Chamil Jayaneththi, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Sat, 10 Jan 2026 10:04:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Chamil Jayaneththi, Author at විවරණ 32 32 සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස.. https://vivaranalk.com/%e0%b7%83%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%85-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/ https://vivaranalk.com/%e0%b7%83%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%85-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/#respond Sat, 10 Jan 2026 10:04:06 +0000 https://vivaranalk.com/?p=14343 මම ලියූ 2025/12/26 ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ ලිපිය සම්බන්ධව Facebook එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක් ප්‍රශ්නයක් නගා ඇත. ඔහු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් විඥානවාදය අනුමත කරමින් ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. හොඳයි, ඔහුගේ ප්‍රශ්නය පහතින් කළු පාටින් ඉස්මතු කරමින් මගේ පිළිතුරු සටහන් කරන්නෙමි. මෙල්බර්න් සටන්කරුගේ ප්‍රශ්නය – “..මෙහිදී චමිල් සහෝ කියන පරිදි, හේගල් යනු දේවල් […]

The post සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස.. appeared first on විවරණ.

]]>
මම ලියූ 2025/12/26 ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ ලිපිය සම්බන්ධව Facebook එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක් ප්‍රශ්නයක් නගා ඇත. ඔහු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් විඥානවාදය අනුමත කරමින් ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. හොඳයි, ඔහුගේ ප්‍රශ්නය පහතින් කළු පාටින් ඉස්මතු කරමින් මගේ පිළිතුරු සටහන් කරන්නෙමි.

කෙටි පිළිතුර ඔව්. අපි මෙසේ විමසා බලමු. අප වසන කිරි සයුර (milky way) කියන මන්දාකිනිය තුළ තරු බිලියන 100 ක් 400 ක් අතර ඇති බවත් එම තරුවලට ග්‍රහලෝක පද්ධතියක් පවතින බවත් තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙයි. එම තුරුද පදාර්ථ නිහාරිකා මගින් බිහිවී ඇති බව ඔවුන් පවසයි. අප මන්දාකිනිය තුළ අලුතින් බිහිවෙමින් පවතින නිහාරිකා මගින් බිහිවෙන තාරකා විශාල ප්‍රමාණයක් මේ මොහොත වනවිට සොයාගෙන අවසන්ය. අප වසන මන්දාකිනිය තුළ බිහිවී ඇති අපගේ සූර්යයාව ගනිමු. අපගේ සූර්යයාගේ පැවැත්ම පවත්වා ගන්නේ කෙසේද? සූර්යයා බිහිවූයේ ද අදට වර්ෂ බිලියන 6 කට පෙර පදාර්ථ නිහාරිකාවකිනි.

සූර්යයා එහි හරයේ ඇති හයිඩ්‍රජන් පරමාණු න්‍යෂ්ටික විලයනය  (fusion) හරහා ශක්තිය ජනනය කරයි. එහිදී හයිඩ්‍රජන් න්‍යෂ්ටීන් හතරක් එකතු වී එක් හීලියම් න්‍යෂ්ටියක් සාදයි. ප්‍රෝටෝන-ප්‍රෝටෝන දාම ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය සෙල්සියස් අංශක මිලියන 15 ක පමණ උෂ්ණත්වයකදී සිදු වන අතර එමඟින් සැලකිය යුතු ශක්තියක් නිර්මාණය වේ. නිපදවන ශක්තිය සූර්යයාගේ ස්ථර හරහා ගමන් කරන අධි ශක්ති ප්‍රෝටෝන (ගැමා කිරණ) ලෙස මුදා හරිනු ලබන අතර අවසානයේ සූර්යයාගේ මතුපිටට පැමිණ සහ සෞරග්‍රහ මණ්ඩලය සියාරා ගමන් කරයි. මෙම විලයන ක්‍රියාවලිය සූර්යයාගේ අඛණ්ඩ ශක්ති නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන අතර එය න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ මූලික මූලධර්මයකි.

සූර්යයාගේ පැවැත්ම ස්වාභාවිකව පවත්වා ගන්නේ හයිඩ්‍රජන් පරමාණු න්‍යෂ්ටික වියලනය හරහා හීලියම් පරමාණු බවට පත් කිරීමෙනි. එහිදී හටගන්නා ගිනි දැල් වලින් මුලු සෞරග්‍රහ මණ්ඩලයටම ආලෝකය – තාපය – ගුරුත්ව බලය ද ලබා දෙයි (තව බොහෝ දේ ඇත). එවිට සෑම පරමාණුවක්ම සජීවී අංශුවකි. ඒවගේම හීලියම් පරමාණුව ද යනු සජීවී අංශුවකි. පරමාණුවක චලිතය විසින් පැවැත්මේ ස්වරූපය වෙනස් වුවත් තව දුරටත් එම ස්වරූපය පවත්වා ගන්නේ පරමාණුවේ අභ්‍යන්තර චලනය විසිනි. ඒ සෑම පරමාණුවකම අඩංඟුවන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල චලනය හරහාය. එය සියලුම පරමාණු වලට පොදු ගුණාංගයකි.

අපි තව පැත්තක් බලමු. සොබාදහම තුළ ගස්වැල් තම පත්‍රවලින් කාබන් අවශෝෂණය කරගෙන වායුගෝලයට නිදහස් කරන්නේ ඔක්සිජන්ය. එවිට පෘථිවිය තුළ කාබන් නොමැති වුවහොත් සොබාදහමක් නැත. සජීවී පරමාණුවකින් තවත් දෙයක් බිහිවිය හැකි වගේම එහි පැවැත්ම රඳවා ගන්නට සජීවී පරමාණු සම්බන්ධතාවය ගස්වැල්වලට ද වැදගත් වන්නේ එම නිසාය. අපි තව පැත්තක් බලමු. මෙලෙව වසන ඒක සෛලික ජීවියාගේ සිට මිනිසා දක්වා ආශ්වාස – ප්‍රාශ්වාස කරති. එහිදී වායුගෝලයේ ඔක්සිජන් පදාර්ථ ආශ්වාසයේ දී ගෙන ප්‍රාශ්වාසයේ දී කාබන් පදාර්ථ පිට කරති. එවිට සෑම ශරීරයක් තුළම ඔක්සිජන් පදාර්ථ නිෂේධනයකට ලක් කර කාබන් පිට කරති. එවිට මෙලොව ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ සජීවී ඔක්සිජන් පරමාණු ක්‍රියාකාරිත්වය හරහාය. ඔක්සිජන් පරමාණුව සජීවී නොවේ නම් ජීවයක් නොමැත.

එම කරුණ තවත් විදිහකින් බැලුව කළ සජීවී පරමාණුවකින් සජීවී දේවල් බිහිවිය හැකිය යන සංකල්පය ස්වාභාවික භෞතිකවාදී සංකල්පයකි. එවිට පරමාණු සහ පදාර්ථ සජීවී ද්‍රව්‍යයකි. විශ්වයේ පවතින ස්වාභාවික භෞතිකය තුළ සියල්ලම පවතින්නේ සජීවී පරමාණු චලිතය නැමැති ක්‍රියාකාරිත්වය තුළය. ඒවා කිසිවක් මළ හෝ මැරුණ හෝ ශුන්‍ය හෝ අජීවී දේවල් නොවේ.

එවිට හේගල්ගේ මළ – මැරුණ – ශුන්‍ය – අජීවී – පදාර්ථයකින් දේවල් බිහි කළ හැකිද? කෙටි පිළිතුර බැහැ යන්නයි. තව පැත්තකින් පැවසුවහොත් අජීවී පදාර්ථ වලින් සජීවී දේවල් බිහිවන්නේ හෝ බිහිකිරීමට හෝ හැකියාවක් නැත. එතැන පවතින්නේ ශුන්‍යත්වයකි. ශුන්‍යත්වයකින් දේවල් බිහි වන්නේ නැත. එවිට සජීවී නොවන ශුන්‍යතවයනික් දේවල් බිහි කිරීමට ද දෙවියන් වහන්සේටවත් කළ නොහැක. ශුන්‍ය පදාර්ථයකින් යමක් බිහිවන බව තාරකා විද්‍යාව තුළ සාකච්ඡාවටවත් නොගන්නේම එම කරුණ නිසාය. හේගල් පවසන මළ පදාර්ථ දර්ශනය මනෝමූලික අදහසක් වන්නේ එවිටය. හේගල් පදාර්ථ වෙනුවට තවත් වචනයකින් පවසන්නේ එය ආත්මීය සාධකයක් බවය. ඔහු පවසන්නේ අජීවී පදාර්ථ වලින් දෙවියන් වහන්සේගේ ආත්මීය මැදිහත් වීමෙන් සෞරග්‍රහ මණ්ඩලය සජීවීකරණය කළ බවය. ඔන්න එම වාක්‍යය නැවත කියවන්න; මෙතන dead matter කියන්නේ, අජීවී ද්‍රව්‍ය කියන එකට, එනම් පස්, ගල්, යකඩ වගේ. එනම් හේගල් ට අනුව ජීවි ද්‍රව්‍ය වන්නේ, මිනිසා, සතුන්, ගස් ස්වභාවදහම වගේ ඒවා.  ඔබ මේ පවසන සියල්ල බිහිවී ඇත්තේ සජීවී පදාර්ථ වලිනි. මාක්ස්වාදීන් වන අපි ඔබට අභියෝග කරන්නේ අජීවී පදාර්ථ වලින් සජීවී දේවල් බිහිවන විදිහ ලෝකයට පහදා දෙන ලෙසය. එය දෙවියන්වහන්සේගේ තර්කයෙන් පහදා දෙන්නේ නම් තර්ක විඥානවාදය හෝ අපෝහක විඥානවාදය යැයි පැවසිය හැකිය. එය විඥානවාදය පිළිගන්නා කෙනෙකුට පිළිගෙන සිටිය හැකිය. විඥානවාදය පිළිගෙන සිටිනවා නම් පෘථිවි භෞතිකයේ ඇති වී තිබෙන වත්මන් ව්‍යවසනයට මුහුණ දීමට ස්ථාවරයක් ගොඩනගා ගැනීමට දැක්මක් එවිට සොයාගත නොහැකිය.

සොබාදහම සහ ජීවය අතර පැවති අන්තර් සම්බන්ධතාවය ධනේශ්වර ක්‍රමය විසින් බිඳ දැමීම ආරම්භ කළේ 1770 දී ඇරඹි කාර්මික විප්ලවයෙනි. ඒ කාබන් පරමාණු කෘත්‍රිමව නිපදවන යන්ත්‍ර පරිහරණය සමාජගත කිරීමත් සමගය. එම කාලයේ ස්වාභාවිකව පෘථිවිය වායුගෝලයේ පැවති පදාර්ථ මිලියනයක කාබන් පදාර්ථ 260 (ppm) ප්‍රමාණය විසින් ගෝලීය සෞම්‍ය දේශගුණය ස්ථාවරව පැවතුනි. එය 2025 වන විට පදාර්ථ මිලියනයක කාබන් පදාර්ථ 480 (ppm) වැඩි කිරීම මගින් ධනේශ්වරය විසින් කෘත්‍රිම කාබන්කරණයක් ලොවට දායාද කර තිබේ. මෙය කාර්මික විප්ලවය ආරම්භයේ සිට බැලුව කළ 90% කට වඩා වැඩිවීමකි. වත්මනේදී ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ කාබන් පරමාණු ප්‍රමාණය අතිවිශාල ලෙස වැඩිවීම නිසායි. එවගේම වර්ෂ බිලියන තුනක් පැරණි අයිස් තට්ටු දියවන බව සොයාගත්තේ 1978-79 කාලයේදීය. එදා සිට වත්මන දක්වා දියවී ඇති ග්‍ලැසියර් ප්‍රමාණය උත්තරාර්ධ ධ්‍රවයේ 60% කි. දක්ෂිණාර්ධ ධ්‍රවයේ 20% කි. වර්ෂ බිලියන තුනකදී වර්ධන හයක් සමග පැවත ආ අයිස් යුගය අවුරුදු 50 කට ආසන්න කාලයක් තුළ දියකර හැරීමට ගෝලීය උණුසුම ප්‍රධානම සාධකයයි. මෙලෙස තව දුරටත් ධනපති ක්‍රමය ගිය හොත් අයිස් යුගය 2050 වන විට අවසන් වනු ඇත. එවිට පෘථිවියේ සමතුළිත තාවය නැත්තටම නැතිවී යන අතර නැවත සකස් වීමට බොහෝ කාලයක් ගත වනු ඇත.

කාබන් පදාර්ථයක් වායුගෝලයට මුදා හැරුණු පසු එයට වර්ෂ මිලියන ගණනාවක් ජීවත්විය හැකිය. ඒ වගේම කාබන් පදාර්ථයකට සූර්යයාගෙන් නිකුත්වන තාප ශක්තිය ගබඩා කරගත හැකිය. පෘථිවි වායුගෝලයේ, කාබන් යනු හරිතාගාර ආචරණය, කාබන් චක්‍රය, ප්‍රභාසංස්ලේෂණය සහ සාගර කාබන් චක්‍රයේ අනිවාර්ය කාර්යභාරයක් ඉටු කරන වායුවකි. එවිට කාර්මික විප්ලවයට පෙර පැවති 260 (ppm) අගය සෞම්‍ය දේශගුණයක් පවත්වා ගැනීමට ස්වාභාවිකව හැකිවූයේ කාබන් ප්‍රමාණය නිසිලෙස පැවතීම නිසාය. දැන් පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය පවතින සෙල්සියස් අංශක 40000C සිට මතුපිට සමතුළිත කරගත්තේ කාබන් ආචරණය මගිනි. නමුත් ධනේශ්වර ක්‍රමය විසින් 2025 වන විට වාහන බිලියන 1.7 ක් වගේම න්‍යෂ්ටික බලාගාර – ගල් අගුරු බලාගාර සහ කර්මාන්ත වලින් නිකුත්කරන කාබන් ප්‍රතිශතය වැඩි කළේ පෘථිවියේ ස්වාභාවික පැවැත්ම අහෝසි කරමිණි. ඒ වගේම වනාන්තර කපා දමා කොන්ක්‍රීට් වනාන්තර ගොඩ නැගුවේ ද විනාශකාරී ලෙසය. ඉදිරියටත් ගෝලීය ධනේශ්වර ක්‍රමය තුළින් ලෝකය ගමන් කරන්නේ නම් 2050 වන විට මුලු පෘථිවියේම පදාර්ථ මිලියනයක කාබන් පදාර්ථ ප්‍රමාණය 950 (ppm) දක්වා ඉහළ යනු ඇත. එයින් හැඟෙන්නේ ගෝලීය උෂ්ණත්වය අතිවිශාල ලෙස වැඩි වන බවය. දැන් සමකය ආසන්නයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 310C දක්වා ගමන් කර ඇත. එ් වගේම ලෝකය පුරා හඹායන උණුසුම් වායු ධාරා (heat waves) මගින් සෙල්සියස් අංශක 380C – 420C – 460C දක්වා විවිධ ප්‍රදේශ හරහා ගමන් කරන බව පසුගිය අවුරුදු කීපය තුළ දැක ගත හැකි විය. එවිට කිසිම ජීවියෙකුට මේ උෂ්ණත්වය වැඩි වීම දරාගත නොහැකිවනු ඇත. මියයෑම පමණක් සිදුවනු ඇත.

ගෝලීය උණුසුම වැඩිවීම නිසා පෘථිවියේ ව්‍යවසන විශාල ප්‍රමාණයක් ඇති වී තිබේ. එහිදී භූමිකම්පා සක්‍රීය විම, ගිණි කඳු සක්‍රීය වීම, අධික වැසි කුණාටු සක්‍රීය වීම, වියලි කලාප වර්ධනය වීම වැනි ටොනාඩෝ ව්‍යවසනයක් දක්වා පෘථිවිය ගමන් කර තිබේ. එවිට ලංකාවට පැමිණි දිට්වා සුළි කුණාටුව එවැනි ව්‍යවසනයන්වල එකක් පමණි. තව තවත් පැමිණෙනු ඇත. මම ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ නැමැති ලිපියේ පෙන්වා දුන් පෘථිවියේ ජීවය දෙවරක් අවසන් වූ ලෙසම තුන්වන අවස්ථාව වන සෙනොසොයික් යුගයේ (Cenozoic Era) පවතින ජීවීන් තව දුරටත් ගෝලීය ධනේශ්වර ක්‍රමය තුළ ගමන් කරන්නේ නම් තව අවුරුදු 50 කින් අවසන්වන බව එවිට සක් සුදක් සේ පැහැදිලි කරුණකි. දැන් පෘථිවියේ භෞතිකයේ ඇති වී තිබෙන ව්‍යවසනයට භෞතිකවාදීන්ට විසඳුමක් තිබේද යන්න එවිට ඔබ විමසාවි.

එය විශාල පරාසයක ප්‍රශනයක් නිසා කෙටියෙන් මෙසේ එක කරුණක් පමණක් පවසන්නම්: ගෝලීය ලෙස පොදු ප්‍රවාහනය ඇති කළ හොත් බිලියන 1.7 ක පෞද්ගලික ප්‍රවාහනයෙන් වායුගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය 99% පහත හෙලිය හැකිය. එම විසඳුම ක්‍රියාත්මක කළ හැක්කේ භෞතිකවාදය පිළි ගන්නා ගෝලීය මාක්ස්වාදීන්ට පමණි. මෙවැනි විසඳුම් අති විශාල ප්‍රමාණයක් ඇත. ඒවා ගැන අතිවිශාල සාකච්ඡාවක් ඇති කරගැනීමට මාක්ස්වාදීන්ට එක්සත් වී වැඩපිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍යම කටයුත්තක් වී ඇත. විවිධ හේතු උඩ වෙන්ව සිටින ස්ටාලින්වාදය – ට්‍රොට්ස්කිවාදය – මාඕවාදය – රෝසා ලක්සම්බර්ග්වාදය – ග්‍රාම්ස්කිවාදය වැළඳගෙන වෙන් වෙන්ව ක්‍රියාත්මක වීම මේ ගෝලීය ව්‍යවසනයට සහයෝගය දීමකි. එම නිසා අපි පවසන්නේ මේ සියලු දෙනාම මාක්ස්වාදීන් ලෙස එකතු වී භෞතික දැක්මකින් පෘථිවියේ භෞතිකය නිවැරදිකර ව්‍යාපාරයක් සහ සංවිධානයක් ගොඩනැගුව හොත් විසඳුම් ක්‍රියාත්මක කිරීමට බලයකි. එම ක්‍රියාමාර්ගය ගත හැකි වුවහොත් තව වර්ෂ බිලියන 6 කින් සූර්යයගේ නිෂේධනය (අභාවයට) ඇති විශාල කාලයක් පෘථිවිටය මෙන්ම සමස්ත ජීවයටම පැවතිය හැකිය. සූර්යයා නිෂේධනය වන්නේ; සූර්යයා සතුව පවතින හයිඩ්‍රිජන් පරමාණු අවසන් වීමෙන්ය. එයත් ස්වාභාවික අභාවයක් බව අප වසන කිරි සයුර මන්දාකිනිය තුළ අභාවයට ගිය සූර්යාවන් නිරීක්ෂණ දත්ත මගින් හඳුනාගෙන ඇත.

