Admin, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Fri, 11 Apr 2025 04:23:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Admin, Author at විවරණ 32 32 ට්‍රම්ප්ගේ තීරු බද්දෙන්ලංකාව වැටෙයි ද ? https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd/#respond Fri, 11 Apr 2025 04:23:40 +0000 https://vivaranalk.com/?p=12829 බ්‍රිතාන්‍ය‍ය  කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ   71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු බද්දක් අය කිරීමට නියමිතය. යළිත් වරක් බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝ දිනෙක  පෙන්වා දුන්නේ  ලංකාවේ අපනයනය හා ආනයනය වෙළඳ පරතරය පියවා ගැනීමට මෙම තීරු […]

The post ට්‍රම්ප්ගේ තීරු බද්දෙන්ලංකාව වැටෙයි ද ? appeared first on විවරණ.

]]>
බ්‍රිතාන්‍ය‍ය  කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ   71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු බද්දක් අය කිරීමට නියමිතය. යළිත් වරක් බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝ දිනෙක  පෙන්වා දුන්නේ  ලංකාවේ අපනයනය හා ආනයනය වෙළඳ පරතරය පියවා ගැනීමට මෙම තීරු බද්ද ක්‍රියාත්මක කරන බවය. GSP සහනය  යටතේ අපනයනය කෙරෙන භාණ්ඩ වර්ග 3000 කට වැඩි ප්‍රමාණයක් සඳහා ද  නව තීරු බද්ද අය කෙරේ.

ලංකාවෙන් වැඩි වශයෙන්ම ඇමෙරිකාවට අපනයනය කරනු ලබන්නේ ඇඟළුම් නිපැයුම්ය. නව තීරු බද්ද සියයට 44 හේතුවෙන්  එම ඇඟළුම් නිෂ්පාදනවල මිළ ඇමෙරිකානු වෙළඳ පොළේදී ඉහල යනු ලැබේ. ගැනුම්කරුවන් අඩු මිළක් ඇති ඇඟළුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මගින් ලංකාවේ ඇඟළුම්වලට පවතින ඉල්ලුම පහත වැටෙනු නිසැකය. එය මෙරට ඇඟළුම් කර්මාන්තයට මෙන්ම, එහි නියැලී සිටින කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව කෙරෙහි ප්‍රබල පහරක් එල්ල කරනු ඇත.

නිදහස් වෙළඳ කලාප හා පොදු කම්කරු සංගමයේ  සම ලේකම්, ඇන්ටන් මාකස්

 නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත ඇඟළුම් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින  ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිතියක් වූ  නිදහස් වෙළඳ කලාප හා පොදු කම්කරු සංගමයේ  සම ලේකම්, ඇන්ටන් මාකස් පෙන්වා දෙන්නේ  මේ පිළිබඳව ආණ්ඩුව බරපතල මැදිහත්වීමක් කළ යුතු බවය. 

මහ පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලාව දළ වශයෙන්  කම්කරුවෝ  25,000 කට වැඩි ප්‍රමාණයක් සේවය කරති. ඇමෙරිකානු නව බදූ ප්‍රතිපත්ති හරහා ලංකාව තුල රැකියා අර්බුදයක් නිර්මාණය විය හැක.

වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් අවධාරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ලංකාව එළඹි ගිවිසුම අනුව  2027 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ක අපනයන ආදායමක් සාක්ෂාත් කරගත යුතු බවට   ඉලක්කයක්  ලබා දී ඇත. ඒ පවතින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම වෙනුවෙනි. මේ වන විට ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කි. ඉලක්කය සපුරා ගැනීමට තවත් ඩොලර් බිලියන 4 ක් වැඩි කරගත යුතුය. විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් වන ඇඟළුම් කර්මාන්තය, ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්ති හමුවේ බිඳ වැටුන හොත් රට තවත් අර්බුදයකට යනු ඇත.

ඇඟළුම් කර්මාන්තය රැක ගැනීමට නම් කම්කරුවන්ගේ ජිවන තත්වය යහපත් කලයුතුය. දැනට කර්මාන්තයේ නියැලී සිටින බොහෝ රටවල කම්කරුවන් සේවය කරන්නේ අවම අයිතීන් යටතේය.

ඇන්ටන් මාක්ස් ට අනුව කම්කරුවාට යහපත් වටපිටාවක් නිර්මාණය කිරීම තුලින් ඇඟළුම් ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට තරඟයක් දිය හැක.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මෙම නව තීරු බදු නිසා පැන නැගිය හැකි ගැටලු ගැන  ගැඹුරින් අධ්‍යයනය කර ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කරන්නට  කමිටුවක් පත් කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබූ මෙම කමිටුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී  වැනි ඇඟළුම් කම්හල් හිමිකරුවන් ද සමන්විතවේ.

ඇඟළුම් කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය නායක ඇන්ටන් මාකස් ට අනුව වෘත්තීය සමිති නියෝජනයක් මෙම කමිටුව තුල නොමැති වීම බලවත් අඩුවකි.

The post ට්‍රම්ප්ගේ තීරු බද්දෙන්ලංකාව වැටෙයි ද ? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd/feed/ 0
‘ආනන්දපුරම්’; බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය.. https://vivaranalk.com/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b7%80%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b7%80%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a/#respond Tue, 01 Apr 2025 07:42:33 +0000 https://vivaranalk.com/?p=12797 මුහුදු බඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ  ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක් පැවති වැඩවසම් සමාජය ටිකෙන් ටික ධනේශ්වර ක්‍රමයක් කරා පරිවර්තනය වන්නට වුයේ ඉන් පසුවය.  කෝපි වැවිලි බෝගයක් ලෙසින් මුලින්ම හදුන්වා දුන් අතර පසුව එය තේ, රබර්, […]

The post ‘ආනන්දපුරම්’; බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය.. appeared first on විවරණ.

]]>
මුහුදු බඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ  ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක් පැවති වැඩවසම් සමාජය ටිකෙන් ටික ධනේශ්වර ක්‍රමයක් කරා පරිවර්තනය වන්නට වුයේ ඉන් පසුවය.  කෝපි වැවිලි බෝගයක් ලෙසින් මුලින්ම හදුන්වා දුන් අතර පසුව එය තේ, රබර්, පොල්, සින්කෝනා  දක්වා වර්ධනය කෙරිණි. වගාවන්ට කම්කරුවන් රැගෙන ආවේ දකුණු ඉන්දියාවේ දරිද්‍රතාවෙන් පෙළුණු ගම්මානවලින්ය. එසේ රැගෙන එන ඔවුන් මුහුදු මගින් තලෛ මන්නාරමට පැමිණ ඉන් පසු මාධ්‍ය කඳුකරය දක්වා රැගෙන යන්නේ පා ගමනින්ය. දහසකුත් පීඩාවන්ට ලක්ව ගමනාන්තයන් කරා ලඟා වන විට බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට ගොදුරුව මිය ගිය අවස්ථාවන් එමටය.

කුලී කරුවන් එහෙමත් නැත්නම් අර්ධ වහලුන් ලෙසින් මෙකි පිරිස් රැගෙන යන ගමන් මග කුරුණෑගල දිස්ත්‍රික්කය ඔස්සේ වැටී තිබේ. අද වන විට කෝපි, තේ  වැවිලි දිස්ත්‍රික්කයේ දක්කනට නැතත්, රබර් හා පොල් වගාව යහමින් පවතී.  ඒ අනුව හෙක්ටයාර් 250 කට වැඩි වපසරියකින් යුත් රබර් වතු පහකි. අවසන් වරට 2012 වසරේදී ජන සංඛ්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැත්වූ සංගණන වාර්තාවන්ට අනුව දිස්ත්‍රික්කයේ වෙසෙන මලෛයහ ජනගහනය 2594 කි. ඉන් 147 ක් නාගරිකවත්, 1247 ක් ගම් වලත්, 1200 ක් වතු ආශ්‍රිතවත් දිවි ගෙවති.

කුරුණෑගල දිස්ත්‍රික් ජනගහණය

කුරුණෑගල – දඹුල්ල  ඒ 6 මාර්ගයේ  ඉබ්බාගමුවෙන්  හැරී ‘රණවිරු ගම’ පාර ඔස්සේ කිලෝ මීටර් තුනක් පමණ ගමන් කළ විට බතලේගොඩ රබර් වතු යාය දිස් වේ. බතලේගොඩ වැව ආසන්නේ පිහිටි නිසා වතු යායට එම නම ලැබී තිබේ.  අක්කර 281 කින් යුත් මෙම වත්ත පවුල් දහයක් හරහා හිමිකාරිත්වය බෙදී යන්නකි. වසර 135 කට වැඩි කාලයක් සොච්චම් වැටුපකට කෙතරම් වැඩ කළද වත්තේ කම්කරුවන්ට  ඔවුන්ටම කියා නිවසක් හෝ එක් බිම් අඟලක් හිමි නොවිණි. දුෂ්කර වැඩ කොන්දේසි හා දරිද්‍රතාවය ඔවුන්ව තව දුරටත් වත්තේ ලයින් කාමරයට කොටු කෙරිණි.  අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බතලේගොඩ ලයින් කාමරවල වෙසෙන කම්කරුවන්ට දැඩි පීඩාවක් ගෙන එන්නේ වැසි සමයේදීය. ඔවුන්ගේ වැසිකිළි ඉදිකොට ඇත්තේ ලයින් කාමරවලට මද දුරක් මෙපිටින් බැවින් රාත්‍රියේදී හා වැසි කාලයේදී ඒවා භාවිතය මහත් දුෂ්කරය.

වැසිකිළි

වත්තෙන් කොටසක් පෞද්ගලික ආයෝජකයෙකු වෙත විකිණීමට හිමිකරුවන් සුදානම් වීමත් සමගින් 2023 මැයි මාසයේදී  කම්කරුවෝ බලහත්කාරයෙන් බිම් කැබලි අත්පත් කර ගත්හ. ඒ රබර් වගාව අත්හැරිමෙන්  වල් වැවී තිබුණු වත්තේ ඉඩම් කොටසකි. සෑම පවුලකටම පර්චස් 20 බැගින් සීමා මායිම් සටහන් කෙරිණි. මුල් කාලීනව පවුල් 300 ක් පමණ දිවි ගෙවුවද, වැඩ කප්පාදුව ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති කම හේතුවෙන් 200 කට වැඩි පවුල් ප්‍රමාණයක් බතලේගොඩ වත්ත හැර දමා ගියහ. අවසානයේ ඉතිරි වුයේ කිසිදු හව්හරණක් නොමැති පවුල් 28 ක් පමණි.ඉන් පවුල් 18 කට පමණක් වත්තේ වැඩ ලැබුණු අතර සෙසු කම්කරු පවුල් ලයින් කාමර වලින් පිටමං කිරීමේ ප්‍රයත්නය වතු හාම්පුතුන් විසින් අඛණ්ඩව දියත් කෙරිණි.

ලයින් කාමර

ඉඩම් ප්‍රශ්නය මුල් කරගනිමින් කම්කරුවන්ව වත්තෙන් දොට්ට දැමීමේ අරමුණින්, පොලිසිය කැඳවූ වතු හිමිකරුවෝ  ස්ත්‍රියක්  ඇතුළු කම්කරුවන් හය දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු කළේ  ඓතිහාසික 1953 කම්කරු හර්තාලයට 70 වසක් සපිරෙන 2023 අගෝස්තු 12 වැනිදාය. ඒ  වත්තට අයත් ඉඩමක් අයුතු ලෙස එළිපෙහෙළි කිරීම, වගාවන්ට හානි කිරීම වැනි චෝදනා එල්ල කරමින්ය. එම  ඉඩම් කොටසේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන  අතුරු තහනම් නියෝගයක් පනවන්න යැයි ද බතලේගොඩ වතු හිමියෝ ඉල්ලා සිටියහ. එහෙත් මෙම අසාධාරණ ක්‍රියාවලියට එරෙහිවූ  ගොවි -කම්කරු හා ආන්තික සමාජ කොටස්වල ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීමේ ඉතිහාසයකට හිමිකම් කියන ඉබ්බාගමුව දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, මහනුවර   සමාජ සංවර්ධන ආයතනය ඇතුළු කොළඹ  සිවිල් සමාජ සංවිධාන වල පෙනී සිටීම කම්කරුවන්ට මහත් අස්වැසිල්ලක් විණි.

අවසානයේ වත්ත විකිණීමට එරෙහිව සිවිල් සංවිධානවල මැදිහත් වීමෙන් කුරුණෑගල   දිසා අධිකරණයේ නඩු මගට පිවිසි කම්කරුවන්ට ඔවුන්ගේ  පවුල් 28 ක් වෙනුවෙන් පර්චස් 10 බැගින් ලබාදීමට වතු හිමියෝ එකඟ වුහ. ඒ දෙපාර්ශ්වය අතර 2024 ජුලි මාසයේදී අත්සන් තැබුණු ගිවිසුමක් අනුවය.  වත්තේ හින්දු කෝවිල පිහිටා ඇති ඉඩම කම්කරුවන්ගේ ආගමික වතාවත් සඳහා ලබා දීමට වතු හාම්පුතුන් එකඟ වූ අතර කෝවිල් සභාවේ අනුමැතිය පරිදි ළමා, කාන්තා,තරුණ ක්‍රීඩා හා සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ද අවසර ලැබුණි.

වතු කම්කරුවන්ට ලබා දෙන පර්චස් 10 ක ඉඩම වෙනුවෙන් ස්ථිර ඔප්පු ලැබෙන අතර  මාස හයක් ඇතුලත එනම් 2025 ජනවාරි 23 වැනිදා වන විට කම්කරුවන් සිය ලයින් කාමර වලින් ඉවත් විය යුතුය.  ඊට ප්‍රථම ලැබුණු ඉඩමේ තාවකාලිකව හෝ නිවසක් ඉදිකරගැනීමේ අභියෝගයට  ඔවුන් මුහුණ දෙන්නේ  ඊට අවශ්‍ය මුදල් නොමැතිකමය.

2024 අප්‍රියෙල් මස වන තෙක්ම බතලේගොඩ කම්කරුවන්ගේ දිනෙක වැටුප වුයේ රුපියල් 750කි. දේවසරණ සංවර්ධන කේන්ද්‍රය හා සමාජ සංවර්ධන ආයතනය ඇතුළු සිවිල් සංවිධානවල  මැදිහත්වීමෙන් කම්කරු දෙපාර්තමේන්තුව හරහා  ඔවුන්ගේ වැටුප රුපියල් දහස දක්වා හිඟ මුදල් ද සමගින් ලබාගැනීමට හැකි විය. ඒ අනුව සේවක භාරකාර අරමුදල් ද ක්‍රමවත් කර ගැනීමට ඔවූහු සමත් වූහ. එහෙත් නව නිවසක සිහිනය සැබෑ කරගන්නට එම මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවිණි.

ඉතාමත් පහල ආර්ථික මට්ටමක සිටිය ද, කම්කරු පවුල් 10 ක් තමන්ගේ උත්සාහයෙන් නිවාස ඉදිකිරීමේ පදනම දමා ගැනීමට සමත් විය. එහෙත් ඉතිරි පවුල් 18 ට තාවකාලිකව විසීමටවත් ඉදිකිරීමක් කරගන්නට හැකියාවක් නොමැතිව අසරණ වුයේ  හිස් ඉඩම් කැබැල්ල පමණක් අතැතිවය.

නිවාස සිහිනයක සැබෑ කරගන්නට වෙර දැරූ බතලේගොඩ කම්කරුවෝ මෙතෙක් තමන්ගේ සහායට සිටී සිවිල් සංවිධාන වල පිහිට පතන්නට වුහ.  විශේෂයෙන් මලෛයහ ජනයාගේ සුභාසාධනය වෙනුවෙන් මැදිහත් වන අංකුර සිවිල් සංවිධානයක් වූ  iPEN [Institute for People Engagement and Network] මේ කාර්යයට අත ගසන්නේ මේ අතර තුරය. එම සංවිධානයේ ඉල්ලීම මත අඩු ආදායම්ලාභී ජනයාගේ ජිවිත ඉහළට ඔසවා තබන්නට දායකත්වයක් ලබා දෙන ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ‘පැල්මෙරා’ ආයතනය  නිවාස  28 ක් ඉදිකිරීමට සිය මුල්‍ය දායකත්වය ලබා දෙන්නට තීරණය කිරීම බතලේගොඩ කම්කරුවන්ගේ තවත් ජයග්‍රහණයකි.

iPEN සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක සඳමාලි සෙනෙවිරත්න

යැයි  iPEN සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක සඳමාලි සෙනෙවිරත්න පවසන්නීය.

