනි. ප්‍රාග්ධනයේ ශ්‍රමය සහ ස්වභාවධර්මයේ වර්ධනය සමාජීය හා ජෛව වශයෙන් වඩ වඩාත් අත්‍යවශ්‍ය වන සූරාකෑමට ලක් නොවන නිෂ්පාදන සබඳතා වෙත සංක්‍රමණය වන්නේ කෙසේද යන්න තහවුරු කිරීමට මාක්ස්ට හැකියාව ලැබුණි.

පැරණි සංස්කෘතීන් යම් ස්වාභාවික භෞතික පද්ධතියක් හරහා මානවයා ප්‍රජනනය කළේ නම්, ස්වභාවධර්මයෙන් ඔවුන්ගේ විසර්ජනය කිරීම සීමා වන්නේ ස්වාභාවික කලාපයක්, ජල පෝෂකයක්, ශාක කලාපයක්, ස්වාභාවික භූමි ප්‍රදේශයක් තුළ සොබාවික ආර්ථික සාධක තුළින් ජෛව විවිධත්වය ස්තාපිත වීම මත ය. පැහැදිලිවම, ස්වාභාවික දෙවර්ග වන ස්වාභාවික සොබාදහම සහ මානව නිෂ්පාදනයේ විවිධ ස්වරූප නියෝජනය වන අතර, නිශ්චිත සමාජ නිෂ්පාදන සම්බන්ධතා සම්බන්ධයෙන් විවිධ ස්වාභාවික සීමාවන් නියෝජනය කරයි. මානව ඉතිහාසය භූ-ගෝල පද්ධතියේ සිට ජෛව-ගෝල පද්ධතිය දක්වා පරිණාමයක් ලෙස සංකල්පනය කළ හැකි බව දැන් පැහැදිලි ය.

මානව සමාජයේ අතිරික් භාණ්ඩය විසර්ජනය කිරීම සහ වෙන් කිරීම ශ්‍රම සහ අතිරික්ත-විසර්ජන පංතීන් අතර ප්‍රතිවිරෝධතා සහ පුද්ගලික-දේපල අවශ්‍යතා අතර තරඟය මගින් පාලනය වන තාක්, මානව නිෂ්පාදනය ජෛවගෝලය සමග ශක්‍ය ලෙස අනුගත වනු ඇතැයි අපේක්ෂා කිරීමට භෞතික හේතුවක් සොයාගැනීමට නොහැකි ය. මාක්ස් – එංගල්ස් ට අනුව, පංතිමය මානව නිෂ්පාදනය විසින් ජනනය කරන ලද සොබාදහම කඩාකප්පල් කිරීමේ මූලික ආකාරයක් වන්නේ ගම නගරයෙන් වෙන්කර ගෝලීය පද්ධතිය විශ්වයෙන් වෙන් කිරීමයි. අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි වලින් සෘජු මානව නිෂ්පාදකයින් ධනවාදයේ සමාජ වෙන් කිරීමත් සමඟ ගම/නගරය/රට/මහද්වීප ගෝලීය සමස්තයෙන් වෙන්කර විකෘති අන්තයකට ගෙන ගියේ ය. මෙම ද්විත්ව වෙන්වීම යටතේ ස්වභාවය කෙලෙසීමට විරුද්ධව ස්වාභාවික භෞතික පද්ධතියක් යටතේ එය නැවත නිවැරදි කිරීම මාක්ස්වාදයේ නිර්මාතෘවරුන් දෙදෙනාගේ ප්‍රධාන දෘෂ්ටිවේදය වුණි.

මෙම ඉදිරි දර්ශනය, ප්‍රධාන ධාරාවේ සමාජ විද්‍යාව විසින් බොහෝ විට ඛණ්ඩනය වූ, පාර්ශවීය ආකාරයෙන් සලකනු ලබන මානව නිෂ්පාදනයේ අංශ අතර දේශපාලනිකව තීරණාත්මක සම්බන්ධතා ඇති කර ගැනීමට මාක්ස් අපට දෘෂ්ටිමය හැකියාව ලබා දුන්නේ ය. වෙළඳ භාණ්ඩ වටිනාකම් සහ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, වැටුප්-ශ්‍රමය සූරාකෑම සහ ස්වභාවධර්මය විකුණා ප්‍රාග්ධන සමුච්චය කිරීමේ කොන්දේසියකට අපව බලහත්කාරී ලෙස ස්ථාන ගත කළේ ය. මාක්ස් එය පෙන්නුම් කරන්නේ, එමගින් කම්කරු පංති අරගලවල සහ ජනප්‍රිය අරගලවල මූලික ඥාතිත්වය ඒකාබද්ධ කරමින් ගොඩනැගෙන විප්ලවවාදී සංවිධානයක අවශ්‍යතාවය ගැනයි.

The post ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f/feed/ 0
ස්වාභාවික භෞතිකවාදය හා මාක්ස්වාදය https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b7%e0%b7%9e%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b7%e0%b7%9e%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8/#respond Mon, 12 Feb 2024 04:10:08 +0000 https://vivaranalk.com/?p=10875 මාක්ස්වාදයේ මූලික විශ්ලේෂණාත්මක නිර්ණායක දෙක වන ඓතිහාසික භෞතිකවාදය සහ අපෝහක භෞතිකවාදය යන විෂය පථය ස්වාභාවික භෞතිකවාදය නැමති ප්‍රවේශයයි. ස්වාභාවික භෞතිකවාදයෙන් වෙන්ව කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික භෞතිකවාදය වෙත කාර්මික ධනවාදය යටතේ ගමන් කිරීම ධනේශ්වරය විසින් සාධාරණය කරන්නට විශාල වෙහෙසක් ගත්තා සේ ම එය කාර්මික ධනවාදය සුඛිත-මුදිත ව්‍යුහයක්ය යන මතය ධනේශ්වරය විසින් ස්ථාපිත කළේ ය. මාක්ස්ගේ ස්වාභාවික […]

The post ස්වාභාවික භෞතිකවාදය හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
මාක්ස්වාදයේ මූලික විශ්ලේෂණාත්මක නිර්ණායක දෙක වන ඓතිහාසික භෞතිකවාදය සහ අපෝහක භෞතිකවාදය යන විෂය පථය ස්වාභාවික භෞතිකවාදය නැමති ප්‍රවේශයයි. ස්වාභාවික භෞතිකවාදයෙන් වෙන්ව කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික භෞතිකවාදය වෙත කාර්මික ධනවාදය යටතේ ගමන් කිරීම ධනේශ්වරය විසින් සාධාරණය කරන්නට විශාල වෙහෙසක් ගත්තා සේ ම එය කාර්මික ධනවාදය සුඛිත-මුදිත ව්‍යුහයක්ය යන මතය ධනේශ්වරය විසින් ස්ථාපිත කළේ ය. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදී ප්‍රවේශයෙන් වෙන්ව තීරණාත්මක ගැටලුවක් වෙත ගමන් කරන්නට කාර්මික සමාජවාදය විසින් ද පියවර ගනු ලැබුවේ 1924 පසු ජෝසප් ස්ටාලින් යටතේ ය. විරුද්ධභාෂී ක්‍රමවේද දෙකක් වූ කාර්මික ධනවාදය සහ කාර්මික සමාජවාදය යන ක්‍රමවේදයන් දෙකේ ක්‍රියාවලිය විසින් ඇති කළ ප්‍රතිඵලය පෘථිවි ගෝලයේ ව්‍යසනයක් දක්වා ගමන් මග වත්මන වන විට ස්ථිර කර අවසන් ය.