මේ ස්වාභාවික භෞතිකය පිළිනොගන්නා හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය නම් කියවා ප්‍රතිඵලයක් නොමැත. මොකද හේගල් පිළිගන්නා පරමාණු හෝ පදාර්ථ හෝ මළ හෝ මැරුණ හෝ ශුන්‍ය හෝ අජීවී දෙයකින් කාබන් පරමාණු ව්‍යවසනයටය විසඳුමක් නොලැබෙන නිසාය. ඉතින් එවැනි ශුන්‍යතාවාදියෙක්ව කියවා කියවා පෘථිවියේ පැවැත්ම අවසන්වන තුරු සිටිය හැකිය. එයට කාලය නාස්ති කිරීමත් වැඩකට නැති වැඩකි.

ඒ නිසා ඔබ ඇතුලු කණ්ඩායමට මාක්ස්වාදීන් වන අපි පවසන්නේ මාක්ස්ගෙන් භෞතිකවාදය කියවමු යන මතයට පැමිණෙන ලෙසය. තම තමන් එළඹ ඇති විඥානවාදී අදහස්වලින් මිදී – භෞතිකවාදී ප්‍රවේශයක් ඇති කර ගන්නේ නම් පෘථිවියේ භෞතිකය බේරා ගැනීමට ගන්නා පියවර වැදගත් පියවරකි. එම ඇතිකරගන්නා භෞතිකවාදී වෙනස තුළින් පෘථිවියේ භෞතිකය බේරා ගැනීම සඳහා එවිට නිර්මාණශීලීව ඉදිරියට යා හැකිය.

The post සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%85-%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/feed/ 0
දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි https://vivaranalk.com/%e0%b6%af%e0%b7%98%e0%b7%81%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%98%e0%b7%81%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/#respond Thu, 21 Aug 2025 12:34:16 +0000 https://vivaranalk.com/?p=13487 Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර […]

The post දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි appeared first on විවරණ.

]]>
Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම විමසුවේ: “මේ සියලු චිත්‍ර අතරින් මේ චිත්‍රයේ පමණක් වෙනසක් තියෙනවා, මොකක්ද ඒ හේතුව?” ඇය මට බොහොම සැහැල්ලුවෙන් පිළිතුරක් දුන්නාය: “මේක මම මුලින්ම ඇඳපු චිත්‍රය. මේක 2014දී තමයි මම කළේ.” ඇගේ චිත්‍ර කලාවේ ආරම්භය එසේ වුවත් එදා සිට අවුරුදු 10 ක කාලපරිච්ඡේදයක් තුළ ඇය නිර්මාණාත්මක පිම්මක් පැන ඇති බව මට පසක්වූයේ ඇගේ සියලු චිත්‍ර මගේ දෘශ්‍යමානයට හසු වීමෙන් පසුවය.

වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890)

චිත්‍ර ඇඳීම නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු කරන සහ චින්තනය ද ප්‍රවර්ධනය කරන මාධ්‍යයකි. චිත්‍ර ඇඳීමේදී ජීවිතයට බහුවිධ ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීම සඳහා චිත්‍රශිල්පියෙකු සංකල්පීය ව මුහුණ දෙන සිදුවීම් හෝ ඇතිවන සංසිද්ධි පරිකල්පනයට ගෙන නිර්මානකරණයට පිවිසෙයි. නිර්මාණාත්මක ගැටළුව විසඳීමේදී කුසලතාව වර්ධනයවන අතර තුර, කලාත්මක දැක්මක් නිර්මාණයට එකතු කිරීමට වෙහෙසීම චිත්‍රශිල්පීන්ගේ පොදු ලක්ෂණයකි. මනසෙන් පරිකල්පනය වූ සිතුවිල්ල සිතුවමට නැගීමට චිත්‍රශිල්පියෙකු ආරම්භක ස්වභාවයක සිට දෙවන ස්වභාවයකට සිතුවිලි සමග වර්ණ සංයෝජනය මගින් ප්‍රකාශ කිරීමට තමන් විසින් චින්තනමය අවකාශීය පරාසයක් තුළ පරිණාමීය වෙනසක් ඇති කර ගනියි.

විශ්වි, විනෝදාංශයක් ලෙස චිත්‍ර කලාව තෝරා ගැනීම මගින් ආරම්භක සිතුවමේ සිට නිර්මාණාත්මක කුසලතා ද වැඩි දියුණු කරගනිමින් සංචලතාවයෙන් සිතුවම හැසිරවීමට අතිවිශාල පරිචයක් ලබාගෙන ඇත. ඇය චිත්‍ර ශිල්පිනියක ලෙස ඉදිපත් කරන ප්‍රකාශන සමාජ ප්‍රකාශනයක් බවට ද පත්කර ගෙන, චිත්‍රයෙන් චිත්‍රයට විවිධත්වයක් සහිත නව දෘෂ්ටිමය ප්‍රකාශනයක් ප්‍රේක්ෂකයාගේ දෘශ්‍යමානයට සම්මුඛ කර තිබේ.

විශ්වි රාජකරුණා

චිත්‍රකලාව තුළ විවිධ ශානර ඓතිහාසිකව බිහිවී ඇත. එ් අතරින් විශ්වි නූතනවාදී කලාව (Modern art) නැමති ශානරයෙන් නව ප්‍රකාශනයකට යාමට ද උත්සායසක් ගෙන ඇත. මොකද ඕනෑම දෙයක් පැවැත්මෙන් ඔබ්බට පැනීම තුළින් නව ශානර බිහිවීම චිත්‍ර කලා ඉතිහාසය තුළ දැක ගත හැකිය. එය විශ්වි නැමති චිත්‍ර ශිල්පිනිය ඉදිරිපත් කළ චිත්‍ර සමූහයෙන් ද එම වෙනස පැහැදිලිවම ප්‍රකාශ වුනි.   

නිර්මාණාත්මක චින්තන කුසලතාව ජීවන පැවැත්මේදී ඇතිවන ගැටළු කෙරෙහි දැනුවත්භාවය සහ සංවේදීතාව ඇය නිර්මාණාත්මකව තම ප්‍රකාශනය සඳහා ජීවන පැවැත්මේ භාවිතාව සම්බන්ධ කර ගෙන ඇත. සමාජ ගැටළු පිළිබඳව විමසීම වර්තමානයේ සාමාන්‍ය විවේචනාත්මක චින්තනය වැඩි දියුණු කිරීම පොදු උපාය මාර්ගයක් ලෙස භාවිතා වුවත් ඇය තම දෘශ්‍ය කලා ප්‍රකාශන තුළ විවිධත්වයක් සහිත ජීවන පැවැත්ම පිළිබඳ විවෘත මනසකින් නව මානයක් සොයා යාමට උත්සාහයක් ගෙන තිබෙන බව එම චිත්‍ර සංකලනයෙන් මගේ දෘශ්‍යමානයට හසුවිය.

දෘශ්‍ය කලා කෘතියක රූපමය සංකල්ප නිරීක්ෂණය කිරීමේදී සහ සිතීමේදී, වෙනත් ආකාරයකින් පහසුවෙන් තක්සේරු කළ නොහැකි පූර්ව-තාර්කික සිතුවිලි සහ පූර්ව-වාචික සිතුවිලි සහ පූර්ව-හැඟීම් වර්ණ බවට පත්කර ගැනීමට මනස තුළ නිරවුල්තාවයක් අත්‍යවශ්‍යය. චිත්‍රයක් දෘශ්‍යමානය කිරීම සහ ප්‍රතිබිම්බනය කිරීම යන තර්කයෙන් වඩාත් සංවේදී අංග පරිකල්පනය කිරීම චින්තනමය මෙවලමකි. ජීවන පැවැත්මේ ගැටළුව සන්දර්භයක් ලෙස දෘශ්‍ය කලා කෘතියකට නිරූපණයක් ලෙස ඉදිරිපත් කරන විට නියෝජනය කරන්නේ පරිකල්පනමය චින්තනයයි. කලා කෘති පිළිබඳ තර්කනය සහ නිර්මාණාත්මක චින්තනය පෝෂණය කිරීම අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට හැකි තර්කයක් සහිත නිර්මාණාත්මක චින්තනයක් මගින් විවිධත්වයක් තුළ නව ප්‍රකාශන ඉදිරිපත් කළ හැකිය. එවැනි චින්තනමය විවිධත්වයක් තුළ සමාජ දැක්මක් සඳහා පැවති දෘශ්‍ය කලා ශානරවලින් ඉදිරියට පැනීමට විශ්වි ගෙන ඇති උත්සාහය ද ප්‍රබල සාධකයක් ලෙස මගේ දෘශ්‍යමානයට හසුවිය.

චිත්‍රයක් සිතුවමට නැගීම ආරම්භ කරන විට චිත්‍රශිල්පියා සිතන දේ බොහෝ විට සිතුවම් ක්‍රියාවලියේදී විශාල වෙනසක් ඇතිවේ. ආරම්භයේදී වර්ණ පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ කලාත්මක ප්‍රකාශනයක් කිරීමට සිදුවන අනපේක්ෂිත ප්‍රතිඵලය ද එයට බලපායි. එහිදී විශ්වි අවසන්කළ චිත්‍ර මගින් ඉදිරිපත් කරන ප්‍රකාශනය දෘෂ්ටිමය පරිකල්පනයක් එම චිත්‍ර දෘශ්‍යමානයට ලක් කිරීමෙන් ප්‍රේක්ෂකයාට ලබා ගත හැකිය.

කලාව සහ විවේචනාත්මක චින්තනය යන දෙකම ගැඹුරු මට්ටමේ විශ්ලේෂණයක්, අර්ථකථනයක් සහ පරාවර්තනයක් අවශ්‍ය වන බැවින් ඒවා සහජයෙන්ම එකිනෙක හා  සම්බන්ධ වේ. කලා අධ්‍යාපනය මගින් පුද්ගලයන්ට විවිධ දෘෂ්ටිකෝණ වලින් ලෝකය නිරීක්ෂණය කිරීමට, සංකීර්ණ අර්ථ විශ්ලේෂණය කිරීමට සහ සාම්ප්‍රදායික අදහස් වලට අභියෝග කිරීමට හෝ දිරිගැන්වීමට පරිකල්පනාත්මක චින්තනය අත්‍යවශ්‍යය. නමුත් අධ්‍යාපන ක්‍රියාවලි තුළ සිරවී සිටියහොත් ඇගයීමට සහ විනිශ්චයන් සැකසීමට චිත්‍රශිල්පියෙකුගේ හැකියාව ඒකාකාරී වෙනවා පමණක් නොව, නිර්මාණශීලිත්වය ද පෝෂණය කිරීමට ද බාධා ඇති කරයි, මන්ද අධ්‍යපනික ක්‍රමවේදය සකසා ඇත්තේ ජනප්‍රිය ප්‍රවේශයන් වෙත ගමන් කිරීම සඳහාය. එම මතවාදයෙන් වෙන්ව විශ්වි ගත් නිදහස් චින්තන ක්‍රියාවලිය විසින් නව මානයක් සොයා යාමට ඇයට හැකිවූ බව එවිට පැහැදිලි වෙයි.  

නූතන කලාව කලාත්මක වෙනස්වීම්වල පරිචයක් වූ, යථාර්ථවාදී නිරූපණය සහ දැඩි සෞන්දර්යාත්මක නීති කෙරෙහි පෙර පැවති කලාත්මක නැඹුරුතාවන් නව ප්‍රකාශනයන් හරහා වෙනස් වීමට ද බලපෑවේය. විශ්වි ඉදිරිපත් කරන දෘශ්‍ය කලා ප්‍රකාශන කලාත්මක දෘෂ්ටියකින් විමසීමේදී ආත්මීයවාදයෙන් සහ පුද්ගලවාදයෙන් වෙන්ව සමාජීය  ආඛ්‍යානයක් සොයා යාම තුළින් තම ප්‍රකාශනයන් වෙනස් මානයකට ප්‍රවිෂ්ඨ කිරීමට ඇය චින්තනමය වෙනසකට මුල පුරා ඇත.

පුළුල් පරාසයක දාර්ශනිකයන් දෘශ්‍ය කලාව පිළිබඳ තර්ක කර ඇත්තේ, රූප මගින් චින්තනය වර්ධනය කිරීමට අත්‍යවශ්‍යම සාධකය දෘශ්‍ය රූප බවයි. පුරාණ ග්‍රීසියේ පාරභෞතිකවාදී දර්ශනවාදයේ ආරම්භක දාර්ශනිකයා වූ ඇරිස්ටෝටල් (ක්‍රි: පූ: 384-322) ‘කාව්‍ය විද්‍යාව’ නැමැති කෘතියේ, රූප නොමැතිව සිතීම කළ නොහැකි බව ප්‍රකාශ කරයි. පුනරුදයේ භෞතිකවාදී දාර්ශනිකයෙක් වූ ඉතාලි ජාතික ජියෝර්ඩානෝ බෲනෝ (1548-1600) සැබෑ චිත්‍ර කලාව ඇත්ත වශයෙන්ම සැබෑම දර්ශනය බව ප්‍රකාශ කරයි. ඒ වගේම රූප සමග අදහස් සම්බන්ධ කිරීම මත පදනම් වූ භාෂා ඉගෙනීමේ නව ක්‍රමවේදයක් පසුකාලීනව චිත්‍රශිල්පීන් විසින් නිර්මාණය කළේය. පසුව, දෘශ්‍ය චින්තනය සඳහා සංකල්ප සහ අදහස්වල සංකීර්ණ සමුච්චය ප්‍රකාශ කිරීමට නූතන යුගය තුළ නව ශානර විසින් රූප දෘශ්‍යමානයන් නව ආකාරයකින් ප්‍රකාශ කිරීමට ද දෘශ්‍ය කලාව යොදා ගත්තේය.

කලාව හා දර්ශනය පිළිබඳ චින්තනයට අනුපූරකව චිත්‍රශිල්පීන්ගේ දාර්ශනික ප්‍රකාශයන් ඓතිහාසික විශාල ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත – යථාර්ථවාදී සංයුතිවල දාර්ශනික චින්තනය ප්‍රකාශ කරන උගත් කලාකරුවෙක් වූ නිකොලස් පූසින් (1594-1665) ඔහු තම චිත්‍ර කලා ඉතිහාසයේදී චිත්‍ර කලාවේ තර්කය සහ ආශාව අතර සුසංයෝගී සමතුලිතතාවයක් සෙවිය හැකි බව ප්‍රකාශ කළේය. ඒ වගේම රෙම්බ්‍රාන්ඩ් රිජ්න් (1606-1669) ඔහු ප්‍රකාශ කළ අභ්‍යන්තරය සිතුවිලි ස්වයං විමර්ශන හැඟීම් තුළින් චිත්‍රයක් සිතුවමට නැගීමයි යන්න ඔහුගේ ප්‍රසිද්ධ කියමනකි. රෙම්බ්‍රාන්ඩ් චින්තනය විසින් ගැඹුරින් චින්තනය තුළ ගිලී සිටින බව පෙනෙන දාර්ශනිකයන්ගේ (ප්‍රබන්ධ) චිත්‍ර මාලාවක් ද නිර්මාණය කළ අතර, ඒවා නැරඹීමට සම්බන්ධවන නරඹන්නන්ට සිතුවිලි අවධි වීම මගින් පරිකල්පන චින්තනයට බලපෑමක් ඇතිකළ හැකිබව ඔහු පැහැදිලි කළේය. බොහෝ විට නිර්මානයක් කරන මොහොතේ චිත්‍රශිල්පියාගේ චින්තන ක්‍රියාවලිය චිත්‍රයක් මගින් හෙළිදරව් කිරීමක් බවට පත් වන බවද ඔහු තව දුරටත් පැහැදිලි කර ඇත. ලියනාඩෝ ඩා වින්චි (1452-1519) ඔහු ‘කන්‍යාවක සහ දරුවෙකුගේ සිතුවම්’ හරහා මේ මතය බොහෝ වාරයක් ප්‍රෙක්ෂකයාගේ පරිකල්පනයට සිතුවම්කර ප්‍රේක්ෂකයාට විමසීමට ඉඩ සලසා තිබුණි. ප්‍රංශ චිත්‍ර ශිල්පී පියරේ බොනාඩ් (1869-1947) ඔහුගේ අභ්‍යන්තරය හෝ භූ-දර්ශන මත වසර ගණනාවක් වැඩ කරමින් සිට, විෂය පිළිබඳ සිතුවිලි වෙනස්වීම තුළින් ඔහුගේ සංජානනය අඛණ්ඩ ප්‍රවාහයක පවතින්නේ නැති බව පවසමින් වෙනස් දෘශ්‍ය කාලවක ප්‍රවිෂ්ඨය සඳහා නව ආරක සිතුවම් නිර්මාණය කළේය.

බොනාර්ඩ් වැනි ඇතැම් නූතන කලාකරුවන්ගේ භාවිතයන් කුමක් වුවත්, මුල් නූතන යුගයේ කලාව සහ දර්ශනය සම්බන්ධ කරන සමීප ඥාතිත්වය 19වැනි සියවසේදී ක්‍රමානුකූලව හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වූ අතර, මානව ශාස්ත්‍ර විෂයයන් ඒකාබද්ධ කිරීමට ද උත්සාහ ගත්තේය. මේ නව ක්‍රම සෞන්දර්යාත්මක සිතුවම් කලාවේ ආධිපත්‍යයට යටත් කිරීමට උත්සාහ කළ අතර, දෘශ්‍ය කලාවේ වෙනස් පෙරළි ඇතිවී දෘශ්‍ය කලාවේ දර්ශනවදී ප්‍රවේශය එතැනින් එහාට වර්ධනය විය.