වතු හාම්පුතුන් හා කම්කරුවන් අතර වූ ගිවිසුම් ප්‍රකාරව මේ වන විට ඔවුන් සිය ලයින් කාමර වලින් ඉවත් විය යුතුය. එහෙත් නිවාස ඉදිකිරීම් තවමත් නිම කර නොමැත. ඒ ගැන අදහස් දක්වන iPEN මාධ්‍ය සම්බන්ධිකාරකවරිය;

iPEN සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ජිවරත්නම් සුරේෂ්

ලේ,කඳුළු, දහදිය කැප කරමින් රටේ ආර්ථිකය නංවාලීමට මලෛයහ ජනයා කෙතරම් වෙහෙස වුවද ඔවුන් බොහෝ සුභසාධන ක්‍රියාවලින් බැහැර කර ඇත. එමෙන්ම කිසිදු බිම් අඟලක අයිතිය පවා ඔවුන්ට අහිමිය. එහෙත් බතලේගොඩ කම්කරුවන් නිවෙසක, ඉඩම් කැබැල්ලක උරුමය දැන් හිමි කරගෙන තිබේ. ඒ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමෙන්ය.

යැයි  iPEN සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ජිවරත්නම් සුරේෂ් පැවසුවේ අපේක්‍ෂා සහගතවය.

iPEN නියෝජිතයන් හා වතු කම්කරුවන්

බතලේගොඩ වතු හාම්පුතුන් හා කම්කරුවන් අතර ඇතිවූ ගිවිසුම ප්‍රකාරව මෙම  නිවාස ව්‍යාපෘතියත් සමග බිහිවෙන නව ගම්මානය ආනන්දපුරම් ලෙස නම් තැබෙනු ඇත.

ඉදිවෙමින් පවතින නව නිවාස

The post ‘ආනන්දපුරම්’; බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b7%80%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a/feed/ 0
”ලිංගිකත්වයත්දේශපාලනිකයි..”   – අශෝක හඳගම https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b7%92%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b7%92%e0%b6%9a/#respond Wed, 19 Mar 2025 03:53:45 +0000 https://vivaranalk.com/?p=12769 [සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත්  සම්මානනීය  නිර්මාණකරුවෙකු වූ  අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ  මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු  මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ  රිචඩ් ද සොයිසා නම්  සිය පුතු වෙනුවෙන් සටන් වැදුණු වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මෑණියන්ගේ කතා පුවතයි. ”රාණි”නම් වූ එකී සිනමා නිර්මාණය ඇතුළු දේශීය සිනමා කර්මාන්තය ගැන  ”රාණි” ප්‍රදර්ශනයට  […]

The post ”ලිංගිකත්වයත්දේශපාලනිකයි..”   – අශෝක හඳගම appeared first on විවරණ.

]]>
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත්  සම්මානනීය  නිර්මාණකරුවෙකු වූ  අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ  මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු  මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ  රිචඩ් ද සොයිසා නම්  සිය පුතු වෙනුවෙන් සටන් වැදුණු වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මෑණියන්ගේ කතා පුවතයි. ”රාණි”නම් වූ එකී සිනමා නිර්මාණය ඇතුළු දේශීය සිනමා කර්මාන්තය ගැන  ”රාණි ප්‍රදර්ශනයට  පෙර අශෝක හඳගම සමග කළ කතා බහකි. ]

අශෝක හඳගම

මගේ කලින් සිනමා නිර්මාණය වූ  `අල්බරෝදා` වලින් `රානි` වෙනස් වෙන්නේ කොහොමද කියල පැහැදලි කරන්න පහසුයි. මොකද මේ නිර්මාණ දෙකම අයත් වෙන්නේ චරිතාප්‍රදාන සිනමා ශානරයට. `ඇල්බරෝදා` නිර්මාණයේදී මට පරිකල්පන නිදහස වැඩියි. ඊට හේතුව වසර 100 කටත් වැඩි ඉතිහාසයක් ඇති කතාවක් නිසා  ඒ චරිත අපි කවුරුත් දැකලා නැහැ වගේම දැකපු කෙනෙක් අද ජිවත්වෙන්නෙත් නැහැ. මේ නිසාම මට නිදහසේ පරිකල්පනය කරලා `අල්බරෝදා` නිර්මාණය කරන්න හැකියාව තිබුණා. එහෙත් රිචඩ් ද සොයිසා ගේ සිදුවීම ඊට වෙනස්. මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයෝ සමහර විට ජිවතුන් අතර ඉන්නවා, රිචඩ් ඇසුරු කළ මිතුරු මිතුරියන්, හිතවතුන් ජිවතුන් අතර ඉන්නවා, ඒ කාලේ තරුණයෝ හැටියට හිටපු අපි වගේ  පරම්පරාවක් තවම ජිවතුන් අතර ඉන්නවා. අනිත් දේ තමයි මේ සිද්ධිය  ගැන බොහෝ දෙනා තොරතුරු දන්නවා. ඒ ටික තමයි නිර්මාණය ඇතුලේ කළමනාකරණය කරගන්නේ. ඒ අනුව මගේ පරිකල්පනය ඒ පරාමිතීන් ඇතුළේ සිමා වෙනවා. ඒ සීමාවන් ඇතුළේ තමයි මෙහි කතාව පරිකල්පනය වෙන්නේ. `රාණි` නිර්මාණයේදී මම මුහුණ දුන් ප්‍රධාන අභියෝගය ඒකයි. 

රිචඩ් ද සොයිසාගේ මරණින් පසු ඊට තුඩු දුන් දේශපාලන හේතු, කාරනා  සම්පුර්ණයෙන්ම මර්දනයට ලක් කෙරුනා.  ඊට පස්සේ ඒ දේශපාලන කතා බහ යට ගියා.  රිචඩ් ඝාතනයට කලින් 89 නොවැම්බර් වලදී විජේවීර ඝාතනයත් සමඟ   තරුණ පරම්පරාව හැටියට අපට   තිබුණු දේශපාලන  බලාපොරොත්තු හෝදා පාලුවට ලක්වුනා. ජනතා අරගලය එහෙමත් නැත්නම් විකල්ප දේශපාලනය  වෙනත් මුහුණු වරකින් නැවත හිස ඔසවන්න පටන් ගත්තේ 90 දශකයේ අග,2000 මුල ඉඳන්. ඒ වෙනකොට අපිට මුහුණ දෙන්න වුනු දරුණු තත්වයක් තමයි උතුරේ තිබුණු අරගලය. අපි ඒ දේශපාලන පසුබිම් පිළිබඳව අපේ නිර්මාණ තුලින් කතා කළා.   `මේ මගේ සඳයි` සිනමා කෘතියත්, `සින්තටික් සිහිනය` ටෙලි නාට්‍ය  ගත්තත් එක්තරා විදිහකට අඩු වැඩි වශයෙන් අපි යුද්ධය පිළිබඳව කතා කළා.

`මේ පාරෙන් එන්න`, `නැගෙනහිර වෙරළෙන් ඇසෙන` ටෙලි නිර්මාණයන් හා `ඉනි අවන්` සිනමා නිර්මාණයෙන් පශ්චාත් යුද අත්දැකීම්  ගැන කතා කළා. ඒ අනුව අපේ අවධානය වෙන පැත්තකට  යොමු වුණා.

මේ යුගය වන විට අපිට නැවත වතාවක්   ඒ අතීතය ගැන  සන්සුන්ව හිතන්න, ආපසු හැරී ඒ කෙරෙහි බැල්මක් හෙළන්න පුළුවන් කමක් ලැබී තියෙනවා.

“රාණි“ නිර්මාණයට අවස්ථාව  ලැබෙන්නේ අහඹුවක්  විදිහටයි. ඉතිං මම ඒ අවස්තාව ගත්තා. රිචඩ් මරා දැමීම පමණක් නොව ඒ කාලේ සිදුවූ දේවල්  ඉතිහාසයෙන්   අමතක කළ යුතු දේ නොවේ. මගේ නිර්මාණ වල  ඉතිහාසය ගැන කතා  කලොත්,  ඒවා අඩු වැඩි වශයෙන් සාකච්ජා වෙලා තියෙනවා වුනාට  මෙය එක්තරා හිඩැසක් තමයි.  ඒ හිඩැස පුරවන්න අවස්තාව ලැබුණු වෙලාවේ මම එය ප්‍රයෝජනයට ගත්තා.

ඇත්තටම පසුගිය වකවානුවේ අපේ අවධානය යොමුවෙලා තිබුනේ යුද්ධයට.

රෝහණ විජේවීර ගැන කියවෙන  “ගින්නෙන් උපන් සීතල“ සිනමාපටය නිර්මාණය වුනෙත් මෑත කාලීනවයි.

88 /89 යුගය ගැන  1996 දී මම නිර්මාණයකින් කතා බහ කරලා තියෙනවා. ඒ “සඳ දඩයම“ තුලින්. ඒත්  ඒ නිර්මාණය තාක්ෂණික හේතු නිසා ප්‍රදර්ශනය කරන්න බැරි වුණා. ඒ යුගයේ වටපිටාව ගැන කිසියම් දුරකට කතා කරන්න `සඳ දඩයම` තුලින්  මම උත්සහ දැරුවා. 

සිනමාවේ හෝ වේදිකාවේ වේවා මම  කලාවේ නිරතවෙන්නේ  සමාජ මෙහෙවරක් විදිහටවත්, විනෝදාස්වාදය වෙනුවෙන් වත් නොවේ,  ආත්ම ප්‍රකාශණයක් විදිහට. ඒ ප්‍රකාශනයන් පෙරලා යම් සමාජ මෙහෙවරක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මගේ නිර්මාණ ප්‍රකාශනයන් විනෝදාස්වාදයක් ලෙස දකින්නත් පුළුවන්. මගේ නිර්මාණ කාර්ය නම්  ආත්ම ප්‍රකාශනයයි.

තර්ජන ගර්ජන හේතුවෙන් මගේ මතවාදයන් වෙනසකට ලක්වුණේ නැහැ තවදුරටත් ශක්තිමත් වුණා මිසක්. මගේ මතවාදයන් වෙනස් වෙන්න බලපෑවේ මම ලබපු අත්දැකීම් හා දැනුම.  ලෝකය දැකීම හා පොත පත ඇසුරින් ලැබුණු දැනුම  මගේ දැක්ම වෙනසක් කළා. තර්ජන,ගර්ජන වාරණ වලින් වුනේ ඒවගේ  අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දෙන්න ධෛර්යක් ලැබීමයි.

සිනමාව කර්මාන්තයක් ලෙස ගත්තොත් එය වඩාත් පුළුල් දෙයක්. චිත්‍රපටයක් නිර්මාණයත්, ප්‍රදර්ශනයත් කර්මාන්තයේම කොටසක්.  සිනමා ප්‍රදර්ශනය කර්මාන්තයක් ලෙස දියුණු වෙන්නේ,  සිනමා ශාලාවලට කිසියම් විදිහක ආර්ථික වශයෙන් පැවතිය හැකි වාතාවරයක් උඩයි. චිත්‍රපට නිපදවීම කර්මාන්තයක් ලෙස පවතින්න නම් ඒ වෙනුවෙන් ආයෝජනය කළ මුදල් නැවත උපයාගන්න හැකියාව තිබිය යුතුයි.  කර්මාන්තයක් වෙන්න බලපාන  මුලික හේතු වෙන්නේ මේ සාධකයි. ඝට්ටනය පවතින්නේ මේ කරුණු දෙක අතරයි.

සිනමාකරුවන්  ලෙස නිපදවන චිත්‍රපට මුදල් උපයගන්නේ නැත්නම් ඔවුන්   අධෛර්යට පත්වෙනවා. සිනමා ප්‍රදර්ශකයන්ට එහෙම බලපෑමක් නැහැ.  චිත්‍රපටය දුවන්නේ නැත්නම් ඒක ගලවා දමා වෙනින් දුවන   චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා. 

දේශීය සිනමාව නඟා සිටුවීම යන්න සිනමාවට පමණක් සීමා වන්නේ නැහැ. එය   සමස්ත ආර්ථිකයේම කොටසක්. සිනමාව කර්මාන්තයක් ලෙස පවතින්න නම් තිරසාර බවක් ඇතිවිය යුතුයි. විශේෂයෙන් ප්‍රේක්ෂකයෝ ඉන්න ඕනෑ. අද සිනමාව කියන්නේ සිනමා ශාලාවට පමණක්  ගිහින් බලන දෙයක් නොවේ.

උදාහරණයක් ලෙසට ටෙලි නාට්‍යයක් ගත්තොත්, අපි   1997 දී  `දියකැට පහන` ටෙලි නාට්‍ය කරලා එක් කොටසක් රූපවාහිනියට දුන්නේ රුපියල් ලක්ෂ දෙක හමාරකට. අද 2025 දීත් ටෙලි නාට්‍යයක එක කොටසකට ගෙවන්නෙත් ඒ රුපියල් ලක්ෂ දෙක හමාරයි. හැම දේකම මිල වැඩි වුනත්  ඇයි  මේකේ විතරක් මිල අඩුවෙලා තියෙන්නේ. ඉස්සර වගේ නොවේ දැන් ටෙලි නාට්‍යයක් නිපදවන්න ඕනේ වියදමයි, පහසුකම් ගත්තාම අද ඕනෑ තරම් උපකරණ තියෙනවා. අපි සිනමාව ආරම්භ කරන කොට මුළු ලංකාවටම  තිබුනේ කැමරා දෙකයි, තුනයි. 

සිනමාවේ වුණත්  චිත්‍රපට හැදීම බොහොම පහසුයි. තරඟය තියෙන්නේ ප්‍රදර්ශනයේදී. ඒ තුළ අසමතුලිතතාවයක් තිබෙනවා. ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුත්  තියෙනවා.

මේ නිසා සිනමාවේ, ටෙලි නාට්‍ය කර්මාන්තයෙන් යැපෙන අය යැපුනත්,  අමාරුවේ වැටෙන්නේ ආයෝජකයෝ.  මේ තත්වය තුළ තවදුරටත්  ඉදිරියට යන්න තිබෙන  ඉඩකඩ සීමිතයි. මිට විසදුම් විදිහට  කුමක් හෝ විදිහකින් වෙළඳ පොළ පුළුල් කර ගැනීමේ අභියෝගය අපි හමුවේ තිබෙනවා.

ඔස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් එහි ජිවත් වෙන ලාංකිකයන් චිත්‍රපට,වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන නරඹන්න එනවා.මෙහෙ නිර්මාණකරුවන් එහෙ යනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව හා ලංකාව අතර වෙනම ආර්ථිකයක් ගොඩ නැගී තියෙනවා. එතුළ ලංකාවේ නිර්මාණවලට ගොඩ නැගී තිබෙන්නේ  හොඳ වෙළඳ පොලක්.   ලංකාවේ සිනමා ශාලා වලින් පමණක් යැපෙන්න හැකි දෙයක් නොවේ මේ  සිනමාව.  ඒ නිසා  ලාංකිකයෝ ගොනු වෙච්ච රටවල,නගරවල නව වෙළඳ පොලක් සොයා ගත යුතුයි. ලංකාව පදනම් කරගෙන Netflix පන්නයේ මාදිලියක් නිර්මාණය කරගන්න හැකි  වුනොත්  ඒ ඔස්සේ  ලෝ පුරා වෙසෙන ලාංකිකයන්ට අපේ සිනමා නිර්මාණ නරඹන්න පුළුවන්. එයත් එක්තරා විදිහක විසදුමක් වේවි.  