එවිට කාර්මික විප්ලවයෙන් පසුව අවුරුදු 300ක් යන විට වත්මනේ ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාසවලට පසුබිමෙන් ජෛව විවිධත්වයට, සොබාදහමට හා අයිස් යුගයට නිෂේධනයක් (අභාවයක්) ස්ථාපිත කර තිබේ. පෘථිවියේ උපත සිදුවී වර්ෂ බිලියන 4.5ක් ගෙවී ඇත. පෟථිවිය මතුපිට අයිස් යුගය ආරම්භ වී වර්ෂ බිලියන 3ක් ගෙවා දැමුවේ වර්ධනාත්මක ස්වාභාවික අයිස් යුග හයක් පසු කරමිණි. කාර්මික විප්ලවය ආරම්භ වී වත්මන වන විට ගෙවී ඇත්තේ අවුරුදු 300 කි. අවුරුදු 300ක ඉතා කෙටි කලකින් ගෝලීය ව්‍යයසනක් දක්වා වර්ධනය වූයේ කාර්මික විප්ලවය නැමති ස්වාභාවිකත්වයට විරුද්ධ සංවර්ධන ප්‍රතිපත්තියක ගමන් කළ නිසා ය.

මාක්ස්වාදයේ ස්වාභාවික භෞතිකවාදය (සොබාදහම) හා ස්වාභාවික භෞතික සමාජය (ජෛව විවිධත්වය) පැවැත්ම ව්‍යසනයක් දක්වා වර්ධනය කිරීම නිසා 2030 වන විට  වත්මනේ ඇති වී තිබෙන ව්‍යසනය අධික ව්‍යසනයක් දක්වා ගමන් කරමින් තිබෙන බව භෞතික විශේෂඥයන්ගේ මතයයි. ඒ අනුව බැලුව කළ කාර්මික ධනවාදය සහ කාර්මික සමාජවාදය කාර්මික විප්ලවයේ විකෘති ප්‍රතිඵලය පෘථිවියේ විනාශයට සම්මාදම් වී ඇති කළ ව්‍යසනයක් බව වර්තමානය වන විට පැහැදිලිව පෙන්නුම් කරන්නේ ය.

මාක්ස්වාදයේ ස්වාභාවික භෞතිකවාදී විග්‍රහයේ පළමු අවශ්‍යතාවය වන්නේ එය ස්ථාවර ලෙස සමාජීය හා භෞතිකවාදී පද්ධතියේ ස්වාභාවික පදනමයි. එක් අතකින්, එය පුද්ගල-ස්වාභාවික සබඳතා ඓතිහාසිකව නිශ්චිත මාර්ගවල සමාජීය මැදිහත්වීමක් ලෙස සලකන අතර, එමඟින් ගොරහැඩි කාර්මික භෞතිකවාදී නිර්ණායක හෝ අස්වාභාවික යථාර්ථය තීරණය කර ඇති සංකල්ප වත්මන වන විට නිවැරදිව හඳුනා ගත යුතු ය. අනෙක් අතට, මානව නිෂ්පාදනයේ සහ පරිණාමයේ ස්වාභාවික තත්ත්වයන් විසින් සීමා කරන ලද මෙම ආකෘතිවල ද්‍රව්‍යමය අන්තර්ගතය නොසලකා හැරීම සඳහා මානව ඉතිහාසය හැඩගැස්වීමේදී සමාජ ආකෘතිවල භූමිකාව ඒකපාර්ශ්විකව අවධාරණය කරන සමාජ-ඉදිකිරීම්වාදී සහ විකෘති සංවර්ධන දෘෂ්ඨියක් කාර්මික විප්ලවය හරහා ගොඩනැගුණි.

සොබාදහම සහ ජෛව සමාජය අඛණ්ඩතාවය පෘථිවිය මත ස්ථාපිත කරනවා වෙනුවට සොබාදහම, ජෛව විවිධත්වය සහ භෞතික සංඝටක සමග සංකීර්ණ භෞතික පැවැත්ම හඳුනා නොගෙන කාර්මික විප්ලවය ස්වභාවධර්මයේ ව්‍යයසනයේ බරක් ජීවයට ඉතිරි කළේ ය. විශේෂයෙන්ම, සියලු භෞතික වටිනාකම් මානව සහ සමාජ වටිනාකම් බව හඳුනාගත යුතු අතර, ස්වභාවධර්මයට සරලවම හිමි නොවන අර්ධ-මානව ආත්මීයත්වයක් හෝ අරමුණු ආරෝපණය කිරීමෙන් වැළකී සිටිය යුතු ය. ස්වභාවධර්මයේ ආර්ථික, සංස්කෘතික සහ සෞන්දර්යාත්මක ඇගයීම් සෑම විටම ඒවා උත්පාදනය වන විශේෂිත සමාජ සම්බන්ධතා විවෘතව විශ්ලේෂණය කළ යුතු ය. ඒ අතරම, ස්වභාවධර්මය පිළිබඳ මානව තක්සේරු කිරීම් ද්‍රව්‍යයමය වශයෙන් දැනුවත් ජෛව සමාජයේ වර්ධනය සමග; වස්තූන්, බලවේග සහ ජීව ස්වරූපයන් වෛෂයික, ස්වාභාවික වෙනස් වීම් හඳුනා ගෙන ස්වාභාවිකත්වය මගින් පාලනය වන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතු වෙයි. ස්වාභාවික භෞතික වටිනාකම් සමාජීය වශයෙන් ගොඩනැගී ඇතත්, ස්වාභාවික භෞතිකයේ වෙනස්වීම හෝ ප්‍රගමනය හෝ ඛණ්ඩනය හෝ චලනය හෝ විදාරණය හෝ විශ්වය තුළ ඇති වන ස්වාභාවිකත්වය වෙනස්වීම විචිත්‍රවත් කරන්නේ ස්වාභාවික භෞතිකයේ ස්ථිර වර්ධනයක්  තුළිනි.

ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ සංකල්පය ජෛව සමාජ විද්‍යාවේ අවශ්‍යතාවය සපුරයි. අතිරික්ත නිෂ්පාදිතය වත්මන් නිෂ්පාදන මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිෂ්පාදනයක් දක්වයි; මෙය මිනිස් ශ්‍රමිකයන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ නිෂ්පාදනයක් දක්වා සහ වත්මන් නිෂ්පාදනයට දායක වන ඕනෑම නිෂ්පාදිත හා නිෂ්පාදන මාධ්‍යයක් දක්වා ගමන් කරයි. මාක්ස් මෙම අතිරික්තයේ නිෂ්පාදනය සහ භාවිතය විශ්ලේෂණය කරන්නේ මෙසේය;

  1. එහි නිෂ්පාදකයින් සහ එහි හිමිකරුවන් අතර පංති සබඳතා අනුව;
  2. (2) එහි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍යයමය සහ සමාජ කොන්දේසි අනුව;
  3. (1) හා (2) අතර ගතික අන්තර් ක්‍රියා පංති අරගල මගින් සක්‍රිය කර ප්‍රකාශිත ලෙස ය.
ජෝන් බෙලමි ෆොස්ටර්