චිත්‍ර කලාව “එක් මාර්ගයක ගමන් කිරීමක්” ලෙස කිසිසේත්ම අදහස් නොකෙරේ. කලාව හරහා හැඟීම් උද්දීපනය සහ හැඟීම් ප්‍රකාශ කිරීමට හරි හෝ වැරදි ක්‍රම නොමැත. මිනිස් මුහුණක පරිපූර්ණ චිත්‍රකයට වඩා වැඩියමක් චිත්‍රශිල්පියෙකුට පින්තාරු කළ හැකිය – අවුල් සහගත ලෙස පින්තාරු කළ හැකිය – යථාර්ථවාදී නොවන දේවල් පින්තාරු කළ හැකිය – රෝදය නැවත නිර්මාණය කිරීමට උත්සාහ කල හැකිය – නැතහොත් වර්ණ වටහා ගැනීමට ගණිතය සිහින බවට පත්කිරීමට ද හැකිය. සියලු සිතුවම් ඒකාකාරී හා සමාන නම්, එය දෘශ්‍යමානයට හසුකර ගැනීමෙන් පසුව එය ඒකාකාරී දෘශ්‍යමානයක් බවට පත්වන්නේය. සැබවින්ම, කලාවේ ලොකුම ශක්තිය වන්නේ එක් පුද්ගලයෙකුගේ අද්විතීය සංජානනය සහ අත්දැකීම් ග්‍රහණය කර විවිධත්වයක් තුළ අන් අය සමග චින්තනමය පරිකල්පනයක් බෙදා ගැනීමයි. විශ්වි රාජකරුණා එවැනි ප්‍රකාශනයන් සමුදායක් අප ඉදිරියට ගෙනවිත් තිබුණි. ඇයගේ එම දෘශ්‍ය කලා ප්‍රකාශන තුළින් පැවැත්මේ විශ්වීයත්වය චින්තනමය නව මානයක් අවදි කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව මගේ හැඟීමයි.

The post දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%98%e0%b7%81%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/feed/ 0
නිවාස අහිමි වන ඇමරිකානුවන්ගේ කතාව.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b6%b1-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b6%b1-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80/#respond Thu, 14 Aug 2025 06:12:13 +0000 https://vivaranalk.com/?p=13463 නිවාස නොමැතිකම ඇමරිකාවේ වඩාත්ම දැවෙන සමාජ අභියෝග වලින් එකක් වන අතර එය ඇමරිකාව පුරා මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සහ පවුල්වලට එම අභියෝගය බලපා ඇත. මෙම ගැටළුව පෙර නොවූ විරූ මට්ටමක් කරා ළඟා වී ඇති අතර, මෑත කාලීන දත්ත මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ සමාජ සේවා සංවිධානවල ක්ෂණික අවධානය යොමු වූ ප්‍රශ්නයකි. නිවාස නොමැතිකමේ විෂය පථය සහ ජනවිකාශනය […]

The post නිවාස අහිමි වන ඇමරිකානුවන්ගේ කතාව.. appeared first on විවරණ.

]]>
නිවාස නොමැතිකම ඇමරිකාවේ වඩාත්ම දැවෙන සමාජ අභියෝග වලින් එකක් වන අතර එය ඇමරිකාව පුරා මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සහ පවුල්වලට එම අභියෝගය බලපා ඇත. මෙම ගැටළුව පෙර නොවූ විරූ මට්ටමක් කරා ළඟා වී ඇති අතර, මෑත කාලීන දත්ත මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ සමාජ සේවා සංවිධානවල ක්ෂණික අවධානය යොමු වූ ප්‍රශ්නයකි. නිවාස නොමැතිකමේ විෂය පථය සහ ජනවිකාශනය අවබෝධ කර ගැනීම ඇමරිකානු සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ස්පර්ශ වන සංකීර්ණ මූල්‍ය ආර්ථික අර්බුදයේ ප්‍රශ්නයක්  ලෙසය.

එක්සත් ජනපදයේ නිවාස නොමැතිකමේ අර්බුදය විකාශනය වන්නේ, දැරිය නොහැකි මිලකට පවතින ඉඩම් හා නිවාස ක්‍රමය, ආර්ථික අසමානතාවය සහ ප්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ ජාල ඇතුළු ගැඹුරු පද්ධතිමය අර්බුදයක් පිළිබිඹු කරයි. මෑත කාලීන සංඛ්‍යා ලේඛන මගින් එහි මූල හේතු විසඳීමට පාලකයන් උත්සාහයක් නොගන්නවා සේම අඛණ්ඩව වීදිවලට වැටෙන ජනතාවගේ බියජනක චිත්‍රයක් වීදි වලින් දැක ගත හැකියි. දත්ත මගින් පවසන සංඛ්‍ය ලේඛන මගින් හෙළි කරන්නේ  ක්ෂණික නවාතැන් අවශ්‍යතා සහ දිගුකාලීන නිවාස ස්ථාවරත්වය යන දෙකම සපුරාලීමට වසර 2007 සිට පත්වන පාලකයන්ට හැකියාව නොමැති බව පෙන්නුම් කර ඇත.

නිවාස අහිමි පිරිසගෙන් ඇමරිකානුවන් 354,000ක් තාවකාලික (හෝටලයක හෝ යහලුවෙකුගේ නිවසක) යම් නවාතැනක එක දිනක් හෝ දින කීපයක් ගත කරති. නිවාස නොමැති බොහෝ පුද්ගලයින් අවුරුදු 25ට වැඩි තනි පුද්ගලයන් ලෙස හඳුනාගනියි. ඇමරිකාවේ නිවාස නොමැති පුද්ගලයින්ගෙන් 28%කට දරුවන් සිටින පවුල් ලෙස හඳුනාගනියි. වඩාත්ම පොදු නිවාස නොමැති පවුල් වල වයස අවුරුදු 27ට අඩු මවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුල් ද ඒ අතර සිටිති. සෑම වසරකම නිවාස නොමැති ඇමරිකානුවන් 13,000ක් ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ඇතිවන ගැටුම් වලින් මිය යති. සියැටල් වැනි සමහර නගරවල, මිනීමැරුම්වලට ගොදුරු වූවන්ගෙන් තුනෙන් එකක් නිවාස නොමැති අය ලෙස වාර්තා වෙයි.

නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින් සඳහා වන ජාතික වාර්තාව 2023 සහ 2024 වසරවල එම අගය 13%කින් වැඩි වී ඇති බව වාර්තා කරයි. හදිසි නවාතැනක් මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම වැඩිවීම සිදු වී ඇත අතර 2007 සිට බැලුව කළ එය 2023 සහ 2024 අතර 18% කින් වැඩි වී ඇති බව පෙන්වා දෙයි. මේ අතර, තාවකාලික (කුලී) නිවාස ජීවත් වූ සංඛ්‍යාව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වෙමින් ඇත – 2023 සහ 2024 අතර තාවකාලික නිවාස වලින් ඉවත්වන අගය 60%කින් වැඩි වී ඇති අතර 2007දී එය පැවතියේ 4% මටටමකය. 2007 සිට 2022 දක්වා කාලය තුළ මුළු නිවාස නොමැති ජනගහනය සාමාන්‍යයෙන් පහත අගයක පැවති අතර 2023දී 12%කින් සහ 2024දී තවත් 18%කින් ඉහළ ගියේය. නිවාස නොමැතිකම පිළිබඳ එක්සත් ජනපද අන්තර් නියෝජිතායතන කවුන්සිලය පවසන්නේ මිල ගණන් දැරිය හැකි නිවාස, වැටුප් සහ සෞඛ්‍ය සේවා සහ ආර්ථික අවස්ථා සඳහා සාධාරණ වේතන කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන පද්ධතියකින් නඩත්තු වීමට සිදුව ඇති නිසා වත්මන් ඇමරිකානු ජනයාගේ නිවාස අහිමි වීම වැඩිවීමට හේතු වී තිබෙන බවයි. එම කවුන්සිලයට අනුව, නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 77 කි.

ඇමරිකානුවන්ගෙන් මිලියන 24.5ක් (හෝ 7.4%) පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ නිවාස නොමැතිව තම ජීවිතය අත්විඳින බව මෑතදී වාර්තා වෙයි. ඔවුන්ගේ ජීවිත විශාල ගැටලුකාරී වී ඇත.

නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ (HUD) 2024 වාර්ෂික වාර්තාවට අනුව, සෑම කාලයකම එක් රාත්‍රියක එක්සත් ජනපදය පුරා නිවාස නොමැතිකම නැමැති වාර්තාවෙන්, සෑම ඇමරිකානුවන් 10,000කින් 123ක් වන – පුද්ගලයින් 771,480ක් – නිවාස නොමැතිකම නිසා විදි වල කූඩාරම් අටවාගෙන ජීවත් වන බව ද වාර්තා කරයි.

මහා  නගර කුඩා නගර සහ ග්‍රාමීයව නිවාස නොමැතිකම බෙහෙවින් වෙනස් ලෙස පෙනෙන අතර, රජයේ වගවීමේ කාර්යාලය (GAO) සොයා ගත් තොරතුරු අනුව නිවාස කුලිය සහ රැකියා අහිමිවීම් නිසා නිවාස නොමැති වීමට ප්‍රධාන හේතු වන බව පවසයි. කඳවුරු බැඳීම සහ නවාතැන් සීමා කිරීම් පිළිබඳ ප්‍රතිපත්ති මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන තත්වයන් ද (දරිද්‍රතාවය සහ ගෘහස්ථ හිංසනය අත්විඳීම වැනි) නිවාස නොමැතිකමේ අනුපාතවලට වැඩි වීමට බලපා තිබෙන බවද පවසයි. 2024දී නිවාස නොමැති කළු, ජැමැයිකා සහ අප්‍රිකානු ඇමරිකානුවන් 240,000කට වැඩි පිරිසක් – නිවාස නොමැති ඇමරිකානු ජනගහනයක් ලෙස හඳුනාගෙන ඇත.

සමස්තයක් වශයෙන්, LGBTQ තරුණයින්ගෙන් 28%ක් තම ජීවිතයේ යම් අවස්ථාවක නිවාස නොමැතිකම හෝ නිවාස අස්ථාවරත්වය අත්විඳින බව වාර්තා වේ. මැසචුසෙට්ස් තරුණ අවදානම් හැසිරීම් සමීක්ෂණයට අනුව, මෙම සමීක්ෂණයට සහභාගී වූ සමලිංගික හෝ සමලිංගික ලෙස හඳුනා ගන්නා යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු නිවාසක් නොමැති පුද්ගලයෙක් වෙයි. විවිධ මූලාශ්‍ර වාර්තා කරන්නේ මේ පිරිස අතර නිවාස නොමැති 20%ත් 40%ත් අතර සංඛ්‍යාවක් LGBT ලෙස හඳුනා ගන්නා බවයි. 2015 පර්යේෂණවලින් පෙනී යන්නේ එක්සත් ජනපදයේ නිවාස නොමැති තරුණ – තරුණියන්ගෙන් සමානුපාතික සංඛ්‍යාවක් ස්ත්‍රී සමලිංගික, පිරිමි සමලිංගික, ද්විලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික හෝ LGBT ලෙස හඳුනාගත් බවයි.

නිශ්චිත සංඛ්‍යාවක් සැපයීමට ප්‍රමාණවත් දත්ත නොමැති වුවද, දැනට රට පුරා පුද්ගලයින් 600,000 ක් පමණ වාහනයක ජීවත් වන බවට ගණන් බලා තිබේ. මෙවුන්ගෙන් 100,000ට පමණ නිවාස තිබුණත් කරන රැකියාව අනුව සහ දුර ප්‍රමාණය අනුව වාහනයක දිවි ගෙවමින් තම ජීවිතය රැක ගැනීමට විශාල වෙහෙසක් ගනිමින් සිටින බව වර්තා වෙයි. මේ පිරිස අතර ප්‍රධාන රැකියවල නිරත වූ මහාචාර්යවරු සහ නලු නිලියන් ද සිටින බව එම වාර්තා සඳහන් කරයි.

එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, එක් රාත්‍රියකදී රට පුරා රැඳී සිටීමට ස්ථානයක් සොයා ගැනීමට නොහැකි සංක්‍රමණිකයන් (හොරෙන් රටට ඇතුළු වූ) 900,000කට වැඩි පිරිසක් සිටින බව වාර්තා කරයි. නිව්යෝර්ක්, ඩෙන්වර් සහ චිකාගෝ වැනි නගරවල මෙම පිටස්තර සංක්‍රමණිකයන් වීම හේතුවෙන් නිවාස නොමැති පිරිසට මොවුන්ව ඇතුළත් කර නොමැත.

ප්‍රධාන ලෙස නිවාස අහිමි වූ ජන අනුපාතයට අනුව (36%) පුද්ගලයන් මිලියන 123කට වැඩි සංඛාවක් නිවසා අහිමි වූ ජනතාව වෙති. ඒ අතර මුඩුක්කු නිවසක හෝ තාවකාලික අටවා ගත් නිවසක ජීවත්වන කොටස මිලියන 118කට ආසන්න බව වාර්තා වෙයි. එයිනුත් මිලියන 2.4කට වැඩි පිරිසක් අතහැර දැමූ ගොඩනැගිලි වල ජීවත් වෙති. මේ අතරින් මිලියන 4කට වැඩි පිරිසක් කිසිම දෙයක් නොමැතිව වීදි වල ජීවත් වන බව පැහැදිලි ලෙස පෙන්වා දෙයි. මේ මිලියන 4ක (ලක්ෂ 40ක) ජනතාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ ආධායම් මට්ටමට දැරිය නොහැකි නිවාස අර්බුදය නිසා දිනකට පුද්ගලයන් 3000ක් සහ 5000ක් යන අගයකින් ඇමරිකාව පුරා නිවාස අහිමි වීම දිගින් සිගටම සිදුවන නිසාය.

මෙවැනි තත්වයක් ඇමරිකාවේ උදා වී ඇත්තේ අමරිකාවේ මූල්‍ය ආර්ථික ක්‍රියාවලිය කඩා වැටීම දිනෙන් දින ලක්ව ඇති නිසාය. එවැනි තත්වයකින් ඇමරිකාවට ගොඩ ඒමට පසුගිය 2008-10 ආර්ථික අර්බුදයෙන් පසුව කිසිම පාලකයෙකුට විසඳුමක් නොවුනේ ඇමරිකානු ධනේශ්වරයේ අවශ්‍යතාවය පමණක් ඉටු කිරීමට ඔවුන් බැඳී සිටීම හේතුවෙනි. එය දිනෙන් දින වර්ධනය වෙමින් 2025 වන විට අති විශාල කේදවාචකයක් දක්වා ගමන් කර ඇති බව පෙනෙන්නට තිබේ.

The post නිවාස අහිමි වන ඇමරිකානුවන්ගේ කතාව.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b6%b1-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80/feed/ 0
පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a/#respond Fri, 30 May 2025 14:46:00 +0000 https://vivaranalk.com/?p=12880 2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශය සභාව යන ස්ථාන දෙක හැර අනෙක් ඒවායේ ප්‍රතිඵලය නිකුත් වී අවසන්ය. එහිදී ජයග්‍රහණය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇත්තේ දැඩි විවාදයකි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 43.3%ක් […]

The post පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? appeared first on විවරණ.

]]>
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශය සභාව යන ස්ථාන දෙක හැර අනෙක් ඒවායේ ප්‍රතිඵලය නිකුත් වී අවසන්ය. එහිදී ජයග්‍රහණය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇත්තේ දැඩි විවාදයකි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 43.3%ක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇති අතර විපක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් 56.7%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ලංකවේ සමස්ත පළාත් පාලන ආයතනවලට මන්ත්‍රිවරුන් 8793ක් තොරා ගැනීමට පළාත් පාලන මැතිවරණය පැවැත් වූ අතර එම සංඛ්‍යාවෙන් ජාතික ජන බලවේගය 3927ක් සහ විපක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් 4866ක් ලබාගෙන ඇත. මේ ප්‍රතිඵලයෙන් ජාතික ජන බලවේගය සභාවල මන්ත්‍රී සංඛාවෙන් 50%ට වඩා වැඩි මන්ත්‍රී සංඛාවක් දිනාගත් සභා ගණන 116කි. ඔවුන්ට එම සභා 116යේ පමණක් පාලන බලය ගෙන යා හැකිය. අනෙක් ඒවා ගැටළුකාරී වී ඇත. දැන් විපක්ෂය ඒකාබද්ධ වී ඉතිරි සියල්ලේ බලය විපක්ෂය අතට ගැනීමට සූදානම් වෙමින් සිටියි.

මේ ඡන්ද ප්‍රතිඵලය දෙස ප්‍රධාන වශයෙන් බැලිය යුතු පැති කීපයක් තිබේ. ඒ ඡන්දය දෙන පිරිස සහ ඡන්දය නොදෙන පිරිස අතර නිර්මාණය වී ඇති ප්‍රතිවිරෝධය වැදගත්කමකින් යුක්තය. මේ දෙපිරිස අතර ඇති මතවාදීමය දෘෂ්ටිය ද මේ ඡන්ද ප්‍රතිඵලයත් සමග සංසන්දනාත්මකව බැලීම ද තවත් වැදගත් කරුණකි.

මෙලෙස මාස හයක් ඇතුළත ඡන්දය පාවිච්චි නොකළ අය විශාල ලෙස වර්ධනය වී ඇති බව දැක ගත හැකියි. 2022 ජන අරගලයෙන් පසුව පවත්වන සෑම මැතිවරණයක් මැතිවරණයක් පාසා ඡන්දය පාවිච්චි නොකරන පිරිසේ වැඩිවීමක් දක්නට ඇත. ඡන්ද පාවිච්චි නොකළ පිරිස ජනාධිපතිවරණයේ සිට පළාත් පාලන මැතිවරණය දක්වා මිලියන 3.8 සිට මිලියන 7 දක්වා වර්ධන වූයේ එම පදනමෙනි. එහිදී ලංකාවේ 2022දී නව

ලිබරල්වාදී ආර්ථික ක්‍රමය පෙරලා දැමීමට ඉදිරියට පැමිණි ජනතාව නව සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක් සෙව්වේය. නමුත් 2022න් පසුව බලයට පත්වුන ජාතික ජන බලවේග ආණ්ඩුව නව ලිබරල්වාදී ආර්ථික රටාව කරපින්නාගෙන කරගෙන යාමට ඉදිරිපත් වූවා මිස ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ඉදිපත් නොවන බව මේ මාස 7ක කාලය තුළ පැහැදිලි විය.