කොහොමත් සිනමා කර්මාන්තය වර්ධනය කිරීමට සිනමාකරුවන් විදිහට අප අතර කතා බහක් තියෙනවා.  අපි තවම ඉන්නේ සංක්‍රාන්ති අවධියක. කොහේ යනවාද කියලා තවම කියන්න බැහැ.

උදාහරණයක් විදිහට පෙන්වා දුන්නොත්, විමුක්ති ජයසුන්දර වගේ සිනමාකරුවෙකුගේ නිර්මාණ ලංකාවේ ප්‍රේක්ෂකයාට ගෝචර වෙන්නේ නැහැ. ඒ වුනාට විදේශ සිනමා උළෙල වැනි වෙනත් වෙළඳ පොළක් ඔහුගේ චිත්‍රපට වලට තියෙනවා.  ඒ වගේ සිනමාකරුවන්ට  තමන්ට ගැලපෙන වෙළඳ පොළ සොයා ගෙන යාමට සිදුවෙනවා.

ඔවුන් කෙරෙහි අපේක්ෂාවක් තියෙනවා. අපි සිනමාවට පිවිසෙන කාලේ සිනමාකරුවෙක් වෙන්න  අමාරුයි. දැන් ඕනෙම අයෙකුට සිනමාකරුවෙක්  වෙන්න පහසුයි. ඒ වනාට හදපු නිර්මාණයක් පෙන්වා ගන්න අමාරුයි. අපේ කාලේ සිනමා නිර්මාණයක් කර ගත්තොත් ප්‍රදර්ශනය ගැන සහතිකයි. අද  මොනවා හැදුවත් ප්‍රදර්ශනය ගැන විශ්වාසයක් තබා ගන්න බැහැ. අපිට තාමත් කිසියම් විදිහක  ඉල්ලුමක් තියෙන්නේ අපේ පැරණි සිනමාකරුවෝ නිසා. කිනම් හේතුවක් නිසා හෝ අපේ සිනමාවක්  නරඹන්න ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා.  ටෙලි නාට්‍යකරුවෝ ලෙසට වුනත් මිනිස්සු  අපේ නම් දන්නවා. ඒ වුනාට නව ටෙලිනාට්‍ය නිර්මාණකරුවෝ ඉන්නවා නිර්මාණ කරනවා මොකද? කවුද? කිව්වට නම් දන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. එම තත්වය   උඩ නවක සිනමාකරුවන්ට/කාරියන්ට තිබෙන අභියෝගය තමයි තමන්ගේ කෘතියක් ප්‍රදර්ශනය කරවා ගැනීම. මොකක්ද තියෙන අවකාශය. එය තමයි ජය ගත යුත්තේ. නව මානයන් සොයා ගැනීමේ හැකියාව ඇත්තේ ඔවුන්ටමයි. ඔවුන් තමයි ප්‍රශ්නේ දන්නේ. අපිට එය පරිකල්පනය නොවෙන්න පුළුවනී. උදාහාරණයක් විදිහට දැන්  Youtube කියන්නේ යහමින් මුදල් උපයන්න හැකි මාධ්‍යයක්. ලකයි -සිකයි, ජනයි-ප්‍රියයි, ලෝචනි වැනි අය මේ හරහා යම් මුල්‍යමය පැවැත්මක් තහවුරු කරගෙන තියෙනවා. සිනමා හෝ ටෙලි නාට්‍යය නිර්මාණකරුවන් ලෙස නොවේ ඔවුන්   Youtubers ලෙසයි හඳුන්වන්නේ.   Youtube රංගන ලෙසින් පවතිනවා. ඒ වගේ නව මානයන් සොයා ගත යුතුයි. අලුත් තත්වයන් යටතේ කෙසේ ක්‍රියා කළයුතු ද යන්න නවක සිනමාකරුවන්/කාරියන් ඔවුන් විසින්මයි තීරණය කළ යුත්තේ.

The post ”ලිංගිකත්වයත්දේශපාලනිකයි..”   – අශෝක හඳගම appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b7%92%e0%b6%9a/feed/ 0
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස.. https://vivaranalk.com/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ad%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ad%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/#comments Sun, 16 Mar 2025 16:51:19 +0000 https://vivaranalk.com/?p=12760 දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, […]

The post දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස.. appeared first on විවරණ.

]]>
දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට  හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ     ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන  අයිතිවාසිකම් හා  සමාජ යුක්තිය කෙරෙහි ද   මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.

ලංකාව, ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය  රටවල්  හතරේම  තේ වතු කම්කරුවන්ගේ ගැටළු වල වැඩි වෙනසක් නොමැත. යටත් විජිත සමාජයේ පැවති ශ්‍රම සුරාකෑම,දුප්පත්කම හා වහල් භාවය මෙහි  මුල්බැස ඇතිබව පැහැදිලිව පෙන්නුම් කරයි.

තේ කර්මාන්තය දකුණු ආසියානු කලාපය පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සෘජු හා වක්‍ර රැකියා සපයන අතර  වැටුප්, සමාජ ආරක්ෂණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් පිළිබඳ ගැටළු  තීරණාත්මකය. ඊට අමතරව කුඩා තේ වතු හිමියන්  ප්‍රවර්ධනය කිරීම, සාම්ප්‍රදායික තේ වතුවල  ආකෘතිය නවීකරණය, කර්මාන්තශාලා ඇතුළුව කාර්මික ප්‍රතිව්‍යුහගත කිරීම වැනි  මෑත කාලීන ප්‍රවණතා විසින් සටන් කොට දිනා ගත් කම්කරු  අයිතිවාසිකම් කප්පාදුවකට ලක්වීම මෙන්ම  දේශගුණය හා කාලගුණික වෙනස්වීම්  තේ නිෂ්පාදනයට බලපාන අතරම   අවසානයේ  ඒ මගින්ද  විශාල බලපෑමකට ලක් වන්නේ තේ කම්කරුවන්ය.

ලෝක තේ වෙළඳ පොලේදී  සැලකිය යුතු ලාභයක් ලැබුනද, තේ කම්කරුවන්ගේ වැටුප ඇත්තේ ඉතාමත් පහත මට්ටමකය.  එම වැටුප ද  ඒ ඒ රටවල ඉහළ යමින් තිබෙන ජිවන වියදමට සමපාත නොවන්නකි.

2022 වසර දක්වා බංගලාදේශ  තේ කම්කරුවන්ගේ දෛනික වැටුප වුයේ ඇමෙරිකානු ඩොලර් 1.32 කි. එම වසරේ අගෝස්තුවේදී  1,50.000 ක් තේ වතු කම්කරුවන් විදී බැස උද්ඝෝෂණය කළේ ඉහල යන ජිවන වියදමට සරිලන අයුරින්, දෛනික වැටුප ඇමෙරිකානු ඩොලර් 3.3 දක්වා වැඩි කරන ලෙසය. දින 19 ක් අඛණ්ඩව පැවති උද්ඝෝෂණය හමුවේ බංගලාදේශ ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් සත 0.55 ක් වැනි සොච්චම් වැඩිවීමක් ලබා දුනි.

ලංකාවේද තේ කම්කරුවන්ගේ දෛනික වැටුප ඇමෙරිකානු ඩොලර් 4.30  ක් එනම් රුපියල් 1300 ක් දක්වා ඉහල දමා ගත්තේ අඛණ්ඩ අරගලයකින් පසුවය.වැටුප් ඉහල දැමීමට රජයේ පාර්ශවයෙන්  අනුමැතිය හිමිවුවද  වතු සමාගම් ඊට එරෙහිව අධිකරණයට යාමත් සමග තවදුරටත් අසරණ වුයේ කම්කරුවන්ය. ලංකාවේ තේ කම්කරුවන්ට අද දිනයේ ලැබෙන දෛනික වැටුප ද විද්‍යාත්මක ගණනය කර පවතින ජිවන වියදමට අනුව සැකසුවක් නොවේ.   තේ කම්කරුවන්ගේ දෛනික වැටුපට වඩා දකුණු ආසියානු කලාපයේ  අනෙකුත් ක්ෂේත්‍ර වල කම්කරුවන්ගේ අවම වැටුප ඉහල අගයක් ගනී.

දකුණු ආසියාවේ තේ වතු කම්කරුවන්ගෙන් අඩකටත් වඩා  ස්ත්‍රින්ය. එහෙත් බොහෝ ස්ත්‍රීන්  සේවය කරන  වතු  ඔවුන්ගේ යහපැවැත්මට හිතකර ඒවා  නොවේ. ඔවුන් දෛනිකව  මුහුණ දෙන අභියෝග අතර, ඔසප් වීම, මාතෘත්වය සහ ළමා රැකවරණය, කාරනා කෙරෙහි රැකියා ස්ථානයේ ප්‍රමාණවත් වෘත්තීය සහ සෞඛ්‍ය ආරක්ෂණ නොමැතිකම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය නොමැතිකම,  වැටුප් විෂමතා, ලිංගික අඩත්තේට්ටම්  සහ තීරණ ගැනීමේ භූමිකාවන්ගෙන් බැහැර කිරීම ආදිය දැක්විය හැක.

දකුණු ආසියානු තේ නිපැයුම් කලාපය පුරාම සාම්ප්‍රදායිකව  මුල් බැසගත් මතයක් වනුයේ  පිරිමි කම්කරුවන්ට වඩා තේ දළු නෙලීම  කළ යුත්තේ ස්ත්‍රී කම්කරුවන් බවයි. මේ හේතුවෙන් ස්ත්‍රීන් වැඩිපුර බඳවා ගැනීමක් පෙන්නුම් කරන අතර පිරිමින් සහ කාන්තා සේවිකාවන් දෙදෙනාටම සමාන වැටුපක් හිමිවේ. එහෙත් ස්ත්‍රීන්  වෘත්තීයෙන්   ඉහළට යාමේදී නොයෙක් වෙනස්කම් වලට ලක් කෙරේ.  ඔවුන්ගේ සමාන වැඩ කිරීමේ අයිතිය උල්ලංඝනය කෙරෙන අතර අධීක්ෂණ තනතුරුවල  ස්ත්‍රීන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනී. ස්ත්‍රී කම්කරුවන්ව   තේ දළු නෙලීම, පඳුරු කප්පාදු කිරීම වැනි පහළ මට්ටමේ  ක්ෂේත්‍ර වැඩට පමණක් සිමා කෙරේ.

එසේම, තේ වතුවල දෛනික වැඩ නිම කිරීමේදී, ස්ත්‍රීන්ට නිවාස  හා ළමා රැකවරණ කටයුතුවල ද  නිරත වීමට සිදුවේ.  ඔව්හු   සති අන්තයේ ගඩොල් පෝරණු සහ  කෘෂිකාර්මික කටයුතුවල හා  අවිධිමත් අංශයේ වැඩවලට සම්බන්ධ වීමෙන් අතිරේක ආදායමක් උපයා ගන්නේ  තේ වතුවලින් ලැබෙන අඩු වැටුප් නිසාවෙනි.  මේ අයුරින්, තේ නිමැයුම් කේෂේත්‍රයේ ස්ත්‍රී  ශ්‍රමිකයින් නිවසේ  හා වත්තේ   බහුවිධ වගකීම්වල පීඩනය, සොච්චම් වැටුප් සහ  අහිතකර වැඩ කොන්දේසි  හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිති.

ඉන්දියානු රජයේ වාර්තාවන්ට අනුව එරට  ශ්‍රම බලකායෙන් මිලියන 1.12 ක් තේ වතු කම්කරුවන්ය. ඉන් සියයට 7.7 ක් වාර්තා කරන්නේ ඇසෑම් ප්‍රාන්තයෙනී. ඉන් බහුතර කම්කරුවන් ආදිවාසී ජනයායි. සමස්ත තේ කම්කරුවන්ගෙන් අඩකට ආසන්න ගණනක් වූ සියයට හතළිහක් වනුයේ ස්ත්‍රී කම්කරුවන්ය.  

රටපුරා පැතුරුණු තේ වතු 159 ක,මිලියන  440,743 ක් වූ කම්කරුවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග දිවි ගෙවන බවට බංගලාදේශ තේ මණ්ඩලයේ 2017 / 2018 වාර්ෂික වාර්තා මගින් පෙන්නුම් කරයි. එරට ස්ථිර හා තාවකාලික තේ කම්කරුවන් කොටස් දෙකේම අඩක් නියෝජනය කරන්නේ ස්ත්‍රී කම්කරුවන්ය.

නේපාලයේ තේ කම්කරුවන් 40.000 අතරින් බහුතරය ස්ත්‍රින්ය. ස්ථිර කම්කරුවන්ගෙන් සියයට හතළිස් අටක් සහ  දෛනික තාවකාලික කම්කරුවන්ගෙන්  සියයට හැත්තෑ පහක් ස්ත්‍රී කම්කරුවන්ය. ලංකාවේ 1,50,000 ක් සෘජුවම තේ කම්කරු බලකායට අයත් වන අතර ඉන් අති බහුතරය ස්ත්‍රින්ය.

තේ කර්මාන්තයේ කම්කරුවන් විධිමත් කම්කරුවන්  ලෙස සැලකෙන බැවින්,  ඔවුහු   තම රටවල පවතින  කම්කරු නීති අනුව  අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික සඳහා සුදුසුකම් ලබති.

උදාහරණයක් ලෙස, නේපාලයේ තේ වතු හිමියන් මූලික වැටුපෙන් පිළිවෙලින් 10% සහ 8.33% ක් අර්ථසාධක අරමුදල සහ සේවක පාරිතෝෂිකය සඳහා දායක විය යුතුය. ඒ හා සමානව,  ලංකාවේ සේවා යෝජකයෙකු සේවක අර්ථසාධක අරමුදල (EPF)ට  කම්කරුවාගේ  මුළු ඉපැයීම්වලින් අවම වශයෙන් 12% ක් දායක විය යුතුය.

 කම්කරුවන්   තම වැටුපෙන් 8% ක් සේවක අර්ථ සාධක [ EPF] වෙත සහ 3% ක් සේවක භාර අරමුදලට (ETF) සේව්‍යා විසින් ලබාදිය යුතුය.

 තාවකාලික හෝ අක්‍රමවත් කම්කරුවන්ගේ  අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික සඳහා ගෙවීමට ඔවුන් බැඳී නොසිටින බැවින්, ශ්‍රම බලකායෙන් විශාල ප්‍රමාණයක් අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික සඳහා  ඇතුළත් නොවේ.

 ඉන්දියාව,බංගලාදේශය,නේපාලය සහ ලංකාව නියෝජනය කරමින්, ඉකුත් දෙසැම්බරයේ දී   නේපාලයේ කත්මන්ඩු නුවරට රැස් වූ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයෝ තේ වතු කම්කරුවන්ට සහ  ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ට සාධාරණ හා සමානතා  සමාජයක්  නිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරි දැක්මක් ගැන සාකච්ජා කළහ.

එහි ප්‍රතිපලයක් ලෙසින් දකුණු ආසියානු තේ වතු කම්කරු සන්ධානය බිහිවිය.  මෙම සන්ධානය කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීම, ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සහ තේ වතු අංශයේ කම්කරුවන්ගේ  අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්  ජාතික සහ කලාපීය මට්ටමින් ආණ්ඩු  සහ පෞද්ගලික අංශය දෙපාර්ශවයටම බලපෑම් කිරීමට නියමිතය.

තේ වතු කම්කරුවන්ගේ දුක්ඛිත දිවිය, වැඩ කොන්දේසි  සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට  කලාපය පුරා උද්ඝෝෂණය කිරීමට සහ ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රධාන ධාරාවේ කම්කරු න්‍යාය පත්‍රයට ගෙන ඒම මගින් ජිවන වියදමට සරිලන  වැටුප්, රැකියා හා සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම නව කම්කරු එකතුවේ අරමුණය.