මෙම ප්‍රවේශය මාක්ස් සමාජයේ නිෂ්පාදන හැකියාවන් සහ පංති සම්බන්ධතා වර්ධනයට ද්‍රව්‍යමය හා සමාජීය වශයෙන් එනම් මිනිසුන්-ස්වභාවධර්මය සහ මිනිසුන්-ජෛව සබඳතා ලෙස සැලකීමට හැකියාව ලබා දෙයි. දේශගුණික අර්බුදවලට මානව නිෂ්පාදනයේ අතිරික්තයන් සහ ස්වාභාවික සීමාවන්ට සාපේක්ෂව ස්වභාවධර්මයෙන් වෙන්කර ගැනීම ඇතුළත් වන අතර, මානව නිෂ්පාදනයේ වෙනස්වන මට්ටම සහ ආකාර නිර්ණය කිරීමේදී අතිරික්ත නිෂ්පාදනය හා භාවිතයේ ප්‍රධාන භූමිකාව සැලකිල්ලට ගෙන, මාක්ස්ගේ භෞතිකවාදී සහ පංති විශ්ලේෂණවල විභව ප්‍රයෝජනය සමාජ භෞතික විද්‍යාව සඳහා ප්‍රවේශය පැහැදිලි කළේ ය. නිදසුනක් වශයෙන්, ‘සමාජ භෞතික විද්‍යාව’ සටහන් කිරීමේදී, සොබාදහමේ එක් ක්‍රියාකාරිත්වයක් වන පසෙහි බිඳවැටීමක් සොයා ගැනීමට ජෝන් බෙලමි ෆොස්ටර් [John Bellamy Forter 1953-] සමත් වේ….

යන්න ඔහු පෙන්වා දෙයි.

ස්වාභාවික භෞතික විද්‍යාව ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනස්වීම්වලට (නිෂේධනයන්ට) සමාන බරක් දිය යුතු ය. මිනිස් නිෂ්පාදන ක්‍රියාවලියට උකහා ගැනීමට හෝ එයට අනුගත වීමට ස්වභාවධර්මයේ හැකියාව බොහෝ දුරට තීරණය වන්නේ භෞතික වස්තූන්, භෞතික බලවේග සහ ජීව ස්වරූපවල ඒකාබද්ධ ගුණාංග මගින් විශේෂිත භූ-ගෝලීය පද්ධතිය සමස්තයක් ලෙස භෞමික ජෛවගෝලයත් සමග ය. ජෛවගෝලය මත මානව බලපෑම්වල සංඛ්‍යාත ස්වරූපයන් හෝ අවකාශීය දැක්මකින් හෝ චලනයවන විභේදනයකින් හෝ අවබෝධ කර ගත හැක්කේ ස්වභාවධර්මයේ ගුණාත්මක විචල්‍යතාවය සහ අවකලන ප්‍රතිරෝධය අනුව පමණි. ඇත්ත වශයෙන්ම, අසමාන සහ වෙනස් වූ මානව බලපෑම් අනෙකුත් විශේෂවලට සාපේක්ෂව මානව සංවර්ධනයේ විශේෂිත ලක්ෂණ ද හඳුනා ගත හැකි ය. ස්වභාවික අර්බුද ඇතිවන්නේ එක් අතකින් මානව නිෂ්පාදනයේ සමාජ විභේදනය හෝ ප්‍රසාරණය හෝ අනෙක් පැත්තෙන් ස්වභාවධර්මය තුළ පවතින ගුණාත්මක විචල්‍ය, ප්‍රමාණාත්මක සීමාවන් සහ අවශෝෂණ හැකියාවන් අතර අවකාශීය සහ කාලීන අසමගිය වර්ධනය වන රටාව මගිනි. මෙය සාමාන්‍ය මට්ටමක දී පවා, මානව නිෂ්පාදනයේ සමාජ සම්බන්ධතා, ස්වභාවධර්මයෙන් මානව විසර්ජනයේ හැඩගැස්වීම හරහා, මානව-ස්වභාවිකත්වය ‘නොගැලපීම’ පිළිබඳ ප්‍රධාන නිර්ණායකයක් බව පැහැදිලි ය.

ධනවාදය පිළිබඳ මාක්ස්ගේ වටිනාකම් මත පදනම් වූ විශ්ලේෂණය, ධනේශ්වර නිෂ්පාදන ආකාර (උදා: භාණ්ඩ, මුදල්, ප්‍රාග්ධනය, වැටුප් ශ්‍රමය) ඓතිහාසික වශයෙන් නිශ්චිත, ද්‍රව්‍යයේ සහ සමාජීය ආතතියෙන් පිරුණු එකමුතුවක් ලෙස සැලකීමෙන් සමාජ භෞතිකයේ පළමු නිර්ණායකයට අනුකූල වේ. මාක්ස්ගේ සංකල්පය තුළ, ධනවාදයට ස්වභාවධර්මය කෙරෙහි නිශ්චිත ප්‍රතිවිරෝධයක් ඇති අතර එය ස්වාභාවික තත්වයන් පිළිබඳ යම් ආකාරයක අවතක්සේරු කිරීමකින් ප්‍රකාශ වන අතර මෙම අවතක්සේරු කිරීම භාවිත වටිනාකම සහ හුවමාරු වටිනාකම අතර ප්‍රතිවිරෝධයේ මූලික ආකාරයක් බව මාක්ස් පවසයි. මාක්ස්ගේ ඉදිරි දර්ශනය මේ අනුව යෝජනා කරන්නේ ගෝලීය අර්බුදවලින් තොර නිෂ්පාදන පද්ධතියක් සඳහා වන අරගලය, ප්‍රධාන වශයෙන්, ධනේශ්වර සූරාකෑම සහ ශ්‍රමයේ සහ ස්වභාවධර්මයේ නිෂ්පාදනවල වෙළඳ භාණ්ඩ ස්වරූපය ජය ගැනීමේ අරගලයක් විය යුතු බවයි.

විට සොබාදහම සමග මුසු වූ ආර්ථික හා සමාජ ව්‍යුහය ‘හරිත සමාජවාදය’ නැමති බහුත්තවාදී ස්වාභාවික භෞතිකවාදී ප්‍රපංචයක් වෙත ප්‍රවිෂ්ට වීමේ මාධ්‍ය විසින් පෘථිවියේ හටගෙන ඇති ව්‍යයසනයෙන් මිදී අනාගතයක් මානවයාට පමණක් නොව සියලුම ජීවීන්ට මෙන්ම සොබාදහමටද දායාදක් ඇති වුණ විට ස්වාභාවික භෞතික පැවැත්ම නැවත ස්ථීර වනු ඇත

The post ස්වාභාවික භෞතිකවාදය හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b7%e0%b7%9e%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8/feed/ 0
වත්මන් ක්‍රිකට්.. https://vivaranalk.com/%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/#respond Fri, 10 Nov 2023 04:43:08 +0000 https://vivaranalk.com/?p=10296 13 වෙනි ක්‍රිකට් ලෝක කුසලානය (2023) මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙමින් තිබේ. මේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් උසස් තත්වය (ranking) පරීක්‍ෂා කර බලා සහභාගිත්වය පෙළ ගස්වා තිබෙන්නේ ය. එවිට කණ්ඩායම් දහයේ ප්‍රබලත්වයේ සිට දුර්වලත්වය ප්‍රදර්ශනය කර තිබුණත් පැවැත්වෙන ක්‍රිකට් තරඟ එම උසස් තත්වය අදාල නොමැති බව පෙන්නුම් කරන ප්‍රධාන ලක්‍ෂණක් බවට පත් වී අවසන් ය. […]

The post වත්මන් ක්‍රිකට්.. appeared first on විවරණ.