දිගින් දගටම විකෘති ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා කිසි කෙනෙකුට ඡන්දය දී වැඩක් නැති බව ඡන්දය ප්‍රකාශ නොකරන පිරිසගේ පොදු මතය බවට පත් වී ඇත. එවිට මේ මැතිවරණ ක්‍රමය මගින් බලයට පත්වන කිසි කෙනෙක් ගැන කිසිදු විශ්වාසයක් තැබීමට නොහැකි වී ඇත්තේ කිසි දෙයක් නොවන නිසාය. ඡන්දය ඉල්ලන පක්ෂ – අපේක්ෂකයන් ස්වාධීන කණ්ඩායම් මේ නව ලිබරල්වාදී ක්‍රමය පවත්වාගෙන යාමට කරන දෘෂ්ටිවාදී මැදිහත් වීම නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් ලැබෙන දේශපාලනික සතුට ඔවුන් බුක්ති විඳින්නේය. මේ මැතිවරණ ක්‍රමය තුළින් දිගින් දිගටම ඡන්දය දීම විසඳුමක් නොවන නිසා ජනතාව මැතිවරණ ක්‍රමයෙන් ද ඉවත් වීම ද සිදුකරමින් පවතී. එය ඉදිරියේදී පවත්වන මැතිවරණ වලදී ද ඡන්දය නොදෙන පිරිස තව තවත් වැඩි වන බවට පැහැදිලි කරුණකි.

නව ලිබරල්වාදී ආර්ථිකය ගෙන ගිය අවුරුදු 50 තුළ ඡන්දය දී කිසිවක් ඉටු නොවුනු විට ජනතාව මැතිවරණයෙන් ඉවත්වීම තුළින් විරෝධය ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත. ජනතාවගේ “ක්‍රම විරෝධය” පැවතුනත් එයට විසඳුමක් නොමැති මැතිවරණ ක්‍රමයක් නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීම ඔවුන්ගේ දේශපාලනික තීන්දුව වී තිබේ. ඡන්දය ඉල්ලන පක්ෂ අපේක්ෂකයන් නව ලිබරල්වාදය වැළඳගෙන විකෘති අදේශපාලනයක නිරතවන නිසා – ඔවුන් දිනුවත් විකෘති නව ලිබරල්වාදය සක්සුදක් සේ ඉදිරියට යන නිසා අදේශපාලනයට ඡන්දය දීම ඵලක් නොමැති ක්‍රියාවක් වීම ඡන්දය නොදීමට තවත් හේතුවක් වී ඇත.

මේ මොහොතේ ද නව ලිබරල්වාදී වැඩ සටහන ගෙනියන්න බලය නොමැති පළාත් පාලන ආයතනවල ආණ්ඩුව පක්ෂය සහ විපක්ෂය විසින් ස්වාධීන කණ්ඩායම්වල සහ කුඩා පක්ෂ වල සහය මුදල් මත ගැනීමට තීන්දු වන තත්වයක් නිර්මාණය වෙමින් ඇත. එම නිසා ඡන්දය නොදුන් මිලියන 7ක පිරිස අති විශාල දේශපාලනික ජයග්‍රහණයක් ලබා ඇත. ඒ විකෘති මැතිවරණ ක්‍රමයකට ඡන්දය නොදීම නිසා ලැබුණ සතුට වරප්‍රසාදයක් ලෙස ඔවුන් බුක්ති විදීමට හැකි වීමයි.

1978 සිට ලංකාවේ රැකියා උත්පාදනය නොකර විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට උත්තේජනයක් ජේ. ආර්. ජයවර්ධන විසින් ලබා දුන්නේය. වත්මනේ විදේශ රටවල් ද ආර්ථික අර්බුදයේ පතුළටම ගිලී ඇති මොහොතක විදේශ රැකියා යනු සිහිනයක් පමණක් වී ඇත. විදේශ රටවල ආර්ථිකයන් ද වේගයෙන් කඩා වැටෙමින් පවතී. එම කඩා වැටීම නිසා ඇමරිකාවේ 2025 වර්ෂයේ රාජ්‍ය අංශය කප්පාදුව ඩොලර් ට්‍රිලියනයකින් අඩු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ස් පියවර ගෙන ඇත. ඉදිරි අවුරුදු 4ක් ඇතුළත ඩොල්ර් ට්‍රිලියන 4ක් අඩු කිරීමට ද තීන්දු ගෙන ඇත. එම ක්‍රියාමාර්ගය නිසා විශාල පිරිසක් මහපාරට වැටීමේ පරාසයක් දක්වා විහිදී යන්නේය. දැනට ඇමරිකවේ නිවාස අහිමු වූ ජනතාව ලක්ෂ 40 දක්වා වර්ධනය වී ඇත. එම කටයුත්ත ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව ද ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව ඇත. ඒ රාජ්‍ය අංශයේ රැකියා පන් ලක්ෂයකට වඩා ඉවත් කිරීමට ගිවිසුම් ගත වීම මගිනි. එහි පළමු පියවර ලෙස මහවැලි අධිකාරිය සහ තවත් ආයතන පහක් වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තුළ තීන්දු ගෙන ඇත. ඒ වගේම විදුලි බිල වැඩි කිරීමට ලෝක බැංකුවට පොරොන්දු වී තිබේ. තවත් මෙවැනි ජන ජීවිතය කප්පාදු කිරීම් විශාල ප්‍රමාණයක් ඉදිරි කාලයේදී ගැනීමට නියමිතව බව සඳහන්ය. මේ තීන්දු ගන්නේ විකෘති නව ලිබරල්වාදී ආර්ථිකය පවත්වාගෙන යන්නටය. තුනෙන් දෙකේ ආණ්ඩුව විසින් රටක් ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම පැත්තකින් තබා මූල්‍ය කලමනාකරණය තුළින් විසඳුම් සෙවීම ද කරගෙන යන්නේ පවතින ක්‍රමය පවත්වා ගෙන යන්නටය. එවිට මූල්‍ය ආර්ථිකය කඩාවැටීම නිසා කිසිම රටකට ගොඩ ඒමක් නැත. බොරු පුරසාරම් දෙඩීම පමණක් කරගෙන යාම සිදුවුවත්, ඒවා ආර්ථිකයට හෝ සමාජයට හෝ දැනෙන්නේ නැත. ජන ජීවිතයට ජීවන පීඩනය පමණක් මේ මොහොත වන විට ඉතිරි වී ඇත. පීඩනය තව තවත් වැඩි වෙනවා මිස මේ ක්‍රමය මගින් විසඳුමක් බලාපොරොත්තු විය නොහැකිය.

මේ ඇතිවු ආර්ථික කඩා වැටීම් බේරා ගැනීමට වර්ෂ 2000 පසුව වාමාංශීක කඳවුරු ලෝකයේ රටවල් කිහිපයක ඡන්ද වලින් පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සිදුවිය. එහිදී බ්‍රසීලයේ ලූලා ප්‍රමුඛ ආණ්ඩුව, ආජන්ටිනාවේ වාමාංශික ආණ්ඩුව, වෙනිසුවුලාවේ චාවේස් ප්‍රමුඛ ආණ්ඩුව, ග්‍රීසියේ සිරිසා නැමති වාමාශික ආණ්ඩුව, ස්පාඤ්ඤයේ පොඩමෝස් නැමැති වාමාංශික ආණ්ඩුව හඳුන්වාදිය හැකිය. මේ සියල්ලම වාමාංශික රතුපාට පොරවාගෙන පැමිණ මාස දෙක තුනක් යන විට හතර ගාතේ  වැටී නැවත නව ලිබරල්වාදීන්ට බලයට ඒමට පිඹුරුපත් සකස් කිරීම පමණක් ඉටු කළේය. එවිට එම රටවල වාමාංශික ව්‍යාපාර නැත්තටම නැති වී ගියේය. ලංකාවේදී ද අනුර දිසානයක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව කරමින් සිටින්නේ එම කර්තව්‍යය ඉටුකිරීම බව පැහැදිලිය. මේ ක්‍රමය පවත්වා ගෙන යාමට ඡන්දය ඉල්ලන ජාතික ජන බලවේගයේ පිරිස් සහ විපක්ෂයේ පිරිස සහ මොවුන්ට ඡන්දය දෙන පිරිස් ද දෘෂ්ටිමය ලෙස අදේශපාලනිකය. ඡන්දය දෙන පිරිස බලන්නේ ක්ෂණික මුල්‍යමය වාසියක් ලබා ගැනීම ගැන පමණි. එවිට අවස්ථාවාදී ස්ථාවරයක සිට ඡන්දය ප්‍රකාශ කිරීමක් බව සක් සුදක් සේ පැහැදිලි වන්නේය. ඡන්දය නොදෙන පිරිස ක්‍රම විරෝධී දේශපාලනයක යෙදෙයි. එවිට දේශපාලනික පිරිස සහ අදේශපාලනික පිරිස අතර පවතින්නේ ව්‍යුහාත්මක ප්‍රතිවිරුද්ධත්වයකි.

මේ ව්‍යුහාත්මක වෙනස්කම ලෝකයේ අනෙකුත් මැතිවරණ වලදී ද සිදුවෙමින් පවතී. දේශපාලනය සහ අදේශපාලනය අතර ක්‍රම විරෝධී ගැටුම ලෝකය පුරාම වත්මන වන විට තීව්‍ර වී තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී ද ඡන්ද ප්‍රතිඵලයට ද එම ක්‍රියාවම සිදු වුණි. ඒ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් පිරිස වූයේ සියයට59කි. එයින් ඩොනල්ඩ් ට්‍රම්ස් 30%සහ කමලා හැරිස් 29%ක් ලබා ගත්තේය. 41% ඡන්දය පාවිච්චි කර නොතිබුණි. එම ක්‍රියාවලියම එංගලන්තයේ ද සිදුවෙමින් පවතී. එය ලංකාවේ  ද  දැන්  සිදුවෙමින්  පවතී.  එවිට  ක්‍රම  විරෝධය  දේශපාලනිකය  –  ක්‍රමය පවත්වාගෙන යාම අදේශපාලනිකය.

අනුර දිසානයක ප්‍රමුඛ පිරිස සහ විපක්ෂය අදේශපාලනික වී ඇත්තේ ක්‍රමය පවත්වාගෙන යාමට ගන්නා වෙහෙස නිසාය. එහිදී අනුර දිසානායක බලයට පැමිණ කරගෙන යන නව ලිබරල්වාදී වැඩ පිළිවෙළ විපක්ෂය විසින් විවේචනය කරන්නේ ඔවුන් නිවැරදි නව ලිබරල්වාදීන් ලෙස ඔවුන් විසින් ඔවුන්ව හඳුන්වා ගනිමිනි. මේ පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්නට බැරි සෑම තැනම විපක්ෂයේ නව ලිබරල්වාදීන් ඒකාබද්ධව බලය පිහිටුවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇත. දැන් ගැටුම තිබෙන්නේ නව ලිබරල්වාදය පවත්වාගෙන යාමට “උඹ ද සුදුස්සා – මම ද සුදුස්සා” තෝරාගැනීම පමණක් ඉතිරි වී ඇත. එයද විසඳුමක් නොවන්නේ ආර්ථිකය පැත්තෙන් – දේශපාලනික පැත්තෙන් – ජනතාවගේ පැත්තෙන් විසඳුමක් නොවන නිසාය. මේ ආයතන සියල්ලේම බලය ජාතික ජන බලවේගයට ලැබුණත් කිසිම ප්‍රයෝජනයක් ජන සමාජයට අත් නොවන්නේය. ඒ ඔවුන් වැළඳගත් නව ලිබරල්වාදය ලෝකය පුරාම අභාවයට යාම ඇරඹී ඇති නිසා සහ එම ක්‍රමය මගින් පීඩනය පමණක් ජනතාවට ඉතිරිවන නිසාය. ඒ පිහිටුවන ආයතන 116යේ සහ මුදල් දී පිහිටුවා ගන්නා සභාවල බලය විකෘති වැඩ පිළිවෙලවල් හරහා බලාත්මක කිරීමට ඔවුන් විසින් උත්සාහ ගනු ඇති. මේ කරන සියලු ක්‍රියාමාර්ග විහිලු හැටියට පමණක් ඉදිරි කාලයේදී තහවුරු වනවා නිසැකයි.

මේ මැතිවරණ ක්‍රමයෙන් රටක් ගොඩනැගීම හෝ ප්‍රදේශයක් ගොඩනැගීම හෝ කළ නොහැකි කරුණක් වන්නේ ක්‍රම විරෝධී දැක්මක් නොමැතිකමය. එම නිසා ජනතාව මේ මැතිවරණ ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින බව වත්මනේ පැහැදිලි වන කරුණකි. ඡන්දය නොදෙන පිරිසගේ මතය විග්‍රහ කළ බැලුවහොත් ඔවුන් දේශපාලනික දැක්මක් සහිතව ඡන්දය නොදුන් බව පැහැදිලියි. එම දේශපාලන අවබෝධය දිනෙන් දින වර්ධනය වන නිසා එම පිරිස මැතිවරණයෙන් – මැතිවරණයට පළල් වෙමින් පවතී. දැන් ඡන්දය දෙන පිරිස අදේශපාලනිකය – ඡන්දය නොදෙන පිරිස දේශපාලනිකය. එය පැවති රටාව වෙනස් වීමේ විභවය නිර්මාණය වී ඇති බව වටහා ගැනීමට මේ මැතිවරණය ප්‍රබල සාධකයකි.

නමුත් වත්මනේ විශාල ජන අරගල ව්‍යාපාරයක් ලෝකය පුරා නව ලිබරල්වාදයට විරුද්ධව ගොඩ නැගෙමින් පවතියි. එවිට ඡන්දය යනු ක්‍රමය පවත්වාගෙන යන ක්‍රියාවලියක් සහ ජන අරගලය මේ විනාශකාරී ක්‍රමය පෙරලා දැමීමට ගොඩනැගෙන බලවේගය ලෙස ඉදිරියට එමින් පවතී. එවිට ඡන්දය ඉල්ලීම පවා වැඩකට නැති අදේශපාලනික ක්‍රියාවක් වී තිබේ. ඡන්දය දීම ද අදේශපාලනික ක්‍රියාවක් වී තිබේ. වත්මනේ දේශපාලනය යනු අරගල මාවතට ප්‍රවිෂ්ට වීම ප්‍රතිඵලදායක වී ඇත. අරගල මාවත ලෝකය පුරාම සක්‍රීය වෙමින් පවතී, නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ ඉදිරියේ ලෝකය නැවත ගොඩනැගීමට ආර්ථික – දේශපාලන – සමාජීය විසඳුමක් අරගල නායකත්වය විසින් සාකච්ඡා නොකිරීමයි. ඒ සඳහා අදහස් ඇති පිරිස වන මාක්ස්වාදීන් ද හතර අතට බෙදී ඇත්තේ කිසිවක් කර ගත නොහැකි වන ලෙසයි. නමුත් ඇමරිකවේ වත්මනේ පවතින අරගලයේදී මාක්ස්වාදී පක්ෂ වලට ඒකාබද්ධ වී විසඳුම් ඉදිරිපත් කරන ලෙස මාක්ස්වාදය කියවන තරුණ තරුණියන්ගෙන් බලපෑමක් එල්ල වී තිබේ.

ලංකාවේ ද මාක්ස්වාදී දහරාව නියෝජනය කරන ලියාපදිංචි පක්ෂ 12ක් ඇත. මේ පිරිස ද නව ලිබරල්වාදී විකෘතිය පවත්වාගෙන යාමට පසුබිම උදා කිරීම සඳහා වෙන් වී ක්‍රියාමාර්ග තෝරමින් සිටිති. මේ පිරිස් අතර වෙනස් මත ඇති බව සත්‍යයකි. නමුත් සියලු දෙනාම මාක්ස්වාදය පිළිගනිති. නමුත් එකතුවීමට පමණක් එකඟ නැත. එය ලංකාවේදී ප්‍රශ්නාර්ථයක් බවට පත් වූයේ 2022 අරගලය තුළදීය. පවතින රාමුවෙන් වෙනස්ව විප්ලවකාරී බලවේ සමග සාමූහික දැක්මක් ඇතිකර ගැනීමට මාක්ස්වාදීන්ට දැක්මක් නොතිබුණේ වෙන්ව සිටීමේ පියවර නිසාය. වත්මනේ මාක්ස්වාදීන්ට මොන තරම් අනෙකා සමග ප්‍රශ්න තිබුණත් එක කඳවුරකට පැමිණිම අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙන්නේ, පවතින ක්‍රමය ප්‍රතික්ෂේප වී ලෝකය පුරාම “පූර්ව විප්ලවවාදී සමයක්” උදා වීම හේතු කොට ගෙනය. එවිට නව අර්ථකථනයකින් ආර්ථිකය ගොඩනැගීමට හැකි භෞතික දැක්මක් සහිත මාක්ස්වාදීන්ට මේ කටයුත්ත පැවරී ඇත.

The post පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a/feed/ 0
කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b7%84%e0%b6%bb%e0%b6%b4-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b7%84%e0%b6%bb%e0%b6%b4-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93/#respond Wed, 05 Feb 2025 11:19:33 +0000 https://vivaranalk.com/?p=12628 වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී […]

The post කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. appeared first on විවරණ.

]]>
වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුලු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. 