The post දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ad%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/feed/ 2
සෞභාග්‍ය කරා රට ගෙනයාමට විද්‍යාර්ථීන් වන අපට පැවරෙන ජාතික යුතුකම.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9e%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9e%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80/#respond Wed, 05 Mar 2025 11:01:53 +0000 https://vivaranalk.com/?p=12731 මෙම ලිපිය උපුටා ගත්තේ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ 60 දශකයේ ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ ‘විද්‍යාර්ථ’ ප්‍රකාශනයට සැපයූ ලිපියකිනි. අපේ රට විනාශය කරා ගෙන ගොස් තිබීමේ ප්‍රධාන චූදිතයා වන්නේ මෙතෙක් රට කරවූ දේශපාලකයන් බව දසතින් ඇසේ. නමුත් ඒ දේශපාලකයන් කිසිවෙකු ව්‍යවස්ථා විරෝධීව එම බලය අත්පත් කරගෙන නැත. එසේ නම් ව්‍යවස්ථානුකූලව එහි සැබෑ වගකීම භාරගත  යුත්තේ කවරෙකුද […]

The post සෞභාග්‍ය කරා රට ගෙනයාමට විද්‍යාර්ථීන් වන අපට පැවරෙන ජාතික යුතුකම.. appeared first on විවරණ.

]]>

අපේ රට විනාශය කරා ගෙන ගොස් තිබීමේ ප්‍රධාන චූදිතයා වන්නේ මෙතෙක් රට කරවූ දේශපාලකයන් බව දසතින් ඇසේ. නමුත් ඒ දේශපාලකයන් කිසිවෙකු ව්‍යවස්ථා විරෝධීව එම බලය අත්පත් කරගෙන නැත. එසේ නම් ව්‍යවස්ථානුකූලව එහි සැබෑ වගකීම භාරගත  යුත්තේ කවරෙකුද යන්නත්, සෞභාග්‍යය කරා රට ගෙන යාමට විද්‍යාර්ථීන් වන අපට පැවරෙන ජාතික යුතුකම කුමක් ද යන්නත් මෙම කෙටි ලිපියෙන් විමසා බලමු.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අංක 3 විධිවිධාන අනුව මෙම ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත. එම විධිවිධාන ක්‍රියාත්මකවීමද භුක්තිවිඳීම ද  සිදු කරන ආකාරය 4 ව්‍යවස්ථාවේ (අ), (ආ), (ඇ), (ඈ), හා (ඉ)  යටතේ දක්වා ඇත. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, අධිකරණ බලයත් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරා පත් කරනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් බව එකී 4(අ) හා 4(ඇ) ව්‍යවස්ථා යටතේ ද, රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ  විධායක බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ජනතාව විසින් තෝරා පත් කරනු ලබන ජනාධිපතිවරයා විසින් බව එහි 4(ආ) ව්‍යවස්ථාව යටතේ ද දැක්වේ. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව මෙරට එම සම්පූර්ණ පාලන බලතල ක්‍රියාත්මක කරන එකී ජනතා නියෝජිතයන් පත්කරනුයේ ඡන්ද හිමිකම ඇති ඡන්දදායකයා විසින් මිස අන් කිසිවෙකු විසින් නොවේ. මෙරට ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නට සෘජුවම ඡන්දදායකයාට බලය පවරන එකම ව්‍යවස්ථාමය විධිවිධානය ජනමතවිචාරණය වන අතර එයට ඡන්දදායකයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය වුවද එය කෙටුම්පත් කිරීම, සම්මත කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණාත්මක බලධාරියා බවට පත්වන්නේ ජනතාව විසින් පත් කරනු ලබන ජනතා නියෝජිතයන් ම වේ. ඉහත කී කරුණු අනුව සනාථ වන්නේ මෙරට සෞභාග්‍යය හෝ විනාශය කරා ගෙන යාමේ ජනතා නියෝජිතයා තෝරා පත් කරන්නේ ඡන්දදායකයා වන බවය.

මෙරට ඡන්ද ඉතිහාස දෙස බලන කල යම් යම් ඡන්ද දූෂණ වරින්වර හා තැනින් තැන තිබුණ ද ඒ එකක් වත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයම උඩු යටිකුරු කරන තරම් බැරෑරුම් ඒවා ලෙස නොසැලකේ. ඒනිසා අද දක්වා ම මෙරට බලයට පත්වුනු සෑම පාර්ලිමේන්තුවක් ම මෙන්ම ජනාධිපතිවරයෙකුම තෝරා පත්කරගෙන ඇත්තේ මෙරට ඡන්දදායකයාගේ සමස්ත කැමැත්ත මත බව පෙනේ. කෙතරම් අයථා බලපෑම් ඡන්ද කූඩුවට පිටත දී  සිදුව තිබුණ ද ඡන්දදායකයාට තම ඡන්දය නිදහසේ ප්‍රකාශ කිරීමට ඡන්ද කූඩුව තුළදී අවහිරකම් සිදු වී ඇති බවක් නොකියැවෙන නිසා මෙතෙක් මෙරට ප්‍රකාශ කර ඇති ඡන්දයක් හෘද සාක්ෂියට පටහැණියයි සිතීම අපහසුය. එසේවුවද, අද මේ රටේ මෙම විනාශයට තල්ලුවී තිබීමට වගකිව යුතු වන්නේ ඡන්දදායකයා පමණකැයි කියා කීමට අප ඉක්මන් නොවිය යුතුව ඇත.

ජනතා නියෝජිතයන් පාලන බලය පැහැර ගත්තේ රවටන්නට බොරු පැවසීමෙන් ය. නැතහොත් නානාවිධ අයුතු බලපෑම් කිරීමෙන් හා තැබූ විශ්වාසය කඩකිරීමෙන්ය යන්න වෙනම කතාවකි. ජනතාව රැවටීමට ලක් වූයේ ඔවුන්ට ප්‍රමාණවත් දේශපාලන සාක්ෂරතාවක් නොතිබීම නිසායයි කීමද තවත් කතාවකි. නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය භුක්තිවිඳි උපාධිධාරීන් වන අපට එහිදී පැවැති හා පවතින වගකීම කුමක්ද යන කතාව අනෙකුත් කතාවලට වඩා අපේ හදවත්වලට කිඳා බැසිය යුතු වැදගත්ම කතාවයි. රටට සිදුව ඇති මහා විනාශයට අප කෙතෙක් දුරට වගකිව යුතුද යන්න මෙම ලිපියේ දැන් සලකා බලමු.

අප විද්‍යාර්ථීන් ලෙස ජනතාවට උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කර ඇති බව කියා අපගේ යුතුකම ඉටු කර ඇතැයි යමෙකු සිත හදාගන්නවා ඇත. සැබැවින් ම අප එකිනෙකා එක එක ප්‍රමාණයෙන් ජනතාවට සේවය කර ඇති බව ඇත්තකි. එනමුත් සැබෑව නම් පසුගිය දශක කීපය තුළ ම දවසින් දවස රට මහා අගාධයකට තල්ලු වී ගොස් රටේ බුන්වත් බව ලෝකයා  ඉදිරියේ සනාථ වි මුළු රටම අනාථ විමෙන් බේරා ගැනීමට අප කර තිබූ සේවයට යන්තම්වත් නොහැකි වූ බවය. වෙනත් වචනවලින් කිවහොත් නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය භුක්තිවිඳි උපාධිධාරීන් වන අපගේ දෑස් පෑදීමට වැයබර දැරූ ජනතාව මහා අගාධයකට තල්ලු වීම වැලැක්වීමට අපට තිබූ ජාතික යුතුකම අපගෙන් ගිලිහී ඇත. එනම් රටේ දිශානතිය තීරණය කරනුයේ ඡන්දය බවත්, ඡන්දයට කළ හැකි යහපත හෝ අයහපත කෙතරම් බරපතලද යන බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට ඇති  අපගේ යුතුකම, වගකීම හා බැඳීම අපගෙන් පසු ඉටු වී නැති බවය.

ඉහත දක්වන ලද පරිදි රට මුහුණ පා ඇති විනාශයේ තව තවත්  පතුලට ම යනවා ද නැතිනම් තිරසාර සෞභාග්‍යය උදාකර ගන්නවා ද යන්න තීරණය වන්නේ දේශපාලන සාක්ෂරතාව සහිත ඡන්දදායකයා ඡන්ද කූඩුවේ දී දක්වන ප්‍රතිචාරය අනුවය. මෙහිදී දේශපාලන සාක්ෂරතාවය යන්නෙන් සරලව අදහස් කරන්නේ තමා ඇතුළු ජනසමාජයේ පැවතෙමින් තිබුණු හා පැවතෙමින් තිබෙන අපගේ ජීවිතවලට අදාල වටපිටාව ගැන දැන ගැනීමට අත්‍යවශ්‍ය තොරතුරු අවබෝධකර ගැනීමත්, ඒ අවබෝධය පදනම් කරගෙන ඉදිරි අනාගත දේශපාලන  යුතුකම වටහා ගැනීමත් ය.

දේශපාලන වශයෙන් අප අද සම්බන්ධ වී සිටින සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ අඩු වැඩි වශයෙන් වැරදි රාශියක් ඇත. ඒ වැරදි නිවැරදි කරවීමට හැකි ජනතාවට දේශපාලන සාක්ෂරතාව ලබා දීමේ උචිතතම වගකීම දැරිය යුතු පාර්ශවකරු විය යුත්තේ විද්‍යාර්ථීයන් ය.  එය කළ යුත්තේ තම පෞද්ගලික පක්ෂ දේශපාලන මතය ඡන්දදායකයන්ට කාවැද්දීමෙන් නොව ඒ ඒ දේශපාලන පක්ෂවලට බලකළ හැකි අයුරින් ඡන්දදායකයන්ට දේශපාලන  සාක්ෂරතාව අපක්ෂපාතී ව ලබා දීමෙනි.

පාලන බලතල ලබාගැනීම පිණිස ක්‍රියාත්මක වන මෙරට සෑම දේශපාලන පක්ෂයකම පාහේ තම පක්ෂය ක්‍රියාවට නැංවීමට  ප්‍රකාශ කරන ප්‍රතිපත්ති සකසාලීම කර ඇත්තේ එම පක්ෂයේ බලධාරීන් විසින් මිස එම පක්ෂය ගැන උනන්දුවක් හා දේශපාලන සාක්ෂරතාව ඇති පාක්ෂිකයා විසින් නොවේ. අද සිදුවනුයේ තම දේශපාලන පක්ෂය තීරණය කරන පක්ෂ ප්‍රතිපත්තිවලට කිසිදු විරෝධතාවක් නොදක්වා කීකරු අනුගාමිකයන් බවට පාක්ෂිකයා පත්වීමය. එනම් වලිගය විසින් බල්ලා නැටවීමය. තම පක්ෂය නිවැරදි මාවතට ගැනීමට ඡන්දදායකයන්ට ශක්තිය ලැබෙන්නේ ඔවුන්ට දේශපාලන සාක්ෂරතාව ලැබීම මගිනි.

බොහෝ ඡන්දදායකයෝ එක් එක් ඡන්ද විමසීමේ අරමුණු හා ප්‍රතිඵල එයටම විශේෂිත වන බව නොදනිති. පාර්ලිමෙන්තු මැතිවරණයක ප්‍රතිඵලවලින් සනාථ කෙරෙනුයේ පාර්ලිමේන්තුව විසින් නීතිය බවට සම්මත  කරනු ලබන වඩාත්ම ජනතාව අනුමත කරන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක්ද යන්නය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, ජනතාවගේ අධිකරණ බලයත් ක්‍රියාත්මක කළ යුතු ආකාරය දක්වන ජාතික ප්‍රතිපත්ති රාමුව බවට එය පත් වෙන බව පාක්ෂිකයා විසින් වටහා ගත යුතුය.

ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු වන ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරණය ගැනද බොහෝ ඡන්දදායකයන්ට මෙන්ම දේශපාලකයනටද ඇත්තේ නිවැරදි අවබෝධයක් නොවේ. අද වේදිකාවේත්, සෑම මාධ්‍ය සාකච්ඡාවලත් තෝරා පත්කර  ගතයුතු ජනාධිපතිවරයාගේ උච්චානුවිතභාවය ගැන බර තබන්නේ ජනාධිපතිවරයාට අදාල ව්‍යවස්ථානුකූල කාර්යභාරය වන ‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු’ ආකාරය නොව පාර්ලිමේන්තුවට අදාළ ව්‍යවස්ථානුකූල  කාර්යභාරය වන පාර්ලිමේන්තුව විසින් නීතිය බවට සම්මත කරනු ලබන ජාතික ප්‍රතිපත්ති රාමුව හා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය අනුවය. එනමුත් ජනාධිපතිවරණයක ප්‍රතිඵලවලින් ජනතාව සනාථ කළයුතුවන්නේ රටේ රාජ්‍ය පාලනය නිරිපාක්ෂිකව මෙන්ම කිසිදු ජාතියකට, භාෂාවකට, ආගමකට, කුලයකට, ජන කණ්ඩායමකට අගතියක් සිදු නොවන පරිදි ඉතාම සාධාරණව හා සාර්ථකව ක්‍රියාත්මක  කිරීමට හැකි අය ලෙස ජනතාව තෝරා  පත් කරන අය කවුරු ද යන්නයි. දේශපාලන සාක්ෂරතාව නොමැති බොහෝ ඡන්දදායකයන් රටේ එක් එක් විෂයට අදාල ජාතික ප්‍රතිපත්තිය තීරණය කිරීමට ජනාධිපතිවරයාට බලවරමක් ඇතැයි සිතුවද පාර්ලිමේන්තුව අනුමත කරන ජාතික ප්‍රතිපත්ති සාධාරණ ව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මිස, තමන්ට කැමති ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට බලය ලබාදෙන කිසිම ව්‍යවස්ථාමය විධිවිධානයක් දැනට නැත. විධායකයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් රජය පාලනය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ ව පමණක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලය ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයක් තමාට අභිමත පරිදි හැසිරවීමට හැකි අවස්ථාවල ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හැකියාවක් ආරෝපණය වේ. එනමුත් එය ව්‍යවස්ථාමය බලය පැවරීමක් නොවන බව අප අමතක නොකළයුතුව ඇත. පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම්වල අරමුණ වන්නේ එම ප්‍රදේශයට සීමිත වන පරිදි සේවා සැලසීම මිස ජාතික ප්‍රතිපත්තිමය කරුණුවලට මැදිහත් නොවීම බවද ඡන්දදායකයාට අවබෝධකරවීමට අප ඔවුන්ට සහාය විය යුතුය.

මෙබඳු කරුණු ගැන දේශපාලන සාක්ෂරතාව ඡන්දදායකයාට නොමැති පසුබිමක දී රට අයාලේ යාම වැළැක්වීමට නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය භුක්තිවිඳි උපාධිධාරීන් ලෙස අප කළ යුත්තේ කුමක් ද යන්න දැන් සාකච්ඡා  කරමු. ඉහත සඳහන් කළ ලෙසින් ම ජනතාවට දේශපාලන සාක්ෂාරතාව ලබාදීම තනි තනි පුද්ගලයන් ලෙස අපට  කිසිදා නිම කළ නොහැකි  කාර්යයක් වනු ඇත. එනිසා අප විසින් කළයුතුව ඇත්තේ උපාධිධාරීන් ලෙස තම තමන් සම්බන්ධ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සමිති සංවිධානවලට හැකි පමණින් ගොනුවීමත්, එම සමිති සංවිධානවල අරමුණු හා අභිමතාර්ථවලට නිදහස් අධ්‍යාපනයේ  ප්‍රතිලාභීන්ලෙස ජනතාවට තිරසාර සුගතියක් මිස අගතියක් සිදු නොවන පරිදි දේශපාලන සාක්ෂරතාව ඡන්දදායකයාට ලබාදීමටත් ක්‍රියා කිරීම ඇතුළත් කරවීමයි.

The post සෞභාග්‍ය කරා රට ගෙනයාමට විද්‍යාර්ථීන් වන අපට පැවරෙන ජාතික යුතුකම.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%9e%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80/feed/ 0
තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි.. https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/#respond Sun, 02 Mar 2025 08:49:25 +0000 https://vivaranalk.com/?p=12691 සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය. එදා නව හැවිරිදි කුඩා කොලු ගැටයෙකුද ආණ්ඩුකාර උතුමාණන් වූ සොල්බරි සාමිවරයා ඉදිරියේ සිය ප්‍රතිභාව දක්වන්නට කරළියට පිළිපන්නේ ය. ඒ […]

The post තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි.. appeared first on විවරණ.