]]>
13 වෙනි ක්‍රිකට් ලෝක කුසලානය (2023) මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙමින් තිබේ. මේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් උසස් තත්වය (ranking) පරීක්‍ෂා කර බලා සහභාගිත්වය පෙළ ගස්වා තිබෙන්නේ ය. එවිට කණ්ඩායම් දහයේ ප්‍රබලත්වයේ සිට දුර්වලත්වය ප්‍රදර්ශනය කර තිබුණත් පැවැත්වෙන ක්‍රිකට් තරඟ එම උසස් තත්වය අදාල නොමැති බව පෙන්නුම් කරන ප්‍රධාන ලක්‍ෂණක් බවට පත් වී අවසන් ය. පවත්වන තරඟයක ජය-පැරදුම තීන්දු වන්නේ දක්‍ෂතාවය මත හෝ තරඟකාරීත්වය මත හෝ නොව බාහිර සාධක මත බව ප්‍රේක්‍ෂකයන්ගේ මතය වී තිබේ. එවිට ක්‍රිකට් තරඟයක් සඳහා නැරඹීමේ ප්‍රේක්‍ෂක අවධානය හීන වෙමින් පවතී. ක්‍රිකට් තරඟයක තිබුණ තරඟකාරීත්වය අවසන් වී කණ්ඩායමේ දක්‍ෂතාවය වැඩකට නොමැති දෙයක් බවට පත් වී ජයග්‍රහණය ලබන කණ්ඩායමේ සුදුසුකම බාහිර සාධක අධ්‍යනය මත පදනම් වී තරඟයේ ජය පැරදුම කාසියේ වාසිය මත තීන්දු වන සාධකයක් මත ඉස්මතු වීමට පටන්ගෙන තිබේ. ක්‍රිකට් තරඟයෙන් තරඟයට විශාල ජයග්‍රහණ මෙන්ම අති විශාල පරාජයන් ද කණ්ඩායම් අතර දැක ගත හැක්කේ මේ නිසා ය.

වත්මනේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයක් තරඟයකාරීත්වයකින් තොරව ජයග්‍රහණය තහවුරු කිරීමේ හැකියාව කලක සිට වර්ධනය කර ගත් කණ්ඩායම් බිහි වී තිබේ. එහිදී විශ්මිත තරඟ රටාවක් ක්‍රිකට් කීඩාවට ඇතුළු වී ඇති බව තරඟයක ලබා ගන්නා ලකුණු ප්‍රමාණයෙන් පැහැදිලිව පෙනෙන්නේ ය. එක් දිනකදී එක් කණ්ඩායමක් ලකුණු 350ට වඩා ලබා ගෙන එම තරඟය ජය තහවුරු කර ගන්නා අතර, ඊලග තරඟයේදී ලකුණු 150ට ආසන්න ප්‍රමාණයකින් දැවී යාම නිසා තරඟය පරාජය වීම ප්‍රේක්ෂකයන්ගේ විමතියට හේතු වී තිබේ. එවිට ප්‍රේක්ෂකයාට තරඟයක් නැරඹීමෙන් තරඟකාරීබව නොමැති වීම නිසා ලබන ආස්වාදය හා තෘප්තිය හීන වී ගොස් තිබෙන බව පෙනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තිබූ ප්‍රේක්‍ෂක උනන්දුව අඩුවීම නිසා ය.   

දක්‍ෂ ක්‍රිකට් කණ්ඩායම්වල දක්‍ෂතා පසෙකට විසි කර තරගාවලිය පවත්වන රටේ කණ්ඩායම ජයග්‍රහණයට විශේෂ දක්‍ෂතාවය මත පදනම් වූ හේතුක් නොමැත. තරඟයක් ජයගන්නට අවශ්‍ය වී තිබෙන්නේ කාසිය වාසිය පමණි. කාසිය වාසිය දිනූ කණ්ඩායම තම කණ්ඩායම ජයග්‍රහණය මෙහෙයවන්නේ කණ්ඩායමේ පවතින දක්‍ෂතා අනුව නොව ක්‍රීඩා පිටියේ (පිට්ටනිය) ඇති ස්වාභාවික හේතු තම කණ්ඩායමේ ජයග්‍රහණයට පාදක කර ගනිමින් සකස් කරන සැලැසුම් අනුව ය.

එවිට කාසියේ වාසිය දිනූ කණ්ඩායම පන්දු යැවීම තීරණ කරයි නම් තණනිල්ල හැසිරෙන්නේ පන්දුවට පහර දෙන්නන්ට අවසි දායක ලෙස ය. එවිට පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමට තණනිල්ලේ ස්වභාවික හැසිරීම ප්‍රයෝජනයට ගනී. කාසිය වාසිය ලැබුණු පසු පන්දුවට පහර දීමට තීරණය කරයි නම් එම තණනිල්ල විශාල ලකුණු සංඛ්‍යාවක් වන 350 වඩා රැස් කිරීමට හැකි තණනිල්ලකි. මන්ද ලකුණු 350-450 අතර පළමුව ලබා ගන්නා තරඟයක් ජය ගන්නට තවමත් කිසිම ක්‍රිකට් කණ්ඩායම්ක් සමත් වී නොමැත. එසේත් නොමැති නම් පළමු ඉනිමට පසුව ඇරඹෙන දෙවනි ඉනිමේදී තණනිල්ලේ ඇතිව වෙනස් වීම ප්‍රයෝජනයට ගෙන දෙවනවර පන්දුවට පහරදෙන්නට ස්ථාවරයක් ගොඩනගා ගැනීමට නොහැකි ලකුණු පුවරුවක් සාදා එය තණනිල්ලේ වෙනස්වීමෙන් ආරක්‍ෂා කර ගැනීමට සැලසුම් සකස් කර ජයග්‍රහණය ලබා ගනියි.  

මේ ක්‍රියාවලියට තණනිලි සකස් කරන සේවකයන් ද දෙන්නේ උපරිම සහයෝගයක් ය. දැන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තරඟයක් නොමැත. එවිට තණනිල්ලේ ස්වභාවය හොඳින් හඳුනා ගන්නා කණ්ඩායමට අවශ්‍ය කාසියේ වාසිය ජයග්‍රහණය පමණි. නැතිනම් තම රටේ කණ්ඩායමට තණනිල්ල සකස් කරන සේවකයන් ලබා දෙන සේවාව නිසා අනෙක් කණ්ඩායම්වලට එම කණ්ඩායම පරාජය කරන්නට හැකියාවක් වර්ධනය කර ගත නොහැකි වන ලෙස තණනිල්ල සකස් කර දෙයි. එවිට තරඟාවලිය ජය ගන්නේ තම රටේ කණ්ඩායම නිසා ලෝක කුසලානය හිමි වන්නේ පවත්වන රටට බව ස්ථිර වී තිනේනේ ය. එම කණ්ඩායම ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ විධිහ ගැන සිතීම ඵලක් නොමැති සිතුවිල්ලකි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ පැවති ජීව ගුණය වත්මණ වන විට අවසන් වී තිබේ. දැන් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් කීඩාවෙන් ඉවත් වන්නේ කිසිම ජීව ගුණයක් ක්‍රිකට් තරඟයක් නැරඹු විට නොලැබෙන නිසා සහ ජයග්‍රහණය ක්‍රීඩාශීලීත්ව මත පදනම් නොවන නිසා ය.