මුලින් අපි විමසා බලමු ජාජබට ආණ්ඩුවට හිතෛෂී විචාරයන් වල ස්වභාවය ගැන. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ජාජබ ආණ්ඩුවේ ස්ථාවරය රකින සටහන් හෝ විඩියෝ හෝ විවිධ පෝස්ට් යටින් ඇති අදහස් දක්වන (comment) තීරුවල දැක ගත හැකියි. එහිදී ජාජබ ආණ්ඩුවේ ක්‍රියාවන් අනුමත කරන්නන් එම ප්‍රචාරක පුවරුවට සටහන් අතර ‘අනුරට බුදු සරණයි,’ ‘ආණ්ඩුවට බුදු සරණයි’ යන කොමෙන්ට්ද දැක ගත හැකිය. එවැනි වැකි දමන සියලු දෙනාම මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස බව පැහැදිලිය. ජාජබ ආණ්ඩු ජයග්‍රහණයකින් පෞද්ගලික විමුක්තියක් උදාවන බව දැඩි විස්වාසයක් ඔවුන් අතර තිබී ඇති බව එම ප්‍රකාශ මගින් ඒතු යන්නේය. ඒ ජාජබ ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මාක්ස්වාදී අරුතෙන් සමාජ විමුක්තියක් නොව පෞද්ගලික විමුක්තියක් ලැබිය හැකියැයි යන විශ්වාසය මත පදනම් වීම නිසාවෙනි. ඔවුන් ජාජබ ආණ්ඩුව පත්වී දින 100ත් පසුවන විට කිසිම විමුක්තිකාමී ක්‍රියාවක් නොමැති විට සහ විමුක්තියක් නොපෙනන නිසා එම පෞද්ගලික විමුක්ති මානයෙන් විතැන්ව ආත්මීය විමුක්තියක් කෙරෙහි විස්වාසයක් ඇති කර ගනිමින් පවතින බව එම ප්‍රකාශ මගින් පෙනී යන කරුණකි. එවිට පෙනීයන්නේ ආර්ථිකමය හෝ දේශපාලනමය විමුක්තිය පෙනෙන තෙක් මානයේ සපල නොවන විට පෞද්ගලික විමුක්තිය වෙනුවට භක්තිවාදය මත පදනම්ව ආගමික විමුක්තියකට පල්ලම් බැසීම සිදුකර ගෙන ඇති බවය. දැන් ඔවුන් ආගමික ආත්මීය විමුක්තිය මූලික ප්‍රස්තූතය බවට පත් කරගෙන භක්තිවන්ත ප්‍රකාශ කොමෙන්ට් තීරුවල දමන්නේ ආත්මීය විමුක්තියකින්වත් ජාජබ ආණ්ඩුවට උට්ටානයක් ලැබිවියැයි සිතුවිල්ලෙන් විය හැකිය. දැනට ඉතිරි වී සිටින ජාජබ ආණ්ඩු හිතෛෂීන්ට අබ සරණ පමණක් ලැබෙන බව ඔවුන්ගේ බුදු සරණයි ප්‍රකාශ තුළින් පැහැදිලි වෙයි.

කුණුහරප සමාජයේ දැවැන්ත ලෙස ප්‍රකාශ වෙති. සාමාන්‍යයෙන් නිවෙස් තුළ සිට පුද්ගල විරෝධයන් දක්වා කුණුහරප පිට කිරීම පොඩි ළමයාගේ සිට මහල්ලා දක්වා වාචික අභිනයකි. නමුත් එය ලාංකීය සාහිත්‍යමය සංස්කෘතිය තුළ නොපැවතුන දෙයකි. සමාජ මාධ්‍යවල යම් යම් ආණ්ඩු පිරිහීමේ ලක්ෂණ පටන් ගත් කාලවල විවේචන කිරීම්, අපහාස කිරීම්, හාස්සයට ලක්කිරීම් දැක ගත හැකි වුවත් මෙවැනි ලක්ෂණයක් නොතිබුණි. නමුත් 2022 වන විට ගෝඨාභය රාජපක්ෂය විරුද්ධව යම් සුලු ප්‍රමාණයකින් කුණුහරප ප්‍රචාරක් දැක ගත හැකි විය. මෙවැනි දැවැන්ත ප්‍රමාණයක් නොතිබුණි. 2025 වන විට (ගෝඨාභට පන්නා දමා අවුරුදු 3ට පසු) ජනාධිපති අනුර දිසානාරකගේ සිට පාර්ලිමේන්තු 159ම එල්ලවන කුණුහරප කුණාටුවෙන් නොතෙමුන කෙනෙක් නොමැති තරම්ය. එවිට සමාජ මාධ්‍ය භාවිතාව තූළ දැවැන්ත ජාජබ  ආණ්ඩු විරෝධයක් පවතින බව දක්නට ලැබෙන සංකේතයකි. එහි පළවන එක් සටහනක් පමණක් සටහනක් කිරීමට වැදගත් වෙයි. ජාජබ ආණ්ඩු බලය ලබා ගැනීමට ගෙන ආ වචනයකි ‘පුනරුදය’ යන පදය. දැන් එම වචනය විරෝධාකල්පීය ලෙස ‘පුකරුදය’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සැරි සරයි. මේ ආණ්ඩුව ගෙන එන එවැනි වචන අති දැවැන්ත වාචික ප්‍රකාශයන් තිත්ත කුණුහරප දක්වා පරිවර්තන වන්නේ ජාජබ ආණ්ඩු විරෝධයේ ප්‍රකාශනයක් ලෙසය. එය දිනෙන් දින වර්ධනය වීමට පටන් ගෙන තිබේ.

එහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ හිටපු ඇමති කෙනෙක් වන විමල් වීරවංශ ජාජබ ආණ්ඩුව හඳුන්වන්නේ ‘කයි පාලනය’ (කයිවාරු පාලනය) යනුවෙනි. ඔහුද ජාජබ ආණ්ඩුව විවේචනය කරන්නේ එම නාමකරණයද ප්‍රබල ලෙස භාවිතා කරමිණි. ඔහුද ජනතා විමුක්ති පෙරමුණෙ මාළු ටැංකියේ පුහුණු වූ යෝධයෙක් වන හිටපු ප්‍රචාරක ලේකම්වරයාය. ඔහුද කයි පාලනයක් ගෙන යන්නට නරුම ධනේශ්වරයට වෙහෙසුන ඇමති කෙනෙකි. ඔහුගේ කයි පාලනයෙන් රටට කරපු දෙයක් නම් නොමැත. දැන් ඔහු අනුරගේ නරුම ධනේශ්වර දෘෂ්ටිමය පාලනය විරුද්ධව හඬක් නගන්නට පටන් ගෙන තිබෙන්නේ නැවත පරණ නරුමයන්ව බලයට ගෙන විත් තමාද එතැනට රිංගා ගැනීමටය. ඔහුගේ ‘කයි පාලනය’ යන වචන හරඹයද කුණුහරප භාෂාවට පෙරලී අවසන්ය.

අනෙක් පැත්තෙන් හිටපු ධනේශ්වර බහුබූතවාදීන් කරන විවේචන වැඩකට නොමැති වුවත් ඔවුන්ද නැවත ජාජබ ආණ්ඩුව පෙරලා බලය ලබා ගැනීමට වෙහෙසෙයි. එය ව්‍යර්ථ උත්සාහයක් වන්නේ ලෝකයේම ධනේශ්වර ක්‍රමය අති විශාල ලෙස අර්බුදයකට නතු වෙමින් පැවතීම පැවතීම නිසාය. ඒ ඇමරිකාවේ 2008/10 පසුව ගොඩනැගූ බබල් ආර්ථිකය 2025 තුළ දැවැන්ත වේගයෙන් කඩා වැටෙමින් පවතී. ඒ වගේම ඇමරිකාවේ ණය ගෙන ඇති ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 32ක දක්වා වර්ධනය වී තිබේ. නිවාස අහිමිවන (homeless) ජනතාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. එවිට එය කැනඩාව සහ යුරෝපය පුරා ආර්ථික කඩාවැටීමේ ව්‍යාප්තියක් සහිත බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ආර්ථික විශේෂඥයන් මේ ඇතිවන අර්බුදය හඳුන්වන නාමකරණය පූර්ව-විප්ලවාදී තත්වයක් (A pre-revolution situation) යනුවෙනි. ඒ නිසා මෙවැනි ධනේශ්වර ප්‍රතිසංස්කරන විසදුම් මගින් ඇතිවීමට යන පූර්ව-විප්ලවවාදී තත්වය සමනය කළ නොහැක. 1770 සිට 1820 විතර කාලපරිච්ඡේදයේ ඇතිවූ වැඩවසම් ක්‍රම විරෝධය ධනේශ්වර විප්ලව මගින් පියවූ විලසින් නැවත ධනේශ්වර ක්‍රම විරෝධය ජන නැගිටීම් හරහා නව පරිවර්තනයකට යාමේ ගෝලීය සමාජ අවශ්‍යතාවයක් මතු වෙමින් තිබේ. එය එක් වරක් ලංකාවේ 2022දී සිදුවිය. එය නැවත සක්‍රීය වීමට පරිසරය සකස්වෙමින් තිබේ. එය බංගලාදේශයේ සිදුවිය, නැවත සක්‍රිය වීමට පටන්ගෙන ඇත. මේ පැමිණෙමින් තිබෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් නව සමාජ ව්‍යුහයකට පරිවර්තනයක් සකස් කිරීමේ කාල පරිච්ඡේදයකටයි. එහිදී ගෝලීය පරිමාණව ජන අරගලය ප්‍රමුකත්වයට ගැනීමට ලෝකවාසීන්ට සිදු වනු ඇත.

ලංකාවේදී ඇතිවී තිබෙන ධනේශ්වර විරෝධී ස්වභාවය නැවත ජන විඥානය තුළ විවිධ පැති හරහා විකාශනය වීමට පටන් ගෙන තිබේ. ඒ කුණුහරුප වර්ෂාව වගේම ජන අරගලය සුලු ප්‍රමාණයෙන් පටන් ගෙන තිබේ. ජාජබ ආණ්ඩුව ගෙන යන ව්‍යාපෘතිවලට එන ජන විරෝධයද තවත් පැත්තකි. ජාජබ ආණ්ඩුවේ සමූපකාර ඡන්ද පරාජයට පත් වෙමින් තිබේ. ජාජබ ආණ්ඩුව පත්කල සභාපතිවරු ඉල්ලා අස්වීම පෙළට සිදුවෙමින් පවතී. ඒ වගේම ආණ්ඩුව තව ඡන්ද දෙකක් (ප්‍රාදේශීය සභා සහ පලාත් සභා) තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ජාජබ ආණ්ඩු විරෝධී ජන මතය වේගයෙන් විරෝධාකල්පයක් දක්වා වේගයෙන් වර්ධනය වන අතර පසුගිය දින 100ට වැඩි කාලය තුළ ඇතිවූ සියලු සිදුවීම් වලින් පෙනී යන්නේ ජන විඥානයේ ආණ්ඩු විරෝධය දැවැන්ත ලෙස බුබුලු දමමින් ඉදිරියට පැමිණෙන බවය. එහිදී 2022 මාර්තු 09 දිනය යනු ගෝල්ෆේස් අරගලය පටන් ගත් දිනයයි. එම දිනය සැමරුමක් පැවැත්වීමට අරගලයේ සිටි විවිධ කොටස් උස්සාහයක් ගනිමින් සිටිති. එය සාර්ථක කර ගැනීමට මැදිහත් වීම සියලු විරෝධතාකරුවන්ගේ ජයග්‍රාහී උත්සාහයක් වන්නේය. 

The post කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b7%84%e0%b6%bb%e0%b6%b4-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93/feed/ 0
ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%96-%e0%b6%b4/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%96-%e0%b6%b4/#respond Wed, 18 Dec 2024 11:33:59 +0000 https://vivaranalk.com/?p=12460 1948 ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුන දවසේ සිට 2024 දක්වා අවුරුදු 76ක් ගෙවී අවසන් ය. මේ අවුරුදු 76 තුළ ගෙවී ගිය දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසපෙ) හැඳින්වූයේ අවුරුදු 76ක සාපය නමිනි. අවුරුදු 76ක් තුළ ලංකාව පාලනය කලා වූ සමාජය සාපයකින් පෙළනු බව පවසමින් එම සාපය […]

The post ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? appeared first on විවරණ.

]]>
1948 ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුන දවසේ සිට 2024 දක්වා අවුරුදු 76ක් ගෙවී අවසන් ය. මේ අවුරුදු 76 තුළ ගෙවී ගිය දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසපෙ) හැඳින්වූයේ අවුරුදු 76ක සාපය නමිනි. අවුරුදු 76ක් තුළ ලංකාව පාලනය කලා වූ සමාජය සාපයකින් පෙළනු බව පවසමින් එම සාපය අවසන් කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ) මේ වසරේ දී (2024දී) පැවති ඡන්දවලදී ඉල්ලුවේ ය. එයට ජනාධිපතිවරයා ඇතුළුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා බලයක් ජනතාව ලබා දුන්නේ එම බලාපොරොත්තුව ජනතාවගේ ද බලාපොරෙත්තුවක් බවට පත් වී තිබූ බැවිනි. 1978 සිට නව ලිබරල් ආර්ථික රටාවෙන් (විවෘත ආර්ථිකයෙන්) 2022දී රට ආර්ථික අගාධයට වැටී තිබු මොහොතේ සිට මේ සාප මතවාදය ගොඩ නගන්නට ජවිපෙ හා පෙසපෙ වෙහෙසුනි. නමුත් අවුරුදු 76ක සාපයෙන් මිදීම සඳහා ජවිපෙ ඉදිරිපත් කළ වැඩ පිළිවෙල වූයේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන වියුක්ත ප්‍රතිපත්තියකි. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනගන්නට ජනාධිපතිවරණය ජය ගෙන දින 57ක කාලයක් අවසන් වී තිබුණත් දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ සමාජීය ප්‍රශ්න එලෙසම පවතිද්දී ඔවුන් පුද්ගලයන් ලෙස ගොඩ නගා ගත් විකෘති පෞද්ගලිකත්වය හෙළිදරව් වෙමින් තිබේ. එම නිසා දිනෙන් දින අපහාසයටත්, උපහාසයටත් විවේචනයටත් ඔවුන් ලක්වෙමින් සිටින්නේ ය. දැන් එම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට තනතුරු වලින් ඉල්ලා අස්වෙමින් සහ පවතින නීති රාමුව තුළට පැමිණිලි කරමින් තම පෞද්ගලිකත්වය රැක ගැනීම වෙනුවෙන් බරපතල වෙහෙසක් ගනිමින් සිටිති. මේ එක් එක් පුද්ගලයන් හරහා ගොඩනගාගත් පෞද්ගලිකත්වය පෞද්ගලිකවාදයක් දක්වා ගමන් කළේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් ය.

ඉඩම්, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස අනුර දිසානයක ජනාධ්පති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියේ දිවුරුම් දීම [2004 අප්‍රේල්]

අවුරුදු 76ක සාපය ඔවුන්ගේ විග්‍රහයෙන් දෘෂ්ටිම වරදක් පිළිඹිබු වන්නේ ය. ඒ 1948 සිට 1978 දක්වා කාලය තුළ මේ රටේ වමේ ව්‍යාපාරය විසින් ධනවාදී සමාජ ක්‍රමයේ පැවතුන පෞද්ගලිකවාදයට විරුද්ධව සමාජවාදය (සමාජය පිළිබඳ වාදය = සමාජය + වාදය) යන සාමාජීය පරිකල්පනවාදය ස්ථාපිත කළේ ය. ඒ පංති අරගලය මූලික කරගත් සමාජ සංවිධාන ව්‍යුහය මගින් සමාජීය පරිකල්පනයක් ස්ථාපිත කිරීමට ය. ඒ හරහා ගොඩනැගුණු පංති අරගලය ව්‍යුහයට සම්බන්ධ නායකයන් විශාල ප්‍රමාණයක් ඒ කාලයේ ප්‍රසිද්ධියට පත්වී සිටියේ ය. ඔවුන්ගේ පරිකල්පනය තුළින් සමාජ ප්‍රපංචය විධිමත් කිරීමට වෙහෙසුනේ ය. ඒ හරහා සමාජ ප්‍රපංචය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට ඥානාන්විත ක්‍රියාමාර්ග රාශියක් ගත්තේ ය. ඒවා අතරින් පොදු ප්‍රවාහන සේවය ඇති කිරීම, නිදහස් සෞඛ්‍ය සේවය ඇති කිරීම, නිදහස් අධ්‍යාපනය ඇති කිරීම වැනි තවත් සමාජීය ප්‍රවිෂ්ඨයන් විශාල ප්‍රමාණයක් සටහන් කළ හැකි ය. එම ක්‍රියාදාමය 1978 දක්වා පැවතියේ ය.

නමුත් 1978දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ඇති කළ නව ලිබරල් ආර්ථිකය (විවෘත ආර්ථිකය) පැවති සමාජමය පරිකල්පනීය ව්‍යුහය වෙනුවට, ධනේශ්වර පෞද්ගලිකවාදය ස්ථාපිත කළේ ය. එම සමාජ දැක්මට විරුද්ධව විවිධ ජන නැගිටීම් 1980 සිට විශාල ප්‍රමාණයක් සිදුවුවත් 2022දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව එලවා දැමීම දක්වා විහිදී ගියේ ය. ගෝඨාභය එළවා දැමීම සිදුවූයේ විකෘති දේශපාලන, ආර්ථික හා සමාජ වැඩ පිළිවෙලට පැවති ක්‍රම විරෝධය ඉස්මත්තට පැමිණීම තුළිනි. එම ක්‍රම විරෝධය ජවිපෙ ප්‍රමුඛ ජාජබ සහ පෙසපෙ ගොඩ නැගුවේ “අවුරුදු 76ක සාපය” නැමති තාර්කික විවරණයක් නොමැති අර්ථකතනයක් උපයෝගී කර ගණිමින් ධනේශ්වරය හා බද්ධ වීමේ පරමාර්ථය මත ය. 