]]>
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය. එදා නව හැවිරිදි කුඩා කොලු ගැටයෙකුද ආණ්ඩුකාර උතුමාණන් වූ සොල්බරි සාමිවරයා ඉදිරියේ සිය ප්‍රතිභාව දක්වන්නට කරළියට පිළිපන්නේ ය. ඒ උඩැක්කිය වයමිනි. පොල්වත්තේ ගෙදර ගුණයා සහ සිරිපිනාගේ තුන්වැනි පිරිමි දරුවා වූ මේ කොලුවා පීටර් සූරසේන ය. ඔහුට මහනුවර, හඟුරන්කෙත හා කොත්මලේ බලි ඇදුරු පරම්පරාවල ලේ උරුමය තිබුණේ ය. ඒ ලේ උරුමය ද සමග 1940 ජනවාරි 13 වැනිදා  මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන  හත් හැවිරිදි වියේ දී නර්තනය හැදෑරීමට යොමු ව දොළොස් වසකට පසු දෙගල්දොරුව රජ මහා විහාරස්ථානයේ දී නැකතට වෙස් බැඳ කලඑළි බසින්නේ කෙළ පැමිණි නර්තනාචාර්යවරයෙකු වන ලකුණු ද සමග ය.

පීටර් සූරසේන

1947 අවුරුද්ද පීටර් සූරසේනයන්ට කදිමට මතකය.

පීටර් සූරසේනයන් නැටුම් කලාව හදාරන්නට දණ්ඩියමට ඉන්නේද ශාස්ත්‍රානූකූලව නැකතට සිරිතටය.  නැටුම් හදාරන්නට සුරඹා ගුරුන්නාන්සේ බැහැ දකින්නට එදා ගියේ හාල් පොල් කදක් බැඳ ගෙන, කැවුම් කිරිබත් උයා ගෙන, බුලත් දුම්කොළ හුරුලු ඔතා ගෙනය.

පීටර් සූරසේනයන්ගේ මතක පොතේ පිටු පෙරළෙන්නේ එලෙසය. 

එවක අමුණුගම නැටුම් පරම්පරාව මෙන්ම ප්‍රමුඛයෝ වූ තිත්තපජ්ජල, නිත්තවෙල හා රන්ගම යන නැටුම් පරම්පරා ත්‍රිත්වයෙහි ශාස්ත්‍රීය රහස් ද දොළොස් වසක් මුළුල්ලේ ලද පුහුණුව අතරතුර හදාරන්නට සූරසේනයන්ට ඉඩ ප්‍රස්ථාව හිමි විය.  ඒ දෙටු ශිල්පී අමුණුගම සුරඹා ගුරු දේවයන්ගේ ඇරයුම හෙයින් එතුමන්ගේ කලාශ්‍රමය වන මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩල කලායතනයට සපැමිණි එම පරම්පරාවල ශිල්පීන් සිය දැනුමද සූරසේන ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍යයන් වෙත පිරිනැමූ හෙයිනි. 

පීටර් සූරසේන කලාකරුවා පවසන්නේ ය. සිය සිසුන් අතර සිටි අතිදක්ෂයා වූ පීටර් සූරසේනයන්ට  තමන්ගේ ම දරුවෙකු තරමට ආදරයෙන් සළකන්නට සුරඹා ගුරුන්නාන්සේ පුරුදුව සිටියේ ය.  දිනක් කිසියම් දඟ කවටකමකට තරවටුවක් ලෙස සූරසේනයන්ට පහරක් ගැසූ සුරඹා ගුරුන්නාන්සේ “..අද මම පීටර්ට පාරක් ගැහුවා..” යැයි කියමින් සිය නිවසේ දී බොහෝ සෙයින් පසු තැවුණු බව සුරඹා දියණිය ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ පසුකලෙක පැවසුවා ය. ඒ කලායතන හෝ රංග භූමි දුලබ කලකි. එම නිසා උඩරට පාරම්පරික නැටුමට හිතැති විදේශීයයන් පවා නැටුම් බලන්නට ආවේ සුරඹා ගුරුන්නාන්සේගේ මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩල කලායතනයටයි. එහි සිටි අතිදක්ෂ නර්තන හදාරන්නෙකු වූ පීටර් සූරසේනයන් දඬුවමට ලක් වූයේ විදෙස් නරඹන්නන් වෙනුවෙන් නෘත්‍ය පෙළහර පාන්නට වේදිකාවට මිනිත්තු කිහිපයක පමාවෙන් පිවිසීම නිසාය. ඒ නර්තන ආයිත්තම් හා වස්ත්‍ර පළඳන්නට වූ පමාවෙනි. කෙසේ වූවද එදා නිවෙසට ගිය සුරඹා ගුරුන්නාන්සේ මගේ දරුවන්ටත් වඩා ආදරේ ගෝලයාට පාරක් ගහන්නට වුණා යැයි කියමින් දුක් වූ බව පැවසේ. 

කෙමෙන් නැටුමෙන් සුහුඹුලෙකු වූ සිය ශිෂ්‍ය පීටර් සූරසේනයන් දළදා පෙරහැරේ නර්තනයට කැඳවා ගෙන යන්නටද සුරඹා ගුරුන්නාන්සේ කටයුතු කළේය.  සූරසේනයන්ට පෙරහැරේ නටන්නට බෙර වාදනය කළේ සුරඹා ගුරුන්නාන්සේය. පෙරහැරේ නැටුමෙන් ද පරිණත වූ ඔහු තිසරණය අබිමුව දෙගල්දොරුවේ පන්සලේදී වෙස් බඳිද්දී නිත්තවෙල ගුණයා, නිත්තවෙල උක්කුවා, ශ්‍රී ජයනා, තිත්තපජ්ජල සුරඹා සහ රන්ගම ගුණමලා ඇතුළු මහා නර්තන ශිල්පීන් පැමිණ ආශිර්වාද කළ බව පැවසේ. ඒ මගුල් බෙර වයා ආශිර්වාද ස්තෝත්‍ර ගායනා කිරීමෙනි.  එදා සිය හිස මත ජටාව බැඳ වෙස් තට්ටුව පළඳා එවේලේ ගුරු පුද දී වරම් ලද්දේ මුළු මහත් දිවියම නැටුම් කලාව වෙනුවෙන් කැප කරන්නට බව පීටර් සූරසේන සිතයි.

උඩරට පාරම්පරික නර්තනවේදීන් අතර අතිශය කඩවසම් ශිල්පියා වූ සිය දෙටු සොයුරු හීන්බබා ධර්මසිරිද සිය දිවිය ඔපවත් කළ බව පීටර් සූරසේනයන් පවසයි. සැබවින්ම සූරසේනයන් මහනුවර සිට කොළඹට ආවේ හීන්බබා ධර්මසිරි නිසාය.  සොයුරු ධර්මසිරි නිසා මෙරට මුල්ම රාජ්‍ය නැටුම් කණ්ඩායමටද ඇතුළත් වීමේ අවකාශය ලද සූරසේනයෝ 1956 දී ගිය ඉන්දීය සංචාරයට පණිභාරත සහ අමරදේවද එක් ව සිටි බව පැවසේ.  හීන්බබා ධර්මසිරි නර්තන ශිල්පියා එකල කොළඹ ප්‍රභූ සමාජයේ දූ පුතුන්ට නර්තනය ඉගැන්වූ ආචාර්යවරයාද විය. සිය දිවියේ 56 වැනි වියට එළඹ තිබියදී 1978 දී සිදු වූ ඔහුගේ හදිසි අභාවයෙන් ඒ ආචාර්ය භූමිකාව හිස් විය.  එබැවින් එතැන් සිට හීන්බබා ධර්මසිරි ශිල්පියා ශිල්ප දුන් ප්‍රභූ පවුල්වල දරුවන්ට නැටුම් උගන්වන්නට සිදු වූයේද පීටර් සූරසේනයන්ට ය. බණ්ඩාරනායක දියණියන් වන චන්ද්‍රිකා හා සුනේත්‍රාටත්, ප්‍රභූ පැළැන්තියේ සිසිලියා කොතලාවලටත් නැටුම් ඉගැන්වීම නිර්ප්‍රභූ පීටර් සූරසේනට පැවරුණේ එහෙයිනි.

පසුකලෙක නර්තන ආචාර්යවරයෙකු ලෙස පාසල් කිහිපයක සේවය කළ පීටර් සූරසේනයෝ ගුරු දිවියට සමු දුන්නේ 1993 වසරේදීය.  සූරසේනයන්ගේ ජීවිතයේ අමරණීය අවස්ථා කිහිපය අතර ප්‍රමුඛ වන්නේ ඇමරිකාවේ සුප්‍රකට කානගී රංග ශාලාවේ උඩරට නර්තන ප්‍රසංගයකට සහභාගී වීමයි. ඊට හීන්බබා ධර්මසිරි හා සිසිලියා කොතලාවලද එක්ව සිටියහ.  පසුකලෙක ප්‍රකට ශිල්පී චිත්‍රසේනයන් සමග ලන්ඩනයේ ඇල්බට් ශාලාවේ නටන්නට ලැබීමද පීටර් සූරසේනයන් ලද මහඟු අවස්ථාවකි.  මේ වනවිට හෙතෙම විදෙස් රටවල් 48ක උඩරට නර්තන දැකුම් පවත්වා ඇත.

සුසන්ත සූරසේන

සූරසේනයෝ ශිෂ්‍යයෙකුව සිටි සමයේ දළඳා පෙරහැරේ නැටුවේ අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගේ උඩැක්කි පංගුවේ ය. පසුකලෙක ඔහු නැටුවේ දළදා පෙරහැරේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ලෙසිනි.  ඒ නැටුමෙන් තිස්පස් වතාවක් මහනුවර දළදා පෙරහැරේ විශිෂ්ටතම වෙස් නැටුම් ශිල්පියා ලෙස ජනාධිපති සම්මාන ලබන්නට තරම් ඔහු පොහොසත් විය.  වෙස් ඇඳුමෙන් සැරසුණු ශිල්පියෙකු අලංකාරවත් කරන නිසං සඟල මනාව පැළඳි නැට්ටුවෙකු ලෙස ප්‍රකට සූරසේනයෝ නිත්තවෙල ගුණයා ගුරුතුමා නිර්මාණය කළ සමනල වන්නම වඩා අලංකාරවත් වියමනක් බවට පත් කර නටන්නට සුහුරු එකම ශිල්පියා ද වේ.  එහෙයින්ම බටර්ෆ්ලයි ඩාන්සර් ලෙස ලෝ පතල වූ මේ මහා කලාකරුවා ජපානය වැනි රටවල උඩරට නර්තන කලාවේ ශේෂ පත්‍රය ලියන්නට කැප වූ කිහිප දෙනා අතර නියමුවෙකු බවද නොකියාම බැරිය.

රටක් වටින උඩරට නැටුම ජපානයේ ශිල්ප දැක්වනු වස් සිය දෙටු පුත් ජනාධිපති සම්මානලාභී සුසන්ත සූරසේනට පවරා මහා නර්තන ශිල්පී පීටර් සූරසේන අද සිය අවසන් හුස්ම මහනුවර අහස්ගැබට මුසු කොට නික්ම ගොස් ඇත. අදින් පසු දළඳා පෙරහැරට ඉසිලිය නොහැකි පාඩුවක් දැනෙන මේ කලාකරුවා අහිමිවීම රාජරාජමහාමාත්‍යාදීන් දන්නේ දැයි අප දන්නේ නැත.

The post තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/feed/ 0
අතුරුදහන් කළ ප්‍රගීත්ට යුක්තිය ඉටුවන්නේ කවදාද ? https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a%e0%b6%a7-%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a%e0%b6%a7-%e0%b6%ba/#respond Mon, 24 Feb 2025 06:54:11 +0000 https://vivaranalk.com/?p=12667 මාධ්‍ය වාර්තාකරණය හේතුවෙන් ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉටුකරන ලෙස අදාළ පාර්ශවයන්ට බලකරන “කළු ජනවාරිය” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය විසින් සංවිධානය කරන ලද වැඩසටහන 2025 ජනවාරි 31 වන දා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහනට සමගාමීව […]

The post අතුරුදහන් කළ ප්‍රගීත්ට යුක්තිය ඉටුවන්නේ කවදාද ? appeared first on විවරණ.

]]>
මාධ්‍ය වාර්තාකරණය හේතුවෙන් ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉටුකරන ලෙස අදාළ පාර්ශවයන්ට බලකරන “කළු ජනවාරිය” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය විසින් සංවිධානය කරන ලද වැඩසටහන 2025 ජනවාරි 31 වන දා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහනට සමගාමීව මෙරට ජනමාධ්‍යට එරෙහිව සිදු වූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් දැනට මාධ්‍යකරණයේ නියුතුව සිටින මාධ්‍යවේදීන් විසින් ලියන ලද ලිපි පෙළක, අතුරුදහන් කිරිමට  ලක්වූ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදනී  දිලීෂා අබේසුන්දර ගේ පර්යේෂණාත්මක ලිපියකි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට (දෙසැම්බර් 10) දින 5432ක් ගත වී තිබේ. ප්‍රගීත්ට යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් අඛණ්ඩ අරගලයක නිරත වන්නීය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවේ දැන් බොහෝ දෙනෙකුට ප්‍රගීත්ව අමතක වී ගොස් ඇති බව සිහිපත් කරමින්.

සන්ධ්‍යා ජීවත් වන නිවසේ ප්‍රගීත්ව මතකයට නැගෙන සිහිවටන රාශියකි. එහෙත් එම සිහිවටනවලට පණ පොවන්නට කිසිවෙකුටත් නොහැකි වී තිබේ. සන්ධ්‍යාට, ප්‍රගීත්ගේ ජීවමාන සංකේත දෙක වූයේ පුතුන් දෙදෙනායි. පුතුන් දෙදෙනාව තම ලයෙහි හොවා ගැනීමට තරම්වත් ඉඩක් ඉතුරු නොකොට සත් සමුදුරින් එහාට රැගෙන ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනාද මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වීමෙන් වළක්වා ගැනීම සඳහායි.

ඇය හුදෙකලා අරගලයක නිරත වෙමින් ප්‍රගීත් සහ සිය පවුල වෙනුවෙන් නීතියේ සාධාරණත්වය තවමත් අපේක්ෂා කරන්නීය.

කෙසේ වුවත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හෝ නඩු කටයුතු තවමත් පවතින්නේ සාධාරණය ඉටුවේ යයි අපේක්ෂාවක සේයාවකුදු නොමැති තැනකය. රාජ්‍ය හස්තයේ මෙහෙයවීමෙන් දිගින් දිගටම එල්ල වූ බාධා කිරීම් හමුවේ ප්‍රගීත්ව අතුරුදන් කළ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන අතර ඔවුන්ට එරෙහිව නීතිය ඉදිරියට යමින් පවතින්නේ බාධා කම්කටොලු මධ්‍යයේය.

ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගිරිතලේට රැගෙන යමින් සිටියදී පැහැර ගැනීම සිදු කළ බව කියන විත්තිකරුවන් විසින් ලබාගෙන ඇති දුරකථන ඇමතුම් පිළිබඳව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ සාක්ෂි මෙහෙයවීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.  ඒ අනුව නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින පෞද්ගලික දුරකථන සමාගම් දෙකක නියෝජිතයින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ඔක්තෝබර් 28 වැනිදා ආරම්භ විය.