The post වත්මන් ක්‍රිකට්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/feed/ 0
පාපන්දු දේශපාලනය.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba/#respond Mon, 28 Nov 2022 06:55:32 +0000 https://vivaranalk.com/?p=6558 2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 21 කටාර් රාජ්‍යයේදී ආරම්භ විය. මෙම තරඟාවලිය මුළු ලෝකයටම වැදගත් වන්නේ ලෝකයේ අතිශය ජනප‍්‍රිය ක‍්‍රීඩාව පාපන්දු ක‍්‍රීඩාව වන බැවිනි. පාපන්දු ලෝක කුසලානයක් මැද පෙරදිග කලාපයේ පැවැත් වෙන්නේ පළමු වතාවටයි. කෙසේ නමුත් පාපන්දු සත්කාරකත්වය සඳහා කටාර් රාජ්‍ය තෝරා ගැනීම සම්බන්ධයෙන් 2010 සිට විවිධ මතබේද හට ගැණුනි. ඒ ගැටළුකාරී තත්වය තරඟාවලිය ඇරඹුනත් […]

The post පාපන්දු දේශපාලනය.. appeared first on විවරණ.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 21 කටාර් රාජ්‍යයේදී ආරම්භ විය. මෙම තරඟාවලිය මුළු ලෝකයටම වැදගත් වන්නේ ලෝකයේ අතිශය ජනප‍්‍රිය ක‍්‍රීඩාව පාපන්දු ක‍්‍රීඩාව වන බැවිනි. පාපන්දු ලෝක කුසලානයක් මැද පෙරදිග කලාපයේ පැවැත් වෙන්නේ පළමු වතාවටයි. කෙසේ නමුත් පාපන්දු සත්කාරකත්වය සඳහා කටාර් රාජ්‍ය තෝරා ගැනීම සම්බන්ධයෙන් 2010 සිට විවිධ මතබේද හට ගැණුනි. ඒ ගැටළුකාරී තත්වය තරඟාවලිය ඇරඹුනත් පහව ගොස් නොමැත.

2010 වසරේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) හි විධායක සාමාජිකයන් 22 දෙකකගේ බහුතර ඡන්දයෙන් කටාර් රාජ්‍යය 2022 පාපන්දු ලෝක කුසලානයේ සත්තාරකත්වය දිනා ගනු ලැබුවේය. ඔවුන් මේ අවස්ථාව දිනා ගනු ලැබුවේ ස්විස්ටර්ලන්තය, ඇමරිකාව,  ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව වැනි ප‍්‍රබල රටවල් පරාජයට පත් කරමිණි. කටාර් රාජ්‍යට පාපන්දු ලෝක කුසලනයේ සත්තාරකත්වය ලබා ගැනීම සඳහා FIFA විධායක සභිකයන්නට අල්ලස් ලබා දුන්නේය යන්න පසුව චෝදනා එම කාලයේදීම නැගුණි. කටාර් රාජ්‍යයට සහය දැක්වීම සඳහා FIFA නිලධාරීන්ට කටාර් රාජ්‍යයෙන් ඩොලර් මිලියන 3.7 ක අල්ලස් මුදලක් ලබා ගත් බව චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් FIFA හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 7 දෙනෙකු 2015 මැයි අත් අඩංගුවට ගත්තේ ස්විස්ටර්ලන්තයේ පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන කාර්යාලයේදීය. එම සංගමයට එරෙහිව දූෂණ චෝදනා දෙකක් යටතේ මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ 2018 රුසියාව සහ 2022 කටාර් රාජ්‍යය පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් අල්ලස් ලබාගැනීම චෝදනා යටතේය. ඒ ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වූ ස්විස්ටර්ලන්ත පොලීසියට පෙනී ගොස් තිබුනේ වංචා සහ කළු සල්ලි ජාවාරම්වල පාපන්දු සම්මේලනය දශක දෙකකට වැඩි කාලයක් නිරත වී ඇති බවය. එමගින් ඔවුන් ඩොලර් මිලියන 150 වැඩි මුදලක් උපයාගෙන තිබූ බවත් පසුව අනාවරණය කර ගනූ ලැබීය.

Jack Warner

මේ අතර FIFA හි හිටපු උපසභාපතිවරයෙකු වන නියෝජ්‍ය සභාපති ජැක් වෝනර් ප‍්‍රකාශයක් කරමින් පැවසුවේ තමා දන්නා වංචා දූෂණ සියල්ල හෙළිදරව් කරන බව පැවසුවේය. වංචා දූෂණ සහ කළු සල්ලි ජාවාරම්වල නිරත වීම නිසා විධායක සභිකයන්ට එරෙහිව ඇමරිකානු නීති දෙපාර්මේන්තුව විසින් නඩු පවරනූ ලැබ ඇති අතර සභාපතිවරයා ඒ අතර සිටින බවද වාර්තා විය. FIFA හි මුදල් හුවමාරු වූ ආකාරය තොරතුරු සහිත ලියකියවිලි තම නීතීඥයන්ට ලබා දුන් බවත් නියෝජ්‍ය සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි. මෙම සිදුවීමෙන් පසුව  FIFA සභාපති ජෝප් බ්ලැටර් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කළේය. මෙලෙස ඇදී ආ පාපන්දු දේශපාලනයේ වඩාත් ආන්දෝලනාත්මක ප‍්‍රවෘතිවලින් කටාර් රාජ්‍යයෙන් ඇසෙන්නට පටන් ගත්තේ සත්තාරකත්වය හිමි වීමත් සමගය.

2010 යේදී පාපන්දු සත්කාරකත්වය ලබා ගැනීමෙන් පසු ක‍්‍රීඩාංගන ඉදිකිරීමේදී විදෙස් සංක‍්‍රමනික ශ‍්‍රමිකයන් 6500 ට වැඩි ප‍්‍රමාණයක් මියගොස් ඇති බව 2021 වන විට විදෙස් වාර්තා සඳහන් කර සිටියේය. මෙලෙස මිය ගොස් සිටින සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් පැමිණි රටවල් සැලකීමේදී දකුණු ආසියාව ප‍්‍රමුඛවීම විශේෂත්වයකි. සත්තාරකත්වය ලබා ගත් 2010 සිට සාමන්‍යයෙන් සතියකට ශ‍්‍රමිකයන් 12 පමණ මිය ගොස් ඇති බව වාර්තා වන්නේය. පිලිපීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවලින් පැමිණි ශ‍්‍රමිකයන්ගේද මරණ ද එකතු කළ විට මෙම සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවයි ඔවුන් පැවසුවේ. 2022 ලෝක කුසලානය නිමිති කරගෙන පෙර නොවූ විරූ පරිද්දෙන් ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කිරීමට කටාර් රාජ්‍යය පියවර ගනු ලැබුණි. අලූතින් ඉදිකරන ක‍්‍රීඩාංගන 7ට සහ නවීකරණය ආරම්භ කළ ක‍්‍රිඩාංගන වලට අමතරව නව ගුවන් තොටුපලක්” මාර්ග ඇතුළු ප‍්‍රවාහන පහසුකම් වැඩි දියුණුව වගේම හෝටල් ඇතුළුව අනෙකුත් පහසුකම් සඳහා විශාල ව්‍යාපෘති ගණනාවක් ඉදිකිරීමට පියවර ගනු ලැබුවේය.