මේ පාවිච්චි කළ තර්ක භාවිතය 1994 සිට පාර්ලිමේන්තුවාදය මගින් ධනේශ්වරයට ඇතුල් වීම සිට දිගටම පවත්වාගෙන ආවේ ය. 1995 පසුව ඩිජිටල්කරණය නැමති ආභාෂයෙන් ඇති වූ මාධ්‍ය භාවිතාව හරහා මෙම විවේචනවාදී (criticism) තර්ක භාවිතය මාධ්‍ය හරහා බලවත් වූයේ ය. මාධ්‍ය භාවිතය විසින් විවිධත්වයක් සහිත අදහස් ව්‍යාප්තිකරණය කළේ බුද්ධිමය පරිචයක් හිමි, බුද්ධිමය නාමකරණ සහතික හිමි පෞද්ගලික බුද්ධි පරිචය මූලික කරගත් පිරිස මූලික කරගෙන ය. මාධ්‍ය විසින් ගොඩ නැගූ ජනප්‍රියවාදය භාවිතා කළ බුද්ධිමතුන්ගේ ආනුභාවයෙන් බැබලීම සමාජ සම්මුතියක් දක්වා ගමන් කළේ පෞද්ගලිකත්වය ආභරණයක් ලෙස ස්ථාවර වෙමින් ය. එහි ප්‍රතිඵලය වූයේ මාධ්‍ය භාවිතාවට උචිත දේශපාලන භාවිතයකුත් මාධ්‍ය හරහා ස්ථාපිත විය. එම විවාදවල මැදිහත් වීමට නාමකරණයන් පෞද්ගලිකව ලබා ගැනීම වේගවත් වූයේ, මාධ්‍ය භාවිතාවෙන් ලැබෙන ජනප්‍රියත්වය උපයෝගී කරගෙන පෞද්ගලික ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ය. එහිදී විවිධ සහතික ලත් බුද්ධිමය පරිචය හිමි පිරිස් සමාජ ක්‍රියාවන්ට සම්බන්ධ වූයේ මාධ්‍ය ජනප්‍රියත්වයට සුදුස්සෙක් ලෙස පෙනී සිටීමට ය. සමාජ ප්‍රශ්න පරිචයන් ගැන වාචික අභිනය මගින් පෙනී සිටියත් සමාජ සංවිධාන ස්වරූපයකින් පෙනී සිටීම නොකළේ ය. නමුත් ඔවුන් සමාජ ප්‍රශ්න ඉතිරි කර පෞද්ගලික ජනප්‍රියත්වය ලබාගැනීම සඳහා වෙහෙසීම කළේ ය. වර්තමානයේදී ද එවැනි පිරිස් හඳුනා ගත හැකි ය.

මෙවැනි වාද විධික්‍රමයක් පුරාණ ග්‍රීක දර්ශනවාදය තුළ ද හමුවන්නේ සේනෝ (ක්‍රි: පූ: 495-430) නැමති දාර්ශනිකයාගේ දර්ශනයෙනි. යම් බීජ ඇටයක් බිම වැටෙන්නට සැලැස්වුවහොත්, එය බිම පතිත වූ විට ශබ්දයක් නගන්නේ නැත. එහෙත් බීජ ඇට බුසලක් බිම වැටෙන්නට සැලැස්වුවහොත් එවිට විශාල ශබ්දයක් නගයි. වරක් කිසිම හඬක් නොනැගූ බීජය දෙවැනිවර විශාල හඬක් නගන්නේ කෙසේ ද? පළමු ව කිසිවක් නොඇසුනේ නම්, ඒ ශූන්‍යත්වයයි. දෙවැනි වර ශූන්‍යය වන්නේ ශබ්දයෙනි. හඬ අතින් ශූන්‍ය කොට ඇති බීජය දෙවැනි වර කිසිම හඩක් නැගීම කොහෙත්ම පිළිගත නොහැකි යැයි සේනෝ තර්ක කරයි. මේ තර්ක විධික්‍රමය විරුද්ධාභාසය (paradox) යනුවෙන් හඳුන්වා දුන්නේ ඇරිස්ටෝටල් ය (ක්‍රි: පූ: 384-322). මෙය බැලූ බැල්මට හාස්‍යජනක මෙන් පෙනුන ද තාර්කික පදනමින් බිඳලිය නොහැකි පැත්තක් ඔහු මතු කරයි.

මේ තර්ක ක්‍රමය විවේචනවාදීව භාවිතා කරමින් මෙවුන් අවුරුදු 76ක සාපය නැමති ප්‍රශ්තූතය පාවිච්චි කරමින් සමස්තය ම විවේචනයට ලක් කළේ ය. 1948 පෙර පැවති තත්වය යටත්විජිත යුගය වසන් කරමින් සහ 2024 පසුව උදාවන පුනරුද යුගයක් ගැන උද්දීපනයක් ඇති කරමිණ් ය. එම මතවාදය ගෙන ගියේ “ගහෙන් වැටුණු මිනිසෙකු මිය ගියේ ආණ්ඩුවේ වරදින් ය” යන විවේචනවාදී ප්‍රශ්තූත උපායිකව පාවිච්චි කරමිනි. එවිට ආණ්ඩුව ගත් සියළු ක්‍රියාදාමයන්වලට විරුද්ධව කරන විවේචන හරහා ස්ථාපිත වූයේ වාචික අභිනයක් පමණි. එවිට සමාජීය ප්‍රශ්නවලට විසඳුමත් එවැනි තර්ක අභිනයක් මගින් “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන ප්‍රස්තූතය මගින් උද්දීපනය කරමින් දැවැන්ත ප්‍රචාරයක් දියත් කළේ ය. මේ ක්‍රියාවලිය තුළ සෑම මොහොතකම පැවතියේ අවස්ථාවදී ලෙස ඒ මොහොත ජන විඥානය තුළ උද්දීපනය කර බලය ලබා ගැනීම ය. එමගින් 2024දී බලයට පත්වීම මගින් විවේචනවාදය සහ අවස්ථාවාදය නැමති පෞද්ගලිකත්වය වටා ගොඩ නැගුණු ජාජබ ප්‍රතිපත්ති හෝ පෞද්ගලිකත්වය දින 57ක් යන විට නරුමත්වයක් සහිතව අවසානයක් සනිටුහන් කර ඇත.

මේ ගැන උදාහරණ කීපයකින් පැහැදිලි කර ගත හැකි ය. අසෝක රංවල නැමැත්තා (ඔහු පවසන විදිහට) තම ආචාර්ය උපාධිය ලබාගත්තේ 2005 වසරේ ජපානයේ වසේදා නැමති පෞද්ගලික විශ්ව විද්‍යාලයෙනි. නමුත් ඔහු 2019 සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට විරුද්ධ අරගලයේදී ප්‍රධාන ක්‍රියාකරුවෙක් ලෙස තම පෞද්ගලික නාමය පාවිච්චි කර තිබුණේ මහාචාර්යවරයෙක් ලෙස ය. නමුත් ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී ආචාර්ය (Dr) යන නාම පාවිච්චි කර පාර්ලිමේන්තුව දක්වා පැමිණ කතානයකවරයා ලෙස පත් විය. මොහු සයිටම් පෞද්ගලික වෛද්‍යවරුන් බිහිකිරීමට විරුද්ධ පෙනී සිටියත් ඔහු තම ආචාර්ය උපාධිය මුදලට ලබාගත්තේ යැයි තමන් ම පවසන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් බව ය. ලංකාවේදී පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ අසෝක රංවල තම ආචාර්ය උපාධිය පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලබා ගැනීම ම නරුමත්වයේ තවත් පැත්තකින් කරළියට පැමිණියේ ය. සයිටම් එකට ලාංකික විරෝධයේ මූලික පසුබිම වූයේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබුණු සමාජීය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා පෞද්ගලිකත්වය වර්ධනය කිරීම නිසා වෛද්‍යවරයෙක් වීමේදී ඇතිවිය හැකි සමාජ නිදහස බිඳ දැමීම වළකා ගැනීම සඳහා සයිටම් විරෝධයේ ශක්තිමත් දෘෂ්ටිමය පදනම වූයේ ය. නමුත් අසෝක රංවල මැදිහත් වී තිබෙන්නේ පෞද්ලික විරෝධය  මගින් සමාජයට තම පෞද්ගලිකත්වය විදහා පෙන්වීමට පමණි. ඔහුගේ මහාචාර්ය හෝ ආචාර්ය සහතික නැතිව හෝ ඇතිව මැදිහත් වීම මගින් පසක් වන කරුණ වන්නේ නරුමත්වයට ආ වැඩීම සඳහා ගත් පෞද්ගලික ක්‍රියාවක් බව ය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට විරුද්ධ අරගලයේදී ප්‍රධාන ක්‍රියාකරුවෙක් ලෙස තම පෞද්ගලික නාමය පාවිච්චි කර තිබුණේ මහාචාර්යවරයෙක් ලෙස ය.

මෙහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ පසුගිය 2019දී ගෝඨාභය රාජපක්ෂ විසින් ගොඩනැගූ “වියත් මග” නැමැති සංවිධානය ද මේ පෞද්ගලිකවාදය ම උපයෝගී කර ගත්තේ ය. වියත් මග බුද්ධිමතුන් විශාල පිරිස අතරින් වෛද්‍ය සීතා අරඹේපොල හා මහාචාර්ය චරිත හේරත්ගේ පෞද්ගලිකවාදය විමසා බලමු. වෛද්‍ය සීතා අරඹේපොල වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස ඒ මොහොතේ ආර්ථිකව ලංකාව වැටී ඇති තැනින් ගොඩනැගීමට දේශපාලනිකව තමා සතුව පෞද්ගලික දෘෂ්ටිවාදයක් ඇතැයි යන සංකල්පය මගින් පාර්ලිමේන්තුවට පැමිණියේ ය. ඇය පාර්ලිමේන්තුවේදී කළ පළමු කාතාවේදී ම ඇයට දේශපාලන හෝ ආර්ථික හෝ සමාජය ගැන“අ” යන්න” “ආ” යන්වත් නොදන්නා බව රටටම හෙළි විය. මෙහිදී අනෙක් පැත්තෙන් මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය ඉගැන් වූ මහාචාර්යවරයෙකි. මොහුගේ පෞද්ගලික දාර්ශනික දැක්ම ධනවාදය බව පැහැදිලි වූයේ ගෝඨාභයගේ ධනේශ්වර වැඩ පිළිවෙල සමග සම්බන්ධ වීම නිසා ය. ඔහුගේ මහාචාර්ය වෘත්තීය වූයේ විශ්ව විද්‍යාලය වෙත පැමිණෙන ශිෂ්‍යයන්ට දර්ශන විෂය ඉගැන්වීම ය. නමුත් ඔහුගේ පෞද්ගලික දර්ශනය වූ ධනවාදය පිළිසකර කරන්නට එම මහාචාර්ය පට්ටමට කුඩා ප්‍රතිසංස්කරණයක්වත් පසුගිය පාර්ලිමේන්තුවේ ගත කළ අවුරුදු 5ක් තුළ දී කළ නොහැකි විය. එම නිසා ඔහු පමණක් නොව වියත් මගම මේ ව්‍යුහයෙන් එළියට විසි වී තිබේ. එවිට මේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් සමාජීය න්‍යාය පත්‍රය කිසිම සුගතියක් අත්නොවන බව පැහැදිලි කරුණකි. ජාජබ මන්ත්‍රීවරුන්ගේ බොරු සහතික මගින් ඔප්පු වන්නේ එම මන්ත්‍රීවරුන් පෞද්ගලිකත්වය මුල්කරගෙන පැමිණි ක්‍රමවේදය නරුමත්වයක් කරා ගොස් ඇති බව ය. පෞද්ගලිකත්වය මගින් සමාජයට විසඳුමක් හමු නොවන බව පමණක් ස්ථීරව සනාථ වී තිබේ.

මෙහිදී බැලිය යුතු තවත් පැත්තක් තිබේ. ඒ වර්තමානයේ සමාජ පරිකල්පනයකින් ක්‍රියාත්මක වන සමාජීය දැක්මක් සහිත ක්‍රියාකාරීන් සිටිනවා ද යන්න ය. තවමත් ඒ අනුසාරයෙන් ඉතිරි වූ මහාචාර්යවරුන්, දේශපාලඥයන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් ද අප අතර ඉතිරි වී සිටිති. ඔවුහු සමාජ ඥානය පංති අරගලය තුළ විධිමත් කිරීමට මතවාදීව විශාල කාර්යභාරයක් කරති. ඒවගේම පංති අරගලය ව්‍යුහය (වෘත්තීය සමිති) තුළ සමාජ පරිකල්පනය සහිත නායකයන් සිටිනවාද යන්න සමහරු විමසයි. එවැනි පිරිසක් වත්මනේ ද පංති තුළ විධිමත් බවකින් ඉතිරි වී සිටිති. ඒ ගුරු – ජෝසප් ස්ටාලින්” බැංකු – රංජන් සේනානායක” ටෙලිකොම් – ජගත් ගුරුසිංහ වැනි තවත් බොහෝ පිරිසක් ඉතිරි වී සිටිති. මොවුන් පංතිය තුළ දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙමින් සිටිති. වත්මනේ සමස්තය තුළ මේ සියළු දෙනාගේ එකතුවක් අවශ්‍ය මොහොතට පැමිණෙමින් තිබෙන්නේ රටේ අර්බුදය විශාල ප්‍රමාණයකින් පුපුරා යාමට නියමිත නිසා ය.

වත්මනේදී ජාජබ ගෙනියන වැඩ පිළිවෙල සමස්ත සමාජයේ ම ජන විරෝධය ගොඩනැගී පාරට පැමිණෙනු ඇත. ඒ ණය මත ගොඩනගන ආර්ථික වැඩ පිළිවෙල අර්බුදයට ගමන් කරන බැවින් වගේම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 20න් ලක්ෂ 5.5ක් ඉවත් කිරීමට පිඹුරුපත් සකස්කර ඇති බැවින් වගේම ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බැවින් වගේම ජාතික ප්‍රශ්නය විසඳීමට පියවරක් නොගන්නා බැවින් වගේම දැනට රජය සතුව පවතින නිවාස මූල්‍යමය වාසියක් ගැනීම සඳහා පෞද්ගලික වෙළඳුන්ට පැවරීමට ගන්නා ක්‍රියාමාර්ග වගේම තවත් සමාජ ප්‍රශ්න විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මොවුන් නිර්මාණය කිරීමට නියමිතව ඇත. මේ සමාජ විරෝධී වැඩ පිළිවෙලට විරුද්ධ අයගේ එකමුතුකම වර්ධනය කර ගැනීමේ මොහොත, මේ වැඩ පිළිවෙලට විරුද්ධ සියළු දෙනා වෙත පැවරී ඇති වගකීමකි. එහිදී සාකච්ඡාමය එකකතුවක් තුළින් භාවිතාවක් ආරම්භ කළ යුතු ය. ඒ ගොඩ නැගෙන ජන විරෝධයට සමාජමය දැක්මක් අවශ්‍ය බැවිනි. 

The post ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%96-%e0%b6%b4/feed/ 0
ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%af-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af-%e0%b6%85%e0%b7%85/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%af-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af-%e0%b6%85%e0%b7%85/#respond Wed, 05 Jun 2024 16:05:11 +0000 https://vivaranalk.com/?p=11511 ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන විධිමත් සාකච්චාවකට මුල පුරයි. එහිදී නච්චි ප්‍රජාව යනුවෙන් හඳුනාගන්නා ලිංගික සංකාන්ත්‍රික ප්‍රජාවගේ සමාජභාවය ගැන ද සවිස්තරාත්මකව රූපයට නගා ඇත. නච්චි ප්‍රජාව ගැන ලංකාවේ භාවිතයේ පවතින්නේ […]

The post ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? appeared first on විවරණ.

]]>
‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන විධිමත් සාකච්චාවකට මුල පුරයි. එහිදී නච්චි ප්‍රජාව යනුවෙන් හඳුනාගන්නා ලිංගික සංකාන්ත්‍රික ප්‍රජාවගේ සමාජභාවය ගැන ද සවිස්තරාත්මකව රූපයට නගා ඇත. නච්චි ප්‍රජාව ගැන ලංකාවේ භාවිතයේ පවතින්නේ අශෝබන සහ අසංවර පුද්ගල ක්‍රියාකාරීත්වයක් ලෙසයි. එම ප්‍රජාවේ සත්‍ය කුමක්ද යන්න ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය හරහා මතුකරන සංකල්ප රාමුව නව සමාජීය දැක්මකට සපයන ප්‍රවිශ්ටයක්ය.  

ලංකාවේදී නච්චි (දමිල) යන වචනය භාවිතා වන්නේ පිරිමි ලෙස ඉපදී ස්ත්‍රීන් ලෙස ජීවත්වන සංක්‍රාන්තික සමාජභාවයක් සහිත ප්‍රජාව හඳුනාගැනීම සඳහාය. මේ ජන කොටසේ ලිංගිකත්ව චර්යාව කුමක්ද? යන්න සහ අනෙකුත් ලිංගික ප්‍රජාවන් සමග සම්බන්ධය කුමක්ද? යන්න වගේම සමස්ත ලිංගික ප්‍රජාව ගැන ද දෘෂ්ටිමය පරිපථයක් මෙම වාර්තා චිත්‍රපටය මගින් ගෙන එයි. 

මානව සමාජය සැකසී ඇත්තේ විවිධ ජන කණ්ඩායම්වලිනි. එවැනි ජන ලක්‍ෂණ ස්ත්‍රී පුරුෂභාවය හෝ වයස හෝ භාෂාව හෝ සංස්කෘතිය හෝ විශ්වාසයන් හෝ ජාතිකත්වය හෝ ආබාධිත හෝ ජීවන ක්‍රමය මගින් හඳුනාගනියි. නමුත් ජන සමාජය කණ්ඩායම්වලට බෙදීමේදී තවත් එක් ලක්‍ෂණයක් වන ලිංගිකත්වය ද හමුවෙයි. ලිංගිකත්වය දෙස විවෘතව නිරීක්ෂණය කළහොත් විවිධත්වයක් සහිත ලිංගික ප්‍රජාවන් හඳුනාගත හැකියි.

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

ලෝකයේ ප්‍රධාන ලිංගික චර්යා ප්‍රජාව ලෙස හඳුනාගන්නේ විෂම ලිංගික ප්‍රජාවයි (Heterosexuality). ස්ත්‍රී-පුරුෂ නැතිනම් පුරුෂ-ස්ත්‍රී ආදරය, ආශාව සහ ලිංගිකත්වය විරුද්ධ ලිංගිකයන් සමග එකතුවීම විෂම ලිංගිකත්වයයි. විෂම ලිංගික ප්‍රජාව ලෝකයේ 94%ක් සිටින බව සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. අනෙක් සුළුතර ලිංගික ප්‍රජාවන් හඳුනාගන්නේ LGBTQIA+ ලෙසයි. LGBTQIA+ ලිංගික ප්‍රජාව 6%ක පමණ ප්‍රතිශතයක් ලෝකය පුරා විසිරී සිටිති. LGBTQIA+ ලිංගික ප්‍රජාවේ ලිංගික චර්යාව ඒ, ඒ ලිංගික ප්‍රජාවන් අතර වෙනස්කම් සහිතව නාමකරණය කරනු ලබයි.