එම දුරකථන ඇමතුම් හරහා ප්‍රගීත් ගිරිතලේට රැගෙන ගියේ කවුරුන් විසින්ද, අතරමගදී දුරකථනයෙන් සම්බන්ධ වූයේ කාත් සමගද සහ එසේ සම්බන්ධ වූවන්ගේ දුරකථන විස්තර පිළිබඳව අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ. මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු අනුව ප්‍රගීත් එක්නැලිගොඩව ගිරිතලේ හමුදා කඳවුරේ සිට අක්කරෙයිපත්තුව දක්වා රැගෙන ගොස් ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රථම වරට පැහැර ගැනීමට ලක් වූයේ 2009 වසරේ අගෝස්තු 27 වැනිදා ය. පැහැරගත් කණ්ඩායම ඔහුව පැහැරගෙන ගොස් තිබුනේ ලියුම් කවරයක තිබූ අත් අකුරු ඔහුගේදැයි සැක හැර දැනගැනීම සඳහා බව පසුව වාර්තා විය. වැරදි පුද්ගලයෙක්ව පැහැරගෙන ඇති බව පවසමින් දිනකට පසුව ඔහුව අතුරුගිරිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබුණි. තමාව පැහැරගෙන ගොස් පැය ගණනක් රඳවා තබාගෙන සිට මුදා හැරුණු බවට ප්‍රගීත් එක්නැලිගොඩ හෝමාගම පොලිසියට පැමිණිලි කළේය.

ප්‍රගීත් එක්නැලිගො

2010 ජනවාරි 24 – 27 අතර ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී දෙවැනි වරටත් ඔහුව පැහැර ගැනීමට ලක් වේ. මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේ ඔහුගේ මිතුරන් හෝ පවුල නොදන්නා යම්කිසි අයකු හමුවීමට යමින් සිටියදී ය. අතුරුදන් වූ දිනයේ ප්‍රගීත් උදෑසනම නිවසින් පිටත්ව ගොස් ඇති අතර, රාත්‍රී 9.30 වන තෙක්ම ආපසු පැමිණ තිබුණේ නැත. මීට පෙරද පැහැර ගැනීමකට ලක්ව තිබූ හෙයින්, ප්‍රගීත් රාත්‍රියේ එම වේලාව වන විට ගෙදර නොඑන්නේ නම් ඔහුට දුරකථනයෙන් අමතන සිරිතක් ඔහුගේ බිරිඳ සන්ධ්‍යාට විය. ඒ, ඔහු කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ ද හෝ ඔහු සිටින්නේ නිවසට ළඟපාත ද නැතිනම් දුරකදැයි දැන ගැනීමට ය. 24 වැනිදා මුළු රාත්‍රිය පුරාම සන්ධ්‍යා සෑම පැය භාගයකටම වරක් ඔහුගේ ජංගම දුරකථන දෙකටම ඇමතීමට උත්සාහ කළා ය. නමුත් අසන්නට ලැබුණේ ඔහුගේ ජංගම දුරකථනය විසන්ධි කර ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ හෝමාගම පොලිසියට පැමිණිලි කළ අතර අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කිරීමටද පියවර ගත්තාය.

හබයාස් කෝපුස් යනු නීති විරෝධීව රඳවාගෙන සිටින පුද්ගලයෙක් නීතිය ඉදිරියට පමුණුවන ලෙස කරන ඉල්ලීමකී. මෙය අනීතිකව රඳවාගෙන සිටින පුද්ගලයාට හෝ ඔහුගේ සමීපතමයෙකුට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැක. ප්‍රගීත් සම්බන්ධයෙන් එම නඩු විභාගය සිදු කෙරෙන්නේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. එම පැමිණිල්ලට අනුව හෝමාගම පොලීසිය විසින් බී වාර්තාවක් ගොනු කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. පළමු පැහැර ගැනීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුනේ නැත. හබයාස් කෝපුස් නඩුවේ මුලින්ම සාක්ෂි ලබා දුන්නේ එක්නැලිගොඩ මහත්මියයි.

අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත්වන බව, එවකට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 2013 වසරේදීය. ප්‍රංශයේ ජීවත්වන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන මහතාගේ නිවසේදී ඔහුව තමාට  මුණගැසුණු බව ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවෙන් පරිබාහිරවත් මේ ප්‍රකාශය සිදුකිරීම නිසා ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි සඳහා අරුන්දික ප්‍රනාන්දු කැඳවනු ලැබිණි. එහෙත් ප්‍රගීත් විදේශගතව සිටින බව සනාථ කිරීමට ඔහු අපොහොසත් වූයේය. ඔහු විසින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් වෙඩිවර්ධන මහතා කියා සිටියේ විදේශගත වීමෙන් පසුව අරුන්දික ප්‍රනාන්දු කිසිම අවස්ථාවක තමාට මුණ ගැසී නොමැති බවය.

මොහාන් පීරිස්

ඒ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට කැඳවූ අවස්ථාවේදී මොහාන් පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් මුළුල්ලේ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සිටිනා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි. එක්නැලිගොඩ තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ප්‍රකාශ නොකළ බවද එහිදී ඔහු පවසා ඇත.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි අජිත් පී. පෙරේරා මහතා 2013 වසරේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පාර්ලිමේන්තුවට ලිපියක් එවමින් ප්‍රකාශ කර තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩව සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ලංකාවෙන් පිටතට රැගෙන ගිය බවට තොරතුරු ඇති බවයි. ඔහුද හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා කැඳවූ අතර සාක්ෂි ලබා දෙමින් හෙතෙම ප්‍රකාශ කළේ ලද තොරතුරු මත එම ප්‍රකාශය සිදු කළ බවත් ඉන් එහාට යමක් කීමට නොහැකි බවත්ය. 2015 වසරේ අගෝස්තු මාසය දක්වා හබයාස් කෝපුස් නඩුව විත්තිකාරයෙක් හෝ සැකකාරයෙක් නොමැතිව එනම් වගකිව යුතු පාර්ශවයක් නොමැතිව පවත්වාගෙන යන ලදි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි

2016 ජනවාරි 25 වැනිදා ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගෙන අවසන් වූ පසුව අධිකරණ භූමියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදී තර්ජන සිදු කළේය. පසුව හෝමාගම පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ අංක 386 හා අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බියගැන්වීම යන චෝදනාවලට නඩු පවරන ලදි. අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඥානසාර හිමි වැරදිකරු ලෙස තීන්දු කෙරුණී.

2018 වසරේ ජූනි මස 14 වැනිදා ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6ක සිරදඬුවම් නියම විය. එසේම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 වන්දි මුදලක් සහ දඩ මුදල් ලෙස රජයට රුපියල් 1500 ක මුදලක්ද ගෙවිය යුතු බවට නියෝග කෙරුණි. ඉන් දින 8කට පසුව ඥානසාර හිමියන් විසින් සිදුකළ අභියාචනයක් සලකා බැලීමෙන් පසු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඥානසාර හිමිට ඇප ලබාදුන් අතර එම ඇප මත සිටිය දී නැවත වරක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19ක සිර දඩුවමක් වසර 06කින් ගෙවී යන පරිදි නියම කළේය.

2019 මැයි මස 23 වැනිදා එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දුන් අතර ජනාධිපතිවරයාගේ එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව පවසමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොණු කළාය.

2019 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මෙම නඩුවේ විභාගය ආරම්භ විය. එදින මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් අතර ඉන් අනතුරුව සාක්ෂි විභාගය ආරම්භ විය. 2020 සැප්තැම්බර් 20 වැනිදා නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩගේ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කෙරුණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය. 2015 ජනවාරි 08 දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම එම කොමිෂන් සභාවට පැවරී තිබූ රාජකාරිය විය.

එහෙත් මෙම කොමිෂන් සභාව මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කළු පැල්ලමක් එක් කරමින් බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ඒ වන විට උසාවියේ විභාග වෙමින් පැවැති හමුදා නිලධාරීන්ට එරෙහි බොහොමයක් නඩු ඉවත් කර ගැනීමට නිර්දේශ කළේය.

හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සහ ශම්මි කුමාරද මෙම කොමිසම හමුවේ තමන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව පවසමින් පැමිණිලි ඉදිරිපත් කළහ. පැමිණිල්ල විභාග කිරීම සඳහා රන්බණ්ඩාට සිතාසිය ලැබුණු අවස්ථාවේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේය. ඒත් පිළිබඳව විරෝධය පළ කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණයට වඩා ඉහළ තැනක හැරෙන්නට වෙනත් තැනක සාක්ෂි ලබා දිය නොහැකි බව ත්‍රිපුද්ගල මහාධිකරණ  විනිසුරුවරු සඳහන් කළහ. මහාධිකරණ විනිසුරුන්ගේ තීරණය ජනාධිපති කොමිෂන් සභාව වෙත දැනුම් දීමට එහි ගිය අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන්ගේ තීරණය අභිබවා යමින් රන්බණ්ඩාගෙන් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කළේය. එහිදී රන්බණ්ඩා, අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේ සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් බව සඳහන් කර තිබුණි. ඔවුන් සඳහන් කරන ආකාරයේ ප්‍රකාශයක් ලබා දුනහොත් තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලපෑම් කිරීම නිසා තමා පොලිසියට එවැනි ප්‍රකාශයක් ලබා දුන් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය. පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවකු වන හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් (මුරලි) නමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදෙමින්, තමා ගිරිතලේ කඳවුරේ සිටියදී ප්‍රගීත් එක්නැලිගොඩ එහි සිටි බවට ප්‍රකාශයක් ලබාදී තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙය වීමේදී සාක්ෂිකාර සුරේෂ් කුමාර් නමැත්තා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ බලපෑම් හේතුවෙන් තමා මෙවැනි ප්‍රකාශයක් කළ බව ය. අත්අඩංගුවේ පසුවන තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට තමන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ ලබාදුන් බවත් එම සාක්ෂිකරු ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

ශානි අබේසේකර

ඒ අනුව චූදිතයින් අධිකරණය ඉදිරිය ලබාදුන් සාක්ෂිය සහ ජනාධිපති කොමිෂන් සභාවේ හමුවේ සිදුකළ පාපොච්චාරණය අතර විශාල පරස්පරයක් දක්නට ලැබුණි. ඉන් අනතුරුව සාක්ෂිකරුවන් දෙදෙනා පැමිණිල්ලට අවාසිදායක ලෙස සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔවුන් අගතිදායක සාක්ෂිකරුවන් වශයෙන් නම් කොට ඔවුන්ට එරෙහිව “සාවද්‍ය සාක්ෂි” ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.

දේශපාලන පළිගැනීම් සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසම පිටු 150 ක් ඉක්ම වූ දිර්ඝ වාර්තාවක් ලියමින් ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම සහ අතුරුදහන් කිරීම පිළිබඳ නඩුවෙහි සැකකරුවන් සියලු දෙනා,  නිදහස් කළ යුතු බවටත්, බොරු නඩුවක් ගෙතීම සම්බන්ධයෙන් ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු පැවරිය යුතු බවටත් නිර්දේශ කළේය.

එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව හමුදා භටයන් හා නිලධාරීන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ පාලක පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් ආදීන්ට එරෙහිව ගොනු කර ඇති නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළේය. අගමැති යෝජනාව පාර්ලිමේන්තුවට එන්නේ කොමිසමේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 ජනවාරි 15 වන දින අමාත්‍ය මණ්ඩලයට කර තිබූ නියමයක් පරිදිය.

සාජන් රන්බණ්ඩා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට තර්ජනය කළ නිසා ප්‍රගීත් එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කළ බව ප්‍රකාශ කළ බවයි. එසේ නම් ඒ පිළිබඳව අධිකරණ හමුවේ සාක්ෂි දීමට නීතිපති දෙපාර්තමේන්තුව මෙම අපරාධයේ  ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කැඳවූයේ නැත්තේ ඇයිද යන්න ගැටලුවකි. නඩුවට පාදක වන විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියෙකු මෙම නඩුවේ සාක්‍ෂියක් ලෙස නම් කර නොමැති බව අගතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වරක් අධිකරණයේ අවධානයට යොමු කර සිටියේය.

ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ අපරාධයේ සත්‍ය අනාවරණය වීමට එරෙහිව එල්ල වූ බාධා කිහිපයකි. නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවේ අධිචෝදනා ඉදිරිපත් නොකර අනවශ්‍ය කාලයක් නඩුව තබාගෙන සිටීම එක් හේතුවකි. අනෙක් කරුණ වන්නේ එම ප්‍රමාදයත් සමඟ ඇතිවන බල පෙරළියයි. එනම් අලුතින් බලයට පත්වන රජය මැදිහත් වෙමින් මෙම විත්තිකරුවන් නිදහස් කර ගැනීමට හැකිවන අන්දමේ වාතාවරණයක් සකස් කරනු ලැබීය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හරහා සිදු වූයේ එයයි. ජනාධිපති කොමිෂන් සභාව පවතින නීතිය අභිබවා යමින් කටයුතු කිරීම පැහැදිලිවම දක්නට ලැබුණි. අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩු කිහිපයක් නිෂ්ප්‍රභ කිරීමට කොමිසම මගින් යෝජනා කර තිබුණි. එපමණක් නොව, කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නඩුවල, විමර්ශන නිලධාරීන්, නීතීඥවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සාක්ෂිකරුවන් හා වෙනත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද යෝජනා ඉදිරිපත් විය. කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මුල් කාර්යයන් අතරින් එකක් වන්නේ, කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබුණු නඩු සම්බන්ධ විමර්ශන හා විභාගයන් නැවැත්වීමට කටයුතු කිරීමයි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව ද ඒ අතර විය.

සමස්තයක් ලෙස ගත් කල, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට එකකට පසු එකක් බලයට පත්වූ ආණ්ඩු සමත් වී නැත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී අපරාධවලට මුහුණ දුන් ජනමාධ්‍යවේදීන්ට යුක්තිය නොවුනා පමණක් නොව අපරාධකරුවන් දණ්ඩ මුක්තියට යටත් කිරීමටද පියවර ගැණුනි. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හරහා අමානුෂීය ඝාතන ඇතුළු අපරාධවල කුණු සෝදා හැරීමට පියවර ගැනුනේ කිසිදු හිරිකිතයකින් තොරවය. එමගින් රාජ්‍යය විසින් සිදු කරනු ලබන අපරාධවලට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉවතට ගමන් කෙරුණි. මේ සියල්ලෙහිම වින්දිතයා බවට අවසානයේ පත්ව තිබෙන්නේ එක්නැලිගොඩ පවුලේ උදවියයි.