මියගිය බොහෝ සංක‍්‍රමිණික ශ‍්‍රමිකයන් ලෝක කුසලානය වෙනුවෙන් සිදු කරන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සේවය කළ අය බව සඳහන් කරන්නේ Fair Square Project සංවිධානයේ අධ්‍යක්‍ෂක නික් මැක්ගීන් මහතාය. එම සංවිධානය මැදපෙරදිග කලාපයේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වැඩකරන සංවිධානයකි.

ක‍්‍රීඩාංගණ ඉදිකිරීම ඉතා අනාරක්‍ෂිත ක‍්‍රමවේදයන් යටතේ සිදු වීම නිසා මරණ සංඛ්‍යාව ඉහළ යාමට බලපෑ බව එම සංවිධානය වැඩි දුරටත් පවසයි. එක් ක‍්‍රීඩාංගනයක් ඉදි කිරීමට සම්බන්ධ කම්කරුවන් 37 දෙනෙක් මිය යාම විශේෂ සිදුවීමක් ලෙස ඔවුන් පවසති. ක‍්‍රීඩාංගණ ඉදි කිරීම අතරතුර සිදු වූ කඩාවැටීම හේතුවෙන් මිය ගිය කම්කරුවන් ගණන මේ අතරින් ප‍්‍රධාන කොටස බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. කටාර් රාජ්‍යයේ සේවය කරන මිලියන දෙකක් පමණ වන සංක‍්‍රමන ශ‍්‍රමිකයන් ප‍්‍රමාණය ආරක්‍ෂා කිරීමට කිසිම පියවරක් නොගැනීම නිසා මෙවැනි මරණ ඉහළ යාමට හේතුව බව පෙනෙන්නට තිබෙන බව එම සංවිධානයේ මතයයි.

මෙම මරණ අතර අධික ලෙස වැඩ ගැනීම නිසා සියදිවි නසා ගැනීම්ද තිබෙන බව ඔවුන් පවසනවා. ඒ වගේම සිරුර දිරාපත් වීම නිසා හේතුව සොයා ගත නොහැකි මරණද පවතින බව සඳහන් වෙනවා. මේ සියල්ලටම වඩා අසාමාණ්‍ය කාරණය වන්නේ ස්වභාවික මරණ ලෙස වර්ගීකරණය කළ මරණ සැලකිය යුතු ප‍්‍රතිශතයක් පැවතීමයි. බොහෝ දුරට ස්වභාවික මරණවලට හෝතු ලෙස හෘදයාබාද සහ ස්වසන අපහසුතා මරණයට හේතුව ලෙස වාර්තා කර තිබීම සුවිශේෂී කරුණකි. ඉන්දීයාව” නේපාලය සහ බංගලිදේශ කම්කරුවන් අතර සිදුවූ මරණ 69 ක් ස්වභාවික මරණ ලෙස වර්ගීකරණය කර ඇත. සාමාන්‍ය මරණ පරීක්‍ෂණයකින් තොරව සිදු කරන එවැනි වර්ගීකරණ හරහා මරණවලට මූලික හේතුව සොයාගැනීමට නොහැකි වෙනවා පමණක් නොව එම මරණයේ වගකීම පැහැර හැරීම සඳහා සූක්‍ෂම ලෙස මග හැර යාමට මග හෙලි කර ගැනීමක්aද එමගින් බලාපොරොත්තු වනු දැකගත හැකියි. මරණ සම්බන්ධයෙන් නීත්යානුකූල වෛද්‍ය පැහැදිලි කිරීමක් ලබා දීමට මං ඇහිරීමත් තවත් හේතුවකි.

සෑම ගිම්හාන සෘතුවකම තාපය ඉහළ යෑමේදී අනාරක්‍ෂිත අයුරින් සේවයේ දෙවීම සමහර මරණ වලට හේතුව බව Fair Square Project සංවිධානයේ මතයයි. සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ගේ පහළ ජීවන මට්ටම මේ රුකියා සඳහා බඳවාගැනීමේදී කටාර් රාජ්‍යයේ බලන එකම සුදුසු කමයි. ඒ වගේම බොරු වැටුප් පොරොන්දු වීම්, වැටුප් ප‍්‍රමාද කිරීම්, ආදී ගැටළු රාශියක් මේ කාලය තුළ කටාර්වලින් වාර්තා වීමද සුවිශේෂී කරුණකි.

මෙවර පාපන්දු කුසලානය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ පාපන්දු ලොලීන් කනස්සල්ලට පත්වී තිබෙනවා. ඒ නිසා බලාපොරොත්තු වූ ප්‍රේක්‍ෂකයන් පැමිණ නැතිබවයි කටාර් රාජ්‍යයෙන් වාර්තා වන්නේ. එයට හේතු වී පවතින්නේ කටාර් රාජ්‍යයේ ඇති දැඩි ආගමික නීතිද ඉවහල් වී තිබෙනවා. ක‍්‍රීඩාවකින් වින්දනය ලැබිය හැක්කේ එය නැරඹීමෙන් පමණක්ම නොවේ. තරඟයක් නැරඹීමෙන් අනතුරුව සාද පැවැත්වීමේ සංකෘතියක් බොහෝ යුරෝපීය රටවල පවතිනවා. ඒ වගේම පැරණි සබඳතා ශක්තිමත් කර ගැනීම සහ නව සබඳතා ගොඩනගා ගැනීම මෙවැනි ලෝක කුසලාන හරහා ගොඩනැගෙන සංකෘතියක්. නමුත් එයට කටාර් රාජ්‍යයේ පවතින මත්පැන් විරෝධී නීති එයට බොහෝ සේ හේතු වී තිබෙනවා. එයට හේතුව ප‍්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ද රටතුළ දැඩි ප‍්‍රතිපත්තියක් තිබීම ඊට හේතුවයි. කටාර් රාජ්‍යය තුළ විවාහයෙන් තොරව ලිංගිත සබඳතා පැවත්වීම තහනම්ය. විශේෂත්වය වන්නේ පාපන්දු ලෝක කුසලාන සඳහා පැමිණෙන සංචාරකයන්ට සහ ක‍්‍රීඩකයන්ට පවා එම නීතිය බල පැවැත් වීමයි. එලෙස හැසිරෙන ක‍්‍රීඩකයන්ට හා ප්‍රේක්‍ෂකයන්ට වසර හතක් දක්වා වූ සිර ද`ඩුවමකට යටත් කළ හැකි නීතී කටාර් රාජ්‍යයේ පවතියි. මේ නීතිවලට කටාර් වැසියන් පුරුදුව සිටියත් පාපන්දු සංචාරකයන් මේ නිතීයට අනුගත නොවන නිසා සංචාරකයන් කටාර් වෙත පැමිණීම ප‍්‍රතිශේප කර ඇති බව අඩු ප්‍රේක්‍ෂක සංඛ්‍යා ලේඛණවලින් පෙන්නුම් කරයි. ඒ වගේම කටාර් වැසියන් මෙන් සංචාරකයින්ද මේ නීති අනුගමනය කරනු ඇතැයි කටාර් බලධාරීන් බලාපොරොත්තු වනවා. ඒ අනුව පැමිණෙන සංචාරකයන් ගැන අවධානයෙන් සිටීමට ආරක්‍ෂ අංශ වැඩි කර තිබීමද තවත් විශේෂත්වයකි. ඒ නිසා සංචාරකයන්ගේ පුද්ගලික ජීවිතය ගත කිරීම සඳහා ස්වයං වාරණ දමා ගැනීමට සිදුවීම ප්‍රේක්ෂක ආකර්ශනය අඩුම පාපන්දු තරගාවලිය බවට මේවනවිට පත්වී අවසන්ය.