දරුවෙක් උපත ලබද්දී ස්ත්‍රියක ලෙස හෝ පුරුෂයෙකු ලෙස හෝ උපත ලැබිය යුතුය. මෙය මනුෂ්‍ය සමාජයේ ස්වාභාවික නියමය ලෙස විශ්වාස කරති. එය ස්වාභාවික නොවන්නේ ගැහැණු පිරිමි යන දෙපාර්ශවයට අමතරව තවත් ලිංගික වෙනස්කම් සහිතව උපදින දරුවන් නිසාය. දරුවෙකු උපත ලැබූ පසු ජනනේන්‍ද්‍රිවල පිහිටීම අනුව ගැහැණු හෝ පිරිමි යුනුවෙන් තීරණය කරනු ලබයි. එය නිවැරදි තීරණයක් නොවන බව ජීව විද්‍යානුකූලව විමසා බැලූ විට තහවුරු වන කරුණකි.

එවිට මේ සියලු ලිංගිකත්වයන් ස්වාභාවිකය. ජීව විද්‍යානුකූලය. ඒ වගේම මේ ලිංගික වෙනස්කම් වාර්තා වන්නේ මානව සමාජයේ පමණක් ම නොවේ, මුළු සත්ව ලෝකයේ දක්නට හැකි පොදු ලක්‍ෂණයකි. ඒ සතුන්ගේ ශරීරයේ ශිෂ්ණය මෙන්ම යෝනිය එකට පිහිටි අවස්ථා මෙන්ම, අනෙකුත් ලිංග ප්‍රභේදයන් සහිත සතුන් වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ, මිනිසාගේ මෙන්ම සමස්ත ජීවයම එකම භෞතික තත්වයක පිහිටි බවයි. විවිධ සතුන් ගැන ලිංගික චර්යා නිරීක්ෂණය කළ ඩෙස්මන් මොරිස් [Desmond Morris 1928-] නැමති සත්ව විද්‍යාඥයා පවසන්නේ තමා විවිධ වන සතුන්ගේ සමලිංගික සේවනය දුටු බවයි. සමලිංගිකත්වය යනු සත්ත්ව ලෝකයේ ද පවතින, මිනිසුන්ට පමණක් සීමා නොවූ තත්වයක් බව ඩෙස්මන් මොරිස් තවදුරටත් පවසයි. මේ ලෝකයේ පණ ඇති ජීවය, ලිංගිකව විමර්ශනය කළ විට විවිධත්වයක් සහිත ජනනේන්‍ද්‍රිවල පිහිටීම සහ ලිංගික චර්යාවක් සහිත බව බැලූ බැල්මට පෙනේ. මෙම විවිධත්වය ස්වාභාවිකව ගොඩ නැගුනු තත්වයක් මිස අස්වාභාවිකව ගොඩ නැගුන තත්ත්වයක් නොවන බව පැහැදිලි වන්නේ ලිංගිකත්වය දෙස ස්වාභාවික විමසූ විට පමණි. මේ ස්වාභාවිකත්වය විෂම ලිංගික ප්‍රජාවට පමණක් ම අයිති තත්වයක් නොව සුළුතර ලිංගික ප්‍රජාවට ද සමසේ අයිති ස්වාභාවික තත්වයකි.

එවිට සුළුතර ලිංගික ප්‍රජාවගේ ඉල්ලීම වන ‘ලිංගික ස්වයං තීරණ අයිතිය’ වෙනුවෙන් ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටිය ගෙන එන දෘෂ්ටිය වැදගත්ය. මේ සුළුතර ලිංගික ප්‍රජාවගේ ප්‍රේමය, ලිංගිකත්වය, ජීවත්වීමේ අයිතිය දඬුවම් ලැබීමේ වරදක් ලෙස ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහයේ පැවතීම නිසා ඔවුන්ට සිදුවන හානිය සහ අසාධාරණය මතු කිරීමට ගන්නා උත්සාහය මේ චිත්‍රපටය හරහා ප්‍රබල වැදගත් කමකින් යුක්තය. ඒවගේම නච්චි ප්‍රජාව අයත්වන ලිංගික චර්යාව න්‍යායිකව ප්‍රශ්න කරමින්, සුලුතර ලිංගික ප්‍රජාවට (LGBTQIA+) ඇති සම්බන්ධය විවෘතව ම සාකච්චාවට බදුන් කරයි.

ලංකාවේ සුලුතර ලිංගික ප්‍රජාවගේ (LGBTQIA+) ඓතිහාසික සම්බන්ධය ගැන ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටයේ ගෙන එන ඓතිහාසික මූලාශ්‍ර වලින් තහවුරු වන්නේ ලිංගික චර්යාවේ ඉතිහසයයි. එවිට එම මූලාශ්‍ර මගින් ලිංගික සමාජභාවය ගැන අවබෝධයට ප්‍රබල සාක්ෂි ලැබෙයි. විවිධත්වයක් සහිත ලිංගික චර්යාවක් ලංකාවේ පැවති බවට සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයාට එමගින් ලබා දෙයි. ලංකාවේ ලිංගිකත්ව දෘෂ්ටියට නව අර්ථකතනයක් ගෙන දුන් නිසා ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය නව දැක්මක් සහිත සිනමා නිර්මාණයකි. 

කළු සුදු අළු-ශ්‍රී ලාංකේය නච්චි ප්‍රජාවේ කතාව. Story of Sri Lankan Nachchi Community (with Subtitle)

The post ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%af-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af-%e0%b6%85%e0%b7%85/feed/ 0
‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/#respond Mon, 08 Apr 2024 07:02:44 +0000 https://vivaranalk.com/?p=11174 තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි. ‘මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති […]

The post ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. appeared first on විවරණ.

]]>
My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටයේ අධ්‍යෂක, සුදත් මහදිවුල්වැව

තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි.

මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති දෙක වන පංති අරගල මාවත සහ සන්නද්ධ අරගල මාවත වටා ගෙතී තිබේ. පංති අරගල මවතේ ගමන් කළ තරුණියක් වටා සහ ආයුධ සන්නද්ධ අරගල මාවත තුළ ගමන් කළ පුද්ගලයෙක් (සහෝදරයෙක්) වටා කථාව ගෙතී ඇත. තරුණිය පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශික ධාරාවේ පවුලකින් පැවත එන කෙනෙකි. ඇය තම වාමාංශික ආභාෂය ලබාගෙන තිබුණේ තම පියාගෙනි. පියා පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශිකයෙකි. 88-89 සන්නද්ධ අරගල කණ්ඩායමක් විසින් අයගේ පියාව මරා දැමූ විට ඇය අතරමන් වුවත් ජීවිතය රැක ගන්නේ රංගන ශිල්පිනියක් (performing artists) ලෙසය. ඒවගේම 88-89 සන්නද්ධ අරගල වාමාංශය නියෝජනය කළ සහෝදරයා තම ජීවිතය බේරා ගන්නේ මරා දැමීමට ගෙන යන මොහොතකින් අහඹු ලෙස දිවි ගලවා ගැනීමෙනි. ඉන්පසු මේ සහෝදරයා තම ජීවිතය රැකගෙන ඇත්තේ ව්‍යාජ නමකින් පෙනී සිටි ආණ්ඩු විරෝධී මාධ්‍යවේදියෙක් ලෙසය. දෙදෙනාගේ වාමාංශික මතවාදී පරාසයේ පරස්පරතාවය මේ චිත්‍රපටය තුළ මානාව ස්ථාන ගත කර ඇත. නමුත් දෙදෙනාගේම මතවාදී පරස්පරතාවය තිබුණත් ජීවත්වීමට ඇති ආශාව හා අභිලාෂය ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය තුළින් අපූර්වට විදහා දක්වන්නේය.

මේ චිත්‍රපටයේ 88-89 සිද්ධි දෙකකට මුහුණ දුන් දෙදෙනාගේම වාමාංශික දෘෂ්ටිමය පරිකල්පනය හමුවෙයි.  ඒ දෘෂ්ටිමය පරිකල්පනය වටහා ගන්නට අවුරුදු 60 පමණ කාලයක් පැවිති ආයුධ සන්නද්ධ අරගල ක්‍රියාකාරීත්වය දෙස විමසිලිමත්ව බැලීම වැදගත්ය. ලංකාවේ ආයුධ සන්නධ අරගල ආකෘතීන් තුනක් පසුගිය අවුරුදු 60 ඇතුළත දියත් විය. පළමුව 1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, දෙවනුව 88, 89දී දේශප්‍රේමී කැරැල්ල සහ තුන්වෙනුව 2009දී අවසන්වූ එල්.ටී.ටී.ඊ. ආයුධ සන්නධ කැරැල්ල හඳුනා ගත හැකිය. මේ ආයුධ සන්නද්ධ කැරලි තුළ පැවතියේ සමාජ ප්‍රශ්න සන්නද්ධ අරගලයට සම්බන්ධ කරමින් භීතිය වැපිරීම සඳහාය. නමුත් මේ කැරලි තුනම ධනේශ්වරය විසින් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර පොඩි පට්ටම් කර දැම්මේ බලහත්කාරී ලෙසය. ආයුධ සන්නද්ධ මාවත මාක්ස්වාදී අරගලකාරී මාවත නොවේ. නමුත් ආයුධ සන්නද්ධ මාවතට මාක්ස්වාදී සාහිත්‍ය සහ දාර්ශනික විග්‍රහයන් පටලවා ගත්තේ පීඩිතයන්ගේ සහභාගිත්වය මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට කෙටි කාලීන ජයග්‍රහණය හිමි සන්නද්ධ අරගල ව්‍යාපාරයක් ලෝකයේ පැවති නිසාය.

විට ආයුධ සන්නද්ධ අරගලය පීඩිතයන්ගෙන් සැදුම්ලත් පිරිසකගේ රුඩිකල් ක්‍රියාකාරීත්වයක් ලෙස පිළිගත්තත් වැඩකරන ජනතාවගේ විප්ලවවාදී අරගලයේ කොටසක් නොවන්නේය. එක පැත්තකින් ජන අරගලය මගින් ඇති කළ යුතු සමාජ පෙරළිය” ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ආදේශ වී කරන ත්‍රස්ත සටන් මගින් බලය ලබාගත හැකි වුවත් පංති අරගලය මගින් සිදු කරන සමාජ විප්ලවයක් සිදු නොවන්නේය. සමස්ත සමාජයේ පීඩිතයන්ගේ පංති අරගලය මගින් ලැබෙන විප්ලවකාරී මැදිහත්වීම සන්නද්ධ සටන්වලින් නොලැබෙන නිසා විකෘතියක් බවට පත් වන්නේය. එවිට සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ මෙහෙයුමට සියල්ල නතුකර ගෙන මතවාදී මෙහෙයුම ආයුධ ත්‍රස්ත මෙහෙයුමක් බවට පත් කර ගනියි. ආයුධය යනු බලහත්කාරී අවියකි. එය සමාජ මූල නොසොයන අතර කැමති-අකමැති කොටස් දෙක මත තීන්දු ගනියි.

1917 ජූලි මාසයේදී රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ්හි තාවකාලික ආන්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරතවෙමින්.. (2022 ජූලි 9,කොළඹ )

පංති අරගලයේ මූලික කාර්යභාරය වන්නේ පීඩනයට එරෙහි ව සමස්තය ඒකාබද්ධ කිරීමය. එය මානව පරිණාමයේ වැදගත් සංඝටකයක් ලෙස මාක්ස්වාදය පෙන්වා දෙයි. එහි වැදගත්කම පෙන්වන්නේ ලෝකයේ පංති අරගලය මගින් පාලකයන් එලවා දැමූ අවස්ථා වලිනි. ඒ 1872 ප්‍රංශ ආණ්ඩුව එළවා ප්‍රංශ කොමියුනය බලය අත්පත් කර ගැනීම, 1917 රුසියාවේ අප්‍රේල් ජන නැගිටීම මගින් සාර්ව එලවා දැමීම, සහ ලංකාවේදී 2022 ගෝඨාභය එලවා දැමීමේ අවස්ථා තුන මගින් ලෝකයේ ජන අරගලය තහවුරු වූ අවස්තා තුනයි. එවිට ලංකාවේ ආයුධ සන්නද්ධ කැරලි තුනම අසාර්ථක කැරලි බව ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ චරිත දෙක ගෙන එන සංවාදය තුළින් පසක් වන්නේය. මේ චිත්‍රපටයේ ගෙන එන පංති අරගලය සහ සන්නද්ධ අරගලය යන දේශපාලන තේමාව ඉතා ප්‍රශංසනීය තේමාවක් වන්නේ ඒ නිසාය.

ලාංකික සමාජය තුළ තවත් පරිකල්පනීය දැක්මක් සහිත සංවාදයක් නිර්මාණය කිරීමට හැකියාව මේ චිත්‍රපටය මගින් ලබා දෙයි. මොකද” වාමාංශික දේශපාලන ගමන්මගේ ව්‍යුහය වන පංති අරගල මාවත නැවත සක්‍රීය වීම ලංකාවේ 2022දී ජන අරගලය සාධකයක් වුණි. එවන් දේශපාලන දැක්ම දෙකක් සහිත දෙදෙනෙකුගේ ප්‍රේමණීය ආකර්ශනය ලාංකික සිනමා ප්‍රේක්ෂකයාට ලබා දීම ප්‍රශංසනීය උත්සාහයකි ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය.

‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ රූගත කිරීම් දින හතරකින් අවසන් කිරීම යනු පැහැදිලි සැලැස්මකි. ඒ අඩු මුදලට සිනමා නිර්මාණයක් එළි දැක්වීමට ගත් උත්සාහය විශිෂ්ට වැඩකි (පට්ට වැඩකි). මොකද, ලංකාවේ වත්මනේ සමස්ත පරිහානියේ පැති කීපයක් වන ආර්ථිකය, දේශපාලනය සහ සමාජය යන සමස්තය කඩා වැටුණු මොහොතක සිනමා නිර්මාණකරණයට ගත් පියවර යනු අතිවිශාල ඉදිරි පියවරකි. අඩු මුදලකින් සිනමා නිර්මාණයක් කිරීමට ගත් උත්සාහය අතිවිශිෂ්ට පියවරක් වන්නේ අර්බුදය පසෙක දමා නිර්මාණාත්මක වපසරිය දියත් කිරීමට මේ සිනමා කෘතිය හරහා මතු කර ගත් බැවිණි. සුගත් මහදිවුල්වැව අධ්‍යක්ෂකවරයාට හදපිරි සතුට පිරිනමන්නේ මේ චිත්‍රපටය හරහා ගත් දෘෂ්ටිමය ප්‍රයත්නය අතිවිශිෂ්ට නිසාවෙනි.

The post ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/feed/ 0
ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/#respond Fri, 05 Apr 2024 09:24:32 +0000 https://vivaranalk.com/?p=11156 මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි. මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය […]

The post ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි.

මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය සමග ධනේශ්වර ප්‍රාග්ධනය විශ්ලේෂණය කරන්නේ ‘ප්‍රාග්ධනය ශ්‍රම වටිනාකමක්‘ ලෙසය. එනම් සෘජු පරිභෝජනයක් ලෙස හෝ වක්‍ර නිෂ්පාදන මාධ්‍යයන් ලෙස හෝ මානව අවශ්‍යතා තෘප්තිමත් කරන නිෂ්පාදනයක් ගැන හෝ මාක්ස් පෙන්වන්නේ:

“භාවිත අගයන් හා ප්‍රාග්ධනයේ සමාජ ස්වරූපය කුමක් වුවත්, ද්‍රව්‍යමය නිෂ්පාදනය සමාජයට වැඩි කරනවා වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය වැඩිකිරීමක් ලෙසය.”

එවිට පරිහරණ වටිනාකම් වන ආහාර, ඇඳුම්-පැළඳුම් සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතා පමණක් නොව සංස්කෘතික හා සෞන්දර්යාත්මකව අංග ද නිෂ්පාදනයට ඇතුළත් වේ. අවශ්‍යතාව කෙටියෙන් කිවහොත්, ප්‍රාග්ධනය සමන්විත වන්නේ විවිධ අවශ්‍යතා තුළ සහ භාවිතා කරන සාමාන්‍ය ජීවිතයේ සංලක්ෂිත මාධ්‍යයන් ලෙසය. මාක්ස්ගේ භෞතිකවාදී අවධාරණය වන්නේ ජීවන මාධ්‍යයන් හා නිෂ්පාදනය කෙරෙහිය:

“සියලු මානව පැවැත්මේ සහ සියලු ඉතිහාසයේ පළමු පූර්විකාව ‘ඉතිහාසය නිර්මාණය කිරීමට’ හැකි වන පරිදි මිනිසුන් ජීවත් විය යුතු තත්වයක සිටිය යුතු වගේම කෑම බීම, නිවාස, ඇඳුම්-පැළඳුම් සහ වෙනත් විවිධ දේවලට පෙර ජීවිතය ස්ථාවර විය යුතු වේ.”

එවිට අනාගත ක්‍රියාව වන්නේ මේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට අවශ්‍ය මාධ්‍යයන් නිෂ්පාදනය කිරීම වගේම ස්වාභාවික භෞතිකය ජීවත් කරවීම සඳහා නිෂ්පාදනය ස්වාභාවිකත්වය සමග ආර්ථික හා දේශපාලන ඒකාබද්ධතාවයක් සැලසුම් කිරීමට අවශ්‍ය බවයි.

“ශ්‍රමය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රයෝජ්‍ය අගයන්හි ද්‍රව්‍යමය ප්‍රාග්ධනයේ එකම මූලාශ්‍රය වන්නේ ‘ශ්‍රමය එහි පියා වන අතර පෘථිවිය එහි මව වේ’ යන සිද්ධාන්තය මත ය.”

මාක්ස්ගේ අදහසට අනුව ශ්‍රමය භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව සත්‍යයකි. නිදසුනක් වශයෙන්, වඩු කාර්මිකයා තර්ක කරන්නේ, ස්වභාවධර්මය භාවිතා කරමින් ඇති කරන නිෂ්පාදනය එහි උපයෝගිතා ශ්‍රමයේ පරිවර්තනීය බලය තුළින් ගන්නා බවයි. එවැනි ගුණාංගීකරණයක් මාක්ස්ගේ ශ්‍රමය න්‍යාය පිළිබඳව:

“මානවයා සහ ස්වභාවධර්මය යන දෙකේම ඒකාබද්ධ සහභාගිත්ව ක්‍රියාවලියක් ලෙස වර්ධනය කළ යුතුයි.”