ලංකාවේ අපරාධ නඩුවල ඇති ඔප්පු කිරීමේ භාරය ඉතාම සම්ප්‍රදායික නඩුවක් ඔප්පු කිරීමට තිබෙන භාරයයි. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසන්නේ මෙවැනි සුවිශේෂී නඩුවකදී විශේෂයෙන්ම රාජ්‍ය බලය මැදිහත් වූ අපරාධ නඩුවල ස්වභාවයෙන්ම පවතින සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ඔප්පු කිරීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ අපරාධකරුවන්ට දඬුවම් කිරීම සිදු කළ නොහැකි බවයි. මන්ද එම අපරාධය සිදුකර තිබෙන්නේම නීතියේ දැලින් එය වසා ගත හැකි අන්දමටය. එම නිසා මෙවැනි නඩු සමග ගනුදෙනු කිරීමට සිදු වන්නේ ලංකාවේ අපරාධ නීතියේ පවතින නිර්ණායකයන් භාවිතා කිරීමෙන් නොවේ. ඉන් එහා ගිය අලුත් නෛතික නිර්ණායක ඒ සඳහා සොයා ගැනීමට සිදු වේ. මේ සියලුම නඩුවල අපරාධ සිදුකර තිබෙන ස්වභාවය, එම අපරාධයට සම්බන්ධ වී සිටින හවුල්කාරයින්, ඒ අපරාධ මෙහෙයවූ රාජ්‍ය හස්තය, අපරාධකරුවන් ආරක්ෂා කළ රාජ්‍යය ආදී සියල්ල සමග ගනුදෙනු කිරීමට පවතින අපරාධ නීතියට හැකියාවක් නැත. රජය පාර්ශ්වයෙන්ම අපරාධයේ සාක්ෂි වසන් කරනු ලබයි. මේ සියල්ලෙහිම එකතුව නිසා මේවා නොවිසඳුණු අපරාධ බවට පත්ව තිබෙන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ ය. එම නිසා මෙවැනි ස්වභාවයේ විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත් වී සිදුකළ අපරාධවල වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට නම් අලුත් නෛතික නිර්ණායක හඳුන්වා දීමට රජයට සිදු වනු ඇත. 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීම සිදු වන්නේ 2010 වසර ආරම්භයේදී ය. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරෙන්නේ 2019 වසරේ දීය. වසර පහළොවකට ආසන්න දීර්ඝ කාලයක් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ අපරාධයට සම්බන්ධ වූවන් සොයා යන විමර්ශන ප්‍රගතියකින් තොරව, විවිධ බාධාවන් සහිතව ඉදිරියට ඇදෙමින් තිබේ. ප්‍රගීත්ව පැහැරගෙන ගිය මාර්ගය සොයා ගැනීම සඳහා දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ප්‍රමාද වන අන්දමක් දක්නට ලැබේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ බාධා කිරීම ආදිය නිසාද විමර්ශන පවත්වාගෙන යාමේදී ඇති වූයේ බාධාවකි. ප්‍රගීත් එක්නැලිගොඩ පමණක් නොව මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අනෙකුත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටු කිරීම පවතින්නේ මෙවැනිම හෝ මීටත් වඩා නරක තැනක ය. මෙවැනි ඇතැම් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මෙපමණකින්වත් නීතිය ක්‍රියාත්මක නොවේ. විශේෂයෙන්ම උතුරේ ජනමාධ්‍යවේදීන්ට, සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිබඳ විමර්ශන පවතින්නේද කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි තැනක නොවේ. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවම වශයෙන් විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සිදු වෙමින් තිබේ. එසේ නොවන අපරාධ ගණනාවක්ම යටපත් වී ගොස්ය. නැතිනම් සැලසුම් සහගතව යටපත් කර තිබේ. එම සියලු අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමට තිබෙන සියලු බාධක ඉවත් විය යුතුය. දශක ගණනාවක් තිස්සේ හඬ නැගෙන දණ්ඩමුක්තිය අහෝසි කිරීමේ සටන් පාඨය යථාර්ථයක් කළ හැක්කේ එමගිනි.

The post අතුරුදහන් කළ ප්‍රගීත්ට යුක්තිය ඉටුවන්නේ කවදාද ? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a%e0%b6%a7-%e0%b6%ba/feed/ 0
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සොයා ගන්න බැරිද? https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%9a/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%9a/#respond Wed, 05 Feb 2025 04:23:58 +0000 https://vivaranalk.com/?p=12610 මීට වසර හයකට පෙර සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් බොහෝ දෙනා අතර නිතර කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවකි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද, එය මෙහෙයවන ලද්දේ කවුරුන්ද, කාගේ වුවමනාවට සිදු වුවක් ද වැනි ප්‍රශ්නවලට තවමත් නිශ්චිත පිළිතුරු නැත. එය 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ දිනවීම අරමුණු කර ගෙන ඔහුට සම්බන්ධ ආරක්ෂක අංශ මගින් මෙහෙයවන ලද්දක් […]

The post පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සොයා ගන්න බැරිද? appeared first on විවරණ.

]]>
මීට වසර හයකට පෙර සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් බොහෝ දෙනා අතර නිතර කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවකි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද, එය මෙහෙයවන ලද්දේ කවුරුන්ද, කාගේ වුවමනාවට සිදු වුවක් ද වැනි ප්‍රශ්නවලට තවමත් නිශ්චිත පිළිතුරු නැත. එය 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ දිනවීම අරමුණු කර ගෙන ඔහුට සම්බන්ධ ආරක්ෂක අංශ මගින් මෙහෙයවන ලද්දක් ද යන ප්‍රශ්නය ද දේශපාලන වේදිකාවේ කතා විය. සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ විශේෂ විමර්ශන කමිටු පත් කළ ද පිළිතුරු නැති ප්‍රශ්ණ ගණනාවකි.

තමන්ට පැවරී ඇති වගකීම් ඉටු නොකිරීම නිසා මෙම ඛේද ජනක සිද්ධිය ඇතිවූයේයැයි අධිකරණය තීරණය කළ නිසා හිටපු ජනාධිපතිවරයෙකු ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් කීප දෙනෙකුට සිද්ධියේ වින්දිතයන්ට වන්දි ගෙවීමට ද නියෝග කෙරිණ. එහෙත් යුක්තිය නියම ආකාරයෙන් ඉටු නොවුයේයැයි ප්‍රබල හැඟීමක් සමාජයේ පවතී. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් යුක්තිය ඉටු කරන බවට බලවත් විශ්වාසයක් කතෝලික ආගමික නායකයන් අතර ද විශ්වාසයක් පවතී.

ආචාර්ය රාජන් හූල්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන් වුවත් මෙවැනි ඛේදවාචක සිද්ධීන් ඇතිවිමට සැබැවින්ම වගකිව යුත්තේ පටු බෙදුම්වාදී ආගම්වාදි දේශපාලනය බව මේ ගැන ප්‍රථමයෙන්ම විශ්ලේෂණාත්මක විග්‍රහයක් කළ ආචාර්ය රාජන් හූල් 2020 දි එනම් සිද්ධියෙන් පසු වසරක් ගත වීමටත් පෙර Easter Tragedy නම් කෘතියෙන් පෙන්වා දුන්නේය. අවාසනාවකට මෙන් එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ නැත සුපුරුදු ආකාරයට කතා බහට ලක් වූයේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ වතගොත ඔවුන්ට රැකරවරණය ලබා දුන් අය සහ නීතිය නිසි ආකාරයට ඉටු නොවීම වැනි කරුණු ගැනය.

2009 දී නන්දිකඩාල් වෙරළේ දී එල්ටීටීඊයට එරෙහි සටන එහි නායකත්වය මරා දැමීමෙන් අවසන් වුවද නැගෙනහිර පළාතේ අවි පුහුණුව ලත් මුස්ලිම් තරුණයින්ගේ සටන අවසන් වූයේ නැත. වෙනස් කොට සැලකීමේ භාවිතාවට අනුගතව සිටි ඔවුහු එම ප්‍රදේශයේ විශේෂයෙන්ම කාත්තන්කුඩි සුපි ආගමික කණ්ඩායමට එරෙහිව සිය ප්‍රචණ්ඩත්වය මුදා හැරියහ. ඔවුන්ට එම ප්‍රදේශයේ ආධිපත්‍යය තහවුරු කර ගැනිමට වහබි ආගමික කොටසේ ආධාර අනුබලය ලැබිණ. 2017 දී කාත්තන්කුඩි හි සුපි ආගමික කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට නායකත්වය ලබා දුන්නේ ද සහ්රාන් ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාද් සංවිධානයයි.

ජාතීන් වශයෙන් වෙනස් කොට සැලකීම ආගමික නිකායන් වශයෙන් වෙන් කිරීම දක්වා වර්ධනය වූයේ ඒ ආකාරයෙනි. ඒ සමගම ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය යොදා ගැනිමේ භාවිතාව ද සමාජ ගතව තිබිණ. ජාතික තව්හිද් ජමාද් සංවිධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයට කාත්තන්කුඩි ප්‍රදේශයෙන් තරග වදින අපේක්ෂකයන් අත්සන් කළ යුතු ගිවිසුමක් ද ඉදිරිපත් කෙළේය. එහි තිබු එක කොන්දේසියක් වූයේ සුපි හෝ ෂියා ආගමික කොට්ඨාශවලින් කිසිම ආකාරයේ සහායක් ලබා නොගත යුතුය යන්නයි. වෙනස් කොට සැලකීම එකම ආගමේ නිකායන් අතරට ද පත් විය.

මෙම පසුතලයෙන් රාජන් හූල් මතු කරන වැදගත්ම කාරණය නිදහසින් පසු ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම යි. භාෂාමය වශයෙන් වෙනස් කොට සැලකිමට එරෙහිව අධිකරණයේ පිහිට පැතුව ද ඉන් සහනයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. එවකට ක්‍රියාත්මක වූ ප්‍රිවි කවුන්සලයෙන් වෙනස් කෙට සැලකිම නිවැරදි කිරීමට උපදෙස් ලබා දුන් නමුත් බලයේ සිටි රජය එය තැකුවේ නැත. නිතියේ ආධිපත්‍යය බිඳ වැටුණේ ඒ ආකාරයෙනි.

ඉන් පසුව නීතිය හා සාමය පවත්වා ගැනීමේ ආයතන ද දේශපාලනීයකරණයට ලක් විය. මෙම දේශපාලනීයකරණය වීම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කෙරිණ. කලින් පැවති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ දිව්රුම දීම වූයේ ‘සියලු දෙනාට ආදරයෙන් හෝ අනාදරයෙන් තොරව යුක්තිය ඉටු කරමි’ යනුවෙනි. එහෙත් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය ‘ශ්‍රී ලංකා ජනරජයට නියමානුකූලව සහ සත්‍යවාදීව සේවය කරමි’ යනුවෙන් වෙනස් විය. යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට බැඳී සිටීමක් එහි සඳහන් වූයේ නැත. මෙය එක්සත් ජනපදයේ අධිකරණ දිව්රුම සමග රාජන් හූල් සංසන්දනය කර පෙන්වයි. ඔහු සඳහන් කරන ආකාරයට එක්සත් ජනපද අධිකරණ දිව්රුම් දීමේ දි ‘දුප්පත් පොහොසත් සියලු දෙනාට සමානය යුක්තිය ඉටු කරමි’ යන්න ද ඇතුළත් ය.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම වේගවත් වූයේ ඒ ආකාරයෙනි. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පවතින ආයතන ද දේශපාලන අධිකාරියේ පාලනය යටතට පත් විය. සාධාරණය සහ යුක්තිය ඉටු කිරීම දේශපාලන බලධාරියාගේ කැමැත්තට නතු විය.

නීතිය සහ සාමය පවත්වා ගැනීමේ මූලික ආයතනයක් වන පොලීසිය දේශපාලන අධිකාරියේ අතකොළුවක් බවට පත් විය. අරගලය සමයේ දේශපාලකයන්ගේ නිවෙස්වලට අලාභ හානි කිරීමේ දී පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ගැන ආණ්ඩු පක්ෂයේ මංත්‍රීන් ප්‍රශ්න කළ විට පොලිස්පතිගේ පිළිතුර වූයේ පොලිස් ස්ථාන 184කින් 182ක ස්ථානාධිපතිවරුන් පත් කෙරේ දේශපාලකයන්ගේ නිර්දේශ අනුවය. ඒ අනුව නිසි ආරක්ෂාවක් නොලැබිමට හේතුව නිසි නිලධාරීන් පත් කිරීමට නොහැකි වීමය.

ඇත්තෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම කාත්තන්කුඩි ය ඇතුළත් නැගෙනහිර පැවති තත්වය ද එසේම ය. 2017 වසරේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සුපි ආගමික කොටසට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන විට පොලිසිය නිසි පරිදි කටයුතු කෙළේ නම් සහ්රාන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගත යුතුව තිබිණ. එම ප්‍රදේශයේ නියෝජිත කණ්ඩායමක් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හමුව සහ්රාන් ප්‍රමුඛක කණ්ඩායම ගැන පැමිණිලි කළ ද නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැබැවින්ම වගකිව යුතු වන්නේ නීතිය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් ය.

රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීයකරණය වීම නිසා නිතියේ ආධිපත්‍යය බිඳ වැටී රට තුළ නිතිය සහ සාමය පවත්වා ගත නොහැකි විය. එය රාජන් හූල් මෙම කෘතියේ මැනැවින් දක්වා ඇත.

එමනිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා වන්නේ පුද්ගලයෙකු නොව දේශපාලන වශයෙන් වෙනස් කොට සැලකීම නිති ගත කිරීමෙන් ආරම්භ වූ ක්‍රියා මාර්ගයයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට අධිකරණ ක්‍රියා මාර්ගවලින් දඬුවම් කිරීමෙන් පමණක් සමාජ සාධාරණය සහ යුක්තිය තහවුරු කරන පරිසරයක් බිහි වන්නේ නැත.

තිස් අවුරුදු යුද්ධයත් පාස්කු ප්‍රහාරයත් ඉන් පසුව රට පුරා මුස්ලිම් ආගමිකයන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වයටත් හේතු වූ ප්‍රධාන කාරණය නිතියේ ආධිපත්‍යය බිඳ වැටීම බව රාජන් හුල් තර්ක කරයි. ඒ අනුව මෙය නිවැරදි කිරීමට අධිකරණ ක්‍රියා මාර්ගවලට අමතරව මූලික ව්‍යවස්ථාවේ වෙනසක් ද සිදු කළ යුතුය. සියලු දෙනාට වාර්ගික, ආගමික හෝ භාෂාමය වෙනස්කමක් නැතිව සාධාරණ යුක්ති සහගත නිති පද්ධතියක් ඇති කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. අයුක්තිය, අසාධාරණත්වය සහ වෙනස් කොට සැලකීමේ මහ මොළකාරයන්ට දඬුවම් පැමිණවිය හැකි වන්නේ ඒ ආකාරයෙන් පමණි.  

The post පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සොයා ගන්න බැරිද? appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%9a/feed/ 0
අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b7%94/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b7%94/#respond Wed, 29 Jan 2025 09:08:04 +0000 https://vivaranalk.com/?p=12571 ජිවිත දහස් ගණනක්  සමගින්  විශාල දේපල හානියක් කරමින්, කිසිදු භේදයකින් තොරව  ලාංකික ජන සමුහයාගේ  නෙතට කඳුලක් එක් කළ  සුනාමි ප්‍රචණ්ඩ රල පෙළ හමා ගොස් දැන් විසි වසක් ඉක්ම ගොස්ය. 2004 වසරේ දී  සුනාමියට ගොදුරුව දිවි හැර ගිය ළමා ළපටින් ඇතුළු වැඩිහිටි ආදරනීයන්ගේ මතකය වසර විස්සක් පුරා ආවර්ජනය කළ ද  නිවාස දේපල හානි වුවන්ට ඒවා යළි […]

The post අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය.. appeared first on විවරණ.

]]>
ජිවිත දහස් ගණනක්  සමගින්  විශාල දේපල හානියක් කරමින්, කිසිදු භේදයකින් තොරව  ලාංකික ජන සමුහයාගේ  නෙතට කඳුලක් එක් කළ  සුනාමි ප්‍රචණ්ඩ රල පෙළ හමා ගොස් දැන් විසි වසක් ඉක්ම ගොස්ය. 2004 වසරේ දී  සුනාමියට ගොදුරුව දිවි හැර ගිය ළමා ළපටින් ඇතුළු වැඩිහිටි ආදරනීයන්ගේ මතකය වසර විස්සක් පුරා ආවර්ජනය කළ ද  නිවාස දේපල හානි වුවන්ට ඒවා යළි ගොඩනගා ගැනීමේ අවස්ථාව නොමදව ලැබිණි. ඒ වෙනුවෙන් රාජ්‍ය පෞද්ගලික මෙන්ම පොදු මහජනයාගේ සහාය ද  මහත් ඉහලින් පැවතිණි. එහෙත් අක්කරපත්තුවේ සුනාමියට ගොදුරුව සිය වාසස්ථාන අහිමිවූ ජන සමුහයක් තවමත් සිටින්නේ කුලී නිවාසවල එසේත් නැත්නම් ඥාතියෙකුගේ හෝ හිත මිතුරෙකුගේ බිම් කඩක් බෙදා ගනිමින්ය.

විපතට  පත් මොවුන් වෙනුවෙන්, සෞදි අරාබි මූල්‍යාධාර මත ගොඩනැගුනු, අම්පාර -අක්කරපත්තු මාර්ගයේ 03 වැනි සැතපුම් කනුවේ සිට ආලම්කුලම් ගම්මානය පසු කරමින් 08 වැනි සැතපුම් කනුව හන්දිය දක්වා ගමන් කරන විට නුරෛච්චෝළයි සුනාමි නිවාස යෝජනා ක්‍රමය හමුවෙයි.