ඒ නිසා කුලියට ගත් ප්‍රේක්‍ෂකයන් යෙදවීමට කටාර් බලධාරීන් කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුලී පේ‍ප්‍රේක්‍ෂකයින් විවිධ රටවල ඇඳුම් ආයිතම්වලින් සැරසී ක‍්‍රීඩාංගනවල සහ වීදීවල සැරි සැරීම දැක ගත හැකි බව සැබෑ ප්‍රේක්‍ෂකයන්ගෙන් එල්ලවන විරෝධතා හමුවේ හදුනා ගත හැකි බව විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

ලෝකවාසී පාපන්දු ක‍්‍රිඩා ලෝලීන් පාපන්දු ක‍්‍රීඩාව හඳුන්වනු ලැබූයේ ‘අලංකාර ක‍්‍රීඩාව’ නමිනි. නමුත් එය අද ‘අවලස්සන ක‍්‍රීඩාව’ යනුවෙන් නම් වන තරමට දේශපාලනකරණය වීම ගැන ප්‍රේක්‍ෂකයන්ගේ නොමසුරු මැසිවිල්ල මෙවර ලෝක කුසලාන තරඟය අතරතුරත් පවතින බව පෙනෙන්නට තිබේ.

The post පාපන්දු දේශපාලනය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba/feed/ 0
ලොව පුරා හමායන මාරාන්තික තාප තරංග.. https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a/#respond Sun, 14 Aug 2022 23:05:06 +0000 https://vivaranalk.com/?p=5569 මේ වසරේ ජූලි මාසයේ ලෝකය පුරා මිලියන 100 ට අධික ජනතාවක් ගෝලීය උණුසුම වැඩි වීමෙන් මහත් පීඩාවට පත් වූහ. මෙවර ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමග තාප තරංගවල (Heat Waves)  බලපෑම නිසා උණුසුම් කාලගුණයක් විවිධ රටවල ඇති වෙන්නට පටන් ගැණුනි. මේ තාප තරංග වැඩි වශයෙන් බල පා ඇත්තේ යුරෝපයේ පෘතුගාලය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය,, ග්‍රීසිය, එංගලන්තය, නෙදර්ලන්තය […]

The post ලොව පුරා හමායන මාරාන්තික තාප තරංග.. appeared first on විවරණ.

]]>
මේ වසරේ ජූලි මාසයේ ලෝකය පුරා මිලියන 100 ට අධික ජනතාවක් ගෝලීය උණුසුම වැඩි වීමෙන් මහත් පීඩාවට පත් වූහ. මෙවර ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමග තාප තරංගවල (Heat Waves)  බලපෑම නිසා උණුසුම් කාලගුණයක් විවිධ රටවල ඇති වෙන්නට පටන් ගැණුනි. මේ තාප තරංග වැඩි වශයෙන් බල පා ඇත්තේ යුරෝපයේ පෘතුගාලය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය,, ග්‍රීසිය, එංගලන්තය, නෙදර්ලන්තය හා ජර්මනිය යන රටවල්වලටය. පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශ 10 පමණ ඉහළ උෂ්ණ කාලගුණයක් වාර්තා වීම මේ තත්වයට හේතු විය. මේ අතරින් ප‍්‍රංශය, ස්පාඤ්ඤය හා ග්‍රීසිය තාප තරංගවල ප්‍රමාණය ඉහළ යාම නිසා දරුණු ගනයේ ලැව් ගිනි හට ගැනුනි. ලැව් ගිනි වලින් පීඩාවට පත් ජනතාව 31,000 අධික බව ප්‍රකාශයට පත් විය. එංගලන්තය, ජර්මනිය, බෙල්ජියම හා නෙදර්ලන්තයේ උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ගිනි අනතුරු සංඛ්‍යාව ඉහළ ගියේය. මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් හටගෙන ඇති තාප තරංගවල බලපෑම කොතරම් දරුණු ද යත් පෘතුගාලය හා ස්පාඤ්ඤයේ මෙම ජූනි මස මුල් සති දෙකේ පමණක් අධික උෂ්ණත්ව ආශ්‍රිත රෝගාබාදවලට ගොදුරු වූ 1169 දෙනෙකු මිය ගිය බව වාර්තා වුනි. අධික උෂ්ණත්ව තාප තරංග ජූලි මාස මුල් සතියේ දී ප‍්‍රංශයෙන් අරම්භ වූවත්, අනෙක් රටවලද හට ගැනීම නිසා ඉහත සඳහන් රටවල් පහක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. ඒ වගේම ජර්මනියේ මේ සියවසේ අධික උෂ්ණත්වය සෙල්සියස් 40.3 ලෙස දිනය 2022 ජූලි 22 බ්‍රහස්පතින්දා වාර්තා වීම තවත් සුවිශේෂී කරුණකි. ඒ වගේම මධ්‍යම ඉතාලියේ උෂ්ණත්වය සෙල්සියස් 38 ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර ඇමරිකාවේ අධික ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම වැඩි වීම වාර්තා ගත මට්ටමට ලඟා වී තිබුණි. එහිදී කැලිපෝනියා, උතුරු කොලෝනියා, චිකාගෝ හා වර්ජිනියා ප‍්‍රාන්තවල ජූලි 12 සහ 13 යන දිනයන් හිදී මේ උණුසුම සෙල්සියස් අංශක 42 උච්චතම අවස්ථාවට පැමිණ තිබුණි. කෙසේ වෙතත් ජූලි 15 වන විට ඇමරිකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ යම් ආකාරයක තාප අනතුරු ඇඟවීම් යටතේ ජීවත් වීමට සිදු වී තිබුණි. එය 1875 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවෙන් වාර්තා වීම තවත් සුවිශේෂී කරුණකි.

චීනයේ බීජින් නගරය ආශ‍්‍රිතව උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහළ ගිය බව ජූලි 26 වෙනි අඟහරුවාදා වාර්තා කෙරුණි. ඒ වගේම බීජින් ආශ‍්‍රිත නගර 70 ට අධික නගරවල තාප තරංග වල බලපෑම නිසා උෂ්ණත්වය ඉහළ යාම වාර්තා වුනි. බීජින් නගරය දූෂිත වායුන්ගෙන් පිරුණු නගරයක් ලෙස දැනට වසර 6 ක පමණ සිට පැවත එයි. එහි සාමාන්‍ය ජන ජීවිතයට ඔක්සිජන් පැකට් කැනඩාවේ සිට ආනයනය කර ජනතාව අතර බෙදා හැරීම මගින් පිරිසුදු වාතය ආග‍්‍රාහනයට ඉඩ කඩ සැලසීම මේතාක් සිදුවුණි. මෙවැනි නගර ඉන්දියාවේ මුම්බායි සහ දිල්ලි නගරද පසුගිය කාලයේ කතා බහට ලක්වූ තවත් නගර දෙකකි. මේ මාසසේදීම දින පහක් පුරා ටෝකියෝ නගරයේ සෙල්සියස් අංශක 35 ට වඩා උෂ්ණත්වයක් වාර්තා වී තිබූණි.