ශ්‍රමය සහ සොබාදහම ඒකාබද්ධතාවය නොසලකා නිෂ්පාදන ක්‍රියාවලියක් යනු විකෘතියක් බව එමගින් නිර්වචනය වෙයි.

මාක්ස් මානව ශ්‍රමය විශේෂයෙන් ස්ථාවර කරයි. නිදසුනක් වශයෙන්, අනෙකුත් විශේෂතා සසඳන විට, ශ්‍රම ක්‍රියාවලිය හා ප්‍රතිඵල පූර්ව නිශ්චය කිරීමට වගේම එසේ කිරීමෙන් දැනුවත්ව තමන් හා ස්වභාවධර්මය අතර ද්‍රව්‍යමය ප්‍රතික්‍රියා ආරම්භ කිරීමට, නියාමනය කිරීමට වගේම පාලනය කිරීමට මානව ශ්‍රමිකයාට සුවිශේෂී හැකියාවක් ඇත. ඒ හා සමානව, සවිඥානික ශ්‍රම උපකරණ භාවිතා කිරීම සහ නිෂ්පාදනය කිරීම මානව ශ්‍රම ක්‍රියාවලියේ විශේෂිත ලක්ෂණයකි. එසේ වුවද, වැඩ මානසිකත්වය පූර්ව සංකල්පගත කිරීම, නිෂ්පාදන උපකරණ සංවර්ධනය කිරීම සහ භාවිතා කිරීමට ඇති හැකියාව අනුව කෙනෙකුට මිනිස් ශ්‍රමය නියම කළ හැක්කේ විස්තරාත්මක කෙටි කතාවක් ලෙස පමණි. මක්නිසාද යත්, මෙම හැකියාවන් අනෙකුත් විශේෂයන්ට වඩා මිනිසුන් සඳහා විශාල වශයෙන් පරිණාමය වී ඇති තාක් දුරට, මෙය සිදුවී ඇත්තේ සමාජ පරිණාමය නමැති ක්‍රියාවලිය හරහාය. එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානවයාගේ සංවර්ධනය දැඩි ලෙස ඉදිරියට ගෙන යන නව අංග සහ වඩාත් නිශ්චිත දිශාවන් ඔස්සේ මෙහෙයවනු ලැබුවේ සම්පූර්ණ මිනිසුන්ගේ එකතුව වූ සමාජය වේ.

මාක්ස් මානව ශ්‍රමයේ සහ නිෂ්පාදනයේ සමාජ සංවර්ධනය විශ්ලේෂණය කරන්නේ නිෂ්පාදකයන් අතර සහ අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ හිමිකරුවන් අතර ඓතිහාසික වශයෙන් නිශ්චිත සබඳතා අනුවය. මිනිසා සහ සොබාදහම අතර ක්‍රියාවලියක් ලෙසය. (The German Ideology) කෘතියෙහි සඳහන් පරිදි:

“යම් නිෂ්පාදන ක්‍රමයක්, හෝ කාර්මික අවධියක්, සෑම විටම යම් සහයෝගීතා ආකාරයක් හෝ සමාජ වේදිකාවක් සමඟ සංකලනය වී ඇති අතර, මෙම සහයෝගිතා ආකාරය ‘නිෂ්පාදන බලයක්‘ යොදන්නේ නම් ස්වාභාවිකත්වය සමග ගොනුවක් ලෙස පැවැතීම අවශ්‍යය.”

ඒ අතරම, නිෂ්පාදන බලවේගවල සමාජ ඓතිහාසික සංකල්පය නිෂ්පාදන සබඳතාවල ස්වාභාවික, ද්‍රව්‍යමය අන්තර්ගතය පහත හෙලන්නේ නැත. මාක්ස් පළමුව, සමාජ ආකෘතිවල අන්‍යෝන්‍ය සම්බන්ධය සහ මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය අන්තර්ගතය හඳුනා ගනී. දෙවනුව, මානව-ජෛව විවිධත්වය සහිත ස්වාභාවික බලවේගයන්ගෙන් සමන්විත ස්වාභාවිකත්වය පෙන්වා දෙයි. එය කෙටියෙන් පැවසුවහොත්, මානව ඉතිහාසයේ සෑම අදියරකම ද්‍රව්‍යමය ප්‍රතිඵලයක්, නිෂ්පාදන බලවේග වල එකතුවක්, ස්වභාවධර්මයට සහ පුද්ගලයන් එකිනෙකාට ඓතිහාසිකව නිර්මාණය කරන ලද සම්බන්ධතාවයක්, එහි පූර්වගාමියාගේ සිට එක් එක් පරම්පරාවට අයත්වන සහ පැවරෙන ස්වාභාවික ක්‍රියාවලියක් බව ඔහු පෙන්වා දෙයි.

The post ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/feed/ 0
ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f/#respond Mon, 11 Mar 2024 05:16:40 +0000 https://vivaranalk.com/?p=11056 මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට හුරුකිරීම සදහා නගර තුළ මානව පැවැත්ම ස්ථීර කිරීමට සිදුවිය. නගර තුළ නිර්මාණය වූ අස්වාභාවික මානව පැවැත්මට නිෂ්පාදන භාණ්ඩ වෙළඳපොළ ධනේශ්වර ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය බවට පත්විය. […]

The post ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය.. appeared first on විවරණ.

]]>
මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට හුරුකිරීම සදහා නගර තුළ මානව පැවැත්ම ස්ථීර කිරීමට සිදුවිය. නගර තුළ නිර්මාණය වූ අස්වාභාවික මානව පැවැත්මට නිෂ්පාදන භාණ්ඩ වෙළඳපොළ ධනේශ්වර ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය බවට පත්විය.

සමස්ත ද්‍රව්‍ය නිෂ්පාදන පද්ධතියක ස්වාභාවික තත්වයන් සහ සීමාවන් සංකල්පනය කිරීමේ අවශ්‍යතාවය විසින් සමාජය සහ සොබාදහම අතර අන්තර් හුවමාරු ගතිකත්වය වන කාලය හා අවකාශය හරහා ග්‍රහණය කර ගැනීමට මානවයාට නොහැකි වන පරිදි ධනේශ්වර අධිකාරිවාදී බලපෑම ඉවහල් කර ගත්තේ ය. සමාජීය වශයෙන් අසංවිධිත නිෂ්පාදන පද්ධතියක් තුළ නාගරික මානවයා මත පදනම්ව, විවිධ මානව කණ්ඩායම්වල විශේෂ සම්බන්ධතා සමග ඒකාබද්ධ කොට විකාශනය වන විකෘති ගතිකතාව මත පදනම්ව නගරයට ප්‍රමුකත්වය දුනි. කෙටියෙන් කිවහොත්, වෙනස් වූ මානව-සම්බන්ධතා සහ මානව-කණ්ඩායම් අතර ගැටුම වගේම මානව-නිෂ්පාදනයේ ව්‍යුහය තුළට සම්බන්ධ කර විකෘතිය ගෝලීය ලෙස ස්ථාපිත කළේ ය.

මානවයාගේ ආත්මීය පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා විශ්වීය ස්වාභාවික භෞතික පැවැත්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ සොබාදහමේ විනාශය ඉක්මන් විය. සමාජයේ සහ සොබාදහමේ ශක්‍ය සහ මානව වශයෙන් ප්‍රගතිශීලී පරිණාමයක අවශ්‍යතා පරිපූර්ණ නොකර විකෘති ම ප්‍රවේශයක් නියම කරනු ලැබ ව්‍යසනයට එමගින්  මග පෑදී ය. එකඟ වූ ඇතැම් පාරිසරික තාර්කික අවශ්‍යතාවලට අනුකූලව මිනිසුන් සහයෝගීව තම නිෂ්පාදනයේ සමාජ හා ද්‍රව්‍යමය තත්ත්වයන් අත්පත් කර ගැනීම, ප්‍රයෝජනයට ගැනීම සහ සංවර්ධනය කිරීම මගින් මිනිසුන් තම නිෂ්පාදනය සංකීර්ණ සමාජ හා ද්‍රව්‍යමය සමස්තයක් (ස්වාභාවික පරමාණුක සමස්තයක්) ලෙස ග්‍රහණය කර ගන්න ඉඩ සැලසූයේ නැත. මෙම පුද්ගල සහ සාමූහික හැකියාව ස්වාභාවික විද්‍යාවන්හි (න්‍යායික සහ ප්‍රායෝගික) ලෙස පමණක් ප්‍රකාශ කර, එයට අනුගත ස්වාභාවික භෞතිකය සමග ඇතුළත් නොකළේ ය. මානව නිෂ්පාදනයේ තීරණ ගැනීමේ ව්‍යුහයේ වර්ධනය සවිඥානික සමුපකාර-ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අනුගත නොකර පුද්ගලයින්ගේ ලාභ රේට්ටු වැඩි කිරීම ඊට ඇතුළත් කළේ ය.

මානවයන් අතර ඓතිහාසික වශයෙන් විශේෂිත වූ පංති විභේදන සම්බන්ධතා සහ මානව නිෂ්පාදනයේ අවශ්‍ය කොන්දේසි අනුව මානව සමාජය ස්වභාවධර්මය සමග මුසු වීම මගින් සම්බන්ධතා පරිපූර්ණත්වයේ නිර්ණායක වෙත ගමන් කරන බව මාක්ස් පෙන්වා දෙයි. අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ අයිතිකරුවන් අතර සම්බන්ධතා සමාජ නිෂ්පාදනයේ අවශ්‍ය කොන්දේසි මත අවකලනය වීම පාලනය මත පදනම් වන බැවින්, ඒවා පංති විභේදනය සමස්තයක් ලෙස මානව නිෂ්පාදන ආකාරයන් ධනේශ්වර සමාජයේ ස්ථාපිතව පවතී. මෙම මූලික පංති සබඳතා හා සම්බන්ධතා සියලු සමාජ නිෂ්පාදන විධි සඳහා ද අදාල වේ. නිදසුනක් වශයෙන්, භාණ්ඩය, වටිනාකම සහ ප්‍රාග්ධනය මානව නිෂ්පාදනයේ ප්‍රමුඛ ආකාරයන් බවට පත්වන්නේ ධනවාදය විසින් සෘජු මානව නිෂ්පාදකයින් අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි වලින් සමාජමය වශයෙන් වෙන් කිරීම සමග පමණි. ඒ අතරම, ද්‍රව්‍යමය ලෝකයේ ස්වාභාවික හා සමාජ චලනය ධනවාදයේ සමාජ-ආර්ථික ව්‍යුහවල (උදා: විවිධ ආකාරයේ භාණ්ඩ භාවිත වටිනාකම, ස්ථාවර ප්‍රාග්ධනය සහ කුලිය) වෙනස තීරණය කරයි.

මෙම භෞතික ආකෘතීන් ද්‍රව්‍යයමය ආකාරයන් බිහි වූ බව මාක්ස් පිළිගනී. මෙම පිළිගැනීම භෞතික මූලධර්මය යටතේ වර්ධනය කළ මාක්ස් නව නිෂ්පාදන බලවේග පිළිබඳ දැක්ම ස්වභාවික භෞතිකවාදී පදනම දක්වා විහිදුවාලී ය. මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය සහ සමාජීය ලක්ෂණ අන්‍යෝන්‍ය වශයෙන් සංස්ථාපිත ලෙස සැලකීමට මාක්ස්ගේ සාපේක්ෂ පරිපූර්ණත්වය ඔහුගෙන් ලැබුණ ප්‍රධාන දෘෂ්ටිවාදයයි. සමාජය-ස්වභාව සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස අපෝහක සංකල්පය විසින් ප්‍රයෝජනවත් ලෙස මාක්ස් සාරාංශ ගත කර ඇත:

එහෙත්, මෙම ඒකපාර්ශ්වික ප්‍රතිවිරෝධතා දෙක මග හැරීම නිශ්චිතවම ඒවායේ ඓන්ද්‍රීය සංයුතිය නිසා සිදුවන්නේ කෙසේදැයි අපට වත්මනේ තේරුම් ගත හැක්කේ ‘සමස්තයක්’ තුළ ඒකාබද්ධ වී ඇති නියත ස්වාභාවික සමස්තයක් වන පරමාණුක මූලද්‍රව්‍යවල සංශ්ලේෂණය තුළින් පමණි. පරමාණු ඒකාබද්ධ වී ද්‍රව්‍යමය කොටස් ලෙස ස්වාභාවිකව එකතු වී විශ්වය, මන්දාකිනි, සූර්යා, ග්‍රහලෝක, සොබාදහම සහ ජීවය යන භෞතික විශ්වයේ පරිණාමය ස්වාභාවික භෞතිකවාදය තුළින්  බිහි වූ බව ස්ටීපන් හෝකින්  [Stephen Hawking 1942- 2018] පවසයි.

Stephen Hawking

ද්‍රව්‍යමය හා සමාජීය, වෛෂයික පැවැත්මෙන් භෞතිකය වෙන් කළේ ආත්මය සහ සූරාකෑම යන විකෘති ලක්‍ෂණ එකමුතුවකින් සමස්තය ස්ථාපිත කිරීම හරහා ය. එලෙස ස්වභාවධර්මයේ සමාජ සබඳතාවල සමස්තය පිළිබඳ සංකල්පය මානව නිෂ්පාදනයේ විකෘති මූලාශ්‍රය අනාවරණය කර ගැනීමට මාක්ස්ට හැකියාව ලැබුණේ ස්වාභාවික භෞතිකවාදී ප්‍රපංචය හඳුනා ගැනීම තුළිනි. ප්‍රාග්ධනයේ ශ්‍රමය සහ ස්වභාවධර්මයේ වර්ධනය සමාජීය හා ජෛව වශයෙන් වඩ වඩාත් අත්‍යවශ්‍ය වන සූරාකෑමට ලක් නොවන නිෂ්පාදන සබඳතා වෙත සංක්‍රමණය වන්නේ කෙසේද යන්න තහවුරු කිරීමට මාක්ස්ට හැකියාව ලැබුණි.

පැරණි සංස්කෘතීන් යම් ස්වාභාවික භෞතික පද්ධතියක් හරහා මානවයා ප්‍රජනනය කළේ නම්, ස්වභාවධර්මයෙන් ඔවුන්ගේ විසර්ජනය කිරීම සීමා වන්නේ ස්වාභාවික කලාපයක්, ජල පෝෂකයක්, ශාක කලාපයක්, ස්වාභාවික භූමි ප්‍රදේශයක් තුළ සොබාවික ආර්ථික සාධක තුළින් ජෛව විවිධත්වය ස්තාපිත වීම මත ය. පැහැදිලිවම, ස්වාභාවික දෙවර්ග වන ස්වාභාවික සොබාදහම සහ මානව නිෂ්පාදනයේ විවිධ ස්වරූප නියෝජනය වන අතර, නිශ්චිත සමාජ නිෂ්පාදන සම්බන්ධතා සම්බන්ධයෙන් විවිධ ස්වාභාවික සීමාවන් නියෝජනය කරයි. මානව ඉතිහාසය භූ-ගෝල පද්ධතියේ සිට ජෛව-ගෝල පද්ධතිය දක්වා පරිණාමයක් ලෙස සංකල්පනය කළ හැකි බව දැන් පැහැදිලි ය.

මානව සමාජයේ අතිරික් භාණ්ඩය විසර්ජනය කිරීම සහ වෙන් කිරීම ශ්‍රම සහ අතිරික්ත-විසර්ජන පංතීන් අතර ප්‍රතිවිරෝධතා සහ පුද්ගලික-දේපල අවශ්‍යතා අතර තරඟය මගින් පාලනය වන තාක්, මානව නිෂ්පාදනය ජෛවගෝලය සමග ශක්‍ය ලෙස අනුගත වනු ඇතැයි අපේක්ෂා කිරීමට භෞතික හේතුවක් සොයාගැනීමට නොහැකි ය. මාක්ස් – එංගල්ස් ට අනුව, පංතිමය මානව නිෂ්පාදනය විසින් ජනනය කරන ලද සොබාදහම කඩාකප්පල් කිරීමේ මූලික ආකාරයක් වන්නේ ගම නගරයෙන් වෙන්කර ගෝලීය පද්ධතිය විශ්වයෙන් වෙන් කිරීමයි. අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි වලින් සෘජු මානව නිෂ්පාදකයින් ධනවාදයේ සමාජ වෙන් කිරීමත් සමඟ ගම/නගරය/රට/මහද්වීප ගෝලීය සමස්තයෙන් වෙන්කර විකෘති අන්තයකට ගෙන ගියේ ය. මෙම ද්විත්ව වෙන්වීම යටතේ ස්වභාවය කෙලෙසීමට විරුද්ධව ස්වාභාවික භෞතික පද්ධතියක් යටතේ එය නැවත නිවැරදි කිරීම මාක්ස්වාදයේ නිර්මාතෘවරුන් දෙදෙනාගේ ප්‍රධාන දෘෂ්ටිවේදය වුණි.

මෙම ඉදිරි දර්ශනය, ප්‍රධාන ධාරාවේ සමාජ විද්‍යාව විසින් බොහෝ විට ඛණ්ඩනය වූ, පාර්ශවීය ආකාරයෙන් සලකනු ලබන මානව නිෂ්පාදනයේ අංශ අතර දේශපාලනිකව තීරණාත්මක සම්බන්ධතා ඇති කර ගැනීමට මාක්ස් අපට දෘෂ්ටිමය හැකියාව ලබා දුන්නේ ය. වෙළඳ භාණ්ඩ වටිනාකම් සහ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, වැටුප්-ශ්‍රමය සූරාකෑම සහ ස්වභාවධර්මය විකුණා ප්‍රාග්ධන සමුච්චය කිරීමේ කොන්දේසියකට අපව බලහත්කාරී ලෙස ස්ථාන ගත කළේ ය. මාක්ස් එය පෙන්නුම් කරන්නේ, එමගින් කම්කරු පංති අරගලවල සහ ජනප්‍රිය අරගලවල මූලික ඥාතිත්වය ඒකාබද්ධ කරමින් ගොඩනැගෙන විප්ලවවාදී සංවිධානයක අවශ්‍යතාවය ගැනයි.

The post ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f/feed/ 0