රුපියල් මිලියන දහසක වියදමින් පාසැල්,රෝහල්, තැපැල් කන්තෝරු, ඇතුළු සියලු පහසුකම් ඇතිව අංගසම්පුර්ණ ඉදි කෙරෙනු නිවාස 500 බෙදා දීමේදී මතු වූ ගැටලුවට දැන් පහළොස් වසකි. වඩාත් ශෝචනීය වන්නේ වල් වැදුණු මේ නිවාස හා ගොඩනැගිලි

 සතා සර්පයන්ගේ මෙන්ම සොරුන්ගේ තිප්පොළක් වී තිබීමය. ඇතැම් ගොඩනැගිලි වල බොහෝ දේ සොරුන් විසින් ගලවා ගෙන ගොසිනි.

ඇම්.ඒ. සුබයිදා

යැයි  සුනාමියෙන් සිය ගේ දොර අහිමිවූ,  දරුවන් හය දෙනෙකුගේ මවක් වන ඇම්.ඒ. සුබයිදා පවසන්නේ හිතේ අරෝවකිනි. තම දරුවන් සමගින් කුලී නිවසක වෙසෙන දිරිය ස්ත්‍රියක් වූ  ඈ  නිවසක් ලබා ගැනීම වෙනුවෙන් තවමත් අරගල කරන්නීය.

වසර 40 කට වැඩි කාලයක් ධීවර, ගොවි හා දෛනික කුලීයේ යෙදුනු සුබයිදලාගේ බොහෝ දෙනාට  සුනාමියෙන් විනාශ වුනු නිවාස යළි  ඉදි කරගන්නට අවස්ථාව නොලැබුණි. ඒ මීටර් 200 අවදානම් කළාපයට හසුවීම නිසාවෙනි.

නුරෛචෝලයි නිවාස ව්‍යාපෘතියට ලබා ගත්තේ  හිඟුරාන සීනි කම්හලට අයත්, උක් වගාවට යොදාගත් පසුව දස වසක කාලයක් අත්හැර දමා තිබු අක්කර 64 ක බිම් කඩකි. නිවාස බෙදා දීමට යාමේදී  ඒ ආසන්නයේ වූ දීඝවාපියේ බෞද්ධ සංවිධාන එකතුව අධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරිණි. දීඝවාපි පුදබිමට කිලෝ මීටර් 13 දුරින් පිහිටි, මේ නිවාස මුස්ලිම් ජනයාට පමණක් නොව ප්‍රදේශයේ සිංහල- දෙමළ ජනයාටත් ලබා දිය යුතු යැයි වූ ඔවුන්ගේ පෙත්සමට  2009 වසරේ ජුනි පළමු දා  තීන්දුවක් ලැබුණි.  එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සහ ඉඩම් සංවර්ධන නීති  අනුගමනය කරමින්, සාධාරණ සහ සමානාත්මක ක්‍රියාදාමයකට අනුව නිවාස බෙදා දිය යුතු බවය. අධිකරණ තීන්දුවත් සමඟ නිවාස ලබා දීම දිනෙන් දින පමා විණි. 

මිට අමතරව 2017 වසරේ ඔක්තෝම්බර් සහ  නොවැම්බර්  මාස වල පැවැත්වූ ඉඩම් කච්චේරියට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල  ඉඩම් නොමැතිවුවන් 667 දෙනෙකු අයදුම් කළද, තෝරා ගත්තේ 575 දෙනෙකි.

අක්කරපත්තු සුනාමියෙන් විපතට පත්වූවන්ගේ  නිවාස වෙනුවෙන් තවමත් අරගල කරන ඉඩම් අයිතිය උදෙසා වූ අම්පාර දිස්ත්‍රික් එකමුතුව පවසන්නේ මෙය අධිකරණය දක්වා යාමට ප්‍රදේශයේ දේශපාලන බල අරගලය හේතු වූ බවකි.   නුරෛචෝලයි නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට මුල් වූ එවකට නිවාස ඇමතිනි ෆේරියල් අශ්රොෆ් ට එරෙහිව  ඒ.එල්. එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා ක්‍රියා කරන්නට යෙදුනේ  අක්කරපත්තුවේ තම බලය හීන වේ යන සැකය හේතුවෙනි. නිවාස ව්‍යාපෘතිය තුලින් ෆේරියල් අශ්රෝෆ්ට කිසියම් ජනප්‍රසාදයක් ඇතිවීම වැලැක්වීම අතාවුල්ලාගේ අරමුණ වූව ද  මේ ආරවුල මගින් තවත්  බොහෝ පාර්ශවයන්ට  වාසි අත්කර  දී තිබේ.  අසරණව ඇත්තේ උන්හිටි තැන් අහිමිවූ දුගී දුප්පත් ජන සමුහයකි. 

සුනාමියෙන් විපතට පත් ජනයාට ප්‍රමුඛත්වය ලබා දෙමින් නුරෛච්චෝල නිවාස බෙදා දීම කෙරෙහි සාකච්ජාවක්  ඉඩම් අයිතිය උදෙසා අම්පාර දිස්ත්‍රික් එකමුතුව හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාල නිලධාරින් සමඟ පැවැත්විණි. පසුගිය වසරේ මාර්තු වල පැවති සාකච්ජාවන් අත් හැරුනේ  ඉන් පසු එළඹී මැතිවරණ සමය නිසාය. කෙසේ වෙතත් නිවාස අයිතිය වෙනුවෙන් තව දුරටත් අරගල කරන ඔව්හු   ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්නට ද සැරසෙති.

ඉකුත් නොවැම්බරයේ පැවති මැතිවරණයෙන්  එතෙක් අම්පාර දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන සිටී, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය, සමගි ජන බලවේගය වැනි සාම්ප්‍රදායික  පක්‍ෂ අභිබවා ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. අක්කරපත්තුවේ සුනාමි විපතට පත් වුවන්ගේ විසි වසරක ගැටලුවට විසදුම් ගෙන දීමේ වගකීම දැන් පැවරී ඇත්තේ වත්මන් ජා.ජ.බ. ආණ්ඩුව වෙතය.

[අනිද්දා සති අන්ත පුවත් පතේ පළවූවකි.]

The post අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b7%94/feed/ 0
සහල් මාෆියාව සහ ආණ්ඩුවේ නොහැකියාව: අනාගතය සදහා පාඩම් කිහිපයක්.. https://vivaranalk.com/%e0%b7%83%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1/#respond Mon, 30 Dec 2024 09:18:02 +0000 https://vivaranalk.com/?p=12485 විවිධ හේතූන් උඩ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය සහල් ආනයනය කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පෙනේ. පොරොන්දු වූ සහල් ඉන්දියාවෙන් ගෙන ඒමට ආණ්ඩුව තවත් කාලයක්  ඉල්ලා ඇත. පෞද්ගලික වෙළඳුන් දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 72,000 ක් ආනයනය කර අවසන්ය. රාජ්‍ය අංශය තවමත් සහල් ගෙන්වා නැත. ආණඩුවට නිසි උපදෙස් නොලැබෙන බව […]

The post සහල් මාෆියාව සහ ආණ්ඩුවේ නොහැකියාව: අනාගතය සදහා පාඩම් කිහිපයක්.. appeared first on විවරණ.

]]>
විවිධ හේතූන් උඩ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය සහල් ආනයනය කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පෙනේ.

පොරොන්දු වූ සහල් ඉන්දියාවෙන් ගෙන ඒමට ආණ්ඩුව තවත් කාලයක්  ඉල්ලා ඇත. පෞද්ගලික වෙළඳුන් දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 72,000 ක් ආනයනය කර අවසන්ය.

රාජ්‍ය අංශය තවමත් සහල් ගෙන්වා නැත.

ආණඩුවට නිසි උපදෙස් නොලැබෙන බව හෝ නැත්නම් එම උපදෙස් පිළිනොගන්නා බව සහල් අර්බුදය පෙන්වයි.

සහල් අපනයනය සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව ක්‍රියා කළේ අත්දැකීම් නොමැති ළදරුවකු මෙන්ය.

මේ බලන්න:

  • ආණ්ඩුව මුලින්ම සහල් ගෙන්වීම සතොසට සහ රාජ්‍ය නීතිගත සංස්ථාවට පැවරීය. නමුත් එම ආයතනයන්ට බැරි බව තේරුම් ගැනීමට සති දෙකක් ගියේය.
  • අනතුරුව සහල් ගෙන්වීම සඳහා පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවන ලදී. ටෙන්ඩර් පරිපාටිය දිග්ගැස්සුන එකක් බව තේරුම් ගැනීමට ආණ්ඩුවට තවත් සතියක් පමණ ගියේය.
  • ඉන් පසු නිදහසේ සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට දෙසැම්බර් 20 තෙක් කල් දෙන බව නිවේදනය කළේය.
  • හදිසියේ ගෙන් වූ සහල් මෙට්රික් ටොන් 35,000ක් ගුල්ලෝ ගසා සිටියහ. ඒවා එක්කෝ ආපසු යවන ලදී. නැත්නම් සත්ව ආහාර බවට පත් කරන ලදී.  මෙය පුරෝකථනය කල හැකිව තිබුණි.
  • දෙසැම්බර් 20දා වන විට අවශ්‍ය තරම් සහල් ගෙන්වීමට බැරි විය. ඉන් පසු එම කාලය 2025 ජනවාරි 10 දක්වා දීර්ඝ කරන ලදී.
  • දෙසැම්බර් 25 වන විට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු පුද්ගලික අංශය සහල් මෙට්‍රික් ටොන් 73,000 ක් ආනයනය කළේය. රුපියල් බිලියන 4.5 ක් ඉක්මවූ බදු ආදායමක් ආණ්ඩුව උපයා ගත්තේය. ඒ මුදල අය වන්නේ මහජනතාවගෙනි.
  • සහල් ආනයනකරුවන් අතර සමහර බලවත් මෝල් හිමියන් ද සිටින බවත්, එමගින් ඔවුන් සහල් වැඩි මිලට විකිණීමෙන් මෙන්ම ආනයනය කිරීමෙන් දෙපැත්තකින්ම වාසි ලබා ගන්නා බවත් විපක්ෂය චෝදනා කර තිබේ.
  • බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්, ආනයනිත සහල්  කිලෝග්‍රෑමයක් රු. 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට  යටත් වේ. ආනයනික ආහාර සඳහා ඉහළම බදු අය කරන රටක් වන්නේ ලංකාවයි.
  • ආණ්ඩුව, සිය (අ)ඥානයට අනුව, සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 10 කින් වැඩි කර එමගින් සහල් ගබඩා කර තබා ගන්නා මාෆියාවට කෝටි ගණනාවක වාසියක් ලබා දුන්නේය . එහි ප්‍රතිඵලයක් ලෙස, බලගතු මෝල් හිමියන්ගේ ප්‍රීතියට හේතු වන පරිදි, නාඩු සහල් මිල රුපියල් 230 දක්වා ඉහළ ගියේය. මෙම සමහර මහා මෝල් හිමියෝ ජාජබයට ප්‍රසිද්ධියේම සහය දුන් අය වෙති.
  • ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් සමඟම, සහල්/වී වෙළඳපොළවල් හැසිරවීම සහ ගොවීන් සහ පාරිභෝගිකයින් සූරාකෑම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ධනවත් මෝල් හිමියන්ගෙන් කෙනෙකු වන අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන, මාධ්‍ය හමුවකදී පොරොන්දු වූයේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ගණන් යටතේ වෙළඳ පොලේ ප්‍රමාණවත් සහල් පවතින බවට තමන් සහතික කරන බවයි.
  • එම ප්‍රකාශයෙන් බියපත් වූ මධ්‍යම/කුඩා පරිමාණ මෝල් හිමියෝ ඉක්මණින් ඔවුන්ගේ සියලු සහල් තොග වෙළඳපොළට මුදා හැරියෝය. නමුත් මෝල් හිමියන්ගේ මාෆියා හවුල එසේ නොකළේය. සිය තොග තබා ගත්තේය.  දැන් එම මාෆියාව අසාධාරණ ලාභ උපයා ගැනීම සඳහා කෘතිමව නිර්මාණය කරන ලද සහල් හිඟයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටී.
  • ලාංකිකයන්ගෙන් බහුතරයක් අතර ජනප්‍රිය නාඩු නම් මෙම විශේෂිත සහල් ප්‍රභේදයේ මිල සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයට පෙර රුපියල් 180 කි. දැන් 50කින් වැඩිය.
  • රජය සහල් ආනයනය සඳහා වන අවසාන දිනය 2025 ජනවාරි 10 වන දින දක්වා දීර්ඝ කිරීමේ වාසිය ගෙන මහා පරිමාණ මෝල් හිමියන් ඊළඟ අස්වනු නෙළන කාලය ආරම්භ වීමට පෙර තවත් සහල් ආනයනය කර ගන්නා බව සහතිකය. එවිට ඔවුන්ට ඔවුන්ට සිය  තොග කිහිපයක් මුදා හැර, සහල් වෙළඳපොළ උතුරා යැවිය හැකිය. එවිට සහල් මිල පහත වැටෙනු ඇත.
  • එවිට වී මිල ද පහත වැටේ. එමගින් අඩු මිලට වී මිලදී ගැනීමෙන් ගොවීන් සූරාකෑමට අවස්ථාව මෝල් මාෆියාවට ලැබේ. ඉන් පසු, ඔවුන් අඩු මිලට ගත් වී ගබඩා කර ගන්නවා ඇත.  එමඟින් යළිත් සහල් මිල ඉහළ යනු ඇත. කුඩා/මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ නොහැකි වන පරිදි බැංකු ණය ප්‍රමාද කිරීම සඳහා ඔවුන් තම මූල්‍ය ශක්තියෙන් ලබාගත් බලපෑම ද යොදා ගන්නවා ඇත.
  • ආණ්ඩුව ඊළග කන්නයේදී වී කිලෝව රුපියල් 130 බැගින් මිලට ගන්නා බව ප්‍රකාශ කර තිබේ. එනමුත් විශාල සහල් තොග ගබඩා කර ගැනීමට ආණ්ඩුවට ශක්තියක් නොමැත. වී අලෙවි මණ්ඩලය යකඩ පවා කන මීයන්ගෙන් පිරී තිබේ. මෙම සහල් ගබඩා නූතන තත්වයන්ට පත් කර නැත.
  • එවිට වී මිල පහත වැටී මෝල් මාෆියාවට යළි ගජරාමයට අඩු මිලට වී මිලදී ගැනීමට තවත් අවස්ථාවක් ලැබේ.
  • හරි මැද ඇති ගැටළුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශීය සහල් නිෂ්පාදනයේ අතිශය ඉහළ පිරිවැයයි. ආනයනික සහල් කිලෝග්‍රෑමයක් රු. 100 ට අඩු මුදලකට ලබා ගත හැකිය. නමුත් රජය විසින් ගොවීන්ට ලබා දෙන ජල පිරිවැය, විවිධ සහනාධාර සහ පොහොර ආධාර සඳහා ගිණුම්ගත කර බලන විට කිලෝවක් සඳහා වැය  දේශීයව රු. 400 ට වඩා වැඩි පිරිවැයක් දරයි.
  • මෙම ගැටළුව විසඳීම සඳහා, ශ්‍රී ලංකාව දියුණු සහල් ප්‍රභේදවල ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය. වඩාත් කාර්යක්ෂම වගා ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය. නවීන තාක්‍ෂණය කෘෂිකාර්මික පිළිවෙත්වලට ඒකාබද්ධ කළ යුතුය. මෙම වෙනස්කම් නොමැතිව, අකාර්යක්ෂමතාවයෙන් සහ තිරසාර නොවන පිරිවැයෙන් බර වූ වත්මන් ක්‍රමය ගොවීන් සහ ආර්ථිකය යන දෙකම පීඩාවට පත් කරනු ඇත.

The post සහල් මාෆියාව සහ ආණ්ඩුවේ නොහැකියාව: අනාගතය සදහා පාඩම් කිහිපයක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1/feed/ 0