කාර්මික විප්ලවයේ ආරම්භයේ සිට අද වන විට සාමාන්‍යය ගෝලීය උෂ්ණත්වය දැනටමත් සෙල්සියස් අංශක 1.1 පමණ අගයකින් ඉහළ ගොස් ඇත. හරිතාගාර වායු විමෝචනය වැඩිවීම මේ තත්වය තීව්‍රර කිරීමට මේ ග්‍රීෂ්ම සෘතුවේ හේතු වී තිබේ. තව දුරටත් මේ තත්වය පැවතිය හොත් ඉදිරි ග්‍රීෂ්ම සෘතුවල දී තාප තරංග නිසා උෂ්ණත්වය වැඩිවීම ඉහළ අගයක් ගනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවතී. තාප නිරීෂණය කළ විද්‍යාඥයන්ගේ මත වූයේ නාගරික වායුගෝලය තාප දූපත් වන අතර, පදික වේදිකා, ගොඩනැගිලි තාපය රඳවා තබා ගන්නා අනෙකුත් පෘෂ්ඨයන් බව අවධාරණය කරන ලදී. එමගින් ප්‍රතිස්ථාපනය වන්නේ ඉදිරි කාලයේ දී නගර උෂ්ණ අධික කලාප බවට පත්වීම වගේම, වෘක්‍ෂලතා වැඩි කලාප උෂ්ණත්වය අඩු කලාප බව අවධාරණය කරන ලදී.

යුරෝපයේ ලැව් ගිනි විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ සා දරුණු ලෙස ලැව්ගිනි පැතිරීම අධික උෂ්ණත්වය පැතිරීමට හේතු වී ඇත්තේ ගෝලීය උණුසුම වර්ධනය වී දේශගුණ විපර්යාස ඇතිවීමේ තත්වයක් බවය. ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන හරිතාගාර වායු (කාබන්) අධික ලෙස වායුගෝලයට මුදා හැරීම නිසා අධික උෂ්ණත්වයන් සහිත කාලයන් වගේම, කුණාටු සහිත වැසි සහිත ජල ගැලීම් වාර්ථාවන කාල වගේම, නියගය වැනි ස්වභාවික ව්‍යසනයන්ට හේතුවන කාල ඇතිවන බව පෙන්වා දීමට විද්‍යාඥයන් පෙළඹුණි. දේශගුණික විපර්යාස මත ඇතිවී තිබෙන ගෝලීය උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ හරිතාගාර වායු ප්‍රමාණය අධික වීමයි. මෙවැනි ගෝලීය උණුසුම වැඩිවීමට හේතු කාරක වන හරිතාගාර වායූන් පිටකරන වාහන, කර්මාන්ත ශාලා, ගල් අඟුරු බලාගාර සහ න්‍යෂ්ටික බලාගාවලින් නිකුත් කරන වායූ ප‍්‍රමාණය නිසා මේ තත්වය ඇතිවීමට හේතු වී තිබේ.

උත්තර ද්‍රවයේ අයිස් තට්ටු මතද ලැවි ගිනි හට ගැනීම පසුගිය අවුරුදු කීපයේම දක්නට ලැබුණි. ඒ අයිස් තට්ටු මත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ වැවුනු ඇල්ගී අයිස් දියවීමත් සමග ඇල්ගී කුණු වීමට පටන් ගැණුනි. ඇල්ගී කුණු වනවා යනු තවත් රසායනික ක්‍රියාවලියකට පරිවර්තනය වන නිසා ඇතිවන්නේ මීතේන් නිෂ්පාදනය වීමයි. මීතේන් යනු ගිනි ගන්නා ද්‍රව්‍යක් නිසා අයිස් තට්ටු මත ඇති මීතේන් සමග ගිනි ගන්නා තවත් රසායනික ද්‍රව්‍යයක් එක් වූ පසු අයිස් තට්ටු මත ලැව්ගිනි තත්වයක් හට ගනු ලබයි. අයිස්ලන්තයේ මෙවැනි ගිනි ගැනීම් සුලබ දසුනක් බවට පත්වී තිබේ. අයිස් මත ඇතිවූ ලැව් ගිනි ද ගෝලීය උණුසුමේ බලපෑම තදින් දැනුණු ස්ථානයක් ලෙස විද්‍යාඥයන් හදුන්වා දෙති.

2015 වසරේ ප්‍රංශයේ පැවති ගෝලීය පරිසර සමුළුවේ දී ඇති කර ගත් පැරිස් සම්මුතියට අනුව දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම වලක්වා ගැනීමට තීන්දු ගත්තත් ඒවා තවමත් ක්‍රියාත්මක කිරීමට ගෝලීය ධනේශ්වර රටවල නායකයන්ට හැකිවී නැත. මෙම සමුළුවේදී සෙල්සියස් අංශක 2 ක මට්ටමට උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරීමට රටවල් 196 ක් එකඟත්වය ඵළ කරන ලදී. නමුත් කිසිදු රටක් හරිතාගාර වායු වායුගෝලයට නිකුත් කිරීම අඩුකිරීමට ක්‍රියාකර නොතිබීම නිසා එයින් අවුරුදු 7 ක් ගිය තැන මෙලෙස ගෝලීය උණුසුම වැඩිවී ජන ජීවිතයට බලපෑම් කිරීමට පටන් ගෙන තිබේ. මෙහිදී ලොවටම තර්ජනයක්ව පවතින ගෝලීය උණුසුම පාලනය කරලීම සඳහා ඇමරිකානු පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් දැරූ උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවක තීන්දුව හරහා අවහිර කර තිබුණි. මෙම තීන්දුව මගින් ඇමරිකාවේ ගල් අඟුරු කර්මාන්තශාලා පිහිටා ඇති ප්‍රාන්ත 19 ක හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම අවම කිරීමේ බලය එරට පරිසර ආරක්‍ෂණ අධිකාරියට නොහැකි වීමද කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි.

මේ තත්වය අධ්‍යනය කරන සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ පවතින අධික උණුසුම් තත්වය නිසා තාප තරංගවල ප්‍රතිඵලයක් වශයෙන් වැඩිහිටියන් මෙන්ම දුර්වල ප‍්‍රතිශක්තිකරණයන් පවතින පුද්ගලයන් බොහෝ දෙනෙකු ඉදිරියේ දී මිය යා හැකි බවයි. එම තත්වය ඉතා ඉක්මනින් වෙනස් කර මුළු මහත් ලෝකයම බේරා ගැනීමේ වගකීම මෙලෙව ජීවත්වන මානවයාටම පැවරී ඇති බව වටහා ගත යුතු කාලය එළඹ තිබේ.

The post ලොව පුරා හමායන මාරාන්තික තාප තරංග.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a/feed/ 0